1
00:01:15,824 --> 00:01:17,824
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:17,848 --> 00:01:19,848


3
00:01:19,872 --> 00:01:21,707
<font color="#ffbf46">උරුම දේපල බෙදා වෙන් කිරීමේ ගිවිසුම</font>

4
00:01:22,333 --> 00:01:25,127
<font color="#ffbf46">"උරුම දේපල බෙදා වෙන් කිරීමේ ගිවිසුම"?</font>

5
00:01:34,804 --> 00:01:35,721
<font color="#ffbf46">සුන් හී-යොන්</font>

6
00:01:35,805 --> 00:01:36,847
<font color="#ffbf46">සුන් හී-යොන්?</font>

7
00:01:40,059 --> 00:01:43,187
<font color="#ffbf46">ඇයි මැරිච්ච කෙනෙක්ගේ මුද්‍රාවක්
මෙතන තියෙන්නේ?</font>

8
00:01:47,817 --> 00:01:49,109
<font color="#ffbf46"><i>සුන් හන්-ග්‍යුල්?</i></font>

9
00:01:51,654 --> 00:01:53,531
<font color="#ffbf46">කවුද... ඔයා?</font>

10
00:01:54,281 --> 00:01:55,282
<font color="#ffbf46">මම කවුද?</font>

11
00:01:56,867 --> 00:01:57,868
<font color="#ffbf46">හොඳයි...</font>

12
00:01:58,661 --> 00:01:59,912
<font color="#ffbf46"><i>"සුන් හී-යොන්."</i></font>

13
00:02:04,333 --> 00:02:06,961
<font color="#ffbf46">ඒ මගේ අම්මගේ නම,
ඔයා කිව්වේ එයා ගින්නකින් මැරුණා කියලනේ.</font>

14
00:02:15,594 --> 00:02:16,512
<font color="#ffbf46">හන්-ග්‍යුල්.</font>

15
00:02:19,515 --> 00:02:21,725
<font color="#ffbf46">මැරිච්ච කෙනෙක්ගේ මුද්‍රාවක්
කොහොමද මෙතනට ආවේ?</font>

16
00:02:23,394 --> 00:02:26,438
<font color="#ffbf46">මම හැමදේම පැහැදිලි කරන්නම්, කලබල වෙන්න එපා.</font>

17
00:02:26,522 --> 00:02:28,691
<font color="#ffbf46">මිනිස්සු ඇතුලේ නිදාගෙන ඉන්නවා...
එයා ජීවත් වෙලා ඉන්නවද?</font>

18
00:02:33,571 --> 00:02:34,989
<font color="#ffbf46">මම ඇහුවේ, එයා ජීවත් වෙලා ඉන්නවද කියලා?</font>

19
00:02:42,246 --> 00:02:44,540
<font color="#ffbf46">මොකද වුනේ? මොකක්ද මේ ප්‍රශ්නේ?</font>

20
00:02:49,879 --> 00:02:51,380
<font color="#ffbf46">නෑ, මොකුත් නෑ.</font>

21
00:02:53,299 --> 00:02:56,594
<font color="#ffbf46">මට නම් පේන්නේ නෑ මොකුත් නෑ වගේ.</font>

22
00:03:03,350 --> 00:03:05,936
<font color="#ffbf46">ඇතුලට යන්න. මම රත් වුනු බ්ලැන්කට් එකක් ගෙනත් දෙන්නම්.</font>

23
00:03:14,945 --> 00:03:16,864
<font color="#ff7e16"><b>9 වන කොටස</b></font>

24
00:03:22,828 --> 00:03:24,371
<font color="#ffbf46">කෑම කන්න, හන්-ග්‍යුල්.</font>

25
00:03:24,455 --> 00:03:27,458
<font color="#ffbf46">මාමා ඔයා ආස කැඳ එක හදලා තියෙන්නේ.</font>

26
00:03:38,594 --> 00:03:39,803
<font color="#ffbf46">හන්-ග්‍යුල්.</font>

27
00:03:40,930 --> 00:03:42,973
<font color="#ffbf46">මම ඉස්කෝලේ යනවා.
ඉන්න.</font>

28
00:03:43,057 --> 00:03:45,601
<font color="#ffbf46">මට ඔයාට ආච්චිගේ 70 වෙනි උපන්දිනේට
ආරාධනා පත්‍රයක් දෙන්න තියෙනවා.</font>

29
00:03:45,684 --> 00:03:47,853
<font color="#ffbf46">ඔයා ඉස්කෝලේ යනවද? තාම වෙලාව තියෙනවනේ.</font>

30
00:03:50,439 --> 00:03:51,315
<font color="#ffbf46">ඒයි.</font>

31
00:03:53,734 --> 00:03:54,985
<font color="#ffbf46">නපුරු හන්-ග්‍යුල්.</font>

32
00:03:57,988 --> 00:03:58,906
<font color="#ffbf46">ඇයි?</font>

33
00:04:01,784 --> 00:04:02,701
<font color="#ffbf46"><i>"සුන් හී-යොන්."</i></font>

34
00:04:04,203 --> 00:04:06,956
<font color="#ffbf46">ඒ මගේ අම්මගේ නම,
ඔයා කිව්වේ එයා ගින්නකින් මැරුණා කියලනේ.</font>

35
00:04:08,832 --> 00:04:09,833
<font color="#ffbf46">එයා ජීවත් වෙලා ඉන්නවද?</font>

36
00:04:11,961 --> 00:04:13,170
<font color="#ffbf46">මම ඇහුවේ, එයා ජීවත් වෙලා ඉන්නවද?</font>

37
00:04:17,675 --> 00:04:19,093
<font color="#ffbf46">මම නතර වුනු එකට සල්ලි ගෙවන්නම්.</font>

38
00:04:19,176 --> 00:04:21,553
<font color="#ffbf46">ඒක ඕනේ නෑ.
මට ඒක ගෙවන්න ඕනේ.</font>

39
00:04:22,513 --> 00:04:26,266
<font color="#ffbf46">මම කාටවත් ණය වෙලා ඉන්න කැමති නෑ,
මේ තත්වේ මට හරි අපහසුයි.</font>

40
00:04:27,226 --> 00:04:28,519
<font color="#ffbf46">අදට මේක ඉවරයි කියලා හිතමුකෝ.</font>

41
00:04:28,602 --> 00:04:31,355
<font color="#ffbf46">මම ඔයාට අයිස්ක්‍රීම් හරි මොනවා හරි අරන් දෙන්නම්,</font>

42
00:04:31,981 --> 00:04:33,273
<font color="#ffbf46">ඔයා ආවම මට කතා කරන්න.</font>

43
00:04:42,950 --> 00:04:44,827
<font color="#ffbf46">ලෝක ඉතිහාසය</font>

44
00:05:02,594 --> 00:05:03,679
<font color="#ffbf46">මේ.</font>

45
00:05:05,014 --> 00:05:05,973
<font color="#ffbf46">මම ආවා.</font>

46
00:05:07,266 --> 00:05:08,183
<font color="#ffbf46">හන්-ග්‍යුල්.</font>

47
00:05:11,311 --> 00:05:14,231
<font color="#ffbf46">ඔයාගේ හිත එක තැනක නෑ වගේ,
විභාගෙට අවධානය දෙන්නත් අමාරු වෙන්න ඇති.</font>

48
00:05:15,941 --> 00:05:20,362
<font color="#ffbf46">ඔයාට මොනවා හරි දැනගන්න ඕන නම්,
ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව මගෙන් අහන්න.</font>

49
00:05:21,071 --> 00:05:24,575
<font color="#ffbf46">මම පුළුවන් විදිහට උත්තර දෙන්නම්, හරිද?</font>

50
00:05:24,658 --> 00:05:28,078
<font color="#ffbf46"><i>අවුරුදු 18ක්ම මට බොරු කියපු ඔයාගෙන්</i>
<i>මම මොනවා බලාපොරොත්තු වෙන්නද?</i></font>

51
00:05:28,162 --> 00:05:28,996
<font color="#ffbf46">හන්-ග්‍යුල්.</font>

52
00:05:31,707 --> 00:05:34,585
<font color="#ffbf46">දොං-ප්යෝ මට කිව්වා හෙට පාටියට
උදව් කරන්න කියලා.</font>

53
00:05:34,668 --> 00:05:37,379
<font color="#ffbf46">මට පාන්දරින්ම යන්න ඕනේ.
මම කලින් නිදාගන්න යනවා.</font>

54
00:05:41,383 --> 00:05:43,218
<font color="#ffbf46">හරි, ටිකක් විවේක ගන්නකෝ.</font>

55
00:05:43,302 --> 00:05:45,471
<font color="#ffbf46">අපි හෙට පාටියෙන් පස්සේ කතා කරමු, හරිද?</font>

56
00:05:46,305 --> 00:05:48,932
<font color="#ffbf46">ඔයාට දැනගන්න ඕන ඕනම දෙයක් මගෙන් අහන්න.</font>

57
00:06:08,035 --> 00:06:09,620
<font color="#ffbf46">මම ඔයාගෙන් අහන්නේ නෑ, මාමේ.</font>

58
00:06:10,579 --> 00:06:12,289
<font color="#ffbf46">මම කෙලින්ම එයාගෙන්ම අහගන්නම්.</font>

59
00:06:16,710 --> 00:06:19,922
<font color="#ffbf46">"සෝචෝ-ගු, 33-5 බැල්පෝ-දොං."</font>

60
00:06:30,349 --> 00:06:31,391
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

61
00:06:32,142 --> 00:06:35,896
<font color="#ffbf46">මේක සේවාදායකයෝ නැති පොඩි නීතීඥවරයෙක්ගේ
අලුත් මාර්කටින් ට්‍රික් එකක්.</font>

62
00:06:41,443 --> 00:06:42,736
<font color="#ffbf46">නඩු වාර්තා</font>

63
00:06:45,739 --> 00:06:47,074
<font color="#ffbf46">ගුරුවරුන්ට පහරදීම පිළිබඳ උසාවි තීන්දු</font>

64
00:06:47,157 --> 00:06:49,827
<font color="#ffbf46">ඔයා කිව්වනේ ඔයාගේ යාලුවෙක්ගේ යාලුවෙක්ට</font>

65
00:06:50,494 --> 00:06:52,621
<font color="#ffbf46">දෙමව්පියෙක් පහර දුන්නා කියලා.</font>

66
00:06:56,250 --> 00:07:00,546
<font color="#ffbf46">මම වැඩ කරපු නඩු වලට අදාළ නීතිමය ලියකියවිලි
සහ උසාවි තීන්දු එකතු කරා.</font>

67
00:07:01,046 --> 00:07:03,841
<font color="#ffbf46">මට හිතුනා අර යාලුවට මේවා ප්‍රයෝජනවත් වෙයි කියලා.</font>

68
00:07:04,800 --> 00:07:06,510
<font color="#ffbf46">ස්තූතියි...</font>

69
00:07:08,554 --> 00:07:12,141
<font color="#ffbf46">ඒත් මම හිතන්නේ ඒ යාලුවා කැමති
ඕක යටගහලා දාලා නිකන් ඉන්න.</font>

70
00:07:21,817 --> 00:07:23,569
<font color="#ffbf46">ලෝකේ කිසිම දෙයක් නිකන්ම යටගහන්න හොඳ නෑ.</font>

71
00:07:28,073 --> 00:07:31,201
<font color="#ffbf46">දෙයක් යට ගැහුවාම,
ඒක ආයෙමත් ගොඩගන්න ගොඩක් අමාරුයි.</font>

72
00:07:35,622 --> 00:07:36,957
<font color="#ffbf46">එහෙනම් මේ පණිවිඩයත් දෙන්න.</font>

73
00:07:37,624 --> 00:07:39,793
<font color="#ffbf46">මේ ප්‍රශ්නේ මමම විසඳගන්නම් කියලා.</font>

74
00:07:40,502 --> 00:07:41,378
<font color="#ffbf46">අමතක කරන්න එපා,</font>

75
00:07:42,296 --> 00:07:44,423
<font color="#ffbf46">නීතීඥ චෝයි අයි-ජුන්...</font>

76
00:07:46,091 --> 00:07:47,259
<font color="#ffbf46">හැමතිස්සෙම ඔයාගේ පැත්තේ ඉන්නවා කියලා.</font>

77
00:08:12,159 --> 00:08:14,620
<font color="#ffbf46">සුන් ජේ-ග්‍යු ද මේ ඔක්කොම තනියම හැදුවේ?</font>

78
00:08:14,703 --> 00:08:15,579
<font color="#ffbf46">පිස්සුද.</font>

79
00:08:15,662 --> 00:08:19,541
<font color="#ffbf46">මුලින් තනිකඩයෙක් විදිහට අපිළිවෙලට හිටියට,</font>

80
00:08:19,625 --> 00:08:22,044
<font color="#ffbf46">බලන් ගියාම මිනිහා හොඳ සැමියෙක් වෙන්න
සුදුසු කෙනෙක්නේ.</font>

81
00:08:26,840 --> 00:08:27,674
<font color="#ffbf46">ස්තූතියි.</font>

82
00:08:28,759 --> 00:08:30,552
<font color="#ffbf46">මුලින්ම,</font>

83
00:08:30,636 --> 00:08:35,015
<font color="#ffbf46">මම හදවතින්ම සුබ පතනවා යැං බොක්-හී මහත්මියගේ
70 වෙනි උපන්දිනේට.</font>

84
00:08:41,063 --> 00:08:43,523
<font color="#ffbf46">මම දැනගෙන හිටියා ගොඩක් වැඩිහිටියෝ මෙතන ඉන්නවා කියලා,</font>

85
00:08:43,607 --> 00:08:48,070
<font color="#ffbf46">ඒ නිසා මම සෞඛ්‍යය සහ රසය
දෙකම ගැන අවධානය දුන්නා.</font>

86
00:08:48,153 --> 00:08:51,031
<font color="#ffbf46">මෙතන බැලුවොත්,
මේ පදම් කරපු මාළු වලට,</font>

87
00:08:51,114 --> 00:08:55,077
<font color="#ffbf46">මම සීනි වෙනුවට පෙයාර්ස් යුෂ පාවිච්චි කරේ
රැධිරයේ සීනි මට්ටම ගැන හිතලා.</font>

88
00:08:55,160 --> 00:08:56,578
<font color="#ffbf46">මේ ජොන් වලට,</font>

89
00:08:56,662 --> 00:08:59,498
<font color="#ffbf46">මම සෝයා තෙල් භාගයක් සහ
තල තෙල් භාගයක් පාවිච්චි කරේ</font>

90
00:08:59,581 --> 00:09:02,334
<font color="#ffbf46">දුම එන එක අඩු කරන්නත්
රසය වැඩි කරන්නත් එක්ක.</font>

91
00:09:02,417 --> 00:09:05,295
<font color="#ffbf46">ගෙදර වගේ හිතාගන්න,
කෑම ඕන තරම් තියෙනවා.</font>

92
00:09:05,379 --> 00:09:06,672
<font color="#ffbf46">කැමති තරම් රස විඳින්න.</font>

93
00:09:07,756 --> 00:09:08,715
<font color="#ffbf46">තව එක දෙයක්.</font>

94
00:09:09,633 --> 00:09:11,551
<font color="#ffbf46">මම මෙතනම රිබ්ස් ටික ග්‍රිල් කරලා දෙන්නම්.</font>

95
00:09:19,101 --> 00:09:22,396
<font color="#ffbf46">LA ගල්බි. ඊළඟ කෙනා.
රස විඳින්න.</font>

96
00:09:22,479 --> 00:09:23,772
<font color="#ffbf46">ඊළඟ කෙනා.</font>

97
00:09:24,648 --> 00:09:26,650
<font color="#ffbf46">මොකද වෙන්නේ?
ඔයා මගේ මැසේජ් වලට උත්තර දුන්නේ නෑනේ.</font>

98
00:09:28,026 --> 00:09:31,196
<font color="#ffbf46">ඔයාට පේනවනේ, කෑම ලෑස්ති කරන වැඩ නිසා
මට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.</font>

99
00:09:32,030 --> 00:09:35,117
<font color="#ffbf46">මට හන්-ග්‍යුල් ගැන දෙයක්
කතා කරන්න ඕන වෙලා තිබුණේ.</font>

100
00:09:40,831 --> 00:09:42,124
<font color="#ffbf46">හරි.</font>

101
00:09:44,793 --> 00:09:45,669
<font color="#ffbf46">යුක්හෝ ටිකක් කමුද?</font>

102
00:09:46,670 --> 00:09:48,797
<font color="#ffbf46">මෙන්න, ඔයාම ග්‍රිල් කරගන්න.</font>

103
00:09:48,880 --> 00:09:50,799
<font color="#ffbf46">බොම්, පොඩ්ඩක් එන්නකෝ.</font>

104
00:09:56,596 --> 00:09:58,098
<font color="#ffbf46">හන්-ග්‍යුල්ට මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

105
00:09:58,181 --> 00:09:59,433
<font color="#ffbf46">ඒක තමයි පුදුමේ.</font>

106
00:09:59,516 --> 00:10:01,184
<font color="#ffbf46">එයා එයාගේ අම්මා ගැන කිසිම දෙයක් ඇහුවේ නෑ.</font>

107
00:10:01,268 --> 00:10:03,562
<font color="#ffbf46">පාටියක්නේ, නූඩ්ල්ස් අනිවාර්යයි නේ.</font>

108
00:10:04,771 --> 00:10:06,523
<font color="#ffbf46">ඔව්, ඇත්තටම.</font>

109
00:10:06,606 --> 00:10:08,608
<font color="#ffbf46">මෙන්න, කන්නකෝ.</font>

110
00:10:08,692 --> 00:10:09,609
<font color="#ffbf46">ස්තූතියි.</font>

111
00:10:10,235 --> 00:10:12,070
<font color="#ffbf46">මෙතනින් එහාට තමන්ම බෙදාගන්න ඕනේ.
මොකක්?</font>

112
00:10:18,618 --> 00:10:21,872
<font color="#ffbf46">අම්මෝ, මෙතන සෙනඟ පිරිලා.
කතා කරන්නවත් වෙලාවක් නෑ.</font>

113
00:10:21,955 --> 00:10:23,915
<font color="#ffbf46">ඉතින්, කොහෙද හන්-ග්‍යුල්?</font>

114
00:10:26,043 --> 00:10:27,169
<font color="#ffbf46">එයා මෙහේ නැද්ද?</font>

115
00:10:27,252 --> 00:10:29,129
<font color="#ffbf46">එයා පාන්දරින්ම ගියා දොං-ප්යෝට උදව් කරන්න කියලා.</font>

116
00:10:29,212 --> 00:10:30,380
<font color="#ffbf46">මම නම් එයාව දැක්කේ නෑ.</font>

117
00:10:31,548 --> 00:10:32,716
<font color="#ffbf46">එහෙනම් එයා කොහෙද?</font>

118
00:10:32,799 --> 00:10:33,675
<font color="#ffbf46">ඔයාලා දෙන්නා දිහා බලන්නකෝ!</font>

119
00:10:36,261 --> 00:10:38,180
<font color="#ffbf46">පැත්තකින් පැත්තකට වෙලා මෙහෙම ඉන්නකොට.</font>

120
00:10:38,263 --> 00:10:39,639
<font color="#ffbf46">ඔයාලා දෙන්නා හරිම ගැලපෙනවා.</font>

121
00:10:40,891 --> 00:10:41,975
<font color="#ffbf46">කොහොමද විස්තර?</font>

122
00:10:42,476 --> 00:10:44,353
<font color="#ffbf46">ඔයාලා අතරේ හැමදේම හොඳින්ද?
ඇන්ටි!</font>

123
00:10:46,563 --> 00:10:47,397
<font color="#ffbf46">මැඩම්.</font>

124
00:10:48,648 --> 00:10:50,650
<font color="#ffbf46">ඔහොම දේවල් කියන එකෙන්
අපි අමාරුවේ වැටෙන්න පුළුවන්.</font>

125
00:10:51,818 --> 00:10:52,944
<font color="#ffbf46">ඉන්න!</font>

126
00:10:54,321 --> 00:10:55,405
<font color="#ffbf46">අර ටූනා මාළුවෙක් නේද?</font>

127
00:10:57,574 --> 00:10:58,742
<font color="#ffbf46">එක ටූනා මාළුවයි ඉන්නේ.</font>

128
00:10:58,825 --> 00:11:01,036
<font color="#ffbf46">වේගවත්ම කෙනාට තමයි රහ බලන්න ලැබෙන්නේ.</font>

129
00:11:01,119 --> 00:11:02,537
<font color="#ffbf46">ඇත්තටම?
කොහෙද ඉන්නේ?</font>

130
00:11:07,417 --> 00:11:11,213
<font color="#ffbf46">ඉතින්, ඔයාලා බබෙක් හදන්න
පටන් ගත්තද?</font>

131
00:11:12,547 --> 00:11:14,508
<font color="#ffbf46">මැඩම්, මම පස්සේ හැමදේම පැහැදිලි කරන්නම්,</font>

132
00:11:14,591 --> 00:11:15,926
<font color="#ffbf46">කරුණාකරලා සද්ද නැතුව ඉන්නකෝ.</font>

133
00:11:16,009 --> 00:11:18,887
<font color="#ffbf46">බබෙක් හදන්න උත්සාහ කරන එකේ
ලැජ්ජා වෙන්න දෙයක් නෑනේ.</font>

134
00:11:18,970 --> 00:11:21,765
<font color="#ffbf46">ඔයානේ ගෙදර පිරිමියා,
ඉතින් ඔයා තව ටිකක් මහන්සි වෙන්න ඕනේ.</font>

135
00:11:21,848 --> 00:11:23,809
<font color="#ffbf46">ඔයා දුවෙක්ට නේද බලාපොරොත්තුවෙන් හිටියේ.</font>

136
00:11:28,105 --> 00:11:29,064
<font color="#ffbf46">ඔයා දැන් කිව්වේ...</font>

137
00:11:33,902 --> 00:11:36,321
<font color="#ffbf46">"දුවෙක්" කියලද?</font>

138
00:11:36,405 --> 00:11:39,199
<font color="#ffbf46">චෝයි මහත්තයා, මේකයි...</font>

139
00:11:39,282 --> 00:11:42,119
<font color="#ffbf46">ආ, බොම්-සික්ගේ අම්මයි තාත්තයි,
මම දැනගෙන හිටියේ නෑ ඔයාලා මෙතන කියලා.</font>

140
00:11:44,496 --> 00:11:46,832
<font color="#ffbf46">ක්ලිනික් එකටත් එයාලා එකට එන්නේ,
හරියට ගහට පොත්ත වගේ,</font>

141
00:11:47,499 --> 00:11:49,709
<font color="#ffbf46">අදත් වෙනසක් නෑ.</font>

142
00:11:51,545 --> 00:11:54,714
<font color="#ffbf46">මාකට් එකේ ඉන්න මිනිස්සු ඔක්කොම
මේ ගැන කතා වෙනවා.</font>

143
00:11:54,798 --> 00:11:59,469
<font color="#ffbf46">මෙයා වළඳක් ගත්තත්,
එයා ඒක උස්සගෙන පස්සෙන් යනවා.</font>

144
00:11:59,553 --> 00:12:00,887
<font color="#ffbf46">නියම මහත්තයෙක්.</font>

145
00:12:00,971 --> 00:12:02,139
<font color="#ffbf46">නෑ, මම එහෙම...</font>

146
00:12:02,848 --> 00:12:04,057
<font color="#ffbf46">දැක්කනේ? මම දැනන් හිටියා.</font>

147
00:12:04,141 --> 00:12:05,809
<font color="#ffbf46">මම කට වහගෙන ඉඳලා මොකටද?</font>

148
00:12:05,892 --> 00:12:08,311
<font color="#ffbf46">ඔයාලම ගිහින් මුළු ගමටම කියලා තියෙන්නේ.</font>

149
00:12:08,395 --> 00:12:09,271
<font color="#ffbf46">ජොන්ග් මහත්තයා!</font>

150
00:12:10,230 --> 00:12:11,398
<font color="#ffbf46">එපා.</font>

151
00:12:11,481 --> 00:12:12,691
<font color="#ffbf46">ඔයාට පොරොන්දු කඩ කරන්න බෑ...</font>

152
00:12:12,774 --> 00:12:15,485
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ මාමේ,
අපි මේක පැහැදිලිව කතා කරගමු.</font>

153
00:12:15,569 --> 00:12:16,945
<font color="#ffbf46">මම, ජොන්ග් ජින්-හ්‍යුක්,</font>

154
00:12:17,654 --> 00:12:19,322
<font color="#ffbf46">දිවුරලා කියනවා මම කාටවත් කිව්වේ නෑ</font>

155
00:12:19,406 --> 00:12:23,743
<font color="#ffbf46">ඔයාලා තනියම බදාගෙන හිටියා කියලා.</font>

156
00:12:23,827 --> 00:12:25,829
<font color="#ffbf46">මම කවදාවත් කිව්වේ නෑ</font>

157
00:12:25,912 --> 00:12:29,332
<font color="#ffbf46">ඔයා දණගහගෙන මගෙන්
රහස රකින්න කියලා ඉල්ලුවා කියලා.</font>

158
00:12:29,916 --> 00:12:32,210
<font color="#ffbf46">මෙතන ඉන්න අනිත් අය තමයි
එයාලා දැකපු දේවල් කිව්වේ.</font>

159
00:12:37,424 --> 00:12:38,550
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ මාමා...</font>

160
00:12:40,469 --> 00:12:42,137
<font color="#ffbf46">බොම් එක්ක යාළුයිද?</font>

161
00:12:48,310 --> 00:12:49,394
<font color="#ffbf46">එයා මොකද මෙච්චර පරක්කු?</font>

162
00:12:50,520 --> 00:12:52,022
<font color="#ffbf46">එයා කෝල් කරෙත් නෑ, මොකක්ද මේ?</font>

163
00:12:53,356 --> 00:12:54,399
<font color="#ffbf46">සේ-ජින්.</font>

164
00:12:54,983 --> 00:12:56,526
<font color="#ffbf46">ඇයි ඔයා තාම එළියේ?</font>

165
00:12:56,610 --> 00:12:58,487
<font color="#ffbf46">බුෆේ එක ඇතුලේ ලෑස්ති කරලා තියෙන්නේ.</font>

166
00:12:58,570 --> 00:13:01,072
<font color="#ffbf46">දොං-ප්යෝ, ඔයා නපුරු හන්-ග්‍යුල්ව දැක්කේ නැද්ද?</font>

167
00:13:01,156 --> 00:13:02,782
<font color="#ffbf46">එයා සෝල් ගියානේ.</font>

168
00:13:04,034 --> 00:13:05,368
<font color="#ffbf46">සෝල්?</font>

169
00:13:05,452 --> 00:13:07,454
<font color="#ffbf46">එයා කිව්වා එයාට කෙනෙක්ව හම්බවෙන්න සෝල් යන්න ඕනේ කියලා.</font>

170
00:13:07,537 --> 00:13:10,832
<font color="#ffbf46">එයාට අද එන්න බැරි වුනාට, එයා ආච්චිට දෙන්න තෑග්ගක්
උදේ පාන්දරම දීලා ගියා.</font>

171
00:13:12,792 --> 00:13:15,962
<font color="#ffbf46">ආ, එයා මට කිව්වා කාටවත් කියන්න එපා කියලා.</font>

172
00:13:40,779 --> 00:13:42,906
<font color="#ffbf46">මාමේ! හන්-ග්‍යුල්ගේ මාමේ.</font>

173
00:13:45,617 --> 00:13:47,077
<font color="#ffbf46">මේකයි, හන්-ග්‍යුල්...</font>

174
00:13:47,911 --> 00:13:49,454
<font color="#ffbf46">එයා...</font>

175
00:13:52,499 --> 00:13:53,667
<font color="#ffbf46">එයාට මොකද?</font>

176
00:13:55,585 --> 00:13:58,922
<font color="#ffbf46">සුන් හන්-ග්‍යුල් සෝල් ගියා.</font>

177
00:15:01,818 --> 00:15:02,736
<font color="#ffbf46"><i>කවුද?</i></font>

178
00:15:17,083 --> 00:15:18,043
<font color="#ffbf46">ඒ ඔයාද, හන්-ග්‍යුල්?</font>

179
00:15:35,977 --> 00:15:37,020
<font color="#ffbf46">ඔයා ආපු එක ගැන සතුටුයි.</font>

180
00:15:38,229 --> 00:15:39,397
<font color="#ffbf46">ඔයා ආපු එක ගැන සතුටුයි, හන්-ග්‍යුල්.</font>

181
00:15:44,986 --> 00:15:47,489
<font color="#ffbf46">මම දන්නවා ඔයාට ප්‍රශ්න ගොඩක් ඇති.</font>

182
00:15:49,407 --> 00:15:50,909
<font color="#ffbf46">මට අහන්න පුළුවන්ද?</font>

183
00:15:54,162 --> 00:15:59,459
<font color="#ffbf46">ඔයා හොඳින් ජීවත් වෙලා හිටියා.
එහෙනම් ඇයි මාව මාමා එක්ක ජීවත් වෙන්න සැලැස්සුවේ?</font>

184
00:16:11,763 --> 00:16:12,639
<font color="#ffbf46">ඒ කාලේ,</font>

185
00:16:15,767 --> 00:16:16,726
<font color="#ffbf46">මම...</font>

186
00:16:18,561 --> 00:16:20,563
<font color="#ffbf46">මම ගොඩක් පොඩි වැඩි.</font>

187
00:16:22,899 --> 00:16:25,360
<font color="#ffbf46">ඔයා ලැබුනම මම මොනවා කරන්නද කියලා
මට කිසිම තේරුමක් තිබුණේ නෑ,</font>

188
00:16:26,861 --> 00:16:29,030
<font color="#ffbf46">මට ඔයාව තනියම හදන්න වුනා.</font>

189
00:16:29,739 --> 00:16:34,119
<font color="#ffbf46">මට පිටි කිරි ටිකක්වත් ගන්න තරම්
වත්කමක් තිබුණේ නෑ,</font>

190
00:16:35,203 --> 00:16:37,414
<font color="#ffbf46">ඒ නිසා මම ඔයාව මාමා ගාව තියලා</font>

191
00:16:38,331 --> 00:16:39,999
<font color="#ffbf46">සල්ලි හොයන්න රස්සාවකට ගියා.</font>

192
00:16:42,168 --> 00:16:44,462
<font color="#ffbf46">මම ආපහු ඔයාව ගන්න එනකොට,</font>

193
00:16:45,213 --> 00:16:47,924
<font color="#ffbf46">ගේ ගිනි අරන් ඉවරයි,</font>

194
00:16:49,509 --> 00:16:52,762
<font color="#ffbf46">ඔයාගේ මාමා ඔයාවත් අරන් යන්න ගිහින් තිබුණා.</font>

195
00:16:56,433 --> 00:16:58,143
<font color="#ffbf46">ඔයා ඕකටද නිදහසට කරුණක් කියන්නේ?</font>

196
00:16:59,185 --> 00:17:00,395
<font color="#ffbf46">කෝල් කීපයක් ගත්තා නම්,</font>

197
00:17:00,979 --> 00:17:04,023
<font color="#ffbf46">ඔයාට හොයාගන්න තිබුණා
මම කොහෙද ගියේ, කොහෙද ජීවත් වුනේ කියලා.</font>

198
00:17:04,774 --> 00:17:09,112
<font color="#ffbf46">ඔයා කියන්නේ ඔයාට බැරි වුනු නිසා
මෙච්චර කාලෙකට මට කතා කරේ නෑ කියලද?</font>

199
00:17:10,655 --> 00:17:11,698
<font color="#ffbf46">ඔයාගේ මාමා</font>

200
00:17:12,782 --> 00:17:14,868
<font color="#ffbf46">මට ඔයාව දකින්න දුන්නේ නෑ.</font>

201
00:17:20,999 --> 00:17:24,753
<font color="#ffbf46">මම දන්නවා අම්මා කෙනෙක් නැතුව හැදෙන එක
ඔයාට කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා.</font>

202
00:17:25,879 --> 00:17:29,966
<font color="#ffbf46">ඒත් ඔයා නැතුව මම ගෙවපු ඒ හැම අවුරුද්දක්ම
මටත් නපුරු හීනයක් වගේ වුනා.</font>

203
00:17:34,596 --> 00:17:36,264
<font color="#ffbf46">ඒත් ජේ-ග්‍යු හිතන්න ඇති</font>

204
00:17:39,768 --> 00:17:42,353
<font color="#ffbf46">මට අලුත් පවුල් ජීවිතයක් පටන් ගන්න ඕන නම්,</font>

205
00:17:42,979 --> 00:17:46,524
<font color="#ffbf46">මම හංගන්න ඕනේ කියලා</font>

206
00:17:48,151 --> 00:17:50,320
<font color="#ffbf46">ඔයා කියලා කෙනෙක් ඉන්නවා කියන එක.</font>

207
00:17:51,780 --> 00:17:55,033
<font color="#ffbf46">එයා හිතන්න ඇති ඒක ඔයාටත් මටත්
හොඳම දේ කියලා.</font>

208
00:17:55,116 --> 00:17:57,786
<font color="#ffbf46">කොහොමද ඒක මට හොඳම දේ වෙන්නේ?</font>

209
00:18:01,998 --> 00:18:02,957
<font color="#ffbf46">ඔයා දන්නවද?</font>

210
00:18:04,292 --> 00:18:06,878
<font color="#ffbf46">මම ඉස්කෝලේ පළවෙනියා වුනාමවත්
මට පොඩි සතුටක්වත් තිබුණේ නෑ.</font>

211
00:18:08,046 --> 00:18:10,924
<font color="#ffbf46">අනිත් අය මගේ රිපෝට් කාඩ් එක දැකලා ඉරිසියා කරන්න ඇති.</font>

212
00:18:12,509 --> 00:18:16,471
<font color="#ffbf46">ඒත් මම... ඉරිසියා කරේ ලකුණු අඩු වුනාම
අම්මගෙන් බැනුම් අහයි කියලා බයෙන් හිටපු ළමයින්ට.</font>

213
00:18:16,554 --> 00:18:18,014
<font color="#ffbf46"></font>

214
00:18:21,351 --> 00:18:25,230
<font color="#ffbf46">ඒ සහතික, පදක්කම් ඔක්කොම,</font>

215
00:18:26,523 --> 00:18:28,900
<font color="#ffbf46">සමහරවිට මාමාට ආඩම්බරයක් වෙන්න ඇති,</font>

216
00:18:29,776 --> 00:18:31,236
<font color="#ffbf46">ඒත් මට එහෙම හිතුනේ නෑ.</font>

217
00:18:32,862 --> 00:18:35,865
<font color="#ffbf46">මට තේරුණා අම්මා කෙනෙක් නෑ කියන අඩුව මකාගන්න
මම ඒ දේවල් පාවිච්චි කරනවා කියලා.</font>

218
00:18:35,949 --> 00:18:37,700
<font color="#ffbf46"></font>

219
00:18:42,205 --> 00:18:43,957
<font color="#ffbf46">ඔයා මොනවද කන්නේ?</font>

220
00:18:46,000 --> 00:18:48,378
<font color="#ffbf46">හන්-ග්‍යුල්, අපි මුලින්ම මොනවා හරි කමු.</font>

221
00:18:48,461 --> 00:18:51,172
<font color="#ffbf46">ඔයා සෝල් වලට ආවේ මොකුත් කාලා නෑ නේද?</font>

222
00:18:52,632 --> 00:18:54,551
<font color="#ffbf46">මට ට්‍රෆල් ඔයිල් නෝකි එකක් දෙන්න.</font>

223
00:19:04,561 --> 00:19:05,603
<font color="#ffbf46">එයාටත් ඒකම දෙන්න.</font>

224
00:19:08,314 --> 00:19:10,567
<font color="#ffbf46">ඒක කමක් නැද්ද පුතේ?</font>

225
00:19:15,446 --> 00:19:18,032
<font color="#ffbf46">ඇත්තටම මොකද වෙන්නේ චෝයි මහත්තයා?</font>

226
00:19:18,533 --> 00:19:22,036
<font color="#ffbf46">මම දික්කසාද වුනා වගේ රඟපෑවේ ඔයාටයි බොම්ටයි
එකතු වෙන්න ලේසි වෙන්න.</font>

227
00:19:22,120 --> 00:19:24,330
<font color="#ffbf46">මම ජොන්ග් නෝනට විස්තරේ කිව්වේ</font>

228
00:19:24,414 --> 00:19:26,791
<font color="#ffbf46">ඔයාලා දෙන්නා අතරේ හැමදේම හොඳින්
කියන්න විතරයි.</font>

229
00:19:26,875 --> 00:19:27,709
<font color="#ffbf46">ඕහ් මහත්තයා.</font>

230
00:19:29,127 --> 00:19:32,338
<font color="#ffbf46">මට කඳු මුදුනක තියෙන ගලක් වගේ
පාඩුවේ තනියම ඉන්න ඕනේ.</font>

231
00:19:33,631 --> 00:19:36,885
<font color="#ffbf46">කරුණාකරලා ඔයා ගිහින් ටූනා මාළු ටිකක් හරි
මොනවා හරි කන්නකෝ.</font>

232
00:19:43,975 --> 00:19:46,978
<font color="#ffbf46">හේ-සුක්, ඇයි ඔයා මං දිහා ඔහොම බලන්නේ?</font>

233
00:19:48,563 --> 00:19:51,107
<font color="#ffbf46">සොංග්-තේ, ඔයා කවදාවත් බැඳලා නැද්ද?</font>

234
00:19:51,190 --> 00:19:52,108
<font color="#ffbf46">මොකක්?</font>

235
00:19:55,153 --> 00:19:56,613
<font color="#ffbf46">ඒක ඇත්ත.
ඇත්තටම...</font>

236
00:19:56,696 --> 00:20:00,241
<font color="#ffbf46">හේ-සුක්, කරුණාකරලා මම කියන දේ අහන්න.
මම ඇයි එහෙම කළේ කියලා පැහැදිලි කරන්නම්.</font>

237
00:20:02,911 --> 00:20:03,953
<font color="#ffbf46">ඒ බොම් නෝනා නිසා.</font>

238
00:20:05,038 --> 00:20:09,375
<font color="#ffbf46">චෝයි මහත්තයා බොම් නෝනා ගැන උනන්දුවෙන් ඉන්නේ.</font>

239
00:20:09,459 --> 00:20:10,877
<font color="#ffbf46">මට උදව් කරන්න විදිහක් තිබුණේ නෑ.</font>

240
00:20:12,253 --> 00:20:14,881
<font color="#ffbf46">එතකොටයි මට ආරංචි වුනේ
එයාට ලඟම කෙනා ඔයා කියලා.</font>

241
00:20:17,008 --> 00:20:20,011
<font color="#ffbf46">ඒ කියන්නේ ඇත්තටම, ඔයාට මම ගැන
කිසිම හැඟීමක් තිබිලා නෑ.</font>

242
00:20:21,638 --> 00:20:22,472
<font color="#ffbf46">මේ...</font>

243
00:20:24,223 --> 00:20:25,058
<font color="#ffbf46">ඒත්...</font>

244
00:20:27,226 --> 00:20:28,561
<font color="#ffbf46">හේ-සුක්.</font>

245
00:20:29,854 --> 00:20:30,772
<font color="#ffbf46">හේ-සුක්!</font>

246
00:20:35,652 --> 00:20:37,862
<font color="#ffbf46">මේක නම් මාර වැඩක්.</font>

247
00:20:53,252 --> 00:20:55,213
<font color="#ffbf46">මට ආසයි තව කතා කරන්න,</font>

248
00:20:55,880 --> 00:20:57,799
<font color="#ffbf46">ඒත් ඔයා මෙහේ ආපු බවක් මාමාට කිව්වේ නෑනේ,</font>

249
00:20:57,882 --> 00:20:59,592
<font color="#ffbf46">ඉතින් මට පොඩි බයක් තියෙනවා.</font>

250
00:21:00,176 --> 00:21:04,180
<font color="#ffbf46">එයා දැනගත්තොත් ඔයා මෙහේ ආවා කියලා,
එයා ආයෙ මාව හම්බවෙන්න එන්න දෙන එකක් නෑ.</font>

251
00:21:05,974 --> 00:21:06,975
<font color="#ffbf46">ඒ කියන්නේ...</font>

252
00:21:09,060 --> 00:21:10,645
<font color="#ffbf46">මට ආයෙත් එන්න පුළුවන්ද?</font>

253
00:21:10,728 --> 00:21:11,646
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

254
00:21:12,146 --> 00:21:14,816
<font color="#ffbf46">මට ඇත්තටම එන්න පුළුවන්ද?</font>

255
00:21:17,819 --> 00:21:19,988
<font color="#ffbf46">මම කෝල් එකක් ගත්තට කමක් නැද්ද?</font>

256
00:21:20,613 --> 00:21:21,739
<font color="#ffbf46">කමක් නෑ.</font>

257
00:21:21,823 --> 00:21:24,742
<font color="#ffbf46">ඔයාට පවුලේ අය ඉන්නවනේ.
ඇත්තටම කමක් නැද්ද?</font>

258
00:21:27,120 --> 00:21:29,706
<font color="#ffbf46">ඔයත් මගේ පවුලෙ කෙනෙක් තමයි.</font>

259
00:21:32,917 --> 00:21:34,335
<font color="#ffbf46">මම තව එක දෙයක් අහන්නද.</font>

260
00:21:38,006 --> 00:21:39,549
<font color="#ffbf46">මම ඔයාට "අම්මා" කියන්නද?</font>

261
00:22:01,362 --> 00:22:02,321
<font color="#ffbf46">හරි.</font>

262
00:22:04,073 --> 00:22:04,907
<font color="#ffbf46">එයාගේ නම්බර් එක.</font>

263
00:22:24,427 --> 00:22:25,845
<font color="#ffbf46">ඔයා මට කරන්න කියපු දේ මම කළා.</font>

264
00:22:28,723 --> 00:22:29,682
<font color="#ffbf46">මම දිවුරලා කියන්නම් මම ඒක කළා.</font>

265
00:22:30,683 --> 00:22:34,479
<font color="#ffbf46">මම එයාට කිව්වා මම එයාව දාලා ගියේ නෑ,
ඔයා තමයි මට එයාව බලන්න දුන්නේ නැත්තේ කියලා.</font>

266
00:22:34,562 --> 00:22:37,482
<font color="#ffbf46">මම කිව්වා මම එයාව හොයන්න උත්සාහ කළා,
ඒත් මට බැරි වුණා කියලා.</font>

267
00:22:37,565 --> 00:22:39,650
<font color="#ffbf46">මම කිව්වා එයා මගේ පවුලෙ කෙනෙක්,</font>

268
00:22:39,734 --> 00:22:41,694
<font color="#ffbf46">එයාට ඕන වෙලාවක එන්න පුළුවන් කියලා.</font>

269
00:22:42,862 --> 00:22:46,449
<font color="#ffbf46">ඔයා මට කියන්න කියපු විදිහටම මම කිව්වා,
එක වචනයක් නෑරම.</font>

270
00:22:46,532 --> 00:22:50,078
<font color="#ffbf46">ඔයාගේ මාමා ඔයාවත් අරන් ගියා.</font>

271
00:22:50,161 --> 00:22:51,996
<font color="#ffbf46">එයා මට ඔයාව බලන්න දුන්නේ නෑ.</font>

272
00:22:52,080 --> 00:22:54,791
<font color="#ffbf46">ඔයත් මගේ පවුලෙ කෙනෙක්.</font>

273
00:23:00,338 --> 00:23:05,176
<font color="#ffbf46">ඔයා හන්-ග්‍යුල්ගේ හිත පොඩ්ඩක් හරි රිද්දුවොත්,
මම ඔයාට කවදාවත් සමාව දෙන්නේ නෑ.</font>

274
00:23:06,552 --> 00:23:08,221
<font color="#ffbf46">දැන් ඉඳන්, හන්-ග්‍යුල් එන හැම වෙලාවකම,</font>

275
00:23:08,971 --> 00:23:10,223
<font color="#ffbf46">මොනවා වුණත් හිනා වෙලා ඉන්න ඕන.</font>

276
00:23:11,390 --> 00:23:13,226
<font color="#ffbf46">එයා කෝල් කරන හැම වෙලාවකම,
මොනවා වුණත් ආන්සර් කරන්න ඕන.</font>

277
00:23:14,602 --> 00:23:18,439
<font color="#ffbf46">ඔයා මෙච්චර කල් හන්-ග්‍යුල් වෙනුවෙන් හිටියේ නෑනේ,
ඒ නිසා දැන්වත් ඒක හරියට කරන්න.</font>

278
00:23:21,818 --> 00:23:24,946
<font color="#ffbf46">ඔයා හන්-ග්‍යුල්ව දාලා ගියා කියන එක ගැන
ආයේ කවදාවත් කතා කරන්න එපා.</font>

279
00:23:27,615 --> 00:23:29,200
<font color="#ffbf46">එයා ඇහුවොත්...</font>

280
00:23:32,036 --> 00:23:33,579
<font color="#ffbf46">මොනවා වුණත් වරද මගේ පිට දාන්න.</font>

281
00:23:35,915 --> 00:23:38,167
<font color="#ffbf46">ගිවිසුමට අත්සන් කරන්න නම්
මගේ කොන්දේසිය ඒකයි.</font>

282
00:23:39,335 --> 00:23:40,253
<font color="#ffbf46">තේරුණාද?</font>

283
00:23:40,336 --> 00:23:42,171
<font color="#ffbf46">ඔව්, මට තේරුණා.</font>

284
00:23:42,255 --> 00:23:44,048
<font color="#ffbf46">එහෙනම් පොරොන්දු වෙනවා නේද?</font>

285
00:23:45,466 --> 00:23:46,467
<font color="#ffbf46">ලොකු දෙයක්.</font>

286
00:23:47,009 --> 00:23:48,219
<font color="#ffbf46">ඔව්, ගොඩක් ස්තූතියි.</font>

287
00:23:48,302 --> 00:23:53,015
<font color="#ffbf46">හන්-ග්‍යුල් දැන් පිටත් වුණා,
ඉතින් එයා ළඟදීම කෝච්චියට නගියි.</font>

288
00:23:53,099 --> 00:23:53,975
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

289
00:23:56,144 --> 00:23:58,479
<font color="#ffbf46">මට මගේ ළමයව එක්කන් එන්න යන්න ඕන.</font>

290
00:23:58,563 --> 00:24:02,692
<font color="#ffbf46">ඉතින්, අපි තීරණය කරමුද
කවදද පේපර්ස් වලට අත්සන් කරන්නේ කියලා?</font>

291
00:24:03,860 --> 00:24:05,111
<font color="#ffbf46">ඔයා සෝල් එනවද?</font>

292
00:24:05,736 --> 00:24:08,322
<font color="#ffbf46">නෑ, කමක් නෑ, මට එහේ එන්න පුළුවන්. මම එන්නම්.</font>

293
00:24:46,194 --> 00:24:47,737
<font color="#ffbf46">නපුරු හන්-ග්‍යුල්</font>

294
00:24:47,820 --> 00:24:48,905
<font color="#ffbf46">මොකක්?</font>

295
00:24:50,865 --> 00:24:53,242
<font color="#ffbf46">ඉන්න, ඇයි හන්-ග්‍යුල් ඔයාට කෝල් කරන්නේ?</font>

296
00:24:55,494 --> 00:24:56,412
<font color="#ffbf46">හෙලෝ.</font>

297
00:24:57,413 --> 00:24:58,247
<font color="#ffbf46">ඔව්.</font>

298
00:24:58,998 --> 00:24:59,874
<font color="#ffbf46">මොකක්?</font>

299
00:25:01,459 --> 00:25:02,293
<font color="#ffbf46">ඔව්.</font>

300
00:25:03,419 --> 00:25:06,005
<font color="#ffbf46">හරි එහෙනම්, බායි.</font>

301
00:25:10,218 --> 00:25:12,345
<font color="#ffbf46">ජූන්, මාව සෝල් වලට එක්කන් යන්නකෝ.</font>

302
00:25:14,138 --> 00:25:14,972
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

303
00:25:15,890 --> 00:25:18,684
<font color="#ffbf46">ඔයාට සන් හන්-ග්‍යුල්ව බලන්න යන්න ඕන වෙලාද?</font>

304
00:25:18,768 --> 00:25:19,769
<font color="#ffbf46">මේ ඉඳන් සෝල් වලටම?</font>

305
00:25:19,852 --> 00:25:22,355
<font color="#ffbf46">යන ගමන් මම ඔක්කොම විස්තරේ කියන්නම්.</font>

306
00:25:23,481 --> 00:25:25,566
<font color="#ffbf46">ඔයා නේද කිව්වේ ඔයාට එයාව පරද්දන්න ඕන කියලා?</font>

307
00:25:26,317 --> 00:25:29,111
<font color="#ffbf46">ඔයා කිව්වා මම හන්-ග්‍යුල්ව නැති කරලා දාන්න උදව් කරනවා නම්
ඕන දෙයක් කරනවා කියලා.</font>

308
00:25:31,322 --> 00:25:32,990
<font color="#ffbf46">ඒත් එයාට මාව ඕන වෙලා.</font>

309
00:25:34,533 --> 00:25:39,330
<font color="#ffbf46">ඔව්, මට එයාව දිනන්න ඕන තමයි,
මට එයාව විනාශ කරන්නත් ඕන තමයි.</font>

310
00:25:41,123 --> 00:25:42,708
<font color="#ffbf46">ඒත් දැනට, මට එයාව බලන්න යන්න ඕන.</font>

311
00:25:43,584 --> 00:25:45,044
<font color="#ffbf46">ඒ නිසා ප්ලීස්, මාව එහෙට එක්කන් යන්න, හාද?</font>

312
00:25:45,127 --> 00:25:46,712
<font color="#ffbf46">ඉක්මන් කරන්නකෝ. අපි දැන්ම යමු.</font>

313
00:25:48,339 --> 00:25:50,091
<font color="#ffbf46">ෂා, බබල්ස් ලස්සනට එනවා.</font>

314
00:25:53,261 --> 00:25:54,512
<font color="#ffbf46">ඒවා ගොඩක් දුර පාවෙලා යනවා.</font>

315
00:25:56,514 --> 00:25:57,348
<font color="#ffbf46">ආයේ කරන්නකෝ.</font>

316
00:26:10,861 --> 00:26:11,904
<font color="#ffbf46">මේක කන්නකෝ.</font>

317
00:26:12,655 --> 00:26:15,533
<font color="#ffbf46">නිකන් වාඩි වෙලා හිටියට ප්‍රශ්න විසඳෙන්නේ නෑනේ.</font>

318
00:26:17,118 --> 00:26:19,829
<font color="#ffbf46">හන්-ග්‍යුල් පොඩි කාලෙත් ඔය වගේමයි.</font>

319
00:26:22,915 --> 00:26:24,292
<font color="#ffbf46">මම ඔයාට කියලා තියෙනවද?</font>

320
00:26:25,626 --> 00:26:28,879
<font color="#ffbf46">හන්-ග්‍යුල්ගේ ඉස්කෝලේ තිබ්බ
ප්‍රසංගයක් ගැන.</font>

321
00:26:30,840 --> 00:26:33,050
<font color="#ffbf46">ශින්සු පෙරපාසල් දක්ෂතා දැක්ම</font>

322
00:26:33,634 --> 00:26:36,470
<font color="#ffbf46">ඩිං-ඩොං, බෙල් එක වැදුණා</font>

323
00:26:36,554 --> 00:26:39,807
<font color="#ffbf46">දොර අරින්න මම දිව්වා</font>

324
00:26:39,890 --> 00:26:44,228
<font color="#ffbf46">එතකොට එතන හිටියා මම එනකල් බලාගෙන හිටපු තාත්තා</font>

325
00:26:44,312 --> 00:26:48,482
<font color="#ffbf46">දොර ඉස්සරහා හිටගෙන</font>

326
00:26:48,566 --> 00:26:51,902
<font color="#ffbf46">මට ගොඩක් සතුටු හිතිලා හිනා ගියා</font>

327
00:26:51,986 --> 00:26:55,489
<font color="#ffbf46">මම "තාත්තේ" කියලා කතා කළා</font>

328
00:26:55,573 --> 00:26:59,493
<font color="#ffbf46">ඒත් එයාගේ මූණ</font>

329
00:26:59,577 --> 00:27:03,456
<font color="#ffbf46">අද ටිකක් දුකින් වගේ පෙනුණේ</font>

330
00:27:03,539 --> 00:27:07,585
<font color="#ffbf46">මොකක් හරි වුණාද?</font>

331
00:27:07,668 --> 00:27:11,088
<font color="#ffbf46">ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

332
00:27:11,172 --> 00:27:13,758
<font color="#ffbf46">අද මොකක් හරි...</font>

333
00:27:13,841 --> 00:27:14,925
<font color="#ffbf46">හන්-ග්‍යුල්, මම ආවා.</font>

334
00:27:15,009 --> 00:27:19,013
<font color="#ffbf46">වැරදුණාද?</font>

335
00:27:19,096 --> 00:27:22,391
<font color="#ffbf46">දුක හිතන්න එපා තාත්තේ.
දුක හිතන්න එපා මාමේ.</font>

336
00:27:22,475 --> 00:27:26,395
<font color="#ffbf46">මම ඉන්නවනේ ඔයා ළඟින්</font>

337
00:27:26,479 --> 00:27:29,982
<font color="#ffbf46">දුක හිතන්න එපා තාත්තේ
දුක හිතන්න එපා මාමේ</font>

338
00:27:30,066 --> 00:27:34,153
<font color="#ffbf46">මම ඉන්නවනේ ඔයා ළඟින්</font>

339
00:27:34,236 --> 00:27:37,865
<font color="#ffbf46">සතුටින් ඉන්න</font>

340
00:27:44,830 --> 00:27:46,040
<font color="#ffbf46">මාමේ!</font>

341
00:27:48,501 --> 00:27:52,004
<font color="#ffbf46">මිනිස්සු හිතන්න ඇති මම අඬන්නේ
මට ගොඩක් සතුටු හිතුණු නිසා කියලා,</font>

342
00:27:54,382 --> 00:27:55,299
<font color="#ffbf46">ඒත් ඒ නිසා නෙවෙයි.</font>

343
00:27:56,092 --> 00:27:58,511
<font color="#ffbf46">මම ඇඬුවේ මගේ හිත කඩා වැටුණු නිසා.</font>

344
00:28:02,056 --> 00:28:04,475
<font color="#ffbf46">එයා ලොකු වෙන්නේ තමන්ගේ දෙමව්පියෝ කවුද කියලවත්
දන්නේ නැතුව.</font>

345
00:28:07,019 --> 00:28:08,437
<font color="#ffbf46">ඒකෙන් මගේ පපුව පැලෙන්න ආවා.</font>

346
00:28:13,859 --> 00:28:14,819
<font color="#ffbf46">සමාවෙන්න.</font>

347
00:28:15,778 --> 00:28:19,365
<font color="#ffbf46">හන්-ග්‍යුල් සම්බන්ධ දේවල් හරිම සංකීර්ණ නිසා,
ඔයාට මොනවා හිතෙයිද කියලා මට හිතාගන්න බැරි වුණා.</font>

348
00:28:22,243 --> 00:28:26,622
<font color="#ffbf46">දැන් මිනිස්සු මේක දැනගත්ත නිසා,
ඔයාටත් ලොකු අවුලක් ඇතිනේ.</font>

349
00:28:30,084 --> 00:28:31,794
<font color="#ffbf46">ලාවෝ සූ එක පාරක් කිව්වා,</font>

350
00:28:32,711 --> 00:28:35,381
<font color="#ffbf46">"ජීවිතේ ගොඩක් බර වැඩි වෙලා සංකීර්ණ වුණාම,
සරලව හිතන්න" කියලා.</font>

351
00:28:36,298 --> 00:28:39,718
<font color="#ffbf46">දැනට අපි හන්-ග්‍යුල් ගැන විතරක් හිතමු.</font>

352
00:28:44,348 --> 00:28:45,433
<font color="#ffbf46">ඔයා කන්න ඕන.</font>

353
00:28:47,101 --> 00:28:48,352
<font color="#ffbf46">එතකොට ඇඟට පණක් එයි.</font>

354
00:28:50,229 --> 00:28:52,398
<font color="#ffbf46">හරි, මම කන්නම්.</font>

355
00:28:52,481 --> 00:28:53,983
<font color="#ffbf46">මම කන්න ඕන.</font>

356
00:29:00,239 --> 00:29:01,449
<font color="#ffbf46">රසයි.</font>

357
00:29:01,532 --> 00:29:03,075
<font color="#ffbf46">ගොඩක් රසයි.
ඇත්තටම?</font>

358
00:29:20,134 --> 00:29:22,178
<font color="#ffbf46">මම මේ වෙලාවේ ඔයාගේ කෝල් ගන්න මූඩ් එකක නෙවෙයි ඉන්නේ.
තියන්න.</font>

359
00:29:25,389 --> 00:29:26,223
<font color="#ffbf46">මොකක්?</font>

360
00:29:28,476 --> 00:29:30,728
<font color="#ffbf46">ඇයි ඔයා?
අන්න ඒකනේ මමත් අහන්නේ.</font>

361
00:29:30,811 --> 00:29:33,439
<font color="#ffbf46">ඇයි මම සෝල් වලටම ඩ්‍රයිව් කරන් යන්න ඕන
ඔයාගේ බෑණව එක්කන් එන්න?</font>

362
00:29:35,065 --> 00:29:40,696
<font color="#ffbf46">එයා චූටි කාලේ ඉඳන්ම,
මම තමයි එයාව නැළෙව්වේ, වඩාගත්තේ, කන්න දුන්නේ.</font>

363
00:29:40,779 --> 00:29:43,657
<font color="#ffbf46">දැන් එයා මගේ පොඩි නංගිව
සෝල් වලට යවනවද?</font>

364
00:29:44,408 --> 00:29:45,367
<font color="#ffbf46">එහෙම වුණත්,</font>

365
00:29:46,410 --> 00:29:48,329
<font color="#ffbf46">මම ඔයාට දැනුම් දෙනවා,
මොකද එයාගේ භාරකාරයා විදිහට</font>

366
00:29:48,412 --> 00:29:49,246
<font color="#ffbf46">මම ඔයාව අප්ඩේට් කරන්න ඕනනේ.</font>

367
00:29:49,872 --> 00:29:51,540
<font color="#ffbf46">ඒ නිසා වද වෙන්න එපා මෝඩයෝ.</font>

368
00:29:54,710 --> 00:29:55,794
<font color="#ffbf46">ජූන්.</font>

369
00:30:00,925 --> 00:30:04,803
<font color="#ffbf46">ඔයාට හන්-ග්‍යුල් ගැන හැඟීම් ඇති වෙන්න ගත්තේ
කවදා ඉඳන්ද?</font>

370
00:30:06,096 --> 00:30:09,225
<font color="#ffbf46">ජූන්... නෑ, ඊ-ජූන්, ඒ කියන්නේ අයියේ.</font>

371
00:30:10,267 --> 00:30:12,061
<font color="#ffbf46">මට ඔයාට බොරු කියන්න ඕන වුණේ නෑ.</font>

372
00:30:12,144 --> 00:30:15,648
<font color="#ffbf46">ඔයයි හන්-ග්‍යුල්ගේ මාමයි
දැනටමත් වැඩි හොඳක් නෑනේ.</font>

373
00:30:15,731 --> 00:30:21,070
<font color="#ffbf46">මම බය වුණා හන්-ග්‍යුල් ගැන කියවන්න ගියොත්
ඔයාට තවත් කේන්ති යයි කියලා.</font>

374
00:30:37,753 --> 00:30:39,797
<font color="#ffbf46">මම මේ හරියට වෙලා කෝපි එකක් බොන්නම්.</font>

375
00:30:40,631 --> 00:30:41,966
<font color="#ffbf46">ඔයාගේ වැඩේ ඉවර වුණාම මට කතා කරන්න.</font>

376
00:30:42,550 --> 00:30:43,384
<font color="#ffbf46">හරි.</font>

377
00:30:43,968 --> 00:30:47,429
<font color="#ffbf46">මේ කරපු උදව්වට මම
මැරෙනකම්ම ණයගැතියි.</font>

378
00:30:47,513 --> 00:30:48,389
<font color="#ffbf46">මම පොරොන්දු වෙනවා.</font>

379
00:30:49,515 --> 00:30:51,725
<font color="#ffbf46">යන්න, කෙනෙක් ඔයා එනකල් බලාගෙන ඉන්නවා.</font>

380
00:31:17,876 --> 00:31:19,795
<font color="#ffbf46">ඔයාට එන්න ඕන වුණේ මෙතනටද?</font>

381
00:31:20,629 --> 00:31:23,048
<font color="#ffbf46">ඔයා ඇත්තටම ආවද?</font>

382
00:31:24,466 --> 00:31:25,718
<font color="#ffbf46">"ඔයා ඇත්තටම ආවද"?</font>

383
00:31:26,844 --> 00:31:29,388
<font color="#ffbf46">ඔයා මොකද කරන්නේ?
මේක කොච්චර රස්නේද කියලා පේන්නැද්ද?</font>

384
00:31:30,014 --> 00:31:30,889
<font color="#ffbf46">ඔව් නේ.</font>

385
00:31:33,017 --> 00:31:33,892
<font color="#ffbf46">සමාවෙන්න.</font>

386
00:31:58,417 --> 00:32:00,085
<font color="#ffbf46">රසද?
ඔව්.</font>

387
00:32:05,966 --> 00:32:08,594
<font color="#ffbf46">මහ නරක මිනිහෙක්.</font>

388
00:32:09,887 --> 00:32:11,347
<font color="#ffbf46">මම දැනගන්න තිබුණා</font>

389
00:32:11,430 --> 00:32:14,058
<font color="#ffbf46">එයා ඒ මහන්තත්ත හිනාව දාගෙන පැණි හලන්න ගත්ත වෙලාවෙම.</font>

390
00:32:14,141 --> 00:32:16,769
<font color="#ffbf46">ඔයා නම් මෝඩයෙක්.</font>

391
00:32:17,311 --> 00:32:18,145
<font color="#ffbf46">මිස් සෝ.</font>

392
00:32:19,313 --> 00:32:21,273
<font color="#ffbf46">ආ, ජොන් මහත්මයා!</font>

393
00:32:22,066 --> 00:32:23,734
<font color="#ffbf46">ඔයානේ, මිස්ට ජොන්.</font>

394
00:32:24,652 --> 00:32:26,445
<font color="#ffbf46">වාඩි වෙන්නකෝ.</font>

395
00:32:28,030 --> 00:32:28,947
<font color="#ffbf46">මිස්ට ජොන්.</font>

396
00:32:29,907 --> 00:32:35,245
<font color="#ffbf46">මිස්ට ජොන්, ඔයා කොහෙන්ද අර කපටි මිනිහා ගැන
දැනගත්තේ?</font>

397
00:32:35,329 --> 00:32:37,581
<font color="#ffbf46">ඉතින්, මම කොහොම හරි හොයාගන්න එපැයි,</font>

398
00:32:37,665 --> 00:32:39,833
<font color="#ffbf46">මම ඒ ගැන හොයලා බලපු නිසා.</font>

399
00:32:41,001 --> 00:32:44,588
<font color="#ffbf46">ඔයාට එයා ගැන මාර පිස්සුවක්නේ තිබුණේ.
ඒ ඇයි?</font>

400
00:32:44,672 --> 00:32:46,924
<font color="#ffbf46">එයා ලස්සනත් නෑනේ,</font>

401
00:32:47,007 --> 00:32:49,385
<font color="#ffbf46">නිකන්ම නිකන් බෝරින් පාටයි,
හරියට හපලා දාපු රයිස් කේක් එකක් වගේ.</font>

402
00:32:51,720 --> 00:32:52,680
<font color="#ffbf46">මගේ නම.</font>

403
00:32:54,473 --> 00:32:55,808
<font color="#ffbf46">මොකක්, ඔයාගේ නම?</font>

404
00:32:59,186 --> 00:33:02,147
<font color="#ffbf46">එයා මගේ දිහා නිකන් බලන් ඉඳලා...</font>

405
00:33:04,233 --> 00:33:05,567
<font color="#ffbf46">ඊට පස්සේ මගේ නම කිව්වා.</font>

406
00:33:06,777 --> 00:33:08,737
<font color="#ffbf46">එයා කිව්වා, "හෙ-සුක්" කියලා.</font>

407
00:33:10,072 --> 00:33:11,615
<font color="#ffbf46">හිතාගන්නවත් බෑ.</font>

408
00:33:11,699 --> 00:33:14,368
<font color="#ffbf46">වෙන මොකක් හින්දා නෙවෙයි,
ඔයා ඒකට රැවටුණානේ.</font>

409
00:33:14,952 --> 00:33:17,079
<font color="#ffbf46">වයස 50 පහු වුණාම,</font>

410
00:33:18,789 --> 00:33:20,749
<font color="#ffbf46">හැමදේම බොඳ වෙලා වගේ දැනෙනවා.</font>

411
00:33:22,835 --> 00:33:25,921
<font color="#ffbf46">ජීවිතේට පණක් නෑ වගේ දැනෙන්නේ.</font>

412
00:33:28,799 --> 00:33:32,136
<font color="#ffbf46">ඒත් එයා මගේ නම කියනකොට,</font>

413
00:33:33,387 --> 00:33:38,267
<font color="#ffbf46">එක පාරටම හැමදේම පැහැදිලි වුණා වගේ දැනුණා,
හරියට මම ආයේ ජීවත් වෙනවා වගේ.</font>

414
00:33:39,017 --> 00:33:43,147
<font color="#ffbf46">මගේ ඉන්ද්‍රියන් පවා හොඳට වැඩ කරනවා වගේ දැනුණා,
හරියට කණ්නාඩියක් දැම්මා වගේ.</font>

415
00:33:44,356 --> 00:33:45,816
<font color="#ffbf46">මගේ ඉව ආයෙත් පණ ගහලා ආවා.</font>

416
00:33:48,861 --> 00:33:53,741
<font color="#ffbf46">ඉතින් ඔන්න ඔහොමයි,
මගේ හිත එයාට ඇදිලා ගියේ.</font>

417
00:33:58,120 --> 00:33:59,997
<font color="#ffbf46">මම කියවපු දේවල් ගණන් ගන්න එපා.</font>

418
00:34:02,416 --> 00:34:05,377
<font color="#ffbf46">කොහොම වුණත්, මට දැනුම් දුන්නට ස්තූතියි</font>

419
00:34:06,670 --> 00:34:09,006
<font color="#ffbf46">වගේම මෙහෙට ආවටත් ස්තූතියි.</font>

420
00:34:10,299 --> 00:34:12,050
<font color="#ffbf46">මට ටිකක් වෙරි.</font>

421
00:34:12,634 --> 00:34:15,137
<font color="#ffbf46">හෙට ඉස්කෝලෙදි හම්බවෙමු.</font>

422
00:34:15,220 --> 00:34:16,221
<font color="#ffbf46">අනේ මන්දා ඉතින්.</font>

423
00:34:17,139 --> 00:34:19,641
<font color="#ffbf46">ආයේ බෑග් එක අමතක කරන්න එපා.
ඔයාට හැමතිස්සෙම අමතක වෙනවනේ.</font>

424
00:34:19,725 --> 00:34:21,310
<font color="#ffbf46">ස්තූතියි.</font>

425
00:34:21,393 --> 00:34:22,936
<font color="#ffbf46">මම ටැක්සි එකක් අරන් දෙන්නම්. යමු.</font>

426
00:34:23,020 --> 00:34:24,855
<font color="#ffbf46">මට කැරකැවිල්ල වගේ.
ඔයා ඕකෙන් බිල ගෙවලා දාන්න.</font>

427
00:34:24,938 --> 00:34:26,899
<font color="#ffbf46">මම ඒක ගෙවන්නම්. බිල කීයද?</font>

428
00:34:28,066 --> 00:34:30,778
<font color="#ffbf46">මගේ අම්මා තාම ජීවත් වෙනවා කියලා දැනගත්තම,</font>

429
00:34:31,570 --> 00:34:35,449
<font color="#ffbf46">මම දැනගත්තා එයා මාව දාලා ගියා කියලා.</font>

430
00:34:37,743 --> 00:34:42,080
<font color="#ffbf46">ඒත්... මට ඒක පිළිගන්න හිත හදාගන්න බැරි වුණා.</font>

431
00:34:44,416 --> 00:34:47,544
<font color="#ffbf46">ඉතින් මට ඕන වුණා එයාව ඇස් දෙකෙන්ම දැකලා
බලාගන්න.</font>

432
00:34:51,131 --> 00:34:52,883
<font color="#ffbf46">ඒක ඔයාගේ නරකම දවස වෙන්න ඇති.</font>

433
00:34:54,718 --> 00:34:56,428
<font color="#ffbf46">ඔයා දන්නවද ඊටත් වඩා නරකම දේ මොකක්ද කියලා?</font>

434
00:34:58,430 --> 00:35:01,433
<font color="#ffbf46">එයා මාව දාලා ගිය එක ගැන මට දුකක් නෑ.</font>

435
00:35:02,643 --> 00:35:03,477
<font color="#ffbf46">එහෙනම් ඇයි?</font>

436
00:35:05,229 --> 00:35:06,438
<font color="#ffbf46">අපි ගොඩක් දුරස් වෙලා නිසා.</font>

437
00:35:10,108 --> 00:35:12,277
<font color="#ffbf46">මට එයාව දකින්න ලැබුණේ එක පාරයි,</font>

438
00:35:13,695 --> 00:35:16,198
<font color="#ffbf46">දැන් මට හිතෙන්නේ
මට ආයේ කවදාවත් එයාව දකින්න ලැබෙන එකක් නෑ කියලා.</font>

439
00:35:25,374 --> 00:35:27,042
<font color="#ffbf46">ඒයි, සන් හන්-ග්‍යුල්.</font>

440
00:35:30,337 --> 00:35:32,965
<font color="#ffbf46">ඔයාට හැමෝම ආදරෙයි.</font>

441
00:35:34,925 --> 00:35:37,678
<font color="#ffbf46">එයා මේ ලෝකේ ඉන්න බිලියන අටක මිනිස්සු අතරින්
එක්කෙනෙක් විතරයිනේ.</font>

442
00:35:39,012 --> 00:35:41,807
<font color="#ffbf46">ඔයාට පිළිගන්න බැරිද
ඔයාට ආදරේ නැති එක මනුස්සයෙක් හරි</font>

443
00:35:41,890 --> 00:35:43,016
<font color="#ffbf46">ඉන්න පුළුවන් කියලා?</font>

444
00:35:45,310 --> 00:35:48,981
<font color="#ffbf46">මේ නිකන්ම... එක්කෙනෙක් විතරක් නෙවෙයි.</font>

445
00:35:49,064 --> 00:35:51,567
<font color="#ffbf46">දෙයියනේ, වෙන කවුද ඔයාට අකමැති?</font>

446
00:35:58,782 --> 00:35:59,658
<font color="#ffbf46">මමද?</font>

447
00:36:03,453 --> 00:36:04,288
<font color="#ffbf46">ඒයි.</font>

448
00:36:05,330 --> 00:36:08,125
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතනවද මම මෙච්චර දුර ආවේ
නිකන් ඉඳලා යන්න කියලා?</font>

449
00:36:10,627 --> 00:36:14,172
<font color="#ffbf46">ඔයාට පේන්නැද්ද මම ඇඳන් ඉන්න හැටි?
මගේ සපත්තු පේන්නැද්ද?</font>

450
00:36:14,256 --> 00:36:15,924
<font color="#ffbf46">මගේ ලිප්ස්ටික් පාට පේන්නැද්ද?</font>

451
00:36:16,633 --> 00:36:18,927
<font color="#ffbf46">මම බය වුණා ඒක රතු පාට වැඩි වෙයි කියලා,</font>

452
00:36:19,011 --> 00:36:21,221
<font color="#ffbf46">ඒ නිසා මම ඇඟිලි වලින් ටිකක් ගෑවේ.</font>

453
00:36:21,847 --> 00:36:23,557
<font color="#ffbf46">මම කොණ්ඩේ බැන්දේ නිකන් ගණන් ගන්නේ නෑ වගේ,</font>

454
00:36:23,640 --> 00:36:27,144
<font color="#ffbf46">ඒත් ඇත්තටම මම වීඩියෝ එකක් බලලා
තුන් පාරක් විතර කොණ්ඩේ හැදුවා.</font>

455
00:36:27,811 --> 00:36:31,106
<font color="#ffbf46">අනික මම ඔයාට කැමති නැත්නම්,</font>

456
00:36:31,189 --> 00:36:34,318
<font color="#ffbf46">මම මගේ අයියට වැඳලා කිලෝමීටර් 400ක් ගෙවාගෙන
මෙහෙට එයිද ඔයාව බලන්න?</font>

457
00:36:35,611 --> 00:36:39,740
<font color="#ffbf46">ඔයා කියන්නේ ඔයා ඇත්තටම මට කැමතියි කියලද?</font>

458
00:36:41,241 --> 00:36:42,159
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

459
00:36:42,826 --> 00:36:44,912
<font color="#ffbf46">මාව මේ ආදරේ ප්‍රකාශ කරවගන්න කොටු කරගත්තද?</font>

460
00:36:49,207 --> 00:36:50,125
<font color="#ffbf46">සන් හන්-ග්‍යුල්.</font>

461
00:36:52,169 --> 00:36:53,503
<font color="#ffbf46">මට ඕන ඔයාව පරද්දන්න.</font>

462
00:36:55,339 --> 00:36:58,091
<font color="#ffbf46">මට ඕන ඔයාව පරද්දලා බිම දාන්න.</font>

463
00:37:00,761 --> 00:37:04,973
<font color="#ffbf46">ඒත් මගේ හිත නිතරම ඔයා දිහාටම ඇදිලා යනවා,
ඒකෙන් මට පිස්සු හැදෙනවා.</font>

464
00:37:09,436 --> 00:37:11,188
<font color="#ffbf46">මට ඇත්තටම පිස්සු හැදෙන්නේ...</font>

465
00:37:12,564 --> 00:37:15,233
<font color="#ffbf46">ඔයාට කැමති බිලියන අටක් මිනිස්සු අතරින්
මමත් නිකන්ම නිකන් එක්කෙනෙක් විතරක් නිසා.</font>

466
00:37:17,277 --> 00:37:20,322
<font color="#ffbf46">ඒක මහා ලැජ්ජාවක් වගේම
පුදුම කරදරයක්.</font>

467
00:37:21,365 --> 00:37:24,576
<font color="#ffbf46">ඒ උනාට, මම...</font>

468
00:37:26,244 --> 00:37:27,079
<font color="#ffbf46">මේ...</font>

469
00:37:27,663 --> 00:37:28,705
<font color="#ffbf46">මම ඔයාට කැමතියි.</font>

470
00:37:33,627 --> 00:37:36,546
<font color="#ffbf46">මම කියන්නේ මම ඔයාට කැමතියි කියලා.</font>

471
00:37:41,927 --> 00:37:42,761
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

472
00:37:43,637 --> 00:37:45,681
<font color="#ffbf46">සන් හන්-ග්‍යුල් දැන් මට ආදරේ ප්‍රකාශ කළාද?</font>

473
00:37:49,643 --> 00:37:50,644
<font color="#ffbf46">ස්තූතියි...</font>

474
00:37:52,479 --> 00:37:55,399
<font color="#ffbf46">මගේ ජීවිතේ නරකම දවසෙන් මාව බේරගත්තට.</font>

475
00:38:08,996 --> 00:38:11,123
<font color="#ffbf46">මොකද? ඔහොම බලන්න එපා ඉතින්.</font>

476
00:38:11,206 --> 00:38:12,040
<font color="#ffbf46">ඇයි?</font>

477
00:38:15,836 --> 00:38:16,837
<font color="#ffbf46">මොකක්ද?</font>

478
00:38:50,871 --> 00:38:52,080
<font color="#ffbf46">මම ආවා.</font>

479
00:38:52,706 --> 00:38:54,124
<font color="#ffbf46">ආ, ආවද.</font>

480
00:38:56,793 --> 00:38:58,587
<font color="#ffbf46">ඔයාට මහන්සි ඇතිනේ. ගිහින් ටිකක් නිදාගන්න.</font>

481
00:39:00,088 --> 00:39:01,048
<font color="#ffbf46">මාමේ.</font>

482
00:39:04,342 --> 00:39:05,469
<font color="#ffbf46">ඇයි?</font>

483
00:39:07,220 --> 00:39:08,430
<font color="#ffbf46">කන්න මොකුත් තියෙනවද?</font>

484
00:39:19,357 --> 00:39:21,526
<font color="#ffbf46">අර ටීවී එකේ පෙන්නන ජාතියේ
ලොකු රෙස්ටොරන්ට් තියෙන්නේ?</font>

485
00:39:21,610 --> 00:39:23,403
<font color="#ffbf46">ඒකට කියන්නේ ෂැන්ඩ්ලියර් කියලද?</font>

486
00:39:23,487 --> 00:39:25,906
<font color="#ffbf46">දිලිසෙන මොකක්ද එකක්
වහලෙ ඉඳන් එල්ලලා තිබුණා.</font>

487
00:39:26,364 --> 00:39:29,618
<font color="#ffbf46">වේටර් කෙනෙක් කෝට් එකක් ඇඳගෙන ඇවිත් ඇහුවා,
"සර් මොනවද ඕඩර් කරන්නේ?" කියලා.</font>

488
00:39:29,701 --> 00:39:30,827
<font color="#ffbf46">ෂා.</font>

489
00:39:32,162 --> 00:39:35,707
<font color="#ffbf46">අම්මා ඔයාව හොඳම තැනකට
එක්කන් ගිහින් වගේ.</font>

490
00:39:37,084 --> 00:39:40,003
<font color="#ffbf46">මෙනු එකේ තියෙන ඒවා මොනවද කියලවත්
මට තේරුණේ නෑ.</font>

491
00:39:40,754 --> 00:39:43,173
<font color="#ffbf46">අම්මා කිව්වා "මම කන එකම මගේ පුතාටත් දෙන්න" කියලා.</font>

492
00:39:43,256 --> 00:39:45,133
<font color="#ffbf46">ඉතින් මට "නොකී" කියලා ජාතියක් හම්බුණා.</font>

493
00:39:47,052 --> 00:39:49,304
<font color="#ffbf46">ඒක පොඩි ඩම්ප්ලින්ග් එකක් වගේ එකක්.</font>

494
00:39:49,387 --> 00:39:52,933
<font color="#ffbf46">ක්‍රීම් සෝස් එකක් එක්ක ආවේ.
හරිම මෘදුයි, රසයි.</font>

495
00:39:53,016 --> 00:39:54,726
<font color="#ffbf46">කටට දාපු ගමන් උගුරෙන් ලිස්සලා ගියා.</font>

496
00:39:54,810 --> 00:39:56,019
<font color="#ffbf46">මට සමා වෙන්න.</font>

497
00:39:58,522 --> 00:40:03,110
<font color="#ffbf46">ඔයා මෙච්චර සතුටු වෙයි කියලා දැනන් හිටියා නම්,
මම මීට කලින් ඔයාට අම්මව හම්බවෙන්න දෙන්න තිබුණා.</font>

498
00:40:04,653 --> 00:40:08,073
<font color="#ffbf46">එයා කිව්වා නේද ආයෙත් කෝල් කරන්න,
ආයෙත් හම්බවෙන්න එන්න කියලා?</font>

499
00:40:12,244 --> 00:40:14,746
<font color="#ffbf46">එයා දිගටම කිව්වා එන්න කියලා.</font>

500
00:40:16,039 --> 00:40:17,791
<font color="#ffbf46">ආයෙත් කතා කරන්නත් කිව්වා.</font>

501
00:40:19,126 --> 00:40:20,001
<font color="#ffbf46">හොඳයි.</font>

502
00:40:20,794 --> 00:40:23,255
<font color="#ffbf46">දැන් ඉඳන් නිතරම එයාව බලන්න යන්න, හරිද?</font>

503
00:40:25,173 --> 00:40:26,007
<font color="#ffbf46">මම යන්නේ නෑ.</font>

504
00:40:27,425 --> 00:40:28,510
<font color="#ffbf46">ඒ ඇයි?</font>

505
00:40:29,970 --> 00:40:30,804
<font color="#ffbf46">ඒක ගොඩක් දුරයිනේ.</font>

506
00:40:31,388 --> 00:40:32,931
<font color="#ffbf46">වැඩිය දුර නෑ.</font>

507
00:40:33,014 --> 00:40:35,267
<font color="#ffbf46">ඕන වෙලාවක කියන්න.
මම ඔයාව එක්කන් යන්නම්.</font>

508
00:40:35,350 --> 00:40:37,227
<font color="#ffbf46">ඒ වගේ තැන් මට හරියන්නේ නෑ.</font>

509
00:40:37,310 --> 00:40:39,396
<font color="#ffbf46">මම නිකන් ආසාවට අර නොකී එක කාලා බැලුවේ.</font>

510
00:40:40,021 --> 00:40:43,191
<font color="#ffbf46">මට හරියන්නේ සැරට තියෙන කෑම.
ගැන්සිගි කැඳ වගේ ඒවා.</font>

511
00:40:50,615 --> 00:40:51,575
<font color="#ffbf46">තව තියෙනවද?</font>

512
00:40:51,658 --> 00:40:52,576
<font color="#ffbf46">අපෝ ඔව්!</font>

513
00:40:52,659 --> 00:40:55,203
<font color="#ffbf46">මම පොළෙන් අලුත් මුං ඇට ටිකක් ගෙනාවා.</font>

514
00:40:55,287 --> 00:40:56,955
<font color="#ffbf46">ලොකු මුට්ටියක් උයලා තියෙන්නේ.</font>

515
00:40:58,373 --> 00:40:59,541
<font color="#ffbf46">එල එල.</font>

516
00:41:12,929 --> 00:41:14,806
<font color="#ffbf46">මාමේ.
ඇයි?</font>

517
00:41:15,473 --> 00:41:17,559
<font color="#ffbf46">මම දැන් සේ-ජින් එක්ක යාළු වුණා.</font>

518
00:41:19,311 --> 00:41:20,520
<font color="#ffbf46">ඇත්තටම?</font>

519
00:41:20,604 --> 00:41:23,231
<font color="#ffbf46">බලන් ගියාම එයාටත් මම ගැන අදහසක් තිබිලා.</font>

520
00:41:23,315 --> 00:41:24,816
<font color="#ffbf46">ආ...</font>

521
00:41:24,900 --> 00:41:26,902
<font color="#ffbf46">සුභ පැතුම් හන්-ග්‍යුල්!</font>

522
00:41:26,985 --> 00:41:28,653
<font color="#ffbf46">කවුද ඉතින් ඔයාට අකමැති වෙන්නේ?</font>

523
00:41:29,279 --> 00:41:30,780
<font color="#ffbf46">ඉතින්, ඔයාද ඇහුවේ?</font>

524
00:41:30,864 --> 00:41:32,282
<font color="#ffbf46">එයා එක පාරටම කැමති වුණාද?</font>

525
00:41:33,366 --> 00:41:35,952
<font color="#ffbf46">අපි හන් ගඟ ගාව ඉඳන් රාමියොන් කෑවා.
අම්මෝ ඔයත්!</font>

526
00:41:36,036 --> 00:41:37,537
<font color="#ffbf46">හරියට මම වගේමයි.</font>

527
00:41:37,621 --> 00:41:39,706
<font color="#ffbf46">නියමයි. සුභ පැතුම්!
නවත්තගන්න ඕක.</font>

528
00:41:39,789 --> 00:41:40,665
<font color="#ffbf46">කාලා ඉන්නකෝ.</font>

529
00:41:40,749 --> 00:41:42,918
<font color="#ffbf46">ඉතින්, අද ඉඳන් ඔයාලා නිල වශයෙන් කපල් එකක්ද?</font>

530
00:41:43,001 --> 00:41:46,004
<font color="#ffbf46">කවදද ඇනිවර්සරි එක?
කවදද දවස් 100 පිරෙන්නේ?</font>

531
00:41:46,087 --> 00:41:47,255
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

532
00:41:53,511 --> 00:41:56,181
<font color="#ffbf46">කොහොමද ළමයි එක්ක වැඩ කරන ගුරුවරියක්</font>

533
00:41:56,264 --> 00:41:57,807
<font color="#ffbf46">දෙමව්පියෙක් එක්ක යාළු වෙන්නේ?</font>

534
00:41:58,558 --> 00:41:59,476
<font color="#ffbf46">ඒකේ තේරුමක් තියෙනවද?</font>

535
00:41:59,559 --> 00:42:01,269
<font color="#ffbf46">ඒකේ කිසිම තේරුමක් නෑනේ.</font>

536
00:42:01,353 --> 00:42:05,232
<font color="#ffbf46">සදාචාරාත්මක පැත්තෙන් බැලුවම,
මේක කොහෙත්ම පිළිගන්න බෑ නේද?</font>

537
00:42:06,233 --> 00:42:08,652
<font color="#ffbf46">විදුහල්පතිතුමා, ඔයා මොකද කියන්නේ?</font>

538
00:42:08,735 --> 00:42:12,822
<font color="#ffbf46">ඔව් ඉතින්, පාසලක් විදියට අපි මේ වගේ දේවල් ගැන
පරිස්සම් වෙන්න ඕනේ,</font>

539
00:42:12,906 --> 00:42:16,409
<font color="#ffbf46">හැබැයි බොම් ටීචර් වැරදි දෙයක් කරන කෙනෙක් නෙමෙයිනේ.</font>

540
00:42:16,493 --> 00:42:17,535
<font color="#ffbf46">ඔව්, මමත් පිළිගන්නවා.</font>

541
00:42:17,619 --> 00:42:20,372
<font color="#ffbf46">අනික හන්-ග්‍යුල්ගේ මාමා
මුලදී ටිකක් සැර පාටට හිටියට,</font>

542
00:42:20,830 --> 00:42:22,832
<font color="#ffbf46">දැන් අපි කවුරුත් දන්නවනේ
එයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා?</font>

543
00:42:23,458 --> 00:42:25,502
<font color="#ffbf46">ඔව්, එයා හන්-ග්‍යුල්වත් හොඳට බලාගන්නවා,</font>

544
00:42:25,585 --> 00:42:27,212
<font color="#ffbf46">වැඩිහිටියන්ටත් හොඳට සලකනවා.</font>

545
00:42:27,295 --> 00:42:29,381
<font color="#ffbf46">අනික, ජේකියු එනර්ජි එකේ අයිතිකාරයා
සන් ජේ-ග්‍යු නේද?</font>

546
00:42:29,464 --> 00:42:30,757
<font color="#ffbf46">ඔයාලට පිස්සුද!</font>

547
00:42:31,549 --> 00:42:34,719
<font color="#ffbf46">මේක බලන්න.
මම කිව්වනේ මට මේ කැළල ආවේ කොහොමද කියලා?</font>

548
00:42:35,387 --> 00:42:36,680
<font color="#ffbf46">ඔයාලා ඔක්කොගෙම සිහිය විකල් වෙලා.</font>

549
00:42:36,763 --> 00:42:40,350
<font color="#ffbf46">කොහොමද අර මැරයා එක්ක පැටලිලා
එයාගේ පැත්ත ගන්න පුළුවන් උනේ?</font>

550
00:42:40,433 --> 00:42:43,353
<font color="#ffbf46">මම නම් කියන්නේ, එයාගේ නම ඇහෙනකොටත්
මගේ ලේ රත් වෙනවා.</font>

551
00:42:43,436 --> 00:42:44,729
<font color="#ffbf46">මට වමනේ යන්න එනවා.</font>

552
00:42:45,397 --> 00:42:49,484
<font color="#ffbf46">උස විතරයි,
මූණෙන්ම පේනවා මහ කාමුක පාටයි කියලා.</font>

553
00:42:52,654 --> 00:42:53,488
<font color="#ffbf46">යූන් බොම්.</font>

554
00:42:54,239 --> 00:42:55,991
<font color="#ffbf46">ඔයා සියෝල් වල මීට වඩා දේවල් වලට මූණ දුන්නනේ.</font>

555
00:42:57,909 --> 00:42:59,786
<font color="#ffbf46">ඕවා වැදුනට තුවාල වෙන්නේ නෑ.</font>

556
00:43:00,870 --> 00:43:02,122
<font color="#ffbf46">කෙලින් හිටගන්න.</font>

557
00:43:02,706 --> 00:43:03,748
<font color="#ffbf46">හිත හයිය කරගන්න.</font>

558
00:43:22,642 --> 00:43:23,476
<font color="#ffbf46">බොම් ටීචර්.</font>

559
00:43:24,769 --> 00:43:27,605
<font color="#ffbf46">ඔයා දන්නවද ඇයි අපි දෙමව්පියන්ගෙන්
දුරස්ථව ඉන්න ඕනේ කියලා?</font>

560
00:43:28,982 --> 00:43:31,735
<font color="#ffbf46">ඔයා දෙමව්පියෝ එක්ක පෞද්ගලිකව
සම්බන්ධ වෙන්න ගියාම,</font>

561
00:43:31,818 --> 00:43:34,154
<font color="#ffbf46">ඔයාට එක ළමයෙක්ව විශේෂ වෙන්න ගන්නවා,</font>

562
00:43:34,237 --> 00:43:38,867
<font color="#ffbf46">එතකොට ඒකේ අවාසිය අනිවාර්යයෙන්ම වෙන්නේ
අනිත් ළමයින්ට. ඒකයි මම කියන්නේ.</font>

563
00:43:39,492 --> 00:43:40,410
<font color="#ffbf46">ඔයාට තේරෙනවද?</font>

564
00:43:40,952 --> 00:43:44,456
<font color="#ffbf46">හැබැයි මිස්ටර් හොන්ග්,
ඔයා චොයි සේ-ජින්ට කොච්චර විශේෂ සැලකිලි දක්වනවද?</font>

565
00:43:47,208 --> 00:43:48,501
<font color="#ffbf46">ඔයා මොනවද මේ කියන්නේ?</font>

566
00:43:50,170 --> 00:43:52,922
<font color="#ffbf46">මම කවද්ද එයාට විශේෂ සැලකිලි දැක්වුවේ?</font>

567
00:43:53,006 --> 00:43:53,840
<font color="#ffbf46">ඇයි මතක නැද්ද?</font>

568
00:43:54,883 --> 00:43:57,594
<font color="#ffbf46">ඔයා චොයි සේ-ජින්ගේ තාත්තගේ ඡන්ද වැඩ වලට උදව් කළේ,</font>

569
00:43:57,677 --> 00:43:58,970
<font color="#ffbf46">රැස්වීම් මෙහෙයෙව්වේ,</font>

570
00:43:59,804 --> 00:44:02,599
<font color="#ffbf46">ආණ්ඩුකාරතුමා කරන ඕනම දේකට
පැන පැන උදව් කරන්නේ?</font>

571
00:44:03,183 --> 00:44:06,436
<font color="#ffbf46">ඒක දෙමව්පියෝ එක්ක පෞද්ගලිකව
සම්බන්ධ වෙනවා කියලා ගණන් ගැනෙන්නේ නැද්ද?</font>

572
00:44:06,519 --> 00:44:09,064
<font color="#ffbf46">නෑ, ඒකයි මේකයි එකක් නෙමෙයි.</font>

573
00:44:09,147 --> 00:44:13,485
<font color="#ffbf46">මම කළේ පොදු වැඩකට
පොඩි සහයෝගයක් දීපු එක විතරයි.</font>

574
00:44:13,568 --> 00:44:15,320
<font color="#ffbf46">ඔයා ඒක වරදවා වටහාගෙන.</font>

575
00:44:16,237 --> 00:44:17,947
<font color="#ffbf46">මේ වගේ පිටිසර ගමක,</font>

576
00:44:18,031 --> 00:44:20,825
<font color="#ffbf46">අවුරුදු 50ට අඩු කෙනෙක් හොයාගන්නවත් නැති තැනක,</font>

577
00:44:20,909 --> 00:44:24,496
<font color="#ffbf46">තරුණ දෙන්නෙක් යාළු උනාම,
ඔයාලා ඒකට සතුටු වෙන්න ඕනේ.</font>

578
00:44:24,579 --> 00:44:27,999
<font color="#ffbf46">ඇයි මේ ලොකු අපරාධයක් කළා වගේ
කෑගහන්නේ?</font>

579
00:44:28,083 --> 00:44:30,168
<font color="#ffbf46">බොම් ටීචර් අනියම් සම්බන්ධයක් පැවැත්තුවද?</font>

580
00:44:30,251 --> 00:44:32,420
<font color="#ffbf46">එයා කාටහරි වංචා කළාද?</font>

581
00:44:41,513 --> 00:44:42,389
<font color="#ffbf46">බොම් ටීචර්.</font>

582
00:44:44,140 --> 00:44:46,351
<font color="#ffbf46">ඔයා කැමති කෙනෙක් ඉන්නවා නම්, කැමති වෙන්න.</font>

583
00:44:46,434 --> 00:44:49,312
<font color="#ffbf46">ඔයාට කා එක්ක හරි ඉන්න ඕන නම්,
පස්ස ගහන්නේ නැතුව එයා එක්ක ඉන්න.</font>

584
00:44:51,898 --> 00:44:54,734
<font color="#ffbf46">වසන්ත කාලේ හැමදාම තියෙයි කියලා හිතුවට,</font>

585
00:44:54,818 --> 00:44:56,069
<font color="#ffbf46">ඇහැ පිය ගහන සැනින් ඒක ඉවර වෙනවා.</font>

586
00:45:00,573 --> 00:45:02,826
<font color="#ffbf46">ඔයාගේ ජීවිතේ ලස්සනට ගත කරන්න, හරිද?</font>

587
00:45:09,249 --> 00:45:10,959
<font color="#ffbf46">ස්තූතියි, සෝ ටීචර්.</font>

588
00:45:14,379 --> 00:45:15,255
<font color="#ffbf46">ඒ වගේම...</font>

589
00:45:17,173 --> 00:45:19,884
<font color="#ffbf46">මම ඔයාලා හැමෝටම ඇති කරපු කරදරයට
සමා වෙන්න ඕනේ.</font>

590
00:45:20,635 --> 00:45:23,430
<font color="#ffbf46">ඔයාලට තියෙන ප්‍රශ්න ගැන මම හොඳටම දන්නවා.</font>

591
00:45:23,513 --> 00:45:26,266
<font color="#ffbf46">කොහොම උනත්, මම කවදාවත් ළමයි ඉස්සරහා
ලැජ්ජා සහගත දෙයක් කරන්නේ නෑ,</font>

592
00:45:26,850 --> 00:45:29,436
<font color="#ffbf46">ගුරුවරියක් විදියට මගේ වගකීම්
පැහැර හරින්නෙත් නෑ.</font>

593
00:45:29,519 --> 00:45:31,771
<font color="#ffbf46">එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා
මම පොරොන්දු වෙනවා.</font>

594
00:45:33,731 --> 00:45:35,400
<font color="#ffbf46">මොන දේ උනත්,</font>

595
00:45:35,483 --> 00:45:37,735
<font color="#ffbf46">පාසලට කිසිම කරදරයක් වෙන්න දෙන්නේ නෑ කියලා
මම පොරොන්දු වෙනවා.</font>

596
00:45:38,736 --> 00:45:42,657
<font color="#ffbf46">ඒ නිසා කරුණාකරලා මේ පාර මාව විශ්වාස කරලා
මට එක අවස්ථාවක් දෙන්න.</font>

597
00:45:44,409 --> 00:45:45,827
<font color="#ffbf46">ඔයාලගේ සහයෝගය මම අගය කරනවා.</font>

598
00:46:05,597 --> 00:46:06,431
<font color="#ffbf46">බොම් ටීචර්.</font>

599
00:46:08,892 --> 00:46:11,394
<font color="#ffbf46">ඔයා මම එනකන්ද හිටියේ?
කවුරු හරි දැක්කොත් එහෙම?</font>

600
00:46:11,478 --> 00:46:13,104
<font color="#ffbf46">ගොඩක් අය අපිව දැකලා ඉවරයිනේ.</font>

601
00:46:15,356 --> 00:46:16,274
<font color="#ffbf46">හරි.</font>

602
00:46:17,108 --> 00:46:18,318
<font color="#ffbf46">අපිව කොහොමත් මාට්ටු වෙලනේ තියෙන්නේ.</font>

603
00:46:18,985 --> 00:46:21,613
<font color="#ffbf46">මට බය හිතුණ නිසා
මම ඔයා එනකන්ම බලන් හිටියා.</font>

604
00:46:21,696 --> 00:46:24,115
<font color="#ffbf46">ඉස්කෝලෙදි කොහොමද? ප්‍රශ්නයක් වුණේ නෑ නේද?</font>

605
00:46:24,824 --> 00:46:26,951
<font color="#ffbf46">මම පුළුවන් උපරිමයෙන් පැහැදිලි කළා.</font>

606
00:46:28,495 --> 00:46:31,623
<font color="#ffbf46">දැන් ඉතින් මොන දේ උනත්
ඒකට මූණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ.</font>

607
00:46:31,706 --> 00:46:33,666
<font color="#ffbf46">ඔයා මොකටවත් ලෑස්ති වෙන්න ඕන නෑ.</font>

608
00:46:34,250 --> 00:46:36,544
<font color="#ffbf46">ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් උනොත්,</font>

609
00:46:37,212 --> 00:46:40,256
<font color="#ffbf46">මම ඕන දෙයක් කරලා ඒක විසඳන්නම්.</font>

610
00:46:40,840 --> 00:46:42,425
<font color="#ffbf46">ඒ නිසා කිසිම දේකට බය වෙන්න එපා.</font>

611
00:46:42,509 --> 00:46:44,928
<font color="#ffbf46">නිකන් සැනසිල්ලේ ඉන්න, හරිද?</font>

612
00:46:45,678 --> 00:46:48,097
<font color="#ffbf46">කන් වහගෙන, ඇස් වහගෙන,</font>

613
00:46:48,181 --> 00:46:49,933
<font color="#ffbf46">දිගටම හිනා වෙලා ඉන්න, තේරුණාද?</font>

614
00:46:51,017 --> 00:46:52,143
<font color="#ffbf46">එච්චරයි, හරිද?</font>

615
00:46:59,984 --> 00:47:02,737
<font color="#ffbf46">කොහොමත් ගමම අපි ගැන දන්නවනේ.
කාට මොකද?</font>

616
00:47:03,446 --> 00:47:04,405
<font color="#ffbf46">අද අපි...</font>

617
00:47:05,031 --> 00:47:05,949
<font color="#ffbf46">හිනා නොවී ඉමු.</font>

618
00:47:06,032 --> 00:47:07,283
<font color="#ffbf46">...පුළුවන් තරම් හිනා වෙමු.</font>

619
00:47:07,367 --> 00:47:08,660
<font color="#ffbf46">විනෝද නොවී ඉමු.</font>

620
00:47:08,743 --> 00:47:10,495
<font color="#ffbf46">පිස්සුවෙන් වගේ විනෝද වෙමු.</font>

621
00:47:10,578 --> 00:47:11,955
<font color="#ffbf46">සතුටු නොවී ඉමු.</font>

622
00:47:12,038 --> 00:47:13,581
<font color="#ffbf46">අපිට පුළුවන් තරම් සතුටු වෙමු.</font>

623
00:47:14,290 --> 00:47:16,876
<font color="#ffbf46">අපිට කලින් යන්න බැරි උන තැන් වලට යමු,</font>

624
00:47:17,502 --> 00:47:19,796
<font color="#ffbf46">ආස හිතෙන ඕනම දේකට, හරිද?</font>

625
00:47:27,136 --> 00:47:28,263
<font color="#ffbf46">යමු.</font>

626
00:47:57,083 --> 00:48:00,545
<font color="#ffbf46">බොම් ජේ-ග්‍යුට ආදරෙයි</font>

627
00:48:12,890 --> 00:48:14,309
<font color="#ffbf46">ලෑස්තිද? හිනා වෙන්න.</font>

628
00:48:15,685 --> 00:48:17,937
<font color="#ffbf46">එකයි, දෙකයි, තුනයි.</font>

629
00:48:28,781 --> 00:48:35,538
<font color="#ffbf46">එකයි, දෙකයි.
එකයි, දෙකයි.</font>

630
00:48:35,622 --> 00:48:37,874
<font color="#ffbf46">එකයි, දෙකයි.
හායි.</font>

631
00:48:45,590 --> 00:48:47,508
<font color="#ffbf46">සෂිමි සහ කිං ක්‍රැබ්</font>

632
00:48:54,599 --> 00:48:56,392
<font color="#ffbf46">මෙන්න, බොම් ටීචර්. කට අරින්න.</font>

633
00:48:59,812 --> 00:49:00,897
<font color="#ffbf46">කොහොමද?</font>

634
00:49:03,358 --> 00:49:06,027
<font color="#ffbf46">මේක නම් පංකාදුයි.
කා බලන්නකෝ.</font>

635
00:49:14,994 --> 00:49:15,870
<font color="#ffbf46">කොහොමද?</font>

636
00:49:15,953 --> 00:49:17,997
<font color="#ffbf46">මේක හරි පිරිලා, පැණි රසයි.</font>

637
00:49:18,081 --> 00:49:18,915
<font color="#ffbf46">නේද?</font>

638
00:49:18,998 --> 00:49:20,917
<font color="#ffbf46">රසට මගේ දිවට සතුටු කඳුළු එනවා.</font>

639
00:49:21,000 --> 00:49:22,877
<font color="#ffbf46">අනේ මන්දා, මට නම් මේක බලන් ඉන්න බෑ.</font>

640
00:49:22,960 --> 00:49:25,254
<font color="#ffbf46">මේගොල්ලෝ අනිත් අතින්
මොනවා කරනවද මන්දා?</font>

641
00:49:25,880 --> 00:49:27,465
<font color="#ffbf46">කට්ට අස්සටම රිංගන්න හදන්නේ.</font>

642
00:49:28,591 --> 00:49:29,509
<font color="#ffbf46">හරිම රස පාටයි.</font>

643
00:49:29,592 --> 00:49:32,929
<font color="#ffbf46">මම හිතන්නේ එයාලගේ අනිත් අත්
වෙන මොකක් හරි වැඩක කාර්යබහුල වෙලා.</font>

644
00:49:34,639 --> 00:49:35,890
<font color="#ffbf46">ඔහොම යන්.</font>

645
00:49:36,641 --> 00:49:38,726
<font color="#ffbf46">හරිම පිරිලා. ෂා.</font>

646
00:49:39,435 --> 00:49:41,270
<font color="#ffbf46">මොකක්? දෙමව්පියෙක් එක්ක?</font>

647
00:49:43,481 --> 00:49:45,233
<font color="#ffbf46">එයාට තාම සිහිය ඇවිත් නැද්ද</font>

648
00:49:45,316 --> 00:49:47,568
<font color="#ffbf46">නැත්නම් මාව පිස්සු වට්ටන්න
හිතාගෙනම කරනවද?</font>

649
00:49:47,652 --> 00:49:49,278
<font color="#ffbf46">මෙහෙදි එච්චර ප්‍රශ්න වෙලත්,</font>

650
00:49:49,362 --> 00:49:51,948
<font color="#ffbf46">කොහොමද එහෙ ගිහින්
ආයෙත් දෙමව්පියෙක් එක්ක පැටලෙන්නේ?</font>

651
00:49:52,031 --> 00:49:53,658
<font color="#ffbf46">මට නිදහසට කාරණා නෑ.</font>

652
00:49:53,741 --> 00:49:55,993
<font color="#ffbf46">මම මීට වඩා හොඳට හොයලා බලන්න තිබුණා.</font>

653
00:50:00,915 --> 00:50:03,334
<font color="#ffbf46">කවුද හැබෑටම ඒ මනුස්සයා? මොනවද කරන්නේ?</font>

654
00:50:04,502 --> 00:50:07,964
<font color="#ffbf46">එයාව මම අඳුරනවා වගේ...</font>

655
00:50:10,883 --> 00:50:14,804
<font color="#ffbf46">මේ අර ඔයා හොය හොය හිටපු
එකාවත්ද?</font>

656
00:50:14,887 --> 00:50:19,934
<font color="#ffbf46">ඇඟ විතරක් තියෙන,
ඔයාගේ සල්ලිත් අරන් පැනලා ගිය අර මැරයා?</font>

657
00:50:26,649 --> 00:50:28,067
<font color="#ffbf46">අනේ, මගේ බෙහෙත් ටික.</font>

658
00:50:28,151 --> 00:50:29,736
<font color="#ffbf46">ඔව්, අනිවාර්යයෙන්ම.</font>

659
00:50:40,913 --> 00:50:44,000
<font color="#ffbf46">මැනේජර්, ඊළඟ සතියේ මගේ මුළු
ෂෙඩියුල් එකම කැන්සල් කරන්න.</font>

660
00:50:45,251 --> 00:50:47,378
<font color="#ffbf46">ඔයා ඇත්තටම යන්න නෙවෙයි නේද හදන්නේ?</font>

661
00:50:48,212 --> 00:50:49,630
<font color="#ffbf46">ජොන්ග් මිස්, සන්සුන් වෙන්නකෝ.</font>

662
00:50:49,714 --> 00:50:52,884
<font color="#ffbf46">මෙහෙම කරන එකෙන් බොම් මිස්ට
ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.</font>

663
00:50:52,967 --> 00:50:55,803
<font color="#ffbf46">මේ ඔක්කොම අවුල් වුනේ ඔයා නිසා,
දැන් මට කියනවද සන්සුන් වෙන්න කියලා?</font>

664
00:51:00,683 --> 00:51:04,937
<font color="#ffbf46">මම එදාම ශින්සු වලට ගිහින්
බොම් එක්ක කතා කරන්න තිබුණේ.</font>

665
00:51:05,521 --> 00:51:08,775
<font color="#ffbf46">මම එහෙ ගිහින් එයාව ඇදගෙන හරි එනවා
නැත්තම් සදහටම සම්බන්ධකම් කපලා දානවා,</font>

666
00:51:09,400 --> 00:51:10,943
<font color="#ffbf46">මම මේක අදින් ඉවරයක් කරනවා.</font>

667
00:51:11,027 --> 00:51:13,321
<font color="#ffbf46">ඒ නිසා ඔයාලා දෙන්නම මේකට මැදිහත් වෙන්න එපා.</font>

668
00:51:14,739 --> 00:51:16,157
<font color="#ffbf46">මෙතන ඉඳන්, මම මේක බලාගන්නම්.</font>

669
00:51:39,055 --> 00:51:40,848
<font color="#ffbf46">ඔයා දැන් යන්න ඕනේ.</font>

670
00:51:41,682 --> 00:51:43,518
<font color="#ffbf46">හරි, ඔයා ඇතුලට යන්නකෝ.</font>

671
00:51:45,353 --> 00:51:47,605
<font color="#ffbf46">මට හිතෙන්නේ ඔයා අත ඇරියොත් විතරයි
මට යන්න පුළුවන් වෙන්නේ.</font>

672
00:51:49,649 --> 00:51:50,483
<font color="#ffbf46">මම අත අරින්න ඕනේ.</font>

673
00:51:51,025 --> 00:51:52,568
<font color="#ffbf46">ඔව්, අත අරින්න.</font>

674
00:51:55,738 --> 00:51:58,366
<font color="#ffbf46">ඇයි මගේ අත අතෑරෙන්නේ නැත්තේ?</font>

675
00:51:58,449 --> 00:51:59,617
<font color="#ffbf46">මම දන්නවා.</font>

676
00:52:00,451 --> 00:52:01,786
<font color="#ffbf46">පුදුමයි, ඒක හිර වෙලා වගේ.</font>

677
00:52:03,663 --> 00:52:04,664
<font color="#ffbf46">එහෙනම් මට වෙන විකල්පයක් නෑ.</font>

678
00:52:05,289 --> 00:52:07,708
<font color="#ffbf46">මම ඉස්සරහා දොර ළඟටම ඔයාව ඇරලවලා
යන්නම්.</font>

679
00:52:27,103 --> 00:52:28,187
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?</font>

680
00:52:28,771 --> 00:52:29,856
<font color="#ffbf46">තාමත් අත ගැලවෙන්නේ නෑනේ.</font>

681
00:52:31,649 --> 00:52:33,609
<font color="#ffbf46">අපි ගොඩක් වෙලා අල්ලගෙන හිටපු නිසාද?</font>

682
00:52:34,443 --> 00:52:35,945
<font color="#ffbf46">එහෙනම්,</font>

683
00:52:36,028 --> 00:52:40,741
<font color="#ffbf46">මම කාමරේ දොරකඩටම ඔයාව ඇරලවන්නම්,
ඊටපස්සේ මම ඇත්තටම යන්නම්.</font>

684
00:52:48,457 --> 00:52:50,251
<font color="#ffbf46">ඔයා මාව දොර ළඟට විතරක් නෙවෙයි ඇරලුවේ.</font>

685
00:52:51,627 --> 00:52:54,505
<font color="#ffbf46">ඔයා මාව කාමරේ ඇතුලටම එක්කන් ආවා.</font>

686
00:52:56,549 --> 00:52:58,843
<font color="#ffbf46">මට හිතෙන්නේ යන්න තව තැනක් ඉතුරු වෙලා නෑ.</font>

687
00:53:02,179 --> 00:53:03,055
<font color="#ffbf46">ඒක ඇත්ත.</font>

688
00:53:07,894 --> 00:53:10,146
<font color="#ffbf46">මම අත ඇරියා. ඒක ගැලවුනා.</font>

689
00:53:10,646 --> 00:53:13,065
<font color="#ffbf46">අපිට කොහොමහරි අත අරින්න පුළුවන් වුනා නේද?</font>

690
00:53:13,816 --> 00:53:14,942
<font color="#ffbf46">ඔව්.</font>

691
00:53:15,735 --> 00:53:16,569
<font color="#ffbf46">අපි අත ඇරියා.</font>

692
00:53:16,652 --> 00:53:19,864
<font color="#ffbf46">එළියට බහින්න එපා, රෑ වෙලානේ.
මම තනියම යන්නම්.</font>

693
00:53:30,499 --> 00:53:31,334
<font color="#ffbf46">බොම් මිස්.</font>

694
00:53:33,252 --> 00:53:35,379
<font color="#ffbf46">ඔයා දැන් මාව යන්න නොදී නතර කළාද?</font>

695
00:53:35,463 --> 00:53:36,964
<font color="#ffbf46">මම? කවද්ද?</font>

696
00:53:39,091 --> 00:53:41,218
<font color="#ffbf46">සමහරවිට ඔයා දොරේ අගුලේ පැටලෙන්න ඇති.</font>

697
00:53:45,765 --> 00:53:47,224
<font color="#ffbf46">මෙතන දොරේ අගුලක් නෑනේ.</font>

698
00:53:48,100 --> 00:53:51,103
<font color="#ffbf46">එහෙනම් ඇණයක්ද? නැත්තම් හැඟර් එකක්ද?</font>

699
00:53:56,859 --> 00:54:00,529
<font color="#ffbf46">මම හිතුවේ සමහරවිට
ඔයාට මම යනවා දකින්න අකමැති ඇති කියලා.</font>

700
00:54:00,613 --> 00:54:02,239
<font color="#ffbf46">කවුද? මම?</font>

701
00:54:03,866 --> 00:54:08,162
<font color="#ffbf46">ඉතින්, ඔයා කියන්නේ ඔයාට ඕනේ
මම යනවටද?</font>

702
00:54:09,163 --> 00:54:10,957
<font color="#ffbf46">ඇයි ඔයා එහෙම කියන්නේ?</font>

703
00:54:11,040 --> 00:54:15,378
<font color="#ffbf46">මම නිකන් කිව්වේ ඔයාගේ ඇඳුම
මොකක හරි පැටලෙන්න ඇති කියලා.</font>

704
00:54:16,003 --> 00:54:18,339
<font color="#ffbf46">ඒකෙන් අදහස් වෙන්නේ නෑ
මට ඔයා යනවට ඕනෙයි කියලා.</font>

705
00:54:18,422 --> 00:54:23,010
<font color="#ffbf46">එහෙනම්, ඔයා කියන්නේ ඔයාට ඕනේ
මම නවතින්නද?</font>

706
00:54:23,094 --> 00:54:26,138
<font color="#ffbf46">මෙහෙමයි, මට ඕනේ ඔයා නවතින්නමයි කියලා
විශේෂයක් නෑ.</font>

707
00:54:27,264 --> 00:54:28,099
<font color="#ffbf46">මට තේරෙනවා.</font>

708
00:54:30,184 --> 00:54:31,268
<font color="#ffbf46">ඒ වුනාට...</font>

709
00:54:33,312 --> 00:54:38,609
<font color="#ffbf46">ආයේ හිතද්දි,
මෙහෙ නවතින එක ඒ තරම් නරක අදහසක් නෙවෙයි.</font>

710
00:54:40,319 --> 00:54:41,445
<font color="#ffbf46">සමහරවිට ඔයා අද යන්න ඕනේ.</font>

711
00:54:43,280 --> 00:54:44,115
<font color="#ffbf46">මට තේරෙනවා.</font>

712
00:54:47,034 --> 00:54:48,494
<font color="#ffbf46">මම අදහස් කළේ...</font>

713
00:54:49,620 --> 00:54:52,206
<font color="#ffbf46">මට ඕනේ ඔයා එක්ක ඉන්න,</font>

714
00:54:52,873 --> 00:54:54,875
<font color="#ffbf46">ඒත් එක්කම,
මට හිතෙනවා අපි එහෙම නොකර ඉන්න ඕනේ කියලා.</font>

715
00:54:54,959 --> 00:54:56,961
<font color="#ffbf46">මට ඔයා යනවට ආසාවක් තියෙනවා නෙවෙයි,</font>

716
00:54:57,044 --> 00:54:59,046
<font color="#ffbf46">ඒත් සමහරවිට යන එක තමයි හරි දේ,
ඔයා දන්නවනේ...</font>

717
00:55:02,008 --> 00:55:05,553
<font color="#ffbf46">ඔයාට තීරණය කරන්න බැරිනම්, මම කරන්නම්.</font>

718
00:55:14,520 --> 00:55:15,354
<font color="#ffbf46">හන්-ග්‍යුල්.</font>

719
00:55:16,522 --> 00:55:18,024
<font color="#ffbf46">මට අද රෑ ගෙදර එන්න වෙන්නේ නෑ.</font>

720
00:57:08,843 --> 00:57:10,761
<font color="#ffbf46">බොම්-සික්ගේ ගෙදර</font>

721
00:57:33,117 --> 00:57:34,285
<font color="#ffbf46">හොඳට නින්ද ගියාද?</font>

722
00:57:36,078 --> 00:57:40,040
<font color="#ffbf46">ඔව්. මට හොඳට නින්ද ගියා.</font>

723
00:57:44,211 --> 00:57:47,339
<font color="#ffbf46">එහෙම අහන්න ලැබුන එක සතුටක්. මටත් හොඳට නින්ද ගියා.</font>

724
00:57:50,718 --> 00:57:53,512
<font color="#ffbf46">ඇයි අර මල් පෝච්චිය එතන තියෙන්නේ?</font>

725
00:57:53,596 --> 00:57:54,430
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

726
00:57:55,181 --> 00:57:57,308
<font color="#ffbf46">තව ටිකක් ඇඳට වෙලා ඉන්න. මම සුද්ධ කරන්නම්.</font>

727
00:58:45,189 --> 00:58:47,983
<font color="#ffbf46">44-5 හෙයුන්-ගිල්, ශින්සු-යුප්, ජුවාන්-ගුන්,
ග්‍යොන්ග්සැන්ග්බුක්-දෝ</font>

728
00:59:43,580 --> 00:59:46,834
<font color="#ffbf46"><i>මම හොයලා බලන්නම් ඔය සන් ජේ-ග්‍යු කියන්නේ
ඇත්තටම මොන වගේ කෙනෙක්ද කියලා.</i></font>

729
00:59:47,459 --> 00:59:49,169
<font color="#ffbf46">ජේ-ග්‍යු. අයියෝ!</font>

730
00:59:50,337 --> 00:59:51,297
<font color="#ffbf46">අම්මා ඇයි මෙහේ?</font>

731
00:59:51,380 --> 00:59:52,798
<font color="#ffbf46">ඔයාට ළමයෙක් ඉන්නවා.
මේ මගේ මල්ලිගේ පුතා.</font>

732
00:59:52,881 --> 00:59:55,092
<font color="#ffbf46">කොහොමද ඔයා මේ වගේ පැත්තක ඉන්න
මනුස්සයෙක්ව හම්බුනේ?</font>

733
00:59:55,175 --> 00:59:57,303
<font color="#ffbf46">ජොන්ග් මිස්.</font>

734
00:59:58,637 --> 01:00:01,682
<font color="#ffbf46"><i>බොම් මිස්, මම මේ කියන්න යන දේ
හොඳට අහගන්න.</i></font>

735
01:00:01,765 --> 01:00:03,267
<font color="#ffbf46"><i>කවුද ඔයා, මගේ පස්සෙන් මේ විදිහට එන්නේ?</i></font>

736
01:00:04,143 --> 01:00:05,269
<font color="#ffbf46"><i>බොම් මිස්!</i></font>

737
01:00:05,352 --> 01:00:08,939
<font color="#ffbf46"><i>හන්-ග්‍යුල්ගේ මාමා කාර් එකක හැප්පිලා</i>
<i>ඉස්පිරිතාලෙට අරන් ගියා.</i></font>

738
01:00:14,236 --> 01:00:16,238
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

