1
00:00:39,392 --> 00:00:41,392
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:41,416 --> 00:00:43,961
<font color="#b67a07">නෝ ටේල් ටු ටෙල්</font>

3
00:00:44,962 --> 00:00:47,089
<font color="#ffbf46">අක්කේ, මම ක්‍රමයක් හොයාගත්තා!</font>

4
00:00:47,172 --> 00:00:49,132
<font color="#ffbf46">ඒකට ටික කාලයක් යයි,</font>

5
00:00:49,216 --> 00:00:52,052
<font color="#ffbf46">ඒත් ඔයාට ආපහු වලිග නවයේ නරියෙක් වෙන්න</font>

6
00:00:52,135 --> 00:00:53,804
<font color="#ffbf46">ක්‍රමයක් මම හොයාගත්තා.</font>

7
00:00:53,887 --> 00:00:56,765
<font color="#ffbf46">හරි, අපි ඒ ගැන පස්සේ කතා කරමු.</font>

8
00:00:57,432 --> 00:01:01,186
<font color="#ffbf46">ඒ කියන්නේ එයාටත් ආපහු
එයාගේ ජීවිතේට යන්න පුළුවන් නේද?</font>

9
00:01:02,980 --> 00:01:04,356
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

10
00:01:05,274 --> 00:01:08,402
<font color="#ffbf46">ඔයාලා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

11
00:01:11,822 --> 00:01:13,991
<font color="#ffbf46">වූ-සොක්, මේකයි සිද්ධිය...</font>

12
00:01:14,074 --> 00:01:16,076
<font color="#ffbf46">ආපහු වලිග නවයේ නරියෙක් වෙනවා කියන්නේ?</font>

13
00:01:17,911 --> 00:01:19,496
<font color="#ffbf46">එහෙනම් ඒ කියන්නේ...</font>

14
00:01:24,167 --> 00:01:29,381
<font color="#ffbf46">ඔයා මේක ඇත්තටම මම වෙනුවෙන් නෙවෙයි කළේ.
ඔයාට ආපහු යන්න බැරි වුණාද?</font>

15
00:01:29,464 --> 00:01:30,924
<font color="#ffbf46">ඒක...</font>

16
00:01:31,883 --> 00:01:33,927
<font color="#ffbf46">මට පැහැදිලි කරන්න දෙන්න...
ඒක හරි.</font>

17
00:01:34,595 --> 00:01:36,513
<font color="#ffbf46">ඔයාට ඇහුණු දේ හරි.</font>

18
00:01:36,597 --> 00:01:38,390
<font color="#ffbf46">ඉතින් මොකද? ඔයාට මොකද ඒකෙන්?</font>

19
00:01:38,473 --> 00:01:40,934
<font color="#ffbf46">ඒයි!
කොහොමත් මුකුත් වෙනස් වෙන්නෙ නෑනේ.</font>

20
00:01:41,018 --> 00:01:42,894
<font color="#ffbf46">මමයි, සි-යොල් සහ ඔයයි.</font>

21
00:01:42,978 --> 00:01:45,522
<font color="#ffbf46">අපි හැමෝම ආපහු
කලින් හිටපු විදියටම පත් වෙනවා.</font>

22
00:01:46,148 --> 00:01:47,608
<font color="#ffbf46">ඒකට තව ටික කාලයක් යයි.</font>

23
00:01:49,693 --> 00:01:50,819
<font color="#ffbf46">ඇත්තටමද?</font>

24
00:01:54,239 --> 00:01:55,365
<font color="#ffbf46">තව කොච්චර කල් යයිද?</font>

25
00:02:00,537 --> 00:02:04,666
<font color="#ffbf46">ඔයා කියන්නේ දැන් ඔයත් අපි වගේම
සාමාන්‍ය මනුස්සයෙක් කියලද?</font>

26
00:02:05,375 --> 00:02:07,711
<font color="#ffbf46">ඔයා ආපහු යන්න ක්‍රමයක් හොයනවා නේද?</font>

27
00:02:11,965 --> 00:02:14,217
<font color="#ffbf46">ඉතින් ඔයා ක්‍රමයක් හොයාගත්තද? කොහොමද?</font>

28
00:02:14,301 --> 00:02:18,055
<font color="#ffbf46">දැන් අර වැඩකට නැති මනුස්සයත් මැද්දට පැනලා,
මේක තවත් සංකීර්ණ වුණා.</font>

29
00:02:19,598 --> 00:02:22,893
<font color="#ffbf46">එතකොට අර ක්‍රමය හරි ගියේ නැත්නම්
අපිට ආපහු මාරු වෙන්න බැරි වෙයිද?</font>

30
00:02:22,976 --> 00:02:26,104
<font color="#ffbf46">ඒක වෙන්න පුළුවන් දෙයක්.</font>

31
00:02:26,188 --> 00:02:27,898
<font color="#ffbf46">තමුසෙට මොකද ඒකෙන්?</font>

32
00:02:27,981 --> 00:02:29,650
<font color="#ffbf46">මේක මටත් අදාළයිනේ.</font>

33
00:02:30,776 --> 00:02:33,362
<font color="#ffbf46">ඇයි?
මම බාධාවක් වෙයි කියලා බයද?</font>

34
00:02:34,821 --> 00:02:36,239
<font color="#ffbf46">තමුසෙම කියනවා.</font>

35
00:02:36,323 --> 00:02:38,325
<font color="#ffbf46">මම හිතන්නේ තමුසෙට ඒක කරන්න හොඳටම පුළුවන්.</font>

36
00:02:39,076 --> 00:02:41,787
<font color="#ffbf46">ඉතින් කියනවා.
තමුසේ බාධා කරනවද?</font>

37
00:02:46,166 --> 00:02:47,668
<font color="#ffbf46">ඔය දෙන්නම නවත්තගන්නවා.</font>

38
00:02:47,751 --> 00:02:48,919
<font color="#ffbf46">ඇයි ඔයාලා මෙහෙම හැසිරෙන්නේ?</font>

39
00:02:49,878 --> 00:02:52,547
<font color="#ffbf46">එයා කියපු දේ ඇහුණා නේද?</font>

40
00:02:52,631 --> 00:02:56,718
<font color="#ffbf46">මට කියන්න එපා ඔයා තාමත්
ඔය මනුස්ස යාළුකම් පස්සේ යනවා කියලා.</font>

41
00:02:57,344 --> 00:02:59,971
<font color="#ffbf46">ඔයා හරි නපුරුයි.
සි-යොල්.</font>

42
00:03:00,055 --> 00:03:02,933
<font color="#ffbf46">මොකද වෙන්නේ කියලා මම දැනගන්න ඕනේ.
නැත්නම් මට සැනසීමක් නෑ.</font>

43
00:03:03,016 --> 00:03:05,936
<font color="#ffbf46">අනික මට උදව් කරන්න පුළුවන් දෙයක්
තියෙන්නත් පුළුවන්.</font>

44
00:03:06,019 --> 00:03:08,730
<font color="#ffbf46">ඔයාලා හැමදේම මගෙන් මේ විදියට
හංගන්න හොඳ නෑ.</font>

45
00:03:08,814 --> 00:03:10,649
<font color="#ffbf46">ඔයා කියන දේ මට තේරෙනවා.</font>

46
00:03:11,274 --> 00:03:13,151
<font color="#ffbf46">ඒ වුණාට, දැනට ඔයා යන එක තමයි හොඳම දේ.</font>

47
00:03:13,235 --> 00:03:15,654
<font color="#ffbf46">පස්සේ, මට ඕන වුණොත්...
ඒක මකලා දාන්න.</font>

48
00:03:16,571 --> 00:03:17,948
<font color="#ffbf46">මොකක්?</font>

49
00:03:18,031 --> 00:03:19,449
<font color="#ffbf46">ඒ මනුස්සයගෙ මතකය මකලා දාන්න.</font>

50
00:03:19,533 --> 00:03:22,577
<font color="#ffbf46">ඒත් මගේ බලය එච්චර ශක්තිමත් නෑ...</font>

51
00:03:22,661 --> 00:03:25,706
<font color="#ffbf46">මම දන්නවා. නිකන් කරලා දාන්න.</font>

52
00:03:25,789 --> 00:03:26,790
<font color="#ffbf46">හරි.</font>

53
00:03:27,874 --> 00:03:29,167
<font color="#ffbf46">නෑ, ඉන්න...</font>

54
00:03:42,806 --> 00:03:43,974
<font color="#ffbf46">මේ මොකද...</font>

55
00:03:44,975 --> 00:03:46,977
<font color="#ffbf46">මම සි-යොල් එනකම් බලාගෙන හිටියේ.</font>

56
00:03:47,978 --> 00:03:49,146
<font color="#ffbf46">මම ඇයි මෙහේ ඉන්නේ?</font>

57
00:03:53,358 --> 00:03:55,068
<font color="#ffbf46">තාත්තා</font>

58
00:03:56,278 --> 00:03:57,320
<font color="#ffbf46">හෙලෝ, තාත්තේ.</font>

59
00:03:57,404 --> 00:03:59,489
<font color="#ffbf46"><i>ඇයි මේ දැන් ආන්සර් කළේ?</i></font>

60
00:04:00,323 --> 00:04:01,867
<font color="#ffbf46">මට දැන් හරියට මතක නෑ...</font>

61
00:04:01,950 --> 00:04:04,411
<font color="#ffbf46">මේ වෙලාවේ බිව්වද?</font>

62
00:04:04,494 --> 00:04:05,579
<font color="#ffbf46">නෑ, එහෙම දෙයක් නෙවෙයි...</font>

63
00:04:05,662 --> 00:04:08,206
<font color="#ffbf46"><i>ඔයා දන්නවද ඔයා මොන වගේ අවුලක්ද හැදුවේ කියලා?</i></font>

64
00:04:08,290 --> 00:04:10,292
<font color="#ffbf46">ක්ලබ් එකේ අවසරයක් නැතුව ඔයා කොරියාවට ගියා.</font>

65
00:04:10,375 --> 00:04:12,043
<font color="#ffbf46"><i>ඔයාට පිස්සුද?</i></font>

66
00:04:14,629 --> 00:04:16,131
<font color="#ffbf46">මේ දවස්වල පුහුණුවීම් විතරයිනේ තියෙන්නේ.</font>

67
00:04:16,214 --> 00:04:18,258
<font color="#ffbf46"><i>කොහොමත් ලබන සතියේ මට</i>
<i>ජාත්‍යන්තර තරඟාවලියට යන්න තියෙනවා.</i></font>

68
00:04:18,341 --> 00:04:20,051
<font color="#ffbf46">මම කොරියාවට දවස් කිහිපයකට කලින් ආවා විතරයි.</font>

69
00:04:20,135 --> 00:04:21,678
<font color="#ffbf46">ඒකේ ඇති වැරැද්ද මොකක්ද?</font>

70
00:04:21,762 --> 00:04:24,931
<font color="#ffbf46">තරඟ නැති වුණාට
පුහුණුවීම් තියෙනවනේ!</font>

71
00:04:25,015 --> 00:04:26,433
<font color="#ffbf46">ඔයා තාම අලුත්,</font>

72
00:04:26,516 --> 00:04:29,519
<font color="#ffbf46">ඒත් දැනටමත් පුහුණුකරුවයි ක්ලබ් එකේ අයිතිකාරයයි
දෙන්නම තරහා ගස්සලා.</font>

73
00:04:29,603 --> 00:04:31,730
<font color="#ffbf46"><i>ඔයා මේ හැසිරෙන්නේ වෘත්තීය මට්ටමෙන් නෙවෙයි!</i></font>

74
00:04:31,813 --> 00:04:33,482
<font color="#ffbf46">ඔයා හිතන්නේ මම මේක කරන්නේ මම වෙනුවෙන් කියලද?</font>

75
00:04:33,565 --> 00:04:34,941
<font color="#ffbf46">මොකක්?</font>

76
00:04:35,025 --> 00:04:37,194
<font color="#ffbf46">වැඩක් නෑ. මම තියනවා.</font>

77
00:04:39,696 --> 00:04:40,947
<font color="#ffbf46">අපි මේ විදියට ඉමු...</font>

78
00:04:41,990 --> 00:04:43,450
<font color="#ffbf46">දැනට.</font>

79
00:04:44,284 --> 00:04:45,827
<font color="#ffbf46">ස්තූතියි, සි-යොල්.</font>

80
00:04:47,537 --> 00:04:50,040
<font color="#ffbf46">ඉන්න, මොකක්ද ඒ මතකය?</font>

81
00:04:52,751 --> 00:04:54,419
<font color="#ffbf46">මම ඇත්තටම සි-යොල්ව හම්බුණාද?</font>

82
00:04:54,961 --> 00:04:56,213
<font color="#ffbf46"><i>ඒක නෙවෙයි,</i></font>

83
00:04:56,838 --> 00:04:58,173
<font color="#ffbf46">කොහෙද ගෙදර තියෙන්නේ?</font>

84
00:04:59,382 --> 00:05:00,884
<font color="#ffbf46">මේ තියෙන්නේ.</font>

85
00:05:03,136 --> 00:05:04,679
<font color="#ffbf46">මේක පොදු වැසිකිළියක් නේද?</font>

86
00:05:04,763 --> 00:05:06,932
<font color="#ffbf46">කඳුකරයේ මේ වගේ ඒවා ගොඩක් තියෙනවා.</font>

87
00:05:10,352 --> 00:05:13,438
<font color="#ffbf46">මේක වැසිකිළියක් නෙවෙයි.
මේකට කියන්නේ රූප්ටොප් ගෙයක් කියලා.</font>

88
00:05:15,357 --> 00:05:19,528
<font color="#ffbf46">එහෙම පෙනුනට,
මිනිස්සු ඇත්තටම මෙහේ ජීවත් වෙනවා.</font>

89
00:05:19,611 --> 00:05:21,071
<font color="#ffbf46">මේක ගෙදරක්.</font>

90
00:05:21,154 --> 00:05:24,491
<font color="#ffbf46">ඒ තරම් දුර යන්න ඇත්තටම ඕන වුණාද?</font>

91
00:05:25,158 --> 00:05:26,117
<font color="#ffbf46">මොකක්?</font>

92
00:05:26,201 --> 00:05:30,247
<font color="#ffbf46">වූ-සොක්ගේ මතකය මකන තරම් දුරකට
යන්න ඕන වුණා කියලා මම හිතන්නේ නෑ.</font>

93
00:05:30,831 --> 00:05:33,458
<font color="#ffbf46">අපිට තිබුණේ එයාට තේරුම් කරලා දීලා
යවන්න විතරයි.</font>

94
00:05:34,125 --> 00:05:36,253
<font color="#ffbf46">ඔයාට තාම තත්ත්වේ බරපතලකම
තේරිලා නෑ වගේ.</font>

95
00:05:36,336 --> 00:05:38,630
<font color="#ffbf46">ඔයා එයා එක්ක හොඳින් කතා කරලා යැව්වා නම්,</font>

96
00:05:38,713 --> 00:05:41,049
<font color="#ffbf46">ඔයා හිතනවද ඔයාට ආපහු කවදාවත්
සුවෙන් නිදාගන්න පුළුවන් වෙයි කියලා?</font>

97
00:05:41,591 --> 00:05:42,551
<font color="#ffbf46">ඔයා මොකක්ද ඒ කියන්නේ?</font>

98
00:05:42,634 --> 00:05:44,928
<font color="#ffbf46">මම උදාහරණයක් කියන්නම්.</font>

99
00:05:45,762 --> 00:05:49,307
<font color="#ffbf46">අද රෑ ඔයා එකපාරටම මැරුණොත්,</font>

100
00:05:49,391 --> 00:05:51,101
<font color="#ffbf46">කාටද වාසි වෙන්නේ?</font>

101
00:05:51,184 --> 00:05:52,185
<font color="#ffbf46">මොකක්?</font>

102
00:05:52,269 --> 00:05:54,437
<font color="#ffbf46">එතකොට එයාට ආපහු මාරු වෙන එක ගැන
වද වෙන්න දෙයක් නෑ.</font>

103
00:05:54,521 --> 00:05:57,941
<font color="#ffbf46">නැත්නම් ආපහු මේ කැඩිච්ච ගෙදරට එන්න
වෙන එක ගැන වද වෙන්න දෙයක් නෑ.</font>

104
00:05:58,024 --> 00:06:01,152
<font color="#ffbf46">එයාට දැන් තියෙන හැමදේම
සදහටම එයාගේ වෙනවා.</font>

105
00:06:02,070 --> 00:06:05,031
<font color="#ffbf46">එයාට ඒක තේරුම් ගන්න
කොච්චර වෙලාවක් යයි කියලා ඔයා හිතනවද?</font>

106
00:06:05,574 --> 00:06:06,658
<font color="#ffbf46">දවසක් දෙකක්?</font>

107
00:06:06,741 --> 00:06:10,745
<font color="#ffbf46">අනේ මන්දා, ඇයි ඔයා හැමදේම
ඔච්චර නරකට හිතන්නේ?</font>

108
00:06:10,829 --> 00:06:14,040
<font color="#ffbf46">මොකක්ද, ඔයා කියන්නේ වූ-සොක්
මාව මරන්න හදයි කියලද?</font>

109
00:06:14,124 --> 00:06:16,251
<font color="#ffbf46">පිස්සු නැතුව ඉන්නවා. ඒක වෙන්නෙ නැති දෙයක්.</font>

110
00:06:16,334 --> 00:06:17,419
<font color="#ffbf46">ඔයාට මතක නැද්ද?</font>

111
00:06:17,502 --> 00:06:19,796
<font color="#ffbf46">මම ඔයාලගේ ජීවිත ආපහු මාරු කරන්න
අවස්ථාව දුන්නම</font>

112
00:06:19,880 --> 00:06:21,631
<font color="#ffbf46">ඔයාගේ යාළුවා මොකද කළේ කියලා?</font>

113
00:06:21,715 --> 00:06:23,383
<font color="#ffbf46">ඒක ඉතින් එදානේ.</font>

114
00:06:24,009 --> 00:06:26,094
<font color="#ffbf46">මේක වෙනස් අවස්ථාවක්.</font>

115
00:06:26,177 --> 00:06:28,722
<font color="#ffbf46">අනික වූ-සොක් කියන්නේ එහෙම කෙනෙක් නෙවෙයි.</font>

116
00:06:28,805 --> 00:06:30,849
<font color="#ffbf46">යථාර්ථයට එනවා. මනුස්සයෝ හැමෝම එකයි.</font>

117
00:06:30,932 --> 00:06:33,560
<font color="#ffbf46">ඔයා හිතනවද වෙනස් ජාතියේ
විශේෂ අය ඉන්නවා කියලා?</font>

118
00:06:34,853 --> 00:06:37,230
<font color="#ffbf46">කොහොම වුණත්, එයාගේ මතකය මකන එක
තාවකාලික විසඳුමක් විතරයි.</font>

119
00:06:37,314 --> 00:06:40,984
<font color="#ffbf46">වලිග අටේ නරියෙක්ට මනුස්සයෙක්ගේ මතකය
සම්පූර්ණයෙන්ම මකන්න තරම් බලයක් නෑ.</font>

120
00:06:41,985 --> 00:06:44,821
<font color="#ffbf46">ඒකට දවස් ටිකක් යයිද මාස ටිකක් යයිද
කියලා කියන්න බෑ,</font>

121
00:06:44,905 --> 00:06:47,991
<font color="#ffbf46">ඒත් ඔයාගේ යාළුවාගේ මතකය ටිකෙන් ටික
ආපහු එනවා.</font>

122
00:06:48,074 --> 00:06:50,160
<font color="#ffbf46">ආ, ඇත්තටමද?</font>

123
00:06:50,243 --> 00:06:52,954
<font color="#ffbf46">ඉතින් ඔයාගේ යාළුවාට මතකය ඇවිත්
වෙන වෙන දේවල් හිතන්න කලින්,</font>

124
00:06:53,038 --> 00:06:55,707
<font color="#ffbf46">අපිට කලින් හිටපු විදියට
පත් වෙන්න සිද්ධ වෙනවා.</font>

125
00:06:56,833 --> 00:06:59,586
<font color="#ffbf46">දැන් අර කරදරේ අහවර වුණ එකේ,</font>

126
00:06:59,669 --> 00:07:02,213
<font color="#ffbf46">ඔයා කිය කිය හිටපු දේ ඉවරයක් කළොත් නරකද?</font>

127
00:07:02,297 --> 00:07:03,506
<font color="#ffbf46">ඔයා ක්‍රමයක් හෙව්වා කිව්වා නේද?</font>

128
00:07:04,257 --> 00:07:05,592
<font color="#ffbf46">ආ, ඔව්.</font>

129
00:07:05,675 --> 00:07:06,718
<font color="#ffbf46">අපිට කරන්න තියෙන්නේ</font>

130
00:07:07,677 --> 00:07:10,513
<font color="#ffbf46">ඔයයි මමයි අපේ දෛවය මාරු කරගන්න එකයි.</font>

131
00:07:11,056 --> 00:07:12,682
<font color="#ffbf46">ඔයා එයා එක්ක කළා වගේ.</font>

132
00:07:20,941 --> 00:07:22,400
<font color="#ffbf46">මොකක්?</font>

133
00:07:37,540 --> 00:07:38,917
<font color="#ffbf46">එයාට මොකද වෙලා තියෙන්නේ?</font>

134
00:07:47,342 --> 00:07:50,136
<font color="#ff7e16"><b>6 වැනි කොටස</b></font>

135
00:08:03,984 --> 00:08:05,151
<font color="#ffbf46">ඇතුළට එන්න.</font>

136
00:08:09,072 --> 00:08:11,116
<font color="#ffbf46">පුද්ගලික තොරතුරු
කාන්ග් සි-යොල්</font>

137
00:08:11,199 --> 00:08:12,784
<font color="#ffbf46">ඉතින් කවුද මේයා?</font>

138
00:08:12,867 --> 00:08:13,910
<font color="#ffbf46">ලොකු කෙනෙක් නෙවෙයි.</font>

139
00:08:14,536 --> 00:08:17,247
<font color="#ffbf46">අනතුරෙන් පස්සේ අවුරුද්දක් විතර
පුනරුත්ථාපනය වෙවී ඉඳලා,</font>

140
00:08:17,330 --> 00:08:19,582
<font color="#ffbf46">එයාගේ පාපන්දු ජීවිතේ එතනින් පස්සේ වැටිලා.</font>

141
00:08:20,208 --> 00:08:22,961
<font color="#ffbf46">ළඟදි එයාව හතරවෙනි කොටසේ ටීම් එකකිනුත්
අයින් කරලා.</font>

142
00:08:23,044 --> 00:08:24,421
<font color="#ffbf46">ඉතින් එයා දැන් මොකද කරන්නේ?</font>

143
00:08:25,422 --> 00:08:27,048
<font color="#ffbf46">එයාට රස්සාවක් නෑ වගේ.</font>

144
00:08:28,675 --> 00:08:30,176
<font color="#ffbf46">එහෙනම් එයා සල්ලි තියෙන පවුලක කෙනෙක්ද?</font>

145
00:08:30,260 --> 00:08:31,636
<font color="#ffbf46">කොහෙත්ම නෑ.</font>

146
00:08:32,137 --> 00:08:35,849
<font color="#ffbf46">එයාට දෙමව්පියෝ නෑ,
උරුම වෙච්ච සල්ලිත් නෑ.</font>

147
00:08:37,726 --> 00:08:39,060
<font color="#ffbf46">ඒක වෙන්න බෑනේ.</font>

148
00:08:39,936 --> 00:08:43,648
<font color="#ffbf46">එයා අර සල්ලිවලට කෑදර නරියගේ ගනුදෙනුකරුවෙක්.
ඔයා කියන්නේ එයා හිඟන්නෙක් කියලද?</font>

149
00:08:45,025 --> 00:08:46,776
<font color="#ffbf46">ඒකේ කිසි තේරුමක් නෑනේ.</font>

150
00:08:47,569 --> 00:08:48,653
<font color="#ffbf46">වෙන මොනවහරි විශේෂ දෙයක් තියෙනවද?</font>

151
00:08:49,779 --> 00:08:52,907
<font color="#ffbf46">මම හොයලා බලද්දි දෙයක් හොයාගත්තා.</font>

152
00:08:52,991 --> 00:08:55,577
<font color="#ffbf46">අර සිද්ධිය වෙලාවේ සාක්ෂිකාරයෙක් විදියට හිටපු
පිරිමි ළමයෙක් හිටියේ?</font>

153
00:08:55,660 --> 00:08:57,829
<font color="#ffbf46">ආරංචි විදියට, එයා හියොන් වූ-සොක්.</font>

154
00:08:58,496 --> 00:08:59,748
<font color="#ffbf46">හියොන් වූ-සොක්?</font>

155
00:08:59,831 --> 00:09:01,041
<font color="#ffbf46">ඔයා නැති කාලේ,</font>

156
00:09:01,124 --> 00:09:03,418
<font color="#ffbf46">හියොන් වූ-සොක් කියන ක්‍රීඩකයා
ගොඩක් ජනප්‍රිය වුණා...</font>

157
00:09:03,501 --> 00:09:06,087
<font color="#ffbf46">හිරේ ඉන්නකොට මමත් වර්ල්ඩ් කප් බැලුවා.</font>

158
00:09:06,171 --> 00:09:07,130
<font color="#ffbf46">මම දන්නවා එයා කවුද කියලා.</font>

159
00:09:07,213 --> 00:09:08,882
<font color="#ffbf46">ආ, හරි.</font>

160
00:09:11,551 --> 00:09:13,344
<font color="#ffbf46">හියොන් වූ-සොක්.</font>

161
00:09:16,264 --> 00:09:19,517
<font color="#ffbf46">කාන්ග් සි-යොල්ට සතයක්වත් නෑ,</font>

162
00:09:20,143 --> 00:09:22,062
<font color="#ffbf46">ඒත් හියොන් වූ-සොක් එයාගේ යාළුවෙක්?</font>

163
00:09:27,067 --> 00:09:30,945
<font color="#ffbf46">මම හිතන්නේ මට හියොන් වූ-සොක්ව හම්බෙන්න ඕන.</font>

164
00:09:45,877 --> 00:09:47,879
<font color="#ffbf46">දැන් නම් ටිකක් ඇඟට ලේසියි.</font>

165
00:09:47,962 --> 00:09:50,423
<font color="#ffbf46">සාමාන්‍යයෙන් මට මනුස්ස වෙස් අරන්
දවසෙන් භාගයක් ඉන්න පුළුවන්,</font>

166
00:09:51,049 --> 00:09:53,259
<font color="#ffbf46">ඒත් එයාගේ මතකය මකපු නිසා
මගේ බලය බැහැලා යන්න ඇති.</font>

167
00:09:53,343 --> 00:09:56,179
<font color="#ffbf46">ඔයාගේ ඇඟට පණ ආවා නම්,</font>

168
00:09:56,262 --> 00:09:58,223
<font color="#ffbf46">ඔයා කිය කිය හිටපු දේ
ඉවරයක් කරනවද?</font>

169
00:09:58,306 --> 00:10:00,225
<font color="#ffbf46">කලින් කිව්ව එක? මම කිව්වේ ඇත්ත.</font>

170
00:10:00,892 --> 00:10:04,896
<font color="#ffbf46">ඒ කියන්නේ, ඔයාට ඇත්තටම
දෛවය මාරු කරන්න පුළුවන්ද?</font>

171
00:10:04,979 --> 00:10:07,649
<font color="#ffbf46">ඊයේ රෑ ඔයා මාවයි වූ-සොක්වයි
ආපහු මාරු කරන්න හැදුවනේ,</font>

172
00:10:07,732 --> 00:10:09,025
<font color="#ffbf46">ඒත් ඒක හරි ගියේ නෑනේ.</font>

173
00:10:09,526 --> 00:10:13,822
<font color="#ffbf46">ඒ මට දැන් බලය මදි නිසා, ඒත් මම
වලිග නවයේ නරියෙක් වුණොත් කොහොමද?</font>

174
00:10:16,574 --> 00:10:17,575
<font color="#ffbf46">මොකක්?</font>

175
00:10:17,659 --> 00:10:20,328
<font color="#ffbf46">එතකොට මටත් බලය ලැබෙනවා,</font>

176
00:10:20,411 --> 00:10:22,247
<font color="#ffbf46">ඉතින් අපිට පුළුවන් අපේ දෛවය මාරු කරගන්න.</font>

177
00:10:22,330 --> 00:10:24,791
<font color="#ffbf46">මම වෙනුවට ඔයාට පුළුවන්
වලිග නවයේ නරියෙක් වෙන්න,</font>

178
00:10:24,874 --> 00:10:26,793
<font color="#ffbf46">එතකොට මට ඉක්මනට මනුස්සයෙක් වෙන්න පුළුවන්.</font>

179
00:10:26,876 --> 00:10:28,002
<font color="#ffbf46">ඒක අපි දෙන්නටම හොඳයි.</font>

180
00:10:29,337 --> 00:10:30,797
<font color="#ffbf46">එතකොට මම?</font>

181
00:10:30,880 --> 00:10:33,049
<font color="#ffbf46">මට හිතෙන්නේ නෑ
ඒකට මට කරන්න පුළුවන් දෙයක් තියෙයි කියලා.</font>

182
00:10:33,133 --> 00:10:35,969
<font color="#ffbf46">ඒත් එයාට පස්සේ ඔයාට උදව් කරන්න පුළුවන් වෙයි.</font>

183
00:10:36,052 --> 00:10:37,470
<font color="#ffbf46">ඉන්න, ඇයි?</font>

184
00:10:37,554 --> 00:10:40,431
<font color="#ffbf46">ඔයා වලිග නවයේ නරියෙක් වුණාට පස්සේ
ඔයාට පුළුවන්නේ මාව ආපහු මාරු කරන්න.</font>

185
00:10:40,515 --> 00:10:41,724
<font color="#ffbf46">ඒක මටත් හදිස්සියක්.</font>

186
00:10:41,808 --> 00:10:43,268
<font color="#ffbf46">ඒක එහෙම වෙන්නේ නෑ.</font>

187
00:10:43,351 --> 00:10:45,353
<font color="#ffbf46">මොකද මම තමයි ඒ මන්තරේ මැතුරුවේ.</font>

188
00:10:46,354 --> 00:10:47,897
<font color="#ffbf46">ඒත්...
මම එයාට වඩා බාලයි,</font>

189
00:10:47,981 --> 00:10:50,483
<font color="#ffbf46">අනික මගේ බලය ගොඩක් දුර්වලයි.</font>

190
00:10:50,567 --> 00:10:54,529
<font color="#ffbf46">ඉතින් මම වලිග නවයේ නරියෙක් වුණත්,
එයාගේ මන්තරේ කඩන්න මට අමාරුයි.</font>

191
00:10:55,738 --> 00:10:58,116
<font color="#ffbf46">හරි, කමක් නෑ.</font>

192
00:10:58,199 --> 00:11:01,953
<font color="#ffbf46">මට මගේ ජීවිතේ ආපහු ලැබෙනවා නම්
කොහොම වුණත් මට ප්‍රශ්නයක් නෑ.</font>

193
00:11:02,579 --> 00:11:03,997
<font color="#ffbf46">කතාව නම් සාධාරණයි.</font>

194
00:11:04,956 --> 00:11:06,207
<font color="#ffbf46">එහෙනම් ප්‍රශ්නේ විසඳුනානේ?</font>

195
00:11:10,003 --> 00:11:11,504
<font color="#ffbf46">කිසි දෙයක් විසඳිලා නෑ.</font>

196
00:11:12,672 --> 00:11:15,258
<font color="#ffbf46">මම බැලුවා ඔයා මේ
මොනවා ගැනද දොඩවන්නේ කියලා.</font>

197
00:11:16,259 --> 00:11:19,220
<font color="#ffbf46">ඕක ඔයාගේ අදහසක් වෙන්න බෑ.</font>

198
00:11:20,263 --> 00:11:22,098
<font color="#ffbf46">කවුද ඔයාට ඕක කිව්වේ?</font>

199
00:11:23,183 --> 00:11:24,184
<font color="#ffbf46">මොකක්?</font>

200
00:11:25,185 --> 00:11:27,103
<font color="#ffbf46">ඒක...</font>

201
00:11:27,187 --> 00:11:30,398
<font color="#ffbf46">කාටවත් කියන්න එපා කිව්වා
ඒක රහසක් නිසා.</font>

202
00:11:30,982 --> 00:11:32,817
<font color="#ffbf46">කියන්න ඕන නෑ. ඒක පැහැදිලියි.</font>

203
00:11:33,443 --> 00:11:34,944
<font color="#ffbf46">මොකක්ද පැහැදිලි?</font>

204
00:11:35,028 --> 00:11:37,155
<font color="#ffbf46">යන්න යනවා. විකාර කියවන්නේ නැතුව.</font>

205
00:11:37,655 --> 00:11:39,532
<font color="#ffbf46">ඒත් අක්කේ...
මම යන්න කියලා කිව්වේ.</font>

206
00:11:39,616 --> 00:11:41,451
<font color="#ffbf46">ඔයා විකාර කියවනවා.</font>

207
00:11:41,534 --> 00:11:45,038
<font color="#ffbf46">ඇයි ඔයා එයාව එළවන්නේ?</font>

208
00:11:45,830 --> 00:11:47,916
<font color="#ffbf46">මම ඇත්තටම යන්නද?
නෑ.</font>

209
00:11:47,999 --> 00:11:49,209
<font color="#ffbf46">මට ඇහුම්කන් දෙන්න.</font>

210
00:11:49,292 --> 00:11:52,837
<font color="#ffbf46">මම මේක කියන්නේ ඔයාගේ හොඳට,
ඒ නිසා අහගන්නවා.</font>

211
00:11:53,379 --> 00:11:57,050
<font color="#ffbf46">ඔයා මේ රැවටෙන්න හදන්නේ.</font>

212
00:11:59,177 --> 00:12:00,094
<font color="#ffbf46">මොකක්?</font>

213
00:12:00,762 --> 00:12:02,263
<font color="#ffbf46">ඇයි ඔයාට මනුස්සයෙක් වෙන්න ඕන?</font>

214
00:12:02,347 --> 00:12:03,681
<font color="#ffbf46">ඔයා එයාලා ගැන මොනවද දන්නේ?</font>

215
00:12:03,765 --> 00:12:07,101
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතනවද
ඒක ඔයාගෙම අදහසක් සහ තීරණයක් කියලා?</font>

216
00:12:07,977 --> 00:12:08,978
<font color="#ffbf46">ඒක...</font>

217
00:12:09,729 --> 00:12:11,439
<font color="#ffbf46">වෙන්න ඕන එහෙම නෙවෙයිද?</font>

218
00:12:11,522 --> 00:12:14,150
<font color="#ffbf46">අනිත් හැම නරියෙක්ම කළේ ඒකනේ.</font>

219
00:12:14,234 --> 00:12:16,402
<font color="#ffbf46">අනික උඩ ඉන්න අය කිව්වෙත්
මේක තමයි හරි පාර කියලා.</font>

220
00:12:16,486 --> 00:12:19,197
<font color="#ffbf46">මට නම් හොඳයි.
ඔයා වගේ නොදන්න ළමයෙක්ව රවට්ටලා,</font>

221
00:12:19,280 --> 00:12:21,407
<font color="#ffbf46">මට ආපහු වලිග නවයේ නරියෙක් වෙන්න පුළුවන්.</font>

222
00:12:21,491 --> 00:12:22,408
<font color="#ffbf46">ඒත් ඔයාට මොකද වෙන්නේ?</font>

223
00:12:23,034 --> 00:12:24,953
<font color="#ffbf46">කිසි සූදානමක් නැතුව ඔයා මනුස්සයෙක් වෙනවා.</font>

224
00:12:25,036 --> 00:12:26,204
<font color="#ffbf46">ඊට පස්සේ?</font>

225
00:12:27,038 --> 00:12:28,456
<font color="#ffbf46">පස්සේ ඔයා පසුතැවෙනකොට,</font>

226
00:12:28,539 --> 00:12:32,126
<font color="#ffbf46">ඔයා හිතනවද අර උඩ ඉන්න අය
ඔයාට උදව් කරයි කියලා?</font>

227
00:12:39,050 --> 00:12:42,262
<font color="#ffbf46">මනුස්සයෙක් විදියට ජීවත් වෙන එකේ
තියෙන වරද මොකක්ද?</font>

228
00:12:42,345 --> 00:12:44,514
<font color="#ffbf46">මම ඒකට කැමතියි. මම සෑහීමකට පත් වෙනවා.</font>

229
00:12:44,597 --> 00:12:46,724
<font color="#ffbf46">ඔයා සෑහීමකට පත් වෙනවා? දැන්?</font>

230
00:12:46,808 --> 00:12:49,102
<font color="#ffbf46">ඒයි, ඒක වෙනස්.</font>

231
00:12:49,185 --> 00:12:51,646
<font color="#ffbf46">මම මේ අමාරුවේ වැටුණේ ඔයා නිසා.</font>

232
00:12:51,729 --> 00:12:53,606
<font color="#ffbf46">මම මගේ පරණ ජීවිතේ එක්ක සතුටින් හිටියා.</font>

233
00:12:53,690 --> 00:12:55,108
<font color="#ffbf46">ඒකත් එකම තමයි.</font>

234
00:12:55,191 --> 00:12:57,443
<font color="#ffbf46">මම හිටියත් නැතත්
ඔයා ඕන වෙලාවක වැටෙන්න ඉඩ තිබුණා.</font>

235
00:12:57,527 --> 00:12:58,861
<font color="#ffbf46">මනුස්ස ජීවිතේ කියන්නේ ඒකට නේද?</font>

236
00:12:59,696 --> 00:13:01,698
<font color="#ffbf46">ඔයාගෙ ජීවිතේ වුණත් මොන වගේ වෙයිද
කියලා ඔයා දන්නෙ නෑනේ.</font>

237
00:13:01,781 --> 00:13:03,491
<font color="#ffbf46">ඔයා වයසට ගියහම ජීවිතේ දුක්ඛිත වෙන්න පුළුවන්.</font>

238
00:13:03,574 --> 00:13:04,575
<font color="#ffbf46">මොකක්?</font>

239
00:13:04,659 --> 00:13:06,244
<font color="#ffbf46">ඔයා සිරාවටමද ඒක මට කිව්වේ?</font>

240
00:13:06,327 --> 00:13:08,830
<font color="#ffbf46">කොහොම හරි, ආපහු මාරු වෙන විදිය
මම තනියම හොයාගන්නම්.</font>

241
00:13:08,913 --> 00:13:11,791
<font color="#ffbf46">ඒ නිසා ඔයා ඔයාගේ පාඩුවේ ජීවත් වෙන්න,
මගේ දේවල් හොයන්න එන්න එපා.</font>

242
00:13:12,458 --> 00:13:13,543
<font color="#ffbf46">ඒත්…</font>

243
00:13:13,626 --> 00:13:16,254
<font color="#ffbf46">නෑ, නෑ. එයා වෙනුවෙන් තීරණ ගන්න
ඔයාට බෑ.</font>

244
00:13:16,337 --> 00:13:19,090
<font color="#ffbf46">එයාට ඕන පුළුවන් තරම් ඉක්මනට
මනුස්සයෙක් වෙන්න විතරයි.</font>

245
00:13:19,173 --> 00:13:20,133
<font color="#ffbf46">ඔයා වගේ නෙවෙයි.</font>

246
00:13:20,216 --> 00:13:23,052
<font color="#ffbf46">එයා ඒ තීරණේ ගත්තේ හැමදේම දැනගෙන නෙවෙයි.</font>

247
00:13:24,137 --> 00:13:26,848
<font color="#ffbf46">අන්තිමට ඔයාට සතුටු හිතෙයි ඔයා දිගටම
වලිග නවයේ නරියෙක් වෙලා හිටිය එක ගැන.</font>

248
00:13:26,931 --> 00:13:29,892
<font color="#ffbf46">ඒත් මම කිව්වා වගේ, ඒක ඔයාගේ වැඩක් නෙවෙයි.</font>

249
00:13:29,976 --> 00:13:32,645
<font color="#ffbf46">ඔයා කරන වැඩයි අර උඩ ඉන්න අය කරන වැඩයි
අතර වෙනස මොකක්ද?</font>

250
00:13:33,479 --> 00:13:34,480
<font color="#ffbf46">මොකක්?</font>

251
00:13:34,564 --> 00:13:37,608
<font color="#ffbf46">ඔයා ඔයාගේ ජීවන රටාව තෝරගත්තා නේද?</font>

252
00:13:37,692 --> 00:13:40,153
<font color="#ffbf46">ඉතින් එයාටත් එයාගේම ගමනක් තියෙනවා.</font>

253
00:13:40,236 --> 00:13:41,195
<font color="#ffbf46">නේද?</font>

254
00:13:41,279 --> 00:13:43,823
<font color="#ffbf46">ඔව් ඉතින්.</font>

255
00:13:43,906 --> 00:13:45,867
<font color="#ffbf46">ඔයා මොකක්ද ඒකෙන් අදහස් කළේ?</font>

256
00:13:45,950 --> 00:13:48,828
<font color="#ffbf46">ඉතින් ඔයා මනුස්සයෙක් වෙන්නමද හදන්නේ?</font>

257
00:13:50,163 --> 00:13:51,497
<font color="#ffbf46">ඉතින්...</font>

258
00:13:52,415 --> 00:13:55,126
<font color="#ffbf46">තීරණය ඔයාගේ අතේ.
වෙන කවුරුත් ගැන හිතන්න එපා.</font>

259
00:13:56,044 --> 00:13:57,962
<font color="#ffbf46">ඔයාට මනුස්සයෙක් වෙන්න ඕන නේද?</font>

260
00:13:58,046 --> 00:14:00,298
<font color="#ffbf46">ඒක ඇත්ත!
මේක ඔයාගෙ ජීවිතේ නිසා ඔයාම තීරණය කරන්න.</font>

261
00:14:08,014 --> 00:14:11,601
<font color="#ffbf46">ඔයාලා දෙන්නම බල කරන කොට නම්,
මට දැන් එච්චර ෂුවර් නෑ වගේ.</font>

262
00:14:15,480 --> 00:14:17,940
<font color="#ffbf46">ඔයත් එක්ක කතා කරලා වැඩක් නෑ.</font>

263
00:14:21,486 --> 00:14:22,737
<font color="#ffbf46">දරුණු අපරාධ අංශය 2</font>

264
00:14:22,820 --> 00:14:26,115
<font color="#ffbf46">මාව අතාරින්න! මමයි මෙතන වින්දිතයා!</font>

265
00:14:26,199 --> 00:14:28,117
<font color="#ffbf46">තමුසෙලාට මේකට වන්දි ගෙවන්න වෙයි!</font>

266
00:14:28,201 --> 00:14:30,119
<font color="#ffbf46">මගේ ඇඟෙන් අත ගන්නවා!</font>

267
00:14:35,583 --> 00:14:37,668
<font color="#ffbf46">මට බයයි අක්කේ.</font>

268
00:14:38,252 --> 00:14:39,921
<font color="#ffbf46">අහක බලන්න එපා. බලාගන්න.</font>

269
00:14:40,755 --> 00:14:41,881
<font color="#ffbf46">ඔයා මනුස්සයෙක් වුණොත්,</font>

270
00:14:41,964 --> 00:14:44,217
<font color="#ffbf46">ඔයාටත් ජීවත් වෙන්න වෙන්නෙ මේ වගේ කුණු ගොඩවල් එක්ක.</font>

271
00:14:44,300 --> 00:14:45,718
<font color="#ffbf46">මොකක්?</font>

272
00:14:45,802 --> 00:14:47,261
<font color="#ffbf46">මට එයාලා එක්ක ඉන්න වෙනවා?</font>

273
00:14:47,929 --> 00:14:48,971
<font color="#ffbf46">ඒ වගේ මිනිස්සු එක්ක?</font>

274
00:14:49,055 --> 00:14:52,767
<font color="#ffbf46">එයාට ඒ වගේ මිනිස්සුන්ව
නිතර හම්බවෙන්නෙ නෑනේ.</font>

275
00:14:52,850 --> 00:14:54,060
<font color="#ffbf46">නෑ, හම්බවෙනවා.</font>

276
00:14:55,269 --> 00:14:59,232
<font color="#ffbf46">ඔයා වගේ කිසි දෙයක් දන්නෙ නැති ළමයින්ව
මේ මිනිස්සුන්ට</font>

277
00:14:59,315 --> 00:15:01,692
<font color="#ffbf46">ඈත තියාම අඳුරගන්න පුළුවන්, දන්නවද?</font>

278
00:15:01,776 --> 00:15:03,194
<font color="#ffbf46">එයාගෙ මූණ දිහා බලන්නකෝ.</font>

279
00:15:03,277 --> 00:15:05,029
<font color="#ffbf46">දැක්ක ගමන් රැවටන්න ලේසියි කියලා පේන්නෙ නැද්ද?</font>

280
00:15:13,454 --> 00:15:15,832
<font color="#ffbf46">ඒයි, උඹ මොකටද අහු වුණේ?</font>

281
00:15:17,208 --> 00:15:19,377
<font color="#ffbf46">මංකොල්ල කාලා.
උඹ?</font>

282
00:15:19,460 --> 00:15:21,587
<font color="#ffbf46">ඔන්ලයින් වංචාවක්.
උඹ?</font>

283
00:15:21,671 --> 00:15:23,256
<font color="#ffbf46">ගහගන්න ගිහිල්ලා.
උඹ?</font>

284
00:15:23,339 --> 00:15:24,590
<font color="#ffbf46">සබ්වේ එකේ හොරෙන් වීඩියෝ කරලා.</font>

285
00:15:25,967 --> 00:15:28,469
<font color="#ffbf46">ෂා, තමුසෙලාට තමුසෙලා ගැන හරි ආඩම්බර ඇති නේද!</font>

286
00:15:28,553 --> 00:15:29,762
<font color="#ffbf46">ඔහොම ඉන්නවා.</font>

287
00:15:30,471 --> 00:15:32,515
<font color="#ffbf46">කවුද මේ?
ඕන නෑ.</font>

288
00:15:32,598 --> 00:15:34,725
<font color="#ffbf46">මුන් ගැන හරියට පරීක්ෂණ කරනවා හොඳේ.</font>

289
00:15:36,144 --> 00:15:37,395
<font color="#ffbf46">දැක්කද?</font>

290
00:15:37,478 --> 00:15:40,189
<font color="#ffbf46">මනුස්ස ලෝකෙදි ඔයාට නොදැනිම
ඔයාව කොල්ල කයි.</font>

291
00:15:40,273 --> 00:15:42,608
<font color="#ffbf46">ඔයා ඇත්තටම හිතනවද</font>

292
00:15:42,692 --> 00:15:46,404
<font color="#ffbf46">මේ වගේ අපායකට වැටිලා
ඔයාට බේරිලා ඉන්න පුළුවන් වෙයි කියලා?</font>

293
00:15:47,405 --> 00:15:48,489
<font color="#ffbf46">ඉතින්...</font>

294
00:15:48,573 --> 00:15:49,907
<font color="#ffbf46">ඒයි, පොඩ්ඩක් ඉන්න.</font>

295
00:15:49,991 --> 00:15:53,286
<font color="#ffbf46">මේ වගේ තැනක ඉඳන්
එයාට උත්තරයක් දෙන්න කියලා බල කරන්න එපා.</font>

296
00:15:55,997 --> 00:15:59,792
<font color="#ffbf46">මනුස්ස ලෝකෙ හොඳ පැත්තකුත් තියෙනවා.</font>

297
00:15:59,876 --> 00:16:02,753
<font color="#ffbf46">මේ පාර, මම ඔයාව හොඳ තැනකට එක්කන් යන්නම්.</font>

298
00:16:09,218 --> 00:16:13,055
<font color="#ffbf46">අනිත් අය ගැන හිතන්නෙ නැතුව,
ඔයාට ඕන දෙයක් ඇති වෙනකල් කන්න.</font>

299
00:16:13,764 --> 00:16:15,016
<font color="#ffbf46">ඇත්තටම?</font>

300
00:16:15,099 --> 00:16:17,643
<font color="#ffbf46">මගේ අවුරුදු 500ක ජීවිතේට,
මම කවදාවත් මෙච්චර කෑම ගොඩක් දැකලා නෑ.</font>

301
00:16:20,646 --> 00:16:22,315
<font color="#ffbf46">ඉන්න, පොඩ්ඩක් ඉන්න.</font>

302
00:16:23,941 --> 00:16:24,901
<font color="#ffbf46">මෙහෙමයි.</font>

303
00:16:40,500 --> 00:16:43,169
<font color="#ffbf46">හිමින් කන්න.
කවුරුත් ඕවා උදුරගන්නෙ නෑ.</font>

304
00:16:46,047 --> 00:16:49,217
<font color="#ffbf46">ශතවර්ෂ භාගයකට පස්සේ
මම කාපු රසම කෑම මේක.</font>

305
00:16:49,300 --> 00:16:51,302
<font color="#ffbf46">ඒ ඔයා කැලේට වෙලා</font>

306
00:16:51,385 --> 00:16:54,472
<font color="#ffbf46">කොළ ජාති විතරක් කාපු නිසානේ.</font>

307
00:16:54,555 --> 00:16:57,308
<font color="#ffbf46">මේක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි.</font>

308
00:16:59,101 --> 00:17:01,103
<font color="#ffbf46">මම නම වලිග හිවලෙක් වෙලා ඉන්න කාලෙ නම්,</font>

309
00:17:02,021 --> 00:17:04,732
<font color="#ffbf46">මීට වඩා හොඳ දේවල් කෑවා.</font>

310
00:17:05,441 --> 00:17:08,486
<font color="#ffbf46">මනුස්ස ලෝකෙ ගොඩක් රස කෑම තියෙනවා.</font>

311
00:17:08,569 --> 00:17:11,781
<font color="#ffbf46">ඔයා මනුස්සයෙක් වුණොත්,
හැමදාම මේ වගේ කන්න පුළුවන්.</font>

312
00:17:18,829 --> 00:17:20,498
<font color="#ffbf46">ඔයා ඇත්තටම එහෙම හිතනවද?</font>

313
00:17:22,833 --> 00:17:26,295
<font color="#ffbf46">ඔයාට නිකන්ම එතනට යන්න බෑ.</font>

314
00:17:29,048 --> 00:17:31,592
<font color="#ffbf46">ඔයා හිතන්නෙ ඔයා කාපු කෑම වේලට
කීයක් ගියා කියලද?</font>

315
00:17:33,678 --> 00:17:35,054
<font color="#ffbf46">මම දන්නෙ නෑ.</font>

316
00:17:35,137 --> 00:17:36,597
<font color="#ffbf46">මනුස්ස ලෝකෙ පන්ති භේද තියෙනවා.</font>

317
00:17:36,681 --> 00:17:38,057
<font color="#ffbf46">මේ බලන්න...</font>

318
00:17:40,268 --> 00:17:41,477
<font color="#ffbf46">හරි.</font>

319
00:17:41,561 --> 00:17:43,479
<font color="#ffbf46">අර ඉන්න කෙනා තමයි පහළම මට්ටමේ ඉන්නෙ.</font>

320
00:17:43,563 --> 00:17:47,316
<font color="#ffbf46">එයා කොච්චර පිඟන් හේදුවත්,</font>

321
00:17:47,400 --> 00:17:49,652
<font color="#ffbf46">ඔයා කාපු කෑම වේලක් කන්න
එයාට කවදාවත් සල්ලි හොයන්න බැරි වෙයි.</font>

322
00:17:49,735 --> 00:17:52,405
<font color="#ffbf46">ඇයි? මොකද පඩිය ඒ තරම් අඩුයි.</font>

323
00:17:52,947 --> 00:17:55,116
<font color="#ffbf46">කවුද මුල ඉඳන්ම සූපවේදියෙක් වෙන්නෙ?</font>

324
00:17:55,199 --> 00:17:56,742
<font color="#ffbf46">හැමෝම පහළ ඉඳන් උඩට එන්න ඕන.</font>

325
00:17:56,826 --> 00:18:00,580
<font color="#ffbf46">මහන්සි වෙලා වැඩ කළාම
ඉහළට යන්න පුළුවන් කියලද ඔයා හිතන් ඉන්නෙ?</font>

326
00:18:00,663 --> 00:18:05,585
<font color="#ffbf46">ජීවිත කාලෙම පිඟන් හෝද හෝද ඉන්න
මිනිස්සු ඕන තරම් ඉන්නවා.</font>

327
00:18:13,384 --> 00:18:14,552
<font color="#ffbf46">කරුණාකරලා යන්න!</font>

328
00:18:14,635 --> 00:18:16,512
<font color="#ffbf46">පොඩ්ඩක් එළියට යනවද, ප්ලීස්.</font>

329
00:18:16,596 --> 00:18:18,097
<font color="#ffbf46">පුදුම වැඩක්නේ.</font>

330
00:18:18,180 --> 00:18:19,432
<font color="#ffbf46">සමාවෙන්න.</font>

331
00:18:20,433 --> 00:18:22,643
<font color="#ffbf46">අපි හරියට කන්නත් කලින්
ඔයා අපිව එලෙව්වානේ.</font>

332
00:18:22,727 --> 00:18:25,646
<font color="#ffbf46">මම වැරදි දෙයක් කිව්වද?
වැරදි වුණත් නැතත්, ඒක නෙවෙයි ප්‍රශ්නෙ.</font>

333
00:18:25,730 --> 00:18:27,607
<font color="#ffbf46">ඇයි මේක මෙච්චර දුර දිග ගෙනියන්නෙ?</font>

334
00:18:30,192 --> 00:18:33,029
<font color="#ffbf46">ආපහු තිබුණ විදිහටම හැරෙන්න
ඔයා ළඟ වෙන ක්‍රමයක් තියෙනවද?</font>

335
00:18:33,863 --> 00:18:35,031
<font color="#ffbf46">මෙහෙමයි...</font>

336
00:18:37,199 --> 00:18:38,326
<font color="#ffbf46">දැනට නම් නෑ, ඒත්...</font>

337
00:18:38,409 --> 00:18:41,912
<font color="#ffbf46">දැක්කනේ? ඔයා ළඟ ක්‍රමයක් නෑ.
මේක විතරයි එකම ක්‍රමය.</font>

338
00:18:41,996 --> 00:18:44,498
<font color="#ffbf46">ඉතින් ඇයි මේ ඔයා අකමැති?</font>

339
00:18:46,292 --> 00:18:47,960
<font color="#ffbf46">මම අකමැති නෑ.</font>

340
00:18:48,044 --> 00:18:52,048
<font color="#ffbf46">ඒත් අන්තිමට වෙන දේ දැන දැනම, මම නිකන්
පැත්තකට වෙලා බලාගෙන ඉන්න ඕන කියලද කියන්නෙ?</font>

341
00:18:52,131 --> 00:18:55,259
<font color="#ffbf46">ඔය මෝඩයා එකපාරටම මනුස්සයෙක් වුණොත්
මොකද වෙන්නෙ කියලා පැහැදිලිනේ.</font>

342
00:18:55,343 --> 00:18:57,970
<font color="#ffbf46">ඔයා කවද ඉඳලද අනිත් අය ගැන
මෙච්චර වද වෙන්න ගත්තෙ?</font>

343
00:18:58,054 --> 00:18:59,472
<font color="#ffbf46">මොකක්?</font>

344
00:19:01,265 --> 00:19:03,517
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

345
00:19:04,435 --> 00:19:07,813
<font color="#ffbf46">අපි පොලිසියට ගියේ
ඔයාට ඕන නිසා,</font>

346
00:19:07,897 --> 00:19:11,275
<font color="#ffbf46">අපි රෙස්ටොරන්ට් එකට ආවේ
ෂි-යෝල්ට ඕන නිසානේ.</font>

347
00:19:13,694 --> 00:19:14,820
<font color="#ffbf46">ඉතින්?</font>

348
00:19:15,780 --> 00:19:19,950
<font color="#ffbf46">ඉතින්, දැන් මට ඕන තැනකට යන්න
මගේ වාරෙ නේද?</font>

349
00:19:20,785 --> 00:19:24,080
<font color="#ffbf46">මනුස්ස ලෝකෙ මම හැමදාම
යන්න ආසාවෙන් හිටපු තැනක් තියෙනවා.</font>

350
00:19:32,713 --> 00:19:33,964
<font color="#ffbf46">අක්කේ!</font>

351
00:19:34,674 --> 00:19:36,550
<font color="#ffbf46">මේ ලෝකෙ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එයා,</font>

352
00:19:36,634 --> 00:19:38,719
<font color="#ffbf46">කොහෙන්ද මේ වගේ තැනක් ගැන අහලා තියෙන්නෙ?</font>

353
00:19:38,803 --> 00:19:42,556
<font color="#ffbf46">එයා බේරගත්ත ළමයෙක්
මේ ගැන කියව කියව හිටියලු.</font>

354
00:19:43,265 --> 00:19:44,850
<font color="#ffbf46">එයා කියන විදිහටම කරමුකෝ.</font>

355
00:19:48,646 --> 00:19:50,856
<font color="#ffbf46">මේකෙ තියෙන විනෝදෙ මොකක්ද?</font>

356
00:19:51,524 --> 00:19:54,193
<font color="#ffbf46">ෂි-යෝල්, අපි කොච්චර වෙලා මෙහෙම ඉන්න ඕනද?</font>

357
00:20:01,575 --> 00:20:04,412
<font color="#ffbf46">අන්න දැන් තමයි හරි.</font>

358
00:20:14,547 --> 00:20:16,173
<font color="#ffbf46">විනෝද වුණාද?
ඔව්!</font>

359
00:20:18,509 --> 00:20:21,345
<font color="#ffbf46">ඒත් මට ඉස්සරහිනුයි පස්සෙනුයි හිටපු ළමයි</font>

360
00:20:21,429 --> 00:20:23,347
<font color="#ffbf46">ඔක්කොම ගියේ එයාලගෙ අම්මලා තාත්තලා එක්ක.</font>

361
00:20:23,431 --> 00:20:24,515
<font color="#ffbf46">ඉතින්?</font>

362
00:20:24,598 --> 00:20:27,268
<font color="#ffbf46">ඔයාට ඕන දැන් මම ඔයාගෙ අම්මා වගේ රඟපාන්නද?</font>

363
00:20:27,893 --> 00:20:30,312
<font color="#ffbf46">නෑ, මම විතරක් තනියම යන නිසා කිව්වෙ.</font>

364
00:20:30,396 --> 00:20:33,524
<font color="#ffbf46">අපි ඔයත් එක්ක මෙහෙට ආපු එක ගැනවත්
ඔයා සතුටු වෙන්න ඕන.</font>

365
00:20:33,607 --> 00:20:34,942
<font color="#ffbf46">බෑ!</font>

366
00:20:47,496 --> 00:20:49,957
<font color="#ffbf46">මේක නවත්තන්න කියන්න!</font>

367
00:21:08,267 --> 00:21:09,643
<font color="#ffbf46">ඒක මාරම ජොලි අක්කේ!</font>

368
00:21:09,727 --> 00:21:11,103
<font color="#ffbf46">අපි ආයෙත් යමු!</font>

369
00:21:11,187 --> 00:21:12,521
<font color="#ffbf46">මට ආයෙ නම් බෑ.</font>

370
00:21:12,605 --> 00:21:14,648
<font color="#ffbf46">ඒ ඇයි?</font>

371
00:21:15,608 --> 00:21:19,695
<font color="#ffbf46">මේක ගොඩක් ජනප්‍රිය රයිඩ් එකක්,
ඒකයි පෝලිම මෙච්චර දිග.</font>

372
00:21:19,779 --> 00:21:22,239
<font color="#ffbf46">ඒකද හේතුව?</font>

373
00:21:24,867 --> 00:21:26,202
<font color="#ffbf46">මේ මොකද වෙන්නෙ?</font>

374
00:21:26,285 --> 00:21:28,329
<font color="#ffbf46">මෙහෙම කළාම හරි නේද?
අපිට බලන් ඉන්න ඕන නෑනේ.</font>

375
00:21:28,412 --> 00:21:29,789
<font color="#ffbf46">එපා, ඔහොම කරන්න එපා!</font>

376
00:21:29,872 --> 00:21:31,248
<font color="#ffbf46">එපා!</font>

377
00:21:33,667 --> 00:21:34,543
<font color="#ffbf46">මොකක්ද මේ...</font>

378
00:21:35,961 --> 00:21:38,297
<font color="#ffbf46">මම ඔය මෝඩ හිවලාව මරනවා!</font>

379
00:21:55,731 --> 00:21:57,358
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද?</font>

380
00:21:58,442 --> 00:22:01,237
<font color="#ffbf46">මට කැරකිල්ල වගේ, වමනෙ යන්නත් එනවා.</font>

381
00:22:02,029 --> 00:22:03,364
<font color="#ffbf46">පණ යනවා වගේ දැනෙනවා.</font>

382
00:22:04,156 --> 00:22:06,325
<font color="#ffbf46">මේ මඟුල් මනුස්ස ශරීරය.</font>

383
00:22:08,118 --> 00:22:09,829
<font color="#ffbf46">මට සමාවෙන්න අක්කේ.</font>

384
00:22:10,538 --> 00:22:12,456
<font color="#ffbf46">මම හිතුවෙ ඔයත් ආස වෙයි කියලා.</font>

385
00:22:13,499 --> 00:22:14,416
<font color="#ffbf46">මේ.</font>

386
00:22:14,500 --> 00:22:17,169
<font color="#ffbf46">දැන් මගේ දිහා බලන්න.
ඔයාට මුකුත් හිතෙන්නෙ නැද්ද?</font>

387
00:22:17,253 --> 00:22:18,546
<font color="#ffbf46">ඔයාට තාම ඕනද...</font>

388
00:22:19,713 --> 00:22:21,423
<font color="#ffbf46">අක්කේ, අපි ඊළඟට අරකෙ යමු!</font>

389
00:22:25,177 --> 00:22:27,221
<font color="#ffbf46">ඇත්තටම එයාට නැති වෙලා තියෙන්නෙ
වලිගෙ විතරමද?</font>

390
00:22:27,304 --> 00:22:28,472
<font color="#ffbf46">මට හිතෙන්නෙ නම්,</font>

391
00:22:28,556 --> 00:22:31,183
<font color="#ffbf46">එයා ඔයාව අල්ලේ නටවනවා.</font>

392
00:22:32,142 --> 00:22:33,227
<font color="#ffbf46">මොකක්?</font>

393
00:22:34,770 --> 00:22:37,481
<font color="#ffbf46">ඒක පිළිගන්න. එතකොට ලේසියි.</font>

394
00:22:38,774 --> 00:22:40,359
<font color="#ffbf46">ඔන්න අපි එනවා.</font>

395
00:23:21,942 --> 00:23:23,193
<font color="#ffbf46">රිදෙනවා.</font>

396
00:23:23,277 --> 00:23:25,362
<font color="#ffbf46">ඒක රිදෙනවා!</font>

397
00:23:26,030 --> 00:23:28,157
<font color="#ffbf46">අනිත් අය කොහොම වුණත්
ඔයා ඕකට බය වෙන්න හොඳ නෑනේ!</font>

398
00:23:30,576 --> 00:23:34,163
<font color="#ffbf46">මම බය වුණේ නෑ. මම ගැස්සුණා විතරයි.</font>

399
00:23:35,039 --> 00:23:37,333
<font color="#ffbf46">ඔය බොරු භූතයොන්ට කවුද බය වෙන්නෙ.</font>

400
00:23:40,502 --> 00:23:41,503
<font color="#ffbf46">පුදුම වැඩක්නේ.</font>

401
00:24:02,399 --> 00:24:06,654
<font color="#ffbf46">දේව ආත්මය මට කිව්වා
අද අසුබ අමුත්තෙක් එනවා කියලා.</font>

402
00:24:10,824 --> 00:24:12,451
<font color="#ffbf46">ඒ ඔයා වෙන්න ඇති.</font>

403
00:24:14,662 --> 00:24:18,040
<font color="#ffbf46">ආරංචි විදිහට ඔයා තමයි
සැන්චොන්ග්වල ඉන්න දක්ෂම යකැදුරා.</font>

404
00:24:20,209 --> 00:24:23,212
<font color="#ffbf46">ඔයා ලොකු යක්ෂයෙක්ට ආරාධනා කරලා වගේ.</font>

405
00:24:27,466 --> 00:24:32,638
<font color="#ffbf46">තමන්ගෙ පවුල අහිමි වුණාම දැනෙන වේදනාව
ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්.</font>

406
00:24:33,180 --> 00:24:37,685
<font color="#ffbf46">ඒත් ඔයා දේව කැමැත්තට පිටුපාලා
හැම දේව ආත්මයක්ම විනාශ කරනවද?</font>

407
00:24:37,768 --> 00:24:39,812
<font color="#ffbf46">නිකන් කට ගෙවන්න එපා.</font>

408
00:24:39,895 --> 00:24:44,358
<font color="#ffbf46">මට මගේම හේතු තියෙනවා,
ඒ නිසා ඔය පිටිපස්සෙ ඉන්න භූතයාව මට දෙනවා.</font>

409
00:24:49,071 --> 00:24:53,450
<font color="#ffbf46">මම හැදුවෙ හිවලෙක්ව අල්ලගන්න,
ඒත් ඌ හරිම දරුණුයි.</font>

410
00:24:53,534 --> 00:24:55,411
<font color="#ffbf46">මගේ බලය දැන් අඩුවෙලා තියෙන්නෙ.</font>

411
00:24:56,036 --> 00:24:58,956
<font color="#ffbf46">ඔයා කරලා තියෙන පව්
දැනටමත් සාගරයක් තරම් ගැඹුරුයි.</font>

412
00:24:59,039 --> 00:25:01,083
<font color="#ffbf46">කොහොමද ඔයා ඔච්චර පව් ගොඩක් එක්ක ඉන්නෙ?</font>

413
00:25:01,834 --> 00:25:05,921
<font color="#ffbf46">සාගරයකට පොඩි වැස්සක් වැස්සම
මොකද වෙන්නෙ?</font>

414
00:25:07,131 --> 00:25:08,215
<font color="#ffbf46">ඉතින්,</font>

415
00:25:09,883 --> 00:25:11,802
<font color="#ffbf46">මේක ලොකු ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව ඉමු.</font>

416
00:26:02,936 --> 00:26:06,356
<font color="#ffbf46">මම හිතුවෙ නෑ මම කවදාවත් මෙහෙම කියයි කියලා,</font>

417
00:26:07,066 --> 00:26:09,068
<font color="#ffbf46">ඒත් හැමදේම ආපහු පරණ විදිහට වුණාට පස්සෙත්,</font>

418
00:26:09,651 --> 00:26:12,404
<font color="#ffbf46">මට අද දවස ගැන ඉඳලා හිටලා මතක් වෙයි.</font>

419
00:26:15,991 --> 00:26:17,201
<font color="#ffbf46">මම කිව්වෙ,</font>

420
00:26:17,826 --> 00:26:19,995
<font color="#ffbf46">මේ වගේ තැනකට මම ආපු පළවෙනි වතාවනේ.</font>

421
00:26:22,331 --> 00:26:24,458
<font color="#ffbf46">ඔයා කවදාවත් විනෝද උද්‍යානයකට ගිහිල්ලා නැද්ද?</font>

422
00:26:25,250 --> 00:26:28,045
<font color="#ffbf46">මිනිස්සු පොඩි කාලෙ
නිතරම මේ වගේ තැන්වලට යනවා නේද?</font>

423
00:26:28,796 --> 00:26:30,547
<font color="#ffbf46">මගේ ආච්චි වැඩට ගිය නිසා,</font>

424
00:26:30,631 --> 00:26:33,008
<font color="#ffbf46">පොඩි කාලෙ මට මේ වගේ තැන්වලට යන්න
ලැබුණෙ නෑ.</font>

425
00:26:33,092 --> 00:26:36,929
<font color="#ffbf46">අනික ක්‍රීඩා කණ්ඩායමේ හිටපු නිසා,
මට ට්‍රිප් යන්න ලැබුණෙත් හරිම අඩුවෙන්.</font>

426
00:26:38,680 --> 00:26:41,934
<font color="#ffbf46">ඔයා වැඩිය කොහෙවත් ගිහිල්ලා නෑ නේද?</font>

427
00:26:42,017 --> 00:26:43,227
<font color="#ffbf46">මම හැම තැනම ගිහිල්ලා තියෙනවා.</font>

428
00:26:43,310 --> 00:26:45,771
<font color="#ffbf46">ජායොන් නොන්ග්වොන්, බුගොක් හවායි,
ඔය ඕන තැනකට.</font>

429
00:26:46,730 --> 00:26:48,148
<font color="#ffbf46">ඔයා ගිහිල්ලා තියෙනවා?</font>

430
00:26:48,232 --> 00:26:50,067
<font color="#ffbf46">ඔයා ඉතින් බඩ දඟලලා වමනෙ දදා හිටියනේ.</font>

431
00:26:50,692 --> 00:26:52,945
<font color="#ffbf46">ඒ මේ මඟුල් මනුස්ස ශරීරය නිසානේ.</font>

432
00:26:53,028 --> 00:26:56,740
<font color="#ffbf46">රයිඩ්ස් කීපයක ගියාම ලෙඩ වෙනවා,</font>

433
00:26:56,824 --> 00:26:58,867
<font color="#ffbf46">විනාඩියක රයිඩ් එකකට
පැයක් විතර පෝලිමේ ඉන්න වෙනවා.</font>

434
00:26:58,951 --> 00:27:01,870
<font color="#ffbf46">කොහොමද මේවට විනෝදයි කියන්නෙ?</font>

435
00:27:01,954 --> 00:27:03,330
<font color="#ffbf46">දන්නවද,</font>

436
00:27:03,413 --> 00:27:06,959
<font color="#ffbf46">මෙතන වැඩියෙන්ම විනෝද වුණේ
ඔයා වගේ.</font>

437
00:27:11,755 --> 00:27:12,840
<font color="#ffbf46">මම මේක කළේ,</font>

438
00:27:14,591 --> 00:27:16,635
<font color="#ffbf46">ඔයාලා මට බල කරපු නිසයි.</font>

439
00:27:26,228 --> 00:27:27,312
<font color="#ffbf46">ඇයි මොකද?</font>

440
00:27:28,272 --> 00:27:30,107
<font color="#ffbf46">මොකක්ද?
කෝ බලන්න.</font>

441
00:27:33,235 --> 00:27:35,445
<font color="#ffbf46">ඔයාගෙ විලුඹ තුවාල වෙලානේ.</font>

442
00:27:35,529 --> 00:27:38,031
<font color="#ffbf46">මෙච්චර අමාරු වෙනකල්
ඇයි මට කලින් කිව්වෙ නැත්තෙ?</font>

443
00:27:39,116 --> 00:27:41,827
<font color="#ffbf46">මම හිතුවෙ ගොඩක් ඇවිද්දම
මෙහෙම වෙනවා කියලා.</font>

444
00:27:43,036 --> 00:27:44,329
<font color="#ffbf46">ඒක මහ පිස්සු වැඩක්නේ.</font>

445
00:27:45,789 --> 00:27:47,374
<font color="#ffbf46">දෙයියනේ, ලේත් එනවා.</font>

446
00:27:47,457 --> 00:27:48,792
<font color="#ffbf46">ගොඩක් රිදෙන්න ඇති.</font>

447
00:27:54,965 --> 00:27:55,924
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

448
00:27:57,009 --> 00:28:00,179
<font color="#ffbf46">ඔයා දැන් මං ගැන වද වෙනවද?</font>

449
00:28:01,346 --> 00:28:02,264
<font color="#ffbf46">ඇයි?</font>

450
00:28:02,764 --> 00:28:04,933
<font color="#ffbf46">මට ඔයා ගැන වද වෙන්න තහනම්ද?</font>

451
00:28:09,771 --> 00:28:10,856
<font color="#ffbf46">මම කිව්වෙ,</font>

452
00:28:11,481 --> 00:28:14,151
<font color="#ffbf46">මේක මම බලාපොරොත්තු වුණේ නෑ, එච්චරයි.</font>

453
00:28:15,986 --> 00:28:18,155
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්, ඔයා මේ විඳින දුක</font>

454
00:28:19,198 --> 00:28:23,994
<font color="#ffbf46">එක විදිහකට මගෙත් වැරැද්දක් නේ.</font>

455
00:28:24,620 --> 00:28:25,621
<font color="#ffbf46">ඉතින්...</font>

456
00:28:26,121 --> 00:28:28,373
<font color="#ffbf46">ඉතින්, ඒක ඔයාගෙ වැරැද්දක්ද නැද්ද?</font>

457
00:28:30,083 --> 00:28:31,710
<font color="#ffbf46">මන්දා. ඔයා කැමති දෙයක් හිතාගන්න.</font>

458
00:28:33,086 --> 00:28:34,671
<font color="#ffbf46">කොහොම වුණත් මේ වෙලාවේ,</font>

459
00:28:34,755 --> 00:28:37,883
<font color="#ffbf46">මේ ලෝකෙම මගේ පැත්තට ඉන්න
එකම කෙනා ඔයා විතරයි.</font>

460
00:28:38,592 --> 00:28:41,803
<font color="#ffbf46">මට විශ්වාස කරන්න පුළුවන්
යාළුවෙක්වත් නෑදෑයෙක්වත් නෑ.</font>

461
00:28:42,554 --> 00:28:45,057
<font color="#ffbf46">මට ඉන්නේ ඔයා විතරයි.</font>

462
00:28:45,682 --> 00:28:48,352
<font color="#ffbf46">ඉතින් ඔයත් මං ගැන වද වෙන්න ඕනේ.</font>

463
00:28:48,435 --> 00:28:50,145
<font color="#ffbf46">මං ඔයා ගැන වද වෙනවා.</font>

464
00:28:55,901 --> 00:29:00,322
<font color="#ffbf46">අනික ඔයාට මොනවා හරි වුණොත්,
මට ආයේ කවදාවත් මගේ පරණ ජීවිතේට යන්න බැරි වෙයි.</font>

465
00:29:00,405 --> 00:29:02,241
<font color="#ffbf46">ඉතින් මං කොහොමද වද නොවී ඉන්නේ?</font>

466
00:29:02,824 --> 00:29:05,953
<font color="#ffbf46">විශේෂයෙන්ම ඔයාගේ වැරදි වැඩ නිසා
ඇති වෙලා තියෙන තරහකාරයෝ එක්ක බලද්දී.</font>

467
00:29:08,080 --> 00:29:09,289
<font color="#ffbf46">මොකක්?</font>

468
00:29:09,831 --> 00:29:12,042
<font color="#ffbf46">අන්න දැන් තමයි ඔයා වගේ කතා කළේ.</font>

469
00:29:12,125 --> 00:29:13,710
<font color="#ffbf46">කොහොම හරි, මෙතනට වෙලා ඉන්නකෝ.</font>

470
00:29:13,794 --> 00:29:15,337
<font color="#ffbf46">මං ගිහින් බැන්ඩේජ් එකක් අරන් එන්නම්.</font>

471
00:29:24,638 --> 00:29:25,806
<font color="#ffbf46">අක්කේ!</font>

472
00:29:35,774 --> 00:29:37,276
<font color="#ffbf46"><i>ඉතින්, මොකක්ද ඔයාගේ ප්‍රාර්ථනාව?</i></font>

473
00:29:37,901 --> 00:29:38,944
<font color="#ffbf46">මොකක්?</font>

474
00:29:39,027 --> 00:29:42,614
<font color="#ffbf46">අපි මීට අවුරුදු සීයකට විතර කලින්
ඔට්ටුවක් ඇල්ලුවා මතකද?</font>

475
00:29:42,698 --> 00:29:45,367
<font color="#ffbf46">අපි කිව්වේ ඉස්සෙල්ලාම මනුස්සයෙක් වෙන කෙනාගේ
ප්‍රාර්ථනාව ඉෂ්ට කරනවා කියලා.</font>

476
00:29:45,450 --> 00:29:46,743
<font color="#ffbf46">අමතකයි නම් කියන්න එපා.</font>

477
00:29:47,369 --> 00:29:49,162
<font color="#ffbf46">ආ, ඒකද?</font>

478
00:29:50,289 --> 00:29:53,500
<font color="#ffbf46">ඔයාට ඕනද මං හංගපු
අර වල් ජින්සෙන්ග් ටික හාරලා ගන්න?</font>

479
00:29:53,583 --> 00:29:56,253
<font color="#ffbf46">මං අහලා තියෙන විදියට මනුස්ස ලෝකේ
ඒවා ලොකු ගාණකට විකුණන්න පුළුවන්ලු.</font>

480
00:29:56,795 --> 00:29:58,922
<font color="#ffbf46">එහෙම නැත්නම් මම
රජතුමාගේ හීනෙට ගිහින් කියන්නද,</font>

481
00:29:59,006 --> 00:30:02,968
<font color="#ffbf46">ඔයා කැමැත්තෙන් ඉන්න අර පණ්ඩිතයාට
තනතුරක් දෙන්න කියලා.</font>

482
00:30:03,635 --> 00:30:05,971
<font color="#ffbf46">කන්දේ දෙවියෝ ඔයාට බනීවි ඕවට.</font>

483
00:30:06,054 --> 00:30:08,348
<font color="#ffbf46">අහු වුණොත් විතරනේ.</font>

484
00:30:08,432 --> 00:30:11,059
<font color="#ffbf46">ඔයා හිතුවද මම ඔයා වගේ කියලා?</font>

485
00:30:11,143 --> 00:30:12,853
<font color="#ffbf46">නීතිවලින් රිංගලා යන හැටි මං දන්නවා.</font>

486
00:30:12,936 --> 00:30:16,148
<font color="#ffbf46">මට ඕන නෑ ඔය වගේ දේවල් ඉල්ලන්න.
මගේ ප්‍රාර්ථනාව තමයි...</font>

487
00:30:21,862 --> 00:30:25,824
<font color="#ffbf46">ඔයා හොඳ වැඩ කරලා
භාවනාවට යොමු වෙන එක.</font>

488
00:30:27,034 --> 00:30:29,703
<font color="#ffbf46">මොකක්? මම හැමදාම ඒක කරනවනේ.</font>

489
00:30:32,581 --> 00:30:34,082
<font color="#ffbf46">ඔය වගේ දේවල් නෙමෙයි--</font>

490
00:30:34,166 --> 00:30:37,627
<font color="#ffbf46">එතකොට ඔයාට ඉක්මනට මනුස්සයෙක් වෙන්න පුළුවන්.</font>

491
00:30:38,462 --> 00:30:40,672
<font color="#ffbf46">අපිට එකම ගමේ ජීවත් වෙන්න පුළුවන්,</font>

492
00:30:40,756 --> 00:30:45,719
<font color="#ffbf46">වසන්ත කාලෙට කැවිලි හදලා,
ශීත කාලෙට කිම්චි හදලා.</font>

493
00:30:46,928 --> 00:30:50,223
<font color="#ffbf46">ඒ වගේ එකට වයසට යන එක
හොඳයි නේද?</font>

494
00:30:55,520 --> 00:30:57,647
<font color="#ffbf46">ඒත් ගුම්-හෝ...</font>

495
00:30:58,315 --> 00:30:59,316
<font color="#ffbf46">ඇයි?</font>

496
00:31:00,942 --> 00:31:03,278
<font color="#ffbf46">මට ගොඩක් කල් ගියොත් මොකද කරන්නේ?</font>

497
00:31:05,864 --> 00:31:09,785
<font color="#ffbf46">මං මනුස්සයෙක් වෙනකොට,
ඔයා කොන්ද කුදු වෙච්ච ආච්චි කෙනෙක් වෙලා හිටියොත්?</font>

498
00:31:09,868 --> 00:31:11,578
<font color="#ffbf46">ඒයි, එහෙම කියන්න එපා.</font>

499
00:31:13,372 --> 00:31:16,541
<font color="#ffbf46">ආච්චියේ! යමු ඖෂධ පැළෑටි කඩන්න!</font>

500
00:31:16,625 --> 00:31:17,709
<font color="#ffbf46">ආච්චියේ!</font>

501
00:31:19,211 --> 00:31:20,754
<font color="#ffbf46">අතාරිනවා මාව!
බෑ!</font>

502
00:31:20,837 --> 00:31:22,047
<font color="#ffbf46">අතාරින්න!</font>

503
00:31:22,714 --> 00:31:23,924
<font color="#ffbf46">කීයටවත් බෑ!</font>

504
00:31:25,592 --> 00:31:27,219
<font color="#ffbf46">අක්කේ!</font>

505
00:31:29,638 --> 00:31:31,264
<font color="#ffbf46">ඇයි ඔයා මෙතන තනියම හිටගෙන ඉන්නේ?</font>

506
00:31:33,642 --> 00:31:34,684
<font color="#ffbf46">මට කියන්න.</font>

507
00:31:35,310 --> 00:31:37,646
<font color="#ffbf46">ඔයාට තාමත් මනුස්සයෙක් වෙන්න
එච්චරටම ඕනද?</font>

508
00:31:39,272 --> 00:31:40,148
<font color="#ffbf46">මොකක්?</font>

509
00:31:40,232 --> 00:31:43,235
<font color="#ffbf46">මම ඉස්සර කෙනෙක්ව අඳුරගෙන හිටියා.</font>

510
00:31:44,319 --> 00:31:46,488
<font color="#ffbf46">එයා හරියට අපි වගේම නරියෙක්.</font>

511
00:31:47,114 --> 00:31:51,201
<font color="#ffbf46">එයා ගොඩක් කල් පෙරුම් පුරලා
අන්තිමේදී මනුස්සයෙක් වුණා.</font>

512
00:31:52,911 --> 00:31:54,538
<font color="#ffbf46">එයාට මොකද වුණේ?</font>

513
00:31:55,956 --> 00:31:57,249
<font color="#ffbf46">එයා මැරුණා</font>

514
00:31:57,916 --> 00:32:01,461
<font color="#ffbf46">ගොඩක් කල් දුක් විඳලා,
කාලකණ්ණි ජීවිතයක් ගෙවලා.</font>

515
00:32:03,922 --> 00:32:06,508
<font color="#ffbf46">මට නම් මනුස්ස ජීවිතේ කියන්නේ ඒ වගේ එකක්.</font>

516
00:32:07,092 --> 00:32:09,803
<font color="#ffbf46">ඒක තාවකාලිකයි, දුර්වලයි, ඉක්මනට නැති වෙනවා.</font>

517
00:32:11,263 --> 00:32:15,058
<font color="#ffbf46">ඒත් ඔයාට තාමත් ඕන එයාලගෙන් කෙනෙක් වෙන්නද?</font>

518
00:32:22,274 --> 00:32:23,442
<font color="#ffbf46">ඔයා දන්නවද,</font>

519
00:32:24,776 --> 00:32:26,361
<font color="#ffbf46">අද දවස මට ගොඩක් විශේෂයි.</font>

520
00:32:27,195 --> 00:32:28,488
<font color="#ffbf46">ඔයාට කොහොමද?</font>

521
00:32:30,449 --> 00:32:31,450
<font color="#ffbf46">මොකක්?</font>

522
00:32:31,533 --> 00:32:34,453
<font color="#ffbf46">මෙච්චර කාලෙකට, මං ලොකුවට සතුටින් හිටියේ නෑ,</font>

523
00:32:34,536 --> 00:32:36,913
<font color="#ffbf46">හැබැයි මං දුකෙනුත් නෙමෙයි හිටියේ.</font>

524
00:32:37,664 --> 00:32:39,708
<font color="#ffbf46">මට මතක හිටින විදියේ දවස් තිබුණේ නෑ.</font>

525
00:32:39,791 --> 00:32:42,085
<font color="#ffbf46">ඒ ඔයා කඳු අස්සට වෙලා හිටපු නිසානේ--</font>

526
00:32:42,169 --> 00:32:43,879
<font color="#ffbf46">එතකොට ඔයා?</font>

527
00:32:44,504 --> 00:32:46,840
<font color="#ffbf46">ඔයා මේ සේරම කාලේ හිටියේ
මනුස්ස ලෝකෙනේ.</font>

528
00:32:46,923 --> 00:32:49,134
<font color="#ffbf46">ඔයාට සතුටු දවස් ගොඩක් තිබුණද?</font>

529
00:32:50,469 --> 00:32:52,762
<font color="#ffbf46">නැත්නම් ගොඩක් දුක හිතුණු දවස් තිබුණද?</font>

530
00:32:56,600 --> 00:32:58,143
<font color="#ffbf46">මට මනුස්සයෙක් වෙන්න ඕන.</font>

531
00:32:58,226 --> 00:33:00,353
<font color="#ffbf46">සමහරවිට මම දුකෙන් ඉඳියි.</font>

532
00:33:00,437 --> 00:33:03,190
<font color="#ffbf46">මට දරාගන්න බැරි අවස්ථාත් එයි.</font>

533
00:33:03,273 --> 00:33:04,483
<font color="#ffbf46">ඒත්,</font>

534
00:33:04,566 --> 00:33:06,985
<font color="#ffbf46">මට ඕන මතක හිටින ජීවිතයක් ගෙවන්න.</font>

535
00:33:07,944 --> 00:33:10,447
<font color="#ffbf46">ඒක කෙටි වුණත්,
මට ඕන ඒක හොඳටම විඳින්න.</font>

536
00:33:12,157 --> 00:33:13,700
<font color="#ffbf46">මට ඕන හැඟීම් එක්ක ගලාගෙන යන්න.</font>

537
00:33:14,242 --> 00:33:19,873
<font color="#ffbf46">හැමදේම කලින් දැනගෙන පාලනය කරන
ජීවිතයක් නෙමෙයි.</font>

538
00:33:19,956 --> 00:33:22,959
<font color="#ffbf46">මට ඕන එහෙ මෙහෙ හැපිලා, ගලාගෙන යන්න,</font>

539
00:33:23,585 --> 00:33:25,629
<font color="#ffbf46">වෙලාවකට අඬන්න, ඊළඟ මොහොතේ හිනාවෙන්න.</font>

540
00:33:25,712 --> 00:33:27,672
<font color="#ffbf46">මට ඕන ඇත්ත ජීවිතයක් ගත කරන්න.</font>

541
00:33:29,633 --> 00:33:33,220
<font color="#ffbf46">සමහර දවස්වලට,
පසුතැවීමෙන් මාව පිච්චිලා යන්න ඕනේ.</font>

542
00:33:33,887 --> 00:33:35,472
<font color="#ffbf46">මට හිස්බවක් දැනෙන්න ඕනේ.</font>

543
00:33:35,555 --> 00:33:39,559
<font color="#ffbf46">හැබැයි මං හිනාවෙනකොට,
මට හයියෙන් හිනාවෙන්න ඕන.</font>

544
00:33:42,312 --> 00:33:43,271
<font color="#ffbf46">අක්කේ.</font>

545
00:33:44,356 --> 00:33:48,360
<font color="#ffbf46">මම අසතුටින් හිටියත්, දුකෙන් හිටියත්,</font>

546
00:33:49,194 --> 00:33:50,946
<font color="#ffbf46">අන්තිමට මැරිලා ගියත්,</font>

547
00:33:51,613 --> 00:33:53,156
<font color="#ffbf46">මට කොහොම හරි මනුස්සයෙක් වෙන්න ඕන.</font>

548
00:33:56,159 --> 00:33:58,119
<font color="#ffbf46"><i>මම කවදාවත් මනුස්සයෙක් වෙන්නේ නෑ.</i></font>

549
00:33:59,371 --> 00:34:02,082
<font color="#ffbf46">ඔයා කළා වගේ මම මනුස්සයෙක්ට ආදරේ කරන්නේ නෑ.</font>

550
00:34:02,707 --> 00:34:05,168
<font color="#ffbf46">මම දුක් විඳින්නේ නෑ,
දුකෙන් මැරෙන්නෙත් නෑ.</font>

551
00:34:05,961 --> 00:34:07,337
<font color="#ffbf46">මම කවදාවත්</font>

552
00:34:08,588 --> 00:34:10,507
<font color="#ffbf46">ඔයා වගේ ජීවත් වෙන්නේ නෑ.</font>

553
00:34:14,553 --> 00:34:15,679
<font color="#ffbf46">ඉයුන්-හෝ.</font>

554
00:34:19,766 --> 00:34:21,017
<font color="#ffbf46">ගුම්-හෝ?</font>

555
00:34:22,060 --> 00:34:23,270
<font color="#ffbf46">ඔයාට මාව ඇහෙනවද?</font>

556
00:34:25,272 --> 00:34:26,606
<font color="#ffbf46">ඔයාට මාව අඳුරගන්න පුළුවන්ද?</font>

557
00:34:28,233 --> 00:34:29,234
<font color="#ffbf46">මම...</font>

558
00:34:30,360 --> 00:34:32,571
<font color="#ffbf46">මගේම ජීවිතයක් ගෙව්වේ</font>

559
00:34:33,530 --> 00:34:35,031
<font color="#ffbf46">කිසි පසුතැවීමක් නැතුව.</font>

560
00:34:35,824 --> 00:34:39,160
<font color="#ffbf46">ඔයත් ඔයාගේ ජීවිතේ ගත කරන්න ඕන.</font>

561
00:34:40,412 --> 00:34:43,915
<font color="#ffbf46">ඒක මොන වගේ එකක් වුණත්.</font>

562
00:34:59,973 --> 00:35:01,558
<font color="#ffbf46">යොන්-සූ?</font>

563
00:35:03,143 --> 00:35:04,686
<font color="#ffbf46">අර ඉන්නේ යොන්-සූ නේද?</font>

564
00:35:05,979 --> 00:35:07,355
<font color="#ffbf46">වෙන්න බෑ.</font>

565
00:35:07,439 --> 00:35:10,317
<font color="#ffbf46">එයා තනියමනේ ඉන්නේ. කොහොමද එයාට ළමයි දෙන්නෙක් ඉන්නේ?</font>

566
00:35:13,737 --> 00:35:15,864
<font color="#ffbf46">අනේ මන්දා, මේ ළමයි.</font>

567
00:35:16,489 --> 00:35:18,408
<font color="#ffbf46">මෙතනත් විනාස කරලා.</font>

568
00:35:31,796 --> 00:35:33,840
<font color="#ffbf46">අම්මේ, ඉක්මන් කරන්න!</font>

569
00:35:33,923 --> 00:35:35,634
<font color="#ffbf46">ඔව්, මං එනවා!</font>

570
00:35:44,893 --> 00:35:46,728
<font color="#ffbf46">ඇයි ඔයා ඔහොම මූණ එල්ලගෙන ඉන්නේ?</font>

571
00:35:48,438 --> 00:35:49,522
<font color="#ffbf46">මේක අල්ලගන්න.</font>

572
00:35:53,777 --> 00:35:55,528
<font color="#ffbf46">ඔයා හරිම මුරණ්ඩුයි.</font>

573
00:35:55,612 --> 00:35:59,032
<font color="#ffbf46">පොළොව හැකිලෙන විජ්ජා දාන්න
ඔයා දැන් නයිටේල් ෆොක්ස් කෙනෙක් නෙමෙයිනේ.</font>

574
00:36:07,040 --> 00:36:08,708
<font color="#ffbf46">කොහොම හරි, අනිත් එක්කෙනා කොහෙද ගියේ?</font>

575
00:36:09,626 --> 00:36:10,502
<font color="#ffbf46">එයා ගියා.</font>

576
00:36:11,294 --> 00:36:13,129
<font color="#ffbf46">මොකක්? කොහේද?</font>

577
00:36:13,213 --> 00:36:14,297
<font color="#ffbf46">කොහෙට යන්නද?</font>

578
00:36:14,381 --> 00:36:16,508
<font color="#ffbf46">එයා කන්දෙන් ආපු නිසා
එහෙටම ගියා.</font>

579
00:36:16,591 --> 00:36:18,343
<font color="#ffbf46">යමු.
පොඩ්ඩක් ඉන්න.</font>

580
00:36:18,426 --> 00:36:20,553
<font color="#ffbf46">මාත් එනකම් ඉන්න.</font>

581
00:36:20,637 --> 00:36:21,721
<font color="#ffbf46">ඒයි!</font>

582
00:36:22,472 --> 00:36:24,057
<font color="#ffbf46">මොකද වෙන්නේ?</font>

583
00:36:24,557 --> 00:36:26,518
<font color="#ffbf46">මං නැති අතරේ ඔයාලා රණ්ඩු වුණාද?</font>

584
00:36:27,435 --> 00:36:28,687
<font color="#ffbf46">එහෙම නෙමෙයි නම්--</font>

585
00:36:28,770 --> 00:36:30,647
<font color="#ffbf46">ඔයාට ඕන වුණ දේම ලැබුණා.</font>

586
00:36:30,730 --> 00:36:32,482
<font color="#ffbf46">මොකක්?
අපි රණ්ඩු වුණේ නෑ.</font>

587
00:36:32,565 --> 00:36:34,651
<font color="#ffbf46">අපි දෛවයන් මාරු කරගන්න තීරණය කළා.</font>

588
00:36:34,734 --> 00:36:36,194
<font color="#ffbf46">ඇත්තටම?
ඔව්.</font>

589
00:36:36,277 --> 00:36:37,570
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

590
00:36:38,196 --> 00:36:39,197
<font color="#ffbf46">සිරාවටම?</font>

591
00:36:39,698 --> 00:36:42,033
<font color="#ffbf46">එතකොට සේරම හරියයිද?
මට මගේ ජීවිතේ ආයේ ලැබෙයිද?</font>

592
00:36:44,160 --> 00:36:46,162
<font color="#ffbf46">සිහියට එන්න, ෂි-යෝල්.</font>

593
00:36:46,246 --> 00:36:49,207
<font color="#ffbf46">ඔයාට එක රැයකින්
සාමාන්‍ය විදියට පත් වෙන්න බෑ.</font>

594
00:36:50,500 --> 00:36:52,043
<font color="#ffbf46">ඇයි බැරි?</font>

595
00:36:52,127 --> 00:36:54,671
<font color="#ffbf46">ඔයාට කොන්දේසිය අමතක වුණාද?</font>

596
00:36:55,296 --> 00:36:58,717
<font color="#ffbf46">අර මෝඩ නරියාට නයිටේල් ෆොක්ස් කෙනෙක් වෙන්න ඕන,</font>

597
00:36:58,800 --> 00:37:00,760
<font color="#ffbf46">අපේ දෛවයන් මාරු කරන්න කලින්.</font>

598
00:37:01,553 --> 00:37:02,554
<font color="#ffbf46">හරි.</font>

599
00:37:03,972 --> 00:37:06,141
<font color="#ffbf46">ඒත් ඒකට කොච්චර කල් යයිද?</font>

600
00:37:06,224 --> 00:37:07,642
<font color="#ffbf46">ඉක්මනට වෙයිද?</font>

601
00:37:07,726 --> 00:37:09,894
<font color="#ffbf46">සාමාන්‍යයෙන් අවුරුදු 100ක් විතර යනවා.</font>

602
00:37:11,062 --> 00:37:13,064
<font color="#ffbf46">මොකක්? අවුරුදු සීයක්?</font>

603
00:37:13,148 --> 00:37:15,567
<font color="#ffbf46">ඔයා හිතුවද තවත් වලිගයක් හදාගන්න එක
ලේසියි කියලා?</font>

604
00:37:15,650 --> 00:37:18,361
<font color="#ffbf46">ඔයා කොහොමද මේ ගැන මෙච්චර සන්සුන්ව ඉන්නේ?</font>

605
00:37:18,445 --> 00:37:20,613
<font color="#ffbf46">ඔයා හිතනවාද එතකොටත් ඔයා ජීවත් වෙයි කියලා?</font>

606
00:37:20,697 --> 00:37:24,492
<font color="#ffbf46">අනේ දෙයියනේ! මං වයසට ගිහින් මැරුණට පස්සේ
ඕකෙන් වැඩක් තියෙනවද?</font>

607
00:37:24,576 --> 00:37:26,745
<font color="#ffbf46">මං කිව්වේ සාමාන්‍යයෙන් කියලා.</font>

608
00:37:29,122 --> 00:37:31,291
<font color="#ffbf46">එතකොට වෙන ක්‍රමයක් තියෙනවද?</font>

609
00:37:32,125 --> 00:37:35,211
<font color="#ffbf46">මුල ඉඳන් පටන් ගන්න අයට තමයි
අවුරුදු 100ක් යන්නේ.</font>

610
00:37:35,295 --> 00:37:37,088
<font color="#ffbf46">හැබැයි මං වැඩ්ඩෙක්නේ.</font>

611
00:37:37,714 --> 00:37:40,008
<font color="#ffbf46">මං ළඟ වැඩකෑලි ටිකක් තියෙනවා.</font>

612
00:37:46,639 --> 00:37:47,766
<font color="#ffbf46">මේ අර...</font>

613
00:37:49,350 --> 00:37:50,643
<font color="#ffbf46">ලෑස්ති වෙන්න.</font>

614
00:37:50,727 --> 00:37:53,772
<font color="#ffbf46">දැනගන්න කියන්නේ, මේක ලේසි වෙන්නේ නෑ.</font>

615
00:37:54,314 --> 00:37:57,192
<font color="#ffbf46">හෙට ඉඳන් අපිට මහන්සි වෙන්න වෙනවා.</font>

616
00:38:18,087 --> 00:38:19,088
<font color="#ffbf46">මොකක්?</font>

617
00:38:19,172 --> 00:38:21,549
<font color="#ffbf46">කලින් හිතේ කලබලේට දැක්කේ නෑ,</font>

618
00:38:21,633 --> 00:38:24,552
<font color="#ffbf46">ඒ වුණාට මේ තැන හරිම ජරා තැනක්නේ.</font>

619
00:38:26,346 --> 00:38:27,430
<font color="#ffbf46">මොකක්?</font>

620
00:38:28,014 --> 00:38:31,100
<font color="#ffbf46">මේකටද ඔයා ගෙදර කියන්නේ?</font>

621
00:38:31,184 --> 00:38:33,770
<font color="#ffbf46">සල්ලි නැති වුණාට කමක් නෑ ලස්සනට ඉන්න එපැයි.</font>

622
00:38:33,853 --> 00:38:35,730
<font color="#ffbf46">වහලයක් දාලා තාප්ප බැන්දට ගෙයක් වෙන්නේ නෑනේ.</font>

623
00:38:35,814 --> 00:38:37,357
<font color="#ffbf46">ඔයා මට විහිළු කරනවද?</font>

624
00:38:37,982 --> 00:38:39,734
<font color="#ffbf46">මේක ඇත්තටම මගේ තැනක් නෙමෙයි.</font>

625
00:38:40,693 --> 00:38:43,947
<font color="#ffbf46">මම ඔයාගේ දෛවය වෙනස් කළාට,
ඔයාගේ කැමැත්ත වෙනස් කළේ නෑනේ.</font>

626
00:38:44,030 --> 00:38:46,282
<font color="#ffbf46">ඔයාට ඒක මතක නැති වුණාට,</font>

627
00:38:46,366 --> 00:38:49,452
<font color="#ffbf46">මේ තැන ලෑස්ති කළේ ඔයාමයි.</font>

628
00:38:50,036 --> 00:38:51,913
<font color="#ffbf46">මම ඔයාගේ මුල් තැනත් දැක්කා.</font>

629
00:38:51,996 --> 00:38:54,249
<font color="#ffbf46">ඒක සම්පූර්ණයෙන්ම හිස්.</font>

630
00:38:54,332 --> 00:38:56,709
<font color="#ffbf46">හෙලුවෙන් බහින අමුතු මැෂින් එකක් විතරයි තිබුණේ.</font>

631
00:38:57,335 --> 00:39:01,923
<font color="#ffbf46">ඒක මම කොරියාවේ ඉන්නකොට නවතින්න
ගත්ත තැනක් විතරයි.</font>

632
00:39:03,091 --> 00:39:07,637
<font color="#ffbf46">එංගලන්තේ තියෙන මගේ ඇත්ත ගෙදර
පූල් එකකුයි තියටර් එකකුයිත් තියෙනවා.</font>

633
00:39:07,720 --> 00:39:10,473
<font color="#ffbf46">අල්මාරියත් හරි ලොකුයි, ලස්සනට සරසලා--</font>

634
00:39:10,557 --> 00:39:13,268
<font color="#ffbf46">මේක නම් මහ කාලකණ්ණි තැනක්.</font>

635
00:39:13,768 --> 00:39:18,106
<font color="#ffbf46">මට පුළුවන් ඉක්මනට ආයේ මාරු වෙන්න ඕනේ.
මේ වගේ ඉන්න බෑ.</font>

636
00:39:18,731 --> 00:39:21,484
<font color="#ffbf46">ඔව්, මං ඔයාට සුබ පතනවා.</font>

637
00:39:23,570 --> 00:39:24,904
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?</font>

638
00:39:24,988 --> 00:39:25,905
<font color="#ffbf46">මොකක්?</font>

639
00:39:25,989 --> 00:39:28,199
<font color="#ffbf46">ඇයි? ඔයාට මොනවා හරි ඕනද?</font>

640
00:39:28,700 --> 00:39:30,577
<font color="#ffbf46">මට මහන්සියි. මං යන්නෙ නිදාගන්න.</font>

641
00:39:30,660 --> 00:39:34,122
<font color="#ffbf46">ඔයාට මහන්සියි කියලා තේරෙනවා,
ඒත් ඇයි ඔයා ඔතනට යන්නේ?</font>

642
00:39:34,205 --> 00:39:36,916
<font color="#ffbf46">එක කාමරයයිනේ තියෙන්නේ,
ඉතින් ඒක මගේනේ.</font>

643
00:39:37,000 --> 00:39:40,545
<font color="#ffbf46">මේක මගේ ගෙදර.
ඊයේ රෑත් මම නිදාගත්තේ එතනනේ?</font>

644
00:39:40,628 --> 00:39:43,423
<font color="#ffbf46">ඒ මම අටවල් නරියා එක්ක
නිදාගත්ත නිසානේ.</font>

645
00:39:43,506 --> 00:39:45,884
<font color="#ffbf46">අද ඉඳන් ඇඳ මගේ.</font>

646
00:39:46,426 --> 00:39:47,886
<font color="#ffbf46">මමයි මෙතන වැඩිමලා.</font>

647
00:39:49,387 --> 00:39:52,098
<font color="#ffbf46">හරි, ඔයා කියන දෙයක්.</font>

648
00:39:52,181 --> 00:39:55,768
<font color="#ffbf46">ඔයා කොරියාවටත් වඩා වයසයිනේ.
මං කොහොමද ඒක පරාද්දන්නේ?</font>

649
00:39:55,852 --> 00:39:57,562
<font color="#ffbf46">මට වෙන්නේ ඔයාට සලකන්න තමයි.</font>

650
00:40:02,358 --> 00:40:04,068
<font color="#ffbf46">එහෙනම් මම ගිහින් ඇඟ හෝදගන්නවා.</font>

651
00:40:05,737 --> 00:40:06,946
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

652
00:40:07,030 --> 00:40:08,948
<font color="#ffbf46">මමයි ඉස්සෙල්ලා නාන්නෙත්.</font>

653
00:40:09,032 --> 00:40:10,783
<font color="#ffbf46">වැඩිහිටියන්ට මුල් තැන.</font>

654
00:40:47,195 --> 00:40:48,154
<font color="#ffbf46">ෂි-යෝල්.</font>

655
00:40:50,615 --> 00:40:51,616
<font color="#ffbf46">ෂි-යෝල්.</font>

656
00:40:52,784 --> 00:40:53,993
<font color="#ffbf46">නැගිටින්න.</font>

657
00:40:55,578 --> 00:40:56,663
<font color="#ffbf46">හලෝ?</font>

658
00:40:59,874 --> 00:41:01,084
<font color="#ffbf46">අයියෝ!</font>

659
00:41:01,626 --> 00:41:03,586
<font color="#ffbf46">දැන් මොකද ඕනෙ?</font>

660
00:41:04,379 --> 00:41:05,797
<font color="#ffbf46">මට බඩගිනියි.</font>

661
00:41:05,880 --> 00:41:07,799
<font color="#ffbf46">මොකක්? මේ වෙලාවෙ?</font>

662
00:41:09,008 --> 00:41:10,426
<font color="#ffbf46">අනේ.</font>

663
00:41:10,510 --> 00:41:12,553
<font color="#ffbf46">ඔයා කිව්වෙ දවල් බුෆේ එකෙන් කාලා
හොඳටම බඩ පිරිලා කියලනෙ.</font>

664
00:41:12,637 --> 00:41:13,888
<font color="#ffbf46">ඒකනෙ රෑට කන්න බෑ කිව්වෙත්.</font>

665
00:41:13,972 --> 00:41:15,848
<font color="#ffbf46">එතකොට නම් බඩ පිරිලා තිබුණා.</font>

666
00:41:16,474 --> 00:41:18,810
<font color="#ffbf46">දැන් බඩගිනි නිසා නින්ද යන්නෙ නෑ.</font>

667
00:41:18,893 --> 00:41:21,396
<font color="#ffbf46">මේ මනුස්ස ශරීරය නම් මහ කරදරයක්.</font>

668
00:41:22,313 --> 00:41:24,107
<font color="#ffbf46">නිකන් ඉඳලා ආපහු නිදාගන්න බලන්න.</font>

669
00:41:24,190 --> 00:41:26,401
<font color="#ffbf46">මේ වෙලාවෙ කෑවොත් මහත් වෙයි.</font>

670
00:41:27,276 --> 00:41:31,072
<font color="#ffbf46">ඒකට කමක් නෑ. මම ආපහු මාරු වුණාම
කොහොමත් මහත් වෙන්නෙ නෑනෙ.</font>

671
00:41:32,782 --> 00:41:36,077
<font color="#ffbf46">අර එයා ඊයෙ කාපු ජාතියෙන්
තව ඉතුරු වෙලා තියෙනවද?</font>

672
00:41:37,036 --> 00:41:39,414
<font color="#ffbf46">මොනවද? රාමෙන්ද?</font>

673
00:42:00,059 --> 00:42:01,352
<font color="#ffbf46">කමු කමු.</font>

674
00:42:11,070 --> 00:42:12,363
<font color="#ffbf46">මාර රහයි.</font>

675
00:42:12,447 --> 00:42:13,823
<font color="#ffbf46">එච්චරටම රහද?</font>

676
00:42:14,323 --> 00:42:15,283
<font color="#ffbf46">ඔව්.</font>

677
00:42:16,325 --> 00:42:18,411
<font color="#ffbf46">ඒ වුණාට ඇයි එකක් විතරක් හැදුවෙ?</font>

678
00:42:18,494 --> 00:42:19,537
<font color="#ffbf46">ඔයා කන්නෙ නැද්ද?</font>

679
00:42:20,204 --> 00:42:22,165
<font color="#ffbf46">නෑ, මම මේ වෙලාවට කන්නෙ නෑ.</font>

680
00:42:22,248 --> 00:42:23,958
<font color="#ffbf46">අනික මේ වගේ දේවල් කොහොමත් කන්නෙ නෑ.</font>

681
00:42:24,959 --> 00:42:31,090
<font color="#ffbf46">මම හිතන්නෙ මම අන්තිමට රාමෙන් එකක් කෑවෙ
අවුරුදු 12කට 13කට විතර කලින්.</font>

682
00:42:33,301 --> 00:42:34,844
<font color="#ffbf46">අනේ, එක කටක් කාලා බලන්නකො.</font>

683
00:42:34,927 --> 00:42:36,137
<font color="#ffbf46">ඇත්තටම මාර රහයි.</font>

684
00:42:38,681 --> 00:42:40,016
<font color="#ffbf46">එපා, මට ඕනෙ නෑ.</font>

685
00:42:40,641 --> 00:42:43,561
<font color="#ffbf46">කොහොමත් අපි ආපහු ගියාම ඔක්කොම හරි යනවනෙ.</font>

686
00:42:43,644 --> 00:42:45,271
<font color="#ffbf46">පුළුවන් වෙලාවෙ කාලා බලන්න.</font>

687
00:42:49,317 --> 00:42:51,402
<font color="#ffbf46">ඒකත් ඇත්ත තමයි.</font>

688
00:42:54,655 --> 00:42:56,783
<font color="#ffbf46">එහෙනම් එක කටක් විතරක් කන්නම්.</font>

689
00:43:19,097 --> 00:43:21,349
<font color="#ffbf46">අනේ, ඔයාට ඊට වඩා කන්න ඕනෙ ඇතිනෙ?</font>

690
00:43:21,432 --> 00:43:22,600
<font color="#ffbf46">මොකක්?</font>

691
00:43:22,683 --> 00:43:23,976
<font color="#ffbf46">ඇත්තමයි.</font>

692
00:43:24,894 --> 00:43:26,354
<font color="#ffbf46">එහෙමද?</font>

693
00:43:27,230 --> 00:43:29,398
<font color="#ffbf46">එහෙනම් මම තව කටක් කන්නම්.</font>

694
00:43:40,827 --> 00:43:42,161
<font color="#ffbf46">මේ මොකද මේ?</font>

695
00:43:48,084 --> 00:43:48,960
<font color="#ffbf46">ඒයි!</font>

696
00:43:49,836 --> 00:43:51,295
<font color="#ffbf46">තනියම ඔක්කොම කන්නෙ කොහොමද?</font>

697
00:43:51,379 --> 00:43:53,089
<font color="#ffbf46">දැන් මට කන්න මුකුත් නෑනෙ!</font>

698
00:43:54,882 --> 00:43:56,259
<font color="#ffbf46">අපි තව එකක් හදමුද?</font>

699
00:43:58,845 --> 00:43:59,929
<font color="#ffbf46">දෙකක්ම හදමු.</font>

700
00:44:03,683 --> 00:44:05,101
<font color="#ffbf46">බිත්තර තුනක් දැම්මම මාර රහයි.</font>

701
00:44:05,726 --> 00:44:06,936
<font color="#ffbf46">බත් ටිකකුත් දාගමුද?
ඔව්.</font>

702
00:44:10,690 --> 00:44:12,150
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

703
00:44:12,900 --> 00:44:13,818
<font color="#ffbf46">ඇයි මොකද?</font>

704
00:44:13,901 --> 00:44:15,778
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නෙ?</font>

705
00:44:16,404 --> 00:44:19,574
<font color="#ffbf46">අයියෝ... මගේ මූණ.</font>

706
00:44:22,160 --> 00:44:24,162
<font color="#ffbf46">ඔයාගෙ මූණ ඉදිමිලා.</font>

707
00:44:24,245 --> 00:44:27,540
<font color="#ffbf46">මම කිව්වනෙ රෑ වෙලා කන්න එපා කියලා.</font>

708
00:44:27,623 --> 00:44:29,667
<font color="#ffbf46">ඔයා හිතනවද ඔයාගෙ මූණ හොඳයි කියලා?</font>

709
00:44:29,750 --> 00:44:31,752
<font color="#ffbf46">ඔයත් හොඳටම ඉදිමිලා ඉන්නෙ.</font>

710
00:44:31,836 --> 00:44:32,753
<font color="#ffbf46">මම?</font>

711
00:44:35,006 --> 00:44:36,966
<font color="#ffbf46">දෙයියනේ.</font>

712
00:44:38,718 --> 00:44:41,470
<font color="#ffbf46">මම හිතන්නෙ ඉදිමුම ටිකක් බැහැලා.</font>

713
00:44:41,554 --> 00:44:43,764
<font color="#ffbf46">අපරාදෙ අපි දුවන්න යන්න තිබුණෙ.</font>

714
00:44:43,848 --> 00:44:46,517
<font color="#ffbf46">මම කිව්වනෙ අද ඉඳන් අපි කාර්යබහුල වෙනවා කියලා.</font>

715
00:44:47,185 --> 00:44:48,811
<font color="#ffbf46">වැඩක් නැති දේවල් වලට කාලය නාස්ති කරන්න බෑ.</font>

716
00:44:50,855 --> 00:44:52,398
<font color="#ffbf46">හොඳ නිදහසට කරුණක්.</font>

717
00:44:53,024 --> 00:44:55,401
<font color="#ffbf46">කමක් නෑ. ගිහින් හැඳි මාරු කරන් එන්න.</font>

718
00:44:55,484 --> 00:44:56,736
<font color="#ffbf46">සීතල ඒවා ගේන්න.</font>

719
00:44:59,655 --> 00:45:01,407
<font color="#ffbf46">නියමයි!
නියමයි!</font>

720
00:45:01,490 --> 00:45:02,825
<font color="#ffbf46">අන්න හරි!</font>

721
00:45:02,909 --> 00:45:06,370
<font color="#ffbf46">ඉස්සරහට යන්න! අන්න හරි!
සෝ බෝම්, ගහන්න! ෂොට් එක ගහන්න!</font>

722
00:45:08,706 --> 00:45:10,875
<font color="#ffbf46">නියමයි!
අයියෝ එයාට වැරදුනානෙ.</font>

723
00:45:10,958 --> 00:45:13,502
<font color="#ffbf46">මේක නම් මහ කරදරයක්.</font>

724
00:45:14,128 --> 00:45:15,880
<font color="#ffbf46">කෝච්, වතුර ටිකක් බොමුද?</font>

725
00:45:15,963 --> 00:45:17,340
<font color="#ffbf46">ඕන නෑ. ඔක අහකට ගන්නවා.</font>

726
00:45:17,423 --> 00:45:19,258
<font color="#ffbf46">ක්‍රොස් කරන්න!
හරි!</font>

727
00:45:21,219 --> 00:45:23,429
<font color="#ffbf46">කෝ, එයාව බ්ලොක් කරන්න!</font>

728
00:45:25,014 --> 00:45:27,350
<font color="#ffbf46">බ්ලොක් කරන්න!
බ්ලොක්!</font>

729
00:45:29,894 --> 00:45:31,729
<font color="#ffbf46">නියමයි!</font>

730
00:45:32,271 --> 00:45:36,025
<font color="#ffbf46">ඔයාලා කණ්ඩායමක් විදිහට ඉස්සරහට යන්න ඕනෙ, තේරුණාද?</font>

731
00:45:36,108 --> 00:45:37,443
<font color="#ffbf46">ඒයි, බේ ජොං-බේ!</font>

732
00:45:37,526 --> 00:45:41,405
<font color="#ffbf46">තමුසෙ දවස තිස්සෙම ක්‍රොස් කරන එක විතරයි කරන්නෙ.</font>

733
00:45:41,489 --> 00:45:43,366
<font color="#ffbf46">ටිකක් ඇතුලට කපලා ගන්න බලනවා.</font>

734
00:45:43,449 --> 00:45:45,368
<font color="#ffbf46">අනික බෝලෙත් අරගෙන මේ වගේ ඉස්සරහට යන්න,</font>

735
00:45:45,451 --> 00:45:47,203
<font color="#ffbf46">එතකොට අනිත් පැත්තෙ උන් කලබල වෙනවා!</font>

736
00:45:47,703 --> 00:45:48,829
<font color="#ffbf46">හරි සර්.</font>

737
00:45:49,372 --> 00:45:51,707
<font color="#ffbf46">වතුර වල රහ කොහොමද,
සෝ බෝම්, මෝඩයා?</font>

738
00:45:52,291 --> 00:45:53,459
<font color="#ffbf46">තමුසෙ ඒකටද ෂොට් එකක් කියන්නෙ?</font>

739
00:45:53,542 --> 00:45:54,919
<font color="#ffbf46">ගැහුවා අහසෙ යන්නම.</font>

740
00:45:55,002 --> 00:45:56,796
<font color="#ffbf46">මම හිතුවෙ ප්ලේන් එකක වදියි කියලා.</font>

741
00:45:56,879 --> 00:45:58,005
<font color="#ffbf46">සමාවෙන්න.</font>

742
00:45:58,089 --> 00:45:59,382
<font color="#ffbf46">ෂික්.</font>

743
00:45:59,882 --> 00:46:03,970
<font color="#ffbf46">තමුසෙලා දිගටම ඩිෆෙන්ස් කර කර ඉඳලා
ගෙදර යන්නද හදන්නෙ?</font>

744
00:46:04,053 --> 00:46:06,681
<font color="#ffbf46">දිනන්න නම් ගෝල් ගහන්න එපැයි!</font>

745
00:46:06,764 --> 00:46:07,932
<font color="#ffbf46">ඒත් ඇයි?</font>

746
00:46:08,015 --> 00:46:10,893
<font color="#ffbf46">ඇයි කවුරුත් හරියට ඇටෑක් කරන්නෙ නැත්තෙ?</font>

747
00:46:12,144 --> 00:46:13,312
<font color="#ffbf46">ඒත් කෝච්.</font>

748
00:46:14,188 --> 00:46:15,815
<font color="#ffbf46">අපි කාට දෙන්නද කට් බැක් කරන්නෙ?</font>

749
00:46:15,898 --> 00:46:16,899
<font color="#ffbf46">මොකක්?</font>

750
00:46:16,983 --> 00:46:19,652
<font color="#ffbf46">ඉතින් අපි කට් බැක් කරත්,
ඒක ගන්න කවුරුත් එතන නෑනෙ.</font>

751
00:46:19,735 --> 00:46:20,778
<font color="#ffbf46">ඇයි නැත්තෙ?</font>

752
00:46:20,861 --> 00:46:23,155
<font color="#ffbf46">කන්ග් සි-යොල් එතන හිටියා න--</font>

753
00:46:28,160 --> 00:46:30,162
<font color="#ffbf46">ඉස්සරහ ඉන්න ස්ට්‍රයිකර්ට පාස් කරනවා.</font>

754
00:46:30,871 --> 00:46:32,581
<font color="#ffbf46">කවුද ස්ට්‍රයිකර්?</font>

755
00:46:32,665 --> 00:46:34,542
<font color="#ffbf46">මොකක්?
ඇත්තම කිව්වොත්,</font>

756
00:46:34,625 --> 00:46:37,670
<font color="#ffbf46">අපේ ටීම් එකේ දැන් හරියට ස්ට්‍රයිකර් කෙනෙක් නෑනෙ.</font>

757
00:46:44,218 --> 00:46:48,514
<font color="#ffbf46">තමුසෙලා නූතන පාපන්දු ගැන දන්නෙ නැද්ද?</font>

758
00:46:49,515 --> 00:46:50,808
<font color="#ffbf46">ටෝටල් සොකර්.</font>

759
00:46:50,891 --> 00:46:53,060
<font color="#ffbf46">හැමෝම ඇටෑක් කරනවා, හැමෝම ඩිෆෙන්ස් කරනවා--</font>

760
00:46:53,144 --> 00:46:54,437
<font color="#ffbf46">සමාවෙන්න කෝච්.</font>

761
00:46:54,520 --> 00:46:56,480
<font color="#ffbf46">ඒ වෙනුවට අපිට බැරිද--
බෑ!</font>

762
00:46:58,774 --> 00:47:00,776
<font color="#ffbf46">තමුසෙලා මේ හදන්නෙ ආයෙත්</font>

763
00:47:01,819 --> 00:47:03,612
<font color="#ffbf46">කන්ග් සි-යොල් ගැන මතක් කරන්නනෙ, එහෙම නේද?</font>

764
00:47:04,822 --> 00:47:06,449
<font color="#ffbf46">හොඳට අහගන්නවා.</font>

765
00:47:07,700 --> 00:47:08,868
<font color="#ffbf46">ආයෙ...</font>

766
00:47:10,161 --> 00:47:12,288
<font color="#ffbf46">එයා ගැන කතා කරන්න එපා.</font>

767
00:47:13,080 --> 00:47:14,665
<font color="#ffbf46">කන්ග් සි-යොල් කියන එකා එළියෙ!</font>

768
00:47:16,542 --> 00:47:18,002
<font color="#ffbf46">සදහටම එළියෙ!</font>

769
00:47:26,510 --> 00:47:28,888
<font color="#ffbf46">ඔයා කිව්වෙ අපි මාර බිසී වෙයි කියලා නේද?</font>

770
00:47:28,971 --> 00:47:30,556
<font color="#ffbf46">ඒත් අපි මේ මාළු බානවා නෙවෙයිනෙ.</font>

771
00:47:31,640 --> 00:47:32,933
<font color="#ffbf46">අපි මොකද්ද මේ කරන්නෙ?</font>

772
00:47:35,770 --> 00:47:37,021
<font color="#ffbf46">මාළු බානවා?</font>

773
00:47:37,104 --> 00:47:38,731
<font color="#ffbf46">අපි කරන්නෙත් ඒ වගේම දෙයක් තමයි.</font>

774
00:47:38,814 --> 00:47:40,858
<font color="#ffbf46">හැබැයි අපි බිලී බාන්නෙ මාළු නෙවෙයි, මිනිස්සු.</font>

775
00:47:41,484 --> 00:47:43,527
<font color="#ffbf46">මොකක්? මිනිස්සු බිලී බානවා?</font>

776
00:47:44,236 --> 00:47:45,279
<font color="#ffbf46">ඔව්.</font>

777
00:47:45,363 --> 00:47:48,199
<font color="#ffbf46">මොකද දැන් ඉඳන් අපි ඉන්නෙ "පින් රැස් කරන ප්‍රොජෙක්ට්" එකක.</font>

778
00:47:51,035 --> 00:47:51,994
<font color="#ffbf46">හා ඉතින්.</font>

779
00:47:52,078 --> 00:47:55,164
<font color="#ffbf46">මම මොනවා කිව්වත්, මට තේරෙනවා
ඔයාට මනුස්සයෙක් වෙන්න ඕනෙ කියලා.</font>

780
00:47:55,247 --> 00:47:56,624
<font color="#ffbf46">හැබැයි ඊට කලින්,</font>

781
00:47:57,666 --> 00:48:01,253
<font color="#ffbf46">වලිග නවයේ නරියෙක් වෙන එක
ලේසි වැඩක් නෙවෙයි.</font>

782
00:48:01,337 --> 00:48:02,630
<font color="#ffbf46">ඔයා ඒකට ලෑස්තිද?</font>

783
00:48:02,713 --> 00:48:05,841
<font color="#ffbf46">මම මොනවා කිව්වත් පැමිණිලි නොකර
මම කියන විදිහට වැඩ කරන්න පුළුවන්ද?</font>

784
00:48:06,884 --> 00:48:07,927
<font color="#ffbf46">මොන විදිහටද?</font>

785
00:48:09,887 --> 00:48:10,930
<font color="#ffbf46">මොකක්?</font>

786
00:48:11,013 --> 00:48:14,183
<font color="#ffbf46">දැන් ඉඳන්, ඔයාගෙ වැඩ ඔයාම බලාගන්න.</font>

787
00:48:14,266 --> 00:48:16,185
<font color="#ffbf46">මට හදිස්සියක් නෑනෙ.</font>

788
00:48:17,061 --> 00:48:18,145
<font color="#ffbf46">ඉන්නකො.</font>

789
00:48:19,230 --> 00:48:20,231
<font color="#ffbf46">මේ...</font>

790
00:48:21,065 --> 00:48:24,777
<font color="#ffbf46">මම කියන්නෙ, මම තාම ඔයාට උදව් කරනවා.</font>

791
00:48:25,653 --> 00:48:29,031
<font color="#ffbf46">ඒත් ඔයාගෙ වලිග ටික හදාගන්න නම් ඔයා පින් කරලා
ආත්මික බලය එකතු කරගන්න ඕනෙ--</font>

792
00:48:29,115 --> 00:48:31,200
<font color="#ffbf46">එහෙනම් මම මගේ නරි පබළුව ඔයාට දෙන්නම්.</font>

793
00:48:31,909 --> 00:48:33,786
<font color="#ffbf46">මම මන්තරයක් පාවිච්චි කරලා අපි දෙන්නව සම්බන්ධ කරන්නම්,</font>

794
00:48:33,869 --> 00:48:37,164
<font color="#ffbf46">එතකොට ඔයාට පුළුවන් පින් කරලා
මට අවශ්‍ය ආත්මික බලය එකතු කරලා දෙන්න.</font>

795
00:48:41,794 --> 00:48:44,797
<font color="#ffbf46">මගේ වේශය ආපහු මාරු වෙන්න යන්නෙ,
ඒක නිසා මට යන්න වෙනවා.</font>

796
00:48:46,257 --> 00:48:47,508
<font color="#ffbf46">මොකද කියන්නෙ?</font>

797
00:48:48,300 --> 00:48:49,927
<font color="#ffbf46">මම හිතන්නෙ ඔයා හරි.</font>

798
00:48:50,970 --> 00:48:55,057
<font color="#ffbf46">ඇත්තටම, එයා මාව එයාට ඕන විදිහට නටවනවා.</font>

799
00:48:56,142 --> 00:48:59,562
<font color="#ffbf46">ඒ කියන්නෙ ඔයා කියන්නෙ, ඔයා පින් දහම් කරාම,</font>

800
00:49:00,229 --> 00:49:03,190
<font color="#ffbf46">එයාට තමයි ඒකෙන් ආත්මික බලය ලැබෙන්නෙ?</font>

801
00:49:03,274 --> 00:49:05,526
<font color="#ffbf46">හැබැයි ඔයාට එයාගෙ නරි පබළුවෙ බලය
පාවිච්චි කරන්න බෑ නේද.</font>

802
00:49:05,609 --> 00:49:06,861
<font color="#ffbf46">ඒක හරි.</font>

803
00:49:06,944 --> 00:49:09,947
<font color="#ffbf46">ඒක නිසා දැන් ඉඳන් අපිට පින් කරන්න වෙනවා.</font>

804
00:49:10,030 --> 00:49:13,284
<font color="#ffbf46">ගොඩක් ඉක්මනින්, කෙටි කාලයක් ඇතුළත
පින් ගොඩක් කරන්න ඕනෙ.</font>

805
00:49:15,578 --> 00:49:19,540
<font color="#ffbf46">ඉතින් ඒකට මාළු බාන එකේ
තියෙන සම්බන්ධය මොකද්ද?</font>

806
00:49:19,623 --> 00:49:21,041
<font color="#ffbf46">සිරාවටම?</font>

807
00:49:21,125 --> 00:49:23,919
<font color="#ffbf46">මම හැම පොඩි දේම ඔයාට විස්තර කරලා දෙන්න ඕනෙද?</font>

808
00:49:24,003 --> 00:49:25,337
<font color="#ffbf46">ඔයා හිතන්නෙ මොකක් නිසා කියලද</font>

809
00:49:25,421 --> 00:49:27,798
<font color="#ffbf46">මම මනුස්සයෙක් වෙලා මේ වගේ දුක් විඳින්නෙ?</font>

810
00:49:30,509 --> 00:49:33,596
<font color="#ffbf46">මම ඔයාගෙ ජීවිතේ බේරගත්ත නිසා!</font>

811
00:49:35,556 --> 00:49:38,225
<font color="#ffbf46">හරි, ඉතින් මොකද්ද?</font>

812
00:49:38,851 --> 00:49:41,228
<font color="#ffbf46">එක මනුස්සයෙක් කියන්නෙ සම්පූර්ණ ලෝකයක්,</font>

813
00:49:41,312 --> 00:49:46,734
<font color="#ffbf46">ඉතින් මනුස්ස ජීවිතයක් බේරගන්න එක
මුළු ලෝකයක්ම බේරගන්නවා වගේ දෙයක්.</font>

814
00:49:47,401 --> 00:49:49,153
<font color="#ffbf46">වෙන විදිහකින් කියනවා නම්,</font>

815
00:49:49,236 --> 00:49:52,948
<font color="#ffbf46">ලොකුම පින, උතුම්ම දේ තමයි
ජීවිතයක් බේරගන්න එක.</font>

816
00:49:53,032 --> 00:49:54,033
<font color="#ffbf46">මොකක්ද?</font>

817
00:50:04,710 --> 00:50:05,711
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, මට කියන්න එපා.</font>

818
00:50:06,337 --> 00:50:08,422
<font color="#ffbf46">ඔයා මේ කරන්න හදන්නෙ ඒක නෙවෙයි නේද?</font>

819
00:50:08,506 --> 00:50:11,217
<font color="#ffbf46">කවුරුහරි පනිනකම් බලන් ඉඳලා
එයාව බේරගන්න නේද හදන්නෙ?</font>

820
00:50:11,842 --> 00:50:14,178
<font color="#ffbf46">ඇයි? ප්‍රශ්නයක්ද?</font>

821
00:50:14,261 --> 00:50:15,137
<font color="#ffbf46">ඒයි!</font>

822
00:50:15,221 --> 00:50:16,764
<font color="#ffbf46">ප්‍රශ්නෙ පැත්තක තියන්න!
කොහොමද ඒක පිනක් වෙන්නෙ?</font>

823
00:50:16,847 --> 00:50:18,432
<font color="#ffbf46">කර්මය පඩිසන් දෙයි, දන්නවනෙ?</font>

824
00:50:19,433 --> 00:50:22,436
<font color="#ffbf46">ජීවිතයක් බේරගද්දි මොන කර්මයක්ද?</font>

825
00:50:24,063 --> 00:50:25,606
<font color="#ffbf46">විශ්වාස කරන්නත් බෑ.</font>

826
00:50:26,315 --> 00:50:27,691
<font color="#ffbf46">හරි කමක් නෑ.</font>

827
00:50:27,775 --> 00:50:30,945
<font color="#ffbf46">මම කොහොමත් ඔයාගෙ සදාචාරය ගැන
ලොකුවට බලාපොරොත්තු වෙන්නෙ නෑ,</font>

828
00:50:31,028 --> 00:50:34,490
<font color="#ffbf46">ඒත් ඒක පැත්තකින් තිබ්බොත්,
ඔය වැඩේ හරියන්නෙ නෑ.</font>

829
00:50:34,573 --> 00:50:36,742
<font color="#ffbf46">ඔයාට හිතෙනවද මේක හරියයි කියලා?</font>

830
00:50:38,202 --> 00:50:40,287
<font color="#ffbf46">හරියන්නෙ නැද්ද?
නෑ!</font>

831
00:50:41,080 --> 00:50:43,874
<font color="#ffbf46">මේක නිකන් ගහක් යටට වෙලා
ගෙඩියක් වැටෙනකම් බලන් ඉන්නවා වගේ වැඩක්!</font>

832
00:50:43,958 --> 00:50:45,543
<font color="#ffbf46">ඔයා කොච්චර වෙලා බලන් ඉන්නද කල්පනාව?</font>

833
00:50:45,626 --> 00:50:46,627
<font color="#ffbf46">ඔයා හිතන්නෙ එහෙමද?</font>

834
00:50:49,463 --> 00:50:50,506
<font color="#ffbf46">ඔයා කියන එකත් ඇත්ත.</font>

835
00:50:51,173 --> 00:50:53,968
<font color="#ffbf46">ඔයාගෙ කතාවෙත් පොයින්ට් එකක් තියෙනවා.</font>

836
00:50:55,010 --> 00:50:59,682
<font color="#ffbf46">තියෙන හදිස්සියත් එක්ක බැලුවම,
මේක ටිකක් කම්මැලි වැඩක් වගේ තමයි.</font>

837
00:50:59,765 --> 00:51:00,766
<font color="#ffbf46">හරියටම හරි.</font>

838
00:51:00,849 --> 00:51:03,102
<font color="#ffbf46">අපි බලෙන් හරි පින් සිද්ද කරගන්න ඕනෙ,</font>

839
00:51:03,185 --> 00:51:06,480
<font color="#ffbf46">අපි සාමාන්‍ය විදිහට මේවා කරන්න ට්‍රයි කරමු--</font>

840
00:51:06,564 --> 00:51:07,856
<font color="#ffbf46">හරි.</font>

841
00:51:08,399 --> 00:51:10,442
<font color="#ffbf46">මට වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා.</font>

842
00:51:16,365 --> 00:51:18,492
<font color="#ffbf46">ශාමන් දේවාලය
වැඩිහිටි වෙළඳසැල</font>

843
00:51:18,576 --> 00:51:21,120
<font color="#ffbf46">ගේම් ලෑන්ඩ්
ඉමේජ් ෂොප්</font>

844
00:51:25,749 --> 00:51:27,251
<font color="#ffbf46">මෙන්න, සි-යොල්.</font>

845
00:51:27,334 --> 00:51:29,295
<font color="#ffbf46">මේක අරගෙන අර තැනට ගිනි තියන්න.</font>

846
00:51:30,296 --> 00:51:31,255
<font color="#ffbf46">මොකක්?</font>

847
00:51:31,338 --> 00:51:32,965
<font color="#ffbf46">ඔයාට පිස්සුද?</font>

848
00:51:33,048 --> 00:51:34,216
<font color="#ffbf46">ඒ ගැන වද වෙන්න එපා.</font>

849
00:51:34,300 --> 00:51:37,761
<font color="#ffbf46">මම ඇතුලෙ ඉන්න උන්ව දන්නවා. මම නරියෙක් වෙලා ඉන්න කාලෙ
උන්ව හම්බවෙලා තියෙනවා.</font>

850
00:51:38,387 --> 00:51:41,724
<font color="#ffbf46">පොළී කාරයො, නීතිවිරෝධී සූදු,
ඉන්ද්‍රිය ජාවාරම්, ඔය හැමදේම කරනවා.</font>

851
00:51:41,807 --> 00:51:46,395
<font color="#ffbf46">මේක අර වගේ ජරා වැඩ කරන
නපුරු මිනිස්සු පිරිච්ච තැනක්.</font>

852
00:51:47,021 --> 00:51:48,772
<font color="#ffbf46">මාව විශ්වාස කරන්න, උන් මැරෙන්නම ඕන උන්.</font>

853
00:51:49,398 --> 00:51:50,441
<font color="#ffbf46">මේ.</font>

854
00:51:50,524 --> 00:51:53,152
<font color="#ffbf46">ඔයා නේද දැන් කිව්වෙ
"එක මනුස්සයෙක් කියන්නෙ මුළු ලෝකයක්" කියලා?</font>

855
00:51:53,235 --> 00:51:55,446
<font color="#ffbf46">දැන් ඔයා කියන්නෙ මට මිනිස්සුන්ව
පිච්චිලා මැරෙන්න අරින්න කියලද?</font>

856
00:51:55,529 --> 00:51:56,655
<font color="#ffbf46">ඔයා මොනවද මේ කියවන්නෙ?</font>

857
00:51:56,739 --> 00:51:58,407
<font color="#ffbf46">මම හරිම ශිෂ්ට සම්පන්න සතෙක්, ඔයා දන්නවනේ.</font>

858
00:51:58,490 --> 00:51:59,992
<font color="#ffbf46">එහෙනම් මේ මොකද්ද?</font>

859
00:52:00,075 --> 00:52:03,287
<font color="#ffbf46">ඔයා ගින්න පත්තු කරන්න,
ඊටපස්සේ මම වෙලාවට ඇවිත් ඒක නිවන්නම්.</font>

860
00:52:03,370 --> 00:52:05,748
<font color="#ffbf46">නැත්නම් අපිට ගිනි නිවන හමුදාවට කතා කරන්න පුළුවන්.
ඒ කියන්නේ මම බේරගත්තා වෙනවා</font>

861
00:52:05,831 --> 00:52:08,959
<font color="#ffbf46">ඒ ගොඩනැගිල්ලේ හිටපු ගොඩක් අයගේ
ජීවිත එකපාරටම.</font>

862
00:52:11,003 --> 00:52:12,546
<font color="#ffbf46">ඉස්සෙල්ලා ගඟ, දැන් ගින්නක්?</font>

863
00:52:13,380 --> 00:52:15,382
<font color="#ffbf46">ඔයා ඇත්තටම නතර වෙන්නෙම නෑ නේද?</font>

864
00:52:16,133 --> 00:52:18,302
<font color="#ffbf46">මට මේක කරන්න බෑ. මම කරන්නේ නෑ.</font>

865
00:52:18,844 --> 00:52:20,638
<font color="#ffbf46">ඔයාට ඇත්තටම හිතෙනවද මේකේ තේරුමක් තියෙනවා කියලා?</font>

866
00:52:20,721 --> 00:52:23,015
<font color="#ffbf46">දැන් මොකද ප්‍රශ්නේ? ඇයි බැරි?</font>

867
00:52:23,098 --> 00:52:26,185
<font color="#ffbf46">අයියෝ, ඔයා කවදාවත් නිකන් කැමති වෙන්නේ නෑනේ.</font>

868
00:52:26,268 --> 00:52:30,689
<font color="#ffbf46">ඔයා මේ කතා කරන්නේ
බොරු කරුණාව ගැන නේද?</font>

869
00:52:30,773 --> 00:52:32,441
<font color="#ffbf46">වැදගත් දේ තමයි කරුණාව.</font>

870
00:52:32,524 --> 00:52:33,525
<font color="#ffbf46">ඒයි!</font>

871
00:52:33,609 --> 00:52:36,028
<font color="#ffbf46">ඔයාට ඕන අපි නරක මිනිස්සු වෙන්න,
හොඳ මිනිස්සු නෙවෙයි!</font>

872
00:52:36,111 --> 00:52:39,114
<font color="#ffbf46">කොහොම වුණත්, අපි එයාලව බේරගන්නවනේ.
ඒක විතරයිනේ වැදගත්, නේද?</font>

873
00:52:39,198 --> 00:52:41,367
<font color="#ffbf46">ඔයා දන්නේ නැද්ද
නරක මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා?</font>

874
00:52:41,450 --> 00:52:43,911
<font color="#ffbf46">එයාලා හැමතිස්සෙම විනාශ වෙලා
කාණුවල තමයි නවතින්නේ.</font>

875
00:52:43,994 --> 00:52:45,245
<font color="#ffbf46">ඇති!</font>

876
00:52:45,329 --> 00:52:47,748
<font color="#ffbf46">මම ඔය ඉන්න ඕනම නරක කෙනෙක්ට වඩා වයසයි.</font>

877
00:52:47,831 --> 00:52:49,375
<font color="#ffbf46">ඒ නිසා මම කියන දේ කරන්න.</font>

878
00:52:50,000 --> 00:52:52,461
<font color="#ffbf46">ඔයාට ගින්නක් පත්තු කරන්න ඕන නම්,
ඔයාම කරගන්න.</font>

879
00:52:52,544 --> 00:52:53,921
<font color="#ffbf46">මට ඒක කරන්න බෑ.</font>

880
00:52:55,464 --> 00:52:57,508
<font color="#ffbf46">මට පුළුවන් නම් මම ඒක මේ වෙනකොටත් කරලා.</font>

881
00:52:57,591 --> 00:53:00,844
<font color="#ffbf46">මට හොඳ දේවල් කරන්න ඕන,
ඒ නිසා මට නරක දේවල් කරන්න බෑ.</font>

882
00:53:00,928 --> 00:53:03,222
<font color="#ffbf46">ආ, එතකොට ඔයා දන්නවා ඒක නරකයි කියලා?</font>

883
00:53:03,305 --> 00:53:04,348
<font color="#ffbf46">ගිනි ගන්නවා!</font>

884
00:53:04,973 --> 00:53:06,517
<font color="#ffbf46">ගිනි ගන්නවා!</font>

885
00:53:07,851 --> 00:53:09,103
<font color="#ffbf46">ඔයාද...</font>

886
00:53:09,895 --> 00:53:10,896
<font color="#ffbf46">ඒ මම නෙවෙයි.</font>

887
00:53:10,979 --> 00:53:13,315
<font color="#ffbf46">ඇත්තටම මම නෙවෙයි. මම මේ මෙතන ඉන්නේ.</font>

888
00:53:15,693 --> 00:53:18,320
<font color="#ffbf46">ඒත් කොහෙද ගිනි ගන්නේ?</font>

889
00:53:30,749 --> 00:53:33,085
<font color="#ffbf46">හෝප් ළමා නිවාසය</font>

890
00:53:35,045 --> 00:53:38,090
<font color="#ffbf46">හදිසි අංකයට කතා කළාද?
ඔව්.</font>

891
00:53:38,173 --> 00:53:40,884
<font color="#ffbf46">ඒත් ළමයි තාම ඇතුලේ!</font>

892
00:53:40,968 --> 00:53:42,594
<font color="#ffbf46">ළමයි ඇතුලේද?</font>

893
00:53:42,678 --> 00:53:43,971
<font color="#ffbf46">ඔව්.</font>

894
00:53:46,473 --> 00:53:47,891
<font color="#ffbf46">මෙන්න, මේක අල්ලගන්න.</font>

895
00:53:49,560 --> 00:53:51,729
<font color="#ffbf46">සියොල්, මොකද මේ කරන්නේ?</font>

896
00:53:51,812 --> 00:53:53,272
<font color="#ffbf46">ඔයා මෙතන ඉන්න. එතන ගොඩක් භයානකයි.</font>

897
00:53:53,355 --> 00:53:54,481
<font color="#ffbf46">මොකක්?</font>

898
00:53:57,443 --> 00:53:58,360
<font color="#ffbf46">සියොල්!</font>

899
00:54:16,795 --> 00:54:19,047
<font color="#ffbf46">සියොල්, මට මුකුත් පේන්නේ නෑ.</font>

900
00:54:19,131 --> 00:54:21,508
<font color="#ffbf46">මම ඔයාට කිව්වා එන්න එපා කියලා! භයානකයි!</font>

901
00:54:21,592 --> 00:54:23,218
<font color="#ffbf46">කල්පනා කරලා බැලුවම,</font>

902
00:54:23,927 --> 00:54:26,680
<font color="#ffbf46">ළමයින්ව කවුරුහරි බේරගන්නවා නම්,
ඒ මම වෙන්න ඕන, ඔයා නෙවෙයි.</font>

903
00:54:26,764 --> 00:54:29,183
<font color="#ffbf46">මොකක්? ඔයාට පිස්සුද?</font>

904
00:54:29,933 --> 00:54:31,101
<font color="#ffbf46">මේකෙන් මූණ වහගන්න.</font>

905
00:54:32,478 --> 00:54:35,314
<font color="#ffbf46">මම හිතන්නේ ගින්න පටන් ගත්තේ පහළ මාලයෙන්.</font>

906
00:54:35,397 --> 00:54:37,691
<font color="#ffbf46">ගින්න මෙතනට එන්න කලින්
ළමයින්ව එළියට ගමු.</font>

907
00:54:44,823 --> 00:54:46,533
<font color="#ffbf46">ළමයිනේ.
ටීචර්!</font>

908
00:54:48,494 --> 00:54:50,496
<font color="#ffbf46">ඔයාලට කමක් නෑ නේද?</font>

909
00:54:51,246 --> 00:54:52,372
<font color="#ffbf46">හරි, යමු.</font>

910
00:54:55,626 --> 00:54:57,044
<font color="#ffbf46">ළමයින්ව අරන් ඉස්සෙල්ලාම එළියට යන්න.</font>

911
00:54:57,127 --> 00:54:59,171
<font color="#ffbf46">මම අර පැත්ත බලලා,
ඔයාලා පස්සෙන් එන්නම්.</font>

912
00:54:59,254 --> 00:55:00,506
<font color="#ffbf46">මට බයයි!</font>

913
00:55:01,298 --> 00:55:02,382
<font color="#ffbf46">යමු.</font>

914
00:55:16,814 --> 00:55:18,190
<font color="#ffbf46">ඔක්කොම ඉන්නවද?</font>

915
00:55:20,192 --> 00:55:22,110
<font color="#ffbf46">මට සෝ-ජොංව හොයාගන්න බෑ!</font>

916
00:55:50,305 --> 00:55:52,057
<font color="#ffbf46">එයාලා එළියට ආවා!</font>

917
00:55:53,600 --> 00:55:55,853
<font color="#ffbf46">ආ, සෝ-ජොං!</font>

918
00:56:06,321 --> 00:56:09,658
<font color="#ffbf46">මාත් එක්ක හිටපු ගෑනු කෙනා කෝ?</font>

919
00:56:09,741 --> 00:56:12,369
<font color="#ffbf46">එයා දැන් ආපහු ඇතුලට ගියා.</font>

920
00:56:13,036 --> 00:56:14,121
<font color="#ffbf46">මොකක්?</font>

921
00:56:16,957 --> 00:56:18,584
<font color="#ffbf46">ඇයි මේක ඇරෙන්නේ නැත්තේ?</font>

922
00:56:19,459 --> 00:56:21,211
<font color="#ffbf46">මගුල, ඇරියන්!</font>

923
00:56:49,823 --> 00:56:51,199
<font color="#ffbf46">විකාර කරන්න එපා.</font>

924
00:56:51,700 --> 00:56:53,744
<font color="#ffbf46">ඔයා හිතනවද මම මේ විදිහට මැරෙයි කියලා?</font>

925
00:57:06,131 --> 00:57:07,257
<font color="#ffbf46">යුන්-හෝ!</font>

926
00:57:07,799 --> 00:57:08,800
<font color="#ffbf46">යුන්-හෝ!</font>

927
00:57:08,884 --> 00:57:09,843
<font color="#ffbf46">සියොල්.</font>

928
00:57:10,636 --> 00:57:13,889
<font color="#ffbf46">ඇත්තටම, ඔයා මොකද මේ කරන්නේ?
ඔයාට මැරෙන්නද ඕන වෙලා තියෙන්නේ?</font>

929
00:57:19,353 --> 00:57:20,854
<font color="#ffbf46">යුන්-හෝ, ඔයාට අවුලක් නෑ නේද?</font>

930
00:57:23,565 --> 00:57:24,775
<font color="#ffbf46">සියොල්!</font>

931
00:57:49,091 --> 00:57:50,926
<font color="#ffbf46">ආ, ඔයාට සිහිය ආවද.</font>

932
00:57:53,845 --> 00:57:54,846
<font color="#ffbf46">මොකක්?</font>

933
00:57:55,931 --> 00:57:58,183
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, මොකද වුණේ?</font>

934
00:58:02,437 --> 00:58:04,731
<font color="#ffbf46">සියොල්. එයා කෝ?</font>

935
00:58:05,357 --> 00:58:06,400
<font color="#ffbf46">මොකක් කිව්වා?</font>

936
00:58:07,442 --> 00:58:09,361
<font color="#ffbf46">ඉන්න, මිස්!</font>

937
00:58:09,444 --> 00:58:11,863
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?
සියොල්!</font>

938
00:58:16,702 --> 00:58:17,703
<font color="#ffbf46">සියොල්!</font>

939
00:58:22,165 --> 00:58:23,917
<font color="#ffbf46">සියොල් කොහෙද?</font>

940
00:58:26,962 --> 00:58:28,505
<font color="#ffbf46">ඔයා මාව හොයනවද?</font>

941
00:58:31,633 --> 00:58:33,343
<font color="#ffbf46">මිනිස්සු හිතයි මම ඇත්තටම මැරිලා කියලා.</font>

942
00:58:33,969 --> 00:58:36,304
<font color="#ffbf46">ඇයි ඔයා ඔහොම මට කෑගහන්නේ?
මම මේ මෙතන ඉන්නවනේ.</font>

943
00:58:36,388 --> 00:58:38,724
<font color="#ffbf46">මම ඇත්තටම හිතුවේ ඔයා මැරුණා කියලා.</font>

944
00:58:39,891 --> 00:58:40,934
<font color="#ffbf46">ඔයා බය වුණාද?</font>

945
00:58:42,352 --> 00:58:43,729
<font color="#ffbf46"><i>මේ වෙලාවේ හැටියට,</i></font>

946
00:58:43,812 --> 00:58:47,065
<font color="#ffbf46">මේ ලෝකෙම මගේ පැත්තේ ඉන්න
එකම කෙනා ඔයා විතරයි.</font>

947
00:58:47,691 --> 00:58:50,819
<font color="#ffbf46">මට විශ්වාස කරන්න පුළුවන්
යාළුවෙක්වත් පවුලේ කෙනෙක්වත් නෑ.</font>

948
00:58:51,570 --> 00:58:54,072
<font color="#ffbf46">මට ඉන්නේ ඔයා විතරයි.</font>

949
00:58:54,698 --> 00:58:57,284
<font color="#ffbf46">ඉතින් ඔයත් මං ගැන වද වෙන්න ඕන.</font>

950
00:58:57,367 --> 00:58:59,244
<font color="#ffbf46">මම ඔයා ගැන වද වෙනවා.</font>

951
00:59:02,831 --> 00:59:03,749
<font color="#ffbf46">යුන්-හෝ.</font>

952
00:59:04,624 --> 00:59:06,376
<font color="#ffbf46">ඔයා මට කිව්වනේ වද වෙන්න කියලා.</font>

953
00:59:06,877 --> 00:59:09,463
<font color="#ffbf46">ඔයා කිව්වනේ මම ඔයා ගැන වද වෙන්න ඕන කියලා!</font>

954
00:59:10,380 --> 00:59:12,883
<font color="#ffbf46">මට ඇත්තටම අවුලක් නෑ, මම දිවුරනවා.</font>

955
00:59:13,592 --> 00:59:16,470
<font color="#ffbf46">ඔයා කවද ඉඳන්ද
මම කියන දේවල් ඇත්තටම අහන්න පටන් ගත්තේ?</font>

956
00:59:31,860 --> 00:59:35,614
<font color="#ffbf46">ඔයා මැරුණා නම්,
මමම ඔයාව මරනවා!</font>

957
01:00:16,363 --> 01:00:19,199
<font color="#ffbf46">කියන්න වලිගයක් නෑ</font>

958
01:00:19,282 --> 01:00:20,784
<font color="#ffbf46"><i>ඔයාට විශ්වාසද ඔයා මේක හරියට කරනවා කියලා?</i></font>

959
01:00:20,867 --> 01:00:22,953
<font color="#ffbf46">අපිට ආධ්‍යාත්මික බලය
පොඩ්ඩක්වත් ලැබිලා නෑනේ.</font>

960
01:00:23,036 --> 01:00:24,621
<font color="#ffbf46"><i>ඇයි බලය එකතු නොවෙන්නේ?</i></font>

961
01:00:24,704 --> 01:00:28,041
<font color="#ffbf46"><i>අපි නීතියට අනුව
හොඳ වැඩ කරලා බැලුවොත් මොකද?</i></font>

962
01:00:28,125 --> 01:00:31,711
<font color="#ffbf46"><i>මම මනුස්සයෙක් විදිහටම ඉඳලා
වයසට ගිහින් මැරුණොත්?</i></font>

963
01:00:31,795 --> 01:00:35,257
<font color="#ffbf46"><i>මනුස්සයෙක් වුණ එකේ
ඇත්තටම කිසිම හොඳක් තිබුණේ නැද්ද?</i></font>

964
01:00:35,882 --> 01:00:37,801
<font color="#ffbf46">වාසගම ලී, මුල් නම යූන්.</font>

965
01:00:37,884 --> 01:00:39,177
<font color="#ffbf46">තමුසෙ මහ!</font>

966
01:00:39,261 --> 01:00:40,262
<font color="#ffbf46"><i>කාන්ග් සියොල්.</i></font>

967
01:00:40,345 --> 01:00:43,014
<font color="#ffbf46">එයා ඔයාගේ ගොඩක් ළඟ යාළුවෙක් වෙන්න ඇති.
මේ මතකය...</font>

968
01:00:43,098 --> 01:00:45,183
<font color="#ffbf46"><i>ඒ ඔයා.</i></font>

969
01:00:45,267 --> 01:00:48,353
<font color="#ffbf46">මම දන්නවා මේ ඔක්කොම ඔයාගේ වැරැද්ද කියලා!</font>

970
01:00:51,565 --> 01:00:53,567
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

