1
00:01:14,935 --> 00:01:16,935
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:16,959 --> 00:01:18,959


3
00:01:18,983 --> 00:01:21,015
<font color="#ffbf46">හ්යුන් ජින්!</font>

4
00:01:21,015 --> 00:01:23,561
<font color="#ffbf46">ඔයා හොඳින්ද?
යූන් සොං...</font>

5
00:01:25,786 --> 00:01:27,312
<font color="#ffbf46">ඔයා කවුද?</font>

6
00:01:27,312 --> 00:01:29,882
<font color="#ffbf46">ඔයා මෙයාගේ ගෙදර මොකද කරන්නේ?</font>

7
00:01:30,470 --> 00:01:32,443
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

8
00:01:32,443 --> 00:01:34,360
<font color="#ffbf46">මට ගොඩක් සමාවෙන්න.
මොකක්ද මේ?</font>

9
00:01:34,360 --> 00:01:36,031
<font color="#ffbf46">ඔයා මෙයාගේ ගෙදර මොන මගුලක්ද කරන්නේ?</font>

10
00:01:36,031 --> 00:01:37,460
<font color="#ffbf46">ඒක...</font>

11
00:01:37,460 --> 00:01:39,712
<font color="#ffbf46">මම නිකන්...</font>

12
00:01:39,712 --> 00:01:41,888
<font color="#ffbf46">මම එළියෙන් ඉන්න හැදුවේ,</font>

13
00:01:41,888 --> 00:01:43,432
<font color="#ffbf46">ඒත් දොර ඇරලයි තිබුණේ, ඒ නිසා...</font>

14
00:01:43,432 --> 00:01:44,474
<font color="#ffbf46">මම කිව්වේ...</font>

15
00:01:44,474 --> 00:01:46,283
<font color="#ffbf46">ඔයාව බය කළා නම් මට ඇත්තටම සමාවෙන්න.</font>

16
00:01:46,283 --> 00:01:47,595
<font color="#ffbf46">කතා ඕනේ නෑ.</font>

17
00:01:47,595 --> 00:01:48,996
<font color="#ffbf46">ඔයාට පුළුවන් පොලිසියෙදි ඕවා පැහැදිලි කරන්න.</font>

18
00:01:48,996 --> 00:01:51,081
<font color="#ffbf46">සොන් වූ ජින්.</font>

19
00:01:51,081 --> 00:01:53,574
<font color="#ffbf46">මේ...</font>

20
00:01:55,043 --> 00:01:57,620
<font color="#ffbf46">මේ වූ ජින්ගේ ගෙදරද?</font>

21
00:01:57,620 --> 00:01:59,713
<font color="#ffbf46">ඔයා කොහොමද දන්නේ</font>

22
00:01:59,713 --> 00:02:02,462
<font color="#ffbf46">මගේ මස්සිනාගේ නම?</font>

23
00:02:02,462 --> 00:02:04,407
<font color="#ffbf46">මස්සිනා?</font>

24
00:02:05,571 --> 00:02:08,315
<font color="#ffbf46"></font>

25
00:02:10,076 --> 00:02:12,120
<font color="#ffbf46">කරුණාකරලා ෆෝන් එක ආන්සර් කරන්නකෝ.</font>

26
00:02:12,120 --> 00:02:14,205
<font color="#ffbf46"><i>ඔබ ඇමතූ අංකය මේ මොහොතේ...</i></font>

27
00:02:21,449 --> 00:02:23,492
<font color="#ffbf46">මම...</font>

28
00:02:24,267 --> 00:02:26,799
<font color="#ffbf46">වූ ජින්ගේ තාත්තා.</font>

29
00:02:47,829 --> 00:02:49,793
<font color="#ffbf46">හ්යුන් ජින් කොහෙද?</font>

30
00:02:54,580 --> 00:02:55,648
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

31
00:02:55,648 --> 00:02:58,268
<font color="#ffbf46">මොකද වුණේ? ඔයාට තුවාලයක් එහෙම නැහැ නේද?</font>

32
00:02:58,268 --> 00:03:00,084
<font color="#ffbf46">ඔව්, මම හොඳින්.</font>

33
00:03:00,084 --> 00:03:02,696
<font color="#ffbf46">එහෙනම් ඇයි ෆෝන් එක ආන්සර් කරේ නැත්තේ?
මම ගොඩක් බය වුණා.</font>

34
00:03:09,335 --> 00:03:11,275
<font color="#ffbf46">ඔයා කවුද?</font>

35
00:03:16,057 --> 00:03:18,901
<font color="#ffbf46">ඔයා... ටේ හ්යුං ද?</font>

36
00:03:30,400 --> 00:03:32,814
<font color="#ffbf46">ආ, ඒක පැහැදිලියි.</font>

37
00:03:32,814 --> 00:03:36,113
<font color="#ffbf46">මේ ඇත්තටම ඔයා නේද, ටේ හ්යුං.</font>

38
00:03:37,605 --> 00:03:38,812
<font color="#ffbf46">ඇත්තටම...</font>

39
00:03:38,812 --> 00:03:41,299
<font color="#ffbf46">ඇත්තටම, ඔයා කවුද?</font>

40
00:03:43,620 --> 00:03:46,013
<font color="#ffbf46">මෙයා කියනවා මෙයා ඔයාගේ තාත්තා කියලා.</font>

41
00:03:57,971 --> 00:03:59,924
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

42
00:04:02,237 --> 00:04:05,414
<font color="#ffbf46">මට එන්න පරක්කු වුණා.</font>

43
00:04:07,872 --> 00:04:10,038
<font color="#ffbf46">මට ගොඩක් සමාවෙන්න, ටේ හ්යුං...</font>

44
00:04:17,330 --> 00:04:18,875
<font color="#ffbf46">ඔයාට ඇත්තටම හොඳයි නේද?</font>

45
00:04:18,875 --> 00:04:19,872
<font color="#ffbf46">මම හොඳින්.</font>

46
00:04:19,872 --> 00:04:21,861
<font color="#ffbf46">ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි.</font>

47
00:04:21,861 --> 00:04:24,415
<font color="#ffbf46">මම ඇත්තටම හොඳින්, ඒ නිසා ඔයා දැන් යන්න.</font>

48
00:04:24,415 --> 00:04:27,250
<font color="#ffbf46">ගෙදරට හොරෙක් පැනලා තියෙනවා.
ඒක කොහොමද ලොකු දෙයක් නොවෙන්නේ?</font>

49
00:04:27,250 --> 00:04:29,529
<font color="#ffbf46">මම කලින් පොලිසියට කතා කළා.</font>

50
00:04:29,529 --> 00:04:33,154
<font color="#ffbf46">මොනවා හරි නැතිවෙලා තියෙනවා නම්,
හැකි ඉක්මනින් කතා කරන්න කිව්වා.</font>

51
00:04:33,154 --> 00:04:34,948
<font color="#ffbf46">හරි.</font>

52
00:04:34,948 --> 00:04:38,464
<font color="#ffbf46">අදට ගොඩක් ස්තුතියි.</font>

53
00:04:38,464 --> 00:04:40,277
<font color="#ffbf46">ඒකට කමක් නෑ.</font>

54
00:04:40,277 --> 00:04:42,458
<font color="#ffbf46">ඒක නෙමෙයි, වූ ජූ කොහෙද?</font>

55
00:04:42,458 --> 00:04:46,908
<font color="#ffbf46">පහළ. මම එන ගමන් එයාව එක්කන් එන්නම්.</font>

56
00:04:46,908 --> 00:04:49,107
<font color="#ffbf46">තවම හොරාව අල්ලලා නෑ.</font>

57
00:04:49,107 --> 00:04:51,133
<font color="#ffbf46">මම කැමති නෑ</font>

58
00:04:51,133 --> 00:04:52,888
<font color="#ffbf46">ඔයාව තනියම දාලා යන්න.</font>

59
00:04:52,888 --> 00:04:55,021
<font color="#ffbf46">මම ඇත්තටම හොඳින්.</font>

60
00:04:55,021 --> 00:04:58,070
<font color="#ffbf46">දැන් රෑ වෙලා. ඔයා යන්න.</font>

61
00:05:00,192 --> 00:05:03,685
<font color="#ffbf46">මොනවා හරි වුණොත් මට කෝල් එකක් දෙන්න.</font>

62
00:05:04,420 --> 00:05:06,278
<font color="#ffbf46">හරි.</font>

63
00:05:08,700 --> 00:05:11,372
<font color="#ffbf46">වූ ජින්...</font>

64
00:05:11,372 --> 00:05:13,340
<font color="#ffbf46">දෙවියනේ...</font>

65
00:05:14,113 --> 00:05:17,145
<font color="#ffbf46">මේ ඔක්කොම මගේ වැරැද්ද. ඒ ඔක්කොම.</font>

66
00:05:17,145 --> 00:05:20,201
<font color="#ffbf46">සල්ලි නිසා...</font>

67
00:05:20,201 --> 00:05:22,421
<font color="#ffbf46">මගේ වැරැද්ද.</font>

68
00:05:22,421 --> 00:05:25,434
<font color="#ffbf46">මම ඔය ළමයිව දාලා ගියා...</font>

69
00:05:35,790 --> 00:05:38,837
<font color="#ffbf46">ගොඩක් කාලෙකින් නේද.</font>

70
00:05:42,587 --> 00:05:44,930
<font color="#ffbf46">ඔයා හොඳින් හිටියා නේද?</font>

71
00:05:46,495 --> 00:05:49,295
<font color="#ffbf46">ඔයා මට ගොඩක් වෛර කරන්න ඇති.</font>

72
00:05:54,785 --> 00:05:56,919
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

73
00:05:59,342 --> 00:06:02,255
<font color="#ffbf46">මම ඔයා එනකම් බලාගෙන හිටියේ නෑ.</font>

74
00:06:03,085 --> 00:06:04,111
<font color="#ffbf46">ටේ හ්යුං, මම...</font>

75
00:06:04,111 --> 00:06:06,177
<font color="#ffbf46">ඉතින්,</font>

76
00:06:07,363 --> 00:06:09,731
<font color="#ffbf46">ඔයාට මොනවද ඕනේ?</font>

77
00:06:09,731 --> 00:06:10,770
<font color="#ffbf46">මොකක්?</font>

78
00:06:10,770 --> 00:06:13,817
<font color="#ffbf46">ඔයා කිව්වා වගේම, දැන් ගොඩක් කල්.</font>

79
00:06:14,812 --> 00:06:18,472
<font color="#ffbf46">ඔයා නිකන්ම හේතුවක් නැතුව මෙහෙම එන්න
විදිහක් නෑ. නේද?</font>

80
00:06:18,472 --> 00:06:21,076
<font color="#ffbf46">හේතුවක්? නෑ.</font>

81
00:06:21,076 --> 00:06:23,255
<font color="#ffbf46">එහෙම දෙයක් නෙවෙයි.</font>

82
00:06:23,255 --> 00:06:25,092
<font color="#ffbf46">මට ඕන වුණේ ඔයා කොහොමද ඉන්නේ කියලා බලන්න විතරයි.</font>

83
00:06:25,092 --> 00:06:26,888
<font color="#ffbf46">ඔය ඇති.</font>

84
00:06:26,888 --> 00:06:30,532
<font color="#ffbf46">අපිට කලින් හිටපු විදිහටම ආයෙත් ඉන්න බැහැනේ.</font>

85
00:06:30,532 --> 00:06:32,695
<font color="#ffbf46">ඔයා කතා කරලා ඉවර නම්,</font>

86
00:06:32,695 --> 00:06:35,015
<font color="#ffbf46">කරුණාකරලා යන්න.</font>

87
00:06:37,494 --> 00:06:39,766
<font color="#ffbf46">හරි.</font>

88
00:06:39,766 --> 00:06:42,666
<font color="#ffbf46">මට ඔයාට දැනෙන දේ තේරෙනවා, ටේ හ්යුං.</font>

89
00:06:44,093 --> 00:06:46,645
<font color="#ffbf46">දැන් රෑ වෙලා,</font>

90
00:06:47,780 --> 00:06:50,113
<font color="#ffbf46">ඒ නිසා මම යන්නම්.</font>

91
00:07:13,883 --> 00:07:16,702
<font color="#ffbf46">මොකක්ද වෙන්නේ? ගෙදරට හොරෙක් පැනලද?</font>

92
00:07:16,702 --> 00:07:19,273
<font color="#ffbf46">මම දැනටමත් පොලිසියට කතා කළා.</font>

93
00:07:19,273 --> 00:07:21,933
<font color="#ffbf46">ඉක්මනටම එයාව අල්ලගනීවි කියලා හිතනවා.</font>

94
00:07:23,125 --> 00:07:25,071
<font color="#ffbf46">දැන් හැමදේම අවුල් වෙලා වගේ දැනෙන්නේ.</font>

95
00:07:25,071 --> 00:07:28,457
<font color="#ffbf46">මගේ පපුව තාමත් ගැහෙනවා.
ඔයා ගොඩක් බය වෙන්න ඇති.</font>

96
00:07:28,457 --> 00:07:29,903
<font color="#ffbf46">මාව බලන්න ආවට ස්තුතියි.</font>

97
00:07:29,903 --> 00:07:31,588
<font color="#ffbf46">ඔයා ටිකක් විවේක ගන්න.</font>

98
00:07:31,588 --> 00:07:33,956
<font color="#ffbf46">වූ ජූ, අපි යමු. බායි කියන්න.</font>

99
00:07:33,956 --> 00:07:35,818
<font color="#ffbf46">බායි. පරිස්සමෙන් විවේක ගන්න.</font>

100
00:07:35,818 --> 00:07:37,278
<font color="#ffbf46">ඔයත්.
හරි.</font>

101
00:07:46,473 --> 00:07:47,963
<font color="#ffbf46">ඔයාට සතුටු හිතුණාද?</font>

102
00:07:54,406 --> 00:07:56,216
<font color="#ffbf46">ටේ හ්යුං.</font>

103
00:07:56,216 --> 00:07:58,174
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

104
00:07:58,174 --> 00:07:59,934
<font color="#ffbf46">ඔව්.</font>

105
00:07:59,934 --> 00:08:01,404
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

106
00:08:01,404 --> 00:08:04,095
<font color="#ffbf46">ඔයා ගොඩක් කලබල වෙන්න ඇති.</font>

107
00:08:04,095 --> 00:08:05,522
<font color="#ffbf46">මම හොඳින්.</font>

108
00:08:05,522 --> 00:08:09,630
<font color="#ffbf46">වැඩිපුරම බය වුණේ කවුරුහරි නම්, ඒ ඔයා තමයි.</font>

109
00:08:09,630 --> 00:08:12,170
<font color="#ffbf46">ඔයා මේක ඉවර කළාද?</font>

110
00:08:21,538 --> 00:08:23,049
<font color="#ffbf46">මෙහෙට එන්න.</font>

111
00:08:23,049 --> 00:08:25,037
<font color="#ffbf46">වාඩි වෙන්න.
මොකක්?</font>

112
00:08:28,424 --> 00:08:29,549
<font color="#ffbf46">ඔයාගේ අත පෙන්නන්න.</font>

113
00:08:29,549 --> 00:08:31,047
<font color="#ffbf46">මගේ අත?</font>

114
00:08:31,047 --> 00:08:32,767
<font color="#ffbf46">ඇයි?</font>

115
00:08:32,767 --> 00:08:35,640
<font color="#ffbf46">මට තුවාල වුණේ කවද්ද?</font>

116
00:08:37,076 --> 00:08:39,265
<font color="#ffbf46">මම කලින් වැටුණු වෙලාවේ සීරුම් කෑවා වෙන්න ඇති.</font>

117
00:08:39,265 --> 00:08:42,442
<font color="#ffbf46">සීරිලා? ඔයාගේ අතින් ලේ එනවා.</font>

118
00:08:43,062 --> 00:08:45,019
<font color="#ffbf46">මෙහෙට එන්න.</font>

119
00:08:46,271 --> 00:08:48,257
<font color="#ffbf46">මම හොඳින්.</font>

120
00:08:50,533 --> 00:08:53,767
<font color="#ffbf46">මට සමාවෙන්න. මේක වුණේ මම නිසයි.</font>

121
00:09:00,259 --> 00:09:02,211
<font color="#ffbf46">ඔයා ගොඩක් බය වෙන්න ඇති.</font>

122
00:09:02,211 --> 00:09:05,373
<font color="#ffbf46">නොදන්න කෙනෙක් එකපාරටම ඇතුළට ආවා...</font>

123
00:09:07,733 --> 00:09:10,534
<font color="#ffbf46">ඔයා ඇයි සමාව ඉල්ලන්නේ?</font>

124
00:09:10,534 --> 00:09:12,988
<font color="#ffbf46">ඔයාගේ ඔළුවේ දැනටමත් ප්‍රශ්න ගොඩක් තියෙනවා.</font>

125
00:09:12,988 --> 00:09:15,214
<font color="#ffbf46">මම ගැන වද වෙන්න එපා.</font>

126
00:09:15,914 --> 00:09:18,580
<font color="#ffbf46">ඒක නෙවෙයි.</font>

127
00:09:18,580 --> 00:09:20,803
<font color="#ffbf46">මම ඔහු නැතුව ගොඩක් කාලයක් ජීවත් වුණා</font>

128
00:09:20,803 --> 00:09:23,181
<font color="#ffbf46">ඔහුත් එක්ක හිටියට වඩා.</font>

129
00:09:25,372 --> 00:09:27,453
<font color="#ffbf46">අනික ඇත්තම කිව්වොත්,</font>

130
00:09:27,453 --> 00:09:29,146
<font color="#ffbf46">මට එයාව හරියට මතකත් නෑ.</font>

131
00:09:29,146 --> 00:09:30,990
<font color="#ffbf46">එයා මට නිකන් ආගන්තුකයෙක් වගේ.</font>

132
00:09:30,990 --> 00:09:34,290
<font color="#ffbf46">අනේ මේ. එයා නිකන්ම ආගන්තුකයෙක් නෙවෙයිනේ.</font>

133
00:09:35,631 --> 00:09:37,396
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

134
00:09:37,396 --> 00:09:39,709
<font color="#ffbf46">පරක්කු වුණාට මට සමාවෙන්න.</font>

135
00:09:40,526 --> 00:09:42,995
<font color="#ffbf46">මම මීට වඩා ඉක්මනින් මෙහෙට එන්න තිබුණේ.</font>

136
00:09:47,325 --> 00:09:49,731
<font color="#ffbf46">පරිස්සම් වෙන්න. තුවාල කරගන්න එපා.</font>

137
00:09:54,130 --> 00:09:55,749
<font color="#ffbf46"><i>අනේ. අපි දැන් මොකද කරන්නේ?</i></font>

138
00:09:55,749 --> 00:09:57,463
<font color="#ffbf46"><i>අපි මොකද කරන්නේ?</i></font>

139
00:09:57,463 --> 00:09:58,924
<font color="#ffbf46"><i>හේයි.</i></font>

140
00:09:58,924 --> 00:10:00,458
<font color="#ffbf46"><i>ඔයාගේ තාත්තා කොහෙද?
මම දන්නේ නෑ.</i></font>

141
00:10:00,458 --> 00:10:02,917
<font color="#ffbf46"><i>ඔයා දන්නවද එයා සල්ලි කොච්චරක් ගත්තද කියලා?</i></font>

142
00:10:02,917 --> 00:10:05,683
<font color="#ffbf46"><i>එයා කොහෙද ගියේ?
එයා ඉන්න තැනක් මම දන්නේ නෑ.</i></font>

143
00:10:05,683 --> 00:10:07,143
<font color="#ffbf46"><i>එයා කොහෙද ගියේ?</i></font>

144
00:10:07,143 --> 00:10:08,596
<font color="#ffbf46"><i>බොරු කියන එක නවත්තන්න. එයා කොහෙද ඉන්නේ?</i></font>

145
00:10:08,596 --> 00:10:09,696
<font color="#ffbf46"><i>ඔයා එයාව හංගගෙන ඉන්නවා නේද?</i></font>

146
00:10:09,696 --> 00:10:10,903
<font color="#ffbf46"><i>ඔයා එයා එක්ක සම්බන්ධකම් පවත්වනවා නේද?</i></font>

147
00:10:10,903 --> 00:10:13,056
<font color="#ffbf46"><i>එයා කොච්චර හොරකම් කළාද කියලා ඔයා දන්නවද?</i></font>

148
00:10:13,056 --> 00:10:15,909
<font color="#ffbf46"><i>ඔයාගේ තාත්තා නිසා අපි ඔක්කොම විනාශ වුණා.</i></font>

149
00:10:49,711 --> 00:10:50,756
<font color="#ffbf46">ටේ හ්යුං,</font>

150
00:10:50,756 --> 00:10:52,441
<font color="#ffbf46">ඔයා දොඩම් යුෂ වලට කැමතියි නේද?</font>

151
00:10:52,441 --> 00:10:55,496
<font color="#ffbf46">අනේ, අයිස් දියවෙලා.</font>

152
00:10:55,496 --> 00:10:58,258
<font color="#ffbf46">මට කතා කළාට ස්තුතියි.</font>

153
00:10:58,258 --> 00:11:00,569
<font color="#ffbf46">අපි දැන් සාමාන්‍ය දේවල් කතා කරන්න
පුළුවන් තත්ත්වයක නෙවෙයි ඉන්නේ.</font>

154
00:11:00,569 --> 00:11:02,861
<font color="#ffbf46">ඒ නිසා මම කෙලින්ම කාරණයට එන්නම්.</font>

155
00:11:02,861 --> 00:11:04,826
<font color="#ffbf46">මේ මොකක් ගැනද කියලා මම දන්නේ නෑ,</font>

156
00:11:04,826 --> 00:11:07,734
<font color="#ffbf46">ඒත් කලින් වගේ එකපාරටම මෙහෙම එන එකට,</font>

157
00:11:08,580 --> 00:11:11,615
<font color="#ffbf46">මම ආයෙත් එහෙම වෙනවට කැමති නෑ.</font>

158
00:11:15,143 --> 00:11:17,155
<font color="#ffbf46">ටේ හ්යුං, මම තාමත් ඔයාගේ තාත්තා...</font>

159
00:11:17,155 --> 00:11:19,089
<font color="#ffbf46">"තාත්තා?"</font>

160
00:11:19,897 --> 00:11:22,010
<font color="#ffbf46">ඔයා සල්ලි නිසා පොඩි ළමයෙක්ව දාලා ගියා.</font>

161
00:11:22,010 --> 00:11:24,330
<font color="#ffbf46">දැන් ඔයා එහෙම කියනවාද?</font>

162
00:11:24,330 --> 00:11:25,983
<font color="#ffbf46">මොකක්ද,</font>

163
00:11:25,983 --> 00:11:28,143
<font color="#ffbf46">ඔයා බලාපොරොත්තු වෙන්නේ තාත්තා කෙනෙක්ට වගේ සලකයි කියලද?</font>

164
00:11:28,143 --> 00:11:31,006
<font color="#ffbf46">ඒක සම්පූර්ණයෙන්ම ලැජ්ජ නැති වැඩක් නෙවෙයිද?</font>

165
00:11:31,006 --> 00:11:32,932
<font color="#ffbf46">ඔයා අඩුම තරමේ දන්නවද</font>

166
00:11:32,932 --> 00:11:36,019
<font color="#ffbf46">මේ තරම් කාලයක් මම කොහොමද ජීවත් වුණේ කියලා?</font>

167
00:11:39,579 --> 00:11:41,672
<font color="#ffbf46">ඒ නිසා අපි</font>

168
00:11:42,626 --> 00:11:45,619
<font color="#ffbf46">අපේ පාඩුවේ ජීවත් වෙමු.</font>

169
00:11:46,528 --> 00:11:49,741
<font color="#ffbf46">අපිව ආයෙත් මේ වගේ තත්ත්වයකට පත් කරන්න එපා.</font>

170
00:11:55,299 --> 00:11:57,024
<font color="#ffbf46">ටේ හ්යුං.</font>

171
00:11:57,024 --> 00:11:58,629
<font color="#ffbf46">ඔයා හරි.</font>

172
00:11:58,629 --> 00:12:02,305
<font color="#ffbf46">මට මේ විදිහට ආයෙත් එන්න අයිතියක් නෑ කියලා මම දන්නවා.</font>

173
00:12:02,305 --> 00:12:04,159
<font color="#ffbf46">ඒත් ඔයාට පුළුවන්ද</font>

174
00:12:04,159 --> 00:12:07,257
<font color="#ffbf46">මට එක අවස්ථාවක් දෙන්න?</font>

175
00:12:07,257 --> 00:12:09,359
<font color="#ffbf46">දැන් පරක්කු වැඩියි, මම දන්නවා.</font>

176
00:12:09,359 --> 00:12:13,185
<font color="#ffbf46">ඒත් මට හොඳ තාත්තා කෙනෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ.</font>

177
00:12:14,574 --> 00:12:16,840
<font color="#ffbf46">නෑ.</font>

178
00:12:16,840 --> 00:12:19,522
<font color="#ffbf46">ඔයා එහෙම කරන්න ඕනේ නෑ.</font>

179
00:12:19,522 --> 00:12:23,781
<font color="#ffbf46">මම මගේ ජීවිතෙන් පවුලක් කියන අදහස
ගොඩක් කාලෙකට කලින් මකලා දැම්මා.</font>

180
00:12:26,788 --> 00:12:28,740
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

181
00:12:31,607 --> 00:12:33,843
<font color="#ffbf46">මම ආයෙත් ආවේ</font>

182
00:12:33,843 --> 00:12:35,742
<font color="#ffbf46">ගොඩක් පරක්කු වෙලා.</font>

183
00:12:40,602 --> 00:12:43,609
<font color="#ffbf46">මම ප්‍රාර්ථනා කරනවා අපි ආයෙත් කවදාවත් හමු නොවේවා කියලා.</font>

184
00:13:03,755 --> 00:13:04,781
<font color="#ffbf46">සර්,</font>

185
00:13:04,781 --> 00:13:07,259
<font color="#ffbf46">මේ කාර්තුවේ ප්‍රධාන ව්‍යාපෘතිය විදිහට
අපිව තෝරාගත්තා කියන්නේ ඇත්තද?</font>

186
00:13:07,259 --> 00:13:10,726
<font color="#ffbf46">මට විශ්වාස කරන්නත් බෑ ග්ලෝමාර්කට් ව්‍යාපෘතිය
BS එකේ ප්‍රධාන ව්‍යාපෘතියක් වුණා කියලා!</font>

187
00:13:10,726 --> 00:13:12,598
<font color="#ffbf46">මට මේ සැරේ ප්‍රොමෝෂන් එකක් හම්බෙයිද?</font>

188
00:13:12,598 --> 00:13:14,080
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න,</font>

189
00:13:14,080 --> 00:13:16,441
<font color="#ffbf46">BS ප්‍රධාන ව්‍යාපෘතියක් කියන්නේ මොකක්ද?</font>

190
00:13:16,441 --> 00:13:17,533
<font color="#ffbf46">ආ, හරි.</font>

191
00:13:17,533 --> 00:13:19,927
<font color="#ffbf46">ඔයා තාම කොන්ත්‍රාත් පදනම මත නේ ඉන්නේ.
ඒකයි ඔයා දන්නේ නැත්තේ.</font>

192
00:13:19,927 --> 00:13:22,445
<font color="#ffbf46">අපිට කොම්පැණියේ ඇතුළේ චැට් එකක් තියෙනවා.</font>

193
00:13:22,445 --> 00:13:23,678
<font color="#ffbf46">ස්ථිර සේවකයින්ට විතරයි.</font>

194
00:13:23,678 --> 00:13:26,207
<font color="#ffbf46">ඒක අද උදේ පණිවිඩවලින් පිරිලා ගියා.</font>

195
00:13:26,207 --> 00:13:27,890
<font color="#ffbf46">ඔයා මේක අහන පළවෙනි වතාව වෙන්න ඇති.</font>

196
00:13:27,890 --> 00:13:29,398
<font color="#ffbf46">නෑ.</font>

197
00:13:29,398 --> 00:13:31,023
<font color="#ffbf46">ඒක දැන් තමයි ස්ථිර කළේ.</font>

198
00:13:31,023 --> 00:13:33,789
<font color="#ffbf46">ඒකයි නිවේදනය කරන්න පරක්කු වුණේ.</font>

199
00:13:34,553 --> 00:13:37,133
<font color="#ffbf46">මම මේක නිල වශයෙන් කියන්නම්.</font>

200
00:13:37,133 --> 00:13:39,605
<font color="#ffbf46">සෑම කාර්තුවකම, මූලස්ථානයෙන් තෝරනවා</font>

201
00:13:39,605 --> 00:13:41,023
<font color="#ffbf46">ප්‍රධාන මූලෝපායික ව්‍යාපෘතියක්.</font>

202
00:13:41,023 --> 00:13:43,227
<font color="#ffbf46">අපේ ග්ලෝමාර්කට් යෝජනාව තමයි ඒකට තේරිලා තියෙන්නේ.</font>

203
00:13:43,227 --> 00:13:44,862
<font color="#ffbf46">නියමයි!</font>

204
00:13:44,862 --> 00:13:46,737
<font color="#ffbf46">අපි මේක සාර්ථකව කළොත්,</font>

205
00:13:46,737 --> 00:13:48,656
<font color="#ffbf46">අපිට හොඳ දීමනාවක් හම්බෙනවා.</font>

206
00:13:48,656 --> 00:13:51,008
<font color="#ffbf46">අනික ඒක අපේ කාර්ය සාධන සමාලෝචන වලට ලොකු උදව්වක් වෙයි.</font>

207
00:13:51,008 --> 00:13:52,159
<font color="#ffbf46">කෙටියෙන්ම කිව්වොත්,</font>

208
00:13:52,159 --> 00:13:54,712
<font color="#ffbf46">මේක තමයි අපේ ලොකුම අවස්ථාව.</font>

209
00:13:56,456 --> 00:13:57,707
<font color="#ffbf46">මොකද වුණේ, වූ ජූ?</font>

210
00:13:57,707 --> 00:13:59,338
<font color="#ffbf46">ඩේකෙයාර් එකේ විනෝදයි නේද?</font>

211
00:13:59,338 --> 00:14:00,564
<font color="#ffbf46">අයියෝ.</font>

212
00:14:00,564 --> 00:14:03,611
<font color="#ffbf46">එයා අද යන්න කැමති නැද්ද?</font>

213
00:14:05,294 --> 00:14:06,718
<font color="#ffbf46">ඇයි එයා යන්න කැමති නැත්තේ?</font>

214
00:14:06,718 --> 00:14:09,096
<font color="#ffbf46">එතනට ගියාම එයාට හරි යයි.</font>

215
00:14:09,096 --> 00:14:10,595
<font color="#ffbf46">එයා සමහර වෙලාවට මේ වගේ කරනවා.</font>

216
00:14:10,595 --> 00:14:13,254
<font color="#ffbf46">අනේ මන්දා.
මෙහෙට දෙන්න.</font>

217
00:14:13,254 --> 00:14:16,058
<font color="#ffbf46">මම එයාව අරන් යන්නම්.</font>

218
00:14:16,058 --> 00:14:17,425
<font color="#ffbf46">ඔයා අරන් යනවද?</font>

219
00:14:17,425 --> 00:14:20,082
<font color="#ffbf46">අපේ අම්මා අවට ඉන්න ළමයි එක්ක
ගොඩක් හොඳින් ඉන්නවා.</font>

220
00:14:20,082 --> 00:14:22,940
<font color="#ffbf46">නිකන් ළමයින්ව ගිහින් බස්සන කෙනෙක් කියලා හිතන්නකෝ.</font>

221
00:14:22,940 --> 00:14:26,051
<font color="#ffbf46">එහෙම කරනවා නම් මම ගොඩක් කැමතියි,
ඒත් මට කරදර කරන්නත් හිතෙන්නේ නෑ.</font>

222
00:14:26,051 --> 00:14:30,072
<font color="#ffbf46">ඔයාට එහෙම හිතෙනවා නම්, නිල වශයෙන්ම එයාව වැඩට ගන්නකෝ.</font>

223
00:14:30,072 --> 00:14:31,908
<font color="#ffbf46">මම ඔයාට පවුලේ වට්ටමක් දෙන්නම්.</font>

224
00:14:33,001 --> 00:14:34,035
<font color="#ffbf46">විකාර කතා කරන්න එපා.</font>

225
00:14:34,035 --> 00:14:36,454
<font color="#ffbf46">යන්න යන්න, ඉක්මන් කරන්න.
එයා ඒකට කැමති වෙයි.</font>

226
00:14:38,490 --> 00:14:40,249
<font color="#ffbf46">එහෙනම් කරුණාකරලා බලාගන්න, ආච්චි.</font>

227
00:14:40,249 --> 00:14:41,442
<font color="#ffbf46">හරි, බයවෙන්න එපා.</font>

228
00:14:41,442 --> 00:14:43,776
<font color="#ffbf46">වූ ජූ, ආච්චි කියන දේ අහලා හොඳින් ඉන්න.</font>

229
00:14:45,136 --> 00:14:47,314
<font color="#ffbf46">ඔයත් ආච්චි කියන දේ අහන්න.</font>

230
00:14:47,314 --> 00:14:48,855
<font color="#ffbf46">මම හැමතිස්සෙම එහෙම කරනවනේ.</font>

231
00:14:48,855 --> 00:14:51,494
<font color="#ffbf46">බායි, පස්සේ හමුවෙමු.</font>

232
00:14:52,125 --> 00:14:55,105
<font color="#ffbf46">කියන්න "බායි, අංකල්" කියලා.</font>

233
00:14:56,509 --> 00:14:59,261
<font color="#ffbf46">අම්මේ, එයා දැන් ඇත්තම මාමා කෙනෙක් වගේ පේන්න පටන් අරන්.</font>

234
00:14:59,261 --> 00:15:02,971
<font color="#ffbf46">තරුණ කෙනෙක් කොහොමද ළමයෙක්ව හදන්නේ
කියලා මම බය වෙලා හිටියේ,</font>

235
00:15:02,971 --> 00:15:06,385
<font color="#ffbf46">ඒත් එයා ඒක ගොඩක් හොඳට කරනවා.</font>

236
00:15:06,385 --> 00:15:07,498
<font color="#ffbf46">අපි යමු.</font>

237
00:15:07,498 --> 00:15:08,737
<font color="#ffbf46">හොඳට නමලා ආචාර කරන්න.</font>

238
00:15:08,737 --> 00:15:10,279
<font color="#ffbf46">ස්තුතියි. තව සැරයක්.</font>

239
00:15:10,279 --> 00:15:12,221
<font color="#ffbf46">අන්න හරි.</font>

240
00:15:12,221 --> 00:15:14,761
<font color="#ffbf46">ගිහින් එන්නම්.</font>

241
00:15:14,761 --> 00:15:17,723
<font color="#ffbf46">වූ ජූ, අද ඔයාට සතුටු හිතුණාද?</font>

242
00:15:24,972 --> 00:15:26,985
<font color="#ffbf46">හායි, වූ ජූ.</font>

243
00:15:37,589 --> 00:15:40,688
<font color="#ffbf46">අපිව එක්කගෙන ආවට ස්තුතියි.</font>

244
00:15:40,688 --> 00:15:42,422
<font color="#ffbf46">මම කොහොමත් ඒක කරනවනේ.</font>

245
00:15:42,422 --> 00:15:46,315
<font color="#ffbf46">ඔයා අර වැඩටම ඇබ්බැහි වුණු බොස් එක්ක
වැඩ වලම හැංගිලානේ හිටියේ.</font>

246
00:15:46,315 --> 00:15:48,369
<font color="#ffbf46">නේද?</font>

247
00:15:48,369 --> 00:15:49,573
<font color="#ffbf46">ඔව්,</font>

248
00:15:49,573 --> 00:15:51,806
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

249
00:15:51,806 --> 00:15:52,859
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

250
00:15:52,859 --> 00:15:55,768
<font color="#ffbf46">ඔයා හැමදාම වැඩ ඉවර වෙලා මෙයාව ගන්න එනවද?</font>

251
00:15:55,768 --> 00:15:56,808
<font color="#ffbf46">ඒක ගොඩක් මහන්සි ඇති.</font>

252
00:15:56,808 --> 00:15:59,815
<font color="#ffbf46">පුළුවන් හැම වෙලාවෙම මම එහෙම කරන්න උත්සාහ කරනවා.</font>

253
00:15:59,815 --> 00:16:02,367
<font color="#ffbf46">මට හිතෙන්නේ මට එයා එක්ක ඉන්න කාලය මදි කියලා.</font>

254
00:16:02,367 --> 00:16:04,173
<font color="#ffbf46">ඒ නිසා ගෙදර යන ගමනේදී හරි,</font>

255
00:16:04,173 --> 00:16:06,593
<font color="#ffbf46">අපිට කතා කරන්න පුළුවන්නේ.</font>

256
00:16:07,446 --> 00:16:10,623
<font color="#ffbf46">ඔයා හොඳට කරනවා, වූ හ්යුන් ජින්.</font>

257
00:16:10,623 --> 00:16:12,519
<font color="#ffbf46">ඒක ඇත්තටම විශිෂ්ටයි.</font>

258
00:16:27,042 --> 00:16:29,434
<font color="#ffbf46">බොහොම ස්තුතියි.</font>

259
00:16:29,434 --> 00:16:31,591
<font color="#ffbf46">මට පොඩ්ඩකට උඩට එන්න පුළුවන්ද?</font>

260
00:16:31,591 --> 00:16:32,759
<font color="#ffbf46">මොකක්?</font>

261
00:16:32,759 --> 00:16:34,632
<font color="#ffbf46">බෑ.</font>

262
00:16:37,638 --> 00:16:38,735
<font color="#ffbf46">ආ, මට තේරුණා.</font>

263
00:16:38,735 --> 00:16:41,894
<font color="#ffbf46">ඔයා දොරේ ලොක් එක මාරු කරනවා නේද.</font>

264
00:16:41,894 --> 00:16:44,167
<font color="#ffbf46">එහෙනම් ඔයා හිතුවේ මම ඇයි උඩට ආවේ කියලාද?</font>

265
00:16:44,167 --> 00:16:45,898
<font color="#ffbf46">නෑ, මම අදහස් කළේ...</font>

266
00:16:45,898 --> 00:16:49,295
<font color="#ffbf46">මම ඇත්තටම වැරදි විදියට මුකුත් හිතුවේ නෑ.</font>

267
00:16:49,295 --> 00:16:51,878
<font color="#ffbf46">ඔයා ගාව ඩ්‍රිල් එකක් තියෙනවද?</font>

268
00:16:51,878 --> 00:16:53,992
<font color="#ffbf46">මේක වැඩ කරන්නේ නෑ.</font>

269
00:16:53,992 --> 00:16:56,658
<font color="#ffbf46">ඔව් තියෙනවා. පොඩ්ඩක් ඉන්න.</font>

270
00:17:34,065 --> 00:17:36,742
<font color="#ffbf46">මම ආවා. ඇයි මේ දොර...</font>

271
00:17:38,862 --> 00:17:40,995
<font color="#ffbf46">ආ, ඔයා ආවද.</font>

272
00:17:46,598 --> 00:17:48,492
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

273
00:17:50,263 --> 00:17:52,964
<font color="#ffbf46">ඔයා මේ මහ රෑ මෙහේ මොකද කරන්නේ?</font>

274
00:17:54,593 --> 00:17:56,453
<font color="#ffbf46">මෙයා දොරේ ලොක් එක මාරු කරනවා.</font>

275
00:17:56,453 --> 00:17:58,458
<font color="#ffbf46">ඔයා දන්නවනේ, මෙයානේ ගෙවල් අයිතිකාරයා.</font>

276
00:17:58,458 --> 00:18:01,014
<font color="#ffbf46">මම මේක සිකියුරිටි ලොක් එකකට මාරු කරනවා.</font>

277
00:18:01,014 --> 00:18:03,179
<font color="#ffbf46">ආරක්ෂාවට.</font>

278
00:18:21,485 --> 00:18:23,956
<font color="#ffbf46">මේක හයි කරන්න නම් ඔයා ඕක කෙලින් අල්ලගෙන ඉන්න ඕනේ.</font>

279
00:18:23,956 --> 00:18:24,987
<font color="#ffbf46">ඒක ඇදයි.</font>

280
00:18:24,987 --> 00:18:26,183
<font color="#ffbf46">පොඩ්ඩක් අතාරින්න.</font>

281
00:18:26,183 --> 00:18:27,268
<font color="#ffbf46">බලෙන් කරන්න එපා.</font>

282
00:18:27,268 --> 00:18:28,426
<font color="#ffbf46">ඒක එළියට පැනලනේ තියෙන්නේ.</font>

283
00:18:28,426 --> 00:18:30,050
<font color="#ffbf46">දැක්කද? ඒක ඇදයි.</font>

284
00:18:30,050 --> 00:18:32,481
<font color="#ffbf46">හදන්න ඒක.
ඒ ඔයා නිකන්ම හයි කරපු නිසා.</font>

285
00:18:32,481 --> 00:18:33,701
<font color="#ffbf46">මොකක්ද, එහෙනම් මම ඒක කරනකොට</font>

286
00:18:33,701 --> 00:18:36,674
<font color="#ffbf46">"මෙන්න එනවා" කියලා කියන්න ඕනෙද?</font>

287
00:18:40,754 --> 00:18:42,617
<font color="#ffbf46">පුතේ. මේක ඇදයි නේද?</font>

288
00:18:43,896 --> 00:18:47,322
<font color="#ffbf46">දැක්කද? ළමයි බොරු කියන්නේ නෑ.</font>

289
00:18:49,249 --> 00:18:51,243
<font color="#ffbf46">මෙහෙට එන්න. එතන ඉන්න එක හොඳ නෑ.</font>

290
00:18:51,243 --> 00:18:52,829
<font color="#ffbf46">හියුන් ජින්.</font>

291
00:18:52,829 --> 00:18:54,461
<font color="#ffbf46">ඔව්?
එයා කොහේද ගියේ?</font>

292
00:18:54,461 --> 00:18:55,587
<font color="#ffbf46">මෙහෙට එන්න.</font>

293
00:18:55,587 --> 00:18:58,608
<font color="#ffbf46">නිදිමතද?
එන්න.</font>

294
00:18:58,608 --> 00:19:00,217
<font color="#ffbf46">ඇඟේ මොනවා හරි ගෑවිලාද?</font>

295
00:19:00,217 --> 00:19:03,652
<font color="#ffbf46">ඔයා මොනවද මේ ගාගත්තේ, සුන් වූ ජූ?</font>

296
00:19:03,652 --> 00:19:04,769
<font color="#ffbf46">වූ ජූ.</font>

297
00:19:04,769 --> 00:19:06,807
<font color="#ffbf46">මෙන්න.</font>

298
00:19:06,807 --> 00:19:08,773
<font color="#ffbf46">ඔහොම ඉන්න.</font>

299
00:19:11,207 --> 00:19:13,529
<font color="#ffbf46">පරිස්සමින් යන්න.</font>

300
00:19:13,529 --> 00:19:16,570
<font color="#ffbf46">හියුන් ජින්ට මොනවා හරි වුණොත්,</font>

301
00:19:16,570 --> 00:19:18,790
<font color="#ffbf46">කරුණාකරලා මට කියන්න.</font>

302
00:19:20,031 --> 00:19:22,642
<font color="#ffbf46">මෑතකදී මේ බිල්ඩින් එකේ ගොඩක් දේවල් සිද්ධ වුණා.</font>

303
00:19:22,642 --> 00:19:24,819
<font color="#ffbf46">මට බයයි.</font>

304
00:19:26,402 --> 00:19:29,307
<font color="#ffbf46">ඒක ඔයාට අදාළ දෙයක් නෙමෙයිනේ.</font>

305
00:19:29,307 --> 00:19:31,414
<font color="#ffbf46">මම ඒ ගැන බලාගන්නම්.</font>

306
00:19:31,414 --> 00:19:33,734
<font color="#ffbf46">මගේ පවුලේ දේවල් වලට ඇඟිලි ගහන්න එපා.</font>

307
00:19:33,734 --> 00:19:37,115
<font color="#ffbf46">මම හියුන් ජින්ට කරදරයක් වෙන්න දෙන්නේ නෑ.</font>

308
00:19:37,115 --> 00:19:39,444
<font color="#ffbf46">මට ඒ ගැන විශ්වාසයි.</font>

309
00:19:39,444 --> 00:19:41,331
<font color="#ffbf46">එතකොට ඔයා?</font>

310
00:19:41,331 --> 00:19:43,284
<font color="#ffbf46">ඔයාට විශ්වාසද?</font>

311
00:19:43,284 --> 00:19:44,345
<font color="#ffbf46">මොකක්ද?</font>

312
00:19:44,345 --> 00:19:46,282
<font color="#ffbf46">ඔයාගේ තාත්තා.</font>

313
00:19:46,282 --> 00:19:48,515
<font color="#ffbf46">එයා ගැන මට බයයි.</font>

314
00:19:48,515 --> 00:19:52,683
<font color="#ffbf46">ඔයාලා අතර කිසිම සම්බන්ධයක් නෑ වගේ තමයි මට තේරුණේ.</font>

315
00:19:52,683 --> 00:19:54,629
<font color="#ffbf46">අනික මට තාම තේරෙන්නේ නෑ</font>

316
00:19:54,629 --> 00:19:58,649
<font color="#ffbf46">ඇයි එයා හිස් ගෙයක් ඇතුළේ හිටියේ කියලා.</font>

317
00:20:01,896 --> 00:20:04,052
<font color="#ffbf46">අඩුම තරමේ, ඔයා මෙහේ ජීවත් වෙන කාලේදීවත්,</font>

318
00:20:04,052 --> 00:20:07,659
<font color="#ffbf46">හියුන් ජින්ව අනතුරේ දාන්නේ නෑ කියලා සහතික වෙන්න</font>

319
00:20:07,659 --> 00:20:09,866
<font color="#ffbf46">ඔයා නිසා.</font>

320
00:20:30,705 --> 00:20:31,956
<font color="#ffbf46">ඇත්තටමද?</font>

321
00:20:31,956 --> 00:20:33,624
<font color="#ffbf46">මට හරිම සතුටුයි.</font>

322
00:20:33,624 --> 00:20:34,625
<font color="#ffbf46">මම කවදද පටන්ගන්න ඕනේ?</font>

323
00:20:35,710 --> 00:20:38,629
<font color="#ffbf46">ඒමි චූ යටතේ වැඩ කරන්න ලැබුණු එක මට අදහාගන්නත් බෑ.</font>

324
00:20:38,629 --> 00:20:41,090
<font color="#ffbf46">කොහොමත් ඔයාට ගොඩක්ම වැඩ කරන්න වෙන්නේ මමත් එක්ක තමයි.</font>

325
00:20:41,090 --> 00:20:42,605
<font color="#ffbf46">ඔයාට ඒක අවුලක් නෑ නේද?
මම...</font>

326
00:20:42,605 --> 00:20:46,429
<font color="#ffbf46">ඔයා ප්‍රධාන තැන ගන්න මේ ඓතිහාසික අවස්ථාව මට මගහරින්න බෑ.</font>

327
00:20:46,429 --> 00:20:50,757
<font color="#ffbf46">අනික මගේ රෙසියුමේ එකට "ෆිල්ම් ප්ලූටෝ" කියලත් දාන්න පුළුවන්.</font>

328
00:20:52,011 --> 00:20:53,394
<font color="#ffbf46">මම මේක අම්මාට කියන්න ඕනේ.</font>

329
00:20:53,394 --> 00:20:55,547
<font color="#ffbf46">මම ගෙදරට කතා කරනවා.</font>

330
00:21:01,444 --> 00:21:03,124
<font color="#ffbf46">ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.</font>

331
00:21:04,530 --> 00:21:07,324
<font color="#ffbf46">ඔයාට අන්තිමේදී ලීඩ් එක ලැබුණා.</font>

332
00:21:07,324 --> 00:21:09,310
<font color="#ffbf46">ඔයා මේක සමරන්න ඕනේ.</font>

333
00:21:09,310 --> 00:21:12,370
<font color="#ffbf46">ඒ වෙනුවට ඔයා ඉන්නේ බොන්න ඕනේ වෙලා වගේ.</font>

334
00:21:13,122 --> 00:21:15,091
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නේ?</font>

335
00:21:15,750 --> 00:21:18,123
<font color="#ffbf46">ඔයාට හොඳ ඉවක් තියෙන්නේ.</font>

336
00:21:19,687 --> 00:21:21,610
<font color="#ffbf46">ඇත්තටම...</font>

337
00:21:22,583 --> 00:21:26,145
<font color="#ffbf46">මගේ තාත්තා කියලා කියාගත්ත කෙනෙක් ටිකකට කලින් ආවා.</font>

338
00:21:27,386 --> 00:21:29,335
<font color="#ffbf46">ඔයාගේ තාත්තා?</font>

339
00:21:30,014 --> 00:21:33,788
<font color="#ffbf46">ඔයා එයා ගැන මට කවදාවත් කියලා තියෙනවා කියලා මම හිතන්නේ නෑ.</font>

340
00:21:33,788 --> 00:21:36,695
<font color="#ffbf46">එයා ගෙදර හිටියේම නැති තරම්.</font>

341
00:21:38,856 --> 00:21:41,317
<font color="#ffbf46">තමන්ට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා එයා දැනගෙන හිටියා,</font>

342
00:21:41,317 --> 00:21:44,703
<font color="#ffbf46">ඒත් එයා ප්‍රශ්න ඇති කරලා පුළුවන් හැම වෙලාවෙම අතුරුදහන් වුණා.</font>

343
00:21:46,113 --> 00:21:49,253
<font color="#ffbf46">එදා එයා අපිව දාලා ගියා, දැන් එයා ආයෙත් ඇවිල්ලා.</font>

344
00:21:50,409 --> 00:21:53,002
<font color="#ffbf46">හැමතිස්සෙම දැනුණේ ඒ විදියටයි.</font>

345
00:21:54,580 --> 00:21:57,374
<font color="#ffbf46">මම ගෙදර ඉන්නකොට පවා,</font>

346
00:21:57,374 --> 00:22:00,760
<font color="#ffbf46">මට දැනුණේ මගේ හිත වෙන කොහේ හරි තියෙනවා වගේ.</font>

347
00:22:04,048 --> 00:22:06,182
<font color="#ffbf46">ඔයාට ඒක තේරෙන එකක් නෑ.</font>

348
00:22:07,965 --> 00:22:09,751
<font color="#ffbf46">එතකොට දැන්?</font>

349
00:22:09,751 --> 00:22:11,043
<font color="#ffbf46">දැන්?</font>

350
00:22:11,043 --> 00:22:13,891
<font color="#ffbf46">ඔයා දැන් ඉන්න ගෙදරත්,</font>

351
00:22:13,891 --> 00:22:16,852
<font color="#ffbf46">ඔයාට තාමත් ඒ විදියටමද දැනෙන්නේ?</font>

352
00:22:16,852 --> 00:22:19,154
<font color="#ffbf46">දැන්...</font>

353
00:22:21,690 --> 00:22:24,184
<font color="#ffbf46">නෑ.</font>

354
00:22:24,184 --> 00:22:26,657
<font color="#ffbf46">ඒ තැන ඇත්තටම මට මගේ ගෙදර වගේ දැනෙනවා.</font>

355
00:22:28,239 --> 00:22:31,759
<font color="#ffbf46">සමහර වෙලාවට ඒක නියම පවුලක් වගේමත් දැනෙනවා.</font>

356
00:22:35,092 --> 00:22:37,854
<font color="#ffbf46">මම වඩාත් බය වෙන්නේ අන්න ඒ නිසයි.</font>

357
00:22:39,787 --> 00:22:42,820
<font color="#ffbf46">මම ඒක විනාශ කරයි කියලා මට බයයි.</font>

358
00:22:45,457 --> 00:22:46,530
<font color="#ffbf46">දෙවියනේ.</font>

359
00:22:46,530 --> 00:22:48,092
<font color="#ffbf46">එයා මීට කලින් මේක විසි කරන්න තිබුණේ.</font>

360
00:22:48,092 --> 00:22:50,757
<font color="#ffbf46">අපිට ඩූ සික්ව ඕනෙ වෙන වෙලාවට එයා කවදාවත් නෑ.</font>

361
00:22:50,757 --> 00:22:52,123
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.
අපි මේක අයින් කරලා දාමු.</font>

362
00:22:52,123 --> 00:22:53,806
<font color="#ffbf46">ඕක බිමින් තියන්න.</font>

363
00:22:53,806 --> 00:22:55,099
<font color="#ffbf46">ඒක ගොඩක් බරයි. නේද?</font>

364
00:22:55,099 --> 00:22:56,225
<font color="#ffbf46">මම මේක ගන්නම්.</font>

365
00:22:56,225 --> 00:22:58,627
<font color="#ffbf46">දෙවියනේ.</font>

366
00:22:58,627 --> 00:23:01,730
<font color="#ffbf46">ආ, බොහොම ස්තුතියි.</font>

367
00:23:01,730 --> 00:23:03,941
<font color="#ffbf46">මම එයාව මීට කලින් දැකලා තියෙනවා කියලා හිතෙන්නේ නෑ.</font>

368
00:23:03,941 --> 00:23:05,207
<font color="#ffbf46">මේ කවුද?
මේ...</font>

369
00:23:05,207 --> 00:23:09,920
<font color="#ffbf46">මෙයා... වූ ජූගෙ මාමගෙ තාත්තා.</font>

370
00:23:12,575 --> 00:23:13,661
<font color="#ffbf46">හෙලෝ.</font>

371
00:23:13,661 --> 00:23:15,061
<font color="#ffbf46">ගොඩක් ස්තුතියි.</font>

372
00:23:15,061 --> 00:23:16,662
<font color="#ffbf46">හෙලෝ.
ඔව්.</font>

373
00:23:16,662 --> 00:23:17,705
<font color="#ffbf46">අද උදේ,</font>

374
00:23:17,705 --> 00:23:21,235
<font color="#ffbf46">කොහේ ඉඳන් ආවද මන්දා කාර් එකක් ඇවිත් ළමයිව හැප්පෙන්න ගියා.</font>

375
00:23:21,235 --> 00:23:22,960
<font color="#ffbf46">මෙයා තමයි එයාලව බේරගත්තේ.</font>

376
00:23:22,960 --> 00:23:25,439
<font color="#ffbf46">මම ඇත්තටම ඒකට ණයගැතියි.</font>

377
00:23:25,439 --> 00:23:28,183
<font color="#ffbf46">ඒත් ඔයා ඇයි තාමත් මෙතන ඉන්නේ?</font>

378
00:23:28,183 --> 00:23:30,801
<font color="#ffbf46">කවුරුත් ගෙදර නැද්ද?</font>

379
00:23:30,801 --> 00:23:33,034
<font color="#ffbf46">ඒක... ටිකක් සංකීර්ණයි.</font>

380
00:23:34,555 --> 00:23:35,806
<font color="#ffbf46">මම හිතන්නේ</font>

381
00:23:35,806 --> 00:23:38,078
<font color="#ffbf46">ටේ හියුන්ග් මාව දකින්න කැමති නෑ.</font>

382
00:23:38,078 --> 00:23:39,310
<font color="#ffbf46">මොකක්?</font>

383
00:23:39,310 --> 00:23:44,023
<font color="#ffbf46">පුතෙක් තමන්ගෙ තාත්තාව දකින්න අකමැති වෙන්නේ ඇයි?</font>

384
00:23:44,023 --> 00:23:47,067
<font color="#ffbf46">සල්ලි පස්සේ යන එකෙන් මම හිටියේ ගොඩක් කාර්යබහුල වෙලා.</font>

385
00:23:47,067 --> 00:23:50,140
<font color="#ffbf46">මම ඒ තරම් හොඳ තාත්තා කෙනෙක් වුණේ නෑ.</font>

386
00:23:51,268 --> 00:23:53,657
<font color="#ffbf46">මම ඇත්තටම ඒකට සුදුසුත් නෑ.</font>

387
00:23:53,657 --> 00:23:56,160
<font color="#ffbf46">එයාට දැනෙන විදිය මට තේරෙනවා.</font>

388
00:23:56,160 --> 00:23:57,912
<font color="#ffbf46">මම සතුටු වෙන්නම්</font>

389
00:23:57,912 --> 00:24:00,547
<font color="#ffbf46">එයාව ඈතින් හරි දැකගන්න ලැබෙන එක ගැන.</font>

390
00:24:00,547 --> 00:24:03,695
<font color="#ffbf46">සුදුසු නෑ කියන්නේ මොකක්ද?</font>

391
00:24:03,695 --> 00:24:07,796
<font color="#ffbf46">තමන්ගෙ ළමයාව දකින්න පුළුවන් කම
තියෙනවනම්, පුළුවන් තරම් එයාලව දකින්න ඕනේ.</font>

392
00:24:07,796 --> 00:24:11,508
<font color="#ffbf46">ඒ පසුතැවීමත් එක්ක පස්සේ එයා කොහොම ජීවත් වෙන්නද?</font>

393
00:24:11,508 --> 00:24:14,589
<font color="#ffbf46">ආ, අර ඉන්නේ වූ ජූගෙ නැන්දා.</font>

394
00:24:14,589 --> 00:24:16,426
<font color="#ffbf46">වූ ජූ!</font>

395
00:24:18,274 --> 00:24:20,075
<font color="#ffbf46">හරිම හුරතල්.</font>

396
00:24:25,814 --> 00:24:27,274
<font color="#ffbf46">ඉතින්...</font>

397
00:24:27,274 --> 00:24:30,402
<font color="#ffbf46">එදා වුණ දේට මම ආයෙත් සමාව ඉල්ලනවා.</font>

398
00:24:30,402 --> 00:24:32,080
<font color="#ffbf46">මම ඔයාව ගොඩක් බය කළා නේද?</font>

399
00:24:32,080 --> 00:24:34,340
<font color="#ffbf46">ආ, ඒකට කමක් නෑ.</font>

400
00:24:34,990 --> 00:24:37,326
<font color="#ffbf46">අනික, ඔයාට පුළුවන් සාමාන්‍ය විදියට කතා කරන්න.</font>

401
00:24:37,326 --> 00:24:42,584
<font color="#ffbf46">මම අලුතෙන් අඳුරගත්ත කෙනෙක් එක්ක
එහෙම කතා කරන්න එච්චර දක්ෂ නෑ.</font>

402
00:24:42,584 --> 00:24:45,000
<font color="#ffbf46">ඔයා කැමති නම්, මම තවත් සාමාන්‍ය විදියට කතා කරන්නම්.</font>

403
00:24:45,000 --> 00:24:46,001
<font color="#ffbf46">ඒක නෙමෙයි,</font>

404
00:24:46,001 --> 00:24:47,962
<font color="#ffbf46">මේ පොඩි කෙනාගේ නම මොකක්ද?</font>

405
00:24:47,962 --> 00:24:49,964
<font color="#ffbf46">වූ ජූ. සුන් වූ ජූ.</font>

406
00:24:49,964 --> 00:24:51,766
<font color="#ffbf46">වූ ජූ.</font>

407
00:24:53,249 --> 00:24:57,038
<font color="#ffbf46">මම එයාව වඩාගත්තට කමක් නැද්ද?</font>

408
00:25:01,350 --> 00:25:02,888
<font color="#ffbf46">පුළුවන්.</font>

409
00:25:02,888 --> 00:25:05,069
<font color="#ffbf46">මේක ඕනෙද?</font>

410
00:25:08,540 --> 00:25:09,775
<font color="#ffbf46">වූ ජූ. මෙහෙට එන්න.</font>

411
00:25:09,775 --> 00:25:11,217
<font color="#ffbf46">ඔන්න.</font>

412
00:25:11,217 --> 00:25:12,444
<font color="#ffbf46">හොඳ ළමයා.</font>

413
00:25:12,444 --> 00:25:13,821
<font color="#ffbf46">හෙලෝ.</font>

414
00:25:13,821 --> 00:25:15,270
<font color="#ffbf46">වූ ජූ,</font>

415
00:25:15,270 --> 00:25:17,506
<font color="#ffbf46">ඔයා දන්නවද මම කවුද කියලා?</font>

416
00:25:17,506 --> 00:25:20,041
<font color="#ffbf46">නෑ.
එයා නෑ කියනවා.</font>

417
00:25:20,965 --> 00:25:23,953
<font color="#ffbf46">එයා ලස්සන ළමයෙක්.</font>

418
00:25:23,953 --> 00:25:26,709
<font color="#ffbf46">එයා පොඩි කාලේ හිටපු වූ ජින් වගේමයි.</font>

419
00:25:26,709 --> 00:25:28,252
<font color="#ffbf46">නේද?</font>

420
00:25:28,252 --> 00:25:30,212
<font color="#ffbf46">එයා ඇත්තටම වූ ජින් වගේමයි.</font>

421
00:25:30,212 --> 00:25:32,624
<font color="#ffbf46">විශේෂයෙන්ම ඒ නහය.</font>

422
00:25:32,624 --> 00:25:36,566
<font color="#ffbf46">ඒක පොඩි කාලේ වූ ජින්ට තිබුණ නහය වගේමයි.</font>

423
00:25:39,930 --> 00:25:41,348
<font color="#ffbf46">ඇත්තටම,</font>

424
00:25:41,348 --> 00:25:44,150
<font color="#ffbf46">ටේ හියුන්ග් ගිය පාර මට කිව්වා</font>

425
00:25:46,562 --> 00:25:49,948
<font color="#ffbf46">අපි ආයේ කවදාවත් මුණගැහෙන්නේ
නෑ කියලා එයා ප්‍රාර්ථනා කරනවා කියලා.</font>

426
00:25:51,841 --> 00:25:54,403
<font color="#ffbf46">එයා එහෙම කිව්වද?</font>

427
00:25:54,403 --> 00:25:56,363
<font color="#ffbf46">ඔයා දන්නවද,</font>

428
00:25:56,363 --> 00:25:59,629
<font color="#ffbf46">ඒ විදියට දෙමව්පියන් සහ දරුවන් අතර
තියෙන බැඳීමක් නිකන්ම කඩලා දාන්න බෑ.</font>

429
00:26:00,284 --> 00:26:02,494
<font color="#ffbf46">මම එයාගේ මූණ දැක්ක ගමන්,</font>

430
00:26:02,494 --> 00:26:04,965
<font color="#ffbf46">මට ආයෙත් එයාලව දකින්න ඕනෙ වෙනවා.</font>

431
00:26:06,123 --> 00:26:08,364
<font color="#ffbf46">මට ඕනේ හදාගන්න</font>

432
00:26:08,364 --> 00:26:10,707
<font color="#ffbf46">මම කරපු හැම වැරැද්දක්ම.</font>

433
00:26:11,545 --> 00:26:13,555
<font color="#ffbf46">ඒක තමයි මට දැනෙන විදිය.</font>

434
00:26:14,965 --> 00:26:17,051
<font color="#ffbf46">ඉතින් එයා මාව දකින්න අකමැතියි කියලා දැන දැනත්,</font>

435
00:26:17,051 --> 00:26:19,437
<font color="#ffbf46">මම දිගටම එනවා.</font>

436
00:26:20,637 --> 00:26:22,790
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

437
00:26:27,644 --> 00:26:32,274
<font color="#ffbf46">මම මුළු කතාවම දන්නේ නෑ,</font>

438
00:26:32,274 --> 00:26:35,819
<font color="#ffbf46">ඒත් ටේ හියුන්ග්ට සමහරවිට කාලය ඕනේ වෙයි.</font>

439
00:26:35,819 --> 00:26:40,964
<font color="#ffbf46">ඒ වගේ බැමි එච්චර ලේසියෙන් කඩාගෙන වැටෙන්නේ නෑ.</font>

440
00:26:45,079 --> 00:26:48,047
<font color="#ffbf46">ඔයා හරි.</font>

441
00:26:48,791 --> 00:26:52,385
<font color="#ffbf46">කොහොමත් මේ ඔක්කොම මගේ වැරැද්ද.</font>

442
00:26:54,127 --> 00:27:02,221
<font color="#ffbf46">ඔයාට කවදාහරි මොකක් හරි පොඩි උදව්වක්
හරි ඕනෙ වුණොත්, කරුණාකරලා මට කියන්න.</font>

443
00:27:02,221 --> 00:27:05,841
<font color="#ffbf46">තරුණ කාලේදී ළමයෙක්ව හදාගන්න එක ලේසි නෑ.</font>

444
00:27:07,726 --> 00:27:09,632
<font color="#ffbf46">හරි.</font>

445
00:27:10,562 --> 00:27:11,661
<font color="#ffbf46">හේයි, වූ ජූ.</font>

446
00:27:11,661 --> 00:27:13,642
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

447
00:27:13,642 --> 00:27:15,150
<font color="#ffbf46">පොලිස් කාර් එකක්ද?</font>

448
00:27:15,150 --> 00:27:17,838
<font color="#ffbf46">ඒක නියමයිනේ.</font>

449
00:27:17,838 --> 00:27:19,631
<font color="#ffbf46">ඒක පියාඹන්නත් පුළුවන්ද?</font>

450
00:27:21,073 --> 00:27:22,199
<font color="#ffbf46">ඔයා දොර වැහුවා.</font>

451
00:27:22,199 --> 00:27:23,699
<font color="#ffbf46">පියාසර කරන්න සූදානම්.</font>

452
00:27:23,699 --> 00:27:25,985
<font color="#ffbf46">මෙන්න.</font>

453
00:27:26,829 --> 00:27:28,080
<font color="#ffbf46">මේක මටද?</font>

454
00:27:28,080 --> 00:27:29,895
<font color="#ffbf46">ඔයා තියාගන්න.</font>

455
00:27:30,958 --> 00:27:32,626
<font color="#ffbf46">හරි, සපත්තු ගලවමු.</font>

456
00:27:32,626 --> 00:27:34,086
<font color="#ffbf46">ඔක්කොම හරි. ඇතුළට යමු.</font>

457
00:27:34,086 --> 00:27:38,152
<font color="#ffbf46">සුන් වූ ජූ මහත්තයා, වැඩ ඉවර වෙලා ගෙදර ආවද?</font>

458
00:27:39,451 --> 00:27:41,521
<font color="#ffbf46">ඔයා පරක්කුයි.</font>

459
00:27:48,639 --> 00:27:50,492
<font color="#ffbf46">මොකක්?</font>

460
00:27:51,311 --> 00:27:53,105
<font color="#ffbf46">ඇත්තටම...</font>

461
00:27:53,105 --> 00:27:56,399
<font color="#ffbf46">මම ඔයාගේ තාත්තව හම්බුණා.</font>

462
00:27:56,399 --> 00:27:57,467
<font color="#ffbf46">මොකක්?</font>

463
00:27:57,467 --> 00:28:01,363
<font color="#ffbf46">ඒක නිකම්ම වුණේ. අපි අහම්බෙන් හම්බුණේ.</font>

464
00:28:01,363 --> 00:28:04,128
<font color="#ffbf46">එයා ඔයාට මොනවා හරි කිව්වද?
එයා සල්ලි ඉල්ලුවද?</font>

465
00:28:04,128 --> 00:28:05,284
<font color="#ffbf46">නැහැ, එහෙම දෙයක් නැහැ.</font>

466
00:28:05,284 --> 00:28:07,819
<font color="#ffbf46">එයා වැඩිය මුකුත් කිව්වේ නැහැ.</font>

467
00:28:08,700 --> 00:28:10,080
<font color="#ffbf46">එයාව දැක්කම පෙනුණේ</font>

468
00:28:10,080 --> 00:28:13,375
<font color="#ffbf46">වූ ජූව දැකලා ගොඩක් සතුටු වුණා වගේ.</font>

469
00:28:13,375 --> 00:28:14,937
<font color="#ffbf46">එයා මට කිව්වා</font>

470
00:28:14,937 --> 00:28:18,504
<font color="#ffbf46">ඔයාට එයාව ආයේ දකින්න ඕනේ නැහැ කියලා.</font>

471
00:28:19,590 --> 00:28:23,183
<font color="#ffbf46">ඒත් එයා කොහොම හරි ඇවිත්.
එයා කිව්වේ ඔයාව දකින්න විතරක් ඕනේ වුණා කියලා.</font>

472
00:28:23,183 --> 00:28:26,346
<font color="#ffbf46">ඉතින්... ඔයා එයාට වූ ජූව බලන්න දුන්නද?</font>

473
00:28:26,346 --> 00:28:29,725
<font color="#ffbf46">මම එයාව අතහැරියා කියලා ඔයා
දන්නවනේ. ඇයි එයා කියන දේවල් ඇහුවේ?</font>

474
00:28:29,725 --> 00:28:31,879
<font color="#ffbf46">ඔයාට තේරෙනවද කොච්චර...</font>

475
00:28:33,812 --> 00:28:34,938
<font color="#ffbf46">ඉතින්...</font>

476
00:28:34,938 --> 00:28:36,996
<font color="#ffbf46">එයාට ඕන වුණේ කතා කරන්න විතරයි.</font>

477
00:28:36,996 --> 00:28:38,734
<font color="#ffbf46">මම කොහොමද බැහැ කියන්නේ?</font>

478
00:28:38,734 --> 00:28:40,068
<font color="#ffbf46">අනික මොනවා වුණත්,</font>

479
00:28:40,068 --> 00:28:42,196
<font color="#ffbf46">එයා තාමත් ඔයාගේ තාත්තා.</font>

480
00:28:42,196 --> 00:28:45,272
<font color="#ffbf46">ඔයාට එක පාරක් හරි එයා කියන දේ අහන්න තිබුණා.</font>

481
00:28:45,272 --> 00:28:47,367
<font color="#ffbf46">මොනවා අහන්නද?</font>

482
00:28:47,367 --> 00:28:49,620
<font color="#ffbf46">ඇයි එයා අවුරුදු විස්සක්ම මාව හෙව්වේ නැත්තේ කියලාද?</font>

483
00:28:49,620 --> 00:28:51,580
<font color="#ffbf46">ඒකද කතාව?</font>

484
00:28:51,580 --> 00:28:55,616
<font color="#ffbf46">අවුරුදු නවයක ළමයෙක්ව ළමා නිවාසයක දාලා ගිහින්
කවදාවත් ආයේ ආවේ නැත්තේ ඇයි කියලාද?</font>

485
00:28:56,793 --> 00:28:58,546
<font color="#ffbf46">සන් වූ ජින් වුණත් එයා වුණත් දෙන්නම එකයි.</font>

486
00:28:58,546 --> 00:29:01,548
<font color="#ffbf46">ඒකට දෙන්න පුළුවන් නිදහසට කරුණ මොකක්ද?</font>

487
00:29:01,548 --> 00:29:03,646
<font color="#ffbf46">සමහරවිට...</font>

488
00:29:04,510 --> 00:29:07,590
<font color="#ffbf46">සමහරවිට වූ ජින්ට හේතුවක් තියෙන්න ඇති.</font>

489
00:29:08,430 --> 00:29:10,470
<font color="#ffbf46">හරි.</font>

490
00:29:11,934 --> 00:29:14,394
<font color="#ffbf46">එහෙනම් මාව දාලා යන්නත් හේතුවක් තියෙන්න ඇති.</font>

491
00:29:14,394 --> 00:29:15,979
<font color="#ffbf46">මම එහෙම දෙයක් නෙවෙයි අදහස් කළේ.</font>

492
00:29:15,979 --> 00:29:19,399
<font color="#ffbf46">මම ඒ ගැන නිතරම කල්පනා කළා.</font>

493
00:29:19,399 --> 00:29:20,943
<font color="#ffbf46">මම කරපු වැරැද්ද මොකක්ද?</font>

494
00:29:20,943 --> 00:29:23,432
<font color="#ffbf46">මොකක් නිසාද මගේ අයියා, මගේ තාත්තා</font>

495
00:29:24,243 --> 00:29:26,822
<font color="#ffbf46">මාව අතහැරලා දැම්මේ?</font>

496
00:29:27,741 --> 00:29:30,394
<font color="#ffbf46">මම අවුරුදු ගාණක් තිස්සේ ඒ ගැන හිතුවා.</font>

497
00:29:31,662 --> 00:29:34,382
<font color="#ffbf46">ඒත් මම තාම ඒක දන්නේ නැහැ.</font>

498
00:29:38,330 --> 00:29:40,323
<font color="#ffbf46">ඇත්තටම කිව්වොත්...</font>

499
00:29:42,256 --> 00:29:45,496
<font color="#ffbf46">සන් වූ ජින් මාව ආයේ එක්කන් යන්න එනවා කිව්වම...</font>

500
00:29:47,719 --> 00:29:49,912
<font color="#ffbf46">මම දැනගෙන හිටියා.</font>

501
00:29:52,015 --> 00:29:53,985
<font color="#ffbf46">ඒ කියන්නේ,</font>

502
00:29:54,870 --> 00:29:57,456
<font color="#ffbf46">"එයා කවදාවත් ආයේ එන්නේ නැහැ" කියලා.</font>

503
00:29:58,730 --> 00:30:01,171
<font color="#ffbf46">"ඉතින් මේ විදියට තමයි මාව තනි වෙන්නේ."</font>

504
00:30:02,484 --> 00:30:05,362
<font color="#ffbf46">ඒ නිසයි මම බලෙන්ම විශ්වාස කළේ</font>

505
00:30:05,362 --> 00:30:08,377
<font color="#ffbf46">මම බලාගෙන හිටියොත් එයා එයි කියලා.</font>

506
00:30:09,998 --> 00:30:13,717
<font color="#ffbf46">මම ඒක විශ්වාස කළේ නැත්නම්
මට පිස්සු හැදෙයි කියලා මට හිතුණා.</font>

507
00:30:16,919 --> 00:30:18,875
<font color="#ffbf46">තේ හ්යුන්ග්...</font>

508
00:30:18,875 --> 00:30:21,670
<font color="#ffbf46">මම ඒ විදියට නෙවෙයි අදහස් කළේ.</font>

509
00:30:21,670 --> 00:30:24,350
<font color="#ffbf46">මට මුළු තත්ත්වයම තේරුණේ නැහැ.</font>

510
00:30:30,679 --> 00:30:33,932
<font color="#ffbf46">මේ දේවල් ගැන කතා කරන එකත් දැන් මට වදයක්.</font>

511
00:30:34,850 --> 00:30:37,452
<font color="#ffbf46">ඒ නිසයි මම කවදාවත් එහෙම කළේ නැත්තේ.</font>

512
00:30:40,355 --> 00:30:42,550
<font color="#ffbf46">ඔයාවත්...</font>

513
00:30:43,358 --> 00:30:45,987
<font color="#ffbf46">මම හිතුවා ඔයා මගේ පැත්තේ ඉඳීවි කියලා.</font>

514
00:31:02,065 --> 00:31:05,839
<font color="#ffbf46">අප්පේ, හන්බි ෆුඩ්ස් ලා කරන දේවල් සැකයි නේද?</font>

515
00:31:05,839 --> 00:31:07,703
<font color="#ffbf46">කිසිම සදාචාරයක් නැහැ.</font>

516
00:31:07,703 --> 00:31:09,188
<font color="#ffbf46"></font>

517
00:31:09,188 --> 00:31:11,386
<font color="#ffbf46">හන්බි ෆුඩ්ස් ලා අපිට කලින් ඒක කළා.</font>

518
00:31:11,386 --> 00:31:13,805
<font color="#ffbf46">එයාලගේ යෝජනාවත් හරියටම අපේ එක වගේමයි.</font>

519
00:31:13,805 --> 00:31:16,715
<font color="#ffbf46">ඒ මෙනුවමයි. විකුණුම්කරුවොත් ඒ ගොල්ලොමයි.</font>

520
00:31:16,715 --> 00:31:18,435
<font color="#ffbf46">ඉතින් දැන් අපි මොකද කරන්නේ?</font>

521
00:31:18,435 --> 00:31:21,021
<font color="#ffbf46">අපේ විකුණුම්කරුවන් දැනටමත් අහනවා මොකද වෙන්නේ කියලා.</font>

522
00:31:21,021 --> 00:31:23,920
<font color="#ffbf46">දැනට, අපි එක්කෙනාට පුළුවන් දේවල් බලාගමු.</font>

523
00:31:24,632 --> 00:31:26,520
<font color="#ffbf46">හලෝ.</font>

524
00:31:33,992 --> 00:31:35,769
<font color="#ffbf46">ඔයා ප්ලැනින් ටීම්  3 ගැන ඇහුවද?</font>

525
00:31:35,769 --> 00:31:38,538
<font color="#ffbf46">එයාලගේ මුළු යෝජනාවම පිටවෙලා.</font>

526
00:31:38,538 --> 00:31:42,125
<font color="#ffbf46">හන්බි ෆුඩ්ස් ලා සැකයි තමයි, ඒත් කවුද ඒක කළේ?</font>

527
00:31:42,125 --> 00:31:44,117
<font color="#ffbf46">කවුද එයාලට ෆයිල්ස් දුන්නේ?</font>

528
00:31:44,117 --> 00:31:45,268
<font color="#ffbf46">ඔයා ඇහුවේ නැද්ද?</font>

529
00:31:45,268 --> 00:31:47,227
<font color="#ffbf46">ආරංචියේ හැටියට ඒ කණ්ඩායමේ
කොන්ත්‍රාත් පදනමට ඉන්න කෙනෙක්ලු.</font>

530
00:31:47,227 --> 00:31:49,257
<font color="#ffbf46">ඇත්තටම, ඒක ටිකක් සැක සහිතයි.</font>

531
00:31:49,257 --> 00:31:51,174
<font color="#ffbf46">ඒ වගේ සුදුසුකම් එක්ක එයා කොහොමද BS එකට ආවේ,</font>

532
00:31:51,174 --> 00:31:53,823
<font color="#ffbf46">අනික කොන්ත්‍රාත් සේවිකාවක් විදියට ප්‍රධාන
ව්‍යාපෘතියක් මෙහෙයවන්නේ කොහොමද?</font>

533
00:31:53,823 --> 00:31:57,265
<font color="#ffbf46">අනිත් එක මැනේජර් පාර්ක් හැමතිස්සෙම එයාව ආරක්ෂා කළා.</font>

534
00:31:57,265 --> 00:31:58,517
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

535
00:31:58,517 --> 00:32:01,895
<font color="#ffbf46">එයා මෙතනට ආවේ එයා නිසා නේද?</font>

536
00:32:01,895 --> 00:32:05,108
<font color="#ffbf46">දෙන්නම ගියේ එකම ඉස්කෝලෙට.
ඔව්.</font>

537
00:32:07,818 --> 00:32:09,486
<font color="#ffbf46">ඒ මම නෙවෙයි.</font>

538
00:32:09,486 --> 00:32:12,155
<font color="#ffbf46">මම ඒ යෝජනාව පිට කළේ නැහැ.</font>

539
00:32:12,155 --> 00:32:13,407
<font color="#ffbf46">අනික ඔයා කිව්වා වගේ,</font>

540
00:32:13,407 --> 00:32:15,142
<font color="#ffbf46">කොන්ත්‍රාත් සේවිකාවක් කොහොමද</font>

541
00:32:15,142 --> 00:32:18,194
<font color="#ffbf46">ඒ වගේ දෙයක් කරන්නේ?</font>

542
00:32:18,194 --> 00:32:20,539
<font color="#ffbf46">ඒ නිසාම නේද ඔයාට ඒක කරන්න පුළුවන් වුණේ?</font>

543
00:32:20,539 --> 00:32:21,679
<font color="#ffbf46">ඔයා ඉන්නේ කොන්ත්‍රාත් පදනම මත.</font>

544
00:32:21,679 --> 00:32:24,418
<font color="#ffbf46">ඔයාට කම්පැනිය ගැන
කිසිම හැඟීමක් නැතුව ඇති.</font>

545
00:32:24,418 --> 00:32:27,129
<font color="#ffbf46">අනික මාස කිහිපයකින් ඔයා කොහොමත් යනවනේ.</font>

546
00:32:27,129 --> 00:32:30,315
<font color="#ffbf46">මම ඒක කළා කියලා ඔයා ගාව සාක්ෂි තියෙනවද?</font>

547
00:32:30,315 --> 00:32:31,633
<font color="#ffbf46">ඉතින් ඔයා කියන විදියට,</font>

548
00:32:31,633 --> 00:32:34,261
<font color="#ffbf46">ඔයා ඒක කළේ නැහැ කියලත් සාක්ෂි නැහැනේ.</font>

549
00:32:34,261 --> 00:32:36,638
<font color="#ffbf46">ඔයා අපිට හොරෙන් ඇහුම්කන් දීලා දැන් මේ වගේ හැසිරෙනවද?</font>

550
00:32:36,638 --> 00:32:38,591
<font color="#ffbf46">යමු.</font>

551
00:32:44,185 --> 00:32:48,449
<font color="#ffbf46"><i>මේක ස්ථිර සේවකයින්ගේ ගෲප් එක,
දේවල් ටිකක් අවුල් වේගෙන යන්නේ.</i></font>

552
00:32:48,449 --> 00:32:50,352
<font color="#ffbf46"><i>කරුණාකරලා ඔයාලගේ ෆයිල්ස් මීට වඩා පරිස්සමෙන් පාවිච්චි කරන්න.</i></font>

553
00:32:50,352 --> 00:32:52,904
<font color="#ffbf46"><i>හැන්බි ෆුඩ් ලා එයාව බඳවා ගන්නත් හැදුවා කියලා මට ආරංචියි.</i></font>

554
00:32:52,904 --> 00:32:55,790
<font color="#ffbf46"><i>එහෙනම් එයා තමයි ඒක පිට කළේ කියලා ඔප්පු වෙනවා.</i></font>

555
00:33:04,583 --> 00:33:07,210
<font color="#ffbf46">මට හිතුණා ඔයා මෙතන ඇති කියලා.</font>

556
00:33:07,210 --> 00:33:09,516
<font color="#ffbf46">ඔයා මෙතන ඉන්නවා.</font>

557
00:33:13,091 --> 00:33:16,477
<font color="#ffbf46">මට පොඩ්ඩක් නිදහසේ ඉන්න ඕන වුණා.</font>

558
00:33:28,231 --> 00:33:31,109
<font color="#ffbf46">කටකතා ගැන වැඩිය හිතන්න එපා.</font>

559
00:33:31,109 --> 00:33:33,278
<font color="#ffbf46">මේක අපේ ව්‍යාපෘතිය.</font>

560
00:33:33,278 --> 00:33:36,364
<font color="#ffbf46">ඔයා ඔයාගේ උපරිමය කරනවා.</font>

561
00:33:39,534 --> 00:33:41,828
<font color="#ffbf46">මම ඇත්තටම හොඳින් ඉන්නවා.</font>

562
00:33:41,828 --> 00:33:44,492
<font color="#ffbf46">ඔයා මාත් එක්ක බොරු කරන්න ඕනේ නැහැ.</font>

563
00:33:44,492 --> 00:33:48,785
<font color="#ffbf46">අමාරුයි නම්, අමාරුයි කියලා කියන්න.</font>

564
00:33:50,378 --> 00:33:53,423
<font color="#ffbf46">සමහර වෙලාවට,</font>

565
00:33:53,423 --> 00:33:56,718
<font color="#ffbf46">මගෙන් උදව් ගන්න.</font>

566
00:33:56,718 --> 00:33:59,846
<font color="#ffbf46">මට ඕනේ ඔයාට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වෙන්න.</font>

567
00:33:59,846 --> 00:34:01,738
<font color="#ffbf46">හරිද?</font>

568
00:34:04,684 --> 00:34:06,737
<font color="#ffbf46">හරි, මම එහෙම කරන්නම්.</font>

569
00:34:07,354 --> 00:34:09,853
<font color="#ffbf46">හැමදාමත් වගේ, ස්තුතියි.</font>

570
00:34:17,897 --> 00:34:22,543
<font color="#ffbf46">ඇත්තම දක්ෂයෙක් හැදුවා වගේ පේන්නේ
මේකෙන් කොයි එකද?</font>

571
00:34:24,830 --> 00:34:26,665
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම දකුණු පැත්තේ තියෙන එක.</font>

572
00:34:26,665 --> 00:34:29,923
<font color="#ffbf46">ඒක අතින්ම හැදුවා වගේ පේනවා.</font>

573
00:34:31,169 --> 00:34:32,212
<font color="#ffbf46">හොඳයි.</font>

574
00:34:32,212 --> 00:34:35,938
<font color="#ffbf46">එහෙනම් අපි පිටවුණු
ඔක්කොම සංකල්ප ලිස්ට් එකෙන් අයින් කරමු.</font>

575
00:34:35,938 --> 00:34:39,255
<font color="#ffbf46">අපි එක කෑමක් ගැන විතරක් අවධානය දෙමු, ටියෝක්බොකි,</font>

576
00:34:39,255 --> 00:34:41,437
<font color="#ffbf46">ගොචුජැං වල රසය
හොඳටම දැනෙන කෑම.</font>

577
00:34:41,437 --> 00:34:44,182
<font color="#ffbf46">සාම්පල ලෑස්තියි,</font>

578
00:34:44,182 --> 00:34:46,393
<font color="#ffbf46">ඒ නිසා අපිට දැන්ම ඒවගේ රස බලන්න පටන් ගන්න පුළුවන්.</font>

579
00:34:46,393 --> 00:34:48,895
<font color="#ffbf46">එහෙනම් පුළුවන් තරම් ඉක්මනින්
රස බලන එක ලෑස්ති කරමු.</font>

580
00:34:48,895 --> 00:34:50,166
<font color="#ffbf46">මිස්. වූ හ්යුන් ජින්,</font>

581
00:34:50,166 --> 00:34:52,375
<font color="#ffbf46">දැන් ඉඳන් ඉදිරිපත් කිරීම
ලෑස්ති කරන එක ගැන විතරක් අවධානය දෙන්න.</font>

582
00:34:52,375 --> 00:34:55,235
<font color="#ffbf46">හරි, මම දැන්ම ඒක කරන්නම්.</font>

583
00:34:55,235 --> 00:34:57,904
<font color="#ffbf46">මම ඇහුවා ප්ලැනින් ටීම් 3 එකේ
කොන්ත්‍රාත් සේවිකාව තමයි ඒක කළේ කියලා.</font>

584
00:34:57,904 --> 00:35:00,532
<font color="#ffbf46">ඇත්තද?
ඔව්, ඔෆිස් එක පුරාම කතාව ඒකයි.</font>

585
00:35:00,532 --> 00:35:02,409
<font color="#ffbf46">තාවකාලික සේවිකාවක් විදිහට එයා හරි නිර්භීතයි.</font>

586
00:35:02,409 --> 00:35:04,911
<font color="#ffbf46">එයාට තරඟකාරී ආයතනයකට ඕවා දෙන්න බැහැනේ. නේද?</font>

587
00:35:04,911 --> 00:35:07,122
<font color="#ffbf46">මේ දවස්වල අලුතෙන් එන අයව විශ්වාස කරන්න බැහැ.</font>

588
00:35:07,122 --> 00:35:08,202
<font color="#ffbf46">ඒකනේ.</font>

589
00:35:08,202 --> 00:35:11,448
<font color="#ffbf46">මේකෙන් පස්සේ එයා කොහොමද මෙතන වැඩ කරන්නේ?</font>

590
00:35:16,423 --> 00:35:18,758
<font color="#ffbf46">ඔයාට අද රෑ වෙනකන් වැඩ කරන්න වෙයි නේද?</font>

591
00:35:19,522 --> 00:35:22,777
<font color="#ffbf46">ඔයාට පේනවනේ, දේවල් ගොඩක් අවුල් වුණා කියලා.</font>

592
00:35:24,431 --> 00:35:26,515
<font color="#ffbf46">ඊයේ දවස ගැන...</font>

593
00:35:27,392 --> 00:35:30,395
<font color="#ffbf46">මම ගොඩක් හැඟීම්බර වුණා.</font>

594
00:35:30,395 --> 00:35:32,647
<font color="#ffbf46">මම ඔයාගෙන් ඒක පිට කරන්න නරකයි.</font>

595
00:35:32,647 --> 00:35:34,345
<font color="#ffbf46">නැහැ.</font>

596
00:35:34,345 --> 00:35:38,231
<font color="#ffbf46">මම කතා කළේ මුළු කතාවම දන්නේ නැතුවයි.</font>

597
00:35:38,904 --> 00:35:41,156
<font color="#ffbf46">හ්යුන් ජින්.</font>

598
00:35:41,156 --> 00:35:42,925
<font color="#ffbf46">යමු.</font>

599
00:35:42,925 --> 00:35:44,915
<font color="#ffbf46">හරි.</font>

600
00:35:46,240 --> 00:35:47,541
<font color="#ffbf46">ඔයා කාර්යබහුලයි වගේ.</font>

601
00:35:47,541 --> 00:35:49,046
<font color="#ffbf46">ගිහින් ඒක බලාගන්න.</font>

602
00:35:49,046 --> 00:35:51,300
<font color="#ffbf46">ඔව්, මට තව මීටින් එකක් තියෙනවා.</font>

603
00:35:51,300 --> 00:35:53,573
<font color="#ffbf46">අපි පස්සේ කතා කරමු.</font>

604
00:36:04,337 --> 00:36:06,097
<font color="#ffbf46">යෝජනාවක් පිට වෙන්නේ කොහොමද?</font>

605
00:36:06,097 --> 00:36:08,808
<font color="#ffbf46">අපිට ග්ලෝමාර්කට් ගිවිසුම දිනන්නම වෙනවා.</font>

606
00:36:08,808 --> 00:36:10,685
<font color="#ffbf46">අපිට මේක නැති කරගන්න බැහැ.</font>

607
00:36:10,685 --> 00:36:12,270
<font color="#ffbf46">ඉදිරිපත් කිරීමේ වැඩ කටයුතු කොහොමද?</font>

608
00:36:12,270 --> 00:36:14,550
<font color="#ffbf46">ඔයා දන්නවනේ ඒක තමයි වැදගත්ම කොටස කියලා, නේද?</font>

609
00:36:14,550 --> 00:36:15,690
<font color="#ffbf46">ඔව්.</font>

610
00:36:15,690 --> 00:36:17,994
<font color="#ffbf46">මිස්. වූ හ්යුන් ජින් තමයි ඒක ලෑස්ති කරන්නේ.</font>

611
00:36:17,994 --> 00:36:19,894
<font color="#ffbf46">කවුරු?</font>

612
00:36:19,894 --> 00:36:22,687
<font color="#ffbf46">මමයි ඒක ලෑස්ති කරන්නේ, සර්.</font>

613
00:36:24,507 --> 00:36:25,951
<font color="#ffbf46">එයා වෙනුවට...</font>

614
00:36:25,951 --> 00:36:28,155
<font color="#ffbf46">ප්ලැනින් ටීම්  1 එකේ සහකාර කළමනාකාර චෝයි
ගැන මොකද හිතන්නේ?</font>

615
00:36:28,155 --> 00:36:30,222
<font color="#ffbf46">මම පහුගිය පාර දැක්ක විදියට,
එයාගේ විදේශීය පසුබිමත් එක්ක,</font>

616
00:36:30,222 --> 00:36:32,666
<font color="#ffbf46">එයාගේ ඉංග්‍රීසි ගොඩක් හොඳයි. ජාත්‍යන්තර මට්ටමටම තියෙනවා.</font>

617
00:36:32,666 --> 00:36:33,691
<font color="#ffbf46">එයා කොහොමද?</font>

618
00:36:33,691 --> 00:36:37,128
<font color="#ffbf46">අපේ ප්ලැනින් ටීම්  3 තමයි මේ ව්‍යාපෘතිය දියුණු කළේ</font>

619
00:36:37,128 --> 00:36:39,577
<font color="#ffbf46">මේක BS ප්‍රධාන ව්‍යාපෘතියක් විදියට
තෝරාගන්නත් කලින් ඉඳලම.</font>

620
00:36:39,577 --> 00:36:40,924
<font color="#ffbf46">ඉතින් ඒක තමයි හරි දේ</font>

621
00:36:40,924 --> 00:36:43,400
<font color="#ffbf46">අපේ කණ්ඩායමේ කෙනෙක්ම ඒක ඉදිරිපත් කරන එක.</font>

622
00:36:43,400 --> 00:36:45,679
<font color="#ffbf46">ඉදිරිපත් කරන කෙනා කම්පැනිය නියෝජනය කරනවා.</font>

623
00:36:45,679 --> 00:36:48,181
<font color="#ffbf46">අපිට ඒ මට්ටමේ කෙනෙක්ව තමයි එතනට ඕනේ.</font>

624
00:36:48,181 --> 00:36:50,287
<font color="#ffbf46">එයාව මාරු කරන්න.</font>

625
00:36:51,101 --> 00:36:52,352
<font color="#ffbf46">එහෙනම්...</font>

626
00:36:52,352 --> 00:36:54,813
<font color="#ffbf46">කරුණාකරලා ඔයාම ඒක බලලා තීරණය කරන්න.</font>

627
00:36:54,813 --> 00:36:56,356
<font color="#ffbf46">මොනවා බලන්නද?</font>

628
00:36:56,356 --> 00:36:58,733
<font color="#ffbf46">ප්ලැනින් ටීම්  1 එකේ සහකාර කළමනාකාර චෝයි
සහ කාර්ය මණ්ඩලයේ වූ හ්යුන් ජින්.</font>

629
00:36:58,733 --> 00:37:02,362
<font color="#ffbf46">කරුණාකරලා ඒ දෙන්නගේම ඉදිරිපත් කිරීම්
අහලා තීරණයක් ගන්න.</font>

630
00:37:02,362 --> 00:37:04,447
<font color="#ffbf46">කම්පැනියේ පැත්තෙන් බැලුවොත්,</font>

631
00:37:04,447 --> 00:37:05,991
<font color="#ffbf46">ඒක සාධාරණයි නේද</font>

632
00:37:05,991 --> 00:37:08,813
<font color="#ffbf46">මේ වගේ වැදගත් ඉදිරිපත් කිරීමකට
වඩාත්ම දක්ෂ කෙනාව යවන එක.</font>

633
00:37:08,813 --> 00:37:10,620
<font color="#ffbf46">සර් මොකද හිතන්නේ?</font>

634
00:37:10,620 --> 00:37:15,397
<font color="#ffbf46">ඉදිරිපත් කිරීමක් සඳහා ආයතනය ඇතුළේ
තරඟ කරන එක අලුත් දෙයක් නෙවෙයි.</font>

635
00:37:15,397 --> 00:37:19,683
<font color="#ffbf46">ඒක තමයි සාධාරණම ක්‍රමය.</font>

636
00:37:22,590 --> 00:37:24,300
<font color="#ffbf46">හොඳයි...</font>

637
00:37:24,300 --> 00:37:26,428
<font color="#ffbf46">ඒක නරක අදහසක් නෙවෙයි.</font>

638
00:37:26,428 --> 00:37:29,380
<font color="#ffbf46">මිස්. වූ හ්යුන් ජින්, ඔයාගේ අදහස මොකක්ද?</font>

639
00:37:30,640 --> 00:37:32,684
<font color="#ffbf46">මම ඒක කරන්නම්.</font>

640
00:37:32,684 --> 00:37:35,748
<font color="#ffbf46">මම සාධාරණව තරඟ කරන්නම්.</font>

641
00:37:35,748 --> 00:37:38,273
<font color="#ffbf46">එහෙනම්, ඔයා තමයි අපේ විලා එකේ වීරයා.</font>

642
00:37:38,273 --> 00:37:40,566
<font color="#ffbf46">ඔයා තමයි හොරාව ඇල්ලුවේ. නේද?</font>

643
00:37:40,566 --> 00:37:41,651
<font color="#ffbf46">නැහැ, නැහැ.</font>

644
00:37:41,651 --> 00:37:43,928
<font color="#ffbf46">මම එයාව ඇල්ලුවේ නැහැ.</font>

645
00:37:43,928 --> 00:37:46,364
<font color="#ffbf46">එයාලා කිව්වේ මගේ සාක්ෂිය උදව් වුණා කියලා විතරයි.</font>

646
00:37:46,364 --> 00:37:47,991
<font color="#ffbf46">ඒකත් එකයිනේ ඉතින්.</font>

647
00:37:47,991 --> 00:37:51,036
<font color="#ffbf46">ඒකනේ.
ඔව්.</font>

648
00:37:51,036 --> 00:37:54,552
<font color="#ffbf46">ඒත් අංකල්,</font>

649
00:37:54,552 --> 00:37:56,291
<font color="#ffbf46">ඔයා තාම වූ ජූගේ මාමා එක්ක යාළු වුණේ නැද්ද?</font>

650
00:37:56,291 --> 00:37:58,251
<font color="#ffbf46">ඒ මනුස්සයට කිසිම ගෞරවයක් නැහැ.</font>

651
00:37:58,251 --> 00:38:00,003
<font color="#ffbf46">ඒ කොල්ලට කිසිම හැදියාවක් නැහැ.</font>

652
00:38:00,003 --> 00:38:01,629
<font color="#ffbf46">මම එයාව දැක්ක පළවෙනි දවසේම මට ඒක තේරුණා.</font>

653
00:38:01,629 --> 00:38:03,209
<font color="#ffbf46">එයාට කිසිම හැදියාවක් නැහැ.</font>

654
00:38:03,209 --> 00:38:04,632
<font color="#ffbf46">ඔව්, එයා ටිකක් සැරයි.</font>

655
00:38:04,632 --> 00:38:06,885
<font color="#ffbf46">මම ඒකනේ කියන්නේ.</font>

656
00:38:06,885 --> 00:38:09,095
<font color="#ffbf46">එයාට එච්චර දොස් කියන්න එපා.</font>

657
00:38:09,095 --> 00:38:12,022
<font color="#ffbf46">ඒකට හේතුව මම හොඳ තාත්තා කෙනෙක් නොවුණු එකයි.</font>

658
00:38:12,807 --> 00:38:14,427
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්,</font>

659
00:38:14,427 --> 00:38:17,645
<font color="#ffbf46">නිකමට හරි එයාගේ මූණ දකින එක</font>

660
00:38:17,645 --> 00:38:19,856
<font color="#ffbf46">මට ඒ ඇති.</font>

661
00:38:19,856 --> 00:38:22,525
<font color="#ffbf46">අනේ, අනේ. මොකද මේ වෙන්නේ?</font>

662
00:38:22,525 --> 00:38:23,568
<font color="#ffbf46">301!</font>

663
00:38:23,568 --> 00:38:26,029
<font color="#ffbf46">මම ඔයාට උදව් කරන්නම්.</font>

664
00:38:26,029 --> 00:38:28,573
<font color="#ffbf46">ආව්, මගේ කොන්ද.</font>

665
00:38:28,573 --> 00:38:30,033
<font color="#ffbf46">එයා හරිම කරුණාවන්තයි.</font>

666
00:38:30,033 --> 00:38:31,977
<font color="#ffbf46">හලෝ.</font>

667
00:38:33,632 --> 00:38:35,595
<font color="#ffbf46">ස්තූතියි.</font>

668
00:38:52,055 --> 00:38:53,995
<font color="#ffbf46">ටේ හියුන්ග්.</font>

669
00:39:00,146 --> 00:39:02,912
<font color="#ffbf46">අපෝ, අර රළු මනුස්සයා.</font>

670
00:39:12,123 --> 00:39:14,557
<font color="#ffbf46">ආහ්, දැන් ගොඩක් පරක්කු වෙලා...</font>

671
00:39:18,373 --> 00:39:20,157
<font color="#ffbf46">වූ හියුන් ජින්.</font>

672
00:39:21,489 --> 00:39:22,752
<font color="#ffbf46">යූන් සොන්ග්?</font>

673
00:39:22,752 --> 00:39:24,170
<font color="#ffbf46">ඔයා තාම මෙහෙද?</font>

674
00:39:24,170 --> 00:39:25,493
<font color="#ffbf46">මේ යන්න හැදුවේ.</font>

675
00:39:25,493 --> 00:39:27,799
<font color="#ffbf46">නගින්න.</font>

676
00:39:27,799 --> 00:39:29,863
<font color="#ffbf46">ස්තූතියි.</font>

677
00:39:43,693 --> 00:39:46,067
<font color="#ffbf46"><i>ඔබ අමතන අංකය...</i></font>

678
00:39:46,067 --> 00:39:49,047
<font color="#ffbf46">ඇයි එයා ආන්සර් කරන්නේ නැත්තේ?</font>

679
00:39:50,071 --> 00:39:52,115
<font color="#ffbf46">එයා ආන්සර් කරන්නේ නැද්ද?</font>

680
00:39:52,115 --> 00:39:54,033
<font color="#ffbf46">නැහැ, ආන්සර් කරන්නේ නැහැ.</font>

681
00:39:54,033 --> 00:39:55,359
<font color="#ffbf46">ඔයාගේ නැන්දා ආන්සර් කරන්නේ නෑ.</font>

682
00:39:55,359 --> 00:39:56,536
<font color="#ffbf46">එයාට කෝල් එකක් අරන් බලන්න.</font>

683
00:39:56,536 --> 00:39:58,788
<font color="#ffbf46">නැන්දා ආන්සර් කරන්නේ නැද්ද?</font>

684
00:39:58,788 --> 00:40:00,953
<font color="#ffbf46">නැහැ, තාමත් නැහැ.</font>

685
00:40:07,922 --> 00:40:10,175
<font color="#ffbf46">ගෙනත් බැස්සුවට ස්තූතියි.</font>

686
00:40:10,175 --> 00:40:12,260
<font color="#ffbf46">හියුන් ජින්.</font>

687
00:40:12,260 --> 00:40:15,597
<font color="#ffbf46">ඔයාට කවදාහරි මගේ උදව්වක් ඕනෙ වුණොත්, මට කියන්න.</font>

688
00:40:15,597 --> 00:40:17,982
<font color="#ffbf46">මම ඔයාගේ සහයට ඉන්නවා.</font>

689
00:40:21,686 --> 00:40:23,621
<font color="#ffbf46">යූන් සොන්ග්.</font>

690
00:40:23,621 --> 00:40:25,565
<font color="#ffbf46">මට ඔයාගෙන් එක උදව්වක් ඉල්ලන්න පුළුවන්ද?</font>

691
00:40:25,565 --> 00:40:27,609
<font color="#ffbf46">පුළුවන්. ඕනෙම දෙයක්.</font>

692
00:40:27,609 --> 00:40:30,862
<font color="#ffbf46">මේ පාර නම් මට ඔයාගේ උදව් එපා.</font>

693
00:40:30,862 --> 00:40:31,863
<font color="#ffbf46">මොකක්?</font>

694
00:40:31,863 --> 00:40:34,032
<font color="#ffbf46">මට ඕනේ මේක තනියම කරන්න.</font>

695
00:40:34,032 --> 00:40:36,326
<font color="#ffbf46">ඔයා මත යැපෙන්නේ නැතුව.</font>

696
00:40:36,326 --> 00:40:39,204
<font color="#ffbf46">මගේම දක්ෂතාවලින් මාව ඔප්පු කරලා පෙන්නන්න මට ඕනේ</font>

697
00:40:39,204 --> 00:40:43,335
<font color="#ffbf46">එතකොට මට හැමෝම ඉස්සරහා ආඩම්බරෙන් හිටගන්න පුළුවන්.</font>

698
00:40:43,335 --> 00:40:45,223
<font color="#ffbf46">වූ හියුන් ජින්...</font>

699
00:40:49,385 --> 00:40:51,525
<font color="#ffbf46">හරි.</font>

700
00:40:52,550 --> 00:40:55,053
<font color="#ffbf46">පේන විදිහට ඔයා තීරණයක් අරගෙන වගේ.</font>

701
00:40:55,053 --> 00:40:57,180
<font color="#ffbf46">තේරුම් ගත්තාට ස්තූතියි.</font>

702
00:40:57,180 --> 00:40:59,015
<font color="#ffbf46">මේක තේරුම් ගන්න එකක් ගැන නෙවෙයි.</font>

703
00:40:59,015 --> 00:41:01,226
<font color="#ffbf46">මේක ඔයාව විශ්වාස කරන එක ගැන.</font>

704
00:41:01,226 --> 00:41:05,271
<font color="#ffbf46">මම දන්නවා ඔයාට මේක තනියම කරගන්න පුළුවන් කියලා.</font>

705
00:41:05,271 --> 00:41:07,690
<font color="#ffbf46">එක දෙයක් විතරක් මතක තියාගන්න.</font>

706
00:41:07,690 --> 00:41:10,299
<font color="#ffbf46">මම හැමදාම ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවා.</font>

707
00:41:10,299 --> 00:41:12,862
<font color="#ffbf46">ඒක උදව්වක් වුණත්, නැත්තං වාරු වෙන්න කෙනෙක් වුණත්,</font>

708
00:41:12,862 --> 00:41:15,288
<font color="#ffbf46">ඕනෙ නම් මාව හොයාගෙන එන්න.</font>

709
00:41:24,332 --> 00:41:26,029
<font color="#ffbf46">වූ ජූ?</font>

710
00:41:26,029 --> 00:41:27,948
<font color="#ffbf46">ඔයා ඇයි මෙහේ...</font>

711
00:41:27,948 --> 00:41:30,088
<font color="#ffbf46">ඔයා යනවා කිව්වාට කෝල් ආන්සර් කරේ නෑනේ.</font>

712
00:41:30,088 --> 00:41:31,756
<font color="#ffbf46">අපි බය වුණා.</font>

713
00:41:31,756 --> 00:41:33,800
<font color="#ffbf46">සමාවෙන්න.
නැන්දේ.</font>

714
00:41:34,842 --> 00:41:37,881
<font color="#ffbf46">යූන් සොන්ග්, මම යන්න ඕනේ.</font>

715
00:41:42,314 --> 00:41:43,376
<font color="#ffbf46">යූන් සොන්ග්,</font>

716
00:41:43,376 --> 00:41:45,959
<font color="#ffbf46">දැන් ගොඩක් රෑ වෙලා. ඔයාත් දැන් ගෙදර යන්න.</font>

717
00:41:46,604 --> 00:41:48,523
<font color="#ffbf46">ස්තූතියි.</font>

718
00:41:48,523 --> 00:41:50,224
<font color="#ffbf46">ඒ මොකටද?</font>

719
00:41:50,224 --> 00:41:51,859
<font color="#ffbf46">මේ...</font>

720
00:41:51,859 --> 00:41:55,321
<font color="#ffbf46">මේ මහ රෑ එයාට තනියම ගෙදර යන්න දුන්නේ නැති එකට.</font>

721
00:41:55,321 --> 00:41:59,287
<font color="#ffbf46">ඒකට ඔයා මට ස්තූති කරන්න ඕනේ නැහැ.</font>

722
00:42:03,371 --> 00:42:05,164
<font color="#ffbf46">වූ ජූ, ඔයාගේ නැන්දා පරක්කුයි නේද?</font>

723
00:42:05,164 --> 00:42:07,137
<font color="#ffbf46">හියුන් ජින්.</font>

724
00:42:08,167 --> 00:42:10,846
<font color="#ffbf46">මම ඔයාව විශ්වාස කරලා බලන් ඉන්නම්.</font>

725
00:42:10,846 --> 00:42:13,702
<font color="#ffbf46">මේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණාම,</font>

726
00:42:13,702 --> 00:42:16,055
<font color="#ffbf46">අපි ඩේට් එකකට යමු.</font>

727
00:42:29,255 --> 00:42:31,144
<font color="#ffbf46">හියුන් ජින්.</font>

728
00:42:32,504 --> 00:42:34,126
<font color="#ffbf46">ඔයාට තාමත්...</font>

729
00:42:34,126 --> 00:42:36,851
<font color="#ffbf46">මැනේජර් පාක් ගැන හැඟීමක් තියෙනවද?</font>

730
00:42:36,851 --> 00:42:38,733
<font color="#ffbf46">මොකක්?</font>

731
00:42:40,020 --> 00:42:41,058
<font color="#ffbf46">ඉතින්...</font>

732
00:42:41,058 --> 00:42:44,140
<font color="#ffbf46">ඇයි ඔයා එකපාරටම එහෙම අහන්නේ?</font>

733
00:42:44,140 --> 00:42:45,208
<font color="#ffbf46">මම නිකමට...</font>

734
00:42:45,208 --> 00:42:49,107
<font color="#ffbf46">දැනගන්න ඕනෙ වුණා ඔයාට එයා ගැන ඇත්තටම මොනවද හිතෙන්නේ කියලා.</font>

735
00:42:50,499 --> 00:42:53,212
<font color="#ffbf46">අනිත් එක ඔයාට මගේ හැඟීම් අමතක වෙලාද කියලා මට හිතුණා.</font>

736
00:42:54,901 --> 00:42:57,419
<font color="#ffbf46">මට කියන්න ඕනෙ වුණේ</font>

737
00:42:57,419 --> 00:42:59,680
<font color="#ffbf46">මමත් මෙතන ඔයාගේ ළඟින් ඉන්නවා කියන එක විතරයි.</font>

738
00:43:10,250 --> 00:43:12,473
<font color="#ffbf46">වූ ජූ ඇහැරිලා.</font>

739
00:43:25,039 --> 00:43:26,992
<font color="#ffbf46"><i>මට කියන්න ඕනෙ වුණේ</i></font>

740
00:43:26,992 --> 00:43:29,314
<font color="#ffbf46"><i>මමත් මෙතන ඔයාගේ ළඟින් ඉන්නවා කියන එක විතරයි.</i></font>

741
00:43:32,939 --> 00:43:36,319
<font color="#ffbf46">ඇයි එයා එහෙම දෙයක් කියන්න ඇත්තේ...</font>

742
00:43:37,861 --> 00:43:41,490
<font color="#ffbf46">එයා හැමදාම මගේ ළඟින් හිටියා කියලා මම නොදන්නවා නෙවෙයිනේ.</font>

743
00:43:41,490 --> 00:43:44,087
<font color="#ffbf46"><i>මේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණාම,</i></font>

744
00:43:44,087 --> 00:43:46,547
<font color="#ffbf46"><i>අපි ඩේට් එකකට යමු.</i></font>

745
00:43:47,204 --> 00:43:48,246
<font color="#ffbf46">ඕනෙ දෙයක්...</font>

746
00:43:48,246 --> 00:43:49,498
<font color="#ffbf46">සිහියට එන්න.</font>

747
00:43:49,498 --> 00:43:51,102
<font color="#ffbf46">හදිසි දේ ගැන අවධානය දෙන්න.</font>

748
00:43:51,102 --> 00:43:53,102
<font color="#ffbf46">වැඩ තමයි මුලින්ම.</font>

749
00:44:54,721 --> 00:44:57,518
<font color="#ffbf46">මට නින්ද ගියේ කොයි වෙලාවෙද?</font>

750
00:44:59,316 --> 00:45:00,652
<font color="#ffbf46">මහන්සිද?</font>

751
00:45:00,652 --> 00:45:03,246
<font color="#ffbf46">එන්න. මම ඔයාව ගෙදරට ගිහින් දාන්නම්.</font>

752
00:45:04,064 --> 00:45:06,908
<font color="#ffbf46">නෑ, මට දැන් හොඳටම ඇහැරිලා ඉන්නේ.</font>

753
00:45:06,908 --> 00:45:08,910
<font color="#ffbf46">ඔයා එළියට යන්නේ නැද්ද?</font>

754
00:45:12,582 --> 00:45:14,482
<font color="#ffbf46">මම යන්න ඕනේ...</font>

755
00:45:14,482 --> 00:45:17,455
<font color="#ffbf46">ඒත් අද රෑට මට වැඩ ගොඩක් තියෙනවා.</font>

756
00:46:09,596 --> 00:46:10,972
<font color="#ffbf46">ආහ්, ඔයා නැගිට්ටද?</font>

757
00:46:10,972 --> 00:46:12,892
<font color="#ffbf46">එන්න කන්න.</font>

758
00:46:17,145 --> 00:46:18,438
<font color="#ffbf46">ඔයාට හොඳට නින්ද ගියාද?</font>

759
00:46:20,106 --> 00:46:21,650
<font color="#ffbf46">ඔයා මේවා හැදුවේ කවද්ද?</font>

760
00:46:21,650 --> 00:46:24,608
<font color="#ffbf46">ඔයා ළඟදි ඉඳන් හරියට කෑවේ නෑනේ.</font>

761
00:46:24,608 --> 00:46:26,523
<font color="#ffbf46">කන්න.</font>

762
00:46:27,113 --> 00:46:29,465
<font color="#ffbf46">කෑම එකට ස්තූතියි.</font>

763
00:46:34,454 --> 00:46:36,640
<font color="#ffbf46">මේක ගොඩක් රහයි.</font>

764
00:46:42,671 --> 00:46:44,871
<font color="#ffbf46">රහයිද?</font>

765
00:46:48,464 --> 00:46:50,391
<font color="#ffbf46">ඒයි...</font>

766
00:46:51,051 --> 00:46:53,069
<font color="#ffbf46">මේ ටිකේ මොනවා හරි ප්‍රශ්නයක්ද?</font>

767
00:46:54,266 --> 00:46:56,101
<font color="#ffbf46">මම කිව්වනේ.</font>

768
00:46:56,101 --> 00:46:59,137
<font color="#ffbf46">අර තරඟකාරී ආයතනය නිසා හැමදේම පිස්සුවක් වෙලා තියෙන්නේ.</font>

769
00:46:59,137 --> 00:47:00,179
<font color="#ffbf46"><i>ඇත්තද?</i></font>

770
00:47:00,179 --> 00:47:02,274
<font color="#ffbf46"><i>ඔව්, ඔෆිස් එක පුරාම ඒ කතාව.</i></font>

771
00:47:02,274 --> 00:47:04,859
<font color="#ffbf46"><i>තාවකාලික සේවකයෙක්ට ඒක ලොකු දෙයක්.</i></font>

772
00:47:04,859 --> 00:47:07,478
<font color="#ffbf46">ඒක විතරක් නෙවෙයි කියලා මට හිතෙන්නේ.</font>

773
00:47:09,698 --> 00:47:12,858
<font color="#ffbf46">මොකක්ද? මොකද වුණේ?</font>

774
00:47:15,412 --> 00:47:18,625
<font color="#ffbf46">ඉතින්... ඇත්තටම...</font>

775
00:47:18,625 --> 00:47:20,584
<font color="#ffbf46">මොකක්? ඒගොල්ලන්ට පිස්සුද?</font>

776
00:47:20,584 --> 00:47:23,737
<font color="#ffbf46">සාක්ෂි නැතුව කෙනෙක්ට චෝදනා කරන එක සේවා ස්ථානයේ හිරිහැර කිරීමක්.</font>

777
00:47:23,737 --> 00:47:24,804
<font color="#ffbf46">මේක හරි නෑ.</font>

778
00:47:24,804 --> 00:47:26,381
<font color="#ffbf46">HR එකට කතා කරන්න.</font>

779
00:47:26,381 --> 00:47:28,422
<font color="#ffbf46">මේක රිපෝට් කරන්න ඕනේ.</font>

780
00:47:28,422 --> 00:47:30,510
<font color="#ffbf46">අනේ, ඒක එච්චර බරපතළ දෙයක් නෙවෙයි.</font>

781
00:47:30,510 --> 00:47:33,421
<font color="#ffbf46">ඒක බරපතළයි. කොන්ත්‍රාත් සේවකයෙක්
නිසා ඔයාට වෙනස් විදිහට සලකන එක,</font>

782
00:47:33,421 --> 00:47:35,307
<font color="#ffbf46">ඔයාව පහත් කරලා සලකන එක, ඒක හිරිහැරයක්.</font>

783
00:47:35,307 --> 00:47:38,435
<font color="#ffbf46">ඒ වගේ අයට පාඩමක් ඉගෙන ගන්නේ තමන්ට වුණාම විතරයි.</font>

784
00:47:38,435 --> 00:47:39,541
<font color="#ffbf46">මට මේක ඇහුවාම මාර කේන්තියක් එන්නේ.</font>

785
00:47:39,541 --> 00:47:40,997
<font color="#ffbf46">නේද?</font>

786
00:47:42,363 --> 00:47:44,875
<font color="#ffbf46">ඔයා එහෙම කියනකොට මගේ හිතට ලොකු සහනයක් දැනෙනවා.</font>

787
00:47:44,875 --> 00:47:47,527
<font color="#ffbf46">ඒකයි මම ඔයාට හැමදේම කියන්නේ.</font>

788
00:47:47,527 --> 00:47:49,468
<font color="#ffbf46">ඒයි, හියුන් ජින්.</font>

789
00:47:49,468 --> 00:47:51,841
<font color="#ffbf46">ඔයා ඇයි අද අපේ ෂූට් එකට එන්නේ නැත්තේ?</font>

790
00:47:51,841 --> 00:47:53,550
<font color="#ffbf46">ඔයාලගේ ෂූට් එක?</font>

791
00:47:53,550 --> 00:47:55,201
<font color="#ffbf46">අපි අද ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක වීඩියෝ එකක් කරනවා.</font>

792
00:47:55,201 --> 00:47:56,828
<font color="#ffbf46">මොඩල්ස්ලා සේරම පිටරට අය.</font>

793
00:47:56,828 --> 00:47:58,496
<font color="#ffbf46">ඔයා කිව්වනේ ඔයාට දැන් ඕනෙ</font>

794
00:47:58,496 --> 00:48:00,206
<font color="#ffbf46">ඇත්තම මාකට් ෆීඩ්බෑක් එකක් කියලා නේද?</font>

795
00:48:00,206 --> 00:48:02,125
<font color="#ffbf46">දවසම ඩේටා දිහා බලන් ඉන්නවට වඩා,</font>

796
00:48:02,125 --> 00:48:05,045
<font color="#ffbf46">ඇයි එයාලට ඒක රහ බලන්න දීලා</font>

797
00:48:05,045 --> 00:48:07,130
<font color="#ffbf46">ඇත්තම ප්‍රතිචාර බලාගන්නේ නැත්තේ?</font>

798
00:48:07,130 --> 00:48:08,256
<font color="#ffbf46">සිරාවටම?</font>

799
00:48:08,256 --> 00:48:10,774
<font color="#ffbf46">ඒක නම් නියමයි.</font>

800
00:48:10,774 --> 00:48:12,702
<font color="#ffbf46">ඔව්!</font>

801
00:48:12,702 --> 00:48:14,622
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න...</font>

802
00:48:15,516 --> 00:48:19,267
<font color="#ffbf46">එතකොට... වූ ජූ ගැන මොකද කරන්නේ?</font>

803
00:48:19,267 --> 00:48:21,233
<font color="#ffbf46">වූ ජූ?</font>

804
00:48:24,177 --> 00:48:26,399
<font color="#ffbf46">අද මගේ නැන්දම්මාගේ උපන්දිනේ,</font>

805
00:48:26,399 --> 00:48:28,314
<font color="#ffbf46">අපි මේ රෑ කෑමට එළියට යන්න හැදුවේ.</font>

806
00:48:28,314 --> 00:48:31,029
<font color="#ffbf46">ආහ් එහෙමද. එහෙනම් මුකුත් කරන්න බෑ.</font>

807
00:48:31,029 --> 00:48:32,405
<font color="#ffbf46">හලෝ, සේ යොන්.</font>

808
00:48:32,405 --> 00:48:35,617
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද ටික වෙලාවකට වූ ජූව බලාගන්න?</font>

809
00:48:35,617 --> 00:48:38,036
<font color="#ffbf46">උයි ජුන්, ඔයාට වෙලාව තියෙනවද?</font>

810
00:48:38,036 --> 00:48:39,942
<font color="#ffbf46">හරි.</font>

811
00:48:44,793 --> 00:48:47,337
<font color="#ffbf46">වෙන දවස් නැතුව හැමෝම අද බිසී වෙලානේ.</font>

812
00:48:47,337 --> 00:48:48,705
<font color="#ffbf46">අපි දැන් මොකද කරන්නේ?</font>

813
00:48:48,705 --> 00:48:52,801
<font color="#ffbf46">අපිට වූ ජූව ෂූට් එකට ගෙනියන්න බෑනේ.</font>

814
00:48:52,801 --> 00:48:56,145
<font color="#ffbf46">මං හිතන්නේ අපිට වෙන විකල්පයක් නෑ.</font>

815
00:49:02,852 --> 00:49:03,965
<font color="#ffbf46">හලෝ?</font>

816
00:49:03,965 --> 00:49:06,439
<font color="#ffbf46"><i>හලෝ, 206. කෝල් කළාද?</i></font>

817
00:49:06,439 --> 00:49:07,691
<font color="#ffbf46"><i>මොකක් හරි ප්‍රශ්නයක්ද?</i></font>

818
00:49:07,691 --> 00:49:10,235
<font color="#ffbf46">අපිට හදිසියෙන්ම එළියට යන්න වෙලා.</font>

819
00:49:10,235 --> 00:49:12,987
<font color="#ffbf46">ඔයාට පුළුවන්ද ටිකකට වූ ජූව බලාගන්න?</font>

820
00:49:14,364 --> 00:49:15,448
<font color="#ffbf46">අනේ...</font>

821
00:49:15,448 --> 00:49:17,775
<font color="#ffbf46">මම අම්මත් එක්ක කඳු නගින්න ඇවිත් ඉන්නේ.</font>

822
00:49:17,775 --> 00:49:19,887
<font color="#ffbf46">එයා අහනවා අපිට වූ ජූව බලාගන්න පුළුවන්ද කියලා.</font>

823
00:49:21,746 --> 00:49:22,937
<font color="#ffbf46">හරි.</font>

824
00:49:22,937 --> 00:49:24,040
<font color="#ffbf46">මුකුත් කරන්න බෑ.</font>

825
00:49:24,040 --> 00:49:26,020
<font color="#ffbf46">වූ ජූගේ සීයාවත් එයාව බලාගන්න පුළුවන්නේ.</font>

826
00:49:26,020 --> 00:49:28,086
<font color="#ffbf46">ආහ් ඇත්තනේ, එහෙනම්</font>

827
00:49:28,086 --> 00:49:30,463
<font color="#ffbf46">ඇයි එයාගේ සීයාගෙන් අහලා බලන්නේ නැත්තේ?</font>

828
00:49:30,463 --> 00:49:32,465
<font color="#ffbf46"><i>එයා කිය කිය හිටියා වූ ජූව ගොඩක් මතක් වෙනවා කියලා.</i></font>

829
00:49:32,465 --> 00:49:34,995
<font color="#ffbf46"><i>අනික වූ ජූත් එයාට ගොඩක් ආදරෙයිනේ.</i></font>

830
00:49:34,995 --> 00:49:37,230
<font color="#ffbf46">අපෝ නෑ, කමක් නෑ.</font>

831
00:49:37,230 --> 00:49:39,114
<font color="#ffbf46">ඔයාගේ ගමන එන්ජෝයි කරන්න.</font>

832
00:49:39,114 --> 00:49:41,021
<font color="#ffbf46">හරි.</font>

833
00:49:44,292 --> 00:49:47,459
<font color="#ffbf46">වූ ජූ, ඔයාගේ සීයා ඇවිත් ඉන්නේ.</font>

834
00:49:48,314 --> 00:49:49,524
<font color="#ffbf46">වූ ජූ, මේක දිහා බලන්නකෝ.</font>

835
00:49:49,524 --> 00:49:50,942
<font color="#ffbf46">ඩයිනසෝරයාව පේනවාද?</font>

836
00:49:50,942 --> 00:49:53,034
<font color="#ffbf46">ඩයිනසෝරයාත් එක්ක...</font>

837
00:49:54,420 --> 00:49:56,434
<font color="#ffbf46">එයාගේ කෑම ෆ්‍රිජ් එකේ තියෙනවා.</font>

838
00:49:56,434 --> 00:49:58,510
<font color="#ffbf46">ඩයපර්ස් ටික මෙතනින් තියෙනවා.</font>

839
00:49:58,510 --> 00:50:00,994
<font color="#ffbf46">මොනවාහරි දෙයක් වුණොත්,</font>

840
00:50:00,994 --> 00:50:02,829
<font color="#ffbf46">කරුණාකරලා මට ඒ වෙලාවෙම කෝල් කරන්න.</font>

841
00:50:02,829 --> 00:50:04,567
<font color="#ffbf46">හරි, කලබල වෙන්න එපා.</font>

842
00:50:04,567 --> 00:50:05,874
<font color="#ffbf46">ඔයා බිසී කිව්වානේ. යන්නකෝ.</font>

843
00:50:05,874 --> 00:50:08,710
<font color="#ffbf46">ස්තූතියි.</font>

844
00:50:08,710 --> 00:50:10,803
<font color="#ffbf46">ඒක නැති වුණා, නේද?</font>

845
00:50:11,464 --> 00:50:12,604
<font color="#ffbf46">ඒක කොහේ තියෙනවා කියලද හිතන්නේ?</font>

846
00:50:12,604 --> 00:50:13,631
<font color="#ffbf46">මෙන්න තියෙනවා.</font>

847
00:50:13,631 --> 00:50:16,117
<font color="#ffbf46">ඔයා හරියටම හොයාගත්තා.</font>

848
00:50:20,862 --> 00:50:22,967
<font color="#ffbf46">ඩයිනසෝරයා මෙතන ඉන්නවා.</font>

849
00:50:24,869 --> 00:50:26,895
<font color="#ffbf46">මේක දිහා බලන්නකෝ.</font>

850
00:50:30,315 --> 00:50:33,221
<font color="#ffbf46">චැන් වූ, ලයිට් එක පොඩ්ඩක් ළඟට ගන්න.</font>

851
00:51:03,556 --> 00:51:05,475
<font color="#ffbf46">අපි ස්වභාවික දේවල් වලට අවධානය දෙමු</font>

852
00:51:05,475 --> 00:51:07,352
<font color="#ffbf46">පසුබිම පාවිච්චි කරලා ගොඩක් ෂූට් කරමු.</font>

853
00:51:07,352 --> 00:51:10,138
<font color="#ffbf46">මම එයා මේ විදිහට වැඩ කරනවා දකින පළවෙනි වතාව.</font>

854
00:51:18,988 --> 00:51:21,041
<font color="#ffbf46">ඕහ්, නියමයි.</font>

855
00:51:47,791 --> 00:51:49,317
<font color="#ffbf46">හායි හැමෝටම.
හායි.</font>

856
00:51:49,317 --> 00:51:50,653
<font color="#ffbf46">පොඩ්ඩක් මෙහෙට අවධානය දෙන්න පුළුවන්ද?</font>

857
00:51:50,653 --> 00:51:51,718
<font color="#ffbf46">ආහ්, පුළුවන්.</font>

858
00:51:51,718 --> 00:51:54,349
<font color="#ffbf46">මුලින්ම,
අද අපිට උදව් කළාට ගොඩක් ස්තූතියි.</font>

859
00:51:54,349 --> 00:51:56,049
<font color="#ffbf46">මම ඒක ගොඩක් අගය කරනවා.</font>

860
00:51:56,049 --> 00:51:58,346
<font color="#ffbf46">ටොක්බොක්කි ටිකක් කාලා බලලා
ඔයාට හිතෙන දේ කියන්න.</font>

861
00:51:58,346 --> 00:52:00,708
<font color="#ffbf46">ඒක හොඳ වුණත් නරක වුණත් කමක් නැහැ.</font>

862
00:52:00,708 --> 00:52:02,804
<font color="#ffbf46">මට දැනගන්න ඕනේ ඔයාගේ අවංක අදහස.</font>

863
00:52:02,804 --> 00:52:04,484
<font color="#ffbf46">මේක නොමිලේද?
ඔව්, මේක නොමිලේ.</font>

864
00:52:04,484 --> 00:52:06,743
<font color="#ffbf46">මොකද මම නොමිලේ දෙන කෑම වලට ගොඩක් කැමතියි.</font>

865
00:52:06,743 --> 00:52:08,650
<font color="#ffbf46">මම නොමිලේ දෙන කෑම වලට ගොඩක් කැමතියි!</font>

866
00:52:08,650 --> 00:52:09,896
<font color="#ffbf46">මට ඉවසන්න බැහැ!</font>

867
00:52:13,640 --> 00:52:15,050
<font color="#ffbf46">මේක සැරද?
ඔව්, මේක සැරයි.</font>

868
00:52:15,050 --> 00:52:16,335
<font color="#ffbf46">නියමයි.</font>

869
00:52:16,335 --> 00:52:17,626
<font color="#ffbf46">මට මේක සුවඳ බලන්න දෙන්න.</font>

870
00:52:20,416 --> 00:52:21,906
<font color="#ffbf46">ස්තූතියි.
මොනවද මෙතන තියෙන්නේ?</font>

871
00:52:21,906 --> 00:52:22,928
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

872
00:52:24,096 --> 00:52:25,442
<font color="#ffbf46">ස්තූතියි.</font>

873
00:52:29,508 --> 00:52:31,107
<font color="#ffbf46">මේක රසයි.</font>

874
00:52:31,107 --> 00:52:32,305
<font color="#ffbf46">කොහොමද ඒක?</font>

875
00:52:32,305 --> 00:52:34,031
<font color="#ffbf46">ඒක ගොඩක් රසයි.
රසයිද?</font>

876
00:52:35,471 --> 00:52:36,496
<font color="#ffbf46">ස්තූතියි.</font>

877
00:52:36,496 --> 00:52:37,686
<font color="#ffbf46">මට ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්ද?</font>

878
00:52:37,686 --> 00:52:39,135
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම, අහන්න.
අහන්න.</font>

879
00:52:39,135 --> 00:52:40,328
<font color="#ffbf46">ස්තූතියි.</font>

880
00:52:41,408 --> 00:52:42,948
<font color="#ffbf46">එන්නකෝ.</font>

881
00:52:42,948 --> 00:52:45,015
<font color="#ffbf46">ගොඩක් රසයි.
දෙවියනේ. හරි, අපිට ඒක තේරුණා.</font>

882
00:52:46,075 --> 00:52:47,115
<font color="#ffbf46">මම දන්නේ නැහැ.</font>

883
00:52:55,912 --> 00:52:58,796
<font color="#ffbf46">අද දවස නම් පිස්සුවක්.</font>

884
00:52:58,796 --> 00:53:00,716
<font color="#ffbf46">ඔයාට හොඳ ප්‍රතිචාර ලැබුණාද?</font>

885
00:53:00,716 --> 00:53:02,008
<font color="#ffbf46">ඔව්. ගොඩක්.</font>

886
00:53:02,008 --> 00:53:03,996
<font color="#ffbf46">ඒක ලොකු සහනයක්.</font>

887
00:53:04,636 --> 00:53:06,179
<font color="#ffbf46">ඔහ්, වහිනවා.</font>

888
00:53:06,179 --> 00:53:07,221
<font color="#ffbf46">ඔව් නේද.</font>

889
00:53:07,221 --> 00:53:09,265
<font color="#ffbf46">අද වහිනවා කියලා කිව්වේ නැහැනේ.</font>

890
00:53:09,265 --> 00:53:11,357
<font color="#ffbf46">අපි දැන් මොකද කරන්නේ?</font>

891
00:53:13,061 --> 00:53:14,990
<font color="#ffbf46">වූ හියුන් ජින්.</font>

892
00:53:29,285 --> 00:53:31,913
<font color="#ffbf46">අඩුම තරමේ අපිට හැංගෙන්න හරි තැනක් හම්බුණා.</font>

893
00:53:31,913 --> 00:53:33,164
<font color="#ffbf46">ඔයාට සීතල නැහැ නේද?</font>

894
00:53:33,164 --> 00:53:35,124
<font color="#ffbf46">ඇයි මේ මෙච්චර ඉක්මනට කළුවර වුණේ?</font>

895
00:53:35,124 --> 00:53:37,210
<font color="#ffbf46">හඳ පායලා.</font>

896
00:53:39,903 --> 00:53:41,732
<font color="#ffbf46">ඇයි ඔයා හිනාවෙන්නේ?</font>

897
00:53:41,732 --> 00:53:43,678
<font color="#ffbf46">මොකද මම සතුටින් ඉන්නේ.</font>

898
00:53:44,342 --> 00:53:47,387
<font color="#ffbf46">මම කිව්වනේ මම වහින දවස් වලට කැමතියි කියලා.</font>

899
00:53:47,387 --> 00:53:50,403
<font color="#ffbf46">ඔයා අකමැතියි කියලා කිව්වත්.</font>

900
00:53:51,429 --> 00:53:53,726
<font color="#ffbf46">ඉතින්...</font>

901
00:53:53,726 --> 00:53:57,249
<font color="#ffbf46">සමහරවිට ඒක එච්චර නරක නැතුව ඇති.</font>

902
00:54:00,858 --> 00:54:03,144
<font color="#ffbf46">මේක ඉක්මනට පායයි.</font>

903
00:54:36,217 --> 00:54:37,314
<font color="#ffbf46">අයියෝ.</font>

904
00:54:37,314 --> 00:54:40,214
<font color="#ffbf46">ඔයා සම්පූර්ණයෙන්ම තෙමිලා.</font>

905
00:54:40,214 --> 00:54:41,441
<font color="#ffbf46">කමක් නැහැ.</font>

906
00:54:41,441 --> 00:54:44,187
<font color="#ffbf46">මේක පොඩි වැස්සක්. ඒක ගාණක් නැහැ.</font>

907
00:54:46,205 --> 00:54:48,438
<font color="#ffbf46">මේ තරම් පොඩි වැස්සක් නම්,</font>

908
00:54:49,490 --> 00:54:51,754
<font color="#ffbf46">මට කමක් නැහැ</font>

909
00:54:51,754 --> 00:54:54,943
<font color="#ffbf46">ඔයා එක්ක තෙමුණාට.</font>

910
00:54:56,560 --> 00:54:58,416
<font color="#ffbf46">ඉතින්...</font>

911
00:54:58,416 --> 00:55:01,809
<font color="#ffbf46">කවදාහරි ප්‍රශ්න අමාරු වුණොත්, මට කියන්න.</font>

912
00:55:03,087 --> 00:55:06,257
<font color="#ffbf46">මම ඔයාගේ කුඩේ නොවෙන්න පුළුවන්,</font>

913
00:55:06,257 --> 00:55:09,690
<font color="#ffbf46">ඒත් අඩුම තරමේ ඔයාට වහින වැස්ස</font>

914
00:55:11,345 --> 00:55:13,480
<font color="#ffbf46">ඉවර වෙනකම් හරි,</font>

915
00:55:14,599 --> 00:55:17,078
<font color="#ffbf46">මට ඔයාගේ ළඟින් ඉන්න පුළුවන්.</font>

916
00:55:23,483 --> 00:55:25,409
<font color="#ffbf46">ඔයත්...</font>

917
00:55:27,487 --> 00:55:30,372
<font color="#ffbf46">ඔයාටත් මා වෙනුවෙන් ඒ දේම කරන්න පුළුවන්.</font>

918
00:55:31,216 --> 00:55:32,742
<font color="#ffbf46">මමත්</font>

919
00:55:32,742 --> 00:55:35,108
<font color="#ffbf46">හැමතිස්සෙම ඔයාගේ පැත්තේ.</font>

920
00:55:36,037 --> 00:55:37,747
<font color="#ffbf46">ඒ කාලේ...</font>

921
00:55:37,747 --> 00:55:39,273
<font color="#ffbf46">මම එහෙම කිව්වේ කලකිරීම නිසා.</font>

922
00:55:39,273 --> 00:55:40,625
<font color="#ffbf46">ඒක අමතක කරන්න.</font>

923
00:55:40,625 --> 00:55:41,708
<font color="#ffbf46">මට නිකම්...</font>

924
00:55:41,708 --> 00:55:43,503
<font color="#ffbf46">ඔයා වැරදියට තේරුම් ගන්නවාට මම කැමති වුණේ නැහැ.</font>

925
00:55:43,503 --> 00:55:45,821
<font color="#ffbf46">කිසිම වැරදි වැටහීමක් නැහැ, හරිද?</font>

926
00:55:45,821 --> 00:55:48,414
<font color="#ffbf46">මම ඇත්තටම ඉන්නේ ඔයාගේ පැත්තේ.</font>

927
00:55:49,353 --> 00:55:50,527
<font color="#ffbf46">විශ්වාසද?</font>

928
00:55:51,677 --> 00:55:53,577
<font color="#ffbf46">විශ්වාසයි.</font>

929
00:56:03,439 --> 00:56:05,108
<font color="#ffbf46">මම හිතන්නේ මම ඒකට කැමතියි.</font>

930
00:56:05,108 --> 00:56:07,039
<font color="#ffbf46">මොකටද කැමති?</font>

931
00:56:10,905 --> 00:56:12,935
<font color="#ffbf46">වහින දවස් වලට.</font>

932
00:56:19,931 --> 00:56:22,166
<font color="#ffbf46">ඒක හොඳයි.</font>

933
00:56:22,166 --> 00:56:25,105
<font color="#ffbf46">දැන් අපි දෙන්නම කැමති දෙයක් තියෙනවා.</font>

934
00:56:28,422 --> 00:56:30,341
<font color="#ffbf46">මේ ටොක්බොක්කි කෑම පැකට් එකට,</font>

935
00:56:30,341 --> 00:56:34,428
<font color="#ffbf46">අපි මේක විශේෂයෙන්ම ජාත්‍යන්තර රුචිකත්වයන්ට
ගැලපෙන විදිහට හදන්න සැලසුම් කරනවා.</font>

936
00:56:34,428 --> 00:56:39,225
<font color="#ffbf46">අපි සෝයා පදනම් කරගත් විකල්පයක් හඳුන්වා
දීලා ඒක ප්‍රධාන රසය විදිහට පත් කරනවා.</font>

937
00:56:39,225 --> 00:56:40,376
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

938
00:56:40,376 --> 00:56:42,974
<font color="#ffbf46">මම සැලසුම් කණ්ඩායම 3 හි වූ හියුන් ජින්.</font>

939
00:56:42,974 --> 00:56:44,605
<font color="#ffbf46">මීට අවුරුදු කිහිපයකට කලින්,</font>

940
00:56:44,605 --> 00:56:48,105
<font color="#ffbf46">ග්ලෝමාකට් (ග්ලෝමාර්කට්) එකත් එක්ක
අවසන් ගිවිසුම ලබා ගන්න BS සමාගමට බැරි වුණා.</font>

941
00:56:48,105 --> 00:56:49,944
<font color="#ffbf46">ඒත් දැන්, අවුරුදු ගාණකට පස්සේ,</font>

942
00:56:49,944 --> 00:56:52,572
<font color="#ffbf46">ඇයි ග්ලෝමාකට් අපේ යෝජනාවට</font>

943
00:56:52,572 --> 00:56:54,031
<font color="#ffbf46">මෙච්චර කැමැත්තක් දක්වන්නේ?</font>

944
00:56:54,031 --> 00:56:55,619
<font color="#ffbf46">උත්තරය තියෙන්නේ</font>

945
00:56:55,619 --> 00:56:58,451
<font color="#ffbf46">K-සංස්කෘතියේ ගෝලීය නැගීම තුළයි.</font>

946
00:56:58,451 --> 00:57:01,238
<font color="#ffbf46">"K-ආහාර වල නියම සාරය ඉස්මතු කිරීම."</font>

947
00:57:01,238 --> 00:57:04,512
<font color="#ffbf46">උදාහරණයක් විදිහට, මිනිස්සු ටොක්බොක්කි ගැන හිතනකොට,</font>

948
00:57:04,512 --> 00:57:06,083
<font color="#ffbf46">එයාලා ලොකු සැරක් බලාපොරොත්තු වෙනවා.</font>

949
00:57:06,083 --> 00:57:09,227
<font color="#ffbf46">ඒ නිසා අපි ඒ විශේෂිත සැර ගතිය
තවත් ඉස්මතු කරන්න සැලසුම් කරනවා.</font>

950
00:57:14,418 --> 00:57:15,615
<font color="#ffbf46"></font>

951
00:57:15,615 --> 00:57:17,141
<font color="#ffbf46"><i>මේක ගොඩක් රසයි.
රසයි.</i></font>

952
00:57:18,638 --> 00:57:20,168
<font color="#ffbf46"><i>මොකද මට සැර කෑම හොඳට කන්න පුළුවන්.</i></font>

953
00:57:20,168 --> 00:57:21,478
<font color="#ffbf46"><i>මම තමයි සැර කෑම වල රජා.</i></font>

954
00:57:24,824 --> 00:57:27,049
<font color="#ffbf46"><i>සැරයි, ඒත් ගොඩක් රසයි.</i></font>

955
00:57:27,049 --> 00:57:28,788
<font color="#ffbf46"><i>මම හිතන්නේ මේ සෝස් එක නම් නියමයි.</i></font>

956
00:57:29,577 --> 00:57:31,750
<font color="#ffbf46"><i>සැරයි, ඒත් ඒක ගොඩක් රසයි.</i></font>

957
00:57:32,486 --> 00:57:35,072
<font color="#ffbf46">ග්ලෝමාකට් එකට අභියෝග කරද්දී BS සමාගමේ පළමු සටන් පාඨය වුණේ</font>

958
00:57:35,072 --> 00:57:37,033
<font color="#ffbf46">මේකයි.</font>

959
00:57:37,033 --> 00:57:40,120
<font color="#ffbf46">"කෑම විතරක් අත්විඳිනවා නෙවෙයි,"</font>

960
00:57:40,120 --> 00:57:42,288
<font color="#ffbf46">"සංස්කෘතියත් අත්විඳීමයි."</font>

961
00:57:42,288 --> 00:57:43,956
<font color="#ffbf46">අපි මේක මතක තියාගන්න ඕනේ.</font>

962
00:57:43,956 --> 00:57:45,966
<font color="#ffbf46">ඔයා මොකද හිතන්නේ?</font>

963
00:58:01,608 --> 00:58:04,248
<font color="#ffbf46"><i>මේ ග්ලෝමාකට් ඉදිරිපත් කිරීම</i></font>

964
00:58:04,936 --> 00:58:07,661
<font color="#ffbf46"><i>අපේ කණ්ඩායම විසින් මෙහෙයවනවා.</i></font>

965
00:58:08,397 --> 00:58:09,874
<font color="#ffbf46"><i>වූ හියුන් ජින් මෙනවිය,</i></font>

966
00:58:09,874 --> 00:58:11,989
<font color="#ffbf46"><i>නියම වැඩක්.</i></font>

967
00:58:15,620 --> 00:58:18,360
<font color="#ffbf46"><i>ඔයාගේ ඉදිරිපත් කිරීම හොඳට ගියාද?</i></font>

968
00:58:27,416 --> 00:58:28,918
<font color="#ffbf46">ඇත්තටමද?</font>

969
00:58:28,918 --> 00:58:29,958
<font color="#ffbf46">ඇත්තටමද?</font>

970
00:58:29,958 --> 00:58:31,879
<font color="#ffbf46">ඔව්, මම දැනගෙන හිටියා එයාට ඒක කරන්න පුළුවන් කියලා.</font>

971
00:58:31,879 --> 00:58:34,632
<font color="#ffbf46">වූ ජූ, ඔයාගේ නැන්දා ඒක කළා.</font>

972
00:58:34,632 --> 00:58:35,697
<font color="#ffbf46">හයි ෆයිව්.</font>

973
00:58:35,697 --> 00:58:37,748
<font color="#ffbf46">හයි ෆයිව්.</font>

974
00:58:42,378 --> 00:58:44,884
<font color="#ffbf46">කේක් ගොඩක් තියෙනවා, නේද?</font>

975
00:58:46,705 --> 00:58:48,854
<font color="#ffbf46">අපි කෝකද ගන්නේ?</font>

976
00:58:48,854 --> 00:58:51,115
<font color="#ffbf46">ඔයාට මොකක්ද ඕනේ? එකක් තෝරගන්න.</font>

977
00:58:51,115 --> 00:58:53,347
<font color="#ffbf46">කෝකද?</font>

978
00:58:53,347 --> 00:58:54,545
<font color="#ffbf46">අරකද?</font>

979
00:58:54,545 --> 00:58:55,611
<font color="#ffbf46">ඔව්.
හරි.</font>

980
00:58:55,611 --> 00:58:56,774
<font color="#ffbf46">අපි මේක ගන්නවා.</font>

981
00:58:56,774 --> 00:58:58,587
<font color="#ffbf46">හරි.</font>

982
00:58:59,573 --> 00:59:00,633
<font color="#ffbf46">වූ ජූ,</font>

983
00:59:00,633 --> 00:59:02,184
<font color="#ffbf46">අපි එයාට හොඳ සැමරුමක් ලෑස්ති කරමු.</font>

984
00:59:02,184 --> 00:59:03,255
<font color="#ffbf46">තුනට,</font>

985
00:59:03,255 --> 00:59:06,057
<font color="#ffbf46">අපි පිඹිමු, හරිද?</font>

986
00:59:14,964 --> 00:59:16,879
<font color="#ffbf46">මොකක්ද?</font>

987
00:59:17,508 --> 00:59:19,826
<font color="#ffbf46">මට කුඩයක් නැහැ...</font>

988
00:59:32,679 --> 00:59:34,697
<font color="#ffbf46">යූන් සොන්ග්?</font>

989
00:59:42,491 --> 00:59:44,577
<font color="#ffbf46">මම ඔයාට කැමතියි.</font>

990
00:59:48,728 --> 00:59:51,368
<font color="#ffbf46">මම ඇත්තටම ඔයාට කැමතියි, වූ හියුන් ජින්.</font>

991
01:00:51,018 --> 01:00:52,723
<font color="#ffbf46"><i>මොකක්? දැක්කා නේද, මම ඔයාට කිව්වා.</i></font>

992
01:00:52,723 --> 01:00:54,549
<font color="#ffbf46"><i>මම කිව්වා එයාට ඔයා ගැන හැඟීමක් තියෙනවා කියලා.</i></font>

993
01:00:54,549 --> 01:00:56,349
<font color="#ffbf46"><i>මාත් එක්ක තුන් පාරක් එළියට යන්නකො.</i></font>

994
01:00:56,349 --> 01:00:57,373
<font color="#ffbf46"><i>පිරිමියෙක් විදිහට.</i></font>

995
01:00:57,373 --> 01:00:58,673
<font color="#ffbf46"><i>ඒක හරි ගියා!</i></font>

996
01:00:58,673 --> 01:01:00,786
<font color="#ffbf46"><i>ඉන්න, පොඩ්ඩක් ඉන්න. ඔයා ඇයි කොණ්ඩෙ බඳින්නේ?</i></font>

997
01:01:00,786 --> 01:01:01,989
<font color="#ffbf46"><i>අපි දෙන්නා එකට ඒක කරමුද?</i></font>

998
01:01:01,989 --> 01:01:03,449
<font color="#ffbf46"><i>ඔයාලා දෙන්නා... එකට නිදාගත්තාද?</i></font>

999
01:01:03,449 --> 01:01:05,656
<font color="#ffbf46"><i>හියුන් ජින්, මම දැනගෙන හිටියා ඔයාට ඒක කරන්න පුළුවන් කියලා.</i></font>

1000
01:01:05,656 --> 01:01:06,680
<font color="#ffbf46"><i>හියුන් ජින්!</i></font>

1001
01:01:06,680 --> 01:01:08,714
<font color="#ffbf46"><i>අපි කොහෙද යන්නේ?
යමු ඔයාගේ ඔලුව නිදහස් කරගන්න.</i></font>

1002
01:01:08,714 --> 01:01:11,113
<font color="#ffbf46"><i>මම මීටපස්සේ පැත්තකට වෙලා බලන් ඉන්නේ නැහැ.</i></font>

1003
01:01:11,113 --> 01:01:12,138
<font color="#ffbf46"><i>ටේ හියුන්ග්.</i></font>

1004
01:01:12,138 --> 01:01:14,140
<font color="#ffbf46"><i>මහ කරදරයක්...</i></font>

1005
01:01:14,140 --> 01:01:15,357
<font color="#ffbf46"><i>වූ ජූ...</i></font>

1006
01:01:15,357 --> 01:01:17,131
<font color="#ffbf46"><i>වූ ජූ!
අම්මේ!</i></font>

1007
01:01:17,131 --> 01:01:19,804
<font color="#ffbf46"><i>ඒ ගොල්ලෝ රක්ෂණ සමාගමෙන්.</i></font>

1008
01:01:19,828 --> 01:01:21,828


1009
01:01:21,852 --> 01:01:23,852
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

