1
00:00:39,070 --> 00:00:40,540
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:40,540 --> 00:00:41,970


3
00:00:48,920 --> 00:00:50,350
<font color="#ffde44">(තහනම් කලාපයකි)</font>

4
00:01:04,260 --> 00:01:06,200
<font color="#ff7e16"><b>12 වන කථාංගය</b></font>

5
00:01:09,240 --> 00:01:10,340
<font color="#ffde44">එයා කාර්යබහුලද?</font>

6
00:01:11,000 --> 00:01:12,770
<font color="#ffde44">එහෙම නැත්නම් එයාට කිසිම ගාණක් නැද්ද?</font>

7
00:01:12,870 --> 00:01:14,570
<font color="#ffde44">ඊට පස්සේ මාව හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙනිච්චා.</font>

8
00:01:19,950 --> 00:01:21,410
<font color="#ffde44">(යොං ජූං)</font>

9
00:01:23,520 --> 00:01:24,780
<font color="#ffde44">(යොං ජූං)</font>

10
00:01:27,090 --> 00:01:28,960
<font color="#ffde44">ඔබ අමතන පුද්ගලයා මේ මොහොතේ සම්බන්ධ කර ගත නොහැක.</font>

11
00:01:28,960 --> 00:01:32,020
<font color="#ffde44">කරුණාකර බීප් නාදයට පසු ඔබේ පණිවිඩය තබන්න.</font>

12
00:01:34,490 --> 00:01:36,430
<font color="#ffde44">සමහරවිට එයාත් මම වගේ ෆෝන් දෙකක් පාවිච්චි කරනවා ඇති.</font>

13
00:02:41,790 --> 00:02:42,900
<font color="#ffde44">පරිස්සමෙන් ඉන්න.</font>

14
00:02:43,500 --> 00:02:44,500
<font color="#ffde44">මම ඉක්මනින් එන්නම්.</font>

15
00:02:48,230 --> 00:02:49,570
<font color="#ffde44">(ලාස් වේගාස්, ගොඩබැස්සා)</font>

16
00:03:00,480 --> 00:03:01,480
<font color="#ffde44">ඔයාට බඩගිනිද?</font>

17
00:03:01,880 --> 00:03:02,880
<font color="#ffde44">මම නම් හොඳින්.</font>

18
00:03:02,880 --> 00:03:04,850
<font color="#ffde44">ප්ලේන් එකේදී බිබිම්බාප් ද කෑවේ, නැත්නම් වෙන මොනවා හරිද?</font>

19
00:03:04,980 --> 00:03:07,820
<font color="#ffde44">මම යනකම්ම නිදාගත්තා. ගොඩබහින්න
කලින් කප් නූඩ්ල්ස් එකක් විතරක් කෑවා.</font>

20
00:03:08,320 --> 00:03:09,620
<font color="#ffde44">ඔයා කොරියානු අවන්හල්වලට එහෙම ගියාද?</font>

21
00:03:09,990 --> 00:03:10,990
<font color="#ffde44">නැහැ.</font>

22
00:03:11,060 --> 00:03:14,930
<font color="#ffde44">ඔයා රට ඉන්නකොට ජේම්ස් හදපු ගිම්බාප් කන්න ආසයි කිව්වා නේද,</font>

23
00:03:14,930 --> 00:03:16,060
<font color="#ffde44">ඉතින් මම ඔයාට ටිකක් හැදුවා.</font>

24
00:03:16,330 --> 00:03:17,430
<font color="#ffde44">ඇයි ඒ තරම් කරදර වුණේ.</font>

25
00:03:17,760 --> 00:03:18,760
<font color="#ffde44">ඒක කිසිම කරදරයක් නෙවෙයි.</font>

26
00:03:20,730 --> 00:03:21,870
<font color="#ffde44">මම නැති කාලේ ඔයා හොඳින් හිටියාද?</font>

27
00:03:34,280 --> 00:03:36,250
<font color="#ffde44">ඔයා ඇඳුම් මාරු කරන්නේ නැද්ද?
නාගත්තට පස්සේ මාරු කරනවා.</font>

28
00:03:38,280 --> 00:03:40,990
<font color="#ffde44">ඔයා කිව්වා නේද ගිම්බාප් නිකම්ම කන එක තමයි හොඳම කියලා,</font>

29
00:03:40,990 --> 00:03:42,090
<font color="#ffde44">ඉතින් මම සුප් එකක් හැදුවේ නැහැ.</font>

30
00:03:44,120 --> 00:03:46,090
<font color="#ffde44">මේක හරිම රසයි. ස්තූතියි.</font>

31
00:03:50,530 --> 00:03:53,370
<font color="#ffde44">ඔයා කන්නේ නැද්ද?
මම හදන ගමන් ඒකේ අග කෑලි ටික කෑවා.</font>

32
00:04:02,580 --> 00:04:04,040
<font color="#ffde44">ඔයා මිස්ටර් හා ට මැසේජ් එකක් දැම්මාද?</font>

33
00:04:04,340 --> 00:04:06,250
<font color="#ffde44">මම පස්සේ එයාව බලන්න යන්නම්. මම ආවා කියලා එයා දන්නවා.</font>

34
00:04:06,980 --> 00:04:07,980
<font color="#ffde44">පික්ල්ස් කොහොමද?</font>

35
00:04:09,020 --> 00:04:11,980
<font color="#ffde44">එයාට බඩඑළිය ගියා, හැබැයි කෑම එක
වෙනස් කළාට පස්සේ එයා දැන් හොඳින්.</font>

36
00:04:16,120 --> 00:04:17,120
<font color="#ffde44">හලෝ?</font>

37
00:04:18,720 --> 00:04:19,730
<font color="#ffde44">හලෝ.</font>

38
00:04:26,300 --> 00:04:27,730
<font color="#ffde44">මම ටැක්සියක යන්නම්.</font>

39
00:04:28,270 --> 00:04:29,400
<font color="#ffde44">මට යන ගමන් ඔයාව බස්සන්න පුළුවන්.</font>

40
00:04:30,870 --> 00:04:33,370
<font color="#ffde44">මේක ජේම්ස් හදනවටත් වඩා රසට පදම් කරලා තියෙනවා.</font>

41
00:04:33,710 --> 00:04:34,770
<font color="#ffde44">ඒක ලොකු දෙයක්.</font>

42
00:04:34,770 --> 00:04:37,480
<font color="#ffde44">වයසට යද්දී එයාගෙ කෑමවල ලුණු රස වැඩි වෙනවා.</font>

43
00:04:41,210 --> 00:04:43,020
<font color="#ffde44">ඔයා කාලා ඉවරද?
නැහැ.</font>

44
00:04:55,290 --> 00:04:57,730
<font color="#ffde44">ඔයා මේකට කැමති වෙයි කියලා හිතනවා.
දෙවියනේ.</font>

45
00:04:59,000 --> 00:05:00,900
<font color="#ffde44">ඒත් ඔයා පහුගිය පාර මට අර මාලයත් අරන් දුන්නානේ.</font>

46
00:05:06,970 --> 00:05:08,070
<font color="#ffde44">මේක බ්‍රෑන්ඩඩ් එකක් නෙවෙයි.</font>

47
00:05:08,740 --> 00:05:10,240
<font color="#ffde44">මම කවදද බ්‍රෑන්ඩඩ් ඒවා ගැන හිතුවේ?</font>

48
00:05:26,790 --> 00:05:28,230
<font color="#ffde44">ඔයාටත් මාත් එක්ක එන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද.</font>

49
00:05:29,330 --> 00:05:31,460
<font color="#ffde44">ගොඩක් අලුත් තාක්ෂණික උපකරණ තිබුණාද?
ඔව්.</font>

50
00:05:31,830 --> 00:05:33,500
<font color="#ffde44">ඉදිරි දවස් කිහිපයේම ඔයාට හොඳටම මහන්සි දැනෙයි.</font>

51
00:05:33,800 --> 00:05:36,600
<font color="#ffde44">නැගෙනහිර ඉඳන් බටහිරට එනකොට එච්චරම මහන්සියක් දැනෙන්නේ නැහැ.</font>

52
00:05:37,800 --> 00:05:38,870
<font color="#ffde44">මම නැති අතරේ මොනවා හරි වුණාද?</font>

53
00:05:38,940 --> 00:05:41,870
<font color="#ffde44">මම ඩ්‍රයිවින් ඉගෙනගත්තා, මෝමෝ එක්ක ෂොපින් ගියා.</font>

54
00:05:42,540 --> 00:05:44,110
<font color="#ffde44">එයාට දැන් සම්පූර්ණයෙන්ම සනීපද?</font>

55
00:05:44,240 --> 00:05:45,980
<font color="#ffde44">තාමත් පොඩ්ඩක් කරකැවිල්ල වගේ එනවා කියලා එයා කියනවා.</font>

56
00:05:46,580 --> 00:05:47,580
<font color="#ffde44">ඒක නම් ලේසියෙන් හොඳ වෙන එකක් නෙවෙයි.</font>

57
00:05:53,720 --> 00:05:54,720
<font color="#ffde44">ස්තූතියි.</font>

58
00:05:59,590 --> 00:06:01,590
<font color="#ffde44">ඔයාට දැන් නිදහසේ ඉන්න පුළුවන්, මම ඩ්‍රයිව් කරන්නම්.</font>

59
00:06:02,330 --> 00:06:06,700
<font color="#ffde44">මගේ ඉන්ස්ට්‍රක්ටර් මට ගොඩක් ප්‍රශංසා කළා. එයා
කිව්වා මට දැන් තනියම පාරේ යන්න පුළුවන් කියලා.</font>

60
00:06:07,170 --> 00:06:09,700
<font color="#ffde44">මම යතුරු ටික ඔයාට දීලා යන්නම්.
එපා, මේ කාර් එක මට පදින්න අමාරුයි.</font>

61
00:06:11,070 --> 00:06:12,070
<font color="#ffde44">මට කෝල් එකක් එනවා.</font>

62
00:06:16,310 --> 00:06:17,380
<font color="#ffde44">කාලෙකින්.</font>

63
00:06:18,240 --> 00:06:19,350
<font color="#ffde44">ඔව්, මට ඔයාගේ මැසේජ් එක ලැබුණා.</font>

64
00:06:27,450 --> 00:06:28,620
<font color="#ffde44">මම ටිකකට උඩට එන්නම්.</font>

65
00:06:31,320 --> 00:06:32,560
<font color="#ffde44">වතුරද බාර්ලි ටී එකක්ද ඕනේ?</font>

66
00:06:33,760 --> 00:06:35,760
<font color="#ffde44">ඕනෙ එකක් කමක් නැහැ. බාර්ලි ටී එකක් දෙන්න.</font>

67
00:06:56,650 --> 00:06:57,820
<font color="#ffde44">(පාර්ක් සොං චොල්, අලෙවි කණ්ඩායම් කළමනාකරු)</font>

68
00:07:10,360 --> 00:07:12,360
<font color="#ffde44">මේක ෂැම්පේන් කියලා හිතාගෙන බොන්න.</font>

69
00:07:19,910 --> 00:07:21,140
<font color="#ffde44">අපි වෙඩින් එකට දවසක් දාගමු.</font>

70
00:07:38,590 --> 00:07:39,960
<font color="#ffde44">මම මේ කල්පනා කළේ,</font>

71
00:07:44,660 --> 00:07:45,730
<font color="#ffde44">සහ...</font>

72
00:07:51,370 --> 00:07:54,040
<font color="#ffde44">අපි මාස කිහිපයකට හමුවෙන එක
නැවැත්තුවොත් හොඳයි කියලා මට හිතෙනවා.</font>

73
00:08:02,280 --> 00:08:03,520
<font color="#ffde44">මට ඔයාව හැමතිස්සෙම පෙනුණේ...</font>

74
00:08:04,850 --> 00:08:06,650
<font color="#ffde44">මට මුලින්ම හමුවුණු ඒ පොඩි ළමයා වගේ.</font>

75
00:08:07,150 --> 00:08:08,520
<font color="#ffde44">මට ඔයා ගැන තියෙන ඒ රූපේ වෙනස් කරගන්න ඕනේ.</font>

76
00:08:12,260 --> 00:08:13,360
<font color="#ffde44">ඔයාට තේරෙනවද?</font>

77
00:08:16,030 --> 00:08:17,030
<font color="#ffde44">මේක...</font>

78
00:08:17,660 --> 00:08:19,530
<font color="#ffde44">මට ඔයාව දැන් ඉන්න විදිහටම දකින්න ඕන නිසයි.</font>

79
00:08:20,800 --> 00:08:22,070
<font color="#ffde44">මට ටිකක් කල් ඕනේ.</font>

80
00:08:24,100 --> 00:08:25,100
<font color="#ffde44">මොකද මට දිගටම...</font>

81
00:08:25,670 --> 00:08:27,570
<font color="#ffde44">මම මොකක් හරි වැරැද්දක් කරනවා වගේ දැනෙනවා.</font>

82
00:08:34,150 --> 00:08:35,610
<font color="#ffde44">එහෙම හිතන්න එපා.</font>

83
00:08:36,380 --> 00:08:38,150
<font color="#ffde44">ඔයා ඒ විදිහට හිතන්න ඕනේ නැහැ.</font>

84
00:08:40,220 --> 00:08:41,220
<font color="#ffde44">ඔයාට මං ගැන...</font>

85
00:08:42,390 --> 00:08:43,590
<font color="#ffde44">පිළිකුලක් හිතෙන්නෙ නැද්ද?</font>

86
00:08:45,560 --> 00:08:48,160
<font color="#ffde44">මම ඔයාට වදයක්ද?</font>

87
00:08:48,460 --> 00:08:50,160
<font color="#ffde44">මේක වදයක් කියන එකට වඩා වෙනස්.</font>

88
00:08:56,300 --> 00:08:59,440
<font color="#ffde44">අපි අපේ අතීත හැඟීම් සම්පූර්ණයෙන්ම මකලා දාලා අලුතින්ම පටන්ගමු.</font>

89
00:09:00,170 --> 00:09:02,940
<font color="#ffde44">ඒකට අවුරුද්දක්වත් යන එකක් නැහැ.
කරුණාකරලා, මාව විශ්වාස කරලා ටිකක් ඉවසන්න.</font>

90
00:09:05,010 --> 00:09:06,010
<font color="#ffde44">හරිද?</font>

91
00:09:07,010 --> 00:09:08,150
<font color="#ffde44">මට කල් ඕනේ.</font>

92
00:09:10,250 --> 00:09:12,750
<font color="#ffde44">ඔයාටත් ටිකක් පැටලැවිලි සහගතයි නේද?</font>

93
00:09:16,620 --> 00:09:17,620
<font color="#ffde44">ඔයාට බැරිද...</font>

94
00:09:24,330 --> 00:09:25,800
<font color="#ffde44">මේක පිළිගන්න?</font>

95
00:09:30,940 --> 00:09:33,840
<font color="#ffde44">වර්තමානයට වඩා අතීතය වැදගත්ද?</font>

96
00:09:34,140 --> 00:09:35,570
<font color="#ffde44">පළමු හැඟීම ජීවිත කාලෙටම තියෙනවා.</font>

97
00:09:37,680 --> 00:09:40,650
<font color="#ffde44">එක පාරක්වත් මම ඔයා දිහා...</font>

98
00:09:43,520 --> 00:09:45,150
<font color="#ffde44">නරක චේතනාවකින් බලලා නැහැ.</font>

99
00:09:50,820 --> 00:09:52,120
<font color="#ffde44">එදා රෑ අපි කරපු දේ...</font>

100
00:09:55,190 --> 00:09:56,560
<font color="#ffde44">වැරදිද?</font>

101
00:09:57,230 --> 00:09:58,800
<font color="#ffde44">ටිකක් ඉක්මන් වුණා.</font>

102
00:10:12,210 --> 00:10:13,880
<font color="#ffde44">මට සමාවෙන්න. ඒක මගේ වැරැද්ද.</font>

103
00:10:14,350 --> 00:10:16,050
<font color="#ffde44">නැහැ, මමයි ඒ ගැන මීට වඩා හිතන්න තිබුණේ.</font>

104
00:10:16,750 --> 00:10:19,080
<font color="#ffde44">කොහොම වුණත්, අපි බඳින්නයි යන්නේ.</font>

105
00:10:19,290 --> 00:10:22,190
<font color="#ffde44">ඔව්, ඒත් මම කියන්නේ මට පොඩි කාලයක් ඕනේ කියලයි.</font>

106
00:10:27,260 --> 00:10:28,390
<font color="#ffde44">මම කොහොමද මේක කියන්නේ...</font>

107
00:10:29,760 --> 00:10:31,560
<font color="#ffde44">ඔයා ගැන මට තියෙන හැඟීම් තවත් වැඩි වෙලා විතරයි.</font>

108
00:10:37,800 --> 00:10:39,200
<font color="#ffde44">අපිට ඉඳහිටලා මැසේජ් කරගන්න පුළුවන්.</font>

109
00:10:43,240 --> 00:10:45,540
<font color="#ffde44">මම කාර් එක දාලා යන්නම්.
එපා.</font>

110
00:10:48,810 --> 00:10:50,150
<font color="#ffde44">කරුණාකරලා වැරදි විදිහට හිතන්න එපා.</font>

111
00:10:53,190 --> 00:10:55,050
<font color="#ffde44">ඔයා හිතන තරම් කල් යන එකක් නැති වෙයි.</font>

112
00:11:00,160 --> 00:11:02,390
<font color="#ffde44">(ජේඉල් මහල් නිවාසය)</font>

113
00:11:04,500 --> 00:11:07,500
<font color="#ffde44">පළවෙනි මහලට යමින්. දොරවල් වැසෙනවා.</font>

114
00:13:08,750 --> 00:13:09,990
<font color="#ffde44">(බා රා)</font>

115
00:13:13,630 --> 00:13:15,730
<font color="#ffde44">(බා රා)</font>

116
00:13:18,460 --> 00:13:19,460
<font color="#ffde44">හලෝ?</font>

117
00:13:20,370 --> 00:13:21,370
<font color="#ffde44">යොං ජූං.</font>

118
00:13:22,200 --> 00:13:23,200
<font color="#ffde44">ඔව්.</font>

119
00:13:24,840 --> 00:13:25,870
<font color="#ffde44">ස්තූතියි.</font>

120
00:13:28,910 --> 00:13:30,610
<font color="#ffde44">ඇත්තම කිව්වොත්, මටත් ඒ ගැන ටිකක් අමුත්තක් දැනුණා.</font>

121
00:13:35,480 --> 00:13:36,680
<font color="#ffde44">ඒක වුණා කියලවත් අපි අමතක කරලා දාමු.</font>

122
00:13:41,150 --> 00:13:43,290
<font color="#ffde44">අපිත් මිනිස්සුනේ. අපිටත් වැරදීම් වෙනවා.</font>

123
00:13:43,560 --> 00:13:45,190
<font color="#ffde44">අපි දෙන්නා අතින්ම වුණේ එකම වැරැද්ද.</font>

124
00:13:46,590 --> 00:13:48,030
<font color="#ffde44">එදා රෑ අපි දෙන්නා බීලත් හිටියේ.</font>

125
00:13:51,060 --> 00:13:52,200
<font color="#ffde44">ඔයාට ඇහෙනවද?</font>

126
00:13:53,370 --> 00:13:54,370
<font color="#ffde44">ඔව්.</font>

127
00:13:56,300 --> 00:13:59,100
<font color="#ffde44">අපි මාස කිහිපයක් එකිනෙකා දැක්කේ නැත්නම්,</font>

128
00:14:00,670 --> 00:14:02,770
<font color="#ffde44">අපිට ආයෙත් කලින් හිටපු තත්වෙට යන එක අමාරු වෙයි.</font>

129
00:14:04,540 --> 00:14:06,110
<font color="#ffde44">එහෙනම් අපි ආයේ කවදාවත් මුණනොගැහී ඉමු.</font>

130
00:14:06,950 --> 00:14:09,550
<font color="#ffde44">අපි කවදාවත් මුණගැහිලා නෑ වගේ ඉමු.
එහෙම කරන්න පුළුවන් වෙයිද?</font>

131
00:14:09,750 --> 00:14:10,750
<font color="#ffde44">එහෙම කරන්න බැරි වුණොත්?</font>

132
00:14:14,390 --> 00:14:16,590
<font color="#ffde44">මිනිස්සු ආදරේ කරනවා, වෙන් වෙනවා, දික්කසාද වෙනවා...</font>

133
00:14:17,260 --> 00:14:19,020
<font color="#ffde44">අපි විතරක් ඇයි ඒකට වෙනස් වෙන්නේ?</font>

134
00:14:21,760 --> 00:14:23,260
<font color="#ffde44">ඒ දේවල් ජීවිතේ කොටසක් විතරයි.</font>

135
00:14:38,040 --> 00:14:39,040
<font color="#ffde44">මම නිකම්...</font>

136
00:14:43,020 --> 00:14:44,920
<font color="#ffde44">මේ හැමදේම මතකයක් විදිහට හිතන්නම්.</font>

137
00:14:50,460 --> 00:14:51,490
<font color="#ffde44">මම එහෙම කරන්නම්.</font>

138
00:14:54,730 --> 00:14:55,730
<font color="#ffde44">මට ටිකක් කල් දෙන්න.</font>

139
00:14:58,830 --> 00:15:01,530
<font color="#ffde44">මාසෙකින් දෙකකින් අපි මුණගැහුණොත් ඒක මීට වඩා අපහසුතාවක් වෙයි.</font>

140
00:15:02,400 --> 00:15:03,740
<font color="#ffde44">එහෙනම් මම ඊයේ කියපු දේ ආපහු ගන්නම්.</font>

141
00:15:03,740 --> 00:15:04,740
<font color="#ffde44">එපා.</font>

142
00:15:06,170 --> 00:15:07,640
<font color="#ffde44">ඔයා ගත්ත තීරණය හරි.</font>

143
00:15:08,170 --> 00:15:09,610
<font color="#ffde44">මමත් එහෙමමයි කරන්නේ...
ඔයා ගෙදරද ඉන්නේ?</font>

144
00:15:09,610 --> 00:15:10,710
<font color="#ffde44">අපි හම්බවෙලා කතා කරමු.</font>

145
00:15:11,340 --> 00:15:12,410
<font color="#ffde44">මං ගැන වදවෙන්න එපා.</font>

146
00:15:15,710 --> 00:15:16,720
<font color="#ffde44">ගුම් බා රා...</font>

147
00:15:17,050 --> 00:15:18,780
<font color="#ffde44">අපි ඉන්ටර්වීව් එකට කලින් හිටපු තත්වෙටම යමු.</font>

148
00:15:19,550 --> 00:15:22,190
<font color="#ffde44">ඔයා නැතුව මම කොහොමද ඉන්නේ?
ඔයා නැතුව මම හොඳින් ඉඳියි.</font>

149
00:15:25,090 --> 00:15:28,260
<font color="#ffde44">මේ වගේ අතරමං වෙලා ඉන්නවට මම කැමති නැහැ.
එක මාසයක් විතරයි.</font>

150
00:15:28,530 --> 00:15:30,000
<font color="#ffde44">මම පොරොන්දු වෙනවා මම ආපහු එනවා කියලා.</font>

151
00:15:31,200 --> 00:15:33,400
<font color="#ffde44">බලෙන් කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ.</font>

152
00:15:33,930 --> 00:15:36,200
<font color="#ffde44">බලෙන් දේවල් කරන එක තේරුමක් නැහැ.</font>

153
00:15:37,400 --> 00:15:38,400
<font color="#ffde44">තේරුමක් නැහැ...</font>

154
00:15:38,740 --> 00:15:40,010
<font color="#ffde44">ඒත්, මම...</font>

155
00:15:42,270 --> 00:15:43,910
<font color="#ffde44">නැහැ, මේක වැරදියි. මේක මේ විදිහට ඉවර වෙන්න බැහැ.</font>

156
00:15:44,940 --> 00:15:47,150
<font color="#ffde44">මම ටික කාලෙකට බොස්ටන් වලට යනවා.</font>

157
00:15:47,210 --> 00:15:48,250
<font color="#ffde44">කොච්චර කාලෙකටද?</font>

158
00:15:50,150 --> 00:15:51,250
<font color="#ffde44">මම එහෙට ගියාම බලන්නම්.</font>

159
00:15:52,580 --> 00:15:55,320
<font color="#ffde44">මම බොස්ටන් වල මිෂනාරි ගැන කිව්වා මතකද?</font>

160
00:15:55,690 --> 00:15:57,120
<font color="#ffde44">ඔව්. මට මතකයි.</font>

161
00:15:58,320 --> 00:15:59,830
<font color="#ffde44">ඔයා ඇත්තටම වද වෙන්න ඕනේ නැහැ.</font>

162
00:16:03,430 --> 00:16:04,430
<font color="#ffde44">එහෙනම්...</font>

163
00:16:07,270 --> 00:16:09,170
<font color="#ffde44">මොනවා හරි වුණොත්, මට ගමන්ම කෝල් කරන්න.</font>

164
00:16:12,000 --> 00:16:13,010
<font color="#ffde44">හරි.</font>

165
00:16:14,510 --> 00:16:15,510
<font color="#ffde44">පොරොන්දු වෙන්න.</font>

166
00:16:17,580 --> 00:16:18,680
<font color="#ffde44">මම පොරොන්දු වෙනවා.</font>

167
00:16:37,130 --> 00:16:38,300
<font color="#ffde44">ඔයා මුලින්ම කට් කරන්න.</font>

168
00:18:03,820 --> 00:18:04,920
<font color="#ffde44">මට කියන්න දෙයක් හිතාගන්න බැහැ.</font>

169
00:18:12,320 --> 00:18:13,390
<font color="#ffde44">ඒකෙන් කිසිම දෙයක් විසඳෙන්නේ නැහැ.</font>

170
00:18:15,030 --> 00:18:17,100
<font color="#ffde44">බොස්ටන් වුණත් වෙන කොහේ වුණත්,</font>

171
00:18:17,960 --> 00:18:19,160
<font color="#ffde44">යන්න කලින් ඔයා සනීප වෙලා ඉන්න ඕනේ.</font>

172
00:18:19,800 --> 00:18:21,300
<font color="#ffde44">මම දැන් හොඳින්.</font>

173
00:18:23,140 --> 00:18:24,840
<font color="#ffde44">මට ටිකක් කේන්ති ගියා විතරයි කියලා හිතනවා.</font>

174
00:18:25,370 --> 00:18:28,910
<font color="#ffde44">ඔයා එහෙම හිතුවට, තාමත් ඔයාගේ හිත ඒක භාරගෙන නැහැ.</font>

175
00:18:34,310 --> 00:18:36,850
<font color="#ffde44">මම ඔයාට මොනවා හරි ගේන්නම්. ඔයාට කන්න ආස දෙයක් තියෙනවද?</font>

176
00:18:41,290 --> 00:18:42,990
<font color="#ffde44">ඔයාට රැවටුණා වගේ දැනෙන්නේ නැද්ද?</font>

177
00:18:43,420 --> 00:18:44,620
<font color="#ffde44">රැවටුණා කියනවාටත් වඩා,</font>

178
00:18:45,390 --> 00:18:47,190
<font color="#ffde44">මට ආයෙත් මානසික රෝගීන්ට ප්‍රතිකාර
කරන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නේ නැහැ.</font>

179
00:18:48,430 --> 00:18:50,460
<font color="#ffde44">මම ඒක කවදාවත් හිතුවේවත් හිතාගන්නවත් බැරි වුණා.</font>

180
00:18:51,660 --> 00:18:52,860
<font color="#ffde44">මට පුළුවන් වුණේ නැහැ...</font>

181
00:18:55,570 --> 00:18:57,670
<font color="#ffde44">ඒක අනිත් අයට ඇහෙන්න කියන්න.</font>

182
00:19:00,370 --> 00:19:01,610
<font color="#ffde44">ඔයා ඒක තනියම හොඳින් දරාගත්තා.</font>

183
00:19:04,440 --> 00:19:07,650
<font color="#ffde44">ඔයා මේ විදිහට හිතේ තියෙන දේවල් පිටකළේ
නැත්නම්, ඔයා තවත් ලෙඩ වෙන්න තිබුණා.</font>

184
00:19:31,900 --> 00:19:35,170
<font color="#ffde44">(නුවා මහ රෝහලය)</font>

185
00:19:58,200 --> 00:20:00,030
<font color="#ffde44">එයා මගේ මිස් කෝල් එක දකින්න ඇති.</font>

186
00:20:02,800 --> 00:20:03,840
<font color="#ffde44">එයාට සනීප නැද්ද?</font>

187
00:20:28,760 --> 00:20:31,800
<font color="#ffde44">(ඇය හොඳින් ආහාර ගනී.)</font>

188
00:20:34,130 --> 00:20:35,470
<font color="#ffde44">මැඩම්, කිලෝග්‍රෑම් තුනයි.</font>

189
00:20:35,730 --> 00:20:36,740
<font color="#ffde44">හරි.</font>

190
00:20:42,640 --> 00:20:46,210
<font color="#ffde44">ඔයාගේ මල්ලි ඇවිත් ගියා. ඔයා ඇඳුම් මාරු
කරමින් හිටපු නිසා එයා මේක තියලා ගියා.</font>

191
00:20:47,050 --> 00:20:48,510
<font color="#ffde44">මට මේ දේවල් ඕනේ නැහැ.</font>

192
00:20:48,780 --> 00:20:50,880
<font color="#ffde44">ඒත් එයා කොහේ හරි ගියොත් මට මොනවා හරි අරන් එන්නම ඕනේ.</font>

193
00:20:51,080 --> 00:20:52,280
<font color="#ffde44">ඒක දවස් දෙකකට වුණත් එහෙමමයි.</font>

194
00:20:53,490 --> 00:20:56,220
<font color="#ffde44">ඒ වගේ මල්ලි කෙනෙක් නම් හොයාගන්න ලැබෙන එකක් නැහැ.
ඒක තමයි මාත් කියන්නේ.</font>

195
00:20:58,090 --> 00:21:00,090
<font color="#ffde44">මේ ටෝනර් එකක්ද? නැත්නම් කොලෝන් එකක්ද?</font>

196
00:21:01,490 --> 00:21:03,630
<font color="#ffde44">මගේ ෆෝන් එක මා ළඟ නැති නිසා මට ඩිස්චාර්ජ් වෙන්න විදිහක් නැහැ.</font>

197
00:21:04,160 --> 00:21:06,700
<font color="#ffde44">ඔයාට පුළුවන්ද දැනට මගේ රෝහල් බිල ගෙවන්න?</font>

198
00:21:09,300 --> 00:21:10,340
<font color="#ffde44">උඩට ගිහින් ඉන්න.</font>

199
00:21:10,900 --> 00:21:13,770
<font color="#ffde44">(නුවා මහ රෝහල, ස්නායු විද්‍යා මධ්‍යස්ථානය)</font>

200
00:21:27,250 --> 00:21:31,190
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

201
00:21:32,660 --> 00:21:35,160
<font color="#ffde44">ඔයා ඇත්තටම ආයෙ කවදාවත් යොං ජූංව බලන්න යන්නේ නැද්ද?</font>

202
00:21:35,960 --> 00:21:36,960
<font color="#ffde44">ඔව්.</font>

203
00:21:37,330 --> 00:21:38,400
<font color="#ffde44">ඔයා කොහොමද එහෙම කරන්නේ?</font>

204
00:21:39,900 --> 00:21:41,370
<font color="#ffde44">එහෙනම් ඔයා ඇත්තටම යන්න ඕනේ නැහැ.</font>

205
00:21:41,800 --> 00:21:43,230
<font color="#ffde44">මට මගේ හිත නිදහස් කරගන්න ඕනේ.</font>

206
00:21:44,200 --> 00:21:45,270
<font color="#ffde44">මගේ හැඟීම් තේරුම් ගන්න.</font>

207
00:21:47,840 --> 00:21:50,380
<font color="#ffde44">ඔයා ඉස්සෙල්ලා සනීප වෙලා ඉන්න ඕනේ.
එයා මට කෝල් කරයි...</font>

208
00:21:51,840 --> 00:21:53,280
<font color="#ffde44">නැත්නම් මාව හොයාගෙන එයි.</font>

209
00:21:53,810 --> 00:21:55,050
<font color="#ffde44">එහෙනම් මෙහෙට වෙලාම ඉන්න.</font>

210
00:21:58,250 --> 00:22:00,420
<font color="#ffde44">කොහොමත් මම උඩට එන්නේ පැය කිහිපයක් නිදාගන්න විතරයිනේ.</font>

211
00:22:02,690 --> 00:22:05,420
<font color="#ffde44">ඒක ඔයාට අපහසුවක් නම්, මට අපේ අම්මලාගේ ගෙදර ඉන්න පුළුවන්.</font>

212
00:23:14,390 --> 00:23:16,360
<font color="#ffde44">මට එයාලා දෙන්නවම නැති වුණොත්?</font>

213
00:23:21,900 --> 00:23:23,370
<font color="#ffde44">මට එහෙම වෙන්න දෙන්න බැහැ.</font>

214
00:23:24,070 --> 00:23:26,300
<font color="#ffde44">මම නෙවෙයි, කිම් ජින් ජූ... නැහැ...</font>

215
00:23:27,170 --> 00:23:28,270
<font color="#ffde44">මම අදහස් කළේ, මෝමෝ.</font>

216
00:23:30,140 --> 00:23:31,380
<font color="#ffde44">විශේෂයෙන්ම දැන් බා රා ගියපු නිසා.</font>

217
00:24:11,480 --> 00:24:12,780
<font color="#ffde44">ඔයා හොඳට නිදාගත්තද පික්ල්ස්?</font>

218
00:24:19,990 --> 00:24:22,360
<font color="#ffde44">පික්ල්ස්!</font>

219
00:24:22,630 --> 00:24:23,760
<font color="#ffde44">මම දැන් මොකද කරන්නේ?</font>

220
00:24:29,500 --> 00:24:30,540
<font color="#ffde44">(ජේම්ස්)</font>

221
00:24:31,640 --> 00:24:33,270
<font color="#ffde44">හේයි.
මම දැන් මොකද කරන්නේ?</font>

222
00:24:33,270 --> 00:24:35,110
<font color="#ffde44">රිපෝටර් ගුම් ආන්සර් කරන්නෙත් නැහැ.</font>

223
00:24:35,710 --> 00:24:38,480
<font color="#ffde44">ඇයි? මොකක්ද ප්‍රශ්නේ?
දෙවියනේ, පික්ල්ස්...</font>

224
00:24:39,480 --> 00:24:42,610
<font color="#ffde44">මම ඇහැරෙනකොට පික්ල්ස් හුස්ම ගත්තේ නැහැ.</font>

225
00:24:47,220 --> 00:24:49,090
<font color="#ffde44">ඔබ අමතන පුද්ගලයා මේ මොහොතේ සම්බන්ධ කර ගත නොහැක.</font>

226
00:24:49,250 --> 00:24:52,320
<font color="#ffde44">බීප් නාදයට පසු පණිවිඩයක් තබන්න.</font>

227
00:24:52,320 --> 00:24:53,960
<font color="#ffde44">ඇමතුම් ගාස්තු අය විය හැක...</font>

228
00:25:07,540 --> 00:25:09,010
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

229
00:25:09,070 --> 00:25:10,070
<font color="#ffde44">සමාවෙන්න.</font>

230
00:25:10,910 --> 00:25:14,280
<font color="#ffde44">මට මානව සම්පත් අංශයෙන් කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්ද?</font>

231
00:25:14,280 --> 00:25:15,280
<font color="#ffde44">මේ මොකක් සම්බන්ධයෙන්ද?</font>

232
00:25:16,250 --> 00:25:20,250
<font color="#ffde44">මම නිදහස් වෙනකොට පොරොන්දු වුණා, මම
ස්වේච්ඡා වැඩවලට කාලය වෙන් කරනවා කියලා...</font>

233
00:25:20,720 --> 00:25:22,150
<font color="#ffde44">මගේ වැරදිවලට වන්දි ගෙවන්න.</font>

234
00:25:25,060 --> 00:25:27,890
<font color="#ffde44">ඒක වාහන හසුරුවන එක හරි,
වැසිකිළි පිරිසිදු කරන එක හරි වුණත්,</font>

235
00:25:28,430 --> 00:25:31,430
<font color="#ffde44">ඔයාලා කියන ඕනම දෙයක් මම කරන්නම්...
ඇත්තද? කිසිම පඩියක් නැතුවද?</font>

236
00:25:31,530 --> 00:25:35,200
<font color="#ffde44">ඔව්. මම ඉල්ලන්නේ කෑම කාමරයෙන් එක කෑම වේලක් විතරයි.</font>

237
00:25:38,970 --> 00:25:41,510
<font color="#ffde44">රෝද පුටුවල ඉන්න ලෙඩුන් ගොඩක් ඉන්නවා මම දැක්කා.</font>

238
00:25:41,510 --> 00:25:43,610
<font color="#ffde44">මට එයාලට ඇවිදින්න සහ කාර්වලට නගින්න උදව් කරන්න පුළුවන්.</font>

239
00:25:43,980 --> 00:25:45,610
<font color="#ffde44">මට හොඳ ශාරීරික යෝග්‍යතාවයක් තියෙනවා.</font>

240
00:25:46,040 --> 00:25:47,780
<font color="#ffde44">මට ඉදිකිරීම් භූමියක වුණත් වැඩ කරන්න පුළුවන්,</font>

241
00:25:48,550 --> 00:25:52,120
<font color="#ffde44">ඒත් මම භාග්‍යවත් කන්‍ය මරියතුමියට පොරොන්දු
වුණා ස්වේච්ඡාවෙන් සේවය කරනවා කියලා.</font>

242
00:26:11,500 --> 00:26:13,810
<font color="#ffde44">රිපෝටර් ගුම් ඇයි එකපාරටම ඇමරිකාවට ගියේ?</font>

243
00:26:13,810 --> 00:26:15,070
<font color="#ffde44">ජූ ෂින් ගෙන් ඈත් වෙන්නද?</font>

244
00:26:17,180 --> 00:26:19,610
<font color="#ffde44">එයා ස්ටෝකර් කෙනෙක් වගේ එයා පස්සෙන්ම යන්න ඇති.</font>

245
00:26:20,280 --> 00:26:22,250
<font color="#ffde44">ඩිරෙක්ටර් ෂින් නම් ඒ වගේ කෙනෙක් නෙවෙයි වගේ.</font>

246
00:26:22,810 --> 00:26:23,920
<font color="#ffde44">ඔයා මොනවා හරි කන්න ඕනේ.</font>

247
00:26:24,350 --> 00:26:26,380
<font color="#ffde44">මම ඔයාට කෑම ටිකක් හැදුවා.</font>

248
00:26:28,290 --> 00:26:30,020
<font color="#ffde44">මට කන්න ප්‍රියක් නැහැ.</font>

249
00:26:31,320 --> 00:26:33,090
<font color="#ffde44">රිපෝටර් ගුම් මේකට මට දොස් කියයි.</font>

250
00:26:33,630 --> 00:26:35,230
<font color="#ffde44">මම කවදාවත් එයාව මෙහෙට ගේන්න හොඳ නැහැ.</font>

251
00:26:36,190 --> 00:26:38,760
<font color="#ffde44">සමහරවිට ඔයා එයාව තියාගත්තා නම් එයා මැරෙන එකක් නැහැ.</font>

252
00:26:39,530 --> 00:26:40,730
<font color="#ffde44">ඒ එයාගේ යන්න කාලෙ ඇවිත් තිබුණ නිසා.</font>

253
00:26:40,800 --> 00:26:44,070
<font color="#ffde44">මම සමහරවිට ශාස්ත්‍ර අහන කෙනෙක් හරි බලන්න යන්න ඕනේ.</font>

254
00:26:44,940 --> 00:26:46,970
<font color="#ffde44">මුලින් ඕයිජි, දැන් පික්ල්ස්.</font>

255
00:26:48,740 --> 00:26:50,740
<font color="#ffde44">අපිට අනිවාර්යයෙන්ම මොකක් හරි මූසලකමක් තියෙනවා.</font>

256
00:26:51,280 --> 00:26:52,940
<font color="#ffde44">ජීවිතේ හැමදාම හොඳ දේවල්ම වෙයි කියලා
බලාපොරොත්තු වෙන්න බැහැ.</font>

257
00:26:53,140 --> 00:26:55,580
<font color="#ffde44">ඒත් එයාට කිසිම අසනීපයක්
නොතිබී හොඳට හිටියනේ.</font>

258
00:26:57,020 --> 00:26:59,020
<font color="#ffde44">ඊයේ රෑත් එයා සෙල්ලම් කර කර හිටියේ.</font>

259
00:27:01,320 --> 00:27:02,490
<font color="#ffde44">ආයෙත් කෝල් එකක් අරන් බලන්න.</font>

260
00:27:03,150 --> 00:27:05,160
<font color="#ffde44">දැන් එයා ගොඩබැහැලා නිසා
ෆෝන් එක ඔන් කරලා ඇති.</font>

261
00:27:08,290 --> 00:27:10,560
<font color="#ffde44">පස්සේ ගන්නම්.
එහේට දැන් පාන්දරද?</font>

262
00:27:16,670 --> 00:27:18,000
<font color="#ffde44">අනේ, පික්ල්ස්.</font>

263
00:27:35,820 --> 00:27:38,290
<font color="#ffde44">(ජේල් මහල් නිවාස)</font>

264
00:28:20,060 --> 00:28:21,100
<font color="#ffde44">ඔයා කන්නේ නැද්ද?</font>

265
00:28:21,870 --> 00:28:23,000
<font color="#ffde44">මම කෑවා.</font>

266
00:28:23,500 --> 00:28:26,100
<font color="#ffde44">එහෙනම් අඩුම තරමේ මාත් එක්ක ඇවිත් වාඩි වෙන්නකෝ.</font>

267
00:28:30,810 --> 00:28:32,410
<font color="#ffde44">මගේ අම්මා කෙචප්වලින්
හාට් එකක් හදලා දෙනවා.</font>

268
00:28:33,210 --> 00:28:34,810
<font color="#ffde44">ඊළඟ වතාවෙ මම ඔයාට හාට් එකක් හදලා දෙන්නම්.</font>

269
00:28:53,830 --> 00:28:55,300
<font color="#ffde44">සාමාන්‍ය වතුර එකක් බොන්න.</font>

270
00:28:58,140 --> 00:28:59,500
<font color="#ffde44">මම නිසා ඔයාට අපහසුතාවයක්ද?</font>

271
00:29:00,000 --> 00:29:01,040
<font color="#ffde44">එහෙම වෙන්නේ ඇයි?</font>

272
00:29:05,340 --> 00:29:06,580
<font color="#ffde44">හෙට ඉඳන් මේ තරම් වද වෙන්න එපා.</font>

273
00:29:07,580 --> 00:29:08,680
<font color="#ffde44">කවුද කිව්වේ ඔයා මෙහේ ඉන්නවට වැඩ කරන්න ඕනේ කියලා?</font>

274
00:29:09,010 --> 00:29:12,350
<font color="#ffde44">මේක වදයක් නෙවෙයි.
අනික මට මගේ කාමරේට ගෙවන්න පුළුවන්.</font>

275
00:29:12,820 --> 00:29:15,050
<font color="#ffde44">අකමැති නම් බලෙන් කන්න එපා.</font>

276
00:29:15,290 --> 00:29:16,350
<font color="#ffde44">මම බලෙන් කනවා නෙවෙයි.</font>

277
00:29:18,190 --> 00:29:20,660
<font color="#ffde44">මම අවුරුදු දහයකින් විතර
ඔම්ලට් රයිස් කාලා නෑ.</font>

278
00:29:22,430 --> 00:29:25,200
<font color="#ffde44">ඔයාට කන්න ආස වෙන මොනවා හරි
තියෙනවා නම් මට කියන්න.</font>

279
00:29:27,500 --> 00:29:30,000
<font color="#ffde44">මගේ අම්මා හැමතිස්සෙම අඩුම තරමේ ව්‍යංජන පහක්වත් එක්ක
සම්පූර්ණ කෑම වේලක් හැදුවා.</font>

280
00:29:31,240 --> 00:29:32,270
<font color="#ffde44">ඔයාට එහෙම කරන්න බෑ නේද?</font>

281
00:29:34,370 --> 00:29:35,410
<font color="#ffde44">මම උත්සාහ කරලා බලන්නම්.</font>

282
00:29:36,310 --> 00:29:37,340
<font color="#ffde44">මම නිකන් විහිළුවක් කළේ.</font>

283
00:29:39,510 --> 00:29:42,350
<font color="#ffde44">මම ඒක කරන්නේ යුතුකමකට නෙවෙයි,
හදවතින්මයි.</font>

284
00:29:43,350 --> 00:29:44,880
<font color="#ffde44">ඔයා නිරෝගීව ඉන්න එපැයි.</font>

285
00:29:45,750 --> 00:29:46,820
<font color="#ffde44">හදවතින්මයි කිව්වේ මොකක්ද?</font>

286
00:29:48,450 --> 00:29:49,550
<font color="#ffde44">හරියට මගේ අම්මා වගේද?</font>

287
00:30:20,790 --> 00:30:21,990
<font color="#ffde44">(මොමෝ)</font>

288
00:30:25,360 --> 00:30:26,390
<font color="#ffde44">(මොමෝ)</font>

289
00:30:28,430 --> 00:30:30,490
<font color="#ffde44">හලෝ?
හායි, යොන් ජූන්.</font>

290
00:30:31,030 --> 00:30:32,030
<font color="#ffde44">හේයි.</font>

291
00:30:32,860 --> 00:30:34,000
<font color="#ffde44">ඔයා ඉස්පිරිතාලෙන් ආවා කියලා ඇහුණා.</font>

292
00:30:34,630 --> 00:30:35,630
<font color="#ffde44">ඔව්.</font>

293
00:30:36,930 --> 00:30:38,700
<font color="#ffde44">ඔයාට බා රාව සම්බන්ධ කරගන්න පුළුවන් නේද?</font>

294
00:30:40,170 --> 00:30:41,170
<font color="#ffde44">බැහැ.</font>

295
00:30:41,170 --> 00:30:42,640
<font color="#ffde44">එයාට මොනවා හරි වෙලා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?</font>

296
00:30:42,710 --> 00:30:44,440
<font color="#ffde44">එයා එයාගේ එකවුන්ට් එකත් ප්‍රයිවට් කරලා.</font>

297
00:30:45,040 --> 00:30:46,810
<font color="#ffde44">එයාට ටිකක් තනියම ඉන්න ඕනේ
වෙලා ඇති.</font>

298
00:30:47,250 --> 00:30:49,680
<font color="#ffde44">මමත් හිතනවා එච්චරයි කියලා.
ඔයාගේ කරකැවිල්ල කොහොමද?</font>

299
00:30:49,780 --> 00:30:51,020
<font color="#ffde44">ඕක අහන්නත් ඔච්චර වෙලා ගියාද.</font>

300
00:30:52,550 --> 00:30:54,050
<font color="#ffde44">දැන් නම් ගොඩක් දුරට හොඳයි.</font>

301
00:30:55,320 --> 00:30:56,790
<font color="#ffde44">බා රා මෙහේ නැති නිසා,</font>

302
00:30:56,920 --> 00:30:58,620
<font color="#ffde44">මම මේ අවුරුද්දේ
උපන්දින පාටියක් ගන්නේ නැති වෙයි.</font>

303
00:30:59,890 --> 00:31:02,190
<font color="#ffde44">ඔයාගේ උපන්දිනේද? කවද්ද?</font>

304
00:31:02,190 --> 00:31:04,160
<font color="#ffde44">මගේ උපන්දිනේ තියෙන්නේ මේ ඉරිදා,</font>

305
00:31:04,400 --> 00:31:06,300
<font color="#ffde44">ඒත් මම හැමෝටම කියන්නේ
ලබන බදාදා කියලා.</font>

306
00:31:06,630 --> 00:31:08,400
<font color="#ffde44">ඔයා මට ආරාධනා කළොත් මම එන්නම්.
මට අඩුම තරමේ එතන ඉන්නවත් පුළුවන්.</font>

307
00:31:09,800 --> 00:31:11,700
<font color="#ffde44">ඉරිදා හවසට ඔයා ෆ්‍රී ද?</font>

308
00:31:11,970 --> 00:31:13,040
<font color="#ffde44">ඔව්.</font>

309
00:31:14,670 --> 00:31:15,910
<font color="#ffde44">මම මැසේජ් එකක් දාන්නම්.</font>

310
00:31:17,310 --> 00:31:18,310
<font color="#ffde44">හරි.</font>

311
00:31:22,910 --> 00:31:24,650
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

312
00:31:25,150 --> 00:31:27,750
<font color="#ffde44">මේකද ප්‍රධාන විකලාංග අංශය තියෙන ගොඩනැගිල්ල?
ඔව්.</font>

313
00:31:27,820 --> 00:31:28,820
<font color="#ffde44">ස්තූතියි.</font>

314
00:31:41,870 --> 00:31:42,970
<font color="#ffde44">කරුණාකරලා මෙතනින් වාඩි වෙන්න.</font>

315
00:31:43,300 --> 00:31:44,540
<font color="#ffde44">හරි.
ස්තූතියි.</font>

316
00:31:45,540 --> 00:31:47,510
<font color="#ffde44">පරෙස්සමෙන්. දෙවියනේ.</font>

317
00:31:50,570 --> 00:31:52,280
<font color="#ffde44">සුබ දවසක්.
ස්තූතියි.</font>

318
00:31:55,810 --> 00:31:57,180
<font color="#ffde44">(ශල්‍යකර්මය කරන වේලාව, දැනට වේලාව,
නිර්වින්දන වේලාව)</font>

319
00:32:10,760 --> 00:32:12,860
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

320
00:32:49,370 --> 00:32:51,100
<font color="#ffde44">මේ දවස්වල හෘද හා උරස් ශල්‍යකර්ම...</font>

321
00:32:51,100 --> 00:32:53,040
<font color="#ffde44">කාඩියෝ මෙඩ් එකේ ඩයලිසිස් රෝගීන්...</font>

322
00:34:27,030 --> 00:34:28,270
<font color="#ffde44">මම ආවා කල් වැඩිද?</font>

323
00:34:29,170 --> 00:34:30,170
<font color="#ffde44">නැහැ.</font>

324
00:34:32,870 --> 00:34:34,540
<font color="#ffde44">මම හැමදාම...</font>

325
00:34:34,810 --> 00:34:37,580
<font color="#ffde44">මගේ ඇත්ත උපන්දිනේ සමරන්නේ මගේ අම්මත් එක්ක විතරයි,</font>

326
00:34:38,280 --> 00:34:39,740
<font color="#ffde44">ඉතින් උපන්දිනේ දවසේ
තනියම කෑම කන්න හිතෙනකොටත්...</font>

327
00:34:39,740 --> 00:34:41,180
<font color="#ffde44">මාරම දුකයි.</font>

328
00:34:42,750 --> 00:34:44,480
<font color="#ffde44">ඒ නිසා කරුණාකරලා මාත් එක්ක කන්න.</font>

329
00:34:47,590 --> 00:34:48,590
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

330
00:34:49,590 --> 00:34:51,590
<font color="#ffde44">ගෙදර වැඩ කරන කෙනා කෑම හදලා තිබ්බා,</font>

331
00:34:51,590 --> 00:34:54,020
<font color="#ffde44">ඒත් මම එයාට කිව්වා ෂෝට් රිබ්ස් හදන්න එපා කියලා.
මට ඒවා කාලම එපා වෙලා.</font>

332
00:34:54,830 --> 00:34:55,830
<font color="#ffde44">එහෙමද.</font>

333
00:34:58,530 --> 00:35:00,300
<font color="#ffde44">ඔයා සීවීඩ් සුප් වලට කැමතිද?</font>

334
00:35:00,600 --> 00:35:01,970
<font color="#ffde44">මම සුප් ජාති තෝරන්නේ නැහැ.</font>

335
00:35:03,170 --> 00:35:04,270
<font color="#ffde44">පල් කරපු ස්කේට් ලිවර් සුප් වුණත් කමක් නැද්ද?</font>

336
00:35:06,070 --> 00:35:07,070
<font color="#ffde44">ඒ මොනවාද කියලා ඔයා දන්නවා නේද?</font>

337
00:35:07,440 --> 00:35:08,440
<font color="#ffde44">ඔව්.</font>

338
00:35:10,310 --> 00:35:11,310
<font color="#ffde44">ඒක නම් ටිකක් අමාරු වෙයි...</font>

339
00:35:14,850 --> 00:35:15,910
<font color="#ffde44">ස්තූතියි.</font>

340
00:35:16,380 --> 00:35:19,080
<font color="#ffde44">මට මගේ උපන්දිනේ දවසේ තනියම කෑම කන්නයි
වෙලා තිබුණේ.</font>

341
00:35:21,450 --> 00:35:22,950
<font color="#ffde44">ජූ ෂින්ගෙන් මැසේජ් එකක් ආවේ නැද්ද?</font>

342
00:35:25,190 --> 00:35:26,320
<font color="#ffde44">කිසිම ආරංචියක් නැහැ.</font>

343
00:35:37,700 --> 00:35:38,700
<font color="#ffde44">ආ, හරි!</font>

344
00:35:45,280 --> 00:35:47,810
<font color="#ffde44">ඔයාගේ උපන්දිනේ කවද්ද?
ශීත කාලෙදි.</font>

345
00:35:48,850 --> 00:35:49,880
<font color="#ffde44">ශීත කාලේ කවද්ද?</font>

346
00:35:51,720 --> 00:35:54,920
<font color="#ffde44">ගිය අවුරුද්දේ එන්ගේජ්මන්ට් පාටියට පහුවෙනිදා.</font>

347
00:35:56,950 --> 00:35:57,960
<font color="#ffde44">දෙවියනේ.</font>

348
00:36:03,930 --> 00:36:05,030
<font color="#ffde44">මේක මොන විදියේ අවාසනාවක්ද?</font>

349
00:36:05,660 --> 00:36:07,430
<font color="#ffde44">නටන්න හිතෙන විදියේ එකක්.</font>

350
00:36:07,630 --> 00:36:09,230
<font color="#ffde44">දැන් මියුසික් ප්ලේ වුණා නම්...</font>

351
00:36:09,600 --> 00:36:11,840
<font color="#ffde44">මට දැන් එකපාරටම වෝල්ට්ස් නටන්න හිතුණා.</font>

352
00:36:12,770 --> 00:36:13,770
<font color="#ffde44">මාත් එක්කද?</font>

353
00:36:14,340 --> 00:36:15,340
<font color="#ffde44">ඔව්.</font>

354
00:36:17,370 --> 00:36:18,540
<font color="#ffde44">ඕනම කෙනෙක් එක්ක.</font>

355
00:36:19,110 --> 00:36:21,380
<font color="#ffde44">මට හිතෙනවා මට ස්නෝමන් කෙනෙක් එක්ක වුණත්
නටන්න පුළුවන් කියලා.</font>

356
00:36:30,790 --> 00:36:32,420
<font color="#ffde44">ඔයා දැන් නටන්නේ නැද්ද?</font>

357
00:36:32,960 --> 00:36:33,990
<font color="#ffde44">තනියමවත් නටන්නේ නැද්ද?</font>

358
00:36:34,730 --> 00:36:35,730
<font color="#ffde44">මොකක්?</font>

359
00:36:37,290 --> 00:36:38,300
<font color="#ffde44">නැහැ.</font>

360
00:36:38,960 --> 00:36:41,130
<font color="#ffde44">ඒකෙන් ඔයාගේ හිත හැදෙයි.</font>

361
00:36:41,570 --> 00:36:42,730
<font color="#ffde44">මම ආයෙත් නටන්න පටන් ගන්නද?</font>

362
00:36:44,670 --> 00:36:46,170
<font color="#ffde44">මට දැන් ස්ටෙප්ස් පවා අමතක වෙලා.</font>

363
00:36:47,670 --> 00:36:48,670
<font color="#ffde44">එහෙමද.</font>

364
00:37:02,920 --> 00:37:04,390
<font color="#ffde44">ඔයා කවදාහරි බා රා නටනවා දැකලා තියෙනවාද?</font>

365
00:37:05,420 --> 00:37:07,260
<font color="#ffde44">නැහැ, ඇයි?</font>

366
00:37:07,260 --> 00:37:10,160
<font color="#ffde44">ආරංචි විදිහට, කොලේජ් එකේදි
එයා ඩාන්ස් ක්ලබ් එකේ ඉඳලා තියෙනවා.</font>

367
00:37:11,600 --> 00:37:12,830
<font color="#ffde44">එහෙමද...</font>

368
00:37:12,830 --> 00:37:15,700
<font color="#ffde44">එයා කාගේ හිත දිනාගන්නද මේ හදන්නේ?</font>

369
00:37:17,570 --> 00:37:20,000
<font color="#ffde44">ඔයා ගැන මොකද?
ඔයා එයා නටනවා දැකලා තියෙනවාද?</font>

370
00:37:21,040 --> 00:37:22,070
<font color="#ffde44">එහෙම නැහැ...</font>

371
00:37:24,070 --> 00:37:25,440
<font color="#ffde44">අදත් එයාගෙන් කිසිම ආරංචියක් නැද්ද?</font>

372
00:37:27,140 --> 00:37:28,150
<font color="#ffde44">නැහැ.</font>

373
00:37:29,410 --> 00:37:31,320
<font color="#ffde44">පේන විදිහට එයාට ඔක්කොම සම්බන්ධකම්
නතර කරන්න ඕනේ වෙලා වගේ.</font>

374
00:38:08,750 --> 00:38:10,020
<font color="#ffde44">ඔයා ඇඳුම් නැතුව ඉන්නවා නෙවෙයිනේ.</font>

375
00:38:11,890 --> 00:38:12,890
<font color="#ffde44">මෙන්න, මේක කන්න.</font>

376
00:38:15,030 --> 00:38:16,030
<font color="#ffde44">හරි.</font>

377
00:38:17,560 --> 00:38:18,560
<font color="#ffde44">මේක දිය වෙනවා.</font>

378
00:38:23,270 --> 00:38:24,270
<font color="#ffde44">මේක ජෙලාටෝ.</font>

379
00:38:40,350 --> 00:38:42,990
<font color="#ffde44">මම කලින් හිතුවා මේකේ තියෙන ලොකුකම මොකක්ද කියලා,
ඒත් මේක ඇත්තටම රසයි.</font>

380
00:38:43,050 --> 00:38:44,050
<font color="#ffde44">මේක ඇත්තටම ගොඩක් රසයි.</font>

381
00:38:48,390 --> 00:38:49,530
<font color="#ffde44">ඔයා පාවිච්චි කරන්නේ මොන ෂැම්පු එකද?</font>

382
00:38:50,290 --> 00:38:51,300
<font color="#ffde44">හොඳ සුවඳක් එනවා.</font>

383
00:38:52,100 --> 00:38:53,330
<font color="#ffde44">ඒක එන්නේ මගේ කන්ඩිෂනර් එකෙන්.</font>

384
00:38:55,470 --> 00:38:56,930
<font color="#ffde44">ඔයා කන්ඩිෂනර් පාවිච්චි කරන්නේ නැද්ද?</font>

385
00:38:57,840 --> 00:38:59,500
<font color="#ffde44">ඕවට කොහෙද වෙලාවක්?</font>

386
00:39:11,820 --> 00:39:12,820
<font color="#ffde44">ගිහින් තව ටිකක් අරන් එන්න.</font>

387
00:39:13,420 --> 00:39:14,590
<font color="#ffde44">ෆ්‍රීසර් එකේ බොක්ස් එකක් තියෙනවා.</font>

388
00:39:15,350 --> 00:39:16,350
<font color="#ffde44">හරි.</font>

389
00:39:19,790 --> 00:39:21,090
<font color="#ffde44">ඔයා යොන් ජූන්ගේ කැමති මොනවටද?</font>

390
00:39:26,830 --> 00:39:27,830
<font color="#ffde44">මම නිකන්ම කැමතියි.</font>

391
00:39:29,130 --> 00:39:30,270
<font color="#ffde44">"නිකන්ම" කියලා දෙයක් නැහැ.</font>

392
00:39:32,300 --> 00:39:34,170
<font color="#ffde44">මට නම්, මොමෝගේ රඟපෑම දැක්කට පස්සේ
මට එයාව හිතට ඇල්ලුවා.</font>

393
00:39:34,740 --> 00:39:36,870
<font color="#ffde44">මම හිතුවා ඔයා කලින්ම රෑ කෑම කෑවා කියලා.</font>

394
00:39:38,780 --> 00:39:40,510
<font color="#ffde44">මම ක්ලබ්හවුස් එකේදි පොඩි දෙයක් කෑවා.</font>

395
00:39:41,750 --> 00:39:43,380
<font color="#ffde44">මේ දවස්වල හැමෝම බර අඩු කරගන්න
මහන්සි වෙනවා.</font>

396
00:39:44,310 --> 00:39:45,450
<font color="#ffde44">ඔයා මොනවාද කෑවේ?</font>

397
00:39:46,220 --> 00:39:47,220
<font color="#ffde44">ජජන්ග්මියොන්.</font>

398
00:39:48,020 --> 00:39:49,920
<font color="#ffde44">හැබැයි ඒක ඔයාගේ එක තරම් රස නැහැ.</font>

399
00:39:51,790 --> 00:39:52,790
<font color="#ffde44">මම ඇත්තමයි කියන්නේ.</font>

400
00:40:03,130 --> 00:40:04,600
<font color="#ffde44">මම එයාට කැමති වුණා කියනවාට වඩා...</font>

401
00:40:08,910 --> 00:40:11,410
<font color="#ffde44">මම මගේ ජීවිතේ ගත කළේ
එයාව මගේ හිතේ තියාගෙන.</font>

402
00:40:12,140 --> 00:40:13,280
<font color="#ffde44">එයාව බඳින්න බලාපොරොත්තුවෙන්ද?</font>

403
00:40:15,010 --> 00:40:17,080
<font color="#ffde44">මගේ එකම අරමුණ වුණේ එයාව ආයෙත් දකින එක විතරයි.</font>

404
00:40:19,450 --> 00:40:21,450
<font color="#ffde44">ඒත් මනුස්ස හිත කියන්නේ වෙනස් වෙන දෙයක්.</font>

405
00:40:23,320 --> 00:40:25,390
<font color="#ffde44">මම කෑදර වෙන්න හොඳ නැහැ.</font>

406
00:40:27,390 --> 00:40:29,030
<font color="#ffde44">දැන් මට එයාව දකින්නවත් බැහැ.</font>

407
00:40:29,660 --> 00:40:32,000
<font color="#ffde44">කොහොමහරි එයාව බලන්න.
මම කොහොමද එහෙම කරන්නේ?</font>

408
00:40:32,130 --> 00:40:33,400
<font color="#ffde44">ඒක තීරණය වෙන්නේ ඔයා ඒ දිහා බලන විදිහ අනුව නේද?</font>

409
00:40:34,230 --> 00:40:35,930
<font color="#ffde44">ඔයා මගේ තැන හිටියා නම් ඔයාට එහෙම කරන්න පුළුවන් වෙයිද?</font>

410
00:40:36,070 --> 00:40:38,170
<font color="#ffde44">අපි දෙන්නා මෙහෙම එකට ඉන්න එකෙන්ම
පේනවා මට පුළුවන් කියලා.</font>

411
00:40:39,040 --> 00:40:41,810
<font color="#ffde44">හැමදේම දැනගෙනත්
මට ඕනේ වුණේ ඔයාව බඳින්න.</font>

412
00:40:49,180 --> 00:40:51,080
<font color="#ffde44">අහන්න, මම යොන් ජූන්ව දන්නවා,</font>

413
00:40:52,720 --> 00:40:54,320
<font color="#ffde44">මම දන්න අනිත් හැමෝටම වඩා
එයා වගකීම් සහගතයි.</font>

414
00:40:55,290 --> 00:40:56,650
<font color="#ffde44">එයා ඉක්මනටම ඔයාව බඳින්න තීරණය කරයි.</font>

415
00:40:56,820 --> 00:40:59,260
<font color="#ffde44">බලෙන් ගන්න තීරණයකින් කිසිම තේරුමක් නැහැ.</font>

416
00:40:59,520 --> 00:41:01,790
<font color="#ffde44">ඒක හදවතින්ම එන්න ඕනේ.</font>

417
00:41:03,530 --> 00:41:06,360
<font color="#ffde44">එයා ඇත්තටම ආදරේ කරන්නේ මට නෙවෙයි.
එහෙනම් කාටද?</font>

418
00:41:07,800 --> 00:41:08,800
<font color="#ffde44">වෙන කවුරුහරි ඉන්නවාද?</font>

419
00:41:09,800 --> 00:41:10,800
<font color="#ffde44">මම දන්නේ නැහැ.</font>

420
00:41:11,200 --> 00:41:12,340
<font color="#ffde44">ඔයා දන්නවා කියලා මට පේනවා.</font>

421
00:41:13,770 --> 00:41:15,440
<font color="#ffde44">මේ වගේ වෙලාවක හංගන්න මොනවාද තියෙන්නේ?</font>

422
00:41:16,410 --> 00:41:18,710
<font color="#ffde44">ඒ මොමෝ වෙන්න බැහැ නේද?</font>

423
00:41:23,050 --> 00:41:24,080
<font color="#ffde44">එයාද?</font>

424
00:41:24,080 --> 00:41:26,150
<font color="#ffde44">මම මුකුත් කිව්වේ නැහැ.</font>

425
00:41:32,890 --> 00:41:34,830
<font color="#ffde44">ඇත්තටම යොන් ජූන්ගේ තියෙන ආකර්ෂණය මොකක්ද?</font>

426
00:41:35,430 --> 00:41:36,530
<font color="#ffde44">මට නම් පේන්නේ එයා හරිම සාමාන්‍ය කෙනෙක් වගේ.</font>

427
00:41:37,260 --> 00:41:38,700
<font color="#ffde44">ගෑනු අය ඒ වගේ මූණු වලට කැමතිද?</font>

428
00:41:39,400 --> 00:41:40,830
<font color="#ffde44">ඒ එයාගේ මූණ නෙවෙයි.</font>

429
00:41:43,030 --> 00:41:44,330
<font color="#ffde44">එයාගේ හදවත.</font>

430
00:41:46,670 --> 00:41:48,840
<font color="#ffde44">එයාගේ හදවතේ මොනවාද තියෙන්නේ?
එයාගේ මනුස්සකම.</font>

431
00:41:48,910 --> 00:41:50,240
<font color="#ffde44">එතකොට මම කවුද, වෘකයෙක්ද?</font>

432
00:41:50,610 --> 00:41:51,740
<font color="#ffde44">වඳුරෙක්ද? කොටියෙක්ද?</font>

433
00:41:51,740 --> 00:41:54,380
<font color="#ffde44">මනුස්සයෙක්ගේ හිත සනසන විදියේ එකක්.</font>

434
00:41:55,480 --> 00:41:56,780
<font color="#ffde44">එයාට නිකන්ම ඒ ගතිගුණය තියෙනවා.</font>

435
00:42:01,450 --> 00:42:03,520
<font color="#ffde44">ඒක ඉගෙන ගන්න පුළුවන් දෙයක් නම්,
මමත් කැමතියි.</font>

436
00:42:04,860 --> 00:42:06,160
<font color="#ffde44">එයා ඔයාව සනසන්නේ කොහොමද?</font>

437
00:42:16,770 --> 00:42:18,240
<font color="#ffde44">ඔයාට අඬන්න ඕනෙ නම්, අඬන්න.</font>

438
00:42:18,840 --> 00:42:21,470
<font color="#ffde44">හිතේ තද කරගෙන ඉන්න එපා.
ඔයාට තේරෙන්නේ නැහැ.</font>

439
00:42:21,710 --> 00:42:24,240
<font color="#ffde44">ඔයා හිතන්නේ ඔයා මාව ගොඩක් හොඳට දන්නවා කියලද?</font>

440
00:42:30,780 --> 00:42:32,520
<font color="#ffde44">ඔයා පොඩි කාලේ,</font>

441
00:42:33,250 --> 00:42:35,920
<font color="#ffde44">ඔයාගේ නමින් හැර
වෙන නමකින් ඔයාට කතා කරලා තියෙනවාද?</font>

442
00:42:36,250 --> 00:42:37,750
<font color="#ffde44">ආදරේට කියන නමක් වගේ...</font>

443
00:42:38,520 --> 00:42:39,590
<font color="#ffde44">ඔයාගේ දෙමාපියන්ගෙන්...</font>

444
00:42:43,230 --> 00:42:44,860
<font color="#ffde44">මගේ අම්මා සමහර වෙලාවට මට "පුතා" කියලා කතා කළා,</font>

445
00:42:46,130 --> 00:42:49,030
<font color="#ffde44">ඒක අහන්න ටිකක් විහිළු වගේ වුණත්,
සමහර වෙලාවට "මගේ කුමාරයා" කියලත් කිව්වා.</font>

446
00:42:49,430 --> 00:42:53,270
<font color="#ffde44">මට කවදත් කතා කළේ ගුම් බා රා කියලා විතරයි,
ඒක මට කවුරු දැම්මාද කියලවත් මම දන්නේ නැහැ.</font>

447
00:42:54,370 --> 00:42:55,510
<font color="#ffde44">ඒක නරක නමක් නෙවෙයි.</font>

448
00:42:56,340 --> 00:42:57,440
<font color="#ffde44">ඒත්...</font>

449
00:42:59,580 --> 00:43:02,680
<font color="#ffde44">මට ජීවිතේ පළවෙනි වතාවට
"පොඩි ළමයා" කියලා කතා කළේ එයා.</font>

450
00:43:05,750 --> 00:43:07,580
<font color="#ffde44">එයා මට එහෙම තමයි කතා කළේ.</font>

451
00:43:08,520 --> 00:43:11,260
<font color="#ffde44">මගේ ජීවිතේට මට කවුරුත් එහෙම කතා කරලා තිබුණු
පළවෙනි වතාව ඒක.</font>

452
00:43:13,160 --> 00:43:15,660
<font color="#ffde44">මාව කවුරුවත් ඒ තරම් ආදරෙන් තුරුළු කරගෙන හිටියේ නැහැ,</font>

453
00:43:19,160 --> 00:43:21,630
<font color="#ffde44">ඒ වගේ උණුසුම් විදිහට තුරුළු කරගත්ත මතකයක්වත්
මට තිබුණේ නැහැ.</font>

454
00:43:23,930 --> 00:43:27,340
<font color="#ffde44">අපි මුලින්ම සුපර්මාර්කට් එකේදි හම්බවුණු වෙලාවේ,
එයා කිව්වා "හේයි, පොඩි ළමයා" කියලා,</font>

455
00:43:27,840 --> 00:43:29,510
<font color="#ffde44">ඊටපස්සේ එයා මාව තුරුළු කරගත්තා.</font>

456
00:43:31,410 --> 00:43:33,940
<font color="#ffde44">එයා කිව්වා මාව දැක්කම පෙර පාසල් ළමයෙක් වගේ
කියලයි එයා හිතුවේ කියලා.</font>

457
00:43:35,980 --> 00:43:38,550
<font color="#ffde44">ඒ හැඟීම මගේ හිතේ තදින්ම කාවැදුණා.</font>

458
00:43:41,790 --> 00:43:43,550
<font color="#ffde44">මට ඒක කවදාවත් අමතක කරන්න බැහැ.</font>

459
00:43:44,720 --> 00:43:46,960
<font color="#ffde44">මෙච්චර කාලයක් මාව ජීවත් කෙරෙව්වේ
ඒ මතකයයි.</font>

460
00:43:48,660 --> 00:43:50,960
<font color="#ffde44">මම ලෝකයාගේ නින්දා අපහාස
ඉවසාගෙන හිටියා...</font>

461
00:43:51,230 --> 00:43:53,260
<font color="#ffde44">වටිනා කෙනෙක් වෙන්න,
ඒ වගේම මම එයා ඉස්සරහට ගියාම,</font>

462
00:43:53,260 --> 00:43:54,500
<font color="#ffde44">එයා නිකන්...</font>

463
00:43:57,230 --> 00:43:59,900
<font color="#ffde44">මාව දැක්කේ අතීතයේ හිටපු
ඒ පොඩි ළමයා, බා-රා විදිහටයි.</font>

464
00:44:01,470 --> 00:44:02,470
<font color="#ffde44">එයාට එහෙම හිතෙන්න ඇති.</font>

465
00:44:03,270 --> 00:44:05,410
<font color="#ffde44">දැන් මම කොහොමද ජීවත් වෙන්නේ?</font>

466
00:44:06,880 --> 00:44:09,910
<font color="#ffde44">මගේ අරමුණ නැති වෙලා, මට මගේ පාරත් වැරදිලා.</font>

467
00:44:09,980 --> 00:44:12,480
<font color="#ffde44">දැන් මට ජීවත් වෙන්න කිසිම කෙනෙක් නැහැ.</font>

468
00:44:18,790 --> 00:44:19,790
<font color="#ffde44">එතකොට මම?</font>

469
00:44:20,420 --> 00:44:21,430
<font color="#ffde44">මම මදිද?</font>

470
00:44:27,660 --> 00:44:28,700
<font color="#ffde44">ඇත්තටම...</font>

471
00:44:32,740 --> 00:44:34,400
<font color="#ffde44">අපි ළමයෙක් හදාගමු.</font>

472
00:44:46,320 --> 00:44:49,590
<font color="#ffde44">අපිට පුතෙක් හරි දුවෙක් හරි ඉඳියි,
අපි අපේ දරුවා වෙනුවෙන් ජීවත් වෙමු.</font>

473
00:44:52,460 --> 00:44:53,660
<font color="#ffde44">මෑතක ඉඳන්,</font>

474
00:44:54,990 --> 00:44:56,830
<font color="#ffde44">මටත් මගේම කියලා ළමයෙක් ඕනෙ
කියලා හිතුණා.</font>

475
00:44:59,100 --> 00:45:01,060
<font color="#ffde44">මට වෙන මුකුත්ම එපා,</font>

476
00:45:01,830 --> 00:45:03,830
<font color="#ffde44">ඒත් විශේෂයෙන්ම
මගේ තාත්තා නැති වුණාට පස්සේ,</font>

477
00:45:04,900 --> 00:45:06,170
<font color="#ffde44">මට නිතරම ලොකු හිඩැසක් දැනෙනවා.</font>

478
00:45:06,800 --> 00:45:08,210
<font color="#ffde44">ඒ වගේම මට එහෙම දැනෙන එක ගැන
මම පසුතැවෙන්නෙත් නැහැ.</font>

479
00:45:11,040 --> 00:45:13,940
<font color="#ffde44">තනිකමක් දැනෙන එක මනුෂ්‍ය ස්වභාවයක්නේ,
නේද?</font>

480
00:45:18,980 --> 00:45:20,820
<font color="#ffde44">ජීවයක් නිර්මාණය කරන එක...</font>

481
00:45:21,380 --> 00:45:22,490
<font color="#ffde44">හරිම පුදුමාකාර දෙයක්.</font>

482
00:45:23,790 --> 00:45:25,620
<font color="#ffde44">ඒකෙන් මිනිස්සු දෙවිවරු වගේ කියලා
ඔයාට හිතෙන්නේ නැද්ද?</font>

483
00:45:28,230 --> 00:45:30,130
<font color="#ffde44">මේක දෙවැනියට හොඳම දේ විදිහට
හිතන්න.</font>

484
00:45:31,190 --> 00:45:32,200
<font color="#ffde44">මම.</font>

485
00:45:33,060 --> 00:45:34,060
<font color="#ffde44">මම ඔයාගේ දෙවැනියට හොඳම දේ වෙන්නම්.</font>

486
00:45:43,870 --> 00:45:45,440
<font color="#ffde44">ඔයා එහෙම කෙනෙක් නෙවෙයි.</font>

487
00:45:46,180 --> 00:45:47,180
<font color="#ffde44">එහෙනම් මම කවුද?</font>

488
00:45:47,180 --> 00:45:49,210
<font color="#ffde44">මම දන්නවා ඔයාට ඕනෙ වුණා නම්,
ඔයාට මිහ්වා ගෲප් එකේ...</font>

489
00:45:49,210 --> 00:45:52,120
<font color="#ffde44">එකම දුවව වුණත් එක තත්පරෙන් බඳින්න පුළුවන් කියලා.</font>

490
00:45:52,580 --> 00:45:54,020
<font color="#ffde44">මම ඔයාට කිව්වනේ, මට කිසිම දෙයක් එපා කියලා.</font>

491
00:45:55,520 --> 00:45:58,290
<font color="#ffde44">මට එයාලගේ පවුලට යන්න වෙනවා.
සමාජයේ ඉහළ පෙළේ කෙනෙක්...</font>

492
00:45:58,360 --> 00:45:59,920
<font color="#ffde44">මට ඇත්තටම ඕනෙ වුණා නම්,</font>

493
00:46:01,060 --> 00:46:03,690
<font color="#ffde44">මට මුළු ලෝකයේම අවධානය දිනාගන්න තිබුණා.</font>

494
00:46:08,330 --> 00:46:09,330
<font color="#ffde44">ඒක හොඳයි.</font>

495
00:46:09,670 --> 00:46:12,170
<font color="#ffde44">යොං ජූන්ග් ගැන ඔයාට තිබුණු
ඒ හැඟීම නිකන්...</font>

496
00:46:12,700 --> 00:46:14,810
<font color="#ffde44">මිනිස්සු දෙවියෙක්ව අන්ධ විදිහට අදහනවා වගේ දෙයක්.</font>

497
00:46:15,870 --> 00:46:18,070
<font color="#ffde44">ඒක සැබෑ ආදරයක් නෙවෙයි.
ඔයාට ඒක තේරෙන්නේ නැහැ.</font>

498
00:46:18,140 --> 00:46:19,680
<font color="#ffde44">කාලයත් එක්ක ඔයාට ඒක තේරෙයි.</font>

499
00:46:20,040 --> 00:46:23,710
<font color="#ffde44">අවුරුදු දහයක් තිස්සේ මම ජීවත් වුණේ
එයා ගැනම හිතාගෙන, එයාවම පතමින්.</font>

500
00:46:24,250 --> 00:46:25,480
<font color="#ffde44">සෑම දෙයකටම අවසානයක් තියෙනවා.</font>

501
00:46:26,380 --> 00:46:27,780
<font color="#ffde44">අනික, ඔයා කවදාවත්
මව් සෙනෙහස ගැන අහලා නැද්ද?</font>

502
00:46:28,890 --> 00:46:32,360
<font color="#ffde44">මම ඉපදුණු ගමන්ම
මගේම දෙමාපියන් මාව අතහැරලා දැම්මා.</font>

503
00:46:33,560 --> 00:46:34,960
<font color="#ffde44">ඒත් මගේ අම්මාම මට කිව්වා...</font>

504
00:46:35,260 --> 00:46:36,730
<font color="#ffde44">එයාගේ හදවතේ
මම තමයි පළවෙනියා කියලා.</font>

505
00:46:37,360 --> 00:46:38,360
<font color="#ffde44">මගේ තාත්තා හිටියේ දෙවැනියට.</font>

506
00:46:39,300 --> 00:46:40,530
<font color="#ffde44">එයා කිව්වා ඒක අපේ රහසක් කියලා.</font>

507
00:46:42,100 --> 00:46:43,370
<font color="#ffde44">ඔයා අම්මා කෙනෙක් වුණාම
ඔයාට ඒක තේරෙයි.</font>

508
00:46:45,570 --> 00:46:47,900
<font color="#ffde44">අපේ දෙමාපියන් මොන වගේ අය වෙන්න ඇද්ද...</font>

509
00:46:49,940 --> 00:46:52,280
<font color="#ffde44">තමන්ගේ මේ වගේ
වටිනා දරුවන්ව අතහැරලා දාන්න?</font>

510
00:47:00,920 --> 00:47:03,520
<font color="#ffde44">ඔයාට දුකක් ආවම,
ඒක පිටකරලා දාන්න.</font>

511
00:47:05,390 --> 00:47:06,520
<font color="#ffde44">මම ඔයාට බල කරන්නේ නැහැ,</font>

512
00:47:07,990 --> 00:47:08,990
<font color="#ffde44">ඒත් ඒ ගැන ටිකක් හිතලා බලන්න.</font>

513
00:47:14,260 --> 00:47:15,330
<font color="#ffde44">මට තේරෙන්නේ නැහැ.</font>

514
00:47:17,170 --> 00:47:19,340
<font color="#ffde44">මම ඔයාට මේ ඔක්කොම කිව්වට පස්සෙත්
ඔයා තාම ඔයාගේ තීරණය වෙනස් කරන්නේ නැද්ද?</font>

515
00:47:22,240 --> 00:47:23,370
<font color="#ffde44">අපි ඒ ගැන කතා කරනවා නම්,</font>

516
00:47:24,310 --> 00:47:25,980
<font color="#ffde44">මොමෝට මගේ දරුවෙක් පවා හිටියා.</font>

517
00:47:32,050 --> 00:47:33,320
<font color="#ffde44">ඔයා මොමෝව මනින්නේ එයාගේ පෙනුමෙන් විතරක් නම්,</font>

518
00:47:35,350 --> 00:47:36,650
<font color="#ffde44">ගොඩක් අය
කලකිරෙනවා ඇති.</font>

519
00:47:39,190 --> 00:47:40,390
<font color="#ffde44">අන්තිමේදී යොං ජූන්ග් වුණත් ඊට වෙනස් නැහැ.</font>

520
00:48:03,750 --> 00:48:05,020
<font color="#ffde44">ඔයාටත් පළමු ප්‍රේමයක් තිබුණා නේද?</font>

521
00:48:09,590 --> 00:48:11,020
<font color="#ffde44">ඔව් ඔයාටත් තිබුණා.</font>

522
00:48:12,560 --> 00:48:13,890
<font color="#ffde44">මම එහෙම අහන්න හේතුව තමයි...</font>

523
00:48:14,930 --> 00:48:17,860
<font color="#ffde44">මම ඔයාට වෙන කවුරුත් දන්නේ නැති
දෙයක් කියන්නයි යන්නේ.</font>

524
00:48:19,630 --> 00:48:22,170
<font color="#ffde44">මගේ අම්මා මගේ තාත්තාව මුණගැහෙන්න කලින්,</font>

525
00:48:22,630 --> 00:48:25,140
<font color="#ffde44">එයාට වයස 20 දී දුවෙක් හිටියා
කියලා මට ආරංචි වුණා.</font>

526
00:48:26,500 --> 00:48:29,540
<font color="#ffde44">අනිත් හැමෝටම එයා සම්පූර්ණ අම්මා කෙනෙක් වුණා,</font>

527
00:48:30,470 --> 00:48:31,540
<font color="#ffde44">මම වෙනුවෙන්ම කැපවුණු කෙනෙක්.</font>

528
00:48:33,110 --> 00:48:36,450
<font color="#ffde44">ඒත් එයාට හදාගන්න බැරි වුණු ඒ දුව ගැන
එයා හැමතිස්සෙම දුක් වුණා.</font>

529
00:48:37,710 --> 00:48:40,220
<font color="#ffde44">ඇත්තම කතාව නම්, එයා ඒ තරහ පිටකෙරුවේ මගෙන්.</font>

530
00:48:41,790 --> 00:48:43,720
<font color="#ffde44">වයසට යද්දි ඒක
එයාට තවත් වද දුන්නා.</font>

531
00:48:44,550 --> 00:48:47,360
<font color="#ffde44">ඒ වරදකාරී හැඟීම නිසා එයා ගොඩක් දුක් වුණා,</font>

532
00:48:47,890 --> 00:48:49,130
<font color="#ffde44">මගේ ජීවිතයත් අපායක් කරමින්.</font>

533
00:48:50,460 --> 00:48:52,230
<font color="#ffde44">අන්තිමේදී,
එයා ඒ තීරණය ගත්තා.</font>

534
00:48:55,430 --> 00:48:59,170
<font color="#ffde44">එයා නිසා මට අධ්‍යක්ෂක ජූ ෂින් එක්ක
විවාහ ගිවිසගන්නවා හැරෙන්න වෙන විකල්පයක් තිබුණේ නැහැ.</font>

535
00:49:00,170 --> 00:49:01,240
<font color="#ffde44">ඒක වුණේ මගේ අම්මා නිසා.</font>

536
00:49:04,670 --> 00:49:05,940
<font color="#ffde44">මගේ ඒජන්සියවත් මේක දන්නේ නැහැ.</font>

537
00:49:07,280 --> 00:49:09,580
<font color="#ffde44">එයා ඒ ඔක්කොම හිතේ තියාගෙන ඉඳලා...</font>

538
00:49:10,180 --> 00:49:11,610
<font color="#ffde44">සමහර වෙලාවට එකපාරටම පිටකරනවා.</font>

539
00:49:13,650 --> 00:49:16,850
<font color="#ffde44">ඊට පස්සේ මම එයාගේ හැඟීම් පිටකරන
තැනක් විතරක් වුණා.</font>

540
00:49:21,620 --> 00:49:22,660
<font color="#ffde44">"මම නිසා..."</font>

541
00:49:23,860 --> 00:49:27,700
<font color="#ffde44">"මම එයාව හොඳට තේරුම්ගත්තා නම්,
සමහරවිට එයා ඒ තීරණය ගන්න එකක් නැද්ද?"</font>

542
00:49:28,470 --> 00:49:30,400
<font color="#ffde44">"මේ ඔක්කොම මගේ වැරැද්දද? මමද මේකට වගකියන්න ඕනෙ?"</font>

543
00:49:33,600 --> 00:49:34,800
<font color="#ffde44">ඒ වරදකාරී හැඟීම...</font>

544
00:49:35,770 --> 00:49:36,770
<font color="#ffde44">මට දරාගන්න බැරි වුණා.</font>

545
00:49:43,180 --> 00:49:45,680
<font color="#ffde44">මගේ අම්මා වෙනුවෙන්, මම විවාහ ගිවිසගෙන
සතුටින් ඉන්නවා වගේ රඟපෑවා,</font>

546
00:49:46,650 --> 00:49:48,920
<font color="#ffde44">ඒත් මට ඒ විවාහය කරන්න පුළුවන් කමක්
තිබුණේ නැහැ.</font>

547
00:49:48,920 --> 00:49:49,950
<font color="#ffde44">ඉතින්...</font>

548
00:49:52,460 --> 00:49:55,060
<font color="#ffde44">මගේ අම්මාගේ පළමු ආදරය මගේ තාත්තා නෙවෙයි.</font>

549
00:49:56,230 --> 00:49:58,360
<font color="#ffde44">දැන් ඒ හැමදේම තේරෙනවා.</font>

550
00:49:59,200 --> 00:50:00,560
<font color="#ffde44">මම කලිනුත් කිව්වා වගේ,</font>

551
00:50:00,860 --> 00:50:04,370
<font color="#ffde44">සමහර වෙලාවට මට බා-රා ගැන ගොඩක් ඊර්ෂ්‍යා හිතුණා.</font>

552
00:50:06,270 --> 00:50:08,440
<font color="#ffde44">එයාට වාරු වෙන්න හැමතිස්සෙම ඔයා හිටියා.</font>

553
00:50:16,110 --> 00:50:17,310
<font color="#ffde44">මේක අහන්න අමුතුයි වගේ පෙනෙයි,</font>

554
00:50:19,150 --> 00:50:20,380
<font color="#ffde44">ඒත් අද ඉඳන් ඔයාට මට වාරු වෙන්න පුළුවන්.</font>

555
00:50:23,290 --> 00:50:24,490
<font color="#ffde44">ඊට පස්සේ දවසක,</font>

556
00:50:24,820 --> 00:50:28,020
<font color="#ffde44">මම උදේ නැගිට්ටම මට මුලින්ම
මතක් වුණේ ඔයාවයි.</font>

557
00:50:29,460 --> 00:50:30,930
<font color="#ffde44">දැන් මගේ දවස පටන්ගන්නේ එහෙමයි.</font>

558
00:50:36,370 --> 00:50:38,300
<font color="#ffde44">හිතට ඕනෙ දේ හිත ඉල්ලනවනේ නේද?</font>

559
00:50:39,370 --> 00:50:41,200
<font color="#ffde44">ඒක පාලනය කරන්න බැහැ.</font>

560
00:50:42,410 --> 00:50:44,910
<font color="#ffde44">මේකෙන් පස්සේ ඔයා මාව මඟහරියි කියලා මම දන්නවා,</font>

561
00:50:46,140 --> 00:50:47,410
<font color="#ffde44">ඒත් මට අවංක වෙන්නම ඕනෙ වුණා.</font>

562
00:51:12,400 --> 00:51:15,040
<font color="#ffde44">බා-රා වගේම, මමත්...</font>

563
00:51:37,230 --> 00:51:38,330
<font color="#ffde44">මෙච්චර මිනිස්සු ඉඳලත්, ඇයි මම?</font>

564
00:51:39,800 --> 00:51:41,400
<font color="#ffde44">"මෙච්චර මිනිස්සු ඉඳලත්?"
ඒක පුදුම කතාවක්නේ.</font>

565
00:51:42,770 --> 00:51:44,070
<font color="#ffde44">ඔයා එකපාරටම කඩාපාත් වෙලා මේක ඔයාගේ ගෙදර වගේ හිතාගත්තා.</font>

566
00:51:45,370 --> 00:51:46,370
<font color="#ffde44">හෙට...</font>

567
00:51:47,140 --> 00:51:48,910
<font color="#ffde44">නැහැ, මම මගේ බඩු ටික අරගෙන
දැන්මම යනවා.</font>

568
00:51:52,240 --> 00:51:54,040
<font color="#ffde44">මම කිව්වේ ඔයා මගේ හිතට කඩාපාත් වෙලා
ඒක ඔයාගේ කරගත්තා කියලයි.</font>

569
00:52:09,930 --> 00:52:11,530
<font color="#ffde44">මට ළමයෙක් හදන්න ඕනෙ කියලා හිතෙනවා.</font>

570
00:52:13,860 --> 00:52:14,860
<font color="#ffde44">හොඳ අදහසක්.</font>

571
00:52:15,730 --> 00:52:17,300
<font color="#ffde44">ඒත් වෙන කෙනෙක්ව බඳින්න.</font>

572
00:52:26,440 --> 00:52:27,440
<font color="#ffde44">මොකක්?</font>

573
00:52:28,650 --> 00:52:31,150
<font color="#ffde44">ඒක දරුවාට කරන අසාධාරණයක්.
අනික මට එහෙම ඕනෙ නැහැ.</font>

574
00:52:31,210 --> 00:52:33,420
<font color="#ffde44">මම තමයි ලෝකයේ ඉන්න නරකම කෙනා.</font>

575
00:52:34,050 --> 00:52:35,320
<font color="#ffde44">ඔයා වංචාවක් කරලා අහුවෙලා හරි
තියෙනවද?</font>

576
00:52:36,190 --> 00:52:37,320
<font color="#ffde44">ඔයා ණය වෙලාද ඉන්නේ?</font>

577
00:52:38,090 --> 00:52:39,320
<font color="#ffde44">ඔයාට ණය තියෙනවා නම්, මම ඒවා ගෙවන්නම්.</font>

578
00:52:40,590 --> 00:52:41,660
<font color="#ffde44">ඔයාට හොඳ රස්සාවක් තියෙනවා,</font>

579
00:52:42,330 --> 00:52:45,430
<font color="#ffde44">තරහ වෙන්න එපා,
ඒ වගේම ඔයාට හොඳ පෙනුමකුත් තියෙනවා.</font>

580
00:52:46,160 --> 00:52:48,500
<font color="#ffde44">ඔයා ලොකු වෙනස්කම් කරගෙනත් නැහැනේ.
මගේ හිත තමයි ප්‍රශ්නය.</font>

581
00:52:49,800 --> 00:52:52,970
<font color="#ffde44">ඔයා එක්ක ඉන්නකොට මට
යොං ජූන්ග්ව තේරුම්ගන්න පුළුවන් වෙනවා.</font>

582
00:52:53,370 --> 00:52:55,470
<font color="#ffde44">කොහොම වුණත්, මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙනවා.</font>

583
00:52:56,970 --> 00:53:01,440
<font color="#ffde44">හැඟීම් කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් දේවල් නෙවෙයි.
ඔයාට ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයිද?</font>

584
00:53:01,510 --> 00:53:02,510
<font color="#ffde44">නැහැ ප්‍රශ්නයක් නැහැ.</font>

585
00:53:03,580 --> 00:53:05,580
<font color="#ffde44">අපි එකට ඉන්නකොට මට කිසිම
අපහසුවක් දැනෙන්නේ නැහැ.</font>

586
00:53:07,350 --> 00:53:08,920
<font color="#ffde44">ඔයාට අපහසුවක් දැනෙන්නේ නැති නිසා විතරක්මද?</font>

587
00:53:10,350 --> 00:53:11,790
<font color="#ffde44">ඔයාට මම ආදරෙයි කියලා කියන්න ඕනෙද?</font>

588
00:53:11,790 --> 00:53:13,960
<font color="#ffde44">නැහැ, මම එහෙම එකක් අදහස් කළේ නැහැ.</font>

589
00:53:14,220 --> 00:53:15,230
<font color="#ffde44">හරි එහෙනම්.</font>

590
00:53:16,130 --> 00:53:17,390
<font color="#ffde44">ඒක මට වැදගත්.</font>

591
00:53:18,730 --> 00:53:20,000
<font color="#ffde44">අපි එකම ගෙදර හිටියත්,</font>

592
00:53:20,760 --> 00:53:22,700
<font color="#ffde44">අපි එකිනෙකාට බාධාවක් කියලා නොදැනෙන එක
ගොඩක් වැදගත්.</font>

593
00:53:26,270 --> 00:53:27,940
<font color="#ffde44">මම හිතන්නේ අපි දෙන්නා ගැළපෙනවා.</font>

594
00:53:37,110 --> 00:53:38,280
<font color="#ffde44">ඒ ගැන වැඩිය හිතන්න එපා.</font>

595
00:53:38,480 --> 00:53:39,880
<font color="#ffde44">හිතන්න ගත්තොත්, ඒකේ කෙළවරක් නැහැ.</font>

596
00:53:43,720 --> 00:53:45,150
<font color="#ffde44">ඔයාට මම කවුද කියලා දැනගන්න වුවමනා නැත්නම්,</font>

597
00:53:45,620 --> 00:53:48,860
<font color="#ffde44">පිරිමියෙක් විදිහට මම ගැන දැනගන්න ඕනෙ නම්,
දැන්මම ඒක හොයලා බලන්න පුළුවන්.</font>

598
00:53:50,090 --> 00:53:52,560
<font color="#ffde44">ඔයා ලෑස්ති ඕනෙම වෙලාවක මම ලෑස්තියි.</font>

599
00:53:53,700 --> 00:53:55,370
<font color="#ffde44">කියනවා නම්, මම යොං ජූන්ග්ට වඩා හොඳයි.</font>

600
00:54:24,430 --> 00:54:25,430
<font color="#ffde44">මිස්ටර් හා?</font>

601
00:54:26,330 --> 00:54:27,330
<font color="#ffde44">හේයි!</font>

602
00:54:27,960 --> 00:54:29,330
<font color="#ffde44">ඔයා මෙහේ සාමාජිකයෙක්ද?</font>

603
00:54:29,670 --> 00:54:32,600
<font color="#ffde44">කින්ග් හෝටලය අලුත්වැඩියා කරන නිසා
මම මෙහෙට ආවා.</font>

604
00:54:34,000 --> 00:54:36,640
<font color="#ffde44">ඔයා මොනවා හරි ගැන
දුකෙන්ද ඉන්නේ?</font>

605
00:54:37,740 --> 00:54:41,040
<font color="#ffde44">ළමයිනුත් ගියා, පික්ල්සුත් ගියා.</font>

606
00:54:41,510 --> 00:54:42,510
<font color="#ffde44">අයියෝ.</font>

607
00:54:43,680 --> 00:54:45,820
<font color="#ffde44">ඒ වගේම මට තාමත් රිපෝටර් ග්‍යුම්ව
සම්බන්ධ කරගන්න බැරි වුණා.</font>

608
00:54:46,720 --> 00:54:47,720
<font color="#ffde44">ඒකනේ කියන්නේ.</font>

609
00:54:48,990 --> 00:54:50,220
<font color="#ffde44">මට විශ්වාසයි එයා හොඳින් ඇති.</font>

610
00:54:50,790 --> 00:54:53,420
<font color="#ffde44">ඔයාගේ උපන්දිනයත් කිට්ටුයි,
ඒ ගැන කිසිම දෙයක් මට ආරංචි වුණේ නැහැ.</font>

611
00:54:54,020 --> 00:54:55,330
<font color="#ffde44">ඉතින් මම කල්පනා කළේ මාව මඟහැරිලාද කියලා.</font>

612
00:54:56,030 --> 00:54:57,660
<font color="#ffde44">මම මේ අවුරුද්දේ ඒක සමරන්නේ නැතුව ඉන්නයි හිතුවේ.</font>

613
00:54:58,900 --> 00:54:59,900
<font color="#ffde44">ඒක සාධාරණයි.</font>

614
00:55:02,400 --> 00:55:03,800
<font color="#ffde44">ඊයේ, යොං ජූන්ග් සහ මම...</font>

615
00:55:04,200 --> 00:55:07,070
<font color="#ffde44">ගෙදරදී පොඩියට උපන්දින රාත්‍රී කෑමක් ගත්තා.</font>

616
00:55:08,500 --> 00:55:10,340
<font color="#ffde44">ඔයාලා එහෙම කළාද?</font>

617
00:55:11,310 --> 00:55:12,980
<font color="#ffde44">ඉතින් ඔයාලා දෙන්නා යාළුවෝ විතරක් වෙන්න තීරණය කළාද?</font>

618
00:55:14,740 --> 00:55:16,280
<font color="#ffde44">ඔයාට ආරංචි වුණේ නැද්ද?</font>

619
00:55:16,850 --> 00:55:17,850
<font color="#ffde44">මොකක්ද?</font>

620
00:55:19,350 --> 00:55:20,750
<font color="#ffde44">කමක් නැහැ, ඔයාට මට කියන්න පුළුවන්.</font>

621
00:55:21,050 --> 00:55:22,490
<font color="#ffde44">මම යොං ජූන්ග්ට කිව්වා...</font>

622
00:55:23,950 --> 00:55:26,420
<font color="#ffde44">එයා ගැන මට ඇත්තටම හිතෙන දේ.</font>

623
00:55:27,890 --> 00:55:29,330
<font color="#ffde44">මොකක්ද මේ වෙන්නේ...</font>

624
00:55:42,410 --> 00:55:43,470
<font color="#ffde44">මොකද වෙලා තියෙන්නේ?</font>

625
00:55:47,840 --> 00:55:50,150
<font color="#ffde44">ඊයේ රෑ පූල් එකේදී මට මොමෝව හම්බුණා.</font>

626
00:55:51,050 --> 00:55:52,050
<font color="#ffde44">ඒක ඇත්තද?</font>

627
00:55:55,420 --> 00:55:56,450
<font color="#ffde44">ඇත්තද?</font>

628
00:55:56,450 --> 00:55:59,090
<font color="#ffde44">මම ඒ ගැන කල්පනා කරමින් ඉන්නේ.
ඒකේ කල්පනා කරන්න දෙයක් තියෙනවද?</font>

629
00:56:06,130 --> 00:56:07,400
<font color="#ffde44">ඔයා වැඩට යන්න කලින් අපිට කතා කරන්න දෙයක් තියෙනවා.</font>

630
00:56:13,440 --> 00:56:14,770
<font color="#ffde44">මොමෝ ගැන නම් හිතන්නවත් එපා.</font>

631
00:56:15,570 --> 00:56:17,270
<font color="#ffde44">එහෙනම් ඔයාම ඒක එයාට කියන්න
තිබුණා.</font>

632
00:56:18,140 --> 00:56:19,710
<font color="#ffde44">ඔයා මේ උදේ පාන්දර ආවේ ඒක කියන්නද?</font>

633
00:56:19,710 --> 00:56:21,680
<font color="#ffde44">ඊයේ රෑ එන්න හැදුවත් මම කොහොම හරි ඉවසගෙන හිටියා.</font>

634
00:56:22,710 --> 00:56:25,980
<font color="#ffde44">හා යොං ජූන්ග්. කරුණාකරලා මාව කලකිරවන්න එපා.</font>

635
00:56:28,620 --> 00:56:31,350
<font color="#ffde44">ඒ කපටි කෙල්ලට කොහෙන්ද ඔච්චර හයියක්,
මේ ලෝකේ ඉන්න ඔයා පස්සේම එන්න?</font>

636
00:56:32,520 --> 00:56:33,560
<font color="#ffde44">ඔයා ඇත්තටම එයාව අඳුනගත්තොත්,</font>

637
00:56:34,920 --> 00:56:36,130
<font color="#ffde44">මොමෝ ගොඩක් දුක් විඳලා තියෙනවා.</font>

638
00:56:36,130 --> 00:56:38,690
<font color="#ffde44">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ? එයා ඒක විනාශ කරගත්තා.</font>

639
00:56:39,160 --> 00:56:41,100
<font color="#ffde44">වෙන කවුරුත් දන්නේ නැති වේදනාවක් එයාගේ හිතේ තියෙනවා.</font>

640
00:56:41,300 --> 00:56:45,000
<font color="#ffde44">වෙන කොල්ලෙක් එක්ක මොනවා හරි වුණාද?
ජූ ෂින්ට අමතරව?</font>

641
00:56:48,300 --> 00:56:49,310
<font color="#ffde44">එයාට...</font>

642
00:56:50,440 --> 00:56:51,970
<font color="#ffde44">වෙන තාත්තා කෙනෙක්ගෙන් අක්කා කෙනෙක් ඉන්නවා.</font>

643
00:57:20,270 --> 00:57:23,110
<font color="#ffde44">මගේ දරුවාව හොයාගත්තට පස්සේ මම ඔයාට විස්තර කියන්නම්.</font>

644
00:57:24,140 --> 00:57:25,680
<font color="#ffde44">එයා මම දන්න කෙනෙක් වෙන්න පුළුවන්ද?</font>

645
00:57:30,750 --> 00:57:31,910
<font color="#ffde44">ඒ හ්‍යුන් රන් හී වෙන්න පුළුවන්ද?</font>

646
00:57:37,790 --> 00:57:39,160
<font color="#ffde44">ඒක ගැළපෙන්නේ නැහැ.</font>

647
00:57:39,660 --> 00:57:41,720
<font color="#ffde44">පෝල් කිම් මේ ගැන දැනගත්තේ මෑතකදී...</font>

648
00:57:42,090 --> 00:57:43,230
<font color="#ffde44">එයා කොරියාවට ආවාට පස්සේ.</font>

649
00:57:44,790 --> 00:57:46,330
<font color="#ffde44">අද දවල් කෑමට ඔයාට ප්ලෑන් එකක් තියෙනවද?</font>

650
00:57:51,000 --> 00:57:53,000
<font color="#ffde44">අද රෑට ඔයා විතරද?
ඔව්.</font>

651
00:57:53,640 --> 00:57:56,170
<font color="#ffde44">මට මොනවා හරි හදලා දෙන්න.
මගේ බෝතලෙන් නෙවෙයි.</font>

652
00:57:56,310 --> 00:57:57,310
<font color="#ffde44">හරි.</font>

653
00:57:57,770 --> 00:57:59,880
<font color="#ffde44">ඔයා අනුකම්පාවට කාවවත් බඳින්නේ නැහැ.</font>

654
00:58:05,410 --> 00:58:06,620
<font color="#ffde44">මේක අනුකම්පාවක් නෙවෙයි.</font>

655
00:58:07,780 --> 00:58:09,690
<font color="#ffde44">මිනිස්සුන්ට හිනා වෙන්න වැඩ කරන්න එපා.</font>

656
00:58:23,630 --> 00:58:26,270
<font color="#ffde44">(ද මයින්ඩ්)</font>

657
00:58:43,820 --> 00:58:45,820
<font color="#ffde44">(නුවා මහ රෝහල)</font>

658
00:59:06,080 --> 00:59:07,640
<font color="#ffde44">(ජූ ශින්)</font>

659
01:01:00,790 --> 01:01:01,790
<font color="#ffde44">වාඩි වෙන්න.</font>

660
01:01:48,840 --> 01:01:50,010
<font color="#ffde44">මේවා මම ගත්ත ඒවා නෙමෙයි.</font>

661
01:01:50,810 --> 01:01:53,380
<font color="#ffde44">රෝගියෙක් ටිකට් කපන් යද්දී
ස්තූති කරන්න දුන්න ඒවා.</font>

662
01:02:34,550 --> 01:02:35,850
<font color="#ffde44">ඔයා හොඳින් ඉන්නවා වගේ.</font>

663
01:02:36,650 --> 01:02:37,650
<font color="#ffde44">ඒක ලොකු සහනයක්.</font>

664
01:02:38,050 --> 01:02:39,220
<font color="#ffde44">(බා රා: ඔයා හොඳින් ඉන්නවා වගේ. ඒක ලොකු සහනයක්.)</font>

665
01:02:43,190 --> 01:02:44,790
<font color="#ffde44">අපි නම්‍යශීලී වෙන්න ඕනේ.</font>

666
01:02:44,790 --> 01:02:47,960
<font color="#ffde44">ඔයා ඒක බැලුවද?
ඒගොල්ලෝ අර ඩිපාට්මන්ට් එකෙන් ණයට අරන් තියෙන්නේ.</font>

667
01:02:48,060 --> 01:02:50,030
<font color="#ffde44">අපි ලබන සතිය වෙනකම් එයාලට සහය දෙමු...</font>

668
01:03:38,680 --> 01:03:39,780
<font color="#ffde44">දැකලත් ගොඩක් කල්.</font>

669
01:03:40,220 --> 01:03:42,420
<font color="#ffde44">මම පහුගිය ටිකෙත් ආවා,
ඒත් එයාලා කිව්වා ඔයා පැරිස් ගිහින් කියලා.</font>

670
01:03:42,480 --> 01:03:44,290
<font color="#ffde44">ඔව්. මම හෙයාර් ශෝ එකකට එහේ ගියේ.</font>

671
01:03:45,220 --> 01:03:46,220
<font color="#ffde44">දෙයියනේ.</font>

672
01:03:47,960 --> 01:03:49,460
<font color="#ffde44">මෝමෝගෙ වෙඩින් එක ගැන
නිවුස් වලටත් ගිහින්.</font>

673
01:03:49,890 --> 01:03:50,960
<font color="#ffde44">ඩිරෙක්ටර් ශින් ජූ ශින් එක්කද?</font>

674
01:03:51,990 --> 01:03:53,660
<font color="#ffde44">ගේම් ඩිවලොපර් හා යොං ජූන් එක්කද?</font>

675
01:03:54,630 --> 01:03:56,400
<font color="#ffde44">ආ, මම එයාව දන්නවා.</font>

676
01:03:56,400 --> 01:03:57,870
<font color="#ffde44">ගේම් එකකින් මිලියන 100ක් හෙව්ව කෙනා.</font>

677
01:03:57,930 --> 01:03:58,930
<font color="#ffde44">ඩොලර් මිලියන සීයක්?</font>

678
01:03:59,840 --> 01:04:01,940
<font color="#ffde44">එහෙනම් ඒක වෙන්න ඇති
එයා ඩිරෙක්ටර් ශින්ගෙන් අයින් වුණේ.</font>

679
01:04:04,410 --> 01:04:05,810
<font color="#ffde44">ඔයත් දැනගෙන හිටියේ නැද්ද?</font>

680
01:04:08,340 --> 01:04:11,450
<font color="#ffde44">මම දන්නවා ඔයා මේකට කැමති නැහැ කියලා,
ඒත් ඔයා මගේ තීරණේ විශ්වාස කරන්න ඕනේ.</font>

681
01:04:11,650 --> 01:04:14,580
<font color="#ffde44">අම්මයි තාත්තයි හිටියා නම්
ඔයා මේ තීරණේ ගන්නේ නැහැ.</font>

682
01:04:14,950 --> 01:04:16,990
<font color="#ffde44">මම කියන දේ වැරදිද?
ඒක තමයි දෛවය.</font>

683
01:04:17,650 --> 01:04:18,950
<font color="#ffde44">මට හිතෙන්නේ අපි එකට ඉන්නමයි ඉපදිලා තියෙන්නේ.</font>

684
01:04:18,950 --> 01:04:21,290
<font color="#ffde44">එකට ඉන්නම ඉපදිලා? තාමත් පරක්කු නැහැ...</font>

685
01:04:22,630 --> 01:04:25,560
<font color="#ffde44">බැඳුණට පස්සේ වෙන් වෙනවට වඩා
දැන්ම මේක නතර කරන එක හොඳයි.</font>

686
01:04:26,230 --> 01:04:27,230
<font color="#ffde44">ඔයා මාව ඊට වඩා හොඳට දන්නවා.</font>

687
01:04:29,030 --> 01:04:30,070
<font color="#ffde44">ජූ ශින් මොකද කිව්වේ?</font>

688
01:04:31,070 --> 01:04:32,940
<font color="#ffde44">මම තාම කිව්වේ නැහැ. මට ඕන වුණේ මුලින්ම ඔයාට කියන්නයි.</font>

689
01:04:32,940 --> 01:04:34,870
<font color="#ffde44">ඔයාට මේ ගැන පස්තැවෙන්න වෙයි. මගේ වචනෙ විශ්වාස කරන්න.</font>

690
01:04:35,240 --> 01:04:38,070
<font color="#ffde44">ඔයා දන්නවනේ මට හිතෙන දේවල් කොච්චර හරි යනවද කියලා.
එහෙම වුණත් මට කරන්න දෙයක් නැහැ.</font>

691
01:04:38,510 --> 01:04:39,840
<font color="#ffde44">දැනට හොඳම දේ මේක තමයි.</font>

692
01:04:39,840 --> 01:04:41,580
<font color="#ffde44">ඒක හොඳ මෝමෝට විතරයි.</font>

693
01:04:42,010 --> 01:04:43,980
<font color="#ffde44">මෝමෝට ඕන තරම් කොල්ලෝ පෝලිමේ ඉන්නවා.</font>

694
01:04:43,980 --> 01:04:45,250
<font color="#ffde44">එයාට ඕනම කෙනෙක්ව තෝරගන්න පුළුවන්.</font>

695
01:04:46,850 --> 01:04:47,850
<font color="#ffde44">හා යොං ජූන්.</font>

696
01:04:48,620 --> 01:04:49,790
<font color="#ffde44">මම ඔයාට වැඳලා කියන්නම්.</font>

697
01:04:52,720 --> 01:04:55,690
<font color="#ffde44">ඒකයි එයාලව වෙන් කරන්න
මට පුළුවන් හැමදේම මම කරන්න ඕනේ.</font>

698
01:04:56,790 --> 01:04:58,290
<font color="#ffde44">මගේ අයියට මීට වඩා ගොඩක් හොඳ කෙනෙක්ව හොයාගන්න පුළුවන්.</font>

699
01:04:59,260 --> 01:05:02,130
<font color="#ffde44">චෝයි හ්යේ රී එයාව අඳුන්වලා දෙන්න කියලා
කොච්චර ඇවිටිලි කළාද කියලා ඔයා දන්නවද?</font>

700
01:05:03,130 --> 01:05:05,030
<font color="#ffde44">මට හිතෙන්නේ ඔයාට තමයි ගවුම ඩිසයින් කරන්න වෙන්නේ.</font>

701
01:05:05,100 --> 01:05:06,970
<font color="#ffde44">මට මේ වගේ හැඟීමක් තියෙද්දී
කොහොමද ගවුමක් ඩිසයින් කරන්නේ?</font>

702
01:05:10,140 --> 01:05:11,570
<font color="#ffde44">ඒත් ඔයා මට එකක් ඩිසයින් කරනවා නේද?</font>

703
01:05:12,410 --> 01:05:13,780
<font color="#ffde44">මොන තානාපති කාර්යාලේ පාටියටද?</font>

704
01:05:14,380 --> 01:05:15,480
<font color="#ffde44">මගේ වෙඩින් ඩ්‍රෙස් එක.</font>

705
01:05:18,480 --> 01:05:19,650
<font color="#ffde44">ඩිරෙක්ටර් ශින් එක්කද?</font>

706
01:05:21,880 --> 01:05:22,890
<font color="#ffde44">ඔව්.</font>

707
01:05:27,760 --> 01:05:28,990
<font color="#ffde44">සුබපැතුම්.</font>

708
01:05:33,030 --> 01:05:34,730
<font color="#ffde44">ජූ ශින් මොනවා හරි කිව්වද?</font>

709
01:05:35,760 --> 01:05:38,130
<font color="#ffde44">රිපෝටර් ග්‍යුම් කොහොමහරි බඳින්නයි යන්නේ.</font>

710
01:05:48,810 --> 01:05:51,580
<font color="#ffde44">එයා මේ මුදුවෙන් තමයි ප්‍රපෝස් කළේ.</font>

711
01:05:51,780 --> 01:05:52,950
<font color="#ffde44">මම කොහොමද බෑ කියන්නේ?</font>

712
01:05:56,220 --> 01:05:57,620
<font color="#ffde44">ඒක ටිකක් ලොකු වැඩියි නේද?</font>

713
01:05:58,490 --> 01:05:59,560
<font color="#ffde44">සමහරවිට ටිකක්.</font>

714
01:05:59,820 --> 01:06:01,520
<font color="#ffde44">එයාට මගේ සයිස් එක අහන්න බැහැනේ.</font>

715
01:06:02,120 --> 01:06:04,190
<font color="#ffde44">අනික, ළමයි හම්බුණාට පස්සේ
මම කොහොමත් මහත් වෙයිනේ.</font>

716
01:06:07,430 --> 01:06:08,660
<font color="#ffde44">ඔයා මං ගැන සතුටු වෙනවා නේද?</font>

717
01:06:09,770 --> 01:06:10,770
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

718
01:06:11,670 --> 01:06:13,370
<font color="#ffde44">එයා හිනා වෙන්නේ බොරුවට.</font>

719
01:06:13,570 --> 01:06:15,940
<font color="#ffde44">එයාට සමහරවිට කෑගහලා අඬන්න ඕනේ ඇති.</font>

720
01:06:19,240 --> 01:06:20,610
<font color="#ffde44">ඔයා මගේ ගෙදරට එන්න ඕනේ.</font>

721
01:06:20,940 --> 01:06:22,180
<font color="#ffde44">අර ලොකු ගෙදර හිස්ව තියලා වැඩක් නැහැ.</font>

722
01:06:23,380 --> 01:06:24,380
<font color="#ffde44">මම ඇයි එහෙම කරන්නේ?</font>

723
01:06:25,280 --> 01:06:27,480
<font color="#ffde44">සුද්ද කරන්න වැඩකාරියක් ගෙන්න ගන්න.</font>

724
01:06:27,480 --> 01:06:28,850
<font color="#ffde44">මම නිකන් ආචාරශීලීකමට ඇහුවේ.</font>

725
01:06:29,550 --> 01:06:30,550
<font color="#ffde44">මගේ බ්‍රයිඩ්ස්මේඩ් වෙන්න.</font>

726
01:06:32,690 --> 01:06:34,690
<font color="#ffde44">ඔයාගේ නිළි යාළුවෝ ඔයාට වඩාත් කිට්ටුයිනේ.</font>

727
01:06:34,690 --> 01:06:37,130
<font color="#ffde44">ඔයාට ජෑන් මාරිගෙන්, සිසිලියාගෙන්,
එහෙමත් නැත්නම් ආන් රීගෙන් අහන්න පුළුවන්.</font>

728
01:06:37,530 --> 01:06:38,790
<font color="#ffde44">මට විශ්වාසයි එයාලා ඔක්කොම හා කියයි කියලා.</font>

729
01:06:40,500 --> 01:06:42,160
<font color="#ffde44">මම මේ පිඟන් ටික අරන් යන්නද?
ඔව්.</font>

730
01:06:44,200 --> 01:06:45,470
<font color="#ffde44">ඔයා කෑම කෑවෙම නැති තරම්නේ.</font>

731
01:06:46,240 --> 01:06:48,070
<font color="#ffde44">ඩයට් කරන්න ඕනේ මමයි.</font>

732
01:06:49,040 --> 01:06:50,810
<font color="#ffde44">මම දවල්ට සැලඩ් එකක් කෑවේ.</font>

733
01:06:51,470 --> 01:06:54,040
<font color="#ffde44">ඔයා ෆෝන් එකත් ඕෆ් කරලා,
අකවුන්ට් එකත් ප්‍රයිවට් දාලා තිබ්බේ.</font>

734
01:06:54,480 --> 01:06:55,480
<font color="#ffde44">මම ඔයා ගැන බය වුණා.</font>

735
01:06:57,150 --> 01:07:00,080
<font color="#ffde44">මට ඕන වුණේ තනියම
ටිකක් නිදහසේ ඉන්නයි.</font>

736
01:07:02,790 --> 01:07:03,790
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

737
01:07:07,290 --> 01:07:08,290
<font color="#ffde44">මම ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්.</font>

738
01:07:13,300 --> 01:07:15,260
<font color="#ffde44">මේකෙන් මට මතක් වෙන්නේ අපි මුලින්ම හම්බුණ දවස.</font>

739
01:07:16,900 --> 01:07:19,670
<font color="#ffde44">මට හිතෙනවා ඒක මුල්ම වතාව නෙමෙයි කියලා.
අපි ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී දැක්කා.</font>

740
01:07:22,700 --> 01:07:23,840
<font color="#ffde44">මෙන්න සී බාස් සෙවිචේ එක.</font>

741
01:07:27,110 --> 01:07:28,780
<font color="#ffde44">මම එයාගෙන් කලින්ම අහන්න තිබුණේ...</font>

742
01:07:29,340 --> 01:07:30,480
<font color="#ffde44">එයාලා කොහොමද හම්බුණේ කියලා.</font>

743
01:07:46,530 --> 01:07:47,530
<font color="#ffde44">(යොං ජූන්)</font>

744
01:07:53,240 --> 01:07:54,240
<font color="#ffde44">හලෝ?</font>

745
01:07:54,870 --> 01:07:56,740
<font color="#ffde44">ඔයාට විනාඩි 30කින් විතර ඔයාගේ කොම්ප්ලෙක්ස් එකේදී
මාව හම්බවෙන්න පුළුවන්ද?</font>

746
01:07:57,310 --> 01:07:58,310
<font color="#ffde44">ඔයා මෙහෙට එනවද?</font>

747
01:08:00,080 --> 01:08:01,080
<font color="#ffde44">හරි.</font>

748
01:08:09,020 --> 01:08:10,520
<font color="#ffde44">මම මේ වෙනකම් ඒ බවක් පෙන්නුවේ නැහැ,</font>

749
01:08:12,520 --> 01:08:13,520
<font color="#ffde44">එහෙමත් නැත්නම් මට බැරි වුණා කියන එක තමයි හරි.</font>

750
01:08:14,920 --> 01:08:17,830
<font color="#ffde44">ඇත්තම කතාව,
මටත් ඔයා ගැන ඒ වගේම හැඟීමක් තිබුණා, මෝමෝ.</font>

751
01:08:20,960 --> 01:08:22,460
<font color="#ffde44">ඒත් ඔයා නිකන්ම නිකන් කෙනෙක් නෙමෙයිනේ.</font>

752
01:08:24,170 --> 01:08:25,170
<font color="#ffde44">ඇත්තද?</font>

753
01:08:29,870 --> 01:08:30,870
<font color="#ffde44">මං ගාව මල් වත් නැහැ...</font>

754
01:08:32,070 --> 01:08:34,180
<font color="#ffde44">මම දන්නවා මේක කරන හරි විදිහ
මේක නෙමෙයි කියලා, ඒත්...</font>

755
01:08:37,410 --> 01:08:38,410
<font color="#ffde44">මම ඔයාගෙන් අහනවා මාව බඳින්න පුළුවන්ද කියලා.</font>

756
01:08:40,550 --> 01:08:41,750
<font color="#ffde44">වෙන්න බැහැ!</font>

757
01:08:44,920 --> 01:08:46,790
<font color="#ffde44">ස්තූතියි, ඩිරෙක්ටර් ජූ ශින්.</font>

758
01:08:47,290 --> 01:08:50,060
<font color="#ffde44">මාව මෝමෝ කළාට වගේම
මට තේරුම් ගන්න සැලැස්සුවාට.</font>

759
01:08:53,030 --> 01:08:55,230
<font color="#ffde44">බා රා ගැන මොකද? එයා දන්නවද?</font>

760
01:08:57,730 --> 01:08:58,730
<font color="#ffde44">නැහැ.</font>

761
01:08:59,940 --> 01:09:00,970
<font color="#ffde44">මට එක කොන්දේසියක් තියෙනවා.</font>

762
01:09:03,470 --> 01:09:08,080
<font color="#ffde44">වෙන කිසිම ගෑණු කෙනෙක් ඔයා එක්ක
ඒ තරම් කිට්ටුවෙන් ඉන්නවට මම කැමති නැහැ.</font>

763
01:09:09,410 --> 01:09:10,880
<font color="#ffde44">බා රා වුණත්.</font>

764
01:09:15,180 --> 01:09:17,920
<font color="#ffde44">ඔයාගේම නංගිටත් වඩා
ඔයා එයාව බලාගත්තහම,</font>

765
01:09:18,750 --> 01:09:20,560
<font color="#ffde44">මට කල්පනා වුණා...</font>

766
01:09:21,160 --> 01:09:22,930
<font color="#ffde44">ඔයාට එයා ගැන වෙන හැඟීමක්
තියෙනවද කියලා කිහිප වතාවක්ම.</font>

767
01:09:25,460 --> 01:09:27,930
<font color="#ffde44">මට වඩා ඔයාට බා රා වටිනවද?
ඔයා මුල් තැන දෙන්නේ එයාටද?</font>

768
01:09:30,030 --> 01:09:31,030
<font color="#ffde44">මට තේරෙනවා.</font>

769
01:09:32,700 --> 01:09:33,840
<font color="#ffde44">ඔයා කියන දේ මට තේරෙනවා.</font>

770
01:10:04,470 --> 01:10:07,100
<font color="#ffde44">ලෝකය ගොඩක් ලොකුයි,
ඒ වගේම රසවත් කෑම ගොඩක් තියෙනවා.</font>

771
01:10:08,070 --> 01:10:09,400
<font color="#ffde44">ඔයා ඩයට් කරන එක අතෑරලා දැම්මද?</font>

772
01:10:10,240 --> 01:10:11,870
<font color="#ffde44">නිරෝගී දරුවෙක් හදාගන්න මම හොඳට කන්න ඕනේ.</font>

773
01:10:12,470 --> 01:10:14,410
<font color="#ffde44">බැන්ද ගමන්ම අපි ඒකට
උත්සාහ කරන්නයි යන්නේ.</font>

774
01:10:14,810 --> 01:10:16,350
<font color="#ffde44">ඩිරෙක්ටර් ශින්ට හොඳටම රිදෙන්න.</font>

775
01:10:16,810 --> 01:10:19,920
<font color="#ffde44">අපි බැන්දට පස්සේ ඒකට උත්සාහ කරන්න පටන් ගන්නවා,
ඩිරෙක්ටර් ශින්ට හොඳටම රිදෙන්න.</font>

776
01:10:27,960 --> 01:10:29,690
<font color="#ffde44">මමත් බඳින්නම තීරණය කළා.</font>

777
01:10:33,460 --> 01:10:34,460
<font color="#ffde44">ඩිරෙක්ටර් ශින්ව.</font>

778
01:10:39,300 --> 01:10:41,140
<font color="#ffde44">එහෙනම් අතුරුදන් වෙලා ඉඳලා
ඔයා ඔය තීරණේද ගත්තේ.</font>

779
01:10:44,440 --> 01:10:46,210
<font color="#ffde44">අපි කිසිම කටකතාවක් හැදෙන්න දෙන්නේ නැතුව
පාඩුවේ ඒක කරනවා.</font>

780
01:10:46,280 --> 01:10:49,210
<font color="#ffde44">කටකතා හැදෙන්නේ නැත්තේ කොහොමද?
එයා මගේ කලින් පෙම්වතානේ.</font>

781
01:10:49,410 --> 01:10:52,180
<font color="#ffde44">මම ගොඩක් විනෝදාත්මක වැඩසටහන් වල
රිපෝටර්ස්ලා එක්ක හොඳටම හිතවත්.</font>

782
01:10:52,610 --> 01:10:54,350
<font color="#ffde44">ඒ ඩිරෙක්ටර් ශින් ගැන හිතලා.</font>

783
01:10:54,480 --> 01:10:55,580
<font color="#ffde44">එතකොට එයා ඔයාගේ සැනසිලි තෑග්ගද?</font>

784
01:10:55,920 --> 01:10:57,690
<font color="#ffde44">යොං ජූන් වෙනුවට ඩිරෙක්ටර් ශින්ද?</font>

785
01:10:58,020 --> 01:10:59,620
<font color="#ffde44">ආදරේ වෙනුවට සල්ලිද?</font>

786
01:11:00,060 --> 01:11:01,160
<font color="#ffde44">ග්‍යුම් බා රා,</font>

787
01:11:01,690 --> 01:11:03,630
<font color="#ffde44">ඔයා සල්ලි පස්සෙ යන කෙනෙක්ම තමයි.</font>

788
01:11:04,290 --> 01:11:07,830
<font color="#ffde44">මගේ ගවුම හදන්නේ ජේම්ස්.</font>

789
01:11:07,860 --> 01:11:09,630
<font color="#ffde44">ඔයා මම හිතුවට වඩා කපටියි.</font>

790
01:11:12,470 --> 01:11:14,000
<font color="#ffde44">එයා ඔයාට ප්‍රපෝස් කළාට පස්සේ,</font>

791
01:11:14,000 --> 01:11:17,210
<font color="#ffde44">ඔයා දුකෙන් ඉන්නවා වගේ පෙන්නලා අතුරුදන් වුණා.</font>

792
01:11:20,010 --> 01:11:21,440
<font color="#ffde44">මම නිකන්ම අතුරුදන් වුණේ නැහැ.</font>

793
01:11:22,380 --> 01:11:24,050
<font color="#ffde44">මම හිටියේ ඩිරෙක්ටර් ශින් එක්ක.</font>

794
01:11:43,630 --> 01:11:45,170
<font color="#ffde44">මේක ලේසියෙන්ම වැරදියට තේරුම් ගන්න පුළුවන් තත්වයක්.</font>

795
01:11:46,200 --> 01:11:47,240
<font color="#ffde44">මම ඒක පැහැදිලි කරන්නම්.</font>

796
01:11:48,870 --> 01:11:50,070
<font color="#ffde44">මම හැමදේම පැක් කළා.</font>

797
01:11:59,780 --> 01:12:01,020
<font color="#ffde44">ඒ ගැන ප්‍රසිද්ධියේ කියන්නේ නැතුව,</font>

798
01:12:01,850 --> 01:12:04,020
<font color="#ffde44">මම කැමතියි පොඩි, සරල වෙඩින් එකක් ගන්න.</font>

799
01:12:06,460 --> 01:12:08,020
<font color="#ffde44">මම දන්නවා මට මෙහෙම අහන්න අයිතියක් නැහැ කියලා,</font>

800
01:12:10,060 --> 01:12:11,460
<font color="#ffde44">ඒත් කරුණාකරලා, මේ දේ මට කරලා දෙන්න.</font>

801
01:12:11,990 --> 01:12:13,230
<font color="#ffde44">ඒකේ කිසිම වැරැද්දක් නැහැ.</font>

802
01:12:13,430 --> 01:12:15,030
<font color="#ffde44">මම ගැන යන කිසිම නිවුස් එකක්...</font>

803
01:12:16,000 --> 01:12:17,670
<font color="#ffde44">ඔයාට හොඳක් නම් වෙන එකක් නැහැ.</font>

804
01:12:17,800 --> 01:12:19,700
<font color="#ffde44">මේක වාසියට කරගන්න කසාදයක් නෙමෙයි.</font>

805
01:12:20,940 --> 01:12:23,170
<font color="#ffde44">ඔයාට ඔයාගේ මුළු ජීවිතේම ගත කරන්න ඕන කෙනෙක් හම්බුණාම,</font>

806
01:12:23,810 --> 01:12:25,040
<font color="#ffde44">එතකොටයි ඔයා තීරණයක් ගන්නේ.</font>

807
01:12:26,640 --> 01:12:28,010
<font color="#ffde44">මම මගේ උපරිමය කරන්නම්...</font>

808
01:12:29,140 --> 01:12:30,280
<font color="#ffde44">ඔයාව කලකිරවන්නේ නැති වෙන්න.</font>

809
01:12:37,050 --> 01:12:38,290
<font color="#ffde44">දේවල් පැහැදිලි කරන්න හදන්න එපා.</font>

810
01:12:39,090 --> 01:12:40,190
<font color="#ffde44">ඒකෙන් දේවල් තවත් අවුල් වෙයි.</font>

811
01:13:08,180 --> 01:13:09,380
<font color="#ffde44">මට බා රාගෙන් හැමදේම ඇහුණා.</font>

812
01:13:11,250 --> 01:13:12,420
<font color="#ffde44">ඔයාගේ අදහස මොකක්ද...</font>

813
01:13:14,620 --> 01:13:15,660
<font color="#ffde44">බා රා ගැන?</font>

814
01:13:16,530 --> 01:13:17,790
<font color="#ffde44">විදේශීය කවියක් තියෙනවා.</font>

815
01:13:18,360 --> 01:13:19,730
<font color="#ffde44">මට කවියාව මතක නැහැ,</font>

816
01:13:21,400 --> 01:13:24,170
<font color="#ffde44">ඒත් ඒකේ පේළියක් තියෙනවා මෙහෙම,
"වචනයට නැගුණු සිතුවිල්ලක් බොරුවක් වෙනවා" කියලා.</font>

817
01:13:25,570 --> 01:13:27,240
<font color="#ffde44">ඒක නිකන්ම කවියක් විතරයි, ඇත්ත ලෝකේ නෙමෙයි.</font>

818
01:13:27,840 --> 01:13:29,000
<font color="#ffde44">ප්‍රශ්නෙන් පැනලා යන්න හදන්න එපා.</font>

819
01:13:29,200 --> 01:13:30,410
<font color="#ffde44">ඒක තේරුමක් නැති, ඒ වගේම නුසුදුසු දෙයක්...</font>

820
01:13:31,870 --> 01:13:36,140
<font color="#ffde44">එයා නැතුව මම හිතන දේ බෙදාගන්න එක.</font>

821
01:13:36,210 --> 01:13:38,610
<font color="#ffde44">එහෙනම් ඔයාලා දෙන්නා ඒ ගැන හරියට කතා කරගන්න ඕනේ.</font>

822
01:13:48,420 --> 01:13:49,460
<font color="#ffde44">ඔයාට හැමදේම ඇහුණා කිව්වා නේද?</font>

823
01:13:52,490 --> 01:13:53,930
<font color="#ffde44">මම ඔයාව විශ්වාස කරන්නේ නැහැ නෙමෙයි,</font>

824
01:13:55,560 --> 01:13:59,100
<font color="#ffde44">ඒත් ඔයා මේක එයාට විරුද්ධව පාවිච්චි කරලා එයාව
මානසිකව වට්ටන්න හදනවා නම්, දැන්ම මේක නතර කරලා දාන්න.</font>

825
01:14:00,940 --> 01:14:01,940
<font color="#ffde44">මම මේක නතර කළොත්?</font>

826
01:14:04,510 --> 01:14:05,810
<font color="#ffde44">ඔයත් ඔයාගේ වෙඩින් එක කැන්සල් කරනවද?</font>

827
01:14:10,480 --> 01:14:12,380
<font color="#ffde44">ඔයා දන්නවා කියලා හිතන දේ ඇත්ත නොවෙන්න පුළුවන්.</font>

828
01:14:13,680 --> 01:14:15,780
<font color="#ffde44">ඒක වැරදි වැටහීමක් වෙන්න පුළුවන්.
මොන වැරදි වැටහීමක්ද?</font>

829
01:14:20,520 --> 01:14:21,520
<font color="#ffde44">මම දන්නේ නැහැ.</font>

830
01:14:22,620 --> 01:14:24,130
<font color="#ffde44">සමහරවිට මේක තමයි වෙන්න නියම වෙලා තියෙන විදිහ.</font>

831
01:14:25,160 --> 01:14:26,290
<font color="#ffde44">ඔයා දැන් දෛවය විශ්වාස කරනවද?</font>

832
01:14:26,830 --> 01:14:27,830
<font color="#ffde44">කවද ඉඳන්ද?</font>

833
01:14:28,830 --> 01:14:29,830
<font color="#ffde44">ඒක තත්වේ හැටියට වෙනස් වෙනවා.</font>

834
01:14:31,600 --> 01:14:33,030
<font color="#ffde44">මම ඔයාගෙන් ආයෙත් අහනවා,</font>

835
01:14:33,100 --> 01:14:35,800
<font color="#ffde44">මෝමෝට සලකපු විදිහට බා රාට සලකන්න එපා.</font>

836
01:14:37,010 --> 01:14:38,340
<font color="#ffde44">ඔයාට මට එහෙම කියන්න කිසිම අයිතියක් නැහැ.</font>

837
01:14:41,280 --> 01:14:42,610
<font color="#ffde44">ඒ ගැන බා රාගේ පැත්තෙන් හිතලා බලන්න.</font>

838
01:14:43,880 --> 01:14:45,010
<font color="#ffde44">එයා ඔයාට මොකද කිව්වේ?</font>

839
01:14:45,380 --> 01:14:46,380
<font color="#ffde44">එයා දුක් වුණාද?</font>

840
01:14:47,150 --> 01:14:48,820
<font color="#ffde44">ඒක එච්චර සරල නැහැ...</font>

841
01:14:49,220 --> 01:14:50,650
<font color="#ffde44">දුක් වෙනවා හරි කාටහරි රිදවනවා හරි වගේ.</font>

842
01:14:50,720 --> 01:14:52,590
<font color="#ffde44">වටින් ගොඩින් කතා කරන එක නවත්තන්න.</font>

843
01:14:54,060 --> 01:14:55,520
<font color="#ffde44">ඇත්තත් එක්ක කෙළින්ම කාරණාවට එන්න.</font>

844
01:15:30,830 --> 01:15:33,600
<font color="#ffde44">(ඩොක්ටර් ශින්)</font>

845
01:15:33,830 --> 01:15:34,960
<font color="#ffde44">ජින් ජූ ගැන පරිස්සම් වෙන්න.</font>

846
01:15:35,960 --> 01:15:38,830
<font color="#ffde44">එයා එකපාරක් පිටිපස්සෙන් පිහියෙන් ඇන්නා නම්,
එයා අනිවාර්යයෙන්ම ඒක ආයෙත් කරයි.</font>

847
01:15:38,830 --> 01:15:40,540
<font color="#ffde44">ඔයා ඒක තේරුම් අරගෙන නේද ඉන්නේ?</font>

848
01:15:40,540 --> 01:15:43,610
<font color="#ffde44">කිම් ග්වාං චොල් කිව්ව එක හරි.
එයා කිව්වා එයා කවදාවත් සියදිවි නසා ගන්නේ නැහැ කියලා.</font>

849
01:15:43,710 --> 01:15:47,080
<font color="#ffde44">මම හැමදේම කිව්වොත්,
මිනිස්සුන්ට පිස්සු හැදෙයි.</font>

850
01:15:47,140 --> 01:15:49,280
<font color="#ffde44">මම මේකප් කළොත්, මම මනමාලයටත් වඩා කැපිලා පෙනෙයි.</font>

851
01:15:49,280 --> 01:15:51,010
<font color="#ffde44">රිපෝටර් ග්‍යුම්, අපි එකම මේසෙද ඉන්නේ?</font>

852
01:15:51,080 --> 01:15:52,080
<font color="#ffde44">මට හරියටම ෂුවර් නැහැ.</font>

853
01:15:52,080 --> 01:15:54,120
<font color="#ffde44">ළමයා ඉපදුණාට පස්සේ සමහරවිට
මම ඔයාට එයාව බලන්න දෙන එකක් නැහැ.</font>

854
01:15:54,220 --> 01:15:55,750
<font color="#ffde44">ඔයා මට හොඳට සලකන එක හොඳයි.</font>

855
01:15:55,820 --> 01:15:59,650
<font color="#ffde44">හා යොං ජූන්ගේ සහ මෝමෝගේ විවාහ උත්සවය
තව ටිකකින් පටන් ගන්නවා.</font>

856
01:15:59,720 --> 01:16:01,260
<font color="#ffde44">ඔයා දවල්ට කෑවද?
ටිකකට කලින්.</font>

857
01:16:01,260 --> 01:16:03,590
<font color="#ffde44">ඔයා?
ටක්සිඩෝ එකට හරියන්න මං ටිකක් නොකා ඉන්නවා.</font>

858
01:16:03,660 --> 01:16:05,330
<font color="#ffde44">මම ඒක දැනගෙන හිටියා.</font>

859
01:16:05,330 --> 01:16:07,600
<font color="#ffde44">මෝමෝ, ඔයා නම් මට කවදාවත් එහෙම කරන එකක් නෑ.</font>

860
01:16:08,130 --> 01:16:11,600
<font color="#ffde44">ඔයා මෝමෝ වෙනවා නම්,
යොන් ජූන්ට ඒක දැනගන්න තියන්න බෑ.</font>

861
01:16:11,830 --> 01:16:13,100
<font color="#ffde44">ඔයාට ලැබෙන අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන්.</font>

862
01:16:16,740 --> 01:16:18,510
<font color="#ffde44">සමාවෙන්න! පොඩ්ඩක් ඉන්න!</font>

863
01:16:18,970 --> 01:16:20,610
<font color="#ffde44">මම ඒක දෙපාරක්ම ගොඩදාගත්තා,</font>

864
01:16:21,080 --> 01:16:22,280
<font color="#ffde44">ඒ නිසා කිසිම දෙයක් ගැන වද වෙන්න එපා.</font>

865
01:16:22,304 --> 01:16:24,304


866
01:16:24,328 --> 01:16:26,328
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

