1
00:00:30,925 --> 00:00:32,925
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:32,949 --> 00:00:35,952
<font color="#db9809">ප්‍රෝ බොනෝ</font>

3
00:00:38,371 --> 00:00:39,330
<font color="#ffbf46">අංකය සඟවා ඇත</font>

4
00:00:39,414 --> 00:00:41,916
<font color="#ffbf46">දාවිත්ට ඔයාව රවට්ටන්න දෙන්න එපා
එයා ලොකු අල්ලසක් ගත්ත අපරාධකාරයෙක්</font>

5
00:00:42,000 --> 00:00:42,917
<font color="#ffbf46">එයා මහ කුරිරු මිනීමරුවෙක්</font>

6
00:00:54,804 --> 00:00:56,890
<font color="#ffbf46"><i>ඒයි, තදින් අල්ලගන්න.</i></font>

7
00:01:01,895 --> 00:01:03,563
<font color="#ffbf46"><i>පරිස්සමින්.</i></font>

8
00:01:03,646 --> 00:01:07,317
<font color="#ffbf46"><i>මේක නම්... දෙවියනේ.</i></font>

9
00:01:08,902 --> 00:01:09,903
<font color="#ffbf46">මිස් පාක්?</font>

10
00:01:26,878 --> 00:01:31,049
<font color="#ffbf46">ප්‍රෝ බොනෝ</font>

11
00:01:31,132 --> 00:01:33,009
<font color="#ff7f21"><b>5 වැනි කොටස</b></font>

12
00:01:37,889 --> 00:01:41,434
<font color="#ffbf46">"ජයග්‍රහණයේ රසය. ප්‍රෝ බොනෝ."</font>

13
00:01:44,270 --> 00:01:46,898
<font color="#ffbf46">ඇයි මේ මූණ එල්ලගෙන?</font>

14
00:01:46,981 --> 00:01:48,107
<font color="#ffbf46">අපි දින්නනේ.</font>

15
00:01:48,191 --> 00:01:50,151
<font color="#ffbf46">මේ තරම් පිරිසිදු ජයග්‍රහණයක් තවත් නෑ.</font>

16
00:01:50,235 --> 00:01:51,402
<font color="#ffbf46">මම ඔයාට කිව්වනේ.</font>

17
00:01:51,486 --> 00:01:53,905
<font color="#ffbf46">කං දාවිත් කියන කෙනා "පරාජය"
කියන එක අඳුරන්නෙ නෑ.</font>

18
00:01:54,989 --> 00:01:55,990
<font color="#ffbf46">හරි.</font>

19
00:01:57,659 --> 00:02:00,495
<font color="#ffbf46">එහෙනම්, ඇයි මේ මහා භයානක දෙයක්
දැක්කා වගේ ඉන්නේ?</font>

20
00:02:01,371 --> 00:02:02,622
<font color="#ffbf46">මුකුත් නෑ.</font>

21
00:02:02,705 --> 00:02:05,333
<font color="#ffbf46">බය වෙලා හිටපු නිසා
මට නිකන් අසනීපයි වගේ.</font>

22
00:02:06,000 --> 00:02:07,502
<font color="#ffbf46">අනේ මන්දා, මිස් පාක්.</font>

23
00:02:08,128 --> 00:02:09,546
<font color="#ffbf46">ඔයාට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.</font>

24
00:02:09,629 --> 00:02:10,964
<font color="#ffbf46">මම පම්පෝරි ගහනවා කියල දන්නවා,</font>

25
00:02:11,047 --> 00:02:13,716
<font color="#ffbf46">ඒත් මම ඇහැක්වත් ඇරල බලපු නැති කෙනෙක්</font>

26
00:02:13,800 --> 00:02:16,261
<font color="#ffbf46">බලයේ ඉන්න ඇමතිවරුන්ව
උසාවි කූඩුවට දාද්දිවත්.</font>

27
00:02:16,886 --> 00:02:19,931
<font color="#ffbf46">පිහියකින් කොටලා මරපු නඩුවක් තිබුණාම වුනත්,</font>

28
00:02:20,014 --> 00:02:23,184
<font color="#ffbf46">මම හොඳට රතු පාට සැර සුප් එකක් බිව්වා.</font>

29
00:02:24,018 --> 00:02:26,396
<font color="#ffbf46">ඇත්තටම, නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් විදියට...</font>

30
00:02:26,479 --> 00:02:27,522
<font color="#ffbf46">කං විනිසුරුතුමා!</font>

31
00:02:28,398 --> 00:02:29,732
<font color="#ffbf46">මිස්ටර් ලී!</font>

32
00:02:31,234 --> 00:02:32,360
<font color="#ffbf46">ගොඩ කාලෙකින්!</font>

33
00:02:33,528 --> 00:02:35,405
<font color="#ffbf46">ආහ්. හරි සර්!</font>

34
00:02:37,407 --> 00:02:38,658
<font color="#ffbf46">කොහොමද ඉතින්?</font>

35
00:02:38,741 --> 00:02:40,076
<font color="#ffbf46">දණහිසට දැන් කොහොමද?</font>

36
00:02:40,160 --> 00:02:43,663
<font color="#ffbf46">කං විනිසුරුතුමාට පින් සිද්ධ වෙන්න
දැන් මගේ දණහිස හොඳයි.</font>

37
00:02:43,746 --> 00:02:44,789
<font color="#ffbf46">මම දැන් විනිසුරුවරයෙක් නෙමෙයිනේ.</font>

38
00:02:44,873 --> 00:02:47,458
<font color="#ffbf46">අයියෝ. මේ ටික කාලෙකට විවේකයක් ගත්තා විතරනේ.</font>

39
00:02:47,542 --> 00:02:49,335
<font color="#ffbf46">ඔයා ඉක්මනට ආපහු එන්න ඕනේ.</font>

40
00:02:50,003 --> 00:02:51,087
<font color="#ffbf46">බොහොම ස්තූතියි.</font>

41
00:02:51,796 --> 00:02:55,258
<font color="#ffbf46">ඉක්මනට එන්න කැප්ටන්! අනිවාර්යයෙන්ම!</font>

42
00:02:56,634 --> 00:02:57,635
<font color="#ffbf46">ගිහින් එන්නම් සර්.</font>

43
00:02:59,012 --> 00:03:00,930
<font color="#ffbf46">පරිස්සමින් ඉන්න. හොඳයි.</font>

44
00:03:01,973 --> 00:03:02,974
<font color="#ffbf46">අම්මෝ!</font>

45
00:03:03,558 --> 00:03:04,475
<font color="#ffbf46">ඇති යන්තම්.</font>

46
00:03:05,768 --> 00:03:07,353
<font color="#ffbf46">ඔයා හරි ජනප්‍රියයිනේ.</font>

47
00:03:08,396 --> 00:03:10,148
<font color="#ffbf46">බලමුද මම කොච්චර ජනප්‍රියද කියලා?</font>

48
00:03:13,735 --> 00:03:14,736
<font color="#ffbf46">මිස්ටර් කං.</font>

49
00:03:16,487 --> 00:03:17,405
<font color="#ffbf46">ඔව්?</font>

50
00:03:18,531 --> 00:03:20,116
<font color="#ffbf46">ඔයා හොඳ කෙනෙක් නේද?</font>

51
00:03:21,826 --> 00:03:22,827
<font color="#ffbf46">එකපාරටම?</font>

52
00:03:23,995 --> 00:03:24,913
<font color="#ffbf46">අමතක කරන්න.</font>

53
00:03:25,663 --> 00:03:26,497
<font color="#ffbf46">මට අමතක කරන්න බෑ.</font>

54
00:03:26,581 --> 00:03:29,208
<font color="#ffbf46">කියන්න ගිය දේ අතරමග නවත්තනවාට
මම කැමති නෑ.</font>

55
00:03:29,292 --> 00:03:30,209
<font color="#ffbf46">මොකක්ද ඒ? මට කියන්න.</font>

56
00:03:30,877 --> 00:03:33,546
<font color="#ffbf46">මම නිකන් බලාපොරොත්තු වෙනවා
ඔයා හොඳ කෙනෙක් වෙයි කියලා, මිස්ටර් කං.</font>

57
00:03:41,346 --> 00:03:42,430
<font color="#ffbf46">ගි-පූම්!</font>

58
00:03:43,056 --> 00:03:44,057
<font color="#ffbf46">උයි-හියොන්!</font>

59
00:03:44,849 --> 00:03:46,351
<font color="#ffbf46">ගොඩ කාලෙකින්!</font>

60
00:03:46,434 --> 00:03:48,811
<font color="#ffbf46">ඔයා මොකද මෙහේ කරන්නෙ?
මම අහුවා ඔයාට හරිම වැඩ වැඩි කියලා.</font>

61
00:03:48,895 --> 00:03:50,230
<font color="#ffbf46">අයියෝ. මම එච්චර කාර්යබහුල නෑ...</font>

62
00:03:50,313 --> 00:03:52,857
<font color="#ffbf46">ලිංගික අපරාධ නඩු අහන
මහාධිකරණ විනිසුරුවරයෙක් තරම්.</font>

63
00:03:52,941 --> 00:03:54,692
<font color="#ffbf46">මම අහලා තියෙනවා අපරාධකාරයෝ යාඥා කරනවාලු,</font>

64
00:03:54,776 --> 00:03:57,445
<font color="#ffbf46">"අනේ මාව අර යමරජා ජංගෙ
උසාවියට නම් දාන්න එපා" කියලා.</font>

65
00:03:58,321 --> 00:03:59,989
<font color="#ffbf46">එහෙනම් ඉතින් වැරදි නොකර ඉන්න තිබුණනේ.</font>

66
00:04:00,615 --> 00:04:01,950
<font color="#ffbf46">යමු මොනවා හරි රස දෙයක් කන්න.</font>

67
00:04:02,033 --> 00:04:02,867
<font color="#ffbf46">යමු.</font>

68
00:04:05,078 --> 00:04:05,912
<font color="#ffbf46">එහෙමද.</font>

69
00:04:07,247 --> 00:04:08,748
<font color="#ffbf46">මිනිස්සු එයාට එක්කෝ ආදරේ කළා, නැත්නම් වෛර කළා.</font>

70
00:04:09,457 --> 00:04:12,835
<font color="#ffbf46">එයා ප්‍රසිද්ධ වෙලා හිටියේ "ජනතාවගේ විනිසුරු" කියලයි
පොඩි තැනකින් ආපු කෙනෙක් විදියටයි.</font>

71
00:04:13,461 --> 00:04:17,173
<font color="#ffbf46">ඒත් සමහර තරුණ විනිසුරුවරු
එයාට කැමති වුණේ නෑ.</font>

72
00:04:17,257 --> 00:04:19,259
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්, මමත් එයාට කැමති නෑ.</font>

73
00:04:19,342 --> 00:04:20,510
<font color="#ffbf46">ඔයා කැමති නෑ? ඒ ඇයි?</font>

74
00:04:20,593 --> 00:04:22,553
<font color="#ffbf46">එයා ජනප්‍රියත්වය ගැන ඕනවට වඩා හිතනවා.</font>

75
00:04:22,637 --> 00:04:24,389
<font color="#ffbf46">එයා සම්මුඛ සාකච්ඡා වලටත් යනවා වැඩියි.</font>

76
00:04:25,598 --> 00:04:28,685
<font color="#ffbf46">ඉතින්, ඇයි ඒ වගේ කෙනෙක්
එකපාරටම අයින් වුණේ?</font>

77
00:04:29,269 --> 00:04:31,521
<font color="#ffbf46">ඔයා කිව්වෙ එයා ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරුකමටත් ඉල්ලන්න හිටියෙ කියලා.</font>

78
00:04:34,023 --> 00:04:36,901
<font color="#ffbf46">ඇත්තටම, අමුතු කතාවක් පැතිරුණා.</font>

79
00:04:38,027 --> 00:04:39,028
<font color="#ffbf46">මොකක්ද ඒ?</font>

80
00:04:39,112 --> 00:04:41,489
<font color="#ffbf46">ඒක ආවේ ප්‍රධාන විනිසුරුතුමාගේ ලේකම් කාර්යාලයෙන්.</font>

81
00:04:44,200 --> 00:04:46,411
<font color="#ffbf46">එයා අල්ලස් ගත්තා කියලා චෝදනාවක් ආවා. මොකක්?</font>

82
00:04:49,038 --> 00:04:51,416
<font color="#ffbf46">ඇපල් පෙට්ටියක් සම්බන්ධ කැත කතාවක් ගියා,</font>

83
00:04:51,499 --> 00:04:54,961
<font color="#ffbf46">ඒත් උසාවියේ නම රැකගන්න
ලොකු තැන්වලින් ඒක යට ගැහුවා.</font>

84
00:04:56,671 --> 00:04:57,922
<font color="#ffbf46">ඒක ඇත්තක්ද?</font>

85
00:04:59,507 --> 00:05:02,260
<font color="#ffbf46">මම ඔයාව ඇත්තටම අගය කරනවා, මිස්ටර් කං.</font>

86
00:05:02,343 --> 00:05:04,804
<font color="#ffbf46">පළවෙනි නඩුව පැරදුණාම
අපිට කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ.</font>

87
00:05:04,887 --> 00:05:05,930
<font color="#ffbf46">හරි.</font>

88
00:05:06,014 --> 00:05:07,640
<font color="#ffbf46">දැන් කට්ටියම ඒක පාඩම් කරගත්තද?</font>

89
00:05:07,724 --> 00:05:10,685
<font color="#ffbf46">අපි කොහොම හරි දිනනවා!</font>

90
00:05:10,768 --> 00:05:12,353
<font color="#ffbf46">අපි කොහොම හරි දිනනවා!</font>

91
00:05:13,062 --> 00:05:16,190
<font color="#ffbf46">මට විශ්වාසය මදි වුණා.
මම ඔයාගේ කර ටිකක් මසාජ් කරන්නද?</font>

92
00:05:16,274 --> 00:05:17,734
<font color="#ffbf46">නෑ, කමක් නෑ. හරි.</font>

93
00:05:19,027 --> 00:05:22,905
<font color="#ffbf46">ඒත් ඔයත් කොහොමවත් හිතන්න නැතුව ඇති</font>

94
00:05:22,989 --> 00:05:25,533
<font color="#ffbf46">මිස්ටර් චෝයි, ගං-හුන්ගේ අම්මව හදාගන්න ගනීවි කියලා.</font>

95
00:05:26,576 --> 00:05:27,744
<font color="#ffbf46">අපෝ, මම දැනගෙන හිටියා.</font>

96
00:05:27,827 --> 00:05:30,663
<font color="#ffbf46">මම කොහොමත් පියවර කිහිපයක් ඉස්සරහින් ඉන්නේ...</font>

97
00:05:30,747 --> 00:05:32,457
<font color="#ffbf46">ඔයාට ලක එක පෑදුණා.</font>

98
00:05:34,000 --> 00:05:37,170
<font color="#ffbf46">ලක් එක? ඒ සේරම මගේ සැලැස්මේ කොටසක්...</font>

99
00:05:37,253 --> 00:05:39,881
<font color="#ffbf46">වාසනාව තියෙන එකත් දක්ෂකමක් තමයි.
ඔයා ඇත්තටම මාරයි.</font>

100
00:05:39,964 --> 00:05:41,632
<font color="#ffbf46">ඇත්තෙන්ම, වාසනාව කියන්නෙත්...</font>

101
00:05:41,716 --> 00:05:44,343
<font color="#ffbf46">නෑ, මම කිව්වේ ඒක වාසනාව නෙමෙයි කියලා.</font>

102
00:05:44,427 --> 00:05:45,970
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

103
00:05:46,054 --> 00:05:47,221
<font color="#ffbf46">හායි. හායි.</font>

104
00:05:49,015 --> 00:05:49,932
<font color="#ffbf46">මිස් පාක්.</font>

105
00:05:50,600 --> 00:05:51,434
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

106
00:05:52,643 --> 00:05:55,480
<font color="#ffbf46">හරි, දැන් මිස් පාකුත් ආපු එකේ,
මම කියන්නම්.</font>

107
00:05:55,563 --> 00:05:58,191
<font color="#ffbf46">ගියොංගි මානව හිමිකම් එකමුතුව පවත්වනවා</font>

108
00:05:58,274 --> 00:06:00,234
<font color="#ffbf46">උදෑසන පාපන්දු සමාජ තරඟාවලියක්.</font>

109
00:06:00,318 --> 00:06:02,445
<font color="#ffbf46">අපි ප්‍රෝ බොනෝ කණ්ඩායම නිසා,
අපි අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ.</font>

110
00:06:02,528 --> 00:06:04,655
<font color="#ffbf46">අපිට යුනිෆෝම් එහෙමත් තියෙනවා. එළ!</font>

111
00:06:04,739 --> 00:06:06,866
<font color="#ffbf46">මම අහුවා යංචොන් ටීම් එක මේ දවස්වල
ෆෝම් එකේ ඉන්නවා කියලා.</font>

112
00:06:06,949 --> 00:06:12,705
<font color="#ffbf46">අනේ මන්දා. ඇත්තටම ලෝ ෆර්ම් එකක
ලෝයර් කෙනෙක් වුණාම බිස්නස් කරන්න ඕනේ</font>

113
00:06:12,789 --> 00:06:15,666
<font color="#ffbf46">සති අන්තෙට කස්ටමර්ලා එක්ක
ලස්සනට ගොල්ෆ් ගහන ගමන්.</font>

114
00:06:15,750 --> 00:06:18,086
<font color="#ffbf46">"ලස්සනට". මමත් ෆුට්බෝල් වලට ආසයි.</font>

115
00:06:18,169 --> 00:06:19,962
<font color="#ffbf46">මම ඉස්සර සෑහෙන්න හොඳට සෙල්ලම් කළා.</font>

116
00:06:20,046 --> 00:06:22,423
<font color="#ffbf46">ඒත් අපි මේ කතා කරන්නෙ
අපේ වටිනා සති අන්තය ගැනනේ.</font>

117
00:06:22,507 --> 00:06:26,219
<font color="#ffbf46">එළියේ රස්නේ අංශක 30 ත් පැනලා තියෙද්දි
උදේ පාන්දර ෆුට්බෝල් ගහනවා කියන්නේ?</font>

118
00:06:26,302 --> 00:06:29,555
<font color="#ffbf46">ඕවා මට හරියන්නෙ නෑ. මට යන්න බෑ.</font>

119
00:06:29,639 --> 00:06:31,516
<font color="#ffbf46">ඒගොල්ලෝ අපේ සේවාදායකයෝ.</font>

120
00:06:31,599 --> 00:06:34,018
<font color="#ffbf46">ප්‍රාදේශීය මානව හිමිකම් සහ ගොවි සංවිධාන!</font>

121
00:06:34,102 --> 00:06:36,062
<font color="#ffbf46">මම නම් කරන්නෙ නෑ!</font>

122
00:06:37,313 --> 00:06:39,524
<font color="#ffbf46">හරි! හැමෝටම තේරුණානේ?</font>

123
00:06:39,607 --> 00:06:43,486
<font color="#ffbf46">පළවෙනි විනාඩි පහේ අපි හිර කරල සෙල්ලම් කරනවා, හරිද?</font>

124
00:06:43,569 --> 00:06:46,447
<font color="#ffbf46">විනිසුරුවරු බලන් නැති වෙලාවට
ටිකක් සැරට සෙල්ලම් කළාට කමක් නෑ.</font>

125
00:06:46,531 --> 00:06:49,575
<font color="#ffbf46">කාට බෝලෙ හම්බුණත්,
කෙලින්ම ඉස්සරහ ඉන්න මට පාස් කරන්න.</font>

126
00:06:49,659 --> 00:06:50,743
<font color="#ffbf46">මට.</font>

127
00:06:50,827 --> 00:06:51,994
<font color="#ffbf46">මට පාස් කරන්න, හරිද?</font>

128
00:06:52,620 --> 00:06:56,165
<font color="#ffbf46">ටිකක් කපටි විදියට ගහමු. බබාලා වගේ ඉන්න එපා.</font>

129
00:06:56,249 --> 00:06:58,209
<font color="#ffbf46">ගේමක් ගහමු, හරිද? මිස්ටර් කං.</font>

130
00:06:58,292 --> 00:06:59,710
<font color="#ffbf46">මම කලිනුත් කිව්වා වගේ,</font>

131
00:06:59,794 --> 00:07:03,005
<font color="#ffbf46">මේ මැච් එක තියෙන්නේ
මිත්‍රත්වයයි සහයෝගීතාවයයි වර්ධනය කරන්න...</font>

132
00:07:03,089 --> 00:07:05,174
<font color="#ffbf46">තරඟෙකදි මිත්‍රත්වයක් නෑ!</font>

133
00:07:05,258 --> 00:07:07,093
<font color="#ffbf46">එක්කෝ දිනනවා, නැත්නම් පරදිනවා!</font>

134
00:07:07,176 --> 00:07:10,555
<font color="#ffbf46">හරි. ඔයාලගේ අලුත් ටීම් ලීඩර් මාර සැරයිනේ.</font>

135
00:07:10,638 --> 00:07:13,599
<font color="#ffbf46">ඔව්. එයාට දිනන්න පුදුම උණක් තියෙන්නේ.</font>

136
00:07:13,683 --> 00:07:14,767
<font color="#ffbf46">ආ. පිස්සු හැදුනු ජාතියේ කෙනෙක්ද?</font>

137
00:07:20,189 --> 00:07:21,065
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?</font>

138
00:07:21,983 --> 00:07:23,234
<font color="#ffbf46">මුන්ව කොහෙන්ද අරන් ඇවිත් තියෙන්නේ?</font>

139
00:07:27,655 --> 00:07:30,450
<font color="#ffbf46">හරි, හැමෝම! අපිට මුන්ට දිනන්න දෙන්න බෑ. වට වෙන්න!</font>

140
00:07:30,533 --> 00:07:31,993
<font color="#ffbf46">හරි. එන්න. හරි.</font>

141
00:07:32,076 --> 00:07:32,910
<font color="#ffbf46">දෙක, තුන!</font>

142
00:07:32,994 --> 00:07:35,663
<font color="#ffbf46">ප්‍රෝ බොනෝ ඇවෙන්ජර්ස්!</font>

143
00:07:35,746 --> 00:07:42,503
<font color="#ffbf46">යමු ප්‍රෝ බොනෝ ඇවෙන්ජර්ස්!</font>

144
00:07:55,975 --> 00:07:57,226
<font color="#ffbf46">ප්‍රතිවාදීන්ට ආචාර කරන්න.</font>

145
00:08:00,771 --> 00:08:02,607
<font color="#ffbf46">ඉතින්, මිස්ටර් කං.</font>

146
00:08:02,690 --> 00:08:06,819
<font color="#ffbf46">මම හිතනවා අද ඔයාලට ජර්මානු
පාපන්දු වල රස හොඳට දැනෙයි කියලා.</font>

147
00:08:06,903 --> 00:08:09,238
<font color="#ffbf46">මොන ජර්මානු පාපන්දුවක්ද.</font>

148
00:08:09,322 --> 00:08:11,657
<font color="#ffbf46">මේක නිකන් යංචොන් ගමේ පාපන්දුව වගේ තමයි වෙන්න ඇති.</font>

149
00:08:13,659 --> 00:08:16,162
<font color="#ffbf46">මොකද මේ කරන්නෙ?
ඔයාට මගේ අත බලාගන්න ඕනෙද?</font>

150
00:08:16,245 --> 00:08:18,247
<font color="#ffbf46">මේක අද ස්කෝර් එක ගැන පොඩි ඉඟියක්.</font>

151
00:08:18,831 --> 00:08:19,790
<font color="#ffbf46">බින්දුවට පහයි.</font>

152
00:08:21,209 --> 00:08:22,043
<font color="#ffbf46">බූම්.</font>

153
00:08:22,710 --> 00:08:23,711
<font color="#ffbf46">මූ නම්...</font>

154
00:08:24,337 --> 00:08:25,755
<font color="#ffbf46">ඒයි, නවත්තන්න එයාව!</font>

155
00:08:26,422 --> 00:08:27,381
<font color="#ffbf46">නවත්තන්න!</font>

156
00:08:27,465 --> 00:08:29,217
<font color="#ffbf46">ඒයි, අල්ලගන්න! ඒයි!</font>

157
00:08:31,177 --> 00:08:32,637
<font color="#ffbf46">ඒයි, ෆවුල් නෑ! ඒක ෆවුල් එකක්!</font>

158
00:08:34,430 --> 00:08:36,057
<font color="#ffbf46">ෆවුල්! නවත්තන්න!</font>

159
00:08:36,140 --> 00:08:37,266
<font color="#ffbf46">මිස්ටර් ජං!</font>

160
00:08:40,061 --> 00:08:41,187
<font color="#ffbf46">මොකද කරන්නෙ?</font>

161
00:08:42,146 --> 00:08:43,189
<font color="#ffbf46">FC යංචොන්</font>

162
00:08:49,862 --> 00:08:52,073
<font color="#ffbf46">ශික්.</font>

163
00:08:52,823 --> 00:08:53,824
<font color="#ffbf46">බෝලෙ ආපහු දෙනවා!</font>

164
00:08:55,535 --> 00:08:56,619
<font color="#ffbf46">හරි, වන්-ඔන්-වන්!</font>

165
00:09:03,042 --> 00:09:04,877
<font color="#ffbf46">මිස්ටර් ජං! ජුන්-උ!</font>

166
00:09:13,052 --> 00:09:14,554
<font color="#ffbf46">ඔයා ඕක ඕනකමින්ම කරනවද?</font>

167
00:09:14,637 --> 00:09:17,515
<font color="#ffbf46">එයාලා බෝලෙ මේ පැත්තට ගැහුවාම,
ඔයා ඒක නවත්තන්න ඕනේ, වැටෙන එක නෙමෙයි!</font>

168
00:09:19,850 --> 00:09:21,561
<font color="#ffbf46">නවත්තන්න! ඔව්, නවත්තන්න!</font>

169
00:09:35,741 --> 00:09:37,159
<font color="#ffbf46">මේක අපේ ගෝල් එක. ඒ මොකක්ද වුණේ?</font>

170
00:09:37,243 --> 00:09:39,453
<font color="#ffbf46">මම... ඔයාට පිස්සුද?</font>

171
00:09:39,537 --> 00:09:40,830
<font color="#ffbf46">ඔයාට පැටලුනාද? අනේ...</font>

172
00:09:41,789 --> 00:09:42,957
<font color="#ffbf46">මම ඔළුවෙන් ගහලා එළියට දාන්න හැදුවේ.</font>

173
00:09:47,587 --> 00:09:48,921
<font color="#ffbf46">අපි ප්ලෑන් එක වෙනස් කරමු.</font>

174
00:09:49,005 --> 00:09:51,549
<font color="#ffbf46">හාවඩ්ට බෝලෙ හම්බුණාම,</font>

175
00:09:51,632 --> 00:09:53,175
<font color="#ffbf46">අපි ඔක්කොම එයාට වට කරමු.</font>

176
00:09:53,259 --> 00:09:55,052
<font color="#ffbf46">එයා වටේට රොක් වෙන්න. ඔක්කොමලා.</font>

177
00:09:55,720 --> 00:09:59,515
<font color="#ffbf46">එයාගෙන් බෝලෙ ගත්තට පස්සේ,
පාස් කරලා, ගහලා, ගෝල් එකක් දාන්න.</font>

178
00:09:59,599 --> 00:10:01,225
<font color="#ffbf46">පාස් කරලා ගෝල් දාන්න.</font>

179
00:10:01,809 --> 00:10:04,145
<font color="#ffbf46">ජුන්-උයි යොං-සිලුයි එළියට එන්න.</font>

180
00:10:04,854 --> 00:10:06,522
<font color="#ffbf46">නන්-හී සහ ගි-පූම්...</font>

181
00:10:07,315 --> 00:10:08,691
<font color="#ffbf46">ඔයාලා යන්න!</font>

182
00:10:08,774 --> 00:10:10,151
<font color="#ffbf46">යමු!</font>

183
00:10:10,776 --> 00:10:12,445
<font color="#ffbf46">එයාව වට කරගන්න! මේ පැත්තට එන්න එපා!</font>

184
00:10:12,528 --> 00:10:13,571
<font color="#ffbf46">අම්මෝ!</font>

185
00:10:13,654 --> 00:10:15,239
<font color="#ffbf46">දෙවියනේ. මොකද වුණේ?</font>

186
00:10:15,323 --> 00:10:17,742
<font color="#ffbf46">මොකද වුණේ? මම ඔයාව නිකන් ඇල්ලුවා විතරයිනේ.</font>

187
00:10:17,825 --> 00:10:19,160
<font color="#ffbf46">මම පොඩ්ඩයි තල්ලු කළේ!</font>

188
00:10:19,243 --> 00:10:20,453
<font color="#ffbf46">නියමයි නන්-හී!</font>

189
00:10:21,537 --> 00:10:23,456
<font color="#ffbf46">ඒයි, මෙතන කෙනෙක්ට තුවාල වෙලා!</font>

190
00:10:24,123 --> 00:10:27,501
<font color="#ffbf46">මොකක්? මේ පැත්තට එන්න එපා. ඈතට වෙලා ඉන්න!</font>

191
00:10:31,505 --> 00:10:32,506
<font color="#ffbf46">එපා!</font>

192
00:10:35,593 --> 00:10:37,136
<font color="#ffbf46">මේ පැත්තට එන්න එපා.</font>

193
00:10:47,480 --> 00:10:50,691
<font color="#ffbf46">ඔයා පේන කියන කෙනෙක් වෙන්න ඇති.
ඔයා කිව්වා හරියටම හරි.</font>

194
00:10:51,609 --> 00:10:52,735
<font color="#ffbf46">බින්දුවට පහයි.</font>

195
00:10:58,407 --> 00:11:01,243
<font color="#ffbf46">ඔයා කිව්වේ අපිට දිනන හැටි කියලා දෙනවා කියලනේ.</font>

196
00:11:05,331 --> 00:11:06,165
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

197
00:11:08,626 --> 00:11:10,169
<font color="#ffbf46">තාම ඉවර නෑ.</font>

198
00:11:10,252 --> 00:11:11,212
<font color="#ffbf46">මොකක්?</font>

199
00:11:11,295 --> 00:11:13,881
<font color="#ffbf46">අපි නීතිඥයෝ.
ලකුණු වලින් අපි පැරදුනා වෙන්න පුළුවන්.</font>

200
00:11:14,882 --> 00:11:16,300
<font color="#ffbf46">ඒත් අපි සටන පැරදිලා නෑ.</font>

201
00:11:19,512 --> 00:11:20,679
<font color="#ffbf46">මහත්තයා.</font>

202
00:11:20,763 --> 00:11:22,598
<font color="#ffbf46">අයියෝ දෙවියනේ! මඟුල.</font>

203
00:11:23,641 --> 00:11:24,517
<font color="#ffbf46">අම්මපා.</font>

204
00:11:27,269 --> 00:11:29,438
<font color="#ffbf46">මොකක්? හොර ප්ලේයර්ස්ලා?</font>

205
00:11:29,522 --> 00:11:32,566
<font color="#ffbf46">උදෑසන පාපන්දු තරඟ වල වුණත්, නීති රීති තියෙනවා.</font>

206
00:11:32,650 --> 00:11:34,276
<font color="#ffbf46">ඔයාලට දිනන්න කොච්චර ඕන වුණත්,</font>

207
00:11:34,360 --> 00:11:37,279
<font color="#ffbf46">මේ වගේ විනෝදෙට ගහන මැච් එකකට
පිටරට ප්ලේයර්ස්ලා ගේන්න බෑ.</font>

208
00:11:37,863 --> 00:11:39,573
<font color="#ffbf46">නවත්තන්න, මිස්ටර් කං.</font>

209
00:11:40,116 --> 00:11:41,826
<font color="#ffbf46">මොකක්? පිටරට ප්ලේයර්ස්ලා?</font>

210
00:11:43,536 --> 00:11:44,370
<font color="#ffbf46">මොකක්?</font>

211
00:11:44,453 --> 00:11:47,540
<font color="#ffbf46">එතකොට, ඔයා කියන්නේ මෙයා කොරියන් කියලද?</font>

212
00:11:47,623 --> 00:11:48,666
<font color="#ffbf46">මම කොරියන් තමයි.</font>

213
00:11:49,375 --> 00:11:52,253
<font color="#ffbf46">මගේ තාත්තා නයිජීරියාවේ, ඒත් මගේ අම්මා කොරියන්.</font>

214
00:11:52,336 --> 00:11:53,754
<font color="#ffbf46">මම ඉපදුණෙත් කොරියාවේ.</font>

215
00:11:55,297 --> 00:11:56,215
<font color="#ffbf46">අම්මෝ.</font>

216
00:11:58,092 --> 00:12:01,011
<font color="#ffbf46">එතකොට, මෙයත් කොරියන්ද?</font>

217
00:12:01,095 --> 00:12:03,806
<font color="#ffbf46">මගේ අම්මා ඉරානේ, ඒත් මගේ තාත්තා කොරියන්.</font>

218
00:12:03,889 --> 00:12:06,851
<font color="#ffbf46">ඔව්. එයාගෙ තාත්තට අම්මව හම්බවෙලා තියෙන්නේ
ටෙහෙරාන් වල නිවාඩුවකට ගිය වෙලාවේ.</font>

219
00:12:07,476 --> 00:12:09,103
<font color="#ffbf46">මගේ අම්මා ඊජිප්තු.</font>

220
00:12:09,186 --> 00:12:11,021
<font color="#ffbf46">ඔව්, කයිරෝ වල බිස්නස් කරනකොට,</font>

221
00:12:11,105 --> 00:12:12,606
<font color="#ffbf46">එයාගෙ අම්මයි තාත්තයි හම්බවෙලා.</font>

222
00:12:12,690 --> 00:12:14,400
<font color="#ffbf46">එයාගෙ අම්මා හරි ලස්සනයි.</font>

223
00:12:14,483 --> 00:12:17,653
<font color="#ffbf46">මම හිතන්නේ සෝල් වල ඉන්න අය
ජීවත් වෙන්නේ වෙන ලෝකෙක.</font>

224
00:12:18,487 --> 00:12:19,572
<font color="#ffbf46">මොකක්?</font>

225
00:12:20,281 --> 00:12:21,699
<font color="#ffbf46">ඒක ඇත්ත, මිස්ටර් කං.</font>

226
00:12:21,782 --> 00:12:25,411
<font color="#ffbf46">යංචොන් වල බහු සංස්කෘතික පවුල් හුඟක් ඉන්නවා.</font>

227
00:12:25,494 --> 00:12:26,829
<font color="#ffbf46">ඔයා දන්නෙ නැද්ද ඒ මොකක්ද කියලා?</font>

228
00:12:30,291 --> 00:12:32,960
<font color="#ffbf46">අපි මැච් එකෙනුත් පැරදුනා,
හැසිරීමෙනුත් පැරදුනා. යමු ගි-පූම්.</font>

229
00:12:33,043 --> 00:12:34,211
<font color="#ffbf46">මාර ලැජ්ජයිනේ.</font>

230
00:12:38,841 --> 00:12:40,885
<font color="#ffbf46">හරි, එහෙනම් කමක් නෑ.</font>

231
00:12:40,968 --> 00:12:42,887
<font color="#ffbf46">අපි මේ ගැන ඊළඟ පාර කතා කරමු.</font>

232
00:12:42,970 --> 00:12:43,929
<font color="#ffbf46">හරි. අනිවාර්යයෙන්.</font>

233
00:12:44,013 --> 00:12:45,264
<font color="#ffbf46">මාත් එනකම් ඉන්න!</font>

234
00:12:45,347 --> 00:12:47,808
<font color="#ffbf46">බායි! මිස්ටර් ජං!</font>

235
00:12:47,892 --> 00:12:49,059
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්නකෝ!</font>

236
00:12:58,611 --> 00:13:01,322
<font color="#ffbf46">අපි ඇත්තටම මේක කරන්න ඕනෙද?</font>

237
00:13:01,405 --> 00:13:03,532
<font color="#ffbf46">මේක මාර පොඩි වැඩක්නේ. අයියෝ.</font>

238
00:13:03,616 --> 00:13:07,453
<font color="#ffbf46">ප්‍රාදේශීය මානව හිමිකම් සංවිධානයෙන්
මේ නඩුව ඉල්ලලා උදව් ඕනෙමයි කිව්වා.</font>

239
00:13:07,536 --> 00:13:09,288
<font color="#ffbf46">මානව හිමිකම් වල පොඩි දේවල් කියලා දෙයක් නෑ.</font>

240
00:13:09,371 --> 00:13:14,293
<font color="#ffbf46">අන්තිමට බැලුවාම, මේක නිකන් දික්කසාද නඩුවක් විතරයි,
මොකද වුණේ කියලත් පැහැදිලිනේ.</font>

241
00:13:14,376 --> 00:13:17,880
<font color="#ffbf46">එයා කොරියාවට ඇවිත් තියෙන්නේ සල්ලි හොයන්න,
බ්‍රෝකර් කෙනෙක් හරහා බැඳලා තියෙන්නේ.</font>

242
00:13:17,963 --> 00:13:21,634
<font color="#ffbf46">මැරේජ් වීසා එක හම්බවෙලා, ස්ථිර වුණාම,
දැන් එයාට ඩිවෝස් වෙන්න ඕනෙලු.</font>

243
00:13:21,717 --> 00:13:25,471
<font color="#ffbf46">මේ දවස්වල මේ වගේ දේවල් ඕන තරම් වෙනවා.</font>

244
00:13:25,554 --> 00:13:27,389
<font color="#ffbf46">මේ නඩුව භාරගන්න එකෙන් කිසි වාසියක් වෙන්නෙ නෑ.</font>

245
00:13:30,935 --> 00:13:32,144
<font color="#ffbf46">ආයුබෝවන්. මේ පැත්තට එන්න.</font>

246
00:13:33,479 --> 00:13:35,898
<font color="#ffbf46">කාට වාසියක් වෙන්නෙ නෑ කියලද?</font>

247
00:13:39,777 --> 00:13:40,778
<font color="#ffbf46">මොකක්?</font>

248
00:13:41,904 --> 00:13:43,322
<font color="#ffbf46">මම අදහස් කළේ, ඇත්තෙන්ම,</font>

249
00:13:43,405 --> 00:13:46,116
<font color="#ffbf46">මම කිව්වේ ප්‍රෝ බොනෝ ටීම් එකට
වාසියක් වෙන එකක් නෑ කියලා.</font>

250
00:13:46,784 --> 00:13:49,745
<font color="#ffbf46">ඔයා කියන්නේ ඔයාගේ ජනප්‍රියත්වයට
උදව්වක් වෙන්නෙ නෑ කියලනේ.</font>

251
00:13:49,828 --> 00:13:53,582
<font color="#ffbf46">"ජනතාවගේ විනිසුරු" කියලා අහගන්න නම්
තව හොඳ නඩු ගොඩක් කරන්න වෙනවනේ.</font>

252
00:13:54,667 --> 00:13:56,961
<font color="#ffbf46">අනේ මන්දා, මිස් පාක්.</font>

253
00:13:57,711 --> 00:14:00,089
<font color="#ffbf46">ඔයාට මාව ආයෙත් පේන්නේ
ඔච්චර ලාබ කෙනෙක් විදියටද?</font>

254
00:14:00,839 --> 00:14:01,966
<font color="#ffbf46">නෑ.</font>

255
00:14:02,049 --> 00:14:03,968
<font color="#ffbf46">මට ඔයාව පේන්නේ
ලැජ්ජා නහරයක් නැති කෙනෙක් වගේ.</font>

256
00:14:04,802 --> 00:14:07,137
<font color="#ffbf46">ඇයි මේ ළඟදි ඉඳන් මට
ඔච්චර පාට් දාන්නේ?</font>

257
00:14:07,221 --> 00:14:08,264
<font color="#ffbf46">මම මොකක් හරි වැරැද්දක් කළාද?</font>

258
00:14:08,347 --> 00:14:09,723
<font color="#ffbf46">ඔයා කළාද? මොකක්ද?</font>

259
00:14:10,391 --> 00:14:13,602
<font color="#ffbf46">අපි මේක නොකර ඉමු.
ඇයි ඔයාට නිකන් එයාව හම්බෙන්න බැරි?</font>

260
00:14:13,686 --> 00:14:16,730
<font color="#ffbf46">එයා ඉන්නේ යැන්ග්චොන් වල,
අපි සෙල්ලම් කරපු ෆුට්බෝල් ටීම් එක හිටපු පළාතේ.</font>

261
00:14:18,691 --> 00:14:20,568
<font color="#ffbf46">අර ගිය පාර ගිය යැන්ග්චොන් ද? ඔව්.</font>

262
00:14:21,068 --> 00:14:23,487
<font color="#ffbf46">ඇයි එයා මේච්චර දුරක් එන්නේ?</font>

263
00:14:23,571 --> 00:14:26,198
<font color="#ffbf46">එයා යන්න ඕනේ
එහේ තියෙන මානව හිමිකම් සංවිධානයටනේ.</font>

264
00:14:26,824 --> 00:14:30,911
<font color="#ffbf46">මම දැන් කිව්වනේ මේක ඉල්ලුවේ
එහේ මානව හිමිකම් කණ්ඩායමෙන් කියලා.</font>

265
00:14:32,288 --> 00:14:33,289
<font color="#ffbf46">එයා ඇවිල්ලා.</font>

266
00:14:41,589 --> 00:14:42,590
<font color="#ffbf46">ඔයා...</font>

267
00:14:43,674 --> 00:14:44,592
<font color="#ffbf46">අර පිකි පිකි කෙල්ල නේද?</font>

268
00:14:44,675 --> 00:14:45,885
<font color="#ffbf46">එයා මාරම කූල්. ඇත්තටම ඔව්.</font>

269
00:14:47,553 --> 00:14:50,180
<font color="#ffbf46">මේ කණ්ඩායම් ප්‍රෝ බොනෝ ද?</font>

270
00:14:50,264 --> 00:14:51,515
<font color="#ffbf46">නෑ. ඒයි.</font>

271
00:14:51,599 --> 00:14:52,933
<font color="#ffbf46">ඔව් මේක තමයි.</font>

272
00:14:54,810 --> 00:14:55,895
<font color="#ffbf46">ඇයි මේ පැත්තේ?</font>

273
00:14:59,189 --> 00:15:01,317
<font color="#ffbf46">මට ඩිවෝස් වෙන්න ඕනේ.</font>

274
00:15:04,069 --> 00:15:04,987
<font color="#ffbf46">මට උදව් කරන්න.</font>

275
00:15:07,781 --> 00:15:09,450
<font color="#ffbf46">මෙයා තමයි...</font>

276
00:15:10,951 --> 00:15:11,952
<font color="#ffbf46">ක්ලයන්ට්.</font>

277
00:15:22,087 --> 00:15:25,007
<font color="#ffbf46">අයියෝ, මිස්ටර් කන්ග්.</font>

278
00:15:25,090 --> 00:15:27,509
<font color="#ffbf46">ඔයා ෆීල්ඩ් එකෙන් එළියෙදි
හරිම වෙනස්නේ.</font>

279
00:15:27,593 --> 00:15:29,595
<font color="#ffbf46">ෆීල්ඩ් එකේදි නම් ඔයා...</font>

280
00:15:32,723 --> 00:15:34,016
<font color="#ffbf46">නවත්තන්න ඕක.</font>

281
00:15:34,099 --> 00:15:36,936
<font color="#ffbf46">මම ඒ ඩාන්ස් එකට වැඩිය කැමති නෑ.</font>

282
00:15:39,313 --> 00:15:42,566
<font color="#ffbf46">ඒක නෙවෙයි කායා,
ඔයාගේ කොරියන් භාෂාව හරිම හොඳයිනේ.</font>

283
00:15:43,150 --> 00:15:47,154
<font color="#ffbf46">කොච්චර කල් වෙනවද කොරියාවට
ඇවිල්ලා? මං හිතන්නේ අවුරුදු දෙකක් විතර.</font>

284
00:15:47,237 --> 00:15:48,155
<font color="#ffbf46">අවුරුදු දෙකක්?</font>

285
00:15:49,031 --> 00:15:50,407
<font color="#ffbf46">ඉතින් කොහොමද ඔච්චර හොඳට පුළුවන්?</font>

286
00:15:51,075 --> 00:15:54,328
<font color="#ffbf46">මම පොඩි කාලේ ඉඳන් කොරියන් ඉගෙන ගත්තා.</font>

287
00:15:56,705 --> 00:16:02,127
<font color="#ffbf46">"ඔයා එක්ක ගත කරපු හැම මොහොතක්ම බැබළුණා."</font>

288
00:16:04,546 --> 00:16:08,384
<font color="#ffbf46">"කාලගුණය හොඳ නිසා..."
"කාලගුණය නරක නිසා..."</font>

289
00:16:09,009 --> 00:16:10,970
<font color="#ffbf46">"සහ කාලගුණය ප්‍රමාණවත් තරම් හොඳ නිසා."</font>

290
00:16:11,053 --> 00:16:13,931
<font color="#ffbf46">"හැම දවසක්ම හොඳයි." "හැම දවසක්ම හොඳයි."</font>

291
00:16:14,014 --> 00:16:16,016
<font color="#ffbf46">Guardian: The Lonely and Great God
කතාව මාර ලස්සනයි!</font>

292
00:16:16,100 --> 00:16:18,060
<font color="#ffbf46">ඔයා කොරියන් ඩ්‍රාමා වලට ආස ඇති නේද.</font>

293
00:16:18,143 --> 00:16:21,480
<font color="#ffbf46">ඒ ඩ්‍රාමා වල තියෙන කොරියාව ගැන
තමයි මම හීන මැව්වේ.</font>

294
00:16:22,982 --> 00:16:25,359
<font color="#ffbf46">හැමදේම ලස්සනයි.</font>

295
00:16:25,442 --> 00:16:27,486
<font color="#ffbf46">ඒ වගේම ඒවා මාර විදියට දිලිසුණා.</font>

296
00:16:28,112 --> 00:16:29,822
<font color="#ffbf46">මම ලස්සන දේවල් වලට ආසයි.</font>

297
00:16:30,406 --> 00:16:31,281
<font color="#ffbf46">මමත් එහෙමයි.</font>

298
00:16:31,365 --> 00:16:32,574
<font color="#ffbf46">ඒ වගේම--</font>

299
00:16:32,658 --> 00:16:33,909
<font color="#ffbf46">ඔයාට දුක හිතෙන්න ඇති.</font>

300
00:16:33,993 --> 00:16:35,494
<font color="#ffbf46">ඇත්ත කොරියාව කියන්නේ</font>

301
00:16:35,577 --> 00:16:37,913
<font color="#ffbf46">Guardian කතාවේ දොරෙන් එළියට බැස්සම පේන</font>

302
00:16:37,997 --> 00:16:39,999
<font color="#ffbf46">සුරංගනා ලෝකයක් නෙවෙයිනේ.</font>

303
00:16:43,168 --> 00:16:45,295
<font color="#ffbf46">මම ඩිවෝස් වෙන්නේ ඒ නිසා නෙවෙයි.</font>

304
00:16:45,379 --> 00:16:49,675
<font color="#ffbf46">මම මේ මුකුත් නොතේරෙන පොඩි කෙල්ලෙක් නෙවෙයි.</font>

305
00:16:49,758 --> 00:16:51,093
<font color="#ffbf46">එහෙනම් මොකක්ද හේතුව?</font>

306
00:16:55,889 --> 00:16:59,685
<font color="#ffbf46">අපි ගැළපෙන්නේ නෑ. ගැළපෙන්නේ නෑ? එච්චරද?</font>

307
00:17:00,436 --> 00:17:03,439
<font color="#ffbf46">හැම කොරියන් කෙනෙක්ම ඩිවෝස් වෙන්නේ ඒක නිසා තමයි.</font>

308
00:17:04,064 --> 00:17:05,649
<font color="#ffbf46">මට ඒ හේතුව මදිද?</font>

309
00:17:10,821 --> 00:17:12,990
<font color="#ffbf46">කායා, එහෙම නෙවෙයි,</font>

310
00:17:13,073 --> 00:17:14,950
<font color="#ffbf46">ඒත් ඔයාට දික්කසාද නඩුවක් දාන්න ඕන නම්,</font>

311
00:17:15,034 --> 00:17:18,704
<font color="#ffbf46">කසාදේ ගෙනියන්න බැරි තරම්
බරපතල හේතුවක් තියෙන්න ඕනේ.</font>

312
00:17:18,787 --> 00:17:20,789
<font color="#ffbf46">ඔයාට විශේෂ හේතුවක් තියෙනවද?</font>

313
00:17:27,546 --> 00:17:29,048
<font color="#ffbf46">මගේ මහත්තයා...</font>

314
00:17:31,091 --> 00:17:33,010
<font color="#ffbf46">නිතරම මාව සැක කරනවා.</font>

315
00:17:33,093 --> 00:17:34,595
<font color="#ffbf46">මොනව ගැනද සැක කරන්නේ?</font>

316
00:17:34,678 --> 00:17:37,222
<font color="#ffbf46">එයා හිතන්නේ මට වෙන
මිනිහෙක් ඉන්නවා කියලා. ඉන්නවද?</font>

317
00:17:38,182 --> 00:17:40,476
<font color="#ffbf46">මිස්ටර් කන්ග්! අපි ඇත්ත නැත්ත හොයන්න එපැයි.</font>

318
00:17:40,559 --> 00:17:41,602
<font color="#ffbf46">ඔයාට වෙන මිනිහෙක් ඉන්නවද?</font>

319
00:17:42,561 --> 00:17:45,731
<font color="#ffbf46">මම එදා දැකපු විදියට නම්,
ඔයා හරිම ජනප්‍රියයි වගේ.</font>

320
00:17:47,816 --> 00:17:48,817
<font color="#ffbf46">ඇයි?</font>

321
00:17:50,486 --> 00:17:51,487
<font color="#ffbf46">මම ලස්සනයිද?</font>

322
00:17:51,570 --> 00:17:53,363
<font color="#ffbf46">මගේ අදහස වැදගත්ද?</font>

323
00:17:53,447 --> 00:17:55,866
<font color="#ffbf46">වැදගත් වෙන්නේ
ඔයා වටේ ඉන්න අය හිතන දේ.</font>

324
00:17:58,410 --> 00:18:00,621
<font color="#ffbf46">ඔයාට පුළුවන් ඒ ගැන එයාලගෙන් අහන්න.</font>

325
00:18:00,704 --> 00:18:05,125
<font color="#ffbf46">කොහොම වුණත්, මට වෙන මිනිහෙක් නෑ.</font>

326
00:18:05,209 --> 00:18:08,337
<font color="#ffbf46">ඒත් මගේ මහත්තයා
කිසි හේතුවක් නැතුව මාව සැක කරනවා.</font>

327
00:18:09,129 --> 00:18:10,005
<font color="#ffbf46">"පර බැල්ලි."</font>

328
00:18:14,676 --> 00:18:16,970
<font color="#ffbf46">එයා මට අන්න ඒ වගේ බණිනවා.</font>

329
00:18:18,889 --> 00:18:21,892
<font color="#ffbf46">එයා මගේ ෆෝන් එක අරගන්නවා,
එයා දිගටම මාව සැක කරනවා.</font>

330
00:18:21,975 --> 00:18:23,519
<font color="#ffbf46">මට ඩිවෝස් වෙන්න ඕනේ...</font>

331
00:18:25,687 --> 00:18:27,981
<font color="#ffbf46">අනිත් කොරියන් ගෑනු අය වගේම.</font>

332
00:18:35,531 --> 00:18:37,825
<font color="#ffbf46">නඩුව බාරගන්නේ නෑ? ඇයි?</font>

333
00:18:38,742 --> 00:18:40,452
<font color="#ffbf46">එයා උපදේශන වාර්තාවකුත් ගෙනාවනේ.</font>

334
00:18:40,536 --> 00:18:43,831
<font color="#ffbf46">පිස්සුවෙන් වගේ සැක කරන එකයි, බණින එකයි
දික්කසාද වෙන්න හොඳ හේතුවක්.</font>

335
00:18:43,914 --> 00:18:45,999
<font color="#ffbf46">ඔයාට ෂුවර් ද මේක ප්‍රෝ බොනෝ (නොමිලේ කරන) නඩුවක් කියලා?</font>

336
00:18:46,083 --> 00:18:47,334
<font color="#ffbf46">ඇයි නැත්තේ?</font>

337
00:18:47,417 --> 00:18:49,294
<font color="#ffbf46">මේකෙන් කාටද පොදු යහපතක් වෙන්නේ?</font>

338
00:18:49,378 --> 00:18:51,046
<font color="#ffbf46">ඔයා මොනවද මේ කියන්නේ?</font>

339
00:18:51,964 --> 00:18:55,467
<font color="#ffbf46">ඔයා දැක්කනේ එයා ඇඳන් ආවේ ගණන් වැඩි ඇඳුම්,
සන්ග්ලාස් දාලා, ස්කාෆ් එකකුත් දාගෙන.</font>

340
00:18:55,551 --> 00:18:58,428
<font color="#ffbf46">ඔයා කිව්වේ එයා දුප්පත් පවුලකින් ආපු කෙනෙක් කියලා.</font>

341
00:18:58,512 --> 00:19:00,430
<font color="#ffbf46">බැලූ බැල්මට එයාගේ කොරියන් හීනය හැබෑ වෙලා වගේ.</font>

342
00:19:00,514 --> 00:19:04,017
<font color="#ffbf46">ඒ වුණාට ඩිවෝස් වෙන්න තියෙන හේතුව වෙනස් වෙන්නේ නෑනේ.</font>

343
00:19:04,101 --> 00:19:06,812
<font color="#ffbf46">ඒවා ගණන් වැඩි පෙනුමක් තිබ්බට,
ඒවා ඩුප්ලිකේට් ඒවා.</font>

344
00:19:06,895 --> 00:19:07,855
<font color="#ffbf46">මොකක්?</font>

345
00:19:07,938 --> 00:19:09,398
<font color="#ffbf46">ඒ වගේම ඒවා අතින් මහපු ඒවා වගේ පෙනුණේ,</font>

346
00:19:09,481 --> 00:19:11,525
<font color="#ffbf46">පොළෙන් ගත්ත ලාභ රෙදි වලින් මහලා තියෙන්නේ.</font>

347
00:19:12,234 --> 00:19:14,611
<font color="#ffbf46">දැන් තමයි මතක් වුණේ,
එයා ගිය පාර චියර්ලීඩින් කරනකොට,</font>

348
00:19:14,695 --> 00:19:16,947
<font color="#ffbf46">එයාගේ සායත් නිකන් අතින් මහලා
අලවපු එකක් වගේ පෙනුණේ.</font>

349
00:19:17,573 --> 00:19:19,158
<font color="#ffbf46">ඇත්තටම? ඔව්.</font>

350
00:19:19,241 --> 00:19:20,450
<font color="#ffbf46">ඔයා කොහොමද ඒක දන්නේ?</font>

351
00:19:22,661 --> 00:19:24,705
<font color="#ffbf46">ඒක නිකන්...
මම ඉස්සර චොන්ග්-ග්‍යෙ-චොන් මැහුම් සංගමය එක්ක</font>

352
00:19:24,788 --> 00:19:26,623
<font color="#ffbf46">වැඩ කරනකොට</font>

353
00:19:26,707 --> 00:19:28,584
<font color="#ffbf46">ටිකක් ඉගෙන ගත්තා. එහෙමද?</font>

354
00:19:28,667 --> 00:19:31,753
<font color="#ffbf46">"ඔයා කොහොමද ඒක දන්නේ?" කියන එකේ තේරුම
වෙන එකක් කියලා ඔයා දන්නවනේ.</font>

355
00:19:31,837 --> 00:19:34,923
<font color="#ffbf46">ඔයා ඇත්තටම මොන වගේ ජීවිතයක්ද ගත කළේ?</font>

356
00:19:35,924 --> 00:19:38,177
<font color="#ffbf46">මට බය එයාගේ මහත්තයාගේ
අර පිස්සුවෙන් වගේ සැක කරන එක ගැන.</font>

357
00:19:38,260 --> 00:19:40,679
<font color="#ffbf46">හැබැයි කායා හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වගේ පෙනුණේ.</font>

358
00:19:40,762 --> 00:19:43,682
<font color="#ffbf46">හරි, කමක් නෑ!
අපි හිතමු ඒක අර වගේ පිස්සු සැකයක් කියලා.</font>

359
00:19:43,765 --> 00:19:47,311
<font color="#ffbf46">ඇයි එයා දෙන්නා කැමැත්තෙන් ඩිවෝස් වෙන්නේ නැතුව
නඩුවක් දාන්න හදන්නේ?</font>

360
00:19:48,020 --> 00:19:49,188
<font color="#ffbf46">ඔයා හේතුව දන්නවනේ, මිස් පාක්.</font>

361
00:19:49,271 --> 00:19:50,731
<font color="#ffbf46">විවාහ වීසා වලින් ඉන්න අයට</font>

362
00:19:50,814 --> 00:19:53,442
<font color="#ffbf46">දෙන්නා කැමැත්තෙන් ඩිවෝස් වුණාට පස්සේ
කොරියාවේ ඉන්න බෑ.</font>

363
00:19:53,525 --> 00:19:55,694
<font color="#ffbf46">එයාලට කොරියාවේ ඉන්න පුළුවන් වෙන්නේ</font>

364
00:19:55,777 --> 00:19:59,573
<font color="#ffbf46">සහකරුගේ වැරැද්දක් නිසා ඩිවෝස් වෙලා
ඒකට අදාළ වීසා එකක් ගත්තොත් විතරයි.</font>

365
00:20:01,033 --> 00:20:02,784
<font color="#ffbf46">ආ... ඒකයි එහෙනම්.</font>

366
00:20:03,744 --> 00:20:05,913
<font color="#ffbf46">එතකොට එයාට බයක් නැතුව අලුතෙන් පටන් ගන්න පුළුවන්නේ.</font>

367
00:20:05,996 --> 00:20:07,080
<font color="#ffbf46">කොහොම හරි.</font>

368
00:20:07,164 --> 00:20:10,959
<font color="#ffbf46">ඊට පස්සේ, එයාට පුළුවන් එයාගේ රටේ ඉන්න බෝයිෆ්‍රෙන්ඩ්ව
ගෙනල්ලා ආයේ කසාද බඳින්න.</font>

369
00:20:11,043 --> 00:20:12,044
<font color="#ffbf46">ඔව්, සමහරු එහෙම කරනවා.</font>

370
00:20:12,127 --> 00:20:13,629
<font color="#ffbf46">හැබැයි ඔයා නඩුව ගන්න කලින්ම</font>

371
00:20:13,712 --> 00:20:16,340
<font color="#ffbf46">වැරදි විදියට හිතාගෙනද ඉන්නේ, මිස්ටර් හ්වන්ග්?</font>

372
00:20:19,384 --> 00:20:20,427
<font color="#ffbf46">නෑ, මම එහෙම නෑ. එහෙමද.</font>

373
00:20:21,595 --> 00:20:23,972
<font color="#ffbf46">කොහොම වුණත්, අපිට හැම නඩුවම ගන්න බෑනේ.</font>

374
00:20:24,056 --> 00:20:26,391
<font color="#ffbf46">අපිට ප්‍රමුඛත්වය දෙන්න ඕන දේවල් තියෙනවා...</font>

375
00:20:26,475 --> 00:20:28,101
<font color="#ffbf46">අපි "පොදු යහපත" කියනකොට,</font>

376
00:20:28,185 --> 00:20:31,355
<font color="#ffbf46">අපි කතා කරන්නේ කොරියානු සමාජයේ යහපත ගැන නේද?</font>

377
00:20:31,438 --> 00:20:34,816
<font color="#ffbf46">කොච්චර කොරියන් අය ඉන්නවද මේ රටේ දුක් විඳින.
අපි එයාලට...</font>

378
00:20:34,900 --> 00:20:38,820
<font color="#ffbf46">කායා ජීවත් වෙන්නේ කොරියාවේ,
කොරියන් කෙනෙක්ව මැරි කරලා.</font>

379
00:20:39,488 --> 00:20:41,406
<font color="#ffbf46">එතකොට එයා කොරියානු සමාජයේ සාමාජිකයෙක් නෙවෙයිද?</font>

380
00:20:41,490 --> 00:20:42,866
<font color="#ffbf46">ඔව් ඉතින්. පොදු යහපත කියන්නේ</font>

381
00:20:42,950 --> 00:20:46,620
<font color="#ffbf46">සමාජයේ හැම සාමාජිකයෙක්ම නීතියෙන් ආරක්ෂා වෙන බව
තහවුරු කරන එකට.</font>

382
00:20:47,287 --> 00:20:50,082
<font color="#ffbf46">කොරියානු නීතියෙන් ආරක්ෂාව ලබන්න නම්
එයාලට දන්ගුන් යුගය දක්වා දිවෙන</font>

383
00:20:50,165 --> 00:20:52,668
<font color="#ffbf46">පරම්පරාවක් තියෙන්න ඕනෙද? පොඩ්ඩක් ඉන්න.</font>

384
00:20:54,419 --> 00:20:57,839
<font color="#ffbf46">එහෙම නැත්නම් එයාලා සල්ලි පුරවපු
ඇපල් පෙට්ටියක් ගේන්න ඕනෙද?</font>

385
00:20:58,799 --> 00:20:59,716
<font color="#ffbf46">මොකක්?</font>

386
00:21:03,136 --> 00:21:05,389
<font color="#ffbf46">මිස් පාක්, මොකක්ද ඔයා දැන් කිව්වේ?</font>

387
00:21:05,472 --> 00:21:07,266
<font color="#ffbf46">මම නිකන් කිව්වේ!</font>

388
00:21:07,349 --> 00:21:09,643
<font color="#ffbf46">හරි හරි, නවත්තන්න ඕක.</font>

389
00:21:09,726 --> 00:21:12,688
<font color="#ffbf46">අපි ගිහින්ම බලලා තීරණයක් ගමු.</font>

390
00:21:12,771 --> 00:21:15,774
<font color="#ffbf46">යැන්ග්චොන් වල කන්න පුළුවන් හතු වර්ග ගොඩක් ඇති,</font>

391
00:21:16,441 --> 00:21:19,361
<font color="#ffbf46">වුඩ් ඉයර්, පෝර්සිනී,
සහ කෝලිෆ්ලවර් හතු වගේ ඒවා.</font>

392
00:21:19,987 --> 00:21:23,073
<font color="#ffbf46">අපිට වාසනාව තිබුණොත්,
කැටපිල ෆංගස් වුණත් හොයාගන්න පුළුවන් වෙයි!</font>

393
00:21:23,156 --> 00:21:24,700
<font color="#ffbf46">ඔයාට නම් මාර සතුටු ඇති නේද.</font>

394
00:21:25,867 --> 00:21:27,703
<font color="#ffbf46">අපි කට්ටියම ගිහින් බලමු.</font>

395
00:21:27,786 --> 00:21:31,039
<font color="#ffbf46">මම "කැටපිල ෆංගස්" කියනකොට,
ඔයාලා "යමු!" කියන්න ඕනේ.</font>

396
00:21:31,123 --> 00:21:32,416
<font color="#ffbf46">ඇයි අපි එහෙම කියන්නේ?</font>

397
00:21:32,499 --> 00:21:34,251
<font color="#ffbf46">කැටපිල ෆංගස්, යමු! යමු!</font>

398
00:21:34,334 --> 00:21:35,919
<font color="#ffbf46">මොකද අපි මේ හතු ගැන කියවන්නේ?</font>

399
00:21:36,003 --> 00:21:38,213
<font color="#ffbf46">නිකන් කියන්නකෝ. මැසිවිලි
නගන්නේ නැතුව. හරි අපි ට්‍රයි එකක් දෙමු.</font>

400
00:21:42,759 --> 00:21:44,261
<font color="#ffbf46">කැටපිල ෆංගස් හම්බවුණොත් නම් මාරයි.</font>

401
00:21:44,344 --> 00:21:46,096
<font color="#ffbf46">දැන් ඕක නවත්තන්නකෝ.</font>

402
00:22:01,278 --> 00:22:02,112
<font color="#ffbf46">මිස් පාක්.</font>

403
00:22:02,612 --> 00:22:06,116
<font color="#ffbf46">මට හිතෙන්නේ ඔයා ළඟදි ඉඳන්
මාත් එක්ක හරි සීතලයි කියලා.</font>

404
00:22:06,199 --> 00:22:07,367
<font color="#ffbf46">අනේ මන්දා ඉතින්.</font>

405
00:22:07,451 --> 00:22:10,120
<font color="#ffbf46">මම කවද්ද ඉතින් ඔයා එක්ක හොඳින් හිටියේ?</font>

406
00:22:10,203 --> 00:22:11,204
<font color="#ffbf46">ඒකත් ඇත්ත.</font>

407
00:22:12,748 --> 00:22:15,167
<font color="#ffbf46">ඔයා මං ගැන අමුතු දෙයක් එහෙම අහලා තියෙනවද?</font>

408
00:22:15,250 --> 00:22:17,544
<font color="#ffbf46">ඇයි? ඔයා මොනවා හරි හංගනවද?</font>

409
00:22:17,627 --> 00:22:18,628
<font color="#ffbf46">හංගනවා?</font>

410
00:22:19,588 --> 00:22:21,548
<font color="#ffbf46">අපෝ නෑ, මම මොකුත් හංගන්නේ නෑ.</font>

411
00:22:21,631 --> 00:22:25,385
<font color="#ffbf46">මට ලැජ්ජ වෙන්න දෙයක් නෑ,
ඕන දෙයකට මූණ දෙන්න පුළුවන්.</font>

412
00:22:29,431 --> 00:22:30,265
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

413
00:22:30,348 --> 00:22:31,475
<font color="#ffbf46">මොකක්...</font>

414
00:22:31,558 --> 00:22:33,727
<font color="#ffbf46">මොකක්ද "හරි එහෙනම්" කියන්නේ?</font>

415
00:22:33,810 --> 00:22:35,062
<font color="#ffbf46">මම කිව්වේ අවුලක් නෑ කියලා.</font>

416
00:22:35,145 --> 00:22:36,938
<font color="#ffbf46">මොකක්ද අවුලක් නැත්තේ? මට නම් අවුල්.</font>

417
00:22:37,022 --> 00:22:37,856
<font color="#ffbf46">තදින් අල්ලගන්න.</font>

418
00:22:38,857 --> 00:22:40,400
<font color="#ffbf46">අයියෝ!</font>

419
00:22:53,121 --> 00:22:56,458
<font color="#ffbf46">යැන්ග්චොන් සත්ව රෝහල</font>

420
00:23:02,130 --> 00:23:04,758
<font color="#ffbf46">නීතිඥ පහට බින්දුව!</font>

421
00:23:08,512 --> 00:23:09,721
<font color="#ffbf46">අම්මෝ.</font>

422
00:23:09,805 --> 00:23:12,099
<font color="#ffbf46">ඔයා වගේ කාර්යබහුල ලෝයර් කෙනෙක්
නිවාඩු දවසට රෙස්ට් කරන්න එපැයි.</font>

423
00:23:12,182 --> 00:23:13,600
<font color="#ffbf46">මොකටද මේ පැත්තේ ආවේ?</font>

424
00:23:13,683 --> 00:23:16,478
<font color="#ffbf46">අපි ප්‍රෝ බොනෝ ලෝයර්ස්ලා නේ.
අපි විටින් විට මේ වගේ පැතිවල යනවා,</font>

425
00:23:17,062 --> 00:23:18,230
<font color="#ffbf46">උදව්වක් දෙන්න,</font>

426
00:23:18,814 --> 00:23:22,567
<font color="#ffbf46">සහ අපි මහන්සි වෙන හැම දාඩිය බිංදුවකම
තේරුම මතක් කරගන්න.</font>

427
00:23:22,651 --> 00:23:24,277
<font color="#ffbf46">හැබැයි ඔයාට නම් දාඩිය දාලා නෑ.</font>

428
00:23:24,361 --> 00:23:26,196
<font color="#ffbf46">ඔයා සන්ස්ක්‍රීන් ගාගෙන ඉන්නේ,</font>

429
00:23:26,279 --> 00:23:28,281
<font color="#ffbf46">නිකන් හොල්මනක් වගේ.</font>

430
00:23:29,199 --> 00:23:30,742
<font color="#ffbf46">අද අව්ව ටිකක් සැරයිනේ.</font>

431
00:23:30,826 --> 00:23:33,954
<font color="#ffbf46">ඒත් කමක් නෑ.
මමත් හැදුණේ ගමේ තමයි.</font>

432
00:23:34,037 --> 00:23:36,081
<font color="#ffbf46">මේ වගේ අව්වක් නම් මට ගාණක්වත් නෑ.</font>

433
00:23:36,164 --> 00:23:38,792
<font color="#ffbf46">අව්වට පින් සිද්ධ වෙන්න,
මේ මිරිස් ටිකත් හොඳට හැදිලා...</font>

434
00:23:38,875 --> 00:23:40,752
<font color="#ffbf46">අනේ දෙවියනේ!</font>

435
00:23:40,836 --> 00:23:42,587
<font color="#ffbf46">අනේ දෙවියනේ! මිස්ටර් කන්ග්!</font>

436
00:23:42,671 --> 00:23:44,422
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද?</font>

437
00:23:45,340 --> 00:23:48,593
<font color="#ffbf46">අම්මෝ. ශික්. ඔයා නිකන් හොල්මනක් වගේ.</font>

438
00:23:49,553 --> 00:23:50,470
<font color="#ffbf46">ශික්.</font>

439
00:23:51,596 --> 00:23:53,765
<font color="#ffbf46">නීතිඥ පහට බින්දුව!</font>

440
00:23:53,849 --> 00:23:55,976
<font color="#ffbf46">ඔයාට ෂුවර් ද ඩොක්ටර් කෙනෙක්ව
හම්බෙන්න ඕනේ නෑ කියලා?</font>

441
00:23:56,059 --> 00:23:58,436
<font color="#ffbf46">මේ වගේ පොඩි දේකට
ඩොක්ටර් කෙනෙක් ඕනේ නෑ.</font>

442
00:23:59,312 --> 00:24:00,480
<font color="#ffbf46">අයියෝ. මම ආයේ යන්න--</font>

443
00:24:00,564 --> 00:24:02,524
<font color="#ffbf46">අනේ දෙවියනේ! අනේ දෙවියනේ!</font>

444
00:24:02,607 --> 00:24:03,608
<font color="#ffbf46">බුදු අම්මෝ.</font>

445
00:24:03,692 --> 00:24:05,777
<font color="#ffbf46">දැන් ඇති. ඕක අමතක කරන්න.</font>

446
00:24:05,861 --> 00:24:07,362
<font color="#ffbf46">පොඩ්ඩක් රෙස්ට් කරන්නකෝ.</font>

447
00:24:07,445 --> 00:24:08,530
<font color="#ffbf46">මම රෙස්ට් කරන්නද?</font>

448
00:24:09,156 --> 00:24:11,158
<font color="#ffbf46">හැබැයි ඇයි ඔයා එක්ක ආපු අනිත් කට්ටිය</font>

449
00:24:11,783 --> 00:24:13,743
<font color="#ffbf46">ඔච්චර හොඳට වැඩ කරන්නේ?</font>

450
00:24:14,578 --> 00:24:15,412
<font color="#ffbf46">කවුද?</font>

451
00:24:16,496 --> 00:24:18,248
<font color="#ffbf46">පරිස්සමින්. තැන්ක්‍යු!</font>

452
00:24:18,331 --> 00:24:19,749
<font color="#ffbf46">යමං! මට තව දෙන්න.</font>

453
00:24:20,375 --> 00:24:21,585
<font color="#ffbf46">මෙන්න. අම්මෝ.</font>

454
00:24:21,668 --> 00:24:22,794
<font color="#ffbf46">යමං! මම යනවා!</font>

455
00:24:22,878 --> 00:24:24,337
<font color="#ffbf46">ඇයි එයාට ඔච්චර හයියක් තියෙන්නේ?</font>

456
00:24:26,089 --> 00:24:27,591
<font color="#ffbf46">අනේ තැන්ක්‍යු.</font>

457
00:24:27,674 --> 00:24:29,551
<font color="#ffbf46">ඔන්න එනවා!</font>

458
00:24:30,427 --> 00:24:31,595
<font color="#ffbf46">ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?</font>

459
00:24:50,906 --> 00:24:51,948
<font color="#ffbf46">අම්මෝ!</font>

460
00:24:52,032 --> 00:24:53,742
<font color="#ffbf46">අනේ දෙයියනේ. හරියටම දෙකට මැදින් පැලුණා.</font>

461
00:25:04,502 --> 00:25:05,795
<font color="#ffbf46">ඔයා නම් මාරයි.</font>

462
00:25:10,759 --> 00:25:12,385
<font color="#ffbf46">අම්මෝ, අර කකුල් දෙකේ දිග බලන්නකෝ.</font>

463
00:25:12,969 --> 00:25:15,096
<font color="#ffbf46">මට හිතාගන්නවත් බෑ
මෙයාගේ උසයි කඩවසම් පෙනුමයි ගැන.</font>

464
00:25:15,722 --> 00:25:18,934
<font color="#ffbf46">තරුණ මහත්තයා, ඕක හැදුවට පස්සේ
පුළුවන්ද අපේ වහලෙත් පොඩ්ඩක් බලලා දෙන්න?</font>

465
00:25:19,935 --> 00:25:22,270
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම මිස්.
මම අනිවාර්යයෙන්ම උදව් කරන්නම්.</font>

466
00:25:22,354 --> 00:25:23,688
<font color="#ffbf46">අනේ අම්මේ. එයාට පිස්සුද කොහෙද.</font>

467
00:25:24,314 --> 00:25:26,149
<font color="#ffbf46">එයා මට "මිස්" කියලා කතා කළා!</font>

468
00:25:28,360 --> 00:25:32,322
<font color="#ffbf46">ඔයා නීතිඥයෙක් වුණාට, ඔයා ඔය කියපු කතාවට
ඔයාව හිරේ දාන්න වටිනවා.</font>

469
00:25:34,449 --> 00:25:36,785
<font color="#ffbf46">හොඳ ප්‍රශ්නයක්. ඇයි එයාලා මේවට ඔච්චර දක්ෂ?</font>

470
00:25:39,120 --> 00:25:40,538
<font color="#ffbf46">එහෙනම්, මම ආපහු...</font>

471
00:25:40,622 --> 00:25:41,915
<font color="#ffbf46">අනේ දෙයියනේ! අම්මෝ!</font>

472
00:25:41,998 --> 00:25:43,708
<font color="#ffbf46">ඕක අමතක කරන්න. පොඩි විවේකයක් ගන්න.</font>

473
00:25:43,792 --> 00:25:44,793
<font color="#ffbf46">අපොයි.</font>

474
00:25:44,876 --> 00:25:46,711
<font color="#ffbf46">කෑම වෙලාව හරි ලොක්කා!</font>

475
00:25:46,795 --> 00:25:48,838
<font color="#ffbf46">හරි හරි. කෑම වෙලාව.</font>

476
00:25:49,839 --> 00:25:52,717
<font color="#ffbf46"><i>හරි, හැමෝම එන්න!</i>
<i>ඇවිත් කෑම ටිකක් ගන්න!</i></font>

477
00:25:52,801 --> 00:25:54,636
<font color="#ffbf46"><i>එන්න ඉතින්! ඔව්, අපේ නීතිඥ මහත්තුරුත් එන්න!</i></font>

478
00:25:54,719 --> 00:25:56,805
<font color="#ffbf46">අපිට විවිධ කෑම වර්ග තියෙනවා</font>

479
00:25:56,888 --> 00:25:58,765
<font color="#ffbf46">මේ යංචොන්-රි නිසා.</font>

480
00:25:58,848 --> 00:25:59,766
<font color="#ffbf46">ඔව්. හරි. මෙන්න.</font>

481
00:25:59,849 --> 00:26:01,268
<font color="#ffbf46">මේකට කියන්නේ <i>ටැං මියෑන්.</i></font>

482
00:26:01,351 --> 00:26:03,186
<font color="#ffbf46">මේක චීන නූඩ්ල්ස් සුප් එකක්. <i>ජොංගු මියෑන්.</i></font>

483
00:26:03,270 --> 00:26:06,231
<font color="#ffbf46">මේක <i>පැන්සිට් බිහෝන්</i>,
පිලිපීන ක්‍රමේට හදපු <i>ජප්චේ</i> එකක්.</font>

484
00:26:06,314 --> 00:26:08,817
<font color="#ffbf46">මේක <i>සොම් ටැම්,</i> තායි කෑමක්.</font>

485
00:26:08,900 --> 00:26:10,652
<font color="#ffbf46">ඒක හරියට කොරියාවේ කිම්චි වගේ.</font>

486
00:26:10,735 --> 00:26:11,903
<font color="#ffbf46">ආ එහෙමද. අර තියෙන්නේ,</font>

487
00:26:11,987 --> 00:26:14,447
<font color="#ffbf46">ඒක වියට්නාම <i>බුන් චා.</i></font>

488
00:26:14,531 --> 00:26:15,490
<font color="#ffbf46">කැමති දෙයක් බෙදාගන්න.</font>

489
00:26:15,573 --> 00:26:17,325
<font color="#ffbf46">කෑම දුන්නට ස්තූතියි.</font>

490
00:26:18,535 --> 00:26:19,744
<font color="#ffbf46">මේක හරියට හෝටලයක බුෆේ එකක් වගේනේ.</font>

491
00:26:19,828 --> 00:26:23,456
<font color="#ffbf46">අනේ මන්දා, මේ ඔක්කොම හැදුවේ
අපේ ගමේ නෝනලා එකතු වෙලා.</font>

492
00:26:23,540 --> 00:26:26,042
<font color="#ffbf46">අපි හරියට ලෝකයක් වගේ.</font>

493
00:26:29,921 --> 00:26:32,757
<font color="#ffbf46">මේ හොද්ද නම් නියමයි.
මෙතන කොරියන් නෝනා කෙනෙක් ඉන්නවා වගේ.</font>

494
00:26:33,550 --> 00:26:35,844
<font color="#ffbf46">කායා තමයි ඔය සූකිනි හොද්ද හැදුවේ.</font>

495
00:26:36,511 --> 00:26:40,181
<font color="#ffbf46">ආණ්ඩුකාරතුමාගේ ලේලි. මමයි හැදුවේ. රසයි නේද?</font>

496
00:26:40,265 --> 00:26:41,099
<font color="#ffbf46">ඔව්.</font>

497
00:26:41,182 --> 00:26:44,060
<font color="#ffbf46">හරි. අපි <i>මක්ගොලි</i> ටිකක් බොමුද?</font>

498
00:26:44,144 --> 00:26:46,313
<font color="#ffbf46">හරි එහෙනම්. චියර්ස්!</font>

499
00:26:46,396 --> 00:26:48,398
<font color="#ffbf46">චියර්ස්! චියර්ස්!</font>

500
00:26:49,065 --> 00:26:52,444
<font color="#ffbf46">චියර්ස්, <i>කන්පායි</i>, <i>බු සූ බු ගුවයි</i>,
<i>සූ නන්ග් ලී</i>, <i>බර්සුලන්ග්!</i></font>

501
00:26:52,527 --> 00:26:54,029
<font color="#ffbf46">සර්, ඔයා භාෂා කීයක් දන්නවද?</font>

502
00:26:54,112 --> 00:26:56,281
<font color="#ffbf46">මම භාෂා විශාරදයෙක්.</font>

503
00:27:01,369 --> 00:27:02,537
<font color="#ffbf46">නියමයි. සර් දැන් බිව්වා ඇති.</font>

504
00:27:04,956 --> 00:27:07,167
<font color="#ffbf46">හරි, අපි හොයාගත්ත තොරතුරු
බෙදාගමු.</font>

505
00:27:08,918 --> 00:27:11,880
<font color="#ffbf46">එයාලා කියන කතාවල කිසිම ගැලපීමක් නෑ.</font>

506
00:27:11,963 --> 00:27:14,799
<font color="#ffbf46">අපෝ. මට මතක් කරන්නවත් එපා.</font>

507
00:27:14,883 --> 00:27:16,009
<font color="#ffbf46">කායා මෙහෙ ආව දවසේ ඉඳන්,</font>

508
00:27:16,092 --> 00:27:18,470
<font color="#ffbf46">ගමේ ඉන්න පිරිමි ඔක්කොම එයාට වශී වෙලා.</font>

509
00:27:18,553 --> 00:27:21,890
<font color="#ffbf46">ඒ කපටි කෙල්ල රෑ දවල් නැතුව
අමුතු අමුතු ඇඳුම් අඳිනවා.</font>

510
00:27:21,973 --> 00:27:23,892
<font color="#ffbf46">එයාට කොහෙන් සල්ලි ලැබෙනවද මන්දා.</font>

511
00:27:24,392 --> 00:27:26,561
<font color="#ffbf46">ඒත් එයා හොඳ ළමයා. මොකක්?</font>

512
00:27:26,644 --> 00:27:28,605
<font color="#ffbf46">එයා මගෙන් සූකිනි හොද්ද හදන රෙසිපි එක</font>

513
00:27:28,688 --> 00:27:30,940
<font color="#ffbf46">ඉල්ලගත්තා එයාගේ නැන්දම්මයි මාමයි ආස නිසා.</font>

514
00:27:31,024 --> 00:27:32,984
<font color="#ffbf46">එයා ඒක පොතක ලියාගත්තා.</font>

515
00:27:34,986 --> 00:27:36,154
<font color="#ffbf46">ආණ්ඩුකාරතුමාගේ පුතා?</font>

516
00:27:36,237 --> 00:27:39,324
<font color="#ffbf46">දෙමාපියන්ට පින් සිද්ධ වෙන්න
එයාට ඒ වගේ නෝනා කෙනෙක් ලැබුණා. හිතාගන්නවත් බෑ.</font>

517
00:27:42,035 --> 00:27:43,495
<font color="#ffbf46">මම මේක නොකිය ඉන්න ඕනේ,</font>

518
00:27:43,578 --> 00:27:45,747
<font color="#ffbf46">ඒත් මම අහලා තියෙන විදියට
ආණ්ඩුකාරතුමාගේ ලේලි...</font>

519
00:27:47,499 --> 00:27:48,833
<font color="#ffbf46">චරිතේ එච්චර හොඳ නෑලු.</font>

520
00:27:49,459 --> 00:27:50,460
<font color="#ffbf46">ඇත්තටම?</font>

521
00:27:50,543 --> 00:27:53,546
<font color="#ffbf46">මම නිකන් මිනිස්සු කියන දේවල් කිව්වේ.</font>

522
00:27:55,590 --> 00:27:59,010
<font color="#ffbf46">පදනමක් නැති දේවල් කියලා අනුන්ට අපහාස කරන එක
දඬුවම් ලැබෙන වරදක්.</font>

523
00:27:59,094 --> 00:28:02,847
<font color="#ffbf46">මම කිව්වේ, එයා මොනවා හරි අහන හැමෝටම
හිනා වෙලා කතා කරනවා,</font>

524
00:28:02,931 --> 00:28:05,767
<font color="#ffbf46">ඉතින් ගමේ පිරිමි එයාට පිස්සු වැටිලා.</font>

525
00:28:06,768 --> 00:28:09,145
<font color="#ffbf46">මගේ කායා අක්කා හරිම කරුණාවන්තයි.</font>

526
00:28:09,854 --> 00:28:12,774
<font color="#ffbf46">එයා හැම තිස්සෙම මට ලස්සන ඇඳුම් අන්දනවා.</font>

527
00:28:13,525 --> 00:28:15,318
<font color="#ffbf46">එයා මගේ ලස්සන ෆොටෝත් ගන්නවා.</font>

528
00:28:16,653 --> 00:28:18,071
<font color="#ffbf46">ඔයා ඇත්තටම ලස්සනයි.</font>

529
00:28:19,114 --> 00:28:22,700
<font color="#ffbf46">ඔයා මොකටද ඔය වයසට ගිහින් සිහි මදි
ආච්චි කෙනෙක් එක්ක කතා කරන්නේ?</font>

530
00:28:23,451 --> 00:28:24,786
<font color="#ffbf46">හෙලෝ, මම...</font>

531
00:28:25,578 --> 00:28:28,039
<font color="#ffbf46">කායා පිරිමි එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා
කටකතා ගොඩක් තිබුණා,</font>

532
00:28:28,665 --> 00:28:30,083
<font color="#ffbf46">ඒත් ඒවා බොරු වගේ.</font>

533
00:28:30,166 --> 00:28:31,584
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

534
00:28:31,668 --> 00:28:33,670
<font color="#ffbf46">ඇත්තටම ඕවා අහන් ඉන්නත් අමාරුයි.</font>

535
00:28:33,753 --> 00:28:36,881
<font color="#ffbf46">කායා සමාජ ශාලාවක වැඩ කළා කියලත්
කතාවක් තිබුණා.</font>

536
00:28:36,965 --> 00:28:38,258
<font color="#ffbf46">කොහොමද මිනිස්සු එහෙම දේවල් කියන්නේ?</font>

537
00:28:40,427 --> 00:28:43,012
<font color="#ffbf46">ගම්වල මිනිස්සු ගැන
ඔයාගේ හිතේ මවාගත්ත චිත්‍රයක් තියෙනවද?</font>

538
00:28:43,096 --> 00:28:45,265
<font color="#ffbf46">මොකක්? එයාලා හොඳයි, කරුණාවන්තයි,</font>

539
00:28:45,348 --> 00:28:46,725
<font color="#ffbf46">එකිනෙකාට උදව් කරගන්නවා කියලා?</font>

540
00:28:46,808 --> 00:28:49,728
<font color="#ffbf46">ඕවා ටීවී කතාවල විතරක් තියෙන
මනකල්පිත.</font>

541
00:28:50,353 --> 00:28:53,148
<font color="#ffbf46">එයාලා හරිම ඉරිසියාකාරයි,
අනුන් ගැන ඕපාදූප කියන එක නවත්තන්නෙම නෑ.</font>

542
00:28:53,231 --> 00:28:55,233
<font color="#ffbf46">එයාලා හැම දේටම ඇඟිලි ගහනවා,</font>

543
00:28:55,316 --> 00:28:58,027
<font color="#ffbf46">ඒත් කාට හරි ඇත්තටම අමාරු වුණාම
අහක බලන් ඉන්නවා.</font>

544
00:28:59,279 --> 00:29:00,947
<font color="#ffbf46">ඕක තමයි ඇත්තම ගම්වල හැටි.</font>

545
00:29:07,579 --> 00:29:11,124
<font color="#ffbf46">ඔයා මෙතන මොකද කරන්නේ?
ඉක්මනට ගිහින් ඇඳුම් මාරු කරගන්න.</font>

546
00:29:11,207 --> 00:29:13,001
<font color="#ffbf46">ආණ්ඩුකාරතුමා කිව්වා</font>

547
00:29:13,084 --> 00:29:16,379
<font color="#ffbf46">සෝල් වලින් ආපු ඔයාලව
එයාගේ ගෙදර එක්කන් යන්න කියලා.</font>

548
00:29:17,589 --> 00:29:19,048
<font color="#ffbf46">මේ ගෙදර හැටි බලන්නකෝ!</font>

549
00:29:19,132 --> 00:29:20,675
<font color="#ffbf46">සාදරයෙන් පිළිගන්නවා.</font>

550
00:29:20,759 --> 00:29:21,760
<font color="#ffbf46">හමුවීම සතුටක්.</font>

551
00:29:21,843 --> 00:29:24,053
<font color="#ffbf46">අපිට රෑ කෑමට ආරාධනා කළාට
බොහොම ස්තූතියි.</font>

552
00:29:24,137 --> 00:29:26,222
<font color="#ffbf46">කාර්යබහුල නීතිඥ මහත්තුරු සෝල් ඉඳන් ආවම</font>

553
00:29:26,306 --> 00:29:28,099
<font color="#ffbf46">අපේ ගමට උදව් කරන්න,</font>

554
00:29:28,183 --> 00:29:29,559
<font color="#ffbf46">මම කොහොමද නොසලකා හරින්නේ?</font>

555
00:29:29,642 --> 00:29:32,228
<font color="#ffbf46">මේ අහන්න, අමුත්තෝ ඇවිත්
ඉන්නේ. සාදරයෙන් පිළිගන්නවා.</font>

556
00:29:32,312 --> 00:29:35,732
<font color="#ffbf46">අනේ මන්දා.
අපේ ගෙදර මේ වගේ සාමාන්‍ය විදියට තියෙන එක ගැන කණගාටුයි.</font>

557
00:29:36,316 --> 00:29:39,486
<font color="#ffbf46">අපෝ නෑ. මේ තරම් මහන්සි වෙන්න ඕන නෑනේ.</font>

558
00:29:39,569 --> 00:29:41,780
<font color="#ffbf46">ඔයාලගේ ගෙදර හරිම ලස්සනයි. ස්තූතියි.</font>

559
00:29:42,530 --> 00:29:45,617
<font color="#ffbf46">රෑ කෑම තාම ලෑස්ති නෑ,
ඒ නිසා ඇනෙක්ස් එක පැත්තට එන්න.</font>

560
00:29:45,700 --> 00:29:47,535
<font color="#ffbf46">හරි. මේ පැත්තෙන්.</font>

561
00:29:48,536 --> 00:29:50,538
<font color="#ffbf46">මේ පැත්තට එන්න. මේක තමයි ඇනෙක්ස් එක.</font>

562
00:29:51,289 --> 00:29:52,123
<font color="#ffbf46">කායා.</font>

563
00:29:52,207 --> 00:29:53,917
<font color="#ffbf46">ඔව්! අමුත්තෝ ඇවිත්.</font>

564
00:29:55,001 --> 00:29:56,336
<font color="#ffbf46">හෙලෝ. හරි.</font>

565
00:29:57,295 --> 00:29:59,297
<font color="#ffbf46">මේ කායාගේ ස්ටූඩියෝ එකද?</font>

566
00:29:59,380 --> 00:30:01,466
<font color="#ffbf46">ඔව්, මම ඇඳුම් මහන්නේ මේ කාමරේ.</font>

567
00:30:02,300 --> 00:30:03,760
<font color="#ffbf46">ඔයාගේ කාමරේ හරිම ලස්සනයි.</font>

568
00:30:03,843 --> 00:30:06,387
<font color="#ffbf46">එයා හරිම දක්ෂ කෙනෙක්.</font>

569
00:30:06,471 --> 00:30:08,640
<font color="#ffbf46">එයා වගේ කෙනෙක් ලැබුණ එක අපේ පවුලේ වාසනාවක්.</font>

570
00:30:09,516 --> 00:30:12,727
<font color="#ffbf46">මගේ ලස්සන නෝනා. මගේ කරුණාවන්ත කායා.</font>

571
00:30:12,811 --> 00:30:15,396
<font color="#ffbf46">මහත්තයෝ! හායි, මහත්තයෝ.</font>

572
00:30:16,189 --> 00:30:17,273
<font color="#ffbf46">වැඩ කරලා ඉවරද?</font>

573
00:30:17,357 --> 00:30:18,942
<font color="#ffbf46">දැන් මාත් එක්ක සෙල්ලම් කරන්න!</font>

574
00:30:19,025 --> 00:30:20,443
<font color="#ffbf46">අනේ... දොං-මින්.</font>

575
00:30:20,527 --> 00:30:22,070
<font color="#ffbf46">මහත්තයෝ!</font>

576
00:30:22,153 --> 00:30:24,113
<font color="#ffbf46">මාත් එක්ක විතරක් සෙල්ලම් කරන්න.</font>

577
00:30:24,197 --> 00:30:27,742
<font color="#ffbf46">මේ අහන්න, අමුත්තෝ ඇවිත් ඉන්නේ. අපි යමු.</font>

578
00:30:28,493 --> 00:30:30,245
<font color="#ffbf46">ඔහොම කරන්න එපා දොං-මින්.</font>

579
00:30:30,328 --> 00:30:31,162
<font color="#ffbf46">කායා!</font>

580
00:30:31,246 --> 00:30:33,206
<font color="#ffbf46">මට ඔයාව මතක් වුණා. පුංචි එකෙක් වගේ.</font>

581
00:30:34,332 --> 00:30:35,583
<font color="#ffbf46">එයා සෙල්ලම් කරන්නේ මාත් එක්ක විතරයි!</font>

582
00:30:37,210 --> 00:30:38,878
<font color="#ffbf46">එයා සාමාන්‍යයෙන් ඔහොම නෑ.</font>

583
00:30:47,512 --> 00:30:50,306
<font color="#ffbf46">ලොකුවට මුකුත් නෑ, ඒත් ඔයාලා සතුටු වෙයි කියලා හිතනවා.</font>

584
00:30:50,390 --> 00:30:54,561
<font color="#ffbf46">මම දන්නවා ඔයාලා කලින් හොඳටම බය වෙන්න ඇති කියලා.
ඒ මගේ පුතා.</font>

585
00:30:54,644 --> 00:30:58,690
<font color="#ffbf46">එයා එයාගේ නෝනාට හරිම ආදරෙයි.</font>

586
00:30:58,773 --> 00:31:01,901
<font color="#ffbf46">පොඩි කාලේ මගේ පුතාගේ ඔළුවට අනතුරක් වුණා,</font>

587
00:31:01,985 --> 00:31:04,529
<font color="#ffbf46">ඒ වුණාට එයා හරිම කරුණාවන්තයි.</font>

588
00:31:05,196 --> 00:31:06,030
<font color="#ffbf46">ඒක නෙවෙයි,</font>

589
00:31:07,407 --> 00:31:09,534
<font color="#ffbf46">කායා අපිත් එක්ක කන්නේ නැද්ද?</font>

590
00:31:09,617 --> 00:31:11,870
<font color="#ffbf46">මගේ පුතා ටිකක් ලැජ්ජයි.</font>

591
00:31:12,620 --> 00:31:17,375
<font color="#ffbf46">එයාලා දෙන්නා තනියම කන්න තමයි කැමති.
තාම පැණි හඳ කාලෙනේ.</font>

592
00:31:19,586 --> 00:31:22,881
<font color="#ffbf46">එතකොට රෑට එයාලා ඉන්නේ
ඇනෙක්ස් එකේ විතරද?</font>

593
00:31:22,964 --> 00:31:24,632
<font color="#ffbf46">එයා එළියට යනවද... නැන්-හුයි.</font>

594
00:31:26,009 --> 00:31:27,135
<font color="#ffbf46">කමක් නෑ.</font>

595
00:31:29,178 --> 00:31:33,141
<font color="#ffbf46">මෙන්න. මේක මට තෑග්ගකට ලැබුණ වටිනා
ජින්සෙන්ග් වයින් එකක්.</font>

596
00:31:33,224 --> 00:31:34,809
<font color="#ffbf46">අපි බොමු.</font>

597
00:31:36,686 --> 00:31:38,897
<font color="#ffbf46">මට ඩ්‍රයිව් කරන්න තියෙනවා. ආ එහෙමද.</font>

598
00:31:40,106 --> 00:31:41,858
<font color="#ffbf46">ඒ ඕකිඩ් මල් ටික හරිම ලස්සනයි, මිස්ටර් චෝ.</font>

599
00:31:43,151 --> 00:31:44,235
<font color="#ffbf46">ඔයා ඕකිඩ් වලට කැමතිද?</font>

600
00:31:44,319 --> 00:31:48,865
<font color="#ffbf46">මම ඇත්තටම ඒවා ගැන වැඩිය දන්නේ නෑ.
ඒත් මම දැක්කා ඒක එවලා තියෙන්නේ ලී හක්-ජු කියලා.</font>

601
00:31:48,948 --> 00:31:51,534
<font color="#ffbf46">එයා නේද වූංචොන් දිස්ත්‍රික් උසාවියේ
ප්‍රධානියා?</font>

602
00:31:51,618 --> 00:31:54,287
<font color="#ffbf46">ඔව්, ඒක හරි. අනේ මන්දා.</font>

603
00:31:54,370 --> 00:31:56,831
<font color="#ffbf46">මම එපා කිව්වා,
ඒත් එයා බලෙන්ම වගේ එව්වනේ.</font>

604
00:31:56,915 --> 00:32:00,043
<font color="#ffbf46">ආණ්ඩුකාරවරයා විදියට
මගේ මහත්තයා සාමාන්‍යයෙන් තෑගි බාරගන්නේ නෑ,</font>

605
00:32:00,126 --> 00:32:02,378
<font color="#ffbf46">ඒත් මිනිස්සු අහන්නේ නෑනේ.</font>

606
00:32:06,174 --> 00:32:07,884
<font color="#ffbf46">හරි, අපි කමු. ඔව්.</font>

607
00:32:09,010 --> 00:32:10,553
<font color="#ffbf46">කෑම දුන්නට ස්තූතියි. ස්තූතියි.</font>

608
00:32:10,637 --> 00:32:11,679
<font color="#ffbf46">ස්තූතියි.</font>

609
00:32:29,238 --> 00:32:30,365
<font color="#ffbf46">මොකද කල්පනා කරන්නේ?</font>

610
00:32:33,284 --> 00:32:34,243
<font color="#ffbf46">මුකුත් නෑ.</font>

611
00:32:34,327 --> 00:32:38,498
<font color="#ffbf46">ගමේ ගියාම,
මට නිකන් පරණ දේවල් මතක් වුණා.</font>

612
00:32:40,583 --> 00:32:41,709
<font color="#ffbf46">ඔයා කලින් කිව්වේ</font>

613
00:32:43,169 --> 00:32:44,879
<font color="#ffbf46">ගමේ මිනිස්සු හැම දේටම ඇඟිලි ගැහුවට</font>

614
00:32:45,755 --> 00:32:48,174
<font color="#ffbf46">කාට හරි ඇත්තටම අමාරු වුණාම
අහක බලන් ඉන්නවා කියලා.</font>

615
00:32:49,050 --> 00:32:51,177
<font color="#ffbf46">ඔයාගේ ගමේදී ප්‍රශ්නයක් වුණාද?</font>

616
00:32:56,599 --> 00:32:57,642
<font color="#ffbf46">එහෙම දෙයක් නෙවෙයි.</font>

617
00:32:58,518 --> 00:33:01,896
<font color="#ffbf46">නීතිය සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තේ නෑ.</font>

618
00:33:03,272 --> 00:33:05,233
<font color="#ffbf46">මම ඒක හොඳට ඉගෙනගත්තා.</font>

619
00:33:05,316 --> 00:33:07,944
<font color="#ffbf46">ඔයා නීතිය කිව්වම, සමහරවිට...</font>

620
00:33:11,322 --> 00:33:13,449
<font color="#ffbf46"><i>අපේ තත්ත්වයත් එක්ක,</i>
<i>අපිට නඩු කියන්න වත්කමක් නෑ.</i></font>

621
00:33:14,659 --> 00:33:16,619
<font color="#ffbf46">අපිට නීතිඥයෙක් ගන්න සල්ලි නෑ.</font>

622
00:33:16,703 --> 00:33:17,787
<font color="#ffbf46">මම ඒක කරන්නම්.</font>

623
00:33:19,205 --> 00:33:21,582
<font color="#ffbf46">මම හැමදේම බලාගන්නම්,
ඔයා සනීප වෙන එක ගැන විතරක් හිතන්න.</font>

624
00:33:21,666 --> 00:33:24,002
<font color="#ffbf46">ඔයා තාම ලෝකේ හැටි දන්නේ නෑ දා-විත්.</font>

625
00:33:25,920 --> 00:33:29,173
<font color="#ffbf46">අපි වගේ පවුලකට උදව් කරන්න
කවුරුත් නෑ දා-විත්.</font>

626
00:33:31,592 --> 00:33:33,219
<font color="#ffbf46">සල්ලියි බලයයි නැති වුණාම...</font>

627
00:33:35,430 --> 00:33:36,681
<font color="#ffbf46">නිකන්ම තනි වෙනවා.</font>

628
00:33:42,145 --> 00:33:43,980
<font color="#ffbf46">දැන් ඔයාට එයාලට උදව් කරන්න පුළුවන් නේද?</font>

629
00:33:46,482 --> 00:33:48,985
<font color="#ffbf46">මොකක්? සල්ලි බලය නැති තනි වුණ අයට,</font>

630
00:33:49,610 --> 00:33:51,529
<font color="#ffbf46">හරියට ඉස්සර ඔයා හිටියා වගේ.</font>

631
00:33:52,613 --> 00:33:54,198
<font color="#ffbf46">ඔයාට දැන් එයාලට උදව් කරන්න පුළුවන්.</font>

632
00:33:54,949 --> 00:33:56,159
<font color="#ffbf46">එතකොට එයාලා තනි වෙන්නේ නෑ.</font>

633
00:34:14,302 --> 00:34:15,178
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

634
00:34:16,012 --> 00:34:18,181
<font color="#ffbf46">වෙච්ච දේ දන්නේ නැතුව
මම එහෙම කියන්න හොඳ නෑ.</font>

635
00:34:18,765 --> 00:34:20,141
<font color="#ffbf46">මට මං ගැනම විශ්වාස නෑ.</font>

636
00:34:21,476 --> 00:34:22,643
<font color="#ffbf46">ටිකක් විවේක ගන්න.</font>

637
00:34:23,394 --> 00:34:24,395
<font color="#ffbf46">එච්චර දෙයක් නෑ.</font>

638
00:34:47,251 --> 00:34:50,505
<font color="#ffbf46">මහත්තයෝ! මාත් එක්ක විතරක් සෙල්ලම් කරන්න.</font>

639
00:34:51,255 --> 00:34:53,466
<font color="#ffbf46">එහෙම කරන්න එපා දොං-මින්. කායා!</font>

640
00:34:53,549 --> 00:34:55,093
<font color="#ffbf46">එයා සෙල්ලම් කරන්නේ මාත් එක්ක විතරයි!</font>

641
00:34:55,176 --> 00:34:56,719
<font color="#ffbf46">හවුල්කරුවන්ගේ රැස්වීමේදී,</font>

642
00:34:56,803 --> 00:35:00,139
<font color="#ffbf46">එයාලා කිව්වා අපිට කායාගේ නඩුව බාරගන්න එපා කියලා,
වෙන නඩුවක් හොයාගන්නලු.</font>

643
00:35:00,723 --> 00:35:01,557
<font color="#ffbf46">මොකක්? ඇයි?</font>

644
00:35:01,641 --> 00:35:03,184
<font color="#ffbf46">එයාලා කිව්වා සාක්ෂි මදි කියලා,</font>

645
00:35:03,267 --> 00:35:05,561
<font color="#ffbf46">ඒ වගේම ඒක ආයතනයේ ප්‍රතිරූපයට හොඳ නෑලු.</font>

646
00:35:09,065 --> 00:35:11,234
<font color="#ffbf46">අපි මේ නඩුව බාරගමු.</font>

647
00:35:11,317 --> 00:35:13,528
<font color="#ffbf46">මොකක්? එකපාරටම?</font>

648
00:35:17,281 --> 00:35:20,701
<font color="#ffbf46">පිටරට නෝනා කෙනෙක්ගේ දික්කසාද නඩුවක්
කොහොමද පොදු යහපත උදෙසා කරන නඩුවක් වෙන්නේ?</font>

649
00:35:20,785 --> 00:35:22,286
<font color="#ffbf46">මේක පෞද්ගලික වාසි තියෙන නඩුවක්.</font>

650
00:35:22,370 --> 00:35:24,789
<font color="#ffbf46">සර්, මේක නීතියෙන් ලේසියෙන් රැකවරණය ලැබෙන්නේ නැති
සංක්‍රමණික කාන්තාවකගේ මානව හිමිකම් ගැන ප්‍රශ්නයක්.</font>

651
00:35:24,872 --> 00:35:26,999
<font color="#ffbf46">අපි එයාට උදව් කළේ නැත්නම්,
එයාට උදව්වක් ගන්න එක හරි අමාරු...</font>

652
00:35:27,083 --> 00:35:29,418
<font color="#ffbf46">සංක්‍රමණිකයන් සහ සරණාගතයන් සම්බන්ධ නඩු වලට
හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ.</font>

653
00:35:29,502 --> 00:35:33,714
<font color="#ffbf46">පාක් මෙනවිය, ඔයාට තේරෙන්නේ නැද්ද
මේ දවස්වල ලෝකේ හැටි?</font>

654
00:35:33,798 --> 00:35:38,052
<font color="#ffbf46">හැමෝම ජීවත් වෙන්න අමාරුවෙන් දඟලන වෙලාවේ,</font>

655
00:35:38,136 --> 00:35:41,681
<font color="#ffbf46">සංක්‍රමණික කාන්තාවකගේ මානව හිමිකම්?</font>

656
00:35:43,641 --> 00:35:46,018
<font color="#ffbf46">කවුරුහරි එයාගේ බෙල්ලට පිහියක් තියලා
බලෙන්ද කොරියාවට එක්කන් ආවේ?</font>

657
00:35:46,936 --> 00:35:48,312
<font color="#ffbf46">මේක සුපිරි වැඩක්!</font>

658
00:35:49,147 --> 00:35:50,982
<font color="#ffbf46">- මොකක්ද?
- මේක අනිවාර්යයෙන්ම හිට් වෙනවා.</font>

659
00:35:51,065 --> 00:35:52,150
<font color="#ffbf46">හිට් වෙනවා?</font>

660
00:35:53,901 --> 00:35:56,946
<font color="#ffbf46">පරම්පරා ගාණක් තිස්සේ ඉඩම් හිමි
ධනවත් ආණ්ඩුකාර පවුලක්.</font>

661
00:35:57,029 --> 00:35:59,157
<font color="#ffbf46">බුද්ධි වර්ධනය බාල ස්වාමිපුරුෂයෙක්.</font>

662
00:35:59,240 --> 00:36:02,994
<font color="#ffbf46">පිටරටින් ආපු බුද්ධිමත් ලස්සන ලේලි කෙනෙක්
දැන් ඉන්නේ හිරකාරියක් වගේ.</font>

663
00:36:03,077 --> 00:36:06,164
<font color="#ffbf46">මීඩියා වලට පිස්සු හැදෙන ජාතියේ කතාවක් මේක.</font>

664
00:36:06,247 --> 00:36:07,623
<font color="#ffbf46">මේක වයිරල් වෙයි.</font>

665
00:36:07,707 --> 00:36:08,583
<font color="#ffbf46">කැන්ග් මහත්තයෝ.</font>

666
00:36:09,167 --> 00:36:12,128
<font color="#ffbf46">ඔයා පාඩු ලබන ප්‍රෝ බොනෝ ටීම් එකක් තියාගෙන ඉන්නේ
ඒකෙන් හොඳ ප්‍රසිද්ධියක් ලැබෙන නිසා නේද?</font>

667
00:36:12,211 --> 00:36:14,797
<font color="#ffbf46">මොකුත් ප්‍රතිචාරයක් නැතිවට වඩා
විවේචනය කරන එක හරි හොඳයිනේ.</font>

668
00:36:15,464 --> 00:36:17,216
<font color="#ffbf46">මේක ඔට්ටු අල්ලන්න වටින නඩුවක්.</font>

669
00:36:17,300 --> 00:36:19,677
<font color="#ffbf46">අනේ දෙවියනේ, ඔයාට පුළුවන් මේක ගොඩදාන්න.</font>

670
00:36:19,760 --> 00:36:23,514
<font color="#ffbf46">"ජනතා විනිසුරු" ආපු දවසේ ඉඳන්,
අපි හිටියේ ගොඩක් පරිස්සමින්.</font>

671
00:36:23,598 --> 00:36:27,059
<font color="#ffbf46">ඔයා වගේ ප්‍රසිද්ධ වෙන්න
දඟලන කෙනෙක් ඇයි</font>

672
00:36:27,143 --> 00:36:29,687
<font color="#ffbf46">අපේ ෆර්ම් එකට ඇවිල්ලා
මේ වගේ කලබලයක් කරන්නේ?</font>

673
00:36:29,770 --> 00:36:33,733
<font color="#ffbf46">අනේ සොරි, මම පරක්කු වුණා.</font>

674
00:36:34,859 --> 00:36:36,819
<font color="#ffbf46">මම නැතුව කිසි ජොලියක් තිබුණේ නෑ නේද?</font>

675
00:36:36,903 --> 00:36:39,780
<font color="#ffbf46">අනේ මිස් ඕ. ඔයා කාර්යබහුල නිසා,
එන්න ඕනෙකමක් තිබුණේ නෑනේ.</font>

676
00:36:39,864 --> 00:36:41,324
<font color="#ffbf46">ඉතින්, මොකක්ද තීරණය?</font>

677
00:36:42,950 --> 00:36:43,993
<font color="#ffbf46">තීරණයක් ගත්තා නේද?</font>

678
00:36:45,453 --> 00:36:46,996
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

679
00:36:47,079 --> 00:36:48,706
<font color="#ffbf46">දැන් රටේ තත්වේ ගැන බැලුවම,</font>

680
00:36:48,789 --> 00:36:51,083
<font color="#ffbf46">- මේ වගේ නඩුවක්...
- ඒක හරි.</font>

681
00:36:51,167 --> 00:36:54,503
<font color="#ffbf46">දැන් රටේ තත්වේ ගැන බැලුවම,
අපි අනිවාර්යයෙන්ම මේක භාරගන්න ඕනේ.</font>

682
00:36:55,463 --> 00:36:57,131
<font color="#ffbf46">මිස් ඕ, ඔයා මේ මොනවද කියන්නේ?</font>

683
00:36:57,215 --> 00:37:00,509
<font color="#ffbf46">දැන් කාලේ කවුද කැමති ෆැක්ටරි වල
එහෙම නැත්නම් වගාබිම් වල වැඩ කරන්න?</font>

684
00:37:01,177 --> 00:37:03,471
<font color="#ffbf46">අපේ ව්‍යාපාරික පාරිභෝගිකයෝ කේන්තියෙන් ඉන්නේ</font>

685
00:37:03,554 --> 00:37:05,514
<font color="#ffbf46">මොකද එයාලට වැඩට මිනිස්සු හොයාගන්න බැරි නිසා.</font>

686
00:37:05,598 --> 00:37:07,558
<font color="#ffbf46">අපට ලාබෙට වගේම හොඳට වැඩ කරන
සේවකයෝ දිගටම ඕන නම්,</font>

687
00:37:07,642 --> 00:37:11,729
<font color="#ffbf46">කොරියාවට ආවම එයාලට අසාධාරණයක් වෙන්නේ නෑ කියලා පෙන්නලා
අපි සිග්නල් එකක්...</font>

688
00:37:11,812 --> 00:37:13,814
<font color="#ffbf46">යවන්න ඕන, නේද?</font>

689
00:37:16,734 --> 00:37:19,612
<font color="#ffbf46">අපි ඔයාලා ගැන විශ්වාසය තියනවා,
කැන්ග් මහත්තයෝ, මිස් පාර්ක්.</font>

690
00:37:22,823 --> 00:37:24,075
<font color="#ffbf46">ඔයාලා ඉස්සෙල්ලා යන්න.</font>

691
00:37:28,037 --> 00:37:29,038
<font color="#ffbf46">ස්තූතියි</font>

692
00:37:29,664 --> 00:37:30,665
<font color="#ffbf46">අපේ පැත්ත ගත්තට.</font>

693
00:37:33,209 --> 00:37:35,544
<font color="#ffbf46">මම ඔයාලගේ පැත්ත ගත්තා? මම?</font>

694
00:37:36,254 --> 00:37:37,463
<font color="#ffbf46">නැද්ද ඉතින්?</font>

695
00:37:40,508 --> 00:37:41,926
<font color="#ffbf46">නීතිඥ පාර්ක් ගි-ප්පියුම්.</font>

696
00:37:42,009 --> 00:37:43,344
<font color="#ffbf46">එයා මාර කෙනෙක්නේ.</font>

697
00:37:44,220 --> 00:37:45,429
<font color="#ffbf46">මිස් පාර්ක්? ඇයි ඒ?</font>

698
00:37:47,056 --> 00:37:48,057
<font color="#ffbf46">එයා මට තර්ජනය කළා</font>

699
00:37:49,225 --> 00:37:50,643
<font color="#ffbf46">ඔයාගේ වීඩියෝ එක පෙන්නලා.</font>

700
00:37:54,063 --> 00:37:54,897
<font color="#ffbf46">මොකක්?</font>

701
00:37:58,109 --> 00:37:59,527
<font color="#ffbf46"><i>අනේ දෙවියනේ.</i></font>

702
00:38:07,618 --> 00:38:09,203
<font color="#ffbf46">ඇයි ඔයා මට මේක පෙන්නන්නේ?</font>

703
00:38:11,998 --> 00:38:13,165
<font color="#ffbf46">මිස් ඕ,</font>

704
00:38:14,542 --> 00:38:16,043
<font color="#ffbf46">ඔයා මේ ගැන දැනගෙන හිටියා නේද?</font>

705
00:38:17,336 --> 00:38:20,381
<font color="#ffbf46">ඇයි කැන්ග් මහත්තයා එකපාරටම
විනිසුරුකමෙන් අයින් වුණේ කියලා ඔයා දැනන් හිටියා.</font>

706
00:38:21,340 --> 00:38:22,717
<font color="#ffbf46">ඇයි ඔයා එහෙම හිතන්නේ?</font>

707
00:38:22,800 --> 00:38:24,719
<font color="#ffbf46">ඔයාලා දෙන්නම JRTI එකට එකටනේ ගියේ.</font>

708
00:38:25,511 --> 00:38:26,846
<font color="#ffbf46">එහෙනම්, ඔයා හොඳටම දන්නවා ඇතිනේ</font>

709
00:38:26,929 --> 00:38:29,140
<font color="#ffbf46">කැන්ග් මහත්තයා කවදාවත් තෝරගන්නේ නෑ කියලා
ප්‍රෝ බොනෝ නීතිඥයෙක් වෙන්න</font>

710
00:38:29,682 --> 00:38:32,768
<font color="#ffbf46">සල්ලියක් බලයක් නැති පැත්තක.</font>

711
00:38:35,896 --> 00:38:36,981
<font color="#ffbf46">ඉතින් එහෙම වුණා නම් මොකද?</font>

712
00:38:38,983 --> 00:38:42,570
<font color="#ffbf46">ප්‍රෝ බොනෝ ටීම් එක කියන්නේ රෙදි හෝදන තැනක් නෙවෙයිනේ.</font>

713
00:38:43,863 --> 00:38:45,948
<font color="#ffbf46">වැරැද්දක් කරපු කෙනෙක්ව</font>

714
00:38:46,032 --> 00:38:48,326
<font color="#ffbf46">ටීම් ලීඩර් විදියට පත් කරලා
ප්‍රතිරූපය සුද්ධ කරගන්න හදන තැනක් නෙවෙයි මේක.</font>

715
00:38:54,165 --> 00:38:57,626
<font color="#ffbf46">මේක ප්‍රසිද්ධියේ අහන්නේ නැතුව
ඔයා කෙලින්ම මගේ ළඟට ආවේ,</font>

716
00:38:58,961 --> 00:39:02,340
<font color="#ffbf46">ඒ කියන්නේ ඔයාට මගෙන්
මොනවා හරි බලාපොරොත්තුවක් තියෙනවා නේද?</font>

717
00:39:03,466 --> 00:39:04,550
<font color="#ffbf46">මට ඕන ඔයා</font>

718
00:39:05,718 --> 00:39:07,511
<font color="#ffbf46">අපිට සහයෝගය දෙන්න විතරයි</font>

719
00:39:08,054 --> 00:39:10,014
<font color="#ffbf46">අපේ වැඩේ හරියට කරගෙන යන්න.</font>

720
00:39:11,349 --> 00:39:12,975
<font color="#ffbf46">ඔයාට මගේ සහයෝගය ඕනෙ?</font>

721
00:39:13,059 --> 00:39:15,311
<font color="#ffbf46">කැන්ග් මහත්තයා මෙහෙයවන
ප්‍රෝ බොනෝ ටීම් එකව ඔයා ප්‍රමෝට් කරන්නේ</font>

722
00:39:15,936 --> 00:39:18,356
<font color="#ffbf46">ඔයාගේම ජයග්‍රහණයක් විදියටනේ ලොකුවටම.</font>

723
00:39:19,023 --> 00:39:20,941
<font color="#ffbf46">එහෙනම් ඔයා පොඩි හරි
වගකීමක් ගන්න ඕන නේද</font>

724
00:39:21,025 --> 00:39:25,946
<font color="#ffbf46">කැන්ග් මහත්තයා අපේ ටීම් ලීඩර් වෙන්න සුදුසුයි කියලා
ඔප්පු වෙනකන්?</font>

725
00:39:31,869 --> 00:39:34,747
<font color="#ffbf46">මිස් පාර්ක් ඇත්තටම එහෙම කළාද?</font>

726
00:39:34,830 --> 00:39:37,166
<font color="#ffbf46">මම එයාව ආපහු M&A ටීම් එකට ගන්න ඕනේ.</font>

727
00:39:37,249 --> 00:39:39,043
<font color="#ffbf46">එයාට සාකච්ඡා කරන්න හොඳ හැකියාවක් තියෙනවා.</font>

728
00:39:39,126 --> 00:39:41,128
<font color="#ffbf46">ෂා, මට එයා ගැන ආස හිතුණා.</font>

729
00:39:41,212 --> 00:39:42,171
<font color="#ffbf46">ඉන්නකෝ.</font>

730
00:39:42,254 --> 00:39:44,632
<font color="#ffbf46">එයා කොහොමද ඒ වීඩියෝ එක හොයාගත්තේ...</font>

731
00:39:44,715 --> 00:39:46,759
<font color="#ffbf46">ඒක බලාගන්න, හරිද?</font>

732
00:39:47,927 --> 00:39:50,554
<font color="#ffbf46">එයාට මෝඩ වැඩක් කරන්න දෙන්න එපා.</font>

733
00:39:58,896 --> 00:39:59,897
<font color="#ffbf46">ශික්.</font>

734
00:40:05,152 --> 00:40:07,154
<font color="#ffbf46">දික්කසාද නඩුව</font>

735
00:40:07,238 --> 00:40:08,239
<font color="#ffbf46">කැන්ග් මහත්තයෝ?</font>

736
00:40:10,241 --> 00:40:12,618
<font color="#ffbf46">සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් සංවිධානයෙන්ද
මේක ඉල්ලුවේ?</font>

737
00:40:12,701 --> 00:40:15,663
<font color="#ffbf46">එයාලට තාවකාලිකව ඉන්න
ආරක්ෂිත තැනක් තියෙනවද?</font>

738
00:40:16,247 --> 00:40:17,998
<font color="#ffbf46">- ඔව් තියෙනවා.
- දික්කසාද නඩුව යන අතරතුර,</font>

739
00:40:18,082 --> 00:40:20,835
<font color="#ffbf46">අපි කියමු කායව බාරගන්න කියලා.
ඒකට වැඩි කාලයක් යන එකක් නෑ.</font>

740
00:40:20,918 --> 00:40:24,839
<font color="#ffbf46">මොකක්ද? නඩුව දිනන්න තරම්
සාක්ෂි තාම අපිට නෑනේ.</font>

741
00:40:24,922 --> 00:40:28,008
<font color="#ffbf46">කායා කියන්නෙම සාක්ෂියක් තමයි.</font>

742
00:40:28,092 --> 00:40:29,677
<font color="#ffbf46">මොකක්ද ඔයා ඒ කිව්වේ?</font>

743
00:40:29,760 --> 00:40:32,221
<font color="#ffbf46">ගම්මු කියපු කතාවල
අමුතු දෙයක් තිබුණේ නැද්ද?</font>

744
00:40:36,058 --> 00:40:37,059
<font color="#ffbf46">කායා ඇඳපු විදිය ගැන.</font>

745
00:40:38,436 --> 00:40:39,770
<font color="#ffbf46">ඇඳපු විදිය ගැන?</font>

746
00:40:41,272 --> 00:40:44,442
<font color="#ffbf46">එයා කොට සායවල් අඳිනවා කියලා.</font>

747
00:40:44,525 --> 00:40:46,485
<font color="#ffbf46">- ඉතින් මොකක්ද ඒකේ තියෙන අවුල?
- නිකමට හිතලා බලන්න.</font>

748
00:40:46,569 --> 00:40:48,237
<font color="#ffbf46">අපි එයාව දකිද්දි එයා ඇඳගෙන හිටපු විදිය මතකද?</font>

749
00:40:48,904 --> 00:40:52,199
<font color="#ffbf46"><i>වගාබිමේ වැඩ කරනකොට</i>
<i>එයාට ඕන වුණේ නෑ කර වෙන්න.</i></font>

750
00:40:52,283 --> 00:40:54,076
<font color="#ffbf46"><i>එතකොට එයා මෙහෙ ආපු දවස ගැන මොකද හිතන්නේ?</i></font>

751
00:40:55,411 --> 00:40:56,704
<font color="#ffbf46"><i>එදාට පුදුම රස්නයක් තිබුණේ.</i></font>

752
00:40:57,788 --> 00:40:59,373
<font color="#ffbf46">- උෂ්ණත්වය අංශක 35ක් විතර තිබුණා.
- මොකක්?</font>

753
00:41:00,749 --> 00:41:02,001
<font color="#ffbf46">හරි. හැබැයි සති දෙකකට කලින්...</font>

754
00:41:05,588 --> 00:41:08,299
<font color="#ffbf46">එයා අඳින විදිය
සති දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.</font>

755
00:41:08,382 --> 00:41:10,551
<font color="#ffbf46">ඒ කියන්නේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා.</font>

756
00:41:11,343 --> 00:41:14,889
<font color="#ffbf46">බෙල්ලටම වැහෙන්න ඇඳුම් අඳින්න තරම්
හේතු වුණු දෙයක්</font>

757
00:41:14,972 --> 00:41:17,475
<font color="#ffbf46">මේ අංශක 35 රස්නේ අස්සේ.</font>

758
00:41:24,982 --> 00:41:26,734
<font color="#ffbf46">මම එයාව එක්කන් ආවා.</font>

759
00:41:26,817 --> 00:41:27,943
<font color="#ffbf46">ස්තූතියි.</font>

760
00:41:30,946 --> 00:41:33,073
<font color="#ffbf46">ඔයාට දිගටම මෙහෙ එන්න බෑ.</font>

761
00:41:33,157 --> 00:41:35,284
<font color="#ffbf46">මිනිස්සු මං දිහා අමුතු විදියට බලයි.</font>

762
00:41:35,910 --> 00:41:37,286
<font color="#ffbf46">මේ පොඩි වෙලාවකටනේ.</font>

763
00:41:37,369 --> 00:41:38,704
<font color="#ffbf46">අපි ෆුට්බෝල් ගහපු දවසේ,</font>

764
00:41:39,330 --> 00:41:42,958
<font color="#ffbf46">ඔයා ඇඳපු විදියයි නටපු විදියයි ගැන
මුළු ගමේම කතාවක් පැතිරුණා නේද?</font>

765
00:41:44,585 --> 00:41:47,880
<font color="#ffbf46">මුල ඉඳන්ම ඔයාට අකමැති වුණු
ගමේ මිනිස්සු</font>

766
00:41:47,963 --> 00:41:49,298
<font color="#ffbf46">ඒක තවත් ලොකු කරලා කියන්න ඇති.</font>

767
00:41:50,508 --> 00:41:51,800
<font color="#ffbf46">ඔයාගේ මහත්තයාට ගොඩක් කේන්ති ගියාද?</font>

768
00:41:58,641 --> 00:42:01,894
<font color="#ffbf46">ඔයාගේ ජනේලෙට අගුලක් දැම්මේ
ඔයාගේ මහත්තයා නේද?</font>

769
00:42:04,271 --> 00:42:05,940
<font color="#ffbf46">එයා සෙල්ලම් කරන්නේ මාත් එක්ක විතරයි!</font>

770
00:42:08,025 --> 00:42:09,360
<font color="#ffbf46">දොර අගුල්, කෑලි තුනේ සෙට් එක</font>

771
00:42:09,443 --> 00:42:13,614
<font color="#ffbf46">කායා, කොහොම හරි ඔයා දික්කසාද වෙන්න
හිත හදාගෙනනේ ඉන්නේ.</font>

772
00:42:13,697 --> 00:42:17,409
<font color="#ffbf46">අපිට ඔයාට උදව් කරන්න නම් ඔයා ඇත්ත කියන්න ඕනේ.</font>

773
00:42:20,996 --> 00:42:24,041
<font color="#ffbf46">ඔයා ඔය ස්කාෆ් එකෙන් මොනවද හංගන්නේ?</font>

774
00:42:24,833 --> 00:42:26,752
<font color="#ffbf46">මේක නිකන්...</font>

775
00:42:26,835 --> 00:42:28,546
<font color="#ffbf46">ඔයා කාවද ආරක්ෂා කරන්න හදන්නේ?</font>

776
00:42:29,296 --> 00:42:30,130
<font color="#ffbf46">ඔයාගේ මහත්තයවද?</font>

777
00:42:32,716 --> 00:42:35,177
<font color="#ffbf46">පොලිසියේ පැමිණිල්ලක් දැම්මොත්
දික්කසාද නඩුවට ඒක ලොකු උදව්වක් වෙයි.</font>

778
00:42:35,261 --> 00:42:36,512
<font color="#ffbf46">එහෙම කරන්න එපා!</font>

779
00:42:37,513 --> 00:42:39,723
<font color="#ffbf46">කායා, ඔයාට ඕන නම්,</font>

780
00:42:39,807 --> 00:42:41,600
<font color="#ffbf46">කාටවත් කරදරයක් නැතුව දික්කසාද වෙන්න අපි උදව් කරන්නම්.</font>

781
00:42:44,061 --> 00:42:45,062
<font color="#ffbf46">ඇත්තටමද?</font>

782
00:42:49,191 --> 00:42:52,111
<font color="#ffbf46">මට ඇත්තටම දික්කසාද වෙන්න පුළුවන්ද?</font>

783
00:42:53,696 --> 00:42:54,697
<font color="#ffbf46">ඔව්.</font>

784
00:43:19,847 --> 00:43:21,515
<font color="#ffbf46">සුවොන් පවුලේ උසාවිය,
ඒක පුද්ගල විනිසුරු අංශය</font>

785
00:43:27,271 --> 00:43:28,272
<font color="#ffbf46">පැමිණිලි පාර්ශවයේ නීතිඥතුමා.</font>

786
00:43:28,355 --> 00:43:31,233
<font color="#ffbf46">දික්කසාදයට හේතුව මොකක්ද?</font>

787
00:43:31,317 --> 00:43:32,443
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.</font>

788
00:43:32,526 --> 00:43:35,279
<font color="#ffbf46">හේතු තමයි අසාමාන්‍ය ලෙස සැක කිරීම,
වාචික හිංසනය, සහ...</font>

789
00:43:35,988 --> 00:43:37,239
<font color="#ffbf46">කායා.</font>

790
00:43:41,660 --> 00:43:42,870
<font color="#ffbf46">සහ මිනී මැරීමට තැත් කිරීම.</font>

791
00:43:47,916 --> 00:43:49,335
<font color="#ffbf46">අධිකරණ ශාලා අංක 301, අද නඩු විභාග</font>

792
00:43:49,418 --> 00:43:52,588
<font color="#ffbf46">අලියෝනා, ඔයා කසකස්තානයෙන් ආපු කෙනෙක්. හරි නේද?</font>

793
00:43:53,255 --> 00:43:55,591
<font color="#ffbf46">- ඔව්.
- ඔයා නගරේ රෙස්ටොරන්ට් එකක වැඩ කරනවා නේද?</font>

794
00:43:56,508 --> 00:43:57,343
<font color="#ffbf46">ඔව්.</font>

795
00:43:57,426 --> 00:43:58,761
<font color="#ffbf46">ඔයා මෙතන ඉන්න කායව දන්නවද?</font>

796
00:43:59,595 --> 00:44:04,725
<font color="#ffbf46">ඔව්, අපි එකට කොරියානු භාෂාව ඉගෙනගන්නවා
පන්ති කාමරේක.</font>

797
00:44:06,894 --> 00:44:09,605
<font color="#ffbf46">දෙවැනිදා හවස,
ඔයා දැක්කද කායාගේ මහත්තයව</font>

798
00:44:10,356 --> 00:44:11,732
<font color="#ffbf46">රෙස්ටොරන්ට් එකේදි?</font>

799
00:44:16,070 --> 00:44:19,823
<font color="#ffbf46">- ඔව්.
- ඔයාට කියන්න පුළුවන්ද එදා රෑ මොකද වුණේ කියලා?</font>

800
00:44:20,616 --> 00:44:21,950
<font color="#ffbf46">- බොමු.
- හා.</font>

801
00:44:22,034 --> 00:44:23,077
<font color="#ffbf46">බීපන්.</font>

802
00:44:26,163 --> 00:44:27,790
<font color="#ffbf46">- රහයිද?
- ඔව්.</font>

803
00:44:28,832 --> 00:44:32,461
<font color="#ffbf46">මචං, නිකන් ගිලින්නේ නැතුව,
ගෑනිව පොඩ්ඩක් පාලනය කරගනින්.</font>

804
00:44:33,420 --> 00:44:34,421
<font color="#ffbf46">මගේ ගෑනි?</font>

805
00:44:35,005 --> 00:44:37,883
<font color="#ffbf46">ඔව් යකෝ. උඹේ ගෑනි තමයි.</font>

806
00:44:37,966 --> 00:44:40,386
<font color="#ffbf46">උඹ දන්නවද ෆුට්බෝල් ගහපු වෙලාවේ
එයා හිටපු විදිය?</font>

807
00:44:41,178 --> 00:44:43,097
<font color="#ffbf46">මොකක්? මගේ ගෑනි හරි අහිංසකයි.</font>

808
00:44:43,180 --> 00:44:45,224
<font color="#ffbf46">අහිංසකයි මගේ කකුල. මේ.</font>

809
00:44:45,307 --> 00:44:47,476
<font color="#ffbf46">එයාගේ සාය කොට වැඩිකමට
යට ඇඳුමත් පේනවා.</font>

810
00:44:47,559 --> 00:44:48,644
<font color="#ffbf46">උඹ දැක්කා නේද?</font>

811
00:44:48,727 --> 00:44:49,978
<font color="#ffbf46">අත් කකුල් දාගෙන... අම්මෝ.</font>

812
00:44:50,562 --> 00:44:52,648
<font color="#ffbf46">බලන් ඉන්න මට ලැජ්ජා හිතුණා.</font>

813
00:44:52,731 --> 00:44:54,191
<font color="#ffbf46">පරිස්සමින් හිටපන්.</font>

814
00:44:54,274 --> 00:44:57,236
<font color="#ffbf46">කොල්ලො රෑනක්ම ඉන්නවා
උඹේ ගෑනි ගැන ඇහැ ගහගෙන.</font>

815
00:44:57,319 --> 00:45:00,197
<font color="#ffbf46">මං අහගත්තා ෆුට්බෝල් ගැහුවට පස්සේ
එයාලා ඔක්කොම කැරොකේ ගියා කියලා.</font>

816
00:45:00,280 --> 00:45:01,907
<font color="#ffbf46">එයා කීයටද ගෙදර ආවේ?</font>

817
00:45:02,825 --> 00:45:04,243
<font color="#ffbf46">එයා ගෙදර ආවදවත්?</font>

818
00:45:04,827 --> 00:45:07,371
<font color="#ffbf46">අපි මේවා කියන්නේ
උඹේ යාළුවෝ නිසා.</font>

819
00:45:07,454 --> 00:45:10,249
<font color="#ffbf46">වටේම ඉන්නේ මහ වල් හැත්තක්.</font>

820
00:45:12,042 --> 00:45:15,045
<font color="#ffbf46">බොරු කියන්න එපා! මගේ ගෑනි එහෙම නෑ.</font>

821
00:45:16,755 --> 00:45:17,756
<font color="#ffbf46">- හරි හරි. ඒයි!
- මචං!</font>

822
00:45:17,840 --> 00:45:19,883
<font color="#ffbf46">මචං, මට තේරුණා!</font>

823
00:45:19,967 --> 00:45:21,135
<font color="#ffbf46">අම්මෝ, මම බය වුණා.</font>

824
00:45:21,760 --> 00:45:24,471
<font color="#ffbf46">නීතිඥතුමා, ඔයාට පුළුවන් පැමිණිලිකාරියගෙන් ප්‍රශ්න අහන්න.</font>

825
00:45:25,597 --> 00:45:27,474
<font color="#ffbf46">එදා හවස...</font>

826
00:45:27,558 --> 00:45:30,227
<font color="#ffbf46">අපිට ඇහෙන්නේ නෑ. කරුණාකරලා සද්දෙන් කියන්න.</font>

827
00:45:30,310 --> 00:45:31,603
<font color="#ffbf46">හරි, මට සමා වෙන්න.</font>

828
00:45:32,354 --> 00:45:38,402
<font color="#ffbf46">මම හවස ගෙදර ගියා
වගාබිමේ වැඩ ඉවර වෙලා.</font>

829
00:45:42,948 --> 00:45:46,910
<font color="#ffbf46">මහත්තයෝ! මොකද මේ කරන්නේ?
මම ඒ ඇඳුම් මහ ගත්තේ!</font>

830
00:45:46,994 --> 00:45:49,371
<font color="#ffbf46">- මේ ඇඳුම්... මේවා අඳින්න එපා!
- අනේ!</font>

831
00:45:49,455 --> 00:45:51,623
<font color="#ffbf46">අනේ, එපා ඔහොම කරන්න!</font>

832
00:45:51,707 --> 00:45:53,584
<font color="#ffbf46">ෆෝන් එක! දියන් ෆෝන් එක!</font>

833
00:45:53,667 --> 00:45:54,918
<font color="#ffbf46">ඇයි?</font>

834
00:45:55,002 --> 00:45:56,503
<font color="#ffbf46">ෆෝන් එක දියන්!</font>

835
00:45:59,840 --> 00:46:00,883
<font color="#ffbf46">දියන්!</font>

836
00:46:00,966 --> 00:46:03,594
<font color="#ffbf46">දැන්, උඹ ඉන්න ඕන මාත් එක්ක විතරයි!</font>

837
00:46:03,677 --> 00:46:06,346
<font color="#ffbf46">රෑට එළියට යන්න එපා! මාත් එක්ක විතරක් ඉඳපන්!</font>

838
00:46:06,430 --> 00:46:09,266
<font color="#ffbf46">ඒත් මම රෑට එළියට යන්නේ නෑනේ!</font>

839
00:46:09,850 --> 00:46:13,645
<font color="#ffbf46">මම හැමදාම රෑට කොරියන් ඉගෙනගන්නවා!</font>

840
00:46:14,271 --> 00:46:15,856
<font color="#ffbf46">මට කොරියන් ජාතිකයෙක් වෙන්න ඕන නිසා!</font>

841
00:46:15,939 --> 00:46:17,733
<font color="#ffbf46">උඹට කොරියන් ඉගෙනගන්න ඕන නෑ!</font>

842
00:46:18,484 --> 00:46:19,526
<font color="#ffbf46">උඹ මාත් එක්ක හිටපන්!</font>

843
00:46:21,778 --> 00:46:23,071
<font color="#ffbf46">අනේ!</font>

844
00:46:29,036 --> 00:46:34,458
<font color="#ffbf46">ඊටපස්සේ, එයා රෑ වෙලා ගෙදර ආවා
හොඳටම බීලා.</font>

845
00:46:34,541 --> 00:46:36,210
<font color="#ffbf46">ඔයාගේ බීපු මහත්තයා</font>

846
00:46:36,293 --> 00:46:38,712
<font color="#ffbf46">ඔයාගේ උරහිසෙන් අල්ලගෙන
හයියෙන් හෙලෙව්වා.</font>

847
00:46:38,795 --> 00:46:40,297
<font color="#ffbf46">ඊටපස්සේ එයා ඔයාගේ බෙල්ල මිරිකුවා නේද?</font>

848
00:46:41,924 --> 00:46:43,175
<font color="#ffbf46">ඔව්.</font>

849
00:46:43,258 --> 00:46:45,135
<font color="#ffbf46">බොරු කියන්න එපා!</font>

850
00:46:45,219 --> 00:46:46,595
<font color="#ffbf46">කරුණාකරලා වාඩි වෙන්න.</font>

851
00:46:49,765 --> 00:46:51,266
<font color="#ffbf46">ඊටපස්සේ ඔයාට සිහිය නැති වුණා. හරි නේද?</font>

852
00:46:51,934 --> 00:46:54,394
<font color="#ffbf46">- ඔව්.
- තව ප්‍රශ්න නෑ ස්වාමීනි.</font>

853
00:46:54,478 --> 00:46:56,313
<font color="#ffbf46">ස්වාමීනි, පැමිණිලි පාර්ශවයේ නීතිඥතුමා</font>

854
00:46:56,396 --> 00:46:58,649
<font color="#ffbf46">විත්තිකරුට අපහාස කරනවා
කිසිම සාක්ෂියක් නැතුව.</font>

855
00:46:58,732 --> 00:47:01,610
<font color="#ffbf46">එයාලා බොරු මවලා කියනවා
විත්තිකරු ආබාධිත කෙනෙක් නිසා.</font>

856
00:47:01,693 --> 00:47:03,946
<font color="#ffbf46">ඇයගේ බෙල්ලේ තියෙන තුවාලය පේන්නේ නැද්ද?</font>

857
00:47:04,029 --> 00:47:06,532
<font color="#ffbf46">කෙනෙක්ගේ බෙල්ල ඔච්චර හයියෙන් මිරිකුවම,</font>

858
00:47:06,615 --> 00:47:08,492
<font color="#ffbf46">ඒක මිනීමැරුම් තැතක්!</font>

859
00:47:08,575 --> 00:47:09,993
<font color="#ffbf46">නෑ!</font>

860
00:47:13,121 --> 00:47:14,122
<font color="#ffbf46">මොකක්?</font>

861
00:47:19,294 --> 00:47:21,672
<font color="#ffbf46">මගේ මහත්තයා හොඳ කෙනෙක්.</font>

862
00:47:21,755 --> 00:47:23,632
<font color="#ffbf46">ඒක වැරදීමක්.</font>

863
00:47:23,715 --> 00:47:26,969
<font color="#ffbf46">එයා කවදාවත් මාව මරන්න හැදුවේ නෑ.</font>

864
00:47:27,928 --> 00:47:30,722
<font color="#ffbf46">මම දන්නවා. ඒක ඇත්තටම වැරදීමක්.</font>

865
00:47:32,015 --> 00:47:37,104
<font color="#ffbf46">මගේ මහත්තයව හිරේ යවන්න එපා
ස්වාමීනි. අනේ ප්ලීස්.</font>

866
00:47:37,187 --> 00:47:39,648
<font color="#ffbf46">රඟපාන එක නවත්තපන්, ජරා ගෑනි!</font>

867
00:47:40,732 --> 00:47:43,860
<font color="#ffbf46">මේක දික්කසාද නඩුවක්,
අපරාධ නඩුවක් නෙවෙයි.</font>

868
00:47:43,944 --> 00:47:45,904
<font color="#ffbf46">ඒක ඕනකමින් කළත් නැතත්,</font>

869
00:47:46,697 --> 00:47:48,782
<font color="#ffbf46">විත්තිකරුට තියෙන
අසාමාන්‍ය සැකය නිසා,</font>

870
00:47:48,865 --> 00:47:51,118
<font color="#ffbf46">පැමිණිලිකාරියට ලොකු අනාරක්ෂිත බවක් දැනෙනවා,</font>

871
00:47:51,201 --> 00:47:53,412
<font color="#ffbf46">මේ විවාහය දිගටම ගෙනියන්න
බැරි තරමටම.</font>

872
00:47:53,495 --> 00:47:55,455
<font color="#ffbf46">මේක තමයි අපේ ඉල්ලීම.</font>

873
00:47:55,539 --> 00:47:58,625
<font color="#ffbf46">ස්වාමීනි, විත්තියේ පාර්ශ්වයත්
සාක්ෂිකරුවන් කැඳවන්න කැමතියි.</font>

874
00:47:59,334 --> 00:48:02,462
<font color="#ffbf46">ගොඩක් අය ඉන්න නිසා,
අපිට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න.</font>

875
00:48:02,546 --> 00:48:06,758
<font color="#ffbf46">හරි. අපි සති තුනකින් හවස 2:00 ට
නැවත හමුවෙමු.</font>

876
00:48:15,100 --> 00:48:16,435
<font color="#ffbf46">ඒක අමාරු වුණා නේද?</font>

877
00:48:18,145 --> 00:48:19,146
<font color="#ffbf46">ස්තූතියි.</font>

878
00:48:19,855 --> 00:48:21,648
<font color="#ffbf46">ස්තූති කරන්න තාම කල් වැඩියි.</font>

879
00:48:21,732 --> 00:48:22,899
<font color="#ffbf46">අපි මේ පටන් ගත්තා විතරයි.</font>

880
00:48:23,442 --> 00:48:26,570
<font color="#ffbf46">ජැන්ග් මහත්තයා ගමේ නායකයාව හම්බවෙන්න ගියා නේද?
එයා සාක්ෂි දෙන්න එයිද?</font>

881
00:48:32,075 --> 00:48:33,076
<font color="#ffbf46">මම දැනගෙන හිටියා.</font>

882
00:48:33,660 --> 00:48:36,913
<font color="#ffbf46">කයාගේ නැන්දම්මලාගේ පවුල පරම්පරා ගාණක්
ගමේ නායකයෝ වෙලා හිටපු නිසා,</font>

883
00:48:36,997 --> 00:48:38,665
<font color="#ffbf46">කවුරුත් ලේසියෙන් ඉස්සරහට එන්නේ නෑ.</font>

884
00:48:41,752 --> 00:48:43,795
<font color="#ffbf46">මේක ටිකක් අමාරුයි,</font>

885
00:48:44,421 --> 00:48:47,341
<font color="#ffbf46">මොකද මට හිතෙන්නේ මම නිසා
මේ දේවල් ලොකු වෙනවා කියලා.</font>

886
00:48:48,342 --> 00:48:51,053
<font color="#ffbf46">මේක පොඩි ගමක්නේ,
ඉතින් මේ වෙනකොටත් හැමෝම දැනගෙන ඇති.</font>

887
00:48:51,595 --> 00:48:52,429
<font color="#ffbf46">කයා.</font>

888
00:48:53,930 --> 00:48:55,307
<font color="#ffbf46">ඔයා ගැන විතරක් හිතන්න.</font>

889
00:48:55,891 --> 00:48:57,225
<font color="#ffbf46">වෙන කවුරු ගැනවත් හිතන්න එපා.</font>

890
00:48:57,851 --> 00:48:58,810
<font color="#ffbf46">හරිද?</font>

891
00:49:01,063 --> 00:49:02,314
<font color="#ffbf46">ස්තූතියි.</font>

892
00:49:02,397 --> 00:49:04,608
<font color="#ffbf46">එහෙනම් අපි ඊළඟ නඩු වාරයේදී හමුවෙමු.</font>

893
00:49:06,151 --> 00:49:07,152
<font color="#ffbf46">හරි.</font>

894
00:49:08,320 --> 00:49:09,321
<font color="#ffbf46">ගිහින් එන්නම්.</font>

895
00:49:20,707 --> 00:49:21,667
<font color="#ffbf46">කැන්ග් මහත්තයා.</font>

896
00:49:22,793 --> 00:49:23,669
<font color="#ffbf46">ඔව්?</font>

897
00:49:23,752 --> 00:49:24,920
<font color="#ffbf46">ඔයාද මාධ්‍යවේදීන්ට කතා කළේ?</font>

898
00:49:26,588 --> 00:49:28,965
<font color="#ffbf46">කවුරුත් මේ ගැන දන්නේ නැත්නම්
අපි ඇයි මේක කරන්නේ?</font>

899
00:49:29,049 --> 00:49:30,842
<font color="#ffbf46">අපිට මේකට සල්ලි හම්බවෙන්නෙත් නෑනේ.</font>

900
00:49:30,926 --> 00:49:34,513
<font color="#ffbf46">ඔයා දන්නවනේ එයාට ඕනේ වුණේ
සද්ද නැතුව දික්කසාද වෙන්න කියලා.</font>

901
00:49:37,516 --> 00:49:39,434
<font color="#ffbf46">මම වගේ දක්ෂ සාකච්ඡාකරුවෙක් දිහා</font>

902
00:49:39,518 --> 00:49:42,229
<font color="#ffbf46">ඔහොම බලන්න එපා.</font>

903
00:49:43,021 --> 00:49:43,855
<font color="#ffbf46">මොකක්ද?</font>

904
00:49:47,734 --> 00:49:49,069
<font color="#ffbf46">ඔයා ඕ මහත්මියව හම්බවෙන්න ගියානේ.</font>

905
00:49:51,530 --> 00:49:53,115
<font color="#ffbf46">ඇයි ඔයා මගෙන් මුකුත් ඇහුවේ නැත්තේ?</font>

906
00:49:53,699 --> 00:49:55,200
<font color="#ffbf46">මොනවා ගැනද? ඔයා දන්නවනේ.</font>

907
00:49:58,578 --> 00:50:00,080
<font color="#ffbf46">ඔයාට දැනගන්න ඕනෙත් නැද්ද?</font>

908
00:50:01,623 --> 00:50:03,333
<font color="#ffbf46">කැන්ග් මහත්තයා. ඔව්?</font>

909
00:50:06,962 --> 00:50:08,547
<font color="#ffbf46">අපි මේ නඩුවක් මැද්දේ ඉන්නේ.</font>

910
00:50:09,089 --> 00:50:11,091
<font color="#ffbf46">ඔයාගේ ප්‍රශ්නේ ගැන අපි පස්සේ කතා කරමු.</font>

911
00:50:19,558 --> 00:50:21,435
<font color="#ffbf46">ඒ කියන්නේ, "ඒක ඔයාගේ ප්‍රශ්නයක්."</font>

912
00:50:26,064 --> 00:50:27,399
<font color="#ffbf46">මම හිතුවේ අපි එක කණ්ඩායමක් කියලා.</font>

913
00:50:54,050 --> 00:50:57,554
<font color="#ffbf46">මොකද වුණේ? මගේ දුවට දුක හිතිලද?</font>

914
00:50:59,014 --> 00:50:59,890
<font color="#ffbf46">මුකුත් නෑ.</font>

915
00:51:07,397 --> 00:51:09,441
<font color="#ffbf46">ඔයාට කවදාවත් මෙහෙම වෙලා තියෙනවද?</font>

916
00:51:11,485 --> 00:51:15,989
<font color="#ffbf46">විශ්වාස කරන්න බැරි කෙනෙක්ව දිගටම විශ්වාස කරන්න
හදන නිසා ඔයාට දුක හිතෙනවා.</font>

917
00:51:17,574 --> 00:51:19,117
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

918
00:51:20,285 --> 00:51:23,205
<font color="#ffbf46">අපිට අපේ ගේ නැති වුණෙත් ඒ විදිහටමයි.</font>

919
00:51:29,044 --> 00:51:30,921
<font color="#ffbf46">දැන් ඔයා කා ගැනවත් ලේසියෙන් විශ්වාස කරන්නේ නෑ.
එහෙම නේද තාත්තේ?</font>

920
00:51:33,298 --> 00:51:35,592
<font color="#ffbf46">ඒක ඇත්ත. ඒකයි මේක අමාරු.</font>

921
00:51:48,438 --> 00:51:49,523
<font color="#ffbf46">නීතිඥතුමිය,</font>

922
00:51:50,106 --> 00:51:51,983
<font color="#ffbf46">ඔබට විත්තිකරුගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්.</font>

923
00:51:52,067 --> 00:51:52,901
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.</font>

924
00:51:52,984 --> 00:51:56,655
<font color="#ffbf46">එදා රෑ ඔයා බීලා පරක්කු වෙලා
ගෙදර ආවහම,</font>

925
00:51:57,239 --> 00:51:58,865
<font color="#ffbf46">ඔයා බිරිඳගේ බෙල්ල මිරිකුවද?</font>

926
00:52:00,367 --> 00:52:01,618
<font color="#ffbf46">නෑ.</font>

927
00:52:01,701 --> 00:52:03,036
<font color="#ffbf46">කරුණාකරලා ටිකක් හයියෙන් කියනවද?</font>

928
00:52:03,119 --> 00:52:06,164
<font color="#ffbf46">නෑ. නෑ, මම එයාගේ බෙල්ල මිරිකුවේ නෑ.</font>

929
00:52:06,748 --> 00:52:10,377
<font color="#ffbf46">එහෙනම්, ඔයා බිරිඳගේ
උරහිස් දෙකෙන් අල්ලලා හෙලෙව්වද?</font>

930
00:52:14,965 --> 00:52:16,299
<font color="#ffbf46">කරුණාකරලා උත්තර දෙන්න, චෝ මහත්තයා.</font>

931
00:52:19,553 --> 00:52:22,973
<font color="#ffbf46">ඔව්. ඔයා එයාගේ උරහිස් දෙකෙන් අල්ලලා හෙලෙව්වා.</font>

932
00:52:24,224 --> 00:52:25,475
<font color="#ffbf46">ඇයි ඔයා එහෙම කළේ?</font>

933
00:52:26,810 --> 00:52:28,353
<font color="#ffbf46">කරුණාකරලා අපිට කියන්න.</font>

934
00:52:32,107 --> 00:52:33,108
<font color="#ffbf46">එයා කිව්වා</font>

935
00:52:34,276 --> 00:52:35,193
<font color="#ffbf46">එයා යනවා කියලා.</font>

936
00:52:35,277 --> 00:52:38,196
<font color="#ffbf46">යනවා? එයා කොහේ හරි යනවා කියලද කිව්වේ?</font>

937
00:52:38,280 --> 00:52:41,199
<font color="#ffbf46">ඔව්, එයාගේ ගෙදර අයට ළඟට.</font>

938
00:52:41,283 --> 00:52:42,284
<font color="#ffbf46">එයාගේ පවුලේ අය ළඟට?</font>

939
00:52:43,577 --> 00:52:45,203
<font color="#ffbf46">ආපහු එයාගේ රටට?</font>

940
00:52:45,287 --> 00:52:47,205
<font color="#ffbf46">ඔව්. මට මේක පැහැදිලි කරගන්න දෙන්න.</font>

941
00:52:47,289 --> 00:52:50,542
<font color="#ffbf46">එදා රෑ ඔයා බීලා ගෙදර ආවහම,</font>

942
00:52:50,625 --> 00:52:54,004
<font color="#ffbf46">එයා එකපාරටම කිව්වා
එයා ආපහු එයාගේ රටට යනවා කියලා.</font>

943
00:52:54,087 --> 00:52:57,799
<font color="#ffbf46">ඉතින්, ඒ වෙලාවේ ඇතිවුණ කම්පනය නිසා
ඔයා එයාගේ උරහිස් දෙකෙන් අල්ලලා හෙලෙව්වා,</font>

944
00:52:57,883 --> 00:53:01,136
<font color="#ffbf46">හැබැයි ඔයා කවදාවත් එයාගේ බෙල්ල මිරිකුවේ නෑ. හරිද?</font>

945
00:53:02,762 --> 00:53:03,680
<font color="#ffbf46">ඔව්.</font>

946
00:53:08,643 --> 00:53:09,769
<font color="#ffbf46">කාලකණ්ණි බැල්ලි!</font>

947
00:53:09,853 --> 00:53:12,898
<font color="#ffbf46">ඔය කෙලෙහිගුණ දන්නේ නැති ගෑනි ඔක්කොම බොරු ගොතලා.</font>

948
00:53:13,732 --> 00:53:16,610
<font color="#ffbf46">මම හිතුවේ නෑ එයාට පුළුවන් වෙයි කියලා
මගේ අහිංසක පුතාට මිනීමැරුම් චෝදනා කරන්න,</font>

949
00:53:16,693 --> 00:53:18,403
<font color="#ffbf46">ඕසෙ බැල්ලි!</font>

950
00:53:18,486 --> 00:53:21,948
<font color="#ffbf46">මාතමිය, ඔබ ඉන්නේ උසාවියක.
වචන පාවිච්චි කරනකොට පරිස්සම් වෙන්න.</font>

951
00:53:23,241 --> 00:53:27,829
<font color="#ffbf46">මට සමා වෙන්න ස්වාමීනි.
මේක මාර අසාධාරණයිනේ.</font>

952
00:53:28,747 --> 00:53:31,625
<font color="#ffbf46">මිනිස්සු කියනවානේ
හොඳක් කළාට පාඩුවක් වෙන්නේ නෑ කියලා.</font>

953
00:53:33,627 --> 00:53:35,003
<font color="#ffbf46">හරි. මහත්මිය?</font>

954
00:53:35,754 --> 00:53:36,713
<font color="#ffbf46">ඔබ විශ්වාස කරනවා</font>

955
00:53:37,464 --> 00:53:40,091
<font color="#ffbf46">පැමිණිලිකාරිය විත්තිකරුව කේන්ති ගැස්සුවා කියලා</font>

956
00:53:40,175 --> 00:53:42,969
<font color="#ffbf46">ඕනකමින්ම ආපහු ගෙදර යනවා
කියලා කියපු නිසා, හරිද?</font>

957
00:53:43,053 --> 00:53:44,679
<font color="#ffbf46">විරුද්ධයි ස්වාමීනි. එයා එයාව මෙහෙයවනවා.</font>

958
00:53:44,763 --> 00:53:47,349
<font color="#ffbf46">පිළිගත්තා. හරි. මම ආයේ අහන්නම්.</font>

959
00:53:48,475 --> 00:53:52,145
<font color="#ffbf46">ඔබ ඇයි හිතන්නේ
පැමිණිලිකාරිය මේ හැමදේම සැලසුම් කළා කියලා</font>

960
00:53:52,228 --> 00:53:54,356
<font color="#ffbf46">දික්කසාද නඩුවක් දැම්මේ?</font>

961
00:53:55,273 --> 00:53:56,566
<font color="#ffbf46">මේකට මොකක් හරි පදනමක් තියෙනවද?</font>

962
00:53:56,650 --> 00:53:58,026
<font color="#ffbf46">ඔව්, තියෙනවා.</font>

963
00:53:59,361 --> 00:54:00,445
<font color="#ffbf46">කරුණාකරලා අපිට කියන්න.</font>

964
00:54:01,154 --> 00:54:05,116
<font color="#ffbf46">එයාට මුල ඉඳලම අපිත් එක්ක
ඉන්න අදහසක් තිබිලා නෑ.</font>

965
00:54:05,742 --> 00:54:06,910
<font color="#ffbf46">අපේ පවුලට මුනුබුරෙක් ඕන වුණා</font>

966
00:54:06,993 --> 00:54:09,204
<font color="#ffbf46">ඒ වගේම මම වද වුණා එයාට
දරුවෙක් ලැබෙන්නේ නැති එක ගැන.</font>

967
00:54:09,287 --> 00:54:11,831
<font color="#ffbf46">ඒත් ඒකට හේතුවක් තිබිලා තියෙනවා.</font>

968
00:54:11,915 --> 00:54:14,918
<font color="#ffbf46">මට ඒක ආරංචි වුණේ ටවුමේ පාමසියෙන්.</font>

969
00:54:16,544 --> 00:54:19,798
<font color="#ffbf46">මහත්මයා, ඔබ යැන්ග්චොන් වල ෆාමසියක් කරනවද?</font>

970
00:54:19,881 --> 00:54:22,092
<font color="#ffbf46">ඔව්. ඔබ පැමිණිලිකාරියව දැක්කද</font>

971
00:54:22,926 --> 00:54:24,302
<font color="#ffbf46">ලඟදි ඔබේ ෆාමසියේදී?</font>

972
00:54:25,929 --> 00:54:29,057
<font color="#ffbf46">ඔව්. එයා මොන වගේ බෙහෙත්ද ඉල්ලුවේ?</font>

973
00:54:32,185 --> 00:54:33,228
<font color="#ffbf46">ම්ම්…</font>

974
00:54:35,188 --> 00:54:36,189
<font color="#ffbf46">මහත්මයා.</font>

975
00:54:36,731 --> 00:54:39,234
<font color="#ffbf46">ආයුබෝවන්. මොනවද ඕනේ?</font>

976
00:54:39,317 --> 00:54:41,778
<font color="#ffbf46">අර බෙහෙත් තියෙනවද ඔයා ගාව?</font>

977
00:54:44,030 --> 00:54:45,198
<font color="#ffbf46">ළමයි හම්බවෙන්නේ නැති වෙන්න බොන බෙහෙත්?</font>

978
00:54:45,281 --> 00:54:47,367
<font color="#ffbf46">මොකක්? උපත් පාලන පෙති?</font>

979
00:54:48,159 --> 00:54:49,411
<font color="#ffbf46">ඇයි ඔයාට ඒවා?</font>

980
00:54:49,494 --> 00:54:52,038
<font color="#ffbf46">අනේ දෙවියනේ. මගේ බඩ රිදෙනවා පණ යනවා.</font>

981
00:54:52,664 --> 00:54:54,499
<font color="#ffbf46">මට බෙහෙත් ටිකක් දෙන්න.
මට බඩේ අමාරුවක්.</font>

982
00:54:54,582 --> 00:54:56,167
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. මම මෙයාට බෙහෙත් දීලා ඉන්නම්...</font>

983
00:54:56,710 --> 00:54:58,253
<font color="#ffbf46">ඒක හරිම පුදුමයි.</font>

984
00:54:58,878 --> 00:54:51,715
<font color="#ffbf46">මුළු ගමම දන්නවා
ඒ පවුලට දරුවෙක් ඕන වෙලා ඉන්න බව.</font>

985
00:55:02,340 --> 00:55:05,927
<font color="#ffbf46">ඇයි ලේලි
උපත් පාලන පෙති හොයන්නේ?</font>

986
00:55:06,636 --> 00:55:09,264
<font color="#ffbf46">ඇත්තම කියනවා නම්, මම එහෙම කරන්න හොඳ නෑ,</font>

987
00:55:09,347 --> 00:55:11,766
<font color="#ffbf46">ඒත් මම ආණ්ඩුකාරතුමාගේ නෝනගෙන් ඇහුවා
මට තේරෙන්නත් කලින්ම,</font>

988
00:55:11,850 --> 00:55:16,938
<font color="#ffbf46">"මොකක් හරි ප්‍රශ්නයක්ද?
ඔබේ පුතා සහ ලේලි අතරේ මොකක් හරි අවුලක්ද?" කියලා.</font>

989
00:55:18,189 --> 00:55:19,357
<font color="#ffbf46">මම නිකන්ම ඇහුවා.</font>

990
00:55:20,900 --> 00:55:21,860
<font color="#ffbf46">ස්වාමීනි,</font>

991
00:55:22,444 --> 00:55:24,279
<font color="#ffbf46">අපි සාක්ෂි ඉදිරිපත් කරනවා
මේ ප්‍රකාශයට අදාළව</font>

992
00:55:24,362 --> 00:55:25,572
<font color="#ffbf46">චෝ මහත්තයාගේ අම්මා හොයාගත්ත</font>

993
00:55:25,655 --> 00:55:29,909
<font color="#ffbf46">යුවළගේ කාමරයේ අල්මාරියේ
ඇතුලේ හංගලා තිබුණු.</font>

994
00:55:33,288 --> 00:55:34,622
<font color="#ffbf46">උපත් පාලන පෙති.</font>

995
00:55:45,300 --> 00:55:46,301
<font color="#ffbf46">ස්වාමීනි.</font>

996
00:55:46,926 --> 00:55:48,344
<font color="#ffbf46">ඔබට පෙනෙන පරිදි,</font>

997
00:55:48,428 --> 00:55:51,097
<font color="#ffbf46">පැමිණිලිකාරියට ඕන වුණේ නෑ
චෝ මහත්තයා එක්ක සතුටින් පවුල් කන්න</font>

998
00:55:51,639 --> 00:55:54,726
<font color="#ffbf46">එයාට කොච්චර දරුවෙක් ඕන වෙලා හිටියද කියලා
පැහැදිලිවම දැනගෙන ඉඳලත්.</font>

999
00:55:54,809 --> 00:55:57,562
<font color="#ffbf46">එයා එයාව කේන්ති ගැස්සුවා
එකපාරටම ආපහු ගෙදර යනවා කියලා.</font>

1000
00:55:57,645 --> 00:56:01,191
<font color="#ffbf46">එයා සැලැස්සුවා එයාගේ අතින් අල්ලලා සොලවන්න
තැලීම් සලකුණු හිටින විදිහටම.</font>

1001
00:56:01,274 --> 00:56:04,611
<font color="#ffbf46">මේක දික්කසාදෙට ලෑස්ති වීමක් විදිහට
විතරයි දකින්න පුළුවන්.</font>

1002
00:56:04,694 --> 00:56:08,406
<font color="#ffbf46">චෝ මහත්තයා සීමාව පැන්නුවේ නැති වුණාම
එයාගේ තියෙන හොඳකම නිසා,</font>

1003
00:56:09,365 --> 00:56:12,160
<font color="#ffbf46">ඇය කෘතිමව නිර්මාණය කරගත්තා
අර බෙල්ල මිරිකපු සලකුණ</font>

1004
00:56:12,243 --> 00:56:14,370
<font color="#ffbf46">විත්තිකරුට වරද පැටෙව්වා. අනේ නිකන් ඉන්න.</font>

1005
00:56:15,121 --> 00:56:17,582
<font color="#ffbf46">කොහොමද කෙනෙක්ට පුළුවන් වෙන්නේ</font>

1006
00:56:17,665 --> 00:56:20,335
<font color="#ffbf46">තමන්ගේම බෙල්ල ඔච්චර හයියෙන් මිරිකගන්න?</font>

1007
00:56:20,418 --> 00:56:22,545
<font color="#ffbf46">අපිට සාක්ෂි දෙන්න
විත්තිකරු ඒක කළා කියලා.</font>

1008
00:56:22,629 --> 00:56:24,464
<font color="#ffbf46">ඔව්, අපි ඒක තමයි කරන්න හදන්නේ.</font>

1009
00:56:25,256 --> 00:56:26,091
<font color="#ffbf46">ස්වාමීනි.</font>

1010
00:56:27,217 --> 00:56:29,385
<font color="#ffbf46">අලුත් කාරණයක් තියෙනවා
අපි මේ වෙනකල් කල් දදා හිටපු.</font>

1011
00:56:29,469 --> 00:56:30,512
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

1012
00:56:30,595 --> 00:56:32,722
<font color="#ffbf46">එදා රෑ, චෝ මහත්තයාගේ අම්මා</font>

1013
00:56:32,806 --> 00:56:35,266
<font color="#ffbf46">යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහින් හිටියේ,
ඒ නිසා එයා දැනගෙන හිටියේ නෑ.</font>

1014
00:56:35,350 --> 00:56:37,393
<font color="#ffbf46">හැබැයි ඇත්තටම, එදා රෑ,</font>

1015
00:56:37,477 --> 00:56:42,857
<font color="#ffbf46">විත්තිකරු පැමිණිලිකාරියව ටවුමේ ඉස්පිරිතාලෙට එක්කන් ගියා
එයාට සිහිය නැති වුණාම.</font>

1016
00:56:44,150 --> 00:56:47,028
<font color="#ffbf46">හරියටම කියනවා නම්, සත්තු බෙහෙත් ශාලාවට.</font>

1017
00:56:52,492 --> 00:56:56,162
<font color="#ffbf46">මට අවසර දෙනවද විත්තිකරුව දැකපු කෙනාව
සාක්ෂිකරුවෙක් විදිහට කැඳවන්න?</font>

1018
00:56:56,246 --> 00:56:58,957
<font color="#ffbf46">ඒ සාක්ෂිකරු දැන් මෙතන ඉන්නවද?</font>

1019
00:57:00,500 --> 00:57:01,501
<font color="#ffbf46">ඔව් ස්වාමීනි.</font>

1020
00:57:02,210 --> 00:57:03,378
<font color="#ffbf46">ජැන්ග් මහත්තයා.</font>

1021
00:57:09,467 --> 00:57:10,468
<font color="#ffbf46">ඒ අපේ ගමේ නායකයා නේද?</font>

1022
00:57:17,433 --> 00:57:19,102
<font color="#ffbf46">මම කිව්වනේ මම මුකුත් දන්නේ නෑ කියලා.</font>

1023
00:57:19,686 --> 00:57:21,104
<font color="#ffbf46">මම හිතුවේ ඔයා ආවේ උදව් කරන්න කියලා.</font>

1024
00:57:21,187 --> 00:57:22,814
<font color="#ffbf46">ඒත් ඒ වෙනුවට, ඔයා ඇවිල්ලා තියෙන්නේ අපිව නැති කරන්න.</font>

1025
00:57:22,897 --> 00:57:24,274
<font color="#ffbf46">විශ්වාස කරන්නත් බෑ!</font>

1026
00:57:24,357 --> 00:57:25,191
<font color="#ffbf46">අනේ මන්දා.</font>

1027
00:57:27,652 --> 00:57:28,945
<font color="#ffbf46">මට තේරෙනවා.</font>

1028
00:57:29,028 --> 00:57:32,449
<font color="#ffbf46">මේ ගමේ ආණ්ඩුකාරවරයා එක්ක හතුරෙක් වෙන එක
ලේසි දෙයක් නෙවෙයි.</font>

1029
00:57:33,032 --> 00:57:35,535
<font color="#ffbf46">කයා කියන්නේ ඈත රටකින් ආපු විදේශික කාන්තාවක්.</font>

1030
00:57:36,494 --> 00:57:37,495
<font color="#ffbf46">නේද?</font>

1031
00:57:45,420 --> 00:57:48,006
<font color="#ffbf46">මම අහලා තියෙනවා ඔයාගේ අම්මා
ජර්මනියේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කළා කියලා</font>

1032
00:57:48,089 --> 00:57:50,508
<font color="#ffbf46">එයාගේ තරුණ කාලේ.</font>

1033
00:57:50,592 --> 00:57:52,886
<font color="#ffbf46">මොකක්? කොහොමද ඔයා ඒක දන්නේ?</font>

1034
00:57:54,804 --> 00:57:56,931
<font color="#ffbf46">ඔයාගේ තාත්තා ජර්මනියට යවපු
පතල් සේවකයෙක්.</font>

1035
00:57:57,640 --> 00:58:01,728
<font color="#ffbf46">එයාලා මුණ ගැහිලා තියෙන්නේ පිටරටකදී,
ඊට පස්සේ කසාද බැඳලා.</font>

1036
00:58:02,479 --> 00:58:05,690
<font color="#ffbf46">මම අහලා තියෙනවා ඔයා වයස 10ක් වෙනකල්
ජර්මනියේ ජීවත් වුණා කියලා.</font>

1037
00:58:06,274 --> 00:58:07,233
<font color="#ffbf46">ඉතින්,</font>

1038
00:58:07,817 --> 00:58:10,445
<font color="#ffbf46">ඔයත් ඒ කාලේ හොඳට
ෆුට්බෝල් සෙල්ලම් කළාද?</font>

1039
00:58:11,446 --> 00:58:14,365
<font color="#ffbf46">අර ජර්මන් ජාතික ලොකු ළමයි එක්කත්?</font>

1040
00:58:18,870 --> 00:58:22,165
<font color="#ffbf46">ඒක ඇත්තටම අමාරු වෙන්න ඇති නේද?
ඔයාට ලොකු පාළුවක් දැනෙන්න ඇති.</font>

1041
00:58:26,169 --> 00:58:29,255
<font color="#ffbf46">මේ පාර, ඔයාට පුළුවන් එයාලට උදව් කරන්න</font>

1042
00:58:29,964 --> 00:58:33,301
<font color="#ffbf46">තමන්ගේ ගෙවල් දාලා ඇවිල්ලා
යැන්ග්චොන් වල පදිංචි වුණ හැමෝටම</font>

1043
00:58:33,384 --> 00:58:34,636
<font color="#ffbf46">පාළුවක් දැනෙන්නේ නැති වෙන්න</font>

1044
00:58:36,054 --> 00:58:37,263
<font color="#ffbf46">හෝ දුකක් හිතෙන්නේ නැති වෙන්න.</font>

1045
00:58:44,521 --> 00:58:45,522
<font color="#ffbf46"><i>එදා රෑ,</i></font>

1046
00:58:46,064 --> 00:58:50,985
<font color="#ffbf46">එයා එයාගේ බිරිඳව මගේ ඉස්පිරිතාලෙට එක්කන් ආවා.</font>

1047
00:58:51,069 --> 00:58:53,029
<font color="#ffbf46"><i>එතකොට රෑ 12 පහු වෙලා.</i></font>

1048
00:58:53,655 --> 00:58:55,532
<font color="#ffbf46">ඒත් එයා අපේ දොරට හයියෙන් ගහගෙන ගහගෙන ගියා.</font>

1049
00:58:56,074 --> 00:58:58,243
<font color="#ffbf46">පැමිණිලිකාරියගේ තත්ත්වය කොහොමද තිබුණේ?</font>

1050
00:58:58,326 --> 00:59:01,162
<font color="#ffbf46">එයා මහන්සියටම සිහිය නැති වෙලා හිටියේ
පණ නැති ගානට.</font>

1051
00:59:01,246 --> 00:59:04,207
<font color="#ffbf46">අපි මොකද කරන්නේ?
<i>- එයාගේ අත්වල තැලීම් තිබුණා.</i></font>

1052
00:59:04,290 --> 00:59:06,084
<font color="#ffbf46">එයාගේ බෙල්ල වටේට තුවායක් ඔතලා තිබුණා.</font>

1053
00:59:06,167 --> 00:59:07,502
<font color="#ffbf46"><i>මම ඒක අයින් කළාම,</i></font>

1054
00:59:08,127 --> 00:59:09,879
<font color="#ffbf46">ඒකේ රතු පාටට අත් පාරවල් තිබුණා.</font>

1055
00:59:11,381 --> 00:59:13,007
<font color="#ffbf46">වෙලාවට, එයාට සිහිය ආවා</font>

1056
00:59:13,091 --> 00:59:16,511
<font color="#ffbf46">මම එයාගේ අත් කකුල් මසාජ් කරලා
බොන්න වතුර ටිකක් දුන්නම...</font>

1057
00:59:16,594 --> 00:59:20,640
<font color="#ffbf46">මම හොඳටම බය වුණා.
පොලිසියට කතා කරන්නත් හිතුණා.</font>

1058
00:59:20,723 --> 00:59:22,684
<font color="#ffbf46">ඒත් මේක...</font>

1059
00:59:24,477 --> 00:59:27,063
<font color="#ffbf46">ආණ්ඩුකාරතුමාගේ පවුලේ ප්‍රශ්නයක්නේ.</font>

1060
00:59:27,146 --> 00:59:29,941
<font color="#ffbf46">අනික එයාගේ තත්ත්වය එච්චර අමාරු තිබුණෙත් නෑ, ඒ නිසා...</font>

1061
00:59:33,111 --> 00:59:35,113
<font color="#ffbf46">අනේ මට සමාවෙන්න.</font>

1062
00:59:36,197 --> 00:59:37,490
<font color="#ffbf46">ඇයි මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ?</font>

1063
00:59:38,199 --> 00:59:39,659
<font color="#ffbf46">මම බය වුණා.</font>

1064
00:59:41,035 --> 00:59:44,914
<font color="#ffbf46">ඇත්තටම මම එදා රෑ ෆොටෝ වගයක් ගත්තා.</font>

1065
00:59:46,624 --> 00:59:48,543
<font color="#ffbf46">එයාගේ බෙල්ලේ තුවාලේ සෑහෙන්න දරුණුයි වගේ පෙනුණේ.</font>

1066
00:59:49,460 --> 00:59:51,129
<font color="#ffbf46">ඒ නිසා මම නිකමට වගේ ඒක ෆොටෝ ගැහුවා.</font>

1067
00:59:51,212 --> 00:59:55,216
<font color="#ffbf46">ඒත් මම බය වෙලා ඒවා මැකුවා.
මට කරදරයක් වෙයි කියලා හිතලා.</font>

1068
00:59:55,300 --> 00:59:59,721
<font color="#ffbf46">ඒත් ඒ ෆයිල් තාම
ට්‍රෑෂ් එකේ තිබුණා.</font>

1069
01:00:01,889 --> 01:00:03,349
<font color="#ffbf46">මෙන්න.</font>

1070
01:00:13,610 --> 01:00:15,403
<font color="#ffbf46">දෙවියනේ. මේක හරිම දරුණුයිනේ.</font>

1071
01:00:22,493 --> 01:00:23,786
<font color="#ffbf46">සර්...</font>

1072
01:00:23,870 --> 01:00:25,788
<font color="#ffbf46">ඒ වෙලාවේ හොඳටම රෑ වෙලානේ තිබුණේ.</font>

1073
01:00:26,581 --> 01:00:29,876
<font color="#ffbf46">කොහොමද එයාලා ඔයාගේ හොස්පිට්ල් එකට ආවේ?</font>

1074
01:00:31,252 --> 01:00:33,087
<font color="#ffbf46">එයාට ඩ්‍රයිව් කරන්න බෑනේ.</font>

1075
01:00:33,171 --> 01:00:35,798
<font color="#ffbf46">අනික ඒක පිටිසර පළාතක් නිසා,
ටැක්සි එහෙමත් නෑ.</font>

1076
01:00:35,882 --> 01:00:37,300
<font color="#ffbf46">එයා දුවගෙන ආවේ.</font>

1077
01:00:38,134 --> 01:00:40,511
<font color="#ffbf46">දුවගෙන ආවා? ඒක කොච්චර දුරද?</font>

1078
01:00:40,595 --> 01:00:43,097
<font color="#ffbf46">ම්ම්, හරියටම දන්නේ නෑ.</font>

1079
01:00:43,181 --> 01:00:45,975
<font color="#ffbf46">ආණ්ඩුකාරතුමාගේ ගෙදර ඉඳන්
මගේ හොස්පිට්ල් එකට...</font>

1080
01:00:49,520 --> 01:00:50,647
<font color="#ffbf46">කිලෝමීටර් තුනක් විතර ඇති.</font>

1081
01:00:51,481 --> 01:00:52,607
<font color="#ffbf46">කිලෝමීටර් තුනක්?</font>

1082
01:00:55,860 --> 01:00:59,322
<font color="#ffbf46">එයා කායව පිටේ තියාගෙන
එච්චර දුරක් දිව්වද?</font>

1083
01:00:59,405 --> 01:01:02,533
<font color="#ffbf46">ඔව්. එයා පණ කඩාගෙන දුවගෙන ආවා වගේ
තමයි පෙනුණේ.</font>

1084
01:01:02,617 --> 01:01:05,370
<font color="#ffbf46">එයා දාඩියෙන් නෑවිලා හිටියේ.</font>

1085
01:01:16,547 --> 01:01:17,548
<font color="#ffbf46">ස්වාමීනි.</font>

1086
01:01:18,758 --> 01:01:20,760
<font color="#ffbf46">අපිට නඩුව කල් දාන්න අවසර දෙන්න.</font>

1087
01:01:20,843 --> 01:01:22,261
<font color="#ffbf46">අපිට දෙයක් ගැන හොයලා බලන්න තියෙනවා.</font>

1088
01:01:23,262 --> 01:01:24,931
<font color="#ffbf46">ඔයා මේ මොකද කරන්නේ?</font>

1089
01:01:28,685 --> 01:01:30,019
<font color="#ffbf46">ඇයි ඔයා එහෙම කළේ?</font>

1090
01:01:30,645 --> 01:01:33,231
<font color="#ffbf46">ගම්මුලාදැනියා ෆොටෝ ටිකත්
ඉදිරිපත් කළානේ.</font>

1091
01:01:33,314 --> 01:01:35,525
<font color="#ffbf46">නඩුව ඉවර වෙලයි තිබුණේ. ඇයි එකපාරටම එහෙම කළේ?</font>

1092
01:01:39,779 --> 01:01:43,825
<font color="#ffbf46">හැමදේම පේන විදිහට වඩා වෙනස් වෙන්න පුළුවන්.</font>

1093
01:01:44,534 --> 01:01:45,535
<font color="#ffbf46">මොකක්ද?</font>

1094
01:01:58,256 --> 01:01:59,257
<font color="#ffbf46">ඇයි ඔයා බොරු කිව්වේ?</font>

1095
01:02:02,009 --> 01:02:03,010
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්.</font>

1096
01:02:03,094 --> 01:02:05,722
<font color="#ffbf46">ඔයාගේ බෙල්ල මිරිකුවේ ඔයාගේ මහත්තයා නෙමෙයි.</font>

1097
01:02:08,433 --> 01:02:09,434
<font color="#ffbf46">මොකක්?</font>

1098
01:02:10,351 --> 01:02:12,729
<font color="#ffbf46">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

1099
01:02:12,812 --> 01:02:14,647
<font color="#ffbf46">ඔයා ගෙදර යනවා කියලා කිව්ව එක ඇත්ත,</font>

1100
01:02:14,731 --> 01:02:17,150
<font color="#ffbf46">එයා කලබල වෙලා ඔයාව අල්ලලා හෙලෙව්ව එකත් ඇත්ත,</font>

1101
01:02:17,233 --> 01:02:18,651
<font color="#ffbf46">ඔයා සිහිය නැති වුණ එකත් ඇත්ත.</font>

1102
01:02:18,735 --> 01:02:22,363
<font color="#ffbf46">ඒත් එයා එන්න කලින් කවුරුහරි
ඔයාගේ බෙල්ල මිරිකලා තියෙනවා.</font>

1103
01:02:23,823 --> 01:02:26,534
<font color="#ffbf46">ඒ නිසා තමයි ඔයා කලින්ම
කලන්තේ දාලා වගේ හිටියේ.</font>

1104
01:02:28,995 --> 01:02:29,996
<font color="#ffbf46">මම කියන දේ වැරදිද?</font>

1105
01:02:34,792 --> 01:02:35,710
<font color="#ffbf46">ඔයා කියන දේ වැරදියි.</font>

1106
01:02:39,505 --> 01:02:42,216
<font color="#ffbf46">මට එක දෙයක් වද දෙනවා.</font>

1107
01:02:42,300 --> 01:02:46,888
<font color="#ffbf46">යන්ග්චොන්-රි ගමේ හැමෝම කතාවක් හදාගෙන
බොරු කියනවද?</font>

1108
01:02:48,389 --> 01:02:50,683
<font color="#ffbf46">එහෙමත් නැත්නම්... ආණ්ඩුකාරතුමාගේ පුතා?</font>

1109
01:02:50,767 --> 01:02:53,394
<font color="#ffbf46">එයා ටිකක් මෝඩ පාට වුණාට හරි හොඳයි.</font>

1110
01:02:53,478 --> 01:02:55,980
<font color="#ffbf46">මිනිස්සු එයාට බැන්නත් ගැහුවත්,</font>

1111
01:02:56,063 --> 01:02:57,398
<font color="#ffbf46">එයා හිනා වෙලා ඉන්නවා විතරයි.</font>

1112
01:02:57,482 --> 01:03:00,234
<font color="#ffbf46">ගමේ මිනිස්සු ඔක්කොම වගේ
ඔයාගේ මහත්තයා ගැන කිව්වේ</font>

1113
01:03:00,318 --> 01:03:01,944
<font color="#ffbf46">එකම දෙයක්.</font>

1114
01:03:02,028 --> 01:03:03,946
<font color="#ffbf46">"එයා කූඹියෙකුටවත් හිංසා කරන කෙනෙක් නෙමෙයි."</font>

1115
01:03:04,030 --> 01:03:05,406
<font color="#ffbf46">ඔයා පවා කිව්වනේ</font>

1116
01:03:05,490 --> 01:03:08,159
<font color="#ffbf46">ඔයාගේ මහත්තයා හොඳ කෙනෙක් කියලා.</font>

1117
01:03:10,828 --> 01:03:11,829
<font color="#ffbf46">මට අර කලින් අහන්න ලැබුණම...</font>

1118
01:03:12,997 --> 01:03:17,335
<font color="#ffbf46">එයා රෑ තිස්සේ ඔයාව පිටේ තියාගෙන කිලෝමීටර් 3ක්
පණ කඩාගෙන දිව්වා කියලා,</font>

1119
01:03:18,503 --> 01:03:19,921
<font color="#ffbf46">ඒක මට වද දෙන්න ගත්තා.</font>

1120
01:03:20,004 --> 01:03:23,007
<font color="#ffbf46">කොහොමද ඒ වගේ හොඳ මනුස්සයෙක්</font>

1121
01:03:23,633 --> 01:03:27,845
<font color="#ffbf46">තමන්ගේ නෝනාගේ බෙල්ලේ ඇඟිලි පාරවල් හිටින්න තරම්
තදින් බෙල්ල මිරිකන්නේ?</font>

1122
01:03:32,433 --> 01:03:33,434
<font color="#ffbf46">නෑ.</font>

1123
01:03:41,442 --> 01:03:43,611
<font color="#ffbf46">මිස් පාර්ක්, අර ෆොටෝ දිහා ආපහු බලන්නකෝ.</font>

1124
01:03:44,237 --> 01:03:46,948
<font color="#ffbf46">සිද්ධිය වුණ ගමන්ම ගත්ත නිසා
පාරවල් ටික හොඳට පේනවා.</font>

1125
01:03:48,741 --> 01:03:50,159
<font color="#ffbf46">ඒ තැලුම් පාර කොහොමද පේන්නේ?</font>

1126
01:03:53,454 --> 01:03:56,123
<font color="#ffbf46">එතන දිග පාරක් තියෙනවා</font>

1127
01:03:57,041 --> 01:03:58,876
<font color="#ffbf46">කායගෙ බෙල්ලේ දකුණු පැත්තේ.</font>

1128
01:03:59,794 --> 01:04:01,379
<font color="#ffbf46">ඒත් ඒක මහපට ඇඟිලි පාරක් වගෙයි පේන්නේ.</font>

1129
01:04:01,462 --> 01:04:03,548
<font color="#ffbf46">එහෙනම් ඒක තද කරලා තියෙන්නේ දකුණු අතින්.</font>

1130
01:04:03,631 --> 01:04:05,132
<font color="#ffbf46">එයා දකුණත්කාරයෙක් වෙන්න ඕනේ.</font>

1131
01:04:05,216 --> 01:04:06,259
<font color="#ffbf46">කායා.</font>

1132
01:04:08,219 --> 01:04:09,220
<font color="#ffbf46">කායා.</font>

1133
01:04:10,137 --> 01:04:11,931
<font color="#ffbf46">ඔයාගේ මහත්තයා දකුණත්කාරයෙක්ද?</font>

1134
01:04:14,016 --> 01:04:15,101
<font color="#ffbf46">එයා එහෙම නෙමෙයි.</font>

1135
01:04:16,018 --> 01:04:17,478
<font color="#ffbf46">මම එයාව උසාවියේදී දැක්කා.</font>

1136
01:04:21,858 --> 01:04:23,359
<font color="#ffbf46">මේක ඇත්තද කායා?</font>

1137
01:04:24,610 --> 01:04:25,695
<font color="#ffbf46">මොකක්ද මේ වෙන්නේ?</font>

1138
01:04:26,654 --> 01:04:28,990
<font color="#ffbf46">අනිත් පැත්තේ නීතිඥයා මෝඩයෙක් නෙමෙයි!</font>

1139
01:04:29,073 --> 01:04:31,450
<font color="#ffbf46">අන්තිමට හැමදේම එළි වෙනවා,
ඉතින් ඇයි?</font>

1140
01:04:31,534 --> 01:04:33,870
<font color="#ffbf46">ඇයි ඔයා ඒ වගේ බොරුවක් ගොතලා කිව්වේ?</font>

1141
01:04:39,667 --> 01:04:41,711
<font color="#ffbf46">තව එක අමුතු දෙයක් තියෙනවා.</font>

1142
01:04:41,794 --> 01:04:44,255
<font color="#ffbf46">ඔයා උපත් පාලන පෙති
ගන්න ගිය දවස,</font>

1143
01:04:45,548 --> 01:04:48,175
<font color="#ffbf46">හරියටම මේ සිද්ධිය වුණාට පහුවදා.</font>

1144
01:04:49,302 --> 01:04:52,013
<font color="#ffbf46">ඔයාගේ නැන්දම්මා හොයාගෙන ඉදිරිපත් කරපු
උපත් පාලන පෙති</font>

1145
01:04:53,556 --> 01:04:55,099
<font color="#ffbf46">හදිසි උපත් පාලන පෙති වර්ගයක්.</font>

1146
01:04:56,601 --> 01:04:57,685
<font color="#ffbf46">මෙන්න මේක.</font>

1147
01:04:59,854 --> 01:05:01,230
<font color="#ffbf46">හදිසි උපත් පාලන පෙති?</font>

1148
01:05:02,857 --> 01:05:04,525
<font color="#ffbf46">එහෙම වෙන්න බෑ.</font>

1149
01:05:06,110 --> 01:05:08,988
<font color="#ffbf46">ඔයා අපිට කියන්න ඕනේ. මොකක්ද මේ...</font>

1150
01:05:09,071 --> 01:05:11,240
<font color="#ffbf46">එදා මොකක්ද ඇත්තටම වුණේ?</font>

1151
01:05:11,324 --> 01:05:13,576
<font color="#ffbf46">ඔයාගේ නැන්දම්මා යාළුවෝ එක්ක
ට්‍රිප් එකක් ගිහින් හිටපු වෙලාවේ...</font>

1152
01:05:13,659 --> 01:05:16,245
<font color="#ffbf46">ඔයාගේ මහත්තයා රෑ වෙනකන්
එළියේ බිබී ඉන්නකොට...</font>

1153
01:05:16,329 --> 01:05:18,289
<font color="#ffbf46">මොකක්ද වුණේ කායා?!</font>

1154
01:05:55,493 --> 01:05:56,786
<font color="#ffbf46">මට දැන් තේරෙනවා.</font>

1155
01:05:59,246 --> 01:06:01,874
<font color="#ffbf46">ඔයා මුල ඉඳන්ම දේවල් ගොඩක්
හංගපු හේතුව.</font>

1156
01:06:03,459 --> 01:06:05,127
<font color="#ffbf46">දික්කසාද වෙන්න තීරණය කරලා තිබුණත්,</font>

1157
01:06:06,629 --> 01:06:08,673
<font color="#ffbf46">ඔයාගේ මහත්තයා ගැන වද වුණ හේතුව.</font>

1158
01:06:09,298 --> 01:06:10,591
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්.</font>

1159
01:06:10,675 --> 01:06:13,636
<font color="#ffbf46">ඔයා මේ මොනවා ගැනද කියවන්නේ?
මොකක්ද වුණේ?</font>

1160
01:06:13,719 --> 01:06:15,930
<font color="#ffbf46">මිස්ටර් හ්වන්ග් හොයාගත්ත තොරතුරුත් එක්ක බලද්දී,</font>

1161
01:06:18,099 --> 01:06:19,308
<font color="#ffbf46">ඔයාට මොකුත් හිතුණේ නැද්ද?</font>

1162
01:06:21,060 --> 01:06:23,521
<font color="#ffbf46">ජුන්-වූ ට ඇහුණ දේ තමයි...</font>

1163
01:06:24,188 --> 01:06:26,357
<font color="#ffbf46">නැන්දම්මලා කැමති නිසා
එයා මගෙන් පිපිඤ්ඤා හොද්ද හදන රෙසිපිය ඉල්ලගෙන...</font>

1164
01:06:26,440 --> 01:06:28,859
<font color="#ffbf46">එයාගේ පොතේ ඒක ලියාගත්තා කියන එක.</font>

1165
01:06:28,943 --> 01:06:30,861
<font color="#ffbf46">මොනවා ගැනද මේ කියන්නේ?</font>

1166
01:06:30,945 --> 01:06:32,321
<font color="#ffbf46">මම අහගෙන හිටියේ එයා මාමණ්ඩියට
උයන්න අකමැති නිසා,</font>

1167
01:06:32,405 --> 01:06:34,657
<font color="#ffbf46">මේ දවස්වල රෑට එළියට ගිහින් බොනවා කියලා.</font>

1168
01:06:34,741 --> 01:06:37,118
<font color="#ffbf46">එයා නම් හරිම නපුරුයි.</font>

1169
01:06:37,201 --> 01:06:39,328
<font color="#ffbf46"><i>දෙවියනේ, එයා මහ නපුරුයි.</i></font>

1170
01:06:42,957 --> 01:06:44,250
<font color="#ffbf46">ඔයාගේ මාමණ්ඩි.</font>

1171
01:06:48,629 --> 01:06:51,674
<font color="#ffbf46">ඔයාට මාමණ්ඩිත් එක්ක විතරක්
කන්න වුණහම...</font>

1172
01:06:54,552 --> 01:06:56,262
<font color="#ffbf46">ඔයා එළියට ගියා.</font>

1173
01:06:57,680 --> 01:06:59,515
<font color="#ffbf46">ඔයාට ඕන වුණේ එයාව මඟහරින්න.</font>

1174
01:07:03,436 --> 01:07:04,437
<font color="#ffbf46">අර ඉබි යතුර.</font>

1175
01:07:06,272 --> 01:07:07,606
<font color="#ffbf46">ඔයා ඒ ඉබි යතුර දාගත්තේ...</font>

1176
01:07:09,025 --> 01:07:10,651
<font color="#ffbf46">කාටවත් එළියෙන් එන්න බැරි වෙන්න.</font>

1177
01:07:18,826 --> 01:07:20,786
<font color="#ffbf46">මට මේක විශ්වාස කරන්නත් බෑ.</font>

1178
01:07:24,707 --> 01:07:25,708
<font color="#ffbf46">අනේ දෙවියනේ...</font>

1179
01:07:45,186 --> 01:07:48,064
<font color="#ffbf46">නෑ! මම අහුවෙලා ඉන්නේ!</font>

1180
01:07:48,147 --> 01:07:49,607
<font color="#ffbf46">ඔය කාලකණ්ණි ගෑනි!</font>

1181
01:07:49,690 --> 01:07:51,609
<font color="#ffbf46">ඒ මහා කපටි බැල්ලි! එයා කොහොමද එහෙම කරන්නේ?</font>

1182
01:08:14,632 --> 01:08:17,843
<font color="#ffbf46">ඔයා මේ ගැන නොදන්නවා වගේ ඉන්නයි තිබුණේ.</font>

1183
01:08:19,595 --> 01:08:21,972
<font color="#ffbf46">මේක ලේසියෙන් වහලා දාන්න පුළුවන්
දෙයක් නෙමෙයි.</font>

1184
01:08:22,056 --> 01:08:24,683
<font color="#ffbf46">මම කිව්වනේ මට මොනවා වුණත් කමක් නෑ කියලා.</font>

1185
01:08:25,684 --> 01:08:27,645
<font color="#ffbf46">මට ඕන වුණේ ඒ පවුලෙන් ඈත් වෙලා...</font>

1186
01:08:27,728 --> 01:08:30,356
<font color="#ffbf46">කොරියාවේ පාඩුවේ ජීවත් වෙන්න විතරයි.</font>

1187
01:08:32,733 --> 01:08:33,776
<font color="#ffbf46">කායා.</font>

1188
01:08:35,194 --> 01:08:36,070
<font color="#ffbf46">කායා.</font>

1189
01:08:36,612 --> 01:08:38,906
<font color="#ffbf46">ඔයා මහත්තයාට කොච්චර ආදරේ කළත්,</font>

1190
01:08:38,989 --> 01:08:42,201
<font color="#ffbf46">මේ වගේ දෙයක් හංගලා
ඔයාට එයාව ආරක්ෂා කරන්න බෑ.</font>

1191
01:08:44,745 --> 01:08:45,663
<font color="#ffbf46">ආදරේ?</font>

1192
01:08:47,039 --> 01:08:49,959
<font color="#ffbf46">මම එයාට ආදරේ නෑ, මිස් පාර්ක්.</font>

1193
01:08:51,877 --> 01:08:55,756
<font color="#ffbf46">මොකක්? ඔයාට පුළුවන්ද
හම්බෙලා පැයක් යන්න කලින්...</font>

1194
01:08:58,175 --> 01:08:59,802
<font color="#ffbf46">කසාද බැඳපු කෙනෙකුට ආදරේ කරන්න?</font>

1195
01:09:02,054 --> 01:09:03,597
<font color="#ffbf46">මට නිකන්ම කොරියාවට එන්න ඕන වුණා</font>

1196
01:09:03,681 --> 01:09:06,392
<font color="#ffbf46">මොකද මම හිටපු තැනට මම අකමැති වුණ නිසා.</font>

1197
01:09:07,518 --> 01:09:09,687
<font color="#ffbf46">මම ඕනම කෙනෙක් පස්සේ එන්න ලෑස්ති වෙලා හිටියේ</font>

1198
01:09:10,479 --> 01:09:12,356
<font color="#ffbf46">මාව එහෙන් එක්කන් එනවා නම්.</font>

1199
01:09:13,357 --> 01:09:16,819
<font color="#ffbf46">මම හිතුවේ මම මගේ යුතුකම කරනවා කියලා විතරයි.</font>

1200
01:09:18,571 --> 01:09:22,241
<font color="#ffbf46">මොකද එයාලා මට මෙහෙ ඉන්න දුන්න නිසා.</font>

1201
01:09:30,708 --> 01:09:32,126
<font color="#ffbf46">ඒත් මම...</font>

1202
01:09:35,546 --> 01:09:38,174
<font color="#ffbf46">මම හැමදේම නැති කළා.</font>

1203
01:09:40,843 --> 01:09:42,595
<font color="#ffbf46">මම එයාවත් විනාශ කළා.</font>

1204
01:09:45,264 --> 01:09:49,435
<font color="#ffbf46">මම තනියම පාඩුවේ ගියා නම්,
හැමදේම හොඳින් සිද්ධ වෙන්න තිබුණා.</font>

1205
01:09:52,229 --> 01:09:53,564
<font color="#ffbf46">මම...</font>

1206
01:09:53,647 --> 01:09:57,234
<font color="#ffbf46">මට එහෙම කරන්න පුළුවන් වුණා නම්, මිස් පාර්ක්...</font>

1207
01:09:58,903 --> 01:09:59,987
<font color="#ffbf46">කායා.</font>

1208
01:10:12,291 --> 01:10:15,127
<font color="#ffbf46">මම නඩු නිමිත්ත සංශෝධනය කිරීමේ යෝජනාව
කියෙව්වා.</font>

1209
01:10:17,087 --> 01:10:18,797
<font color="#ffbf46">ඒක ටිකක් පුදුම සහගතයි.</font>

1210
01:10:18,881 --> 01:10:21,383
<font color="#ffbf46">ඔව්, ස්වාමීනි.
වාසනාවකට අපිට ඩීඑන්ඒ සාක්ෂි හම්බුණා</font>

1211
01:10:21,467 --> 01:10:25,387
<font color="#ffbf46">ඇඳ ඇතිරිලි සහ යට ඇඳුම් වලින්.
ඒ නිසා විත්තිකරුගේ තාත්තාව අත්අඩංගුවට ගත්තා.</font>

1212
01:10:25,471 --> 01:10:29,099
<font color="#ffbf46">මේ විවාහය දිගටම කරගෙන යන්න බෑ කියලා
පැහැදිලියිනේ.</font>

1213
01:10:29,183 --> 01:10:32,519
<font color="#ffbf46">අපි ඉල්ලා සිටිනවා අධිකරණයෙන් පුළුවන් ඉක්මනට
දික්කසාද තීන්දුව ලබාදෙන්න කියලා.</font>

1214
01:10:32,603 --> 01:10:35,773
<font color="#ffbf46">විත්තිකරු, ඔබට තව කියන්න දෙයක් තියෙනවද?</font>

1215
01:10:42,655 --> 01:10:45,449
<font color="#ffbf46">එහෙනම්, මෙම අධිකරණය නඩුවේ
තර්ක විභාගය අවසන් කරනවා.</font>

1216
01:10:45,532 --> 01:10:47,993
<font color="#ffbf46">තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ--</font>

1217
01:10:48,077 --> 01:10:49,203
<font color="#ffbf46">ස්වාමීනි.</font>

1218
01:10:52,873 --> 01:10:54,291
<font color="#ffbf46">වූ මියොන්ග්-හුන්?</font>

1219
01:10:58,212 --> 01:10:59,463
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?</font>

1220
01:10:59,546 --> 01:11:02,258
<font color="#ffbf46">මම තමයි විත්තිකරු වෙනුවෙන් පත් වුණ අලුත් නීතිඥයා.</font>

1221
01:11:02,883 --> 01:11:05,135
<font color="#ffbf46">මම ඇටර්නි බලපත්‍රය සහ
ප්‍රතිප්‍රහාරය ඉදිරිපත් කරනවා.</font>

1222
01:11:05,219 --> 01:11:07,596
<font color="#ffbf46">මොකක්? මේ නඩුව දැනටමත් ඉවරයි--</font>

1223
01:11:07,680 --> 01:11:11,558
<font color="#ffbf46">ස්වාමීනි, අපි ඉල්ලා සිටිනවා
නැවත තර්ක විභාගය ආරම්භ කරන්න කියලා.</font>

1224
01:11:11,642 --> 01:11:14,019
<font color="#ffbf46">ඉතින්, තව කරන්න දෙයක් තියෙනවද?</font>

1225
01:11:14,603 --> 01:11:16,981
<font color="#ffbf46">දික්කසාදයට හේතු දැනටමත් එළි වෙලා තියෙන්නේ.</font>

1226
01:11:17,064 --> 01:11:18,315
<font color="#ffbf46">දික්කසාදයක් වෙන්න නම්</font>

1227
01:11:18,399 --> 01:11:22,403
<font color="#ffbf46">මුලින්ම ඒ විවාහය වලංගු එකක් වෙන්න ඕනනේ.</font>

1228
01:11:22,486 --> 01:11:25,072
<font color="#ffbf46">ඔයා මේ එකපාරටම මොනවද කියන්නේ?</font>

1229
01:11:25,155 --> 01:11:28,117
<font color="#ffbf46">ස්වාමීනි,
මෙයා නිකන් අසාධාරණ ඉල්ලීමක් කරලා</font>

1230
01:11:28,200 --> 01:11:29,410
<font color="#ffbf46">නඩුව කල් දාන්න හදන්නේ--</font>

1231
01:11:29,493 --> 01:11:34,164
<font color="#ffbf46">පැමිණිලිකාරිය වන කායා විවාහ වෙන්න කලින්ම
එයාගේ රටේදී දරුවෙක් ප්‍රසූත කරලා තියෙනවා.</font>

1232
01:11:35,416 --> 01:11:39,044
<font color="#ffbf46">මොකක්? මෙයා මේ මොනවා කියනවද මන්දා?</font>

1233
01:11:40,671 --> 01:11:42,006
<font color="#ffbf46">ඒක බොරුවක් නේද?</font>

1234
01:11:45,718 --> 01:11:46,552
<font color="#ffbf46">නෑ.</font>

1235
01:11:46,635 --> 01:11:48,887
<font color="#ffbf46">පැමිණිලිකාරිය තමන්ට දරුවෙක් හම්බෙලා හිටපු බව හංගලා</font>

1236
01:11:48,971 --> 01:11:50,139
<font color="#ffbf46">විත්තිකරුව රවට්ටලා</font>

1237
01:11:50,848 --> 01:11:52,016
<font color="#ffbf46">වංචනික විවාහයක් කරගෙන තියෙන්නේ.</font>

1238
01:11:52,099 --> 01:11:55,811
<font color="#ffbf46">මේක ඔප්පු කරන්න අපිට පැමිණිලිකාරියව
වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන්න අවසර දෙන්න.</font>

1239
01:11:55,894 --> 01:11:57,521
<font color="#ffbf46">මම උගුලකට අහු වුණේ.</font>

1240
01:11:58,314 --> 01:12:00,774
<font color="#ffbf46">මම අර පහත් ගෑනිට රැවටුණා.</font>

1241
01:12:00,858 --> 01:12:02,026
<font color="#ffbf46">මට පේනවා.</font>

1242
01:12:03,319 --> 01:12:07,197
<font color="#ffbf46">මේ වගේ නඩුවකට ඕන වෙන්නෙත්
ඔය වගේ කතාවක් තමයි.</font>

1243
01:12:07,281 --> 01:12:11,368
<font color="#ffbf46">ඔයාට තව කියන්න ඕන දේවල් මතක් වුණොත්,
ඕන වෙලාවක මට කියන්න.</font>

1244
01:12:11,452 --> 01:12:12,411
<font color="#ffbf46">මට සහතිකවම කියන්න පුළුවන් එකක් තියෙනවා.</font>

1245
01:12:15,664 --> 01:12:16,749
<font color="#ffbf46">ඒ මොකක්ද?</font>

1246
01:12:17,374 --> 01:12:19,293
<font color="#ffbf46">මම එදා රෑ ඒක පැහැදිලිවම දැක්කා.</font>

1247
01:12:20,210 --> 01:12:23,881
<font color="#ffbf46">ඒ ගැහැණියගේ බඩේ
ප්‍රෙග්නන්සි ලයින් එකක් තිබුණා.</font>

1248
01:12:28,177 --> 01:12:29,595
<font color="#ffbf46">ප්‍රෙග්නන්සි ලයින් එකක්?</font>

1249
01:12:29,678 --> 01:12:30,512
<font color="#ffbf46">ඔව්.</font>

1250
01:12:32,014 --> 01:12:33,474
<font color="#ffbf46">කායා.</font>

1251
01:12:33,557 --> 01:12:34,641
<font color="#ffbf46">ඒක බොරුවක් නේද?</font>

1252
01:12:35,267 --> 01:12:36,393
<font color="#ffbf46">මහ ලැජ්ජා නැති ගෑනියෙක්නේ.</font>

1253
01:12:37,686 --> 01:12:39,438
<font color="#ffbf46">විත්තිකරු ප්‍රතිප්‍රහාරයක් ගොනු කරනවා</font>

1254
01:12:39,521 --> 01:12:41,732
<font color="#ffbf46">වංචාවක් නිසා විවාහය අවලංගු කරන්න කියලා,</font>

1255
01:12:41,815 --> 01:12:44,026
<font color="#ffbf46">ඒ වගේම වොන් මිලියන 100ක වන්දියක් ඉල්ලා සිටිනවා.</font>

1256
01:12:49,490 --> 01:12:52,743
<font color="#ffbf46">අධිකරණය අනිත් පාර්ශවයේ පැමිණිල්ලත් භාරගන්නවා</font>

1257
01:12:52,826 --> 01:12:56,246
<font color="#ffbf46">හැබැයි ඒක ප්‍රධාන නඩුවත් එක්කම අහනවද
කියල පස්සෙ තීරණය කරයි.</font>

1258
01:13:08,217 --> 01:13:09,218
<font color="#ffbf46">ඇයි ඔයා අපිට නොකිව්වෙ?</font>

1259
01:13:09,301 --> 01:13:12,346
<font color="#ffbf46">ඔයා බඳින්න කලින් ළමයෙක් හම්බුණාද?
මේක ඇත්තද කායා?</font>

1260
01:13:12,429 --> 01:13:14,306
<font color="#ffbf46">අපි දැන් ඉන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස්
තත්ත්වයක.</font>

1261
01:13:15,766 --> 01:13:18,143
<font color="#ffbf46">විවාහය අවලංගු කරන එකයි
දික්කසාදයයි කියන්නෙ දෙකක්.</font>

1262
01:13:18,227 --> 01:13:20,229
<font color="#ffbf46">ඒකෙන් විවාහය නීත්‍යානුකූල නෑ කියල තීරණය කරනවා,</font>

1263
01:13:20,312 --> 01:13:23,065
<font color="#ffbf46">එතකොට හරියට
ඔයා කවදාවත් බැඳල හිටියෙ නෑ වගේ වෙනවා.</font>

1264
01:13:23,148 --> 01:13:26,193
<font color="#ffbf46">ඔයා මෙහෙ එන්න පාවිච්චි කරපු විවාහ වීසා එකත්
අවලංගු වෙනවා.</font>

1265
01:13:26,276 --> 01:13:28,570
<font color="#ffbf46">ඔයාව මේ රටින් පිටුවහල් කරයි!</font>

1266
01:13:28,654 --> 01:13:29,571
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්.</font>

1267
01:13:30,239 --> 01:13:33,158
<font color="#ffbf46">කායා, ඔයාව මේ රටින්
එළියට දායි!</font>

1268
01:13:33,867 --> 01:13:34,743
<font color="#ffbf46">මොකක්?</font>

1269
01:14:03,939 --> 01:14:05,816
<font color="#ffbf46">අධිකරණය තීන්දුව ප්‍රකාශ කරනවා.</font>

1270
01:14:05,899 --> 01:14:07,109
<font color="#ffbf46">වෙන්න බෑ.</font>

1271
01:14:07,192 --> 01:14:08,444
<font color="#ffbf46">විකාරයක්නෙ මේක!</font>

1272
01:14:08,527 --> 01:14:10,279
<font color="#ffbf46">කායාගේ අන්තිම ඇපීල් එකත් ප්‍රතික්ෂේප වුණා.</font>

1273
01:14:10,362 --> 01:14:13,115
<font color="#ffbf46">එයාල අතවර කරපු මිනිහව
යන්න දීලා</font>

1274
01:14:13,198 --> 01:14:14,116
<font color="#ffbf46">වින්දිතයාව රටින් එලවනවද?</font>

1275
01:14:14,199 --> 01:14:16,368
<font color="#ffbf46">කායාගේ වීසා එක අවලංගු වෙලා,
එයාව පිටුවහල් කරයි!</font>

1276
01:14:16,452 --> 01:14:17,494
<font color="#ffbf46">ඔයා මේක අතාරින්නද යන්නෙ?</font>

1277
01:14:17,578 --> 01:14:19,413
<font color="#ffbf46">අපි කොහොමහරි ක්‍රමයක් හොයාගන්න ඕන.</font>

1278
01:14:19,496 --> 01:14:20,956
<font color="#ffbf46">අපි රැකවරණ ඉල්ලමු.</font>

1279
01:14:21,039 --> 01:14:22,082
<font color="#ffbf46">ඇමරිකාවෙන්ද? ප්‍රංශයෙන්ද?</font>

1280
01:14:22,166 --> 01:14:23,000
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න!</font>

1281
01:14:23,083 --> 01:14:23,917
<font color="#ffbf46">මම කායාගේ නීතිඥවරයා.</font>

1282
01:14:24,001 --> 01:14:26,295
<font color="#ffbf46">අපි රැකවරණ ඉල්ලනවා.</font>

1283
01:14:26,378 --> 01:14:27,212
<font color="#ffbf46">ඒක හරියාවිද?</font>

1284
01:14:27,296 --> 01:14:28,213
<font color="#ffbf46">කොහොමත් අපි පරදිනවා.</font>

1285
01:14:28,297 --> 01:14:29,590
<font color="#ffbf46">ඔයා කිව්වනෙ අපි පරදිනවා කියලා.</font>

1286
01:14:29,673 --> 01:14:33,177
<font color="#ffbf46">අපි නඩු විභාගය පැරදුණාට,
අපි කොහොමහරි මේක දිනනවා.</font>

1287
01:14:33,260 --> 01:14:36,096
<font color="#ffbf46">ඔයා හිතන් ඉන්නෙ මම මේ
විහිළු නාඩගමට හවුල් වෙයි කියලද?</font>

1288
01:14:36,180 --> 01:14:38,015
<font color="#ffbf46">මම විහිළුකාරයෙක් වෙන්න ඇති.</font>

1289
01:14:38,098 --> 01:14:40,267
<font color="#ffbf46">ඒත් මේ නඩුව විහිළුවක් නෙවෙයි.</font>

1290
01:14:40,350 --> 01:14:43,187
<font color="#ffbf46">මේක ජීවිතේ බේරගන්න කරන සටනක්.</font>

1291
01:14:47,399 --> 01:14:49,401
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

