1
00:00:53,281 --> 00:00:55,281
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:55,305 --> 00:00:58,892
<font color="#ffd88f">අපොයි දෙවියනේ! මොකක්ද ඔය එළියේ සිද්ධ වෙන්නේ?</font>

3
00:01:25,376 --> 00:01:27,504
<font color="#ffd88f">සුබ සැන්දෑවක්, දරුවනේ.</font>

4
00:01:27,629 --> 00:01:30,131
<font color="#ffd88f">අද දවසේ ඉතුරු කාලය සඳහා
පන්ති අවලංගු කර තිබෙනවා.</font>

5
00:01:30,632 --> 00:01:33,593
<font color="#ffd88f">ජ්‍යෙෂ්ඨ සිසුන්ට යන්න අවසරයි,
නමුත් අනිත් හැම සිසුවෙක්ම,</font>

6
00:01:33,676 --> 00:01:37,055
<font color="#ffd88f">කරුණාකර පාසලේ රැස්වීමක් සඳහා
ශ්‍රවණාගාරයට වාර්තා කරන්න.</font>

7
00:01:43,061 --> 00:01:44,938
<font color="#ffd88f">ඔයාලා හිතන්නේ කාටද
කැතම ළමයා ඉන්නේ කියලා?</font>

8
00:01:45,771 --> 00:01:47,398
<font color="#ffd88f">බර්ට් ද ටර්ට්ල් සහ ටෙඩී යූරින්ට.</font>

9
00:01:48,274 --> 00:01:50,443
<font color="#ffd88f">ලිලී බේන්බ්‍රිජ් සහ
අර මැටී කියන කෙනා ගැන මොකද හිතන්නේ?</font>

10
00:01:50,527 --> 00:01:52,277
<font color="#ffd88f">ඒක නම් හරිම කැතයි.</font>

11
00:01:52,362 --> 00:01:54,739
<font color="#ffd88f">මගේ අම්මලා තාත්තලා...</font>

12
00:01:59,953 --> 00:02:01,121
<font color="#ffd88f">කෝ මේ ගුරුවරු ඔක්කොම?</font>

13
00:02:11,631 --> 00:02:13,883
<font color="#ffd88f">සන්සුන් වෙන්න ළමයි. සන්සුන් වෙන්න.</font>

14
00:02:14,926 --> 00:02:17,262
<font color="#ffd88f">අද අපිට විශේෂ දෙයක් තියෙනවා,</font>

15
00:02:17,345 --> 00:02:20,473
<font color="#ffd88f">ඔයාලව විනෝද කරවන්න සහ සතුටු කරන්න හදපු.</font>

16
00:02:21,808 --> 00:02:26,020
<font color="#ffd88f">කරුණාකර මට ඉඩ දෙන්න
එකම සහ එකම...</font>

17
00:02:26,521 --> 00:02:29,149
<font color="#ffd88f">පෙනිවයිස් ද ඩාන්සින් ක්ලවුන්ව හඳුන්වා දෙන්න!</font>

18
00:02:30,608 --> 00:02:31,860
<font color="#ffd88f">හායි, ළමයි!</font>

19
00:02:39,826 --> 00:02:41,119
<font color="#ffd88f">ටඩා...!</font>

20
00:02:58,678 --> 00:03:01,139
<font color="#ffd88f">මම මගේ දෑස් පියා ගත් විට</font>

21
00:03:01,222 --> 00:03:03,433
<font color="#ffd88f">මට ඔබ ගැන සිහින පෙනෙනවා</font>

22
00:03:04,058 --> 00:03:08,563
<font color="#ffd88f">මට ඔබේ සුන්දර මුහුණු පෙනෙනවා
ඒ වගේම මට ඒවා රස බලන්නත් පුළුවන්</font>

23
00:03:08,646 --> 00:03:11,065
<font color="#ffd88f">නමුත් අනේ, අයියෝ</font>

24
00:03:11,149 --> 00:03:14,152
<font color="#ffd88f">මට අඬන්න හිතෙනවා</font>

25
00:03:14,611 --> 00:03:17,822
<font color="#ffd88f">අපි සමුගන්නා...</font>

26
00:03:17,906 --> 00:03:24,454
<font color="#ffd88f">සෑම විටකම!</font>

27
00:05:45,053 --> 00:05:46,095
<font color="#ffd88f">කට්ටිය.</font>

28
00:06:15,291 --> 00:06:16,292
<font color="#ffd88f">ළමයි.</font>

29
00:06:32,475 --> 00:06:33,518
<font color="#ffd88f">ෂික්.</font>

30
00:06:34,769 --> 00:06:36,229
<font color="#ffd88f">මේ ඉස්කෝලේ හිටපු ළමයිනේ.</font>

31
00:06:37,688 --> 00:06:39,107
<font color="#ffd88f">මේක අපිට විහිළු කරනවා, නේද?</font>

32
00:06:40,066 --> 00:06:41,984
<font color="#ffd88f">ඌට මේ හැමෝවම අරන් යන්න බෑනේ.</font>

33
00:06:42,068 --> 00:06:43,903
<font color="#ffd88f">ඒක හොයාගන්න තියෙන්නේ එක ක්‍රමයයි.</font>

34
00:06:43,986 --> 00:06:45,029
<font color="#ffd88f">යමු.</font>

35
00:07:48,342 --> 00:07:49,677
<font color="#ffd88f">කවුද ඒ?</font>

36
00:07:50,928 --> 00:07:52,096
<font color="#ffd88f">මට දැනගන්න ඕන නෑ.</font>

37
00:07:56,476 --> 00:07:57,477
<font color="#ffd88f">එයාලා නැති වෙලා!</font>

38
00:07:58,019 --> 00:08:00,438
<font color="#ffd88f">හැමෝම. හැමෝම-- හැමෝම නැති වෙලා...</font>

39
00:08:02,398 --> 00:08:03,399
<font color="#ffd88f">-දෙවියනේ!
-දෙවියනේ!</font>

40
00:08:03,483 --> 00:08:05,735
<font color="#ffd88f">මේ ඩන්ලීවිනේ. නෑ, නෑ.
මේ විදුහල්පති ඩන්ලීවි.</font>

41
00:08:05,818 --> 00:08:06,944
<font color="#ffd88f">-ඔව්.
-ඇ... ඇයි?</font>

42
00:08:08,154 --> 00:08:09,197
<font color="#ffd88f">පොඩ්ඩක් ඉන්න.</font>

43
00:08:09,280 --> 00:08:12,408
<font color="#ffd88f">කොහොමද ඌ මේ හැමෝවම ගත්තේ? කොහොමද?</font>

44
00:08:18,498 --> 00:08:19,540
<font color="#ffd88f">ළමයි.</font>

45
00:08:21,375 --> 00:08:23,336
<font color="#ffd88f">නෑ. නෑ, නෑ.</font>

46
00:08:23,419 --> 00:08:25,546
<font color="#ffd88f">ඌ-- ඌ විල්ව අරගෙන.</font>

47
00:08:25,630 --> 00:08:27,089
<font color="#ffd88f">අරගෙන? කොහෙටද අරන් ගියේ?</font>

48
00:08:29,800 --> 00:08:31,969
<font color="#ffd88f">බොහෝ විට මේ පාර වැටිලා තියෙන තැනට වෙන්න ඇති.</font>

49
00:08:32,053 --> 00:08:33,095
<font color="#ffd88f">ඉතින් අපි මොකද කරන්නේ?</font>

50
00:08:33,179 --> 00:08:34,847
<font color="#ffd88f">අපිට මේ සලකුණු දිගේ යන්න වෙනවා,</font>

51
00:08:34,931 --> 00:08:37,558
<font color="#ffd88f">අපිට ආරක්ෂා වෙන්න අර කිණිස්ස පාවිච්චි කරන්න පුළුවන්.</font>

52
00:08:37,642 --> 00:08:39,684
<font color="#ffd88f">මම කියන්නේ, අපිට අපේ යාළුවව බේරගන්න උත්සාහ කරන්න වෙනවා.</font>

53
00:08:40,311 --> 00:08:42,563
<font color="#ffd88f">මට ඕන අර කාලකණ්ණි විකටයව මරලා දාන්න.</font>

54
00:08:43,272 --> 00:08:44,482
<font color="#ffd88f">යමු.</font>

55
00:08:48,945 --> 00:08:50,071
<font color="#ffd88f">යමන්!</font>

56
00:08:53,533 --> 00:08:55,159
<font color="#ffd88f">දඟලන්න එපා.</font>

57
00:08:55,243 --> 00:08:56,327
<font color="#ffd88f">මම වැටෙනවා.</font>

58
00:08:56,410 --> 00:08:58,037
<font color="#ffd88f">එනකොට නම් ඔයා වැටුනේ නෑනේ!</font>

59
00:08:58,663 --> 00:09:01,165
<font color="#ffd88f">ළමයි, මේ විදියට ගියොත් නම් අපිට කවදාවත්
එයාලව අල්ලගන්න හම්බවෙන්නේ නෑ.</font>

60
00:09:01,249 --> 00:09:02,959
<font color="#ffd88f">ඔයා ළඟ මීට වඩා හොඳ අදහසක් තියෙනවද?</font>

61
00:09:04,961 --> 00:09:05,962
<font color="#ffd88f">අපොයි!</font>

62
00:09:06,087 --> 00:09:08,756
<font color="#ffd88f">ආ, කිරි කාරයා.</font>

63
00:09:19,892 --> 00:09:21,435
<font color="#ffd88f">ඔයා මොකද මේ කරන්නේ?</font>

64
00:09:25,273 --> 00:09:26,607
<font color="#ffd88f">ඔයාට වාහන එලවන්න බෑනේ!</font>

65
00:09:26,691 --> 00:09:28,776
<font color="#ffd88f">ඔයාටත් බෑනේ. මම කියන්නේ, ඔයාට පුළුවන්ද?</font>

66
00:09:28,859 --> 00:09:30,903
<font color="#ffd88f">නෑ. ඒත් ඔයාට තියෙන්නේ එක ඇහැයිනේ.</font>

67
00:09:30,987 --> 00:09:32,738
<font color="#ffd88f">ඒක අවුලක් නෑ. මගේ අංකල් මයික්ට ට්‍රක් එකක් තියෙනවා.</font>

68
00:09:32,822 --> 00:09:34,323
<font color="#ffd88f">ඉතින් එයා ඔයාට එලවන්න දුන්නද?</font>

69
00:09:34,407 --> 00:09:35,408
<font color="#ffd88f">නෑ.</font>

70
00:09:36,492 --> 00:09:37,618
<font color="#ffd88f">ඒත් මම එයා එලවන දිහා බලාගෙන හිටියා.</font>

71
00:10:00,808 --> 00:10:02,393
<font color="#ffd88f">අනේ පුතේ. ෆෝන් එක ගන්නකෝ.</font>

72
00:10:05,062 --> 00:10:06,188
<font color="#ffd88f">ගන්නවා ඔය මගුල් ෆෝන් එක.</font>

73
00:10:07,231 --> 00:10:08,441
<font color="#ffd88f">ගන්න විල්. අනේ.</font>

74
00:10:12,820 --> 00:10:13,863
<font color="#ffd88f">ෂික්.</font>

75
00:10:19,869 --> 00:10:21,912
<font color="#ffd88f">හලෝ? විල්?</font>

76
00:10:24,206 --> 00:10:25,207
<font color="#ffd88f">විල්?</font>

77
00:10:30,546 --> 00:10:31,547
<font color="#ffd88f">කවුද මේ?</font>

78
00:10:32,757 --> 00:10:36,552
<font color="#ffd88f">බියක් නොමැති මිනිසාව බිය ගන්වන්නේ කුමක්ද?</font>

79
00:10:38,971 --> 00:10:40,640
<font color="#ffd88f">-උඹ.
-අපොයි, නෑ.</font>

80
00:10:40,723 --> 00:10:42,600
<font color="#ffd88f">නෑ, නෑ, නෑ...</font>

81
00:10:42,683 --> 00:10:43,726
<font color="#ffd88f">අපි.</font>

82
00:10:44,226 --> 00:10:46,354
<font color="#ffd88f">මම කොහෙද ඉන්නේ? හලෝ?</font>

83
00:10:47,271 --> 00:10:49,231
<font color="#ffd88f">-කවුරුහරි ඉන්නවද?
-විල්.</font>

84
00:10:49,315 --> 00:10:51,484
<font color="#ffd88f">විල්, මම මෙතන ඉන්නවා පුතේ. මම ආවා.</font>

85
00:10:51,567 --> 00:10:53,903
<font color="#ffd88f">හලෝ? අනේ, මට බයයි.</font>

86
00:10:53,986 --> 00:10:55,112
<font color="#ffd88f">ආ, ඔව්. උඹට බයයි තමයි.</font>

87
00:10:55,196 --> 00:10:56,864
<font color="#ffd88f">විල්, බය වෙන්න එපා. අහන්න, මම මෙතන ඉන්නේ.</font>

88
00:10:56,947 --> 00:10:59,283
<font color="#ffd88f">ඔයාට තියෙන්නේ ඔයා ඉන්න තැන මට කියන එක විතරයි.
හරිද පුතේ?</font>

89
00:10:59,367 --> 00:11:00,368
<font color="#ffd88f">මට කියන්න--</font>

90
00:11:01,077 --> 00:11:02,078
<font color="#ffd88f">හලෝ?</font>

91
00:11:03,245 --> 00:11:04,246
<font color="#ffd88f">විල්!</font>

92
00:11:05,706 --> 00:11:08,834
<font color="#ffd88f">-විල්!
-විලී කොලුවා ආපහු කරත්තයට!</font>

93
00:11:08,918 --> 00:11:10,920
<font color="#ffd88f">ඌව අලුත් පිටම තියාගන්න එපැයි.</font>

94
00:11:11,003 --> 00:11:14,131
<font color="#ffd88f">-අහන්නකෝ, ප්ලීස්.
-කළු මස් රස දෙගුණයි!</font>

95
00:11:14,215 --> 00:11:16,300
<font color="#ffd88f">මගේ පුතාට අත තියන්න එපා!</font>

96
00:11:16,384 --> 00:11:20,429
<font color="#ffd88f">මගේ පුතාට අත තියන්න එපා, ඇහුණද?
මම උඹේ පපුව පළලා දානවා!</font>

97
00:11:21,013 --> 00:11:22,139
<font color="#ffd88f">මගේ පුතාට අත--</font>

98
00:11:23,224 --> 00:11:24,225
<font color="#ffd88f">හලෝ?</font>

99
00:11:25,267 --> 00:11:26,268
<font color="#ffd88f">විල්!</font>

100
00:12:04,181 --> 00:12:05,349
<font color="#ffd88f">මට පාඩුවේ ඉන්න දීපන්.</font>

101
00:12:12,064 --> 00:12:14,233
<font color="#ffd88f">ඩික්! ඩික්, දොර අරින්න!</font>

102
00:12:16,277 --> 00:12:17,570
<font color="#ffd88f">ඩික්!</font>

103
00:12:20,614 --> 00:12:21,782
<font color="#ffd88f">-ඩික්!
-කට වහගනින්.</font>

104
00:12:23,117 --> 00:12:24,201
<font color="#ffd88f">ඒක කරපන්, ඩික්!</font>

105
00:12:26,829 --> 00:12:29,081
<font color="#ffd88f">-ඩික්, දොර අරින්න. මට ඔයාව ඇහෙනවා.
-කරපන්!</font>

106
00:12:31,876 --> 00:12:33,085
<font color="#ffd88f">මේ උඹේ අන්තිම අවස්ථාව!</font>

107
00:12:33,169 --> 00:12:35,212
<font color="#ffd88f">අපිත් එක්ක එකතු වෙයන්!</font>

108
00:12:35,296 --> 00:12:36,922
<font color="#ffd88f">-කරපන්!
-කරපන්!</font>

109
00:12:37,715 --> 00:12:38,883
<font color="#ffd88f">මම ඇතුළට එනවා!</font>

110
00:12:41,427 --> 00:12:43,262
<font color="#ffd88f">එපා. එපා, කරන්න එපා.</font>

111
00:12:43,345 --> 00:12:45,306
<font color="#ffd88f">එපා. එපා. එපා.</font>

112
00:12:45,389 --> 00:12:46,682
<font color="#ffd88f">මොකක්ද මේ සිද්ධ වෙන්නේ?</font>

113
00:12:47,183 --> 00:12:50,060
<font color="#ffd88f">-ඩික්, මොකක්ද ඔය කරන්නේ?
-මට තවත් මේක ඉවසන්න බෑ.</font>

114
00:12:50,144 --> 00:12:51,937
<font color="#ffd88f">හරි, ඒත් මම කියන දේ අහන්න සහෝදරයා.</font>

115
00:12:52,021 --> 00:12:53,063
<font color="#ffd88f">මුන්...</font>

116
00:12:54,190 --> 00:12:55,191
<font color="#ffd88f">කට වහගන්නේ නෑ.</font>

117
00:12:56,692 --> 00:12:58,486
<font color="#ffd88f">කට වහගනිව්.</font>

118
00:12:58,569 --> 00:13:00,112
<font color="#ffd88f">කට වහගනිව්!</font>

119
00:13:01,197 --> 00:13:04,700
<font color="#ffd88f">උඹලා කට වහගනිව්. කට වහගනිව්.</font>

120
00:13:04,784 --> 00:13:06,577
<font color="#ffd88f">ඩික්, අපිට මේවා කරන්න වෙලාවක් නෑ
සහෝදරයා.</font>

121
00:13:06,660 --> 00:13:08,662
<font color="#ffd88f">-ඩික්, මට ඔයාව ඕන.
-පස්සට යමන්!</font>

122
00:13:08,746 --> 00:13:10,623
<font color="#ffd88f">-කලබල වෙන්න එපා සහෝදරයා.
-එපා!</font>

123
00:13:10,706 --> 00:13:12,792
<font color="#ffd88f">-සන්සුන් වෙන්න.
-උඹයි මේක කළේ.</font>

124
00:13:14,293 --> 00:13:16,003
<font color="#ffd88f">උඹයි කළේ.</font>

125
00:13:16,712 --> 00:13:19,215
<font color="#ffd88f">-මට සමාවෙන්න.
-උඹ මගේ ඔළුව විකාර කළා.</font>

126
00:13:19,298 --> 00:13:21,217
<font color="#ffd88f">සමාවෙන්න. මට නිකන්--
මට ඕන ඔයා මම කියන දේ අහන්න විතරයි.</font>

127
00:13:21,300 --> 00:13:22,301
<font color="#ffd88f">දැන් ඉතින්...</font>

128
00:13:22,843 --> 00:13:25,012
<font color="#ffd88f">-වෙන කරන්න දෙයක් නෑ සහෝදරයා.
-මම කියන දේ අහන්නකෝ.</font>

129
00:13:25,095 --> 00:13:26,597
<font color="#ffd88f">වෙන කරන්න දෙයක් නෑ.</font>

130
00:13:26,680 --> 00:13:28,682
<font color="#ffd88f">ඩික්, අනේ! අනේ, ඌ විල්ව අරගෙන!</font>

131
00:13:29,892 --> 00:13:31,060
<font color="#ffd88f">ඌ විල්ව අරගෙන!</font>

132
00:13:33,103 --> 00:13:35,856
<font color="#ffd88f">ඌ මගේ කොල්ලව ගත්තා, මම දන්නේ නෑ කොහෙටද කියලා.</font>

133
00:13:35,940 --> 00:13:37,775
<font color="#ffd88f">එයා කොහෙද ඉන්නේ කියලා මම දන්නේ නෑ.</font>

134
00:13:37,858 --> 00:13:41,612
<font color="#ffd88f">ඉතින් මම-- මම අහ-- මම ඔයාගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා.</font>

135
00:13:42,863 --> 00:13:45,324
<font color="#ffd88f">මම ඔයාගෙන් බැගෑපත් වෙලා ඉල්ලනවා
එයාව හොයාගන්න මට උදව් කරන්න කියලා,</font>

136
00:13:45,407 --> 00:13:47,785
<font color="#ffd88f">මම මගේ ජීවිතේ උඩින් පොරොන්දු වෙනවා</font>

137
00:13:47,868 --> 00:13:50,037
<font color="#ffd88f">මට පුළුවන් හැම දේම කරනවා කියලා--</font>

138
00:13:50,996 --> 00:13:53,207
<font color="#ffd88f">මම පුළුවන් හැම දේම-- මම දිහා බලන්න!</font>

139
00:13:53,290 --> 00:13:56,126
<font color="#ffd88f">මම මට පුළුවන් උපරිමයෙන්ම
ඔයාට උදව් කරනවා.</font>

140
00:13:57,211 --> 00:13:59,338
<font color="#ffd88f">මම ඔයාට පොරොන්දු වෙනවා
මමම ඒ වෙඩිල්ල තියාගන්නවා කියලා.</font>

141
00:14:02,633 --> 00:14:03,884
<font color="#ffd88f">අනේ, කරුණාකරලා...</font>

142
00:14:07,555 --> 00:14:09,265
<font color="#ffd88f">මගේ දරුවව හොයාගන්න උදව් කරන්න, ප්ලීස්.</font>

143
00:14:12,184 --> 00:14:14,603
<font color="#ffd88f">මගේ දරුවව හොයාගන්න උදව් කරන්න, ප්ලීස්.</font>

144
00:15:00,232 --> 00:15:03,986
<font color="#ffd88f">ජෙනරාල්, මට දැන් ආරංචියක් ආවා
මේජර් හැන්ලන් අවසර නැතුව පිටව ගිහින් කියලා.</font>

145
00:15:04,069 --> 00:15:05,696
<font color="#ffd88f">මුරපොල කඩාගෙන ගිහින් තියෙන්නේ.</font>

146
00:15:06,363 --> 00:15:07,448
<font color="#ffd88f">අපිට එයාව තවත් වැඩක් නෑ.</font>

147
00:15:08,866 --> 00:15:10,951
<font color="#ffd88f">අපිව නවත්තන්න දැන් එයාට කරන්න පුළුවන් දෙයක් නෑ.</font>

148
00:15:11,994 --> 00:15:14,788
<font color="#ffd88f">ආරංචියේ හැටියට, එයාගේ වාහනේ
තවත් ගුවන් භටයෙක් ඉඳලා තියෙනවා.</font>

149
00:15:15,456 --> 00:15:16,665
<font color="#ffd88f">හැලොරන්.</font>

150
00:15:33,849 --> 00:15:35,225
<font color="#ffd88f">-එන්න ඩික්. යමු.
-සීතලයි.</font>

151
00:15:35,309 --> 00:15:37,311
<font color="#ffd88f">-මම දන්නවා. යමු.
-මෙතන හරිම සීතලයි.</font>

152
00:15:38,187 --> 00:15:39,688
<font color="#ffd88f">-යමුකෝ.
-හරිම සීතලයි.</font>

153
00:15:46,570 --> 00:15:48,572
<font color="#ffd88f">මොකක්ද? මොකක්ද?</font>

154
00:15:49,281 --> 00:15:51,450
<font color="#ffd88f">ඔයා කිව්වනේ අපි මෙතන ආරක්ෂිතයි කියලා!</font>

155
00:15:51,533 --> 00:15:53,327
<font color="#ffd88f">ඔයා කිව්වනේ අපි මෙතන ආරක්ෂිතයි කියලා.</font>

156
00:15:53,410 --> 00:15:55,788
<font color="#ffd88f">-ඔයා කිව්වා--
-මට සමාවෙන්න.</font>

157
00:15:55,871 --> 00:15:58,207
<font color="#ffd88f">-ඔයා මට බොරු කිව්වා, ලෙරෝයි. ඔයා බොරුකාරයෙක්!
-මම දන්නවා.</font>

158
00:15:58,290 --> 00:15:59,875
<font color="#ffd88f">මම එයාව ගන්නවා-- මම දන්නවා. සොරි.</font>

159
00:16:00,000 --> 00:16:01,669
<font color="#ffd88f">-ඒත්, චාලට්, මම කියන දේ අහන්න.
-මට මේක බෑ.</font>

160
00:16:01,752 --> 00:16:03,462
<font color="#ffd88f">-මම එයාව ආපහු ගේනවා.
-මම ඔයාට ආපහු කෝල් කරන්නම්, ජෝන්.</font>

161
00:16:03,504 --> 00:16:05,631
<font color="#ffd88f">-බොරු කතා!
-දෙවියන් පල්ල, මම විල්ව ආපහු ගේනවා.</font>

162
00:16:05,714 --> 00:16:07,299
<font color="#ffd88f">-මම විල්ව ආපහු ගේනවා.
-මගේ රත්තරන් පුතා.</font>

163
00:16:07,383 --> 00:16:09,343
<font color="#ffd88f">ඩික්-- ඩික් අපිට උදව් කරනවා.</font>

164
00:16:09,426 --> 00:16:12,429
<font color="#ffd88f">එයා කොහොමද අපිට උදව් කරන්නේ?
ඔයා කොහොමද අපිට උදව් කරන්නේ?</font>

165
00:16:12,513 --> 00:16:14,682
<font color="#ffd88f">-කොහොමද ඔයා අපිට උදව් කරන්නේ?
-අහන්න, මම කියන දේ අහන්න. අහන්න.</font>

166
00:16:15,599 --> 00:16:18,394
<font color="#ffd88f">එයා කිව්වා අම්මා කෙනෙකුයි පුතෙකුයි
අතර තියෙන බැඳීම</font>

167
00:16:18,477 --> 00:16:21,230
<font color="#ffd88f">මේ ලෝකේ තියෙන බලගතුම දේ කියලා.
බලගතුම දේ.</font>

168
00:16:21,313 --> 00:16:23,482
<font color="#ffd88f">ඉතින් ඔයාට පුළුවන් නම් පොඩ්ඩක්--
පොඩ්ඩක් සම්බන්ධ වෙන්න,</font>

169
00:16:23,565 --> 00:16:25,025
<font color="#ffd88f">පොඩ්ඩක්-- තත්පරේකට සම්බන්ධ වෙන්න.</font>

170
00:16:25,109 --> 00:16:26,151
<font color="#ffd88f">ඒකෙන් වැඩක් වෙන්නේ නෑ.</font>

171
00:16:27,319 --> 00:16:28,445
<font color="#ffd88f">මොකක්ද කිව්වේ?</font>

172
00:16:29,989 --> 00:16:32,074
<font color="#ffd88f">එයා ඔයාගේ පුතාව හොයාගත්තත්,</font>

173
00:16:32,157 --> 00:16:34,410
<font color="#ffd88f">ඔයාලට මේ සතා ඉස්සරහා
ගැළවෙන්න අවස්ථාවක් නෑ.</font>

174
00:16:34,493 --> 00:16:36,996
<font color="#ffd88f">-ඔයා ඒක දන්නවනේ.
-ඉතින් අපි මොකද කරන්න ඕනේ?</font>

175
00:16:37,871 --> 00:16:38,998
<font color="#ffd88f">අපේ කොල්ලව අතෑරලා දාන්නද?</font>

176
00:16:39,665 --> 00:16:40,749
<font color="#ffd88f">නැහැ, ඇත්තෙන්ම නැහැ.</font>

177
00:16:45,379 --> 00:16:46,505
<font color="#ffd88f">නමුත් මිස්ටර් හැලොරන්ට...</font>

178
00:16:47,381 --> 00:16:49,550
<font color="#ffd88f">ඔයාගේ ජෙනරාල්ට කරපු දේම
අපිටත් කරලා දෙන්න පුළුවන් නම්,</font>

179
00:16:49,633 --> 00:16:53,178
<font color="#ffd88f">මේ දේ නවත්තලා ඔයාගේ පුතාව බේරගන්න
ක්‍රමයක් තියෙන්න පුළුවන්.</font>

180
00:16:53,262 --> 00:16:54,471
<font color="#ffd88f">කොහොමද?</font>

181
00:16:55,931 --> 00:16:59,601
<font color="#ffd88f">එයාගේ හැකියාව පාවිච්චි කරලා
අන්තිම පුරාවස්තුව හොයාගැනීමෙන්.</font>

182
00:17:02,104 --> 00:17:03,147
<font color="#ffd88f">කිණිස්ස.</font>

183
00:17:04,772 --> 00:17:06,108
<font color="#ffd88f">මොන කිණිස්සද?</font>

184
00:17:07,943 --> 00:17:10,612
<font color="#ffd88f">ඉතින් මේ කිණිස්සත් හදලා තියෙන්නේ
එකම ගලකින් නම්,</font>

185
00:17:10,695 --> 00:17:13,991
<font color="#ffd88f">අපිට ඒක පාවිච්චි කරලා කුළුණක් ප්‍රතිස්ථාපනය කරලා
කූඩුව ආයේ ලොක් කරන්න පුළුවන්.</font>

186
00:17:14,074 --> 00:17:16,577
<font color="#ffd88f">හරියටම හරි. ඒ වගේම, බලාපොරොත්තු වෙනවා
ඔයාගේ පුතාව බේරගන්නත් පුළුවන් වෙයි කියලා.</font>

187
00:17:17,493 --> 00:17:21,123
<font color="#ffd88f">මිස්ටර් හැලොරන්ට ඒක හොයාගන්න පුළුවන් වුණොත්
මේ සතා ඒ තැනට ළඟා වෙන්න කලින්.</font>

188
00:17:22,374 --> 00:17:25,252
<font color="#ffd88f">ගඟේ දකුණු ඉවුරේ,
ලොකු පයින් ගහක් තියෙනවා.</font>

189
00:17:26,837 --> 00:17:30,132
<font color="#ffd88f">මැරුණු ගහක්, අපේ මුතුන් මිත්තන්ටත්
ඉස්සර ඉඳන් ඒක එතන තිබුණා.</font>

190
00:17:30,215 --> 00:17:31,675
<font color="#ffd88f">ඒක තමයි දුරම ස්ථානය</font>

191
00:17:31,759 --> 00:17:34,678
<font color="#ffd88f">මේ කිණිස්සේ ශක්තිය අනිත් කුළුණු එක්ක
සම්බන්ධ වෙන්න පුළුවන්...</font>

192
00:17:35,220 --> 00:17:37,681
<font color="#ffd88f">-සහ කූඩුව යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්.
-ඔව්, ඒ දකුණු ඉවුර.</font>

193
00:17:37,765 --> 00:17:39,183
<font color="#ffd88f">ඒක තමයි ගඟ හරහා යන්න තියෙන
කෙටිම පාර,</font>

194
00:17:39,308 --> 00:17:40,893
<font color="#ffd88f">බොහෝ විට අර සතා එතනින්
පනින්න හදාවි.</font>

195
00:17:40,976 --> 00:17:44,438
<font color="#ffd88f">අපි කොහොමද කිණිස්සේ ශක්තිය
අනිත් කුළුණු එක්ක සම්බන්ධ කරන්නේ?</font>

196
00:17:44,521 --> 00:17:47,149
<font color="#ffd88f">පොළොව හොඳ සන්නායකයක්.</font>

197
00:17:47,232 --> 00:17:49,902
<font color="#ffd88f">අනිත් කුළුණු වගේම
මේ කිණිස්සත් වැළලෙන්න ඕනේ.</font>

198
00:17:51,528 --> 00:17:52,654
<font color="#ffd88f">ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව.</font>

199
00:17:53,155 --> 00:17:54,865
<font color="#ffd88f">උඹලා මහ මෝඩයෝ ටිකක්නේ.</font>

200
00:17:56,784 --> 00:17:59,203
<font color="#ffd88f">මට මම හිතන දේවත් හරියට ඇහෙන්නේ නෑ.</font>

201
00:17:59,828 --> 00:18:02,581
<font color="#ffd88f">දැන් උඹලා බලාපොරොත්තු වෙනවා මම
උඹලගේ පොඩි කිණිස්ස හොයලා දෙයි කියලා?</font>

202
00:18:09,797 --> 00:18:12,508
<font color="#ffd88f">මිස්ටර් හැලොරන්, ඔයාගේ ඔළුවේ තියෙන කටහඬවල්
නිහඬ කරන්න මට උදව් කරන්න පුළුවන්.</font>

203
00:18:13,383 --> 00:18:15,469
<font color="#ffd88f">හැබැයි ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා.</font>

204
00:18:17,387 --> 00:18:18,388
<font color="#ffd88f">කොහොමද?</font>

205
00:18:33,278 --> 00:18:36,323
<font color="#ffd88f">ඔයා මේ කිණිස්සේ ශක්තියත් එක්ක
සම්බන්ධ වෙන්න ඕනේ.</font>

206
00:18:36,406 --> 00:18:38,075
<font color="#ffd88f">මේක හදලා තියෙන්නේ මැචුරින් මුල් වලින්.</font>

207
00:18:39,159 --> 00:18:42,204
<font color="#ffd88f">මේකෙන් ඔයාව සම්බන්ධ කරනවා මේ යක්ෂයා ආපු ලෝකයේ
තියෙන හැම දේකටම.</font>

208
00:18:42,287 --> 00:18:45,082
<font color="#ffd88f">හැබැයි එහේ තියෙන හැම දේම නපුරු නැහැ.</font>

209
00:18:46,166 --> 00:18:48,377
<font color="#ffd88f">මේ තේ එකෙන් අර කටහඬවල් ඔක්කොම
නැති වෙලා යයිද?</font>

210
00:18:49,628 --> 00:18:52,798
<font color="#ffd88f">මනසේ එක දොරක් ඇරෙනකොට,
තව දොරක් වැහෙන්නම ඕනේ.</font>

211
00:19:00,848 --> 00:19:01,932
<font color="#ffd88f">මේකට කොච්චර වෙලා යයිද?</font>

212
00:19:02,599 --> 00:19:03,600
<font color="#ffd88f">ගොඩක් වෙලා යන එකක් නෑ.</font>

213
00:19:05,060 --> 00:19:06,061
<font color="#ffd88f">මේක මතක තියාගන්න.</font>

214
00:19:06,603 --> 00:19:09,606
<font color="#ffd88f">ඔයා මොනවා කළත්, යන්න එපා...</font>

215
00:19:43,140 --> 00:19:44,850
<font color="#ffd88f">ඔයා මීට වඩා හයියෙන් යන්න ඕනේ, මාජ්.</font>

216
00:19:44,933 --> 00:19:47,060
<font color="#ffd88f">මේක කිරි ට්‍රක් එකක්නේ.
මම පුළුවන් උපරිම වේගෙන් යනවා.</font>

217
00:19:47,144 --> 00:19:48,353
<font color="#ffd88f">ඉතින් පාගලා යන්නකෝ, හරිද?</font>

218
00:19:48,437 --> 00:19:50,772
<font color="#ffd88f">-මම උත්සාහ කරනවා!
-අපිට ඒක අල්ලගන්න වෙනවා නැත්තම් අපි--</font>

219
00:19:50,856 --> 00:19:52,107
<font color="#ffd88f">වළක්!</font>

220
00:20:07,664 --> 00:20:08,957
<font color="#ffd88f">ඔයාලා හොඳින්ද?</font>

221
00:20:09,041 --> 00:20:10,667
<font color="#ffd88f">මාජ්, මොකක්ද ඒ කළේ?</font>

222
00:20:10,751 --> 00:20:13,837
<font color="#ffd88f">ඒක මගේ එක ඇහැක් හින්දා වුණ දෙයක් නෙමෙයි.
ඒක වළක් හින්දා වුණ දෙයක්.</font>

223
00:20:21,053 --> 00:20:22,179
<font color="#ffd88f">මොකක්ද අවුල?</font>

224
00:20:23,096 --> 00:20:24,848
<font color="#ffd88f">අපොයි, ලිලී,
ඔයාගේ මූණේ ලේ තියෙනවා.</font>

225
00:20:24,932 --> 00:20:27,017
<font color="#ffd88f">-ඔයාට අමාරුද?
-කිණිස්ස, ඒක කෝ?</font>

226
00:20:27,726 --> 00:20:29,228
<font color="#ffd88f">අපිට ඒක හොයාගන්න වෙනවා. අපිට සිද්ධ වෙනවා.</font>

227
00:20:29,311 --> 00:20:31,188
<font color="#ffd88f">අපි හොයාගමු. ඒක මෙතන කොහේ හරි තියෙන්න ඕනේ.</font>

228
00:20:33,440 --> 00:20:34,733
<font color="#ffd88f">අන්න ඒක තියෙනවා!</font>

229
00:20:36,276 --> 00:20:38,195
<font color="#ffd88f">එපා! එපා, ඒක අල්ලන්න එපා!</font>

230
00:20:38,278 --> 00:20:39,738
<font color="#ffd88f">මට ඒක තනියම ගන්න පුළුවන්.</font>

231
00:20:39,821 --> 00:20:40,989
<font color="#ffd88f">ඇයි ඔයා එයාට ඔය විදියට කෑගහන්නේ--</font>

232
00:20:41,073 --> 00:20:42,282
<font color="#ffd88f">නිකන් කට වහගන්නවා, රොනී.</font>

233
00:20:43,075 --> 00:20:44,284
<font color="#ffd88f">නවත්තන්න ඕක.</font>

234
00:20:45,869 --> 00:20:48,247
<font color="#ffd88f">ළමයි, අපිට වෙලාවක් නෑ.
අපිට දිගටම යන්න වෙනවා.</font>

235
00:21:05,889 --> 00:21:07,099
<font color="#ffd88f">-සිහියෙන් ඉන්න, මිස්ටර් හැලොරන්.
-හේයි.</font>

236
00:21:07,182 --> 00:21:08,725
<font color="#ffd88f">-සිහියෙන් ඉන්න.
-ආහ්! කිණිස්ස!</font>

237
00:21:09,893 --> 00:21:10,894
<font color="#ffd88f">මම ඒක දකිනවා.</font>

238
00:21:10,978 --> 00:21:12,354
<font color="#ffd88f">කොහෙද? කොහෙද ඒක තියෙන්නේ?</font>

239
00:21:12,437 --> 00:21:13,981
<font color="#ffd88f">විල්ගේ යාළුවෝ ළඟ. විල්ගේ යාළුවෝ ළඟ.</font>

240
00:21:14,064 --> 00:21:15,941
<font color="#ffd88f">-මොකක්ද? රොනී?
-අර කෙල්ලෝ.</font>

241
00:21:16,024 --> 00:21:17,276
<font color="#ffd88f">එයාලා-- එයාලා ළඟ ඒක තියෙනවා.</font>

242
00:21:17,359 --> 00:21:20,320
<font color="#ffd88f">-රොනී, මගේ දරු-- මගේ රත්තරන් පුතා, රොනී?
-එයාලා ඒක ගන්න පොරබදනවා.</font>

243
00:21:22,531 --> 00:21:23,657
<font color="#ffd88f">එයාලා පස්සෙන් යනවා--</font>

244
00:21:24,533 --> 00:21:25,993
<font color="#ffd88f">එයාලා විල් පස්සෙන් යනවා.</font>

245
00:21:26,076 --> 00:21:28,328
<font color="#ffd88f">එයාව හොයාගන්න මෙයා අපිට උදව් කරයි,
ඒත් අපිට දැන්ම යන්න වෙනවා!</font>

246
00:21:33,875 --> 00:21:34,876
<font color="#ffd88f">හරි.</font>

247
00:21:40,132 --> 00:21:41,550
<font color="#ffd88f">යමු.</font>

248
00:21:51,601 --> 00:21:52,769
<font color="#ffd88f">මට හරියට පේන්නේ නෑ.</font>

249
00:21:53,478 --> 00:21:55,230
<font color="#ffd88f">ඔයාට විශ්වාසද අපි මේ යන්නේ හරි පාරේ කියලා?</font>

250
00:21:56,857 --> 00:21:58,191
<font color="#ffd88f">අපි ළඟටම ඇවිත් ඉන්නේ.</font>

251
00:21:58,692 --> 00:22:01,778
<font color="#ffd88f">මට තේරෙන්නේ නෑ.
මේ කිණිස්සේ බලය ඇත්තක් නම්,</font>

252
00:22:01,862 --> 00:22:04,239
<font color="#ffd88f">ඇයි මගේ දුවයි එයාගේ යාළුවොයි
ආරක්ෂිත නොවෙන්නේ?</font>

253
00:22:04,323 --> 00:22:08,118
<font color="#ffd88f">මේ කිණිස්ස කියන්නේ අර සතා ආපු ධූමකේතුවේ
කැඩිච්ච කොටසක්,</font>

254
00:22:08,660 --> 00:22:11,330
<font color="#ffd88f">මේක අරන් තියෙන්නේ නීබෝල්ට් නිවස යටට
ඒක කඩා වැටුණ තැනින්.</font>

255
00:22:11,955 --> 00:22:14,875
<font color="#ffd88f">නැති වුණ හැම දෙයක් වගේම,
මේකටත් ඕනේ ආපහු ගෙදර යන්න.</font>

256
00:22:15,709 --> 00:22:17,919
<font color="#ffd88f">මේක අයිති තැනින් ඈතට අරන් යන්න යන්න,</font>

257
00:22:19,254 --> 00:22:21,048
<font color="#ffd88f">ඒකෙන් ඔයාගේ මනසට කරන හානිය වැඩියි.</font>

258
00:22:22,049 --> 00:22:23,258
<font color="#ffd88f">ඒක ඔයාව පිස්සු වට්ටනවා.</font>

259
00:22:23,800 --> 00:22:25,093
<font color="#ffd88f">මේ කිණිස්ස විරුද්ධ වේවි.</font>

260
00:22:26,511 --> 00:22:31,099
<font color="#ffd88f">ඔයාට හිතාගන්නවත් බැරි බලයකින්
ඒක ආපහු පහර දේවි.</font>

261
00:22:49,451 --> 00:22:51,536
<font color="#ffd88f">මේකේ මොකක් හරි අවුලක් තියෙනවා.</font>

262
00:22:54,873 --> 00:22:56,792
<font color="#ffd88f">ඇයි ඔයාලා මං දිහා ඔහොම බලන්නේ?</font>

263
00:22:58,919 --> 00:23:01,171
<font color="#ffd88f">-අපි ඔයා දිහා බලන්--
-නෑ, ඔයාලා බලන් ඉන්නවා.</font>

264
00:23:02,047 --> 00:23:03,924
<font color="#ffd88f">ඔයාලා මං දිහා බලන් ඉන්නේ
මට පිස්සු කියලා හිතාගෙන.</font>

265
00:23:04,007 --> 00:23:07,135
<font color="#ffd88f">ලිලී, ඇයි ඔයා අපිට
ඔය කිණිස්ස දෙන්නේ නැත්තේ?</font>

266
00:23:07,636 --> 00:23:08,720
<font color="#ffd88f">ටික වෙලාවකට විතරක්.</font>

267
00:23:09,763 --> 00:23:11,556
<font color="#ffd88f">ඔයාලා කවදාවත් මාව විශ්වාස කළේ නෑ නේද?</font>

268
00:23:12,557 --> 00:23:13,892
<font color="#ffd88f">ඔයාලා මාව පාවිච්චි කළා විතරයි!</font>

269
00:23:14,559 --> 00:23:16,436
<font color="#ffd88f">ඔයාලගේ මෝඩ තාත්තව බේරගන්න ඔයාලා මාව පාවිච්චි කළා!</font>

270
00:23:16,520 --> 00:23:18,105
<font color="#ffd88f">-ඒයි!
-අනික ඔයාලා මාව පාවිච්චි කළේ</font>

271
00:23:18,188 --> 00:23:20,190
<font color="#ffd88f">ඔයාලගේ අනිත් මෝඩ යාළුවෝ ඔක්කොම නැතිවුණ හින්දා!</font>

272
00:23:38,792 --> 00:23:40,168
<font color="#ffd88f">මට ආපහු යන්න ඕනේ!</font>

273
00:23:40,752 --> 00:23:43,380
<font color="#ffd88f">මම අපි හැමෝවම මරවයි,
ඔයාලට ඒක තේරෙන්නේ නැද්ද?</font>

274
00:23:43,463 --> 00:23:44,965
<font color="#ffd88f">රොනී මං ගැන කිව්වා හරි!</font>

275
00:23:45,048 --> 00:23:46,299
<font color="#ffd88f">නෑ, මම එහෙම හිතන්නේ නෑ!</font>

276
00:23:47,843 --> 00:23:49,970
<font color="#ffd88f">ලිලී! අනේ, නවත්තන්නකෝ!</font>

277
00:23:50,053 --> 00:23:52,681
<font color="#ffd88f">මේ දේවල් ඔයාට හිතෙන්න පාර හදන්නේ
අර කිණිස්ස!</font>

278
00:23:52,764 --> 00:23:55,559
<font color="#ffd88f">මම ඔයාලා හැමෝම විනාශ කරයි,
ඔයාලට ඒක පේන්නේ නැද්ද?</font>

279
00:23:55,642 --> 00:23:58,770
<font color="#ffd88f">-මම එහෙම කරයි!
-නෑ, ඔයා එහෙම කරන්නේ නෑ! ලිලී!</font>

280
00:23:58,854 --> 00:24:01,982
<font color="#ffd88f">මේ ඉන්නේ ඔයා නෙවෙයි! මං කියන දේ අහන්න, හරිද?</font>

281
00:24:02,065 --> 00:24:04,776
<font color="#ffd88f">ඔයා හරියට ජීවිතාරක්ෂක බෝට්ටුවක් වගේ!</font>

282
00:24:30,051 --> 00:24:31,928
<font color="#ffd88f">රොන්, මාජ්, මට--</font>

283
00:24:33,597 --> 00:24:35,140
<font color="#ffd88f">මට ගොඩක් සමාවෙන්න.</font>

284
00:24:36,975 --> 00:24:40,270
<font color="#ffd88f">සමාව ඉල්ලන්න එපා. ඒ ඇත්තටම ඔයා නෙවෙයිනේ.</font>

285
00:24:43,523 --> 00:24:45,901
<font color="#ffd88f">අපි ඉස්සරහට යන ගමන්
මේක අල්ලන් ඉන්න කෙනාව මාරු කරමු.</font>

286
00:24:46,651 --> 00:24:47,652
<font color="#ffd88f">හරිද?</font>

287
00:24:56,828 --> 00:24:58,580
<font color="#ffd88f">අපෝ, මොන මගුල--</font>

288
00:25:10,592 --> 00:25:12,177
<font color="#ffd88f">ළමයි?</font>

289
00:25:31,905 --> 00:25:32,906
<font color="#ffd88f">බලන්න.</font>

290
00:25:36,326 --> 00:25:37,744
<font color="#ffd88f">ඔයා හිතන්නේ විල් එතන ඇතැයි කියලද?</font>

291
00:25:39,037 --> 00:25:40,121
<font color="#ffd88f">ගිහින් බලමු.</font>

292
00:25:50,173 --> 00:25:51,716
<font color="#ffd88f">-දෙවියනේ!
-මොකද වුණේ?</font>

293
00:25:52,342 --> 00:25:55,720
<font color="#ffd88f">අර ළමයි ඔක්කොම... අයිස් කුට්ටි උඩ පා වෙනවා.</font>

294
00:25:57,597 --> 00:25:58,807
<font color="#ffd88f">අයිස්?</font>

295
00:25:58,890 --> 00:26:00,100
<font color="#ffd88f">ළමයි?</font>

296
00:26:00,183 --> 00:26:01,851
<font color="#ffd88f">දෙවියනේ, ඒක දැනටමත් ගඟට ඇවිත්.</font>

297
00:26:03,103 --> 00:26:04,437
<font color="#ffd88f">අපිට වෙලාවට යන්න බැරි වෙයි.</font>

298
00:26:04,521 --> 00:26:06,523
<font color="#ffd88f">අපිට වෙලාවට ළමයි ළඟට යන්න ලැබෙන එකක් නෑ.</font>

299
00:26:06,606 --> 00:26:08,775
<font color="#ffd88f">ඩෙඩ්වුඩ් පහු කරන්න කලින් නම් යන්න බැරි වෙයි.</font>

300
00:26:08,858 --> 00:26:10,569
<font color="#ffd88f">මට පේනවා. මට ඒක පේනවා...</font>

301
00:26:11,570 --> 00:26:12,862
<font color="#ffd88f">අර විකටයා.</font>

302
00:26:15,031 --> 00:26:16,157
<font color="#ffd88f">අපිට ඒක පරක්කු කරන්න පුළුවන්.</font>

303
00:26:16,241 --> 00:26:17,742
<font color="#ffd88f">ම්ම්, අපි කොහොමද ඒක කරන්නේ?</font>

304
00:26:18,368 --> 00:26:20,453
<font color="#ffd88f">ඩික් මීට කලින් මේකගේ ඔළුව ඇතුළට රිංගලා තියෙනවා.</font>

305
00:26:21,580 --> 00:26:22,747
<font color="#ffd88f">හෙලිකොප්ටරේ හිටපු වෙලාවේ.</font>

306
00:26:22,831 --> 00:26:24,207
<font color="#ffd88f">ඩික්. ඩික්.</font>

307
00:26:24,708 --> 00:26:28,044
<font color="#ffd88f">ඔයාට ඒක ආයෙත් කරන්න පුළුවන්ද? උත්සාහ කරන්න පුළුවන්ද? ඩික්!</font>

308
00:26:55,697 --> 00:26:57,449
<font color="#ffd88f">අන්න එයා ඉන්නවා! විල්!</font>

309
00:26:58,992 --> 00:27:00,910
<font color="#ffd88f">ආහ්, විල්! අනේ විල්!</font>

310
00:27:02,746 --> 00:27:03,872
<font color="#ffd88f">අනේ, විල්!</font>

311
00:27:05,790 --> 00:27:07,125
<font color="#ffd88f">විල්! විල්!</font>

312
00:27:09,044 --> 00:27:10,045
<font color="#ffd88f">එයාව පහළට අදින්න බලන්න.</font>

313
00:27:23,391 --> 00:27:28,938
<font color="#ffd88f">බලන්න කවුද සර්කස් එකට එකතු
වෙන්න තීරණය කරලා තියෙන්නේ කියලා!</font>

314
00:27:33,276 --> 00:27:34,778
<font color="#ffd88f">මෝඩයා!</font>

315
00:27:35,445 --> 00:27:36,863
<font color="#ffd88f">විකාර රූපීයා!</font>

316
00:27:37,822 --> 00:27:39,908
<font color="#ffd88f">පරාජිතයා!</font>

317
00:27:42,827 --> 00:27:45,038
<font color="#ffd88f">ඒත් කවුද මේ කවුද?</font>

318
00:27:46,456 --> 00:27:48,041
<font color="#ffd88f">ඒක වැඩක් නෑ.</font>

319
00:27:48,124 --> 00:27:50,543
<font color="#ffd88f">ඔයාලා හැමෝටම මෙතන ඉඩ තියෙනවා!</font>

320
00:28:14,025 --> 00:28:15,443
<font color="#ffd88f">එයා කොහෙද?</font>

321
00:28:19,823 --> 00:28:21,324
<font color="#ffd88f">කෝ එයා?</font>

322
00:28:35,630 --> 00:28:38,049
<font color="#ffd88f">-ලිලී, එපා! ළඟට වෙලා ඉන්න!
-එයා කොහෙද ගියේ?</font>

323
00:28:48,560 --> 00:28:51,813
<font color="#ffd88f">ආහ්, මාග්‍රට් ටොසියර්, ඔයාගේ රස කොහොමද කියලා
මම හැමදාම කල්පනා කළා.</font>

324
00:28:51,896 --> 00:28:53,690
<font color="#ffd88f">මාග්‍රට් ටොසියර්.</font>

325
00:28:56,651 --> 00:28:57,652
<font color="#ffd88f">ටොසියර්?</font>

326
00:28:58,194 --> 00:29:00,697
<font color="#ffd88f">ආහ්, ඒත් තාම නෑ.</font>

327
00:29:00,780 --> 00:29:02,991
<font color="#ffd88f">ඔයා තාම ටොසියර් නෙවෙයිනේ.</font>

328
00:29:03,074 --> 00:29:05,910
<font color="#ffd88f">මුලින්ම ආදරේ,</font>

329
00:29:05,994 --> 00:29:07,954
<font color="#ffd88f">ඊට පස්සේ කසාදේ,</font>

330
00:29:08,037 --> 00:29:12,000
<font color="#ffd88f">ඊට පස්සේ රිචී බබෙක් හම්බවෙලා කරත්තෙක යනවා!</font>

331
00:29:13,877 --> 00:29:15,044
<font color="#ffd88f">එහෙම නැත්නම්...</font>

332
00:29:15,545 --> 00:29:17,881
<font color="#ffd88f">ඔයත් එක්කම එයා මැරුණේ නැත්නම්!</font>

333
00:29:17,964 --> 00:29:19,883
<font color="#ffd88f">ඔයා මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නෑ!</font>

334
00:29:23,762 --> 00:29:25,013
<font color="#ffd88f">ඔයාගේ පුතා!</font>

335
00:29:26,264 --> 00:29:29,851
<font color="#ffd88f">ඔයාට ඔයාගේ පොඩි කොල්ලව අඳුරගන්න බැරිද?</font>

336
00:29:32,145 --> 00:29:34,731
<font color="#ffd88f">ඔයාගේ කුණු වෙච්ච කුසින් උපන් බිජුව</font>

337
00:29:34,814 --> 00:29:39,652
<font color="#ffd88f">සහ එයාගේ ජරා යාළුවෝ මගේ මරණය අරගෙන එනවා!</font>

338
00:29:41,196 --> 00:29:44,073
<font color="#ffd88f">එහෙම නැත්නම් ඒක උපතක්ද?</font>

339
00:29:44,574 --> 00:29:46,493
<font color="#ffd88f">මට පටලැවෙනවා.</font>

340
00:29:46,576 --> 00:29:48,411
<font color="#ffd88f">හෙටද? ඊයෙද?</font>

341
00:29:48,495 --> 00:29:51,706
<font color="#ffd88f">පොඩි පෙනිවයිස්ට ඒ ඔක්කොම එකයි.</font>

342
00:29:54,501 --> 00:29:56,836
<font color="#ffd88f">ඒත් හැම වෙලාවෙම ලේසි නෑ. නෑ.</font>

343
00:29:57,378 --> 00:30:02,550
<font color="#ffd88f">එක තැනක, එක කාලෙක හිරවෙලා ඉන්න එක.</font>

344
00:30:03,551 --> 00:30:05,929
<font color="#ffd88f">එයාලට මාව කොටු කරන්න බෑ.</font>

345
00:30:06,471 --> 00:30:07,639
<font color="#ffd88f">එයාලට බෑ!</font>

346
00:30:08,139 --> 00:30:10,475
<font color="#ffd88f">ඔයාටත් බෑ.</font>

347
00:30:12,852 --> 00:30:15,271
<font color="#ffd88f">බීප්-බීප්, මාගී.</font>

348
00:30:32,580 --> 00:30:33,581
<font color="#ffd88f">මාජ්!</font>

349
00:30:36,876 --> 00:30:39,254
<font color="#ffd88f">-මොකද වුණේ?
-මම දන්නේ නෑ.</font>

350
00:30:44,133 --> 00:30:46,177
<font color="#ffd88f">විල්! විල්!</font>

351
00:30:47,303 --> 00:30:48,471
<font color="#ffd88f">ඔයාට පණ තියෙනවා!</font>

352
00:30:49,472 --> 00:30:50,473
<font color="#ffd88f">මොකද වුණේ?</font>

353
00:30:56,896 --> 00:30:57,897
<font color="#ffd88f">අයිස්?</font>

354
00:30:57,981 --> 00:30:59,732
<font color="#ffd88f">-ඔයා හොඳින් නේද?
-ඔව්.</font>

355
00:31:10,994 --> 00:31:12,245
<font color="#ffd88f">විල්!</font>

356
00:31:12,328 --> 00:31:13,371
<font color="#ffd88f">-තාත්තේ? තාත්තේ!
-පුතේ!</font>

357
00:31:13,454 --> 00:31:14,455
<font color="#ffd88f">-රොනී!
-පුතේ!</font>

358
00:31:14,539 --> 00:31:15,540
<font color="#ffd88f">-තාත්තේ!
-ඔයාට කරදරයක් නෑනේ.</font>

359
00:31:15,623 --> 00:31:17,000
<font color="#ffd88f">-තාත්තේ! තාත්තේ!
-ඔයා හොඳින්ද?</font>

360
00:31:17,083 --> 00:31:18,543
<font color="#ffd88f">-ඔයා හොඳින් නේද?
-ඔව්.</font>

361
00:31:18,626 --> 00:31:20,211
<font color="#ffd88f">කමක් නෑ. ඔයා අම්මා එක්ක
එතනට යන්න, හරිද?</font>

362
00:31:20,295 --> 00:31:21,421
<font color="#ffd88f">-යන්න. අපි යමු. යන්න, යන්න.
-අම්මා මෙහේද?</font>

363
00:31:21,504 --> 00:31:23,006
<font color="#ffd88f">අර විකටයා, ඌ මෙහෙ ඉන්නවා,
ඌ මාජ්ව කන්න ඔන්න මෙන්න තිබ්බේ!</font>

364
00:31:23,089 --> 00:31:25,425
<font color="#ffd88f">හරි, කලබල වෙන්න එපා. අපි වෑන් එකට යමු.
අපි වෑන් එකට යමු. එන්න.</font>

365
00:31:25,508 --> 00:31:26,843
<font color="#ffd88f">කෝ කිණිස්ස? කිණිස්ස කෝ?</font>

366
00:31:27,010 --> 00:31:28,344
<font color="#ffd88f">-මේ තියෙන්නේ!
-යමු, යමු, යමු!</font>

367
00:31:28,428 --> 00:31:29,512
<font color="#ffd88f">උතුරු වෙරළට! යමු!</font>

368
00:31:29,637 --> 00:31:31,723
<font color="#ffd88f">නැගිටින්න! නැගිටින්න! උතුරු වෙරළට යමු!</font>

369
00:31:31,806 --> 00:31:32,891
<font color="#ffd88f">අනේ රත්තරනේ!</font>

370
00:31:39,731 --> 00:31:41,024
<font color="#ffd88f">ඩෙඩ්වුඩ් තියෙන්නේ අර පැත්තේ නේද?</font>

371
00:31:41,649 --> 00:31:42,692
<font color="#ffd88f">දකුණු ඉවුරේ.</font>

372
00:31:43,192 --> 00:31:45,320
<font color="#ffd88f">රෝස් කිව්වා මේ කිණිස්ස
විරුද්ධ වෙන්න හදයි කියලා.</font>

373
00:31:45,403 --> 00:31:46,613
<font color="#ffd88f">අපි එකටම යමු.</font>

374
00:32:17,894 --> 00:32:19,687
<font color="#ffd88f">-එපා!
-තාත්තේ!</font>

375
00:32:20,813 --> 00:32:22,023
<font color="#ffd88f">-තාත්තේ!
-විල්!</font>

376
00:32:22,106 --> 00:32:23,107
<font color="#ffd88f">එන්න-- ආපහු එන්න!</font>

377
00:32:24,108 --> 00:32:27,278
<font color="#ffd88f">රොනී! රොනී! රොනී!</font>

378
00:32:28,071 --> 00:32:30,740
<font color="#ffd88f">අපරාදේ! අයියෝ ෂිට්. මගුලක්. ආහ්--</font>

379
00:32:32,283 --> 00:32:33,326
<font color="#ffd88f">රෝස්!</font>

380
00:32:57,976 --> 00:32:59,936
<font color="#ffd88f">හරි. නොසෙල්වී ඉන්න.</font>

381
00:33:00,019 --> 00:33:03,064
<font color="#ffd88f">ටැන්-- ටැනියෙල්. මං දිහා බලන්න. නොසෙල්වී.</font>

382
00:33:03,147 --> 00:33:04,607
<font color="#ffd88f">හුස්ම ගන්න. හුස්ම ගන්න.</font>

383
00:33:05,108 --> 00:33:06,317
<font color="#ffd88f">ටැනියෙල්.</font>

384
00:33:06,401 --> 00:33:08,444
<font color="#ffd88f">ටැනියෙල්? ටැනියෙල්?</font>

385
00:33:09,654 --> 00:33:10,655
<font color="#ffd88f">ෂි-- මගුලක්.</font>

386
00:33:11,447 --> 00:33:13,324
<font color="#ffd88f">තාත්තේ! තාත්තේ!</font>

387
00:33:17,745 --> 00:33:19,205
<font color="#ffd88f">මම හොඳින්. මම හොඳින්.</font>

388
00:33:19,288 --> 00:33:20,415
<font color="#ffd88f">-ඒත් ඇයි--
-අහන්න. අහන්න.</font>

389
00:33:20,498 --> 00:33:22,000
<font color="#ffd88f">-ඔයා මේ කිණිස්ස ගන්න.
-මොකක්?</font>

390
00:33:22,083 --> 00:33:23,376
<font color="#ffd88f">ඔයා ඒක ගන්න. ඔයා ගන්න.</font>

391
00:33:23,459 --> 00:33:26,254
<font color="#ffd88f">ඊටපස්සේ මීදුම අස්සේ හැංගෙන්න,
මේක ආවරණයක් විදිහට පාවිච්චි කරන්න.</font>

392
00:33:26,379 --> 00:33:28,381
<font color="#ffd88f">කිණිස්ස ගන්න. අර ගහ ළඟට මේක අරන් යන්න.</font>

393
00:33:28,464 --> 00:33:30,258
<font color="#ffd88f">ගිහින් ගහේ පාමුල ගැඹුරටම වළලන්න.</font>

394
00:33:30,341 --> 00:33:31,718
<font color="#ffd88f">මේජර් හැනලන්ව ආරක්ෂා කරන්න.</font>

395
00:33:32,719 --> 00:33:34,595
<font color="#ffd88f">හැලෝරන්ව පැනලා යන්න දෙන්න එපා.</font>

396
00:33:39,225 --> 00:33:40,893
<font color="#ffd88f">ඊටපස්සේ අර යකා නිදාගනීවි,</font>

397
00:33:40,977 --> 00:33:42,603
<font color="#ffd88f">එතකොට මේ ඔක්කොම ඉවර වෙයි. ඔයාට තේරුණාද?</font>

398
00:33:42,687 --> 00:33:43,938
<font color="#ffd88f">-මට බෑ.
-ඔයාට පුළුවන්.</font>

399
00:33:44,022 --> 00:33:45,648
<font color="#ffd88f">-නෑ.
-ඇයි බැරි?</font>

400
00:33:46,858 --> 00:33:47,900
<font color="#ffd88f">මට බයයි.</font>

401
00:33:51,446 --> 00:33:52,447
<font color="#ffd88f">මම ඔයා නෙවෙයිනේ.</font>

402
00:33:53,865 --> 00:33:56,576
<font color="#ffd88f">අහන්න. ඔයා මම වෙන්න ඕනේ නෑ.
ඔයාට තේරෙනවද?</font>

403
00:33:56,659 --> 00:33:59,037
<font color="#ffd88f">ඔයාට මම වෙන්න අවශ්‍ය නෑ,
ඔයා මම වෙනවට මම කැමතිත් නෑ.</font>

404
00:33:59,120 --> 00:34:00,329
<font color="#ffd88f">ඔයා ඔයා වෙන්න.</font>

405
00:34:01,330 --> 00:34:02,331
<font color="#ffd88f">ඔයාට ඇහුණද?</font>

406
00:34:03,207 --> 00:34:04,333
<font color="#ffd88f">මම ඔයාට ආදරෙයි, පුතේ.</font>

407
00:34:05,001 --> 00:34:06,294
<font color="#ffd88f">මම ආදරෙයි.</font>

408
00:34:10,465 --> 00:34:12,925
<font color="#ffd88f">යන්න, පුතේ. යන්න. යන්න. යන්න!</font>

409
00:34:13,509 --> 00:34:14,677
<font color="#ffd88f">එන්න. අපි යමු.</font>

410
00:34:24,771 --> 00:34:25,897
<font color="#ffd88f">ගිහින් හැලෝරන්ව අල්ලගන්න.</font>

411
00:34:56,594 --> 00:34:57,762
<font color="#ffd88f">බොබ්! බොබ්!</font>

412
00:34:59,347 --> 00:35:00,556
<font color="#ffd88f">බොබ්!</font>

413
00:35:04,769 --> 00:35:05,853
<font color="#ffd88f">බොබ්!</font>

414
00:35:07,688 --> 00:35:09,023
<font color="#ffd88f">බොබ්!</font>

415
00:35:09,107 --> 00:35:10,608
<font color="#ffd88f">යාළුවා, ඔයා හොඳින්ද?</font>

416
00:35:11,234 --> 00:35:12,944
<font color="#ffd88f">තාත්තේ, තාත්තේ, ඔයාට කරදරයක් නෑනේ.</font>

417
00:35:17,990 --> 00:35:19,033
<font color="#ffd88f">මම මේ කොහෙද ඉන්නේ?</font>

418
00:35:19,742 --> 00:35:20,743
<font color="#ffd88f">මේ මොකක්ද?</font>

419
00:35:20,827 --> 00:35:22,912
<font color="#ffd88f">රොබට්, ඔයා ඔය බීම ජාති බොන එක නවත්තන්න ඕනේ.</font>

420
00:35:23,412 --> 00:35:25,414
<font color="#ffd88f">මම දැක්කා ඔයා අර කාණුවක් අස්සේ වැටිලා ඉන්නවා.</font>

421
00:35:25,498 --> 00:35:27,542
<font color="#ffd88f">ඔයා හොඳටම වැටිලා තුවාල වෙලා වගේ පේන්නේ.</font>

422
00:35:28,668 --> 00:35:30,086
<font color="#ffd88f">මම බොබ් ග්‍රේ නෙවෙයි.</font>

423
00:35:30,628 --> 00:35:33,923
<font color="#ffd88f">එහෙනම්, ඔයා වෙන කවුද?
පීටර් රැබිට්ද?</font>

424
00:35:34,006 --> 00:35:37,135
<font color="#ffd88f">-මාත් එක්ක ඔහොම කතා කරන්න එපා!
-තාත්තේ!</font>

425
00:35:37,218 --> 00:35:40,972
<font color="#ffd88f">මම දෙවි කෙනෙක්! ලෝකයන් ගිලගන්න කෙනෙක්!</font>

426
00:35:43,432 --> 00:35:47,270
<font color="#ffd88f">බොබ්, ඔයා හිතුවාට වඩා
හයියෙන් ඔළුව වද්දගෙන වගේ නේද?</font>

427
00:35:47,353 --> 00:35:49,272
<font color="#ffd88f">අපෝ නෑ, නෑ, නෑ, නෑ, නෑ.</font>

428
00:35:51,816 --> 00:35:52,942
<font color="#ffd88f">එයාලා අපිව දැක්කද?</font>

429
00:35:53,526 --> 00:35:55,278
<font color="#ffd88f">මම දන්නේ නෑ, ඒත් අපි මේ මොන මගුලකද ඉන්නේ?</font>

430
00:35:55,361 --> 00:35:56,654
<font color="#ffd88f">මට මෙලෝ දෙයක් පේන්නේ නෑ.</font>

431
00:35:56,737 --> 00:35:58,281
<font color="#ffd88f">මම හිතුවේ එයාලා හොඳ මිනිස්සු කියලා.</font>

432
00:35:58,364 --> 00:35:59,949
<font color="#ffd88f">ඇයි එයාලා අර මනුස්සයාව මැරුවේ?</font>

433
00:36:00,032 --> 00:36:03,494
<font color="#ffd88f">ළමයි, බය වෙන්න එපා.
හරි, සන්සුන් වෙන්න.</font>

434
00:36:03,578 --> 00:36:05,329
<font color="#ffd88f">අපිට අර ගහේ එහා පැත්තෙන් වටෙන් යන්න වෙනවා</font>

435
00:36:05,413 --> 00:36:06,956
<font color="#ffd88f">එතකොට අර මිනිස්සුන්ට අපිව පේන එකක් නෑ.</font>

436
00:36:17,758 --> 00:36:20,094
<font color="#ffd88f">මට දැනගන්න ඕනේ තමුසෙලා මේ මොන මගුලක්
කරන්නද මෙහෙට ආවේ කියලා.</font>

437
00:36:20,178 --> 00:36:22,096
<font color="#ffd88f">ළමයි, එයාලා කොහාටද යන්නේ?</font>

438
00:36:22,722 --> 00:36:23,931
<font color="#ffd88f">උත්තර දෙනවා, මේජර්!</font>

439
00:36:25,099 --> 00:36:27,476
<font color="#ffd88f">තමුසේ මට කතා කළේ නැත්නම්,
තමුසෙට ලොකු අමාරුවක වැටෙන්න වෙයි, කොල්ලෝ.</font>

440
00:36:44,994 --> 00:36:46,913
<font color="#ffd88f">අන්න තියෙනවා. අර තියෙන්නේ ගහ.</font>

441
00:36:47,663 --> 00:36:48,748
<font color="#ffd88f">අපි යමු.</font>

442
00:37:04,555 --> 00:37:06,349
<font color="#ffd88f">-මට මේක කරන්න බෑ.
-මොකක්?</font>

443
00:37:06,432 --> 00:37:08,059
<font color="#ffd88f">ඔයා මොනවද මේ කියන්නේ?</font>

444
00:37:09,268 --> 00:37:10,269
<font color="#ffd88f">මේක මට ඉඩ දෙන්නේ නෑ.</font>

445
00:37:11,312 --> 00:37:12,480
<font color="#ffd88f">ඒ මේ කිණිස්ස හින්දා.</font>

446
00:37:15,191 --> 00:37:17,235
<font color="#ffd88f">එපා! එපා, විල්!</font>

447
00:37:17,318 --> 00:37:18,819
<font color="#ffd88f">-නවත්තන්න!
-මේකට ගෙදර යන්න ඕනෙලු!</font>

448
00:37:18,903 --> 00:37:21,072
<font color="#ffd88f">-මට මේක ගෙදර ගෙනියන්න වෙනවා!
-ඕක කියන දේ අහන්න එපා!</font>

449
00:37:21,155 --> 00:37:22,698
<font color="#ffd88f">ඔයා ඕක අතාරින්න ඕනේ!</font>

450
00:37:22,782 --> 00:37:24,367
<font color="#ffd88f">අනේ, ඕක අපිට දෙන්න!</font>

451
00:37:49,600 --> 00:37:51,060
<font color="#ffd88f">නිකන් අපිට දෙන්න!</font>

452
00:37:51,143 --> 00:37:52,812
<font color="#ffd88f">නිකන්-- අපිට ඔයාට උදව් කරන්න දෙන්න, විල්.</font>

453
00:37:52,895 --> 00:37:55,564
<font color="#ffd88f">-අපිට මේක ඉවර කරන්න පුළුවන්.
-අපි හැමෝටම එකතු වෙලා මේක ඉවර කරන්න පුළුවන්!</font>

454
00:37:55,648 --> 00:37:56,857
<font color="#ffd88f">මට හැරෙන්න උදව් කරන්න.</font>

455
00:38:04,824 --> 00:38:08,869
<font color="#ffd88f">මේ අවුරුදු ගාණම,
ඔයා ඇත්ත කෙනෙක්ද කියලා මම කල්පනා කළා,</font>

456
00:38:08,953 --> 00:38:10,788
<font color="#ffd88f">එහෙම නැත්නම් පොඩි ළමයෙක්ගේ නපුරු හීනයක් විතරද කියලා.</font>

457
00:38:11,872 --> 00:38:13,332
<font color="#ffd88f">ඔයාලා දිහා බලන්නකෝ.</font>

458
00:38:14,000 --> 00:38:15,084
<font color="#ffd88f">ඔයාලා දෙන්නම.</font>

459
00:38:15,960 --> 00:38:17,962
<font color="#ffd88f">මම දන්නේ නෑ ඔයාලට මම කියන දේ ඇහෙනවද කියලා.</font>

460
00:38:19,171 --> 00:38:21,007
<font color="#ffd88f">හැබැයි හැලරන් ඔයාලට මොනවා කළත්,</font>

461
00:38:21,090 --> 00:38:22,216
<font color="#ffd88f">අපි ඒක හරිගස්සමු.</font>

462
00:38:24,260 --> 00:38:25,428
<font color="#ffd88f">අත් පෙන්නන්න!</font>

463
00:38:27,388 --> 00:38:28,764
<font color="#ffd88f">එපා! ඉන්න!</font>

464
00:38:46,365 --> 00:38:49,160
<font color="#ffd88f">කපටියි, කපටියි...</font>

465
00:38:49,910 --> 00:38:51,537
<font color="#ffd88f">ඩිකී!</font>

466
00:38:51,620 --> 00:38:53,164
<font color="#ffd88f">කවුද බොබ් මේ ඩිකී කියන්නේ?</font>

467
00:38:55,583 --> 00:38:59,128
<font color="#ffd88f">මම...</font>

468
00:38:59,211 --> 00:39:00,254
<font color="#ffd88f">බොබ් නෙවෙයි!</font>

469
00:39:07,511 --> 00:39:08,679
<font color="#ffd88f">කපටි ඩිකී, ඩිකී.</font>

470
00:39:08,763 --> 00:39:10,848
<font color="#ffd88f">ඒයි! ඒයි!</font>

471
00:39:12,308 --> 00:39:13,601
<font color="#ffd88f">-අයින් වෙයන්!
-එපා...</font>

472
00:39:13,684 --> 00:39:15,436
<font color="#ffd88f">එපා!</font>

473
00:39:15,978 --> 00:39:17,229
<font color="#ffd88f">දණගහපන්!</font>

474
00:39:21,400 --> 00:39:24,195
<font color="#ffd88f">මම උත්සාහ කළා බං. මම උත්සාහ කළා.</font>

475
00:39:28,574 --> 00:39:31,702
<font color="#ffd88f">කමක් නෑ. දැන් උඹ නිදහස්.</font>

476
00:39:34,538 --> 00:39:35,581
<font color="#ffd88f">උඹට යන්න පුළුවන්.</font>

477
00:39:49,512 --> 00:39:51,389
<font color="#ffd88f">මම උඹව දන්නවා.</font>

478
00:39:55,434 --> 00:39:57,603
<font color="#ffd88f">මට කවදාවත් ඉවක් අමතක වෙන්නේ නෑ.</font>

479
00:39:58,813 --> 00:40:01,065
<font color="#ffd88f">නවත්තපන්. මොකද මේ කරන්නේ?</font>

480
00:40:11,158 --> 00:40:13,619
<font color="#ffd88f">-දැන් පේනවනේ!
-පස්සට යන්න!</font>

481
00:40:14,912 --> 00:40:16,163
<font color="#ffd88f">උඹ පස්සට යමන්!</font>

482
00:40:16,247 --> 00:40:18,707
<font color="#ffd88f">එහෙම නැත්තම්, දෙයියම්පා, මම තමුසෙට පාඩමක්--</font>

483
00:40:22,962 --> 00:40:24,130
<font color="#ffd88f">ජෙනරාල්ව බලන්න.</font>

484
00:41:30,404 --> 00:41:32,656
<font color="#ffd88f">කර්නල්, කොහොමහරි ඕකව නවත්තන්න ඕනේ!</font>

485
00:41:32,740 --> 00:41:35,075
<font color="#ffd88f">ඕක අර ගහ පහු කළොත්,
අපි ඔක්කොටම කෙළවෙනවා!</font>

486
00:41:36,327 --> 00:41:38,120
<font color="#ffd88f">මම කියන දේ අහන්න! අනේ!</font>

487
00:41:38,204 --> 00:41:40,748
<font color="#ffd88f">මූ ද්‍රෝහියෙක්. මූ කියන ඒවා අහන්න එපා.</font>

488
00:42:11,737 --> 00:42:13,113
<font color="#ffd88f">ඕක බිම දාපන්!</font>

489
00:42:32,508 --> 00:42:34,593
<font color="#ffd88f">බය වෙන්න එපා! දිගටම කරගෙන යන්න!</font>

490
00:42:35,344 --> 00:42:37,179
<font color="#ffd88f">ඒයි! ඔහේ!</font>

491
00:42:37,263 --> 00:42:39,557
<font color="#ffd88f">පොඩි කරදරයක් වගේ නේද?</font>

492
00:42:39,640 --> 00:42:42,726
<font color="#ffd88f">ඕක ඔහොම ඇද්දොත්
පුපුරලා යයි!</font>

493
00:42:42,810 --> 00:42:44,979
<font color="#ffd88f">ගිහින් එන්නම්, පරාජිතයෝ!</font>

494
00:43:12,548 --> 00:43:13,549
<font color="#ffd88f">යකෝ!</font>

495
00:43:21,098 --> 00:43:22,099
<font color="#ffd88f">අයියෝ!</font>

496
00:43:22,600 --> 00:43:24,018
<font color="#ffd88f">ලී!</font>

497
00:43:44,121 --> 00:43:46,290
<font color="#ffd88f">අ-ඕ!</font>

498
00:43:54,256 --> 00:43:55,507
<font color="#ffd88f">ලිරෝයි!</font>

499
00:44:11,982 --> 00:44:14,985
<font color="#ffd88f">යමන් රොනී! රොනී, ඔයාට පුළුවන්!</font>

500
00:45:25,055 --> 00:45:26,181
<font color="#ffd88f">මොනවද පේන්නේ?</font>

501
00:45:27,766 --> 00:45:29,309
<font color="#ffd88f">මාර ආශ්චර්යයක්නේ.</font>

502
00:46:19,735 --> 00:46:20,736
<font color="#ffd88f">විල්!</font>

503
00:46:20,819 --> 00:46:22,404
<font color="#ffd88f">දිගටම කරපන්! වැඩේ හරියනවා!</font>

504
00:46:25,324 --> 00:46:26,909
<font color="#ffd88f">රොනී! රො--</font>

505
00:46:26,992 --> 00:46:29,244
<font color="#ffd88f">අයියෝ! ෂිට්!</font>

506
00:46:41,965 --> 00:46:44,635
<font color="#ffd88f">එපා!</font>

507
00:47:58,959 --> 00:48:00,502
<font color="#ffd88f">දෙයියනේ. දෙයියනේ.</font>

508
00:48:21,690 --> 00:48:23,108
<font color="#ffd88f">සජීවී සෙනඟක්නේ.</font>

509
00:48:49,134 --> 00:48:51,595
<font color="#ffd88f">මම හිතුවේ මම-- විල්! කෝ විල්?</font>

510
00:48:51,678 --> 00:48:54,806
<font color="#ffd88f">-එයා හොඳින්.
-එයා හොඳින්. ඇති යාන්තම්.</font>

511
00:48:54,890 --> 00:48:56,558
<font color="#ffd88f">ශික්. එයා හොඳින්.</font>

512
00:48:58,101 --> 00:48:59,227
<font color="#ffd88f">ඒක ගියා.</font>

513
00:49:02,522 --> 00:49:03,690
<font color="#ffd88f">අන්තිම හරියෙදි...</font>

514
00:49:04,942 --> 00:49:09,947
<font color="#ffd88f">මට විතරක් හිතුණු දෙයක්ද,
නැත්තම් ඔයාලටත්... මොනවා හරි දැනුණද?</font>

515
00:49:11,740 --> 00:49:13,825
<font color="#ffd88f">තව අත් දෙකක් තිබ්බා වගේ.</font>

516
00:49:16,453 --> 00:49:17,454
<font color="#ffd88f">රිච්.</font>

517
00:49:20,666 --> 00:49:22,209
<font color="#ffd88f">මටත් එයාව දැනුණා.</font>

518
00:49:22,292 --> 00:49:24,127
<font color="#ffd88f">මටත් එයාව දැනුණා.</font>

519
00:49:27,089 --> 00:49:28,173
<font color="#ffd88f">අපි වැඩේ කළා.</font>

520
00:49:29,257 --> 00:49:31,635
<font color="#ffd88f">රොනී! මැණික!</font>

521
00:49:32,427 --> 00:49:33,679
<font color="#ffd88f">-රොනී!
-තාත්තේ!</font>

522
00:49:33,762 --> 00:49:35,180
<font color="#ffd88f">-විල්!
-අම්මේ!</font>

523
00:49:35,847 --> 00:49:36,848
<font color="#ffd88f">විල්!</font>

524
00:49:37,724 --> 00:49:38,809
<font color="#ffd88f">මෙහෙ එන්න මගේ පැටියෝ.</font>

525
00:50:27,816 --> 00:50:28,942
<font color="#ffd88f">හැමෝටම ආයුබෝවන්.</font>

526
00:50:30,902 --> 00:50:34,239
<font color="#ffd88f">මම රිච්ව අඳුරගෙන මාසයක් විතර ඇති.</font>

527
00:50:35,782 --> 00:50:36,992
<font color="#ffd88f">මම දන්නවා ඔයාලා හිතන දේ.</font>

528
00:50:38,201 --> 00:50:40,537
<font color="#ffd88f">මාසයක් ඇතුළත කොහොමද
කෙනෙක්ව හොඳට අඳුරගන්නේ කියලා.</font>

529
00:50:42,080 --> 00:50:43,540
<font color="#ffd88f">හොඳ යාළුවෝ නෙවෙයි නම්,</font>

530
00:50:43,623 --> 00:50:45,917
<font color="#ffd88f">ඇයි එයාගේ අවමංගල්‍යයේ කතා කරන්නේ කියලා.</font>

531
00:50:47,169 --> 00:50:48,587
<font color="#ffd88f">ඒත් සමහරවිට</font>

532
00:50:48,628 --> 00:50:53,800
<font color="#ffd88f">හොඳ යාළුවෝ හෝ නරක යාළුවෝ කියලා
දෙයක් නැතුව ඇති.</font>

533
00:50:55,135 --> 00:50:58,221
<font color="#ffd88f">සමහරවිට යාළුවෝ විතරක් ඇති.</font>

534
00:50:59,514 --> 00:51:03,643
<font color="#ffd88f">අපි රිදිලා ඉන්නකොට අපිත් එක්ක ඉන්න,</font>

535
00:51:04,853 --> 00:51:07,814
<font color="#ffd88f">අපිව තනි නොකරන අය.</font>

536
00:51:09,232 --> 00:51:14,029
<font color="#ffd88f">සමහරවිට ඒ වගේ යාළුවෝ වෙනුවෙන්
බය වෙන එක වටිනවා...</font>

537
00:51:15,280 --> 00:51:18,408
<font color="#ffd88f">බලාපොරොත්තු තියාගන්න එකත්, ජීවත් වෙන එකත්.</font>

538
00:51:20,494 --> 00:51:24,998
<font color="#ffd88f">සමහරවිට මැරෙන්න වුණත් වටිනවා...</font>

539
00:51:27,167 --> 00:51:28,627
<font color="#ffd88f">සිද්ධ වෙන්න තියෙන්නේ ඒක නම්.</font>

540
00:51:31,546 --> 00:51:33,215
<font color="#ffd88f">රිච් මට ඒකත් කියලා දුන්නා.</font>

541
00:51:34,883 --> 00:51:36,093
<font color="#ffd88f">හොඳ යාළුවෝ නෑ,</font>

542
00:51:36,635 --> 00:51:38,178
<font color="#ffd88f">නරක යාළුවෝ නෑ.</font>

543
00:51:39,596 --> 00:51:40,889
<font color="#ffd88f">ඉන්නේ මිනිස්සු විතරයි</font>

544
00:51:41,681 --> 00:51:43,141
<font color="#ffd88f">අපි කැමති අය...</font>

545
00:51:45,435 --> 00:51:46,937
<font color="#ffd88f">අපිට ඕන කරන අය.</font>

546
00:51:53,610 --> 00:51:57,030
<font color="#ffd88f">අපේ හිත්වල ගෙවල් හදාගන්න අය.</font>

547
00:52:13,713 --> 00:52:15,382
<font color="#ffd88f">ස්තූතියි ඒ කතාවට.</font>

548
00:52:16,925 --> 00:52:18,260
<font color="#ffd88f">ඒ වගේම රිකාඩෝ සැන්ටොස් වෙනුවෙන්</font>

549
00:52:18,343 --> 00:52:21,054
<font color="#ffd88f">ආපු හැමෝටම ස්තූතියි.</font>

550
00:52:22,180 --> 00:52:23,765
<font color="#ffd88f">ඔබට දෙවි පිහිටයි. සාමයෙන් යන්න.</font>

551
00:53:04,431 --> 00:53:06,558
<font color="#ffd88f">ඔයාගේ කර උඩින් දැනෙන ඒ අත...</font>

552
00:53:10,145 --> 00:53:11,313
<font color="#ffd88f">ඔයාගේ කොල්ලා එතන ඉන්නවා.</font>

553
00:53:14,566 --> 00:53:15,609
<font color="#ffd88f">එයා හැමදාම එතන ඉඳියි.</font>

554
00:53:27,329 --> 00:53:28,455
<font color="#ffd88f">කවුද සර් මේ?</font>

555
00:53:31,917 --> 00:53:33,501
<font color="#ffd88f">මම තාම ඒක ගැන හොයනවා.</font>

556
00:54:06,326 --> 00:54:07,410
<font color="#ffd88f">තාත්තේ.</font>

557
00:54:10,288 --> 00:54:12,415
<font color="#ffd88f">සමාවෙන්න, මට ළඟ ඉන්න බැරි වුණාට.</font>

558
00:54:14,668 --> 00:54:16,878
<font color="#ffd88f">මට මොනවා කියන්නද කියලා තේරුණේ නෑ.</font>

559
00:54:20,423 --> 00:54:21,424
<font color="#ffd88f">දැන් මට හොඳයි.</font>

560
00:54:23,218 --> 00:54:24,970
<font color="#ffd88f">ගොඩක් දේවල් සිද්ධ වුණා.</font>

561
00:54:26,471 --> 00:54:28,098
<font color="#ffd88f">ඒත් හොඳම දේ තමයි...</font>

562
00:54:30,600 --> 00:54:32,185
<font color="#ffd88f">මට අලුත් යාළුවෝ ටිකක් හම්බුණා.</font>

563
00:54:49,202 --> 00:54:51,121
<font color="#ffd88f">මෙතන උඩට හරිම සාමකාමී පාටයි.</font>

564
00:54:52,122 --> 00:54:55,875
<font color="#ffd88f">හරියට... මුකුත් වුණේ නෑ වගේ.</font>

565
00:54:58,169 --> 00:54:59,212
<font color="#ffd88f">ඔව්.</font>

566
00:55:02,841 --> 00:55:03,842
<font color="#ffd88f">ලිල්...</font>

567
00:55:06,636 --> 00:55:08,013
<font color="#ffd88f">ඒක මාත් එක්ක කතා කළා...</font>

568
00:55:09,764 --> 00:55:10,765
<font color="#ffd88f">අර විකටයා,</font>

569
00:55:11,599 --> 00:55:13,393
<font color="#ffd88f">අපි මීදුම අස්සේ තනි වෙලා ඉද්දි.</font>

570
00:55:14,561 --> 00:55:15,729
<font color="#ffd88f">ඔයා මොකක්ද මේ කියන්නේ?</font>

571
00:55:18,982 --> 00:55:21,568
<font color="#ffd88f">එයා කිව්වා මට පුතෙක් ලැබෙන්න ඉන්නවා කියලා.</font>

572
00:55:23,028 --> 00:55:24,571
<font color="#ffd88f">ඊටපස්සේ එයයි එයාගේ යාළුවොයි එකතු වෙලා...</font>

573
00:55:26,114 --> 00:55:28,491
<font color="#ffd88f">අනාගතයේදී එයාව මරනවාලු.</font>

574
00:55:30,535 --> 00:55:31,745
<font color="#ffd88f">මොකක්?</font>

575
00:55:32,329 --> 00:55:34,497
<font color="#ffd88f">ඒකයි එයාට මාව මරන්න ඕන වුණේ.</font>

576
00:55:35,623 --> 00:55:37,417
<font color="#ffd88f">එයා කිව්වේ, එයාට,</font>

577
00:55:37,500 --> 00:55:40,462
<font color="#ffd88f">අතීතය, වර්තමානය, අනාගතය
කියන ඔක්කොම එකයි කියලා.</font>

578
00:55:41,129 --> 00:55:44,174
<font color="#ffd88f">එයාගේ මරණය කියන්නේ ඇත්තටම එයාගේ උපතලු.</font>

579
00:55:44,841 --> 00:55:47,093
<font color="#ffd88f">එයා ඕවා කියන්න ඇත්තේ ඔයාව බය කරන්න වෙන්න ඇති.</font>

580
00:55:47,594 --> 00:55:48,720
<font color="#ffd88f">ඒත් එහෙම නෙවෙයි නම්?</font>

581
00:55:50,972 --> 00:55:53,141
<font color="#ffd88f">එයාට කාලය පේන්නේ වෙනස් විදියට නම්?</font>

582
00:55:55,101 --> 00:55:56,895
<font color="#ffd88f">එයාට ආපස්සට යන්න පුළුවන් නම්?</font>

583
00:55:58,980 --> 00:56:00,857
<font color="#ffd88f">ඒ කියන්නේ අතීතයටද?</font>

584
00:56:02,025 --> 00:56:05,320
<font color="#ffd88f">මම දන්නවා මේක පිස්සුවක් වගේ කියලා,
ඒත් එයා ආපස්සට ගිහින්</font>

585
00:56:05,403 --> 00:56:07,739
<font color="#ffd88f">අපි ඉපදෙන්නත් කලින් හිටපු කෙනෙක්ව
මරන්න හැදුවොත්?</font>

586
00:56:08,448 --> 00:56:09,657
<font color="#ffd88f">අපේ දෙමාපියන් වගේ?</font>

587
00:56:12,285 --> 00:56:13,286
<font color="#ffd88f">මං හිතන්නේ...</font>

588
00:56:16,539 --> 00:56:18,333
<font color="#ffd88f">එතකොට ඒක වෙන කෙනෙක්ගේ සටනක් වෙයි.</font>

589
00:56:21,419 --> 00:56:22,629
<font color="#ffd88f">මටත් හිතෙන්නේ එහෙමයි.</font>

590
00:56:32,931 --> 00:56:37,018
<font color="#ffd88f">විල්! මම වෙලාව බලන් ඉන්නේ.
ඔයා විනාඩි පහයි කිව්වේ!</font>

591
00:56:37,102 --> 00:56:38,395
<font color="#ffd88f">මම එනවා අම්මේ.</font>

592
00:56:42,524 --> 00:56:43,525
<font color="#ffd88f">ස්තූතියි මගේ පැටියෝ.</font>

593
00:56:58,706 --> 00:56:59,749
<font color="#ffd88f">මේජර්.</font>

594
00:57:03,878 --> 00:57:06,172
<font color="#ffd88f">මම මේ සමුගන්න කියලා යන්න ආවේ.</font>

595
00:57:07,424 --> 00:57:08,591
<font color="#ffd88f">කොහොමද ඉතින්?</font>

596
00:57:09,092 --> 00:57:11,344
<font color="#ffd88f">ඇඟපත ඔක්කොම රිදෙනවා.</font>

597
00:57:11,428 --> 00:57:12,846
<font color="#ffd88f">හැබැයි අර මුල මොකක් වුණත්...</font>

598
00:57:12,929 --> 00:57:14,347
<font color="#ffd88f">අම්මෝ!</font>

599
00:57:14,889 --> 00:57:17,183
<font color="#ffd88f">ඒකෙන් අර සද්ද ටික හොඳටම නැති වෙලා ගියා.</font>

600
00:57:17,976 --> 00:57:19,144
<font color="#ffd88f">ආයේ කවදාවත් එන එකක් නෑ.</font>

601
00:57:21,271 --> 00:57:22,856
<font color="#ffd88f">-අද රෑ යනවද?
-ඔව්.</font>

602
00:57:23,606 --> 00:57:26,943
<font color="#ffd88f">බොස්ටන් වලට බස් එකේ ගිහින්,
උදේම ලන්ඩන් වලට ප්ලේන් එකේ යනවා.</font>

603
00:57:27,026 --> 00:57:29,863
<font color="#ffd88f">එහේ මගේ පරණ යාළුවෙක් ඉන්නවා
හොටෙල් එකක් කරන,</font>

604
00:57:29,946 --> 00:57:31,990
<font color="#ffd88f">එයාගේ රෙස්ටොරන්ට් එකේ උයන්න
මට චාන්ස් එකක් දෙනවා කිව්වා.</font>

605
00:57:32,073 --> 00:57:33,575
<font color="#ffd88f">ෂා, නියමයිනේ.</font>

606
00:57:34,742 --> 00:57:37,287
<font color="#ffd88f">මේ අහන්න, එහේ ගිහින්
මොකක් හරි කරදරයක් වුණොත්,</font>

607
00:57:37,996 --> 00:57:39,122
<font color="#ffd88f">ඔයා දන්නවනේ කාටද කතා කරන්න ඕනේ කියලා.</font>

608
00:57:40,206 --> 00:57:41,708
<font color="#ffd88f">මම ඔයාට ණය ගැතියි.</font>

609
00:57:41,791 --> 00:57:43,376
<font color="#ffd88f">මට කරගන්න පුළුවන් වෙයි.</font>

610
00:57:44,169 --> 00:57:46,212
<font color="#ffd88f">අනික හොටෙල් එකක මොන කරදර වෙන්නද?</font>

611
00:58:06,941 --> 00:58:08,526
<font color="#ffd88f">අපි කතා කරමු නේද?</font>

612
00:58:09,360 --> 00:58:11,237
<font color="#ffd88f">මට විල් ගැනයි චාර් ගැනයි විස්තර දැනගන්න ඕනේ.</font>

613
00:58:12,739 --> 00:58:13,740
<font color="#ffd88f">මම හිතුවේ ඔයාට ගාණක් නෑ කියලා.</font>

614
00:58:16,701 --> 00:58:17,911
<font color="#ffd88f">කාටවත් කියන්න එපා ඉතින්.</font>

615
00:58:24,751 --> 00:58:28,046
<font color="#ffd88f">මිස් නැටලි වුඩ්ව පිටිපස්සේ සීට් එකෙන්
තියන්න වෙයි මිස් ග්‍රෝගන් එක්ක.</font>

616
00:58:28,129 --> 00:58:29,714
<font color="#ffd88f">ගොඩක් දුර යන්න තියෙනවනේ.</font>

617
00:58:30,507 --> 00:58:31,716
<font color="#ffd88f">ඒක ඇත්ත.</font>

618
00:58:32,509 --> 00:58:35,887
<font color="#ffd88f">-ඕක අන්තිම එකද? හරි.
-හරි.</font>

619
00:58:36,846 --> 00:58:39,849
<font color="#ffd88f">ශාන්ත ස්ටීවන් පහු කරනකොට
කාවද බලන්න ඕනේ කියලා දන්නවනේ.</font>

620
00:58:40,642 --> 00:58:42,602
<font color="#ffd88f">රෝසාගේ යාළුවෝ වැඩේ ලේසි කරයි.</font>

621
00:58:44,020 --> 00:58:45,063
<font color="#ffd88f">ස්තූතියි.</font>

622
00:58:47,524 --> 00:58:48,525
<font color="#ffd88f">හැම දේටම.</font>

623
00:58:49,150 --> 00:58:51,277
<font color="#ffd88f">අනිවාර්යෙන්ම.</font>

624
00:58:54,447 --> 00:58:55,490
<font color="#ffd88f">මෙන්න.</font>

625
00:58:55,573 --> 00:58:57,116
<font color="#ffd88f">-ස්තූතියි.
-ඔබව සාදරයෙන් පිළිගන්නවා.</font>

626
00:58:58,368 --> 00:59:00,495
<font color="#ffd88f">ගෞරවනීය විදියට සේවයෙන් අයින් වුණා නේද?</font>

627
00:59:02,121 --> 00:59:04,249
<font color="#ffd88f">කට වහගෙන හිටපු නිසා යන්න දුන්නා.</font>

628
00:59:05,083 --> 00:59:06,292
<font color="#ffd88f">ඔව්.</font>

629
00:59:06,376 --> 00:59:08,378
<font color="#ffd88f">හමුදාව තමයි මගේ ජීවිතේ වුණේ,</font>

630
00:59:08,461 --> 00:59:10,630
<font color="#ffd88f">ඒත් මටයි මගේ පවුලටයි වෙච්ච දේත් එක්ක,</font>

631
00:59:12,173 --> 00:59:13,299
<font color="#ffd88f">මට දැන් ඒක ගැන විශ්වාසයක් නෑ.</font>

632
00:59:14,968 --> 00:59:17,470
<font color="#ffd88f">ඒක නිසාමයි ඔයාට පුළුවන්
ඒ අය ගැන ඇහැ ගහගෙන ඉන්න.</font>

633
00:59:19,973 --> 00:59:22,392
<font color="#ffd88f">-මොකක්ද කිව්වේ?
-ඔයයි චාලටුයි.</font>

634
00:59:26,771 --> 00:59:29,482
<font color="#ffd88f">මම කැමතියි ඔයාලා දෙන්නම
අපිත් එක්ක එකතු වෙනවට.</font>

635
00:59:31,317 --> 00:59:33,820
<font color="#ffd88f">ඔයාගේ පරණ යාළුවෝ හරි
වෙන කවුරු හරි හරි,</font>

636
00:59:33,903 --> 00:59:36,072
<font color="#ffd88f">ආයෙත් අර කූඩුව අරින්න හදනවද කියලා බලන්න.</font>

637
00:59:38,533 --> 00:59:40,118
<font color="#ffd88f">තව අය එයි.</font>

638
00:59:41,786 --> 00:59:43,746
<font color="#ffd88f">මේක කතාවේ අවසානය නෙවෙයි.</font>

639
00:59:46,040 --> 00:59:49,502
<font color="#ffd88f">මම තීරණය කළා ෆාම් එකයි ගෙදරයි විකුණන්න.</font>

640
00:59:49,586 --> 00:59:50,628
<font color="#ffd88f">ඒක...</font>

641
00:59:52,338 --> 00:59:54,507
<font color="#ffd88f">ටැනියෙල් නැතුව ඒක දරාගන්න බෑ, තේරෙනවනේ?</font>

642
00:59:56,217 --> 00:59:58,136
<font color="#ffd88f">මම දන්නවා මේක ලොකු ඉල්ලීමක්,</font>

643
00:59:58,928 --> 01:00:02,265
<font color="#ffd88f">ඒත් ඔයාලා දෙන්නට පුළුවන්
මෙහෙට ලොකු සේවයක් කරන්න.</font>

644
01:00:03,182 --> 01:00:06,561
<font color="#ffd88f">අනික, අර යකා ආයේ ඇහැරෙන්න අවුරුදු 27ක් යයි.</font>

645
01:00:10,356 --> 01:00:14,277
<font color="#ffd88f">රෝස්, මේක අපිට ගෞරවයක්, ඒත්...</font>

646
01:00:15,194 --> 01:00:18,072
<font color="#ffd88f">මම හිතන්නේ මටයි මගේ පවුලටයි
ඩෙරී නගරය එපා වෙලා තියෙන්නේ.</font>

647
01:00:20,116 --> 01:00:21,117
<font color="#ffd88f">නේද?</font>

648
01:00:21,909 --> 01:00:22,910
<font color="#ffd88f">ඔව්.</font>

649
01:00:23,620 --> 01:00:26,205
<font color="#ffd88f">මට තේරෙනවා. ඇත්තටම.</font>

650
01:00:30,960 --> 01:00:34,339
<font color="#ffd88f">මම හිතුවේ ඔයා අර ගඳ බොම්බේ ගැහුවා කියලා,</font>

651
01:00:34,422 --> 01:00:36,174
<font color="#ffd88f">මොකද ඒකේ මහා ජරා ගඳක් ආවේ.</font>

652
01:00:36,257 --> 01:00:38,509
<font color="#ffd88f">මම කිව්වනේ, ඒ තරු දූවිලි කියලා.</font>

653
01:00:45,183 --> 01:00:46,851
<font color="#ffd88f">ඔයා දන්නවනේ ඩෙරී ගැන කියන කතාව.</font>

654
01:00:48,936 --> 01:00:50,188
<font color="#ffd88f">මෙහෙන් ගියාම, ඔක්කොම අමතක වෙනවා.</font>

655
01:00:52,857 --> 01:00:53,941
<font color="#ffd88f">ඒක හොඳයි නේද?</font>

656
01:00:56,152 --> 01:00:57,987
<font color="#ffd88f">ඔයාට ඕනෙත් ඒකද?</font>

657
01:01:00,073 --> 01:01:01,532
<font color="#ffd88f">අමතක කරන්න ද?</font>

658
01:01:02,700 --> 01:01:03,701
<font color="#ffd88f">නෑ.</font>

659
01:01:04,619 --> 01:01:06,996
<font color="#ffd88f">මේ අවුරුද්දේ සමහර කොටස්
අමතක වුණාට මට කමක් නෑ.</font>

660
01:01:08,206 --> 01:01:09,874
<font color="#ffd88f">හැබැයි ඔයා හිටිය කොටස නෙවෙයි, ඇත්තෙන්ම.</font>

661
01:01:12,126 --> 01:01:15,380
<font color="#ffd88f">දන්නවද, දේවල් සිද්ධ වෙන්නේ එහෙම නම්...
ඒක එහෙම තමයි.</font>

662
01:01:16,756 --> 01:01:20,301
<font color="#ffd88f">ඉතින් සමහරවිට යම් විදියකින්, ඒක යම්කිසි...</font>

663
01:01:43,991 --> 01:01:45,159
<font color="#ffd88f">මම ඒක මතක තියාගන්නම්.</font>

664
01:01:48,705 --> 01:01:49,789
<font color="#ffd88f">ළමයි.</font>

665
01:01:56,421 --> 01:01:57,422
<font color="#ffd88f">හරි.</font>

666
01:01:59,257 --> 01:02:00,383
<font color="#ffd88f">යමු.</font>

667
01:02:05,179 --> 01:02:07,014
<font color="#ffd88f">චාර්. මොකද අවුල?</font>

668
01:02:11,269 --> 01:02:12,478
<font color="#ffd88f">මම මේ නිකන්...</font>

669
01:02:12,562 --> 01:02:14,605
<font color="#ffd88f">මම රෝස්ගේ යෝජනාව ගැන කල්පනා කරනවා.</font>

670
01:02:16,983 --> 01:02:18,151
<font color="#ffd88f">ඇත්තටම ද?</font>

671
01:02:21,028 --> 01:02:24,157
<font color="#ffd88f">මම කියන්නේ, අපි මේ අමාරුවේ වැටුණෙත්
ඕක නිසාමනේ මුලින්ම.</font>

672
01:02:24,240 --> 01:02:26,784
<font color="#ffd88f">මම කිව්වේ, ඔයා ඔයාගේ සටන් වලට ගියාම...
මම මගේ ඒවාට ගියාම.</font>

673
01:02:27,326 --> 01:02:29,871
<font color="#ffd88f">මම හිතුවේ අපි ඒවා ඉවර කරා කියලා.
ආයේ මෝඩ වැඩ ඕනේ නෑ.</font>

674
01:02:29,954 --> 01:02:30,997
<font color="#ffd88f">ඔව්.</font>

675
01:02:32,373 --> 01:02:35,877
<font color="#ffd88f">හැබැයි සමහරවිට ඊළඟ මෝඩ මෙහෙයුම
අපි එකට කරන්න ඕන ඇති.</font>

676
01:02:46,554 --> 01:02:47,555
<font color="#ffd88f">විල්.</font>

677
01:02:48,723 --> 01:02:50,600
<font color="#ffd88f">අපි මෙහේ නැවතුණොත් ඔයාට මොකද හිතෙන්නේ?</font>

678
01:02:53,811 --> 01:02:54,896
<font color="#ffd88f">මට පෑනක් ඕනේ.</font>

679
01:02:59,525 --> 01:03:00,693
<font color="#ffd88f">ඊටත් වඩා වැදගත්ම දේ...</font>

680
01:03:01,986 --> 01:03:03,237
<font color="#ffd88f">ඔයා මට අර බැටළුවෝ ටික බලාගන්න උදව් කරනවද?</font>

681
01:03:03,321 --> 01:03:05,031
<font color="#ffd88f">අපෝ, මම නම් බැටළුවෝ එක්ක ගනුදෙනු නෑ.</font>

682
01:03:05,740 --> 01:03:08,075
<font color="#ffd88f">මට බැටළුවෝ අල්ලන්න ඕන නෑ.
ඔයා හැදුනේ ගොවිපළකනේ.</font>

683
01:03:08,159 --> 01:03:09,368
<font color="#ffd88f">ඔයා දන්නවනේ කරන්න ඕන දේ.</font>

684
01:03:09,911 --> 01:03:12,079
<font color="#ffd88f">-අපි මෙහේ පදිංචි වෙන්න ඉඩ තියෙනවා.
-මට පාඩුවේ ඉන්න දෙන්න, මිස්ටර් හෑන්ලන්.</font>

685
01:03:16,751 --> 01:03:17,835
<font color="#ffd88f">ආදරණීය රොනී...</font>

686
01:03:18,503 --> 01:03:20,087
<font color="#ffd88f">අපි ගියාම, අපිට අමතක වෙනවා, නේද?</font>

687
01:03:21,088 --> 01:03:24,634
<font color="#ffd88f">හැබැයි, මම මෙහේ නවතිනවා.
ඉතින් මට අමතක කරන්න වෙන එකක් නෑ.</font>

688
01:03:25,885 --> 01:03:28,095
<font color="#ffd88f">අනික මම ඔයාට දිගටම ලිව්වොත්,</font>

689
01:03:28,930 --> 01:03:30,223
<font color="#ffd88f">ඔයාටත් අමතක කරන්න වෙන එකක් නෑ.</font>

690
01:04:14,016 --> 01:04:16,185
<font color="#ffd88f">බේරගන්න! මාව බේරගන්න, අනේ!</font>

691
01:04:16,269 --> 01:04:18,688
<font color="#ffd88f">උදව් කරන්න! මම මේ කොහෙද ඉන්නේ?</font>

692
01:04:18,771 --> 01:04:20,273
<font color="#ffd88f">අර... අර වෘකයෝ!</font>

693
01:04:20,356 --> 01:04:21,691
<font color="#ffd88f">මම කොහෙද මේ? වෘකයෝ.</font>

694
01:04:21,774 --> 01:04:24,193
<font color="#ffd88f">එයාලා මං දිහා බලනවා.
එයාලා මං දිහාම බලාගෙන ඉන්නවා.</font>

695
01:04:24,277 --> 01:04:26,279
<font color="#ffd88f">එයාලට ඉඩ දෙන්න එපා...
එයාලට මං දිහා බලන්න දෙන්න එපා, අනේ!</font>

696
01:04:26,362 --> 01:04:27,488
<font color="#ffd88f">-මිසිස් කර්ෂ්, සන්සුන් වෙන්න.
-අනේ!</font>

697
01:04:27,572 --> 01:04:29,031
<font color="#ffd88f">මාව ගණන් නොගෙන ඉන්න එපා!</font>

698
01:04:29,115 --> 01:04:30,324
<font color="#ffd88f">මම කියන දේ අහන්න!</font>

699
01:04:30,408 --> 01:04:32,660
<font color="#ffd88f">එයාලා මගේ තාත්තව මැරුවා.
මම දන්නවා එයාලා මගේ තාත්තව මැරුවා කියලා.</font>

700
01:04:32,743 --> 01:04:34,996
<font color="#ffd88f">මම ලේන්සුව දැක්කා. අනේ!</font>

701
01:04:35,621 --> 01:04:36,622
<font color="#ffd88f">අනේ!</font>

702
01:04:40,376 --> 01:04:41,377
<font color="#ffd88f">මගේ තාත්තා...</font>

703
01:04:42,545 --> 01:04:43,921
<font color="#ffd88f">සිංදු කියන්න ආසයි.</font>

704
01:04:49,719 --> 01:04:51,053
<font color="#ffd88f">ස්තූතියි, මහත්තයා.</font>

705
01:05:47,777 --> 01:05:51,906
<font color="#ffd88f">එයාට උදව් කරන්න! කවුරුහරි එයාට උදව් කරන්න!</font>

706
01:05:59,914 --> 01:06:00,915
<font color="#ffd88f">එපා!</font>

707
01:06:08,965 --> 01:06:10,466
<font color="#ffd88f">ඔව්. නම?</font>

708
01:06:10,549 --> 01:06:13,052
<font color="#ffd88f">එල්ෆ්‍රීඩා මාර්ෂ්.
මේ සැරේ නම් එයා ඇත්තටම මැරිලා.</font>

709
01:06:39,745 --> 01:06:41,288
<font color="#ffd88f">අයියෝ.</font>

710
01:06:42,373 --> 01:06:43,916
<font color="#ffd88f">දුක් වෙන්න එපා.</font>

711
01:06:45,376 --> 01:06:48,087
<font color="#ffd88f">ඔයා දන්නවනේ ඩෙරී ගැන කියන කතාව.</font>

712
01:06:49,213 --> 01:06:53,634
<font color="#ffd88f">මෙහේ මැරෙන කවුරුවත්,
කවදාවත් ඇත්තටම මැරෙන්නේ නෑ.</font>

713
01:06:53,658 --> 01:06:55,658
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

