1
00:00:32,427 --> 00:00:34,427
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:34,451 --> 00:00:37,412
<font color="#ffc846">ආසියානු කලාකරු දර්ශකය නිකුත් වුණා.</font>

3
00:00:37,495 --> 00:00:42,250
<font color="#ffc846">ගිය අවුරුද්දේ වගේම, කොරියානු කලාකරුවන්
ආයෙත් මේ චාට් එකට ඇතුළත් වෙලා තියෙනවා.</font>

4
00:00:43,084 --> 00:00:44,127
<font color="#ffc846">මේකත් එක්කම.</font>

5
00:00:44,210 --> 00:00:46,087
<font color="#ffc846">තව වොන් 3,000ක් දෙන්න.</font>

6
00:00:46,171 --> 00:00:48,798
<font color="#ffc846">ආසියානු කලාකරු දර්ශකය සකස් කරන්නේ...</font>

7
00:00:50,091 --> 00:00:52,343
<font color="#ffc846">- ස්තූතියි. සුබ දවසක්.</font>

8
00:00:52,427 --> 00:00:56,389
<font color="#ffc846">මේ නිසා මේ පුවත වඩාත් බලාපොරොත්තු සහගත වෙනවා.</font>

9
00:00:57,265 --> 00:00:58,683
<font color="#ffc846">ඊළඟට,</font>

10
00:00:58,767 --> 00:01:02,479
<font color="#ffc846">ගෝල්ඩ් බෝයිස් හි රා-ඉක් ගැන
ආදර කටකතාවක්</font>

11
00:01:02,562 --> 00:01:06,649
<font color="#ffc846">එම ආයතනයේම පුහුණුවන සිසුවියක් එක්ක පැතිරෙනවා.</font>

12
00:01:06,733 --> 00:01:12,363
<font color="#ffc846">ආයතනය තාම නිහඬයි.</font>

13
00:01:12,447 --> 00:01:15,408
<font color="#ffc846">සමහර වාර්තා කියන්නේ
ඔවුන් මුලින්ම හමුවෙලා තියෙන්නේ අවුරුදු ගාණකට කලින් කියලා...</font>

14
00:01:20,038 --> 00:01:22,832
<font color="#ffc846">ගෝල්ඩ් බෝයිස් හි රා-ඉක්,
ට්‍රේනි කෙනෙක් එක්ක යාළුයිද?</font>

15
00:01:26,753 --> 00:01:27,921
<font color="#ffc846">කවුද මේ පෙම්වතිය?</font>

16
00:01:46,397 --> 00:01:49,484
<font color="#ffc846">නීතිඥ මෑන්ග්, කෑවද?</font>

17
00:01:52,529 --> 00:01:55,406
<font color="#ffc846">මම ඔයාට කැඳ ටිකක් ගෙනාවා.
පස්සේ ටිකක් කන්න බලන්න.</font>

18
00:01:55,949 --> 00:01:56,783
<font color="#ffc846">හරිද?</font>

19
00:02:23,893 --> 00:02:27,397
<font color="#ffc846">රා-ඉක් කටකතාව බොරු කිව්වා!
ඉක්මනට එන්ටර්ටේන්මන්ට් ස්පෙෂල් දාන්න!</font>

20
00:02:30,233 --> 00:02:33,319
<font color="#ffc846">ගෝල්ඩ් බෝයිස් හි රා-ඉක් ආදර කටකතා ප්‍රතික්ෂේප කළා.</font>

21
00:02:33,945 --> 00:02:38,116
<font color="#ffc846">ඔවුන් නිකම්ම හොඳ යාළුවො විතරයි කියලා
ඔහු ඒජන්සිය හරහා ප්‍රකාශ කළා.</font>

22
00:02:38,199 --> 00:02:42,036
<font color="#ffc846">මේ වෙලාවේ ආදරේට වඩා
තමන්ට වැඩ වටිනවා කියපු ඔහු,</font>

23
00:02:42,120 --> 00:02:43,997
<font color="#ffc846">රසිකයන්ව සනසලා තියෙනවා.</font>

24
00:02:44,706 --> 00:02:47,417
<font color="#ffc846">- පදනම් විරහිත කටකතා
දිගටම යද්දි... එයා නෑ කිව්වා.</font>

25
00:02:47,500 --> 00:02:49,085
<font color="#ffc846">රා-ඉක්ගේ ඒජන්සිය, ගෝල්ඩි එන්ටර්ටේන්මන්ට්...</font>

26
00:02:49,168 --> 00:02:51,337
<font color="#ffc846">- දැඩි තීරණයක් අරන්... එයා නිකන්ම යාළුවෙක්ලු.</font>

27
00:02:51,421 --> 00:02:55,216
<font color="#ffc846">...නීතිමය පියවර ගන්න බව ප්‍රකාශ කළා</font>

28
00:02:55,300 --> 00:02:56,843
<font color="#ffc846">බොරු තොරතුරු පතුරුවන අයට එරෙහිව.</font>

29
00:03:16,112 --> 00:03:17,989
<font color="#ffc846">යමු, එන්න යන්න.</font>

30
00:04:01,532 --> 00:04:02,825
<font color="#ffc846">රෙකෝඩ් වෙනවා නේද?</font>

31
00:04:03,743 --> 00:04:07,121
<font color="#ffc846">මොකක්? ඩෑෂ් කැම් එක,
ඔයා ඒක ඕෆ් කළා නම් හොඳයි.</font>

32
00:04:29,060 --> 00:04:32,355
<font color="#ffc846">ප්‍රොමෝෂන් දවසේ මට කතා කරන්න එපා කිව්වනේ!
ඔයා හැමදේම කෑවා...</font>

33
00:04:38,319 --> 00:04:39,612
<font color="#ffc846">මොකද එතන වෙන්නේ?</font>

34
00:04:41,030 --> 00:04:42,740
<font color="#ffc846">කවුද ඒ? ඔයා එයාව දන්නවද?</font>

35
00:04:42,824 --> 00:04:45,535
<font color="#ffc846">ඔව්, අර රා-ඉක් එක්ක කටකතාව ගියේ,
අන්න එයා තමයි මේ.</font>

36
00:04:47,203 --> 00:04:48,329
<font color="#ffc846">මොකක්?</font>

37
00:04:49,247 --> 00:04:51,624
<font color="#ffc846">දවස් තුනක් තිස්සේ ඔයාව අඬවපු කෙනා...</font>

38
00:04:51,708 --> 00:04:54,043
<font color="#ffc846">කන්නෙ බොන්නෙවත් නැතුව?</font>

39
00:04:56,170 --> 00:04:57,297
<font color="#ffc846">ඒ එයාද?</font>

40
00:04:58,965 --> 00:05:00,008
<font color="#ffc846">කාලකන්නියා.</font>

41
00:05:00,091 --> 00:05:03,594
<font color="#ffc846">කවදාවත් කෙල්ලො ආශ්‍රය කරන්නෙ නෑ,
ෆෑන්ස්ලට විතරයි ආදරේ කිය කියා ඉඳලා,</font>

42
00:05:04,220 --> 00:05:05,888
<font color="#ffc846">දැන් බලන්නකො මිනිහගේ හැටි.</font>

43
00:05:13,813 --> 00:05:15,690
<font color="#ffc846">ආ ඒකද ඔයා ඔය මූණ එල්ලගෙන ඉන්නේ?</font>

44
00:05:16,482 --> 00:05:17,942
<font color="#ffc846">මොන මූණ එල්ලගන්නද?</font>

45
00:05:18,026 --> 00:05:21,654
<font color="#ffc846">විකාර කියවන්නෙ නැතුව පොඩ්ඩක් ඔත්තු බලනවකො.
කවුරුහරි අපිව දැක්කොත් ඉවරයි.</font>

46
00:05:21,738 --> 00:05:23,489
<font color="#ffc846">දැක්කනේ? මම කිව්වනේ.</font>

47
00:05:23,573 --> 00:05:26,075
<font color="#ffc846">මේකප් දාගෙන ජීවත් වෙන උන්ව
කවදාවත් විශ්වාස කරන්න එපා කියලා.</font>

48
00:05:26,993 --> 00:05:30,580
<font color="#ffc846">ඌත් පිරිමියෙක්නේ,
ඔය වයසට කෙල්ලෙක් ආශ්‍රය කරලා නැති වෙන්න විදිහක් නෑනේ.</font>

49
00:05:32,040 --> 00:05:34,667
<font color="#ffc846">ඉතින් ඇයි ඔයා ඌට ඔච්චර ආදරේ කරන්න ගියේ?</font>

50
00:05:39,255 --> 00:05:41,674
<font color="#ffc846">මට ඕන වුණේ නෑ ඔයා දුක් වෙනවා බලන්න.</font>

51
00:05:44,093 --> 00:05:46,095
<font color="#ffc846">මම මොකටද දුක් වෙන්නේ?
එයා නිකන්ම මගේ සේවාදායකයෙක් විතරයි.</font>

52
00:05:47,889 --> 00:05:51,642
<font color="#ffc846">මගේ හැඟීම්... ඒවා වැඩක් නෑ.</font>

53
00:05:58,441 --> 00:06:00,151
<font color="#ffc846">ඇයි ඔයා එතනට ආවේ?</font>

54
00:06:01,069 --> 00:06:03,196
<font color="#ffc846">මට ඔයා ගැන බය හිතුණ නිසා. නෑ.</font>

55
00:06:03,279 --> 00:06:05,782
<font color="#ffc846">ඔයා බය වුණේ ඔයා ගැන, මම ගැන නෙවෙයි.</font>

56
00:06:06,365 --> 00:06:09,786
<font color="#ffc846">ඇයි? මම ප්‍රොසික්‍යුටර් කෙනෙක් හම්බවුණ නිසා බය වුණාද?</font>

57
00:06:09,869 --> 00:06:11,454
<font color="#ffc846">මම මොනවාහරි කියයි කියලා බය හිතුණද?</font>

58
00:06:11,537 --> 00:06:12,747
<font color="#ffc846">මොකක්?</font>

59
00:06:17,919 --> 00:06:19,629
<font color="#ffc846">ඔයා මට ළං වෙන්න හදන තරමට,</font>

60
00:06:20,588 --> 00:06:22,507
<font color="#ffc846">මට ඔයාව සැක හිතෙන එක නවත්තගන්න බෑ.</font>

61
00:06:22,590 --> 00:06:25,051
<font color="#ffc846">ඔයාට මේකට පැටලෙන්න ඕන නෑනේ, නේද?</font>

62
00:06:26,385 --> 00:06:27,929
<font color="#ffc846">ඒ නිසා ආයේ මාව හොයන් එන්න එපා.</font>

63
00:06:29,806 --> 00:06:33,226
<font color="#ffc846">මගෙන් ඈත් වෙලා ඉන්න, සම්පූර්ණයෙන්ම.</font>

64
00:06:35,144 --> 00:06:36,854
<font color="#ffc846">මම එදා රෑ ජේ-හීව දැක්කා.</font>

65
00:06:38,606 --> 00:06:39,649
<font color="#ffc846">මොකක්?</font>

66
00:06:41,150 --> 00:06:43,027
<font color="#ffc846">ඔයාව හම්බවෙලා ගෙදර යන ගමන්,</font>

67
00:06:44,695 --> 00:06:46,906
<font color="#ffc846">මම දැක්කා එයා ඩෝම් එකට යනවා.</font>

68
00:06:48,407 --> 00:06:51,911
<font color="#ffc846">ඒත් නිවුස් වලට කිව්වේ
එයා හොස්පිට්ල් එකේ හිටියා කියලානේ.</font>

69
00:06:53,079 --> 00:06:55,081
<font color="#ffc846">ඒත් මම දැක්ක දේ මට විශ්වාසයි.</font>

70
00:06:56,332 --> 00:06:58,084
<font color="#ffc846">එදා රෑ එයා එතන හිටියා.</font>

71
00:06:59,127 --> 00:07:00,336
<font color="#ffc846">අනිවාර්යයෙන්ම.</font>

72
00:07:08,594 --> 00:07:09,887
<font color="#ffc846">අපිට පොඩි වෙලාවක් දෙනවද?</font>

73
00:07:20,982 --> 00:07:23,192
<font color="#ffc846">මම හිතන්නේ ඔයා මේක පැහැදිලි කරන්න ඕනේ.</font>

74
00:07:24,026 --> 00:07:25,153
<font color="#ffc846">පස්සේ කරන්නම්.</font>

75
00:07:25,236 --> 00:07:28,281
<font color="#ffc846">එදා රෑ, ඔයා කඩෙන් එළියට බැහැලා
අඩි පාර දිගේ යද්දි...</font>

76
00:07:33,369 --> 00:07:35,329
<font color="#ffc846">ඔයා ගියේ හොන්ග් හ්යේ-ජූව හම්බවෙන්න නේද?</font>

77
00:07:35,413 --> 00:07:36,831
<font color="#ffc846">ඔයා කොහොමද එයාගේ නම දන්නේ?</font>

78
00:07:36,914 --> 00:07:38,332
<font color="#ffc846">ඉස්සෙල්ලා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.</font>

79
00:07:38,416 --> 00:07:39,500
<font color="#ffc846">මම ඇහුවේ ඔයා ඒක දන්නේ කොහොමද කියලා?</font>

80
00:07:39,584 --> 00:07:41,419
<font color="#ffc846">මම දැනගත්ත විදිහ නෙවෙයි වැදගත්,</font>

81
00:07:41,502 --> 00:07:43,379
<font color="#ffc846">ඇයි මම මේ වෙනකන් ඒක නොදැන හිටියේ කියන එකයි.</font>

82
00:07:44,130 --> 00:07:46,841
<font color="#ffc846">මම කිව්වනේ,
ඔයාට මගෙන් මුකුත් හංගන්න බෑ කියලා.</font>

83
00:07:46,924 --> 00:07:50,219
<font color="#ffc846">ඒත් මම මේක නොදැනද අර ප්‍රොසික්‍යුටර් ඉස්සරහට ගියේ?</font>

84
00:07:50,303 --> 00:07:53,931
<font color="#ffc846">එයාගෙයි මේ කේස් එකෙයි කිසි සම්බන්ධයක් නෑ,
ඒක නිසා ඒ ගැන කියන්න ඕන වුණේ නෑ.</font>

85
00:07:54,015 --> 00:07:58,144
<font color="#ffc846">ඔයා ගත්ත ඔය මෝඩ තීරණේ නිසා
ඔයා කොච්චර අමාරුවකද වැටිලා ඉන්නේ කියලා තේරෙනවද?</font>

86
00:07:59,395 --> 00:08:02,732
<font color="#ffc846">ප්‍රොසික්‍යුටර්ලා දැනටමත්
එදා රෑ ඔයා හිටපු තැන ගැන සැකෙන් ඉන්නේ.</font>

87
00:08:02,815 --> 00:08:07,111
<font color="#ffc846">ඔයාලා හම්බවුණා කියලා එයාලා ඉක්මනටම හොයාගනී...
හ්යේ-ජූගේ මේකට කිසිම සම්බන්ධයක් නෑ.</font>

88
00:08:08,279 --> 00:08:10,907
<font color="#ffc846">මම නිසා එයා මේකට පැටලෙනවට මම කැමති නෑ.</font>

89
00:08:11,949 --> 00:08:13,451
<font color="#ffc846">මට ගමනක් යන්න තියෙනවා.</font>

90
00:08:14,160 --> 00:08:16,204
<font color="#ffc846">මම ආවහම හැමදේම කියන්නම්.</font>

91
00:08:17,163 --> 00:08:17,997
<font color="#ffc846">හැබැයි ඊට කලින්,</font>

92
00:08:19,165 --> 00:08:20,791
<font color="#ffc846">අනේ එයාව ගෙදරට ඇරලවන්න.</font>

93
00:08:22,293 --> 00:08:23,211
<font color="#ffc846">පුළුවන් නේද?</font>

94
00:08:27,006 --> 00:08:28,549
<font color="#ffc846">හරි. මම කරන්නම්.</font>

95
00:08:43,689 --> 00:08:45,775
<font color="#ffc846">ඒයි, පොඩ්ඩක් ඉන්න!</font>

96
00:08:49,695 --> 00:08:51,656
<font color="#ffc846">අයියෝ, මම ඕක ගත්තේ ගිය මාසේ!</font>

97
00:08:57,787 --> 00:08:59,830
<font color="#ffc846">මේ තියෙන්නේ ටැක්සියෙන් ගත්ත ෆුටේජ් එක.</font>

98
00:09:00,540 --> 00:09:04,794
<font color="#ffc846">නිකන් බලද්දිම තේරෙනවා,
මොකක්හරි ලොකු අවුලක් තියෙනවා කියලා.</font>

99
00:09:05,795 --> 00:09:10,841
<font color="#ffc846">බලද්දි පේන්නේ අර ගෑනු කෙනාට
දෝ රා-ඉක් එක්ක ලොකු තරහක් තියෙනවා වගේ නේද?</font>

100
00:09:10,925 --> 00:09:13,010
<font color="#ffc846">ඒ කවුද කියලා හොයාගත්තද?</font>

101
00:09:13,094 --> 00:09:15,054
<font color="#ffc846">අපි කාර් එක චෙක් කළා.</font>

102
00:09:15,680 --> 00:09:18,182
<font color="#ffc846">ඒත් ඒක කම්පැනියක කාර් එකක්.</font>

103
00:09:18,266 --> 00:09:22,478
<font color="#ffc846">එහෙනම් ඉතින් කම්පැනියෙන් අහලා
අයිතිකාරයා කවුද කියලා හොයාගන්න පුළුවන්නේ.</font>

104
00:09:22,562 --> 00:09:24,021
<font color="#ffc846">අපි ඇහුවා.</font>

105
00:09:24,814 --> 00:09:27,567
<font color="#ffc846">ඒත් වැඩේ කියන්නේ...</font>

106
00:09:28,776 --> 00:09:31,571
<font color="#ffc846">කාර් එක අයිති ඉම්වා ගෲප් එකට.</font>

107
00:09:32,947 --> 00:09:34,115
<font color="#ffc846">ඉම්වා ගෲප් එකට?</font>

108
00:09:42,873 --> 00:09:47,461
<font color="#ffc846">ඒත් රා-ඉක් ඉන්නේ මෙහෙ කියලා
එයාට නොකියා ඉන්න එක හරිද?</font>

109
00:09:50,548 --> 00:09:51,507
<font color="#ffc846">ඒක...</font>

110
00:09:52,925 --> 00:09:54,719
<font color="#ffc846">සේවාදායකයාගේ පෞද්ගලික ප්‍රශ්නයක්.</font>

111
00:09:55,970 --> 00:09:58,097
<font color="#ffc846">දැන් බහින්න, මට ඔෆිස් එකට යන්න තියෙනවා.</font>

112
00:09:58,764 --> 00:10:00,016
<font color="#ffc846">හරි එහෙනම්.</font>

113
00:10:23,748 --> 00:10:25,249
<font color="#ffc846">මොකද?</font>

114
00:10:25,333 --> 00:10:26,459
<font color="#ffc846">ඔයාට හොඳයිද?</font>

115
00:10:26,542 --> 00:10:27,918
<font color="#ffc846">ඇයි මට හොඳ නැත්තේ?</font>

116
00:10:28,002 --> 00:10:29,920
<font color="#ffc846">නෑ, ඔයාගේ මූණ දැක්කම...</font>

117
00:10:30,004 --> 00:10:30,921
<font color="#ffc846">චුන්ග්-ජේ.</font>

118
00:10:31,631 --> 00:10:34,508
<font color="#ffc846">ආයේ කවදාවත් මගේ හැඟීම් ගැන මට කතා කරන්න එපා.</font>

119
00:10:35,217 --> 00:10:38,971
<font color="#ffc846">හැඟීම් නිසා වැඩ පාඩු කරගන්න
මම මෝඩයෙක් නෙවෙයිනේ, එහෙමද?</font>

120
00:10:39,055 --> 00:10:42,850
<font color="#ffc846">ඩෑෂ් කැම් නෑ, සීසීටීවී නෑ, මැසේජ් නෑ, මුකුත් නෑ.
ඉතින් ඔයා මොකද කරන්න හදන්නේ?</font>

121
00:10:44,101 --> 00:10:45,728
<font color="#ffc846">එයා අර කලින් මොකක්ද කිව්වේ?</font>

122
00:10:45,811 --> 00:10:47,897
<font color="#ffc846">එදා රෑ, ඒ දෙන්නා කතා කර කර ඉද්දි...</font>

123
00:10:47,980 --> 00:10:50,691
<font color="#ffc846">එකපාරටම ටැක්සියක් ආපු නිසා අපි අයින් වුණා කියලා.</font>

124
00:10:50,775 --> 00:10:52,068
<font color="#ffc846">ඒ කියන්නේ...</font>

125
00:10:52,151 --> 00:10:54,570
<font color="#ffc846">එතන කවුරුහරි සාක්ෂිකාරයෙක් ඉඳලා තියෙනවද?</font>

126
00:10:54,654 --> 00:10:55,613
<font color="#ffc846">හරි.</font>

127
00:10:56,322 --> 00:10:59,700
<font color="#ffc846">ගිහින් අර ටැක්සියේ ඩෑෂ් කැම් එක හොයාගන්න, දැන්මම.</font>

128
00:10:59,784 --> 00:11:00,743
<font color="#ffc846">දැන්මම?</font>

129
00:11:01,911 --> 00:11:03,913
<font color="#ffc846">විහිළු කරන්න එපා අනේ. මම විහිළුවක් නෙවෙයි කළේ.</font>

130
00:11:04,997 --> 00:11:07,625
<font color="#ffc846">නිදහසට කාරණා එපා, කොහොමහරි අදම ඒක හොයාගන්න.</font>

131
00:11:17,176 --> 00:11:19,345
<font color="#ffc846">මම කොහොමද ඒක හොයන්නේ?</font>

132
00:11:19,428 --> 00:11:21,013
<font color="#ffc846">මම කිව්වනේ මම තමුසෙත් එක්ක කතා කරන්නේ නෑ කියලා!</font>

133
00:11:21,097 --> 00:11:23,516
<font color="#ffc846">මම CEO ගුම් එක්ක බලාගන්නම්!</font>

134
00:11:24,725 --> 00:11:26,560
<font color="#ffc846">එයා තාම කල්පනා කරනවා.</font>

135
00:11:26,644 --> 00:11:28,396
<font color="#ffc846">තව ටිකක් ඉවසන්නකෝ, හරිද?</font>

136
00:11:28,479 --> 00:11:31,148
<font color="#ffc846">අනේ මේ. මම දන්නවා එයා මොකද කරන්න හදන්නේ කියලා.</font>

137
00:11:31,232 --> 00:11:34,360
<font color="#ffc846">එයා අපේ කොන්ත්‍රාත්තුව ඉවර වෙනකන්
අපිව නිකන් තියන් ඉඳලා...</font>

138
00:11:34,443 --> 00:11:36,612
<font color="#ffc846">අන්තිමට අළුත් කරන්නේ නැතුව එළියට දායි.</font>

139
00:11:37,363 --> 00:11:39,907
<font color="#ffc846">ඊට කලින් මමම යනවා යන්න.</font>

140
00:11:40,574 --> 00:11:41,409
<font color="#ffc846">ජේ-හී.</font>

141
00:11:42,034 --> 00:11:43,911
<font color="#ffc846">ඔයා ගෲප් එකෙන් අයින් වෙනවද?</font>

142
00:11:43,994 --> 00:11:46,372
<font color="#ffc846">මම මගේ ගැන බලාගන්න එපායැ. ජේ-හී!</font>

143
00:11:46,455 --> 00:11:48,749
<font color="#ffc846">මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා.</font>

144
00:11:48,833 --> 00:11:52,044
<font color="#ffc846">තව අවුරුදු ටිකකින්,
අපිට දැන් එන පොඩි පොඩි වැඩ ටිකත් නැති වෙලා යයි.</font>

145
00:11:52,545 --> 00:11:55,214
<font color="#ffc846">ඔයත් ඉක්මනට ඔයාට හරියන පාරක් හොයාගන්න.</font>

146
00:11:56,048 --> 00:11:57,633
<font color="#ffc846">මට එහෙම යන්න තැනක් නෑ.</font>

147
00:11:57,716 --> 00:12:00,553
<font color="#ffc846">ඔයා දන්නවනේ මට යන්න තැනක් නෑ කියලා. මම...</font>

148
00:12:06,642 --> 00:12:08,894
<font color="#ffc846">රා-ඉක්! මොකද? ඔයා දොරේ
පාස්වර්ඩ් එක වෙනස් කළේ නැද්ද?</font>

149
00:12:10,312 --> 00:12:11,230
<font color="#ffc846">මැනේජර්.</font>

150
00:12:11,313 --> 00:12:13,983
<font color="#ffc846">කොන්සර්ට් එකෙන් පස්සේ
ජේ-හී කොච්චර කල් හොස්පිට්ල් එකේ හිටියද?</font>

151
00:12:14,066 --> 00:12:15,067
<font color="#ffc846">මොකක්?</font>

152
00:12:15,151 --> 00:12:17,403
<font color="#ffc846">ඔයාලා දෙන්නා ඇත්තටම දවස් දෙකක්ම එකටද හිටියේ?</font>

153
00:12:17,486 --> 00:12:19,822
<font color="#ffc846">ඇයි එහෙම අහන්නේ?</font>

154
00:12:21,115 --> 00:12:23,200
<font color="#ffc846">ඒයි චොයි ජේ-හී,</font>

155
00:12:23,284 --> 00:12:25,286
<font color="#ffc846">මගේ ඇස් දිහා බලලා කියන්න.</font>

156
00:12:25,369 --> 00:12:26,912
<font color="#ffc846">වූ-සොන්ග්ට අර වගේ දෙයක් වුණ දවසේ,</font>

157
00:12:26,996 --> 00:12:30,249
<font color="#ffc846">ඔයා ඇත්තටම හොස්පිට්ල් එකේද
හිටියේ? ඔයා මොකක්ද මේ කියන්නේ?</font>

158
00:12:30,332 --> 00:12:31,750
<font color="#ffc846">උත්තර දෙනවා!</font>

159
00:12:31,834 --> 00:12:33,002
<font color="#ffc846">එදා ඔයා කොහෙද හිටියේ?</font>

160
00:12:33,085 --> 00:12:34,503
<font color="#ffc846">ජේ-හී හිටියේ හොස්පිට්ල් එකේ.</font>

161
00:12:38,048 --> 00:12:40,384
<font color="#ffc846">ඔයා දන්නවනේ එයා මාත් එක්කයි
හොස්පිට්ල් එකේ හිටියේ කියලා.</font>

162
00:12:42,386 --> 00:12:44,763
<font color="#ffc846">දැන් ඔයාලා ඔක්කොම මගේ පිට පටවන්නද හදන්නේ?</font>

163
00:12:44,847 --> 00:12:45,764
<font color="#ffc846">නවත්තන්න ඕක.</font>

164
00:12:45,848 --> 00:12:47,266
<font color="#ffc846">ඉස්සෙල්ලා එළියට යමු.</font>

165
00:12:47,349 --> 00:12:48,684
<font color="#ffc846">මම දන්නවා!</font>

166
00:12:48,767 --> 00:12:49,977
<font color="#ffc846">මම දැක්කා.</font>

167
00:12:50,060 --> 00:12:51,520
<font color="#ffc846">මම දන්නවා ඇයි ඔයා එයාව මැරුවේ කියලා!</font>

168
00:12:51,604 --> 00:12:52,646
<font color="#ffc846">ඔව්?</font>

169
00:12:52,730 --> 00:12:54,565
<font color="#ffc846">එහෙනම් කියනවා! මම මොකටද එයාව මරන්නේ?</font>

170
00:12:55,149 --> 00:12:56,650
<font color="#ffc846">මම ඇයි එයාව මරන්නේ?</font>

171
00:12:56,734 --> 00:12:59,236
<font color="#ffc846">හරි හරි එළියට යමු. අපි යමු!</font>

172
00:12:59,320 --> 00:13:00,571
<font color="#ffc846">මම කියන්නද?</font>

173
00:13:05,034 --> 00:13:08,078
<font color="#ffc846">අතාරිනවා! මම කිව්වේ
අතාරින්න කියලා! නවත්තගන්නවා!</font>

174
00:13:09,747 --> 00:13:12,625
<font color="#ffc846">ඔයා කොහොමද මෙහෙට ආවේ?
මේ විදිහටමද මෙච්චර දුර ආවේ?</font>

175
00:13:13,792 --> 00:13:14,793
<font color="#ffc846">කවුරුහරි දැක්කොත්...</font>

176
00:13:14,877 --> 00:13:17,838
<font color="#ffc846">මැනේජර්, ඔයාට ෂුවර්ද එදා
ජේ-හී හොස්පිට්ල් එකේ හිටියා කියලා?</font>

177
00:13:17,922 --> 00:13:20,049
<font color="#ffc846">මම එතකොට ඔෆිස් එකේ හිටියේ, මම දන්නේ නෑ.</font>

178
00:13:20,132 --> 00:13:22,009
<font color="#ffc846">ඇයි ඔයා ඒකම අහන්නේ?</font>

179
00:13:22,551 --> 00:13:24,303
<font color="#ffc846">ඔයා දැන් කොහෙද ඉන්නේ?</font>

180
00:13:24,386 --> 00:13:25,930
<font color="#ffc846">ඔයාගේ ගෙදරට වෙච්ච දේ ආරංචි වුණා.</font>

181
00:13:26,013 --> 00:13:27,848
<font color="#ffc846">ඔයාට යන්න තැනක් නැත්තම්... ඉතින් මොකද?</font>

182
00:13:28,933 --> 00:13:30,935
<font color="#ffc846">මිනීමැරුම් සැකකරුවෙක් එක්ක ඔයාට ඉන්න පුළුවන්ද?</font>

183
00:13:58,587 --> 00:13:59,630
<font color="#ffc846">හරි.</font>

184
00:14:00,673 --> 00:14:03,217
<font color="#ffc846">ඊට කිට්ටු කාලෙක.</font>

185
00:14:09,515 --> 00:14:13,143
<font color="#ffc846">ස්ටේජ් එකේදි එයාගේ හැසිරීම ගැන
ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තම...</font>

186
00:14:17,231 --> 00:14:20,276
<font color="#ffc846">කම්පැණිය ඒක කෑම විෂ වීමක් කියලා
වහන්න හැදුවා, ඒත්...</font>

187
00:14:20,359 --> 00:14:23,737
<font color="#ffc846">අපි හැමදාම අහන්න ආස කරන,
මතක් නොකර ඉන්න බැරි ගෲප් එක!</font>

188
00:14:23,821 --> 00:14:26,866
<font color="#ffc846">සාදරයෙන් පිළිගන්න, ගෝල්ඩ් බෝයිස්!</font>

189
00:14:26,949 --> 00:14:29,451
<font color="#ffc846">වී ආ ගෝල්ඩ්! ගෝල්ඩ් බෝයිස්!</font>

190
00:14:29,535 --> 00:14:30,661
<font color="#ffc846">ඔයාලව මෙහෙම දකින්න ලැබීම සතුටක්!</font>

191
00:14:30,744 --> 00:14:34,540
<font color="#ffc846">රා-ඉක්, අපි අහුවා ඔයා මේ ඇල්බම් එකට
ගොඩක් මහන්සි වුණා කියලා.</font>

192
00:14:34,623 --> 00:14:38,794
<font color="#ffc846">ඔයා හදපු, එහෙම නැත්තම්
ඔයා වැඩියෙන්ම කැමති සින්දුවක් තියෙනවද?</font>

193
00:14:43,507 --> 00:14:46,010
<font color="#ffc846">එයාගේ ඇඟට නෙවෙයි, හිතටයි රිදිලා තිබුණේ.</font>

194
00:14:52,016 --> 00:14:53,475
<font color="#ffc846">මොකද එයාට නැති වුණා...</font>

195
00:14:55,019 --> 00:14:56,061
<font color="#ffc846">එයා ආදරේ කරපු කෙනාව.</font>

196
00:15:04,945 --> 00:15:06,155
<font color="#ffc846">දැක්කද?</font>

197
00:15:07,031 --> 00:15:09,241
<font color="#ffc846">මොකද අනේ මෙයාට අද වෙලා තියෙන්නේ?</font>

198
00:15:09,325 --> 00:15:10,409
<font color="#ffc846">මන්දා.</font>

199
00:15:10,492 --> 00:15:13,454
<font color="#ffc846">අර ප්‍රොසික්‍යුටර් ඔෆිස් ගිහින් ආපු වෙලේ ඉඳන්
ඔහොම තමයි.</font>

200
00:15:13,537 --> 00:15:16,373
<font color="#ffc846">පේන විදිහට ක්වාක් බියුන්ග්-ග්‍යුන්
හොඳටම ලුණු ඇඹුල් ඇතිව දීලා වගේ.</font>

201
00:15:16,457 --> 00:15:20,169
<font color="#ffc846">මහා ලොකු නීතිඥ මෑන්ග්ටත්
එයා ඉස්සරහ සද්දෙ වහන්න වෙලා වගේ.</font>

202
00:15:20,252 --> 00:15:25,758
<font color="#ffc846">ඒත් මෙයා නිකන් පොඩ්ඩක් දුකින් වගේ නේද පේන්නේ?</font>

203
00:15:25,841 --> 00:15:29,511
<font color="#ffc846">අන්න හරි, හරියට කොල්ලෙක්ගෙන්
බූට් එකක් කාලා වගේ.</font>

204
00:15:29,595 --> 00:15:30,554
<font color="#ffc846">ඒක ඉතින් අහන්නත් දෙයක්ද?</font>

205
00:15:31,138 --> 00:15:34,350
<font color="#ffc846">මේ නඩුව පැරදුණොත් එයාට හම්බවෙන ගාණ
නැති වෙනවනේ, ඒකයි ඔය.</font>

206
00:15:36,727 --> 00:15:39,855
<font color="#ffc846">සිහියට එන්න, මෑන්ග් සේ-නා!
එයා නිකන්ම සේවාදායකයෙක් විතරයි.</font>

207
00:15:40,689 --> 00:15:42,942
<font color="#ffc846">ඔයා දන්නවනේ හැඟීම් කියන්නේ
හරියට පිස්සු වැටිච්ච අස්වයෙක් වගේ කියලා?</font>

208
00:15:43,025 --> 00:15:47,863
<font color="#ffc846">පිස්සු වැටිලා දුවන අස්වයෙක්...
ඌ ඔයාව බිමට ඇදලා දාන්න කලින් ඌව මරලා දාන්න ඕනේ.</font>

209
00:15:49,907 --> 00:15:51,617
<font color="#ffc846">හරි ඉතින්, එයාට ආදරේ කරන්න පුළුවන්.</font>

210
00:15:52,618 --> 00:15:56,038
<font color="#ffc846">හොඳටම හැඟීම් තියෙන වයසනේ... ආදරේ කරන එක?</font>

211
00:15:56,121 --> 00:15:57,998
<font color="#ffc846">ඒක වෙන්න ඕන දෙයක්නේ.</font>

212
00:15:58,082 --> 00:15:59,959
<font color="#ffc846">අයිඩොල්ලා වුණත් මිනිස්සුනේ.</font>

213
00:16:08,676 --> 00:16:10,135
<font color="#ffc846">ඒත් එයා කිව්වනේ එයා යාළු වෙලා නෑ කියලා.</font>

214
00:16:11,303 --> 00:16:14,765
<font color="#ffc846">2022 ජූලි 16 වෙනිදා, එන්ටර්ටේන්මන්ට් එක්ස්ක්ලූසිව් එකේදි
එයා පැහැදිලිවම කිව්වා...</font>

215
00:16:21,230 --> 00:16:22,940
<font color="#ffc846">කවුරුත් මාව රවට්ටලා නෑ,</font>

216
00:16:24,900 --> 00:16:27,528
<font color="#ffc846">ඒත් මට රවට්ටලා වගේ දැනෙනවා.</font>

217
00:16:27,611 --> 00:16:28,862
<font color="#ffc846">ඒත්...</font>

218
00:16:31,448 --> 00:16:34,118
<font color="#ffc846">එයාට එයාගේ ආදරේ නෑ කියන්න වුණාම...</font>

219
00:16:36,412 --> 00:16:38,455
<font color="#ffc846">එයාට මොනවා හිතෙන්න ඇද්ද?</font>

220
00:16:39,665 --> 00:16:42,918
<font color="#ffc846">එයාට දුක හිතුණද, රිදුණද?</font>

221
00:16:44,294 --> 00:16:45,879
<font color="#ffc846">නැත්තම් පාළු හිතුණද?</font>

222
00:16:47,256 --> 00:16:50,676
<font color="#ffc846">අන්තිමට මම කරන්නේ
ඔයා ගැන වද වෙන එක විතරයි.</font>

223
00:16:57,850 --> 00:16:59,435
<font color="#ffc846">මම කොහොමද,</font>

224
00:17:00,811 --> 00:17:02,646
<font color="#ffc846">මේ වගේ දැනෙන හිතක් හදාගන්නේ?</font>

225
00:17:10,237 --> 00:17:14,742
<font color="#ffc846">නීතිඥ මෑන්ග්, ඔයා මේක දැක්කද?</font>

226
00:17:14,825 --> 00:17:16,910
<font color="#ffc846">මේ දැන් බ්‍රේකින්ග් නිවුස් එකක් ගියා.</font>

227
00:17:18,829 --> 00:17:22,291
<font color="#ffc846">මිනීමැරුම් සැකකරුගෙන් ප්‍රශ්න කළාට පස්සේ
දෝ රා-ඉක් රහසිගත හමුවක?</font>

228
00:17:27,379 --> 00:17:29,923
<font color="#ffc846">මේ අර ප්‍රොසික්‍යුටර් ඔෆිස් එක ඉස්සරහ නේද?</font>

229
00:17:30,924 --> 00:17:33,260
<font color="#ffc846">බලද්දි පේන්නේ මේක ගොඩක් ළඟ ඉඳන්
අරන් තියෙනවා වගේ.</font>

230
00:17:49,276 --> 00:17:50,110
<font color="#ffc846">ඔව්.</font>

231
00:17:50,736 --> 00:17:52,321
<font color="#ffc846">ඔයා දැන් හ්යේ-ජූ එක්කද ඉන්නේ?</font>

232
00:17:52,404 --> 00:17:55,282
<font color="#ffc846">මම එයාව ගෙදරට දැම්මා.
ඔයා කොහෙද ඉන්නේ?</font>

233
00:17:55,365 --> 00:17:57,910
<font color="#ffc846">දැන් ආටිකල් එකක් ගියා, හ්යේ-ජූයි මායි...</font>

234
00:17:57,993 --> 00:18:01,413
<font color="#ffc846">මම දැක්කා. ඇත්තටම... අපිට ඒ
ආටිකල් එක දැන්ම අයින් කරගන්න ඕනේ.</font>

235
00:18:01,497 --> 00:18:03,457
<font color="#ffc846">ඒක නවත්තන්න නීතිමය විදිහක් නැද්ද?</font>

236
00:18:03,540 --> 00:18:07,002
<font color="#ffc846">අපිට නිවැරදි කිරීමක් ඉල්ලන්න පුළුවන්,
හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා.</font>

237
00:18:07,086 --> 00:18:08,670
<font color="#ffc846">මම බලන්නම් අපිට කරන්න පුළුවන් මොනවද කියලා...</font>

238
00:18:08,754 --> 00:18:11,006
<font color="#ffc846">මට ඕවා කර කර ඉන්න වෙලාවක් නෑ දැන්.</font>

239
00:18:11,090 --> 00:18:14,760
<font color="#ffc846">ඒ කියන්නේ,
ඒක නවත්තන්න විදිහක් නෑ. හරි.</font>

240
00:18:15,385 --> 00:18:17,387
<font color="#ffc846">මොකක්? මොකක්ද හරි?</font>

241
00:18:28,565 --> 00:18:31,860
<font color="#ffc846">යේ-සොල්, මේ නිවුස් එක දාපු තැන හොයලා
මට කෝල් එකක් ගන්න.</font>

242
00:18:31,944 --> 00:18:33,612
<font color="#ffc846">පුළුවන් ඉක්මනට. හරි.</font>

243
00:18:37,866 --> 00:18:39,743
<font color="#ffc846">ඒ හොන්ග් හ්යේ-ජූ නේද?</font>

244
00:18:40,327 --> 00:18:43,413
<font color="#ffc846">මොකක්ද මේ?
නෑනා මොකද මෙතන කරන්නේ?</font>

245
00:18:43,497 --> 00:18:44,331
<font color="#ffc846">මම දැනගෙන හිටියා.</font>

246
00:18:44,957 --> 00:18:46,041
<font color="#ffc846">මොකක්ද?</font>

247
00:18:46,625 --> 00:18:49,169
<font color="#ffc846">ගි-වූක්, ඔයා හැමදේම දැනගෙනද හිටියේ?</font>

248
00:18:49,253 --> 00:18:50,546
<font color="#ffc846">මොකක්ද?</font>

249
00:18:50,629 --> 00:18:54,383
<font color="#ffc846">චෙයාර්මන් හොන්ග්ගේ හැටි දන්නවනේ,
එයා කවදාවත් තනියම මීටින්ග් එකක් ලෑස්ති කරන්නේ නෑ.</font>

250
00:18:54,466 --> 00:18:57,970
<font color="#ffc846">ඇත්තටම, ඔයාගේ නෑනා නේද
ඔයාට කිව්වේ?</font>

251
00:18:58,762 --> 00:19:00,514
<font color="#ffc846">ඒක... අයින්?</font>

252
00:19:00,597 --> 00:19:02,349
<font color="#ffc846">ඔයා දන්නවද ඔයා මොකක්ද කළේ කියලා?</font>

253
00:19:02,432 --> 00:19:04,893
<font color="#ffc846">ඔයා පුද්ගලික හමුවක් ලෑස්ති කළා,</font>

254
00:19:04,977 --> 00:19:07,396
<font color="#ffc846">මේ නඩුවේ ප්‍රධාන කෙනෙක් සහ
ප්‍රධාන ප්‍රොසික්‍යුටර් අතර.</font>

255
00:19:07,479 --> 00:19:09,565
<font color="#ffc846">හිතාමතාම.</font>

256
00:19:09,648 --> 00:19:12,151
<font color="#ffc846">මොකක්ද ඔයා කියන්නේ? ඔයාගේ නෑනා, හොන්ග් හ්යේ-ජූ!</font>

257
00:19:14,153 --> 00:19:17,239
<font color="#ffc846">එයා දෝ රා-ඉක්ගේ මිනීමැරුම් නඩුවට
ගොඩක් සම්බන්ධයි.</font>

258
00:19:17,322 --> 00:19:20,492
<font color="#ffc846">- මොකක්?
- මම මේක නිකන් යන්න දෙන්නේ නෑ.</font>

259
00:19:21,618 --> 00:19:25,622
<font color="#ffc846">කොරියාවේ රජයේ නීතිඥයෙක්ව සතේකට මායිම් නොකළාට
ඔයාට ඒකට විඳවන්න වෙයි.</font>

260
00:19:25,706 --> 00:19:27,166
<font color="#ffc846">ඒක මතක තියාගන්න.</font>

261
00:19:29,918 --> 00:19:31,044
<font color="#ffc846">ඒයි!</font>

262
00:19:31,128 --> 00:19:33,881
<font color="#ffc846">මොනවා ගැනද මේ කියවන්නේ? ඒයි!</font>

263
00:19:53,025 --> 00:19:54,151
<font color="#ffc846">ඇයි?</font>

264
00:19:55,694 --> 00:19:57,613
<font color="#ffc846">කාලෙකින් දැක්කේ, දෝ රා-ඉක් මහත්තයා.</font>

265
00:19:57,696 --> 00:20:01,325
<font color="#ffc846">ඔයා වගේ සුපිරි තරුවක්
මේ වගේ ගුබ්බෑයමකට මොකද මේ ආවේ?</font>

266
00:20:01,408 --> 00:20:02,743
<font color="#ffc846">අර ආටිකල් එක අයින් කරන්න, දැන්ම.</font>

267
00:20:02,826 --> 00:20:04,203
<font color="#ffc846">බෑ, මට බෑ.</font>

268
00:20:04,786 --> 00:20:06,705
<font color="#ffc846">පත්තරේ යන දේවල් හරියට වචන වගේ.</font>

269
00:20:06,788 --> 00:20:08,373
<font color="#ffc846">කටින් පිට වුණාම ආයේ ගන්න බෑ.</font>

270
00:20:08,457 --> 00:20:09,791
<font color="#ffc846">මම කිව්වේ ඒක අයින් කරන්න කියලා.</font>

271
00:20:09,875 --> 00:20:12,669
<font color="#ffc846">ෂහ්, තාම එයා ගැන හිත උණු වෙනවා වගේ.</font>

272
00:20:12,753 --> 00:20:15,464
<font color="#ffc846">එයා දන්නවද?
ඔයා තාම එයා ගැන හිත හිත ලතවෙනවා කියලා?</font>

273
00:20:15,547 --> 00:20:16,882
<font color="#ffc846">කට වහගන්නවා.</font>

274
00:20:16,965 --> 00:20:18,342
<font color="#ffc846">දණ ගහලා මට වැන්දොත් නරකද?</font>

275
00:20:19,009 --> 00:20:21,762
<font color="#ffc846">කවුද දන්නේ, ගිය පාර වගේම
මේ පාරත් මම ශේප් එකක් දෙයිද කියලා.</font>

276
00:20:23,639 --> 00:20:25,641
<font color="#ffc846">දාන එකක් දානවා.</font>

277
00:20:25,724 --> 00:20:27,893
<font color="#ffc846">මම ලැජ්ජා වෙන්න ඕන දෙයක් කරලා නෑ.</font>

278
00:20:27,976 --> 00:20:29,228
<font color="#ffc846">වාඩි වෙන්නකෝ.</font>

279
00:20:29,311 --> 00:20:31,521
<font color="#ffc846">ඔව් ඔව්. ඔයා ලැජ්ජා වෙන්න දෙයක් කළේ නෑනේ.</font>

280
00:20:32,231 --> 00:20:33,482
<font color="#ffc846">එයානේ කළේ.</font>

281
00:20:35,067 --> 00:20:37,027
<font color="#ffc846">අර හොන්ග් හේ-ජූ ද මොකක්ද කියන එක්කෙනා,</font>

282
00:20:37,110 --> 00:20:40,364
<font color="#ffc846">එයා නේද ළඟදි ඩෙබියු කරන ලිස්ට් එකෙන්
කැපුණේ?</font>

283
00:20:41,156 --> 00:20:43,909
<font color="#ffc846">එයා ස්ට්‍රෙස් එක යවාගන්නේ
වටේ යන කොල්ලෝ ආශ්‍රය කරලද?</font>

284
00:20:43,992 --> 00:20:46,245
<font color="#ffc846">එයා කොල්ලෝ කී දෙනෙක් එක්ක යනවද?</font>

285
00:20:52,709 --> 00:20:55,837
<font color="#ffc846">ඒයි, ඕකෙන් මුකුත් වෙනස් වෙන්නේ නෑ.</font>

286
00:20:55,921 --> 00:20:57,839
<font color="#ffc846">මගේ කට වහන්න ක්‍රමයක් හොයාගන්නවා.</font>

287
00:21:10,394 --> 00:21:12,312
<font color="#ffc846">එයා මේ මුකුත් දන්නේ නෑනේ, නේද?</font>

288
00:21:12,396 --> 00:21:15,148
<font color="#ffc846">එයා හින්දා ඔයාට නැති වුණ දේවල් ගැන.</font>

289
00:21:16,066 --> 00:21:21,113
<font color="#ffc846">ඔයා එයා වෙනුවෙන් අසාධාරණ කන්ට්‍රැක්ට් එකකට අත්සන් කරලා
අන්තිමට තමන්ගේ අම්මා එක්කත් තරහ වුණා.</font>

290
00:21:21,196 --> 00:21:23,907
<font color="#ffc846">ඒවා ඔක්කොම පරණ දේවල්.
ඇයි ආයේ ඒවා අදින්නේ?</font>

291
00:21:23,991 --> 00:21:26,493
<font color="#ffc846">ඇයි කියලා ඇත්තටම දන්නේ නැද්ද? ඒ ඔයානේ.</font>

292
00:21:26,576 --> 00:21:28,662
<font color="#ffc846">මම සල්ලි ගත්තා කියලා
කම්පැනි එකට ගිහින් කේලම කිව්වේ ඔයානේ.</font>

293
00:21:29,329 --> 00:21:30,289
<font color="#ffc846">ගොඩක් ස්තූතියි.</font>

294
00:21:30,372 --> 00:21:32,457
<font color="#ffc846">මේ වගේ ජරාවාසෙක ලැගගෙන
කුණු ගොසිප් ලියන්න මාව පත් කළාට.</font>

295
00:21:32,541 --> 00:21:33,834
<font color="#ffc846">ඒ මම නෙවෙයි.</font>

296
00:21:33,917 --> 00:21:34,918
<font color="#ffc846">ඒකෙන් වැඩක් නෑ.</font>

297
00:21:35,002 --> 00:21:37,379
<font color="#ffc846">කොහොමත් මම දැන් ලොකු බෝම්බයක් පත්තු කරන්න යන්නේ.</font>

298
00:21:38,380 --> 00:21:41,049
<font color="#ffc846">මට හිතාගන්න බෑ මම ඒ කාලේ දැනගෙන හිටියේ නෑනේ කියලා.</font>

299
00:21:41,133 --> 00:21:45,178
<font color="#ffc846">හොන්ග් හේ-ජූ කියන්නේ
ඉම්වා ගෲප් එකේ හංගපු දුවෙක් කියලා.</font>

300
00:21:45,262 --> 00:21:49,391
<font color="#ffc846">ඉතින්, දැන් මම ඇත්ත දැනගත්ත එකේ,
වැඩේට බැහැලාම හොයන්න කාලේ හරි.</font>

301
00:21:49,975 --> 00:21:52,352
<font color="#ffc846">ඊළඟ ආටිකල් එක නම් මාරම එකක් වෙයි.</font>

302
00:21:52,436 --> 00:21:56,023
<font color="#ffc846">"මිනීමැරුමකට සම්බන්ධ වුණ පරණ පෙම්වතිය."</font>

303
00:21:58,025 --> 00:22:02,154
<font color="#ffc846">මම කලිනුත් අනතුරු ඇඟෙව්වා. ඔයා මගේ ළඟ ඉන්න අයට
කරදර කළොත්, මම නිකන් ඉන්නේ නෑ.</font>

304
00:22:02,821 --> 00:22:04,531
<font color="#ffc846">ආයේ එක පාරක් හරි මෙහෙම වුණොත්,</font>

305
00:22:04,614 --> 00:22:06,950
<font color="#ffc846">මම මොනවා කරයිද කියලා මමවත් දන්නේ නෑ.</font>

306
00:22:07,034 --> 00:22:08,744
<font color="#ffc846">මොනවා කරන්නද?</font>

307
00:22:08,827 --> 00:22:11,538
<font color="#ffc846">අමතක වුණාද? මම මිනීමැරුම් සැකකාරයෙක්.</font>

308
00:22:12,247 --> 00:22:13,999
<font color="#ffc846">මාත් එක්ක දිගටම පැටලෙන්න ආවොත්...</font>

309
00:22:14,082 --> 00:22:16,460
<font color="#ffc846">නවත්තන්න! ඇති!</font>

310
00:22:16,543 --> 00:22:19,129
<font color="#ffc846">තමුන් කොහොමද මාධ්‍යවේදියෙක්ට තර්ජනය කරන්නේ?</font>

311
00:22:19,212 --> 00:22:20,922
<font color="#ffc846">- මම දිවුරලා කියන්නේ, මම--
- දැන් ඇති.</font>

312
00:22:21,006 --> 00:22:22,758
<font color="#ffc846">ඇති? මේ මිනීමරු බල්ලව...</font>

313
00:22:25,177 --> 00:22:27,804
<font color="#ffc846">මේවා අරගෙන තියෙන්නේ
කැන්ග් වූ-සොන්ග්ගේ සිද්ධියට ගොඩක් කලින්.</font>

314
00:22:28,388 --> 00:22:32,142
<font color="#ffc846">එයාගේ ගෙදර ඉස්සරහ ඉඳන්,
මේකප් ෂොප් එක, කාර් එක...</font>

315
00:22:32,225 --> 00:22:34,728
<font color="#ffc846">ඔයා එයාගේ පෞද්ගලික ජීවිතේ
හැම අඩියක් ගානේම පස්සෙන් ගිහින් තියෙනවා.</font>

316
00:22:37,773 --> 00:22:39,649
<font color="#ffc846">එයා බාත්රූම් යනවා පවා බැලුවද?</font>

317
00:22:40,609 --> 00:22:42,110
<font color="#ffc846">මේක නීත්‍යානුකූල මාධ්‍ය ආවරණයක්.</font>

318
00:22:42,194 --> 00:22:44,321
<font color="#ffc846">දන්නේ නැද්ද?
කලාකාරයෝ කියන්නේ පොදු චරිත.</font>

319
00:22:44,404 --> 00:22:48,200
<font color="#ffc846">නීතියෙන් වුණත් එයාලගේ පෞද්ගලිකත්වයට සීමා පනවන්න පුළුවන්.</font>

320
00:22:48,283 --> 00:22:50,660
<font color="#ffc846">- මාධ්‍යවේදීන්ට ඒවා වාර්තා කරන්න අයිතියක් තියෙනවා!
- ඇත්තද?</font>

321
00:22:51,411 --> 00:22:54,081
<font color="#ffc846">- තමුන්ට මොන අයිතියක් තියෙනවද මගේ ජීවිතේ විනාශ කරන්න?
- ඔයා හරි.</font>

322
00:22:54,164 --> 00:22:57,334
<font color="#ffc846">පොදු චරිතවලට
පෞද්ගලිකත්වයේ සීමා තියෙන්න පුළුවන්,</font>

323
00:22:57,417 --> 00:23:00,087
<font color="#ffc846">ඒත් හොන්ග් හේ-ජූ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක්.</font>

324
00:23:00,170 --> 00:23:03,882
<font color="#ffc846">එයාගේ කැමැත්තක් නැතුව පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කරන එක
අපහාස කිරීමේ වරදට වැටෙන්න පුළුවන්.</font>

325
00:23:08,345 --> 00:23:11,431
<font color="#ffc846">අනික මම ඔයාව වගකීමට බැඳනවා</font>

326
00:23:11,515 --> 00:23:13,850
<font color="#ffc846">ඔයාගේ ඔය කියන වාර්තා කිරීම
සාධාරණීකරණය කරන්න බැරි වුණොත්.</font>

327
00:23:26,404 --> 00:23:28,406
<font color="#ffc846">ඔයා මේ දුවගෙන ආවේ මෙතනටද?</font>

328
00:23:28,949 --> 00:23:33,578
<font color="#ffc846">ඕපාදූප ලියන පත්තරකාරයෙක් ඉස්සරහට ගිහින්
මම මිනීමැරුම් සැකකාරයෙක් කියලා ආඩම්බරෙන් කියන්නද?</font>

329
00:23:33,662 --> 00:23:37,082
<font color="#ffc846">- නෑ, මම නිකන්--
- මම ඔයාගේ නීතිඥයා.</font>

330
00:23:37,791 --> 00:23:41,211
<font color="#ffc846">නීතිඥයෙක් ඔයා කරන හැම දේම දැනගන්න ඕනේ,
ඔයා කරන්න හිතන් ඉන්න දේවල් පවා,</font>

331
00:23:41,294 --> 00:23:44,005
<font color="#ffc846">එතකොටයි අපිට ඒකට ලෑස්ති වෙන්න පුළුවන්,</font>

332
00:23:44,089 --> 00:23:45,882
<font color="#ffc846">ඒත් ඔයා මට මුකුත් කියන්නේ නෑ.</font>

333
00:23:45,966 --> 00:23:47,801
<font color="#ffc846">ඔයා තනියම වැඩ කළේ.</font>

334
00:23:48,385 --> 00:23:49,469
<font color="#ffc846">ඔයා මට බොරුත් කිව්වා.</font>

335
00:23:51,429 --> 00:23:53,682
<font color="#ffc846">මම දැන් කොහොමද ඔයාව විශ්වාස කරලා
ඔයා වෙනුවෙන් පෙනී ඉන්නේ?</font>

336
00:23:53,765 --> 00:23:55,225
<font color="#ffc846">මම බොරු කියන්න හැදුවේ නෑ--</font>

337
00:23:55,308 --> 00:23:58,145
<font color="#ffc846">දෙයක් හංගනවා කියන්නෙත් බොරු කියනවා කියන එකම තමයි.</font>

338
00:24:02,983 --> 00:24:04,025
<font color="#ffc846">එහෙනම්…</font>

339
00:24:05,152 --> 00:24:07,904
<font color="#ffc846">මගේ මුළු ජීවිතේම බොරුවක් වෙන්න ඇති.</font>

340
00:24:09,156 --> 00:24:10,365
<font color="#ffc846">මේ මම, හේ-ජූ.</font>

341
00:24:11,158 --> 00:24:12,325
<font color="#ffc846">මම ආපහු කොරියාවට ආවා.</font>

342
00:24:13,326 --> 00:24:14,744
<font color="#ffc846">ඇයි ෆෝන් එක ගන්නේ නැත්තේ?</font>

343
00:24:15,620 --> 00:24:17,038
<font color="#ffc846">මට ඔයාව බලන්න ඕනේ.</font>

344
00:24:21,585 --> 00:24:24,171
<font color="#ffc846">හොන්ග් හේ-ජූ</font>

345
00:24:35,056 --> 00:24:36,099
<font color="#ffc846">මට සිද්ධ වුණා</font>

346
00:24:37,517 --> 00:24:40,520
<font color="#ffc846">මගේ මුළු ජීවිත කාලෙම
මම ගැන හැමදේම හංගගෙන ජීවත් වෙන්න.</font>

347
00:24:44,399 --> 00:24:46,943
<font color="#ffc846">ඒවා දැන් අතීතයට අයිති දේවල්, හේ-ජූ.</font>

348
00:24:51,406 --> 00:24:53,074
<font color="#ffc846">මට තේරෙනවා, ඒ හින්දා ප්ලීස් නවත්තන්න.</font>

349
00:24:53,783 --> 00:24:56,369
<font color="#ffc846">රා-ඉක් මේක දැනටමත් ඉවර කරලා තියෙන්නේ,
ඉතින් ඔයත්...</font>

350
00:25:00,874 --> 00:25:02,500
<font color="#ffc846">හොන්ග් හේ-ජූ</font>

351
00:25:02,584 --> 00:25:05,045
<font color="#ffc846">වූ-සොන්ග්!</font>

352
00:25:07,547 --> 00:25:09,424
<font color="#ffc846">කවද ඉඳන්ද?</font>

353
00:25:09,507 --> 00:25:11,426
<font color="#ffc846">කවද ඉඳන්ද ඔයා
හේ-ජූ එක්ක කතා කළේ?</font>

354
00:25:11,509 --> 00:25:14,971
<font color="#ffc846">වැරදියට හිතන්න එපා.
මම කළේ ඔයා කරන්න තිබුණ දෙයක් විතරයි.</font>

355
00:25:15,055 --> 00:25:16,514
<font color="#ffc846">ඒ මොකක්ද ඒ?</font>

356
00:25:17,515 --> 00:25:18,850
<font color="#ffc846">මොකක්ද ඔයා මම වෙනුවෙන් කළේ?</font>

357
00:25:18,934 --> 00:25:23,104
<font color="#ffc846">ඔයා දන්නවනේ, මේක ඔයාට ගොඩක් වැදගත් කාලයක්.</font>

358
00:25:23,188 --> 00:25:26,191
<font color="#ffc846">ඔයා තනියම වැඩ පටන් ගත්තා විතරයි.
ඔයා ආපහු එයා එක්ක</font>

359
00:25:26,274 --> 00:25:27,901
<font color="#ffc846">- පැටලුනොත්--
- ඉතින් එච්චරද?</font>

360
00:25:28,443 --> 00:25:30,654
<font color="#ffc846">ඉතින් ඔයා හිතුමතේට සම්බන්ධය නතර කරලා දැම්මද?</font>

361
00:25:30,737 --> 00:25:32,280
<font color="#ffc846">මට වචනයක්වත් කියන්නේ නැතුව?</font>

362
00:25:32,364 --> 00:25:35,867
<font color="#ffc846">- හේතුව ඔයා කාටත් වඩා හොඳට දන්නවනේ.
- ඒක ඔයාට අදාළ නෑනේ.</font>

363
00:25:35,951 --> 00:25:37,035
<font color="#ffc846">රා-ඉක්…</font>

364
00:25:37,118 --> 00:25:38,745
<font color="#ffc846">වූ-සොන්ග්, මට...</font>

365
00:25:38,828 --> 00:25:41,998
<font color="#ffc846">මම කේන්තියෙන් නෙවෙයි ඉන්නේ
ඔයා මට හේ-ජූ ගැන කිව්වේ නෑ කියලා</font>

366
00:25:42,082 --> 00:25:45,168
<font color="#ffc846">එහෙම නැත්නම් ඔයා තනියම
හැමදේම තීරණය කරන්න ගිය එකටවත් නෙවෙයි.</font>

367
00:25:46,336 --> 00:25:47,921
<font color="#ffc846">මට ඇත්තටම කේන්ති යන්නේ...</font>

368
00:25:51,633 --> 00:25:53,718
<font color="#ffc846">දැන් අපි අතරෙත් රහස් තියෙන එක ගැන.</font>

369
00:25:57,097 --> 00:25:59,724
<font color="#ffc846">විනාඩියක් විතරයි යන්නේ
මට ඔයාට දෙයක් කියන්න තියෙනවා</font>

370
00:26:01,601 --> 00:26:03,270
<font color="#ffc846">මට නම්, හේ-ජූ කියන්නේ හරියට...</font>

371
00:26:05,063 --> 00:26:07,065
<font color="#ffc846">කල් ගිය ගෙදර වැඩක් වගේ.</font>

372
00:26:20,495 --> 00:26:21,830
<font color="#ffc846">ඔයා කොහෙද යන්නේ?</font>

373
00:26:21,913 --> 00:26:23,081
<font color="#ffc846">බියර් ඉවර වෙලා.</font>

374
00:26:23,164 --> 00:26:24,374
<font color="#ffc846">මම දැන් එන්නම්.</font>

375
00:26:33,842 --> 00:26:35,885
<font color="#ffc846">මට ඒක හැමදාටම කල් දදා ඉන්න බෑ.</font>

376
00:26:38,430 --> 00:26:39,514
<font color="#ffc846">මට හිතුණා...</font>

377
00:26:41,933 --> 00:26:44,227
<font color="#ffc846">මේක ඉවරයක් කරලා දාන්න කාලේ හරි කියලා.</font>

378
00:26:44,311 --> 00:26:45,562
<font color="#ffc846">හොන්ග් හේ-ජූ</font>

379
00:26:50,358 --> 00:26:52,736
<font color="#ffc846">මම ඉන්නේ අපි හම්බෙන තැන.</font>

380
00:26:52,819 --> 00:26:54,571
<font color="#ffc846">ඔයා එනකල් මම බලන් ඉන්නවා.</font>

381
00:27:00,076 --> 00:27:01,703
<font color="#ffc846">අන්න ඒ හින්දයි මම එයාව හම්බෙන්න ගියේ.</font>

382
00:27:09,669 --> 00:27:12,213
<font color="#ffc846">ඔයාට විනාඩි පහක් තියෙනවා.
අපි ඒ වෙලාව ඇතුළත මේක ඉවර කරමු.</font>

383
00:27:13,590 --> 00:27:14,799
<font color="#ffc846">විනාඩි පහයි?</font>

384
00:27:19,387 --> 00:27:21,431
<font color="#ffc846">අපි අන්තිමට හම්බෙලා අවුරුදු ගාණක් ගිහින්.</font>

385
00:27:23,475 --> 00:27:24,768
<font color="#ffc846">ඒත් විනාඩි පහයිද?</font>

386
00:27:26,936 --> 00:27:30,648
<font color="#ffc846">මම මෙතනට ආවේ ඔයාට මේ දේ තේරුම් කරලා දෙන්න
මේක විතරක්ම විදිහ හින්දා.</font>

387
00:27:32,067 --> 00:27:34,527
<font color="#ffc846">මට ඔයත් එක්ක දිගටම සම්බන්ධයක් තියාගන්න ඕනේ නෑ.</font>

388
00:27:34,611 --> 00:27:37,280
<font color="#ffc846">ඔයා ගන්න කෝල්ස්, මෙසේජස් මට හරි කරදරයක්.</font>

389
00:27:38,281 --> 00:27:40,700
<font color="#ffc846">ආයේ කවදාවත් මට කතා කරන්න එපා.</font>

390
00:27:40,784 --> 00:27:42,285
<font color="#ffc846">මට ඔයාව මතක් වුණා.</font>

391
00:27:45,997 --> 00:27:47,457
<font color="#ffc846">මට ඔයාව ගොඩක් මතක් වුණා.</font>

392
00:27:49,709 --> 00:27:51,002
<font color="#ffc846">ඒකයි මම මේ ආවේ.</font>

393
00:27:53,421 --> 00:27:54,714
<font color="#ffc846">මම...</font>

394
00:27:54,798 --> 00:27:55,924
<font color="#ffc846">ඒ කියන්නේ...</font>

395
00:27:56,800 --> 00:27:57,926
<font color="#ffc846">ඒ කාලේ...</font>

396
00:27:59,511 --> 00:28:00,720
<font color="#ffc846">මම පොඩි වැඩියි.</font>

397
00:28:02,972 --> 00:28:04,641
<font color="#ffc846">ඒ වුණාට,</font>

398
00:28:06,226 --> 00:28:09,104
<font color="#ffc846">ඔයාගේ හිත රිදෙන දෙයක් මම කියන්න හොඳ නෑ.</font>

399
00:28:15,735 --> 00:28:17,112
<font color="#ffc846">මට දැන් මේක එපා වෙලා.</font>

400
00:28:20,365 --> 00:28:21,199
<font color="#ffc846">මොකක්?</font>

401
00:28:21,950 --> 00:28:25,787
<font color="#ffc846">මේ සෝලෝ ඇල්බම් එක වෙනුවෙන් මම හැමදේම කැප කළා.</font>

402
00:28:26,788 --> 00:28:29,874
<font color="#ffc846">ආයේ ඔයාට මගේ ජීවිතේ අවුල් කරන්න මම ඉඩ තියන්නේ නෑ.</font>

403
00:28:33,211 --> 00:28:34,671
<font color="#ffc846">ඒ හින්දා ප්ලීස්, මගේ ඇස් ඉස්සරහින් අයින් වෙන්න.</font>

404
00:30:22,570 --> 00:30:23,530
<font color="#ffc846">මට සමා වෙන්න.</font>

405
00:30:27,951 --> 00:30:28,910
<font color="#ffc846">මොකක්?</font>

406
00:30:28,993 --> 00:30:30,995
<font color="#ffc846">මම ඕනකමින් හංගන්න හැදුවේ නෑ.</font>

407
00:30:32,789 --> 00:30:33,748
<font color="#ffc846">මම නිකන්...</font>

408
00:30:33,832 --> 00:30:37,502
<font color="#ffc846">ඔයා හැදුවේ එයාව ආරක්ෂා කරන්න, නේද?</font>

409
00:30:41,381 --> 00:30:43,842
<font color="#ffc846">ඒකයි ඔයා ඔච්චර නපුරු විදිහට හැසිරුණේ.</font>

410
00:30:44,509 --> 00:30:46,344
<font color="#ffc846">එයාට කරදරයක් වෙයි කියලා ඔයා බය වුණා.</font>

411
00:30:48,513 --> 00:30:51,140
<font color="#ffc846">ඔයාට ඕන වුණේ එයාව මේ කේස් එකෙන් ඈත් කරලා තියන්න.</font>

412
00:31:06,364 --> 00:31:07,866
<font color="#ffc846">මට නම්, හේ-ජූ කියන්නේ...</font>

413
00:31:21,546 --> 00:31:24,382
<font color="#ffc846">මම ආරක්ෂා කරන්න හැදුවත්, කරගන්න බැරි වුණ කෙනෙක්.</font>

414
00:31:27,468 --> 00:31:29,053
<font color="#ffc846">අනික අපේ සම්බන්ධේ දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි.</font>

415
00:31:30,722 --> 00:31:32,390
<font color="#ffc846">ඒකයි මට ඔයාට කියන්න බැරි වුණේ.</font>

416
00:31:33,391 --> 00:31:37,395
<font color="#ffc846">මම බය වුණා මුකුත් කිව්වොත්
එයත් මේකට පැටලෙයි කියලා.</font>

417
00:31:43,318 --> 00:31:47,864
<font color="#ffc846">මට ඕනේ නෑ එයා ආයේ මේ කේස් එකට
සම්බන්ධ වෙනවට.</font>

418
00:31:50,658 --> 00:31:53,161
<font color="#ffc846">ඔයාට පුළුවන්ද මට උදව් කරන්න?</font>

419
00:32:02,211 --> 00:32:05,131
<font color="#ffc846">ඩෑෂ් කැම් එකකුත් නෑ, මැසේජසුත් නෑ.</font>

420
00:32:05,840 --> 00:32:07,634
<font color="#ffc846">ඔයා දිගටම ඔක්කොම ප්‍රතික්ෂේප කරනවද?</font>

421
00:32:07,717 --> 00:32:09,427
<font color="#ffc846">මොකද ඒක තමයි ඇත්ත.</font>

422
00:32:10,053 --> 00:32:14,098
<font color="#ffc846">අපි යාළුවෝ විදිහට පෞද්ගලිකව හම්බුණා, එච්චරයි.</font>

423
00:32:14,182 --> 00:32:17,769
<font color="#ffc846">එතකොට අවුරුදු ගාණකින් දැකපු නැති යාළුවෙක්ව,</font>

424
00:32:17,852 --> 00:32:19,562
<font color="#ffc846">ඔයා හැදුවේ කාර් එකෙන් යට කරන්නද?</font>

425
00:32:26,277 --> 00:32:29,280
<font color="#ffc846">මිස් හොන්ග් හේ-ජූ? මම ආයේ අහන්නේ නෑ.</font>

426
00:32:29,364 --> 00:32:33,242
<font color="#ffc846">සිද්ධිය වුණ වෙලාවට කිට්ටුව ඔයා දෝ රා-ඉක්ව හම්බුණා කියලා
මම දැනටමත් දන්නවා.</font>

427
00:32:34,118 --> 00:32:37,205
<font color="#ffc846">ඇයි ඒ රෑ ඔයාලා දෙන්නා හම්බුණේ?</font>

428
00:32:37,288 --> 00:32:39,165
<font color="#ffc846">මම කිව්වනේ.</font>

429
00:32:40,291 --> 00:32:42,126
<font color="#ffc846">අපි නිකන් යාළුවෝ විදිහට හම්බුණේ.</font>

430
00:32:42,210 --> 00:32:43,127
<font color="#ffc846">මිස් හොන්ග් හේ-ජූ,</font>

431
00:32:43,920 --> 00:32:46,756
<font color="#ffc846">ඔයා දිගටම ඔයාගේ නිර්දෝෂී බව
ඔප්පු කරන්න උත්සාහ කළේ නැත්නම්,</font>

432
00:32:46,839 --> 00:32:50,677
<font color="#ffc846">ඔයා සාක්ෂිකාරයෙක් ගානට නැතුව සැකකාරයෙක් ගානට
වර්ග වෙන්න පුළුවන්.</font>

433
00:32:51,427 --> 00:32:53,888
<font color="#ffc846">අනික ඔයාට උසාවි යන්න වුණොත්,</font>

434
00:32:53,972 --> 00:32:56,474
<font color="#ffc846">මේ ප්‍රකාශ ඔයාට විරුද්ධව පාවිච්චි වෙන්න පුළුවන්.</font>

435
00:32:56,557 --> 00:32:57,892
<font color="#ffc846">ඒක නෙවෙයි, නීතිඥතුමා...</font>

436
00:33:01,229 --> 00:33:02,480
<font color="#ffc846">එයාලා දන්නවද?</font>

437
00:33:03,272 --> 00:33:04,357
<font color="#ffc846">අපේ බ්ලයින්ඩ් ඩේට් එක ගැන?</font>

438
00:33:09,445 --> 00:33:12,115
<font color="#ffc846">මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ.</font>

439
00:33:12,782 --> 00:33:14,701
<font color="#ffc846">ඔයා මගේ එකට උත්තර දෙන්න ඕනේ.</font>

440
00:33:17,870 --> 00:33:19,288
<font color="#ffc846">ඇයි ඔයා එදා එහෙම කළේ?</font>

441
00:33:19,372 --> 00:33:22,625
<font color="#ffc846">රහසිගත පරීක්ෂණ තොරතුරු
එච්චර ලේසියෙන් මට කියලා,</font>

442
00:33:22,709 --> 00:33:24,627
<font color="#ffc846">කිසිම සාක්ෂියක් නැතුව
රා-ඉක්ව වැරදිකාරයා කරන්න දඟලන එක.</font>

443
00:33:24,711 --> 00:33:28,172
<font color="#ffc846">ඒක පරීක්ෂණ තොරතුරු නීති විරෝධීව එළියට දීමක්
නෙවෙයිද?</font>

444
00:33:28,256 --> 00:33:31,509
<font color="#ffc846">තමුන් කාටද මේ නීතිය උගන්නන්න හදන්නේ?</font>

445
00:33:31,592 --> 00:33:33,720
<font color="#ffc846">රා-ඉක් නෙවෙයි මිනීමරුවා.</font>

446
00:33:34,595 --> 00:33:37,473
<font color="#ffc846">එයාව අපරාධකාරයෙක් කියලා ලේබල් ගහන්න
හදිසි වෙන්න කලින්,</font>

447
00:33:37,557 --> 00:33:40,768
<font color="#ffc846">මුලින් එයා වටේ ඉන්න අයගේ
නිර්දෝෂීභාවය ගැන හොයලා බලන්න.</font>

448
00:33:45,732 --> 00:33:50,570
<font color="#ffc846">මම නිවුස් වලට දැක්කා එදා රෑ එයාගේ ගෲප් එකේ අය
ඉස්පිරිතාලේ හිටියා කියලා.</font>

449
00:33:51,571 --> 00:33:52,488
<font color="#ffc846">ඒක ඇත්ත නෙවෙයි.</font>

450
00:33:53,781 --> 00:33:55,033
<font color="#ffc846">මොකක්?</font>

451
00:33:55,116 --> 00:33:57,535
<font color="#ffc846">එදා රෑ මම එයාව දැක්කා</font>

452
00:33:59,495 --> 00:34:01,706
<font color="#ffc846">රා-ඉක්ගේ ගෙදර කිට්ටුව.</font>

453
00:34:02,623 --> 00:34:03,875
<font color="#ffc846">මම චොයි ජේ-හීව දැක්කා.</font>

454
00:34:05,460 --> 00:34:07,754
<font color="#ffc846">ඇයි මම ඒක රහසක් විදිහට තියාගන්නේ?</font>

455
00:34:10,339 --> 00:34:12,592
<font color="#ffc846">ඔයා මට හේතුවක් කියන්න එපැයි.</font>

456
00:34:14,594 --> 00:34:16,429
<font color="#ffc846">මම කිව්වේ, දැන් ඩිරෙක්ටර් ඉන්නේ...</font>

457
00:34:25,396 --> 00:34:27,023
<font color="#ffc846">මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ?</font>

458
00:34:30,193 --> 00:34:31,527
<font color="#ffc846">නෑ, ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

459
00:34:37,158 --> 00:34:38,159
<font color="#ffc846">මොකක්?</font>

460
00:34:38,242 --> 00:34:40,661
<font color="#ffc846">ඔයා දන්නවද ඔයා ළඟක ඉඳන් අමුතුවට හැසිරෙන්නෙ කියලා?</font>

461
00:34:41,329 --> 00:34:44,540
<font color="#ffc846">රයික් සහ වූ-සොන් කවදාවත් හොඳින් හිටියෙ නෑ
කියලා ඔයා බොරු කිව්වා.</font>

462
00:34:45,208 --> 00:34:47,418
<font color="#ffc846">- ඇයි ඔයා එහෙම කළේ?
- ඕයි!</font>

463
00:34:48,461 --> 00:34:50,379
<font color="#ffc846">ඔයා කාටද බොරුකාරයා කියන්නේ?</font>

464
00:34:51,380 --> 00:34:54,008
<font color="#ffc846">මම නෙවෙයි බොරු කියන්නේ, අර යකා!</font>

465
00:34:54,092 --> 00:34:56,803
<font color="#ffc846">- මොකක්?
- ඔයා දන්න ඉලව්වක් නෑ.</font>

466
00:34:57,595 --> 00:34:58,805
<font color="#ffc846">ඒ කාලකණ්ණියා...</font>

467
00:35:05,269 --> 00:35:06,604
<font color="#ffc846">ඕක අමතක කරලා දාන්න.</font>

468
00:35:08,314 --> 00:35:10,274
<font color="#ffc846">මුකුත් දන්නේ නැත්නම්, පැත්තකට වෙලා ඉන්න.</font>

469
00:35:11,025 --> 00:35:13,486
<font color="#ffc846">අනික මීයෙක් වගේ හොරෙන් අහගෙන ඉන්න එක නවත්තන්න.</font>

470
00:35:42,932 --> 00:35:44,475
<font color="#ffc846">බඩගිනි නම් කන්න...</font>

471
00:35:48,688 --> 00:35:50,356
<font color="#ffc846">මොකද මේ කරන්නේ?</font>

472
00:35:50,439 --> 00:35:51,607
<font color="#ffc846">මොකක්ද කියන්නේ?</font>

473
00:35:51,691 --> 00:35:53,943
<font color="#ffc846">මම ඇඳුම් මාරු කරනවා.</font>

474
00:35:54,777 --> 00:35:57,280
<font color="#ffc846">මම කිව්වනෙ එළියට එන්න කලින් දොරට තට්ටු කරන්න කියලා.</font>

475
00:35:58,865 --> 00:36:00,241
<font color="#ffc846">ඔයා කවද්ද එහෙම කිව්වේ?</font>

476
00:36:00,825 --> 00:36:02,910
<font color="#ffc846">අනික මේ මගේ ගෙදර, මගේ කාමරේ.</font>

477
00:36:02,994 --> 00:36:05,163
<font color="#ffc846">ඔයාට බාත්රූම් එකේ ඇඳුම් මාරු කරගන්න තිබුණනේ.</font>

478
00:36:06,414 --> 00:36:08,332
<font color="#ffc846">ඒක හැම වෙලේම කරන්න මාර වදයක්නේ.</font>

479
00:36:09,041 --> 00:36:11,085
<font color="#ffc846">ඒ වුණාට ඔයා කොහෙද මේ යන්නේ?</font>

480
00:36:13,504 --> 00:36:16,883
<font color="#ffc846">ඔයා මට කිව්වනෙ හොං හ්යේ-ජූට උදව් කරන්න කියලා.
මට ඒක කරන විදිහ හොයාගන්න වෙනවා.</font>

481
00:36:17,425 --> 00:36:19,802
<font color="#ffc846">ඇත්තටම? ඔයා ඇත්තටම උදව් කරනවද?</font>

482
00:36:20,928 --> 00:36:22,638
<font color="#ffc846">- එහෙනම් මාත් උදව් කරන්නම්.
- එපා, ඕන නෑ.</font>

483
00:36:24,140 --> 00:36:28,603
<font color="#ffc846">මේක ඔයාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
මේක ඔයාගේ ලෝයර් විදිහට මගේ රස්සාව.</font>

484
00:36:31,480 --> 00:36:34,358
<font color="#ffc846">හැබැයි වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා.
මම මේ ගැන හොයල බලන්නම්.</font>

485
00:36:36,068 --> 00:36:37,195
<font color="#ffc846">පොඩ්ඩක් ඉන්න...</font>

486
00:36:39,447 --> 00:36:41,908
<font color="#ffc846">මට සැකයක් තියෙනවා එහෙම නෙවෙයි,</font>

487
00:36:42,742 --> 00:36:45,036
<font color="#ffc846">ඒත් ඔයා කිව්වනෙ මුකුත් හංගන්න එපා කියලා, ඒකයි...</font>

488
00:36:45,119 --> 00:36:47,663
<font color="#ffc846">මම කියන්න ඕන නිසයි මේක කියන්නේ...</font>

489
00:36:49,332 --> 00:36:50,708
<font color="#ffc846">හ්යේ-ජූ මට කලින් කිව්වා</font>

490
00:36:51,292 --> 00:36:53,753
<font color="#ffc846">මම ගියාට පස්සේ එදා රෑ
එයා ජේ-හීව දැක්කා කියලා.</font>

491
00:36:55,087 --> 00:36:57,381
<font color="#ffc846">- එයා චෝයි ජේ-හීව දැක්කලු?
- ඔව්.</font>

492
00:36:57,465 --> 00:37:00,134
<font color="#ffc846">ඒත් ජේ-හී එදා රෑ හිටියේ
ඉස්පිරිතාලෙනේ.</font>

493
00:37:00,218 --> 00:37:01,385
<font color="#ffc846">කොහොම හරි වැරදීමක් වෙලා වගේ.</font>

494
00:37:03,262 --> 00:37:06,307
<font color="#ffc846">මම කියන්නේ නෑ එයාව සැක කරන්න කියලා.</font>

495
00:37:06,390 --> 00:37:08,184
<font color="#ffc846">මට නිකන් කියන්න ඕන වුණා.</font>

496
00:37:10,394 --> 00:37:14,732
<font color="#ffc846">මට තවදුරටත් ඔයාගෙන් කිසි දෙයක්
හංගන්න ඕන නෑ.</font>

497
00:37:19,237 --> 00:37:20,655
<font color="#ffc846">හරි, මම ඒ ගැන හොයලා බලන්නම්.</font>

498
00:38:07,618 --> 00:38:09,495
<font color="#ffc846">ඇයි මේ ගෙදර මේ තරම් පාළු?</font>

499
00:38:40,693 --> 00:38:42,528
<font color="#ffc846">එයා පොඩි කාලේ හිනාවෙලා ඉඳලා තියෙනවා.</font>

500
00:39:19,231 --> 00:39:20,983
<font color="#ffc846">දෝ රයික් නෙවෙයි වැරදිකාරයා.</font>

501
00:39:21,984 --> 00:39:23,152
<font color="#ffc846">වෙන්න බෑ!</font>

502
00:39:43,005 --> 00:39:44,507
<font color="#ffc846">ඇයි එයා ආන්සර් කරන්නේ නැත්තේ?</font>

503
00:39:47,885 --> 00:39:50,221
<font color="#ffc846">ඒයි, ඇයි මගේ කෝල්ස් ගන්නේ නැත්තේ?</font>

504
00:39:51,055 --> 00:39:52,556
<font color="#ffc846">මොකද ඔය මූණේ හැටි?</font>

505
00:39:53,641 --> 00:39:55,059
<font color="#ffc846">මම එවපු මැසේජ් එක බැලුවද?</font>

506
00:39:55,142 --> 00:39:57,812
<font color="#ffc846">- මට ටැක්සි එකේ ඩෑෂ් කැම් එක හම්බුණා, හ්යේ-ජූ--
- මම දන්නවා.</font>

507
00:39:57,895 --> 00:40:00,356
<font color="#ffc846">එයා හැදුවේ දෝ රයික්ව කාර් එකෙන් යට කරන්න.</font>

508
00:40:00,439 --> 00:40:01,524
<font color="#ffc846">ඔයා කොහොමද දැනගත්තේ?</font>

509
00:40:02,900 --> 00:40:04,318
<font color="#ffc846">ඔයා බොන්න පටන් ගත්තේ කොයි කාලෙ ඉඳන්ද?</font>

510
00:40:04,402 --> 00:40:06,654
<font color="#ffc846">ඔයා බිව්වේ නෑනේ මොකද එතකොට
එයා ඉස්සරහ වැරදි දේවල් කියවෙයි කියලා.</font>

511
00:40:10,449 --> 00:40:13,577
<font color="#ffc846">සිද්ධිය වෙච්ච දවසේ
හොං හ්යේ-ජූ, චෝයි ජේ-හීව දැකලා තියෙනවා.</font>

512
00:40:13,661 --> 00:40:16,247
<font color="#ffc846">එයා ඉස්පිරිතාලේ හිටියා කියලා කිව්වට.
මට එහෙම හිතෙන්නේ නෑ.</font>

513
00:40:16,330 --> 00:40:17,665
<font color="#ffc846">එයා එදා හිටපු තැන ගැන හරියට චෙක් කරන්න.</font>

514
00:40:17,748 --> 00:40:18,833
<font color="#ffc846">හරි.</font>

515
00:40:19,959 --> 00:40:22,420
<font color="#ffc846">ඒත් අපි ඉස්සෙල්ලාම හොං හ්යේ-ජූ සහ
දෝ රයික් ගැන බලන්න ඕන නැද්ද?</font>

516
00:40:22,503 --> 00:40:25,131
<font color="#ffc846">ඔව්, අපිට එහෙම කරන්න වෙනවා.</font>

517
00:40:25,965 --> 00:40:27,299
<font color="#ffc846">ඔව්, ඇත්තටම කරන්න වෙනවා.</font>

518
00:40:27,383 --> 00:40:29,176
<font color="#ffc846">ඒත් කොහොමද? විදිහක් නෑනේ.</font>

519
00:40:29,260 --> 00:40:30,136
<font color="#ffc846">නෑ, විදිහක් තියෙනවා.</font>

520
00:40:31,095 --> 00:40:32,263
<font color="#ffc846">මොකක්ද ක්‍රමය?</font>

521
00:40:32,346 --> 00:40:33,431
<font color="#ffc846">චුං-ජේ.</font>

522
00:40:35,349 --> 00:40:36,517
<font color="#ffc846">ඇයි මේ මෙච්චර රිදෙන්නේ?</font>

523
00:40:36,600 --> 00:40:37,768
<font color="#ffc846">ඔයාට රිදෙනවද?</font>

524
00:40:38,436 --> 00:40:40,312
<font color="#ffc846">මම දැනගෙන හිටියා ඔයා ඕනවට වඩා මහන්සි වෙනවා කියලා.</font>

525
00:40:40,396 --> 00:40:42,523
<font color="#ffc846">ඉන්න, මගේ ළඟ බෙහෙත් වගයක් තිබුණා.</font>

526
00:40:47,361 --> 00:40:49,071
<font color="#ffc846">කෝ බලන්න, ඔයාට උණද?</font>

527
00:40:49,155 --> 00:40:50,156
<font color="#ffc846">මගේ පපුව.</font>

528
00:40:51,824 --> 00:40:53,534
<font color="#ffc846">මගේ පපුව රිදෙනවා.</font>

529
00:40:57,288 --> 00:40:58,789
<font color="#ffc846">මොකද වුණේ?</font>

530
00:40:59,874 --> 00:41:01,834
<font color="#ffc846">චුං-ජේ, මම හිතුවේ</font>

531
00:41:01,917 --> 00:41:05,379
<font color="#ffc846">මම රයික් ගැන හැමදේම දන්නවා කියලා.</font>

532
00:41:06,964 --> 00:41:10,176
<font color="#ffc846">එයා සතුටෙන් ඉන්නකොට, එයාගේ නහය හැකිලෙනවා.</font>

533
00:41:10,259 --> 00:41:12,720
<font color="#ffc846">එයා යමක් ගැන අවධානයෙන් ඉන්නකොට,
එයාගේ කට පොඩ්ඩක් ඇරෙනවා.</font>

534
00:41:12,803 --> 00:41:17,892
<font color="#ffc846">එයා කලබල වුණාම,
එයාගේ කන් පොඩ්ඩක් හෙලවෙනවා.</font>

535
00:41:18,893 --> 00:41:20,644
<font color="#ffc846">මම ඒ හැමදේම දැනන් හිටියා, ඒත්...</font>

536
00:41:21,729 --> 00:41:24,190
<font color="#ffc846">මට කවදාවත් තේරුණේ නෑ</font>

537
00:41:25,191 --> 00:41:26,609
<font color="#ffc846">එයා කොච්චර දුකකින්ද හිටියේ කියලා.</font>

538
00:41:28,194 --> 00:41:29,361
<font color="#ffc846">එයා ගොඩක්</font>

539
00:41:30,696 --> 00:41:32,823
<font color="#ffc846">වේදනාවකින් ඉන්න ඇත්තේ.</font>

540
00:41:33,324 --> 00:41:34,992
<font color="#ffc846">එතකොට ඔයාගේ වේදනාව?</font>

541
00:41:35,659 --> 00:41:37,077
<font color="#ffc846">ඒක මුකුත් නෙවෙයිද?</font>

542
00:41:40,456 --> 00:41:41,540
<font color="#ffc846">ඔයාට මතකද?</font>

543
00:41:41,624 --> 00:41:44,627
<font color="#ffc846">ඔයාගේ ෆර්ම් එක ගෝල්ඩී එන්ටටේන්මන්ට් එකේ
නීති උපදේශක වුණු කාලේ,</font>

544
00:41:44,710 --> 00:41:48,088
<font color="#ffc846">මම ඇහුවා ඇයි ඔයා ඒක බාරගත්තේ නැත්තේ කියලා,
එතකොට ඔයා කිව්වා</font>

545
00:41:49,340 --> 00:41:51,759
<font color="#ffc846">ඔයාට ඕන වුණේ නෑ දෝ රයික්ට
ගොඩක් ළං වෙන්න කියලා.</font>

546
00:41:54,094 --> 00:41:57,723
<font color="#ffc846">ඔයාට ඕන වුණේ ඈත ඉඳන් එයා දිහා
බලන් ඉන්න විතරයි... ස්ටේජ් එකේ ඉද්දි.</font>

547
00:42:00,809 --> 00:42:03,145
<font color="#ffc846">මට එදා තේරුණේ නෑ
ඔයා මොකක්ද කිව්වේ කියලා,</font>

548
00:42:03,229 --> 00:42:05,648
<font color="#ffc846">ඒත් මේ හැමදේටම පස්සේ, මට දැන් ඒක තේරෙනවා.</font>

549
00:42:08,108 --> 00:42:11,529
<font color="#ffc846">වැඩියෙන් දැනගන්න තරමට,
වැඩියෙන් ළං වෙන තරමට,</font>

550
00:42:11,612 --> 00:42:13,948
<font color="#ffc846">එයාලා ගැන තියෙන දේවල් එළිවෙන තරමට,</font>

551
00:42:14,865 --> 00:42:17,201
<font color="#ffc846">මිනිස්සු ගැන ගොඩක් වෙලාවට
කලකිරීමක් තමයි ඇති වෙන්නේ.</font>

552
00:42:19,328 --> 00:42:20,746
<font color="#ffc846">මට කලකිරීමක් නෑ.</font>

553
00:42:22,873 --> 00:42:24,375
<font color="#ffc846">මේක නිකන් නුහුරුයි.</font>

554
00:42:25,334 --> 00:42:26,669
<font color="#ffc846">මට ඒකට බය හිතෙනවා.</font>

555
00:42:29,922 --> 00:42:31,215
<font color="#ffc846">ඒ කාලේ,</font>

556
00:42:32,550 --> 00:42:34,760
<font color="#ffc846">මම දුකින් හිටියත් සතුටින් හිටියත්,</font>

557
00:42:35,511 --> 00:42:37,555
<font color="#ffc846">මට හැමතිස්සෙම දැනුණේ රයික්
මාත් එක්කම ඉන්නවා වගේ.</font>

558
00:42:37,638 --> 00:42:38,681
<font color="#ffc846">ඒත් දැන්...</font>

559
00:42:41,475 --> 00:42:46,188
<font color="#ffc846">එයා මගේ ළඟම හිටියත්,</font>

560
00:42:48,816 --> 00:42:50,234
<font color="#ffc846">එයා ඉන්නේ ගොඩක් ඈත වගේ දැනෙනවා.</font>

561
00:42:54,530 --> 00:42:55,739
<font color="#ffc846">කලින්...</font>

562
00:42:58,075 --> 00:42:59,410
<font color="#ffc846">මම ඒ දෙන්නව දැක්කම...</font>

563
00:43:04,081 --> 00:43:06,333
<font color="#ffc846">එයාලා වෙන ලෝකෙක
මිනිස්සු වගේ දැනුණේ.</font>

564
00:43:08,586 --> 00:43:09,628
<font color="#ffc846">කොයි වගේ ලෝකයක්ද කියනවා නම්...</font>

565
00:43:11,338 --> 00:43:13,841
<font color="#ffc846">මට කවදාවත් ළං වෙන්න බැරි ලෝකයක්.</font>

566
00:43:17,261 --> 00:43:21,557
<font color="#ffc846">මට කලකිරෙන්න තිබුණා නම් හොඳයි.</font>

567
00:43:21,640 --> 00:43:25,269
<font color="#ffc846">මට ඉරිසියා හිතෙන්න තිබුණා නම් හොඳයි.</font>

568
00:43:25,352 --> 00:43:26,395
<font color="#ffc846">ඒත්...</font>

569
00:43:30,274 --> 00:43:32,735
<font color="#ffc846">මට දැන් ඒකවත් දැනෙන්නේ නෑ.</font>

570
00:44:49,728 --> 00:44:51,146
<font color="#ffc846">මට පුළුවන් නම්...</font>

571
00:44:53,357 --> 00:44:55,234
<font color="#ffc846">මම ආපහු යනවා.</font>

572
00:44:58,237 --> 00:44:59,655
<font color="#ffc846">මට පුළුවන් නම්...</font>

573
00:45:01,365 --> 00:45:02,866
<font color="#ffc846">මගේ මුළු හදවතින්ම.</font>

574
00:45:04,618 --> 00:45:06,578
<font color="#ffc846">මම ආයෙමත් ඈතට වෙලා ඉන්න කාලෙට යනවා.</font>

575
00:45:28,725 --> 00:45:31,562
<font color="#ffc846">එයාට කවදාවත් ළං වෙන්න බැරි තරම්
ඈතකට යනවා.</font>

576
00:45:33,439 --> 00:45:35,107
<font color="#ffc846">මට ආයෙත් එයා හිනා වෙනවා දකින්න ඕන.</font>

577
00:45:38,068 --> 00:45:39,903
<font color="#ffc846">මට නිදහසේ එයාට කැමති වෙන්න ඕන.</font>

578
00:45:45,033 --> 00:45:46,243
<font color="#ffc846">හරියට ඉස්සර වගේ.</font>

579
00:46:39,171 --> 00:46:40,339
<font color="#ffc846">නීතිඥ මෑන්ග්...</font>

580
00:46:43,425 --> 00:46:44,551
<font color="#ffc846">නීතිඥ මෑන්ග්?</font>

581
00:46:50,182 --> 00:46:52,184
<font color="#ffc846">එයා අද උදේ කොහෙද ගියේ?</font>

582
00:47:01,276 --> 00:47:04,488
<font color="#ffc846">ඉතුරු කරන්නේ නැතුව, ඔක්කොම කන්න.
මම ආපහු ඇවිල්ලා බලනවා.</font>

583
00:47:14,790 --> 00:47:16,083
<font color="#ffc846">ආ ඔයා නැගිටලා.</font>

584
00:47:17,584 --> 00:47:19,836
<font color="#ffc846">- කෝ නීතිඥ මෑන්ග්?
- එයා ඩියුටි ගියා.</font>

585
00:47:22,130 --> 00:47:23,257
<font color="#ffc846">මෙන්න, මේක ගන්න.</font>

586
00:47:27,427 --> 00:47:28,637
<font color="#ffc846">මොකක්ද මේ?</font>

587
00:47:28,720 --> 00:47:30,681
<font color="#ffc846">මේක සැර නැති, low-pH ක්ලෙන්සර් එකක්,</font>

588
00:47:30,764 --> 00:47:33,433
<font color="#ffc846">ශාකසාර පිරිසිදුකාරක අඩංගු වෙලා තියෙන්නේ.</font>

589
00:47:33,517 --> 00:47:36,603
<font color="#ffc846">රයික්ගේ හම ගොඩක් සෙන්සිටිව්,
ඒ නිසා එයාට පාවිච්චි කරන්න පුළුවන් මේ බ්‍රෑන්ඩ් එක විතරයි.</font>

590
00:47:36,687 --> 00:47:39,356
<font color="#ffc846">පේන්නෙ නැද්ද? මේක මූණ හෝදන්න.</font>

591
00:47:40,190 --> 00:47:42,609
<font color="#ffc846">අනික මේක. රයික්ගේ විදුරුමස් වල පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා.</font>

592
00:47:42,693 --> 00:47:46,029
<font color="#ffc846">ඒ නිසා සොෆ්ට් බ්‍රශ් එකකුයි
ගම්-කෙයාර් ටූත්පේස්ට් එකකුයි ඕන.</font>

593
00:47:46,113 --> 00:47:47,698
<font color="#ffc846">- මේවා සෙට් එකක්.
- ගන්න.</font>

594
00:47:48,448 --> 00:47:51,201
<font color="#ffc846">තව මේක, අතින් හදපු ජර්මන් ක්ලැසික් රේසර් එකක්,</font>

595
00:47:51,285 --> 00:47:53,579
<font color="#ffc846">එයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන ජාතියමයි.</font>

596
00:47:54,705 --> 00:47:58,625
<font color="#ffc846">අනික මේක යුරෝපියන් Oeko-Tex සහතිකය ලත්
100% කොටන් ටවල් එකක්.</font>

597
00:47:58,709 --> 00:47:59,585
<font color="#ffc846">මේකත් ගන්න.</font>

598
00:47:59,668 --> 00:48:02,337
<font color="#ffc846">තව මේ තියෙන්නේ සප්ලිමන්ට්ස්.</font>

599
00:48:03,130 --> 00:48:05,549
<font color="#ffc846">එයා ඊයේ හිටියේ ගොඩක් කෙට්ටු වෙලා.</font>

600
00:48:05,632 --> 00:48:08,385
<font color="#ffc846">- එයා මේවා බොනවද කියලා බලන්න.
- මේ තියෙන්නේ විටමින්.</font>

601
00:48:09,011 --> 00:48:10,846
<font color="#ffc846">තව මේක ඔමේගා-3,</font>

602
00:48:10,929 --> 00:48:12,389
<font color="#ffc846">ප්‍රොබයෝටික්ස්.</font>

603
00:48:12,472 --> 00:48:15,058
<font color="#ffc846">ලූටින් එක්ක සීසැන්තින් සහ ඇස්ටසැන්තින්,
මේ ඔක්කොම එකක තියෙන්නේ.</font>

604
00:48:16,101 --> 00:48:19,855
<font color="#ffc846">අනික මේ තියෙන්නේ
ඔප්ටිමයිස් ෆුකොයිඩන් කැප්සියුල්ස්.</font>

605
00:48:20,939 --> 00:48:22,941
<font color="#ffc846">- ඔයාට මේ ඔක්කොම තේරුණාද?
- මට වැඩක් නෑ!</font>

606
00:48:24,192 --> 00:48:26,987
<font color="#ffc846">ගිහින් වොෂ් එකක් දාගෙන කන්න.
නීතිඥ මෑන්ග් ඔයාට කතා කරයි.</font>

607
00:48:27,070 --> 00:48:28,530
<font color="#ffc846">මේ ඔක්කොම මම පාවිච්චි කරන දේවල්.</font>

608
00:48:30,490 --> 00:48:31,617
<font color="#ffc846">මාර අහම්බයක්නේ.</font>

609
00:48:35,370 --> 00:48:38,081
<font color="#ffc846">මේක තමා මම කරන වැඩේ. පසුබිම හොයල බලන එක.</font>

610
00:48:38,999 --> 00:48:40,292
<font color="#ffc846">කොහොමත් මේ ඔක්කොම යූටියුබ් එකේ තියෙනවා.</font>

611
00:48:40,375 --> 00:48:43,003
<font color="#ffc846">"මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ?", "ස්වීට් මයි හෝම්,"
ඔය වගේ ප්‍රෝග්‍රෑම් වල.</font>

612
00:48:43,086 --> 00:48:47,007
<font color="#ffc846">එයාගේ පුරුද්ද තමා එයාගේ ක්ලයන්ට්ලාගේ
හැම පොඩි උවමනාවක්ම ඉෂ්ට කරන එක.</font>

613
00:48:49,593 --> 00:48:50,510
<font color="#ffc846">එයා ඇත්තටම වැඩකාරියක්.</font>

614
00:48:54,139 --> 00:48:57,142
<font color="#ffc846">එයා ඊයේ ගෙදර ආවෙත් පාන්දර වෙලා.</font>

615
00:48:57,768 --> 00:48:59,102
<font color="#ffc846">ඔයාලා දෙන්නා එකටද හිටියේ?</font>

616
00:48:59,186 --> 00:49:00,979
<font color="#ffc846">ඔව්, ඇයි?</font>

617
00:49:01,605 --> 00:49:02,606
<font color="#ffc846">නිකන් ඇහුවේ.</font>

618
00:49:04,107 --> 00:49:05,651
<font color="#ffc846">ඒත් ඔයාලා දෙන්නා අතරේ මොකක්ද තියෙන්නේ?</font>

619
00:49:05,734 --> 00:49:07,486
<font color="#ffc846">වාසගම් දෙකකුත් තියෙන්නේ, ඔයාලා නෑදෑයෝද?</font>

620
00:49:08,612 --> 00:49:12,491
<font color="#ffc846">අපි කියමු ලේ නෑකමකට වඩා
ගැඹුරු සම්බන්ධයක් කියලා.</font>

621
00:49:13,116 --> 00:49:14,409
<font color="#ffc846">ඇයි ඔයා අහන්නේ?</font>

622
00:49:15,452 --> 00:49:17,746
<font color="#ffc846">විශේෂ හේතුවක් නෑ, නිකන් දැනගන්න.</font>

623
00:49:17,829 --> 00:49:20,040
<font color="#ffc846">නිකන් කයියක් දාන්න ඇහුවේ?</font>

624
00:49:25,420 --> 00:49:28,090
<font color="#ffc846">ඇයි අර මනුස්සයා මාව දකින හැම වෙලාවෙම
ඔය තරම් කේන්තියෙන් ඉන්නේ?</font>

625
00:49:30,884 --> 00:49:32,177
<font color="#ffc846">එයා හේටර් කෙනෙක්ද?</font>

626
00:49:37,224 --> 00:49:39,434
<font color="#ffc846">ඔච්චර වේදනාවක් විඳලත්,
එයා අරයා එක්ක තරහ නැද්ද?</font>

627
00:49:41,645 --> 00:49:43,438
<font color="#ffc846">තාමත් හැමදේම බලාගන්නවා.</font>

628
00:49:45,190 --> 00:49:47,109
<font color="#ffc846">මුකුත් ඉතුරු කරන්න එපා
ඔක්කොම කන්න, මම චෙක් කරනවා.</font>

629
00:50:55,635 --> 00:50:59,181
<font color="#ffc846">හරි ඩිරෙක්ටර්.
මම දැන් ඔයා එවපු ඊමේල් එක බැලුවා.</font>

630
00:51:00,056 --> 00:51:02,809
<font color="#ffc846">ඔයාගේ උදව්වට ගොඩක් ස්තූතියි.</font>

631
00:51:04,060 --> 00:51:05,228
<font color="#ffc846">ඔව්.</font>

632
00:51:20,035 --> 00:51:21,912
<font color="#ffc846">ප්‍රශ්න කිරීම් තියෙන්නේ අදද?</font>

633
00:51:21,995 --> 00:51:23,997
<font color="#ffc846">මම දැනන් හිටියේ නෑනේ. මම මුකුත් ලෑස්ති කළෙත් නෑ.</font>

634
00:51:24,080 --> 00:51:26,416
<font color="#ffc846">ඔයාට එහෙම කරන්න ඕන නෑ.
අද අපේ ප්ලෑන් එක තමයි කඩා පනින එක.</font>

635
00:51:27,918 --> 00:51:30,587
<font color="#ffc846">යමු ගිහින් නියම ප්‍රහාරයක් දෙමු.</font>

636
00:51:35,634 --> 00:51:38,428
<font color="#ffc846">මම එන්න කිව්වෙත් නැතුවම, ඔයාලා ඇවිල්ලා.</font>

637
00:51:40,180 --> 00:51:44,226
<font color="#ffc846">මේක නිකන්ම ප්‍රශ්න අහන එකක් ගැන නෙවෙයි. මම හිතනවා
අපිට පුළුවන් කියලා ඔයාගේ පරීක්ෂණ වලට උදව් කරන්න.</font>

638
00:51:48,939 --> 00:51:50,398
<font color="#ffc846">හොඳ නිදහසට කාරණයක්.</font>

639
00:51:51,691 --> 00:51:54,277
<font color="#ffc846">ඔයා හිතනවද මට තේරෙන්නෙ නෑ කියලා
මේ කරන වැඩේ,</font>

640
00:51:54,361 --> 00:51:56,780
<font color="#ffc846">කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා
නිර්දෝෂී බව පෙන්නන්න හදන එක?</font>

641
00:51:56,863 --> 00:52:01,326
<font color="#ffc846">නඩුව දාන්නේ නැතුව මේක ඇදගෙන යන එක,
කල් මර මර උපකල්පන ගොඩගහන එක,</font>

642
00:52:01,409 --> 00:52:03,245
<font color="#ffc846">ඒකත් පැහැදිලිවම පේන උපක්‍රමයක්නේ.</font>

643
00:52:06,164 --> 00:52:09,417
<font color="#ffc846">මේ තියෙන්නේ එදා රෙකෝඩ් වුණු වීඩියෝ එක,
දෝ රයික් සහ හොං හ්යේ-ජූ ඉන්න.</font>

644
00:52:10,252 --> 00:52:11,419
<font color="#ffc846">ඔයාට පෙනෙයි,</font>

645
00:52:11,503 --> 00:52:15,507
<font color="#ffc846">කිසිම සාක්ෂියක් නෑ
මේ දෙන්නා හවුල් වෙලා අපරාධයක් කළා කියලා.</font>

646
00:52:16,716 --> 00:52:20,095
<font color="#ffc846">අපේ ළඟ මේක දැනටමත් තියෙනවා.</font>

647
00:52:20,178 --> 00:52:24,349
<font color="#ffc846">අපි බලන විදිහ අනුව සන්දර්භය
සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.</font>

648
00:52:24,432 --> 00:52:26,810
<font color="#ffc846">ඔයා මේක දැක්ක නිසා, ඔයාට වඩා හොඳට තේරෙන්න ඕන.</font>

649
00:52:26,893 --> 00:52:29,771
<font color="#ffc846">අපේ හමුවීම
සම්පූර්ණයෙන්ම පෞද්ගලික එකක් කියලා.</font>

650
00:52:29,855 --> 00:52:33,066
<font color="#ffc846">ඒක අපි තවදුරටත්
හොයලා බලන්න ඕන දෙයක්.</font>

651
00:52:33,149 --> 00:52:35,944
<font color="#ffc846">ඔයාලට තිබුණා සාක්ෂි හංගන්න හමුවෙන්න,
එහෙම බැරිද?</font>

652
00:52:38,738 --> 00:52:41,867
<font color="#ffc846">ඒත් ප්‍රොසිකියුටර්, ඔයා දැනටමත් දන්නවනේ.</font>

653
00:52:42,492 --> 00:52:44,661
<font color="#ffc846">ඒ වෙලාවේ තිබුණු වාතාවරණයත් එක්ක
එහෙම දෙයක් වෙන්න බෑ කියලා.</font>

654
00:52:48,498 --> 00:52:50,584
<font color="#ffc846">මේ තියෙන්නේ CEO ගුම් බෝ-සැන්ග්ගේ
කෝල් රෙකෝඩ්ස්.</font>

655
00:52:50,667 --> 00:52:53,795
<font color="#ffc846">ඔයාට පේනවා ඇති,
දෝ රයික් ගෙදර ගියාට පස්සේ,</font>

656
00:52:53,879 --> 00:52:56,256
<font color="#ffc846">කෝල් එකක් අරන් තියෙනවා
එයා සහ කාන් වූ-සොන් අතර.</font>

657
00:52:56,339 --> 00:52:58,800
<font color="#ffc846">අපි දැනටමත් ගුම් මහත්තයගෙ
සම්පූර්ණ කටඋත්තරේ අරගෙනයි තියෙන්නෙ.</font>

658
00:53:00,010 --> 00:53:02,053
<font color="#ffc846">ඔයා කියන විදියට නම්,</font>

659
00:53:02,137 --> 00:53:05,098
<font color="#ffc846">දෝ රා-ඉක් සහ හොං හ්යේ-ජූ හම්බුණේ
සාක්ෂි හංගන්න නම්,</font>

660
00:53:05,181 --> 00:53:07,392
<font color="#ffc846">එයාලා ළඟ මිනී මරපු ආයුධයයි,</font>

661
00:53:07,475 --> 00:53:09,394
<font color="#ffc846">කන්ග් වූ-සොන්ග්ගෙ ෆෝන් එකයි තියෙන්න තිබුණා.</font>

662
00:53:09,477 --> 00:53:11,771
<font color="#ffc846">ඒත් එයාලා හම්බුණාට පස්සෙ,</font>

663
00:53:11,855 --> 00:53:13,481
<font color="#ffc846">කන්ග් වූ-සොන්ග් ගුම් මහත්තයට කෝල් කරලා තියෙනවා,</font>

664
00:53:13,565 --> 00:53:16,401
<font color="#ffc846">ඒ කියන්නෙ ඒ වෙලාවෙ
එයා පණ පිටින් හිටියා කියන එක ඔප්පු වෙනවා.</font>

665
00:53:16,484 --> 00:53:20,530
<font color="#ffc846">ඒ නිසා, ඔයා මේ කියන කතාව
සිද්ධ වුණ වෙලාවල් එක්ක ගැලපෙන්නෙ නෑ.</font>

666
00:53:22,657 --> 00:53:24,618
<font color="#ffc846">පරීක්ෂණයක් කියන එක හැම තිස්සෙම</font>

667
00:53:24,701 --> 00:53:27,329
<font color="#ffc846">හැම පැත්තක් ගැනම විවෘතව තියෙන්න ඕනෙ.</font>

668
00:53:27,412 --> 00:53:30,290
<font color="#ffc846">අපරාධය සිද්ධ වුණ වෙලාව
හරියටම ගැලපුණේ නෑ කියලා</font>

669
00:53:30,373 --> 00:53:32,375
<font color="#ffc846">ඒක හවුලේ කරපු එකක් නෙවෙයි කියන්න බෑ.</font>

670
00:53:32,959 --> 00:53:36,087
<font color="#ffc846">කන්ග් වූ-සොන්ග්ව මරන්න ප්ලෑන් කරන්න,</font>

671
00:53:36,171 --> 00:53:38,298
<font color="#ffc846">ඒ දෙන්නට කලින් හම්බවෙන්න පුළුවන්නෙ.</font>

672
00:53:41,468 --> 00:53:45,764
<font color="#ffc846">එහෙනම් ඔයාට පුළුවන්ද මේ දෙන්නා අපරාධය
සැලසුම් කළා කියන්න</font>

673
00:53:46,389 --> 00:53:48,850
<font color="#ffc846">පිළිගන්න පුළුවන් සාක්ෂියක් පෙන්නන්න?</font>

674
00:53:48,934 --> 00:53:50,477
<font color="#ffc846">අපි මේ පරීක්ෂණය කරන්නෙත්</font>

675
00:53:51,102 --> 00:53:53,063
<font color="#ffc846">ඒ වගේ සාක්ෂි හොයාගන්න තමයි.</font>

676
00:53:53,855 --> 00:53:56,107
<font color="#ffc846">හොං හ්යේ-ජූ මේකට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා--</font>

677
00:53:56,191 --> 00:53:57,442
<font color="#ffc846">"සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා?"</font>

678
00:53:58,276 --> 00:54:00,070
<font color="#ffc846">නිකන් සැකේට විතරක්,</font>

679
00:54:00,695 --> 00:54:03,698
<font color="#ffc846">කිසිම සාක්ෂියක් නැතුව,
ඔයා එයාව ගෙන්නලා</font>

680
00:54:03,782 --> 00:54:06,618
<font color="#ffc846">පැය හයකට වඩා ප්‍රශ්න කළාද?</font>

681
00:54:06,701 --> 00:54:10,163
<font color="#ffc846">ඉතින්, පරීක්ෂණයකට ඒක අත්‍යවශ්‍ය නම්--</font>

682
00:54:10,246 --> 00:54:11,623
<font color="#ffc846">සාධාරණ පරීක්ෂණයක්</font>

683
00:54:11,706 --> 00:54:14,542
<font color="#ffc846">පදනම් වෙන්න ඕනෙ කියන අපරාධයට අදාළ
පැහැදිලි සාක්ෂි මත.</font>

684
00:54:14,626 --> 00:54:17,963
<font color="#ffc846">පැහැදිලි සාක්ෂි නැතුව ඔයාට
පරීක්ෂණයක් කරගෙන යන්න බෑ.</font>

685
00:54:18,046 --> 00:54:19,673
<font color="#ffc846">මේක පැහැදිලිවම පලිගන්න කරන පරීක්ෂණයක්.</font>

686
00:54:19,756 --> 00:54:20,590
<font color="#ffc846">මොකක්?</font>

687
00:54:20,674 --> 00:54:23,718
<font color="#ffc846">ඔයා මේ කියන්නෙ, මගේ සේවාදායකයාව
ප්‍රධාන සැකකරු කරගත්තට පස්සෙ,</font>

688
00:54:23,802 --> 00:54:26,513
<font color="#ffc846">කිසිම සාක්ෂියක් නැතුව
හොං හ්යේ-ජූ මහත්මියට බලපෑම් කළේ,</font>

689
00:54:26,596 --> 00:54:29,891
<font color="#ffc846">ඔයා හිතාගෙන ඉන්න දේ ඔප්පු කරන්න
බලෙන් සාක්ෂි හදාගන්න කියලනෙ.</font>

690
00:54:31,434 --> 00:54:34,270
<font color="#ffc846">එයාගේ නීති නියෝජිතයා විදියට,
මම නිල වශයෙන් ඉල්ලීමක් කරනවා.</font>

691
00:54:34,354 --> 00:54:36,940
<font color="#ffc846">හොං මහත්මියට කරන මේ අනවශ්‍ය බලපෑම්
දැන්ම නවත්තන්න.</font>

692
00:54:37,023 --> 00:54:40,318
<font color="#ffc846">එහෙම නැත්නම්, පැමිණිල්ල පාර්ශවය අපේ සේවාදායකයාට එරෙහිව</font>

693
00:54:40,402 --> 00:54:43,363
<font color="#ffc846">අසාධාරණ පරීක්ෂණයක් කරනවා කියලා
අපි පැමිණිල්ලක් දානවා.</font>

694
00:54:44,614 --> 00:54:46,032
<font color="#ffc846">ඔයාට ඕනෙ ඒකද?</font>

695
00:54:57,419 --> 00:54:59,587
<font color="#ffc846">දැන් ඔක්කොම ඉවරද?</font>

696
00:54:59,671 --> 00:55:02,632
<font color="#ffc846">හ්යේ-ජූව...
ආයෙ එයාව ගෙන්නන එකක් නෑ නේද?</font>

697
00:55:03,299 --> 00:55:07,637
<font color="#ffc846">දැන් ඔක්කොම විසඳුන නිසා,
එයාලට එයාව හවුල්කාරයෙක් විදියට සලකන්න බෑ.</font>

698
00:55:07,721 --> 00:55:09,597
<font color="#ffc846">අලුතෙන් සාක්ෂියක් හම්බුණේ නැත්නම්.</font>

699
00:55:09,681 --> 00:55:10,765
<font color="#ffc846">ඇත්තටමද?</font>

700
00:55:10,849 --> 00:55:15,103
<font color="#ffc846">ඔව්. සාමාන්‍ය සාක්ෂිකරුවෙක් වගේ ප්‍රශ්න කරයි,
ඒත්...</font>

701
00:55:38,585 --> 00:55:41,588
<font color="#ffc846">ස්තූතියි... මේ ඔක්කොම මෙන්ග් සේ-නා නිසා.</font>

702
00:55:44,841 --> 00:55:45,967
<font color="#ffc846">ගොඩක් ස්තූතියි.</font>

703
00:55:47,969 --> 00:55:49,679
<font color="#ffc846">නෑ... මම...</font>

704
00:55:50,764 --> 00:55:52,057
<font color="#ffc846">ගඳයා!</font>

705
00:56:01,399 --> 00:56:02,942
<font color="#ffc846">ටිකක් අයින් වෙන්න පුළුවන්ද?</font>

706
00:56:03,902 --> 00:56:04,986
<font color="#ffc846">ඒ මොකටද?</font>

707
00:56:07,697 --> 00:56:09,866
<font color="#ffc846">කාර් එකේ ඉන්නකො. මම ඉක්මනට එන්නම්.</font>

708
00:56:32,597 --> 00:56:33,681
<font color="#ffc846">කාලෙකින් දැක්කෙ.</font>

709
00:56:34,390 --> 00:56:36,059
<font color="#ffc846">ජෙයිල් විදේශ භාෂා පාසලේ, 1-4 පන්තිය.</font>

710
00:56:36,142 --> 00:56:37,185
<font color="#ffc846">ගඳ සේ-නා.</font>

711
00:56:38,937 --> 00:56:40,563
<font color="#ffc846">නෑ, මෙන්ග් සේ-නා.</font>

712
00:56:43,983 --> 00:56:45,777
<font color="#ffc846">සොරි, මීට කලින් අඳුරගන්න තිබුණෙ.</font>

713
00:56:46,694 --> 00:56:49,656
<font color="#ffc846">ස්කූල් කාලෙට වඩා ඔයා ගොඩක් වෙනස් වෙලා.</font>

714
00:56:51,491 --> 00:56:53,576
<font color="#ffc846">අනිවාර්යයෙන්ම.</font>

715
00:56:54,452 --> 00:56:58,832
<font color="#ffc846">මිනිස්සු කියලා කියන්නවත් බැරි අයව ආශ්‍රය නොකර
ඉන්න තරම් දැන් මම ලොකුයි.</font>

716
00:57:01,334 --> 00:57:02,794
<font color="#ffc846">අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා.</font>

717
00:57:02,877 --> 00:57:07,006
<font color="#ffc846">ඔයාට කොහොමද,
ඇයි මේ කේස් එක භාරගත්තෙ,</font>

718
00:57:07,090 --> 00:57:09,175
<font color="#ffc846">ප්‍රොසික්‍යුටර් මම කියලා දැනගෙනද</font>

719
00:57:09,259 --> 00:57:11,636
<font color="#ffc846">ඔයා ඕනකමින්ම මේක ගත්තෙ,</font>

720
00:57:11,719 --> 00:57:12,971
<font color="#ffc846">එහෙම නැත්නම් මුල ඉඳලම</font>

721
00:57:13,721 --> 00:57:15,431
<font color="#ffc846">මට කෙළවන්න බලාගෙනම කළාද වගේ දේවල්.</font>

722
00:57:18,226 --> 00:57:20,228
<font color="#ffc846">පුදුමයක් නෑ මේ පරීක්ෂණේ
ඉස්සරහට යන්නෙ නැති එක ගැන.</font>

723
00:57:20,311 --> 00:57:24,023
<font color="#ffc846">ඔයා මේ වගේ වැඩකට නැති දේවල් ගැනමනෙ
වද වෙවී ඉන්නෙ.</font>

724
00:57:24,107 --> 00:57:25,024
<font color="#ffc846">මොකක්?</font>

725
00:57:25,108 --> 00:57:27,402
<font color="#ffc846">තව කොච්චර කල් ඔහොම
දුක කිය කියා ඉන්නද කල්පනාව?</font>

726
00:57:27,485 --> 00:57:30,113
<font color="#ffc846">ඒ වෙලාව යොදවන්න ඔයාගෙ දක්ෂතා වැඩි දියුණු කරගන්න.</font>

727
00:57:30,196 --> 00:57:34,159
<font color="#ffc846">එතකොට ඔයාට පුළුවන් වෙයි ඇත්ත අපරාධකාරයව අල්ලගෙන
ඔයාට ඕන කරන සුපිරි ප්‍රොසික්‍යුටර් වෙන්න.</font>

728
00:57:38,496 --> 00:57:39,581
<font color="#ffc846">ගුඩ් ලක්.</font>

729
00:58:08,109 --> 00:58:10,904
<font color="#ffc846">ඔයා අර ප්‍රොසික්‍යුටර් එක්ක හෙන එකතුයි වගේනෙ.</font>

730
00:58:10,987 --> 00:58:12,489
<font color="#ffc846">කොහොමද ඔයාලා අඳුරන්නෙ?</font>

731
00:58:12,572 --> 00:58:13,615
<font color="#ffc846">මම දන්නෙ නෑ.</font>

732
00:58:18,161 --> 00:58:20,914
<font color="#ffc846">ඇයි මං දිහා ඔහොම බලන්නෙ? නෑ, ඔයාම කියන්නකො.</font>

733
00:58:23,666 --> 00:58:25,001
<font color="#ffc846">ඔයා මේ මොනවා ගැනද කියවන්නෙ?</font>

734
00:58:36,012 --> 00:58:37,889
<font color="#ffc846">ඒක ඕනවට වඩා පැහැදිලියි.</font>

735
00:58:38,515 --> 00:58:40,683
<font color="#ffc846">ඔයා හරියට කවදාවත් යාලුවෙලා නෑ වගේනෙ ඉන්නෙ.</font>

736
00:58:40,767 --> 00:58:43,603
<font color="#ffc846">ඔයාට ගෙදර එකෙක් ඉන්නවා,
වැඩ කරන තැන තව එකෙක් ඉන්නවා.</font>

737
00:58:43,686 --> 00:58:45,647
<font color="#ffc846">ඔයා මේ මොන විකාරයක්ද කියවන්නෙ?</font>

738
00:58:46,773 --> 00:58:49,400
<font color="#ffc846">මම මේ ගැන ටිකක් කල්පනා කළා.</font>

739
00:58:49,484 --> 00:58:51,361
<font color="#ffc846">අර මනුස්සයා ඔයා දිහා බලන විදිය හරි අමුතුයි.</font>

740
00:58:52,278 --> 00:58:55,240
<font color="#ffc846">ඉතින් එයා කවුද? කලින් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?</font>

741
00:58:57,116 --> 00:58:58,368
<font color="#ffc846">ඔයාට පිස්සුද?</font>

742
00:58:59,244 --> 00:59:00,954
<font color="#ffc846">මම? අර කාලකන්නියා එක්ක?</font>

743
00:59:02,789 --> 00:59:06,584
<font color="#ffc846">එයා මගේ කරුමෙට හම්බුණ පන්ති යාලුවෙක් විතරයි.</font>

744
00:59:06,668 --> 00:59:08,378
<font color="#ffc846">පුළුවන් නම් මම එයාව මකලා දානවා!</font>

745
00:59:08,962 --> 00:59:12,006
<font color="#ffc846">නිකන් පන්ති යාලුවෙක්ට,
ඔයා ඔය බනින විදිය සැර වැඩි නැද්ද.</font>

746
00:59:12,090 --> 00:59:13,883
<font color="#ffc846">ඒ මෝඩයා ගැන මතක් වෙන වාරයක් පාසා,</font>

747
00:59:13,967 --> 00:59:17,053
<font color="#ffc846">රෑ නිදාගෙන ඉද්දිත් මම ගැස්සිලා ඇහැරෙනවා,
තරහෙන් පුපුර පුපුර.</font>

748
00:59:19,472 --> 00:59:21,724
<font color="#ffc846">හරි හරි, මට තේරුණා, දැන් පරිස්සමෙන් එළවන්නකො!</font>

749
00:59:21,808 --> 00:59:23,184
<font color="#ffc846">ඔයා ලෝයර් කෙනෙක් වෙලත්...</font>

750
00:59:23,268 --> 00:59:26,104
<font color="#ffc846">නෑ, මේ මම නෙවෙයි.</font>

751
00:59:26,187 --> 00:59:29,816
<font color="#ffc846">වාහනේ කොන්ට්‍රෝල් වෙන්නෙ නෑ. මොකක්?</font>

752
00:59:33,570 --> 00:59:34,737
<font color="#ffc846">සේ-නා!</font>

753
00:59:36,155 --> 00:59:38,116
<font color="#ffc846">සේ-නා!</font>

754
00:59:38,199 --> 00:59:40,159
<font color="#ffc846">සේ-නා! නෑ, රා-ඉක්!</font>

755
01:00:37,216 --> 01:00:38,801
<font color="#ffc846">මට කවදාවත් ආදරයක් ලැබිලා නෑ.</font>

756
01:00:38,885 --> 01:00:40,219
<font color="#ffc846">ඔයා මොකද කරන්නෙ?</font>

757
01:00:40,303 --> 01:00:42,180
<font color="#ffc846">මම දන්නෙ නෑ ආදරේ දෙන්නෙ කොහොමද,</font>

758
01:00:42,263 --> 01:00:43,598
<font color="#ffc846">ලබන්නෙ කොහොමද කියලා.</font>

759
01:00:43,681 --> 01:00:45,266
<font color="#ffc846">ඔයා කියන්නෙ කවුරුහරි මේක කළා කියලද?</font>

760
01:00:45,350 --> 01:00:46,267
<font color="#ffc846">මට නිකන් අමුත්තක් දැනෙනවා.</font>

761
01:00:46,351 --> 01:00:49,937
<font color="#ffc846">කවුරුහරි ඇත්තටම මාත් එක්ක
වෛරයකින් හිටියා නම්...</font>

762
01:00:50,021 --> 01:00:51,522
<font color="#ffc846">ඇයි ඔයා බොරු කිව්වෙ?</font>

763
01:00:51,606 --> 01:00:53,274
<font color="#ffc846">ඒක...</font>

764
01:00:53,358 --> 01:00:54,692
<font color="#ffc846">මම ඇත්තටම දන්නෙ නෑ.</font>

765
01:00:55,318 --> 01:00:57,987
<font color="#ffc846">අවශ්‍ය නම්, ඔයා කල්පනා කරන්න ඕනෙ</font>

766
01:00:58,071 --> 01:00:59,572
<font color="#ffc846">මේ දේවල් ඔයාට ඕන විදියට හරවාගන්න.</font>

767
01:00:59,656 --> 01:01:03,034
<font color="#ffc846">ඒ කියන්නෙ ඔයා කියන්නෙ මගේ සේවාදායකයාව අතාරින්න කියලද?</font>

768
01:01:03,576 --> 01:01:08,581
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

