1
00:00:00,267 --> 00:00:02,833
<font color="#e3a113"><b>[ඔබත් ස්පිරිට් ෆින්ගර්ස් හා එක් වීමට කැමතිද?]</b></font>

2
00:00:21,067 --> 00:00:25,633
<font color="#ffffff"><b><i>♫ කාලයත් එක්ක වෙනස් නොවෙන හදවතක් ♫</i></b></font>

3
00:00:25,633 --> 00:00:30,900
<font color="#ffffff"><b><i>♫ සදාකාලිකවම පවතින අපේ අනන්ත කතාව ♫</i></b></font>

4
00:00:35,567 --> 00:00:37,312
<font color="#ffd88f"><b>💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</b></font>

5
00:00:37,312 --> 00:00:38,880


6
00:00:45,367 --> 00:00:50,433
<font color="#ffdc20">ඔයා එකපාරටම ඉස්කෝලේදී, පාඩම් කරන කාමරේදී, එහෙමත්
නැත්නම් එයාගේ ගෙදර ඉස්සරහ හිටන් මතු වෙනවා.</font>

7
00:00:54,467 --> 00:00:56,500
<font color="#ffdc20">ඌ යොන් එහෙම කිව්වා.</font>

8
00:00:56,500 --> 00:00:58,933
<font color="#ffdc20">එයාට වෙන හැම දේම මම දැනගන්න ඕන ඇයි?</font>

9
00:00:58,933 --> 00:01:00,160
<font color="#ffdc20">ඉතින්?</font>

10
00:01:00,160 --> 00:01:01,667
<font color="#ffdc20">ඔයා බය වෙලාද?</font>

11
00:01:03,833 --> 00:01:05,888
<font color="#ffdc20">මම...</font>

12
00:01:05,888 --> 00:01:07,700
<font color="#ffdc20">නිකන් බලන් ඉන්නම්.</font>

13
00:01:08,767 --> 00:01:11,467
<font color="#ffdc20">මට හිතෙන්නේ මම ඔයාට ගොඩක් බල කරනවා වගේ.</font>

14
00:01:12,500 --> 00:01:14,300
<font color="#ffdc20">ඔයා ලොකු වෙලාද?</font>

15
00:01:14,300 --> 00:01:16,067
<font color="#ffdc20">නෑ, නෑ.</font>

16
00:01:16,067 --> 00:01:17,900
<font color="#ffdc20">ලොකු වෙන්න එපා, ගි ජොන්ග්.</font>

17
00:01:17,900 --> 00:01:19,067
<font color="#ffdc20">ඔහොම ඉන්න එපා.</font>

18
00:01:19,067 --> 00:01:20,833
<font color="#ffdc20">ඇයි ඔයා ඇත්තටම මෙහෙම කරන්නේ?</font>

19
00:01:22,467 --> 00:01:25,667
<font color="#ffdc20">ඒයි, ගි ජොන්ග්.</font>

20
00:01:25,667 --> 00:01:27,967
<font color="#ffdc20">අපේ ගි ජොන්ග් මෝරන්න හොඳ නෑ.</font>

21
00:01:27,967 --> 00:01:31,200
<font color="#ffdc20">අපේ ගි ජොන්ග් ලොකු වෙන්න හොඳ නෑ.</font>

22
00:01:31,200 --> 00:01:33,867
<font color="#ff9231"><b>[12 වන කොටස]</b></font> <font color="#ffdc20">ළමයි, තාත්තා ආවා.</font>

23
00:01:39,333 --> 00:01:41,200
<font color="#ffdc20">ඔයා ආවද.</font>

24
00:01:44,300 --> 00:01:47,300
<font color="#ffdc20">එයා සතුටින් නෙවෙයි වගේ ඉන්නේ, ඒ
නිසා අනවශ්‍ය දේවල් කියන්න යන්න එපා</font>

25
00:01:47,300 --> 00:01:49,033
<font color="#ffdc20">වෙලාව බලලා කතා කරන්න.</font>

26
00:01:56,967 --> 00:01:59,500
<font color="#ffdc20">මේකත් කාලා බලන්න, ග්‍රිල් කරපු පැටී.</font>

27
00:01:59,500 --> 00:02:01,733
<font color="#ffdc20">ළමයින්ට දෙන්න.</font>

28
00:02:04,133 --> 00:02:05,267
<font color="#ffdc20">කෝ ඌ සොක්?</font>

29
00:02:05,267 --> 00:02:08,767
<font color="#ffdc20">එයා යාලුවෙක්ව හම්බවෙන්න ගියා. එයා පරක්කු වෙයි.</font>

30
00:02:08,767 --> 00:02:10,333
<font color="#ffdc20">ඌ යොන්, ඔයා...</font>

31
00:02:10,333 --> 00:02:12,800
<font color="#ffdc20">මේ දවස්වල ඔයාගේ අවධානය වෙනස් වෙලා නෑනේ, නේද?</font>

32
00:02:12,800 --> 00:02:13,800
<font color="#ffdc20">නෑ.</font>

33
00:02:13,800 --> 00:02:15,867
<font color="#ffdc20">එයා උපකාරක පන්තිවල වැඩ හොඳට කරගෙන යනවා.</font>

34
00:02:16,500 --> 00:02:17,760
<font color="#ffdc20">ඌ දොල්,</font>

35
00:02:17,760 --> 00:02:19,333
<font color="#ffdc20">කිම්චි ටිකක් කමු.</font>

36
00:02:23,400 --> 00:02:24,433
<font color="#ffdc20">මම කාලා ඉවරයි.</font>

37
00:02:24,433 --> 00:02:27,067
<font color="#ffdc20">ඔයා මොනවද මේ කියන්නේ?</font>

38
00:02:27,067 --> 00:02:30,800
<font color="#ffdc20">ඔයා හොඳට කන්න ඕන මොළේ වැඩ
කරන්න නම්. ගණිත තරඟය ළඟම එනවා.</font>

39
00:02:35,000 --> 00:02:36,833
<font color="#ffdc20">සොන්ග් ඌ දොල්.</font>

40
00:02:36,833 --> 00:02:38,033
<font color="#ffdc20">ඇවිත් මෙතනින් වාඩි වෙන්න.</font>

41
00:02:38,033 --> 00:02:39,667
<font color="#ffdc20">හැන්ද අතට ගන්න.</font>

42
00:02:41,200 --> 00:02:42,367
<font color="#ffdc20">සොන්ග් ඌ දොල්!</font>

43
00:02:42,367 --> 00:02:44,733
<font color="#ffdc20">ඇයි? ඔයා එයාව බය කරනවා.</font>

44
00:02:44,733 --> 00:02:45,900
<font color="#ffdc20">ඔයා තමයි ප්‍රශ්නේ.</font>

45
00:02:45,900 --> 00:02:48,467
<font color="#ffdc20">ඔයා ඇයි මේ ළමයි වටේම
කැරකි කැරකි ඉන්නේ? ඇත්තටම?</font>

46
00:02:50,967 --> 00:02:53,467
<font color="#ffdc20">එකෙක් නෙවෙයි, දෙන්නම.</font>

47
00:02:56,633 --> 00:02:58,667
<font color="#ffdc20">මට මේක දරාගන්න බෑ.</font>

48
00:03:05,833 --> 00:03:07,800
<font color="#ffdc20">මොකක් හරි ප්‍රශ්නයක්ද?</font>

49
00:03:09,533 --> 00:03:12,533
<font color="#ffdc20">ඔයා ළමයින්ට බනිද්දී, ටිකක් තදින් ඉන්න ඕන.</font>

50
00:03:13,567 --> 00:03:16,067
<font color="#ffdc20">ඔයාට තිබුනා නිකන් හොඳින් කියන්න.</font>

51
00:03:16,067 --> 00:03:18,667
<font color="#ffdc20">ඉස්කෝලේදී මොකක් හරි උනාද?</font>

52
00:03:18,667 --> 00:03:21,033
<font color="#ffdc20">ඔයා කල්පනා කරන්නේ මට ආයෙත්</font>

53
00:03:21,033 --> 00:03:22,167
<font color="#ffdc20">ස්ථිර පත්වීම ලැබුනේ නෑ කියලද?</font>

54
00:03:22,167 --> 00:03:24,267
<font color="#ffdc20">මොකක්? ඇයි ඔයා එහෙම කියන්නේ?</font>

55
00:03:24,267 --> 00:03:25,500
<font color="#ffdc20">මම මුකුත් කිව්වේ නෑනේ.</font>

56
00:03:25,500 --> 00:03:26,833
<font color="#ffdc20">මම ඔයාව දන්නේ නැද්ද?</font>

57
00:03:26,833 --> 00:03:29,800
<font color="#ffdc20">ඔයා හැම අවුරුද්දෙම ඔය ප්‍රශ්නෙම
වක්‍රව අහනවා. මාව පිස්සු වට්ටනවා.</font>

58
00:03:29,800 --> 00:03:34,733
<font color="#ffdc20">මට කේන්ති යන්නේ හැම අවුරුද්දෙම ඔයා
ඒකට ගොඩක් ලං වෙනවා, ඒත් ඒක මග ඇරෙනවා.</font>

59
00:03:34,733 --> 00:03:36,600
<font color="#ffdc20">ඔයා හිතාගෙන ඉන්නේ සමාජ ජීවිතය කියන්නේ</font>

60
00:03:36,600 --> 00:03:38,208
<font color="#ffdc20">ඔයා ඔය කියන තරම් ලේසි දෙයක් කියලද?</font>

61
00:03:38,208 --> 00:03:40,567
<font color="#ffdc20">ඒක එච්චර ලේසිද?</font>

62
00:03:40,567 --> 00:03:44,100
<font color="#ffdc20">අනේ මන්දා, මම හිතන්නේ දවසම
ගෙදර ඉන්න කෙනෙක් ඕවා දන්නේ නෑනේ.</font>

63
00:03:44,100 --> 00:03:45,700
<font color="#ffdc20">ළමයි ගැන විතරක් බලාගන්න.</font>

64
00:03:45,700 --> 00:03:47,567
<font color="#ffdc20">මට පීඩනයක් දෙන එක නවත්තන්න.</font>

65
00:03:50,133 --> 00:03:51,567
<font color="#ffdc20">මට සමාවෙන්න.</font>

66
00:03:51,567 --> 00:03:55,300
<font color="#ffdc20">තාත්තා හිටියේ මගේ එක්ක කේන්තියෙන්,
ඒත් එයා ඒක පිට කරේ ඔයාගෙන්.</font>

67
00:03:56,167 --> 00:03:57,376
<font color="#ffdc20">නෑ,</font>

68
00:03:57,376 --> 00:03:59,100
<font color="#ffdc20">අම්මා තමයි තාත්තට එහෙම කරන්න කිව්වේ.</font>

69
00:03:59,100 --> 00:04:00,100
<font color="#ffdc20">මොකක්?</font>

70
00:04:00,100 --> 00:04:03,967
<font color="#ffdc20">මේ ඔක්කොම වෙන්නේ අම්මා එයාව
පස්සෙන් ඉඳන් පාලනය කරන නිසා.</font>

71
00:04:03,967 --> 00:04:05,900
<font color="#ffdc20">මම ඇත්තටම අම්මට වෛර කරනවා.</font>

72
00:04:06,900 --> 00:04:08,000
<font color="#ffdc20">ඌ දොල්, එහෙම කියන්න එපා...</font>

73
00:04:08,000 --> 00:04:09,533
<font color="#ffdc20">ඔයත් අම්මට කැමති නෑනේ.</font>

74
00:04:09,533 --> 00:04:11,300
<font color="#ffdc20">ඇයි කැමතියි වගේ රඟපාන්නේ?</font>

75
00:04:22,433 --> 00:04:24,733
<font color="#ffdc20">ඔයා මේ ළඟදි ග්‍යු රින්ව දැක්කේ නෑ නේද?</font>

76
00:04:24,733 --> 00:04:26,800
<font color="#ffdc20">ඔයාලා තාම යාළු වෙලා නැද්ද?</font>

77
00:04:26,800 --> 00:04:28,800
<font color="#ffdc20">අපි යාළු වුනා.</font>

78
00:04:28,800 --> 00:04:31,900
<font color="#ffdc20">ග්‍යු රින් කිව්වා එයාට දෙයක් විසඳගත්තට
පස්සේ හම්බවෙන්න ඕන කියලා.</font>

79
00:04:31,900 --> 00:04:33,500
<font color="#ffdc20">ඒ මොකක්ද?</font>

80
00:04:34,833 --> 00:04:36,533
<font color="#ffdc20">ඇකාප්‍රියෝ (Acaprio).</font>

81
00:04:36,533 --> 00:04:37,600
<font color="#ffdc20">අහ්?</font>

82
00:04:37,600 --> 00:04:40,500
<font color="#ffdc20">සමහර විට මම කියන්න තිබුනා
මම ඒක බලාගන්නම් කියලා.</font>

83
00:04:40,500 --> 00:04:41,633
<font color="#ffdc20">ඔයා එයාව විශ්වාස කරන්නේ නැද්ද?</font>

84
00:04:41,633 --> 00:04:43,233
<font color="#ffdc20">නෑ.</font>

85
00:04:44,600 --> 00:04:47,267
<font color="#ffdc20">ඇත්තෙන්ම, මම ඒකට කැමති නෑ.
මම කොහොමද කැමති වෙන්නේ?</font>

86
00:04:47,267 --> 00:04:50,400
<font color="#ffdc20">හේතුව මොකක් වුනත්, ඇයි මම සතුටු
වෙන්නේ එයාලා හම්බවෙන එක ගැන?</font>

87
00:04:52,267 --> 00:04:55,667
<font color="#ffdc20">මම හිතන්නේ එයා උත්සාහ
කරන්නේ ප්‍රශ්න ඉවරයක් කරන්න.</font>

88
00:04:55,667 --> 00:04:58,433
<font color="#ffdc20">සමහර විට ඒක එයාට අවශ්‍ය දෙයක් වෙන්න ඇති.</font>

89
00:05:02,656 --> 00:05:05,367
<font color="#ffdc20">ඌ දොල්, අපි ඉක්මන් කරමු. අපිට පරක්කු වෙනවා.</font>

90
00:05:06,467 --> 00:05:08,133
<font color="#ffdc20">ඇයි මේච්චර හදිස්සි?</font>

91
00:05:08,133 --> 00:05:09,367
<font color="#ffdc20">විභාග පරිසරයට හුරු වෙන්න විතරයි.</font>

92
00:05:09,367 --> 00:05:11,133
<font color="#ffdc20">ඌ දොල්.</font>

93
00:05:13,633 --> 00:05:15,700
<font color="#ffdc20">යමු, යමු.</font>

94
00:05:15,700 --> 00:05:17,200
<font color="#ffdc20">ආ, ඌ සොක්, එළියට යනවද?</font>

95
00:05:17,200 --> 00:05:18,933
<font color="#ffdc20">ඔව්, පුස්තකාලයට.</font>

96
00:05:18,933 --> 00:05:20,033
<font color="#ffdc20">මම ඉක්මනට එන්නම්.</font>

97
00:05:20,033 --> 00:05:21,967
<font color="#ffdc20">මම ඔයාව පුස්තකාලයට ඇරලවන්නම්.</font>

98
00:05:21,967 --> 00:05:23,600
<font color="#ffdc20">ඕන නෑ.</font>

99
00:05:27,500 --> 00:05:28,767
<font color="#ffdc20">ඔයාගේ අයියා දිහා බලන්න.</font>

100
00:05:28,767 --> 00:05:30,500
<font color="#ffdc20">ඔයාට මුකුත් තේරෙන්නේ නැද්ද?</font>

101
00:05:31,967 --> 00:05:34,167
<font color="#ffdc20">ඌ දොල්, අපි එකට යමු.</font>

102
00:05:34,167 --> 00:05:36,033
<font color="#ffdc20">අද ඔයාගේ පන්ති කලින් ඉවරද?</font>

103
00:05:36,033 --> 00:05:38,667
<font color="#ffdc20">තාත්තා අද කලින් ගෙදර
එනවා. කෙලින්ම ගෙදර එන්න.</font>

104
00:05:55,767 --> 00:05:57,400
<font color="#ffdc20">ඒයි, සොන්ග්. සෙ...</font>

105
00:05:57,400 --> 00:05:59,767
<font color="#ffdc20">ඇයි මට කතා කරේ නැත්තේ?</font>

106
00:06:02,133 --> 00:06:04,300
<font color="#ffdc20">නෑ, මම කොහොමත් ඔයාට කතා කරන්න හැදුවේ.</font>

107
00:06:04,300 --> 00:06:05,333
<font color="#ffdc20">මම ඉස්සෙල්ලා ගත්තා.</font>

108
00:06:05,333 --> 00:06:07,500
<font color="#ffdc20">නෑ, මම ඉස්සෙල්ලා ගත්තේ.
මම 'සෙ' කියනකම්ම කිව්වා.</font>

109
00:06:07,500 --> 00:06:10,300
<font color="#ffdc20">ඒ කියන්නේ මම ඉස්සෙල්ලා පටන් ගත්තේ.
ඔයා මගේ නම සම්පූර්ණ කරේ නෑනේ.</font>

110
00:06:10,300 --> 00:06:11,333
<font color="#ffdc20">ඒක අසාධාරණයි.</font>

111
00:06:11,333 --> 00:06:13,100
<font color="#ffdc20">ඔයා මගේ නම 'සොන්ග්' කියලා කෙටි කරානේ.</font>

112
00:06:13,100 --> 00:06:15,867
<font color="#ffdc20">එහෙනම් මට 'සෙල්' හරි මොකක් හරි කියන්න.</font>

113
00:06:15,867 --> 00:06:18,233
<font color="#ffdc20">ඔයාලා නම් මාර ළාමකයි, ඇත්තටම.</font>

114
00:06:18,233 --> 00:06:20,800
<font color="#ffdc20">ඕනකමින් රණ්ඩු අල්ලන්න හදන
එක එච්චර හරියන්නේ නෑ වගේ, නේද?</font>

115
00:06:20,800 --> 00:06:22,967
<font color="#ffdc20">ඒයි, යමු. එන්න යන්න.</font>

116
00:06:26,067 --> 00:06:27,300
<font color="#ffdc20">ජර්මනිය?</font>

117
00:06:27,300 --> 00:06:29,500
<font color="#ffdc20">ඇයි දැන් මට කියන්නේ? ඇයි මම
විතරක් මේ ගැන දන්නේ නැත්තේ?</font>

118
00:06:29,500 --> 00:06:32,633
<font color="#ffdc20">ඔයා මට කිව්වෙත් නෑනේ. ඒයි.</font>

119
00:06:32,633 --> 00:06:34,467
<font color="#ffdc20">නෑ, ඒක අමතක කරන්න.</font>

120
00:06:36,867 --> 00:06:38,800
<font color="#ffdc20">මම ඔයාට කියන්න හිටියේ.</font>

121
00:06:38,800 --> 00:06:42,133
<font color="#ffdc20">ඔයාගේ අම්මා නිසා ඔයා ඒ වෙද්දිත් ගොඩක්
අවුලෙන් හිටියේ, ඒ නිසා මම ඒක කල් දැම්මා.</font>

122
00:06:42,133 --> 00:06:44,000
<font color="#ffdc20">මට සමාවෙන්න.</font>

123
00:06:44,000 --> 00:06:46,600
<font color="#ffdc20">මම ඇත්තටම මේ ගැන මුකුත් දැනගෙන හිටියේ නෑ.</font>

124
00:06:46,600 --> 00:06:48,367
<font color="#ffdc20">ඒයි, අඬන්න එපා.</font>

125
00:06:48,367 --> 00:06:49,933
<font color="#ffdc20">මම අර කලින් ඔක්කොම අඬලා ඉවර කරා.</font>

126
00:06:49,933 --> 00:06:51,400
<font color="#ffdc20">ඔයා ආයේ පටන් ගත්තොත්, මට ආයේ අඬන්න වෙයි.</font>

127
00:06:51,400 --> 00:06:53,100
<font color="#ffdc20">මම මොකක්ද කරන්න ඕන?</font>

128
00:06:53,100 --> 00:06:54,300
<font color="#ffdc20">ඔයා මොකක්ද ඔය කියන්නේ?</font>

129
00:06:54,300 --> 00:06:56,100
<font color="#ffdc20">මට මැරෙන ලෙඩක්වත් තියෙනවද?</font>

130
00:06:56,100 --> 00:06:58,400
<font color="#ffdc20">මම හැමදාටම එහේ ජීවත් වෙන්නේ නෑනේ.</font>

131
00:06:58,400 --> 00:07:01,367
<font color="#ffdc20">අපිට එහේ හුරු වෙන්න බැරි උනොත් මාසෙකින් ආයේ එයි.</font>

132
00:07:01,367 --> 00:07:02,400
<font color="#ffdc20">නෑ.</font>

133
00:07:02,400 --> 00:07:06,267
<font color="#ffdc20">මට හිතෙන්නේ ඔයා අන්තිමට ජර්මන්කාරයෙක්ව
බැඳලා පරම්පරා ගාණක් එහේ ඉඳියි කියලා.</font>

134
00:07:06,267 --> 00:07:08,500
<font color="#ffdc20">මොකක්? ඇයි මම එහේ ජීවත් වෙන්නේ?</font>

135
00:07:08,500 --> 00:07:10,667
<font color="#ffdc20">මම දන්ගුන්ගේ පරම්පරාවේ කෙනෙක්, ඔයා දන්නවනේ.</font>

136
00:07:12,500 --> 00:07:14,867
<font color="#ffdc20">මට නිකන් අම්මා එක්ක ජීවත් වෙලා බලන්න ඕන.</font>

137
00:07:14,867 --> 00:07:17,733
<font color="#ffdc20">මම තාත්තා එක්ක ජීවත් වුනා වගේම
කාලයක් අම්මා එක්කත් ජීවත් වෙනවා.</font>

138
00:07:17,733 --> 00:07:21,933
<font color="#ffdc20">මේ කාලේ පහු වෙද්දී, අපි
වැඩිහිටියො වෙලා තියෙයි, නේද?</font>

139
00:07:21,933 --> 00:07:25,867
<font color="#ffdc20">අපේම තීරණ ගන්න සහ
ඒවාට වගකියන්න පුළුවන් වෙයි.</font>

140
00:07:27,433 --> 00:07:28,533
<font color="#ffdc20">ඔව්, සේ රා.</font>

141
00:07:28,533 --> 00:07:32,633
<font color="#ffdc20">එතකන්, කොල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්න!
මම ඇත්තටමයි කියන්නේ, යාලු වෙන්න බෑ!</font>

142
00:07:32,633 --> 00:07:34,900
<font color="#ffdc20">දැන් වගේම ඉගෙන ගන්න එක
ගැන විතරක් අවධානය දෙන්න.</font>

143
00:07:36,567 --> 00:07:38,000
<font color="#ffdc20">ඉගෙන ගන්න එක විතරයි. ඔව්.</font>

144
00:07:38,000 --> 00:07:40,467
<font color="#ffdc20">ඔයාලා තව ඉගෙන ගන්න ඕන.</font>

145
00:07:47,866 --> 00:07:49,274


146
00:07:57,700 --> 00:08:00,467
<font color="#ffdc20">ඔව්, ටීචර්. හෙලෝ.</font>

147
00:08:01,767 --> 00:08:04,867
<font color="#ffdc20">මොකක්? එයා ආවේ නැද්ද? ඒ කියන්නේ?</font>

148
00:08:07,733 --> 00:08:09,376
<font color="#ffdc20">ඒත් මම</font>

149
00:08:09,376 --> 00:08:12,467
<font color="#ffdc20">පැහැදිලිවම දැක්කා එයා විභාග ශාලාවට යනවා.</font>

150
00:08:12,467 --> 00:08:14,067
<font color="#ffdc20">මොකක්ද වුනේ?</font>

151
00:08:20,767 --> 00:08:22,100
<font color="#ffdc20">අම්මේ. ඌ යොන්.</font>

152
00:08:22,100 --> 00:08:23,767
<font color="#ffdc20">ඔයා එන ගමන් ඌ දොල්ව දැක්කද?</font>

153
00:08:23,767 --> 00:08:25,233
<font color="#ffdc20">අහ්? ඌ දොල්?</font>

154
00:08:25,233 --> 00:08:26,733
<font color="#ffdc20">එයාලා කියනවා ඌ දොල් කවදාවත්
විභාග ශාලාවට ගියේ නෑ කියලා.</font>

155
00:08:26,733 --> 00:08:28,333
<font color="#ffdc20">මොකක්?</font>

156
00:08:29,367 --> 00:08:31,033
<font color="#ffdc20">ඌ දොල්!</font>

157
00:08:31,867 --> 00:08:33,633
<font color="#ffdc20">ඌ දොල්!</font>

158
00:08:33,633 --> 00:08:36,600
<font color="#ffdc20">ඔයා කොහෙද ගියේ? අහ්?</font>

159
00:08:36,600 --> 00:08:38,633
<font color="#ffdc20">මෙච්චර වෙලා ඔයා කොහෙද හිටියේ?</font>

160
00:08:42,900 --> 00:08:44,000
<font color="#ffdc20">ඌ දොල්.</font>

161
00:08:44,000 --> 00:08:45,333
<font color="#ffdc20">මට හැමදේම පැහැදිලි කරන්න.</font>

162
00:08:45,333 --> 00:08:47,733
<font color="#ffdc20">හේතුවක් නැතුව ඔයා මෙහෙම කරන්නේ නෑනේ.</font>

163
00:08:47,733 --> 00:08:49,700
<font color="#ffdc20">මට ඒ ගැන කතා කරන්න ඕන නෑ.</font>

164
00:08:56,067 --> 00:08:58,600
<font color="#ffdc20">ඒ අර මින් හෝ ද ආයෙත්?</font>

165
00:08:58,600 --> 00:09:02,000
<font color="#ffdc20">එයා ආයෙත් ඔයාට කරදර කරාද? ගැහුවද?</font>

166
00:09:04,600 --> 00:09:06,233
<font color="#ffdc20">මෙහෙම හරියන්නේ නෑ. යමු ඉස්පිරිතාලෙට.</font>

167
00:09:06,233 --> 00:09:07,667
<font color="#ffdc20">ඇයි?</font>

168
00:09:07,667 --> 00:09:10,633
<font color="#ffdc20">මගේ මොලේට හානි වෙලා මට
ඉගෙන ගන්න බැරි වෙයි කියලා බයද?</font>

169
00:09:10,633 --> 00:09:12,867
<font color="#ffdc20">මම ඔයාව ලැජ්ජාවට පත් කරයි කියලා බයද?</font>

170
00:09:12,867 --> 00:09:15,667
<font color="#ffdc20">ඔයාට වැදගත් වෙන්නේ එච්චරයි නේද?</font>

171
00:09:16,700 --> 00:09:18,433
<font color="#ffdc20">ඌ දොල්, මොකක්ද ප්‍රශ්නේ?</font>

172
00:09:18,433 --> 00:09:19,800
<font color="#ffdc20">මොකක්ද ඔය කියන්නේ?</font>

173
00:09:19,800 --> 00:09:21,600
<font color="#ffdc20">එයා මේ ඔක්කොම ඉගෙන ගත්තේ ඔයාගෙන්.</font>

174
00:09:21,600 --> 00:09:22,933
<font color="#ffdc20">මම මොකක්ද? ඔයා එයාගේ අක්කා විදිහට,</font>

175
00:09:22,933 --> 00:09:24,967
<font color="#ffdc20">මට කට ගහගෙන එනවා, බොරු කියනවා,</font>

176
00:09:24,967 --> 00:09:26,400
<font color="#ffdc20">හොරෙන් එළියට යනවා, අමුතු
කණ්ඩායම් වලට බැඳෙනවා.</font>

177
00:09:26,400 --> 00:09:27,400
<font color="#ffdc20">ඒක හොඳ හැසිරීමක්ද?</font>

178
00:09:27,400 --> 00:09:29,733
<font color="#ffdc20">ඔයා තමයි මුලින්ම බොරු කිව්වේ.</font>

179
00:09:30,400 --> 00:09:32,033
<font color="#ffdc20">මොකක්?</font>

180
00:09:34,100 --> 00:09:36,067
<font color="#ffdc20">ඇයි? මොකක්ද වෙන්නේ?</font>

181
00:09:36,067 --> 00:09:37,967
<font color="#ffdc20">අහ්, මුකුත් නෑ.</font>

182
00:09:37,967 --> 00:09:39,867
<font color="#ffdc20">ඔයාගේ බැලේ ජීවිතේම බොරුවක්.</font>

183
00:09:39,867 --> 00:09:43,133
<font color="#ffdc20">ඔයානේ වංචාකාරයා, ඉතින් ඇයි මට බනින්නේ?</font>

184
00:09:43,133 --> 00:09:44,500
<font color="#ffdc20">අනික,</font>

185
00:09:44,500 --> 00:09:47,100
<font color="#ffdc20">මම ඉගෙන ගත්තේ නැත්නම් ඔයා මාව අතාරිනවා නේද?</font>

186
00:09:47,100 --> 00:09:50,933
<font color="#ffdc20">ඔයා අර ඌ යොන්ගේ චිත්‍රේ ඉරලා දැම්මා
වගේ, ඔයා මාවත් අයින් කරලා දායි නේද?</font>

187
00:09:50,933 --> 00:09:53,533
<font color="#ffdc20">කොහොමද ඔයා එහෙම කියන්නේ, ඌ දොල්?</font>

188
00:09:53,533 --> 00:09:55,600
<font color="#ffdc20">සොන්ග් ඌ දොල්.</font>

189
00:09:55,600 --> 00:09:57,633
<font color="#ffdc20">කොහොමද ඔයා අම්මා එක්ක ඔහොම කතා කරන්නේ?</font>

190
00:09:57,633 --> 00:09:58,933
<font color="#ffdc20">අනේ, ළමයින්ට කෑගහන්න එපා.</font>

191
00:09:58,933 --> 00:10:01,633
<font color="#ffdc20">ඔයා, අයින් වෙන්න.</font>

192
00:10:01,633 --> 00:10:03,533
<font color="#ffdc20">ඔයාගේ අම්මගෙන් දැන්ම සමාව ගන්න.</font>

193
00:10:05,400 --> 00:10:06,433
<font color="#ffdc20">දැන්ම!</font>

194
00:10:06,433 --> 00:10:08,400
<font color="#ffdc20">ඔයාට මට බනින්න කිසිම අයිතියක් නෑ.</font>

195
00:10:08,400 --> 00:10:11,067
<font color="#ffdc20">ඔයා අපිව ගණන් ගන්නේ
නැතුව නිතරම අම්මට බනිනවා.</font>

196
00:10:11,067 --> 00:10:12,533
<font color="#ffdc20">මොකක්ද ඔයා කිව්වේ? යමු ඇතුලට, ඌ දොල්.</font>

197
00:10:12,533 --> 00:10:14,700
<font color="#ffdc20">මම ඔයා වගේ මිනිස්සු ගැන
පොත් වල කියවලා තියෙනවා.</font>

198
00:10:14,700 --> 00:10:16,267
<font color="#ffdc20">සමාජයේ එයාලව පහත් කරලා සලකන නිසා,</font>

199
00:10:16,267 --> 00:10:19,633
<font color="#ffdc20">එයාලා ගෙදර ඇවිත් සැර දාලා
පවුලේ අය පිටින් කේන්තිය යවනවා.</font>

200
00:10:19,633 --> 00:10:21,333
<font color="#ffdc20">ඔයා බියගුල්ලෙක්.</font>

201
00:10:23,167 --> 00:10:24,500
<font color="#ffdc20">මේකා නම්, ඇත්තටම.</font>

202
00:10:24,500 --> 00:10:25,800
<font color="#ffdc20">සන්සුන් වෙන්න තාත්තේ.</font>

203
00:10:25,800 --> 00:10:27,400
<font color="#ffdc20">ඌ සොක්, අයින් වෙන්න.</font>

204
00:10:28,467 --> 00:10:30,700
<font color="#ffdc20">අයින් වෙන්න! ඕක නවත්තන්න!</font>

205
00:10:32,133 --> 00:10:33,800
<font color="#ffdc20">ආහ්, මේ ළමයි එක්ක නම්, ඇත්තටම.</font>

206
00:10:33,800 --> 00:10:36,933
<font color="#ffdc20">අනේ. නවත්තන්න, ඇයි ඔයා මෙහෙම කරන්නේ?</font>

207
00:10:36,933 --> 00:10:40,133
<font color="#ffdc20">මෙච්චර කාලයක්, මම හිතුවේ මම නැතුව,</font>

208
00:10:40,133 --> 00:10:43,400
<font color="#ffdc20">අපේ පවුල පරිපූර්ණයි කියලා.</font>

209
00:10:43,400 --> 00:10:44,920
<font color="#ffdc20">ඒක</font>

210
00:10:44,920 --> 00:10:47,967
<font color="#ffdc20">මගේ ලොකු මුලාවක් විතරයි.</font>

211
00:10:47,967 --> 00:10:50,533
<font color="#ffdc20">හැමෝම හිටියේ වෙස්මූණු දාගෙන.</font>

212
00:10:50,533 --> 00:10:52,448
<font color="#ffdc20">මගේ</font>

213
00:10:52,448 --> 00:10:54,367
<font color="#ffdc20">පරිපූර්ණයි කියලා හිතුන අයියා පවා.</font>

214
00:11:09,100 --> 00:11:10,700
<font color="#ffdc20">මම ගිහින් එන්නම්.</font>

215
00:11:18,067 --> 00:11:20,600
<font color="#ffdc20">මොකක්? එයා තාම නෑ?</font>

216
00:11:21,467 --> 00:11:23,267
<font color="#ffdc20">කවුරු හරි ඉන්නවද?</font>

217
00:11:23,267 --> 00:11:24,967
<font color="#ffdc20">අධ්‍යක්ෂකතුමා.</font>

218
00:11:35,400 --> 00:11:37,900
<font color="#ffdc20">මොකක්ද ඔය බැල්ම?</font>

219
00:11:39,633 --> 00:11:41,267
<font color="#ffdc20">ඔයාට මතක නැද්ද?</font>

220
00:11:43,067 --> 00:11:46,067
<font color="#ffdc20">මේක අපි මුලින්ම හම්බවුන
දවසේ මම ඇඳන් හිටපු ඇඳුමනේ.</font>

221
00:11:46,833 --> 00:11:48,800
<font color="#ffdc20">රින් රින් ආසම එක.</font>

222
00:11:48,800 --> 00:11:51,267
<font color="#ffdc20">මම කිව්වා මට එහෙම කතා කරන්න එපා කියලා.</font>

223
00:11:51,267 --> 00:11:53,333
<font color="#ffdc20">කෝ අධ්‍යක්ෂකතුමා? අධ්‍යක්ෂකතුමා</font>

224
00:11:53,333 --> 00:11:55,100
<font color="#ffdc20">වාහන තදබදයක හිරවෙලා පරක්කු වෙනවා.</font>

225
00:11:55,100 --> 00:11:57,533
<font color="#ffdc20">ආ, එයා පරක්කුයි?</font>

226
00:11:57,533 --> 00:12:00,467
<font color="#ffdc20">අපි බලන් ඉන්න අතරේ, පරණ
විස්තර ටිකක් කතා කරමුද?</font>

227
00:12:00,467 --> 00:12:03,000
<font color="#ffdc20">ඔයාට පුළුවන් පරණ කතා තනියම කතා කරන්න.</font>

228
00:12:03,000 --> 00:12:04,933
<font color="#ffdc20">මම දැනගෙන හිටියත් මේක නිකන්
බොරුවක් කියලා, මම කැමැත්තෙන්ම ආවේ...</font>

229
00:12:04,933 --> 00:12:06,533
<font color="#ffdc20">ඉන්න.</font>

230
00:12:24,400 --> 00:12:26,633
<font color="#ffdc20">අපි අතීතයට යමු.</font>

231
00:12:28,633 --> 00:12:32,467
<font color="#ffdc20">ඒ ඔක්කොම මගේ වැරැද්ද. මට සමාවෙන්න, හරිද?</font>

232
00:12:34,967 --> 00:12:37,733
<font color="#ffdc20">ඒකට කමක් නෑ. ඕනම කෙනෙක්
අතින් ඒ වගේ වැරැද්දක් වෙන්න පුළුවන්.</font>

233
00:12:39,000 --> 00:12:40,864
<font color="#ffdc20">ඔයා</font>

234
00:12:40,864 --> 00:12:43,367
<font color="#ffdc20">මටත් සමාව දෙනවද?</font>

235
00:12:43,367 --> 00:12:45,000
<font color="#ffdc20">මොකටද?</font>

236
00:12:56,000 --> 00:12:58,400
<font color="#ffdc20">ඔයා තාම මිනිස්සුන්ගේ කතාව මැද්දෙන් පනිනවා නේද?</font>

237
00:12:58,400 --> 00:12:59,733
<font color="#ffdc20">කොහොම හරි, මට ඉවර කරන්න දෙන්නකෝ.</font>

238
00:12:59,733 --> 00:13:02,467
<font color="#ffdc20">මේක නිකන් කතාවක් විතරයි කියලා
දැනගෙන හිටියත්, මම කැමැත්තෙන්ම ආවේ</font>

239
00:13:02,467 --> 00:13:04,267
<font color="#ffdc20">මගේ මනුස්සයා ගැන බය නැති කරගන්න.</font>

240
00:13:04,267 --> 00:13:07,100
<font color="#ffdc20">මොකක්? මම සොන් හෝ එක්ක යාලු වුනේ පාළුවට නෙවෙයි.</font>

241
00:13:07,100 --> 00:13:10,767
<font color="#ffdc20">ඔයා එක්ක යාලු වෙලා ඉද්දිත්, සොන් හෝ
තමයි හැමතිස්සෙම මගේ පළවෙනියා වුනේ.</font>

242
00:13:10,767 --> 00:13:14,100
<font color="#ffdc20">එදත් අදත්, ඔයාට කූ සොන්
හෝට අභියෝග කරන්න බෑ.</font>

243
00:13:14,100 --> 00:13:15,900
<font color="#ffdc20">ඒයි, නම් ග්‍යු රින්.</font>

244
00:13:17,000 --> 00:13:18,700
<font color="#ffdc20">ඒයි, නම් ග්‍යු රින්!</font>

245
00:13:33,667 --> 00:13:36,167
<font color="#ffdc20">කූ සොන් හෝ, ඔයා මොකද මෙහෙ කරන්නේ?</font>

246
00:13:36,167 --> 00:13:38,167
<font color="#ffdc20">මම හදිසි අවස්ථාවක් නිසා ලෑස්ති පිට හිටියේ.</font>

247
00:13:40,767 --> 00:13:42,400
<font color="#ffdc20">මෙහෙ එන්න.</font>

248
00:13:44,800 --> 00:13:47,100
<font color="#ffdc20">මම ආවා. දැන් මොකද?</font>

249
00:13:51,433 --> 00:13:53,600
<font color="#ffdc20">මට ඔයාව මතක් වුනා.</font>

250
00:13:56,433 --> 00:13:58,267
<font color="#ffdc20">මටත්.</font>

251
00:14:05,767 --> 00:14:07,500
<font color="#ffdc20">මම පින්ක් (Pink) කියපු විදිහටම කරා.</font>

252
00:14:07,500 --> 00:14:11,300
<font color="#ffdc20">මම ආඩම්බරෙන් ප්‍රකාශ කරා මම ආවේ
මගේ මනුස්සයා ගැන බය නැති කරගන්න කියලා.</font>

253
00:14:11,300 --> 00:14:14,167
<font color="#ffdc20">මම හරිම අනුකම්පා සහගතයි නේද?</font>

254
00:14:15,667 --> 00:14:17,533
<font color="#ffdc20">ඇයි මම එහෙම හැසිරුනේ?</font>

255
00:14:17,533 --> 00:14:19,000
<font color="#ffdc20">හරිම ලැජ්ජයි.</font>

256
00:14:19,000 --> 00:14:20,800
<font color="#ffdc20">මම ඒක රහසක් විදිහට තියාගන්නම්.</font>

257
00:14:20,800 --> 00:14:22,000
<font color="#ffdc20">හැබැයි ඇත්තටම, ඇයි ඔයා එහෙම කළේ?</font>

258
00:14:22,000 --> 00:14:23,733
<font color="#ffdc20">ඔයා සාමාන්‍යයෙන් ඉන්න විදිහ නෙමෙයිනේ.</font>

259
00:14:24,467 --> 00:14:26,133
<font color="#ffdc20">මට හිතෙන්නේ ඒක ආදරේ
නොලැබුණාම දැනෙන දුක වෙන්න ඇති.</font>

260
00:14:26,133 --> 00:14:28,133
<font color="#ffdc20">ආදරේ නොලැබුණාම?</font>

261
00:14:28,133 --> 00:14:30,533
<font color="#ffdc20">ඔයා දැන් මාර නිර්භීත වෙලානේ, කූ සොන් හෝ.</font>

262
00:14:30,533 --> 00:14:32,933
<font color="#ffdc20">මම ගොඩක් කාලෙක ඉඳන් ඔයාට කැමැත්තෙන් හිටියේ.</font>

263
00:14:32,933 --> 00:14:34,533
<font color="#ffdc20">මොකක්?</font>

264
00:14:35,867 --> 00:14:38,600
<font color="#ffdc20">එහෙනම්, ඇයි ඔයා ඊයේ ආවේ නැත්තේ?</font>

265
00:14:38,600 --> 00:14:40,133
<font color="#ffdc20">ඔයාට එහෙම මඟ හරින්න බෑනේ.</font>

266
00:14:40,133 --> 00:14:42,200
<font color="#ffdc20">ඊයේ තිබුණේ මගේ තාත්තාගේ ගුණ සමරුව.</font>

267
00:14:42,200 --> 00:14:44,333
<font color="#ffdc20">ආ... ගුණ සමරුව...</font>

268
00:14:44,333 --> 00:14:45,933
<font color="#ffdc20">මොකක්?</font>

269
00:14:48,067 --> 00:14:51,533
<font color="#ffdc20">මගේ තාත්තා ගිය අවුරුද්දේ නැති වුණා.</font>

270
00:14:51,533 --> 00:14:53,153
<font color="#ffdc20">ඔයා...</font>

271
00:14:54,656 --> 00:14:56,167
<font color="#ffdc20">ඔයා හොඳින් නේද?</font>

272
00:14:56,167 --> 00:14:58,067
<font color="#ffdc20">ඔව්, මම හොඳින්.</font>

273
00:14:58,067 --> 00:15:00,300
<font color="#ffdc20">එහෙනම් ඇයි මේ අඬන්නේ?</font>

274
00:15:00,300 --> 00:15:02,067
<font color="#ffdc20">බොරුකාරයා.</font>

275
00:15:02,067 --> 00:15:05,033
<font color="#ffdc20">මටත් දුකයි.</font>

276
00:15:05,033 --> 00:15:08,800
<font color="#ffdc20">ඒ දුක හංගගෙන ඉන්න එක
ඔයාට ගොඩක් අමාරු වෙන්න ඇති.</font>

277
00:15:10,967 --> 00:15:14,500
<font color="#ffdc20">මම මීට වඩා හොඳට ඔයාව බලාගන්නම්, සොන් හෝ.</font>

278
00:15:21,300 --> 00:15:25,100
<font color="#ffdc20">ඉතින්, මම කිව්වනේ අඬන්න එපා කියලා.</font>

279
00:15:27,900 --> 00:15:30,433
<font color="#ffdc20">මට හිතෙන්නේ එදා ඉඳන් තමයි හැමදේම පටන් ගත්තේ.</font>

280
00:15:31,467 --> 00:15:33,920
<font color="#ffdc20">මම...</font>

281
00:15:33,920 --> 00:15:35,800
<font color="#ffdc20">ඔයාට කැමති වෙන්න පටන් ගත්තේ එදා.</font>

282
00:15:37,133 --> 00:15:39,967
<font color="#ffdc20">ඇයි? ඇයි ඔයා කලින් මුකුත් කිව්වේ නැත්තේ?</font>

283
00:15:39,967 --> 00:15:41,700
<font color="#ffdc20">මම කොහොම කියන්නද?</font>

284
00:15:41,700 --> 00:15:43,000
<font color="#ffdc20">ඔයා මාව ප්‍රතික්ෂේප කරයි
කියලා මම බයෙන් හිටියේ.</font>

285
00:15:43,000 --> 00:15:45,600
<font color="#ffdc20">- මොකක්?
- දැන්වත් තේරුණා නේද?</font>

286
00:15:45,600 --> 00:15:47,633
<font color="#ffdc20">මම ගොඩක් කල් ඉඳන් බලන් හිටියා.</font>

287
00:16:02,267 --> 00:16:03,867
<font color="#ffdc20">වූ සොක්!</font>

288
00:16:08,500 --> 00:16:12,000
<font color="#ffdc20">මට ඕන වුණේ ඡායාරූප ගන්න.</font>

289
00:16:12,000 --> 00:16:13,400
<font color="#ffdc20">ඈ?</font>

290
00:16:13,400 --> 00:16:15,733
<font color="#ffdc20">මට අප්‍රිකාවට ගිහින්,</font>

291
00:16:15,733 --> 00:16:19,367
<font color="#ffdc20">සීබ්‍රාලගේ, සිංහයන්ගේ පින්තූර ගන්න ඕන වුණා...</font>

292
00:16:19,367 --> 00:16:22,533
<font color="#ffdc20">එතකොට කාන්තාරෙදි තරු වල පින්තූර ගන්නත් ආසයි.</font>

293
00:16:26,000 --> 00:16:27,767
<font color="#ffdc20">මේ මොකක්ද?</font>

294
00:16:31,533 --> 00:16:33,433
<font color="#ffdc20">ඔයා නැෂනල් ජියෝග්‍රැෆික් (National
Geographic) ගැන දන්නවනේ?</font>

295
00:16:33,433 --> 00:16:36,000
<font color="#ffdc20">මගේ පින්තූර එහේ පළවෙනවා දකින එක...</font>

296
00:16:36,000 --> 00:16:37,767
<font color="#ffdc20">ඒක තමයි මගේ හීනය වුණේ.</font>

297
00:16:38,900 --> 00:16:40,832
<font color="#ffdc20">මම හිතුවේ...</font>

298
00:16:40,832 --> 00:16:44,467
<font color="#ffdc20">අපේ පවුලෙන්ම මුලින්ම නිදහස ලබාගන්නේ ඔයා කියලා.</font>

299
00:16:44,467 --> 00:16:45,856
<font color="#ffdc20">මොකද...</font>

300
00:16:45,856 --> 00:16:48,233
<font color="#ffdc20">මම තමයි වැඩිය යමක් කරගන්න බැරි කෙනා.</font>

301
00:16:49,033 --> 00:16:51,033
<font color="#ffdc20">කරගන්න බැරි කෙනෙක් කියලා කවුරුත් නෑ.</font>

302
00:16:51,033 --> 00:16:53,733
<font color="#ffdc20">ඔයා ඔයාම වෙන්න.</font>

303
00:16:53,733 --> 00:16:55,767
<font color="#ffdc20">ඔයාට ඕන දේ කරන්න.</font>

304
00:16:55,767 --> 00:16:57,600
<font color="#ffdc20">හැබැයි බුද්ධිමත්ව වැඩ කරන්න.</font>

305
00:16:58,300 --> 00:17:00,967
<font color="#ffdc20">ඇයි ඔයා යාළුවෙක් වගේ ඉන්න ඔයාගේ
පෙම්වතාව හම්බවෙන්න යන්නේ නැත්තේ?</font>

306
00:17:00,967 --> 00:17:02,567
<font color="#ffdc20">ඔයාලා රණ්ඩු වුණාද?</font>

307
00:17:03,300 --> 00:17:04,767
<font color="#ffdc20">එහෙමම නෙමෙයි...</font>

308
00:17:04,767 --> 00:17:08,667
<font color="#ffdc20">මොකක් වුණත්, ඕක වැඩි කල් අල්ලන් ඉන්න එපා.</font>

309
00:17:08,667 --> 00:17:11,100
<font color="#ffdc20">නැත්නම් ඇත්තටම කතාව ඉවර වෙයි.</font>

310
00:17:12,067 --> 00:17:14,000
<font color="#ffdc20">මම ලැබ් එක පැත්තට යනවා.</font>

311
00:17:14,000 --> 00:17:15,633
<font color="#ffdc20">ඔයා යන්න.</font>

312
00:17:16,600 --> 00:17:18,233
<font color="#ffdc20">වූ සොක්.</font>

313
00:17:21,200 --> 00:17:22,433
<font color="#ffdc20">පරිස්සමෙන් ඉන්න.</font>

314
00:17:22,433 --> 00:17:24,900
<font color="#ffdc20">ඔයා ලබන සතියේ එනවා නේද?</font>

315
00:17:28,067 --> 00:17:29,800
<font color="#ffdc20">ඔව්.</font>

316
00:17:53,433 --> 00:17:55,033
<font color="#ffdc20">වූ දොල්.</font>

317
00:18:01,000 --> 00:18:02,633
<font color="#ffdc20">අහ්?</font>

318
00:18:06,900 --> 00:18:08,000
<font color="#ffdc20">වූ දොල්!</font>

319
00:18:08,000 --> 00:18:10,033
<font color="#ffdc20">වූ දොල්, ඔයා ඇතුලෙද?</font>

320
00:18:15,333 --> 00:18:16,967
<font color="#ffdc20">අහ්?</font>

321
00:18:24,567 --> 00:18:26,200
<font color="#ffdc20">අම්මේ.</font>

322
00:18:27,933 --> 00:18:29,400
<font color="#ffdc20">ඔව්, ඇයි?</font>

323
00:18:29,400 --> 00:18:31,200
<font color="#ffdc20">කෝ වූ දොල්?</font>

324
00:18:31,200 --> 00:18:33,067
<font color="#ffdc20">එයා කාමරේ ඇති.</font>

325
00:18:33,067 --> 00:18:36,000
<font color="#ffdc20">එයා නෑ. ගෙදර කොහෙවත් නෑ.</font>

326
00:18:39,667 --> 00:18:41,767
<font color="#ffdc20">මාර සද්දයක්නේ, ෂික්.</font>

327
00:18:50,500 --> 00:18:51,533
<font color="#ffdc20">ඒයි, ගි ජොන්ග්.</font>

328
00:18:51,533 --> 00:18:52,633
<font color="#ffdc20">මේ, හදිස්සියක්.</font>

329
00:18:52,633 --> 00:18:54,800
<font color="#ffdc20">- ඇයි මොකද?
- ඔයාගේ කෙල්ලගේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්.</font>

330
00:18:54,800 --> 00:18:56,300
<font color="#ffdc20">පොඩි ළමයා පැනලා ගිහිල්ලා.</font>

331
00:18:56,300 --> 00:18:57,900
<font color="#ffdc20">මොකක්?</font>

332
00:19:05,833 --> 00:19:07,433
<font color="#ffdc20">බොන්ග් ගූ...</font>

333
00:19:18,800 --> 00:19:19,833
<font color="#ffdc20">හෙලෝ?</font>

334
00:19:19,833 --> 00:19:21,467
<font color="#ffdc20">මස්සිනා!</font>

335
00:19:23,533 --> 00:19:24,767
<font color="#ffdc20">ඇයි?</font>

336
00:19:24,767 --> 00:19:27,067
<font color="#ffdc20">අහ්, මේකයි...</font>

337
00:19:27,067 --> 00:19:28,833
<font color="#ffdc20">මට කියන්න දෙයක් තියෙනවා...</font>

338
00:19:28,833 --> 00:19:29,967
<font color="#ffdc20">බොරු.</font>

339
00:19:29,967 --> 00:19:31,733
<font color="#ffdc20">ඔයා මේ කතා කරන්නේ මම ගැන ආරංචි වුණ නිසා නේද?</font>

340
00:19:31,733 --> 00:19:33,600
<font color="#ffdc20">මම ආයේ එන්නේ නෑ, ඒ නිසා කෝල් එක තියන්න.</font>

341
00:19:33,600 --> 00:19:38,267
<font color="#ffdc20">ඔයා එන්න ඕන නෑ. නිකන්
මම කියන දේ අහන්නකෝ, හරිද?</font>

342
00:19:39,733 --> 00:19:41,333
<font color="#ffdc20">මොකක්ද?</font>

343
00:19:42,033 --> 00:19:43,367
<font color="#ffdc20">වූ යොන් ගැන!</font>

344
00:19:43,367 --> 00:19:44,600
<font color="#ffdc20">ඔයා ගෙදරින් ගියොත්,</font>

345
00:19:44,600 --> 00:19:47,100
<font color="#ffdc20">මට සිද්ධ වෙනවා වූ යොන් එක්ක
තියෙන සම්බන්ධෙ නවත්තන්න.</font>

346
00:19:47,100 --> 00:19:48,833
<font color="#ffdc20">ඇයි ඒ?</font>

347
00:19:48,833 --> 00:19:50,733
<font color="#ffdc20">මම නැති එක එයාට හොඳ වෙයි.</font>

348
00:19:50,733 --> 00:19:53,267
<font color="#ffdc20">නෑ, එහෙම නෑ. ඔයා දන්නවනේ?</font>

349
00:19:53,267 --> 00:19:54,300
<font color="#ffdc20">අපි පොඩ්ඩක් හම්බවෙමු.</font>

350
00:19:54,300 --> 00:19:57,200
<font color="#ffdc20">යන්න කලින් මට උපදෙසක් දෙන්න පුළුවන්ද?</font>

351
00:19:58,133 --> 00:19:59,500
<font color="#ffdc20">මස්සිනා කිව්වා නේද?</font>

352
00:19:59,500 --> 00:20:02,600
<font color="#ffdc20">යන්න කලින් එක වචනයක්
හරි කතා කරලා යන්න එපැයි.</font>

353
00:20:05,867 --> 00:20:07,367
<font color="#ffdc20">හරි.</font>

354
00:20:07,367 --> 00:20:09,933
<font color="#ffdc20">මම තැන මැසේජ් කරන්නම්, එතනට එන්න.</font>

355
00:20:09,933 --> 00:20:11,712
<font color="#ffdc20">හැබැයි</font>

356
00:20:11,712 --> 00:20:13,333
<font color="#ffdc20">කාටවත් කියන්න එපා, හරිද?</font>

357
00:20:13,333 --> 00:20:15,000
<font color="#ffdc20">හරි හරි, ප්‍රශ්නයක් නෑ.</font>

358
00:20:15,000 --> 00:20:16,800
<font color="#ffdc20">ඔයත් කාර්යබහුලයි නේද?</font>

359
00:20:16,800 --> 00:20:19,133
<font color="#ffdc20">විනාඩි 10යි. විනාඩි 10ක් විතරයි.</font>

360
00:20:19,900 --> 00:20:21,900
<font color="#ffdc20">හරි.</font>

361
00:20:31,000 --> 00:20:33,600
<font color="#ffdc20">ඔයා නිකන් විකාරෙට කිව්වට, ඒක හරි ගියාද?</font>

362
00:20:33,600 --> 00:20:37,067
<font color="#ffdc20">ඔව්, වෙලාවට වැඩිය දුර
නෙමෙයි. මම ගිහින් එන්නම්.</font>

363
00:20:40,233 --> 00:20:42,067
<font color="#ffdc20">ඒක වෙන්න පුළුවන් දෙයක්ද?</font>

364
00:20:42,067 --> 00:20:44,400
<font color="#ffdc20">ඇත්තටම ඒ වැඩේ හරි ගියා?</font>

365
00:20:44,400 --> 00:20:49,300
<font color="#ffdc20">ඔබ ඇමතූ ග්‍රාහකයා
කාර්යබහුල බැවින් පසුව අමතන්න.</font>

366
00:20:49,300 --> 00:20:52,367
<font color="#ffdc20">එයාගේ ෆෝන් එක ඕෆ්. ලොකේෂන්
හොයන ඇප් එකත් වැඩ නෑ.</font>

367
00:21:00,700 --> 00:21:02,167
<font color="#ffdc20">එයාව හම්බවුණාද?</font>

368
00:21:02,167 --> 00:21:04,067
<font color="#ffdc20">මෙහේ නෑ.</font>

369
00:21:04,967 --> 00:21:07,167
<font color="#ffdc20">නෑ, එයා තාම ගෙදර ආවේ නෑ.</font>

370
00:21:08,667 --> 00:21:10,300
<font color="#ffdc20">ඔව්.</font>

371
00:21:11,233 --> 00:21:12,833
<font color="#ffdc20">ඔව්.</font>

372
00:21:12,833 --> 00:21:14,967
<font color="#ffdc20">තාත්තා මොකද කිව්වේ?</font>

373
00:21:14,967 --> 00:21:17,800
<font color="#ffdc20">එයා එහා පැත්තේ බිල්ඩිම බලනවා.</font>

374
00:21:17,800 --> 00:21:21,067
<font color="#ffdc20">දවසට දෙපාරක්? මොකද මේ වෙන්නේ?</font>

375
00:21:25,267 --> 00:21:27,933
<font color="#ffdc20">කවුද වූ දොල්ගේ හොඳම යාළුවා?</font>

376
00:21:35,100 --> 00:21:37,400
<font color="#ffdc20">වූ දොල්.</font>

377
00:21:38,700 --> 00:21:40,400
<font color="#ffdc20">බොන්ග් ගූ.</font>

378
00:21:41,900 --> 00:21:44,167
<font color="#ffdc20">ඇයි ඔයා වැටෙන්නේ?</font>

379
00:21:54,367 --> 00:21:55,800
<font color="#ffdc20">මේ නොදන්න නම්බර් එකක්.</font>

380
00:21:55,800 --> 00:21:57,567
<font color="#ffdc20">ඕවා ආන්සර් කරන්න එපා.</font>

381
00:21:58,400 --> 00:22:00,033
<font color="#ffdc20">හරි.</font>

382
00:22:06,467 --> 00:22:07,900
<font color="#ffdc20">කට් කළා.</font>

383
00:22:07,900 --> 00:22:09,533
<font color="#ffdc20">අහ්?</font>

384
00:22:09,533 --> 00:22:13,567


385
00:22:13,567 --> 00:22:15,167
<font color="#ffdc20">මෙන්න.</font>

386
00:22:15,167 --> 00:22:16,833
<font color="#ffdc20">මොකක්?</font>

387
00:22:16,833 --> 00:22:21,667
<font color="#ffdc20">ඔබ ඇමතූ දුරකථනය විසන්ධි කර ඇත.
වොයිස් මේල් පණිවිඩයක් තැබීමට රැඳී සිටින්න.</font>

388
00:22:23,033 --> 00:22:24,700
<font color="#ffdc20">ෆෝන් එක ඕෆ්.</font>

389
00:22:31,167 --> 00:22:33,433
<font color="#ffdc20">බොන්ග් ගූලාගේ ගෙදර කොහෙද තියෙන්නේ?</font>

390
00:22:33,433 --> 00:22:34,700
<font color="#ffdc20">වූ දොල්.</font>

391
00:22:34,700 --> 00:22:38,533
<font color="#ffdc20">ඇයි ඔයා විභාගෙන් පැනලා ආවේ?</font>

392
00:22:39,233 --> 00:22:41,167
<font color="#ffdc20">මම ඒකට කැමති නෑ.</font>

393
00:22:41,167 --> 00:22:43,600
<font color="#ffdc20">මමත් විභාග වලට කැමති නෑ.</font>

394
00:22:45,733 --> 00:22:47,133
<font color="#ffdc20">බොන්ග් ගූ.</font>

395
00:22:47,133 --> 00:22:49,533
<font color="#ffdc20">මම ආවේ යන්නම් කියලා කියන්න.</font>

396
00:22:51,467 --> 00:22:53,633
<font color="#ffdc20">මම ගෙදරින් යනවා.</font>

397
00:22:53,633 --> 00:22:56,667
<font color="#ffdc20">ඉතින් කවුද ඔයාව බලාගන්නේ?</font>

398
00:22:56,667 --> 00:22:58,200
<font color="#ffdc20">මට කාවවත් ඕන නෑ.</font>

399
00:22:58,200 --> 00:23:01,333
<font color="#ffdc20">මම දක්ෂයි. ඒ නිසා මම තනියම හැදෙනවා.</font>

400
00:23:01,333 --> 00:23:02,367
<font color="#ffdc20">මට පුළුවන්.</font>

401
00:23:02,367 --> 00:23:03,367
<font color="#ffdc20">ඒත්...</font>

402
00:23:03,367 --> 00:23:05,533
<font color="#ffdc20">ගෙදර නැතුව වෙන කොහේ හරි කමක් නෑ.</font>

403
00:23:05,533 --> 00:23:07,333
<font color="#ffdc20">මට හැමෝවම දකින එක එපා වෙලා.</font>

404
00:23:08,833 --> 00:23:10,833
<font color="#ffdc20">ඔයත් එනවද මාත් එක්ක යන්න?</font>

405
00:23:10,833 --> 00:23:11,867
<font color="#ffdc20">ඈ?</font>

406
00:23:11,867 --> 00:23:16,033
<font color="#ffdc20">බෑ. ආච්චිට දුක හිතෙයි.</font>

407
00:23:17,200 --> 00:23:19,400
<font color="#ffdc20">මම නිකන් ඇහුවේ.</font>

408
00:23:24,900 --> 00:23:25,933
<font color="#ffdc20">ඇයි එයා තාම නැත්තේ?</font>

409
00:23:25,933 --> 00:23:27,100
<font color="#ffdc20">මට ඉක්මන් කරන්න ඕන.</font>

410
00:23:27,100 --> 00:23:29,100
<font color="#ffdc20">කවුද?</font>

411
00:23:29,100 --> 00:23:31,133
<font color="#ffdc20">අර යෝධයා.</font>

412
00:23:31,133 --> 00:23:34,267
<font color="#ffdc20">එයා කිව්වා අපේ අක්කා ගැන
මොකක්ද කතා කරන්න තියෙනවා කියලා.</font>

413
00:23:37,633 --> 00:23:40,100
<font color="#ffdc20">කරලා බලන්නකෝ. ඒක ජොලි.</font>

414
00:23:42,033 --> 00:23:43,933
<font color="#ffdc20">පොඩි ළමයි වගේ.</font>

415
00:23:52,233 --> 00:23:55,333
<font color="#ffdc20">හැබැයි කාටවත් කියන්න එපා, හරිද?</font>

416
00:23:55,333 --> 00:23:58,100
<font color="#ffdc20">මේ පොඩි එකා නම්, ඇත්තටම.</font>

417
00:23:59,700 --> 00:24:00,733
<font color="#ffdc20">හරිද?</font>

418
00:24:00,733 --> 00:24:03,433
<font color="#ffdc20">තව! තව හයියෙන්!</font>

419
00:24:06,533 --> 00:24:08,928
<font color="#ffdc20">එකයි,</font>

420
00:24:08,928 --> 00:24:11,136
<font color="#ffdc20">දෙකයි,</font>

421
00:24:11,136 --> 00:24:12,567
<font color="#ffdc20">තුනයි!</font>

422
00:24:17,000 --> 00:24:18,267
<font color="#ffdc20">බොන්ග් ගූ!</font>

423
00:24:18,267 --> 00:24:20,300
<font color="#ffdc20">බොන්ග් ගූ!</font>

424
00:24:20,933 --> 00:24:24,100
<font color="#ffdc20">බොන්ග් ගූ!</font>

425
00:24:31,933 --> 00:24:33,600
<font color="#ffdc20">ඔයා හොඳින්ද මස්සිනා?</font>

426
00:24:42,833 --> 00:24:45,067
<font color="#ffdc20">බොන්ග් ගූ!</font>

427
00:24:45,067 --> 00:24:46,733
<font color="#ffdc20">බොන්ග් ගූ!</font>

428
00:24:46,733 --> 00:24:48,400
<font color="#ffdc20">බොන්ග් ගූ!</font>

429
00:25:11,900 --> 00:25:13,567
<font color="#ffdc20">එයාට අමාරුවක් නෑ.</font>

430
00:25:13,567 --> 00:25:15,500
<font color="#ffdc20">පොඩි තැලීම් වගයක් විතරයි තියෙන්නේ.</font>

431
00:25:15,500 --> 00:25:17,700
<font color="#ffdc20">කලබල වුණ පාර එයාට කලන්තේ හැදිලා.</font>

432
00:25:17,700 --> 00:25:20,467
<font color="#ffdc20">බොන්ග් ගූගේ ආච්චිත් කිව්වා එයා හොඳින් කියලා.</font>

433
00:25:22,272 --> 00:25:24,233
<font color="#ffdc20">මම නිසා, බොන්ග් ගූ...</font>

434
00:25:24,233 --> 00:25:27,567
<font color="#ffdc20">ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි, හරිද?</font>

435
00:25:30,567 --> 00:25:31,833
<font color="#ffdc20">යමු.</font>

436
00:25:31,833 --> 00:25:34,333
<font color="#ffdc20">බොන්ග් ගූ බලන් ඉන්නවා.</font>

437
00:25:34,333 --> 00:25:35,967
<font color="#ffdc20">එන්න යමු.</font>

438
00:25:41,033 --> 00:25:43,400
<font color="#ffdc20">මේ ළමයා නම්, ඇත්තටම.</font>

439
00:25:45,500 --> 00:25:47,100
<font color="#ffdc20">වූ දොල්.</font>

440
00:25:53,333 --> 00:25:54,767
<font color="#ffdc20">මට සමා වෙන්න.</font>

441
00:25:54,767 --> 00:25:57,600
<font color="#ffdc20">මේ හැමදේම මගේ දරුවා නිසා. මට සමාවෙන්න.</font>

442
00:25:57,600 --> 00:25:59,167
<font color="#ffdc20">කමක් නෑ.</font>

443
00:25:59,167 --> 00:26:02,033
<font color="#ffdc20">ළමයි සෙල්ලම් කරද්දි තුවාල වෙනවනේ.</font>

444
00:26:02,033 --> 00:26:03,680
<font color="#ffdc20">ඒ වුණාට...</font>

445
00:26:03,680 --> 00:26:06,633
<font color="#ffdc20">එයා කලින් ගොඩක් බය වෙලයි හිටියේ.</font>

446
00:26:06,633 --> 00:26:09,367
<font color="#ffdc20">එයාගේ මූණත් සම්පූර්ණයෙන්ම සුදු මැලි වෙලා තිබුණේ.</font>

447
00:26:09,367 --> 00:26:10,667
<font color="#ffdc20">වූ දොල්.</font>

448
00:26:10,667 --> 00:26:12,000
<font color="#ffdc20">අපි ඔයාට බනින්නේ නෑ.</font>

449
00:26:12,000 --> 00:26:13,033
<font color="#ffdc20">මෙහෙට එන්නකෝ.</font>

450
00:26:13,033 --> 00:26:15,800
<font color="#ffdc20">වූ දොල්, සොන්ග් වූ දොල්.</font>

451
00:26:16,700 --> 00:26:18,567
<font color="#ffdc20">වූ දොල්.</font>

452
00:26:18,567 --> 00:26:20,200
<font color="#ffdc20">වූ දොල්.</font>

453
00:26:24,867 --> 00:26:28,033
<font color="#ffdc20">වූ දොල්, අම්මා වැරදියි.</font>

454
00:26:28,033 --> 00:26:30,267
<font color="#ffdc20">මම ආයේ එහෙම කරන්නේ නෑ.</font>

455
00:26:34,667 --> 00:26:37,033
<font color="#ffdc20">අම්මා ගාවට එන්න පැටියෝ.</font>

456
00:26:38,467 --> 00:26:40,067
<font color="#ffdc20">අම්මේ.</font>

457
00:26:42,133 --> 00:26:44,467
<font color="#ffdc20">අම්මේ.</font>

458
00:26:47,300 --> 00:26:49,767
<font color="#ffdc20">ඔයාගේ හිත රිද්දුවට මට සමාවෙන්න.</font>

459
00:27:01,300 --> 00:27:03,467
<font color="#ffdc20">ඒක නෙවෙයි,</font>

460
00:27:03,467 --> 00:27:04,767
<font color="#ffdc20">අර ළමයා කොහෙද ගියේ?</font>

461
00:27:04,767 --> 00:27:08,133
<font color="#ffdc20">අර ළමයින්ව බේරගත්ත උස ශිෂ්‍යයා.</font>

462
00:27:08,133 --> 00:27:11,300
<font color="#ffdc20">ආ, ඒකනේ. එයා කොහෙද ගියේ?</font>

463
00:27:11,300 --> 00:27:13,600
<font color="#ffdc20">අපිට එයාට ස්තූති කරන්නවත් බැරි වුණානේ.</font>

464
00:27:14,333 --> 00:27:15,867
<font color="#ffdc20">ආච්චි. ඇයි?</font>

465
00:27:15,867 --> 00:27:19,833
<font color="#ffdc20">එයා නිකම්ම අර උස ශිෂ්‍යයා විතරක්
නෙවෙයි, එයා වූ දොල්ගේ මස්සිනා...</font>

466
00:27:19,833 --> 00:27:21,367
<font color="#ffdc20">ඈ?</font>

467
00:27:21,367 --> 00:27:23,900
<font color="#ffdc20">එයා හිටියේ නැත්නම් අපි ලොකු
අමාරුවක වැටෙන්න තිබුණා.</font>

468
00:27:23,900 --> 00:27:27,300
<font color="#ffdc20">එයා එයාලව රෝහලටත් එක්කන්
ගියා. අපි ගොඩක් ණය ගැතියි.</font>

469
00:27:27,300 --> 00:27:28,600
<font color="#ffdc20">මම එයාට ස්තූති කරන්න ඕනේ.</font>

470
00:27:28,600 --> 00:27:29,800
<font color="#ffdc20">අන්න හරි.</font>

471
00:27:29,800 --> 00:27:31,967
<font color="#ffdc20">එයා නිකම්ම ගියාද?</font>

472
00:27:34,667 --> 00:27:37,067
<font color="#ffdc20">වූ යොන්, ඔයා කොහෙද යන්නේ?</font>

473
00:27:37,067 --> 00:27:38,833
<font color="#ffdc20">යන්න. මොකක්ද?</font>

474
00:27:38,833 --> 00:27:40,633
<font color="#ffdc20">ඔයා මොකද කරන්නේ?</font>

475
00:27:44,567 --> 00:27:46,272
<font color="#ffdc20">ආ.</font>

476
00:27:46,272 --> 00:27:47,680
<font color="#ffdc20">ඈ?</font>

477
00:27:49,667 --> 00:27:52,133
<font color="#ffdc20">අම්මේ, තාත්තේ.</font>

478
00:27:52,133 --> 00:27:54,667
<font color="#ffdc20">එයා නිකම්ම පාරේ යන ශිෂ්‍යයෙක් නෙවෙයි.</font>

479
00:27:57,967 --> 00:27:59,733
<font color="#ffdc20">එයා මගේ පෙම්වතා.</font>

480
00:27:59,733 --> 00:28:02,300
<font color="#ffdc20">මොකක්? මොකක්?</font>

481
00:28:02,300 --> 00:28:04,667
<font color="#ffdc20">ගී ජොන්ග්, ආයුබෝවන් කියන්න.</font>

482
00:28:04,667 --> 00:28:05,700
<font color="#ffdc20">මේ මගේ දෙමව්පියෝ.</font>

483
00:28:05,700 --> 00:28:07,112
<font color="#ffdc20">ආ.</font>

484
00:28:07,936 --> 00:28:08,967
<font color="#ffdc20">ආයුබෝවන්.</font>

485
00:28:08,967 --> 00:28:10,333
<font color="#ffdc20">මම නම් ගී ජොන්ග්.</font>

486
00:28:10,333 --> 00:28:12,167
<font color="#ffdc20">මස්සිනා.</font>

487
00:28:13,300 --> 00:28:15,600
<font color="#ffdc20">ඔයා මේ මොකක්ද කියන්නේ?</font>

488
00:28:15,600 --> 00:28:17,400
<font color="#ffdc20">තමුන්...</font>

489
00:28:17,400 --> 00:28:18,767
<font color="#ffdc20">ගී ජොන්ග්.</font>

490
00:28:18,767 --> 00:28:19,800
<font color="#ffdc20">තමුන්!</font>

491
00:28:19,800 --> 00:28:20,833
<font color="#ffdc20">දුවන්න!</font>

492
00:28:20,833 --> 00:28:22,633
<font color="#ffdc20">ඈ? ඒයි, ඒයි!</font>

493
00:28:22,633 --> 00:28:25,433
<font color="#ffdc20">සොන්ග් වූ යොන්! සොන්ග් වූ යොන්!</font>

494
00:28:25,433 --> 00:28:27,067
<font color="#ffdc20">ඒයි, නරුමයා!</font>

495
00:28:27,067 --> 00:28:30,567
<font color="#ffdc20">මස්සිනේ! ගිහින් එන්න!</font>

496
00:28:30,567 --> 00:28:31,600
<font color="#ffdc20">මොකක්ද තමුසේ කිව්වේ?</font>

497
00:28:31,600 --> 00:28:35,867
<font color="#ffffff"><b><i>♫ මම වටිනා යමක් සොයමින් සිටියෙමි ♫</i></b></font>

498
00:28:36,933 --> 00:28:42,367
<font color="#ffffff"><b><i>♫ වැදගත්ම දේ මග හැරෙන අතරේ ♫</i></b></font>

499
00:28:43,900 --> 00:28:49,567
<font color="#ffffff"><b><i>♫ වරදවා වටහාගත් මගේ මේ හිත ♫</i></b></font>

500
00:28:50,700 --> 00:28:56,533
<font color="#ffffff"><b><i>♫ වැළඳ ගන්නට කිසිවෙක් සිටියේ නැත ♫</i></b></font>

501
00:28:57,600 --> 00:29:00,800
<font color="#ffffff"><b><i>♫ මට දැනෙන මේ උද්යෝගය ♫</i></b></font>

502
00:29:00,800 --> 00:29:04,433
<font color="#ffffff"><b><i>♫ ඔබ ගැන සෑම දෙයක්ම ♫</i></b></font>

503
00:29:04,433 --> 00:29:10,400
<font color="#ffffff"><b><i>♫ සිහින දැකීමත් හාස්කමක් වගේ ♫</i></b></font>

504
00:29:10,400 --> 00:29:16,900
<font color="#ffffff"><b><i>♫ ඔබ මට තේරුම් කර දුන්නා ♫</i></b></font>

505
00:29:20,867 --> 00:29:26,600
<font color="#ffffff"><b><i>♫ ඕ, ඇය පියාඹනවා ♫</i></b></font>

506
00:29:27,800 --> 00:29:33,433
<font color="#ffffff"><b><i>♫ ඕ, ඇය පියාඹනවා ♫</i></b></font>

507
00:29:48,333 --> 00:29:53,933
<font color="#ffffff"><b><i>♫ ඕ, ඇය පියාඹනවා ♫</i></b></font>

508
00:29:55,133 --> 00:30:00,833
<font color="#ffffff"><b><i>♫ ඕ, ඇය පියාඹනවා ♫</i></b></font>

509
00:30:02,400 --> 00:30:04,033
<font color="#ffdc20">ජොනතන්.</font>

510
00:30:06,700 --> 00:30:08,333
<font color="#ffdc20">බිග්ෆුට්.</font>

511
00:30:12,367 --> 00:30:14,833
<font color="#ffdc20">හුරතල්.</font>

512
00:30:14,833 --> 00:30:16,833
<font color="#ffdc20">මොකද මේ වෙලාවේ මේ පැත්තේ?</font>

513
00:30:17,900 --> 00:30:20,400
<font color="#ffdc20">අපි මේ කැරලි ගහන ගමන්.</font>

514
00:30:21,067 --> 00:30:23,133
<font color="#ffdc20">කැරලි ගහනවා?</font>

515
00:30:23,133 --> 00:30:24,567
<font color="#ffdc20">නියම වෙලාව.</font>

516
00:30:24,567 --> 00:30:27,067
<font color="#ffdc20">පොඩ්ඩක් කඩේ බලාගන්න පුළුවන්ද?</font>

517
00:30:27,067 --> 00:30:29,367
<font color="#ffdc20">විනාඩි 30ක් විතර. හරි.</font>

518
00:30:29,367 --> 00:30:31,400
<font color="#ffdc20">හරි, යමු බිග්ෆුට්.</font>

519
00:30:31,400 --> 00:30:34,067
<font color="#ffdc20">පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.</font>

520
00:30:34,067 --> 00:30:35,700
<font color="#ffdc20">බායි.</font>

521
00:30:39,900 --> 00:30:42,467
<font color="#ffdc20">ඔයාට එන්න ඕන වුණේ මෙතනටද?</font>

522
00:30:42,467 --> 00:30:44,633
<font color="#ffdc20">මම හිතුවේ මම ආයි කවදාවත්
මේ තැන දකින එකක් නෑ කියලා.</font>

523
00:30:44,633 --> 00:30:46,233
<font color="#ffdc20">ඉතින් දැන්?</font>

524
00:30:47,800 --> 00:30:48,833
<font color="#ffdc20">ගහගන්න.</font>

525
00:30:48,833 --> 00:30:50,433
<font color="#ffdc20">ගහගන්න!</font>

526
00:31:03,600 --> 00:31:05,233
<font color="#ffdc20">මට සමාවෙන්න.</font>

527
00:31:06,000 --> 00:31:07,633
<font color="#ffdc20">මටත් සමාවෙන්න.</font>

528
00:31:08,767 --> 00:31:10,900
<font color="#ffdc20">ඔයා මොනවද කළේ?</font>

529
00:31:10,900 --> 00:31:12,633
<font color="#ffdc20">ඔයාගේ හිත රිද්දපු හැම දේම.</font>

530
00:31:12,633 --> 00:31:15,033
<font color="#ffdc20">මගේ හිත රිදුනේ නෑ.</font>

531
00:31:15,833 --> 00:31:18,867
<font color="#ffdc20">මම නිකන් බොළඳ විදිහට හැසිරුණා විතරයි.</font>

532
00:31:18,867 --> 00:31:21,400
<font color="#ffdc20">ඔයා මට කැමති නිසා,</font>

533
00:31:22,333 --> 00:31:25,100
<font color="#ffdc20">මට හිතුණා මම ඇත්තටම හොඳ කෙනෙක් කියලා.</font>

534
00:31:25,100 --> 00:31:27,267
<font color="#ffdc20">ඉතින් කාලයත් එක්ක,</font>

535
00:31:27,267 --> 00:31:30,167
<font color="#ffdc20">මම හිතන්නේ මගේ ආශාවන් වැඩි වුණා.</font>

536
00:31:32,700 --> 00:31:34,300
<font color="#ffdc20">මට සමාවෙන්න</font>

537
00:31:35,433 --> 00:31:37,167
<font color="#ffdc20">ඔයාව අමාරුවේ  දැම්මට.</font>

538
00:31:42,000 --> 00:31:45,200
<font color="#ffdc20">ඔයා හොඳ කෙනෙක්,</font>

539
00:31:45,200 --> 00:31:47,367
<font color="#ffdc20">තව දේවල් බලාපොරොත්තු වුණාට කමක් නෑ.</font>

540
00:31:47,367 --> 00:31:49,733
<font color="#ffdc20">මගේ මුළු ජීවිත කාලෙටම,</font>

541
00:31:49,733 --> 00:31:53,033
<font color="#ffdc20">මම කවදාවත් කා ගැනවත්
මේ තරම් ගැඹුරින් හිතලා නෑ.</font>

542
00:31:54,967 --> 00:31:58,600
<font color="#ffdc20">ඉතින් ඔයාට හිතාගන්න පුළුවන්නේ මුලදි
ඔයා නිසා මම කොච්චර කලබල වුණාද කියලා.</font>

543
00:31:58,600 --> 00:32:00,933
<font color="#ffdc20">මට අලුතින්ම ආදරේ හිතෙනවා,</font>

544
00:32:00,933 --> 00:32:03,333
<font color="#ffdc20">අලුතින්ම සතුටක් දැනෙනවා,</font>

545
00:32:03,333 --> 00:32:05,300
<font color="#ffdc20">අලුතින්ම නොසන්සුන්කමක් දැනෙනවා.</font>

546
00:32:06,733 --> 00:32:08,767
<font color="#ffdc20">කොහොම වුණත්,</font>

547
00:32:08,767 --> 00:32:11,100
<font color="#ffdc20">ඔයත් එක්ක කරන හැම
දෙයක්ම මට පළමු වතාවටයි.</font>

548
00:32:40,867 --> 00:32:42,567
<font color="#ffdc20">ආයිත්, ආයිත්!</font>

549
00:32:42,567 --> 00:32:44,500
<font color="#ffdc20">මේකද ඔයාගේ 'මම ඔයාට කැමතියි' කියන මූණ?</font>

550
00:32:49,867 --> 00:32:51,467
<font color="#ffdc20">ගී ජොන්ග්.</font>

551
00:32:57,800 --> 00:32:58,800
<font color="#ffdc20">නැගිටින්න.</font>

552
00:32:58,800 --> 00:33:00,433
<font color="#ffdc20">ඈ?</font>

553
00:33:04,833 --> 00:33:06,600
<font color="#ffdc20">ගී ජොන්ග්, ඒක හරි.</font>

554
00:33:08,000 --> 00:33:09,633
<font color="#ffdc20">මම...</font>

555
00:33:11,600 --> 00:33:13,700
<font color="#ffdc20">මම ඔයාට ආදරෙයි.</font>

556
00:33:17,567 --> 00:33:21,600
<font color="#ffffff"><b><i>♫ මට හැමතිස්සෙම හිතෙන්නේ ඔයා ගැන විතරයි ♫</i></b></font>

557
00:33:21,600 --> 00:33:24,567
<font color="#ffffff"><b><i>♫ මගේ හිතේ තියෙන සුපිරි පාට ♫</i></b></font>

558
00:33:24,567 --> 00:33:27,300
<font color="#ffffff"><b><i>♫ මගේ ඒකාකාරී ලෝකය ♫</i></b></font>

559
00:33:27,300 --> 00:33:32,600
<font color="#ffffff"><b><i>♫ ඔබ ළඟින් යන හැම විටම එළිය වෙනවා ♫</i></b></font>

560
00:33:32,600 --> 00:33:35,233
<font color="#ffffff"><b><i>♫ මගේ හදවතේ හිස් කැන්වසය මත ♫</i></b></font>

561
00:33:35,233 --> 00:33:37,600
<font color="#ffffff"><b><i>♫ දේදුනු පාට හීන මවනවා ♫</i></b></font>

562
00:33:37,600 --> 00:33:39,467
<font color="#ffdc20">ආ, නියමයි!</font>

563
00:33:40,367 --> 00:33:42,233
<font color="#ffdc20">ඒක හොඳයි.</font>

564
00:33:42,233 --> 00:33:43,744
<font color="#ffffff"><b><i>♫ ඔයා මගේ සුපිරි පාටයි ♫</i></b></font>

565
00:33:43,744 --> 00:33:46,067
<font color="#ffdc20">මරු, හොඳයි.</font>

566
00:33:48,100 --> 00:33:50,300
<font color="#ffdc20">මේක පුදුමයි. ඇයි එයා ඔච්චර මහන්සි වෙන්නේ?</font>

567
00:33:50,300 --> 00:33:52,700
<font color="#ffdc20">එයා අද බොස් එක්ක කේන්ති ගත්තෙත් නෑ.</font>

568
00:33:52,700 --> 00:33:55,100
<font color="#ffdc20">එයාට ඒජන්සියකින් ආරාධනාවකුත් ලැබිලා.</font>

569
00:33:55,100 --> 00:33:57,733
<font color="#ffdc20">ඉතින් එයා දැන් ආධුනිකයෙක් නෙවෙයි වගේ, නේද?</font>

570
00:33:57,733 --> 00:34:03,100
<font color="#ffdc20">එයා ඇත්තටම ජනප්‍රිය තරුවක් වගේ දැනෙනවා.</font>

571
00:34:04,733 --> 00:34:06,533
<font color="#ffdc20">මට ටිකක් අවුල් වගේ.</font>

572
00:34:06,533 --> 00:34:07,567
<font color="#ffdc20">ඇයි?</font>

573
00:34:07,567 --> 00:34:10,267
<font color="#ffdc20">හැම තිස්සෙම මගේ ළඟ හිටපු
කෙනා ඔච්චර මහන්සි වෙනවා දැක්කම</font>

574
00:34:10,267 --> 00:34:14,067
<font color="#ffdc20">මටත් හිතෙනවා මමත් මොනවා හරි කරන්න ඕනේ කියලා.</font>

575
00:34:15,233 --> 00:34:16,833
<font color="#ffdc20">ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද?</font>

576
00:34:18,167 --> 00:34:19,500
<font color="#ffdc20">අන්න හරි.</font>

577
00:34:19,500 --> 00:34:21,500
<font color="#ffdc20">එයා විතරක් හොඳින් ඉන්න එක හරිම අසාධාරණයි.</font>

578
00:34:21,500 --> 00:34:22,733
<font color="#ffdc20">බලන්න ඕනෙද?</font>

579
00:34:22,733 --> 00:34:24,367
<font color="#ffdc20">මෙන්න.</font>

580
00:34:26,200 --> 00:34:29,440
<font color="#ffffff"><b><i>♫ ඔයා මගේ සුපිරි පාටයි ♫</i></b></font>

581
00:34:43,433 --> 00:34:45,033
<font color="#ffdc20">හේ , මෙතන</font>

582
00:34:45,033 --> 00:34:46,667
<font color="#ffdc20">ඔව්.</font>

583
00:34:49,400 --> 00:34:51,967
<font color="#ffdc20">ආරංචි වුණා ඔයා ජර්මන් යනවා කියලා.</font>

584
00:34:53,933 --> 00:34:55,733
<font color="#ffdc20">ඒක හරිම අමුතුයි.</font>

585
00:34:56,600 --> 00:35:00,733
<font color="#ffdc20">හදවතින්ම සමුගන්න තරම් අපි ළඟ නැහැ,</font>

586
00:35:00,733 --> 00:35:04,067
<font color="#ffdc20">ඒත් මුකුත් නොකියම ඔයාට යන්න
දුන්නොත්, මම හැමදාම පසුතැවෙයි.</font>

587
00:35:05,100 --> 00:35:06,800
<font color="#ffdc20">පසුතැවෙනවා?</font>

588
00:35:06,800 --> 00:35:08,600
<font color="#ffdc20">ඔව්.</font>

589
00:35:08,600 --> 00:35:11,233
<font color="#ffdc20">මම ගොඩ කාලයක් පසුතැවෙයි.</font>

590
00:35:11,233 --> 00:35:13,367
<font color="#ffdc20">'මම එදා මොනවා හරි කියන්න තිබුණා' කියලා.</font>

591
00:35:14,500 --> 00:35:18,067
<font color="#ffdc20">ඔයා දැන් කතා කළොත්, ඔයා ඇත්තටම පසුතැවෙයි.</font>

592
00:35:18,067 --> 00:35:19,833
<font color="#ffdc20">වෙන්න ඇති.</font>

593
00:35:22,667 --> 00:35:26,033
<font color="#ffdc20">කොහොම වුණත්, මම අන්තිමට
දුක්ඛිත මිනිහෙක් විතරක් වෙයිද?</font>

594
00:35:28,600 --> 00:35:31,767
<font color="#ffdc20">මම දැනගෙන හිටියා මම පැකිලුනොත් මට මෙහෙම වෙයි කියලා.</font>

595
00:35:34,700 --> 00:35:36,533
<font color="#ffdc20">එහෙමම නෑ.</font>

596
00:35:48,667 --> 00:35:50,400
<font color="#ffdc20">ඒත් ආපහු එන්න.</font>

597
00:35:52,700 --> 00:35:55,333
<font color="#ffdc20">මම එතන ඉඳන් ආයි පටන් ගන්නම්.</font>

598
00:36:03,033 --> 00:36:05,667
<font color="#ffdc20">මොකක්? ඔයා ආයි එන්නේ නැද්ද?</font>

599
00:36:11,800 --> 00:36:13,933
<font color="#ffdc20">පරිස්සමෙන් ඉන්න.</font>

600
00:36:13,933 --> 00:36:15,533
<font color="#ffdc20">පරිස්සමෙන් ගිහින් එන්න.</font>

601
00:36:20,933 --> 00:36:22,733
<font color="#ffdc20">මම ගොඩ කාලෙක ඉඳන් ඔයාට කැමතියි.</font>

602
00:36:22,733 --> 00:36:25,200
<font color="#ffdc20">මටත් ගොඩ කාලයක් වෙනවා.</font>

603
00:36:25,200 --> 00:36:26,933
<font color="#ffdc20">ද්‍රෝහියා.</font>

604
00:36:35,467 --> 00:36:37,767
<font color="#ffdc20">මොකද මේ වෙලාවේ වෙන්නේ?</font>

605
00:36:39,133 --> 00:36:40,967
<font color="#ffdc20">මට දෙයක් කියන්න ඕනේ.</font>

606
00:36:42,667 --> 00:36:44,400
<font color="#ffdc20">මමයි.</font>

607
00:36:44,400 --> 00:36:45,733
<font color="#ffdc20">මුලින්ම හිටියේ මම.</font>

608
00:36:45,733 --> 00:36:47,200
<font color="#ffdc20">ඈ?</font>

609
00:36:47,200 --> 00:36:48,900
<font color="#ffdc20">ඇත්තටම...</font>

610
00:36:53,800 --> 00:36:56,633
<font color="#ffdc20">හරි, අද අලුත් ළමයෙක් එනවා.</font>

611
00:36:56,633 --> 00:36:59,567
<font color="#ffdc20">වාව්! එයා හරිම ලස්සනයිලු.</font>

612
00:36:59,567 --> 00:37:00,600
<font color="#ffdc20">ඒයි, ඒයි.</font>

613
00:37:00,600 --> 00:37:02,233
<font color="#ffdc20">එයා තාම ඉස්කෝලේ යන ළමයෙක්නේ.
එයා කොච්චර ලස්සන වෙන්නද?</font>

614
00:37:02,233 --> 00:37:05,033
<font color="#ffdc20">කතා කරන එක නවත්තලා අඳින්න ගන්න.</font>

615
00:37:33,133 --> 00:37:34,933
<font color="#ffdc20">මොකද වුණේ?</font>

616
00:37:34,933 --> 00:37:36,600
<font color="#ffdc20">ගු රින්, මොකද වුණේ?</font>

617
00:37:36,600 --> 00:37:38,067
<font color="#ffdc20">ඒයි, ඒයි!</font>

618
00:37:38,067 --> 00:37:40,400
<font color="#ffdc20">ඒයි, ගු රින්.</font>

619
00:37:40,400 --> 00:37:42,433
<font color="#ffdc20">ගිලන් රථයකට කතා කරන්න!</font>

620
00:37:47,767 --> 00:37:49,400
<font color="#ffdc20">එකයි.</font>

621
00:37:50,500 --> 00:37:52,100
<font color="#ffdc20">දෙකයි.</font>

622
00:37:53,400 --> 00:37:55,000
<font color="#ffdc20">තුනයි!</font>

623
00:37:58,600 --> 00:38:01,267
<font color="#ffdc20">ඒකයි මට ඒක කියන්න බැරි වුණේ.</font>

624
00:38:01,267 --> 00:38:05,100
<font color="#ffdc20">මම කොහොමද ඔයාට කියන්නේ මම ඉස්කෝලේ
යන කාලේ ඉඳන් ඔයාට ආදරේ කළා කියලා?</font>

625
00:38:07,233 --> 00:38:08,967
<font color="#ffdc20">අයියෝ, හරිම ලැජ්ජයි.</font>

626
00:38:08,967 --> 00:38:11,067
<font color="#ffdc20">මේක තමයි මගේ ජීවිතේ ලැජ්ජා සහගතම මොහොත.</font>

627
00:38:11,067 --> 00:38:13,800
<font color="#ffdc20">දැන් සතුටුද? දැන් නිදහස්ද?</font>

628
00:38:19,967 --> 00:38:21,467
<font color="#ffdc20">නම් ගු රින්.</font>

629
00:38:21,467 --> 00:38:23,200
<font color="#ffdc20">ප්ලේන් එක යන්න හදන්නේ.</font>

630
00:38:25,400 --> 00:38:27,033
<font color="#ffdc20">ඇත්තටමද?</font>

631
00:38:28,833 --> 00:38:33,500
<font color="#ffdc20">මැඩම්, අපි ඔයාව පරිස්සමෙන්
එතනට එක්කන් යන්නම්.</font>

632
00:38:33,500 --> 00:38:35,267
<font color="#ffdc20">අපි කතා කරපු හැම දෙයක්ම
හෙට ඉඳන් අමතක කරන්න.</font>

633
00:38:35,267 --> 00:38:36,733
<font color="#ffdc20">මම ඒ ගැන හිතලා බලන්නම්.</font>

634
00:38:36,733 --> 00:38:38,333
<font color="#ffdc20">ඒයි!</font>

635
00:38:54,600 --> 00:38:56,067
<font color="#ff9231">[වූ සොක්, මම මෙහෙ. ඔයා කොහෙද?]</font>

636
00:38:56,067 --> 00:38:57,200
<font color="#ffdc20">ආ, වූ සොක්.</font>

637
00:38:57,200 --> 00:39:00,033
<font color="#ffdc20">මම බලන් ඉන්නවා. ඔයා දැන් කොහෙද?</font>

638
00:39:16,333 --> 00:39:18,667
<font color="#ffdc20">ඉතින් එයා මොන ඉස්කෝලෙද යන්නේ?</font>

639
00:39:18,667 --> 00:39:21,367
<font color="#ffdc20">'එයා' නෙවෙයි, ගී ජොන්ග්. නම් ගී ජොන්ග්.</font>

640
00:39:21,367 --> 00:39:25,233
<font color="#ffdc20">හරි හරි. ඉතින් මොන ඉස්කෝලෙද?</font>

641
00:39:25,233 --> 00:39:26,967
<font color="#ffdc20">එයා යන්නේ චිවොන් හයි එකට. චිවොන් හයි එකට?</font>

642
00:39:26,967 --> 00:39:28,600
<font color="#ffdc20">ඔයාට පිස්සුද?</font>

643
00:39:28,600 --> 00:39:30,133
<font color="#ffdc20">ඇයි?</font>

644
00:39:30,133 --> 00:39:31,800
<font color="#ffdc20">චිවොන් හයි එකේ මොකක්ද අවුල?</font>

645
00:39:37,333 --> 00:39:39,233
<font color="#ffdc20">එයාගේ දෙමව්පියෝ මොනවද කරන්නේ?</font>

646
00:39:41,500 --> 00:39:42,500
<font color="#ffdc20">හරි.</font>

647
00:39:42,500 --> 00:39:45,900
<font color="#ffdc20">සිහියක් තියෙන කිසිම දෙමව්පියෙක්
තමන්ගේ ළමයව චිවොන් හයි එකට යවන්නේ නෑ.</font>

648
00:39:46,600 --> 00:39:49,633
<font color="#ffdc20">අපේ පවුලේ මොකක්ද ඔච්චර තියෙන ලොකුකම?</font>

649
00:39:49,633 --> 00:39:51,000
<font color="#ffdc20">අපේ පවුල තමයි අවුල්ම පවුල.</font>

650
00:39:51,000 --> 00:39:52,767
<font color="#ffdc20">ඔයා මොනවද මේ කියන්නේ...</font>

651
00:39:54,333 --> 00:39:55,533
<font color="#ffdc20">ඔව්.</font>

652
00:39:55,533 --> 00:39:56,900
<font color="#ffdc20">මම ඔයාගේ අම්මා වෙන්න සුදුසු නෑ, නේද?</font>

653
00:39:56,900 --> 00:39:58,200
<font color="#ffdc20">මගේ කටින් වැරදි දෙයක් කියවුණා.</font>

654
00:39:58,200 --> 00:40:00,133
<font color="#ffdc20">මම අදහස් කළේ ඒක නෙවෙයි. ඇයි ඔයා...</font>

655
00:40:00,133 --> 00:40:01,300
<font color="#ffdc20">ඔයා අදහස් කළේ ඒක නෙවෙයි?</font>

656
00:40:01,300 --> 00:40:04,600
<font color="#ffdc20">ඔයා මගේ දුර්වලකම හොයාගත්තා.
ඔයා දැන් ඒක පාවිච්චි කරන්න ඕනේ.</font>

657
00:40:07,367 --> 00:40:09,533
<font color="#ffdc20">මටත් එහෙම කරන්න පුළුවන් නම් හොඳයි.</font>

658
00:40:09,533 --> 00:40:12,067
<font color="#ffdc20">ඒත් මට එහෙම කරන්න බෑ.</font>

659
00:40:12,067 --> 00:40:14,267
<font color="#ffdc20">මම කල්පනා කර කර හිටියේ ඇයි ඔයා එහෙම
කළේ, සහ ඔයාගේ කතාව මොකක්ද කියලා.</font>

660
00:40:14,267 --> 00:40:16,400
<font color="#ffdc20">මුලින්ම ඇතිවෙන්නේ ඔයා ගැන බයක්.</font>

661
00:40:16,400 --> 00:40:18,733
<font color="#ffdc20">ඒක මටත් අසාධාරණයි.</font>

662
00:40:18,733 --> 00:40:22,100
<font color="#ffdc20">මට මගේ මුළු හදවතින්ම ඔයාට
වෛර කරන්න ඕනේ, ඒත් මට බෑ.</font>

663
00:40:22,100 --> 00:40:24,400
<font color="#ffdc20">ඔයා මට වෙනස් විදිහට සලකලා මාව ඈත් කළත්,</font>

664
00:40:24,400 --> 00:40:25,824
<font color="#ffdc20">මගේ හිත හදාගන්න බෑ ඔයාට වෛර කරන්න.</font>

665
00:40:25,824 --> 00:40:27,433
<font color="#ffdc20">ඒක හරිම අසාධාරණයි.</font>

666
00:40:29,400 --> 00:40:31,033
<font color="#ffdc20">වූ යොන්.</font>

667
00:41:01,733 --> 00:41:03,967
<font color="#ffdc20">මම ඒ හැමදේම කළේ ඔයාගේ හොඳට.</font>

668
00:41:03,967 --> 00:41:06,400
<font color="#ffdc20">ඔයා ඇත්තටම හිතනවද මම
ඒක කළේ වෛරය නිසා කියලා?</font>

669
00:41:07,633 --> 00:41:10,033
<font color="#ffdc20">'හොඳට කරනවා' කියන එකේ තේරුම මොකක්ද?</font>

670
00:41:10,033 --> 00:41:11,800
<font color="#ffdc20">හැමදේම තීරණය වෙන්නේ ඔයාගේ නිර්ණායකවලට අනුවනේ.</font>

671
00:41:11,800 --> 00:41:13,700
<font color="#ffdc20">එහෙනම් ඔයාගේ නිර්ණායක මොනවද?</font>

672
00:41:13,700 --> 00:41:16,067
<font color="#ffdc20">අපි අහල බලමුකෝ ඒවා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා.</font>

673
00:41:18,767 --> 00:41:21,248
<font color="#ffdc20">සතුටින් ජීවත් වෙන එක...</font>

674
00:41:21,248 --> 00:41:23,267
<font color="#ffdc20">මම ආස දේවල් චිත්‍රයට නගන ගමන්.</font>

675
00:41:23,267 --> 00:41:25,533
<font color="#ffdc20">ඕක නිකන් බොළඳ කතාවක් විතරයි.</font>

676
00:41:28,300 --> 00:41:30,267
<font color="#ffdc20">ඔයා හිතන්නේ තමන් ආස දේ කළාම</font>

677
00:41:30,267 --> 00:41:31,400
<font color="#ffdc20">හැමෝම සතුටු වෙනවා කියලද, ආ?</font>

678
00:41:31,400 --> 00:41:34,067
<font color="#ffdc20">බැලේ කරන කාලේ ඔයා හිටියේ අසතුටින්ද?</font>

679
00:41:35,433 --> 00:41:36,533
<font color="#ffdc20">අපි ඕක නවත්තමු.</font>

680
00:41:36,533 --> 00:41:39,667
<font color="#ffdc20">බෑ, මට ඒක අහන්න ඕනේ.</font>

681
00:41:39,667 --> 00:41:43,800
<font color="#ffdc20">වූ දොල් දිගටම වැරදියට තේරුම්
ගන්නවට ඔයත් කැමති නෑනේ, නේද?</font>

682
00:41:52,567 --> 00:41:54,567
<font color="#ffdc20">මට බැලේ වලට දක්ෂතාවයක් තිබුණා,</font>

683
00:41:55,900 --> 00:41:58,633
<font color="#ffdc20">ඉතින් මුලදී මම ඒකට ආස කළා.</font>

684
00:41:58,633 --> 00:42:01,367
<font color="#ffdc20">අනිත් අය මං ගැන ඉරිසියා
කරනකොට මට ආඩම්බරයක් දැනුනා.</font>

685
00:42:03,333 --> 00:42:04,833
<font color="#ffdc20">ඊටපස්සේ දවසක්,</font>

686
00:42:04,833 --> 00:42:09,800
<font color="#ffdc20">බැලේ සපත්තු ගන්නවත් වත්කමක්
නැති ළමයෙක් අපේ පන්තියට ආවා.</font>

687
00:42:09,800 --> 00:42:14,600
<font color="#ffdc20">මම අලුත් සපත්තු ගත්තම
මගේ පරණ ඒවා එයාට දුන්නා.</font>

688
00:42:15,367 --> 00:42:18,267
<font color="#ffdc20">මට ඇත්තටම මේවා ගන්න පුළුවන්ද?</font>

689
00:42:18,267 --> 00:42:20,800
<font color="#ffdc20">ඔව්, මම අලුත් ඒවා ගත්තා.</font>

690
00:42:20,800 --> 00:42:22,933
<font color="#ffdc20">ගොඩක් ස්තූතියි.</font>

691
00:42:22,933 --> 00:42:25,333
<font color="#ffdc20">ඒත් ඔයාට බැලේ දිගටම කරගෙන යන්න බැරි වෙයි.</font>

692
00:42:25,333 --> 00:42:27,400
<font color="#ffdc20">මේකට ගොඩක් සල්ලි යනවා.</font>

693
00:42:27,400 --> 00:42:29,500
<font color="#ffdc20">අපේ අම්මත් හැමදාම ඕක ගැන දොස් කියනවා.</font>

694
00:42:29,500 --> 00:42:31,400
<font color="#ffdc20">ඔව්, මම ඒක දන්නවා.</font>

695
00:42:31,400 --> 00:42:34,167
<font color="#ffdc20">ඒත් මම කවදාවත් අතාරින්නේ නෑ.</font>

696
00:42:34,167 --> 00:42:38,433
<font color="#ffdc20">සූ හි එහෙම හිතනවා දැක්කම මට සතුටක් දැනුනා.</font>

697
00:42:39,500 --> 00:42:41,733
<font color="#ffdc20">දැන්, ඊළඟ කොටස...</font>

698
00:42:41,733 --> 00:42:43,900
<font color="#ffdc20">ඔන්න, ඔයාට කතා කරනවා.</font>

699
00:42:45,000 --> 00:42:46,833
<font color="#ffdc20">සූ හි, කරලා පෙන්නන්න.</font>

700
00:42:48,333 --> 00:42:50,000
<font color="#ffdc20">මම?</font>

701
00:42:50,700 --> 00:42:54,433
<font color="#ffdc20">එදා තමයි මම පළවෙනි වතාවට අවමානයක් වින්දේ.</font>

702
00:42:55,833 --> 00:42:59,233
<font color="#ffdc20">'තමන් ආස දේ කරමින් සතුටින් ජීවත් වෙන එක'?</font>

703
00:43:01,967 --> 00:43:04,800
<font color="#ffdc20">ඒක අදාළ වෙන්නේ දක්ෂ අයට විතරයි.</font>

704
00:43:06,900 --> 00:43:08,200
<font color="#ffdc20">ඉතින්, ඔයා නැවැත්තුවද?</font>

705
00:43:08,200 --> 00:43:09,200
<font color="#ffdc20">හරියට නවත්තගන්නවත් බැරි වුණා.</font>

706
00:43:09,200 --> 00:43:12,633
<font color="#ffdc20">මගේ ආච්චිලා සීයලා ඒකට දැඩිව විරුද්ධ වුණා,</font>

707
00:43:13,967 --> 00:43:19,133
<font color="#ffdc20">ඉතින් මම අර ළමයා බැලේ කණ්ඩායමකට
බැඳෙනකම්ම එයා පස්සෙන් වැටීගෙන හිටියා.</font>

708
00:43:20,400 --> 00:43:22,967
<font color="#ffdc20">ඒ කියන්නේ ඔයත් බැලේ කණ්ඩායමකට බැඳුණා.</font>

709
00:43:22,967 --> 00:43:25,567
<font color="#ffdc20">ඊට පස්සේ ඔයාට තුවාල වුණ නිසා අයින් වුණා, නේද?</font>

710
00:43:25,567 --> 00:43:27,200
<font color="#ffdc20">නෑ.</font>

711
00:43:28,867 --> 00:43:30,500
<font color="#ffdc20">තුවාල වුණේ සූ හිට.</font>

712
00:43:30,500 --> 00:43:32,167
<font color="#ffdc20">ඈ?</font>

713
00:43:32,167 --> 00:43:35,700
<font color="#ffdc20">හුරු පුහුණුවීම් අතරතුර කරන්ට්
එක ගියා, එතන පොඩි අනතුරක් වුණා.</font>

714
00:43:35,700 --> 00:43:38,633
<font color="#ffdc20">එකපාරටම, දෙවෙනියට
හිටපු මම පිට වරද පැටවුණා.</font>

715
00:43:38,633 --> 00:43:42,300
<font color="#ffdc20">දෛවයේ සරදමකට වගේ ඒ කාලෙම
තාත්තගේ බිස්නස් කඩා වැටුණා,</font>

716
00:43:42,300 --> 00:43:46,267
<font color="#ffdc20">ඉතින් මම දෙපාරක් හිතන්නේ නැතුව බැලේ නැවැත්තුවා.</font>

717
00:43:47,100 --> 00:43:50,133
<font color="#ffdc20">ඇයි මිනිස්සුන්ට වැරදියට හිතන්න ඉඩ දුන්නේ?
ඔයාට අසාධාරණයක් වුණා කියලා හිතුණේ නැද්ද?</font>

718
00:43:50,133 --> 00:43:54,333
<font color="#ffdc20">අනුකම්පාව ලබනවට වඩා නරක
කෙනෙක් විදිහට පෙනී ඉන්න එක හොඳයි.</font>

719
00:43:56,633 --> 00:44:00,233
<font color="#ffdc20">ඔයා මේ දුක්බර කතාව අහන්න ආසද?</font>

720
00:44:00,233 --> 00:44:04,200
<font color="#ffdc20">කොහොමත් කවුරුත් ඇත්ත විශ්වාස
කරන්නේ නෑ. ලස්සන බොරුවක් ඊට වඩා හොඳයි.</font>

721
00:44:06,567 --> 00:44:08,467
<font color="#ffdc20">මම ඔයාව විශ්වාස කරනවා.</font>

722
00:44:08,467 --> 00:44:11,300
<font color="#ffdc20">අනික මම කොහොමත් කැමති ඔය 'දුක්බර' කතාවට.</font>

723
00:44:12,067 --> 00:44:14,100
<font color="#ffdc20">ඔයා ඇත්තටම කියන්නේ භයානක කතාවක්.</font>

724
00:44:14,100 --> 00:44:16,200
<font color="#ffdc20">ඔයාට මොකක්ද ඇහුණේ?</font>

725
00:44:16,200 --> 00:44:17,567
<font color="#ffdc20">මම කිව්වේ ඒක අමාරුයි කියලා.</font>

726
00:44:17,567 --> 00:44:20,400
<font color="#ffdc20">ඔයා වගේ මෘදු කෙනෙක්ට ඒක දරාගන්න බෑ.</font>

727
00:44:20,400 --> 00:44:22,067
<font color="#ffdc20">මම දැන් පොඩ්ඩක්වත් මෘදු නෑ.</font>

728
00:44:22,067 --> 00:44:25,033
<font color="#ffdc20">ඔයයි තාත්තයි විරුද්ධ වුණොත්, මම විශ්වවිද්‍යාලේ
යන්නේ නැතුව දිගටම චිත්‍ර අඳිනවා.</font>

729
00:44:25,033 --> 00:44:26,600
<font color="#ffdc20">පාට් ටයිම් ජොබ් එකක් කරලා තනියම ජීවත් වෙනවා.</font>

730
00:44:26,600 --> 00:44:29,233
<font color="#ffdc20">ගී ජොන්ග් එක්ක තියෙන සම්බන්ධෙත් දිගටම ගෙනියනවා.</font>

731
00:44:29,233 --> 00:44:30,633
<font color="#ffdc20">දැක්කනේ?</font>

732
00:44:30,633 --> 00:44:32,767
<font color="#ffdc20">දැන් මම ඔයාට හොඳට කට උත්තරත් දෙනවා.</font>

733
00:44:32,767 --> 00:44:35,133
<font color="#ffdc20">අනේ මන්දා, ඔයා නම්...</font>

734
00:44:35,133 --> 00:44:37,267
<font color="#ffdc20">අපි මේ කතාව නවත්තමු.</font>

735
00:44:37,267 --> 00:44:40,967
<font color="#ffdc20">ඔයාට ඔය හිතුවක්කාරකම කාගෙන්ද ආවේ?</font>

736
00:44:40,967 --> 00:44:42,300
<font color="#ffdc20">මම ඒක ගත්තේ ඔයාගෙන්.</font>

737
00:44:42,300 --> 00:44:44,100
<font color="#ffdc20">මම වගේ වෙන්න එපා!</font>

738
00:44:45,600 --> 00:44:47,533
<font color="#ffdc20">ඒත් මට එහෙම වෙන්න ඕනේ.</font>

739
00:44:47,533 --> 00:44:50,800
<font color="#ffdc20">මම ඔයාගේ දුව. මම ඔයා වගේමයි.</font>

740
00:44:50,800 --> 00:44:52,800
<font color="#ffdc20">මමත් ජීවත් වෙන්නේ ඔයා වගේමයි.</font>

741
00:44:53,800 --> 00:44:56,000
<font color="#ffdc20">ඒ නිසා,</font>

742
00:44:56,000 --> 00:44:58,784
<font color="#ffdc20">මෙතන ඉඳන්, ලස්සනට ජීවත් වෙන්න.</font>

743
00:44:58,784 --> 00:45:00,467
<font color="#ffdc20">හරිද අම්මේ?</font>

744
00:45:00,467 --> 00:45:02,133
<font color="#ffdc20">අපි එහෙම කරමු.</font>

745
00:45:03,367 --> 00:45:05,400
<font color="#ffdc20">හරි මට තේරුණා, දැන් අතාරින්න.</font>

746
00:45:05,400 --> 00:45:07,400
<font color="#ffdc20">මම අතාරින්නේ නෑ.</font>

747
00:45:08,267 --> 00:45:09,533
<font color="#ffdc20">දැන් අතාරින්න.</font>

748
00:45:09,533 --> 00:45:11,933
<font color="#ffdc20">මට කිචි, වූ යොන්.</font>

749
00:45:12,867 --> 00:45:15,200
<font color="#ffdc20">ආහ්, ඇයි?</font>

750
00:45:15,200 --> 00:45:17,100
<font color="#ffdc20">මට බඩගිනියි.</font>

751
00:45:17,100 --> 00:45:21,200
<font color="#ffdc20">ඇයි ඔයා කන එක මැදදී දාලා ගියේ?</font>

752
00:45:30,100 --> 00:45:31,700
<font color="#ffdc20">බියොන් සූන්.</font>

753
00:45:33,133 --> 00:45:35,500
<font color="#ffdc20">ගී ජොන්ග් මේක කුඩු කරපු වෙලාවේ,</font>

754
00:45:36,267 --> 00:45:39,800
<font color="#ffdc20">එයා විනාශ කළේ අපේ ලස්සන ළමා කාලයේ මතකයන්.</font>

755
00:45:39,800 --> 00:45:43,000
<font color="#ffdc20">ගී ජොන්ග් ලොකු වෙනවා බලාගෙන
ඉන්න එක හරිම වේදනාකාරී මහන්සියක්.</font>

756
00:45:43,000 --> 00:45:45,567
<font color="#ffdc20">ලොකු වෙන්න එපා.</font>

757
00:45:46,733 --> 00:45:48,867
<font color="#ffdc20">දේ ඕ, මේ ගැන මෙහෙම හිතන්න.</font>

758
00:45:48,867 --> 00:45:52,033
<font color="#ffdc20">ගී ජොන්ග් මෝරන තරමටම, අපේ සාක්කු පිරෙනවා.</font>

759
00:45:52,033 --> 00:45:53,833
<font color="#ffdc20">එයා අපිට ලස්සන ගැහැණු
ළමයිනුත් අඳුන්වලා දෙයිනේ, නේද?</font>

760
00:45:53,833 --> 00:45:55,633
<font color="#ffdc20">දැන් එයා ලොකු මිනිහෙක්නේ.</font>

761
00:45:57,833 --> 00:46:00,533
<font color="#ffdc20">ගැහැණු ළමයි? ඔව්.</font>

762
00:46:00,533 --> 00:46:02,633
<font color="#ffdc20">ඉතින්,</font>

763
00:46:02,633 --> 00:46:06,633
<font color="#ffdc20">අපි මේ කුණු ගොඩ විසි කරලා
අලුත් යුගයකට ලෑස්ති වෙමු.</font>

764
00:46:09,667 --> 00:46:12,333
<font color="#ffdc20">අලුත් යුගයක්! ඔව්, අලුත් යුගයක්!</font>

765
00:46:17,133 --> 00:46:18,900
<font color="#ffdc20">ආහ්, ගී ජොන්ග්.</font>

766
00:46:18,900 --> 00:46:21,267
<font color="#ffdc20">අලුත් යුගයට ගරු කරන්න.</font>

767
00:46:23,400 --> 00:46:25,033
<font color="#ffdc20">මට සමාවෙන්න.</font>

768
00:46:27,133 --> 00:46:28,900
<font color="#ffdc20">මෙන්න මෙහෙ.</font>

769
00:46:29,633 --> 00:46:30,700
<font color="#ffdc20">මෙන්න මෙයා.</font>

770
00:46:30,700 --> 00:46:32,333
<font color="#ffdc20">මෙයාද?</font>

771
00:46:33,633 --> 00:46:35,300
<font color="#ffdc20">මේ ඉන්නේ අලුත්වැඩියා විශේෂඥයෝ.</font>

772
00:46:35,300 --> 00:46:38,533
<font color="#ffdc20">මම මෙයාලව හොයාගන්න මුළු රටම පීරුවා.</font>

773
00:46:38,533 --> 00:46:40,512
<font color="#ffdc20">මේක දිහා බලන්නකෝ. ඈ?</font>

774
00:46:42,967 --> 00:46:44,900
<font color="#ffdc20">මේක සම්පූර්ණයෙන්ම විනාශ වෙලානේ.</font>

775
00:46:44,900 --> 00:46:46,100
<font color="#ffdc20">මේක ලේසි වෙන එකක් නෑ.</font>

776
00:46:46,100 --> 00:46:47,424
<font color="#ffdc20">ඈ?</font>

777
00:46:47,424 --> 00:46:48,533
<font color="#ffdc20">හදන්න බැරිද?</font>

778
00:46:48,533 --> 00:46:50,567
<font color="#ffdc20">අපිට හදන්න බැරි දෙයක් නෑ.</font>

779
00:46:50,567 --> 00:46:53,467
<font color="#ffdc20">අපිට හදන්න බැරි එකම දේ
කෙනෙක්ගේ ගතිගුණ විතරයි.</font>

780
00:46:53,467 --> 00:46:55,300
<font color="#ffdc20">අයියේ?</font>

781
00:46:55,300 --> 00:46:57,833
<font color="#ffdc20">යමු යන්න. ඉන්න!</font>

782
00:46:57,833 --> 00:46:59,567
<font color="#ffdc20">නෑ, නෑ.</font>

783
00:46:59,567 --> 00:47:00,900
<font color="#ffdc20">මට සමා වෙන්න.</font>

784
00:47:00,900 --> 00:47:03,833
<font color="#ffdc20">මම අපේ ළමා කාලයේ මතකයන් විනාශ කරන්න හැදුවේ.</font>

785
00:47:03,833 --> 00:47:05,000
<font color="#ffdc20">බය වෙන්න එපා.</font>

786
00:47:05,000 --> 00:47:07,133
<font color="#ffdc20">මම කවදාවත් වෙනස් වෙන්නේ නෑ.</font>

787
00:47:07,133 --> 00:47:09,233
<font color="#ffdc20">කවදාවත්! කවදාවත්! කවදාවත් නෑ!</font>

788
00:47:09,233 --> 00:47:12,200
<font color="#ffdc20">සිහියට එන්න!</font>

789
00:47:12,200 --> 00:47:15,100
<font color="#ffdc20">මහත්තයෝ! ඕක හදන්න එපා!</font>

790
00:47:15,100 --> 00:47:16,200
<font color="#ffdc20">ඕක විසි කරලා දාන්න.</font>

791
00:47:16,200 --> 00:47:18,167
<font color="#ffdc20">දැන් තියෙන්නේ අලුත් යුගයක්!</font>

792
00:47:19,800 --> 00:47:21,500
<font color="#ffdc20">අලුත් යුගයක්?</font>

793
00:47:35,200 --> 00:47:37,833
<font color="#ffdc20">අපි ආයෙත් අපේ එදිනෙදා ජීවිතයට හුරු වුණා.</font>

794
00:47:39,900 --> 00:47:42,267
<font color="#ffdc20">මේ සිතිවිල්ල ආවේ පස්සේ.</font>

795
00:47:42,267 --> 00:47:44,367
<font color="#ffdc20">දෙලුලු ආයෙත් එනකොට,</font>

796
00:47:44,367 --> 00:47:46,900
<font color="#ffdc20">එයා මට වඩා ළාමක පාටක් පෙනුණේ.</font>

797
00:47:46,900 --> 00:47:51,000
<font color="#ffdc20">එහෙම නැත්නම් ඒ කාලේ
ඇතුළත මම දෙලුලුට වඩා මෝරලද?</font>

798
00:47:51,967 --> 00:47:55,233
<font color="#ffdc20">දෙලුලු ආයෙත් යන්න ගියා.</font>

799
00:47:58,567 --> 00:47:59,633
<font color="#ffdc20">අනේ දෙවියනේ.</font>

800
00:47:59,633 --> 00:48:04,133
<font color="#ffdc20">අනේ අපොයි, අම්මගේ කරේ ලොකු බරක්...</font>

801
00:48:04,133 --> 00:48:07,433
<font color="#ffdc20">එයා අම්මට කියපු දේ ගැන පසුතැවෙමින්,</font>

802
00:48:07,433 --> 00:48:09,633
<font color="#ffdc20">වූ දොල් යන්න හැදුවේ නෑ.</font>

803
00:48:09,633 --> 00:48:11,267
<font color="#ffdc20">අන්තිමේදී,</font>

804
00:48:11,267 --> 00:48:16,367
<font color="#ffdc20">එයා ලෝකේ රටවල් වල අගනුවරවල්
195ක් කටපාඩම් කරන සුරතල් ළමයෙක් වුණා.</font>

805
00:48:23,967 --> 00:48:27,233
<font color="#ffdc20">ස්පිරිට් ෆින්ගර්ස් රැස්වීම් වලට
යන්න අම්මා මට ඉඩ දුන්නා.</font>

806
00:48:27,233 --> 00:48:28,600
<font color="#ffdc20">ඒ විතරක් නෙවෙයි.</font>

807
00:48:28,600 --> 00:48:29,600
<font color="#ffdc20">මම ඉක්මනට එන්නම්.</font>

808
00:48:29,600 --> 00:48:31,367
<font color="#ffdc20">වූ යොන්, ඉන්න.</font>

809
00:48:32,600 --> 00:48:35,133
<font color="#ffdc20">අද නේද පන්තියේ සල්ලි
ගෙවන්න තියෙන අන්තිම දවස?</font>

810
00:48:36,467 --> 00:48:37,700
<font color="#ffdc20">මාසික වාරික තුනකින් ගෙවන්න.</font>

811
00:48:37,700 --> 00:48:39,267
<font color="#ffdc20">අම්මේ!</font>

812
00:48:39,267 --> 00:48:43,867
<font color="#ffdc20">ලියාපදිංචි වෙලා, කැන්වස් එක
මාරු කරලා, අලුත් බ්‍රෂ් ටිකක් ගන්න.</font>

813
00:48:45,400 --> 00:48:46,833
<font color="#ffdc20">ස්තූතියි.</font>

814
00:48:46,833 --> 00:48:50,633
<font color="#ffdc20">මගේ චිත්‍ර ඇඳීමේ හැකියාවෙන් කවදාවත්
විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙයි කියලා කිය කියම,</font>

815
00:48:50,633 --> 00:48:52,867
<font color="#ffdc20">අම්මා මාව චිත්‍ර පන්තියට ඇතුළත් කළා.</font>

816
00:48:52,867 --> 00:48:54,000
<font color="#ffdc20">මේකද? ඔව්.</font>

817
00:48:54,000 --> 00:48:55,600
<font color="#ffdc20">ඔතන.</font>

818
00:48:57,800 --> 00:48:59,467
<font color="#ffdc20">මේක මොන ජාතියේ සේප්පුවක්ද?</font>

819
00:48:59,467 --> 00:49:00,767
<font color="#ffdc20">තාත්තේ! මොකද?</font>

820
00:49:00,767 --> 00:49:02,900
<font color="#ffdc20">ඔයා ඕක ලිහලා විසිකරන්න තිබුණේ.</font>

821
00:49:02,900 --> 00:49:05,467
<font color="#ffdc20">ලිහනවා නම් ඇයි ගැටගැහුවේ?</font>

822
00:49:05,467 --> 00:49:07,500
<font color="#ffdc20">ඕක ගැටගැහුවේ ඔයාමනේ.</font>

823
00:49:07,500 --> 00:49:10,000
<font color="#ffdc20">මගේ අත් කිලිටි වුණා.</font>

824
00:49:31,067 --> 00:49:32,700
<font color="#ffdc20">යන්නම්.</font>

825
00:49:42,833 --> 00:49:47,167
<font color="#ffdc20">සේ රා එයාගේ අම්මා එක්ක ජර්මනියට ගියා,</font>

826
00:49:51,000 --> 00:49:54,933
<font color="#ffdc20">සොන් හෝ හමුදාවට බැඳෙන්න ලෑස්ති වුණා.</font>

827
00:49:58,600 --> 00:50:02,733
<font color="#ffdc20">ගී ජොන්ග් එයා ගැනම කිව්වේ 'වටිනාකම
මතු කරගන්න තියෙන මැණිකක්' කියලා,</font>

828
00:50:02,733 --> 00:50:05,800
<font color="#ffdc20">එයා ඉස්සරටත් වඩා තමන්ගේ වැඩ ගැන උනන්දු වුණා.</font>

829
00:50:08,533 --> 00:50:10,272
<font color="#ffdc20">අද තමයි</font>

830
00:50:10,272 --> 00:50:13,900
<font color="#ffdc20">මගේ අන්තිම ස්පිරිට් ෆින්ගර්ස් රැස්වීම.</font>

831
00:50:16,400 --> 00:50:19,467
<font color="#ffdc20">මගේ අවසන් වසර සහ විශ්වවිද්‍යාල
ප්‍රවේශ විභාගවලට ලෑස්ති වෙන ගමන්,</font>

832
00:50:19,467 --> 00:50:22,300
<font color="#ffdc20">අම්මා උපදෙස් දුන්න විදිහටම මම විභාගවලට
මගේ උපරිම අවධානය දෙන්න තීරණය කළා.</font>

833
00:50:24,467 --> 00:50:26,900
<font color="#ff9231">[ස්පිරිට් ෆින්ගර්ස්, අවසන් හමුවීම]</font>
<font color="#ffdc20">ජ්යෙෂ්ඨ සාමාජිකයෝ කිව්වා</font>

834
00:50:26,900 --> 00:50:29,700
<font color="#ffdc20">එයාලා මෙතන බලාගෙන ඉන්නවා කියලා,</font>

835
00:50:29,700 --> 00:50:31,933
<font color="#ffdc20">හැමදාමත් වගේ මා වෙනුවෙන්.</font>

836
00:50:38,067 --> 00:50:41,200
<font color="#ffdc20">අනේ, මගේ බෝලේ, මගේ බෝලේ!</font>

837
00:50:52,033 --> 00:50:53,900
<font color="#ffdc20">ස්ට්‍රයික්!</font>

838
00:50:55,333 --> 00:50:57,800
<font color="#ffdc20">අපේ තේමාව ක්‍රීඩා වුණාට,</font>

839
00:50:57,800 --> 00:51:00,567
<font color="#ffdc20">ගෘහස්ථව බෝල සෙල්ලම් කරන එක තහනම්.</font>

840
00:51:00,567 --> 00:51:01,600
<font color="#ffdc20">සමා වෙන්න.</font>

841
00:51:01,600 --> 00:51:04,100
<font color="#ffdc20">හැමෝම මෙහෙ බලන්න.</font>

842
00:51:04,100 --> 00:51:08,100
<font color="#ffdc20">අපේ 'රෙඩ්' ට අලුත් වැඩක් ලැබිලා.</font>

843
00:51:08,100 --> 00:51:09,400
<font color="#ffdc20">ඒයි, කොළ ඌරා!</font>

844
00:51:09,400 --> 00:51:11,133
<font color="#ffdc20">ඇයි? මේක හොඳ ආරංචියක්නේ.</font>

845
00:51:11,133 --> 00:51:13,233
<font color="#ffdc20">හැම ඔඩිෂන් එකකදීම එයාගේ
රඟපෑම හොඳ නෑ කියලා බැන්නනේ,</font>

846
00:51:13,233 --> 00:51:14,933
<font color="#ffdc20">ඉතින් එයා දත් මිට කාගෙන රඟපාන්න පුරුදු වුණා.</font>

847
00:51:14,933 --> 00:51:15,967
<font color="#ffdc20">ඇත්තටම, ඇයි ඔයා එයාලට කියන්නේ?</font>

848
00:51:15,967 --> 00:51:17,667
<font color="#ffdc20">මොකක්ද ලැබුණ චරිතේ?</font>

849
00:51:17,667 --> 00:51:19,033
<font color="#ffdc20">කඩේක අර්ධ කාලීන සේවකයෙක්.</font>

850
00:51:19,033 --> 00:51:21,467
<font color="#ffdc20">එයාට දෙබස් දෙකක්ම තියෙනවා.</font>

851
00:51:21,467 --> 00:51:23,000
<font color="#ffdc20">දෙබස් දෙකක්ම?</font>

852
00:51:23,000 --> 00:51:25,100
<font color="#ffdc20">සොන්ග් වූ යොන්.</font>

853
00:51:25,100 --> 00:51:26,133
<font color="#ffdc20">ඔයත් මට විහිළු කරනවද...</font>

854
00:51:26,133 --> 00:51:27,833
<font color="#ffdc20">වාව්, සුබ පැතුම්. සුබ පැතුම්.</font>

855
00:51:27,833 --> 00:51:31,333
<font color="#ffdc20">කඩේ වැඩ කරන ලස්සන කොල්ලෙක්
අනිවාර්යෙන්ම ඉන්ටර්නෙට් එකේ ජනප්‍රිය වෙයි.</font>

856
00:51:31,333 --> 00:51:33,367
<font color="#ffdc20">ආ, මට ඔයාගේ අත්සන මුලින්ම ඕනේ.</font>

857
00:51:33,367 --> 00:51:35,000
<font color="#ffdc20">වෙන කවුරුත් ගන්න කලින් මම ඒක ගන්න ඕනේ.</font>

858
00:51:35,000 --> 00:51:36,233
<font color="#ffdc20">හැම ඉල්ලීමක්ම මට ඉදිරිපත් කරන්න.</font>

859
00:51:36,233 --> 00:51:38,133
<font color="#ffdc20">මම දැන් ගි ජොන්ගෙ මැනේජර්.</font>

860
00:51:40,300 --> 00:51:41,533
<font color="#ffdc20">අහ්? කාකි?</font>

861
00:51:41,533 --> 00:51:43,033
<font color="#ffdc20">ඔයා කොණ්ඩේ මෝස්තරේ වෙනස් කරලා?</font>

862
00:51:43,033 --> 00:51:44,600
<font color="#ffdc20">ආ, ඔව්. බ්ලයින්ඩ් ඩේට් එකක් නිසා.</font>

863
00:51:44,600 --> 00:51:45,700
<font color="#ffdc20">බ්ලයින්ඩ් ඩේට් එකක්?</font>

864
00:51:45,700 --> 00:51:47,233
<font color="#ffdc20">ඔව් කවද ඉඳන්ද?</font>

865
00:51:47,233 --> 00:51:49,500
<font color="#ffdc20">මටත් ඒක කරන්න ඕනේ. ඩේට් කරන එක.</font>

866
00:51:51,067 --> 00:51:53,567
<font color="#ffdc20">අද දවසේ ප්‍රධාන චරිතය පරක්කුයිනේ.</font>

867
00:51:53,567 --> 00:51:55,167
<font color="#ffdc20">එයා කිව්වා එන්න කලින්
තැනකට යන්න තියෙනවා කියලා.</font>

868
00:51:55,167 --> 00:51:57,333
<font color="#ffdc20">එයා තට්‌ටේ ගාගෙන එන එකක් නෑ නේද?</font>

869
00:51:57,333 --> 00:51:59,367
<font color="#ffdc20">පිස්සුද. මොකක්?</font>

870
00:52:00,167 --> 00:52:01,767
<font color="#ffdc20">එහෙම වෙන්න බෑ!</font>

871
00:52:01,767 --> 00:52:03,933
<font color="#ffdc20">ඔයාට දැන් එයාව නවත්තන්න බැහැ.</font>

872
00:52:29,800 --> 00:52:31,333
<font color="#ffdc20">ගු රින්, ඔයා කොහෙද යන්නේ?</font>

873
00:52:31,333 --> 00:52:34,100
<font color="#ffdc20">සොන් හෝ, ඔයාගේ කොණ්ඩේ...</font>

874
00:52:45,867 --> 00:52:48,167
<font color="#ffdc20">ඔයා තාම ඒක කැපුවේ නැද්ද?</font>

875
00:52:52,033 --> 00:52:53,533
<font color="#ffdc20">ඇයි? ඇයි මේ අඬන්නේ?</font>

876
00:52:53,533 --> 00:52:58,567
<font color="#ffdc20">බ්ලැක් කිව්වා ඔයා මිලිටරි විදියට
කොණ්ඩේ කපන්න යනවා කියලා.</font>

877
00:52:58,567 --> 00:53:02,133
<font color="#ffdc20">හමුදාවට බැඳෙනවා කියන එක
ඇත්තටම දැනෙන්න පටන් අරන්.</font>

878
00:53:02,133 --> 00:53:05,567
<font color="#ffdc20">ඔයා ඇත්තටම හමුදාවට යනවා කියලා.</font>

879
00:53:07,167 --> 00:53:08,200
<font color="#ffdc20">ඇයි මේ කඳුළු?</font>

880
00:53:08,200 --> 00:53:11,000
<font color="#ffdc20">අඬන්න එපා, හරිද?</font>

881
00:53:11,000 --> 00:53:13,267
<font color="#ffdc20">මේ පාර මම ඔයා වෙනුවෙන් බලන් ඉන්නම්.</font>

882
00:53:13,267 --> 00:53:15,400
<font color="#ffdc20">මම හිත හොඳ පෙම්වතියක්නේ.</font>

883
00:53:19,300 --> 00:53:23,500
<font color="#ffdc20">ඔයා මොකද කරන්නේ? කවුරුහරි දැක්කොත් එහෙම?</font>

884
00:53:23,500 --> 00:53:26,133
<font color="#ffdc20">මට ඔයාව මතක් වුණොත් මම මොකද කරන්නේ?</font>

885
00:53:28,100 --> 00:53:29,767
<font color="#ffdc20">මොකද්ද මේ? මොකක්ද? මොකක්ද!</font>

886
00:53:30,667 --> 00:53:33,100
<font color="#ffdc20">ඔයා මොකද මේ කරන්නේ? එපා, එපා.</font>

887
00:53:33,100 --> 00:53:35,033
<font color="#ffdc20">එපා, එපා.</font>

888
00:53:35,033 --> 00:53:36,667
<font color="#ffdc20">මේක හරි නෑ.</font>

889
00:53:43,767 --> 00:53:46,467
<font color="#ffdc20">අපොයි, විනාසයි.</font>

890
00:53:47,200 --> 00:53:49,333
<font color="#ffdc20">ආයෙත් අඳින්න, ඒක ලොකු දෙයක් නෙවෙයිනේ.</font>

891
00:54:05,467 --> 00:54:07,733
<font color="#ffdc20">මට ගොල්ෆ් ගහන්න තේරෙන්නේ නෑ.</font>

892
00:54:13,000 --> 00:54:14,767
<font color="#ffdc20">බෝලේ මගේ පැත්තට ආවා!</font>

893
00:54:14,767 --> 00:54:16,400
<font color="#ffdc20">පස්සට වෙන්න.</font>

894
00:54:17,967 --> 00:54:19,767
<font color="#ffdc20">රෙඩ් ත් ගොඩක් වෙනස් වෙලා නේද?</font>

895
00:54:19,767 --> 00:54:21,267
<font color="#ffdc20">ඔව් ඇත්තටම.</font>

896
00:54:21,267 --> 00:54:22,967
<font color="#ffdc20">ඒ ගැන කතා කරද්දී,</font>

897
00:54:22,967 --> 00:54:25,467
<font color="#ffdc20">මම එයාව මුලින්ම දකිද්දී,
එයා හරිම බය හිතෙන පාටයි.</font>

898
00:54:27,467 --> 00:54:29,667
<font color="#ffdc20">මිඩ්ල් ස්කූල් එකේදී එයා ඊටත්
වඩා බය හිතෙන විදියට හිටියේ.</font>

899
00:54:29,667 --> 00:54:32,000
<font color="#ffdc20">සොන් හෝ, මම තාමත් සැරයි හරිද!</font>

900
00:54:32,000 --> 00:54:33,200
<font color="#ffdc20">අපේ වූ යොන්ගෙන් ඈත් වෙලා ඉන්නවා.</font>

901
00:54:33,200 --> 00:54:34,900
<font color="#ffdc20">ඒයි, හරියට හිටගන්න.</font>

902
00:54:35,800 --> 00:54:37,267
<font color="#ffdc20">මම බලාගෙන ඉන්නේ.</font>

903
00:54:37,267 --> 00:54:40,033
<font color="#ffdc20">අනේ මන්දා, මේ කරදරකාරයා.</font>

904
00:54:40,700 --> 00:54:43,500
<font color="#ffdc20">ආ, හැබැයි බ්‍රවුන් නේද වැඩියෙන්ම
වෙනස් වෙලා තියෙන්නේ?</font>

905
00:54:43,500 --> 00:54:44,533
<font color="#ffdc20">මොකක්? මම?</font>

906
00:54:44,533 --> 00:54:45,733
<font color="#ffdc20">ඔව්!</font>

907
00:54:45,733 --> 00:54:48,367
<font color="#ffdc20">ඔයා හැමදාම ඇන්දේ එකම ඇඳුමනේ.</font>

908
00:54:48,367 --> 00:54:50,567
<font color="#ffdc20">ඒක යුනිෆෝම් එකක් කියලා හිතුවේ.</font>

909
00:54:50,567 --> 00:54:51,667
<font color="#ffdc20">ඒකනේ.</font>

910
00:54:51,667 --> 00:54:54,600
<font color="#ffdc20">දැන් උනත් බලන්න, එයා තමයි කන්සෙප්ට්
එක ගැන වැඩියෙන්ම සීරියස් පිට ඉන්නේ.</font>

911
00:54:54,600 --> 00:54:57,133
<font color="#ffdc20">බැලුවහම ඒක ඇත්ත.</font>

912
00:54:57,133 --> 00:54:58,900
<font color="#ffdc20">එදා මට බ්ලූ ව මුණගැහුනේ නැත්නම්,</font>

913
00:54:58,900 --> 00:55:02,867
<font color="#ffdc20">මම තාමත් ගෙදරට වෙලා, මත්පැන් වල ගිලිලා ඉඳීවි.</font>

914
00:55:02,867 --> 00:55:07,667
<font color="#ffdc20">ඇත්තම කිව්වොත්, මේ වයසෙදි
සමාජශීලී වෙන එක ලේසි නෑ.</font>

915
00:55:07,667 --> 00:55:09,933
<font color="#ffdc20">බොහොම ස්තූතියි හැමෝටම,</font>

916
00:55:09,933 --> 00:55:11,900
<font color="#ffdc20">මේ වයසක මනුස්සයා එක්ක එකතු වුනාට.</font>

917
00:55:11,900 --> 00:55:14,333
<font color="#ffdc20">මමනේ මෙතන ඉන්න වයසම කෙනා.</font>

918
00:55:14,333 --> 00:55:17,133
<font color="#ffdc20">ඔයා මොනවද මේ කියන්නේ?</font>

919
00:55:17,133 --> 00:55:19,933
<font color="#ffdc20">චිත්‍ර අඳින්න ආස නම් වයසින් ඇති වැඩේ මොකද්ද?</font>

920
00:55:19,933 --> 00:55:21,567
<font color="#ffdc20">ඇත්ත.</font>

921
00:55:25,667 --> 00:55:27,033
<font color="#ffdc20">ඔය වගේ දේවල් කියනවා.</font>

922
00:55:27,033 --> 00:55:29,200
<font color="#ffdc20">හරිම කූල්, බේබ්ලූ.</font>

923
00:55:29,200 --> 00:55:30,667
<font color="#ffdc20">ඕක තමයි අපේ බේබ්ලූ.</font>

924
00:55:30,667 --> 00:55:33,233
<font color="#ffdc20">අපි හරිම ලස්සනයි.</font>

925
00:55:39,133 --> 00:55:40,733
<font color="#ffdc20">පොඩ්ඩක් ඉන්න.</font>

926
00:55:41,933 --> 00:55:43,600
<font color="#ffdc20">ඒයි, අපි තාම ඉවර නෑ.</font>

927
00:55:43,600 --> 00:55:45,267
<font color="#ffdc20">ඔව් අම්මේ.</font>

928
00:55:46,300 --> 00:55:49,700
<font color="#ffdc20">සොන් හෝ ගේ ෆෙයාර්වෙල් පාටි එක නිසා
මම ගෙදර එද්දී රෑ කෑම වෙලාව පහු වෙයි.</font>

929
00:55:50,733 --> 00:55:53,967
<font color="#ffdc20">හරි, මම වෙලාවට ගෙදර එන්නම්.</font>

930
00:55:53,967 --> 00:55:55,600
<font color="#ffdc20">හරි.</font>

931
00:56:09,733 --> 00:56:13,600
<font color="#ffffff"><b><i>♫ මගේ දිනපොතේ සැඟවුණු වර්ණ ♫</i></b></font>

932
00:56:13,600 --> 00:56:15,233
<font color="#ffffff"><b><i>♫ අද මොන වගේ අලුත්
වික්‍රමාන්විතයන් බලා සිටිනවාද ♫</i></b></font>

933
00:56:15,233 --> 00:56:17,100
<font color="#ffdc20">මට සමාවෙන්න.</font>

934
00:56:17,100 --> 00:56:18,333
<font color="#ffdc20">ඔව්?</font>

935
00:56:18,333 --> 00:56:21,733
<font color="#ffdc20">කරුණාකරලා, ඔයාට පොඩි වෙලාවක් තියෙනවද?</font>

936
00:56:21,733 --> 00:56:23,367
<font color="#ffdc20">ඇහ්?</font>

937
00:56:25,300 --> 00:56:26,400
<font color="#ffdc20">මම?</font>

938
00:56:26,400 --> 00:56:29,367
<font color="#ffffff"><b><i>♫ නමුත් කාලය තුළ සිරවී ♫</i></b></font>

939
00:56:29,367 --> 00:56:33,233
<font color="#ffffff"><b><i>♫ මම එළි වෙනකම්ම ඔයා ගැන හිත හිත හිටියා ♫</i></b></font>

940
00:56:33,233 --> 00:56:36,900
<font color="#ffffff"><b><i>♫ මුලදී මට මුකුත් කියගන්න බැරි වුණා ♫</i></b></font>

941
00:56:36,900 --> 00:56:40,933
<font color="#ffffff"><b><i>♫ ඒත් දැන් මම ඔයාට ලං වෙන්න
ධෛර්යය එකතු කරගන්නවා ♫</i></b></font>

942
00:56:40,933 --> 00:56:44,700
<font color="#ffdc20">සමහර වෙලාවට, මට ඒ ගැන හිතෙනවා.</font>

943
00:56:48,767 --> 00:56:54,167
<font color="#ffdc20">එදා මට SF එක මුණගැහුනේ නැත්නම් මොනවා
වෙයිද? දේවල් කොච්චර වෙනස් වෙන්න තිබුණද?</font>

944
00:56:54,167 --> 00:56:56,767
<font color="#ffdc20">මගේ යාළුවෝ කලින් ආවා නම් මොනවා වෙයිද?</font>

945
00:56:56,767 --> 00:56:59,333
<font color="#ffdc20">මම මොඩල් කෙනෙක් වෙන එක ප්‍රතික්ෂේප කළා නම්?</font>

946
00:57:01,667 --> 00:57:03,680
<font color="#ffdc20">එහෙම වුණා නම්,</font>

947
00:57:03,680 --> 00:57:06,267
<font color="#ffdc20">දැන් මෙතන කවුරුත් ඉන්න එකක් නෑ.</font>

948
00:57:08,667 --> 00:57:11,200
<font color="#ffdc20">මමවත්, මගේ හීනවත් මෙතන නැති වෙයි.</font>

949
00:57:11,200 --> 00:57:16,033
<font color="#ffdc20">♫ මම කවදාවත් බිඳ වැටෙන්නේ නෑ ♫</font>

950
00:57:16,033 --> 00:57:19,900
<font color="#ffdc20">♫ මගේ අත අල්ලගෙන ආයෙත් නැගිටින්න ♫</font>

951
00:57:19,900 --> 00:57:23,267
<font color="#ffdc20">♫ අපි එකතු වුණාම ඒ හොඳටම ඇති ♫</font>

952
00:57:23,267 --> 00:57:26,900
<font color="#ffdc20">♫ ඔයා මගේ ළඟ ඉන්න නිසා, අපි
එකතු වෙලා අපේ හීන පාට කරමු ♫</font>

953
00:57:26,900 --> 00:57:29,000
<font color="#ffdc20">පැටියෝ.</font>

954
00:57:29,000 --> 00:57:30,600
<font color="#ffdc20">පැටියෝ.</font>

955
00:57:35,000 --> 00:57:36,733
<font color="#ffdc20">මම ඉස්සර</font>

956
00:57:37,567 --> 00:57:42,300
<font color="#ffdc20">හිතාගෙන හිටියේ සමහර දේවල් වෙන්න
පුළුවන් ෆැන්ටසි ලෝකෙක විතරයි කියලා.</font>

957
00:57:44,633 --> 00:57:47,488
<font color="#ffdc20">මට හරි බයක් දැනුනා</font>

958
00:57:47,488 --> 00:57:49,967
<font color="#ffdc20">ඇත්ත ජීවිතේදී හීන දකින්න.</font>

959
00:57:53,000 --> 00:57:55,133
<font color="#ffdc20">ඒත්...</font>

960
00:57:55,133 --> 00:57:56,967
<font color="#ffdc20">දැන් මම දන්නවා.</font>

961
00:57:58,200 --> 00:58:00,967
<font color="#ffdc20">මම වගේ කෙනෙක්ට වුණත්
මොනවා හරි කරන්න පුළුවන් කියලා.</font>

962
00:58:05,833 --> 00:58:09,700
<font color="#ffdc20">මම වෙනස් වෙනකොට, මගේ
ලෝකයත් වෙනස් වෙනවා කියලා.</font>

963
00:58:16,033 --> 00:58:18,800
<font color="#ffdc20">මම තාමත් බයයි,</font>

964
00:58:18,800 --> 00:58:22,067
<font color="#ffdc20">අනාගතේ මොනවා වෙයිද කියන බය මට තියෙනවා,</font>

965
00:58:22,900 --> 00:58:25,467
<font color="#ffdc20">ඒත් මම අතරමගදී අතාරින්නේ නෑ.</font>

966
00:58:26,667 --> 00:58:28,300
<font color="#ffdc20">මොකද...</font>

967
00:58:29,867 --> 00:58:36,367
<font color="#ffffff"><b><i>♫ අපි ඉස්සර බැලුවේ එකිනෙකට
වෙනස් දිශාවල් දිහා වුණාට ♫</i></b></font>

968
00:58:36,367 --> 00:58:43,600
<font color="#ffffff"><b><i>♫ දැන් ඉඳන් අපි බලාගෙන
ඉන්නේ එකම තැනක් දිහා ♫</i></b></font>

969
00:58:43,600 --> 00:58:48,967
<font color="#ffffff"><b><i>♫ නැගිටින්න, මම කවදාවත් වැටෙන්නේ නෑ ♫</i></b></font>

970
00:58:48,967 --> 00:58:50,167
<font color="#ffffff"><b><i>♫ වැලි දූවිලි පිසදාලා ආයෙත් නැගිටින්න ♫</i></b></font>

971
00:58:50,167 --> 00:58:52,133
<font color="#ffdc20">වූ යොන්.</font>

972
00:58:52,133 --> 00:58:53,767
<font color="#ffdc20">ඔයා මෙතන මොකද කරන්නේ?</font>

973
00:58:53,767 --> 00:58:55,667
<font color="#ffdc20">මොකද මම තමයි</font>

974
00:58:56,333 --> 00:58:58,967
<font color="#ffdc20">මේ ලෝකෙම ඉන්න එකම එක</font>

975
00:58:58,967 --> 00:59:01,233
<font color="#ffdc20">විශේෂිත බේබ්ලූ ෆින්ගර්.</font>

976
00:59:01,233 --> 00:59:04,433
<font color="#ffdc20">දැන්, කවුද ඊළඟ මොඩල් වෙන්නේ?</font>

977
00:59:11,133 --> 00:59:12,800
<font color="#ffdc20">මම!</font>

978
00:59:15,167 --> 00:59:18,867
<font color="#ffdc20">දැන් වෙලාව 'අයි ඈම් ග්‍රවුන්ඩ්'
විදියට තමන්ව හඳුන්වා දෙන්න!</font>

979
00:59:18,867 --> 00:59:21,300
<font color="#ff9231">[ඔයාලත් ස්පිරිට් ෆින්ගර්ස් වලට එකතු
වෙන්න කැමතිද?]</font> <font color="#ffdc20">දැන්ම ලියාපදිංචි වෙන්න!</font>

980
00:59:21,300 --> 00:59:23,367
<font color="#ffdc20">යමු අපි සෙට් වෙමු.</font>

981
00:59:31,733 --> 00:59:37,400
<font color="#ffffff"><b><i>♫ තරුවක් වගේ, ඔයා දීප්තිමත්ව බැබළෙනවා ♫</i></b></font>

982
00:59:37,400 --> 00:59:41,367
<font color="#ffffff"><b><i>♫ ඔයා මගේ හදවත එළිය කරනවා ♫</i></b></font>

983
00:59:41,367 --> 00:59:46,967
<font color="#ffffff"><b><i>♫ ඔයාගේම ආලෝකයෙන්, ඔයාගේම පාටින් ♫</i></b></font>

984
00:59:46,967 --> 00:59:50,933
<font color="#ffffff"><b><i>♫ ඔයා මුළු ලෝකයම ලස්සන කරනවා ♫</i></b></font>

985
00:59:50,933 --> 00:59:56,933
<font color="#ffffff"><b><i>♫ මගේ හීන පුරවන ඔයා ♫</i></b></font>

986
00:59:56,933 --> 01:00:00,800
<font color="#ffffff"><b><i>♫ මට ඇත්තටම ඕනේ ඔයා ළඟට එන්න ♫</i></b></font>

987
01:00:00,800 --> 01:00:06,500
<font color="#ffffff"><b><i>♫ හාස්කම් පිරුණු වල්ගා තරුවක් වෙන්න ♫</i></b></font>

988
01:00:06,500 --> 01:00:10,067
<font color="#ffffff"><b><i>♫ වෙලා මට එළිය දෙන්න ♫</i></b></font>

989
01:00:10,067 --> 01:00:14,867
<font color="#ffffff"><b><i>♫ තරු වලට ආදරේ කරපු පිරිමි ළමයෙක් හිටියා ♫</i></b></font>

990
01:00:14,867 --> 01:00:19,667
<font color="#ffffff"><b><i>♫ එයාව ආරක්ෂා කරපු පොඩි වල්ගා තරුවක් හිටියා ♫</i></b></font>

991
01:00:19,667 --> 01:00:24,533
<font color="#ffffff"><b><i>♫ කාලයත් එක්ක වෙනස් නොවෙන හදවතක් ♫</i></b></font>

992
01:00:24,533 --> 01:00:30,267
<font color="#ffffff"><b><i>♫ සදහටම පවතින අපේ සදාකාලික කතාව ♫</i></b></font>

993
01:00:35,648 --> 01:00:39,264
<font color="#ffffff"><b><i>♫ තරුවගෙයි මගෙයි කතාව ♫</i></b></font>

994
01:00:45,312 --> 01:00:48,400
<font color="#ffffff"><b><i>♫ තරුවගෙයි මගෙයි කතාව ♫</i></b></font>

995
01:00:48,400 --> 01:00:49,600
<font color="#e3a113"><b>ස්පිරිට් ෆින්ගර්ස්!</b></font>

996
01:00:49,600 --> 01:00:51,167
<font color="#ff9332"><i><b>ෆයිටින්ග්! මම ඔයාලට
ආදරෙයි! අපිත් ඔයාට ආදරෙයි!</b></i></font>

997
01:00:51,167 --> 01:00:53,233
<font color="#ff9332"><i><b>සීසන් 2 එකක් එයි කියලා හිතනවා. ලව් යූ.</b></i></font>

998
01:00:53,233 --> 01:00:55,034
<font color="#ff9332"><i><b>ආයුබෝවන්. ආයුබෝවන්.</b></i></font>

999
01:00:55,058 --> 01:00:57,058
<font color="#ffd88f"><b>💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</b></font>

