1
00:00:21,063 --> 00:00:23,482
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,566 --> 00:00:26,068


3
00:02:04,583 --> 00:02:07,002
<font color="#ffc846">අපි මේ කොහෙද ඉන්නේ? ආ?</font>

4
00:02:07,086 --> 00:02:08,462
<font color="#ffc846">මමත් මෙතනට ආපු පළවෙනි වතාව මේක.</font>

5
00:02:26,897 --> 00:02:27,898
<font color="#ffc846">අම්මෝ මම බය වුනා!</font>

6
00:02:28,274 --> 00:02:29,275
<font color="#ffc846">එතන මොකක්ද එකක් හෙලවුනා!</font>

7
00:02:49,628 --> 00:02:50,629
<font color="#ffc846">ඒ මොකක්ද?</font>

8
00:02:51,380 --> 00:02:52,673
<font color="#ffc846">මම පලි ගන්නවා.</font>

9
00:02:55,009 --> 00:02:56,093
<font color="#ffc846">මම පලි ගන්නවාමයි.</font>

10
00:03:00,639 --> 00:03:01,640
<font color="#ffc846">සු-ර්යොන්...</font>

11
00:03:02,558 --> 00:03:03,559
<font color="#ffc846">සු-ර්යොන්!</font>

12
00:03:04,143 --> 00:03:05,144
<font color="#ffc846">මම කොහොමහරි පලි ගන්නවා.</font>

13
00:03:08,188 --> 00:03:09,189
<font color="#ffc846">ලී සු-ර්යොන්.</font>

14
00:03:09,648 --> 00:03:10,774
<font color="#ffc846">මේ ඔයා නේද?</font>

15
00:03:11,483 --> 00:03:12,484
<font color="#ffc846">ඔයාම නේද?</font>

16
00:03:13,193 --> 00:03:14,820
<font color="#ffc846">මම පලි ගන්නවා.</font>

17
00:03:17,948 --> 00:03:20,576
<font color="#ffc846">ඕක බොන්හ්යන්ග් වල පූජනීය ගසේ
ජීවත් වුන ආත්මයක්.</font>

18
00:03:20,868 --> 00:03:22,828
<font color="#ffc846">ආරංචියේ හැටියට, එයා අසාධාරණයට ලක් වුන අයගේ
දුක අහලා,</font>

19
00:03:23,579 --> 00:03:24,663
<font color="#ffc846">එයාලගේ හිතේ තියෙන වෛරය පිරිමහගන්න උදව් කරනවා.</font>

20
00:03:24,914 --> 00:03:26,457
<font color="#ffc846">මම කොහොමහරි පලි ගන්නවා.</font>

21
00:03:30,461 --> 00:03:32,046
<font color="#ffc846">මම පලි ගන්නවාමයි!</font>

22
00:03:32,171 --> 00:03:33,172
<font color="#ffc846">මි-හෝ!</font>

23
00:03:35,966 --> 00:03:37,885
<font color="#ffc846">මි-හෝ, ඔයාට මොකුත් වුනේ නෑ නේද?</font>

24
00:03:40,387 --> 00:03:41,972
<font color="#ffc846">-පස්සට වෙන්න.
-හරි, හරි.</font>

25
00:03:46,226 --> 00:03:47,227
<font color="#ffc846">ශික්!</font>

26
00:04:01,825 --> 00:04:02,868
<font color="#ffc846">මි-හෝ!</font>

27
00:04:28,268 --> 00:04:29,269
<font color="#ffc846">වෑන්!</font>

28
00:04:32,106 --> 00:04:34,024
<font color="#ffc846">මම කිව්වා නේද මම කියනකම් හෙලවෙන්නවත් එපා කියලා?</font>

29
00:04:36,860 --> 00:04:38,904
<font color="#ffc846">අපි ආවේ සු-ර්යොන්ගේ ගෙදරටනේ,</font>

30
00:04:38,988 --> 00:04:41,740
<font color="#ffc846">ඒත් මට හිතාගන්න බෑ අපි මේ කොහෙද ඉන්නේ
මොකද වෙන්නේ කියලා.</font>

31
00:04:42,282 --> 00:04:43,826
<font color="#ffc846">මේක බෙන්ජුල්ලේ මවාගත්ත වනාන්තරයක්.</font>

32
00:04:44,034 --> 00:04:45,035
<font color="#ffc846">බෙන්ජුල්ලේගේ වනාන්තරය?</font>

33
00:04:47,579 --> 00:04:48,580
<font color="#ffc846">සු-ර්යොන්.</font>

34
00:04:48,956 --> 00:04:51,208
<font color="#ffc846">අපි ඉස්සෙල්ලාම එයාව බේරගන්න ඕනේ.
අනේ එයාව ඉක්මනට බේරගන්නකෝ!</font>

35
00:04:51,583 --> 00:04:52,626
<font color="#ffc846">හේතුඵල නීතිය.</font>

36
00:04:53,252 --> 00:04:54,586
<font color="#ffc846">මොකක්ද ඒ "හේතුඵල නීතිය" කියන්නේ?</font>

37
00:04:55,546 --> 00:04:56,630
<font color="#ffc846">මේ, ඔහේට කතා කරන්නේ.</font>

38
00:04:56,714 --> 00:04:58,090
<font color="#ffc846">ඒක එයාගේ වෛරය පිරිමහගන්න
ගෙවන්න වුන වන්දියක්.</font>

39
00:04:58,173 --> 00:04:59,425
<font color="#ffc846">මට ඒ හේතුඵල නීතිය කඩන්න බෑ.</font>

40
00:05:00,843 --> 00:05:02,094
<font color="#ffc846">එයා තාම පොඩි ළමයෙක්නේ.</font>

41
00:05:02,720 --> 00:05:05,639
<font color="#ffc846">එයා බය වෙලා හිටපු නිසයි එහෙම වැරදි තීරණයක් ගත්තේ.</font>

42
00:05:06,598 --> 00:05:08,058
<font color="#ffc846">ඒක එයාම ගත්ත තීරණයක්.</font>

43
00:05:08,142 --> 00:05:11,020
<font color="#ffc846">මම ආයෙත් සැරයක් කියන්නම්.
අපේ ගිවිසුමට මේවා අදාළ නෑ.</font>

44
00:05:12,438 --> 00:05:13,439
<font color="#ffc846">මහ බයගුල්ලෙක්.</font>

45
00:05:18,819 --> 00:05:20,446
<font color="#ffc846">මේ, මිස්ටර්.</font>

46
00:05:20,988 --> 00:05:22,448
<font color="#ffc846">-මොකක්ද?
-මම කිව්වේ ඔහේ බයගුල්ලෙක් කියලා.</font>

47
00:05:22,823 --> 00:05:24,950
<font color="#ffc846">-ආයේ කියනවා බලන්න. මොකක්ද කිව්වේ?
-බයගුල්ලා.</font>

48
00:05:25,034 --> 00:05:27,619
<font color="#ffc846">මේක ඔය දෙන්නට රණ්ඩු වෙන්න වෙලාව නෙමෙයි,
එතන මනුස්සයෙක් මැරෙන්න යනවා--</font>

49
00:05:27,703 --> 00:05:30,539
<font color="#ffc846">මම හරි නේද? ඔහේ අර රාක්ෂයාට බයේනේ මේ පැනලා යන්නේ.</font>

50
00:05:30,622 --> 00:05:32,791
<font color="#ffc846">මගේ මුළු ජීවිතේටම කවුරුවත් මට ඔහොම කතා කරලා නෑ.</font>

51
00:05:32,958 --> 00:05:34,585
<font color="#ffc846">තමුන් හිතුවද මම බෙන්ජුල්ලේට බයයි කියලා?</font>

52
00:05:34,668 --> 00:05:36,003
<font color="#ffc846">මට ෂුවර් ඔහේට ඕක ගොඩක් අය කියලා ඇති.</font>

53
00:05:36,086 --> 00:05:37,546
<font color="#ffc846">දැන් නම් ඔයාටත් හොඳටම බය හිතිලා වගේ.</font>

54
00:05:37,796 --> 00:05:39,131
<font color="#ffc846">එහෙනම් ඇයි එයාව බේරගන්න බැරි?</font>

55
00:05:41,258 --> 00:05:43,010
<font color="#ffc846">මම කලිනුත් කිව්වනේ.</font>

56
00:05:43,093 --> 00:05:45,512
<font color="#ffc846">-ඒක එයාම ගත්ත තීරණයක්.
-ෂා, මරු නිදහසට කාරණේ.</font>

57
00:05:45,596 --> 00:05:47,056
<font color="#ffc846">මේ... මේ!</font>

58
00:05:47,139 --> 00:05:49,641
<font color="#ffc846">අපි ගිවිසුමක් ගැහුවා.
ඔයාට සල්ලිත් ගෙවලයි තියෙන්නේ.</font>

59
00:05:49,808 --> 00:05:51,727
<font color="#ffc846">ඒ නිසා මම කියන දේ කරනවා.
දැන්ම ගිහින් එයාව බේරගන්නවා.</font>

60
00:05:51,852 --> 00:05:52,978
<font color="#ffc846">ශික්, මේ!</font>

61
00:06:00,819 --> 00:06:02,613
<font color="#ffc846">මට ඔහොම අණ දෙන්න එන්න එපා.</font>

62
00:06:04,782 --> 00:06:05,783
<font color="#ffc846">මහ බයගුල්ලා.</font>

63
00:06:07,785 --> 00:06:08,786
<font color="#ffc846">මි-හෝ!</font>

64
00:06:11,997 --> 00:06:13,499
<font color="#ffc846">මි-හෝ. ඇත්තටම...</font>

65
00:06:14,833 --> 00:06:15,918
<font color="#ffc846">මි-හෝ, ඔයා හොඳින්ද?</font>

66
00:06:16,001 --> 00:06:17,002
<font color="#ffc846">ඔව්.</font>

67
00:06:53,997 --> 00:06:55,332
<font color="#ffc846">ඇත්තටම, මොකක්ද ඒ ජාතිය?</font>

68
00:07:34,371 --> 00:07:35,372
<font color="#ffc846">මි-හෝ!</font>

69
00:07:41,336 --> 00:07:42,629
<font color="#ffc846">වෑන්!</font>

70
00:07:48,385 --> 00:07:49,386
<font color="#ffc846">වෑන්!</font>

71
00:07:52,472 --> 00:07:53,557
<font color="#ffc846">වෑන්!</font>

72
00:07:53,640 --> 00:07:54,725
<font color="#ffc846">වෑන්!</font>

73
00:08:04,318 --> 00:08:05,819
<font color="#ffc846">ඇයි ඔයා හරහට පනින්නේ?</font>

74
00:08:06,820 --> 00:08:08,739
<font color="#ffc846">මම මේ අන්තිමේදී පලි ගන්න හදනකොටම.</font>

75
00:08:09,239 --> 00:08:10,407
<font color="#ffc846">සු-ර්යොන්.</font>

76
00:08:10,490 --> 00:08:13,493
<font color="#ffc846">අනේ ඔතනින් එලියට එන්න.
අපි ගෙදර යමු.</font>

77
00:08:14,077 --> 00:08:15,078
<font color="#ffc846">කට වහගන්නවා!</font>

78
00:08:17,497 --> 00:08:18,916
<font color="#ffc846">මම ආයේ එන්නේ නෑ.</font>

79
00:08:20,500 --> 00:08:23,086
<font color="#ffc846">ඔයා දන්නේ නෑ
ඒ කාලකන්නියා මට මොනවද කළේ කියලා.</font>

80
00:08:23,170 --> 00:08:25,130
<font color="#ffc846">මගේ අම්මටයි තාත්තටයි වත්
මේකට උදව් කරන්න බෑ.</font>

81
00:08:25,756 --> 00:08:27,049
<font color="#ffc846">කාටවත්ම බෑ.</font>

82
00:08:27,925 --> 00:08:29,468
<font color="#ffc846">මම ඒක කරනවා!</font>

83
00:08:29,760 --> 00:08:31,678
<font color="#ffc846">මම ඔයාට උදව් කරන්නම්, හරිද?</font>

84
00:08:32,012 --> 00:08:33,013
<font color="#ffc846">ඇත්තටම.</font>

85
00:08:33,680 --> 00:08:35,098
<font color="#ffc846">මම ඔයාට පොරොන්දු වෙනවා.</font>

86
00:08:35,390 --> 00:08:36,642
<font color="#ffc846">විහිළු කරන්න එපා!</font>

87
00:08:37,226 --> 00:08:38,602
<font color="#ffc846">මම මේක තනියම කරනවා.</font>

88
00:08:39,561 --> 00:08:42,481
<font color="#ffc846">බෙන්ජුල්ලේ ඒ කාලකන්නියාව
ඇදගෙන නිරයටම යයි.</font>

89
00:08:44,149 --> 00:08:46,235
<font color="#ffc846">එයා මම වෙනුවෙන් හැමදේම ඉවරයක් කරයි!</font>

90
00:08:46,902 --> 00:08:47,903
<font color="#ffc846">ලී සු-ර්යොන්.</font>

91
00:08:50,948 --> 00:08:52,699
<font color="#ffc846">බෙන්ජුල්ලේ, බෙන්ජුල්ලේ.</font>

92
00:08:54,326 --> 00:08:57,412
<font color="#ffc846">අනේ ඉක්මනට පහළට ඇවිත්
මගේ දුක අහන්නකෝ.</font>

93
00:08:58,330 --> 00:09:00,582
<font color="#ffc846">මම මුළු හදවතින්ම මේ පූජාව තියන්නේ,</font>

94
00:09:02,000 --> 00:09:04,002
<font color="#ffc846">ඔබ වෙනුවෙන් බෙන්ජුල්ලේ.</font>

95
00:09:04,795 --> 00:09:07,756
<font color="#ffc846">අනේ මාව මේ තත්වෙට දාපු කෙනාගෙන්
පලි ගන්න මට උදව් කරන්න.</font>

96
00:09:08,674 --> 00:09:11,176
<font color="#ffc846">ඒ වෙනුවට, මගේ ඇඟ ගන්න.</font>

97
00:09:16,181 --> 00:09:17,182
<font color="#ffc846">සු-ර්යොන්!</font>

98
00:09:18,267 --> 00:09:19,268
<font color="#ffc846">ලී සු-ර්යොන්!</font>

99
00:09:20,644 --> 00:09:22,312
<font color="#ffc846">මට යන්න දෙන්න!</font>

100
00:09:22,521 --> 00:09:23,563
<font color="#ffc846">ලී සු-ර්යොන්!</font>

101
00:10:10,277 --> 00:10:11,278
<font color="#ffc846">සු-ර්යොන්...</font>

102
00:10:13,488 --> 00:10:14,489
<font color="#ffc846">සු-ර්යොන්.</font>

103
00:10:14,614 --> 00:10:15,615
<font color="#ffc846">සු-ර්යොන්!</font>

104
00:10:16,825 --> 00:10:17,868
<font color="#ffc846">ලී සු-ර්යොන්!</font>

105
00:10:19,536 --> 00:10:20,537
<font color="#ffc846">පලි ගන්න?</font>

106
00:10:23,081 --> 00:10:25,584
<font color="#ffc846">මේ රාක්ෂයා ඔයා වෙනුවෙන් පලි ගන්න එන
දෙවි කෙනෙක් නෙමෙයි.</font>

107
00:10:27,085 --> 00:10:28,920
<font color="#ffc846">යොම්-ජි නේද ඔයාට මේක කිව්වේ?</font>

108
00:10:29,004 --> 00:10:31,715
<font color="#ffc846">බෙන්ජුල්ලේ කියන්නේ හිතේ තියෙන වෛරය
පිරිමහගන්න උදව් කරන ආත්මයක් කියලා.</font>

109
00:10:32,382 --> 00:10:34,718
<font color="#ffc846">ඒත් මේ බෙන්ජුල්ලේ ඔයා වෙනුවෙන් ගත්ත පලිය මොකක්ද?</font>

110
00:10:35,427 --> 00:10:38,805
<font color="#ffc846">එයා අර මනුස්සයාගේ අත් කකුල් කැඩුවද?
නැත්නම් පපුව පලාගෙන එලියට ආවද?</font>

111
00:10:42,351 --> 00:10:43,352
<font color="#ffc846">බෙන්ජුල්ලේ.</font>

112
00:10:44,686 --> 00:10:45,979
<font color="#ffc846">එතකොට මගේ පලිය?</font>

113
00:10:46,855 --> 00:10:47,856
<font color="#ffc846">බෙන්ජුල්ලේ.</font>

114
00:10:55,280 --> 00:10:56,490
<font color="#ffc846">මම කියන දේ හොඳට අහගන්න.</font>

115
00:10:58,533 --> 00:11:00,577
<font color="#ffc846">මම ඔයා වෙනුවෙන් පලි ගන්නම්.</font>

116
00:11:00,660 --> 00:11:01,912
<font color="#ffc846">මට ඒක ඔයා වෙනුවෙන් කරන්න පුළුවන්.</font>

117
00:11:02,621 --> 00:11:04,915
<font color="#ffc846">මම එන්න ටිකක් පරක්කු වුනා,
ඒකයි ඔයාට මෙහෙම වුනේ,</font>

118
00:11:05,207 --> 00:11:10,212
<font color="#ffc846">ඒත් එයා කරපු දේට එයාට දඬුවම් ලැබෙන බවට
වගබලාගන්න මට පුළුවන් හැමදේම මම කරනවා.</font>

119
00:11:12,631 --> 00:11:15,217
<font color="#ffc846">මම ඔයා වෙනුවෙන් ඒක කරන්නම්. මම පොරොන්දු වෙනවා.</font>

120
00:11:21,556 --> 00:11:23,100
<font color="#ffc846">අනේ මාව බේරගන්න.</font>

121
00:11:24,142 --> 00:11:25,143
<font color="#ffc846">මම ඔයාව බේරගන්නම්.</font>

122
00:11:26,019 --> 00:11:27,979
<font color="#ffc846">මම උදව් කරන්නම්.</font>

123
00:11:30,273 --> 00:11:32,651
<font color="#ffc846">අපි මෙතනින් යමු, හරිද?</font>

124
00:11:43,203 --> 00:11:44,287
<font color="#ffc846">සු-ර්යොන්!</font>

125
00:11:50,710 --> 00:11:52,295
<font color="#ffc846">අනේ මාව බේරගන්න!</font>

126
00:11:52,963 --> 00:11:53,964
<font color="#ffc846">සු-ර්යොන්.</font>

127
00:13:06,077 --> 00:13:07,078
<font color="#ffc846">ආ.</font>

128
00:13:08,038 --> 00:13:09,039
<font color="#ffc846">සු-ර්යොන්.</font>

129
00:13:18,006 --> 00:13:19,007
<font color="#ffc846">සු-ර්යොන්!</font>

130
00:13:22,511 --> 00:13:23,512
<font color="#ffc846">සු-ර්යොන්.</font>

131
00:13:23,929 --> 00:13:24,930
<font color="#ffc846">සු-ර්යොන්.</font>

132
00:13:26,139 --> 00:13:27,182
<font color="#ffc846">ඔයාට සිහිය ආවද?</font>

133
00:13:29,726 --> 00:13:32,020
<font color="#ffc846">බය වෙන්න එපා. මම හිතන්නේ එයාට සිහිය නැති වුනා විතරයි.</font>

134
00:13:32,103 --> 00:13:33,104
<font color="#ffc846">එහෙමද?</font>

135
00:13:34,898 --> 00:13:37,442
<font color="#ffc846">අපි කොහොමද මෙතනින් එලියට යන්නේ?</font>

136
00:13:57,170 --> 00:13:58,171
<font color="#ffc846">යමු.</font>

137
00:14:20,860 --> 00:14:21,903
<font color="#ffc846">මි-හෝ, ඔයා හොඳින් නේද?</font>

138
00:14:22,529 --> 00:14:23,530
<font color="#ffc846">ඔව්.</font>

139
00:14:24,906 --> 00:14:25,907
<font color="#ffc846">ඒත් මම හොඳින් නෙමෙයි.</font>

140
00:14:56,062 --> 00:14:57,063
<font color="#ffc846">සු-ර්යොන් කොහොමද?</font>

141
00:14:58,481 --> 00:14:59,524
<font color="#ffc846">එයා එහා පැත්තේ කාමරේ ඉන්නවා.</font>

142
00:14:59,733 --> 00:15:01,276
<font color="#ffc846">බෙන්ජුල්ලේ මැරුණද?</font>

143
00:15:03,111 --> 00:15:05,697
<font color="#ffc846">බෙන්ජුල්ලේ කියන්නේ වනාන්තරයේ ආත්මය.
එයා මැරෙන්නේ නෑ.</font>

144
00:15:05,780 --> 00:15:07,198
<font color="#ffc846">එයා ආපහු කැලේට ගියා.</font>

145
00:15:07,824 --> 00:15:08,908
<font color="#ffc846">ඔයා මොනවද මේ...</font>

146
00:15:11,328 --> 00:15:13,204
<font color="#ffc846">එයා වන්දියක් අරගෙන අනිත් අයගේ වෛරය පිරිමහනවා,</font>

147
00:15:13,288 --> 00:15:15,123
<font color="#ffc846">ඒත් මේ වගේ දරුණු විදිහට පලි ගන්නේ නෑ.</font>

148
00:15:17,250 --> 00:15:18,877
<font color="#ffc846">එහෙනම් අර හිටියේ මොකෙක්ද?</font>

149
00:15:20,086 --> 00:15:22,839
<font color="#ffc846">මම හිතන්නේ එයාට රාග යක්ෂයෝ වැහිලා තිබුණේ.</font>

150
00:15:23,131 --> 00:15:24,132
<font color="#ffc846">රාග යක්ෂයෝ?</font>

151
00:15:26,301 --> 00:15:27,302
<font color="#ffc846">ඔව්, රාග යක්ෂයෝ.</font>

152
00:15:30,513 --> 00:15:32,390
<font color="#ffc846">-ඒ කියන්නේ...
-ඔයා හරි.</font>

153
00:15:33,600 --> 00:15:36,770
<font color="#ffc846">එයාලා ඔයාව පන්නගෙන ඇවිත් තියෙන්නේ,
අර ළමයව ඇමක් විදිහට පාවිච්චි කරලා.</font>

154
00:15:37,395 --> 00:15:38,396
<font color="#ffc846">නෑ...</font>

155
00:15:39,147 --> 00:15:40,148
<font color="#ffc846">නෑ.</font>

156
00:15:40,940 --> 00:15:43,777
<font color="#ffc846">ඇයි! ඇයි දෙයියනේ? මම මොකක්ද කරපු වරද?</font>

157
00:15:45,945 --> 00:15:47,280
<font color="#ffc846">එතකොට අන්තිමේදී,</font>

158
00:15:47,989 --> 00:15:50,408
<font color="#ffc846">ඔයා කියන්නේ සු-ර්යොන්ට මේ ඔක්කොම වුනේ
මම හින්දා කියලද?</font>

159
00:15:54,120 --> 00:15:56,247
<font color="#ffc846">සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක කෙනෙක් කියන්නේ
"නෑ එහෙම නෑ," කියලා.</font>

160
00:15:59,334 --> 00:16:00,377
<font color="#ffc846">කිසිම හැඟීමක් නෑ.</font>

161
00:16:03,588 --> 00:16:06,424
<font color="#ffc846">-ඔයා මේ කොහෙද යන්නේ?
-මම නරක වැඩක් කරන්න යන ගමන්.</font>

162
00:16:07,634 --> 00:16:08,635
<font color="#ffc846">හරිද?</font>

163
00:16:13,640 --> 00:16:16,017
<font color="#ffc846">ඩොක්ටර්, මෙයාව හොඳට බලාගන්න.</font>

164
00:16:18,395 --> 00:16:19,396
<font color="#ffc846">හලෝ.</font>

165
00:16:23,566 --> 00:16:24,567
<font color="#ffc846">සු-ර්යොන්ගේ තත්වේ කොහොමද?</font>

166
00:16:25,568 --> 00:16:29,155
<font color="#ffc846">පරීක්ෂා කරලා බැලුවා, ලොකු ප්‍රශ්නයක් නෑ.</font>

167
00:16:29,739 --> 00:16:35,036
<font color="#ffc846">ඒත් එයාට කෝමා එකෙන් ඇහැරෙන්න පුළුවන් වෙයිද කියලා
අපි දිගටම බලන්න ඕනේ.</font>

168
00:16:36,162 --> 00:16:37,914
<font color="#ffc846">අනේ මෙයාව විශේෂයෙන් බලාගන්න.</font>

169
00:16:38,498 --> 00:16:41,167
<font color="#ffc846">-ඩොක්ටර් යැන්ග්.
-හොඳමයි මිස්.</font>

170
00:16:42,127 --> 00:16:43,128
<font color="#ffc846">ස්තූතියි.</font>

171
00:16:50,385 --> 00:16:51,386
<font color="#ffc846">මිස් වොන්.</font>

172
00:16:53,388 --> 00:16:54,723
<font color="#ffc846">ඔයාට ගොඩක් පින්.</font>

173
00:16:56,558 --> 00:16:59,394
<font color="#ffc846">සු-ර්යොන්ට හොඳ වෙයි නේද?</font>

174
00:16:59,894 --> 00:17:02,522
<font color="#ffc846">එයාට මෙහෙම වෙලා කියලා අපි දැනගෙන හිටියෙවත් නෑ.</font>

175
00:17:02,605 --> 00:17:04,983
<font color="#ffc846">අපි කොහොමද ඔයාට ස්තූති කරන්නේ?</font>

176
00:17:10,363 --> 00:17:13,700
<font color="#ffc846">සු-ර්යොන්ට හොඳ වෙයි, ඒ ගැන වද වෙන්න එපා.</font>

177
00:17:14,284 --> 00:17:15,285
<font color="#ffc846">ස්තූතියි.</font>

178
00:17:25,420 --> 00:17:26,504
<font color="#ffc846">ඔයා හරි.</font>

179
00:17:26,588 --> 00:17:29,048
<font color="#ffc846">එයාලා මාව පන්නගෙන ඇවිත් තියෙන්නේ,
අර ළමයව ඇමක් විදිහට පාවිච්චි කරලා.</font>

180
00:17:33,344 --> 00:17:34,512
<font color="#ffc846">මේ මම.</font>

181
00:17:46,024 --> 00:17:47,025
<font color="#ffc846">මි-හෝ.</font>

182
00:17:48,359 --> 00:17:49,694
<font color="#ffc846">ඔයා මෙතන මොකද කරන්නේ?</font>

183
00:17:49,778 --> 00:17:50,779
<font color="#ffc846">නවත්තන්න.</font>

184
00:17:55,116 --> 00:17:57,076
<font color="#ffc846">නවත්තන්න? හා.</font>

185
00:17:58,244 --> 00:18:00,079
<font color="#ffc846">-ඔයා කවුද?
-ඇහැනේ නෑ?</font>

186
00:18:01,289 --> 00:18:02,332
<font color="#ffc846">ඔයාගේ ඇත්තම විස්තරේ මොකක්ද?</font>

187
00:18:03,416 --> 00:18:04,417
<font color="#ffc846">මි-හෝ--</font>

188
00:18:04,793 --> 00:18:06,002
<font color="#ffc846">මට කෙළින්ම කියන්න.</font>

189
00:18:06,961 --> 00:18:08,046
<font color="#ffc846">ඇත්තටම ඔයා කවුද?</font>

190
00:18:09,839 --> 00:18:13,259
<font color="#ffc846">මෙහෙ වෙන අද්භූත දේවල් ගැන
ඔයා හොයන්න පටන් ගත්තනේ,</font>

191
00:18:14,719 --> 00:18:16,221
<font color="#ffc846">මම ආවේ ඒවා ගැන විමර්ශනය කරන්න.</font>

192
00:18:17,013 --> 00:18:20,433
<font color="#ffc846">ඒ කියන්නේ ඔයා මුල ඉඳලම හැමදේම දැනගෙන හිටියා
නේද?</font>

193
00:18:20,517 --> 00:18:22,560
<font color="#ffc846">ඕනකමින්මයි මට ලං වුනේ නේද?</font>

194
00:18:23,186 --> 00:18:27,357
<font color="#ffc846">එතකොට චැන්ග් මාමත් හැමදේම දැනගෙන හිටියා,
ඒත්...</font>

195
00:18:27,440 --> 00:18:29,692
<font color="#ffc846">මම විස්තර හොයාගෙන මමමයි ආවේ.</font>

196
00:18:35,281 --> 00:18:37,325
<font color="#ffc846">ඉතින් ඔයා මොනවද හොයාගත්තේ?</font>

197
00:18:39,327 --> 00:18:40,328
<font color="#ffc846">මොනවා ගැනද?</font>

198
00:18:40,954 --> 00:18:42,455
<font color="#ffc846">ඔයා කිව්වනේ විමර්ශනය කරනවා කියලා.</font>

199
00:18:44,958 --> 00:18:48,670
<font color="#ffc846">මම හිතන්නේ මම හින්දා
නරක දේවල් සිද්ධ වෙනවා කියලා.</font>

200
00:18:48,753 --> 00:18:50,797
<font color="#ffc846">ඒ වගේම ඒවා ඉස්සරහටත් වෙයි කියලා මට හිතෙනවා.</font>

201
00:18:50,880 --> 00:18:52,048
<font color="#ffc846">ඒක ඇත්තටම එහෙමද?</font>

202
00:18:52,966 --> 00:18:56,928
<font color="#ffc846">ඔයාට මුහුණ දෙන්න වුන දේවල්,
නැත්නම් ඉස්සරහට වෙන්න තියෙන දේවල්...</font>

203
00:18:59,597 --> 00:19:01,099
<font color="#ffc846">ඒවා නරක දේවල් වෙන එකක් නෑ.</font>

204
00:19:03,351 --> 00:19:04,435
<font color="#ffc846">ඔයා කොහොමද දන්නේ?</font>

205
00:19:05,144 --> 00:19:06,646
<font color="#ffc846">මම නොදැන ඉන්නේ කොහොමද?</font>

206
00:19:06,729 --> 00:19:09,607
<font color="#ffc846">සු-ර්යොන්ව බේරගත්තේ ඔයාමනේ,
ඔයා කිව්වා ඒක ඔයාගේ තීරණයක් කියලා.</font>

207
00:19:13,653 --> 00:19:15,154
<font color="#ffc846">අඩුම ගානේ, ඔයා සමහර අයට වඩා හොඳයි.</font>

208
00:19:17,240 --> 00:19:18,950
<font color="#ffc846">අර මූසලයා.</font>

209
00:19:19,033 --> 00:19:20,660
<font color="#ffc846">මොනවත් තේරෙන්නේ නැති මෝඩ මනුස්සයෙක්.</font>

210
00:19:22,579 --> 00:19:23,746
<font color="#ffc846">මම දෙයක් අහන්නද?</font>

211
00:19:25,123 --> 00:19:28,042
<font color="#ffc846">අර මොනවත් තේරෙන්නේ නැති මෝඩයාගෙන්
ටිකක් ඈත් වෙලා හිටියොත් මොකද?</font>

212
00:19:30,336 --> 00:19:32,964
<font color="#ffc846">මට හිතාගන්නවත් බෑ බෙන්ජුල්ලේ වුනත්
රාග යක්ෂයෙක් වෙලා කියලා.</font>

213
00:19:33,298 --> 00:19:34,841
<font color="#ffc846">ඕකුන්ට ස්වභාවධර්මයෙන්ම දඬුවම් ලැබෙන්න ඕනේ.</font>

214
00:19:35,758 --> 00:19:38,803
<font color="#ffc846">කොහොමද උන් තම්රා වල ඉන්න පූජනීය ආත්මයන්ට
එහෙම කරන්නේ?</font>

215
00:19:38,887 --> 00:19:40,847
<font color="#ffc846">මේක නම් ලොකු ප්‍රශ්නයක්.</font>

216
00:19:41,598 --> 00:19:46,352
<font color="#ffc846">උන් එන්න එන්නම දරුණු වෙනවා,
ඒත් උඹට දිගටම තනියම සටන් කරන්න වෙලා.</font>

217
00:19:46,436 --> 00:19:48,688
<font color="#ffc846">මට ඇත්තටම බයයි,</font>

218
00:19:48,771 --> 00:19:52,442
<font color="#ffc846">උඹ යක්ෂයන්ගේ බලය පාවිච්චි කරලා සටන් කරනකොට
උඹත් උන්ගේ පැත්තට හැරෙයි කියලා.</font>

219
00:19:52,525 --> 00:19:53,568
<font color="#ffc846">එහෙම වෙන්නේ නෑ.</font>

220
00:19:55,904 --> 00:19:57,322
<font color="#ffc846">උඹට කොහොමද එච්චර විශ්වාස?</font>

221
00:19:58,031 --> 00:19:59,741
<font color="#ffc846">මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා.</font>

222
00:20:05,079 --> 00:20:06,581
<font color="#ffc846">හරි හරි, මේකනේ වැඩේ.</font>

223
00:20:07,790 --> 00:20:10,960
<font color="#ffc846">මට මැරෙන්න බැරි හින්දා
මගේ මතකය නැති වෙන්නෙත් නෑනේ.</font>

224
00:20:11,252 --> 00:20:12,795
<font color="#ffc846">මම ඒ මතකය නැති කරලා දාන්නද?</font>

225
00:20:12,879 --> 00:20:14,672
<font color="#ffc846">මූ නම් මහ!</font>

226
00:20:16,591 --> 00:20:17,717
<font color="#ffc846">ඒක නෙමෙයි,</font>

227
00:20:19,469 --> 00:20:22,847
<font color="#ffc846">පොඩි වෙලාවකට වුනත්
මට එයාගේ ශක්තිය දැනුනා.</font>

228
00:20:24,182 --> 00:20:25,767
<font color="#ffc846">මට ඒ දැනුන දේ හරි නේද?</font>

229
00:20:26,601 --> 00:20:28,269
<font color="#ffc846">උඹම එයාව දැක්කනේ.</font>

230
00:20:31,439 --> 00:20:32,440
<font color="#ffc846">ඔව්, උඹ හරි.</font>

231
00:20:33,483 --> 00:20:34,734
<font color="#ffc846">ආහ්, ෂා.</font>

232
00:20:34,817 --> 00:20:37,487
<font color="#ffc846">අන්තිමේදී හොඳ ආරංචියක් ආවා එහෙනම්.</font>

233
00:20:40,823 --> 00:20:43,993
<font color="#ffc846">ඒත් ඇයි උඹ ඔච්චර කලබල වෙලා වගේ ඉන්නේ?</font>

234
00:20:47,997 --> 00:20:49,499
<font color="#ffc846">බෙන්ජුල්ලේ අපවිත්‍ර වෙලා හිටියේ.</font>

235
00:20:50,500 --> 00:20:53,336
<font color="#ffc846">ඒ කියන්නේ ඒක පිටිපස්සේ කවුරුහරි ඉන්නවද?</font>

236
00:20:55,755 --> 00:20:56,756
<font color="#ffc846">මට තාම ඒ ගැන හරියටම ෂුවර් නෑ.</font>

237
00:20:58,591 --> 00:21:00,093
<font color="#ffc846">උඹත් දැනට පරිස්සම් වෙයන්.</font>

238
00:21:00,385 --> 00:21:02,345
<font color="#ffc846">කතා කර කර ඉද්දි
ඇයි මේ එකපාරටම යන්නේ?</font>

239
00:21:02,428 --> 00:21:03,930
<font color="#ffc846">මට මේක හරි අමුතුයි.</font>

240
00:21:04,931 --> 00:21:07,809
<font color="#ffc846">කියන දේ ඉවර කරලා පලයන් යකෝ!</font>

241
00:21:07,892 --> 00:21:08,893
<font color="#ffc846">මේකා නම්.</font>

242
00:21:18,653 --> 00:21:19,654
<font color="#ffc846">ආච්චි!</font>

243
00:21:19,737 --> 00:21:21,990
<font color="#ffc846">මම එයාට ආයෙත් නිකන් කෑම දුන්නා.
ඔයා මොකද ඒකට කරන්නේ?</font>

244
00:21:22,073 --> 00:21:23,908
<font color="#ffc846">නිකන් කෑගහන්නේ නැතුව ඉන්නවා.</font>

245
00:21:23,992 --> 00:21:25,702
<font color="#ffc846">-මට බඩගිනියි.
-මොකක්?</font>

246
00:21:27,370 --> 00:21:28,496
<font color="#ffc846">මම කිව්වේ මට බඩගිනියි කියලා.</font>

247
00:21:29,330 --> 00:21:30,373
<font color="#ffc846">මේක කන්න.</font>

248
00:21:30,790 --> 00:21:32,458
<font color="#ffc846">මේක කවුරුවත් කාලා නෑ.</font>

249
00:22:23,259 --> 00:22:24,260
<font color="#ffc846">ඇතුලට එන්න.</font>

250
00:22:28,306 --> 00:22:29,307
<font color="#ffc846">එයා ගැන හොයලා බලන්න.</font>

251
00:22:29,599 --> 00:22:33,227
<font color="#ffc846">එයාගේ රස්සාව, ඉගෙන ගෙන තියෙන්නේ මොනවද,
වත්කම්, දෙමාපියෝ,</font>

252
00:22:33,311 --> 00:22:36,272
<font color="#ffc846">යාළුවො, ගැහැණු ළමයි, අන්තිමට එයාගේ පළවෙනි උපන්දිනේට
ලැබුණේ මොනවද කියලත් හොයන්න.</font>

253
00:22:36,355 --> 00:22:39,150
<font color="#ffc846">මිස්, ඔයාට ඕවා--</font>

254
00:22:39,233 --> 00:22:43,279
<font color="#ffc846">අන්න හරි. මම ඔයාට හොයන්න කියන්නේ
මට හොයන්න බැරි නිසානේ.</font>

255
00:22:43,362 --> 00:22:45,156
<font color="#ffc846">-මිස්!
-මම දන්නවා</font>

256
00:22:45,907 --> 00:22:47,200
<font color="#ffc846">ඔයා කියන්න යන්නේ මොකක්ද කියලා.</font>

257
00:22:47,784 --> 00:22:51,370
<font color="#ffc846">"ඔයා මෙහෙ ආවේ ප්‍රශ්නයක් ඇති කරගෙන,
දැන් තව ප්‍රශ්නයක් හොයාගෙන යන්නේ."</font>

258
00:22:51,454 --> 00:22:52,705
<font color="#ffc846">"ඔයාට පිස්සුද?"</font>

259
00:22:52,789 --> 00:22:54,707
<font color="#ffc846">-"කරුණාකරලා සිහිය එලවගන්න."
-මම කවද්ද--</font>

260
00:22:54,791 --> 00:22:56,584
<font color="#ffc846">"ඔයා නිසා මාව මැරෙයි."</font>

261
00:22:56,667 --> 00:22:58,961
<font color="#ffc846">මම කොච්චර කාලයක් ඔයාගේ පස්සෙන් ඇවිත්
ජරාව අස් කරන්න ඕනද?</font>

262
00:22:59,045 --> 00:23:01,089
<font color="#ffc846">මට දැන් ඒවට වයස හරි.</font>

263
00:23:01,172 --> 00:23:03,591
<font color="#ffc846">-අනේ ඔහොම ඉන්න එක නවත්තන්න.
-මම මේ එන ගමන්.</font>

264
00:23:03,674 --> 00:23:05,426
<font color="#ffc846">මම කලින්ම එන ගමන් හිටියේ.</font>

265
00:23:14,018 --> 00:23:15,812
<font color="#ffc846">එයා එයාගේ ශක්තිය පෙන්නුවා.</font>

266
00:23:17,105 --> 00:23:20,108
<font color="#ffc846">එයා අවදි වෙන්න වැඩි කාලයක්
යන එකක් නෑ කියලා මට හිතෙනවා.</font>

267
00:23:20,191 --> 00:23:23,694
<font color="#ffc846">අපි නියමිත වෙලාවට ලං වෙනවා කියන එකට
ඒක සාක්ෂියක්.</font>

268
00:23:23,778 --> 00:23:25,530
<font color="#ffc846">ප්‍රශ්නේ තියෙන්නේ...</font>

269
00:23:26,072 --> 00:23:27,198
<font color="#ffc846">අර කළු ඇඳගත්ත මිනිහා.</font>

270
00:23:28,574 --> 00:23:31,828
<font color="#ffc846">එයාට තියෙන්නේ රාග යක්ෂයෙක්ගේ බලයක්,</font>

271
00:23:32,286 --> 00:23:33,663
<font color="#ffc846">ඒත් එයා එයාව ආරක්ෂා කරනවා.</font>

272
00:23:33,746 --> 00:23:35,039
<font color="#ffc846">එයාව ආරක්ෂා කරනවා?</font>

273
00:23:35,790 --> 00:23:37,083
<font color="#ffc846">ඔයා මොනවද මේ කියන්නේ?</font>

274
00:23:37,166 --> 00:23:39,627
<font color="#ffc846">අනාවැකියේ තිබුණ විදිහටම</font>

275
00:23:40,586 --> 00:23:42,296
<font color="#ffc846">එයා අනිවාර්යයෙන්ම භයානකයි.</font>

276
00:23:44,340 --> 00:23:45,341
<font color="#ffc846">ඒත්...</font>

277
00:23:49,512 --> 00:23:51,347
<font color="#ffc846">මට නිකන් හිතෙනවා</font>

278
00:23:52,306 --> 00:23:54,225
<font color="#ffc846">එයා එයාට හානියක් කරන එකක් නෑ කියලා.</font>

279
00:23:57,186 --> 00:23:58,354
<font color="#ffc846">ඒකත් ඇත්ත</font>

280
00:23:58,646 --> 00:24:01,774
<font color="#ffc846">එයා එයාව භයානක අවස්ථා වලදී
ගොඩක් පාරක් බේරගත්තා.</font>

281
00:24:01,858 --> 00:24:04,902
<font color="#ffc846">එයා කලින් එක පාරක් වොන්ජොන්ග්ට
හානියක් කරලා තියෙනවා නේද?</font>

282
00:24:06,028 --> 00:24:10,241
<font color="#ffc846">අනාවැකිය පූජනීයයි,
ඒක කවදාවත් වැරදිලා නෑ.</font>

283
00:24:10,908 --> 00:24:13,161
<font color="#ffc846">ඒක මතක තියාගන්න, පාස්ටර් යොහාන්.</font>

284
00:24:14,328 --> 00:24:18,332
<font color="#ffc846">එයාව අවදි කරන එක ඔයාගේ රාජකාරියක්,</font>

285
00:24:18,708 --> 00:24:21,169
<font color="#ffc846">එතකොට එයාට පුළුවන්
ආරක්ෂිත බාධකය පිහිටුවන්න.</font>

286
00:24:21,919 --> 00:24:25,381
<font color="#ffc846">මොන දේ කරලා හරි ඔයා එයාව
අනතුරුවලින් බේරගන්න ඕන.</font>

287
00:24:25,923 --> 00:24:29,093
<font color="#ffc846">එහෙනම් ඉතින් වෙන ක්‍රමයක් නෑ වගේ.</font>

288
00:24:31,804 --> 00:24:33,681
<font color="#ffc846">මම මැද්දට පනිනවා ඇරෙන්න.</font>

289
00:24:51,073 --> 00:24:52,825
<font color="#ffc846">මි-හෝ ඔයාව ගොඩක් විශ්වාස කරනවා.</font>

290
00:24:53,367 --> 00:24:54,368
<font color="#ffc846">ඔයා දැනන් හිටියද?</font>

291
00:24:56,621 --> 00:24:58,247
<font color="#ffc846">ඒත් මට විශ්වාස නෑ ඇයි එහෙම කරන්නෙ කියලා.</font>

292
00:25:00,249 --> 00:25:02,501
<font color="#ffc846">ඉස්සෙල්ලාම, පෙනුම බැලුවම...</font>

293
00:25:04,670 --> 00:25:05,671
<font color="#ffc846">අනික ගතිගුණ...</font>

294
00:25:08,674 --> 00:25:12,386
<font color="#ffc846">ඔයා ගැන විශ්වාස කරන්න පුළුවන් කියලා
ඔයාට හිතෙනවද?</font>

295
00:25:17,808 --> 00:25:18,976
<font color="#ffc846">මොකද හිතුනේ?</font>

296
00:25:21,354 --> 00:25:22,688
<font color="#ffc846">එයාව ආයෙත් හම්බුනාම?</font>

297
00:25:25,983 --> 00:25:27,568
<font color="#ffc846">ඒ ප්‍රශ්නේ අමාරු වැඩිද?</font>

298
00:25:28,569 --> 00:25:31,822
<font color="#ffc846">එහෙම නැත්නම් මම අහන්න තිබුණේ ඔයා මරපු කෙනෙක්ව
ආයෙත් හම්බුනාම මොකද හිතෙන්නේ කියලාද?</font>

299
00:25:35,451 --> 00:25:36,452
<font color="#ffc846">ඒක ඇත්තද?</font>

300
00:25:37,745 --> 00:25:38,829
<font color="#ffc846">එහෙනම් ඒක ඇත්ත.</font>

301
00:25:38,913 --> 00:25:42,667
<font color="#ffc846">ෂා. ඇත්තම කිව්වොත්, මට ෂුවර් එකක් තිබුණේ නෑ</font>

302
00:25:42,750 --> 00:25:45,962
<font color="#ffc846">අනාවැකිය ඇත්තද නැද්ද කියලා.</font>

303
00:25:46,462 --> 00:25:47,463
<font color="#ffc846">ඒත් ඉතින්...</font>

304
00:25:48,047 --> 00:25:52,593
<font color="#ffc846">දැන් ඕන නම් මට පුළුවන් මම මරපු මිනිස්සුන්ට දැනුණ හැඟීම
ඔයාටත් දැනෙන්න සලස්වන්න.</font>

305
00:26:02,103 --> 00:26:04,814
<font color="#ffc846">සමහරවිට පස්සේ වෙලාවක. මම දැන් ටිකක් කාර්යබහුලයි.</font>

306
00:26:04,981 --> 00:26:06,774
<font color="#ffc846">මට හොඳ රෙස්ටොරන්ට් ටිකකට යන්න තියෙනවා.</font>

307
00:26:06,857 --> 00:26:09,694
<font color="#ffc846">නිකන් වන්දනා ගමනක් යනවා වගේ කියලා හිතන්නකො.</font>

308
00:26:10,653 --> 00:26:12,697
<font color="#ffc846">ඇයි ඔයා දිගටම මම දිහා බලන් ඉන්නේ?</font>

309
00:26:12,989 --> 00:26:14,865
<font color="#ffc846">මම දන්නවා මගේ පොඩි ආකර්ෂණයක් තියෙනවා කියලා.</font>

310
00:26:15,283 --> 00:26:17,118
<font color="#ffc846">එහෙනම් මම ගිහින් එන්නම්.
ඊළඟ පාර,</font>

311
00:26:17,576 --> 00:26:18,744
<font color="#ffc846">කරුණාකරලා මට උත්තරයක් දෙන්න.</font>

312
00:26:27,712 --> 00:26:29,588
<font color="#ffc846">යුන් ග්‍යොන්ග්-ජුන්, වයස 22 යි.</font>

313
00:26:29,672 --> 00:26:32,300
<font color="#ffc846">එයා දැනට තම්රා උසස් පාසලෙන්
නිවාඩු අරගෙන ඉන්නේ.</font>

314
00:26:32,758 --> 00:26:37,555
<font color="#ffc846">ඒත් නෝනා, මම ඇහුවට කමක් නැද්ද
ඇයි මේක කරන්නේ කියලා?</font>

315
00:26:37,638 --> 00:26:40,558
<font color="#ffc846">ඒක එච්චර වැදගත් දෙයක් නෙවෙයි.</font>

316
00:26:42,518 --> 00:26:43,978
<font color="#ffc846">මට නිකන් තරහ ගිහින් ඉන්නේ.</font>

317
00:26:45,229 --> 00:26:48,107
<font color="#ffc846">මට ලැබුණ වගේ දෙගුණයක් මම ආපහු දුන්නොත්
විතරයි මට සැනසීමක් ලැබෙන්නේ.</font>

318
00:26:49,025 --> 00:26:50,318
<font color="#ffc846">අනික මට එහෙම කරන්නත් පුළුවන්.</font>

319
00:26:54,905 --> 00:26:57,199
<font color="#ffc846">ඒ වගේම මට ඕන පුරසාරම් දොඩන්න
මම නරක මිනිහෙක්ට දඬුවම් කළා කියලා.</font>

320
00:26:57,616 --> 00:27:02,163
<font color="#ffc846">එතකොට කවුරුහරි මම කොච්චර හොඳද කියලා
ලස්සන ලිපියක් පල කරයිනේ.</font>

321
00:27:02,788 --> 00:27:05,541
<font color="#ffc846">-කවුද එහෙම කරන්නේ?
-අපේ දක්ෂ බට්ලර් චැන්ග් තමයි ඉතින්.</font>

322
00:27:07,084 --> 00:27:11,172
<font color="#ffc846">සු-ර්යොන්ගේ සිද්ධියට සමාන
තව සිද්ධි ගොඩක් තිබුණා.</font>

323
00:27:11,505 --> 00:27:16,010
<font color="#ffc846">ගොඩක් සිද්ධිවලදී පෙම්වතියන්ට පහර දීම
හෝ ලුහුබැඳීම් ගැන සැක කරලා තියෙනවා.</font>

324
00:27:16,302 --> 00:27:20,014
<font color="#ffc846">ඒත් එයාට කවදාවත් නීතියෙන් දඬුවම් ලැබිලා නෑ,
එක පාරක්වත්.</font>

325
00:27:22,058 --> 00:27:24,352
<font color="#ffc846">එක පාරක්වත් දඬුවම් ලැබිලා නෑ?</font>

326
00:27:33,486 --> 00:27:36,530
<font color="#ffc846">යුන් ග්‍යොන්ග්-ජුන්ගේ තාත්තා ජේජු දූපත් සමාජයේ</font>

327
00:27:36,614 --> 00:27:39,533
<font color="#ffc846">බලගතු අධ්‍යක්ෂකවරයෙක් වීමත්
මේකට බලපෑවා.</font>

328
00:27:39,617 --> 00:27:42,203
<font color="#ffc846">අනික, හැම සිද්ධියකදීම ඇඟිල්ල දිගු වුනේ
එයා දිහාට වුනාට,</font>

329
00:27:42,703 --> 00:27:48,084
<font color="#ffc846">සාක්ෂි නැති නිසා
ඒවා පිළිගත්තේ නෑ.</font>

330
00:27:48,959 --> 00:27:51,670
<font color="#ffc846">සු-ර්යොන්ට වුනෙත් ඒකමයි.</font>

331
00:27:53,756 --> 00:27:55,549
<font color="#ffc846">මම ඔයාට සු-ර්යොන්ගේ ෆෝන් එක දුන්නා නේද?</font>

332
00:27:55,633 --> 00:27:57,176
<font color="#ffc846">ඔයා ඒක පරීක්ෂා කළාද?</font>

333
00:27:57,259 --> 00:28:00,971
<font color="#ffc846">-මට හිතෙන්නේ ඒක ටිකක් අමාරු වෙයි කියලා.
-ඒ ඇයි?</font>

334
00:28:01,055 --> 00:28:04,392
<font color="#ffc846">මේකේ "සයිලන්ට් චැට්" කියලා
ඇප් එකක් තියෙනවා.</font>

335
00:28:04,475 --> 00:28:07,353
<font color="#ffc846">ඒත් සාමාන්‍යයෙන්, ඒකට අවසරය ඕන--</font>

336
00:28:07,436 --> 00:28:09,480
<font color="#ffc846">එතකොට කිසිම සටහනක් ඉතිරි වෙලා නැද්ද?</font>

337
00:28:13,442 --> 00:28:14,985
<font color="#ffc846">ඇප් එක හදපු කෙනාගෙන් ඇහුවොත් මොකද?</font>

338
00:28:15,069 --> 00:28:17,196
<font color="#ffc846">එයාලා ගාව බැකප් එකක් තියෙන්න එපැයි?</font>

339
00:28:17,279 --> 00:28:21,617
<font color="#ffc846">මේ ඇප් එක මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව
ඒකේ තියෙන ඉහළ ආරක්ෂාව.</font>

340
00:28:21,867 --> 00:28:26,288
<font color="#ffc846">ඒත් මිනිස්සු මේ ආරක්ෂක පද්ධතිය
වැරදි වැඩ වලට යොදාගන්න නිසා සිද්ධි ගොඩක් වුනා.</font>

341
00:28:26,372 --> 00:28:30,876
<font color="#ffc846">ඒත් මේ සමාගම,
සංවර්ධක ප්‍රතිපත්ති වලට මුවා වෙලා,</font>

342
00:28:30,960 --> 00:28:33,629
<font color="#ffc846">පරීක්ෂණ වලට සහය දෙන්න කියලා කරපු ඉල්ලීම්
කවදාවත් පිළි අරගෙන නෑ.</font>

343
00:28:35,089 --> 00:28:38,008
<font color="#ffc846">අපි හැකර් කෙනෙක්ව දාලා
බලෙන් විස්තර ගත්තොත්?</font>

344
00:28:38,092 --> 00:28:40,845
<font color="#ffc846">හැකර් කෙනෙක්ව දැම්මොත් අනිවාර්යයෙන්ම
සාක්ෂි හොයාගන්න පුළුවන් වෙයි.</font>

345
00:28:40,928 --> 00:28:44,432
<font color="#ffc846">ඒත් නීති විරෝධීව ගත්තොත්
ඒවා සාක්ෂි විදිහට පිළිගන්න එකක් නෑ.</font>

346
00:28:44,515 --> 00:28:48,102
<font color="#ffc846">අපිට වෙන්නේ වටිනා සාක්ෂියක්
කිසිම වැඩකට නැති දෙයක් කරගන්න.</font>

347
00:28:48,185 --> 00:28:51,439
<font color="#ffc846">-එහෙනම් වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
-මම කිව්වේ නෑ එහෙම ක්‍රමයක් නෑ කියලා.</font>

348
00:28:52,189 --> 00:28:54,900
<font color="#ffc846">මේ තියෙන්නේ "සයිලන්ට් චැට්" හදපු
සමාගමේ විස්තර.</font>

349
00:28:55,151 --> 00:28:57,903
<font color="#ffc846">මේක තාම කොටස් වෙළෙඳපොළට දාලා නැති
ස්ටාට් අප් සමාගමක්.</font>

350
00:28:58,404 --> 00:29:01,449
<font color="#ffc846">මේගොල්ලන්ට අරමුදල් ප්‍රශ්න තියෙනවා කියලා
හොයාගෙන තියෙනවා.</font>

351
00:29:02,491 --> 00:29:04,577
<font color="#ffc846">මට පාවිච්චි කරන්න අමතර අරමුදල් තියෙනවද--</font>

352
00:29:04,660 --> 00:29:05,661
<font color="#ffc846">ඔයාට නෑනේ.</font>

353
00:29:09,248 --> 00:29:10,875
<font color="#ffc846">අපිට පාවිච්චි කරන්න සල්ලි නැත්නම්,</font>

354
00:29:12,376 --> 00:29:14,170
<font color="#ffc846">අපි සල්ලි තියෙන කෙනෙක්ව පාවිච්චි කරමු.</font>

355
00:29:21,343 --> 00:29:25,014
<font color="#ffc846">දේහන් හෝටලයේ අධ්‍යක්ෂිකා වොන් බො-රාම්,
"සයිලන්ට් චැට්" නිපදවූ සමාගම මිලදී ගනී</font>

356
00:29:25,181 --> 00:29:26,307
<font color="#ffc846">ඉතින් කොන්දේසි මොනවද?</font>

357
00:29:27,057 --> 00:29:31,604
<font color="#ffc846">මම පොරොන්දු වුනා මම දේහන් හෝටලයටයි
සංස්කෘතික පදනමටයි මැදිහත් වෙන්නේ නෑ කියලා.</font>

358
00:29:32,104 --> 00:29:34,148
<font color="#ffc846">මහත්තයෝ, මම මේ වගේ දෙයක් කරන්න
පිස්සු හැදිලා තියෙන්න ඕන නේද?</font>

359
00:29:34,940 --> 00:29:37,443
<font color="#ffc846">කොහොම බැලුවත් ඒක පිස්සු වැඩක් තමයි.</font>

360
00:29:40,905 --> 00:29:41,906
<font color="#ffc846">අවුරුදු තුනයිද?</font>

361
00:29:44,325 --> 00:29:46,994
<font color="#ffc846">ප්‍රොසිකියුටර් තුමා, ඔබතුමා සාක්ෂි දැක්කේ නැද්ද?</font>

362
00:29:47,077 --> 00:29:50,915
<font color="#ffc846">එයා තර්ජනය කළා, ෆොටෝ ගැහුවා, වීඩියෝ කළා.
ඒ ඔක්කොටම අවුරුදු තුනයිද?</font>

363
00:29:51,290 --> 00:29:53,876
<font color="#ffc846">වැදගත්ම දේ තමයි</font>

364
00:29:53,959 --> 00:29:57,838
<font color="#ffc846">ඒවා රූගත කළේ පෞද්ගලිකවද නැත්නම් කැමැත්ත ඇතිවද
කියන එක.</font>

365
00:29:57,922 --> 00:30:03,260
<font color="#ffc846">ඒත් වින්දිතයාගේ ප්‍රකාශ සහ
ලැබිලා තියෙන සාක්ෂි මත විතරක් පදනම් වෙලා,</font>

366
00:30:03,344 --> 00:30:05,554
<font color="#ffc846">මේ නඩුව ඔප්පු කරන්න අමාරුයි.</font>

367
00:30:05,638 --> 00:30:07,640
<font color="#ffc846">වින්දිතයා ජීවිත කාලෙම විඳවනවා,</font>

368
00:30:07,723 --> 00:30:10,392
<font color="#ffc846">ඒත් මරණ දඬුවම දෙන්න වටින එකෙක්ට
අවුරුදු තුනයිද?</font>

369
00:30:10,476 --> 00:30:12,811
<font color="#ffc846">නීතියේ හැටි ඔහොම තමයි.</font>

370
00:30:12,895 --> 00:30:14,855
<font color="#ffc846">මම ඉල්ලන්නේ
එයාට ලැබිය යුතු දඬුවම විතරයි.</font>

371
00:30:14,939 --> 00:30:17,608
<font color="#ffc846">මොන නීතියක්ද?
මොන විකාර නීතියක්ද මේක?</font>

372
00:30:17,691 --> 00:30:18,692
<font color="#ffc846">මම...</font>

373
00:30:22,821 --> 00:30:23,822
<font color="#ffc846">හලෝ, සර්?</font>

374
00:30:24,573 --> 00:30:26,075
<font color="#ffc846">මම පස්සේ ගන්නම්.</font>

375
00:30:27,159 --> 00:30:28,160
<font color="#ffc846">මොකක්ද?</font>

376
00:30:37,253 --> 00:30:39,421
<font color="#ffc846">කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ?</font>

377
00:30:39,505 --> 00:30:45,219
<font color="#ffc846">නෝනා, අපරාධකාරයා අද වින්දිතයාව හම්බෙන්න යනවා
කැමැත්ත ගන්න කියලා.</font>

378
00:30:46,303 --> 00:30:47,304
<font color="#ffc846">මොකක්ද ඔයා කිව්වේ?</font>

379
00:30:57,064 --> 00:31:00,401
<font color="#ffc846">හැමදේම හරියයි, බය වෙන්න එපා.
තාත්තට කියන්න.</font>

380
00:31:00,484 --> 00:31:01,485
<font color="#ffc846">යුන් ග්‍යොන්ග්-ජුන්.</font>

381
00:31:02,444 --> 00:31:05,823
<font color="#ffc846">ඔයා! මොකද මෙතන කරන්නේ?</font>

382
00:31:05,906 --> 00:31:08,117
<font color="#ffc846">පොඩ්ඩක් ඉන්න. ඔයා මේ මොකද කරන්නේ?</font>

383
00:31:08,200 --> 00:31:12,496
<font color="#ffc846">මිස්ටර් යුන් ග්‍යොන්ග්-ජුන් මෙතනට ආවේ එයාගේ වැරදි පිළිගන්න
සහ වින්දිතයාගෙන් සමාව ගන්න.</font>

384
00:31:13,372 --> 00:31:14,456
<font color="#ffc846">වැරදි?</font>

385
00:31:15,708 --> 00:31:16,709
<font color="#ffc846">මේක මහ විකාරයක්.</font>

386
00:31:17,543 --> 00:31:20,296
<font color="#ffc846">මම කරන්න පුළුවන් හැම දේම කරනවා
තමුසෙට දඬුවම් කරන්න.</font>

387
00:31:20,379 --> 00:31:21,380
<font color="#ffc846">මේ, මෙහේ බලනවා!</font>

388
00:31:21,463 --> 00:31:22,506
<font color="#ffc846">ඉන්න. පොඩ්ඩක් ඉන්න.</font>

389
00:31:22,590 --> 00:31:24,383
<font color="#ffc846">-එපා, එපා--
-කමක් නෑ.</font>

390
00:31:27,678 --> 00:31:28,804
<font color="#ffc846">වොන් මි-හෝ නෝනා?</font>

391
00:31:30,806 --> 00:31:31,807
<font color="#ffc846">ආයුබෝවන්.</font>

392
00:31:32,433 --> 00:31:35,894
<font color="#ffc846">එතකොට ඔයා තමයි
අපේ සු-ර්යොන්ට උදව් කරන කෙනා.</font>

393
00:31:38,105 --> 00:31:39,106
<font color="#ffc846">මට ඇත්තටම කණගාටුයි.</font>

394
00:31:40,482 --> 00:31:42,151
<font color="#ffc846">අපි අතර සම්බන්ධයක් තිබුණත්,</font>

395
00:31:43,235 --> 00:31:44,987
<font color="#ffc846">මම ඒ වගේ දේවල් කරන්න තිබුණේ නෑ.</font>

396
00:31:45,446 --> 00:31:48,991
<font color="#ffc846">මම ඒ වගේ දේවල් රෙකෝඩ් කරන්න තිබුණේ නෑ</font>

397
00:31:49,199 --> 00:31:51,160
<font color="#ffc846">අපේ සු-ර්යොන් ඒකට කැමති වුනා වුනත්.</font>

398
00:31:52,911 --> 00:31:53,912
<font color="#ffc846">මට සමා වෙන්න.</font>

399
00:31:54,955 --> 00:31:55,956
<font color="#ffc846">මට ගොඩක් කණගාටුයි.</font>

400
00:31:56,332 --> 00:31:57,499
<font color="#ffc846">මට ඇත්තටම කණගාටුයි.</font>

401
00:32:07,217 --> 00:32:09,887
<font color="#ffc846">ඒත් මම මොකක්ද කරපු ලොකු වැරැද්ද?</font>

402
00:32:10,679 --> 00:32:11,680
<font color="#ffc846">තමුසෙ නම්...</font>

403
00:32:13,807 --> 00:32:14,808
<font color="#ffc846">ඒයි.</font>

404
00:32:16,435 --> 00:32:18,020
<font color="#ffc846">තමුසෙ හිතන් ඉන්නේ තමුසෙ කවුරු කියලද?</font>

405
00:32:18,687 --> 00:32:20,606
<font color="#ffc846">මේ වගේ තැන් තැන් වල යන්නේ, ආ?</font>

406
00:32:21,482 --> 00:32:22,566
<font color="#ffc846">ෂික් විතරක්.</font>

407
00:32:24,318 --> 00:32:27,863
<font color="#ffc846">එයා හරි කීකරුයිනේ,
මම බැලුවේ ඇයි එකපාරටම එයා වෙනස් වුනේ කියලා.</font>

408
00:32:29,198 --> 00:32:30,199
<font color="#ffc846">දැන් තේරුණා.</font>

409
00:32:31,784 --> 00:32:34,244
<font color="#ffc846">ඔයාට ආඩම්බරයක් දැනෙනවද
ඔයා සහ මම වගේ උසස් මිනිස්සු,</font>

410
00:32:34,328 --> 00:32:36,830
<font color="#ffc846">හොඳින් ඉන්න ඕන, ත්‍යාගශීලී වෙන්න ඕන
කියලා හිතද්දී?</font>

411
00:32:38,874 --> 00:32:40,459
<font color="#ffc846">කොහොම වුනත්,</font>

412
00:32:40,542 --> 00:32:45,047
<font color="#ffc846">සු-ර්යොන්ගේ මට්ටම ගොඩක් පහලයි නේද
එකම කාමරේක ඉන්නවත්?</font>

413
00:32:45,589 --> 00:32:47,132
<font color="#ffc846">ඕනවට වඩා දඟලන්න එපා.</font>

414
00:32:48,676 --> 00:32:49,677
<font color="#ffc846">වොන් මි-හෝ නෝනා.</font>

415
00:32:52,971 --> 00:32:53,972
<font color="#ffc846">ග්‍යොන්ග්-ජුන්.</font>

416
00:32:55,557 --> 00:32:57,601
<font color="#ffc846">ඒක පරිස්සම් කරගන්න.
ඒක ලිමිටඩ් එඩිෂන් එකක්.</font>

417
00:33:07,152 --> 00:33:08,237
<font color="#ffc846">ඇතුලට එන්න.</font>

418
00:33:21,750 --> 00:33:22,751
<font color="#ffc846">මොකද?</font>

419
00:33:24,503 --> 00:33:26,088
<font color="#ffc846">කියන්න දෙයක් තියෙනවා නම් කියන්න.</font>

420
00:33:27,089 --> 00:33:28,090
<font color="#ffc846">මම...</font>

421
00:33:28,882 --> 00:33:30,175
<font color="#ffc846">සු-ර්යොන්...</font>

422
00:33:31,343 --> 00:33:32,845
<font color="#ffc846">එයාට ඉක්මනටම හොඳ වෙයි.</font>

423
00:33:33,595 --> 00:33:36,306
<font color="#ffc846">දක්ෂ වෛද්‍ය කණ්ඩායමක් එයා ගැන බලනවා,</font>

424
00:33:36,765 --> 00:33:38,767
<font color="#ffc846">ඒ නිසා එයා ඉක්මනට සනීප වෙයි.</font>

425
00:33:41,186 --> 00:33:42,438
<font color="#ffc846">ඔයාට එයාව බලන්න යන්න ඕනද?</font>

426
00:33:43,313 --> 00:33:44,398
<font color="#ffc846">නෑ, කමක් නෑ.</font>

427
00:33:45,232 --> 00:33:46,692
<font color="#ffc846">අර කාලකන්නියට මොකද වුනේ?</font>

428
00:33:50,112 --> 00:33:53,699
<font color="#ffc846">ඒක අසාධාරණයි,
ඒත් අපිට කරන්න දෙයක් නෑ.</font>

429
00:33:53,782 --> 00:33:55,117
<font color="#ffc846">පේන විදිහට නීතියේ හැටි ඔහොමලු.</font>

430
00:33:56,410 --> 00:33:57,411
<font color="#ffc846">ඒත්...</font>

431
00:34:00,080 --> 00:34:01,498
<font color="#ffc846">එයාට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙයි.</font>

432
00:34:02,958 --> 00:34:06,754
<font color="#ffc846">එයා වගේ කෙනෙක්ට දඬුවම් ලැබෙන්නේ නැත්නම්,
උඩ ඉන්න අය එයාලගේ රාජකාරිය හරියට කරන්නේ නෑ.</font>

433
00:34:07,921 --> 00:34:10,090
<font color="#ffc846">දෙවියෝ වුනත්, බුදුහාමුදුරුවෝ වුනත්,</font>

434
00:34:10,924 --> 00:34:11,925
<font color="#ffc846">අල්ලාහ් දෙවියෝ වුනත්,</font>

435
00:34:12,176 --> 00:34:14,762
<font color="#ffc846">අඩුම තරමේ එක්කෙනෙක් හරි
එයාලගේ රාජකාරිය කරනවා ඇතිනේ, නේද?</font>

436
00:34:18,265 --> 00:34:19,349
<font color="#ffc846">ස්තුතියි.</font>

437
00:34:37,743 --> 00:34:38,744
<font color="#ffc846">බෙන්ජුල්ලේ.</font>

438
00:34:43,540 --> 00:34:44,792
<font color="#ffc846">මේක අර ළමයගේ.</font>

439
00:34:47,503 --> 00:34:49,671
<font color="#ffc846">මම හිතනවා ගෙවන්න ඕන ගාණට මේක ඇති කියලා.</font>

440
00:35:13,278 --> 00:35:16,114
<font color="#ffc846">තාත්තේ, මට ගැහුවා, හරිද?</font>

441
00:35:17,157 --> 00:35:18,867
<font color="#ffc846">මම ඒ ගෑණිට විරුද්ධව නඩු දානවා.</font>

442
00:35:19,368 --> 00:35:21,286
<font color="#ffc846">මට පාඩුවක් විඳගෙන ඉන්න බෑ.</font>

443
00:35:22,996 --> 00:35:23,997
<font color="#ffc846">කමක් නෑ.</font>

444
00:35:25,415 --> 00:35:26,917
<font color="#ffc846">මම ඒකට හොඳ පාඩමක් උගන්නන්නම්.</font>

445
00:35:31,880 --> 00:35:33,048
<font color="#ffc846">ෂික්!</font>

446
00:35:48,438 --> 00:35:49,439
<font color="#ffc846">ලී සු-ර්යොන්...</font>

447
00:35:51,316 --> 00:35:54,194
<font color="#ffc846">හරි, බලමුකෝ තමුසෙට පාරේ
ඔළුව උස්සගෙන යන්න පුළුවන්ද කියලා.</font>

448
00:35:54,278 --> 00:35:55,946
<font color="#ffc846">මම මේ ඔක්කොම අප්ලෝඩ් කරනවා.</font>

449
00:35:56,738 --> 00:35:57,739
<font color="#ffc846">බලාගෙන ඉන්නවා.</font>

450
00:36:43,493 --> 00:36:44,494
<font color="#ffc846">සු-ර්යොන්!</font>

451
00:36:47,539 --> 00:36:48,582
<font color="#ffc846">අම්මේ...</font>

452
00:36:48,665 --> 00:36:49,666
<font color="#ffc846">ඔයාට සිහිය ආවද?</font>

453
00:36:52,502 --> 00:36:54,338
<font color="#ffc846">ෂා, මගේ දුව.</font>

454
00:36:56,506 --> 00:36:57,799
<font color="#ffc846">ඔයා හොඳට කළා, මගේ දුව.</font>

455
00:37:01,678 --> 00:37:04,139
<font color="#ffc846">ඔයා දන්නවද මම කොච්චර බය වුනාද කියලා?</font>

456
00:37:13,523 --> 00:37:14,524
<font color="#ffc846">මේ ඔයාමනේ!</font>

457
00:37:15,525 --> 00:37:16,526
<font color="#ffc846">ඇයි?</font>

458
00:37:17,194 --> 00:37:18,278
<font color="#ffc846">ඔයා ආපු එක ගැන මට හරි සතුටුයි.</font>

459
00:37:18,987 --> 00:37:20,072
<font color="#ffc846">ඇත්තටම මට ගොඩක් සතුටුයි.</font>

460
00:37:20,781 --> 00:37:22,449
<font color="#ffc846">ඇයි එහෙම කියන්නේ?</font>

461
00:37:22,908 --> 00:37:27,287
<font color="#ffc846">ඇත්තනේ. ඔයා මාව අඳුරන්නේ නැති එක
පුදුමයක් නෙවෙයි.</font>

462
00:37:27,704 --> 00:37:31,166
<font color="#ffc846">ආ, ගුම් බෙක්-ජු ආච්චි.
ඔයත් ඇවිල්ලා.</font>

463
00:37:32,501 --> 00:37:33,502
<font color="#ffc846">සු-ජින්.</font>

464
00:37:33,585 --> 00:37:36,546
<font color="#ffc846">-ඔයා මේ ආච්චිව දන්නවද?
-අපොයි ඔව්! අඳුරගන්නකෝ.</font>

465
00:37:36,922 --> 00:37:40,175
<font color="#ffc846">අපේ ඉස්කෝලේ තියෙන පළාතේ ඉන්න
වයසම කෙනා මෙයා තමයි.</font>

466
00:37:40,258 --> 00:37:43,762
<font color="#ffc846">මෙයා තමයි කිමිදුම් කණ්ඩායමේ නායිකාව,
කඳුකරේ ලොකු හෝටලයකුත් කරනවා.</font>

467
00:37:44,638 --> 00:37:47,099
<font color="#ffc846">මුහුදු රස්සාවෙන් හම්බ කරපු ලොකු සල්ලි කන්දරාවක්
මෙයා පරිත්‍යාග කළා,</font>

468
00:37:47,182 --> 00:37:49,851
<font color="#ffc846">ඉතින් අපිට පුළුවන් වුණා ළමයින් වෙනුවෙන් ඒක පාවිච්චි කරන්න.</font>

469
00:37:50,102 --> 00:37:54,356
<font color="#ffc846">ඒ වගේම මෙයා ගුරුවරුන්ට මේ වගේ කෑම බීමත්
නිතරම ගෙනත් දෙනවා.</font>

470
00:37:54,439 --> 00:37:57,109
<font color="#ffc846">මම යොම්-ජිගෙ ආච්චි අම්මා.</font>

471
00:37:57,192 --> 00:37:58,944
<font color="#ffc846">යොම්-ජි? බූ යොම්-ජිගෙද?</font>

472
00:37:59,027 --> 00:38:02,656
<font color="#ffc846">ඔයාට වෙලාවක් තියෙන වෙලාවක,
අපේ කඩේ පැත්තේ එන්න.</font>

473
00:38:03,073 --> 00:38:06,785
<font color="#ffc846">අනිවාර්යයෙන්ම එන්න! මට ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා.</font>

474
00:38:07,661 --> 00:38:10,288
<font color="#ffc846">-පරිස්සමෙන් යන්න ආච්චි.
-හරි.</font>

475
00:38:10,706 --> 00:38:11,915
<font color="#ffc846">පරිස්සමෙන් යන්න.</font>

476
00:38:32,894 --> 00:38:35,022
<font color="#ffc846">උඹට හරිම හදිස්සියි නේද?</font>

477
00:38:35,397 --> 00:38:38,483
<font color="#ffc846">ඒ පුරුද්ද අතෑරගන්න බැරි නිසාද
මෙහෙට දුවගෙන ආවේ?</font>

478
00:38:40,944 --> 00:38:42,988
<font color="#ffc846">මම ආවේ එයාව බලන්න ඕන නිසා,
මෝඩයෝ.</font>

479
00:38:44,156 --> 00:38:46,658
<font color="#ffc846">ඒ මගේ අතේ හැදුණු ළමයෙක්.</font>

480
00:38:48,285 --> 00:38:50,871
<font color="#ffc846">මට එයාව මතක් වුණා, ඉතින් දකින්න ඕන වුණා.</font>

481
00:38:52,539 --> 00:38:55,042
<font color="#ffc846">එයාගේ කිසිම වෙනසක් නෑ.</font>

482
00:38:56,543 --> 00:38:58,545
<font color="#ffc846">ඒක දැක්කම මට පරණ කාලේ මතක් වුණා,</font>

483
00:38:58,628 --> 00:39:00,005
<font color="#ffc846">ඉතින් මට හිතුණා...</font>

484
00:39:01,548 --> 00:39:02,549
<font color="#ffc846">කොහොම වුණත්,</font>

485
00:39:03,508 --> 00:39:05,594
<font color="#ffc846">උඹත් එයා ළඟින් ඉන්නේ
ඒක නිසා නේද?</font>

486
00:39:07,137 --> 00:39:08,472
<font color="#ffc846">මොකක්ද ඒක නිසා කියන්නේ?</font>

487
00:39:09,347 --> 00:39:12,184
<font color="#ffc846">වොන්ජොං ඇහැරෙනකම් විතරයි.
මේ වොන්ජොං නෙවෙයිනේ.</font>

488
00:39:13,310 --> 00:39:14,394
<font color="#ffc846">ඒක හරි.</font>

489
00:39:14,478 --> 00:39:18,982
<font color="#ffc846">සමහරවිට උඹ එයා ළඟ හිටියොත්
එයාට පරණ දේවල් ඉක්මනට මතක් වෙයි.</font>

490
00:39:19,816 --> 00:39:21,276
<font color="#ffc846">එයාව හොඳට බලාගන්න.</font>

491
00:39:23,070 --> 00:39:24,446
<font color="#ffc846">ඇයි හැමතිස්සෙම බලාගන්න කිය--</font>

492
00:39:26,823 --> 00:39:27,949
<font color="#ffc846">උඹ හොඳට කළා.</font>

493
00:39:28,033 --> 00:39:30,577
<font color="#ffc846">මේ තරම් කාලයක් හොඳට කරලා
දැන් මොකද මේ?</font>

494
00:39:36,208 --> 00:39:37,209
<font color="#ffc846">ආච්චි.</font>

495
00:39:41,213 --> 00:39:42,255
<font color="#ffc846">එයාලා දෙන්නා දන්නවද?</font>

496
00:39:46,968 --> 00:39:49,054
<font color="#ffc846">ඒක නම් මහා අමුතු එකතුවක්.</font>

497
00:39:56,895 --> 00:39:58,313
<font color="#ffc846">මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා.</font>

498
00:39:59,856 --> 00:40:01,108
<font color="#ffc846">වෙන තැනක කතා කරනවා නම් හොඳයි.</font>

499
00:40:03,819 --> 00:40:04,861
<font color="#ffc846">මගේ පස්සෙන් එන්න.</font>

500
00:40:08,657 --> 00:40:10,784
<font color="#ffc846">අද ඔයාගේ පළවෙනි දවසනේ,
ඉතින් අපි හොඳ දෙයක් කන්න ඕන.</font>

501
00:40:12,119 --> 00:40:13,745
<font color="#ffc846">මොකද කරන්නෙ? කන්නෙ නැද්ද?</font>

502
00:40:14,955 --> 00:40:15,956
<font color="#ffc846">මට චිකන් කන්න ආසාවක් නෑ.</font>

503
00:40:17,499 --> 00:40:18,500
<font color="#ffc846">එහෙමද?</font>

504
00:40:19,000 --> 00:40:20,001
<font color="#ffc846">එහෙනම් මම කන්නම්.</font>

505
00:40:26,675 --> 00:40:27,676
<font color="#ffc846">කා බලනවා.</font>

506
00:40:30,178 --> 00:40:31,179
<font color="#ffc846">අර ඉස්සෙල්ලා හිටපු ආච්චි,</font>

507
00:40:32,389 --> 00:40:33,390
<font color="#ffc846">තමුසෙ එයාව දන්නවද?</font>

508
00:40:35,225 --> 00:40:36,226
<font color="#ffc846">කවුද?</font>

509
00:40:36,852 --> 00:40:38,812
<font color="#ffc846">ඇයි අර ඉස්කෝලෙට ආපු වයසක එක්කෙනා?</font>

510
00:40:39,396 --> 00:40:40,397
<font color="#ffc846">යොම්-ජිගෙ ආච්චි අම්මා.</font>

511
00:40:41,898 --> 00:40:42,899
<font color="#ffc846">එයාව මතකද?</font>

512
00:40:43,525 --> 00:40:44,526
<font color="#ffc846">මොනවද මේ කියවන්නේ?</font>

513
00:40:46,319 --> 00:40:47,571
<font color="#ffc846">ඕක අමතක කරලා කනවා.</font>

514
00:40:47,654 --> 00:40:48,655
<font color="#ffc846">නිකන් කාලා බලනවාකෝ.</font>

515
00:40:49,531 --> 00:40:51,575
<font color="#ffc846">මෙන්න. කන්නකෝ. ඉක්මනට.</font>

516
00:40:52,742 --> 00:40:53,743
<font color="#ffc846">චීස් එක්කම.</font>

517
00:41:15,348 --> 00:41:16,349
<font color="#ffc846">ඇත්තටම?</font>

518
00:41:21,438 --> 00:41:22,606
<font color="#ffc846">හරි. මට තේරුණා.</font>

519
00:41:25,233 --> 00:41:26,234
<font color="#ffc846">වෑන්.</font>

520
00:41:27,652 --> 00:41:28,653
<font color="#ffc846">වෑන්!</font>

521
00:41:33,200 --> 00:41:34,201
<font color="#ffc846">මි-හෝ!</font>

522
00:41:34,492 --> 00:41:36,203
<font color="#ffc846">-ශික්!
-ඇයි මේ හදිස්සියෙන්?</font>

523
00:41:36,286 --> 00:41:37,454
<font color="#ffc846">-ඔයා ගෙදරද.
-ඔව්.</font>

524
00:41:37,537 --> 00:41:38,580
<font color="#ffc846">-මට පොඩි--
-පොඩ්ඩක් ඉන්න!</font>

525
00:41:38,997 --> 00:41:40,207
<font color="#ffc846">ඔයා දන්නවද මම කොහෙද ගියේ කියලා?</font>

526
00:41:40,290 --> 00:41:42,542
<font color="#ffc846">මම ගියා රසම රස ඉස්සො රෝල් වගයක් ගන්න--</font>

527
00:41:42,626 --> 00:41:44,419
<font color="#ffc846">ඔයා ඉස්සෙල්ලා ඕක කන්නකෝ.</font>

528
00:41:44,502 --> 00:41:45,879
<font color="#ffc846">-මි-හෝ.
-රසවිඳලා කන්නකෝ!</font>

529
00:41:48,381 --> 00:41:49,382
<font color="#ffc846">වෑන්.</font>

530
00:41:56,473 --> 00:41:58,016
<font color="#ffc846">යූන් ග්යොං-ජුන් මැරිලා ලු.</font>

531
00:42:03,521 --> 00:42:04,898
<font color="#ffc846">ඒක කළේ තමුසෙ නෙවෙයි නේද?</font>

532
00:42:06,483 --> 00:42:07,651
<font color="#ffc846">මම මනුස්සයන්ව මරන්නේ නෑ.</font>

533
00:42:08,902 --> 00:42:09,903
<font color="#ffc846">එහෙමද?</font>

534
00:42:12,405 --> 00:42:13,865
<font color="#ffc846">එහෙනම් ලොකු දෙයක්.</font>

535
00:42:16,660 --> 00:42:18,161
<font color="#ffc846">මට අමුත්තක් දැනෙනවා.</font>

536
00:42:18,578 --> 00:42:20,538
<font color="#ffc846">මේක හොඳ දෙයක් වගේ හිතුණට,</font>

537
00:42:21,831 --> 00:42:23,667
<font color="#ffc846">ඒ එක්කම,
මේක හරි නෑ වගේත් හිතෙනවා.</font>

538
00:42:24,042 --> 00:42:25,835
<font color="#ffc846">මේක මෙහෙම ඉවර වෙන්න හොඳ නෑ.</font>

539
00:42:26,628 --> 00:42:27,837
<font color="#ffc846">මාත් හිතන්නේ එහෙමයි.</font>

540
00:42:31,967 --> 00:42:34,344
<font color="#ffc846">හැමෝම සතුටු වෙන විදිහේ
අවසානයක් කියලා දෙයක් නෑ.</font>

541
00:42:35,929 --> 00:42:36,930
<font color="#ffc846">තමුසෙ...</font>

542
00:42:37,973 --> 00:42:39,891
<font color="#ffc846">හරියට මගේ තාත්තා වගේමයි, දන්නවද?</font>

543
00:42:41,810 --> 00:42:44,604
<font color="#ffc846">හිත්වල පොඩි හරි උණුහුමක් නෑ.</font>

544
00:42:45,230 --> 00:42:47,857
<font color="#ffc846">අනිත් අයව සනසන්න දන්නෙත් නෑ,
කිසිම දයාවක් අනුකම්පාවක් ඇත්තෙත් නෑ.</font>

545
00:42:51,861 --> 00:42:52,862
<font color="#ffc846">ගන්නවා මේක.</font>

546
00:42:58,743 --> 00:43:01,705
<font color="#ffc846">මේකට කියන්නේ සෙල්ෆෝන් එකක් කියලා.</font>

547
00:43:03,456 --> 00:43:05,083
<font color="#ffc846">ඇයි තමුසෙ ෆෝන් ගැන දන්නෙ නැද්ද?</font>

548
00:43:06,167 --> 00:43:07,168
<font color="#ffc846">මම දන්නවා.</font>

549
00:43:07,585 --> 00:43:09,921
<font color="#ffc846">-නෑ දන්නෑ. තමුසෙ ෆෝන් ගැන දන්නෙ නෑ.
-මම දන්නවා.</font>

550
00:43:12,424 --> 00:43:13,591
<font color="#ffc846">නිකන් ෆෝන් ගැන දන්නවා ඇති නේ?</font>

551
00:43:14,259 --> 00:43:15,343
<font color="#ffc846">එතකොට කොම්පියුටර් ගැන?</font>

552
00:43:15,427 --> 00:43:17,178
<font color="#ffc846">මේකට කියන්නේ ස්මාර්ට් ෆෝන් එකක් කියලා.</font>

553
00:43:17,262 --> 00:43:21,474
<font color="#ffc846">මේකේ ෆෝන් එකක්, කැමරාවක්,
කොම්පියුටරයක් ඔක්කොම තියෙනවා. මේක මාර ස්මාර්ට්.</font>

554
00:43:22,309 --> 00:43:23,310
<font color="#ffc846">හැන්ඩ් ෆෝන් එකක්.</font>

555
00:43:24,644 --> 00:43:25,645
<font color="#ffc846">මම මෝඩයෙක් කියලද හිතාගෙන ඉන්නේ?</font>

556
00:43:25,729 --> 00:43:27,022
<font color="#ffc846">මම දන්නවා සෙල්ෆෝන් කියන්නේ මොකක්ද කියලා.</font>

557
00:43:27,981 --> 00:43:28,982
<font color="#ffc846">ආ එහෙමද?</font>

558
00:43:29,941 --> 00:43:31,234
<font color="#ffc846">එහෙනම් ඇයි තමුසෙට ෆෝන් එකක් නැත්තේ?</font>

559
00:43:31,318 --> 00:43:32,527
<font color="#ffc846">මොකද මට එහෙම එකක් ඕන නැති නිසා.</font>

560
00:43:34,487 --> 00:43:37,574
<font color="#ffc846">තමන්ට ෆෝන් එකක් නැති වුණාම,
ඒකෙ තියෙන අමාරුව තමන්ට තේරෙන්නේ නෑ.</font>

561
00:43:37,657 --> 00:43:39,451
<font color="#ffc846">හැබැයි ඒක අනිත් මනුස්සයාට මාර වදයක්.</font>

562
00:43:39,826 --> 00:43:41,202
<font color="#ffc846">මොකද එයාලට කතා කරගන්න විදිහක් නෑනේ.</font>

563
00:43:44,039 --> 00:43:45,040
<font color="#ffc846">කෝල්ස් විතරක් ගන්නවා.</font>

564
00:43:45,999 --> 00:43:47,042
<font color="#ffc846">මගෙන් එන කෝල්ස් විතරයි.</font>

565
00:43:47,125 --> 00:43:48,126
<font color="#ffc846">ගන්න හැම කෝල් එකක්ම.</font>

566
00:43:48,877 --> 00:43:50,003
<font color="#ffc846">මොන දේ තිබුණත් ආන්සර් කරන්න ඕන.</font>

567
00:44:07,979 --> 00:44:08,980
<font color="#ffc846">මූ නම්--</font>

568
00:44:09,439 --> 00:44:10,440
<font color="#ffc846">මොකක්ද?</font>

569
00:44:10,982 --> 00:44:12,567
<font color="#ffc846">මමනේ තමුසෙගෙ බොස්?</font>

570
00:44:12,942 --> 00:44:15,070
<font color="#ffc846">කැමති නැත්නම් මාරු කරගන්නවා.</font>

571
00:44:21,451 --> 00:44:24,204
<font color="#ffc846">ඇයි මම එයාට බයේ ගැහෙන්නේ?</font>

572
00:44:24,662 --> 00:44:26,039
<font color="#ffc846">අපි දෙන්නගේ තත්ත්වෙ බැලුවම,</font>

573
00:44:26,122 --> 00:44:28,083
<font color="#ffc846">කරන රස්සාවයි, සමාජේ තැනයි බැලුවම,</font>

574
00:44:28,458 --> 00:44:31,836
<font color="#ffc846">ඇත්තටම මමයි එයාට ලොක්කා වගේ ඉන්න ඕන.</font>

575
00:44:36,800 --> 00:44:40,720
<font color="#ffc846">ඒත් මගේ ජීවිතේ අනතුරේ නිසා
එහෙම කියන්න බෑනේ.</font>

576
00:44:53,066 --> 00:44:54,067
<font color="#ffc846">මේක මරු.</font>

577
00:45:02,534 --> 00:45:05,370
<font color="#ffc846">එයා කවදාවත් මේ වගේ කෑමක්
කාලා නැතුව ඇති.</font>

578
00:45:14,587 --> 00:45:15,588
<font color="#ffc846">මට පිස්සු වෙන්න ඇති.</font>

579
00:45:15,672 --> 00:45:19,134
<font color="#ffc846">එයා වගේ මහන්තත්තයෙක් ගැන මම මොකටද වද වෙන්නේ?</font>

580
00:45:20,176 --> 00:45:21,719
<font color="#ffc846">මමම තනියෙන් කන්න තිබුණේ.</font>

581
00:45:23,388 --> 00:45:24,389
<font color="#ffc846">මම ඔක්කොම ටික කනවා.</font>

582
00:45:34,399 --> 00:45:37,694
<font color="#ffc846">ස්වාමීනි</font>

583
00:45:44,033 --> 00:45:45,410
<font color="#ffc846">කොච්චර වෙලා හැංගිලා ඉන්නද කල්පනාව?</font>

584
00:45:47,078 --> 00:45:48,079
<font color="#ffc846">එළියට එනවා.</font>

585
00:45:52,083 --> 00:45:53,084
<font color="#ffc846">මමද?</font>

586
00:45:53,626 --> 00:45:54,627
<font color="#ffc846">මාව මාට්ටු වුණාද?</font>

587
00:45:56,838 --> 00:45:58,256
<font color="#ffc846">ෂික්.</font>

588
00:45:59,007 --> 00:46:00,550
<font color="#ffc846">ඒ නාකියා මාර නරකයිනේ.</font>

589
00:46:03,928 --> 00:46:05,555
<font color="#ffc846">මම හිතුවේ මම ආපු සලකුණු මැකුවා කියලා,</font>

590
00:46:05,805 --> 00:46:06,806
<font color="#ffc846">ඒත් හිතුවා වගේම...</font>

591
00:46:07,974 --> 00:46:09,642
<font color="#ffc846">උඹ ගාවින් එන්නේ ආධුනිකයෙක්ගේ ගඳක්.</font>

592
00:46:09,976 --> 00:46:10,977
<font color="#ffc846">සර්.</font>

593
00:46:11,686 --> 00:46:13,563
<font color="#ffc846">ඔයාට හොඳ ඉවක් තියෙනවා වගේ.</font>

594
00:46:14,105 --> 00:46:15,106
<font color="#ffc846">මම...</font>

595
00:46:16,608 --> 00:46:19,944
<font color="#ffc846">දන්නවා ඔයයි වොන්ජොංයි අතර
මොකද වුණේ කියලා.</font>

596
00:46:25,408 --> 00:46:28,203
<font color="#ffc846">ඒක උඹ වගේ ආධුනිකයෙක්ට ලේසියෙන්
කියන්න පුළුවන් නමක් නෙවෙයි.</font>

597
00:46:28,286 --> 00:46:31,831
<font color="#ffc846">වොන්ජොංගේ නම ඇහෙද්දිත්
ඔයාට ලොකු වරදකාරී හැඟීමක් දැනෙනවා ඇති නේද?</font>

598
00:46:31,915 --> 00:46:33,082
<font color="#ffc846">-තමුසෙ--
-හැබැයි,</font>

599
00:46:34,417 --> 00:46:35,919
<font color="#ffc846">ඇයි ඔයා මි-හෝ ළඟින්ම ඉන්නේ?</font>

600
00:46:36,586 --> 00:46:38,671
<font color="#ffc846">කවදාහරි දවසක, මි-හෝ, නෑ...</font>

601
00:46:40,965 --> 00:46:41,966
<font color="#ffc846">ඒ කියන්නේ වොන්ජොංව.</font>

602
00:46:43,218 --> 00:46:44,219
<font color="#ffc846">ඔයා මරලා දායි.</font>

603
00:46:46,179 --> 00:46:47,180
<font color="#ffc846">පොඩ්ඩක් ඉන්න!</font>

604
00:46:47,472 --> 00:46:48,473
<font color="#ffc846">අම්මෝ.</font>

605
00:46:48,806 --> 00:46:52,018
<font color="#ffc846">මම දැක්ක ගමන් ගහගන්න ජාතියේ කෙනෙක් නෙවෙයි.
අනික අද හරි සීතලයි.</font>

606
00:46:52,101 --> 00:46:55,438
<font color="#ffc846">මගේ ඇඟයි මස්පිඩුයි පොඩ්ඩක් රත් කරගන්න ඕන
හරියට ෆයිට් එකක් දෙන්න කලින්.</font>

607
00:46:57,398 --> 00:46:58,399
<font color="#ffc846">සොරි හොඳේ.</font>

608
00:47:05,281 --> 00:47:06,282
<font color="#ffc846">හරි එහෙනම්.</font>

609
00:47:09,118 --> 00:47:10,370
<font color="#ffc846">අපි පටන් ගමුද?</font>

610
00:49:01,147 --> 00:49:02,148
<font color="#ffc846">උඹ උඹේ සෙල්ලම් දානවා එහෙනම්.</font>

611
00:49:03,107 --> 00:49:04,108
<font color="#ffc846">මම කලිනුත් කිව්වනේ?</font>

612
00:49:05,151 --> 00:49:06,819
<font color="#ffc846">ඔයා පොඩි පරීක්ෂණයකට මුහුණ දෙන්න ඕන.</font>

613
00:49:07,737 --> 00:49:11,032
<font color="#ffc846">ඒක හරියට ආරක්ෂාව තහවුරු කරගන්න චෙක් කිරීමක් වගේ.</font>

614
00:50:13,636 --> 00:50:14,637
<font color="#ffc846">වෑන්!</font>

615
00:50:22,520 --> 00:50:25,481
<font color="#ffc846">මම වගේ බොස් කෙනෙක් කොහෙන් හොයන්නද.</font>

616
00:50:26,190 --> 00:50:27,191
<font color="#ffc846">මම මාරම හොඳයිනේ.</font>

617
00:50:28,693 --> 00:50:32,071
<font color="#ffc846">ඒත් ඇත්තටම, එයා කොහෙද ගියේ?
ජොහානුත් පේන්න නෑ...</font>

618
00:50:42,915 --> 00:50:43,916
<font color="#ffc846">ජොහාන්.</font>

619
00:50:49,255 --> 00:50:51,507
<font color="#ffc846">මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරන්න
කැමති නෑ.</font>

620
00:50:51,799 --> 00:50:53,801
<font color="#ffc846">ඒත් මනුස්සයෙක් යක්ෂයෙක් එක්ක සටන් කරන එක</font>

621
00:50:54,677 --> 00:50:55,970
<font color="#ffc846">කොහොමත් අසාධාරණයිනේ, නේද?</font>

622
00:50:57,930 --> 00:51:02,018
<font color="#ffc846">ඒ වුණාට ඔයා මම හිතපු තරම්
හයිය කෙනෙක් නෙවෙයි වගේ.</font>

623
00:51:03,561 --> 00:51:04,437
<font color="#ffc846">එහෙමද?</font>

624
00:51:12,111 --> 00:51:14,447
<font color="#ffc846">හිතුවා වගේම,
උඹ රාග යක්ෂයෙක්ම තමයි.</font>

625
00:51:17,742 --> 00:51:18,743
<font color="#ffc846">පරිස්සමෙන් ඕකත් එක්ක.</font>

626
00:51:21,120 --> 00:51:22,747
<font color="#ffc846">ඕක කරන්න ගිහින් ඔයාගේ අත් දෙක නැති වෙයි.</font>

627
00:51:32,048 --> 00:51:34,801
<font color="#ffc846">ස්වර්ගීය සේනාවේ නායකයාණන් වන,
ශුද්ධ වූ අග්‍රදේව දූත මයිකල් තුමනි,</font>

628
00:51:35,468 --> 00:51:37,470
<font color="#ffc846">දෙවියන් වහන්සේගේ බලයෙන් නිරයට හෙලුව මැනව,</font>

629
00:51:38,179 --> 00:51:40,640
<font color="#ffc846">සාතන්ව සහ ලෝකය පුරා සැරිසරන
සියලුම නපුරු ආත්මයන්ව.</font>

630
00:51:41,808 --> 00:51:43,267
<font color="#ffc846">ස්වාමීන් වහන්සේගේ නාමයෙන් මම ඉල්ලා සිටිනවා.</font>

631
00:51:45,478 --> 00:51:46,479
<font color="#ffc846">මොකක්ද...</font>

632
00:51:49,315 --> 00:51:50,316
<font color="#ffc846">උඹේ නම?</font>

633
00:52:57,300 --> 00:52:58,301
<font color="#ffc846">මි-හෝ.</font>

634
00:53:00,678 --> 00:53:01,679
<font color="#ffc846">වෑන්...</font>

635
00:53:02,179 --> 00:53:03,180
<font color="#ffc846">දුවන්න...</font>

636
00:56:03,861 --> 00:56:06,864
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

