1
00:00:25,064 --> 00:00:27,064
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:27,088 --> 00:00:29,088


3
00:00:29,112 --> 00:00:30,197
<b><font color="#b67a07">ඉන් යුවර් රේඩියන්ට් සීසන්</font></b>

4
00:01:35,012 --> 00:01:37,806
<font color="#ffde44">ඒත් මට කැමති වෙන එක</font>

5
00:01:38,849 --> 00:01:40,517
<font color="#ffde44">ලෝභකමක් කියලා ඔයා කියන්නේ ඇයි?</font>

6
00:01:41,101 --> 00:01:42,603
<font color="#ffde44">ඔයා ඉක්මනින්ම ආපහු යන නිසාද?</font>

7
00:01:43,395 --> 00:01:45,439
<font color="#ffde44">දැන් මම ලෝභ වුණත් කමක් නෑ.</font>

8
00:01:47,899 --> 00:01:49,568
<font color="#ffde44">කොහොම වුණත් මට මගේ හැඟීම් නවත්තගන්න බෑ.</font>

9
00:01:52,612 --> 00:01:54,238
<font color="#ffde44">ඒ නිසා මම දිගටම මේ විදියට ඉන්නවා,</font>

10
00:01:54,239 --> 00:01:56,783
<font color="#ffde44">මොකද අපේ කාලය අපතේ යවන්න
මට ඕනෙ නැති නිසා.</font>

11
00:01:59,619 --> 00:02:02,622
<font color="#ffde44">එහෙනම් ආයෙත් ඔයා ලෝභයි කියලා
කියන්න එපා.</font>

12
00:02:03,165 --> 00:02:04,458
<font color="#ffde44">ඔයා ආයෙත් එහෙම කිව්වොත්,</font>

13
00:02:05,375 --> 00:02:06,793
<font color="#ffde44">මම නිකන් ඉන්නේ නෑ.</font>

14
00:02:08,253 --> 00:02:09,629
<font color="#ffde44">එහෙනම් මම පරිස්සම් වෙන්න ඕනේ.</font>

15
00:02:14,468 --> 00:02:16,261
<font color="#ff7e16"><b>8 වැනි කොටස</b></font>

16
00:02:18,138 --> 00:02:20,056
<font color="#ffde44">ඕක දිහා බලන් ඉන්න එක නවත්තන්න.</font>

17
00:02:20,057 --> 00:02:21,850
<font color="#ffde44">හෙට වෙද්දි ඕක පේන්නෙවත් නැති වෙයි.</font>

18
00:02:23,268 --> 00:02:26,062
<font color="#ffde44">ආ. ආච්චිට කතා කරන්න අමතක කරන්න එපා.</font>

19
00:02:26,063 --> 00:02:28,440
<font color="#ffde44">ඔයා ඔහොම ගියාම එයා ගොඩක්
බය වෙලා ඇත්තේ.</font>

20
00:02:29,524 --> 00:02:31,610
<font color="#ffde44">මම කතා කරන්නම්.</font>

21
00:02:34,655 --> 00:02:36,531
<font color="#ffde44">මමත් ඉස්සර හරියට ඔය ඔරලෝසුව වගේ.</font>

22
00:02:37,991 --> 00:02:41,995
<font color="#ffde44">මගේ කාලයත් නැවතිලයි තිබුණේ, ඒත් කෙනෙක්
මගේ කාලය ආයෙත් යන්න සැලැස්සුවා.</font>

23
00:02:42,621 --> 00:02:43,705
<font color="#ffde44">මේ වගේ.</font>

24
00:02:49,252 --> 00:02:53,799
<font color="#ffde44">ඉතින් ඔයාගේ තාත්තා එක්ක ගෙවෙන කාලයත්
ආයෙත් යන්න දුන්නොත් නරකද?</font>

25
00:02:58,428 --> 00:03:00,097
<font color="#ffde44">ගිය දේ ගියා.</font>

26
00:03:00,639 --> 00:03:01,682
<font color="#ffde44">වැදගත් වෙන්නේ</font>

27
00:03:02,766 --> 00:03:04,476
<font color="#ffde44">මෙතැන් ඉඳන් ගෙවෙන කාලයයි.</font>

28
00:03:27,290 --> 00:03:29,583
<font color="#ffde44">එදා එයාගේ පෙම්වතා නැති වුණා.</font>

29
00:03:29,584 --> 00:03:32,670
<font color="#ffde44">එයා බොස්ටන්වල ඉගෙනගන්න ගියා,
ඒත් එයා හදිසියේම නැති වුණා.</font>

30
00:03:32,671 --> 00:03:33,879
<font color="#ffde44">හේයි, රූමි.</font>

31
00:03:33,880 --> 00:03:37,801
<font color="#ffde44">ඒ අනතුරෙන් එයා මැරෙද්දි
මම විතරක් බේරුණ එක...</font>

32
00:03:38,635 --> 00:03:40,220
<font color="#ffde44">ඔයා ඕක එළියට ගත්ත එක හොඳයි.</font>

33
00:03:41,096 --> 00:03:44,515
<font color="#ffde44">මට ඕන වුණේ කාගේ හරි ජීවිතේක
සතුටක් ඇති කරන්නයි.</font>

34
00:03:44,516 --> 00:03:48,061
<font color="#ffde44">එයා මාව ආයෙත් ජීවත් කරවපු කෙනෙක්.</font>

35
00:03:51,898 --> 00:03:53,525
<font color="#ffde44">පාක් මහත්මයා, අපි...</font>

36
00:03:54,276 --> 00:03:56,361
<font color="#ffde44">අනිවාර්යයෙන්ම. මම දන්නවා.</font>

37
00:04:04,786 --> 00:04:06,329
<font color="#ffde44">එයාව පරිස්සමට ගෙදරින් බස්සන්න.</font>

38
00:04:07,873 --> 00:04:10,000
<font color="#ffde44">යමු, ජීනියස්.</font>

39
00:04:30,937 --> 00:04:31,938
<font color="#ffde44">ඇතුළට යන්න.</font>

40
00:04:34,816 --> 00:04:36,025
<font color="#ffde44">බායි.</font>

41
00:04:38,445 --> 00:04:40,613
<font color="#ffde44">ඉස්සරහ බලන්න.</font>

42
00:04:40,614 --> 00:04:42,698
<font color="#ffde44">කන්දෙන් වැටුණොත්
අනතුරක් වෙයි.</font>

43
00:04:48,538 --> 00:04:50,081
<font color="#ffde44">මට දැන් සැනසීමක් දැනෙනවා.</font>

44
00:04:51,249 --> 00:04:52,250
<font color="#ffde44">ඔයා හරි උණුසුම්.</font>

45
00:04:53,126 --> 00:04:54,544
<font color="#ffde44">මේක නිකන්...</font>

46
00:04:55,670 --> 00:04:56,880
<font color="#ffde44">හීනයක් වගේ දැනෙන්නේ.</font>

47
00:04:58,381 --> 00:04:59,800
<font color="#ffde44">මට අදහාගන්නත් බෑ.</font>

48
00:05:09,100 --> 00:05:10,768
<font color="#ffde44">මේක ඇත්තක් කියලා මම ඔප්පු කරලා පෙන්නන්නද?</font>

49
00:05:10,769 --> 00:05:12,144
<font color="#ffde44">එපා, ස්තූතියි.</font>

50
00:05:13,897 --> 00:05:15,732
<font color="#ffde44">මම දැන් යන්නම්. ඇතුළට යන්න.</font>

51
00:05:16,316 --> 00:05:17,359
<font color="#ffde44">පරිස්සමට යන්න.</font>

52
00:05:35,502 --> 00:05:36,545
<font color="#ffde44">ලොකු සහනයක්.</font>

53
00:05:45,762 --> 00:05:48,264
<font color="#ffde44">හරි, හරි.</font>

54
00:05:48,265 --> 00:05:50,475
<font color="#ffde44">ඔයා ආයෙත් බේත් බිව්වේ නැද්ද?</font>

55
00:05:52,060 --> 00:05:55,062
<font color="#ffde44">මම ඔයාට කිව්වා වෙලාවට බේත් බොන්න කියලා.</font>

56
00:05:55,063 --> 00:05:57,690
<font color="#ffde44">අපි මේ සතියේ ඉස්පිරිතාලෙට යමු.</font>

57
00:05:57,691 --> 00:06:01,278
<font color="#ffde44">ඔයාගේ හාට් එකේ රිපෝට්ස්
පර්ස් එකේ දාගන්න</font>

58
00:06:02,153 --> 00:06:05,699
<font color="#ffde44">එතකොට මාත් එක්ක නැති වෙලාවක ඔයාට කලන්තයක්
හැදුණොත් කාට හරි ඒවා බලන්න පුළුවන්නේ.</font>

59
00:06:06,324 --> 00:06:07,325
<font color="#ffde44">අපි යන්න ඕනේ, හරිද?</font>

60
00:06:07,951 --> 00:06:11,287
<font color="#ffde44">මම නිතරම වද දෙන පුතෙක් කියලා හිතාගෙන,</font>

61
00:06:11,288 --> 00:06:13,373
<font color="#ffde44">මාත් එක්ක එන්න.</font>

62
00:06:14,291 --> 00:06:15,624
<font color="#ffde44">හරි.</font>

63
00:06:15,625 --> 00:06:16,751
<font color="#ffde44">ඒ වගේම ඔයා</font>

64
00:06:17,419 --> 00:06:20,130
<font color="#ffde44">මම ඔයාට ඇහුම්කන් දෙන තාත්තා කෙනෙක්
විදියට හිතාගෙන,</font>

65
00:06:20,755 --> 00:06:22,591
<font color="#ffde44">මට ඕනම දෙයක් කියන්න</font>

66
00:06:23,550 --> 00:06:25,926
<font color="#ffde44">වෙන කාටවත් කියන්න අමාරු දේවල්.</font>

67
00:06:25,927 --> 00:06:28,054
<font color="#ffde44">ඔයාට වද දෙන ඕනම දෙයක්
මට කියන්න පුළුවන්.</font>

68
00:06:29,806 --> 00:06:31,725
<font color="#ffde44">මම ඔයාට ආරක්ෂාවක් වෙන්නම්.</font>

69
00:06:34,603 --> 00:06:37,605
<font color="#ffde44">මම සොං මෙනවිය එක්ක තියෙන සම්බන්ධය
හංගන්න හැදුවා නෙවෙයි...</font>

70
00:06:37,606 --> 00:06:39,024
<font color="#ffde44">ඔයා එයාට ගොඩක් කැමතියි නේද?</font>

71
00:06:43,528 --> 00:06:45,155
<font color="#ffde44">ඔව්.
හරි.</font>

72
00:06:45,989 --> 00:06:50,409
<font color="#ffde44">එයාට ආයෙත් සතුටක් දැනෙන්න දෙන්න.</font>

73
00:06:50,410 --> 00:06:55,289
<font color="#ffde44">කෙනෙක් සතුටින් ඉන්නවා දකින්න
හේතුවක් ඕන වෙන්නේ නෑ.</font>

74
00:06:55,290 --> 00:06:58,668
<font color="#ffde44">ඔයා අවංක නම්, ඒ ඇති.</font>

75
00:07:05,925 --> 00:07:07,969
<font color="#ffde44">සොං මෙනවිය,
ජාත්‍යන්තර පාර්සලයක් ඇවිත් තියෙනවා.</font>

76
00:07:13,975 --> 00:07:14,976
<font color="#ffde44">වාව්.</font>

77
00:07:17,020 --> 00:07:19,438
<font color="#ffde44">මගේ ඩිසයින් එකට අදාළ ස්කෙච් සෑම්පල් එක
අන්තිමට ලැබුණා.</font>

78
00:07:19,439 --> 00:07:20,690
<font color="#ffde44">සද්දයක් දාන්න!</font>

79
00:07:23,276 --> 00:07:24,861
<font color="#ffde44">මේ හැමදේම මේ පෑන නිසයි.</font>

80
00:07:35,914 --> 00:07:38,792
<font color="#ffde44">ඒත් මට පෑනයක් යවන්න ඔයාට
හිතුණේ කොහොමද?</font>

81
00:07:41,836 --> 00:07:45,256
<font color="#ffde44">ඔයා හිර වෙලා ඉන්නවා වගේ දැනෙනවා කියලා
කිව්ව එක ගැන මම නිතරම කල්පනා කළා.</font>

82
00:07:48,551 --> 00:07:50,095
<font color="#ffde44">ඉස්සර මටත් එහෙම දැනුණා.</font>

83
00:07:51,262 --> 00:07:54,474
<font color="#ffde44">ඒ කාලේ, මමත් නිතරම ඒ දේම හිතුවා.</font>

84
00:08:00,105 --> 00:08:01,398
<font color="#ffde44">යම් විදියකින්...</font>

85
00:08:02,065 --> 00:08:04,901
<font color="#ffde44">හුස්ම ගන්න පොඩි ඉඩක් හරි තිබුණා නම්,
මට ජීවත් වෙන්න තිබුණා කියලා.</font>

86
00:08:06,569 --> 00:08:07,570
<font color="#ffde44">ඒත්...</font>

87
00:08:08,071 --> 00:08:11,074
<font color="#ffde44">මට ඒ අවස්ථාව කවදාවත් ලැබුණේ නෑ.</font>

88
00:08:12,450 --> 00:08:14,326
<font color="#ffde44">මට ඕන වුණා</font>

89
00:08:14,327 --> 00:08:16,496
<font color="#ffde44">ඒ පෑන ඔයාට ඒ අවස්ථාව වෙනවා දකින්න.</font>

90
00:08:19,040 --> 00:08:21,459
<font color="#ffde44">චැන් මාව ගොඩක් හොඳට තේරුම් ගන්නවා...</font>

91
00:08:23,336 --> 00:08:25,672
<font color="#ffde44">සමාවෙන්න, මම කියවගෙන කියවගෙන ගියා.</font>

92
00:08:26,881 --> 00:08:28,091
<font color="#ffde44">මම දැන් යන්න ඕනේ.</font>

93
00:08:39,060 --> 00:08:40,854
<font color="#ffde44">අද හොඳට වැඩ කළා.
ඔයත්.</font>

94
00:08:41,938 --> 00:08:44,314
<font color="#ffde44">මම මුලින්ම කොරියාවට යනවා.
හරි.</font>

95
00:08:54,242 --> 00:08:57,453
<font color="#ffde44">අවුරුදු හතක් පාවිච්චි කරපු පෑන
නැති වුණ නිසා වෙන්න ඇති,</font>

96
00:08:57,454 --> 00:09:00,081
<font color="#ffde44">ඒත් මට මේ දවස් දෙකේ කිසිම දෙයක්
ස්කෙච් කරන්න බැරි වුණා.</font>

97
00:09:01,041 --> 00:09:03,792
<font color="#ffde44">ඔව්, අවුරුදු හතකට කලින්. ජූලි මුල.</font>

98
00:09:03,793 --> 00:09:06,045
<font color="#ffde44">කොටලා තියෙන නම හරන්.</font>

99
00:09:06,046 --> 00:09:07,337
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

100
00:09:07,338 --> 00:09:11,509
<font color="#ffde44">ආ, ඔව්. අපි ගාව මොඩල් නමයි
කොටපු ඩිසයින් එකයි ෆයිල් එකේ තියෙනවා.</font>

101
00:09:23,354 --> 00:09:24,939
<font color="#ffde44">ගිය දේ ගියා.</font>

102
00:09:26,024 --> 00:09:27,400
<font color="#ffde44">වැදගත් වෙන්නේ...</font>

103
00:09:33,198 --> 00:09:35,158
<font color="#ffde44">මෙතැන් ඉඳන් ගෙවෙන කාලයයි.</font>

104
00:09:41,206 --> 00:09:43,124
<font color="#ffde44">ඔබේ දීප්තිමත් සමයේ</font>

105
00:09:45,543 --> 00:09:46,710
<font color="#ffde44">ආච්චි.</font>

106
00:09:47,962 --> 00:09:50,047
<font color="#ffde44">ඔයා කොහෙද ගියේ?</font>

107
00:09:50,048 --> 00:09:51,799
<font color="#ffde44">මම රැස්වීමක හිටියේ.</font>

108
00:09:51,800 --> 00:09:53,258
<font color="#ffde44">අපේ රාත්‍රී කෑම ඉවර වෙන්න පරක්කු වුණා.</font>

109
00:09:53,259 --> 00:09:54,886
<font color="#ffde44">මේ වගේ ඇඳගෙන රැස්වීමකට?</font>

110
00:09:55,720 --> 00:09:57,221
<font color="#ffde44">මේ මොකක්ද...</font>

111
00:09:57,222 --> 00:09:58,264
<font color="#ffde44">මම කරන්නම්.</font>

112
00:09:58,807 --> 00:10:00,517
<font color="#ffde44">මට මහන්සියි. මම නිදාගන්න යනවා.</font>

113
00:10:01,893 --> 00:10:03,477
<font color="#ffde44">ආච්චි, ඔයා සොංසු ගියාද...</font>

114
00:10:03,478 --> 00:10:05,896
<font color="#ffde44">මට සමාවෙන්න, ඒත් දැනට මේක අමතක කරන්න.</font>

115
00:10:05,897 --> 00:10:07,023
<font color="#ffde44">කරුණාකරලා.</font>

116
00:10:08,817 --> 00:10:09,859
<font color="#ffde44">මොකක්?</font>

117
00:10:10,902 --> 00:10:12,194
<font color="#ffde44">මම නිකන්...</font>

118
00:10:12,195 --> 00:10:15,781
<font color="#ffde44">හිතුවේ අපි මේ ටිකේ වැඩිය
කතා කළේ නෑ කියලා.</font>

119
00:10:15,782 --> 00:10:18,159
<font color="#ffde44">මොකුත් ප්‍රශ්නයක් නෑ නේද?</font>

120
00:10:18,785 --> 00:10:21,662
<font color="#ffde44">තියෙන එකම ප්‍රශ්නය මට නිදිමත වෙලාවට
ඔයා ප්‍රශ්න අහන එකයි.</font>

121
00:10:21,663 --> 00:10:23,206
<font color="#ffde44">නිදාගන්න යන්න.</font>

122
00:10:23,873 --> 00:10:26,126
<font color="#ffde44">හරි. සුබ රාත්‍රියක්.</font>

123
00:10:32,507 --> 00:10:33,925
<font color="#ffde44">ඇයි එයාගේ සපත්තු ඒ විදියට?</font>

124
00:10:35,885 --> 00:10:37,428
<font color="#ffde44">ඒක නම් රැස්වීමක් වෙන්න බෑ.</font>

125
00:10:40,056 --> 00:10:41,558
<font color="#ffde44">එයා කොහෙද මේ ගියේ?</font>

126
00:10:54,320 --> 00:10:57,407
<font color="#ffde44">පරීක්ෂණය</font>

127
00:11:17,802 --> 00:11:19,262
<font color="#ffde44">දොර වැහෙනවා.</font>

128
00:11:20,013 --> 00:11:22,014
<font color="#ffde44">මටත් නගින්න දෙන්න!</font>

129
00:11:22,015 --> 00:11:23,515
<font color="#ffde44">ස්තූතියි.</font>

130
00:11:34,235 --> 00:11:35,444
<font color="#ffde44">ඒ මොකක්ද?</font>

131
00:11:35,445 --> 00:11:38,363
<font color="#ffde44">එයා හරියට පිළිවෙළට ඉන්න කෙනෙක්,
ඒත් අද කොණ්ඩෙත් අවුල් වෙලා?</font>

132
00:11:38,364 --> 00:11:40,700
<font color="#ffde44">හරි, මම බලලා ඊමේල් කරන්නම්.</font>

133
00:11:47,790 --> 00:11:50,668
<font color="#ffde44">එයා පරක්කුත් වෙලා කොණ්ඩෙත් අවුල් වෙලා? යොන් මහත්මයා?</font>

134
00:11:51,836 --> 00:11:54,379
<font color="#ffde44">මේ මොකද වෙන්නේ?
ඒක එයාට ගැළපෙන්නෙම නෑ.</font>

135
00:11:54,465 --> 00:11:57,090
<font color="#ffde44">බලන්න. මේක පිස්සුවක් නේද?</font>

136
00:11:57,091 --> 00:11:58,759
<font color="#ffde44">මේක නම් පිස්සුවක්.
මේක ඇත්තක්ද?</font>

137
00:11:58,760 --> 00:12:00,302
<font color="#ffde44">සොරි! ඔයාලා මොනවද කරන්නේ?</font>

138
00:12:00,303 --> 00:12:03,055
<font color="#ffde44">හයොං! ස්‍යුන්ග්යු දුර්ලභ ෆොටෝ එකක් ගත්තා.</font>

139
00:12:03,056 --> 00:12:04,431
<font color="#ffde44">මොන ෆොටෝ එකද?</font>

140
00:12:04,432 --> 00:12:07,434
<font color="#ffde44">මම මගේ ට්‍රෙන්ඩ් රිසර්ච් එක අතරතුර ගත්ත
ෆොටෝස් වෙන් කර කර හිටියේ...</font>

141
00:12:07,435 --> 00:12:09,478
<font color="#ffde44">මම පුදුම වුණා.</font>

142
00:12:09,479 --> 00:12:11,773
<font color="#ffde44">අර නිතරම සැරෙන් ඉන්න යොන් මහත්මයා යාළු වෙලාද?</font>

143
00:12:12,482 --> 00:12:16,026
<font color="#ffde44">මේක පිස්සුවක්!</font>

144
00:12:16,027 --> 00:12:18,654
<font color="#ffde44">ඒත් එයාලා දෙන්නා එකට ලස්සනයි.</font>

145
00:12:18,655 --> 00:12:19,738
<font color="#ffde44">ඔව්.</font>

146
00:12:21,658 --> 00:12:22,742
<font color="#ffde44">කොච්චර ලැජ්ජා නැද්ද.</font>

147
00:12:23,451 --> 00:12:25,410
<font color="#ffde44">පරක්කු වෙලා ඇවිල්ලත් ඇයි එයා මෙච්චර සද්ද කරන්නේ?</font>

148
00:12:25,411 --> 00:12:27,622
<font color="#ffde44">හේයි, බලන්න.</font>

149
00:12:30,917 --> 00:12:32,669
<font color="#ffde44">එයා තමයි ලා මෝඩ් ඉක්ලාට් එකේ ප්‍රධානියා,</font>

150
00:12:33,253 --> 00:12:35,963
<font color="#ffde44">අර ඉන්නේ සම-ප්‍රධානියයි එයාගේ මහත්තයයි.</font>

151
00:12:35,964 --> 00:12:38,173
<font color="#ffde44">ඔහ්, දෙයියනේ.</font>

152
00:12:38,174 --> 00:12:40,884
<font color="#ffde44">ස්‍යුන්ග්යු! එයාලා බිස්නස් මීටින් එකක් කරකර
ඉඳලා තියෙන්නේ.</font>

153
00:12:40,885 --> 00:12:44,513
<font color="#ffde44">එහෙනම් ඒ හිටියේ ලා මෝඩ් ඉක්ලාට් එකේ ප්‍රධානීන්.</font>

154
00:12:46,557 --> 00:12:49,143
<font color="#ffde44">ඒකට සමාවෙන්න.</font>

155
00:12:51,271 --> 00:12:53,563
<font color="#ffde44">අනේ මන්දා. ඇයි එයා එකපාරටම විසිල් ගහන්නේ?</font>

156
00:12:53,564 --> 00:12:55,190
<font color="#ffde44">එයාගේ කිසිම සීමාවක් නෑ.</font>

157
00:12:56,859 --> 00:12:57,860
<font color="#ffde44">එයා හරි.</font>

158
00:12:58,528 --> 00:12:59,821
<font color="#ffde44">මට ඇයි මේ තරම් සහනයක් දැනෙන්නේ?</font>

159
00:13:00,780 --> 00:13:02,072
<font color="#ffde44">ඒත් මට හිතෙන්නේ යොන් මහත්මයා</font>

160
00:13:02,073 --> 00:13:04,700
<font color="#ffde44">එයා යාළු වෙලා ඉන්න වෙලාවටත් අර
සාමාන්‍ය විදියටම ඉඳියිද කියලයි.</font>

161
00:13:04,701 --> 00:13:07,077
<font color="#ffde44">වෙන්න බෑ. මට විශ්වාසයි එයා වෙනස් වෙයි.</font>

162
00:13:07,078 --> 00:13:11,791
<font color="#ffde44">එයා කැමති ගෑනු ළමයාට එයා ගොඩක්
ආදරෙන් සලකනවා ඇති.</font>

163
00:13:12,375 --> 00:13:14,418
<font color="#ffde44">ආදරෙන්?</font>

164
00:13:22,510 --> 00:13:23,593
<font color="#ffde44">ඔයාගේ අත.</font>

165
00:13:23,594 --> 00:13:25,555
<font color="#ffde44">හීල්ස් දාලා ඉන්න නිසා ඔයා ලිස්සලා
වැටෙන්න පුළුවන්.</font>

166
00:13:28,725 --> 00:13:32,394
<font color="#ffde44">මේක වුණේ මගේ යාළුවෙකුට,</font>

167
00:13:32,395 --> 00:13:33,562
<font color="#ffde44">ආ...</font>

168
00:13:33,563 --> 00:13:35,897
<font color="#ffde44">ඒත් මේ කොල්ලා</font>

169
00:13:35,898 --> 00:13:40,068
<font color="#ffde44">එයා ලිස්සනවාට ඒ පස්වල තිබුණ වේළුණු කොළ
එයාගේ අතින්ම අයින් කළා.</font>

170
00:13:40,069 --> 00:13:41,778
<font color="#ffde44">ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ?</font>

171
00:13:41,779 --> 00:13:42,947
<font color="#ffde44">එයාගේ අතින්ම?</font>

172
00:13:43,531 --> 00:13:44,614
<font color="#ffde44">ඒ ආදරය.</font>

173
00:13:44,615 --> 00:13:45,783
<font color="#ffde44">ආදරය?</font>

174
00:13:46,701 --> 00:13:49,995
<font color="#ffde44">එතකොට ඒ ගෑනු ළමයා ඇඬුවොත්,</font>

175
00:13:49,996 --> 00:13:53,331
<font color="#ffde44">එයා දිහා අනුකම්පාවෙන් බලලා එයාගේ
අතින්ම කඳුළු පිහදානවා නම්,</font>

176
00:13:53,332 --> 00:13:55,208
<font color="#ffde44">ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?</font>

177
00:13:56,919 --> 00:13:58,003
<font color="#ffde44">ආදරය.</font>

178
00:13:58,004 --> 00:13:59,921
<font color="#ffde44">එයා මට ආදරෙයිද?</font>

179
00:13:59,922 --> 00:14:02,632
<font color="#ffde44">ඒ වගේම ඔයා එයාගේ හැම දෙයක් ගැනම
මේ තරම් හිතනවා කියන්නේ</font>

180
00:14:02,633 --> 00:14:04,593
<font color="#ffde44">ඔයත් එයාට කැමතියි කියන එකයි.</font>

181
00:14:04,594 --> 00:14:06,636
<font color="#ffde44">නෑ, මේ මම ගැන නෙවෙයි.</font>

182
00:14:06,637 --> 00:14:07,929
<font color="#ffde44">මගේ යාළුවෙක් ගැන.</font>

183
00:14:07,930 --> 00:14:09,389
<font color="#ffde44">ඒ ඔයා ගැන කියලා පැහැදිලියි.</font>

184
00:14:09,390 --> 00:14:12,142
<font color="#ffde44">ඉස්කෝලේ ගෙට් එකකදි මගේ යාළුවා මට කිව්වේ.</font>

185
00:14:12,143 --> 00:14:13,226
<font color="#ffde44">බොරුකාරි.</font>

186
00:14:13,227 --> 00:14:14,270
<font color="#ffde44">සොං හයොං මෙනවිය.</font>

187
00:14:16,064 --> 00:14:18,065
<font color="#ffde44">ඔයා කිව්ව අලුත් මැටීරියල් එක ගැන...
ආ.</font>

188
00:14:18,066 --> 00:14:20,151
<font color="#ffde44">ආ... ම්ම්...</font>

189
00:14:23,529 --> 00:14:24,863
<font color="#ffde44">හලෝ?</font>

190
00:14:24,864 --> 00:14:26,531
<font color="#ffde44">ඔව්, හලෝ.</font>

191
00:14:26,532 --> 00:14:29,076
<font color="#ffde44">මට හදිසි කෝල් එකක් ආවා.</font>

192
00:14:29,077 --> 00:14:30,619
<font color="#ffde44">ඔයා දැන් කාර්යබහුලද?</font>

193
00:14:30,620 --> 00:14:31,621
<font color="#ffde44">මාත් කාර්යබහුලයි.</font>

194
00:14:38,044 --> 00:14:39,962
<font color="#ffde44">මේක එයාට දෙද්දි මම මොනවා කියන්නද?</font>

195
00:14:48,387 --> 00:14:49,472
<font color="#ffde44">ම්ම්?</font>

196
00:14:53,768 --> 00:14:56,229
<font color="#ffde44">හේයි, ඔයා හවස එනවා කිව්වා නේද.</font>

197
00:14:56,896 --> 00:14:58,271
<font color="#ffde44">මම මෙහේ කෙනෙක්ව හම්බවෙනවා.</font>

198
00:14:58,272 --> 00:14:59,898
<font color="#ffde44">දෙයියනේ.</font>

199
00:14:59,899 --> 00:15:01,191
<font color="#ffde44">මාත් එක්කද?</font>

200
00:15:02,735 --> 00:15:04,319
<font color="#ffde44">එයා හමුවෙන්නේ මාව!</font>

201
00:15:04,320 --> 00:15:07,572
<font color="#ffde44">ම්ම්?
මොකක්? මේක හරිම හදිසියිනේ.</font>

202
00:15:07,573 --> 00:15:10,075
<font color="#ffde44">හදිසි වැඩක් වැටිලා, ඒ නිසා එයා
අද මුන්ග්යොන්ග් වලට ආපහු යනවා.</font>

203
00:15:10,076 --> 00:15:12,495
<font color="#ffde44">වාව්. ඔයාලා මාව නැතුව හම්බවෙන්නද හැදුවේ?</font>

204
00:15:12,995 --> 00:15:14,913
<font color="#ffde44">ඔයාලා නිතරම මාව මඟහරිනවා.
ඔව්.</font>

205
00:15:16,958 --> 00:15:18,708
<font color="#ffde44">එයාට දුක හිතිලා.</font>

206
00:15:18,709 --> 00:15:20,169
<font color="#ffde44">මේ තැන ලස්සනයි.</font>

207
00:15:25,550 --> 00:15:26,759
<font color="#ffde44">වාව්.</font>

208
00:15:27,468 --> 00:15:30,179
<font color="#ffde44">මේක කුඩු වෙලා, ඉරි තලලා.</font>

209
00:15:31,597 --> 00:15:34,183
<font color="#ffde44">ඒ වගේම කෑලි වගයක් අඩුයි වගෙත් පේනවා. ම්ම්?</font>

210
00:15:35,768 --> 00:15:36,769
<font color="#ffde44">මේක හදන්න ගොඩක් අමාරු වෙයිද?</font>

211
00:15:43,234 --> 00:15:45,110
<font color="#ffde44">මට මේක හදන්න පුළුවන්.</font>

212
00:15:47,113 --> 00:15:48,488
<font color="#ffde44">මේකට ටික කාලයක් යයි,</font>

213
00:15:48,489 --> 00:15:51,908
<font color="#ffde44">ඒත් අපි උත්සාහය අතහැරියෙ නැත්නම්,
කොහොම හරි මේක හදන්න පුළුවන්.</font>

214
00:15:53,244 --> 00:15:55,287
<font color="#ffde44">ඒක කලින් තිබුණ එකට වඩා වෙනස් වෙයි,</font>

215
00:15:55,288 --> 00:15:57,664
<font color="#ffde44">ඒත් අපි මේක තවත් ශක්තිමත් කරනවා
කියලා හිතමු.</font>

216
00:15:57,665 --> 00:15:59,624
<font color="#ffde44">ගොඩක් ස්තූතියි.</font>

217
00:15:59,625 --> 00:16:01,585
<font color="#ffde44">මෙන්න ඔයාගේ කෝපි එක.</font>

218
00:16:03,087 --> 00:16:06,048
<font color="#ffde44">මගේ මුනුපුරා ඔයාට ගොඩක් කරදර කරනවා ඇති.</font>

219
00:16:06,757 --> 00:16:09,634
<font color="#ffde44">එයා ඔයාව කේන්තිස්සන මොනවා හරි කළොත්,</font>

220
00:16:09,635 --> 00:16:13,138
<font color="#ffde44">ඔයාට පුළුවන් එයාගේ පිටට පාරක් ගහලා
එයාව එළියට දාන්න.</font>

221
00:16:13,139 --> 00:16:14,598
<font color="#ffde44">ඇත්තද?</font>

222
00:16:14,599 --> 00:16:18,352
<font color="#ffde44">මේ ටිකේ එයා මට කොච්චර වද දෙනවද කිව්වොත්
මමත් ඒ ගැන තමයි හිත හිත හිටියේ.</font>

223
00:16:19,061 --> 00:16:21,396
<font color="#ffde44">මම ඒක මතක තියාගන්නම්.</font>

224
00:16:22,565 --> 00:16:24,774
<font color="#ffde44">නවත්තන්න.</font>

225
00:16:24,775 --> 00:16:28,486
<font color="#ffde44">ඔයාට ගේ ගැන දැනගන්නත් ආස ඇති.
වැඩේ ඉවර වුණාම බලන්න පුළුවන්.</font>

226
00:16:28,487 --> 00:16:31,823
<font color="#ffde44">නෑ, ඒක ඔයාලගේ පෞද්ගලික තැනක්.
මම එහෙම කරන එක...</font>

227
00:16:31,824 --> 00:16:34,159
<font color="#ffde44">කමක් නෑ. මේක චැන්ගෙත් ගේ නේ.</font>

228
00:16:34,160 --> 00:16:35,369
<font color="#ffde44">පස්සේ මෙයාට ගේ පෙන්නන්න.</font>

229
00:16:36,621 --> 00:16:41,459
<font color="#ffde44">ඔයා මේ වගේ හොඳ කෙනෙක් එක්ක ඉන්නවා දකිනකොට
මටත් ලොකු සැනසීමක් දැනෙනවා.</font>

230
00:16:43,502 --> 00:16:45,503
<font color="#ffde44">එයාට හොඳින් සලකන්න, හරිද?</font>

231
00:16:45,504 --> 00:16:46,547
<font color="#ffde44">මම එහෙම කරන්නම්.</font>

232
00:16:48,299 --> 00:16:50,927
<font color="#ffde44">වාව්.</font>

233
00:16:58,643 --> 00:17:02,271
<font color="#ffde44">ඉතින් ඔයාගේ තාත්තා එක්ක ගෙවෙන කාලයත්
ආයෙත් යන්න දුන්නොත් නරකද?</font>

234
00:17:08,361 --> 00:17:09,362
<font color="#ffde44">චැන්.</font>

235
00:17:11,781 --> 00:17:13,324
<font color="#ffde44">මුකුත් නෑ. කමක් නෑ.</font>

236
00:17:14,075 --> 00:17:16,911
<font color="#ffde44">ඒක මුකුත් නෑ.</font>

237
00:17:20,289 --> 00:17:22,333
<font color="#ffde44">ඔයා ආයෙත් කවදද එන්නේ?</font>

238
00:17:23,209 --> 00:17:25,335
<font color="#ffde44">අර කොල්ලා මට යන්න කියලා කියන්න ආවෙවත් නෑ.</font>

239
00:17:25,336 --> 00:17:26,503
<font color="#ffde44">මම ඌට පාරක් දෙන්න ඕනේ.</font>

240
00:17:26,504 --> 00:17:27,713
<font color="#ffde44">ආච්චි.</font>

241
00:17:28,589 --> 00:17:30,132
<font color="#ffde44">යන ගමන් මාව බස්සන්න පුළුවන්ද?</font>

242
00:17:31,634 --> 00:17:32,718
<font color="#ffde44">කොහෙද?</font>

243
00:17:33,302 --> 00:17:34,386
<font color="#ffde44">ඩේජොන්.</font>

244
00:17:37,807 --> 00:17:39,850
<font color="#ffde44">මම එහේ ගිහින් මොනවා කරයිද දන්නේ නෑ,</font>

245
00:17:40,601 --> 00:17:42,979
<font color="#ffde44">ඒත් මම හිතන්නේ</font>

246
00:17:44,939 --> 00:17:45,940
<font color="#ffde44">අඩුම තරමේ මේකවත් එයාට ආපහු දෙන්න ඕනේ කියලා.</font>

247
00:17:57,535 --> 00:17:59,202
<font color="#ffde44">ම්ම්.</font>

248
00:17:59,203 --> 00:18:01,330
<font color="#ffde44">මම මේ සති අන්තේ යුග්යොම්ව දැක්කා.</font>

249
00:18:05,376 --> 00:18:07,086
<font color="#ffde44">එයා යාළුවොත් එක්ක කැරෝකේ යන ගමන් හිටියේ.</font>

250
00:18:07,587 --> 00:18:09,380
<font color="#ffde44">ඔයා මේ දවස්වල හොඳට සතුටින් ඉන්නවා වගේ?</font>

251
00:18:10,923 --> 00:18:12,757
<font color="#ffde44">ඔයාට කැරෝකේ එකේදි විනෝද වෙන්න පුළුවන් වුණාද?</font>

252
00:18:17,597 --> 00:18:19,599
<font color="#ffde44">මොකක්? මම...</font>

253
00:18:20,266 --> 00:18:22,143
<font color="#ffde44">ඔව්, මම සතුටින් හිටියා.</font>

254
00:18:22,977 --> 00:18:25,563
<font color="#ffde44">ඔයත් සතුටින් ඉන්නවා වගේ පේන්න තිබුණා.</font>

255
00:18:26,272 --> 00:18:27,355
<font color="#ffde44">ඔයා සෝක්හ්යොන්ට හාට් එකක් තියෙන
බීම එකක් දුන්නා.</font>

256
00:18:27,356 --> 00:18:28,500
<font color="#ffde44">මොකක්?</font>

257
00:18:28,566 --> 00:18:29,567
<font color="#ffde44">ඔයා ඒක දැක්කා නේද.</font>

258
00:18:29,984 --> 00:18:31,443
<font color="#ffde44">ඔව්, මම මේ දවස්වල සතුටින් ඉන්නේ.</font>

259
00:18:31,444 --> 00:18:33,486
<font color="#ffde44">ඒක අහන්නත් ගොඩක් සතුටුයි.</font>

260
00:18:33,487 --> 00:18:35,990
<font color="#ffde44">ඔව්, ඉතින් අපි දෙන්නම සතුටින් ජීවත් වෙමු.</font>

261
00:18:42,830 --> 00:18:45,583
<font color="#ffde44">රසායනික සහ ජීව විද්‍යා ඉංජිනේරු විද්‍යාව
මහාචාර්ය සන්වූ සොක්</font>

262
00:19:03,059 --> 00:19:04,101
<font color="#ffde44">මම උදව්වක් කරන්නද?</font>

263
00:19:05,519 --> 00:19:08,104
<font color="#ffde44">ආ, මම ආවේ මහාචාර්ය සන්වූව හමුවෙන්න.</font>

264
00:19:08,105 --> 00:19:09,522
<font color="#ffde44">ආහ්.</font>

265
00:19:09,523 --> 00:19:11,191
<font color="#ffde44">එයා සභාපතිතුමාගේ කාර්යාලයට ගියා.</font>

266
00:19:11,192 --> 00:19:13,694
<font color="#ffde44">මම දැනගන්නද මොන කාරණාවකටද ආවේ කියලා?</font>

267
00:19:16,113 --> 00:19:17,448
<font color="#ffde44">අපි පවුලේ අය.</font>

268
00:19:18,407 --> 00:19:20,701
<font color="#ffde44">එයා මෙහේ නැත්නම්...
එයා ඉක්මනටම එයි.</font>

269
00:19:21,118 --> 00:19:22,328
<font color="#ffde44">ඔයා ඇතුළට වෙලා ඉන්නවද?</font>

270
00:19:22,620 --> 00:19:24,120
<font color="#ffde44">ආ...</font>

271
00:19:45,559 --> 00:19:47,560
<font color="#ffde44">එයාට ටිකක් වෙලා යනවා.</font>

272
00:19:47,561 --> 00:19:48,729
<font color="#ffde44">මම එයාට කතා කරලා බලන්නද?</font>

273
00:19:50,189 --> 00:19:52,233
<font color="#ffde44">එපා, මම යන්නම්.</font>

274
00:19:52,900 --> 00:19:56,570
<font color="#ffde44">මේක මෙතනින් තියලා ගියාට
කමක් නැද්ද?</font>

275
00:19:57,113 --> 00:19:58,239
<font color="#ffde44">පුළුවන්, තියන්න.</font>

276
00:20:08,708 --> 00:20:11,585
<font color="#ffde44">කොරියානු විද්‍යා විශ්වවිද්‍යාලය</font>

277
00:20:14,338 --> 00:20:16,172
<font color="#ffde44">මම මේක තියාගන්නම්, තාත්තේ.</font>

278
00:20:44,452 --> 00:20:46,202
<font color="#ffde44">ඔයා තව කොච්චර කල් මේ දේම කරනවද?</font>

279
00:20:46,203 --> 00:20:48,873
<font color="#ffde44">ඔයාව නවත්වන්න
මම තව මොනවද කරන්න ඕනේ?</font>

280
00:21:33,876 --> 00:21:35,461
<font color="#ffde44">සමාවෙන්න, ඔයා කිව්වා පවුලේ කෙනෙක් කියලා.</font>

281
00:21:36,045 --> 00:21:39,882
<font color="#ffde44">ඔයා ඇමරිකාවේ ඇනිමේටර් කෙනෙක් විදිහට
වැඩ කරන එයාගේ පුතාද?</font>

282
00:21:40,382 --> 00:21:41,383
<font color="#ffde44">ඔයා නේද?</font>

283
00:21:41,967 --> 00:21:44,011
<font color="#ffde44">මහාචාර්ය සන්වූගෙන් මම ඔයා ගැන
ගොඩක් දේවල් අහලා තියෙනවා.</font>

284
00:21:44,512 --> 00:21:47,055
<font color="#ffde44">මොනවා හරි චිත්‍රපටයක් ආවම
එයා ඉක්මනට ඒක බලන්න යනවා.</font>

285
00:21:47,056 --> 00:21:49,475
<font color="#ffde44">එයා එයාගේ ශිෂ්‍යයන්ටත් ටිකට් අරන් දෙනවා.</font>

286
00:22:05,574 --> 00:22:07,075
<font color="#ffde44">මම දෙයක් අහන්නද, මහත්මයා?</font>

287
00:22:07,076 --> 00:22:09,787
<font color="#ffde44">මේ ළඟ ජනප්‍රිය බේකරියක් තියෙනවා කියලා මට ඇහුණා.</font>

288
00:22:10,287 --> 00:22:11,497
<font color="#ffde44">ඒක තියෙන්නේ කොහෙද කියලා දන්නවද?</font>

289
00:22:13,082 --> 00:22:14,791
<font color="#ffde44">මොකක්?</font>

290
00:22:14,792 --> 00:22:16,417
<font color="#ffde44">මම මෙහෙට ආවේ පාන් ගන්න.</font>

291
00:22:16,418 --> 00:22:19,088
<font color="#ffde44">මෙහේ ගොඩක් ප්‍රසිද්ධ
බේකරියක් තියෙනවා කියලා මට ඇහුණා.</font>

292
00:22:21,257 --> 00:22:23,676
<font color="#ffde44">ඔයාට බොරු කියන්නත් බෑනේ.</font>

293
00:22:24,301 --> 00:22:26,928
<font color="#ffde44">ආයෙත් මොනවා හරි වෙයි කියලා
ඔයා බය වුණාද?</font>

294
00:22:26,929 --> 00:22:28,346
<font color="#ffde44">ඉතින්...</font>

295
00:22:28,347 --> 00:22:30,640
<font color="#ffde44">මම ආවේ ඩේජොන්වල ෆැෂන් ට්‍රෙන්ඩ්ස්
කොහොමද කියලත් බලන්න.</font>

296
00:22:30,641 --> 00:22:31,724
<font color="#ffde44">වාව්.</font>

297
00:22:31,725 --> 00:22:33,978
<font color="#ffde44">මෙහේ හැමෝම මාර ෆැෂන් කරන්නේ.</font>

298
00:22:36,230 --> 00:22:39,732
<font color="#ffde44">ඒ වගේම මම හිතුවා මොනවා හරි දෙයක් වුණොත්,</font>

299
00:22:39,733 --> 00:22:41,609
<font color="#ffde44">මට ඔයාව බදාගන්න පුළුවන් වෙයි කියලා.</font>

300
00:22:41,610 --> 00:22:43,946
<font color="#ffde44">ඔයාගේ හැටි විතරක්.</font>

301
00:22:44,864 --> 00:22:48,117
<font color="#ffde44">ග්යොංජුවලට යනකොට,
එයාර්පෝට් එකේදී, ඊටපස්සේ දැන් ඩේජොන්වලදී...</font>

302
00:22:48,868 --> 00:22:51,245
<font color="#ffde44">ඔයා මේ විදිහට මාව පුදුම කරනවා.</font>

303
00:22:51,954 --> 00:22:53,914
<font color="#ffde44">ඔයා නිසා මගේ බලාපොරොත්තු වැඩිවෙයි.</font>

304
00:22:55,708 --> 00:22:58,752
<font color="#ffde44">ඔයා ඕනෑම තැනක මතු වෙයි කියලා මම හිතනවා.</font>

305
00:23:01,714 --> 00:23:02,715
<font color="#ffde44">හරි.</font>

306
00:23:03,299 --> 00:23:06,594
<font color="#ffde44">ඔයා ඉන්න ඕනෑම තැනකට මම එන්නම්,
එතකොට ඔයාට බලාපොරොත්තු තියාගන්න පුළුවන්.</font>

307
00:23:09,722 --> 00:23:10,723
<font color="#ffde44">සෝනු චන්!</font>

308
00:23:34,038 --> 00:23:37,166
<font color="#ffde44">ඔයාට සනීප වුණු එක ගැන මට ගොඩක් සතුටුයි.</font>

309
00:23:38,000 --> 00:23:41,127
<font color="#ffde44">මහාචාර්ය සන්වූ එයාගේ පර්යේෂණය
ඉදිරිපත් කරන්න ඔන්න මෙන්න තියෙද්දි ඒක අතහැරියා</font>

310
00:23:41,128 --> 00:23:45,298
<font color="#ffde44">ඔයාට ලොකු අනතුරක් වෙලා ඉද්දි
ඇමරිකාවට ගිහින් ඔයාව බලාගන්න ඕන නිසා.</font>

311
00:23:45,299 --> 00:23:46,799
<font color="#ffde44">අපිට පුළුවන් හැමදේම අපි කළා.</font>

312
00:23:46,800 --> 00:23:49,093
<font color="#ffde44">දැන් අපිට තියෙන්නේ
එයා සනීප වෙයි කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි.</font>

313
00:23:49,094 --> 00:23:50,803
<font color="#ffde44">ඇත්තම කතාව නම්, ඔයා දැනගෙන ඉන්න ඕනේ</font>

314
00:23:50,804 --> 00:23:52,513
<font color="#ffde44">එයාට සිහිය එන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි කියලා.</font>

315
00:24:16,664 --> 00:24:17,665
<font color="#ffde44">ස්තූතියි...</font>

316
00:24:18,540 --> 00:24:19,750
<font color="#ffde44">ඔරලෝසුවට.</font>

317
00:24:24,463 --> 00:24:27,967
<font color="#ffde44">සමහරවිට ඔයා ඔයාගේ උපාධිය ආපහු දෙන්න ඕනේ.</font>

318
00:24:29,510 --> 00:24:32,930
<font color="#ffde44">ප්‍රසිද්ධ ඉංජිනේරු මහාචාර්යවරයෙකුට
කැඩුණු ඔරලෝසුවක්වත් හදාගන්න බැරිද?</font>

319
00:24:34,223 --> 00:24:36,725
<font color="#ffde44">දැන් ඒක හොඳට වැඩ කරනවා.</font>

320
00:24:38,352 --> 00:24:39,436
<font color="#ffde44">ස්තූතියි...</font>

321
00:24:40,521 --> 00:24:41,563
<font color="#ffde44">මේක හැදුවට.</font>

322
00:24:45,859 --> 00:24:47,069
<font color="#ffde44">ඔයාට කෘතවේදී බවක් තියෙනවා නම්,</font>

323
00:24:49,154 --> 00:24:51,740
<font color="#ffde44">ඔයාට පුළුවන් පස්සේ මට ඒකට ප්‍රතිඋපකාර කරන්න.</font>

324
00:25:51,967 --> 00:25:53,886
<font color="#ffde44">ආච්චි කතා කළා.</font>

325
00:25:54,344 --> 00:25:56,054
<font color="#ffde44">එයා මට ස්තූති කරලා කිව්වා මම හොඳ දෙයක් කළා කියලා.</font>

326
00:25:56,055 --> 00:25:57,056
<font color="#ffde44">ඇත්තද?</font>

327
00:25:57,765 --> 00:25:58,807
<font color="#ffde44">ඒක නියමයි.</font>

328
00:25:59,349 --> 00:26:02,351
<font color="#ffde44">ඔයා ඒක ආපහු එයාට දුන්න එක ගැන මට ගොඩක් සතුටුයි.</font>

329
00:26:02,352 --> 00:26:05,481
<font color="#ffde44">දැන් ඒ ඔරලෝසුව
කලින්ට වඩා ගොඩක් වටිනවා ඇති.</font>

330
00:26:06,023 --> 00:26:08,775
<font color="#ffde44">ඒක නැතිවුණු එක ගැන දුක්වෙන එකෙන්
මේක ඉවරවෙන්න තිබුණා,</font>

331
00:26:08,776 --> 00:26:12,571
<font color="#ffde44">ඒත් දැන්, ඒක එයාගේ පුතා
හදලා එයාට ආපහු දුන්න ඔරලෝසුවක්.</font>

332
00:26:23,665 --> 00:26:26,085
<font color="#ffde44">මට ඔයාව තව පොඩ්ඩකට හම්බවෙන්න පුළුවන්ද?</font>

333
00:26:29,838 --> 00:26:30,839
<font color="#ffde44">ආ?</font>

334
00:26:33,550 --> 00:26:34,926
<font color="#ffde44">ඔයා කොහොමද...</font>

335
00:26:34,927 --> 00:26:38,097
<font color="#ffde44">මතකද අපි අර රෙස්ටුරන්ට් එකට ගියා?</font>

336
00:26:38,889 --> 00:26:41,183
<font color="#ffde44">මගේ කන නිසා මම අමාරුවෙන් හිටපු වෙලාවේ.</font>

337
00:26:43,977 --> 00:26:46,188
<font color="#ffde44">එතන ගොඩක් සද්දෙ වැඩියි.
මම ගිහින් අපේ බඩු අරන් එන්නම්.</font>

338
00:26:46,647 --> 00:26:49,817
<font color="#ffde44">ඒ වෙලාවේ ඒක
මගේ බඩු එක්ක පැටලෙන්න ඇති.</font>

339
00:26:50,776 --> 00:26:53,070
<font color="#ffde44">මම මෙහේ ඇවිත් බඩු අස්කරද්දී
තමා ඒක දැක්කේ.</font>

340
00:26:53,946 --> 00:26:54,947
<font color="#ffde44">ආ...</font>

341
00:26:58,408 --> 00:27:00,702
<font color="#ffde44">කොහොමවුණත් දැන් මට ඒකෙන් වැඩක් නැහැ.</font>

342
00:27:06,458 --> 00:27:08,043
<font color="#ffde44">මම දැනටමත් වෙන එකක් පාවිච්චි කරනවා.</font>

343
00:27:08,502 --> 00:27:10,795
<font color="#ffde44">අනික, දැන් මගේ ගාව පෑන් ගොඩක් තියෙනවා.</font>

344
00:27:10,796 --> 00:27:13,549
<font color="#ffde44">කෙනෙක් මට පෑන් ගොඩක්
තෑග්ගක් විදිහට දුන්නා.</font>

345
00:27:16,218 --> 00:27:18,136
<font color="#ffde44">ඒකයි මම මේක ආපහු දෙන්නේ.</font>

346
00:27:18,137 --> 00:27:19,179
<font color="#ffde44">මම...</font>

347
00:27:20,222 --> 00:27:22,266
<font color="#ffde44">බයවුණා මං නිසා ඔයාට මතක් වෙයි කියලා</font>

348
00:27:23,183 --> 00:27:25,477
<font color="#ffde44">ඒ කාලේ තිබුණු මතකයන්.</font>

349
00:27:26,311 --> 00:27:28,438
<font color="#ffde44">ඒත් මම හිතුවා ඔයා දැන් ඒවාට සැලෙන එකක් නෑ කියලා.</font>

350
00:27:29,898 --> 00:27:33,694
<font color="#ffde44">මේක වැඩ කරන්න ලේසිම පෑනක් කියලා හිතලා
පාවිච්චි කරන්න.</font>

351
00:27:35,237 --> 00:27:39,532
<font color="#ffde44">ඔයාට හරියටම ගැලපෙන උපකරණයක් තියෙන එක
කොච්චර වැදගත්ද කියලා මම දන්නවා</font>

352
00:27:39,533 --> 00:27:41,368
<font color="#ffde44">මමත් ඇනිමේටර් කෙනෙක් නිසා.</font>

353
00:27:42,536 --> 00:27:45,163
<font color="#ffde44">මට මේ පෑනට පුරුදු වෙන්න පුළුවන්.</font>

354
00:27:48,792 --> 00:27:50,502
<font color="#ffde44">මේක පොඩ්ඩකට මට දෙන්න.</font>

355
00:28:09,646 --> 00:28:11,732
<font color="#ffde44">මේ පෑන ගැන හිතන්න</font>

356
00:28:12,441 --> 00:28:15,444
<font color="#ffde44">තෑග්ගක් විදිහට හම්බවුණු පෑනක් නෙවෙයි,
මම ඔයාට හොයලා දුන්නු පෑනක් විදිහට</font>

357
00:28:17,195 --> 00:28:20,198
<font color="#ffde44">එහෙමත් නැත්නම් නැතිවුණාම
ඔයාව දුක් කරපු පෑනක් විදිහටත් නෙවෙයි.</font>

358
00:28:21,742 --> 00:28:25,244
<font color="#ffde44">අනික... මෙන්න වාසනාව ගේන දෙයක්.</font>

359
00:28:25,245 --> 00:28:28,248
<font color="#ffde44">දේදුනු පැහැති වලාකුළක් දැක්කාම
වාසනාව ලැබෙනවා කියලා ඔයා දන්නවනේ.</font>

360
00:28:28,957 --> 00:28:30,667
<font color="#ffde44">දැන් ඔයාට හැමදාම ඒකක් බලන්න පුළුවන්,</font>

361
00:28:31,251 --> 00:28:34,129
<font color="#ffde44">ඉතින් ඔයාට හැමදාම වාසනාව ලැබෙයි.</font>

362
00:28:42,304 --> 00:28:43,430
<font color="#ffde44">මේක පාවිච්චි කරන්නකෝ.</font>

363
00:28:46,058 --> 00:28:49,227
<font color="#ffde44">ඔයා මේක ආයෙත් පාවිච්චි කරනවට මම ඇත්තටම කැමතියි.</font>

364
00:28:53,774 --> 00:28:54,775
<font color="#ffde44">හරි.</font>

365
00:28:56,068 --> 00:28:57,361
<font color="#ffde44">මම පාවිච්චි කරන්නම්.</font>

366
00:29:00,030 --> 00:29:01,907
<font color="#ffde44">දැන් මේක ඔයා මට හොයලා දුන්න පෑනනේ.</font>

367
00:29:20,300 --> 00:29:21,510
<font color="#ffde44">හලෝ?</font>

368
00:29:24,429 --> 00:29:25,430
<font color="#ffde44">ඇත්තද?</font>

369
00:29:26,848 --> 00:29:28,849
<font color="#ffde44">හරි.</font>

370
00:29:28,850 --> 00:29:30,727
<font color="#ffde44">ස්තූතියි. හරි.</font>

371
00:29:34,231 --> 00:29:35,565
<font color="#ffde44">වෙන්න බෑ.</font>

372
00:29:36,483 --> 00:29:38,651
<font color="#ffde44">මේක නම් පිස්සුවක්.
මොකක්ද ඒ?</font>

373
00:29:38,652 --> 00:29:40,320
<font color="#ffde44">ඇත්තටම හොඳ දෙයක් වුණා.</font>

374
00:29:40,988 --> 00:29:42,655
<font color="#ffde44">මට සම්මානයක් හම්බවෙනවා.</font>

375
00:29:42,656 --> 00:29:44,741
<font color="#ffde44">ෆැෂන් සම්මාන උළෙලේදී
හොඳම නිර්මාණකරුවාට හිමි සම්මානය.</font>

376
00:29:45,367 --> 00:29:47,410
<font color="#ffde44">දැක්කද? මම කිව්වේ ඔයාට වාසනාව ලැබෙයි කියලා.</font>

377
00:29:47,411 --> 00:29:49,621
<font color="#ffde44">සුබ පැතුම්.</font>

378
00:30:04,594 --> 00:30:05,971
<font color="#ffde44">ජීනියස්.</font>

379
00:30:07,472 --> 00:30:08,931
<font color="#ffde44">ඔයා මෙහෙද හිටියේ?</font>

380
00:30:08,932 --> 00:30:09,933
<font color="#ffde44">ආ?</font>

381
00:30:11,101 --> 00:30:12,102
<font color="#ffde44">හේයි, ජීනියස්.</font>

382
00:30:15,313 --> 00:30:16,523
<font color="#ffde44">එතන මොනවා හරි තියෙනවද?</font>

383
00:30:18,650 --> 00:30:20,068
<font color="#ffde44">මොකක්...</font>

384
00:30:20,902 --> 00:30:21,986
<font color="#ffde44">නබොං!</font>

385
00:30:23,280 --> 00:30:25,406
<font color="#ffde44">ඔයා මේ වෙලාවේ මෙහේ මොකද කරන්නේ?</font>

386
00:30:25,407 --> 00:30:26,491
<font color="#ffde44">හේයි, මන්ජේ.</font>

387
00:30:26,992 --> 00:30:30,661
<font color="#ffde44">මට වැඩ ඉවරවෙලා
කෝපි එකක් බොන්න ඕන වුණා,</font>

388
00:30:30,662 --> 00:30:32,330
<font color="#ffde44">ඒත් මෙච්චර රෑ වෙලා කියලා මම දැනගෙන හිටියේ නෑ.</font>

389
00:30:34,041 --> 00:30:37,251
<font color="#ffde44">හිම වැටෙනවා ලස්සනයි,
ඒ නිසා මම ටිකක් වෙලා ඒක දිහා බලන් හිටියා.</font>

390
00:30:37,252 --> 00:30:38,961
<font color="#ffde44">දැන් ගොඩක් රෑ වෙලා...</font>

391
00:30:38,962 --> 00:30:40,881
<font color="#ffde44">අනික ඔයා ඇඳලත් ඉන්නේ හරිම තුනී ඇඳුමක්.</font>

392
00:30:41,339 --> 00:30:42,423
<font color="#ffde44">සීතලයිනේ.</font>

393
00:30:42,424 --> 00:30:43,675
<font color="#ffde44">එන්න, අපි ඇතුළට යමු.</font>

394
00:30:45,927 --> 00:30:47,262
<font color="#ffde44">ගිහින් ඇඟ ටිකක් රත් කරගන්න.</font>

395
00:30:49,848 --> 00:30:52,224
<font color="#ffde44">මේ මොනවා වෙනවද මන්දා?</font>

396
00:30:52,225 --> 00:30:55,145
<font color="#ffde44">මම වැඩවලට කොච්චර අවධානය දුන්නද කිව්වොත්,
මට වෙලාව යනවා තේරුණේ නෑ.</font>

397
00:30:55,771 --> 00:30:57,939
<font color="#ffde44">මම වැඩ කරද්දී කොහොමද කියලා ඔයා දන්නවනේ.</font>

398
00:31:02,402 --> 00:31:03,820
<font color="#ffde44">ඇත්තටම කිසි ප්‍රශ්නයක් නෑ නේද?</font>

399
00:31:07,324 --> 00:31:08,783
<font color="#ffde44">ඇත්තටම හැමදේම හොඳින් නේද?</font>

400
00:31:08,784 --> 00:31:10,786
<font color="#ffde44">මේක මොකක් හරි ට්‍රෙන්ඩින් චැලෙන්ජ් එකක්ද?</font>

401
00:31:11,286 --> 00:31:13,789
<font color="#ffde44">ඇයි හැමෝම මගෙන් ඒක අහන්නේ?</font>

402
00:31:14,956 --> 00:31:18,168
<font color="#ffde44">මම ගොඩක් කාර්යබහුල වුණු නිසා
මගේ සම ගැන සැලකිලිමත් වුණේ නැද්ද?</font>

403
00:31:27,594 --> 00:31:30,055
<font color="#ffde44">උණු තේ එකක් බොන්න.</font>

404
00:31:48,323 --> 00:31:49,574
<font color="#ffde44">මොනවා වෙලාද මන්දා...</font>

405
00:31:50,367 --> 00:31:52,619
<font color="#ffde44">ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ?</font>

406
00:32:07,259 --> 00:32:09,386
<font color="#ffde44">රෙදි සෝදන කුඩු
ලැවෙන්ඩර්</font>

407
00:32:11,471 --> 00:32:13,347
<font color="#ffde44">ඔයා මගේ හාඩම් නේද?</font>

408
00:32:16,935 --> 00:32:18,103
<font color="#ffde44">මම තමයි.</font>

409
00:32:19,354 --> 00:32:21,022
<font color="#ffde44">අම්මේ.</font>

410
00:32:22,315 --> 00:32:23,650
<font color="#ffde44">අම්මා?</font>

411
00:32:24,818 --> 00:32:26,110
<font color="#ffde44">අනේ, දෙවියනේ!</font>

412
00:32:26,111 --> 00:32:28,320
<font color="#ffde44">අන්තිමට මට ඔයාව හම්බවුණා.</font>

413
00:32:28,321 --> 00:32:30,114
<font color="#ffde44">මට ඔයාව දකින්න ලොකු ආසාවක් තිබුණා.</font>

414
00:32:30,115 --> 00:32:32,908
<font color="#ffde44">මේ මම, යූගියුම්ගේ අම්මා.</font>

415
00:32:32,909 --> 00:32:34,578
<font color="#ffde44">මොකක්? ආ...</font>

416
00:32:35,704 --> 00:32:36,705
<font color="#ffde44">ආ!</font>

417
00:32:37,539 --> 00:32:38,789
<font color="#ffde44">හලෝ.</font>

418
00:32:38,790 --> 00:32:41,000
<font color="#ffde44">අනේ, ඔයාව හම්බවුණු එක ගැන ගොඩක් සතුටුයි.</font>

419
00:32:41,001 --> 00:32:42,835
<font color="#ffde44">මම දැක්ක ගමන් ඔයාව අඳුරගත්තා.</font>

420
00:32:42,836 --> 00:32:45,921
<font color="#ffde44">අපේ ගෙදර පුරාම තියෙන්නේ ඔයාගේ ෆොටෝස්.</font>

421
00:32:45,922 --> 00:32:48,966
<font color="#ffde44">මට දැනෙන්නේ ජනප්‍රිය තරුවක් හමුවුණා වගේ.</font>

422
00:32:48,967 --> 00:32:52,888
<font color="#ffde44">කමක් නැත්නම්, මම ඔයාව බදාගන්නද?</font>

423
00:32:57,309 --> 00:33:00,269
<font color="#ffde44">මගේ ආදරණීය හාඩම්.</font>

424
00:33:00,270 --> 00:33:03,564
<font color="#ffde44">ඔයාව දැක්ක එක ගොඩක් සතුටුයි.</font>

425
00:33:11,489 --> 00:33:13,909
<font color="#ffde44">මොකද වුණේ? මොකක්ද ප්‍රශ්නේ?</font>

426
00:33:14,743 --> 00:33:19,955
<font color="#ffffff"><i>♪ සුවසේ නිදාගන්න, මගේ ආදරණීය හාඩම් ♪</i></font>

427
00:33:19,956 --> 00:33:24,293
<font color="#ffffff"><i>♪ අම්මාගේ තුරුලේ නිදාගන්න ♪</i></font>

428
00:33:24,294 --> 00:33:29,299
<font color="#ffffff"><i>♪ සුවසේ නිදාගන්න, මගේ ආදරණීය හාඩම් ♪</i></font>

429
00:33:29,799 --> 00:33:34,178
<font color="#ffffff"><i>♪ හොඳට නිදාගන්න ♪</i></font>

430
00:33:34,179 --> 00:33:35,347
<font color="#ffde44">මට හම්බවුණා...</font>

431
00:33:39,517 --> 00:33:40,810
<font color="#ffde44">අම්මාගේ සුවඳ.</font>

432
00:33:55,784 --> 00:33:58,078
<font color="#ffde44">එන්න. මම ඔයාට කෑමක් හදලා දෙන්නම්.</font>

433
00:33:59,246 --> 00:34:01,748
<font color="#ffde44">අපි යමු.</font>

434
00:34:02,540 --> 00:34:04,083
<font color="#ffde44">සමාවෙන්න.</font>

435
00:34:04,084 --> 00:34:05,709
<font color="#ffde44">සිල්ලර කඩේ තියෙන්නේ කොහෙද?</font>

436
00:34:07,003 --> 00:34:08,462
<font color="#ffde44">සමාවෙන්න.</font>

437
00:34:08,463 --> 00:34:10,089
<font color="#ffde44">සිල්ලර කඩේ තියෙන්නේ කොහෙද?</font>

438
00:34:10,090 --> 00:34:12,841
<font color="#ffde44">මහත්තයා.
ඇතුළට එන්න.</font>

439
00:34:16,054 --> 00:34:17,305
<font color="#ffde44">හලෝ.</font>

440
00:34:17,931 --> 00:34:19,265
<font color="#ffde44">බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා!</font>

441
00:34:19,266 --> 00:34:20,933
<font color="#ffde44">මෙයා අපේ සුපර්ස්ටාර් නේද?</font>

442
00:34:20,934 --> 00:34:22,810
<font color="#ffde44">අපේ ආදරණීය හාඩම්.
ආ...</font>

443
00:34:22,811 --> 00:34:24,520
<font color="#ffde44">අපි යූගියුම්ට කිව්වා ඔයාව එක්කන් එන්න කියලා,</font>

444
00:34:24,521 --> 00:34:26,730
<font color="#ffde44">ඒත් එයා කිව්වා
ඔයාගේ පාඩම් වැඩවලට බාධා කරන්න හොඳ නෑ කියලා</font>

445
00:34:26,731 --> 00:34:29,400
<font color="#ffde44">ඉතින් මෙච්චර කල් ඔයාව හංගගෙන හිටියා.</font>

446
00:34:29,401 --> 00:34:31,318
<font color="#ffde44">මට එයාව අහම්බෙන්
සුපර්මාකට් එකේදී හම්බවුණා.</font>

447
00:34:31,319 --> 00:34:33,070
<font color="#ffde44">සාදරයෙන් පිළිගන්නවා.</font>

448
00:34:33,071 --> 00:34:34,238
<font color="#ffde44">ඔයා කෑවද?</font>

449
00:34:34,239 --> 00:34:35,489
<font color="#ffde44">අපිත් එක්ක කෑම කන්න එන්න.</font>

450
00:34:36,700 --> 00:34:40,286
<font color="#ffde44">අප්පේ. මම කිව්වානේ බර දේවල් ගද්දි
මාව එක්කන් යන්න කියලා.</font>

451
00:34:40,287 --> 00:34:42,579
<font color="#ffde44">මම මේවා උඩට අරන් යන්නම්.</font>

452
00:34:42,580 --> 00:34:43,914
<font color="#ffde44">අප්පේ!</font>

453
00:34:43,915 --> 00:34:45,250
<font color="#ffde44">අනේ දෙවියනේ.</font>

454
00:34:49,212 --> 00:34:52,424
<font color="#ffde44">මට එයාව විශ්වාස කරන්නත් බෑ.</font>

455
00:34:57,345 --> 00:34:59,556
<font color="#ffde44">හාඩම්ට ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක් වෙමු!</font>

456
00:35:00,432 --> 00:35:02,809
<font color="#ffde44">මම කල්පනා කළා ඇයි එයා
ඉංග්‍රීසිවලට විතරක් සම්පූර්ණ ලකුණු ගත්තේ කියලා.</font>

457
00:35:03,268 --> 00:35:05,561
<font color="#ffde44">ඔයා පළවෙනි අවුරුද්දෙදි එයාට කිව්වා කියලා මට ආරංචි වුණා.</font>

458
00:35:05,562 --> 00:35:07,229
<font color="#ffde44">මේජර් ලීග් එකට?</font>

459
00:35:07,230 --> 00:35:08,856
<font color="#ffde44">ඒක තමයි ඔයාගේ ඉලක්කය නම්,</font>

460
00:35:08,857 --> 00:35:11,817
<font color="#ffde44">ඔයා කලින්ම ඉංග්‍රීසි ටිකක්වත්
ඉගෙන ගන්න ඕනේ නේද?</font>

461
00:35:11,818 --> 00:35:14,362
<font color="#ffde44">මට ඊයේ හිටියට වඩා හොඳ වෙන්න ඕනේ.</font>

462
00:35:14,696 --> 00:35:15,697
<font color="#ffde44">"අභියෝගයක්."</font>

463
00:35:16,031 --> 00:35:17,114
<font color="#ffde44">අභියෝගයක්.</font>

464
00:35:17,115 --> 00:35:20,242
<font color="#ffde44">එදා ඉඳන්,
එයාගේ තාත්තත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.</font>

465
00:35:20,243 --> 00:35:22,328
<font color="#ffde44">එයා කිව්වා යූගියුම්ට උදව් කරන්න ඕන කියලා.</font>

466
00:35:22,329 --> 00:35:25,080
<font color="#ffde44">අපේ පවුලට ඔයාගේ බලපෑම කොච්චරද කියලා
මේකෙන් පේනවා.</font>

467
00:35:27,500 --> 00:35:29,084
<font color="#ffde44">එයා නම් පුදුම කෙනෙක්.</font>

468
00:35:29,085 --> 00:35:31,754
<font color="#ffde44">පැටියෝ, මම මාළු ටික උයන්නද?</font>

469
00:35:31,755 --> 00:35:33,005
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න.</font>

470
00:35:33,006 --> 00:35:34,716
<font color="#ffde44">සමාවෙන්න. වටපිට බලන්න.
හරි.</font>

471
00:35:39,346 --> 00:35:43,098
<font color="#ffde44">ඒත් ඔයා කොහොමද යූගියුම් එක්ක යාළු වුණේ?</font>

472
00:35:43,099 --> 00:35:46,143
<font color="#ffde44">එයා කිව්වා ප්‍රාථමික පාසලේ ඉඳන්ම
ඔයාට කැමැත්තෙන් හිටියේ කියලා.</font>

473
00:35:46,144 --> 00:35:48,605
<font color="#ffde44">ආපහු හැරිලා බලද්දි,</font>

474
00:35:49,105 --> 00:35:51,649
<font color="#ffde44">මාව තේරුම් ගත්ත එකම කෙනා එයා විතරයි.</font>

475
00:35:53,568 --> 00:35:55,944
<font color="#ffde44">ඇයි ඔයාගේ දෙමව්පියෝ
ක්‍රීඩා උත්සවයට ආවේ නැත්තේ?</font>

476
00:35:55,945 --> 00:35:59,531
<font color="#ffde44">ඒයි, අම්මයි තාත්තයි දෙන්නම නැති වුණු
අසරණ ළමයා එයා.</font>

477
00:35:59,532 --> 00:36:01,116
<font color="#ffde44">ඇත්තද? ඒක හරිම දුකයි.</font>

478
00:36:01,117 --> 00:36:05,162
<font color="#ffde44">ඒයි, දෙමව්පියෝ නැති වෙන එක
පව් වැඩක් නෙවෙයි.</font>

479
00:36:05,163 --> 00:36:06,373
<font color="#ffde44">ඒක දුකක් විතරයි.</font>

480
00:36:10,085 --> 00:36:12,920
<font color="#ffde44">ඊයේ රෑ නිදි මරාගෙන පාඩම් කරද්දි
මම මේක විසඳුවා.</font>

481
00:36:12,921 --> 00:36:14,214
<font color="#ffde44">හාදම්.</font>

482
00:36:14,964 --> 00:36:18,300
<font color="#ffde44">බේස්බෝල් වලදී, හැමතිස්සෙම මුළු වෙර යොදලා
විසි කරන එක ඇඟට අමාරුයි.</font>

483
00:36:18,301 --> 00:36:20,594
<font color="#ffde44">තවත් ශක්තිමත් වෙන්න ඔයාට විවේකයක් ඕනේ.</font>

484
00:36:20,595 --> 00:36:22,138
<font color="#ffde44">විවේකයක්?</font>

485
00:36:23,473 --> 00:36:24,474
<font color="#ffde44">ඒ නිසයි...</font>

486
00:36:27,352 --> 00:36:28,478
<font color="#ffde44">ඔයාට දැන් විවේකයක් ඕනේ.</font>

487
00:36:30,271 --> 00:36:32,524
<font color="#ffde44">හරි. පිචර් චා යූගියුම්
බෝලේ විසි කරන්න ලෑස්තියි.</font>

488
00:36:38,405 --> 00:36:39,530
<font color="#ffde44">මම ගැහුවා!</font>

489
00:36:39,531 --> 00:36:40,907
<font color="#ffde44">දුවන්න, හාදම්!</font>

490
00:36:42,242 --> 00:36:43,617
<font color="#ffde44">යන්න!</font>

491
00:36:48,873 --> 00:36:49,958
<font color="#ffde44">හරි.</font>

492
00:36:53,545 --> 00:36:56,965
<font color="#ffde44">යූගියුම් හැමදාම මාව තේරුම් ගත්තා.</font>

493
00:37:04,597 --> 00:37:07,350
<font color="#ffde44">නාබොන්ග්, හිතන්න බලන්න මට මොකක්ද හම්බවුණේ කියලා?</font>

494
00:37:16,651 --> 00:37:19,611
<font color="#ffde44">මන්ජේ, ඔයාට කොහෙන්ද ඔය ෆොටෝ එක?</font>

495
00:37:19,612 --> 00:37:20,738
<font color="#ffde44">ඕ.</font>

496
00:37:20,739 --> 00:37:22,740
<font color="#ffde44">මම මගේ රෙකෝඩ් කලෙක්ෂන් එක අස් කර කර හිටියේ,</font>

497
00:37:22,741 --> 00:37:25,701
<font color="#ffde44">එතකොට මේක බිමට වැටුණා.</font>

498
00:37:25,702 --> 00:37:28,871
<font color="#ffde44">මට විශ්වාස කරන්නත් බැහැ.
ඒක ගොඩක් කාලෙකට කලින්.</font>

499
00:37:28,872 --> 00:37:30,457
<font color="#ffde44">ඒ ගහ තාමත් එතන ඇතිද දන්නෙ නෑ.</font>

500
00:37:31,416 --> 00:37:36,171
<font color="#ffde44">මතකද අපි මාකට් එකේ
ගිය ටොක්බොකි කඩේ?</font>

501
00:37:36,588 --> 00:37:37,755
<font color="#ffde44">ඒකෙ නම මොකක්ද?</font>

502
00:37:37,756 --> 00:37:39,965
<font color="#ffde44">ආ! ෆැට් ටොක්බොකි.
ෆැට් ටොක්බොකි.</font>

503
00:37:39,966 --> 00:37:41,842
<font color="#ffde44">හරි නේද?</font>

504
00:37:43,344 --> 00:37:46,431
<font color="#ffde44">ආ... මට ඒ පට්ට රහ
ටොක්බොකි කන්න ආසයි.</font>

505
00:37:47,182 --> 00:37:50,185
<font color="#ffde44">ඔයා කැමතිද අද හවස
ටොක්බොකි කන්න යන්න?</font>

506
00:37:51,853 --> 00:37:53,437
<font color="#ffde44">නැහැ...</font>

507
00:37:53,438 --> 00:37:55,898
<font color="#ffde44">ඔයා වැඩ මඟාරින්න හොඳ නැහැ නේද?</font>

508
00:37:55,899 --> 00:37:57,524
<font color="#ffde44">අනේ ඉතින්.</font>

509
00:37:57,525 --> 00:38:00,779
<font color="#ffde44">නාබොන්ග්, ඔයාට අමතක වුණාද
අයිතිකාරයා මම කියලා?</font>

510
00:38:01,821 --> 00:38:03,697
<font color="#ffde44">මට කිසි අවුලක් නැතුව වැඩ මඟාරින්න පුළුවන්.</font>

511
00:38:05,575 --> 00:38:06,700
<font color="#ffde44">හොඳයි, හොඳයි.</font>

512
00:38:06,701 --> 00:38:09,286
<font color="#ffde44">මම ඔයාව අල්ලගත්තා. ඔයා වැඩ මඟාරිනවා නේද?</font>

513
00:38:09,287 --> 00:38:11,038
<font color="#ffde44">නෑ, මට සම්මානයක් හම්බවෙනවා.</font>

514
00:38:11,039 --> 00:38:13,373
<font color="#ffde44">ආ, ඔව්නේ. අද තමයි ෆැෂන් සම්මාන උළෙල.</font>

515
00:38:13,374 --> 00:38:15,250
<font color="#ffde44">සුබ පැතුම්.</font>

516
00:38:15,251 --> 00:38:16,544
<font color="#ffde44">පස්සේ හම්බවෙමු.</font>

517
00:38:24,719 --> 00:38:26,261
<font color="#ffde44">ආදරය.</font>

518
00:38:26,262 --> 00:38:29,181
<font color="#ffde44">ඒ කියන්නේ ඔයාත් එයාට කැමතියි.</font>

519
00:38:29,182 --> 00:38:31,058
<font color="#ffde44">වෙන්න බෑ.</font>

520
00:38:31,059 --> 00:38:32,142
<font color="#ffde44">එයා හරිද?</font>

521
00:38:32,143 --> 00:38:35,437
<font color="#ffde44">එයා නිකන් ඇවිදගෙන යද්දිත්
ඒ තරම් ලස්සන ඇයි?</font>

522
00:38:40,568 --> 00:38:42,319
<font color="#ffde44">ඇයි මම ලැජ්ජාවෙන් රතු වෙන්නේ?</font>

523
00:38:42,320 --> 00:38:43,863
<font color="#ffde44">ඇයි මට දාඩිය දාන්නේ?</font>

524
00:38:51,079 --> 00:38:53,413
<font color="#ffde44">ඔයා අද හවසට ෆ්‍රී ද?</font>

525
00:38:53,414 --> 00:38:55,917
<font color="#ffde44">අද හවසට?
උදේට හරි දවල්ට හරි නෙවෙයිද?</font>

526
00:38:56,543 --> 00:38:59,044
<font color="#ffde44">එයා මගෙන් ඩේට් එකකට අහනවාද?</font>

527
00:38:59,045 --> 00:39:01,004
<font color="#ffde44">ඩේට් එකකට?</font>

528
00:39:01,005 --> 00:39:03,173
<font color="#ffde44">මට රිප්ලයි එකක් ආවා ෆැක්ටරියෙන්</font>

529
00:39:03,174 --> 00:39:05,717
<font color="#ffde44">ඔයා කියපු බයෝ සිල්ක් වර්ගය
හොයාගන්න බැහැ කියලා.</font>

530
00:39:05,718 --> 00:39:07,010
<font color="#ffde44">මම තව හොයලා බැලුවා</font>

531
00:39:07,011 --> 00:39:10,681
<font color="#ffde44">ඊටපස්සේ ඒ ගැන ලියපු ඉන්ඩස්ට්‍රි
ටෙක් රිපෝටර් කෙනෙක්ව සම්බන්ධ කරගත්තා.</font>

532
00:39:10,682 --> 00:39:12,558
<font color="#ffde44">අපි අද හවස හම්බවෙනවා.</font>

533
00:39:12,559 --> 00:39:14,893
<font color="#ffde44">අපිට ඒක කරන්න විදියක් හොයාගන්න පුළුවන් වෙයි.</font>

534
00:39:14,894 --> 00:39:18,147
<font color="#ffde44">යොන් මහත්තයාගෙත් කම්මුල්
ටිකක් රතු වෙලා වගේ.</font>

535
00:39:18,648 --> 00:39:20,941
<font color="#ffde44">හා? එයාට දාඩියත් දානවා.</font>

536
00:39:20,942 --> 00:39:22,276
<font color="#ffde44">රේමී කියපු දේ ඇත්තක්ද?</font>

537
00:39:22,277 --> 00:39:25,238
<font color="#ffde44">එහෙනම් අපි ඇත්තටම එකිනෙකාට කැමතිද?</font>

538
00:39:28,283 --> 00:39:30,994
<font color="#ffde44">මීටින් එක හොඳටම කළා.</font>

539
00:39:34,706 --> 00:39:36,206
<font color="#ffde44">වයින් ටිකක් බොමුද?</font>

540
00:39:36,207 --> 00:39:37,542
<font color="#ffde44">ඔයයි මමයි විතරක්,</font>

541
00:39:38,126 --> 00:39:39,168
<font color="#ffde44">තනියම.</font>

542
00:39:40,003 --> 00:39:42,046
<font color="#ffde44">ශුවර්. මම කැමතියි.</font>

543
00:39:42,630 --> 00:39:44,257
<font color="#ffde44">මොකක්? ආ...</font>

544
00:39:44,883 --> 00:39:47,093
<font color="#ffde44">ඔයා කියන්නේ එනවා කියලද?</font>

545
00:39:48,928 --> 00:39:50,262
<font color="#ffde44">ආ.</font>

546
00:39:50,263 --> 00:39:52,306
<font color="#ffde44">ඔව්, මම ෆ්‍රී.</font>

547
00:39:52,307 --> 00:39:54,308
<font color="#ffde44">එහෙනම් මම ඩ්‍රයිව් කරන්නම්.</font>

548
00:39:54,309 --> 00:39:56,519
<font color="#ffde44">මම ඔයාව රෑ 7:00 ට
පාකින් එකේදි හම්බවෙන්නම්.</font>

549
00:40:03,693 --> 00:40:05,987
<font color="#ffde44">ඇයි අපි රෑ 7:00 ට හම්බවෙන්නේ?</font>

550
00:40:07,655 --> 00:40:09,156
<font color="#ffde44">හරි.</font>

551
00:40:09,157 --> 00:40:10,199
<font color="#ffde44">අලුත් අමුද්‍රව්‍ය.</font>

552
00:40:11,534 --> 00:40:12,618
<font color="#ffde44">මීටින් එක.</font>

553
00:40:12,619 --> 00:40:14,036
<font color="#ffde44">ගියුම්ගේ ලෝන්ඩ්‍රි එක</font>

554
00:40:14,037 --> 00:40:15,580
<font color="#ffde44">මම ගෙදර ආවා.</font>

555
00:40:18,666 --> 00:40:19,958
<font color="#ffde44">අම්මේ.</font>

556
00:40:19,959 --> 00:40:22,294
<font color="#ffde44">අම්මේ, මට පිස්සු හැදිලද කොහෙද.</font>

557
00:40:22,295 --> 00:40:25,757
<font color="#ffde44">මට හාදම්ව ගොඩක් මතක් වෙනවා,
මට මැවී පේනවා ඇති.</font>

558
00:40:27,467 --> 00:40:29,468
<font color="#ffde44">ඒත්…</font>

559
00:40:29,469 --> 00:40:32,346
<font color="#ffde44">එයාව දකින්න ලැබෙන එකත් කොච්චර සතුටක්ද.</font>

560
00:40:37,894 --> 00:40:39,062
<font color="#ffde44">මෝඩයා.</font>

561
00:40:39,979 --> 00:40:41,230
<font color="#ffde44">මේ ඇත්තටම මම.</font>

562
00:40:41,856 --> 00:40:43,315
<font color="#ffde44">වාව්.</font>

563
00:40:43,316 --> 00:40:44,484
<font color="#ffde44">එයා දැන් කතාත් කරනවා.</font>

564
00:40:45,234 --> 00:40:48,946
<font color="#ffde44">එයාව මතක් වෙලාම
මට පිස්සු හැදිලා ඇති.</font>

565
00:40:48,947 --> 00:40:50,365
<font color="#ffde44">මෝඩයා.</font>

566
00:40:51,783 --> 00:40:53,451
<font color="#ffde44">මේ ඇත්තටම මම තමයි.</font>

567
00:40:54,953 --> 00:40:58,205
<font color="#ffde44">ඇත්තටම ඔයාද?</font>

568
00:40:58,206 --> 00:41:00,207
<font color="#ffde44">ඔයා ඇත්තටම හාදම්ද?</font>

569
00:41:00,208 --> 00:41:02,793
<font color="#ffde44">මම සොක්හියොන්ට මගේ නම්බර් එක දුන්නේ නෑ.</font>

570
00:41:02,794 --> 00:41:06,672
<font color="#ffde44">කවුරුහරි මගේ පුටුව උඩ හාට් එකක් ඇඳපු
පෝස්ට්-ඉට් එකක් එක්ක බීම එකක් තියලා ගිහින් තිබ්බා,</font>

571
00:41:06,673 --> 00:41:09,008
<font color="#ffde44">මම ඒක ඔයාගෙන් කියලා හිතලා ඉක්මනට එළියට ආවා.</font>

572
00:41:09,467 --> 00:41:12,011
<font color="#ffde44">ඒක සොක්හියොන්ගෙන් කියලා දැනගත්තම,
මම ඒක ආපහු එයාටම දුන්නා.</font>

573
00:41:16,224 --> 00:41:17,225
<font color="#ffde44">ඇත්තද?</font>

574
00:41:17,850 --> 00:41:19,143
<font color="#ffde44">වැරදියට තේරුම් ගත්තට මට සමාවෙන්න.</font>

575
00:41:19,727 --> 00:41:21,687
<font color="#ffde44">මටත් කැරෝකේ එකේදි කිසි සතුටක් දැනුණේ නෑ.</font>

576
00:41:21,688 --> 00:41:23,940
<font color="#ffde44">මගේ යාළුවෝ මගේ හිත හදන්න මාව එතනට එක්කන් ගියා,</font>

577
00:41:24,524 --> 00:41:26,692
<font color="#ffde44">ඒත් ඔයාව මතක් වෙද්දි
මම දිගටම ඇඬුවා.</font>

578
00:41:26,693 --> 00:41:28,778
<font color="#ffde44">මමත් ඔයාව වැරදියට තේරුම් ගත්තට සමාවෙන්න.</font>

579
00:41:29,862 --> 00:41:32,490
<font color="#ffde44">ඒත් ඇයි ඔයා කණ්නාඩි දාගෙන ඉන්නේ?</font>

580
00:41:32,991 --> 00:41:34,367
<font color="#ffde44">ඔයාගේ ඇස් පෙනීම දුර්වල වෙලාද?</font>

581
00:41:34,909 --> 00:41:35,910
<font color="#ffde44">නැහැ,</font>

582
00:41:37,286 --> 00:41:38,662
<font color="#ffde44">දැන් මට ඒවා ඕන වෙන්නේ නෑ.</font>

583
00:41:38,663 --> 00:41:41,457
<font color="#ffde44">ඔයා? ඇයි ඔයා නර්ස්ගෙ කාමරේ හිටියේ?
ඔයාට සනීප නැද්ද?</font>

584
00:41:44,168 --> 00:41:45,920
<font color="#ffde44">මගේ අත පොඩ්ඩක් කැපුණා විතරයි,</font>

585
00:41:46,671 --> 00:41:48,297
<font color="#ffde44">ඒත් දැන් මට හොඳයි.</font>

586
00:41:57,015 --> 00:41:58,682
<font color="#ffde44">මට සමාවෙන්න හාදම්.</font>

587
00:41:58,683 --> 00:42:01,059
<font color="#ffde44">මම ඊට වඩා සමාව ඉල්ලනවා.</font>

588
00:42:01,060 --> 00:42:02,894
<font color="#ffde44">මට ඔයාව ගොඩක් මතක් වුණා.</font>

589
00:42:02,895 --> 00:42:05,731
<font color="#ffde44">මට ඔයාව ඊටත් වඩා මතක් වුණා.</font>

590
00:42:05,732 --> 00:42:08,817
<font color="#ffde44">හොඳම නිර්මාණකරුට හිමි සම්මානය.</font>

591
00:42:08,818 --> 00:42:11,278
<font color="#ffde44">නානා අටෙලියර්, සොන්ග් හාරාන්.</font>

592
00:42:11,279 --> 00:42:13,238
<font color="#ffde44">මේ අවුරුද්දේ ජයග්‍රාහකයෝ දෙන්නෙක් ඉන්නවා.</font>

593
00:42:13,239 --> 00:42:15,699
<font color="#ffde44">ඔන් ඇපරල්, කන්ග් ඉයුන්චාන්.</font>

594
00:42:27,628 --> 00:42:28,629
<font color="#ffde44">හාරාන්.</font>

595
00:42:29,088 --> 00:42:31,715
<font color="#ffde44">මට ෆැක්ටරියට යන්න වෙනවා.
රෙදිවල ප්‍රශ්නයක් තියෙනවා.</font>

596
00:42:31,716 --> 00:42:34,218
<font color="#ffde44">මම ළඟ තියෙන හේඔන් රෙස්ටුරන්ට් එකේ
මේසයක් වෙන් කළා.</font>

597
00:42:35,470 --> 00:42:36,595
<font color="#ffde44">මේකත් අරන් එහේ යන්න.</font>

598
00:42:36,596 --> 00:42:40,348
<font color="#ffde44">මගේ මල්ලිට රෑ කෑම අරන් දෙනවා කිව්වත්,
එයාට තනියම කන්න දෙන්න බෑ.</font>

599
00:42:40,349 --> 00:42:42,769
<font color="#ffde44">සමාවෙන්න, ඒත් එයා එක්ක
රෑ කෑම කන්න, හරිද?</font>

600
00:42:44,145 --> 00:42:46,855
<font color="#ffffff"><i>♪ හැපි බර්ත්ඩේ ටු යූ ♪</i></font>

601
00:42:46,856 --> 00:42:48,940
<font color="#ffffff"><i>♪ හැපි බර්ත්ඩේ… ♪</i></font>

602
00:42:50,985 --> 00:42:54,362
<font color="#ffde44">මට සමාවෙන්න. මම පහුගිය දවස් තුනේම
නිදාගත්තේ නෑ.</font>

603
00:42:54,363 --> 00:42:56,364
<font color="#ffde44">සමාවෙන්න. හරි.</font>

604
00:42:56,365 --> 00:42:57,991
<font color="#ffffff"><i>♪ හැපි බර්ත්ඩේ, ඩියර්… ♪</i></font>

605
00:42:57,992 --> 00:42:59,493
<font color="#ffde44">කන්ග් හියොක්චාන්.</font>

606
00:42:59,494 --> 00:43:01,453
<font color="#ffffff"><i>♪ කන්ග් හියොක්චාන් ♪</i></font>

607
00:43:01,454 --> 00:43:03,330
<font color="#ffffff"><i>♪ හැපි බර්ත්ඩේ ටු යූ ♪</i></font>

608
00:43:08,169 --> 00:43:10,797
<font color="#ffde44">අපේ ගෙදර ඉන්න කන්ග් මහත්තයෙක්
මට මේක ඔයාට දෙන්න කිව්වා.</font>

609
00:43:11,255 --> 00:43:12,799
<font color="#ffde44">මොකක්?
සුබ පැතුම්.</font>

610
00:43:13,466 --> 00:43:14,925
<font color="#ffde44">ශක්තියට විටමින්
නිදාගන්න කුෂන් එකක්</font>

611
00:43:14,926 --> 00:43:16,510
<font color="#ffde44">දවල් කෑමෙන් පස්සේ චොකලට්
වැඩ ඉවරවෙලා කැමොමයිල්</font>

612
00:43:16,511 --> 00:43:17,553
<font color="#ffde44">මේවා එක්ක, ඔයාට හොඳට නිදාගන්න පුළුවන් වෙයි</font>

613
00:43:26,020 --> 00:43:27,230
<font color="#ffde44">මම ඔයාට ආදරෙයි.
හ්ම්?</font>

614
00:43:28,231 --> 00:43:29,315
<font color="#ffde44">ඒක එකපාරටමනේ.</font>

615
00:43:35,321 --> 00:43:36,322
<font color="#ffde44">ඒක වැඩක්.</font>

616
00:43:37,406 --> 00:43:39,200
<font color="#ffde44">තානාපති කාර්යාලයේ ඉන්ටවීව් එකට සුබ පැතුම්.</font>

617
00:43:42,578 --> 00:43:43,621
<font color="#ffde44">හලෝ?</font>

618
00:43:43,955 --> 00:43:47,207
<font color="#ffde44">ඔයා යද්දිත් මට වැඩ කරන්න වෙන එක
මටම අදහාගන්න බෑ.</font>

619
00:43:47,208 --> 00:43:48,543
<font color="#ffde44">මට ගොඩක් සමාවෙන්න, චාන්.</font>

620
00:43:49,252 --> 00:43:50,585
<font color="#ffde44">ඒකට කමක් නෑ.</font>

621
00:43:50,586 --> 00:43:52,921
<font color="#ffde44">මම කිව්වනේ ඔයා බිසී වුණාට
මම තරහා වෙන්නේ නෑ කියලා.</font>

622
00:43:52,922 --> 00:43:55,090
<font color="#ffde44">නිවාඩුවට මම ආපහු එනවා. මම ඔයාට ආදරෙයි.</font>

623
00:43:55,091 --> 00:43:56,424
<font color="#ffde44">මට ගොඩක් සමාවෙන්න.</font>

624
00:43:56,425 --> 00:43:58,094
<font color="#ffde44">ඔයා ගියාම මට මැසේජ් එකක් දාන්න.</font>

625
00:43:59,470 --> 00:44:03,014
<font color="#ffde44">මගේ ලැබ් එකේ වැඩ නිසා මට
ආපහු කොරියාවට යන්න බෑ.</font>

626
00:44:03,015 --> 00:44:05,935
<font color="#ffde44">මගේ ෆෝන් එක කැඩිලා, ඒ නිසා මට
ටික කාලෙකට ටෙක්ස්ට් කරන්න බැරි වෙයි.</font>

627
00:44:06,602 --> 00:44:08,770
<font color="#ffde44">හදිසි දෙයක් තියෙනවා නම්
මට මැසේජ් එකක් දාලා තියන්න.</font>

628
00:44:08,771 --> 00:44:10,439
<font color="#ffde44">මම ඒක දැනගෙන හිටියා.</font>

629
00:44:10,898 --> 00:44:12,817
<font color="#ffde44">ඔයාට විශ්වාසද එයාට එන්න ඕන
නැති නිසා නෙවෙයි කියලා?</font>

630
00:44:13,317 --> 00:44:15,819
<font color="#ffde44">මොකක්?
ඉතින්, මම ඒක දැකලා නැතත්,</font>

631
00:44:15,820 --> 00:44:18,530
<font color="#ffde44">සෝල් වල ඉද්දි එයා ඔයාට
ගොඩක් හොඳින් සැලකුවානේ.</font>

632
00:44:18,531 --> 00:44:21,324
<font color="#ffde44">ඒත් ඔයා හැමතිස්සෙම බිසී නිසා
වැඩිය කතා කළේ නෑනේ.</font>

633
00:44:21,325 --> 00:44:23,034
<font color="#ffde44">ඔයා එයාට ආදරය පෙන්නුවෙත් නෑ.</font>

634
00:44:23,035 --> 00:44:24,744
<font color="#ffde44">මේ විදියට ගියොත් ඔයාව දාලා යයි.</font>

635
00:44:24,745 --> 00:44:27,415
<font color="#ffde44">ඔයා හරි.
මට වෙන්න ඕනේ ඒක තමයි.</font>

636
00:44:28,416 --> 00:44:29,708
<font color="#ffde44">ඒක හරිම කණගාටුදායකයි.</font>

637
00:44:29,709 --> 00:44:31,877
<font color="#ffde44">මොකක්ද ඒ රියැක්ෂන් එක?</font>

638
00:44:31,878 --> 00:44:33,879
<font color="#ffde44">ඔයා හියොක්චාන්ට කැමතිද?</font>

639
00:44:33,880 --> 00:44:36,506
<font color="#ffde44">අනිවාර්යයෙන්ම. එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ්.</font>

640
00:44:36,507 --> 00:44:38,217
<font color="#ffde44">නෑ, ඒ විදියට නෙවෙයි.</font>

641
00:44:38,801 --> 00:44:40,052
<font color="#ffde44">ඔයා එයාට ආදරෙයිද?</font>

642
00:44:40,678 --> 00:44:41,679
<font color="#ffde44">ම්ම්?</font>

643
00:44:42,221 --> 00:44:43,638
<font color="#ffde44">චාන් ද ඕක එව්වේ?</font>

644
00:44:43,639 --> 00:44:45,892
<font color="#ffde44">එයාගේ ඩිසයිනර් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට
එයා චිත්‍ර අඳින පෑනක් එව්වාද?</font>

645
00:44:46,976 --> 00:44:49,812
<font color="#ffde44">වාව්. ඒකෙ ඔයාගේ නමත් කොටලද?</font>

646
00:44:51,939 --> 00:44:54,941
<font color="#ffde44">ඒත් මට පෑනක් යවන්න
ඔයාට අදහසක් ආවේ කොහොමද?</font>

647
00:44:56,360 --> 00:44:58,820
<font color="#ffde44">ඔයා හිරවෙලා වගේ දැනෙනවා කිව්ව එක ගැන
මම දිගටම කල්පනා කළා</font>

648
00:44:58,821 --> 00:45:00,864
<font color="#ffde44">මට ඕන වුණා ඒ පෑන ඔයාට
ඒ "එහෙම වුණොත්" කියන අදහස ගෙනෙන්න</font>

649
00:45:02,491 --> 00:45:05,161
<font color="#ffde44">චාන් මාව ගොඩක් හොඳට තේරුම් ගන්නවා...</font>

650
00:45:05,828 --> 00:45:06,829
<font color="#ffde44">සමාවෙන්න, මම විකාර කියෙව්වා</font>

651
00:45:07,788 --> 00:45:11,417
<font color="#ffde44">මට ඔයාව මතක් වෙනවා, හියොක්චාන්.</font>

652
00:45:12,752 --> 00:45:15,504
<font color="#ffde44">ටා-ඩා! මම එයාපෝට් එකේ ඉන්නේ!</font>

653
00:45:15,630 --> 00:45:17,715
<font color="#ffde44">මට මුහුණටම දෙයක් කියන්න ඕන වුණා.</font>

654
00:45:18,090 --> 00:45:20,218
<font color="#ffde44">චාන්. මම ඔයාට ආදරෙයි.</font>

655
00:45:21,719 --> 00:45:23,887
<font color="#ffde44">මම ඔයාට ආදරෙයි, චාන්.</font>

656
00:45:23,888 --> 00:45:25,347
<font color="#ffde44">හාරාන්, මම මොකද කරන්නේ?</font>

657
00:45:25,348 --> 00:45:26,349
<font color="#ffde44">චාන්...</font>

658
00:45:26,849 --> 00:45:29,477
<font color="#ffde44">හ්යොක්චාන් මැරිලා.</font>

659
00:45:42,323 --> 00:45:44,116
<font color="#ffde44">මම ඔන් ඇපරල් එකට මාරු වුණා.</font>

660
00:45:45,326 --> 00:45:48,788
<font color="#ffde44">ඔයාට මගේ බිස්නස් කාඩ් එක දෙන එකත් ටිකක් අමුතුයි.</font>

661
00:45:52,208 --> 00:45:54,126
<font color="#ffde44">ඔයා සනීපෙන් හිටියාද?</font>

662
00:45:56,587 --> 00:45:57,755
<font color="#ffde44">දැන්...</font>

663
00:45:58,881 --> 00:45:59,882
<font color="#ffde44">අවුරුදු හතක්ම වෙලා.</font>

664
00:46:01,217 --> 00:46:03,970
<font color="#ffde44">ඔයා කොහොමද ඉන්නේ කියලා මම නිතරම කල්පනා කළා,</font>

665
00:46:04,512 --> 00:46:06,180
<font color="#ffde44">ඒත් ඔයාට කතා කරන්න මට ලොකු වරදකාරී හැඟීමක් දැනුණා.</font>

666
00:46:06,931 --> 00:46:09,725
<font color="#ffde44">ඔයාට වරදකාරී හැඟීමක් දැනෙන්නේ ඇයි?</font>

667
00:46:18,067 --> 00:46:19,944
<font color="#ffde44">මොකක්ද ඒ?
ඕ...</font>

668
00:46:21,320 --> 00:46:24,614
<font color="#ffde44">ඔයා මෙහෙන්ද චෙක්අප් කරගත්තේ?</font>

669
00:46:24,615 --> 00:46:25,616
<font color="#ffde44">හාහ්?</font>

670
00:46:26,534 --> 00:46:28,368
<font color="#ffde44">ආහ්.</font>

671
00:46:28,369 --> 00:46:31,746
<font color="#ffde44">මම කලින් වතාවේ කලන්තෙ දාලා වැටුණාම
හිටියේ වෙනත් හදිසි ප්‍රතිකාර ඒකකයක.</font>

672
00:46:33,124 --> 00:46:35,709
<font color="#ffde44">මට රිෆරල් එකක් හම්බුණා, ඒකයි මම මෙහෙට එන්නේ.</font>

673
00:46:35,710 --> 00:46:36,960
<font color="#ffde44">මේක ළඟයිනේ.</font>

674
00:46:36,961 --> 00:46:38,296
<font color="#ffde44">මොකක්ද ඒ?
ආහ්...</font>

675
00:46:39,005 --> 00:46:42,550
<font color="#ffde44">මම මීට කලිනුත් මෙහෙන් බෙහෙත් අරන් තියෙනවා.</font>

676
00:46:43,509 --> 00:46:46,429
<font color="#ffde44">රිපෝට්ස් ගන්න පුළුවන් කොහෙන්ද කියලා මම අහලා එන්නම්.</font>

677
00:46:52,560 --> 00:46:54,103
<font color="#ffde44">අපිට ඇනෙක්ස් එකට යන්න වෙනවා.</font>

678
00:46:54,729 --> 00:46:55,813
<font color="#ffde44">ඇත්තද?</font>

679
00:46:56,772 --> 00:46:59,025
<font color="#ffde44">ඒත් ඔයා අද හැඩවෙලා ඉන්නේ ඇයි?</font>

680
00:47:00,192 --> 00:47:01,484
<font color="#ffde44">හ්ම්?</font>

681
00:47:01,485 --> 00:47:04,780
<font color="#ffde44">මට පස්සේ කොහේහරි යන්න තියෙන නිසා
හැඩවෙලා ඉන්න ඕනේ.</font>

682
00:47:05,364 --> 00:47:07,365
<font color="#ffde44">ම්ම්...</font>

683
00:47:07,366 --> 00:47:08,534
<font color="#ffde44">ඔයා කොහේද යන්නේ?</font>

684
00:47:14,040 --> 00:47:15,123
<font color="#ffde44">දොර වැහෙනවා.</font>

685
00:47:15,124 --> 00:47:17,460
<font color="#ffde44">දොර වැහෙනවා.</font>

686
00:47:34,060 --> 00:47:36,854
<font color="#ffde44">ආහ්? හේයි, රූමී!</font>

687
00:47:57,833 --> 00:47:58,834
<font color="#ffde44">මිස්ටර් පාක්.</font>

688
00:48:00,169 --> 00:48:02,838
<font color="#ffde44">සමාවෙන්න, මම එහේට යන්නම්.</font>

689
00:48:05,383 --> 00:48:06,384
<font color="#ffde44">හරි.</font>

690
00:48:12,681 --> 00:48:15,558
<font color="#ffde44">බොස්ටන් ජෙනරල් රෝහලෙන් ආපු
ස්නායු රෝග පිළිබඳ නේවාසික වෛද්‍ය,</font>

691
00:48:15,559 --> 00:48:16,727
<font color="#ffde44">චා සුජින්.</font>

692
00:48:17,269 --> 00:48:18,561
<font color="#ffde44">මම චා සුජින්.</font>

693
00:48:18,562 --> 00:48:20,730
<font color="#ffde44">මට පුළුවන් උපරිමයෙන්
මෙහෙන් ඉගෙන ගන්න මම උත්සාහ කරනවා.</font>

694
00:48:20,731 --> 00:48:22,525
<font color="#ffde44">ඔයාලා හැමෝම මුණගැහුණු එක ගැන සතුටුයි.</font>

695
00:48:27,530 --> 00:48:28,780
<font color="#ffde44">ඩොක්ටර් චා.</font>

696
00:48:28,781 --> 00:48:30,365
<font color="#ffde44">ඔයා මෙහේ ආභරණ පළඳින්න හොඳ නැහැ.</font>

697
00:48:30,366 --> 00:48:33,619
<font color="#ffde44">සමාවෙන්න. මට ඒක ගලවන්න අමතක වුණා.</font>

698
00:48:35,121 --> 00:48:37,580
<font color="#ffde44">වෛද්‍ය කාර්ය මණ්ඩල සෙවීම</font>

699
00:48:37,581 --> 00:48:40,459
<font color="#ffde44">ලී සුජින්</font>

700
00:48:41,627 --> 00:48:43,421
<font color="#ffde44">මට විශ්වාසයි එයා කෝට් එක ඇඳගෙන හිටියේ.</font>

701
00:48:51,512 --> 00:48:52,513
<font color="#ffde44">හරි.</font>

702
00:48:53,139 --> 00:48:54,931
<font color="#ffde44">මට රිපෝට්ස් හම්බුණා.</font>

703
00:48:54,932 --> 00:48:58,269
<font color="#ffde44">ඒත් ඔයා ඇයි එකපාරටම කලින් බැස්සේ?</font>

704
00:48:58,978 --> 00:49:00,979
<font color="#ffde44">ඕ. ඒක මුකුත් නෙවෙයි.</font>

705
00:49:00,980 --> 00:49:02,689
<font color="#ffde44">ළඟ කන්වීනියන්ස් ස්ටෝර් එකක් තියෙනවා.</font>

706
00:49:02,690 --> 00:49:04,441
<font color="#ffde44">මම නර්ස්ලාට බොන්න මොනවාහරි අරන් එන්නම්.</font>

707
00:49:04,442 --> 00:49:05,943
<font color="#ffde44">ම්ම්.</font>

708
00:49:06,902 --> 00:49:09,071
<font color="#ffde44">හ්ම්? වහියි කියලා කිව්වේ නැහැනේ.</font>

709
00:49:09,530 --> 00:49:10,697
<font color="#ffde44">මේක හදිසි වැස්සක්ද?</font>

710
00:49:10,698 --> 00:49:12,991
<font color="#ffde44">මට හුඩ් එකක් තියෙන නිසා අවුලක් නැහැ.
මම ඉක්මනට එන්නම්.</font>

711
00:49:12,992 --> 00:49:14,326
<font color="#ffde44">හරි.</font>

712
00:49:19,915 --> 00:49:22,041
<font color="#ffde44">ඒ කවුද? ඔයාගේ යාළුවෙක්ද?</font>

713
00:49:22,042 --> 00:49:23,711
<font color="#ffde44">නැහැ, මගේ රූම්මේට්.</font>

714
00:49:27,173 --> 00:49:29,925
<font color="#ffde44">ඩොක්ටර් චා, අපි රවුන්ඩ්ස් පටන් ගන්නවා.</font>

715
00:49:30,551 --> 00:49:31,552
<font color="#ffde44">හරි.</font>

716
00:49:34,722 --> 00:49:35,806
<font color="#ffde44">ඉස්පිරිතාලෙට ඇතුළත් කළා?</font>

717
00:49:36,515 --> 00:49:38,642
<font color="#ffde44">හ්යොක්චාන්?
ඔයාට මතක නැද්ද?</font>

718
00:49:39,226 --> 00:49:41,728
<font color="#ffde44">ලැබ් එකේදී එයාගේ අතට ලොකු තුවාලයක් වුණා.</font>

719
00:49:41,729 --> 00:49:42,980
<font color="#ffde44">එයාට සැත්කමකුත් කළා.</font>

720
00:49:43,939 --> 00:49:45,024
<font color="#ffde44">සැත්කමක්?</font>

721
00:49:45,816 --> 00:49:48,443
<font color="#ffde44">මම ඒ ගැන මුකුත්ම අහලා තිබුණේ නැහැ.</font>

722
00:49:51,447 --> 00:49:52,864
<font color="#ffde44">මන්ජේ, ඔයා මොකද හිතන්නේ?</font>

723
00:49:52,865 --> 00:49:55,867
<font color="#ffde44">ඒක හරියට
ජීනියස්ගේ අඩිපාරක් වගේ. ඒක ලස්සනයි.</font>

724
00:49:55,868 --> 00:49:57,410
<font color="#ffde44">නේ?
මම ඔයාට ඒක අරන් දෙන්නද?</font>

725
00:49:57,411 --> 00:49:59,537
<font color="#ffde44">ෂුවර්.
හරි. මේක කීයද?</font>

726
00:49:59,538 --> 00:50:00,914
<font color="#ffde44">මන්ජේ!
මොකක්ද? මොකක්ද ඒ?</font>

727
00:50:00,915 --> 00:50:02,207
<font color="#ffde44">තොක්බොක්කි! තොක්බොක්කි!</font>

728
00:50:08,547 --> 00:50:10,382
<font color="#ffde44">ඒක රසයි.</font>

729
00:50:11,008 --> 00:50:14,219
<font color="#ffde44">පන්ති කට් කරලා ඇවිත් තොක්බොක්කි කන එක
මාරම සතුටක්.</font>

730
00:50:14,220 --> 00:50:15,303
<font color="#ffde44">නේ?</font>

731
00:50:15,304 --> 00:50:18,056
<font color="#ffde44">ඒක අදාළ වෙන්නේ
චුන්චොන් වල ෆැශන් තරුව නාබොංට විතරයි.</font>

732
00:50:18,057 --> 00:50:20,184
<font color="#ffde44">මම කවදාවත් ඉස්කෝලේ කට් කරලා නැහැ.</font>

733
00:50:20,809 --> 00:50:23,603
<font color="#ffde44">ආහ්. ඔව්, ඇත්තනේ.</font>

734
00:50:23,604 --> 00:50:26,940
<font color="#ffde44">ඔයා පොත්ගුල්ලා පාක් මන්ජේනේ.</font>

735
00:50:26,941 --> 00:50:28,691
<font color="#ffde44">ඒක ඇත්ත.</font>

736
00:50:30,277 --> 00:50:31,320
<font color="#ffde44">සමාවෙන්න.</font>

737
00:50:31,862 --> 00:50:34,405
<font color="#ffde44">ඔයා කිම් නානා නේද?</font>

738
00:50:34,406 --> 00:50:35,698
<font color="#ffde44">ඒ වගේ නේද?</font>

739
00:50:35,699 --> 00:50:37,617
<font color="#ffde44">අපි ෆැශන් ඩිසයින් කරන ළමයි,</font>

740
00:50:37,618 --> 00:50:39,953
<font color="#ffde44">අපි ඔයාගේ ලොකු ෆෑන්ස්ලා.</font>

741
00:50:39,954 --> 00:50:41,913
<font color="#ffde44">මට ඔටෝග්‍රාෆ් එකක් ගන්න පුළුවන්ද?</font>

742
00:50:41,914 --> 00:50:45,291
<font color="#ffde44">ම්ම්... අනේ මන්දා. මගේ මූණ තමයි මගේ ඔටෝග්‍රාෆ් එක.</font>

743
00:50:45,292 --> 00:50:47,669
<font color="#ffde44">ඔයාලට මාත් එක්ක සෙල්ෆියක් ගන්න පුළුවන්.</font>

744
00:50:47,670 --> 00:50:50,172
<font color="#ffde44">එකයි, දෙකයි, තුනයි.</font>

745
00:50:50,923 --> 00:50:53,132
<font color="#ffde44">ස්තූතියි.</font>

746
00:50:53,133 --> 00:50:56,219
<font color="#ffde44">ඒ වුණාට, ඔයාගේ මහත්තයා නම් මාරම...</font>

747
00:50:56,220 --> 00:50:58,137
<font color="#ffde44">මං කිව්වේ, එයා ගොඩක් කූල්.</font>

748
00:50:58,138 --> 00:51:00,057
<font color="#ffde44">නෑ, මම...
එයා මාරම කූල් නේද?</font>

749
00:51:00,683 --> 00:51:03,017
<font color="#ffde44">මම පෙනුම ගැන ගොඩක් හිතනවා.</font>

750
00:51:13,028 --> 00:51:15,405
<font color="#ffde44">එයා එක්ක තනියම ඉන්නකොට
මට මෙච්චර චකිතයක් දැනෙන්නේ ඇයි?</font>

751
00:51:15,406 --> 00:51:17,240
<font color="#ffde44">ඔහ්... මට හරි රස්නෙයි.</font>

752
00:51:17,241 --> 00:51:20,368
<font color="#ffde44">මම හීටර් එක ඕෆ් කරන්නද?
එතකොට මම කලබල වෙලා කියලා පෙනෙයිද?</font>

753
00:51:20,369 --> 00:51:22,704
<font color="#ffde44">හරි රස්නෙයි.</font>

754
00:51:29,420 --> 00:51:30,504
<font color="#ffde44">මම ජනේලේ වහන්නද?</font>

755
00:51:31,130 --> 00:51:32,965
<font color="#ffde44">නෑ, කමක් නෑ. ඔයා කැමති විදිහට කරන්න.</font>

756
00:51:42,308 --> 00:51:44,934
<font color="#ffde44">එහෙනම් අපිට සාම්පල්ස් ටිකක් ගන්න පුළුවන් වෙයිද?</font>

757
00:51:44,935 --> 00:51:48,354
<font color="#ffde44">පුළුවන්, ඒත් ඒක සිල්ක් වලට වඩා
පස් ගුණයක් මිල වැඩියි,</font>

758
00:51:48,355 --> 00:51:50,356
<font color="#ffde44">ඒ වගේම කල්පැවැත්ම ගැන කරපු පරීක්ෂණ
තාම ස්ථිර නැහැ.</font>

759
00:51:50,357 --> 00:51:52,568
<font color="#ffde44">ඒකයි මට මේක ට්‍රයි කරලා බලන්න ඕනේ.</font>

760
00:51:53,110 --> 00:51:54,360
<font color="#ffde44">මට ඕනේ ඇඳුම් හදන්න</font>

761
00:51:54,361 --> 00:51:56,530
<font color="#ffde44">ප්‍රදර්ශනයට විතරක් නෙවෙයි
අනාගතේ වෙනුවෙන් දෙයක් ඔප්පු කරන්න.</font>

762
00:51:56,989 --> 00:51:59,741
<font color="#ffde44">අපේ බ්‍රෑන්ඩ් එක වෙනුවෙන්
මට ඒක ඇත්තටම ජයගන්න ඕනේ.</font>

763
00:51:59,742 --> 00:52:01,618
<font color="#ffde44">ඔයා ගොඩක් අධිෂ්ඨානයෙන් ඉන්නවා වගේ.</font>

764
00:52:01,619 --> 00:52:03,953
<font color="#ffde44">අපි කොහොමද සාම්පල්ස් ගන්නේ?</font>

765
00:52:03,954 --> 00:52:06,289
<font color="#ffde44">මම සම්බන්ධ වුණු
පර්යේෂණායතනයක් තියෙනවා.</font>

766
00:52:06,290 --> 00:52:08,917
<font color="#ffde44">ඒක බයෝ ස්ටාටප් කම්පැණියක්.
මම එයාලගේ නම්බර් එක දෙන්නම්.</font>

767
00:52:09,460 --> 00:52:10,753
<font color="#ffde44">ඇත්තද?
ඔව්.</font>

768
00:52:11,253 --> 00:52:15,131
<font color="#ffde44">එයාලගේ සහයෝගය ඉල්ලලා
මමත් ආයෙත් කතා කරන්නම්.</font>

769
00:52:15,132 --> 00:52:17,091
<font color="#ffde44">ස්තූතියි...</font>

770
00:52:17,092 --> 00:52:18,301
<font color="#ffde44">මට ඇත්තටම ගොඩක් කෘතඥපූර්වකයි.</font>

771
00:52:18,302 --> 00:52:20,720
<font color="#ffde44">ඔයාට හොඳින්ද?
ඔව්.</font>

772
00:52:20,721 --> 00:52:22,722
<font color="#ffde44">ඔයා ඇත්තටමද කියන්නේ?
අනිවාර්යයෙන්ම.</font>

773
00:52:22,723 --> 00:52:24,807
<font color="#ffde44">මිස් සොන්ග්, මෙන්න මගේ බිස්නස් කාඩ් එක.
ආහ්.</font>

774
00:52:24,808 --> 00:52:26,601
<font color="#ffde44">මොනවාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න.</font>

775
00:52:26,602 --> 00:52:27,810
<font color="#ffde44">ස්තූතියි.</font>

776
00:52:27,811 --> 00:52:29,437
<font color="#ffde44">ආයෙත් මුණගැහුණු එක ලොකු සතුටක්, තේසොක්.</font>

777
00:52:29,438 --> 00:52:32,440
<font color="#ffde44">මොකක්? ඔයාලා දෙන්නා අඳුරනවාද?</font>

778
00:52:32,441 --> 00:52:33,776
<font color="#ffde44">ඇයි ඔයා මට කිව්වේ නැත්තේ?</font>

779
00:52:34,360 --> 00:52:37,445
<font color="#ffde44">ඇත්තටම මම එයාගේ කැම්පස් එකේ ජූනියර් කෙනෙක්.</font>

780
00:52:37,446 --> 00:52:38,655
<font color="#ffde44">එයා මට කිව්වා</font>

781
00:52:38,656 --> 00:52:40,616
<font color="#ffde44">ඔයා අපහසුතාවයට පත්වෙයි කියලා හිතලා
මේක රහසක් විදිහට තියාගන්න කියලා.</font>

782
00:52:41,450 --> 00:52:44,495
<font color="#ffde44">මම එයාට ළං වෙන්න හැදුවා,
ඒත් එයා ඒ කාලේ මට කවදාවත් ඉඩ දුන්නේ නැහැ.</font>

783
00:52:44,953 --> 00:52:46,079
<font color="#ffde44">ඒත් දැන්...</font>

784
00:52:46,080 --> 00:52:48,164
<font color="#ffde44">අදට ගොඩක් ස්තූතියි, මිස්ටර් චේ.</font>

785
00:52:48,165 --> 00:52:49,416
<font color="#ffde44">අපි ඊළඟ වතාවේ හම්බවෙමු.</font>

786
00:52:49,958 --> 00:52:51,168
<font color="#ffde44">ඔයා නම් ටිකක්වත් වෙනස් වෙලා නැහැ.</font>

787
00:52:53,170 --> 00:52:56,631
<font color="#ffde44">මම ඔයාව තවත් හොඳින් දැනගන්න කැමතියි.</font>

788
00:52:56,632 --> 00:52:58,842
<font color="#ffde44">අපි දෙන්නා වයින් එකක් බොමුද?</font>

789
00:52:59,468 --> 00:53:00,844
<font color="#ffde44">අපි දෙන්නා විතරක්.</font>

790
00:53:01,345 --> 00:53:04,556
<font color="#ffde44">අපි දෙන්නා විතරක්?</font>

791
00:53:05,140 --> 00:53:06,141
<font color="#ffde44">ඒකට කමක් නෑ නේද?</font>

792
00:53:06,975 --> 00:53:09,144
<font color="#ffde44">මම හිතන්නේ නෑ ඔව් හෝ නෑ කියන්න
ඒක මට අයිති දෙයක් කියලා.</font>

793
00:53:10,062 --> 00:53:11,063
<font color="#ffde44">එහෙනම් මම යන්නම්.</font>

794
00:53:13,941 --> 00:53:15,566
<font color="#ffde44">මොකක්ද ඒ වුණේ?</font>

795
00:53:15,567 --> 00:53:17,611
<font color="#ffde44">එයා දැන් මාව ඩේට් එකකට සෙට් කළාද?</font>

796
00:53:18,028 --> 00:53:19,613
<font color="#ffde44">එයාට මං ගැන හැඟීමක් තිබුණේ නැද්ද?</font>

797
00:53:20,906 --> 00:53:21,990
<font color="#ffde44">මිස්ටර් යොන්.</font>

798
00:53:22,533 --> 00:53:25,577
<font color="#ffde44">එයා එක්ක තනියම බොන්න යන එක
ඇත්තටම කමක් නැද්ද?</font>

799
00:53:26,203 --> 00:53:28,204
<font color="#ffde44">ඔයා ඇයි මගෙන් ඒක අහන්නේ?</font>

800
00:53:28,205 --> 00:53:30,248
<font color="#ffde44">මං හිතන්නේ ඒක ඔයාගේ වැඩක්.</font>

801
00:53:31,667 --> 00:53:33,419
<font color="#ffde44">ආහ්. කමක් නෑ.</font>

802
00:53:37,297 --> 00:53:40,007
<font color="#ffde44">මිස්ටර් චේ, යමු වයින් ටිකක් බොන්න.</font>

803
00:53:40,008 --> 00:53:41,760
<font color="#ffde44">මට අද ඇත්තටම බොන්න ලොකු ආසාවක් තියෙනවා.</font>

804
00:53:51,478 --> 00:53:53,813
<font color="#ffde44">හදම්, මේ කෑම ටික රසවිඳින්න.</font>

805
00:53:53,814 --> 00:53:56,566
<font color="#ffde44">ඔයා මට අතුරු කෑමත් පැක් කළාද?</font>

806
00:53:56,567 --> 00:53:57,817
<font color="#ffde44">ස්තූතියි.</font>

807
00:53:57,818 --> 00:53:59,777
<font color="#ffde44">විභාගෙන් පස්සේ අනිවාර්යයෙන්ම එන්න.</font>

808
00:53:59,778 --> 00:54:01,238
<font color="#ffde44">මම පොරොන්දු වෙනවා අනිවාර්යයෙන්ම එනවා කියලා.</font>

809
00:54:02,281 --> 00:54:05,075
<font color="#ffde44">ඒත් ඔයාට පුළුවන්ද මට</font>

810
00:54:06,577 --> 00:54:07,994
<font color="#ffde44">තව එක පාරක් තුරුල් කරගන්න?</font>

811
00:54:07,995 --> 00:54:10,329
<font color="#ffde44">අනිවාර්යයෙන්ම, පුළුවන්. මෙහෙට එන්න.</font>

812
00:54:12,958 --> 00:54:14,917
<font color="#ffde44">මම පස්සේ ඔයාව ආයෙත් හම්බවෙන්නම්. හ්ම්?</font>

813
00:54:14,918 --> 00:54:16,043
<font color="#ffde44">හරි.</font>

814
00:54:16,044 --> 00:54:18,588
<font color="#ffde44">මටත්. මටත් තුරුල් වෙන්න ඕනේ.
දෙයියනේ!</font>

815
00:54:18,589 --> 00:54:21,132
<font color="#ffde44">එහෙනම් මාත් එකතු වෙන්න ඕනේ.</font>

816
00:54:25,721 --> 00:54:29,307
<font color="#ffde44">සැත්කමක්?
මම ඒ ගැන මුකුත්ම අහලා තිබුණේ නැහැ.</font>

817
00:54:29,308 --> 00:54:30,768
<font color="#ffde44">ඔයා දැනගෙන හිටියේ නැද්ද?</font>

818
00:54:31,435 --> 00:54:34,730
<font color="#ffde44">ඔයා කලබල වෙයි කියලා හිතලා
චාන් ඔයාට ඒක නොකියන්න ඇති.</font>

819
00:54:39,318 --> 00:54:41,778
<font color="#ffde44">සමාවෙන්න.</font>

820
00:54:41,779 --> 00:54:46,116
<font color="#ffde44">ඔයා නේද හොඳම ඩිසයිනර් සම්මානය දිනපු
ඩිසයිනර් සොන්ග් හාරාන්?</font>

821
00:54:46,950 --> 00:54:49,202
<font color="#ffde44">ආහ්? ඔයා කොහොමද මෙහේ?</font>

822
00:54:49,203 --> 00:54:52,122
<font color="#ffde44">සම්මාන දිනන අයට සුබ පතන එක
මගේ පුරුද්දක්.</font>

823
00:54:52,998 --> 00:54:54,291
<font color="#ffde44">මෙන්න.</font>

824
00:54:54,791 --> 00:54:55,875
<font color="#ffde44">සුබ පැතුම්.</font>

825
00:54:58,420 --> 00:54:59,463
<font color="#ffde44">ස්තූතියි.</font>

826
00:55:00,547 --> 00:55:03,634
<font color="#ffde44">ඒත් ඇයි ඔයා මේ දුකෙන් වගේ ඉන්නේ</font>

827
00:55:04,218 --> 00:55:05,594
<font color="#ffde44">සම්මානයකුත් දිනලා තියෙද්දි?</font>

828
00:55:06,261 --> 00:55:08,346
<font color="#ffde44">නෑ, මම ඇත්තටම ගොඩක් සතුටින් ඉන්නේ.</font>

829
00:55:08,347 --> 00:55:10,474
<font color="#ffde44">නෑ, ඔයාගේ මූණේ පේන්න තියෙන්නේ...</font>

830
00:55:11,975 --> 00:55:13,727
<font color="#ffde44">මේ වගේ එකක්.</font>

831
00:55:14,436 --> 00:55:16,938
<font color="#ffde44">යමු.</font>

832
00:55:16,939 --> 00:55:18,106
<font color="#ffde44">කොහේ යන්නද?</font>

833
00:55:18,899 --> 00:55:20,692
<font color="#ffde44">ෆොටෝස්? ඒක හරිම හදිස්සියෙන් වගේනේ.</font>

834
00:55:21,527 --> 00:55:23,319
<font color="#ffde44">මම ඔයාට කිව්වනේ, ඔයා ගත්තු ඒවා ගණන් ගන්නේ නැහැ කියලා.</font>

835
00:55:23,320 --> 00:55:24,946
<font color="#ffde44">ආහ්. මේක හොඳයි.</font>

836
00:55:24,947 --> 00:55:26,281
<font color="#ffde44">හරි. මෙහෙට එන්න.</font>

837
00:55:29,993 --> 00:55:32,162
<font color="#ffde44">අපේ හොඳම ඩිසයිනර්.</font>

838
00:55:34,498 --> 00:55:36,917
<font color="#ffde44">හරි. එකයි, දෙකයි, තුනයි.</font>

839
00:55:39,419 --> 00:55:40,587
<font color="#ffde44">ඔයා හිනාවෙන්න ඕනේ.</font>

840
00:55:41,421 --> 00:55:42,755
<font color="#ffde44">මේ පාර මල් එක්ක.</font>

841
00:55:42,756 --> 00:55:43,757
<font color="#ffde44">මෙන්න. හිනාවෙන්න.</font>

842
00:55:45,342 --> 00:55:47,386
<font color="#ffde44">හරි. එකයි, දෙකයි, තුනයි.</font>

843
00:55:48,303 --> 00:55:51,180
<font color="#ffde44">ඔයා තවත් ලස්සනට පේන්න
මම මගේ මූණ කැත කරගන්නම්.</font>

844
00:55:51,181 --> 00:55:53,141
<font color="#ffde44">එකයි, දෙකයි, තුනයි.</font>

845
00:55:57,354 --> 00:55:59,064
<font color="#ffde44">ලස්සන පෝස් එකක්.</font>

846
00:56:00,440 --> 00:56:02,484
<font color="#ffde44">ඔයාගේ ඉරියව් දිහා බලන්නකෝ.</font>

847
00:56:05,153 --> 00:56:07,154
<font color="#ffde44">යමු අපේ ඊළඟ තැනට.
මොකක්?</font>

848
00:56:07,155 --> 00:56:09,241
<font color="#ffde44">කොහේද? අපි කොහේද යන්නේ?</font>

849
00:56:10,701 --> 00:56:12,369
<font color="#ffde44">එන්න, යමු.</font>

850
00:56:13,161 --> 00:56:14,162
<font color="#ffde44">මේ පැත්තෙන්.</font>

851
00:56:17,416 --> 00:56:20,544
<font color="#ffde44">වාව්. ඔයා මේ වගේ
ලස්සන තැනකට තනියම ආවාද? චිහ්.</font>

852
00:56:21,086 --> 00:56:23,171
<font color="#ffde44">මාව දාලා නොකියම
අතුරුදහන් වුණේ ඔයානේ.</font>

853
00:56:25,632 --> 00:56:28,009
<font color="#ffde44">සමාවෙන්න, අපේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද?</font>

854
00:56:28,010 --> 00:56:29,844
<font color="#ffde44">අනිවාර්යයෙන්ම, පුළුවන්.</font>

855
00:56:29,845 --> 00:56:31,722
<font color="#ffde44">දෙකයි, තුනයි.</font>

856
00:56:32,306 --> 00:56:34,348
<font color="#ffde44">ස්තූතියි.
ස්තූතියි.</font>

857
00:56:34,349 --> 00:56:36,310
<font color="#ffde44">ඔයාටත් ෆොටෝ එකක් ඕනෙද?</font>

858
00:56:37,519 --> 00:56:38,853
<font color="#ffde44">හා.</font>

859
00:56:38,854 --> 00:56:41,397
<font color="#ffde44">හරි. හිනාවෙන්න.</font>

860
00:56:41,398 --> 00:56:43,441
<font color="#ffde44">ඔයාලා එකිනෙකා දිහා බලලා
හිනාවුණොත් ලස්සනට තියෙයි.</font>

861
00:56:43,442 --> 00:56:45,485
<font color="#ffde44">එකිනෙකා දිහා බලන්න පුළුවන්ද?
මේ වගේද?</font>

862
00:56:49,615 --> 00:56:51,199
<font color="#ffde44">මම මොකද කරන්න ඕනේ?</font>

863
00:56:52,075 --> 00:56:54,493
<font color="#ffde44">මම ඔයා වෙනුවෙන් කැත මූණක් හදන්නම්.</font>

864
00:56:54,494 --> 00:56:56,663
<font color="#ffde44">අපි ඔයාටත් එකක් ගමු.
අනේ මට කමක් නෑ.</font>

865
00:57:01,918 --> 00:57:03,128
<font color="#ffde44">ස්තූතියි.</font>

866
00:57:05,714 --> 00:57:07,173
<font color="#ffde44">මම දැන් ගන්නවා.</font>

867
00:57:07,174 --> 00:57:09,092
<font color="#ffde44">එකයි, දෙකයි, තුනයි.</font>

868
00:57:15,474 --> 00:57:18,727
<font color="#ffde44">මම පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරපු
බ්ලැන්කට් එකක් තියෙනවා,</font>

869
00:57:19,645 --> 00:57:21,688
<font color="#ffde44">ඒකෙන් ආවේ වෙනස්ම සුවඳක්.</font>

870
00:57:23,523 --> 00:57:27,027
<font color="#ffde44">ඒකෙන් ලොකු උණුසුමක් වගේම
සැනසීමක් දැනුණා</font>

871
00:57:28,779 --> 00:57:30,947
<font color="#ffde44">ඒක නිසා මට අඬන්නත් හිතුණා.</font>

872
00:57:33,533 --> 00:57:35,661
<font color="#ffde44">ඒත් ඒ සුවඳ නැතිවෙලා ගියා.</font>

873
00:57:36,328 --> 00:57:38,538
<font color="#ffde44">හරියටම මගේ අම්මාගෙන් එන සුවඳ වගේ.</font>

874
00:57:40,415 --> 00:57:42,334
<font color="#ffde44">ඒත් කලින් ඔයාගේ අම්මා මාව බදාගත්තම,</font>

875
00:57:44,753 --> 00:57:46,003
<font color="#ffde44">මට ඒ සුවඳම දැනුණා.</font>

876
00:57:53,261 --> 00:57:54,471
<font color="#ffde44">ඉතින් මට ඇඬුණා.</font>

877
00:57:56,139 --> 00:57:58,225
<font color="#ffde44">මම හිතුවේ ඒ සේදුම් කුඩු සුවඳක් කියලා,</font>

878
00:57:59,434 --> 00:58:01,103
<font color="#ffde44">ඒත් මම හිතන්නේ ඒ අම්මගෙ සුවඳ වෙන්න ඇති.</font>

879
00:58:03,939 --> 00:58:06,441
<font color="#ffde44">ආ? එහෙනම් මගෙනුත් ඒ සුවඳම එන්න ඕනෙ නේද?</font>

880
00:58:07,734 --> 00:58:08,735
<font color="#ffde44">මගේ සුවඳ බලන්න.</font>

881
00:58:14,241 --> 00:58:16,326
<font color="#ffde44">ඔයාගෙන් එන්නේ වෙනස්ම සුවඳක්.</font>

882
00:58:18,078 --> 00:58:20,663
<font color="#ffde44">මොනවා වුණත් මම ඔයාව කසාද බඳිනවා.</font>

883
00:58:20,664 --> 00:58:21,789
<font color="#ffde44">මොකක්?</font>

884
00:58:21,790 --> 00:58:24,041
<font color="#ffde44">මම ඔයාව දකින හැම වෙලාවෙම,</font>

885
00:58:24,042 --> 00:58:27,086
<font color="#ffde44">මට හිතෙන්නේ ඔයා කොහොමද මේ තරම්
පුදුමාකාර කෙනෙක් වුණේ කියලා.</font>

886
00:58:27,087 --> 00:58:29,089
<font color="#ffde44">ඒත් ඔයාගේ දෙමව්පියන්ව දැක්කම මට ඒක තේරුණා.</font>

887
00:58:29,673 --> 00:58:31,967
<font color="#ffde44">ඒගොල්ලෝ මගේ පවුලේ අය වුණොත්,</font>

888
00:58:32,551 --> 00:58:34,177
<font color="#ffde44">මම ගොඩක් සතුටු වෙයි.</font>

889
00:58:36,221 --> 00:58:38,014
<font color="#ffde44">ඒත් මම වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔයාට.</font>

890
00:58:39,599 --> 00:58:40,642
<font color="#ffde44">මම මොකද කරන්නේ?</font>

891
00:58:41,268 --> 00:58:44,812
<font color="#ffde44">මට කොච්චර සතුටුද කියනවා නම්,
මට සිහි නැති වෙයි වගේ.</font>

892
00:58:44,813 --> 00:58:48,107
<font color="#ffde44">දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ
සතුට විතරයි.</font>

893
00:58:48,108 --> 00:58:49,234
<font color="#ffde44">ම්ම්.</font>

894
00:58:50,402 --> 00:58:52,695
<font color="#ffde44">අපි යමු. මට පාඩම් කරන්න ඕනේ.</font>

895
00:58:52,696 --> 00:58:53,947
<font color="#ffde44">හරි.</font>

896
00:58:55,073 --> 00:58:56,408
<font color="#ffde44">අවම CSAT අවශ්‍යතාවයද?</font>

897
00:58:57,117 --> 00:58:59,077
<font color="#ffde44">ඒක නම් කජු කනවා වගේ වැඩක් වෙයි.</font>

898
00:59:02,664 --> 00:59:04,039
<font color="#ffde44">ඔයා එන්නේ නැත්තේ ඇයි?</font>

899
00:59:05,751 --> 00:59:07,377
<font color="#ffde44">ඔයාට ඇත්තටම සිහි නැති වුණාද?</font>

900
00:59:08,462 --> 00:59:10,922
<font color="#ffde44">අනේ. විහිළු කරන එක නවත්තන්න.</font>

901
00:59:12,591 --> 00:59:14,968
<font color="#ffde44">හදාම්, මම මොකද කරන්නේ?</font>

902
00:59:18,180 --> 00:59:20,474
<font color="#ffde44">මට නැගිටින්න බෑ.</font>

903
00:59:21,057 --> 00:59:22,141
<font color="#ffde44">මගේ කකුල...</font>

904
00:59:22,142 --> 00:59:23,225
<font color="#ffde44">මොකක්?</font>

905
00:59:27,564 --> 00:59:29,316
<font color="#ffde44">ආ?</font>

906
00:59:36,948 --> 00:59:38,032
<font color="#ffde44">යුග්යොම්...</font>

907
00:59:39,618 --> 00:59:41,202
<font color="#ffde44">කුඩේට ස්තූතියි.</font>

908
00:59:44,122 --> 00:59:45,582
<font color="#ffde44">පස්සේ හම්බවෙමු.</font>

909
00:59:46,291 --> 00:59:47,500
<font color="#ffde44">ඔව්!
බායි.</font>

910
00:59:47,501 --> 00:59:48,667
<font color="#ffde44">හරි. බායි.</font>

911
00:59:48,668 --> 00:59:49,960
<font color="#ffde44">බායි.
පරිස්සමෙන් ගෙදර යන්න.</font>

912
00:59:49,961 --> 00:59:50,962
<font color="#ffde44">හරි.</font>

913
00:59:52,506 --> 00:59:56,259
<font color="#ffde44">චිහ්. එයා නිකරුණේ මගේ
බලාපොරොත්තු වැඩි කළා.</font>

914
00:59:58,553 --> 01:00:00,806
<font color="#ffde44">මම එයාට ස්තූති කරන්න ඕනේ.</font>

915
01:00:01,389 --> 01:00:04,935
<font color="#ffde44">එයා අපිව අඳුන්වලා දීපු එක ගැන
මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.</font>

916
01:00:09,981 --> 01:00:11,107
<font color="#ffde44">ඇයි එයා ෆෝන් එක ගන්නේ නැත්තේ?</font>

917
01:00:16,696 --> 01:00:20,867
<font color="#ffde44">මිස්ටර් යොන්, මම අද මිස්ටර් චේ එක්ක
ගොඩක් විනෝද වුණා...</font>

918
01:00:22,536 --> 01:00:23,828
<font color="#ffde44">ඔයා මොනවද හොරෙන් බලන්නේ?</font>

919
01:00:23,829 --> 01:00:25,580
<font color="#ffde44">අම්මෝ, ඔයා මාව බය කළා.</font>

920
01:00:26,581 --> 01:00:29,667
<font color="#ffde44">මීටින් එකෙන් පස්සේ මිස්ටර් යොන්
ආයේ මෙහෙට ආවේ නැද්ද?</font>

921
01:00:29,668 --> 01:00:31,461
<font color="#ffde44">එයා පොඩ්ඩකට ඇවිත් ගියා.</font>

922
01:00:32,128 --> 01:00:33,212
<font color="#ffde44">ආ.</font>

923
01:00:33,213 --> 01:00:34,381
<font color="#ffde44">ඔයා මට දවල් කෑම අරන් දෙන එක තමයි හොඳ...</font>

924
01:00:34,840 --> 01:00:37,384
<font color="#ffde44">මේ දුන්නු තොරතුරු වලට.</font>

925
01:00:38,844 --> 01:00:41,095
<font color="#ffde44">කොහොමත් එයා හැමදාම
වැඩ ඉවර වෙලා යන්නේ පරක්කු වෙලානේ.</font>

926
01:00:41,096 --> 01:00:42,305
<font color="#ffde44">මිස්ටර් යොන් තේසොක්?</font>

927
01:00:43,515 --> 01:00:44,891
<font color="#ffde44">ඔයාට පාර්සල් එකක් ඇවිත් තියෙනවා.</font>

928
01:00:45,559 --> 01:00:47,309
<font color="#ffde44">මම ඒක ගන්නම්.</font>

929
01:00:47,310 --> 01:00:48,936
<font color="#ffde44">ස්තූතියි.</font>

930
01:00:48,937 --> 01:00:51,022
<font color="#ffde44">යොන් තේසොක්</font>

931
01:00:57,863 --> 01:00:59,531
<font color="#ffde44">මිස්ටර් යොන්.</font>

932
01:01:04,411 --> 01:01:06,496
<font color="#ffde44">මොකක්ද? එයා ගෙදරත් නැද්ද?</font>

933
01:01:10,917 --> 01:01:12,752
<font color="#ffde44">මිස්ටර් යොන්, මම...</font>

934
01:01:14,004 --> 01:01:15,087
<font color="#ffde44">ආ?</font>

935
01:01:17,424 --> 01:01:18,716
<font color="#ffde44">මොකක්ද...</font>

936
01:01:18,717 --> 01:01:20,302
<font color="#ffde44">මොකක්ද මේ වෙන්නේ?</font>

937
01:01:23,930 --> 01:01:27,767
<font color="#ffde44">මේ කීචේන් එක හරිම කියුට්.</font>

938
01:01:28,268 --> 01:01:30,979
<font color="#ffde44">මන්ජේ, අපි ඊළඟ වතාවේ සුජේබි කන්න යමු.</font>

939
01:01:32,397 --> 01:01:35,524
<font color="#ffde44">ඒ වගේම ගොඩක් සීතල වෙන්න කලින්
අපි චුන්චොන් වලටත් යමු.</font>

940
01:01:35,525 --> 01:01:36,985
<font color="#ffde44">අපි...
කිම් නබොන්ග්.</font>

941
01:01:38,320 --> 01:01:39,445
<font color="#ffde44">මොකක්?</font>

942
01:01:39,446 --> 01:01:40,447
<font color="#ffde44">ඔයා එන්නේ නැත්තේ ඇයි?</font>

943
01:01:41,781 --> 01:01:42,866
<font color="#ffde44">ඔයා.</font>

944
01:01:45,201 --> 01:01:46,578
<font color="#ffde44">මේ පාර ඔයා කොහෙද යන්නේ?</font>

945
01:01:47,203 --> 01:01:48,621
<font color="#ffde44">මම කිව්වේ අපි චුන්චොන් යමු කියලා.</font>

946
01:01:48,622 --> 01:01:51,040
<font color="#ffde44">ඔයා හැසිරෙන්නේ හරියට ඒ කාලේ වගේමයි.</font>

947
01:01:51,041 --> 01:01:53,918
<font color="#ffde44">ඔයාට වයස 20 දි ඔයා එකපාරටම
ප්‍රංශයට ගිය වෙලාවේ,</font>

948
01:01:53,919 --> 01:01:55,210
<font color="#ffde44">ඔයා හැසිරුණෙත් මේ වගේමයි.</font>

949
01:01:55,211 --> 01:01:57,838
<font color="#ffde44">ඔයා එකපාරටම මට කෝල් කරලා</font>

950
01:01:57,839 --> 01:02:00,216
<font color="#ffde44">කිව්වා, "අපි මේක කරමු. අපි මෙහෙ යමු." කියලා.</font>

951
01:02:00,967 --> 01:02:03,928
<font color="#ffde44">ඊටපස්සේ මුකුත් නොකියාම ඔයා
එකපාරටම අතුරුදහන් වුණා.</font>

952
01:02:06,932 --> 01:02:09,850
<font color="#ffde44">ඒක ගොඩක් ඉස්සර වෙච්ච දෙයක්නේ. විකාර කියවන්න එපා.</font>

953
01:02:09,851 --> 01:02:10,894
<font color="#ffde44">මට කියන්න.</font>

954
01:02:11,728 --> 01:02:13,021
<font color="#ffde44">මේ පාර මොකක්ද?</font>

955
01:02:13,480 --> 01:02:15,231
<font color="#ffde44">ඇත්තටම ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

956
01:02:30,664 --> 01:02:31,790
<font color="#ffde44">හලෝ?</font>

957
01:02:33,500 --> 01:02:35,627
<font color="#ffde44">ඔව්. කවුද කතා කරන්නේ කියලා දැනගන්න පුළුවන්ද?</font>

958
01:02:44,636 --> 01:02:45,886
<font color="#ffde44">ආ...</font>

959
01:02:45,887 --> 01:02:47,221
<font color="#ffde44">හරි.</font>

960
01:02:47,222 --> 01:02:48,723
<font color="#ffde44">මම ගිහින් බලන්නම්.</font>

961
01:02:58,650 --> 01:03:00,694
<font color="#ffde44">ආ.</font>

962
01:03:06,741 --> 01:03:09,703
<font color="#ffde44">මට දැනටමත් ඔයාව මතක් වෙනවා.</font>

963
01:03:14,374 --> 01:03:16,501
<font color="#ffde44">ම්ම්?
ඔයාට ටිකකට එළියට එන්න පුළුවන්ද?</font>

964
01:03:22,841 --> 01:03:25,343
<font color="#ffde44">ඒක ඉක්මන් නේද?</font>

965
01:03:25,844 --> 01:03:26,886
<font color="#ffde44">ඔයාට මහන්සි නැද්ද?</font>

966
01:03:27,387 --> 01:03:29,930
<font color="#ffde44">මම කියන්නේ, මම ඔයාට ගෙදර ගිහින් විවේක ගන්න කිව්වානේ,</font>

967
01:03:29,931 --> 01:03:30,932
<font color="#ffde44">ඒත්...</font>

968
01:03:31,641 --> 01:03:35,894
<font color="#ffde44">ඔයා ගිය එක ගැන ඇත්තටම
මට ගොඩක් දුක හිතුණා.</font>

969
01:03:38,815 --> 01:03:39,816
<font color="#ffde44">මොකක්ද?</font>

970
01:03:40,483 --> 01:03:41,735
<font color="#ffde44">මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

971
01:03:42,569 --> 01:03:45,696
<font color="#ffde44">මට දැන් රෙස්ටුරන්ට් එකෙන් කෝල් එකක් ආවා.</font>

972
01:03:45,697 --> 01:03:47,157
<font color="#ffde44">මොන රෙස්ටුරන්ට් එකෙන්ද?</font>

973
01:04:00,962 --> 01:04:03,965
<font color="#ffde44">මට හිතෙන්නේ ඔයා මට මේක පැහැදිලි කරන්න ඕනේ කියලා.</font>

974
01:04:29,074 --> 01:04:31,116
<font color="#b67a07"><b>ඉන් යුවර් රේඩියන්ට් සීසන්</b></font>

975
01:04:55,141 --> 01:04:59,728
<font color="#ffde44">බලන විදිහට ඒගොල්ලෝ එකට ඉන්න
නියම වෙලා නෑ වගේ.</font>

976
01:04:59,729 --> 01:05:03,315
<font color="#ffde44">අවුරුදු හතකට කලින් වුණේ මොකක්ද කියලා
ඔයා දන්න දේවල් මට කියන්න පුළුවන්ද?</font>

977
01:05:03,316 --> 01:05:05,567
<font color="#ffde44">මම එයාට හැමදේම කියලා</font>

978
01:05:05,568 --> 01:05:08,278
<font color="#ffde44">එයාගෙන් සමාව ගන්නවා.</font>

979
01:05:08,279 --> 01:05:12,658
<font color="#ffde44">මිස් සොන්ග්වයි මාවයි යාළු වෙන්න
තියෙන ඉඩකඩ බිංදුවයි.</font>

980
01:05:12,659 --> 01:05:17,371
<font color="#ffde44">මේ හැමදෙයක් ගැනම මට ඇත්තටම
වැරදීමක්ද වෙලා තියෙන්නේ?</font>

981
01:05:17,372 --> 01:05:19,957
<font color="#ffde44">තමන්ව හිනස්සන කෙනෙක් හොයාගන්න
ලැබෙන්නේ කලාතුරකින්.</font>

982
01:05:19,958 --> 01:05:22,000
<font color="#ffde44">ඔයාට ප්‍රශ්නයක් වුණොත් එහෙම?</font>

983
01:05:22,001 --> 01:05:23,627
<font color="#ffde44">වෙන මොනවා හරි වුණොත්?</font>

984
01:05:23,628 --> 01:05:26,213
<font color="#ffde44">මට එයාගේ ළඟින්ම ඉන්න ඕනේ,</font>

985
01:05:26,214 --> 01:05:28,007
<font color="#ffde44">ඒත් මොකද කරන්නේ කියලා මම දන්නේ නෑ.</font>

986
01:05:40,353 --> 01:05:41,436
<font color="#b67a07"><b>ඉන් යුවර් රේඩියන්ට් සීසන්</b></font>

987
01:05:41,437 --> 01:05:42,438
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

