1
00:00:34,549 --> 00:00:36,549
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:36,573 --> 00:00:38,573


3
00:00:38,597 --> 00:00:41,700
<font color="#ffbf46">අද මෙහෙය පවත්වන්නේ</font>

4
00:00:41,767 --> 00:00:44,502
<font color="#ffbf46">සහෝදර පෝල් හෙවත් හන් සන්ග්-වූ</font>

5
00:00:44,569 --> 00:00:47,005
<font color="#ffbf46">මියගොස් වසරක් සපිරීම සිහි කිරීම වෙනුවෙනි.</font>

6
00:01:08,927 --> 00:01:12,263
<font color="#ffbf46">සමිඳාණන් වහන්සේ මාගේ පව් සෝදා හැර</font>

7
00:01:12,330 --> 00:01:15,367
<font color="#ffbf46">මාගේ ආත්මය පවිත්‍ර කරත්වා.</font>

8
00:01:16,434 --> 00:01:20,905
<font color="#ffbf46">ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්,
මෙය ශුද්ධ කර...</font>

9
00:01:20,972 --> 00:01:25,544
<font color="#ffbf46">මෙය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ශරීරය
සහ රුධිරය බවට පත් කරත්වා.</font>

10
00:01:34,519 --> 00:01:35,854
<font color="#ffbf46">කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ.</font>

11
00:01:38,256 --> 00:01:40,125
<font color="#ffbf46">අවුරුද්දක් ගත වුණත්,
ඒක හරියට ඊයේ වුණා වගේ දැනෙන්නේ.</font>

12
00:01:40,692 --> 00:01:42,394
<font color="#ffbf46">ඒ වගේම ඒක ගොඩක් කාලෙකට කලින් වුණා වගේත් දැනෙනවා.</font>

13
00:01:44,029 --> 00:01:45,130
<font color="#ffbf46">අපි එදායින් පස්සේ හම්බුණේ නැහැ.</font>

14
00:01:46,131 --> 00:01:47,999
<font color="#ffbf46">කොහොමද ඔබට, නෑනෙ?</font>

15
00:01:48,066 --> 00:01:50,401
<font color="#ffbf46">මට තාමත් ඔයාට එහෙම කතා කරන්න පුළුවන්ද?</font>

16
00:01:50,468 --> 00:01:51,669
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

17
00:01:51,736 --> 00:01:53,505
<font color="#ffbf46">මට ආරංචි වුණා ඔයා ස්ටේෂන් එකෙන් අයින් වුණා කියලා. ඒ ඇයි?</font>

18
00:01:54,272 --> 00:01:56,808
<font color="#ffbf46">මගේ කතෝලික පල්ලියෙන් මට
වාර්තා චිත්‍රපටයක් කරන්න කිව්වා.</font>

19
00:01:56,875 --> 00:01:58,009
<font color="#ffbf46">ඒක මටත් කරන්න ඕන වෙලා තිබුණු දෙයක්...</font>

20
00:02:00,745 --> 00:02:01,847
<font color="#ffbf46">ඔයාට එයා ගැන ආරංචි වුණාද?</font>

21
00:02:04,983 --> 00:02:07,219
<font color="#ffbf46">එයා දැන්
උසස් පාසලේ ඉන්නවා ඇති.</font>

22
00:02:09,221 --> 00:02:11,256
<font color="#ffbf46">මට තාමත් තේරෙන්නේ නැහැ ඇයි ඔයා</font>

23
00:02:11,323 --> 00:02:13,758
<font color="#ffbf46">ඒ තරම් ඉක්මනට පෙත්සම ලිව්වේ කියලා.</font>

24
00:02:17,529 --> 00:02:20,699
<font color="#ffbf46">ඔයා දන්නවනේ මගේ අම්මා
ඇමරිකාවේ හිටියේ කොහොමද කියලා?</font>

25
00:02:23,435 --> 00:02:25,704
<font color="#ffbf46">ඇය පෙත්සම ලිව්වත්,
හදවතින්ම සමාව දුන්නේ නැහැ.</font>

26
00:02:27,706 --> 00:02:30,975
<font color="#ffbf46">ඇය ඇගේ කේන්තිය පිටකළා නම්,</font>

27
00:02:31,042 --> 00:02:33,912
<font color="#ffbf46">ඇය මේ තරම් ඉක්මනට මියයන්නේ නැති වෙන්න තිබුණා.</font>

28
00:02:35,513 --> 00:02:37,582
<font color="#ffbf46">අම්මත්
පෙත්සමට කැමති වුණා.</font>

29
00:02:38,550 --> 00:02:40,552
<font color="#ffbf46">අම්මා ඔයාට කැමතියි.</font>

30
00:02:40,619 --> 00:02:44,055
<font color="#ffbf46">ඇය එහෙම කළේ ඇයට ඔයාවත්
නැති වෙයි කියන බයට. ඔයා දැනගෙන හිටියේ නැද්ද?</font>

31
00:02:48,593 --> 00:02:49,928
<font color="#ffbf46">සන්ග් වූත් ඒකට කැමති වෙන්න ඇති.</font>

32
00:02:51,596 --> 00:02:53,331
<font color="#ffbf46">එයා මැරිලා. ඔයා කොහොමද ඒක දන්නේ?</font>

33
00:02:55,800 --> 00:03:00,238
<font color="#ffbf46">සමාව දෙන්නේ නැතුව
එයාට සැනසිල්ලේ ඉන්න බැරි වේවි.</font>

34
00:03:01,539 --> 00:03:02,540
<font color="#ffbf46">ඉතින්...</font>

35
00:03:03,608 --> 00:03:05,210
<font color="#ffbf46">සමාව දුන්නට පස්සේ දැන් ඔයාට සැනසිල්ලක් දැනෙනවද?</font>

36
00:03:07,545 --> 00:03:08,513
<font color="#ffbf46">ඔව්.</font>

37
00:03:10,348 --> 00:03:11,449
<font color="#ffbf46">ඒක හොඳයි.</font>

38
00:03:12,984 --> 00:03:14,586
<font color="#ffbf46">එහෙනම්...</font>

39
00:03:14,653 --> 00:03:16,655
<font color="#ffbf46">ඔයා කවදද ආපහු යන්නේ?</font>

40
00:03:18,089 --> 00:03:19,390
<font color="#ffbf46">හෙට.</font>

41
00:03:19,457 --> 00:03:20,825
<font color="#ffbf46">මෙච්චර ඉක්මනට?</font>

42
00:03:22,394 --> 00:03:24,062
<font color="#ffbf46">සුභ උපන්දිනයක්.</font>

43
00:03:24,129 --> 00:03:26,731
<font color="#ffbf46">මාව තේරුම් ගන්න පුළුවන් වුණාම
මේක අරින්න.</font>

44
00:03:42,280 --> 00:03:43,515
<font color="#ffbf46">ඔයාට ඕක එපා වෙලා නැද්ද?</font>

45
00:03:44,015 --> 00:03:45,450
<font color="#ffbf46">මොකක්ද?</font>

46
00:03:45,517 --> 00:03:48,420
<font color="#ffbf46">ආ, මට තියෙන්නේ මේක විතරයි.</font>

47
00:03:49,087 --> 00:03:50,522
<font color="#ffbf46">ඔයා ඕක අවුරුදු ගාණක් පාවිච්චි කළා.</font>

48
00:03:51,089 --> 00:03:53,258
<font color="#ffbf46">කොච්චර කල්ද?
පළවෙනි අවුරුද්දේ ඉඳන්ද?</font>

49
00:03:53,325 --> 00:03:54,859
<font color="#ffbf46">අවුරුදු 8ක් වගේ.</font>

50
00:03:57,495 --> 00:04:00,965
<font color="#ffbf46">ඔයා හැමතිස්සෙම කිව්වේ ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන්
කුඩයක් ඕනේ කියලා.</font>

51
00:04:01,032 --> 00:04:03,601
<font color="#ffbf46">මම ඕක අරන් දුන්නේ
ඒක අහලා මට එපා වෙලා හිටපු නිසයි.</font>

52
00:04:03,668 --> 00:04:05,270
<font color="#ffbf46">මම ඔයාට ඒක අරන් දෙන්න කිව්වේ නැහැ.</font>

53
00:04:05,937 --> 00:04:10,041
<font color="#ffbf46">ඔව්, ඇත්ත.
ඔයා ඒක කිව්වේ මට ඇහෙන්න.</font>

54
00:04:10,608 --> 00:04:13,044
<font color="#ffbf46">වැස්ස වෙලාවට ඔයාට රොමෑන්ටික්
වෙන්න ඕනෙ වුණා.</font>

55
00:04:13,111 --> 00:04:16,281
<font color="#ffbf46">නැහැ, මම ඔයා එක්ක යාළු වුණේ
ඔයා මට ඒක දීලා</font>

56
00:04:16,348 --> 00:04:18,883
<font color="#ffbf46">ඔයා මට කැමතියි කියලා හිතපු නිසයි.</font>

57
00:04:20,685 --> 00:04:24,455
<font color="#ffbf46">එහෙනම් අපි යාළු වෙලා තියෙන්නේ
වැරදි වැටහීමක් උඩද?</font>

58
00:04:24,522 --> 00:04:26,424
<font color="#ffbf46">ඕක නවත්තන්න!</font>

59
00:04:30,228 --> 00:04:32,664
<font color="#ffbf46">ආයෙත් ජි සුක්.
මම ආන්සර් නොකර ඉන්නද?</font>

60
00:04:32,731 --> 00:04:34,132
<font color="#ffbf46">ආන්සර් කරන්න.</font>

61
00:04:36,434 --> 00:04:37,635
<font color="#ffbf46">ඔයා තාමත් එළියෙද?</font>

62
00:04:39,070 --> 00:04:41,840
<font color="#ffbf46">මට අද රෑට බැහැ.</font>

63
00:04:42,307 --> 00:04:44,409
<font color="#ffbf46">මම දවස් ගාණක් ඔයා එක්ක බිව්වා.</font>

64
00:04:44,476 --> 00:04:46,244
<font color="#ffbf46">ඔයා ළඟදීම
හමුදා රාජකාරියෙන් නිදහස් වේවි.</font>

65
00:04:49,014 --> 00:04:52,250
<font color="#ffbf46">හෙට දා හීගේ උපන්දිනය.
මම එයා එක්ක ඉන්න ඕනේ.</font>

66
00:04:54,819 --> 00:04:57,755
<font color="#ffbf46">ඔයාගේ සල්ලි ඉවරද?</font>

67
00:04:57,822 --> 00:04:59,391
<font color="#ffbf46">එහෙනම් වැඩ කරලා හොයාගන්න!</font>

68
00:05:01,092 --> 00:05:02,760
<font color="#ffbf46">ඇයි ෆෝන් එක තිබ්බේ?</font>

69
00:05:02,827 --> 00:05:04,129
<font color="#ffbf46">එයා ෆෝන් එක තිබ්බා.</font>

70
00:05:12,871 --> 00:05:14,272
<font color="#ffbf46">දැන් මොකද?</font>

71
00:05:14,672 --> 00:05:15,607
<font color="#ffbf46">කැබ් එකක් ගන්න!</font>

72
00:05:17,008 --> 00:05:18,176
<font color="#ffbf46">මට ඔයාව තේරෙන්නේ නැහැ.</font>

73
00:05:19,944 --> 00:05:21,679
<font color="#ffbf46">හේයි!</font>

74
00:05:22,247 --> 00:05:23,681
<font color="#ffbf46">එයා මොනවද කිව්වේ?</font>

75
00:05:23,748 --> 00:05:26,784
<font color="#ffbf46">එයා අඬනවා.
මට එයා කියන දේ තේරෙන්නේ නැහැ.</font>

76
00:05:26,851 --> 00:05:27,752
<font color="#ffbf46">එයා අඬනවද?</font>

77
00:05:31,289 --> 00:05:33,224
<font color="#ffbf46">ඇයි ඔයා අඬන්නේ, ජි සුක්?</font>

78
00:05:33,925 --> 00:05:35,493
<font color="#ffbf46">මොකක්ද? ඔයාට පාලුයිද?</font>

79
00:05:36,895 --> 00:05:39,898
<font color="#ffbf46">එයා අඬන එක නවත්තන්නේ නැහැ. අපි දැන් මොකද කරන්නේ?</font>

80
00:05:40,298 --> 00:05:41,666
<font color="#ffbf46">මම ඔයාව බස්සලා, එයාව එක්කන් එන්නම්.</font>

81
00:05:41,733 --> 00:05:43,968
<font color="#ffbf46">මම බස් එකේ යන්නම්.
ඔයා ඉක්මනට එන්න.</font>

82
00:05:44,803 --> 00:05:46,738
<font color="#ffbf46">සන්ග් වූ එන ගමන් ඉන්නේ.</font>

83
00:05:47,439 --> 00:05:49,307
<font color="#ffbf46">අඬන එක නවත්තලා ෆෝන් එක තියන්න.</font>

84
00:05:49,374 --> 00:05:50,875
<font color="#ffbf46">කෙල්ලෙක් දාලා ගියා කියන්නේ හැමදේම ඉවරයි කියන එක නෙවෙයි.</font>

85
00:05:53,978 --> 00:05:57,148
<font color="#ffbf46">හරි, ඔයා ආවම
මම වෙන කෙනෙක්ව අඳුන්වලා දෙන්නම්.</font>

86
00:05:58,950 --> 00:06:03,087
<font color="#ffbf46">පිස්සුද? මගේ යාළුවෝ කවුරුවත්
දැන් ආමි එකේ කෙනෙක් එක්ක යාළු වෙන්නේ නැහැ.</font>

87
00:06:03,154 --> 00:06:04,589
<font color="#ffbf46">අඬන එක නවත්තන්න!</font>

88
00:06:06,124 --> 00:06:07,625
<font color="#ffbf46">එයා හැමතිස්සෙම කලින්ම ෆෝන් එක තියනවා.</font>

89
00:06:09,294 --> 00:06:10,128
<font color="#ffbf46">මගේ කුඩේ!</font>

90
00:06:31,649 --> 00:06:33,251
<font color="#ffbf46">හායි, මේකේ සේල් එක තියෙන්නේ කවදා වෙනකම්ද?</font>

91
00:06:34,819 --> 00:06:35,920
<font color="#ffbf46">දැන් ඒක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.</font>

92
00:06:40,992 --> 00:06:42,560
<font color="#ffbf46">ඔයා අද ගොඩක් රෑ වෙනකම් ඇරලා තියෙනවනේ.</font>

93
00:06:42,627 --> 00:06:45,496
<font color="#ffbf46">මගේ මහත්තයා තාමත් එළියට වෙලා බොනවා.</font>

94
00:06:45,563 --> 00:06:51,536
<font color="#ffbf46">සුපිරි වෙළඳසැල</font>

95
00:07:48,760 --> 00:07:50,161
<font color="#ffbf46">මඟහැරුණු ඇමතුමක්
හන් සන්ග් වූගෙන් වොයිස් මේල් එකක්</font>

96
00:08:18,656 --> 00:08:19,457
<font color="#ffbf46">ඒ කවුද?</font>

97
00:08:22,794 --> 00:08:23,661
<font color="#ffbf46">ජි මින්?</font>

98
00:08:27,232 --> 00:08:29,467
<font color="#ffbf46">ටා-ඩා! සුභ උපන්දිනයක්!</font>

99
00:08:31,302 --> 00:08:32,737
<font color="#ffbf46">ඔයා නිදාගෙනද හිටියේ?</font>

100
00:08:32,804 --> 00:08:36,874
<font color="#ffbf46">ඔයාගේ උපන්දිනය මේ විදියට අපතේ යවනවා...
ඒකයි මම ආවේ.</font>

101
00:08:37,609 --> 00:08:40,478
<font color="#ffbf46">ස්තුතියි.
ඒත් ඔයා කොහොමද දැනගත්තේ?</font>

102
00:08:40,545 --> 00:08:42,747
<font color="#ffbf46">සන්ග් වූ කලින් මට කිව්වා.</font>

103
00:08:42,814 --> 00:08:44,415
<font color="#ffbf46">එයා එහෙම කළාද?</font>

104
00:08:45,583 --> 00:08:48,686
<font color="#ffbf46">මම දක්ෂයි, මතකද?</font>

105
00:08:50,221 --> 00:08:52,657
<font color="#ffbf46">මොකක්ද ඔය ඔයාගේ මූණේ තියෙන්නේ?</font>

106
00:08:52,724 --> 00:08:54,058
<font color="#ffbf46">මොකක්ද?</font>

107
00:08:54,125 --> 00:08:56,861
<font color="#ffbf46">මේ මොකක්ද?
ආ, මේකද?</font>

108
00:08:56,928 --> 00:09:01,032
<font color="#ffbf46">මේක කොහොමද වුණේ?
ඒක මුකුත් නෙවෙයි.</font>

109
00:09:01,099 --> 00:09:02,400
<font color="#ffbf46">මට පහරක් වැදුණා.</font>

110
00:09:02,467 --> 00:09:04,235
<font color="#ffbf46">මොකක්? කාගෙන්ද?</font>

111
00:09:04,302 --> 00:09:06,437
<font color="#ffbf46">ඔයාට මුකුත් තේරෙන්නේ නැහැ.</font>

112
00:09:06,504 --> 00:09:08,739
<font color="#ffbf46">මම බයික් එකෙන් වැටුණා.</font>

113
00:09:08,806 --> 00:09:10,675
<font color="#ffbf46">මගේ අයියා කතා කළාද?</font>

114
00:09:10,742 --> 00:09:13,244
<font color="#ffbf46">පරිස්සම් වෙන්න තිබුණා.</font>

115
00:09:13,311 --> 00:09:15,179
<font color="#ffbf46">ජි සුක් ලබන සතියේ එනවා.</font>

116
00:09:16,447 --> 00:09:18,116
<font color="#ffbf46">මේ වගේ වෙලාවක
බිස්නස් ට්‍රිප් එකක්...</font>

117
00:09:18,449 --> 00:09:22,553
<font color="#ffbf46">මම අද මෙහේ නිදාගන්නවා.
අදයි හෙටයි දෙකේම...</font>

118
00:09:22,620 --> 00:09:24,121
<font color="#ffbf46">ඔයාගේ ගෙදරට මොකද වෙන්නේ?</font>

119
00:09:24,188 --> 00:09:28,259
<font color="#ffbf46">ඔයාට උදව් කාරයෙක් ඕනේ නැද්ද?
ප්ලීස්?</font>

120
00:09:28,326 --> 00:09:30,428
<font color="#ffbf46">ඔයා පිටරට ඉගෙනගන්න යන්න
ලෑස්ති වෙනවා නේද?</font>

121
00:09:30,495 --> 00:09:32,597
<font color="#ffbf46">ඔයා කියන ඕනම දෙයක් මම කරන්නම්.</font>

122
00:09:33,364 --> 00:09:35,166
<font color="#ffbf46">ඔයා මම ගැන බයවෙලාද?</font>

123
00:09:36,034 --> 00:09:39,303
<font color="#ffbf46">ඔව් එහෙම කියන්නත් පුළුවන්...</font>

124
00:09:39,370 --> 00:09:43,574
<font color="#ffbf46">මොකක්ද? ඔයාගේ දෙමව්පියෝ දන්නවද?
ඔව්.</font>

125
00:09:47,545 --> 00:09:49,180
<font color="#ffbf46">මම කියන ඕනම දෙයක් ඔයා ඇත්තටම කරනවද?</font>

126
00:09:50,014 --> 00:09:52,383
<font color="#ffbf46">අනේ, ඒක ඔයාගේ හැටි නෙවෙයිනේ.</font>

127
00:09:55,687 --> 00:09:56,887
<font color="#ffbf46">ටා-ඩා!</font>

128
00:09:56,954 --> 00:09:59,690
<font color="#ffbf46">ස්තුතියි, ඒත් මේක ගොඩක් වැඩියි.</font>

129
00:09:59,757 --> 00:10:01,993
<font color="#ffbf46">නැහැ, එහෙම නැහැ.</font>

130
00:10:02,860 --> 00:10:03,995
<font color="#ffbf46">ඉටිපන්දම් අමතක කරන්න.</font>

131
00:10:06,531 --> 00:10:10,201
<font color="#ffbf46">මම දන්නවා අද තමයි
සන්ග් වූ නැති වුණු දවස කියලා.</font>

132
00:10:11,235 --> 00:10:17,075
<font color="#ffbf46">ඒ වගේම මම දන්නවා
ඒ නිසයි ඔයා මම වෙනුවෙන් මෙහෙට ආවේ කියලා.</font>

133
00:10:17,675 --> 00:10:21,579
<font color="#ffbf46">මෙහේ මැරෙන දවස කියන්නේ
ඊළඟ ආත්මයේ උපන්දිනය.</font>

134
00:10:21,646 --> 00:10:24,315
<font color="#ffbf46">සන්ග් වූ සමහරවිට එයාගේ
පළවෙනි උපන්දිනය එහේ සමරන්න ඇති.</font>

135
00:10:24,382 --> 00:10:29,087
<font color="#ffbf46">ඉතින්, අපි සන්ග් වූටයි
ඔයාටයි දෙන්නටම එක ඉටිපන්දමක් පත්තු කරමු.</font>

136
00:10:29,687 --> 00:10:32,490
<font color="#ffbf46">අපි බලමු. කොයි පාටද...</font>

137
00:10:32,557 --> 00:10:33,491
<font color="#ffbf46">මේක!</font>

138
00:10:53,845 --> 00:10:58,349
<font color="#ffbf46">ඒ කියන්නේ, මගේ උපන්දිනයම තමයි</font>

139
00:10:59,450 --> 00:11:01,753
<font color="#ffbf46">වෙනත් ලෝකෙක සන්ග් වූගේ උපන්දිනයත්...</font>

140
00:11:20,972 --> 00:11:22,974
<font color="#ffbf46">සන්ග් වූ? මේ මම, ජි මින්.</font>

141
00:11:24,976 --> 00:11:29,113
<font color="#ffbf46">එයා හොඳටම බීලා මට කතා කළා.
මම එයාව කැබ් එකක දාගෙන ගෙදර ගෙනියනවා.</font>

142
00:11:30,548 --> 00:11:32,683
<font color="#ffbf46">එයා ඔයාටත් කතා කළාද?</font>

143
00:11:32,750 --> 00:11:36,421
<font color="#ffbf46">මගේ අයියා හැමෝටම කතා කරලා
කරදර කරන්න ඇති.</font>

144
00:11:38,322 --> 00:11:41,759
<font color="#ffbf46">නැගිටින්න!</font>

145
00:11:42,627 --> 00:11:45,797
<font color="#ffbf46">මේ සන්ග් වූ. එයා පබ් එකට ආවා.
දැන් මොකද කරන්නේ?</font>

146
00:11:48,900 --> 00:11:50,435
<font color="#ffbf46">එයා ගොරවනවා.</font>

147
00:11:52,403 --> 00:11:53,905
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

148
00:11:54,906 --> 00:11:56,207
<font color="#ffbf46">මෙහෙමත්.</font>

149
00:11:56,274 --> 00:12:00,244
<font color="#ffbf46">ගෙදර ගිහින් මගේ වෙනුවෙන්
දා හීට සුභ උපන්දිනයක් කියන්න.</font>

150
00:12:00,311 --> 00:12:01,446
<font color="#ffbf46">බායි.</font>

151
00:12:27,772 --> 00:12:29,507
<font color="#ffbf46">හායි බොන්ග් සූන්! ඔයාට කොහොමද?</font>

152
00:12:30,408 --> 00:12:33,211
<font color="#ffbf46">ගොඩ කාලෙකින් දැක්කේ!
මාව මතක් වුණාද?</font>

153
00:12:40,718 --> 00:12:44,021
<font color="#ffbf46">සොෆියා?
ඇයි ඔයා මේ හීතලේ එළියට වෙලා ඉන්නේ?</font>

154
00:12:44,922 --> 00:12:48,626
<font color="#ffbf46">මාත් එක්ක එන්න. මම කැමතියි
ඔයාව කෙනෙක්ට අඳුන්වලා දෙන්න.</font>

155
00:12:51,028 --> 00:12:55,132
<font color="#ffbf46">අපි හැමෝම මේ විදියට
එකට ඉන්නවා කියලා මට විශ්වාස කරන්නත් බැහැ.</font>

156
00:12:55,199 --> 00:12:57,502
<font color="#ffbf46">ඇත්තටම දෙවියන් වහන්සේ ඉන්නවා ඇති.</font>

157
00:12:59,003 --> 00:13:01,973
<font color="#ffbf46">මේ සොෆියා.
ඔයා සොෆියාව කලින් මුණගැහිලා නැහැ නේද?</font>

158
00:13:03,541 --> 00:13:05,676
<font color="#ffbf46">ඇයට මෙහෙට එන එක ලේසි වුණේ නැහැ.</font>

159
00:13:05,743 --> 00:13:09,313
<font color="#ffbf46">අද අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඇයගෙන් බැගෑපත්ව ඉල්ලුවා.</font>

160
00:13:11,148 --> 00:13:16,353
<font color="#ffbf46">මීට අවුරුදු 10කට කලින්
සොෆියාගේ දුව නැති වුණා.</font>

161
00:13:16,420 --> 00:13:18,523
<font color="#ffbf46">ඒක ගොඩක් දුක්ඛදායක විදියකට වුණේ.</font>

162
00:13:20,258 --> 00:13:25,796
<font color="#ffbf46">සොෆියා, මාරියාගේ පුතා
අවුරුදු 5ක් තිස්සේ මරණ දඬුවම නියම වෙලා ඉන්නේ.</font>

163
00:13:25,863 --> 00:13:29,133
<font color="#ffbf46">ක්ලාරාගේ පෙම්වතා පහුගිය අවුරුද්දේ නැති වුණා,</font>

164
00:13:29,200 --> 00:13:32,436
<font color="#ffbf46">ඒත් ඇය වැරදිකරු වෙනුවෙන්
පෙත්සමක් ලිව්වා.</font>

165
00:13:33,871 --> 00:13:39,744
<font color="#ffbf46">ඔයාට වුණු දේ ගැන මම ගොඩක් කණගාටු වෙනවා.
ඇත්තටම කණගාටුයි.</font>

166
00:13:43,848 --> 00:13:48,886
<font color="#ffbf46">මරණ දඬුවම නියම වෙලා ඉන්න
වැරදිකරුවාත් දැන් දෙවියන් වහන්සේව පිළිඅරගෙන.</font>

167
00:13:50,121 --> 00:13:53,257
<font color="#ffbf46">සොෆියා, මම ඔයාට එන්න කිව්වේ...
මම දන්නවා.</font>

168
00:13:54,258 --> 00:13:57,094
<font color="#ffbf46">මරණ දඬුවමට එරෙහිව සටන් කරන්න
මගෙන් උදව් ගන්න නේද ඔයාට ඕනේ.</font>

169
00:13:58,429 --> 00:14:00,564
<font color="#ffbf46">මගේ තීරණය මම කිහිප වතාවක්ම
ඔයාට කිව්වා.</font>

170
00:14:00,631 --> 00:14:05,736
<font color="#ffbf46">මම දන්නවා. ඒත්...
මගේ තීරණයේ වෙනසක් නැහැ.</font>

171
00:14:10,107 --> 00:14:13,711
<font color="#ffbf46">ඔහුට මරණ
දඬුවම ලැබුණත්,</font>

172
00:14:13,778 --> 00:14:16,013
<font color="#ffbf46">ඔයාට ඒ වේදනාව දිගටම දැනේවි.</font>

173
00:14:16,480 --> 00:14:19,650
<font color="#ffbf46">මිනීමැරුමකට තවත් මරණයකින්
වන්දි ගෙවන්න බැහැ.</font>

174
00:14:19,717 --> 00:14:24,388
<font color="#ffbf46">ඒත් එයා මැරුණේ නැත්නම්,
ඒකට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ.</font>

175
00:14:32,463 --> 00:14:35,533
<font color="#ffbf46">ජීවත්වෙන අයට ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනේ නැද්ද?</font>

176
00:14:35,600 --> 00:14:36,767
<font color="#ffbf46">එතකොට මැරුණු අය ගැන මොකද කියන්නේ?</font>

177
00:14:38,736 --> 00:14:40,538
<font color="#ffbf46">අසාධාරණයට ලක්වුණු අය ගැන?</font>

178
00:14:42,239 --> 00:14:48,179
<font color="#ffbf46">ඒ වුණත්, ඇයි ජීවත් වෙන කෙනෙක්ව මරන්නේ?</font>

179
00:14:50,247 --> 00:14:51,515
<font color="#ffbf46">හරියටම හරි.</font>

180
00:14:53,050 --> 00:14:57,755
<font color="#ffbf46">ඔයාගේ පුතා තමයි
ජීවත්වෙලා හිටපු කෙනෙක්ව මැරුවේ.</font>

181
00:15:04,962 --> 00:15:09,233
<font color="#ffbf46">කරුණාකරලා ඔයාගේ දැඩි වුණු හදවත උණු කරගන්න</font>

182
00:15:09,300 --> 00:15:11,435
<font color="#ffbf46">ඒ වගේම ටිකක් අනුකම්පාව දක්වන්න.</font>

183
00:15:11,502 --> 00:15:14,105
<font color="#ffbf46">මෙහේ හුළඟ ගොඩක් හීතලයි.
මොකක්?</font>

184
00:15:18,776 --> 00:15:23,213
<font color="#ffbf46">ඔයාලා කොහොමද බලාපොරොත්තු වෙන්නේ
මේ වගේ වෙලාවක මම මගේ හදවත උණු කරගනියි කියලා?</font>

185
00:15:23,280 --> 00:15:24,982
<font color="#ffbf46">මට මුකුත් කරන්න බැහැ.</font>

186
00:15:28,019 --> 00:15:35,626
<font color="#ffbf46">දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේදී, හැම අම්මා කෙනෙකුගේම
දුක එක වගේ.</font>

187
00:15:37,094 --> 00:15:38,329
<font color="#ffbf46">මම යන එක හොඳයි.</font>

188
00:15:40,665 --> 00:15:41,732
<font color="#ffbf46">සිස්ටර්!</font>

189
00:15:42,867 --> 00:15:46,503
<font color="#ffbf46">කරුණාකරලා සිස්ටර් මාරියාව එක පාරක් වැළඳගෙන</font>

190
00:15:46,570 --> 00:15:47,905
<font color="#ffbf46">ඇයව සනසන්න.</font>

191
00:16:01,852 --> 00:16:03,154
<font color="#ffbf46">අඬන්න එපා.</font>

192
00:16:04,055 --> 00:16:07,425
<font color="#ffbf46">ඔයා පොරොන්දු වුණා නේද
අද ඉඳන් හොඳ දේවල් ගැන විතරක් හිතනවා කියලා.</font>

193
00:16:08,893 --> 00:16:13,831
<font color="#ffbf46">ක්ලාරා? ඔයා හැමදේටම සමාව දුන්නා.
ඔයා ඇයව වැළඳගන්නවද?</font>

194
00:16:24,141 --> 00:16:28,846
<font color="#ffbf46">ඔයා හැමදේම අස් කරලනේ.
මට කරන්න මුකුත් ඉතුරු වෙලා නැහැ.</font>

195
00:16:35,453 --> 00:16:36,887
<font color="#ffbf46">මගේ ඔළුව ගොඩක් වාසනාවන්තයි.</font>

196
00:16:37,688 --> 00:16:38,522
<font color="#ffbf46">ඇයි?</font>

197
00:16:38,956 --> 00:16:41,625
<font color="#ffbf46">වෙන කවුරුවත් මාව
මීට කලින් මේ තරම් ආදරෙන් අල්ලලා නැහැ.</font>

198
00:16:44,595 --> 00:16:46,864
<font color="#ffbf46">ඇයි ඔයා කොණ්ඩේ පීරන පැත්ත
වෙනස් කළේ?</font>

199
00:16:48,265 --> 00:16:51,201
<font color="#ffbf46">උදේ කෑම කන ගමන් තාත්තා මට ගැහුවා, ඊට පස්සේ</font>

200
00:16:51,268 --> 00:16:54,238
<font color="#ffbf46">මගේ ඉස්සරහ කොණ්ඩෙන් ගොඩක් කැඩුනා.</font>

201
00:16:54,572 --> 00:16:56,807
<font color="#ffbf46">මට එහෙම ඉස්කෝලේ යන්න බැරි වුණා.</font>

202
00:16:56,874 --> 00:16:59,743
<font color="#ffbf46">ඒ නිසා, මම අනිත් පැත්තට
කොණ්ඩේ පීරුවා.</font>

203
00:16:59,810 --> 00:17:00,644
<font color="#ffbf46">එහෙම කියන්න බැහැ නේද?</font>

204
00:17:01,078 --> 00:17:04,648
<font color="#ffbf46">බොරුකාරයා! ඔයා බොරු කියන්නේ.</font>

205
00:17:04,715 --> 00:17:06,951
<font color="#ffbf46">ඔයා කියන දෙයක් තමයි.</font>

206
00:17:07,485 --> 00:17:09,920
<font color="#ffbf46">ඔයා දන්නවද, මගේ ඔළුව ගොඩක් හයියයි.</font>

207
00:17:11,422 --> 00:17:13,591
<font color="#ffbf46">ඔව්. ඒක ඇතුළේ ගල් පිරිලද තියෙන්නේ?</font>

208
00:17:15,326 --> 00:17:16,961
<font color="#ffbf46">ඒ මට හැමදාම ගුටි කන්න වෙන නිසයි.</font>

209
00:17:17,394 --> 00:17:20,931
<font color="#ffbf46">මට මෙතනින් දිගටම ගුටි කාපු නිසා
එක පැත්තකින් වල ගැහිලා තියෙන්නේ.</font>

210
00:17:21,332 --> 00:17:23,767
<font color="#ffbf46">ඒක තියෙන්නේ වම් පැත්තේ.
මගේ තාත්තා දකුණත්කාරයෙක්.</font>

211
00:17:23,834 --> 00:17:24,769
<font color="#ffbf46">මොනවා!</font>

212
00:17:25,102 --> 00:17:29,006
<font color="#ffbf46">තව ටිකක් ආදරේ කරන්නකෝ ප්ලීස්!
ජි මින්.</font>

213
00:17:29,774 --> 00:17:31,575
<font color="#ffbf46">මම දන්නවා ඔයා ටිකක් මුරණ්ඩුයි කියලා.</font>

214
00:17:31,976 --> 00:17:35,513
<font color="#ffbf46">ඒත් ඔයාගේ දෙමව්පියෝ ගැන ඒ විදියට
කතා කරන්න එපා. ස්තුතිවන්ත වෙන්න.</font>

215
00:17:36,413 --> 00:17:38,349
<font color="#ffbf46">මම එහෙමයි කියලා හිතනවා.</font>

216
00:17:39,250 --> 00:17:43,287
<font color="#ffbf46">මට වයස 10දී, මම ඔළුවෙන් අනින තරඟයකින්
පිරිමි ළමයි හැමෝවම පරද්දලා තියෙනවා.</font>

217
00:17:43,354 --> 00:17:45,956
<font color="#ffbf46">මම ඔයාට ඔළුවෙන් අනින්නද?
පිස්සුද!</font>

218
00:17:59,804 --> 00:18:02,640
<font color="#ffbf46">මට ෆෝන් එක රින්ග් වෙනවා ඇහෙනවා.
ඒක ඇතුළේ ඇති.</font>

219
00:18:03,107 --> 00:18:05,676
<font color="#ffbf46">මොකක් හරි අවුලක්ද?
එහෙම වෙන්න බැහැ.</font>

220
00:18:11,715 --> 00:18:17,654
<font color="#ffbf46">සිස්ටර් ක්ලාරා?
ඔයාව රඳවගත්තට මට සමාවෙන්න.</font>

221
00:18:17,721 --> 00:18:20,124
<font color="#ffbf46">ඒකට කමක් නැහැ.
ඔයා කොහේ හරි ඉඳන්ද ආවේ?</font>

222
00:18:20,191 --> 00:18:23,360
<font color="#ffbf46">ඔව්. අපි ඇතුළට යමු.</font>

223
00:18:30,000 --> 00:18:33,737
<font color="#ffbf46">මට ගොඩක් සමාවෙන්න.
එතන ගොඩක් රස්නේ ඇති නේද.</font>

224
00:18:38,642 --> 00:18:40,711
<font color="#ffbf46">කරුණාකරලා, ඇතුළට එන්න.</font>

225
00:18:45,749 --> 00:18:50,287
<font color="#ffbf46">මම එයා නැතුව සත්තුන්ගේ දොස්තර ගාවට ගියා.</font>

226
00:18:50,721 --> 00:18:51,522
<font color="#ffbf46">ජි මින්!</font>

227
00:18:51,589 --> 00:18:53,423
<font color="#ffbf46">ඒකට කමක් නැහැ.</font>

228
00:18:53,490 --> 00:18:57,328
<font color="#ffbf46">උදව් කරන්න මගේ බිරිඳ ළඟ නැහැ,
ඒ නිසා මට ඒක කරන්න වෙනවා.</font>

229
00:19:01,866 --> 00:19:04,034
<font color="#ffbf46">මම දැනගෙන හිටියේ නැහැ
එයා දාම ඝාතකයෙක් කියලා,</font>

230
00:19:04,101 --> 00:19:06,370
<font color="#ffbf46">මොකද මගේ පවුල තමයි පළවෙනි එක වුණේ.</font>

231
00:19:07,338 --> 00:19:11,375
<font color="#ffbf46">අවුරුදු ගාණක් යනකම් ඒගොල්ලන්ට වැරදිකරුව
අල්ලගන්න බැරි වුණා, ඒ නිසා මට පිස්සු හැදෙන්න වගේ ගියා.</font>

232
00:19:13,010 --> 00:19:14,611
<font color="#ffbf46">මිනිස්සු හිතුවේ
මගේ පවුලේ අයව මැරුවේ</font>

233
00:19:14,678 --> 00:19:18,382
<font color="#ffbf46">කාටහරි මගෙන්
පළිගන්න ඕන වුණු නිසා කියලයි.</font>

234
00:19:19,550 --> 00:19:23,420
<font color="#ffbf46">එයාව අල්ලගත්තම, මට තේරුණා
මගේ පවුල විතරක් නෙවෙයි කියලා.</font>

235
00:19:25,422 --> 00:19:27,591
<font color="#ffbf46">එයාට කොහොමද
ඒ හැමෝවම මරන්න පුළුවන් වුණේ...</font>

236
00:19:29,727 --> 00:19:32,730
<font color="#ffbf46">ඔයාට කොහොමද සමාව දෙන්න පුළුවන් වුණේ?</font>

237
00:19:33,597 --> 00:19:37,868
<font color="#ffbf46">මම හැමදාම
එයාව මරනවා කියලා හිතුවා.</font>

238
00:19:38,736 --> 00:19:41,572
<font color="#ffbf46">ඊටපස්සේ පියතුමා කිව්වා...</font>

239
00:19:42,539 --> 00:19:44,641
<font color="#ffbf46">අනුන්ට වෛර කරනවා කියන්නේ
වස බීලා,</font>

240
00:19:44,708 --> 00:19:48,245
<font color="#ffbf46">එයාලා මැරෙයි කියලා බලාපොරොත්තු වෙනවා වගේ දෙයක් කියලා.</font>

241
00:19:49,280 --> 00:19:52,783
<font color="#ffbf46">ඒ නිසා, මොනවා වුණත් මම
සමාව දෙන්න තීරණය කළා.</font>

242
00:19:53,150 --> 00:19:54,718
<font color="#ffbf46">පෙත්සම ලිව්වට පස්සේ,</font>

243
00:19:54,785 --> 00:19:57,688
<font color="#ffbf46">මැරෙන්න තිබුණු අදහස්
නැතිවෙලා ගියා.</font>

244
00:19:59,590 --> 00:20:02,993
<font color="#ffbf46">පාපයට වෛර කරන්න, නමුත් පුද්ගලයාට නෙවෙයි.</font>

245
00:20:03,060 --> 00:20:07,665
<font color="#ffbf46">එයා මැරුණා කියලා
කිසිම දෙයක් විසඳෙන්නේ නැහැ.</font>

246
00:20:09,667 --> 00:20:14,371
<font color="#ffbf46">මම එයා මැරෙනවට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.</font>

247
00:20:16,607 --> 00:20:17,641
<font color="#ffbf46">අනිත් පවුල්වල අය?</font>

248
00:20:19,009 --> 00:20:21,045
<font color="#ffbf46">එයාලා එයාට සමාව දුන්නද?</font>

249
00:20:21,745 --> 00:20:25,449
<font color="#ffbf46">ආ, තාම නැහැ.</font>

250
00:20:25,516 --> 00:20:30,821
<font color="#ffbf46">ඒත් කාලයත් එක්ක, මම දන්නවා
එයාලත් මම කියන දේට එකඟ වේවි කියලා.</font>

251
00:20:30,888 --> 00:20:33,924
<font color="#ffbf46">ඔයා ඒ මිනීමරුවාව හම්බවුණාද?
එයා ඒ ගැන පසුතැවෙනවද?</font>

252
00:20:33,991 --> 00:20:35,659
<font color="#ffbf46">ජි මින්!
මොකද!</font>

253
00:20:37,027 --> 00:20:43,133
<font color="#ffbf46">මම ලියුම් ලිව්වා,
ඒ වගේම එයාව බලන්නත් ගියා.</font>

254
00:20:43,968 --> 00:20:47,805
<font color="#ffbf46">ඒත් එයා මාව මඟහරිනවා,
එයා සමාව ලබන්න වටින්නේ නැහැ කියලා.</font>

255
00:20:49,206 --> 00:20:52,943
<font color="#ffbf46">ඔයා සමාව දීපු එක ගැන
ගොඩක් මිනිස්සුන්ගේ හිත් උණු වෙලා තියෙනවා.</font>

256
00:20:53,944 --> 00:20:57,414
<font color="#ffbf46">තාමත් සමාව දීලා නැති අයට
ඔයාට මොනවා හරි කියන්න තියෙනවද?</font>

257
00:20:59,216 --> 00:21:02,753
<font color="#ffbf46">පූසෝ රංචු ගැහිලා යන්නේ නැහැ</font>

258
00:21:02,820 --> 00:21:04,688
<font color="#ffbf46">මොකද එයාලට එකිනෙකාගේ
උදව් අවශ්‍ය නැති නිසා.</font>

259
00:21:05,055 --> 00:21:07,858
<font color="#ffbf46">එයාලා රණ්ඩු වුණාට පස්සේ
යාළු වෙන්නෙත් නෑ.</font>

260
00:21:09,893 --> 00:21:13,030
<font color="#ffbf46">ඒත් මිනිස්සු ඊට වෙනස්.</font>

261
00:21:14,531 --> 00:21:17,801
<font color="#ffbf46">සමාව දෙනවා කියන්නේ වේදනාවෙන් නිදහස් වෙනවා කියන එකයි.</font>

262
00:21:18,836 --> 00:21:22,172
<font color="#ffbf46">කරුණාකරලා සමාව දීලා ආදරය කරන්න.</font>

263
00:21:22,873 --> 00:21:25,642
<font color="#ffbf46">ඔයා හිතන්නේ ඇයි මිනීමරුවා
එයාව මුණගැහෙන්නේ නැත්තේ?</font>

264
00:21:26,377 --> 00:21:27,811
<font color="#ffbf46">ඒක එයාගේ ඉන්ටවිව් එකේ තියෙනවා.</font>

265
00:21:30,447 --> 00:21:32,516
<font color="#ffbf46">මම හිතන්නේ එයා එයාව ගණන් ගත්තේ නෑ.</font>

266
00:21:33,917 --> 00:21:36,420
<font color="#ffbf46">සමාව දෙන එක තේරීමක් වෙන්න ඕනේ.</font>

267
00:21:36,487 --> 00:21:39,056
<font color="#ffbf46">ඇයි වටේ ඉන්න හැමෝම
මේ තරම් බල කරන්නේ?</font>

268
00:21:41,692 --> 00:21:46,263
<font color="#ffbf46">මීට පස්සේ මගේ ඉන්ටවිව් එක වෙලාවට
ප්‍රශ්න අහන්න එපා.</font>

269
00:21:46,330 --> 00:21:48,999
<font color="#ffbf46">මට නිකමට දැනගන්න ඕනෙ වුණා.
අනික ඔයා ඇහුවෙත් නෑනේ.</font>

270
00:21:49,366 --> 00:21:50,868
<font color="#ffbf46">මම ඇහුවේ නැත්තේ
ඒක අහන්න ඕනෙ වුණේ නැති නිසයි.</font>

271
00:21:51,368 --> 00:21:55,706
<font color="#ffbf46">ඔයාට දැනගන්න ආසාවක් නැද්ද?
මේක බලන අයත් මම වගේම හිතාවි.</font>

272
00:21:58,575 --> 00:22:00,511
<font color="#ffbf46">ඒත් දා-හී?</font>

273
00:22:01,011 --> 00:22:03,480
<font color="#ffbf46">සමහරවිට එයා මරණ දඬුවමට
විරුද්ධ ඇති</font>

274
00:22:03,547 --> 00:22:06,617
<font color="#ffbf46">මොකද එයාට ඕනේ
ජීවිතාන්තය දක්වා සමාව ඉල්ලනවා දකින්න.</font>

275
00:22:07,284 --> 00:22:09,086
<font color="#ffbf46">මිනීමරුවා ඒක දැනගෙන
එයාව මඟහැරියා.</font>

276
00:22:11,288 --> 00:22:15,092
<font color="#ffbf46">ඇයි ඔයාට දේවල් තියෙන විදිහටම
භාරගන්න බැරි.</font>

277
00:22:16,427 --> 00:22:20,530
<font color="#ffbf46">මට නම් ඒක විහිළුවක්. සමහරවිට
එයා ඇත්තටම හිතන විදිහ නෙවෙයි වෙන්න ඇති.</font>

278
00:22:20,597 --> 00:22:21,732
<font color="#ffbf46">ඔයා කොහොමද දන්නේ?</font>

279
00:22:24,968 --> 00:22:26,904
<font color="#ffbf46">ඔයාට කවදාවත් සමාව දුන්න එක ගැන දුක හිතිලා නැද්ද?</font>

280
00:22:27,438 --> 00:22:28,272
<font color="#ffbf46">නෑ.</font>

281
00:22:30,040 --> 00:22:32,142
<font color="#ffbf46">එහෙනම් ඇයි ඔයාගේ හිත
මේ තරම් ගල් වෙලා තියෙන්නේ?</font>

282
00:22:32,209 --> 00:22:33,977
<font color="#ffbf46">ඒක පේන්නේ මට විතරද?</font>

283
00:22:35,779 --> 00:22:36,947
<font color="#ffbf46">අපි ඒක අමතක කරමු.</font>

284
00:22:39,716 --> 00:22:42,786
<font color="#ffbf46">සන්ග්-වූට එහෙම කරපු එකා
දැන් කොහොම ජීවත් වෙනවා ඇද්ද?</font>

285
00:22:45,089 --> 00:22:46,290
<font color="#ffbf46">මම ඒක දැනගන්න ඕනෙද?</font>

286
00:22:46,757 --> 00:22:48,092
<font color="#ffbf46">ඔයා දැනගන්න ඕනේ නැද්ද?</font>

287
00:22:51,728 --> 00:22:52,896
<font color="#ffbf46">එයා බාලවයස්කාර අපරාධකරුවෙක්.</font>

288
00:22:53,931 --> 00:22:56,166
<font color="#ffbf46">මම නොදැන ඉන්න එකයි හොඳ,
එයාගේ හොඳට.</font>

289
00:22:56,233 --> 00:22:59,036
<font color="#ffbf46">ඔයා එයාගේ පෙනුමවත්
දන්නේ නෑ.</font>

290
00:22:59,103 --> 00:23:04,841
<font color="#ffbf46">එයාගේ වයසේ ළමයෙක්ව දැක්කත්
මට කේන්ති යනවා. ඔයාට එහෙම නැද්ද?</font>

291
00:23:04,908 --> 00:23:06,443
<font color="#ffbf46">එයා සමහරවිට
ඉස්කෝලේ වැඩ හොඳට කරනවා ඇති.</font>

292
00:23:07,144 --> 00:23:08,245
<font color="#ffbf46">ඔයා කොහොමද දන්නේ?</font>

293
00:23:12,282 --> 00:23:13,851
<font color="#ffbf46">එයාගේ දෙමාපියන් මට පොරොන්දු වුණා.</font>

294
00:23:16,353 --> 00:23:17,688
<font color="#ffbf46">ඉතින් මොකක්ද?</font>

295
00:23:18,622 --> 00:23:20,157
<font color="#ffbf46">ඔයා ඒක විශ්වාස කරනවද?</font>

296
00:23:21,758 --> 00:23:23,961
<font color="#ffbf46">ඔයාට ඒක විශ්වාස කරන්න ඕනේ වෙලා!</font>

297
00:23:25,662 --> 00:23:27,164
<font color="#ffbf46">එහෙනම් ඔයාගේ පිටිපස්සෙන්
පිහියෙන් අනීවි.</font>

298
00:23:29,666 --> 00:23:31,935
<font color="#ffbf46">මේ නිසයි
ඔයාගේ දෙමාපියන් තරහා ගන්නේ.</font>

299
00:23:33,103 --> 00:23:34,538
<font color="#ffbf46">මට එයාලව හොඳට තේරෙනවා.</font>

300
00:23:41,845 --> 00:23:42,679
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?</font>

301
00:23:51,588 --> 00:23:52,856
<font color="#ffbf46">ඔයා ගෙදර යනවා නේද?</font>

302
00:24:16,213 --> 00:24:19,883
<font color="#ffbf46">ජී-මින්? මොකද වුණේ?
ජී-සුක් ඉන්නේ ඔයා එක්කද?</font>

303
00:24:21,385 --> 00:24:24,821
<font color="#ffbf46">ඇත්තද? මාත් ආවේ එයාව එක්කන් යන්න.</font>

304
00:24:25,489 --> 00:24:27,391
<font color="#ffbf46">කමක් නෑ. එයා නිදාගත්තදෙන්.</font>

305
00:24:27,891 --> 00:24:30,060
<font color="#ffbf46">මම යන්න ඕනේ,
හෙට දා-හීගේ උපන්දිනේ.</font>

306
00:24:32,396 --> 00:24:33,497
<font color="#ffbf46">වහිනවා.</font>

307
00:24:33,564 --> 00:24:35,199
<font color="#ffbf46">ඔයාත් පරිස්සමින්.</font>

308
00:24:47,578 --> 00:24:52,049
<font color="#ffbf46">මම එන ගමන්. වැස්සට තෙමෙන්නේ නැතුව
ඇතුළට වෙලා ඉන්න.</font>

309
00:24:52,749 --> 00:24:53,684
<font color="#ffbf46">මම ඉක්මනට එන්නම්.</font>

310
00:24:54,751 --> 00:24:57,221
<font color="#ffbf46">දැන් මධ්‍යම රාත්‍රියත් පහුවෙලා.
සුබ උපන්දිනක් වේවා.</font>

311
00:24:58,589 --> 00:24:59,423
<font color="#ffbf46">මම ඔයාට ආදරෙයි.</font>

312
00:26:05,856 --> 00:26:08,125
<font color="#ffbf46">ඔයා කන්නේ නැද්ද?
මම කෑවා.</font>

313
00:26:08,592 --> 00:26:11,495
<font color="#ffbf46">කොහෙන්ද? ඔයා ගෙදර ගියෙත් නෑනේ.
කාටද ඒකෙන් වැඩක්.</font>

314
00:26:12,362 --> 00:26:15,666
<font color="#ffbf46">මම ජී-සුක් එක්ක කතා කළා.
ඔයා මෙහේ ඉන්නවා කියලා එයා දන්නේ නෑ.</font>

315
00:26:16,300 --> 00:26:18,135
<font color="#ffbf46">ඔයාගේ දෙමාපියන්
ගොඩක් බය වෙන්න ඇති.</font>

316
00:26:20,304 --> 00:26:21,338
<font color="#ffbf46">ආපහු ගෙදර යන්න.</font>

317
00:26:22,472 --> 00:26:23,307
<font color="#ffbf46">කොහෙත්ම නෑ.</font>

318
00:26:28,679 --> 00:26:30,380
<font color="#ffbf46">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

319
00:26:30,847 --> 00:26:33,750
<font color="#ffbf46">ඔයා අයිවි ලීග් ඉස්කෝලෙකට
තේරුණා.</font>

320
00:26:33,817 --> 00:26:37,721
<font color="#ffbf46">අනික ඔයාගේ දෙමාපියන් ඔයාගේ වියදම් බලාගනීවි.
ඉතින්, ඔයාගේ ප්‍රශ්නේ මොකක්ද?</font>

321
00:26:37,788 --> 00:26:40,190
<font color="#ffbf46">ඒක එච්චරටම හොඳයි නම්, එයාලටම යන්න කියන්න.</font>

322
00:26:40,624 --> 00:26:41,458
<font color="#ffbf46">මොකක්?</font>

323
00:26:42,759 --> 00:26:46,496
<font color="#ffbf46">ඔයාට ස්තූතිවන්ත වෙන්න ගොඩක් දේවල් තියෙනවා.</font>

324
00:26:46,563 --> 00:26:50,433
<font color="#ffbf46">ඔයාට හොඳ පවුලක් වගේම
ගොඩක් දක්ෂතා තියෙනවා.</font>

325
00:26:50,500 --> 00:26:54,104
<font color="#ffbf46">මට තවත් ඉගෙනගන්න ඕනේ නෑ.
මොකක්?</font>

326
00:26:54,171 --> 00:26:59,442
<font color="#ffbf46">මම පළවෙනියා වුණොත් මගේ දෙමාපියන්
සතුටු වෙනවා. මම ඒකට වෛර කරනවා.</font>

327
00:26:59,509 --> 00:27:04,481
<font color="#ffbf46">ඔයා ඉගෙනගන්නේ ඔයාගේ දෙමාපියන් වෙනුවෙන් නෙවෙයි.
ඒක ඔයාගේම හොඳටයි.</font>

328
00:27:04,548 --> 00:27:09,819
<font color="#ffbf46">එයාලා සතුටින් ඉන්නවා දකිනවට වඩා
අපේ ජීවිත විනාශ වෙන එක හොඳයි.</font>

329
00:27:09,886 --> 00:27:12,622
<font color="#ffbf46">ඒ කියන්නේ, ඔයා ජීවිතේම
පරණ කාර් එකක යන්නද හදන්නේ</font>

330
00:27:12,689 --> 00:27:15,492
<font color="#ffbf46">මොකද ඔයාට ඕනෙ නැති නිසා
එයාලව ඔයාගේ අලුත් කාර් එකේ නග්ගගන්න?</font>

331
00:27:17,227 --> 00:27:18,095
<font color="#ffbf46">ඔව්!</font>

332
00:27:18,929 --> 00:27:20,230
<font color="#ffbf46">අන්න ඒකයි! හරියටම හරි!</font>

333
00:27:20,897 --> 00:27:26,202
<font color="#ffbf46">ඔයාගේ තාත්තා වගේ ඔයාත් දක්ෂ විනිසුරුවරයෙක්
වෙයි කියලා මම හිතනවා.</font>

334
00:27:26,269 --> 00:27:28,038
<font color="#ffbf46">කොහෙත්ම නෑ! කවදාවත් නෑ!</font>

335
00:27:28,105 --> 00:27:29,839
<font color="#ffbf46">ඇයි? ඒක තමයි ඔයාගේ දෙමාපියන්ට ඕනේ කරන්නේ.</font>

336
00:27:29,906 --> 00:27:32,442
<font color="#ffbf46">අන්න ඒක නිසයි!</font>

337
00:27:32,509 --> 00:27:35,011
<font color="#ffbf46">තමුසේ!</font>

338
00:27:38,415 --> 00:27:39,750
<font color="#ffbf46">මම ඔයාට අවවාද කළා.</font>

339
00:27:58,435 --> 00:27:59,770
<font color="#ffbf46">ඔයා ඇයි මේ තරම් දුර්වල?</font>

340
00:28:01,271 --> 00:28:03,907
<font color="#ffbf46">මොකද මට බඩගිනියි.
ඔයා කිව්වනේ කෑවා කියලා.</font>

341
00:28:05,142 --> 00:28:07,878
<font color="#ffbf46">මම බොරු කිව්වේ මට බය හිතුණ නිසා...</font>

342
00:28:09,446 --> 00:28:11,248
<font color="#ffbf46">මේ හරියේ
කන්න මුකුත් නෑ.</font>

343
00:28:12,315 --> 00:28:14,851
<font color="#ffbf46">මම තනියම ඉන්ටවිව් එක කරන්නම්.
ඔයා ගිහින් කන්න.</font>

344
00:28:14,918 --> 00:28:16,920
<font color="#ffbf46">නෑ! මාත් ඔයා එක්ක එනවා.</font>

345
00:28:20,123 --> 00:28:23,126
<font color="#ffbf46">පොරොන්දු වෙන්න ඉන්ටවිව් එක වෙලාවට
මුකුත් කරන්නේ නෑ කියලා.</font>

346
00:28:23,627 --> 00:28:25,829
<font color="#ffbf46">එහෙනම් මම පස්සේ රෑ කෑම අරන් දෙන්නම්.</font>

347
00:28:25,896 --> 00:28:26,730
<font color="#ffbf46">හරි!</font>

348
00:28:30,267 --> 00:28:32,102
<font color="#ffbf46">මම හිටියේ මධ්‍යම විද්‍යාලයේ</font>

349
00:28:34,337 --> 00:28:38,241
<font color="#ffbf46">මගේ අයියා මාව දූෂණය කරනකොට.</font>

350
00:28:39,242 --> 00:28:41,945
<font color="#ffbf46">ඔයාගේ ලොකු අයියා?
ඔව්.</font>

351
00:28:43,980 --> 00:28:50,120
<font color="#ffbf46">මගේ තාත්තා නැතිවෙලා. ඒ නිසා හිටියේ
අම්මයි, එයයි, මමයි විතරයි.</font>

352
00:28:52,189 --> 00:28:57,327
<font color="#ffbf46">අම්මා ඒකට මට බැනලා
කිව්වා මම පරිස්සම් වුණේ නෑ කියලා.</font>

353
00:28:57,828 --> 00:29:01,631
<font color="#ffbf46">ඒ නිසා මට කේන්ති ගිහින්
මම පොලිසියට ගියා...</font>

354
00:29:03,333 --> 00:29:07,704
<font color="#ffbf46">ඒත් අම්මා එයාගේ පැත්ත අරගෙන
මට බොරුකාරියක් කිව්වා.</font>

355
00:29:08,805 --> 00:29:11,608
<font color="#ffbf46">ඊටපස්සේ මම ගෙදරින් පැනලා ආවා.</font>

356
00:29:13,343 --> 00:29:16,446
<font color="#ffbf46">ඒක වෙලා දැන් අවුරුදු 10කටත් වඩා වැඩියි.</font>

357
00:29:17,814 --> 00:29:21,218
<font color="#ffbf46">එදායින් පස්සේ ඔයා කවදාවත් ආපහු ගියේ නැද්ද?</font>

358
00:29:22,486 --> 00:29:26,823
<font color="#ffbf46">නෑ. ඒත් පරණ යාළුවෙක් මාර්ගයෙන්
මම එයාලගේ විස්තර දැනගත්තා.</font>

359
00:29:27,924 --> 00:29:35,398
<font color="#ffbf46">මගේ අයියා මිනීමැරුමකට
හිරේ ඉන්නවා.</font>

360
00:29:36,166 --> 00:29:38,502
<font color="#ffbf46">මගේ අම්මා...</font>

361
00:29:46,343 --> 00:29:50,580
<font color="#ffbf46">එයා ගොඩක් අමාරුවෙන් ජීවත් වෙනවා.</font>

362
00:29:55,352 --> 00:29:59,523
<font color="#ffbf46">අම්මේ? ඇයි ඔයා අඬන්නේ?</font>

363
00:30:00,657 --> 00:30:05,328
<font color="#ffbf46">ඔයාට අමුතු දෙයක් බලන්න ඕනෙද? යමු.</font>

364
00:30:09,866 --> 00:30:13,436
<font color="#ffbf46">මගේ ඔළුවේ වළක් තියෙනවා.
අල්ලලා බලන්න.</font>

365
00:30:14,871 --> 00:30:16,439
<font color="#ffbf46">වාව්, ඒක අමුතුයි!</font>

366
00:30:16,506 --> 00:30:17,440
<font color="#ffbf46">නේද?</font>

367
00:30:22,679 --> 00:30:24,314
<font color="#ffbf46">ඔයා ඔයාගේ අම්මාට සමාව දුන්නද?</font>

368
00:30:26,383 --> 00:30:29,019
<font color="#ffbf46">මට කවදාවත් එහෙම කරන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ...</font>

369
00:30:31,054 --> 00:30:32,789
<font color="#ffbf46">ඒත් ඒක පුදුමයි...</font>

370
00:30:34,124 --> 00:30:36,860
<font color="#ffbf46">මගේම දරුවන්ව හැදුවට පස්සේ...</font>

371
00:30:39,229 --> 00:30:40,130
<font color="#ffbf46">මට ඉබේටම එයාට සමාව දෙනුනා.</font>

372
00:30:41,698 --> 00:30:46,369
<font color="#ffbf46">පුතාව අහිමි කරගන්නවාට වඩා
එයාට වැදගත් වුණේ එයාට දඬුවම් නොකරන එකයි.</font>

373
00:30:46,436 --> 00:30:48,805
<font color="#ffbf46">පුතාව අහිමි කරගන්නවාට වඩා
එයාට වැදගත් වුණේ එයාට දඬුවම් නොකරන එකයි.</font>

374
00:30:49,239 --> 00:30:50,574
<font color="#ffbf46">මමත් ඒකම තමයි කරන්නේ.</font>

375
00:30:58,381 --> 00:31:02,418
<font color="#ffbf46">එයාගේ අයියාට
කලින් දඬුවම් ලැබුණා නම්,</font>

376
00:31:02,485 --> 00:31:04,821
<font color="#ffbf46">එයා කාවවත් මරන්නේ නෑ.</font>

377
00:31:04,888 --> 00:31:06,423
<font color="#ffbf46">අම්මා තමයි පුතාව විනාශ කළේ.</font>

378
00:31:06,823 --> 00:31:08,458
<font color="#ffbf46">ඒත් එයාලා පවුලක්නේ.</font>

379
00:31:09,759 --> 00:31:12,462
<font color="#ffbf46">එහෙනම් තමන්ගේ පවුලට
අපරාධයක් කළාට කමක් නැද්ද?</font>

380
00:31:13,763 --> 00:31:18,768
<font color="#ffbf46">මගේ අයියා මාව මැරුවොත් අම්මා ඒක
රිපෝට් කළේ නැත්නම්, මට ගොඩක් කේන්ති යාවි.</font>

381
00:31:19,603 --> 00:31:21,671
<font color="#ffbf46">මම හොල්මනක් වෙලා හරි එයාලව මරනවා.</font>

382
00:31:21,738 --> 00:31:24,040
<font color="#ffbf46">ඔයාට කොහොමද එහෙම කියන්න පුළුවන්?</font>

383
00:31:25,241 --> 00:31:26,142
<font color="#ffbf46">හරිම රහයි.</font>

384
00:31:28,979 --> 00:31:33,617
<font color="#ffbf46">දෙවියන්ගේ ඇස්වලට මිනිස්සු
හරියට සුරතල් සත්තු වගේ ඇති.</font>

385
00:31:34,084 --> 00:31:34,918
<font color="#ffbf46">සුරතල් සත්තු?</font>

386
00:31:36,353 --> 00:31:41,858
<font color="#ffbf46">වෙන බල්ලෙක්ව මැරුවා කියලා
අපි බල්ලන්ව මරන්නේ නෑනේ</font>

387
00:31:41,925 --> 00:31:43,627
<font color="#ffbf46">තවත් බල්ලෙක්ව නැති වෙන එක වළක්වා ගන්න.</font>

388
00:31:44,327 --> 00:31:46,262
<font color="#ffbf46">අයිතිකාරයාට යුක්තිය ඉටු වෙන්න
ඕනෙ නෑ.</font>

389
00:31:46,329 --> 00:31:48,298
<font color="#ffbf46">මැරුණ බල්ලා ගැන විතරයි දුක හිතෙන්නේ.</font>

390
00:31:49,766 --> 00:31:50,634
<font color="#ffbf46">මම හිතන්නේ ඒක ඇත්ත.</font>

391
00:31:54,471 --> 00:31:58,041
<font color="#ffbf46">ඒත් වෙන මිනිහෙක්ගේ බල්ලෙක්
මගේ බල්ලාව මැරුවොත්?</font>

392
00:31:58,108 --> 00:31:59,776
<font color="#ffbf46">එහෙමත් නැත්නම් කවුරුහරි මගේ ළමයාව මැරුවොත්?</font>

393
00:31:59,843 --> 00:32:03,780
<font color="#ffbf46">ඒ නිසයි අපිට දෙවියන්ගේ ආදරය ඕනේ කරන්නේ.</font>

394
00:32:05,181 --> 00:32:06,383
<font color="#ffbf46">එක පාරින්ම කපන්න!</font>

395
00:32:08,218 --> 00:32:12,121
<font color="#ffbf46">ඔයා ඔය කියන තරම් ලේසියි කියලා හිතනවද?
අපි මිනිස්සු.</font>

396
00:32:12,188 --> 00:32:13,490
<font color="#ffbf46">සන්ග්-වූට...</font>

397
00:32:20,330 --> 00:32:23,900
<font color="#ffbf46">නෑ! ඒවා පිච්චෙනවා.
මඟුල.</font>

398
00:32:26,169 --> 00:32:27,203
<font color="#ffbf46">ඔයා කන්නේ නැද්ද?</font>

399
00:32:27,537 --> 00:32:29,039
<font color="#ffbf46">මම හොඳින්. ඔයා ගොඩක් කන්න.</font>

400
00:32:29,973 --> 00:32:31,007
<font color="#ffbf46">ඔයා ඊයේ ඉඳන්
බඩගින්නේ නේද හිටියේ?</font>

401
00:32:34,744 --> 00:32:37,113
<font color="#ffbf46">හරියට උපන්දිනේට දෙන කෑමක් වගේ.</font>

402
00:32:43,420 --> 00:32:44,320
<font color="#ffbf46">ඔයා මොකද කරන්නේ?</font>

403
00:32:45,255 --> 00:32:48,892
<font color="#ffbf46">ළඟදීම මගේ උපන්දිනේ තියෙනවා.
මම ඒක ඔයාගේ ෆෝන් එකේ සේව් කරන්නම්.</font>

404
00:32:53,196 --> 00:32:54,597
<font color="#ffbf46">වාව්.</font>

405
00:32:54,664 --> 00:32:55,498
<font color="#ffbf46">මොකක්ද?</font>

406
00:32:55,932 --> 00:32:59,469
<font color="#ffbf46">දන්නවද මේකේ කොච්චර අවුරුදු ගාණකට
සේව් කරන්න පුළුවන්ද කියලා?</font>

407
00:32:59,536 --> 00:33:01,070
<font color="#ffbf46">නෑ.</font>

408
00:33:01,137 --> 00:33:04,874
<font color="#ffbf46">මම දැන් 2040ට ඇවිත්,
ඒත් තවමත් ඉස්සරහට යනවා.</font>

409
00:33:04,941 --> 00:33:06,676
<font color="#ffbf46">මේක මටත් වඩා කල් තියේවි.</font>

410
00:33:08,178 --> 00:33:11,214
<font color="#ffbf46">මම දැනට අවුරුදු 3කට සේව් කළා.</font>

411
00:33:11,281 --> 00:33:12,348
<font color="#ffbf46">එච්චරද?</font>

412
00:33:14,751 --> 00:33:19,555
<font color="#ffbf46">මම මහ ලොකු දෙයක් නොකර
මෙච්චර හොඳට කන්නේ කොහොමද?</font>

413
00:33:19,622 --> 00:33:22,892
<font color="#ffbf46">ඔයාට ගෙදරදී මීට වඩා හොඳට කන්න පුළුවන්.
මොකටද මේ කරදරේ?</font>

414
00:33:22,959 --> 00:33:25,228
<font color="#ffbf46">මට මේ විදිහ හොඳයි.</font>

415
00:33:27,697 --> 00:33:31,234
<font color="#ffbf46">ගොඩක් ස්තූතියි.
කමක් නෑ.</font>

416
00:33:37,774 --> 00:33:38,608
<font color="#ffbf46">ජී-සුක්?</font>

417
00:33:39,242 --> 00:33:40,143
<font color="#ffbf46">ඔයා ඇයි මෙහේ?</font>

418
00:33:41,277 --> 00:33:42,178
<font color="#ffbf46">ජී-මින්.</font>

419
00:33:42,946 --> 00:33:44,280
<font color="#ffbf46">මම කිව්වනේ හෙට එන්න කියලා.</font>

420
00:33:45,281 --> 00:33:46,483
<font color="#ffbf46">ඔයා එයාට කතා කළාද?</font>

421
00:33:48,451 --> 00:33:49,919
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?
අතාරිනවා!</font>

422
00:33:49,986 --> 00:33:51,754
<font color="#ffbf46">ඇයි ඔයා ෆෝන් එක
ඕෆ් කරලා දැම්මේ?</font>

423
00:33:51,821 --> 00:33:53,589
<font color="#ffbf46">ඒක මගේ කැමැත්ත.</font>

424
00:33:53,656 --> 00:33:55,825
<font color="#ffbf46">අම්මයි තාත්තයි ඔයා ගැන
කොච්චර වද වුණාද දන්නවද?</font>

425
00:33:55,892 --> 00:33:56,760
<font color="#ffbf46">වද වුණා?</font>

426
00:33:58,128 --> 00:33:59,796
<font color="#ffbf46">ඔව්, ඇත්තටම.</font>

427
00:34:00,196 --> 00:34:03,066
<font color="#ffbf46">බලාගෙනයි.
ඔයා ඉල්ලගෙන කන්නයි හදන්නේ!</font>

428
00:34:03,133 --> 00:34:06,736
<font color="#ffbf46">එයාලා වගේ ඔයාටත් මට ගහන්න ඕනෙද?
බලලා ඉගෙනගන්නවා, හරිද?</font>

429
00:34:08,271 --> 00:34:10,173
<font color="#ffbf46">එයා ඉස්සරහා මට ගහලා බලනවා!</font>

430
00:34:10,240 --> 00:34:11,407
<font color="#ffbf46">තමුසේ!
ජී-සුක්!</font>

431
00:34:14,410 --> 00:34:16,312
<font color="#ffbf46">මම ඇයි ගෙදරින් ආවේ?</font>

432
00:34:16,746 --> 00:34:19,248
<font color="#ffbf46">මම තේරුණ එක ගැන තාත්තා පම්පෝරි ගැහුවා</font>

433
00:34:19,315 --> 00:34:21,784
<font color="#ffbf46">අයිවි ලීග් ඉස්කෝලෙකට,
ඉතින් මම ඇහුවා...</font>

434
00:34:21,851 --> 00:34:24,787
<font color="#ffbf46">ඇයි මේ වගේ හොඳ දුවෙකුට ගහන්නේ කියලා?</font>

435
00:34:24,854 --> 00:34:27,256
<font color="#ffbf46">දන්නවද ඒ කාලකණ්ණියා මොකක්ද කිව්වේ කියලා?</font>

436
00:34:27,323 --> 00:34:30,760
<font color="#ffbf46">එයා මට ගැහුවේ මගේම හොඳටලු,
ඒ නිසාලු මම ඒකට තේරුණේ!</font>

437
00:34:30,827 --> 00:34:33,362
<font color="#ffbf46">මම ස්තූතිවන්ත වෙන්න ඕනෙලු!
අර මූසලයා!</font>

438
00:34:33,429 --> 00:34:34,998
<font color="#ffbf46">කට වහපන්!
ජී-සුක්!</font>

439
00:34:39,035 --> 00:34:42,238
<font color="#ffbf46">මම තමුසෙව මරනවා!
පුළුවන් නම් මට ගහලා බලනවා!</font>

440
00:34:44,841 --> 00:34:47,977
<font color="#ffbf46">ජී-සුක්, දැන් යන්න.
ඔයා ඇතුළට යන්න, දැන්ම!</font>

441
00:34:48,545 --> 00:34:52,181
<font color="#ffbf46">ඔයා එළියේ ඉන්න තරමට,
තාත්තා ඔයාට දෙන දඬුවම් වැඩි වේවි!</font>

442
00:34:52,248 --> 00:34:53,249
<font color="#ffbf46">තේරුණාද!</font>

443
00:34:53,650 --> 00:34:55,318
<font color="#ffbf46">සන්සුන් වෙන්න.</font>

444
00:35:06,062 --> 00:35:09,666
<font color="#ffbf46">ඔයාට ඒ ඔක්කොම දකින්න වුණ එක ගැන
මට ලැජ්ජයි.</font>

445
00:35:11,301 --> 00:35:13,837
<font color="#ffbf46">ජී-මින් ඔයා ගාවට යයි කියලා
මම හිතුවේ නෑ.</font>

446
00:35:14,504 --> 00:35:15,672
<font color="#ffbf46">මාත් හිතුවේ නෑ.</font>

447
00:35:16,272 --> 00:35:21,244
<font color="#ffbf46">මට සමාවෙන්න.
ඔයාට ඒක අපහසුතාවයක් වෙන්න ඇති.</font>

448
00:35:21,311 --> 00:35:25,481
<font color="#ffbf46">කමක් නෑ. එයා මට උදව් කරනවා.
එයාට තව දවස් කිහිපයක් ඉන්න දෙන්න.</font>

449
00:35:25,548 --> 00:35:28,785
<font color="#ffbf46">එයාගෙන් වැඩක් තියෙනවා වගේනේ.
එයා නිකම්ම කරදරයක්.</font>

450
00:35:28,852 --> 00:35:30,419
<font color="#ffbf46">ඒත්, එයා දක්ෂයි.</font>

451
00:35:30,486 --> 00:35:33,056
<font color="#ffbf46">ඉතින් මොකක්ද? එයා තව ටිකක් ලොකු වෙන්න ඕනේ.</font>

452
00:35:34,724 --> 00:35:38,895
<font color="#ffbf46">ඔයාලා සහෝදරයෝ වුණාට
ඔයාට වඩා එයා ගොඩක් වෙනස්.</font>

453
00:35:40,296 --> 00:35:42,832
<font color="#ffbf46">එහෙනම් ඔයාට
මගේ දෙමාපියන්ව තේරුම් ගන්න පුළුවන්.</font>

454
00:35:44,901 --> 00:35:45,735
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

455
00:35:48,037 --> 00:35:49,873
<font color="#ffbf46">මේක එයාට දෙන්න.
මොකක්ද ඒ?</font>

456
00:35:50,707 --> 00:35:52,609
<font color="#ffbf46">එයාගේ වකුගඩුවක් අමාරුයි.</font>

457
00:35:53,109 --> 00:35:55,912
<font color="#ffbf46">එයා බේත් ටික නැතුව ගිය එක ගැන අම්මා බයෙන් හිටියේ.</font>

458
00:35:58,381 --> 00:36:01,517
<font color="#ffbf46">ඔයාගේ දෙමව්පියන්ට කියන්න
එයා මෙහේ හොඳින් ඉන්නවා කියලා.</font>

459
00:36:01,584 --> 00:36:02,452
<font color="#ffbf46">ස්තුතියි.</font>

460
00:36:03,219 --> 00:36:05,855
<font color="#ffbf46">වෙලාවක ඇවිත් යන්න එන්න.
එයාලට ඔයාව බලන්න ඕනේලු.</font>

461
00:36:06,189 --> 00:36:07,790
<font color="#ffbf46">හරි.</font>

462
00:36:07,857 --> 00:36:08,691
<font color="#ffbf46">පස්සේ හමුවෙමු.</font>

463
00:36:28,878 --> 00:36:31,648
<font color="#ffbf46">ඔයා ඔයාගේ සහෝදරයත් එක්ක
ටිකක් දුරදිග ගියා.</font>

464
00:36:32,815 --> 00:36:35,051
<font color="#ffbf46">ඔයාට ඒ ගැන විතරද ගාණක් තියෙන්නේ?</font>

465
00:36:37,820 --> 00:36:43,426
<font color="#ffbf46">හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවන්ට ආදරෙයි
මොකද එයාලා දෙමව්පියෝ නිසා.</font>

466
00:36:46,663 --> 00:36:48,164
<font color="#ffbf46">එයාලා ඔයාගේ බෙහෙත් එව්වා.</font>

467
00:36:49,132 --> 00:36:52,835
<font color="#ffbf46">මේ වගේ දේවල් කරන්න එපා. ඔයාගේ
දෙමව්පියන් දැන් වයසට යනවා.</font>

468
00:36:54,170 --> 00:36:55,138
<font color="#ffbf46">මගුල.</font>

469
00:36:56,105 --> 00:37:00,877
<font color="#ffbf46">ළමා අපයෝජනයකට ලක්වෙන කෙනෙක් පළිගත්තොත්,
ඒක වැඩිහිටි අපයෝජනයක් වෙනවා.</font>

470
00:37:00,944 --> 00:37:02,845
<font color="#ffbf46">හරිම විහිලුයි.</font>

471
00:37:02,912 --> 00:37:03,913
<font color="#ffbf46">නවත්තන්න ඕක.</font>

472
00:37:05,815 --> 00:37:07,483
<font color="#ffbf46">නියම විනිසුරුවරයෙකුගේ දුවෙක් වගේ.</font>

473
00:37:08,284 --> 00:37:13,589
<font color="#ffbf46">තාත්තා මට ගහනකොට මම මැරුණොත්,
ඒක හදිසි අනතුරක් මිසක් මිනීමැරුමක් නෙවෙයි.</font>

474
00:37:13,656 --> 00:37:16,592
<font color="#ffbf46">හැබැයි මම හැමදාම මට ගහන
මගේ තාත්තාව මැරුවොත්...</font>

475
00:37:18,695 --> 00:37:20,096
<font color="#ffbf46">දන්නවද මොකද වෙන්නේ කියලා?</font>

476
00:37:21,197 --> 00:37:23,766
<font color="#ffbf46">මට වැඩක් නෑ.</font>

477
00:37:24,767 --> 00:37:27,470
<font color="#ffbf46">මොන දෙමව්පියොද තමන්ගේ දරුවාව මරන්නේ?</font>

478
00:37:28,004 --> 00:37:28,838
<font color="#ffbf46">මෙන්න.</font>

479
00:37:30,139 --> 00:37:31,341
<font color="#ffbf46">ඔයා ප්‍රවෘත්ති බලන්නේ නැද්ද?</font>

480
00:37:32,775 --> 00:37:40,149
<font color="#ffbf46">ඒ අය හරිහැටි අධ්‍යාපනයක් නැති
හෝ මානසික ලෙඩ්ඩු!</font>

481
00:37:40,216 --> 00:37:43,552
<font color="#ffbf46">එතකොට, කීර්තිමත් විනිසුරුවරයෙකුට
කවදාවත් එහෙම දෙයක් කරන්න බෑ කියලද?</font>

482
00:37:43,619 --> 00:37:48,291
<font color="#ffbf46">හොඳට ඉගෙනගත්තු දෙමව්පියෝ හොඳයි,
ඉගෙනගත්තේ නැති අය නරකයිද?</font>

483
00:37:48,358 --> 00:37:51,694
<font color="#ffbf46">කොහොම වුණත්, ඔයාගේ තාත්තා
කවදාවත් ඒ වගේ දෙයක් කරන්නේ නෑ.</font>

484
00:37:52,862 --> 00:37:54,497
<font color="#ffbf46">අපි ඇතුළට යමු. මට මහන්සියි.</font>

485
00:37:56,699 --> 00:37:58,501
<font color="#ffbf46">ඔයා හිතන්නේ මමයි නරක කියලාද?</font>

486
00:38:00,003 --> 00:38:01,838
<font color="#ffbf46">මේ බෙහෙත් ටික නිසා
ඔයා එයාලගේ පැත්ත ගන්නවද?</font>

487
00:38:12,482 --> 00:38:16,052
<font color="#ffbf46">මම ඔයාට වඩා පොඩි කාලෙදි
මගේ දෙමව්පියෝ දික්කසාද වුණා.</font>

488
00:38:17,687 --> 00:38:20,823
<font color="#ffbf46">ඔයාගේ බෙහෙත් ටික ගැන බලන්න අම්මා කෙනෙක්
ඉන්න එක ගැන මට ඉරිසියයි.</font>

489
00:38:20,890 --> 00:38:23,192
<font color="#ffbf46">අම්මා කවදාවත් මාව තේරුම් ගත්තේ නෑ.</font>

490
00:38:23,259 --> 00:38:25,128
<font color="#ffbf46">එයා හැමතිස්සෙම ගත්තේ තාත්තගේ පැත්ත!</font>

491
00:38:26,729 --> 00:38:30,033
<font color="#ffbf46">එහෙනම් ඒකට හේතුවක් ඇති.
උත්තරේ ඔයා තුළින්ම හොයාගන්න.</font>

492
00:38:31,801 --> 00:38:33,569
<font color="#ffbf46">ඔයා හැමදාම ඔහොමයි.</font>

493
00:38:34,871 --> 00:38:37,573
<font color="#ffbf46">ඔයා සං වූ ගේ මරණයෙන්
දිගින් දිගටම පැනලා යනවා.</font>

494
00:38:38,674 --> 00:38:41,411
<font color="#ffbf46">ඔයාගේ හදවතට 'සමාව දීම' කියන
නිර්වින්දන බෙහෙත දුන්නද?</font>

495
00:38:41,844 --> 00:38:44,013
<font color="#ffbf46">ඒකයි ඔයා කවදාවත්
තරහා ගන්නේ නැත්තේ නැත්තන් පිස්සු හැදෙන්නේ නැත්තේ!</font>

496
00:38:46,482 --> 00:38:47,283
<font color="#ffbf46">එතකොට ඔයා?</font>

497
00:38:47,950 --> 00:38:50,787
<font color="#ffbf46">ඔයා අසරණයි වගේ රඟපාලා
ඔයාගේ දෙමව්පියන්ව නරක මිනිස්සු කරනවා!</font>

498
00:38:52,522 --> 00:38:56,125
<font color="#ffbf46">ඔයාට විශ්වාස කරන්න ඕනේ ඒකයි.
මොකද ඇත්ත දරාගන්න බැරි නිසා.</font>

499
00:38:57,093 --> 00:38:59,895
<font color="#ffbf46">ඒකයි ඔයා සමාව දීලා අමතක කරලා දැම්මේ</font>

500
00:38:59,962 --> 00:39:02,865
<font color="#ffbf46">සං වූ ව දෙපාරක්ම
යට කරපු මිනිහට!</font>

501
00:39:04,100 --> 00:39:04,934
<font color="#ffbf46">මොකක්?</font>

502
00:39:06,202 --> 00:39:10,106
<font color="#ffbf46">එයා තාමත් නරක කෙනෙක් කියලා දැනගන්න ලැබෙයි කියන බයට
ඔයා එයා ගැන විස්තර අහන්න බයයි.</font>

503
00:39:12,508 --> 00:39:16,779
<font color="#ffbf46">ඔයා ඇයි මේම කරන්නේ?
ඔයා ඇයි මෙහෙට ආවේ!</font>

504
00:39:17,246 --> 00:39:19,649
<font color="#ffbf46">මොකද ඔයා ඒ විදියට
සමාව දීපු එක ගැන මට තරහයි.</font>

505
00:39:20,149 --> 00:39:21,450
<font color="#ffbf46">ඇයි?</font>

506
00:39:21,517 --> 00:39:24,821
<font color="#ffbf46">ඔයා සමාව දුන්නේ සමාව ගැනීමක්වත් නැතුව.
ඒක බොරුවක්!</font>

507
00:39:27,123 --> 00:39:30,726
<font color="#ffbf46">ඔයා මේ දේවල් කරන්න ස්ටේෂන් එකෙන් අයින් වුණා...</font>

508
00:39:30,793 --> 00:39:32,929
<font color="#ffbf46">මොකද ඔයා දුන්න සමාව ගැන
ඔයාටම විශ්වාසයක් නෑ.</font>

509
00:39:33,463 --> 00:39:36,532
<font color="#ffbf46">ඒ නිසා ඔයා
තවත් උත්සාහ කරනවා.</font>

510
00:39:36,599 --> 00:39:39,402
<font color="#ffbf46">මිනිස්සු ඒක දන්නේ නැතුව
ඔයාට ප්‍රශංසා කරනවා...</font>

511
00:39:40,536 --> 00:39:42,472
<font color="#ffbf46">මම ඔයා වගේ අයට තමයි වැඩියෙන්ම වෛර කරන්නේ.</font>

512
00:39:43,239 --> 00:39:45,508
<font color="#ffbf46">හොඳයි වගේ,
අනුන්ව තේරුම් ගන්නවා වගේ රඟපාන</font>

513
00:39:45,575 --> 00:39:47,176
<font color="#ffbf46">ඒ වගේම මුකුත්ම දන්නේ නැතුව
සමාව දෙනවා කියලා කතා කරන අයට!</font>

514
00:39:47,777 --> 00:39:49,011
<font color="#ffbf46">මට ඒක දරාගන්න බෑ!</font>

515
00:39:53,816 --> 00:39:54,650
<font color="#ffbf46">යන්න.</font>

516
00:39:55,651 --> 00:39:56,853
<font color="#ffbf46">ආයෙත් එන්න එපා.</font>

517
00:40:05,261 --> 00:40:07,563
<font color="#ffbf46">ඉක්මනටම ආවද?
මගේ මැසේජ් එක දැක්කද?</font>

518
00:40:11,267 --> 00:40:13,736
<font color="#ffbf46">(සං වූ)</font>

519
00:40:14,871 --> 00:40:16,939
<font color="#ffbf46">ඒක පුදුමයි.</font>

520
00:40:17,273 --> 00:40:18,441
<font color="#ffbf46">ඔයාගේ ෆෝන් එක නැති වුණාද?</font>

521
00:40:21,210 --> 00:40:22,211
<font color="#ffbf46">හලෝ?</font>

522
00:41:12,061 --> 00:41:14,163
<font color="#ffbf46">ඕක නවත්තන්න!
වෙන අයට ඇහෙයි!</font>

523
00:41:14,230 --> 00:41:16,632
<font color="#ffbf46">ඇයි පැනලා ගිහින්
ආයෙත් බඩගාගෙන ආවේ!</font>

524
00:41:17,700 --> 00:41:19,969
<font color="#ffbf46">මෙහෙට එන්න.
සමාව ඉල්ලන්න, ජි මින්!</font>

525
00:41:20,036 --> 00:41:21,670
<font color="#ffbf46">මට ගෙදර එන්න කිව්වේ මේකටද?</font>

526
00:41:21,737 --> 00:41:26,008
<font color="#ffbf46">කටවහගන්නවා! ඔයාට ඔයාගේ
දෙමව්පියෝ ගැන කිසිම ගෞරවයක් නෑ!</font>

527
00:41:26,075 --> 00:41:29,111
<font color="#ffbf46">ඔයා දන්නවද අපි
ඔයා ගැන කොච්චර බය වුණාද කියලා?</font>

528
00:41:29,178 --> 00:41:31,046
<font color="#ffbf46">ඔයා කරන්නේ කෑගහන එක විතරද?</font>

529
00:41:31,113 --> 00:41:35,050
<font color="#ffbf46">ඔයාගේ තාත්තා ගෙදර ආපු ගමන්ම
ඇහුවේ ඔයා ගැනයි!</font>

530
00:41:35,117 --> 00:41:37,753
<font color="#ffbf46">මේ උඩඟු ළමයා එක්ක කතා කරලා වැඩක් නෑ!</font>

531
00:41:38,588 --> 00:41:40,356
<font color="#ffbf46">සමාව ඉල්ලනවා! ඉක්මනට!</font>

532
00:41:40,423 --> 00:41:43,359
<font color="#ffbf46">මම ගියේ එයා හැමදාම මට ගහපු
නිසයි! ඒක මගේ වැරැද්දක් නෙවෙයි!</font>

533
00:41:43,426 --> 00:41:46,495
<font color="#ffbf46">ඔයා හැමදාම කරන්නේ
ගුටි කන්න ඕන දේවල්මයි!</font>

534
00:41:46,562 --> 00:41:50,600
<font color="#ffbf46">ඔයා ගුටි කෑවේ නැත්නම්,
ඔයා කිසිම කමකට නැති කෙනෙක් වෙයි!</font>

535
00:41:54,036 --> 00:41:57,706
<font color="#ffbf46">මේ අවුලට සමාවෙන්න.</font>

536
00:41:57,773 --> 00:42:00,809
<font color="#ffbf46">ඔයාට මෙහෙට එන්න කිව්වට කණගාටුයි.</font>

537
00:42:00,876 --> 00:42:04,647
<font color="#ffbf46">සිස්ටර් මේරි කතා කරාම
මුලදි මම ටිකක් පසුබට වුණා.</font>

538
00:42:04,714 --> 00:42:09,585
<font color="#ffbf46">ඉදිරිපත් වෙන්න බය හිතුණා,
මිනිස්සු කතා හැදුවොත් කියලා.</font>

539
00:42:11,721 --> 00:42:13,456
<font color="#ffbf46">කොච්චර කාලයක් මේ කඩේ කළාද?</font>

540
00:42:14,290 --> 00:42:18,628
<font color="#ffbf46">මගේ මහත්තයා ජීවතුන් අතර හිටපු කාලේ ඉඳන්.
ඒ කියන්නේ, අවුරුදු 10කට වඩා වැඩියි.</font>

541
00:42:20,096 --> 00:42:24,600
<font color="#ffbf46">අපි ගොඩක් දුක් වින්දා මේක පටන්ගන්න,
ඒත් ඒක පටන් අරන් වැඩි කාලයක් යන්න කලින් ඒ දේ වුණා.</font>

542
00:42:27,937 --> 00:42:29,105
<font color="#ffbf46">මෙන්න.</font>

543
00:42:33,909 --> 00:42:34,844
<font color="#ffbf46">ඒක මදි.</font>

544
00:42:37,480 --> 00:42:38,748
<font color="#ffbf46">කමක් නෑ. යන්න.</font>

545
00:42:53,162 --> 00:42:54,330
<font color="#ffbf46">දෙවියනේ.</font>

546
00:42:55,031 --> 00:42:56,365
<font color="#ffbf46">මගේ පපුව වේගෙන් ගැහෙනවා.</font>

547
00:42:57,199 --> 00:42:58,901
<font color="#ffbf46">කලබල වෙන්න එපා. ඔයා හොඳට කරනවා.</font>

548
00:43:06,042 --> 00:43:07,443
<font color="#ffbf46">මේ මගේ මහත්තයාගේ පින්තූරය.</font>

549
00:43:09,845 --> 00:43:11,347
<font color="#ffbf46">දැන් මට වඩා ගොඩක් බාලයි වගේ.</font>

550
00:43:12,982 --> 00:43:15,785
<font color="#ffbf46">ඒ පින්තූරය අරන්
මාස කිහිපයකට පස්සේ තමයි ඒක වුණේ.</font>

551
00:43:19,388 --> 00:43:23,192
<font color="#ffbf46">මට ආරංචි වුණා ඔයා කිසිම දෙයක්
බලාපොරොත්තු වෙන්නේ නැතුව සමාව දුන්නා කියලා.</font>

552
00:43:28,898 --> 00:43:32,635
<font color="#ffbf46">එයාට ජීවිතාන්තය දක්වා හිර දඬුවම් නියම වුණා,
ඒත් අවුරුදු 10කින් නිදහස් කළා.</font>

553
00:43:33,235 --> 00:43:35,071
<font color="#ffbf46">ඔයාගේ සමාව දීම නිසා.</font>

554
00:43:38,908 --> 00:43:40,343
<font color="#ffbf46">මම ඒක දැනගෙන හිටියේ නෑ.</font>

555
00:43:41,477 --> 00:43:43,813
<font color="#ffbf46">එයා පවුලේ අයත් එක්ක
සතුටින් ජීවත් වෙනවා කියලත් ආරංචියි.</font>

556
00:43:45,681 --> 00:43:50,819
<font color="#ffbf46">ඒත් මට එයාගෙන් එක සමාව ගැනීමේ
ලියුමක්වත් ලැබුණේ නෑ.</font>

557
00:43:50,886 --> 00:43:53,355
<font color="#ffbf46">එයා වෙනස් වෙලා කියලා
තීරණය කරන්නේ කවුද?</font>

558
00:43:53,422 --> 00:43:55,391
<font color="#ffbf46">අපි මේ විදියට දුක් විඳිද්දි...</font>

559
00:43:55,725 --> 00:43:57,893
<font color="#ffbf46">අපි දන්නේවත් නැතුව එයාලා
එයාව කලින්ම නිදහස් කරලා යැව්වද?</font>

560
00:44:03,165 --> 00:44:06,268
<font color="#ffbf46">එයාට තවත් දඬුවම් කරන්න ඕනෙද?</font>

561
00:44:07,336 --> 00:44:09,638
<font color="#ffbf46">මම ඒ ගැන දන්නේ නෑ.</font>

562
00:44:09,705 --> 00:44:10,840
<font color="#ffbf46">මට ඕනේ එයාගෙන් අහන්න විතරයි.</font>

563
00:44:12,074 --> 00:44:17,112
<font color="#ffbf46">ඇයි එයා මගේ මහත්තයාව මැරුවේ කියලා.
ඇයි එයාවම?</font>

564
00:44:17,179 --> 00:44:22,951
<font color="#ffbf46">එයා අඬලා සමාව ගත්තා නම්...</font>

565
00:44:23,018 --> 00:44:25,220
<font color="#ffbf46">සමහරවිට මගේ හිතට සහනයක් දැනෙයි.</font>

566
00:44:25,287 --> 00:44:29,158
<font color="#ffbf46">මේ මගුල් නීති හරිම අමුතුයි.</font>

567
00:44:29,225 --> 00:44:32,428
<font color="#ffbf46">ඇයි වෙන අය මම වෙනුවෙන්
දඬුවම් කරන්නේ, සමාව දෙන්නේ?</font>

568
00:44:33,863 --> 00:44:36,332
<font color="#ffbf46">එයාට ගොඩක් දුක හිතිලා
නිසා කතා නොකර ඉන්න ඇති.</font>

569
00:44:36,399 --> 00:44:38,901
<font color="#ffbf46">ඒක නිවැරදි කරන්න එයා හොඳින් ඉඳියි.</font>

570
00:44:38,968 --> 00:44:39,869
<font color="#ffbf46">නෑ.</font>

571
00:44:40,903 --> 00:44:45,307
<font color="#ffbf46">එයා එයාගේ පව්වලට
වන්දි ගෙව්වා කියලා එයා කිව්වාලු.</font>

572
00:44:45,841 --> 00:44:47,076
<font color="#ffbf46">දෙවියනේ.</font>

573
00:44:48,043 --> 00:44:53,649
<font color="#ffbf46">ඔයාගේ දඬුවම විඳලා ඉවර වුණාම,
මිනීමැරුම කියන එක නිකන්ම නැති වෙලා යනවද?</font>

574
00:44:53,716 --> 00:44:55,918
<font color="#ffbf46">වරදකාරී හැඟීමත් එහෙමද?</font>

575
00:44:58,154 --> 00:45:01,123
<font color="#ffbf46">අපි සමාව දෙන්නේ මොනවහරි දෙයක්
බලාපොරොත්තුවෙන් නෙවෙයි.</font>

576
00:45:02,224 --> 00:45:03,559
<font color="#ffbf46">ඕක අමතක කරලා දාන්න නෝනා.</font>

577
00:45:04,059 --> 00:45:06,262
<font color="#ffbf46">මුලදි මාත් හිතුවේ එහෙමයි.</font>

578
00:45:07,963 --> 00:45:09,531
<font color="#ffbf46">ඒත් මට තරහ යනවා</font>

579
00:45:09,598 --> 00:45:12,268
<font color="#ffbf46">අර ආදර්ශමත් සිරකරුවා
තාමත් සමාව අරන්වත් නැති එක ගැන!</font>

580
00:45:13,602 --> 00:45:15,204
<font color="#ffbf46">මම කීර්තියක් හොයනවා නෙවෙයි,</font>

581
00:45:15,271 --> 00:45:18,874
<font color="#ffbf46">එහෙම නැත්තන් මම ස්තුතියක් බලාපොරොත්තු වෙනවා ඇති.</font>

582
00:45:20,976 --> 00:45:22,878
<font color="#ffbf46">මට අහන්න ඕනේ
එයා කණගාටු වෙනවා කියලා විතරයි!</font>

583
00:45:25,581 --> 00:45:27,883
<font color="#ffbf46">මම සමාව දුන්නේ නිකරුණේ නෙවෙයි නම්...</font>

584
00:45:29,452 --> 00:45:31,153
<font color="#ffbf46">මට අහන්න ඕනේ එයාට ඒ ගැන දුකයි කියලා.</font>

585
00:45:31,954 --> 00:45:33,956
<font color="#ffbf46">එහෙම නැත්නම්...</font>

586
00:45:35,825 --> 00:45:37,426
<font color="#ffbf46">මම එයාට දුන්න සමාව ආපහු ගන්නවා.</font>

587
00:46:02,818 --> 00:46:04,987
<font color="#ffbf46">මේ ඔයාගේ ළමයිද?</font>

588
00:46:05,054 --> 00:46:06,722
<font color="#ffbf46">ඔව්.</font>

589
00:46:07,623 --> 00:46:14,129
<font color="#ffbf46">ඒත් එයාලට හොඳට උගන්වන්න
මට වත්කමක් තිබුණේ නෑ...</font>

590
00:46:15,231 --> 00:46:19,735
<font color="#ffbf46">අද මම දෙවියන් වහන්සේට විරුද්ධව ගොඩක් පව් කළා.</font>

591
00:46:20,803 --> 00:46:24,507
<font color="#ffbf46">ඒත් ඔයා මගේ කතාව අහපු නිසා
මට සහනයක් දැනෙනවා.</font>

592
00:46:25,841 --> 00:46:31,180
<font color="#ffbf46">මට ඔයාට මොනවාහරි දෙන්නත් අමතක වුණා.</font>

593
00:46:31,247 --> 00:46:32,515
<font color="#ffbf46">කමක් නෑ. මම හොඳින්.</font>

594
00:46:48,063 --> 00:46:50,165
<font color="#ffbf46">මම එනවා!</font>

595
00:46:50,232 --> 00:46:51,834
<font color="#ffbf46">මෝඩයා! ආයෙත් ඇවිල්ලද?</font>

596
00:46:56,438 --> 00:46:58,908
<font color="#ffbf46">ෆැක්ස් එක යන්න ටික වෙලාවක් යයි.</font>

597
00:47:03,746 --> 00:47:04,947
<font color="#ffbf46">සිස්ටර් මේරි කොහොමද?</font>

598
00:47:05,014 --> 00:47:06,382
<font color="#ffbf46">මම එයාව දැක්කේ නෑ ටික කාලෙකින්.</font>

599
00:47:07,116 --> 00:47:08,551
<font color="#ffbf46">එයා හැමදාම කාර්යබහුලයි.</font>

600
00:47:10,019 --> 00:47:11,787
<font color="#ffbf46">ඒක තමයි එයාගේ ජීවිතේ සතුට.</font>

601
00:47:12,454 --> 00:47:15,457
<font color="#ffbf46">වැරදිකරුවන් සහ වින්දිතයන් අතර
ඉන්න එක අමාරු දෙයක් වුණත්.</font>

602
00:47:16,292 --> 00:47:18,527
<font color="#ffbf46">එයා ලොකු උදව්වක්.</font>

603
00:47:19,595 --> 00:47:22,464
<font color="#ffbf46">ඒත් මට හිතෙනවා එයා වැඩියෙන්ම ගන්නේ
වැරදිකාරයගේ පැත්ත කියලා.</font>

604
00:47:23,365 --> 00:47:25,634
<font color="#ffbf46">අපි වේදනාවෙන් ඉන්න වින්දිතයන්ගේ පවුල්
ගැනත් බලන්න ඕනේ නේද?</font>

605
00:47:26,569 --> 00:47:29,038
<font color="#ffbf46">මිනීමැරුමකට දඬුවම් ලැබීම සාමාන්‍ය දෙයක්.</font>

606
00:47:30,239 --> 00:47:31,874
<font color="#ffbf46">මරණ දණ්ඩනය නියම වෙලා ඉන්න සිරකරුවන්ටත් අයිතිවාසිකම් තියෙනවා.</font>

607
00:47:33,475 --> 00:47:35,811
<font color="#ffbf46">මානව අයිතිවාසිකම්වලටත් පිළිවෙළක් තියෙනවා.</font>

608
00:47:35,878 --> 00:47:39,381
<font color="#ffbf46">ඔයාට ගෞරවය ඕනෙනම්, ඔයා ඒක දිනාගන්න ඕනේ.
කාටද ඒක නිකන් හම්බවෙන්නේ?</font>

609
00:47:40,015 --> 00:47:45,854
<font color="#ffbf46">මිනී මැරුවට එයාලට වාසනාව තිබ්බොත්
අවුරුදු 3ක් 4ක් වගේම පරිවාස කාලයකුත් හම්බවෙනවා.</font>

610
00:47:45,921 --> 00:47:49,792
<font color="#ffbf46">මරණ දඬුවම ලැබෙන එකත් අමාරුයි.</font>

611
00:47:52,795 --> 00:47:54,963
<font color="#ffbf46">දරුණු අපරාධ අංශය.</font>

612
00:47:55,030 --> 00:48:00,135
<font color="#ffbf46">නෑ, දෙවැනි වරට වැරදි
නොකරපු අය විතරයි.</font>

613
00:48:01,136 --> 00:48:03,739
<font color="#ffbf46">ප්‍රශ්න ඇති කරන්නේ නැතුව
මට ඒක කෙටි කරලා දෙන්න.</font>

614
00:48:06,909 --> 00:48:09,812
<font color="#ffbf46">සමාව දීලා නිදහස් කරපු අයගේ
ලැයිස්තුවක් ගන්න එක ලේසි වෙයි.</font>

615
00:48:10,412 --> 00:48:13,649
<font color="#ffbf46">90%ක්ම නිදහස් වෙන්නේ සමාව ලැබිලා.</font>

616
00:48:14,683 --> 00:48:15,984
<font color="#ffbf46">ඒ තරම්මද?</font>

617
00:48:16,051 --> 00:48:19,121
<font color="#ffbf46">70%කට වඩා ආයෙත් හිරේ එන්නේ
දෙවැනි වතාවටත් වැරදි කරලා.</font>

618
00:48:19,188 --> 00:48:22,825
<font color="#ffbf46">ඒ නිසා ඔයා ඉල්ලන දේ ගන්න එක
ලේසි වෙන එකක් නෑ.</font>

619
00:48:23,492 --> 00:48:24,660
<font color="#ffbf46">වෙන්න බෑ...</font>

620
00:48:25,628 --> 00:48:28,464
<font color="#ffbf46">මට ආරංචි වුණා ගොඩක් සිරකරුවන්
පසුතැවිලි වෙලා වෙනස් වෙනවා කියලා.</font>

621
00:48:30,499 --> 00:48:32,534
<font color="#ffbf46">ඒ වෙලාවට එහෙම වෙන්න ඇති.</font>

622
00:48:32,601 --> 00:48:35,604
<font color="#ffbf46">ඒත් එයාලගේ ඇත්ත ස්වභාවය
එළියට එන්නේ නිදහස් වුණාට පස්සෙයි.</font>

623
00:48:41,010 --> 00:48:42,411
<font color="#ffbf46">මොකද අවුල?</font>

624
00:48:42,478 --> 00:48:44,446
<font color="#ffbf46">මට මේක විශ්වාස කරන්නත් බෑ.</font>

625
00:48:45,180 --> 00:48:47,115
<font color="#ffbf46">මධ්‍යම විද්‍යාලයක
ගෑනු ළමයෙක්ව දූෂණය කරපු මිනිහා</font>

626
00:48:47,182 --> 00:48:49,117
<font color="#ffbf46">ගිය අවුරුද්දේ, ඒ මිනිහා දැනටමත් නිදහස් වෙලා.</font>

627
00:48:49,184 --> 00:48:50,285
<font color="#ffbf46">ඉතින්?</font>

628
00:48:50,953 --> 00:48:53,021
<font color="#ffbf46">වින්දිතයාගේ අම්මට පිස්සු හැදිලා වගේ.</font>

629
00:48:53,088 --> 00:48:54,456
<font color="#ffbf46">කිව්වා එයාට ඒ මිනිහව මුණගැහුණා කියලා.</font>

630
00:48:54,523 --> 00:48:56,158
<font color="#ffbf46">එයාට කලන්තෙ දැම්මෙ නැද්ද?</font>

631
00:48:57,292 --> 00:49:00,095
<font color="#ffbf46">එදා ඉඳන් ඒ අම්මටයි දුවටයි
එළියට යන්නත් බෑලු.</font>

632
00:49:01,997 --> 00:49:04,499
<font color="#ffbf46">එයාට කොච්චර කල් ලැබුණද?
අවුරුදු දෙකහමාරක්ද?</font>

633
00:49:04,566 --> 00:49:07,703
<font color="#ffbf46">ඔව්, ඒත් එයා අවුරුද්දකින් වගේ
නිදහස් වෙලා ඇවිත්.</font>

634
00:49:09,371 --> 00:49:12,174
<font color="#ffbf46">එයාලා ඒ ගැන මුකුත්ම දන්නේ නෑ.</font>

635
00:49:12,241 --> 00:49:16,778
<font color="#ffbf46">එයා නිතරම වැරදි කරන කෙනෙක් නේද?
අප්පා, එයා ආයෙත් ඒකම කරනවා.</font>

636
00:49:16,845 --> 00:49:20,148
<font color="#ffbf46">එයා ඉල්ලනවා ඒ මිනිහා
කොහෙද ඉන්නේ කියලා දැනගන්න.</font>

637
00:49:20,215 --> 00:49:23,185
<font color="#ffbf46">ඒත් ඒ වාසනාවන්ත මෝඩයගේ
විස්තර රහසිගතයි.</font>

638
00:49:25,587 --> 00:49:28,691
<font color="#ffbf46">අම්මා අඬ අඬා ආයාචනා කරනවා...</font>

639
00:49:29,825 --> 00:49:32,327
<font color="#ffbf46">එයාට කියන්න එතකොට එයාට ඒ මිනිහව මඟඇරලා ඉන්න පුළුවන්නේ.</font>

640
00:49:32,394 --> 00:49:35,030
<font color="#ffbf46">ඒත් සර්! මට ලොකු ප්‍රශ්නයක් වෙයි.</font>

641
00:49:38,167 --> 00:49:41,270
<font color="#ffbf46">වැරදිකාරයා නිදහස් වෙනවා නම්
ඒ ගැන වින්දිතයන් දැනගන්න ඕනේ නේද?</font>

642
00:49:42,705 --> 00:49:44,072
<font color="#ffbf46">ඇයි?</font>

643
00:49:44,139 --> 00:49:46,074
<font color="#ffbf46">ඒක එයාලගේ නඩුවක්.</font>

644
00:49:46,141 --> 00:49:48,443
<font color="#ffbf46">එයාලට කියන්නේ නෑ</font>

645
00:49:48,510 --> 00:49:50,245
<font color="#ffbf46">අඩුම තරමේ වැරදිකාරයා
හිරෙන් පැනලා ගියත්.</font>

646
00:49:52,181 --> 00:49:53,515
<font color="#ffbf46">ඒක පිස්සුවක්.</font>

647
00:49:53,582 --> 00:49:56,919
<font color="#ffbf46">වින්දිතයන්ට ජීවිත කාලය පුරාම
පළිගනියි කියන බයෙන් ජීවත් වෙන්න වෙලා.</font>

648
00:49:57,453 --> 00:49:58,754
<font color="#ffbf46">අමුතු ලෝකයක් නේද?</font>

649
00:50:01,056 --> 00:50:04,059
<font color="#ffbf46">වැරදිකාරයට වින්දිතයාගේ විස්තර දැනගන්න පුළුවන්ද?</font>

650
00:50:04,126 --> 00:50:07,963
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම. ඒකයි මිනිස්සු
වැඩිය පැමිණිලි කරන්නේ නැත්තේ.</font>

651
00:50:08,030 --> 00:50:09,732
<font color="#ffbf46">එයාලා නිදහස් වුණාට පස්සේ පළිගැනීමක්
විදියට කරන මිනීමැරුම් ගොඩක් තියෙනවා.</font>

652
00:50:14,903 --> 00:50:16,672
<font color="#ffbf46">ඉතින්, ඔයා හිතනවද</font>

653
00:50:16,739 --> 00:50:19,941
<font color="#ffbf46">එයාලට සමාව දෙන එකෙන් වැඩක් නෑ කියලා?</font>

654
00:50:20,008 --> 00:50:22,044
<font color="#ffbf46">සමාව දෙන එක වැදගත් නෑ.</font>

655
00:50:22,111 --> 00:50:25,013
<font color="#ffbf46">ආයෙත් අපරාධ නොකර ඉන්න එකයි වැදගත්.</font>

656
00:50:25,080 --> 00:50:28,417
<font color="#ffbf46">සමාජය නිකන්ම සමාව දෙනවා,
ඒ වගේම කිසිම පසුතැවීමකුත් නෑ.</font>

657
00:50:28,484 --> 00:50:30,452
<font color="#ffbf46">ඒ නිසා අපරාධ නැවත නැවතත් සිද්ධ වෙනවා.</font>

658
00:50:31,487 --> 00:50:34,723
<font color="#ffbf46">වගකීමකින් තොරව සමාව දීමත්
අපරාධයක්.</font>

659
00:50:47,436 --> 00:50:49,705
<font color="#ffbf46">මට ඕනේ ඒ ළමයාව හොයාගන්න,</font>

660
00:50:49,772 --> 00:50:51,940
<font color="#ffbf46">ඒත් මම බයයි
මට කනගාටු වෙන්න වෙයි කියලා.</font>

661
00:50:53,575 --> 00:50:55,744
<font color="#ffbf46">මේ විදිහටම මේක අතහැරලා දාන්නත්
මට බයයි.</font>

662
00:50:57,279 --> 00:51:01,450
<font color="#ffbf46">මම බයයි මේක හොයලා බලන්න</font>

663
00:51:01,517 --> 00:51:03,218
<font color="#ffbf46">එයා සමාව දෙන්න වටින කෙනෙක්ද නැද්ද කියලා.</font>

664
00:51:04,453 --> 00:51:07,923
<font color="#ffbf46">මේ වගේ සැකයන් ඇතිකරගත්තට
මට සමාවෙන්න.</font>

665
00:51:10,159 --> 00:51:12,427
<font color="#ffbf46">එයා ඇත්තටම වෙනස් වෙලාද</font>

666
00:51:12,494 --> 00:51:14,896
<font color="#ffbf46">එහෙම නැත්නම් සමාව දෙන්න වටිනවද</font>

667
00:51:14,963 --> 00:51:17,132
<font color="#ffbf46">කියලා තීරණය කරන එක අපිට අයිති දෙයක් නෙවෙයි.</font>

668
00:51:18,467 --> 00:51:23,238
<font color="#ffbf46">ඒක දෙවියන් වහන්සේට භාර දීලා
එයා වෙනුවෙන් තව යාච්ඤා කරන්න.</font>

669
00:51:29,545 --> 00:51:30,846
<font color="#ffbf46">එහෙනම්...</font>

670
00:51:31,446 --> 00:51:33,615
<font color="#ffbf46">මම එයාට සමාව දෙන්නම ඕනෙද?</font>

671
00:51:40,722 --> 00:51:41,790
<font color="#ffbf46">සන්ග්-වූ...</font>

672
00:51:43,025 --> 00:51:46,094
<font color="#ffbf46">මාව වැඩියෙන්ම බය කරන්නේ</font>

673
00:51:46,161 --> 00:51:48,030
<font color="#ffbf46">මගේ බයටයි සැකයටයි මුහුණ දෙන එක.</font>

674
00:51:50,299 --> 00:51:52,301
<font color="#ffbf46">මම මොකක්ද කරන්න ඕනේ?</font>

675
00:52:03,478 --> 00:52:04,546
<font color="#ffbf46">රහස් පරීක්ෂක පාර්ක් කතා කරන්නේ.</font>

676
00:52:06,548 --> 00:52:08,550
<font color="#ffbf46">හලෝ, සර්.</font>

677
00:52:09,384 --> 00:52:14,823
<font color="#ffbf46">අපි අවුරුද්දකට කලින් හමු වුණා
හන් සන්ග්-වූගේ කේස් එකට...</font>

678
00:52:14,890 --> 00:52:17,092
<font color="#ffbf46">(ජාතික පොලිස් මූලස්ථානය)</font>

679
00:52:17,159 --> 00:52:20,229
<font color="#ffbf46">කිම් තේ-හෝ.
හන් සන්ග්-වූගේ ඝාතකයා...</font>

680
00:52:21,597 --> 00:52:23,198
<font color="#ffbf46">එයා දැන් ඉන්නේ පරිවාස භාරයේ.</font>

681
00:52:23,265 --> 00:52:24,699
<font color="#ffbf46">මොකක්?</font>

682
00:52:24,766 --> 00:52:26,335
<font color="#ffbf46">ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ.</font>

683
00:52:26,902 --> 00:52:30,572
<font color="#ffbf46">ඇයි? එයා ආපහු ඉස්කෝලේ ගියේ නැද්ද?</font>

684
00:52:31,173 --> 00:52:33,842
<font color="#ffbf46">එයා මාස 3කට කලින් ඉස්කෝලේ
ළමයෙක්ව මැරුවා.</font>

685
00:52:34,743 --> 00:52:36,078
<font color="#ffbf46">මොකක්? ඒ ඇයි?</font>

686
00:52:36,845 --> 00:52:39,882
<font color="#ffbf46">එයා කියලා තියෙනවා අර ළමයා එයාගේ තාත්තා ගැන
පුරසාරම් දොඩපු නිසා කේන්ති ගියා කියලා.</font>

687
00:52:41,783 --> 00:52:42,784
<font color="#ffbf46">ඒකේ කිසිම තේරුමක් නෑනේ.</font>

688
00:52:43,719 --> 00:52:45,854
<font color="#ffbf46">මනුස්සයෙක්ව මරන්න තරම්
ඒක හේතුවක් නෙවෙයි.</font>

689
00:52:47,789 --> 00:52:52,694
<font color="#ffbf46">ඒ කාලේ වුණ
යතුරුපැදි අනතුරට කලින්...</font>

690
00:52:53,228 --> 00:52:55,030
<font color="#ffbf46">එයා එයාගේ අම්මාටත් පිහියෙන් ඇනලා තියෙනවා.</font>

691
00:52:56,331 --> 00:52:58,333
<font color="#ffbf46">ඒත් එයා ඒ ගැන පැමිණිලි කරලා නැහැ</font>

692
00:52:58,400 --> 00:53:00,168
<font color="#ffbf46">එයාගේ පුතාව බේරගන්න.</font>

693
00:53:01,370 --> 00:53:04,539
<font color="#ffbf46">එයා හිරේට යන්නයි තිබුණේ,</font>

694
00:53:05,374 --> 00:53:07,442
<font color="#ffbf46">ඒත් එයාගේ සල්ලි කාර දෙමව්පියන් නිසා
එයා බේරුණා.</font>

695
00:53:12,047 --> 00:53:12,881
<font color="#ffbf46">මොකක්?</font>

696
00:53:13,916 --> 00:53:15,150
<font color="#ffbf46">හරි, මම දැන් එතනට එන්නම්.</font>

697
00:53:20,923 --> 00:53:21,757
<font color="#ffbf46">තේ-හෝ...</font>

698
00:53:22,925 --> 00:53:24,893
<font color="#ffbf46">මට එයාගේ දෙමව්පියන්ව හම්බවෙන්න පුළුවන්ද?</font>

699
00:53:25,827 --> 00:53:27,429
<font color="#ffbf46">වැරදිකරුවන්ගේ විස්තර රහසිගතයි.</font>

700
00:53:28,363 --> 00:53:29,564
<font color="#ffbf46">විශේෂයෙන්ම බාලවයස්කරුවන්ගේ.</font>

701
00:53:32,100 --> 00:53:33,435
<font color="#ffbf46">එයාලව හම්බවෙලා ඔයා මොනවද කරන්නේ?</font>

702
00:53:34,937 --> 00:53:37,806
<font color="#ffbf46">ඔයා අත්සන් කරපු පෙත්සම
ආපහු ගන්නවද?</font>

703
00:53:39,508 --> 00:53:44,179
<font color="#ffbf46">එහෙනම් වින්දිතයාගේ විස්තර ටිකක් දෙන්න පුළුවන්ද?
කරුණාකරලා?</font>

704
00:54:32,694 --> 00:54:33,528
<font color="#ffbf46">හලෝ?</font>

705
00:54:59,087 --> 00:55:00,589
<font color="#ffbf46">සොක්? පුතේ?</font>

706
00:55:02,557 --> 00:55:03,892
<font color="#ffbf46">ඔයා ගෙදරද ඉන්නේ.</font>

707
00:55:05,594 --> 00:55:08,263
<font color="#ffbf46">ඇයි මේච්චර පරක්කු වුණේ?</font>

708
00:55:31,486 --> 00:55:34,189
<font color="#ffbf46">දැන් හරි.</font>

709
00:55:41,930 --> 00:55:42,764
<font color="#ffbf46">මට ගොඩක් සමාවෙන්න.</font>

710
00:55:45,534 --> 00:55:46,735
<font color="#ffbf46">පුතේ?</font>

711
00:55:48,937 --> 00:55:51,506
<font color="#ffbf46">තාත්තා හොඳින්.</font>

712
00:55:53,442 --> 00:56:01,583
<font color="#ffbf46">ඒ නිසා, බය නැතුව සැනසීමෙන් සැතපෙන්න.</font>

713
00:56:04,986 --> 00:56:15,297
<font color="#ffbf46">ඔයා මං ගැන වද වෙනවා කියලා හිතුනම
මටත් නින්ද ගියේ නෑ.</font>

714
00:56:19,468 --> 00:56:20,469
<font color="#ffbf46">ඔව්...</font>

715
00:56:22,170 --> 00:56:27,275
<font color="#ffbf46">මට...</font>

716
00:56:29,077 --> 00:56:35,584
<font color="#ffbf46">ඔයා මට හුඟක් ආදරේ හිතෙන දරුවෙක්.
ගොඩක් ස්තූතියි...</font>

717
00:56:44,593 --> 00:56:46,495
<font color="#ffbf46">(හොඳම ශිෂ්‍යයාට හිමි සම්මානය)</font>

718
00:58:24,759 --> 00:58:25,794
<font color="#ffbf46">ඔයා මොනවද කල්පනා කරන්නේ?</font>

719
00:58:26,595 --> 00:58:28,863
<font color="#ffbf46">දෙයියනේ!</font>

720
00:58:28,930 --> 00:58:30,098
<font color="#ffbf46">ඔයා මාව බය කළානේ.</font>

721
00:58:31,032 --> 00:58:33,034
<font color="#ffbf46">ඇත්තද? සොරි.</font>

722
00:58:36,371 --> 00:58:37,505
<font color="#ffbf46">අනිත් අය කෝ?</font>

723
00:58:38,306 --> 00:58:40,208
<font color="#ffbf46">වැස්ස නිසා එයාලා ඇතුළට ගියා.</font>

724
00:58:40,275 --> 00:58:43,778
<font color="#ffbf46">ඇත්තද? එයාලා අපි ගැන බය වෙයි.
යමු.</font>

725
00:58:48,984 --> 00:58:50,819
<font color="#ffbf46">කුඩේ ලස්සනයි.
ඔයාගෙද?</font>

726
00:58:51,920 --> 00:58:53,989
<font color="#ffbf46">නෑ.
එහෙනම් කාගෙද?</font>

727
00:58:54,589 --> 00:58:59,995
<font color="#ffbf46">ඒක මම කැමති කෙනෙක්ගේ.
ආ, එහෙමද.</font>

728
00:59:01,296 --> 00:59:02,397
<font color="#ffbf46">යමු.</font>

729
01:00:21,776 --> 01:00:23,712
<font color="#ffbf46">දා-හී! ඔයා මොකද කරන්නේ?</font>

730
01:00:24,846 --> 01:00:27,649
<font color="#ffbf46">මේ වෙලාවේ ඇහැරිලා
මොකද කරන්නේ?</font>

731
01:00:27,716 --> 01:00:30,685
<font color="#ffbf46">ඔයානේ නිදාගන්න ඕනේ.
ඔයා ලෙඩෙක්නේ.</font>

732
01:00:31,786 --> 01:00:34,923
<font color="#ffbf46">ඕක මට දෙන්න.
මගේ ගෙදර හොඳටම අවුල් වෙලා.</font>

733
01:00:50,538 --> 01:00:52,006
<font color="#ffbf46">ඇයි ඔයා මේ තරම් ගොඩක් දේවල් ගත්තේ?</font>

734
01:00:52,907 --> 01:00:56,544
<font color="#ffbf46">ඔයාට ඕන තරම් අඬන්න පුළුවන් වෙන්නයි,
ඇඟේ වතුර අඩුවෙන්නේ නැති වෙන්නයි.</font>

735
01:01:00,248 --> 01:01:02,717
<font color="#ffbf46">අයින් වෙන්න. මම මගේ ෆ්‍රිජ් එක
අස් කරන්න යන්නේ.</font>

736
01:01:03,752 --> 01:01:06,688
<font color="#ffbf46">මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ?
ඔයා නිදාගෙන විවේක ගන්න ඕනේ.</font>

737
01:01:21,403 --> 01:01:22,737
<font color="#ffbf46">ඒකෙන් වැඩක් නෑ.</font>

738
01:01:28,476 --> 01:01:30,245
<font color="#ffbf46">මුකුත්ම වෙනස් වෙන්නේ නෑ.</font>

739
01:01:34,482 --> 01:01:36,484
<font color="#ffbf46">නවත්තලා හුස්ම ගන්න!</font>

740
01:01:36,551 --> 01:01:38,153
<font color="#ffbf46">ඔයා හරියට ශ්වසන යන්ත්‍රයක ඉන්නවා වගේනේ!</font>

741
01:01:45,260 --> 01:01:47,262
<font color="#ffbf46">සන්ග්-වූව මරපු ළමයා...</font>

742
01:01:49,731 --> 01:01:53,334
<font color="#ffbf46">මම සමාව දීපු ළමයා
තවත් කෙනෙක්ව මරලා.</font>

743
01:01:55,470 --> 01:01:59,240
<font color="#ffbf46">ඒ කියන්නේ, මමයි එයාව මැරුවේ.</font>

744
01:02:24,532 --> 01:02:25,633
<font color="#ffbf46">දා-හී...</font>

745
01:02:26,968 --> 01:02:29,637
<font color="#ffbf46">වේදනාවෙන් ඉන්න අය,</font>

746
01:02:30,605 --> 01:02:32,941
<font color="#ffbf46">මොකද එයාලට සමාව දෙන්න ඕනේ නිසා.</font>

747
01:02:34,776 --> 01:02:38,780
<font color="#ffbf46">එයාලා එහෙම කළේ නැත්නම්,
වේදනාවක් නෑ.</font>

748
01:02:40,815 --> 01:02:45,487
<font color="#ffbf46">එයාලට ඕනේ වේදනාව දුන්න කෙනාගෙන්ම
සමාව ලබාගන්නයි.</font>

749
01:02:46,087 --> 01:02:47,188
<font color="#ffbf46">ඒක හරි අමුතුයි.</font>

750
01:02:48,723 --> 01:02:50,291
<font color="#ffbf46">තේරුමක් නැද්ද?</font>

751
01:02:50,358 --> 01:02:53,528
<font color="#ffbf46">නෑ, ඒ කතාව ඔයාගෙන් ආපු එකයි.
හේයි!</font>

752
01:02:55,797 --> 01:02:56,998
<font color="#ffbf46">මම ඔයාගේ කුඩේ ගන්නවා.</font>

753
01:02:57,932 --> 01:02:58,933
<font color="#ffbf46">ඒක මෙතනද තියෙන්නේ?</font>

754
01:03:00,502 --> 01:03:01,969
<font color="#ffbf46">ඉන්න!
ඇයි?</font>

755
01:03:02,036 --> 01:03:03,838
<font color="#ffbf46">ඒ වෙනුවට වෙන එකක් ගන්න.</font>

756
01:03:05,340 --> 01:03:08,142
<font color="#ffbf46">ඇයි? මේක පරණ පාටයි.
ඒක නිසා අලුත් එකක් ගන්න.</font>

757
01:03:09,077 --> 01:03:10,845
<font color="#ffbf46">බෑ! ඒක නැති වුණොත්?</font>

758
01:03:16,751 --> 01:03:19,420
<font color="#ffbf46">මගේ පෙම්වතාගේ මරණයෙන්
ඒ පන්තියේ ළමයාව බේරගන්න තිබුණා...</font>

759
01:03:20,054 --> 01:03:21,089
<font color="#ffbf46">ඒත් මම හැමදේම විනාශ කළා.</font>

760
01:03:24,359 --> 01:03:29,163
<font color="#ffbf46">ඔයා එයාට සමාව දුන්නම,
ඔයා එයාව දෙවියන් වහන්සේට භාර කළා.</font>

761
01:03:29,230 --> 01:03:33,334
<font color="#ffbf46">එතනින් එහාට හැමදේම සිද්ධවෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටයි.</font>

762
01:03:33,902 --> 01:03:36,037
<font color="#ffbf46">එහෙනම් දෙවියන් වහන්සේ මොනවද කළේ?</font>

763
01:03:36,671 --> 01:03:38,373
<font color="#ffbf46">ඒ ළමයාව මැරෙන්න සලස්වපු එකද
දෙවියන්ගේ කැමැත්ත?</font>

764
01:03:39,440 --> 01:03:40,942
<font color="#ffbf46">අර ළමයාට හරියට දඬුවම් ලැබුණා නම්,</font>

765
01:03:41,009 --> 01:03:42,610
<font color="#ffbf46">එයා ආයෙත් කෙනෙක්ව මරන්නේ නෑ!</font>

766
01:03:44,012 --> 01:03:45,680
<font color="#ffbf46">මම දුන්න සමාව නිසා
තවත් කෙනෙක් මැරුණා.</font>

767
01:03:50,118 --> 01:03:53,554
<font color="#ffbf46">ඒත් දෙවියන් වහන්සේට ඕනේ කරුණාවන්ත දියණියක්ව,</font>

768
01:03:53,621 --> 01:03:55,924
<font color="#ffbf46">තද හිතක් තියෙන කෙනෙක්ට වඩා.</font>

769
01:03:56,591 --> 01:04:00,428
<font color="#ffbf46">දෙවියන් වහන්සේ ඒ තරුණ පව්කාරයාට තමයි
ගොඩක්ම අනුකම්පා කරන්නේ.</font>

770
01:04:02,297 --> 01:04:06,434
<font color="#ffbf46">එහෙනම් මගේ පෙම්වතාටයි
එයා මරපු ළමයාටයි මොකද වෙන්නේ?</font>

771
01:04:07,201 --> 01:04:10,371
<font color="#ffbf46">අහිංසක අයට තවත් වේදනාව දෙන එකද
දෙවියන්ගේ කැමැත්ත?</font>

772
01:04:13,374 --> 01:04:17,478
<font color="#ffbf46">ඔයාගේ පෙම්වතාගේයි ඒ ළමයාගේයි
ඉරණම වෙනස් වුණා නම් හොඳයි කියලද කියන්නේ?</font>

773
01:04:30,592 --> 01:04:31,426
<font color="#ffbf46">දා-හී?</font>

774
01:04:33,461 --> 01:04:33,995
<font color="#ffbf46">ආ, හායි.</font>

775
01:04:34,062 --> 01:04:36,230
<font color="#ffbf46">අපි එළියට යමු.
කොහෙද?</font>

776
01:04:36,297 --> 01:04:38,566
<font color="#ffbf46">එළියට ගිහින් හොඳ මොනවා හරි කමු.</font>

777
01:04:38,633 --> 01:04:39,967
<font color="#ffbf46">ඔයාට ශක්තිය ඕනේ.</font>

778
01:04:40,034 --> 01:04:40,835
<font color="#ffbf46">මම හොඳින්.</font>

779
01:04:40,902 --> 01:04:44,906
<font color="#ffbf46">ඒ වෙනුවට ජි-මින්ව එක්කන් යන්න.</font>

780
01:04:48,276 --> 01:04:50,345
<font color="#ffbf46">මම විශේෂයෙන්ම ඔයා වෙනුවෙනුයි වෙලාව වෙන් කළේ.</font>

781
01:04:53,982 --> 01:04:55,149
<font color="#ffbf46">මාර ඉරිසියයි...</font>

782
01:04:56,784 --> 01:04:58,753
<font color="#ffbf46">මගේ ඉරණම එයාලගේ ඉරණම එක්ක
මාරු කරගන්න පුළුවන් නම් කියලා මට හිතෙනවා.</font>

783
01:05:02,590 --> 01:05:03,991
<font color="#ffbf46">දා-හී...</font>

784
01:05:04,058 --> 01:05:06,494
<font color="#ffbf46">සන්ග්-වූ නැතත් ලෝකය
සාමාන්‍ය විදිහටම තියෙනවා.</font>

785
01:05:10,064 --> 01:05:11,399
<font color="#ffbf46">නේද?</font>

786
01:05:13,368 --> 01:05:14,802
<font color="#ffbf46">එළියට ගිහින් හුළං ටිකක් වැදුනම
ඔයාට හොඳක් දැනෙයි.</font>

787
01:05:15,370 --> 01:05:16,704
<font color="#ffbf46">අපි යමු.
ජි-සක්.</font>

788
01:05:19,540 --> 01:05:22,310
<font color="#ffbf46">මේ විදිහට දුර්වල වෙන එක
ඔයාගේ හැටි නෙවෙයි.</font>

789
01:05:22,377 --> 01:05:24,712
<font color="#ffbf46">ශක්තිමත් වෙන්න.</font>

790
01:05:24,779 --> 01:05:26,347
<font color="#ffbf46">එළියේ හුළං වැදුනම
මම ශක්තිමත් වෙයිද?</font>

791
01:05:27,548 --> 01:05:29,183
<font color="#ffbf46">මම නිකන් බය වුණා, එච්චරයි.</font>

792
01:05:32,220 --> 01:05:37,825
<font color="#ffbf46">කාර් එකට වතුර පිරෙද්දි
මම මැරෙයි කියලා මම හිතුවා.</font>

793
01:05:39,527 --> 01:05:42,230
<font color="#ffbf46">කොච්චර උත්සාහ කළත්
මට දොර අරින්න බැරි වුණා.</font>

794
01:05:44,132 --> 01:05:48,302
<font color="#ffbf46">මගේ ඔළුව ගාවටම වතුර පිරෙද්දි,
මම උත්සාහය අතහැරියා.</font>

795
01:05:49,871 --> 01:05:51,739
<font color="#ffbf46">ඒත් එතකොටම තමයි දොර ඇරුණේ.</font>

796
01:05:53,841 --> 01:05:57,979
<font color="#ffbf46">ඇතුළේ තිබ්බ වතුර පාරට
දොර ඇරුණා.</font>

797
01:06:04,352 --> 01:06:07,422
<font color="#ffbf46">මම බලාගෙන ඉන්නවා.</font>

798
01:06:09,257 --> 01:06:10,324
<font color="#ffbf46">මොකටද?</font>

799
01:06:13,594 --> 01:06:17,532
<font color="#ffbf46">මගේ හිත හැදෙනකල්.
ඊටපස්සේ ශක්තිමත් වෙනකල්.</font>

800
01:06:29,177 --> 01:06:31,612
<font color="#ffbf46">මේ ගේම් එක මරු!</font>

801
01:06:42,423 --> 01:06:43,391
<font color="#ffbf46">හේයි, බැටරි බැහැලා!</font>

802
01:06:44,425 --> 01:06:46,761
<font color="#ffbf46">හේයි, බැටරි බැහැලා!</font>

803
01:06:47,361 --> 01:06:48,429
<font color="#ffbf46">ඒක අපේ වැරැද්දක් නෙවෙයි!</font>

804
01:06:57,105 --> 01:06:58,539
<font color="#ffbf46">නත්තල් දවසට මොකද කරන්නේ?</font>

805
01:06:59,440 --> 01:07:01,042
<font color="#ffbf46">අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ලාවත්
එක්කන් ට්‍රිප් එකක් යමුද?</font>

806
01:07:01,109 --> 01:07:02,543
<font color="#ffbf46">ඔව්!
මට කෙනෙක් නෑනේ.</font>

807
01:07:02,610 --> 01:07:04,612
<font color="#ffbf46">බොරු කියන්න එපා!
ඔයාගේ කෙල්ලනේ ඔයාට මේක අරන් දුන්නේ!</font>

808
01:07:05,179 --> 01:07:06,213
<font color="#ffbf46">අපි බහිමු!</font>

809
01:07:06,280 --> 01:07:08,015
<font color="#ffbf46">ඕක මට දෙන්න!
දැන් මේක මගේ!</font>

810
01:07:08,082 --> 01:07:09,717
<font color="#ffbf46">ඕක ආපහු දෙන්න!</font>

811
01:07:09,784 --> 01:07:11,686
<font color="#ffbf46">දැන් මේක මගේ!</font>

812
01:07:11,753 --> 01:07:12,954
<font color="#ffbf46">ඒ කියන්නේ ඔයාගේ කෙල්ලම තමයි ඕක ඔයාට දීලා තියෙන්නේ.</font>

813
01:07:14,655 --> 01:07:17,458
<font color="#ffbf46">මටත් ට්‍රයි කරලා බලන්න දෙන්න!
බෑමයි!</font>

814
01:07:17,959 --> 01:07:18,993
<font color="#ffbf46">ඕක මට දෙන්න!</font>

815
01:07:24,398 --> 01:07:25,633
<font color="#ffbf46">අපි බහිමු!</font>

816
01:07:32,140 --> 01:07:33,141
<font color="#ffbf46">ඔයාගේ ෆෝන් එක!</font>

817
01:08:02,336 --> 01:08:04,972
<font color="#ffbf46">ඔයා ඉස්සෙල්ලා අයිස් දැම්මද?
මම නම්...</font>

818
01:08:10,044 --> 01:08:12,346
<font color="#ffbf46">මේ විදිහට කළාම අයිස් කැඩිලා
තුවාල වෙන එකක් නෑ.</font>

819
01:08:16,384 --> 01:08:19,487
<font color="#ffbf46">අද මගේ අම්මා කෝල් කළා.</font>

820
01:08:19,554 --> 01:08:21,489
<font color="#ffbf46">මේ සති අන්තේ තාත්තාගේ උපන්දිනය.</font>

821
01:08:21,556 --> 01:08:22,857
<font color="#ffbf46">ඔයා යන්න ඕනේ.</font>

822
01:08:23,791 --> 01:08:25,393
<font color="#ffbf46">මම යන්නේ නෑ කියලයි කිව්වේ.</font>

823
01:08:26,494 --> 01:08:29,630
<font color="#ffbf46">ඔයාගේ තාත්තා නපුරු වුණත්,</font>

824
01:08:29,697 --> 01:08:31,899
<font color="#ffbf46">ඔයා අද මේ තත්වෙන් ඉන්නේ
එයා නිසයි.</font>

825
01:08:32,400 --> 01:08:33,568
<font color="#ffbf46">එයා නිසා?</font>

826
01:08:35,136 --> 01:08:38,472
<font color="#ffbf46">මම ශක්තිමත් වුණේ එයා නිසා කියලා නම්
කියන්න එපා.</font>

827
01:08:39,006 --> 01:08:40,641
<font color="#ffbf46">එයාලා ඔයාගේ දෙමව්පියෝ.</font>

828
01:08:40,708 --> 01:08:42,376
<font color="#ffbf46">පවුලේ අයට වෛර කරන්න බෑනේ.</font>

829
01:08:43,578 --> 01:08:47,681
<font color="#ffbf46">පවුල කියන්නේ මහා කරදරයක්. තමන්ගේම
ළමයට වධ දෙන එක ඊටත් වඩා වැඩියි!</font>

830
01:08:47,748 --> 01:08:48,849
<font color="#ffbf46">ඒක වධ දෙනවා නෙවෙයි.</font>

831
01:08:48,916 --> 01:08:51,986
<font color="#ffbf46">පොඩි කාලේ ගුටි දෙක තුනක් කන්න වෙනවා.</font>

832
01:08:52,053 --> 01:08:54,355
<font color="#ffbf46">එහෙම ගහන එකෙන්
එයාලට ඊටත් වඩා රිදෙන්න ඇති.</font>

833
01:08:54,422 --> 01:08:57,725
<font color="#ffbf46">ඔයාට ඒ වගේ නරක තාත්තා කෙනෙක් හිටියේ නැති නිසා
ඔයා එහෙම කියයි!</font>

834
01:08:58,292 --> 01:09:01,262
<font color="#ffbf46">එහෙම කියන්න එපා!
කොහොම වුණත් එයා ඔයාගේ තාත්තා.</font>

835
01:09:02,163 --> 01:09:04,498
<font color="#ffbf46">මට ඔය කතාව
අහන්නම බැහැ!</font>

836
01:09:04,565 --> 01:09:07,335
<font color="#ffbf46">මගේ තාත්තා වුණා කියලා මොනවා කළත්
මම එයාට ගරු කරන්න ඕනෙද?</font>

837
01:09:07,668 --> 01:09:09,704
<font color="#ffbf46">ඔයා දන්නවද මම කී වතාවක්
එයාව මරන්න හිතුවද කියලා!</font>

838
01:09:11,305 --> 01:09:13,107
<font color="#ffbf46">ඔයාට කොහොමද එහෙම කියන්න පුළුවන්?</font>

839
01:09:13,174 --> 01:09:14,542
<font color="#ffbf46">ඔයා නම් මහ භයානකයි.</font>

840
01:09:15,443 --> 01:09:17,111
<font color="#ffbf46">එහෙම කියන ළමයෙක් අර...</font>

841
01:09:17,178 --> 01:09:18,679
<font color="#ffbf46">තමන්ගේ ළමයට මැරෙනකල් ගහන තාත්තා කෙනෙක්ට වඩා නරකද?</font>

842
01:09:18,746 --> 01:09:20,014
<font color="#ffbf46">නවත්තන්න!</font>

843
01:09:20,748 --> 01:09:21,949
<font color="#ffbf46">දෙමව්පියන්ට දැනෙන දේ ඔයා දන්නේ නෑ.</font>

844
01:09:22,884 --> 01:09:24,785
<font color="#ffbf46">ආ, ඇත්තද? එතකොට ඔයා දන්නවද?</font>

845
01:09:28,322 --> 01:09:30,624
<font color="#ffbf46">එයාගේ උපන්දිනය දවසට ගෙදර යන්න.</font>

846
01:09:30,691 --> 01:09:31,893
<font color="#ffbf46">දුවෙක් විදිහට ඔයා කරන්න ඕනේ ඒකයි.</font>

847
01:09:36,330 --> 01:09:37,731
<font color="#ffbf46">ඔයා දන්නවද?</font>

848
01:09:37,798 --> 01:09:42,069
<font color="#ffbf46">ඔයාගේ කතාව හරියට අවුරුද්දකට කලින්
ඔයා වටේ හිටපු අය...</font>

849
01:09:42,637 --> 01:09:46,107
<font color="#ffbf46">අර ළමයට සමාව දෙන්න කියලා
ඔයාට බල කරපු විදිහටමයි.</font>

850
01:10:04,058 --> 01:10:05,092
<font color="#ffbf46">හේයි!</font>

851
01:10:10,264 --> 01:10:11,132
<font color="#ffbf46">ඇයි මාව එළියට ගෙන්නුවේ?</font>

852
01:10:11,766 --> 01:10:12,767
<font color="#ffbf46">ඉක්මනට නගින්න.</font>

853
01:10:15,303 --> 01:10:16,337
<font color="#ffbf46">ඉක්මන් කරන්න.</font>

854
01:10:23,678 --> 01:10:24,845
<font color="#ffbf46">ඔයාට මොනවද ඕනේ?</font>

855
01:10:24,912 --> 01:10:27,315
<font color="#ffbf46">අපි ෂොපිං යමු.
ඔයාම යන්නකෝ.</font>

856
01:10:28,649 --> 01:10:29,984
<font color="#ffbf46">ඔයාට දා-හී ගැන දුක නැද්ද?</font>

857
01:10:31,419 --> 01:10:33,854
<font color="#ffbf46">එයාට මොනවා හරි අරන් දෙන්න. මම සල්ලි දෙන්නම්.</font>

858
01:11:04,452 --> 01:11:08,389
<font color="#ffbf46">මට තවත් ඔයාත් එක්ක ජීවත් වෙන්න බෑ!</font>

859
01:11:08,456 --> 01:11:11,892
<font color="#ffbf46">මට මේක එපා වෙලා! අපි දික්කසාද වෙමු!</font>

860
01:11:11,959 --> 01:11:15,162
<font color="#ffbf46">කවුද ඒක කියන්නේ කියලා බලන්නකො!</font>

861
01:11:15,229 --> 01:11:19,033
<font color="#ffbf46">හරි දා-හී.
හැමදේම හරියාවි.</font>

862
01:11:21,869 --> 01:11:23,504
<font color="#ffbf46">හොඳ ළමයෙක් වගේ ඉන්න.</font>

863
01:11:24,338 --> 01:11:25,639
<font color="#ffbf46">අඬන්න එපා.</font>

864
01:11:27,641 --> 01:11:30,344
<font color="#ffbf46">කමක් නෑ. අඬන්න එපා.</font>

865
01:12:25,166 --> 01:12:27,568
<font color="#ffbf46">ඒයි, මේක අල්ලගන්නවා.</font>

866
01:12:32,807 --> 01:12:35,242
<font color="#ffbf46">ඇයි මේච්චර ගොඩක් ගත්තේ?
පාටියක්වත් දාන්නද?</font>

867
01:12:35,576 --> 01:12:37,378
<font color="#ffbf46">හෙට තාත්තාගේ උපන්දිනයනේ.</font>

868
01:12:39,213 --> 01:12:40,548
<font color="#ffbf46">ඇයි මාව මේකට ගාවගන්නේ?</font>

869
01:12:41,749 --> 01:12:42,983
<font color="#ffbf46">මේ අකීකරු ළමයා.</font>

870
01:12:45,386 --> 01:12:46,854
<font color="#ffbf46">අම්මා කිව්වා ඔයාව ගෙදර එක්කන් එන්න කියලා.</font>

871
01:12:46,921 --> 01:12:50,057
<font color="#ffbf46">මම එයාට කිව්වා මම එන්නේ නෑ කියලා.
කට වහගන්නවා.</font>

872
01:12:50,558 --> 01:12:52,827
<font color="#ffbf46">ඔයා හිතුවද ඔයාට ඕන විදිහට ඉන්න පුළුවන් කියලා?</font>

873
01:12:53,461 --> 01:12:54,829
<font color="#ffbf46">අපේ නෑදෑයෝ ඔක්කොම එනවා.</font>

874
01:12:56,130 --> 01:13:01,268
<font color="#ffbf46">එතකොට එයාට පුළුවන්නේ ජීවිතේ පුරාවටම
ගුටි කාපු කෙල්ල ගැන පුරසාරම් දොඩන්න?</font>

875
01:13:02,770 --> 01:13:04,338
<font color="#ffbf46">ඔයා ගුටි කෑවේ නැත්තම්</font>

876
01:13:04,405 --> 01:13:06,006
<font color="#ffbf46">ඔහොම හැදෙන්නේ නෑ.</font>

877
01:13:06,774 --> 01:13:08,075
<font color="#ffbf46">ඔයා ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනෙ.</font>

878
01:13:10,177 --> 01:13:11,812
<font color="#ffbf46">පිය පුතු දෙන්නම එකයි.</font>

879
01:13:12,713 --> 01:13:13,814
<font color="#ffbf46">තමුසේ නං!</font>

880
01:13:17,017 --> 01:13:18,018
<font color="#ffbf46">කට වහගන්නවා.</font>

881
01:13:18,853 --> 01:13:20,454
<font color="#ffbf46">ඔයා නැත්තම් අපේ පවුල
හරිම නිහඬයි.</font>

882
01:13:21,489 --> 01:13:23,124
<font color="#ffbf46">එහෙනම් පාඩුවේ ජීවත් වෙන්න.</font>

883
01:13:25,159 --> 01:13:26,160
<font color="#ffbf46">මම නැතුව.</font>

884
01:13:27,094 --> 01:13:31,031
<font color="#ffbf46">අපි හෙට පවුලේ
ෆොටෝ එකක් ගන්නවා!</font>

885
01:13:31,098 --> 01:13:34,034
<font color="#ffbf46">මාර පවුල. ඔව් ඇත්ත!</font>

886
01:13:34,969 --> 01:13:37,004
<font color="#ffbf46">බලාගෙනයි! තාත්තා ඔයාව මරාවි!</font>

887
01:13:37,838 --> 01:13:39,006
<font color="#ffbf46">මම හරියටම ඒකම එයාට කියන්නම්!</font>

888
01:13:49,884 --> 01:13:52,219
<font color="#ffbf46">දා-හී? ඔයා කොහෙද යන්නේ?</font>

889
01:13:53,687 --> 01:13:55,489
<font color="#ffbf46">කොහෙවත් නෑ.</font>

890
01:13:56,190 --> 01:13:57,358
<font color="#ffbf46">ඔයා මම එනකල්ද බලන් හිටියේ?</font>

891
01:13:58,592 --> 01:14:00,327
<font color="#ffbf46">ඔව්, මං හිතන්නේ එහෙමයි.</font>

892
01:14:02,630 --> 01:14:04,365
<font color="#ffbf46">මේ දවස්වල හොඳට කනවා බොනවා නේද?</font>

893
01:14:05,065 --> 01:14:06,133
<font color="#ffbf46">ඔයා ගෙදරින් කන්නේ නෑනේ</font>

894
01:14:06,200 --> 01:14:07,334
<font color="#ffbf46">එතකොට ඔයාට මාව දකින්න ඕන වෙන්නේ නෑ.</font>

895
01:14:08,369 --> 01:14:10,838
<font color="#ffbf46">ඔයාට ඒක තේරුණාද?
මට ගොඩක් බඩගිනියි.</font>

896
01:14:11,639 --> 01:14:12,540
<font color="#ffbf46">අපි යමු.</font>

897
01:14:14,808 --> 01:14:16,977
<font color="#ffbf46">ඒක පුදුමයි.</font>

898
01:14:17,044 --> 01:14:20,080
<font color="#ffbf46">ඔයා මාත් එක්ක තරහින් ඉද්දි
මට දැනෙන සතුට වැඩියි.</font>

899
01:14:20,147 --> 01:14:21,348
<font color="#ffbf46">ඔයා හරිම අමුතුයි.</font>

900
01:14:21,415 --> 01:14:25,586
<font color="#ffbf46">අපි පවුලක් වගේ ලං වෙන එක
මට බයක් ගේනවා.</font>

901
01:14:25,653 --> 01:14:27,087
<font color="#ffbf46">මම දිගටම තරහින් ඉන්නවටද ඔයා කැමති?</font>

902
01:14:27,421 --> 01:14:29,423
<font color="#ffbf46">අනේ යන්න.</font>

903
01:14:30,858 --> 01:14:34,795
<font color="#ffbf46">සමහර වෙලාවට මට ඔයා ගැන ඉරිසියයි.
ඔයා හරියට පෝස්ට්-ඉට් එකක් වගේ.</font>

904
01:14:34,862 --> 01:14:35,696
<font color="#ffbf46">පෝස්ට්-ඉට් එකක්?</font>

905
01:14:35,763 --> 01:14:38,933
<font color="#ffbf46">ඒක අලවන්නයි ගලවන්නයි පුළුවන්,
ඒත් ඒක වෙනස් වෙන්නේ නෑ.</font>

906
01:14:39,700 --> 01:14:41,168
<font color="#ffbf46">එහෙනම් ඔයා මොකක් වගේද?</font>

907
01:14:42,336 --> 01:14:44,572
<font color="#ffbf46">ප්ලාස්ටර් එකක් වගේද?</font>

908
01:14:45,239 --> 01:14:47,208
<font color="#ffbf46">ඒක කිලිටි වුණාම
ආයෙ පාවිච්චි කරන්න බෑ.</font>

909
01:14:51,412 --> 01:14:53,247
<font color="#ffbf46">අපි මුලින්ම හම්බවුණු දවස මතකද?</font>

910
01:14:54,014 --> 01:14:55,115
<font color="#ffbf46">ආහ්?</font>

911
01:14:55,182 --> 01:14:57,451
<font color="#ffbf46">ගොඩක් වෙලාවට නැතුව ඇති.
ඒකට අවුරුදු 10ක් වෙනවා.</font>

912
01:14:59,053 --> 01:15:00,587
<font color="#ffbf46">මට මතකයි.</font>

913
01:15:00,654 --> 01:15:02,189
<font color="#ffbf46">ඔයා ආවේ සැන්ග්-වූ එක්ක.</font>

914
01:15:02,256 --> 01:15:03,591
<font color="#ffbf46">ඔයාටත් මතකද?</font>

915
01:15:04,725 --> 01:15:06,727
<font color="#ffbf46">ඔයා හරිම දක්ෂ පොඩි ළමයෙක්.</font>

916
01:15:06,794 --> 01:15:08,395
<font color="#ffbf46">ඒ වගේම හරිම කඩිසරයි.</font>

917
01:15:10,397 --> 01:15:13,233
<font color="#ffbf46">ඒ කාලේ මට ඔයා ගැන හරි ඉරිසියයි.</font>

918
01:15:13,300 --> 01:15:17,104
<font color="#ffbf46">මම ඔයා වගේ වුණා නම්
මගේ දෙමාපියන් මීට වඩා සතුටු වෙන්න තිබුණා.</font>

919
01:15:18,072 --> 01:15:20,140
<font color="#ffbf46">සමහරවිට එයාලා
දික්කසාද වෙන එකක් නෑ.</font>

920
01:15:21,108 --> 01:15:23,444
<font color="#ffbf46">මම හිතුවේ ඔයා වගේ දුවෙක් ඉන්න එක
ලොකු වාසනාවක් කියලා.</font>

921
01:15:24,044 --> 01:15:26,814
<font color="#ffbf46">ඔයා හිතුවා සම්පූර්ණයෙන්ම වැරදියි.</font>

922
01:15:27,381 --> 01:15:29,617
<font color="#ffbf46">ඒ කාලේ මගේ ජීවිතෙත්
හරිම දුක හිතෙන එකක්.</font>

923
01:15:30,150 --> 01:15:31,485
<font color="#ffbf46">ඔයා දැක්කේ පිටින් තියෙන දේ විතරයි නේද?</font>

924
01:15:34,655 --> 01:15:36,890
<font color="#ffbf46">අපේ ගෙදර හැමතිස්සෙම
හරිම පාළුයි.</font>

925
01:15:38,092 --> 01:15:39,727
<font color="#ffbf46">මගේ දෙමාපියන් අතර කිසිම ගැළපීමක් තිබුණේ නෑ.</font>

926
01:15:41,095 --> 01:15:43,830
<font color="#ffbf46">එයාලා කිව්වේ එයාලා
ජීවත් වෙන්නේ මම නිසයි කියලා.</font>

927
01:15:43,897 --> 01:15:45,833
<font color="#ffbf46">මට තරහ ගියා, ඒත් මම ඉවසගෙන හිටියා.</font>

928
01:15:47,134 --> 01:15:50,738
<font color="#ffbf46">මම හිතුවා මම තරහ ගත්තොත්,
හැමදේම විනාශ වෙලා යාවි කියලා.</font>

929
01:15:52,306 --> 01:15:55,075
<font color="#ffbf46">ඇත්තටම එයාලා දික්කසාද වුණාට පස්සේ
මට ලොකු සහනයක් දැනුණා.</font>

930
01:15:58,812 --> 01:16:03,117
<font color="#ffbf46">මට එයාලා ගැන දුකයි
ඒ වගේම කලකිරීමකුත් තියෙනවා.</font>

931
01:16:05,019 --> 01:16:07,154
<font color="#ffbf46">දෙමාපියන් ගැන මට වැඩියෙන්
අනුකම්පාවක් හිතෙන්නේ ඒ නිසා වෙන්න ඇති.</font>

932
01:16:09,823 --> 01:16:12,025
<font color="#ffbf46">මට ඒ දෙමාපියන්ව ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා</font>

933
01:16:12,092 --> 01:16:13,661
<font color="#ffbf46">තමන්ගේ පුතාට සමාව දෙන්න කියලා අයැදපු.</font>

934
01:16:15,162 --> 01:16:18,131
<font color="#ffbf46">එයාලා ගැන දුක හිතුණු නිසා,</font>

935
01:16:18,198 --> 01:16:20,301
<font color="#ffbf46">මට දැනෙන වේදනාව
මට පෙනුණේ නෑ.</font>

936
01:16:22,336 --> 01:16:23,771
<font color="#ffbf46">අපි දෙන්නගේම එක සමානකමක් තියෙනවා.</font>

937
01:16:24,505 --> 01:16:27,674
<font color="#ffbf46">අපේ දෙමාපියන් නිසා
තමයි අපි මේ වගේ නරක අය වුණේ!</font>

938
01:16:27,741 --> 01:16:35,182
<font color="#ffbf46">නා, නා, නා, නා, බූ, බූ!</font>

939
01:16:47,795 --> 01:16:50,030
<font color="#ffbf46">ගොඩ කාලෙකින් දැක්කේ!
මට ඔයාව ගොඩක් මතක් වුණා!</font>

940
01:16:50,664 --> 01:16:51,632
<font color="#ffbf46">ගොඩක් කන්න.</font>

941
01:16:52,499 --> 01:16:54,101
<font color="#ffbf46">මට මුලින්ම මේක කන්න පුළුවන්ද?</font>

942
01:16:54,168 --> 01:16:55,469
<font color="#ffbf46">හිමීට කන්න, හිරවෙයි.</font>

943
01:16:57,171 --> 01:16:58,238
<font color="#ffbf46">මම ගොඩක් කන්නයි යන්නේ!</font>

944
01:17:01,141 --> 01:17:04,411
<font color="#ffbf46">හලන්න එපා.
මම ඒක කරන්නම්, මැසේජ් එක බලන්න.</font>

945
01:17:04,478 --> 01:17:05,646
<font color="#ffbf46">ස්තුතියි.</font>

946
01:17:13,587 --> 01:17:14,588
<font color="#ffbf46">මොකක්ද ඒ?</font>

947
01:17:19,993 --> 01:17:21,528
<font color="#ffbf46">මට ඔයාගේ තෑග්ග ලැබුණා.</font>

948
01:17:21,595 --> 01:17:24,031
<font color="#ffbf46">ඔයා සමාව ගත්ත නිසා,
තාත්තා ඔයාට සමාව දෙනවා.</font>

949
01:17:24,098 --> 01:17:26,066
<font color="#ffbf46">මින්පස්සෙවත් හොඳ ළමයෙක් වගේ ඉන්න.</font>

950
01:17:26,600 --> 01:17:28,001
<font color="#ffbf46">ඔයා එයාට තෑග්ගක් දුන්නද?</font>

951
01:17:28,669 --> 01:17:29,937
<font color="#ffbf46">ඒක නියමයිනේ.</font>

952
01:17:32,506 --> 01:17:33,607
<font color="#ffbf46">මොකද වුණේ?</font>

953
01:17:39,279 --> 01:17:40,881
<font color="#ffbf46">ඔයා ඇයි එන්නේ නැත්තේ? ඉක්මන් කරන්න.</font>

954
01:17:40,948 --> 01:17:42,549
<font color="#ffbf46">නෑදෑයෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ.</font>

955
01:17:42,950 --> 01:17:45,485
<font color="#ffbf46">කවුද ඒක කළේ! ඒ ඔයාද අම්මේ?</font>

956
01:17:45,552 --> 01:17:47,121
<font color="#ffbf46">ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

957
01:17:47,454 --> 01:17:50,524
<font color="#ffbf46">මම ඇයි තාත්තට තෑග්ගක් ගන්නේ?
ඔයා හිතුවද මට පිස්සු කියලා!</font>

958
01:17:50,591 --> 01:17:52,192
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

959
01:17:52,259 --> 01:17:54,127
<font color="#ffbf46">ජි-සූක් තමයි ඒක ගෙනාවේ.
මම හිතුවේ ඒක ඔයා එව්වා කියලා.</font>

960
01:17:54,194 --> 01:17:56,029
<font color="#ffbf46">එහෙනම්, එයාව ෆෝන් එකට දෙන්න!</font>

961
01:17:56,096 --> 01:17:58,632
<font color="#ffbf46">ඔයාට මොකද වෙලා තියෙන්නේ?
ඇයි ඒක එච්චර වැදගත්?</font>

962
01:17:58,699 --> 01:18:01,468
<font color="#ffbf46">ඔයා පාසලට ඇතුළත් වුණු එකට සුබ පතන්න
තමයි හැමෝම මෙහෙට ඇවිත් ඉන්නේ.</font>

963
01:18:01,535 --> 01:18:03,136
<font color="#ffbf46">ඔයාගේ තාත්තා ඉන්නෙත් හොඳ සතුටකින්.</font>

964
01:18:03,203 --> 01:18:05,406
<font color="#ffbf46">අම්මා කොහොමද එහෙම කළේ!</font>

965
01:18:25,559 --> 01:18:26,326
<font color="#ffbf46">ඔයාලා ආවා නේද!</font>

966
01:18:26,393 --> 01:18:27,795
<font color="#ffbf46">තමුසෙලා ඔක්කොම ඉවරයි!</font>

967
01:18:32,299 --> 01:18:33,100
<font color="#ffbf46">දොර අරිනවා!</font>

968
01:18:34,935 --> 01:18:35,869
<font color="#ffbf46">ඕක නවත්තන්න!</font>

969
01:18:37,805 --> 01:18:39,072
<font color="#ffbf46">මම තමුසෙලා ඔක්කොටම පාඩමක් උගන්නන්නම්!
ඕක නවත්තන්න!</font>

970
01:18:39,139 --> 01:18:40,808
<font color="#ffbf46">මෙහෙ එනවා!</font>

971
01:18:41,308 --> 01:18:42,909
<font color="#ffbf46">මෙහෙ එනවා!
අතාරින්න මාව!</font>

972
01:18:42,976 --> 01:18:45,679
<font color="#ffbf46">ඒකේ තියෙන වැරැද්ද මොකක්ද?</font>

973
01:18:45,746 --> 01:18:47,347
<font color="#ffbf46">තාත්තාව එයාගේ උපන්දිනේ දවසේ</font>

974
01:18:47,414 --> 01:18:48,515
<font color="#ffbf46">සතුටු කරන එකේ තියෙන වැරැද්ද මොකක්ද?</font>

975
01:18:49,082 --> 01:18:51,218
<font color="#ffbf46">ඔයා ඇයි ඔයා ගැන විතරක්ම හිතන්නේ?</font>

976
01:18:51,285 --> 01:18:52,652
<font color="#ffbf46">තෑග්ග ගෙනාවේ කවුද කියන එක කාටද වැඩක් තියෙන්නේ!</font>

977
01:18:52,719 --> 01:18:55,288
<font color="#ffbf46">මම කොච්චර අමාරුවක වැටෙනවද කියලා
ඔයාට ගාණක් නෑ.</font>

978
01:18:55,355 --> 01:18:57,023
<font color="#ffbf46">ඔයාට මම ගැන කිසිම ගාණක් නෑ!</font>

979
01:18:57,090 --> 01:18:57,958
<font color="#ffbf46">ඔයා කිසිම අමාරුවක වැටිලා නෑ.</font>

980
01:18:58,025 --> 01:19:00,193
<font color="#ffbf46">ඇයි සමාව අරගෙන මාව වැරදිකාරයා කරන්නේ?</font>

981
01:19:00,260 --> 01:19:03,597
<font color="#ffbf46">මේ විදිහට කරන එක හොඳයි.</font>

982
01:19:03,664 --> 01:19:04,965
<font color="#ffbf46">අනික ඔයාගේ තාත්තත් සතුටු වේවි.</font>

983
01:19:05,032 --> 01:19:07,234
<font color="#ffbf46">මට දැනෙන විදිහ ගැන මොකද!</font>

984
01:19:07,301 --> 01:19:09,770
<font color="#ffbf46">ඔයා නිසයි
තාත්තා කවදාවත් වෙනස් වෙන්නේ නැත්තේ!</font>

985
01:19:10,304 --> 01:19:12,572
<font color="#ffbf46">එයා ඇයි වෙනස් වෙන්නේ?
ඔයා තමයි වෙනස් වෙන්න ඕනේ!</font>

986
01:19:12,639 --> 01:19:15,208
<font color="#ffbf46">හැමතිස්සෙම ප්‍රශ්න ඇති කරන්නේ
ඔයානේ!</font>

987
01:19:15,275 --> 01:19:17,878
<font color="#ffbf46">මඟුල! මම මේක එකපාරින්ම
ඉවරයක් කරලා දානවා!</font>

988
01:19:17,945 --> 01:19:19,680
<font color="#ffbf46">මම හැමෝටම හැමදේම කියනවා!</font>

989
01:19:24,685 --> 01:19:25,686
<font color="#ffbf46">මාව අතාරිනවා!</font>

990
01:19:28,188 --> 01:19:30,357
<font color="#ffbf46">මකබෑවිලා පලයන්!</font>

991
01:19:31,525 --> 01:19:34,528
<font color="#ffbf46">ඊයේ ඔහේගේ විකාර වැඩ නිසා
මම මැරෙන්න ගියා!</font>

992
01:19:36,730 --> 01:19:37,831
<font color="#ffbf46">මට ගාණක් නෑ, ගිහින් මැරෙනවා!</font>

993
01:19:54,648 --> 01:19:55,983
<font color="#ffbf46">පිටරට ඉගෙන ගන්න යන එක ගැන
පීඩනයෙන්ද ඉන්නේ?</font>

994
01:19:58,318 --> 01:19:59,219
<font color="#ffbf46">ඔයා ඉස්සරට වඩා ගොඩක්
දුර්වල වෙලා.</font>

995
01:20:01,054 --> 01:20:01,788
<font color="#ffbf46">ඇයි?</font>

996
01:20:03,824 --> 01:20:05,659
<font color="#ffbf46">බද්ධ කිරීම කල් දාන තරමටම හොඳයි.</font>

997
01:20:07,361 --> 01:20:08,962
<font color="#ffbf46">ඒ නිසා, ඔයාගේ වකුගඩුව හොඳට පරිස්සම් කරගන්න.</font>

998
01:20:11,765 --> 01:20:12,999
<font color="#ffbf46">මම බද්ධ කිරීමක් කළේ නැත්තම් මොකද වෙන්නේ?</font>

999
01:20:13,066 --> 01:20:14,568
<font color="#ffbf46">ඩයලිසිස් කරන එක ඊට වඩා අමාරුයි.</font>

1000
01:20:15,669 --> 01:20:17,437
<font color="#ffbf46">මම අනිවාර්යයෙන්ම බද්ධ කිරීමක් කරන්න ඕනෙද?</font>

1001
01:20:18,238 --> 01:20:21,441
<font color="#ffbf46">ඔයාට මැරෙන්න ඕන නම් කරන්න එපා.
ඔයාගේ තීරණයක්.</font>

1002
01:20:25,012 --> 01:20:29,082
<font color="#ffbf46">ඔයාගේ ලේ වර්ගයම තියෙන්නේ
ඔයාගේ තාත්තට විතරයි.</font>

1003
01:20:31,552 --> 01:20:34,021
<font color="#ffbf46">ඒත් එයාට වයසයිනේ.</font>

1004
01:20:35,255 --> 01:20:37,257
<font color="#ffbf46">එයාට අධිරුධිර පීඩනය වගේ
හෘදයාබාධ තියෙනවද?</font>

1005
01:20:38,592 --> 01:20:41,528
<font color="#ffbf46">ඔයා යන්න කලින්
පරිත්‍යාගශීලියා ගැලපෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න.</font>

1006
01:20:43,430 --> 01:20:45,265
<font color="#ffbf46">පස්සේ ඒක කරන්න ගියොත් පරක්කු වැඩි වෙයි.</font>

1007
01:20:46,466 --> 01:20:49,036
<font color="#ffbf46">ආරක්ෂාවට වගේ
පවුලේ හැමෝගෙම පරීක්ෂණ කරලා බලන්න.</font>

1008
01:20:53,273 --> 01:20:54,308
<font color="#ffbf46">මම එයාලට කියන්නද?</font>

1009
01:20:55,709 --> 01:20:58,445
<font color="#ffbf46">එපා, මම කියන්නම්.</font>

1010
01:21:01,048 --> 01:21:02,282
<font color="#ffbf46">ඔයාගේ තාත්තා එන්නම ඕනේ.</font>

1011
01:21:33,914 --> 01:21:35,782
<font color="#ffbf46">දැන් කොහොමද?</font>

1012
01:21:35,849 --> 01:21:37,417
<font color="#ffbf46">ඔයා ඉස්පිරිතාලෙට යන්න ඕන නේද?</font>

1013
01:21:39,686 --> 01:21:42,856
<font color="#ffbf46">මම ගෙදරට කෝල් කළේ නෑ.
මම හිතුවා ඉස්සෙල්ලා ඔයාගෙන් අහලා ඉන්නවා කියලා.</font>

1014
01:21:43,690 --> 01:21:44,758
<font color="#ffbf46">එපා.</font>

1015
01:21:45,325 --> 01:21:46,627
<font color="#ffbf46">හරි...</font>

1016
01:21:47,461 --> 01:21:50,631
<font color="#ffbf46">මොනවා හරි කන්න බලන්න.
ඔයා දවල්ට කෑවෙත් නෑනේ.</font>

1017
01:21:52,466 --> 01:21:53,634
<font color="#ffbf46">පස්සේ.</font>

1018
01:21:54,201 --> 01:21:55,602
<font color="#ffbf46">මට නැගිටින්න උදව් කරනවද?</font>

1019
01:22:08,348 --> 01:22:12,485
<font color="#ffbf46">මම ආයෙමත් ඉපදුණොත්,
මට ඔයාගේ දුව වෙන්න ඕනේ.</font>

1020
01:22:12,552 --> 01:22:15,322
<font color="#ffbf46">අපොයි. මම ඒකට කැමති නෑ.</font>

1021
01:22:18,225 --> 01:22:21,628
<font color="#ffbf46">ජි-මින්,
ඔයාගේ අසනීපේ වැඩි වුණාද?</font>

1022
01:22:21,695 --> 01:22:23,397
<font color="#ffbf46">ඔයා බෙහෙත් බොනවා නේද?</font>

1023
01:22:24,531 --> 01:22:27,801
<font color="#ffbf46">මම වකුගඩු අමාරුවෙන් මැරෙන්න කලින්
ගුටි කාලා මැරෙයි.</font>

1024
01:22:33,373 --> 01:22:37,911
<font color="#ffbf46">මම මැරුණත්,
මට ඕනේ එයාලට නොදැනෙන්න මැරෙන්න.</font>

1025
01:22:38,845 --> 01:22:40,647
<font color="#ffbf46">මරණයෙන් පස්සෙවත්
එයාලගේ පවුලේ කෙනෙක් වෙලා ඉන්න මට ඕන නෑ.</font>

1026
01:22:43,650 --> 01:22:46,486
<font color="#ffbf46">පේන විදිහට ඔයාට ආයෙත්
ශක්තිය ඇවිත් වගේ.</font>

1027
01:22:50,924 --> 01:22:55,729
<font color="#ffbf46">ඇත්තටම, මම හැමදාම බයෙන් ඉන්නේ.</font>

1028
01:22:57,130 --> 01:23:00,467
<font color="#ffbf46">මම නරක කෙනෙක් වෙනවා කියන එක මමම නොදන්නා එක ගැන</font>

1029
01:23:00,534 --> 01:23:03,203
<font color="#ffbf46">ඒ වගේම කිසිම හේතුවක් නැතුව දෙමාපියන්ට වෛර කරනවා කියලා.</font>

1030
01:23:04,438 --> 01:23:06,873
<font color="#ffbf46">ඒත්, එයාලා මට ගහද්දි</font>

1031
01:23:06,940 --> 01:23:08,842
<font color="#ffbf46">මගේ ලේ කෝප වෙනවා.</font>

1032
01:23:11,445 --> 01:23:12,512
<font color="#ffbf46">මම දන්නවා.</font>

1033
01:23:13,714 --> 01:23:16,950
<font color="#ffbf46">මුකුත් ගැන හිතන්නේ නැතුව
හොඳට විවේක ගන්න.</font>

1034
01:23:19,186 --> 01:23:20,153
<font color="#ffbf46">දා-හී?</font>

1035
01:23:21,088 --> 01:23:22,155
<font color="#ffbf46">ඇයි?</font>

1036
01:23:23,156 --> 01:23:24,357
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

1037
01:23:25,192 --> 01:23:26,259
<font color="#ffbf46">ඒ මොකටද?</font>

1038
01:23:26,927 --> 01:23:31,231
<font color="#ffbf46">මම නිසා සැන්ග්-වූට
වෙච්ච දේ ගැන.</font>

1039
01:23:32,866 --> 01:23:34,568
<font color="#ffbf46">ඒක ඔයා නිසා වුණේ කොහොමද?</font>

1040
01:23:36,870 --> 01:23:39,039
<font color="#ffbf46">එදා රෑ මම එළියට ගියේ නැත්තම්...</font>

1041
01:23:40,240 --> 01:23:42,642
<font color="#ffbf46">මම ජි-සූක්ව එක්කන් එන්න ගියේ</font>

1042
01:23:42,709 --> 01:23:44,811
<font color="#ffbf46">සැන්ග්-වූ එනවා කියලා නොදැනයි.</font>

1043
01:23:46,079 --> 01:23:48,181
<font color="#ffbf46">මම ගියේ නැත්තම්...</font>

1044
01:23:48,882 --> 01:23:52,953
<font color="#ffbf46">සැන්ග්-වූට එයාව හම්බවෙනවා
එතකොට අර අනතුර වෙන්නේ නෑ.</font>

1045
01:23:55,722 --> 01:23:59,593
<font color="#ffbf46">මට ගොඩක් කණගාටුයි, දා-හී.</font>

1046
01:24:03,130 --> 01:24:05,098
<font color="#ffbf46">ඒක ඔයාට ඒ තරම් වේදනාවක් දුන්නද?</font>

1047
01:24:09,002 --> 01:24:12,405
<font color="#ffbf46">ඒත් ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි.
කොහෙත්ම නෙමෙයි.</font>

1048
01:24:40,300 --> 01:24:41,134
<font color="#ffbf46">ජි-මින්?</font>

1049
01:24:46,273 --> 01:24:47,407
<font color="#ffbf46">ඇයි මේ පාන්දරම නැගිටලා?</font>

1050
01:24:47,474 --> 01:24:48,942
<font color="#ffbf46">ඔයා නිසා මට දැන් ගොඩක් හොඳයි.</font>

1051
01:24:51,444 --> 01:24:55,816
<font color="#ffbf46">අහස, ඉර,
වගේම වලාකුළු...</font>

1052
01:24:56,817 --> 01:24:59,686
<font color="#ffbf46">ලෝකේ තියෙන වටිනාම දේවල්
හම්බවෙන්නේ නොමිලේ.</font>

1053
01:25:00,654 --> 01:25:03,590
<font color="#ffbf46">මගේ බයිසිකලේත් ටිකක්
එළියට අරන් යන්න පුළුවන්ද?</font>

1054
01:25:03,657 --> 01:25:04,858
<font color="#ffbf46">ඔයා කොහොමත් ඒක කරනවනේ.</font>

1055
01:25:06,526 --> 01:25:10,030
<font color="#ffbf46">මම ඒක පදිද්දි,
මගේ හදවතයි සුළඟයි එකක් වෙනවා.</font>

1056
01:25:10,697 --> 01:25:12,832
<font color="#ffbf46">මට තරහ ගියාම, සුළඟත් රළුයි.</font>

1057
01:25:12,899 --> 01:25:14,968
<font color="#ffbf46">මම හිනාවෙනකොට, සුළඟත් නාද වෙනවා.</font>

1058
01:25:15,502 --> 01:25:17,103
<font color="#ffbf46">ඔයා කතා කරන්නේ හරියට කවියෙක් වගේ.</font>

1059
01:25:17,170 --> 01:25:19,005
<font color="#ffbf46">හේයි, ඒක ඇත්ත.</font>

1060
01:25:23,143 --> 01:25:25,345
<font color="#ffbf46">බොන්ග්-සූන්!</font>

1061
01:25:27,147 --> 01:25:29,916
<font color="#ffbf46">සුරතල් සතුන් අයිතිකාරයගේ
ගතිගුණවලට සමානයි.</font>

1062
01:25:29,983 --> 01:25:30,917
<font color="#ffbf46">වෙන්න ඇති.</font>

1063
01:25:31,551 --> 01:25:33,920
<font color="#ffbf46">මිනිස්සු වෙනස් වෙන්නේ
එයාලව හදන අය අනුවයි.</font>

1064
01:25:34,421 --> 01:25:36,489
<font color="#ffbf46">මම කවදාවත් මගේ ළමයින්ට ගහන්නේ නැහැ.</font>

1065
01:25:36,556 --> 01:25:38,491
<font color="#ffbf46">මම වෛර කරනවා මගේ තාත්තාගේ ලේ</font>

1066
01:25:38,558 --> 01:25:40,694
<font color="#ffbf46">මගේ දරුවන්ගේ ඇඟෙත් දුවනවාට.</font>

1067
01:25:41,895 --> 01:25:44,331
<font color="#ffbf46">මට ඕනේ මගේ ඇඟේ තියෙන
ඔක්කොම ලේ මිරිකලා අයින් කරන්න.</font>

1068
01:25:45,298 --> 01:25:46,600
<font color="#ffbf46">ඒක වෙන්න ඇති
මගේ වකුගඩුව නරක් වෙලා තියෙන්නේ.</font>

1069
01:25:48,869 --> 01:25:52,572
<font color="#ffbf46">ඔයාගේ ජීවිතේ මූලිකම දේ විදිහට
තාත්තාව තියාගන්න එපා.</font>

1070
01:25:54,341 --> 01:25:55,275
<font color="#ffbf46">මොකක්?</font>

1071
01:25:55,342 --> 01:25:56,610
<font color="#ffbf46">ඒ ඔයා එයාට ගොඩක් වෛර කරන නිසා.</font>

1072
01:25:57,043 --> 01:25:59,546
<font color="#ffbf46">සමාව දෙන්න බැරි වුණත්,
එයාට වෛර කරන්න එපා.</font>

1073
01:25:59,613 --> 01:26:01,047
<font color="#ffbf46">ඒ ගැන හිතන්න එපා.</font>

1074
01:26:02,949 --> 01:26:04,517
<font color="#ffbf46">පවුලේ කෙනෙක් නෙවෙයි නම් ඒක කරන්න පුළුවන්.</font>

1075
01:26:14,861 --> 01:26:15,729
<font color="#ffbf46">ඒ ළමයා...</font>

1076
01:26:16,630 --> 01:26:20,200
<font color="#ffbf46">එයා අනතුරට කලින් එයාගේ
අම්මාට පිහියෙන් ඇනලා තියෙනවා.</font>

1077
01:26:23,236 --> 01:26:27,073
<font color="#ffbf46">ඒත් එයාගේ දෙමව්පියෝ ඒ ගැන පැමිණිලි
කරන්නේ නැතුව ඒක අමතක කරලා දාලා.</font>

1078
01:26:29,709 --> 01:26:31,111
<font color="#ffbf46">ඔයා කවදාද ඒක දැනගත්තේ?</font>

1079
01:26:32,646 --> 01:26:33,713
<font color="#ffbf46">ළඟදි.</font>

1080
01:26:37,984 --> 01:26:39,853
<font color="#ffbf46">මම කලින් දැනගෙන හිටියා නම්,</font>

1081
01:26:39,920 --> 01:26:42,389
<font color="#ffbf46">මම ඒ පෙත්සම ලියයිද?</font>

1082
01:26:43,156 --> 01:26:44,958
<font color="#ffbf46">එයා අම්මාව මරන්න හැදුවා කියලා දන්නවා නම්?</font>

1083
01:26:47,127 --> 01:26:50,196
<font color="#ffbf46">එයා වෙන කෙනෙක්ව මැරුවා නම් ඒක ඔයාගේ වරදක් නෙවෙයි</font>

1084
01:26:50,263 --> 01:26:51,865
<font color="#ffbf46">සැන්ග්-වූව මැරුවට පස්සේ.</font>

1085
01:26:53,066 --> 01:26:54,634
<font color="#ffbf46">ඒක සමහරවිට
එයාගේ දෙමව්පියන්ගේ වරදක් වෙන්න ඇති.</font>

1086
01:26:55,402 --> 01:26:57,570
<font color="#ffbf46">මොකක්? ඒක පිස්සුවක්.</font>

1087
01:27:01,374 --> 01:27:02,942
<font color="#ffbf46">එයා අම්මාව මරන්න හැදුවා.</font>

1088
01:27:03,009 --> 01:27:06,179
<font color="#ffbf46">එයා අනිත් අයව මැරුවේ එයාගේ
දෙමව්පියන්ට ඒ තරම් වෛර කරපු නිසයි.</font>

1089
01:27:06,246 --> 01:27:07,414
<font color="#ffbf46">එහෙනම් ඇයි එයා එයාගේ...</font>

1090
01:27:09,316 --> 01:27:10,483
<font color="#ffbf46">ඒක එයාගේ දෙමව්පියන් නිසා නෙවෙයි.</font>

1091
01:27:13,520 --> 01:27:16,189
<font color="#ffbf46">වෙන කෙනෙක්ව මරනවට වඩා
තමන්ගේ දෙමව්පියන්ව මරන එක අමාරුයි.</font>

1092
01:27:17,123 --> 01:27:18,324
<font color="#ffbf46">මං දිහා බලන්න.</font>

1093
01:27:18,391 --> 01:27:20,793
<font color="#ffbf46">මටත් එහෙම කරන්න ඕනේ.
ඒත් මම තාම එහෙම කළේ නැහැ.</font>

1094
01:27:20,860 --> 01:27:22,429
<font color="#ffbf46">ජි-මින්!</font>

1095
01:27:24,164 --> 01:27:27,100
<font color="#ffbf46">ඒත්, ඔයා කවදාවත් කාටවත් මරන්නේ නැහැනේ!</font>

1096
01:27:27,167 --> 01:27:29,369
<font color="#ffbf46">ඔයා දෙමව්පියන්ට වෛර කළාට
මිනීමරන්නේ නැහැනේ!</font>

1097
01:27:33,340 --> 01:27:34,708
<font color="#ffbf46">ඒ වෙනුවට...</font>

1098
01:27:35,608 --> 01:27:37,177
<font color="#ffbf46">මම මාවම මරාගන්නවා.</font>

1099
01:27:49,222 --> 01:27:51,291
<font color="#ffbf46">තව ටිකක් පල්ලෙහාට, තාත්තේ!</font>

1100
01:28:04,738 --> 01:28:05,839
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

1101
01:28:10,877 --> 01:28:15,081
<font color="#ffbf46">කාලකණ්ණි කෙල්ල!
දෙමව්පියන්ට කිසි ගෞරවයක් නැහැ!</font>

1102
01:28:15,148 --> 01:28:16,483
<font color="#ffbf46">DNA පරීක්ෂණයක්?</font>

1103
01:28:17,584 --> 01:28:20,687
<font color="#ffbf46">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

1104
01:28:20,754 --> 01:28:23,256
<font color="#ffbf46">එළියට ගිය වෙලාවේ ඔයා මේකද කළේ?</font>

1105
01:28:23,890 --> 01:28:25,191
<font color="#ffbf46">ඇයි මම එහෙම කළේ කියලා තේරෙන්නේ නැද්ද?</font>

1106
01:28:27,060 --> 01:28:28,528
<font color="#ffbf46">කොහොමද ඔයා එහෙම කතා කරන්නේ!</font>

1107
01:28:31,731 --> 01:28:33,867
<font color="#ffbf46">අන්තිම වතාවට, මට කියන්න!</font>

1108
01:28:34,601 --> 01:28:36,502
<font color="#ffbf46">ඇයි මට විතරක් ගහන්නේ!</font>

1109
01:28:36,569 --> 01:28:37,403
<font color="#ffbf46">කාලකණ්ණි කෙල්ල!</font>

1110
01:28:37,470 --> 01:28:39,973
<font color="#ffbf46">ඒ ඔයා ගුටි කන්න ඕනේ වැඩ
කරන නිසයි.</font>

1111
01:28:40,040 --> 01:28:41,741
<font color="#ffbf46">ඇයි ඔයාට ඔයාගේ අයියා වගේ
කියන දේ අහන්න බැරි?</font>

1112
01:28:42,475 --> 01:28:44,477
<font color="#ffbf46">තාත්තා තරහ ගිය වෙලාවට මට ගහනවා.</font>

1113
01:28:44,544 --> 01:28:46,346
<font color="#ffbf46">එයා අනිත් දේවල්වල තරහ පිටකරන්නේ මගේ පිටින්!</font>

1114
01:28:47,414 --> 01:28:49,248
<font color="#ffbf46">කාලකණ්ණි කෙල්ල!</font>

1115
01:28:49,315 --> 01:28:51,050
<font color="#ffbf46">තාත්තාගේ ප්‍රශ්නේ මොකක්ද?</font>

1116
01:28:51,117 --> 01:28:53,620
<font color="#ffbf46">මට කියන්න. එතකොට සමහරවිට
මට ඔයාව තේරුම් ගන්න පුළුවන් වෙයි.</font>

1117
01:28:54,020 --> 01:28:55,288
<font color="#ffbf46">මොකක්!</font>

1118
01:28:55,355 --> 01:28:58,591
<font color="#ffbf46">කොහොමද එයා ඒ දේවල්
මගේ පිටින් යවන්න හදන්නේ!</font>

1119
01:28:58,658 --> 01:29:00,260
<font color="#ffbf46">මේකි ගුටි කන්නයි හදන්නේ.</font>

1120
01:29:01,394 --> 01:29:03,196
<font color="#ffbf46">අද ඔයාට මොකද වෙලා තියෙන්නේ!</font>

1121
01:29:03,263 --> 01:29:05,665
<font color="#ffbf46">මම ප්‍රාර්ථනා කළා ඒකට හේතුවක් තියෙයි කියලා.</font>

1122
01:29:05,732 --> 01:29:06,699
<font color="#ffbf46">එතකොට මට ඔයාට වෛර කරන එක අඩු කරන්න පුළුවන්!</font>

1123
01:29:08,768 --> 01:29:11,504
<font color="#ffbf46">සමාව ඉල්ලපන්!
ඉක්මන් කරපන්!</font>

1124
01:29:15,208 --> 01:29:16,976
<font color="#ffbf46">දන්නවාද මම ඇයි
ඒ DNA පරීක්ෂණය කළේ කියලා?</font>

1125
01:29:17,043 --> 01:29:18,945
<font color="#ffbf46">මොකද මට ඕනෙ වුණේ
ඔයාලා දෙන්නට සමාව දෙන්න!</font>

1126
01:29:19,946 --> 01:29:22,348
<font color="#ffbf46">මම ඔයාලගේ ළමයා නෙවෙයි කියලා දැනගෙන මට ගැහුවා නම්,</font>

1127
01:29:22,415 --> 01:29:24,117
<font color="#ffbf46">මම හිතුවා මට සමාව දෙන්න පුළුවන් වෙයි කියලා!</font>

1128
01:29:25,151 --> 01:29:28,054
<font color="#ffbf46">ඒත් ඔයාලා මගේ ඇත්තම දෙමව්පියෝ!
මට කොහොම හැඟෙනවා ඇද්ද කියලා ඔයාලා දන්නවාද?</font>

1129
01:29:28,121 --> 01:29:30,156
<font color="#ffbf46">හරි! ඔයා මගේ දුව නෙවෙයි</font>

1130
01:29:30,223 --> 01:29:32,125
<font color="#ffbf46">ඔයාට ඕනේ විදිහට අද ඉඳන්!</font>

1131
01:29:35,628 --> 01:29:36,896
<font color="#ffbf46">දන්නවාද මගේ වකුගඩු නරක් වුණේ ඇයි කියලා?</font>

1132
01:29:36,963 --> 01:29:38,564
<font color="#ffbf46">ඒ ඔයාලා දෙන්නා නිසයි!</font>

1133
01:29:38,631 --> 01:29:39,466
<font color="#ffbf46">කාලකණ්ණි කෙල්ල!</font>

1134
01:29:41,534 --> 01:29:45,271
<font color="#ffbf46">ඒ ඔයාගේ ඔය මළපැනීම නිසයි!
ඒක අපේ පිටින් යවන්න එපා!</font>

1135
01:29:46,606 --> 01:29:48,274
<font color="#ffbf46">මට ඕනේ එකම එක දෙයයි!</font>

1136
01:29:48,341 --> 01:29:50,076
<font color="#ffbf46">ඔයාලා දෙන්නාගෙන් සමාවක්.</font>

1137
01:29:50,143 --> 01:29:53,646
<font color="#ffbf46">එහෙම කළොත්, මම හැමදේටම
ඔයාලට සමාව දෙනවා!</font>

1138
01:29:54,180 --> 01:29:59,185
<font color="#ffbf46">මොකක්? කොහොමද එහෙම කියන්නේ!
ඔයා හිතුවද අපි විහිළුවක් කියලා?</font>

1139
01:30:01,521 --> 01:30:02,555
<font color="#ffbf46">(කෝපි සහ තේ)</font>

1140
01:30:04,257 --> 01:30:06,826
<font color="#ffbf46">මම මගේ දුවව මරපු කෙනාට සමාව දුන්නා.</font>

1141
01:30:09,496 --> 01:30:12,932
<font color="#ffbf46">ඒත් මට ඕනේ එයාට
මරණ දඬුවම ලැබෙනවා දකින්න.</font>

1142
01:30:16,970 --> 01:30:20,840
<font color="#ffbf46">ඒක පුදුමයි. ඔයා මාව සම්මුඛ සාකච්ඡා
කරන්න කැමති වෙයි කියලා මම හිතුවේ නැහැ.</font>

1143
01:30:22,041 --> 01:30:23,810
<font color="#ffbf46">ආහ්...</font>

1144
01:30:25,278 --> 01:30:27,814
<font color="#ffbf46">මට දෙපැත්තම අහන්න ඕනෙ වුණා.</font>

1145
01:30:28,715 --> 01:30:30,016
<font color="#ffbf46">මට තේරෙනවා.</font>

1146
01:30:31,851 --> 01:30:33,286
<font color="#ffbf46">(වසා ඇත)</font>

1147
01:30:37,524 --> 01:30:38,591
<font color="#ffbf46">සොෆියා...</font>

1148
01:30:40,593 --> 01:30:43,530
<font color="#ffbf46">ඔයා සමාව දුන්නත්
ඔයාට තාමත් ඕනේ එයාට දඬුවම් ලැබෙනවා දකින්නද?</font>

1149
01:30:44,164 --> 01:30:45,298
<font color="#ffbf46">එයා එයාගේ අපරාධයට වන්දි ගෙවන්න ඕනේ.</font>

1150
01:30:46,366 --> 01:30:48,034
<font color="#ffbf46">ඒක සමාව දෙනවා නෙවෙයි නේද?</font>

1151
01:30:49,836 --> 01:30:51,771
<font color="#ffbf46">එහෙනම්, සමාව දෙනවා කියන්නේ මොකක්ද?</font>

1152
01:30:51,838 --> 01:30:54,974
<font color="#ffbf46">මගේ දුවව මරපු කෙනා
මට වඩා සතුටින් ඉන්නවා දකින්න කැමති වෙන එකද?</font>

1153
01:30:59,179 --> 01:31:02,415
<font color="#ffbf46">සමාව දෙන්න කියලා මිනිස්සු මට බල කළා.</font>

1154
01:31:03,183 --> 01:31:05,318
<font color="#ffbf46">හරියට සමාව නොදෙන එකෙන්
මම නරක කෙනෙක් වුණා වගේ.</font>

1155
01:31:09,155 --> 01:31:11,691
<font color="#ffbf46">මිනිස්සුන්ට වින්දිතයාගේ පවුලේ අය ගැන ගාණක් නැහැ.</font>

1156
01:31:13,893 --> 01:31:17,597
<font color="#ffbf46">එයාලා සමහරවිට නරක දේවල් කියන්න ඇති</font>

1157
01:31:17,664 --> 01:31:19,098
<font color="#ffbf46">මොකද මම එදා මාරියාව බදාගත්තේ නැති නිසා.</font>

1158
01:31:19,766 --> 01:31:24,103
<font color="#ffbf46">ඒ මම එයාට වෛර කරපු නිසා නෙවෙයි.</font>

1159
01:31:25,071 --> 01:31:28,708
<font color="#ffbf46">මම හිතුවේ එයාගේ පුතාගෙන්
හානියක් වුණු පවුල ගැනයි.</font>

1160
01:31:29,776 --> 01:31:32,445
<font color="#ffbf46">එයාට සමාව දෙන්න මට අයිතියක් නැහැ.</font>

1161
01:31:32,512 --> 01:31:35,014
<font color="#ffbf46">ඒක වෙන කෙනෙකුගේ
අයිතියක් උදුරා ගන්නවා වගේ වැඩක්.</font>

1162
01:31:38,451 --> 01:31:40,319
<font color="#ffbf46">වෙන කෙනෙක් මගේ දුවව මරපු කෙනාට</font>

1163
01:31:40,386 --> 01:31:44,123
<font color="#ffbf46">තුරුළු වෙලා සමාව දුන්නොත්
මට කොහොම හැඟෙයිද?</font>

1164
01:31:49,662 --> 01:31:54,934
<font color="#ffbf46">එයා ගැන ආරංචියක් ලැබුණාද?</font>

1165
01:31:58,238 --> 01:32:01,241
<font color="#ffbf46">මම හිතුවා එයා ඒ ගැන
පසුතැවෙනවද නැද්ද කියලා.</font>

1166
01:32:01,941 --> 01:32:04,644
<font color="#ffbf46">මේරි සිස්ටර් කිව්වා එයා දෙවියන් වහන්සේව පිළිගත්තා කියලා.</font>

1167
01:32:04,711 --> 01:32:06,078
<font color="#ffbf46">එයා පසුතැවෙන්න ඇති.</font>

1168
01:32:06,145 --> 01:32:09,415
<font color="#ffbf46">මමත් එහෙමයි හිතුවේ.</font>

1169
01:32:09,482 --> 01:32:11,084
<font color="#ffbf46">ඉතින්, මම හිතුවා
එයා මගේ දුව වෙනුවෙන් යාච්ඤා කරයි කියලා.</font>

1170
01:32:12,952 --> 01:32:14,086
<font color="#ffbf46">ඒත් එයා දඬුවම අඩු කරන්න කියලා ඉල්ලීමක් කළා</font>

1171
01:32:14,153 --> 01:32:15,321
<font color="#ffbf46">දෙවියන් වහන්සේව පිළිගත්තට පස්සේ.</font>

1172
01:32:18,825 --> 01:32:20,693
<font color="#ffbf46">එයා ඇත්තටම කනගාටු වෙනවා නම්,
එයාට එහෙම කරන්න බැහැ.</font>

1173
01:32:22,128 --> 01:32:27,000
<font color="#ffbf46">දඬුවම අඩු කරන්න කියලා අහන්න ඕනේ
මමයි, එයා නෙවෙයි.</font>

1174
01:32:30,236 --> 01:32:33,706
<font color="#ffbf46">එයා අවුරුදු 10ක් තිස්සේ හිතුවේ
එයා ගැන විතරයි.</font>

1175
01:32:33,773 --> 01:32:35,241
<font color="#ffbf46">හැමදේම අමතක කරලා.</font>

1176
01:32:36,709 --> 01:32:40,780
<font color="#ffbf46">ඒත් එයාලා කියනවා මරණ දඬුවම නියම වෙලා
ඉන්න අය හැම උදේකම මැරෙනවා කියලා.</font>

1177
01:32:41,281 --> 01:32:43,650
<font color="#ffbf46">තවත් දවසක් ජීවත් වෙන්න
ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා කියලා.</font>

1178
01:32:53,092 --> 01:32:55,161
<font color="#ffbf46">මැරෙන්න කලින් මගේ දුවටත්
එහෙම දැනෙන්න ඇති.</font>

1179
01:32:56,596 --> 01:32:58,164
<font color="#ffbf46">එයා එයාගේ අදහස වෙනස් කරයි කියලා...</font>

1180
01:32:59,799 --> 01:33:02,068
<font color="#ffbf46">ඊටපස්සේ කවුරුහරි ඇවිත් එයාව</font>

1181
01:33:02,135 --> 01:33:06,139
<font color="#ffbf46">බේරගනීවි කියලා ලොකු බලාපොරොත්තුවකින් ඉන්න ඇති.</font>

1182
01:33:09,676 --> 01:33:11,177
<font color="#ffbf46">එයා තමයි අපේ එකම දරුවා.</font>

1183
01:33:12,879 --> 01:33:14,380
<font color="#ffbf46">මගේ මහත්තයයි මමයි දික්කසාද වුණා.</font>

1184
01:33:15,982 --> 01:33:19,319
<font color="#ffbf46">එයා කෙරෙහි තිබුණු කේන්තියට
අපි එකිනෙකාට වද දීගත්තා.</font>

1185
01:33:23,356 --> 01:33:25,558
<font color="#ffbf46">මගේ දුවව මරපු කෙනාගේ පවුලේ අය</font>

1186
01:33:25,625 --> 01:33:27,794
<font color="#ffbf46">අපිට වඩා දුකෙන් ඉන්නවා ඇද්ද?</font>

1187
01:33:37,236 --> 01:33:38,538
<font color="#ffbf46">ලස්සනයි, නේද?</font>

1188
01:33:39,005 --> 01:33:40,173
<font color="#ffbf46">මොකක්ද?</font>

1189
01:33:44,243 --> 01:33:48,514
<font color="#ffbf46">මගේ දුව මෙතන හිටියා නම්,
එයා හිනාවෙයි.</font>

1190
01:33:53,019 --> 01:33:55,388
<font color="#ffbf46">මේ ලෝකේ ලස්සන දේවල් ගොඩක්
තියෙනවා.</font>

1191
01:33:56,923 --> 01:33:58,825
<font color="#ffbf46">අපේ තියෙන කේන්තිය නිසා අපි ඒක දන්නේ නැත්තම්...</font>

1192
01:33:59,826 --> 01:34:05,798
<font color="#ffbf46">ජීවත් වෙන්න ආශාවෙන් හිටපු අයට
අපි කනගාටු වෙන්න ඕනේ.</font>

1193
01:34:10,203 --> 01:34:14,307
<font color="#ffbf46">සමාව දෙනවා කියන්නේ
වෛරය නැති කරන එක නෙවෙයි.</font>

1194
01:34:14,374 --> 01:34:16,075
<font color="#ffbf46">ඒක කරන්න බැරි දෙයක්.</font>

1195
01:34:17,176 --> 01:34:20,847
<font color="#ffbf46">ඒකෙන් කරන්නේ වෛරය
හදවතේ කොනකට තල්ලු කරන එකයි.</font>

1196
01:34:23,049 --> 01:34:24,450
<font color="#ffbf46">ඒකට හදිසි වෙන්න එපා.</font>

1197
01:34:25,618 --> 01:34:27,820
<font color="#ffbf46">ඒකට ගොඩක් කල් යනවා.</font>

1198
01:34:31,524 --> 01:34:34,627
<font color="#ffbf46">ඒකට කොච්චර කල් යනවද කියලා දන්නේ ඔයා විතරයි.</font>

1199
01:35:36,189 --> 01:35:37,990
<font color="#ffbf46">එයා මේ මොනවා හිතාගෙනද ඉන්නේ?</font>

1200
01:35:39,959 --> 01:35:40,993
<font color="#ffbf46">හැමතිස්සෙම ආත්මාර්ථකාමීයි.</font>

1201
01:35:42,662 --> 01:35:44,964
<font color="#ffbf46">ජි-මින් ආපහු ආවොත්
මොනවා වෙනස් වෙයිද?</font>

1202
01:35:46,365 --> 01:35:47,700
<font color="#ffbf46">මොකක්?</font>

1203
01:35:47,767 --> 01:35:50,536
<font color="#ffbf46">ජි-මින්ට කොච්චර අමාරු වුණාද කියලා
ඔයා දැනගෙන හිටියා නේද?</font>

1204
01:35:53,039 --> 01:35:54,807
<font color="#ffbf46">ඇයි ඔයා එයාව ආරක්ෂා කළේ නැත්තේ?</font>

1205
01:35:55,942 --> 01:35:57,476
<font color="#ffbf46">මොකෙන්ද?</font>

1206
01:35:57,543 --> 01:35:59,946
<font color="#ffbf46">එයා ගුටි කන්න ඕනේ වැඩමයි කරන්නේ.</font>

1207
01:36:00,947 --> 01:36:04,684
<font color="#ffbf46">ගුටි කන්න?
එයා කරපු ඒ තරම් ලොකු වැරැද්ද මොකක්ද?</font>

1208
01:36:05,618 --> 01:36:07,119
<font color="#ffbf46">ඔයා පවුලේ කෙනෙක් නෙවෙයි නිසා
ඔයා ඒක දන්නේ නැහැ.</font>

1209
01:36:08,821 --> 01:36:10,957
<font color="#ffbf46">එයා හැමතිස්සෙම ප්‍රශ්න ඇති කරනවා.</font>

1210
01:36:12,658 --> 01:36:14,660
<font color="#ffbf46">ඔයා හැමදාම නිවටයෙක්.</font>

1211
01:36:15,561 --> 01:36:16,529
<font color="#ffbf46">මොකක්?</font>

1212
01:36:18,197 --> 01:36:20,466
<font color="#ffbf46">එදා රෑ ඔයා එයාව එළියට ගෙන්න
ගත්තේ නැත්තම්</font>

1213
01:36:20,867 --> 01:36:24,203
<font color="#ffbf46">මගේ පෙම්වතා මැරෙන්නේ නැහැ.</font>

1214
01:36:28,140 --> 01:36:29,408
<font color="#ffbf46">ඇයි දැන් ඒක අදින්නේ?</font>

1215
01:36:30,977 --> 01:36:34,680
<font color="#ffbf46">ජි-මින්ටත් එන්න කිව්වා කියලා
ඔයා ඇයි හැංගුවේ?</font>

1216
01:36:35,581 --> 01:36:38,885
<font color="#ffbf46">මම ඒක හැංගුවේ නැහැ.
මම නිකන් ඒක කිව්වේ නැහැ විතරයි.</font>

1217
01:36:39,952 --> 01:36:41,420
<font color="#ffbf46">මොකද ඒකෙන් ඔයාට රිදෙන නිසා.</font>

1218
01:36:43,756 --> 01:36:45,725
<font color="#ffbf46">සැන්ග්-වූ ගැන ඔයාට දුක හිතෙන්නේ නැද්ද?</font>

1219
01:36:50,563 --> 01:36:52,331
<font color="#ffbf46">එහෙම දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.</font>

1220
01:36:54,033 --> 01:36:55,334
<font color="#ffbf46">එහෙම හිතුවා නම්, මම එයාට කතා කරයිද?</font>

1221
01:36:59,839 --> 01:37:01,173
<font color="#ffbf46">මටත් ඒ ගැන දුකයි!
කොච්චරක්ද?</font>

1222
01:37:02,174 --> 01:37:04,343
<font color="#ffbf46">සැන්ග්-වූට වගේද?
නැත්තම් මට වගේද?</font>

1223
01:37:05,845 --> 01:37:09,215
<font color="#ffbf46">ජි-මින්ට ඔයාටත් වඩා
ඒ ගැන දුක හිතුණා.</font>

1224
01:37:46,719 --> 01:37:47,753
<font color="#ffbf46">මේ මම.</font>

1225
01:37:48,588 --> 01:37:50,456
<font color="#ffbf46">මම හොඳින්.
මම බස් එකේ ඉන්නේ.</font>

1226
01:37:51,891 --> 01:37:54,493
<font color="#ffbf46">ඇත්තද? ජි-මින් ආවාද?
ඒක හොඳයි.</font>

1227
01:37:56,295 --> 01:37:58,597
<font color="#ffbf46">මා ගාව කුඩේ තියෙනවා.</font>

1228
01:37:58,664 --> 01:37:59,765
<font color="#ffbf46">හෙමීට පරිස්සමෙන් එලවන්න.</font>

1229
01:38:05,438 --> 01:38:08,074
<font color="#ffbf46">ස්තූතියි. මමත් ඔයාට ආදරෙයි.</font>

1230
01:38:31,163 --> 01:38:33,432
<font color="#ffbf46">අපි අතින් රිදුණු අයව මතක් කරලා</font>

1231
01:38:33,499 --> 01:38:35,901
<font color="#ffbf46">දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලමු.</font>

1232
01:38:35,968 --> 01:38:38,137
<font color="#ffbf46">අපි යාච්ඤා කරමු.</font>

1233
01:38:45,344 --> 01:38:46,212
<font color="#ffbf46">පියතුමනි?</font>

1234
01:38:47,480 --> 01:38:48,847
<font color="#ffbf46">ඔව්, ක්ලාරා?</font>

1235
01:38:48,914 --> 01:38:50,783
<font color="#ffbf46">එච්චරද?</font>

1236
01:38:50,850 --> 01:38:52,818
<font color="#ffbf46">අපි ගිහින් සමාව ඉල්ලන්න ඕනේ නැද්ද?</font>

1237
01:38:52,885 --> 01:38:55,554
<font color="#ffbf46">නිකන් යාච්ඤා කරපු ගමන් අපිට
ලේසියෙන්ම සමාව ලැබෙනවාද?</font>

1238
01:38:56,555 --> 01:38:59,224
<font color="#ffbf46">එහෙනම් ඇයි ඔයා අනිත් අයට සමාව දෙන්නේ නැත්තේ</font>

1239
01:38:59,291 --> 01:39:01,794
<font color="#ffbf46">ඔයාට ලේසියෙන්ම සමාව ලැබුණා වගේ?</font>

1240
01:39:35,327 --> 01:39:38,397
<font color="#ffbf46">(පූජක නිවාසය)</font>

1241
01:39:40,533 --> 01:39:42,701
<font color="#ffbf46">ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා
තමන්ගේ සතුරන්ට සමාව දෙන්න කියලා</font>

1242
01:39:42,768 --> 01:39:45,071
<font color="#ffbf46">කුරුසියේ මැරෙන්න කලින්.</font>

1243
01:39:45,705 --> 01:39:48,073
<font color="#ffbf46">එයා ඒ අමාරු වෙලාවෙත් ඒක ඉල්ලුවා...</font>

1244
01:39:48,140 --> 01:39:50,142
<font color="#ffbf46">ඒ දෙවියන් වහන්සේට සමාව දෙන්න බැරි නිසා නේද</font>

1245
01:39:50,209 --> 01:39:52,344
<font color="#ffbf46">වින්දිතයා වුණු ජේසුස් වහන්සේගේ සමාව නැතුව?</font>

1246
01:39:52,411 --> 01:39:54,279
<font color="#ffbf46">සිස්ටර්, අපි ඇතුළට යමු...</font>

1247
01:39:54,346 --> 01:39:56,715
<font color="#ffbf46">පව්කාරයෝ තමන්ගේ පව් තේරුම් ගන්න ඕනේ නැද්ද?</font>

1248
01:39:56,782 --> 01:39:59,385
<font color="#ffbf46">එහෙනම් ඇයි මම මිනීමරුවෙකුට සමාව දෙන්නේ</font>

1249
01:39:59,452 --> 01:40:01,220
<font color="#ffbf46">තමන් කරපු පව මොකක්ද කියලා දන්නේ නැති?</font>

1250
01:40:02,955 --> 01:40:03,923
<font color="#ffbf46">සිස්ටර්!</font>

1251
01:40:42,695 --> 01:40:44,697
<font color="#ffbf46">ඔයා ආවේ බලන්නද?
ඔව්.</font>

1252
01:40:44,764 --> 01:40:47,266
<font color="#ffbf46">ඔයා කලින්ම ඇවිත්.
ඔයාගේ හැඳුනුම්පත දෙනවාද?</font>

1253
01:40:47,333 --> 01:40:48,768
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

1254
01:40:54,473 --> 01:40:56,242
<font color="#ffbf46">මේක ඔයා මෙහෙට ආපු පළවෙනි වතාවද?
ඔව්.</font>

1255
01:40:58,077 --> 01:40:59,211
<font color="#ffbf46">එයා ඔයාට මොකක්ද වෙන්න ඕනේ?</font>

1256
01:41:02,214 --> 01:41:04,283
<font color="#ffbf46">පිට අයට මෙහෙට එන්න තහනම්.</font>

1257
01:41:04,350 --> 01:41:05,751
<font color="#ffbf46">මම ඇහුවා බලන්න එන්න පුළුවන් කියලා...</font>

1258
01:41:05,818 --> 01:41:07,853
<font color="#ffbf46">පවුලේ අයට, ගුරුවරුන්ට සහ
පූජකවරුන්ට විතරයි යන්න පුළුවන්.</font>

1259
01:41:08,654 --> 01:41:10,556
<font color="#ffbf46">සමාවෙන්න?
ආපහු යන්න නෝනා.</font>

1260
01:41:10,623 --> 01:41:13,625
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න! මට එයාව හම්බවෙන්න ඕනේ.</font>

1261
01:41:13,692 --> 01:41:15,227
<font color="#ffbf46">ඒක තමයි නීතිය නෝනා.</font>

1262
01:41:17,163 --> 01:41:20,533
<font color="#ffbf46">මම... මම වින්දිතයාගේ පවුලේ කෙනෙක්.</font>

1263
01:41:36,816 --> 01:41:38,250
<font color="#ffbf46">වින්දිතයාගේ පාර්ශ්වයේ අයට</font>

1264
01:41:38,317 --> 01:41:41,253
<font color="#ffbf46">මෙතනදි වැරදිකරුවන්ව මුණගැහෙන එක තහනම්.</font>

1265
01:41:42,254 --> 01:41:45,190
<font color="#ffbf46">මම එයා වෙනුවෙන් පෙත්සමකුත් ලිව්වා.</font>

1266
01:41:45,257 --> 01:41:46,625
<font color="#ffbf46">ඇයි මට එයාව හම්බවෙන්න බැරි?</font>

1267
01:41:46,692 --> 01:41:50,896
<font color="#ffbf46">නීතියෙන් මුලින්ම සලකන්නේ
බාලවයස්කාර වැරදිකරුවන්ගේ අයිතිවාසිකම්වලට.</font>

1268
01:41:51,831 --> 01:41:54,700
<font color="#ffbf46">වින්දිතයාගේ පවුලේ අයව මුණගැහෙන එක
ඒ ළමයට දරාගන්න අමාරු වෙයි.</font>

1269
01:41:55,701 --> 01:41:58,470
<font color="#ffbf46">කරුණාකරලා ටේ-හෝගේ
පුනරුත්ථාපන කටයුතුවලට සහයෝගය දෙන්න.</font>

1270
01:42:00,840 --> 01:42:02,141
<font color="#ffbf46">එයා කවදද එළියට එන්නේ?</font>

1271
01:42:02,208 --> 01:42:04,376
<font color="#ffbf46">ඒක පෞද්ගලික තොරතුරක්.</font>

1272
01:42:05,344 --> 01:42:07,112
<font color="#ffbf46">හැබැයි එයාට කලින් එළියට එන්න පුළුවන් වෙයි</font>

1273
01:42:07,179 --> 01:42:08,948
<font color="#ffbf46">එයාගේ හරි
පවුලේ අයගේ හරි කැමැත්ත අනුව.</font>

1274
01:42:11,851 --> 01:42:14,153
<font color="#ffbf46">එළියට ආවම මට කෝල් එකක් දෙන්න කියලා
එයාට කියන්න පුළුවන්ද?</font>

1275
01:42:15,287 --> 01:42:17,156
<font color="#ffbf46">මට ඕනේ එයාට අවංකවම සමාව දෙන්න.</font>

1276
01:42:18,224 --> 01:42:19,725
<font color="#ffbf46">ජීවිත කාලෙම එයාට වෛර නොකර ඉන්න.</font>

1277
01:42:20,759 --> 01:42:22,895
<font color="#ffbf46">කරුණාකරලා ටේ-හෝගේ
පුනරුත්ථාපනයට බාධා කරන්න එපා.</font>

1278
01:42:23,896 --> 01:42:26,732
<font color="#ffbf46">අතීතය අමතක කරලා අලුතින් පටන් ගන්න
එයාට උදව් කරන්න.</font>

1279
01:43:07,373 --> 01:43:08,274
<font color="#ffbf46">සුබ උපන්දිනයක් වේවා.</font>

1280
01:43:09,141 --> 01:43:12,311
<font color="#ffbf46">මාව තේරුම්ගන්න පුළුවන් කාලෙක
මේක අරින්න.</font>

1281
01:43:36,769 --> 01:43:40,505
<font color="#ffbf46">මම ඔයාට නෑනා කියලා කතා කරන්නේ
අදට විතරයි.</font>

1282
01:43:40,572 --> 01:43:42,074
<font color="#ffbf46">මම කියපු හැමදේටම
මට සමාවෙන්න.</font>

1283
01:43:43,042 --> 01:43:44,743
<font color="#ffbf46">මට ඒ පිරිමි ළමයා එක්ක
තරහා වෙන්න බැරි වුණ නිසා</font>

1284
01:43:44,810 --> 01:43:46,545
<font color="#ffbf46">සන්-වූව මරපු...</font>

1285
01:43:46,612 --> 01:43:48,247
<font color="#ffbf46">මම ඒ තරහ පිටකළේ ඔයාගෙන්.</font>

1286
01:43:48,914 --> 01:43:51,683
<font color="#ffbf46">ඔයා වේදනාවෙන් ඉන්නේ කියලා දැනගෙනත්
මම ඒක ගණන් ගත්තේ නෑ.</font>

1287
01:43:51,750 --> 01:43:52,985
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

1288
01:43:54,486 --> 01:43:57,122
<font color="#ffbf46">අපිට අවුරුදු 10ක
අතීතයක් තියෙනවා නේ.</font>

1289
01:43:57,189 --> 01:44:00,793
<font color="#ffbf46">මොන දේ වුණත්, නේද?</font>

1290
01:44:02,328 --> 01:44:05,931
<font color="#ffbf46">ඒ නිසා, අපි හොඳ යාළුවන් විදිහට ඉඳිමු.</font>

1291
01:44:06,632 --> 01:44:07,866
<font color="#ffbf46">සුබ උපන්දිනයක්.</font>

1292
01:44:26,986 --> 01:44:28,287
<font color="#ffbf46">ජි-මින්?</font>

1293
01:44:30,556 --> 01:44:35,861
<font color="#ffbf46">මම ඔයා ගැන ගොඩක් බය වෙලා හිටියේ.
ඔයාට හොඳින්ද?</font>

1294
01:44:44,903 --> 01:44:47,906
<font color="#ffbf46">ඒයි, මට හුස්ම ගන්න අමාරුයි.</font>

1295
01:44:49,308 --> 01:44:50,642
<font color="#ffbf46">මට සමාවෙන්න ජි-මින්.</font>

1296
01:44:52,311 --> 01:44:53,245
<font color="#ffbf46">ඒ වගේම ස්තූතියි.</font>

1297
01:44:54,246 --> 01:44:56,849
<font color="#ffbf46">ඒ මොකටද?</font>

1298
01:44:57,750 --> 01:44:58,751
<font color="#ffbf46">හැමදේටම.</font>

1299
01:45:10,729 --> 01:45:11,597
<font color="#ffbf46">දා-හී?</font>

1300
01:45:12,364 --> 01:45:13,499
<font color="#ffbf46">මොකද?</font>

1301
01:45:14,033 --> 01:45:16,535
<font color="#ffbf46">දා-හී...
ඇයි?</font>

1302
01:45:18,670 --> 01:45:20,172
<font color="#ffbf46">ඔයාව දකින්න ලැබුණු එක ගැන මට ගොඩක් සතුටුයි.</font>

1303
01:45:22,374 --> 01:45:23,842
<font color="#ffbf46">ඔයාට දැන් සනීපද?</font>

1304
01:45:26,111 --> 01:45:29,415
<font color="#ffbf46">මම නම් මහ මෝඩයෙක්.</font>

1305
01:45:30,783 --> 01:45:33,886
<font color="#ffbf46">මෝඩයෝ, ඔයාට ඒක දැන් ද තේරුණේ?</font>

1306
01:45:35,954 --> 01:45:38,090
<font color="#ffbf46">ඔයා මං වෙනුවෙන් මෙතන ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි.</font>

1307
01:45:43,529 --> 01:45:49,601
<font color="#ffbf46">බස් හෝල්ට් එකට වෙලා නිකන්
කාලේ කන්න එපා.</font>

1308
01:45:51,203 --> 01:45:54,873
<font color="#ffbf46">වහිනකොට ගේ ඇතුළට වෙලා හැංගෙන එකත්
නවත්තන්න.</font>

1309
01:45:59,111 --> 01:46:03,148
<font color="#ffbf46">ඒත් මට තාමත් සන්-වූ ගැන
ලොකු දුකක් දැනෙනවා.</font>

1310
01:46:05,451 --> 01:46:07,519
<font color="#ffbf46">මට ඒ ගැන ගොඩක් පසුතැවෙනවා.</font>

1311
01:46:09,521 --> 01:46:12,924
<font color="#ffbf46">ඒක තමයි අවසානය කියලා මම දැනගෙන හිටියා නම්,</font>

1312
01:46:12,991 --> 01:46:15,294
<font color="#ffbf46">මම එයාට ආදරෙයි කියලා කියනවා.</font>

1313
01:46:16,462 --> 01:46:17,996
<font color="#ffbf46">ඒත් මට මුකුත් කරන්න බැරි වුණා.</font>

1314
01:46:20,833 --> 01:46:23,802
<font color="#ffbf46">මම එයාගේ අන්තිම කෝල් එක ආන්සර් කළා නම්,</font>

1315
01:46:25,237 --> 01:46:26,939
<font color="#ffbf46">සමහරවිට සන්-වූ මෙහෙම වෙන්නේ නැති වෙයි...</font>

1316
01:46:29,108 --> 01:46:33,078
<font color="#ffbf46">ඔයා මේ වගේ ඉන්නවා කියලා දැක්කොත්
එයාට කොහොම හැඟෙයි ද?</font>

1317
01:46:35,547 --> 01:46:38,750
<font color="#ffbf46">ඔයා එයාව හම්බවුණාම කතා කරන්නේ
ඕවා ගැන විතරද?</font>

1318
01:46:40,919 --> 01:46:42,788
<font color="#ffbf46">ඔයා හරි.</font>

1319
01:46:44,022 --> 01:46:47,192
<font color="#ffbf46">ඔයා දැන් ගොඩක් මේරුව කෙනෙක් වෙලා.</font>

1320
01:46:52,164 --> 01:46:56,301
<font color="#ffbf46">දා-හී...
මම ඔයාට බොරු කිව්වා.</font>

1321
01:46:59,004 --> 01:47:03,275
<font color="#ffbf46">මම කිව්වේ ඔයාගේ සමාව දීම ඇත්තක් නෙවෙයි කියලා
ඔප්පු කරන්න ආවා කියලනේ.</font>

1322
01:47:04,510 --> 01:47:06,145
<font color="#ffbf46">ඒක බොරුවක්.</font>

1323
01:47:07,579 --> 01:47:10,182
<font color="#ffbf46">මට ඕනේ වුණේ ඔයාගෙන්
සමාව දෙන්න ඉගෙනගන්න.</font>

1324
01:47:11,049 --> 01:47:13,318
<font color="#ffbf46">මොකද මට ඕන වුණා තාත්තට සමාව දෙන්න.</font>

1325
01:47:14,219 --> 01:47:17,289
<font color="#ffbf46">ඒ නිසා, ඒ පිරිමි ළමයා වෙනස් වෙලා ඇති කියලා මම බලාපොරොත්තු වුණා.</font>

1326
01:47:17,856 --> 01:47:21,660
<font color="#ffbf46">මම සමාව දුන්නොත් තාත්තත් වෙනස් වෙයි
කියලා හිතාගෙන.</font>

1327
01:47:23,162 --> 01:47:28,300
<font color="#ffbf46">බද්ධ කරන්න මට
තාත්තගේ වකුගඩුවක් ඕනේ.</font>

1328
01:47:28,367 --> 01:47:31,069
<font color="#ffbf46">ඒත් එයාට වෛර කර කර මට ඒක ගන්න බෑ.</font>

1329
01:47:34,740 --> 01:47:35,807
<font color="#ffbf46">ජි-මින්...</font>

1330
01:47:37,009 --> 01:47:39,144
<font color="#ffbf46">මම වෛරය පිට කළා නම්</font>

1331
01:47:39,211 --> 01:47:42,247
<font color="#ffbf46">මගේ දෙමාපියන් ගැන තියෙන,
අර ළමයා වගේ වෙන අයගෙන්...</font>

1332
01:47:43,382 --> 01:47:45,350
<font color="#ffbf46">මම මේ වගේ ලෙඩ වෙන්නේ නෑ.</font>

1333
01:47:47,886 --> 01:47:49,755
<font color="#ffbf46">එහෙනම් වෙන අයට
රිදෙනවා නේද?</font>

1334
01:47:51,723 --> 01:47:54,660
<font color="#ffbf46">මම කළේ හරි දෙයක් කියලා ඔයා හිතනවාද?</font>

1335
01:47:55,561 --> 01:47:58,664
<font color="#ffbf46">මටම රිදවගත්ත එක
සමහරවිට හොඳ වෙන්න ඇති නේද?</font>

1336
01:48:01,033 --> 01:48:02,034
<font color="#ffbf46">ජි-මින්...</font>

1337
01:48:03,936 --> 01:48:06,405
<font color="#ffbf46">මට නිදිමතයි.</font>

1338
01:48:08,106 --> 01:48:10,008
<font color="#ffbf46">හරි. විවේක ගන්න.</font>

1339
01:48:11,343 --> 01:48:14,446
<font color="#ffbf46">ඈත ඉඳන් බලද්දි
හැමදේම හරිම පුංචියි...</font>

1340
01:48:16,215 --> 01:48:20,586
<font color="#ffbf46">අභ්‍යවකාශයේ ඉඳන් බලද්දි, පෘථිවියේ තියෙන
ඔක්කොම රණ්ඩු හරිම හුරුබුහුටි විදිහට පෙනෙයි නේද?</font>

1341
01:48:21,954 --> 01:48:23,889
<font color="#ffbf46">මට පෘථිවියව සුරතල් කරන්න ඕනේ...</font>

1342
01:48:37,369 --> 01:48:39,638
<font color="#ffbf46">දුක් වෙන්න එපා, දා-හී.</font>

1343
01:48:39,705 --> 01:48:41,873
<font color="#ffbf46">මම මීටපස්සේ
වේදනාවෙන් ඉන්න එකක් නෑ.</font>

1344
01:48:42,674 --> 01:48:44,543
<font color="#ffbf46">මොකද මම මගේ දෙමාපියන් ගැන තියෙන බලාපොරොත්තු අත්හැරියා.</font>

1345
01:48:46,144 --> 01:48:49,047
<font color="#ffbf46">ඊළඟ ආත්මෙදි අපි ඇත්තම සහෝදරියෝ වෙමු.</font>

1346
01:48:50,115 --> 01:48:51,250
<font color="#ffbf46">ස්තූතියි.</font>

1347
01:49:07,766 --> 01:49:08,834
<font color="#ffbf46">ජි-මින්...</font>

1348
01:49:17,075 --> 01:49:20,879
<font color="#ffbf46">(ජි-මින්ගේ උපන්දිනය)</font>

1349
01:50:35,387 --> 01:50:38,790
<font color="#ffbf46">ඔයා පහුගිය අවුරුද්ද
හොඳට ගතකළා.</font>

1350
01:50:39,224 --> 01:50:40,058
<font color="#ffbf46">මට ගොඩක් ආඩම්බරයි.</font>

1351
01:50:42,160 --> 01:50:45,897
<font color="#ffbf46">ඒත් මට දැනෙන්නේ මම
ඇස් පියාගෙන දිව්වා වගේ.</font>

1352
01:50:46,231 --> 01:50:47,532
<font color="#ffbf46">හිත හයිය කරගන්න.</font>

1353
01:50:47,599 --> 01:50:50,635
<font color="#ffbf46">මේ චිත්‍රපටිය ලොකු ධෛර්යයක් දෙයි</font>

1354
01:50:50,702 --> 01:50:53,538
<font color="#ffbf46">ගොඩක් අයට.</font>

1355
01:50:55,507 --> 01:50:58,810
<font color="#ffbf46">කාටද?
වැරදිකරුවන්ටද?</font>

1356
01:51:01,046 --> 01:51:04,049
<font color="#ffbf46">මට සමාව නොදී ඉන්න නිදහස තිබුණා,</font>

1357
01:51:04,116 --> 01:51:05,917
<font color="#ffbf46">ඒත් කවුරුත් මට ඒක ඉගැන්නුවේ නෑ.</font>

1358
01:51:06,818 --> 01:51:09,054
<font color="#ffbf46">මම ඉක්මන් වෙලා දුන්නු සමාව බොරුවක්.</font>

1359
01:51:09,688 --> 01:51:12,157
<font color="#ffbf46">ඒක හරියට පිළිකාවක් තියෙන තැනකට
ප්ලාස්ටරයක් ඇලෙව්වා වගේ වැඩක්.</font>

1360
01:51:12,224 --> 01:51:14,192
<font color="#ffbf46">ඒ වෙනුවෙන් මට මටම සමාව දෙන්න බෑ.</font>

1361
01:51:15,594 --> 01:51:17,862
<font color="#ffbf46">චිත්‍රපටිය ඉවර වුණාම,</font>

1362
01:51:17,929 --> 01:51:21,266
<font color="#ffbf46">දෙවියන් වහන්සේ ඔයාට වේදනාව දුන්නේ ඇයි කියලා
ඔයාට තේරෙයි.</font>

1363
01:51:23,702 --> 01:51:26,237
<font color="#ffbf46">සමාව දෙන්න ඕන අයට නෙවෙයි...</font>

1364
01:51:26,304 --> 01:51:29,074
<font color="#ffbf46">ඒත් සමාව ගන්න ඕන අයට බලන්න
මම මේක හදනවා.</font>

1365
01:51:30,475 --> 01:51:32,611
<font color="#ffbf46">එතකොට මගේ වේදනාවට තේරුමක් තියෙයි.</font>

1366
01:51:34,980 --> 01:51:37,315
<font color="#ffbf46">මට ඒ පිරිමි ළමයාව හම්බවෙන්න ඕනේ.</font>

1367
01:51:38,316 --> 01:51:41,419
<font color="#ffbf46">ඒක කොච්චර දරුණුද කියලා එයාට තේරුම්ගන්න පුළුවන් වෙයිද</font>

1368
01:51:41,486 --> 01:51:44,456
<font color="#ffbf46">මගේ වේදනාව දකින්නේ නැතුව?</font>

1369
01:51:46,558 --> 01:51:48,660
<font color="#ffbf46">එයා කොහොමද කෙනෙක්ගේ
ජීවිතයක් නැති කළේ කියලා...</font>

1370
01:51:50,462 --> 01:51:54,232
<font color="#ffbf46">එයා දන්නවද කොච්චර මිනිස්සු ගාණකට</font>

1371
01:51:54,299 --> 01:51:55,767
<font color="#ffbf46">එයා ජීවිත කාලෙටම රිදෙව්වා ද කියලා?</font>

1372
01:51:57,602 --> 01:52:00,572
<font color="#ffbf46">එයා අලුතින් පටන් ගන්නවා නම් ඒක ප්‍රශ්නයක් නැද්ද</font>

1373
01:52:00,639 --> 01:52:04,776
<font color="#ffbf46">එයා කරපු දේ නොදැනම?</font>

1374
01:52:14,686 --> 01:52:15,887
<font color="#ffbf46">කිම් ටේ-හෝ...</font>

1375
01:52:17,889 --> 01:52:19,658
<font color="#ffbf46">දැන් ඔයාටම ආදරේ කරන්න උත්සාහ කරන්න.</font>

1376
01:52:22,027 --> 01:52:24,696
<font color="#ffbf46">ඔයා බලාපොරොත්තු වුණ ආදරය ඔයාම ඔයාට දීගන්න</font>

1377
01:52:24,763 --> 01:52:26,965
<font color="#ffbf46">ඔයාගේ දෙමාපියන්ගෙන්.</font>

1378
01:52:28,834 --> 01:52:29,968
<font color="#ffbf46">එතකොට...</font>

1379
01:52:30,769 --> 01:52:33,972
<font color="#ffbf46">මගේ පෙම්වතා කොච්චර වටිනවද කියලා
ඔයා දැනගනියි</font>

1380
01:52:34,039 --> 01:52:36,341
<font color="#ffbf46">ඒ වගේම මගේ යාළුවා...</font>

1381
01:52:39,211 --> 01:52:42,013
<font color="#ffbf46">ඒ අයගේ ජීවිත නැතිවීම
කොච්චර ලොකු පාඩුවක්ද කියලා...</font>

1382
01:52:48,286 --> 01:52:50,722
<font color="#ffbf46">මම ඒක දැනගෙන හිටියා.
මම හොඳ කෙනෙක්ව තෝරගත්තා නේද?</font>

1383
01:52:51,623 --> 01:52:53,792
<font color="#ffbf46">ඉතින්? ඒක රොමෑන්ටික් ද?</font>

1384
01:53:11,209 --> 01:53:12,444
<font color="#ffbf46">ඔයා මොනවාද කල්පනා කරන්නේ?</font>

1385
01:53:13,044 --> 01:53:16,214
<font color="#ffbf46">අපි යාළු වුණ පළවෙනි දවසෙත් ඔයා ඕකම ඇහුවා. හරියටම මෙතනදි.</font>

1386
01:53:17,249 --> 01:53:21,086
<font color="#ffbf46">මම ඒක ගොඩක් පුරුදු වුණා.
මම හිටියේ ගොඩක් බයෙන්.</font>

1387
01:53:21,887 --> 01:53:23,188
<font color="#ffbf46">ඇත්තද?</font>

1388
01:53:25,657 --> 01:53:28,260
<font color="#ffbf46">මම එදාම දැනගෙන හිටියා අපි බඳියි කියලා.</font>

1389
01:53:30,362 --> 01:53:32,397
<font color="#ffbf46">ඇත්තටම. ඒක එහෙම වුණා නේද?</font>

1390
01:53:33,198 --> 01:53:34,533
<font color="#ffbf46">ඉතින්?</font>

1391
01:53:35,600 --> 01:53:39,371
<font color="#ffbf46">මම හැමදාම ඔයා එක්ක ඉන්නවා කියලා.
අද වගේම.</font>

1392
01:53:43,775 --> 01:53:46,678
<font color="#ffbf46">අද කියන්නේ කෙනෙක්</font>

1393
01:53:46,745 --> 01:53:48,547
<font color="#ffbf46">ඊයේ මැරුණ කෙනා
ගොඩක්ම ඉන්න ආස කරපු දවසයි.</font>

1394
01:53:51,750 --> 01:53:54,853
<font color="#ffbf46">අපි හැම දවසක්ම
උපරිමයෙන් ජීවත් වෙමු.</font>

1395
01:53:56,288 --> 01:53:57,756
<font color="#ffbf46">අද වගේ.</font>

1396
01:55:50,402 --> 01:55:55,874
<font color="#ffbf46">(මම හොඳින්. දුක් වෙන්න එපා.
මමත් ඔයාට ආදරෙයි)</font>

1397
01:55:57,942 --> 01:55:59,711
<font color="#ffbf46">(පණිවිඩය යවන්නේ:
සන්-වූ ට)</font>

1398
01:56:27,238 --> 01:56:31,009
<font color="#ffbf46">(අධ්‍යක්ෂණය: ලී ජියොන්ග්-හ්යැන්ග්)</font>

1399
01:56:33,178 --> 01:56:36,948
<font color="#ffbf46">(සොං හ්යේ-ක්යෝ, නම් ජි-හ්‍යුන්)</font>

1400
01:56:36,972 --> 01:56:38,972
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

