1 -00:00:00,023 --> 00:00:01,977 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜 2 00:00:02,001 --> 00:00:04,918 ජර්සි වලදි මං ඔයාට කිව්වනේ ඔරකල් කිව්වා මේ ගමන අසාර්ථක වෙයි කියලා. 3 00:00:05,126 --> 00:00:08,709 වටිනාම දේ බේරගන්න බැරි වෙනවා කියන එකනේ. ඒකෙන් ගොඩක් දේවල් අදහස් වෙන්න පුළුවන්. 4 00:00:09,168 --> 00:00:13,418 මම පටන් ගත්තේ තාත්තට දුන්න තෑග්ගක් විදියට. ඇතීනා එක්ක වැඩ සිද්ධ වෙන්නේ එහෙමයි. 5 00:00:14,001 --> 00:00:16,043 ටික කාලයක් යනකන්, මාව සැලකුවේ තෑග්ගක් වගේ. 6 00:00:16,043 --> 00:00:20,084 මගේ තාත්තා... එයාට අවස්ථා තිබුණා. ඇත්තම කිව්වොත්, මගේ තාත්තා ජීවිත කාලෙටම කරපු දේවල් වලට වඩා 7 00:00:20,084 --> 00:00:22,709 ඔයා පහුගිය දවස් ටිකේ මම වෙනුවෙන් දේවල් කළා. 8 00:00:22,709 --> 00:00:25,293 පරිස්සමෙන්. මට හිතෙන්නේ ඔයා දැන් මට යාළුවෙක් කියන්නයි හැදුවේ. 9 00:00:26,209 --> 00:00:29,001 මට අම්මව බේරගන්න අවස්ථාවක් තියෙනවා. මං කාටවත් ඒක නවත්තන්න දෙන්නේ නෑ. 10 00:00:29,126 --> 00:00:30,126 11 00:00:30,251 --> 00:00:32,251 12 00:00:32,459 --> 00:00:33,918 13 00:00:36,626 --> 00:00:40,043 ඔයාගේ තාත්තා මෙහෙ ඉන්නේ. එයා හැමතිස්සෙම හිටියේ මෙතන. 14 00:00:40,293 --> 00:00:44,793 එයාව විශ්වාස කරන්න. නිකන් හුස්ම ගන්න. 15 00:00:44,793 --> 00:00:47,126 16 00:00:49,959 --> 00:00:54,251 17 00:01:05,376 --> 00:01:07,959 18 00:01:09,626 --> 00:01:11,751 19 00:01:13,376 --> 00:01:14,543 එයාලා අපි දිහා බලන් ඉන්නේ. 20 00:01:17,501 --> 00:01:18,501 ඔව්. 21 00:01:19,251 --> 00:01:21,543 අපි දැන් මෙතනින් යන එක හොඳයි නේද? 22 00:01:23,376 --> 00:01:25,251 මචං, එයාලා කෙලින්ම අපි දිහා බලන් ඉන්නේ. 23 00:01:26,834 --> 00:01:29,043 මොකක්ද? 24 00:01:31,668 --> 00:01:33,918 යමු. අපි ගිහින් පර්සිව හොයාගමු. 25 00:01:34,959 --> 00:01:36,376 ඇනබෙත්... එයා පණ පිටින්. 26 00:01:37,501 --> 00:01:38,501 මම ඒක දන්නවා. 27 00:01:41,626 --> 00:01:44,459 පර්සි! පර්සි! 28 00:01:44,876 --> 00:01:47,126 29 00:01:49,209 --> 00:01:50,209 පර්සි! 30 00:01:51,668 --> 00:01:52,793 පර්සි! 31 00:01:56,168 --> 00:01:58,168 32 00:02:03,918 --> 00:02:04,918 හායි. 33 00:02:08,543 --> 00:02:11,126 මේ, සොරි හරිද ඔයාව පඩිපෙළ ළඟදි තල්ලු කළාට. 34 00:02:11,543 --> 00:02:14,084 මමම එහෙම කියද්දිත් ඒක ටිකක් කැතයි වගේ තමයි, 35 00:02:14,209 --> 00:02:18,209 ඒත් මම නිකන්-- මං දැනන් හිටියා ඔයා කවදාවත් කැමති වෙන්නේ නෑ කියලා, අනික වෙලාව තිබුණෙත් නෑ-- 36 00:02:29,918 --> 00:02:31,043 ඉතින්... 37 00:02:32,793 --> 00:02:34,334 අපි හිතපු තරම් ඔයා මැරිලා නෑනේ. 38 00:02:35,168 --> 00:02:36,168 සර්ප්‍රයිස්. 39 00:02:37,501 --> 00:02:38,709 මොකද වුණේ? 40 00:02:39,334 --> 00:02:41,834 කෙටියෙන් කිව්වොත්, අපිට සැන්ටා මොනිකා වලට යන්න වෙනවා. 41 00:02:44,001 --> 00:02:45,001 මොකක්, දැන්මම? 42 00:02:46,168 --> 00:02:49,626 තාත්තා මාව හම්බවෙන්න එතනට එනවා. එයා අපිට උදව් කරයි. 43 00:02:51,334 --> 00:02:54,751 හරි. හැබැයි ඔය ප්ලෑන් එකේ එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 44 00:02:55,293 --> 00:02:57,834 පොලිසිය හිතන් ඉන්නේ අපි කෝච්චියක් හැප්පුවා කියලා, 45 00:02:58,001 --> 00:03:00,126 ඊට පස්සේ අර වැඩෙත් කළා කියලා. 46 00:03:02,543 --> 00:03:04,918 පො-- පොලිසිය අපි පස්සෙන් පන්නනවද? ඔව්. 47 00:03:05,834 --> 00:03:08,334 එහෙම වුණාම අපිට කෝච්චියක යන්න ටිකක් අමාරු වෙයි නේද? 48 00:03:09,209 --> 00:03:12,918 බස් එකක වුණත්? ටිකට් ගන්න ඕන කරන මොකක හරි? 49 00:03:16,168 --> 00:03:17,501 50 00:03:17,709 --> 00:03:20,501 51 00:03:20,918 --> 00:03:21,918 ඒයි කට්ටිය. 52 00:03:22,876 --> 00:03:24,918 මට හිතෙන්නේ මේ ගමන අපි හිතුවට වඩා අමාරු වෙයි. 53 00:03:26,876 --> 00:03:28,168 මම කල්පනා කළා. 54 00:03:28,168 --> 00:03:30,959 මං මාස්ටර් බෝල්ට් එක හොරකම් කළේ නෑ. ඔයාලා මාස්ටර් බෝල්ට් එක හොරකම් කළෙත් නෑ. 55 00:03:31,293 --> 00:03:33,001 අපිට හොඳටම ෂුවර් මාස්ටර් බෝල්ට් එක තියෙන්නේ හේඩීස් ළඟ කියලා, 56 00:03:33,126 --> 00:03:35,001 ඒත් එයාට ඒක තනියම හොරකම් කරන්න බෑනේ. 57 00:03:35,334 --> 00:03:38,251 ඒ කියන්නේ, අපි දන්නෙවත් නෑ ඇත්තටම කවුද ඕක ඉස්සුවේ කියලා, 58 00:03:38,626 --> 00:03:41,626 ඇයි කියලවත්, මේක කොච්චර දුරදිග යයිද කියලවත්. 59 00:03:45,126 --> 00:03:47,043 ඕක තේරුණ අන්තිම එක්කෙනා මම, නේද? 60 00:03:48,668 --> 00:03:50,959 ඔව්. හරි, ඉතින්... 61 00:03:51,834 --> 00:03:54,251 සමහරවිට අපි පටන් ගන්නකොට, මගේ ඔළුව තිබුණේ මේකේ නෙවෙයි වෙන්න ඇති, 62 00:03:54,251 --> 00:03:55,751 ඒත් ගඟේ සිද්ධියෙන් පස්සේ... 63 00:03:57,918 --> 00:03:59,584 හැමදේම අමුතුයි වගේ දැනෙනවා. 64 00:04:02,043 --> 00:04:03,043 එයා මාව බේරගත්තා. 65 00:04:04,543 --> 00:04:05,834 මගේ තාත්තා. 66 00:04:08,043 --> 00:04:10,751 මම කවදාවත් හිතුවේ නෑ එයා මම වෙනුවෙන් එහෙම දෙයක් කරයි කියලා. 67 00:04:11,418 --> 00:04:13,626 ඉතින් මං හිතන්නේ මීට වඩා මේ දේවල් ගැන බරපතලව හිතන්න වෙනවා. 68 00:04:13,793 --> 00:04:15,584 කාර් එකක්. 69 00:04:16,793 --> 00:04:20,084 ඒක කාර් එකක් නෙවෙයි, බයික් එකක්. යන්න දෙන්න. යමු. 70 00:04:25,251 --> 00:04:27,918 මම කියන්නේ, අපි මේ නිකන් මොකක් හරි බඩුවක් හොයනවා නෙවෙයි. 71 00:04:28,418 --> 00:04:30,459 මට හිතෙන්නේ අපිට රහස් පරීක්ෂකයෝ වගේ වෙන්නත් වෙයි. 72 00:04:31,751 --> 00:04:32,751 ඔව්. 73 00:04:34,376 --> 00:04:37,584 ඇයි ඔයා ආයෙත් මත් එක්ක අමුතු විදියට ඉන්නේ? මම හිතුවේ අපි ආයේ එහෙම වෙන්නේ නෑ කියලා. 74 00:04:37,793 --> 00:04:39,251 මම අමුතු නෑ. ඔයා අමුතුයි. 75 00:04:39,543 --> 00:04:41,084 ආච් එකේ ඉඳන් එනකොට ඔයා හිටියේ අමුතුවට. 76 00:04:44,251 --> 00:04:47,501 ආ... මට තේරුණා. 77 00:04:49,418 --> 00:04:52,084 ඒක ලොකු දෙයක් කරගන්න ඕන නෑ, දන්නවනේ. ඔයා මාව බදාගත්ත එක. 78 00:04:53,751 --> 00:04:57,251 දෙයියනේ. මම කිව්වේ, අපි දැන් යාළුවෝ වගේනේ. 79 00:04:57,626 --> 00:04:59,251 යාළුවෝ කරන දෙයක්නේ ඒක. 80 00:04:59,959 --> 00:05:02,209 අඩුම ගානේ මං හිතන් ඉන්නේ එහෙමයි. මම ෆේට්ස්ලාව දැක්කා. 81 00:05:04,459 --> 00:05:09,084 ආච් එකේදි, මම අර ෆේට්ස්ලා තුන්දෙනාව දැක්කා, මං දැක්කා ඇට්‍රොපොස් නූල් කෑල්ලක් කපනවා. 82 00:05:10,084 --> 00:05:12,001 ඉතින් ඒක නරක දෙයක්ද නැත්තම්...? 83 00:05:12,668 --> 00:05:15,459 ෆේට්ස්ලා වියන්නේ හැම ජීවියෙක්ගෙම ජීවන රේඛාව. 84 00:05:16,209 --> 00:05:19,043 ඔයා දකිද්දි නූලක් කපනවා කියන්නේ-- ඒ කියන්නේ අපි කාට හරි මැරෙන්න වෙනවා. 85 00:05:20,584 --> 00:05:23,459 අපි හැමෝම කොහොමත් කවදා හරි මැරෙනවනේ. ළඟදිම. 86 00:05:24,334 --> 00:05:25,334 ඒක අනතුරු ඇඟවීමක්. 87 00:05:26,668 --> 00:05:28,334 නිමිත්තක්. 88 00:05:28,459 --> 00:05:32,334 හරි. යාලුවනේ, අපිට මේ දෛවය ගැන කතාව පොඩ්ඩක් කතා කරන්න වෙනවා. 89 00:05:32,959 --> 00:05:35,959 නූල් බෝලයක් තියාගෙන ඉන්න ආච්චිලා තුන්දෙනෙක්ට මොකද වෙන්න යන්නේ කියලා දැනගන්න බෑ. 90 00:05:36,459 --> 00:05:39,168 මම තෝරගන්න දේ අනුව සිද්ධ වෙන්න යන දේ වෙනස් වෙනවා, අනික මට පුළුවන් 91 00:05:39,168 --> 00:05:41,293 මට ඕන... ඕනම දෙයක් කරන්න. 92 00:05:42,793 --> 00:05:43,834 උදව්වක් ඕනද? 93 00:05:50,626 --> 00:05:51,668 සමාවෙන්න? 94 00:05:52,626 --> 00:05:54,334 මම ඇහුවේ ඔයාලට උදව්වක් ඕනද කියලා. 95 00:05:55,584 --> 00:06:01,126 නෑ. නෑ. අපි හොඳින්. ඇහුවට ස්තූතියි. ගිහින් එන්නම්. 96 00:06:03,001 --> 00:06:04,418 97 00:06:04,793 --> 00:06:05,918 ඔයාලා බලන්න නම් එච්චර හොඳ පාටක් නෑ. 98 00:06:08,209 --> 00:06:09,709 අපිට ඔයාගෙන් මුකුත් එපා. 99 00:06:10,168 --> 00:06:13,709 ෂුවර්ද? මොකද ඔයාලා වෙලාවට වඩා ගොඩක් පරක්කුයිනේ. 100 00:06:15,668 --> 00:06:18,043 101 00:06:20,168 --> 00:06:22,543 මම කිව්වේ, ගිම්හාන සූර්යාලෝකය වැටෙන්න තව දවස් ටිකයිනේ තියෙන්නේ. 102 00:06:23,001 --> 00:06:26,043 හොඳ යුද්ධයක් පටන් ගන්නවා බලන්න මම කොච්චර ආස වුණත්, 103 00:06:26,584 --> 00:06:31,043 ඔයාලගේ ලොකු කසින් අයියා විදියට, මට හිතෙනවා ඔයාලට පොඩි සප් එකක් දෙන්න ඕන කියලා. 104 00:06:32,376 --> 00:06:33,376 කසින්? 105 00:06:34,501 --> 00:06:37,543 ඒරිස්. ඔයා ඇතීනාගේ ළමයා වෙන්න ඇති. 106 00:06:38,293 --> 00:06:40,418 හැමතිස්සෙම රැලේ ඉන්න ඥානවන්තම එක්කෙනා වෙන්න එපැයි. 107 00:06:40,418 --> 00:06:41,751 ඔයා ඇයි අපිට උදව් කරන්නේ? 108 00:06:42,501 --> 00:06:44,668 කොහොමද ඔයා දන්නේ අපි මෙහෙ මොනවා කරනවද කියලා? 109 00:06:44,668 --> 00:06:47,793 මොකද මමත් කරන්නේ ඔයාලා කරන දේම තමයි. 110 00:06:48,293 --> 00:06:50,709 සියුස් එයාගේ ළමයි ඔක්කොම එව්වනේ මාස්ටර් බෝල්ට් එක හොයන්න. 111 00:06:51,793 --> 00:06:53,418 අහගන්නවා, මෝඩයෝ. මට බඩගිනියි. 112 00:06:53,793 --> 00:06:55,626 පාරේ ඉස්සරහ හොඳ කෑම කඩයක් තියෙනවා. 113 00:06:55,626 --> 00:06:57,918 මගේ උදව් ඕන නම්, මාව එතනදි හම්බවෙන්න. හැබැයි පරක්කු වෙන්න එපා. 114 00:06:58,584 --> 00:06:59,668 මම හැමදාම බලන් ඉන්නේ නෑ. 115 00:07:01,959 --> 00:07:03,626 116 00:07:07,959 --> 00:07:09,043 ඒ මගේ කසින්ද? 117 00:07:10,168 --> 00:07:11,459 මේ මොන ජාතියේ පවුලක්ද මන්දා? 118 00:07:12,543 --> 00:07:14,251 යමු. 119 00:07:17,709 --> 00:07:19,459 120 00:07:25,793 --> 00:07:28,584 121 00:07:28,584 --> 00:07:30,918 122 00:07:32,001 --> 00:07:34,834 123 00:07:34,959 --> 00:07:39,501 තැන නම් හරි වගේ. 124 00:07:42,251 --> 00:07:43,334 125 00:07:47,293 --> 00:07:49,668 පොඩ්ඩක් ඉන්න, මං මේ ට්විටර් එකේ රණ්ඩුවක් පටන් ගන්න ගමන්. 126 00:07:50,418 --> 00:07:54,876 මට වෙන මොකුත් ඕන නෑ හොඳ පරණ තාලේ මරාගැනීමක් තරම්. 127 00:07:55,209 --> 00:07:57,126 ආ. හරි, ඉවරයි. 128 00:07:58,418 --> 00:08:01,543 ඉතින් ඔයාලගේ මේ ගමන... අසාර්ථක වෙනවා. අහන්නකෝ කොහොමද දන්නේ කියලා. 129 00:08:01,918 --> 00:08:04,543 එහෙම වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම වෙනවා. 130 00:08:05,126 --> 00:08:06,209 පටන් ගැන්මක් විදියට... 131 00:08:06,709 --> 00:08:08,584 පර්සි පොඩි කාලේ ඉඳන්ම ප්‍රශ්නකාරයෙක්, 132 00:08:08,709 --> 00:08:11,376 ඒත් එයා මේ වගේ දෙයක් කරයි කියලා මං කවදාවත් හිතුවේ නෑ. 133 00:08:11,501 --> 00:08:12,584 ඒ-- ඒ කවුද? 134 00:08:12,584 --> 00:08:14,084 මගේ කුඩම්මාගේ මහත්තයා. එයා මොකද කරන්නේ? ආච් එක විනාශ කළාට අමතරව... 135 00:08:14,084 --> 00:08:15,626 එයා මොකද කරන්නේ? පොඩ්ඩක් ඉන්නකෝ. 136 00:08:15,626 --> 00:08:17,126 ...ඔබ විශ්වාස කරනවද එයාගේ අම්මා අතුරුදහන් වුණ එකටත් 137 00:08:17,293 --> 00:08:19,376 එයාගේ සම්බන්ධයක් තියෙනවා කියලා? 138 00:08:19,501 --> 00:08:20,668 ඔය තරම් ඔළුව නරක් වුණ ළමයෙක්ද? 139 00:08:20,834 --> 00:08:22,209 එයා නොකරන්නේ මොනවද? මොකක්? 140 00:08:22,334 --> 00:08:24,334 පිස්සු හැදෙනවා නේද? 141 00:08:24,334 --> 00:08:26,376 FBI එකෙන් දැනටමත් ඔයාගේ පින්තූරේ වටේ යවනවා. 142 00:08:27,584 --> 00:08:30,918 ඒක කැමරෝ එකක්. අපි ඒ කාර් එකට ගොඩක් ආස කළා. 143 00:08:31,293 --> 00:08:32,334 144 00:08:32,543 --> 00:08:33,584 ගොඩක්. 145 00:08:34,959 --> 00:08:37,876 කට්. මං එයාව මරනවා. 146 00:08:38,584 --> 00:08:40,001 මං දැනන් හිටියා මං ඔයාට කැමති වෙයි කියලා. 147 00:08:40,626 --> 00:08:42,834 ඒත් ඇත්තම කිව්වොත්, ඔයාලා තුන්දෙනාට L.A. වෙනකන් 148 00:08:42,959 --> 00:08:46,918 පොලිසියට අහු නොවී ලිෆ්ට් ඉල්ලගෙන යන්න තියෙන චාන්ස් එක නම් ගොඩක්ම අඩුයි. 149 00:08:46,918 --> 00:08:48,376 එහෙනම් ඇයි ඔයා මෙතන වාඩි වෙලා ඉන්නේ? 150 00:08:49,168 --> 00:08:51,459 ඔයත් මාස්ටර් බෝල්ට් එක හොයන්න ඕන නම්, 151 00:08:51,459 --> 00:08:53,168 ඔයා ඒක හොයන්න එළියට යන්න එපැයි? 152 00:08:53,709 --> 00:08:56,084 හ්ම්. ඔයාට බයක් කියල දෙයක් ඇත්තෙම නෑ නේද? 153 00:08:57,459 --> 00:09:00,418 ඒක අදාළ නෑ. බෝල්ට් එක හම්බවුණත් නැතත්, 154 00:09:00,543 --> 00:09:03,709 සියුස් පොසයිඩන් එක්ක යුද්ධයකට යනවා. 155 00:09:04,043 --> 00:09:05,459 156 00:09:07,751 --> 00:09:11,626 නෑ. ඔරකල් කිව්වා අපි බෝල්ට් එක ආපහු දුන්නොත්, යුද්ධයක් ඇතිවෙන්නේ නෑ කියලා. 157 00:09:12,084 --> 00:09:15,626 එයා කිව්වේ එහෙමද? නැත්තම් කයිරෝන් කිව්වේ එහෙම අදහස් වුණා කියලද? 158 00:09:17,334 --> 00:09:18,334 ඔව්. 159 00:09:18,751 --> 00:09:22,209 ඔයා පවුලට අලුත්නේ, පොඩි එකෝ, ඉතින් මං ඔයාට කියලා දෙන්නම් අපි වැඩ කරන විදිය. 160 00:09:22,584 --> 00:09:25,626 බලන්න, මං ඉපදෙන්න අවුරුදු ගාණකට කලින්, මගේ සීයා ක්‍රෝනොස් 161 00:09:25,751 --> 00:09:27,626 මගේ නැන්දලාවයි මාමලාවයි ගිලලා දැම්මා. 162 00:09:28,168 --> 00:09:30,501 ඔව්. ඊට පස්සේ මගේ තාත්තා ඒගොල්ලන්ව ආපහු වමනේ කරවලා, 163 00:09:30,668 --> 00:09:34,126 ඊට පස්සේ එයාව කෑලි මිලියනයකට විතර කපලා අඩියක් නැති වලකට වීසි කළා, 164 00:09:34,126 --> 00:09:35,834 ඉතින් ඒකෙන් තමයි මුල ඉඳන්ම වැඩ ටික පටන් ගත්තේ. 165 00:09:36,834 --> 00:09:39,876 ඔලිම්පියන්ලා සටන් කරනවා. අපි පාවලා දෙනවා. පිටිපස්සෙන් පිහියෙන් අනිනවා. 166 00:09:40,293 --> 00:09:43,001 අපිට ඉස්සරහට යන්න ඕන නම් අපි ඕන කෙනෙක්ව පඩිපෙළකින් පහළට තල්ලු කරනවා. 167 00:09:43,001 --> 00:09:46,251 ඒ හින්දා තමයි මං මගේ පවුලට ඔය තරම් ආදරේ. 168 00:09:46,793 --> 00:09:50,209 මගේ තාත්තා දන්නවා මේ වගේ මෙහෙයුම් වලින් එයාට බෝල්ට් එක ආපහු ලැබෙන්නේ නෑ කියලා. 169 00:09:50,334 --> 00:09:52,126 එයා දන්නවා යුද්ධයක් එනවා කියලා. 170 00:09:52,126 --> 00:09:54,334 ඇත්තටම කිව්වොත්, මට හිතෙන්නේ එයා ඒකට කැමතියි. 171 00:09:54,334 --> 00:09:58,918 මට හිතෙන්නේ එයාට දැනෙනවා මේක යුද්ධෙකට කාලය කියලා, ඉතින් අපිට යුද්ධයක් ලැබෙයි. 172 00:10:01,668 --> 00:10:02,751 173 00:10:02,876 --> 00:10:03,876 නියමයි නේද? 174 00:10:06,293 --> 00:10:10,251 අපි මේ ගමන ඉවර කරනවා. අපි මේ යුද්දේ නවත්තනවා. 175 00:10:11,376 --> 00:10:13,501 ඔයා කිව්වනේ උදව් කරන්න පුළුවන් කියලා. පුළුවන්ද? 176 00:10:15,084 --> 00:10:18,751 හරි, මෙහෙමයි. පාරේ ඉස්සරහ විනෝද උද්‍යානයක් තියෙනවා. 177 00:10:18,751 --> 00:10:22,168 මම මගේ පලිහ එතන දාලා ආවා. ඔයාලා මට මගේ පලිහ ගෙනත් දෙන්න, 178 00:10:22,168 --> 00:10:25,418 එතකොට මං ඔයාලව හෙට දවල් වෙද්දි පාතාලයට යවන්නම් 179 00:10:25,543 --> 00:10:27,876 හේඩීස්ගේ මාළිගාවට රිංගන්න ප්ලෑන් එකකුත් එක්කම. 180 00:10:28,334 --> 00:10:32,209 ඔයා පලිහ දාලා ආවා? මෙරි-ගෝ-රවුන්ඩ් එකේ අමතක වුණා වගේද? 181 00:10:35,126 --> 00:10:37,876 හරි. ඔය කියවිල්ල මට මුලදි නම් ටිකක් ජොලි, 182 00:10:38,959 --> 00:10:40,376 ඒත් දැන් නම් ඇති වෙලා. 183 00:10:42,334 --> 00:10:44,834 ඉතින් අපි එකඟයිද? නැත්තම් මට පාඩුවේ කන්න ඕන නිසා 184 00:10:44,834 --> 00:10:47,043 මං ඔයාලා තුන්දෙනාවම මරන්නද? 185 00:10:47,168 --> 00:10:48,918 186 00:10:51,251 --> 00:10:52,251 හරි. 187 00:10:53,709 --> 00:10:55,543 නියමයි. එක පොඩි අවුලක් තියෙනවා. 188 00:10:56,168 --> 00:10:58,168 මට ඇත්තටම අර පලිහ ආපහු ඕන, 189 00:10:58,418 --> 00:11:01,376 ඒ හින්දා ඔයාලා පැනලා යන්නේ නැති වෙන්න මම මේ සැටියර්ව ඇපේට තියාගන්නවා. 190 00:11:01,501 --> 00:11:02,501 මොකක්? බෑ. හරි. 191 00:11:04,418 --> 00:11:05,418 කොහෙත්ම බෑ. 192 00:11:07,043 --> 00:11:08,709 අපි ආයේ වෙන් වෙන්නේ නෑ. කමක් නෑ. 193 00:11:10,793 --> 00:11:12,501 එයාට අපිව මරන්න ඕන නම්, අපි මේ වෙද්දිත් මැරිලා. 194 00:11:15,959 --> 00:11:17,418 මට මෙයාලව දොර ළඟට ගිහින් එන්න පුළුවන්ද? 195 00:11:19,751 --> 00:11:21,834 196 00:11:22,251 --> 00:11:25,209 197 00:11:26,168 --> 00:11:27,959 හරි, අහන්න. එයා එක්ක පැටලෙන්න යන්න එපා. 198 00:11:28,209 --> 00:11:30,918 එයා බලයි ඔයාව අවුස්සන්න, මනස එක්ක සෙල්ලම් කරන්න, ඉඩ දෙන්න එපා. 199 00:11:30,918 --> 00:11:32,668 කමක් නෑ. ඇත්තටම. 200 00:11:34,001 --> 00:11:36,834 මං දන්නවා මං මොනවද කරන්නේ කියලා. යන්න. පලිහ අරගෙන එන්න. 201 00:11:38,126 --> 00:11:39,584 ඔයාලා එනකන් මං මෙතනට වෙලා ඉන්නම්. 202 00:11:39,793 --> 00:11:42,168 203 00:11:45,793 --> 00:11:48,168 204 00:11:49,709 --> 00:11:50,918 205 00:11:53,209 --> 00:11:55,043 206 00:11:59,376 --> 00:12:02,126 207 00:12:09,126 --> 00:12:10,626 මම හොරර් ෆිල්ම්ස් නම් වැඩිය බලලා නෑ, 208 00:12:10,626 --> 00:12:13,126 ඒත් මේක හරියටම අර යන්න එපා කියන ජාතියේ 209 00:12:13,126 --> 00:12:14,459 තැනක් වගේමයි පේන්නේ. 210 00:12:17,251 --> 00:12:18,751 මම කවදාවත් කිසිම ජාතියක ෆිල්ම් එකක් බලලා නෑ. 211 00:12:20,376 --> 00:12:23,168 එහෙනම් මට ඔයා කියන දේ විශ්වාස කරන්න වෙනවා. කවදාවත් නෑ? 212 00:12:24,001 --> 00:12:25,834 ඔයා කියන්නේ "කවදාවත් නෑ" කියන්නේ "කවදාවත්ම නෑ" කියලද? 213 00:12:26,668 --> 00:12:27,668 වෙන ජාතියකුත් තියෙනවද? 214 00:12:30,126 --> 00:12:32,918 ඉතින් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් තව දවස් ටිකකින් මැරුණේ නැත්තම්, 215 00:12:32,918 --> 00:12:34,168 අපිට සිද්ධ වෙයි ඒක වෙනස් කරන්න. 216 00:12:34,959 --> 00:12:35,959 ඔයාට මාර දේවල් මිස් වෙලා තියෙන්නේ. 217 00:12:37,584 --> 00:12:40,626 කොහොම වුණත්, අපි ඊට කලින් මේක ඉවර කරගන්න ඕනනේ. 218 00:12:46,959 --> 00:12:48,043 219 00:12:48,043 --> 00:12:49,876 පොඩ්ඩක් ඉන්න, පර්සි, නවතින්න. 220 00:12:50,001 --> 00:12:51,834 221 00:12:51,834 --> 00:12:55,376 පොඩ්ඩක් ඉන්න, ඒ මොකද වුණේ? නිකන් හෙලවෙන්නේ නැතුව ඉන්න. 222 00:12:56,209 --> 00:12:57,209 මට තත්පරයක් දෙන්න. 223 00:12:58,168 --> 00:13:01,626 ඔය යන්ත්‍රේ ඇතුළේ තියෙන්නේ, ඒ සෙලෙස්ටියල් බ්‍රෝන්ස්. 224 00:13:01,626 --> 00:13:04,293 ෂා, මරුනේ. ඇනබෙත්, මේ මොකද වෙන්නේ? 225 00:13:04,418 --> 00:13:06,376 සෙලෙස්ටියල් බ්‍රෝන්ස් වලින් තමයි ඔයාගේ කඩුව හදලා තියෙන්නේ. 226 00:13:06,709 --> 00:13:08,959 ඔයා මනුස්සයෙක් නම්, ඒක ඔයාගේ ඇඟ හරහා නිකන්ම යනවා. 227 00:13:09,293 --> 00:13:12,793 හැබැයි ඔයා රාක්ෂයෙක් හරි ඩෙමිගෝඩ් කෙනෙක් හරි නම්... 228 00:13:14,668 --> 00:13:17,209 ඉතින් ඕක මොකද එතන කරන්නේ? ඒක නියම ප්‍රශ්නයක්. 229 00:13:17,834 --> 00:13:20,293 එක දෙයක් ෂුවර්, මේක නිකන්ම නිකන් විනෝද උද්‍යානයක් නෙවෙයි. 230 00:13:22,168 --> 00:13:25,793 දෙවියෙක් තමයි මේක හදලා තියෙන්නේ. මොන වගේ දෙවියෙක්ද විනෝද උද්‍යාන හදන්නේ? 231 00:13:26,584 --> 00:13:27,584 හෙෆස්ටස්. 232 00:13:27,876 --> 00:13:29,626 ඇයි හෙෆස්ටස් විනෝද උද්‍යානයක් හදන්නේ? 233 00:13:30,418 --> 00:13:32,584 සමහරවිට එයාට ඒවා විනෝදයි කියලා හිතෙනවා ඇති? 234 00:13:32,751 --> 00:13:34,251 ඕක නම් හිනා යන වැඩක් නෙවෙයි ඇනබෙත්. 235 00:13:34,459 --> 00:13:36,918 ටිකක් විතර හිනා යනවා. 236 00:13:38,293 --> 00:13:41,334 ආ... අන්න බලන්න. 237 00:13:44,626 --> 00:13:45,751 ඒක මරු. ඇනබෙත්! 238 00:13:46,418 --> 00:13:48,168 කලබල නොවී ඉන්න. මං මේක කරනවා. 239 00:13:49,001 --> 00:13:51,126 හරි. 240 00:13:52,334 --> 00:13:54,126 මට මේක තේරෙනවා. නිකන්... 241 00:13:56,084 --> 00:13:57,084 තල්ලු කරගෙන යන්න. 242 00:13:58,376 --> 00:14:00,293 තල්ලු කරන්න? ඔව්. 243 00:14:04,001 --> 00:14:05,793 මොකද උදේ ඔයා නේද කිව්වේ අර වගේ කතාවක්, 244 00:14:05,918 --> 00:14:08,251 "ෆේට්ස්ලා කියනවා අපි කාට හරි මැරෙන්න වෙනවා කියලා අපි ඒක බරපතල විදියට ගන්න ඕන" කියලා? 245 00:14:08,251 --> 00:14:09,501 පර්සි? ඔව්? 246 00:14:10,126 --> 00:14:12,001 නිකන් තල්ලු කරන්න. 247 00:14:19,293 --> 00:14:21,668 248 00:14:21,834 --> 00:14:23,668 249 00:14:26,334 --> 00:14:28,793 ඒ මොකක්ද? 250 00:14:29,418 --> 00:14:34,959 මේ මැෂින් එක හදලා තියෙන්නේ අපිට රිද්දන්න නෙවෙයි. මේක හදලා තියෙන්නේ අපිව බය කරන්න. මේක පරීක්ෂණයක්. 251 00:14:36,584 --> 00:14:40,209 252 00:14:43,168 --> 00:14:45,293 253 00:14:47,543 --> 00:14:48,543 හෙෆස්ටස්ට දැනගන්න ඕන වෙලා තිබුණා 254 00:14:48,543 --> 00:14:50,876 අපි කවුරුහරි එයාගේ පිට්ටනියට රිංගුවොත් ඒ වෙලාවෙම. 255 00:14:52,084 --> 00:14:53,709 දැන් ඉතින් එයා දන්නවා ඇති. 256 00:14:58,084 --> 00:14:59,418 257 00:14:59,584 --> 00:15:03,001 258 00:15:06,126 --> 00:15:07,876 259 00:15:08,043 --> 00:15:09,043 අපි මීට කලින් හම්බෙලා තියෙනවා. 260 00:15:10,084 --> 00:15:12,918 මම හුඟක් කල් ඉඳන් ඉන්නෙ, පොඩි කොල්ලෝ. මම ගොඩක් අයව හම්බෙලා තියෙනවා. 261 00:15:14,334 --> 00:15:16,959 මට විසිහතරයි. ෂෝක්නේ. 262 00:15:20,584 --> 00:15:23,751 අපි හම්බුනේ සොල්ස්ටිස් එකේදි. ඔලිම්පස් වලදි. 263 00:15:24,251 --> 00:15:25,459 උද්ඝෝෂකයෙක් නේද. 264 00:15:25,751 --> 00:15:29,043 ආහ්, මම අර කෑගහපු අයගෙන් කෙනෙක් නෙවෙයි. මම ඔයාගෙ ෆෑන් කෙනෙක්. 265 00:15:32,043 --> 00:15:33,834 මම හිතන්නෙ ඔයාට මාව වෙන කෙනෙක් එක්ක පැටලිලා, කොල්ලෝ. 266 00:15:34,876 --> 00:15:35,876 නෑ, මට එහෙම වෙලා නෑ. 267 00:15:37,918 --> 00:15:41,418 සැටර්ලා කන්නෙ ටෝෆු. සැටර්ලා වඳින්නෙ මල් වලට. 268 00:15:41,418 --> 00:15:45,126 සැටර්ලා සින්දු කියන්නෙ එයාලගෙ හැඟීම් ගැන. සැටර්ලා මගේ ෆෑන්ලා නෙවෙයි. 269 00:15:46,501 --> 00:15:48,084 සැටර්ලා කියන්නෙ සොබාදහමේ දරුවෝ. 270 00:15:49,376 --> 00:15:52,751 සොබාදහම හරිම දරුණුයි. සත්තු මරාගෙන කන ලෝකයක්නේ, නේද? 271 00:15:53,834 --> 00:15:56,168 සමහරවිට අප්‍රසන්න ඇති. ඒ වුනාට ඒක බොරුවක් වෙන්නෙ නෑනේ. 272 00:15:56,876 --> 00:15:59,001 ඔයා තමයි ඒ හැමදේකම ශූරයා. 273 00:16:00,334 --> 00:16:01,334 මම ඒකට ගරු කරනවා. 274 00:16:03,126 --> 00:16:05,251 ඉතින් ඔයා මොකෙක්ද, නිකන් දෙවෙනි ලෝක යුද්ධෙ ගැන හොයන පිස්සෙක්ද? 275 00:16:05,543 --> 00:16:07,459 ඔයා 'සේවින් ප්‍රයිවට් රයන්' ෆිල්ම් එක බලලා තියෙනවා නේද? 276 00:16:08,709 --> 00:16:10,001 මම කැමති ටර්බොට් යුද්ධෙට. 277 00:16:10,709 --> 00:16:11,834 ලොබ්ස්ටර් යුද්ධය. 278 00:16:12,418 --> 00:16:14,293 අවුරුදු තුන්සිය තිස් පහේ යුද්ධය. 279 00:16:15,293 --> 00:16:17,543 ඔයාගෙ අමුතු තේරීම්. ම්ම්. 280 00:16:18,501 --> 00:16:20,168 ඕවා කවුරුත් මැරුණෙ නැති යුද්ධනේ. 281 00:16:21,543 --> 00:16:22,918 මම කැමති ඔයාගෙ සැර බාල දේවල් වලට. 282 00:16:23,668 --> 00:16:28,001 ලොකු බලයක් පාවිච්චි කරලා ඉක්මනට යටත් වෙන එකෙත් මාර ගතියක් තියෙනවා. 283 00:16:28,168 --> 00:16:30,459 284 00:16:30,668 --> 00:16:32,209 කවුරුත් දැන් ඕවා ගැන කතා කරන්නෙ නෑ. 285 00:16:34,418 --> 00:16:35,459 කතා කරන්න ඕනේ. 286 00:16:39,918 --> 00:16:43,251 ඉතින් කියන්නකෝ අපි කොහෙදිද හම්බුනේ කියලා? 287 00:16:47,168 --> 00:16:48,876 288 00:16:51,084 --> 00:16:53,251 289 00:16:53,959 --> 00:16:55,626 ෂා, මරුනේ. 290 00:16:57,459 --> 00:16:58,584 අර බලන්නකෝ. 291 00:17:00,709 --> 00:17:03,376 මට කියන්න එපා මේක හැදුවෙ කම්මල් දෙවියෝ කියලා. 292 00:17:05,543 --> 00:17:06,918 ඔයා කවදාවත් මේ වගේ දෙයක් දැකලා තියෙනවද? 293 00:17:07,626 --> 00:17:09,418 මේක අයිති කම්මල් දෙවියන්ට නම්, 294 00:17:09,418 --> 00:17:12,293 යුද්ධෙට අධිපති දෙවියෝ මෙහෙ මොකද කරන්නෙ? එයාලා හතුරෝ නේද? 295 00:17:13,209 --> 00:17:14,876 එහෙනම් ඇයි එයා පලිහත් දාලා පැනලා ගියේ? 296 00:17:16,793 --> 00:17:17,918 මම අනුමාන කරන විදිහට... 297 00:17:18,418 --> 00:17:20,626 ඒරිස්ගේ කොහොමත් සම්බන්ධයක් තිබුණනේ... ඇෆ්‍රොඩයිටි එක්ක. 298 00:17:21,459 --> 00:17:22,834 එයා හෙෆස්ටස්ගෙ බිරිඳනේ. 299 00:17:23,834 --> 00:17:27,584 ඔයා විහිළු කරනවා. එයාට ඇෆ්‍රොඩයිටිව හම්බුනේ මෙහෙදිද? එයාගෙ හස්බන්ඩ්ගේ පාක් එකේදි? 300 00:17:28,376 --> 00:17:29,584 ඒක නම් මහා කැත වැඩක්. 301 00:17:30,459 --> 00:17:33,001 එයාලා අතේ මාට්ටු වෙන්න ඇති ඒකයි හදිස්සියෙම පැනලා යන්න ඇත්තේ. 302 00:17:33,793 --> 00:17:36,834 ඒරිස් ඇත්ත කියපු එකම එක දෙයක් තියෙනවා... 303 00:17:38,126 --> 00:17:39,584 මේ පවුල නම් මහා අවුල් ජාලයක්. 304 00:17:40,501 --> 00:17:44,293 305 00:17:47,876 --> 00:17:50,168 මට මේ ගැන අවුල් ගන්න එපා කියන්න නම් එපා. 306 00:17:50,793 --> 00:17:53,834 මම මුකුත් කිව්වෙ නෑනේ. ඔයා එහෙම හිතනවා මට දැනෙනවා. 307 00:17:55,293 --> 00:17:57,168 ඒරිස් සහ ඇෆ්‍රොඩයිටි මාට්ටු වෙන්න ඇත්තේ මෙතනදි වෙන්න ඇති. 308 00:17:57,918 --> 00:17:59,043 පලිහ ඇත්තේ ඔය ඇතුලේ. 309 00:18:00,876 --> 00:18:02,126 අපි ගිහින් ඒක ගන්න විතරයි තියෙන්නෙ. 310 00:18:05,959 --> 00:18:10,376 හරි. අපි ගිහින් අර භයානක හොල්මන් රයිඩ් එක බලමු. බලමුකෝ මොකද වෙන්නෙ කියලා. 311 00:18:16,126 --> 00:18:17,876 312 00:18:30,293 --> 00:18:32,168 313 00:18:34,876 --> 00:18:36,501 314 00:18:36,501 --> 00:18:40,418 ♪ වට් ඊස් ලව්? බේබි ඩෝන්ට් හර්ට් මී... ♪ 315 00:18:41,168 --> 00:18:43,251 මේ මොකද වෙන්නෙ? 316 00:18:45,251 --> 00:18:46,668 මට මේක කලින් අහලා පුරුදුයි වගේ. 317 00:18:47,959 --> 00:18:50,793 මම හිතන්නෙ, දන්ත සායනයකදි වෙන්න ඇති? 318 00:18:52,168 --> 00:18:53,584 ♪ වට් ඊස් ලව්? ♪ 319 00:19:00,084 --> 00:19:01,543 ♪ යේහ් ♪ 320 00:19:06,418 --> 00:19:10,209 ♪ ඌ, ඌ ♪ ♪ අයි ඩෝන්ට් නෝ... ♪ 321 00:19:10,334 --> 00:19:12,334 ඉන්න, මම මේක දන්නවා. 322 00:19:13,043 --> 00:19:15,876 ♪ අයි ගිව් යූ මයි ලව්, බට් යූ ඩෝන්ට් කෙයාර් ♪ 323 00:19:15,876 --> 00:19:17,126 මේ හෙෆස්ටස්ගේ කතාවනේ. 324 00:19:17,584 --> 00:19:22,584 ♪ වට් ඊස් රයිට් ඇන්ඩ් වට් ඊස් රෝන්ග්? ගිව් මී අ සයින් ♪ 325 00:19:23,084 --> 00:19:24,168 ♪ වට් ඊස් ලව්? ♪ 326 00:19:24,168 --> 00:19:25,251 හේරා ප්‍රතික්ෂේප කරාම. 327 00:19:25,376 --> 00:19:26,876 ♪ බේබි, ඩෝන්ට් හර්ට් මී... ♪ 328 00:19:27,001 --> 00:19:28,293 ඇෆ්‍රොඩයිටි ප්‍රතික්ෂේප කරාම. 329 00:19:29,459 --> 00:19:32,751 අම්මා මට මේ කතා හැමතිස්සෙම කිව්වා. මට මේක මතකයි. 330 00:19:34,043 --> 00:19:35,126 එයා කිව්වා... 331 00:19:35,251 --> 00:19:37,334 ♪ ඩෝන්ට් හර්ට් මී, නෝ මෝ... ♪ 332 00:19:37,543 --> 00:19:38,543 මොකක්ද? 333 00:19:39,876 --> 00:19:42,126 එයා කිව්වා දෙවියෝ එකිනෙකාට සලකන්නෙ මේ විදිහට කියලා. 334 00:19:43,501 --> 00:19:45,126 එයාලා අන්න ඒ වගේ පවුලක්. 335 00:19:47,709 --> 00:19:49,251 ඇයි ඔයාට ඒක අර වෙලාවෙ කියන්න හිතුනෙ නැත්තේ? 336 00:19:51,709 --> 00:19:53,709 එයා උත්සාහ කරේ මාව ඔයාලගෙන් ඈත් කරලා තියන්න. 337 00:19:56,459 --> 00:19:58,001 ♪ ඩෝන්ට් හර්ට් මී... ♪ 338 00:20:00,168 --> 00:20:01,918 සමහරවිට ඔයා හරි ඇති. 339 00:20:03,459 --> 00:20:05,501 සමහරවිට එයා මාව මීට වඩා හොඳට ලෑස්ති කරන්න තිබුණා. 340 00:20:06,834 --> 00:20:08,376 සමහරවිට එයා ඔයාව ලෑස්ති කරා වෙන්න ඇති. 341 00:20:09,334 --> 00:20:11,709 ඉතින් ඔයා අපි ගාවට ආවම, ඔයා මේ හැමදේටම වඩා වෙනස් වෙයි කියලා. 342 00:20:12,293 --> 00:20:13,751 ♪ බේබි, ඩෝන්ට් හර්ට් මී ♪ 343 00:20:13,751 --> 00:20:19,251 ♪ ඩෝන්ට් හර්ට් මී, නෝ මෝ වට් ඊස් ලව්? ♪ 344 00:20:19,418 --> 00:20:21,918 345 00:20:23,959 --> 00:20:26,334 346 00:20:26,459 --> 00:20:28,168 347 00:20:31,209 --> 00:20:33,793 348 00:20:54,001 --> 00:20:56,001 අන්න තියෙනවා. ඒරිස්ගේ පලිහ. 349 00:20:58,043 --> 00:21:00,918 350 00:21:04,293 --> 00:21:06,459 පනින්න! 351 00:21:08,584 --> 00:21:09,876 352 00:21:15,501 --> 00:21:16,793 පර්සි! 353 00:21:24,168 --> 00:21:25,668 354 00:21:28,001 --> 00:21:31,001 355 00:21:31,501 --> 00:21:34,959 356 00:21:35,084 --> 00:21:36,709 357 00:21:41,584 --> 00:21:43,709 ඔයා දැන් මාව එතනින් එළියට ගත්තෙ අර වතුර බලේ පාවිච්චි කරලද? 358 00:21:45,793 --> 00:21:46,793 නෑ. 359 00:21:47,543 --> 00:21:49,584 ඔයා නිකන් අර-- මම දන්නෑ. සමහරවිට? 360 00:21:50,168 --> 00:21:51,501 මම යන ගමන් තමයි මේක ඉගෙන ගන්නෙ. 361 00:21:52,834 --> 00:21:55,209 362 00:22:03,668 --> 00:22:05,168 අපි කොහොමද මේක බිමට ගන්නෙ? 363 00:22:15,459 --> 00:22:17,209 මේ දේවල් කොහොම හරි සම්බන්ධ වෙලා තියෙන්නෙ. 364 00:22:18,501 --> 00:22:21,668 මේක මැෂින් එකක්, ඒත් කොහොමද මැෂින් එක ස්ටාර්ට් කරන්නෙ? 365 00:22:26,418 --> 00:22:30,501 මම ළමයින්ට කැමති නෑ. ඔක්කොටම. මම මගේම ළමයින්ටවත් කැමති නෑ. 366 00:22:31,084 --> 00:22:34,293 අනිත් ළමයින්ට වඩා ටිකක් හොඳ ඇති, ඒත් මම එයාලට එච්චර කැමති නෑ. 367 00:22:34,709 --> 00:22:35,834 "බලන්න මම හදපු දේ!" 368 00:22:35,834 --> 00:22:38,668 "සමනල්ලු ඉන්නෙ මොකටද?" "මගේ කකුල රිදෙනවා." 369 00:22:39,334 --> 00:22:41,251 මම මගේ රස්සාවට ආසයි, ඒත් අර රෑට... 370 00:22:41,251 --> 00:22:43,501 හැමෝගෙම ළමයි සූර්ය මංගල්‍ය දවසට ආවම... 371 00:22:43,626 --> 00:22:45,418 මට සිද්ධ වෙනවා එයාලගෙ "ඉදිරිපත් කිරීම්" බල බලා ඉන්න. 372 00:22:45,834 --> 00:22:49,126 ඒ රෑ තමයි අවුරුද්දෙ තියෙන නරකම රෑ, හැම අවුරුද්දෙම, ආයෙ දෙකක් නෑ. 373 00:22:49,126 --> 00:22:51,001 මේ පාර නම් විශේෂයි වගේ. 374 00:22:51,459 --> 00:22:54,418 ඒ ළමයින්ගෙන් එකෙක් කොහොම හරි ප්‍රධාන අකුණු සැරය උස්සන් ගිහින්නේ. 375 00:22:54,626 --> 00:22:56,626 ඔයානේ කියන්නෙ. කවුද දන්නෙ ඇත්තටම ඒක ගත්තෙ කවුද කියලා. 376 00:22:56,793 --> 00:22:58,584 මගේ තාත්තට වෛර කරන අය ඕන තරම් ඉන්නවා ඕක උස්සන්න ට්‍රයි කරන්න පුළුවන්. 377 00:22:58,959 --> 00:23:02,418 වෙන්න ඇති. ඒත් ගොඩක් අයට ඕක කරන්න බෑ. 378 00:23:04,584 --> 00:23:06,501 හේඩීස් වැඩේට හයර් කරපු කෙනෙක් වෙන්න ඇති. 379 00:23:07,626 --> 00:23:08,626 ඔයානේ කියන්නෙ. 380 00:23:08,918 --> 00:23:11,459 අනික කාටවත් නෝන්ඩි නොවී මේක කරන්න තරම්, 381 00:23:11,459 --> 00:23:12,834 හැංගිලා ඉන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනේ, 382 00:23:13,376 --> 00:23:15,376 සියුස්ව පහුකරගෙන යන්න තරම් එඩිතර වෙන්නත් ඕනේ, 383 00:23:15,376 --> 00:23:17,168 මේක අතට ගන්න තරම්-- ඇති. 384 00:23:17,334 --> 00:23:20,084 හැමදේම විසඳන්න ඕන ප්‍රහේලිකාවක් නෙවෙයි. 385 00:23:20,084 --> 00:23:24,043 ඔයත් හරියට මගේ සහෝදරිය වගේමයි. 386 00:23:24,543 --> 00:23:26,543 387 00:23:27,168 --> 00:23:30,001 එයා හැමතිස්සෙම ඔය වගේද? කවුද? 388 00:23:30,751 --> 00:23:35,001 ඔයාගෙ සහෝදරිය. අතීනා. මොකක්ද ඔයා ඒ කිව්වේ? 389 00:23:36,376 --> 00:23:38,918 හැමතිස්සෙම දේවල් ඕනවට වඩා සංකීර්ණ කරනවා 390 00:23:38,918 --> 00:23:40,959 එතකොට මිනිස්සු හිතනවනේ එයා ඔයාට වඩා බුද්ධිමත් කියලා. 391 00:23:44,459 --> 00:23:47,209 392 00:23:47,209 --> 00:23:49,834 තැන්ක් යූ! ඕක පේන එකම කෙනා මම විතරක් වෙන්න බෑනේ? 393 00:23:49,834 --> 00:23:53,584 නෑ. කොහෙත්ම නෑ. සමහර වෙලාවට එහෙම හිතෙනවා තමයි. 394 00:23:53,751 --> 00:23:56,043 ඇත්තටම, එයා බුද්ධිමත් කෙනා? සිරාවටම? 395 00:23:56,209 --> 00:24:00,459 එයා එච්චර බුද්ධිමත් නම්, අර බකමූණා ගැන පැහැදිලි කරන්නකෝ. එයා ඌ එක්ක හැමතිස්සෙම කියවනවා. 396 00:24:00,459 --> 00:24:04,543 අර මහත, කැත පිහාටු තියෙන මීයා එක්ක. ඌ තමයි එයාගෙ හොඳම යාළුවා. 397 00:24:04,709 --> 00:24:08,501 ඉතින් අපිට ෂුවර්ද එයා තමයි බුද්ධිමතා, බකමූණෙක් නැති මම මෝඩයා කියලා? 398 00:24:08,751 --> 00:24:10,168 අනිවාර්යයෙන්ම! නිකන් මිනිස්සුන්ට පේන්නෙ 399 00:24:10,168 --> 00:24:11,876 එයාලට දකින්න ඕන දේ විතරයි වගේ, 400 00:24:11,876 --> 00:24:12,959 එයාලා අකමැති දේවල් ගණන් ගන්නෙ නෑ, 401 00:24:12,959 --> 00:24:14,376 එයාලා හදාගත්ත කතාවට ගැලපෙන්නෙ නැති දේවල්. හරියටම හරි! 402 00:24:14,501 --> 00:24:16,626 හරියට අකුණු හොරාව හොයාගත්තෙ ඔයා මිසක් එයා නෙවෙයි වගේ. 403 00:24:19,626 --> 00:24:22,168 404 00:24:26,043 --> 00:24:27,084 ඔයා ඒකෙන් අදහස් කරේ මොකක්ද? 405 00:24:27,959 --> 00:24:29,751 මොකක්ද? හොරාව හොයාගත්තා කිව්වේ. 406 00:24:30,459 --> 00:24:32,126 අපි දෙන්නම දන්නවනේ ඔයාගෙ යාළුවා අකුණු සැරය ඉස්සුවෙ නෑ කියලා. 407 00:24:32,668 --> 00:24:35,334 ඔව්, ඒත් සියුස් හිතන්නෙ එයා ගත්තා කියලා, 408 00:24:36,251 --> 00:24:38,168 ඉතින් ඒක විතරනේ වැදගත් වෙන්නෙ, නේද? කට වහගන්නවා. 409 00:24:42,918 --> 00:24:44,668 ඒක තෑග්ගක්... 410 00:24:44,834 --> 00:24:48,084 හැබැයි යටි අරමුණක් තියෙන. හෙෆස්ටස් මේක හේරාට දුන්නා, 411 00:24:48,834 --> 00:24:51,293 ඒත් එයා ඒකේ වාඩි වුනු ගමන්, එයාට නැගිටගන්න බැරි වුනා. 412 00:24:52,418 --> 00:24:55,126 හැම දෙවි කෙනෙක්ම උත්සාහ කරා, ඒත් මැෂින් එක හරිම ස්මාර්ට්. 413 00:24:56,418 --> 00:25:01,834 ඒක හරිම ශක්තිමත්. ඒක දරාගන්න බැරි තරම් වුනා. එයාලටත්. 414 00:25:05,626 --> 00:25:08,043 අන්තිමට, එයාලා කිව්වා හෙෆස්ටස් හේරාව නිදහස් කරොත්, 415 00:25:08,293 --> 00:25:09,751 ඇෆ්‍රොඩයිටි එයාගෙ බිරිඳ වෙයි කියලා. 416 00:25:12,418 --> 00:25:13,709 මේ පුටුව තමයි ගනුදෙනුව. 417 00:25:15,293 --> 00:25:17,793 අපෙන් එක්කෙනෙක් මේකට යනවා, අනිත් කෙනාට පලිහ හම්බෙනවා. 418 00:25:18,084 --> 00:25:19,584 මම කරන්නම්. මොකක්ද? පොඩ්ඩක් ඉන්න. 419 00:25:19,584 --> 00:25:21,459 කවුරු ගියත්, ආයෙ එළියට එන්නෙ නෑ. 420 00:25:21,834 --> 00:25:23,876 ඒක නම් හොඳටම පැහැදිලියි. මම දන්නවා, ඒකයි මම කිව්වෙ ඉන්න කියලා. 421 00:25:23,876 --> 00:25:26,334 මේක ආර්ක් එක නෙවෙයි, මුහුදු මොළයා. ඔයාට මාව තල්ලු කරන්න බෑ 422 00:25:26,334 --> 00:25:27,834 ආපහු අර පඩිපෙළට. ඔව්, මම කරනවා. 423 00:25:27,834 --> 00:25:29,209 මම මේ පාර ඔයාට ඉඩ දෙන්නෙ නෑ. 424 00:25:29,459 --> 00:25:31,376 මේක එහෙම වෙන දෙයක් නෙවෙයි. ඒකයි ඔයා මෙතන ඉන්නෙ. 425 00:25:34,334 --> 00:25:35,334 මොකක්ද කිව්වේ? 426 00:25:35,584 --> 00:25:38,459 මම මගේ කණ්ඩායම තෝරගන්නකොට, 427 00:25:38,834 --> 00:25:41,668 මම කයිරොන්ට කිව්වා මට ඕනේ කියලා මාව බිල්ලට දෙන්න දෙපාරක් හිතන්නෙ නැති කෙනෙක්ව, 428 00:25:41,668 --> 00:25:43,001 මේ ගමනට ඒක ඕන වුනොත්. 429 00:25:44,709 --> 00:25:45,709 එයා කැමති වුනා. 430 00:25:47,168 --> 00:25:48,168 ඒ ඔයා. 431 00:25:51,918 --> 00:25:52,918 ඔයා හරි. 432 00:25:54,793 --> 00:25:56,751 මට විශ්වාස කරන්නත් බෑ, ඒත් දෛවය කියපු දේ හරි. 433 00:25:59,418 --> 00:26:04,251 මේකෙන් බේරෙන්න බෑ. අපි ආර්ක් එකේදි යන්තම් බේරුනා, ඒත්... 434 00:26:06,251 --> 00:26:08,709 සමහරවිට මේක ඔයාට හැමදාම මඟහරින්න පුළුවන් දෙයක් නෙවෙයි. 435 00:26:08,834 --> 00:26:09,834 ඔරකල් තෝරගත්තේ ඔයාව. 436 00:26:09,959 --> 00:26:12,668 දෙවියෝ තෝරගත්තේ ඔයාව! නවත්තන්න! මේක ඒ ගැන නෙවෙයි. 437 00:26:12,793 --> 00:26:14,626 ඒ ගැන නෙවෙයි නම් තව මොනවා ගැනද? 438 00:26:14,626 --> 00:26:16,084 ඔයා මේ වැඩේට මට වඩා දක්ෂයි. 439 00:26:17,334 --> 00:26:18,501 ඔයා දක්ෂයි. 440 00:26:20,251 --> 00:26:21,459 ඔයා ඒක දන්නවා. 441 00:26:24,251 --> 00:26:27,626 විශ්වාස කරන්න, මම කැමතියි වෙන විදිහකට මේ ගමන සාර්ථක වෙනවට. 442 00:26:28,334 --> 00:26:29,584 ඒත් මට පේන්නෙ නෑ එහෙම දෙයක්. 443 00:26:35,626 --> 00:26:38,793 444 00:26:57,626 --> 00:26:59,626 445 00:27:02,334 --> 00:27:03,793 මට පොරොන්දුවක් වෙන්න. 446 00:27:05,668 --> 00:27:07,501 මම පාතාල ලෝකෙන් එළියට එන්නෙ නෑ ඔයාගෙ අම්මා නැතුව. 447 00:27:09,668 --> 00:27:10,668 ස්තූතියි. 448 00:27:13,251 --> 00:27:14,918 මම කියන්න හැදුවේ, මේ වැඩේ ඉවර වුනාම, 449 00:27:14,918 --> 00:27:18,376 ඔයාට පුළුවන්ද ආපහු මෙහෙ ඇවිල්ලා මාව මේකෙන් එළියට ගන්න ට්‍රයි කරන්න? 450 00:27:19,168 --> 00:27:20,168 451 00:27:21,793 --> 00:27:23,251 ඔයා හිතනවද ඔයාට අහන්න දෙයක් තියෙනවා කියලා? 452 00:27:25,793 --> 00:27:26,918 නිකන් ෂුවර් කරගන්න ඇහුවේ. 453 00:27:37,209 --> 00:27:38,459 454 00:27:41,376 --> 00:27:42,626 455 00:27:46,959 --> 00:27:49,751 456 00:27:49,751 --> 00:27:52,584 මේක මාර අමුතුයි. 457 00:27:53,751 --> 00:27:56,959 මේක... රස්නෙයි. 458 00:28:08,001 --> 00:28:09,543 මේක හොඳ වැඩක් නෙවෙයි. නැගිටින්න. 459 00:28:11,126 --> 00:28:12,126 මට බෑ. 460 00:28:12,626 --> 00:28:14,751 පර්සි, නැගිටින්න, මම විහිළුවට නෙවෙයි කියන්නේ. කමක් නෑ. 461 00:28:17,126 --> 00:28:18,126 මම හොඳින්. 462 00:28:20,501 --> 00:28:21,584 මම හොඳින්. 463 00:28:23,876 --> 00:28:24,959 මම හොඳින්. 464 00:28:28,043 --> 00:28:29,043 මම... 465 00:28:29,168 --> 00:28:31,501 466 00:28:45,459 --> 00:28:48,501 467 00:28:50,793 --> 00:28:52,126 468 00:28:52,751 --> 00:28:54,334 469 00:29:04,834 --> 00:29:09,751 470 00:29:13,501 --> 00:29:16,084 471 00:29:19,834 --> 00:29:21,668 472 00:29:30,501 --> 00:29:31,876 473 00:29:35,626 --> 00:29:37,168 474 00:29:37,168 --> 00:29:38,459 මම ඔයාලට උදව්වක් කරන්නද? 475 00:29:42,501 --> 00:29:44,251 එළියට යන පාර හොයාගන්න උදව්වක් ඕනද? 476 00:29:45,209 --> 00:29:48,834 477 00:29:49,001 --> 00:29:52,043 478 00:29:52,209 --> 00:29:53,543 හරි, දැන් යන්න පුළුවන්. 479 00:29:57,376 --> 00:29:58,793 මගේ යාළුවා නැතුව මම යන්නේ නෑ. 480 00:29:58,918 --> 00:30:00,793 ඔව්, හැබැයි ඕක වැඩ කරන්නේ එහෙම නෙවෙයි. 481 00:30:01,168 --> 00:30:04,251 මේක එක පැත්තකට විතරක් යන ගමනක් වගේ දෙයක්. ආපහු හරවන්න බෑ. 482 00:30:05,834 --> 00:30:08,626 ඔයා කොහොමද දන්නේ? මොකද ඕක හැදුවේ මම. 483 00:30:09,626 --> 00:30:11,418 484 00:30:18,084 --> 00:30:19,501 485 00:30:19,501 --> 00:30:21,293 මගේ යාළුවා නැතුව මම මෙහෙන් යන්නේ නෑ. 486 00:30:22,501 --> 00:30:24,543 අනික ඔයා මට උදව් කරන්නේ නැත්නම්, 487 00:30:24,668 --> 00:30:28,168 මට පාඩුවේ ඉන්න දෙනවද, මට මේක ගැන කල්පනා කරන්න ඕන. 488 00:30:28,418 --> 00:30:30,376 මගේ සහෝදරයා ඔයාට මොනවා කිව්වත්, 489 00:30:30,501 --> 00:30:32,543 මම අනුන් කියන පදේට නටන කෙනෙක් නෙවෙයි. 490 00:30:32,709 --> 00:30:34,959 491 00:30:34,959 --> 00:30:38,001 මම දන්නවා ඔයාගේ අම්මා ළඟදී ඔයත් එක්ක අමනාප වුණා කියලා. 492 00:30:39,876 --> 00:30:44,168 අපි දන්නවනේ එයා ගැන. හැබැයි මේක ටිකක් වැඩියි. 493 00:30:45,334 --> 00:30:46,334 එයාට වුණත් වැඩියි. 494 00:30:47,751 --> 00:30:49,251 ඔයා ඔය පළිහත් අරගෙන මෙතනින් ගියොත්... 495 00:30:50,543 --> 00:30:53,501 ඔයා වීරයෙක් වේවි. ඉහළම ගෞරවයක් ලැබේවි. 496 00:30:54,543 --> 00:30:57,459 එයා ඔයා ගැන ආඩම්බර වේවි, ඔයාට සමාව ලැබේවි, 497 00:30:58,209 --> 00:31:00,459 හැමදේම ඉස්සර තිබුණා වගේම වේවි, 498 00:31:00,876 --> 00:31:01,918 හැමදාම වෙනවා වගේ... 499 00:31:03,126 --> 00:31:06,834 වෙන්න ඕන විදියටම. ඒක එහෙම නෙවෙයි වෙන්න ඕන! එහෙම නෙවෙයි! 500 00:31:08,001 --> 00:31:12,043 මරාගෙන මැරෙන එක විතරයි. බලයයි කීර්තියයි විතරයි වැදගත් වෙන්නේ. 501 00:31:14,126 --> 00:31:19,793 ඒරිස් ඉන්නෙත් එහෙම, සියුස් ඉන්නෙත් එහෙම, මගේ අම්මත් එහෙමයි. 502 00:31:20,751 --> 00:31:23,418 503 00:31:28,626 --> 00:31:30,293 එයා එහෙම නෑ. 504 00:31:32,084 --> 00:31:33,293 එයා ඊට වඩා හොඳ කෙනෙක්. 505 00:31:35,168 --> 00:31:37,084 මමත් ඉස්සර ඔය වගේ ඉන්න ඇති. 506 00:31:38,126 --> 00:31:40,501 ඒත් මට තවත් එහෙම ඉන්න ඕන නෑ. 507 00:31:44,543 --> 00:31:45,918 මම ඔයාලා වගේ වෙන්නේ නෑ. 508 00:31:47,584 --> 00:31:49,293 මම වෙන්නේ නෑ. 509 00:32:05,918 --> 00:32:09,209 510 00:32:09,459 --> 00:32:15,626 511 00:32:26,084 --> 00:32:29,501 512 00:32:29,626 --> 00:32:31,709 513 00:32:38,709 --> 00:32:39,709 514 00:32:41,168 --> 00:32:43,043 අපි අතරෙත් සමහරු ඉන්නවා ඔය විදියට ඉන්න අකමැති අය. 515 00:32:45,626 --> 00:32:47,084 ඔයා හොඳ ළමයෙක්, ඇනබෙත්. 516 00:32:50,126 --> 00:32:52,043 මම ඔයා ගැන අම්මට හොඳක් කියන්නම්. 517 00:32:52,168 --> 00:32:54,334 518 00:33:08,668 --> 00:33:11,168 519 00:33:11,334 --> 00:33:14,084 520 00:33:33,001 --> 00:33:34,001 කෝ අපේ වාහනේ? 521 00:33:36,626 --> 00:33:38,918 522 00:33:40,668 --> 00:33:41,709 ඔයා විහිළු කරනවා. 523 00:33:47,918 --> 00:33:50,626 නැග්ගා නැති එක මට ප්‍රශ්නයක් නෑ. 524 00:33:50,626 --> 00:33:54,293 හැබැයි තව පැය කිහිපයකින් මේක තියෙන්නේ වේගාස්වල ලෝටස් කැසිනෝ එක ළඟ. 525 00:33:54,501 --> 00:33:56,876 හර්මීස් ඉන්නේ එතන. ඔයාලා හරියට වැඩේ කළොත් 526 00:33:57,001 --> 00:33:59,626 එයාගේ පුද්ගලික ඩ්‍රයිවර්ට පුළුවන් ඔයාලව විනාඩි කිහිපයකින් L.A. වලට එක්කන් යන්න. 527 00:34:00,126 --> 00:34:04,543 මේවා ගන්න. ඇඳුම්. සල්ලි. හර්මීස්ව ගෙන්නගන්න ඩ්‍රැක්මා. 528 00:34:04,876 --> 00:34:07,376 මම සුබ පතනවා, ඒත් ඒකෙන් ඇති වැඩේ මොකක්ද? 529 00:34:07,668 --> 00:34:08,834 අපි පරදින්නේ නෑ. 530 00:34:09,876 --> 00:34:12,793 බය වෙන්න එපා. ඔයාගේ තාත්තාට ළමයි ගොඩක් හිටියා 531 00:34:12,793 --> 00:34:16,001 එයාට එපා වුණාම ගණන් ගන්නේ නැති වුණු. 532 00:34:16,334 --> 00:34:19,168 ඔයාට තනි වෙන එකක් නෑ. අපි පරදින්නේ නෑ, 533 00:34:19,584 --> 00:34:21,209 ඔයා ඕක කියන එක ගැන මට දැන් ඇති වෙලා තියෙන්නේ. 534 00:34:21,209 --> 00:34:22,293 පර්සි. 535 00:34:22,293 --> 00:34:25,376 ඔයා හිතන් ඉන්නේ මම කවුද කියලා ඔයා දන්නවා කියලා, ඒත් ඔයා දන්නේ නෑ. 536 00:34:26,251 --> 00:34:27,501 පරිස්සම් වුණේ නැත්නම්... 537 00:34:28,543 --> 00:34:29,668 ඔයාට දැනගන්න ලැබේවි. 538 00:34:31,084 --> 00:34:33,959 පර්සි... 539 00:34:34,084 --> 00:34:37,793 චීස්බර්ගර් දුන්නටයි, හිත රිද්දුවටයි ස්තූතියි... 540 00:34:38,626 --> 00:34:41,126 ඒ වගේම ගමනටත්. අපි ඒකත් බාරගන්නවා. 541 00:34:50,876 --> 00:34:53,501 මේ, අපිට ටිෂූ ටිකක් වගේ දෙයක් හොයාගන්න බැරිවෙයිද, 542 00:34:53,501 --> 00:34:54,918 මෙතන ඒ තරම් පිරිසිදු නෑ වගේ. 543 00:34:58,376 --> 00:35:02,668 544 00:35:04,001 --> 00:35:07,418 මේකේ... ගඳයි. 545 00:35:08,209 --> 00:35:10,459 අපි යන්න ඕන තැනට යනවා නම්, එච්චරයි වැදගත් වෙන්නේ. 546 00:35:10,668 --> 00:35:12,668 ඒරිස් ඇත්ත කිව්වා නම් තමයි. 547 00:35:13,334 --> 00:35:16,834 එයා ඇත්ත නෙවෙයි කිව්වේ. සම්පූර්ණ ඇත්ත නෙවෙයි කොහොමහරි. 548 00:35:18,334 --> 00:35:19,668 එයා මොනවා හරි හංගගෙන හිටියේ. 549 00:35:20,376 --> 00:35:23,834 ඔයා කොහොමද දන්නේ? මොකද මම හිතන්නේ මම එයාගෙන් ඒක දැනගත්තා. 550 00:35:24,418 --> 00:35:26,084 551 00:35:28,168 --> 00:35:29,751 මම දන්නවා කවුද අකුණු සැරය හොරකම් කළේ කියලා. 552 00:35:33,001 --> 00:35:35,001 553 00:37:17,959 --> 00:37:19,626 මේකේ අකුණු සැරයට වඩා දෙයක් තියෙනවා. 554 00:37:20,209 --> 00:37:21,209 ඊට වඩා ලොකු දෙයක්. 555 00:37:22,084 --> 00:37:24,084 ආ, අර්ධ-දෙවිවරුනි. සාදරයෙන් පිළිගන්නවා. 556 00:37:24,668 --> 00:37:25,709 අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. 557 00:37:34,126 --> 00:37:35,876 558 00:39:02,793 --> 00:39:04,834 💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜