1
00:01:03,972 --> 00:01:05,972
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:05,996 --> 00:01:07,965
<font color="#ffc446">මට නිදහසේ ඉන්න වෙලාවක් ලැබෙන්නෙම නෑ වගේ.</font>

3
00:01:09,700 --> 00:01:11,502
<font color="#ffc446">ජුන් කියුං.</font>

4
00:01:11,502 --> 00:01:12,903
<font color="#ffc446">ඔයා අහගෙනද ඉන්නේ?</font>

5
00:01:13,612 --> 00:01:14,972
<font color="#ffc446">ආ.</font>

6
00:01:14,972 --> 00:01:17,174
<font color="#ffc446">ඔව්. ඔව්.</font>

7
00:01:17,174 --> 00:01:20,412
<font color="#ffc446">කොහොම හරි, ළඟක ඉඳන් මට මාර පාළුවක් දැනෙනවා.</font>

8
00:01:20,412 --> 00:01:24,815
<font color="#ffc446">ඔයා දන්නවනේ ඒක.
රස්සාවෙන්වත්, පවුලේ අයගෙන්වත් ඒක නැති කරන්න බෑ.</font>

9
00:01:24,815 --> 00:01:28,249
<font color="#ffc446">මට කැමතියි කියන සමහර ගෑනු අය
ඇත්තටම කැමති මගේ "තත්වෙට" වගේ මට හිතෙනවා.</font>

10
00:01:28,249 --> 00:01:31,288
<font color="#ffc446">ඇත්ත, ලෝයර් කෙනෙක් වෙන එක දැන් එච්චර ලොකු දෙයක් නෙවෙයි තමයි,</font>

11
00:01:31,288 --> 00:01:33,029
<font color="#ffc446">ඒත් මම මෙතනට ආවේ ගොඩක් මහන්සි වෙලා,</font>

12
00:01:33,029 --> 00:01:36,593
<font color="#ffc446">ඒ නිසා ඒකෙ යම් යම් වාසි තියෙනවා.</font>

13
00:01:39,630 --> 00:01:41,031
<font color="#ffc446">ඔයා බොන්නේ නැද්ද?</font>

14
00:01:42,032 --> 00:01:43,868
<font color="#ffc446">ආ, මම බොනවා.</font>

15
00:01:43,868 --> 00:01:45,402
<font color="#ffc446">ඔයාට අපහසුද?</font>

16
00:01:46,942 --> 00:01:49,183
<font color="#ffc446">මේ අපි හම්බුන පලවෙනි පාරනේ.</font>

17
00:01:49,183 --> 00:01:51,075
<font color="#ffc446">ඒත් අපි කොහොමත් කෝපි බීලා, කාලා,</font>

18
00:01:51,075 --> 00:01:52,303
<font color="#ffc446">ඩ්‍රින්ක් එකක් දාන්නනේ හිටියේ.</font>

19
00:01:52,303 --> 00:01:54,192
<font color="#ffc446">නිකන් බොරුවට රස්තියාදු වෙන්න ඕන නෑනේ,</font>

20
00:01:54,192 --> 00:01:57,614
<font color="#ffc446">අනික මම කාලේ නාස්ති කරන්න කැමති කෙනෙක් නෙවෙයි.</font>

21
00:01:59,234 --> 00:02:00,884
<font color="#ffc446">අ...</font>

22
00:02:00,884 --> 00:02:02,552
<font color="#ffc446">මම මගේ ගැන විතරක් කියවනවා වැඩිද?</font>

23
00:02:04,121 --> 00:02:06,923
<font color="#ffc446">මම ඔයා ගැන විස්තර ඔක්කොම අහලයි ආවේ.</font>

24
00:02:08,225 --> 00:02:11,038
<font color="#ffc446">ඇත්තටම, මොනවද ඔයා අහලා තියෙන්නේ?</font>

25
00:02:11,038 --> 00:02:13,898
<font color="#ffc446">වයස තිස් හයයි, හොඳම කැම්පස් එකක උපාධියක් තියෙනවා.</font>

26
00:02:13,898 --> 00:02:17,768
<font color="#ffc446">SEAH හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක්,
ගෙදර අම්මයි තාත්තයි මල්ලියි ඉන්නවා.</font>

27
00:02:17,768 --> 00:02:19,434
<font color="#ffc446">ඔයාගේ උස සෙන්ටිමීටර් 167යි.</font>

28
00:02:19,434 --> 00:02:23,407
<font color="#ffc446">අනික මම හිතුවට වඩා ඔයාගේ
බර නම් පොඩ්ඩක් වැඩියි වගේ.</font>

29
00:02:26,577 --> 00:02:28,246
<font color="#ffc446">ඔයයි මමයි දෙන්නම කාර්යබහුලයිනේ.</font>

30
00:02:28,246 --> 00:02:31,181
<font color="#ffc446">ඉතින් මෙතන ආයේ විස්තර කියා කියා ඉන්න එක කාලේ නාස්ති කිරීමක්.</font>

31
00:02:31,782 --> 00:02:33,070
<font color="#ffc446">බැලුවම ඔයා හොඳට හොයලා බලලයි ඇවිත් තියෙන්නේ.</font>

32
00:02:33,070 --> 00:02:35,118
<font color="#ffc446">ඒකෙන් අපේ වැඩේ ලේසි වෙනවා.</font>

33
00:02:36,020 --> 00:02:39,020
<font color="#ffc446">ඉතින් ඔයා කොහොමද අපේ ඩිරෙක්ටර්ව අඳුරන්නේ?</font>

34
00:02:39,020 --> 00:02:41,334
<font color="#ffc446">අපි යන්නේ එකම පල්ලියට.</font>

35
00:02:41,334 --> 00:02:43,226
<font color="#ffc446">ආ... හරි.</font>

36
00:02:43,927 --> 00:02:45,669
<font color="#ffc446">එයා කිව්වා ඔයයි මමයි හොඳට ගැලපෙයි කියලා.</font>

37
00:02:45,669 --> 00:02:47,297
<font color="#ffc446">රස්සාවල් එක වගේ, වයසත් කිට්ටුයිනේ.</font>

38
00:02:47,297 --> 00:02:50,133
<font color="#ffc446">ඒකයි මමත් මේ ආවේ.</font>

39
00:02:50,868 --> 00:02:53,669
<font color="#ffc446">එක පාරටම කියන්න පුළුවන් නේද?</font>

40
00:02:55,339 --> 00:02:57,074
<font color="#ffc446">ඔයාට මාව සෙට් වෙන්නේ නෑ නේද?</font>

41
00:03:00,578 --> 00:03:02,179
<font color="#ffc446">නෑ.</font>

42
00:03:02,179 --> 00:03:04,081
<font color="#ffc446">මටත් එහෙමයි.</font>

43
00:03:05,015 --> 00:03:07,251
<font color="#ffc446">ඇත්තම කිව්වොත්, මම කැමති වයස විසි ගණන් වල කෙනෙක්ට.</font>

44
00:03:07,251 --> 00:03:09,420
<font color="#ffc446">ඒත් එහෙම කිව්වම මම ලැජ්ජා නැති මිනිහෙක් වගේ පේනවනේ.</font>

45
00:03:09,420 --> 00:03:13,123
<font color="#ffc446">අනික විසි ගණන් වල කෙල්ලෙක් කොහොමත්
මට කැමති වෙන එකක් නෑ.</font>

46
00:03:14,801 --> 00:03:16,434
<font color="#ffc446">ඒ වුනාට...</font>

47
00:03:16,434 --> 00:03:19,129
<font color="#ffc446">අපි අමාරුවෙන් වෙලාව හදාගෙන මෙතනට ආවනේ.</font>

48
00:03:21,131 --> 00:03:23,733
<font color="#ffc446">ඉතින් අපි අඩුම තරමේ උත්සාහයක්වත් අරන් බලන්න ඕන.</font>

49
00:03:25,102 --> 00:03:28,772
<font color="#ffc446">අපි ඇත්තටම ගැලපෙනවද කියලා බලන්න.</font>

50
00:03:38,315 --> 00:03:40,117
<font color="#ffc446">මම දැනටමත් රූම් එකක් බුක් කළා.</font>

51
00:03:53,842 --> 00:03:55,231
<font color="#ffc446">ආ.</font>

52
00:03:57,305 --> 00:03:59,436
<font color="#ffc446">ඒ කියන්නේ ඔයා මට කතා කරන්නේ</font>

53
00:04:00,100 --> 00:04:02,639
<font color="#ffc446">ඔයා එක්ක නිදාගන්න යන්නද?</font>

54
00:04:03,874 --> 00:04:06,300
<font color="#ffc446">අපි අදමනේ මනුස්සයෝ හම්බුනේ.</font>

55
00:04:06,300 --> 00:04:08,278
<font color="#ffc446">තවම පැයක්වත් ගියේ නෑ.</font>

56
00:04:08,278 --> 00:04:09,679
<font color="#ffc446">මොකක්ද කිව්වේ?</font>

57
00:04:10,547 --> 00:04:12,143
<font color="#ffc446">කරුණාකරලා ඔය කටහඬ පොඩ්ඩක්
අඩු කරනවද? හා, එහෙම කරමුකෝ.</font>

58
00:04:12,143 --> 00:04:13,650
<font color="#ffc446">එතකොට අපේ කාලේ ඉතුරුයිනේ.</font>

59
00:04:13,650 --> 00:04:17,354
<font color="#ffc446">එතකොට අපිට ඉක්මනටම බලන්න පුළුවන් අපි ගැලපෙනවද කියලා.</font>

60
00:04:19,490 --> 00:04:20,702
<font color="#ffc446">බිල ගේන්න.</font>

61
00:04:20,702 --> 00:04:22,226
<font color="#ffc446">ඔයාට අපහසුද?</font>

62
00:04:22,226 --> 00:04:23,727
<font color="#ffc446">ඔයා හරිම කුප්පයි.</font>

63
00:04:23,727 --> 00:04:26,984
<font color="#ffc446">මනුස්සයෙක්ගේ රූපෙට විතරක් බලලා
ඒ මනුස්සයව මනින එක හරිම පහත් වැඩක්.</font>

64
00:04:26,984 --> 00:04:27,634
<font color="#ffc446">ඔයාගේ රූපෙ?</font>

65
00:04:27,634 --> 00:04:31,713
<font color="#ffc446">එහෙනම් මේ වෙලාවේ වෙන මොනවද
මම බලන්න ඕන කියන්නේ?</font>

66
00:04:31,713 --> 00:04:33,871
<font color="#ffc446">ඔයාමනේ කිව්වේ ඔයා ඩේට් එකකට ගිහින් ගොඩක් කල් කියලා.</font>

67
00:04:33,871 --> 00:04:35,638
<font color="#ffc446">දැන් තමයි මට හේතුව තේරෙන්නේ.</font>

68
00:04:35,638 --> 00:04:37,574
<font color="#ffc446">මට පේන්නේ ඔයාට ඔයා ගැනම අඩුවක් දැනෙනවා වගේ.</font>

69
00:04:37,574 --> 00:04:40,744
<font color="#ffc446">ඔයාට මීට වඩා හොඳ හැදියාවක් තිබ්බා නම්,
නැත්නම් ඔයා මෙච්චර මලානික නැත්නම්,</font>

70
00:04:40,744 --> 00:04:42,279
<font color="#ffc446">මම මෙහෙම කරන්නේ නෑ.</font>

71
00:04:42,279 --> 00:04:45,715
<font color="#ffc446">කොහොමත් ඉතින් මම ඔයා එක්ක කවදාවත් නිදාගන්නෑ, ඒක වෙනම දෙයක්.</font>

72
00:04:49,033 --> 00:04:50,234
<font color="#ffc446">ස්තූතියි.</font>

73
00:04:50,234 --> 00:04:53,990
<font color="#ffc446">ඉතින් අපි එකිනෙකා අඳුරගන්න හදන එකේ තේරුමක් නෑනේ.</font>

74
00:04:57,795 --> 00:04:59,798
<font color="#ffc446">අනික මම මේ සම්පූර්ණ බිලම ගෙවන එකෙත්</font>

75
00:04:59,798 --> 00:05:03,166
<font color="#ffc446">කිසිම තේරුමක් නෑනේ.</font>

76
00:05:06,837 --> 00:05:08,772
<font color="#ffc446">කලබල වෙන්න එපා, මම ගෙවන්නම්.</font>

77
00:05:08,772 --> 00:05:10,974
<font color="#ffc446">ඔයා කොහොමත් නිදාගන්නෙත් නැති ගෑනියෙක් වෙනුවෙන්
දැනටමත් කාලය නාස්ති කළානේ.</font>

78
00:05:10,974 --> 00:05:13,410
<font color="#ffc446">ඉතින් තවත් මොකටද සල්ලිත් නාස්ති කරන්නේ?</font>

79
00:05:13,410 --> 00:05:15,278
<font color="#ffc446">ඔයා ඇත්තටම මහ ජරා මනුස්සයෙක්.</font>

80
00:05:22,319 --> 00:05:24,421
<font color="#ffc446">ඉතින්, දෙවෙනි පාරට හම්බුනේ නැද්ද?</font>

81
00:05:24,421 --> 00:05:26,401
<font color="#ffc446">ඔයා එපා කිව්වද?</font>

82
00:05:26,401 --> 00:05:29,392
<font color="#ffc446">එක පාරක් දැක්කම ඇතිනේ. මොකටද කාලේ නාස්ති කරන්නේ?</font>

83
00:05:30,994 --> 00:05:32,062
<font color="#ffc446">අපරාදේ.</font>

84
00:05:32,062 --> 00:05:33,730
<font color="#ffc446">එයා උසයි, විහිළුකාරයි,</font>

85
00:05:33,730 --> 00:05:36,500
<font color="#ffc446">අනික මහත්තයෙක් වගේ වියදම් කරනවා.</font>

86
00:05:36,500 --> 00:05:39,303
<font color="#ffc446">ඒ වගේ ලෝයර් කෙනෙක් අපිට නම් වැඩියිත් එක්ක.</font>

87
00:05:39,303 --> 00:05:41,839
<font color="#ffc446">ජුන් කියුංගේ මට්ටමට ගැලපෙන මිනිහෙක් නම් කවදාවත් හම්බවෙන්නේ නෑ.</font>

88
00:05:41,839 --> 00:05:43,681
<font color="#ffc446">ජුන් කියුං.</font>

89
00:05:43,681 --> 00:05:45,776
<font color="#ffc446">ඔයා නම් කසාද බඳින්නම එපා.</font>

90
00:05:45,776 --> 00:05:48,011
<font color="#ffc446">මේ කාලේ මොකටද ඔවා කරගන්නේ?</font>

91
00:05:49,537 --> 00:05:51,648
<font color="#ffc446">තනියම ඉන්න එක දැන් කාලේ හරියට නිර්මාංශ වෙනවා වගේ වැඩක්නේ.</font>

92
00:05:51,648 --> 00:05:53,517
<font color="#ffc446">නිකන් නිවිති වගේ.</font>

93
00:05:53,517 --> 00:05:56,420
<font color="#ffc446">කන්න එච්චර රස නැති වුනාට, ඇඟට ගුණයි.</font>

94
00:05:56,420 --> 00:05:58,355
<font color="#ffc446">ඔයා ඔයාගේ සෞඛ්‍ය ගැන හිතන්න එපැයි.</font>

95
00:06:03,894 --> 00:06:05,957
<font color="#ffc446">ඉතින් ඔයා දිගටම ඔහොම ඉන්නද කල්පනාව?</font>

96
00:06:05,957 --> 00:06:07,257
<font color="#ffc446">කොහොම ඉන්නද?</font>

97
00:06:07,257 --> 00:06:10,378
<font color="#ffc446">නිකන් හරිම ආඩම්බරකාර,
තනියම ඉන්න වැදගත් නෝනා කෙනෙක් වගේ?</font>

98
00:06:10,378 --> 00:06:12,603
<font color="#ffc446">ඒක රඟපෑමක් නෙවෙයි. ඇත්තටම මම එහෙම තමයි.</font>

99
00:06:12,603 --> 00:06:14,404
<font color="#ffc446">හලෝ. හලෝ.</font>

100
00:06:14,404 --> 00:06:16,473
<font color="#ffc446">අද විශේෂ කෑමට තියෙන්නේ ඌරු මස්. ආ, හරි.</font>

101
00:06:16,473 --> 00:06:17,974
<font color="#ffc446">කෑම නම් මාර රහයි.</font>

102
00:06:19,912 --> 00:06:21,044
<font color="#ffc446">ඒ කවුද?</font>

103
00:06:21,044 --> 00:06:23,414
<font color="#ffc446">අර ප්‍රසූත අංශයට අලුතෙන් ආපු නර්ස්.</font>

104
00:06:23,414 --> 00:06:24,848
<font color="#ffc446">එයා හරිම කියුට්.</font>

105
00:06:24,848 --> 00:06:27,584
<font color="#ffc446">වයසින් අඩු නම්, ඔක්කොමලා කියුට් තමයි.</font>

106
00:06:28,252 --> 00:06:29,853
<font color="#ffc446">ඒකත් ඇත්ත.</font>

107
00:06:38,262 --> 00:06:39,963
<font color="#ffc446">ඔව්, ඒක වෙන්න ඇති.</font>

108
00:06:39,963 --> 00:06:41,932
<font color="#ffc446">අවුරුදු ගානකට පස්සේ ඔයා අන්තිමේදී බ්ලයින්ඩ් ඩේට් එකකට යනවා,</font>

109
00:06:41,932 --> 00:06:44,168
<font color="#ffc446">ඔයා අලුතෙන් ඇඳුමකුයි සපත්තු දෙකකුයිත් ගන්නවා,</font>

110
00:06:44,168 --> 00:06:47,371
<font color="#ffc446">ඊටපස්සේ අර කොට, කොණ්ඩෙ යන,
මනමාලයා එක පාරටම කියනවා,</font>

111
00:06:47,371 --> 00:06:50,240
<font color="#ffc446">"ඔයාට වයසයි, ඔයා මම හොයන ජාතියේ කෙනෙක් නෙවෙයි,</font>

112
00:06:50,240 --> 00:06:52,442
<font color="#ffc446">ඒත් අපි නිකන් එකට නිදාගෙනවත් බලමු," කියලා.</font>

113
00:06:52,442 --> 00:06:54,578
<font color="#ffc446">ඉතින් ඔයාට දැන් ලැජ්ජයි නේද</font>

114
00:06:54,578 --> 00:06:57,981
<font color="#ffc446">ඔයාට වෙච්ච නෝන්ඩිය ගැන කියන්න?</font>

115
00:06:57,981 --> 00:07:00,884
<font color="#ffc446">මම කෝට් එකයි ඇඳුම් ටිකයි ගත්තේ
මට ඇත්තටම ඒවා ඕන වෙලා තිබ්බ නිසා.</font>

116
00:07:07,591 --> 00:07:10,527
<font color="#ffc446">උස, විහිළුකාර, වැදගත් මහත්තයෙක්?</font>

117
00:07:12,429 --> 00:07:14,631
<font color="#ffc446">එයා ඔයා බඳින්න ඉන්න කෙනෙක්වත් නෙවෙයිනේ,</font>

118
00:07:15,365 --> 00:07:17,234
<font color="#ffc446">ඉතින් බොරුවට සුදු හුණු ගාන්න ඕන නෑ.</font>

119
00:07:17,234 --> 00:07:20,637
<font color="#ffc446">නිකන් කේන්තිය යන්නත් එක්ක හයියෙන් හප හප කන්න.</font>

120
00:07:20,637 --> 00:07:23,240
<font color="#ffc446">ඔයා නේද ඉස්සර ඔයාගේ නැන්දම්මා
පූජාසනයක තියන්න වටින කෙනෙක් කියලා කිව්වේ?</font>

121
00:07:23,240 --> 00:07:26,409
<font color="#ffc446">ඔයා එයාව අදහන්න වටින තරම් හොඳයි
කියලා පුරසාරම් දෙඩෙව්වා නේද.</font>

122
00:07:30,881 --> 00:07:33,350
<font color="#ffc446"></font>

123
00:07:34,017 --> 00:07:37,499
<font color="#ffc446">ඇයි එයා මට බ්ලයින්ඩ් ඩේට් එකකට යන්න කියලා
එච්චර වද දුන්නේ?</font>

124
00:07:37,499 --> 00:07:40,257
<font color="#ffc446">මම අපේ ඩිරෙක්ටර් එක්ක මොකක් හරි වැරැද්දක් කරාද දන්නෑ?</font>

125
00:07:40,257 --> 00:07:41,391
<font color="#ffc446">නෑ.</font>

126
00:07:41,391 --> 00:07:44,661
<font color="#ffc446">සමහරවිට අර ලෝයර් වෙන්න ඇති එයා එක්ක වැරැද්දක් කරගත්තේ.</font>

127
00:07:44,661 --> 00:07:47,731
<font color="#ffc446"></font>

128
00:07:50,267 --> 00:07:51,433
<font color="#ffc446">ඔයාට සති අන්තයේවත් නිවාඩුවක් නෑ,</font>

129
00:07:51,433 --> 00:07:53,103
<font color="#ffc446">අමාරුවෙන් වෙලාව හදාගෙන
කාව හරි අඳුරගන්න ගියාම,</font>

130
00:07:53,103 --> 00:07:55,405
<font color="#ffc446">එයාලා "වරදක් නෑ" වගේ නම්,
බලෙන්ම වගේ එයාලට ලං වෙන්න හදනවා,</font>

131
00:07:55,405 --> 00:07:57,567
<font color="#ffc446">ඊට පස්සේ හැමෝම තමන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න ගන්නවා,</font>

132
00:07:57,567 --> 00:08:00,043
<font color="#ffc446">ඊට පස්සේ වෙඩින් ගන්න දින දානවා,
පවුලේ අයව හම්බෙනවා,</font>

133
00:08:00,043 --> 00:08:02,534
<font color="#ffc446">කාඩ් බෙදනවා, ළමයි හදනවා.</font>

134
00:08:02,534 --> 00:08:04,314
<font color="#ffc446">ඇත්තටම ඕකේ තියෙන විනෝදේ මොකක්ද?</font>

135
00:08:04,314 --> 00:08:07,748
<font color="#ffc446">ඕක මහන්සි වෙන, පරණ වෙච්ච දෙයක් වගේ ඔයාට දැනෙන්නේ නැද්ද?</font>

136
00:08:07,748 --> 00:08:09,587
<font color="#ffc446">ජුන් කියුං.</font>

137
00:08:09,587 --> 00:08:11,220
<font color="#ffc446">ඕක මහන්සි වෙන පරණ දෙයක් වුනාට,</font>

138
00:08:11,220 --> 00:08:14,710
<font color="#ffc446">හැමෝම තාමත් එහෙම කරන්නේ මොකක් හරි හේතුවක් නිසා වෙන්න ඇතිනේ නේද?</font>

139
00:08:17,494 --> 00:08:19,062
<font color="#ffc446">යන්න.</font>

140
00:08:27,000 --> 00:08:28,872
<font color="#ffc446">ආදරෙයි.</font>

141
00:08:35,979 --> 00:08:37,714
<font color="#ffc446">අද වැඩ ටික හොඳයි.</font>

142
00:08:37,714 --> 00:08:38,949
<font color="#ffc446">ඔයත් හොඳට කළා.</font>

143
00:08:38,949 --> 00:08:41,418
<font color="#ffc446">ගොඩක් ස්තූතියි.</font>

144
00:08:43,553 --> 00:08:45,355
<font color="#ffc446">හරියට මම වගේමයි.</font>

145
00:08:50,528 --> 00:08:52,128
<font color="#ffc446">මහන්න ගන්න.</font>

146
00:09:06,334 --> 00:09:06,968
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න.</font>

147
00:09:06,968 --> 00:09:08,767
<font color="#ffc446">මොකද වුනේ?</font>

148
00:09:08,767 --> 00:09:10,847
<font color="#ffc446">මොකක්ද?</font>

149
00:09:12,400 --> 00:09:14,050
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න.</font>

150
00:09:15,901 --> 00:09:16,734
<font color="#ffc446">ඇයි?</font>

151
00:09:16,734 --> 00:09:18,734
<font color="#ffc446">ඔයා එක්ක ඉද්දි, වෙලාව යනවා තේරෙන්නෙවත් නෑ.</font>

152
00:09:18,734 --> 00:09:21,367
<font color="#ffc446">මොකක්ද? පටන් ගත්ත නම් ඉවර කරන්න එපැයි.</font>

153
00:09:21,367 --> 00:09:22,767
<font color="#ffc446">කෝ මගේ මේස් දෙක?</font>

154
00:09:22,767 --> 00:09:25,028
<font color="#ffc446">යන්න අනේ යන්න. විකාර.</font>

155
00:09:26,063 --> 00:09:27,230
<font color="#ffc446">ආදරෙයි.</font>

156
00:09:27,230 --> 00:09:28,932
<font color="#ffc446">සොරි. ආදරෙයි.</font>

157
00:09:29,800 --> 00:09:31,734
<font color="#ffc446">මම යනවා. මම මැසේජ් එකක් දාන්නම්.</font>

158
00:09:39,543 --> 00:09:42,079
<font color="#ffc446">ඔයා ඇත්තටම යනවද? ඔව්.</font>

159
00:09:42,079 --> 00:09:44,414
<font color="#ffc446">මම පස්සේ කෝල් එකක් ගන්නම්. ආදරෙයි.</font>

160
00:09:57,561 --> 00:09:59,048
<font color="#ffc446">මොකද අවුල?</font>

161
00:10:04,130 --> 00:10:06,136
<font color="#ffc446">මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.</font>

162
00:10:06,136 --> 00:10:07,750
<font color="#ffc446">මොකක්ද ප්‍රශ්නේ?</font>

163
00:10:07,750 --> 00:10:10,139
<font color="#ffc446">ප්‍රශ්නේ තමයි ඔයා ඕනවට වඩා සරාගී වැඩියි.</font>

164
00:10:12,567 --> 00:10:14,534
<font color="#ffc446">ඔයා ඔහොම දිගටම මාව ඇවිස්සුවොත් නරකයි හොඳේ.</font>

165
00:10:14,534 --> 00:10:15,834
<font color="#ffc446">ඔයා කිව්වා නේද ඔයා පරක්කුයි කියලා.</font>

166
00:10:15,834 --> 00:10:18,014
<font color="#ffc446">එනවා මෙහෙට. ඔයා තමයි මේකට වගකියන්න ඕන.</font>

167
00:10:34,454 --> 00:10:36,499
<font color="#ffc446">හරි, අද කවුද වැඩේ ඉදිරිපත් කරන්නේ?</font>

168
00:10:39,637 --> 00:10:41,471
<font color="#ffc446">මොකද? තාම කවුරුත් නැද්ද?</font>

169
00:10:52,082 --> 00:10:53,583
<font color="#ffc446">මම ඉන්නවා.</font>

170
00:10:54,151 --> 00:10:55,785
<font color="#ffc446">පරක්කු වුනාට සොරි.</font>

171
00:10:56,553 --> 00:10:58,254
<font color="#ffc446">හලෝ.</font>

172
00:10:58,914 --> 00:11:02,192
<font color="#ffc446">කරුණාකරලා මම ඊමේල් කරපු පත්‍රිකාව බලන්න.</font>

173
00:11:02,192 --> 00:11:05,095
<font color="#ffc446">මේක ස්පාඤ්ඤයේ කලා හා සංස්කෘතික R&D අරමුදල්වල</font>

174
00:11:05,095 --> 00:11:07,664
<font color="#ffc446">බලපෑම ගැන කරන ලද විශ්ලේෂණ වාර්තාවක්.</font>

175
00:11:07,664 --> 00:11:08,798
<font color="#ffc446">ඉතින්, ඔයා මෙතන බැලුවොත්...</font>

176
00:11:08,798 --> 00:11:10,400
<font color="#ffc446">මොකක් කිව්වා?</font>

177
00:11:11,535 --> 00:11:13,369
<font color="#ffc446">ඔයා ආයේ ට්‍රාන්ස්ලේටර් එකක් පාවිච්චි කළා නේද?</font>

178
00:11:15,272 --> 00:11:16,840
<font color="#ffc446">සොරි?</font>

179
00:11:16,840 --> 00:11:19,742
<font color="#ffc446">ඔයා උපාධි ශිෂ්‍යයෙක්නේ.
ඇයි ඔයා ට්‍රාන්ස්ලේටර් එකකින් මේවා කරන්නේ?</font>

180
00:11:20,778 --> 00:11:22,413
<font color="#ffc446">ආයේ එහෙම කරන්න එපා.</font>

181
00:11:22,413 --> 00:11:24,032
<font color="#ffc446">හරි.</font>

182
00:11:24,032 --> 00:11:25,427
<font color="#ffc446">දැන් පටන් ගන්න.</font>

183
00:11:27,518 --> 00:11:31,721
<font color="#ffc446">මම අරමුදල පටන් ගත්ත විදිය ගැන පැහැදිලි කරන්නම්.</font>

184
00:11:31,721 --> 00:11:35,158
<font color="#ffc446"></font>

185
00:11:37,874 --> 00:11:39,229
<font color="#ffc446">ලොක්කා, ඔයා ඇත්තටම ගොඩක් මහන්සි වුනා.</font>

186
00:11:39,229 --> 00:11:41,732
<font color="#ffc446">ඇත්තටම, ඔයා ගොඩක් දේවල්
වලට මූණ දුන්නා. හැම දේටම ස්තූතියි.</font>

187
00:11:41,732 --> 00:11:43,811
<font color="#ffc446">මම ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙනවා.</font>

188
00:11:43,811 --> 00:11:45,991
<font color="#ffc446">මම දැනටමත් රෑ කෑමට තැනක් බුක් කළා.</font>

189
00:11:45,991 --> 00:11:47,604
<font color="#ffc446">ඔයා අද රෑටත්
අපිව මග අරින්න නේද හදන්නේ?</font>

190
00:11:47,604 --> 00:11:50,473
<font color="#ffc446">නෑ, ඔයාලා ගිහින් සතුටු වෙන්නකෝ.</font>

191
00:11:50,473 --> 00:11:52,609
<font color="#ffc446">හරක් මස් තියෙන්නේ ලොක්කා.</font>

192
00:11:53,543 --> 00:11:56,213
<font color="#ffc446">මේක පොඩි ගාණක්,
ඒත් රෑ කෑම බිලට එකතු කරගන්න.</font>

193
00:11:56,213 --> 00:11:58,271
<font color="#ffc446">අපිත් එක්ක යමුකෝ.</font>

194
00:11:58,271 --> 00:12:01,801
<font color="#ffc446">මම ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා,
ඒ වගේම මම ඔයාලව ගොඩක් අගය කරනවා.</font>

195
00:12:01,801 --> 00:12:03,112
<font color="#ffc446">දිගටම හොඳට වැඩ ටික කරගෙන යන්න.</font>

196
00:12:03,112 --> 00:12:04,754
<font color="#ffc446">එන්න, අපි අතට අත දෙමු.</font>

197
00:12:06,000 --> 00:12:07,324
<font color="#ffc446">මහන්සි වෙලා වැඩ කළාට ස්තූතියි.</font>

198
00:12:07,324 --> 00:12:09,041
<font color="#ffc446">ඒයි, ඔයා මේක දැක්කද? ආ, ඔව්.</font>

199
00:12:09,041 --> 00:12:11,262
<font color="#ffc446">ඉන්න, මේකේ මවුස් එකක් නෑනේ. මම දාන්නම්.</font>

200
00:12:11,262 --> 00:12:14,767
<font color="#ffc446">මහන්සි වෙලා වැඩ කළාට
ස්තූතියි. එළියට එන්න එපා.</font>

201
00:12:14,767 --> 00:12:16,666
<font color="#ffc446">පරිස්සමෙන් යන්න.</font>

202
00:12:16,666 --> 00:12:17,500
<font color="#ffc446">මහන්සි වෙලා වැඩ කළාට ස්තූතියි.</font>

203
00:12:17,500 --> 00:12:20,136
<font color="#ffc446">දිගටම හොඳට වැඩ කරන්න. වැඩ වලට ස්තූතියි.</font>

204
00:12:25,242 --> 00:12:26,796
<font color="#ffc446"></font>

205
00:12:26,796 --> 00:12:29,860
<font color="#ffc446">එයා යන දවසෙත් කිසි වෙනසක් නෑ.</font>

206
00:12:29,860 --> 00:12:32,716
<font color="#ffc446">එයා රෑ කෑම මග අරින්නම ඕන නිසා
සල්ලි කවරෙකුත් ගෙනල්ලා.</font>

207
00:12:32,716 --> 00:12:35,887
<font color="#ffc446">ඇත්තටම, අපේ ලොක්කා මොකට ජීවත් වෙනවද මන්දා?</font>

208
00:12:35,887 --> 00:12:38,133
<font color="#ffc446">ඇත්තටම මම අපේ ලොක්කට ගොඩක් කැමතියි.</font>

209
00:12:38,133 --> 00:12:40,601
<font color="#ffc446">ඒත් ඇයි එයා ඕනකමින්ම අයින් වෙන්නේ?</font>

210
00:12:40,601 --> 00:12:42,567
<font color="#ffc446">එයාට තව අවුරුදු ගාණක් තිබ්බනේ.</font>

211
00:12:42,567 --> 00:12:43,627
<font color="#ffc446">මාර අපරාදේ.</font>

212
00:12:43,627 --> 00:12:45,395
<font color="#ffc446">ඔව් අනේ, ඇත්තටම.</font>

213
00:13:04,334 --> 00:13:05,934
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න.</font>

214
00:13:05,934 --> 00:13:08,117
<font color="#ffc446">මම මින්ට් එක ගන්න ඕන.</font>

215
00:13:19,830 --> 00:13:23,066
<font color="#ffc446">දෙවියනේ. රෆායෙල්!</font>

216
00:13:23,868 --> 00:13:25,603
<font color="#ffc446">රෆායෙල්?</font>

217
00:13:25,603 --> 00:13:27,103
<font color="#ffc446">ආ, හලෝ.</font>

218
00:13:27,103 --> 00:13:29,191
<font color="#ffc446">ඔයා කවදාවත් පල්ලියට එන්නේ නෑනේ,</font>

219
00:13:29,191 --> 00:13:31,741
<font color="#ffc446">ඒකයි අපිව මෙහෙදි හම්බුනේ.</font>

220
00:13:31,741 --> 00:13:34,244
<font color="#ffc446">ජූලියාට කොහොමද?</font>

221
00:13:34,244 --> 00:13:38,314
<font color="#ffc446">මම තාමත් හැම දිස්ත්‍රික් පූජාවකදීම එයා වෙනුවෙන් යාච්ඤා කරනවා.</font>

222
00:13:39,349 --> 00:13:40,717
<font color="#ffc446">ඔව්, ස්තූතියි.</font>

223
00:13:40,717 --> 00:13:42,152
<font color="#ffc446">එයාට දැන් ගොඩක් හොඳයි.</font>

224
00:13:42,152 --> 00:13:45,488
<font color="#ffc446">වෙලාවක අපේ පැත්තේ එන්නකෝ.
එයා ගොඩක් සතුටු වෙයි.</font>

225
00:13:45,488 --> 00:13:48,825
<font color="#ffc446">එයාට දැන් ගොඩක්ම හොඳ ඇති නේද.</font>

226
00:13:48,825 --> 00:13:51,961
<font color="#ffc446">එයා අන්තිම මොහොතේ නේද හිටියේ, නේද?</font>

227
00:13:53,344 --> 00:13:55,598
<font color="#ffc446">මැරෙන්න කාලේ ආවම, යන්නම වෙනවනේ.</font>

228
00:13:56,733 --> 00:13:59,084
<font color="#ffc446">කොහොම වුනත් මම ගොඩක් බයෙන් හිටියේ.</font>

229
00:13:59,084 --> 00:14:00,834
<font color="#ffc446">මට සමා වෙන්න. මම බඩු වගයක් ගන්න ඕන.</font>

230
00:14:00,834 --> 00:14:03,451
<font color="#ffc446">ආ, හරි. ඔව්.</font>

231
00:14:03,451 --> 00:14:06,802
<font color="#ffc446">මේ අපේ පල්ලිය නෙවෙයි. මේ වෙන එකක්.</font>

232
00:14:06,802 --> 00:14:10,511
<font color="#ffc446">වෙන පල්ලියක,
ජූලියා වගේම සිස්ටර් කෙනෙක් හිටියා.</font>

233
00:14:10,511 --> 00:14:13,950
<font color="#ffc446">අන්තිමේදී එයාට ඒක දරාගන්න බැරි වුනා.
එයා සියදිවි නසා ගත්තා.</font>

234
00:14:14,751 --> 00:14:16,751
<font color="#ffc446">එයා දිව්‍යලෝකේ යන්න නැතුව ඇති.</font>

235
00:14:16,751 --> 00:14:17,912
<font color="#ffc446">මම දැන් යන්න ඕන.</font>

236
00:14:17,912 --> 00:14:19,301
<font color="#ffc446">ඔව්.</font>

237
00:14:20,023 --> 00:14:21,791
<font color="#ffc446">කොහොමද...</font>

238
00:14:24,127 --> 00:14:26,162
<font color="#ffc446">රෆායෙල්.</font>

239
00:14:26,162 --> 00:14:31,234
<font color="#ffc446">මට දැන් නම් ගොඩක් සැනසීමක් දැනෙනවා.
අපි හිතුවට වඩා ඔයා ගොඩක් ශක්තිමත් වගේ.</font>

240
00:14:31,234 --> 00:14:33,169
<font color="#ffc446">මට ලෙඩක් නෑනේ.</font>

241
00:14:33,169 --> 00:14:34,938
<font color="#ffc446">මම හොඳින් ඉන්නවා.</font>

242
00:14:34,938 --> 00:14:36,639
<font color="#ffc446">ඔයා මාරයි.</font>

243
00:14:36,639 --> 00:14:38,341
<font color="#ffc446">ඔයා මේක හොඳට දරාගෙන ඉන්නවා.</font>

244
00:14:38,341 --> 00:14:40,343
<font color="#ffc446">දෙවියන් වහන්සේ ඔයා දිහාත් බලාගෙන ඉඳියි,</font>

245
00:14:40,343 --> 00:14:42,676
<font color="#ffc446">අපේ පුංචි බැටළු පැටියා, රෆායෙල්.</font>

246
00:14:42,676 --> 00:14:44,976
<font color="#ffc446">අපි ඔයා වෙනුවෙන් ගොඩක් යාච්ඤා කරන්නම්.</font>

247
00:14:44,976 --> 00:14:46,849
<font color="#ffc446">ඔව්, ස්තූතියි.</font>

248
00:15:01,667 --> 00:15:04,300
<font color="#ffc446">"ඔයා අද රෑ කෑමට එනවා නේද?"</font>

249
00:15:04,300 --> 00:15:08,213
<font color="#ffc446">"ලොක්කා, හරක් මස් තියෙන්නේ."
එයාලා මාව අල්ලගන්න හදන්නේ එහෙමයි.</font>

250
00:15:08,213 --> 00:15:10,300
<font color="#ffc446">හරක් මස් තමයි එයාලගේ ඇම.</font>

251
00:15:10,300 --> 00:15:12,375
<font color="#ffc446">ඇත්තටම.</font>

252
00:15:12,375 --> 00:15:14,577
<font color="#ffc446">ඒ ළමයින්ටත් සල්ලි නෑනේ.</font>

253
00:15:16,447 --> 00:15:18,413
<font color="#ffc446">මට දුකයි.</font>

254
00:15:18,413 --> 00:15:21,851
<font color="#ffc446">මම නිසා ඔයා ඔයාගේ අන්තිම දවසේ
රෑ කෑමත් නැති කරගත්තා.</font>

255
00:15:24,688 --> 00:15:26,923
<font color="#ffc446">විකාර කියවන්න එපා.</font>

256
00:15:28,058 --> 00:15:31,427
<font color="#ffc446">තරුණ ළමයි කැමති නෑ වයසක අය එක්ක රෑට කන්න.</font>

257
00:15:36,501 --> 00:15:38,267
<font color="#ffc446">අද දවල්,</font>

258
00:15:40,270 --> 00:15:43,372
<font color="#ffc446">මට පොඩ්ඩක් නින්ද ගියා,</font>

259
00:15:45,308 --> 00:15:48,033
<font color="#ffc446">එතකොට මං දැක්කා නිල් පාට මුහුදක්</font>

260
00:15:48,033 --> 00:15:50,346
<font color="#ffc446">මගේ ඇස් ඉස්සරහම.</font>

261
00:15:52,749 --> 00:15:54,951
<font color="#ffc446">සුදු පාට යොට් එකක්</font>

262
00:15:55,734 --> 00:15:59,055
<font color="#ffc446">රැළි කපාගෙන ගියා,</font>

263
00:15:59,676 --> 00:16:01,801
<font color="#ffc446">මං හිටියේ නැව ඉස්සරහ,</font>

264
00:16:01,801 --> 00:16:04,727
<font color="#ffc446">හුළං වැදි වැදි.</font>

265
00:16:10,033 --> 00:16:11,801
<font color="#ffc446">ෂා, මාර හීනයක්නේ.</font>

266
00:16:13,861 --> 00:16:15,200
<font color="#ffc446">මාර?</font>

267
00:16:15,200 --> 00:16:16,439
<font color="#ffc446">පිස්සුද. ඒක නපුරු හීනයක්.</font>

268
00:16:16,439 --> 00:16:18,374
<font color="#ffc446">මට කවදාවත් එහෙම කරන්න බෑ.</font>

269
00:16:27,450 --> 00:16:29,501
<font color="#ffc446">ඒක නෙමෙයි,</font>

270
00:16:29,501 --> 00:16:31,153
<font color="#ffc446">ජුන් කියුන් කතා කළාද?</font>

271
00:16:32,388 --> 00:16:35,992
<font color="#ffc446">ඔව්.
එයාට වැඩ ඇති, ඒ වුණාට මතකෙට කතා කළා.</font>

272
00:16:37,182 --> 00:16:38,861
<font color="#ffc446">මොන කතාද අනේ.</font>

273
00:16:40,998 --> 00:16:42,832
<font color="#ffc446">ඔයා හිතුවද මං එයාව දන් නෑ කියලා?</font>

274
00:16:46,234 --> 00:16:48,077
<font color="#ffc446">කට අරින්න!</font>

275
00:16:48,077 --> 00:16:51,133
<font color="#ffc446">ඔන්න එනවා. ඔන්න එනවා!</font>

276
00:16:51,133 --> 00:16:53,643
<font color="#ffc446">විසි කරන්න එපා. එපා!</font>

277
00:16:54,416 --> 00:16:56,713
<font color="#ffc446">කන් නැද්ද?</font>

278
00:16:56,713 --> 00:16:58,543
<font color="#ffc446">ඒයි, කොහෙද යන්නේ?</font>

279
00:16:58,543 --> 00:17:00,950
<font color="#ffc446">මෙහෙ එන්න. මට බෑ. කට අරින්න.</font>

280
00:17:00,950 --> 00:17:02,885
<font color="#ffc446">හරි ෂෝක්. හොඳට කනවා.</font>

281
00:17:03,567 --> 00:17:05,367
<font color="#ffc446">මෙහෙ එන්න.</font>

282
00:17:05,367 --> 00:17:09,225
<font color="#ffc446">ගිහින් අල්ලගන්න එයාව!</font>

283
00:17:19,502 --> 00:17:23,072
<font color="#ffc446">ඇයි මේ තනියම මූණ එල්ලගෙන ඉන්නේ?</font>

284
00:17:23,072 --> 00:17:25,208
<font color="#ffc446">ලෙඩ හැදෙයි ළමයෝ. මේක පොරවගන්න.</font>

285
00:17:25,208 --> 00:17:27,509
<font color="#ffc446">අදත් මහන්සි දවසක්.</font>

286
00:17:27,509 --> 00:17:30,613
<font color="#ffc446">පටන් ගත්තේ කෝපි වලින්, ඉවර වෙන්නේ මත්පැන් වලින්.</font>

287
00:17:32,015 --> 00:17:33,983
<font color="#ffc446">මේ වෙලාවට තමයි මං ආසම.</font>

288
00:17:35,285 --> 00:17:37,601
<font color="#ffc446">දවසේ වැඩ ඉවර වුණාම,</font>

289
00:17:37,601 --> 00:17:41,424
<font color="#ffc446">හියොන් ජුන් ළමයි නිදිකරවලා
බීම ලෑස්ති කරන අතරේ,</font>

290
00:17:41,424 --> 00:17:44,026
<font color="#ffc446">මට පොඩි වෙලාවක් ලැබෙනවා</font>

291
00:17:44,026 --> 00:17:46,901
<font color="#ffc446">තනියම ඉන්න, නිස්කලංකව, පොඩි පාළුවකුත් එක්කම,</font>

292
00:17:46,901 --> 00:17:49,065
<font color="#ffc446">ඒකට මගේ පපුව ගැහෙනවා.</font>

293
00:17:50,875 --> 00:17:53,595
<font color="#ffc446">විහිළුවක් වගේ නේද?</font>

294
00:17:53,595 --> 00:17:55,504
<font color="#ffc446">මං බැන්දේ පාළු මැකෙන්නනේ.</font>

295
00:17:57,141 --> 00:17:58,841
<font color="#ffc446">හියොන් ජුනුත් ඒකට කැමතිද?</font>

296
00:17:59,710 --> 00:18:01,955
<font color="#ffc446">එයාට කටක් අරින්න බෑනේ.</font>

297
00:18:01,955 --> 00:18:04,180
<font color="#ffc446">කවුද කිව්වේ ළමයි තුන් දෙනෙක් හදන්න කියලා?</font>

298
00:18:06,367 --> 00:18:08,615
<font color="#ffc446">එයා කැමතියි, ඇත්තටම කැමතියි.</font>

299
00:18:08,615 --> 00:18:10,419
<font color="#ffc446">එයා කියන්නේ එයා ඉපදිලා තියෙන්නේ ඒකට කියලා.</font>

300
00:18:11,854 --> 00:18:14,047
<font color="#ffc446">එයාගෙ අම්මා මට බණිනවා</font>

301
00:18:14,047 --> 00:18:17,515
<font color="#ffc446">දොස්තර පුතාව කුස්සියේ වැඩට ගත්තා කියලා.</font>

302
00:18:17,515 --> 00:18:19,348
<font color="#ffc446">මාත් අපේ අම්මලාගේ රත්තරන් දුවනේ.</font>

303
00:18:23,967 --> 00:18:25,969
<font color="#ffc446">යන්තම් ඇති, උන් නිදි.</font>

304
00:18:25,969 --> 00:18:27,667
<font color="#ffc446">මොනවද අද බොන්නේ?</font>

305
00:18:27,667 --> 00:18:29,472
<font color="#ffc446">ම්...</font>

306
00:18:30,473 --> 00:18:32,542
<font color="#ffc446">අපි බොක්බුන්ජා බොමු.</font>

307
00:18:32,542 --> 00:18:35,043
<font color="#ffc446">කටගැස්ම ෂෙෆ්ගේ කැමැත්තක්.</font>

308
00:18:35,043 --> 00:18:37,246
<font color="#ffc446">බොක්බුන්ජා, කටගැස්ම මගේ කැමැත්තට.</font>

309
00:18:37,246 --> 00:18:39,081
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න.</font>

310
00:18:42,652 --> 00:18:44,863
<font color="#ffc446">එයා හොඳ පාටයි. නැතුව.</font>

311
00:18:44,863 --> 00:18:47,757
<font color="#ffc446">ඔයා දන්නවනේ මං එයාට කොච්චර ආදරේද කියලා.</font>

312
00:18:48,502 --> 00:18:50,294
<font color="#ffc446">ආදරේ?</font>

313
00:18:50,294 --> 00:18:51,929
<font color="#ffc446">ඇයි මොකද?</font>

314
00:18:51,929 --> 00:18:53,729
<font color="#ffc446">වැඩියි වගේද?</font>

315
00:18:54,443 --> 00:18:57,420
<font color="#ffc446">හැමෝම ආදරෙන් මත් වෙලා</font>

316
00:18:57,420 --> 00:19:01,739
<font color="#ffc446">අනුන්ගේ පාට්නර්ස්ලා දිහාත් බලනවා.</font>

317
00:19:01,739 --> 00:19:05,683
<font color="#ffc446">ඇයි ඔච්චර හිත් පිත් නැත්තේ?</font>

318
00:19:05,683 --> 00:19:08,244
<font color="#ffc446">බරයි අනේ. එන්නකෝ ඉතින්.</font>

319
00:19:08,244 --> 00:19:13,182
<font color="#ffc446">ආදරේ කියන්නේ පොඩ්ඩක් ළඟට වෙලා
ඉන්න ඕන දෙයක්නේ.</font>

320
00:19:13,784 --> 00:19:16,085
<font color="#ffc446">ෂෝක් නේද? නෑ.</font>

321
00:19:16,085 --> 00:19:17,953
<font color="#ffc446">ආදරේ හරි ෂෝක්.</font>

322
00:19:25,434 --> 00:19:27,167
<font color="#ffc446">කෑම එක රසවිඳින්න.</font>

323
00:19:27,167 --> 00:19:29,165
<font color="#ffc446">ස්තූතියි.</font>

324
00:19:39,742 --> 00:19:44,347
<font color="#ffc446"></font>

325
00:19:44,347 --> 00:19:45,881
<font color="#ffc446">ආයුබෝවන්.</font>

326
00:19:47,216 --> 00:19:49,645
<font color="#ffc446">පෝක් කට්ලට් එක වේලිලා වගේ නේද?</font>

327
00:19:49,645 --> 00:19:51,026
<font color="#ffc446">ස්පයිසි නූඩ්ල්ස් එකක් දෙන්නකෝ.</font>

328
00:19:51,026 --> 00:19:52,221
<font color="#ffc446">ගෙදර ගිහින් කන්න ඕවා.</font>

329
00:19:52,221 --> 00:19:53,790
<font color="#ffc446">වෙලාව කීයද කියලා දන්නවද?</font>

330
00:19:53,790 --> 00:19:55,366
<font color="#ffc446">මේ වෙනකොට කාලා අස් කරලත් ඇති.</font>

331
00:19:55,366 --> 00:19:57,026
<font color="#ffc446">වේලාසන ගෙදර යනවා දැන්වත්.</font>

332
00:19:57,026 --> 00:19:58,428
<font color="#ffc446">කොහොමත් කරන්න දෙයක් නෑනේ.</font>

333
00:19:58,428 --> 00:20:00,785
<font color="#ffc446">මට කලින් ගෙදර යන්න බෑ.</font>

334
00:20:00,785 --> 00:20:02,126
<font color="#ffc446">මට නිකන් ගෙදර අයත් එක්ක
ඉන්න අමාරුයි වගේ.</font>

335
00:20:02,126 --> 00:20:03,225
<font color="#ffc446">බිල බෙදාගන්නවද?</font>

336
00:20:03,225 --> 00:20:05,301
<font color="#ffc446">වෙලාවකට ඔයා ගෙවන්නකෝ.</font>

337
00:20:09,972 --> 00:20:11,546
<font color="#ffc446">ගිය සතියේ මං ඔෆිස් පාටියකට ගියා.</font>

338
00:20:11,546 --> 00:20:13,175
<font color="#ffc446">මං ඇහුවේ නෑනේ.</font>

339
00:20:14,212 --> 00:20:16,979
<font color="#ffc446">අපි හොඳට කාලා,
ඊටපස්සේ ක්ලබ් එකකටත් ගියා.</font>

340
00:20:16,979 --> 00:20:19,115
<font color="#ffc446">මට අදාළ නෑනේ.</font>

341
00:20:19,115 --> 00:20:21,252
<font color="#ffc446">ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එතන පර්ෆෝම් කළා.</font>

342
00:20:21,252 --> 00:20:23,052
<font color="#ffc446">දැක්කද ඒක?</font>

343
00:20:23,052 --> 00:20:25,172
<font color="#ffc446">ඔෆිස් එකේ කොල්ලෝ ඔක්කොම වහ වැටිලා හිටියේ.</font>

344
00:20:25,172 --> 00:20:28,291
<font color="#ffc446">එයා දිලිසි දිලිසි හිටියේ.</font>

345
00:20:28,291 --> 00:20:31,852
<font color="#ffc446">ජූනියර් කෙනෙක් ඉන්නවා ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ
ඉස්කෝලේ කාලේ යාළුවෙක්.</font>

346
00:20:31,852 --> 00:20:33,830
<font color="#ffc446">ඒ දෙන්නා රෑ තිස්සේම කතාව.</font>

347
00:20:33,830 --> 00:20:35,631
<font color="#ffc446">මිනිහා කිව්වා ට්‍රයි එකක් දෙනවා කියලා.</font>

348
00:20:36,365 --> 00:20:39,592
<font color="#ffc446">එයා බ්‍රෑන්ඩඩ් ඇඳුම් විතරයි අඳින්නේ.</font>

349
00:20:39,592 --> 00:20:41,904
<font color="#ffc446">මිනිහා ජොබ් එක කරන්නෙත් ආතල් එකට වගේ.</font>

350
00:20:43,372 --> 00:20:44,317
<font color="#ffc446">මේ.</font>

351
00:20:44,317 --> 00:20:45,775
<font color="#ffc446">මේක බලන්න.</font>

352
00:20:45,775 --> 00:20:47,438
<font color="#ffc446">දැක්කද, විශ්වාසයේ සලකුණ.</font>

353
00:20:47,438 --> 00:20:49,812
<font color="#ffc446">ඊයා හලෝ.</font>

354
00:20:51,714 --> 00:20:54,850
<font color="#ffc446">ඒකනේ ඔයා තාම තනියම.</font>

355
00:20:56,619 --> 00:20:59,155
<font color="#ffc446">ඒක නෙමෙයි, අද වගේ දවසකත්</font>

356
00:20:59,155 --> 00:21:02,092
<font color="#ffc446">ඔයා ඇත්තටම ගෙදරින් කෑවේ නැද්ද?</font>

357
00:21:02,092 --> 00:21:03,498
<font color="#ffc446">අද?</font>

358
00:21:04,660 --> 00:21:06,074
<font color="#ffc446">ඇයි?</font>

359
00:21:07,230 --> 00:21:10,833
<font color="#ffc446">අද තාත්තාගේ අන්තිම වැඩ කරන දවස කියලා
අමතක වුණා නේද?</font>

360
00:21:12,235 --> 00:21:13,629
<font color="#ffc446">ආ, ඇත්තනේ.</font>

361
00:21:13,629 --> 00:21:16,628
<font color="#ffc446">තනියම ජීවත් වෙනවා නම්
ඕවා මතක තියාගන්න එපැයි.</font>

362
00:21:16,628 --> 00:21:19,342
<font color="#ffc446">මං ඉන්නෙ ගෙදරනේ,
ඉතින් ගෙදර ගියාම එයාලව දකිනවනේ.</font>

363
00:21:19,342 --> 00:21:22,488
<font color="#ffc446">ඔයා නිකන් බෝඩිමක ඉන්නවා වගේනේ ඉන්නේ.</font>

364
00:21:22,488 --> 00:21:24,614
<font color="#ffc446">රෑ වෙලා හරි කතා කරන්න.</font>

365
00:21:24,614 --> 00:21:26,570
<font color="#ffc446">අමතක වෙයි කියලා කියන්නේ,</font>

366
00:21:26,570 --> 00:21:29,018
<font color="#ffc446">ඉරිදා අම්මලගේ වෙඩින් ඇනිවසරි එක.</font>

367
00:21:29,018 --> 00:21:31,701
<font color="#ffc446">ඇයි තාත්තා ඒකට අපිව ඇදලා ගන්නේ?</font>

368
00:21:31,701 --> 00:21:35,526
<font color="#ffc446">මං කිව්වනේ.
එයාගේ රිටයමන්ට් එකත් එක්කමයි ඒක ගන්නෙ.</font>

369
00:21:35,526 --> 00:21:37,860
<font color="#ffc446">ඉරිදා. අමතක කරන්න එපා හොඳේ.</font>

370
00:21:41,911 --> 00:21:43,100
<font color="#ffc446">මේක ගන්න.</font>

371
00:21:43,100 --> 00:21:43,934
<font color="#ffc446">මොකක්ද මේ?</font>

372
00:21:43,934 --> 00:21:45,935
<font color="#ffc446">එයා මින්ට් චොකලට් වලට ආසයි නේද?</font>

373
00:21:46,571 --> 00:21:50,708
<font color="#ffc446">තාත්තට කියන්න මහන්සි වුණාට ස්තූතියි කියලා.</font>

374
00:21:50,708 --> 00:21:53,351
<font color="#ffc446">මං දුන්නා කියලා කියන්න එපා.</font>

375
00:21:53,351 --> 00:21:54,432
<font color="#ffc446">මං යනවා. තෑන්ක්ස්.</font>

376
00:21:54,432 --> 00:21:56,145
<font color="#ffc446">බායි. බායි.</font>

377
00:21:59,583 --> 00:22:02,652
<font color="#ffc446">සමාවෙන්න කතා කරන්න බැරි වුණාට, වැඩ ගොඩ ගැහිලා තිබුණේ.</font>

378
00:22:02,652 --> 00:22:05,020
<font color="#ffc446">තාත්තා ගොඩක් මහන්සි වුණා නේද.</font>

379
00:22:29,267 --> 00:22:30,879
<font color="#ffc446">අයියෝ බය වුණා!</font>

380
00:23:24,600 --> 00:23:25,987
<font color="#ffc446">ඒයි.</font>

381
00:23:27,338 --> 00:23:29,501
<font color="#ffc446">හෙට කෑම එකක් බැඳගෙන</font>

382
00:23:29,501 --> 00:23:31,292
<font color="#ffc446">පාක් එකට යමුද?</font>

383
00:23:31,292 --> 00:23:33,009
<font color="#ffc446">බෑ.</font>

384
00:23:33,009 --> 00:23:36,432
<font color="#ffc446">ඇයි? දවස් ටිකේම දවල්ට එළිය
හරි ෂෝක්.</font>

385
00:23:36,432 --> 00:23:38,968
<font color="#ffc446">මිනිස්සු එහෙ මෙහෙ යනවා දැක්කාම</font>

386
00:23:38,968 --> 00:23:42,418
<font color="#ffc446">මට පාළු හිතෙනවා.</font>

387
00:23:47,990 --> 00:23:49,767
<font color="#ffc446">මට දැන් ඕන තරම් වෙලාව තියෙනවා.</font>

388
00:23:49,767 --> 00:23:52,361
<font color="#ffc446">ඔයත් එක්ක යන්න ඕන තැන්
ගොඩක් තියෙනවා.</font>

389
00:23:52,361 --> 00:23:55,831
<font color="#ffc446">ඉතින් කවුද කිව්වේ අස් වෙන්න කියලා?</font>

390
00:23:58,685 --> 00:24:00,803
<font color="#ffc446">මට මගේ කාලේ නාස්ති කරන්න ඕන වුණේ නෑ.</font>

391
00:24:08,577 --> 00:24:10,834
<font color="#ffc446">ඔයාට</font>

392
00:24:10,834 --> 00:24:12,948
<font color="#ffc446">මාව එපා වෙලාද?</font>

393
00:24:16,100 --> 00:24:17,853
<font color="#ffc446">අනේ මන්දා.</font>

394
00:24:19,221 --> 00:24:21,390
<font color="#ffc446">එහෙම වෙන්නේ කොහොමද?</font>

395
00:24:21,390 --> 00:24:23,759
<font color="#ffc446">ඔයා හරිම ෂෝක්නේ.</font>

396
00:24:26,629 --> 00:24:28,937
<font color="#ffc446">හෙට මාත් එක්ක පාක් එකට යනවා නේද?</font>

397
00:24:28,937 --> 00:24:30,967
<font color="#ffc446">පස්සේ යමු.</font>

398
00:24:30,967 --> 00:24:32,668
<font color="#ffc446">හා, පස්සේ යමු.</font>

399
00:24:40,209 --> 00:24:43,145
<font color="#ffc446">ආයේ දෙවෙනි වටයක් නෑ, හරිද?</font>

400
00:24:43,145 --> 00:24:45,481
<font color="#ffc446">කෙල්ලෙක්ව ඇඳට ගන්න ඕන වුණාම</font>

401
00:24:45,481 --> 00:24:47,943
<font color="#ffc446">කොල්ලො ඕන දෙයක් කරයි.</font>

402
00:24:47,943 --> 00:24:49,153
<font color="#ffc446">එතකොට හෙමින් යමු කියන අය?</font>

403
00:24:49,153 --> 00:24:51,803
<font color="#ffc446">මොකද හිතන්නේ?</font>

404
00:24:51,803 --> 00:24:52,822
<font color="#ffc446">එයාලා ඉස්සෙල්ලා "ආශ්‍රය කරලා බලමු" කියයි,</font>

405
00:24:52,822 --> 00:24:55,057
<font color="#ffc446">ඊටපස්සේ කරන්නෙත්</font>

406
00:24:55,057 --> 00:24:57,360
<font color="#ffc446">අරකම තමයි.</font>

407
00:24:57,360 --> 00:24:59,829
<font color="#ffc446">කොහොම වුණත්, පිරිමි ඔක්කොම එකයි.
ඒකයි මං කියන්නේ.</font>

408
00:24:59,829 --> 00:25:02,143
<font color="#ffc446">ඒකයි මං කියන්නේ මං යාලු වෙන එක නැවැත්තුවා කියලා.</font>

409
00:25:02,143 --> 00:25:06,669
<font color="#ffc446">ඇයි මං එකම ජාතියේ මිනිස්සු වෙනුවෙන්
මගේ හැඟීම් නාස්ති කරගන්නේ?</font>

410
00:25:06,669 --> 00:25:09,104
<font color="#ffc446">එහෙනම් ඇයි අර බ්ලයින්ඩ් ඩේට් එකට ගියේ?</font>

411
00:25:09,872 --> 00:25:11,941
<font color="#ffc446">ම්...</font>

412
00:25:11,941 --> 00:25:13,122
<font color="#ffc446">මොකද මට ජොබ් එකක් තියෙනවනේ.</font>

413
00:25:13,122 --> 00:25:15,211
<font color="#ffc446">අනේ නිකන් යන්න. මට ඕන
වෙලාවට මටත් රඟපාන්න පුළුවන්.</font>

414
00:25:15,211 --> 00:25:16,178
<font color="#ffc446">හාකෝ.</font>

415
00:25:16,178 --> 00:25:18,514
<font color="#ffc446">ඒකද අලුතෙන් ඇඳුනුයි සපත්තුයි ගත්තේ.</font>

416
00:25:18,514 --> 00:25:21,260
<font color="#ffc446">මොකක් හරි බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා.</font>

417
00:25:21,260 --> 00:25:22,952
<font color="#ffc446">ඒක...</font>

418
00:25:22,952 --> 00:25:23,953
<font color="#ffc446">නිකන් පිළිවෙලට යන්න එපැයි.</font>

419
00:25:23,953 --> 00:25:25,187
<font color="#ffc446">මූලික ආචාරශීලීකමනේ. අයියෝ.</font>

420
00:25:25,187 --> 00:25:29,994
<font color="#ffc446">ඒකවත් කරන්න බැරි නම්
තනියම ඉන්න එක සැපයි.</font>

421
00:25:29,994 --> 00:25:31,934
<font color="#ffc446">හරි ජුන් කියුන්.</font>

422
00:25:31,934 --> 00:25:35,131
<font color="#ffc446">එක තමයි නියම ගාණ.</font>

423
00:25:35,131 --> 00:25:35,965
<font color="#ffc446">ඔව්.</font>

424
00:25:35,965 --> 00:25:37,233
<font color="#ffc446">ස්ථාවරයි. ඔව්.</font>

425
00:25:37,233 --> 00:25:39,602
<font color="#ffc446">සප්‍රයිස් නෑ.</font>

426
00:25:39,602 --> 00:25:41,837
<font color="#ffc446">ඔක්කොම කලින්ම දැනගන්න පුළුවන්,
අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.</font>

427
00:25:41,837 --> 00:25:43,372
<font color="#ffc446">ඒ වුණාට... හරිනේ.</font>

428
00:25:43,372 --> 00:25:45,514
<font color="#ffc446">කම්මැලියි.</font>

429
00:25:45,514 --> 00:25:47,315
<font color="#ffc446">තව එකක් එකතු වුණාම දෙකක් වෙනවා,</font>

430
00:25:47,315 --> 00:25:49,275
<font color="#ffc446">එතකොට තමයි ප්‍රශ්න පටන් ගන්නේ.</font>

431
00:25:49,275 --> 00:25:51,013
<font color="#ffc446">ඒ වුණාට ඒකේ ආතල් එකකුත් තියෙනවා.</font>

432
00:25:51,013 --> 00:25:52,155
<font color="#ffc446">හිතලා බලන්නකෝ.</font>

433
00:25:52,155 --> 00:25:54,350
<font color="#ffc446">තනියම මුකුත් කරන්න බෑනේ.</font>

434
00:25:54,350 --> 00:25:57,787
<font color="#ffc446">දෙන්නෙක් හිටියාම අඩුම තරමේ
කතාවට හූ මිටි තියන්න හරි කෙනෙක් ඉන්නවනේ.</font>

435
00:25:57,787 --> 00:25:58,627
<font color="#ffc446">චියර්ස්!</font>

436
00:25:58,627 --> 00:25:59,955
<font color="#ffc446">දැක්කද? චියර්ස් කරන්න පුළුවන්.</font>

437
00:25:59,955 --> 00:26:02,024
<font color="#ffc446">එකිනෙකාව ෆෝම් කරන්න පුළුවන්,
හොඳයි කියන්න පුළුවන්.</font>

438
00:26:02,024 --> 00:26:03,959
<font color="#ffc446">අවුලක් නෑ කියලා
හිත හදන්න පුළුවන්.</font>

439
00:26:03,959 --> 00:26:05,048
<font color="#ffc446">රණ්ඩු වෙන්නත් පුළුවන්.</font>

440
00:26:05,048 --> 00:26:06,668
<font color="#ffc446">ඔව්, රණ්ඩු වෙන්න පුළුවන්.</font>

441
00:26:06,668 --> 00:26:08,998
<font color="#ffc446">ඊටපස්සේ යාළු වෙන්න පුළුවන්.</font>

442
00:26:08,998 --> 00:26:11,348
<font color="#ffc446">තව එක්කෙනෙක් එකතු වුණාම තුන් දෙනයි,</font>

443
00:26:11,348 --> 00:26:14,904
<font color="#ffc446">එතකොට කාට හරි පැත්තක් ගන්න හරි
රණ්ඩුව බේරන්න හරි පුළුවන්.</font>

444
00:26:14,904 --> 00:26:16,939
<font color="#ffc446">ඒක මරු නේද?</font>

445
00:26:16,939 --> 00:26:18,976
<font color="#ffc446">හැබැයි පහක් නම් එපා.</font>

446
00:26:18,976 --> 00:26:20,361
<font color="#ffc446">ඈ?</font>

447
00:26:22,378 --> 00:26:24,613
<font color="#ffc446">ඔයාට නම් හය දෙනෙක් විතර ඕන පාටයි.</font>

448
00:26:24,613 --> 00:26:25,948
<font color="#ffc446">නෑ නෑ, ලකී සෙවන්.</font>

449
00:26:25,948 --> 00:26:28,150
<font color="#ffc446">ඩාලිං, අපි අද බොක්බුන්ජා බිව්වනේ,</font>

450
00:26:28,150 --> 00:26:30,419
<font color="#ffc446">අපි නිවුන් ළමයි හදමුද? මෙහෙ එන්න.</font>

451
00:26:30,419 --> 00:26:31,958
<font color="#ffc446">මාව ඇල්ලුවොත් මරනවා.</font>

452
00:26:31,958 --> 00:26:33,289
<font color="#ffc446">හතක්? ඔයාට පිස්සුද?</font>

453
00:26:33,289 --> 00:26:34,557
<font color="#ffc446">අපි මොකද ස්නෝ වයිට් ද?</font>

454
00:26:34,557 --> 00:26:35,969
<font color="#ffc446">අහන්නකෝ ජුන් කියුන්.</font>

455
00:26:35,969 --> 00:26:38,789
<font color="#ffc446">සතුට ඔයා හිතන තරම් ළඟ නෑ.</font>

456
00:26:38,789 --> 00:26:40,496
<font color="#ffc446">ඒක හුඟක් දුරයි නේද?</font>

457
00:26:40,496 --> 00:26:42,129
<font color="#ffc446">ඉතින් අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ.</font>

458
00:26:42,129 --> 00:26:46,301
<font color="#ffc446">සතුටින් ඉන්න උත්සාහ කරන එකම
එක්තරා විදියක දුකක් නේද?</font>

459
00:26:54,520 --> 00:26:56,778
<font color="#ffc446">ඒ වෙනුවෙන් මහන්සි වුණාම</font>

460
00:26:58,334 --> 00:27:00,249
<font color="#ffc446">ඇත්තටම ඔයාට සතුටක් ලැබෙනවද?</font>

461
00:27:11,227 --> 00:27:13,180
<font color="#ffc446">ගෙදරද ඉන්නෙ?</font>

462
00:27:13,180 --> 00:27:14,360
<font color="#ffc446">ඔව්, මම ඉන්නෙ.</font>

463
00:27:14,360 --> 00:27:15,366
<font color="#ffc446">ඔයා කෑවද?</font>

464
00:27:15,366 --> 00:27:16,433
<font color="#ffc446">ඔව්, මම කෑවා.</font>

465
00:27:16,433 --> 00:27:17,234
<font color="#ffc446">අම්මට කොහොමද?</font>

466
00:27:17,234 --> 00:27:18,480
<font color="#ffc446">එයා නිදි.</font>

467
00:27:18,480 --> 00:27:20,234
<font color="#ffc446">සමහරවිට අලුත් බෙහෙත් නිසා වෙන්න ඇති.</font>

468
00:27:20,234 --> 00:27:21,868
<font color="#ffc446">මේ දවස්වල අම්මා ගොඩක් මහන්සියෙන් හිටියේ.</font>

469
00:27:21,868 --> 00:27:23,272
<font color="#ffc446">එහෙමද...</font>

470
00:27:25,283 --> 00:27:27,467
<font color="#ffc446">ඉතින්...</font>

471
00:27:27,467 --> 00:27:29,812
<font color="#ffc446">මේක ඔයා විශ්‍රාම යන එක වෙනුවෙන්.</font>

472
00:27:29,812 --> 00:27:30,939
<font color="#ffc446">සුබ පැතුම්?</font>

473
00:27:30,939 --> 00:27:33,183
<font color="#ffc446">මම සුබ පතන්න ඕනෙද?</font>

474
00:27:33,183 --> 00:27:35,817
<font color="#ffc446">කොහොම වුණත්, කරපු කැපකිරීම් වලට ස්තූතියි.</font>

475
00:27:36,603 --> 00:27:37,934
<font color="#ffc446">ඔයා ඒ ගැන දැනන් හිටියද?</font>

476
00:27:37,934 --> 00:27:39,320
<font color="#ffc446">ඈ?</font>

477
00:27:41,792 --> 00:27:43,224
<font color="#ffc446">මට ඇත්තටම අමතක වුණා.</font>

478
00:27:43,224 --> 00:27:44,843
<font color="#ffc446">මට සමාවෙන්න.</font>

479
00:27:44,843 --> 00:27:46,262
<font color="#ffc446">හෙයොන් තමයි මේකත් ගත්තේ.</font>

480
00:27:46,262 --> 00:27:47,729
<font color="#ffc446">හෙයොන් ද?</font>

481
00:27:48,497 --> 00:27:51,233
<font color="#ffc446">හරිම හොඳයි. හොඳ ළමයා.</font>

482
00:27:53,235 --> 00:27:55,704
<font color="#ffc446">අම්මා මේකට ගොඩක් ආස වෙයි නේද?</font>

483
00:27:55,704 --> 00:27:58,107
<font color="#ffc446">ෆ්‍රිජ් එකේ දාන්න, අපි ඉරිදාට කමු.</font>

484
00:27:58,107 --> 00:28:00,244
<font color="#ffc446">හරි, එහෙම කරමු.</font>

485
00:28:00,244 --> 00:28:02,678
<font color="#ffc446">මම නිදාගන්නවා. හරි, යන්න.</font>

486
00:28:32,767 --> 00:28:35,000
<font color="#ffc446">පන්තියේ හිටපු ඔක්කොම අයගෙන්,</font>

487
00:28:35,000 --> 00:28:37,581
<font color="#ffc446">මම හිතුවේ ඔයා මුලින්ම බඳියි කියලා.</font>

488
00:28:37,581 --> 00:28:39,887
<font color="#ffc446">ඒ මොකක් නිසාද?</font>

489
00:28:39,887 --> 00:28:41,327
<font color="#ffc446">ඔයාට මතක නැද්ද?</font>

490
00:28:41,327 --> 00:28:43,318
<font color="#ffc446">කියුන් මින් අයියා.</font>

491
00:28:44,520 --> 00:28:46,689
<font color="#ffc446">අර කිසි ගතියක් නැති පොතේ ගුරා.</font>

492
00:28:46,689 --> 00:28:50,668
<font color="#ffc446">ඔයා එයා පස්සෙමනේ හිටියේ.</font>

493
00:28:50,668 --> 00:28:52,895
<font color="#ffc446">ඔයා එයාට කැමතියි කියලත් කිව්වනේ.</font>

494
00:28:52,895 --> 00:28:54,663
<font color="#ffc446">එයා මාව ප්‍රතික්ෂේප කරානේ.</font>

495
00:28:55,548 --> 00:28:58,334
<font color="#ffc446">ඔයා කැමතියි කියලා, ප්‍රතික්ෂේප වුණාට පස්සේ,</font>

496
00:28:58,334 --> 00:29:01,370
<font color="#ffc446">එහෙම්මම වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තනේ.</font>

497
00:29:01,370 --> 00:29:04,634
<font color="#ffc446">මම ආසයි ඒ කාලේ හිටපු
බය නැති කෙළින් කතා කරන ඔයාට.</font>

498
00:29:04,634 --> 00:29:06,043
<font color="#ffc446">ඉස්සර වගේ.</font>

499
00:29:06,043 --> 00:29:08,368
<font color="#ffc446">අපි පොඩි කාලෙනේ.</font>

500
00:29:08,368 --> 00:29:09,245
<font color="#ffc446">අයියෝ.</font>

501
00:29:09,245 --> 00:29:11,115
<font color="#ffc446">මම කියන්නේ, අද මෙහේ ඉඳලා යන්න.</font>

502
00:29:11,115 --> 00:29:14,016
<font color="#ffc446">ඔයාගේ ගෙදර හරිම තදබදයිනේ.</font>

503
00:29:15,119 --> 00:29:16,808
<font color="#ffc446">ඒයි.</font>

504
00:29:16,808 --> 00:29:18,854
<font color="#ffc446">තනියම ඉඳන් මොනවා කරන්නද?</font>

505
00:29:18,854 --> 00:29:20,989
<font color="#ffc446">පාළුවේ ඉන්නවා ඇරෙන්න?</font>

506
00:29:22,059 --> 00:29:25,094
<font color="#ffc446">මම පාළුවෙන් නෙවෙයි හැබැයි ඉන්නේ.</font>

507
00:29:25,094 --> 00:29:27,997
<font color="#ffc446">කවදාවත් නෑ.</font>

508
00:29:27,997 --> 00:29:29,865
<font color="#ffc446">ගිහින් එන්නම්.</font>

509
00:31:17,167 --> 00:31:19,441
<font color="#ffc446">තනිකම කියන්නේ මගේ රහසක්.</font>

510
00:31:20,100 --> 00:31:24,179
<font color="#ffc446">කවුරුත් ඒක දැනගන්න හොඳ නෑ.</font>

511
00:31:25,381 --> 00:31:29,584
<font color="#ffc446">කවුරුහරි ඒ ගැන හොයන්න ගත්තොත්,</font>

512
00:31:30,939 --> 00:31:33,622
<font color="#ffc446">මම එයාලව මගහරිනවා.</font>

513
00:31:35,234 --> 00:31:38,674
<font color="#ffc446">සමහරු ඒක පැහැදිලි කරන්න හදනවා.</font>

514
00:31:38,674 --> 00:31:41,196
<font color="#ffc446">සමහරුන්ට කේන්ති යනවා.</font>

515
00:31:41,830 --> 00:31:44,332
<font color="#ffc446">තවත් සමහරු දුවලා යනවා.</font>

516
00:31:46,701 --> 00:31:50,038
<font color="#ffc446">මිනිස්සු කියන්නේ තනිකම බාරගන්න ඕනේ,</font>

517
00:31:50,038 --> 00:31:52,841
<font color="#ffc446">ඒක හංගන්නේ නැතුව කියලා.</font>

518
00:31:52,841 --> 00:31:56,344
<font color="#ffc446">ඒත් ඒක මැරෙනවා වගේ අමාරු වැඩක්.</font>

519
00:31:57,467 --> 00:32:00,949
<font color="#ffc446">ඉතින් අපි ලස්සනට ඇඳලා,</font>

520
00:32:00,949 --> 00:32:03,885
<font color="#ffc446">ලොකුවට මේකප් දාලා,</font>

521
00:32:04,734 --> 00:32:09,191
<font color="#ffc446">බොරු හිනාවකින් මිනිස්සුන්ව හම්බවෙනවා.</font>

522
00:32:10,644 --> 00:32:13,495
<font color="#ffc446">එතකොට අපේ දුර්වලකම හැංගිලා තියෙනවනේ.</font>

523
00:32:15,197 --> 00:32:19,668
<font color="#ffc446">සතුටේ වගේම දුකේත් කොටසක් ඒකේ තිබුණා.</font>

524
00:32:20,369 --> 00:32:23,905
<font color="#ffc446">මේ පොතට ගැලපෙන සිංදුවක් ඕනෙද?</font>

525
00:32:52,067 --> 00:32:54,035
<font color="#ffc446">වොන් 9,000යි.</font>

526
00:32:55,467 --> 00:32:56,972
<font color="#ffc446">මොකක්?</font>

527
00:33:02,100 --> 00:33:03,612
<font color="#ffc446">මොකද මේ වෙන්නේ?</font>

528
00:33:09,218 --> 00:33:10,434
<font color="#ffc446">ස්තූතියි. ස්තූතියි.</font>

529
00:33:10,434 --> 00:33:12,120
<font color="#ffc446">අම්මපා!</font>

530
00:33:45,072 --> 00:33:46,721
<font color="#ffc446">ඇයි ඔයා මගේ පස්සෙන් එන්නේ?</font>

531
00:33:49,902 --> 00:33:52,694
<font color="#ffc446">මාත් යන්නේ මේ පාරෙන්මයි.</font>

532
00:33:54,363 --> 00:33:55,697
<font color="#ffc446">ඉතින්...</font>

533
00:33:56,434 --> 00:34:00,068
<font color="#ffc446">මට තිබුණේ ඔයාට වඩා ඉස්සර වෙලා යන්න,</font>

534
00:34:00,068 --> 00:34:03,625
<font color="#ffc446">නැත්නම් වෙන පාරකින් රවුමක් ගහලා යන්න,</font>

535
00:34:03,625 --> 00:34:05,874
<font color="#ffc446">ඒත් අද ගොඩක් සීතලයිනේ.</font>

536
00:34:06,868 --> 00:34:09,010
<font color="#ffc446">මට තවමත්...</font>

537
00:34:14,968 --> 00:34:16,651
<font color="#ffc446">කමක් නෑ.</font>

538
00:34:23,692 --> 00:34:25,760
<font color="#ffc446">මේ මම ඔයාගේ පස්සෙන් එනවා
නෙවෙයිනේ? ඔයා මාව බය කළා.</font>

539
00:34:27,396 --> 00:34:28,764
<font color="#ffc446">මේක පස්සෙන් එනවා නෙවෙයි.</font>

540
00:34:28,764 --> 00:34:30,332
<font color="#ffc446">අපි නිකම් එකට ඇවිදිනවා විතරයි නේද?</font>

541
00:34:34,136 --> 00:34:37,434
<font color="#ffc446">මම මේක බොන්නේ මගේ මහත්තයා එක්ක.</font>

542
00:34:37,434 --> 00:34:39,040
<font color="#ffc446">හරි...</font>

543
00:34:40,377 --> 00:34:42,043
<font color="#ffc446">ඔයා ඉන්නේ මෙහෙද?</font>

544
00:34:44,515 --> 00:34:46,214
<font color="#ffc446">ඔයා ඉන්නේ මෙහෙද?</font>

545
00:34:51,455 --> 00:34:53,621
<font color="#ffc446">මම ඉන්නේ මෙහෙ නෙවෙයි.</font>

546
00:35:07,200 --> 00:35:10,005
<font color="#ffc446">කවුද මේ පිස්සා?</font>

547
00:36:19,501 --> 00:36:21,810
<font color="#ffc446">එයා තනියම ආතල් එකක් ගන්නවා.</font>

548
00:36:24,067 --> 00:36:26,247
<font color="#ffc446">නියමයිනේ.</font>

549
00:36:43,957 --> 00:36:45,433
<font color="#ffc446">පොඩ්ඩක් අහන්න.</font>

550
00:36:46,635 --> 00:36:48,667
<font color="#ffc446">මගේ නෝනාට එච්චර සනීප නෑ,</font>

551
00:36:48,667 --> 00:36:51,073
<font color="#ffc446">ඒ නිසා රට යන්න අමාරුයි.</font>

552
00:36:51,073 --> 00:36:53,300
<font color="#ffc446">අපි බැලුවේ ලංකාව ඇතුළේ කොහේ හරි යන්න,</font>

553
00:36:53,300 --> 00:36:56,177
<font color="#ffc446">වැඩිය ඇවිදින්නේ නැති තැනකට.</font>

554
00:36:56,870 --> 00:36:58,513
<font color="#ffc446">ඔව්.</font>

555
00:37:01,983 --> 00:37:05,100
<font color="#ffc446">පුළුවන්නම්, ඇවිදින්නේ නැතිම තැනක්.</font>

556
00:37:05,100 --> 00:37:06,921
<font color="#ffc446">ඉතින්...</font>

557
00:37:08,433 --> 00:37:12,327
<font color="#ffc446">අපිට හොඳ පැකේජ් එකක් තියෙනවා.</font>

558
00:37:12,327 --> 00:37:15,713
<font color="#ffc446">ජේජු දූපතේ රිසෝට් එකක් කොහොමද?</font>

559
00:37:15,713 --> 00:37:17,962
<font color="#ffc446">ආ, ජේජු ද?</font>

560
00:37:17,962 --> 00:37:21,769
<font color="#ffc446">ඔයාලට අපේ ප්‍රීමියම් සර්විස් ඔක්කොම ගන්න පුළුවන්.
කොහොමද ඒක?</font>

561
00:37:22,573 --> 00:37:24,334
<font color="#ffc446">ඒකනම් හොඳයි වගේ,</font>

562
00:37:24,334 --> 00:37:25,974
<font color="#ffc446">ඒත් ගණන් වැඩියි නේද?</font>

563
00:37:25,974 --> 00:37:28,476
<font color="#ffc446">සියල්ල ඇතුළත් ෆුල් පැකේජ් එකක්.</font>

564
00:37:29,253 --> 00:37:31,045
<font color="#ffc446">සියල්ල ඇතුළත් කියන්නේ මොකක්ද?</font>

565
00:37:34,382 --> 00:37:36,584
<font color="#ffc446">ඒ කියන්නේ...</font>

566
00:37:37,385 --> 00:37:38,787
<font color="#ffc446">හැමදේම ඇතුළත්.</font>

567
00:37:38,787 --> 00:37:40,609
<font color="#ffc446">අපිට ඕන නෑ</font>

568
00:37:40,609 --> 00:37:42,090
<font color="#ffc446">ෆුල් පැකේජ් එකම.</font>

569
00:37:42,090 --> 00:37:44,859
<font color="#ffc446">සාමාන්‍ය එකක් තිබුණම ඇති අපිට.</font>

570
00:37:45,560 --> 00:37:49,597
<font color="#ffc446">හොඳ දේ තමයි අපිට විකල්ප ගොඩක් තියෙනවා.</font>

571
00:37:50,306 --> 00:37:52,834
<font color="#ffc446">ස්පෙෂල් ගෝල්ඩ්, ෆැන්ටාස්ටික් සිල්වර්,</font>

572
00:37:52,834 --> 00:37:54,969
<font color="#ffc446">ඊට පස්සේ බියුටිෆුල් බ්‍රොන්ස්.</font>

573
00:37:57,439 --> 00:37:59,894
<font color="#ffc446"></font>

574
00:38:02,121 --> 00:38:05,280
<font color="#ffc446">ඔයාලා ළඟ මීට වඩා ලාභ එකක් නැද්ද?</font>

575
00:38:05,280 --> 00:38:07,634
<font color="#ffc446">සාමාන්‍ය කොපර් පැකේජ් එකක් වගේ,</font>

576
00:38:07,634 --> 00:38:10,151
<font color="#ffc446">නැත්නම් රස්ටි සිල්වර් වගේ එකක්.</font>

577
00:38:14,890 --> 00:38:18,359
<font color="#ffc446">මේක බලන්න.
මේක ඕෆ් සීසන් නිසා දෙන විශේෂ ගාණක්.</font>

578
00:38:19,161 --> 00:38:23,131
<font color="#ffc446">අපි පහසුකම් ටිකක් අඩු කරොත්,
ඔයාට සියයට 20ක් විතර අඩු කරගන්න පුළුවන්.</font>

579
00:38:23,131 --> 00:38:25,500
<font color="#ffc446">හැබැයි මේක ආයේ කැන්සල් කරන්න බෑ.</font>

580
00:38:25,500 --> 00:38:27,169
<font color="#ffc446">අපි බුක් කරාට පස්සේ කැන්සල් කරන්නේ නෑ.</font>

581
00:38:27,169 --> 00:38:29,171
<font color="#ffc446">අපි අනිවාර්යයෙන්ම යනවා.</font>

582
00:38:29,171 --> 00:38:31,529
<font color="#ffc446">මේක ඔයාලට හරියටම ගැලපෙනවා.</font>

583
00:38:31,529 --> 00:38:33,975
<font color="#ffc446">මේක බලන්නකෝ.</font>

584
00:38:34,709 --> 00:38:37,112
<font color="#ffc446">යාත්‍රා සවාරියකුත් තියෙනවද? අනිවාර්යයෙන්ම.</font>

585
00:38:37,112 --> 00:38:41,522
<font color="#ffc446">ඔයාලා දෙන්නටම විතරක් ප්‍රයිවට්
යන්න යාත්‍රාවක් තෝරගන්න පුළුවන්.</font>

586
00:38:52,961 --> 00:38:55,530
<font color="#ffc446">අරක කීයද?</font>

587
00:38:56,698 --> 00:38:58,400
<font color="#ffc446">ඒක වොන් 260,000යි.</font>

588
00:38:58,400 --> 00:38:59,834
<font color="#ffc446">ඔයාට මේ මල් ඕනෙද?</font>

589
00:39:00,615 --> 00:39:02,434
<font color="#ffc446">නෑ. දැනට ඔහොම තියාගන්නකෝ.</font>

590
00:39:02,434 --> 00:39:04,305
<font color="#ffc446">ඉතින්...</font>

591
00:39:05,040 --> 00:39:06,945
<font color="#ffc446">අරක කීයද?</font>

592
00:39:06,945 --> 00:39:10,311
<font color="#ffc446">ඒක වොන් 180,000යි.</font>

593
00:39:11,813 --> 00:39:13,216
<font color="#ffc446">හ්ම්...</font>

594
00:39:14,868 --> 00:39:17,852
<font color="#ffc446">එහෙනම්...</font>

595
00:39:18,734 --> 00:39:20,555
<font color="#ffc446">මේක කීයද?</font>

596
00:39:21,723 --> 00:39:24,559
<font color="#ffc446">ඔයාට මොකටද මේක?</font>

597
00:39:26,026 --> 00:39:28,363
<font color="#ffc446">මට සමරන්න ඕන දෙයක් තියෙනවා.</font>

598
00:40:15,634 --> 00:40:19,443
<font color="#ffc446">අවුරුදු 37ක් ද?</font>

599
00:40:19,443 --> 00:40:20,882
<font color="#ffc446">ඈ?</font>

600
00:40:20,882 --> 00:40:22,050
<font color="#ffc446">මොකක්?</font>

601
00:40:22,050 --> 00:40:24,085
<font color="#ffc446">සංවත්සරේ පටන් ගන්නේ අපි ෆොටෝ එක ගත්ත දවසේ ඉඳන්නේ,</font>

602
00:40:24,085 --> 00:40:26,743
<font color="#ffc446">අපි නිල වශයෙන් අත්සන් කරපු දවසේ ඉඳන්.</font>

603
00:40:26,743 --> 00:40:28,143
<font color="#ffc446">බලමුකෝ.</font>

604
00:40:28,143 --> 00:40:30,267
<font color="#ffc446">ජුන් කියුන් ට අවුරුද්දක් වුණාට පස්සේ නේ,</font>

605
00:40:30,267 --> 00:40:33,127
<font color="#ffc446">ඒ නිසා මේක අපේ 35 වෙනි සංවත්සරේ.</font>

606
00:40:34,796 --> 00:40:37,947
<font color="#ffc446">කාලේ ඉගිලුණා වගේ දැනෙනවා,</font>

607
00:40:37,947 --> 00:40:40,401
<font color="#ffc446">ආයේ හෙමින් ගියා වගේත් දැනෙනවා.</font>

608
00:40:42,570 --> 00:40:43,971
<font color="#ffc446">ඇත්තටම?</font>

609
00:40:44,973 --> 00:40:47,342
<font color="#ffc446">මටනම් හිතෙන්නේ හෙමින් ගියා කියලයි.</font>

610
00:40:48,109 --> 00:40:50,378
<font color="#ffc446">ඔයා මොකක්ද අඳින්නේ?</font>

611
00:40:50,378 --> 00:40:52,567
<font color="#ffc446">ජුන් කියුන් කිව්වා වගේ,</font>

612
00:40:52,567 --> 00:40:54,382
<font color="#ffc446">මම වැඩිහිටි නිවාසෙකට ගියානම් ඉවරයි.</font>

613
00:40:54,382 --> 00:40:55,701
<font color="#ffc446">අනේ නිකන් ඉන්න.</font>

614
00:40:55,701 --> 00:40:57,719
<font color="#ffc446">මම ඉද්දි ඔයා මොකටද යන්නේ?</font>

615
00:41:00,324 --> 00:41:02,067
<font color="#ffc446">පැටියෝ,</font>

616
00:41:02,067 --> 00:41:03,191
<font color="#ffc446">මේක කොහොමද?</font>

617
00:41:03,191 --> 00:41:06,227
<font color="#ffc446">ඔයා මේක ඇන්දාම හරි ලස්සනයි.</font>

618
00:41:07,569 --> 00:41:09,356
<font color="#ffc446">මේ ඇඳුම මට පොඩියි.</font>

619
00:41:24,112 --> 00:41:25,801
<font color="#ffc446">වැඩේ කියන්නේ</font>

620
00:41:25,801 --> 00:41:27,349
<font color="#ffc446">මම දැනන් හිටියා ඒක කැඩිලා කියලා,</font>

621
00:41:27,349 --> 00:41:29,951
<font color="#ffc446">ඒත් මම නිකන් හිටියා.</font>

622
00:41:29,951 --> 00:41:31,511
<font color="#ffc446">ඔයාට තිබුණේ හදන්න කෙනෙක්ට කතා කරන්න.</font>

623
00:41:31,511 --> 00:41:34,871
<font color="#ffc446">ඔයා හිතන්නේ එදාම ඒක හදාගන්න පුළුවන් වෙයි කියලද?</font>

624
00:41:34,871 --> 00:41:37,791
<font color="#ffc446">ටෙක්නීෂියන් කෙනෙක් එන වෙලාවයි
මගේ නිවාඩු දවසයි මැච් වෙන්නත් එපායැ.</font>

625
00:41:37,791 --> 00:41:41,463
<font color="#ffc446">රිපෙයාර් කරන කෙනෙක්ව මුණගැහෙන්න අමාරුනම්,
මම කොහොමද වෙන කෙනෙක්ව මුණගැහෙන්නේ?</font>

626
00:41:41,463 --> 00:41:42,901
<font color="#ffc446">මම තව ටිකකින් වැඩ ඉවර වෙනවා,</font>

627
00:41:42,901 --> 00:41:44,152
<font color="#ffc446">අපේ ගෙදර එනවද?</font>

628
00:41:44,152 --> 00:41:45,467
<font color="#ffc446">මට කරන්න දෙයක් තියෙනවා.</font>

629
00:41:45,467 --> 00:41:46,870
<font color="#ffc446">මොකක්ද?</font>

630
00:41:48,606 --> 00:41:50,605
<font color="#ffc446">හරිම වෙහෙසකර දෙයක්.</font>

631
00:42:00,317 --> 00:42:01,715
<font color="#ffc446">නෑ.</font>

632
00:42:03,888 --> 00:42:06,187
<font color="#ffc446">ඇත්තටම, මම බය වෙන දෙයක්.</font>

633
00:42:06,803 --> 00:42:09,457
<font color="#ffc446">ඔයා මගේ කෝල් එක මිස් කළානම්,
මට ආපහු කෝල් කරන්න තිබුණනේ.</font>

634
00:42:09,457 --> 00:42:11,763
<font color="#ffc446">මම කිව්වනේ එළිවෙනකම් ප්‍රැක්ටිස් කරලා නිදාගත්තා කියලා.</font>

635
00:42:11,763 --> 00:42:14,662
<font color="#ffc446">ඔයා ගොඩක් වෙලා නිදාගත්ත නිසා මම බය වුණා.</font>

636
00:42:14,662 --> 00:42:16,783
<font color="#ffc446">මම නිදාගෙනනේ හිටියේ, ඇයි බය වෙන්නේ?</font>

637
00:42:16,783 --> 00:42:17,668
<font color="#ffc446">ඔයා හරි ලස්සනයිනේ</font>

638
00:42:17,668 --> 00:42:20,838
<font color="#ffc446">මම නිදාගෙන ඉද්දිත් කොල්ලො ඔයා පස්සේ එයි කියලා මට බයයි.</font>

639
00:42:20,838 --> 00:42:22,904
<font color="#ffc446">අනේ මන්දා.</font>

640
00:42:22,904 --> 00:42:24,743
<font color="#ffc446">කාවද හම්බෙන්න යන්නේ?</font>

641
00:42:24,743 --> 00:42:26,264
<font color="#ffc446">ඔයා එයාලව දන්නේ නෑ.</font>

642
00:42:26,264 --> 00:42:28,179
<font color="#ffc446">ඉස්කෝලේ කාලේ යාළුවෝ වගයක්.</font>

643
00:42:28,179 --> 00:42:31,479
<font color="#ffc446">එයාලා මගේ ෂෝ එක බලන්න ක්ලබ් එකට එනවා,
ඊට පස්සේ අපි සෙට් වෙනවා.</font>

644
00:42:32,163 --> 00:42:33,982
<font color="#ffc446">ඉස්කෝලේ යාළුවෝ?</font>

645
00:42:33,982 --> 00:42:35,804
<font color="#ffc446">කවුද? ආ, මට කෝල් එකක් එනවා.</font>

646
00:42:35,804 --> 00:42:37,683
<font color="#ffc446">මම තියනවා. හරි, පස්සේ ගන්නකෝ.</font>

647
00:42:37,683 --> 00:42:38,763
<font color="#ffc446">අනිවාර්යයෙන් ගන්න.</font>

648
00:42:38,763 --> 00:42:40,255
<font color="#ffc446">ආදරෙයි.</font>

649
00:42:40,255 --> 00:42:41,642
<font color="#ffc446">බායි.</font>

650
00:42:54,069 --> 00:42:55,416
<font color="#ffc446">ඔයා මොකද මෙහෙ කරන්නේ?</font>

651
00:42:57,130 --> 00:42:58,471
<font color="#ffc446">මුකුත් නෑ.</font>

652
00:42:58,471 --> 00:43:00,875
<font color="#ffc446">ඔයා නිකම්ම ඇවිල්ලා යන්න නෙවෙයි නේද ආවේ?</font>

653
00:43:01,609 --> 00:43:03,377
<font color="#ffc446">ඒ ගැන හිතන්න එපා.</font>

654
00:43:04,211 --> 00:43:05,771
<font color="#ffc446">අනේ මේ.</font>

655
00:43:05,771 --> 00:43:07,267
<font color="#ffc446">මේක අපේ අම්මලාගේ ගෙදරනේ.</font>

656
00:43:16,591 --> 00:43:18,259
<font color="#ffc446">ඔයා ඇත්තටම මං එනකන් බලන් හිටියේ නෑ නේද?</font>

657
00:43:18,259 --> 00:43:20,195
<font color="#ffc446">පිස්සුද? මං මොකටද ඔයා එනකන් බලන් ඉන්නේ?</font>

658
00:43:20,195 --> 00:43:21,896
<font color="#ffc446">තනියම එන එක අවුල්නේ.</font>

659
00:43:21,896 --> 00:43:24,201
<font color="#ffc446">දෙමව්පියෝ එක්ක ඉන්න ලැජ්ජයිද ළමයෝ?</font>

660
00:43:24,201 --> 00:43:26,298
<font color="#ffc446">ඔයාගේ වැඩක් බලාගන්නකෝ.</font>

661
00:43:26,298 --> 00:43:27,235
<font color="#ffc446">මම හොඳින්.</font>

662
00:43:27,235 --> 00:43:29,637
<font color="#ffc446">ඔව් ඔව්, අනිවාර්යයෙන්ම.
හැබැයි ඩේටින් වලට නම් ඔයා මරු.</font>

663
00:43:29,637 --> 00:43:32,574
<font color="#ffc446">මං ඔයාගෙන් සල්ලි ඉල්ලලා
හුඟ කාලයක් වුණා නේද?</font>

664
00:43:32,574 --> 00:43:34,159
<font color="#ffc446">මං ඕක අහන් ඉන්න ඕනෙද?</font>

665
00:43:34,159 --> 00:43:35,143
<font color="#ffc446">විහිළු කරන්නෙ නැතුව ඉන්න.</font>

666
00:43:35,143 --> 00:43:37,815
<font color="#ffc446">ඔයාගේ කෝස් එකේ සල්ලි වලින් බාගයක්ම යන්නේ මගේ එකවුන්ට් එකෙන්.</font>

667
00:43:37,815 --> 00:43:40,248
<font color="#ffc446">ඩිග්‍රියට තාරකා විද්‍යාව,
එතකොට මාස්ටර්ස් එකට...</font>

668
00:43:40,248 --> 00:43:41,399
<font color="#ffc446">සංස්කෘතිය ගැනද මොකක්ද එකක් නේ?</font>

669
00:43:41,399 --> 00:43:43,199
<font color="#ffc446">ඒක සංස්කෘතික ඒකාබද්ධතාවය.</font>

670
00:43:43,199 --> 00:43:45,158
<font color="#ffc446">එතකොට පී.එච්.ඩී එක?</font>

671
00:43:45,158 --> 00:43:45,959
<font color="#ffc446">ගගනගාමී පැත්තද?</font>

672
00:43:45,959 --> 00:43:47,759
<font color="#ffc446">මං මගේ පාත් එක තෝරගන්න ගමන් ඉන්නේ.</font>

673
00:43:47,759 --> 00:43:49,399
<font color="#ffc446">ඔයා නිතරම ඕක වෙනස් කරනවා.</font>

674
00:43:49,399 --> 00:43:51,259
<font color="#ffc446">ඔයාට එක දෙයක් දිගටම කරගෙන යන්න බැරිද?</font>

675
00:43:51,259 --> 00:43:54,058
<font color="#ffc446">අන්තිමේදී අපි මුණගැහුණාම ඔයාට ඔහොමම කතා කරන්න ඕනෙද?</font>

676
00:43:54,058 --> 00:43:56,504
<font color="#ffc446">මං කියපු දේ වැරදිද?</font>

677
00:43:56,504 --> 00:43:59,400
<font color="#ffc446">ඔයා හිතන් ඉන්නේ මුළු ලෝකෙන්ම
ඔයා තමයි හොඳම කියලා නේද?</font>

678
00:43:59,400 --> 00:44:02,164
<font color="#ffc446">මිනිස්සු හැමතිස්සෙම
හොඳ දේවල් විතරක් කිය කිය ඉන්නේ නෑ.</font>

679
00:44:02,164 --> 00:44:04,405
<font color="#ffc446">ඒක වැරදි වුණත්.</font>

680
00:44:04,405 --> 00:44:06,005
<font color="#ffc446">සමහර වෙලාවට ඒ දේවල් කියන්න වෙනවා.</font>

681
00:44:06,005 --> 00:44:08,776
<font color="#ffc446">සමහර වෙලාවට ඒක අහන එකත් හොඳයි, තේරුණාද?</font>

682
00:44:08,776 --> 00:44:11,184
<font color="#ffc446">මේ වගේ දවසක, අපි එළියෙන් කන්න තිබ්බේ.</font>

683
00:44:11,184 --> 00:44:13,344
<font color="#ffc446">අම්මා සෙනඟ ඉන්න තැන් වලට අකමැතියි කියලා ඔයා දන්නවනේ?</font>

684
00:44:13,344 --> 00:44:16,517
<font color="#ffc446">අම්මව ආයේ අවුස්සන්න එපා.</font>

685
00:44:27,367 --> 00:44:28,583
<font color="#ffc446">හරි, හරි.</font>

686
00:44:28,583 --> 00:44:30,798
<font color="#ffc446">ඔක්කොම හරි.</font>

687
00:44:31,699 --> 00:44:33,801
<font color="#ffc446">හරි, තව එක පාරක්.</font>

688
00:44:33,801 --> 00:44:35,234
<font color="#ffc446">ඔක්කොම හරි.</font>

689
00:44:35,234 --> 00:44:36,737
<font color="#ffc446">ඔක්කොම හරි.</font>

690
00:44:42,143 --> 00:44:44,011
<font color="#ffc446">මම ලිප්ස්ටික් ටිකක් ගාන්නද?</font>

691
00:44:45,713 --> 00:44:47,848
<font color="#ffc446">මගේ අත් දෙක හොඳට තියෙනවා.</font>

692
00:45:05,967 --> 00:45:07,132
<font color="#ffc446">ඔයා මොකද හිතන්නේ?</font>

693
00:45:07,132 --> 00:45:08,970
<font color="#ffc446">ඒක ඔයාට ගොඩක් ලස්සනයි නේද?</font>

694
00:45:10,672 --> 00:45:12,673
<font color="#ffc446">මෙයා. ඇයි?</font>

695
00:45:14,645 --> 00:45:16,243
<font color="#ffc446">මට සමාවෙන්න.</font>

696
00:45:17,311 --> 00:45:18,846
<font color="#ffc446">මොකටද?</font>

697
00:45:20,582 --> 00:45:22,116
<font color="#ffc446">හැමදේටම.</font>

698
00:45:24,457 --> 00:45:26,821
<font color="#ffc446">ඔයාට දැන් සනීප වේගෙනනේ එන්නේ.</font>

699
00:45:26,821 --> 00:45:29,090
<font color="#ffc446">හැමදේම හරියයි.</font>

700
00:45:31,128 --> 00:45:32,534
<font color="#ffc446">ඒක නෙවෙයි,</font>

701
00:45:32,534 --> 00:45:35,663
<font color="#ffc446">මොකක් හරි කරවෙන සුවඳක් එනවද?</font>

702
00:45:35,663 --> 00:45:38,432
<font color="#ffc446">අයියෝ, සෝස් එක.</font>

703
00:45:47,909 --> 00:45:51,178
<font color="#ffc446"></font>

704
00:45:55,400 --> 00:45:56,968
<font color="#ffc446">ඒක ඔක්කොම හරි.</font>

705
00:45:56,968 --> 00:45:58,434
<font color="#ffc446">තාත්තේ, මං මේක මෙතනින් තියන්නද?</font>

706
00:45:58,434 --> 00:45:59,988
<font color="#ffc446">ඔව්, තියන්න.</font>

707
00:45:59,988 --> 00:46:02,293
<font color="#ffc446">පෙති කපපු අල ටිකත් දාන්න. හරි.</font>

708
00:46:02,293 --> 00:46:03,958
<font color="#ffc446">හරි. මස් ටිකත් දාන්න.</font>

709
00:46:08,096 --> 00:46:10,998
<font color="#ffc446">ජුන් සෝ, පොඩ්ඩක් මෙහෙට එන්න.</font>

710
00:46:12,303 --> 00:46:14,035
<font color="#ffc446">පරිස්සමෙන්.</font>

711
00:46:14,035 --> 00:46:16,601
<font color="#ffc446">ආව්, ඒක රස්නෙයි.</font>

712
00:46:16,601 --> 00:46:18,139
<font color="#ffc446">මං කිව්වනේ පරිස්සම් වෙන්න කියලා.</font>

713
00:46:20,141 --> 00:46:21,667
<font color="#ffc446">හරි.</font>

714
00:46:21,667 --> 00:46:23,577
<font color="#ffc446">ඔව්, ඉතුරු ටිකත් ඇතුලට ගේන්න.</font>

715
00:46:25,680 --> 00:46:27,151
<font color="#ffc446">තාත්තේ, උදව් ඕනෙද?</font>

716
00:46:27,151 --> 00:46:28,850
<font color="#ffc446">නෑ, මගේ වැඩ ඔක්කොම ඉවරයි.</font>

717
00:46:28,850 --> 00:46:30,831
<font color="#ffc446">වාඩි වෙන්නකෝ.</font>

718
00:46:43,533 --> 00:46:44,952
<font color="#ffc446">ඇයි මොකද?</font>

719
00:46:47,502 --> 00:46:50,774
<font color="#ffc446">නිකන් අවුල් වගේ.</font>

720
00:46:50,774 --> 00:46:52,185
<font color="#ffc446">මොකක් ගැනද?</font>

721
00:46:55,443 --> 00:46:56,934
<font color="#ffc446">මගේ ඇඳුම්ද?</font>

722
00:46:56,934 --> 00:46:58,446
<font color="#ffc446">නෑ.</font>

723
00:47:14,632 --> 00:47:17,368
<font color="#ffc446">අම්මේ, මේ දවස්වල අම්මට ඕන කරන මොනවා හරි තියෙනවද?</font>

724
00:47:17,368 --> 00:47:19,270
<font color="#ffc446">මොනවා ඕන වෙන්නද?</font>

725
00:47:19,270 --> 00:47:20,835
<font color="#ffc446">මම කොහේ යන්නද?</font>

726
00:47:26,810 --> 00:47:28,445
<font color="#ffc446">ඉස්පිරිතාලේ යන එක ගැන මොකද හිතන්නේ?</font>

727
00:47:28,445 --> 00:47:29,777
<font color="#ffc446">ඔයා තාම යනවද?</font>

728
00:47:30,697 --> 00:47:32,546
<font color="#ffc446">ළඟදි ඉඳන් ප්‍රෙෂර් එක කොහොමද?</font>

729
00:47:36,453 --> 00:47:38,567
<font color="#ffc446">මගේ අම්මා.</font>

730
00:47:38,567 --> 00:47:40,054
<font color="#ffc446">ඔය ඉන්නේ ඉතින්.</font>

731
00:47:40,054 --> 00:47:42,460
<font color="#ffc446">අද ඔයා හරිම ලස්සනයි.</font>

732
00:47:42,460 --> 00:47:43,925
<font color="#ffc446">ඔයා හරියටම මං වගේ.</font>

733
00:47:43,925 --> 00:47:45,881
<font color="#ffc446">ඔයා දන්නවා කතා කරන්න ඕන විදිහ.</font>

734
00:47:45,881 --> 00:47:48,629
<font color="#ffc446">ඒකද හැමෝම මට ආදරේ?</font>

735
00:47:48,629 --> 00:47:51,733
<font color="#ffc446">මගේ ප්‍රොෆෙසර් පවා මං පස්සෙන් එන එක නවත්තන්නේ නෑ.</font>

736
00:47:51,733 --> 00:47:54,001
<font color="#ffc446">මට ඒකෙන් පිස්සු හැදෙනවා.</font>

737
00:48:00,908 --> 00:48:03,377
<font color="#ffc446">ඔයාට කොහොමද?</font>

738
00:48:04,715 --> 00:48:06,180
<font color="#ffc446">ඉස්පිරිතාලෙද?</font>

739
00:48:06,180 --> 00:48:07,715
<font color="#ffc446">හොඳයි ඉතින්.</font>

740
00:48:08,720 --> 00:48:13,121
<font color="#ffc446">තරුණ කාලෙදී නම් දොස්තර කෙනෙක් වෙන එක
ලොකු දෙයක් වගේ පේනවා.</font>

741
00:48:13,121 --> 00:48:16,023
<font color="#ffc446">හැබැයි වයසට යද්දී, තමන්ගේ මට්ටමට ගැළපෙන
කෙනෙක් හොයාගන්න අමාරු වෙනවා.</font>

742
00:48:16,023 --> 00:48:17,458
<font color="#ffc446">අම්මේ.</font>

743
00:48:20,461 --> 00:48:23,264
<font color="#ffc446">අපි හුඟ කාලෙකින්නේ හම්බුණේ,
ඒ නිසා සතුටින් ඉමුකෝ.</font>

744
00:48:25,166 --> 00:48:26,403
<font color="#ffc446">ඇයි?</font>

745
00:48:26,403 --> 00:48:28,102
<font color="#ffc446">අම්මා වැරදි දෙයක් කිව්වෙ නෑනේ.</font>

746
00:48:29,940 --> 00:48:32,039
<font color="#ffc446">අම්මේ, තාත්තේ,</font>

747
00:48:32,039 --> 00:48:35,109
<font color="#ffc446">සුබ විවාහ සංවත්සරයක් වේවා.</font>

748
00:48:37,278 --> 00:48:39,199
<font color="#ffc446">මගෙනුත් සුබ පැතුම්.</font>

749
00:48:40,081 --> 00:48:41,416
<font color="#ffc446">ඔයා මට මුකුත් ගේන්න ඕනෙ නෑනේ.</font>

750
00:48:41,416 --> 00:48:43,651
<font color="#ffc446">ගොඩක් ස්තූතියි.</font>

751
00:48:43,651 --> 00:48:45,520
<font color="#ffc446">මං ඔයාට බලාගන්න කෙනෙක්ව අරන් දෙන්නම්,</font>

752
00:48:45,520 --> 00:48:49,123
<font color="#ffc446">එතකොට ඔයාට යාළුවෝ හම්බවෙන්න, ඇවිදින්න යන්න පුළුවන්.</font>

753
00:48:49,123 --> 00:48:52,326
<font color="#ffc446">ඔයා හොඳටම මහන්සි වෙලානේ ඉන්නේ.
ඔයාට විවේකයක්වත් නෑනේ.</font>

754
00:48:54,429 --> 00:48:56,758
<font color="#ffc446">තාත්තා කොහොමද එහෙම කරන්නේ?</font>

755
00:48:56,758 --> 00:48:59,067
<font color="#ffc446">අම්මා හැමදාම තනියමනේ.</font>

756
00:48:59,067 --> 00:49:00,401
<font color="#ffc446">ඒකනේ.</font>

757
00:49:00,401 --> 00:49:03,404
<font color="#ffc446">මං එනකන් එයා මෙතන තනියම වාඩි වෙලා හිටියා.</font>

758
00:49:03,404 --> 00:49:05,318
<font color="#ffc446">ඒකෙන් එයා ගොඩක් හෙම්බත් වුණා.</font>

759
00:49:05,318 --> 00:49:08,509
<font color="#ffc446">දැන් එයාට එහෙම ඉන්න ඕන නෑ, කොච්චර හොඳද.</font>

760
00:49:09,880 --> 00:49:11,646
<font color="#ffc446">මෙයාට මේක මතකද?</font>

761
00:49:11,646 --> 00:49:13,816
<font color="#ffc446">අපේ පළවෙනි ඇනිවර්සරි දවස.</font>

762
00:49:13,816 --> 00:49:16,384
<font color="#ffc446">අපි අමාරුවෙන් ධෛර්යය අරගෙන පරණ රෙස්ටොරන්ට් එකකට ගියා.</font>

763
00:49:16,384 --> 00:49:20,026
<font color="#ffc446">අපි හැම්බර්ගර් ස්ටේක් එකක් ඕඩර් කරලා
පළවෙනි වතාවට වයින් බිව්වා.</font>

764
00:49:20,026 --> 00:49:24,091
<font color="#ffc446">වයින් බිව්වම අපේ තොල් කළු පාට වෙච්ච හින්දා
අපි බඩ පැලෙනකන් හිනා වුණා.</font>

765
00:49:24,792 --> 00:49:27,464
<font color="#ffc446">මෙයාට ඒක මතකයි නේද?</font>

766
00:49:27,464 --> 00:49:28,896
<font color="#ffc446">නෑ, මට මතක නෑ.</font>

767
00:49:30,431 --> 00:49:33,701
<font color="#ffc446">ඒක ඉතින් හුඟ කාලෙකට කලින්නේ.</font>

768
00:49:33,701 --> 00:49:35,068
<font color="#ffc446">දැන් ඒක ඉතිහාසයට එකතු වෙලා.</font>

769
00:49:35,068 --> 00:49:39,039
<font color="#ffc446">අවුරුදු තිහකටත් වැඩියි නේ,
ඉතින් ඔයාට අමතක වෙන එක පුදුමයක් නෙවෙයි.</font>

770
00:49:45,834 --> 00:49:47,548
<font color="#ffc446">මෙයා, අපි චියර්ස් කරමුද?</font>

771
00:49:48,922 --> 00:49:52,052
<font color="#ffc446">මම අද දැනටමත් දෙපාරක්ම වේදනා නාශක බිව්වා.</font>

772
00:49:53,402 --> 00:49:55,089
<font color="#ffc446">ආහ්, ඇත්ත නේ.</font>

773
00:49:56,190 --> 00:49:58,960
<font color="#ffc446">ඔයා බොන්න හොඳ නෑ. සොරි.</font>

774
00:49:58,960 --> 00:50:00,828
<font color="#ffc446">ඔයා බොන්න.</font>

775
00:50:01,622 --> 00:50:04,031
<font color="#ffc446">නෑ, මටත් එච්චර බොන්න ඕනකමක් නෑ.</font>

776
00:50:05,700 --> 00:50:08,569
<font color="#ffc446">ඇත්තම කිව්වොත්, වතුර තමයි රසම.</font>

777
00:50:08,569 --> 00:50:10,404
<font color="#ffc446">මම වතුර ටිකක් බොන්නම්.</font>

778
00:50:14,578 --> 00:50:16,176
<font color="#ffc446">ඔයාටත් ඕනෙද?</font>

779
00:50:27,194 --> 00:50:29,957
<font color="#ffc446">මං එදා මැරෙන්න තිබ්බේ.</font>

780
00:50:31,158 --> 00:50:33,067
<font color="#ffc446">මං මැරුණා නම්,</font>

781
00:50:33,067 --> 00:50:36,197
<font color="#ffc446">ඔයාට මේ විදිහට වතුර බිබී දුක් විඳින්න වෙන්නෙ නෑ.</font>

782
00:50:36,197 --> 00:50:38,966
<font color="#ffc446">ඔයාට ඇති වෙනකන් වයින් බොන්න තිබුණා.</font>

783
00:50:44,639 --> 00:50:48,275
<font color="#ffc446">ඔයා හැමතිස්සෙම මැරෙන එක ගැන කතා කරන්න ඕනෙද?</font>

784
00:50:54,048 --> 00:50:56,884
<font color="#ffc446">මේ ගෙදරට ආපු ගමන් මට හිතෙන්නේ
මගේ වයස අවුරුදු දහයකින් විතර වැඩි වුණා වගේ.</font>

785
00:50:58,649 --> 00:51:00,441
<font color="#ffc446">ගෙදරට බනින්නේ ඇයි?</font>

786
00:51:00,441 --> 00:51:02,356
<font color="#ffc446">මට බනින්න.</font>

787
00:51:02,356 --> 00:51:05,227
<font color="#ffc446">කියන්න, මාව දැක්ක ගමන් ඔයා නාකි වෙනවා වගේ දැනෙනවා කියලා.</font>

788
00:51:05,227 --> 00:51:06,193
<font color="#ffc446">අම්මේ.</font>

789
00:51:06,193 --> 00:51:07,889
<font color="#ffc446">හිත රිදෙන දේවල් වලට අපි හැමෝම අහුවෙනවා.</font>

790
00:51:07,889 --> 00:51:09,596
<font color="#ffc446">ජුන් කියුන්.</font>

791
00:51:10,167 --> 00:51:11,532
<font color="#ffc446">හරි.</font>

792
00:51:13,167 --> 00:51:14,150
<font color="#ffc446">දැන් ඇති, නවත්තන්න.</font>

793
00:51:14,150 --> 00:51:17,125
<font color="#ffc446">අපි හැමෝම එකතු වෙලා චියර්ස් කරමුද?</font>

794
00:51:17,125 --> 00:51:18,730
<font color="#ffc446">මේක සතුටු දවසක් නේ.</font>

795
00:51:18,730 --> 00:51:20,267
<font color="#ffc446">ඇයි ඔයාට බැරි මේ වගේ දවසක</font>

796
00:51:20,267 --> 00:51:22,876
<font color="#ffc446">නිකන් වයින් වීදුරුවක් බොන්න?</font>

797
00:51:27,151 --> 00:51:30,685
<font color="#ffc446">ඔයාලා මං ගැන හිතල කරන දෙයක් නෙවෙයි ඕක.</font>

798
00:51:30,685 --> 00:51:32,623
<font color="#ffc446">ඕකෙන් ඔයාලා මගේ හිත රිද්දනවා.</font>

799
00:51:38,259 --> 00:51:39,592
<font color="#ffc446">බොන්න. අම්මේ.</font>

800
00:51:39,592 --> 00:51:41,996
<font color="#ffc446">කමක් නෑ.</font>

801
00:51:43,097 --> 00:51:44,865
<font color="#ffc446">මට පුළුවන් නිකන් බොන්න.</font>

802
00:51:47,301 --> 00:51:48,772
<font color="#ffc446">ඉවර වෙන්නම බොන්න.</font>

803
00:51:48,772 --> 00:51:50,741
<font color="#ffc446">අම්මේ.</font>

804
00:51:50,741 --> 00:51:52,501
<font color="#ffc446">දැන් ඇති.</font>

805
00:51:52,501 --> 00:51:54,108
<font color="#ffc446">මං ඕක බීලා ඉවර කරන්නම්.</font>

806
00:52:04,852 --> 00:52:06,520
<font color="#ffc446">හරි, දැන් ඉටිපන්දම් නිවන්න වෙලාව හරි.</font>

807
00:52:06,520 --> 00:52:08,022
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න.</font>

808
00:52:08,022 --> 00:52:09,990
<font color="#ffc446">පොඩ්ඩක් ඉන්න. හරි.</font>

809
00:52:33,622 --> 00:52:35,949
<font color="#ffc446">අම්මේ, ඔයා දන්නවද ඔය ඇඳුම හිරයි කියලා?</font>

810
00:52:49,525 --> 00:52:52,433
<font color="#ffc446">මෙයා. ඇයි?</font>

811
00:52:52,433 --> 00:52:55,069
<font color="#ffc446">මට කැරකිල්ල වගේ.</font>

812
00:52:55,069 --> 00:52:56,462
<font color="#ffc446">මට ටිකක් හාන්සි වෙන්න ඕන.</font>

813
00:52:56,462 --> 00:52:58,058
<font color="#ffc446">හරි, යමු.</font>

814
00:52:58,839 --> 00:52:59,763
<font color="#ffc446">තාත්තේ, මං කරන්නම්.</font>

815
00:52:59,763 --> 00:53:02,076
<font color="#ffc446">එපා, වාඩි වෙන්න. මං කරන්නම්, වාඩි වෙලා ඉන්න.</font>

816
00:53:07,372 --> 00:53:08,764
<font color="#ffc446">නිකන් වාඩි වෙලා ඉන්න.</font>

817
00:53:18,793 --> 00:53:21,432
<font color="#ffc446">මට තියෙන්නේ අම්මා අහන්න කැමති දේවල් විතරක් කියන්නද?</font>

818
00:53:21,432 --> 00:53:23,831
<font color="#ffc446">ඒක මහ නරක ඇක්සිඩන්ට් එකක්.</font>

819
00:53:23,831 --> 00:53:26,432
<font color="#ffc446">ඒ වගේම ලොකු වාසනාවකට එයා බේරුණා.</font>

820
00:53:26,432 --> 00:53:27,702
<font color="#ffc446">ඒත් අම්මා බෙහෙත් ගන්න කැමති නැති නිසා,</font>

821
00:53:27,702 --> 00:53:29,732
<font color="#ffc446">අපි කොච්චර කල් මේ විදිහට දුකෙන් ඉන්න ඕනෙද?</font>

822
00:53:29,732 --> 00:53:31,893
<font color="#ffc446">අම්මගේ දවස කන්න එපා.</font>

823
00:53:31,893 --> 00:53:34,141
<font color="#ffc446">එයා මගෙත් දවස කෑවා.</font>

824
00:53:37,311 --> 00:53:39,146
<font color="#ffc446">දැන්වත් හැදෙන්නකෝ.</font>

825
00:53:39,146 --> 00:53:40,881
<font color="#ffc446">ප්ලීස්.</font>

826
00:53:58,933 --> 00:54:01,268
<font color="#ffc446">ඔව්, හතර දෙනෙක් වැඩියි වගේ.</font>

827
00:54:07,701 --> 00:54:09,109
<font color="#ffc446">මෙයා.</font>

828
00:54:10,033 --> 00:54:12,379
<font color="#ffc446">ඕක අමතක කරලා දාන්න, හරිද?</font>

829
00:54:14,129 --> 00:54:17,918
<font color="#ffc446">කොහොමත් ජුන් කියුන් කියන කතාව හරි.</font>

830
00:54:20,839 --> 00:54:22,723
<font color="#ffc446">මට හිතෙනවා</font>

831
00:54:22,723 --> 00:54:25,626
<font color="#ffc446">මම බර ටිකක් අඩු කරගන්න ඕන කියලා.</font>

832
00:54:25,626 --> 00:54:28,128
<font color="#ffc446">දොස්තරත් කිව්වනේ එහෙම කරන්න කියලා.</font>

833
00:54:29,828 --> 00:54:30,897
<font color="#ffc446">ඔව්.</font>

834
00:54:30,897 --> 00:54:32,399
<font color="#ffc446">ඕනවට වඩා මහන්සි වෙන්න එපා.</font>

835
00:54:32,399 --> 00:54:36,106
<font color="#ffc446">අපි හිමීට, දෙන්නත් එක්කම එකතු වෙලා කරමු.</font>

836
00:54:39,443 --> 00:54:40,841
<font color="#ffc446">ඇයි, මොකද?</font>

837
00:54:44,445 --> 00:54:46,513
<font color="#ffc446">මට මොනවද කරන්න පුළුවන්</font>

838
00:54:47,284 --> 00:54:51,018
<font color="#ffc446">ඔයා නැතුව?</font>

839
00:54:58,327 --> 00:55:00,194
<font color="#ffc446">මම කොහොමද</font>

840
00:55:01,131 --> 00:55:03,297
<font color="#ffc446">ඔයා නැතුව ඉන්නේ?</font>

841
00:55:08,873 --> 00:55:11,141
<font color="#ffc446">මම යනවා.</font>

842
00:55:11,141 --> 00:55:12,639
<font color="#ffc446">පොඩ්ඩක් රෙස්ට් කරන්න.</font>

843
00:55:22,486 --> 00:55:23,951
<font color="#ffc446">ඔයා දැන්ම යනවද?</font>

844
00:55:24,555 --> 00:55:26,420
<font color="#ffc446">ඔව්. වෙන කරන්න දෙයක් නෑනේ.</font>

845
00:55:28,225 --> 00:55:30,691
<font color="#ffc446">ඔයා මේ විදිහට ගියොත්, අම්මට ගොඩක් දුක හිතෙයි.</font>

846
00:55:42,090 --> 00:55:43,637
<font color="#ffc446">වෙන වෙලාවක බලමු.</font>

847
00:55:56,016 --> 00:55:57,251
<font color="#ffc446">ගිහින් එන්න.</font>

848
00:55:57,251 --> 00:55:59,859
<font color="#ffc446">හරි සීතලයි. ඉක්මනට ගෙදර යන්න.</font>

849
00:56:00,624 --> 00:56:02,289
<font color="#ffc446">පරිස්සමෙන් යන්න.</font>

850
00:56:05,910 --> 00:56:07,527
<font color="#ffc446">ජුන් කියුන්.</font>

851
00:56:10,363 --> 00:56:13,947
<font color="#ffc446">මාස හයකට පස්සේ, ඔයා ගෙදර ආපු පළවෙනි වතාව මේක.</font>

852
00:56:19,202 --> 00:56:23,176
<font color="#ffc446">අම්මටයි මටයි තව අවුරුදු 20ක් ලැබුණොත්,</font>

853
00:56:24,605 --> 00:56:27,381
<font color="#ffc446">අපිට එකට කෑම වේලක් කන්න පුළුවන් වෙන්නේ</font>

854
00:56:27,381 --> 00:56:30,350
<font color="#ffc446">40 වතාවක් විතරයි.</font>

855
00:56:34,150 --> 00:56:36,991
<font color="#ffc446">අපි දැන් එකක් කෑවා, ඉතුරු වෙලා තියෙන්නේ 39යි.</font>

856
00:56:36,991 --> 00:56:38,278
<font color="#ffc446">ඔයාට තේරුණාද?</font>

857
00:56:46,000 --> 00:56:47,993
<font color="#ffc446">නිතරම ගෙදර එන්න.</font>

858
00:56:47,993 --> 00:56:50,167
<font color="#ffc446">අම්මා එක්ක නිතරම කෑම කන්න.</font>

859
00:56:50,167 --> 00:56:51,538
<font color="#ffc446">තේරුණාද?</font>

860
00:56:55,083 --> 00:56:56,310
<font color="#ffc446">හරි.</font>

861
00:56:57,323 --> 00:56:58,712
<font color="#ffc446">හරි, දැන් යන්න.</font>

862
00:57:01,852 --> 00:57:03,133
<font color="#ffc446">මම ගිහින් එන්නම්.</font>

863
00:57:03,133 --> 00:57:04,551
<font color="#ffc446">යන්න.</font>

864
00:57:57,385 --> 00:57:59,172
<font color="#ffc446">සොල්, මේ මම.</font>

865
00:58:00,752 --> 00:58:02,509
<font color="#ffc446">හෙලෝ?</font>

866
00:58:03,944 --> 00:58:05,879
<font color="#ffc446">ඔයා කතා කරන්නෙ නෑනේ.</font>

867
00:58:07,881 --> 00:58:10,417
<font color="#ffc446">ඔයාට වැරදිලා කෝල් බට්න් එක ඔබෙන්න ඇති.</font>

868
00:58:11,151 --> 00:58:12,165
<font color="#ffc446">හරිද?</font>

869
00:58:12,165 --> 00:58:14,988
<font color="#ffc446">ඒයි, කසනවා. නවත්තන්නකෝ.</font>

870
00:58:15,622 --> 00:58:16,546
<font color="#ffc446">එතනද ඔයාට කසන්නේ?</font>

871
00:58:16,546 --> 00:58:18,285
<font color="#ffc446">දැන් ඇති.</font>

872
00:58:18,285 --> 00:58:20,794
<font color="#ffc446">ඇයි ඔයාගේ අත් ඔච්චර රළු?</font>

873
00:58:21,599 --> 00:58:23,016
<font color="#ffc446">සොල්.</font>

874
00:58:23,601 --> 00:58:24,902
<font color="#ffc446">- ඒයි. ඒක රිදෙනවා.</font>

875
00:58:24,902 --> 00:58:26,367
<font color="#ffc446">සොල්.
- අනේ ඉතින්.</font>

876
00:58:26,367 --> 00:58:28,435
<font color="#ffc446">ඔයා දැන් මොකද කරන්නේ?</font>

877
00:59:09,843 --> 00:59:12,446
<font color="#ffc446"></font>

878
00:59:22,556 --> 00:59:25,625
<font color="#ffc446">මට ෂුවර් නෑ</font>

879
00:59:26,868 --> 00:59:29,863
<font color="#ffc446">ඔයා මේක කොහොම බාරගනීවිද කියලා.</font>

880
00:59:30,534 --> 00:59:32,767
<font color="#ffc446">ඔයා එක්ක</font>

881
00:59:32,767 --> 00:59:35,102
<font color="#ffc446">ජීවත් වෙන එක</font>

882
00:59:35,102 --> 00:59:38,367
<font color="#ffc446">සමහර වෙලාවට අමාරු වුණා,</font>

883
00:59:38,367 --> 00:59:43,385
<font color="#ffc446">ඒත් ගොඩක් සතුටු දවසුත් තිබුණා.</font>

884
00:59:43,385 --> 00:59:45,445
<font color="#ffc446">ඉතින් අද ඉඳන්...</font>

885
00:59:49,801 --> 00:59:51,418
<font color="#ffc446">ම්ම්ම්...</font>

886
00:59:58,225 --> 01:00:00,539
<font color="#ffc446">ඉතින් අද ඉඳන්,</font>

887
01:00:00,539 --> 01:00:02,601
<font color="#ffc446">අපිට ඉතුරු වෙලා තියෙන කාලේ</font>

888
01:00:02,601 --> 01:00:05,419
<font color="#ffc446">සතුටින් ඉමු.</font>

889
01:00:05,419 --> 01:00:06,704
<font color="#ffc446">හරිද?</font>

890
01:00:06,704 --> 01:00:08,138
<font color="#ffc446">මං ඔයාට ආදරෙයි.</font>

891
01:00:08,138 --> 01:00:09,603
<font color="#ffc446">සුව නින්දක් වේවා.</font>

892
01:00:27,591 --> 01:00:28,989
<font color="#ffc446">මෙයා.</font>

893
01:00:30,267 --> 01:00:32,138
<font color="#ffc446">මං ඉක්මනට එන්නම්.</font>

894
01:00:33,894 --> 01:00:36,063
<font color="#ffc446">ජුන් සෝ, 119ට කතා කරන්න.</font>

895
01:00:36,063 --> 01:00:39,303
<font color="#ffc446">දැන්ම 119ට කතා කරන්න.</font>

896
01:00:45,072 --> 01:00:46,667
<font color="#ffc446">මෙයා.</font>

897
01:00:46,667 --> 01:00:48,275
<font color="#ffc446">මෙයා.</font>

898
01:00:56,150 --> 01:00:57,951
<font color="#ffc446">මම ඇත්තටම විශ්වාස කළා</font>

899
01:00:59,300 --> 01:01:01,955
<font color="#ffc446">අපිට තව වතාවක් තියෙයි කියලා.</font>

900
01:01:04,992 --> 01:01:07,431
<font color="#ffc446">කිසිම දෙයක් හිතන්නෙ නැතුව</font>

901
01:01:07,431 --> 01:01:09,868
<font color="#ffc446">අම්මා අතට ලොකු මල් පොකුරක් දෙන්න තව වතාවක් තියෙයි කියලා.</font>

902
01:01:09,868 --> 01:01:13,400
<font color="#ffc446">මෙයා, අනේ ඇස් ඇරලා බලන්නකෝ.</font>

903
01:01:13,400 --> 01:01:17,508
<font color="#ffc446">තණකොළ උඩ අපි එකට වාඩි වෙලා</font>

904
01:01:17,508 --> 01:01:20,206
<font color="#ffc446">කෑම එක බෙදාගෙන කන්න තව වතාවක් තියෙයි කියලා.</font>

905
01:01:25,145 --> 01:01:27,113
<font color="#ffc446">තව වතාවක්...</font>

906
01:01:28,152 --> 01:01:31,618
<font color="#ffc446">"ගුඩ් නයිට් අම්මේ" කියලා පොඩි දේකින් හරි සුබ පතන්න.</font>

907
01:01:36,223 --> 01:01:38,764
<font color="#ffc446">මම හිතුවේ ඒ වගේ පොඩි පොඩි අවස්ථා</font>

908
01:01:40,667 --> 01:01:44,731
<font color="#ffc446">තාමත් අපි වෙනුවෙන් ඉතුරු වෙලා ඇති කියලා.</font>

909
01:01:44,755 --> 01:01:46,755
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

