1
00:00:51,508 --> 00:00:53,508
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:53,532 --> 00:00:55,532


3
00:00:55,556 --> 00:00:58,142
<font color="#ff7e16">නියුල්සෙම් මහ රෝහල</font>

4
00:01:01,020 --> 00:01:01,854
<font color="#ffde44"><i>සිරියාවද?</i></font>

5
00:02:08,379 --> 00:02:10,798
<font color="#ff7e16"><b>7 වැනි කොටස</b></font>

6
00:02:14,760 --> 00:02:16,637
<font color="#ffde44">පේන විදිහට,
මුලින්ම කෝල් කරලා තියෙන්නේ හන් සෝල් ආ.</font>

7
00:02:18,013 --> 00:02:19,890
<font color="#ffde44">ඇය සාක්ෂියකුත් දීලා තියෙනවා.</font>

8
00:02:22,810 --> 00:02:24,061
<font color="#ffde44">මම පස්සේ ගන්නම්.</font>

9
00:02:29,775 --> 00:02:31,235
<font color="#ffde44">අනතුර වෙනකොට</font>

10
00:02:31,318 --> 00:02:33,404
<font color="#ffde44">ඔයා අහම්බෙන් වගේ එතන හිටියා නේද?</font>

11
00:02:35,614 --> 00:02:36,782
<font color="#ffde44">මේකත් අහම්බයක්ද?</font>

12
00:02:39,952 --> 00:02:41,662
<font color="#ffde44">මේ මගේ ඩෑෂ්කෑම් එකේ දර්ශන.</font>

13
00:02:43,622 --> 00:02:45,374
<font color="#ffde44">මේ පාරත් ඔයාට නිදහසට කාරණයක් තියෙනවා වගේ.</font>

14
00:02:45,457 --> 00:02:47,334
<font color="#ffde44">පැහැදිලි කරන්නම්,</font>

15
00:02:47,918 --> 00:02:50,337
<font color="#ffde44">මම මේක දෙන්නේ
පරීක්ෂණයට උදව්වක් වෙයි කියලා හිතලා.</font>

16
00:02:53,048 --> 00:02:54,133
<font color="#ffde44">හංගන්න දෙයක් නැහැ නේද?</font>

17
00:02:55,342 --> 00:02:56,760
<font color="#ffde44">අපි බලමුකෝ ෆොරෙන්සික් එකෙන් මොකද කියන්නේ කියලා.</font>

18
00:03:07,771 --> 00:03:09,982
<font color="#ffde44">මඟහැරුණු ඇමතුම්
සෝල් ආ</font>

19
00:03:19,950 --> 00:03:21,535
<font color="#ffde44">කැප්ටන්, මේක බලන්න.</font>

20
00:03:24,246 --> 00:03:25,080
<font color="#ffde44">අනුමත ගනුදෙනු
දේශීය සහ ජාත්‍යන්තර</font>

21
00:03:25,164 --> 00:03:26,624
<font color="#ffde44">දෝ ඉයුන් හේ මේක දුන්නේ.</font>

22
00:03:26,707 --> 00:03:28,626
<font color="#ffde44">යොට් අනතුර වෙනකොට
ඔවුන් දෙන්නා එකටයි හිටියේ.</font>

23
00:03:28,709 --> 00:03:31,170
<font color="#ffde44">එයාගේ මහගෙදරයි පුද්ගලික ස්ටුඩියෝ එකයි
තියෙන්නේ චොන්ගුන්වල,</font>

24
00:03:31,253 --> 00:03:32,671
<font color="#ffde44">ඒ නිසා එයා හැම සති අන්තෙම එහේ යනවා.</font>

25
00:03:32,755 --> 00:03:34,340
<font color="#ffde44">සාක්ෂි ලැයිස්තුව: රිසිට්පත
ඩේයොන්ග්‍රූ චොන්ගුන් ශාඛාව: අගෝස්තු 17, 2025</font>

26
00:03:38,177 --> 00:03:39,261
<font color="#ffde44">වූ සොක්ගේ අනතුර වෙනකොට</font>

27
00:03:39,887 --> 00:03:41,931
<font color="#ffde44">එයා හිටියේ අපිත් එක්ක.</font>

28
00:03:43,015 --> 00:03:45,309
<font color="#ffde44">අපි වැරදි පාරක යනවා නම් මොකද කරන්නේ?</font>

29
00:04:02,743 --> 00:04:04,161
<font color="#ffde44">වෙනත් සහායකයෙක් හිටියොත්?</font>

30
00:04:05,371 --> 00:04:06,497
<font color="#ffde44">දෝ ඉයුන් හියුක් ගැන මොකද හිතන්නේ?</font>

31
00:04:07,414 --> 00:04:10,459
<font color="#ffde44">හන් සෝල් ආ එයාගේ නිදහසට කාරණයක් විදියට
ඔහුව හැම අපරාධ ස්ථානයකටම ගෙනාවා වෙන්න පුළුවන්.</font>

32
00:04:14,213 --> 00:04:16,340
<font color="#ffde44">ඔයා කියන්නේ
මේ හැමදේම පිටුපස වෙන කවුරුහරි ඉන්නවා කියලද?</font>

33
00:04:27,601 --> 00:04:29,019
<font color="#ffde44">තමුසේ මෝඩයෙක්ද?</font>

34
00:04:29,103 --> 00:04:31,397
<font color="#ffde44">තමුසේ ඇයි වෙන කෙනෙක්ගේ යොට් එකක් හදන්නේ?</font>

35
00:04:31,480 --> 00:04:33,023
<font color="#ffde44">තමුසේ එයාගේ අණ විතරද පිළිපදින්නේ?</font>

36
00:04:33,983 --> 00:04:36,193
<font color="#ffde44">මම හිටියේ නැත්නම්
තමුසේ මොනවද කරන්නේ?</font>

37
00:04:38,153 --> 00:04:39,196
<font color="#ffde44">සිරාවටම?</font>

38
00:04:39,279 --> 00:04:40,364
<font color="#ffde44">හේයි!</font>

39
00:05:04,847 --> 00:05:08,225
<font color="#ffde44"><i>ජුන් බොම් කැම්පස් කාලෙදි</i>
<i>OnWorld එකේ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් ගත්තා.</i></font>

40
00:05:09,143 --> 00:05:11,103
<font color="#ffde44">එයා සල්ලි තියෙන පවුලකින්
ආවත්,</font>

41
00:05:11,186 --> 00:05:13,772
<font color="#ffde44">එයා දුප්පත් අය ගැන ගොඩක් සැලකිලිමත් වුණා.</font>

42
00:05:13,856 --> 00:05:15,899
<font color="#ffde44">එයා පිටරටත් ස්වේච්ඡාවෙන් වැඩ කළාද?</font>

43
00:05:16,817 --> 00:05:18,527
<font color="#ffde44">සිරියාවේ ඒ සිදුවීම
වුණේ නැත්නම්...</font>

44
00:05:19,528 --> 00:05:20,529
<font color="#ffde44"><i>සිරියාවද?</i></font>

45
00:05:34,460 --> 00:05:36,420
<font color="#ffde44">ඒ ඔයා වෙන්න තිබුණා.</font>

46
00:05:37,296 --> 00:05:38,464
<font color="#ffde44">මම කියන්නේ</font>

47
00:05:38,964 --> 00:05:40,799
<font color="#ffde44">ඔයා මැරෙන්න තිබුණා කියලයි.</font>

48
00:05:41,925 --> 00:05:43,302
<font color="#ffde44">ඒත් ඔයා තාමත් හන් සෝල් ආව විශ්වාස කරනවද?</font>

49
00:05:44,178 --> 00:05:45,137
<font color="#ffde44">දැඩි සත්කාර ඒකකය</font>

50
00:05:45,220 --> 00:05:47,097
<font color="#ffde44">එයා ඔයාව බේරගත්තා කියලා ඔයා හිතනවද?</font>

51
00:05:48,515 --> 00:05:50,142
<font color="#ffde44">මේකත් කිම් යුන් ජීගේ කේස් එක වගේමයි.</font>

52
00:05:51,060 --> 00:05:53,937
<font color="#ffde44">හන් සෝල් ආ හැමතිස්සෙම අපරාධ ස්ථානයේ ඉන්නවා
ඒත් හැම වෙලාවෙම එයාට නිදහසට හොඳ කාරණයක් තියෙනවා.</font>

53
00:05:55,355 --> 00:05:56,607
<font color="#ffde44">ඉතින්?</font>

54
00:05:57,232 --> 00:05:58,317
<font color="#ffde44">මේක අහම්බයක් කියලා ඔයා හිතනවද?</font>

55
00:05:58,400 --> 00:06:00,194
<font color="#ffde44">එයාට සහායකයෙක් ඉන්නවා වෙන්න
බැරිද?</font>

56
00:06:07,493 --> 00:06:08,702
<font color="#ffde44">අපි දෝ ඉයුන් හියුක්ව සැකකරුවන්ගෙන් අයින් කළා.</font>

57
00:06:09,912 --> 00:06:12,414
<font color="#ffde44">අනතුර වෙලාවේ එයා හිටියේ
ස්ටේෂන් එකේ.</font>

58
00:06:13,207 --> 00:06:14,083
<font color="#ffde44">මම හිතන්නේ...</font>

59
00:06:15,459 --> 00:06:18,003
<font color="#ffde44">එයාට ඕන කෙනෙක්ව තමන්ගේ පාලනයට ගන්න
පුළුවන් වගේ.</font>

60
00:06:19,922 --> 00:06:22,382
<font color="#ffde44">ඒ වගේම එයාට සහායකයින් දෙන්නෙක් හරි ඊට වැඩියෙන් හරි
ඉන්න පුළුවන්.</font>

61
00:06:27,513 --> 00:06:30,224
<font color="#ffde44">ඒත් මාව හරි ලී ක්වං ජින්ව හරි මරලා
එයාට ලැබෙන්නේ මොකක්ද?</font>

62
00:06:30,808 --> 00:06:31,642
<font color="#ffde44">මට කියන්න.</font>

63
00:06:32,476 --> 00:06:33,977
<font color="#ffde44">සමහරවිට ඔයා එයා ගැනම හිතාගෙන ඉන්න නිසා</font>

64
00:06:34,061 --> 00:06:35,562
<font color="#ffde44">වෙනත් දේවල් දකින්න බැරි වෙනවා ඇති.</font>

65
00:06:36,146 --> 00:06:38,232
<font color="#ffde44">නියම අපරාධකරු වෙන කෙනෙක් නම්?</font>

66
00:06:38,315 --> 00:06:41,527
<font color="#ffde44">ඔයා කියන්නේ කවුරුහරි හන් සෝල් ආගේ සම්බන්ධකම් තියෙන අයව විතරක්
මරන්න හදනවා කියලද?</font>

67
00:06:45,697 --> 00:06:48,617
<font color="#ffde44">බර්නර් ෆෝන් එකට වඩා දෙයක්
එතන තියෙනවා නේද?</font>

68
00:06:53,956 --> 00:06:54,873
<font color="#ffde44">මේ අනතුර වුණේ</font>

69
00:06:56,542 --> 00:06:58,210
<font color="#ffde44">මම සැකකරුවෙක් පස්සේ පන්නද්දි.</font>

70
00:06:58,293 --> 00:06:59,336
<font color="#ffde44">කවුද?</font>

71
00:07:00,504 --> 00:07:01,547
<font color="#ffde44">පේක් ජුන් බොම්.</font>

72
00:07:02,965 --> 00:07:04,133
<font color="#ffde44">ඇයි ඔයා එයාව සැක කරන්නේ?</font>

73
00:07:04,216 --> 00:07:07,094
<font color="#ffde44">යූන් ස්‍යුං ජේගේ රෙස්ටුරන්ට් එකේ විතරක් විකුණන වයින්</font>

74
00:07:07,177 --> 00:07:09,763
<font color="#ffde44">එයා ගාව තිබුණා, අනික කිම් යුන් ජී
මැරුණු දවසේ රෑ එයා ඒ ස්ථානයේ හිටියා.</font>

75
00:07:11,974 --> 00:07:13,475
<font color="#ffde44">එච්චරක් නෙවෙයි.</font>

76
00:07:15,060 --> 00:07:16,520
<font color="#ffde44">එයා සිරියාවේ හිටියා.</font>

77
00:07:17,271 --> 00:07:18,105
<font color="#ffde44">සිරියාවේ?</font>

78
00:07:18,856 --> 00:07:20,190
<font color="#ffde44">ලී සූ හෝ මැරුණේ එහේදී.</font>

79
00:07:21,233 --> 00:07:23,318
<font color="#ffde44">ඔයා කියන්නේ එයාලා කොහොමහරි සම්බන්ධයි කියලද?</font>

80
00:07:24,111 --> 00:07:25,821
<font color="#ffde44">ලී සූ හෝ කියන්නේ OnWorld එකේ සේවකයෙක්,</font>

81
00:07:27,114 --> 00:07:28,949
<font color="#ffde44">පේක් ජුන් බොම්
එයාලට ස්වේච්ඡාවෙන් වැඩ කළා.</font>

82
00:07:30,534 --> 00:07:32,995
<font color="#ffde44">හන් සෝල් ආ වටා සිදුවුණු හැම මරණයකටම
සම්බන්ධ එකම පුද්ගලයා...</font>

83
00:07:34,913 --> 00:07:36,081
<font color="#ffde44">පේක් ජුන් බොම්.</font>

84
00:07:40,544 --> 00:07:42,129
<font color="#ffde44">පේක් ජුන් බොම් (වයස අවුරුදු 35යි)
YOUR HOME හි ප්‍රධාන විධායක නිලධාරී</font>

85
00:07:44,506 --> 00:07:47,092
<font color="#ffde44">සල්ලි, කාලය, සහ හැකියාව තියෙන කෙනෙක්.</font>

86
00:07:48,677 --> 00:07:50,721
<font color="#ffde44">එදා කිම් යුන් ජී එක්ක සම්බන්ධකම් පැවැත්වූවා කියලා
තහවුරු වුණු කෙනෙක්.</font>

87
00:07:58,478 --> 00:08:00,314
<font color="#ffde44">හ්වං සුක් ජී (වයස අවුරුදු 37යි)
CAFE THIRD NIGHT, හන් සෝල් ආගේ යාළුවා</font>

88
00:08:01,481 --> 00:08:02,691
<font color="#ffde44">ආරාධනා නොලැබූ අමුත්තෙක්</font>

89
00:08:02,774 --> 00:08:05,027
<font color="#ffde44">VIP කෙනෙක් නොවුණත්
රෝයල් ඔක්ෂන් එකට රිංගපු.</font>

90
00:08:11,241 --> 00:08:12,910
<font color="#ffde44">අපි මුලින්ම පරීක්ෂා කරන්න ඕනේ කාගේ ගමන් බිමන්ද?</font>

91
00:08:29,843 --> 00:08:32,054
<font color="#ffde44">ඔයා ඇවිදින්න යන්න හොඳ නැහැ.</font>

92
00:08:34,264 --> 00:08:35,515
<font color="#ffde44">මම හොඳින්.</font>

93
00:08:38,268 --> 00:08:41,104
<font color="#ffde44">මම වැඩියෙන්ම බයවෙලා ඉන්නේ ලී ක්වං ජින් මහත්තයා ගැන.</font>

94
00:08:45,943 --> 00:08:47,569
<font color="#ffde44">ඔයා අනතුර වුණු තැනට
ආවේ ඇයි?</font>

95
00:08:53,575 --> 00:08:56,411
<font color="#ffde44">ඔයාට මොකුත් මතක නැද්ද?</font>

96
00:09:04,920 --> 00:09:06,630
<font color="#ffde44">මට ඒ චිත්‍රයෙන් ඉඟියක් ලැබුණා.</font>

97
00:09:17,307 --> 00:09:18,392
<font color="#ffde44">සිරියාව...</font>

98
00:09:25,440 --> 00:09:27,943
<font color="#ffde44">මම ලී මහත්තයාට ඔයාගේ පණිවිඩය දුන්නා,</font>

99
00:09:28,026 --> 00:09:29,653
<font color="#ffde44">ඒත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න එපා.</font>

100
00:09:30,487 --> 00:09:33,490
<font color="#ffde44">එයා කිව්වා එයාට ඔයා එක්ක කියන්න කිසිදෙයක් නැහැ කියලා.</font>

101
00:09:34,700 --> 00:09:35,784
<font color="#ffde44">මට සමාවෙන්න.</font>

102
00:09:37,536 --> 00:09:39,371
<font color="#ffde44">එයා කවදද ලාඕසයේ ඉඳන් එන්නේ?</font>

103
00:09:40,747 --> 00:09:41,665
<font color="#ffde44">ඇත්තටම,</font>

104
00:09:42,249 --> 00:09:43,875
<font color="#ffde44">එයා අද රෑ ෆ්ලයිට් එකේ එනවා.</font>

105
00:09:49,965 --> 00:09:52,592
<font color="#ffde44"><i>මම ලී ක්වං ජින් මහත්තයාව හම්බවෙන්න</i>
<i>ගුවන් තොටුපළට යන ගමන් හිටියේ</i></font>

106
00:09:52,676 --> 00:09:54,303
<font color="#ffde44"><i>එතකොටයි මම ඔයාගේ කාර් එක දැක්කේ.</i></font>

107
00:09:59,975 --> 00:10:02,019
<font color="#ffde44"><i>ඊටපස්සේ අපි පස්සේ ආපු</i>
<i>කළු කාර් එක</i></font>

108
00:10:02,102 --> 00:10:03,895
<font color="#ffde44"><i>ඔයාගේ පස්සෙන්ම එනවා මම දැක්කා.</i></font>

109
00:10:23,165 --> 00:10:26,001
<font color="#ffde44"><i>මට නරකක් දැනුණු නිසා,</i>
<i>මම මගේ කාර් එක හරවගත්තා.</i></font>

110
00:10:56,323 --> 00:10:57,240
<font color="#ffde44">වූ සොක්!</font>

111
00:10:58,075 --> 00:10:58,992
<font color="#ffde44">වූ සොක්!</font>

112
00:11:14,424 --> 00:11:16,176
<font color="#ffde44">ඉතින් ඔයා මාව බේරගත්තා.</font>

113
00:11:17,260 --> 00:11:19,471
<font color="#ffde44">ඕනම කෙනෙක් ඔය දේම කරනවා.</font>

114
00:11:24,476 --> 00:11:25,310
<font color="#ffde44">ඒත්...</font>

115
00:11:28,021 --> 00:11:29,815
<font color="#ffde44">අපරාධකරුට ඕනේ වුණේ මොකක්ද?</font>

116
00:11:30,857 --> 00:11:32,901
<font color="#ffde44">එයා හැදුවේ ලී මහත්තයාව නිහඬ කරන්න.</font>

117
00:11:34,569 --> 00:11:35,487
<font color="#ffde44">පේක් ජුන් බොම්</font>

118
00:11:36,863 --> 00:11:39,324
<font color="#ffde44">කැම්පස් කාලේ ඉඳන්ම
OnWorld එකේ ස්වේච්ඡාවෙන් වැඩ කළා.</font>

119
00:11:39,908 --> 00:11:41,952
<font color="#ffde44">අනික මම හිතන්නේ
එයා සිරියාවේදී ලී සූ හෝ එක්කත් ඉන්න ඇති.</font>

120
00:11:43,703 --> 00:11:44,871
<font color="#ffde44"><i>සිරියාවේ අනාථ දරුවෙක්.</i></font>

121
00:11:46,289 --> 00:11:47,958
<font color="#ffde44">එයා හිතාමතාමයි ඒ චිත්‍රය එව්වේ.</font>

122
00:11:49,960 --> 00:11:50,836
<font color="#ffde44">වෙන්න පුළුවන්.</font>

123
00:11:51,420 --> 00:11:54,089
<font color="#ffde44">ඒත් ඇයි?</font>

124
00:11:54,172 --> 00:11:57,467
<font color="#ffde44">එයයි සූ හෝයි නිකම්ම වැඩ කරන අය විතරක් වුණා නම්,
එයා මේ තරම් දුරදිග යන්නේ නැහැ.</font>

125
00:11:57,551 --> 00:11:59,136
<font color="#ffde44">ලී ක්වං ජින් මහත්තයා තමයි අපිට කියන්න පුළුවන් එකම කෙනා</font>

126
00:12:00,262 --> 00:12:03,056
<font color="#ffde44">පේක් ජුන් බොම් ඔයාට ළං වුණේ ඇයි කියලා.</font>

127
00:12:04,808 --> 00:12:06,560
<font color="#ffde44">එයාට සිහිය ආවේ නැත්නම්,</font>

128
00:12:08,103 --> 00:12:09,438
<font color="#ffde44">ඒ ගැන දන්නේ පේක් ජුන් බොම් විතරයි.</font>

129
00:12:15,861 --> 00:12:18,864
<font color="#ffde44">නියුල්සෙම් මහ රෝහල</font>

130
00:12:22,409 --> 00:12:24,995
<font color="#ffde44"><i>ලී මහත්තයාට සිහිය එනකම්</i>
<i>රෝහල ගාව රැකවල් දාගෙන ඉන්න.</i></font>

131
00:12:25,078 --> 00:12:25,912
<font color="#ffde44"><i>රහසිගතව ඉන්න.</i></font>

132
00:12:39,301 --> 00:12:40,719
<font color="#ffde44">මගේ පළවෙනි නිල SIU මෙහෙයුම.</font>

133
00:12:40,802 --> 00:12:42,095
<font color="#ffde44">නොන්ග්හියුප් ජීවිත රක්ෂණ
SIU සහකාර කළමනාකරු ආන් යොන්ග් සූ</font>

134
00:12:43,472 --> 00:12:44,764
<font color="#ffde44">මම මේක අනිවාර්යයෙන්ම ඉවරයක් කරනවා.</font>

135
00:12:52,063 --> 00:12:53,857
<font color="#ffde44">ප්‍රචණ්ඩ අපරාධ ඒකකය 1</font>

136
00:12:56,485 --> 00:12:58,403
<font color="#ffde44">ඩෑෂ්කෑම් විග්‍රහයේ ප්‍රතිඵල ඇවිත්.</font>

137
00:13:06,369 --> 00:13:07,204
<font color="#ffde44">මේක බලන්න.</font>

138
00:13:12,083 --> 00:13:13,710
<font color="#ffde44">මේ කාර් එකයි අනතුර කළේ.</font>

139
00:13:14,294 --> 00:13:16,588
<font color="#ffde44">ලියාපදිංචි අංකය හොයාගන්න
ටිකක් වෙලා යයි,</font>

140
00:13:17,088 --> 00:13:18,340
<font color="#ffde44">ඒත් අපි මොඩල් එක තහවුරු කරගත්තා.</font>

141
00:13:18,924 --> 00:13:20,217
<font color="#ffde44">අනතුර කැමරාවේ සටහන් වෙලාද?</font>

142
00:13:21,510 --> 00:13:22,677
<font color="#ffde44">මෙතන.</font>

143
00:13:40,862 --> 00:13:42,280
<font color="#ffde44">එයා ගිහින් තියෙන්නේ ඔහුව බේරගන්න.</font>

144
00:13:42,864 --> 00:13:44,741
<font color="#ffde44">පේන විදිහට ඇය ඇත්තටම සාක්ෂිකාරියක්.</font>

145
00:13:48,495 --> 00:13:50,705
<font color="#ffde44">කාන්තාවකගේ ප්‍රතිරූප: විශේෂ ප්‍රදර්ශනය</font>

146
00:13:52,874 --> 00:13:55,585
<font color="#ffde44">මේ පාර අපි වෙන්දේසිය පටන් ගන්නේ
නවක චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍රවලින්</font>

147
00:13:55,669 --> 00:13:58,088
<font color="#ffde44">ඒ චිත්‍රවලට දැඩි ඉල්ලුමක් තිබුණා.</font>

148
00:13:58,171 --> 00:14:00,507
<font color="#ffde44">ද ස්ටිලර් 30 වෙනි කාණ්ඩය විදිහටයි සැලසුම් කරලා තියෙන්නේ</font>

149
00:14:00,590 --> 00:14:03,260
<font color="#ffde44">අපි මේ පිළිවෙළට ගියොත්
දේවල් ඉක්මනින්ම උණුසුම් වෙයි.</font>

150
00:14:04,052 --> 00:14:06,555
<font color="#ffde44">ඔයාට ඇත්තටම වැඩිම ලංසුවට
වාර්තාවක් තියන්න ඕනේ නේද?</font>

151
00:14:15,063 --> 00:14:16,064
<font color="#ffde44">සමාවෙන්න.</font>

152
00:14:17,732 --> 00:14:18,817
<font color="#ffde44">සර්?</font>

153
00:14:21,444 --> 00:14:22,988
<font color="#ffde44">මම උදව් කරන්නද?</font>

154
00:14:23,071 --> 00:14:23,947
<font color="#ffde44">ඔයාට ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න පුළුවන්ද?</font>

155
00:14:24,030 --> 00:14:25,448
<font color="#ffde44">ඔව්, ටිකක් පුළුවන්.</font>

156
00:14:25,532 --> 00:14:26,575
<font color="#ffde44">දෙවියන්ට ස්තූති වෙන්න.</font>

157
00:14:27,242 --> 00:14:28,368
<font color="#ffde44">මම මේ චිත්‍රයට කැමතියි.</font>

158
00:14:29,244 --> 00:14:30,829
<font color="#ffde44">ගාණ පොඩ්ඩක් කතා කරගන්න පුළුවන්ද?</font>

159
00:14:31,621 --> 00:14:34,499
<font color="#ffde44">ඔයා ගොඩක් දුර ඉඳන් ආපු
වටිනා අමුත්තෙක්,</font>

160
00:14:34,583 --> 00:14:40,213
<font color="#ffde44">ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට ඒක කරන්න පුළුවන්.</font>

161
00:14:40,297 --> 00:14:41,298
<font color="#ffde44">ස්තූතියි.</font>

162
00:14:41,381 --> 00:14:42,632
<font color="#ffde44">බොහොම ස්තූතියි.</font>

163
00:14:43,466 --> 00:14:45,802
<font color="#ffde44">එයා ඒක ගන්නයි හදන්නේ,
ඒ නිසා එයාට ඒක ලෑස්ති කරලා දෙන්න.</font>

164
00:14:45,885 --> 00:14:46,970
<font color="#ffde44">හරි, මැඩම්.</font>

165
00:14:48,888 --> 00:14:50,223
<font color="#ffde44">ස්තූතියි.
ස්තූතියි.</font>

166
00:14:55,520 --> 00:14:58,523
<font color="#ffde44">ඔයා චිත්‍ර කලාව ඉගෙන ගත්තේ ස්පාඤ්ඤයේදීද?</font>

167
00:14:59,107 --> 00:15:02,110
<font color="#ffde44">හොරට හදපු එකක් වික්කා කියලා
කම්පැනියෙන් මාව අස් කරාම,</font>

168
00:15:03,695 --> 00:15:06,072
<font color="#ffde44">කවුරුවත් මට උදව්වට ආවේ නැහැ.</font>

169
00:15:06,740 --> 00:15:08,908
<font color="#ffde44">ඉතින් මම බඩු ටිකත් ලෑස්ති කරගෙන ප්ලේන් එකකට නැග්ගා.</font>

170
00:15:09,618 --> 00:15:11,119
<font color="#ffde44">දවල්ට මම බිම මොප් කළා,</font>

171
00:15:11,202 --> 00:15:13,288
<font color="#ffde44">රෑට වයින් බාර් එකක වැඩ කළා.</font>

172
00:15:13,872 --> 00:15:16,458
<font color="#ffde44">ජීවත් වෙන්න නම් මට මුලින්ම කරන්න වුණේ
ඒ භාෂාව ඉගෙන ගන්න එක.</font>

173
00:15:16,541 --> 00:15:19,586
<font color="#ffde44">මම හොඳට අහගෙන ඉඳලා,
හයියෙන් ඒකම ආයෙත් කිව්වා.</font>

174
00:15:20,378 --> 00:15:23,757
<font color="#ffde44">භාෂාව ඉගෙන ගත්තු නිසා මට
කලා කෘති කිහිපයක් ලබාගන්න පුළුවන් වුණා,</font>

175
00:15:24,341 --> 00:15:29,095
<font color="#ffde44">ඒකෙන් මට ආයෙත් රෝයල් ඔක්ෂන් එකට එන්න
ඕන කරන බලපෑම ලැබුණා.</font>

176
00:15:29,929 --> 00:15:31,514
<font color="#ffde44">මම ජීවත් වුණේ එහෙමයි.</font>

177
00:15:32,807 --> 00:15:34,392
<font color="#ffde44">ඔයා හරිම පුදුමයි, සභාපති කිම්.</font>

178
00:15:35,977 --> 00:15:39,147
<font color="#ffde44">හැමදේම නැතිවුණාට පස්සේ
ආයෙත් උඩට එන්න ඔයා ගත්තු උත්සාහය...</font>

179
00:15:39,856 --> 00:15:42,776
<font color="#ffde44">හැමදේම නැතිවුණු ගොඩක් අය</font>

180
00:15:43,860 --> 00:15:45,737
<font color="#ffde44">අත්හැරලා දානවා.</font>

181
00:15:47,572 --> 00:15:49,115
<font color="#ffde44">ඔයාට හැමදේම නැතිවුණා නම්,</font>

182
00:15:49,824 --> 00:15:51,493
<font color="#ffde44">ඔයාට තවත් නැතිවෙන්න දෙයක් නැහැ</font>

183
00:15:52,911 --> 00:15:54,621
<font color="#ffde44">ඒ වගේම බය වෙන්න දේකුත් නැහැ.</font>

184
00:16:12,597 --> 00:16:14,516
<font color="#ffde44">තේමියුන්ග් සමූහ ව්‍යාපාරය</font>

185
00:16:16,976 --> 00:16:18,937
<font color="#ffde44">තේමියුන්ග් සංස්කෘතික පදනමේ කලා කෘති ප්‍රවාහනය කළ
ට්‍රක් රථයක ගින්නක්</font>

186
00:16:19,020 --> 00:16:22,941
<font color="#ffde44">වොන් බිලියන දස ගණනක අලාභයක්,
ජීවිත හානි වාර්තා වී නොමැත</font>

187
00:16:26,069 --> 00:16:28,655
<font color="#ffde44">බිලියන 1.5ට කවුරුහරි ඉන්නවද?</font>

188
00:16:34,077 --> 00:16:36,371
<font color="#ffde44">ෆේබියන් ලෙක්ලර්ක්ගේ <i>Vanished Sensation</i> කෘතිය</font>

189
00:16:36,454 --> 00:16:39,290
<font color="#ffde44">තේමියුන්ග් සමූහ ව්‍යාපාරයේ
සභාපති පාක් මින් චොල්ට විකුණුවා.</font>

190
00:16:39,874 --> 00:16:41,459
<font color="#ffde44">කරුණාකරලා ඒක සභාපති කිම්ට දෙන්න.</font>

191
00:16:41,543 --> 00:16:44,462
<font color="#ffde44">මේ ප්‍රදර්ශනය පවත්වන්න පුළුවන් වුණේ
ඇය නිසයි.</font>

192
00:16:44,546 --> 00:16:47,090
<font color="#ffde44">ඔහු කිව්වා විශේෂ වෙන්දේසියේදී ඔහු ගත්තු
ඒ කෘති පහ</font>

193
00:16:47,173 --> 00:16:49,884
<font color="#ffde44">බූසාන්වල තියෙන තේමියුන්ග් කලා මධ්‍යස්ථානයේ
ප්‍රදර්ශනය කරනවා කියලා.</font>

194
00:16:51,010 --> 00:16:52,345
<font color="#ffde44">බූසාන්?</font>

195
00:17:08,528 --> 00:17:10,822
<font color="#ffde44">මෙම ඩ්‍රයිව් එක අගුළු හැරීමට
කරුණාකර මුරපදය ඇතුළත් කරන්න</font>

196
00:17:12,991 --> 00:17:15,827
<font color="#ffde44">තේමියුන්ග් සමූහ ව්‍යාපාරයේ වෙන්දේසි කලා කෘති ලැයිස්තුව</font>

197
00:17:17,787 --> 00:17:19,080
<font color="#ffde44">වැනිෂ්ඩ් සෙන්සේෂන්,
ද රිමේන්ස් ඔෆ් එක්ස්ටසි,</font>

198
00:17:19,164 --> 00:17:20,123
<font color="#ffde44">දි ඇබිස්, එකෝ, ටර්බියුලන්ස්</font>

199
00:17:24,711 --> 00:17:29,466
<font color="#ffde44">ගංහා පොලිස් ස්ථානය</font>

200
00:17:30,133 --> 00:17:31,801
<font color="#ffde44">ෆොරෙන්සික් වාර්තාවලට අනුව,</font>

201
00:17:31,885 --> 00:17:33,845
<font color="#ffde44">සැකකරුගේ වාහනය කළු සෙඩාන් එකක්,
අංක තහඩුව අවසන් වෙන්නේ 4549න්.</font>

202
00:17:34,721 --> 00:17:36,681
<font color="#ffde44">ඒක හොර අංක තහඩුවක් තියෙන හොර වාහනයක්.</font>

203
00:17:39,309 --> 00:17:42,270
<font color="#ffde44">ඒක යොන්ග්ජොන්ග් පාලම පහුකරලා
ගංසෝ ගු පැත්තට ගියා.</font>

204
00:17:42,353 --> 00:17:43,980
<font color="#ffde44">4549 ගමන් මාර්ගය</font>

205
00:17:44,564 --> 00:17:46,441
<font color="#ffde44">ඒක අන්තිමට කැමරාවක සටහන් වෙලා තියෙන්නේ කවද්ද?</font>

206
00:17:46,524 --> 00:17:47,734
<font color="#ffde44">මෙන්න මෙතන.</font>

207
00:18:07,337 --> 00:18:08,379
<font color="#ffde44">මම එයාව කලින් දැකලා තියෙනවා.</font>

208
00:18:23,269 --> 00:18:24,729
<font color="#ffde44"><i>හන් සෝල් ආ මෙනවියට මල් වගයක් ඇවිත්.</i></font>

209
00:18:25,688 --> 00:18:26,940
<font color="#ffde44">එයා ඒකේ ඇතුලේ ඉන්නවා.</font>

210
00:18:27,023 --> 00:18:27,982
<font color="#ffde44">ස්තූතියි.</font>

211
00:18:30,151 --> 00:18:31,027
<font color="#ffde44">මල් වගයක් ගෙනාවා, මැඩම්.</font>

212
00:18:35,240 --> 00:18:36,366
<font color="#ffde44">මේවා කාගෙන්ද?</font>

213
00:18:36,449 --> 00:18:37,659
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

214
00:18:38,493 --> 00:18:40,036
<font color="#ffde44">මේවා එවලා තියෙන්නේ නම සඳහන් නොකර.</font>

215
00:18:40,537 --> 00:18:41,371
<font color="#ffde44">සුබ දවසක්.</font>

216
00:18:53,758 --> 00:18:54,759
<font color="#ffde44">සුබ උපන්දිනයක්.</font>

217
00:19:51,983 --> 00:19:52,942
<font color="#ffde44">දෙවියනේ.</font>

218
00:19:53,026 --> 00:19:55,320
<font color="#ffde44">චා මහත්තයා ලස්සන විතරක් නෙවෙයි.</font>

219
00:19:55,403 --> 00:19:57,113
<font color="#ffde44">එයා රොමෑන්ටික් කෙනෙක්.</font>

220
00:19:57,655 --> 00:20:00,658
<font color="#ffde44">ආදර යෝජනාවක් ලබන්න
හන් මෙනවිය ගොඩක් වාසනාවන්තයි.</font>

221
00:20:01,242 --> 00:20:02,076
<font color="#ffde44">ආදර යෝජනාවක්?</font>

222
00:20:02,660 --> 00:20:03,620
<font color="#ffde44">ඔයා දැනගෙන හිටියේ නැද්ද?</font>

223
00:20:03,703 --> 00:20:06,664
<font color="#ffde44">ලිසියාන්තස් මල්වලින් සංකේතවත් කරන්නේ සදාකාලික ආදරය.</font>

224
00:20:08,958 --> 00:20:12,003
<font color="#ffde44">ඉතින්, ඔයාත් මල්වලට කැමතිද?</font>

225
00:20:13,087 --> 00:20:15,298
<font color="#ffde44">මල්වලට අකමැති ගෑනු කවුද ඉන්නේ?</font>

226
00:21:05,556 --> 00:21:06,641
<font color="#ffde44"><i>සෝල් ආ.</i></font>

227
00:21:08,893 --> 00:21:09,978
<font color="#ffde44"><i>ඔයා සතුටු වෙයි...</i></font>

228
00:21:12,939 --> 00:21:14,148
<font color="#ffde44"><i>මම අතුරුදහන් වුණොත්, නේද?</i></font>

229
00:21:18,069 --> 00:21:18,945
<font color="#ffde44"><i>ඒකනේ...</i></font>

230
00:21:21,948 --> 00:21:23,241
<font color="#ffde44"><i>ඔයාට ඕනේ, නේද?</i></font>

231
00:21:26,160 --> 00:21:28,121
<font color="#ffde44"><i>මට දැන් ජීවත් වෙන්න හේතුවක් නැහැ.</i></font>

232
00:21:30,081 --> 00:21:32,166
<font color="#ffde44"><i>ඔයා එක්ක ඉන්න පුළුවන් එකම විදිහ
මැරෙන එක නම්...</i></font>

233
00:21:34,961 --> 00:21:35,878
<font color="#ffde44"><i>මම ඒක කරනවා.</i></font>

234
00:21:40,425 --> 00:21:41,926
<font color="#ffde44"><i>මම දන්නවා මට පිස්සු කියලා.</i></font>

235
00:21:43,720 --> 00:21:44,595
<font color="#ffde44"><i>ඒත්...</i></font>

236
00:21:45,722 --> 00:21:47,849
<font color="#ffde44"><i>ඒකෙන් ඔයා මාව හැමදාම මතක තියාගන්නවා නම්...</i></font>

237
00:21:51,102 --> 00:21:52,520
<font color="#ffde44"><i>එහෙනම් මම නරක මිනිහා වෙන්නම්.</i></font>

238
00:21:59,027 --> 00:22:00,236
<font color="#ffde44">ඔයයි මමයි...</font>

239
00:22:01,863 --> 00:22:03,281
<font color="#ffde44">බලාපොරොත්තු වෙන්නේ දේවල් දෙකක්.</font>

240
00:22:05,742 --> 00:22:08,870
<font color="#ffde44">මට රෝයල් ඔක්ෂන් එකේ ඉන්ටර්න්ශිප් එක ලැබුණේ
හරිම අමාරුවෙන්.</font>

241
00:22:08,953 --> 00:22:11,164
<font color="#ffde44">මේ අවස්ථාව මට මගේ ජීවිතය වගේ.</font>

242
00:22:11,247 --> 00:22:14,333
<font color="#ffde44">එතකොට ඔයා කියන්නේ
ඔයාගේ ජීවිතේ මට ඉඩක් නැහැ කියලද?</font>

243
00:22:14,417 --> 00:22:15,626
<font color="#ffde44">සූ හෝ.</font>

244
00:22:19,213 --> 00:22:20,631
<font color="#ffde44">ඇයි ෆෝන් එක ගන්නේ නැත්තේ? ඔයා කා එක්කද ඉන්නේ?</font>

245
00:22:20,715 --> 00:22:21,924
<font color="#ffde44">ඇයි මගේ කෝල්ස් ආන්සර් කරන්නේ නැත්තේ?!</font>

246
00:22:22,467 --> 00:22:23,801
<font color="#ffde44">මම වැඩ කරන ගමන් ඉන්නේ.</font>

247
00:22:23,885 --> 00:22:24,844
<font color="#ffde44">ඔයා...</font>

248
00:22:24,927 --> 00:22:27,346
<font color="#ffde44">ඔයා අර මඟුල් ෆොටෝග්‍රැෆර් එක්ක නේද
ඉන්නේ?</font>

249
00:22:27,430 --> 00:22:28,639
<font color="#ffde44">ඕක නවත්තගන්නවා.</font>

250
00:22:28,723 --> 00:22:30,266
<font color="#ffde44">ඔයාට වෙන් වෙන්න ඕන වුණු පළියට
හැමදේම ඉවරද?</font>

251
00:22:30,349 --> 00:22:32,018
<font color="#ffde44">ඔයා මට මැරෙන්න කියනවා වගේ දෙයක්නේ කරන්නේ.</font>

252
00:22:32,477 --> 00:22:33,311
<font color="#ffde44">ඔව්.</font>

253
00:22:34,020 --> 00:22:36,439
<font color="#ffde44">මැරිලා මට වද නොදී ඉන්නවා!</font>

254
00:22:36,522 --> 00:22:37,982
<font color="#ffde44">ඔයාට ඇත්තටම ඕනේ ඒකද?</font>

255
00:22:38,858 --> 00:22:40,485
<font color="#ffde44">මැරෙනවා කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවද?</font>

256
00:22:53,164 --> 00:22:54,082
<font color="#ffde44"><i>අමතක කරන්න එපා...</i></font>

257
00:22:56,751 --> 00:22:57,627
<font color="#ffde44"><i>ඔයා තමයි...</i></font>

258
00:23:03,341 --> 00:23:04,550
<font color="#ffde44"><i>මාව මැරුවේ.</i></font>

259
00:23:36,332 --> 00:23:43,339
<font color="#ffde44">අභාවප්‍රාප්ත ලී සූ හෝ
මැයි 7, 1991 ජූනි 14, 2018</font>

260
00:24:00,022 --> 00:24:02,150
<font color="#ffde44">රාජකාරියටත් ජනතාවටත් විශ්වාසවන්තයි</font>

261
00:24:02,233 --> 00:24:05,069
<font color="#ffde44">කැප්ටන් හිතන්නේ බෙක් ජුන් බොම් සහ
හන් සෝල් ආ දෙන්නා එකතු වෙලා කුමන්ත්‍රණය කළා කියලා.</font>

262
00:24:05,945 --> 00:24:07,572
<font color="#ffde44">මට තාමත් සැකයි හන් සෝල් ආ</font>

263
00:24:08,531 --> 00:24:10,449
<font color="#ffde44">කිම් යුන් ජීගේ අනතුරටයි ඔයාගේ අනතුරටයි
සම්බන්ධයි කියලා.</font>

264
00:24:11,701 --> 00:24:14,245
<font color="#ffde44">අපි 4549ව ඇල්ලුවොත්,
මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපිට හොයාගන්න පුළුවන්.</font>

265
00:24:14,912 --> 00:24:17,331
<font color="#ffde44">හරි, අපි මුලින්ම ඒ ව්‍යාජ කාර් එක හොයාගමු</font>

266
00:24:17,415 --> 00:24:18,749
<font color="#ffde44">පස්සේ ඒ ගැන වාද කරමු.</font>

267
00:24:18,833 --> 00:24:20,418
<font color="#ffde44">අපි ඉස්සර වගේ එකතු වෙලා වැඩ කරමුද?</font>

268
00:24:20,501 --> 00:24:22,503
<font color="#ffde44">ඔයා සන්ජුන් දොං වල බටහිර පැත්ත බලාගන්න,
මම නැගෙනහිර පැත්ත බලාගන්නම්.</font>

269
00:24:23,087 --> 00:24:23,921
<font color="#ffde44">හරි.</font>

270
00:25:30,696 --> 00:25:32,615
<font color="#ffde44">සන්ජුන් පරණ වාහන අංගනය</font>

271
00:25:50,174 --> 00:25:51,008
<font color="#ffde44">පරණ වාහන අංගනය</font>

272
00:25:51,092 --> 00:25:52,009
<font color="#ffde44">අම්මෝ, එයා හරිම වේගවත්.</font>

273
00:25:54,262 --> 00:25:55,680
<font color="#ffde44">මම හිතන්නේ අර තියෙන්නේ ඒක.</font>

274
00:25:59,308 --> 00:26:00,309
<font color="#ffde44">ඒයි.</font>

275
00:26:01,185 --> 00:26:02,019
<font color="#ffde44">ඒයි.</font>

276
00:26:29,338 --> 00:26:30,840
<font color="#ffde44">මට පේන්නේ කුණු ගොඩවල් විතරයි.</font>

277
00:26:35,428 --> 00:26:36,721
<font color="#ffde44">"ඇල්ෆා ටවර්"?</font>

278
00:26:37,305 --> 00:26:38,264
<font color="#ffde44">මට හිතෙනවා එයා ඉන්න තැන මම දන්නවා කියලා.</font>

279
00:26:40,099 --> 00:26:41,600
<font color="#ffde44">ඇඟිලි සලකුණු ගන්න KCSI එකට කතා කරන්න.</font>

280
00:26:41,684 --> 00:26:43,561
<font color="#ffde44">මම බෙක් ජුන් බොම්ව
තව ටිකක් අවුස්සන්න බලන්නම්.</font>

281
00:26:51,319 --> 00:26:53,988
<font color="#ffde44"><i>ඔබ ගමනාන්තයට ළඟා වෙමින් පවතී.
මාර්ගෝපදේශනය අවසන් කරයි.</i></font>

282
00:26:54,071 --> 00:26:55,906
<font color="#ffde44">ඇල්ෆා ටවර්</font>

283
00:27:03,456 --> 00:27:06,792
<font color="#ffde44">එයා ලස්සනයි, උසයි, හොඳට ඉගෙනගෙන තියෙනවා,</font>

284
00:27:06,876 --> 00:27:08,878
<font color="#ffde44">ඒ වගේම ඇප් එකක් හදලා ගොඩක් සල්ලි හොයලා තියෙනවා.</font>

285
00:27:09,503 --> 00:27:11,422
<font color="#ffde44"><i>මොකද මේ පැත්තේ</i></font>

286
00:27:12,465 --> 00:27:13,758
<font color="#ffde44"><i>මේ වෙලාවේ?</i></font>

287
00:27:19,597 --> 00:27:23,225
<font color="#ffde44">යුවර් හෝම්
ප්‍රධාන විධායක නිලධාරී බෙක් ජුන් බොම්</font>

288
00:28:01,013 --> 00:28:02,264
<font color="#ffde44">මම බෙක් ජුන් බොම්.</font>

289
00:28:04,683 --> 00:28:06,811
<font color="#ffde44">ඔබව හමුවීම සතුටක්. මම බෙක් ජුන් බොම්.</font>

290
00:28:07,478 --> 00:28:08,646
<font color="#ffde44">ඔයා වම් අත හුරුවෙන කෙනෙක් නේද.</font>

291
00:28:09,688 --> 00:28:12,066
<font color="#ffde44">ඔව්, පුරුද්දට වගේ ඒ අත පාවිච්චි කරනවා.</font>

292
00:28:33,629 --> 00:28:35,005
<font color="#ffde44">මේක හොඳටම ඇතිද?</font>

293
00:28:38,008 --> 00:28:39,343
<font color="#ffde44">මම මීට කලින් කවදාවත් මේ වගේ දෙයක් කරලා නෑ.</font>

294
00:28:40,553 --> 00:28:41,637
<font color="#ffde44">මොකක්ද මේ?</font>

295
00:28:42,930 --> 00:28:46,851
<font color="#ffde44">මම හිතුවා අපේ සැලැස්ම තාමත් ක්‍රියාත්මකයි කියලා.</font>

296
00:28:49,395 --> 00:28:50,229
<font color="#ffde44">ආහ්.</font>

297
00:28:57,194 --> 00:28:58,237
<font color="#ffde44">ඔයා හරි.</font>

298
00:28:58,320 --> 00:29:00,739
<font color="#ffde44">එහෙමනම්, මම මේ විදිහට ප්‍රතිචාර දක්වන්න ඕනේ.</font>

299
00:29:14,003 --> 00:29:15,087
<font color="#ffde44">කොහොම වුණත්,</font>

300
00:29:15,171 --> 00:29:16,088
<font color="#ffde44">මෙන්න මේක ගන්න.</font>

301
00:29:16,797 --> 00:29:17,965
<font color="#ffde44">අද ඔයාගේ උපන්දිනේ නේ.</font>

302
00:29:19,383 --> 00:29:20,217
<font color="#ffde44">ස්තුතියි.</font>

303
00:29:22,511 --> 00:29:23,387
<font color="#ffde44">ඇතුළට එන්න.</font>

304
00:29:34,315 --> 00:29:36,066
<font color="#ffde44">මේවා එවලා තියෙන්නේ නමක් ගමක් නැතුව.</font>

305
00:29:37,359 --> 00:29:39,904
<font color="#ffde44">මේවා හරියටම
සූ හෝ මට දුන්න මල් ජාතියමයි.</font>

306
00:29:42,156 --> 00:29:43,949
<font color="#ffde44">එයා කොහොමද ඒ වගේ දෙයක් දන්නේ?</font>

307
00:29:44,992 --> 00:29:48,037
<font color="#ffde44">එයා ඒක දන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ…</font>

308
00:29:49,914 --> 00:29:52,500
<font color="#ffde44">එහෙම නැත්නම් එයාට මගෙන් මොනවද ඕනේ කියලවත්.</font>

309
00:29:54,293 --> 00:29:55,419
<font color="#ffde44">වෙන මොනවා හරි පණිවිඩයක් තිබුණද?</font>

310
00:30:14,104 --> 00:30:15,689
<font color="#ffde44">ඒක ලියලා තියෙන්නේ වම් අත හුරු කෙනෙක්.</font>

311
00:30:16,899 --> 00:30:19,360
<font color="#ffde44">බෙක් මහත්තයත් වම් අත හුරු කෙනෙක්.</font>

312
00:30:28,953 --> 00:30:31,789
<font color="#ffde44">එයා හැමදාම එයාගේ උපන්දිනේ ගත කරන්නේ අපිත් එක්ක.</font>

313
00:30:31,872 --> 00:30:32,915
<font color="#ffde44">මෙහෙම වුණේ පළවෙනි වතාවට නේද?</font>

314
00:30:34,291 --> 00:30:35,626
<font color="#ffde44">මට ටිකක් දුකයි.</font>

315
00:30:38,003 --> 00:30:40,130
<font color="#ffde44">ඔයා මේක ගන්න
ආයෙත් දේජොන් වලටම ගියාද?</font>

316
00:30:40,214 --> 00:30:42,466
<font color="#ffde44">ඔයා ඕනෙවටත් වඩා මහන්සි වෙනවා නේද?</font>

317
00:30:42,550 --> 00:30:46,554
<font color="#ffde44">මම කෑම තෝරන කෙනෙක් වුණත්,
ස්ට්‍රෝබෙරි ටාට් එකකට නම් කවදාවත් එපා කියන්නේ නෑ.</font>

318
00:30:47,429 --> 00:30:48,931
<font color="#ffde44">ඒත් ඔයා කවදාවත් මගේ උපන්දිනේට එකක් ගෙනත් දෙන්නේ නෑනේ.</font>

319
00:30:50,516 --> 00:30:51,642
<font color="#ffde44">ඔයාට ඒ ඔක්කොම කන්න පුළුවන්.</font>

320
00:30:53,018 --> 00:30:54,186
<font color="#ffde44">ඇත්තද?</font>

321
00:31:00,359 --> 00:31:01,652
<font color="#ffde44">ඒකේ පාට දිහා බලන්නකෝ.</font>

322
00:31:08,242 --> 00:31:09,493
<font color="#ffde44">රසද?
ගොඩක් රසයි.</font>

323
00:31:11,870 --> 00:31:12,913
<font color="#ffde44">චියර්ස්.</font>

324
00:31:19,295 --> 00:31:21,714
<font color="#ffde44">ඔයාගේ ඩෑෂ්කෑම් දර්ශන නිසා
අපිට ඒක හොයාගන්න පුළුවන් වුණා.</font>

325
00:31:21,797 --> 00:31:22,923
<font color="#ffde44">ඒක ව්‍යාජ කාර් එකක්,</font>

326
00:31:23,924 --> 00:31:26,176
<font color="#ffde44">ඒක යුවර් හෝම් කාර්යාල ගොඩනැගිල්ලට ඇතුළු වෙනවා සහ
පිටවෙනවා අපි දැක්කා.</font>

327
00:31:28,220 --> 00:31:30,681
<font color="#ffde44">ඒ කියන්නේ බෙක් මහත්තයා තමා
මට අනිවාර්යයෙන්ම මේ මල් එවලා තියෙන්නේ.</font>

328
00:31:40,524 --> 00:31:41,567
<font color="#ffde44">අපි මොනවා හරි කරන්න ඕනේ.</font>

329
00:31:48,949 --> 00:31:51,452
<font color="#ffde44">රක්ෂණ ඔප්පුව</font>

330
00:31:56,290 --> 00:32:01,337
<font color="#ffde44">ඔප්පු හිමියා: චා වූ සොක්
ප්‍රතිලාභියා: හන් සෝල් ආ</font>

331
00:32:03,922 --> 00:32:06,425
<font color="#ffde44">අපි උගුලක් ඇටෙව්වොත්,
එයා අනිවාර්යයෙන්ම ඒකට අහුවෙනවා.</font>

332
00:32:09,053 --> 00:32:11,722
<font color="#ffde44">ප්‍රධාන ආවරණය:
ස්වාභාවික මරණ, සාමාන්‍ය තුවාල</font>

333
00:32:17,144 --> 00:32:18,187
<font color="#ffde44">මම විහිළුවක් වගේද පේන්නේ?</font>

334
00:32:19,438 --> 00:32:20,939
<font color="#ffde44">ඇයි හැමෝම මට ඕන ඕන විදිහට සලකන්නේ?</font>

335
00:32:22,524 --> 00:32:23,442
<font color="#ffde44">සෝල් ආ.</font>

336
00:32:23,942 --> 00:32:25,569
<font color="#ffde44">ඔයා මේ ගැන ටිකක් බුද්ධිමත්ව හිතන්න ඕනේ.</font>

337
00:32:25,653 --> 00:32:27,488
<font color="#ffde44">අපි මෙහෙම කළොත්
ඇත්තම වැරදිකාරයා එළියට එයි.</font>

338
00:32:28,280 --> 00:32:31,241
<font color="#ffde44">මේක මට කොච්චර කෲර දෙයක්ද කියලා
ඔයාට තේරෙනවද?</font>

339
00:32:32,117 --> 00:32:33,035
<font color="#ffde44">සෝල් ආ.</font>

340
00:32:33,118 --> 00:32:35,537
<font color="#ffde44">මම ඔයාව පාවිච්චි කරලා මඟහැරලා ගියොත් මොකද වෙන්නේ?</font>

341
00:32:37,956 --> 00:32:39,375
<font color="#ffde44">ඔයා ඇත්තටම මැරුණොත්?</font>

342
00:32:45,631 --> 00:32:46,590
<font color="#ffde44">ඒකට කමක් නෑ.</font>

343
00:32:48,717 --> 00:32:49,802
<font color="#ffde44">මට ඒකෙන් වැඩක් නෑ.</font>

344
00:32:58,185 --> 00:32:59,353
<font color="#ffde44">කමක් නෑ, මාව පාවිච්චි කරන්න.</font>

345
00:33:03,023 --> 00:33:05,275
<font color="#ffde44">තමන් නිසා කවුරුහරි මැරුණා කියන
වරදකාරී හැඟීමෙන්</font>

346
00:33:05,359 --> 00:33:07,194
<font color="#ffde44">ඔයා කවදාහරි ජීවත් වෙලා තියෙනවද?</font>

347
00:33:08,696 --> 00:33:10,406
<font color="#ffde44">ඒක කොච්චර වේදනාකාරීද කියලා ඔයා දන්නවද?</font>

348
00:33:15,411 --> 00:33:16,328
<font color="#ffde44">මම දන්නවා.</font>

349
00:33:18,622 --> 00:33:20,124
<font color="#ffde44">මට හිටපු එකම පවුලත් මට නැති වුණා.</font>

350
00:33:29,049 --> 00:33:30,300
<font color="#ffde44">අපේ දෙමාපියන් දික්කසාද වුණාට පස්සේ…</font>

351
00:33:32,261 --> 00:33:33,887
<font color="#ffde44">අපේ ආච්චි තමයි අපිව හැදුවේ.</font>

352
00:33:36,807 --> 00:33:38,350
<font color="#ffde44">අපේ ආච්චි නැති වුණාට පස්සේ,</font>

353
00:33:39,977 --> 00:33:41,103
<font color="#ffde44">අපි දෙන්නා විතරයි හිටියේ.</font>

354
00:33:52,781 --> 00:33:56,368
<font color="#ffde44">ඔයා පොලිස් නිලධාරියෙක් වෙනවා කිව්වාම
මම කරපු පළවෙනි දේ තමයි</font>

355
00:33:56,452 --> 00:33:58,996
<font color="#ffde44">ප්‍රථමාධාර පෙට්ටියක් ගෙනාපු එක.</font>

356
00:34:01,623 --> 00:34:03,459
<font color="#ffde44">කරුණාකරලා තුවාල කරගන්න එපා.</font>

357
00:34:04,209 --> 00:34:07,880
<font color="#ffde44">මම තමයි වූ හීගේ අම්මයි, තාත්තයි,
අයියයි ඔක්කොම වෙන්න හිටියේ,</font>

358
00:34:09,214 --> 00:34:10,716
<font color="#ffde44">ඒත් ඒ වෙනුවට එයා තමයි මාව බලාගත්තේ.</font>

359
00:34:11,925 --> 00:34:13,093
<font color="#ffde44">එයා හැමතිස්සෙම ශක්තිමත්.</font>

360
00:34:13,177 --> 00:34:14,011
<font color="#ffde44">මටත් වඩා.</font>

361
00:34:17,222 --> 00:34:18,265
<font color="#ffde44">මම පොලිස් නිලධාරියෙක් වුණාට පස්සේ,</font>

362
00:34:20,142 --> 00:34:22,269
<font color="#ffde44">මම දාවල් රෑ නොබලා අපරාධකාරයෝ පස්සේ පැන්නුවා.</font>

363
00:34:24,688 --> 00:34:26,482
<font color="#ffde44">ඒත් මට මගේම පවුල ආරක්ෂා කරගන්න බැරි වුණා.</font>

364
00:34:36,867 --> 00:34:39,495
<font color="#ffde44">මම ආයෙත් සැරයක් එයා ගැන හොයලා බැලුවා නම්,
මට එයාව මේ විදිහට නැති වෙන්නේ නෑ.</font>

365
00:34:47,336 --> 00:34:50,130
<font color="#ffde44">මට එයාව නැති වුණාට පස්සේ, මම පිස්සෙක් වගේ
නඩු විසඳන්නම මහන්සි වුණා.</font>

366
00:34:50,839 --> 00:34:52,841
<font color="#ffde44">මම හිතුවා මැරෙනකම් වැඩ කරලා
අපරාධකාරයෝ ඇල්ලුවාම</font>

367
00:34:53,759 --> 00:34:55,594
<font color="#ffde44">මට ටිකක් සහනයක් දැනෙයි කියලා.</font>

368
00:34:57,763 --> 00:34:58,931
<font color="#ffde44">ඒත් එහෙම වුණේ නෑ.</font>

369
00:35:00,349 --> 00:35:01,433
<font color="#ffde44">මට තේරුණා…</font>

370
00:35:03,477 --> 00:35:05,646
<font color="#ffde44">මම කාව බේරගත්තත්,
මේ වරදකාරී හැඟීම නැති වෙන්නේ නෑ කියලා.</font>

371
00:35:07,648 --> 00:35:09,149
<font color="#ffde44">ඒක ඔයාගේ වරදක් නෙවෙයි.</font>

372
00:35:10,442 --> 00:35:11,318
<font color="#ffde44">නෑ.</font>

373
00:35:12,778 --> 00:35:14,071
<font color="#ffde44">ඒක මගේ වරද.</font>

374
00:35:17,282 --> 00:35:18,826
<font color="#ffde44">මට මගේ නංගිව බේරගන්න බැරි වුණා.</font>

375
00:35:25,666 --> 00:35:27,960
<font color="#ffde44">අපි හිරවෙලා ඉන්නේ එකම හිරගෙදරක,</font>

376
00:35:29,378 --> 00:35:31,004
<font color="#ffde44">අපි හැමදාම ජීවත් වෙන්නේ…</font>

377
00:35:32,923 --> 00:35:34,341
<font color="#ffde44">අපිට බේරගන්න බැරි වුණු මිනිස්සු එක්කයි.</font>

378
00:35:49,481 --> 00:35:51,942
<font color="#ffde44">නියුල්සෙම් මහ රෝහල</font>

379
00:36:20,178 --> 00:36:21,179
<font color="#ffde44">ඔයා මාව අහුකරගත්තා.</font>

380
00:36:21,263 --> 00:36:22,848
<font color="#ffde44">මම හිතුවා මම ඒක හොඳට හැංගුවා කියලා.</font>

381
00:36:23,557 --> 00:36:25,976
<font color="#ffde44">වෙන්දේසිකරුවෙක් වෙන්න නම් හොඳ ඇහැක් තියෙන්න ඕනේ.</font>

382
00:36:29,730 --> 00:36:31,231
<font color="#ffde44">අනතුරෙන් ඔයාට තුවාල වුණාද?</font>

383
00:36:33,984 --> 00:36:34,902
<font color="#ffde44">ඔව්.</font>

384
00:36:40,866 --> 00:36:41,950
<font color="#ffde44">මීට පස්සේ…</font>

385
00:36:45,370 --> 00:36:46,496
<font color="#ffde44">කරුණාකරලා තුවාල කරගන්න එපා.</font>

386
00:37:31,583 --> 00:37:32,793
<font color="#ffde44">ආන් යොං සූ</font>

387
00:37:35,629 --> 00:37:36,463
<font color="#ffde44">මට මේ කෝල් එක ගන්න වෙනවා.</font>

388
00:37:43,136 --> 00:37:44,846
<font color="#ffde44">හලෝ?
<i>චා මහත්තයා.</i></font>

389
00:37:44,930 --> 00:37:47,349
<font color="#ffde44">ලී ක්වං ජින් මහත්තයාට සිහිය ආවා.
එයාව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනවා.</font>

390
00:37:48,850 --> 00:37:49,935
<font color="#ffde44">ඔයා දැන් කොහෙද ඉන්නේ?</font>

391
00:37:50,936 --> 00:37:52,104
<font color="#ffde44">මම දැඩි සත්කාර ඒකකය ඉස්සරහා ඉන්නේ.</font>

392
00:37:53,689 --> 00:37:54,898
<font color="#ffde44">මම කියන දේ හොඳට අහගන්න.</font>

393
00:38:00,153 --> 00:38:02,447
<font color="#ffde44">ලී මහත්තයාට සිහිය ඇවිත්.</font>

394
00:38:03,824 --> 00:38:04,908
<font color="#ffde44">නෑ, ඔයා මෙතන ඉන්න.</font>

395
00:38:04,992 --> 00:38:06,159
<font color="#ffde44">අපි දෙන්නා එකට යන්නේ නැති තරමට හොඳයි.</font>

396
00:38:06,743 --> 00:38:08,161
<font color="#ffde44">මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑනේ.</font>

397
00:38:08,245 --> 00:38:11,415
<font color="#ffde44">පොලිසිය ඔයාව සැක කරනවා,
ඔයා අමාරුවේ වැටෙනවාට මම කැමති නෑ.</font>

398
00:38:13,709 --> 00:38:15,669
<font color="#ffde44">හරි, මට කෝල් එකක් දෙන්න.</font>

399
00:39:29,993 --> 00:39:34,956
<font color="#ffde44">ලී ***** ජින්</font>

400
00:42:10,779 --> 00:42:11,738
<font color="#ffde44">ඔයා නිදාගෙනද ඉන්නේ?</font>

401
00:42:12,906 --> 00:42:14,866
<font color="#ffde44">ඔයා එයාගේ පස්සෙන් යන්නයි තිබුණේ!</font>

402
00:42:14,950 --> 00:42:17,244
<font color="#ffde44">මේක කොච්චර බයානක වුණාද කියලා ඔයා දන්නවද?</font>

403
00:42:18,578 --> 00:42:20,538
<font color="#ffde44">මම කිව්ව විදිහටම ඔයා කළාද?</font>

404
00:42:20,622 --> 00:42:21,581
<font color="#ffde44">ඔව්.</font>

405
00:42:25,377 --> 00:42:26,753
<font color="#ffde44">අම්මෝ, ඔයා මාව බය කළානේ.</font>

406
00:42:29,756 --> 00:42:30,966
<font color="#ffde44">මොන මගුලක්ද…</font>

407
00:42:37,013 --> 00:42:38,139
<font color="#ffde44">ඒ කාලකණ්ණියා…</font>

408
00:42:42,018 --> 00:42:43,311
<font color="#ffde44">මේ බල්ලා තමයි 4549.</font>

409
00:42:43,395 --> 00:42:45,689
<font color="#ffde44">මට මේක කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා!</font>

410
00:42:48,400 --> 00:42:50,110
<font color="#ffde44">ඒත් එයා ඩොක්ටර් කෙනෙක්ගේ කෝට් එකක් ඇඳන් හිටියේ නෑ.</font>

411
00:43:03,832 --> 00:43:04,833
<font color="#ffde44">වෙන්න බෑ.</font>

412
00:43:24,686 --> 00:43:26,021
<font color="#ffde44">"සක්සිනයිල්කෝලීන්."</font>

413
00:43:26,604 --> 00:43:28,398
<font color="#ffde44">ඒ මොකක්ද?</font>

414
00:43:28,982 --> 00:43:30,650
<font color="#ffde44">සත්තුන්ව මරන්න පාවිච්චි කරන නිර්වින්දන ඖෂධයක්.</font>

415
00:43:31,318 --> 00:43:32,152
<font color="#ffde44">මොනවා?</font>

416
00:43:32,736 --> 00:43:34,696
<font color="#ffde44">ඔයා කල්තියා හිතලා වැඩ කළේ නැත්නම්,</font>

417
00:43:34,779 --> 00:43:37,157
<font color="#ffde44">ලී ක්වං ජින් මහත්තයා
ලොකු අනතුරකට මුහුණ දෙනවා.</font>

418
00:43:38,033 --> 00:43:39,075
<font color="#ffde44">එයා දැන් කොහෙද ඉන්නේ?</font>

419
00:43:39,576 --> 00:43:40,952
<font color="#ffde44">අර උඩ.</font>

420
00:43:41,036 --> 00:43:41,911
<font color="#ffde44">ගොඩක් ඉහළින්.</font>

421
00:43:44,998 --> 00:43:47,459
<font color="#ffde44">ආන් ***** සූ</font>

422
00:43:53,506 --> 00:43:54,966
<font color="#ffde44">ඔයා එයාව අඳුරනවද?</font>

423
00:43:55,550 --> 00:43:57,010
<font color="#ffde44">ඔව්, ඒ ජුන් බොම්.</font>

424
00:44:19,407 --> 00:44:20,700
<font color="#ffde44">මේවා සිරියාවේදී ගත්තු ඒවාද?</font>

425
00:44:22,911 --> 00:44:24,788
<font color="#ffde44">ඒ දෙන්නා සහෝදරයෝ වගේ හිටියේ…</font>

426
00:44:25,705 --> 00:44:27,123
<font color="#ffde44">අර අනතුර වෙන්න කලින්.</font>

427
00:44:28,875 --> 00:44:30,168
<font color="#ffde44">මුළු සරණාගත කඳවුරම</font>

428
00:44:30,710 --> 00:44:32,796
<font color="#ffde44">එදා ගුවන් ප්‍රහාරයෙන්
සම්පූර්ණයෙන්ම විනාශ වුණා.</font>

429
00:44:33,671 --> 00:44:35,340
<font color="#ffde44">සූ හෝ එතනම මියගියා,</font>

430
00:44:35,924 --> 00:44:38,593
<font color="#ffde44">ඒ වගේම ජුන් බොම් යන්තම් බේරුණා.</font>

431
00:44:40,261 --> 00:44:42,180
<font color="#ffde44">සැත්කමකට කොරියාවට ගෙනාවට පස්සේ,</font>

432
00:44:42,263 --> 00:44:43,556
<font color="#ffde44">එයා අතුරුදහන් වුණා.</font>

433
00:44:44,391 --> 00:44:46,851
<font color="#ffde44">බෙක් ජුන් බොම් මොනවා හංගන්නද මේ හදන්නේ?</font>

434
00:44:47,894 --> 00:44:49,813
<font color="#ffde44">මේක පිටිපස්සේ ඉන්නේ එයාමයි කියලා ඔයාට විශ්වාසද?</font>

435
00:44:50,980 --> 00:44:51,898
<font color="#ffde44">ඇයි එයා එහෙම කරන්නේ?</font>

436
00:44:54,234 --> 00:44:56,820
<font color="#ffde44">ඔයා වැදගත් දෙයක් දන්නවා නේද?</font>

437
00:44:57,445 --> 00:44:59,906
<font color="#ffde44">සූ හෝට මැරෙන්න ඕනේ කියලා එයා හැමතිස්සෙම කිව්වා</font>

438
00:44:59,989 --> 00:45:01,324
<font color="#ffde44">එයාගේ පෙම්වතිය එයාව දාලා ගියාට පස්සේ,</font>

439
00:45:01,866 --> 00:45:03,535
<font color="#ffde44">අනික එයා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම පවා ගණන් ගත්තේ නෑ.</font>

440
00:45:04,828 --> 00:45:06,788
<font color="#ffde44">මට පේන විදිහට නම්,
එයා සියදිවි නසාගෙන තියෙන්නේ.</font>

441
00:45:10,792 --> 00:45:13,920
<font color="#ffde44">ඒ වගේම සූ හෝව බේරගන්න ගිහින්
ජුන් බොම්ට තුවාල වුණා.</font>

442
00:45:19,092 --> 00:45:22,387
<font color="#ffde44">යුවර් හෝම්
ප්‍රධාන විධායක නිලධාරී බෙක් ජුන් බොම්</font>

443
00:46:29,329 --> 00:46:31,915
<font color="#ffde44"><i>ලී සූ හෝව තැන්පත් කරලා තියෙන තැන</i>
<i>මම හොයාගත්තා.</i></font>

444
00:46:33,541 --> 00:46:35,210
<font color="#ffde44"><i>ඔයාට තනියම යන්න අමාරු නම්,</i>
<i>මමත් ඔයාත් එක්ක එන්නම්.</i></font>

445
00:47:06,866 --> 00:47:09,202
<font color="#ffde44">අභාවප්‍රාප්ත ලී සූ හෝ
මැයි 7, 1991 ජූනි 14, 2018</font>

446
00:47:19,963 --> 00:47:21,548
<font color="#ffde44"><i>එයා පවුලක් නැති අනාථයෙක්,</i></font>

447
00:47:22,423 --> 00:47:24,092
<font color="#ffde44"><i>ඒ නිසා මම එයාගේ අළු සුසානාගාරයක තැන්පත් කළා.</i></font>

448
00:47:40,567 --> 00:47:41,401
<font color="#ffde44">මම හිතන්නේ</font>

449
00:47:42,527 --> 00:47:44,571
<font color="#ffde44">බෙක් මහත්තයාට ඕනේ වුණේ මම මෙහෙට එනවා දකින්නයි.</font>

450
00:47:49,117 --> 00:47:50,159
<font color="#ffde44">ඇත්තම කියනවා නම්,</font>

451
00:47:50,660 --> 00:47:53,705
<font color="#ffde44">මම දැනගෙන හිටියා සූ හෝ</font>

452
00:47:54,914 --> 00:47:56,082
<font color="#ffde44">තම කැමැත්තෙන්ම ජීවිතේ නැති කරගත්තා කියලා.</font>

453
00:48:07,885 --> 00:48:08,803
<font color="#ffde44"><i>අමතක කරන්න එපා…</i></font>

454
00:48:11,431 --> 00:48:12,473
<font color="#ffde44"><i>ඔයා තමයි…</i></font>

455
00:48:16,144 --> 00:48:17,437
<font color="#ffde44"><i>මාව මැරුවේ කියලා.</i></font>

456
00:48:23,276 --> 00:48:25,278
<font color="#ffde44">මට ඔයාට ඒක කියන්න හිතාගන්න බැරි වුණා</font>

457
00:48:25,361 --> 00:48:26,863
<font color="#ffde44">මොකද ඔයා මෙහෙම කියයි කියලා මම බය වුණා</font>

458
00:48:27,697 --> 00:48:29,616
<font color="#ffde44">මම සු-හෝව පාලනය කරලා එයාටම සියදිවි නසාගන්න සැලැස්සුවා.</font>

459
00:48:30,700 --> 00:48:32,035
<font color="#ffde44">ඔයා මොකක්ද ඒ කිව්වේ?</font>

460
00:48:33,119 --> 00:48:35,413
<font color="#ffde44">ඔයා රහස් පරීක්ෂක ගොංට කියපු දේ මට ඇහුණා.</font>

461
00:48:38,541 --> 00:48:40,918
<font color="#ffde44">එයාට ඕනෙම කෙනෙක්ව පාලනය කරන්න පුළුවන් වගේ,</font>

462
00:48:41,002 --> 00:48:43,421
<font color="#ffde44">ඒ වගේම එයාට උදව් කරන අය දෙන්නෙක් හරි
ඊට වැඩි ගාණක් හරි ඉන්න පුළුවන්.</font>

463
00:48:47,467 --> 00:48:49,427
<font color="#ffde44">මම කියපු අනිත් ටික ඔයාට ඇහිලා නැහැ.</font>

464
00:48:49,510 --> 00:48:52,263
<font color="#ffde44">මම අදහස් කළේ රහස් පරීක්ෂකයින් දේවල් දිහා බලන්නේ
ඒ විදිහට කියලයි.</font>

465
00:48:53,848 --> 00:48:54,807
<font color="#ffde44">ඔයා ඒක වැරදියටයි තේරුම් අරන් තියෙන්නේ.</font>

466
00:48:56,184 --> 00:48:58,186
<font color="#ffde44">මම දැන් ඔයාව සැක කරන්නේ නැහැ.</font>

467
00:48:58,269 --> 00:48:59,228
<font color="#ffde44">මම ඔයාව විශ්වාස කරනවා.</font>

468
00:49:00,813 --> 00:49:03,232
<font color="#ffde44">ඒ නිසයි මම ඔයාට හැමදේම කියන්නේ.</font>

469
00:49:06,361 --> 00:49:10,239
<font color="#ffde44">එයා මැරෙන්න යනවා කියලා දිගටම කියපු නිසා,
මම එයාට මැරෙන්න කිව්වා...</font>

470
00:49:12,408 --> 00:49:13,910
<font color="#ffde44">ඒ වගේම මට කරදර කරන එක නවත්තන්න කිව්වා.</font>

471
00:49:15,411 --> 00:49:16,579
<font color="#ffde44">මම එහෙම නොකියා හිටියා නම්</font>

472
00:49:18,247 --> 00:49:19,832
<font color="#ffde44">අපේ අන්තිම කෝල් එකේදී...</font>

473
00:49:20,375 --> 00:49:21,709
<font color="#ffde44">ඔයාටම දොස් පවරා ගන්න එපා.</font>

474
00:49:24,045 --> 00:49:25,838
<font color="#ffde44">ඒක ඔයාගේ වරදක් නෙවෙයි.</font>

475
00:49:28,174 --> 00:49:30,093
<font color="#ffde44">මම හිතන්නේ එයා ඇයි මේක එව්වේ කියලා මම දන්නවා.</font>

476
00:49:31,469 --> 00:49:36,599
<font color="#ffde44">මිස්ටර් පෙක් සු-හෝගෙ පැත්ත අරන් පළිගන්නවා.</font>

477
00:49:38,518 --> 00:49:40,144
<font color="#ffde44">එයා පුළුවන් හැම විදිහක්ම පාවිච්චි කරනවා</font>

478
00:49:40,978 --> 00:49:42,814
<font color="#ffde44">මට දුක් දෙන්න.</font>

479
00:49:48,236 --> 00:49:49,404
<font color="#ffde44">එයා ඔයාට තෑග්ගක් දීපු නිසා,</font>

480
00:49:51,072 --> 00:49:52,365
<font color="#ffde44">අපිත් එයාට පෙරළා තෑග්ගක් දෙන්න ඕනේ.</font>

481
00:49:58,579 --> 00:50:00,415
<font color="#ffde44">DNA ගැළපීමක්
4549 වාහනය, මිනීමැරුම් තැතක සාක්ෂියක්</font>

482
00:50:00,498 --> 00:50:02,333
<font color="#ffde44">ඒ DNA ම තමයි හොයාගෙන තියෙන්නේ</font>

483
00:50:02,417 --> 00:50:04,377
<font color="#ffde44">4549 වාහනෙන් සහ ඩොක්ටර්ගෙ කෝට් එකෙන්,</font>

484
00:50:04,460 --> 00:50:05,795
<font color="#ffde44">ඒක කිම් සුං-හේ එක්ක ගැළපුණා,</font>

485
00:50:05,878 --> 00:50:08,464
<font color="#ffde44">මරණයට පත්වෙන තරමේ පහරදීමක් නිසා
හිරේ හිටපු 34 හැවිරිදි පුද්ගලයෙක්.</font>

486
00:50:08,548 --> 00:50:10,633
<font color="#ffde44">එයා කලින් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක්</font>

487
00:50:11,217 --> 00:50:13,553
<font color="#ffde44">සිරියාවේ වැඩ කරපු පළපුරුද්දක් එයාට තියෙනවා.</font>

488
00:50:13,636 --> 00:50:16,180
<font color="#ffde44">එයා පෙක් ජුන්-බොම් එක්ක සිරියාවේ හිටියා නේද?</font>

489
00:50:16,264 --> 00:50:18,891
<font color="#ffde44">ඒ කියන්නේ පෙක් ජුන්-බොම් තමයි අණ දෙන්නේ,
කිම් සුං-හේ ඒක පිළිපදිනවා විතරයි.</font>

490
00:50:18,975 --> 00:50:20,685
<font color="#ffde44">ඒත් දැනට තියෙන විදිහට,</font>

491
00:50:20,768 --> 00:50:23,521
<font color="#ffde44">එයා ඔෆිස් බිල්ඩිමට ගිය එක විතරක් මේ කේස් එකට
එයාව සම්බන්ධ කරන්න ප්‍රමාණවත් නැහැ</font>

492
00:50:23,604 --> 00:50:25,523
<font color="#ffde44">සෝදිසි කරලා දේවල් අත්අඩංගුවට ගත්තේ නැත්නම්.</font>

493
00:50:25,606 --> 00:50:26,524
<font color="#ffde44">අපි එයාලව අල්ලගමු.</font>

494
00:50:27,233 --> 00:50:29,944
<font color="#ffde44">කිම් සුං-හේගෙන් පටන් ගන්න.
මිනීමැරීමට තැත් කිරීමක් යටතේ වරෙන්තුවක් නිකුත් කරන්න.</font>

495
00:50:31,154 --> 00:50:32,029
<font color="#ffde44">හරි සර්.</font>

496
00:51:03,561 --> 00:51:04,395
<font color="#ffde44">හලෝ, මිස් හන්.</font>

497
00:51:04,479 --> 00:51:05,730
<font color="#ffde44">මම ඔයාව ප්‍රධාන විධායක නිලධාරිතුමාගේ
ඔෆිස් එකට එක්කන් යන්නම්.</font>

498
00:51:26,834 --> 00:51:28,252
<font color="#ffde44">මිස්ටර් පෙක් ඉක්මනටම ඒවි.</font>

499
00:51:28,336 --> 00:51:30,463
<font color="#ffde44">කරුණාකරලා වාඩි වෙලා ටිකක් ඉන්න.</font>

500
00:51:30,546 --> 00:51:32,006
<font color="#ffde44">හොඳයි.</font>

501
00:51:37,845 --> 00:51:39,096
<font color="#ffde44">යුවර් හෝම්
ප්‍රධාන විධායක නිලධාරී පෙක් ජුන්-බොම්</font>

502
00:51:51,567 --> 00:51:52,485
<font color="#ffde44">මකමින් පවතී...
තේරූ ගොනු: 30</font>

503
00:51:52,568 --> 00:51:53,986
<font color="#ffde44">යුවර් හෝම් ඒකාබද්ධ පාලන මධ්‍යස්ථානය
CCTV පද්ධතිය</font>

504
00:51:54,070 --> 00:51:55,196
<font color="#ffde44">උපදෙස් දුන්න විදිහට,</font>

505
00:51:55,279 --> 00:51:58,032
<font color="#ffde44">අපි සර්ගේ ගමන් මාර්ගය තියෙන
හැම වීඩියෝ එකක්ම මකලා දානවා.</font>

506
00:51:58,115 --> 00:52:00,785
<font color="#ffde44">පාකින් එකේ ඇතුළුවෙන තැන
මෑතකාලීන වීඩියෝත් මකලා දාන්න.</font>

507
00:52:01,369 --> 00:52:02,495
<font color="#ffde44">ඔක්කොමද සර්?</font>

508
00:52:04,372 --> 00:52:05,581
<font color="#ffde44">තේරුණා.</font>

509
00:52:06,999 --> 00:52:10,378
<font color="#ffde44">මකමින් පවතී...
තේරූ ගොනු: 382</font>

510
00:52:16,133 --> 00:52:18,719
<font color="#ffde44">ගේට් එකේ කැමරාවට 4549 අහුවෙන්න ඇති</font>

511
00:52:18,803 --> 00:52:21,347
<font color="#ffde44">ඒක ඔෆිස් බිල්ඩිමට ඇතුළු වුණ සහ
පිටවුණ වෙලාවේ.</font>

512
00:52:22,473 --> 00:52:23,516
<font color="#ffde44">ස්තූතියි
ආයුබෝවන්</font>

513
00:52:29,480 --> 00:52:30,690
<font color="#ffde44">මේක බලන්න සර්.</font>

514
00:52:30,773 --> 00:52:34,235
<font color="#ffde44">මේ සිස්ටම් එකෙන් වාහනවල අංක තහඩු
ඉබේම රෙකෝඩ් කරලා හඳුනා ගන්නවා,</font>

515
00:52:34,318 --> 00:52:36,445
<font color="#ffde44">ඒත් ඒකෙන් වාහනේ ඇතුළේ ඉන්නෙ කවුද කියන එකත් රෙකෝඩ් කරනවා.</font>

516
00:52:37,613 --> 00:52:38,656
<font color="#ffde44">ඒත් ප්‍රශ්නේ කියන්නේ,</font>

517
00:52:38,739 --> 00:52:42,159
<font color="#ffde44">කවුරුවත් මේක වැදගත් කියලා හිතන්නේ නැති නිසා
ආරක්ෂාව ගොඩක් දුර්වලයි.</font>

518
00:52:42,243 --> 00:52:44,287
<font color="#ffde44">එයාලා අපිට ඇතුළට එන්න කියලා ආරාධනා කරනවා වගෙයි.</font>

519
00:52:44,370 --> 00:52:45,830
<font color="#ffde44">දැක්කා නේද? මම දැනටමත් ඇතුළට ගිහින් ඉන්නේ.</font>

520
00:52:45,913 --> 00:52:47,707
<font color="#ffde44">එහෙනම් ෆයිල් ඔක්කොම ගන්න.</font>

521
00:52:47,790 --> 00:52:49,083
<font color="#ffde44">හරි සර්.</font>

522
00:52:50,877 --> 00:52:52,295
<font color="#ffde44">දැන්මම කරනවා.</font>

523
00:52:57,592 --> 00:52:58,426
<font color="#ffde44">මෙම ගොනුව මකා දමා ඇත</font>

524
00:52:58,509 --> 00:52:59,427
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

525
00:52:59,927 --> 00:53:02,722
<font color="#ffde44">මේ කාලකණ්ණි ඒ වෙලාවෙම
ෆයිල් ඔක්කොම මකලා දානවා.</font>

526
00:53:03,806 --> 00:53:06,267
<font color="#ffde44">හොර කාර් එක ගැන අපි දන්නවා කියලා
එයාලට තේරෙන්න ඇති.</font>

527
00:53:07,018 --> 00:53:09,270
<font color="#ffde44">පෙක් ජුන්-බොම් එළියට එන්නේ නැත්තේ
මේ ෆයිල් මකන වැඩේට හිරවෙලා ඉන්න නිසයි.</font>

528
00:53:33,210 --> 00:53:35,129
<font color="#ffde44">හන් සෝල්-ආ</font>

529
00:53:39,634 --> 00:53:41,928
<font color="#ffde44">මට සමාවෙන්න. හදිසි වැඩක් වැටුණා.</font>

530
00:53:42,011 --> 00:53:43,387
<font color="#ffde44">ඔයා ගොඩක් වෙලා බලන් හිටියද?</font>

531
00:53:43,471 --> 00:53:45,306
<font color="#ffde44">නැහැ, මම දැන් ආවේ.</font>

532
00:53:45,806 --> 00:53:46,766
<font color="#ffde44">කරුණාකරලා වාඩි වෙන්න.</font>

533
00:53:51,520 --> 00:53:52,355
<font color="#ffde44">මේ.</font>

534
00:54:03,491 --> 00:54:05,034
<font color="#ffde44">කොරියාවේ ප්‍රමුඛතම කලා වෙන්දේසි ආයතනය වන
රෝයල් වෙන්දේසියට ඔබට සාදරයෙන් ආරාධනා කරනවා</font>

535
00:54:06,911 --> 00:54:07,828
<font color="#ffde44">ආරාධනාවක්?</font>

536
00:54:08,788 --> 00:54:12,583
<font color="#ffde44">මේක අපේ VVIP පාරිභෝගිකයින් සඳහා වන
පෙරදසුන් උත්සවයකට,</font>

537
00:54:12,667 --> 00:54:16,545
<font color="#ffde44">ඒ වගේම මේක ස්ටිලර්ගේ පළමු ප්‍රසිද්ධ ප්‍රදර්ශනයත් වේවි.</font>

538
00:54:17,129 --> 00:54:18,547
<font color="#ffde44">එහෙනම් මම සහභාගි වෙන්න ඕනේ.</font>

539
00:54:18,631 --> 00:54:19,966
<font color="#ffde44">ඒ නිර්මාණය මට ගොඩක් වටිනවා.</font>

540
00:54:22,009 --> 00:54:24,553
<font color="#ffde44">හැමෝම කල්පනා කරකර හිටියේ
ස්ටිලර් අයිති කාටද කියලයි.</font>

541
00:54:26,180 --> 00:54:29,684
<font color="#ffde44">ඔයාගේ අනන්‍යතාවය හෙළි වෙන එකට
ඔයා කැමතිද?</font>

542
00:54:36,440 --> 00:54:37,942
<font color="#ffde44">මම ඒ අභිරහස් ගතියට කැමතියි,</font>

543
00:54:38,025 --> 00:54:39,986
<font color="#ffde44">ඒත් ඔයා නිසා දැන් ඒක ඉවරයි කියලා මම හිතනවා.</font>

544
00:54:42,113 --> 00:54:43,322
<font color="#ffde44">ඒක නෙවෙයි,</font>

545
00:54:44,407 --> 00:54:45,908
<font color="#ffde44"><i>An Orphan from Syria</i> ගැන...</font>

546
00:54:51,580 --> 00:54:54,583
<font color="#ffde44">ඒ නිර්මාණය ඔයාට ගොඩක් වැදගත් බව පැහැදිලියි.</font>

547
00:54:57,128 --> 00:55:00,089
<font color="#ffde44">මම අහන්නද ඔයා ඇයි ඒක මට බාර දුන්නේ කියලා?</font>

548
00:55:10,433 --> 00:55:13,102
<font color="#ffde44">මට ඕන වුණා මම ගැන තව දුරටත් පෙන්නන්න.</font>

549
00:55:15,021 --> 00:55:16,981
<font color="#ffde44">ඒ නිර්මාණය හරියට වෙස්මුහුණක් නැති
ඇත්තම මම වගෙයි.</font>

550
00:55:19,191 --> 00:55:21,777
<font color="#ffde44">ඔයා දන්නවනේ, මම හැදුණේ කිසිම දෙයක් නැතුව,</font>

551
00:55:21,861 --> 00:55:24,280
<font color="#ffde44">යුද කාලෙක අනාථ වුණ ළමයෙක් වගේ.</font>

552
00:55:25,239 --> 00:55:26,240
<font color="#ffde44">ඇත්තම කියනවා නම්,</font>

553
00:55:27,283 --> 00:55:29,076
<font color="#ffde44">තාමත් මට අමුත්තක් දැනෙනවා</font>

554
00:55:30,411 --> 00:55:31,412
<font color="#ffde44">දැන් මම ඉන්න තැන ගැන.</font>

555
00:55:35,458 --> 00:55:37,043
<font color="#ffde44">ඔයාට ඝන වෙස්මුහුණක් ඕනේ</font>

556
00:55:37,543 --> 00:55:40,713
<font color="#ffde44">කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ බොරුවට පෙන්නන්න.</font>

557
00:55:47,762 --> 00:55:48,929
<font color="#ffde44">මෙම ගොනුව මකා දමා ඇත</font>

558
00:55:51,265 --> 00:55:53,059
<font color="#ffde44">මෙම ගොනුව මකා දමා ඇත</font>

559
00:56:00,316 --> 00:56:01,150
<font color="#ffde44">හම්බවුණා.</font>

560
00:56:01,233 --> 00:56:05,279
<font color="#ffde44">මචං, මම ඒක හොයාගත්තේ නූලෙන්.</font>

561
00:56:06,030 --> 00:56:08,574
<font color="#ffde44">තව තත්පර කිහිපයක් ගියා නම්,
මේ ෆයිල් එකත් මැකිලා යනවා.</font>

562
00:56:08,657 --> 00:56:10,159
<font color="#ffde44">මේ පෙක් ජුන්-බොම්.</font>

563
00:56:10,242 --> 00:56:12,286
<font color="#ffde44">එහෙනම් මේක නිසා තමයි එයා හැමදේම මකලා දැම්මේ.</font>

564
00:56:12,369 --> 00:56:14,872
<font color="#ffde44">මේ කාලකණ්ණියා හරිම කපටියි.</font>

565
00:56:14,955 --> 00:56:16,665
<font color="#ffde44">එයා හරිම භයානක මිනිහෙක්.</font>

566
00:56:16,749 --> 00:56:18,375
<font color="#ffde44">මහ කාලකණ්ණියෙක්.</font>

567
00:56:21,921 --> 00:56:23,297
<font color="#ffde44">ඇයි ඔයාට බැරි...</font>

568
00:56:24,924 --> 00:56:27,176
<font color="#ffde44">ඔය වෙස්මුහුණ දැන් ගලවන්න?</font>

569
00:56:32,932 --> 00:56:33,974
<font color="#ffde44">ඔයා ඇත්තටම කවුද?</font>

570
00:56:35,309 --> 00:56:37,061
<font color="#ffde44">ඇයි ඔයා මට කිට්ටු වුණේ</font>

571
00:56:37,144 --> 00:56:39,188
<font color="#ffde44">ඔයා සු-හොව අඳුරනවා නම්?</font>

572
00:57:04,421 --> 00:57:07,133
<font color="#ffde44">ඔයා හිතනවද මම ඔයාට බණිනවා කියලා...</font>

573
00:57:09,218 --> 00:57:10,553
<font color="#ffde44">සු-හෝගෙ මරණෙට?</font>

574
00:57:17,768 --> 00:57:19,019
<font color="#ffde44">නැත්නම් ඔයා හිතනවද...</font>

575
00:57:29,321 --> 00:57:31,198
<font color="#ffde44">මම එයා වෙනුවෙන් පළිගන්නවා කියලා?</font>

576
00:57:41,333 --> 00:57:42,835
<font color="#ffde44">එයා ඉන්නේ අනතුරක.
මොකක්?</font>

577
00:57:43,586 --> 00:57:44,545
<font color="#ffde44">සර්!</font>

578
00:58:04,023 --> 00:58:07,234
<font color="#ffde44">කිම් දොං-ජුන්ගේ සහභාගීත්වයට
විශේෂ ස්තූතිය</font>

579
00:58:30,633 --> 00:58:32,176
<font color="#ffde44"><i>මේක තේරුමක් නෑ.</i></font>

580
00:58:32,259 --> 00:58:34,428
<font color="#ffde44"><i>මේක සු-හෝගෙ පළිගැනීමක් වුණත්,</i></font>

581
00:58:34,511 --> 00:58:36,263
<font color="#ffde44">මේක සීමාව ඉක්මවා ගිහින්.</font>

582
00:58:36,764 --> 00:58:38,766
<font color="#ffde44">මේක මගේ නංගිගේ අනතුරට සමානයි.</font>

583
00:58:38,849 --> 00:58:42,436
<font color="#ffde44"><i>අපරාධකාරයින් එයාලට හුරුපුරුදු උපක්‍රම මත යැපෙනවා වගේම
කලින් සාර්ථක වුණ දේවල් නැවත කරන්න පෙළඹෙනවා.</i></font>

584
00:58:42,519 --> 00:58:45,940
<font color="#ffde44">මගේ ජීවිතේ විනාශ කරපු කෙනා පස්සෙත්
මම පන්නනවා.</font>

585
00:58:46,023 --> 00:58:47,691
<font color="#ffde44"><i>අපි හොයාගමු</i></font>

586
00:58:48,234 --> 00:58:50,819
<font color="#ffde44"><i>හැංගිලා තියෙන ඇත්ත එකතුවෙලා.</i></font>

587
00:58:50,903 --> 00:58:54,448
<font color="#ffde44">ඔයාට ඇත්තටම මට කියන්න
ඕනෙ දෙයක් නැද්ද?</font>

588
00:58:54,907 --> 00:58:57,993
<font color="#ffde44"><i>පෙක් ජුන්-බොම් හංගන්න හැදුවේ මොකක්ද කියලා
දැන් අපිට හොයාගන්න පුළුවන් වෙයි.</i></font>

589
00:58:58,077 --> 00:58:59,161
<font color="#ffde44">මාව අතාරිනවා!</font>

590
00:58:59,245 --> 00:59:01,080
<font color="#ffde44"><i>අන්තිමේදී ඒක මේ තත්ත්වෙට ආවා.</i></font>

591
00:59:02,581 --> 00:59:04,583
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

