1
00:00:52,215 --> 00:00:53,985
වූ ගියොම්, කෑම කන්න වෙලාව හරි.

2
00:00:54,045 --> 00:00:55,655
(රුධිර විද්‍යාව සහ පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාව)

3
00:00:57,255 --> 00:00:58,255
ලී වූ ගියොම්!

4
00:01:45,335 --> 00:01:47,035
(හොඳම පර්යේෂණ පත්‍රිකාවට හිමි සම්මානය)

5
00:01:47,105 --> 00:01:48,605
(හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට හිමි සම්මානය)

6
00:01:48,665 --> 00:01:50,705
(සම්මාන සහතිකය)

7
00:02:13,495 --> 00:02:16,735
ඔයා මාව බය කළා! ඇයි ඔයා මෙහේ ඉන්නවා කියලා කිව්වේ නැත්තේ?

8
00:02:17,395 --> 00:02:19,705
මම කියන්න හැදුවේ, ඒත් මට ඒකට
අවස්ථාවක් ලැබෙන්න කලින් ඔයා බය වුණා නේ.

9
00:02:20,835 --> 00:02:22,305
අනිත් එක, මම ඔයාට කිව්වා...

10
00:02:22,635 --> 00:02:26,275
නිදාගන්න කලින් ඔය මෙට්‍රොනෝම් එක ඕෆ් කරන්න කියලා, නැද්ද?

11
00:02:26,705 --> 00:02:29,115
පාඩම් කරනකොට හොඳට අවධානය යොමු කරන්න ඒක මට උදව් වෙනවා.

12
00:02:30,915 --> 00:02:31,915
(ලී වූ ගියොම් ගුවාම් වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වෙයි.)

13
00:02:32,015 --> 00:02:33,415
අම්මේ.
ඇයි?

14
00:02:33,515 --> 00:02:34,745
අපිට දැන් ඕක ගලවන්න බැරිද?

15
00:02:35,285 --> 00:02:37,455
ඒක එතන ලස්සනට තියෙනවා. අපි ඇයි ඒක ගලවන්නේ?

16
00:02:37,815 --> 00:02:39,725
ඔයා මේ මුළු අහල පහළටම තියෙන
ආඩම්බරය කියලා ඔයාට අමතක වෙලාද?

17
00:02:40,125 --> 00:02:41,625
අනේ අම්මේ. අහල පහළටම තියෙන ආඩම්බරය?

18
00:02:44,695 --> 00:02:46,965
ඒත් මම මෙහාට එන හැම වෙලාවකම මට හිතෙන්නේ කාලය නැවතිලා වගේ.

19
00:02:49,495 --> 00:02:51,465
අර එහා පැත්තේ තියෙන තැන වහලා දැන් අවුරුදු දහයකටත් වැඩියි,

20
00:02:51,795 --> 00:02:53,005
ඒත් තාමත් ඒක ඒ විදිහටමයි පේන්නේ.

21
00:02:55,405 --> 00:02:58,635
සමහර වෙලාවට දේවල් වෙනස් වෙන්නේ නැති එකත් හොඳයි.

22
00:02:59,145 --> 00:03:00,275
අම්මා එහෙම හිතනවාද?

23
00:03:01,375 --> 00:03:04,645
අම්මේ, මම යනවා.
හරි පුතේ. පරිස්සමින් යන්න.

24
00:03:05,015 --> 00:03:07,545
ආ, ඇත්ත. තරඟයේ ප්‍රතිඵල අද දෙනවා නේද?

25
00:03:09,155 --> 00:03:11,655
ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. මට ඒක ලැබෙන එකක් නැහැ.

26
00:03:11,855 --> 00:03:14,555
මට විශ්වාසයි ඔයාට හොඳ ආරංචියක් ලැබෙයි
කියලා, ඒ නිසා ඉක්මනට ගෙදර එන්නකෝ.

27
00:03:14,925 --> 00:03:18,425
මම ඔයාට රස කෑම එකක් ලෑස්ති කරලා තියන්නම්.
අනේ, මම ඔයාට කිව්වා නේද කරදර වෙන්න එපා කියලා.

28
00:03:18,955 --> 00:03:19,965
මම ගියා.

29
00:03:23,435 --> 00:03:25,905
අද දේශනය මෙතනින් ඉවරයි.

30
00:03:26,635 --> 00:03:28,905
ස්තූතියි.
ඔයාටත්.

31
00:03:28,965 --> 00:03:30,075
ස්තූතියි ප්‍රොෆෙසර්.

32
00:03:30,835 --> 00:03:33,175
වූ ගියොම්. යමු බාස්කට් බෝල් ටිකක් සෙල්ලම් කරන්න.

33
00:03:34,605 --> 00:03:37,845
සමාවෙන්න, පස්සේ යමු. මට අද ඉවර කරන්න ඕන වැඩක් තියෙනවා.

34
00:03:40,385 --> 00:03:41,745
අප්පා, උඹ නම් මාරයි.

35
00:03:42,245 --> 00:03:44,485
උඹ පන්තියේ පළවෙනියා කියලා හැමතිස්සෙම
අනිත් අයට මතක් කරලා දෙන්නම ඕනේ නේද?

36
00:03:46,055 --> 00:03:47,055
වූ ගියොම්.

37
00:03:47,985 --> 00:03:48,985
මට ඔයාත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?

38
00:03:50,955 --> 00:03:52,665
අපේ අංශයෙන් අන්තිමට නියම දක්ෂයෙක් බිහිවෙලා.

39
00:03:55,195 --> 00:03:56,565
ඔයා ප්‍රොෆෙසර් හන් සන්ග් හෝ ව දන්නවා නේද?

40
00:03:57,265 --> 00:04:01,335
එයා ලේ පිළිකා සහ රුධිර රෝග ගැන
ලෝකයේ ඉන්න ප්‍රධානතම විශේෂඥයා.

41
00:04:02,205 --> 00:04:03,475
ඔව්, මම එයා ගැන දන්නවා.

42
00:04:04,435 --> 00:04:08,405
ප්‍රොෆෙසර් හන් සන්ග් හෝ ට ම ඔයාව මුණගැහෙන්න ඕනෙලු.

43
00:04:09,115 --> 00:04:10,145
අපිට 'චේඋම්' එකෙන් කෝල් එකක් ආවා.

44
00:04:12,685 --> 00:04:14,215
නෑ, ඇත්තමයි අම්මේ.

45
00:04:14,915 --> 00:04:17,815
ප්‍රොෆෙසර් හන් සන්ග් හෝ මගේ තීසිස් එක කියවලා
මාව මුණගැහෙන්න ඇහුවා. මම මේ ඇත්තමයි කියන්නේ.

46
00:04:20,155 --> 00:04:23,095
දැක්කා නේද? මම කිව්වේ නැද්ද ඔයාට හොඳ ආරංචියක් ලැබෙයි කියලා?

47
00:04:23,695 --> 00:04:26,125
සුබපැතුම්! එහෙනම් අද රෑට ඔයා ඉක්මනට ගෙදර එනවා නේද?

48
00:04:26,565 --> 00:04:30,435
මේක ජීවිතේට එක පාරක් ලැබෙන අවස්ථාවක්.
මට එයාගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා.

49
00:04:31,035 --> 00:04:33,065
මම ප්‍රශ්න ටික ලෑස්ති කරගන්න
මුලින්ම ලයිබ්‍රරි එකට යනවා අම්මේ.

50
00:04:33,565 --> 00:04:35,505
හරි, හැබැයි ගොඩක් පරක්කු වෙන්න එපා.

51
00:04:36,005 --> 00:04:37,035
නෑ මම එන්නම්.

52
00:05:00,625 --> 00:05:03,535
(අවසන් තීරණය)

53
00:05:13,145 --> 00:05:14,145
වූ ගියොම්.

54
00:05:15,105 --> 00:05:16,115
ඔයාට හොඳින්ද?

55
00:05:18,215 --> 00:05:21,385
එයාගේ ලේ ගොඩක් යනවා. එයාට ඉස්පිරිතාලෙකින් ලේ දෙන්න ඕනේ.

56
00:05:22,015 --> 00:05:23,015
බැහැ.

57
00:05:24,685 --> 00:05:25,755
ඒක නම් කරන්න පුළුවන් වෙන එකක් නෑ.

58
00:05:27,585 --> 00:05:28,655
මගේ ලේ වර්ගය...

59
00:05:29,725 --> 00:05:31,095


60
00:05:31,155 --> 00:05:32,595
(Rh null: ඕනෑම කෙනෙකුට පරිත්‍යාග කළ හැක, )

61
00:05:32,695 --> 00:05:34,125
(නමුත් ලබාගත හැක්කේ Rh null පරිත්‍යාගශීලීන්ගෙන් පමණි)

62
00:05:44,405 --> 00:05:46,675
(චේඋම් වෛද්‍ය සමූහය)

63
00:06:01,025 --> 00:06:02,025
තව කොච්චර වෙලා යයිද?

64
00:06:03,425 --> 00:06:05,025
සභාපතිතුමා, අපි විනාඩි 20කින් එතන ඉඳීවි.

65
00:06:06,365 --> 00:06:07,365
ඩිරෙක්ටර් ආන්.

66
00:06:08,695 --> 00:06:09,695
සර්?

67
00:06:12,095 --> 00:06:13,165
ඉතින්...

68
00:06:15,365 --> 00:06:16,675
අපි ලී වූ ගියොම් ගැන මොකද කරන්නේ?

69
00:06:17,475 --> 00:06:20,545
බෙහෙත වෙනුවෙන් එයාව ලැබ් එකට ගෙනියලා...
හරි.

70
00:06:22,975 --> 00:06:24,475
මම දන්නවා ඒක තමයි කරන්න ඕන හරිම දේ කියලා.

71
00:06:27,385 --> 00:06:31,014
ඒත් එයාගේ ඒ පිළිකුල් සහගත අහිංසක මූණ
දකිනකොට, එතනදිම මට එයාව මරන්න හිතෙයි.

72
00:06:31,015 --> 00:06:32,085
ඉතින් මම කොහොමද ඒක කරන්නේ?

73
00:06:36,755 --> 00:06:38,155
ඔයාට උත්තරයක් නැද්ද, ඩිරෙක්ටර් ආන්?

74
00:06:38,455 --> 00:06:40,925
ඔයා ජීවිත කාලෙම කළේ මිනිස්සු මරපු එක නේද?

75
00:06:43,235 --> 00:06:44,235
මට සමාවෙන්න සර්.

76
00:06:47,405 --> 00:06:48,405
ලී වූ ගියොම්...

77
00:06:49,675 --> 00:06:52,875
මැරෙනකොටත් එයා ඔය රඟපෑම දිගටම කරගෙන යයිද? නැත්තම්...

78
00:06:54,675 --> 00:06:57,345
නැත්තම් එයා ඒක අතහැරලා එයාගේ කැත සැබෑ ස්වරූපය පෙන්නයිද...

79
00:06:58,345 --> 00:06:59,945
ඊටපස්සේ එයාගේ ජීවිතේ බේරන්න කියලා මගෙන් බැගෑපත් වෙයිද?

80
00:07:04,855 --> 00:07:05,985
කොහොම වුණත්,

81
00:07:07,485 --> 00:07:08,855
එයා ඇත්තටම කේන්ති යන ජාතියේ මනුස්සයෙක්.

82
00:07:11,555 --> 00:07:12,594
ඔව් සර්.

83
00:07:12,595 --> 00:07:14,964
අපි එයාව ගත්තේ නැත්තම්, බෙහෙතක්
හොයන එක ගැන හිතන්නවත් වෙන්නේ නෑ.

84
00:07:14,965 --> 00:07:18,265
කොහේ හරි කාණුවක මැරිලා වැටිලා ඉඳීවි.

85
00:07:18,335 --> 00:07:21,465
හරිම කෘතගුණ නොදන්න කෙනෙක්.

86
00:07:23,935 --> 00:07:24,935
ඔයා පිළිගන්නවා නේද?

87
00:07:26,205 --> 00:07:27,205
ඔව්, අනිවාර්යයෙන්ම.

88
00:07:39,725 --> 00:07:42,055
(අභ්‍යන්තර වාර්තාව)

89
00:07:55,465 --> 00:07:56,605
මම ඔයාට කිව්වා නේද කෝල් එකක් කනෙක්ට් කරන්න එපා කියලා?

90
00:08:01,975 --> 00:08:03,445
ඔව්, නීතිපතිතුමා.

91
00:08:19,625 --> 00:08:20,625
රිපෝටර් ජෝ?

92
00:08:21,895 --> 00:08:24,595
මම හොඳින්.
පොඩ්ඩක් ඉන්න, මොකද වුණේ?

93
00:08:25,935 --> 00:08:27,735
චේඋම් එකේ අය නීතිඥ පාක් පස්සේ පන්නනවා.

94
00:08:28,035 --> 00:08:29,035
මොකක්?

95
00:08:29,605 --> 00:08:30,975
ඇයි එයාලා එයා පස්සේ පන්නන්නේ?

96
00:08:31,475 --> 00:08:32,475
පේන විදිහට...

97
00:08:33,745 --> 00:08:36,175
එයා ලී වූ ගියොම් ට පැනලා යන්න උදව් කරලා.

98
00:08:36,845 --> 00:08:37,845
මොකක්?

99
00:08:39,445 --> 00:08:40,915
ඔයාට එයාගෙන් කිසිම ආරංචියක් ආවේ නැද්ද?

100
00:08:41,485 --> 00:08:43,655
නැහැ.
ප්‍රොසිකියුටර් චා ගේ කණ්ඩායම ගැන මොකද?

101
00:08:44,315 --> 00:08:47,425
පාර්ලිමේන්තු මන්ත්‍රී බෙක් ගේ ෆයිල් ටිකත් අරගෙන
මම අද උදේ ගුවාම් ප්‍රොසිකියුටර්ස්ලා ළඟට ගියා.

102
00:08:47,655 --> 00:08:49,355
එයාලා මේ වෙද්දිත් එයාගෙන් ප්‍රශ්න කරනවා ඇති.

103
00:08:51,195 --> 00:08:53,525
ඔයාට හොඳින්ද?
අරහෙන් ගිහින් මට ෆස්ට් ඒඩ් එක ගෙනත් දෙන්න.

104
00:08:53,595 --> 00:08:55,025
ෆස්ට් ඒඩ් එක?

105
00:09:22,285 --> 00:09:24,625
නිකන් හාන්සි වෙන්න.
නෑ, ඇත්තටමයි. මම හොඳින්.

106
00:09:32,095 --> 00:09:33,105
මින් සෝ කොහොමද?

107
00:09:42,575 --> 00:09:43,615
අහන්න, වූ ගියොම්.

108
00:09:44,415 --> 00:09:45,515
ඇයි ඔයා...

109
00:09:46,285 --> 00:09:49,415
මට මුල ඉඳන්ම හැමදේම කිව්වේ නැත්තේ?
සභාපති චේ ගැන විතරක් නෙමෙයි, හැමදේම.

110
00:09:52,085 --> 00:09:54,225
අපි මුලින්ම හම්බවුණු දවසේ මගේ කොලර්
එකෙන් අල්ලගත්තා කියලා ඔයාට අමතක වුණාද?

111
00:09:57,095 --> 00:09:59,255
ඒ වගේම සන්ග් වූ සම්පූර්ණයෙන්ම සනීප වුණා කියලා දැනගෙනත්,

112
00:09:59,865 --> 00:10:01,165
ඔයා මාව විශ්වාස කරන්න අකමැති වුණා නේද?

113
00:10:03,035 --> 00:10:04,065
ඒ කාලේ...

114
00:10:05,365 --> 00:10:06,365
මම දන්නවා.

115
00:10:08,005 --> 00:10:10,175
ඒ කාලේ ඔයාට හිතන්න පුළුවන් වුණේ මින් සෝ ගැන විතරයි.

116
00:10:10,835 --> 00:10:13,575
ඒ වගේම ඔයාට විශ්වාස කරන්න පුළුවන්
කවුරුවත් නෑ කියලත් ඔයාට හිතෙන්න ඇති.

117
00:10:15,805 --> 00:10:17,445
ඒත් මටත් වුණේ ඒකම තමයි.

118
00:10:18,445 --> 00:10:21,445
මිනිස්සු 17 දෙනෙක්ව මරපු දාම ඝාතකයෙක්ව කවුද විශ්වාස කරන්නේ?

119
00:10:23,315 --> 00:10:26,255
ඒ වගේම එයාට සුව කරන්න බැරි ලෙඩ සුව කරන්න
පුළුවන් කිව්වාම කවුද එයාව විශ්වාස කරන්නේ?

120
00:10:27,285 --> 00:10:29,125
මම වුණත් හිතයි මට පිස්සු කියලා.

121
00:10:36,995 --> 00:10:38,495
ඔයා තාමත් බය වෙලා නේද ඉන්නේ?

122
00:10:39,505 --> 00:10:43,435
කවදාහරි දවසක මින් සෝ ට ආයෙමත් ලෙඩේ හැදෙයි කියලා.

123
00:10:48,745 --> 00:10:49,745
නැහැ.

124
00:10:53,545 --> 00:10:54,545
මම ඔයාව විශ්වාස කරනවා.

125
00:11:02,085 --> 00:11:04,725
ඉතින් අන්තිමට මට කරන්න පුළුවන් මොනවද කියලා ඔයාට තේරුණා.

126
00:11:05,655 --> 00:11:08,195
ඔයා මාව මීට කලින් විශ්වාස කළා නම් දේවල්
කොච්චර ලේසි වෙයිද කියලා හිතලා බලන්නකෝ.

127
00:11:08,425 --> 00:11:11,765
මම ඔයා එක්ක උසාවියේ හිටපු හැම වෙලාවකම...

128
00:11:12,035 --> 00:11:13,865
මම කොච්චර කලකිරීමකින්ද හිටියේ කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද?

129
00:11:16,175 --> 00:11:17,175
එහෙමද?

130
00:11:23,575 --> 00:11:24,575
වූ ගියොම්.

131
00:11:30,215 --> 00:11:31,215
ස්තූතියි.

132
00:11:32,615 --> 00:11:33,625
මගේ මින් සෝ වෙනුවෙන්...

133
00:11:37,855 --> 00:11:39,195
මගේ මින් සෝ ව බේරගත්තාට.

134
00:11:41,325 --> 00:11:43,465
අනේ මේ. ඒක මගේ යුතුකම නේ.

135
00:11:44,365 --> 00:11:46,565
මම කළේ මම කරන්න ඕන දේ විතරයි.

136
00:11:48,005 --> 00:11:49,575
ඒත් මින් සෝ ඇත්තටම වාසනාවන්තයි.

137
00:11:50,605 --> 00:11:52,705
ඔයා වගේ හොඳ තාත්තා කෙනෙක් එයාට ඉන්නවා.

138
00:11:59,515 --> 00:12:00,515
ඔයා...

139
00:12:02,115 --> 00:12:03,755
බැඳලා ඔයාටත් ළමයි හදාගන්න ඕනේ.

140
00:12:04,355 --> 00:12:08,555
එතකොට දෙමව්පියෙක් වෙනවා කියන එකේ හැඟීම ඔයාට තේරෙයි.

141
00:12:13,925 --> 00:12:15,325
ඔයාට හිතෙනවාද මට බඳින්න පුළුවන් වෙයි කියලා...

142
00:12:17,995 --> 00:12:22,365
ඒ වගේම මින් සෝ වගේ අපූරු ළමයි හදාගන්න පුළුවන් වෙයි කියලා?

143
00:12:28,375 --> 00:12:31,115
ඔයා බඳින්න අදහසක් තිබුණේ නැද්ද?
නෑ, එහෙම නෙමෙයි.

144
00:12:37,815 --> 00:12:38,855
ඔයාට හොඳින්ද?

145
00:12:40,085 --> 00:12:41,285
ඔව්, මම හොඳින්.

146
00:12:47,295 --> 00:12:48,865
ඒත් මම යන්න ඕනේ.

147
00:12:50,565 --> 00:12:51,565
ඇයි ඒ?

148
00:12:52,595 --> 00:12:53,965
සභාපති චේ ඉක්මනට මෙහෙට ඒවි.

149
00:13:13,285 --> 00:13:14,485
ඒක තියෙන්නේ මෙතන තමයි, නීතිඥතුමා.

150
00:13:16,655 --> 00:13:19,295
මේක තමයි මගේ සම්පූර්ණ සැලැස්ම මම මුලින්ම පටන් ගත්ත තැන.

151
00:13:30,335 --> 00:13:31,805
මගේ කාර් අනතුරෙන් පස්සේ,

152
00:13:32,775 --> 00:13:34,805
මාව චේඋම් ඉස්පිරිතාලෙට අරන් ගියා.

153
00:13:39,515 --> 00:13:41,085
(පුතා)

154
00:13:44,485 --> 00:13:46,755
එයා කෝමා තත්ත්වයේ ඉන්න RH null රෝගියෙක්.

155
00:13:47,425 --> 00:13:48,425
එයා කොහේ ඉඳන්ද?

156
00:13:48,925 --> 00:13:50,225
එයා ග්යොංගි පළාතේ ගුවාම් වල ඉඳන්.

157
00:13:50,795 --> 00:13:52,725
මට ප්‍රොෆෙසර් හන් ව මුණගැහුණේ අන්න එහෙමයි.

158
00:13:53,295 --> 00:13:55,165
මේ ඉන්නේ දැන් රිසර්ච් ලැබ් එකට ගෙනාපු රෝගියා.

159
00:13:57,695 --> 00:14:02,165
සුව කරන්න බැරි ලෙඩ සුව කරන්න
පිස්සුවෙන් වගේ හිටපු සභාපති චේ ජොන්ග් සූ ට,

160
00:14:03,735 --> 00:14:05,675
මම තමයි එයාට ලැබෙන්න පුළුවන් හොඳම පර්යේෂණ මාතෘකාව වුණේ.

161
00:14:09,245 --> 00:14:11,445
(රෝගියා Rh පද්ධතියේ සියලුම ප්‍රතිදේහජනක සඳහා සෘණාත්මක වේ.)

162
00:14:11,515 --> 00:14:13,315
(පරීක්ෂණ ප්‍රතිඵල මගින් රුධිර
වර්ගය RH null බව තීරණය කරයි.)

163
00:14:13,385 --> 00:14:15,045
(Rh null: ඕනෑම කෙනෙකුට පරිත්‍යාග කළ හැක, )

164
00:14:15,115 --> 00:14:16,385
(නමුත් ලබාගත හැක්කේ Rh null පරිත්‍යාගශීලීන්ගෙන් පමණි)

165
00:14:17,355 --> 00:14:18,355
දිගටම කරගෙන යන්න.

166
00:14:27,265 --> 00:14:28,595
(සති දෙකකට පසු)

167
00:14:28,665 --> 00:14:29,665
නෝනා.

168
00:14:30,065 --> 00:14:32,535
ඔයා මේ විදිහට දිගටම එනකොට අපිට වැඩ කරගෙන යන්න අමාරුයි.

169
00:14:32,795 --> 00:14:37,075
ඔයාගේ පුතාව හොයන්න පුළුවන් හැමදේම
අපි කරනවා. අපි ඔයාට දැනුම් දෙන්නම්.

170
00:14:37,135 --> 00:14:40,105
වූ ගියොම් නැතිවෙලා දැන් සති දෙකක් වෙනවා.

171
00:14:40,805 --> 00:14:44,975
ඔයාලට තාම එක හෝඩුවාවක්වත් හම්බවුණේ නැත්තම්,
කරුණාකරලා පරීක්ෂණ තවත් ඉක්මන් කරන්න.

172
00:14:45,915 --> 00:14:47,385
මට විශ්වාසයි ඔයාට තේරෙනවා ඇති කියලා නෝනා,

173
00:14:47,445 --> 00:14:51,255
අපි වැඩ කරන්නේ ඔයාගේ පුතාගේ කේස් එක ගැන විතරක් නෙමෙයි,

174
00:14:51,415 --> 00:14:53,055
ඒ වගේම මේ දේවල් වලට ක්‍රමවේදයක් තියෙනවා.

175
00:14:53,325 --> 00:14:56,855
හැමදේම ඒ ක්‍රමවේදයට අනුව සිද්ධ
වෙනවා, ඒ නිසා කරුණාකරලා ටිකක් ඉවසන්න.

176
00:14:57,225 --> 00:14:59,655
අනිත් එක, එයාගේ වයසත් එක්ක,

177
00:14:59,825 --> 00:15:03,765
එයා එයාගේ කෙල්ල හරි යාලුවෝ ටිකක්
හරි එක්ක ට්‍රිප් එකක් ගියා වෙන්නත් පුළුවන්.

178
00:15:04,095 --> 00:15:05,095
ඔයාට තේරෙනවා නේද?

179
00:15:05,735 --> 00:15:07,465
රහස් පරීක්ෂකතුමා...
අපි ඔයාට දැනුම් දෙන්නම්.

180
00:15:10,105 --> 00:15:12,105
එකපාරටම අතුරුදන් වුණු තමන්ගේ පුතාව හොයාගන්න,

181
00:15:12,935 --> 00:15:15,345
මගේ අම්මා රෑ දවල් නැතුව මහන්සි වුණා...

182
00:15:16,105 --> 00:15:18,115
ඒ වගේම මම ගිය අඩිපාරවල් හොයාගෙන යන්න පටන් ගත්තා.

183
00:15:18,175 --> 00:15:19,545
(අතුරුදන් වූ පුතු)

184
00:15:27,185 --> 00:15:28,385
(අතුරුදන් වූ පුතු)

185
00:15:28,455 --> 00:15:29,995
කෙළවරක් පේන්න තිබුණේ නැතත්.

186
00:15:30,655 --> 00:15:32,025
ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා විශ්වාසයක් තිබුණේ නැතත්.

187
00:15:32,955 --> 00:15:34,695
මගේ අම්මා කවදාවත් උත්සාහය අතහැරියේ නැහැ.

188
00:15:43,535 --> 00:15:46,405
(අතුරුදන් වූ පුතු)

189
00:15:51,875 --> 00:15:54,345
(අතුරුදන් වූ පුතු)

190
00:16:00,325 --> 00:16:03,525
(අවසන් වරට දුටුවේ: ගුවාම් විශ්වවිද්‍යාල
මධ්‍යම පුස්තකාලය අසල මාර්ගය)

191
00:16:04,295 --> 00:16:06,625
නෝනා, අපි ඔයාගේ පුතාව හොයාගත්තා.

192
00:16:07,095 --> 00:16:11,035
එයාව වාහනේක හැප්පිලා ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් තියෙනවා,

193
00:16:11,465 --> 00:16:13,335
ඒත් ඒ වෙලාවේ එයාලට එයාව අඳුරගන්න බැරි වෙලා,

194
00:16:13,705 --> 00:16:17,275
ඉතින් එයාලා එයාව ආදාහනය කරලා, එයාගේ භෂ්මාවශේෂ
තැන්පත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ.

195
00:16:18,575 --> 00:16:20,675
මාව පරීක්ෂණයක් සඳහා යොදාගන්න,

196
00:16:21,075 --> 00:16:24,445
මගේ මරණය ගැන බොරුවට වාර්තා කරන්න චේඋම් එක
නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් එක්ක එකතු වුණා.

197
00:16:25,015 --> 00:16:27,485
මම මැරිලා කියලා එයාට කිව්වාට මාස කිහිපයකට පස්සේ,

198
00:16:28,015 --> 00:16:30,185
මගේ අම්මා, නොනවත්වා කරපු හොයා බැලීම් වලින් පස්සේ,

199
00:16:30,685 --> 00:16:33,485
මගේ අනතුර සටහන් වෙලා තිබුණු ඩෑෂ්කෑම් වීඩියෝ එක හොයාගත්තා.

200
00:16:42,965 --> 00:16:44,865
ඔව්, ඒ ඉන්නේ ඒ ළමයා තමයි.
මොකක්?

201
00:16:45,165 --> 00:16:47,835
අපි එනකොට එයාට සිහිය තිබුණේ නෑ, ඒ
නිසා අපි එයාව ඉස්පිරිතාලෙට අරන් ගියා.

202
00:16:48,005 --> 00:16:50,135
ඒ වගේම අනතුර වුණු දවසේ මම ගිය පාර,

203
00:16:50,705 --> 00:16:53,805
අන්තිමට මාව චේඋම් ඉස්පිරිතාලෙට
අරන් ගිය අයගේ සාක්ෂි පවා එයාට ලැබුණා.

204
00:16:54,675 --> 00:16:59,345
එයා චේඋම් එකට විරුද්ධව නඩුවක් දාන්න,
ඇත්ත එකින් එක ගළපන්න පටන් ගත්තා.

205
00:16:59,415 --> 00:17:01,415
(මහජන පෙත්සම් කාර්යාලය)

206
00:17:01,485 --> 00:17:03,485
(චේඋම් එකට හංගන්න දෙයක් නැත්නම්,
වූ ගියොම්ගේ මරණයේ ඇත්ත හෙළිකරනු.)

207
00:17:03,555 --> 00:17:06,215
(අනතුර සිදුවන අවස්ථාවේදී මගේ පුතා ළඟ
ඔහුගේ බඩුබාහිරාදිය සහ ජංගම දුරකථනය තිබුණා.)

208
00:17:24,975 --> 00:17:29,405
මම වගේම බොරු නම් වලින්, කවුරුවත් අයිතිකාරයෝ
නැති වෙන අයත් චේඋම් ආයතනයේ හිටියා.

209
00:17:32,175 --> 00:17:35,015
ඒ වගේම ඇත්ත එළියට යන එක නතර කරන්න...

210
00:17:47,165 --> 00:17:50,935
අන්තිමේදී සභාපති චේ මගේ අම්මා පස්සෙත් පැන්නුවා.

211
00:18:26,565 --> 00:18:30,305
ඒ වගේම සුව කරන්න බැරි ලෙඩ ගැන
පර්යේෂණ දිගටම කරගෙන ගිය ප්‍රොෆෙසර් හන් ට,

212
00:18:30,935 --> 00:18:32,835
සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බැරි වුණාම,

213
00:18:34,705 --> 00:18:37,075
ආයෝජකයින්ගෙන් ආපු බලපෑම නිසා සභාපති චේ,

214
00:18:37,475 --> 00:18:39,475
අලුත් පර්යේෂණ කණ්ඩායමක් ගෙනාවා.

215
00:18:40,285 --> 00:18:42,845
ඒ වගේම ප්‍රොෆෙසර් හන් පර්යේෂණ
දත්ත පිටතට දෙන එක නතර කරන්න,

216
00:18:43,615 --> 00:18:45,515
එයා එයාව ගොඩක් කිට්ටුවෙන් නිරීක්ෂණය කරන්න පටන් ගත්තා.

217
00:18:49,085 --> 00:18:51,695
ඊටපස්සේ, පරීක්ෂණයක් අතරතුරේදී මට පුදුම විදිහට සිහිය ආවා.

218
00:18:51,895 --> 00:18:54,695
සභාපති චේ ගේ බලපෑම දරාගන්න බැරි වුණු ප්‍රොෆෙසර් හන්,

219
00:18:54,995 --> 00:18:56,835
අන්තිමට මාවත් අරගෙන පැනලා ගියා.

220
00:18:57,095 --> 00:18:58,095
ලී වූ ගියොම්.

221
00:19:02,135 --> 00:19:05,505
මම ආයෝජකයෙක්ව හොයාගන්නකම් ඔයා ටික කාලෙකට හැංගිලා ඉන්න ඕනේ.

222
00:19:06,405 --> 00:19:08,475
ඒකට ගොඩක් වෙලා යන එකක් නෑ, ඒ නිසා මාව විශ්වාස කරන්න.

223
00:19:09,875 --> 00:19:13,145
මම මේක අන්තිම වෙනකම්ම බලලා ඔයාව
සනීප කරනවා කියලා පොරොන්දු වෙනවා.

224
00:19:32,335 --> 00:19:33,335
වූ ගියොම්.

225
00:19:34,465 --> 00:19:36,465
ඔයා කොහෙද හිටියේ?

226
00:19:37,275 --> 00:19:38,705
මම කොච්චර බයෙන්ද හිටියේ කියලා ඔයාට තේරෙනවාද?

227
00:19:47,245 --> 00:19:48,245
අම්මේ.

228
00:20:45,935 --> 00:20:47,245
(බේරා ගැනීමට මොහොතකට පෙර බූසාන් වලදී ගසාගෙන ගිය පුද්ගලයා)

229
00:20:57,115 --> 00:20:59,215
(පැමිණිල්ල සමඟ නොව ජනතාව සමඟ සිටීම)

230
00:20:59,285 --> 00:21:01,325
(හිටපු නීතිඥයෙකු වූ නීතිඥ පාක් හන්
ජුන්ගේ මානව හිමිකම් ක්‍රියාකාරීත්වය)

231
00:21:02,125 --> 00:21:05,055
අඩුම තරමේ, මට මින් සෝ ව වත් සනීප කරන්න පුළුවන්.

232
00:21:05,825 --> 00:21:08,965
ඔයා කොහොමද මගේ දුවගේ නම දන්නේ?

233
00:21:13,535 --> 00:21:14,965
(යකඩ හස්තය, ගුවාම් හි නීතිඥ චා යි යොන්)

234
00:21:15,035 --> 00:21:16,405
(ප්‍රචණ්ඩකාරී අපරාධ නඩු වලදී උපරිම දඬුවම් ලබා දෙයි)

235
00:21:17,635 --> 00:21:18,635
ඔයාව මුණගැහුණු එක සතුටක්.

236
00:21:19,275 --> 00:21:20,605
ප්‍රොසිකියුටර් චා යි යොන්.

237
00:21:24,515 --> 00:21:27,415
(මාධ්‍යය අපගේ අවසන් පලිහ වන විට)

238
00:21:27,485 --> 00:21:29,715
(මාධ්‍යය අපගේ අවසන් පලිහ වන
විට, වාර්තාකරු ජෝ වූ චොල් විසිනි)

239
00:21:29,785 --> 00:21:31,455
ඔයායි ලී වූ ගියොම් යි අතර තියෙන ගනුදෙනුව මොකක්ද?

240
00:21:31,955 --> 00:21:36,225
එයාව අත්අඩංගුවට ගන්න සතියකට විතර කලින්?
ලී වූ ගියොම් මාව කෙළින්ම සම්බන්ධ කරගත්තා.

241
00:21:37,525 --> 00:21:39,895
මුලින් මමත් හිතුවේ එයාට පිස්සු කියලා.

242
00:21:40,465 --> 00:21:43,465
ඒත් බේරුණු කෙනෙක් ඔයාගේ ඉස්සරහටම ආවාම...

243
00:21:44,265 --> 00:21:46,535
මට හිතුණා "මේක දෛවය වෙන්න ඇති" කියලා, ඉතින් මම ඒක කළා.

244
00:22:06,855 --> 00:22:09,085
(චේඋම් වෛද්‍ය මධ්‍යස්ථානයේ චේඋම්
පර්යේෂණ ආයතනය විවෘත කිරීමේ උත්සවය)

245
00:22:44,825 --> 00:22:46,825
අප්පේ, ඔයා ඉක්මනට ආවා නේ.

246
00:23:03,305 --> 00:23:07,085
මේ පින් එක මට ගැළපෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?
අනිවාර්යයෙන්ම, සර්.

247
00:23:07,745 --> 00:23:08,745
සර්, අද නම් මාර ලස්සනයි.

248
00:23:09,085 --> 00:23:10,085
ඔව්.

249
00:23:11,685 --> 00:23:14,055
සභාපති චේ. එයා මේ වෙලාවේ ඩිරෙක්ටර් ඕ ව මුණගැහෙනවා.

250
00:23:49,585 --> 00:23:51,425
මේ හැමදේම පටන් ගත්තේ...

251
00:23:52,595 --> 00:23:54,425
මම නෙමෙයි. සභාපති චේ.

252
00:23:55,825 --> 00:23:57,495
දැන්, සභාපති චේ අතුරුදහන් වුණොත්...

253
00:24:01,965 --> 00:24:05,305
17 දෙනෙක් මරපු දාම ඝාතකයත් අතුරුදහන්
වෙන්න ඕනේ කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

254
00:24:06,605 --> 00:24:09,805
වූ ගියොම්. ඔයා දැන් මොනවා ගැනද හිතන්නේ?

255
00:24:17,185 --> 00:24:18,185
නීතිඥතුමා.

256
00:24:36,565 --> 00:24:38,375
හන් ජුන් හිටියේ ලී වූ ග්‍යොම් එක්කද?

257
00:24:39,475 --> 00:24:41,775
ඇත්තටම, ඔයා ඇයි මේක දැන් මට කියන්නේ?

258
00:24:45,075 --> 00:24:47,645
ඉතින් දැන් ලී වූ ග්‍යොම් සහ හන් ජුන් කොහෙද ඉන්නේ?

259
00:24:52,985 --> 00:24:55,685
ඔව්, මට තේරෙනවා. හරි.

260
00:24:57,095 --> 00:24:58,095
මැඩම්.

261
00:24:59,155 --> 00:25:01,225
ගුවාම් ස්ටේෂන් එකේ රහස් පරීක්ෂකයින්
ඩිටෙක්ටිව් ගොන්ග් ඉන්න තැන හොයාගෙන.

262
00:25:02,095 --> 00:25:05,265
මම යනවා. මෙතන දේවල් බලාගන්න.
හරි, මැඩම්.

263
00:25:06,865 --> 00:25:07,865
යමු.

264
00:25:48,605 --> 00:25:49,605
මිස්ටර් ලී වූ ග්‍යොම්.

265
00:25:50,575 --> 00:25:52,815
ඔයාගේ පොඩි විනෝද ගමන ඉවර වෙන්නයි යන්නේ වගේ.

266
00:25:53,985 --> 00:25:54,985
කොහොමද දැනෙන්නේ?

267
00:25:57,185 --> 00:25:58,185
මිස්ටර් චේ ජොන්ග් සූ.

268
00:25:59,685 --> 00:26:01,055
ඔයා මොකක්ද මේ කරනවා කියලා හිතාගෙන ඉන්නේ?

269
00:26:03,385 --> 00:26:04,395
කවුන්සලර්.

270
00:26:05,195 --> 00:26:07,025
මම නේද ප්‍රශ්න අහන්න ඕන?

271
00:26:07,965 --> 00:26:10,064
අපි මෙහෙට ආවේ චේඋම් එකේ භාරයේ ඉන්න

272
00:26:10,065 --> 00:26:12,595
දාම ඝාතකයා වෙන ලී වූ ග්‍යොම්ව අරන් යන්නයි.

273
00:26:14,035 --> 00:26:15,635
ඉතින් ඇයි ඔයා එයා එක්ක මෙහේ ඉන්නේ, කවුන්සලර්?

274
00:26:16,665 --> 00:26:19,575
පොඩ්ඩක් ඉන්න. ඔයා ලී වූ ග්‍යොම්ට පැනලා යන්න උදව් කළාද?

275
00:26:21,875 --> 00:26:22,875
ඇයි?

276
00:26:24,715 --> 00:26:25,715
ඔයාගේ දුව නිසාද?

277
00:26:28,385 --> 00:26:32,185
දෙවියනේ, මේක නම් මහ පිස්සුවක්. ලෝකෙට මොකද මේ වෙන්නේ?

278
00:26:34,925 --> 00:26:36,525
ඔයත් මිස්ටර් ලීත්...

279
00:26:36,585 --> 00:26:39,325
ඔයාලට කිසිම වරදකාරී හැඟීමක්වත් වගකීමක්වත් දැනෙන්නේ නැද්ද...

280
00:26:39,395 --> 00:26:42,965
බෙහෙතක් එනකම් බලාගෙන ඉන්න ලෝකේ වටේම ඉන්න අසාධ්‍ය රෝගීන් ගැන?

281
00:26:43,565 --> 00:26:46,465
මේක ඔයාලා දෙන්නා මේ විදිහට හැසිරෙන්න ඕන වෙලාවක් නෙවෙයි.

282
00:26:50,035 --> 00:26:52,675
තමන්ගේ එකම දුවව බේරගන්න හැමදේම අතහැරලා දාන තාත්තා කෙනෙකුත්...

283
00:26:53,375 --> 00:26:57,415
මැරුණු අම්මා ගැන අඬන පුතෙකුත්. ඒක ඇත්තටම හරිම දුක හිතෙන දෙයක්.

284
00:27:01,985 --> 00:27:03,885
වූ ග්‍යොම්!

285
00:27:10,825 --> 00:27:13,555
ඔයා මොකද කරන්නේ? ඔයා මොකක්ද මේ කරන්නේ, මිස්ටර් ෂින් හෝ චැන්ග්?

286
00:27:14,195 --> 00:27:17,465
මම ඇහුවා, "මොකක්ද කරන්නේ?" කියලා. මොකක්ද? මොකක්ද? කාලකණ්ණියා.

287
00:27:19,295 --> 00:27:23,065
මට සමාවෙන්න.
සමාවෙන්න? ඔයාට සමාවෙන්න?

288
00:27:34,515 --> 00:27:35,515
ඩිරෙක්ටර් ආන්.

289
00:27:39,715 --> 00:27:41,355
මේක පිළිගන්න බෑ.

290
00:27:42,585 --> 00:27:44,755
ඔයා කොහොමද ඔයාගේ සේවකයින්ව පුහුණු කරන්නේ?

291
00:27:46,425 --> 00:27:47,425
ඒක මගේ.

292
00:27:48,695 --> 00:27:49,695
මම කිව්වා ඒක මගේ කියලා.

293
00:27:50,895 --> 00:27:54,105
මේ මොහොතේ මට එයාව මරන්නේ නැතුව ඉන්න එකත් හරිම අමාරුයි...

294
00:27:54,565 --> 00:27:57,065
ඉතින් ඔයා ඇයි මේ වගේ නූලෙන් ජීවත් වෙන පරීක්ෂණ සාම්පලයකට හානි කරන්නේ?

295
00:27:57,375 --> 00:27:58,375
ඇයි?

296
00:28:08,615 --> 00:28:09,915
මිස්ටර් ලී වූ ග්‍යොම්, ඔයාට හොඳින්ද?

297
00:28:10,755 --> 00:28:12,815
මට ගොඩක් සමාවෙන්න. මගේ කණ්ඩායම ලොකු වැරැද්දක් කළා.

298
00:28:13,925 --> 00:28:14,925
මට ඇත්තටම සමාවෙන්න.

299
00:28:17,025 --> 00:28:18,055
ඒත්...

300
00:28:21,625 --> 00:28:24,395
හැමෝම අතින් වෙලාවකට වැරදි වෙනවා.

301
00:28:24,765 --> 00:28:27,305
ඔයා මෙච්චර කල් මට කරපු හැමදේම වගේ.

302
00:28:28,565 --> 00:28:31,435
අපි සමාව දීලා අමතක කරමු. අපි දැන් ලොකු දේවල් ගැන අවධානය යොමු කරමු.

303
00:28:32,605 --> 00:28:33,605
අපි මුලින්ම කළා වගේ.

304
00:28:35,675 --> 00:28:39,245
අපි ආපහු චේඋම් එකට ගිහින් මුල ඉඳන් පටන් ගමු.

305
00:28:40,415 --> 00:28:45,115
එතකොට සුව කරන්න බැරි රෝග තියෙන රෝගීන්ට අලුත් ජීවිතයක් ලබා ගන්න පුළුවන්.

306
00:29:15,685 --> 00:29:17,815
මේ හැමදේම හරියන්න ඔයාට මිනිස්සු කී දෙනෙක්ව බේරගන්න වෙයිද?

307
00:29:19,055 --> 00:29:22,685
ඔයා කරපු දේවල් නිවැරදි කරන්න අපි තව කී දෙනෙක්ව බේරගන්න ඕනෙද?

308
00:29:24,025 --> 00:29:26,795
ඔයා නැති කරපු ජීවිත වලට වඩා වැඩි ජීවිත ගාණක් බේරගන්න එක ගැන ඔයා කවදාහරි හිතලා තියෙනවද?

309
00:29:27,895 --> 00:29:29,495
ඔයා මේ වගේ වෙන්න හොඳ නෑ.

310
00:29:30,965 --> 00:29:34,235
අනිත් අයට වඩා මේ වගේ දෙයක් නොකර ඉන්න ඔයා දැනගෙන ඉන්න ඕනේ.

311
00:30:04,935 --> 00:30:07,195
ප්‍රොෆෙසර් හන් ගාව තිබුණ පරීක්ෂණ සාම්පල වල ලිස්ට් එක.

312
00:30:07,665 --> 00:30:09,465
ඒක ඔයා ගාව නේද තිබුණේ?

313
00:30:11,675 --> 00:30:12,675
ඒත්, ඒක ලොකු සහනයක්.

314
00:30:13,175 --> 00:30:14,845
ඔයා දන්නවනේ ඒක චේඋම් එකේ දේපළක් කියලා.

315
00:30:16,275 --> 00:30:18,045
ඔයා ඇයි මේ තරම් දුර යන්නේ?

316
00:30:18,745 --> 00:30:21,085
ඔයාත් ඔයාගේම තාත්තගේ ගොදුරක් වුණා නේද.

317
00:30:22,415 --> 00:30:25,055
පරීක්ෂණ වලට භාජනය වෙන එකේ හැඟීම ඔයා දන්නවා, ඉතින් ඇයි?

318
00:30:26,155 --> 00:30:27,155
ගොදුරක්?

319
00:30:30,385 --> 00:30:31,855
මම ගොදුරක් නෙවෙයි.

320
00:30:34,295 --> 00:30:36,665
ඔයාට මොකක් හරි වැරදිලා වගේ, මිස්ටර් ලී වූ ග්‍යොම්.

321
00:30:45,775 --> 00:30:47,275
(චේඋම් වෛද්‍ය මධ්‍යස්ථානය)

322
00:31:13,165 --> 00:31:17,735
පරීක්ෂණය ඉදිරියට යනවා, ඒත් අපිට සුදුසු පරීක්ෂණ සාම්පලයක් නෑ, ඒ නිසා...

323
00:31:35,685 --> 00:31:36,685
මම...

324
00:31:38,095 --> 00:31:40,865
මම පරීක්ෂණ සාම්පලයක් වෙන්න තීරණය කළා.

325
00:31:41,965 --> 00:31:43,665
පුතා අමුද්‍රව්‍යයක් වෙනවා,

326
00:31:44,195 --> 00:31:46,665
සහ තාත්තා බෙහෙත ගැන පර්යේෂණ කරනවා.

327
00:31:47,905 --> 00:31:51,505
චේඋම් එක ජීවිතය සහ මරණය පාලනය කරන යුගයක් එයි.

328
00:31:53,475 --> 00:31:57,475
පරීක්ෂණ සාම්පලයක් වෙන එක කොච්චර ලොකු ගෞරවයක්ද කියලා ඔයාට පේන්නේ නැද්ද?

329
00:32:08,655 --> 00:32:09,655
ඒක පුදුම සහගත නැද්ද?

330
00:32:10,225 --> 00:32:11,955
කවුරුත් කවදාවත් කරපු නැති අභියෝගයක්.

331
00:32:12,355 --> 00:32:16,964
ඒක පටන් ගත්තේ චේඋම් එකේ පළවෙනි සභාපති, මගේ තාත්තා, ප්‍රොෆෙසර් චේ ජොන්ග් හුන්ගෙන්.

332
00:32:16,965 --> 00:32:18,565
අපි දැන් ඒකට ගොඩක් කිට්ටුයි, මිස්ටර් ලී වූ ග්‍යොම්.

333
00:32:18,965 --> 00:32:20,295
අපිට ඔයාගේ ලේ පාවිච්චි කරන්න පුළුවන් දවස...

334
00:32:21,335 --> 00:32:24,305
සහ චේඋම් එකේ තාක්ෂණය පාවිච්චි කරලා බෙහෙත හදන්න...

335
00:32:26,275 --> 00:32:30,105
සහ චේඋම් එකේ ශ්‍රේෂ්ඨත්වය ලෝකෙට පෙන්නන්න. ඒ දවස දැන් ගොඩක් කිට්ටුයි!

336
00:32:37,415 --> 00:32:38,415
වූ ග්‍යොම්.

337
00:32:53,795 --> 00:32:56,535
වූ ග්‍යොම්. එපා. දැන් නවත්තන්න, හරිද?

338
00:32:58,075 --> 00:32:59,605
එයාට මේකෙන් ගැලවෙන්න බෑ.

339
00:33:01,505 --> 00:33:02,645
මම දැන් එයාව නැවැත්තුවේ නැත්නම්,

340
00:33:03,275 --> 00:33:05,615
මම වගේ තවත් රාක්ෂයෝ බිහි වෙයි.
වූ ග්‍යොම්!

341
00:33:07,745 --> 00:33:09,345
මම මේක බලාගන්නම්. ඔයා යන්න, සර්.

342
00:33:46,015 --> 00:33:47,055
ලී වූ ග්‍යොම්!

343
00:33:47,585 --> 00:33:48,585
නවතින්න.

344
00:34:02,565 --> 00:34:04,435
අද ඔයා ටිකක් පරක්කුයි, රජයේ නීතිඥතුමිය.

345
00:34:05,405 --> 00:34:06,405
දැන් ඇති.

346
00:34:07,175 --> 00:34:09,545
සභාපති චේගේ නීතිවිරෝධී පරීක්ෂණ ගැන අපිට දැනටමත් සාක්ෂි තියෙනවා,

347
00:34:09,605 --> 00:34:10,745
ඒක හරි, ප්‍රොසිකියුටර් චා.
ඒ නිසා...

348
00:34:13,615 --> 00:34:15,445
මටත් දැන් ගොඩක් පරක්කු වැඩියි.

349
00:34:25,225 --> 00:34:26,295
හන් ජුන්!

350
00:34:27,865 --> 00:34:29,765
කවුන්සලර්.

351
00:34:38,005 --> 00:34:39,005
පස්සට වෙන්න!

352
00:34:42,645 --> 00:34:43,645
වූ ග්‍යොම්.

353
00:34:46,145 --> 00:34:47,375
අපි දැන් නවත්තමු.

354
00:34:49,145 --> 00:34:50,845
ඔයාට කොච්චර අසාධාරණයක් වුණාද කියලා මම දන්නවා. ඔයා කොච්චර කේන්තියෙන්ද ඉන්නේ කියලා.

355
00:34:53,355 --> 00:34:54,385
මම ඒක ගොඩක් හොඳට දන්නවා.

356
00:34:56,025 --> 00:34:59,225
මේ පාර, ඔයාව බේරගන්න පුළුවන් ඕනම දෙයක් කරනවා කියලා මම දිවුරනවා.

357
00:35:01,625 --> 00:35:02,625
ඒ නිසා කරුණාකරලා, මේක නවත්තමු.

358
00:35:04,495 --> 00:35:05,495
අපේ දෙන්නගෙම යහපත වෙනුවෙන්,

359
00:35:07,365 --> 00:35:09,135
මේක දැන් ඕනෙවටත් වැඩියි.

360
00:35:20,775 --> 00:35:21,785
වූ ග්‍යොම්.

361
00:35:28,625 --> 00:35:29,625
මට සතුටුයි.

362
00:35:31,495 --> 00:35:32,495
රජයේ නීතිඥතුමිය.

363
00:35:34,325 --> 00:35:36,165
මගේ නීතිඥයාව හොඳට බලාගන්න.

364
00:37:02,515 --> 00:37:06,185
ලී වූ ග්‍යොම්ව අත්අඩංගුවට ගන්නා අතරතුර අනපේක්ෂිත සිදුවීමක් වාර්තා වුණා කියලා පොලිසිය කියනවා,

365
00:37:06,455 --> 00:37:10,425
සහ තත්වය පාලනය කරන්න ඒගොල්ලන්ට වෙඩි තියන්න වුණා කියලා.

366
00:37:10,485 --> 00:37:11,795
(සභාපති චේ ජොන්ග් සූ සිදුවීම වූ ස්ථානයේදී අත්අඩංගුවට ගනී.)

367
00:37:11,955 --> 00:37:16,465
ඊට අමතරව, චේඋම් වෛද්‍ය සමූහයේ සභාපති චේ ජොන්ග් සූවත් අත්අඩංගුවට ගත්තා.

368
00:37:16,725 --> 00:37:19,465
නීතිවිරෝධී වෛද්‍ය පරීක්ෂණ මෙහෙයවීම සම්බන්ධයෙනුත්...

369
00:37:19,965 --> 00:37:23,735
ඒ හේතුවෙන් රෝගීන් මියයාම වසන් කිරීමට ගත් උත්සාහය සම්බන්ධයෙනුත් පරීක්ෂණයක් පැවැත්වෙනවා.

370
00:37:41,325 --> 00:37:43,525
මම අපරාධ අංශය එකේ චා යී යොන්.

371
00:37:44,055 --> 00:37:48,265
මේ නඩුවට අවුරුදු ගාණක් තිස්සේ කරගෙන ගිය නීතිවිරෝධී වෛද්‍ය අපරාධ සම්බන්ධ වෙනවා,

372
00:37:48,525 --> 00:37:51,235
ඒ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරමින්.

373
00:37:53,765 --> 00:37:56,035
ලී වූ ග්‍යොම් මට කිව්වා මේක ඔයාට දෙන්න කියලා.

374
00:38:00,875 --> 00:38:01,875
මොකක්ද මේ?

375
00:38:03,945 --> 00:38:05,815
කවුන්සලර්, මේක ගන්න.

376
00:38:10,415 --> 00:38:12,015
සභාපති චේ සහ ප්‍රොෆෙසර් හන් පරීක්ෂණ කළා...

377
00:38:12,655 --> 00:38:14,685
පවුලේ අය නැති මිනිස්සුන්ව යොදාගෙන, ඊටපස්සේ ඒගොල්ලන්ව මැරුවා.

378
00:38:15,825 --> 00:38:19,325
මේ තියෙන්නේ ඒ වින්දිතයින් 223 දෙනාගේ පුද්ගලික තොරතුරු.

379
00:38:21,625 --> 00:38:24,594
අද වෙනකොට චේඋම් වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළේ වෙලා තියෙන මරණ ගාණ...

380
00:38:24,595 --> 00:38:26,265
223ක් වගේ ලොකු ගාණකට ඇවිත් තියෙනවා.

381
00:38:26,465 --> 00:38:29,835
මේකට ප්‍රතිචාරයක් විදිහට, නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේකට සම්බන්ධ හැම පාර්ශවයක්ම අත්අඩංගුවට ගෙන තියෙනවා...

382
00:38:30,135 --> 00:38:33,835
සල්ලි සහ බලයේ මුවාවෙන් මේ සමාව දෙන්න බැරි අපරාධ කරපු අයව.

383
00:38:34,545 --> 00:38:38,015
අපි පොරොන්දු වෙනවා කිසිම සමාවක් නැතුව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා.

384
00:38:42,445 --> 00:38:43,445
මේ හැමදේම වටිනවා කියලා හිතෙනවා.

385
00:38:54,325 --> 00:38:56,795
අද කොහෙද යන්නේ, ප්‍රොසිකියුටර් චා?

386
00:38:59,395 --> 00:39:00,995
ලී වූ ග්‍යොම්ගෙන් මට දෙයක් හම්බවුණ නිසා,

387
00:39:02,035 --> 00:39:04,265
මට හිතෙනවා මම ගිහින් එයාට ගෞරව කරන්න ඕනේ කියලා.

388
00:39:04,735 --> 00:39:06,835
ඔයාලා දෙන්නත් අද ඉක්මනට ගෙදර ගිහින් විවේක ගන්න.

389
00:39:06,905 --> 00:39:09,845
නෑ, කමක් නෑ. අපි මුලින්ම වින්දිතයින්ව හඳුනාගන්න ඕනේ...

390
00:39:09,905 --> 00:39:10,905
ප්‍රොසිකියුටර් චා.

391
00:39:11,475 --> 00:39:12,715
අපි මේ පැත්තෙන් යමු. මේ පැත්තෙන්.

392
00:39:13,015 --> 00:39:16,245
ඇතුළට යන තැන රිපෝටර්ස්ලා පිරිලා.
ඇත්තටම.

393
00:39:16,315 --> 00:39:17,815
රිපෝටර්ස්ලාට අහු වුණොත් ලොකු කරදරයක් වෙයි.

394
00:39:19,985 --> 00:39:21,785
(ගුවාම් දිස්ත්‍රික් නීතිපති කාර්යාලය, මහජන සේවා මධ්‍යස්ථානය)

395
00:39:24,025 --> 00:39:25,025
ප්‍රොසිකියුටර් චා.

396
00:39:26,395 --> 00:39:28,195
පරිස්සමෙන් ගෙදර යන්න. අපි හෙට හම්බවෙමු.

397
00:39:57,895 --> 00:40:00,495
අපි සාක්ෂි සහ සාක්ෂිකරුවන් දෙගොල්ලොම හොයාගෙන තියෙන්නේ.

398
00:40:01,095 --> 00:40:02,165
ඉතින් ඇයි දෙවියනේ?

399
00:40:03,095 --> 00:40:06,535
ඇයි ඔයා තාමත් අන්තිම වෙනකම්ම සභාපති චේව ආරක්ෂා කරන්නේ?

400
00:40:06,965 --> 00:40:07,965
ඇයි?

401
00:40:11,505 --> 00:40:14,105
චේඋම් කේස් එක, බෙක් මට අල්ලස් දීලා යට ගහන්න හදපු එක...

402
00:40:15,175 --> 00:40:17,975
ඔයා හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් වෙනස් තත්වයක තියෙන්නේ.

403
00:40:20,575 --> 00:40:21,645
හේයි, ඕ හ්යොන් ද්‍යුක්.

404
00:40:22,485 --> 00:40:24,045
ඔයාට පිස්සු හැදිලද?

405
00:40:27,555 --> 00:40:31,895
පාවාදෙන කාලකණ්ණියා! ඔයාව මේ තත්වෙට ගෙනාවේ කවුද කියලා ඔයාට අමතක වුණාද?

406
00:40:32,095 --> 00:40:35,325
අමතක වුණාද? ඔයා හිතනවද මම මේක නිකන් අතහැරලා දායි කියලා?

407
00:40:37,026 --> 00:40:38,036
අතාරිනවා!

408
00:40:38,795 --> 00:40:39,795
මාව අතාරිනවා!

409
00:40:44,465 --> 00:40:46,175
මම ඔයාට හැමදේම කියන්නම්.

410
00:40:47,235 --> 00:40:48,645
සභාපති චේ සහ මන්ත්‍රී බෙක් ගැන.

411
00:40:48,975 --> 00:40:52,015
ලී වූ ග්‍යොම්ගේ සිදුවීම් පටන් ගත්ත හැටි, ඒකට සම්බන්ධ වුණ අය,

412
00:40:53,115 --> 00:40:55,445
සහ ඔයා සැක කරන හැමදේම, අන්තිම විස්තරය වෙනකම්ම.

413
00:40:59,385 --> 00:41:01,785
ඇයි මේ හදිසියේම වෙනස් වුණේ?

414
00:41:03,125 --> 00:41:04,385
මට ආරංචි වුණා ඔයා චීෆ් ප්යෝව හම්බුණා කියලා.

415
00:41:05,295 --> 00:41:06,695
එහෙනම් ඔයාට දළ අදහසක් ඇතිනේ.

416
00:41:08,395 --> 00:41:09,525
සභාපති චා.

417
00:41:10,825 --> 00:41:11,835
ඔයාගේ තාත්තා...

418
00:41:12,795 --> 00:41:13,995
මට කිව්වා ඔයාට කියන්න කියලා...

419
00:41:15,465 --> 00:41:16,805
මේක මෙතනින් නවත්තන්න කියලා.

420
00:41:18,475 --> 00:41:19,475
ඩිරෙක්ටර් ඕ.

421
00:41:20,535 --> 00:41:21,575
මම...

422
00:41:22,175 --> 00:41:25,475
මම තමන්ගේ තාත්තා කියන දේ අහන්න ඕන අවුරුදු තුනක ළමයෙක් නෙවෙයි.

423
00:41:26,545 --> 00:41:28,985
මම මේක බාගෙට කරන්න හිටියා නම්, මම කවදාවත් මේක පටන් ගන්නේ නෑ.

424
00:41:30,285 --> 00:41:33,515
දැන් ඉඳන්, ඔයා දැන් කිව්වා වගේ මට ඇත්ත විතරක් කියන්න.

425
00:41:34,155 --> 00:41:38,425
කවුරු සම්බන්ධ වුණත්, එයාලා මොනවා කළත්... එක දෙයක්වත් අතහරින්න එපා.

426
00:41:41,725 --> 00:41:42,725
හරි.

427
00:41:43,625 --> 00:41:46,295
එහෙනම් මම දැන් රෙකෝඩ් කරන්න පටන් ගන්නවා.

428
00:41:54,435 --> 00:41:55,445
යී යොන්.

429
00:42:26,934 --> 00:42:28,804
මට මොනවා හරි වුණොත්,

430
00:42:32,075 --> 00:42:34,445
මගේ ස්ටුඩියෝ එකේ තියෙන මෙට්‍රොනෝම් එක අරින්න.

431
00:42:35,715 --> 00:42:38,385
ඒක ඇතුළේ, මම මුලින්ම හොයාගත්ත බෙහෙත ඔයාට හොයාගන්න පුළුවන් වෙයි.

432
00:42:42,185 --> 00:42:44,225
තීරණය දැන් ඔයාගේ අතේ, කවුන්සලර්.

433
00:42:47,225 --> 00:42:49,225
අන්තිම බෙහෙත හදලා...

434
00:42:49,965 --> 00:42:51,995
ගණන් කරන්න බැරි තරම් ජීවිත ගාණක් බේරගන්නවද...

435
00:42:53,435 --> 00:42:56,905
එහෙමත් නැත්නම් ඒකෙන් ගණන් කරන්න බැරි තරම් මරණ ගාණක් සිද්ධ වෙනවද...

436
00:42:58,475 --> 00:43:00,205
කියන එක මේ ලෝකේ කාටවත්ම දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි.

437
00:43:15,885 --> 00:43:18,295
(අංකය සඟවා ඇත)

438
00:43:23,665 --> 00:43:25,795
හලෝ?
මේ මම.

439
00:43:35,205 --> 00:43:36,205
ඔයා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා.

440
00:43:40,345 --> 00:43:41,345
කවුන්සලර්.

