1
00:00:06,139 --> 00:00:09,710
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:12,579 --> 00:00:16,116


3
00:00:19,419 --> 00:00:22,923


4
00:00:27,828 --> 00:00:32,032
<font color="#b67607"><b>ඇෂුවර් ස්ප්‍රින්ග්</b></font>

5
00:00:32,032 --> 00:00:33,300


6
00:00:33,300 --> 00:00:34,535


7
00:00:34,535 --> 00:00:35,769


8
00:00:35,769 --> 00:00:37,004


9
00:02:11,565 --> 00:02:12,499
<font color="#ffde44">යන්න!</font>

10
00:02:12,499 --> 00:02:13,534
<font color="#ffde44">ඔවුන් පිටත් වුණා!</font>

11
00:02:13,534 --> 00:02:16,270
<font color="#ffde44">දකුණු කොරියාවේ හන් යේ කියුන්ග්
ඉතාම පිරිසිදු කිමිදීමක් කරනවා.</font>

12
00:02:16,770 --> 00:02:18,071
<font color="#ffde44">දැන් ඇය ජලය මතුපිටට එනවා.</font>

13
00:02:18,071 --> 00:02:19,773
<font color="#ffde44">ඇය ඇගේ ෆ්‍රීස්ටයිල් පිහිනීම පටන් ගන්නවා.</font>

14
00:02:20,507 --> 00:02:22,609
<font color="#ffde44">ඇගේ චලනයන් ඉතා සුමටයි,
ඒ වගේම රිද්මයත් එක හා සමානයි.</font>

15
00:02:22,609 --> 00:02:25,712
<font color="#ffde44">ඇය දැන් අඩක් දුර පීනා අවසන්.</font>

16
00:02:26,613 --> 00:02:28,215
<font color="#ffde44">හැරෙන තැනට ආවා!</font>

17
00:02:28,916 --> 00:02:29,883
<font color="#ffde44">හොඳට කරනවා!</font>

18
00:02:29,883 --> 00:02:32,019
<font color="#ffde44">බිත්තියේ නියම ස්පර්ශයක්,
ඒ වගේම සුමට දිශා වෙනසක්.</font>

19
00:02:32,019 --> 00:02:34,054
<font color="#ffde44">ඇය හරිම ලේසියෙන් වේගය වැඩි කරනවා.</font>

20
00:02:34,321 --> 00:02:36,990
<font color="#ffde44">දැන් අවසාන මීටර් දහයට ළඟා වෙනවා!</font>

21
00:02:36,990 --> 00:02:38,392
<font color="#ffde44">හන් යේ කියුන්ග්.</font>

22
00:02:38,392 --> 00:02:40,627
<font color="#ffde44">හන් යේ කියුන්ග්! බිත්තිය ඇල්ලුවා!</font>

23
00:02:41,628 --> 00:02:42,529
<font color="#ffde44">පළමු ස්ථානය!</font>

24
00:02:42,529 --> 00:02:44,898
<font color="#ffde44">ඒක රන් පදක්කමක්! රන් පදක්කමක්!</font>

25
00:02:45,532 --> 00:02:46,834
<font color="#ffde44">අදහාගන්න බැරි මොහොතක්!</font>

26
00:02:46,834 --> 00:02:50,170
<font color="#ffde44">කොරියානු කාන්තා පිහිනුම් ක්‍රීඩාවට
රන් පදක්කමක් නැවතත් ලැබුණා.</font>

27
00:02:50,537 --> 00:02:52,873
<font color="#ffde44">නැගී එන තාරකාවක් වගේම දක්ෂ ක්‍රීඩිකාවක් වන,</font>

28
00:02:52,873 --> 00:02:55,742
<font color="#ffde44">හන් යේ කියුන්ග් අවසානයේ ඇගේ නම සනිටුහන් කළා.</font>

29
00:02:55,742 --> 00:02:56,510
<font color="#ffde44">ස්තූතියි.</font>

30
00:02:56,510 --> 00:02:59,146
<font color="#ffde44">හන් යේ කියුන්ග්ට කොතරම් ආඩම්බර මොහොතක්ද!</font>

31
00:02:59,413 --> 00:03:02,516
<font color="#ffde44">අපි ජීවත් වෙන්නේ හන් යේ කියුන්ග්ගේ යුගයේ.</font>

32
00:03:03,183 --> 00:03:04,017
<font color="#ffde44">(හන් යේ කියුන්ග්: නව ජාතික වාර්තාවක්
කාන්තා පිහිනුම්, දකුණු කොරියාව)</font>

33
00:03:04,017 --> 00:03:05,786
<font color="#ffde44">හීන හැබෑ වෙනවා.</font>

34
00:03:06,520 --> 00:03:10,257
<font color="#ffde44">(හන් යේ කියුන්ග්: නව ජාතික වාර්තාවක්
කාන්තා පිහිනුම්, දකුණු කොරියාව)</font>

35
00:03:11,458 --> 00:03:12,326
<font color="#ffde44">ඇත්තෙන්ම,</font>

36
00:03:13,327 --> 00:03:15,195
<font color="#ffde44">ඒක අනිවාර්යයෙන්ම
මගේ හීනය වෙන්න ඕනේ නෑ.</font>

37
00:03:41,154 --> 00:03:48,128
<font color="#ff7e16"><b>1 වෙනි කොටස</b></font>

38
00:04:33,173 --> 00:04:34,775
<font color="#ffde44">රළ වලට "පා", ලස්සනට "රං".</font>

39
00:04:35,709 --> 00:04:37,678
<font color="#ffde44">රළ ලස්සන පරං-රි,</font>

40
00:04:38,045 --> 00:04:39,680
<font color="#ffde44">කඳුකර නම්හේ ප්‍රදේශයේ තිබුණත්,</font>

41
00:04:39,680 --> 00:04:41,415
<font color="#ffde44">දිලිසෙන රළ වලට ප්‍රසිද්ධ ගම්මානයක්.</font>

42
00:04:44,985 --> 00:04:46,620
<font color="#ffde44">ටොන්ග්යොන්ග් කෙළවරින් එහාට,
බෝට්ටුවක් ගන්න වෙනවා...</font>

43
00:04:46,620 --> 00:04:49,523
<font color="#ffde44">මේ පිටිසර ගමට එන්න
මුහුදේ පැයක් විතර යන්න ඕනේ.</font>

44
00:04:54,795 --> 00:04:55,696
<font color="#ffde44">මේ තියෙන්නේ...</font>

45
00:04:56,563 --> 00:04:57,664
<font color="#ffde44">මගේ ගම.</font>

46
00:05:34,067 --> 00:05:34,968
<font color="#ffde44">මේක මහන්සි වෙන වැඩක්.</font>

47
00:06:12,906 --> 00:06:14,174
<font color="#ffde44">දැන් අවුරුදු පහක් වෙනවා,</font>

48
00:06:14,875 --> 00:06:16,210
<font color="#ffde44">ඇයි මේක මෙච්චර පිරිසිදු?</font>

49
00:06:17,644 --> 00:06:19,146
<font color="#ffde44">සුද්ද කරන්න දෙයක් නෑ.</font>

50
00:08:13,260 --> 00:08:16,029
<font color="#ffde44">අම්මා කවදාවත් යකඩ හැළිය පාවිච්චි කළේ නෑ.</font>

51
00:08:16,964 --> 00:08:18,298
<font color="#ffde44">දවසක් පුරාම කිමිදිලා,</font>

52
00:08:18,298 --> 00:08:20,234
<font color="#ffde44">මුහුදු කෑම රාත්තල් සියයකට වඩා උස්සගෙන,</font>

53
00:08:20,767 --> 00:08:23,103
<font color="#ffde44">ගෙදර ඇවිත් මේ බර හැළිය...</font>

54
00:08:23,504 --> 00:08:26,840
<font color="#ffde44">උස්සලා, අතුල්ලලා,
තෙල් ගාන එක පවා...</font>

55
00:08:27,474 --> 00:08:28,575
<font color="#ffde44">එයා කරන්න කැමති වුණේ නැති දෙයක්.</font>

56
00:08:38,418 --> 00:08:39,953
<font color="#ffde44">ඒත් අවුරුද්දකට සැරයක්,</font>

57
00:08:40,254 --> 00:08:41,421
<font color="#ffde44">මගේ උපන්දිනේ දවසට...</font>

58
00:08:41,421 --> 00:08:43,891
<font color="#ffde44">එයා එදා හොයාගත්ත මුහුදු පැළෑටි මේ හැළියටම දාලා...</font>

59
00:08:43,891 --> 00:08:45,292
<font color="#ffde44">මට මුහුදු පැළෑටි සුප් හදලා දෙනවා.</font>

60
00:09:07,514 --> 00:09:08,649
<font color="#ffde44">මේක අමුතුයි.</font>

61
00:09:09,216 --> 00:09:10,784
<font color="#ffde44">ගොඩ කාලෙකට පස්සේ ගෙදර ඇවිත්,</font>

62
00:09:11,585 --> 00:09:14,521
<font color="#ffde44">අන්තිමට මම මේ යකඩ හැළියේ මුහුදු පැළෑටි සුප් හදනවා.</font>

63
00:09:16,723 --> 00:09:17,558
<font color="#ffde44">සෝ ඇනා.</font>

64
00:09:18,125 --> 00:09:18,992
<font color="#ffde44">සුබ උපන්දිනයක්.</font>

65
00:10:04,938 --> 00:10:06,707
<font color="#ffde44">මේ වගේ හැංගිලා ජීවත් වෙන එක...</font>

66
00:10:07,708 --> 00:10:09,142
<font color="#ffde44">එච්චර නරක නැතුව ඇති.</font>

67
00:10:34,434 --> 00:10:35,435
<font color="#ffde44">මේ ඉන්නේ එයා!</font>

68
00:10:36,537 --> 00:10:38,138
<font color="#ffde44">මම කලින් කිව්වේ, මතක නැද්ද?</font>

69
00:10:41,508 --> 00:10:42,809
<font color="#ffde44">දෙයියනේ.</font>

70
00:10:43,210 --> 00:10:44,745
<font color="#ffde44">(පරං වරායේ ධීවර සංගමය)</font>

71
00:10:44,745 --> 00:10:45,579
<font color="#ffde44">ඒක කොහෙද?</font>

72
00:10:46,346 --> 00:10:47,181
<font color="#ffde44">මෙතන!</font>

73
00:10:47,714 --> 00:10:48,582
<font color="#ffde44">බලන්න.</font>

74
00:10:50,584 --> 00:10:52,419
<font color="#ffde44">මහන්සි වුණාට ස්තූතියි.
ස්තූතියි.</font>

75
00:10:53,820 --> 00:10:55,722
<font color="#ffde44">ගමෙන් කාමරයක් හොයන ළමයෙක් ඉන්නවා.</font>

76
00:10:55,722 --> 00:10:57,491
<font color="#ffde44">ඔයාගේ අම්මාගේ ගෙදර කුලියට දුන්නට කමක් නැද්ද?</font>

77
00:10:58,926 --> 00:11:00,327
<font color="#ffde44">ඒ මනුස්සයට එහේ ඉන්න දෙන්න.</font>

78
00:11:00,327 --> 00:11:01,695
<font color="#ffde44">හිස් ගෙදරක කවුරුහරි ඉන්න එක...</font>

79
00:11:01,695 --> 00:11:02,896
<font color="#ffde44">ගේ බලාගන්න එකටත් හොඳයිනේ.</font>

80
00:11:04,665 --> 00:11:06,500
<font color="#ffde44">(ඒ මනුස්සයට එහේ ඉන්න දෙන්න.)</font>

81
00:11:08,769 --> 00:11:09,603
<font color="#ffde44">දැක්කා නේද?</font>

82
00:11:09,938 --> 00:11:12,306
<font color="#ffde44">ඇනා, ඔයා ගොඩක් කල් ඉන්නවද?</font>

83
00:11:14,441 --> 00:11:15,676
<font color="#ffde44">ඔයා ආයේ පීනන්නේ නැද්ද?</font>

84
00:11:15,676 --> 00:11:17,110
<font color="#ffde44">කවුද නෑ කියන්නේ? මම තාමත් පීනනවා!</font>

85
00:11:17,644 --> 00:11:19,313
<font color="#ffde44">කේන්ති ගන්න ඕනේ නෑනේ.</font>

86
00:11:20,314 --> 00:11:21,982
<font color="#ffde44">ටික කාලෙකට විතරක් ආවා නම්,</font>

87
00:11:21,982 --> 00:11:24,651
<font color="#ffde44">ඔයාලට පවුලක් වගේ එකට ඉන්න පුළුවන්.</font>

88
00:11:25,219 --> 00:11:26,653
<font color="#ffde44">අපි ඉන්නේ ගල් යුගයේ නෙවෙයිනේ.</font>

89
00:11:26,987 --> 00:11:28,589
<font color="#ffde44">ඔයාට කාමර ගොඩක් තියෙනවා, ඉතින් මොකක්ද ප්‍රශ්නේ?</font>

90
00:11:28,589 --> 00:11:29,489
<font color="#ffde44">ප්‍රධානියා.</font>

91
00:11:30,157 --> 00:11:32,092
<font color="#ffde44">එයාට බය වෙන්න ඕනේ නෑ.</font>

92
00:11:33,293 --> 00:11:34,695
<font color="#ffde44">ඒක නම් හරිම රළු බැල්මක්.</font>

93
00:11:35,629 --> 00:11:38,165
<font color="#ffde44">කොහොම වුණත්, ඔය තරුණ ළමයි...</font>

94
00:11:38,165 --> 00:11:41,034
<font color="#ffde44">මේක විසඳගන්න.</font>

95
00:11:41,034 --> 00:11:41,902
<font color="#ffde44">තේරුණාද?</font>

96
00:11:42,369 --> 00:11:43,303
<font color="#ffde44">හොඳයි.</font>

97
00:11:43,737 --> 00:11:44,705
<font color="#ffde44">ඔය දෙන්නා එකට ඉද්දි ලස්සනයි.</font>

98
00:11:45,772 --> 00:11:47,841
<font color="#ffde44">අනිවාර්යයෙන්ම මොකක්හරි වෙයි.</font>

99
00:11:53,914 --> 00:11:55,115
<font color="#ffde44">දැන් මේ තත්ත්වෙට ඇවිත් තියෙන නිසා,</font>

100
00:11:56,316 --> 00:11:57,851
<font color="#ffde44">අපි එකට ඉන්න ගමන් මේක හොඳට කරගෙන යමු.</font>

101
00:11:59,386 --> 00:12:01,788
<font color="#ffde44">කුලීකාරයා අමුත්තන්ගේ ගෙදර,
මම ප්‍රධාන ගෙදර.</font>

102
00:12:02,322 --> 00:12:03,991
<font color="#ffde44">අපි එකිනෙකාට කරදරයක් කරගන්නේ නැති තාක් කල්.</font>

103
00:12:04,324 --> 00:12:06,226
<font color="#ffde44">ෆෝන් එක රින්ග් වෙනවා ඇහුණත්,
ඇහුණේ නෑ වගේ ඉන්න.</font>

104
00:12:06,226 --> 00:12:08,028
<font color="#ffde44">මම කන දේ දැක්කත්,
දැක්කේ නෑ වගේ ඉන්න.</font>

105
00:12:08,362 --> 00:12:09,530
<font color="#ffde44">අපි එකම වහලක් යට හිටියත්,</font>

106
00:12:09,530 --> 00:12:10,931
<font color="#ffde44">හරියට තනියම ජීවත් වෙනවා වගේ ඉන්න ඕනේ.</font>

107
00:12:11,498 --> 00:12:12,599
<font color="#ffde44">මොකද කියන්නේ, කුලීකාරයා?</font>

108
00:12:19,106 --> 00:12:20,307
<font color="#ffde44">ඉතින්? මුකුත් කියන්න නැද්ද?</font>

109
00:12:21,108 --> 00:12:23,777
<font color="#ffde44">ඔයා මේකට එකඟද?</font>

110
00:12:23,777 --> 00:12:24,845
<font color="#ffde44">නැත්නම් යනවද?</font>

111
00:12:25,312 --> 00:12:26,547
<font color="#ffde44">ඔයා ගොඩක් කල් ඉන්නවද?</font>

112
00:12:28,182 --> 00:12:30,184
<font color="#ffde44">මුලින්ම ගමේ ප්‍රධානියා, දැන් ඔයා...</font>

113
00:12:30,184 --> 00:12:32,019
<font color="#ffde44">ඇයි හැමෝම මගෙන් අහන්නේ
මම කොච්චර කල් මෙහෙ ඉන්නවද කියලා?</font>

114
00:12:32,519 --> 00:12:33,353
<font color="#ffde44">ගොඩක් කල්...</font>

115
00:12:33,654 --> 00:12:34,888
<font color="#ffde44">ගොඩක් ගොඩක් කල්.</font>

116
00:12:35,322 --> 00:12:36,223
<font color="#ffde44">සදහටම.</font>

117
00:12:36,557 --> 00:12:37,991
<font color="#ffde44">මාත් ඇත්තටම එහෙම වෙයි කියලා හිතනවා.</font>

118
00:12:41,662 --> 00:12:42,863
<font color="#ffde44">ඔයා මාව ගණන් ගන්නේ නැතුව ගියාද?</font>

119
00:12:44,464 --> 00:12:45,332
<font color="#ffde44">හේයි.</font>

120
00:12:45,832 --> 00:12:46,700
<font color="#ffde44">හේයි!</font>

121
00:12:51,305 --> 00:12:52,172
<font color="#ffde44">හේයි!</font>

122
00:12:53,674 --> 00:12:54,641
<font color="#ffde44">සෝ ඇනා!</font>

123
00:12:55,375 --> 00:12:56,510
<font color="#ffde44">ඒ ඔයා නේද?</font>

124
00:12:57,044 --> 00:12:57,845
<font color="#ffde44">ඔයා කවුද?</font>

125
00:12:59,179 --> 00:13:00,280
<font color="#ffde44">ඒ ඇත්තටම ඔයා.</font>

126
00:13:00,547 --> 00:13:03,517
<font color="#ffde44">පරං-රි වල දියකිඳුරිය, සෝ ඇනා!</font>

127
00:13:04,718 --> 00:13:06,486
<font color="#ffde44">අවුරුදු ගාණකින්.</font>

128
00:13:06,486 --> 00:13:07,921
<font color="#ffde44">දියකිඳුරිය, මොකක්?</font>

129
00:13:09,523 --> 00:13:11,391
<font color="#ffde44">මාව මතකද?</font>

130
00:13:13,861 --> 00:13:16,630
<font color="#ffde44">පරං-රි වල ට්‍රොට් දේවතාවිය.</font>

131
00:13:16,630 --> 00:13:18,265
<font color="#ffde44">බෙක් සූ ජොන්ග්!</font>

132
00:13:18,866 --> 00:13:22,302
<font color="#ffde44">අනේ දෙයියනේ
අනේ දෙයියනේ, මෙහෙම කරන්න එපා</font>

133
00:13:22,870 --> 00:13:26,807
<font color="#ffde44">ගෑනියෙකුගේ හිත හරියට බට පඳුරක් වගේ</font>

134
00:13:27,074 --> 00:13:30,644
<font color="#ffde44">මෙහෙම කරන්න එපා, ඔයාට මොකද වෙලා තියෙන්නේ?
මගෙන් අහන්න එපා</font>

135
00:13:31,278 --> 00:13:35,816
<font color="#ffde44">ඔයාට මාව තවත් ඕනේ වෙන්න බෑ</font>

136
00:13:36,984 --> 00:13:40,587
<font color="#ffde44">අද තමයි මම ඔයාව මුලින්ම දැක්කේ</font>

137
00:13:46,693 --> 00:13:49,129
<font color="#ffde44">පරං-රි වල ට්‍රොට් දේවතාවිය සින්දු කියද්දි...</font>

138
00:13:49,129 --> 00:13:50,531
<font color="#ffde44">කවුද පැනලා යන්න හදන්නේ?</font>

139
00:13:50,764 --> 00:13:51,798
<font color="#ffde44">සමාවෙන්න.</font>

140
00:13:52,633 --> 00:13:54,801
<font color="#ffde44">මට පිහිනුම් පුහුණුවක් තියෙනවා.</font>

141
00:13:55,736 --> 00:13:57,838
<font color="#ffde44">සාධාරණයි, පුංචි දියකිඳුරියට
එයාගේ පිහිනුම් පුහුණුව ඕනේ.</font>

142
00:13:58,238 --> 00:13:59,873
<font color="#ffde44">පරිස්සමින් ගිහින් එන්න! දිගටම කරගෙන යන්න!</font>

143
00:14:00,374 --> 00:14:01,375
<font color="#ffde44">හරි, තේරුණා.</font>

144
00:14:03,343 --> 00:14:04,311
<font color="#ffde44">දැන්, අවධානය දෙන්න.</font>

145
00:14:04,311 --> 00:14:05,245
<font color="#ffde44">මම ආයේ මුල ඉඳන් පටන් ගන්නම්.</font>

146
00:14:06,079 --> 00:14:09,650
<font color="#ffde44">අනේ දෙයියනේ
අනේ දෙයියනේ, මෙහෙම කරන්න එපා</font>

147
00:14:13,587 --> 00:14:14,688
<font color="#ffde44">මම ඉවරයි.</font>

148
00:14:17,257 --> 00:14:18,859
<font color="#ffde44">තනියම ජීවත් වෙනවා කියපු එක එහෙමමයි.</font>

149
00:14:19,626 --> 00:14:22,196
<font color="#ffde44">ඇත්තටම, ගායකයෙකුගේ කටහඬ කියන්නේ
එයාලගේ ඇඟිලි සලකුණක් වගේ.</font>

150
00:14:22,496 --> 00:14:24,865
<font color="#ffde44">සින්දුව ඇහුණු ගමන්
මාව මතක් වෙන්න ඇති නේද?</font>

151
00:14:26,066 --> 00:14:26,934
<font color="#ffde44">මම ඒක දැනගෙන හිටියා.</font>

152
00:14:27,734 --> 00:14:29,603
<font color="#ffde44">නිදහසේ ඉන්නවා කියපු එකත් එහෙමමයි.</font>

153
00:14:30,070 --> 00:14:31,004
<font color="#ffde44">ඉතින්,</font>

154
00:14:31,305 --> 00:14:33,040
<font color="#ffde44">මට ආරංචි වුණා ඔයා තරඟකාරී පිහිනුම් ක්‍රීඩිකාවක්
වෙන්න සෝල් වලට ගියා කියලා.</font>

155
00:14:33,307 --> 00:14:34,541
<font color="#ffde44">ඇයි මේ එකපාරටම ආයේ ඇවිත් තියෙන්නේ?</font>

156
00:14:37,544 --> 00:14:38,412
<font color="#ffde44">ඒක...</font>

157
00:14:38,912 --> 00:14:40,681
<font color="#ffde44">සෝල් වල පිහිනුම් ක්‍රීඩිකාවක් කියලා කියපු පරං-රි වල දියකිඳුරිය,</font>

158
00:14:41,014 --> 00:14:42,683
<font color="#ffde44">ඇත්තටම...</font>

159
00:14:53,160 --> 00:14:54,328
<font color="#ffde44">දෙයියනේ...</font>

160
00:14:54,695 --> 00:14:56,597
<font color="#ffde44">ඔයා මේ දවස්වල මහන්සියෙන් වගේ ඉන්නේ.</font>

161
00:14:57,097 --> 00:14:59,533
<font color="#ffde44">ඔයාගේ පෙම්වතා ගොඩක් ශක්තිමත් ඇති නේද?</font>

162
00:15:01,368 --> 00:15:02,269
<font color="#ffde44">මොකක්?</font>

163
00:15:02,269 --> 00:15:04,771
<font color="#ffde44">මම කිව්වේ, ඔයාගේ පෙම්වතා
ගොඩක් ශක්තිමත් ඇති කියලා.</font>

164
00:15:04,771 --> 00:15:05,672
<font color="#ffde44">මෙතන අස් කරන්න.</font>

165
00:15:09,843 --> 00:15:11,411
<font color="#ffde44">පුංචි දියකිඳුරිය? අනේ මේ.</font>

166
00:15:13,547 --> 00:15:16,717
<font color="#ffde44">මම දැන් පරං-රි වල දියකිඳුරිය නෙවෙයි.</font>

167
00:15:22,422 --> 00:15:24,124
<font color="#ffde44">හේයි, නවතින්න. නිශ්චලව ඉන්න.</font>

168
00:15:24,124 --> 00:15:24,992
<font color="#ffde44">හෙලවෙන්න එපා.</font>

169
00:15:25,359 --> 00:15:26,560
<font color="#ffde44">හේයි, හෙලවෙන්න එපා.</font>

170
00:15:27,361 --> 00:15:28,896
<font color="#ffde44">අද, ඔයාගේ...</font>

171
00:15:30,330 --> 00:15:32,299
<font color="#ffde44">පස්ස පැත්ත නියම හැඩේට තියෙනවා.</font>

172
00:15:32,900 --> 00:15:36,003
<font color="#ffde44">මේකේ පොඩ්ඩක් ගෑවුණොත්,</font>

173
00:15:36,370 --> 00:15:37,905
<font color="#ffde44">ඒක කැඩිලා යන්න වගේ දැනෙන්නේ.</font>

174
00:15:38,972 --> 00:15:39,873
<font color="#ffde44">හේයි!</font>

175
00:15:42,843 --> 00:15:45,012
<font color="#ffde44">හේයි. ඔයා මට "හේයි" කිව්වද?</font>

176
00:15:45,279 --> 00:15:46,146
<font color="#ffde44">ඔයාට ඇහුණානේ. මම "හේයි" කිව්වා.</font>

177
00:15:46,146 --> 00:15:47,915
<font color="#ffde44">මොකක්ද! වනචරයා!</font>

178
00:15:47,915 --> 00:15:50,184
<font color="#ffde44">මම තමුසෙව මරනවා!
මාත් එක්ක කතා කරද්දි වචන පරිස්සම් කරගන්නවා.</font>

179
00:15:50,884 --> 00:15:53,387
<font color="#ffde44">අද මම මේක අමතක කරලා දාන එක ගැන තමුසේ සතුටු වෙයන්.</font>

180
00:15:54,154 --> 00:15:56,089
<font color="#ffde44">තමුසේ නම් අද ඉවරයි.
පොඩ්ඩක් ඉන්න.</font>

181
00:15:57,291 --> 00:15:58,458
<font color="#ffde44">හේයි, මගේ නහයෙන් ලේ එනවා.</font>

182
00:16:00,294 --> 00:16:01,628
<font color="#ffde44">හේයි, සෝ ඇනා.</font>

183
00:16:02,095 --> 00:16:04,298
<font color="#ffde44">හෙට ඉඳන් වැඩට එන්න එපා!</font>

184
00:16:06,266 --> 00:16:07,835
<font color="#ffde44">ඔයාව අස් කළා!</font>

185
00:16:26,086 --> 00:16:27,821
<font color="#ffde44">මම ඇත්තටම පීනලා දැන් ගොඩක් කල් වෙනවා.</font>

186
00:16:28,889 --> 00:16:30,757
<font color="#ffde44">මම පිහිනුම් තටාකයක අර්ධකාලීනව වැඩ කළා,
ඒත් මට ඒ රස්සාව නැති වුණා.</font>

187
00:16:34,228 --> 00:16:36,697
<font color="#ffde44">පරං-රි වල කියවෙන යන්තරේ වෙන...</font>

188
00:16:37,297 --> 00:16:38,899
<font color="#ffde44">බෙක් සූ ජොන්ග්ට මේක කියන්න ඕනේ නෑ.</font>

189
00:16:40,334 --> 00:16:41,335
<font color="#ffde44">ඇයි ඔයා ආයේ ආවේ?</font>

190
00:16:42,669 --> 00:16:45,205
<font color="#ffde44">මම ඇහුවේ, ඔයා ඇයි මෙහේ ඉන්නේ?</font>

191
00:16:45,973 --> 00:16:46,840
<font color="#ffde44">නිකන්.</font>

192
00:16:48,108 --> 00:16:49,176
<font color="#ffde44">මේක හරිම අසාධාරණයි.</font>

193
00:16:49,176 --> 00:16:50,010
<font color="#ffde44">අසාධාරණයි?</font>

194
00:16:50,777 --> 00:16:51,612
<font color="#ffde44">මොකක්ද?</font>

195
00:16:52,913 --> 00:16:53,881
<font color="#ffde44">ඒක නෙවෙයි,</font>

196
00:16:54,448 --> 00:16:56,483
<font color="#ffde44">මගේ ගෙදර ඉන්න කොල්ලා ගැන.</font>

197
00:16:57,150 --> 00:16:58,418
<font color="#ffde44">ඔයා මේ දොක් හ්‍යුන් ගැනද කියන්නේ?</font>

198
00:16:59,720 --> 00:17:00,587
<font color="#ffde44">එයා වැඩිමල් කෙනෙක්ද?</font>

199
00:17:01,421 --> 00:17:02,456
<font color="#ffde44">කොහොමහරි.</font>

200
00:17:02,456 --> 00:17:04,558
<font color="#ffde44">එයාගේ විස්තරේ මොකක්ද?</font>

201
00:17:06,226 --> 00:17:07,327
<font color="#ffde44">පිරිමි කිමිදුම්කරුවෙක්.</font>

202
00:17:07,594 --> 00:17:08,996
<font color="#ffde44">පිරිමි කිමිදුම්කරුවෙක්?
ඔව්.</font>

203
00:17:09,296 --> 00:17:10,697
<font color="#ffde44">එයා ජීවත් වෙන්නේ කිමිදිලා.</font>

204
00:17:10,964 --> 00:17:11,965
<font color="#ffde44">ඒ වගේම එයා ඒක කරද්දි...</font>

205
00:17:13,267 --> 00:17:15,035
<font color="#ffde44">හරිම කඩවසම් පාටයි.</font>

206
00:17:28,115 --> 00:17:30,317
<font color="#ffde44">දොක් හ්‍යුන්, නියමයි!</font>

207
00:17:33,320 --> 00:17:36,557
<font color="#ffde44">මේ පැත්ත ටිකක් කන්ද වුණත්,</font>

208
00:17:36,790 --> 00:17:38,759
<font color="#ffde44">වට කිහිපයක් ගියාට පස්සේ ඔයාට හරියයි.</font>

209
00:17:39,793 --> 00:17:40,861
<font color="#ffde44">නියමයි.</font>

210
00:17:40,861 --> 00:17:42,029
<font color="#ffde44">ඒක නියමයි නේද?</font>

211
00:17:44,631 --> 00:17:45,465
<font color="#ffde44">මේ තැන...</font>

212
00:17:47,100 --> 00:17:48,735
<font color="#ffde44">හරිම ලස්සන දර්ශනයක් තියෙනවා.</font>

213
00:17:49,770 --> 00:17:51,104
<font color="#ffde44">එයාගේ නම යුන් දොක් හ්‍යුන්.</font>

214
00:17:51,338 --> 00:17:53,006
<font color="#ffde44">වයස, රස්සාව සහ අතීතය...</font>

215
00:17:53,941 --> 00:17:55,075
<font color="#ffde44">කවුරුත් දන්නේ නෑ.</font>

216
00:17:55,075 --> 00:17:57,711
<font color="#ffde44">එක දවසක් කොහේදෝ ඉඳලා...</font>

217
00:17:58,979 --> 00:18:01,882
<font color="#ffde44">හුළඟ වගේ ආවා</font>

218
00:18:01,882 --> 00:18:03,784
<font color="#ffde44">අද්භූත තරුණයෙක්</font>

219
00:18:05,686 --> 00:18:06,520
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

220
00:18:07,287 --> 00:18:08,255
<font color="#ffde44">වෙන්න බෑ...</font>

221
00:18:09,389 --> 00:18:11,058
<font color="#ffde44">ඔයාත් දොක් හ්‍යුන්ට කැමතිද?</font>

222
00:18:11,525 --> 00:18:12,426
<font color="#ffde44">මාත්?</font>

223
00:18:15,395 --> 00:18:17,764
<font color="#ffde44">ඔයාත් එයාට කැමතියි කියලා නම් කියන්න එපා.</font>

224
00:18:19,800 --> 00:18:21,001
<font color="#ffde44">ඔයා මුලින්ම කියන්න.</font>

225
00:18:21,268 --> 00:18:22,903
<font color="#ffde44">ඔයා ටික කාලෙකට විතරයි ඉන්නවා කිව්වේ නේද?</font>

226
00:18:22,903 --> 00:18:24,304
<font color="#ffde44">ඔයා පීනන්න යන්නේ නැද්ද?</font>

227
00:18:24,304 --> 00:18:26,240
<font color="#ffde44">යනවා. මම යන්න ඉන්නේ.</font>

228
00:18:26,406 --> 00:18:27,908
<font color="#ffde44">ඇයි ඔයාත් මේ වගේ හැසිරෙන්නේ?</font>

229
00:18:28,609 --> 00:18:30,777
<font color="#ffde44">අනිත් එක, මම එයාට කොහොමටවත් කැමති නෑ.</font>

230
00:18:32,212 --> 00:18:33,747
<font color="#ffde44">ඒ වගේ මෝඩයෙක්ට කැමති වෙන්න මොනවද තියෙන්නේ?</font>

231
00:18:34,448 --> 00:18:36,283
<font color="#ffde44">මෝඩයෙක්?</font>

232
00:18:37,050 --> 00:18:39,486
<font color="#ffde44">අභිරහස් පිරිමි කිමිදුම්කරුවෙක්.</font>

233
00:18:40,521 --> 00:18:42,356
<font color="#ffde44">ඒක ගොඩක් සරාගී නැද්ද?</font>

234
00:18:44,558 --> 00:18:45,526
<font color="#ffde44">සරාගී?</font>

235
00:19:11,351 --> 00:19:13,353
<font color="#ffde44">එයාගේ මොන කොටසද පොඩ්ඩක් හරි සරාගී?</font>

236
00:19:13,353 --> 00:19:14,788
<font color="#ffde44">එයා නිකන් කළු වෙලා, අව්වට පිච්චිලා ඉන්නවා විතරයි.</font>

237
00:19:18,725 --> 00:19:20,194
<font color="#ffde44">ඕ, ඔයා ගාව පොඩි මුහුදු මාළුවෙක් ඉන්නවද?</font>

238
00:19:20,194 --> 00:19:21,795
<font color="#ffde44">ඒක සුප් එකකට දැම්මාම ගොඩක් රස වෙයි.</font>

239
00:19:21,995 --> 00:19:23,197
<font color="#ffde44">අපි එකඟ වුණා නේද...</font>

240
00:19:23,197 --> 00:19:25,365
<font color="#ffde44">අපි කන දේවල් දැක්කත්
දැක්කේ නෑ වගේ ඉන්න?</font>

241
00:19:28,535 --> 00:19:30,704
<font color="#ffde44">මම නිකන් කිව්වේ, එච්චරයි.</font>

242
00:19:31,805 --> 00:19:34,274
<font color="#ffde44">මම කිව්වා වගේ, පොඩි මුහුදු මාළු
සුප් වලට හරිම රසයි.</font>

243
00:19:35,209 --> 00:19:36,143
<font color="#ffde44">තොරතුරු!</font>

244
00:19:46,019 --> 00:19:47,120
<font color="#ffde44">සරාගී? ඔව්.</font>

245
00:19:47,921 --> 00:19:49,356
<font color="#ffde44">එයා මහ අහංකාර ජරාවෙක්.</font>

246
00:19:51,525 --> 00:19:53,060
<font color="#ffde44">මොන මගුලක්ද...</font>

247
00:20:18,051 --> 00:20:19,553
<font color="#ffde44">මේ කොහෙදෝ තියෙන ගම.</font>

248
00:20:20,254 --> 00:20:22,122
<font color="#ffde44">කන එක විතරයි තියෙන එකම සතුට.</font>

249
00:20:25,559 --> 00:20:26,593
<font color="#ffde44">අවදි වෙන්න, සෝ ඇනා.</font>

250
00:20:27,361 --> 00:20:28,929
<font color="#ffde44">මම ඉල්ලුවා කියලා එයා මට ඒක දෙයි වගේ.</font>

251
00:20:29,229 --> 00:20:30,497
<font color="#ffde44">ඔයාට ආඩම්බරකමක් නැද්ද?</font>

252
00:21:07,034 --> 00:21:08,735
<font color="#ffde44">(කෑම කඩේ
මුහුදු සත්තු සහ ඌරු මස් ඇත)</font>

253
00:21:08,735 --> 00:21:10,370
<font color="#ffde44">(රාමියොන්, ගිම්බාප්, නූඩ්ල්ස්)</font>

254
00:21:14,775 --> 00:21:16,376
<font color="#ffde44">හතට වහන කෑම කඩේ මොකක්ද?</font>

255
00:21:29,857 --> 00:21:30,958
<font color="#ffde44">ඇයි ඔයා මගේ කෝල් වලට ආන්සර් කරන්නේ නැත්තේ?</font>

256
00:21:31,291 --> 00:21:32,626
<font color="#ffde44">ඔයා මාව බ්ලොක් කළා කියලා නම් කියන්න එපා?</font>

257
00:21:33,694 --> 00:21:36,196
<font color="#ffde44">ඔයා දන්නේ නැද්ද අයිතිකාරයා සංගමයත් එක්ක
කොච්චර කිට්ටුවෙන්ද වැඩ කරන්නේ කියලා?</font>

258
00:21:37,431 --> 00:21:39,399
<font color="#ffde44">ඔයා සදහටම පීනන එක නතර කරන්නද යන්නේ?</font>

259
00:21:39,399 --> 00:21:40,234
<font color="#ffde44">(xxx නොසලකා හරින්න)</font>

260
00:21:50,077 --> 00:21:51,578
<font color="#ffde44">අර තිබුණු දිලිසෙන ගතිය කොහේ ගියාද?</font>

261
00:21:52,946 --> 00:21:54,281
<font color="#ffde44">දැන් හරියට තද කළුවරයි.</font>

262
00:21:55,549 --> 00:21:58,418
<font color="#ffde44">කොච්චර කළුවරද කිව්වොත්
හොල්මනකට වුණත් හැංගෙන්න පුළුවන්.</font>

263
00:22:21,074 --> 00:22:22,009
<font color="#ffde44">මට බඩගිනියි.</font>

264
00:22:42,930 --> 00:22:43,997
<font color="#ffde44">කුලීකාර මහත්තයා!</font>

265
00:22:45,933 --> 00:22:46,867
<font color="#ffde44">කවුරුහරි ඉන්නවද?</font>

266
00:22:51,705 --> 00:22:52,573
<font color="#ffde44">එයා ගියාද?</font>

267
00:22:54,308 --> 00:22:55,609
<font color="#ffde44">සමාවෙන්න.</font>

268
00:23:01,014 --> 00:23:02,115
<font color="#ffde44">ඔයා එළියට ගියාද?</font>

269
00:23:10,324 --> 00:23:11,692
<font color="#ffde44">වාව්, මාර පිළිවෙළයි.</font>

270
00:23:12,526 --> 00:23:13,794
<font color="#ffde44">සාමාන්‍යයි. මේකෙන් එයා ගැන හැමදේම කියවෙනවා.</font>

271
00:23:21,602 --> 00:23:23,403
<font color="#ffde44">එයා ඒක කොහේද හැංගුවේ?</font>

272
00:23:34,214 --> 00:23:36,917
<font color="#ffde44">ඔයාගේ කෑම හොයන ඉව නම් කවදාවත් නැති කරගන්න එපා, සෝ ඇනා.</font>

273
00:23:48,161 --> 00:23:49,096
<font color="#ffde44">සී ස්ක්වර්ට්ස්?</font>

274
00:23:49,863 --> 00:23:51,498
<font color="#ffde44">ඇයි එයා මේ ලස්සන ඒවා ෆ්‍රිජ් එකේ දැම්මේ?</font>

275
00:23:51,932 --> 00:23:53,834
<font color="#ffde44">එවලෙම බත් එකකට කලවම් කරලා කන්නයි තිබුණේ.</font>

276
00:23:56,203 --> 00:23:57,371
<font color="#ffde44">ඉතින්, මටම ඒවා කන්න වෙයි වගේ.</font>

277
00:24:00,174 --> 00:24:02,776
<font color="#ffde44">(පරන්ග්-රි)</font>

278
00:24:02,776 --> 00:24:04,578
<font color="#ffde44">ප්‍රධානිතුමනි, මම කැමතියි පිට්ටනිය ටිකක් පාවිච්චි කරන්න.</font>

279
00:24:04,578 --> 00:24:05,812
<font color="#ffde44">ඔයාගේ කැමැත්තක්.</font>

280
00:25:01,602 --> 00:25:03,270
<font color="#ffde44">උදේට ඔයාව සන්සුන් කරන්න...</font>

281
00:25:03,270 --> 00:25:05,973
<font color="#ffde44">පිරිසිදු මාළු සුප් කෝප්පයක් වගේ වෙන කිසිම දේකට බැහැ.</font>

282
00:25:08,909 --> 00:25:11,845
<font color="#ffde44">ඔයා ඒ මාළු සුප් එක පෆර්ෆිෂ්ලාගෙන්
හැදුවොත්, ඒක පෆර්ෆිෂ් සුප් වෙනවා.</font>

283
00:25:12,246 --> 00:25:14,515
<font color="#ffde44">ඔයා මා වගේ පොඩි මුහුදු බ්‍රීම් මාළුවෙක් පාවිච්චි කළොත්...</font>

284
00:25:14,915 --> 00:25:16,350
<font color="#ffde44">එතකොට ඒක බේබි සී බ්‍රීම් සුප් වෙනවා.</font>

285
00:25:50,484 --> 00:25:53,387
<font color="#ffde44">සී ස්ක්වර්ට් කන නියම විදිහ තමයි
එවලෙම බත් එක්ක කලවම් කරලා කන එක,</font>

286
00:25:53,387 --> 00:25:55,589
<font color="#ffde44">සලාද කොළ, සහ තල තෙල් ටිකක් දාලා.</font>

287
00:25:56,890 --> 00:25:58,525
<font color="#ffde44">ඒත්, වෙලාව පහු වුණු සී ස්ක්වර්ට්ස්...</font>

288
00:25:59,092 --> 00:26:01,728
<font color="#ffde44">පෑන්කේක් විදිහට හැදුවම මාරම රසයි.</font>

289
00:26:18,846 --> 00:26:21,148
<font color="#ffde44">අමුද්‍රව්‍ය ගැන හරියටම විශ්වාසයක් නැති වුණාම,</font>

290
00:26:21,148 --> 00:26:22,449
<font color="#ffde44">තනියම ජීවත් වෙන එකේ පළවෙනි නීතිය තමයි...</font>

291
00:26:26,253 --> 00:26:27,221
<font color="#ffde44">තෙල් තමයි උත්තරේ.</font>

292
00:27:35,522 --> 00:27:36,423
<font color="#ffde44">මම...</font>

293
00:27:37,858 --> 00:27:38,926
<font color="#ffde44">ආපහු යන්න ඕනෙ, නේද?</font>

294
00:27:49,136 --> 00:27:51,371
<font color="#ffde44">කුස්සිය බෙදාගන්නවා කියන්නේ කෑමත් බෙදාගන්නවා කියන එකද?</font>

295
00:27:52,372 --> 00:27:53,307
<font color="#ffde44">අප්පේ, මාව බයත් වුණා.</font>

296
00:27:57,444 --> 00:27:58,378
<font color="#ffde44">ඒක මෙහෙමයි...</font>

297
00:27:58,912 --> 00:28:00,147
<font color="#ffde44">මම හිතුවේ ඔයා ඒවා විසි කරලා කියලා.</font>

298
00:28:01,181 --> 00:28:03,483
<font color="#ffde44">එහෙනම් ඒවා තියෙන්නේ කුණු කූඩේ මිසක්,</font>

299
00:28:03,483 --> 00:28:04,551
<font color="#ffde44">ෆ්‍රිජ් එකේ නෙවෙයි.</font>

300
00:28:06,787 --> 00:28:09,690
<font color="#ffde44">ඕවා නිකන්ම මාළු කෑලි සහ සී ස්ක්වර්ට්ස්
විතරනේ. ඔච්චර ලෝබ වෙන්න එපා.</font>

301
00:28:10,123 --> 00:28:11,792
<font color="#ffde44">ඔයා හිතන්නේ සී ස්ක්වර්ට්ස් අල්ලන එක ලේසියි කියලද?</font>

302
00:28:12,793 --> 00:28:14,528
<font color="#ffde44">ඔයා කිමිදෙනවා කියලා ඔච්චර ලොකුකම් පෙන්නන්න එපා.</font>

303
00:28:15,629 --> 00:28:17,965
<font color="#ffde44">මමත් කාලයක් හොඳට පීනපු කෙනෙක් තමයි.</font>

304
00:28:18,232 --> 00:28:19,733
<font color="#ffde44">ඔයා ඔය අතීත කාලෙන් කතා කරන්නේ,</font>

305
00:28:19,733 --> 00:28:21,034
<font color="#ffde44">ඒ කියන්නේ දැන් ඔයා...</font>

306
00:28:23,437 --> 00:28:24,271
<font color="#ffde44">පීනන්නේ නැහැ.</font>

307
00:28:25,906 --> 00:28:27,341
<font color="#ffde44">මොකක්ද?
නැත්තම්...</font>

308
00:28:28,108 --> 00:28:29,109
<font color="#ffde44">ඔයාට බැහැ.</font>

309
00:28:30,844 --> 00:28:32,713
<font color="#ffde44">හේයි, ඔයා මං ගැන මොනවද දන්නේ?</font>

310
00:28:32,713 --> 00:28:34,948
<font color="#ffde44">මොකක් වුණත්, ඉක්මනට හිත හදාගන්න එක තමයි හොඳම දේ.</font>

311
00:28:35,249 --> 00:28:36,149
<font color="#ffde44">මොනවා ගැනද?</font>

312
00:28:37,518 --> 00:28:39,686
<font color="#ffde44">ඔයා මෙහේ ස්ථිරව පදිංචි වෙනවද කියන එක ගැන.</font>

313
00:28:39,686 --> 00:28:41,054
<font color="#ffde44">එහෙමත් නැත්තම් ඔයා මෙහේ ආවේ නිදහසේ ඉඳලා...</font>

314
00:28:41,054 --> 00:28:42,389
<font color="#ffde44">ඔයාගේ පරණ ජීවිතේට ආපහු යන්නද කියන එක.</font>

315
00:28:43,524 --> 00:28:45,792
<font color="#ffde44">තමන් ගැනම දුක් වෙවී ඉන්න මිනිස්සු,</font>

316
00:28:45,792 --> 00:28:47,561
<font color="#ffde44">මේ ගමේ තියෙන හොඳ වාතාවරණයත් නැති කරලා, නිකන්ම යන්න යනවා.</font>

317
00:28:47,995 --> 00:28:49,062
<font color="#ffde44">මම ඕවා ඕන තරම් දැකලා තියෙනවා.</font>

318
00:28:52,299 --> 00:28:53,200
<font color="#ffde44">තොරතුරු.</font>

319
00:29:03,610 --> 00:29:04,578
<font color="#ffde44">සෝ ඇනා!</font>

320
00:29:08,248 --> 00:29:09,616
<font color="#ffde44">ඇයි ඔයා පාට්-ටයිම් ජොබ් එකෙන් අයින් වුණේ?</font>

321
00:29:10,050 --> 00:29:11,952
<font color="#ffde44">බොස් කවුද කියලා ඔයා දන්නේ නැද්ද?</font>

322
00:29:13,520 --> 00:29:14,688
<font color="#ffde44">මම කොහොමද නොදැන ඉන්නේ.</font>

323
00:29:15,355 --> 00:29:17,291
<font color="#ffde44">ඔව්, අම්මට ඒ රන් පදක්කම ගෙනත් දෙන්න
බැරි වුණ නිසා මට ඒ ගැන ලොකු උමතුවක් තිබුණා,</font>

324
00:29:17,291 --> 00:29:19,092
<font color="#ffde44">ඒ නිසා මම රෑ දවල් නැතුව පුහුණු වුණා.</font>

325
00:29:19,092 --> 00:29:21,195
<font color="#ffde44">ඒක නිසා ඔයා බලපෑම් කරලා මේ රස්සාව අරන් දුන්නා...</font>

326
00:29:21,562 --> 00:29:23,764
<font color="#ffde44">ඔයාගේ "අසාර්ථක" පෙම්වතිය වෙනුවෙන්.</font>

327
00:29:24,331 --> 00:29:26,099
<font color="#ffde44">ඔයා කිව්වා එයා සංගමයේ සභාපති එක්ක කිට්ටුයි කියලා...</font>

328
00:29:26,099 --> 00:29:28,235
<font color="#ffde44">ඒ වගේම අවුරුදු කිහිපයකට පස්සේ වුණත් මට
ආපහු එන්න එයාට උදව් කරන්න පුළුවන් කියලා.</font>

329
00:29:28,235 --> 00:29:29,303
<font color="#ffde44">ඔයා හරියටම දන්නවනේ!</font>

330
00:29:30,337 --> 00:29:31,738
<font color="#ffde44">ඒත් ඔයා මේ වගේ වැඩක් අනාගන්නවද?</font>

331
00:29:33,507 --> 00:29:35,275
<font color="#ffde44">ඔයාට ඇත්තටම ඕනේ ඔයාගේ ජීවිතේ විනාශ කරගන්නද?</font>

332
00:29:36,476 --> 00:29:37,978
<font color="#ffde44">කොහොමද හැමෝම මෙච්චර ලේසියෙන් තීරණය කරන්නේ...</font>

333
00:29:39,413 --> 00:29:41,782
<font color="#ffde44">කෙනෙකුගේ ජීවිතේ විනාශ වෙලාද නැද්ද කියලා?</font>

334
00:29:43,684 --> 00:29:45,452
<font color="#ffde44">අවුරුදු නවයක් ඔයාගේ පිහිනුම් පුහුණුකරු විදිහට.</font>

335
00:29:46,253 --> 00:29:47,855
<font color="#ffde44">අවුරුදු තුනක් ඔයාගේ පෙම්වතා විදිහට.</font>

336
00:29:49,389 --> 00:29:51,758
<font color="#ffde44">ඇනා, මම ඔයාව අවුරුදු 12ක් තිස්සේ අඳුරනවා.</font>

337
00:29:52,993 --> 00:29:53,827
<font color="#ffde44">හරි නේද?</font>

338
00:29:55,762 --> 00:29:57,197
<font color="#ffde44">ඔයා පීනන එක අතෑරලා දැම්මද?</font>

339
00:29:57,998 --> 00:30:00,968
<font color="#ffde44">අසාර්ථක වුණු කෙනෙක් විදිහට සෝ
ඇනා කියන නම තියාගන්නද ඔයාට ඕනේ?</font>

340
00:30:10,744 --> 00:30:11,645
<font color="#ffde44">සෝ ඇනා.</font>

341
00:30:12,813 --> 00:30:13,914
<font color="#ffde44">මේක මගේ අන්තිම අනතුරු ඇඟවීම.</font>

342
00:30:15,215 --> 00:30:16,183
<font color="#ffde44">ඔය සූට්කේස් එක බිමින් තියන්න.</font>

343
00:30:18,352 --> 00:30:19,453
<font color="#ffde44">මෝඩයෝ.</font>

344
00:30:20,287 --> 00:30:21,255
<font color="#ffde44">මේකට ඔයාලට වන්දි ගෙවන්න වෙයි.</font>

345
00:30:27,361 --> 00:30:28,495
<font color="#ffde44">එයා කොහේද ගියේ?</font>

346
00:31:26,353 --> 00:31:27,621
<font color="#ffde44">කවදා ඉඳන්ද මේ වගේ මුහුදක් තිබුණේ...</font>

347
00:31:29,489 --> 00:31:30,824
<font color="#ffde44">පරන්ග්-රි පිටිපස්සේ හැංගිලා?</font>

348
00:31:37,264 --> 00:31:38,031
<font color="#ffde44">මොකක්ද?</font>

349
00:31:38,432 --> 00:31:39,199
<font color="#ffde44">මොකක්ද ඒ!</font>

350
00:32:40,527 --> 00:32:41,929
<font color="#ffde44">දිනුවත් පැරදුනත්, අපි තාම තරුණයි.</font>

351
00:32:43,197 --> 00:32:45,599
<font color="#ffde44">ස්තුතියි.</font>

352
00:32:45,866 --> 00:32:47,067
<font color="#ffde44">නිශ්ශබ්ද වෙන්න.</font>

353
00:32:47,601 --> 00:32:48,569
<font color="#ffde44">කෑවා ඇති.</font>

354
00:32:48,569 --> 00:32:49,503
<font color="#ffde44">හැමෝම අවධානය දෙන්න.</font>

355
00:32:50,003 --> 00:32:51,705
<font color="#ffde44">අපේ කොරියානු ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලය.</font>

356
00:32:52,506 --> 00:32:53,473
<font color="#ffde44">අපේ ශූරයා,</font>

357
00:32:54,141 --> 00:32:55,475
<font color="#ffde44">යේ කියුන්ග් සව්දිය පුරවනවා.</font>

358
00:32:56,977 --> 00:32:58,178
<font color="#ffde44">අපේ ශූරයා.</font>

359
00:32:58,579 --> 00:33:02,482
<font color="#ffde44">ශූරයා!</font>

360
00:33:03,116 --> 00:33:04,117
<font color="#ffde44">මම මේ වගේ දෙයක් කියන්නම්...</font>

361
00:33:05,319 --> 00:33:07,321
<font color="#ffde44">"දිනුවත් පැරදුනත්, අපි තාම තරුණයි!"</font>

362
00:33:07,955 --> 00:33:09,122
<font color="#ffde44">දිනුවත් පැරදුනත්!</font>

363
00:33:09,122 --> 00:33:11,391
<font color="#ffde44">අපි තාම තරුණයි!</font>

364
00:33:13,827 --> 00:33:15,462
<font color="#ffde44">බොමු.
හරි.</font>

365
00:33:16,096 --> 00:33:17,030
<font color="#ffde44">කන්න.</font>

366
00:33:17,030 --> 00:33:18,532
<font color="#ffde44">මේකත් මදි.</font>

367
00:33:27,274 --> 00:33:30,310
<font color="#ffde44">ඔවුන් කියනවා, "දිනුවත් පැරදුනත්, අපි තාම තරුණයි" කියලා.</font>

368
00:33:34,915 --> 00:33:38,218
<font color="#ffde44">ඒත් මම දැනගෙන හිටපු තරුණ කාලය ඒ වගේ වුණේ නැහැ.</font>

369
00:33:54,668 --> 00:33:55,903
<font color="#ffde44">සාර්ථකත්වය තමයි තරුණකම,</font>

370
00:34:00,307 --> 00:34:03,510
<font color="#ffde44">ඒත් අසාර්ථකත්වය කියන්නේ නිකන්ම අනුකම්පා සහගත දෙයක්.</font>

371
00:34:14,755 --> 00:34:17,891
<font color="#ffde44">ඒකයි අසාර්ථක කෙනෙක් කියලා මට කියනවට මම අකමැති.</font>

372
00:34:18,959 --> 00:34:20,394
<font color="#ffde44">අනිත් අය වගේම මමත් ගොඩක් මහන්සි වෙලා සටන් කළා.</font>

373
00:34:21,695 --> 00:34:22,596
<font color="#ffde44">නැහැ,</font>

374
00:34:23,063 --> 00:34:24,765
<font color="#ffde44">සමහරවිට මම ඒ අයටත් වඩා මහන්සි වෙන්න ඇති.</font>

375
00:34:44,284 --> 00:34:45,185
<font color="#ffde44">මොකක්ද?</font>

376
00:34:45,953 --> 00:34:47,020
<font color="#ffde44">ඔයා කොහොමද මේ තැන හොයාගත්තේ?</font>

377
00:34:53,293 --> 00:34:54,494
<font color="#ffde44">මටත් කිමිදෙන්න කියලා දෙන්න.</font>

378
00:34:58,432 --> 00:34:59,299
<font color="#ffde44">මොකක්?</font>

379
00:34:59,766 --> 00:35:01,702
<font color="#ffde44">මාළු ඔළු කුණු කියලා අපි හිතමුකෝ,</font>

380
00:35:02,169 --> 00:35:04,238
<font color="#ffde44">ඒත් මම සී ස්ක්වර්ට්ස් වෙනුවෙන් හිලව්වක්
කරන්නම්. මම ඒවා වෙනුවෙන් කිමිදෙන්නම්.</font>

381
00:35:06,740 --> 00:35:08,208
<font color="#ffde44">ඒක නිකන් කියපු කතාවක් විතරයි.</font>

382
00:35:08,575 --> 00:35:09,443
<font color="#ffde44">ඒක අමතක කරලා දාන්න.</font>

383
00:35:11,111 --> 00:35:11,979
<font color="#ffde44">හේයි!</font>

384
00:35:15,782 --> 00:35:18,685
<font color="#ffde44">කෙනෙකුගේ ජීවිතේ විනාශ වෙලා කියලා නිකන්ම කටට ආවට කියන්නේ කවුද?</font>

385
00:35:19,720 --> 00:35:20,854
<font color="#ffde44">මම හොඳට පීනන කෙනෙක්.</font>

386
00:35:21,388 --> 00:35:24,057
<font color="#ffde44">මම ජාතික තරුණ මලල ක්‍රීඩිකාවක් වෙලත් හිටියා.</font>

387
00:35:24,992 --> 00:35:27,060
<font color="#ffde44">ඔයා මට කරන විදිහ පෙන්නුවොත්,</font>

388
00:35:28,495 --> 00:35:29,930
<font color="#ffde44">මම ඔයාට ඒ සී ස්ක්වර්ට්ස් අරන් දෙන්නම්.</font>

389
00:35:31,765 --> 00:35:32,866
<font color="#ffde44">ඉතින්,</font>

390
00:35:34,535 --> 00:35:35,802
<font color="#ffde44">මට කියලා දෙන්න...</font>

391
00:35:36,837 --> 00:35:37,804
<font color="#ffde44">කිමිදෙන්න.</font>

392
00:35:41,975 --> 00:35:43,143
<font color="#ffde44">මගේ ජීවිතේ විනාශ වෙලා නැහැ.</font>

393
00:35:45,012 --> 00:35:46,246
<font color="#ffde44">පරන්ග්-රි දියකිඳුරිය...</font>

394
00:35:46,780 --> 00:35:48,081
<font color="#ffde44">තාම අසාර්ථක වෙලා නැහැ.</font>

395
00:35:58,959 --> 00:35:59,826
<font color="#ffde44">(මී හියුන්ගේ දුව)</font>

396
00:35:59,826 --> 00:36:01,295
<font color="#ffde44">ඒ කෙනාට එතන ඉන්න දෙන්න.</font>

397
00:36:03,030 --> 00:36:04,131
<font color="#ffde44">එයා කියනවා මෙහේම ඉන්න කියලා.</font>

398
00:36:05,999 --> 00:36:06,867
<font color="#ffde44">හරි.</font>

399
00:36:07,267 --> 00:36:08,669
<font color="#ffde44">ඒත් මම දිගටම කුලිය ගෙවන්නම්.</font>

400
00:36:10,504 --> 00:36:12,206
<font color="#ffde44">ඔයාගේම ගෙදර වගේ ඉන්න.</font>

401
00:36:13,607 --> 00:36:16,543
<font color="#ffde44">ඔයාට ප්‍රධාන ගෙදර හරි අමුත්තන්ගේ
ගෙදර හරි කාමරයක් පාවිච්චි කරන්න පුළුවන්.</font>

402
00:36:37,764 --> 00:36:39,399
<font color="#ffde44">එයා නම් හසුරුවන්න අමාරු කෙනෙක් වගේ.</font>

403
00:37:41,228 --> 00:37:43,230
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

