1
00:00:30,925 --> 00:00:32,925
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:32,949 --> 00:00:35,952
<font color="#db9809"><b>ප්‍රො බොනෝ</b></font>

3
00:00:52,635 --> 00:00:53,845
<font color="#ffbf46">ගොඩ කාලෙකින් නේද,</font>

4
00:00:54,471 --> 00:00:55,430
<font color="#ffbf46">යූ ජේ-බොම් මහත්තයෝ.</font>

5
00:00:56,806 --> 00:01:00,060
<font color="#ffbf46">ඔව්, ගොඩ කාලෙකින් තමයි ඕ මහත්මිය.</font>

6
00:01:01,436 --> 00:01:03,438
<font color="#ffbf46">සර්, පරිස්සමින් යන්න.</font>

7
00:01:15,700 --> 00:01:17,410
<font color="#ffbf46">හරි එහෙනම්, රහස් පරීක්ෂක වූ.</font>

8
00:01:17,494 --> 00:01:19,788
<font color="#ffbf46">මාපෝ-දොං වල ඌරු හම් විකුණන තැන්
ඕන තරම් තියෙනවා,</font>

9
00:01:19,871 --> 00:01:21,664
<font color="#ffbf46">ඒත් මේ තැන තමයි නියමම තැන.</font>

10
00:01:21,748 --> 00:01:22,624
<font color="#ffbf46">හරිද?</font>

11
00:01:22,707 --> 00:01:23,833
<font color="#ffbf46">මෙන්න.</font>

12
00:01:25,502 --> 00:01:26,920
<font color="#ffbf46">මෙන්න. කෑල්ලක් කාලා බලන්න.</font>

13
00:01:28,296 --> 00:01:29,297
<font color="#ffbf46">මෙන්න මෙතනමයි!</font>

14
00:01:32,717 --> 00:01:34,677
<font color="#ffbf46">මම රැවටුනේ මෙතනදිමයි.</font>

15
00:01:35,178 --> 00:01:37,514
<font color="#ffbf46">ඔබතුමා වගේ විනිසුරුවරයෙක්
කොහොමද රැවටුනේ?</font>

16
00:01:37,597 --> 00:01:40,975
<font color="#ffbf46">එයා ගමේ යාළුවෙක් වගේ රඟපාලා
ඔබතුමාගෙන් සල්ලි ණයට අරන් පැනලා ගියා නේද?</font>

17
00:01:42,727 --> 00:01:45,021
<font color="#ffbf46">මම ආයේ කවදාවත් මෙතනට එන්නේ නෑ
කියල හිතාගෙන හිටියේ, ඒත්...</font>

18
00:01:45,855 --> 00:01:49,025
<font color="#ffbf46">ඉතින්, අර ජරා යූ ජේ-බොම්
දැන් කොහෙද ඉන්නේ?</font>

19
00:01:49,609 --> 00:01:50,985
<font color="#ffbf46">මිනිහා කාම්බෝජයේ හැංගිලා ඉඳලා තියෙන්නේ.</font>

20
00:01:51,069 --> 00:01:53,738
<font color="#ffbf46">ඊට පස්සේ, අවුරුද්දකට කලින් හොර පාස්පෝට් එකකින්
කොරියාවට ඇතුල් වෙලා.</font>

21
00:01:53,822 --> 00:01:56,116
<font color="#ffbf46">ඊට පස්සේ ඉන්න තැනක්
ගැන ආරංචියක් නෑ. ඇත්තටම?</font>

22
00:01:58,868 --> 00:02:00,912
<font color="#ffbf46">ඊට පස්සේ, එයා මට කතා කළා.</font>

23
00:02:00,995 --> 00:02:03,915
<font color="#ffbf46">එයා මගේ මුල්ම ප්‍රේම සම්බන්ධය ගැනත් දන්නවා.</font>

24
00:02:03,998 --> 00:02:06,042
<font color="#ffbf46">මිනිහා කොහොමද අප්පා
මගේ ඉතිහාසය ගැන හොයාගත්තේ?</font>

25
00:02:08,795 --> 00:02:09,671
<font color="#ffbf46">ඇත්තටම,</font>

26
00:02:10,213 --> 00:02:12,257
<font color="#ffbf46">මට ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා.</font>

27
00:02:12,841 --> 00:02:14,092
<font color="#ffbf46">මගෙන්? මොකක්ද ඒ?</font>

28
00:02:15,009 --> 00:02:18,555
<font color="#ffbf46">යූ ජේ-බොම් ඉන්චියොන් එයාපෝට් එකෙන්
කොරියාවට එනකොට,</font>

29
00:02:18,638 --> 00:02:21,099
<font color="#ffbf46">එයාගේ හොර පාස්පෝට් එක පාවිච්චි කරලා
බර්නර් ෆෝන් එකක් අරන් තියෙනවා.</font>

30
00:02:21,182 --> 00:02:23,059
<font color="#ffbf46">මම කෝල් හිස්ට්‍රි එක බැලුවා. ඉතින්?</font>

31
00:02:23,143 --> 00:02:26,229
<font color="#ffbf46">එක නම්බර් එකක් නිතරම පෙන්නුම් කරනවා.</font>

32
00:02:37,657 --> 00:02:38,992
<font color="#ffbf46">මේ නම්බර් එක... ඔව්.</font>

33
00:02:39,617 --> 00:02:41,786
<font color="#ffbf46">සෝල් වල, සියෝචෝ-දොං වල පිහිටලා තියෙන,</font>

34
00:02:41,870 --> 00:02:44,414
<font color="#ffbf46">සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයේ
අපරාධ අංශයේ,</font>

35
00:02:45,248 --> 00:02:46,833
<font color="#ffbf46">ප්‍රධාන විනිසුරු කාන්ග් දා-විත් ගේ කාර්යාලය.</font>

36
00:02:47,458 --> 00:02:49,002
<font color="#ffbf46">ඒ ඔබතුමාගේ නම්බර් එක නේද?</font>

37
00:02:49,085 --> 00:02:50,628
<font color="#ffbf46">ඔයා මේ මොනවා ගැනද කියවන්නේ?</font>

38
00:02:51,129 --> 00:02:54,299
<font color="#ffbf46">මම මොකටද ඒ රස්තියාදුකාරයා එක්ක ෆෝන් එකෙන් කතා කරන්නේ?
මම කවදාවත් කතා කළේ නෑ...</font>

39
00:02:55,800 --> 00:02:58,261
<font color="#ffbf46">ඔබතුමාගේ ප්‍රාථමික පාසලේ
පන්තියේ යාළුවෙක් කතා කරලා තියෙන්නේ.</font>

40
00:03:01,556 --> 00:03:03,182
<font color="#ffbf46">"කිම් ජු-සොප්"? ඒ කවුද?</font>

41
00:03:03,266 --> 00:03:05,768
<font color="#ffbf46">එයා කිව්වා "ජුවනයිල්" (ළමයා)
කිව්වොත් මතක් වෙයි කියලා. ජුවනයිල්?</font>

42
00:03:06,978 --> 00:03:08,897
<font color="#ffbf46">හරියට හරි. කිම් ජුවනයිල්.</font>

43
00:03:11,608 --> 00:03:13,985
<font color="#ffbf46">මොකද? ඔබතුමාට මොනවා හරි මතක් වුනාද?</font>

44
00:03:18,489 --> 00:03:19,699
<font color="#ffbf46">සුභ උදෑසනක්!</font>

45
00:03:20,283 --> 00:03:23,244
<font color="#ffbf46">සර්, ඔබතුමා මේ පරීක්ෂණ ක්‍රියාවලියට
එකඟ වුනාද?</font>

46
00:03:23,328 --> 00:03:24,329
<font color="#ffbf46">පිස්සුද.</font>

47
00:03:29,125 --> 00:03:33,296
<font color="#ffbf46">ප්‍රො බොනෝ</font>

48
00:03:33,379 --> 00:03:34,881
<font color="#ffbf46">අධිකරණය රැස්වේ</font>

49
00:03:36,507 --> 00:03:39,010
<font color="#ffbf46">- බ්යෝල්! බ්යෝල්!</font>

50
00:03:40,511 --> 00:03:43,264
<font color="#ffbf46">බොහොම ස්තූතියි කාන්ග් මහත්තයෝ.</font>

51
00:03:43,890 --> 00:03:45,683
<font color="#ffbf46">අපිට ස්තූති කරලා නිම කරන්න බෑ.</font>

52
00:03:45,767 --> 00:03:47,268
<font color="#ffbf46">ඇත්තටම. හැමෝටම ස්තූතියි.</font>

53
00:03:48,728 --> 00:03:50,104
<font color="#ffbf46">බ්යෝල්!</font>

54
00:03:50,188 --> 00:03:52,774
<font color="#ffbf46">මම හිතුවේ අපිට ආයේ කවදාවත්
එයාව දකින්න ලැබෙන එකක් නෑ කියලා.</font>

55
00:03:54,359 --> 00:03:55,401
<font color="#ffbf46">ස්තූතියි.</font>

56
00:03:56,361 --> 00:03:59,239
<font color="#ffbf46">ඒත් දැන් ඔක්කොම ඉවරයි නේද?</font>

57
00:03:59,322 --> 00:04:02,533
<font color="#ffbf46">එයාලා ඇපීල් කරලා ආයේ අපිට කරදර කළොත්?</font>

58
00:04:02,617 --> 00:04:04,702
<font color="#ffbf46">බය වෙන්න එපා. එයාලට ඇපීල් කරන්න බෑ.</font>

59
00:04:05,787 --> 00:04:06,663
<font color="#ffbf46">මාව විශ්වාස කරන්න.</font>

60
00:04:07,455 --> 00:04:08,539
<font color="#ffbf46">මම ඔයාලව ආරක්ෂා කරනවා.</font>

61
00:04:19,467 --> 00:04:20,468
<font color="#ffbf46">යමු.</font>

62
00:04:26,683 --> 00:04:27,558
<font color="#ffbf46">පාර්ක් මෙනවිය.</font>

63
00:04:29,018 --> 00:04:30,603
<font color="#ffbf46">ඇයි මේ මූණ රතු වෙලා?</font>

64
00:04:31,354 --> 00:04:33,022
<font color="#ffbf46">මොකක්? ඔයාට උණද?</font>

65
00:04:34,983 --> 00:04:38,319
<font color="#ffbf46">නෑ, අවුලක් නෑ.
මට උණ නෑ. මම හොඳින්.</font>

66
00:04:38,403 --> 00:04:42,031
<font color="#ffbf46">මොකක්ද ඒ වුනේ?</font>

67
00:04:43,992 --> 00:04:46,077
<font color="#ffbf46">හරි හරි. ඔයා හොඳින් නම් එච්චරයි.</font>

68
00:04:46,160 --> 00:04:47,161
<font color="#ffbf46">අනේ මන්දා.</font>

69
00:04:47,245 --> 00:04:48,162
<font color="#ffbf46">එහෙනම් යමු.</font>

70
00:04:48,705 --> 00:04:49,539
<font color="#ffbf46">යමු.</font>

71
00:04:51,249 --> 00:04:54,127
<font color="#ffbf46">එයාලට ඇපීල් කරන්න බැරි හේතුව තමයි,</font>

72
00:04:54,210 --> 00:04:57,046
<font color="#ffbf46">එයාලා කියපු දේවල් වෙනස් කරපු නිසා,
එයාලගේ චෝදනාව වලංගු වෙන්නේ නෑ.</font>

73
00:04:57,922 --> 00:05:01,092
<font color="#ffbf46">බ්යෝල් ත් හොඳට වැඩේ කළා. <i>මේක නම් හොඳ නෑ.</i></font>

74
00:05:02,135 --> 00:05:04,012
<font color="#ffbf46"><i>මගේ හෘද ස්පන්දනය ආයේ වැඩි වෙනවා.</i></font>

75
00:05:05,179 --> 00:05:06,639
<font color="#ffbf46"><i>අර නර්ඩ් කෙනෙක්ගේ හදවත.</i></font>

76
00:05:08,308 --> 00:05:10,101
<font color="#ffbf46">වින්ගාඩියම් ලෙවියෝසා!</font>

77
00:05:11,060 --> 00:05:12,603
<font color="#ffbf46">වින්ගාඩියම් ලෙවියෝසා!</font>

78
00:05:14,272 --> 00:05:15,148
<font color="#ffbf46"><i>ලුමොස්!</i></font>

79
00:05:17,066 --> 00:05:18,985
<font color="#ffbf46"><i>වින්ගාඩියම් ලෙවියෝසා!</i></font>

80
00:05:19,777 --> 00:05:23,781
<font color="#ffbf46"><i>වින්ගාඩියම් ලෙවියෝසා!</i></font>

81
00:05:27,702 --> 00:05:30,163
<font color="#ffbf46"><i>මම මගේ ජීවිතේ පළවෙනි වතාවට</i>
<i>උසාවියට ගිය දවසේ,</i></font>

82
00:05:30,997 --> 00:05:33,082
<font color="#ffbf46"><i>ඒක හරිම භයානක තැනක් වගේ දැනුනේ.</i></font>

83
00:05:34,625 --> 00:05:36,294
<font color="#ffbf46">වින්ගාඩියම් ලෙවියෝසා.</font>

84
00:05:37,003 --> 00:05:38,087
<font color="#ffbf46">අධිකරණයේ තීරණය...</font>

85
00:05:42,341 --> 00:05:43,593
<font color="#ffbf46">අම්මේ!</font>

86
00:05:45,762 --> 00:05:48,473
<font color="#ffbf46"><i>ඒ වෙලාවේ විනිසුරුතුමා මතුරපු මන්තරේ,</i></font>

87
00:05:49,182 --> 00:05:51,768
<font color="#ffbf46"><i>හැරී පොටර් කතාවේ තියෙන</i>
<i>වෙන ඕනම මන්තරයකට වඩා බලගතුයි.</i></font>

88
00:05:52,518 --> 00:05:54,395
<font color="#ffbf46"><i>හැරී පොටර් එකටත් වඩා.</i></font>

89
00:05:57,857 --> 00:05:59,400
<font color="#ffbf46">අපරාධ නීතිය, මානව හිමිකම්</font>

90
00:06:00,443 --> 00:06:04,489
<font color="#ffbf46">"භාරකරුවන් තමන්ගේ දරුවන්ව එයාලගේ වර්ධන අවධීන් වලට අනුව
නිවස තුළ ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව හදාවඩා ගන්න ඕනේ."</font>

91
00:06:04,572 --> 00:06:07,575
<font color="#ffbf46">"නිවස තුළ ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව හදාවඩා ගන්න ඕනේ."</font>

92
00:06:08,201 --> 00:06:09,952
<font color="#ffbf46">සිවිල් නීති සංග්‍රහයේ 99 වගන්තියෙන් අර්ථ දක්වනවා</font>

93
00:06:10,036 --> 00:06:12,038
<font color="#ffbf46">චංචල සහ නිශ්චල දේපල ගැන.</font>

94
00:06:12,121 --> 00:06:13,581
<font color="#ffbf46">එහෙනම්, ඒ අනුව ගත්තොත්,</font>

95
00:06:13,664 --> 00:06:17,335
<font color="#ffbf46">හවුල් ගේ චලනය වන මාළිගාව
චංචල දේපලක්ද නැත්නම් නිශ්චල දේපලක්ද?</font>

96
00:06:18,419 --> 00:06:20,671
<font color="#ffbf46">හවුල් ගේ චලනය වන...</font>

97
00:06:20,755 --> 00:06:21,756
<font color="#ffbf46">මගේ දෙවෙනි ප්‍රශ්නය.</font>

98
00:06:22,799 --> 00:06:24,092
<font color="#ffbf46">පාර්ක් ගි-ප්පම්.</font>

99
00:06:24,175 --> 00:06:25,384
<font color="#ffbf46">ඔව් මහාචාර්යතුමනි?</font>

100
00:06:25,468 --> 00:06:27,929
<font color="#ffbf46">ඔයා සම්මුඛ පරීක්ෂණයට
හොඳට මූණ දුන්නා. ස්තූතියි සර්.</font>

101
00:06:28,012 --> 00:06:30,681
<font color="#ffbf46">දැන් ඉන්ටර්වීව් එක ඉවර නිසා,
අපි නිකන් කතා කරමු.</font>

102
00:06:31,390 --> 00:06:32,892
<font color="#ffbf46">ඇයි ඔයාට නීති ක්ෂේත්‍රයේ වැඩ කරන්න ඕනේ?</font>

103
00:06:32,975 --> 00:06:34,811
<font color="#ffbf46">මේක දැන් කඩා වැටෙමින් යන ක්ෂේත්‍රයක්.</font>

104
00:06:34,894 --> 00:06:38,314
<font color="#ffbf46">මම කලින් කිව්වා වගේ,
මට ඕනේ මූලික මානව හිමිකම් ආරක්ෂා කරන්න</font>

105
00:06:38,397 --> 00:06:41,109
<font color="#ffbf46">සහ සමාජ සාධාරණත්වය... අනේ නිකන්
ඉන්න ළමයිෝ. දැන් ඉන්ටර්වීව් එක ඉවරයි.</font>

106
00:06:41,192 --> 00:06:42,902
<font color="#ffbf46">ඕවා නෙවෙයි. ඇත්තම හේතුව කියන්න.</font>

107
00:06:44,529 --> 00:06:48,324
<font color="#ffbf46">ඒක තමයි ඇත්තම හේතුව. හරි එහෙනම්.</font>

108
00:06:48,407 --> 00:06:50,910
<font color="#ffbf46"><i>ඒත් නර්ඩ් කෙනෙක් වෙන එකයි යථාර්ථයයි</i>
<i>කියන්නේ දෙකක්.</i></font>

109
00:06:51,410 --> 00:06:53,204
<font color="#ffbf46"><i>ඊට පස්සේ,</i>
<i>ගොඩ කාලෙකින් මගේ හදවත ගැහෙන්න සලස්වන</i></font>

110
00:06:53,830 --> 00:06:55,540
<font color="#ffbf46"><i>කිසිම දෙයක් සිද්ධ වුනේ නෑ.</i></font>

111
00:06:56,666 --> 00:06:58,960
<font color="#ffbf46"><i>ඒත්...</i> මේ අතහැරලා දාපු අසරණ බල්ලා</font>

112
00:06:59,043 --> 00:07:01,087
<font color="#ffbf46">හොඳටම වද දීලා එළියට දාලා තිබුනා.</font>

113
00:07:02,171 --> 00:07:05,883
<font color="#ffbf46">මේ ඇත්තටම ඔයාට නැති වුනු බල්ලාමද?</font>

114
00:07:05,967 --> 00:07:07,927
<font color="#ffbf46">නෑ! නෑ, මේ මගේ එක්කෙනා නෙවෙයි.</font>

115
00:07:08,678 --> 00:07:10,429
<font color="#ffbf46"><i>ඒ වෙලාවේ මගේ හදවත ගැහුනා...</i></font>

116
00:07:11,430 --> 00:07:12,431
<font color="#ffbf46"><i>තත්පරෙන් පංගුවකට වගේ.</i></font>

117
00:07:15,059 --> 00:07:16,018
<font color="#ffbf46">අනේ මන්දා.</font>

118
00:07:16,561 --> 00:07:17,895
<font color="#ffbf46">ඒක අමතක කරලා දාන්න,</font>

119
00:07:18,438 --> 00:07:19,605
<font color="#ffbf46">මාව විශ්වාස කරන්න.</font>

120
00:07:19,689 --> 00:07:22,108
<font color="#ffbf46">මම කියන්නේ, වද වෙන්න දෙයක් තියෙනවද?</font>

121
00:07:22,191 --> 00:07:24,193
<font color="#ffbf46">ජනතාවගේ විනිසුරු, කාන්ග් දා-විත් මෙතන ඉන්නවා.</font>

122
00:07:24,277 --> 00:07:27,405
<font color="#ffbf46">ඔව් ඉතින්, ඔබතුමාගේ හැකියාවන් ගැන කතා කරලා වැඩක් නෑ.</font>

123
00:07:27,488 --> 00:07:30,074
<font color="#ffbf46">මම ඔබතුමාට ගරු කරනවා.
ඇත්තටම. එහෙනම් මොකක්ද ප්‍රශ්නේ?</font>

124
00:07:30,158 --> 00:07:33,870
<font color="#ffbf46">ව්‍යාපාරික දැවැන්තයින් අතර තියෙන මේ ට්‍රිලියන ගණන් වටිනා
ජාත්‍යන්තර පේටන්ට් නඩුවක් භාර ගන්න එක</font>

125
00:07:35,163 --> 00:07:37,832
<font color="#ffbf46">හරි නෑ වගේ.</font>

126
00:07:37,915 --> 00:07:40,877
<font color="#ffbf46">අපි කොහොමත් 'ප්‍රො බොනෝ' කණ්ඩායමක්නේ.</font>

127
00:07:40,960 --> 00:07:43,713
<font color="#ffbf46">අපොයි. මේක නම් මහ වදයක්.</font>

128
00:07:45,256 --> 00:07:46,549
<font color="#ffbf46">මොකක්ද මහජන යහපත කියන්නේ?</font>

129
00:07:47,633 --> 00:07:49,135
<font color="#ffbf46">අපි දැන් එක ටීම් එකක්නේ,</font>

130
00:07:49,218 --> 00:07:51,888
<font color="#ffbf46">ඒ නිසා ඇත්ත කතා කරමු.</font>

131
00:07:51,971 --> 00:07:54,265
<font color="#ffbf46">අපි දිනලා සල්ලි ගොඩක් හම්බ කළාම,</font>

132
00:07:54,348 --> 00:07:56,517
<font color="#ffbf46">ඒ සල්ලි කොහාටද යන්නේ?</font>

133
00:07:56,601 --> 00:08:00,521
<font color="#ffbf46">සල්ලි කියන දේ බෙදිලා යනවා, ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ටයි
නැති බැරි අයටයි ඒකෙන් වාසි වෙනවා.</font>

134
00:08:01,230 --> 00:08:04,817
<font color="#ffbf46">සල්ලි හම්බ කරන එක තමයි අපිට කරන්න පුළුවන්
හොඳම 'ප්‍රො බොනෝ' වැඩේ.</font>

135
00:08:05,485 --> 00:08:06,777
<font color="#ffbf46">රෑ දවල් නැතුව, අපි මේවා කරනවා.</font>

136
00:08:06,861 --> 00:08:09,489
<font color="#ffbf46">මේ නඩු වලින් සල්ලි හම්බ වෙන්නෙත් නෑ.</font>

137
00:08:09,572 --> 00:08:11,115
<font color="#ffbf46">අපි නිකරුණේ ශ්‍රමය නාස්ති කරනවා.</font>

138
00:08:11,199 --> 00:08:13,409
<font color="#ffbf46">අපි මොකටද අප්පා මේවා කරන්නේ?</font>

139
00:08:13,493 --> 00:08:15,119
<font color="#ffbf46">මේ මොකක්ද? සරණාගත නඩුවක්?</font>

140
00:08:15,203 --> 00:08:17,830
<font color="#ffbf46">මේ දවස් වල තරුණ ළමයින්ට රස්සා නැති නිසා
ඒ ළමයි ඉන්නේ තරහෙන්.</font>

141
00:08:17,914 --> 00:08:20,875
<font color="#ffbf46">පිටරට අය මෙහෙට එන එක ගැන
කවුද කැමති වෙන්නේ?</font>

142
00:08:20,958 --> 00:08:24,420
<font color="#ffbf46">තව මොනවද? ආබාධිත අයගේ මානව හිමිකම්? අහන්න නම් ලස්සනයි.</font>

143
00:08:24,504 --> 00:08:26,714
<font color="#ffbf46">නේද? ඒත් ආබාධිත අය පාරට බැහැලා උද්ඝෝෂණ කරනකොට,</font>

144
00:08:26,797 --> 00:08:29,717
<font color="#ffbf46">වැඩට යන මිනිස්සුන්ට හරියට යන්න බැරි වුනාම
කොච්චර කේන්ති ගන්නවද කියලා දන්නවද?</font>

145
00:08:30,343 --> 00:08:33,304
<font color="#ffbf46">දෙවියනේ, මේ වගේ දේවල් නැතුව,</font>

146
00:08:33,387 --> 00:08:34,847
<font color="#ffbf46">අපි පොඩ්ඩක් ක්ලැසි (උසස්) දෙයක් කරමු--</font>

147
00:08:34,931 --> 00:08:37,975
<font color="#ffbf46">මට තවත් මේක අහගෙන ඉන්න බෑ!</font>

148
00:08:38,559 --> 00:08:43,523
<font color="#ffbf46">මෙයා ප්‍රො බොනෝ නඩු වල පැවැත්මම ප්‍රතික්ෂේප කර කර
කියවන දේවල් මම දිගටම අහගෙන ඉන්න ඕනෙද?</font>

149
00:08:43,606 --> 00:08:44,899
<font color="#ffbf46">ඇයි? ඔයාට කියන්න දෙයක් නැද්ද?</font>

150
00:08:45,483 --> 00:08:47,401
<font color="#ffbf46">මම විතරද මේ ගැන අපහසුවෙන් ඉන්නේ?</font>

151
00:08:48,236 --> 00:08:49,403
<font color="#ffbf46">අනේ යූ මහත්මිය.</font>

152
00:08:49,487 --> 00:08:51,989
<font color="#ffbf46">ඇයි හැම දේටම ඔයා ඔච්චර අපහසු වෙන්නේ?</font>

153
00:08:52,073 --> 00:08:54,909
<font color="#ffbf46">ඔයාට අපහසු නම්,
ගිහින් පහසු තැනක වාඩි වෙන්නකෝ.</font>

154
00:09:00,498 --> 00:09:02,083
<font color="#ffbf46">මේ මෝඩ නාකියා!</font>

155
00:09:03,751 --> 00:09:04,585
<font color="#ffbf46">මොකක්?</font>

156
00:09:05,169 --> 00:09:06,003
<font color="#ffbf46">"මෝඩ නාකියා"?</font>

157
00:09:06,754 --> 00:09:07,797
<font color="#ffbf46">හිතාගන්නවත් බෑ.</font>

158
00:09:07,880 --> 00:09:09,006
<font color="#ffbf46">මොකක්? "නාකියා"?</font>

159
00:09:09,549 --> 00:09:11,008
<font color="#ffbf46">මට කවුරුත් මීට කලින් එහෙම කියලා නෑ.</font>

160
00:09:11,092 --> 00:09:13,469
<font color="#ffbf46">ඒයි, යූ මහත්මිය. ඔයා මොකක්ද කිව්වේ? "නාකියා"?</font>

161
00:09:13,553 --> 00:09:14,387
<font color="#ffbf46">මොකක්?</font>

162
00:09:14,470 --> 00:09:17,807
<font color="#ffbf46">අපේ කාලේ නම්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඔහොම කතා කරන්න
හිතන්නවත් බෑ!</font>

163
00:09:17,890 --> 00:09:20,268
<font color="#ffbf46"><i>මගේ අර නර්ඩ් හදවත...</i> "නාකියා?"
අප්පා, කාලේ වෙනස් වෙලා.</font>

164
00:09:20,351 --> 00:09:22,144
<font color="#ffbf46"><i>ඒක බොරු එලාම් එකක් වෙන්න ඇති.</i></font>

165
00:09:22,687 --> 00:09:24,772
<font color="#ffbf46"><i>මූණ බලලා සාස්තර කියන එක විද්‍යාවක් කියලා</i>
<i>කියන එකේ පුදුමයක් නෑ.</i></font>

166
00:09:25,356 --> 00:09:27,400
<font color="#ffbf46"><i>මෙයාගේ මුල ඉඳලම මොකක්දෝ අවුලක් තිබුනා.</i></font>

167
00:09:27,483 --> 00:09:28,734
<font color="#ffbf46">සමාවෙන්න, කාන්ග් මහත්තයෝ.</font>

168
00:09:28,818 --> 00:09:30,778
<font color="#ffbf46">යූ මහත්මිය, ඔයා මොන බැච් එකේද?</font>

169
00:09:30,861 --> 00:09:32,530
<font color="#ffbf46">කාන්ග් මහත්තයෝ. යූ මහත්මිය--</font>

170
00:09:36,450 --> 00:09:37,702
<font color="#ffbf46">දැන් මොකද කියන්නේ පාර්ක් මෙනවිය?</font>

171
00:09:37,785 --> 00:09:40,746
<font color="#ffbf46">ඇයි ඔයා මේ ප්‍රො බොනෝ ටීම් එකට ආවේ?</font>

172
00:09:45,209 --> 00:09:46,419
<font color="#ffbf46">ඇයි එකපාරටම එහෙම අහන්නේ?</font>

173
00:09:47,169 --> 00:09:49,088
<font color="#ffbf46">ඔයාමනේ කිව්වේ.</font>

174
00:09:49,630 --> 00:09:52,008
<font color="#ffbf46">ඔයා කලින් කළේ හයි ක්ලාස් නඩු විතරයි කියලා.</font>

175
00:09:52,883 --> 00:09:55,428
<font color="#ffbf46">ඉතින් ඇයි විනිසුරු රස්සාව දාලා</font>

176
00:09:55,511 --> 00:09:56,887
<font color="#ffbf46">මෙහෙට ආවේ?</font>

177
00:09:58,681 --> 00:10:00,141
<font color="#ffbf46">ඔබතුමා දන්නවද කාන්ග් මහත්තයෝ?</font>

178
00:10:00,224 --> 00:10:03,311
<font color="#ffbf46">මේ ලෝකේ හැම තිස්සෙම දිනන මිනිස්සු ඉන්නවා වගේම,</font>

179
00:10:03,394 --> 00:10:06,272
<font color="#ffbf46">හැම තිස්සෙම පරදින මිනිස්සුත් ඉන්නවා.</font>

180
00:10:06,355 --> 00:10:09,942
<font color="#ffbf46">එයාලා කොච්චර උත්සාහ කළත්,
ලෝකයත් එක්ක සටන් කරන්න එයාලට හයියක් නෑ.</font>

181
00:10:10,026 --> 00:10:12,903
<font color="#ffbf46">ප්‍රො බොනෝ නීතිඥවරු ඉන්නේ
ඒ වගේ අයට උදව් කරන්න,</font>

182
00:10:13,988 --> 00:10:17,575
<font color="#ffbf46">නැතුව ක්ලැසි නඩු කරන්නවත්
හැමදාම දිනන නඩු කරන්නවත් නෙවෙයි.</font>

183
00:10:22,496 --> 00:10:24,040
<font color="#ffbf46">ඇයි ඔයා හිතන්නේ මම දන්නේ නෑ කියලා</font>

184
00:10:25,374 --> 00:10:27,168
<font color="#ffbf46">හැමදාම පරදින මිනිස්සු ගැන?</font>

185
00:10:28,002 --> 00:10:31,047
<font color="#ffbf46">කොච්චර උත්සාහ කළත්,
ලෝකයත් එක්ක සටන් කරන්න බැරි තරම් දුර්වල මිනිස්සු ගැන.</font>

186
00:10:33,215 --> 00:10:34,216
<font color="#ffbf46">ඔයා හිතන්නේ මම දන්නේ නෑ කියලද?</font>

187
00:10:39,555 --> 00:10:42,266
<font color="#ffbf46">ඒත් පාර්ක් මෙනවිය, <i>ඔයා</i> දන්නවද ඒක මොන වගේද කියලා?</font>

188
00:10:42,350 --> 00:10:44,852
<font color="#ffbf46">ඔයා අඩුම තරමේ තමන්ගේම පන්ති ගාස්තු හොයාගන්නවත්
උත්සාහ කරලා තියෙනවද?</font>

189
00:10:45,394 --> 00:10:47,313
<font color="#ffbf46">කාන්ග් මහත්තයෝ, ඔයා සීමාව පනිනවා.</font>

190
00:10:47,396 --> 00:10:49,440
<font color="#ffbf46">හරි. මේක ටිකක් අපහසු ප්‍රශ්නයක්.</font>

191
00:10:49,523 --> 00:10:51,901
<font color="#ffbf46">ඔයාට තරහ යන්න ඇති.
සමාවෙන්න.</font>

192
00:10:51,984 --> 00:10:54,779
<font color="#ffbf46">නෑ. මගේ දෙමව්පියන්ට පින් සිද්ධ වෙන්න,</font>

193
00:10:54,862 --> 00:10:57,281
<font color="#ffbf46">මම හැදුනේ සැපට, ඒ වගේම ආදරය පිරුණු පවුලක.</font>

194
00:10:57,365 --> 00:10:58,449
<font color="#ffbf46">ඔව්, මට පේනවා.</font>

195
00:10:58,532 --> 00:11:00,242
<font color="#ffbf46">ඉතින් ඒකේ මොකක් හරි අවුලක් තියෙනවද?</font>

196
00:11:01,118 --> 00:11:02,078
<font color="#ffbf46">ඒක ප්‍රශ්නයක්ද?</font>

197
00:11:02,161 --> 00:11:03,162
<font color="#ffbf46">නෑ, කවුද එහෙම කිව්වේ?</font>

198
00:11:03,245 --> 00:11:05,956
<font color="#ffbf46">ඒක හොඳයි. දෙවියනේ, කොච්චර ෂෝක්ද.</font>

199
00:11:06,040 --> 00:11:09,335
<font color="#ffbf46">ආදරයෙන් හැදුනු කෙනෙක්
නැති බැරි මිනිස්සු ගැන වද වෙනවා.</font>

200
00:11:09,418 --> 00:11:11,796
<font color="#ffbf46">මාර වටිනවනේ.
දේශපාලනයට එන්න අදහසක් එහෙම නැද්ද?</font>

201
00:11:11,879 --> 00:11:13,923
<font color="#ffbf46">මම උදව් කරන්නම්.
මට අඳුරන අය ගොඩක් ඉන්නවා.</font>

202
00:11:15,174 --> 00:11:16,175
<font color="#ffbf46">අනේ මන්දා!</font>

203
00:11:16,967 --> 00:11:17,802
<font color="#ffbf46">පාර්ක් මෙනවිය.</font>

204
00:11:22,973 --> 00:11:24,183
<font color="#ffbf46">2025 සෝල් 'Queer' සැණකෙළිය</font>

205
00:11:27,812 --> 00:11:30,231
<font color="#ffbf46">මාව ෆලෝ කරන්න.
ඔයා මාව බලන්න එන්න ඕනේ අක්කේ.</font>

206
00:11:31,524 --> 00:11:32,900
<font color="#ffbf46">අපිට මැරී කරන්න පුළුවන් වුනා නම් හොඳයි.</font>

207
00:11:32,983 --> 00:11:37,154
<font color="#ffbf46">අපි චුට්ටක් විතර වෙනස්.
එච්චරයි.</font>

208
00:11:37,238 --> 00:11:38,948
<font color="#ffbf46">අනේ කරුණාකරලා තේරුම් ගන්න.</font>

209
00:11:39,532 --> 00:11:41,033
<font color="#ffbf46">අපි ඔයාලත් එක්ක යනවා!</font>

210
00:11:41,117 --> 00:11:42,201
<font color="#ffbf46">අපි ඔයාලත් එක්ක ඉන්නවා.</font>

211
00:11:42,284 --> 00:11:43,786
<font color="#ffbf46">අපිට හග් එකක් දෙන්නකෝ!</font>

212
00:11:43,869 --> 00:11:47,039
<font color="#ffbf46">නීතිඥවරු විදිහට අපි LGBTQIA+ අයිතීන් වලට සහය දෙනවා.</font>

213
00:11:47,123 --> 00:11:48,582
<font color="#ffbf46">අපේ පෙත්සමට අත්සන් කරන්න!</font>

214
00:11:48,666 --> 00:11:50,167
<font color="#ffbf46">අනේ අත්සන් කරන්න. අපි ඒක අගය කරනවා!</font>

215
00:11:50,251 --> 00:11:52,670
<font color="#ffbf46">වෙනස්කම් නැති ලෝකයක් හදමු.</font>

216
00:11:52,753 --> 00:11:54,255
<font color="#ffbf46">ඔව්. අනේ අත්සන් කරන්න.</font>

217
00:11:54,338 --> 00:11:57,800
<font color="#ffbf46">ඔයාලා පරිත්‍යාගයක් කරලා අපේ සමීක්ෂණය පුරවොත්,
ඔයාලට ටී-ෂර්ට් එකක් නොමිලේ හම්බ වෙනවා.</font>

218
00:11:57,883 --> 00:11:59,760
<font color="#ffbf46">නීතිඥවරු විදිහට අපි LGBTQIA+ අයිතීන් වලට සහය දෙනවා.</font>

219
00:11:59,844 --> 00:12:02,304
<font color="#ffbf46">නොමිලේ ටී-ෂර්ට් එකක් ගන්න! නොමිලේ ටී-ෂර්ට්!</font>

220
00:12:02,388 --> 00:12:04,014
<font color="#ffbf46">නොමිලේ ටී-ෂර්ට්. ඔයාගේ අත්සන දෙන්න.</font>

221
00:12:04,098 --> 00:12:06,684
<font color="#ffbf46">දෙවියනේ, අපි නීතිඥවරු.
අපි මේ මොනවද මෙතන කරන්නේ?</font>

222
00:12:06,767 --> 00:12:10,521
<font color="#ffbf46">ප්‍රො බොනෝ නීතිඥවරුන්ගේ ප්‍රධාන රාජකාරියක් තමයි
මානව හිමිකම් සංවිධාන වලට සහය දෙන එක.</font>

223
00:12:11,439 --> 00:12:12,440
<font color="#ffbf46">අපි ඔයාලත් එක්කයි.</font>

224
00:12:13,983 --> 00:12:15,568
<font color="#ffbf46">ඇවිත් ටී-ෂර්ට් එකක් ගන්න!</font>

225
00:12:18,821 --> 00:12:20,781
<font color="#ffbf46">ශික්. මේක හරියන්නේ නෑ.</font>

226
00:12:20,865 --> 00:12:22,700
<font color="#ffbf46">මේක හරියන්නේ නෑ නේද? නෑ, මේ වැඩේ හරියන්නේ නෑ.</font>

227
00:12:22,783 --> 00:12:25,661
<font color="#ffbf46">අපි මෙතන නීතිඥවරු වගේ ඉන්න හොඳ නෑ. ඔයා හරි.</font>

228
00:12:25,744 --> 00:12:27,079
<font color="#ffbf46">ඔව්. යමු යන්න.</font>

229
00:12:27,621 --> 00:12:28,956
<font color="#ffbf46">මොකක්?</font>

230
00:12:29,832 --> 00:12:30,791
<font color="#ffbf46">මොකක්ද ඒ?</font>

231
00:12:31,876 --> 00:12:33,169
<font color="#ffbf46">අපේ පස්සෙන් එන්න!</font>

232
00:12:33,752 --> 00:12:34,712
<font color="#ffbf46">අම්මෝ!</font>

233
00:12:35,463 --> 00:12:37,131
<font color="#ffbf46">මොකක්ද ඒ? නන්-හී!</font>

234
00:12:37,214 --> 00:12:39,884
<font color="#ffbf46">පරිත්‍යාග කරලා අපේ සමීක්ෂණයට සහභාගී වී
ටී-ෂර්ට් එකක් ලබාගන්න</font>

235
00:12:39,967 --> 00:12:42,720
<font color="#ffbf46">හරි, එළියට එන්නකෝ. ඒයි!</font>

236
00:12:46,348 --> 00:12:48,350
<font color="#ffbf46">මම ප්‍රසිද්ධ චරිතයක්.
කවුරුහරි මාව අඳුරගත්තොත්...</font>

237
00:12:48,434 --> 00:12:51,145
<font color="#ffbf46">උත්සවයකට ආවම,
ඒකට ගැලපෙන විදිහට අඳින්න ඕනේ.</font>

238
00:12:51,228 --> 00:12:53,939
<font color="#ffbf46">ගැලපෙන විදිහ, මගේ පය. ඔයා හිතනවද
මිනිස්සු මේවා බලන්න එයි කියලා?</font>

239
00:12:54,023 --> 00:12:55,566
<font color="#ffbf46">අපිට ඔයත් එක්ක ෆොටෝ එකක් ගන්න පුළුවන්ද?</font>

240
00:12:55,649 --> 00:12:57,067
<font color="#ffbf46">අනේ, එකක් විතරයි!</font>

241
00:12:57,151 --> 00:12:58,152
<font color="#ffbf46">එයාලා ආවා. මම ගන්නම්.</font>

242
00:12:58,235 --> 00:13:00,779
<font color="#ffbf46">ස්තූතියි! හරි. එකයි, දෙකයි, තුනයි.</font>

243
00:13:01,697 --> 00:13:02,865
<font color="#ffbf46">ඔයා හරිම ලස්සනයි!</font>

244
00:13:02,948 --> 00:13:04,867
<font color="#ffbf46">ඔයා හරිම ලස්සනයි.</font>

245
00:13:04,950 --> 00:13:08,120
<font color="#ffbf46">නෑ, මම නියම පිරිමියෙක්.</font>

246
00:13:08,204 --> 00:13:09,455
<font color="#ffbf46">මම ඇයි මේ මෙහෙම කතා කරන්නේ?</font>

247
00:13:09,538 --> 00:13:11,248
<font color="#ffbf46">අපි ඔයාට සුභ පතනවා. ජය වේවා. ජය වේවා.</font>

248
00:13:11,332 --> 00:13:13,834
<font color="#ffbf46">සමාවෙන්න, මෙතනට ඇවිත්
ඔයාලගේ නම් ටික අත්සන් කරන්න පුළුවන්ද?</font>

249
00:13:13,918 --> 00:13:15,503
<font color="#ffbf46">හරි. ස්තූතියි.</font>

250
00:13:15,586 --> 00:13:17,505
<font color="#ffbf46">මෙතන අත්සන් කරලා ඔයාලගේ ටී-ෂර්ට් ගන්න.</font>

251
00:13:17,588 --> 00:13:18,756
<font color="#ffbf46">යූ මහත්මිය, මගේ කලිසම දෙනවා.</font>

252
00:13:18,839 --> 00:13:19,840
<font color="#ffbf46">අපිටත් ෆොටෝ එකක් ඕනේ!</font>

253
00:13:19,924 --> 00:13:21,300
<font color="#ffbf46">අනේ අපිත් එක්ක ෆොටෝ එකක් ගන්නකෝ!</font>

254
00:13:21,383 --> 00:13:23,928
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද අපිට ෆොටෝ එකක්
අරන් දෙන්න? මමද ගන්න ඕනේ? හරි.</font>

255
00:13:24,553 --> 00:13:25,679
<font color="#ffbf46">ඔන්න එහෙනම්. එකයි, දෙකයි, තුනයි.</font>

256
00:13:26,639 --> 00:13:28,516
<font color="#ffbf46">ස්තූතියි. දැන් ඇති. එකයි,
දෙකයි, තුනයි. නියමයි!</font>

257
00:13:28,599 --> 00:13:29,892
<font color="#ffbf46">යූ මහත්මිය. හිනා වෙන්න!</font>

258
00:13:29,975 --> 00:13:32,561
<font color="#ffbf46">අපිට තව ෆොටෝ ටිකක් ගන්න
බැරිද, ප්ලීස්? අයියෝ දෙවියනේ.</font>

259
00:13:33,854 --> 00:13:34,855
<font color="#ffbf46">එකයි, දෙකයි, තුනයි.</font>

260
00:13:34,939 --> 00:13:37,066
<font color="#ffbf46">ඇති යූ මහත්මිය. බොහොම ස්තූතියි.</font>

261
00:13:37,149 --> 00:13:39,109
<font color="#ffbf46">අපි ඔක්කොම එකට ගමු!</font>

262
00:13:39,193 --> 00:13:40,319
<font color="#ffbf46">එකට ගමු!</font>

263
00:13:40,402 --> 00:13:42,196
<font color="#ffbf46">හරි. දැන් ඇති යූ මහත්මිය!</font>

264
00:13:45,366 --> 00:13:47,201
<font color="#ffbf46">නියමයි. අපි කට්ටියම එකට එකක් ගමු.</font>

265
00:13:47,284 --> 00:13:49,286
<font color="#ffbf46">හරි, එකයි, දෙකයි, තුනයි! මාවත් ගන්න!</font>

266
00:13:49,370 --> 00:13:50,329
<font color="#ffbf46">මාත් එන්නම්!</font>

267
00:13:50,412 --> 00:13:51,956
<font color="#ffbf46">ඔන්න අපි ගත්තා. අපි තව කොච්චර ගන්නවද?</font>

268
00:13:52,039 --> 00:13:54,291
<font color="#ffbf46">මම දැන් ගන්නවා. හැමෝම හිනා වෙන්න!</font>

269
00:13:58,170 --> 00:13:59,713
<font color="#ffbf46">මේ අහන්නකෝ පාක් මහත්මිය.</font>

270
00:13:59,797 --> 00:14:02,424
<font color="#ffbf46">ඔයා දවස තිස්සේම මාව මේ වගේ
තැන්වලට ඇදගෙන යන්නද හදන්නේ?</font>

271
00:14:03,175 --> 00:14:05,344
<font color="#ffbf46">ඔයා මේක ඕනකමින්මයි කරන්නේ, නේද? අයියෝ.</font>

272
00:14:05,427 --> 00:14:08,305
<font color="#ffbf46">ඔයා මොකක්ද මේ කියන්නේ? මේ තමයි සුභසාධක නීතීඥවරයෙක්ගේ
සාමාන්‍ය දින චරියාව.</font>

273
00:14:08,931 --> 00:14:12,101
<font color="#ffbf46">නීතිමය ගැටලුවක් ගැන ප්‍රශ්නයක් ආවම,
අපි ඒවට උත්තර දෙන්න ඕනේ.</font>

274
00:14:14,520 --> 00:14:15,396
<font color="#ffbf46">ඇත්තෙන්ම,</font>

275
00:14:15,980 --> 00:14:19,066
<font color="#ffbf46">ඒකත් කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් විතරයි.</font>

276
00:14:23,237 --> 00:14:24,363
<font color="#ffbf46">සොරි. මෙතන කවුරුත් නෑනේ.</font>

277
00:14:25,072 --> 00:14:27,366
<font color="#ffbf46">මම හරිම අමාරුවෙන් ප්‍රෙස් රිලීස් එකකුත්
ලෑස්ති කරානේ.</font>

278
00:14:28,242 --> 00:14:29,326
<font color="#ffbf46">ඒකට කමක් නෑ.</font>

279
00:14:29,410 --> 00:14:30,244
<font color="#ffbf46">නීතීඥ කන්ග්!</font>

280
00:14:33,414 --> 00:14:34,623
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද?</font>

281
00:14:35,332 --> 00:14:37,626
<font color="#ffbf46">මම හොඳින්. උත්සවය කොහොමද?</font>

282
00:14:37,710 --> 00:14:39,962
<font color="#ffbf46">ඉන්න, මොකද මේ වෙන්නේ?</font>

283
00:14:40,045 --> 00:14:41,714
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. යමු.</font>

284
00:14:42,256 --> 00:14:44,466
<font color="#ffbf46">ඉන්න, මොකක්ද ප්‍රශ්නේ?</font>

285
00:14:44,967 --> 00:14:46,093
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

286
00:14:46,176 --> 00:14:47,803
<font color="#ffbf46">ඔයාට කොහොමද?</font>

287
00:14:47,887 --> 00:14:51,098
<font color="#ffbf46">ජෑන්ග් මහත්තයා ආයෙත් එයා දන්න අඳුරන
මාධ්‍යවේදියෙක්ව එක්කගෙන එන්න ඇති.</font>

288
00:14:51,181 --> 00:14:52,641
<font color="#ffbf46">එයා ගිය පාරත් මේකමනේ කරේ.</font>

289
00:14:54,768 --> 00:14:56,979
<font color="#ffbf46">"බිම්මලා"ට මම හිතුවට වඩා
ලොකු සම්බන්ධකම් තියෙනවනේ.</font>

290
00:14:57,062 --> 00:14:59,273
<font color="#ffbf46">යමු යන්න! එයා මෙහේ හැමෝවම අඳුරනවා.</font>

291
00:14:59,356 --> 00:15:01,650
<font color="#ffbf46">මේ ක්ෂේත්‍රයේ, ජෑන්ග් මහත්තයා කියන්නේ</font>

292
00:15:02,318 --> 00:15:03,694
<font color="#ffbf46">පුරාවෘත්තයක්. මොකක්?</font>

293
00:15:03,777 --> 00:15:06,989
<font color="#ffbf46">කැම්පස් කාලේ, කුලියට ගත්ත මැරයෝ සෙට් එකක් එක්ක
මෙයා තනියම හැප්පුනා,</font>

294
00:15:07,072 --> 00:15:09,033
<font color="#ffbf46">නීතිවිරෝධී මුඩුක්කු ඉවත් කිරීමක් වෙලාවේදී.</font>

295
00:15:09,658 --> 00:15:12,411
<font color="#ffbf46">මෙයා කොච්චර දරුණුද කියනවා නම් අර මැරයෝ ටිකත්
මෙයාට බය වුනා.</font>

296
00:15:12,494 --> 00:15:13,996
<font color="#ffbf46">නීතීඥ ජෑන්ග්? ඔව්.</font>

297
00:15:14,079 --> 00:15:16,582
<font color="#ffbf46">පිස්සු නැතුව ඉන්න. ඔය බොරු කතා.</font>

298
00:15:16,665 --> 00:15:18,375
<font color="#ffbf46"><i>හැබැයි අර කෝට් එක…</i></font>

299
00:15:18,459 --> 00:15:20,336
<font color="#ffbf46"><i>ඒක පරණ පාට වුනාට,</i></font>

300
00:15:20,419 --> 00:15:24,632
<font color="#ffbf46"><i>ඒක හරියට මම අර චොන්ඩම්-දොං වල දැක්ක</i>
<i>ඉතාලි බ්‍රෑන්ඩ් එකේ කෝට් එක වගේමයි.</i></font>

301
00:15:25,215 --> 00:15:26,383
<font color="#ffbf46"><i>ඒක ඩුප්ලිකේට් එකක් වෙන්න ඇති නේද?</i></font>

302
00:15:27,259 --> 00:15:28,802
<font color="#ffbf46">මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?</font>

303
00:15:28,886 --> 00:15:30,429
<font color="#ffbf46">ඔව්, අහන්න.</font>

304
00:15:30,512 --> 00:15:31,805
<font color="#ffbf46">හරි.</font>

305
00:15:31,889 --> 00:15:33,140
<font color="#ffbf46">ඔයාව හමුවීම සතුටක්.</font>

306
00:15:33,223 --> 00:15:35,601
<font color="#ffbf46">මම කෝ ඉල්-ජූ,
<i>ස්ටෙපිං ෆෝවර්ඩ් ටුගෙදර්</i> එකේ මාධ්‍යවේදියෙක්.</font>

307
00:15:35,684 --> 00:15:39,021
<font color="#ffbf46"><i>අයියෝ, මෙතනට ආපු එකම එක්කෙනත්</i>
<i>කම්කරු සංවිධානයක වැඩ කරන</i></font>

308
00:15:39,104 --> 00:15:40,940
<font color="#ffbf46"><i>මාධ්‍යවේදියෙක් විතරනේ.</i></font>

309
00:15:41,649 --> 00:15:43,901
<font color="#ffbf46"><i>මේ දෙන්නා නිකන් එකම අච්චුවේ ගැහුවා වගේ.</i></font>

310
00:15:45,861 --> 00:15:50,658
<font color="#ffbf46">ජුන්ග්-ඉන්. මම ඔයාට කෝල් කරන්න හැදුවේ.
ඔයා කිව්ව විදිහටම මම සහයෝගෙන් වැඩ කරන්නයි හදන්නේ,</font>

311
00:15:50,741 --> 00:15:52,034
<font color="#ffbf46">ඒත් මම ඇත්තටම ඕනෙද--</font>

312
00:15:52,618 --> 00:15:53,619
<font color="#ffbf46">ඔයාට ඕන අපි ආපහු එන්නද?</font>

313
00:15:54,787 --> 00:15:58,499
<font color="#ffbf46">පාක් මහත්මිය. එයාට ඕනලු අපි ආපහු යන්න.
ඉක්මන් කරන්න. යමු යන්න!</font>

314
00:15:58,582 --> 00:15:59,625
<font color="#ffbf46">මේ කොහෙද යන්නේ?</font>

315
00:16:02,127 --> 00:16:04,630
<font color="#ffbf46">අර අතහැර දාපු බල්ලාගේ නඩුව ගැන</font>

316
00:16:04,713 --> 00:16:06,882
<font color="#ffbf46">දැන් ගම වටේම කතා වෙනවා.</font>

317
00:16:06,966 --> 00:16:09,927
<font color="#ffbf46">කොරියාවේ ප්‍රධානම නීති සමාගමක් වන ඕ ඇන්ඩ් පාට්නර්ස්,</font>

318
00:16:10,010 --> 00:16:13,806
<font color="#ffbf46">මේ නඩුව නොමිලේ කරපු එක ගැන
ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා.</font>

319
00:16:13,889 --> 00:16:16,392
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්, සාමාන්‍ය මිනිස්සුන්ට අනුව නම්,</font>

320
00:16:16,475 --> 00:16:18,644
<font color="#ffbf46">එයාලා හිතන්නේ ඕ ඇන්ඩ් පාට්නර්ස් කියන්නේ</font>

321
00:16:18,727 --> 00:16:20,938
<font color="#ffbf46">කිට්ටු කරන්නවත් බැරි තරම් ඉහළ තැනක් කියලා.</font>

322
00:16:22,606 --> 00:16:24,775
<font color="#ffbf46">ඔව්. මිනිස්සු අපි ගැන එහෙම හිතන් හිටියා.</font>

323
00:16:24,858 --> 00:16:25,693
<font color="#ffbf46">අපි ඒක පිළිගන්නවා.</font>

324
00:16:26,318 --> 00:16:28,946
<font color="#ffbf46">ඒත් දැන් ලෝකය වෙනස් වෙලානේ, නේද?</font>

325
00:16:30,030 --> 00:16:33,909
<font color="#ffbf46">ඉතින් අපිත් වෙනස් වෙන්න ඕනේ.
සමාජ වගකීම් සහ කාලයත් එක්ක වෙනස් වෙන දේවල්</font>

326
00:16:33,993 --> 00:16:36,829
<font color="#ffbf46">අතපසු කරන එක අපිට එච්චර හොඳ මදි.</font>

327
00:16:37,413 --> 00:16:40,374
<font color="#ffbf46">ඔයාලා මේ අලුත් ඕ ඇන්ඩ් පාට්නර්ස් ගැන
බලාපොරොත්තු තියාගනියි කියලා අපි හිතනවා.</font>

328
00:16:41,542 --> 00:16:43,627
<font color="#ffbf46">තරුණ නීතීඥවරියක්</font>

329
00:16:43,711 --> 00:16:47,756
<font color="#ffbf46">ප්‍රධාන විධායක නිලධාරිනිය වුන එකම
ලොකු වෙනසක් නේද?</font>

330
00:16:50,134 --> 00:16:55,931
<font color="#ffbf46">මගේ වයස සහ මම ගැහැණු කෙනෙක් කියන එක
ප්‍රවෘත්තියක් නොවෙන තැනට,</font>

331
00:16:57,266 --> 00:16:59,059
<font color="#ffbf46">මම මේ ලෝකය වෙනස් කරනවා.</font>

332
00:16:59,685 --> 00:17:00,519
<font color="#ffbf46">එහෙමද.</font>

333
00:17:01,270 --> 00:17:02,604
<font color="#ffbf46">ඒක නියමයි.</font>

334
00:17:02,688 --> 00:17:05,774
<font color="#ffbf46">ඒ වගේම, "ජනතා විනිසුරු" කියලා හඳුන්වන
කන්ග් ඩා-විට් නීතීඥතුමාත්,</font>

335
00:17:05,858 --> 00:17:07,026
<font color="#ffbf46">මේ නඩුව බාරගත්තනේ.</font>

336
00:17:07,109 --> 00:17:09,319
<font color="#ffbf46">මම අහලා තියෙන විදිහට ඔයාලා දෙන්නා
JRTI එකේ පුහුණුව ලැබුවේ එකට.</font>

337
00:17:09,403 --> 00:17:12,448
<font color="#ffbf46">ඔයා කොහොමද එයාව මේකට එකතු කරගත්තේ
කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?</font>

338
00:17:12,531 --> 00:17:15,784
<font color="#ffbf46">ආ, ඔයාට ඒක එයාගෙන්ම අහන්න පුලුවන්.</font>

339
00:17:17,286 --> 00:17:18,662
<font color="#ffbf46">අපි පොඩි බ්‍රේක් එකක් ගමුද?</font>

340
00:17:20,664 --> 00:17:21,707
<font color="#ffbf46">අම්මෝ.</font>

341
00:17:22,332 --> 00:17:24,209
<font color="#ffbf46">ඕ මහත්මිය, ඔයා නම් ඔයාගේ රස්සාවට හරි දක්ෂයි.</font>

342
00:17:24,293 --> 00:17:26,378
<font color="#ffbf46">ඔයා ප්‍රශ්න වලට උත්තර දුන්නෙත්
හරිම ලස්සනට.</font>

343
00:17:26,462 --> 00:17:29,298
<font color="#ffbf46">ඔයා ගාව තාම අර "ජනතා විනිසුරු" ගතිය තියෙනවා.</font>

344
00:17:29,882 --> 00:17:31,592
<font color="#ffbf46">මට දැනගන්න ආස දෙයක් තියෙනවා.</font>

345
00:17:31,675 --> 00:17:32,843
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

346
00:17:33,594 --> 00:17:35,095
<font color="#ffbf46">ඇයි ඔයා මගෙන් ඇහුවේ නැත්තේ?</font>

347
00:17:35,679 --> 00:17:36,513
<font color="#ffbf46">මොකක් ගැනද?</font>

348
00:17:41,393 --> 00:17:44,229
<font color="#ffbf46">ඔයා එක පාරක්වත් මගෙන් ඇහුවේ නෑනේ
ඇයි මම විනිසුරුකම අත ඇරියේ කියලා.</font>

349
00:17:47,483 --> 00:17:49,109
<font color="#ffbf46">ඇයි ඔයා අර වීඩියෝ එක දැක්කද?</font>

350
00:17:54,573 --> 00:17:57,785
<font color="#ffbf46">මම ඒක ගැන දැනගන්නම ඕනද?</font>

351
00:17:59,995 --> 00:18:00,829
<font color="#ffbf46">මොකක්?</font>

352
00:18:02,039 --> 00:18:03,874
<font color="#ffbf46">ඔයාට තාම තේරෙන්නේ නෑ.</font>

353
00:18:05,793 --> 00:18:08,087
<font color="#ffbf46">ඔයා දන්නවද මෙහේ කීදෙනෙක් වැඩ කරනවද කියලා?</font>

354
00:18:09,129 --> 00:18:10,839
<font color="#ffbf46">අපිට නීතීඥවරු 1000කට වඩා ඉන්නවා.</font>

355
00:18:11,507 --> 00:18:15,219
<font color="#ffbf46">සහයකයෝ, ලේකම්වරු, අනිත් ස්ටාෆ් එකත් එක්ක
ඔක්කොම කීයක් විතර ඇතිද?</font>

356
00:18:16,095 --> 00:18:18,222
<font color="#ffbf46">ඔයා දන්නවද ඒ අයගෙන් කීදෙනෙක්
හිටපු විනිසුරුවරුද,</font>

357
00:18:18,722 --> 00:18:23,102
<font color="#ffbf46">ප්‍රධාන අභිචෝදකයෝ, ඇමතිවරු, බදු කොමසාරිස්වරු,
සහ බැංකු වල ලොක්කෝ ඉන්නවද කියලා?</font>

358
00:18:24,728 --> 00:18:27,147
<font color="#ffbf46">ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලා අපිත් එක්ක
සටන් කරපු දේශපාලකයෝ,</font>

359
00:18:27,231 --> 00:18:29,233
<font color="#ffbf46">සහ අර සදාචාරය ගැන කතා කරන මාධ්‍යවේදියෝ.</font>

360
00:18:29,316 --> 00:18:32,861
<font color="#ffbf46">අපි එයාලව උපදේශකයෝ කරනවා, ඉතින් එයාලා ආසාවෙන්
වැඩට ඇවිල්ලා පඩිත් අරන් යනවා.</font>

361
00:18:34,738 --> 00:18:39,827
<font color="#ffbf46">ඕ ඇන්ඩ් පාට්නර්ස් කියන්නේ හරියට නිකන් කොරියාව වගේ.
ඔයාට තේරෙනවද?</font>

362
00:18:48,877 --> 00:18:50,379
<font color="#ffbf46">සොරි ඩා-විට්.</font>

363
00:18:52,089 --> 00:18:55,592
<font color="#ffbf46">මට මෙතන ඉන්න හැම සේවකයෙක් ගැනම
වද වෙවී ඉන්න තරම් වෙලාවක් නෑ.</font>

364
00:18:56,844 --> 00:18:59,179
<font color="#ffbf46">හරි, සුභ දවසක්.</font>

365
00:19:13,110 --> 00:19:14,403
<font color="#ffbf46">ආයුබෝවන් කන්ග් මහත්තයා.</font>

366
00:19:14,486 --> 00:19:17,239
<font color="#ffbf46">හායි. කෝ අනිත් අය? එයාලා වැඩකට එළියට ගියා.</font>

367
00:19:17,322 --> 00:19:19,533
<font color="#ffbf46">ඔයා ඊයේ නිව්ස් වල හිටියා නියමෙට. ස්තූතියි.</font>

368
00:19:19,616 --> 00:19:22,452
<font color="#ffbf46">ඒක නෙමෙයි, කවුද කෙනෙක් ඉන්ටර්වීව් එක දැකලා
ඔයාව හොයන් ආවා.</font>

369
00:19:22,536 --> 00:19:24,329
<font color="#ffbf46">එයාට ඔයාව හම්බවෙන්නම ඕන කිව්වා.</font>

370
00:19:24,413 --> 00:19:25,247
<font color="#ffbf46">මොකක්?</font>

371
00:19:32,629 --> 00:19:34,423
<font color="#ffbf46">ඔයා කාට විරුද්ධවද නඩු දානවා කිව්වේ?</font>

372
00:19:34,506 --> 00:19:35,549
<font color="#ffbf46">දෙවියන්ට.</font>

373
00:19:36,300 --> 00:19:38,010
<font color="#ffbf46">මම දැන් කිව්වනේ.</font>

374
00:19:38,969 --> 00:19:40,721
<font color="#ffbf46">ඔයා ක්‍රිස්තියානිද? කතෝලිකද?</font>

375
00:19:40,804 --> 00:19:41,722
<font color="#ffbf46">දෙකම නෙමෙයි.</font>

376
00:19:42,306 --> 00:19:44,266
<font color="#ffbf46">මේ ලෝකේ කා ගැනවත් විශ්වාස කරන්න බෑ.</font>

377
00:19:44,349 --> 00:19:45,726
<font color="#ffbf46">මම මුකුත් විශ්වාස කරන්නේ නෑ.</font>

378
00:19:46,476 --> 00:19:47,644
<font color="#ffbf46">එහෙනම් ඇයි මේ?</font>

379
00:19:47,728 --> 00:19:49,855
<font color="#ffbf46">මට සිද්ධ වුනු හානියට වන්දි ඕනේ.</font>

380
00:19:50,439 --> 00:19:51,523
<font color="#ffbf46">ලොකු ගාණක්.</font>

381
00:19:52,107 --> 00:19:55,027
<font color="#ffbf46">වන්දි?
ඒක සිවිල් නඩුවක්නේ, අපරාධ නඩුවක් නෙමෙයි.</font>

382
00:19:55,110 --> 00:19:57,905
<font color="#ffbf46">හරි එහෙනම්. දෙවියෝ ඔයාට කරපු වැරැද්ද මොකක්ද?</font>

383
00:19:59,198 --> 00:20:01,742
<font color="#ffbf46">එයා මාව මේ ලෝකෙට එවපු එක.</font>

384
00:20:02,326 --> 00:20:04,953
<font color="#ffbf46">මොකක්? මම කවදාවත් ඉල්ලුවේ නෑ</font>

385
00:20:05,579 --> 00:20:07,539
<font color="#ffbf46">මේ විදිහට ඉපදෙන්න කියලා.</font>

386
00:20:08,123 --> 00:20:09,917
<font color="#ffbf46">කාටවත් මාව ඕන වුනේ නෑ…</font>

387
00:20:11,460 --> 00:20:12,920
<font color="#ffbf46">ඉපදෙනවට කොහොමටවත් කැමති වුනේ නෑ,</font>

388
00:20:13,003 --> 00:20:14,379
<font color="#ffbf46">මගේ අම්මා වුනත් එහෙමයි,</font>

389
00:20:15,005 --> 00:20:16,590
<font color="#ffbf46">මම කවදාවත් දැකලා නැති මගේ තාත්තත් එහෙමයි.</font>

390
00:20:17,841 --> 00:20:20,177
<font color="#ffbf46">ඉතින්, ප්ලීස් මං වෙනුවෙන් නොමිලේ කතා කරන්න.</font>

391
00:20:21,929 --> 00:20:23,555
<font color="#ffbf46">ඔයා කිව්වනේ ඔයා කරනවා කියලා.</font>

392
00:20:23,639 --> 00:20:24,473
<font color="#ffbf46">මම කිව්වා?</font>

393
00:20:24,556 --> 00:20:27,434
<font color="#ffbf46"><i>මගේ මුළු ජීවිතේම කැප කරපු උසාවියෙන්</i>
<i>මම අයින් වුනේ,</i></font>

394
00:20:27,517 --> 00:20:28,936
<font color="#ffbf46"><i>මොකද මට ඕන වුනා නිහතමානීව</i></font>

395
00:20:29,645 --> 00:20:34,024
<font color="#ffbf46">දුකෙන් ඉන්න මිනිස්සු වෙනුවෙන්
පෙනී ඉන්න.</font>

396
00:20:34,107 --> 00:20:36,401
<font color="#ffbf46">උදව්වක් නැති කෙනෙක්</font>

397
00:20:36,485 --> 00:20:38,153
<font color="#ffbf46">හරිම අසරණ වෙලා මාව හොයන් ආවම,</font>

398
00:20:38,237 --> 00:20:42,324
<font color="#ffbf46">මගේ ජීවිත කාලෙම මම ලබාගත්ත
නීති දැනුම සහ අත්දැකීම් පාවිච්චි කරලා</font>

399
00:20:42,407 --> 00:20:43,992
<font color="#ffbf46"><i>මම එයාලට උදව් කරනවා.</i></font>

400
00:20:45,160 --> 00:20:49,706
<font color="#ffbf46">ඔයා තාම පොඩි ළමයෙක් හින්දා
ඔයාට මේවා තේරෙන්නේ නෑ.</font>

401
00:20:49,790 --> 00:20:51,750
<font color="#ffbf46">නඩුවක් අහන්න පුලුවන් වෙන්නේ
ඒකේ තේරුමක් තියෙනවා නම්,</font>

402
00:20:51,833 --> 00:20:54,127
<font color="#ffbf46">සහ දිනන්න පුලුවන්කමක් තියෙනවා නම් විතරයි.</font>

403
00:20:54,211 --> 00:20:57,673
<font color="#ffbf46">ඉතින් ඒකට තේරුමක් දෙන එක
නීතීඥවරයෙක් විදිහට ඔයාගේ රාජකාරිය නේද?</font>

404
00:20:57,756 --> 00:20:59,424
<font color="#ffbf46">ඔයා නීතීඥයෙක්ද? ඇයි මේ තර්ක කරන්නේ?</font>

405
00:20:59,508 --> 00:21:02,302
<font color="#ffbf46">ඒක වැඩක් නෑනේ.
මගේ වන්දි නඩුව භාරගන්නකෝ.</font>

406
00:21:03,345 --> 00:21:04,221
<font color="#ffbf46">ඉතින් මොකක්ද ප්‍රශ්නේ?</font>

407
00:21:05,055 --> 00:21:08,225
<font color="#ffbf46">ඔයාගේ ඉස්පිරිතාල බිලද දෙවියෝ ඔයාට
වන්දි ගෙවන්න ඕන පාඩුව?</font>

408
00:21:10,060 --> 00:21:11,979
<font color="#ffbf46">කොහොමත් මාව සනීප කරන්න බෑ.</font>

409
00:21:13,146 --> 00:21:14,064
<font color="#ffbf46">මම…</font>

410
00:21:17,776 --> 00:21:19,736
<font color="#ffbf46">ඉපදෙනකොටම ඉනෙන් පහළ පණ නෑ.</font>

411
00:21:23,699 --> 00:21:25,158
<font color="#ffbf46">හරි, එතකොට මොකක්ද අර පාඩුව--</font>

412
00:21:25,242 --> 00:21:27,828
<font color="#ffbf46">මම කලින් කිව්වනේ.
මම මේ ලෝකේ ඉපදුන එක.</font>

413
00:21:28,870 --> 00:21:31,832
<font color="#ffbf46">මම මේ ලෝකේ ජීවත් වෙන එකම ලොකු හානියක්.</font>

414
00:21:34,293 --> 00:21:35,752
<font color="#ffbf46">ඊට වඩා කොච්චර හොඳද</font>

415
00:21:36,336 --> 00:21:38,297
<font color="#ffbf46">මම නූපීදුනා නම්.</font>

416
00:21:49,850 --> 00:21:54,479
<font color="#ffbf46">ඔයා එයාව යැව්වද? ඔව් යන්තම්
යවා ගත්තා. පුදුම මුරණ්ඩු ළමයෙක්.</font>

417
00:21:54,563 --> 00:21:57,232
<font color="#ffbf46">බුචොන් වල ඉඳන් මෙහෙට කොහොම ආවද මන්දා.</font>

418
00:21:57,316 --> 00:21:59,109
<font color="#ffbf46">බුචොන් වල ඉඳන්? ඔයා එයාව තනියමද යැව්වේ?</font>

419
00:21:59,192 --> 00:22:00,652
<font color="#ffbf46">මම එයාට ලොකු ටැක්සි එකක් අරන් දුන්නා.</font>

420
00:22:00,736 --> 00:22:03,363
<font color="#ffbf46">මගේ අතින් සල්ලි දීලා ඩ්‍රයිවර්ටත් හොඳ ගාණක් දුන්නා.</font>

421
00:22:03,447 --> 00:22:05,032
<font color="#ffbf46">ඇත්තට? හොඳ වැඩක්.</font>

422
00:22:06,199 --> 00:22:07,534
<font color="#ffbf46">සර්. මොකද?</font>

423
00:22:07,617 --> 00:22:10,203
<font color="#ffbf46">එයා ආවේ සර්ව හොයාගෙනනේ.</font>

424
00:22:10,287 --> 00:22:12,539
<font color="#ffbf46">මොන අමුත්තෙක්ද. ඉතින්?</font>

425
00:22:13,332 --> 00:22:18,170
<font color="#ffbf46">මම සෑහෙන ගාණක් ගෙව්වනේ එයාව බුචොන් වලටම
ගිහින් දාන්න, ඒක ඉතින්…</font>

426
00:22:18,253 --> 00:22:19,796
<font color="#ffbf46">හරි හරි. හොඳ වැඩක්.</font>

427
00:22:19,880 --> 00:22:22,924
<font color="#ffbf46">හරි. ඔයාට කියන්න දෙයක් තියෙනවද?</font>

428
00:22:24,509 --> 00:22:25,552
<font color="#ffbf46">නෑ සර්.</font>

429
00:22:27,679 --> 00:22:29,139
<font color="#ffbf46">යමු අපි සෝජු ටිකක් බොන්න.</font>

430
00:22:29,222 --> 00:22:30,724
<font color="#ffbf46">මොකක්? යමු!</font>

431
00:22:43,236 --> 00:22:45,822
<font color="#ffbf46">මම කලින් කිව්වනේ.
මම මේ ලෝකේ ඉපදුන එක.</font>

432
00:22:46,907 --> 00:22:49,785
<font color="#ffbf46">මම මේ ලෝකේ ජීවත් වෙන එකම ලොකු හානියක්.</font>

433
00:22:50,410 --> 00:22:53,371
<font color="#ffbf46">අයියෝ, පොඩි ළමයෙක් කටින් කියන්න ඕන
කතාවක්ද ඒක.</font>

434
00:22:54,581 --> 00:22:56,500
<font color="#ffbf46">ඔයාට එයා ගැන දුක හිතුනා නේද?</font>

435
00:22:57,334 --> 00:23:00,545
<font color="#ffbf46">මේ වගේ නොමිලේ කරන නඩු කොහොමත්…</font>

436
00:23:01,421 --> 00:23:04,299
<font color="#ffbf46">ඔයාට මේ වගේ නඩු අලුත් ඇතිනේ,</font>

437
00:23:04,382 --> 00:23:06,093
<font color="#ffbf46">ඉතින් ඒක-- මේ මගේ පළවෙනි පාර නෙමෙයි.</font>

438
00:23:06,676 --> 00:23:07,761
<font color="#ffbf46">මොකක්?</font>

439
00:23:07,844 --> 00:23:10,931
<font color="#ffbf46">මට මුලින්ම පත්වීම හම්බෙනකොට,
මම හිටියේ පොඩි උසාවියක, මම හැමදේම කරා.</font>

440
00:23:11,014 --> 00:23:12,516
<font color="#ffbf46">මම ආධුනික විනිසුරුවරයෙක් කාලේ,</font>

441
00:23:12,599 --> 00:23:15,268
<font color="#ffbf46">පුනරුත්ථාපන සහ බංකොලොත් නඩු පවා
මම බැලුවා.</font>

442
00:23:15,352 --> 00:23:17,771
<font color="#ffbf46">ඒත් අම්මෝ, මට ඒක දරාගන්න බැරි වුනා.</font>

443
00:23:17,854 --> 00:23:19,940
<font color="#ffbf46">නඩු ගොඩක් තිබ්බ හින්දද?</font>

444
00:23:20,023 --> 00:23:22,025
<font color="#ffbf46">ම්ම්, ඒකත් එක හේතුවක්.</font>

445
00:23:22,109 --> 00:23:24,778
<font color="#ffbf46">ඒත් හැමදාම මිනිස්සු බංකොලොත් වෙනවා,</font>

446
00:23:24,861 --> 00:23:26,655
<font color="#ffbf46">ලෙඩ වෙනවා, නැත්නම් සියදිවි නසාගන්නවා.</font>

447
00:23:26,738 --> 00:23:28,615
<font color="#ffbf46">හැමදාම මම දැක්කේ ඒ වගේ දේවල් විතරයි,</font>

448
00:23:29,407 --> 00:23:30,408
<font color="#ffbf46">ඉතින් ඒක මට අමාරු වුනා.</font>

449
00:23:31,660 --> 00:23:33,620
<font color="#ffbf46">එක පැත්තකින් ප්‍රශ්න විසඳුවත්,</font>

450
00:23:33,703 --> 00:23:35,205
<font color="#ffbf46">ආයෙත් ඒ වගේ ප්‍රශ්න එනවා.</font>

451
00:23:35,288 --> 00:23:36,331
<font color="#ffbf46">ඔයා හරි.</font>

452
00:23:36,832 --> 00:23:40,252
<font color="#ffbf46">ඒකයි මට ඕන සල්ලි බලය තියෙන මිනිස්සු ඉන්න නඩු.</font>

453
00:23:40,335 --> 00:23:42,587
<font color="#ffbf46">එතකොට මගේ හිතට ලොකු සහනයක් දැනෙයි.</font>

454
00:23:43,213 --> 00:23:44,840
<font color="#ffbf46">අනික…</font>

455
00:23:44,923 --> 00:23:46,675
<font color="#ffbf46">මට හොඳට සල්ලිත් හොයන්න පුලුවන්නේ.</font>

456
00:23:47,676 --> 00:23:50,137
<font color="#ffbf46">අනේ මන්දා. මෙන්න.</font>

457
00:23:51,429 --> 00:23:52,556
<font color="#ffbf46">බොහොම ස්තූතියි සර්.</font>

458
00:24:04,442 --> 00:24:07,195
<font color="#ffbf46">ඉන්න, අපි බියර් එකක් ගමු...
මොන බියර්ද මනුස්සයෝ.</font>

459
00:24:08,363 --> 00:24:09,698
<font color="#ffbf46">මේ, මේක ටැක්සි එකට.</font>

460
00:24:12,826 --> 00:24:16,413
<font color="#ffbf46">මට ගෙදර යන්න යන්නෙ වොන්
20,000යි. ඔව්, ඉතුරු සල්ලි හෙට ගේන්න.</font>

461
00:24:19,374 --> 00:24:20,959
<font color="#ffbf46">ස්තූතියි, ඩාවිට්!</font>

462
00:24:21,042 --> 00:24:22,335
<font color="#ffbf46">පරිස්සමින් ගෙදර යන්න!</font>

463
00:24:22,419 --> 00:24:23,962
<font color="#ffbf46">හෙට හම්බවෙමු!</font>

464
00:24:24,671 --> 00:24:27,174
<font color="#ffbf46">අම්මෝ. මාරම මහන්සි කරන මනුස්සයෙක්නේ.</font>

465
00:24:33,930 --> 00:24:34,931
<font color="#ffbf46">කොහොමද විස්තරේ?</font>

466
00:24:35,015 --> 00:24:36,725
<font color="#ffbf46">වැඩ ඉවර වෙලා මම එයා පස්සෙන් ගියා.</font>

467
00:24:36,808 --> 00:24:39,352
<font color="#ffbf46">එයා සේජින් හොස්පිට්ල් එකේ
VIP කාමරේකට ගියා.</font>

468
00:24:40,604 --> 00:24:41,563
<font color="#ffbf46">එයා දැන් එළියට එනවා.</font>

469
00:24:42,147 --> 00:24:44,232
<font color="#ffbf46">එයාගෙ ආච්චිව බලන්න යන්න ඇති.</font>

470
00:24:44,316 --> 00:24:46,026
<font color="#ffbf46"><i>හොස්පිට්ල් එකට තව සල්ලි ඕන වෙලාද දන්නෑ?</i></font>

471
00:24:46,109 --> 00:24:49,279
<font color="#ffbf46">මම දිගටම ෆලෝ කරන්නද? ඔව්,
දැනට එයා ගැන අවධානයෙන් ඉන්න.</font>

472
00:24:49,362 --> 00:24:51,615
<font color="#ffbf46">එයා කාවද හම්බවෙන්නෙ කියලා හොයලා බලන්න.</font>

473
00:24:51,698 --> 00:24:53,825
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම තව කවුරුහරි ඉන්න ඕන.</font>

474
00:24:55,327 --> 00:24:56,411
<font color="#ffbf46">විනිසුරු කන්ග්.</font>

475
00:24:56,953 --> 00:24:59,331
<font color="#ffbf46">මාව හිරේ දාලා මගේ ඔලුව හැදුවටයි</font>

476
00:24:59,414 --> 00:25:02,667
<font color="#ffbf46"><i>පස්සෙ මට රස්සාවක් හොයලා දුන්නටයි මම ණය ගැතියි.</i></font>

477
00:25:03,376 --> 00:25:06,129
<font color="#ffbf46">ඒත් මේ දවස්වල මට ඕනවට වඩා
වැඩ දෙනවා නේද?</font>

478
00:25:07,297 --> 00:25:10,759
<font color="#ffbf46">මට හොඳට ගෙවනවා නේද? කතාව නවත්තලා තියනවා.</font>

479
00:25:14,971 --> 00:25:16,097
<font color="#ffbf46">අම්මපා.</font>

480
00:25:17,807 --> 00:25:18,642
<font color="#ffbf46">ටැක්සි!</font>

481
00:25:19,309 --> 00:25:20,143
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

482
00:25:21,811 --> 00:25:22,938
<font color="#ffbf46">සාදන්ග්-දොන්ග් යමු.</font>

483
00:25:24,522 --> 00:25:25,357
<font color="#ffbf46">සර්, පොඩ්ඩක්...</font>

484
00:25:30,820 --> 00:25:31,947
<font color="#ffbf46">මේ රියදුරු මහතාට ඇසීමේ ආබාධයක් ඇත</font>

485
00:25:32,030 --> 00:25:32,906
<font color="#ffbf46">ආ, එහෙමද.</font>

486
00:25:34,783 --> 00:25:36,243
<font color="#ffbf46">සාදන්ග් ස්ටේෂන් එක, පිටවීමේ දොරටුව 2.</font>

487
00:25:37,619 --> 00:25:39,537
<font color="#ffbf46"><i>ගමන ආරම්භ විය.</i></font>

488
00:25:39,621 --> 00:25:42,958
<font color="#ffbf46"><i>ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ආසන පටි පළඳින්න.</i></font>

489
00:25:48,838 --> 00:25:50,340
<font color="#ffbf46">රියදුරුට පණිවිඩයක්:
වාහනය නතර කිරීමට අතට තට්ටු කරන්න</font>

490
00:26:01,142 --> 00:26:04,479
<font color="#ffbf46"><i>බහින විට ඔබේ බඩු බාහිරාදිය</i>
<i>රැගෙන යාමට මතක තබාගන්න.</i></font>

491
00:26:08,942 --> 00:26:10,068
<font color="#ffbf46">සර්.</font>

492
00:26:10,151 --> 00:26:12,696
<font color="#ffbf46">බොහොම ස්තූතියි.</font>

493
00:27:22,307 --> 00:27:23,892
<font color="#ffbf46">මම බෑ කිව්වනේ.</font>

494
00:27:23,975 --> 00:27:25,810
<font color="#ffbf46">ඔයා කිව්වෙ කරනවා කියලා.
මම කවද්ද එහෙම කිව්වේ?</font>

495
00:27:25,894 --> 00:27:28,480
<font color="#ffbf46">මම වීඩියෝ එක ආයෙත් දාන්නද?
ඒක නිකන් ටීවී එකට කිව්ව එකක්නේ.</font>

496
00:27:28,563 --> 00:27:31,274
<font color="#ffbf46">විනිසුරුවරුන්ට ටීවී එකට ඇවිත් බොරු කියන්න පුළුවන්ද?</font>

497
00:27:31,358 --> 00:27:34,361
<font color="#ffbf46">මම කවද්ද බොරු කිව්වේ?
අනික මම විනිසුරුවරයෙක් නෙමෙයි. මම නීතිඥයෙක්.</font>

498
00:27:34,444 --> 00:27:36,488
<font color="#ffbf46">එහෙනම් මමත් ටීවී එකට යනවා.</font>

499
00:27:36,571 --> 00:27:40,700
<font color="#ffbf46">නීතිඥයෙකුට ටීවී එකේ බොරු කියන්න
හොඳද කියලා මම ගිහින් අහනවා.</font>

500
00:27:40,784 --> 00:27:42,911
<font color="#ffbf46">ඔයා නීතිඥයෙක්ද?
ඇයි මේ මාත් එක්ක තර්ක කරන්නේ?</font>

501
00:27:42,994 --> 00:27:43,953
<font color="#ffbf46">මෙහෙ එනවා.</font>

502
00:27:44,037 --> 00:27:45,497
<font color="#ffbf46">දෙයියනේ. මූ දුවන වේගයක්.</font>

503
00:27:47,457 --> 00:27:49,084
<font color="#ffbf46">මෙහෙ එන්න. අපි ඔයාව ගෙදර යවමු...</font>

504
00:27:49,167 --> 00:27:50,335
<font color="#ffbf46">කවුද මෙතන ඇත්ත නීතිඥයා?</font>

505
00:27:50,418 --> 00:27:51,544
<font color="#ffbf46">අර ළමයා. ඒයි.</font>

506
00:27:53,254 --> 00:27:54,214
<font color="#ffbf46">අයියෝ!</font>

507
00:27:54,297 --> 00:27:55,965
<font color="#ffbf46">ගුඩ් මෝනින් සර්.</font>

508
00:27:57,092 --> 00:27:58,343
<font color="#ffbf46">මෝනින් නම් ගුඩ් නෑ.</font>

509
00:28:05,100 --> 00:28:06,142
<font color="#ffbf46">කෙනෙක් ඉන්නවා.</font>

510
00:28:07,852 --> 00:28:09,354
<font color="#ffbf46">ඇතුලෙ කෙනෙක් ඉන්නවා.</font>

511
00:28:09,437 --> 00:28:10,271
<font color="#ffbf46">මම දන්නවා.</font>

512
00:28:12,065 --> 00:28:13,024
<font color="#ffbf46">මූ නම්...</font>

513
00:28:14,859 --> 00:28:16,486
<font color="#ffbf46">මේ තියෙන්නේ.</font>

514
00:28:22,158 --> 00:28:24,411
<font color="#ffbf46">මේ පැත්තෙ තිබුණ හැම ජාතියෙම
අතුරුපස මම අරගෙන ආවා.</font>

515
00:28:25,120 --> 00:28:26,871
<font color="#ffbf46">ඔයා මේකටද වැඩියෙන්ම ආස? ඔව්.</font>

516
00:28:29,124 --> 00:28:30,333
<font color="#ffbf46">දෙවියනේ.</font>

517
00:28:30,417 --> 00:28:31,334
<font color="#ffbf46">මම උදව්වක් කරන්නද?</font>

518
00:28:31,418 --> 00:28:33,378
<font color="#ffbf46">කිම් ගන්ග්-හුන්. මිස් ජුන්ග්.</font>

519
00:28:33,461 --> 00:28:34,379
<font color="#ffbf46">ඔයා මොකද මෙතන කරන්නේ?</font>

520
00:28:36,756 --> 00:28:38,675
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?</font>

521
00:28:38,758 --> 00:28:42,470
<font color="#ffbf46">ඔයාට මම මැරෙනවා බලන්න ඕනද?
මම හැම තැනම ඔයාව හෙව්වා!</font>

522
00:28:42,554 --> 00:28:44,681
<font color="#ffbf46">ඇයි ඔයාට නිකන් ගෙදරට වෙලා ඉන්න බැරි?</font>

523
00:28:44,764 --> 00:28:47,350
<font color="#ffbf46">මැඩම්, අපි වාඩි වෙලා කතා
කරමු-- අයින් වෙනවා යන්න!</font>

524
00:28:47,434 --> 00:28:48,685
<font color="#ffbf46">ඒයි...</font>

525
00:28:49,769 --> 00:28:50,603
<font color="#ffbf46">අතාරිනවා!</font>

526
00:28:51,604 --> 00:28:53,398
<font color="#ffbf46">මාව අතාරිනවා!</font>

527
00:28:53,481 --> 00:28:55,608
<font color="#ffbf46">ළමයින්ට වද දෙනවට මම පොලිසියට කතා කරනවා.</font>

528
00:28:55,692 --> 00:28:58,319
<font color="#ffbf46">අතාරිනවා!</font>

529
00:28:59,070 --> 00:29:00,363
<font color="#ffbf46">එපා.</font>

530
00:29:02,031 --> 00:29:04,367
<font color="#ffbf46">මට කොහොමත් යන්න වෙන තැනක් නෑනේ.</font>

531
00:29:06,286 --> 00:29:08,955
<font color="#ffbf46">කරන්න එපා. වැඩක් නෑ.</font>

532
00:29:20,049 --> 00:29:21,968
<font color="#ffbf46">එයා හැම තිස්සෙම ඔහොම නෑ.</font>

533
00:29:22,969 --> 00:29:26,139
<font color="#ffbf46">එයා බෙහෙත් ගන්නවා,
ඒත් එයාට ඒක පාලනය කරගන්න අමාරුයි වගේ.</font>

534
00:29:26,723 --> 00:29:29,851
<font color="#ffbf46">ඔව් මැඩම්. මගේ පුතාව හම්බුණා...
එයා වෙලාවකට ඔහොමයි.</font>

535
00:29:29,934 --> 00:29:32,979
<font color="#ffbf46">මම හිතන්නේ ඔයාගෙ අම්මා
වෛද්‍ය උපදෙස් ගන්න ඕන--</font>

536
00:29:33,062 --> 00:29:36,149
<font color="#ffbf46">මට කාගෙවත් භාරයේ ඉන්න බෑ. කොහෙත්ම බෑ.</font>

537
00:29:38,443 --> 00:29:40,612
<font color="#ffbf46">ගන්ග්-හුන්, ඔයාගෙ අම්මා-- අම්මා මට කිව්වා.</font>

538
00:29:41,738 --> 00:29:44,949
<font color="#ffbf46">එයාට අවුරුදු නවයේදී
එයාගෙ දෙමව්පියෝ එයාව දාලා ගිහින්.</font>

539
00:29:45,033 --> 00:29:47,744
<font color="#ffbf46">අනාථ නිවාසෙට අකමැති නිසා
එතනින් පැනලා ගියාට පස්සේ,</font>

540
00:29:49,204 --> 00:29:51,831
<font color="#ffbf46">එයා ජීවත් වෙලා තියෙන්නේ
පැනලා ගිය ළමයි ඉන්න තැනක.</font>

541
00:29:53,708 --> 00:29:56,127
<font color="#ffbf46">ඒත් ඊටපස්සේ, එයාට අවුරුදු 16දී
මම හම්බවෙන්න ඇවිත්.</font>

542
00:29:58,505 --> 00:29:59,631
<font color="#ffbf46">ගන්ග්-හුන්.</font>

543
00:30:02,008 --> 00:30:05,678
<font color="#ffbf46">දෙවියෙක් ඇත්තටම ඉන්නවනම්,
මට එයාගෙන් අහන්න ඕන.</font>

544
00:30:07,347 --> 00:30:09,557
<font color="#ffbf46">ඇත්තටම එයා මොනවද හිතාගෙන හිටියේ?</font>

545
00:30:13,394 --> 00:30:14,437
<font color="#ffbf46">ඇයි එයා...</font>

546
00:30:17,899 --> 00:30:19,526
<font color="#ffbf46">මම වගේ කෙනෙක්ට...</font>

547
00:30:22,278 --> 00:30:23,112
<font color="#ffbf46">ගන්ග්-හුන්.</font>

548
00:30:26,616 --> 00:30:28,117
<font color="#ffbf46">ඔයාට දැන් යන්න වෙයි වගේ.</font>

549
00:30:34,833 --> 00:30:36,251
<font color="#ffbf46">පරිස්සමින් ගෙදර යන්න මැඩම්.</font>

550
00:30:52,934 --> 00:30:54,310
<font color="#ffbf46">මින්ගේ වීදි බාර් එක</font>

551
00:30:57,772 --> 00:30:59,357
<font color="#ffbf46">අපි මේ නඩුව බාරගමු කියලද ඔයා කිව්වේ?</font>

552
00:30:59,983 --> 00:31:02,735
<font color="#ffbf46">ඔව්. මෙතන නඩුවක් තියෙනවා
කියලා ඔයා ඇත්තටම හිතනවද?</font>

553
00:31:02,819 --> 00:31:04,863
<font color="#ffbf46">අපි දිනන්නෙ නැති වුණත්,</font>

554
00:31:04,946 --> 00:31:06,906
<font color="#ffbf46">සමහරු මේ ගැන උනන්දු වෙයි.</font>

555
00:31:06,990 --> 00:31:10,076
<font color="#ffbf46">නඩු අහන්නේ නැති බැරි මිනිස්සුන්ට උදව් කරන
සජීවී වැඩසටහනක් වගේ කියලද හිතන්නේ?</font>

556
00:31:10,159 --> 00:31:12,370
<font color="#ffbf46">මේක අර්ථවත් නඩුවක් වෙන්න පුළුවන්.</font>

557
00:31:12,453 --> 00:31:15,748
<font color="#ffbf46">කොන් වෙච්ච, ආබාධිත අය ගැන
කතාබහක් ඇති කරන්න මේකෙන් පුළුවන්--</font>

558
00:31:15,832 --> 00:31:17,125
<font color="#ffbf46">ඔයා හිතන් ඉන්නෙ ඔයා මාර පොරක් කියලද.</font>

559
00:31:17,208 --> 00:31:18,877
<font color="#ffbf46">මිස්ටර් කන්ග්. මොකද?</font>

560
00:31:18,960 --> 00:31:20,962
<font color="#ffbf46">මම ආයෙත් අපහසු දෙයක් කිව්වද?</font>

561
00:31:21,045 --> 00:31:22,505
<font color="#ffbf46">එහෙනම්, ඒ වෙනුවට...</font>

562
00:31:25,216 --> 00:31:26,843
<font color="#ffbf46">අපි ජැන්ග් මහත්තයගෙන් අහමු.</font>

563
00:31:26,926 --> 00:31:28,177
<font color="#ffbf46">ජැන්ග් මහත්තයෝ, ඔයා මොකද හිතන්නේ?</font>

564
00:31:31,180 --> 00:31:34,267
<font color="#ffbf46">බිම්මල් විතරක් තෝර තෝර කන එක නවත්තනවා!</font>

565
00:31:34,809 --> 00:31:37,270
<font color="#ffbf46">ඒක ලේසි වෙන එකක් නෑ.</font>

566
00:31:37,854 --> 00:31:39,397
<font color="#ffbf46">උසාවියක් ඉස්සරහට යන එක</font>

567
00:31:40,231 --> 00:31:41,900
<font color="#ffbf46">ලේසි වැඩක් නෙමෙයි.</font>

568
00:31:41,983 --> 00:31:44,527
<font color="#ffbf46">ගන්ග්-හුන්ටත් රිදෙන්න පුළුවන්.</font>

569
00:31:45,486 --> 00:31:48,114
<font color="#ffbf46">මටත් හිතෙන්නේ ඒක ලේසි වෙන්නෙ නෑ කියලා.</font>

570
00:31:48,197 --> 00:31:50,199
<font color="#ffbf46">නඩුව අයින් කරලා දාන බව පැහැදිලියි.</font>

571
00:31:50,283 --> 00:31:52,702
<font color="#ffbf46">මුලින්ම, විත්දිකාරයා දෙවියෝ නම්,</font>

572
00:31:52,785 --> 00:31:56,247
<font color="#ffbf46">මට එයාගෙ ලිපිනය හොයාගන්න විදියක් නෑනේ.</font>

573
00:31:56,331 --> 00:31:57,665
<font color="#ffbf46">හ්ම්. මොකක්ද?</font>

574
00:31:57,749 --> 00:32:01,586
<font color="#ffbf46">මොනවා වුණත් මම ඒක නීත්‍යානුකූලව
ගැලපෙන විදියට හදන්නම්.</font>

575
00:32:01,669 --> 00:32:02,503
<font color="#ffbf46">ඊටපස්සේ--</font>

576
00:32:02,587 --> 00:32:06,633
<font color="#ffbf46">බොරු බලාපොරොත්තු දෙන එක
කොච්චර වේදනාකාරීද කියලා ඔයා දන්නවද?</font>

577
00:32:09,594 --> 00:32:10,678
<font color="#ffbf46">අයියෝ.</font>

578
00:32:12,889 --> 00:32:14,474
<font color="#ffbf46">මම මෝඩ නාකියෙක්. අනේ මන්දා.</font>

579
00:32:14,557 --> 00:32:15,975
<font color="#ffbf46">මම තව එක දෙයක් කියන්නම්.</font>

580
00:32:16,059 --> 00:32:19,437
<font color="#ffbf46">මිස් පාර්ක් දැන් ඔය කියන දේවල්
හරියට හරිතාගාරයක හැදුණ මලක් වගේ,</font>

581
00:32:19,520 --> 00:32:22,023
<font color="#ffbf46">හරිම සුකුමාල විදියට හැදුණු කෙනෙක්ගෙ
සාමාන්‍ය අදහස් වගේ.</font>

582
00:32:22,106 --> 00:32:23,858
<font color="#ffbf46">මිස්ටර් කන්ග්. ඔයා කිව්වනේ ඔයා සැපට හැදුණේ,</font>

583
00:32:23,942 --> 00:32:25,318
<font color="#ffbf46">ආදරේ පිරුණු පවුලක කියලා.</font>

584
00:32:25,401 --> 00:32:29,447
<font color="#ffbf46">ඒ වගේ අයට තේරෙන්නෙ නෑ
ඇත්තටම දුක් විඳිනවා කියන්නේ මොකක්ද කියලා.</font>

585
00:32:30,073 --> 00:32:32,158
<font color="#ffbf46">සමාජ ප්‍රශ්නයක් ගැන කතා කරනවා?</font>

586
00:32:32,241 --> 00:32:34,118
<font color="#ffbf46">අපි පැරදුණත් ඒකෙන් වැඩක් වෙයි?</font>

587
00:32:34,911 --> 00:32:37,163
<font color="#ffbf46">ඒකෙන් අර ළමයට ලැබෙන උදව්ව මොකක්ද?</font>

588
00:32:37,246 --> 00:32:39,290
<font color="#ffbf46">ඒත් මහජන සේවයක් විදියට කරන නඩුවක්--</font>

589
00:32:39,374 --> 00:32:43,962
<font color="#ffbf46">ඔයා මේ ෆර්ම් එකට ආවෙත් සල්ලි හොයන්නනේ.</font>

590
00:32:44,045 --> 00:32:47,966
<font color="#ffbf46">හොඳ ප්‍රතිඵල අරගෙන කොරියාවේ
ඉහළම ලෝ ෆර්ම් එකට ආවට පස්සේ,</font>

591
00:32:48,049 --> 00:32:52,345
<font color="#ffbf46">ඔයාගෙ හිත වෙනස් කළේ මොකක්ද කියලා
මම දන්නෙත් නෑ, දැනගන්න ඕනත් නෑ.</font>

592
00:32:53,638 --> 00:32:56,599
<font color="#ffbf46">ඒත් අපි යථාර්ථවාදී නොවන දේවල්
කතා නොකර ඉමු.</font>

593
00:32:58,726 --> 00:33:00,144
<font color="#ffbf46">ඔයාට හොඳ දෙයක් කරන්න ඕනද?</font>

594
00:33:01,354 --> 00:33:05,233
<font color="#ffbf46">එහෙනම් පුණ්‍යාධාරයක් දෙන්න.
ඔයාට මේකට ගෙවන්නත් පුළුවන්.</font>

595
00:33:07,568 --> 00:33:08,569
<font color="#ffbf46">දෙයියනේ.</font>

596
00:33:10,071 --> 00:33:11,072
<font color="#ffbf46">මිස්ටර් කන්ග්...</font>

597
00:33:27,005 --> 00:33:29,257
<font color="#ffbf46"><i>අපි පැරදුණත් ඒකෙන් වැඩක් වෙයි?</i></font>

598
00:33:29,340 --> 00:33:32,135
<font color="#ffbf46"><i>ඒකෙන් අර ළමයට ලැබෙන උදව්ව මොකක්ද?</i></font>

599
00:33:33,177 --> 00:33:34,345
<font color="#ffbf46">සමහරවිට එයා හරි ඇති.</font>

600
00:33:36,764 --> 00:33:38,891
<font color="#ffbf46">සමාජ විවේචනයක් එල්ල වෙන්න අවදානමක් තියෙනවා,</font>

601
00:33:38,975 --> 00:33:41,686
<font color="#ffbf46">ඒ නිසා ඊට විරුද්ධව නීතිමය පියවරකුත් ගන්න ඕන.</font>

602
00:33:41,769 --> 00:33:42,895
<font color="#ffbf46">ස්තූතියි.</font>

603
00:33:42,979 --> 00:33:45,648
<font color="#ffbf46">ෂා. ගි-ප්පියුම් ඔයා ඇත්තටම දක්ෂයි.</font>

604
00:33:45,732 --> 00:33:48,735
<font color="#ffbf46">ඔයා හැම ප්ලෑන් එකකම වාසි අවාසි
හොඳට සැසඳුවා.</font>

605
00:33:49,402 --> 00:33:50,236
<font color="#ffbf46">ස්තූතියි.</font>

606
00:33:51,029 --> 00:33:53,031
<font color="#ffbf46">හරි, හැමෝම. එහෙනම් අපි යමු ප්ලෑන් C එකට.</font>

607
00:33:53,114 --> 00:33:54,574
<font color="#ffbf46">හරි සර්. මොකක්? සර්.</font>

608
00:33:55,700 --> 00:33:58,703
<font color="#ffbf46">ප්ලෑන් C එක, මම රිපෝට් එකේ සඳහන් කරා වගේ--</font>

609
00:33:58,786 --> 00:34:01,330
<font color="#ffbf46">කම්කරු නීතියේ තියෙන හිඩැසක් පාවිච්චි කරලා,</font>

610
00:34:01,414 --> 00:34:04,709
<font color="#ffbf46">සමාගම්වලට පුළුවන් වෙනවා විශාල සේවකයින් පිරිසක්
එකපාර අයින් කරන්න.</font>

611
00:34:04,792 --> 00:34:05,668
<font color="#ffbf46">ඔව්, ඒක හොඳයි.</font>

612
00:34:05,752 --> 00:34:07,962
<font color="#ffbf46">ඔව්, ඒ නිසා ප්ලෑන් C එක වෙනුවට,
ප්ලෑන් A එක...</font>

613
00:34:08,046 --> 00:34:11,090
<font color="#ffbf46">මේක නීතිය වටින් යන එකක්,
ඒ නිසා මේක නීති විරෝධී නෑ.</font>

614
00:34:11,174 --> 00:34:14,844
<font color="#ffbf46">මේකෙන් නීතිමය අවදානම සහ
විශාල ශ්‍රම පිරිවැයක් අඩු වෙනවා.</font>

615
00:34:14,927 --> 00:34:17,638
<font color="#ffbf46">ඒකට නොයා ඉන්න හේතුවක් නෑනේ. ඔව්.</font>

616
00:34:18,181 --> 00:34:19,098
<font color="#ffbf46">ඒ වුණාට...</font>

617
00:34:20,349 --> 00:34:21,309
<font color="#ffbf46">ඒත්...</font>

618
00:34:21,392 --> 00:34:22,226
<font color="#ffbf46">මිස් පාර්ක්.</font>

619
00:34:23,311 --> 00:34:26,314
<font color="#ffbf46">ඔච්චර බොළඳ නොවී ඉන්න
තරම් ඔයාට තාම අත්දැකීම් මදිද?</font>

620
00:34:27,065 --> 00:34:29,942
<font color="#ffbf46">වැඩකට නැති දේවල් ගැන හිතන එක නවත්තලා
ඉලක්කම් ගැන හිතන්න.</font>

621
00:34:30,026 --> 00:34:32,320
<font color="#ffbf46">ආදායම, වියදම, ලාභය.</font>

622
00:34:34,155 --> 00:34:34,989
<font color="#ffbf46">හරිද?</font>

623
00:34:35,073 --> 00:34:36,115
<font color="#ffbf46">ඔව් සර්. ඔව් සර්.</font>

624
00:34:40,495 --> 00:34:41,412
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

625
00:34:41,496 --> 00:34:44,373
<font color="#ffbf46">ප්‍රෝ බොනෝ කණ්ඩායම දියත් කිරීම</font>

626
00:34:47,460 --> 00:34:49,587
<font color="#ffbf46">මහජන යහපත උදෙසා අපගේ ප්‍රතිඥාව දැන් ඇරඹේ</font>

627
00:34:49,670 --> 00:34:52,465
<font color="#ffbf46">මහජන සුබසාධන නඩු සඳහා වූ අභ්‍යන්තර කණ්ඩායම</font>

628
00:34:57,053 --> 00:34:59,305
<font color="#ffbf46">අහන්නකෝ, ගි-ප්පියුම්.</font>

629
00:34:59,931 --> 00:35:02,058
<font color="#ffbf46">ඔයා දන්නවද අපේ ටීම් එකට එන්න
කොච්චර අමාරුද කියලා?</font>

630
00:35:02,141 --> 00:35:05,603
<font color="#ffbf46">ඒත් ඔයාට අපේ ටීම් එක දාලා
ප්‍රෝ බොනෝ ටීම් එකට යන්න ඕන?</font>

631
00:35:06,521 --> 00:35:09,440
<font color="#ffbf46">මම ඒ වැඩේට කැමති නිසා. අනේ
නිකන් ඉන්න. නවත්තන්න ඕක.</font>

632
00:35:09,524 --> 00:35:11,109
<font color="#ffbf46">ඔයා මට ඇත්ත හේතුව කියනවද?</font>

633
00:35:11,192 --> 00:35:13,820
<font color="#ffbf46">ඔයාට දේශපාලනඥයෙක් වෙන්න ඕනද?
දේශපාලන ගමනක් හදාගන්නද මේ හදන්නේ?</font>

634
00:35:14,403 --> 00:35:15,321
<font color="#ffbf46">නෑ.</font>

635
00:35:15,404 --> 00:35:18,491
<font color="#ffbf46">මට ඇත්තටම කරන්න ඕන දේ ඒකයි සර්.</font>

636
00:35:18,574 --> 00:35:20,701
<font color="#ffbf46">එහෙමත් නැත්නම් මේකද?
"මට ලෝකෙ වෙනස් කරන්න ඕන!"</font>

637
00:35:20,785 --> 00:35:21,911
<font color="#ffbf46">ඔය වගේ දෙයක්ද?</font>

638
00:35:21,994 --> 00:35:24,413
<font color="#ffbf46">මම ඔය වගේ ලොකු දේවල් ගැන දන්නෙ නෑ.</font>

639
00:35:25,039 --> 00:35:27,458
<font color="#ffbf46">මට ඕන ඉලක්කම් එක්ක නැතුව
මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න.</font>

640
00:35:27,542 --> 00:35:30,336
<font color="#ffbf46">මට ඕන අසරණ වෙච්ච මිනිස්සුන්ට
උදව් වෙන වැඩක් කරන්න.</font>

641
00:35:32,255 --> 00:35:36,092
<font color="#ffbf46">මම දැනගෙන හිටියෙ නෑ
ඔයා ඔච්චර උතුම් මනුස්සයෙක් කියලා.</font>

642
00:35:37,677 --> 00:35:38,845
<font color="#ffbf46">හරි. මට තේරුණා.</font>

643
00:35:39,428 --> 00:35:40,763
<font color="#ffbf46">අපි ඇත්ත කතා කරමු.</font>

644
00:35:40,847 --> 00:35:42,932
<font color="#ffbf46">මොකක්ද ඇත්ත හේතුව?</font>

645
00:35:46,185 --> 00:35:47,645
<font color="#ffbf46"><i>වෙන අරමුණක් නැතුව</i></font>

646
00:35:48,396 --> 00:35:51,274
<font color="#ffbf46"><i>හොඳ දේවල් කරලා ජීවත් වෙන්න හිතන එක</i></font>

647
00:35:51,357 --> 00:35:52,733
<font color="#ffbf46"><i>එච්චරටම අමුතු දෙයක්ද?</i></font>

648
00:35:53,651 --> 00:35:56,028
<font color="#ffbf46"><i>ඇයි හැමෝම මාව විශ්වාස කරන්නෙ නැත්තේ?</i></font>

649
00:35:57,530 --> 00:35:59,365
<font color="#ffbf46"><i>ඇයි අපි හොඳ හිත ඔප්පු කරලා පෙන්නන්න ඕන</i></font>

650
00:35:59,448 --> 00:36:01,701
<font color="#ffbf46"><i>ඒක ආත්මාර්ථකාමී දෙයක් කියලා උපකල්පනය කරන්නේ?</i></font>

651
00:36:20,386 --> 00:36:21,512
<font color="#ffbf46">හරි, ගි-ප්පියුම්.</font>

652
00:36:22,555 --> 00:36:23,639
<font color="#ffbf46">බය වෙන්න එපා.</font>

653
00:36:25,016 --> 00:36:26,934
<font color="#ffbf46">ගෙදර ගිහින් රස කෑමක් කන්න.</font>

654
00:36:28,686 --> 00:36:29,562
<font color="#ffbf46">අපි වැඩේ කරමු.</font>

655
00:36:33,357 --> 00:36:34,275
<font color="#ffbf46">යමු.</font>

656
00:36:41,282 --> 00:36:42,950
<font color="#ffbf46">ආයුබෝවන්, හැමෝටම.</font>

657
00:36:44,702 --> 00:36:45,536
<font color="#ffbf46">හෙලෝ.</font>

658
00:36:45,620 --> 00:36:47,038
<font color="#ffbf46">ආයුබෝවන් ජැන්ග් මහත්තයා.</font>

659
00:36:51,167 --> 00:36:52,793
<font color="#ffbf46">මේවාත් බිම්මල්ද?</font>

660
00:36:53,628 --> 00:36:54,921
<font color="#ffbf46">ඒවා හරිම ලස්සනයි.</font>

661
00:36:57,924 --> 00:37:02,553
<font color="#ffbf46">ජැන්ග් මහත්තයද මේවා මෙතනින් තිබ්බේ?</font>

662
00:37:03,221 --> 00:37:05,514
<font color="#ffbf46">මේවට කියන්නේ
හාෆ් ඩයිඩ් ස්ලෙන්ඩර් සීසර් කියලා.</font>

663
00:37:06,098 --> 00:37:07,516
<font color="#ffbf46">මේවා හැදෙන්නේ හරිතාගාර වල.</font>

664
00:37:08,142 --> 00:37:12,021
<font color="#ffbf46">හැබැයි මේවා එළියෙත් හොඳට හැදෙනවා.
හරිම ශක්තිමත්ව.</font>

665
00:37:15,358 --> 00:37:16,817
<font color="#ffbf46">ජැන්ග් මහත්තයා.</font>

666
00:37:18,236 --> 00:37:19,070
<font color="#ffbf46">ඔයාට පුළුවන්.</font>

667
00:37:20,821 --> 00:37:21,697
<font color="#ffbf46">මට පුළුවන්.</font>

668
00:37:22,740 --> 00:37:24,700
<font color="#ffbf46">මට ලේඛනාගාරයට යන්න ඕනේ.</font>

669
00:37:25,326 --> 00:37:26,452
<font color="#ffbf46">අයිෂ.</font>

670
00:37:28,537 --> 00:37:30,331
<font color="#ffbf46">අයිෂ, මේවා වැටෙනවනේ-- මෙන්න.</font>

671
00:37:31,749 --> 00:37:32,917
<font color="#ffbf46">ස්තූතියි.</font>

672
00:37:55,648 --> 00:37:57,358
<font color="#ffbf46">"ප්‍රමිතිය..." පොඩ්ඩක් ඉන්න.</font>

673
00:38:00,069 --> 00:38:02,029
<font color="#ffbf46">වෛද්‍යවරයා විසින් කරුණු පැහැදිලි කිරීමේ වගකීම
පැහැර හැරීම...</font>

674
00:38:07,994 --> 00:38:10,663
<font color="#ffbf46">"නහර ගැටගැසීමේ විකෘතිතා සඳහා
ශල්‍යකර්ම කරන අය..."</font>

675
00:38:15,001 --> 00:38:17,086
<font color="#ffbf46">සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්.</font>

676
00:38:19,213 --> 00:38:21,090
<font color="#ffbf46">ජුන්ග් සෝ-මින් මෙහේද?</font>

677
00:38:21,173 --> 00:38:22,967
<font color="#ffbf46">යන්න. පස්සේ... ඉන්නකෝ.</font>

678
00:38:24,427 --> 00:38:27,221
<font color="#ffbf46">අනේ මට තව විස්තර ටිකක් කියන්නකෝ.</font>

679
00:38:27,722 --> 00:38:29,223
<font color="#ffbf46">මේක වැරදි නැද්ද?</font>

680
00:38:39,275 --> 00:38:42,236
<font color="#ffbf46">ඒක ඇත්ත නම්, සෝ-මින්,
අපිට චාන්ස් එකක් තියෙනවා.</font>

681
00:38:50,202 --> 00:38:51,037
<font color="#ffbf46">ගබ්සා විමර්ශනය</font>

682
00:38:57,752 --> 00:38:59,045
<font color="#ffbf46">ඇයි දරුවෙක් හැදුවේ?</font>

683
00:38:59,128 --> 00:38:59,962
<font color="#ffbf46">ඇයි?</font>

684
00:39:00,921 --> 00:39:03,090
<font color="#ffbf46">අපි ගිය පාරත් ඕක ගැන කතා කළානේ.</font>

685
00:39:03,174 --> 00:39:05,343
<font color="#ffbf46">ඔයා මේ පැමිණිල්ල භාර දෙන්න හදන්නේ
දෙවියන්ටද?</font>

686
00:39:05,426 --> 00:39:06,594
<font color="#ffbf46">එයාගේ ලිපිනය මොකක්ද?</font>

687
00:39:07,636 --> 00:39:09,472
<font color="#ffbf46">අංක 101 දෝගොක්-රෝ, ගැන්ග්නම්-ගු, සියොල්.</font>

688
00:39:09,555 --> 00:39:10,639
<font color="#ffbf46">එයා ඉන්නේ ගැන්ග්නම් වලද?</font>

689
00:39:11,349 --> 00:39:12,725
<font color="#ffbf46">ගැබිණි කාන්තාවන්ට දෙවියෙක් වගේ වෙන්නේ කවුද?</font>

690
00:39:13,601 --> 00:39:16,812
<font color="#ffbf46">මොකක්? අංක 101 දෝගොක්-රෝ, ගැන්ග්නම්-ගු, සියොල්.</font>

691
00:39:16,896 --> 00:39:19,607
<font color="#ffbf46">වූන්ග්සෑන් ගෲප් එකට අයිති,
වූන්ග්සෑන් මූලික රෝහල.</font>

692
00:39:22,818 --> 00:39:25,446
<font color="#ffbf46">අන්න එතනට තමයි මම මේ
වන්දි ඉල්ලලා පැමිණිල්ල යවන්නේ.</font>

693
00:39:34,538 --> 00:39:36,665
<font color="#ffbf46">කපර්ණවුම</font>

694
00:39:36,749 --> 00:39:38,709
<font color="#ffbf46">ගෙවීම් ඉල්ලීම</font>

695
00:39:38,793 --> 00:39:40,795
<font color="#ffbf46">ගැන්ග්-හූන්.</font>

696
00:39:47,885 --> 00:39:50,554
<font color="#ffbf46">ඔයා අද වේලාසනින් ගෙදර ඇවිත්. වැඩට ගියේ නැද්ද?</font>

697
00:39:50,638 --> 00:39:51,889
<font color="#ffbf46">ගියා.</font>

698
00:39:51,972 --> 00:39:53,641
<font color="#ffbf46">මට අසනීපයි.</font>

699
00:39:53,724 --> 00:39:55,726
<font color="#ffbf46">මට ඔළුවත් රිදෙනවා.</font>

700
00:39:55,810 --> 00:39:57,770
<font color="#ffbf46">හෙම්බිරිස්සාවක්ද කොහෙද.
උගුරත් රිදෙනවා.</font>

701
00:40:00,314 --> 00:40:02,483
<font color="#ffbf46">ඔයා පොරොන්දු වුණානේ බොන්නේ නෑ කියලා.</font>

702
00:40:03,776 --> 00:40:06,278
<font color="#ffbf46">මම බිව්වේ මට අසනීප හින්දනේ!</font>

703
00:40:07,279 --> 00:40:08,406
<font color="#ffbf46">හාකො.</font>

704
00:40:50,823 --> 00:40:52,741
<font color="#ffbf46">ඇයි ජීවත් වෙන්න මෙච්චර අමාරු?</font>

705
00:40:54,660 --> 00:40:56,245
<font color="#ffbf46">මට මේ දඬුවම් ලැබෙනවා ඇත්තේ</font>

706
00:40:56,954 --> 00:40:58,289
<font color="#ffbf46">මම හිතක් පපුවක් නැති විදියට</font>

707
00:41:00,332 --> 00:41:01,375
<font color="#ffbf46">ජීවත් වුණ නිසා වෙන්න ඇති.</font>

708
00:41:03,335 --> 00:41:06,172
<font color="#ffbf46">එතකොට මමද ඔයාගේ දඬුවම?</font>

709
00:41:10,342 --> 00:41:14,847
<font color="#ffbf46">මොකක්? ඒත් මට දඬුවම් ලැබෙන්නේ මොකටද?</font>

710
00:41:25,941 --> 00:41:28,319
<font color="#ffbf46">ජුන්ග් සෝ-මින්ට ගැන්ග්-හූන්ව හම්බවෙන්න හිටියේ</font>

711
00:41:28,402 --> 00:41:30,237
<font color="#ffbf46">එයා පැනලා ගිය අනිත් ළමයි එක්ක
ජීවත් වෙන කාලෙදි.</font>

712
00:41:30,946 --> 00:41:32,531
<font color="#ffbf46">වූන්ග්සෑන් සුභසාධක පදනමෙන්</font>

713
00:41:32,615 --> 00:41:35,910
<font color="#ffbf46">එයාව වූන්ග්සෑන් මූලික රෝහලට යොමු කරලා,
එතනින් තමයි ප්‍රතිකාර අරන් තියෙන්නේ.</font>

714
00:41:35,993 --> 00:41:39,163
<font color="#ffbf46">ඇත්තටම සෝ-මින් මුල ඉඳන්ම හිටියේ
දරුවා එපා කියන මතයේ.</font>

715
00:41:39,788 --> 00:41:43,626
<font color="#ffbf46"><i>ඒක අනවශ්‍ය ගැබ් ගැනීමක්.</i>
<i>අනික මේවා බාරගන්න එයා වයසින් පොඩි වැඩි වුණා.</i></font>

716
00:41:44,418 --> 00:41:48,464
<font color="#ffbf46"><i>ඒත් ඉස්පිරිතාලෙන් සෝ-මින්ගේ කැමැත්ත</i>
<i>කිහිප වතාවක්ම ගණන් ගන්නේ නැතුව හිටියා,</i></font>

717
00:41:48,547 --> 00:41:50,341
<font color="#ffbf46"><i>එයාලා දිගටම උත්සාහ කළේ දරුවා
හදන්න කියලා එයාව කැමති කරගන්න.</i></font>

718
00:41:50,424 --> 00:41:51,717
<font color="#ffbf46">මොකක්? ඇයි එයාලා එහෙම කළේ?</font>

719
00:41:51,800 --> 00:41:53,594
<font color="#ffbf46">ඒකනේ. අනික ඒ මදිවට,</font>

720
00:41:53,677 --> 00:41:56,597
<font color="#ffbf46">රෝහලේ වැඩ සිද්ධ වෙලා තියෙන්නේ
පුදුම නොසැලකිලිමත් විදියට.</font>

721
00:41:56,680 --> 00:41:58,307
<font color="#ffbf46">එයාලා හොඳටම දැනගෙන හිටියා
මේ ගැබිණි මව</font>

722
00:41:58,390 --> 00:42:01,727
<font color="#ffbf46">හැමදාම හරිහමන් කෑම වේලක් කන්නේ නැතුව
සෝජු බිබී ජන්ක් ෆුඩ් කන බව.</font>

723
00:42:01,810 --> 00:42:04,647
<font color="#ffbf46">ඒත් එයාලා එක සැරයක්වත්
හරියට පරීක්ෂණයක් කරලා නෑ.</font>

724
00:42:04,730 --> 00:42:06,690
<font color="#ffbf46">මම අහලා තියෙන්නේ ඒක චේබල් පවුලකට අයිති ඉස්පිරිතාලයක් කියලා.</font>

725
00:42:06,774 --> 00:42:08,150
<font color="#ffbf46">එයාලා VIP ලට ප්‍රතිකාර කරන්න බිසී වෙලාද?</font>

726
00:42:08,234 --> 00:42:09,652
<font color="#ffbf46">ගැන්ග්-හූන්ගේ කකුල් පණ නැති වුණේ</font>

727
00:42:09,735 --> 00:42:12,613
<font color="#ffbf46">කලල අවධියේදී මොළය හරියට නොවැඩුණු නිසා
ඇති වුණු විකෘතිතාවයක් හින්දා.</font>

728
00:42:12,696 --> 00:42:13,739
<font color="#ffbf46">ඒක ස්ථිර නැහැ,</font>

729
00:42:14,740 --> 00:42:18,577
<font color="#ffbf46">ඒත් එයාගේ බීමට ඇබ්බැහි වීමයි මන්දපෝෂණයයි
මේකට බලපාන්න ඇති.</font>

730
00:42:18,661 --> 00:42:20,412
<font color="#ffbf46">එයා වෙලාවට හරියට</font>

731
00:42:20,913 --> 00:42:24,542
<font color="#ffbf46">ස්කෑන් එකක්වත් කරගත්ත නම්,</font>

732
00:42:24,625 --> 00:42:27,086
<font color="#ffbf46">දරුවාගේ මොළයේ විකෘතිතාවය
එතකොටම බලාගන්න තිබුණා.</font>

733
00:42:28,420 --> 00:42:30,172
<font color="#ffbf46">එහෙම නේද කැන්ග් මහත්තයා? මොකක්?</font>

734
00:42:31,006 --> 00:42:32,716
<font color="#ffbf46">කැන්ග් මහත්තයා, ඔයා දැනටමත්...</font>

735
00:42:33,217 --> 00:42:36,595
<font color="#ffbf46">ලේඛනාගාරයෙන් අර කකුල් පණ නැති වීමේ නඩුවේ ෆයිල් ටික ගත්තේ
ඔයා නේද?</font>

736
00:42:40,808 --> 00:42:43,018
<font color="#ffbf46">ඔව්. ඔයා හරි.</font>

737
00:42:43,769 --> 00:42:46,188
<font color="#ffbf46">හැබැයි මට ඔයා හොයාගත්තු තරම් දෙයක්
හොයාගන්න බැරි වුණා.</font>

738
00:42:46,272 --> 00:42:47,731
<font color="#ffbf46">මිස් පාර්ක් ඔයා නම් මාරයි.</font>

739
00:42:49,483 --> 00:42:51,443
<font color="#ffbf46">මම රටේ හොඳම ලෝ ෆර්ම් එකට ගියේ
හොඳ ප්‍රතිඵල තිබ්බ නිසානේ.</font>

740
00:42:55,030 --> 00:42:56,615
<font color="#ffbf46">ඒක වූන්ග්සෑන් මූලික රෝහල නම්,</font>

741
00:42:56,699 --> 00:42:58,617
<font color="#ffbf46">මම අඳුරන කෙනෙක් ඉන්නවා එයාලගේ වෘත්තීය සමිතියේ.</font>

742
00:42:58,701 --> 00:43:01,412
<font color="#ffbf46">මම එයාලගේ ඇතුලේ විස්තර
ටිකක් හොයලා බලන්නම්. ගුඩ් ලක්.</font>

743
00:43:01,495 --> 00:43:04,748
<font color="#ffbf46">වූන්ග්සෑන් ගෲප් එක නම්,
ආයෙත් ඌ මියොන්ග්-හූන්ට විරුද්ධව තමයි වැඩ කරන්න වෙන්නේ.</font>

744
00:43:05,332 --> 00:43:07,167
<font color="#ffbf46">මොකක්? ඒ ඇයි?</font>

745
00:43:07,251 --> 00:43:08,586
<font color="#ffbf46">එයානේ එතන නීති උපදේශකයා.</font>

746
00:43:08,669 --> 00:43:10,879
<font color="#ffbf46">අනිත් ගොඩක් චේබල් පවුල් වලත් එහෙමයි.</font>

747
00:43:12,673 --> 00:43:14,717
<font color="#ffbf46">එයා හරිම දක්ෂ නීතිඥයෙක්.</font>

748
00:43:14,800 --> 00:43:17,219
<font color="#ffbf46">මටත් ආසයි එයාගෙන් ඉගෙන ගන්න...</font>

749
00:43:18,304 --> 00:43:19,471
<font color="#ffbf46">...කියලා නෙමෙයි මම කිව්වේ.</font>

750
00:43:19,555 --> 00:43:20,806
<font color="#ffbf46">මම එහෙම අදහසකින් නෙමෙයි කිව්වේ.</font>

751
00:43:20,889 --> 00:43:22,308
<font color="#ffbf46">මම... එහෙනම් මොකක්ද කිව්වේ?</font>

752
00:43:24,643 --> 00:43:26,895
<font color="#ffbf46">ඔයා දැන් බලන් ඉන්න විදිය හරිම භයානකයි.</font>

753
00:43:27,438 --> 00:43:29,231
<font color="#ffbf46">ඉන්චියොන් දිස්ත්‍රික් අධිකරණය, බුචියොන් ශාඛාව</font>

754
00:43:33,485 --> 00:43:34,987
<font color="#ffbf46">සියලු දෙනා අසුන් වලින් නැගිටින්න.</font>

755
00:43:43,579 --> 00:43:44,580
<font color="#ffbf46">කරුණාකර වාඩි වෙන්න.</font>

756
00:43:48,250 --> 00:43:49,543
<font color="#ffbf46">ස්වාමීනි,</font>

757
00:43:50,294 --> 00:43:52,838
<font color="#ffbf46">සමාවෙන්න, නඩුව පටන් ගන්න කලින්--</font>

758
00:43:52,921 --> 00:43:55,257
<font color="#ffbf46">මේක වෙනත් විනිසුරුවරයෙකුට පවරන්න දාපු යෝජනාව
ගැනද?</font>

759
00:43:55,341 --> 00:43:57,009
<font color="#ffbf46">හරියටම ඔයා හිතුවා වගේම වුණා.</font>

760
00:43:57,926 --> 00:43:58,886
<font color="#ffbf46">ඔව්.</font>

761
00:43:58,969 --> 00:44:01,221
<font color="#ffbf46">ගැන්ග්-හූන්ගේ නඩුව වැටිලා තියෙන්නේ
සිවිල් අංශයේ 7 වෙනි එකට.</font>

762
00:44:01,305 --> 00:44:02,389
<font color="#ffbf46">ඒක හොඳ දෙයක්ද?</font>

763
00:44:02,473 --> 00:44:03,307
<font color="#ffbf46">දින කිහිපයකට පෙර</font>

764
00:44:03,390 --> 00:44:06,018
<font color="#ffbf46">ඔව්. ඒ කිම් ජින්-ඕ විනිසුරුතුමියනේ.
එතුමියට ඇස් පෙනීමේ ලොකු දුබලතාවයක් තියෙනවා.</font>

765
00:44:06,101 --> 00:44:09,313
<font color="#ffbf46">ඇත්තටම? ෂා, එයා මාරයිනේ.</font>

766
00:44:09,396 --> 00:44:11,690
<font color="#ffbf46">මම දන්නේ නෑ
ඒක අපිට වාසියක් වෙයිද කියලා?</font>

767
00:44:11,774 --> 00:44:14,026
<font color="#ffbf46">මොකක්? ඇයි ඒක හොඳ නැත්තේ?</font>

768
00:44:14,109 --> 00:44:17,613
<font color="#ffbf46">ආබාධිත අය ජීවත් වෙන්න විඳින දුක ගැන
අනිත් හැමෝටම වඩා එයාට තේරෙනවා ඇතිනේ.</font>

769
00:44:17,696 --> 00:44:20,032
<font color="#ffbf46">එයාට මේක හොඳට දැනෙයි නේද?</font>

770
00:44:20,115 --> 00:44:22,951
<font color="#ffbf46">ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද කැන්ග් මහත්තයා?
ඔයා එයාව හොඳට දන්නවනේ නේද?</font>

771
00:44:23,619 --> 00:44:24,453
<font color="#ffbf46">නැහැ.</font>

772
00:44:25,162 --> 00:44:27,665
<font color="#ffbf46">මම දන්නේ එයා ඇස් පෙනීමේ දුබලතාවයක් තියෙන
විනිසුරුතුමියක් කියලා විතරයි.</font>

773
00:44:27,748 --> 00:44:29,958
<font color="#ffbf46">මට නම් හිතාගන්න බෑ ඔයා නොදන්න
විනිසුරුවරයෙක් ඉන්නවා කිව්වම.</font>

774
00:44:30,042 --> 00:44:33,545
<font color="#ffbf46">අපි හිතුවා වගේම, මෙයා දන්නේ
ජනප්‍රිය විනිසුරුවරුන්ව විතරයි.</font>

775
00:44:34,129 --> 00:44:36,632
<font color="#ffbf46">අනේ මන්දා, මේ පුටුව
පුදුම අපහසුයිනේ.</font>

776
00:44:38,634 --> 00:44:42,221
<font color="#ffbf46">කොහොම වුණත්, විත්ති පාර්ශවයෙන් උත්සාහ කරයි
වෙන විනිසුරුවරයෙක් ඉල්ලන්න.</font>

777
00:44:42,304 --> 00:44:43,389
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.</font>

778
00:44:43,472 --> 00:44:45,391
<font color="#ffbf46">මට සමා වෙන්න,</font>

779
00:44:45,474 --> 00:44:47,726
<font color="#ffbf46">නමුත් මේක වෛද්‍ය නඩුවක් නිසා,</font>

780
00:44:48,268 --> 00:44:52,272
<font color="#ffbf46">අපිට බලන්න වෙන පොත් පත් සහ සාක්ෂි ප්‍රමාණය
හුඟක් වැඩි වෙන්න පුළුවන්, ඒ නිසා--</font>

781
00:44:52,356 --> 00:44:54,733
<font color="#ffbf46">ඔයා බය වෙලාද ඉන්නේ ඇස් පෙනීමේ දුබලතාවයක් තියෙන විනිසුරුවරියක්
කොහොමද ඒවා කියවන්නේ කියලා?</font>

782
00:44:54,817 --> 00:44:56,110
<font color="#ffbf46">අපෝ නෑ. මම එහෙම විශේෂයෙන් අදහස් කළේ නැහැ.</font>

783
00:44:56,193 --> 00:44:59,196
<font color="#ffbf46">මම බ්‍රේල් අකුරු කියවන වේගෙ
ඔයා නිකන් අකුරු කියවනවට වඩා වැඩි ඇති.</font>

784
00:45:04,743 --> 00:45:06,870
<font color="#ffbf46">අනිත් ලියකියවිලි ගැන කියනවා නම්...</font>

785
00:45:08,414 --> 00:45:10,791
<font color="#ffbf46"><i>පැමිණිල්ල. පැමිණිලිකරු, කිම් ගැන්ග්-හූන්.</i></font>

786
00:45:10,874 --> 00:45:13,085
<font color="#ffbf46"><i>විත්තිකරු...</i> ස්ක්‍රීන් රීඩර්
එකෙන් මට කියවලා දෙනවා,</font>

787
00:45:13,168 --> 00:45:14,294
<font color="#ffbf46">මම අහගෙන ඉන්නවා.</font>

788
00:45:14,378 --> 00:45:17,714
<font color="#ffbf46">නඩුවක් කියන්නේ කොහොමත් අහගෙන ඉන්න එකනේ, නේද?</font>

789
00:45:18,549 --> 00:45:20,634
<font color="#ffbf46">ඕන නම් මම එළි වෙනකම් හරි අහගෙන ඉන්නම්,</font>

790
00:45:20,717 --> 00:45:22,928
<font color="#ffbf46">ඒ නිසා ඔයා කැමති ලියකියවිල්ලක් ඉදිරිපත් කරන්න.</font>

791
00:45:24,638 --> 00:45:26,306
<font color="#ffbf46">ඔබතුමියගේ රාජකාරිය කරන හැකියාව ගැන ප්‍රශ්න කරන්න</font>

792
00:45:26,390 --> 00:45:29,560
<font color="#ffbf46">මම කොහොමද එඩිතර වෙන්නේ ස්වාමීනි?</font>

793
00:45:29,643 --> 00:45:31,687
<font color="#ffbf46">මේක නිකන්-- නිකන්?</font>

794
00:45:31,770 --> 00:45:34,356
<font color="#ffbf46">මේ නඩුවේ ස්වභාවය අනුව,</font>

795
00:45:34,440 --> 00:45:37,025
<font color="#ffbf46">මේ අධිකරණය මේක දිගටම කරගෙන ගියොත්,</font>

796
00:45:37,109 --> 00:45:40,571
<font color="#ffbf46">අනවශ්‍ය වැරදි වැටහීම් ඇති වෙයි කියලා මම බයයි.</font>

797
00:45:40,654 --> 00:45:42,906
<font color="#ffbf46">නීතිඥතුමා. කියන්න ස්වාමීනි?</font>

798
00:45:42,990 --> 00:45:45,033
<font color="#ffbf46">මම ආබාධිත විනිසුරුවරියක් නෙමෙයි.
මම නිකන්ම විනිසුරුවරියක් විතරයි.</font>

799
00:45:46,285 --> 00:45:50,289
<font color="#ffbf46">මේ නඩුවත් අනිත් ඕනෑම නඩුවක් වගේම
ඉස්සරහට යයි.</font>

800
00:45:50,998 --> 00:45:52,708
<font color="#ffbf46">විනිසුරු මාරු කරන්න දාපු යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.</font>

801
00:45:53,959 --> 00:45:55,961
<font color="#ffbf46">හැබැයි ඒක අපිට වාසියක් වෙයිම කියලා කියන්න බෑ.</font>

802
00:45:57,838 --> 00:45:58,839
<font color="#ffbf46">ඒ ඇයි?</font>

803
00:45:58,922 --> 00:46:00,841
<font color="#ffbf46">ඔයා පිටරට ගිහින් ඉමිග්‍රේෂන් එකෙන් යද්දී,</font>

804
00:46:00,924 --> 00:46:02,551
<font color="#ffbf46">ඔයා පෝලිමේ ඉන්නේ කා ගාවද? ම්ම්...</font>

805
00:46:03,385 --> 00:46:07,222
<font color="#ffbf46">කරුණාවන්ත පාට තරුණ ගැහැණු ඔෆිසර් කෙනෙක් ගාවට.</font>

806
00:46:07,306 --> 00:46:09,975
<font color="#ffbf46">වැරදියි. ගොඩක් වෙලාවට එතන තමයි
වැඩිම වෙලාවක් යන්නේ.</font>

807
00:46:10,058 --> 00:46:11,727
<font color="#ffbf46">ඒ ඇයි ඒ?</font>

808
00:46:11,810 --> 00:46:13,937
<font color="#ffbf46">යම් කණ්ඩායමක ඔයා කොච්චර සුළුතරයක් වෙනවද,</font>

809
00:46:14,021 --> 00:46:16,273
<font color="#ffbf46">එච්චරටම ඔයා නීති රීති වලට අකුරටම වැඩ කරන්න බලනවා</font>

810
00:46:16,815 --> 00:46:19,026
<font color="#ffbf46">වැරදි වැටහීම් ඇති වෙන එකෙන්
බේරෙන්න. ආ මට තේරුණා.</font>

811
00:46:21,028 --> 00:46:22,488
<font color="#ffbf46">ඇයි එයාලා ගැන වැරදියට හිතන්නේ?</font>

812
00:46:22,571 --> 00:46:27,284
<font color="#ffbf46">මේ නඩුව පදනම් වෙලා තියෙන්නේ
කිසිම සාක්ෂියක් නැති සැකයක් උඩ.</font>

813
00:46:27,367 --> 00:46:30,537
<font color="#ffbf46">පැමිණිලි පාර්ශවය කරන්නේ
පැහැදිලි නැති චෝදනා විතරයි.</font>

814
00:46:30,621 --> 00:46:32,998
<font color="#ffbf46">ඒ වගේම එයාලට බැරි වෙලා තියෙනවා
පිළිගන්න පුළුවන් සාක්ෂි ඉදිරිපත් කරන්න.</font>

815
00:46:33,081 --> 00:46:35,876
<font color="#ffbf46">විත්තිකරුගේ රෝහල කොරියාවේ තියෙන හොඳම රෝහල.</font>

816
00:46:35,959 --> 00:46:39,213
<font color="#ffbf46">එයාලට කිසිම හේතුවක් නෑ ගැබිණි රෝගීන් වෙනුවෙන් කරන්න තියෙන
අවශ්‍ය පරීක්ෂණ නොකර ඉන්න--</font>

817
00:46:39,296 --> 00:46:41,173
<font color="#ffbf46">ඔන්න ඕක ඔප්පු කරන්න තමයි,</font>

818
00:46:41,256 --> 00:46:46,011
<font color="#ffbf46">අපි නියෝගයක් ඉල්ලුවේ ඒ කාලේ තිබුණු
සියලුම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න කියලා,</font>

819
00:46:46,887 --> 00:46:49,014
<font color="#ffbf46">ඒත් විත්ති පාර්ශවයෙන් ඊට ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ.</font>

820
00:46:49,097 --> 00:46:51,141
<font color="#ffbf46">දැන් අවුරුදු දහයකටත් වඩා වැඩි වෙලානේ.</font>

821
00:46:52,726 --> 00:46:56,021
<font color="#ffbf46">ගබඩා කරලා තියන්න පුළුවන් කාලය පහු වෙච්ච නිසා,
ඒවා දැනටමත් විනාශ කරලා ඇති.</font>

822
00:46:56,104 --> 00:46:57,397
<font color="#ffbf46">විත්තිකරුගේ රෝහලෙන්</font>

823
00:46:57,481 --> 00:47:01,985
<font color="#ffbf46">නිල නොවන විදියට පරණ රෙකෝඩ්ස් තියාගන්නේ නැද්ද
නියමිත කාලය පහු වුණාට පස්සෙත්</font>

824
00:47:02,069 --> 00:47:03,445
<font color="#ffbf46">පරීක්ෂණ කටයුතු සඳහා?</font>

825
00:47:04,488 --> 00:47:05,322
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

826
00:47:05,405 --> 00:47:09,409
<font color="#ffbf46">ඔයා ඕක කොහෙන් ඇහුවද මන්දා,
හැබැයි අපි නම් එහෙම දෙයක් ගැන දන්නේ නෑ.</font>

827
00:47:10,035 --> 00:47:11,870
<font color="#ffbf46">ස්වාමීනි! කියන්න.</font>

828
00:47:12,871 --> 00:47:15,749
<font color="#ffbf46">ඒවා නීත්‍යානුකූලව තියාගන්න පුළුවන් කාලය
පහු වෙලා වගේ පේන්නේ.</font>

829
00:47:15,832 --> 00:47:19,044
<font color="#ffbf46">එහෙම ලියකියවිලි දැනට තියෙනවා කියලා ඔප්පු කරන්න
ඔයා ගාව සාක්ෂි නැති නිසා,</font>

830
00:47:19,127 --> 00:47:20,212
<font color="#ffbf46">වෙන විදියකින් ඒක ඔප්පු කරන්න.</font>

831
00:47:26,969 --> 00:47:27,803
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්,</font>

832
00:47:28,845 --> 00:47:31,765
<font color="#ffbf46">විත්ති පාර්ශවයේ රෝහල මේ ගැන
ඉන්නේ හරිම කලකිරීමෙන්.</font>

833
00:47:31,848 --> 00:47:35,269
<font color="#ffbf46">පැමිණිලිකරුගේ අම්මා,
යන්න එන්න තැනක් නැතුව හිටපු කෙනෙක්,</font>

834
00:47:35,352 --> 00:47:37,437
<font color="#ffbf46">එයාට පුළුවන් වුණා විත්ති පාර්ශවයේ රෝහලෙන් දරුවා හදාගන්න,</font>

835
00:47:37,521 --> 00:47:39,523
<font color="#ffbf46">කොරියාවේ තියෙන හොඳම රෝහලෙන්,</font>

836
00:47:40,148 --> 00:47:42,025
<font color="#ffbf46">ඒ හැම දෙයක්ම ලැබුණේ</font>

837
00:47:42,109 --> 00:47:45,237
<font color="#ffbf46">වූන්ග්සෑන් සුභසාධක පදනමේ තිබුණු හොඳකම නිසා,
එයාලට ඕන වුණා පැනලා ගියපු ළමයින්ට උදව් කරන්න.</font>

838
00:47:45,320 --> 00:47:46,154
<font color="#ffbf46">ඒත්...</font>

839
00:47:47,072 --> 00:47:49,866
<font color="#ffbf46">මට නම් මතක් වෙන්නේ "කළගුණ නොදන්නාකම"
කියන එක විතරයි--</font>

840
00:47:49,950 --> 00:47:52,786
<font color="#ffbf46">නීතිඥතුමා, ඕක නඩුවට අදාළ නැහැ.
කරුණාකරලා නවත්වන්න.</font>

841
00:47:54,246 --> 00:47:55,622
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.</font>

842
00:47:55,706 --> 00:47:56,540
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

843
00:47:57,165 --> 00:48:00,711
<font color="#ffbf46">අපි ඉල්ලා සිටිනවා
මේ නඩුව ඉක්මනින් ඉවත් කරන්න කියලා.</font>

844
00:48:00,794 --> 00:48:03,755
<font color="#ffbf46">මට පේන විදියට පැමිණිලි පාර්ශවයේ නීතිඥවරියට
කරන්න පුළුවන් දෙයක් ඉතුරු වෙලා නෑ.</font>

845
00:48:03,839 --> 00:48:05,007
<font color="#ffbf46">එච්චරයි ස්වාමීනි.</font>

846
00:48:06,883 --> 00:48:07,884
<font color="#ffbf46">ස්වාමීනි,</font>

847
00:48:08,677 --> 00:48:12,556
<font color="#ffbf46">අපි සෞඛ්‍ය රක්ෂණ කමිටුවෙන් ඉල්ලනවා
කරුණු විමසීමක් කරන්න කියලා.</font>

848
00:48:13,473 --> 00:48:14,891
<font color="#ffbf46">මොකක් ගැනද?</font>

849
00:48:14,975 --> 00:48:18,145
<font color="#ffbf46">වූන්ග්සෑන් මූලික රෝහලෙන්
සිද්ධ කරපු ගබ්සා කිරීම් ප්‍රමාණය ගැන</font>

850
00:48:18,228 --> 00:48:20,439
<font color="#ffbf46">පහුගිය අවුරුදු දහය ඇතුළත.</font>

851
00:48:20,522 --> 00:48:23,150
<font color="#ffbf46">ඒ වගේම අනිත් ලොකු රෝහල් වල
සිද්ධ කරපු ගබ්සා කිරීම් ප්‍රමාණය ගැනත්</font>

852
00:48:23,233 --> 00:48:24,318
<font color="#ffbf46">වූන්ග්සෑන් රෝහලට සමාන මට්ටමේ තියෙන.</font>

853
00:48:25,193 --> 00:48:26,194
<font color="#ffbf46">මොකක්ද ඒකේ අරමුණ?</font>

854
00:48:26,278 --> 00:48:27,779
<font color="#ffbf46">නොදන්නා හේතුන් මත,</font>

855
00:48:27,863 --> 00:48:33,535
<font color="#ffbf46">විත්තිකාර පාර්ශ්වයේ රෝහල හිතාමතාම
ගබ්සා කිරීම් මඟහැරලා තියෙනවා</font>

856
00:48:34,077 --> 00:48:36,121
<font color="#ffbf46">ඒ වගේම දරුවන් බිහි කරන්න කියලා රෝගීන්ව උනන්දු කරලා තියෙනවා.</font>

857
00:48:37,956 --> 00:48:39,166
<font color="#ffbf46">කාන්ග් මහත්තයා.</font>

858
00:48:41,001 --> 00:48:41,960
<font color="#ffbf46">කාන්ග් මහත්තයා.</font>

859
00:48:48,300 --> 00:48:49,217
<font color="#ffbf46">කාන්ග් මහත්තයා!</font>

860
00:48:49,801 --> 00:48:51,011
<font color="#ffbf46">මොකක්ද ඒ වුණේ?</font>

861
00:48:51,094 --> 00:48:52,638
<font color="#ffbf46">ඔයාට මොනවා හරි සාක්ෂියක් හම්බවුණාද?</font>

862
00:48:52,721 --> 00:48:54,181
<font color="#ffbf46">නෑ, මම ළඟ එහෙම දෙයක් නෑ.</font>

863
00:48:54,264 --> 00:48:56,516
<font color="#ffbf46">එහෙනම් ඇයි සාක්ෂි නැතුව
එහෙම ලොකු කතාවක් කිව්වේ?</font>

864
00:48:56,600 --> 00:48:58,894
<font color="#ffbf46">ඔයාට මතකද මියොන්-හුන් කලින් කියපු දේ?</font>

865
00:48:58,977 --> 00:49:01,271
<font color="#ffbf46">"කළෙහිගුණ දන්නේ නෑ" කියලද මොකක්ද කිව්වේ?</font>

866
00:49:02,564 --> 00:49:05,484
<font color="#ffbf46">මොකක්? හරි. වූන්සන් සුබසාධක පදනම</font>

867
00:49:05,567 --> 00:49:08,862
<font color="#ffbf46">ගෙවල්වලින් පැනලා ගිය දරුවන්ට උදව්වක් විදියට
වූන්සන් රෝහලෙන් ප්‍රතිකාර ගන්න අවස්ථාව දුන්නා.</font>

868
00:49:08,945 --> 00:49:11,156
<font color="#ffbf46">මට ඒක මතක් වුණේ
අර කතාව අහගෙන ඉද්දි.</font>

869
00:49:11,239 --> 00:49:14,910
<font color="#ffbf46">ඇත්තටම, සෝ-මින්ට කවදාවත්
දරුවෙක් හදන්න වුවමනාවක් තිබුණේ නෑ.</font>

870
00:49:14,993 --> 00:49:18,997
<font color="#ffbf46">ඒක ඇය බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීමක්.
අනික ඇය ඒකට මුහුණ දෙන්න තරම් මෝරලා හිටියෙත් නෑ.</font>

871
00:49:19,081 --> 00:49:22,959
<font color="#ffbf46">ඒත් රෝහල සෝ-මින්ගේ කැමැත්ත
කිහිප සැරයක්ම නොසලකා හැරලා,</font>

872
00:49:23,043 --> 00:49:25,212
<font color="#ffbf46">දරුවා බිහි කරන්න කියලා දිගින් දිගටම ඇයව පෙළඹෙව්වා.</font>

873
00:49:25,796 --> 00:49:29,508
<font color="#ffbf46">ඇයි එයාලා ගෙවල්වලින් පැනලා ගිය ගැබිණි දරුවන්ව</font>

874
00:49:29,591 --> 00:49:31,802
<font color="#ffbf46">වූන්සන් රෝහලට යවන්නේ?</font>

875
00:49:32,469 --> 00:49:34,262
<font color="#ffbf46">එයාලට ඒ ළමයි ගැන බලන්න වුවමනාවක්
තිබුණෙත් නෑනේ.</font>

876
00:49:35,764 --> 00:49:37,974
<font color="#ffbf46">මේක විකාර හිතළුවක් වෙන්න පුළුවන්,</font>

877
00:49:39,226 --> 00:49:42,979
<font color="#ffbf46">ඒත් මේ හැම දේම පස්සේ
වෙන මොකක් හරි අරමුණක් තිබුණා නම්?</font>

878
00:49:49,986 --> 00:49:52,698
<font color="#ffbf46">ගබ්සා කිරීම් වැඩියෙන්ම සිද්ධ වෙන කණ්ඩායම තමයි...</font>

879
00:49:53,365 --> 00:49:56,284
<font color="#ffbf46">ඒ බොහෝ විට ගෙවල්වලින් පැනලා ගිය දරුවෝ වෙන්න ඇති.</font>

880
00:49:58,203 --> 00:49:59,496
<font color="#ffbf46">සෝ-මින් වගේ අය.</font>

881
00:50:12,050 --> 00:50:15,095
<font color="#ffbf46">මට වූන්සන් රෝහලේ වෘත්තීය සමිතියේ
සාමාජිකයින්ගෙන් ආරංචියක් ආවා.</font>

882
00:50:15,178 --> 00:50:18,306
<font color="#ffbf46">මව්වරුන්ගේ ජීවිතවලට ලොකු අනතුරක්
තිබුණොත් මිසක්,</font>

883
00:50:18,932 --> 00:50:22,018
<font color="#ffbf46">එයාලා ගබ්සා කිරීම් කරලා නෑ.</font>

884
00:50:23,061 --> 00:50:26,106
<font color="#ffbf46">එයාලා කිව්වා තරුණ ඩොක්ටර්ලා
මේ ගැන ගොඩක් පැමිණිලි කළා කියලා.</font>

885
00:50:26,940 --> 00:50:30,694
<font color="#ffbf46">හරි වෙලාව මග හැරෙන්න තියෙන අවදානම වැඩි නිසා
එයාලා හිටියේ බයෙන්.</font>

886
00:50:31,361 --> 00:50:34,364
<font color="#ffbf46">බොහෝ විට එයාලා මව්වරුන්ට
කුසෙහි ඉන්න දරුවන්ගේ තත්ත්වය ගැන නොකියන්න ඇති.</font>

887
00:50:38,452 --> 00:50:40,871
<font color="#ffbf46">සෞඛ්‍ය රක්ෂණ කමිටුව අපේ විමසීමට
පිළිතුරු එවලා.</font>

888
00:50:40,954 --> 00:50:41,997
<font color="#ffbf46">මොකක්ද එයාලා කියන්නේ?</font>

889
00:50:44,374 --> 00:50:47,711
<font color="#ffbf46">රෝහල්වල වෘත්තීය රහස්වලට අදාළ වෙන නිසා
පිළිතුරු දෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරලා.</font>

890
00:50:50,672 --> 00:50:52,924
<font color="#ffbf46">මේ යක්කු නම් මාරයිනේ.</font>

891
00:50:53,008 --> 00:50:54,217
<font color="#ffbf46">සෞඛ්‍ය රක්ෂණ කමිටු සභාපති
පාක් චොල්-මින්</font>

892
00:50:57,262 --> 00:50:58,597
<font color="#ffbf46">මේක මටම හරියන්න හදලා තියෙනවා.</font>

893
00:51:00,599 --> 00:51:03,226
<font color="#ffbf46"><i>ඔව්?</i> නීතිඥ වූ ගේ ඔෆිස් එකට කතා කරන්න.</font>

894
00:51:03,310 --> 00:51:06,062
<font color="#ffbf46">කියන්න මට එයාගේ තෑග්ග ලැබුණා,
ඒකට ස්තූතියි කියලා.</font>

895
00:51:06,146 --> 00:51:07,898
<font color="#ffbf46">සභාපති පාක්, මෝඩ මිනිහා.</font>

896
00:51:07,981 --> 00:51:10,442
<font color="#ffbf46">මියොන්-හුන් ජනාධිපති මන්දිරේ
සිවිල් කටයුතු කාර්යාලයේ වැඩ කරද්දී,</font>

897
00:51:10,525 --> 00:51:12,444
<font color="#ffbf46">එයා තමයි පාක්ට ඔය රස්සාව අරන් දුන්නේ.</font>

898
00:51:13,570 --> 00:51:16,782
<font color="#ffbf46">හරි. එහෙනම් මේ විදියටද ඔයාලා සෙල්ලම් කරන්නේ?</font>

899
00:51:17,324 --> 00:51:18,533
<font color="#ffbf46">එහෙනම් අපි මොකද කරන්නේ?</font>

900
00:51:18,617 --> 00:51:20,869
<font color="#ffbf46">අපිට සිද්ධ වෙනවා ක්‍රමයක් පාවිච්චි කරන්න</font>

901
00:51:20,952 --> 00:51:23,246
<font color="#ffbf46">කොරියාවේ රජයේ සේවකයෝ වැඩියෙන්ම බය වෙන.</font>

902
00:51:23,330 --> 00:51:24,664
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

903
00:51:25,373 --> 00:51:26,625
<font color="#ffbf46">සභාපති පාක්.</font>

904
00:51:26,708 --> 00:51:29,044
<font color="#ffbf46">මම කිව්වනේ මම මේ පුටුවේ ඉන්නකොට
මට කතා කරන්න එපා කියලා.</font>

905
00:51:29,127 --> 00:51:31,171
<font color="#ffbf46">සභාපති පාක්!</font>

906
00:51:31,671 --> 00:51:33,924
<font color="#ffbf46">මොකක්ද? මට සමා වෙන්න.</font>

907
00:51:34,007 --> 00:51:37,260
<font color="#ffbf46">මම එළියට වෙලා ඉන්න කිව්වා,
ඒත් මෙයා එකපාරටම කඩාගෙන පැන්නා.</font>

908
00:51:37,844 --> 00:51:39,721
<font color="#ffbf46">මොන විකාරයක්ද? කවුද තමුන්?</font>

909
00:51:40,472 --> 00:51:42,015
<font color="#ffbf46">ඔයා නැගිට්ටා නේද.</font>

910
00:51:42,766 --> 00:51:44,684
<font color="#ffbf46">හමුවීම සතුටක්.</font>

911
00:51:44,768 --> 00:51:46,102
<font color="#ffbf46">මම නීතිඥ කාන්ග් දා-විත්.</font>

912
00:51:46,186 --> 00:51:48,772
<font color="#ffbf46">දා-විත්? තමුන් ඊශ්‍රායලයෙන්ද ආවේ?</font>

913
00:51:51,483 --> 00:51:52,692
<font color="#ffbf46">ඒක නෙවෙයි, සභාපති පාක්,</font>

914
00:51:52,776 --> 00:51:54,694
<font color="#ffbf46">මේ ගොල්ෆ් පිත්ත නියමයිනේ.</font>

915
00:51:54,778 --> 00:51:55,612
<font color="#ffbf46">මේක රත්තරන්ද?</font>

916
00:51:56,112 --> 00:51:57,280
<font color="#ffbf46">ඕකෙන් පොළවට ගහන්න එපා!</font>

917
00:51:58,532 --> 00:51:59,533
<font color="#ffbf46">සොරි වෙන්න ඕනේ.</font>

918
00:52:02,118 --> 00:52:04,371
<font color="#ffbf46">හරි. තමුන් නේද අර
තොරතුරු විමසීම එවපු කෙනා.</font>

919
00:52:04,454 --> 00:52:06,456
<font color="#ffbf46">මෙතන රණ්ඩු කරන්න නම් ආවේ
දැන්ම එළියට යනවා.</font>

920
00:52:06,540 --> 00:52:07,999
<font color="#ffbf46">අපි දැනටමත් උත්තරේ දීලනේ තියෙන්නේ.</font>

921
00:52:08,083 --> 00:52:11,294
<font color="#ffbf46">රණ්ඩු කරන්න?
අනේ, මම දැන් ඒ වයස පහු කරලා ඉන්නේ.</font>

922
00:52:11,378 --> 00:52:14,339
<font color="#ffbf46">මම දැන් පොඩි ළමයෙක් නෙවෙයිනේ. අනේ මන්දා!</font>

923
00:52:14,422 --> 00:52:15,715
<font color="#ffbf46">ඒක වැටුණා.</font>

924
00:52:15,799 --> 00:52:17,592
<font color="#ffbf46">මේක අපි ඔයාට විරුද්ධව</font>

925
00:52:18,468 --> 00:52:19,761
<font color="#ffbf46">දාන්න යන පැමිණිල්ලක්.</font>

926
00:52:20,387 --> 00:52:21,221
<font color="#ffbf46">මොකක්?</font>

927
00:52:25,517 --> 00:52:27,185
<font color="#ffbf46">තොරතුරු හෙළිදරව් කිරීමේ ඉල්ලීමක්?</font>

928
00:52:27,269 --> 00:52:28,603
<font color="#ffbf46">මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි.</font>

929
00:52:28,687 --> 00:52:30,605
<font color="#ffbf46">මේ තියෙන්නේ ඔයාගේ නිල වියදම්</font>

930
00:52:30,689 --> 00:52:32,274
<font color="#ffbf46">සහ කම්පැණි කාඩ් එකේ විස්තර ගැන.</font>

931
00:52:32,357 --> 00:52:36,945
<font color="#ffbf46">බලන්නකෝ, ඔයාගේ නෝනා කොණ්ඩේ පර්ම් කරන
හැම වෙලාවෙම ඔයා කම්පැණි කාඩ් එකනේ පාවිච්චි කරලා තියෙන්නේ.</font>

932
00:52:37,988 --> 00:52:39,781
<font color="#ffbf46">නියමයි. ඔයා පවුල ගැන හිතන මනුස්සයෙක්නේ.</font>

933
00:52:39,865 --> 00:52:41,825
<font color="#ffbf46">මේවා තමයි මමත් ඉගෙන ගන්න ඕනේ. හරිම ෂෝක්.</font>

934
00:52:41,908 --> 00:52:42,909
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්? ඔව්?</font>

935
00:52:42,993 --> 00:52:46,830
<font color="#ffbf46">ලෝකේ සිද්ධ වුණ හැම සාර්ථක සාකච්ඡාවක්ම
වෙලා තියෙන්නේ සන්සුන්ව වාඩි වෙලා ඉද්දි.</font>

936
00:52:46,913 --> 00:52:48,123
<font color="#ffbf46">කරුණාකරලා, අපි වාඩි වෙමු.</font>

937
00:52:48,206 --> 00:52:49,583
<font color="#ffbf46">ප්ලීස්. හරි.</font>

938
00:52:49,666 --> 00:52:50,917
<font color="#ffbf46">මම වාඩි වෙලා කතා කරන්නම්.</font>

939
00:52:51,793 --> 00:52:57,007
<font color="#ffbf46">හරි. මේ තියෙන්නේ ඔයාගේ ඔෆිස් එකට ගත්ත
ගෘහ භාණ්ඩ සහ උපකරණවල ලිස්ට් එක.</font>

940
00:52:57,090 --> 00:52:59,301
<font color="#ffbf46">ඔයා අර දැන් නිදාගෙන හිටපු පුටුව තියෙන්නේ?</font>

941
00:52:59,384 --> 00:53:00,844
<font color="#ffbf46">ඒක ලිමිටඩ් එඩිෂන් එකක් නේද.</font>

942
00:53:00,927 --> 00:53:03,221
<font color="#ffbf46">කොහෙන්ද ඔයා ඒක ගත්තේ?</font>

943
00:53:06,516 --> 00:53:09,185
<font color="#ffbf46">මම ඒක මගේ පෞද්ගලික සල්ලිවලින් ගත්තේ
පිටරට බිස්නස් ට්‍රිප් එකක් ගිය වෙලාවේ.</font>

944
00:53:09,269 --> 00:53:10,520
<font color="#ffbf46">පිටරට බිස්නස් ට්‍රිප් එකක්?</font>

945
00:53:10,604 --> 00:53:13,106
<font color="#ffbf46">පිටරට සංචාරක වියදම්...</font>

946
00:53:13,189 --> 00:53:17,819
<font color="#ffbf46">ඔයා කොහෙද ගියේ නවීන වෛද්‍ය කර්මාන්තය ගැන
පර්යේෂණ කරන්න?</font>

947
00:53:18,862 --> 00:53:19,905
<font color="#ffbf46">ඒක හරි.</font>

948
00:53:20,780 --> 00:53:22,824
<font color="#ffbf46">"අපි මොහිතෝ එකකින් මාලදිවයිනක් බොමු."</font>

949
00:53:22,908 --> 00:53:28,204
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම, නවීන වෛද්‍ය විද්‍යාව ගැන හොයන්න නම්
මාලදිවයිනටම යන්න එපැයි!</font>

950
00:53:28,288 --> 00:53:32,167
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. හැබැයි ඔයා නෝනා එක්ක නෙවෙයි ගිහින් තියෙන්නේ.</font>

951
00:53:32,250 --> 00:53:33,668
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්!</font>

952
00:53:33,752 --> 00:53:36,421
<font color="#ffbf46">අනේ මිස්ටර් පාක්.</font>

953
00:53:36,504 --> 00:53:38,673
<font color="#ffbf46">කාන්ග් මහත්තයා. සර්. ඩොක්ටර්.</font>

954
00:53:38,757 --> 00:53:39,883
<font color="#ffbf46">මම ඕන නමකින් කතා කරන්නම්.</font>

955
00:53:39,966 --> 00:53:41,968
<font color="#ffbf46">මම ඔයාට ලොකු අයියා කියලා කතා කරන්නම්.</font>

956
00:53:42,052 --> 00:53:44,554
<font color="#ffbf46">දා-විත් උතුමාණෙනි. අපි මේ ගැන සන්සුන්ව කතා කරමු.</font>

957
00:53:44,638 --> 00:53:48,016
<font color="#ffbf46">අපි කතා කරලා විසඳ ගමු. එහෙනම්,
අපි තේ එකක් බොන ගමන් කතා කරමුද?</font>

958
00:53:48,642 --> 00:53:49,476
<font color="#ffbf46">හරි සර්.</font>

959
00:53:49,559 --> 00:53:50,560
<font color="#ffbf46">තොරතුරු විමසීමට පිළිතුර</font>

960
00:53:50,644 --> 00:53:53,647
<font color="#ffbf46">තොරතුරු විමසීමට අදාළ පිළිතුර
එකපාරටම ඇවිල්ලා.</font>

961
00:53:55,273 --> 00:53:58,026
<font color="#ffbf46">ගිය පාර නම්, එයාලා පැහැදිලිවම කිව්වා
ප්‍රතිචාර දක්වන්න බෑ කියලා.</font>

962
00:53:58,109 --> 00:54:00,195
<font color="#ffbf46">ඒක නම් මම...</font>

963
00:54:01,363 --> 00:54:04,240
<font color="#ffbf46">මම දන්නෙත් නෑ මොකද වුණේ කියලා,</font>

964
00:54:04,324 --> 00:54:06,993
<font color="#ffbf46">ඒ කොහොම වුණත්,
මේ නඩුවේ ආරවුලට</font>

965
00:54:07,077 --> 00:54:08,995
<font color="#ffbf46">මේකේ කෙලින්ම සම්බන්ධයක් තියෙන පාටක් නෑ--</font>

966
00:54:09,079 --> 00:54:10,413
<font color="#ffbf46">මේක 91%ක්!</font>

967
00:54:12,290 --> 00:54:13,500
<font color="#ffbf46">වූන්සන් හි ගබ්සා අනුපාතය</font>

968
00:54:15,210 --> 00:54:16,878
<font color="#ffbf46">එයාලගේ පිළිතුරට අනුව,</font>

969
00:54:17,587 --> 00:54:22,175
<font color="#ffbf46">වූන්සන් රෝහලේ ගබ්සා කිරීමේ අනුපාතය</font>

970
00:54:22,258 --> 00:54:27,263
<font color="#ffbf46">අනිත් රෝහල්වල සාමාන්‍ය අනුපාතයට වඩා
91%කින් අඩුයි.</font>

971
00:54:27,889 --> 00:54:32,769
<font color="#ffbf46">මිස්ටර් වූ. මේක අහම්බයක්ද?
නැත්නම් හාස්කමක්ද?</font>

972
00:54:32,852 --> 00:54:35,438
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. ඒත් ඕකෙන් මොකක්ද ඔප්පු වෙන්නේ?</font>

973
00:54:36,106 --> 00:54:38,483
<font color="#ffbf46">ඉලක්කම් කියන්නේ ඉලක්කම් විතරයි.</font>

974
00:54:38,566 --> 00:54:41,736
<font color="#ffbf46">හැම මවකගේම තත්ත්වය සහ අදහස්
වෙනස් වෙන්න පුළුවන්නේ--</font>

975
00:54:41,820 --> 00:54:44,698
<font color="#ffbf46">ඒක නිසා තමයි අපි තව අමතර දත්ත වගයක්
ඉදිරිපත් කරන්නේ</font>

976
00:54:44,781 --> 00:54:47,659
<font color="#ffbf46">ගොඩක් රසවත් දේවල් ටිකක්.</font>

977
00:54:50,286 --> 00:54:52,706
<font color="#ffbf46">සාක්ෂි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රය</font>

978
00:54:53,289 --> 00:54:54,249
<font color="#ffbf46">ස්වාමීනි.</font>

979
00:54:55,583 --> 00:55:00,046
<font color="#ffbf46">ඔබතුමා දන්නවද කොරියාවේ ගබ්සාවට විරුද්ධ කණ්ඩායම්වල
ප්‍රධාන අනුග්‍රාහකයා කවුද කියලා?</font>

980
00:55:00,130 --> 00:55:02,924
<font color="#ffbf46">ස්වාමීනි, පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥයා
නඩුව ප්‍රමාද කරනවා</font>

981
00:55:03,008 --> 00:55:04,217
<font color="#ffbf46">කිසිම අදාළත්වයක් නැති දේවල් කියලා.</font>

982
00:55:04,300 --> 00:55:07,012
<font color="#ffbf46">මේක ගොඩක් අදාළයි, මිස්ටර් වූ.</font>

983
00:55:08,179 --> 00:55:12,017
<font color="#ffbf46">මේ කණ්ඩායම්වල පහුගිය අවුරුදු පහේම
ගිණුම් වාර්තා හොයා ගත්තා</font>

984
00:55:12,100 --> 00:55:17,731
<font color="#ffbf46">අපේ ෆර්ම් එකේ ඉන්න හරිම නිර්භීත
ඒ වගේම උනන්දු පොතේ ගුරෙක්...</font>

985
00:55:19,733 --> 00:55:20,608
<font color="#ffbf46">අම්මපා!</font>

986
00:55:22,902 --> 00:55:24,237
<font color="#ffbf46">මිස් පාක්?</font>

987
00:55:29,159 --> 00:55:32,996
<font color="#ffbf46">මොකක්ද ඒ? ඔයා සති අන්තෙම මෙහෙද හිටියේ?
ඇයි ගෙදර ගියේ නැත්තේ?</font>

988
00:55:33,079 --> 00:55:35,331
<font color="#ffbf46">නිකන් මේක බලන්නකෝ. මොකක්ද මේ?</font>

989
00:55:41,588 --> 00:55:43,923
<font color="#ffbf46">ඔයා කොහොමද මේ ඔක්කොම හොයා ගත්තේ?</font>

990
00:55:44,007 --> 00:55:47,635
<font color="#ffbf46">මොකක්ද "කොහොමද" කියන්නේ?
මම දිගට හරහට හොයලා බැලුවා, එච්චරයි.</font>

991
00:55:48,553 --> 00:55:51,765
<font color="#ffbf46">මේ නීතිඥතුමිය කරපු
විස්තරාත්මක විශ්ලේෂණයට අනුව,</font>

992
00:55:52,766 --> 00:55:54,100
<font color="#ffbf46">එයාලගේ ලොකුම අනුග්‍රාහකයා</font>

993
00:55:54,684 --> 00:55:57,896
<font color="#ffbf46">හොංකොං වල තියෙන එලියට් පදනම.</font>

994
00:55:58,938 --> 00:56:01,316
<font color="#ffbf46">ඒක කොරියාවේ කවුරුත් දන්නේ නැති
සංවිධානයක්.</font>

995
00:56:02,442 --> 00:56:05,236
<font color="#ffbf46">ඉතින් ඒකට මොකද?</font>

996
00:56:05,320 --> 00:56:08,198
<font color="#ffbf46">එලියට් පදනමේ ලිපිනය තියෙන්නේ
හොංකොං වල.</font>

997
00:56:08,281 --> 00:56:12,202
<font color="#ffbf46">හැබැයි එයාලට කොරියාවෙත්
තැපැල් ලිපිනයක් තියෙනවා.</font>

998
00:56:12,285 --> 00:56:13,536
<font color="#ffbf46">ලිපිනය?</font>

999
00:56:15,955 --> 00:56:22,378
<font color="#ffbf46">ඒ අංක 101, දොගොක්-රෝ, ගංනම්-ගු, සියෝල්.</font>

1000
00:56:26,716 --> 00:56:27,634
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

1001
00:56:29,010 --> 00:56:31,221
<font color="#ffbf46">ඒක-- ඔව් ස්වාමීනි. ඒක හරි.</font>

1002
00:56:31,304 --> 00:56:33,932
<font color="#ffbf46">ඒක තමයි විත්තිකාර පාර්ශ්වයේ
වූන්සන් රෝහල</font>

1003
00:56:34,015 --> 00:56:35,809
<font color="#ffbf46">සහ වූන්සන් සුබසාධක පදනම තියෙන ලිපිනය,</font>

1004
00:56:35,892 --> 00:56:38,353
<font color="#ffbf46">මේ දෙකම තියෙන්නේ එකම ගොඩනැගිල්ලක.</font>

1005
00:56:39,771 --> 00:56:42,857
<font color="#ffbf46">එලියට් කියන්නේ ප්‍රධාන විධායක නිලධාරී චෝයි වූන්සන්ගේ
එකම පුතා වෙච්ච,</font>

1006
00:56:42,941 --> 00:56:45,193
<font color="#ffbf46">චෝයි යූ-ජින් ඇමරිකාවේ ඉන්නකොට</font>

1007
00:56:45,276 --> 00:56:47,946
<font color="#ffbf46">පාවිච්චි කරපු නම.
එයා වයස 30 දි මැරුණා.</font>

1008
00:56:50,240 --> 00:56:52,659
<font color="#ffbf46">තමන්ගේ පුතා නැති වුණාට පස්සේ,</font>

1009
00:56:52,742 --> 00:56:55,537
<font color="#ffbf46">මිස්ටර් චෝයි එකපාරටම
ආගමික පැත්තට යොමු වුණා.</font>

1010
00:56:56,121 --> 00:57:00,083
<font color="#ffbf46">එදා ඉඳන්, මිස්ටර් චෝයි කොරියාවේ ප්‍රධානම
ආගමික මූලධර්මවාදී කණ්ඩායමක</font>

1011
00:57:00,166 --> 00:57:03,128
<font color="#ffbf46">විශාලතම අනුග්‍රාහකයෙක් සහ වැඩිහිටි නායකයෙක්
වෙලා තියෙනවා.</font>

1012
00:57:04,170 --> 00:57:08,925
<font color="#ffbf46">ඕක අනුමානයක් විතරයි. මිස්ටර් චෝයිට
දැඩි ආගමික විශ්වාසයක් තිබුණත්,</font>

1013
00:57:09,008 --> 00:57:12,137
<font color="#ffbf46">කිසිම සාක්ෂියක් නෑ ඔහු
වෛද්‍ය කාර්ය මණ්ඩලයට නියෝග කළා කියලා</font>

1014
00:57:12,220 --> 00:57:14,556
<font color="#ffbf46">මේ වගේ දෙයක්-- බලය කියන්නේ ඒකට තමයි!</font>

1015
00:57:14,639 --> 00:57:17,767
<font color="#ffbf46">කෙලින්ම නියෝග නොදුන්නත්,
සංවිධානයක ස්වභාවය අනුව,</font>

1016
00:57:17,851 --> 00:57:20,436
<font color="#ffbf46">නායකයාගේ කැමැත්ත ඉටු කරන එක
එයාලට නිරායාසයෙන්ම කරන්න වෙනවා.</font>

1017
00:57:20,520 --> 00:57:23,231
<font color="#ffbf46">සංවිධානයේ නොකියවෙන නීති
පිළිපදින්නේ නැති වෛද්‍ය කාර්ය මණ්ඩලයට</font>

1018
00:57:23,314 --> 00:57:26,776
<font color="#ffbf46">අස් වෙන්න සිද්ධ වෙනකම්ම
විවිධ විදිහට හිරිහැර කරලා තියෙනවා.</font>

1019
00:57:26,860 --> 00:57:29,988
<font color="#ffbf46">අපි ළඟදීම මේකට අදාළ
සාක්ෂි ඉදිරිපත් කරනවා.</font>

1020
00:57:30,071 --> 00:57:31,990
<font color="#ffbf46">හොඳයි, මම ඒක අගය කරනවා.</font>

1021
00:57:33,825 --> 00:57:34,742
<font color="#ffbf46">ඉතින්, ඒ ඇති නේද</font>

1022
00:57:35,577 --> 00:57:37,912
<font color="#ffbf46">මේකේ අදාළත්වයක් තියෙනවා කියලා පිළිගන්න?</font>

1023
00:57:39,038 --> 00:57:41,624
<font color="#ffbf46">කරුණාකරලා අමතක කරන්න එපා
අදාළ සාක්ෂි ඉදිරිපත් කරන්න.</font>

1024
00:57:41,708 --> 00:57:42,750
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.</font>

1025
00:57:53,845 --> 00:57:55,263
<font color="#ffbf46">සර්. ඔව්?</font>

1026
00:57:55,346 --> 00:57:57,474
<font color="#ffbf46">ඔයා ඇත්තටම ඔයාගේ වැඩේට දක්ෂයි.</font>

1027
00:57:58,933 --> 00:57:59,851
<font color="#ffbf46">ඒයි, ළමයා.</font>

1028
00:57:59,934 --> 00:58:01,519
<font color="#ffbf46">ඔයා ආඩම්බර වෙන්න ඕනේ.</font>

1029
00:58:01,603 --> 00:58:03,021
<font color="#ffbf46">ඔයා මං ගැන මොනවා හිතුවත්--</font>

1030
00:58:03,104 --> 00:58:04,105
<font color="#ffbf46">ස්තූතියි.</font>

1031
00:58:04,189 --> 00:58:05,690
<font color="#ffbf46">ඒ වගේම මට සමා වෙන්න.</font>

1032
00:58:06,274 --> 00:58:08,568
<font color="#ffbf46">මම බල කරපු නිසා
ඔයාට ගොඩක් අමාරු වෙන්න ඇති.</font>

1033
00:58:09,819 --> 00:58:10,987
<font color="#ffbf46">මොකද මේ එකපාරටම?</font>

1034
00:58:11,070 --> 00:58:12,822
<font color="#ffbf46">මට මේවා පුරුදු නෑ. මොකද මේ?</font>

1035
00:58:12,906 --> 00:58:16,326
<font color="#ffbf46">මට ගෙවන්න වත්කමක් නෑනේ,
ඉතින් මම අඩුම ගානේ මෙහෙමවත් කියන්න එපැයි.</font>

1036
00:58:16,951 --> 00:58:18,077
<font color="#ffbf46">මම දැනගෙන හිටියා.</font>

1037
00:58:18,161 --> 00:58:20,205
<font color="#ffbf46">මම දැනගෙන හිටියා මොකක් හරි අවුලක් කියලා. හප්පා.</font>

1038
00:58:21,789 --> 00:58:25,084
<font color="#ffbf46">ඒත් ඔයාගේ අම්මා කවදාවත් ආවේ නෑනේ.
එක පාරක්වත්.</font>

1039
00:58:25,168 --> 00:58:27,128
<font color="#ffbf46">එයා අමාරුවෙන් තමයි
ඇටර්නි බලපත්‍රයට අත්සන් කළෙත්.</font>

1040
00:58:27,837 --> 00:58:30,673
<font color="#ffbf46">එයාට ගොඩක් තරහා ගිහින් හිටියේ
මම මේ තේරුමක් නැති දෙයක් කරනවා කියලා.</font>

1041
00:58:31,299 --> 00:58:35,011
<font color="#ffbf46">එයා කිව්වා අපි වගේ අයට දිනන්න බෑ කියලා
ඔය වගේ යෝධ රෝහලක් එක්ක.</font>

1042
00:58:36,638 --> 00:58:38,932
<font color="#ffbf46">ඒත් අපිට ඇත්තටම දිනන්න පුළුවන් වෙයිද?</font>

1043
00:58:40,975 --> 00:58:44,437
<font color="#ffbf46">අන්තිමේදී, අපිට වෛද්‍ය වාර්තා ගන්න
බැරි වුණානේ,</font>

1044
00:58:44,521 --> 00:58:46,606
<font color="#ffbf46">ඒ නිසා අපිට ඔප්පු කරන්න පුළුවන් වුණේ භාගයයි.</font>

1045
00:58:48,566 --> 00:58:49,901
<font color="#ffbf46">එහෙමද?</font>

1046
00:58:59,035 --> 00:59:02,664
<font color="#ffbf46">එතකොට මමද ඔයාගේ දඬුවම?</font>

1047
00:59:04,082 --> 00:59:08,628
<font color="#ffbf46">මොකක්? ඒත් මට දඬුවම් දෙන්නේ මොකටද?</font>

1048
00:59:14,842 --> 00:59:18,096
<font color="#ffbf46">ඉන්චොන් දිස්ත්‍රික් අධිකරණය, බුචොන් ශාඛාව
තීන්දුව ලබාදෙන දිනය</font>

1049
00:59:26,896 --> 00:59:30,275
<font color="#ffbf46">මෙම අධිකරණයට ඉදිරිපත් කරපු
සියලුම සාක්ෂි මත පදනම්ව,</font>

1050
00:59:30,900 --> 00:59:33,653
<font color="#ffbf46">විනිසුරු මඩුල්ල විශ්වාස කරන විදියට
පැමිණිලිකාරියගේ ආබාධිත තත්ත්වය</font>

1051
00:59:33,736 --> 00:59:36,114
<font color="#ffbf46">කුස තුළදීම හඳුනාගත යුතුව තිබුණා.</font>

1052
00:59:36,197 --> 00:59:38,074
<font color="#ffbf46">ඒ නිසා, විත්තිකාර රෝහල</font>

1053
00:59:38,157 --> 00:59:40,368
<font color="#ffbf46">තමන්ගේ වගකීම ඉටු කරලා නෑ</font>

1054
00:59:40,451 --> 00:59:43,079
<font color="#ffbf46">මේ තත්ත්වය හරියට හඳුනාගෙන
ඒ ගැන පැහැදිලි කරලා දීමේ.</font>

1055
00:59:44,372 --> 00:59:45,373
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

1056
00:59:45,456 --> 00:59:48,126
<font color="#ffbf46">විත්තිවාචක රෝහල විසින්</font>

1057
00:59:48,209 --> 00:59:51,796
<font color="#ffbf46">ගර්භණී සමයේදී ගත යුතු ආරක්ෂක පියවර ගැන
පැමිණිලිකරුගේ මවව දැනුවත් නොකළ බවටත්</font>

1058
00:59:51,879 --> 00:59:55,300
<font color="#ffbf46">ඒ නොසලකා හැරීම නිසා පැමිණිලිකරුගේ
ආබාධිත තත්ත්වය ඇති වූ බවටත්,</font>

1059
00:59:55,383 --> 00:59:57,719
<font color="#ffbf46">ඉදිරිපත් කර ඇති තර්කය පිළිගැනීමට
ප්‍රමාණවත් සාක්ෂි නොමැත.</font>

1060
00:59:58,469 --> 01:00:01,389
<font color="#ffbf46">එබැවින්, ආබාධිත තත්ත්වයක් ඇති කිරීම වෙනුවෙන්
ඉල්ලා ඇති වන්දි මුදල</font>

1061
01:00:01,472 --> 01:00:02,849
<font color="#ffbf46">මෙම අධිකරණය පිළිගන්නේ නැත.</font>

1062
01:00:06,728 --> 01:00:07,854
<font color="#ffbf46">මම දැනන් හිටියා.</font>

1063
01:00:08,771 --> 01:00:10,898
<font color="#ffbf46">දැන් ඉතුරු වෙලා තියෙන්නේ,</font>

1064
01:00:10,982 --> 01:00:14,736
<font color="#ffbf46">විත්තිවාචක රෝහල, චේතනාන්විතව හෝ
නොසැලකිලිමත්කම මත,</font>

1065
01:00:14,819 --> 01:00:16,779
<font color="#ffbf46">පැමිණිලිකරුගේ ආබාධිත තත්ත්වය ගැන</font>

1066
01:00:16,863 --> 01:00:18,865
<font color="#ffbf46">කලින් හඳුනාගෙන පැහැදිලි කර දීමට තිබූ වගකීම
ඉටු කිරීමට අපොහොසත් වුණා කියන චෝදනාවයි.</font>

1067
01:00:18,948 --> 01:00:21,159
<font color="#ffbf46">සරලව කියනවා නම්,</font>

1068
01:00:21,743 --> 01:00:24,329
<font color="#ffbf46">පැමිණිලිකරුව ගබ්සා කිරීමට
අවස්ථාවක් ලබා දුන්නේ නැහැ කියන එක.</font>

1069
01:00:26,581 --> 01:00:29,375
<font color="#ffbf46">වන්දි ගෙවීමේ වගකීම පිළිගැනීමට නම්,</font>

1070
01:00:29,959 --> 01:00:33,921
<font color="#ffbf46">අපිට හරිම අමාරු ප්‍රශ්නයකට
පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා.</font>

1071
01:00:35,298 --> 01:00:37,967
<font color="#ffbf46">පැමිණිලිකරුට මේ නඩුව දිනන්න නම්,
අපිට මෙහෙම කියන්න වෙනවා,</font>

1072
01:00:38,051 --> 01:00:41,387
<font color="#ffbf46">"මේ අවුරුදු 12ක් වයසැති ගං-හුන් කියන පිරිමි ළමයා</font>

1073
01:00:42,138 --> 01:00:44,390
<font color="#ffbf46">නොඉපදී හිටියා නම් තමයි ලෝකෙට වඩා හොඳ."</font>

1074
01:00:44,474 --> 01:00:48,686
<font color="#ffbf46">"ඔහුගේ ජීවිතය සහ පැවැත්මම හානියක්."</font>

1075
01:00:50,021 --> 01:00:52,690
<font color="#ffbf46">අන්න ඒ වගේ දරුණු නිගමනයකට
අපිට එන්න සිද්ධ වෙනවා.</font>

1076
01:00:56,861 --> 01:00:58,946
<font color="#ffbf46">පුද්ගලයෙක් විදිහට,</font>

1077
01:00:59,947 --> 01:01:02,867
<font color="#ffbf46">පැමිණිලිකරු මේ අධිකරණය ඉදිරියට ආවේ
කොයි වගේ හැඟීමකින්ද කියන එක</font>

1078
01:01:02,950 --> 01:01:06,079
<font color="#ffbf46">මට හොඳටම තේරෙනවා.</font>

1079
01:01:07,997 --> 01:01:11,000
<font color="#ffbf46">නමුත් මම මෙතන ඉන්නේ පුද්ගලයෙක් විදිහට නෙවෙයි,</font>

1080
01:01:11,668 --> 01:01:13,002
<font color="#ffbf46">විනිසුරුවරයෙක් විදිහට.</font>

1081
01:01:14,337 --> 01:01:16,047
<font color="#ffbf46">කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව,</font>

1082
01:01:16,130 --> 01:01:18,925
<font color="#ffbf46">ඔබ ආබාධිත වුණත් නැතත්,</font>

1083
01:01:19,008 --> 01:01:20,718
<font color="#ffbf46">ඔබ පොහොසත් වුණත් දුප්පත් වුණත්,</font>

1084
01:01:21,594 --> 01:01:24,222
<font color="#ffbf46">සෑම මනුෂ්‍ය ජීවිතයක්ම එක හා සමානව පූජනීයයි.</font>

1085
01:01:24,305 --> 01:01:26,683
<font color="#ffbf46">ඒක තමයි මූලික පදනම.</font>

1086
01:01:27,850 --> 01:01:28,851
<font color="#ffbf46">ව්‍යවස්ථාව යටතේ,</font>

1087
01:01:30,061 --> 01:01:32,605
<font color="#ffbf46">ජීවිතයට වඩා වටිනා අයිතිවාසිකමක් තවත් නැහැ.</font>

1088
01:01:33,731 --> 01:01:36,234
<font color="#ffbf46">ඒ නිසා, ජීවිතයක් තියනවට වඩා නැති එක හොඳයි කියලා</font>

1089
01:01:36,317 --> 01:01:38,861
<font color="#ffbf46">කල්පිත තක්සේරුවක් කරන්න අපිට හැකියාවක් නැහැ.</font>

1090
01:01:39,445 --> 01:01:41,698
<font color="#ffbf46">ජීවත් වෙන්න වටින්නේ කාගේ ජීවිතද?</font>

1091
01:01:42,740 --> 01:01:47,120
<font color="#ffbf46">නොඉපදී හිටියා නම් වඩා හොඳ කාගේ ජීවිතද?</font>

1092
01:01:48,579 --> 01:01:52,792
<font color="#ffbf46">එවැනි විනිශ්චයන් මිනිස් හැකියාවෙන් ඔබ්බට ගිය දෙයක්.</font>

1093
01:01:54,961 --> 01:01:55,878
<font color="#ffbf46">ඒ නිසා,</font>

1094
01:01:55,962 --> 01:01:59,757
<font color="#ffbf46">කිම් ගං-හුන්ගේ උපත හානියක් ලෙස
අධිකරණය පිළිනොගන්නා බැවින්,</font>

1095
01:02:00,925 --> 01:02:05,430
<font color="#ffbf46">පැමිණිලිකරුගේ ඉල්ලීම පදනම් විරහිතයි.
නඩුව නිෂ්ප්‍රභ කරනවා.</font>

1096
01:02:12,145 --> 01:02:13,813
<font color="#ffbf46"><i>ඉස්සර මගේ හිත පිනවපු</i></font>

1097
01:02:14,772 --> 01:02:16,190
<font color="#ffbf46"><i>ඒ සුන්දර වචන,</i></font>

1098
01:02:17,400 --> 01:02:20,903
<font color="#ffbf46"><i>මේ පාර මට දැනුණේ ලොකු බාධකයක් වගේ.</i></font>

1099
01:02:35,001 --> 01:02:38,838
<font color="#ffbf46">අන්තිමේදී අපිට බැරි වුණානේ ශ්‍රේෂ්ඨාධිකරණයේ
තියෙන පූර්වාදර්ශය කඩන්න.</font>

1100
01:02:39,422 --> 01:02:42,133
<font color="#ffbf46">මම පිටරටවල තියෙන අදාල නඩු තීන්දු
ඔක්කොම ඉදිරිපත් කළානේ.</font>

1101
01:02:42,717 --> 01:02:45,762
<font color="#ffbf46">ඒ වුණාට වුංසෑන් එකේ වැරැද්ද මැකෙන්නේ නෑනේ.</font>

1102
01:02:45,845 --> 01:02:48,556
<font color="#ffbf46">ළමයි හදන්න කියලා එයාලා මාරු වුණා.</font>

1103
01:02:48,639 --> 01:02:51,726
<font color="#ffbf46">- මහ විකාරයක්නේ!
- ඇයි ඔයා මට කෑගහන්නේ?</font>

1104
01:02:54,687 --> 01:02:58,316
<font color="#ffbf46">නීත්‍යානුකූලව අපිට කරන්න දෙයක් නෑ වගේ නේද?
ඒ තර්කය බිඳින්න හරි අමාරුයි.</font>

1105
01:03:00,443 --> 01:03:01,319
<font color="#ffbf46">මම එකඟ නෑ.</font>

1106
01:03:01,861 --> 01:03:05,239
<font color="#ffbf46">මට නම් හිතෙන්නේ ඔය ඔක්කොම
ලස්සනට කියපු අමු කෙප්පයක් කියලා.</font>

1107
01:03:06,616 --> 01:03:08,326
<font color="#ffbf46">ඔයාලා මේ මොකද කරන්නේ?</font>

1108
01:03:08,409 --> 01:03:12,121
<font color="#ffbf46">ඔයාලා මේක මෙතනින් නවත්තන්න නෙවෙයිනේ හිටියේ,
එහෙම නේද?</font>

1109
01:03:15,958 --> 01:03:19,504
<font color="#ffbf46">තේරෙන්නේ නැත්නම් කටපාඩම් කරගන්න.</font>

1110
01:03:19,587 --> 01:03:22,673
<font color="#ffbf46">"අපි මොනවා වුණත් දිනනවා."</font>

1111
01:03:22,757 --> 01:03:26,385
<font color="#ffbf46">අපි පරදින්නම ඕන නම්,
මම මේක පටන් ගන්නේවත් නෑනේ!</font>

1112
01:03:26,469 --> 01:03:27,553
<font color="#ffbf46">තේරුණාද?</font>

1113
01:03:27,637 --> 01:03:28,971
<font color="#ffbf46">මට විශ්වාසයි, මිස්ටර් කාන්!</font>

1114
01:03:29,806 --> 01:03:32,767
<font color="#ffbf46">අනේ මන්දා. ඔහොමම වැඳගෙන ඉන්න.
එයා ඔයාගේ මහ ලොකු නායකයා ද?</font>

1115
01:03:32,850 --> 01:03:35,311
<font color="#ffbf46">එහෙනම්, අපි අභියාචනා උපාය මාර්ග ගැන
සාකච්ඡා කරන්න කලින්</font>

1116
01:03:35,394 --> 01:03:36,771
<font color="#ffbf46">පොඩ්ඩක් මොනවා හරි කමුද?</font>

1117
01:03:36,854 --> 01:03:39,190
<font color="#ffbf46">බඩගින්නේ ඉද්දි මොළේ වැඩ කරන්නෙත් නෑනේ.</font>

1118
01:03:39,273 --> 01:03:40,775
<font color="#ffbf46">- වාඩි වෙන්න.
- හොඳ අදහස.</font>

1119
01:03:41,692 --> 01:03:43,194
<font color="#ffbf46">බෑ!</font>

1120
01:03:43,277 --> 01:03:46,280
<font color="#ffbf46">ඔය පොඩි කෑම කෑල්ලකින් අපිට පණ එන්නේ නෑ.</font>

1121
01:03:46,364 --> 01:03:47,740
<font color="#ffbf46">අද,</font>

1122
01:03:47,824 --> 01:03:51,244
<font color="#ffbf46">මම ඔයාලට ලෝකෙ තියෙන
රසම රස බේකරියෙන් කෑම අරන් දෙනවා.</font>

1123
01:03:51,327 --> 01:03:52,161
<font color="#ffbf46">යමු යන්න!</font>

1124
01:03:53,120 --> 01:03:54,705
<font color="#ffbf46">යමු!</font>

1125
01:03:54,789 --> 01:03:56,290
<font color="#ffbf46">- ඔයාමයි කිව්වේ අරන් දෙනවා කියලා!
- හරි හරි!</font>

1126
01:03:56,374 --> 01:03:57,875
<font color="#ffbf46">- කාලා හිත හදාගමු!
- යමු!</font>

1127
01:03:57,959 --> 01:03:59,335
<font color="#ffbf46">කාලා හිත හදාගමු, ගි-පම්!</font>

1128
01:04:01,629 --> 01:04:03,673
<font color="#ffbf46">මට නිකන් පැරදුණා වගේ හැඟීමක් දැනෙනවා.</font>

1129
01:04:09,011 --> 01:04:10,179
<font color="#ffbf46">මේ ප්‍රංශ භාෂාවෙන්.</font>

1130
01:04:10,263 --> 01:04:12,640
<font color="#ffbf46"><i>"ජුවා ද වීව්".</i> ඒ කියන්නේ ජීවිතේ සතුට.</font>

1131
01:04:12,723 --> 01:04:14,517
<font color="#ffbf46">සතුටට කියන නම තමයි, ගි-පම්.</font>

1132
01:04:15,726 --> 01:04:17,395
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න!</font>

1133
01:04:17,478 --> 01:04:18,521
<font color="#ffbf46">කරන්ට් ගියා.</font>

1134
01:04:21,107 --> 01:04:22,775
<font color="#ffbf46">දෙයියනේ! ඔයාගේ උපන්දිනේද?</font>

1135
01:04:22,859 --> 01:04:26,612
<font color="#ffbf46">නෑ නෑ. මම නිකන් පොඩි දෙයක් ලෑස්ති කළා
අපේ හිත හැදෙන්නත් එක්ක.</font>

1136
01:04:26,696 --> 01:04:28,322
<font color="#ffbf46">මේකේ පළතුරු ගොඩක් තියෙනවා!</font>

1137
01:04:28,406 --> 01:04:30,408
<font color="#ffbf46">- ගොඩක් තියෙනවා!
- හරි, හැමෝම අහගන්න.</font>

1138
01:04:30,491 --> 01:04:33,035
<font color="#ffbf46">මම "ප්‍රෝ බොනෝ" කියද්දි,
ඔයාලා "ජයවේවා" කියලා කියන්න ඕන.</font>

1139
01:04:33,119 --> 01:04:34,620
<font color="#ffbf46">ඊට පස්සේ අපි ඉටිපන්දම නිවමු.</font>

1140
01:04:38,207 --> 01:04:40,251
<font color="#ffbf46">"ජයවේවා" කියන එක නම් මෙලෝ රහක් නෑ.</font>

1141
01:04:41,127 --> 01:04:42,253
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

1142
01:04:42,336 --> 01:04:44,630
<font color="#ffbf46"><i>ඒ මොකද? මම අර මනුස්සයව දැකලා තියෙනවා.</i></font>

1143
01:04:44,714 --> 01:04:45,923
<font color="#ffbf46">හරි.</font>

1144
01:04:46,007 --> 01:04:47,383
<font color="#ffbf46"><i>කොහෙදිද මම දැක්කේ?</i></font>

1145
01:04:48,593 --> 01:04:49,635
<font color="#ffbf46"><i>ආ හරි. ටැක්සියෙදි.</i></font>

1146
01:04:49,719 --> 01:04:50,887
<font color="#ffbf46"><i>මම අඳුන්වලා දෙන්නම්.</i></font>

1147
01:04:50,970 --> 01:04:52,889
<font color="#ffbf46">මේ මගේ අම්මයි තාත්තයි.</font>

1148
01:04:55,391 --> 01:04:56,851
<font color="#ffbf46">- ආයුබෝවන්.
- ආයුබෝවන්.</font>

1149
01:04:57,810 --> 01:05:00,438
<font color="#ffbf46">මේ අය මාත් එක්ක වැඩ කරන නීතිඥ මහත්වරු.</font>

1150
01:05:01,022 --> 01:05:02,481
<font color="#ffbf46">නම් වශයෙන් කිව්වොත්...</font>

1151
01:05:03,024 --> 01:05:06,152
<font color="#ffbf46">ජෑං යොං-සිල්.</font>

1152
01:05:06,235 --> 01:05:08,195
<font color="#ffbf46">- ආයුබෝවන්.
<i>- ඔයාලා පොලිසියට පැමිණිලි කළාම...</i></font>

1153
01:05:08,279 --> 01:05:11,324
<font color="#ffbf46">- එයාලා නිවේදනයක් නිකුත් කරනවා...
<i>- මට හිතෙන්නේ එයාගේ අත් දෙක ගැටගහලා තියන්න.</i></font>

1154
01:05:11,407 --> 01:05:13,784
<font color="#ffbf46"><i>එයාට අත් දෙක හොල්ලන්නේ නැතුව කතා කරන්න බැරිද?</i></font>

1155
01:05:14,535 --> 01:05:17,163
<font color="#ffbf46">කාන් ඩේවිඩ්.</font>

1156
01:05:17,246 --> 01:05:18,080
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

1157
01:05:20,041 --> 01:05:21,959
<font color="#ffbf46">හ්වාං ජුන්-වූ.</font>

1158
01:05:22,043 --> 01:05:22,877
<font color="#ffbf46">හලෝ!</font>

1159
01:05:23,544 --> 01:05:25,463
<font color="#ffbf46">යූ නෑන්-හී.</font>

1160
01:05:25,546 --> 01:05:26,505
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

1161
01:05:29,258 --> 01:05:30,259
<font color="#ffbf46">සතුටින් භුක්ති විඳින්න.</font>

1162
01:05:30,343 --> 01:05:33,137
<font color="#ffbf46">කෑම වලට බොහොම ස්තූතියි.</font>

1163
01:05:33,220 --> 01:05:34,221
<font color="#ffbf46">ඔයා සංඥා භාෂාව දන්නවද?</font>

1164
01:05:35,097 --> 01:05:36,265
<font color="#ffbf46">ටිකක් විතර.</font>

1165
01:05:38,351 --> 01:05:40,061
<font color="#ffbf46">- ස්තූතියි.
- ස්තූතියි.</font>

1166
01:05:40,144 --> 01:05:41,187
<font color="#ffbf46">කෑම වලට ස්තූතියි.</font>

1167
01:05:41,270 --> 01:05:43,105
<font color="#ffbf46">වාඩි වෙන්න හැමෝම. කෑම කන්න.</font>

1168
01:05:43,189 --> 01:05:44,690
<font color="#ffbf46">ඔයත් සංඥා භාෂාව දන්නවද?</font>

1169
01:05:45,232 --> 01:05:46,067
<font color="#ffbf46">චුට්ටක් පුළුවන්.</font>

1170
01:05:46,150 --> 01:05:47,401
<font color="#ffbf46">ගි-පම්!</font>

1171
01:05:47,485 --> 01:05:49,946
<font color="#ffbf46">ඔයාගේ පවුලේ අයටද මේ පුදුමාකාර බේකරිය තියෙන්නේ?</font>

1172
01:05:50,029 --> 01:05:51,781
<font color="#ffbf46">මට ඉරිසියයි. මේක නම් පාන් පිස්සෙකුගේ සිහිනයක්.</font>

1173
01:05:51,864 --> 01:05:52,949
<font color="#ffbf46">නේද?</font>

1174
01:05:53,032 --> 01:05:56,035
<font color="#ffbf46">මම ගිය ආත්මේ ලෝකේ බේරගත්ත පිනක්
කරලා තියෙන්න ඇති.</font>

1175
01:05:56,118 --> 01:05:57,620
<font color="#ffbf46">එහෙම නේද? කෑම වලට ස්තූතියි!</font>

1176
01:05:59,163 --> 01:06:00,122
<font color="#ffbf46">මේක හරිම රසයි.</font>

1177
01:06:00,915 --> 01:06:02,124
<font color="#ffbf46">- මිස් පාක්.
- ඔව්?</font>

1178
01:06:03,501 --> 01:06:04,418
<font color="#ffbf46">මේ...</font>

1179
01:06:07,880 --> 01:06:10,216
<font color="#ffbf46">ඔයාලා මේක පටන් අරන් වැඩි කාලයක් නෑ වගේ.</font>

1180
01:06:10,299 --> 01:06:11,550
<font color="#ffbf46">හිතුවා වගේම,</font>

1181
01:06:11,634 --> 01:06:12,885
<font color="#ffbf46">ඔයාට හොඳ ඉවක් තියෙනවා.</font>

1182
01:06:13,511 --> 01:06:14,845
<font color="#ffbf46">පටන් අරන් මාසයයි තාම.</font>

1183
01:06:15,805 --> 01:06:16,806
<font color="#ffbf46">එතකොට ඊට කලින්?</font>

1184
01:06:17,431 --> 01:06:18,641
<font color="#ffbf46">ඉස්සර,</font>

1185
01:06:19,266 --> 01:06:21,602
<font color="#ffbf46">එයාලා මීට වඩා ටිකක් ලොකු තැනක් කළා.</font>

1186
01:06:22,228 --> 01:06:24,063
<font color="#ffbf46">ඒත් මම උසස් පෙළ කරන කාලේ,</font>

1187
01:06:24,146 --> 01:06:26,273
<font color="#ffbf46">මගේ තාත්තව නරක යාළුවෙක් රවට්ටලා</font>

1188
01:06:26,357 --> 01:06:28,442
<font color="#ffbf46">මුළු බේකරියම නැති වුණා.</font>

1189
01:06:28,526 --> 01:06:29,402
<font color="#ffbf46">අපොයි.</font>

1190
01:06:29,485 --> 01:06:32,363
<font color="#ffbf46">තාත්තා ඇපකරු විදිහට අත්සන් කරපු නිසා,
බැංකු ණයත් ගෙවන්න වුණා.</font>

1191
01:06:33,030 --> 01:06:35,866
<font color="#ffbf46">අම්මා එක්ක බේකරි වැඩ කරපු තාත්තට
අවුරුදු දහයක් තිස්සේ ටැක්සි එලවන්න වුණා</font>

1192
01:06:35,950 --> 01:06:37,076
<font color="#ffbf46">එදාවේල පිරිමහගන්න.</font>

1193
01:06:37,159 --> 01:06:40,037
<font color="#ffbf46">සැපට හැදිලා ආදරෙන් රැකබලා ගත්ත
පවුලක හැදුණා කිව්වට,</font>

1194
01:06:40,121 --> 01:06:43,582
<font color="#ffbf46">ඒ වගේ මිනිස්සු දන්නේ නෑ
ඇත්තටම දුක් විඳිනවා කියන්නේ මොකක්ද කියලා.</font>

1195
01:06:44,583 --> 01:06:46,460
<font color="#ffbf46">ඒත් මේ දක්ෂ දුව</font>

1196
01:06:46,544 --> 01:06:49,213
<font color="#ffbf46">නීතිඥවරියක් විදිහට මහන්සි වෙලා වැඩ කරලා
එයා හම්බ කරපු සල්ලිත් දාලා,</font>

1197
01:06:49,296 --> 01:06:52,174
<font color="#ffbf46">තව ණයකුත් වෙලා තමයි මේ තැන පටන් ගත්තේ.</font>

1198
01:06:55,428 --> 01:06:57,304
<font color="#ffbf46">මිස් පාක්, ඔයා නම් මාරයි.</font>

1199
01:06:57,388 --> 01:06:58,472
<font color="#ffbf46">මට ලැජ්ජා හිතෙනවා.</font>

1200
01:06:59,181 --> 01:07:00,433
<font color="#ffbf46">ඒ වුණාට ඒක ඇත්ත.</font>

1201
01:07:01,100 --> 01:07:02,101
<font color="#ffbf46">එයා නියමයි.</font>

1202
01:07:04,437 --> 01:07:06,981
<font color="#ffbf46">ඔයා ඇප්රිකොට් වලට ආසද, ගි-පම්?
ඒවා ඇඹුල් වැඩියි නේද?</font>

1203
01:07:07,064 --> 01:07:08,983
<font color="#ffbf46">මම ආස පැණි රස ඒවට වඩා මේවට.</font>

1204
01:07:09,066 --> 01:07:10,693
<font color="#ffbf46">ඒවා ඇඹුල් වගේම තිත්තයි.</font>

1205
01:07:11,360 --> 01:07:12,486
<font color="#ffbf46">හරියට අපේ ජීවිත වගේ.</font>

1206
01:07:13,154 --> 01:07:14,488
<font color="#ffbf46">හරි. මම එකක් කාලා බලන්නම්.</font>

1207
01:07:15,990 --> 01:07:17,199
<font color="#ffbf46">- අම්මෝ.
- මොකද?</font>

1208
01:07:17,283 --> 01:07:18,409
<font color="#ffbf46">මේක මාර ඇඹුල්නේ!</font>

1209
01:07:21,620 --> 01:07:23,330
<font color="#ffbf46">කෝපි එක නම් හොඳයි, තිත්ත නෑ.</font>

1210
01:07:24,999 --> 01:07:26,000
<font color="#ffbf46">රස විඳින්න.</font>

1211
01:07:30,087 --> 01:07:31,547
<font color="#ffbf46">ඉන්චොන් දිස්ත්‍රික් අධිකරණය
අභියාචනාධිකරණ විභාගය</font>

1212
01:07:31,630 --> 01:07:34,341
<font color="#ffbf46">විනිසුරු කුක් යොං-ජුන්ව දැක්කම
ටිකක් තද කෙනෙක් වගේ පේන්නේ නැද්ද?</font>

1213
01:07:34,425 --> 01:07:37,178
<font color="#ffbf46">බය වෙන්න එපා.
මිස්ටර් කාන් හැමදේම ප්ලෑන් කරලා ඇත්තේ.</font>

1214
01:07:37,261 --> 01:07:39,180
<font color="#ffbf46">- පැමිණිලිකරුගේ නීතිඥතුමා.
- ඔව්, ස්වාමීනි?</font>

1215
01:07:40,014 --> 01:07:40,890
<font color="#ffbf46">ඉතින්,</font>

1216
01:07:41,390 --> 01:07:44,185
<font color="#ffbf46">අභියාචනාවක් කරලා තව මොනවා කරන්නද?</font>

1217
01:07:45,061 --> 01:07:46,854
<font color="#ffbf46">පළමු නඩු විභාගයේදී,</font>

1218
01:07:47,521 --> 01:07:50,149
<font color="#ffbf46">ඔබට පුළුවන් හැම දේම කළානේ.</font>

1219
01:07:50,232 --> 01:07:53,611
<font color="#ffbf46">ඔහු මුල් නඩුවේ බුද්ධිමත් තීන්දුව ප්‍රතික්ෂේප කරලා
අභියාචනයක් ඉදිරිපත් කළා,</font>

1220
01:07:53,694 --> 01:07:55,905
<font color="#ffbf46">ඒ නිසා මම පැමිණිලිකරුගේ නීතිඥවරයාගෙන්
අහන්න කැමතියි.</font>

1221
01:07:55,988 --> 01:07:58,324
<font color="#ffbf46">ඇත්තටම විත්තිකරු මොකක්ද කරපු වැරැද්ද?</font>

1222
01:07:58,407 --> 01:08:01,202
<font color="#ffbf46">ජීවිතය අනිත් හැම දේටම වඩා වටිනවා කියලා
හිතන එක වැරදිද?</font>

1223
01:08:01,285 --> 01:08:03,370
<font color="#ffbf46">ආබාධිත පුද්ගලයෙක් විදිහට ඉපදෙනවට වඩා</font>

1224
01:08:03,454 --> 01:08:05,623
<font color="#ffbf46">නොඉපදී ඉන්න එක හොඳයි කියලා
ඔබ ඇත්තටම හිතනවද?</font>

1225
01:08:05,706 --> 01:08:06,874
<font color="#ffbf46">එහෙම නෙවෙයි නම්,</font>

1226
01:08:06,957 --> 01:08:09,085
<font color="#ffbf46">පැමිණිලිකරුගේ අභියාචනයෙන්
ඇත්තටම වැඩක් නෑනේ.</font>

1227
01:08:09,168 --> 01:08:10,503
<font color="#ffbf46">අපේ ස්ථාවරය ඒකයි.</font>

1228
01:08:13,297 --> 01:08:14,131
<font color="#ffbf46">ස්වාමීනි.</font>

1229
01:08:15,257 --> 01:08:17,384
<font color="#ffbf46">විත්තිවාචක වුංසෑන් මහා රෝහල</font>

1230
01:08:17,468 --> 01:08:19,428
<font color="#ffbf46">වුංසෑන් සමූහයේ සභාපති
චෝයි වුං-සෑන් අනුගමනය කරමින්,</font>

1231
01:08:19,512 --> 01:08:23,891
<font color="#ffbf46">සෑම ජීවිතයක්ම වටිනවා කියන
එතුමාගේ පූජනීය විශ්වාසය උඩ ඉඳගෙන</font>

1232
01:08:23,974 --> 01:08:27,144
<font color="#ffbf46">අවුරුදු 16ක ගැබිනි දැරියගේ කැමැත්ත නොසලකා
පැමිණිලිකරු වන</font>

1233
01:08:27,228 --> 01:08:30,481
<font color="#ffbf46">කිම් ගං-හුන්ව උපත ලබා දුන්නා.</font>

1234
01:08:30,564 --> 01:08:31,607
<font color="#ffbf46">පළමු නඩු විභාගයේදී,</font>

1235
01:08:31,690 --> 01:08:35,444
<font color="#ffbf46">සෑම ජීවිතයක්ම වටිනවා සහ සමානයි කියන
පූජනීය හේතුව මත, ඔවුන් තීරණය කළා</font>

1236
01:08:35,528 --> 01:08:38,489
<font color="#ffbf46">ජීවිතයක් කියන්නේ, ඒ කාගේ වුණත්,
හානියක් කියලා සලකන්න බෑ කියලා.</font>

1237
01:08:39,323 --> 01:08:41,200
<font color="#ffbf46">එහෙම කියලා පැමිණිලිකරුගේ ඉල්ලීම නිෂ්ප්‍රභ කළා.</font>

1238
01:08:44,745 --> 01:08:47,206
<font color="#ffbf46">ඒක නම් මාරයි. මගේ හිතත් උණු වුණා.</font>

1239
01:08:47,748 --> 01:08:49,542
<font color="#ffbf46">ඒ නිසා, මේ අභියාචනාධිකරණයේදී,</font>

1240
01:08:51,544 --> 01:08:54,547
<font color="#ffbf46">අපි එකින් එක විමසලා බලන්න කැමතියි</font>

1241
01:08:54,630 --> 01:08:58,259
<font color="#ffbf46">වුංසෑන් සමූහය සහ කොරියාව ඇත්තටම</font>

1242
01:08:58,342 --> 01:09:01,428
<font color="#ffbf46">සෑම ජීවිතයකටම ගරු කරනවද
සහ සමානව සලකනවද කියලා.</font>

1243
01:09:02,054 --> 01:09:03,097
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

1244
01:09:03,180 --> 01:09:06,016
<font color="#ffbf46">යමක් වටිනවා සහ සමානයි කියලා නිකන් කිව්වට,</font>

1245
01:09:06,100 --> 01:09:08,144
<font color="#ffbf46">ඒක ඇත්තටම වටිනවද? සමාන වෙනවද?</font>

1246
01:09:08,227 --> 01:09:11,063
<font color="#ffbf46">මම අහන්නේ, විනිසුරුවරයෙක් බොරු කිව්වට කමක් නැද්ද?</font>

1247
01:09:11,147 --> 01:09:13,107
<font color="#ffbf46">උසාවියකින් ළමයෙක්ව රැවටුවට කමක් නැද්ද?</font>

1248
01:09:13,190 --> 01:09:16,110
<font color="#ffbf46">පැමිණිලිකරුගේ නීතිඥතුමා! මොකක්ද මේ කරන විකාරේ?</font>

1249
01:09:16,694 --> 01:09:18,195
<font color="#ffbf46">මේ නඩු විභාගය ඔබට විහිළුවක්ද?</font>

1250
01:09:18,279 --> 01:09:22,241
<font color="#ffbf46">නැහැ ස්වාමීනි. මම නිකන් අහන්නේ
කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන,</font>

1251
01:09:22,324 --> 01:09:24,326
<font color="#ffbf46">සෑම ජීවිතයක්ම පූජනීයයි සමානයි කියන කතාව,</font>

1252
01:09:24,410 --> 01:09:26,162
<font color="#ffbf46">කෙප්පයක් ද නැද්ද කියලයි.</font>

1253
01:09:26,912 --> 01:09:28,122
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

1254
01:09:28,664 --> 01:09:30,624
<font color="#ffbf46">ඇයි එයා මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග ගෙනියන්නේ?</font>

1255
01:09:30,708 --> 01:09:32,960
<font color="#ffbf46">මෙතන ඉන්න මේ පිරිමි ළමයා, ගංග්-හුන්ට,</font>

1256
01:09:33,043 --> 01:09:37,131
<font color="#ffbf46">එයාගේ ජීවිතේදි ගෞරවනීය සහ
සමාන සැලකීමක් ලැබිලා නැත්නම්,</font>

1257
01:09:37,214 --> 01:09:39,008
<font color="#ffbf46">"හැම ජීවිතයක්ම වටිනවා" කියන වචන</font>

1258
01:09:39,091 --> 01:09:42,178
<font color="#ffbf46">නිකම්ම නිකන් ලස්සන බොරුවක්
විතරයි කියලා ඔප්පු වෙනවා නම්...</font>

1259
01:09:44,388 --> 01:09:48,642
<font color="#ffbf46">එහෙනම් ඒකට වගකියන්න ඕනේ තමන්ගේ
වැරදි විශ්වාසයන් පාවිච්චි කරලා,</font>

1260
01:09:48,726 --> 01:09:53,063
<font color="#ffbf46">පැමිණිලිකාරයාව නොසැලකිලිමත් විදිහට
මේ ලෝකෙට බිහිකරපු එක්කෙනයි...</font>

1261
01:09:56,275 --> 01:09:57,443
<font color="#ffbf46">අර පිස්සු...</font>

1262
01:09:58,110 --> 01:09:59,111
<font color="#ffbf46">විනිසුරුතුමනි.</font>

1263
01:10:00,404 --> 01:10:04,658
<font color="#ffbf46">වූංසන් ගෲප් එකේ සභාපති චෝයි වූං-සන්ට විරුද්ධව
නඩු පවරලා,</font>

1264
01:10:04,742 --> 01:10:07,119
<font color="#ffbf46">එයාව විනිශ්චයසන ඉදිරියට ගේන්න මම කැමතියි.</font>

1265
01:10:13,334 --> 01:10:15,628
<font color="#ffbf46">විනිසුරුතුමනි, මේකේ කිසි තේරුමක් තියෙනවද?</font>

1266
01:10:15,711 --> 01:10:17,004
<font color="#ffbf46">මෙච්චර විකාර චෝදනාවක්...</font>

1267
01:10:17,087 --> 01:10:19,882
<font color="#ffbf46">අන්න අර අවධානය ගන්න දඟලන එක්කෙනා,
ආයෙත් ප්‍රශ්න ඇති කරනවා.</font>

1268
01:10:19,965 --> 01:10:22,343
<font color="#ffbf46">මට ඇත්තටම එයාගෙන් ඉගෙනගන්න
ඕනේ. මොනවද ඉගෙනගන්න තියෙන්නේ?</font>

1269
01:10:31,810 --> 01:10:33,771
<font color="#ffbf46">සර්, මට හදිසි දෙයක් වාර්තා කරන්න තියෙනවා.</font>

1270
01:10:33,854 --> 01:10:34,688
<font color="#ffbf46">චෝයි වූං-සන්</font>

1271
01:10:34,772 --> 01:10:36,190
<font color="#ffbf46">මේකයි වැඩේ...</font>

1272
01:10:40,611 --> 01:10:43,447
<font color="#ffbf46">කතාවේ ඉතිරිය බලාපොරොත්තු වන්න</font>

1273
01:10:59,713 --> 01:11:02,716
<font color="#ffbf46">- ඔයා මේ මොන මගුලක්ද කරන්නේ?
- ස්ථානීය පරීක්ෂණ කරන්නේ</font>

1274
01:11:02,800 --> 01:11:05,302
<font color="#ffbf46"><i>විනිසුරුවරුන්ට තමන්ගේ අත්දැකීමෙන්ම
තීරණවලට එන්න පුළුවන් වෙන්න නේද?</i></font>

1275
01:11:05,386 --> 01:11:06,679
<font color="#ffbf46">මම විනිසුරුවරයෙක් විදිහට කළේ ඒකයි.</font>

1276
01:11:06,762 --> 01:11:10,474
<font color="#ffbf46"><i>ගංග්-හුන්ව ඔයාගේ ප්‍රසිද්ධියට පාවිච්චි කරන එක නවත්තන්න.
ඔයා මේ සටන් කරන්නේ ඔයා වෙනුවෙන් නෙවෙයි නේද?</i></font>

1277
01:11:10,557 --> 01:11:13,686
<font color="#ffbf46">මම දිනන කණ්ඩායමක් හදන්න යන්නේ.
ඔයාට ඒක අල්ලන්නේ නැත්නම් යන්න පුළුවන්.</font>

1278
01:11:13,769 --> 01:11:16,647
<font color="#ffbf46"><i>මම වන්දි ඉල්ලලා වෙනම නඩුවක් දානවා</i></font>

1279
01:11:16,730 --> 01:11:19,024
<font color="#ffbf46"><i>සභාපති චෝයි වූං-සන්ට විරුද්ධව.</i></font>

1280
01:11:19,108 --> 01:11:21,819
<font color="#ffbf46"><i>ගංග්-හුන්ව බිහි කරපු එක
පාඩුවක් කියලද ඔයා හිතන්නේ?</i></font>

1281
01:11:21,902 --> 01:11:25,155
<font color="#ffbf46">ගංග්-හුන්ගේ ජීවිතේ කියන්නේ පාඩුවක් නම්,
කවුද ඒ පාඩුව කළේ?</font>

1282
01:11:25,239 --> 01:11:27,992
<font color="#ffbf46">- සල්ලි නිසාද මේ?
- ඔයාට මොකක් හරි අයිතියක් තියෙනවද</font>

1283
01:11:28,075 --> 01:11:30,327
<font color="#ffbf46">අනුන්ගේ ජීවිත සහ
මරණවලට මැදිහත් වෙන්න?</font>

1284
01:11:30,411 --> 01:11:31,745
<font color="#ffbf46"><i>අනේ මට කියන්න.</i></font>

1285
01:11:31,829 --> 01:11:35,457
<font color="#ffbf46">අනිත් ළමයි වගේ ජීවත් වෙන්න නම්
මම මොනවද කරන්න ඕනේ?</font>

1286
01:11:35,541 --> 01:11:37,751
<font color="#ffbf46">කවුරු හරි ඕ සහ පාර්ට්නර්ස් එකට හානියක් කළොත්...</font>

1287
01:11:37,835 --> 01:11:38,961
<font color="#ffbf46"><i>මම එයාලව තියාගන්නේ නෑ.</i></font>

1288
01:11:39,044 --> 01:11:41,463
<font color="#ffbf46"><i>ඒක 'ප්‍රෝ බොනෝ' කණ්ඩායමටත්, ඔයාටත් අදාළයි.</i></font>

1289
01:11:44,008 --> 01:11:46,510
<font color="#ffbf46">ණයකරු, පාර්ක් චෑන්ග්-සන් මහත්මයා.</font>

1290
01:11:48,721 --> 01:11:50,139
<font color="#ffbf46">අධිකරණයේ තීරණය...</font>

1291
01:11:50,222 --> 01:11:52,099
<font color="#ffbf46">විංගාඩියම් ලෙවියෝසා.</font>

1292
01:11:52,975 --> 01:11:53,976
<font color="#ffbf46">...ණයකරුව</font>

1293
01:11:55,060 --> 01:11:56,395
<font color="#ffbf46">වගකීම්වලින් නිදහස් කරන ලදි.</font>

1294
01:11:56,478 --> 01:11:58,188
<font color="#ffbf46">මොකක්ද? අම්මේ!</font>

1295
01:11:58,689 --> 01:11:59,940
<font color="#ffbf46">අපි දින්නා!</font>

1296
01:12:00,024 --> 01:12:02,192
<font color="#ffbf46">එයාලා කිව්වා අපේ ණය දැන් ඉවරයිලු.</font>

1297
01:12:02,276 --> 01:12:03,527
<font color="#ffbf46">- ඇත්තටම? ඔව්.</font>

1298
01:12:03,610 --> 01:12:07,031
<font color="#ffbf46">වගකීම්වලින් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරන්න
කිසිම හේතුවක් නෑ.</font>

1299
01:12:09,033 --> 01:12:13,287
<font color="#ffbf46">අයදුම්කරුට ඇපකරුවෙක් විදිහට ගෙවන්න තියෙන
ඉතිරි වගකීම්</font>

1300
01:12:13,370 --> 01:12:16,540
<font color="#ffbf46">මේ මගින් සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා.</font>

1301
01:12:17,750 --> 01:12:19,585
<font color="#ffbf46"><i>ඒ වෙලාවේ විනිසුරුතුමා මතුරපු මන්තරේ</i></font>

1302
01:12:20,836 --> 01:12:23,172
<font color="#ffbf46"><i>වෙන ඕනම මන්තරේකට වඩා පුදුමාකාරයි</i></font>

1303
01:12:23,797 --> 01:12:26,216
<font color="#ffbf46"><i>හැරී පෝටර්</i> කතාවේ තියෙන.</font>

1304
01:12:26,300 --> 01:12:29,595
<font color="#ffbf46">ඊළඟට, නඩු අංක 2015-686...</font>

1305
01:12:32,514 --> 01:12:34,892
<font color="#ffbf46">ආ මට තේරෙනවා. ඔයාට කන් ඇහෙන්නේ නෑ.</font>

1306
01:12:35,976 --> 01:12:37,394
<font color="#ffbf46">මේ විදිහටද කරන්න ඕනේ?</font>

1307
01:12:37,478 --> 01:12:38,896
<font color="#ffbf46">සුබ පැතුම්.</font>

1308
01:12:40,356 --> 01:12:41,357
<font color="#ffbf46">ඔයා දින්නා.</font>

1309
01:12:41,440 --> 01:12:42,441
<font color="#ffbf46">ස්තූතියි.</font>

1310
01:12:43,776 --> 01:12:44,777
<font color="#ffbf46">මම හිතන්නේ ඒක හරි.</font>

1311
01:12:51,116 --> 01:12:53,118
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

