1
00:00:42,415 --> 00:00:44,415
<font color="#e32a44"><b>💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</b></font>

2
00:00:44,439 --> 00:00:49,111
<font color="#e3a113"><b>ආදරණීය X</b></font>

3
00:00:49,736 --> 00:00:51,822


4
00:00:51,905 --> 00:00:53,532


5
00:01:13,260 --> 00:01:14,928
<font color="#ffd220">ස්තූතියි. පරිස්සමින් යන්න.</font>

6
00:01:15,012 --> 00:01:16,263
<font color="#ffd220">හොඳයි. ස්තූතියි.</font>

7
00:01:19,474 --> 00:01:20,893
<font color="#ffd220">මිස්ටර් චෝයි, ඔයාට හොඳයි නේද?</font>

8
00:01:20,976 --> 00:01:23,645
<font color="#ffd220">ඔයා ඇත්තටම කඩේ දාලා අර හොරා පස්සේ පැන්නද?</font>

9
00:01:24,146 --> 00:01:25,147
<font color="#ffd220">ඒක නම් මාර වැඩක්.</font>

10
00:01:25,230 --> 00:01:26,857
<font color="#ffd220">ඔයා ඇයි හැමතිස්සෙම ඔය වගේ මිනිස්සු පස්සේ යන්නේ?</font>

11
00:01:26,940 --> 00:01:29,860
<font color="#ffd220">මට කමක් නෑ. ඒක පොඩි දෙයක්නේ.
ඔයා පොලිසියට බැඳුණා නම් හරි.</font>

12
00:01:29,943 --> 00:01:31,111
<font color="#ffd220">ඕනවට වඩා හිතන්න එපා ළමයෝ.</font>

13
00:01:31,195 --> 00:01:32,321
<font color="#ffd220">දැන් යන්න. මම හොඳින්.</font>

14
00:01:40,621 --> 00:01:43,207
<font color="#ffd220">පසුබෑම් රැසකට පසු බේස්බෝල් සුපිරි
තරුවක් වූ චෝයි ජුන්ග් හෝ විශ්‍රාම ගනී</font>

15
00:01:43,290 --> 00:01:46,043
<font color="#ffd220">හිටපු ප්‍රබල පිතිකරුවා සිය
විශ්‍රාම ගැනීම නිවේදනය කරයි</font>

16
00:01:48,086 --> 00:01:49,630
<font color="#ffd220">ඇය අපායේ දොරටු විවෘත කරන්නට</font>

17
00:01:50,631 --> 00:01:53,300
<font color="#ffd220">මොහොතකට පෙර සිදුවූ ඒ දේවල්
ගැන මම ඉඳහිට ආපහු හැරිලා බලනවා.</font>

18
00:01:56,762 --> 00:02:02,142
<font color="#ffd220">ආ ජින්ට ඔහුව මුණගැසුණු එක නිකම්ම අහම්බයක්ද?</font>

19
00:02:03,018 --> 00:02:05,771
<font color="#ffd220">එහෙමත් නැත්නම් ඒක දෛවයද?</font>

20
00:02:07,356 --> 00:02:08,982
<font color="#ffd220">එහෙනම් ලබන සතියේ හම්බවෙමු. පරිස්සමින් ඉන්න.</font>

21
00:02:10,859 --> 00:02:12,402
<font color="#ffd220">මම ලබන සතියේ ඉඳන් වැඩ පටන් ගන්නවා.</font>

22
00:02:12,986 --> 00:02:16,031
<font color="#ffd220">අර්ධ කාලීන රස්සාවක් පටන්
ගන්න තවම කල් වැඩියි නේද?</font>

23
00:02:16,365 --> 00:02:18,700
<font color="#ffd220">මට ඕනේ ටික කාලෙකට ඔළුව නිදහස් කරගන්න.</font>

24
00:02:23,038 --> 00:02:26,750
<font color="#ffd220">මම ඔයාට ඉන්න තැනක් හෙව්වා. මේ
තියෙන්නේ ලිපිනයයි දොරේ කෝඩ් එකයි.</font>

25
00:02:28,585 --> 00:02:32,506
<font color="#ffd220">ඒක මගේ ඉස්කෝලෙට ගොඩක් දුරයි,
ඒ නිසා මම යාළුවෙක් එක්ක නවතින්නම්.</font>

26
00:02:32,589 --> 00:02:35,342
<font color="#ffd220">ඒ ගෙදර කවුරුත් නෑ,
ඉතින් ඔයාට පුළුවන්... එපා.</font>

27
00:02:37,261 --> 00:02:38,637
<font color="#ffd220">මම ආපහු මගේ ගෙදර යනවා.</font>

28
00:02:38,720 --> 00:02:40,931
<font color="#ffd220">ඒත් ඔයා ඉන්න තැන එයා දන්නවනේ.</font>

29
00:02:41,014 --> 00:02:43,892
<font color="#ffd220">එයා ආපහු ඔයාව හොයාගෙන ඇවිල්ලා සල්ලි ඉල්ලයි.</font>

30
00:02:43,976 --> 00:02:45,852
<font color="#ffd220">මම එයාට සල්ලි දෙන්නයි යන්නේ.</font>

31
00:02:46,311 --> 00:02:50,691
<font color="#ffd220">මම වෙලාවට සල්ලි දුන්නොත්,
එයා මට ගහන එකක් නෑ.</font>

32
00:02:52,609 --> 00:02:54,027
<font color="#ffd220">මට කරන්න පුළුවන් හොඳම දේ ඒකයි.</font>

33
00:03:02,411 --> 00:03:03,829
<font color="#ffd220">ගිහින් එන්නම්.</font>

34
00:03:03,912 --> 00:03:05,330
<font color="#ffd220">ඔයා ගෙදරින් යනවද?</font>

35
00:03:07,374 --> 00:03:08,792
<font color="#ffd220">ඇයි ඔයා එයා වෙනුවෙන් මේ හැම දෙයක්ම කරන්නේ?</font>

36
00:03:08,875 --> 00:03:10,127
<font color="#ffd220">සිහියට එන්න, ජුන් සියෝ.</font>

37
00:03:10,210 --> 00:03:12,754
<font color="#ffd220">එයා තවදුරටත් ඔයාගේ ජීවිතේ කොටසක් නෙමෙයි.</font>

38
00:03:12,838 --> 00:03:15,048
<font color="#ffd220">මේ දේවල් කළේ ඔයා.</font>

39
00:03:16,216 --> 00:03:18,844
<font color="#ffd220">මට එයාව අතාරින්න බැරි ඔයා හින්දයි.</font>

40
00:03:19,136 --> 00:03:20,554
<font color="#ffd220">මම මොනවද කළේ?</font>

41
00:03:20,637 --> 00:03:22,222
<font color="#ffd220">එයාගේ තාත්තා අර ජරා වැඩ කරන්න හදනකොට,</font>

42
00:03:22,306 --> 00:03:23,557
<font color="#ffd220">ඔයත් ඒවට හවුල් වුණානේ.</font>

43
00:03:23,640 --> 00:03:25,142
<font color="#ffd220">එයා හිරේට ගියාට පස්සේ,</font>

44
00:03:25,225 --> 00:03:28,228
<font color="#ffd220">ඔයා මේ සීතලේ ඒ කෙල්ලව මහ පාරට ඇදලා දැම්මා.</font>

45
00:03:28,812 --> 00:03:30,439
<font color="#ffd220">ඔයා තමයි ඒක කළේ.</font>

46
00:03:32,232 --> 00:03:35,819
<font color="#ffd220">මට කරන්න සිද්ධ වුණු දේ මම කළා.
මට ඔයාව හදාවඩා ගන්න තිබුණා.</font>

47
00:03:35,902 --> 00:03:37,863
<font color="#ffd220">මම බැලුවේ ඔයාව බලාගන්න.</font>

48
00:03:42,576 --> 00:03:43,910
<font color="#ffd220">නිදහසට කරුණු කියන්න එපා.</font>

49
00:03:44,369 --> 00:03:47,331
<font color="#ffd220">ඔයත් එයාට තවත් වධකයක් විතරයි වුණේ.</font>

50
00:03:48,457 --> 00:03:50,917
<font color="#ffd220">ජුන් සියෝ, මට මෙහෙම කරන්න එපා.</font>

51
00:03:52,461 --> 00:03:53,545
<font color="#ffd220">ජුන් සියෝ.</font>

52
00:03:54,546 --> 00:03:57,382
<font color="#ffd220">ජුන් සියෝ, ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ!</font>

53
00:03:59,092 --> 00:04:00,177
<font color="#ffd220">ජුන් සියෝ.</font>

54
00:04:00,677 --> 00:04:02,095
<font color="#ffd220">මේ ඔක්කොම ඒකි හින්දා.</font>

55
00:04:02,888 --> 00:04:04,181
<font color="#ffd220">ඒ යක්ෂණී හින්දා.</font>

56
00:04:05,640 --> 00:04:10,562
<i><b><font color="#ff9231">[3 වන කොටස]</font> : <font color="#e3a113">බිහිසුණු සැලැස්ම</font></b></i>

57
00:04:10,854 --> 00:04:12,022
<font color="#ffd220">ප්‍රධාන පුවත් වෙත අවධානය.</font>

58
00:04:12,105 --> 00:04:13,857
<font color="#ffd220">පසුගිය කාලයේ වාර්තා වූ ලුහුබැඳීම් වලට සමගාමීව</font>

59
00:04:13,940 --> 00:04:17,027
<font color="#ffd220">අහඹු ලෙස පුද්ගලයින් ඝාතනය
කිරීම් ද ඉහළ යමින් පවතී.</font>

60
00:04:17,110 --> 00:04:18,904
<font color="#ffd220">නොජියොන්ග්-දොං ප්‍රදේශයෙන්
හමුවූ ඝාතනයට ලක්වූවන් සියලු දෙනාම</font>

61
00:04:18,987 --> 00:04:24,993
<font color="#ffd220">ඔවුන් මිය යාමට පෙර දිගින් දිගටම
ලුහුබැඳීම්වලට ලක්ව ඇති බව අනාවරණය විය.</font>

62
00:04:25,494 --> 00:04:26,703
<font color="#ffd220">දැන් කාලගුණ අනාවැකිය.</font>

63
00:04:26,787 --> 00:04:29,748
<font color="#ffd220">සතිය පුරාම උණුසුම් කාලගුණයක් පවතින බැවින්</font>

64
00:04:29,831 --> 00:04:31,375
<font color="#ffd220">බොහෝ ප්‍රදේශවල දහවල් උෂ්ණත්වය
අංශක 30ට ආසන්න වනු ඇත.</font>

65
00:04:44,971 --> 00:04:47,349
<font color="#ffd220">ඉවර නම් ඒක දීලා යන්න පුළුවන්.</font>

66
00:04:47,432 --> 00:04:48,975
<font color="#ffd220">හරි. හරි.</font>

67
00:04:56,149 --> 00:04:58,193
<font color="#ffd220">උඹ දැක්කද කැෆේ එකේ හිටපු කෙල්ලව?</font>

68
00:04:58,276 --> 00:04:59,986
<font color="#ffd220">ඔව්, මම දැක්කා. පට්ට ලස්සනයි නේද.</font>

69
00:05:00,070 --> 00:05:01,947
<font color="#ffd220">කියලා වැඩක් නෑ. මාර කෑල්ල.</font>

70
00:05:02,030 --> 00:05:04,032
<font color="#ffd220">ගිහින් බලමුද? යමං ඉතින්.</font>

71
00:05:04,116 --> 00:05:05,450
<font color="#ffd220">උඹ එනවද? යමු.</font>

72
00:05:08,412 --> 00:05:09,621
<font color="#ffd220">මේ ඔබේ බීම එක.</font>

73
00:05:10,330 --> 00:05:12,999
<font color="#ffd220">කරුණාකරලා කියනවද, ඔයාට පෙම්වතෙක් ඉන්නවද?</font>

74
00:05:13,875 --> 00:05:14,876
<font color="#ffd220">ඔව්, ඉන්නවා.</font>

75
00:05:14,960 --> 00:05:16,378
<font color="#ffd220">එයාව අතෑරලා මූ එක්ක යාළු වුණොත් මොකද?</font>

76
00:05:16,461 --> 00:05:18,839
<font color="#ffd220">මූ හෙන හැඩයි, උසයි. නවත්තපන් බන්.</font>

77
00:05:18,922 --> 00:05:22,342
<font color="#ffd220">නැගිටපන්කො පෙන්නන්න. මූ අඩි
6ක් විතර උසයි. යකෝ මුගේ පිස්සුවනේ.</font>

78
00:05:24,344 --> 00:05:28,390
<font color="#ffd220">ගොඩක් සමාවෙන්න, ඒත් මගේ
පෙම්වතා මීට වඩා ගොඩක් හැඩයි.</font>

79
00:05:29,015 --> 00:05:30,058
<font color="#ffd220">ආ එහෙමද.</font>

80
00:05:30,934 --> 00:05:32,185
<font color="#ffd220">හරි හරි.</font>

81
00:05:34,062 --> 00:05:37,065
<font color="#ffd220">ස්තූතියි. මොනවා හරි ඕන නම් කියන්න.</font>

82
00:05:37,149 --> 00:05:38,150
<font color="#ffd220">හරි.</font>

83
00:05:43,113 --> 00:05:45,157
<font color="#ffd220">අද දවසට කී දෙනෙක් නම්
ඔයාට ටෝක් කරන්න හැදුවද?</font>

84
00:05:45,240 --> 00:05:46,741
<font color="#ffd220">එන ඔක්කොමලා කොල්ලොනේ.</font>

85
00:05:47,409 --> 00:05:48,743
<font color="#ffd220">"ඔයාට පෙම්වතෙක් ඉන්නවද?"</font>

86
00:05:49,578 --> 00:05:50,579
<font color="#ffd220">ආ, මතක් වුණා.</font>

87
00:05:51,746 --> 00:05:53,415
<font color="#ffd220">ඔයාගේ ෆොටෝ වගයක් සෝෂල් මීඩියා වල ගිහින්.</font>

88
00:05:54,416 --> 00:05:56,042
<font color="#ffd220">ඒවා ඉන්ටර්නෙට් එක පුරාම යනවා.</font>

89
00:06:15,020 --> 00:06:16,771
<font color="#ffd220">මෙයාට කිසිම අඩුවක් නෑ මට නම් ඉරිසියයි</font>

90
00:06:16,855 --> 00:06:18,440
<font color="#ffd220">ලී නා පරාදයි මෙයා නිළියක් වුණා නම්</font>

91
00:06:18,523 --> 00:06:20,108
<font color="#ffd220">ඇයි මෙයා තාම නිළියක් නොවී ඉන්නේ?</font>

92
00:06:20,192 --> 00:06:21,276
<font color="#ffd220">මෙයා හරිම ලස්සනයි</font>

93
00:06:28,325 --> 00:06:29,576
<font color="#ffd220">උඹට එයාව මතකද?</font>

94
00:06:31,036 --> 00:06:33,246
<font color="#ffd220">පොඩ්ඩක් ඉඳපන්, මේ අර අවුරුදු
ගාණකට කලින් අපි කතා කරාම,</font>

95
00:06:33,330 --> 00:06:35,832
<font color="#ffd220">අපේ ඒජන්සියට එන්න බෑ කිව්ව කෙල්ල නේද මේ?</font>

96
00:06:35,916 --> 00:06:36,917
<font color="#ffd220">හරියට හරි.</font>

97
00:06:37,626 --> 00:06:38,960
<font color="#ffd220">මෙන්න එයා ආයෙත් ඉන්නවා.</font>

98
00:06:39,044 --> 00:06:41,004
<font color="#ffd220">පේන විදිහට එයා තාම කිසිම ඒජන්සියකට බැඳිලා නෑ.</font>

99
00:06:41,379 --> 00:06:43,632
<font color="#ffd220">නිකමට වගේ ආයෙත් හොයලා බලපන්.</font>

100
00:06:44,883 --> 00:06:47,385
<font color="#ffd220">ඔයාගේ ෆොටෝ ඉන්ටර්නෙට් එකේ
යන එක ගැන ඔයාට බයක් නැද්ද?</font>

101
00:06:48,428 --> 00:06:50,180
<font color="#ffd220">මම ඒවා අයින් කරන්න කියන්නද?</font>

102
00:06:50,847 --> 00:06:53,892
<font color="#ffd220">ඒක ඕන නෑ. කොහොමත්
ඒක කඩේ ප්‍රසිද්ධියට හොඳයිනේ.</font>

103
00:06:54,601 --> 00:06:57,854
<font color="#ffd220">ඔයා ගොඩක් ලස්සනයි, අනික ඔයාගේ ගතිගුණත් හොඳයි.</font>

104
00:06:58,563 --> 00:07:00,232
<font color="#ffd220">මිස්ටර් චෝයි ඔයාට කැමති එක පුදුමයක් නෙමෙයි.</font>

105
00:07:05,403 --> 00:07:07,989
<font color="#ffd220">ඒක නෙමෙයි, එයා හැමතිස්සෙම මොනවද ඔය බලන්නේ?</font>

106
00:07:09,824 --> 00:07:11,076
<font color="#ffd220">ඔයා දන්නේ නැද්ද?</font>

107
00:07:11,451 --> 00:07:14,246
<font color="#ffd220">එයා තමයි ඒ කාලේ හිටපු 0.400 වේගයෙන්
ගහපු ලෙජන්ඩ් කෙනෙක් වුණු හෝම් රන් රජා.</font>

108
00:07:14,329 --> 00:07:17,582
<font color="#ffd220">එක පාරක් බැට් එක වැනුවොත් ඉවරයි.
ෂුවර් එකටම හෝම් රන් එකක් ගහනවා.</font>

109
00:07:18,375 --> 00:07:20,001
<font color="#ffd220">ඒක ඇත්ත.</font>

110
00:07:20,085 --> 00:07:21,753
<font color="#ffd220">"එක පාරක් බැට් එක වැනුවොත් ඉවරයි"?</font>

111
00:07:21,836 --> 00:07:22,837
<font color="#ffd220">ඔව්.</font>

112
00:07:23,338 --> 00:07:25,090
<font color="#ffd220">එයා ඒ කාලේ හෙනම ඩයල් එකක්.</font>

113
00:07:25,924 --> 00:07:27,300
<font color="#ffd220">එහෙනම් එයා මෙතන මොකද කරන්නේ?</font>

114
00:07:28,510 --> 00:07:32,055
<font color="#ffd220">ක්වාක් ඉයුන් හියුක් පිස්සුවෙන්
වගේ ස්ලයිඩ් කරගෙන ආවා,</font>

115
00:07:32,138 --> 00:07:34,182
<font color="#ffd220">මිස්ටර් චෝයි එයාව අවුට්
කරන්න යද්දී මැණික් කටුව කැඩුණා.</font>

116
00:07:34,266 --> 00:07:35,976
<font color="#ffd220">සැත්කම් තුනකුයි, අවුරුද්දක්
විතර ප්‍රතිකාර අරගෙනත්</font>

117
00:07:36,059 --> 00:07:37,352
<font color="#ffd220">එයාට ආයෙත් සෙල්ලම් කරන්න බැරි වුණා.</font>

118
00:07:37,435 --> 00:07:38,645
<font color="#ffd220">එයාගේ ක්‍රීඩා ජීවිතේ එතනින් ඉවර වුණා.</font>

119
00:07:41,147 --> 00:07:45,151
<font color="#ffd220">එයා මිස්ටර් චෝයිගේ අනාගතය නැති
කළත්, හැමෝම තාම එයාට චියර් කරනවා.</font>

120
00:07:47,821 --> 00:07:50,657
<font color="#ffd220">මම එයා වුණා නම්, මට නම් ආයේ
බේස්බෝල් බලන්නවත් හිතෙන්නේ නෑ.</font>

121
00:07:51,157 --> 00:07:52,284
<font color="#ffd220">එහෙම හිතෙනවා නේද?</font>

122
00:07:52,909 --> 00:07:55,537
<font color="#ffd220">උඹ ගැන ආඩම්බරයි මචං. නියමයි.</font>

123
00:07:55,620 --> 00:07:58,873
<font color="#ffd220">තමන්ගේ අනාගතේ විනාශ කරපු මිනිහා වෙනුවෙන් එයා
කෑ ගහනවා, ඒ මදිවට යාළුවෙක් කියලත් කියනවා.</font>

124
00:08:00,208 --> 00:08:02,002
<font color="#ffd220">කවුද දන්නේ එයා මොනවා හිතනවා ඇද්ද කියලා.</font>

125
00:08:04,796 --> 00:08:05,839
<font color="#ffd220">සාදරයෙන් පිළිගන්නවා.</font>

126
00:08:05,922 --> 00:08:07,549
<font color="#ffd220">ආයුබෝවන් සර්. ආයුබෝවන්.</font>

127
00:08:08,758 --> 00:08:11,094
<font color="#ffd220">මම ආවේ සුබ ආරංචියක් අරගෙන. ආයුබෝවන්.</font>

128
00:08:14,389 --> 00:08:15,724
<font color="#ffd220">ඒ කවුද?</font>

129
00:08:15,807 --> 00:08:18,476
<font color="#ffd220">ඒ ඉම් සියුන්ග් යොන්ග්, PB ඒජන්සි එකේ ලොක්කා.</font>

130
00:08:19,853 --> 00:08:21,605
<font color="#ffd220">මේක රහසක්,</font>

131
00:08:22,355 --> 00:08:24,274
<font color="#ffd220">මිස්ටර් චෝයි අලුත් ගිවිසුමකට
අත්සන් කරන්නයි යන්නේ.</font>

132
00:08:26,443 --> 00:08:28,695
<font color="#ffd220">එයා ආයෙත් ක්‍රීඩා කරයි කියලා
මම බලාපොරොත්තු වෙනවා.</font>

133
00:08:34,993 --> 00:08:36,828
<font color="#ffd220">ඔයා ගොඩක් දුර ඉඳන් ආවනේ. ස්තූතියි.</font>

134
00:08:37,454 --> 00:08:39,414
<font color="#ffd220">එයා නම් ඇත්තටම හොඳ මනුස්සයෙක්.</font>

135
00:08:41,708 --> 00:08:43,543
<font color="#ffd220">ඇයි ඔයා හිතන්නේ</font>

136
00:08:43,627 --> 00:08:47,297
<font color="#ffd220">මගේ ජීවිතේ මේ වගේ වෙලාවක එයා
වගේ කෙනෙක් මුණ ගැහුණා කියලා?</font>

137
00:08:49,966 --> 00:08:52,260
<font color="#ffd220">සමහරවිට එයා ඔයාගේ
ආරක්ෂක දේවදූතයා වෙන්න ඇති.</font>

138
00:08:55,013 --> 00:08:57,390
<font color="#ffd220">මගේ ආරක්ෂක දේවදූතයා? ඔව්.</font>

139
00:08:59,100 --> 00:09:02,312
<font color="#ffd220">ආරක්ෂක දේවදූතයෝ ඉන්නවා
කියලා විශ්වාස කරන එක හොඳයි නේද?</font>

140
00:09:03,480 --> 00:09:07,817
<font color="#ffd220">එයාලා අපිට මේ ප්‍රශ්න දෙන්නේ
හොඳ අරමුණකට කියලා අපි හිතුවොත්</font>

141
00:09:09,611 --> 00:09:11,196
<font color="#ffd220">ජීවිතේ ගෙවන එක ටිකක් ලේසි වෙනවා.</font>

142
00:09:13,365 --> 00:09:17,827
<font color="#ffd220">ඔයා කියනවා වගේ එයාලා ඇත්තටම ඉන්නවා නම්,
එයාලාගේ අරමුණ මොකක්ද කියලා මට හිතෙනවා.</font>

143
00:09:25,043 --> 00:09:26,544
<font color="#ffd220">ආයුබෝවන්, මේ සැන්ඩූ කෝපි එක.</font>

144
00:09:28,880 --> 00:09:31,508
<font color="#ffd220">එතන වැඩ කරන කෙල්ල වැඩ ඉවර වෙලා ගියාද?</font>

145
00:09:32,592 --> 00:09:33,677
<font color="#ffd220">මේ කවුද කතා කරන්නේ?</font>

146
00:09:34,386 --> 00:09:35,470
<font color="#ffd220">ඒකෙන් උඹට වැඩක් නෑනේ.</font>

147
00:09:36,554 --> 00:09:38,807
<font color="#ffd220">මට එයාගේ නම්බර් එක ගන්න පුළුවන්ද?</font>

148
00:09:40,558 --> 00:09:41,768
<font color="#ffd220">මිස්ටර්,</font>

149
00:09:41,851 --> 00:09:44,104
<font color="#ffd220">ඔයා මුලින්ම ඔයා කවුද කියලා කියන්න ඕනේ.</font>

150
00:09:45,021 --> 00:09:47,357
<font color="#ffd220">අනික මට කාගෙවත් පෞද්ගලික
විස්තර එහෙම දෙන්න බෑ...</font>

151
00:09:51,945 --> 00:09:54,656
<font color="#ffd220">ශික්, මහ පිස්සෙක්නේ.</font>

152
00:09:54,739 --> 00:09:55,740
<font color="#ffd220">කවුද ඒ?</font>

153
00:09:56,116 --> 00:09:58,827
<font color="#ffd220">ආ ජින්ගේ නම්බර් එක ඉල්ලලා
කතා කරපු තවත් මිනිහෙක්.</font>

154
00:09:58,910 --> 00:10:02,622
<font color="#ffd220">ඉල්ලනවා නම් අඩු ගානේ ආචාරශීලී
වෙන්නවත් දැනගන්න එපායැ.</font>

155
00:10:04,290 --> 00:10:05,375
<font color="#ffd220">ආ ජින්.</font>

156
00:10:05,458 --> 00:10:08,086
<font color="#ffd220">යූ සික් එක්ක මම ඒවා පස්සේ අස් කරන්නම්.</font>

157
00:10:08,169 --> 00:10:10,630
<font color="#ffd220">දැන් රෑ වෙලා නිසා ඔයා ගෙදර යන්න.</font>

158
00:10:10,714 --> 00:10:12,257
<font color="#ffd220">කමක් නෑ. මට පුළුවන්.</font>

159
00:10:12,882 --> 00:10:14,509
<font color="#ffd220">අන්තිම බස් එක මිස් වුණොත් මොකද කරන්නේ?</font>

160
00:10:15,593 --> 00:10:17,220
<font color="#ffd220">මහත්තයා, කඩේ වහලා.</font>

161
00:10:18,346 --> 00:10:19,556
<font color="#ffd220">අපි අදට කඩේ වහලයි තියෙන්නේ.</font>

162
00:10:20,640 --> 00:10:23,393
<font color="#ffd220">ඒත් තාම බෝඩ් එකේ ලයිට් දාලනේ.</font>

163
00:10:23,476 --> 00:10:26,896
<font color="#ffd220">සමාවෙන්න. හෙට එන්න. අපිට දැන් වහන්න වෙනවා.</font>

164
00:10:30,567 --> 00:10:31,860
<font color="#ffd220">ඒත් මට එයාව හම්බවෙන්න ඕනේ.</font>

165
00:10:31,943 --> 00:10:32,944
<font color="#ffd220">ආ ජින් කෝ?</font>

166
00:10:33,987 --> 00:10:35,405
<font color="#ffd220">එයා ගෙදර ගියාද? මේ...</font>

167
00:10:35,488 --> 00:10:39,659
<font color="#ffd220">මහත්තයා කරුණාකරලා එළියට
යන්න. හෙට එන්න පුළුවන්නේ.</font>

168
00:10:39,743 --> 00:10:40,910
<font color="#ffd220">ඇයි තමුසේ මාව තල්ලු කරන්නේ?</font>

169
00:10:40,994 --> 00:10:44,205
<font color="#ffd220">අපිට දැන් වහන්න වෙලා තියෙන්නේ.
ආ ජින්ට කියන්න පුළුවන්ද...</font>

170
00:10:44,289 --> 00:10:45,874
<font color="#ffd220">සමාවෙන්න මහත්තයා.</font>

171
00:10:45,957 --> 00:10:48,376
<font color="#ffd220">කරුණාකරලා හෙට උදේම එන්න.</font>

172
00:10:49,043 --> 00:10:50,128
<font color="#ffd220">ඒකට සොරි වෙන්න ඕනේ.</font>

173
00:11:07,937 --> 00:11:09,564
<font color="#ffd220">උඹ ගෙදරින් ගියාද?</font>

174
00:11:09,856 --> 00:11:12,400
<font color="#ffd220">මම උදව් කළේ උඹ අම්මා
එක්ක ඉන්නවට අකමැති හින්දා.</font>

175
00:11:12,484 --> 00:11:14,778
<font color="#ffd220">මම දිගටම කන්න බොන්න දෙයි
කියලා බලාපොරොත්තු වෙන්න එපා.</font>

176
00:11:14,861 --> 00:11:18,823
<font color="#ffd220">මම මැරුණ දවසක, උඹට මගෙන්
සතයක්වත් හම්බවෙන්නේ නෑ.</font>

177
00:11:20,450 --> 00:11:21,493
<font color="#ffd220">මට තේරෙනවා.</font>

178
00:11:25,371 --> 00:11:27,248
<font color="#ffd220">ලේඛකයෝ හොයන්නේ සොච්චම් පඩියක්.</font>

179
00:11:27,332 --> 00:11:30,293
<font color="#ffd220">උඹ කොහොමද ජීවත් වෙන්න හිතන් ඉන්නේ?</font>

180
00:11:32,170 --> 00:11:35,089
<font color="#ffd220">උඹට තාම කූඹියෙක්වත් මරන්න බෑ නේද?</font>

181
00:11:35,173 --> 00:11:38,259
<font color="#ffd220">ජීවත් වෙන හැම සතෙක්ටම
ජීවත් වෙන්න හේතුවක් තියෙනවා.</font>

182
00:11:38,343 --> 00:11:41,513
<font color="#ffd220">උඹ කතා කරන්නෙත් හරියට අරූ වගේමයි.</font>

183
00:11:43,556 --> 00:11:45,308
<font color="#ffd220">උඹ දැන් හිනා වුණාද?</font>

184
00:11:47,644 --> 00:11:50,438
<font color="#ffd220">මම තාත්තා වගේ කියලා අහන්න
ලැබුණු එකට මට සතුටු හිතුණා.</font>

185
00:11:50,939 --> 00:11:52,565
<font color="#ffd220">නැතුව උඹ කා වගේ වෙන්නද?</font>

186
00:13:13,313 --> 00:13:14,981
<font color="#ffd220">ජුන් සියෝ</font>

187
00:13:37,045 --> 00:13:38,046
<font color="#ffd220">ආ ජින්?</font>

188
00:13:38,630 --> 00:13:39,631
<font color="#ffd220">ආ ජින්.</font>

189
00:13:51,517 --> 00:13:53,061
<font color="#ffd220">ඇයි මෙච්චර පරක්කු වුණේ?</font>

190
00:13:54,604 --> 00:13:57,231
<font color="#ffd220">ඔයා දන්නවද මට මොකක්ද වෙන්න ගියේ කියලා?</font>

191
00:13:57,815 --> 00:13:59,025
<font color="#ffd220">ආ ජින්.</font>

192
00:14:05,406 --> 00:14:06,991
<font color="#ffd220">ඔයාට හොඳයි නේද?</font>

193
00:14:07,075 --> 00:14:09,369
<font color="#ffd220">ඔයා දොස්තර කෙනෙක් ළඟට යන්න ඕනෙ නැද්ද?</font>

194
00:14:09,869 --> 00:14:10,870
<font color="#ffd220">ඔයාට තුවාලද?</font>

195
00:14:11,329 --> 00:14:12,538
<font color="#ffd220">ජුන් සියෝ.</font>

196
00:14:12,622 --> 00:14:13,623
<font color="#ffd220">කියන්න.</font>

197
00:14:15,541 --> 00:14:18,211
<font color="#ffd220">ඔයා මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවද?</font>

198
00:14:25,009 --> 00:14:26,052
<font color="#ffd220">මට උත්තර දෙන්න.</font>

199
00:14:26,928 --> 00:14:29,055
<font color="#ffd220">ඔයා මං වෙනුවෙන් ඕනම දෙයක් කරනවද?</font>

200
00:14:29,722 --> 00:14:30,932
<font color="#ffd220">මම ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.</font>

201
00:14:31,933 --> 00:14:33,726
<font color="#ffd220">කෙනෙක්ව මරන්න කියන්නේ නැත්නම්</font>

202
00:14:34,102 --> 00:14:36,312
<font color="#ffd220">ඔයා කියන ඕනම දෙයක් මම කරනවා.</font>

203
00:14:39,148 --> 00:14:41,734
<font color="#ffd220">එතකොට ඔයා සීමාව තීරණය
කරන්නේ ඔයාගේ හෘද සාක්ෂියට අනුවද?</font>

204
00:14:43,361 --> 00:14:45,571
<font color="#ffd220">මම එහෙම දෙයක් නෙමෙයි
අදහස් කළේ. බය වෙන්න එපා.</font>

205
00:14:45,655 --> 00:14:48,199
<font color="#ffd220">කොහොමත් ඔයා එච්චර දුරක් යයි
කියලා මම බලාපොරොත්තු වුණේ නෑ.</font>

206
00:14:52,745 --> 00:14:55,873
<font color="#ffd220">ඔයා මං වෙනුවෙන් මනුස්සයෙක්ව
මරන්න තරම් ධෛර්යවන්ත නම්</font>

207
00:14:55,957 --> 00:14:58,543
<font color="#ffd220">මම කියන්නේ මුලින්ම බෙක්
සියොන් ග්යුගෙන් පටන් ගන්න කියලා.</font>

208
00:15:05,758 --> 00:15:08,553
<font color="#ffd220">මනුස්සයෙක්ව මරනවා ඇරෙන්න ඔයාට මං
වෙනුවෙන් වෙන ඕනම දෙයක් කරන්න පුළුවන් නේද?</font>

209
00:15:17,729 --> 00:15:18,730
<font color="#ffd220">බේරගන්න...</font>

210
00:15:19,480 --> 00:15:20,481
<font color="#ffd220">මට උදව් කරන්න.</font>

211
00:15:21,774 --> 00:15:23,276
<font color="#ffd220">අනේ ප්ලීස්.</font>

212
00:15:26,654 --> 00:15:29,824
<font color="#ffd220">උඹට ජීවත් වෙන්න ආසාවක් තියෙනවා
නම්, අද රෑ වුණු දේවල් අමතක කරපන්.</font>

213
00:15:29,907 --> 00:15:33,870
<font color="#ffd220">කට වහගෙන ඉන්නවා කියලා පොරොන්දු වෙනවා නම්</font>

214
00:15:33,953 --> 00:15:35,955
<font color="#ffd220">මම ඇම්බියුලන්ස් එකකට කතා කරන්නම්.</font>

215
00:15:36,039 --> 00:15:37,623
<font color="#ffd220">මම කාටවත් කියන්නේ නෑ.</font>

216
00:15:37,707 --> 00:15:38,708
<font color="#ffd220">මම පොරොන්දු වෙනවා.</font>

217
00:15:39,375 --> 00:15:41,252
<font color="#ffd220">නොජියොන්ග්-ගු ටවුන් හවුස්
එක පිටිපස්සේ දෙවෙනි පටුමග ළඟ</font>

218
00:15:41,335 --> 00:15:42,670
<font color="#ffd220">මනුස්සයෙක් තුවාල වෙලා ඉන්නවා.</font>

219
00:15:42,754 --> 00:15:45,840
<font color="#ffd220">කවුරු හරි පහර දීලා වගේ.
එයාගේ ඇඟෙන් ගොඩක් ලේ යනවා.</font>

220
00:16:36,265 --> 00:16:38,893
<font color="#ffd220">ඔයා දෙවෙනි මල් පෝච්චිය යටින් සල්ලි තිබ්බද?</font>

221
00:16:51,572 --> 00:16:52,573
<font color="#ffd220">මේ අහපන්.</font>

222
00:16:54,450 --> 00:16:56,619
<font color="#ffd220">එයාගේ පෙනුමත් හොඳයිනේ.</font>

223
00:16:58,329 --> 00:17:00,248
<font color="#ffd220">මට කන්ටැක්ට් එකක් හොයලා දීපන්.</font>

224
00:17:00,873 --> 00:17:04,001
<font color="#ffd220">කැමරාවක් ඉස්සරහට හරි දාපන්,
නැත්නම් කොහෙහරි දූපතකට හරි යවපන්.</font>

225
00:17:04,585 --> 00:17:06,462
<font color="#ffd220">හැබැයි හොඳ ගාණක් ලැබෙන්න ඕනේ.</font>

226
00:17:10,174 --> 00:17:13,970
<font color="#ffd220">පොලිය ගෙවන්න මට මගේ
අවයවයක් විකුණන්න වෙයි වගේ.</font>

227
00:17:14,887 --> 00:17:18,307
<font color="#ffd220">මම එයාගේ තාත්තා. එයා මං
වෙනුවෙන් කරන්න ඕන අඩුම දේ ඒක.</font>

228
00:17:19,433 --> 00:17:22,019
<font color="#ffd220">ඒ කෙල්ලව හැදුවේ මම. එයාව මේ ලෝකෙට ගෙනාවේ මම.</font>

229
00:17:22,520 --> 00:17:23,980
<font color="#ffd220">එයා අයිති මට.</font>

230
00:17:25,064 --> 00:17:27,525
<font color="#ffd220">මම එයාට මට ඕන දෙයක්
කරනවා. උඹට ඒක ප්‍රශ්නයක්ද?</font>

231
00:17:29,527 --> 00:17:30,570
<font color="#ffd220">ආ ජින්.</font>

232
00:17:41,831 --> 00:17:43,666
<font color="#ffd220">මොකක්ද?</font>

233
00:17:44,584 --> 00:17:47,003
<font color="#ffd220">උඹ හැදුවේ මාව මේ බිල්ඩිමෙන්
පහළට තල්ලු කරන්නද?</font>

234
00:17:48,004 --> 00:17:49,797
<font color="#ffd220">මෝඩ වැඩ කරන්න එපා.</font>

235
00:17:50,923 --> 00:17:53,968
<font color="#ffd220">උඹ මාව මැරුවොත්, උඹට සමාජයෙන් කොන් වෙන්න වෙයි.</font>

236
00:17:54,677 --> 00:17:57,471
<font color="#ffd220">උඹේ ජීවිතේ එතනින්ම ඉවරයි බැල්ලියෙ.</font>

237
00:18:08,065 --> 00:18:09,275
<font color="#ffd220">උඹ ගැන දුකයි.</font>

238
00:18:10,276 --> 00:18:12,778
<font color="#ffd220">උඹ මහ එකාට වෛර කරනවා කියලා මම
දන්නවා, ඒත් උඹ කොහොමද එහෙම කරන්නේ?</font>

239
00:18:13,905 --> 00:18:15,907
<font color="#ffd220">මට උඹව හොඳට පේනවා බැල්ලියෙ.</font>

240
00:18:20,828 --> 00:18:22,622
<font color="#ffd220">ලබන මාසේ, මට ඩබල් සල්ලි ඕනේ.</font>

241
00:19:29,563 --> 00:19:30,648
<font color="#ffd220">මේ අහපන්.</font>

242
00:19:31,357 --> 00:19:34,610
<font color="#ffd220">මම මේක කියන්නේ අපේ පරණ හිතවත්කමට.</font>

243
00:19:35,486 --> 00:19:37,071
<font color="#ffd220">ඒ කෙල්ලගෙන් ඈත් වෙලා හිටපන්.</font>

244
00:19:37,905 --> 00:19:39,198
<font color="#ffd220">ඒකි මහ මූසලියක්.</font>

245
00:19:40,116 --> 00:19:42,535
<font color="#ffd220">ඒකිට උඹේ ජීවිතේ විනාශ කරන්න දෙන්න එපා, හරිද?</font>

246
00:20:02,388 --> 00:20:03,514
<font color="#ffd220">එයා ඔයාට මොනවද කළේ?</font>

247
00:20:10,438 --> 00:20:11,522
<font color="#ffd220">ජුන් සියෝ.</font>

248
00:20:13,107 --> 00:20:14,692
<font color="#ffd220">ඔයාට මට ගහන්න පුළුවන්ද?</font>

249
00:20:15,192 --> 00:20:16,193
<font color="#ffd220">මොකක්ද?</font>

250
00:20:16,277 --> 00:20:18,029
<font color="#ffd220">කවුරුහරි මාව ලුහුබැඳලා
ඇවිත් ගැහුවා වගේ පේන්න ඕනේ.</font>

251
00:20:19,363 --> 00:20:20,781
<font color="#ffd220">මට කීප සැරයක් ගහන්න.</font>

252
00:20:26,454 --> 00:20:27,830
<font color="#ffd220">බෑ.</font>

253
00:20:28,414 --> 00:20:29,749
<font color="#ffd220">මට එහෙම කරන්න බෑ.</font>

254
00:20:30,624 --> 00:20:31,751
<font color="#ffd220">මම කරන්නේ නෑ.</font>

255
00:20:32,626 --> 00:20:33,627
<font color="#ffd220">ඔයා කරන්නේ නැද්ද?</font>

256
00:20:34,420 --> 00:20:35,629
<font color="#ffd220">මම කරන්නේ නෑ.</font>

257
00:20:36,964 --> 00:20:38,549
<font color="#ffd220">ඔයා සිරාවටමද මේ අහන්නේ?</font>

258
00:20:38,632 --> 00:20:39,884
<font color="#ffd220">මමයි ඔයාගෙන් ඒක අහන්න ඕනේ.</font>

259
00:20:39,967 --> 00:20:43,596
<font color="#ffd220">ඔයා ඇත්තටමද කියන්නේ මට ඔයාට ගහන්න කියලා?</font>

260
00:20:43,679 --> 00:20:45,097
<font color="#ffd220">ඒක අලුත් දෙයක් නෙවෙයිනේ.</font>

261
00:20:46,849 --> 00:20:48,893
<font color="#ffd220">ඔයා මීට කලිනුත් දැකලා තියෙනවනේ මම ගුටි කනවා.</font>

262
00:20:48,976 --> 00:20:51,937
<font color="#ffd220">අන්න ඒ නිසාමයි මට ඔයාට ගහන්න බැරි.</font>

263
00:20:52,021 --> 00:20:56,150
<font color="#ffd220">ඒකෙන් මම ගොඩක් විඳෙව්වා,
තාමත් මට ඒක මතක් වෙනවා.</font>

264
00:21:06,410 --> 00:21:07,495
<font color="#ffd220">හා එහෙනම්.</font>

265
00:21:08,537 --> 00:21:11,332
<font color="#ffd220">මම ඔයාට බල කරන්නේ නෑ.</font>

266
00:21:13,626 --> 00:21:14,710
<font color="#ffd220">ජුන් සියෝ.</font>

267
00:21:16,796 --> 00:21:19,715
<font color="#ffd220">ඔයාට රිදුනට මට කමක් නෑ...</font>

268
00:21:20,299 --> 00:21:22,802
<font color="#ffd220">ඒත් මම කැමති නෑ මම අතින් ඔයාට තුවාල වෙනවට.</font>

269
00:21:23,844 --> 00:21:25,304
<font color="#ffd220">මට ඔයාව නැති කරගන්න බෑ.</font>

270
00:21:27,056 --> 00:21:32,228
<font color="#ffd220">ඔයා දන්නවනේ මම අනිත් අයට සලකන
විදියට නෙවෙයි ඔයාට සලකන්නේ කියලා.</font>

271
00:21:42,029 --> 00:21:43,030
<font color="#ffd220">ආ ජින්.</font>

272
00:21:44,365 --> 00:21:46,325
<font color="#ffd220">සමහර වෙලාවට, ඔයා ගැන බය හිතෙනවා.</font>

273
00:21:48,369 --> 00:21:52,581
<font color="#ffd220">ඒත් මම හිතන්නේ ඔයා පොඩි
කාලේ ආදරේ නොලබපු නිසා...</font>

274
00:21:53,624 --> 00:21:55,459
<font color="#ffd220">ඔයා එහෙමයි කියලා. ඉතින් මම
දන්නේ නෑ මොනවා කරන්නද කියලා.</font>

275
00:22:00,339 --> 00:22:01,632
<font color="#ffd220">ආ ජින්.</font>

276
00:22:05,511 --> 00:22:06,804
<font color="#ffd220">මම මේක බලාගන්නම්.</font>

277
00:22:43,132 --> 00:22:44,842
<font color="#ffd220">මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

278
00:22:44,925 --> 00:22:45,926
<font color="#ffd220">මොකක්ද?</font>

279
00:22:47,219 --> 00:22:49,972
<font color="#ffd220">නෑ, මුකුත් වුණේ නෑ.</font>

280
00:22:50,055 --> 00:22:51,557
<font color="#ffd220">මේක පොඩි සීරීමක් විතරයි.</font>

281
00:22:51,640 --> 00:22:53,809
<font color="#ffd220">ඔයා දන්නවනේ ඔයාට මට ඕනම
දෙයක් කියන්න පුළුවන් කියලා.</font>

282
00:22:54,685 --> 00:22:56,270
<font color="#ffd220">හිතේ හිර කරගෙන ඉන්න එපා.</font>

283
00:22:58,814 --> 00:23:00,858
<font color="#ffd220">ඔයා විශ්වාස කළත් නැතත්, මම හරිම ශක්තිමත්.</font>

284
00:23:01,734 --> 00:23:04,195
<font color="#ffd220">මම කවදාවත් රණ්ඩුවකින් පැරදිලා නෑ.</font>

285
00:23:04,278 --> 00:23:05,321
<font color="#ffd220">හරිද?</font>

286
00:23:08,866 --> 00:23:10,242
<font color="#ffd220">ඔයා මාව විශ්වාස කරන්නේ නැද්ද?</font>

287
00:23:10,951 --> 00:23:12,244
<font color="#ffd220">මම විශ්වාස කරනවා.</font>

288
00:23:13,370 --> 00:23:15,289
<font color="#ffd220">මම බොස් වෙන්න පුළුවන්...</font>

289
00:23:15,372 --> 00:23:18,209
<font color="#ffd220">ඒත් ඔයයි යූ සිකුයි මට පවුලේ අය වගේ.</font>

290
00:23:19,627 --> 00:23:24,632
<font color="#ffd220">ඉතින් ඕනම දේකට, මාව පාවිච්චි කරන්න, හරිද?</font>

291
00:23:26,300 --> 00:23:27,510
<font color="#ffd220">ඔයාව පාවිච්චි කරන්න?</font>

292
00:23:30,638 --> 00:23:32,097
<font color="#ffd220">ඔව්. ඕනම දේකට.</font>

293
00:23:33,224 --> 00:23:35,518
<font color="#ffd220">ඒත් ඔයා මගේ බොස් නේ.</font>

294
00:23:36,644 --> 00:23:39,063
<font color="#ffd220">බොස්ලා ඉන්නේ ඒකට තමයි.</font>

295
00:23:39,563 --> 00:23:43,150
<font color="#ffd220">ජුන් සියෝට රෑ වෙනකම් පන්ති තියෙන නිසා...</font>

296
00:23:43,234 --> 00:23:44,818
<font color="#ffd220">මම බයයි ඔයා තනියම ගෙදර යන එක ගැන.</font>

297
00:23:44,902 --> 00:23:47,279
<font color="#ffd220">ඔයා කිව්වා නේද ඔයයි තාත්තයි විතරයි ඉන්නේ කියලා?</font>

298
00:23:47,363 --> 00:23:50,616
<font color="#ffd220">ඔව්, ඒත් තාත්තා ඉන්නේ ගොඩක් දුර.</font>

299
00:23:52,326 --> 00:23:56,163
<font color="#ffd220">ඔයාගේ තාත්තා ළඟ පාතක හිටියා
නම් මට මීට වඩා සැනසීමක් දැනෙයි.</font>

300
00:23:56,914 --> 00:23:58,332
<font color="#ffd220">එයා මොනවද කරන්නේ?</font>

301
00:23:59,375 --> 00:24:01,168
<font color="#ffd220">එයා කොම්පැණියක වැඩ කරන්නේ.</font>

302
00:24:01,252 --> 00:24:02,795
<font color="#ffd220">එයා රෑ ෂිෆ්ට් එකේ වැඩ කරන්නේ.</font>

303
00:24:03,504 --> 00:24:06,382
<font color="#ffd220">කාන්තා වැසිකිළිය</font>

304
00:24:12,846 --> 00:24:14,098
<font color="#ffd220">ෂික්.</font>

305
00:24:43,711 --> 00:24:47,506
<font color="#ffd220">අපි හොර කැමරා හයි කරනවා වෙනුවට...</font>

306
00:24:47,590 --> 00:24:49,592
<font color="#ffd220">නිළියක්ව පාවිච්චි කළොත් කීයක් හොයන්න පුළුවන්ද?</font>

307
00:24:50,884 --> 00:24:52,970
<font color="#ffd220">එයා මාරම ලස්සනයි.</font>

308
00:24:54,805 --> 00:24:55,889
<font color="#ffd220">ඔව්ද?</font>

309
00:24:57,850 --> 00:25:02,688
<font color="#ffd220">ඉතින් මට තියෙන්නේ එයාට ඩ්‍රග්ස් දීලා
පැය කිහිපයකට එතන දාලා යන්න විතරද?</font>

310
00:25:05,316 --> 00:25:06,317
<font color="#ffd220">ෂික්.</font>

311
00:25:10,821 --> 00:25:13,699
<font color="#ffd220">මම රහසිගත කැමරා හයි කරපු එකෙක්ව හොයාගත්තා.
සාක්ෂිත් තියෙනවා, මම ඌ පස්සෙන් යන ගමන්.</font>

312
00:25:33,427 --> 00:25:35,095
<font color="#ffd220">තෝ වගේ පොඩි එකෙක්!</font>

313
00:25:35,596 --> 00:25:39,183
<font color="#ffd220">එදා තෝ පොලිසියට කතා කළේ නැත්නම්...</font>

314
00:25:39,266 --> 00:25:41,685
<font color="#ffd220">මට හිරේ යන්න වෙන්නේ නෑ!</font>

315
00:25:41,769 --> 00:25:46,940
<font color="#ffd220">තෝ හින්දා මගේ ජීවිතේම විනාශ වුණා!</font>

316
00:25:48,359 --> 00:25:49,401
<font color="#ffd220">බෙක් ආ ජින්.</font>

317
00:25:50,402 --> 00:25:52,154
<font color="#ffd220">එයා තමුසෙගෙ දුව.</font>

318
00:25:53,614 --> 00:25:57,993
<font color="#ffd220">මමයි එයාව මේ ලෝකෙට ගෙනාවේ,
ඉතින් මට ඕන දෙයක් මම එයාට කරනවා.</font>

319
00:25:58,494 --> 00:26:00,704
<font color="#ffd220">තමුසෙ මේකට මැදිහත් නොවී ඉන්නවා.</font>

320
00:26:13,926 --> 00:26:20,808
<font color="#ffd220">මැරෙනකම්ම ඒකි අයිති මට, පර බල්ලා.</font>

321
00:26:20,891 --> 00:26:23,268
<font color="#ffd220">මැරියන්!</font>

322
00:27:16,447 --> 00:27:17,740
<font color="#ffd220">පොලිසියෙන්! අයින් වෙනවා!</font>

323
00:27:20,367 --> 00:27:21,994
<font color="#ffd220">මිනිහෙක්ට පහර දීම යටතේ
තමුන්ව අත්අඩංගුවට ගන්නවා.</font>

324
00:27:26,832 --> 00:27:27,833
<font color="#ffd220">මහත්තයා, ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?</font>

325
00:27:28,667 --> 00:27:29,668
<font color="#ffd220">මම හිතන්නේ නෑ.</font>

326
00:27:33,881 --> 00:27:35,090
<font color="#ffd220">නැගිටින්න පුළුවන්ද?</font>

327
00:27:38,594 --> 00:27:39,595
<font color="#ffd220">මේ පැත්තෙන්.</font>

328
00:27:41,597 --> 00:27:45,058
<font color="#ffd220">යොංදොං පොලිස් ස්ථානය</font>

329
00:27:45,601 --> 00:27:47,436
<font color="#ffd220">එතකොට ඔයාලා දෙන්නා සහෝදරයෝ.</font>

330
00:27:47,519 --> 00:27:51,982
<font color="#ffd220">දෙමව්පියෝ වෙන් වුණාට පස්සේ,
තමුන් දිගටම බෙක් ආ ජින් පස්සෙන් ගියා.</font>

331
00:27:52,941 --> 00:27:56,779
<font color="#ffd220">එයාගේ තාත්තා ඒක දැනගත්තම,
තමුන් එයාට මරණ තර්ජනය කළා?</font>

332
00:27:58,238 --> 00:27:59,239
<font color="#ffd220">ආ ජින්.</font>

333
00:28:01,366 --> 00:28:03,660
<font color="#ffd220">මෙයා ඔයා පස්සෙන් ආවා කියන්න සාක්ෂි තියෙනවද?</font>

334
00:28:04,119 --> 00:28:05,120
<font color="#ffd220">මැසේජස් එහෙම?</font>

335
00:28:05,662 --> 00:28:09,166
<font color="#ffd220">දවස් කිහිපයකට කලින්, එයා
මගේ ගෙදර හැංගිලා හිටියා.</font>

336
00:28:14,379 --> 00:28:15,631
<font color="#ffd220">එයා මට මෙහෙම කළා.</font>

337
00:28:19,009 --> 00:28:22,221
<font color="#ffd220">නෑ, මේ මනුස්සයා තමයි එයාට ඒක කළේ.</font>

338
00:28:22,304 --> 00:28:25,724
<font color="#ffd220">මෙයා කාන්තා වැසිකිළිවල රහසිගත කැමරා
දාලා වීඩියෝ අරන් නීතිවිරෝධී සූදුවල යෙදෙනවා.</font>

339
00:28:25,808 --> 00:28:29,645
<font color="#ffd220">මම සාක්ෂි බාර දෙන්න රහස් පරීක්ෂක
ජින් දොං ග්යුට කතා කරලා තිබුණේ.</font>

340
00:28:29,728 --> 00:28:32,815
<font color="#ffd220">එයා අපිට කතා කළා තමයි.
ඉතින් ඔයා ළඟ සාක්ෂි තියෙනවද?</font>

341
00:28:33,607 --> 00:28:34,942
<font color="#ffd220">ඔව් තියෙනවා.</font>

342
00:28:37,194 --> 00:28:38,320
<font color="#ffd220">ඒවා මගේ ෆෝන් එකේ තියෙන්නේ.</font>

343
00:28:39,530 --> 00:28:40,614
<font color="#ffd220">මේකද හොයන්නේ?</font>

344
00:29:16,525 --> 00:29:18,735
<font color="#ffd220">කෝ පෙන්නන්න සාක්ෂි.</font>

345
00:29:20,028 --> 00:29:21,530
<font color="#ffd220">ඔයා කිව්වනේ ෆෝන් එකේ තියෙනවා කියලා.</font>

346
00:29:22,781 --> 00:29:23,782
<font color="#ffd220">පෙන්නන්න.</font>

347
00:29:24,741 --> 00:29:27,703
<font color="#ffd220">ඔයා බොරු පැමිණිල්ලක් කළා
නම්, දඬුවම මීට වඩා වැඩි වෙයි!</font>

348
00:29:37,337 --> 00:29:39,131
<font color="#ffd220">මට ළඟදීම සල්ලි වගයක් ලැබෙන්න තියෙනවා.</font>

349
00:29:39,214 --> 00:29:41,967
<font color="#ffd220">මම උඹට කතා කරන්නම්,
එතකම් මාව හොයන්න එපා.</font>

350
00:29:42,968 --> 00:29:44,720
<font color="#ffd220">උඹ මට බොරු කරනවා නෙවෙයිනේ?</font>

351
00:29:45,554 --> 00:29:48,682
<font color="#ffd220">මම බොරු කියනවා නම්, උඹට
ඕන දෙයක් මට කරන්න පුළුවන්.</font>

352
00:29:50,142 --> 00:29:53,770
<font color="#ffd220">උඹ දැන් ලොකු ළමයෙක් වෙලා. ඇත්තටම.</font>

353
00:29:56,315 --> 00:29:57,316
<font color="#ffd220">කෝල් එකක් දීපන්.</font>

354
00:30:01,361 --> 00:30:03,238
<font color="#ffd220">ශික්.</font>

355
00:30:12,205 --> 00:30:13,206
<font color="#ffd220">රහස් පරීක්ෂකතුමනි.</font>

356
00:30:15,334 --> 00:30:18,837
<font color="#ffd220">මට පුළුවන්ද ජුන් සියෝ එක්ක පොඩ්ඩක් කතා කරන්න?</font>

357
00:30:19,379 --> 00:30:20,964
<font color="#ffd220">මට සමා වෙන්න, ඒකට ඉඩ දෙන්න බෑ.</font>

358
00:30:21,048 --> 00:30:24,384
<font color="#ffd220">වින්දිතයා සහ සැකකරු අතර
සම්බන්ධතා පැවැත්වීම නීතියට පටහැනියි.</font>

359
00:30:24,885 --> 00:30:27,012
<font color="#ffd220">මේ හැමදේම වෙන්න කලින්, අපි සහෝදරයෝ.</font>

360
00:30:27,679 --> 00:30:30,641
<font color="#ffd220">මට විනාඩියක් දෙන්න. ප්ලීස්.</font>

361
00:30:39,483 --> 00:30:40,651
<font color="#ffd220">ඔයා මේ මොකද කරන්නේ?</font>

362
00:30:42,527 --> 00:30:44,613
<font color="#ffd220">අපි ඔයාගේ ප්ලෑන් එකට අනුව වැඩ
කරලා එයා සුළු වැරදිකාරයෙක් කළොත්...</font>

363
00:30:44,696 --> 00:30:46,406
<font color="#ffd220">එයා අවුරුදු කිහිපයකින් එළියට එයි.</font>

364
00:30:46,490 --> 00:30:48,450
<font color="#ffd220">ඒකෙන් මුකුත් වෙනස් වෙන්නේ නෑ.</font>

365
00:30:48,909 --> 00:30:51,495
<font color="#ffd220">මෝඩ වෙන්න එපා. ඔයාට එයාව පරද්දන්න බෑ.</font>

366
00:30:54,456 --> 00:30:55,958
<font color="#ffd220">මම කිව්වනේ මම ඒක බලාගන්නම් කියලා.</font>

367
00:30:56,041 --> 00:30:58,794
<font color="#ffd220">ඔයා අර ගලෙන් එයාගේ ඔලුව කුඩු කරන්න තිබුණේ.</font>

368
00:30:59,670 --> 00:31:00,879
<font color="#ffd220">ඒත් ඔයා පසුබට වුණා.</font>

369
00:31:02,172 --> 00:31:04,132
<font color="#ffd220">අන්න ඒ නිසා තමයි ඔයාට එයාව පරද්දන්න බැරි.</font>

370
00:31:04,925 --> 00:31:06,218
<font color="#ffd220">ඒ නිසා මේකට මැදිහත් නොවී ඉන්න.</font>

371
00:31:09,763 --> 00:31:11,932
<font color="#ffd220">ආ ජින්.</font>

372
00:31:12,599 --> 00:31:13,600
<font color="#ffd220">ආ ජින්.</font>

373
00:31:29,074 --> 00:31:30,909
<font color="#ffd220">මිස්ටර් චෝයි වෘත්තීය මලල ක්‍රීඩකයෙක් නේද?</font>

374
00:31:30,993 --> 00:31:33,286
<font color="#ffd220">එක පාරක් ගැහුවම වැඩේ ඉවරයි. ඒක
නිකන්ම හෝම් රන් (Home run) එකක් වගේ.</font>

375
00:31:33,370 --> 00:31:35,038
<font color="#ffd220">"එක පාරක් ගැහුවම වැඩේ ඉවරයි"?</font>

376
00:31:35,122 --> 00:31:36,665
<font color="#ffd220">මෝඩ වැඩ කරන්න එපා.</font>

377
00:31:37,332 --> 00:31:40,585
<font color="#ffd220">ඔයා මාව මැරුවොත්, ඔයාව සමාජයෙන් කොන් වෙයි.</font>

378
00:31:40,919 --> 00:31:44,256
<font color="#ffd220">ඔයයි යූ සිකුයි මට පවුලේ අය වගේ.</font>

379
00:31:45,340 --> 00:31:49,428
<font color="#ffd220">ඉතින් ඕනම දේකට, මාව පාවිච්චි කරන්න, හරිද?</font>

380
00:32:11,616 --> 00:32:13,493
<font color="#ffd220">ආ, ආ ජින්. ගුඩ් මෝනින්ග්.</font>

381
00:32:14,411 --> 00:32:15,787
<font color="#ffd220">මොකද වුණේ ඔයාගේ මූණට?</font>

382
00:32:15,871 --> 00:32:17,706
<font color="#ffd220">මම වැටුණා.</font>

383
00:32:18,498 --> 00:32:21,752
<font color="#ffd220">ඔයා හිතනවද මම ඕක විශ්වාස කරයි
කියලා? ඕක වැටිලා වෙච්ච දෙයක් නෙවෙයි.</font>

384
00:32:21,835 --> 00:32:23,170
<font color="#ffd220">මට අවුලක් නෑ.</font>

385
00:32:24,212 --> 00:32:27,591
<font color="#ffd220">මට ඇත්ත කියන්න. කවුද ඔයාට මේක කළේ?</font>

386
00:32:28,383 --> 00:32:30,010
<font color="#ffd220">අනික බෙල්ලේ තියෙන සීරීම් පාර?</font>

387
00:32:30,093 --> 00:32:32,179
<font color="#ffd220">මට කියන්න ඇත්තටම මොකද වුණේ කියලා.</font>

388
00:32:32,262 --> 00:32:33,388
<font color="#ffd220">ඒක...</font>

389
00:32:34,765 --> 00:32:36,516
<font color="#ffd220">ඇත්තටම...</font>

390
00:32:37,225 --> 00:32:40,437
<font color="#ffd220">මම මුකුත් නොකිව්වේ ඔයා
කලබල වෙයි කියලා හිතුණ නිසා.</font>

391
00:32:40,520 --> 00:32:45,525
<font color="#ffd220">ඒත් දවස් කිහිපයක ඉඳන් එක
මනුස්සයෙක් මගේ පස්සෙන් එනවා.</font>

392
00:32:47,152 --> 00:32:49,863
<font color="#ffd220">ඊයේ රෑ අපි අතරේ පොඩි රණ්ඩුවක් වුණා.</font>

393
00:32:49,946 --> 00:32:51,156
<font color="#ffd220">ඔයා පොලිසියට කිව්වද?</font>

394
00:32:51,615 --> 00:32:56,328
<font color="#ffd220">එයාලා කිව්වේ, එයා මට පහර දෙන්නේ
නැත්නම් නැත්නම් අපරාධයක් කරන්නේ නැත්නම්...</font>

395
00:32:56,912 --> 00:32:59,581
<font color="#ffd220">එයාලට කරන්න දෙයක් නෑ කියලා මගේ
පස්සෙන් එන කෙනා ඒක ප්‍රතික්ෂේප කළොත්.</font>

396
00:33:02,167 --> 00:33:05,796
<font color="#ffd220">ජුන් සියෝ දවස් කිහිපයකට එයාගේ
සීයලගේ ගෙදර නැවතිලා ඉන්නේ...</font>

397
00:33:05,879 --> 00:33:07,589
<font color="#ffd220">ඒ නිසා මට පොඩි බයක් තියෙනවා.</font>

398
00:33:13,512 --> 00:33:14,596
<font color="#ffd220">මෙහෙම හරියන්නේ නෑ.</font>

399
00:33:14,679 --> 00:33:16,181
<font color="#ffd220">යූ සික්. ඔව්?</font>

400
00:33:16,264 --> 00:33:18,725
<font color="#ffd220">ඔයා තනියම අස්කරලා වහන්නකෝ. මොකක්?</font>

401
00:33:18,809 --> 00:33:20,685
<font color="#ffd220">දැනට මම මෙයාව ගෙදරට ඇරලවන්නම්.</font>

402
00:33:21,311 --> 00:33:23,647
<font color="#ffd220">ඒත්... ස්තූතියි, මිස්ටර් චෝයි.</font>

403
00:33:30,570 --> 00:33:31,571
<font color="#ffd220">මේක ගන්න.</font>

404
00:33:32,739 --> 00:33:33,824
<font color="#ffd220">මොකක්ද මේ?</font>

405
00:33:34,574 --> 00:33:38,161
<font color="#ffd220">මේක ගම්මිරිස් ස්ප්‍රේ එකක්. ඔයාට ඕන වෙයි.</font>

406
00:33:40,205 --> 00:33:43,125
<font color="#ffd220">මම ගැන හොයල බලනවට ස්තූතියි.</font>

407
00:33:45,335 --> 00:33:47,379
<font color="#ffd220">මම ප්‍රාර්ථනා කරනවා ඔයාට මේක
පාවිච්චි කරන්න නොවේවා කියලා.</font>

408
00:33:49,464 --> 00:33:51,716
<font color="#ffd220">ඔයාට කවදාවත් පසුතැවීමක් දැනිලා නැද්ද?</font>

409
00:33:52,509 --> 00:33:54,886
<font color="#ffd220">මොකක් ගැනද?</font>

410
00:33:57,347 --> 00:34:00,225
<font color="#ffd220">තමන්ට අදාළ නැති ප්‍රශ්නවලදී
අනිත් අයට උදව් කරන එක ගැන.</font>

411
00:34:01,518 --> 00:34:04,396
<font color="#ffd220">කිසිම වාසියක් නැතුව තමන්ව කැප කරන එක ගැන.</font>

412
00:34:05,272 --> 00:34:10,068
<font color="#ffd220">තමන්ගේ වෘත්තීය ජීවිතේ විනාශ කරපු
යාළුවට සමාව දීලා එයාට උදව් කරන එක ගැන.</font>

413
00:34:11,695 --> 00:34:14,114
<font color="#ffd220">මම දන්නේ නෑ.</font>

414
00:34:14,865 --> 00:34:15,949
<font color="#ffd220">මම පසුතැවෙනවද?</font>

415
00:34:18,326 --> 00:34:19,411
<font color="#ffd220">එච්චරම නෑ.</font>

416
00:34:20,662 --> 00:34:22,956
<font color="#ffd220">මම පසුතැවිලි වෙවී ඉන්න ජාතියේ කෙනෙක් නෙවෙයි.</font>

417
00:34:24,332 --> 00:34:25,542
<font color="#ffd220">මම ඉන්නේ එහෙම තමයි.</font>

418
00:34:29,796 --> 00:34:33,800
<font color="#ffd220">ඒකෙන් ඔයාටම කරදරයක් වෙලා
ඔයාට තුවාල වුණොත් එහෙම?</font>

419
00:34:35,343 --> 00:34:37,971
<font color="#ffd220">මම මගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්නේ.</font>

420
00:34:38,889 --> 00:34:41,683
<font color="#ffd220">හිතට බරක් තියාගෙන මට කිසිම වැඩක් කරන්න බෑ.</font>

421
00:34:42,392 --> 00:34:47,147
<font color="#ffd220">මම තෝරාගත්ත දේ නිසා අන්තිමට මට රිදුනත්...</font>

422
00:34:47,731 --> 00:34:49,149
<font color="#ffd220">මට ඒක ප්‍රශ්නයක් නෑ.</font>

423
00:34:54,863 --> 00:34:57,282
<font color="#ffd220">මම ප්‍රාර්ථනා කරනවා ඔයා
කවදාවත් වෙනස් වෙන්න එපා කියලා.</font>

424
00:34:58,074 --> 00:35:00,327
<font color="#ffd220">ඒක ඔයාට හොඳයි.</font>

425
00:35:02,787 --> 00:35:06,499
<font color="#ffd220">ඔයා හොඳ කෙනෙක්.</font>

426
00:35:10,754 --> 00:35:12,464
<font color="#ffd220">ඒයි, පොඩි එකෝ.</font>

427
00:35:13,506 --> 00:35:15,133
<font color="#ffd220">එයා හොඳ වැඩිහිටියෙක්.</font>

428
00:35:16,384 --> 00:35:19,346
<font color="#ffd220">එයා අසාධාරණයට විරුද්ධව කතා කරන
අනිත් අයට උදව් කරන්න කැමති කෙනෙක්.</font>

429
00:35:19,429 --> 00:35:20,722
<font color="#ffd220">ඒක ප්‍රශංසාවක්ද?</font>

430
00:35:20,805 --> 00:35:24,142
<font color="#ffd220">මේ වෙලාවේ මට ඕන වෙලා
තියෙන්නේ අන්න ඒ වගේ වැඩිහිටියෙක්.</font>

431
00:35:38,865 --> 00:35:40,075
<font color="#ffd220">ස්තූතියි.</font>

432
00:35:40,617 --> 00:35:42,118
<font color="#ffd220">ඔයා මෙහේද ඉන්නේ තනියම?</font>

433
00:35:47,499 --> 00:35:49,292
<font color="#ffd220">මම කැෆේ එක ළඟින් ඇනෙක්ස් එකක් හොයලා දෙන්නම්.</font>

434
00:35:50,001 --> 00:35:51,211
<font color="#ffd220">ඔයා මෙහෙන් යන්න ඕනේ.</font>

435
00:35:52,963 --> 00:35:54,965
<font color="#ffd220">ඔයාට මෙහෙ තනියම ඉන්න බෑ.</font>

436
00:35:56,800 --> 00:36:01,054
<font color="#ffd220">කුලිය පොඩ්ඩක් වැඩි වෙයි,
ඒත් ආරක්ෂාව ඊට වඩා වටිනවා.</font>

437
00:36:01,429 --> 00:36:02,597
<font color="#ffd220">ඒක ටිකක්...</font>

438
00:36:03,515 --> 00:36:06,685
<font color="#ffd220">ඔයා ඩිපොසිට් එක ගැන වද වෙන්න එපා.</font>

439
00:36:08,270 --> 00:36:10,647
<font color="#ffd220">හිතාගන්නකෝ ඒක ඔයාගේ අස්වීමේ
දීමනාවෙන් කලින් ගත්තා කියලා.</font>

440
00:36:11,773 --> 00:36:15,944
<font color="#ffd220">ඔයාගේ සැලකිල්ල මම අගය
කරනවා. මම ඒ ගැන හිතලා බලන්නම්.</font>

441
00:36:17,654 --> 00:36:18,655
<font color="#ffd220">හරි.</font>

442
00:36:19,614 --> 00:36:20,699
<font color="#ffd220">පරිස්සමෙන් ගෙදර යන්න.</font>

443
00:36:32,752 --> 00:36:34,462
<font color="#ffd220">මොකක්ද අවුල? මොකක්ද ඒ?</font>

444
00:36:35,380 --> 00:36:36,423
<font color="#ffd220">ෂික්.</font>

445
00:36:37,757 --> 00:36:39,342
<font color="#ffd220">මොන වගේ පිස්සෙක්ද...</font>

446
00:36:42,304 --> 00:36:43,513
<font color="#ffd220">මොකක්ද ඒ?</font>

447
00:36:43,930 --> 00:36:45,390
<font color="#ffd220">ඊළඟට ඔයා</font>

448
00:36:45,473 --> 00:36:46,516
<font color="#ffd220">"ඊළඟට ඔයා"?</font>

449
00:36:55,608 --> 00:36:56,651
<font color="#ffd220">ඒයි!</font>

450
00:36:57,694 --> 00:36:59,738
<font color="#ffd220">ආ ජින්, ඇතුළට ගිහින් දොර ලොක් කරගන්න.</font>

451
00:37:27,349 --> 00:37:28,933
<font color="#ffd220">ඔතනම නවතිනවා!</font>

452
00:37:29,851 --> 00:37:30,935
<font color="#ffd220">නවතිනවා!</font>

453
00:37:49,412 --> 00:37:51,790
<font color="#ffd220">ඔයා මොකද මෙතන කරන්නේ?</font>

454
00:37:51,873 --> 00:37:53,666
<font color="#ffd220">මම කිව්වනේ ඇතුළට ගිහින්
දොර ලොක් කරගන්න කියලා.</font>

455
00:37:54,167 --> 00:37:57,796
<font color="#ffd220">ඔයා අර ස්ටෝකර් පස්සෙන් ගිය
නිසා, මට නිකන් ඉන්න බැරි වුණා.</font>

456
00:37:58,755 --> 00:37:59,756
<font color="#ffd220">ඔයාට තුවාල නෑ නේද?</font>

457
00:38:00,048 --> 00:38:01,591
<font color="#ffd220">මම හොඳින්.</font>

458
00:38:04,135 --> 00:38:05,637
<font color="#ffd220">ඒත් මට එයාව මග ඇරුණා.</font>

459
00:38:06,805 --> 00:38:08,681
<font color="#ffd220">දැන් රෑ වෙලා. ඔයා ගෙදර යන්න.</font>

460
00:38:08,765 --> 00:38:11,643
<font color="#ffd220">මට ඔයාව මෙතන තනියම දාලා යන්න බෑ.</font>

461
00:38:13,144 --> 00:38:15,397
<font color="#ffd220">අඩුම ගානේ මම ඔයාව සෝනා
එකකට හරි එක්කන් යන්නද...</font>

462
00:38:15,480 --> 00:38:16,523
<font color="#ffd220">මට කමක් නෑ.</font>

463
00:38:16,606 --> 00:38:19,609
<font color="#ffd220">මම යාළුවෙක්ට එන්න කිව්වා.</font>

464
00:38:20,485 --> 00:38:21,694
<font color="#ffd220">බය වෙන්න එපා.</font>

465
00:38:22,362 --> 00:38:24,656
<font color="#ffd220">ඔයා යන්න. මාත් දැන් යනවා.</font>

466
00:38:25,698 --> 00:38:26,699
<font color="#ffd220">හරි එහෙනම්.</font>

467
00:39:19,878 --> 00:39:21,421
<font color="#ffd220">මම දොර ළඟ බැට් එකක් තිබ්බා.</font>

468
00:39:21,504 --> 00:39:23,756
<font color="#ffd220">පරිස්සම් වෙන එක කොයිකටත් හොඳයිනේ.</font>

469
00:39:24,174 --> 00:39:27,218
<font color="#ffd220">හැම දේකම ප්‍රයෝජනයක් තියෙනවා.</font>

470
00:39:28,344 --> 00:39:34,601
<font color="#ffd220">පොඩි දේවල් වුණත් හරියට පාවිච්චි කළොත්,
ඒක ලොකු අවස්ථාවක් කරගන්න පුළුවන්.</font>

471
00:39:35,935 --> 00:39:37,770
<font color="#ffd220">බියර් එකක් එක්ක ෆ්‍රයිඩ් චිකන් ටිකක් කමුද?</font>

472
00:39:37,854 --> 00:39:39,689
<font color="#ffd220">මට බඩ පිරිලා තියෙන්නේ. මොකද කියන්නේ?</font>

473
00:39:39,772 --> 00:39:40,857
<font color="#ffd220">යමං යන්න.</font>

474
00:39:43,526 --> 00:39:44,819
<font color="#ffd220">මට සිගරට් ගන්න ඕනේ.</font>

475
00:39:46,738 --> 00:39:48,031
<font color="#ffd220">ඔයා කොහෙද යන්නේ?</font>

476
00:39:48,114 --> 00:39:50,325
<font color="#ffd220">ඒයි, ඒ ආ ජින් නේද.</font>

477
00:40:02,128 --> 00:40:03,671
<font color="#ffd220">තමුන් කොහෙද මේ යන්නේ?</font>

478
00:40:03,755 --> 00:40:05,965
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න, මම එයාව දන්නවා.
යමු කරාඕකේ එක පැත්තේ යන්න.</font>

479
00:40:06,466 --> 00:40:08,259
<font color="#ffd220">මම එයාව දන්නවා. මගේ
ඇඟෙන් අයින් වෙනවා. යමු යන්න.</font>

480
00:40:09,385 --> 00:40:10,720
<font color="#ffd220">එන්න යන්න.</font>

481
00:40:11,346 --> 00:40:13,097
<font color="#ffd220">මොකද මේ කරන්නේ? මම ගෙදර යන්නේ නෑ.</font>

482
00:40:13,932 --> 00:40:15,016
<font color="#ffd220">ඉක්මන් කරනවා.</font>

483
00:40:15,099 --> 00:40:17,644
<font color="#ffd220">කෝ ආ ජින්? එයා ගෙදර ගියාද?</font>

484
00:40:17,727 --> 00:40:20,313
<font color="#ffd220">යමු! මොකද පරක්කු?</font>

485
00:40:20,396 --> 00:40:22,440
<font color="#ffd220">ඉක්මන් කරන්න. මම එනවා.</font>

486
00:40:22,524 --> 00:40:23,525
<font color="#ffd220">යමු.</font>

487
00:40:23,608 --> 00:40:25,818
<font color="#ffd220">මොකද බලන් ඉන්නේ? ඉක්මන් කරන්න.</font>

488
00:41:15,034 --> 00:41:18,788
<font color="#ffd220">මම සල්ලි දෙන්නම්. රෑ 8
වෙද්දී මගේ ගෙදරට එන්න.</font>

489
00:41:18,871 --> 00:41:22,917
<font color="#ffd220">මිනිස්සුන්ට සිහිය එන්නේ හොඳටම බය වුණාම තමයි.</font>

490
00:41:28,798 --> 00:41:32,969
<font color="#ffd220">"වාසනාව අවාසනාවට හැරෙන්න
පුළුවන්. පරිස්සමෙන් පියවර තියන්න."</font>

491
00:41:34,095 --> 00:41:36,180
<font color="#ffd220">මොන මගුලක්ද? මහා කරදරයක්නේ.</font>

492
00:41:47,817 --> 00:41:48,818
<font color="#ffd220">සුබ උදෑසනක්.</font>

493
00:41:50,028 --> 00:41:52,447
<font color="#ffd220">ආ ජින්, කවුද කෙනෙක් ඔයාව හොයනවා.</font>

494
00:41:55,325 --> 00:41:56,409
<font color="#ffd220">ඔයා එයාව දන්නවද?</font>

495
00:42:05,543 --> 00:42:06,544
<font color="#ffd220">ආයුබෝවන්.</font>

496
00:42:08,838 --> 00:42:12,634
<font color="#ffd220">ආ ජින්, ඔයාට විශ්වාසද ඔයාට
රඟපාන්න ආස නෑ කියලා?</font>

497
00:42:13,134 --> 00:42:14,594
<font color="#ffd220">ඇයි මම?</font>

498
00:42:15,928 --> 00:42:18,640
<font color="#ffd220">ඕන තරම් අය ඉන්නවා නේද
නළු නිළියෝ වෙන්න දඟලන?</font>

499
00:42:18,723 --> 00:42:21,726
<font color="#ffd220">අනිත් අයට නැති විශේෂ දෙයක්
ඔයාට උපතින්ම ලැබිලා තියෙනවා.</font>

500
00:42:22,977 --> 00:42:24,187
<font color="#ffd220">මට ඇත්තම කියන්න.</font>

501
00:42:25,188 --> 00:42:27,315
<font color="#ffd220">ඔයා ඒ ගැන හිතලා බැලුවා නේද?</font>

502
00:42:27,398 --> 00:42:31,194
<font color="#ffd220">ඔයා හරි. මාත් ඒ ගැන කල්පනා කළා.</font>

503
00:42:33,237 --> 00:42:35,990
<font color="#ffd220">ඒත් මට දැන්ම බෑ. මට
විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා.</font>

504
00:42:36,074 --> 00:42:38,493
<font color="#ffd220">මට පුළුවන්ද දැනගන්න ඒ මොකක්ද කියලා?</font>

505
00:42:40,620 --> 00:42:42,205
<font color="#ffd220">ඒක පවුලේ ප්‍රශ්නයක්.</font>

506
00:42:42,580 --> 00:42:46,793
<font color="#ffd220">ඔයා අසනීප වුණු කෙනෙක් බලාගන්නවා
නම්, අපිට පුළුවන් උදව් කරන්න.</font>

507
00:42:47,960 --> 00:42:50,380
<font color="#ffd220">නෑ, ඒක මම තනියම විසඳගන්න ඕන දෙයක්.</font>

508
00:42:51,839 --> 00:42:52,840
<font color="#ffd220">ආ, එහෙමද.</font>

509
00:42:54,926 --> 00:42:56,761
<font color="#ffd220">අපරාදේ හැබැයි.</font>

510
00:42:57,553 --> 00:43:00,264
<font color="#ffd220">ඒත් ඔයා තීරණේ අරන් ඉවරයි වගේනේ.</font>

511
00:43:01,015 --> 00:43:02,809
<font color="#ffd220">කවදාහරි ඔයාගේ අදහස වෙනස් වුණොත්,</font>

512
00:43:02,892 --> 00:43:05,436
<font color="#ffd220">පොරොන්දු වෙන්න වෙන කෙනෙක් එක්ක
නෙවෙයි, මාත් එක්කයි වැඩ කරන්නේ කියලා.</font>

513
00:43:06,270 --> 00:43:09,357
<font color="#ffd220">වෙන ඕනම ඒජන්සියකට වඩා මම ඔයාව බලාගන්නම්.</font>

514
00:43:10,233 --> 00:43:11,234
<font color="#ffd220">ස්තූතියි ඒකට.</font>

515
00:43:11,818 --> 00:43:14,654
<font color="#ffd220">හරි එහෙනම්. අපි ආයේ හම්බවෙමුකෝ.</font>

516
00:43:21,953 --> 00:43:23,579
<font color="#ffd220">ආවට ස්තූතියි. ගිහින් එන්නම්.</font>

517
00:43:27,333 --> 00:43:29,043
<font color="#ffd220">මම දැන්ම ඔයාගේ ඔටෝග්‍රැෆ් එකක් ගන්නද?</font>

518
00:43:30,336 --> 00:43:32,255
<font color="#ffd220">මම ඒක එපා කිව්වා.</font>

519
00:43:32,338 --> 00:43:33,381
<font color="#ffd220">ඇයි?</font>

520
00:43:33,464 --> 00:43:35,842
<font color="#ffd220">ඔයා ජනප්‍රිය වෙලා ගොඩක් සල්ලි
හම්බකරයි. මොකක්ද ඒකේ තියෙන අවුල?</font>

521
00:43:36,509 --> 00:43:38,344
<font color="#ffd220">මම කැමති දැන් තියෙන විදිහට.</font>

522
00:43:40,012 --> 00:43:42,140
<font color="#ffd220">ජුන් සෝට පරිස්සම් වෙන්න වෙයි.</font>

523
00:43:43,141 --> 00:43:45,226
<font color="#ffd220">එයාගේ පෙම්වතිය සුපිරි තරුවක් වෙන්නයි යන්නේ.</font>

524
00:43:45,309 --> 00:43:48,229
<font color="#ffd220">පෙම්වතිය? මම එයාගේ පෙම්වතිය නෙවෙයි.</font>

525
00:43:50,189 --> 00:43:52,984
<font color="#ffd220">ඔයා නෙවෙයි? එහෙනම් මොකක්ද සම්බන්ධෙ?</font>

526
00:43:57,238 --> 00:43:58,406
<font color="#ffd220">තාම භාරකාරයෙක් නැද්ද?</font>

527
00:44:05,246 --> 00:44:07,415
<font color="#ffd220">ඊයේ රෑ මුකුත් වුණේ නෑ නේද?</font>

528
00:44:09,917 --> 00:44:13,337
<font color="#ffd220">මම හොඳටම බය වෙලා හිටියේ, ඒ
නිසා මම යාළුවෙක්ගේ ගෙදර නැවතුණේ.</font>

529
00:44:14,547 --> 00:44:18,634
<font color="#ffd220">ඒත් අද උදේ මම ගෙදර එද්දී, ගේ
ඇතුළ හොඳටම අවුල් වෙලා තිබුණා.</font>

530
00:44:18,718 --> 00:44:20,595
<font color="#ffd220">මම හිතන්නේ කවුරුහරි ගේ ඇතුළට පැනලා.</font>

531
00:44:26,267 --> 00:44:28,770
<font color="#ffd220">ජුන් සෝ මේ ගැන දන්නවද?</font>

532
00:44:29,854 --> 00:44:32,607
<font color="#ffd220">එයා කලබල වෙයි කියලා මම එයාට කිව්වේ නෑ.</font>

533
00:44:33,357 --> 00:44:35,276
<font color="#ffd220">එයා හෙට ආවම මම කියන්නම්.</font>

534
00:44:35,359 --> 00:44:36,861
<font color="#ffd220">මම ගෙවල් මාරු කරන්නත් හිතාගෙන ඉන්නේ.</font>

535
00:44:37,361 --> 00:44:39,614
<font color="#ffd220">එතකොට අද රෑ? අද රෑ?</font>

536
00:44:40,656 --> 00:44:42,325
<font color="#ffd220">මම කොහොමහරි ඉන්නම්කෝ.</font>

537
00:44:47,955 --> 00:44:48,956
<font color="#ffd220">එහෙනම්...</font>

538
00:44:50,458 --> 00:44:53,544
<font color="#ffd220">අපි මෙහෙම කරමු. අද රෑට අපේ ගෙදර නවතින්න.</font>

539
00:44:55,421 --> 00:44:57,548
<font color="#ffd220">මම වෙන කොහේ හරි නවතින්නම්.</font>

540
00:44:58,716 --> 00:45:01,260
<font color="#ffd220">මට පුළුවන් අපේ අම්මලාගේ ගෙදර ඉන්න.</font>

541
00:45:02,637 --> 00:45:04,722
<font color="#ffd220">නෑ, කමක් නෑ.</font>

542
00:45:06,015 --> 00:45:10,812
<font color="#ffd220">ඔයාට තේරෙන්නේ නෑ වගේ. මේක
ගොඩක් භයානක වෙන්න පුළුවන්.</font>

543
00:45:12,313 --> 00:45:15,525
<font color="#ffd220">අද රෑ ඔයාගේ ඒජන්ට් එක්ක
මීටින් එකක් තියෙනවා නේද?</font>

544
00:45:15,608 --> 00:45:16,609
<font color="#ffd220">ඔව් තියෙනවා.</font>

545
00:45:16,692 --> 00:45:19,028
<font color="#ffd220">මීටින් එක ඉවර වෙලා මම අම්මලාගේ ගෙදර යන්නම්.</font>

546
00:45:20,112 --> 00:45:22,824
<font color="#ffd220">ඉතින් අද රෑට අපේ ගෙදර ඉන්නකෝ.</font>

547
00:45:24,992 --> 00:45:28,037
<font color="#ffd220">ජුන් සෝ හෙට එනවනේ, ඉතින් එතකන් විතරයිනේ.</font>

548
00:45:28,704 --> 00:45:33,292
<font color="#ffd220">කැෆේ එක ළඟ ස්ටුඩියෝ එකකට
මාරු වෙන එක ගැනත් හිතලා බලන්න.</font>

549
00:45:33,709 --> 00:45:35,419
<font color="#ffd220">මම බලන්නම්, මිස්ටර් චොයි.</font>

550
00:45:46,222 --> 00:45:48,224
<font color="#ffd220">හෝ ගාලා වැස්සක්නේ එළියේ වහින්නේ.</font>

551
00:45:49,141 --> 00:45:51,853
<font color="#ffd220">ෆිල්ම් වල නම්, මෙහෙම වහිද්දී
නරක දේවල් සිද්ධ වෙනවා.</font>

552
00:45:52,436 --> 00:45:54,605
<font color="#ffd220">ඔයා ඕනවට වඩා ෆිල්ම් බලනවා.</font>

553
00:46:02,446 --> 00:46:04,198
<font color="#ffd220">මොකද අවුල?</font>

554
00:46:04,699 --> 00:46:05,700
<font color="#ffd220">මුකුත් නෑ.</font>

555
00:46:06,659 --> 00:46:07,910
<font color="#ffd220">මොකක්ද ප්‍රශ්නේ?</font>

556
00:46:12,039 --> 00:46:15,209
<font color="#ffd220">මම හිතන්නේ අර බීනි එක දාගත්ත
ස්ටෝකර්ව මම ඊයේ රෑ දැක්කා.</font>

557
00:46:16,002 --> 00:46:17,003
<font color="#ffd220">කොහෙදිද?</font>

558
00:46:18,504 --> 00:46:19,672
<font color="#ffd220">කඩයක් ළඟදී.</font>

559
00:46:20,631 --> 00:46:22,800
<font color="#ffd220">එයා හිටියේ...</font>

560
00:46:24,886 --> 00:46:26,053
<font color="#ffd220">එයා කවුරු එක්කද හිටියේ?</font>

561
00:46:41,360 --> 00:46:42,361
<font color="#ffd220">මොකද වුණේ?</font>

562
00:46:42,987 --> 00:46:45,740
<font color="#ffd220">මට සමා වෙන්න. ඊයේ රෑ
මට හරියට නින්ද ගියේ නෑ.</font>

563
00:46:48,659 --> 00:46:50,411
<font color="#ffd220">මෙතනින් ඉන්න. මම බෙහෙත් ටිකක් ගේන්නම්.</font>

564
00:46:58,711 --> 00:47:00,880
<font color="#ffd220">ඔයා කිව්වා නේද ඔයාට මතක බණ
ගෙදරක යන්න තියෙනවා කියලා?</font>

565
00:47:01,589 --> 00:47:03,466
<font color="#ffd220">ඔයා දැන් යන්න ඕන නේද?</font>

566
00:47:04,425 --> 00:47:06,510
<font color="#ffd220">ඔයා හරි. මම යන්න ඕන.</font>

567
00:47:50,846 --> 00:47:52,056
<font color="#ffd220">ගුඩොක්-දොං වලට නේද?</font>

568
00:47:52,848 --> 00:47:53,849
<font color="#ffd220">නගින්න.</font>

569
00:47:55,685 --> 00:47:57,645
<font color="#ffd220">බිල්ඩිම A, යුනිට් 504.</font>

570
00:47:57,728 --> 00:48:00,398
<font color="#ffd220">දොරේ කෝඩ් එක මම මැසේජ්
කරන්නම්. ඒක ගහලා ඇතුළට යන්න.</font>

571
00:48:00,690 --> 00:48:02,650
<font color="#ffd220">ස්තූතියි. මීටින් එක හොඳට කරගන්න.</font>

572
00:48:02,733 --> 00:48:04,360
<font color="#ffd220">මොනවා හරි ඕන වුණොත් මට මැසේජ් කරන්න.</font>

573
00:48:04,443 --> 00:48:05,444
<font color="#ffd220">හරි.</font>

574
00:48:23,379 --> 00:48:24,714
<font color="#ffd220">සර්.</font>

575
00:48:24,797 --> 00:48:28,551
<font color="#ffd220">මාව ගුඩොක්-දොං වෙනුවට නොජොං-දොං
අංක 13 ට ගෙනියන්න පුළුවන්ද?</font>

576
00:48:39,812 --> 00:48:44,025
<font color="#ffd220">මිස්ටර් චොයි, මට මගේ බඩු වගයක්
ගන්න ගෙදරට යන්න ඕන වුණා.</font>

577
00:48:49,739 --> 00:48:52,867
<font color="#ffd220">මොකක්? මේ වෙලාවෙද? ඔයාට
ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද?</font>

578
00:48:52,950 --> 00:48:54,618
<font color="#ffd220">එහෙමනම් මාත් ඔයා එක්ක එනවනේ.</font>

579
00:49:00,624 --> 00:49:01,917
<font color="#ffd220">විනාඩියයි යන්නේ.</font>

580
00:49:03,002 --> 00:49:05,504
<font color="#ffd220">මට මගේ පර්ස් එකයි ID එකයි ගන්න ඕන.</font>

581
00:49:09,383 --> 00:49:12,053
<font color="#ffd220">ඩ්‍රයිවර්ට කියන්න ගෙදර
ඉස්සරහින් පොඩ්ඩක් ඉන්න කියලා.</font>

582
00:49:12,845 --> 00:49:14,597
<font color="#ffd220">මොනවා හරි වුණොත් මට කෝල් කරන්න.</font>

583
00:49:47,880 --> 00:49:49,715
<font color="#ffd220">මම හිතුවේ උඹ පැනලා ගියා කියලා.</font>

584
00:49:49,799 --> 00:49:53,260
<font color="#ffd220">උඹ කිව්වනේ මේ වෙලාවට එන්න
කියලා. මොකද මෙච්චර වෙලා ගියේ?</font>

585
00:49:54,970 --> 00:49:57,515
<font color="#ffd220">මම උඹව රස්තියාදු කරපු
එකට උඹට තරහ ඇති නේද.</font>

586
00:49:58,849 --> 00:50:00,810
<font color="#ffd220">රස්තියාදු වුණේ උඹ විතරක් නෙවෙයි.</font>

587
00:50:00,893 --> 00:50:03,270
<font color="#ffd220">මාත් මේ වෙලාව එනකන් බලාගෙන හිටියේ.</font>

588
00:50:04,355 --> 00:50:06,273
<font color="#ffd220">ඕවා වැඩක් නෑ, මගේ සල්ලි දීපන්.</font>

589
00:50:06,649 --> 00:50:08,776
<font color="#ffd220">මම සල්ලි දෙන්නම්.</font>

590
00:50:11,195 --> 00:50:12,738
<font color="#ffd220">හැබැයි ඊට කලින් මේක ඇඳගන්න පුළුවන්ද?</font>

591
00:50:14,073 --> 00:50:15,199
<font color="#ffd220">මොකක්ද මේ?</font>

592
00:50:15,282 --> 00:50:16,492
<font color="#ffd220">ඒක තෑග්ගක්.</font>

593
00:50:18,327 --> 00:50:20,663
<font color="#ffd220">මම පොඩි කාලේ ඉඳන්ම</font>

594
00:50:22,123 --> 00:50:23,415
<font color="#ffd220">මම කල්පනා කළා</font>

595
00:50:24,208 --> 00:50:28,629
<font color="#ffd220">අපි දෙන්නා එකතු වෙලා හොඳින්
හිටියා නම් කොච්චර හොඳද කියලා.</font>

596
00:50:31,799 --> 00:50:36,303
<font color="#ffd220">දැන් මම සල්ලි හම්බකරන නිසා, මට
ඕන වුණා ඔයාට හොඳ දෙයක් දෙන්න.</font>

597
00:50:37,972 --> 00:50:40,266
<font color="#ffd220">මම සල්ලි දෙන්නම්, ඉතින් මේක ඇඳගන්න.</font>

598
00:50:40,349 --> 00:50:41,725
<font color="#ffd220">මේක ඔයාගේ උපන්දින තෑග්ග, තාත්තේ.</font>

599
00:50:42,893 --> 00:50:44,103
<font color="#ffd220">උඹට පිස්සු හැදිලද.</font>

600
00:50:44,895 --> 00:50:46,355
<font color="#ffd220">මට "තාත්තේ" කියන්නේ?</font>

601
00:50:47,189 --> 00:50:48,983
<font color="#ffd220">උඹ මොකක්ද මේ කරන්න හදන්නේ?</font>

602
00:50:49,066 --> 00:50:50,818
<font color="#ffd220">නිකන් ඇඳලා බලන්නකෝ.</font>

603
00:50:50,901 --> 00:50:53,320
<font color="#ffd220">ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයිනේ.</font>

604
00:50:54,029 --> 00:50:56,782
<font color="#ffd220">මම වෙනුවෙන් ඕක ඇඳගන්නකෝ.</font>

605
00:50:57,283 --> 00:50:59,451
<font color="#ffd220">එහෙම කළොත්, මම සල්ලි දෙන්නම්.</font>

606
00:51:06,792 --> 00:51:08,127
<font color="#ffd220">උඹ මේකට වස දැම්මද?</font>

607
00:51:08,836 --> 00:51:10,004
<font color="#ffd220">මමම ඇන්දවන්නම්කෝ.</font>

608
00:51:19,555 --> 00:51:20,556
<font color="#ffd220">තාත්තේ.</font>

609
00:51:26,437 --> 00:51:27,897
<font color="#ffd220">ඔයාට ඒක හරි ලස්සනයි.</font>

610
00:51:30,524 --> 00:51:31,942
<font color="#ffd220">ඒක ඔයාට හොඳටම ගැළපෙනවා.</font>

611
00:51:47,541 --> 00:51:50,836
<font color="#ffd220">හරි. මම ඒක ඇන්දා. දැන් දීපන් මගේ සල්ලි.</font>

612
00:52:09,813 --> 00:52:11,190
<font color="#ffd220">උඹ වෙනස් වෙලා.</font>

613
00:52:11,523 --> 00:52:14,693
<font color="#ffd220">ඉස්සර උඹ හරිම සැරයිනේ.
සමහර විට දැන් උඹ ලොකු වෙලා ඇති.</font>

614
00:52:16,362 --> 00:52:18,489
<font color="#ffd220">උඹ මීට වඩා හයිය වෙන්න ඕන.</font>

615
00:52:19,490 --> 00:52:21,992
<font color="#ffd220">ජීවත් වෙන්න නම් හිත ගල් කරගන්න ඕන.</font>

616
00:52:22,076 --> 00:52:24,286
<font color="#ffd220">මේ ලෝකේ හරිම කුරිරුයි.</font>

617
00:52:24,828 --> 00:52:28,165
<font color="#ffd220">තත්පරෙන් හැමදේම වෙනස් වෙන්න පුළුවන්.</font>

618
00:53:02,199 --> 00:53:03,993
<font color="#ffd220">පිස්සු බැල්ලි.</font>

619
00:53:11,250 --> 00:53:14,128
<font color="#ffd220">උඹ හිතුවද ඇත්තටම මම උඹට සල්ලි දෙයි කියලා?</font>

620
00:53:14,211 --> 00:53:16,922
<font color="#ffd220">උඹ සල්ලි ටික අරගෙන පැනලා යයි.</font>

621
00:53:20,801 --> 00:53:25,848
<font color="#ffd220">ඒත් දන්නවද? අද මට ඔයාව ඕන, තාත්තේ.</font>

622
00:53:26,807 --> 00:53:29,893
<font color="#ffd220">කියපන්. උඹට දැන් මාව මරන්නද ඕන?</font>

623
00:53:33,939 --> 00:53:36,942
<font color="#ffd220">ඔයාට ඕන ඒක නම්, මම ඔයාව මරනවා.</font>

624
00:53:37,026 --> 00:53:38,235
<font color="#ffd220">තී වගේ...</font>

625
00:53:40,404 --> 00:53:41,697
<font color="#ffd220">මෙහෙ වරෙන්.</font>

626
00:53:47,953 --> 00:53:49,580
<font color="#ffd220">විනෝදයි නේද?</font>

627
00:53:50,539 --> 00:53:52,499
<font color="#ffd220">හිනා වෙන්නකෝ. මේක ජොලිනේ, නේද?</font>

628
00:53:53,125 --> 00:53:54,293
<font color="#ffd220">නැගිටපන්.</font>

629
00:53:56,128 --> 00:53:58,464
<font color="#ffd220">ඒයි, ආ ජින්. මම පොලිසියට කතා කරනවා!</font>

630
00:53:58,547 --> 00:54:00,424
<font color="#ffd220">කතා කරපන්. ගනින් කෝල් එකක්.</font>

631
00:54:00,507 --> 00:54:02,885
<font color="#ffd220">බේරගන්න! හෙලෝ? ආ ජින්?</font>

632
00:54:03,969 --> 00:54:04,970
<font color="#ffd220">ආ ජින්...</font>

633
00:54:29,661 --> 00:54:32,581
<font color="#ffd220">ඇමතුම සම්බන්ධ කළ නොහැක.
කරුණාකර පණිවිඩයක් තබන්න...</font>

634
00:54:33,082 --> 00:54:35,334
<font color="#ffd220">යොංදොං පොලිස් ස්ථානය</font>

635
00:54:37,252 --> 00:54:39,296
<font color="#ffd220">ආ ජින් අමතයි</font>

636
00:54:48,931 --> 00:54:50,015
<font color="#ffd220">මෙහෙ වරෙන්.</font>

637
00:54:51,058 --> 00:54:52,643
<font color="#ffd220">මිස්ටර් චොයි</font>

638
00:54:53,143 --> 00:54:54,144
<font color="#ffd220">ෂිට්.</font>

639
00:55:03,153 --> 00:55:06,073
<font color="#ffd220">මේ පොලිසියෙන්. මෙහෙ ගෙදරක් කඩලා.</font>

640
00:55:06,698 --> 00:55:07,908
<font color="#ffd220">මොකක්ද ලිපිනය?</font>

641
00:55:07,991 --> 00:55:09,201
<font color="#ffd220">නොජොං-දොං.</font>

642
00:55:09,284 --> 00:55:10,661
<font color="#ffd220">නොජොං ස්ටේෂන් එක ළඟද?</font>

643
00:55:11,120 --> 00:55:13,414
<font color="#ffd220">නෑ, ස්ටේෂන් එක ළඟ නෙවෙයි.</font>

644
00:55:13,997 --> 00:55:15,666
<font color="#ffd220">හරියටම ලිපිනය කියන්න පුළුවන්ද?</font>

645
00:55:16,125 --> 00:55:19,086
<font color="#ffd220">මම හරියටම ලිපිනය දන්නේ නෑ.</font>

646
00:55:26,635 --> 00:55:28,178
<font color="#ffd220">මම මේක ඉවසගන්න ඕන.</font>

647
00:55:28,262 --> 00:55:30,889
<font color="#ffd220">කැෆේ එකේ ඉඳන් මෙතනට එන්න විනාඩි දහයක් යනවා.</font>

648
00:55:32,891 --> 00:55:34,601
<font color="#ffd220">මම විනාඩි දහයක් අල්ලගෙන ඉන්න ඕන.</font>

649
00:55:39,189 --> 00:55:40,190
<font color="#ffd220">ඒයි.</font>

650
00:55:40,899 --> 00:55:43,277
<font color="#ffd220">ඒයි... ඒයි!</font>

651
00:55:46,864 --> 00:55:48,532
<font color="#ffd220">මම උඹට ලේසියෙන් මැරෙන්න දෙන්නේ නෑ.</font>

652
00:55:49,283 --> 00:55:51,076
<font color="#ffd220">සල්ලි මගේ අතේ නෑ.</font>

653
00:55:51,160 --> 00:55:53,162
<font color="#ffd220">ඇයි උඹ මගේ යකා අවුස්ස ගත්තේ?</font>

654
00:55:57,583 --> 00:55:58,876
<font color="#ffd220">මගුල.</font>

655
00:56:07,843 --> 00:56:11,096
<font color="#ffd220">මොකද? උඹට තව ඕනද?</font>

656
00:56:14,975 --> 00:56:16,602
<font color="#ffd220">මම සල්ලි දෙන්නම්!</font>

657
00:56:37,289 --> 00:56:38,457
<font color="#ffd220">ශික්.</font>

658
00:56:53,305 --> 00:56:54,306
<font color="#ffd220">රෙද්ද.</font>

659
00:56:57,809 --> 00:56:58,894
<font color="#ffd220">යකෝ!</font>

660
00:57:06,693 --> 00:57:07,694
<font color="#ffd220">මඟුල.</font>

661
00:57:08,654 --> 00:57:10,739
<font color="#ffd220">මහ කාලකණ්ණි ගෑනි!</font>

662
00:57:31,927 --> 00:57:35,013
<font color="#ffd220">උඹ හැදෙන්න නම් මම උඹේ අත කඩන්නම ඕනද?</font>

663
00:58:32,237 --> 00:58:35,741
<font color="#ffd220">උඹ පොඩි කාලෙත් හරි ලස්සනයි.</font>

664
00:58:42,039 --> 00:58:43,123
<font color="#ffd220">අඬපන්.</font>

665
00:58:45,208 --> 00:58:46,585
<font color="#ffd220">ආ...</font>

666
00:58:47,878 --> 00:58:48,879
<font color="#ffd220">ඔහොම යං.</font>

667
00:58:51,798 --> 00:58:53,592
<font color="#ffd220">මට ඇහෙන්න අඬපන්.</font>

668
00:58:58,430 --> 00:58:59,931
<font color="#ffd220">අන්න හරි.</font>

669
00:59:09,149 --> 00:59:10,525
<font color="#ffd220">ඕකනේ මට ඕන වුණේ!</font>

670
00:59:10,609 --> 00:59:14,821
<font color="#ffd220">ආ ජින් දෙවියන් එක්ක ඔට්ටු අල්ලලා
එයාගෙ ජීවිතේ පරදුවට තිබ්බා.</font>

671
00:59:33,799 --> 00:59:35,676
<font color="#ffd220">තෝ මහ පිස්සෙක්නේ! අතෑරපන් ඒකිව!</font>

672
00:59:41,056 --> 00:59:43,892
<font color="#ffd220">ආ ජින්, ඔයා හොඳින්ද?</font>

673
00:59:45,852 --> 00:59:47,062
<font color="#ffd220">තොලොංචි වෙලා පල!</font>

674
00:59:56,071 --> 00:59:58,532
<font color="#ffd220">මේකී තමුසෙගෙ දුවෙක් වගේ කෙල්ලෙක්නෙ!</font>

675
01:00:03,704 --> 01:00:06,081
<font color="#ffd220">ආ ජින්, ඔයාට අමාරුද?</font>

676
01:00:06,748 --> 01:00:08,500
<font color="#ffd220">මම කියන දේ ඇහෙනවද?</font>

677
01:00:09,251 --> 01:00:10,544
<font color="#ffd220">අනේ මේ බලන්නකෝ.</font>

678
01:00:13,255 --> 01:00:16,174
<font color="#ffd220">පර බල්ලා!</font>

679
01:00:52,586 --> 01:00:54,087
<font color="#ffd220">අන්තිමේදී ඒ ඔට්ටුවෙන්...</font>

680
01:00:55,881 --> 01:00:57,841
<font color="#ffd220">දෙවියෝ ගත්තෙ එයාගෙ පැත්ත.</font>

681
01:01:19,321 --> 01:01:20,405
<font color="#ffd220">මගේ තාත්තා...</font>

682
01:01:23,200 --> 01:01:25,535
<font color="#ffd220">අනේ ඇවිත් මගේ තාත්තට උදව් කරන්න.</font>

683
01:01:26,828 --> 01:01:30,165
<font color="#ffd220">එයාගෙ ඇඟෙන් ගොඩක් ලේ යනවා.</font>

684
01:01:31,666 --> 01:01:33,210
<font color="#ffd220">මගේ තාත්තා...</font>

685
01:01:33,835 --> 01:01:35,921
<font color="#ffd220">නොජොන්-ගු, නොජොන්-දොං, අංක 13.</font>

686
01:01:37,172 --> 01:01:38,381
<font color="#ffd220">රූප් ටොප් එකේ තියෙන ගෙදර.</font>

687
01:01:39,758 --> 01:01:42,302
<font color="#ffd220">අනේ මගේ තාත්තව බේරගන්න.</font>

688
01:01:46,556 --> 01:01:48,308
<font color="#ffd220">ඉක්මන් කරන්න.</font>

689
01:02:12,332 --> 01:02:18,088
<font color="#ffd220">ඒ විදියට, එයා බිල්ලක් දීලා
එයාගෙ බැමිවලින් නිදහස් වුණා.</font>

690
01:03:14,144 --> 01:03:18,565
<font color="#e3a113"><b>ආදරණීය X</b></font>

691
01:05:38,663 --> 01:05:40,665
<font color="#e32a44"><b>💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</b></font>

