1
00:00:03,320 --> 00:00:09,320
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,060 --> 00:00:26,930
<font color="#ff7f21"><b>12 වැනි කොටස</b></font>

3
00:00:28,870 --> 00:00:32,000
<font color="#ffbf46">ඔයා මා රින්ව බැන්දට පස්සේ ඔයාලා දෙන්නා අතරේ ප්‍රශ්න තිබුණනේ.</font>

4
00:00:32,700 --> 00:00:35,070
<font color="#ffbf46">මට මේක කියන්න හරිම කණගාටුයි,</font>

5
00:00:35,640 --> 00:00:37,870
<font color="#ffbf46">ඒත් ඔයා ආපහු ගියාම එයාගෙන් ඈත් වෙන්න ඕනේ...</font>

6
00:00:38,740 --> 00:00:41,000
<font color="#ffbf46">ඔයාලා දෙන්නගෙම හොඳට.</font>

7
00:00:50,400 --> 00:00:52,900
<font color="#ffbf46">ඔයා මගේ ඇස් ඉස්සරහම අතුරුදහන් වුණා.</font>

8
00:00:53,500 --> 00:00:54,740
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

9
00:00:55,470 --> 00:00:57,840
<font color="#ffbf46">අපි අත් අල්ලගෙන ඉන්නකොටම ඔයා අතුරුදහන් වුණා.</font>

10
00:00:58,470 --> 00:01:01,440
<font color="#ffbf46">මට කොහොම දැනෙන්න ඇතිද කියලා ඔයාට හිතුණේ නැද්ද?</font>

11
00:01:03,440 --> 00:01:05,940
<font color="#ffbf46">ඉතින් මම මොනවා කරන්නද කියන්නේ?</font>

12
00:01:07,370 --> 00:01:11,140
<font color="#ffbf46">ඔයාගේ හිත හැදෙන්න මම මොනවද කරන්න ඕනේ?</font>

13
00:01:14,700 --> 00:01:16,540
<font color="#ffbf46">මට අන්තිම ඉල්ලීමක් තියෙනවා.</font>

14
00:01:18,200 --> 00:01:19,440
<font color="#ffbf46">යන්න එපා.</font>

15
00:01:21,900 --> 00:01:24,000
<font color="#ffbf46">ඔය විදිහට අතුරුදහන් වෙන්න එපා.</font>

16
00:01:25,500 --> 00:01:28,740
<font color="#ffbf46">මට ගොඩක් බයයි, ගැස්සෙනවා,</font>

17
00:01:29,200 --> 00:01:30,670
<font color="#ffbf46">දුකයි.</font>

18
00:01:32,770 --> 00:01:34,770
<font color="#ffbf46">මට මේ විදිහට ජීවත් වෙන්න බැහැ.</font>

19
00:01:37,870 --> 00:01:40,840
<font color="#ffbf46">හරි. අපි එහෙම කරමු.</font>

20
00:01:43,400 --> 00:01:44,500
<font color="#ffbf46">මොකක්ද?</font>

21
00:01:44,600 --> 00:01:46,370
<font color="#ffbf46">මට හිතෙන්නේ...</font>

22
00:01:47,700 --> 00:01:49,970
<font color="#ffbf46">ඔයාව බැන්ද එක හොඳ දෙයක් නෙවෙයි වගේ.</font>

23
00:01:53,270 --> 00:01:54,440
<font color="#ffbf46">අපි...</font>

24
00:01:56,540 --> 00:01:58,070
<font color="#ffbf46">අපේ විවාහය ගැන ආපහු හිතලා බලන්න ඕනේ.</font>

25
00:02:02,500 --> 00:02:03,870
<font color="#ffbf46">ඔයා මොකක්ද ඒ කිව්වේ?</font>

26
00:02:09,100 --> 00:02:11,500
<font color="#ffbf46">ඔයා කියපු දේ මට වැරදියට තේරුම් ගන්න ඕනේ නැහැ.</font>

27
00:02:12,800 --> 00:02:13,970
<font color="#ffbf46">ඔයා මොකක්ද අදහස් කළේ?</font>

28
00:02:14,370 --> 00:02:15,710
<font color="#ffbf46">මම කියපු දේම තමයි.</font>

29
00:02:16,600 --> 00:02:19,140
<font color="#ffbf46">අපි දෙන්නා එකිනෙකාට ගැලපෙන්නේ නැහැ කියලා මට හිතෙනවා.</font>

30
00:02:21,340 --> 00:02:22,340
<font color="#ffbf46">ඉතින්?</font>

31
00:02:22,340 --> 00:02:24,840
<font color="#ffbf46">මම හින්දා ඉස්සරහට ඔයාගේ ජීවිතේ අමාරු වෙන්න පුළුවන්.</font>

32
00:02:24,840 --> 00:02:25,940
<font color="#ffbf46">ඉතින්?</font>

33
00:02:26,370 --> 00:02:30,370
<font color="#ffbf46">"ඔයා වෙනස්. ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි."</font>

34
00:02:31,640 --> 00:02:33,370
<font color="#ffbf46">ඔයා ඒක කී වතාවක් කියලා තියෙනවද දන්නවද?</font>

35
00:02:34,300 --> 00:02:35,710
<font color="#ffbf46">ඒත් මම හැටි ඔහොම තමයි.</font>

36
00:02:36,370 --> 00:02:40,040
<font color="#ffbf46">මම අනිත් අයට වඩා වෙනස් සහ අසාමාන්‍යයි තමයි.</font>

37
00:02:42,340 --> 00:02:44,800
<font color="#ffbf46">ඒ හින්දා, මට ඔයා බලාපොරොත්තු වෙන...</font>

38
00:02:46,600 --> 00:02:48,400
<font color="#ffbf46">සතුට දෙන්න පුළුවන් වෙයිද කියලා මට සැකයි.</font>

39
00:02:51,300 --> 00:02:53,500
<font color="#ffbf46">"මම ඉන්නේ මගේ විදිහට,"</font>

40
00:02:54,170 --> 00:02:57,400
<font color="#ffbf46">"ඒකට කැමති නැත්නම් යන්න." ඔයා කියන්නේ ඒකද?</font>

41
00:03:00,900 --> 00:03:03,970
<font color="#ffbf46">"අපි එකිනෙකා තේරුම් අරන් ප්‍රශ්න විසඳගමු."</font>

42
00:03:04,500 --> 00:03:06,900
<font color="#ffbf46">"අපි තව ටිකක් උත්සාහ කරමු." ඇයි ඔයාට එහෙම කියන්න බැරි?</font>

43
00:03:06,900 --> 00:03:08,940
<font color="#ffbf46">මොකද එහෙම කරලා අපේ ප්‍රශ්න විසඳෙයි කියලා මම හිතන්නේ නැහැ.</font>

44
00:03:10,600 --> 00:03:12,600
<font color="#ffbf46">ඔයාට උත්සාහ කරන්න ඕනේ නැති නිසා නෙවෙයිද?</font>

45
00:03:15,400 --> 00:03:19,700
<font color="#ffbf46">මම අද දවස තිස්සෙම කළේ ඔයා ගැන වද
වුණු එකයි, ඔයා එනකම් බලන් හිටපු එකයි...</font>

46
00:03:20,140 --> 00:03:22,200
<font color="#ffbf46">ඔයා මගේ ඇස් ඉස්සරහම අතුරුදහන් වුණාට පස්සේ.</font>

47
00:03:22,840 --> 00:03:25,100
<font color="#ffbf46">මම අතින් වෙච්ච ලොකු වැරැද්ද මොකක්ද?</font>

48
00:03:26,400 --> 00:03:30,370
<font color="#ffbf46">මම ගැන වද වෙන්නවත් මම එනකම් බලන්
ඉන්නවත් එපා! ඒකෙන් මට අපහසුවක් දැනෙනවා.</font>

49
00:03:43,170 --> 00:03:45,170
<font color="#ffbf46">මේ රෑ වෙලා ඔයා කොහෙද යන්නේ?</font>

50
00:03:46,040 --> 00:03:47,170
<font color="#ffbf46">මා රින්.</font>

51
00:03:48,140 --> 00:03:49,170
<font color="#ffbf46">මාව අතාරින්න.</font>

52
00:03:49,770 --> 00:03:51,540
<font color="#ffbf46">මට ඔයා ඉන්න තැනක ඉන්න ඕනේ නැහැ.</font>

53
00:03:52,640 --> 00:03:54,240
<font color="#ffbf46">අපේ විවාහය ගැන හිතන්න ඕනේ කිව්වේ ඔයානේ.</font>

54
00:03:55,100 --> 00:03:56,640
<font color="#ffbf46">ඔයාට ඕනේ වුණේ මේක නෙවෙයිද?</font>

55
00:03:56,800 --> 00:03:57,800
<font color="#ffbf46">මා රින්.</font>

56
00:03:59,170 --> 00:04:01,900
<font color="#ffbf46">මම හින්දා ඔයාට බරක් දැනෙනවද? මාව අතාරින්න.</font>

57
00:04:02,540 --> 00:04:06,100
<font color="#ffbf46">හරි. එහෙනම් මම යන්නම්. ඔයා ගෙදර ඉන්න.</font>

58
00:04:06,170 --> 00:04:07,500
<font color="#ffbf46">මම කී දූන්ගේ ගෙදර යන්නම්.</font>

59
00:04:08,100 --> 00:04:11,000
<font color="#ffbf46">ඇයි මම මෙහෙ ඉන්නේ? මේක ඔයාගේ ගෙදර.</font>

60
00:04:11,140 --> 00:04:14,370
<font color="#ffbf46">මේක ඔයාගෙත් ගෙදර. ඇයි ඔයා මේ පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නේ?</font>

61
00:04:14,640 --> 00:04:16,640
<font color="#ffbf46">ඔයානේ මට නිකන්ම නිකන් යාළුවෙලා ඉන්න කෙල්ලෙක්ට වගේ සැලකුවේ!</font>

62
00:04:20,170 --> 00:04:21,240
<font color="#ffbf46">මා රින්.</font>

63
00:04:22,040 --> 00:04:24,240
<font color="#ffbf46">අපි ප්‍රශ්න තවත් වැඩි කරගන්නේ නැතුව ඉමු, හරිද?</font>

64
00:04:26,170 --> 00:04:28,140
<font color="#ffbf46">මාව බැන්ද එක හොඳ අදහසක් නෙවෙයිද?</font>

65
00:04:29,040 --> 00:04:30,370
<font color="#ffbf46">එහෙනම් ඒක වැරදීමක්ද?</font>

66
00:04:31,840 --> 00:04:34,010
<font color="#ffbf46">අපි තාම කසාදෙ ලියාපදිංචි කරලත් නෑනේ, ඉතින් ඒක හොඳයි.</font>

67
00:04:34,970 --> 00:04:38,540
<font color="#ffbf46">කරපු වැරැද්ද හදාගන්න තාම පරක්කු නැති
නිසා, මොකද කරන්නේ කියලා හිතලා බලන්න.</font>

68
00:04:49,800 --> 00:04:51,770
<font color="#ffbf46">ඔයාට මොනවද මගෙන් කෙරෙන්න ඕනේ?</font>

69
00:04:54,740 --> 00:04:57,200
<font color="#ffbf46">අපි මුල ඉඳලම මුණ නොගැහී ඉන්නයි තිබුණේ.</font>

70
00:04:58,070 --> 00:04:59,300
<font color="#ffbf46">ඔයයි මමයි...</font>

71
00:05:00,840 --> 00:05:02,570
<font color="#ffbf46">මුණගැහෙන්න උරුම වෙලා තිබුණේ නැහැ,</font>

72
00:05:03,200 --> 00:05:05,600
<font color="#ffbf46">ඒත් ඔයා අපේ අනාගතේ වෙනස් කළා.</font>

73
00:05:07,570 --> 00:05:09,100
<font color="#ffbf46">ඒකයි දේවල් මේ විදිහට සිද්ධ වුණේ.</font>

74
00:05:09,900 --> 00:05:11,400
<font color="#ffbf46">ඔයා කොච්චර දේවල් දන්නවද?</font>

75
00:05:12,470 --> 00:05:13,740
<font color="#ffbf46">ඔයා ආපහු ගියාම,</font>

76
00:05:15,040 --> 00:05:17,200
<font color="#ffbf46">පුළුවන් තරම් ඉක්මනට මාත් එක්ක තියෙන සම්බන්ධය ඉවර කරන්න.</font>

77
00:05:17,740 --> 00:05:21,540
<font color="#ffbf46">මගේ ජීවිතේ තිබුණු විදිහටම ආපහු හැදෙන්න ඉඩ දෙන්න.</font>

78
00:05:23,570 --> 00:05:25,740
<font color="#ffbf46">ඇත්තටම ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනේ?</font>

79
00:05:47,640 --> 00:05:52,870
<font color="#db9809"><b>ටුමෝරෝ විත් යූ</b></font>

80
00:05:55,700 --> 00:05:56,740
<font color="#ffbf46">මා රින්.</font>

81
00:05:57,440 --> 00:05:58,440
<font color="#ffbf46">ඔයා මෙහෙ මොකද කරන්නේ?</font>

82
00:06:00,570 --> 00:06:01,940
<font color="#ffbf46">මාව ගෙදරින් පැන්නුවා.</font>

83
00:06:01,940 --> 00:06:03,840
<font color="#ffbf46">මොකක්? පැන්නුවා?</font>

84
00:06:04,970 --> 00:06:06,700
<font color="#ffbf46">ඔයාගේ නැන්දම්මා ආපහු පණ ආවද?</font>

85
00:06:08,140 --> 00:06:11,540
<font color="#ffbf46">ඔයා විහිළුවක්ද කළේ? අපි රණ්ඩු වුණා.</font>

86
00:06:12,500 --> 00:06:14,170
<font color="#ffbf46">මට දවස් කීපයකට ඔයා එක්ක ඉන්න පුළුවන් නේද?</font>

87
00:06:14,170 --> 00:06:16,100
<font color="#ffbf46">ඔව්. මට ඒකේ අවුලක් නැහැ, ඒත්...</font>

88
00:06:17,600 --> 00:06:20,570
<font color="#ffbf46">අපි සොජු ටිකක් බොමුද? හා. එහෙනම් අපි එළියට යමුද?</font>

89
00:06:20,670 --> 00:06:22,140
<font color="#ffbf46">අපි එළියට ගිහින් බිබී කතා කරමු.</font>

90
00:06:23,240 --> 00:06:24,800
<font color="#ffbf46">මට එළියට යන්න මූඩ් එකක් නැහැ.</font>

91
00:06:30,440 --> 00:06:32,440
<font color="#ffbf46">මාව බැන්ද එක වැරදීමක් වෙන්න ඇති කියලා එයා හිතනවා.</font>

92
00:06:33,000 --> 00:06:34,040
<font color="#ffbf46">සෝ ජූන් එහෙම කිව්වද?</font>

93
00:06:34,570 --> 00:06:36,240
<font color="#ffbf46">මම නිසා එයාට අපහසුයිලු.</font>

94
00:06:38,100 --> 00:06:40,070
<font color="#ffbf46">එයාට අපේ සම්බන්ධය ගැන ආපහු හිතන්න ඕනලු.</font>

95
00:06:44,370 --> 00:06:46,540
<font color="#ffbf46">මට මැරෙන්න හිතෙනවා...</font>

96
00:06:51,300 --> 00:06:52,770
<font color="#ffbf46">අනේ දෙවියනේ.</font>

97
00:06:53,540 --> 00:06:55,340
<font color="#ffbf46">කවුද ඒ? හොරෙක්ද? හායි.</font>

98
00:06:55,940 --> 00:06:58,700
<font color="#ffbf46">මගේ කෝට් එක. මට මගේ කෝට් එක
ගන්න ඕනේ. මෙයා කොහොමද මෙතනට ආවේ?</font>

99
00:06:58,700 --> 00:07:01,340
<font color="#ffbf46">මගේ කෝට් එක. එපා. අයියෝ නවත්තන්නකෝ.</font>

100
00:07:01,340 --> 00:07:03,240
<font color="#ffbf46">මේස්. මේවා ඔයාගේ, සෝ රි.</font>

101
00:07:03,240 --> 00:07:05,070
<font color="#ffbf46">හරි, ස්තූතියි. මම යනවා.</font>

102
00:07:05,070 --> 00:07:07,000
<font color="#ffbf46">පැටියෝ, මට සමාවෙන්න.</font>

103
00:07:07,300 --> 00:07:08,600
<font color="#ffbf46">ඇත්තටම සොරි.</font>

104
00:07:09,770 --> 00:07:11,570
<font color="#ffbf46">ගෙදර ගියාම මට මැසේජ් එකක් දාන්න!</font>

105
00:07:13,740 --> 00:07:15,340
<font color="#ffbf46">මගේ ෆෝන් එක අමතක වුණා.</font>

106
00:07:16,540 --> 00:07:17,740
<font color="#ffbf46">මම යනවා.</font>

107
00:07:22,040 --> 00:07:24,340
<font color="#ffbf46">මොකක්ද ඒ සිද්ධ වුණේ? මම හිතුවේ හොරෙක් පැනලා කියලා.</font>

108
00:07:25,800 --> 00:07:26,840
<font color="#ffbf46">කවුද ඒ?</font>

109
00:07:27,800 --> 00:07:30,840
<font color="#ffbf46">ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ද? නෑ, නිකන් යාළුවෙක්.</font>

110
00:07:31,470 --> 00:07:34,770
<font color="#ffbf46">ඔයා අපේ අම්මා කියලා හිතලා මම එයාව අල්මාරිය ඇතුළට දාලා වැහුවා.</font>

111
00:07:37,570 --> 00:07:38,800
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

112
00:07:41,570 --> 00:07:43,370
<font color="#ffbf46">කසාදේ කියන්නේ එයාට විහිළුවක්ද?</font>

113
00:07:44,800 --> 00:07:46,770
<font color="#ffbf46">එයා කොහොමද මට එහෙම කියන්නේ?</font>

114
00:07:47,440 --> 00:07:50,740
<font color="#ffbf46">එයාට ඕනේ මාව යටත් කරගන්න.</font>

115
00:07:51,340 --> 00:07:53,170
<font color="#ffbf46">ඕක නිකන් බලය පෙන්නන්න කරන වැඩක්.</font>

116
00:07:54,100 --> 00:07:57,570
<font color="#ffbf46">ඔයා ඕක ඕනවට වඩා හිතනවා, ඕක වැඩිය ගණන් ගන්න එපා.</font>

117
00:07:58,240 --> 00:07:59,370
<font color="#ffbf46">නැහැ.</font>

118
00:08:00,900 --> 00:08:02,900
<font color="#ffbf46">එයා ඒක කිව්වේ සීරියස් පිට.</font>

119
00:08:04,540 --> 00:08:05,900
<font color="#ffbf46">ඔයා එයා හිටපු හැටි දැක්කනම්.</font>

120
00:08:07,170 --> 00:08:09,200
<font color="#ffbf46">එයා ඇත්තටම අවුලෙන් ඉන්නේ කියලා මට එයාගේ ඇස්වලින්ම පෙනුණා.</font>

121
00:08:09,270 --> 00:08:11,970
<font color="#ffbf46">මට ෂුවර් එයා ඒක කියන්න ඇත්තේ කේන්තියට.</font>

122
00:08:12,440 --> 00:08:15,840
<font color="#ffbf46">එයාට පිස්සු හැදිලා නෑනේ. එයා
ඇත්තටම එහෙම අදහස් කළා වෙන්න බැහැ.</font>

123
00:08:17,140 --> 00:08:20,070
<font color="#ffbf46">එහෙම නේද? එයා කේන්තියට වෙන්න ඇති කිව්වේ නේද?</font>

124
00:08:22,700 --> 00:08:26,640
<font color="#ffbf46">කේන්ති ගියත්, කියන්න හොඳ නැති දේවල් තියෙනවනේ.</font>

125
00:08:27,670 --> 00:08:29,800
<font color="#ffbf46">මට මේක නම් නිකන්ම අතාරින්න බැහැ.</font>

126
00:08:30,470 --> 00:08:33,370
<font color="#ffbf46">එයාගේ මූණ නිකන් බාගෙට පිච්චුනු කරවල කෑල්ලක් වගේ.</font>

127
00:08:34,770 --> 00:08:38,110
<font color="#ffbf46">එයාගේ මූණ තිබුණේ ඒ වගේ. මහා කලකිරුණු පෙනුමක්.</font>

128
00:08:39,940 --> 00:08:42,200
<font color="#ffbf46">නිකන් මුළු ලෝකෙම ප්‍රශ්න තියෙන්නේ එයාට විතරක් වගේ,</font>

129
00:08:43,110 --> 00:08:45,340
<font color="#ffbf46">එයා හිටියේ ලොකු වේදනාවකින් වගේ,</font>

130
00:08:46,040 --> 00:08:48,000
<font color="#ffbf46">එයා මාර සීරියස් පිට හිටියේ.</font>

131
00:08:48,570 --> 00:08:51,540
<font color="#ffbf46">ඉතින් මොකද? මහ මෝඩයෙක්.</font>

132
00:08:54,040 --> 00:08:56,370
<font color="#ffbf46">ඒයි, හිත හයිය කරගන්න.</font>

133
00:08:57,300 --> 00:08:59,740
<font color="#ffbf46">ඔයා මේ වෙලාවේ එයාගේ ඔය පුරුද්ද හදන්න ඕනේ.</font>

134
00:09:00,770 --> 00:09:02,500
<font color="#ffbf46">ඔයා බඩුත් අරන් ගෙදරින් ආපු එකේ,</font>

135
00:09:02,500 --> 00:09:05,200
<font color="#ffbf46">දැන් ඔයා මේ පටන්ගත්තේ පරදින්න බැරි යුද්ධයක්.</font>

136
00:09:05,500 --> 00:09:08,240
<font color="#ffbf46">ඔයා පරාජය භාර ගත්තොත්...</font>

137
00:09:08,240 --> 00:09:10,110
<font color="#ffbf46">ජීවිත කාලෙම ඔයාට එයා කියන විදිහට තමයි ඉන්න වෙන්නේ.</font>

138
00:09:11,470 --> 00:09:12,870
<font color="#ffbf46">මම කවුරු කියලද ඔයා හිතන්නේ?</font>

139
00:09:13,800 --> 00:09:15,370
<font color="#ffbf46">මම සොන්ග් මා රින්.</font>

140
00:09:17,800 --> 00:09:19,370
<font color="#ffbf46">එයා මෙහෙ ඇවිල්ලා...</font>

141
00:09:20,040 --> 00:09:23,610
<font color="#ffbf46">අඬලා වැඳලා මට ගෙදර යමු කියනකම්,</font>

142
00:09:24,570 --> 00:09:26,900
<font color="#ffbf46">මම අඩියක්වත් හොලවන්නේ නැහැ.</font>

143
00:09:28,570 --> 00:09:29,570
<font color="#ffbf46">හරි.</font>

144
00:09:30,540 --> 00:09:33,170
<font color="#ffbf46">ඔයා කොච්චර දරුණුද කියලා එයාට පෙන්නන්න.</font>

145
00:09:34,000 --> 00:09:35,370
<font color="#ffbf46">එයාට පෙන්නන්න.</font>

146
00:09:37,340 --> 00:09:38,970
<font color="#ffbf46">ස්තූතියි, සෝ රි.</font>

147
00:09:40,370 --> 00:09:41,900
<font color="#ffbf46">ඔයා නිසා මගේ හිත හැදෙනවා.</font>

148
00:09:43,370 --> 00:09:44,770
<font color="#ffbf46">ස්තූතියි.</font>

149
00:09:46,240 --> 00:09:47,270
<font color="#ffbf46">ස්තූතියි.</font>

150
00:09:56,610 --> 00:09:58,700
<font color="#ffbf46">ඔයා මට කෝල් එකක්වත් දෙන්නේ නෑනේ.</font>

151
00:10:00,770 --> 00:10:02,870
<font color="#ffbf46">මම ඔයාට විඳවන්න ඉඩ තියනවා.</font>

152
00:10:13,300 --> 00:10:15,070
<font color="#ffbf46">හෙට උදේට මොකද වෙන්නේ කියලා බලමුකෝ.</font>

153
00:10:16,440 --> 00:10:18,070
<font color="#ffbf46">ඔයාට තේරෙයි...</font>

154
00:10:18,070 --> 00:10:20,800
<font color="#ffbf46">ඔයා කරපු දේ ගැන ඔයා පසුතැවෙයි.</font>

155
00:10:26,740 --> 00:10:27,840
<font color="#ffbf46">මේක මහ අපහසුයි.</font>

156
00:10:51,110 --> 00:10:57,940
<font color="#ffbf46">("වියට්නාමයේ ජීවත් වෙන්නේ කොහොමද")</font>

157
00:11:02,200 --> 00:11:05,970
<font color="#ffbf46">පොතක් කියවන ගමන් මට නින්ද ගියේ නැති පළවෙනි වතාව මේක.</font>

158
00:11:06,740 --> 00:11:08,440
<font color="#ffbf46">මේක හරිම අවුල්.</font>

159
00:11:14,370 --> 00:11:15,670
<font color="#ffbf46">පොඩ්ඩක් එළියට එන්න.</font>

160
00:11:16,070 --> 00:11:17,370
<font color="#ffbf46">මට දෙයක් කියන්න තියෙනවා.</font>

161
00:11:18,170 --> 00:11:19,500
<font color="#ffbf46">ඔයාට මම කියන දේ ඇහෙන්නේ නැද්ද?</font>

162
00:11:23,840 --> 00:11:25,340
<font color="#ffbf46">මොකක්ද?</font>

163
00:11:26,870 --> 00:11:29,900
<font color="#ffbf46">මට වියට්නාම් යන්න බැහැ.</font>

164
00:11:29,900 --> 00:11:32,200
<font color="#ffbf46">ඉතින් ඔයා යනවා නම්,</font>

165
00:11:32,200 --> 00:11:33,800
<font color="#ffbf46">ඉස්සෙල්ලා මගෙන් දික්කසාද වෙලා තනියම යන්න.</font>

166
00:11:33,800 --> 00:11:36,070
<font color="#ffbf46">ගොන් සුක්, මට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා...</font>

167
00:11:36,070 --> 00:11:37,740
<font color="#ffbf46">අපි දෙන්නටම ඇති වෙන්න සල්ලි හොයන්න...</font>

168
00:11:37,740 --> 00:11:41,540
<font color="#ffbf46">ජීවිත කාලෙටම සැපේ ඉන්න පුළුවන් වෙන්න.</font>

169
00:11:42,340 --> 00:11:44,540
<font color="#ffbf46">ඔයාට හිතාගන්න පුළුවන්ද අපිට කොච්චර හම්බෙයිද කියලා...</font>

170
00:11:44,540 --> 00:11:46,970
<font color="#ffbf46">අපි අවුරුදු කීපයක් එහෙ හිටියොත්?</font>

171
00:11:46,970 --> 00:11:49,970
<font color="#ffbf46">ගාණ ඇහුවම, ඔයා ආයේ දික්කසාදයක් ගැන කතා කරන එකක්වත් නෑ.</font>

172
00:11:50,600 --> 00:11:53,200
<font color="#ffbf46">ඔයාට කවදාවත් එහෙම ඕන වෙන එකක් නෑ. මට...</font>

173
00:11:53,200 --> 00:11:54,840
<font color="#ffbf46">සල්ලි වැඩක් නැහැ.</font>

174
00:11:54,840 --> 00:11:57,640
<font color="#ffbf46">මම එහෙ කාවවත් අඳුරන්නේ නැහැ. මට කිසිම...</font>

175
00:11:57,660 --> 00:11:59,860
<font color="#ffbf46">ඒයි. ගිහින් නිදාගන්නවා.</font>

176
00:12:00,760 --> 00:12:02,760
<font color="#ffbf46">ඇයි ඔයා මාව ගණන් ගන්නේ නැත්තේ?</font>

177
00:12:03,230 --> 00:12:05,200
<font color="#ffbf46">ඔයා දැන් සීමාව පන්නනවා.</font>

178
00:12:08,340 --> 00:12:11,340
<font color="#ffbf46">ඔයාට ඒක පේන්නේ නැද්ද? මට ඒක පේනවා වගේම දැනෙනවා.</font>

179
00:12:11,340 --> 00:12:13,870
<font color="#ffbf46">දැන් බලද්දි නම් නිකන් සාමාන්‍ය තැනක් වගේ පේන්නේ,</font>

180
00:12:13,870 --> 00:12:16,270
<font color="#ffbf46">ඒත් මේක මාර වටින දේපළක් වෙන්න යන්නේ.</font>

181
00:12:16,640 --> 00:12:18,240
<font color="#ffbf46">මට මේ ගැන විශ්වාසයි. මට සහතික වෙන්න පුළුවන්.</font>

182
00:12:18,240 --> 00:12:21,440
<font color="#ffbf46">අපේ ආයෝජකයෝ ගොඩක් අය මේකට කැමතියි.</font>

183
00:12:21,440 --> 00:12:23,540
<font color="#ffbf46">අපිට මේක ගන්න පුළුවන්...</font>

184
00:12:23,540 --> 00:12:25,440
<font color="#ffbf46">ඔයා සම්බන්ධ වුණු ගමන්ම.</font>

185
00:12:26,140 --> 00:12:27,600
<font color="#ffbf46">මම ඒ ගැන හිතුවා.</font>

186
00:12:27,600 --> 00:12:30,500
<font color="#ffbf46">ඔයා දැන් කොම්පැණියෙන් අයින් වුණොත්,</font>

187
00:12:30,870 --> 00:12:33,800
<font color="#ffbf46">මම බලාගන්නම්... මම ගිය පාර කිව්වා වගේම,</font>

188
00:12:33,800 --> 00:12:35,540
<font color="#ffbf46">මට කොම්පැණිය දාලා යන්න බැහැ. පොඩ්ඩක් ඉන්න.</font>

189
00:12:35,540 --> 00:12:39,740
<font color="#ffbf46">මම ඒ ගැන හිතුවා, ඒත් ඇයි මම මේ
නීතිවිරෝධී වැඩේට සල්ලි යොදවන්නේ?</font>

190
00:12:54,670 --> 00:12:55,870
<font color="#ffbf46">මුකුත් නැහැ.</font>

191
00:12:58,600 --> 00:13:00,340
<font color="#ffbf46">එයා කෝල් කළෙත් නෑ මැසේජ් කළෙත් නෑ.</font>

192
00:13:01,040 --> 00:13:03,100
<font color="#ffbf46">වැඩිය කලබල වෙන්න එපා.</font>

193
00:13:03,100 --> 00:13:04,440
<font color="#ffbf46">තාම උදේනේ.</font>

194
00:13:05,840 --> 00:13:07,000
<font color="#ffbf46">නේද?</font>

195
00:13:08,340 --> 00:13:11,470
<font color="#ffbf46">උදේ පාන්දරම කෝල් කරලා සොරි කියන එකක් නෑනේ.</font>

196
00:13:13,100 --> 00:13:14,670
<font color="#ffbf46">කෑම කන්න.</font>

197
00:13:15,100 --> 00:13:16,640
<font color="#ffbf46">මට පේන විදිහට ඔයා...</font>

198
00:13:16,640 --> 00:13:19,970
<font color="#ffbf46">අද දවස ඇතුළත වැඩේ අතාරින ලයින් එකක් තියෙන්නේ.</font>

199
00:13:21,040 --> 00:13:22,200
<font color="#ffbf46">මම කන්නේ නැහැ.</font>

200
00:13:25,640 --> 00:13:26,640
<font color="#ffbf46">ඒ ඇයි?</font>

201
00:13:28,600 --> 00:13:30,100
<font color="#ffbf46">මගේ උරහිස් රිදෙනවා.</font>

202
00:13:30,670 --> 00:13:32,900
<font color="#ffbf46">ඒ ඔයා ඊයේ රෑ මට පයින් ගහපු නිසානේ.</font>

203
00:13:35,640 --> 00:13:37,340
<font color="#ffbf46">හෙලෝ.</font>

204
00:13:38,640 --> 00:13:40,370
<font color="#ffbf46">මිස් සොන්ග්, ඔයා මෙහෙ මොකද කරන්නේ?</font>

205
00:13:40,740 --> 00:13:43,770
<font color="#ffbf46">මට ඔයාලගේ හිස් මේසයක් පාවිච්චි කරන්න පුළුවන්ද?</font>

206
00:13:43,770 --> 00:13:46,300
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම. පුළුවන්.</font>

207
00:13:46,570 --> 00:13:48,270
<font color="#ffbf46">ගෙදර ඉඳන් වැඩ කරන්න අමාරුද?</font>

208
00:13:48,870 --> 00:13:50,640
<font color="#ffbf46">මට ගෙදරක් නැහැ.</font>

209
00:13:50,700 --> 00:13:51,700
<font color="#ffbf46">මොකක්?</font>

210
00:13:54,200 --> 00:13:57,240
<font color="#ffbf46">මට එඩිට් කරන්න ගොඩක් දේවල් තියෙනවා
වගේම කතා කරන්නත් දේවල් තියෙනවා.</font>

211
00:13:57,840 --> 00:14:00,170
<font color="#ffbf46">මම ටික කාලෙකට ඔෆිස් එකේ ඉඳන් වැඩ කරන්නම්.</font>

212
00:14:00,440 --> 00:14:03,770
<font color="#ffbf46">කරන්න. ඔයාට නම් එච්චර සනීප පාටක් පේන්නේ නැහැ හැබැයි.</font>

213
00:14:03,770 --> 00:14:05,500
<font color="#ffbf46">මට ඇඟට පණ නැහැ.</font>

214
00:14:05,940 --> 00:14:07,100
<font color="#ffbf46">අයියෝ.</font>

215
00:14:26,170 --> 00:14:27,770
<font color="#ffbf46">එයා තාම කෝල් කළේ නැහැ.</font>

216
00:14:29,170 --> 00:14:31,340
<font color="#ffbf46">ඔයා ඇත්තටම මේ වැඩේ කරන්නද යන්නේ?</font>

217
00:14:33,800 --> 00:14:35,640
<font color="#ffbf46">බලමුකෝ කවුද දිනන්නේ කියලා.</font>

218
00:14:36,800 --> 00:14:39,740
<font color="#ffbf46">ඊයේ මම මගේ මහත්තයා එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ආවා.</font>

219
00:14:40,100 --> 00:14:42,240
<font color="#ffbf46">එයා ඒක හිතලා කිව්වා වෙන්න බැහැ,</font>

220
00:14:42,340 --> 00:14:45,140
<font color="#ffbf46">ඒත් එයා කිව්වා අපේ සම්බන්ධය ගැන ආපහු හිතන්න ඕනේ කියලා.</font>

221
00:14:45,640 --> 00:14:47,570
<font color="#ffbf46">මම යාළුවෙක්ගේ ගෙදර නැවතුණේ,</font>

222
00:14:47,570 --> 00:14:49,870
<font color="#ffbf46">එයා තාම මට කතා කළේ නැහැ.</font>

223
00:14:50,300 --> 00:14:52,870
<font color="#ffbf46">මම මොකද කරන්නේ?</font>

224
00:14:53,440 --> 00:14:55,370
<font color="#ffbf46">මේ විදිහට ඉන්න එක හරිද?</font>

225
00:14:55,940 --> 00:14:58,000
<font color="#ffbf46">මට බය හිතෙනවා.</font>

226
00:14:58,870 --> 00:15:02,170
<font color="#ffbf46">ඔයාගේ දැනගැනීමට කියන්නේ, අපි තාම අලුත බැඳපු ජෝඩුවක්.</font>

227
00:15:08,470 --> 00:15:14,970
<font color="#ffbf46">(සතුටින් ඉන්න අම්මලා)</font>

228
00:15:16,040 --> 00:15:19,240
<font color="#ffbf46">අනේ මන්දා, ඔයාගේ විවාහ ජීවිතේ ඉවරයි වගේ පේන්නේ.</font>

229
00:15:19,800 --> 00:15:22,800
<font color="#ffbf46">මට හිතෙන්නේ ඔයා දික්කසාද වෙන්න ලියකියවිලි හදාගන්න වෙයි වගේ.</font>

230
00:15:23,470 --> 00:15:25,140
<font color="#ffbf46">බලන් ගියාම එයාට ඔයා ගැන ගාණක්වත් නැහැ.</font>

231
00:15:25,700 --> 00:15:27,640
<font color="#ffbf46">ඔයා ගෙදරින් එළියට බැස්ස තැනම ඔයා පැරදුණා.</font>

232
00:15:27,640 --> 00:15:29,200
<font color="#ffbf46">ඔයාට තිබුණේ ගෙදරට වෙලා ඉන්න.</font>

233
00:15:29,640 --> 00:15:31,640
<font color="#ffbf46">ඔයා හරියට පිගී වගේ.</font>

234
00:15:31,640 --> 00:15:32,640
<font color="#ffbf46">මොකක්?</font>

235
00:15:34,900 --> 00:15:37,800
<font color="#ffbf46">(ඕනෑම දික්කසාදයක් සඳහා නීති උපදෙස් ලබා දෙන්නෙමු.)</font>

236
00:15:43,900 --> 00:15:46,740
<font color="#ffbf46">ඔයා මෙහෙ ආවේ ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නද?</font>

237
00:15:47,570 --> 00:15:49,740
<font color="#ffbf46">මොකක්ද? අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?</font>

238
00:15:50,540 --> 00:15:52,270
<font color="#ffbf46">ගරු සභාපති කියලද ඔයා කිව්වේ?</font>

239
00:15:52,640 --> 00:15:55,870
<font color="#ffbf46">මගේ මහත්තයා... ඔයා කිව්වේ සෝ ජූන් ගරු සභාපති කියලාද?</font>

240
00:15:56,170 --> 00:15:57,840
<font color="#ffbf46">ඔයා දැනගෙන හිටියේ නැද්ද.</font>

241
00:15:58,200 --> 00:16:01,940
<font color="#ffbf46">එයාට අමතක වෙලාද කොහෙද එයා තමයි ගරු සභාපති කියලා.</font>

242
00:16:02,270 --> 00:16:04,040
<font color="#ffbf46">ආයතනය පටන්ගත්ත දවසේ ඉඳන්,</font>

243
00:16:04,040 --> 00:16:06,770
<font color="#ffbf46">එයා පාලන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ.</font>

244
00:16:07,700 --> 00:16:10,900
<font color="#ffbf46">අපේ අධ්‍යක්ෂ මණ්ඩලේ අයවත් එයාව කවදාවත් හම්බෙලා නැහැ.</font>

245
00:16:12,640 --> 00:16:15,670
<font color="#ffbf46">අපිට සිද්ධ වෙනවා...</font>

246
00:16:15,670 --> 00:16:18,000
<font color="#ffbf46">මගේ තාත්තගේ තැනට අලුත් සභාපති කෙනෙක්ව ගන්න.</font>

247
00:16:18,000 --> 00:16:20,100
<font color="#ffbf46">ඉතින් අපිට සෝ ජූන්ගේ කැමැත්ත ඕනේ.</font>

248
00:16:20,100 --> 00:16:23,140
<font color="#ffbf46">මට හිතෙන්නේ එයාගේ කැමැත්ත නැතුව ඔයාලට ඒක කරන්න බැහැ.</font>

249
00:16:23,240 --> 00:16:25,670
<font color="#ffbf46">අපිට බැහැ. අපිට ඡන්දයක් තියන්න බැහැ...</font>

250
00:16:25,670 --> 00:16:27,900
<font color="#ffbf46">සෝ ජූන් නැතුව.</font>

251
00:16:27,900 --> 00:16:31,000
<font color="#ffbf46">ඉතින් ඔයාට ඕනේ මම එයාට කියලා කැමති කරගන්න. එහෙම නේද?</font>

252
00:16:31,000 --> 00:16:33,440
<font color="#ffbf46">ඔව්. අනේ එයා එක්ක කතා කරන්නකෝ.</font>

253
00:16:34,100 --> 00:16:35,140
<font color="#ffbf46">මම කරන්නම්.</font>

254
00:16:35,800 --> 00:16:38,070
<font color="#ffbf46">මම උදව් කරන්න එපායැ.</font>

255
00:16:39,240 --> 00:16:43,500
<font color="#ffbf46">දෙවියනේ. මම ඉස්සෙල්ලා කතා කරන්න හිටියේ නැහැ.</font>

256
00:16:44,240 --> 00:16:46,170
<font color="#ffbf46">තමන් වාසනාවන්තයි කියලා හිතාගන්න සෝ ජූන්.</font>

257
00:16:48,500 --> 00:16:49,870
<font color="#ffbf46">මේක රස්සාව ගැන දෙයක්.</font>

258
00:16:50,140 --> 00:16:51,940
<font color="#ffbf46">එයාට කතා කරන එක මගේ රස්සාවේ කොටසක්.</font>

259
00:16:58,140 --> 00:17:01,770
<font color="#ffbf46">මාරින්</font>

260
00:17:03,340 --> 00:17:07,000
<font color="#ffbf46">මං ගැන හිතන්න එපා. ඔයා ඕක ගන්න.</font>

261
00:17:07,000 --> 00:17:08,770
<font color="#ffbf46">නෑ, කමක් නෑ.</font>

262
00:17:09,940 --> 00:17:11,240
<font color="#ffbf46">සොන්ග් මහත්තයා,</font>

263
00:17:12,270 --> 00:17:14,170
<font color="#ffbf46">මම මගේ දේපළ පවරන්නයි යන්නේ.</font>

264
00:17:14,440 --> 00:17:17,640
<font color="#ffbf46">මට මගේ දේපළවලින් භාගයක් මාරින්ට දෙන්න ඕනේ.</font>

265
00:17:17,640 --> 00:17:19,370
<font color="#ffbf46">කරුණාකරලා ඒක ලෑස්ති කරන්න. මොකක්?</font>

266
00:17:20,140 --> 00:17:21,470
<font color="#ffbf46">භාගයක් වැඩියි නේද?</font>

267
00:17:22,200 --> 00:17:26,470
<font color="#ffbf46">දෙවියනේ. ඔයා පස්සේ පසුතැවෙයි.</font>

268
00:17:26,470 --> 00:17:28,900
<font color="#ffbf46">මට ඕනේ ඒක පුළුවන් ඉක්මනට ඉවර කරන්න,</font>

269
00:17:28,970 --> 00:17:30,770
<font color="#ffbf46">මේ මාසේ 30 වෙනිදාට කලින්.</font>

270
00:17:30,770 --> 00:17:31,770
<font color="#ffbf46">මොකක්?</font>

271
00:17:33,000 --> 00:17:34,240
<font color="#ffbf46">ඔයා ඇත්තටමද කියන්නේ?</font>

272
00:17:37,470 --> 00:17:40,570
<font color="#ffbf46">බ්ලයින්ඩ් ඩේට් එකක්? වැඩක් නෑ. මට ඕන නෑ.</font>

273
00:17:40,900 --> 00:17:41,930
<font color="#ffbf46">තේ සන්ග් කැමති වෙයි.</font>

274
00:17:42,670 --> 00:17:45,900
<font color="#ffbf46">ඔයා මාව දන්නවනේ, මට කෙල්ලෙක් හොයාගන්න බෑ.</font>

275
00:17:45,900 --> 00:17:48,030
<font color="#ffbf46">ඒ වුණාට, මට බ්ලයින්ඩ් ඩේට් ගැන ලොකු විශ්වාසයක් නෑ.</font>

276
00:17:48,640 --> 00:17:49,970
<font color="#ffbf46">මොකක්?</font>

277
00:17:50,670 --> 00:17:51,770
<font color="#ffbf46">එයා එච්චරටම ලස්සනයිද?</font>

278
00:17:53,930 --> 00:17:54,930
<font color="#ffbf46">එයාට වයස කීයද?</font>

279
00:17:57,370 --> 00:17:59,070
<font color="#ffbf46">එහෙමනම්, මම හිතලා බලන්නම්...</font>

280
00:17:59,070 --> 00:18:00,800
<font color="#ffbf46">එයාව යවන්න. මොකක්ද මේ ඔයා...</font>

281
00:18:00,800 --> 00:18:02,070
<font color="#ffbf46">කි දූන්ග් දැනටමත් ඒ කෙල්ලට පිස්සු වැටිලා ඉන්නේ.</font>

282
00:18:02,070 --> 00:18:03,500
<font color="#ffbf46">ඔයා මොකද මේ කරන්නේ?</font>

283
00:18:04,530 --> 00:18:05,570
<font color="#ffbf46">දැන් සතුටුයිද?</font>

284
00:18:07,870 --> 00:18:08,900
<font color="#ffbf46">ඇයි...</font>

285
00:18:09,270 --> 00:18:11,270
<font color="#ffbf46">මම මේ වෙලාවේ බ්ලයින්ඩ් ඩේට් යන්න හොඳ නෑ.</font>

286
00:18:11,270 --> 00:18:12,400
<font color="#ffbf46">මම දන්නවා ඔයාට මං ගැන ලොකු ගෞරවයක් තියෙනවා කියලා.</font>

287
00:18:13,800 --> 00:18:16,000
<font color="#ffbf46">දැනටමත් අමාරුවෙන් ඉන්න මාව ඔයා තවත් අමාරුවේ දානවා.</font>

288
00:18:16,000 --> 00:18:19,100
<font color="#ffbf46">ඔයා ඔහොම කරනවා නම්, මගේ අනාගතේ ගැන අනාවැකියක් කියන්නකෝ.</font>

289
00:18:19,100 --> 00:18:20,430
<font color="#ffbf46">මට ඔයාගේ අනාගතේ ගැන දැනගන්න ඕන නෑ.</font>

290
00:18:20,430 --> 00:18:22,770
<font color="#ffbf46">මම මේ කල්පනා කළේ මම කාවද...</font>

291
00:18:23,430 --> 00:18:24,430
<font color="#ffbf46">අනේ මන්දා.</font>

292
00:18:27,000 --> 00:18:28,600
<font color="#ffbf46">ඔයා ආදරේ කරන කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්.</font>

293
00:18:31,530 --> 00:18:32,570
<font color="#ffbf46">එහෙම වුණොත් මොකද?</font>

294
00:18:33,100 --> 00:18:34,930
<font color="#ffbf46">මම කිව්වොත් ඔයාගේ අනාගතේ හොඳ නෑ කියලා?</font>

295
00:18:35,640 --> 00:18:37,370
<font color="#ffbf46">ඔයාට එයාව බලන්න ඕන වුණත් නොබලා ඉන්නවද?</font>

296
00:18:39,300 --> 00:18:41,640
<font color="#ffbf46">මම දන්නේ නෑ. මම මොකද කරන්න ඕනේ?</font>

297
00:18:41,670 --> 00:18:42,830
<font color="#ffbf46">අපි හිතමු...</font>

298
00:18:43,770 --> 00:18:46,330
<font color="#ffbf46">ඔයා ආදරේ කරන කෙනාට ඔයා නිසා දුක් විඳින්න වෙනවා කියලා.</font>

299
00:18:47,640 --> 00:18:49,430
<font color="#ffbf46">එහෙම වෙනවා කියලා දැන දැනත්,</font>

300
00:18:49,870 --> 00:18:51,500
<font color="#ffbf46">ඔයා දිගටම එයාව හම්බවෙනවද?</font>

301
00:18:52,170 --> 00:18:53,640
<font color="#ffbf46">ඇයි ඔයා එහෙම කියන්නේ?</font>

302
00:18:56,030 --> 00:18:58,730
<font color="#ffbf46">ඔයා මගේ අනාගතේ ගැන දන්නවද?</font>

303
00:18:59,270 --> 00:19:00,430
<font color="#ffbf46">මගේ ආදර ජීවිතේ ගැන?</font>

304
00:19:00,970 --> 00:19:02,030
<font color="#ffbf46">නෑ.</font>

305
00:19:03,030 --> 00:19:05,200
<font color="#ffbf46">ඔයා එච්චර දුර හිතලවත් නැත්නම්,</font>

306
00:19:05,300 --> 00:19:06,830
<font color="#ffbf46">ඔහොම ප්‍රශ්න අහන්න හොඳ නෑ.</font>

307
00:19:15,070 --> 00:19:18,800
<font color="#ffbf46">එයාලා කිව්වා සභාපතිවරණේ වෙලාවේ ඔයා එතන ඉන්න ඕනේ කියලා.</font>

308
00:19:18,900 --> 00:19:22,140
<font color="#ffbf46">මේ ගැන මැසේජ් කරන එක කරදරයක්.
මට කෝල් එකක් හරි මොකක් හරි දෙන්න.</font>

309
00:19:26,930 --> 00:19:29,570
<font color="#ffbf46">හරි. මම සේ යන්ග්ට කතා කරන්නම්.</font>

310
00:19:29,570 --> 00:19:30,670
<font color="#ffbf46">මොකක්?</font>

311
00:19:31,470 --> 00:19:32,500
<font color="#ffbf46">එච්චරද?</font>

312
00:19:36,030 --> 00:19:37,030
<font color="#ffbf46">හරි සර්.</font>

313
00:19:42,170 --> 00:19:44,000
<font color="#ffbf46">මොකද? ඔයාට කියන්න දෙයක් තියෙනවද?</font>

314
00:19:44,070 --> 00:19:48,870
<font color="#ffbf46">මම අහගත්තා ඔයා ජන්හෝ සිටි
ප්‍රොජෙක්ට් එකේ සල්ලි ආයෝජනය කළා කියලා.</font>

315
00:19:49,000 --> 00:19:52,100
<font color="#ffbf46">මම මේ කල්පනා කළේ ඔයා කොහොමද ඒක කළේ කියලා.</font>

316
00:19:52,670 --> 00:19:55,330
<font color="#ffbf46">මම කොහොමහරි සල්ලි ටික හොයාගත්තා...</font>

317
00:19:55,830 --> 00:19:59,300
<font color="#ffbf46">මගේ යාළුවොන්ගෙයි නෑදෑයන්ගෙයි උදව්වෙන්.</font>

318
00:19:59,300 --> 00:20:01,470
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, ඔයා කොහෙන්ද ඒක දැනගත්තේ?</font>

319
00:20:01,470 --> 00:20:04,270
<font color="#ffbf46">කවුද ඔයාට කිව්වේ? ආ, එහෙමයි වුණේ නේද.</font>

320
00:20:04,570 --> 00:20:08,070
<font color="#ffbf46">කිම් නෝනා කිව්වා ඔයාට ඔච්චර සල්ලි
තියෙනවා කියලා එයා දැනන් හිටියේ නෑ කියලා.</font>

321
00:20:08,070 --> 00:20:11,370
<font color="#ffbf46">අනේ මන්දා, ඔයාට පිස්සුද? එයාට මොකක් වෙලාද මන්දා.</font>

322
00:20:11,370 --> 00:20:13,430
<font color="#ffbf46">එයා මාර අමුතු කෙනෙක්නේ.</font>

323
00:20:13,640 --> 00:20:16,640
<font color="#ffbf46">ඒක එච්චර ලොකු ආයෝජනයකුත් නෙවෙයි. දෙවියනේ.</font>

324
00:20:17,030 --> 00:20:18,640
<font color="#ffbf46">ඇයි එයා අනුන්ගේ දේවල් හොයන්නේ?</font>

325
00:20:21,300 --> 00:20:23,730
<font color="#ffbf46">අනේ මන්දා. ඒකට සමාවෙන්න.</font>

326
00:20:29,830 --> 00:20:31,700
<font color="#ffbf46">එයාට දැන් මාත් එක්ක තරහක් නැද්ද දන්නෑ?</font>

327
00:20:33,170 --> 00:20:34,170
<font color="#ffbf46">මේ.</font>

328
00:20:34,830 --> 00:20:37,030
<font color="#ffbf46">ඔයා ගෙදරින් ගිහින් තාම එක දවසයි වුණේ.</font>

329
00:20:38,570 --> 00:20:40,000
<font color="#ffbf46">ටිකක් හිතලා බැලුවම,</font>

330
00:20:40,570 --> 00:20:42,500
<font color="#ffbf46">මම හිතන්නේ නෑ මම හැමදේම හරියට කළා කියලා.</font>

331
00:20:43,570 --> 00:20:45,800
<font color="#ffbf46">මට හිතෙන්නේ මම එයාට ඕනවට වඩා වද දුන්නා කියලා.</font>

332
00:20:48,170 --> 00:20:49,330
<font color="#ffbf46">අපි හිතමු...</font>

333
00:20:50,030 --> 00:20:53,700
<font color="#ffbf46">ස්පයිඩර් මෑන්ගේ කෙල්ල එයාට කිව්වා කියලා,</font>

334
00:20:54,300 --> 00:20:57,070
<font color="#ffbf46">"ඔයා දිගටම අතින් දැල් විදිනවා නම් මම
ඔයාත් එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා."</font>

335
00:20:57,570 --> 00:20:58,870
<font color="#ffbf46">එයා එහෙම කිව්වා නම්.</font>

336
00:21:00,030 --> 00:21:02,070
<font color="#ffbf46">එතකොට ඔයා හිතන්නේ එයාලට මොනවා වෙයි කියලද?</font>

337
00:21:02,770 --> 00:21:04,030
<font color="#ffbf46">එතනින් එයාලගේ කතාව ඉවරයි.</font>

338
00:21:04,430 --> 00:21:05,870
<font color="#ffbf46">එයාට තීරණයක් ගන්න ලේසි වෙයි.</font>

339
00:21:06,170 --> 00:21:07,170
<font color="#ffbf46">මං කිව්වේ...</font>

340
00:21:08,030 --> 00:21:09,830
<font color="#ffbf46">අපි මේ කතා කරන්නේ ස්පයිඩර් මෑන් ගැනනේ.</font>

341
00:21:11,200 --> 00:21:12,400
<font color="#ffbf46">එහෙම නේද?</font>

342
00:21:14,970 --> 00:21:17,370
<font color="#ffbf46">මට හිතෙන්නේ මම මං ගැන විතරක් හිතුවා වැඩියි කියලා.</font>

343
00:21:17,800 --> 00:21:19,600
<font color="#ffbf46">මම එයාට කෝච්චියේ යන්න එපා කියලත් කිව්වනේ.</font>

344
00:21:20,470 --> 00:21:21,530
<font color="#ffbf46">කෝච්චියේ?</font>

345
00:21:25,100 --> 00:21:27,970
<font color="#ffbf46">එයා මට කවදාවත් කතා නොකළොත්?</font>

346
00:21:28,470 --> 00:21:32,270
<font color="#ffbf46">දිගටම ඔහොම කරනවා නම් ආපහු ගෙදර යන්න.</font>

347
00:21:32,670 --> 00:21:34,730
<font color="#ffbf46">ඔහොම ඉන්න නම් මොකටද මුලින්ම ගෙදරින් ආවේ?</font>

348
00:21:34,730 --> 00:21:37,070
<font color="#ffbf46">ඇයි ඔයා මට කෑගහන්නේ? මම මේ කන ගමන් ඉන්නේ.</font>

349
00:21:37,570 --> 00:21:39,930
<font color="#ffbf46">මම මේ අමාරුවෙන් කන ගමන් ඉන්නේ.</font>

350
00:21:39,930 --> 00:21:42,930
<font color="#ffbf46">කොහොමත් මේක රහ නෑ.</font>

351
00:21:43,070 --> 00:21:44,770
<font color="#ffbf46">කොහොමද මේක මෙච්චර ලුණු රහට හදන්නේ?</font>

352
00:21:45,270 --> 00:21:46,800
<font color="#ffbf46">ගෙදරින් එළියට දාපු එක අහන්න දෙයක් නෑ.</font>

353
00:21:46,800 --> 00:21:47,870
<font color="#ffbf46">මොකක්ද කිව්වේ?</font>

354
00:21:48,470 --> 00:21:50,270
<font color="#ffbf46">මට වද දෙන එක නවත්තන්න.</font>

355
00:21:50,670 --> 00:21:53,000
<font color="#ffbf46">සෝ ජූන් නම් කිව්වේ මගේ කෑම හරි රහයි කියලා.</font>

356
00:21:53,570 --> 00:21:55,770
<font color="#ffbf46">එයා කවදාවත් නෑ කිව්වේ නෑ රහ නෑ කියලා.</font>

357
00:21:59,370 --> 00:22:00,730
<font color="#ffbf46">මේක කන්න.</font>

358
00:22:42,800 --> 00:22:44,330
<font color="#ffbf46">එයා ඇතුළෙද නැද්ද?</font>

359
00:22:46,170 --> 00:22:47,900
<font color="#ffbf46">අනේ මන්දා.</font>

360
00:22:54,370 --> 00:22:55,470
<font color="#ffbf46">මේ.</font>

361
00:22:55,900 --> 00:22:57,270
<font color="#ffbf46">ඔයා මොකද කළේ?</font>

362
00:22:58,100 --> 00:23:00,200
<font color="#ffbf46">ඔයා ඒක නොකා ඉන්නයි තිබුණේ.</font>

363
00:23:00,770 --> 00:23:02,270
<font color="#ffbf46">මේ, මෙහාට එන්න.</font>

364
00:23:03,170 --> 00:23:04,730
<font color="#ffbf46">ඔයාට පිස්සුද?</font>

365
00:23:04,830 --> 00:23:07,200
<font color="#ffbf46">කන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා.</font>

366
00:23:07,270 --> 00:23:08,300
<font color="#ffbf46">ඕක එළියට දාන්න.</font>

367
00:23:12,070 --> 00:23:13,530
<font color="#ffbf46">මෙතනම ඉන්න.</font>

368
00:23:21,170 --> 00:23:22,200
<font color="#ffbf46">ඔව්?</font>

369
00:23:23,870 --> 00:23:25,100
<font color="#ffbf46">මම ගෙදර ආවා.</font>

370
00:23:27,030 --> 00:23:28,170
<font color="#ffbf46">දැන්ද?</font>

371
00:23:30,930 --> 00:23:32,130
<font color="#ffbf46">කොතනද හම්බවෙන්න ඕනේ?</font>

372
00:24:04,070 --> 00:24:05,200
<font color="#ffbf46">ඔයා ආවද.</font>

373
00:24:05,470 --> 00:24:06,600
<font color="#ffbf46">එහෙමම නෑ.</font>

374
00:24:07,670 --> 00:24:09,200
<font color="#ffbf46">මම මේ පාර්සලයක් ගන්න ආවේ.</font>

375
00:24:11,130 --> 00:24:12,970
<font color="#ffbf46">තාම මුකුත් ආවේ නෑනේ.</font>

376
00:24:14,200 --> 00:24:15,700
<font color="#ffbf46">ආ, ඇත්තටමද?</font>

377
00:24:17,970 --> 00:24:21,100
<font color="#ffbf46">පිටරටින් ගෙන්වපු එකක්. මම ගොඩක් කල් බලාගෙන හිටියා.</font>

378
00:24:21,870 --> 00:24:24,930
<font color="#ffbf46">මට මැසේජ් එකක් ආවා අද එනවා කියලා. මට ඉන්න වෙයි වගේ.</font>

379
00:24:26,000 --> 00:24:28,600
<font color="#ffbf46">ඔව්, ඔයා එහෙම කරන්න.</font>

380
00:24:28,770 --> 00:24:30,200
<font color="#ffbf46">මම මේ යන්න හැදුවේ.</font>

381
00:24:31,570 --> 00:24:32,970
<font color="#ffbf46">ඔයා ඔහොමම යනවද?</font>

382
00:24:34,570 --> 00:24:36,070
<font color="#ffbf46">ඔයාට මට කියන්න දෙයක් නැද්ද?</font>

383
00:24:36,970 --> 00:24:39,000
<font color="#ffbf46">මම කෙනෙක්ව හම්බවෙන්න යනවා.</font>

384
00:24:39,170 --> 00:24:40,300
<font color="#ffbf46">මම පස්සේ වෙලාවක ඔයාව බලන්නම්.</font>

385
00:24:48,200 --> 00:24:50,000
<font color="#ffbf46">මුද්ද නෑනේ.</font>

386
00:25:13,830 --> 00:25:16,270
<font color="#ffbf46">මම මේ දැන් එතනට යන ගමන්.</font>

387
00:25:17,170 --> 00:25:19,570
<font color="#ffbf46">ඒත් ඔයා කොහොමද කිම් යොන්ග් ජින්ව දන්නේ?</font>

388
00:25:21,900 --> 00:25:24,200
<font color="#ffbf46">එයාව හිරේ දාන්න.</font>

389
00:25:25,570 --> 00:25:27,600
<font color="#ffbf46">කවදාහරි එයා ඔයාට පිටිපස්සෙන් පිහියෙන් අනියි.</font>

390
00:25:27,630 --> 00:25:30,300
<font color="#ffbf46">නෑ, එයා දැනටමත් ඔයාව පාවා දීලා ඉවරයි.</font>

391
00:25:30,970 --> 00:25:32,370
<font color="#ffbf46">ඔයා මොනවද මේ කියන්නේ?</font>

392
00:25:34,070 --> 00:25:36,870
<font color="#ffbf46">මම මේක ඔයාට නොකිය ඉන්න හිටියේ...</font>

393
00:25:36,870 --> 00:25:39,200
<font color="#ffbf46">මොකද මේකෙන් දේවල් තවත් අවුල් වෙන්න පුළුවන් නිසා.</font>

394
00:25:40,030 --> 00:25:42,370
<font color="#ffbf46">ඒත් මට තවත් නිකන් බලන් ඉන්න බෑ.</font>

395
00:25:42,630 --> 00:25:45,170
<font color="#ffbf46">දැන් නම් මේක සාමාන්‍ය විදියට පෙනුනට,</font>

396
00:25:45,170 --> 00:25:47,470
<font color="#ffbf46">මේක ගොඩක් වටින දේපළක් වෙන්න යන්නේ.</font>

397
00:25:47,470 --> 00:25:51,500
<font color="#ffbf46">ඔයා සම්බන්ධ වුණ ගමන් අපිට මේක ගන්න වැඩේ පටන් ගන්න පුළුවන්.</font>

398
00:25:52,670 --> 00:25:54,030
<font color="#ffbf46">මිනිහා මොනවද මේ කියන්නේ?</font>

399
00:25:54,470 --> 00:25:56,800
<font color="#ffbf46">ඒ කාලකන්නියා ඔයාට හොරෙන් ඉන්වෙස්ටර්ලා එකතු කරගෙන...</font>

400
00:25:56,800 --> 00:25:58,770
<font color="#ffbf46">ජන්හෝවලින් ඉඩමක් අරගෙන.</font>

401
00:26:00,970 --> 00:26:02,900
<font color="#ffbf46">මම හිතුවේ ඒක නිකන් කටකතාවක් කියලා.</font>

402
00:26:03,630 --> 00:26:05,500
<font color="#ffbf46">ඒත් මේක කොහොමද ඔයා ළඟ තියෙන්නේ?</font>

403
00:26:06,830 --> 00:26:07,830
<font color="#ffbf46">මොකක්?</font>

404
00:26:07,830 --> 00:26:10,470
<font color="#ffbf46">සෝ ජූන්. සෝ ජූන්, මේ අහන්නකෝ.</font>

405
00:26:10,570 --> 00:26:12,030
<font color="#ffbf46">මම කියන දේ අහන්නකෝ.</font>

406
00:26:12,030 --> 00:26:14,900
<font color="#ffbf46">ඔයානේ එයාට උගුලක් ඇටෙව්වේ.</font>

407
00:26:15,630 --> 00:26:18,170
<font color="#ffbf46">කොහොමත් එයා ඕක කරන්නයි හිටියේ.</font>

408
00:26:18,170 --> 00:26:21,100
<font color="#ffbf46">නෑ, මීට වඩා නරක දෙයක් වුණත් කරන්න එයාට පුළුවන්.</font>

409
00:26:21,430 --> 00:26:22,970
<font color="#ffbf46">මම කළේ ඒක ලේසි කරපු එක විතරයි...</font>

410
00:26:22,970 --> 00:26:24,430
<font color="#ffbf46">හරියටම මොන වගේ දෙයක්ද?</font>

411
00:26:25,530 --> 00:26:27,370
<font color="#ffbf46">මම කියන්නේ මිනිහා ඔයාගේ කොම්පැණිය විනාශ කරයි.</font>

412
00:26:27,370 --> 00:26:29,370
<font color="#ffbf46">මිනිහාගේ අදහස හොඳ නෑ.</font>

413
00:26:29,370 --> 00:26:31,870
<font color="#ffbf46">එහෙමනම් ඔයා කලින්ම මට කියන්න තිබුණා.</font>

414
00:26:32,100 --> 00:26:35,430
<font color="#ffbf46">මුලදී මම හැදුවේ ඔයාව එයාගෙන් ඈත් කරලා තියන්න.</font>

415
00:26:35,430 --> 00:26:39,070
<font color="#ffbf46">මම මිනිහට තනියම නැගිටින්න කියලා සල්ලි පවා දුන්නා.</font>

416
00:26:39,170 --> 00:26:41,300
<font color="#ffbf46">ඒත් මිනිහා තීරණය කළා මට පිටිපස්සෙන් පිහියෙන් අනින්න.</font>

417
00:26:41,300 --> 00:26:43,570
<font color="#ffbf46">මම එයාට චාන්ස් එකක් දුන්නා. ඔයාට
මම මොනවා කරන්න කියලද කියන්නේ?</font>

418
00:26:43,570 --> 00:26:45,200
<font color="#ffbf46">එයාගේ ඉරණම එයාට වෙනස් කරන්න බෑ.</font>

419
00:26:45,870 --> 00:26:48,070
<font color="#ffbf46">ඉතින් මම ඔයාට කලින් කිව්වා නම් මොකද වෙන්නේ?</font>

420
00:26:48,170 --> 00:26:51,430
<font color="#ffbf46">තාම මුකුත් වෙලත් නෑනේ. ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ?</font>

421
00:26:51,430 --> 00:26:53,670
<font color="#ffbf46">මුකුත් කළේ නැති එකට ඔයා එයාව හිරේ දානවද?</font>

422
00:26:53,670 --> 00:26:56,030
<font color="#ffbf46">ඔයා එයාව අස් කරනවද? එහෙමනම් ඔයාට තිබුණා අඩුම ගානේ...</font>

423
00:26:56,030 --> 00:26:57,570
<font color="#ffbf46">එයා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලවත් මට කියන්න.</font>

424
00:26:57,570 --> 00:27:00,730
<font color="#ffbf46">ඔයා හිතන්නේ එතකොට මොනවා වෙයි කියලද?</font>

425
00:27:00,730 --> 00:27:03,970
<font color="#ffbf46">එයා තවත් තරහ අරන් මීට වඩා දරුණු විදියට පළිගන්න තිබුණා.</font>

426
00:27:04,430 --> 00:27:07,170
<font color="#ffbf46">ඔයා කියන්නේ එයාව මේකට කැමති
කරගත්තට ඔයාට ප්‍රශංසා කරන්න කියලද?</font>

427
00:27:07,530 --> 00:27:08,570
<font color="#ffbf46">මොකක්?</font>

428
00:27:08,830 --> 00:27:12,530
<font color="#ffbf46">ඕක දෛවයේ හැටි කියලා කියන එක නවත්තන්න.</font>

429
00:27:12,530 --> 00:27:14,200
<font color="#ffbf46">ඇත්ත තත්ත්වෙට මූණ දෙන්න.</font>

430
00:27:14,900 --> 00:27:18,770
<font color="#ffbf46">මේ හැමදේම වුණේ ඔයා එයාට උගුලක් ඇටෙව්ව නිසා. ඒකයි ඇත්ත.</font>

431
00:27:18,770 --> 00:27:21,700
<font color="#ffbf46">ඔයා කියන්නේ මේ ඔක්කොම මගේ වැරදි කියලද?</font>

432
00:27:21,830 --> 00:27:24,070
<font color="#ffbf46">ඔයා කොහොමද කියන්නේ එයා මෙහෙම දෙයක් කරන එකක් නෑ කියලා...</font>

433
00:27:24,070 --> 00:27:27,070
<font color="#ffbf46">මම එයාට කිව්වේ නැත්නම්?</font>

434
00:27:27,900 --> 00:27:31,000
<font color="#ffbf46">කවුද කියන්නේ ඔයාට ජීවත් වෙන්න
පුළුවන් දෛවයට අනුව විතරයි කියලා?</font>

435
00:27:31,000 --> 00:27:35,370
<font color="#ffbf46">අනේ කරුණාකරලා. කරුණාකරලා ඔහොම මෝඩ වෙන්න එපා.</font>

436
00:27:35,870 --> 00:27:38,130
<font color="#ffbf46">අහන්නකෝ. මේ.</font>

437
00:27:38,170 --> 00:27:41,530
<font color="#ffbf46">අපි කතා කරපු තවත් දේවල් මේකේ රෙකෝඩ් වෙලා තියෙනවා.</font>

438
00:27:41,730 --> 00:27:43,500
<font color="#ffbf46">මේක ගොඩක් වැදගත් සාක්ෂියක්.</font>

439
00:27:43,530 --> 00:27:46,470
<font color="#ffbf46">එයා මීට වඩා ලොකු ප්‍රශ්නයක් ඇති
කරන්න කලින් පොලිසියට භාර දෙන්න.</font>

440
00:27:46,470 --> 00:27:49,600
<font color="#ffbf46">තව හොයලා බලන්න එයා වෙන
මොනවා හරි වංචා කරලද කියලා. මට ෂුවර්...</font>

441
00:27:49,600 --> 00:27:53,970
<font color="#ffbf46">එයා මිලියන නවය පියවන්න කොම්පැණියේ සල්ලි ගන්න ඇති.</font>

442
00:27:54,470 --> 00:27:56,930
<font color="#ffbf46">මට වඩා ඉක්මනට ඒක හොයාගන්න ඔයාට පුළුවන් වෙයිනේ, නේද?</font>

443
00:27:57,200 --> 00:28:01,030
<font color="#ffbf46">මෙතනින් එහාට කරන්න ඕන දේ මම
බලාගන්නම්, ඔයා මේකට මැදිහත් වෙන්න එපා.</font>

444
00:28:01,800 --> 00:28:03,700
<font color="#ffbf46">ඔයා කොහොමද බලාගන්නේ?</font>

445
00:28:05,570 --> 00:28:07,630
<font color="#ffbf46">මේ, ඔයාට සිද්ධ වෙනවා එයාව ඇතුළට දාන්න.</font>

446
00:28:12,130 --> 00:28:14,130
<font color="#ffbf46">මම මේ බැලුවේ... යූ මහත්තයා.</font>

447
00:28:16,070 --> 00:28:17,270
<font color="#ffbf46">මට විනාඩියක් දෙන්න පුළුවන්ද?</font>

448
00:28:17,770 --> 00:28:20,370
<font color="#ffbf46">මේ... මට දැන් මීටින් එකකට යන්න තියෙනවා.</font>

449
00:28:20,370 --> 00:28:21,530
<font color="#ffbf46">මගේ පස්සෙන් එන්න.</font>

450
00:28:31,200 --> 00:28:34,430
<font color="#ffbf46">යූ මහත්තයා. මම කලින් කිව්වා වගේ, මට මීටින් එකක් තියෙනවා.</font>

451
00:28:34,530 --> 00:28:36,200
<font color="#ffbf46">මට දැන්ම යන්න වෙනවා. පොඩ්ඩක් ඉන්නකෝ.</font>

452
00:28:36,200 --> 00:28:38,670
<font color="#ffbf46">මට හදිස්සි කෝල් එකක් ගන්න තියෙනවා.
ඔයාට කියන්න දෙයක් තියෙනවා නම්,</font>

453
00:28:38,870 --> 00:28:40,700
<font color="#ffbf46">කියන්න. පොඩ්ඩක් ඉන්නකෝ.</font>

454
00:28:41,930 --> 00:28:44,970
<font color="#ffbf46">යූ මහත්තයා, මම මීටින් එකට පරක්කු වෙනවා. කි දූන්ග්.</font>

455
00:28:45,700 --> 00:28:49,070
<font color="#ffbf46">ඉන්ස්පෙක්ෂන් ටීම් එකට කතා කරලා
කියන්න මෙයාව චෙක් කරන්න කියලා...</font>

456
00:28:49,670 --> 00:28:51,600
<font color="#ffbf46">මිස්ටර් කිම්ගෙ ඔෆිස් එක දැන්ම අත්පත් කරගන්න.</font>

457
00:28:54,130 --> 00:28:57,200
<font color="#ffbf46">මට දැනගන්න ලැබුණා එයා රාජකාරිය පැහැර හැරලා කියලා.</font>

458
00:29:00,800 --> 00:29:02,200
<font color="#ffbf46">මොකක්ද දැන් කිව්වෙ?</font>

459
00:29:03,200 --> 00:29:04,330
<font color="#ffbf46">රාජකාරිය පැහැර හැරලා?</font>

460
00:29:04,670 --> 00:29:07,530
<font color="#ffbf46">මට තේරෙන්නෙ නෑ...</font>

461
00:29:07,530 --> 00:29:08,570
<font color="#ffbf46">ඔයා මොකක්ද මේ කියන්නෙ කියලා.</font>

462
00:29:08,570 --> 00:29:11,300
<font color="#ffbf46">මම කිව්වනේ ජැන්ග්හෝ සිටි ප්‍රොජෙක්ට් එක හරියන්නෙ නෑ කියලා.</font>

463
00:29:12,200 --> 00:29:14,500
<font color="#ffbf46">ඒ ඉඩම ගැන ඔයාට එච්චරටම විශ්වාස තිබුණද?</font>

464
00:29:16,800 --> 00:29:18,100
<font color="#ffbf46">මම කෙටියෙන් කියන්නම්.</font>

465
00:29:18,800 --> 00:29:20,170
<font color="#ffbf46">ඔය ප්‍රොජෙක්ට් එක සම්බන්ධව,</font>

466
00:29:20,570 --> 00:29:23,470
<font color="#ffbf46">කම්පැණි එක ඔයාට විරුද්ධව නඩු දාන්න යන්නෙ නෑ.</font>

467
00:29:23,900 --> 00:29:25,000
<font color="#ffbf46">ඒ වෙනුවට,</font>

468
00:29:25,830 --> 00:29:28,900
<font color="#ffbf46">කරුණාකරලා දැන්ම කම්පැණි එකෙන් අස් වෙලා යන්න.</font>

469
00:29:32,430 --> 00:29:33,470
<font color="#ffbf46">හරි.</font>

470
00:29:36,300 --> 00:29:37,370
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

471
00:29:40,570 --> 00:29:43,070
<font color="#ffbf46">ඔයා කියන දේ මට තේරෙනවා. හරි, මම යන්නම්.</font>

472
00:29:43,070 --> 00:29:45,400
<font color="#ffbf46">මීට පස්සෙ මට ඔයාට අනුකම්පා කරන්න බැරි වෙයි.</font>

473
00:29:46,000 --> 00:29:49,330
<font color="#ffbf46">ඔයා තව මොනවා හරි වංචාවක් හෝ වැරැද්දක් කරලා අහු වුණොත්,</font>

474
00:29:50,330 --> 00:29:53,330
<font color="#ffbf46">උසාවි යන්න වෙයි කියලා හිතාගෙන ලෑස්ති වෙලා ඉන්න.</font>

475
00:29:54,530 --> 00:29:57,330
<font color="#ffbf46">එහෙම නැත්නම් බේරෙන්න ඕන නම් පොලීසියට භාර වෙන්න.</font>

476
00:29:57,330 --> 00:29:59,370
<font color="#ffbf46">වෙන කරන්න දෙයක් නෑ.</font>

477
00:30:00,300 --> 00:30:01,730
<font color="#ffbf46">අපි බලමුකො ඒක.</font>

478
00:30:03,030 --> 00:30:05,970
<font color="#ffbf46">කොහොම වුණත්, කම්පැණිය පටන් ගත්ත
මුල් කාලෙ ඉඳන් කරපු වැඩවලට ස්තූතියි.</font>

479
00:30:07,130 --> 00:30:10,430
<font color="#ffbf46">ආයේ කවදාවත් අපිට මුණගැහෙන්න
නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.</font>

480
00:30:13,970 --> 00:30:15,030
<font color="#ffbf46">මිස්ටර් යූ.</font>

481
00:30:15,770 --> 00:30:20,130
<font color="#ffbf46">ඇයි ඔයා ජැන්ග්හෝ සිටි ප්‍රොජෙක්ට් එකේ ප්‍රශ්නෙ යටගහන්න හදන්නෙ?</font>

482
00:30:21,530 --> 00:30:23,370
<font color="#ffbf46">අපේ අතරෙ එහෙම ලොකු සම්බන්ධයක් නෑනේ.</font>

483
00:30:23,430 --> 00:30:25,000
<font color="#ffbf46">මට ඕන ඔයාට අවස්ථාවක් දෙන්න.</font>

484
00:30:26,270 --> 00:30:29,730
<font color="#ffbf46">ඔයා ඒ අවස්ථාව මග ඇරගන්නෙ නෑ කියලා මම හිතනවා...</font>

485
00:30:30,970 --> 00:30:32,730
<font color="#ffbf46">මොකද සමහර විට මේක ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්.</font>

486
00:30:48,930 --> 00:30:51,630
<font color="#ffbf46">මට හිතෙනවා මිනිහව මරලා දාන්න.</font>

487
00:31:08,170 --> 00:31:12,070
<font color="#ffbf46">අපොයි දෙයියනේ, විනාශයි. මම දැනන්
හිටියා මේක වෙයි කියලා. මම ඉවරයි.</font>

488
00:31:12,070 --> 00:31:13,270
<font color="#ffbf46">මට කෙළ වෙලා තියෙන්නෙ.</font>

489
00:31:13,700 --> 00:31:15,470
<font color="#ffbf46">මොකක්ද වුණේ? කියන්නකො ඉතින්.</font>

490
00:31:15,470 --> 00:31:16,700
<font color="#ffbf46">මොකක්ද? ඇයි ඔයා එහෙම කළේ?</font>

491
00:31:16,700 --> 00:31:18,730
<font color="#ffbf46">මොකක්ද කියන්නෙ? ඔයා මොනවද හංගන්නෙ?</font>

492
00:31:18,730 --> 00:31:21,200
<font color="#ffbf46">මොකක්... අනේ, මම මුකුත් දන්නෙ නෑ.</font>

493
00:31:21,200 --> 00:31:23,530
<font color="#ffbf46">මම දන්නවා ඔයා දන්නවා කියලා. ෂා, කෝට් එක ලස්සනයිනේ.</font>

494
00:31:23,530 --> 00:31:25,670
<font color="#ffbf46">මොනවා ගැනද මේ කියවන්නෙ? අයියෝ, මම බය වුණානේ.</font>

495
00:31:25,970 --> 00:31:28,270
<font color="#ffbf46">මේක අර ජැන්ග්හෝ සිටි එක ගැන නේද?
මිස්ටර් වෑන්ග්, මම හොඳටම බය වුණා.</font>

496
00:31:28,800 --> 00:31:31,030
<font color="#ffbf46">මම හරි නේද? ජැන්ග්හෝ සිටි ප්‍රශ්නෙ නේද මේ?</font>

497
00:31:31,030 --> 00:31:33,200
<font color="#ffbf46">මම මුකුත් දන්නෙ නෑ.</font>

498
00:31:33,200 --> 00:31:35,630
<font color="#ffbf46">මට තේරෙන්නෙ නෑ මොනවා වෙනවද
කියලා. හොඳම දේ ඔයා අපිට ඇත්ත කියන එක.</font>

499
00:31:35,630 --> 00:31:38,370
<font color="#ffbf46">මම සොම්බියෙක් වගේ ඉන්නෙ. මම දන්නෙ නෑ... අනේ කියන්නකො ඉතින්.</font>

500
00:31:39,200 --> 00:31:41,470
<font color="#ffbf46">ඔෆිස් එකේ ඕන තරම් හොයලා බලන්න.</font>

501
00:31:41,800 --> 00:31:43,130
<font color="#ffbf46">ඔයාලට මුකුත් හම්බවෙන්නෙ නෑ.</font>

502
00:31:48,670 --> 00:31:51,730
<font color="#ffbf46">ගණන් උස්සනකම් මට බලන් ඉන්න පුළුවන් පාටක් නෑ.</font>

503
00:31:52,300 --> 00:31:55,170
<font color="#ffbf46">ඔක්කොම අකුලගෙන පැනලා යන එක තමා හොඳම වැඩේ.</font>

504
00:32:15,870 --> 00:32:18,200
<font color="#ffbf46">කවුද මේ? පාර්සල් එකක් ඇවිත්.</font>

505
00:33:04,370 --> 00:33:05,930
<font color="#ffbf46">ඔයා ආයෙත් යනවද?</font>

506
00:33:06,730 --> 00:33:08,770
<font color="#ffbf46">ඔව්. ගෙදරට වෙලා ඉන්න.</font>

507
00:33:09,040 --> 00:33:11,070
<font color="#ffbf46">මම ගිහින් කි ඩූන්ග් එක්ක ඉන්නම්.</font>

508
00:33:14,370 --> 00:33:16,170
<font color="#ffbf46">ඔයා මේ පාර යන්නම යනවද?</font>

509
00:33:17,830 --> 00:33:19,500
<font color="#ffbf46">අනේ මන්දා, ඇත්තටම.</font>

510
00:33:22,430 --> 00:33:24,170
<font color="#ffbf46">ඇයි ඔයා වෙඩින් රින්ග් එක ගැලෙව්වෙ?</font>

511
00:33:27,300 --> 00:33:29,500
<font color="#ffbf46">ඒක මහා දෙයක් නෙවෙයිනේ. මේ අස්සෙ,</font>

512
00:33:29,870 --> 00:33:32,700
<font color="#ffbf46">ඔයා වෙඩින් රින්ග් එකත් ගලවලා. කොහොමද
කියන්නෙ ඒක මහා දෙයක් නෙවෙයි කියලා?</font>

513
00:33:32,700 --> 00:33:34,470
<font color="#ffbf46">වැරදියට තේරුම් ගන්න එපා.</font>

514
00:33:35,170 --> 00:33:36,730
<font color="#ffbf46">ඔයා මට පැහැදිලි කරන්න ඉඩ දෙන්නෙවත් නෑනේ.</font>

515
00:33:37,370 --> 00:33:39,770
<font color="#ffbf46">ඔයාට බැරි වුණාද මට කෝල් එකක්වත් දෙන්න?</font>

516
00:33:40,970 --> 00:33:42,670
<font color="#ffbf46">ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ?</font>

517
00:33:43,700 --> 00:33:45,870
<font color="#ffbf46">ඔයා හිතුවද මම මේ නිකන්ම පාර්සල් එකක් ගන්න ගෙදර ආවා කියලා?</font>

518
00:33:45,870 --> 00:33:48,200
<font color="#ffbf46">ඔයාට මං ගැන තරහක් තියෙනවා නම්
ඉවරයක් වෙනකම්ම මාත් එක්ක රණ්ඩු කරන්න.</font>

519
00:33:48,870 --> 00:33:52,100
<font color="#ffbf46">ඔයාට තරහා යනවා, ඊට පස්සෙ ඔයා මං එනකම් බලන් ඉඳලා...</font>

520
00:33:52,700 --> 00:33:53,930
<font color="#ffbf46">හිත රිද්ද ගන්නවා.</font>

521
00:33:55,300 --> 00:33:57,400
<font color="#ffbf46">ඔයා මට හිතන්නවත් පොඩි වෙලාවක් දෙන්නෙ නෑනේ.</font>

522
00:33:57,430 --> 00:33:59,130
<font color="#ffbf46">ඔයා මොනවද මේ හිතන්නෙ?</font>

523
00:34:00,300 --> 00:34:03,330
<font color="#ffbf46">මොනවද තනියම හිතන්නෙ? දවස් දෙකයිනේ වුණේ.</font>

524
00:34:03,900 --> 00:34:07,300
<font color="#ffbf46">කොහොමද ඔයාට දවස් දෙකක්වත් ඉවසන් ඉන්න බැරි?</font>

525
00:34:07,300 --> 00:34:09,300
<font color="#ffbf46">ඒ දවස් දෙක මට දැනුණෙ අවුරුදු 20ක් වගේ.</font>

526
00:34:11,100 --> 00:34:13,100
<font color="#ffbf46">ඇයි ඔයා ඔච්චර සන්සුන්ව ඉන්නෙ?</font>

527
00:34:14,470 --> 00:34:16,000
<font color="#ffbf46">කොහොමද ඔයා මේ වෙලාවෙ ඔහොම ඉන්නෙ?</font>

528
00:34:16,870 --> 00:34:19,070
<font color="#ffbf46">මට නම්, ඒ දවස් දෙක ඇත්තටම දශක දෙකක් වගේ දැනුණෙ.</font>

529
00:34:19,400 --> 00:34:21,430
<font color="#ffbf46">කොහොමද ඔයා කියන්නෙ දවස් දෙකයි ගියේ කියලා?</font>

530
00:34:21,430 --> 00:34:23,600
<font color="#ffbf46">ඕක හින්දා තමා මම කියන්නෙ ඔයා
මාව අපහසුතාවයට පත් කරනවා කියලා.</font>

531
00:34:23,900 --> 00:34:26,870
<font color="#ffbf46">ඔයා ජීවත් වෙන්නෙ මං හින්දද? තමන්ගෙ
පාඩුවේ ජීවත් වෙන්න ඉගෙන ගන්නකො.</font>

532
00:34:26,870 --> 00:34:28,770
<font color="#ffbf46">ආත්ම විශ්වාසයෙන් ශක්තිමත්ව ඉන්න.</font>

533
00:34:29,200 --> 00:34:31,670
<font color="#ffbf46">මට හැම තිස්සෙම ඔයා ගැන වද නොවී
ඉන්න පුළුවන් විදියට ඔයාට ඉන්න බැරිද?</font>

534
00:34:33,370 --> 00:34:36,130
<font color="#ffbf46">අපි බඳින්න කලින් ඔයා තනියම ජීවත් වුණේ කොහොමද?</font>

535
00:34:40,270 --> 00:34:41,500
<font color="#ffbf46">මට මතක නෑ.</font>

536
00:34:45,370 --> 00:34:47,570
<font color="#ffbf46">ඔයාව මුණගැහෙන්න කලින් මම කොහොමද ජීවත් වුණේ?</font>

537
00:34:48,540 --> 00:34:50,270
<font color="#ffbf46">මට මුකුත්ම මතක නෑ.</font>

538
00:34:53,130 --> 00:34:55,070
<font color="#ffbf46">දැන් මම දිහා බැලුවම දුක හිතෙනවද?</font>

539
00:34:59,770 --> 00:35:01,570
<font color="#ffbf46">ඔයාට මාව එහෙම පේනවා ඇති කියලා මට බයයි.</font>

540
00:35:02,830 --> 00:35:06,100
<font color="#ffbf46">මට කියන්න දේවල් ගොඩක් තියෙනවා, ඒත් මට ඔයා දිහා බලන්නවත් බෑ.</font>

541
00:35:09,130 --> 00:35:10,470
<font color="#ffbf46">අපි වෙන වෙලාවක කතා කරමු.</font>

542
00:35:11,770 --> 00:35:13,540
<font color="#ffbf46">මාත් ඔයාගෙන් අහන්න දේවල් ගොඩක් තියෙනවා.</font>

543
00:35:15,300 --> 00:35:16,900
<font color="#ffbf46">ඒත් අදට මම ඔයාට ඉන්න දෙන්නම්.</font>

544
00:35:48,300 --> 00:35:50,170
<font color="#ffbf46">මට ඕන වුණා එයාට අවස්ථාවක් දෙන්න.</font>

545
00:35:52,300 --> 00:35:56,200
<font color="#ffbf46">එයාගෙ දෛවයේ එයාට මොනවා ලියවිලා තිබුණත්,</font>

546
00:35:57,500 --> 00:36:00,200
<font color="#ffbf46">ඒක තනිවම වෙනස් කරගන්න උත්සාහ කරන්න
එයාට අවස්ථාවක් ලැබෙන්න ඕන කියලා මම හිතුවා.</font>

547
00:36:00,930 --> 00:36:04,070
<font color="#ffbf46">ඒ කියන්නෙ ඔයා කිම් යොන්ග් ජින්ට නිකන්ම බේරිලා යන්න දෙනවද?</font>

548
00:36:04,870 --> 00:36:07,570
<font color="#ffbf46">මම එහෙම කරන්නෙ ඒ අවස්ථාව මටත් ඕන හින්දයි.</font>

549
00:36:08,300 --> 00:36:10,800
<font color="#ffbf46">ඒයි, එයා කරපු දේ ලේසියෙන් අතාරින්න එපා.</font>

550
00:36:11,200 --> 00:36:14,200
<font color="#ffbf46">අහන්න. එයා කරපු වැරැද්දට එයා වන්දි ගෙවන්න ඕන.</font>

551
00:36:14,200 --> 00:36:18,300
<font color="#ffbf46">ඇති. ඔයා දන්නවනේ ඒකට ඔයාගෙත් පොඩි සම්බන්ධයක් තියෙනවා කියලා.</font>

552
00:36:19,200 --> 00:36:21,040
<font color="#ffbf46">මම දන්නවා ඔයා උදව් කරන්න හැදුවේ කියලා.</font>

553
00:36:21,040 --> 00:36:22,100
<font color="#ffbf46">ඒත්...</font>

554
00:36:22,500 --> 00:36:23,830
<font color="#ffbf46">මේ වෙලාවේ,</font>

555
00:36:24,470 --> 00:36:27,070
<font color="#ffbf46">මා රින් ගැන මොකද කරන්නෙ කියලා
හිතාගන්න බැරුව මම හොඳටම අවුල් වෙලා ඉන්නෙ.</font>

556
00:36:28,000 --> 00:36:29,730
<font color="#ffbf46">මම මොකද කරන්න ඕන?</font>

557
00:36:30,270 --> 00:36:31,430
<font color="#ffbf46">සමහර විට එයා...</font>

558
00:36:32,570 --> 00:36:34,500
<font color="#ffbf46">ළඟදීම තනි වෙයි.</font>

559
00:36:40,300 --> 00:36:43,370
<font color="#ffbf46">මට මොනවා වෙයිද කියලා හිතද්දි මට බය හිතෙනවා.</font>

560
00:36:45,730 --> 00:36:48,040
<font color="#ffbf46">මට ඕන එයා එක්ක ගොඩක් කාලයක් සතුටින් ජීවත් වෙන්න, ඒත්...</font>

561
00:36:49,600 --> 00:36:51,470
<font color="#ffbf46">"මම ඒක කරන්න උපරිම උත්සාහ කරන්න ඕන."</font>

562
00:36:52,300 --> 00:36:55,500
<font color="#ffbf46">"මම මේක ජයගන්න ඕන." මම ටික වෙලාවකට එහෙම හිතනවා,</font>

563
00:36:59,570 --> 00:37:01,330
<font color="#ffbf46">ඊට පස්සෙ මට හිතෙනවා මම පොරක් වෙන්න යන එක වැරදියි කියලා...</font>

564
00:37:02,700 --> 00:37:04,800
<font color="#ffbf46">එයාගෙ ජීවිතේ අනතුරේ තියෙද්දි.</font>

565
00:37:07,300 --> 00:37:08,400
<font color="#ffbf46">ඊට වඩා,</font>

566
00:37:10,200 --> 00:37:12,000
<font color="#ffbf46">මම කල්පනා කරන්නෙ...</font>

567
00:37:14,430 --> 00:37:16,000
<font color="#ffbf46">එයාට ඉතුරු වෙලා තියෙන ටික කාලේ...</font>

568
00:37:17,430 --> 00:37:19,800
<font color="#ffbf46">එයාට මාව එපා කරවලා හරි සතුටින් ඉන්න දෙන එකද හොඳ කියලා.</font>

569
00:37:28,930 --> 00:37:30,000
<font color="#ffbf46">ඩූ ශික්.</font>

570
00:37:32,500 --> 00:37:35,430
<font color="#ffbf46">මේ තත්වෙ හැටියට මට කරන්න පුළුවන් හොඳම දේ මොකක්ද?</font>

571
00:38:20,470 --> 00:38:21,470
<font color="#ffbf46">කවුද මේ?</font>

572
00:38:23,300 --> 00:38:24,500
<font color="#ffbf46">කවුද මේ?</font>

573
00:38:24,500 --> 00:38:27,000
<font color="#ffbf46">ඔයා පිගී නේද?</font>

574
00:38:27,470 --> 00:38:28,540
<font color="#ffbf46">ගොන් සූක්?</font>

575
00:38:30,630 --> 00:38:31,870
<font color="#ffbf46">අනේ දෙයියනේ.</font>

576
00:38:32,730 --> 00:38:34,000
<font color="#ffbf46">ඇයි මේ මේ විදියට ඇඳගෙන?</font>

577
00:38:34,000 --> 00:38:36,600
<font color="#ffbf46">ඔයා ඇයි මෙහෙ?</font>

578
00:38:37,330 --> 00:38:40,570
<font color="#ffbf46">එළියේ ටැක්සි එකක් ඇති.</font>

579
00:38:40,570 --> 00:38:41,830
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද ඩ්‍රයිවර්ට සල්ලි ගෙවන්න?</font>

580
00:38:41,830 --> 00:38:43,900
<font color="#ffbf46">මගේ අතේ දැන් පර්ස් එකක් නෑ.</font>

581
00:38:46,930 --> 00:38:48,330
<font color="#ffbf46">මං ගාව සල්ලි නෑ.</font>

582
00:38:49,470 --> 00:38:50,970
<font color="#ffbf46">මං ගාව සතයක්වත් නෑ.</font>

583
00:38:51,300 --> 00:38:53,540
<font color="#ffbf46">ඉක්මනට කියන්නකො.</font>

584
00:38:53,930 --> 00:38:55,200
<font color="#ffbf46">මම මෙතන මැරෙන්න යනවා.</font>

585
00:38:57,630 --> 00:39:01,040
<font color="#ffbf46">ඒයි, ඉස්සෙල්ලා ඔයා කියන්න. ඔයා ඇයි මෙහෙ ආවෙ?</font>

586
00:39:04,540 --> 00:39:06,100
<font color="#ffbf46">මම රණ්ඩු වෙලා ගෙදරින් ආවා.</font>

587
00:39:06,100 --> 00:39:08,570
<font color="#ffbf46">ඇත්තටම? මාත් එහෙමයි.</font>

588
00:39:10,430 --> 00:39:12,400
<font color="#ffbf46">ඔයා ඉස්සෙල්ලා කියපු හින්දා මම කියන්නම්.</font>

589
00:39:13,330 --> 00:39:17,070
<font color="#ffbf46">මගේ ගෙදර මොකක්ද මේ, ප්‍රශ්න තියෙන
කසාද බැඳපු ගෑනුන්ගෙ අනාථ මඩමක්ද?</font>

590
00:39:17,070 --> 00:39:18,540
<font color="#ffbf46">ප්‍රශ්න තියෙන කසාද බැඳපු ගෑනු? ඔයාටද?</font>

591
00:39:18,540 --> 00:39:19,930
<font color="#ffbf46">ඔයාටත් එහෙම නේද?</font>

592
00:39:21,200 --> 00:39:23,370
<font color="#ffbf46">මම දන්නවා රණ්ඩුවක් වුණා කියලා, ඒත් කොහොමද ඔයා...</font>

593
00:39:23,370 --> 00:39:24,900
<font color="#ffbf46">නිදන ඇඳුම පිටින්ම ගෙදරින් එන්නෙ?</font>

594
00:39:25,470 --> 00:39:27,370
<font color="#ffbf46">මට එහෙම කරන්න සිද්ධ වුණා.</font>

595
00:39:35,800 --> 00:39:38,100
<font color="#ffbf46">මට හිතෙන්නෙ...</font>

596
00:39:39,400 --> 00:39:41,730
<font color="#ffbf46">මම බැඳලා තියෙන්නෙ වැරදි මනුස්සයෙක්ව.</font>

597
00:39:43,430 --> 00:39:45,040
<font color="#ffbf46">මාව පිච්චි පිච්චි ඉන්නෙ.</font>

598
00:39:46,870 --> 00:39:48,540
<font color="#ffbf46">එයා හරිම අමුතු විදියට හැසිරුණේ,</font>

599
00:39:49,000 --> 00:39:52,270
<font color="#ffbf46">ඒ හින්දා මට මොනවා හරි කරන්න වුණා.</font>

600
00:39:53,100 --> 00:39:54,900
<font color="#ffbf46">එතන මොකක් හරි දෙයක් වෙනවා.</font>

601
00:39:54,900 --> 00:39:57,770
<font color="#ffbf46">එක්කො එයා මට හොරෙන් වටේ යනවා,
නැත්නම් මොකක් හරි අමුතු දෙයක් කරනවා.</font>

602
00:39:58,070 --> 00:40:01,600
<font color="#ffbf46">එහෙම නැත්නම්, එයාට එහෙම එකපාරටම පිස්සෙක් වගේ වෙන්න බෑනේ.</font>

603
00:40:05,970 --> 00:40:10,670
<font color="#ffbf46">අද මම හොයාගන්නවා ඇයි ඔයා...</font>

604
00:40:11,670 --> 00:40:13,000
<font color="#ffbf46">පිස්සෙක් වගේ හැසිරෙන්නෙ කියලා.</font>

605
00:40:16,800 --> 00:40:18,470
<font color="#ffbf46">ඇයි මේ කාර් එක මේච්චර පිරිසිදු?</font>

606
00:40:32,000 --> 00:40:33,270
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

607
00:40:38,670 --> 00:40:41,540
<font color="#ffbf46">ඒයි. ඔයා මොකද කරන්නෙ?</font>

608
00:40:42,970 --> 00:40:45,300
<font color="#ffbf46">ඔයා මොකද මේ රෑ පාන්දර මෙතන කරන්නෙ?</font>

609
00:40:45,700 --> 00:40:50,600
<font color="#ffbf46">මම... මට නින්ද ගියේ නෑ.</font>

610
00:40:50,600 --> 00:40:52,700
<font color="#ffbf46">මම හිතුවා කාර් එක සුද්ද කරන්න ඕන කියලා...</font>

611
00:40:52,700 --> 00:40:55,400
<font color="#ffbf46">එහෙම්ම පොඩි හුළඟක් වැදිලා එන්නත් එක්ක.</font>

612
00:40:55,400 --> 00:40:57,200
<font color="#ffbf46">ඔයා ඇතුළ බැලුවද? මොකක්?</font>

613
00:40:57,500 --> 00:41:00,630
<font color="#ffbf46">මම ඇතුළ බැලුවේ නෑ. මම නිකන් සුද්ද කළා විතරයි.</font>

614
00:41:01,040 --> 00:41:02,070
<font color="#ffbf46">හැබැයි මේක පිරිසිදුයි.</font>

615
00:41:02,070 --> 00:41:04,270
<font color="#ffbf46">ඔයාගෙ අතේ ඔය මොකක්ද තියෙන්නෙ?</font>

616
00:41:04,270 --> 00:41:07,870
<font color="#ffbf46">මොකක්ද? මේකද? මේ නිකන් පෑනක්නේ.</font>

617
00:41:07,870 --> 00:41:09,170
<font color="#ffbf46">මොකක්ද ඒක?</font>

618
00:41:09,170 --> 00:41:11,600
<font color="#ffbf46">මේකෙ ගහලා තියෙන්නෙ "හැපිනස් හවුස් 30 වන සංවත්සරය" කියලා.</font>

619
00:41:12,200 --> 00:41:13,200
<font color="#ffbf46">මේක පෑනක්.</font>

620
00:41:13,330 --> 00:41:14,540
<font color="#ffbf46">අපොයි.</font>

621
00:41:15,400 --> 00:41:16,430
<font color="#ffbf46">දෙයියනේ!</font>

622
00:41:17,700 --> 00:41:19,600
<font color="#ffbf46">ඇයි ඔයා මේ රෑ පාන්දර මගේ කාර් එක අවුස්සන්නෙ?</font>

623
00:41:19,600 --> 00:41:20,770
<font color="#ffbf46">මොකක්ද ඕක? මට දෙන්න ඕක.</font>

624
00:41:20,770 --> 00:41:24,200
<font color="#ffbf46">ළඟට එන්න එපා. එන්න එපා. මගේ පස්සෙන් එන්න එපා.</font>

625
00:41:31,370 --> 00:41:32,600
<font color="#ffbf46">ඒයි, ඔතනම හිටපන්!</font>

626
00:41:32,930 --> 00:41:35,430
<font color="#ffbf46">නවතිනවා! නවතිනවා!</font>

627
00:41:36,100 --> 00:41:37,570
<font color="#ffbf46">කරුණාකරලා සෝ රිගේ ගෙදරට යන්න.</font>

628
00:41:37,930 --> 00:41:39,770
<font color="#ffbf46">මොකක්? සෝ රිගේ ගෙදර?</font>

629
00:41:40,040 --> 00:41:41,830
<font color="#ffbf46">කරුණාකරලා ඔක්සු-දොංවලට යන්න.</font>

630
00:41:41,830 --> 00:41:42,830
<font color="#ffbf46">ඒයි!</font>

631
00:41:43,200 --> 00:41:44,930
<font color="#ffbf46">මට දැනුණා... ඒයි!</font>

632
00:41:44,930 --> 00:41:46,930
<font color="#ffbf46">මාර බයක්...</font>

633
00:41:47,600 --> 00:41:49,200
<font color="#ffbf46">එකපාරටම.</font>

634
00:41:50,500 --> 00:41:52,400
<font color="#ffbf46">මට නිකන්ම දුවන්න හිතුණා.</font>

635
00:41:57,930 --> 00:41:59,470
<font color="#ffbf46">මේකනේ.</font>

636
00:42:02,630 --> 00:42:03,900
<font color="#ffbf46">මේ අපේ පෑනක්නේ.</font>

637
00:42:05,370 --> 00:42:07,300
<font color="#ffbf46">මේක අපේ ඔෆිස් එකෙන් හදපු එකක්.</font>

638
00:42:07,300 --> 00:42:10,570
<font color="#ffbf46">ඇත්තද? අර නොමිලේ ගෙවල් හදලා දෙන සංවිධානයද?</font>

639
00:42:10,570 --> 00:42:12,700
<font color="#ffbf46">ඔව්. මං ළඟත් තියෙනවා මේ පෑනක්.</font>

640
00:42:14,700 --> 00:42:16,470
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

641
00:42:17,170 --> 00:42:19,130
<font color="#ffbf46">මේ පෑන හැදුවේ 30 වෙනි ගෙදර හදපු එක සමරන්න,</font>

642
00:42:19,430 --> 00:42:21,370
<font color="#ffbf46">ගොඩක් අය ළඟ මේ පෑන නෑ.</font>

643
00:42:21,500 --> 00:42:23,770
<font color="#ffbf46">එයා එහෙ වැඩ කරන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තියෙනවද දන්නෙ නෑ?</font>

644
00:42:25,270 --> 00:42:28,870
<font color="#ffbf46">නෑ. නෑ, මට පේන්නෙ නෑ...</font>

645
00:42:28,870 --> 00:42:31,000
<font color="#ffbf46">එයා කාත් එක්ක හරි සම්බන්ධයක් තියෙනවා වගේ.</font>

646
00:42:31,330 --> 00:42:33,670
<font color="#ffbf46">එයා හරිම පාළු, භයානක පාටයි.</font>

647
00:42:34,300 --> 00:42:36,970
<font color="#ffbf46">එයා නිකන් සයිකෝ කෙනෙක් වගේ හැසිරෙන්නෙ.</font>

648
00:42:38,730 --> 00:42:40,040
<font color="#ffbf46">සමහර විට...</font>

649
00:42:41,600 --> 00:42:42,670
<font color="#ffbf46">සමහර විට මොකක්ද?</font>

650
00:42:43,670 --> 00:42:46,300
<font color="#ffbf46">එයාට පර්යේෂක යාළුවො ගොඩක් ඉන්නවද?</font>

651
00:42:46,300 --> 00:42:48,830
<font color="#ffbf46">එයා අලුත් බඩු වගයක් ගෙදර ගේනවද?</font>

652
00:42:49,470 --> 00:42:50,970
<font color="#ffbf46">එයා නිතරම කෝච්චියෙ යනවද?</font>

653
00:42:53,100 --> 00:42:54,300
<font color="#ffbf46">ඔයා මොනවා ගැනද මේ කියවන්නෙ?</font>

654
00:42:56,470 --> 00:42:57,530
<font color="#ffbf46">ඕක අමතක කරලා දාන්න.</font>

655
00:43:01,330 --> 00:43:05,430
<font color="#ffbf46">කොහොම හරි, කාට හරි මේක එයාගෙ කාර් එකේ වැටෙන්න ඇති.</font>

656
00:43:05,630 --> 00:43:08,530
<font color="#ffbf46">නිකම් පෑනක්නේ. මම කියන්නෙත් ඒකනේ.</font>

657
00:43:09,130 --> 00:43:11,030
<font color="#ffbf46">ඇයි එයා ඒකට ඔච්චර කේන්ති ගත්තේ?</font>

658
00:43:11,030 --> 00:43:14,300
<font color="#ffbf46">ඇයි එයා ඔච්චර බැරෑරුම් මූණක් දාගෙන මට කෑගැහුවේ?</font>

659
00:43:15,000 --> 00:43:17,170
<font color="#ffbf46">මම හිතුවේ එයා මාව මරයි කියලා.</font>

660
00:43:19,500 --> 00:43:23,330
<font color="#ffbf46">(හැපිනස් නිවාසයේ 30 වැනි සංවත්සරය)</font>

661
00:43:25,130 --> 00:43:28,800
<font color="#ffbf46">අද මහා සභා රැස්වීමේදී අලුත් සභාපති කෙනෙක් තෝරගනියිද?</font>

662
00:43:29,070 --> 00:43:30,070
<font color="#ffbf46">මම හිතන්නේ එහෙම වෙයි.</font>

663
00:43:30,700 --> 00:43:32,270
<font color="#ffbf46">කවුරු පත් වෙයිද දන්නෑ. ඔයාට දැනගන්න ඕන නැද්ද?</font>

664
00:43:32,770 --> 00:43:34,870
<font color="#ffbf46">මට වැඩිය කුතුහලයක් තියෙන්නේ අර කෙනා ගැන.</font>

665
00:43:34,870 --> 00:43:35,870
<font color="#ffbf46">කවුද?</font>

666
00:43:36,330 --> 00:43:38,500
<font color="#ffbf46">අද රැස්වීමට ගෞරවනීය සභාපතිතුමා එනවා.</font>

667
00:43:38,500 --> 00:43:40,900
<font color="#ffbf46">එයා කවුද කියලා මම කල්පනා කර කර හිටියේ.</font>

668
00:43:40,900 --> 00:43:42,200
<font color="#ffbf46">අන්තිමේදී මට එයාව බලාගන්න පුළුවන්. එයා එනවද?</font>

669
00:43:42,970 --> 00:43:46,270
<font color="#ffbf46">ඔයා මීට වැඩිය ගරු කරන්න ඕන. එයා වැඩිහිටි කෙනෙක් වෙන්න ඇති.</font>

670
00:43:46,600 --> 00:43:48,470
<font color="#ffbf46">සභාපතිතුමා එනවද?</font>

671
00:43:48,470 --> 00:43:51,330
<font color="#ffbf46">එයා හැපිනස් එකට අනුග්‍රහය දක්වන
එක නවත්තන්නේ නැත්නම්, එයා ඒවි.</font>

672
00:43:56,200 --> 00:43:58,200
<font color="#ffbf46">කිම් යොං ජින් මහත්තයා ගැන කවුද වාර්තා කළේ?</font>

673
00:43:58,770 --> 00:44:00,000
<font color="#ffbf46">අපි පස්සේ කතා කරමු.</font>

674
00:44:01,070 --> 00:44:04,700
<font color="#ffbf46">හරි. මට විශ්වාසයි පරීක්ෂණ කණ්ඩායම හොඳ වැඩක් කරයි කියලා.</font>

675
00:44:10,830 --> 00:44:13,830
<font color="#ffbf46">ඉන්න, ඔයාට ඇතුළට යන්න බයද?</font>

676
00:44:14,200 --> 00:44:15,570
<font color="#ffbf46">පිස්සුද.</font>

677
00:44:15,570 --> 00:44:18,130
<font color="#ffbf46">ඔයා බය වෙලා ඉන්නේ. මම නෑ.</font>

678
00:44:24,730 --> 00:44:25,870
<font color="#ffbf46">ඒයි, සේ යොං.</font>

679
00:44:27,900 --> 00:44:29,300
<font color="#ffbf46">අපි ආවා.</font>

680
00:44:30,330 --> 00:44:33,770
<font color="#ffbf46">ඔයා ඇවිල්ලා. ඔයා එන එකක් නෑ කියලා මම බයෙන් හිටියේ.</font>

681
00:44:34,270 --> 00:44:36,370
<font color="#ffbf46">ඔයාව දැක්කම හැමෝම පුදුම වෙයි.</font>

682
00:44:36,530 --> 00:44:38,330
<font color="#ffbf46">ඒක විනෝදයක් වෙයි.</font>

683
00:44:38,900 --> 00:44:39,930
<font color="#ffbf46">අපි ඇතුළට යමු.</font>

684
00:44:47,330 --> 00:44:49,100
<font color="#ffbf46">ඔයා මෙහෙ කියලා මම දැනගෙන හිටියේ නෑ.</font>

685
00:44:50,130 --> 00:44:51,370
<font color="#ffbf46">මම ආවේ වැඩට.</font>

686
00:44:53,500 --> 00:44:56,300
<font color="#ffbf46">ඇයි ඔයාලා දෙන්නා නිකන් අමුතු වෙලා? ඔයාලා රණ්ඩු වුණාද?</font>

687
00:44:56,300 --> 00:44:57,500
<font color="#ffbf46">නෑ. ඔව්.</font>

688
00:44:58,370 --> 00:45:01,270
<font color="#ffbf46">අපි රණ්ඩු වුණා. අපි රැස්වීම පටන් ගන්න ලෑස්තියි.</font>

689
00:45:01,670 --> 00:45:04,830
<font color="#ffbf46">ආයුබෝවන්. ආයුබෝවන්.</font>

690
00:45:04,830 --> 00:45:06,900
<font color="#ffbf46">අනේ ඔයා නම්.</font>

691
00:45:06,900 --> 00:45:09,200
<font color="#ffbf46">ඔයා හැම තිස්සෙම ඉදිකිරීම් භූමියට ආවා.</font>

692
00:45:09,200 --> 00:45:11,830
<font color="#ffbf46">දැන් ඔයා එයාගේ කාර්යාලයටත් එනවා.</font>

693
00:45:11,830 --> 00:45:15,070
<font color="#ffbf46">මම දන්නවා ඔයාලා අලුත බැඳපු ජෝඩුවක්
කියලා, ඒත් ඔයාලා හරිම ආදරණීයයි.</font>

694
00:45:15,070 --> 00:45:16,270
<font color="#ffbf46">මට ඉරිසියයි.</font>

695
00:45:16,830 --> 00:45:18,030
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නේ?</font>

696
00:45:18,800 --> 00:45:20,630
<font color="#ffbf46">ඒක නෙවෙයි, අද ඔයා හරිම හැඩයි.</font>

697
00:45:22,100 --> 00:45:24,300
<font color="#ffbf46">කෝට් එකට ඔයා හරිම ලස්සනයි.</font>

698
00:45:24,300 --> 00:45:25,600
<font color="#ffbf46">එයා තමයි ගෞරවනීය සභාපතිතුමා.</font>

699
00:45:25,600 --> 00:45:27,200
<font color="#ffbf46">එයා මෙහෙද? එයා කොහෙද?</font>

700
00:45:30,070 --> 00:45:31,900
<font color="#ffbf46">විහිළු කරන්න එපා.</font>

701
00:45:32,400 --> 00:45:33,470
<font color="#ffbf46">ඒක ඇත්තක්.</font>

702
00:45:35,200 --> 00:45:36,830
<font color="#ffbf46">එන්න යන්න.</font>

703
00:45:37,300 --> 00:45:39,730
<font color="#ffbf46">රැස්වීම තියෙන්නේ මෙතනද?</font>

704
00:45:40,870 --> 00:45:42,870
<font color="#ffbf46">මම කොහෙන්ද වාඩි වෙන්න ඕන?</font>

705
00:45:43,370 --> 00:45:44,400
<font color="#ffbf46">මැදින්.</font>

706
00:45:45,300 --> 00:45:46,470
<font color="#ffbf46">අරහේද?</font>

707
00:45:47,530 --> 00:45:49,530
<font color="#ffbf46">මැදින් වාඩි වෙන්න.</font>

708
00:45:49,530 --> 00:45:50,530
<font color="#ffbf46">හරි.</font>

709
00:45:51,570 --> 00:45:53,100
<font color="#ffbf46">රැස්වීම ඉවර වෙලා හම්බෙමු.</font>

710
00:45:58,530 --> 00:46:01,830
<font color="#ffbf46">ඒක ඇත්තක්. අනේ මන්දා.</font>

711
00:46:02,700 --> 00:46:03,770
<font color="#ffbf46">ඒක ඇත්තක්ද?</font>

712
00:46:03,770 --> 00:46:06,170
<font color="#ffbf46">අපි කවදාවත් හිතුවේ නෑ ඔයා මෙච්චර තරුණ ඇති කියලා.</font>

713
00:46:07,300 --> 00:46:09,370
<font color="#ffbf46">කොහොමද ඔයා මෙච්චර පොඩි වයසකදී මෙච්චර සාර්ථක වුණේ?</font>

714
00:46:10,400 --> 00:46:12,570
<font color="#ffbf46">මම හොඳට හැංගිලා හිටියා නේද?</font>

715
00:46:13,270 --> 00:46:16,530
<font color="#ffbf46">මම මේකට සම්බන්ධ වුණේ මට ෂින්
මහත්තයා ගැන විශ්වාසයක් තිබුණ නිසා.</font>

716
00:46:16,700 --> 00:46:18,700
<font color="#ffbf46">එයා දිගටම ගොඩක් හොඳට වැඩ කරගෙන ගියා.</font>

717
00:46:18,700 --> 00:46:21,030
<font color="#ffbf46">ඉතින් මට මැදට පනින්න හේතුවක් තිබුණේ නෑ.</font>

718
00:46:21,900 --> 00:46:24,470
<font color="#ffbf46">මම ආයතනය පටන් ගන්න සල්ලි යෙදෙව්වා තමයි,</font>

719
00:46:24,470 --> 00:46:26,600
<font color="#ffbf46">ඒත් මම මේ ක්ෂේත්‍රය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ.</font>

720
00:46:27,700 --> 00:46:28,770
<font color="#ffbf46">ඒත්...</font>

721
00:46:30,570 --> 00:46:32,470
<font color="#ffbf46">ළඟදි වුණ අවාසනාවන්ත සිද්ධිය නිසා,</font>

722
00:46:33,100 --> 00:46:34,630
<font color="#ffbf46">අන්තිමේදී මට ඔයාලව හම්බවෙන්න ලැබුණා.</font>

723
00:46:37,700 --> 00:46:41,270
<font color="#ffbf46">මම මේ ගැන ඇත්තටම මුකුත් දන්නේ නෑ.</font>

724
00:46:42,200 --> 00:46:46,130
<font color="#ffbf46">මම ඔයාලගේ අදහස් සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා.</font>

725
00:46:47,070 --> 00:46:48,300
<font color="#ffbf46">අපි රැස්වීම පටන් ගමු.</font>

726
00:46:52,130 --> 00:46:53,130
<font color="#ffbf46">සේ යොං.</font>

727
00:47:00,200 --> 00:47:01,200
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නේ?</font>

728
00:47:02,270 --> 00:47:03,330
<font color="#ffbf46">මම දිහා බලන්න.</font>

729
00:47:07,200 --> 00:47:08,470
<font color="#ffbf46">දෙයියනේ.</font>

730
00:47:10,600 --> 00:47:13,330
<font color="#ffbf46">ඔයා හොඳින් ඉන්නවා වගේ පෙන්නුව නිසා මම මුකුත් කිව්වේ නෑ.</font>

731
00:47:15,330 --> 00:47:17,200
<font color="#ffbf46">මේක අමාරුයි නේද?</font>

732
00:47:20,330 --> 00:47:21,600
<font color="#ffbf46">තාත්තා...</font>

733
00:47:24,400 --> 00:47:27,600
<font color="#ffbf46">සෝ ජුන්ව එතන දැක්කා නම්, එයා ගොඩක් සතුටු වෙයි.</font>

734
00:47:30,200 --> 00:47:33,430
<font color="#ffbf46">එයා හැම තිස්සෙම සෝ ජුන්ට එන්න කිව්වා, ඒත් එයා කවදාවත් ආවේ නෑ.</font>

735
00:47:34,500 --> 00:47:35,570
<font color="#ffbf46">මහා නරුමයෙක්.</font>

736
00:47:41,300 --> 00:47:42,300
<font color="#ffbf46">ඒයි.</font>

737
00:47:43,300 --> 00:47:44,630
<font color="#ffbf46">ෂින් මහත්තයා...</font>

738
00:47:45,800 --> 00:47:48,900
<font color="#ffbf46">ගොඩක් සතුටු වෙයි ඔයා ආපහු ආපු එක ගැන.</font>

739
00:48:10,700 --> 00:48:12,500
<font color="#ffbf46">මට එයාව ගොඩක් මතක් වෙනවා.</font>

740
00:48:18,080 --> 00:48:19,110
<font color="#ffbf46">අද හොඳට වැඩ කළා.</font>

741
00:48:20,330 --> 00:48:22,730
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නේ? මණ්ඩලේ අය ඔයාට කරදර කළාද?</font>

742
00:48:22,730 --> 00:48:25,600
<font color="#ffbf46">මොකක්ද? එහෙම නෑ. එයාලා හරිම කරුණාවන්තයි.</font>

743
00:48:25,960 --> 00:48:28,330
<font color="#ffbf46">ඒත් මා රින් කොහෙද ගියේ?</font>

744
00:48:28,330 --> 00:48:30,430
<font color="#ffbf46">එයා කාර්යාලයේ හිටියේ නෑ. එයාට කෝල් එකක් දීලා බලන්න.</font>

745
00:48:30,430 --> 00:48:32,460
<font color="#ffbf46">හරි. අපි එකට දවල් කෑම ගමු.</font>

746
00:48:32,530 --> 00:48:34,060
<font color="#ffbf46">ඔයාලා දෙන්නා යන්න.</font>

747
00:48:34,060 --> 00:48:36,730
<font color="#ffbf46">අපි යන්න ඕන. ඔයාට නම් කිසි දෙයක් තේරෙන්නේ නෑනේ.</font>

748
00:48:36,730 --> 00:48:38,360
<font color="#ffbf46">එයාලා කිව්වා එයාලා රණ්ඩු වුණා කියලා.</font>

749
00:48:38,360 --> 00:48:40,900
<font color="#ffbf46">අපි උදව් කරන්න ඕන එයාලට යාළු වෙන්න ඉඩ හදලා දෙන්න.</font>

750
00:48:41,230 --> 00:48:43,200
<font color="#ffbf46">අනික අපි ඩේට් එකක් යන්න ඕන. මොකක්?</font>

751
00:48:44,960 --> 00:48:46,160
<font color="#ffbf46">අපි යනවා.</font>

752
00:48:50,030 --> 00:48:51,130
<font color="#ffbf46">සතුටින් ඉන්න.</font>

753
00:48:51,130 --> 00:48:52,160
<font color="#ffbf46">හරි.</font>

754
00:49:11,060 --> 00:49:12,200
<font color="#ffbf46">(සෝ ජුන්)</font>

755
00:49:23,730 --> 00:49:24,860
<font color="#ffbf46">යන්න එපා.</font>

756
00:49:25,230 --> 00:49:26,730
<font color="#ffbf46">මෙතනම ඉන්න.</font>

757
00:49:31,230 --> 00:49:32,400
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

758
00:50:01,130 --> 00:50:03,160
<font color="#ffbf46">හැමෝම, අද ඔයාලා හොඳට වැඩ කළා.</font>

759
00:50:03,160 --> 00:50:05,960
<font color="#ffbf46">හැමෝම ඉක්මනට ගෙදර යන්න බලන්න.</font>

760
00:50:05,960 --> 00:50:07,600
<font color="#ffbf46">හරි. ආයුබෝවන්.</font>

761
00:50:07,900 --> 00:50:10,430
<font color="#ffbf46">මා රින් තාම ඇතුළේද?</font>

762
00:50:10,430 --> 00:50:13,330
<font color="#ffbf46">කවුද? ආ, මිස් සොං ද?</font>

763
00:50:13,700 --> 00:50:15,200
<font color="#ffbf46">ඔයාට සාමාන්‍ය විදිහට කතා කරන්න පුළුවන්.</font>

764
00:50:16,030 --> 00:50:17,200
<font color="#ffbf46">මට ඒක තාම හුරු නෑ.</font>

765
00:50:17,630 --> 00:50:19,200
<font color="#ffbf46">කවුරුත් ඇතුළේ ඉන්න විදිහක් නෑ.</font>

766
00:50:19,200 --> 00:50:21,460
<font color="#ffbf46">අපි දැන් වැඩ ඉවර කළා විතරයි.</font>

767
00:50:21,600 --> 00:50:24,130
<font color="#ffbf46">එතකොට කවුරුත් ඇතුළේ නැද්ද?</font>

768
00:50:24,130 --> 00:50:26,530
<font color="#ffbf46">මම ආපහු ගිහින් බලලා ඔයාට කියන්නම්.</font>

769
00:50:26,530 --> 00:50:29,060
<font color="#ffbf46">නෑ, කමක් නෑ. මමම ගිහින් බලන්නම්.</font>

770
00:50:29,060 --> 00:50:30,300
<font color="#ffbf46">මහන්සි වුණාට ස්තුතියි.</font>

771
00:50:31,030 --> 00:50:32,500
<font color="#ffbf46">කවුරු හරි ඉන්නවද?</font>

772
00:50:34,130 --> 00:50:36,200
<font color="#ffbf46">මම තාම මෙහේ.</font>

773
00:50:59,160 --> 00:51:01,230
<font color="#ffbf46">ෆෝන් එකත් මෙතන තියලා එයා කොහෙද ගියේ?</font>

774
00:51:02,530 --> 00:51:03,760
<font color="#ffbf46">මා රින්.</font>

775
00:51:04,200 --> 00:51:05,400
<font color="#ffbf46">මා රින්.</font>

776
00:51:09,100 --> 00:51:10,230
<font color="#ffbf46">එයා කොහෙද?</font>

777
00:51:12,160 --> 00:51:15,330
<font color="#ffbf46">මම වහල උඩ ඉන්නේ! කරුණාකරලා දොර අරින්න.</font>

778
00:51:16,730 --> 00:51:18,030
<font color="#ffbf46">අයියෝ. හරිම සීතලයි.</font>

779
00:51:19,530 --> 00:51:21,330
<font color="#ffbf46">මට අද රෑ මෙහෙ ඉන්න වෙයිද?</font>

780
00:51:21,830 --> 00:51:23,530
<font color="#ffbf46">මම සීතලෙන් මිදිලා මැරුණොත්?</font>

781
00:51:24,130 --> 00:51:25,200
<font color="#ffbf46">හරිම සීතලයි.</font>

782
00:51:33,530 --> 00:51:34,700
<font color="#ffbf46">කමක් නෑ.</font>

783
00:51:35,430 --> 00:51:37,300
<font color="#ffbf46">මට එක රෑයිනේ ඉවසන්න තියෙන්නේ.</font>

784
00:51:38,330 --> 00:51:39,930
<font color="#ffbf46">මේක ශීත කාලේ සීතලම දවස්වත් නෙවෙයිනේ.</font>

785
00:51:41,630 --> 00:51:43,460
<font color="#ffbf46">කොටියා කෑවත් බේරෙන්න පුළුවන්ලු...</font>

786
00:51:44,000 --> 00:51:46,360
<font color="#ffbf46">සිහියෙන් හිටියොත්.</font>

787
00:51:47,330 --> 00:51:49,400
<font color="#ffbf46">ඒත් අයියෝ. සීතල වැඩියි.</font>

788
00:51:51,230 --> 00:51:53,860
<font color="#ffbf46">අයියෝ. ඒ කතාව නම් මහ බොරුවක්.</font>

789
00:51:54,360 --> 00:51:56,500
<font color="#ffbf46">කොහොමද මෙහෙම වුණේ?</font>

790
00:51:57,160 --> 00:51:59,030
<font color="#ffbf46">මට තිබුණේ සෝ රි ගෙ ගෙදර නවතින්න.</font>

791
00:51:59,930 --> 00:52:01,060
<font color="#ffbf46">මා රින්.</font>

792
00:52:01,600 --> 00:52:02,760
<font color="#ffbf46">සොං මා රින්.</font>

793
00:52:03,000 --> 00:52:04,030
<font color="#ffbf46">මෙහේ.</font>

794
00:52:04,730 --> 00:52:06,130
<font color="#ffbf46">මම වහල උඩ.</font>

795
00:52:10,630 --> 00:52:11,900
<font color="#ffbf46">මම දොර පිටිපස්සේ.</font>

796
00:52:11,900 --> 00:52:13,330
<font color="#ffbf46">අයියෝ. ඒක ලොක් වෙලා.</font>

797
00:52:13,700 --> 00:52:15,500
<font color="#ffbf46">කමක් නෑ. මම මෙහෙ ඉන්නවනේ.</font>

798
00:52:16,130 --> 00:52:17,860
<font color="#ffbf46">වෙලාවට.</font>

799
00:52:19,060 --> 00:52:21,000
<font color="#ffbf46">ඔයා මොකද එතන කරන්නේ?</font>

800
00:52:21,730 --> 00:52:23,860
<font color="#ffbf46">මම පොඩ්ඩක් හුළං වැදෙන්න එළියට ආවා, ඊටපස්සේ ලොක් වුණා.</font>

801
00:52:24,600 --> 00:52:27,560
<font color="#ffbf46">ඇයි ඔයා ඔච්චර වෙලා එළියට වෙලා හිටියේ?</font>

802
00:52:27,730 --> 00:52:30,360
<font color="#ffbf46">දොර අරින්නකෝ. මම සීතලෙන් මැරෙන්න යන්නේ.</font>

803
00:52:30,360 --> 00:52:32,300
<font color="#ffbf46">හරි. විනාඩියක් ඉන්න.</font>

804
00:52:33,530 --> 00:52:36,030
<font color="#ffbf46">ඔයා දොර කඩන්නද යන්නේ?</font>

805
00:52:36,160 --> 00:52:37,730
<font color="#ffbf46">එහෙනම් මම පස්සට වෙන්නම්.</font>

806
00:52:37,930 --> 00:52:40,100
<font color="#ffbf46">මම කොහොමද යකඩ ලොක් එකක් කඩන්නේ?</font>

807
00:52:40,800 --> 00:52:41,930
<font color="#ffbf46">හලෝ?</font>

808
00:52:42,030 --> 00:52:44,730
<font color="#ffbf46">ඔව්. අපිට පොඩි ප්‍රශ්නයක් වෙලා දොරක් ලොක් වෙලා.</font>

809
00:52:45,600 --> 00:52:47,700
<font color="#ffbf46">මේක හැපිනස් මූලස්ථානයේ වහලට යන දොර.</font>

810
00:52:47,700 --> 00:52:49,300
<font color="#ffbf46">ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? ඔව්.</font>

811
00:52:50,060 --> 00:52:51,430
<font color="#ffbf46">ඔයා ගියේ නෑ නේද?</font>

812
00:52:51,430 --> 00:52:53,030
<font color="#ffbf46">ඔව්. කරුණාකරලා ඉක්මනට එන්න.</font>

813
00:52:53,030 --> 00:52:54,560
<font color="#ffbf46">ස්තුතියි. ඉක්මන් කරන්න හොඳේ.</font>

814
00:52:55,330 --> 00:52:57,730
<font color="#ffbf46">ඔයා ගියා නම් ඔයා තමයි ලෝකේ ඉන්න මහම මහ නරකයා.</font>

815
00:52:59,460 --> 00:53:01,800
<font color="#ffbf46">අයියෝ. මම හිතන්නේ ඒ මෝඩයා ඇත්තටම ගිහිල්ලා.</font>

816
00:53:03,330 --> 00:53:04,960
<font color="#ffbf46">මම තාම මෙහේ.</font>

817
00:53:05,130 --> 00:53:07,330
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. මම කෙනෙක්ට කතා කළා.</font>

818
00:53:08,160 --> 00:53:09,930
<font color="#ffbf46">හරිම සීතලයි.</font>

819
00:53:10,530 --> 00:53:12,600
<font color="#ffbf46">ඔච්චරටම සීතලද?</font>

820
00:53:13,130 --> 00:53:15,730
<font color="#ffbf46">එහෙනම් එක තැන දුවන්න.</font>

821
00:53:15,730 --> 00:53:18,930
<font color="#ffbf46">මේ වගේ. කරන්න එකයි දෙකයි, එකයි දෙකයි.</font>

822
00:53:18,930 --> 00:53:21,630
<font color="#ffbf46">දාඩිය දැම්මම, ඇඟ රත් වෙයි.</font>

823
00:53:21,630 --> 00:53:24,160
<font color="#ffbf46">එහෙම නැත්නම් උඩ පනින්න.</font>

824
00:53:24,200 --> 00:53:27,860
<font color="#ffbf46">මේ වගේ. එකයි, දෙකයි.</font>

825
00:53:28,130 --> 00:53:31,660
<font color="#ffbf46">ඔයා මම කියන දේ අහගෙනද ඉන්නේ?</font>

826
00:53:32,130 --> 00:53:33,460
<font color="#ffbf46">මොනවා හරි කියන්න.</font>

827
00:53:33,460 --> 00:53:35,430
<font color="#ffbf46">සෝ ජුන්. ඇයි?</font>

828
00:53:36,900 --> 00:53:38,760
<font color="#ffbf46">මම දෙයක් අහන්නද.</font>

829
00:53:41,930 --> 00:53:43,230
<font color="#ffbf46">මොකක්ද ඔයා දැක්කේ...</font>

830
00:53:44,000 --> 00:53:45,430
<font color="#ffbf46">අනාගතයේදී?</font>

831
00:53:49,430 --> 00:53:51,060
<font color="#ffbf46">මම එළියට වෙලා ඉන්නකොට,</font>

832
00:53:51,830 --> 00:53:55,400
<font color="#ffbf46">මම හොඳට කල්පනා කළා.</font>

833
00:53:56,330 --> 00:53:58,600
<font color="#ffbf46">මට දොර ලොක් වෙන සද්දේවත් ඇහුණේ නෑ.</font>

834
00:53:59,100 --> 00:54:00,800
<font color="#ffbf46">මගේ අවධානයම තිබුණේ මගේ කල්පනාවල.</font>

835
00:54:03,530 --> 00:54:05,430
<font color="#ffbf46">මම කල්පනා කළා ඇයි ඔයා මට මෙහෙම කරන්නේ කියලා.</font>

836
00:54:06,530 --> 00:54:08,360
<font color="#ffbf46">ඒකට හේතුවක් තියෙන්නම ඕන.</font>

837
00:54:09,000 --> 00:54:11,330
<font color="#ffbf46">මම ඔයාව ඒ තරම් විශ්වාස කරනවා.</font>

838
00:54:13,030 --> 00:54:14,200
<font color="#ffbf46">ඒත්...</font>

839
00:54:15,230 --> 00:54:18,430
<font color="#ffbf46">මම කොච්චර කල්පනා කළත්, මට එන්නේ එක උත්තරයි.</font>

840
00:54:21,460 --> 00:54:23,100
<font color="#ffbf46">ඔයා නරක දෙයක් දැක්කා...</font>

841
00:54:24,000 --> 00:54:25,560
<font color="#ffbf46">ඔයා එහේ ගියාම, එහෙම නේද?</font>

842
00:54:32,200 --> 00:54:34,330
<font color="#ffbf46">ඔව්. ඔයා හරි.</font>

843
00:54:41,060 --> 00:54:42,330
<font color="#ffbf46">ඒත් ඇත්තම කියනවා නම්,</font>

844
00:54:43,530 --> 00:54:45,360
<font color="#ffbf46">මට ඒක දැනගන්න පොඩ්ඩක්වත් ආසාවක් නෑ.</font>

845
00:54:46,060 --> 00:54:47,500
<font color="#ffbf46">මට ඕන නෑ...</font>

846
00:54:48,100 --> 00:54:49,900
<font color="#ffbf46">ඔයාගේ දුක බෙදාගන්න.</font>

847
00:54:52,060 --> 00:54:55,830
<font color="#ffbf46">ඔයා දන්නවද ඊයේ රෑ නිදාගන්න කලින් මම මොනවද හිතුවේ කියලා?</font>

848
00:54:58,160 --> 00:55:00,130
<font color="#ffbf46">මම ප්‍රාර්ථනා කළා හෙට දවස උදා නොවෙනවා නම් කියලා.</font>

849
00:55:01,700 --> 00:55:03,300
<font color="#ffbf46">දේවල් මේ තරම් අමාරු වෙනවා නම්,</font>

850
00:55:04,530 --> 00:55:06,660
<font color="#ffbf46">මට ඕන වුණේ නෑ තවත් දවසකට මූණ දෙන්න.</font>

851
00:55:08,730 --> 00:55:10,160
<font color="#ffbf46">මට ඉස්පාසුවක් නෑ...</font>

852
00:55:10,700 --> 00:55:12,700
<font color="#ffbf46">හෙට ගැන වද වෙන්න.</font>

853
00:55:12,700 --> 00:55:14,560
<font color="#ffbf46">මට හුස්ම ගන්නත් අමාරුයි.</font>

854
00:55:15,230 --> 00:55:17,200
<font color="#ffbf46">ඒත් ඔයාට ගොඩක් ඉස්පාසුව ඇති...</font>

855
00:55:17,600 --> 00:55:19,400
<font color="#ffbf46">ඉස්සරහට වෙන්න තියෙන දේ ගැන වද වෙන්න.</font>

856
00:55:25,130 --> 00:55:28,430
<font color="#ffbf46">අනාගතයේදී මම නිසා දේවල් තවත් අමාරු වෙන්න පුළුවන්.</font>

857
00:55:29,430 --> 00:55:31,230
<font color="#ffbf46">මම කිව්වනේ මට ඒක ගැන දැනගන්න ඕන නෑ කියලා.</font>

858
00:55:33,230 --> 00:55:34,930
<font color="#ffbf46">මම අනාගතයේදී ඔයාව හම්බවුණා.</font>

859
00:55:44,730 --> 00:55:45,860
<font color="#ffbf46">මාව?</font>

860
00:55:49,630 --> 00:55:51,230
<font color="#ffbf46">අනාගතයේ ඉන්න ඔයා...</font>

861
00:55:52,530 --> 00:55:53,700
<font color="#ffbf46">මට කිව්වා...</font>

862
00:55:55,000 --> 00:55:56,860
<font color="#ffbf46">මම ආයේ ආවම ඔයාව අතාරින්න කියලා.</font>

863
00:56:02,930 --> 00:56:04,230
<font color="#ffbf46">ඒ නිසාද...</font>

864
00:56:05,100 --> 00:56:06,800
<font color="#ffbf46">ඔයා මට ඔච්චර වෙනස්කම් කළේ?</font>

865
00:56:14,430 --> 00:56:16,500
<font color="#ffbf46">දොර ඇරලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි.</font>

866
00:56:16,800 --> 00:56:18,830
<font color="#ffbf46">පරිස්සමින් යන්න. ස්තුතියි.</font>

867
00:56:22,430 --> 00:56:24,230
<font color="#ffbf46">හප්පා, පුදුම සීතලක්නේ තියෙන්නේ නේද?</font>

868
00:56:24,530 --> 00:56:25,700
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

869
00:56:25,730 --> 00:56:26,830
<font color="#ffbf46">මේක දාගන්න.</font>

870
00:56:27,230 --> 00:56:28,460
<font color="#ffbf46">මම හොඳින් නෙමෙයි ඉන්නේ.</font>

871
00:56:29,230 --> 00:56:30,800
<font color="#ffbf46">ඔයා වෙන ගෑනු කෙනෙක්ව හම්බවුණානේ.</font>

872
00:56:32,700 --> 00:56:33,700
<font color="#ffbf46">මොකක්?</font>

873
00:56:40,230 --> 00:56:41,530
<font color="#ffbf46">මේ ඉන්නේ මම.</font>

874
00:56:42,930 --> 00:56:47,060
<font color="#ffbf46">මම මේ ඔයා ඉස්සරහ ඉන්නේ, ඔයාට මාව අල්ලන්නත් පුළුවන්.</font>

875
00:56:47,960 --> 00:56:49,860
<font color="#ffbf46">අනික මම මේ ඔයාගේ ඇස් දිහා බලාගෙන ඉන්නේ.</font>

876
00:56:52,800 --> 00:56:53,960
<font color="#ffbf46">අනාගතයේ ඉන්න මම?</font>

877
00:56:54,630 --> 00:56:56,730
<font color="#ffbf46">අර අනිත් ලෝකෙ ඉඳන් පිස්සු කියවන ගෑනු කෙනාද?</font>

878
00:56:57,660 --> 00:57:00,030
<font color="#ffbf46">ඒ මම නෙමෙයි. ඔයාට බය හිතෙන්නේ නැද්ද?</font>

879
00:57:00,730 --> 00:57:03,730
<font color="#ffbf46">පස්සේ කාලෙක ඔයා විඳවයි, එදාට ඔයා පසුතැවෙයි.</font>

880
00:57:03,730 --> 00:57:05,860
<font color="#ffbf46">සමහරවිට මම විඳවන්නේ ඔයා ඔහොම ඉන්න නිසා වෙන්න ඇති.</font>

881
00:57:07,100 --> 00:57:09,930
<font color="#ffbf46">ඔයා ඔහොම දෙලොවක් අතර ඉන්නවා
දකින එක තරම් මට බය හිතෙන දෙයක් නෑ.</font>

882
00:57:13,860 --> 00:57:18,300
<font color="#ffbf46">අපි කෙලින්ම කතා කරමු. ඔයා තෝරගන්නේ
මාවද නැත්නම් එයාවද? තීරණයක් ගන්න.</font>

883
00:57:19,430 --> 00:57:20,630
<font color="#ffbf46">මමද නැත්නම් එයාද?</font>

884
00:57:21,400 --> 00:57:23,560
<font color="#ffbf46">ඒක එච්චර ලේසි දෙයක් නෙමෙයි.</font>

885
00:57:24,660 --> 00:57:26,000
<font color="#ffbf46">මම කැමති නෑ ඔයා දෙන්නෙක් ආශ්‍රය කරනවට.</font>

886
00:57:27,130 --> 00:57:28,430
<font color="#ffbf46">කියන්න, මමද නැත්නම් එයාද?</font>

887
00:57:30,730 --> 00:57:32,730
<font color="#ffbf46">මටත් හරියටම තේරෙන්නේ නෑ.</font>

888
00:57:33,630 --> 00:57:37,430
<font color="#ffbf46">වඩා වැදගත් මොකක්ද කියලා මම දන්නේ
නෑ. වර්තමානයද නැත්නම් අනාගතයද?</font>

889
00:57:41,230 --> 00:57:43,030
<font color="#ffbf46">ඔයාට තව හිතන්න ඕනද?</font>

890
00:57:44,630 --> 00:57:45,900
<font color="#ffbf46">හොඳට හිතලා බලන්න.</font>

891
00:57:46,900 --> 00:57:48,800
<font color="#ffbf46">ඔයා මෝඩයෙක්. ඒ වගේම වංචාකාරයෙක්.</font>

892
00:57:52,760 --> 00:57:53,830
<font color="#ffbf46">මා රින්.</font>

893
00:58:15,600 --> 00:58:18,230
<font color="#ffbf46">අනේ දෙවියනේ. මේ මගේ දුවනේ.</font>

894
00:58:18,730 --> 00:58:21,360
<font color="#ffbf46">කොහොමද මගේ රත්තරන් දුවේ. මගේ බෝල ගෙඩිය.</font>

895
00:58:21,760 --> 00:58:25,030
<font color="#ffbf46">මම කොහෙද ඉන්නේ? මම ඉන්නේ සුක් මිගේ රෙස්ටොරන්ට් එකේ.</font>

896
00:58:25,060 --> 00:58:27,230
<font color="#ffbf46">මම මේ ඌරු මස් කාලා සොජු ටිකක් බොන ගමන්.</font>

897
00:58:34,300 --> 00:58:37,330
<font color="#ffbf46">මොකද මේ කටහඬ වෙනස් වෙලා?</font>

898
00:58:37,930 --> 00:58:39,760
<font color="#ffbf46">අර මහ එපා කරපු මිනිහා.</font>

899
00:58:40,130 --> 00:58:42,160
<font color="#ffbf46">මහ කාලකන්නියා.</font>

900
00:58:42,160 --> 00:58:45,860
<font color="#ffbf46">මම එයාට සැලකුවේ මගේම පුතාට වගේ. ඉතින් දැන් මොකද වුණේ?</font>

901
00:58:46,230 --> 00:58:49,900
<font color="#ffbf46">කොහොමද එයා මට මෙහෙම ද්‍රෝහි වුණේ? මම ඒ මිනිහව හම ගහලා...</font>

902
00:58:49,900 --> 00:58:52,130
<font color="#ffbf46">වැල දානවා!</font>

903
00:59:02,400 --> 00:59:03,400
<font color="#ffbf46">හලෝ?</font>

904
00:59:03,430 --> 00:59:06,660
<font color="#ffbf46">අම්මේ.</font>

905
00:59:06,700 --> 00:59:08,030
<font color="#ffbf46">කොහොමද උඹ මට එහෙම කතා කරන්නේ?</font>

906
00:59:08,630 --> 00:59:11,300
<font color="#ffbf46">මොකක් කිව්වා? දැන්මම වරෙන් අපේ ගෙදරට. තේරුණාද?</font>

907
00:59:12,960 --> 00:59:15,400
<font color="#ffbf46">හලෝ? අම්මේ.</font>

908
00:59:17,400 --> 00:59:19,560
<font color="#ffbf46">කොහොමද එයා මගේ දුවව අඬවන්නේ?</font>

909
00:59:19,760 --> 00:59:22,100
<font color="#ffbf46">මම අද මිනිහගේ කකුල් දෙක කඩනවා.</font>

910
00:59:23,160 --> 00:59:24,900
<font color="#ffbf46">අන්න එනවා. ඒ එයා නේද?</font>

911
00:59:31,030 --> 00:59:32,060
<font color="#ffbf46">අම්මේ.</font>

912
00:59:32,930 --> 00:59:35,330
<font color="#ffbf46">ඇයි මේ එළියට වෙලා? මොකද වුණේ?</font>

913
00:59:35,460 --> 00:59:37,230
<font color="#ffbf46">තමුසේ මා රින් ට වංචා කළා නේද?</font>

914
00:59:37,230 --> 00:59:39,860
<font color="#ffbf46">මට ආරංචි වුණා තමුසේ ඩබල් ගේම්
ගහනවා කියලා. මට ඔක්කොම ආරංචියි.</font>

915
00:59:40,060 --> 00:59:41,130
<font color="#ffbf46">කවුද එහෙම කිව්වේ?</font>

916
00:59:41,960 --> 00:59:44,300
<font color="#ffbf46">මා රින් ද එහෙම කිව්වේ? ඒක වැදගත්ද?</font>

917
00:59:44,500 --> 00:59:45,900
<font color="#ffbf46">අම්මට වැරදිලා.</font>

918
00:59:45,900 --> 00:59:48,500
<font color="#ffbf46">තමුසේ හිතුවද නීතිය අයින් කරලා
නිසා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා?</font>

919
00:59:48,500 --> 00:59:50,360
<font color="#ffbf46">මම කාටවත් වංචා කළේ නෑ අම්මේ.</font>

920
00:59:50,630 --> 00:59:53,830
<font color="#ffbf46">මට හිතෙන්නේ මා රින් කියපු දෙයක් අම්මා වැරදියට තේරුම් අරන්.</font>

921
00:59:54,400 --> 00:59:56,160
<font color="#ffbf46">මේ මොකද කරන්නේ අම්මේ?</font>

922
00:59:56,160 --> 00:59:59,500
<font color="#ffbf46">ඇත්ත කියනකම් මම මෙතනින් හෙල්ලෙන්නේ නෑ.</font>

923
00:59:59,930 --> 01:00:03,030
<font color="#ffbf46">මම කවුද කියලා දන්නවනේ. මම නිකම්ම නිකම් ගෑනියෙක් නෙමෙයි.</font>

924
01:00:03,200 --> 01:00:05,230
<font color="#ffbf46">තමුසේ කොහොමද මගේ දුවව අඬවන්නේ?</font>

925
01:00:05,230 --> 01:00:08,030
<font color="#ffbf46">අම්මේ, මම මා රින් ට වංචා කළේ නෑ.</font>

926
01:00:08,030 --> 01:00:09,930
<font color="#ffbf46">මම ඇත්තමයි කියන්නේ.</font>

927
01:00:09,930 --> 01:00:12,560
<font color="#ffbf46">තමුසේ දන්නවද මම මගේ දුවව හැදුවේ කොහොමද කියලා?</font>

928
01:00:12,560 --> 01:00:14,800
<font color="#ffbf46">අම්මේ.</font>

929
01:00:14,800 --> 01:00:17,000
<font color="#ffbf46">මම එයාව තමුසෙට දුන්නානේ.</font>

930
01:00:17,230 --> 01:00:18,560
<font color="#ffbf46">මම මැරෙන්න ඕන.</font>

931
01:00:18,560 --> 01:00:20,600
<font color="#ffbf46">අම්මේ, කලබල වෙන්න එපා.</font>

932
01:00:20,600 --> 01:00:23,460
<font color="#ffbf46">මට හිතෙන්නේ මගේ ඇස් දෙක උගුල්ල ගන්න.</font>

933
01:00:23,460 --> 01:00:25,060
<font color="#ffbf46">අනේ එපා අම්මේ.</font>

934
01:00:25,060 --> 01:00:26,730
<font color="#ffbf46">අම්මේ, මම වංචා කළේ නෑ.</font>

935
01:00:26,730 --> 01:00:28,460
<font color="#ffbf46">තමුසේ මහ පහත මිනිහෙක්.</font>

936
01:00:29,160 --> 01:00:31,500
<font color="#ffbf46">ඇත්තටම සිද්ධ වුණේ ඒ වගේ දෙයක් නෙමෙයි.</font>

937
01:00:31,500 --> 01:00:33,800
<font color="#ffbf46">අම්මා මට අසාධාරණයක් කරන්නේ.</font>

938
01:00:34,000 --> 01:00:36,800
<font color="#ffbf46">සන්සුන් වෙන්න අම්මේ. පොඩ්ඩක් ඉන්නකෝ.</font>

939
01:00:36,800 --> 01:00:38,630
<font color="#ffbf46">අතාරිනවා මාව.</font>

940
01:00:38,630 --> 01:00:42,200
<font color="#ffbf46">මට පේන්නේ මා රින් මාව බය කරන්න
හිතාගෙන ඔහොම දෙයක් කියන්න ඇති.</font>

941
01:00:42,530 --> 01:00:44,560
<font color="#ffbf46">ඒක ඇත්තක් නෙමෙයි. රිදෙනවා.</font>

942
01:00:44,560 --> 01:00:47,900
<font color="#ffbf46">අපිට මා රින් ගෙන්ම අහන්න පුළුවන්නේ.</font>

943
01:00:47,900 --> 01:00:50,400
<font color="#ffbf46">එහෙනම් තමුසේ කියනවා මොකද වුණේ කියලා.</font>

944
01:00:50,530 --> 01:00:54,000
<font color="#ffbf46">අම්මේ, මා රින් කියන්නේ මගේ මුළු ලෝකයම.</font>

945
01:00:54,000 --> 01:00:56,600
<font color="#ffbf46">මම මා රින් ට පණ වගේ ආදරෙයි.</font>

946
01:00:56,730 --> 01:01:00,130
<font color="#ffbf46">මා රින් නැතුව මට ජීවත් වෙන්න බෑ.</font>

947
01:01:00,200 --> 01:01:01,230
<font color="#ffbf46">මම...</font>

948
01:01:04,660 --> 01:01:07,030
<font color="#ffbf46">එහෙනම් ඇයි එයා එහෙම කිව්වේ?</font>

949
01:01:07,700 --> 01:01:09,900
<font color="#ffbf46">එයාට වැරදිලාද?</font>

950
01:01:11,160 --> 01:01:13,130
<font color="#ffbf46">මා රින් දැන් කෝ?</font>

951
01:01:15,930 --> 01:01:17,300
<font color="#ffbf46">මම එයාට සැර වැඩි වුණාද මන්දා?</font>

952
01:01:18,230 --> 01:01:21,800
<font color="#ffbf46">නෑ. ඔලුවේ ඕනවට වඩා ප්‍රශ්න
තියෙනකොට ඒවට දඬුවම් ලැබෙන්න ඕන.</font>

953
01:01:23,660 --> 01:01:26,160
<font color="#ffbf46">එයාට හිතන්නවත් වෙලාවක් ලැබෙන්න නැතුව ඇති.</font>

954
01:01:27,100 --> 01:01:28,730
<font color="#ffbf46">මගේ අම්මා ලේසි පහසු කෙනෙක් නෙමෙයිනේ.</font>

955
01:01:34,530 --> 01:01:36,730
<font color="#ffbf46">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

956
01:01:37,330 --> 01:01:40,760
<font color="#ffbf46">ඇයි එහෙම කළේ? ඔයා දන්නවද මම කොච්චර ගුටි කෑවද කියලා?</font>

957
01:01:41,730 --> 01:01:44,160
<font color="#ffbf46">ඇයි? මම කිව්වේ ඇත්තනේ.</font>

958
01:01:44,230 --> 01:01:46,460
<font color="#ffbf46">මොකක්?</font>

959
01:01:46,930 --> 01:01:48,560
<font color="#ffbf46">මම ගෙදරින් ගියාම පාඩමක් ඉගෙන ගත්තා.</font>

960
01:01:49,230 --> 01:01:50,860
<font color="#ffbf46">තමන්ගේ ගෙදර වගේ වෙන කොහෙවත් නෑ කියලා.</font>

961
01:01:52,560 --> 01:01:56,060
<font color="#ffbf46">මගේ ඇඟපතත් රිදෙනවා, මට සිද්ධ වුණේ වහලයක් උඩ නිදාගන්න.</font>

962
01:01:56,300 --> 01:01:58,860
<font color="#ffbf46">කවුරුත් ඔයාට ගෙදරින් යන්න කිව්වේ නෑනේ.</font>

963
01:01:59,730 --> 01:02:00,730
<font color="#ffbf46">මම නම්...</font>

964
01:02:01,760 --> 01:02:04,000
<font color="#ffbf46">ආයේ මේ ගෙදරින් අඩියක්වත් එළියට තියන්නේ නෑ.</font>

965
01:02:04,960 --> 01:02:08,360
<font color="#ffbf46">කැමති නැත්නම් යන්න. ඔයා හදන්නේ මාව දුක් විඳවන්නද?</font>

966
01:02:08,360 --> 01:02:09,760
<font color="#ffbf46">එහෙනම් තීරණයක් ගන්න.</font>

967
01:02:10,200 --> 01:02:13,630
<font color="#ffbf46">අනාගතයද වර්තමානයද කියලා තෝරගන්න.</font>

968
01:02:17,060 --> 01:02:20,430
<font color="#ffbf46">තවම ඇවිත් නැති අනාගතයද නැත්නම් මේ වර්තමානයද?</font>

969
01:02:22,100 --> 01:02:23,100
<font color="#ffbf46">මට කියන්න.</font>

970
01:02:23,900 --> 01:02:25,200
<font color="#ffbf46">මමද නැත්නම් අර ගෑනු කෙනාද?</font>

971
01:02:28,630 --> 01:02:30,060
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම ඔයානේ.</font>

972
01:03:00,070 --> 01:03:03,670
<font color="#db9809"><b>ටුමෝරෝ විත් යූ</b></font>

973
01:03:04,170 --> 01:03:05,810
<font color="#ffbf46">මම ආයේ කවදාවත් අනිත් ලෝකෙට යන්නේ නෑ.</font>

974
01:03:06,010 --> 01:03:07,840
<font color="#ffbf46">ඇත්තටම ඔයා ආයේ යන්නේ නැද්ද?</font>

975
01:03:08,110 --> 01:03:11,280
<font color="#ffbf46">මම අතක් වුණත් ඔට්ටු අල්ලනවා ඔයා දවස්
තුනක් යන්න කලින් ආයේ කෝච්චියේ යයි කියලා.</font>

976
01:03:11,310 --> 01:03:13,610
<font color="#ffbf46">අපේ අම්මාගෙන් ගුටි කෑවට පස්සේ සෝ ජූන් වෙනස් වෙලා.</font>

977
01:03:13,630 --> 01:03:17,000
<font color="#ffbf46">මටත් හිතෙන්නේ එහෙමයි. ඔයා හරියට මම වගේමයි.</font>

978
01:03:17,580 --> 01:03:20,510
<font color="#ffbf46">හෙට ගැන හෙට උදා වුණාම බලාගන්නවා.</font>

979
01:03:20,660 --> 01:03:22,290
<font color="#ffbf46">මට දැන් නවතින්න බෑ.</font>

980
01:03:22,720 --> 01:03:24,620
<font color="#ffbf46">මහත්තයා ඔයා නැති වුණොත්...</font>

981
01:03:24,960 --> 01:03:28,320
<font color="#ffbf46">මගේ ජීවිතේ ආදරේ විතරක් තිබුණු ඒ ලස්සනම කාලේ...</font>

982
01:03:28,340 --> 01:03:30,140
<font color="#ffbf46">මම කොහොම අමතක කරන්නද?</font>

983
01:03:30,670 --> 01:03:32,540
<font color="#ffbf46">ඔයා මේක බලනවා නම්,</font>

984
01:03:33,250 --> 01:03:36,180
<font color="#ffbf46">ඒ කියන්නේ මම ඔයා ළඟ නෑ කියන එකයි.</font>

985
01:03:37,320 --> 01:03:38,550
<font color="#ffbf46">පොඩ්ඩක් ඉවසන්න...</font>

986
01:03:41,500 --> 01:03:43,830
<font color="#ffbf46">ඔයාට මාව අමතක වෙනකම්.</font>

987
01:03:45,110 --> 01:03:46,540
<font color="#ffbf46">මම ඔයාට ආදරෙයි...</font>

988
01:03:49,500 --> 01:03:50,700
<font color="#ffbf46">මම ඔයාට ආදරෙයි.</font>

989
01:03:50,724 --> 01:03:52,724
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

