1
00:00:12,991 --> 00:00:14,991
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:15,015 --> 00:00:17,226
<font color="#ffcc46">මෙතම්ෆෙටමින්. ෆිලොපොන්.</font>

3
00:00:17,851 --> 00:00:19,269
<font color="#ffcc46">සාමාන්‍ය ව්‍යවහාරයේ, මෙත්.</font>

4
00:00:20,062 --> 00:00:22,648
<font color="#ffcc46">මේ පුදුම බෙහෙත නිසා නිදිමත නැති වෙලා,
බය කියන දේ නැතිම කරලා දානවා.</font>

5
00:00:23,232 --> 00:00:25,526
<font color="#ffcc46">නිකන් දිව්‍යලෝකේ ගියා වගේ හැඟීමක් ඇති කරනවා.</font>

6
00:00:25,609 --> 00:00:27,861
<font color="#ffcc46">මේක හැදුනේ යුද්ධ කාලේ.</font>

7
00:00:30,197 --> 00:00:34,576
<font color="#ffcc46">මේක ගහපු සොල්දාදුවෝ කිසි බයක් නැතුව
හතුරෝ මැදට දිව්වා.</font>

8
00:00:35,244 --> 00:00:36,995
<font color="#ffcc46">ඒ වගේම බලෙන් වැඩ ගත්ත කම්කරුවන්ට</font>

9
00:00:37,079 --> 00:00:40,040
<font color="#ffcc46">රෑ එළි වෙනකන් එක දිගට වැඩ කරන්න
මේක පාවිච්චි කළා.</font>

10
00:00:41,625 --> 00:00:43,627
<font color="#ffcc46">ඇත්තම ප්‍රශ්නේ පටන් ගත්තේ යුද්දේ ඉවර වුනාට පස්සේ.</font>

11
00:00:45,337 --> 00:00:48,090
<font color="#ffcc46">නිදහස ලැබිලා මිනිස්සු ගෙවල් වලට ආවට පස්සේ,
ඒ අය කලින් හිටපු අය නෙමෙයි.</font>

12
00:00:48,757 --> 00:00:50,676
<font color="#ffcc46">එයාලා වෙනස් වෙලා හිටියේ.</font>

13
00:00:56,014 --> 00:00:59,518
<font color="#ffcc46">තාත්තව දකිනකන් ඇඟිලි ගැන ගැන හිටපු
පොඩි ළමෙක්ට,</font>

14
00:00:59,601 --> 00:01:03,939
<font color="#ffcc46">තමන් අඳුරන්නේ නැති මනුස්සයෙක්ව දැක්කම
ලොකු බයක් දැනුනා.</font>

15
00:01:09,903 --> 00:01:11,196
<font color="#ffcc46">පුදුම වෙන්න දෙයක් නෑ.</font>

16
00:01:12,322 --> 00:01:15,659
<font color="#ffcc46">එයාගේ තාත්තා ගෙදර ඇවිත් තිබුනේ මතට ඇබ්බැහි වෙලා.</font>

17
00:01:17,452 --> 00:01:19,621
<font color="#ffcc46">නවතින්න! නවතින්න ඕක!</font>

18
00:01:22,291 --> 00:01:23,292
<font color="#ffcc46">එපා!</font>

19
00:01:29,798 --> 00:01:32,676
<font color="#ffcc46">දෙවියනේ.
මොකද මේ වෙලා තියෙන්නේ?</font>

20
00:01:32,759 --> 00:01:34,678
<font color="#ffcc46">ආ, මේ අරගොල්ලන්ගේ පුතානේ.</font>

21
00:01:35,262 --> 00:01:36,972
<font color="#ffcc46">-පව් අප්පා.
-කරුමයක් තමයි ඉතින්.</font>

22
00:02:03,874 --> 00:02:07,210
<font color="#ffcc46">මතට ඇබ්බැහි වෙලා තමන්ගේ බිරිඳව මරපු
ඒ මනුස්සයාගේ නම...</font>

23
00:02:08,170 --> 00:02:09,463
<font color="#ffcc46">ජෑන් මියොන්ග්හෝ.</font>

24
00:02:10,213 --> 00:02:11,298
<font color="#ffcc46">මගේ තාත්තා.</font>

25
00:03:14,444 --> 00:03:15,445
<font color="#ffcc46">මෙන්න, ටිකක් කන්න.</font>

26
00:03:16,613 --> 00:03:19,741
<font color="#ffcc46">මම පොඩි කාලේ, තාත්තා නිතරම
ගෙදර එද්දී රෙඩ් බීන් බනිස් ගෙනාවා.</font>

27
00:03:21,493 --> 00:03:25,997
<font color="#ffcc46">මට ඒක කාලම එපා වෙලා තිබුනේ,
ඉතින් මම කිව්වා මට වෙන මොනවා හරි ඕනේ කියලා.</font>

28
00:03:26,998 --> 00:03:29,251
<font color="#ffcc46">ඒත් තාත්තා දිගටම ගෙනාවේ රෙඩ් බීන් බනිස්මයි.</font>

29
00:03:30,502 --> 00:03:32,170
<font color="#ffcc46">පස්සේ කාලෙක තමයි මට තේරුනේ...</font>

30
00:03:32,963 --> 00:03:35,132
<font color="#ffcc46">ඒවා මගේ අම්මා ආසම කෑම කියලා.</font>

31
00:03:42,097 --> 00:03:43,557
<font color="#ffcc46">එයා බනිස් ගෙනාවේ...</font>

32
00:03:44,391 --> 00:03:46,893
<font color="#ffcc46">මට නෙමෙයි, අම්මා වෙනුවෙන්.</font>

33
00:03:49,938 --> 00:03:50,981
<font color="#ffcc46">කොහොමද අම්මාගේ සැප සනීප?</font>

34
00:03:52,691 --> 00:03:53,984
<font color="#ffcc46">එයා හොඳින් ඉන්නවද?</font>

35
00:03:56,945 --> 00:03:57,946
<font color="#ffcc46">ඒ මූසල ගෑනි.</font>

36
00:03:59,823 --> 00:04:01,867
<font color="#ffcc46">එයා මට වංචා කරනවා නෙමෙයිනේ, නේද?</font>

37
00:04:07,414 --> 00:04:08,415
<font color="#ffcc46">ඊළඟ පාර එද්දී,</font>

38
00:04:09,708 --> 00:04:11,460
<font color="#ffcc46">එයාවත් එක්කන් එන්න.</font>

39
00:04:13,170 --> 00:04:15,046
<font color="#ffcc46">අම්මව මරපු දවසේ ඉඳන්ම...</font>

40
00:04:15,922 --> 00:04:17,924
<font color="#ffcc46">එයාව මානසික රෝහලක හිර කරලයි තියෙන්නේ.</font>

41
00:04:20,093 --> 00:04:22,679
<font color="#ffcc46">තමන් කරපු දේ ගැන කිසිම ගානක් නෑ...</font>

42
00:04:24,681 --> 00:04:26,141
<font color="#ffcc46">තාමත් එයා අම්මව හොයනවා.</font>

43
00:04:39,988 --> 00:04:40,989
<font color="#ffcc46">හේයුන්!</font>

44
00:04:41,698 --> 00:04:42,699
<font color="#ffcc46">මෙහෙට එන්න.</font>

45
00:04:43,658 --> 00:04:44,826
<font color="#ffcc46">ඉක්මනට එන්න ළමයෝ.</font>

46
00:04:45,410 --> 00:04:46,745
<font color="#ffcc46">ඔයාගේ අයියා ඇවිල්ලා.</font>

47
00:04:46,828 --> 00:04:48,455
<font color="#ffcc46">-මගේ අයියා?
-ඔව්, යන්නකෝ ඉතින්.</font>

48
00:04:49,164 --> 00:04:51,374
<font color="#ffcc46">ඕගොල්ලෝ, ඉක්මන් කරනවා!</font>

49
00:04:51,458 --> 00:04:53,293
<font color="#ffcc46">අද වැඩ ටික ඉවර කරන්න ඕනේ නැද්ද?</font>

50
00:04:58,757 --> 00:05:00,091
<font color="#ffcc46">කොහොමද ඉතින්?</font>

51
00:05:00,967 --> 00:05:02,344
<font color="#ffcc46">ඉතින්... වෙනදා වගේම තමයි.</font>

52
00:05:03,220 --> 00:05:05,096
<font color="#ffcc46">කාලයත් එක්ක හරියයිනේ.</font>

53
00:05:08,350 --> 00:05:09,476
<font color="#ffcc46">ආ, ඒක නෙමෙයි.</font>

54
00:05:09,559 --> 00:05:11,394
<font color="#ffcc46">ඔයා ගිටාර් ගහන්න පුරුදු වුනාද?</font>

55
00:05:11,478 --> 00:05:13,688
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න, ඔයා කොහොමද ඒ ගැන දන්නේ?</font>

56
00:05:13,772 --> 00:05:15,148
<font color="#ffcc46">මම නොදැන ඉන්න විදියක් තියෙනවද?</font>

57
00:05:15,649 --> 00:05:17,192
<font color="#ffcc46">ඔයානේ ගිය පාර මට කිව්වේ.</font>

58
00:05:17,275 --> 00:05:18,819
<font color="#ffcc46">ආ...</font>

59
00:05:18,902 --> 00:05:20,487
<font color="#ffcc46">මම කිව්වද?</font>

60
00:05:20,570 --> 00:05:22,030
<font color="#ffcc46">ඉතින්, දැන් පුළුවන්ද?</font>

61
00:05:22,614 --> 00:05:23,615
<font color="#ffcc46">නෑ.</font>

62
00:05:24,616 --> 00:05:25,659
<font color="#ffcc46">ලොකුවට බෑ ඉතින්.</font>

63
00:05:28,912 --> 00:05:31,206
<font color="#ffcc46">නිකන් මොනවා හරි ගහලා පෙන්නන්නකෝ.
අර ගිටාර් එකක් තියෙන්නේ.</font>

64
00:05:31,289 --> 00:05:32,290
<font color="#ffcc46">මොකක්?</font>

65
00:05:32,374 --> 00:05:35,126
<font color="#ffcc46">අනේ එපා. මට ලැජ්ජයි.</font>

66
00:05:35,836 --> 00:05:37,128
<font color="#ffcc46">මොකට ලැජ්ජා වෙන්නද?</font>

67
00:05:37,212 --> 00:05:38,213
<font color="#ffcc46">නිකන් ට්‍රයි එකක් දෙන්නකෝ.</font>

68
00:05:39,673 --> 00:05:40,757
<font color="#ffcc46">ඒත්...</font>

69
00:05:40,841 --> 00:05:42,926
<font color="#ffcc46">බලමුකෝ ඔයාට කොච්චර පුළුවන්ද කියලා.</font>

70
00:05:46,054 --> 00:05:47,889
<font color="#ffcc46">කැත වුනාට මට හිනා වෙන්න එපා හැබැයි.</font>

71
00:05:47,973 --> 00:05:49,432
<font color="#ffcc46">මම මොකටද ඔයාට හිනා වෙන්නේ?</font>

72
00:05:59,067 --> 00:06:01,319
<font color="#ffcc46"></font>

73
00:06:46,072 --> 00:06:50,201
<font color="#ffcc46">පියාණන්ගේ නාමයෙන්</font>

74
00:06:51,077 --> 00:06:53,038
<font color="#ffcc46">නඩුකාරතුමනි,
දඬුවම් නියම කිරීම සඳහා යෝජනාව.</font>

75
00:06:53,538 --> 00:06:56,499
<font color="#ffcc46">විත්තිකරුවන් වන රොබට් බ්ලන්ට්</font>

76
00:06:57,709 --> 00:07:00,754
<font color="#ffcc46">සහ ජිමී වෝල්ටර්ස්,
වින්දිතයින් වන කිම් තේයොන්ග් සහ ලී සුනිගේ නිවසට...</font>

77
00:07:00,837 --> 00:07:05,967
<font color="#ffcc46">1970 මාර්තු 2 වන දින,</font>

78
00:07:06,926 --> 00:07:08,970
<font color="#ffcc46">සවස 7:30 ට පමණ ඇතුළු වී ඇත.</font>

79
00:07:09,054 --> 00:07:11,431
<font color="#ffcc46">මෙතම්ෆෙටමින් ඉල්ලා සිටීමේදී...</font>

80
00:07:11,931 --> 00:07:14,559
<font color="#ffcc46">ඔවුන් වින්දිතයින්ව අමානුෂික ලෙස ඝාතනය කර ඇත.</font>

81
00:07:15,060 --> 00:07:17,062
<font color="#ffcc46">එම බිහිසුණු අපරාධ ස්ථානයෙන් හමු වූ...</font>

82
00:07:17,854 --> 00:07:19,564
<font color="#ffcc46">පිහිය සහ අනෙකුත් සාක්ෂි වලින්...</font>

83
00:07:19,648 --> 00:07:22,442
<font color="#ffcc46">මිනී මැරීමේ චේතනාව පැහැදිලිවම ඔප්පු වෙනවා...</font>

84
00:07:23,568 --> 00:07:26,738
<font color="#ffcc46">මේ අපරාධය සිදුවන අවස්ථාවේදී.</font>

85
00:07:28,365 --> 00:07:32,661
<font color="#ffcc46">ඒ නිසා,
සමාජයේ අවධානය වැඩි කිරීම සඳහා...</font>

86
00:07:33,328 --> 00:07:35,413
<font color="#ffcc46">මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ
භයානකකම ගැන...</font>

87
00:07:36,414 --> 00:07:39,751
<font color="#ffcc46">විත්තිකරුවන්ට උපරිම අපරාධ වගකීම
දැරීමට සිදුවන බව පැමිණිල්ල ප්‍රකාශ කරනවා.</font>

88
00:07:41,795 --> 00:07:42,837
<font color="#ffcc46">විත්තිකරුවන් වන...</font>

89
00:07:43,922 --> 00:07:45,423
<font color="#ffcc46">රොබට් බ්ලන්ට්</font>

90
00:07:46,591 --> 00:07:47,592
<font color="#ffcc46">සහ...</font>

91
00:07:49,594 --> 00:07:50,804
<font color="#ffcc46">ජිමී වෝල්ටර්ස් වෙනුවෙන්...</font>

92
00:07:52,514 --> 00:07:54,224
<font color="#ffcc46">පැමිණිල්ල මරණ දණ්ඩනය ඉල්ලා සිටිනවා.</font>

93
00:08:00,897 --> 00:08:01,898
<font color="#ffcc46">කොච්චර කල්ද?</font>

94
00:08:01,981 --> 00:08:04,567
<font color="#ffcc46">පහක්? අවුරුදු පහක්ද? දහයක්ද?</font>

95
00:08:04,651 --> 00:08:06,528
<font color="#ffcc46">උසාවිය නිශ්ශබ්ද වනු!</font>

96
00:08:12,117 --> 00:08:14,244
<font color="#ffcc46">අධිචෝදනා පත්‍රය</font>

97
00:08:15,203 --> 00:08:18,206
<font color="#ffcc46">මරණ දණ්ඩනය?</font>

98
00:08:18,289 --> 00:08:19,791
<font color="#ffcc46">"පැමිණිල්ල ඍජු මාවතක ගමන් කරයි..."</font>

99
00:08:19,874 --> 00:08:22,502
<font color="#ffcc46">මම හිතුවේ ඔයා දඬුවම අඩු කරනවා කියලා පොරොන්දු වුනා කියලා!</font>

100
00:08:23,002 --> 00:08:26,089
<font color="#ffcc46">ඒකනේ ඇමරිකන්කාරයෝ පරීක්ෂණ වලට උදව් කළේ!</font>

101
00:08:26,673 --> 00:08:28,133
<font color="#ffcc46">"පැමිණිල්ල...</font>

102
00:08:28,216 --> 00:08:30,343
<font color="#ffcc46">ඍජු මාවතක යමින්, ප්‍රතිපත්ති රකිනවා."</font>

103
00:08:31,344 --> 00:08:34,472
<font color="#ffcc46">මම කවදාවත් පොරොන්දු වුනේ නෑ.
මම කිව්වේ මම සලකා බලනවා කියලයි.</font>

104
00:08:35,056 --> 00:08:36,599
<font color="#ffcc46">උන්ට මරණ දණ්ඩනය ලැබෙන්නම ඕනේ.</font>

105
00:08:37,475 --> 00:08:39,853
<font color="#ffcc46">වින්දිතයින්ගේ බෙලි කපලා මරලා දාලා තිබුනේ.</font>

106
00:08:40,603 --> 00:08:42,063
<font color="#ffcc46">අනික ලී සුනි ගැබිනියක්.</font>

107
00:08:42,147 --> 00:08:44,065
<font color="#ffcc46">මම දන්නවා. මට තේරෙනවා.</font>

108
00:08:44,816 --> 00:08:46,901
<font color="#ffcc46">ඔයා හිතනවද ඇමරිකන්කාරයෝ නිකන් ඉඳියි කියලා?</font>

109
00:08:47,485 --> 00:08:50,113
<font color="#ffcc46">-ඇමරිකා-කොරියා සම්බන්ධතා ගැන මොකද කියන්නේ?
-හ්ම්...</font>

110
00:08:50,780 --> 00:08:52,574
<font color="#ffcc46">මම දන්න විදියට නම්...</font>

111
00:08:52,657 --> 00:08:56,619
<font color="#ffcc46">විදේශ අමාත්‍යාංශය ඒ ගැන ගොඩක් විපරමින් ඉන්නේ.</font>

112
00:08:57,162 --> 00:09:01,249
<font color="#ffcc46">අනික මට ආරංචි වුනා ඇමරිකාව අලුතෙන්
ෆෙඩරල් ආයතනයක් පිහිටෙව්වා කියලා.</font>

113
00:09:01,332 --> 00:09:04,252
<font color="#ffcc46">මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය (DEA) කියලා...
ජනාධිපතිතුමාගේ නියෝගයක් මත.</font>

114
00:09:05,045 --> 00:09:08,465
<font color="#ffcc46">ඉතින් ඇයි සර් අපිටත් බැරි ඒ වගේ එකක් හදන්න?</font>

115
00:09:09,007 --> 00:09:11,551
<font color="#ffcc46">ඔබතුමා නීතිපතිතුමාට නිර්දේශ කළොත්...</font>

116
00:09:11,634 --> 00:09:15,722
<font color="#ffcc46">එතුමා ඒක ජනාධිපතිතුමාට ඉදිරිපත් කරයි,
එතකොට වැඩේ කෙරෙයි.</font>

117
00:09:15,805 --> 00:09:17,348
<font color="#ffcc46">ඔයා මේ දවස් වල මොකද කරන්නේ?</font>

118
00:09:17,432 --> 00:09:19,184
<font color="#ffcc46">ඇයි ඔයා කවදාවත් ඔයාගේ පුටුවේ නැත්තේ?</font>

119
00:09:19,267 --> 00:09:21,811
<font color="#ffcc46">ඉතින්, මම හැමදාම කරන දේනේ කරන්නේ සර්.</font>

120
00:09:21,895 --> 00:09:23,438
<font color="#ffcc46">ඔව් ඉතින්, මොකක්ද ඒ?</font>

121
00:09:25,190 --> 00:09:26,941
<font color="#ffcc46">-මගේ රාජකාරිය.
-ඒ කිව්වේ?</font>

122
00:09:27,525 --> 00:09:28,735
<font color="#ffcc46">අපරාධකාරයෝ අල්ලන එක.</font>

123
00:09:29,694 --> 00:09:31,029
<font color="#ffcc46">ඔබතුමා දන්නවනේ, මගේ රස්සාව.</font>

124
00:09:34,491 --> 00:09:36,409
<font color="#ffcc46">මට සමා වෙන්න, මට වැඩ වගයක් තියෙනවා.</font>

125
00:09:37,035 --> 00:09:38,036
<font color="#ffcc46">ඒයි,</font>

126
00:09:38,536 --> 00:09:40,205
<font color="#ffcc46">මම ආයෙත් අනතුරු ඇඟවීමක් කරනවා.</font>

127
00:09:40,705 --> 00:09:43,124
<font color="#ffcc46">KCIA එකත් එක්ක පැටලෙන්න යන්න එපා.</font>

128
00:09:43,208 --> 00:09:48,088
<font color="#ffcc46">හ්ම්, එයාලා කුඩු බිස්නස් එකට...
සම්බන්ධ නැති තාක් කල්,</font>

129
00:09:48,797 --> 00:09:50,215
<font color="#ffcc46">මට එයාලත් එක්ක ගනුදෙනුවක් නෑ.</font>

130
00:09:53,593 --> 00:09:54,928
<font color="#ffcc46">මම ගිහින් එන්නම් සර්.</font>

131
00:09:56,096 --> 00:09:58,098
<font color="#ffcc46">පිස්සු යකා.</font>

132
00:10:01,017 --> 00:10:02,227
<font color="#ffcc46">කොහෙද පොත?</font>

133
00:10:02,811 --> 00:10:04,020
<font color="#ffcc46">පොතක් තිබිලා නෑ.</font>

134
00:10:07,690 --> 00:10:08,691
<font color="#ffcc46">පොතක් නෑ?</font>

135
00:10:09,526 --> 00:10:10,527
<font color="#ffcc46">නෑ.</font>

136
00:10:11,027 --> 00:10:13,488
<font color="#ffcc46">එයා කිව්වා එහෙම එකක් තිබිලම නෑ කියලා.</font>

137
00:10:22,497 --> 00:10:24,582
<font color="#ffcc46">අර පිස්සු බැල්ලි.</font>

138
00:10:26,417 --> 00:10:29,129
<font color="#ffcc46">පොතක් නැතුවද එයා මේ සේරම නටලා තියෙන්නේ?</font>

139
00:10:30,880 --> 00:10:31,881
<font color="#ffcc46">ඒකනේ?</font>

140
00:10:35,927 --> 00:10:38,179
<font color="#ffcc46">උඹ බේ ගුම්ජි එක්ක එකතු වෙලා හිටියා නේද?</font>

141
00:10:44,519 --> 00:10:46,646
<font color="#ffcc46">ඒකනේ උඹ එයා එක්ක ජපානේ ගියේ?</font>

142
00:10:48,314 --> 00:10:50,275
<font color="#ffcc46">චෝයි යුජිව හම්බුනෙත් ඒකනේ?</font>

143
00:10:55,697 --> 00:10:57,866
<font color="#ffcc46">උඹ මේක සැලසුම් කළේ...</font>

144
00:10:57,949 --> 00:10:59,617
<font color="#ffcc46">මම කාන්ග් ඩෙයිල්ව මරන්න හදද්දී
උඹ මාව නැවැත්තුව වෙලේ ඉඳන් නේද?</font>

145
00:11:14,299 --> 00:11:17,343
<font color="#ffcc46">ඒයි. තමුසෙ KCIA එකේ ලොකු තනතුරක් කරන එකෙක් නේද.</font>

146
00:11:19,095 --> 00:11:20,263
<font color="#ffcc46">ඒ වුනාට කුඩු විකුණනවා?</font>

147
00:11:22,223 --> 00:11:23,224
<font color="#ffcc46">ආ?</font>

148
00:11:27,645 --> 00:11:29,814
<font color="#ffcc46">මිනිස්සු දැනගත්තොත් මොනවා කියයිද?</font>

149
00:11:29,898 --> 00:11:31,482
<font color="#ffcc46">පර බලු පැටියා!</font>

150
00:11:33,985 --> 00:11:35,278
<font color="#ffcc46">ඒයි.</font>

151
00:11:36,112 --> 00:11:37,572
<font color="#ffcc46">උඹ හිතුවද මම දන්නේ නෑ කියලා?</font>

152
00:11:39,657 --> 00:11:41,868
<font color="#ffcc46">උඹ මාව අන්දන්නද හැදුවේ?</font>

153
00:11:42,452 --> 00:11:44,162
<font color="#ffcc46">තොට කොහොමද එහෙම හයියක් ආවේ!</font>

154
00:11:44,245 --> 00:11:47,498
<font color="#ffcc46">-ආ? ආ?
-සමාවෙන්න! මට සමාවෙන්න සර්!</font>

155
00:11:48,583 --> 00:11:49,626
<font color="#ffcc46">අහකට පල යන්න.</font>

156
00:11:50,877 --> 00:11:52,462
<font color="#ffcc46">අනේ මට තව එක අවස්ථාවක් දෙන්න!</font>

157
00:11:54,130 --> 00:11:55,882
<font color="#ffcc46">මගේ ජීවිතේම ඔබතුමාට පූජා කරනවා.</font>

158
00:11:55,965 --> 00:11:57,592
<font color="#ffcc46">පර බල්ලා.</font>

159
00:11:59,427 --> 00:12:00,470
<font color="#ffcc46">මිලියන 200 ක් මදිද?</font>

160
00:12:01,221 --> 00:12:04,015
<font color="#ffcc46">මම මාසෙකට මිලියන 200 ගානේ දෙන්නම්.</font>

161
00:12:04,098 --> 00:12:05,808
<font color="#ffcc46">තොට මැරෙන්න ඕන වෙලාද කොහෙද.</font>

162
00:12:05,892 --> 00:12:06,893
<font color="#ffcc46">ඒයි.</font>

163
00:12:07,477 --> 00:12:09,979
<font color="#ffcc46">කවුරු හරි දැනගත්තොත්, අපි දෙන්නම ඉවරයි යකෝ.</font>

164
00:12:10,480 --> 00:12:11,731
<font color="#ffcc46">එහෙම වෙන්නේ නෑ.</font>

165
00:12:12,523 --> 00:12:16,152
<font color="#ffcc46">මොනවා හරි වැරදුනත්,
අපි කාන්ග් ඩෙයිල්ව ඉවරයක් කරලා දාමු.</font>

166
00:12:17,195 --> 00:12:19,113
<font color="#ffcc46">සර්, මාසෙකට මිලියන 200 යි!</font>

167
00:12:19,948 --> 00:12:22,367
<font color="#ffcc46">පස්සේ අපිට මීට වඩා හොයන්න පුළුවන්!</font>

168
00:12:23,660 --> 00:12:26,871
<font color="#ffcc46">ඔබතුමා කැමති නෑනේ ජීවිත කාලෙම
චියොන් ළඟට වෙලා ඉන්න, නේද?</font>

169
00:12:26,955 --> 00:12:28,289
<font color="#ffcc46">උඹ මොකක්ද කිව්වේ?</font>

170
00:12:28,373 --> 00:12:32,669
<font color="#ffcc46">මම පොරොන්දු වෙනවා ඔබතුමාව බ්ලූ හවුස් එකට යවන්න
ඕනේ කරන ඕනම දෙයක් මම කරනවා කියලා සර්.</font>

171
00:12:40,176 --> 00:12:41,636
<font color="#ffcc46">මිලියන 300 ක් කරමු.</font>

172
00:12:43,012 --> 00:12:44,514
<font color="#ffcc46">මාසෙකට මිලියන 300 ක්.</font>

173
00:12:46,474 --> 00:12:47,558
<font color="#ffcc46">උඹට ඒක කරන්න බැරි නම්...</font>

174
00:12:49,477 --> 00:12:50,478
<font color="#ffcc46">නිකන්ම මැරිලා පලයන්.</font>

175
00:13:08,037 --> 00:13:10,081
<font color="#ffcc46">උඹ කේලම කිව්වා නේද? පර බල්ලා!</font>

176
00:13:10,164 --> 00:13:13,668
<font color="#ffcc46">ඒයි, මොකද වුනේ, ආ?
මම කිව්වේ නෑ යකෝ.</font>

177
00:13:13,751 --> 00:13:15,128
<font color="#ffcc46">අනේ පලයන් යන්න. මම බය වුනානේ.</font>

178
00:13:16,296 --> 00:13:17,297
<font color="#ffcc46">බලපන්.</font>

179
00:13:18,923 --> 00:13:21,592
<font color="#ffcc46">හ්වාන්ග් සේරම දැනගෙන ඉඳලා තියෙන්නේ, හරිද?</font>

180
00:13:21,676 --> 00:13:24,262
<font color="#ffcc46">බුසාන් වල ජෑන්ග් කියන නීතීඥයා...</font>

181
00:13:24,345 --> 00:13:27,140
<font color="#ffcc46">ඇවිල්ලා එයාට කියලා උඹයි කාන්ග් ඩෙයිල් එක්කයි
සම්බන්ධයි කියලා.</font>

182
00:13:29,142 --> 00:13:30,310
<font color="#ffcc46">ජෑන්ග් කිව්වා?</font>

183
00:13:32,520 --> 00:13:33,771
<font color="#ffcc46">ඌ කොහොමද දන්නේ?</font>

184
00:13:33,855 --> 00:13:35,106
<font color="#ffcc46">මම දන්නේ නෑ යකෝ.</font>

185
00:13:38,651 --> 00:13:39,736
<font color="#ffcc46">පරිස්සමෙන් ඉඳපන්.</font>

186
00:13:42,071 --> 00:13:44,115
<font color="#ffcc46">ඔහොම ගියොත්...
උඹට ඉක්මනටම මැරෙන්න වෙයි.</font>

187
00:13:49,912 --> 00:13:51,372
<font color="#ffcc46">මට චියොන් සොක්ජුන්ව හම්බවෙන්න ඕනේ.</font>

188
00:13:56,252 --> 00:13:57,253
<font color="#ffcc46">මොකක්?</font>

189
00:13:58,046 --> 00:13:59,255
<font color="#ffcc46">උඹ හිතුවද මම දන්නේ නෑ කියලා?</font>

190
00:14:00,256 --> 00:14:04,635
<font color="#ffcc46">හ්වාන්ග් ගැන ඔත්තු බලන්න
එයා දාපු එකා උඹ නේද?</font>

191
00:14:09,682 --> 00:14:10,933
<font color="#ffcc46">උඹ කොච්චර කල් ඉඳන්ද දැනගෙන හිටියේ?</font>

192
00:14:11,434 --> 00:14:13,144
<font color="#ffcc46">ඒකෙන් වැඩක් නෑනේ.</font>

193
00:14:14,645 --> 00:14:15,938
<font color="#ffcc46">හ්වාන්ග් දන්නවද?</font>

194
00:14:16,022 --> 00:14:17,023
<font color="#ffcc46">නෑ.</font>

195
00:14:19,275 --> 00:14:22,153
<font color="#ffcc46">ඇයි උඹ එයාට කිව්වේ නැත්තේ? කියන්න තිබුනනේ.</font>

196
00:14:22,236 --> 00:14:25,198
<font color="#ffcc46">ගිහින් කියන්න තිබුනනේ චියොන්ගේ ඔත්තුවා
කවුද කියලා හොයාගත්තා කියලා.</font>

197
00:14:26,365 --> 00:14:28,534
<font color="#ffcc46">මොකටද? එහෙම ඕනේ නෑ.</font>

198
00:14:29,452 --> 00:14:31,579
<font color="#ffcc46">ඒයි... ආ...</font>

199
00:14:31,662 --> 00:14:34,916
<font color="#ffcc46">මම හිතුවේ උඹ මැරෙන්න දඟලන පිස්සෙක්
කියලා විතරයි.</font>

200
00:14:38,586 --> 00:14:39,754
<font color="#ffcc46">බලන් ගියාම උඹ නයා නේ.</font>

201
00:14:45,802 --> 00:14:46,928
<font color="#ffcc46">චියොන් සොක්ජුන්.</font>

202
00:14:48,179 --> 00:14:49,305
<font color="#ffcc46">මට එයාව හම්බවෙන්න ඕනේ.</font>

203
00:14:51,557 --> 00:14:52,892
<font color="#ffcc46">මම උඹට හොඳට සලකන්නම්.</font>

204
00:14:56,145 --> 00:14:58,314
<font color="#ffcc46">බෙක් කිටේට මාව හම්බවෙන්න ඕනෙලු?</font>

205
00:14:59,524 --> 00:15:00,525
<font color="#ffcc46">මොකටද?</font>

206
00:15:00,608 --> 00:15:02,443
<font color="#ffcc46">එයාට ඔබතුමාට කියන්න දෙයක් තියෙනවලු.</font>

207
00:15:03,111 --> 00:15:05,071
<font color="#ffcc46">හ්වාන්ග් කොච්චර ගාණක් ගහලද?</font>

208
00:15:05,655 --> 00:15:07,031
<font color="#ffcc46">බිලියනයක් විතර සර්.</font>

209
00:15:09,158 --> 00:15:10,201
<font color="#ffcc46">එහෙමද.</font>

210
00:15:12,120 --> 00:15:13,746
<font color="#ffcc46">මම ඒ ගැන හිතලා බලලා කියන්නම්.</font>

211
00:15:13,830 --> 00:15:14,872
<font color="#ffcc46">හරි සර්.</font>

212
00:15:24,507 --> 00:15:26,217
<font color="#ffcc46"></font>

213
00:15:27,385 --> 00:15:29,345
<font color="#ffcc46">නා හූනා ද නම් ජින් ද?
එක, දෙක, තුන!</font>

214
00:15:29,428 --> 00:15:30,429
<font color="#ffcc46">-නා හූනා!
-නම් ජින්!</font>

215
00:15:30,513 --> 00:15:31,514
<font color="#ffcc46">ආ!</font>

216
00:15:31,597 --> 00:15:33,015
<font color="#ffcc46">බලන් ගියාම ඔයා නියම ගොන්ග්සැන්ග් කෙල්ලෙක්නේ.</font>

217
00:15:33,099 --> 00:15:34,892
<font color="#ffcc46">මොකක්ද? නෑ. කොහේ හිටියත්,</font>

218
00:15:34,976 --> 00:15:36,936
<font color="#ffcc46">සිංදු ගැන කතා කරද්දී නම්,
හූනා තමයි වැඩකරු.</font>

219
00:15:37,019 --> 00:15:38,563
<font color="#ffcc46">ම්ම්, මම නම් ආස ජින් ට.</font>

220
00:15:39,397 --> 00:15:40,481
<font color="#ffcc46">අනේ ඔයා නම්...</font>

221
00:15:40,565 --> 00:15:41,566
<font color="#ffcc46">කමක් නෑ ඉතින්.</font>

222
00:15:41,649 --> 00:15:44,819
<font color="#ffcc46">ඔයා ජින් ව තියාගන්නකෝ. හූනා මගේ.</font>

223
00:15:46,028 --> 00:15:49,490
<font color="#ffcc46">ඒයි, අපි කිව්ව පලියට එයාලා අපේ වෙනවද?
හූනා කවදාවත් කිව්වද එයා ඔයාගේ කියලා?</font>

224
00:15:49,574 --> 00:15:50,616
<font color="#ffcc46">නැත්නම් නෑ. මට මොකද.</font>

225
00:15:52,660 --> 00:15:53,786
<font color="#ffcc46">ඒක නෙමෙයි සොයොන්ග්.</font>

226
00:15:54,537 --> 00:15:56,622
<font color="#ffcc46">ඔයා ඇත්තටම බැංකුවේ රස්සාවෙන් අයින් වුනාද?</font>

227
00:15:57,415 --> 00:15:59,125
<font color="#ffcc46">ඒත් ඇයි? ඒක මාර රස්සාවක්නේ.</font>

228
00:16:00,293 --> 00:16:01,377
<font color="#ffcc46">ඉතින් අනේ මන්දා.</font>

229
00:16:01,460 --> 00:16:03,504
<font color="#ffcc46">මට ඇති වෙලා තිබුනේ අනුන්ගේ සල්ලි ගණන් කරලා.</font>

230
00:16:04,005 --> 00:16:05,840
<font color="#ffcc46">ඉතින්, අලුත් රස්සාවක් හොයාගත්තද?</font>

231
00:16:07,049 --> 00:16:08,968
<font color="#ffcc46">නෑ, මම මේ ටිකේ පොඩි විවේකයක් ගන්නවා.</font>

232
00:16:09,760 --> 00:16:11,679
<font color="#ffcc46">ඔයාගේ අයියා මුකුත් කිව්වේ නැද්ද?</font>

233
00:16:12,513 --> 00:16:15,349
<font color="#ffcc46">අනිත් අය නම් ඕක ගන්න මරාගන්නවා.</font>

234
00:16:15,433 --> 00:16:18,144
<font color="#ffcc46">ම්ම්. අයියා නම් කවදාවත්...</font>

235
00:16:18,227 --> 00:16:20,354
<font color="#ffcc46">ආ, ඒක නෙමෙයි! සුන්යොන්ග්.</font>

236
00:16:21,147 --> 00:16:23,357
<font color="#ffcc46">මට යන්න ඕනේ. මට පොඩි වැඩක් තියෙනවා.</font>

237
00:16:23,441 --> 00:16:24,525
<font color="#ffcc46">මොන වැඩක්ද?</font>

238
00:16:24,609 --> 00:16:27,069
<font color="#ffcc46">මම ෆිල්ම් එකක් බලන්න යනවා.
අර ෂින් සොන්ග්-ඉල් ඉන්න එක!</font>

239
00:16:27,153 --> 00:16:29,864
<font color="#ffcc46">ඒයි, මමත් ෂින් සොන්ග්-ඉල් ට මාර ආසයි!</font>

240
00:16:29,947 --> 00:16:33,534
<font color="#ffcc46">-මාත් එන්නද? හාද?
-මොකක්? ආ...</font>

241
00:16:34,785 --> 00:16:36,662
<font color="#ffcc46">-අ...
-මොකද මේ?</font>

242
00:16:36,746 --> 00:16:38,998
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න, ඔයා මේ ඩේට් එකක් යන්නද හදන්නේ?</font>

243
00:16:40,208 --> 00:16:41,959
<font color="#ffcc46">අම්මෝ, ඔයාටත් තේරෙන දේවල්!</font>

244
00:16:42,043 --> 00:16:44,086
<font color="#ffcc46">මම පස්සේ කෝල් එකක් ගන්නම්, හරිද?</font>

245
00:16:44,170 --> 00:16:46,005
<font color="#ffcc46">කවුද කොල්ලා? ඒයි!</font>

246
00:16:46,547 --> 00:16:47,632
<font color="#ffcc46">මට කෝල් කරපන්!</font>

247
00:16:55,014 --> 00:16:56,265
<font color="#ffcc46">බොක් ගේ නූල් සාප්පුව</font>

248
00:17:30,841 --> 00:17:32,593
<font color="#ffcc46">සොයොන්ග්,
මම ටොයිලට් එකට ගිහින් එන්නම්.</font>

249
00:17:32,677 --> 00:17:33,678
<font color="#ffcc46">හරි.</font>

250
00:17:51,737 --> 00:17:52,738
<font color="#ffcc46">ඒයි ඩෙයිල්.</font>

251
00:17:57,994 --> 00:17:59,245
<font color="#ffcc46">ගොඩ කාලෙකින් නේද?</font>

252
00:18:02,873 --> 00:18:04,709
<font color="#ffcc46">බලන්නකෝ ඔයා ඩේට් එකක් ඇවිල්ලා.</font>

253
00:18:06,919 --> 00:18:09,839
<font color="#ffcc46">බෙක් කිටේ දැනගත්තොත්...</font>

254
00:18:10,798 --> 00:18:13,467
<font color="#ffcc46">එයාගේ නංගි පාතාලේ එකෙක් එක්ක යාලුයි කියලා,
එයා නිකන් ඉඳියි කියලා හිතනවද?</font>

255
00:18:15,886 --> 00:18:17,138
<font color="#ffcc46">උඹට දැන් මොකක්ද ඕනේ?</font>

256
00:18:18,389 --> 00:18:21,100
<font color="#ffcc46">ගිය පාර උඹ ඉල්ලපු සේරම මම කළානේ, නැද්ද?</font>

257
00:18:21,183 --> 00:18:22,435
<font color="#ffcc46">ඒ ඉස්සරනේ.</font>

258
00:18:23,102 --> 00:18:24,520
<font color="#ffcc46">දැන් අලුත් ලොක්කෙක් ඉන්නවනේ.</font>

259
00:18:28,190 --> 00:18:29,942
<font color="#ffcc46">මට තේරෙනවා සිද්ධිය.</font>

260
00:18:30,026 --> 00:18:31,777
<font color="#ffcc46">උඹ බෙක් කිතේ එක්ක මෙත් බිස්නස් කරනවා නේද?</font>

261
00:18:33,696 --> 00:18:36,907
<font color="#ffcc46">ලබන මාසේ තියෙන නංගිගේ වෙඩින් එකට
උඹ යන්න ඕනේ.</font>

262
00:18:38,034 --> 00:18:40,036
<font color="#ffcc46">ගිහින් අර ගුරුවරයාගේ පවුලට
එයා බැඳෙන හැටි බලන්න ඕනේ.</font>

263
00:18:41,287 --> 00:18:42,955
<font color="#ffcc46">උඹ එයාට ගෙයක් පවා අරන් දුන්නා කියලා ආරංචියි.</font>

264
00:18:43,706 --> 00:18:45,458
<font color="#ffcc46">බැලූ බැල්මට උඹ මාර සල්ලියක් හොයලා තියෙනවා වගේ</font>

265
00:18:46,042 --> 00:18:47,585
<font color="#ffcc46">ජෝ මන්ජේගේ බඩු වලින් ගහපු ගානෙන්.</font>

266
00:18:47,668 --> 00:18:48,669
<font color="#ffcc46">ආ, ඩේ-ඉල්?</font>

267
00:18:56,594 --> 00:18:59,347
<font color="#ffcc46">පළවෙනි තොගය එලියට දාපු ගමන්
මේ නම්බර් එකට කතා කරපන්.</font>

268
00:19:07,229 --> 00:19:08,230
<font color="#ffcc46">ජෑන් මහත්තයා.</font>

269
00:19:08,898 --> 00:19:10,107
<font color="#ffcc46">මොකද?</font>

270
00:19:11,859 --> 00:19:13,235
<font color="#ffcc46">මම දෙයක් අහන්නද?</font>

271
00:19:13,819 --> 00:19:16,113
<font color="#ffcc46">ඔහේ හිතනවද ඔහේට පුළුවන් කියලා
KCIA එකත් එක්ක හැප්පිලා දිනන්න?</font>

272
00:19:16,614 --> 00:19:19,325
<font color="#ffcc46">මම හිතන දේ දැනගන්න ඕනේද? ඔහේ පැරදෙනවා.</font>

273
00:19:19,408 --> 00:19:20,868
<font color="#ffcc46">KCIA එක...</font>

274
00:19:21,661 --> 00:19:23,579
<font color="#ffcc46">මේ රටේ නම්බර් වන් එයාලා!</font>

275
00:19:58,155 --> 00:19:59,699
<font color="#ffcc46">මූසල තක්කඩියා.</font>

276
00:20:01,158 --> 00:20:02,201
<font color="#ffcc46">මේක කාගන්න එපා.</font>

277
00:20:03,202 --> 00:20:04,829
<font color="#ffcc46">පළවෙනි තොගය එලියට දාපු ගමන් මට කෝල් එකක් දීපන්.</font>

278
00:20:24,181 --> 00:20:26,392
<font color="#ffcc46">ජෑන් ගොන්යොන්,
බුසාන් දිස්ත්‍රික් නීතිපති කාර්යාලය.</font>

279
00:20:26,892 --> 00:20:27,977
<font color="#ffcc46">මේ බෙක් කිතේ කතා කරන්නේ.</font>

280
00:20:32,273 --> 00:20:35,109
<font color="#ffcc46">හුඟ කාලෙකින් නේද. ඉතින්, ඇයි මේ හදිසියේම කතා කළේ?</font>

281
00:20:35,192 --> 00:20:36,318
<font color="#ffcc46">රෑට කෑවද?</font>

282
00:20:37,027 --> 00:20:38,404
<font color="#ffcc46">තාම නෑ.</font>

283
00:20:38,487 --> 00:20:40,322
<font color="#ffcc46">හොඳයි. එහෙනම් කැමතිද මාත් එක්ක රෑ කෑමට සෙට් වෙන්න?</font>

284
00:20:41,699 --> 00:20:43,993
<font color="#ffcc46">ඔයා කලින් දවසක කිව්වනේ ඌරු මස් දාපු සුප් එකක් ගැන.</font>

285
00:20:44,076 --> 00:20:46,537
<font color="#ffcc46">මෙහේ පොඩි කඩයක් තියෙනවා
මිර්යෑන් හවුස් කියලා.</font>

286
00:20:46,620 --> 00:20:49,498
<font color="#ffcc46">එතන සුප් එක මරු, හරිම රසයි.</font>

287
00:20:49,582 --> 00:20:51,292
<font color="#ffcc46">ඇත්තටම,
ඇයි ඔයාට බැරි මෙහෙට එන්න?</font>

288
00:20:51,792 --> 00:20:54,587
<font color="#ffcc46">මගේ ඔෆිස් එක ඉස්සරහම
හොඳ තැනක් තියෙනවා.</font>

289
00:20:55,171 --> 00:20:57,715
<font color="#ffcc46">අපිට කෑම ඕඩර් කරලා ගෙන්නගෙන
නිදහසේ රෑ කෑම ගන්න පුළුවන් මෙතන.</font>

290
00:20:58,215 --> 00:21:01,719
<font color="#ffcc46">දැන් හැමෝම ගෙවල් වලට ගිහින් නිසා,
වද වෙන්න දෙයක් නෑ.</font>

291
00:21:03,179 --> 00:21:06,140
<font color="#ffcc46">හරි.
මම රෑ 8 වෙද්දී එතනට එන්නම්.</font>

292
00:21:52,728 --> 00:21:53,729
<font color="#ffcc46">මෙන්න.</font>

293
00:22:05,866 --> 00:22:07,910
<font color="#ffcc46">මේක ෂෝක්.</font>

294
00:22:11,205 --> 00:22:14,083
<font color="#ffcc46">ඉතින්, ඇයි මාව හම්බෙන්න ඕනේ වුනේ?</font>

295
00:22:14,583 --> 00:22:16,585
<font color="#ffcc46">ඉතින්, අපි කතා වුනානේ
කවදාහරි දවසක කෑම වේලක් ගමු කියලා.</font>

296
00:22:16,669 --> 00:22:19,505
<font color="#ffcc46">මම හිතුවා ඒ පොරොන්දුව ඉෂ්ට කරලා
හරියටම මගේ ගෞරවය දක්වන්න ඕනේ කියලා.</font>

297
00:22:19,588 --> 00:22:21,507
<font color="#ffcc46">ගෞරවය? නිකන් ඉන්න අයිසේ. ඒක නෙවෙයි...</font>

298
00:22:23,342 --> 00:22:25,928
<font color="#ffcc46">ඔයාගේ ඇඟේ අමුතු ගතියක් තියෙනවා. ඔයා ඒක දන්නවද?</font>

299
00:22:26,512 --> 00:22:28,514
<font color="#ffcc46">ඒ කිව්වේ?</font>

300
00:22:28,597 --> 00:22:31,308
<font color="#ffcc46">දැන් මේ වගේම තමයි. ඔයා හරිම ආචාරශීලීයි.</font>

301
00:22:31,392 --> 00:22:32,393
<font color="#ffcc46">ඕනවටත් වඩා ආචාරශීලීයි.</font>

302
00:22:33,018 --> 00:22:34,395
<font color="#ffcc46">මම ඒක ප්‍රශංසාවක් විදියට බාරගන්නම්.</font>

303
00:22:34,895 --> 00:22:36,355
<font color="#ffcc46">ප්‍රශංසාවක්? පිස්සුද.</font>

304
00:22:36,438 --> 00:22:39,984
<font color="#ffcc46">මම මේ කියන්නේ ඔයාගේ
අර KCIA කාරයෙක්ගේ පෙනුම තියෙනවා කියලා.</font>

305
00:22:40,067 --> 00:22:42,278
<font color="#ffcc46">පිටින් මහත්තයා වගේ හිටියට,</font>

306
00:22:42,361 --> 00:22:44,488
<font color="#ffcc46">ඇතුලෙන් යකෙක්.</font>

307
00:22:45,573 --> 00:22:47,116
<font color="#ffcc46">ජානුස් වගේ, මූණු දෙකයි.</font>

308
00:22:47,199 --> 00:22:51,078
<font color="#ffcc46">ජෝ මන්ජේගේ සිද්ධිය හින්දා
ඔයා මාත් එක්ක තරහින් වගේ, ජෑන් මහත්තයා.</font>

309
00:22:51,161 --> 00:22:52,997
<font color="#ffcc46">ඔයා ඒක දන්න එක ගැන සතුටුයි!</font>

310
00:22:55,082 --> 00:22:56,876
<font color="#ffcc46">මම හිතනවා ඔයා ඒ තරහ තියාගෙන ඉන්න එකක් නෑ කියලා.</font>

311
00:22:57,543 --> 00:22:59,211
<font color="#ffcc46">අපි අද ඒක විසඳගමු.</font>

312
00:23:00,129 --> 00:23:01,130
<font color="#ffcc46">හාකෝ.</font>

313
00:23:01,630 --> 00:23:02,631
<font color="#ffcc46">ඉතින්,</font>

314
00:23:03,340 --> 00:23:04,675
<font color="#ffcc46">ඔයාලා ජෝ මන්ජේව ඇල්ලුවද?</font>

315
00:23:05,676 --> 00:23:07,177
<font color="#ffcc46">මිනිහා අතුරුදහන් වෙලා.</font>

316
00:23:09,763 --> 00:23:10,764
<font color="#ffcc46">අතුරුදහන් වෙලා?</font>

317
00:23:12,141 --> 00:23:13,392
<font color="#ffcc46">මිනිහා නැති වෙලා.</font>

318
00:23:14,226 --> 00:23:16,979
<font color="#ffcc46">එක්කෙනෙක් නම් කිව්වා මිනිහව
පිලිපීනයේදී දැක්කා කියලා, ඒත්...</font>

319
00:23:19,106 --> 00:23:20,107
<font color="#ffcc46">මිනිහා මැරිලා.</font>

320
00:23:21,609 --> 00:23:22,651
<font color="#ffcc46">කවුද, ජෝ මන්ජේ?</font>

321
00:23:23,819 --> 00:23:25,779
<font color="#ffcc46">ඔව්. ඔයා දන්නවනේ,</font>

322
00:23:25,863 --> 00:23:29,199
<font color="#ffcc46">එක කාලයක් තිබුනා මුළු සිටි එකම
ජෝ ගේ මෙත් වලින් පිරිලා ඉතිරිලා තිබුනු.</font>

323
00:23:29,825 --> 00:23:32,411
<font color="#ffcc46">ඒක ජපානෙට පවා බලපෑවා.</font>

324
00:23:32,912 --> 00:23:36,123
<font color="#ffcc46">ඒත් දැන් ඒ බඩු ඔක්කොම නැතිවෙලා ගිහින්.</font>

325
00:23:36,916 --> 00:23:38,792
<font color="#ffcc46">මිනිහා එකපාරටම අතුරුදහන් වුනා කියලද කියන්නේ?</font>

326
00:23:39,418 --> 00:23:41,503
<font color="#ffcc46">ජෝ මන්ජේ, අර ලොකු වැඩකාරයා?</font>

327
00:23:43,380 --> 00:23:44,381
<font color="#ffcc46">ඇයි?</font>

328
00:23:45,174 --> 00:23:46,550
<font color="#ffcc46">මිනිහව මරලා දාන්න ඇති.</font>

329
00:23:47,968 --> 00:23:49,803
<font color="#ffcc46">කවුද මිනිහව මැරුවේ?</font>

330
00:24:05,319 --> 00:24:06,987
<font color="#ffcc46">අපි ඒ ගැන පස්සේ කතා කරමු.</font>

331
00:24:07,488 --> 00:24:11,367
<font color="#ffcc46">ඉතින්, ඇයි ඔයා KCIA එකට බැඳුනේ, බෙක් මහත්තයා?</font>

332
00:24:11,450 --> 00:24:12,576
<font color="#ffcc46">රටට සේවයක් කරන්න.</font>

333
00:24:14,370 --> 00:24:16,455
<font color="#ffcc46">රටට සේවයක් කරන්න? ආ...</font>

334
00:24:19,750 --> 00:24:21,627
<font color="#ffcc46">ඒයි, කැමතිද ජොලි කතාවක් අහන්න?</font>

335
00:24:22,127 --> 00:24:24,088
<font color="#ffcc46">මොකද්ද කතාව?</font>

336
00:24:24,171 --> 00:24:29,218
<font color="#ffcc46">මම දවසක් සෝල් වලදී කුඩු කාරයෙක්ව ඇල්ලුවා.
ම්ම්?</font>

337
00:24:29,301 --> 00:24:31,095
<font color="#ffcc46">ඉතින් මේ මෝඩයා කිව්වේ මිනිහගේ හීනේලු</font>

338
00:24:31,804 --> 00:24:34,056
<font color="#ffcc46">ජපානෙට මෙත් යවන එක,</font>

339
00:24:34,139 --> 00:24:37,559
<font color="#ffcc46">විදේශ විනිමය හොයලා,
කොරියන් මෙත් වලින් මුළු ජපානෙම පුරවන එක.</font>

340
00:24:38,352 --> 00:24:40,479
<font color="#ffcc46">මිනිහා ඇහුවා,
"ඒක දේශප්‍රේමය නෙවෙයි නම්, වෙන මොකද්ද?" කියලා.</font>

341
00:24:42,815 --> 00:24:46,735
<font color="#ffcc46">ඔයාට පේනවනේ, දේශප්‍රේමය එක එක විදියට එනවා.</font>

342
00:24:48,487 --> 00:24:49,488
<font color="#ffcc46">ඒක මාර කතාවක්නේ.</font>

343
00:24:51,615 --> 00:24:54,034
<font color="#ffcc46">මම තවත් ජොලි කතාවක් කියන්නම්කෝ.</font>

344
00:24:54,952 --> 00:24:55,953
<font color="#ffcc46">බෙක් මහත්තයා.</font>

345
00:24:58,038 --> 00:24:59,373
<font color="#ffcc46">මට අදාල නෑ</font>

346
00:25:00,165 --> 00:25:01,166
<font color="#ffcc46">ඒක KCIA එකද</font>

347
00:25:02,251 --> 00:25:03,669
<font color="#ffcc46">නැත්නම් උන්ව නටවන වෙන කවුරු හරිද කියලා.</font>

348
00:25:04,795 --> 00:25:06,130
<font color="#ffcc46">තමුන් මාත් එක්ක හැප්පෙන්න එනවා නම්,</font>

349
00:25:06,839 --> 00:25:08,424
<font color="#ffcc46">හොඳට ලෑස්ති වෙලා එන එක හොඳයි.</font>

350
00:25:10,926 --> 00:25:12,970
<font color="#ffcc46">මාව ලේසියෙන් කඩන්න බෑ.</font>

351
00:25:16,390 --> 00:25:20,310
<font color="#ffcc46">ඔයා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නෑ.</font>

352
00:25:21,228 --> 00:25:22,229
<font color="#ffcc46">ජෑන් මහත්තයා.</font>

353
00:25:24,273 --> 00:25:25,983
<font color="#ffcc46">දෙයියනේ, වෙලාව නම් හරිම නරකයි.</font>

354
00:25:27,609 --> 00:25:29,695
<font color="#ffcc46">ඔයා ජෑන් හියුන්ව දන්නවා නේද?</font>

355
00:25:29,778 --> 00:25:32,239
<font color="#ffcc46">එයා වැඩ කරන්නේ ගිම්පෝ වල තියෙන
ඩයි ෆැක්ටරි එකකනේ.</font>

356
00:25:33,323 --> 00:25:36,243
<font color="#ffcc46">ආරංචිය හැටියට, එයා ගිටාර් ක්ලාස් එකකට බැඳිලා,</font>

357
00:25:36,744 --> 00:25:40,622
<font color="#ffcc46">ඒත් අපිට ඔත්තුවක් ආවා ඒ ගිටාර් සර්
උතුරෙන් සල්ලි අරන් තියෙනවා කියලා.</font>

358
00:25:42,416 --> 00:25:45,961
<font color="#ffcc46">ඔයාගේ නංගිට කියන එක හොඳයි
එතනින් ඉක්මනට අයින් වෙන්න කියලා.</font>

359
00:26:00,225 --> 00:26:01,852
<font color="#ffcc46">මම ස්තුති කරන්න ඕනේද?</font>

360
00:26:02,436 --> 00:26:03,437
<font color="#ffcc46">ඕනේ නෑ.</font>

361
00:26:03,979 --> 00:26:06,815
<font color="#ffcc46">ඔයයි මායි දෙන්නම රජයටනේ වැඩ කරන්නේ.</font>

362
00:26:06,899 --> 00:26:09,109
<font color="#ffcc46">අපි එකිනෙකාට උදව් කරගන්න ඕනේ, නේද?</font>

363
00:26:12,821 --> 00:26:15,449
<font color="#ffcc46">ඔයාගේ අයියා මිලිටරි ඇකඩමියේ
බැච් ටොප් විදියට පාස් වුනේ?</font>

364
00:26:16,992 --> 00:26:18,827
<font color="#ffcc46">ඒත් මට ආරංචි වුනා ඉස්කෝලේ කාලේ,</font>

365
00:26:19,328 --> 00:26:22,873
<font color="#ffcc46">බෙක් කිහියුන් ලොකු කේස් එකකට
පටලැවිලා හිටියා කියලා.</font>

366
00:26:24,416 --> 00:26:27,127
<font color="#ffcc46">ඇයි එකපාරටම මගේ පවුල ගැන ඇදලා ගත්තේ?</font>

367
00:26:27,628 --> 00:26:28,629
<font color="#ffcc46">නෑ, මම නිකමට,</font>

368
00:26:29,713 --> 00:26:34,259
<font color="#ffcc46">ඔයා කාරුණික වෙලා මගේ පවුල ගැන
උනන්දු වුනු හින්දා,</font>

369
00:26:35,677 --> 00:26:39,139
<font color="#ffcc46">මම හිතුවා ඔයාටත් ඒ සැලකිල්ලම දක්වන්න ඕනේ කියලා.</font>

370
00:26:39,723 --> 00:26:40,974
<font color="#ffcc46">ඔයාට ඇත්තටම දැනගන්න ඕනේද?</font>

371
00:26:43,894 --> 00:26:45,270
<font color="#ffcc46">ඒකෙන් ඔයාව අපහසුතාවයට පත්වෙනවා නම් එපා.</font>

372
00:26:49,399 --> 00:26:51,068
<font color="#ffcc46">වෙනවා වගේ නේ. ම්ම්.</font>

373
00:26:53,028 --> 00:26:55,072
<font color="#ffcc46">එහෙනම් මම තව ප්‍රශ්නයක් අහන්නම්.</font>

374
00:26:56,865 --> 00:26:58,492
<font color="#ffcc46">අර උඩ තියෙන ලයිට් එක.</font>

375
00:27:04,039 --> 00:27:05,040
<font color="#ffcc46">ඊට පස්සේ මෙතන!</font>

376
00:27:08,377 --> 00:27:09,378
<font color="#ffcc46">මේකත්.</font>

377
00:27:11,672 --> 00:27:12,673
<font color="#ffcc46">ඉතින්?</font>

378
00:27:14,883 --> 00:27:17,511
<font color="#ffcc46">මේකටත් ද රටට සේවය කරනවා කියන්නේ? ආ?</font>

379
00:27:18,137 --> 00:27:21,306
<font color="#ffcc46">KCIA එක නීතිපති කෙනෙක්ව ටැප් කරන එකද
රටට සේවය කරනවා කියන්නේ?</font>

380
00:27:29,481 --> 00:27:30,816
<font color="#ffcc46">ජෑන් ගොන්යොන් මහත්තයා.</font>

381
00:27:32,734 --> 00:27:34,069
<font color="#ffcc46">මේකෙන් වැඩක් වෙන්නේ නෑ.</font>

382
00:27:38,532 --> 00:27:40,158
<font color="#ffcc46">කෑමට ස්තුතියි.</font>

383
00:27:43,036 --> 00:27:44,913
<font color="#ffcc46">බෙක් කිතේ මහත්තයා!</font>

384
00:27:44,997 --> 00:27:46,456
<font color="#ffcc46">ආයේ අපි හම්බවෙයි! බලාගෙන ඉන්නකෝ!</font>

385
00:27:54,673 --> 00:27:55,757
<font color="#ffcc46">"රටට සේවය කරනවා"?</font>

386
00:28:19,281 --> 00:28:22,242
<font color="#ffcc46">ඔය ටැප් කරන සෙට් එක අයින් කරලා
ජෑන් හියුන්ගේ ෆයිල් එක ලෑස්ති කරන්න.</font>

387
00:28:23,201 --> 00:28:24,202
<font color="#ffcc46">හරි සර්.</font>

388
00:28:27,414 --> 00:28:30,000
<font color="#ffcc46">ඔයා කිව්වා නේද ජෑන් ගොන්යොන්ගේ තාත්තා
ඉන්නේ පිස්සන් කොටුවක කියලා?</font>

389
00:28:30,500 --> 00:28:32,961
<font color="#ffcc46">ඔව්.
ඩේගු වල තියෙන රජයේ මානසික රෝහලක.</font>

390
00:28:35,422 --> 00:28:37,174
<font color="#ffcc46">ඒ පවුලටත් හෙන ප්‍රශ්න තොගයක් තියෙන්නේ.</font>

391
00:29:43,407 --> 00:29:45,242
<font color="#ffcc46">කිලෝ කීයද?</font>

392
00:29:45,325 --> 00:29:46,410
<font color="#ffcc46">කිලෝ විස්සයි.</font>

393
00:29:47,953 --> 00:29:49,287
<font color="#ffcc46">කිලෝ විස්සක්?</font>

394
00:29:50,247 --> 00:29:52,666
<font color="#ffcc46">-මේක යන්නේ ජපානෙටද?
-ඔසාකා වලට.</font>

395
00:29:53,208 --> 00:29:55,252
<font color="#ffcc46">-ඔසාකා වල කාටද?
-ඉකෙඩා යුජීට.</font>

396
00:29:55,836 --> 00:29:57,004
<font color="#ffcc46">ඉකෙඩා යුජී?</font>

397
00:29:57,087 --> 00:29:59,923
<font color="#ffcc46">ඔය කියන්නේ ඔසාකා වල ඉකෙඩා ක්ලෑන් එක ගැනද?
යකුසා සෙට් එක?</font>

398
00:30:01,174 --> 00:30:02,509
<font color="#ffcc46">බෙක් මිනිහාමද මේක ගෙනියන්නේ?</font>

399
00:30:03,093 --> 00:30:04,094
<font color="#ffcc46">ඔව්.</font>

400
00:30:06,763 --> 00:30:07,764
<font color="#ffcc46">කවදද?</font>

401
00:30:10,183 --> 00:30:11,268
<font color="#ffcc46">13 වෙනිදා.</font>

402
00:30:11,893 --> 00:30:13,979
<font color="#ffcc46">උදේ 5ට, යොන්ඩෝ වලින්.</font>

403
00:30:15,397 --> 00:30:16,523
<font color="#ffcc46">13 වෙනිදා.</font>

404
00:30:18,358 --> 00:30:20,902
<font color="#ffcc46">උදේ 5ට, යොන්ඩෝ වලින්.</font>

405
00:30:32,164 --> 00:30:35,167
<font color="#ffcc46">13 වෙනිදා යොන්ඩෝ, බුසාන් ඉඳන් ඔසාකා වලට
යන එකම නැව</font>

406
00:30:35,250 --> 00:30:36,710
<font color="#ffcc46">මන්ගුම් විතරයි.</font>

407
00:30:36,793 --> 00:30:38,295
<font color="#ffcc46">මන්ගුම්, ආ?</font>

408
00:30:39,421 --> 00:30:41,631
<font color="#ffcc46">ඒත් ආරංචියේ හැටියට, ඒක ඇත්තටම KCIA නැවක්.</font>

409
00:30:44,092 --> 00:30:47,345
<font color="#ffcc46">ඒ බල්ලො ඇත්තටම
සෑහෙන්න ගේමක් ගහනවා නේද?</font>

410
00:30:48,346 --> 00:30:49,347
<font color="#ffcc46">හොඳයි.</font>

411
00:30:50,640 --> 00:30:52,309
<font color="#ffcc46">කීයටද ඒක ඔසාකා වලට යන්නේ?</font>

412
00:30:52,392 --> 00:30:53,810
<font color="#ffcc46">ඊළඟ දවසේ හවස.</font>

413
00:30:54,394 --> 00:30:56,104
<font color="#ffcc46">මිස් ඕ, ඔයා කිව්වා නේද ඔයාට ජපන් පුළුවන් කියලා?</font>

414
00:30:56,688 --> 00:30:58,899
<font color="#ffcc46">ඔව්, මම ඉස්කෝලේ කාලේ ඉගෙන ගත්තා.</font>

415
00:30:58,982 --> 00:31:01,234
<font color="#ffcc46">දැන්ම ප්ලේන් ටිකට් සහ හොටෙල් බුක් කරන්න.</font>

416
00:31:01,318 --> 00:31:02,444
<font color="#ffcc46">හරි සර්. මම කරන්නම්.</font>

417
00:31:02,527 --> 00:31:05,322
<font color="#ffcc46">මිස්ටර් කිම්, අපිට වැඩි වෙලාවක් නෑ,
පුළුවන් හැම විස්තරයක්ම හොයන්න</font>

418
00:31:05,405 --> 00:31:07,908
<font color="#ffcc46">ඉකෙඩා ක්ලෑන් එක ගැන,
අර බෙක් කිතේ ඩීල් කරන සෙට් එක.</font>

419
00:31:07,991 --> 00:31:08,992
<font color="#ffcc46">හරි සර්. වැඩේ ගොඩ.</font>

420
00:31:09,076 --> 00:31:11,745
<font color="#ffcc46">හරි එහෙනම්! අපි ඔසාකා යනවා.</font>

421
00:31:11,828 --> 00:31:14,873
<font color="#ffcc46">අපි කලින් එහෙට ගිහින් බෙක් කිතේ පස්සෙන් පන්නමු.</font>

422
00:31:15,457 --> 00:31:16,708
<font color="#ffcc46">සර්, මේ තියෙන්නේ.</font>

423
00:31:17,209 --> 00:31:18,919
<font color="#ffcc46">සර් අර කලින් අහපු එක ගැන.</font>

424
00:31:19,419 --> 00:31:20,796
<font color="#ffcc46">එච්චර දෙයක් නෑ.</font>

425
00:31:20,879 --> 00:31:24,216
<font color="#ffcc46">එයා SNU එකේ ආට් කරන්නේ, නිවාඩු දාලා ඉන්නේ.
ශිෂ්‍ය ව්‍යාපාර වලට සම්බන්ධයක් නෑ.</font>

426
00:31:24,299 --> 00:31:25,300
<font color="#ffcc46">පිරිසිදු රෙකෝඩ් එකක් තියෙන්නේ.</font>

427
00:31:25,383 --> 00:31:27,094
<font color="#ffcc46">කිම් මින්සු පිරිමි, වයස 29</font>

428
00:31:27,177 --> 00:31:29,679
<font color="#ffcc46">සර් කිව්වේ එයා සර්ගේ නංගිගේ
ගිටාර් සර් කියලා නේද?</font>

429
00:31:39,356 --> 00:31:40,607
<font color="#ffcc46">එතකොට මෙත් ටික ලෑස්තිද?</font>

430
00:31:42,359 --> 00:31:43,360
<font color="#ffcc46">ඔව් සර්.</font>

431
00:31:44,152 --> 00:31:45,195
<font color="#ffcc46">කිලෝ කීයද?</font>

432
00:31:45,737 --> 00:31:46,738
<font color="#ffcc46">කිලෝ විස්සයි.</font>

433
00:31:47,656 --> 00:31:50,075
<font color="#ffcc46">ආ... මෙන්න.</font>

434
00:31:57,707 --> 00:31:59,084
<font color="#ffcc46">කිතේ.</font>

435
00:31:59,167 --> 00:32:00,418
<font color="#ffcc46">කියන්න සර්.</font>

436
00:32:01,545 --> 00:32:03,171
<font color="#ffcc46">අපි කොච්චර කල් ඉඳන් අඳුරනවද?</font>

437
00:32:03,964 --> 00:32:06,800
<font color="#ffcc46">අවුරුදු දහයක් විතර ඇති සර්.</font>

438
00:32:09,010 --> 00:32:10,011
<font color="#ffcc46">ෂා.</font>

439
00:32:10,595 --> 00:32:11,763
<font color="#ffcc46">අවුරුදු දහයක්?</font>

440
00:32:12,347 --> 00:32:13,765
<font color="#ffcc46">කාලය යන ඉක්මන.</font>

441
00:32:23,233 --> 00:32:24,734
<font color="#ffcc46">ඒයි, ප්යෝව එවන්න.</font>

442
00:32:28,947 --> 00:32:30,031
<font color="#ffcc46">ඔසාකා කිව්වා නේද?</font>

443
00:32:30,740 --> 00:32:31,741
<font color="#ffcc46">ඔව්.</font>

444
00:32:31,825 --> 00:32:34,536
<font color="#ffcc46">හරි. උඹට ටිකක් හිර වෙලාවක් තියෙන්නේ,</font>

445
00:32:35,370 --> 00:32:37,372
<font color="#ffcc46">ඒ හින්දා පරිස්සමින් වැඩේ කරගන්න, හරිද?</font>

446
00:32:37,455 --> 00:32:40,292
<font color="#ffcc46">එහේ ගියාම,
විස්කි බෝතලයකුත් අරන් එන්න.</font>

447
00:32:40,375 --> 00:32:44,212
<font color="#ffcc46">උඹ ආපහු ආවම අපි වැටෙනකන් බොමු.</font>

448
00:32:45,046 --> 00:32:46,047
<font color="#ffcc46">හරි සර්.</font>

449
00:32:53,597 --> 00:32:55,515
<font color="#ffcc46">-එන්න, වාඩි වෙන්න.
-හරි සර්.</font>

450
00:32:59,144 --> 00:33:01,229
<font color="#ffcc46">බෙක් මෙත් ටික අරන් ජපානෙට යනවා.</font>

451
00:33:01,813 --> 00:33:02,898
<font color="#ffcc46">උඹත් මිනිහා එක්ක යන්න ඕනේ.</font>

452
00:33:02,981 --> 00:33:03,982
<font color="#ffcc46">හරි සර්.</font>

453
00:33:08,695 --> 00:33:10,363
<font color="#ffcc46">-මොකද?
-මුකුත් නෑ සර්.</font>

454
00:33:12,199 --> 00:33:13,241
<font color="#ffcc46">හරි එහෙනම්. චියර්ස්.</font>

455
00:33:13,825 --> 00:33:15,035
<font color="#ffcc46">පරිස්සමින් ගිහින් එන්න.</font>

456
00:33:24,336 --> 00:33:25,420
<font color="#ffcc46">දැන් යන්න පුළුවන්.</font>

457
00:33:30,091 --> 00:33:31,468
<font color="#ffcc46">මම ගිහින් එද්දි සර්ව හම්බවෙන්නම්.</font>

458
00:33:31,551 --> 00:33:32,552
<font color="#ffcc46">හරි.</font>

459
00:33:43,104 --> 00:33:46,316
<font color="#ffcc46">මාව එයා එක්ක යවන්න
විශේෂ හේතුවක් තියෙනවද?</font>

460
00:33:47,525 --> 00:33:50,528
<font color="#ffcc46">මිනිහා කියනවා කිලෝ 20ක්
ඉකෙඩා සභාපතිතුමාට දෙනවා කියලා.</font>

461
00:33:50,612 --> 00:33:52,280
<font color="#ffcc46">-හරි.
-මිනිහා ගැන ඇහැ ගහගෙන ඉන්න.</font>

462
00:33:52,364 --> 00:33:53,365
<font color="#ffcc46">හරි සර්.</font>

463
00:34:06,086 --> 00:34:09,756
<font color="#ffcc46">චෝයි යූජිට කියන්න
මට එයාව තනියම හම්බවෙන්න ඕන කියලා.</font>

464
00:34:09,839 --> 00:34:10,840
<font color="#ffcc46">හරි සර්.</font>

465
00:34:12,884 --> 00:34:13,969
<font color="#ffcc46">අපි මූව ඉවරයක් කරලා දාමු.</font>

466
00:34:18,848 --> 00:34:20,016
<font color="#ffcc46">බෙක් කිතේ.</font>

467
00:34:21,434 --> 00:34:22,811
<font color="#ffcc46">එයා මං දිහා බලන විදිය...</font>

468
00:34:25,063 --> 00:34:26,690
<font color="#ffcc46">දැන් ඉස්සර වගේ නෙවෙයි.</font>

469
00:34:30,652 --> 00:34:31,778
<font color="#ffcc46">එයාව බලාගන්න...</font>

470
00:34:33,363 --> 00:34:34,531
<font color="#ffcc46">ආපහු කොරියාවට යන නැවෙදි.</font>

471
00:34:35,448 --> 00:34:36,449
<font color="#ffcc46">හරි සර්.</font>

472
00:34:43,540 --> 00:34:45,166
<font color="#ffcc46">එයා මං දිහා බලන විදිය...</font>

473
00:34:47,335 --> 00:34:48,712
<font color="#ffcc46">දැන් ඉස්සර වගේ නෙවෙයි.</font>

474
00:34:52,632 --> 00:34:53,717
<font color="#ffcc46">එයාව බලාගන්න...</font>

475
00:34:56,136 --> 00:34:57,304
<font color="#ffcc46">ආපහු කොරියාවට යන නැවෙදි.</font>

476
00:35:20,619 --> 00:35:24,873
<font color="#ffcc46">ඔසාකා, ජපානය</font>

477
00:35:25,624 --> 00:35:29,002
<font color="#ffcc46">තාත්තේ, මේ තියෙන්නේ
ගිය මාසේ බැලන්ස් ශීට් එක.</font>

478
00:35:33,214 --> 00:35:35,300
<font color="#ffcc46">තාත්තා කැමති වෙයි කියලා මම හිතනවා,</font>

479
00:35:35,383 --> 00:35:39,095
<font color="#ffcc46">මදිපාඩුවක් තිබුනොත් මට කියලා දෙන්න.</font>

480
00:35:39,179 --> 00:35:41,765
<font color="#ffcc46">මට ආරංචියි කිමුරායි</font>

481
00:35:42,265 --> 00:35:47,395
<font color="#ffcc46">අනිත් ලොක්කනුයි
මොනවදෝ කසුකුසුවක් කියලා.</font>

482
00:35:48,605 --> 00:35:49,939
<font color="#ffcc46">ඔයාටත් දැනටමත් ආරංචි වුනාද?</font>

483
00:35:50,732 --> 00:35:54,235
<font color="#ffcc46">ඔයා දන්නවනේ දැන් ජපානේ ෆැක්ටරි
දුවන එක කොච්චර අමාරුද කියලා.</font>

484
00:35:54,819 --> 00:35:56,321
<font color="#ffcc46">දැන් අපිට තියෙන එකම විකල්පේ කොරියාව.</font>

485
00:35:56,821 --> 00:35:58,782
<font color="#ffcc46">සැම්පල් එකේ කොලිටි එකත් නියමයි.</font>

486
00:36:00,241 --> 00:36:03,536
<font color="#ffcc46">ඒත් තාම ඒකට කල් වැඩිද මන්දා.</font>

487
00:36:05,163 --> 00:36:07,749
<font color="#ffcc46">තාත්තට මාව විශ්වාස නැද්ද?</font>

488
00:36:13,588 --> 00:36:16,841
<font color="#ffcc46">ඔව්, මම ඔයාව දැකපු මුල්ම දවසෙත්
ඔයාගෙ ඇස්වල තිබුනේ ඔය බැල්මමයි.</font>

489
00:36:19,177 --> 00:36:20,887
<font color="#ffcc46">මම මුලින්ම ඔයාව දකිද්දි.</font>

490
00:36:21,721 --> 00:36:22,722
<font color="#ffcc46">ඒත්,</font>

491
00:36:23,765 --> 00:36:27,227
<font color="#ffcc46">අනුන්ට බැලමෙහෙවර කරන්න
ඔයා වටින්නේ නෑ කියලා මට හිතුනා.</font>

492
00:36:27,727 --> 00:36:29,354
<font color="#ffcc46">ඒ ගැන මම තාත්තට හැමදාම ණයගැතියි.</font>

493
00:36:29,938 --> 00:36:32,816
<font color="#ffcc46">එහෙනම්, කල්පනාවෙන් වැඩ කරන්න.</font>

494
00:36:34,609 --> 00:36:38,530
<font color="#ffcc46">ඔයාට ආයිෙත් ඒ පරණ ජීවිතේට
යන්න ඕන නැත්නම්.</font>

495
00:36:40,699 --> 00:36:43,952
<font color="#ffcc46">ඔයා ඒ අයගේ විශ්වාසය දිනාගන්න ඕන</font>

496
00:36:45,120 --> 00:36:46,621
<font color="#ffcc46">ඔයාගේම හැකියාවෙන්,</font>

497
00:36:47,539 --> 00:36:49,749
<font color="#ffcc46">නැතුව මගේ දුව නිසා නෙවෙයි.</font>

498
00:36:50,500 --> 00:36:52,961
<font color="#ffcc46">මම මැදිහත් නොවී
ඔයාට වැඩක් කරගන්න බැරි නම්,</font>

499
00:36:54,421 --> 00:36:58,883
<font color="#ffcc46">ඔයාව ඉස්සරහට දාන එකේ තේරුමක් නෑ.</font>

500
00:37:00,969 --> 00:37:01,970
<font color="#ffcc46">තේරුනා තාත්තේ.</font>

501
00:37:02,929 --> 00:37:05,557
<font color="#ffcc46">තාත්තට වදවෙන්න දෙයක් නැති වෙන්න
මම බලාගන්නම්.</font>

502
00:37:09,310 --> 00:37:10,562
<font color="#ffcc46">එහෙම වුනොත් හොඳයි.</font>

503
00:37:12,021 --> 00:37:15,191
<font color="#ffcc46">මම ඔයා ගැන හිතන්නේ මගේම ලේ වගේ.</font>

504
00:37:15,859 --> 00:37:18,737
<font color="#ffcc46">ඒත් පවුලේ අනාගතේ වෙනුවෙන්,</font>

505
00:37:18,820 --> 00:37:20,363
<font color="#ffcc46">සමහර වෙලාවට</font>

506
00:37:21,489 --> 00:37:25,034
<font color="#ffcc46">තමන්ගේ දරුවගේ ලේ වුනත් හලන්න වෙනවා...</font>

507
00:37:31,040 --> 00:37:32,041
<font color="#ffcc46">තාත්තට අමාරුද?</font>

508
00:37:32,125 --> 00:37:33,835
<font color="#ffcc46">මම ඩොක්ටර් මියුරාට කතා කරන්නද?</font>

509
00:37:42,844 --> 00:37:45,930
<font color="#ffcc46">වතුර ටිකක්... බාත් ටබ් එකට වතුර පුරවන්න.</font>

510
00:37:49,726 --> 00:37:50,727
<font color="#ffcc46">හරි සර්.</font>

511
00:37:53,188 --> 00:37:54,939
<font color="#ffcc46">හොටෙල් ෆුකී</font>

512
00:37:57,150 --> 00:37:59,235
<font color="#ffcc46">බජට් එක ටිකක් ටයිට්.</font>

513
00:38:00,570 --> 00:38:04,073
<font color="#ffcc46">ඒත් මේක මේ වගේ තැනක්
කියලා මම දැනන් හිටියේ නෑ.</font>

514
00:38:14,626 --> 00:38:16,336
<font color="#ffcc46">මේ... එක්ස්කියුස් මී...</font>

515
00:38:16,419 --> 00:38:19,172
<font color="#ffcc46">මම කාමර දෙකක් බුක් කලා.</font>

516
00:38:19,255 --> 00:38:21,591
<font color="#ffcc46">එයා කියන්නේ එක කාමරයයි කියලා.</font>

517
00:38:21,674 --> 00:38:23,760
<font color="#ffcc46">-වෙන්න බෑනේ.
-මොකද්ද අවුල?</font>

518
00:38:25,178 --> 00:38:26,179
<font color="#ffcc46">ආ...</font>

519
00:38:26,262 --> 00:38:28,598
<font color="#ffcc46">මෙයා කියන්නේ එක කාමරයයිලු බුක් කරලා තියෙන්නේ.</font>

520
00:38:28,681 --> 00:38:30,642
<font color="#ffcc46">මම පැහැදිලිවම දෙකක් බුක් කලානේ.</font>

521
00:38:30,725 --> 00:38:32,685
<font color="#ffcc46">එහෙනම් තව කාමරයක් ඉල්ලන්න.</font>

522
00:38:32,769 --> 00:38:33,770
<font color="#ffcc46">හරි.</font>

523
00:38:34,646 --> 00:38:38,191
<font color="#ffcc46">මේ... අපිට තව කාමරයක් දෙන්න පුළුවන්ද?</font>

524
00:38:38,274 --> 00:38:40,151
<font color="#ffcc46">මට ඇත්තටම කණගාටුයි.</font>

525
00:38:40,735 --> 00:38:44,864
<font color="#ffcc46">ඔසාකා එක්ස්පෝ එක නිසා
අපේ කාමර ඔක්කොම පිරිලා.</font>

526
00:38:45,657 --> 00:38:46,658
<font color="#ffcc46">එක්ස්පෝ?</font>

527
00:38:47,408 --> 00:38:48,535
<font color="#ffcc46">එක්ස්පෝ?</font>

528
00:38:48,618 --> 00:38:49,619
<font color="#ffcc46">එක්ස්පෝ.</font>

529
00:38:50,829 --> 00:38:52,247
<font color="#ffcc46">කාමර නෑලු.</font>

530
00:39:34,330 --> 00:39:35,331
<font color="#ffcc46">අපොයි...</font>

531
00:39:42,463 --> 00:39:43,673
<font color="#ffcc46">දෙයියනේ...</font>

532
00:40:01,232 --> 00:40:02,901
<font color="#ffcc46">-හලෝ?
-මිස්ටර් ජෑන්ග්?</font>

533
00:40:02,984 --> 00:40:04,694
<font color="#ffcc46">ඔව්, කියන්න.</font>

534
00:40:04,777 --> 00:40:07,030
<font color="#ffcc46">සර්, බෙක් කිතේ දැන් නැවෙන් පිටත් වුනා.</font>

535
00:40:07,113 --> 00:40:08,114
<font color="#ffcc46">ඇත්තටම?</font>

536
00:40:08,197 --> 00:40:09,949
<font color="#ffcc46">හැබැයි තව කෙනෙක් එයා එක්ක නැග්ගා.</font>

537
00:40:10,533 --> 00:40:11,659
<font color="#ffcc46">හරි, තේරුනා.</font>

538
00:40:11,743 --> 00:40:13,411
<font color="#ffcc46">ඔව්.</font>

539
00:40:13,494 --> 00:40:15,038
<font color="#ffcc46">ඉන්න. අහන්නකෝ.</font>

540
00:40:15,121 --> 00:40:16,497
<font color="#ffcc46">-ඉන්න...
-දැන්ම තියන්න එපා.</font>

541
00:40:16,581 --> 00:40:17,582
<font color="#ffcc46">අපි තව ටිකක් කතා කරමු.</font>

542
00:40:17,665 --> 00:40:19,334
<font color="#ffcc46">මට මොකද්දෝ සද්දයක් ඇහෙනවා.</font>

543
00:40:19,417 --> 00:40:21,336
<font color="#ffcc46">-සද්දයක්?
-සර් මොකක් හරි කරනවද?</font>

544
00:40:21,419 --> 00:40:22,879
<font color="#ffcc46">නෑ, මම මොනවා කරන්නද?</font>

545
00:40:22,962 --> 00:40:24,213
<font color="#ffcc46">මට ඇහෙනවා මොකද්දෝ අමුතු...</font>

546
00:40:24,297 --> 00:40:27,133
<font color="#ffcc46">මොනවද මේ... ඇති ඕයි.
මම තියනවා.</font>

547
00:40:28,134 --> 00:40:29,135
<font color="#ffcc46">හරි. ගුඩ් නයිට් සර්.</font>

548
00:40:29,218 --> 00:40:30,219
<font color="#ffcc46">ඒ මිස්ටර් කිම් ද?</font>

549
00:40:32,931 --> 00:40:34,474
<font color="#ffcc46">ඔව්.</font>

550
00:40:36,643 --> 00:40:38,269
<font color="#ffcc46">එයා කිව්වා බෙක් කිතේ නැවෙන් පිටත් වුනාලු,</font>

551
00:40:39,687 --> 00:40:40,730
<font color="#ffcc46">හැබැයි එයා තනියම නෙවෙයිලු.</font>

552
00:40:41,606 --> 00:40:42,732
<font color="#ffcc46">කවුද එයා එක්ක ඉන්නේ?</font>

553
00:40:45,652 --> 00:40:46,694
<font color="#ffcc46">අපි දන්නේ නෑ.</font>

554
00:40:48,404 --> 00:40:51,407
<font color="#ffcc46">ද මැන්ගුම්</font>

555
00:41:27,443 --> 00:41:28,695
<font color="#ffcc46">බොස්!</font>

556
00:41:41,082 --> 00:41:42,375
<font color="#ffcc46">බොස්.</font>

557
00:41:44,544 --> 00:41:45,586
<font color="#ffcc46">ඉක්මන් කරපල්ලා!</font>

558
00:41:51,342 --> 00:41:52,427
<font color="#ffcc46">බොස්!</font>

559
00:41:53,219 --> 00:41:54,971
<font color="#ffcc46">බොස්!</font>

560
00:41:55,054 --> 00:41:56,973
<font color="#ffcc46">වැඩ පටන් ගනිල්ලා!
හරි සර්!</font>

561
00:41:58,099 --> 00:42:00,143
<font color="#ffcc46">මේක නිකන් මාළු මාර්කට් එකක් වගේ පෙනුනට,</font>

562
00:42:00,226 --> 00:42:05,857
<font color="#ffcc46">මේ බෙදාහැරීමේ ජාලයෙන් තමයි ජපානෙ හැම ගෙදරකම
කෑම මේසෙට "බඩු" බෙදන්නේ.</font>

563
00:42:32,675 --> 00:42:34,093
<font color="#ffcc46">බොස්.</font>

564
00:43:15,384 --> 00:43:17,762
<font color="#ffcc46">මට බඩගිනියි.
යමුද මොනවා හරි කන්න?</font>

565
00:43:18,262 --> 00:43:21,057
<font color="#ffcc46">ඩ්‍රින්ක් එකක් දැම්මොත් මොකද?
අපි ඩීල් එක හොඳට ඉවර කරගත්තනේ.</font>

566
00:43:22,809 --> 00:43:26,354
<font color="#ffcc46">ඔයාට අකමැත්තක් නැත්නම්, මට මිස්ටර් බෙක් එක්ක
තනියම යන්න ඕන තැනක් තියෙනවා.</font>

567
00:43:36,781 --> 00:43:37,865
<font color="#ffcc46">යන්න.</font>

568
00:43:39,450 --> 00:43:41,786
<font color="#ffcc46">යමු!
හරි සර්!</font>

569
00:43:54,549 --> 00:43:56,801
<font color="#ffcc46">බොස්!
බොස්!</font>

570
00:44:03,558 --> 00:44:07,603
<font color="#ffcc46">කොරියාටවුන්, ඔසාකා</font>

571
00:44:27,832 --> 00:44:29,917
<font color="#ffcc46">මම හිතුවේ ඔයාට බඩගිනියි කියලා.</font>

572
00:44:30,001 --> 00:44:31,002
<font color="#ffcc46">අපි මොකද මෙතන කරන්නේ?</font>

573
00:44:31,502 --> 00:44:32,920
<font color="#ffcc46">මම හැදුනේ මෙහෙ.</font>

574
00:44:34,130 --> 00:44:36,716
<font color="#ffcc46">මගේ ජීවිතේම අරමුණ වුනේ මෙහෙන් පැනගන්න එක,</font>

575
00:44:37,300 --> 00:44:39,093
<font color="#ffcc46">ඒත් මේ කෑම වල රහ මට කවදාවත් අමතක වුනේ නෑ.</font>

576
00:44:39,177 --> 00:44:41,304
<font color="#ffcc46">-වද මල් පිපිලා!
-අහු වුනා! දුවපන්!</font>

577
00:44:41,387 --> 00:44:42,847
<font color="#ffcc46">දුවපන්!</font>

578
00:44:42,930 --> 00:44:45,308
<font color="#ffcc46">බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා!</font>

579
00:44:47,977 --> 00:44:49,437
<font color="#ffcc46">ඇත්තම කිව්වොත්, මම හැදුනෙත් මෙහෙ.</font>

580
00:44:57,612 --> 00:44:58,696
<font color="#ffcc46">හොදි ටික නියමයි.</font>

581
00:45:01,991 --> 00:45:03,367
<font color="#ffcc46">ඔයා කවද්ද ජපානෙට ආවේ?</font>

582
00:45:04,118 --> 00:45:06,120
<font color="#ffcc46">පොඩි කාලේ,
මට වයස අවුරුදු නවයක් විතර ඇති.</font>

583
00:45:06,204 --> 00:45:07,330
<font color="#ffcc46">ඔයා?</font>

584
00:45:08,122 --> 00:45:09,290
<font color="#ffcc46">මම ඉපදුනේ මෙහෙ.</font>

585
00:45:11,417 --> 00:45:13,711
<font color="#ffcc46">එහෙනම් ඒ කාලේ අපි මුණගැහිලත් ඇති.</font>

586
00:45:15,588 --> 00:45:19,592
<font color="#ffcc46">බලන් ගියාම,
මට මතකයි ඔයාව දැකලා තියෙනවා වගේ.</font>

587
00:45:20,343 --> 00:45:22,929
<font color="#ffcc46">ඔයා කවද්ද ආපහු කොරියාවට ගියේ?</font>

588
00:45:23,012 --> 00:45:25,181
<font color="#ffcc46">මට වයස 19දි,
තාත්තා නැති වුනාට පස්සේ.</font>

589
00:45:25,264 --> 00:45:27,391
<font color="#ffcc46">අපි බූසාන් වලට ගියා, අම්මගේ ගමට.</font>

590
00:45:27,892 --> 00:45:29,727
<font color="#ffcc46">ඊට පස්සෙ අවුරුද්දේ අම්මත් නැති වුනා.</font>

591
00:45:29,810 --> 00:45:32,396
<font color="#ffcc46">ඉතින් මට සිද්ද වුනා මල්ලිලාව බලාගන්න
රස්සාවල් කරන්න.</font>

592
00:45:34,523 --> 00:45:35,608
<font color="#ffcc46">ගොඩක් කට්ට කන්න ඇති නේද.</font>

593
00:45:36,859 --> 00:45:38,236
<font color="#ffcc46">පවුල නේ?</font>

594
00:45:38,736 --> 00:45:41,405
<font color="#ffcc46">ඒ අය හිටියත් නෑ වගේ, නැතත් නෑ වගේ.</font>

595
00:45:44,033 --> 00:45:47,703
<font color="#ffcc46">මම හිතුවේ
අඩුම ගානේ "චෝසෙන්ජින්" කියන කතාව අහන්නවත් නැති වෙයි කියලා.</font>

596
00:45:48,579 --> 00:45:51,332
<font color="#ffcc46">ඒත් ඒ වෙනුවට,
හැම තිස්සෙම මට කිව්වේ "ජප්පා" කියලා.</font>

597
00:45:53,876 --> 00:45:54,877
<font color="#ffcc46">මාර වදයක් ඒක.</font>

598
00:45:58,172 --> 00:46:00,800
<font color="#ffcc46">කෑම එක නියමයි. මම ගිහින් එන්නම්.</font>

599
00:46:00,883 --> 00:46:02,718
<font color="#ffcc46">ස්තූතියි.</font>

600
00:46:07,139 --> 00:46:09,058
<font color="#ffcc46">මට පාට්නර් කෙනෙක් ඕන
දිගටම</font>

601
00:46:09,141 --> 00:46:10,810
<font color="#ffcc46">ලොකු තොගයක් නිෂ්පාදනය කරන්න පුළුවන්.</font>

602
00:46:12,019 --> 00:46:14,730
<font color="#ffcc46">දැනට ඔයා මේ බිස්නස් එකේ
තාම පොඩි මට්ටමක ඉන්නේ.</font>

603
00:46:15,815 --> 00:46:19,360
<font color="#ffcc46">ඉතින් ඔයාට ඇත්තටම කොච්චර ප්‍රමාණයක්
එළියට දාන්න පුළුවන්ද කියලා මට සැකයි.</font>

604
00:46:20,778 --> 00:46:24,115
<font color="#ffcc46">ඔයාට හරියටම කොච්චර ඕනද?</font>

605
00:46:24,824 --> 00:46:26,200
<font color="#ffcc46">දැන් වගේ දහ ගුණයක්.</font>

606
00:46:26,784 --> 00:46:28,995
<font color="#ffcc46">-එච්චර ප්‍රමාණයක් මුළු ජපානෙටම--
-ඒක හරි.</font>

607
00:46:29,078 --> 00:46:32,957
<font color="#ffcc46">මට ඕන මුළු ජපානෙම එකපාරින්
අල්ලගන්න පුළුවන් තරම් ලොකු තොගයක්.</font>

608
00:46:33,666 --> 00:46:37,586
<font color="#ffcc46">එතකොට තමයි මට බලයක් එන්නේ</font>

609
00:46:38,963 --> 00:46:40,798
<font color="#ffcc46">අර කෑදර නාකියා එකපාරින්ම පාගලා දාන්න.</font>

610
00:46:42,466 --> 00:46:45,303
<font color="#ffcc46">මම ලඟදි ඔසාකා වල තිබුන අපේ ෆැක්ටරි එක වැහුවා.</font>

611
00:46:45,845 --> 00:46:48,431
<font color="#ffcc46">ඒකේ තිබුනා හොඳම තත්ත්වයේ තායිවාන් අමුද්‍රව්‍ය තොගයක්.</font>

612
00:46:48,931 --> 00:46:51,851
<font color="#ffcc46">ඒකෙන් ඔයාට පුළුවන් වෙයි මම ඉල්ලපු ප්‍රමාණය
ලෝස් නැතුව හදන්න.</font>

613
00:46:51,934 --> 00:46:54,520
<font color="#ffcc46">ඔයා කියන්නේ
ඔයා මට අමුද්‍රව්‍ය දෙනවා කියලද?</font>

614
00:46:55,563 --> 00:46:56,564
<font color="#ffcc46">කීයටද?</font>

615
00:46:56,647 --> 00:46:58,691
<font color="#ffcc46">බය වෙන්න එපා.
මම ඒක ආයෝජනයක් විදියට සලකන්නම්.</font>

616
00:46:59,358 --> 00:47:03,446
<font color="#ffcc46">හැබැයි ඔයා තායිවාන් වලින් දිගටම අමුද්‍රව්‍ය ගෙන්න ගන්න
ක්‍රමයක් ලෑස්ති කරගන්න ඕන.</font>

617
00:47:04,780 --> 00:47:07,199
<font color="#ffcc46">මට හැමදාම ඔයා වෙනුවෙන් පෙනී ඉන්න බෑනේ.</font>

618
00:47:07,783 --> 00:47:09,243
<font color="#ffcc46">මම කවදාවත් එහෙම කරන්න කිව්වේ නෑනේ.</font>

619
00:47:10,578 --> 00:47:14,248
<font color="#ffcc46">ඔයා හරි.
සමහරවිට මට ඔයාව දකින්න ඕන නිසා වෙන්න ඇති.</font>

620
00:47:16,959 --> 00:47:18,252
<font color="#ffcc46">ඔයා මට ලයින් දානවද?</font>

621
00:47:31,015 --> 00:47:33,225
<font color="#ffcc46">සර්, ඩීල් එක ගානට කෙරුනා.</font>

622
00:47:35,061 --> 00:47:36,604
<font color="#ffcc46">ඔයා චෝයි යූජි එක්ක කතා කලාද?</font>

623
00:47:37,104 --> 00:47:38,147
<font color="#ffcc46">ඔව් සර්. මම කතා කලා.</font>

624
00:47:39,648 --> 00:47:40,775
<font color="#ffcc46">ඔයා කවද්ද ආපහු එන්නේ?</font>

625
00:47:41,400 --> 00:47:42,651
<font color="#ffcc46">අපි දැන් පිටත් වෙනවා.</font>

626
00:47:44,653 --> 00:47:46,113
<font color="#ffcc46">බෙක් කිතේ ව පරිස්සමට එක්කන් එන්න.</font>

627
00:47:46,614 --> 00:47:47,698
<font color="#ffcc46">හරි සර්. මම බලාගන්නම්.</font>

628
00:47:52,578 --> 00:47:54,955
<font color="#ffcc46">හ්වන්ග් ගුක්ප්යොන්ග්, KCIA</font>

629
00:48:17,269 --> 00:48:18,354
<font color="#ffcc46">ඒක කීයක් වෙනවද?</font>

630
00:48:19,605 --> 00:48:21,649
<font color="#ffcc46">වොන් මිලියන 300ක් විතර වෙනවා.</font>

631
00:48:23,067 --> 00:48:24,068
<font color="#ffcc46">එහෙමද.</font>

632
00:48:25,903 --> 00:48:27,571
<font color="#ffcc46">ඕකෙන් ඔයාට අපාර්ට්මන්ට් 100ක් ගන්න පුළුවන්.</font>

633
00:48:30,282 --> 00:48:31,534
<font color="#ffcc46">ඔයාගේ ගාන කියන්න.</font>

634
00:48:51,470 --> 00:48:55,558
<font color="#ffcc46">බූසාන් වරාය, කොරියාව</font>

635
00:49:04,150 --> 00:49:06,861
<font color="#ffcc46">අම්මපා, ප්යෝ හක්සුත් මේකට සම්බන්ධ නම්,</font>

636
00:49:06,944 --> 00:49:10,114
<font color="#ffcc46">ඒ කියන්නේ KCIA එක සංවිධානාත්මකව
කුඩු බිස්නස් කරනවා කියන එකනේ.</font>

637
00:49:11,323 --> 00:49:13,784
<font color="#ffcc46">එතකොට,
හ්වන්ග් ත් මේකට සම්බන්ධ ඇති නේද?</font>

638
00:49:14,285 --> 00:49:15,286
<font color="#ffcc46">මටත් හිතෙන්නේ එහෙමයි.</font>

639
00:49:19,665 --> 00:49:21,250
<font color="#ffcc46">-අන්න එයාලා එනවා.
-එළියට එනවා.</font>

640
00:49:21,333 --> 00:49:22,334
<font color="#ffcc46">එයාලා එනවා.</font>

641
00:49:22,877 --> 00:49:25,671
<font color="#ffcc46">-අර ඉන්නේ ප්යෝ හක්සු. මිනිහා එළියේ.
-හරි, ලෑස්ති වෙන්න.</font>

642
00:49:25,754 --> 00:49:27,715
<font color="#ffcc46">-ලෑස්ති වෙන්න.
-ඒයි, රෙඩි වෙන්න.</font>

643
00:49:27,798 --> 00:49:28,799
<font color="#ffcc46">ලෑස්ති වෙන්න.</font>

644
00:49:28,883 --> 00:49:31,260
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න. මට බෙක් කිතේ ව පේන්න නෑනේ.
බෙක් මෙතන නෑ.</font>

645
00:49:32,344 --> 00:49:34,889
<font color="#ffcc46">ආ? බෙක් කිතේ නෑනේ.</font>

646
00:49:36,140 --> 00:49:37,391
<font color="#ffcc46">ඉන්න, එතනම ඉන්න.</font>

647
00:49:37,475 --> 00:49:38,809
<font color="#ffcc46">එතනම ඉන්න.</font>

648
00:49:38,893 --> 00:49:39,894
<font color="#ffcc46">එතනම ඉන්න.</font>

649
00:49:41,103 --> 00:49:42,938
<font color="#ffcc46">කල්පනාවෙන් ඉන්න.</font>

650
00:49:44,607 --> 00:49:46,358
<font color="#ffcc46">-වාහනයක්! එනවා!
-පාත් වෙන්න!</font>

651
00:49:50,779 --> 00:49:52,531
<font color="#ffcc46">ෂික්, මම හොඳටම බය වුනා.</font>

652
00:49:53,532 --> 00:49:55,367
<font color="#ffcc46">ඒ ඩිරෙක්ටර් හ්වන්ග් ගේ කාර් එක නේද?</font>

653
00:49:55,451 --> 00:49:56,452
<font color="#ffcc46">ඔව්, ඒක තමයි.</font>

654
00:49:56,952 --> 00:49:58,913
<font color="#ffcc46">-මිනිහා මොකද මෙහෙ කරන්නේ?
-මොකද මේ වෙන්නේ?</font>

655
00:50:00,247 --> 00:50:01,707
<font color="#ffcc46">-සල්ලි?
-බෑග් වල සර්.</font>

656
00:50:04,084 --> 00:50:05,377
<font color="#ffcc46">-නියමයි.
-හරි සර්.</font>

657
00:50:09,507 --> 00:50:11,884
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න,
බෙක් කිතේ තාම එළියට ආවෙ නෑනෙ.</font>

658
00:50:12,635 --> 00:50:13,677
<font color="#ffcc46">මිනිහා කොහෙද?</font>

659
00:50:13,761 --> 00:50:15,804
<font color="#ffcc46">-ඇයි ඒ යකා එළියට එන්නෙ නැත්තෙ?
-ෂික්.</font>

660
00:50:17,806 --> 00:50:20,226
<font color="#ffcc46">මොකක්? එයාලා ආපහු හැරෙනවා.</font>

661
00:50:20,309 --> 00:50:22,269
<font color="#ffcc46">-ඉන්න. ඇයි මේ යන්න හදන්නෙ?
-එයාලා යනවා.</font>

662
00:50:22,353 --> 00:50:24,438
<font color="#ffcc46">-එයාලා එනවා! පාත් වෙන්න!
-එතකොට බෙක් කිතේ?</font>

663
00:50:24,522 --> 00:50:27,399
<font color="#ffcc46">-හැංගෙන්න! එයාලා එනවා! පාත් වෙන්න!
-ඇයි එයාලා මිනිහව දාලා යන්නෙ?</font>

664
00:50:31,987 --> 00:50:33,322
<font color="#ffcc46">එයාලා ගියා.</font>

665
00:50:34,823 --> 00:50:37,535
<font color="#ffcc46">ඒත් බෙක් කිතේ...
සර්, අපි මොකද කරන්නෙ?</font>

666
00:50:37,618 --> 00:50:38,619
<font color="#ffcc46">බෙක්...</font>

667
00:50:38,702 --> 00:50:40,412
<font color="#ffcc46">හරි. මෙහෙමයි...</font>

668
00:50:40,496 --> 00:50:43,040
<font color="#ffcc46">හැංගිලා ඉඳන් 'මන්ගුම්' එක දිහා හොඳට බලාගෙන ඉන්න.</font>

669
00:50:43,123 --> 00:50:45,709
<font color="#ffcc46">බෙක් ගුම්...
බෙක්... බෙක් කිතේ බැස්සද කියල හරියටම බලාගන්න!</font>

670
00:50:47,670 --> 00:50:48,712
<font color="#ffcc46">බෙක් කිතේ ගැන මොකද කරන්නෙ?</font>

671
00:50:49,588 --> 00:50:51,590
<font color="#ffcc46">ඔක්කොම බලා ගත්තා, සර්.</font>

672
00:50:53,509 --> 00:50:54,593
<font color="#ffcc46">අපරාදේ.</font>

673
00:50:57,930 --> 00:50:59,306
<font color="#ffcc46">ඉතින් චොයි යු-ජි මොකද කිව්වෙ?</font>

674
00:51:01,100 --> 00:51:03,978
<font color="#ffcc46">අපි හොඳට කතා කරගත්තා.
එයා කිව්වා ළඟදිම අපිව කන්ටැක්ට් කරගන්නම් කියලා.</font>

675
00:51:05,813 --> 00:51:08,357
<font color="#ffcc46">-කන්ග් දේ-ඉල් ව අයින් කරලා ගැන්ග් එක අල්ලගන්න.
-හරි සර්.</font>

676
00:51:08,440 --> 00:51:10,401
<font color="#ffcc46">ඊට පස්සෙ ෆැක්ටරිය තමුන්ම බලාගන්න.</font>

677
00:51:10,484 --> 00:51:11,569
<font color="#ffcc46">හරි සර්. තේරුණා.</font>

678
00:51:14,154 --> 00:51:15,990
<font color="#ffcc46">කිතේ, මෝඩයා.</font>

679
00:51:30,421 --> 00:51:32,131
<font color="#ffcc46">බෙක් කිතේට මොකද වුණේ?</font>

680
00:51:37,011 --> 00:51:38,596
<font color="#ffcc46">මිනිහා තාම නැවෙන් බැස්සෙ නෑ.</font>

681
00:51:40,014 --> 00:51:42,224
<font color="#ffcc46">අහන්න, එයාව මග ඇරගන්න බෑ!
හොඳට බලාගෙන ඉන්න!</font>

682
00:51:42,933 --> 00:51:45,227
<font color="#ffcc46">සර්, බෙක් කිතේ...</font>

683
00:51:46,562 --> 00:51:47,563
<font color="#ffcc46">මොකක්?</font>

684
00:51:48,439 --> 00:51:49,648
<font color="#ffcc46">බෙක් කිතේට මොකද?</font>

685
00:52:31,440 --> 00:52:32,441
<font color="#ffcc46">අයියෝ.</font>

686
00:52:33,108 --> 00:52:34,735
<font color="#ffcc46">ඒයි, ඒයි, ඒයි!</font>

687
00:52:37,529 --> 00:52:40,783
<font color="#ffcc46">ඒයි, මොකක්ද මේ මඟුලක්? මොකද වෙන්නෙ?</font>

688
00:53:11,897 --> 00:53:15,651
<font color="#ffcc46">නවත්තපන්!</font>

689
00:53:18,862 --> 00:53:20,155
<font color="#ffcc46">මොන විකාරයක්ද මේ?</font>

690
00:53:22,491 --> 00:53:25,828
<font color="#ffcc46">අද වගේ දවසක මේ මල ඉලව් පූජාව
තියන්නම ඕනද?</font>

691
00:53:27,788 --> 00:53:28,789
<font color="#ffcc46">දියන් මට.</font>

692
00:53:29,957 --> 00:53:31,291
<font color="#ffcc46">-මෙතන ඉන්න.
-හරි සර්.</font>

693
00:53:41,844 --> 00:53:43,345
<font color="#ffcc46">-බෙක් කිතේ...
-ඔව්?</font>

694
00:53:44,763 --> 00:53:46,140
<font color="#ffcc46">...තමුන්ට මොකුත් කිව්වද?</font>

695
00:53:47,641 --> 00:53:50,144
<font color="#ffcc46">එයා වැඳලා ජීවිතේ බේරලා දෙන්න කියලා විතරයි කිව්වෙ.</font>

696
00:53:57,526 --> 00:53:58,569
<font color="#ffcc46">මම මෙතන ඉන්නම් සර්.</font>

697
00:54:50,787 --> 00:54:51,997
<font color="#ffcc46">ෂික්, කාලකන්නි.</font>

698
00:54:52,831 --> 00:54:54,333
<font color="#ffcc46">මුන් කොහෙට ගියාද මන්දා?</font>

699
00:54:56,668 --> 00:54:57,711
<font color="#ffcc46">අපරාදේ.</font>

700
00:55:34,665 --> 00:55:36,041
<font color="#ffcc46">අර තියෙන්නෙ.</font>

701
00:56:06,321 --> 00:56:07,781
<font color="#ffcc46">නවතිනවා!</font>

702
00:56:08,407 --> 00:56:09,950
<font color="#ffcc46">අනේ දෙයියනේ.</font>

703
00:56:10,033 --> 00:56:12,286
<font color="#ffcc46">නවතිනවා!</font>

704
00:56:32,431 --> 00:56:33,432
<font color="#ffcc46">මොකක්ද මේ?</font>

705
00:56:41,815 --> 00:56:42,858
<font color="#ffcc46">සුන්ජා!</font>

706
00:56:46,361 --> 00:56:48,030
<font color="#ffcc46">උඹට මෙහෙම කරන්න බෑ!</font>

707
00:57:08,508 --> 00:57:10,302
<font color="#ffcc46">පර බල්ලො.</font>

708
00:57:26,985 --> 00:57:28,487
<font color="#ffcc46">මෙතන මොන මඟුලක්ද වෙන්නෙ?</font>

709
00:57:29,613 --> 00:57:31,323
<font color="#ffcc46">තමුන්!</font>

710
00:57:31,406 --> 00:57:32,741
<font color="#ffcc46">තමුන් මොකද මේ කරන්නෙ?</font>

711
00:57:33,450 --> 00:57:34,910
<font color="#ffcc46">ඔය රණ්ඩුව නවත්තන්න!</font>

712
00:57:35,535 --> 00:57:37,079
<font color="#ffcc46">ඉන්න, ඒයි! නවත්තන්න එයාලව!</font>

713
00:57:37,579 --> 00:57:38,622
<font color="#ffcc46">නවත්තන්න එයාලව!</font>

714
00:57:43,043 --> 00:57:45,253
<font color="#ffcc46">-තොපි වගේ කාලකන්නි.
-ඉන්න, ඉන්න...</font>

715
00:57:48,507 --> 00:57:51,218
<font color="#ffcc46">පරම සුව මැදුර</font>

716
00:58:29,631 --> 00:58:31,258
<font color="#ffcc46">ඒයි! තමුන්!</font>

717
00:58:43,228 --> 00:58:44,229
<font color="#ffcc46">කිතේ.</font>

718
00:59:10,839 --> 00:59:13,049
<font color="#ffcc46">මිස් ඕ, එළියෙ හොයලා බලන්න!</font>

719
00:59:36,615 --> 00:59:37,616
<font color="#ffcc46">ඩිරෙක්ටර් හ්වන්ග්.</font>

720
00:59:38,200 --> 00:59:39,493
<font color="#ffcc46">මොකද මෙතන වුණේ?</font>

721
01:00:26,998 --> 01:00:28,708
<font color="#ffcc46">ම්ම්?</font>

722
01:00:36,675 --> 01:00:39,135
<font color="#ffcc46">ඇම්බියුලන්ස් එකක්.</font>

723
01:00:39,219 --> 01:00:41,221
<font color="#ffcc46">ඇම්බියුලන්ස් එකක්!</font>

724
01:00:58,280 --> 01:00:59,281
<font color="#ffcc46">ෆෝන් එක!</font>

725
01:00:59,364 --> 01:01:01,241
<font color="#ffcc46">කෝ ෆෝන් එක?</font>

726
01:01:30,103 --> 01:01:33,857
<font color="#ffcc46">හෙලෝ? මේ බුසාන් දිස්ත්‍රික් නීතිපති කාර්යාලයේ
ජං ගොන්-යොන් කතා කරන්නෙ.</font>

727
01:01:33,940 --> 01:01:36,484
<font color="#ffcc46">මම ඉන්නෙ හෙවුන්ඩේ වල බන්සොන්ග් වල.</font>

728
01:01:36,568 --> 01:01:39,988
<font color="#ffcc46">මෙතන කෙනෙක් මැරෙන්න පණ අදිනවා,
ඒ නිසා දැන්මම ඇම්බියුලන්ස් එකක් එවන්න.</font>

729
01:01:40,071 --> 01:01:43,116
<font color="#ffcc46">මම මේ බන්සොන්ග් වල ඉන්නෙ... මේක... පන්සලක්!</font>

730
01:01:43,199 --> 01:01:44,451
<font color="#ffcc46">මම ඉන්නෙ පන්සලක!</font>

731
01:01:44,534 --> 01:01:46,661
<font color="#ffcc46">පන්සලේ නමද?
මම දන්නෙ නෑ! මොකක්?</font>

732
01:01:46,745 --> 01:01:50,415
<font color="#ffcc46">මේ හරියෙ පන්සල් පහක් තියෙනවද?
එහෙනම් ඇම්බියුලන්ස් එවන්න</font>

733
01:01:50,498 --> 01:01:51,750
<font color="#ffcc46">-ඒ පහටම!
-ගිනි ගන්නවෝ!</font>

734
01:01:51,833 --> 01:01:53,293
<font color="#ffcc46">-ගිනි ගන්නවෝ!
-ගිනි ගන්නවෝ!</font>

735
01:01:54,127 --> 01:01:56,004
<font color="#ffcc46">-ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරන්න!
-ගිනි ගන්නවෝ!</font>

736
01:01:56,087 --> 01:01:58,465
<font color="#ffcc46">-මොකක්ද මේ වෙන්නෙ?
-ගිනි ගන්නවෝ!</font>

737
01:01:58,548 --> 01:02:01,718
<font color="#ffcc46">ගිනි ගන්නවෝ! ගිනි ගන්නවෝ! ගිනි ගන්නවෝ!</font>

738
01:02:01,801 --> 01:02:03,053
<font color="#ffcc46">බලාගෙන!</font>

739
01:02:04,512 --> 01:02:06,473
<font color="#ffcc46">වතුර. ආහ්, වතුර.</font>

740
01:02:10,685 --> 01:02:13,021
<font color="#ffcc46">හරි. හරි, අයින් වෙන්න! අයින් වෙන්න!</font>

741
01:02:22,781 --> 01:02:24,199
<font color="#ffcc46">හරි, හරි.</font>

742
01:02:24,282 --> 01:02:27,285
<font color="#ffcc46">අපොයි! පස්සට වෙන්න! එතන අනතුරුදායකයි!</font>

743
01:05:50,655 --> 01:05:52,657
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

