1
00:00:32,593 --> 00:00:34,593
2
00:00:34,617 --> 00:00:37,954
අන්ඩර්කවර් මිස් හොන්ග්
3
00:00:41,708 --> 00:00:43,168
කවුද මේ හොන්ග් කුම්-බෝ කියන්නේ?
4
00:00:44,502 --> 00:00:46,963
"අවුරුදු 20ක කෙනෙක් වෙනුවෙන්
හොන්ග් ජැන්ග්-මිගේ විලාසිතා පොත."
5
00:00:47,046 --> 00:00:49,883
හොන්ග් ජැන්ග්-මිගෙන්.
මගේ අක්කා, හොන්ග් කුම්-බෝට.
6
00:00:57,682 --> 00:00:59,267
ඇයි ඔයා මගේ බඩු අවුස්සන්නේ?
7
00:00:59,851 --> 00:01:00,685
පොඩ්ඩක් ඉන්න.
8
00:01:02,353 --> 00:01:03,730
මම මේ මූණ දන්නවා.
9
00:01:12,363 --> 00:01:14,407
මෙයා තමයි ලිඛිත විභාගයෙන්
වැඩිම ලකුණු ගත්තේ.
10
00:01:14,491 --> 00:01:16,034
අපි කට්ටියම සම්මුඛ පරීක්ෂණයේදී හම්බුණේ.
11
00:01:16,117 --> 00:01:17,285
හරි.
12
00:01:18,328 --> 00:01:21,289
"ඊළඟ පාර විභාග ප්‍රශ්න ගැන
මීට වඩා හොඳට හොයලා බලන්න."
13
00:01:23,208 --> 00:01:27,170
වැස්සට තෙමිලා ඔයාගේ පෙට්ටි
ඔක්කොම කැඩිලා ගියානේ.
14
00:01:27,253 --> 00:01:29,881
ඒ තෙමිච්ච පෙට්ටි ඔක්කොම උස්සන් ආවේ මම,
ඒත් ඔයාලා මට සලකන්නේ හොරෙක්ට වගේ.
15
00:01:30,757 --> 00:01:32,342
මේ කාලේ ළමයි ගැන නම් හිතාගන්නවත් බෑ.
16
00:01:40,683 --> 00:01:41,518
වාඩිවෙන්න!
17
00:01:42,227 --> 00:01:44,521
කාමර තෝරගෙන මේ බඩු ටික
ඔක්කොම අස් කරන්න ඕනේ.
18
00:01:55,657 --> 00:01:56,491
අඳුන්නලා දෙන්නකෝ.
19
00:01:57,283 --> 00:01:58,576
ඔයා පටන් ගන්න.
20
00:02:07,919 --> 00:02:08,920
කුම්-බෝ.
21
00:02:09,671 --> 00:02:10,839
විදිහට කතා කරන එක හරි වැදගත්.
22
00:02:11,422 --> 00:02:14,259
මේ ලෝකේ ගැන කලකිරුණු
අවුරුදු 35ක කෙනෙක් වගේ
23
00:02:14,342 --> 00:02:15,677
කතා කරන්න එපා.
24
00:02:15,760 --> 00:02:17,220
අවුරුදු 20ක කෙනෙක් කතා කරන්න ඕනේ…
25
00:02:17,303 --> 00:02:21,516
දො, රෙ, මි, ෆ, සොල්…
26
00:02:21,599 --> 00:02:23,643
අන්න හරි. සොල්.
27
00:02:24,561 --> 00:02:27,772
දො, රෙ, මි, ෆ, සොල්…
28
00:02:28,481 --> 00:02:30,733
හමුවීම සතුටක්. මම හොන්ග් ජැන්ග්-මි.
29
00:02:31,985 --> 00:02:34,946
මම හෙට ඉඳන් යෝයිදෝ වල තියෙන
හන්මින් ප්‍රධාන කාර්යාලයේ වැඩ පටන් ගන්නවා.
30
00:02:35,029 --> 00:02:37,574
මට මේ අවුරුද්දට
31
00:02:38,158 --> 00:02:39,117
වයස 20යි.
32
00:02:46,040 --> 00:02:47,333
වයස 20යි කිව්වා?
33
00:02:47,417 --> 00:02:48,960
බැලූ බැල්මට ඊට වඩා වැඩි පාටයිනේ.
34
00:02:50,545 --> 00:02:52,172
මම කිව්වේ, මට වයස 20යි.
35
00:02:52,255 --> 00:02:53,089
ඔයාට කීයද?
36
00:02:53,172 --> 00:02:54,257
මම ගෝ බොක්-හී.
37
00:02:54,340 --> 00:02:57,135
මම ලොකු බැංකුවල ඉඳන්
සෙකියුරිටීස් ආයතන වෙනකම් වැඩ කරලා තියෙනවා,
38
00:02:57,218 --> 00:02:59,804
දැන් මම යෝයිදෝ වල හන්මින් ප්‍රධාන කාර්යාලයේ
සහකාරියක් විදිහට වැඩ කරනවා.
39
00:02:59,888 --> 00:03:00,805
මට වයස 29යි.
40
00:03:01,431 --> 00:03:02,473
ඊළඟ එක්කෙනා.
41
00:03:04,392 --> 00:03:06,394
ආයුබෝවන්. මම කන්ග් නෝ…
42
00:03:07,645 --> 00:03:09,188
යුන්-ජූ.
43
00:03:09,272 --> 00:03:10,607
මට වයස 25යි.
44
00:03:10,690 --> 00:03:12,233
මාත් වැඩ කරන්නේ
යෝයිදෝ කාර්යාලයේමයි.
45
00:03:13,067 --> 00:03:15,069
එතකොට හැමෝම ඉන්නේ ප්‍රධාන කාර්යාලයේනේ.
46
00:03:16,279 --> 00:03:18,907
ආයුබෝවන්. මම කිම් මි-සූක්.
47
00:03:19,616 --> 00:03:23,119
මම හන්මින් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් සෙක්යුරිටීස් එකේ
මාගන්ග් ශාඛාවේ ටෙලර් කෙනෙක්.
48
00:03:23,202 --> 00:03:24,245
ඔයාගේ වයස කීයද?
49
00:03:24,329 --> 00:03:25,955
මට වයස 28යි.
50
00:03:26,039 --> 00:03:28,791
මොකක්? එතකොට මෙතන ඉන්න
වයසම එක්කෙනා මමද?
51
00:03:29,292 --> 00:03:30,126
මමද රැජින?
52
00:03:32,629 --> 00:03:33,504
ඔව් ඔයා තමයි.
53
00:03:38,384 --> 00:03:41,095
මම අර එහා පැත්තේ තියෙන ලොකු කාමරේ ගන්නවා,
ඔයාලා කතා කරලා තීරණයක් ගන්නකෝ.
54
00:03:43,806 --> 00:03:45,516
කවුද මගේ රූම්මේට් වෙන්නේ?
55
00:03:46,100 --> 00:03:47,101
මම එන්නම්.
56
00:03:47,185 --> 00:03:48,311
මාත් ඔයත් එක්ක ලොකු කාමරේ ඉන්නම්.
57
00:03:50,813 --> 00:03:52,398
මි-සූක්, මම බැලුවේ ඔයා--
58
00:03:52,482 --> 00:03:53,900
සාධාරණව වැඩ කරමු.
මුලින්ම එන අයට තමයි තැන ලැබෙන්නේ.
59
00:04:00,907 --> 00:04:02,325
පස්සේ හම්බෙමු.
60
00:04:03,201 --> 00:04:04,369
අපි යාලුවෝ වෙයි කියලා හිතනවා.
61
00:04:08,122 --> 00:04:10,124
මේ කාලේ ළමයි එක්ක නම් බෑ අප්පා!
62
00:04:11,709 --> 00:04:14,337
තනිකඩ රැකියාවැඩි කාන්තාවන් සඳහා වූ
සෝල් නගර නේවාසිකාගාරය
63
00:04:38,987 --> 00:04:39,821
ෂා.
64
00:04:46,536 --> 00:04:48,329
ඔයා සොෆ්ට් ටෝයිස් වලට හරි ආසයි වගේ.
65
00:04:48,413 --> 00:04:49,247
ඔව් ගොඩක් ආසයි.
66
00:04:49,789 --> 00:04:52,667
ඉස්කෝලේ කාලෙදිත් මම හිටියේ බෝඩිමක.
67
00:04:52,750 --> 00:04:55,712
අපි ආස දේවල් අපි වටේ තියෙද්දි
බෝඩිම් ජීවිතේ ගෙවන එක ලේසියි.
68
00:05:01,426 --> 00:05:02,260
හායි කියන්න කැමතිද?
69
00:05:03,386 --> 00:05:05,013
මේ රේචල්, ෆීබි,
70
00:05:06,347 --> 00:05:07,473
සහ චැන්ඩ්ලර්.
71
00:05:07,557 --> 00:05:09,309
"හායි!"
72
00:05:19,902 --> 00:05:21,195
මාත් නාගන්න ඕනේ.
73
00:05:39,380 --> 00:05:40,214
අපිට පුළුවන්.
74
00:05:43,259 --> 00:05:45,219
ජෙමුල්පෝ බාලිකා වාණිජ උසස් පාසල
75
00:05:58,483 --> 00:05:59,776
රෝස පාට ගමු.
76
00:05:59,859 --> 00:06:01,360
මේකප් පන්තියේ ටීචර් මට කිව්වා
77
00:06:01,444 --> 00:06:04,030
කෙනෙක්ගේ ප්‍රතිරූපය පාටකින් විතරක් වුණත්
තීරණය වෙන්න පුළුවන් කියලා.
78
00:06:04,530 --> 00:06:06,949
ඔයාට නිකන් වයසක පාටක්
පේනවා වගේ දැනෙනවා නම්,
79
00:06:07,742 --> 00:06:09,368
සම්පූර්ණයෙන්ම රෝස පාට අඳින්න.
80
00:06:20,505 --> 00:06:22,090
මම එයා එක්ක යාලු වෙලා
81
00:06:22,590 --> 00:06:26,177
ප්‍රසිඩන්ට් කන්ග් ළඟින්ම ආශ්‍රය කළේ
කවුද කියලා අහගන්නවා.
82
00:06:26,260 --> 00:06:29,931
කතාබහ පටන්ගන්න අපි දෙන්නටම පොදු
දෙයක් ගැන මුලින් හොයාගන්න ඕනේ.
83
00:06:38,815 --> 00:06:40,149
ෂා.
84
00:06:40,233 --> 00:06:42,193
බොක්-හී, මේ ග්වන්ගලි බීච් එකද?
85
00:06:44,570 --> 00:06:46,489
ඕක සැන්ටා මොනිකා බීච් එක.
86
00:06:47,865 --> 00:06:49,784
ඕක තියෙන්නේ LA වල නේද? ඇමරිකාවේ.
87
00:06:49,867 --> 00:06:51,619
මම එහෙ පදිංචියට යනවා.
88
00:06:53,162 --> 00:06:54,122
මම මටම පොරොන්දු වුණා
89
00:06:54,747 --> 00:06:56,707
හරියටම ඔයාගේ වයසෙදි වගේ.
90
00:07:02,964 --> 00:07:05,842
සැන්ටා මොනිකා!
සැන්ටා මොනිකා වලට එන්න!
91
00:07:12,557 --> 00:07:17,854
අධිවේගී බස් ටිකට් පත
අන්යෝන් සිට පොසාන් දක්වා, 1988 මැයි 1
92
00:07:24,110 --> 00:07:25,361
අම්මේ! තාත්තේ!
93
00:07:26,195 --> 00:07:28,030
මගේ රත්තරන් දුව!
අම්මේ. තාත්තේ.
94
00:07:28,114 --> 00:07:30,116
සුභ උපන්දිනයක් දුවේ.
හොඳින් හිටියද?
95
00:07:30,199 --> 00:07:31,868
හොඳටම මහන්සි ඇතිනේ.
යමු ගෙදර යන්න.
96
00:07:31,951 --> 00:07:33,119
මම ඔයාට රස කෑම හදලා දෙන්නම්.
97
00:07:33,202 --> 00:07:34,912
මට හරි බඩගිනියි.
98
00:07:42,753 --> 00:07:46,966
විශේෂ ගිම්හාන නිවාඩුවක් සඳහා විදේශ ගතවන්න
සැන්ටා මොනිකා!
99
00:07:47,049 --> 00:07:51,179
"කැලිෆෝනියානු ඉර එළිය යට, රොමැන්ටික් LA වල!
සැන්ටා මොනිකා බීච් එක"
100
00:07:59,312 --> 00:08:00,730
මම මටම පොරොන්දු වුණා
101
00:08:01,647 --> 00:08:05,151
මගේ 30 වෙනි උපන්දිනය
LA වල සැන්ටා මොනිකා බීච් එකේ සමරනවා කියලා.
102
00:08:06,569 --> 00:08:09,489
සැන්ටා මොනිකා!
103
00:08:15,578 --> 00:08:16,996
එහෙනම් ඔයාට ගොඩක් සල්ලි හොයන්න වෙයි.
104
00:08:17,705 --> 00:08:20,124
එහෙ ඉන්වෙස්ටර් වීසා එකක් ගන්න නම්
ඩොලර් මිලියනයක්වත් ඕනේ වෙයි.
105
00:08:21,417 --> 00:08:23,628
එහෙනම් මම මිලියන් ඩොලර් ගෝ බොක්-හී වෙනවා.
106
00:08:25,338 --> 00:08:27,548
ඒ වගේම,
ඔයා හැමදාම කාමරේ අස් කරන්න ඕනේ.
107
00:08:28,132 --> 00:08:30,426
දූවිලියි කොණ්ඩ ගස් එහෙම බිම තියෙනවා
දැක්කම මට ඉන්න බෑ
108
00:08:31,010 --> 00:08:32,136
නිකන් පඳුරු වගේ.
109
00:08:33,763 --> 00:08:35,598
මාත් ඒවා දකින්න කැමති නෑ,
110
00:08:35,681 --> 00:08:36,807
බොක්-හී.
111
00:08:56,494 --> 00:08:57,870
මෙයා හරි සියුම් කෙනෙක්නේ.
112
00:08:57,954 --> 00:08:59,038
පිරිසිදුයි.
113
00:08:59,830 --> 00:09:00,873
ඇමරිකාවට පිස්සු වැටිලා.
114
00:09:08,756 --> 00:09:10,967
2 වන කොටස:
බඳවා ගැනීම සහ රහසින් ඇතුළු වීම අතර
115
00:09:26,399 --> 00:09:28,693
මම කොහොමද ඒ ඔෆිස් එකේ වැඩ කරන්නේ?
116
00:09:28,776 --> 00:09:30,653
එක දෙයක් මතක තියාගන්න.
117
00:09:31,153 --> 00:09:34,574
එතන ඉන්න දක්ෂම, වැඩකරන කෙනා හොයාගෙන
මොන දේ වුණත් එයා ළඟින්ම ඉන්න.
118
00:09:34,657 --> 00:09:35,491
තේරුණාද?
119
00:09:37,368 --> 00:09:39,203
දක්ෂම, වැඩකරන කෙනෙක්…
120
00:09:41,414 --> 00:09:42,373
ස්තූතියි, ජැන්ග්-මි.
121
00:09:44,041 --> 00:09:45,960
හන්මින් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් සෙක්යුරිටීස්
122
00:09:49,046 --> 00:09:51,132
හරි. මම හොන්ග් ජැන්ග්-මි.
123
00:09:51,716 --> 00:09:55,094
මම අවුරුදු 20ක් වයස ආධුනික සේවිකාවක්,
හොන්ග් ජැන්ග්-මි.
124
00:10:00,349 --> 00:10:02,685
කාන්තා සේවිකාවන් සඳහා වූ
ආචාරශීලීත්ව පුහුණුව
125
00:10:23,914 --> 00:10:26,792
හන්මින් පවුලේ අලුත් සාමාජිකයෝ හැමෝටම,
ආයුබෝවන්.
126
00:10:26,876 --> 00:10:29,045
මම සොන්ග් ජූ-රන්, චීෆ් ඔෆ් ස්ටාෆ්.
127
00:10:34,508 --> 00:10:36,177
උදේ පුහුණුවීම් වලින් පස්සේ,
128
00:10:36,260 --> 00:10:38,971
ඔයාලා හැමෝවම අදාළ
දෙපාර්තමේන්තු වලට දානවා.
129
00:10:39,680 --> 00:10:42,892
පස්සේ දැන්වීම් පුවරුවේ තියෙන
පත් කිරීම් ගැන බලන්න.
130
00:10:42,975 --> 00:10:45,353
ඒ වගේම ලොකු දෙයක් නෙවෙයි,
131
00:10:46,604 --> 00:10:48,397
ඒත් අපි ඔයාලව පිළිගන්න
තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා.
132
00:10:51,192 --> 00:10:53,110
වයස විස්සේදී අනිවාර්යයෙන් කළ යුතු දේවල් 101ක්
133
00:11:05,039 --> 00:11:07,124
වයස විස්සේදී අනිවාර්යයෙන් කළ යුතු දේවල් 101ක්
134
00:11:07,208 --> 00:11:08,959
දේවල් 101ක් කරන්න කාටද වෙලාව තියෙන්නේ?
135
00:11:18,094 --> 00:11:21,222
උදේ පුහුණුව මෙහෙයවන්නේ
මේ මිස් ගෝ බොක්-හී.
136
00:11:21,847 --> 00:11:24,350
ඔයාලා හැමෝටම හොඳ රැකියා ජීවිතයක්
ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
137
00:11:24,433 --> 00:11:26,852
අපි උපරිමයෙන් වැඩ කරමු.
ඔයාලට පුළුවන්!
138
00:11:26,936 --> 00:11:28,020
අපිට පුළුවන්!
අපිට පුළුවන්!
139
00:11:29,105 --> 00:11:29,939
ඔයාලට පුළුවන්.
140
00:11:40,533 --> 00:11:42,701
ප්‍රධාන කාර්යාලයේ සහ අනිත් ශාඛා වල
සියලුම ආධුනික කාන්තා සේවිකාවන්
141
00:11:42,785 --> 00:11:44,787
අඳින්නේ එකම නිල ඇඳුම.
142
00:11:44,870 --> 00:11:48,124
ඇඳුම් මාරු කරගන්න
කාන්තා ලොකර් රූම් පාවිච්චි කරන්න පුළුවන්.
143
00:11:49,083 --> 00:11:49,917
ඇඳුම්?
144
00:11:50,709 --> 00:11:51,836
හන්බොක් වගේ ඇඳුමක්ද?
145
00:11:52,586 --> 00:11:56,048
නෑ දැන් ඔයා ඇඳන් ඉන්න ඇඳුම්,
ඒ කියන්නේ යුනිෆෝම් එකට මාරු වෙන එක.
146
00:11:56,632 --> 00:11:58,843
ආ හරි. ඔයා හරි දක්ෂයිනේ.
147
00:12:02,304 --> 00:12:06,100
විනාඩි දහයේ විවේකයේදී
ඔයාලට යුනිෆෝම් ඇඳගන්න පුළුවන්.
148
00:12:06,183 --> 00:12:07,643
හරි මැඩම්.
හරි මැඩම්.
149
00:12:08,227 --> 00:12:09,103
හරි.
150
00:12:30,166 --> 00:12:32,835
දිග කොණ්ඩ තියෙන අය ඒවා
පිළිවෙලට බැඳගන්න ඕනේ
151
00:12:32,918 --> 00:12:34,044
අන්තිමට හෙයා නෙට් එකක් දාන්නත් ඕනේ.
152
00:12:34,879 --> 00:12:37,548
ටයිට්ස් ඩෙනියර් 30ක්වත් වෙන්න ඕනේ.
153
00:12:38,757 --> 00:12:40,551
ටයිට්ස්? තාම එළියේ රස්නෙයිනේ.
154
00:12:41,427 --> 00:12:42,720
ඒක හරි.
155
00:12:42,803 --> 00:12:44,680
දැනට ඔයා විතරයි ඒවා නැතුව ඉන්නේ.
156
00:12:53,564 --> 00:12:56,859
හන්මින් ආයතනයේ අපි 119 ක්‍රමය අනුගමනය කරනවා.
157
00:12:57,443 --> 00:12:59,403
පාටි වලදි අපි බොන්නේ
එක ජාතියක් විතරයි,
158
00:12:59,487 --> 00:13:00,446
එක වටයක් විතරයි,
159
00:13:01,113 --> 00:13:02,490
රෑ නවය වෙද්දි ඉවර කරනවා.
160
00:13:03,324 --> 00:13:06,619
වියදම් වාර්තා ගැන බලන අය
මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
161
00:13:06,702 --> 00:13:07,870
හරි මැඩම්.
හරි මැඩම්.
162
00:13:08,662 --> 00:13:10,206
අපි දවල්ට මොනවද කන්නේ?
163
00:13:11,749 --> 00:13:14,043
ඊළඟට, අපි රැස්වීම් වල නීති ගැන කතා කරමු.
164
00:13:21,175 --> 00:13:23,135
ජැන්ග්-මි, මම ගෙවන්නම්.
165
00:13:23,219 --> 00:13:25,513
අම්මා මට යාලුවන්ට කෑම අරන් දෙන්න
කියලා වැඩිපුර සල්ලි දුන්නා…
166
00:13:26,722 --> 00:13:27,848
සල්ලි ඉතුරු කරගන්න.
167
00:13:28,516 --> 00:13:30,142
සෝල් වල ජීවත් වෙන එක ලේසි නෑ,
168
00:13:30,893 --> 00:13:31,810
යුන්-ජූ.
169
00:13:36,565 --> 00:13:38,317
මීට කලින් කවුරුවත් මට
170
00:13:39,527 --> 00:13:40,611
සල්ලි ඉතුරු කරන්න කියලා නෑ.
171
00:13:41,153 --> 00:13:42,363
ඕඩර් කරන්න ලෑස්තිද?
172
00:13:43,531 --> 00:13:44,698
බුල්ගෝගි සැන්ඩ්විච් එක ගන්නවද?
173
00:13:45,658 --> 00:13:46,659
අපිට තුනක් දෙන්න.
174
00:13:52,248 --> 00:13:55,000
මම ගෝ බොක්-හීට ලන්ච් එක අරන් දීලා
175
00:13:55,084 --> 00:13:56,544
එයාගේ හිත දිනාගන්නවා.
176
00:14:00,714 --> 00:14:02,508
ජ්‍යේෂ්ඨයෙක්ට සලකන්න දන්නේ නැද්ද?
177
00:14:05,594 --> 00:14:08,013
තමුසෙලා මට හොරෙන්
මගේ නම කැත කරන්න කතා කරනවද?
178
00:14:08,097 --> 00:14:10,266
වෙලාවට වැඩ කරන එක සහකාරියෙක්ගේ
මූලික යුතුකමක් නේද?
179
00:14:10,808 --> 00:14:13,352
අලුත් ප්‍රසිඩන්ට් අලුත් සහකාරියෙක්
ගන්නවා කියලා කවුද කියන්නේ?
180
00:14:13,435 --> 00:14:16,939
අපිට කැම්පස් වලින් ගත්ත
ලේකම් උපාධි තියෙනවා.
181
00:14:17,022 --> 00:14:20,192
බැලුවොත් අපි තමයි සහකාරියන්ගේ
වැඩ ගැන වඩා හොඳට දන්නේ.
182
00:14:21,569 --> 00:14:24,280
පොඩි බ්‍රාන්ච් එකක ටෙලර් කෙනෙක්
ප්‍රසිඩන්ට්ගේ සහකාරිය වුණාම
183
00:14:24,947 --> 00:14:26,240
එයා හිතාගෙන ඉන්නේ එයා ලොක්කෙක් කියලා.
184
00:14:26,323 --> 00:14:28,492
මොකක්ද?
මිනිස්සු එහෙම හිතපු එක පුදුමයක් නෙවෙයි.
185
00:14:28,576 --> 00:14:30,202
ඔයා ප්‍රසිඩන්ට් කන්ග්ගේ "සහකාරිය" කියලා.
186
00:14:30,286 --> 00:14:32,788
ඒ කටකතා පටන් ගත්තේ
හිතාගන්න පුළුවන් එකම දේ ඒක නිසා.
187
00:14:36,000 --> 00:14:38,752
එතකොට ඒ කැත කටකතා පතුරපු
මීයා ඔයා නේද?
188
00:14:39,253 --> 00:14:40,379
ඔයා තමයි.
189
00:14:45,134 --> 00:14:46,343
අනේ දෙවියනේ.
190
00:14:46,427 --> 00:14:49,305
දැම්මම මාව අතාරිනවා හොඳයි!
191
00:14:49,388 --> 00:14:51,223
එයාව අතාරින්න.
නවත්තන්න ඕක.
192
00:14:52,433 --> 00:14:53,851
තමුසෙලා කවුද, ගොඩේ බයියෝ?
193
00:14:53,934 --> 00:14:55,102
ගොඩේ බයියෝ?
194
00:14:55,185 --> 00:14:56,145
අනේ අම්මපා.
195
00:14:56,228 --> 00:14:57,521
මෙයා මට බැන්නා.
196
00:14:58,272 --> 00:15:01,567
නම් කිය කියා බනින්න එපා.
අපි හැමෝම උගත් කාන්තාවෝනේ.
197
00:15:03,444 --> 00:15:05,237
ඔයාලා නම් මහ ලොකු "උගත්" අය.
198
00:15:05,321 --> 00:15:07,531
වාණිජ ඩිප්ලෝමා තියෙන නිකන්ම
නිකන් ආධුනික සේවිකාවෝ ටිකක්නේ.
199
00:15:12,369 --> 00:15:15,080
මගේ ජීවිතේට මට මෙහෙම
අගෞරව කරලා නෑ.
200
00:15:15,164 --> 00:15:16,916
ඔයා, දොර ලොක් කරන්න.
201
00:15:16,999 --> 00:15:18,167
හරි.
මොකක්?
202
00:15:18,250 --> 00:15:19,418
ඉන්න. ඇයි ඔයා දොර ලොක් කරන්නේ?
203
00:15:19,501 --> 00:15:20,711
ඇයි…
ඔයා ඔහොම ඉන්න.
204
00:15:25,925 --> 00:15:26,842
මෙන්න මෙහෙම!
205
00:15:30,721 --> 00:15:33,057
බොක්-හී!
බොක්-හී, ඔයා හොඳින්ද?
206
00:15:50,074 --> 00:15:51,033
අතාරිනවා!
207
00:15:51,116 --> 00:15:53,285
මාව අතාරිනවා හොඳයි!
ඔයා අතාරින්න.
208
00:15:53,369 --> 00:15:55,955
අතාරිනවා. මාව අතාරිනවා දැන්ම!
209
00:15:56,038 --> 00:15:58,248
ජැන්ග්-මි!
210
00:15:58,332 --> 00:15:59,375
නැගිටින්න!
211
00:16:00,042 --> 00:16:01,126
ඇහැරෙන්න!
212
00:16:01,210 --> 00:16:04,046
ජැන්ග්-මි!
213
00:16:09,802 --> 00:16:12,304
මම ලේසියෙන් අතෑරියේ!
තමුසේ වාසනාවන්තයි කියලා හිතාගන්නවා!
214
00:16:17,101 --> 00:16:17,935
ජැන්ග්-මි.
215
00:16:18,978 --> 00:16:20,062
ඔයා හොඳින්ද?
216
00:16:20,646 --> 00:16:21,897
ඔළුව වැදුණද දන්නේ නෑ නේද?
217
00:16:21,981 --> 00:16:23,983
ලැජ්ජා වුණාට ඔළුව පැලෙන්නේ නෑනේ.
218
00:16:27,027 --> 00:16:28,028
නැගිටින්න.
219
00:16:35,369 --> 00:16:36,578
දැන්වත් තමන්ගේ වැඩක් බලාගන්නවා.
220
00:16:44,503 --> 00:16:45,546
ජැන්ග්-මි.
221
00:16:46,130 --> 00:16:47,297
ඇඟිලි කීයක් පේනවද?
222
00:17:01,603 --> 00:17:03,147
එයාට මාර හයියක්නේ තියෙන්නේ?
223
00:17:03,230 --> 00:17:04,523
කාන්තා සේවිකාවන් සඳහා පමණයි
නීති කඩකිරීම් සඳහා විනය ක්‍රියාමාර්ග
224
00:17:11,071 --> 00:17:12,906
ජැන්ග්-මි, ඔයා හොඳින් නේද?
225
00:17:12,990 --> 00:17:14,033
ඔව්, අවුලක් නෑ.
226
00:17:14,116 --> 00:17:16,410
පත් කිරීම් දාලා තිබ්බා.
අපි දෙන්නම ඉන්නේ හත්වෙනි තට්ටුවේ.
227
00:17:16,493 --> 00:17:19,538
මම ට්‍රේඩින් වලට,
ඔයා ඉන්නේ රිස්ක් මැනේජ්මන්ට් එකේ.
228
00:17:20,122 --> 00:17:21,331
රිස්ක් මැනේජ්මන්ට්?
229
00:17:27,755 --> 00:17:30,132
රිස්ක් මැනේජ්මන්ට්, රිසර්ච්,
සම්මන්ත්‍රණ ශාලාව
230
00:17:30,716 --> 00:17:33,427
රිසර්ච් තියෙන්නේ රිස්ක් මැනේජ්මන්ට් එක යටතේද?
231
00:17:39,433 --> 00:17:42,269
කළමනාකරු ලී යොන්ග්-ගී
රිස්ක් මැනේජ්මන්ට්, ඉංජිනේරු ආචාර්ය උපාධි
232
00:17:44,646 --> 00:17:46,690
ඔයා අලුතෙන් ආපු මිස් හොන්ග් ද?
233
00:17:47,483 --> 00:17:48,317
ඔව්.
234
00:17:49,151 --> 00:17:50,027
යමුද?
235
00:18:28,065 --> 00:18:29,066
අපිට තව ටිකක් එහාට යන්න ඕනේ.
236
00:18:44,665 --> 00:18:46,041
රිස්ක් මැනේජ්මන්ට් අංශය
237
00:18:48,460 --> 00:18:49,294
මේ තියෙන්නේ.
238
00:19:01,890 --> 00:19:02,766
ඒයි.
239
00:19:06,061 --> 00:19:08,230
දො, රෙ, මි, ෆ, සොල්…
240
00:19:08,313 --> 00:19:09,648
ආයුබෝවන්.
241
00:19:09,731 --> 00:19:11,692
මම හොන්ග් ජැන්ග්-මි.
242
00:19:12,693 --> 00:19:13,777
අප්පට සිරි!
243
00:19:14,278 --> 00:19:15,112
රිස්ක් මැනේජ්මන්ට් අංශය
අංශ ප්‍රධානී ඇල්බට් ඕ
244
00:19:20,617 --> 00:19:21,618
මම දන්නේ නෑ
245
00:19:22,286 --> 00:19:23,954
මේක ඕක ඇතුලේ හිරවෙලා කියලා.
246
00:19:24,538 --> 00:19:26,373
මම සතියක පරක්කු ගාස්තුත් ගෙව්වා.
247
00:19:26,456 --> 00:19:30,043
මම ක්ලීනර්ලාට කී සැරයක් කියලා තියෙනවද
මගේ මේසෙ අස් කරන්න එපා කියලා.
248
00:19:30,127 --> 00:19:33,630
එහෙම කොහොමද අංශ ප්‍රධානියෙක්ගේ මේසයක්
අස් නොකර ඉන්නේ?
249
00:19:33,714 --> 00:19:36,175
ඕක අතාරින්නකෝ
අලුතෙන් ආපු කෙනාට කතා කරනවා.
250
00:19:39,928 --> 00:19:41,054
මේ අර මනුස්සයාද…
251
00:19:42,306 --> 00:19:43,765
ටූ යූ ෆ්‍රොම් මී
252
00:19:47,519 --> 00:19:49,146
…අර ටූ යූ ෆ්‍රොම් මී එක ගත්ත?
253
00:19:51,190 --> 00:19:52,774
ඇත්තමයි මම පරක්කු වුණේ නෑ
254
00:19:53,317 --> 00:19:55,319
මම එකම සීන් එක
255
00:19:56,278 --> 00:19:57,529
ආයේ ආයේ බලපු නිසා.
256
00:19:58,197 --> 00:19:59,156
බලාගෙන.
257
00:19:59,239 --> 00:20:01,992
එයාට දැන් තමයි 20 පිරුණේ. වැඩිහිටියෙක් වුණා විතරයි,
258
00:20:02,075 --> 00:20:03,493
පෙනුමෙන් ටිකක් වයස පාට වුණාට.
259
00:20:24,056 --> 00:20:26,016
ආ ඇත්ත. අලුත් සභාපතිගෙ නම මොකක්ද?
260
00:20:26,642 --> 00:20:27,476
දන්නෙ නෑ.
261
00:20:28,310 --> 00:20:29,978
එයාගෙ පත්වීමේ උත්සවයට අපිට එන්න කියලා තියෙනවා.
262
00:20:31,521 --> 00:20:32,481
එතකොට බලාගන්න පුළුවන් වෙයිනේ.
263
00:20:33,065 --> 00:20:36,735
හන්මින් සභාපති ෂින් ජුන්ග්-වූ
පත්වීමේ උත්සවය
264
00:20:40,822 --> 00:20:41,782
ඒයි, මෙහෙට එන්න.
265
00:20:48,163 --> 00:20:50,165
සභාපති ෂින් ජුන්ග්-වූ
266
00:20:50,249 --> 00:20:51,208
පොඩි ළමයා!
267
00:20:51,750 --> 00:20:54,753
අලුතෙන් ආපු ගැහැණු ළමයි
වාඩි වෙන්න ඕන පස්සෙන්.
268
00:21:03,845 --> 00:21:05,097
ජැන්ග්-මි, මෙහෙට එන්න.
269
00:21:08,725 --> 00:21:09,851
ඇයි අර මනුස්සයා...
270
00:21:28,078 --> 00:21:28,912
මේ පැත්තෙන්.
271
00:21:35,043 --> 00:21:37,838
සභාපති ෂින් ජුන්ග්-වූ මැතිතුමාට සාදරයෙන් පිළිගනිමු.
272
00:21:56,815 --> 00:21:57,733
ආයුබෝවන්.
273
00:21:58,317 --> 00:22:01,028
මම හන්මින් ආයෝජන හා සුරැකුම්පත් සමාගමේ
අලුත්ම සාමාජිකයා,
274
00:22:01,111 --> 00:22:02,154
ෂින් ජුන්ග්-වූ.
275
00:22:06,533 --> 00:22:10,120
කොරියාවේ මූල්‍ය කර්මාන්තයට නායකත්වය දෙන
හන්මින් සමාගම නාමිකව වගේම,
276
00:22:10,203 --> 00:22:11,330
ඇත්තටම පළමු පෙළේ ආයතනයක්.
277
00:22:12,080 --> 00:22:15,334
කොහොම වුණත්, කාලයත් එක්ක අපි වෙනස් වෙන්න ඕනේ.
278
00:22:23,842 --> 00:22:24,968
පස්සේ මොනවද කන්න ඕනේ?
279
00:22:27,054 --> 00:22:27,929
ජැන්ග්-මි?
280
00:23:06,510 --> 00:23:08,720
සාමාන්‍ය විදිහට ඉන්න.
281
00:23:09,304 --> 00:23:11,598
ඔයාගේ කිසිම සාමාන්‍ය බවක් නෑනේ.
ඔයාට රස්නේ නැද්ද?
282
00:23:15,185 --> 00:23:17,312
අද අලුත් සභාපති ආවා නේද?
283
00:23:19,356 --> 00:23:20,190
යුන් අධ්‍යක්ෂකතුමා,
284
00:23:20,273 --> 00:23:22,234
අපේ ඔත්තු බලන හැකියාව
ඇත්තටම ඔච්චරටම දුර්වලද?
285
00:23:22,317 --> 00:23:24,236
ෂින් ජුන්ග්-වූ මෙහෙට එනවා කියලා
මම දන්නවා නම්,
286
00:23:24,319 --> 00:23:27,155
මම කීයටවත් හන්මින් එකට පස් පාගන්නෙ නෑ.
මොන රහස් මෙහෙයුමක්ද.
287
00:23:28,406 --> 00:23:29,324
ඔයා එයාව අඳුරනවද?
288
00:23:32,077 --> 00:23:33,912
මම කලින් වැඩ කරපු එකවුන්ටින් ෆර්ම් එකේ
අපි හිටියේ එකම ටීම් එකේ.
289
00:23:35,038 --> 00:23:36,498
ඊට කලින් කැම්පස් එකෙත් එකට හිටියේ, ඉතින්...
290
00:23:38,458 --> 00:23:40,377
ඉතින් උණුසුම් ආදර සම්බන්ධයක් තිබුණද?
291
00:23:41,378 --> 00:23:42,504
උණුසුම් නම් තමයි...
292
00:23:43,463 --> 00:23:44,381
නෑ නෑ.
293
00:23:44,464 --> 00:23:46,174
ඒක හරිම පිරිසිදු සම්බන්ධයක්.
294
00:23:51,596 --> 00:23:54,391
අවුරුදු 12කට පෙර, 1985
295
00:24:23,170 --> 00:24:24,796
මූල්‍ය අධීක්ෂණ සේවය CPA
296
00:24:29,050 --> 00:24:29,885
ජුන්ග්-වූ.
297
00:24:29,968 --> 00:24:32,512
කුම්-බෝ, විභාගෙ පාස් වුණාට සුබ පැතුම්.
298
00:24:37,976 --> 00:24:39,102
ජුන්ග්-වූ.
299
00:24:40,896 --> 00:24:42,564
කුම්-බෝ, මේක බලන්න.
300
00:24:43,148 --> 00:24:45,734
වැඩිම ලකුණු ලබා ගත්තේ
මෙනවිය හොං කුම්-බෝ, 23, සෝන් විශ්ව විද්‍යාලය
301
00:24:45,817 --> 00:24:48,445
ඔයා මීට වඩා රස්නෙට අඳින්න ඕනේ.
302
00:24:49,112 --> 00:24:50,030
මට කමක් නෑ.
303
00:24:51,364 --> 00:24:53,992
ඒත් ඔයාට කොහොමද?
304
00:24:55,035 --> 00:24:55,911
අන්න.
305
00:24:55,994 --> 00:24:57,245
මමත් පාස් වෙලා.
306
00:24:58,747 --> 00:25:00,582
මගේ පෙම්වතා ගැන මට හරි ආඩම්බරයි.
307
00:25:01,124 --> 00:25:02,584
සුබ පැතුම්, ෂින් ජුන්ග්-වූ.
308
00:25:08,590 --> 00:25:09,591
මට හරි සතුටුයි.
309
00:25:10,926 --> 00:25:11,760
සුබ පැතුම්.
310
00:25:11,843 --> 00:25:12,928
සුබ පැතුම්.
311
00:25:21,978 --> 00:25:23,271
හොං මෙනවිය.
312
00:25:23,355 --> 00:25:25,232
කරුණාකරලා උඩ තියෙන තොරතුරු පරීක්ෂා කරන්න.
313
00:25:31,863 --> 00:25:33,114
ස්ටාර් කන්ස්ට්‍රක්ෂන්, මාර්තු ඉන්වොයිසිය
1987 මාර්තු 1 සිට 31 දක්වා
314
00:25:58,181 --> 00:26:01,893
මූල්‍ය අධීක්ෂණ සේවයේ ප්‍රධානියාව
ඔයා කී පාරක් දැකලා තියෙනවද?
315
00:26:03,103 --> 00:26:05,438
අලුතෙන් ආපු පොඩි සේවිකාවකට
සභාපතිවරයාව
316
00:26:05,522 --> 00:26:07,983
ඉහළම මාලයේදී හම්බවෙන්න තියෙන ඉඩ
කොච්චරක්ද?
317
00:26:09,067 --> 00:26:09,901
හරි අඩුයි නේද?
318
00:26:11,194 --> 00:26:12,612
කොහොමද ඔයාගේ ඩිපාර්ට්මන්ට් එක?
319
00:26:13,530 --> 00:26:15,824
අවදානම් කළමනාකරණ අංශය කිව්වට
නම විතරයි ලොකුවට තියෙන්නේ,
320
00:26:15,907 --> 00:26:18,743
ඒක පර්යේෂණ අංශය ඇතුළේ තියෙන
පුංචි කාමර කෑල්ලක්.
321
00:26:20,036 --> 00:26:21,413
අංශ ප්‍රධානී ඇල්බට් ඕ කියන්නේ,
322
00:26:21,496 --> 00:26:23,039
විධායක අධ්‍යක්ෂක ඕ දොක්-ග්‍යු ගෙ පුතා.
323
00:26:23,123 --> 00:26:24,666
මිනිහා දැනටමත් අංශ ප්‍රධානියෙක්ද?
324
00:26:26,293 --> 00:26:28,003
සභාපතිගේ මුනුපුරා වුණාම
සැප තමයි ඉතින්.
325
00:26:28,086 --> 00:26:30,338
මම හිතුවේ එයාගෙන් මොනවා හරි
දැනගන්න පුළුවන් වෙයි කියලා,
326
00:26:31,298 --> 00:26:33,466
ඒත් එයා රිදී හැන්ද කටේ ගහගෙන ඉපදුණු
අවුරුදු 25ක මෝඩයෙක්.
327
00:26:33,550 --> 00:26:34,884
කිසිම වැඩකට නැති නිකමෙක්.
328
00:26:37,721 --> 00:26:41,057
එයා මෙහෙට ගේන්න කලින් හොර රහසෙම
ඇමරිකාවේ ෆිල්ම් ගැන ඉගෙන ගත්තලු.
329
00:26:41,141 --> 00:26:43,101
එයා දවසම කරන්නේ ඔෆිස් එකට වෙලා
ෆිල්ම් බලන එක.
330
00:26:47,689 --> 00:26:50,150
දෙවෙනි 'යෙප්පි' අපේක්ෂකයා,
බෑං ජින්-මොක් ඊට වඩා හොඳ නෑ.
331
00:26:51,443 --> 00:26:53,820
හැමදාම මැනේජර් පට්ටමේ ඉන්න එයාට
332
00:26:53,903 --> 00:26:55,613
ඔෆිස් එක කියන්නේ පඩි ගෙවන
කොමික් පොත් කඩයක් විතරයි.
333
00:26:57,866 --> 00:26:59,951
මැනේජර් ලීට ඉංජිනේරු විද්‍යාව ගැන
PhD එකක් තියෙනවා.
334
00:27:00,035 --> 00:27:01,786
එයා තමයි සයිබර් බැංකු පද්ධතිය හදන්නේ.
335
00:27:02,829 --> 00:27:05,623
සෙකියුරිටි ෆර්ම් එකක වැඩ කරාට
එයා දවසම කරන්නේ කෝඩින් කරන එක.
336
00:27:07,417 --> 00:27:09,127
ඒ ඔෆිස් එක නිකන් පිස්සන් කොටුවක් වගේ.
337
00:27:09,210 --> 00:27:10,587
කවුරුත් වැඩ කරන්නේ නෑ.
338
00:27:10,670 --> 00:27:12,922
මහ විහිළුවක්නේ. ඔයත් වැඩ කරන්න එපා.
339
00:27:13,006 --> 00:27:15,717
මූල්‍ය අධීක්ෂණ සේවයේ වැඩ්ඩෙක් ඉස්සරහා
එයාලා කොහොමද එහෙම හැසිරෙන්නේ?
340
00:27:17,844 --> 00:27:20,513
අර සහකාරයාව යාළු කරගෙන
ඕන කරන තොරතුරු ටික ගන්න.
341
00:27:20,597 --> 00:27:21,848
ඊට පස්සේ 'යෙප්පි'ව හොයාගන්න බලන්න.
342
00:27:22,474 --> 00:27:23,308
හරි.
343
00:27:23,808 --> 00:27:26,811
ඩිරෙක්ටර්, ඔයා ගෝ බොක්-හී ගැන තව ටිකක් හොයලා
මට විස්තරේ කියන්න.
344
00:27:27,395 --> 00:27:29,981
එයා කලින් වැඩ කරපු තැන නම මොකක්ද කියලත්
හොයලා බලන්න.
345
00:27:30,982 --> 00:27:33,818
"ගෝ බොක්-හීගේ නම ගැන හොයලා බලන්න."
346
00:27:51,461 --> 00:27:54,964
ඔබතුමා ඉල්ලපු විදිහටම නෝරාව
වෙළඳ අංශයට දැම්මා.
347
00:27:55,632 --> 00:27:56,549
එහෙමද?
348
00:27:57,550 --> 00:27:59,177
එයා කොච්චර කල් අල්ලගෙන ඉඳියිද?
349
00:27:59,969 --> 00:28:03,640
මාස තුනකින් සමාගමේ කොටස්වලින් 9%ක් දෙනවා කියලා
ඔයා එයාට කිව්වනේ.
350
00:28:04,808 --> 00:28:06,393
නෝරාට අතාරින්න ඕන වුණත්,
351
00:28:07,352 --> 00:28:09,437
චෝයි මැතිණිය ඒකට ඉඩ දෙන එකක් නෑ.
352
00:28:09,521 --> 00:28:13,149
ඔයාත් එයාට උදව්වක් කළොත් නරකද?
353
00:28:14,401 --> 00:28:17,445
අවාසනාවට, එයා හරියට එයාගෙ අම්මා වගේමයි.
354
00:28:18,571 --> 00:28:21,157
එයාට කාගේ හරි සහයෝගයක් ඕන වෙයි.
355
00:28:21,991 --> 00:28:23,743
ඔයාට වඩා සුදුසු කවුද ඒකට ඉන්නේ?
356
00:28:25,036 --> 00:28:27,664
වෙලාවක් ලැබුණු ගමන් ඔෆිස් එකටයි ඩෝම් එකටයි ගිහින්
357
00:28:28,540 --> 00:28:30,125
එයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න.
358
00:28:32,127 --> 00:28:33,378
හොඳයි සර්.
359
00:28:33,962 --> 00:28:34,796
හොඳයි.
360
00:28:38,299 --> 00:28:40,510
ආයුබෝවන්. ඇතුළට එන්න.
361
00:28:40,593 --> 00:28:42,679
මම යන්නම් දෙන්නට කතා කරන්න. හරි.
362
00:28:46,433 --> 00:28:48,476
කවදාහරි දවසක,
363
00:28:48,560 --> 00:28:53,148
අපිට පරිගණකයක් තියෙනවා නම් ඕනම තැනක ඉඳන්
කොටස් වෙළඳාම් කරන්න පුළුවන් වෙයි.
364
00:28:54,524 --> 00:28:56,985
මියුන්ග්-විත් ඒ ගැන කතා කළා ඉස්සර.
365
00:29:01,406 --> 00:29:04,951
මම මේ කියන්නේ මගේ පුතා ගැන.
366
00:29:07,454 --> 00:29:08,371
එහෙමද.
367
00:29:08,455 --> 00:29:10,498
ඒකෙන් ශ්‍රම පිරිවැය අඩු වෙයි.
368
00:29:11,166 --> 00:29:12,584
ඔයා හිතන්නේ කොච්චරක් විතර අඩු වෙයිද?
369
00:29:13,668 --> 00:29:17,756
මම තාම හරියටම ගණන් හදලා බැලුවේ නෑ.
370
00:29:17,839 --> 00:29:21,676
කමක් නෑ.
අපි ඉස්සරහට ගණන් හදලා බලමුකෝ.
371
00:29:21,760 --> 00:29:26,431
අලුත් සභාපති විදිහට මට ඔයාගෙන්
ඉල්ලීම් දෙකක් තියෙනවා.
372
00:29:27,015 --> 00:29:28,141
පළවෙනි එක,
373
00:29:28,224 --> 00:29:29,184
මම කැමතියි
374
00:29:30,143 --> 00:29:31,853
නඩු විභාගයෙන් පස්සේ
375
00:29:32,604 --> 00:29:36,191
සමාගම ඇතුළේ ඇති වුණ කලබලකාරී තත්ත්වය
ඔයා වෙනස් කරනවා නම්.
376
00:29:38,067 --> 00:29:39,235
දෙවෙනි එක,
377
00:29:40,153 --> 00:29:45,200
හන්මින් එකේ උරුමක්කාරයා ගැන
ගොඩක් කතා බහ යනවනේ.
378
00:29:46,659 --> 00:29:50,246
මට දුවෙක් හිටියට,
379
00:29:51,414 --> 00:29:52,707
හැමදේම එක වගේ නම්,
380
00:29:53,625 --> 00:29:55,585
පිරිමි ළමයෙක් ඉන්න එක වඩා හොඳයි.
381
00:29:56,878 --> 00:30:01,466
මගේ මුනුපුරා මගේ උරුමක්කාරයා වෙනවා දකින්න
මම ආසයි...
382
00:30:04,260 --> 00:30:05,595
ඒත් එයාට තාම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.
383
00:30:06,387 --> 00:30:07,722
එයාගේ තාත්තත් ඊට හපන්.
384
00:30:09,682 --> 00:30:12,894
මම බලාපොරොත්තු වුණේ ඔයාව,
සභාපති ෂින් ජුන්ග්-වූ,
385
00:30:13,812 --> 00:30:18,608
මගේ මුනුපුරාගේ ගුරුවරයා වෙයි කියලා.
386
00:30:24,656 --> 00:30:25,740
මම සර්ව සම්පූර්ණ නැති වුණාට,
387
00:30:26,449 --> 00:30:29,202
භූමිකාවන් දෙකම ඉටු කරන්න
මම උපරිම උත්සාහ කරන්නම්.
388
00:30:31,246 --> 00:30:33,706
හොඳයි. ස්තූතියි.
389
00:30:58,106 --> 00:30:58,940
ඒයි.
390
00:30:59,983 --> 00:31:01,359
සභාපතිතුමා කොහොමද මට මෙහෙම කළේ?
391
00:31:01,442 --> 00:31:02,861
මම ඉද්දි එයා පිටින් කෙනෙක්ව ගත්තා?
392
00:31:02,944 --> 00:31:05,697
ඒ මදිවට කටේ කිරි සුවඳ නොගිය
පොඩි එකෙක්ව.
393
00:31:06,531 --> 00:31:07,448
ෂික්.
394
00:31:08,032 --> 00:31:10,952
ඔයාට පුළුවන්ද මේ ගැන ඔයිට වඩා සැහැල්ලුවෙන් හිතන්න?
395
00:31:11,035 --> 00:31:13,872
ඔහොම දඟලලා කිසි දෙයක් වෙනස් කරන්න බෑ.
396
00:31:13,955 --> 00:31:16,624
කෝ අර මම සද්ද නැතුව පැත්තකට වෙලා ඉන්නවා
කියපු කතාව?
397
00:31:16,708 --> 00:31:19,252
ඒ සභාපති කාං මැරෙයි කියලා දැනගන්න කලින්නේ.
398
00:31:19,335 --> 00:31:23,631
ඔයාට ඕනෙද නෝරා වගේ මෝඩියෙක්ට
අපේ සමාගම නැති වෙලා යනවට?
399
00:31:24,549 --> 00:31:25,466
තාත්තේ.
400
00:31:26,009 --> 00:31:27,760
මේක කවදාවත් අපේ වෙලා තිබුණේ නෑනේ.
401
00:31:28,803 --> 00:31:30,930
අපි මේක අපේ කරගන්න ඕනේ.
402
00:31:32,348 --> 00:31:34,350
අහගන්නවා මම කියන දේ.
403
00:31:34,934 --> 00:31:37,061
මේ ආයෝජනයට මම මගේ ජීවිතේම පරදුවට තියනවා.
404
00:31:39,105 --> 00:31:40,064
තාත්තේ.
405
00:31:40,148 --> 00:31:41,983
ආයෝජනවලදී
406
00:31:42,066 --> 00:31:44,235
මුල් මුදල පවා අහිමි වෙන්න පුළුවන්.
407
00:31:46,154 --> 00:31:47,030
ඒක දන්නවා නේද?
408
00:31:48,781 --> 00:31:51,117
මම කියලා ඉවර නෑ බොල.
409
00:31:51,200 --> 00:31:52,994
විධායක අධ්‍යක්ෂක ඕ, ජය වේවා!
410
00:31:55,538 --> 00:31:57,332
කාටද මන්දා ඔය ළමයා ගිහින් තියෙන්නේ?
411
00:31:57,415 --> 00:32:00,585
කොටස් වෙළඳාම පරිගණක ගත කිරීම
සැප්තැම්බර් 1 වෙනිදා ඉඳන් පටන් ගන්නවා.
412
00:32:01,169 --> 00:32:03,004
මේ නිසා ආයෝජකයින්ට
413
00:32:03,087 --> 00:32:06,466
තමන් කැමති තැනක ඉඳන්
ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා,
414
00:32:06,549 --> 00:32:08,384
ඔෆිස් එකේ හිටියත් ගෙදර හිටියත්.
415
00:32:08,468 --> 00:32:10,720
මේකෙන් කොටස් වෙළඳපොලේ ලොකු පිබිදීමක්
බලාපොරොත්තු වෙනවා...
416
00:32:10,803 --> 00:32:13,014
හලෝ?
- ඔයා සභාපති කාංව හම්බුණාද?
417
00:32:13,097 --> 00:32:14,974
ඒ නාකියා දැන් මැරීගෙන මැරීගෙන යන්නේ.
418
00:32:15,058 --> 00:32:17,936
ඔයාව ගන්න මිනිහා ලොකු ගාණක් වියදම් කළානේ.
419
00:32:19,020 --> 00:32:20,063
ඉතින්,
420
00:32:21,397 --> 00:32:23,650
මම ආයේ සියෝල් ආවේ සල්ලි වලට විතරක් නෙමෙයි.
421
00:32:26,152 --> 00:32:27,403
මට මගේ වැඩේට අවධානය දෙන්න ඕනේ.
422
00:32:27,487 --> 00:32:28,655
ඒයි, හොං මෙනවිය!
423
00:32:29,238 --> 00:32:30,740
යුනිෆෝම් කෙල්ල! ඔයා!
424
00:32:30,823 --> 00:32:32,992
ඔව්, මම ඔයාට කතා කරන්නේ.
425
00:32:38,247 --> 00:32:39,999
හරිනේ. මම හොං ජැන්ග්-මි.
426
00:32:40,917 --> 00:32:43,670
මම පොඩි වැඩකාරියෙක් විදිහට වැඩ කරන
අවුරුදු 20ක හයි ස්කූල් කෙල්ලෙක්.
427
00:32:45,505 --> 00:32:47,423
මගේ නම හොං ජැන්ග්-මි.
428
00:32:47,507 --> 00:32:49,008
හරි. හොං මෙනවිය.
429
00:32:50,885 --> 00:32:53,304
මේ තියෙන්නේ හෙට තියෙන අංශ ප්‍රධානීන්ගේ රැස්වීමට ඕන කරන
ෆයිල් ටික.
430
00:32:54,263 --> 00:32:55,390
මේවා ඇඩ්මින් එකට ගිහින් දෙන්න.
431
00:32:56,599 --> 00:32:57,850
දැන්මම.
432
00:32:57,934 --> 00:32:58,935
මමද?
433
00:32:59,560 --> 00:33:01,062
මේ ටික ඊමේල් කරන්නකෝ.
434
00:33:01,145 --> 00:33:02,855
ඔයාට කොම්පියුටර් එකක් තියෙනවනේ.
අලුත් තාක්ෂණය පාවිච්චි කරන්නකෝ.
435
00:33:02,939 --> 00:33:06,025
එදාටත් ඔයා මෙතන හිටියොත්,
කැමති විදිහකට සිස්ටම් එක වෙනස් කරන්න.
436
00:33:06,109 --> 00:33:07,527
ඒ දවස එනකම්,
437
00:33:08,194 --> 00:33:09,737
ඔයා, හොං මෙනවිය,
438
00:33:09,821 --> 00:33:11,823
පරෙස්සමට සහ ඉක්මනට මේ ටික ගිහින් දෙන්න.
439
00:33:20,206 --> 00:33:21,165
පොඩ්ඩක් ඉන්න.
440
00:33:21,791 --> 00:33:24,377
මේ මහ කරදරකාරයා 'යෙප්පි' වෙන්නත් පුළුවන්.
441
00:33:24,460 --> 00:33:26,087
ජෙනරාල් මැනේජර් චා ජුන්ග්-ඉල්
පර්යේෂණ අංශය, හන්මින්
442
00:33:26,170 --> 00:33:27,296
'යෙප්පි' අපේක්ෂකයා
443
00:33:27,380 --> 00:33:28,673
කට වහගෙන ඉන්නවා.
444
00:33:28,756 --> 00:33:31,509
මේකෙන් ඔයාට පර්යේෂණ අංශයේ ඔෆිස් එකට යන්න
නිල වශයෙන් අවසර ලැබෙනවා.
445
00:33:32,677 --> 00:33:33,720
ඔන්න මම යනවා.
446
00:33:39,642 --> 00:33:41,477
මේක මාර බරයිනේ.
447
00:33:44,105 --> 00:33:45,773
ඇයි ගෝ බොක්-හීව තාම අස් කරලා නැත්තේ?
448
00:33:45,857 --> 00:33:48,234
එයා උදව් ඉල්ලුවොත් බෑ කියන්න.
449
00:33:48,317 --> 00:33:50,153
එයා අපි ගැන මිස් සොංට කිව්වොත්?
450
00:33:50,236 --> 00:33:53,156
අපි තුන්දෙනාම එකම දේ කිව්වොත්,
එයා බොරුකාරයා වෙයි.
451
00:33:54,532 --> 00:33:56,576
ගෝ බොක්-හී කියන්නේ ඇඩ්මින් එකේ කොන් වෙච්ච කෙනා වෙන්න ඇති.
452
00:33:56,659 --> 00:33:57,493
ආ ඇත්ත.
453
00:33:57,577 --> 00:33:59,954
බ්‍රේක් රූම් එකේදී මූණ අතේ අරන් වැටුණ කෙල්ල ගැන
මම හොයලා බැලුවා.
454
00:34:00,038 --> 00:34:01,539
එයා හොං ජැන්ග්-මි, අලුතෙන් ආපු කෙනෙක්.
455
00:34:01,622 --> 00:34:04,125
එයා ජෙමුල්පෝ බාලිකා වාණිජ උසස් පාසලේ හිටපු
ලොකු කැරලිකාරියක්ලු.
456
00:34:04,208 --> 00:34:05,168
එයා නියම වැඩ්ඩියක්.
457
00:34:05,251 --> 00:34:06,502
එයා නිකන් මෝඩියෙක් වගේනේ.
458
00:34:06,586 --> 00:34:07,962
කොහොමද එයා මෙතනට රිංග ගත්තේ?
459
00:34:09,255 --> 00:34:10,882
ඒ වුනාට එදා නම් එයා හෙන අහිංසක පාටයි.
460
00:34:12,383 --> 00:34:14,052
සමහරවිට එයා හොඳ මූණ පෙන්නනවා ඇති.
461
00:34:27,231 --> 00:34:28,524
සේවය අවසන් කිරීමේ ලිපිය
462
00:34:31,652 --> 00:34:34,030
මිස් ගෝ, සැප්තැම්බර් වල චූසොක් වෙනකන්
ඔයාට ඉන්න පුළුවන්.
463
00:34:35,281 --> 00:34:37,992
ඊටපස්සේ ඔයාගේ වැඩ ටික ඊළඟට එන කෙනාට
පැහැදිලි කරලා දෙන්න ලෑස්ති කරන්න.
464
00:34:38,076 --> 00:34:39,077
මිස් සොන්ග්.
465
00:34:39,827 --> 00:34:42,830
මගේ මල්ලි නිදහස් වෙලා එනකන් විතරක්
මට ඉන්න බැරිද?
466
00:34:42,914 --> 00:34:44,499
කැන්ග් සභාපතිතුමා නැති වුනානේ.
467
00:34:46,042 --> 00:34:48,377
ඔයාට මෙතන ඉන්න දැන් හේතුවක් නෑ.
468
00:34:50,838 --> 00:34:52,673
මෙච්චර කාලයක් මගේ වැඩ වලට
උදව් කරාට ස්තූතියි.
469
00:34:53,382 --> 00:34:54,842
ඔයාගේ පළපුරුද්දත් එක්ක
වෙන රස්සාවක් හොයාගන්න පුළුවන් වෙයි.
470
00:34:58,471 --> 00:35:01,265
මගේ වෙනුවට එන්නේ කවුද කියලා දන්නවද?
471
00:35:05,103 --> 00:35:07,271
සාදරයෙන් පිළිගන්නවා.
කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
472
00:35:15,530 --> 00:35:18,616
අපේ කම්පැණියට එන්න කලින්
ශින් ජන්ග්-වූ සභාපතිතුමා මොනවද කරේ?
473
00:35:18,699 --> 00:35:19,742
ඒයි, මට සිගරට් එකක් දීපන්කෝ.
474
00:35:19,826 --> 00:35:22,203
අර රිසර්ච් එකේ මිස්ටර් චා
මොනවද අර කලින් කිව්වේ?
475
00:35:22,286 --> 00:35:23,830
ආ, ශින් ජන්ග්-වූ ගැනද?
476
00:35:23,913 --> 00:35:25,748
එයා සෝන් යුනිවර්සිටි එකෙන්
ඉකොනොමික්ස් ඩිග්‍රී එක අරගෙන,
477
00:35:25,832 --> 00:35:27,667
ලොකුම එකවුන්ටින් ෆර්ම් හතරෙන් එකක වැඩ කරලා
478
00:35:27,750 --> 00:35:30,002
බොස්ටන් වලදි එයාගේ MBA එක කරලා තියෙනවා.
479
00:35:30,086 --> 00:35:32,255
එයා මේ වෙනකන් හොංකොං වල
ප්‍රයිවට් ඉක්විටි ෆන්ඩ් එකක වැඩ කරලා තියෙන්නේ.
480
00:35:33,673 --> 00:35:34,757
අනික එයා තාම බැඳලත් නෑ.
481
00:35:36,300 --> 00:35:37,802
මනුස්සයා කාර්යබහුල ජීවිතයක් ගත කරලා වගේ.
482
00:35:38,427 --> 00:35:39,720
එයා නියම මනුස්සයෙක් වගේනේ.
483
00:35:39,804 --> 00:35:42,557
මිස්ටර් ඕට නම් දුක හිතෙන්න ඇති.
484
00:35:42,640 --> 00:35:44,225
එයා හිතාගෙන ඉන්න ඇත්තේ එයාට
මේ පොසිෂන් එක හම්බෙයි කියලා.
485
00:35:44,308 --> 00:35:46,227
පව් වැඩේ, ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න ඇත්තේ.
486
00:35:47,937 --> 00:35:49,272
මගේ තාත්තාට දුක නෑ.
487
00:35:50,565 --> 00:35:51,732
එයාට ඉරිසියාවේ බෑ.
488
00:35:54,527 --> 00:35:56,028
එහෙමද? හරි හරි.
489
00:35:56,112 --> 00:35:57,321
දැන් තමයි කතාව හරි ගියේ.
490
00:35:58,030 --> 00:35:59,073
බැන්ග් ජින්-මොක්.
491
00:35:59,157 --> 00:36:02,410
එයා කාටවත් බය නැතුව හිතේ තියෙන දේ කෙලින්ම කියනවා,
ලොකු පොඩි භේදයක් නෑ.
492
00:36:03,327 --> 00:36:05,163
ඇල්බට් වුනත් ඒක ලොකුවට ගණන් ගන්න පාටක් නෑ.
493
00:36:06,789 --> 00:36:08,207
ඒ ඔයා කැමති ජාතියද?
494
00:36:09,083 --> 00:36:10,585
මොකක්ද?
ශින් ජන්ග්-වූ.
495
00:36:11,335 --> 00:36:12,170
මොකක්?
496
00:36:12,253 --> 00:36:16,007
ශින් සභාපතිතුමා මිස් හොන්ග්ට පේනවා ඇත්තේ
සුදු අශ්වයෙක් පිටේ ආපු කුමාරයෙක් වගේ වෙන්න ඇති.
497
00:36:16,090 --> 00:36:17,592
එයා හරිම සාර්ථක මනුස්සයෙක්නේ, නේද?
498
00:36:18,509 --> 00:36:19,635
මමද?
499
00:36:20,469 --> 00:36:24,056
මට සාර්ථක පිරිමියෙක්ව එපා.
මට ඕනේ මමම සාර්ථක වෙන්නයි.
500
00:36:24,140 --> 00:36:25,600
අනික මම බලන්නේ සම්පූර්ණ පැකේජ් එක දිහා.
501
00:36:25,683 --> 00:36:27,018
මම හොඳට හොයලා බලනවා.
502
00:36:27,101 --> 00:36:28,102
මෙයා පෙනුම ගැන වද වෙනවා.
503
00:36:28,186 --> 00:36:29,979
මෙයාට ඕනේ සේරම තියෙන කෙනෙක්ව.
හරිනේ.
504
00:36:31,939 --> 00:36:34,442
හරි එහෙනම්, අපි බොමු.
කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා.
505
00:36:41,824 --> 00:36:45,161
ඉස්සරහට ගෙදරකට එක ටෙලිෆෝන් එක ගානේ
තියෙන එකක් නෑ.
506
00:36:45,244 --> 00:36:47,663
එක්කෙනෙක්ට එක වයර්ලස් ෆෝන් එක ගානේ තියෙයි.
507
00:36:48,247 --> 00:36:50,499
නිකන් "පොකට් කම්පියුටරයක්" වගේ.
508
00:36:50,583 --> 00:36:51,709
මූ නම් මාර පොරක්.
509
00:36:51,792 --> 00:36:53,836
මේ අතේ තියාගන්න පුළුවන් කම්පියුටරෙන්,
510
00:36:53,920 --> 00:36:56,005
ඔයාලට කෝල් ගන්න වගේම
ඉන්ටර්නෙට් යන්නත් පුළුවන් වෙයි.
511
00:36:56,088 --> 00:36:59,634
තමුසේ ඉන්න ඕනේ සිකියුරිටීස් ෆර්ම් එකක වැඩ කරනවට වඩා
අලුත් දේවල් හොයාගන්න තැනක.
512
00:36:59,717 --> 00:37:03,512
ලංකාවේ විද්‍යා අංශයට වෙලා තියෙන්නේ
ලොකු පාඩුවක්.
513
00:37:03,596 --> 00:37:04,597
එහෙනම්,
514
00:37:05,765 --> 00:37:08,643
අපිට ෆෝන් එකෙන් ෆිල්ම් බලන්නත් පුළුවන් වෙයිද?
515
00:37:08,726 --> 00:37:11,062
අම්මෝ...
අපේ ෆෝන් වලින් ඔන්ලයින් යන්න පුළුවන් නම්,
516
00:37:11,145 --> 00:37:12,480
අපිට ස්ටොක්ස් ට්‍රේඩ් කරන්නත් පුළුවන් වෙයි.
517
00:37:12,563 --> 00:37:14,690
ස්ටොක්ස්...
බලන්නකෝ මූ කියන දේවල්.
518
00:37:14,774 --> 00:37:18,694
ඔය ගමන්ම කියපන්කෝ අනාගතේ එන කාර් වලට
ඩ්‍රයිවර්ලා ඕනේ නෑ කියලත්.
519
00:37:18,778 --> 00:37:20,029
ඇයි බැරි?
520
00:37:20,112 --> 00:37:20,988
ඒක නරක අදහසක් නෙමෙයි.
521
00:37:21,072 --> 00:37:22,114
ෂෝක්.
522
00:37:22,198 --> 00:37:24,742
දැන් ඕවා නෙමෙයිනේ වැදගත්.
523
00:37:24,825 --> 00:37:27,870
අපි දැන් යාළු වුනාට කාටද ඇති වැඩේ?
524
00:37:27,954 --> 00:37:30,748
කොහොමත් චූසොක් වලට පස්සේ
සමුගැනීමේ පාටිය තියෙනවනේ.
525
00:37:30,831 --> 00:37:32,250
නිකන් බීපන් බන්.
සමුගැනීමේ පාටියක්?
526
00:37:33,042 --> 00:37:34,126
කවුද යන්නේ?
527
00:37:35,962 --> 00:37:37,755
මිස්ටර් බැන්ග්, කියන්න එපා ඔයා කියලා.
528
00:37:39,590 --> 00:37:41,008
මෙයාට සමුගැනීමේ පාටියක්?
529
00:37:41,092 --> 00:37:42,343
යපී අපේක්ෂකයෙක්!
එයා ඇත්තටම යපී කෙනෙක්ද?
530
00:37:42,426 --> 00:37:44,220
මෙයා නෙමෙයි.
531
00:37:44,303 --> 00:37:45,263
මම මොකටද යන්නේ?
532
00:37:45,846 --> 00:37:48,182
අපි මේ කතා කරන්නේ ඔයා ගැනනේ.
533
00:37:48,266 --> 00:37:50,893
ඔයා ඉතින් මේ ටික කාලෙකට හදාගන්න ගත්ත ළමයෙක් වගේනේ.
534
00:37:50,977 --> 00:37:52,144
හදාගන්න ගත්ත?
535
00:37:52,979 --> 00:37:53,980
මමද?
536
00:37:54,063 --> 00:37:56,232
මාව හදාගන්න ගත්තා කියන්නේ මොකක්ද?
537
00:37:56,899 --> 00:37:57,900
පොඩ්ඩක් ඉන්නකෝ.
538
00:37:58,859 --> 00:38:01,279
මිස්ටර් ලී? මොකක්ද?
අපි ඔයාව බලාගන්නවා වගේනේ.
539
00:38:02,238 --> 00:38:04,740
වෙලාව 8:48 යි. අපිට වෙලාව නෑ!
540
00:38:04,824 --> 00:38:06,575
යමු යමු.
දුවපන්.
541
00:38:06,659 --> 00:38:07,827
දුවන්න!
කොහෙටද?
542
00:38:07,910 --> 00:38:09,537
ඉන්නකෝ මිස්ටර් බැන්ග්,
ඔයා කියපු එක ඉවර කරන්නකෝ.
543
00:38:09,620 --> 00:38:11,205
යමන්!
මම කොහේ හරි යනවද? මාව අස් කරනවද?
544
00:38:11,289 --> 00:38:12,999
දැන් හරියට වැඩේ කරොත් මම කියන්නම්.
545
00:38:13,082 --> 00:38:15,209
සීෆුඩ් පජොන්, වෙල්ක් සුප්,
බියර් දෙකයි සෝජු දෙකයි.
546
00:38:15,293 --> 00:38:17,128
යමන්!
යමන්!
547
00:38:19,130 --> 00:38:21,090
අපි මේ කොහෙද යන්නේ?
දෙවෙනි රවුමට.
548
00:38:21,173 --> 00:38:22,633
ඔයා අහලා තියෙනවනේ
අර 119 කැම්පේන් එක ගැන?
549
00:38:22,717 --> 00:38:24,135
එක රවුමයි, එක ජාතියක බීමයි...
550
00:38:24,218 --> 00:38:25,720
අනික රෑ 9 වෙද්දි විසිර යන්න ඕනේ!
551
00:38:25,803 --> 00:38:29,682
ඒ කියන්නේ 9න් පස්සේ
කම්පැණි කාඩ් එකෙන් ගෙවන්න බෑ කියන එක.
552
00:38:30,266 --> 00:38:31,976
ඉතින් අපි මේ බොන්නද දුවන්නේ?
553
00:38:32,059 --> 00:38:33,561
කම්පැණිය ලවා බිල ගෙවව ගන්නද?
554
00:38:33,644 --> 00:38:35,604
ඒ වුනාට, දුවන්න තව කෙනෙක් ඉන්න එකෙන්
555
00:38:36,397 --> 00:38:37,440
ලැජ්ජාව ටිකක් අඩුවෙනවා.
556
00:38:37,523 --> 00:38:40,026
මට නම් මාර ලැජ්ජයි.
557
00:38:40,943 --> 00:38:42,069
වෙලාව 8:55 යි! දුවන්න!
558
00:38:42,153 --> 00:38:43,237
මිස් හොන්ග්!
559
00:38:44,989 --> 00:38:47,783
අපිට සීෆුඩ් පජොන්, වෙල්ක් සුප්,
බියර් දෙකයි සෝජු දෙකයි ඕනේ!
560
00:38:47,867 --> 00:38:49,035
කාඩ් එක ස්වයිප් කරන්න. ඉක්මනට!
561
00:38:55,708 --> 00:38:56,542
එල.
562
00:39:01,088 --> 00:39:03,174
ෂා, 8:59:59 යි. යන්තම් ඇති!
563
00:39:03,257 --> 00:39:04,383
කෝ බලන්න.
564
00:39:05,968 --> 00:39:07,803
මිස් හොන්ග්, ඔයා පාස්!
565
00:39:07,887 --> 00:39:09,221
අන්තිමට ඔයාට කැමති වෙන්න හේතුවක් හම්බුනා.
566
00:39:14,060 --> 00:39:14,935
කමු කමු.
567
00:39:15,853 --> 00:39:16,687
දැන් කියන්නකෝ.
568
00:39:16,771 --> 00:39:18,022
මොකක්ද අර හදාගන්න ගත්ත කතාව.
569
00:39:18,105 --> 00:39:19,732
අපිට දැන් අලුත් සභාපති කෙනෙක් ඉන්නවනේ.
570
00:39:19,815 --> 00:39:21,692
අලුත් බොසාට, අලුත් ඇසිස්ටන්ට් කෙනෙක්.
571
00:39:22,401 --> 00:39:24,445
මමද මිස් ගෝ බොක්-හීගෙ වැඩ ටික බාරගන්න ඉන්නේ?
572
00:39:26,739 --> 00:39:29,408
ඔයාලට ඕනේ මම ශින් ජන්ග්-වූ සභාපතිතුමාගේ
ඇසිස්ටන්ට් වෙන්නද?
573
00:39:29,492 --> 00:39:31,118
මේකයි සිද්ධිය...
574
00:39:31,202 --> 00:39:34,163
ඔයාගේ ඉන්ටර්වීව් එකේදි,
575
00:39:34,246 --> 00:39:36,832
ඔයා මිස් සොන්ග්ගේ හිතට අල්ලලා ගිහින් තියෙනවා.
576
00:39:36,916 --> 00:39:39,085
ඒ අස්සේ, මිස් ගෝගේ ලකුණු ටිකක් කැපුනා
577
00:39:39,168 --> 00:39:41,170
අර එක්සෑම් ප්‍රශ්න පත්තරේ අවුල
නවතගන්න බැරි වුන නිසා.
578
00:39:41,253 --> 00:39:44,090
ඒ මදිවට,
එයා අවුරුදු 29ක් වෙලත් තාම කසාද බැඳලා නෑනේ.
579
00:39:44,173 --> 00:39:47,927
හෙඩ් ඔෆිස් එකේ නම්, හයි ස්කූල් ගියපු කෙල්ලන්ට
අවුරුදු 30 පැන්නට පස්සේ ඉන්න දෙන්නේ නෑ.
580
00:39:48,010 --> 00:39:49,720
එයාලව කෙලින්ම යවන්නේ
පලාත් වල තියෙන ශාඛා වලට.
581
00:39:49,804 --> 00:39:52,306
මේක දෙවෙනි රවුම නිසා,
අපි තව විද්‍යාව ගැන කතා කරමුද?
582
00:39:52,807 --> 00:39:53,933
ගෝ බොක්-හී මේ ගැන දන්නවද?
583
00:40:25,339 --> 00:40:26,257
සර්.
584
00:40:26,340 --> 00:40:29,552
මම අහුවා මගේ තැනට ගන්න යන්නේ
අලුතෙන් ගත්ත හයි ස්කූල් ගියපු ළමයෙක්ව කියලා.
585
00:40:30,136 --> 00:40:33,389
මට සෙක්‍රටරි වැඩ ගැන ඩිප්ලෝමා එකක්වත්
ඩිග්‍රී එකක්වත් නැති වෙන්න පුළුවන්,
586
00:40:33,472 --> 00:40:37,893
ඒත් දැන් අලුතෙන් පටන් ගන්න අවුරුදු 20 ළමයෙක්ට වඩා
මට පළපුරුද්ද තියෙනවා.
587
00:40:38,394 --> 00:40:41,355
මට මාව ඔප්පු කරන්න අවස්ථාවක් දෙනවා නම්,
588
00:40:41,439 --> 00:40:44,233
ඔයාට ලංකාවේ ජීවිතේට හුරු වෙන්න ඕන කරන
උපරිම සහයෝගය මම දෙනවා--
589
00:40:44,316 --> 00:40:47,528
මිස් සොන්ග් දැනටමත් ඕන කරන දේවල්
ලෑස්ති කරලයි තියෙන්නේ.
590
00:40:47,611 --> 00:40:48,737
අනික මගේ සහයකයා ගැන,
591
00:40:49,488 --> 00:40:51,824
මම හිතන්නේ ඒක තීරණය කරන්න ඕනේ
ඇඩ්මින් ඔෆිස් එකෙන්.
592
00:40:53,951 --> 00:40:55,035
හරි සර්.
593
00:40:55,911 --> 00:40:58,080
සර් කැමති කෑමක් හරි කෝපි ජාතියක් හරි තියෙනවා නම්--
594
00:40:58,164 --> 00:40:58,998
මිස් ගෝ.
595
00:40:59,790 --> 00:41:01,500
කෑම බීම ගෙනත් දෙන එක නෙමෙයි
596
00:41:02,334 --> 00:41:03,669
කාටහරි ඇත්තටම උදව් කරනවා කියන්නේ.
597
00:41:20,186 --> 00:41:21,604
ෂිහ්.
598
00:41:52,218 --> 00:41:55,638
මිස් හොන්ග්, ඔයාව පත් කරලා තියෙන්නේ
ශින් සභාපතිතුමාගේ අලුත් ඇසිස්ටන්ට් විදිහට.
599
00:41:56,847 --> 00:41:59,141
මේ සතිය ඇතුලත එයාට වැඩ ටික
හොඳට කියලා දෙන්න, මිස් ගෝ.
600
00:42:00,559 --> 00:42:03,687
මිස් ගෝ, ඔයාගේ අන්තිම දවස
සැප්තැම්බර් 13 වෙනිදා.
601
00:42:04,605 --> 00:42:08,025
මිස් හොන්ග්, චූසොක් නිවාඩුවෙන් පස්සේ
ඔයා ඇඩ්මින් ඔෆිස් එකේ වැඩ පටන් ගන්න ඕනේ.
602
00:42:09,443 --> 00:42:10,444
ප්‍රශ්න තියෙනවද?
603
00:42:11,237 --> 00:42:14,657
ශින් ජන්ග්-වූගේ ඇසිස්ටන්ට් වෙන්න නම්
මට කොහෙත්ම බෑ.
604
00:42:15,908 --> 00:42:16,784
මිස් සොන්ග්.
605
00:42:21,497 --> 00:42:22,623
හන් ගඟෙන් එහාට, ලෝකය වෙතට!
අනාගතය වෙතට!
606
00:42:23,207 --> 00:42:24,959
මේක තමයි 1997 අන්තිම භාගයේ හන්මින් එකේ
හයි ස්කූල් ගියපු කාන්තා කාර්ය මණ්ඩලය ගන්න දාපු ඇඩ් එක.
607
00:42:25,042 --> 00:42:27,711
ඇඩ්මින් කාර්ය මණ්ඩලයක් ගැන
මේකේ දාලා තිබුනේ නෑ.
608
00:42:28,879 --> 00:42:30,256
මම විශේෂයෙන් අයදුම් කරේ
මැනේජ්මන්ට් සපෝට් රස්සාවකට.
609
00:42:30,339 --> 00:42:32,883
ඉතින්?
610
00:42:35,094 --> 00:42:36,053
ඇඩ්මින් එකේ වැඩ කරන්න මගේ හිතේවත්--
611
00:42:36,887 --> 00:42:38,681
දැන් හිතාගන්නවා.
612
00:42:38,764 --> 00:42:40,099
රස්සාවල් වලට එන අලුත් අය හිතාගෙන ඉන්න
ලොකුම වැරදි වැටහීමක් තමයි ඕක.
613
00:42:44,853 --> 00:42:47,147
ඔයා හිතනවද කම්පැණිය තෝරගන්නේ ඔයා කියලා?
614
00:42:49,775 --> 00:42:50,943
නෑ.
615
00:42:52,319 --> 00:42:53,153
කම්පැණි තමයි තෝරගන්නේ,
ඔයාව දාන්නේ කොතනටද කියලා තීරණය කරන්නේ එයාලා.
616
00:42:54,071 --> 00:42:57,408
ඔයා ඒකට අකමැති නම්,
නිකන් ගෙදරට වෙලා ඉන්න එකයි ඇත්තේ.
617
00:42:59,577 --> 00:43:01,912
ඔයාට අස් වෙන්න ඕනේද?
618
00:43:02,871 --> 00:43:03,789
මම වෙන්ඩින් මැෂින් කෝපි බොන්නේ නෑ.
619
00:43:26,270 --> 00:43:28,230
ඔයා තමයි සභාපතිතුමාගේ සහයිකාව.
620
00:43:34,028 --> 00:43:35,821
කවුද ඒ වගේ චාන්ස් එකක් එපා කියන්නේ?
621
00:43:35,904 --> 00:43:36,947
බ්‍රේක් රූම් එකේදි මම රණ්ඩු වුන
622
00:43:38,907 --> 00:43:42,411
අනිත් එවුන් එක්ක වැඩ කරනවාට වඩා ඒක හොඳයි.
623
00:43:44,496 --> 00:43:47,791
ඔයා ලොකුවට රණ්ඩු කරේ නෑනේ.
අනිත් පැත්තෙන් විතරයිනේ ගහගත්තේ.
624
00:43:52,546 --> 00:43:53,380
බොක්-හී.
625
00:43:53,881 --> 00:43:55,799
ශින් ජන්ග්-වූ වෙනස්කම් වලට කැමති නෑ.
626
00:43:56,383 --> 00:43:58,427
ඔයාට පුළුවන් මොනවද කියලා එයා ඇස් දෙකෙන් දැක්කම,
627
00:43:58,510 --> 00:44:00,012
එයා අලුත් ඇසිස්ටන්ට් කෙනෙක් ඉල්ලන එකක් නෑ.
628
00:44:00,846 --> 00:44:02,014
ඔයා කොහොමද ඒක දන්නේ?
629
00:44:03,432 --> 00:44:04,308
අනික,
630
00:44:04,391 --> 00:44:06,894
ඔයාට එයාගේ නම කියලා කතා කරන්න බෑ.
එයා ඔයාගේ යාළුවෙක් නෙමෙයිනේ.
631
00:44:06,977 --> 00:44:09,021
ඊළඟට ඔයා චෙයාර්මන්ටත් නම කියලා කතා කරයිද?
632
00:44:09,980 --> 00:44:10,814
ඔයා කිව්වේ කැන්ග් පිල්-බොම් ගැනද?
633
00:44:12,191 --> 00:44:13,942
මේක තමයි අද කාලේ ළමයින්ගේ තියෙන අවුල.
634
00:44:14,026 --> 00:44:15,569
කවුරුහරි ඇහුවොත් එහෙම?
635
00:44:16,403 --> 00:44:17,613
මෙතන කවුරුත් නෑනේ.
636
00:44:18,989 --> 00:44:21,325
නැති වුන කැන්ග් සභාපතිතුමා කම්පැණියේ කාත් එක්කද
637
00:44:21,408 --> 00:44:23,369
වැඩියෙන්ම එකතු වෙලා හිටියේ කියලා ඔයා හිතන්නේ?
638
00:44:24,286 --> 00:44:27,414
එයා ළඟින් හිටපු ජෙනරල් මැනේජර් කෙනෙක් හිටියා නම්,
එයාලා ඔයාට උදව් කරයි.
639
00:44:29,208 --> 00:44:31,418
ගිහින් වැඳලා කියලා බලන්න.
640
00:44:32,544 --> 00:44:33,379
මටත් එන්න පුළුවන් ඔයා එක්ක.
641
00:44:43,305 --> 00:44:44,264
යමන්.
642
00:44:44,348 --> 00:44:46,809
බොසෙක් නැති ඇසිස්ටන්ට් කෙනෙක්ට
කවුද උදව් කරන්නේ?
643
00:44:47,851 --> 00:44:48,686
හප්පා.
644
00:44:51,480 --> 00:44:52,648
මෙයා නම් ලේසි පහසු කෙනෙක් නෙමෙයි.
645
00:44:55,943 --> 00:44:57,903
එයා මට ඇත්තටම උදව් කරන්නද හදන්නේ?
646
00:45:12,126 --> 00:45:13,210
මගේ ඇල්බට්.
647
00:45:14,044 --> 00:45:15,421
ඕ ඩොක්-ග්‍යු ජූනියර්.
648
00:45:16,505 --> 00:45:17,381
එයා හොඳින් ඉන්නවද?
649
00:45:17,464 --> 00:45:19,133
ඔයා දන්නවද, බිග් ඇල් කියන්නේ
650
00:45:20,426 --> 00:45:21,427
පුදුම මනුස්සයෙක්.
651
00:45:23,804 --> 00:45:24,680
ඇත්තටම?
652
00:45:26,723 --> 00:45:28,183
හරියටම කියනවා නම්?
653
00:45:30,227 --> 00:45:31,812
ඇත්තම කිව්වොත්,
එයා වගේ ලොකු කෙනෙක් සතියට දවස් දෙකක් විතරක්
654
00:45:31,895 --> 00:45:34,690
වැඩට ආවත් කවුරුත් මුකුත් කියන්නේ නෑ.
655
00:45:34,773 --> 00:45:37,443
ඒ වුනාට,
එයා දවස් හයම වැඩට එනවා.
656
00:45:38,277 --> 00:45:41,113
ඔයා දන්නවද,
657
00:45:41,196 --> 00:45:43,198
එයා ඇත්තටම වැඩෙන් පෙන්නන කෙනෙක්.
658
00:45:43,282 --> 00:45:44,366
මටත් හිතෙන්නේ එහෙමයි.
659
00:45:51,081 --> 00:45:53,125
වෙලාවට වැඩ කරන එක
ඕනම තැනක මූලික දෙයක්නේ.
660
00:45:53,750 --> 00:45:54,710
ඒත් දන්නවද,
661
00:45:55,586 --> 00:45:58,130
වෙලාවට වැඩ කළා කියලා
කවදාවත් කැපිලා පේන්න බෑ.
662
00:45:58,755 --> 00:46:00,007
ෂින් සභාපතිතුමා දිහාම බලන්නකෝ.
663
00:46:00,799 --> 00:46:02,718
එයාගේ ෂෝක් සුදුසුකම් ටික නිසානේ
එයාට ප්‍රතිරූපයක් හැදිලා තියෙන්නේ.
664
00:46:03,469 --> 00:46:05,846
එයා අපි ඔක්කොටම වඩා ඉහළින් ඉන්නවා
කියලා හිතන නිසාද දන්නේ නෑ ඔච්චර උඩඟු?
665
00:46:06,430 --> 00:46:09,391
එයා තාම ආවේ නෑනේ මාව හම්බවෙලා
අඳුරගන්නවත්.
666
00:46:10,684 --> 00:46:13,270
ඒක නම් ටිකක් අවුල් වැඩක්.
667
00:46:13,353 --> 00:46:15,481
ඔයාටත් එහෙම හිතෙනවා නේද?
ඔව්.
668
00:46:15,564 --> 00:46:18,192
ඒකයි මම එයාට හොඳ පිළිගැනීමක් දෙන්න
ලෑස්ති වෙන්නේ.
669
00:46:19,860 --> 00:46:22,237
සභාපතිතුමා හැම කාර්තුවකම
මුල්ම රැස්වීමේදී
670
00:46:22,321 --> 00:46:24,740
ප්‍රශ්න වැලක් අහනවා කියලා දන්නවනේ?
671
00:46:24,823 --> 00:46:28,744
ඔව්, ඒකනේ පර්යේෂණ අංශයෙන්
හැම කාර්තුවකම ඔයාට
672
00:46:28,827 --> 00:46:30,287
උත්තරත් එක්ක ප්‍රශ්න ටිකක් ලෑස්ති කරලා දෙන්නේ.
673
00:46:30,370 --> 00:46:31,747
අන්න හරි.
674
00:46:31,830 --> 00:46:34,041
ඒත් ෂින් සභාපතිතුමා
ඒක දන්නේ නෑනේ තාම.
675
00:46:34,124 --> 00:46:35,209
නෑ, එයා දන්නේ නෑ.
676
00:46:36,126 --> 00:46:37,336
තාම නෑ.
677
00:46:37,419 --> 00:46:40,672
සභාපතිතුමා අහන ප්‍රශ්නෙට
උත්තර දෙගන්න බැරුව
678
00:46:40,756 --> 00:46:42,216
ෂින් ජුන්ග්-වූ රතු වෙනවා දැක්කම...
679
00:46:42,799 --> 00:46:46,595
ෂහ්, නිකන් මතක් වෙද්දිත්
ඇඟ හිරිවැටිලා යනවා.
680
00:46:46,678 --> 00:46:47,596
මම කවුද?
681
00:46:47,679 --> 00:46:49,640
මම මේ ඕ දොක්-ග්‍යු,
ඒ වුණාට එයා ඒක දන්නේ නෑ.
682
00:46:52,267 --> 00:46:53,393
ඉතින් කියන්නකෝ.
683
00:46:54,561 --> 00:46:55,729
ඔයාගේ අදහස...
684
00:46:57,231 --> 00:46:59,399
අර නමට ඉන්න ෂින් සභාපතිතුමාට
එකතු වෙන්නද?
685
00:47:19,002 --> 00:47:19,878
ඔව්.
686
00:47:20,754 --> 00:47:21,964
මට එල්ලෙන්න වැලක් ඕනනේ.
687
00:47:22,839 --> 00:47:24,675
වැඩේ ගැස්සුණොත් මට පැත්ත මාරු කරන්න පුළුවන්නේ.
688
00:47:26,009 --> 00:47:27,261
සභාපති කාර්යාලය
689
00:47:31,181 --> 00:47:32,766
මිස් හොන්ග්, මේක දීලා එන්න.
690
00:47:34,101 --> 00:47:35,894
සඳුදා රැස්වීමට ඕන කරන ඒවා,
691
00:47:35,978 --> 00:47:37,771
ඒ හින්දා පරිපාලන අංශයට ගිහින් දෙන්න.
692
00:47:46,613 --> 00:47:49,616
අපෝ, හැමතිස්සෙම මාවමයි
දුවවන්නේ.
693
00:47:49,700 --> 00:47:51,285
ඊමේල් එකක් දාන්න බැරිද මන්දා.
694
00:47:56,582 --> 00:48:00,002
බලන්න ඕන මොනවද
රිපෝට් එකේ ලියලා තියෙන්නේ කියලා?
695
00:48:04,423 --> 00:48:05,257
ලොකු දෙයක් නෑ වගේ.
696
00:48:07,259 --> 00:48:08,677
කොටස් කළමනාකරණ අංශය?
697
00:48:10,012 --> 00:48:11,263
සතිපතා රැස්වීම් සටහන
මූල්‍ය ප්‍රවණතා සහ ආර්ථික දැක්ම
698
00:48:19,563 --> 00:48:21,982
ඇයි සභාපතිතුමාගේ රිපෝට් එක වෙනස්?
699
00:48:44,880 --> 00:48:46,590
මොකද මෙතන කරකැවි කරකැවි ඉන්නේ?
700
00:48:46,673 --> 00:48:47,758
අනාගතේ හදාගන්නද මෙතනට ආවේ?
701
00:48:47,841 --> 00:48:51,094
මොකක්ද මේ ආදර්ශ ප්‍රශ්නෝත්තර
ලැයිස්තුව?
702
00:48:52,012 --> 00:48:53,472
පළවෙනි කාර්තු රැස්වීමේදී
සභාපතිතුමා අහන ප්‍රශ්නවලට
703
00:48:53,555 --> 00:48:55,641
ලෑස්ති වෙන්න හදපු එකක්.
704
00:48:55,724 --> 00:48:57,017
පර්යේෂණ අංශයෙන්නේ ඒක කරන්නේ.
705
00:48:57,100 --> 00:48:59,144
ඒත් ඇයි ෂින් සභාපතිතුමාගේ
රිපෝට් එකේ ඒක නැත්තේ?
706
00:48:59,227 --> 00:49:01,063
මොකක්? කෝ බලන්න.
707
00:49:07,194 --> 00:49:08,195
ඇත්තටම නෑනේ.
708
00:49:08,862 --> 00:49:10,197
එයාගේ එකේ විතරයි නැත්තේ.
709
00:49:10,781 --> 00:49:13,909
මිස්ටර් චා හොඳට බලලනේ මට දුන්නේ.
710
00:49:13,992 --> 00:49:15,243
මේක ඕනකමින් කරපු වැඩක්ද දන්නේ නෑ?
711
00:49:16,453 --> 00:49:18,330
චා ජුන්ග්-ඉල්, මහ කැත මිනිහෙක්.
712
00:49:18,413 --> 00:49:20,791
ප්‍රශ්න ඇති කරන්න, වැරදි අනුන් පිට පටවන්න
එයා හරි දක්ෂයා.
713
00:49:20,874 --> 00:49:23,377
ඔයා පෙන්නලා දීපු
ගිණුම් ප්‍රශ්නේ?
714
00:49:23,460 --> 00:49:25,003
ඔයාට කලින් මම ඒක එයාට කිව්වා.
715
00:49:25,087 --> 00:49:27,047
එයා ඒක ගණන් ගන්නේ නැතුව නිකන් හිටියා.
716
00:49:28,340 --> 00:49:29,675
එයාට ඒ මනුස්සයා එක්ක පුදුම තරහක් තියෙන්නේ.
717
00:49:30,425 --> 00:49:31,760
මූණෙන්ම පේනවනේ.
718
00:49:31,843 --> 00:49:34,137
ලැජ්ජාවක් නැති කපටි පාටයි.
719
00:49:34,221 --> 00:49:36,515
පුදුමයක් නෑ එයා අධ්‍යක්ෂ ඕ එක්ක
පැයක් තිස්සේ සාකච්ඡා කර කර හිටපු එක ගැන.
720
00:49:36,598 --> 00:49:37,933
පේනවනේ එයා ඕ ගේ පැත්තට හේත්තු වෙලා කියලා.
721
00:49:39,976 --> 00:49:40,936
මේක කොහොමද?
722
00:49:41,937 --> 00:49:44,815
පරණ සෙට් එක අලුත් කෙනාට
වල කපන අතරේ,
723
00:49:44,898 --> 00:49:48,360
ඔයා මැද්දට පැනලා ෂින් සභාපතිතුමාට පෙන්නන්න
ඔයා කොච්චර වැඩකාරයෙක්ද කියලා.
724
00:49:48,944 --> 00:49:51,613
එයාට තේරුම් කරලා දෙන්න
අත්දැකීම් තමයි වටින්නේ කියලා.
725
00:49:51,697 --> 00:49:52,614
මොකද කියන්නේ?
726
00:50:10,590 --> 00:50:12,342
මම විශ්වාස කරපු හැමෝම මට පිහියෙන් ඇන්නා,
727
00:50:12,426 --> 00:50:14,386
මිස් සොන්ග්ගේ ඉඳන් සහායකයෝ වෙනකම්ම.
728
00:50:15,303 --> 00:50:17,597
ඉතින් මම කොහොමද ඔයා වගේ
ආධුනිකයෙක්ව විශ්වාස කරන්නේ?
729
00:50:18,432 --> 00:50:20,726
මට කපටි වැඩ දාන්න එපා.
730
00:50:20,809 --> 00:50:22,519
මම දන්නවා ඔයා මගේ පුටුවට විදින්න හදන්නේ කියලා.
731
00:50:24,980 --> 00:50:27,607
මම ඔයාගේ රස්සාවට විදින්න නම්
ඔය විදියට හැංගිලා ඉඳියිද?
732
00:50:27,691 --> 00:50:30,193
මම ඉස්සරහට ඇවිල්ලා
එයාගේ ඇහැට අහුවෙන්න වැඩ කරනවනේ.
733
00:50:33,613 --> 00:50:35,240
උපරිමයෙන්ම!
734
00:50:36,950 --> 00:50:39,828
මිනිස්සු හිතන්නේ මහන්සි වෙලා වැඩ කරන එකටයි
"උපරිමය කරනවා" කියන්නේ කියලා.
735
00:50:40,370 --> 00:50:41,204
ඒත් ඒක වැරදියි.
736
00:50:42,080 --> 00:50:43,915
උපරිම කියන්නේ "ඉහළම". හොඳම කියන්නේ "පරද්දන එක".
737
00:50:43,999 --> 00:50:47,002
තමන්ගේ ප්‍රතිවාදියාව උපරිමයෙන්ම රවට්ටන එකටයි
"උපරිමය කරනවා" කියන්නේ.
738
00:50:47,085 --> 00:50:49,421
මේකෙන් ඔයාටත් වාසියි, මටත් වාසියි.
739
00:50:50,130 --> 00:50:51,006
හොඳයි නේද?
740
00:50:55,927 --> 00:50:56,887
උපරිමයෙන්ම!
741
00:50:57,929 --> 00:50:59,014
වැඩ ඉවර වෙලා ලෑස්ති වෙලා ඉන්න.
742
00:50:59,639 --> 00:51:00,849
මම කතා කරනකම් ඉන්න, හරිද?
743
00:51:13,612 --> 00:51:14,905
පරිපාලන කාර්යාලයට එන්න.
744
00:51:15,989 --> 00:51:19,117
ෂින් සභාපතිතුමා ගියා නේද?
745
00:51:19,868 --> 00:51:21,369
බය වෙන්නෙ නැතුව එන්නකෝ.
746
00:51:22,120 --> 00:51:23,371
මම මේ දැන් එනවා.
747
00:51:25,749 --> 00:51:28,168
කොටස් අංශයේ උත්තර කොළේ යවන්නේ
ට්‍රේඩින් එකට.
748
00:51:28,251 --> 00:51:30,045
ට්‍රේඩින් එකේ උත්තර කොළේ යවන්නේ
ගිණුම් අංශයට.
749
00:51:30,879 --> 00:51:33,548
අපි කළමනාකරුවන්ගේ රිපෝට් ඔක්කොම
මාරු කරලා
750
00:51:33,632 --> 00:51:36,176
ෂින් සභාපතිතුමා ගාව විතරක්
උත්තර තියෙන විදියට වැඩේ කරමු.
751
00:51:36,259 --> 00:51:37,344
අහු වුණොත් එහෙම?
752
00:51:38,011 --> 00:51:39,221
අපි කියමු ෆයිල් කරද්දි පැටලුනා කියලා.
753
00:51:39,304 --> 00:51:41,932
කාට හරි වගකීමක් පටවනවා නම්
ඒක යන්න ඕන මිස්ටර් චා ට.
754
00:51:42,015 --> 00:51:43,934
කොහොමත් රිපෝට් වල වගකීම තියෙන්නේ
පර්යේෂණ අංශයටනේ.
755
00:51:44,017 --> 00:51:47,229
මේ වගේ වැඩ කරන්න
ඔයා පොඩි වැඩි නැද්ද?
756
00:51:47,312 --> 00:51:48,814
මම මගේ උපරිමය කරනවා විතරයි.
757
00:51:50,190 --> 00:51:52,025
අහු වුණොත් අපිව
එවලෙම රස්සාවෙන් අස් කරයි.
758
00:51:53,568 --> 00:51:54,528
බොක්-හී.
759
00:51:55,070 --> 00:51:56,321
ඔයාව කොහොමත් අස් කරලනේ තියෙන්නේ.
760
00:52:20,387 --> 00:52:23,098
ඉතුරු ෆයිල් ටික
රැස්වීම් කාමරේ තියලා යමු.
761
00:52:23,682 --> 00:52:25,559
හරි. ජුන්ග්...
762
00:52:25,642 --> 00:52:27,435
නෑ, ෂින් සභාපතිතුමා
කීයටද ගියේ?
763
00:52:27,519 --> 00:52:29,437
එයා ගියේ නෑ. තාම ඉන්නවා.
764
00:52:31,690 --> 00:52:32,649
තාම ඉන්නවා?
765
00:52:33,233 --> 00:52:34,401
කමක් නෑ.
766
00:52:34,484 --> 00:52:36,653
ඔයා හතේ ඉඳන් මෙතනනේ,
දැන් දහයත් පහු වෙලා,
767
00:52:36,736 --> 00:52:37,821
ඒත් ඔය දොර එක පාරක්වත් ඇරුණේ නෑ.
768
00:52:38,488 --> 00:52:39,322
ඇත්තම කිව්වොත්,
769
00:52:39,406 --> 00:52:42,492
සැප්තැම්බර් පළවෙනිදා ආපු දවසේ ඉඳන්
හැමදාම එයා රෑ වෙනකම් වැඩ.
770
00:52:42,576 --> 00:52:44,077
පහුගිය අවුරුදු තුනේ
771
00:52:44,160 --> 00:52:46,705
සැලසුම්, ආයෝජන විස්තර,
772
00:52:46,788 --> 00:52:49,124
මාධ්‍ය වාර්තා ඔක්කොම එයා බලනවා.
773
00:52:50,333 --> 00:52:51,459
කන්නවත් යන්නේ නෑ.
774
00:52:51,543 --> 00:52:53,378
මම ඇහුවා මොනවද කන්න කැමති කියලා,
775
00:52:53,461 --> 00:52:55,714
එයා කිව්වා සහායකයෙක් වුණාම
එහෙම නෙවෙයි වැඩ කරන්න ඕන කියලා.
776
00:52:56,298 --> 00:52:58,383
පිසා එකක් ඕඩර් කරන්න. එයා පිසා වලට ආසයි.
777
00:52:59,801 --> 00:53:00,635
ඔයා කොහොමද දන්නේ?
778
00:53:05,765 --> 00:53:08,643
රිස්ක් මැනේජ්මන්ට් එකේ කට්ටිය
සෙට් වෙලා ඕපාදූප කතා කරනවනේ.
779
00:53:09,644 --> 00:53:10,478
ආ හරි.
780
00:53:13,607 --> 00:53:16,735
ඒක නෙවෙයි, ඉතුරු ටික
අපිට බෝඩිමට ගිහින් කරන්න බැරිද?
781
00:53:18,403 --> 00:53:21,239
එතකොට කාටවත් අහු නොවී
නිවිහැනහියේ කරන්න පුළුවන්නේ?
782
00:53:32,167 --> 00:53:33,335
ආයෝජන කාර්ය සාධන වාර්තාව
783
00:53:41,092 --> 00:53:42,177
එන්න.
784
00:53:53,855 --> 00:53:57,359
රෑට කාලා නෑ වගේ පෙනුන නිසා
මම පිසා එකක් ගෙනාවා.
785
00:54:00,153 --> 00:54:01,321
සර්.
786
00:54:02,030 --> 00:54:04,032
අදත් රෑ වෙනකම් වැඩ කරන්නද කල්පනාව,
787
00:54:04,115 --> 00:54:06,785
මම ගෙදර ගියාට කමක් නැද්ද?
788
00:54:09,829 --> 00:54:11,414
හා. යන්න.
789
00:54:11,998 --> 00:54:13,208
ස්තූතියි සර්.
790
00:54:35,855 --> 00:54:38,149
බර්ගර්, සැන්ඩ්විච්, සැලඩ් එපා කියපු කෙනා
791
00:54:38,233 --> 00:54:39,275
අද රෑ පිසා එක නම් ගත්තා.
792
00:54:42,445 --> 00:54:44,072
ඇයි ඔයා මට උදව් කරන්නේ?
793
00:54:45,156 --> 00:54:47,409
මගේ අවුරුදු 29ක ජීවිතේට
මම ඉගෙන ගත්ත දෙයක් තමයි
794
00:54:47,492 --> 00:54:49,828
නිකන් උදව් කරන අය නෑ කියන එක.
795
00:54:51,663 --> 00:54:54,124
මම කිව්වනේ මේක මම වෙනුවෙන් කරන දෙයක් කියලා.
796
00:54:54,916 --> 00:54:57,544
අනික අපි එකටනේ ඉන්නේ.
797
00:55:04,676 --> 00:55:06,177
වැඩේ හරිගියේ නැත්නම්,
798
00:55:06,261 --> 00:55:09,973
අපිට පුළුවන් රිබ්ස් පෙට්ටියකුත් අරන්
කන්ග් සභාපතිතුමාගේ හිතවතාව හම්බවෙන්න යන්න.
799
00:55:10,056 --> 00:55:11,683
මම ඔයාගේ ළඟින්ම දණගහගෙන වැඳලා ඉල්ලන්නම්.
800
00:55:12,892 --> 00:55:15,395
එයා අල්ලස් ගන්න කෙනෙක් නෙවෙයි හැබැයි.
801
00:55:16,062 --> 00:55:17,522
රිබ්ස් ලාබත් නෑ.
802
00:55:17,605 --> 00:55:21,609
ඔයාගේ ජීවිතේට වඩා නම් ලාබයි.
803
00:55:23,445 --> 00:55:25,113
ඉතින් කවුද ඒ එක්කෙනා?
804
00:55:25,905 --> 00:55:27,824
වැඩේ බලාගන්න. අකුරක් වැරදිලා.
805
00:55:31,786 --> 00:55:32,662
ඔන්න හරි.
806
00:55:42,338 --> 00:55:43,673
ඇයි අද අපි කලින්ම යන්නේ?
807
00:55:43,757 --> 00:55:45,800
අද සතිපතා රැස්වීම තියෙනවනේ.
808
00:55:45,884 --> 00:55:48,928
අර රණ්ඩු වුණාට පස්සේ
අනිත් අයයි අර ලොක්කියයි...
809
00:55:49,471 --> 00:55:50,680
අම්මෝ.
810
00:55:52,223 --> 00:55:54,392
දැන් 7:45 යි.
811
00:55:54,476 --> 00:55:56,061
සභාපතිතුමාට විස්තරේ කියලා
812
00:55:56,144 --> 00:55:58,563
8:30 වෙද්දි රැස්වීමට යමු.
813
00:56:06,571 --> 00:56:07,405
ඇයි?
මොකද?
814
00:56:08,448 --> 00:56:09,407
රැස්වීම කලින් ගන්න වෙලා.
815
00:56:09,908 --> 00:56:11,743
තව විනාඩි 15 කින් පටන් ගන්නවා!
816
00:56:11,826 --> 00:56:12,952
මොකක්?
817
00:56:13,036 --> 00:56:14,746
දුවමු.
හරි.
818
00:56:14,829 --> 00:56:16,498
හන්මින් ආයෝජන සහ සුරැකුම්පත්
819
00:56:29,636 --> 00:56:31,638
සුබ උදෑසනක් සර්.
සුබ උදෑසනක් සර්.
820
00:56:34,599 --> 00:56:35,683
කෝ මිස් ගෝ?
821
00:56:41,064 --> 00:56:42,982
කොහොමද මම විතරක් මේක දන්නේ නැති වුණේ?
822
00:56:43,566 --> 00:56:44,400
අහන්නත් දෙයක්ද?
823
00:56:44,484 --> 00:56:46,778
අර තුන්දෙනා එකතු වෙලා
ඔයාට කෙළවන්න හදන්නේ.
824
00:56:51,282 --> 00:56:54,369
සහායකයෙක් රැස්වීමට
පරක්කු වෙන්න බෑනේ.
825
00:56:54,452 --> 00:56:55,537
මූ නම්...
826
00:56:56,246 --> 00:56:57,372
හදිසි දේවල්නේ මුලින්ම බලන්න ඕන.
827
00:56:58,706 --> 00:56:59,958
ඉන්න!
828
00:57:25,650 --> 00:57:27,402
බලන්නකෝ ඉතින්.
829
00:57:32,991 --> 00:57:35,243
මහ විහිළුවක්නේ මේක.
830
00:57:48,381 --> 00:57:50,383
මෙතන ඉන්න එකෙක්ට බැරිද
831
00:57:50,467 --> 00:57:53,136
මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න?
832
00:57:53,219 --> 00:57:55,180
ඔක්කොම කට වහගෙන
කොළ පෙරළ පෙරළ ඉන්නවා!
833
00:57:55,722 --> 00:57:57,056
පුදුමයි ඇත්තටම.
834
00:57:58,308 --> 00:57:59,851
මේක තමුසෙලාට
835
00:57:59,934 --> 00:58:02,145
සැපට කොපි බිබී ඉන්න වෙලාවක් නෙවෙයි!
836
00:58:03,021 --> 00:58:05,356
අයින් කරනවා ඕවා!
837
00:58:06,608 --> 00:58:08,485
හිතාගන්නත් බෑ.
838
00:58:10,737 --> 00:58:12,780
ඒයි, මෙහාට එනවා. ඉක්මනට!
839
00:58:16,117 --> 00:58:18,077
යමු.
මූ නම්...
840
00:58:25,877 --> 00:58:27,128
කෝප්ප ටික ආපහු ගේනවා.
841
00:58:34,177 --> 00:58:35,595
සතිපතා රැස්වීම් සටහන
842
00:58:57,784 --> 00:58:58,952
ෂින් සභාපතිතුමා.
843
00:59:00,828 --> 00:59:02,622
මම ප්‍රශ්න ටිකක් අහන්නම්.
844
00:59:03,915 --> 00:59:05,583
අහන්න සර්.
845
00:59:06,960 --> 00:59:08,002
මෙහෙමයි...
846
00:59:13,800 --> 00:59:15,134
කවුද යකෝ...
847
00:59:16,636 --> 00:59:17,554
යනවා!
848
00:59:19,514 --> 00:59:20,390
සොරි.
849
00:59:20,473 --> 00:59:21,307
ඇයි...
850
00:59:31,568 --> 00:59:33,444
මේ තියෙන්නේ සභාපතිතුමා අහන්න පුළුවන්
ප්‍රශ්නයි උත්තරයි.
851
00:59:33,528 --> 00:59:34,487
අනිවාර්යයෙන් කියවන්න!
852
00:59:36,781 --> 00:59:38,324
මට කොස්ස අතට ගන්න වෙයි වගේ.
853
00:59:52,088 --> 00:59:53,339
මාර ලැජ්ජාවක්නේ!
854
00:59:55,675 --> 00:59:58,761
කොහොමද මන්දා මේ වගේ මෝඩ ගෑනු ළමයිව
වැඩට ගන්නේ.
855
00:59:58,845 --> 01:00:00,388
ඔයා සිරාවටමද ඔය අහන්නේ?
856
01:00:01,055 --> 01:00:04,100
ඔයා දන්නවද මම
කොච්චර ලැජ්ජ වුණාද කියලා?
857
01:00:04,892 --> 01:00:05,727
තමුසේ.
858
01:00:09,606 --> 01:00:12,025
කිසි දෙයක් හරියට නොකර,
859
01:00:12,650 --> 01:00:14,152
කොහොමද තමුසේ ඔළුව උස්සන් ඉන්නේ?
860
01:00:18,990 --> 01:00:19,824
ෂික්.
861
01:00:22,118 --> 01:00:22,952
"ෂික්"?
862
01:00:24,203 --> 01:00:25,496
"ෂික්"?
863
01:00:27,040 --> 01:00:28,291
ෂික්!
864
01:00:30,752 --> 01:00:32,837
මමයි ඒක කළේ, හරිද?
865
01:00:33,421 --> 01:00:35,006
ඒක එයාලා පිටින් යවන්න එපා.
866
01:00:36,174 --> 01:00:38,426
කෙළ වුණේ අපිටයි, තමුසෙට නෙවෙයි.
867
01:00:41,304 --> 01:00:42,555
නිකන් බලන් ඉන්නේ නැතුව එනවා යන්න!
868
01:00:43,264 --> 01:00:44,140
යමු.
869
01:00:57,403 --> 01:00:58,946
මූ මහ වදයක්.
870
01:00:59,447 --> 01:01:02,283
බිග් අල්, කෙළ වුණා කිව්වේ මොකක්ද?
871
01:01:04,744 --> 01:01:08,414
සභාපතිතුමාට ඕනලු රිපෝට්ස් වල
ඉඳන් හැම ලියවිල්ලක්ම ඩිජිටල් කරලා,
872
01:01:08,915 --> 01:01:09,874
මුළු කොම්පැණියටම බෙදාගන්න.
873
01:01:10,458 --> 01:01:12,210
තොරතුරු හුවමාරු සිස්ටම් එකක් හරහාද?
874
01:01:12,293 --> 01:01:13,169
කවුද ඒක හදන්නේ?
875
01:01:13,753 --> 01:01:14,796
ඒක තමයි ප්‍රශ්නේ.
876
01:01:15,922 --> 01:01:16,756
අවදානම් කළමනාකරණ අංශය.
877
01:01:18,424 --> 01:01:19,592
මොකක්?
878
01:01:20,259 --> 01:01:21,219
එයාලා කියන්නේ අපිට ඒක හදන්න කියලා.
879
01:01:22,053 --> 01:01:23,221
අපිට ඇත්තටම පුළුවන් වෙයිද?
880
01:01:24,555 --> 01:01:26,641
අනේ දෙවියනේ.
881
01:01:26,724 --> 01:01:27,850
දැන්ම පපුව ගැහෙනවා.
882
01:01:28,601 --> 01:01:30,978
මට විශ්වාසයි ලී මහත්තයාට ඒක හොඳට කරන්න පුළුවන් කියලා.
883
01:01:32,438 --> 01:01:35,316
ඉතින්, කවුද සභාපතිතුමාගේ සහායකයා වෙන්නේ?
884
01:01:36,818 --> 01:01:40,697
ලොක්කෝ ටික ඩේටා ගැන හොයන්නේ නැතුව
885
01:01:41,698 --> 01:01:43,616
අනිත් අය ලියපු ස්ක්‍රිප්ට් එකක් කටපාඩම් කරනවද?
886
01:01:44,409 --> 01:01:46,244
මේක කොම්පැණියේ දියුණුවට හොඳ නෑ.
887
01:01:47,912 --> 01:01:51,416
ඔයාට පින් සිද්ධ වෙන්න, මම දැනගත්තා
මේ කොම්පැණිය කොච්චර පරණ විදියටද දුවන්නේ කියලා.
888
01:01:58,339 --> 01:02:00,049
මිස් සොං, මේ ෂින් ජුං-වූ.
889
01:02:00,550 --> 01:02:04,011
අලුත් සභාපති කෙනෙක් එක්ක අලුත් සහායකයෙක් හිටියොත්
හැමෝටම අමාරු වෙයි.
890
01:02:04,095 --> 01:02:06,681
මම මිස් ගෝ එක්කම වැඩ කරන්නම්.
891
01:02:08,182 --> 01:02:09,308
පරිස්සමෙන් ඉන්න.
892
01:02:09,892 --> 01:02:10,768
ඇහුණා නේද?
893
01:02:11,269 --> 01:02:16,441
සර්, ඒ කියන්නේ මට දිගටම
සර්ගේ සහායකයා විදියට වැඩ කරන්න පුළුවන් නේද?
894
01:02:16,524 --> 01:02:17,900
ඔව්, හරියට හරි.
895
01:02:18,943 --> 01:02:21,904
පේන විදියට ඔයාගෙයි මගෙයි අදහස් සමානයි
මාර්කට් එක ගැනයි මේ ආයතනය ගැනයි.
896
01:02:21,988 --> 01:02:22,905
විශේෂයෙන්ම,
897
01:02:22,989 --> 01:02:25,575
තොරතුරු හුවමාරු සිස්ටම් එකක්
හදන්න ඔයා ගෙනාපු යෝජනාව.
898
01:02:25,658 --> 01:02:27,285
ලී යොං-ගී, සයිබර් බැංකු ඩිවලොපර්
නිර්දේශිතයි
899
01:02:27,368 --> 01:02:30,246
සයිබර් බැංකු ඩිවලොපර් කෙනෙක්ව මේ ප්‍රොජෙක්ට් එක
බාරගන්න යෝජනා කරපු එකත්
900
01:02:30,955 --> 01:02:31,956
හරිම බුද්ධිමත්.
901
01:02:37,253 --> 01:02:38,421
තොරතුරු හුවමාරු පද්ධතියක් සකස් කරන්න
902
01:02:38,504 --> 01:02:40,840
ඒ ඔක්කොම කළේ හොං ජැං-මි.
903
01:02:42,425 --> 01:02:43,509
මේක හරියයි කියලා හිතනවා.
904
01:02:44,510 --> 01:02:45,511
ස්තූතියි සර්.
905
01:02:45,595 --> 01:02:48,514
මම පොරොන්දු වෙනවා ඉස්සරහට
මගේ උපරිමය කරනවා කියලා.
906
01:02:51,726 --> 01:02:53,060
ඒක නෙවෙයි, මිස් ගෝ.
907
01:02:53,686 --> 01:02:55,188
ඇයි සර්?
908
01:02:56,981 --> 01:02:59,275
එදා රෑ කාපු පීසා එක...
909
01:03:00,902 --> 01:03:03,029
ඔයා දැනන් හිටියද මම පීසා වලට ආසයි කියලා?
910
01:03:05,323 --> 01:03:06,407
ඒක මගේ අදහසක් නෙවෙයි.
911
01:03:07,492 --> 01:03:09,327
ජූනියර් කෙනෙක් තමයි ඒක කිව්වේ.
912
01:03:10,453 --> 01:03:11,537
ඒක මගේ රූම්මේට්ගේ අදහසක්.
913
01:03:14,707 --> 01:03:16,042
අන්තිමේදී මට පුළුවන් මේක විසි කරන්න.
914
01:03:17,335 --> 01:03:18,377
ඒයි, තමුසේ!
915
01:03:19,086 --> 01:03:21,464
තමුසේ දන්නවද සතිපතා තියෙන මීටින්ග්ස්
කොච්චර වැදගත්ද කියලා?
916
01:03:21,547 --> 01:03:23,883
කැම්පස් ගිය අපිව පැත්තකට දාලා
තමුසෙට නිකන්ම මැදින් පනින්න බෑ!
917
01:03:27,637 --> 01:03:29,305
ඒයි!
918
01:03:34,477 --> 01:03:36,854
මම "ඒයි" නෙවෙයි. මම හොං ජැං-මි.
919
01:03:37,730 --> 01:03:39,899
මම ජෙමුල්පෝ කාන්තා වාණිජ විද්‍යාලයේ
හොං ජැං-මි.
920
01:03:40,817 --> 01:03:42,985
ඇයි? වාණිජ විද්‍යාල ගැන
ප්‍රශ්නයක් තියෙනවද?
921
01:03:45,279 --> 01:03:46,113
නෑ.
නෑ.
922
01:03:47,031 --> 01:03:48,157
එහෙනම් ඇයි ඒක පහත් කරලා සලකන්නේ?
923
01:03:49,367 --> 01:03:52,453
ඒක නම් කැම්පස් එකේ උගන්නන්න නැතුව ඇතිනේ.
924
01:03:53,120 --> 01:03:55,998
සහායකයන්ට විහිළු කරලා
කරදර කරන එක හරිද වැරදිද?
925
01:03:58,584 --> 01:03:59,919
වැරදියි.
වැරදියි.
926
01:04:00,503 --> 01:04:03,464
ආයේ තමුසෙලා තුන්දෙනා මොකක් හරි
කැත වැඩක් කළොත්,
927
01:04:04,173 --> 01:04:08,886
ඇයි මට චණ්ඩියා කියන්නේ කියලා
මම පෙන්නන්නම්.
928
01:04:11,931 --> 01:04:15,184
අපි උත්සාහ කරමු හොඳට වැඩ කරන්න,
929
01:04:15,268 --> 01:04:17,687
එකිනෙකාට ගරු කරගෙන, හරිද නංගිලා.
930
01:04:18,396 --> 01:04:19,272
හරිද?
931
01:04:34,412 --> 01:04:37,331
ෂින් සභාපතිතුමාට ඕනලු
ඔයාව එයාගේ සහායකයා විදියට තියාගන්න.
932
01:04:37,415 --> 01:04:38,583
මම හා කිව්වා.
933
01:04:39,375 --> 01:04:40,418
ඔයාට ඉන්න පුළුවන්.
934
01:04:41,377 --> 01:04:43,504
ස්තූතියි මැඩම්.
මම හොඳට වැඩ කරන්නම්.
935
01:04:43,588 --> 01:04:44,839
ඒ වගේම,
936
01:04:45,381 --> 01:04:47,383
ඔයා ඩෝම් එකේ ඉන්නේ
කැං ඉයුන්-ජූ එක්ක නේද?
937
01:04:47,466 --> 01:04:51,178
ඔව්, කොහොමද එයා ගැන දන්නේ?
938
01:04:51,262 --> 01:04:52,138
කැං ඉයුන්-ජූ කියන්නේ...
939
01:04:54,015 --> 01:04:55,892
සභාපති කැං පිල්-බොම්ගේ දුව.
940
01:04:56,767 --> 01:04:58,769
එයා නැතිවුණ කැං සභාපතිතුමාගේ
අර්ධ සොහොයුරිය.
941
01:04:58,853 --> 01:05:01,314
එයා අපේ සභාපතිතුමාගේ දුවද?
942
01:05:02,148 --> 01:05:04,442
නෝරා ගොඩක් කාලයක් රට හිටියේ,
943
01:05:04,525 --> 01:05:06,152
ඉතින් එයාට කොරියාවේ යාළුවෝ නෑ.
944
01:05:06,694 --> 01:05:08,404
ඔෆිස් ජීවිතේ එයාට ලේසි වෙන එකක් නෑ.
945
01:05:09,155 --> 01:05:10,865
එයාට පුරුදු වෙන්න උදව් කරන්න.
946
01:05:12,199 --> 01:05:13,326
පරිවාස කාලේ මාස තුන ඇතුළත
947
01:05:13,409 --> 01:05:15,745
එයා ගැන සතියකට සැරයක් මට වාර්තා කරන්න.
948
01:05:16,996 --> 01:05:17,914
ඔයා දන්නවනේ,
949
01:05:17,997 --> 01:05:20,416
මේක අපි දෙන්නා විතරයි දැනගන්න ඕනේ.
950
01:05:20,499 --> 01:05:21,709
හරි මැඩම්.
951
01:05:21,792 --> 01:05:24,253
මට මේ වගේ වැඩක් බාරදුන්නට ස්තූතියි.
952
01:05:34,263 --> 01:05:36,349
සභාපතිතුමාට ඕනලු
මාව එයාගේ සහායකයා විදියට තියාගන්න.
953
01:05:37,558 --> 01:05:38,517
මම දැනන් හිටියා.
954
01:05:39,560 --> 01:05:41,062
එයා කතා කරන්නේ එයාම ඔක්කොම කරනවා වගේනේ.
955
01:05:41,145 --> 01:05:41,979
ඒකනේ මාත් කියන්නේ.
956
01:05:50,863 --> 01:05:51,697
සමාව ඉල්ලනවා.
957
01:05:54,784 --> 01:05:57,203
අද වෙච්ච දේට මට සමාවෙන්න.
958
01:05:58,996 --> 01:06:00,915
ඒ වගේම අර බ්‍රේක් රූම් එකේ සිද්ධියටත්.
959
01:06:02,500 --> 01:06:04,377
යනවා යන්න.
960
01:06:14,720 --> 01:06:15,554
මොකද ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ?
961
01:06:15,638 --> 01:06:18,224
ඔයා දිගටම වැඩ කියලා එයාලට ආරංචි වෙන්න ඇති.
962
01:06:18,891 --> 01:06:19,892
දැනටමත්?
963
01:06:20,893 --> 01:06:21,936
කොහොම හරි,
964
01:06:23,104 --> 01:06:24,063
ස්තූතියි.
965
01:06:25,940 --> 01:06:27,400
ඔයා කිව්වනේ උදව් ඉල්ලන්න කියලා
966
01:06:27,483 --> 01:06:29,860
නැතිවුණ සභාපතිතුමාට ළඟම කෙනාගෙන්.
967
01:06:30,486 --> 01:06:32,321
මම රෑ එළිවෙනකම් කල්පනා කළා,
968
01:06:32,405 --> 01:06:35,533
සෝ මහත්තයා හම්බවෙන්න
ගණන් වැඩි මස් පාර්සලයකුත් අරන් යන්න ඕනෙද කියලා.
969
01:06:36,158 --> 01:06:38,285
ඔයා කියන්නේ ට්‍රේඩින් අංශයේ
සෝ ගියොං-දොං මහත්තයා ගැනද?
970
01:06:38,369 --> 01:06:40,246
සෝ ගියොං-දොං
ගොඩක් දුරට යෙප්පි වෙන්න ඇති
971
01:06:40,329 --> 01:06:43,666
ඔව්, සෝ මහත්තයා කියන්නේ හන්මින් එකේ ඉන්න
කාටත් වඩා ගරු කරන පරණම කෙනෙක්.
972
01:06:45,209 --> 01:06:47,420
කැං සභාපතිතුමාට අමාරු තීරණයක්
ගන්න තියෙන හැම වෙලාවකම,
973
01:06:47,503 --> 01:06:49,755
එයා සෝ මහත්තයාව හම්බවෙන්න ගියා.
974
01:06:51,048 --> 01:06:52,675
එහෙමද.
975
01:06:52,758 --> 01:06:55,636
කැං සභාපතිතුමා නැතිවෙන්න කලින් දවසේ
ඒ දෙන්නා හම්බවුණාද?
976
01:06:56,804 --> 01:06:58,389
පරීක්ෂණ වල හැටියට ඒ දෙන්නා
977
01:06:58,472 --> 01:07:00,558
මාසයක් තිස්සේ හැමදාම හම්බවෙලා
රෑ වෙනකම් වැඩ කරලා තියෙනවා.
978
01:07:02,518 --> 01:07:03,936
සෝ ගියොං-දොං.
979
01:07:04,020 --> 01:07:05,354
කැං සභාපතිතුමාගේ උපදේශකයා
980
01:07:05,438 --> 01:07:07,523
සහ හන්මින් එකේ ඉන්න කාටත් වඩා ගරු කරන
පරණම කෙනෙක්.
981
01:07:07,606 --> 01:07:10,317
පරීක්ෂණ වල හැටියට එයාලා මාසයක් තිස්සේ
හම්බවෙලා රෑ වෙනකම් වැඩ කරලා තියෙනවා.
982
01:07:10,401 --> 01:07:11,736
එයා තමයි යෙප්පි වෙන්න ඕනේ.
983
01:07:17,241 --> 01:07:21,328
ඔයා මට කිව්වනේ ගෝ බොක්-හී ගැන හොයන්න කියලා?
984
01:07:21,412 --> 01:07:22,329
ඔව්.
985
01:07:23,330 --> 01:07:24,665
මොකක් හරි අවුලක් තියෙනවා.
986
01:07:26,167 --> 01:07:27,126
ගෝ බොක්-හී ගැනද?
987
01:07:29,253 --> 01:07:30,254
පරිස්සමෙන් ඉන්න.
988
01:07:32,423 --> 01:07:35,259
ආයේ හන්මින් එකට එන්න කලින්,
989
01:07:35,342 --> 01:07:38,554
එයා අවුරුද්දෙන් අවුරුද්ද පොඩි මූල්‍ය ආයතන වලට
මාරු වෙවී ඉඳලා තියෙනවා.
990
01:07:43,142 --> 01:07:45,269
යොසු වල සේනාරා බැංකුවේ මැනේජර්
991
01:07:45,352 --> 01:07:46,937
එයාව පොලිසියට අල්ලලා දීලා...
992
01:07:48,314 --> 01:07:49,273
හොරකම් කළාට.
993
01:07:50,649 --> 01:07:52,359
එක්ස්ප්‍රස් බස්
යොසු සිට සියෝල්
994
01:07:52,443 --> 01:07:53,569
මොකක්?
පහුවදාම,
995
01:07:53,652 --> 01:07:55,654
ඒ කම්ප්ලේන් එක අයින් කරගෙන.
996
01:07:55,738 --> 01:07:58,783
හැබැයි බැලින්නම්
ඒ මැනේජර් ත් සල්ලි වංචා කරලා.
997
01:07:59,408 --> 01:08:01,035
එතකොට සල්ලි ටික ගෝ බොක්-හී එක්කම අතුරුදහන් වුණාද?
998
01:08:01,118 --> 01:08:02,495
ඔව්.
999
01:08:03,621 --> 01:08:04,580
අහන්නකෝ,
1000
01:08:04,663 --> 01:08:07,416
එයා හොරෙක්ටම ඇරපු හොරෙක්.
1001
01:08:07,500 --> 01:08:09,668
කොහොමද එයාව විශ්වාස කරන්නේ?
1002
01:08:15,800 --> 01:08:16,717
මේ මොකක්ද?
1003
01:08:46,997 --> 01:08:48,124
යෙප්පිගෙන් අලුත් මේල් එකක් @KEBEO.CO.KR
1004
01:08:48,207 --> 01:08:50,376
"යෙප්පි"?
යෙප්පි යි මමයි
1005
01:08:51,043 --> 01:08:53,838
ලෙජර් එක ලෑස්ති කරනවා
වැරදි එළිදරව් කරන්න.
1006
01:08:53,921 --> 01:08:56,173
12 වෙනි තට්ටුවේ සභාපතිතුමාගේ
ඔෆිස් එකෙන් ඒක ගන්න.
1007
01:08:56,257 --> 01:08:57,591
හන්මින් ප්‍රධාන ඔෆිස් එකේ.
1008
01:08:58,551 --> 01:09:00,511
ඒක එතන නැද්ද?
වෙන්න බෑ.
1009
01:09:03,848 --> 01:09:05,474
මේක මොකක්ද කියලා මම දැන් දන්න නිසා,
1010
01:09:05,558 --> 01:09:08,018
මම ආයෙත් ගාණක් කපාගෙන මාරු වෙනවා.
1011
01:09:13,190 --> 01:09:15,985
ෂික්, කොහොමද වංචාකාරයෙක්ව විශ්වාස කරන්නේ?
1012
01:09:16,569 --> 01:09:18,654
ඒ කියන්නේ ගෝ බොක්-හී වැඩකරු.
1013
01:09:22,158 --> 01:09:23,742
කැං සභාපතිතුමාගේ දිනපොත.
1014
01:09:24,243 --> 01:09:25,744
ඒක දැනටමත් විසි කරලා තියෙන්න බෑ.
1015
01:10:03,699 --> 01:10:05,534
කල්පනා කරනවා, හොං කුම්-බෝ.
1016
01:10:05,618 --> 01:10:07,536
තමුසේ අවුරුදු දහයක් තිස්සේ වැඩ කළානේ.
1017
01:10:07,620 --> 01:10:09,205
ඇස් වහගෙන වුණත් මේක හොයාගන්න පුළුවන්.
1018
01:10:15,669 --> 01:10:17,296
ෆෘට්ස් කැන්ඩි
1019
01:10:21,884 --> 01:10:22,718
හම්බවුණා.
1020
01:10:28,432 --> 01:10:29,475
පෙබරවාරි බිස්නස් ප්ලෑන්
1021
01:10:35,481 --> 01:10:36,315
තුන්වෙනි කාර්තුවේ කාලසටහන
1022
01:10:36,398 --> 01:10:37,274
හම්බවුණා.
1023
01:10:40,819 --> 01:10:42,321
මොකක්? ඇයි මේක හිස්?
1024
01:10:56,835 --> 01:10:58,212
ඔව්, මම තාම ඔෆිස් එකේ.
1025
01:10:59,630 --> 01:11:00,631
මම දැන්ම පල්ලෙහාට එනවා.
1026
01:11:59,982 --> 01:12:01,817
ඇයි එයා කරුවලේ වැඩ කරන්නේ?
1027
01:12:02,568 --> 01:12:04,153
අම්මෝ මගේ පපුව.
1028
01:12:17,207 --> 01:12:18,042
කුම්-බෝ.
1029
01:12:19,043 --> 01:12:19,877
හොං කුම්-බෝ.
1030
01:12:26,383 --> 01:12:30,637
ෂින් යූ-නාට විශේෂ ස්තූතිය
ඇගේ දායකත්වය වෙනුවෙන්
1031
01:13:01,710 --> 01:13:03,545
රහස් පරීක්ෂක මිස් හොං
1032
01:13:04,129 --> 01:13:06,006
හොං ජැං-මි,
සභාපතිතුමා ඔයාට එන්න කියනවා.
1033
01:13:07,758 --> 01:13:10,844
ඔයා දන්නවද සෝ මහත්තයාගේ
බල්ලාගේ නම මොකක්ද කියලා?
1034
01:13:10,928 --> 01:13:12,805
හරිම ලස්සනයි. ඒ කියන්නේ, යෙප්පි.
1035
01:13:12,888 --> 01:13:15,849
මොකක්ද අර කොණ්ඩේ පාට කරලා,
කර්ල් කරලා?
1036
01:13:15,933 --> 01:13:17,851
සමහරවිට මම ආයෙත් ගෝ බොක්-හී වගේ ඉන්න ඕනේ.
1037
01:13:18,560 --> 01:13:20,896
හොං ජැං-මි, ඔයාට මොකද වෙලා තියෙන්නේ?
ඔයා මොනවද මේ අදින්නේ?
1038
01:13:20,979 --> 01:13:21,814
ආ, මම මේ...
1039
01:13:21,897 --> 01:13:23,899
ඔහොම ඉන්නකොටත් යන්තම් බේරෙන්නේ
දැන් ඔයාව.
1040
01:13:23,982 --> 01:13:26,860
ඇයි තවත් කැපිලා පේන්න හදන්නේ?
1041
01:13:26,944 --> 01:13:28,112
මිස් හොං ගැන...
1042
01:13:28,195 --> 01:13:29,488
මම එයාව මීට කලින් කොහේ හරි දැකලා තියෙනවා.
1043
01:13:29,571 --> 01:13:31,907
මූල්‍ය අධීක්ෂණ සේවයෙන් අද
පරීක්ෂණයකට එනවා.
1044
01:13:31,990 --> 01:13:33,450
මූල්‍ය අධීක්ෂණ සේවයෙන්?
1045
01:13:35,119 --> 01:13:40,124
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜