1
00:00:44,522 --> 00:00:46,522
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:46,546 --> 00:00:50,967
<font color="#e3a113"><b>ඩයිනමයිට් කිස්</b></font>

3
00:01:44,646 --> 00:01:46,523
<font color="#ff9231"><b>2 වන කොටස</b></font>

4
00:01:49,400 --> 00:01:50,443
<font color="#ffeb46">මේක නම් පිස්සුවක්.</font>

5
00:01:51,528 --> 00:01:52,904
<font color="#ffeb46">මහ පිස්සුවක්.</font>

6
00:01:54,239 --> 00:01:55,406
<font color="#ffeb46">දැන් මම මොකද කරන්නෙ?</font>

7
00:01:56,658 --> 00:01:58,952
<font color="#ffeb46">හරි. මම නිකන්ම පැනලා යන්නද?</font>

8
00:02:01,371 --> 00:02:03,123
<font color="#ffeb46">ඇත්තටම, මම මේ මොකක්ද කළේ?</font>

9
00:02:05,375 --> 00:02:07,043
<font color="#ffeb46">ඇයි මම එහෙම කළේ?</font>

10
00:02:07,752 --> 00:02:08,962
<font color="#ffeb46">ඒත් ඒක හොඳයි...</font>

11
00:02:09,045 --> 00:02:11,297
<font color="#ffeb46">නෑ. සිහිය එළවගන්න ඕන.</font>

12
00:02:12,132 --> 00:02:13,049
<font color="#ffeb46">ඕක නවත්තන්න.</font>

13
00:02:22,934 --> 00:02:23,977
<font color="#ffeb46">අප්පේ.</font>

14
00:02:24,060 --> 00:02:25,687
<font color="#ffeb46">බලන් ගියාම කාටහරි පොඩි
සහයෝගයක් ඕන වෙලා වගේ.</font>

15
00:02:25,770 --> 00:02:29,023
<font color="#ffeb46">ඔයා පුළුවන් උපරිමයෙන් කළා නේද, ආ?</font>

16
00:02:32,110 --> 00:02:33,153
<font color="#ffeb46">මොකක්ද?</font>

17
00:02:33,778 --> 00:02:35,321
<font color="#ffeb46">ඒයි, දා-රිම්!</font>

18
00:02:36,030 --> 00:02:36,948
<font color="#ffeb46">ඔයා ආවද.</font>

19
00:02:38,825 --> 00:02:42,203
<font color="#ffeb46">බලන්නකො ඔයා හොඳටම හෙම්බත් වෙලා වගේනෙ.</font>

20
00:02:42,287 --> 00:02:44,080
<font color="#ffeb46">ඔයා මොනවද මේ කියවන්නෙ?</font>

21
00:02:44,164 --> 00:02:46,875
<font color="#ffeb46">ඔයා ඕනවට වඩා බීලා ඉන්නෙ.
වතුර ටිකක් බොන්න.</font>

22
00:02:48,209 --> 00:02:49,127
<font color="#ffeb46">රෙද්ද.</font>

23
00:02:57,969 --> 00:02:59,012
<font color="#ffeb46">මේ ඩාන්ස් කරන වෙලාව!</font>

24
00:03:04,309 --> 00:03:05,602
<font color="#ffeb46">ජොන්-ග්වොන්, අපි යමු එළියට.</font>

25
00:03:05,685 --> 00:03:07,729
<font color="#ffeb46">ඔයාට දැන් කෙලින් හිටගන්නවත් බෑනේ.</font>

26
00:03:07,812 --> 00:03:08,730
<font color="#ffeb46">එන්න යන්න!</font>

27
00:03:09,397 --> 00:03:12,567
<font color="#ffeb46">මේ ජෝඩුව දිහා දැක්කම
ඔයාට ඇත්තටම මුකුත් හිතෙන්නෙ නැද්ද?</font>

28
00:03:19,115 --> 00:03:19,949
<font color="#ffeb46">හරි එහෙනම්.</font>

29
00:03:21,326 --> 00:03:22,452
<font color="#ffeb46">අපි ගිහින් නටමුද එහෙනම්?</font>

30
00:03:25,622 --> 00:03:27,332
<font color="#ffeb46">ඔයත් එන්න ඕන අපිත් එක්ක.</font>

31
00:03:34,047 --> 00:03:35,214
<font color="#ffeb46">හරි.</font>

32
00:03:38,801 --> 00:03:39,802
<font color="#ffeb46">යමු.</font>

33
00:04:17,340 --> 00:04:18,633
<font color="#ffeb46">ඔයා හරි.</font>

34
00:04:19,384 --> 00:04:20,969
<font color="#ffeb46">මට තේරෙනවා කිම් ජොන්-ග්වොන්ට</font>

35
00:04:21,761 --> 00:04:22,720
<font color="#ffeb46">අපි ගැන සැකයි කියලා.</font>

36
00:04:26,015 --> 00:04:26,933
<font color="#ffeb46">බලන්න එපා.</font>

37
00:04:27,433 --> 00:04:29,894
<font color="#ffeb46">මම හිතන්නෙ අපි දෙන්නා ඉන්නෙ හරිම
අමුතු විදිහට කියලා එයාට පේනවා ඇති.</font>

38
00:04:30,812 --> 00:04:31,938
<font color="#ffeb46">මම කරන විදිහට කරන්න.</font>

39
00:04:43,741 --> 00:04:46,369
<font color="#ffeb46">මට පොඩි වෙලාවක් දෙන්න.</font>

40
00:06:51,994 --> 00:06:52,954
<font color="#ffeb46">කරදර වෙන්න එපා.</font>

41
00:06:53,037 --> 00:06:54,747
<font color="#ffeb46">කලබල වුණාම කට රිදෙනවා නේද.</font>

42
00:07:00,211 --> 00:07:01,337
<font color="#ffeb46">මාව අතාරිනවා.</font>

43
00:07:01,420 --> 00:07:03,631
<font color="#ffeb46">තමුසෙට ගැලපෙන්නෙ නැති ඇඳුමක් ඇඳගෙන,
නටන්නත් ඇවිල්ලා.</font>

44
00:07:03,714 --> 00:07:05,383
<font color="#ffeb46">ඔයා ඇත්තටම ලොකු ට්‍රයි එකක් දෙනවා නේද.</font>

45
00:07:05,466 --> 00:07:06,717
<font color="#ffeb46">ඔයාට ඕනද ඒ මහන්සිය වතුරේ යවන්න?</font>

46
00:07:07,301 --> 00:07:10,638
<font color="#ffeb46">-මොකක්ද?
-හැබැයි ඉතින්, ඒක සම්පූර්ණයෙන්ම අපරාදේ ගියේ නෑ.</font>

47
00:07:10,721 --> 00:07:13,808
<font color="#ffeb46">මගේ අවධානය ගන්න ඔයා වෙන මිනිහෙක්ව
කිස් කරන තරමටම පහළට වැටුණ එක දැක්කම</font>

48
00:07:14,934 --> 00:07:16,060
<font color="#ffeb46">මට නිකන් මොකක්ද වුණා.</font>

49
00:07:19,313 --> 00:07:20,189
<font color="#ffeb46">අද රෑට මාව හම්බවෙන්න.</font>

50
00:07:20,273 --> 00:07:21,357
<font color="#ffeb46">මොකක්?</font>

51
00:07:21,441 --> 00:07:24,527
<font color="#ffeb46">අපේ පරණ හිතවත්කමට මම
ඔයාට අවස්ථාවක් දෙන්නම්.</font>

52
00:07:24,610 --> 00:07:26,362
<font color="#ffeb46">මම කාමරයක් අරගෙන ඔයාට මැසේජ් එකක් දාන්නම්.</font>

53
00:07:29,532 --> 00:07:31,868
<font color="#ffeb46">බලන් ගියාම මම අන්තිමට දැක්කට පස්සෙ</font>

54
00:07:31,951 --> 00:07:35,580
<font color="#ffeb46">ඔයා මහ ජරා යකෙක් වෙලානෙ.</font>

55
00:07:36,998 --> 00:07:38,791
<font color="#ffeb46">මම තමුසෙත් එක්ක ගනුදෙනු කරලා ඉවරයි.</font>

56
00:07:40,001 --> 00:07:42,295
<font color="#ffeb46">මම දැන් ඉහළ පැළැන්තියේ කෙනෙක්,</font>

57
00:07:42,879 --> 00:07:45,131
<font color="#ffeb46">අර ඔයාගේ කොල්ලට මාව
බඳවා ගන්න ඕන වෙලා</font>

58
00:07:45,214 --> 00:07:46,674
<font color="#ffeb46">මැරීගෙන දඟලන තරමටම
මම දැන් වැදගත් කෙනෙක්.</font>

59
00:07:47,925 --> 00:07:49,760
<font color="#ffeb46">ඔයා මගේ යෝජනාවට කැමති වෙන තරමට,</font>

60
00:07:49,844 --> 00:07:52,555
<font color="#ffeb46">මමත් කැමති වෙන්නම්</font>

61
00:07:53,222 --> 00:07:55,308
<font color="#ffeb46">එයාගේ බඳවා ගැනීමේ යෝජනාවට.</font>

62
00:07:55,892 --> 00:07:57,435
<font color="#ffeb46">ඒක නිසා අපි දෙගොල්ලන්ටම වාසි වෙන විදිහට වැඩ කරමු.</font>

63
00:07:58,060 --> 00:07:59,520
<font color="#ffeb46">ඔයාටත් කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයිනෙ.</font>

64
00:08:01,105 --> 00:08:02,315
<font color="#ffeb46">තමුසෙ නම් මහ...</font>

65
00:08:02,899 --> 00:08:05,485
<font color="#ffeb46">ගණන් උස්සන එක නවත්තන්න.
පිළිගන්නවා. ඔයත් ඒකට ආසයිනෙ.</font>

66
00:08:05,568 --> 00:08:06,819
<font color="#ffeb46">තමුසෙට පිස්සු.</font>

67
00:08:06,903 --> 00:08:08,029
<font color="#ffeb46">අතාරිනවා. මාව අතාරිනවා!</font>

68
00:08:13,201 --> 00:08:14,619
<font color="#ffeb46">ශික්. මොන මඟුලක්ද?</font>

69
00:08:14,702 --> 00:08:17,538
<font color="#ffeb46">මේ අතපසුවීම නිසා ඔයාට කොච්චර පාඩුවක්
වෙයිද කියලා ඔයා දන්නවද?</font>

70
00:08:17,622 --> 00:08:18,498
<font color="#ffeb46">මට ඕන නෑ.</font>

71
00:08:23,044 --> 00:08:24,545
<font color="#ffeb46">ඒයි, ඔයා කිව්වෙ ට්‍රිලියනයක් කියලනෙ.</font>

72
00:08:24,629 --> 00:08:26,172
<font color="#ffeb46">ට්‍රිලියනයක් කියන්නෙ තමුසෙට විහිළුවක්ද, පාහරයෝ?</font>

73
00:08:28,591 --> 00:08:30,218
<font color="#ffeb46">ඒක ට්‍රිලියන 100ක් වුණත්,</font>

74
00:08:31,719 --> 00:08:33,638
<font color="#ffeb46">මම තමුසෙ වගේ ජරා යකෙක් එක්ක වැඩ කරන්නෙ නෑ.</font>

75
00:08:36,849 --> 00:08:38,184
<font color="#ffeb46">යනවා යන්න.</font>

76
00:08:54,325 --> 00:08:55,660
<font color="#ffeb46">විනාශයි!</font>

77
00:09:03,751 --> 00:09:04,794
<font color="#ffeb46">ඔක්කොම ඉවරයි.</font>

78
00:09:07,588 --> 00:09:08,798
<font color="#ffeb46">ස්තූතියි.</font>

79
00:09:09,799 --> 00:09:12,301
<font color="#ffeb46">-ඔයාගෙ අත හොඳයිද?
-මට අවුලක් නෑ.</font>

80
00:09:12,885 --> 00:09:15,721
<font color="#ffeb46">ඒත් මට බයයි ඔයාගෙ
තුවාලෙ තවත් වැඩි වෙයි කියලා.</font>

81
00:09:17,515 --> 00:09:18,558
<font color="#ffeb46">මේක දැන් බෙහෙත් දැම්මා විතරනෙ.</font>

82
00:09:22,520 --> 00:09:23,729
<font color="#ffeb46">මට සමාවෙන්න.</font>

83
00:09:23,813 --> 00:09:26,857
<font color="#ffeb46">මගෙන් ලොකු උදව්වක් වුණේ නෑ නේද?</font>

84
00:09:30,236 --> 00:09:31,654
<font color="#ffeb46">ඔයා උදව් කළා.</font>

85
00:09:32,363 --> 00:09:33,990
<font color="#ffeb46">එයා වගේ මිනිස්සු එක්ක වැඩ කරන එකෙන්</font>

86
00:09:34,699 --> 00:09:36,075
<font color="#ffeb46">ලොකු ප්‍රශ්න ඇතිවෙන එක විතරයි වෙන්නෙ.</font>

87
00:09:41,747 --> 00:09:44,083
<font color="#ffeb46">ඒත් එයා මම එක කාලෙක ආදරේ කරපු කෙනෙක්.</font>

88
00:09:45,084 --> 00:09:46,669
<font color="#ffeb46">ඒක ගැන ටිකක් කලකිරීමක් තියෙනවා.</font>

89
00:09:48,212 --> 00:09:49,380
<font color="#ffeb46">ඔයා වැරදි වැටහීමක ඉඳලා තියෙන්නෙ.</font>

90
00:09:50,506 --> 00:09:51,716
<font color="#ffeb46">ඔයා ඒක ආදරය කියලා පටලවාගෙන.</font>

91
00:09:53,092 --> 00:09:55,344
<font color="#ffeb46">ඇත්තටම සැබෑ ආදරය කියලා දෙයක් තියෙනවද?</font>

92
00:09:55,428 --> 00:09:57,263
<font color="#ffeb46">අනේ මේ. ඕක නම් ටිකක් වැඩි වැඩියි.</font>

93
00:09:57,930 --> 00:09:59,515
<font color="#ffeb46">ඇත්තටම සැබෑ ආදරයක් තියෙනවා.</font>

94
00:10:00,099 --> 00:10:02,101
<font color="#ffeb46">ඒක අනිවාර්යයෙන්ම තියෙනවා.</font>

95
00:10:03,269 --> 00:10:04,270
<font color="#ffeb46">ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ</font>

96
00:10:05,021 --> 00:10:09,275
<font color="#ffeb46">සමහරුන්ට බැරි වෙනවා ඒක
අන්තිම වෙනකම් රැකගන්න.</font>

97
00:10:25,541 --> 00:10:26,667
<font color="#ffeb46">ඒ මොකක්ද ඒ?</font>

98
00:10:32,923 --> 00:10:34,592
<font color="#ffeb46">ඒක හරිම ලස්සනයි.</font>

99
00:10:35,968 --> 00:10:37,428
<font color="#ffeb46">වතුර දිලිසෙනවා.</font>

100
00:10:40,181 --> 00:10:41,432
<font color="#ffeb46">ඒක හරිම ලස්සනයි.</font>

101
00:10:41,515 --> 00:10:42,850
<font color="#ffeb46">ඕවට කියන්නෙ ජෛව දීප්ත ප්ලවාංග කියලා.</font>

102
00:10:42,933 --> 00:10:44,852
<font color="#ffeb46">රළවලින් හරි බාහිර දේවල්වලින් හරි
ඒවා ඇවිස්සුණාම,</font>

103
00:10:45,436 --> 00:10:47,647
<font color="#ffeb46">ඒවා කලබල වෙලා නිල් පාට එළියක් විහිදුවනවා.</font>

104
00:10:47,730 --> 00:10:50,191
<font color="#ffeb46">ආ එහෙමද. ඒක නම් මාරයි.</font>

105
00:10:53,569 --> 00:10:54,612
<font color="#ffeb46">නිකන් අරෝරා එකක් වගේ.</font>

106
00:10:56,113 --> 00:10:57,740
<font color="#ffeb46">හරිම ලස්සනයි.</font>

107
00:11:40,533 --> 00:11:42,368
<font color="#ffeb46">මම ඕනවට වඩා කලබල වුණා නේද?</font>

108
00:11:43,077 --> 00:11:44,662
<font color="#ffeb46">මේ ඇඳුම ඇඳගන්න තරම් දෙයක්වත් මම කළේ නෑ,</font>

109
00:11:44,745 --> 00:11:45,746
<font color="#ffeb46">ඒ</font>

110
00:22:06,491 --> 00:22:07,659
<font color="#ffeb46">ඒක හොයාගන්න ඔයා ගොඩක් මහන්සි වුණා.</font>

111
00:22:09,119 --> 00:22:10,746
<font color="#ffeb46">මගේ වාසනාව මට දැනටමත් ලැබිලා ඉවරයි.</font>

112
00:22:11,997 --> 00:22:13,081
<font color="#ffeb46">ඒ ඔයා, මිස්ටර් ගොන්ග් ජි-හියුක්.</font>

113
00:22:22,507 --> 00:22:23,675
<font color="#ffeb46">කිම් ජොන්ග්-ගොන් කියන්නේ</font>

114
00:22:23,759 --> 00:22:27,012
<font color="#ffeb46">කාලයක් තිස්සේ මට ලොකු හිසරදයක් වෙලා හිටපු කෙනෙක්.</font>

115
00:22:27,554 --> 00:22:29,598
<font color="#ffeb46">ඔයාට පින් සිද්ධ වෙන්න, මට පුළුවන් වුණා මගේ පලිය ගන්න.</font>

116
00:22:30,098 --> 00:22:31,850
<font color="#ffeb46">ඊට වඩා ලොකු වාසනාවක් මට නෑ.</font>

117
00:22:31,933 --> 00:22:35,479
<font color="#ffeb46">ඒ නිසා මේක ගන්න ඕනේ ඔයා.</font>

118
00:22:46,907 --> 00:22:48,492
<font color="#ffeb46">ඔයාට ප්‍රාර්ථනාවක් තියෙනවද?</font>

119
00:22:48,575 --> 00:22:50,118
<font color="#ffeb46">වාසනාව අවශ්‍ය වෙන ජාතියේ එකක්?</font>

120
00:22:56,583 --> 00:22:57,542
<font color="#ffeb46">ප්‍රාර්ථනාවක්...</font>

121
00:22:58,668 --> 00:22:59,586
<font color="#ffeb46">දැනට නම් නෑ.</font>

122
00:23:00,420 --> 00:23:01,546
<font color="#ffeb46">ඒත්...</font>

123
00:23:02,130 --> 00:23:03,173
<font color="#ffeb46">ළඟදීම එහෙම එකක් ඇති වෙයි.</font>

124
00:23:07,344 --> 00:23:08,762
<font color="#ffeb46">මං එනකල් ඉන්න!</font>

125
00:23:10,514 --> 00:23:11,556
<font color="#ffeb46">ඔයාට විශ්වාසද</font>

126
00:23:11,640 --> 00:23:13,225
<font color="#ffeb46">මෙහෙම රවුම් ගගහ ඉන්න එක ප්‍රශ්නයක් නෑ කියලා?</font>

127
00:23:13,809 --> 00:23:15,268
<font color="#ffeb46">ඊයේ අපේ මිෂන් එකත් ෆේල් වුණානේ.</font>

128
00:23:16,061 --> 00:23:17,854
<font color="#ffeb46">කම්පැණි එකෙන් ඔයාට බනින එකක් නැද්ද?</font>

129
00:23:18,438 --> 00:23:19,439
<font color="#ffeb46">කවුද මට බනින්නේ?</font>

130
00:23:20,607 --> 00:23:21,817
<font color="#ffeb46">බොස් මමනේ.</font>

131
00:23:22,776 --> 00:23:24,986
<font color="#ffeb46">ආ, ඔයාද?</font>

132
00:23:25,737 --> 00:23:26,905
<font color="#ffeb46">ඒකනේ...</font>

133
00:23:26,988 --> 00:23:28,573
<font color="#ffeb46">ඊයේ ෂොප් එකේදි කිසි ගාණක් නැතුව</font>

134
00:23:28,657 --> 00:23:31,326
<font color="#ffeb46">කාඩ් එක ස්වයිප් කළේ.</font>

135
00:23:31,409 --> 00:23:32,619
<font color="#ffeb46">ඒක එච්චර දෙයක් නෙවෙයි.</font>

136
00:23:34,579 --> 00:23:35,705
<font color="#ffeb46">මාරයිනේ.</font>

137
00:23:36,498 --> 00:23:39,126
<font color="#ffeb46">අපි එකම වයසේ වගේ නේද,
ඒත් ඔයාට දැනටමත් බිස්නස් එකක් තියෙනවා.</font>

138
00:23:39,209 --> 00:23:42,087
<font color="#ffeb46">මට නම් බිස්නස් එකක්
පටන් ගන්න හිතන්නවත් බයයි.</font>

139
00:23:42,170 --> 00:23:43,296
<font color="#ffeb46">ඒක ලේසි නෑ.</font>

140
00:23:43,839 --> 00:23:44,673
<font color="#ffeb46">ඒත්...</font>

141
00:23:50,428 --> 00:23:52,055
<font color="#ffeb46">මේ බලන්නකෝ. මෙතන.</font>

142
00:23:57,936 --> 00:23:59,354
<font color="#ffeb46">හොඳට මස්පිඩු ඇවිල්ලා තියෙනවා.</font>

143
00:24:00,272 --> 00:24:02,607
<font color="#ffeb46">ඔයා ගොඩක් එක්සයිස් කරනවා ඇති නේද?</font>

144
00:24:03,233 --> 00:24:06,319
<font color="#ffeb46">ඔව්. මම අමාරුවෙන් හරි
හැමදාම එක්සයිස් කළා.</font>

145
00:24:06,403 --> 00:24:09,531
<font color="#ffeb46">මස්පිඩු හැදෙන්න නම්
ඒවා රිදෙනකල්ම කරන්න ඕනේ.</font>

146
00:24:10,323 --> 00:24:11,783
<font color="#ffeb46">මම හිතන්නේ වැඩත් ඒ වගේ තමයි.</font>

147
00:24:11,867 --> 00:24:14,619
<font color="#ffeb46">අමාරුවෙන් හරි දිගටම කරගෙන ගියොත්,</font>

148
00:24:14,703 --> 00:24:16,037
<font color="#ffeb46">කවදාහරි දවසක...</font>

149
00:24:19,249 --> 00:24:20,417
<font color="#ffeb46">ඔයා ශක්තිමත් වෙනවා.</font>

150
00:24:21,001 --> 00:24:22,669
<font color="#ffeb46">ඔයා නම්</font>

151
00:24:22,752 --> 00:24:24,087
<font color="#ffeb46">මම වගේම නෙවෙයි.</font>

152
00:24:39,603 --> 00:24:40,812
<font color="#ffeb46">ඩොල්ෆින්ලා!</font>

153
00:24:41,938 --> 00:24:43,273
<font color="#ffeb46">හරිම ලස්සනයි!</font>

154
00:24:43,773 --> 00:24:44,858
<font color="#ffeb46">දා-රිම්.</font>

155
00:24:45,442 --> 00:24:46,693
<font color="#ffeb46">මෙතනට හොඳට පේනවා.</font>

156
00:24:46,776 --> 00:24:48,069
<font color="#ffeb46">-ආ, ඇත්ත තමයි.
-මෙහෙට එන්නකෝ.</font>

157
00:24:51,281 --> 00:24:52,532
<font color="#ffeb46">එයාලා හරිම හුරතල්.</font>

158
00:24:56,203 --> 00:24:57,329
<font color="#ffeb46">මගේ අතින් අල්ලගන්න.</font>

159
00:25:31,655 --> 00:25:33,073
<font color="#ffeb46">-දා-රිම්!
-මට පීනන්න බෑ...</font>

160
00:25:34,282 --> 00:25:35,200
<font color="#ffeb46">බේරගන්න...</font>

161
00:25:35,283 --> 00:25:36,409
<font color="#ffeb46">මට පීනන්න බෑ...</font>

162
00:25:45,961 --> 00:25:47,295
<font color="#ffeb46">ඔයාට අවුලක් නෑ නේද?</font>

163
00:27:31,858 --> 00:27:32,859
<font color="#ffeb46">ඉන්නකෝ.</font>

164
00:27:34,569 --> 00:27:35,403
<font color="#ffeb46">ඇයි?</font>

165
00:27:36,738 --> 00:27:37,989
<font color="#ffeb46">මට දැන් මතක් වුණේ</font>

166
00:27:39,366 --> 00:27:40,909
<font color="#ffeb46">අපි තාම නෑවේ නෑනේ.</font>

167
00:27:41,743 --> 00:27:42,577
<font color="#ffeb46">ආ ඒකනේ.</font>

168
00:27:43,787 --> 00:27:46,081
<font color="#ffeb46">මුහුදට වැටුණ එක නෑවා කියලා
ගණන් ගන්න බැරිද?</font>

169
00:27:46,956 --> 00:27:47,999
<font color="#ffeb46">බෑ.</font>

170
00:27:52,212 --> 00:27:53,797
<font color="#ffeb46">හරි. පොඩ්ඩක් ඉන්න.</font>

171
00:27:53,880 --> 00:27:54,964
<font color="#ffeb46">-හරි.
-පොඩ්ඩක් ඉන්න.</font>

172
00:28:00,720 --> 00:28:01,638
<font color="#ffeb46">මෙතනින්ම ඉන්න.</font>

173
00:28:01,721 --> 00:28:02,555
<font color="#ffeb46">හරි.</font>

174
00:28:09,979 --> 00:28:14,818
<font color="#ffeb46">කාන්ග් මින්-ගුක් මහතා සහ ගෝ දා-ජොන් මෙනවියගේ
විවාහ මංගල්‍යය තව ස්වල්ප වේලාවකින් ආරම්භ වේ.</font>

175
00:28:14,901 --> 00:28:18,196
<font color="#ffeb46">-අමුත්තන් කරුණාකර ශාලාවට පැමිණ
-ඔන්න පටන් ගන්නවා.</font>

176
00:28:18,279 --> 00:28:20,740
<font color="#ffeb46">-අසුන් ගන්න.
-හරි, ඔයාලා ඉස්සර වෙලා යන්නකෝ.</font>

177
00:28:21,533 --> 00:28:23,785
<font color="#ffeb46">-නැවත දැනුම් දීමයි.
-අනේ දෙවියනේ.</font>

178
00:28:23,868 --> 00:28:25,954
<font color="#ffeb46">-මේ මින්-ගුක් කොහෙද ගියේ?
-කාන්ග් මින්-ගුක් මහතා</font>

179
00:28:26,037 --> 00:28:29,249
<font color="#ffeb46">-සහ ගෝ දා-ජොන් මෙනවියගේ විවාහ මංගල්‍යය...
-පුදුම වැඩක්නේ මේක.</font>

180
00:28:29,332 --> 00:28:32,168
<font color="#ffeb46">අමුත්තන් කරුණාකර ශාලාවට පැමිණ
අසුන් ගන්න.</font>

181
00:28:32,252 --> 00:28:35,380
<font color="#ffeb46">උණුසුම් අත්පොළසන් නාදයක් දී
ඔවුන්ට සුබ පතන්න.</font>

182
00:28:45,974 --> 00:28:47,100
<font color="#ffeb46">බ්ලූබර්ඩ් කොයින්</font>

183
00:28:47,183 --> 00:28:51,229
<font color="#ffeb46">ෂික්. මේ කාන්ග් මින්-ගුක් කියන එකා
කොහේ හැංගිලාද?</font>

184
00:28:51,813 --> 00:28:52,897
<font color="#ffeb46">මිනිහා පැනලා යන්න ඇතිද?</font>

185
00:28:52,981 --> 00:28:54,816
<font color="#ffeb46">එයා එයාගේම වෙඩින් එක දාලා යන එකක් නෑ.</font>

186
00:28:54,899 --> 00:28:56,151
<font color="#ffeb46">වෙලාවට එයි.</font>

187
00:28:56,234 --> 00:28:57,902
<font color="#ffeb46">ඒත් මිනිහා ඇත්තටම පැනලා ගිහින් තිබුණොත්?</font>

188
00:28:57,986 --> 00:28:59,779
<font color="#ffeb46">අපි අඩුම ගානේ
තෑගි සල්ලි ටිකවත් ගමුද?</font>

189
00:29:00,530 --> 00:29:02,157
<font color="#ffeb46">තමුසෙට පිස්සුද?</font>

190
00:29:02,741 --> 00:29:03,867
<font color="#ffeb46">අපි මූව අල්ල ගත්තොත්,</font>

191
00:29:04,534 --> 00:29:06,828
<font color="#ffeb46">ණය පියවන්න මූගේ වකුගඩු, හදවත</font>

192
00:29:06,911 --> 00:29:11,291
<font color="#ffeb46">විතරක් නෙවෙයි ඇස් දෙක හරි
විකුණනවා.</font>

193
00:29:11,374 --> 00:29:13,042
<font color="#ffeb46">ඔව්, අපි ඕනම දෙයක් කරමු.</font>

194
00:29:15,420 --> 00:29:16,421
<font color="#ffeb46">මින්-ගුක්!</font>

195
00:29:17,046 --> 00:29:18,590
<font color="#ffeb46">දා-ජොන්ග්!</font>

196
00:29:18,673 --> 00:29:20,467
<font color="#ffeb46">-ඇයි මේ?
-දෙයියෝ සාක්කි.</font>

197
00:29:21,384 --> 00:29:22,594
<font color="#ffeb46">ඔයාට ඇත්තටම පිස්සුද?</font>

198
00:29:22,677 --> 00:29:24,179
<font color="#ffeb46">වෙඩින් එක පටන් ගන්න තව විනාඩි පහයි තියෙන්නේ.</font>

199
00:29:24,262 --> 00:29:25,638
<font color="#ffeb46">ඔව්. අපි දැන්ම මෙතනින් යමු.</font>

200
00:29:25,722 --> 00:29:27,640
<font color="#ffeb46">නැත්නම් මේ මගුල් ගෙදර
මළ ගෙදරක් වෙයි.</font>

201
00:29:27,724 --> 00:29:28,892
<font color="#ffeb46">-මොකක්?
-ඉක්මන් කරන්න.</font>

202
00:29:28,975 --> 00:29:29,976
<font color="#ffeb46">-මොනවද මේ කියන්නේ?
-ඉක්මන් කරන්න.</font>

203
00:29:30,059 --> 00:29:30,935
<font color="#ffeb46">ඉන්න.</font>

204
00:29:31,019 --> 00:29:32,353
<font color="#ffeb46">ඉක්මන් කරන්න!</font>

205
00:29:32,437 --> 00:29:33,396
<font color="#ffeb46">මින්-ගුක්!</font>

206
00:29:36,357 --> 00:29:37,400
<font color="#ffeb46">මේ මොන විහිළුවක්ද?</font>

207
00:29:38,443 --> 00:29:39,819
<font color="#ffeb46">එයා කොහෙද ගියේ?</font>

208
00:29:44,324 --> 00:29:45,325
<font color="#ffeb46">එයා මෙතනත් නෑ.</font>

209
00:29:46,659 --> 00:29:48,286
<font color="#ffeb46">මොකද මේ වෙන්නේ? කට්ටියම කොහේ ගියාද?</font>

210
00:29:48,870 --> 00:29:50,079
<font color="#ffeb46">පොඩ්ඩක් අහන්න.</font>

211
00:29:50,163 --> 00:29:52,499
<font color="#ffeb46">කවුද තමුසෙලා? මොකද මෙතන කරන්නේ?</font>

212
00:29:53,958 --> 00:29:55,335
<font color="#ffeb46">දෙවියනේ!</font>

213
00:29:55,418 --> 00:29:58,713
<font color="#ffeb46">ඒයි, තමුසේ දුවව
කොහෙද හංගුවේ?</font>

214
00:29:58,797 --> 00:30:01,758
<font color="#ffeb46">ඒ හොරු ටික කොහෙද හංගුවේ?</font>

215
00:30:01,841 --> 00:30:05,053
<font color="#ffeb46">අනේ දෙවියනේ.
කවුද හොරු?</font>

216
00:30:05,136 --> 00:30:06,262
<font color="#ffeb46">මාව අතාරිනවා.</font>

217
00:30:06,346 --> 00:30:07,472
<font color="#ffeb46">අතාරිනවා!</font>

218
00:30:07,555 --> 00:30:08,723
<font color="#ffeb46">ෂික්.</font>

219
00:30:09,474 --> 00:30:11,142
<font color="#ffeb46">මූ ඇත්තටම පැනලා ගිහින්නේ.</font>

220
00:30:12,185 --> 00:30:13,394
<font color="#ffeb46">මූ අපිව හොඳට රවට්ටලා.</font>

221
00:30:13,478 --> 00:30:14,771
<font color="#ffeb46">බලන් ඉන්න එපා.</font>

222
00:30:14,854 --> 00:30:16,147
<font color="#ffeb46">මේක පෙරලලා හරි හොයපල්ලා!</font>

223
00:30:16,231 --> 00:30:17,065
<font color="#ffeb46">-හරි සර්.
-හරි සර්.</font>

224
00:30:19,651 --> 00:30:21,361
<font color="#ffeb46">මොනවද මේ වෙන්නේ?</font>

225
00:30:21,945 --> 00:30:22,946
<font color="#ffeb46">ඉන්න.</font>

226
00:30:23,863 --> 00:30:24,823
<font color="#ffeb46">පරිස්සමින්.</font>

227
00:30:26,157 --> 00:30:27,492
<font color="#ffeb46">මම වතුර ටිකක් ගේන්නම්.</font>

228
00:30:29,244 --> 00:30:31,162
<font color="#ffeb46">ඇත්තටම මොනවද මේ වෙන්නේ?</font>

229
00:30:33,456 --> 00:30:34,541
<font color="#ffeb46">අම්මේ.</font>

230
00:30:34,624 --> 00:30:37,043
<font color="#ffeb46">මින්-ගුක් කිව්වා ඉක්මනට ආපහු දෙනවා කියලා,</font>

231
00:30:37,126 --> 00:30:39,587
<font color="#ffeb46">ඉතින් මම ඔයාගේ ඉතිරිකිරීම්,
ගෙවල් උකස් කරලා ගත්ත සල්ලි,</font>

232
00:30:39,671 --> 00:30:41,589
<font color="#ffeb46">අන්තිමට පොලී කාරයෙක්ගෙන් ණයටත් අරන් සල්ලි දුන්නා.</font>

233
00:30:42,257 --> 00:30:44,008
<font color="#ffeb46">ඒත් එයා ඒ ඔක්කොම සල්ලි ක්‍රිප්ටෝ කරලා නැති කරගෙන.</font>

234
00:30:46,469 --> 00:30:47,637
<font color="#ffeb46">සොන්-උ...</font>

235
00:30:48,471 --> 00:30:49,305
<font color="#ffeb46">මැඩම්?</font>

236
00:30:49,389 --> 00:30:50,682
<font color="#ffeb46">කොහොමද...</font>

237
00:30:50,765 --> 00:30:52,308
<font color="#ffeb46">මැඩම්?</font>

238
00:30:54,185 --> 00:30:55,353
<font color="#ffeb46">මැඩම්!</font>

239
00:30:55,937 --> 00:30:58,147
<font color="#ffeb46">කලබල වෙන්න එපා.</font>

240
00:31:10,702 --> 00:31:11,911
<font color="#ffeb46">සොන්-උ</font>

241
00:31:14,956 --> 00:31:16,124
<font color="#ffeb46">ආ සොන්-උ. මොකද වෙන්නේ?</font>

242
00:31:16,207 --> 00:31:18,668
<font color="#ffeb46">ඔයා දැන්ම එන්න ඕනේ.
අම්මා ක්ලාන්ත වෙලා වැටුණා.</font>

243
00:31:20,128 --> 00:31:20,962
<font color="#ffeb46">මොකක්?</font>

244
00:31:21,796 --> 00:31:25,258
<font color="#ffeb46">දා-ජොන්ග් එයාගේ මහත්තයයි දෙන්නම අතුරුදහන් වෙලා
වෙඩින් එකත් කැන්සල් වුණා.</font>

245
00:31:25,341 --> 00:31:27,302
<font color="#ffeb46">ඒක අහලා ෂොක් එකට අම්මා වැටුණා.</font>

246
00:31:27,802 --> 00:31:29,637
<font color="#ffeb46">මම ඉක්මනට හොස්පිට්ල් එකට එක්කන් ආවා.</font>

247
00:31:30,305 --> 00:31:31,806
<font color="#ffeb46">ඩොක්ටර්ස්ලා කියනවා හාට් ඇටෑක් එකක් කියලා.</font>

248
00:31:32,307 --> 00:31:33,558
<font color="#ffeb46">දැන් අම්මාව සර්ජරි එකට අරන් තියෙන්නේ.</font>

249
00:31:39,063 --> 00:31:39,898
<font color="#ffeb46">දා-රිම්?</font>

250
00:31:41,482 --> 00:31:42,483
<font color="#ffeb46">දා-රිම්?</font>

251
00:31:52,869 --> 00:31:53,995
<font color="#ffeb46">දා-රිම්, ඔයා ඇතුළෙද?</font>

252
00:31:55,914 --> 00:31:56,831
<font color="#ffeb46">දා-රිම්?</font>

253
00:31:59,667 --> 00:32:01,169
<font color="#ffeb46">ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?</font>

254
00:32:02,545 --> 00:32:03,588
<font color="#ffeb46">දා-රිම්?</font>

255
00:33:47,817 --> 00:33:49,152
<font color="#ffeb46">එයාට කොහොමද?</font>

256
00:33:50,445 --> 00:33:52,280
<font color="#ffeb46">වෙලාවට ගෙනාවා කියලා කිව්වා.</font>

257
00:33:53,656 --> 00:33:54,866
<font color="#ffeb46">අපි දැන් ටිකක් බලන් ඉමු.</font>

258
00:33:54,949 --> 00:33:55,950
<font color="#ffeb46">සොන්-උ.</font>

259
00:33:58,995 --> 00:34:00,830
<font color="#ffeb46">මට අම්මව මෙහෙම යන්න දෙන්න බෑ.</font>

260
00:34:02,790 --> 00:34:05,835
<font color="#ffeb46">මම අම්මා වෙනුවෙන් හරියට මුකුත් කරලත් නෑ.
කොහොමද මෙහෙම යන්න දෙන්නේ?</font>

261
00:34:06,836 --> 00:34:07,795
<font color="#ffeb46">ඇත්තනේ?</font>

262
00:34:23,019 --> 00:34:23,978
<font color="#ffeb46">හැමදේම හරියාවි.</font>

263
00:34:26,522 --> 00:34:28,274
<font color="#ffeb46">එයා හරිම ශක්තිමත් කෙනෙක්.</font>

264
00:34:30,109 --> 00:34:31,235
<font color="#ffeb46">එයා ඉක්මනට සනීප වෙයි.</font>

265
00:34:33,738 --> 00:34:35,073
<font color="#ffeb46">ඔයා හරි.</font>

266
00:34:35,156 --> 00:34:36,115
<font color="#ffeb46">එයාට හොඳ වෙයි.</font>

267
00:34:47,043 --> 00:34:49,045
<font color="#ffeb46">ඔයා කොහෙද ඉන්නේ?</font>

268
00:34:50,338 --> 00:34:51,422
<font color="#ffeb46">මම සෝල් වලට ආවා විතරයි.</font>

269
00:34:52,090 --> 00:34:53,174
<font color="#ffeb46">මම එන ගමන්.</font>

270
00:34:53,257 --> 00:34:55,134
<font color="#ffeb46">හසන්ගේ වැඩේ මොකද වුණේ?</font>

271
00:34:55,218 --> 00:34:56,803
<font color="#ffeb46">මම ඒක ගොඩ දැම්මා.</font>

272
00:34:56,886 --> 00:34:59,889
<font color="#ffeb46">බලන් යද්දි මිනිහත් කිම් ජොන්ග්-ගොන් ගැන
හොයලා බලලයි තිබුණේ.</font>

273
00:34:59,972 --> 00:35:01,891
<font color="#ffeb46">මිනිහව අයින් කරපු එකට
එයා මට ස්තූතිත් කළා.</font>

274
00:35:02,433 --> 00:35:03,518
<font color="#ffeb46">ඒක ලොකු දෙයක්.</font>

275
00:35:03,601 --> 00:35:05,895
<font color="#ffeb46">මම ඒ වෙනුවට ගන්න පුළුවන් ඩිවලොපර්ලා ටිකකගේ
ලිස්ට් එකක් හදන්නම්.</font>

276
00:35:06,854 --> 00:35:07,897
<font color="#ffeb46">හරි.</font>

277
00:35:08,731 --> 00:35:11,025
<font color="#ffeb46">ඒක නෙවෙයි,
ඔයා ඊයේ මොකක්ද කිව්වේ?</font>

278
00:35:11,651 --> 00:35:13,653
<font color="#ffeb46">කිස් එකක් ගැනයි ආත්මවල් ගැනයි
මොකක්ද එකක්.</font>

279
00:35:13,736 --> 00:35:15,238
<font color="#ffeb46">මට නිකන් කෙල්ලෙක්ගේ සීන් එකක් වගේ දැනුණේ.</font>

280
00:35:15,321 --> 00:35:16,614
<font color="#ffeb46">ඒක අමතක කරලා දානවා.</font>

281
00:35:17,532 --> 00:35:18,407
<font color="#ffeb46">නිකන් ඉන්නවා හලෝ යන්න.</font>

282
00:35:18,491 --> 00:35:20,159
<font color="#ffeb46">අනේ කියන්නකෝ. ඇයි?</font>

283
00:35:20,243 --> 00:35:22,161
<font color="#ffeb46">ඔයා කිව්වේ නිකන් පිපිරුමක් වගේ දැනුණා කියලා.</font>

284
00:35:22,245 --> 00:35:24,497
<font color="#ffeb46">මගේ කේන්තියයි පිපිරුවේ! හරිද? දැන් තියනවා.</font>

285
00:35:28,751 --> 00:35:30,962
<font color="#ffeb46">ආදරෙයි ආත්ම බැඳීමයි?
විකාර.</font>

286
00:35:58,197 --> 00:36:00,908
<font color="#ffeb46">ඒක හරියට අපේ පැත්තේ තියෙන
මහ ගහ වගේම මාරයි.</font>

287
00:36:01,701 --> 00:36:02,535
<font color="#ffeb46">"මහ ගහ"?</font>

288
00:36:02,618 --> 00:36:05,371
<font color="#ffeb46">මට පාළුවක් දැනුණම මම එතනට යනවා.</font>

289
00:36:06,038 --> 00:36:08,583
<font color="#ffeb46">ඒ ළඟ පොඩි කඩයක් තියෙනවා,</font>

290
00:36:08,666 --> 00:36:11,919
<font color="#ffeb46">මම චොකලට් අයිස්ක්‍රීම් එකකුත් අරන්
ගහ යටට වෙලා කනවා.</font>

291
00:36:12,003 --> 00:36:14,380
<font color="#ffeb46">එතකොට හිතට පොඩි සහනයක් දැනෙනවා.</font>

292
00:36:21,345 --> 00:36:22,680
<font color="#ffeb46">මම මේ මොනවද කරන්නේ?</font>

293
00:36:25,808 --> 00:36:29,061
<font color="#ffeb46">නම: ජොන්ග් මියොන්ග්-සන්</font>

294
00:36:45,828 --> 00:36:47,330
<font color="#ffeb46">ඒයි.</font>

295
00:36:47,914 --> 00:36:49,749
<font color="#ffeb46">මම මෙයා ළඟ ඉන්නම්.</font>

296
00:36:49,832 --> 00:36:51,500
<font color="#ffeb46">ඔයා ගෙදර ගිහින් වොෂ් එකක් දාගෙන
නිදාගන්න.</font>

297
00:36:51,584 --> 00:36:52,585
<font color="#ffeb46">ඔයා පොඩ්ඩක්වත් නිදාගත්තේ නෑනේ.</font>

298
00:36:52,668 --> 00:36:55,129
<font color="#ffeb46">නෑ, මට අවුලක් නෑ.</font>

299
00:36:55,213 --> 00:36:56,380
<font color="#ffeb46">කියන දේ අහන්නකෝ.</font>

300
00:36:56,964 --> 00:36:59,342
<font color="#ffeb46">සර්ජරි එක හොඳට වුණානේ,
ඒ නිසා ගොඩක් බය වෙන්න එපා.</font>

301
00:37:04,263 --> 00:37:05,306
<font color="#ffeb46">හරි.</font>

302
00:37:11,020 --> 00:37:14,565
<font color="#ffeb46">ගෙවිය යුතු මුදල: වොන් 10,100,067</font>

303
00:37:16,984 --> 00:37:19,028
<font color="#ffeb46">හොස්පිට්ල් බිල් සාමාන්‍යයෙන්</font>

304
00:37:19,779 --> 00:37:21,530
<font color="#ffeb46">මෙච්චර වැඩි වෙනවද?</font>

305
00:37:21,614 --> 00:37:22,782
<font color="#ffeb46">ඕක සර්ජරි එකට විතරයි.</font>

306
00:37:22,865 --> 00:37:24,700
<font color="#ffeb46">මෙහේ නවතින්න වෙන දවස් වලට
තව සල්ලි අය වෙයි.</font>

307
00:37:24,784 --> 00:37:27,870
<font color="#ffeb46">ටිකට් කපන දවසට අපි ඒ බිල දෙන්නම්.</font>

308
00:37:27,954 --> 00:37:31,499
<font color="#ffeb46">දැනට සර්ජරි එකේ බිල විතරක් ගෙවන්න.</font>

309
00:37:32,124 --> 00:37:35,044
<font color="#ffeb46">ඔයාට කාඩ් එකෙන්, කෑෂ් වලින්
හරි ට්‍රාන්ස්ෆර් කරලා හරි ගෙවන්න පුළුවන්.</font>

310
00:37:35,127 --> 00:37:36,254
<font color="#ffeb46">කොහොමද ගෙවන්නේ?</font>

311
00:37:50,685 --> 00:37:51,602
<font color="#ffeb46">දා-රිම්.</font>

312
00:38:01,112 --> 00:38:02,113
<font color="#ffeb46">දා-රිම්.</font>

313
00:38:03,739 --> 00:38:04,824
<font color="#ffeb46">-ඔයා හොඳින්ද?
-ඔව්.</font>

314
00:38:05,366 --> 00:38:08,035
<font color="#ffeb46">දා-ජොන්ග්ට කරදර කරනවා දැකලා
ඔයා ඒ අයට පාඩමක් ඉගැන්නුවා නේද?</font>

315
00:38:08,119 --> 00:38:09,662
<font color="#ffeb46">ඔව්, මම ඉගැන්නුවා.</font>

316
00:38:09,745 --> 00:38:11,497
<font color="#ffeb46">මම ඒ අයට කියලා දා-ජොන්ග්ගෙන් සමාවත් ගත්තා.</font>

317
00:38:11,580 --> 00:38:14,542
<font color="#ffeb46">ෂා, බලන්නකො ඔයාගෙ තියෙන
ලොකු අක්කා කෙනෙක්ගෙ වගකීම.</font>

318
00:38:14,625 --> 00:38:16,294
<font color="#ffeb46">මම මීටත් වඩා ශක්තිමත් වෙලා</font>

319
00:38:16,377 --> 00:38:18,296
<font color="#ffeb46">ඔයාවයි අම්මවයි දෙන්නවම ආරක්ෂා කරනවා.</font>

320
00:38:18,379 --> 00:38:22,091
<font color="#ffeb46">හොඳයිනේ. මගේ දුව නිසා
මට ලොකු විශ්වාසයක් දැනෙනවා.</font>

321
00:38:22,675 --> 00:38:23,801
<font color="#ffeb46">මට ඒ හයිය දැනෙනවා!</font>

322
00:38:23,884 --> 00:38:25,469
<font color="#ffeb46">-දා-රිම් තමයි හොඳම!
-ඔව් හොඳම!</font>

323
00:38:27,722 --> 00:38:28,806
<font color="#ffeb46">දා-රිම් තමයි හොඳම!</font>

324
00:38:52,663 --> 00:38:53,914
<font color="#ffeb46">මට උදව්වක් කරන්න පුළුවන්ද?</font>

325
00:38:55,416 --> 00:38:56,834
<font color="#ffeb46">මිස් ගෝ දා-ජොන්ග් ඉන්නෙ මෙහෙ නේද?</font>

326
00:38:57,418 --> 00:38:59,253
<font color="#ffeb46">ඔව්, එයා මගේ නංගි.</font>

327
00:38:59,962 --> 00:39:01,464
<font color="#ffeb46">මම ෆස්ට් ක්ලාස් බැංකුවෙන්.</font>

328
00:39:01,547 --> 00:39:03,674
<font color="#ffeb46">මිස් ගෝ මේ දේපළ ඇපයට තියලා
ණයක් අරගෙන තියෙනවා,</font>

329
00:39:03,758 --> 00:39:05,176
<font color="#ffeb46">දැන් වාරික ගෙවන එක පහු වෙලා තියෙන්නෙ.</font>

330
00:39:05,259 --> 00:39:07,762
<font color="#ffeb46">මේ විදිහට ගියොත්,
දේපළ පවරා ගන්න එක වළක්වන්න බැරි වෙයි.</font>

331
00:39:08,804 --> 00:39:10,097
<font color="#ffeb46">ගෝ දා-ජොන්ග්</font>

332
00:39:11,599 --> 00:39:13,809
<font color="#ffeb46">ඔබ ඇමතූ දුරකථනය විසන්ධි කර ඇත.</font>

333
00:39:13,893 --> 00:39:15,853
<font color="#ffeb46">ඔබව පණිවිඩ සේවාව වෙත යොමු කෙරේ,</font>

334
00:39:15,936 --> 00:39:18,105
<font color="#ffeb46">බීප් හඬින් පසුව අය කිරීම් සිදුවේ.</font>

335
00:39:23,611 --> 00:39:25,071
<font color="#ffeb46">ඔයාට පිස්සුද?</font>

336
00:39:25,905 --> 00:39:27,198
<font color="#ffeb46">පිස්සු හැදිලා තමයි.</font>

337
00:39:28,282 --> 00:39:30,451
<font color="#ffeb46">කොහොමද ඔයා අපේ ගේ මේ වගේ අනතුරක දැම්මේ?</font>

338
00:39:31,285 --> 00:39:32,328
<font color="#ffeb46">අපිට ගේ නැති වුණොත්,</font>

339
00:39:32,411 --> 00:39:34,372
<font color="#ffeb46">අම්මයි මමයි මහ පාරට වැටෙන්නද ඕන?</font>

340
00:39:35,331 --> 00:39:36,165
<font color="#ffeb46">මේ.</font>

341
00:39:38,876 --> 00:39:41,087
<font color="#ffeb46">අම්මා කලන්තේ දාලා වැටුණා!</font>

342
00:39:42,046 --> 00:39:44,673
<font color="#ffeb46">මම දැන් මොකද කරන්නේ?</font>

343
00:39:45,216 --> 00:39:47,593
<font color="#ffeb46">දෙයියනේ මම දැන් මොකද කරන්නේ?</font>

344
00:40:18,249 --> 00:40:20,668
<font color="#ffeb46">බිල්පත්, රක්ෂණ, ගමනාගමන වියදම්</font>

345
00:40:20,751 --> 00:40:22,753
<font color="#ffeb46">දුරකථන බිල්, ගෙදර බඩු වියදම්</font>

346
00:40:22,837 --> 00:40:26,424
<font color="#ffeb46">මුළු ආදායම, මුළු වියදම, ඉතිරිකිරීම්</font>

347
00:40:26,507 --> 00:40:29,969
<font color="#ffeb46">ඉතුරු මුදල: වොන් 18,900 යි</font>

348
00:40:59,999 --> 00:41:01,375
<font color="#ffeb46">බැලුවම ඉතින්,</font>

349
00:41:02,585 --> 00:41:04,545
<font color="#ffeb46">මට අඩුම තරමේ සමුගන්නවත්
අවස්ථාවක් ලැබුණේ නෑනේ.</font>

350
00:41:06,922 --> 00:41:08,841
<font color="#ffeb46">එයා හිතනවා ඇති මම මහා විකාරයක් කියලා.</font>

351
00:41:13,929 --> 00:41:15,264
<font color="#ffeb46">කවුන්ටරය 3, ණය අංශය</font>

352
00:41:16,807 --> 00:41:19,768
<font color="#ffeb46">ඔබේ රැකියා විරහිත තත්ත්වයයි
අඩු ණය ලකුණු ප්‍රමාණයයි එක්ක,</font>

353
00:41:19,852 --> 00:41:21,896
<font color="#ffeb46">ඔබට ගන්න පුළුවන් වෙන්නේ
වොන් මිලියන දෙකක් විතරයි.</font>

354
00:41:21,979 --> 00:41:23,731
<font color="#ffeb46">අපි ඒක කරමුද?</font>

355
00:41:32,531 --> 00:41:33,449
<font color="#ffeb46">නිවාස ණය</font>

356
00:41:33,532 --> 00:41:35,117
<font color="#ffeb46">කාර්යාල සේවකයින් සඳහා දිනපතා ණය</font>

357
00:41:43,000 --> 00:41:43,876
<font color="#ffeb46">ආයුබෝවන්.</font>

358
00:41:48,756 --> 00:41:50,090
<font color="#ffeb46">නියපොතු කපන කතුරු කොහෙද තියෙන්නේ?</font>

359
00:41:50,174 --> 00:41:51,800
<font color="#ffeb46">මම අරගෙන දෙන්නම්.</font>

360
00:42:09,568 --> 00:42:10,569
<font color="#ffeb46">සමාවෙන්න!</font>

361
00:42:10,653 --> 00:42:11,529
<font color="#ffeb46">අපොයි!</font>

362
00:42:17,368 --> 00:42:18,702
<font color="#ffeb46">කමක් නෑ.</font>

363
00:42:34,635 --> 00:42:35,594
<font color="#ffeb46">අපිට තව අයිස් වතුර ටිකක් දෙනවද?</font>

364
00:42:35,678 --> 00:42:37,596
<font color="#ffeb46">හරි. ගේනවා!</font>

365
00:42:40,766 --> 00:42:42,518
<font color="#ffeb46">රෝහල් ගාස්තු: වොන් 5,475,320 යි</font>

366
00:42:58,909 --> 00:43:00,619
<font color="#ffeb46">සමාවෙන්න. අනේ දෙයියනේ.</font>

367
00:43:11,463 --> 00:43:14,008
<font color="#ffeb46">දා-ජොන්ග්, මේ පණිවිඩේ ඔයාට ලැබෙයි කියලා මම හිතනවා.</font>

368
00:43:14,967 --> 00:43:16,468
<font color="#ffeb46">ඔයා ගොඩක් බය වෙන්න ඇති.</font>

369
00:43:17,136 --> 00:43:18,554
<font color="#ffeb46">දැන් ඔයාගේ හිත ටිකක් හරි හැදිලා ඇති කියලා මම හිතනවා.</font>

370
00:43:20,264 --> 00:43:21,557
<font color="#ffeb46">ඒත් දන්නවද,</font>

371
00:43:22,600 --> 00:43:24,602
<font color="#ffeb46">මම හිතන්නේ අම්මාත් ගොඩක් ෂොක් වුණා.</font>

372
00:43:25,436 --> 00:43:27,104
<font color="#ffeb46">අම්මා කලන්තේ දාලා වැටුණා.</font>

373
00:43:27,896 --> 00:43:29,231
<font color="#ffeb46">එයාට හාට් ඇටෑක් එකක් ඇවිල්ලා.</font>

374
00:43:33,277 --> 00:43:35,487
<font color="#ffeb46">සැත්කම හොඳින් සිද්ධ වුණා කියලා කිව්වා,</font>

375
00:43:36,030 --> 00:43:37,448
<font color="#ffeb46">ඒ නිසා අම්මා ඉක්මනට ඇහැරෙයි.</font>

376
00:43:39,199 --> 00:43:41,452
<font color="#ffeb46">දැනට අපි ගැන වද වෙන්න එපා.</font>

377
00:43:42,119 --> 00:43:43,287
<font color="#ffeb46">ඔයා පරිස්සමින් ඉන්න.</font>

378
00:43:44,246 --> 00:43:46,540
<font color="#ffeb46">මම කොහොම හරි සල්ලි හොයාගන්නම්,</font>

379
00:43:46,624 --> 00:43:47,916
<font color="#ffeb46">ඒ නිසා බය වෙන්න එපා.</font>

380
00:43:48,584 --> 00:43:51,503
<font color="#ffeb46">කොහේ හිටියත්, හරියට කන්න බොන්න ඕන.</font>

381
00:43:52,129 --> 00:43:55,215
<font color="#ffeb46">ඔයා ඔයා ගැන බලාගෙන,
නිරෝගීව ඉන්න ඕන, තේරුණාද?</font>

382
00:43:56,300 --> 00:43:57,343
<font color="#ffeb46">ආයෙත් පටන් ගත්තද?</font>

383
00:43:57,843 --> 00:43:59,887
<font color="#ffeb46">කොච්චර කල් ඔයා ඕවා අහගෙන--</font>

384
00:44:00,596 --> 00:44:01,430
<font color="#ffeb46">කොහොමද ඔයාට දැන් කෑම උගුරෙන් පහළට යන්නේ?</font>

385
00:44:02,348 --> 00:44:06,393
<font color="#ffeb46">මේ වගේ වෙලාවක ඔයාට කොහොමද
කෑම කන්න හිතෙන්නේ?</font>

386
00:44:14,526 --> 00:44:17,946
<font color="#ffeb46">අපිට ලැබෙන නිර්මාණ එකතුවන්
ටිකක් සීමිත බවයි පේන්නේ.</font>

387
00:44:18,739 --> 00:44:22,159
<font color="#ffeb46">ඔබ ඡායාරූපකරණයට කැමති නම්,
මේ ටික බලන්න කැමතිද?</font>

388
00:44:22,701 --> 00:44:24,286
<font color="#ffeb46">මේවා ප්‍රසිද්ධ නැති වෙන්න පුළුවන්,</font>

389
00:44:24,370 --> 00:44:27,206
<font color="#ffeb46">ඒත් මේක මගේ පෞද්ගලික කැමැත්තට එකතු කරපුවා.</font>

390
00:44:30,376 --> 00:44:32,336
<font color="#ffeb46">නියෝජ්‍ය අධ්‍යක්ෂ යු හා-යොන්ග්</font>

391
00:44:43,263 --> 00:44:45,140
<font color="#ffeb46">එයාගේ නිර්මාණවල අමුතු ලස්සනක් තියෙනවා නේද?</font>

392
00:44:46,016 --> 00:44:46,850
<font color="#ffeb46">ඔව් නේද.</font>

393
00:44:47,559 --> 00:44:48,686
<font color="#ffeb46">මොඩල් ලස්සන නිසාද දන්නෑ?</font>

394
00:44:49,603 --> 00:44:50,813
<font color="#ffeb46">එයාට ආදරය ලැබෙන නිසා.</font>

395
00:44:51,897 --> 00:44:55,567
<font color="#ffeb46">බලන්න. ආදරය ලබන කෙනෙක්ට විතරයි
ඒ බැල්ම ඇස්වල තියෙන්න පුළුවන්.</font>

396
00:44:57,403 --> 00:44:58,695
<font color="#ffeb46">කවුද මේ ඡායාරූප ශිල්පියා?</font>

397
00:44:59,279 --> 00:45:00,697
<font color="#ffeb46">එයාගේ නම කිම් සොන්-උ.</font>

398
00:45:00,781 --> 00:45:02,991
<font color="#ffeb46">මේක ගොඩක් ඉස්සර සම්මානයක් දිනපු එකක්.</font>

399
00:45:03,075 --> 00:45:04,451
<font color="#ffeb46">ඊට පස්සේ එයා වැඩිය පේන්න හිටියේ නෑ.</font>

400
00:45:04,952 --> 00:45:06,453
<font color="#ffeb46">එයා ෆොටෝ ගන්න එක නතර කරලද?</font>

401
00:45:06,954 --> 00:45:10,666
<font color="#ffeb46">දැනට, එයාගේ විස්තර හොයාගෙන
එයා මොනවද කරන්නේ කියලා බලන්න.</font>

402
00:45:10,749 --> 00:45:11,583
<font color="#ffeb46">හරි මැඩම්.</font>

403
00:45:37,860 --> 00:45:39,945
<font color="#ffeb46">මම පීඩනයෙන් ඉන්න වෙලාවට එතනට යනවා.</font>

404
00:45:40,821 --> 00:45:42,865
<font color="#ffeb46">එතන ළඟ පොඩි කඩයක් තියෙනවා,</font>

405
00:45:43,449 --> 00:45:47,161
<font color="#ffeb46">මම එතනින් චොක්ලට් අයිස්ක්‍රීම් එකක් අරගෙන
ගහ යට ඉඳගෙන කනවා.</font>

406
00:45:47,244 --> 00:45:49,830
<font color="#ffeb46">ඒකෙන් මගේ ප්‍රශ්න ටිකක් අමතක වෙනවා.</font>

407
00:45:54,209 --> 00:45:55,377
<font color="#ffeb46">හොයාගත්තා.</font>

408
00:46:21,403 --> 00:46:25,574
<font color="#ffeb46">හැක්බෙරි ගස, සෙල්කෝවා ගස, ජින්කෝ ගස</font>

409
00:46:38,295 --> 00:46:39,129
<font color="#ffeb46">ඔව්.</font>

410
00:46:42,299 --> 00:46:43,133
<font color="#ffeb46">ඉතින් ඊට පස්සේ මොකද වුණේ?</font>

411
00:46:57,439 --> 00:46:59,107
<font color="#ffeb46">අදත් නිකම් රස්තියාදු ගැහුවද?</font>

412
00:47:01,026 --> 00:47:03,695
<font color="#ffeb46">අම්මපා, ඔයා නම් පුදුම මනුස්සයෙක්.</font>

413
00:47:03,779 --> 00:47:05,280
<font color="#ffeb46">දැන් දවස් ගාණක් වුණානේ.</font>

414
00:47:07,699 --> 00:47:09,409
<font color="#ffeb46">එයාගේ ඔච්චර තියෙන විශේෂත්වය මොකක්ද?</font>

415
00:47:14,248 --> 00:47:16,124
<font color="#ffeb46">එයා මාව වශී කළා.</font>

416
00:47:16,959 --> 00:47:19,127
<font color="#ffeb46">ඔයාමනේ කිව්වේ. කෙමිස්ට්‍රි එකක් කියලා.</font>

417
00:47:20,837 --> 00:47:22,339
<font color="#ffeb46">ඔන්න ඔයාට ගැළපෙන කෙනා හම්බවෙලා!</font>

418
00:47:22,422 --> 00:47:24,258
<font color="#ffeb46">එහෙනම් කොහොම හරි එයාව හොයාගන්න වෙනවා!</font>

419
00:47:24,841 --> 00:47:25,676
<font color="#ffeb46">මම ඔයාට උදව් කරන්නම්.</font>

420
00:47:29,221 --> 00:47:32,808
<font color="#ffeb46">ආමන්ඩ් හැඩේ, තනි පියන තියෙන ඇස්.</font>

421
00:47:33,350 --> 00:47:35,519
<font color="#ffeb46">ඊට පස්සේ උස නහයක්.</font>

422
00:47:35,602 --> 00:47:37,104
<font color="#ffeb46">තව මොනවද ඔයා කිව්වේ?</font>

423
00:47:37,688 --> 00:47:38,564
<font color="#ffeb46">එයා හරිම කියුට්.</font>

424
00:47:39,982 --> 00:47:41,567
<font color="#ffeb46">හිනාවෙනකොට එයා හරිම ලස්සනයි.</font>

425
00:47:43,610 --> 00:47:45,237
<font color="#ffeb46">ආමන්ඩ් ඇස් සහ ලස්සන හිනාවක්.</font>

426
00:47:45,320 --> 00:47:46,738
<font color="#ffeb46">ඒක නම් හොයන්න ටිකක් අමාරුයි.</font>

427
00:47:47,364 --> 00:47:48,949
<font color="#ffeb46">කොහොම හරි…</font>

428
00:47:49,032 --> 00:47:49,908
<font color="#ffeb46">චිකන් එක ආවා.</font>

429
00:47:51,577 --> 00:47:52,661
<font color="#ffeb46">ආයුබෝවන්.</font>

430
00:47:52,744 --> 00:47:53,829
<font color="#ffeb46">ඔයාලා අද කලින්ම ඇවිල්ලා.</font>

431
00:47:54,621 --> 00:47:55,706
<font color="#ffeb46">මෙන්න.</font>

432
00:47:56,415 --> 00:47:57,958
<font color="#ffeb46">-ග්‍යොන්ග්-මින්.
-ඇයි?</font>

433
00:48:04,256 --> 00:48:05,966
<font color="#ffeb46">-බියර් එකක් ඕනද?
-ෂා නියමයිනේ!</font>

434
00:48:06,049 --> 00:48:07,092
<font color="#ffeb46">හරි!</font>

435
00:48:07,175 --> 00:48:08,510
<font color="#ffeb46">-විනෝද වෙන්න.
-ස්තුතියි.</font>

436
00:48:08,594 --> 00:48:10,679
<font color="#ffeb46">-සුබ රාත්‍රියක්.
-ඔයාලටත් එහෙමයි.</font>

437
00:48:23,108 --> 00:48:24,985
<font color="#ffeb46">මැඩම්, අපි ආවේ ඔබතුමියව එක්කගෙන යන්න.</font>

438
00:48:46,548 --> 00:48:50,761
<font color="#ffeb46">ජුම්යොන්ග් මානසික රෝහල</font>

439
00:48:51,637 --> 00:48:52,888
<font color="#ffeb46">එයාගේ පෙනුම කොයි වගේද?</font>

440
00:48:52,971 --> 00:48:53,930
<font color="#ffeb46">ම්ම්…</font>

441
00:48:55,349 --> 00:48:56,683
<font color="#ffeb46">එයා සුදුයි.</font>

442
00:48:56,767 --> 00:48:57,643
<font color="#ffeb46">හරි.</font>

443
00:48:57,726 --> 00:48:59,978
<font color="#ffeb46">එයාට තියෙන්නේ බබෙක්ගේ වගේ මූණක්.</font>

444
00:49:04,274 --> 00:49:06,652
<font color="#ffeb46">-එයාගේ ඇස් මේ වගේ ලොකුයි දීප්තිමත්.
-හරි.</font>

445
00:49:06,735 --> 00:49:09,112
<font color="#ffeb46">ඒත් එයා හිනාවෙනකොට,
ඇස් චූටි වෙලා අඩ සඳක් වගේ වෙනවා.</font>

446
00:49:11,239 --> 00:49:12,866
<font color="#ffeb46">ආ, මම එයාව දන්නවා.</font>

447
00:49:13,617 --> 00:49:15,243
<font color="#ffeb46">දන්නවා? ඇත්තටම?</font>

448
00:49:15,327 --> 00:49:16,870
<font color="#ffeb46">ඒ මමනේ.</font>

449
00:49:16,953 --> 00:49:19,206
<font color="#ffeb46">මම තරුණ කාලෙදි පෙනුනේ හරියටම ඔය වගේ.</font>

450
00:49:19,289 --> 00:49:21,249
<font color="#ffeb46">ඒ කාලේ කොල්ලෝ පෝලිමේ ආවේ මාව බලන්න.</font>

451
00:49:23,585 --> 00:49:25,295
<font color="#ffeb46">විකාර කියවන්න එපා.</font>

452
00:49:26,171 --> 00:49:28,548
<font color="#ffeb46">ඉතින්, මොකක්ද එයාගේ නම?</font>

453
00:49:31,051 --> 00:49:33,011
<font color="#ffeb46">ජුම්යොන්ග් මානසික රෝහලේ ප්‍රධාන හෙදිය</font>

454
00:49:33,095 --> 00:49:34,596
<font color="#ffeb46">මට පොඩි වෙලාවක් දෙනවද.</font>

455
00:49:36,973 --> 00:49:38,016
<font color="#ffeb46">හලෝ?</font>

456
00:49:39,893 --> 00:49:41,019
<font color="#ffeb46">දැන්මද?</font>

457
00:49:41,937 --> 00:49:42,979
<font color="#ffeb46">හරි.</font>

458
00:49:44,147 --> 00:49:46,191
<font color="#ffeb46">සුබ පැතුම්, වසර 20ක් එක දිගටම</font>

459
00:49:46,274 --> 00:49:47,401
<font color="#ffeb46">ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමය වුණාට.</font>

460
00:49:47,484 --> 00:49:49,861
<font color="#ffeb46">ඔබේ මේ නොනවතින ජනප්‍රියත්වයේ රහස මොකක්ද?</font>

461
00:49:49,945 --> 00:49:51,822
<font color="#ffeb46">එහෙම විශේෂ රහසක් නෑ.</font>

462
00:49:52,989 --> 00:49:53,824
<font color="#ffeb46">මම හැමතිස්සෙම…</font>

463
00:49:55,492 --> 00:49:59,996
<font color="#ffeb46">නිෂ්පාදන හදන්නේ මගේ බිරිඳයි දරුවනුයි
ඒවා පාවිච්චි කරනවා කියන හැඟීමෙන්.</font>

464
00:50:00,080 --> 00:50:04,084
<font color="#ffeb46">පාරිභෝගිකයෝ අපේ අවංකකම
හඳුනාගත්ත එක ගැන මට ගොඩක් සතුටුයි.</font>

465
00:50:04,167 --> 00:50:06,503
<font color="#ffeb46">අපි කවුරුත් බලාපොරොත්තු වුණා වගේම,
ඔබේ පවුල තමයි ඔබේ ශක්තිය.</font>

466
00:50:06,586 --> 00:50:08,046
<font color="#ffeb46">අපි මේ හමුවුණ පළවෙනි වතාව,
අධ්‍යක්ෂක ගොන්ග්,</font>

467
00:50:08,130 --> 00:50:09,798
<font color="#ffeb46">මට කියන්නම ඕන, ඔයා හරිම ලස්සනයි.</font>

468
00:50:09,881 --> 00:50:12,259
<font color="#ffeb46">ඔයා හරියටම ඔයාගේ අම්මා වගේමයි.</font>

469
00:50:12,843 --> 00:50:13,677
<font color="#ffeb46">මැඩම්.</font>

470
00:50:13,760 --> 00:50:16,263
<font color="#ffeb46">අධ්‍යක්ෂක ගොන්ග් ගෙදරදි මොන වගේ දුවෙක්ද?</font>

471
00:50:34,364 --> 00:50:35,449
<font color="#ffeb46">අම්මේ.</font>

472
00:50:41,121 --> 00:50:44,541
<font color="#ffeb46">මට සමාවෙන්න,
අපි මේක මෙතනින් නතර කරමු.</font>

473
00:50:44,624 --> 00:50:46,960
<font color="#ffeb46">මගේ බිරිඳට එච්චර සනීප නෑ.</font>

474
00:50:47,461 --> 00:50:49,004
<font color="#ffeb46">-හරි.
-ස්තුතියි.</font>

475
00:50:53,967 --> 00:50:54,926
<font color="#ffeb46">අම්මේ.</font>

476
00:50:56,261 --> 00:50:57,220
<font color="#ffeb46">අම්මා හොඳින්ද?</font>

477
00:51:04,686 --> 00:51:05,687
<font color="#ffeb46">ස්තුතියි.</font>

478
00:51:15,363 --> 00:51:17,240
<font color="#ffeb46">ටිකක් විවේක අරගෙන පහළට එන්න.</font>

479
00:51:17,949 --> 00:51:19,534
<font color="#ffeb46">මම ඔයාව ආපහු රෝහලට එක්කන් යන්නම්.</font>

480
00:51:30,212 --> 00:51:31,630
<font color="#ffeb46">ගිහින් ඒක බලාගන්න.</font>

481
00:51:31,713 --> 00:51:34,257
<font color="#ffeb46">-අර මාධ්‍යවේදියා කට වහගෙන ඉන්න බවට වග බලාගන්න.
-හරි සර්.</font>

482
00:51:36,968 --> 00:51:38,470
<font color="#ffeb46">අනේ දෙයියනේ.</font>

483
00:51:40,597 --> 00:51:41,765
<font color="#ffeb46">ඔයාට පිස්සුද?</font>

484
00:51:42,599 --> 00:51:44,726
<font color="#ffeb46">එයා බොන බෙහෙත්වල සැරට
එයා දැනටමත් විඳවනවා.</font>

485
00:51:44,810 --> 00:51:47,103
<font color="#ffeb46">ඔයාට ඕන වුණාද එයාව මෙතනට ගෙනැත් නටවන්න?</font>

486
00:51:47,187 --> 00:51:49,064
<font color="#ffeb46">එයාට තිබුණේ පැත්තකට වෙලා පාඩුවේ ඉන්න විතරයි.</font>

487
00:51:49,147 --> 00:51:50,649
<font color="#ffeb46">ඒකවත් කරන්න බැරි මොන වගකීමක් නැති ගෑනියෙක්ද!</font>

488
00:51:50,732 --> 00:51:51,942
<font color="#ffeb46">ඒ ඔයා හින්දා.</font>

489
00:51:52,025 --> 00:51:53,151
<font color="#ffeb46">මොකක්?</font>

490
00:51:53,235 --> 00:51:54,945
<font color="#ffeb46">ඔයා ඇයි හිතන්නේ
එයාට කිසි දෙයක් කරගන්න බැරි වෙලා කියලා?</font>

491
00:51:55,570 --> 00:51:57,072
<font color="#ffeb46">ඔයා තමයි එයාව ඔය තත්ත්වෙට දැම්මේ!</font>

492
00:51:57,155 --> 00:51:58,281
<font color="#ffeb46">උඹ මට…</font>

493
00:52:05,872 --> 00:52:07,040
<font color="#ffeb46">එයාට යන්න දෙන්න.</font>

494
00:52:08,750 --> 00:52:09,960
<font color="#ffeb46">දැන්වත් දික්කසාද වෙන්න.</font>

495
00:52:10,043 --> 00:52:11,044
<font color="#ffeb46">දික්කසාද?</font>

496
00:52:11,711 --> 00:52:13,672
<font color="#ffeb46">උඹට අමතක වුණාද අපේ සමාගම විකුණන්නේ මොනවද කියලා?</font>

497
00:52:13,755 --> 00:52:15,674
<font color="#ffeb46">ආදරය සහ සතුට පිරුණු
ළදරු නිෂ්පාදන.</font>

498
00:52:16,508 --> 00:52:18,969
<font color="#ffeb46">ඔයා එයාව අල්ලගෙන ඉන්නේ
ඒ ප්‍රතිරූපය විකුණගන්න ඕන හින්දා.</font>

499
00:52:19,803 --> 00:52:22,556
<font color="#ffeb46">ඒක මනුස්සයෙක්ගේ ජීවිතේට වඩා වටිනවද?</font>

500
00:52:22,639 --> 00:52:23,807
<font color="#ffeb46">එයා මොකක් හරි කරගත්තොත්…</font>

501
00:52:33,859 --> 00:52:34,985
<font color="#ffeb46">ඔයා එයාව ඩිවෝස් කළොත්,</font>

502
00:52:36,111 --> 00:52:37,362
<font color="#ffeb46">ඔයා කියන ඕනම දෙයක් මම කරන්නම්.</font>

503
00:52:38,363 --> 00:52:39,739
<font color="#ffeb46">හරි, එහෙනම්.</font>

504
00:52:40,657 --> 00:52:41,575
<font color="#ffeb46">එහෙමනම්,</font>

505
00:52:42,701 --> 00:52:45,120
<font color="#ffeb46">ඔය කරන වැඩ නවත්තලා
ඇවිල්ලා සමාගමේ වැඩ කරන්න පටන් ගන්න.</font>

506
00:52:45,203 --> 00:52:46,079
<font color="#ffeb46">ඒ වගේම</font>

507
00:52:46,746 --> 00:52:48,206
<font color="#ffeb46">සභාපති යූගේ දුවව කසාද බැඳගන්න.</font>

508
00:52:49,124 --> 00:52:50,083
<font color="#ffeb46">මම එහෙම කළොත්,</font>

509
00:52:51,167 --> 00:52:52,460
<font color="#ffeb46">ඔයා අම්මාට යන්න දෙනවද?</font>

510
00:52:52,544 --> 00:52:54,880
<font color="#ffeb46">කොම්පැනියට අදාළ දේවල් වලදී මම කවදාවත්
මගේ වචනේ වෙනස් කරලා තියෙනවද?</font>

511
00:52:56,464 --> 00:52:57,424
<font color="#ffeb46">හොඳයි.</font>

512
00:52:58,383 --> 00:52:59,885
<font color="#ffeb46">එම එකඟතාවයට අදාළ නීතිමය ලියකියවිලි හදලා</font>

513
00:53:00,844 --> 00:53:02,304
<font color="#ffeb46">මම ඔයාට එවන්නම්.</font>

514
00:53:11,980 --> 00:53:12,939
<font color="#ffeb46">නීතිමය ලියකියවිලි?</font>

515
00:53:15,817 --> 00:53:17,485
<font color="#ffeb46">ඒ මගේ පුතා තමයි. හරිම පිළිවෙලයි.</font>

516
00:53:18,153 --> 00:53:18,987
<font color="#ffeb46">ඇහුනද ඒක?</font>

517
00:53:19,070 --> 00:53:21,281
<font color="#ffeb46">ජි-හ්‍යොක්ට කොම්පැනියේ තනතුරක් හදලා දෙන්න.</font>

518
00:53:21,364 --> 00:53:22,324
<font color="#ffeb46">හරි.</font>

519
00:53:23,658 --> 00:53:26,411
<font color="#ffeb46">ඒත් ඔයාට මේ ගැන විශ්වාසද?</font>

520
00:53:27,329 --> 00:53:28,830
<font color="#ffeb46">ඔයා මේ දික්කසාදයක් කරගන්න හදන්නේ.</font>

521
00:53:28,914 --> 00:53:31,374
<font color="#ffeb46">මේක ලාභදායී ගනුදෙනුවක් නම්,
එහෙම නොකර ඉන්න හේතුවක් නෑනේ.</font>

522
00:53:41,259 --> 00:53:42,093
<font color="#ffeb46">අම්මේ.</font>

523
00:53:43,219 --> 00:53:44,846
<font color="#ffeb46">මම ඒක කලින්ම නවත්තන්න තිබුනා.</font>

524
00:53:46,264 --> 00:53:47,098
<font color="#ffeb46">මට සමා වෙන්න.</font>

525
00:53:47,182 --> 00:53:49,225
<font color="#ffeb46">ඔයා මොකටද සමාව ගන්නේ?</font>

526
00:53:55,941 --> 00:53:56,775
<font color="#ffeb46">අම්මේ?</font>

527
00:54:00,320 --> 00:54:01,529
<font color="#ffeb46">අම්මේ.</font>

528
00:54:03,031 --> 00:54:04,240
<font color="#ffeb46">අම්මේ!</font>

529
00:54:10,372 --> 00:54:11,206
<font color="#ffeb46">අම්මේ.</font>

530
00:54:12,499 --> 00:54:13,708
<font color="#ffeb46">ටිකක් ඉවසන් ඉන්න.</font>

531
00:54:15,001 --> 00:54:16,544
<font color="#ffeb46">ඔයාට ඉක්මනට සනීප වෙයි.</font>

532
00:54:20,757 --> 00:54:22,634
<font color="#ffeb46">නෝනා, මෙතන මෙහෙම හැසිරෙන්න බෑ.</font>

533
00:54:22,717 --> 00:54:25,428
<font color="#ffeb46">එහෙනම් කියන්න ඇයි මාව ප්‍රතික්ෂේප කළේ කියලා.</font>

534
00:54:26,012 --> 00:54:27,931
<font color="#ffeb46">ඔයාට කිසිම පළපුරුද්දක් නෑනේ.</font>

535
00:54:28,014 --> 00:54:29,182
<font color="#ffeb46">මොකක්ද ඒ කිව්වේ?</font>

536
00:54:29,265 --> 00:54:31,184
<font color="#ffeb46">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

537
00:54:31,267 --> 00:54:33,395
<font color="#ffeb46">මම හැමදේම පැහැදිලිව ලිව්වනේ.</font>

538
00:54:34,229 --> 00:54:35,939
<font color="#ffeb46">-පේනවා නේද?
-කෝ දෙන්න බලන්න.</font>

539
00:54:36,982 --> 00:54:38,316
<font color="#ffeb46">හෙලෝ.</font>

540
00:54:42,237 --> 00:54:45,699
<font color="#ffeb46">ඔයා පලවෙනි රස්සාවෙන් අයින් වෙලා තියෙන්නේ
මාස තුනෙන්.</font>

541
00:54:45,782 --> 00:54:48,910
<font color="#ffeb46">මම බැඳපු ගමන්ම ප්‍රෙග්නන්ට් වුනා,
ඒ දවස්වල මට හොඳටම වමනේ ගියා.</font>

542
00:54:49,494 --> 00:54:50,537
<font color="#ffeb46">ආ එහෙමද.</font>

543
00:54:52,163 --> 00:54:53,248
<font color="#ffeb46">ඔයා දෙවෙනි රස්සාවෙනුත් අයින් වෙලා තියෙන්නේ</font>

544
00:54:53,873 --> 00:54:55,041
<font color="#ffeb46">මාස දෙකෙන්.</font>

545
00:54:55,125 --> 00:54:57,836
<font color="#ffeb46">මගේ දෙවෙනි දරුවා ඩේ කෙයා එකට
හුරු වෙන්න ටිකක් අමාරු වුනා.</font>

546
00:54:59,045 --> 00:55:01,089
<font color="#ffeb46">ඊටපස්සේ ඔයා තුන්වෙනි රස්සාවෙනුත්
මාසෙන් අයින් වෙලා.</font>

547
00:55:01,715 --> 00:55:05,093
<font color="#ffeb46">මගේ පොඩි එක්කෙනාට නියුමෝනියාව හැදුනා,
ඉතින් මට සිද්ධ වුනා එයා ළඟට--</font>

548
00:55:05,176 --> 00:55:06,052
<font color="#ffeb46">අන්න දැක්කද.</font>

549
00:55:06,136 --> 00:55:09,472
<font color="#ffeb46">ඔයා ගෙදර ගිහින් ළමයි බලාගන්න
එක තමයි හොඳ.</font>

550
00:55:09,556 --> 00:55:11,725
<font color="#ffeb46">පොඩි දේටත් රස්සාව දාලා යන
අයව අපි බඳවා ගන්නේ නෑ.</font>

551
00:55:11,808 --> 00:55:14,644
<font color="#ffeb46">එහෙම වුනාම කොම්පැනිය ලොකු අවුලක් වෙනවා.
දාඩිය දාගෙන නා ගන්න තමයි වෙන්නේ!</font>

552
00:55:15,603 --> 00:55:16,938
<font color="#ffeb46">ඒ මගේ පුතා තමයි.</font>

553
00:55:17,022 --> 00:55:19,524
<font color="#ffeb46">ජි-හ්‍යොක්ට කොම්පැනියේ තනතුරක් හදලා දෙන්න.</font>

554
00:55:20,108 --> 00:55:21,901
<font color="#ffeb46">මොකක්ද ඔයා ඒ කිව්වේ?</font>

555
00:55:21,985 --> 00:55:23,570
<font color="#ffeb46">බබාලගේ බඩු හදන කොම්පැනියක,</font>

556
00:55:23,653 --> 00:55:25,613
<font color="#ffeb46">අම්මා කෙනෙක් වෙන එක... වටිනාම වෘත්තීය</font>

557
00:55:25,697 --> 00:55:28,033
<font color="#ffeb46">පළපුරුද්දක් විදිහට සලකන්නේ නැත්තේ ඇයි?</font>

558
00:55:28,116 --> 00:55:30,577
<font color="#ffeb46">ඒක ඇත්ත. ඔයා හරි.</font>

559
00:55:30,660 --> 00:55:31,745
<font color="#ffeb46">මොකක්?</font>

560
00:55:32,412 --> 00:55:33,663
<font color="#ffeb46">එපා, ඒක කරන්න එපා, මිස් ගොං.</font>

561
00:55:33,747 --> 00:55:35,999
<font color="#ffeb46">එයාගෙන් කිසි වැඩක් ගන්න ලැබෙන්නේ නෑ.</font>

562
00:55:36,082 --> 00:55:37,792
<font color="#ffeb46">එයා දවස තිස්සෙම කෙඳිරි ගගා ඉඳලා</font>

563
00:55:37,876 --> 00:55:40,462
<font color="#ffeb46">එයාට ඕන වෙලාවක රස්සාව දාලා යයි.</font>

564
00:55:41,254 --> 00:55:42,589
<font color="#ffeb46">ඒක නියමයිනේ.</font>

565
00:55:42,672 --> 00:55:46,676
<font color="#ffeb46">අපි හරියටම එයා වගේ තව ගෑනු අය
ටිකක් හොයාගෙන</font>

566
00:55:46,760 --> 00:55:47,719
<font color="#ffeb46">ටීම් එකක් හදමු.</font>

567
00:55:47,802 --> 00:55:48,845
<font color="#ffeb46">ටීම් එකක්?</font>

568
00:55:48,928 --> 00:55:51,014
<font color="#ffeb46">කිසිම වැඩකට නැති රෙසුම් තියෙන,</font>

569
00:55:51,097 --> 00:55:52,474
<font color="#ffeb46">විකාර චරිත තියෙන,</font>

570
00:55:52,557 --> 00:55:54,559
<font color="#ffeb46">පිස්සු වැඩ කරන අයව ගන්න.</font>

571
00:55:54,642 --> 00:55:57,812
<font color="#ffeb46">අවුරුදු 6ට අඩු ළමයි ඉන්න ඕනම අම්මා
කෙනෙක්ව සාදරයෙන් පිළිගන්නවා.</font>

572
00:55:57,896 --> 00:56:00,356
<font color="#ffeb46">ඇයි අපි එහෙම අයව ගන්නේ?</font>

573
00:56:01,858 --> 00:56:03,943
<font color="#ffeb46">මගේ මල්ලි මේ කොම්පැනියට එනවනේ.</font>

574
00:56:04,027 --> 00:56:05,070
<font color="#ffeb46">ඉතින් එයාගේ අක්කා විදිහට,</font>

575
00:56:05,153 --> 00:56:07,947
<font color="#ffeb46">මම එයාට ගැළපෙන තනතුරක් හදලා දෙන්න එපායැ?</font>

576
00:56:18,958 --> 00:56:19,793
<font color="#ffeb46">අම්මේ.</font>

577
00:56:21,461 --> 00:56:22,295
<font color="#ffeb46">අම්මේ...</font>

578
00:56:24,339 --> 00:56:25,673
<font color="#ffeb46">ඔයාට සනීප වෙයි.</font>

579
00:56:26,466 --> 00:56:28,885
<font color="#ffeb46">ඔපරේෂන් එක හොඳටම වුනා.</font>

580
00:56:30,136 --> 00:56:32,597
<font color="#ffeb46">මම මේ ඔයා ළඟම ඉන්නවනේ.</font>

581
00:56:34,933 --> 00:56:36,726
<font color="#ffeb46">ඇයි ඔයා අඬන්නේ?</font>

582
00:56:36,810 --> 00:56:38,436
<font color="#ffeb46">ඔයාට දැනටමත් සනීප නෑනේ.</font>

583
00:56:44,984 --> 00:56:46,820
<font color="#ffeb46">සොරි...</font>

584
00:56:47,987 --> 00:56:50,031
<font color="#ffeb46">ඔයා මොකටද සමාව ඉල්ලන්නේ?</font>

585
00:56:51,199 --> 00:56:52,075
<font color="#ffeb46">අම්මේ.</font>

586
00:56:53,618 --> 00:56:55,328
<font color="#ffeb46">දැන් කිසි දේකට බය වෙන්න එපා.</font>

587
00:56:56,496 --> 00:56:58,373
<font color="#ffeb46">මම හැමදේම බලාගන්නම්.</font>

588
00:56:59,958 --> 00:57:01,751
<font color="#ffeb46">මාව විශ්වාස කරන්නකෝ.</font>

589
00:57:02,377 --> 00:57:03,336
<font color="#ffeb46">හරිද?</font>

590
00:57:04,420 --> 00:57:05,296
<font color="#ffeb46">හරිද?</font>

591
00:57:07,966 --> 00:57:09,467
<font color="#ffeb46">ලොකු දෙයක්.</font>

592
00:57:12,387 --> 00:57:14,889
<font color="#ffeb46">ඇයි ඔයා තාම අඬන්නේ?</font>

593
00:57:20,311 --> 00:57:21,479
<font color="#ffeb46">මොකද වුනේ?</font>

594
00:57:21,563 --> 00:57:22,981
<font color="#ffeb46">අඬන්න එපා ඉතින්.</font>

595
00:57:24,649 --> 00:57:25,859
<font color="#ffeb46">ස්තූතියි, සොන්-උ.</font>

596
00:57:26,985 --> 00:57:29,028
<font color="#ffeb46">අම්මා ජීවත් වෙන්නේ ඔයා හින්දා.</font>

597
00:57:30,321 --> 00:57:31,322
<font color="#ffeb46">විකාර කියන්න එපා.</font>

598
00:57:36,619 --> 00:57:38,705
<font color="#ffeb46">-දා-රිම්.
-ඇයි?</font>

599
00:57:40,373 --> 00:57:41,916
<font color="#ffeb46">මම කල්පනා කළේ,</font>

600
00:57:42,959 --> 00:57:44,127
<font color="#ffeb46">මම ස්ටූඩියෝ එක වැහුවොත්,</font>

601
00:57:44,210 --> 00:57:46,880
<font color="#ffeb46">ඩිපොසිට් එක ඇති වෙයි අම්මගේ
බෙහෙත් වියදම් කවර් කරගන්න.</font>

602
00:57:46,963 --> 00:57:48,465
<font color="#ffeb46">-ඒ හින්දා--
-මේ,</font>

603
00:57:48,548 --> 00:57:50,633
<font color="#ffeb46">ඔයා මේ මොනවා කියනවද?</font>

604
00:57:51,217 --> 00:57:52,677
<font color="#ffeb46">ඔයා ඇයි ඒ සල්ලි ගන්නේ?</font>

605
00:57:53,219 --> 00:57:55,305
<font color="#ffeb46">මම ඩිවෝස් වෙලා හොඳටම වැටිලා ඉද්දි</font>

606
00:57:55,388 --> 00:57:57,390
<font color="#ffeb46">ජුන්ව බලාගත්තේ අම්මා.</font>

607
00:57:59,934 --> 00:58:02,103
<font color="#ffeb46">එයා මටත් අම්මා කෙනෙක් වගේ තමයි.</font>

608
00:58:02,187 --> 00:58:03,605
<font color="#ffeb46">ඒකයි ඔයාට එපා කියන්නේ.</font>

609
00:58:04,397 --> 00:58:05,732
<font color="#ffeb46">අම්මත් කැමති වෙන එකක් නෑ ඔයා එහෙම කරනවට.</font>

610
00:58:06,316 --> 00:58:08,526
<font color="#ffeb46">අනික ඔයාට ජුන්ව හදන්නත් තියෙනවනේ.</font>

611
00:58:08,610 --> 00:58:10,778
<font color="#ffeb46">පිස්සු නැතුව ඉන්න. විකාර වැඩ කරන්න එපා.</font>

612
00:58:11,362 --> 00:58:12,489
<font color="#ffeb46">එහෙනම් මොකද කරන්නේ?</font>

613
00:58:13,364 --> 00:58:14,449
<font color="#ffeb46">පාට් ටයිම් කරන එක නවත්තලා,</font>

614
00:58:15,575 --> 00:58:18,036
<font color="#ffeb46">මම හරියට පඩි හම්බවෙන රස්සාවක්
හොයා ගන්නවා.</font>

615
00:58:19,454 --> 00:58:22,207
<font color="#ffeb46">මම වැඩ කරන්න ගත්තම,
මට ලෝන් එකක් ගන්නත් පුළුවන් වෙයිනේ.</font>

616
00:58:24,417 --> 00:58:26,085
<font color="#ffeb46">බලන්නකෝ ගෝ දා-රිම්ගේ තියෙන හයිය.</font>

617
00:58:32,300 --> 00:58:33,968
<font color="#ffeb46">මම අහලා තියෙනවා අපේ මස්පිඩු</font>

618
00:58:35,303 --> 00:58:38,223
<font color="#ffeb46">තවත් ශක්තිමත් වෙන්න නම්
ඒවා ඉරෙන්න ඕන කියලා.</font>

619
00:58:39,891 --> 00:58:41,267
<font color="#ffeb46">කොච්චර අමාරු වුනත්,</font>

620
00:58:42,060 --> 00:58:43,645
<font color="#ffeb46">මට ඕන අලුත්, ශක්තිමත් මස්පිඩු හදාගන්න.</font>

621
00:58:44,812 --> 00:58:46,523
<font color="#ffeb46">දැන් පවුලේ බර අදින්නේ මමනේ.</font>

622
00:58:47,148 --> 00:58:48,983
<font color="#ffeb46">කවුද ඔයාට එහෙම කිව්වේ?</font>

623
00:58:51,486 --> 00:58:53,738
<font color="#ffeb46">මම දන්න කෙනෙක්.</font>

624
00:59:00,203 --> 00:59:02,997
<font color="#ffeb46">වයස හරි ගියත්,
මට පළපුරුද්ද මදි වෙනවා.</font>

625
00:59:04,207 --> 00:59:07,085
<font color="#ffeb46">ආධුනිකයෙක් විදිහට මාව ගන්න කැමති
කොම්පැනියක් නෑ.</font>

626
00:59:08,461 --> 00:59:09,712
<font color="#ffeb46">මේක ලේසි වෙන එකක් නෑ.</font>

627
00:59:12,966 --> 00:59:16,135
<font color="#ffeb46">"වයස, පළපුරුද්ද හෝ
අධ්‍යාපනය අවශ්‍ය නොවේ"?</font>

628
00:59:18,680 --> 00:59:20,139
<font color="#ffeb46">"සුදුසුකම්."</font>

629
00:59:20,223 --> 00:59:22,934
<font color="#ffeb46">"අවුරුදු 6ට අඩු ළමයෙක් හදන මවක් වීම."</font>

630
00:59:23,810 --> 00:59:24,727
<font color="#ffeb46">එච්චරද?</font>

631
00:59:26,729 --> 00:59:27,689
<font color="#ffeb46">ඔව්නේ.</font>

632
00:59:29,065 --> 00:59:30,775
<font color="#ffeb46">ළමයෙක් හිටියම ඇතිද?</font>

633
00:59:33,361 --> 00:59:34,737
<font color="#ffeb46">ඉතින් මොකක්ද?</font>

634
00:59:35,530 --> 00:59:37,740
<font color="#ffeb46">මට එකපාරටම ළමයෙක් හදාගන්න යැ.</font>

635
00:59:39,909 --> 00:59:42,579
<font color="#ffeb46">කිම් ජුන්, මම කිව්වා නේද දුවන්න එපා කියලා.</font>

636
00:59:42,662 --> 00:59:45,206
<font color="#ffeb46">ඔයා නිදාගන්නෙත් නෑනේ.
මම තව ටිකක් සෙල්ලම් කරනවා.</font>

637
00:59:45,290 --> 00:59:46,791
<font color="#ffeb46">මෙහෙ එනවා! දැන්මම!</font>

638
00:59:49,919 --> 00:59:51,212
<font color="#ffeb46">මම ඇල්ලුවොත් හොඳ වැඩක් කරනවා ඔයාට!</font>

639
00:59:54,215 --> 00:59:55,758
<font color="#ffeb46">ඒ කියන්නේ,</font>

640
00:59:55,842 --> 00:59:57,635
<font color="#ffeb46">අපේ ගෙදර ළමයෙක් ඉන්නවනේ.</font>

641
00:59:57,719 --> 00:59:59,554
<font color="#ffeb46">-මෙහෙ එන්න.
-බෑ!</font>

642
01:00:00,471 --> 01:00:03,808
<font color="#ffeb46">මම මේ කියවන විකාර.</font>

643
01:00:03,891 --> 01:00:05,143
<font color="#ffeb46">ඒත් ඉතින්,</font>

644
01:00:05,810 --> 01:00:08,479
<font color="#ffeb46">ජුන් මාත් එක්ක හරිම එකතුයිනේ.</font>

645
01:00:08,563 --> 01:00:11,232
<font color="#ffeb46">-අහුවුනා!
-මට එයාට අම්මා කෙනෙක් වගේ වෙන්න පුළුවන්නේ.</font>

646
01:00:12,734 --> 01:00:13,568
<font color="#ffeb46">ඇල්ලුවා!</font>

647
01:00:15,486 --> 01:00:16,446
<font color="#ffeb46">අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න</font>

648
01:00:17,030 --> 01:00:18,573
<font color="#ffeb46">නෑ, මට බෑ.</font>

649
01:00:19,240 --> 01:00:20,950
<font color="#ffeb46">එතකොට මම කරන්නේ පට්ට බොරුවක්නේ.</font>

650
01:00:21,034 --> 01:00:22,869
<font color="#ffeb46">වංචාකාරයෝ විතරයි එහෙම කරන්නේ.</font>

651
01:00:23,828 --> 01:00:25,121
<font color="#ffeb46">අනේ මන්දා.</font>

652
01:00:42,889 --> 01:00:43,931
<font color="#ffeb46">දා-රිම්.</font>

653
01:01:09,582 --> 01:01:10,625
<font color="#ffeb46">තාත්තේ.</font>

654
01:01:11,125 --> 01:01:13,002
<font color="#ffeb46">මම දන්නවා මේක වැරදියි කියලා.</font>

655
01:01:14,212 --> 01:01:16,673
<font color="#ffeb46">ඒත් මට අම්මගේ බෙහෙත් වලට ගෙවන්න තියෙනවා,</font>

656
01:01:16,756 --> 01:01:18,216
<font color="#ffeb46">මම ඒ පොලිය ගෙව්වේ නැත්නම්,</font>

657
01:01:18,299 --> 01:01:20,385
<font color="#ffeb46">අපිට පාරට වැටෙන්න වෙන්නේ,
ඉතින් මම මොකද කරන්නේ?</font>

658
01:01:21,260 --> 01:01:24,180
<font color="#ffeb46">මට ඇත්තටම වෙන කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ.</font>

659
01:01:24,263 --> 01:01:25,723
<font color="#ffeb46">ඒ නිසා අනේ...</font>

660
01:01:27,141 --> 01:01:31,354
<font color="#ffeb46">මට පවුල බේරගන්න පුළුවන් වෙන්න,
මේ පාර විතරක් මට සමාවෙන්න.</font>

661
01:01:31,437 --> 01:01:32,313
<font color="#ffeb46">හරිද?</font>

662
01:01:33,690 --> 01:01:35,149
<font color="#ffeb46">මට සමාවෙන්න.</font>

663
01:01:39,237 --> 01:01:40,780
<font color="#ffeb46">අහක බලාගන්න.</font>

664
01:01:46,411 --> 01:01:47,787
<font color="#ffeb46">පුද්ගලික තොරතුරු</font>

665
01:01:47,870 --> 01:01:52,375
<font color="#ffeb46">සැමියා: කිම් සොන්-උ
දරුවා: කිම් ජුන්</font>

666
01:01:52,458 --> 01:01:53,418
<font color="#ffeb46">ඉදිරිපත් කරන්න</font>

667
01:01:56,754 --> 01:02:00,883
<font color="#ffeb46">වයස 30යි, එයාට තියෙන එකම පළපුරුද්ද
ඉපදුන එකයි ළමයෙක්ව හදපු එකයි විතරයි.</font>

668
01:02:02,844 --> 01:02:03,720
<font color="#ffeb46">මෙයා හරියටම හරියනවා.</font>

669
01:02:07,265 --> 01:02:08,224
<font color="#ffeb46">ජි-හ්‍යොක්.</font>

670
01:02:10,601 --> 01:02:11,811
<font color="#ffeb46">ඔයා මට කතා කළාද?</font>

671
01:02:13,604 --> 01:02:15,106
<font color="#ffeb46">කොම්පැනියට සාදරයෙන් පිළිගන්නවා.</font>

672
01:02:15,189 --> 01:02:16,774
<font color="#ffeb46">ඔයා මෙහෙ ඉන්න එක මට ලොකු හයියක්.</font>

673
01:02:16,858 --> 01:02:17,942
<font color="#ffeb46">ඕන නෑ.</font>

674
01:02:18,443 --> 01:02:21,446
<font color="#ffeb46">මට බබාලගේ බඩු ගැන කිසි උනන්දුවකුත් නෑ,
දැනුමකුත් නෑ.</font>

675
01:02:21,529 --> 01:02:24,532
<font color="#ffeb46">ඔයා කරන්න කැමති දෙයක් තියෙනවද?
ඔයා ජොයින් වෙන්න කැමති ටීම් එකක් එහෙම?</font>

676
01:02:24,615 --> 01:02:27,827
<font color="#ffeb46">නෑ, මාව නිකම්ම නිකන් ඉන්න පුළුවන්,
වගකීම් අඩුම ටීම් එකකට දාන්න.</font>

677
01:02:27,910 --> 01:02:29,454
<font color="#ffeb46">මට එහෙම කරන්න බෑ.</font>

678
01:02:29,537 --> 01:02:30,705
<font color="#ffeb46">මට ඔයාගේ දක්ෂතාවය අපතේ යවන්න බෑනේ.</font>

679
01:02:31,914 --> 01:02:35,752
<font color="#ffeb46">ඇත්තටම, අපි ටික කාලෙක ඉඳන් හදන්න
ප්ලෑන් කරපු කාර්ය සාධක බලකායක් තියෙනවා.</font>

680
01:02:35,835 --> 01:02:37,378
<font color="#ffeb46">-TF ටීම් එකක්?
-ඔව්.</font>

681
01:02:37,462 --> 01:02:39,797
<font color="#ffeb46">අපි අම්මලා ඉන්න ටීම් එකක් හදන්නයි
ප්ලෑන් කරන්නේ.</font>

682
01:02:39,881 --> 01:02:42,091
<font color="#ffeb46">මාකටිං, කස්ටමර් සර්විස් වගේ හැමදේටම
එයාලා සම්බන්ධ වෙනවා,</font>

683
01:02:42,175 --> 01:02:44,260
<font color="#ffeb46">එයාලගේ ඇත්ත අත්දැකීම් එක්ක</font>

684
01:02:44,343 --> 01:02:45,303
<font color="#ffeb46">අලුත් බඩු හදන්න පවා උදව් වෙයි.</font>

685
01:02:45,887 --> 01:02:46,804
<font color="#ffeb46">පාරිභෝගික නියෝජිත ටීම් එකක් වගේ කියල හිතන්නකෝ.</font>

686
01:02:49,807 --> 01:02:50,808
<font color="#ffeb46">ඇයි මම ඒ ටීම් එක බාරගන්නේ?</font>

687
01:02:50,892 --> 01:02:51,976
<font color="#ffeb46">මේකයි,</font>

688
01:02:52,643 --> 01:02:53,770
<font color="#ffeb46">රස්සාවල් නැතිවුන ගෑනු අයට</font>

689
01:02:53,853 --> 01:02:55,938
<font color="#ffeb46">රස්සාවල් දෙන වැඩසටහන් වලට
ආණ්ඩුවෙනුත් සහයෝගය දෙනවනේ.</font>

690
01:02:56,773 --> 01:02:59,025
<font color="#ffeb46">ඉතින් මේකට හැම පැත්තෙන්ම හොඳ අවධානයක් ලැබෙයි.</font>

691
01:02:59,817 --> 01:03:01,611
<font color="#ffeb46">ඔයා කැමතිද රෙසුම් ටික පොඩ්ඩක් බලන්න?</font>

692
01:03:03,362 --> 01:03:04,697
<font color="#ffeb46">මේ තමයි අන්තිමට තේරුණ අයගේ ලිස්ට් එක.</font>

693
01:03:14,457 --> 01:03:16,501
<font color="#ffeb46">රෙසුම්</font>

694
01:03:33,726 --> 01:03:35,102
<font color="#ffeb46">ඕන නෑ.</font>

695
01:03:35,186 --> 01:03:37,313
<font color="#ffeb46">ඔයා කැමති කෙනෙක්ව බඳවා ගන්න.</font>

696
01:03:37,396 --> 01:03:38,231
<font color="#ffeb46">මම යනවා.</font>

697
01:03:38,314 --> 01:03:41,275
<font color="#ffeb46">ඔයා මේ මොනවා කියනවද?
ඔයා තමයි මේ ටීම් එක ලීඩ් කරන්න ඕන.</font>

698
01:03:41,859 --> 01:03:43,611
<font color="#ffeb46">හෙට ඉන්ටර්විව් එකට අනිවාර්යයෙන්ම ඉන්න ඕන.</font>

699
01:03:44,278 --> 01:03:46,823
<font color="#ffeb46">2025 නැචුරල් බෙබේ
නව මව්වරුන්ගේ TF කණ්ඩායම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ</font>

700
01:03:49,867 --> 01:03:52,119
<font color="#ffeb46">හෙලෝ, මම ආවේ මව්වරුන්ගේ TF ටීම් එකේ
ඉන්ටර්විව් එකට.</font>

701
01:03:52,203 --> 01:03:54,664
<font color="#ffeb46">මම පුතාලා දෙන්නෙක්ගෙයි දුවෙක්ගෙයි
අම්මා කෙනෙක්.</font>

702
01:03:54,747 --> 01:03:58,042
<font color="#ffeb46">මම අවුරුදු 20දී කරපු
පළවෙනි පාට් ටයිම් ජොබ් එක තමයි</font>

703
01:03:58,125 --> 01:04:00,628
<font color="#ffeb46">ප්ලේ ග්‍රවුන්ඩ් කියන ළමා සුරැකුම් මධ්‍යස්ථානය.</font>

704
01:04:00,711 --> 01:04:03,464
<font color="#ffeb46">මම විශ්වාස කරනවා පළපුරුද්දට වඩා
වටින දෙයක් නෑ කියලා.</font>

705
01:04:03,548 --> 01:04:06,759
<font color="#ffeb46">බබාලගේ බඩු ගොඩක් පාවිච්චි කරලා තියෙන
මගේ අත්දැකීම් එක්ක,</font>

706
01:04:06,843 --> 01:04:10,054
<font color="#ffeb46">නැචුරල් බෙබේ එකට වාසියක් වෙන විදිහේ
නිෂ්පාදනයක් හදන්න මම බලාපොරොත්තු වෙනවා.</font>

707
01:04:10,137 --> 01:04:13,015
<font color="#ffeb46">සියලුම මව්වරුන් සඳහා ස්වභාවික නිෂ්පාදන,
නැචුරල් බෙබේ.</font>

708
01:04:13,099 --> 01:04:14,308
<font color="#ffeb46">ඔයාලත් එක්ක වැඩ කරන්න මම ආසාවෙන් ඉන්නවා.</font>

709
01:04:14,392 --> 01:04:15,643
<font color="#ffeb46">-ස්තූතියි.
-ඔයාලත් එක්ක වැඩ කරන්න මම ආසාවෙන් ඉන්නවා.</font>

710
01:04:15,726 --> 01:04:16,853
<font color="#ffeb46">ඉදිරියට අපිත් එක්ක හොඳින් වැඩ කටයුතු කරගෙන යමු.</font>

711
01:04:16,936 --> 01:04:19,230
<font color="#ffeb46">ප්‍රතිඵලය: සමත්</font>

712
01:04:19,313 --> 01:04:20,147
<font color="#ffeb46">සම්මුඛ පරීක්ෂණ අපේක්ෂකයින් රැඳී සිටින කාමරය</font>

713
01:04:20,231 --> 01:04:21,858
<font color="#ffeb46">නැචුරල් බේබි
මදර් TF කණ්ඩායම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය</font>

714
01:04:30,283 --> 01:04:31,742
<font color="#ffeb46">අයදුම්කරු අංක 51, ගෝ දා-රිම් මෙනවිය.</font>

715
01:04:32,743 --> 01:04:34,203
<font color="#ffeb46">දැන් ඔයාට එන්න පුළුවන්.</font>

716
01:04:35,705 --> 01:04:37,290
<font color="#ffeb46">අයදුම්පත</font>

717
01:05:06,944 --> 01:05:10,114
<font color="#ffeb46">ආයුබෝවන්. මගේ නම ගෝ දා-රිම්.</font>

718
01:05:43,356 --> 01:05:48,277
<font color="#e3a113"><b>ඩයිනමයිට් කිස්</b></font>

719
01:06:08,381 --> 01:06:10,508
<font color="#ffeb46">ඇයි අර මනුස්සයා මෙතන ඉන්නේ?</font>

720
01:06:10,591 --> 01:06:13,344
<font color="#ffeb46">ඇයි ඔයා මට කිව්වේ
ඔයාට කොල්ලෙක් නෑ කියලා?</font>

721
01:06:13,427 --> 01:06:14,595
<font color="#ffeb46">මට කොල්ලෙක් නෑ තමයි.</font>

722
01:06:14,679 --> 01:06:16,555
<font color="#ffeb46">මට මහත්තයෙක් ඉන්නේ.</font>

723
01:06:16,639 --> 01:06:19,016
<font color="#ffeb46">ඔයාගේ විකාර මට ඇති වෙලා තියෙන්නේ. මෙතනින් යනවා යන්න.</font>

724
01:06:19,100 --> 01:06:20,685
<font color="#ffeb46">මට යන්න බෑ!</font>

725
01:06:20,768 --> 01:06:22,353
<font color="#ffeb46">-බෑ?
-ඔව් මම යන්නේ නෑ.</font>

726
01:06:22,436 --> 01:06:23,479
<font color="#ffeb46">ඔයාට පිස්සුද?</font>

727
01:06:23,562 --> 01:06:25,314
<font color="#ffeb46">මාස හයක් විතරක් මගේ මහත්තයා වගේ ඉන්න.</font>

728
01:06:25,398 --> 01:06:28,818
<font color="#ffeb46">ඊළඟ මාස හයේ කාලා බීලා, රවුම් ගහලා,
සැපට නිකන් ඉන්න තියෙන්නේ.</font>

729
01:06:28,901 --> 01:06:32,113
<font color="#ffeb46">හැබැයි, මට කිසි කරදරයක් නොවී ඉන්න ඕනේ.</font>

730
01:06:32,196 --> 01:06:33,781
<font color="#ffeb46">මේක නිසා මම අයින් වෙයි කියලා හිතුවද?</font>

731
01:06:33,864 --> 01:06:36,701
<font color="#ffeb46">බලමු කවුද දිනන්නේ කියලා.</font>

732
01:06:36,784 --> 01:06:38,494
<font color="#ffeb46">තවත් කතා කරන්න දෙයක් නෑ.
ඉල්ලා අස්වීමේ ලියුම දීලා යන්න.</font>

733
01:06:38,577 --> 01:06:39,996
<font color="#ffeb46">දැන් ඔයාට යන්න පුළුවන්.</font>

734
01:06:40,079 --> 01:06:41,789
<font color="#ffeb46">මම මේ රිදී හැන්ද කටේ දාගෙන ඉපදිලා,</font>

735
01:06:41,872 --> 01:06:43,582
<font color="#ffeb46">එදා වේල ගැන වද නොවී ඉන්න ජාතියේ කෙනෙක් නෙවෙයි.</font>

736
01:06:44,083 --> 01:06:45,626
<font color="#ffeb46">එහෙමද? එහෙනම් මම යනවා.</font>

737
01:06:45,710 --> 01:06:49,922
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

