1
00:00:30,925 --> 00:00:32,925
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:32,949 --> 00:00:35,994
<font color="#db9809"><b>ප්‍රෝ බොනෝ (Pro Bono)</b></font>

3
00:00:41,958 --> 00:00:43,376
<font color="#ffbf46">කන්ග් මහත්තයා.</font>

4
00:00:43,460 --> 00:00:46,087
<font color="#ffbf46">අධිකරණය මෙය ඔබේ වරද
පිළිගැනීමක් ලෙස සලකනවා,</font>

5
00:00:46,171 --> 00:00:48,840
<font color="#ffbf46">ඒ වගේම ඔබ පෞද්ගලික තරහක් නිසා
නඩු විභාගයට බලපෑම් කරලා තියෙනවා.</font>

6
00:00:48,923 --> 00:00:50,467
<font color="#ffbf46">ස්වාමීනි... නෑ.</font>

7
00:00:54,095 --> 00:00:55,096
<font color="#ffbf46">හරියටම කියනවා නම්,</font>

8
00:00:56,598 --> 00:00:59,309
<font color="#ffbf46">විත්තිකරු සාක්ෂි දුන්නේ එයාට දැනුණ විදිහ ගැන විතරයි,</font>

9
00:00:59,392 --> 00:01:01,352
<font color="#ffbf46">මේ නඩුව භාරගන්නකොට. ස්වාමීනි.</font>

10
00:01:04,481 --> 00:01:05,690
<font color="#ffbf46">පාර්ක් මෙනවිය.</font>

11
00:01:05,774 --> 00:01:10,236
<font color="#ffbf46">ඔයා කවුරු වෙනුවෙන්ද පෙනී ඉන්නේ?
පැමිණිල්ල වෙනුවෙන්ද නැත්නම් විත්තිකරු වෙනුවෙන්ද?</font>

12
00:01:10,320 --> 00:01:12,697
<font color="#ffbf46">මම පෙනී ඉන්නේ පැමිණිල්ල වෙනුවෙන්,
ස්වාමීනි.</font>

13
00:01:12,781 --> 00:01:14,240
<font color="#ffbf46">ඒත් මට ඕනෙ...</font>

14
00:01:15,700 --> 00:01:19,704
<font color="#ffbf46">අපරාධය ඔප්පු කරන්න
පියවරෙන් පියවර යන්නයි.</font>

15
00:01:21,122 --> 00:01:22,874
<font color="#ffbf46">මම කරගෙන යන්නද, ස්වාමීනි?</font>

16
00:01:27,712 --> 00:01:28,838
<font color="#ffbf46">පටන් ගන්න.</font>

17
00:01:34,177 --> 00:01:35,178
<font color="#ffbf46">කන්ග් මහත්තයා,</font>

18
00:01:35,804 --> 00:01:37,555
<font color="#ffbf46">ඔයා දැන් පිළිගත්තා</font>

19
00:01:38,556 --> 00:01:41,684
<font color="#ffbf46">ඔයා යූ බෙක්-මාන්ගෙන් පළිගන්න
බලාපොරොත්තුවෙන් හිටියා කියලා.</font>

20
00:01:42,894 --> 00:01:43,895
<font color="#ffbf46">ඔව්, මම පිළිගන්නවා.</font>

21
00:01:43,978 --> 00:01:45,313
<font color="#ffbf46">ඒ පළිගැනීමේ ආශාව...</font>

22
00:01:45,396 --> 00:01:48,191
<font color="#ffbf46">ඔබේ නඩු විභාගයට බලපෑවද?</font>

23
00:01:56,950 --> 00:01:57,784
<font color="#ffbf46">කන්ග් මහත්තයා?</font>

24
00:01:59,536 --> 00:02:00,537
<font color="#ffbf46">ප්‍රශ්නයට උත්තර දෙන්න.</font>

25
00:02:07,544 --> 00:02:08,837
<font color="#ffbf46">ඇත්තටම, මම දන්නේ නෑ.</font>

26
00:02:17,053 --> 00:02:18,221
<font color="#ffbf46">අධිකරණය නිශ්ශබ්ද වන්න.</font>

27
00:02:19,013 --> 00:02:22,225
<font color="#ffbf46">කන්ග් මහත්තයා, කරුණාකරලා ප්‍රශ්නයට
හරියට උත්තර දෙන්න.</font>

28
00:02:24,227 --> 00:02:25,687
<font color="#ffbf46">ගොඩක් කාලයක් තිස්සේ,</font>

29
00:02:27,522 --> 00:02:29,524
<font color="#ffbf46">මම ඒ ගැන ආයෙ ආයෙත් කල්පනා කළා.</font>

30
00:02:29,607 --> 00:02:34,112
<font color="#ffbf46">මගේ පළිගැනීමේ ආශාව
නඩු විභාගයට බලපෑවද කියලා.</font>

31
00:02:36,197 --> 00:02:37,824
<font color="#ffbf46">මම හිතාගෙන හිටියේ නෑ කියලා,</font>

32
00:02:39,492 --> 00:02:40,785
<font color="#ffbf46">ඒත් ඒක ඇත්තක්ද?</font>

33
00:02:41,661 --> 00:02:44,998
<font color="#ffbf46">කෙනෙක්ට පුළුවන්ද තමන්ගේ හැඟීම් පැත්තක තියලා
මධ්‍යස්ථව ඉන්න?</font>

34
00:02:46,416 --> 00:02:50,795
<font color="#ffbf46">අන්න ඒ නිසයි විනිසුරුවරුන්ට
නඩුවකින් ඉවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ,</font>

35
00:02:51,462 --> 00:02:54,173
<font color="#ffbf46">අසාධාරණ නඩු විභාගයක් වෙයි කියලා
සැකයක් තියෙනවා නම්.</font>

36
00:02:56,885 --> 00:02:58,052
<font color="#ffbf46">ඒත් මම එහෙම කළේ නෑ.</font>

37
00:02:59,929 --> 00:03:01,472
<font color="#ffbf46">ඒක රාජකාරිය පැහැර හැරීමක්.</font>

38
00:03:05,059 --> 00:03:06,519
<font color="#ffbf46">මම ඒකට වැරදිකාරයෙක්.</font>

39
00:03:07,478 --> 00:03:10,231
<font color="#ffbf46">නමුත් ඔබට විරුද්ධව තියෙන චෝදනාව ඒක නෙවෙයි.</font>

40
00:03:11,441 --> 00:03:13,943
<font color="#ffbf46">නඩු විභාගයට බලපෑම් කරන්න
බලය අයුතු ලෙස පාවිච්චි කිරීමයි චෝදනාව.</font>

41
00:03:14,652 --> 00:03:17,780
<font color="#ffbf46">කන්ග් මහත්තයා, මම ආයෙත් අහන්නම්.</font>

42
00:03:19,198 --> 00:03:20,867
<font color="#ffbf46">ඔබ නඩු විභාගය වෙනස් කළාද?</font>

43
00:03:42,597 --> 00:03:43,598
<font color="#ffbf46">නෑ.</font>

44
00:03:52,023 --> 00:03:53,524
<font color="#ffbf46">ඔයා දැන් කිව්වා</font>

45
00:03:53,608 --> 00:03:55,985
<font color="#ffbf46">ඔයාට යූ බෙක්-මාන්ගෙන්
පළිගන්න ඕන වුණා කියලා.</font>

46
00:03:56,611 --> 00:04:00,156
<font color="#ffbf46">ඒ වගේම මේ නඩුව ඔයාට ලැබුණම
ඔයා හිතුවා ඒක දෙවියන්ගේ කැමැත්ත කියලා.</font>

47
00:04:01,532 --> 00:04:04,535
<font color="#ffbf46">ඒත් ඔයා කියන්නේ ඔයා නඩු විභාගයට
බලපෑම් කළේ නෑ කියලද?</font>

48
00:04:08,915 --> 00:04:12,877
<font color="#ffbf46">ඔයා අහන්නේ මම මනසින් කරපු වරද ගැන නම්...
ඔව්, මම වැරදිකාරයෙක්.</font>

49
00:04:12,961 --> 00:04:17,632
<font color="#ffbf46">නඩුව පටන්ගද්දි, මම ඕනම දෙයක්
කරන්න ලෑස්ති වෙලයි හිටියේ.</font>

50
00:04:17,715 --> 00:04:20,593
<font color="#ffbf46">මම ලෑස්ති වෙලා හිටියේ මගේ බලය පාවිච්චි කරලා
කොහොම හරි මගේ පළිගැනීම කරන්නයි.</font>

51
00:04:20,677 --> 00:04:21,719
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

52
00:04:23,513 --> 00:04:25,515
<font color="#ffbf46">මාව නවත්තපු කෙනෙක් හිටියා.</font>

53
00:04:27,267 --> 00:04:30,436
<font color="#ffbf46">එහෙනම්, අපි විවාදයන් අවසන් කරනවා.</font>

54
00:04:30,520 --> 00:04:33,815
<font color="#ffbf46">තීන්දුව ප්‍රකාශ කරන්නේ මැයි 23 වෙනිදා
උදේ 10:00 ට...</font>

55
00:04:40,029 --> 00:04:41,030
<font color="#ffbf46">ඒ තමයි...</font>

56
00:04:46,119 --> 00:04:47,662
<font color="#ffbf46">පැමිණිලිකරුගේ අම්මා.</font>

57
00:04:47,745 --> 00:04:49,664
<font color="#ffbf46">කට වහගනින්, කාලකන්නියා...</font>

58
00:04:49,747 --> 00:04:51,332
<font color="#ffbf46">ආරක්ෂක නිලධාරීන්!</font>

59
00:04:52,417 --> 00:04:53,668
<font color="#ffbf46">සන්සුන් වෙන්න.</font>

60
00:04:55,420 --> 00:04:59,549
<font color="#ffbf46">නඩු විභාගය මේ අධිකරණයේදීම
උදේ 10:00 ට පැවැත්වෙනවා.</font>

61
00:05:00,675 --> 00:05:02,802
<font color="#ffbf46">සියලු දෙනා නැගිටින්න.</font>

62
00:05:04,220 --> 00:05:05,805
<font color="#ffbf46">ස්වාමීනි.</font>

63
00:05:06,389 --> 00:05:08,725
<font color="#ffbf46">අනේ මගේ මහත්තයාව බේරලා දෙන්න.</font>

64
00:05:11,477 --> 00:05:14,897
<font color="#ffbf46">මම වැඳලා ඉල්ලන්නම්. අනේ එයාව බේරලා දෙන්න.</font>

65
00:05:17,525 --> 00:05:18,401
<font color="#ffbf46">අනේ පින් සිද්ධ වෙයි.</font>

66
00:05:23,072 --> 00:05:24,824
<font color="#ffbf46">ඒ වෙලාවේ මට තේරුණා.</font>

67
00:05:27,702 --> 00:05:32,040
<font color="#ffbf46">එයා වැඩියෙන්ම බය වෙලා හිටපු බලපුළුවන්කාරයා
මම කියලා.</font>

68
00:05:32,665 --> 00:05:36,836
<font color="#ffbf46">මම තේරුම් ගත්තා මමත් දැන්
මම අකමැති වුණ, පිළිකුල් කරපු මිනිස්සු වගේමයි කියලා.</font>

69
00:05:37,795 --> 00:05:39,380
<font color="#ffbf46">මම එතනින් නතර වුණේ නැත්නම්,</font>

70
00:05:40,173 --> 00:05:45,303
<font color="#ffbf46">මම විඳවපු විදිහටම
මමත් අනිත් අයව විඳවන්න ඉඩ හරිනවා.</font>

71
00:05:45,970 --> 00:05:47,263
<font color="#ffbf46">ඉතින්, මම...</font>

72
00:05:47,972 --> 00:05:50,391
<font color="#ffbf46">තමුන්... සන්සුන් වෙන්න, යූ මහත්තයා!</font>

73
00:05:50,475 --> 00:05:52,310
<font color="#ffbf46">අතාරිනවා! එයාව උසාවියෙන් එළියට අරන් යන්න.</font>

74
00:05:52,393 --> 00:05:55,063
<font color="#ffbf46">මාව අතාරිනවා!</font>

75
00:05:55,146 --> 00:05:56,689
<font color="#ffbf46">තමුන්ට මාව රවට්ටන්න බෑ!</font>

76
00:05:56,773 --> 00:06:00,026
<font color="#ffbf46">ඉඳපන්! මෙහෙ වරෙන්!</font>

77
00:06:01,736 --> 00:06:03,529
<font color="#ffbf46">හරි, අධිකරණය නිශ්ශබ්ද වන්න.</font>

78
00:06:04,447 --> 00:06:07,158
<font color="#ffbf46">අපි මේ නඩු විභාගය දිගටම කරගෙන යනවා,</font>

79
00:06:07,241 --> 00:06:10,036
<font color="#ffbf46">ඊළඟ දිනේ පස්සේ දැනුම් දෙන්නම්.</font>

80
00:06:22,423 --> 00:06:23,758
<font color="#ff7f21"><b>11 වන කොටස</b></font>

81
00:06:23,841 --> 00:06:26,094
<font color="#ffbf46">ඔයා මේ මොකද කරන්නේ?</font>

82
00:06:27,762 --> 00:06:30,223
<font color="#ffbf46">අපි පෙනී ඉන්නේ කන්ග් දා-විත් වෙනුවෙන්ද?
එයා වරද පිළිගන්න ඔන්න මෙන්න හිටියේ,</font>

83
00:06:30,306 --> 00:06:33,476
<font color="#ffbf46">ඒත් ඔයා එයාට විකාර නිදහසට කාරණයක්
කියන්න ඉඩ දුන්නා!</font>

84
00:06:33,559 --> 00:06:35,728
<font color="#ffbf46">ඔයාට හිතුණේ ඒක විකාරයක් කියලාද?</font>

85
00:06:35,812 --> 00:06:38,564
<font color="#ffbf46">- මොකක්? පළවෙනි වතාවට,</font>

86
00:06:39,232 --> 00:06:42,360
<font color="#ffbf46">මට හිතුණේ මම කන්ග් දා-විත්ගේ
ඇත්ත ස්වරූපය දැක්කා කියලා.</font>

87
00:06:44,695 --> 00:06:46,405
<font color="#ffbf46">ඒක මාව ටිකක් පුදුම කළා.</font>

88
00:06:48,366 --> 00:06:51,077
<font color="#ffbf46">මට තේරුණා එයාටත්
අවංක වෙන්න පුළුවන්කම තියෙනවා කියලා.</font>

89
00:06:53,579 --> 00:06:55,706
<font color="#ffbf46">මාව නවත්තපු කෙනෙක් හිටියා.</font>

90
00:06:55,790 --> 00:06:59,085
<font color="#ffbf46">ඒ පැමිණිලිකරුගේ අම්මා.</font>

91
00:06:59,794 --> 00:07:02,839
<font color="#ffbf46">"මාව නැවැත්තුවා..."</font>

92
00:07:04,715 --> 00:07:06,467
<font color="#ffbf46">ඔයාට මොකද හිතෙන්නේ, ජැන්ග් මහත්තයා?</font>

93
00:07:06,551 --> 00:07:09,595
<font color="#ffbf46">මට දැනුණේ පාපොච්චාරණයක් වගේ. පාපොච්චාරණයක්?</font>

94
00:07:10,346 --> 00:07:13,850
<font color="#ffbf46">මට හිතුණේ එයා ගොඩක් කල් හිතේ හිර කරගෙන හිටපු</font>

95
00:07:14,809 --> 00:07:17,645
<font color="#ffbf46">ලොකු බරක් නිදහස් කරනවා වගේ.</font>

96
00:07:25,278 --> 00:07:26,279
<font color="#ffbf46">ඔයාට පිස්සුද?</font>

97
00:07:27,280 --> 00:07:29,407
<font color="#ffbf46">"ඔව්, ඒ මගේ පළිගැනීමේ ආශාව"?</font>

98
00:07:29,490 --> 00:07:31,200
<font color="#ffbf46">මම ඔයාගේ නීතිඥයා, දා-විත්.</font>

99
00:07:31,284 --> 00:07:33,661
<font color="#ffbf46">නීතිඥයා එක්ක කතා කරන්නේ නැතුව
ඔයා මේ මොනවද කරන්නේ?</font>

100
00:07:35,246 --> 00:07:36,247
<font color="#ffbf46">ජන්ග්-ඉන්.</font>

101
00:07:38,791 --> 00:07:42,253
<font color="#ffbf46">නඩුවක් කියන්නේ ගේම් එකක් කියලා
ඔයා අනිත් අයට වඩා හොඳට දන්නවනේ.</font>

102
00:07:42,336 --> 00:07:45,756
<font color="#ffbf46">ඒකෙන් දිනන්නේ මොළේ තියෙන අය.
ඒත් ඔයා ඇයි මෝඩයෙක් වගේ හැසිරෙන්නේ?</font>

103
00:07:46,340 --> 00:07:48,885
<font color="#ffbf46">මොකද, පළිගන්න හිතුණ එක ගැන
ඔයාට දුකක් තියෙනවද?</font>

104
00:07:49,469 --> 00:07:52,972
<font color="#ffbf46">නැත්නම් ඔයා ඇත්තටම නරක දෙයක් කළාද?</font>

105
00:07:56,684 --> 00:07:57,852
<font color="#ffbf46">නෑ.</font>

106
00:07:58,769 --> 00:08:01,230
<font color="#ffbf46">ඔයා කළාද නැද්ද කියන එක
වැදගත් නෑ.</font>

107
00:08:02,857 --> 00:08:04,275
<font color="#ffbf46">ආයෙ අවදානම් වැඩ කරන්න එපා.</font>

108
00:08:06,777 --> 00:08:08,738
<font color="#ffbf46">මෝඩයෙක් වගේ හැසිරෙන එක නවත්තන්න.</font>

109
00:08:10,156 --> 00:08:14,535
<font color="#ffbf46">"කිසිම කෙනෙක්ට තමන්ගේම නඩුවේ
විනිසුරුවරයා වෙන්න බෑ."</font>

110
00:08:16,787 --> 00:08:17,955
<font color="#ffbf46">මිනිස්සු කියන්නේ එහෙමයි.</font>

111
00:08:19,499 --> 00:08:20,374
<font color="#ffbf46">මොකක්?</font>

112
00:08:24,795 --> 00:08:25,796
<font color="#ffbf46">මොකුත් නෑ.</font>

113
00:08:29,008 --> 00:08:30,218
<font color="#ffbf46">ජී දොං-චොල්</font>

114
00:08:32,345 --> 00:08:33,346
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

115
00:08:39,018 --> 00:08:41,562
<font color="#ffbf46">ආ, කියන්න. ඔයා කලින් කිව්වා වගේම,</font>

116
00:08:41,646 --> 00:08:43,564
<font color="#ffbf46">විනිසුරු ෂින් බය වෙලා ඉක්මනට ක්‍රියාත්මක වුණා.</font>

117
00:08:43,648 --> 00:08:45,816
<font color="#ffbf46">ඉතින්? එයා හම්බුණේ කාවද?</font>

118
00:08:45,900 --> 00:08:47,527
<font color="#ffbf46">එයා හම්බුණේ...</font>

119
00:09:04,085 --> 00:09:05,294
<font color="#ffbf46">ඔයා අයින් වෙනවා?</font>

120
00:09:05,836 --> 00:09:06,754
<font color="#ffbf46">ඔව්.</font>

121
00:09:07,338 --> 00:09:08,881
<font color="#ffbf46">මොකක්ද හේතුව?</font>

122
00:09:09,715 --> 00:09:12,843
<font color="#ffbf46">මම ඔයාගේ තාත්තාගේ නඩුවේ
ඇත්ත හොයාගන්න පුළුවන් උපරිමය කරනවා.</font>

123
00:09:13,761 --> 00:09:15,012
<font color="#ffbf46">ඉතින් ඇයි මේ?</font>

124
00:09:15,096 --> 00:09:19,559
<font color="#ffbf46">ඒ ඇත්ත ඔයා බලාපොරොත්තු වුණ දෙයක්
නොවුණොත් ඔයා මොකද කරන්නේ?</font>

125
00:09:22,436 --> 00:09:27,024
<font color="#ffbf46">නීතිඥයෙක් වැඩ කරන්න ඕනෙ
තමන්ගේ සේවාදායකයාගේ වාසියටනේ.</font>

126
00:09:28,150 --> 00:09:29,360
<font color="#ffbf46">මම දන්නවා.</font>

127
00:09:30,778 --> 00:09:34,240
<font color="#ffbf46">ඔයා කියන්නේ ඔයාට වැඩ කරන්න ඕනෙ ඇත්ත වෙනුවෙන් මිසක්,
මගේ වාසියට නෙවෙයි කියලා.</font>

128
00:09:34,323 --> 00:09:35,575
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

129
00:09:35,658 --> 00:09:36,909
<font color="#ffbf46">ඔයාට ඕන නම්,</font>

130
00:09:36,993 --> 00:09:38,369
<font color="#ffbf46">අපිට එයාගේ චෝදනාව</font>

131
00:09:38,953 --> 00:09:41,289
<font color="#ffbf46">රාජකාරිය පැහැර හැරීමකට මාරු කරන්න පුළුවන්,
එයා ඒක පිළිගත්තානේ.</font>

132
00:09:43,749 --> 00:09:45,376
<font color="#ffbf46">නඩුවෙන් අයින් වුණේ නැති එකටද?</font>

133
00:09:46,002 --> 00:09:49,088
<font color="#ffbf46">ඔයා මට කියන්නේ
නිකන්ම ඒකට කැමති වෙන්න කියලද?</font>

134
00:09:50,673 --> 00:09:51,882
<font color="#ffbf46">අවුරුදු දහයක්.</font>

135
00:09:53,634 --> 00:09:56,887
<font color="#ffbf46">අවුරුදු දහයක් තිස්සේ, මම හීන දැක්කේ
කන්ග් දා-විත්ගෙන් පළිගන්න විදිහ ගැන.</font>

136
00:09:58,931 --> 00:09:59,932
<font color="#ffbf46">යූ මහත්තයා.</font>

137
00:10:00,600 --> 00:10:02,268
<font color="#ffbf46">මටත් ඕනෙ ඇත්ත දැනගන්න.</font>

138
00:10:02,351 --> 00:10:07,189
<font color="#ffbf46">ඒ රැවටිලිකාරයා දාගෙන ඉන්න වෙස් මූණ ගලවන
ඇත්ත මට දැනගන්න ඕනෙ.</font>

139
00:10:11,319 --> 00:10:12,486
<font color="#ffbf46">පාර්ක් මෙනවිය.</font>

140
00:10:13,654 --> 00:10:14,905
<font color="#ffbf46">හොයාගන්න.</font>

141
00:10:15,990 --> 00:10:17,033
<font color="#ffbf46">ඒ මොකක් වුණත්...</font>

142
00:10:20,244 --> 00:10:21,287
<font color="#ffbf46">ඇත්ත හොයාගන්න.</font>

143
00:10:24,540 --> 00:10:25,541
<font color="#ffbf46">ඇයි මම?</font>

144
00:10:30,254 --> 00:10:32,006
<font color="#ffbf46">ඔයා ඇයි මාව තෝරගත්තේ...</font>

145
00:10:34,008 --> 00:10:35,301
<font color="#ffbf46">ඒ ඇත්ත හොයන්න?</font>

146
00:10:37,386 --> 00:10:41,015
<font color="#ffbf46">ඒකෙන් එයාට වැඩියෙන්ම රිදෙන නිසාද?</font>

147
00:11:05,539 --> 00:11:06,540
<font color="#ffbf46">ඉතින්?</font>

148
00:11:07,667 --> 00:11:10,961
<font color="#ffbf46">ඔයාට ඕන මුල ඉඳන් පටන් ගන්නද? ඔව්.</font>

149
00:11:15,925 --> 00:11:19,512
<font color="#ffbf46">අපිට තිබුණේ යූ ජේ-බොම් වෙනුවෙන්
නඩුවක් දාන්න විතරයි</font>

150
00:11:19,595 --> 00:11:21,931
<font color="#ffbf46">පහුගිය අවුරුදු දහය තිස්සේ
එයා එකතු කරපු සාක්ෂි පාවිච්චි කරලා.</font>

151
00:11:22,765 --> 00:11:26,685
<font color="#ffbf46">එයා කිව්වා එයාටත් ඕනෙ ඇත්ත දැනගන්න කියලා.</font>

152
00:11:30,564 --> 00:11:31,690
<font color="#ffbf46">ඇත්ත... බම්බුව තමා.</font>

153
00:11:34,527 --> 00:11:36,445
<font color="#ffbf46">ඔයාලා ඔක්කොම කන්ග් දා-විත්ගේ පැත්ත ගන්නවා.</font>

154
00:11:36,529 --> 00:11:37,905
<font color="#ffbf46">අපි එයාගේ නීතිඥයොද?</font>

155
00:11:37,988 --> 00:11:41,158
<font color="#ffbf46">මට දැන් තේරෙනවා.
අපි එකට ටික කාලයක් වැඩ කරපු නිසා,</font>

156
00:11:41,242 --> 00:11:42,660
<font color="#ffbf46">ඔයා උත්සාහ කරන්නේ එයාට පක්ෂපාතී වෙන්නද?</font>

157
00:11:42,743 --> 00:11:45,079
<font color="#ffbf46">ජුන්-වූ. කියන්න! මොකක්ද?</font>

158
00:11:48,707 --> 00:11:51,752
<font color="#ffbf46">ඔයාට කේන්ති යන්නේ නැද්ද?</font>

159
00:11:51,836 --> 00:11:53,629
<font color="#ffbf46">යොන්ග්-සිල්, මම...</font>

160
00:11:54,547 --> 00:11:55,756
<font color="#ffbf46">මම ඇත්තටම එයාට කැමතියි.</font>

161
00:11:57,007 --> 00:11:58,509
<font color="#ffbf46">මට ඕන වුණේ එයා වගේ වෙන්න.</font>

162
00:11:58,592 --> 00:12:00,886
<font color="#ffbf46">මම එයා කරන හැම දේම විශ්වාස කළා, පිළිගත්තා.</font>

163
00:12:00,970 --> 00:12:01,971
<font color="#ffbf46">එලයිජාගේ නඩුව?</font>

164
00:12:02,054 --> 00:12:05,224
<font color="#ffbf46">මම ඒකට විරුද්ධ වුණා, ඒත් අන්තිමට
මම කැමති වුණේ ඒක එයාගේ තීරණය නිසා!</font>

165
00:12:05,307 --> 00:12:06,517
<font color="#ffbf46">ජුන්-වූ.</font>

166
00:12:06,600 --> 00:12:08,102
<font color="#ffbf46">ඒත් මේ මොකක්ද?</font>

167
00:12:09,186 --> 00:12:10,354
<font color="#ffbf46">පළිගැනීමේ ආශාවක්?</font>

168
00:12:10,938 --> 00:12:11,981
<font color="#ffbf46">වෙනස් කරපු නඩුවක්?</font>

169
00:12:13,149 --> 00:12:14,900
<font color="#ffbf46">එයා අපිව මෝඩයෝ කළා.</font>

170
00:12:15,901 --> 00:12:17,778
<font color="#ffbf46">විනිසුරුවරයෙක් එහෙම කරන්න හොඳ නෑ!</font>

171
00:12:17,862 --> 00:12:19,738
<font color="#ffbf46">නීතිඥයෙක් මේ වගේ වැඩ කරන්නත් හොඳ නෑ!</font>

172
00:12:21,866 --> 00:12:23,617
<font color="#ffbf46">ඇයි ඔයා කලබල වෙලා තීරණ ගන්නේ?</font>

173
00:12:24,285 --> 00:12:27,496
<font color="#ffbf46">පළිගන්න හිතුණා කියලා පිළිගත්තම අදහස් වෙන්නේ
නඩු විභාගය වෙනස් කළා කියන එකද?</font>

174
00:12:27,580 --> 00:12:28,706
<font color="#ffbf46">නෑ, එහෙම නෙවෙයි.</font>

175
00:12:30,207 --> 00:12:32,418
<font color="#ffbf46">ඕනම කෙනෙක්ට හිතන්න නිදහස තියෙනවා.</font>

176
00:12:33,544 --> 00:12:36,839
<font color="#ffbf46">හිතින් කරන වැරදි
උසාවියේදී අපරාධයක් වෙන්නේ නෑ.</font>

177
00:12:36,922 --> 00:12:40,509
<font color="#ffbf46">අපේ රාජකාරිය වෙන්නේ එයා අපරාධයක් කරන්න
ක්‍රියාත්මක වුණාද කියලා හොයන එක නේද?</font>

178
00:12:44,805 --> 00:12:45,723
<font color="#ffbf46">එයා හරි.</font>

179
00:12:52,062 --> 00:12:53,522
<font color="#ffbf46">එයා හරි, ජුන්-වූ.</font>

180
00:13:05,201 --> 00:13:06,202
<font color="#ffbf46">හරි.</font>

181
00:13:08,370 --> 00:13:10,080
<font color="#ffbf46">ඔයාට මොනවද ආයෙ හොයන්න ඕනෙ?</font>

182
00:13:13,667 --> 00:13:14,668
<font color="#ffbf46">කෙනෙක්ව.</font>

183
00:13:15,836 --> 00:13:17,004
<font color="#ffbf46">කෙනෙක්ව?</font>

184
00:13:18,464 --> 00:13:20,299
<font color="#ffbf46">මේ නඩුවේ වැදගත්ම පුද්ගලයා</font>

185
00:13:21,091 --> 00:13:22,551
<font color="#ffbf46">අපි තාම හම්බවෙලා නැති කෙනා.</font>

186
00:13:30,309 --> 00:13:32,061
<font color="#ffbf46">මින්-සොක් ගැන මතක් වෙන හැම වෙලාවෙම,</font>

187
00:13:32,686 --> 00:13:36,106
<font color="#ffbf46">මගේ පපුව තාම පිච්චෙනවා.</font>

188
00:13:38,609 --> 00:13:42,905
<font color="#ffbf46">නිකමට හිතන්න ඒ ගිනි ගොඩ අස්සේ
කොච්චර රස්නයක් තියෙන්න ඇද්ද කියලා.</font>

189
00:13:47,618 --> 00:13:51,372
<font color="#ffbf46">එයාගේ අත් කකුල් කැඩිලා තිබුණේ.</font>

190
00:13:51,997 --> 00:13:54,667
<font color="#ffbf46">එළියට එන්න එයා කොච්චර දඟලන්න ඇද්ද.</font>

191
00:13:59,171 --> 00:14:00,965
<font color="#ffbf46">මම කොච්චර පව්කාරද</font>

192
00:14:02,174 --> 00:14:05,219
<font color="#ffbf46">මගේ දරුවා මැරිලත් තවම ජීවත් වෙන එක ගැන?</font>

193
00:14:16,522 --> 00:14:19,567
<font color="#ffbf46">මට ආරංචි වුණා ඔයා ඒ නඩුවේ
විනිසුරුවරයාට විරුද්ධව නඩු දැම්මා කියලා.</font>

194
00:14:20,234 --> 00:14:23,862
<font color="#ffbf46">එපා, එහෙම කරන්න එපා.
ඔයාට දේව දඬුවම් ලැබෙයි.</font>

195
00:14:24,488 --> 00:14:27,992
<font color="#ffbf46">පොලිසිය, නීතිඥයෝ හැමෝම යූ කියන දේ අහද්දි,</font>

196
00:14:28,075 --> 00:14:31,287
<font color="#ffbf46">මම කියන දේ අහපු එකම කෙනා එයා.</font>

197
00:14:31,871 --> 00:14:35,291
<font color="#ffbf46">එයා මින්-සොක්ගේ නූඩ්ල්ස් කප් එකේ
පොටෝ එකත් විශ්වාස කළා.</font>

198
00:14:35,374 --> 00:14:36,333
<font color="#ffbf46">මොකක්?</font>

199
00:14:37,251 --> 00:14:39,003
<font color="#ffbf46">ඒ පොටෝ එක ඇත්තක්ද එහෙනම්?</font>

200
00:14:39,086 --> 00:14:40,170
<font color="#ffbf46">ඔව්.</font>

201
00:14:40,254 --> 00:14:43,966
<font color="#ffbf46">මින්-සොක් කිව්වා එයා රෑ වෙනකන් වැඩ කියලා,
නූඩ්ල්ස් කප් එකත් දාගත්තා.</font>

202
00:14:44,049 --> 00:14:46,760
<font color="#ffbf46">මම මුල ඉඳලම ඕක එයාලට කිව්වා,</font>

203
00:14:46,844 --> 00:14:48,888
<font color="#ffbf46">ඒත් කිසිම ලියවිල්ලක ඒක ලියවිලා තිබුණේ නෑ.</font>

204
00:14:49,638 --> 00:14:52,141
<font color="#ffbf46">අම්මපා, ඔය කාලකන්නි.</font>

205
00:14:52,975 --> 00:14:54,518
<font color="#ffbf46">එක්කෝ උන් ගණන් ගත්තේ නෑ,</font>

206
00:14:54,602 --> 00:14:56,645
<font color="#ffbf46">නැත්නම් යූ උන්ට ජරාව දෙන්න ඇති.</font>

207
00:14:59,690 --> 00:15:01,066
<font color="#ffbf46">මම දැනගත්තා.</font>

208
00:15:02,860 --> 00:15:08,198
<font color="#ffbf46">අම්මේ, මින්-සොක් ෆැක්ටරියේ වැඩ කරනකොට
එයාට පඩි හරියට ගෙව්වද?</font>

209
00:15:08,824 --> 00:15:09,909
<font color="#ffbf46">පඩි?</font>

210
00:15:09,992 --> 00:15:11,619
<font color="#ffbf46">යූ, ඌ මහ ජරා මිනිහෙක්.</font>

211
00:15:11,702 --> 00:15:14,580
<font color="#ffbf46">ඌ සල්ලි ඉතුරු කරන්න ටෙක් එකේ ළමයි ගත්තේ.</font>

212
00:15:14,663 --> 00:15:16,206
<font color="#ffbf46">පුහුණුවක් දෙනවා කියලා</font>

213
00:15:16,290 --> 00:15:18,542
<font color="#ffbf46">එයා දුන්නේ සොච්චම් මුදලයි.</font>

214
00:15:18,626 --> 00:15:21,003
<font color="#ffbf46">ඇත්තටම? මට නම් හිතාගන්නත් බෑ.</font>

215
00:15:22,171 --> 00:15:23,422
<font color="#ffbf46">එක දවසක්,</font>

216
00:15:23,505 --> 00:15:28,177
<font color="#ffbf46">මින්-සොක් ඉතුරු වුණ කොළ වගයක්
ගෙදර ගෙනාවම,</font>

217
00:15:28,260 --> 00:15:30,304
<font color="#ffbf46">එයා හොරකම් කළා කියලා චෝදනා කරලා</font>

218
00:15:32,014 --> 00:15:34,141
<font color="#ffbf46">ඒකට යකා නැටුවා.</font>

219
00:15:34,725 --> 00:15:37,394
<font color="#ffbf46">නැති වුණ හැම දේකටම
එයා මින්-සොක් පිට වරද පැටෙව්වා,</font>

220
00:15:38,187 --> 00:15:39,813
<font color="#ffbf46">ඊටපස්සේ ඒ වෙනුවට වැඩ කරන්න කිව්වා.</font>

221
00:15:41,482 --> 00:15:43,901
<font color="#ffbf46">ඉතින් එයා වැඩ කළේ නිකන්.</font>

222
00:15:44,902 --> 00:15:47,821
<font color="#ffbf46">නිකන්ද? දෙයියනේ, මූ නම් මහ හොරෙක්නේ.</font>

223
00:15:51,033 --> 00:15:54,078
<font color="#ffbf46">කොළ... ඒ කියන්නේ...</font>

224
00:15:55,245 --> 00:15:56,246
<font color="#ffbf46">ගි-ප්පම්.</font>

225
00:15:57,081 --> 00:15:57,915
<font color="#ffbf46">ඔව්.</font>

226
00:15:58,791 --> 00:15:59,792
<font color="#ffbf46">ඒක හරි.</font>

227
00:16:13,639 --> 00:16:15,474
<font color="#ffbf46">පිච්චුණ නූඩ්ල්ස් කප් එකෙන් පේන
වැඩ කරන තත්ත්වය</font>

228
00:16:15,557 --> 00:16:17,309
<font color="#ffbf46">ඒ ඔක්කොම ඇත්ත.</font>

229
00:16:17,935 --> 00:16:18,978
<font color="#ffbf46">නූඩ්ල්ස් කප් එක.</font>

230
00:16:19,561 --> 00:16:20,854
<font color="#ffbf46">ආරක්ෂක පරීක්ෂණ කරන තැන.</font>

231
00:16:20,938 --> 00:16:23,899
<font color="#ffbf46">ඔව්. අඩුම තරමේ, කන්ග් මහත්තයා
විස්තර වෙනස් කරලා නෑ.</font>

232
00:16:25,442 --> 00:16:27,027
<font color="#ffbf46">කොහොමත් ඒක මාධ්‍යයට විතරයිනේ.</font>

233
00:16:27,111 --> 00:16:29,738
<font color="#ffbf46">නූඩ්ල්ස් කප් එකයි ආරක්ෂක පරීක්ෂණ තැනයි
ගින්නට සම්බන්ධ වෙන්නේ</font>

234
00:16:29,822 --> 00:16:31,281
<font color="#ffbf46">කොහොමද?</font>

235
00:16:31,365 --> 00:16:35,202
<font color="#ffbf46">විනිසුරුවරයෙක් විත්තිකරුවෙක්ගේ සදාචාරයට
දිගින් දිගටම පහර ගහනකොට,</font>

236
00:16:35,285 --> 00:16:39,039
<font color="#ffbf46">ජනතාව අතර වැරදි මතයක් ඇති කරන්න,
ඒකත් බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් වෙනවා.</font>

237
00:16:39,665 --> 00:16:41,709
<font color="#ffbf46">එච්චරද තියෙන්නේ? මොකක්?</font>

238
00:16:41,792 --> 00:16:45,087
<font color="#ffbf46">ඒක කන්ග් මහත්තයා සාමාන්‍යයෙන් කරන
මාධ්‍ය මෙහෙයුම් වලට වඩා වෙනස්.</font>

239
00:16:45,713 --> 00:16:47,423
<font color="#ffbf46">ඒක නිකන් සම්බන්ධයක් නැති දෙයක් වගේ.</font>

240
00:16:48,132 --> 00:16:50,259
<font color="#ffbf46">එයා දිගින් දිගටම ප්‍රශ්න
වගයක් අහගෙන ගියා</font>

241
00:16:50,342 --> 00:16:52,803
<font color="#ffbf46">කිසිම සම්බන්ධයක් නෑ වගේ පෙනුණ.</font>

242
00:16:52,886 --> 00:16:55,597
<font color="#ffbf46">විත්තිකරු හැමදාම
ෆැක්ටරිය වටේ ගියා,</font>

243
00:16:55,681 --> 00:16:58,350
<font color="#ffbf46">බඩු මුට්ටුයි ඉන්වෙන්ට්‍රියයි
ඔක්කොම පරීක්ෂා කළා. හරිද?</font>

244
00:16:58,434 --> 00:17:01,603
<font color="#ffbf46">ඔව්, ස්වාමීනි. එයා කිව්වා බඩු
නිතරම නැති වෙනවා කියලා,</font>

245
00:17:01,687 --> 00:17:05,315
<font color="#ffbf46">ඒ නිසා එයා දොරවල් ගාව
ආරක්ෂක පරීක්ෂණ තැනකුත් දැම්මා.</font>

246
00:17:05,399 --> 00:17:06,817
<font color="#ffbf46">ඔව්, ස්වාමීනි.</font>

247
00:17:07,484 --> 00:17:11,447
<font color="#ffbf46">විත්තිකරු හැම කොළ කෑල්ලක් ගැනම හොයලා
වියදම් අඩු කරන්න ඔයාට බල කළා.</font>

248
00:17:12,031 --> 00:17:14,783
<font color="#ffbf46">හරියට පහසුකම් තිබුණා නම්,
මේ අනතුර වලක්වගන්න තිබුණේ නැද්ද?</font>

249
00:17:14,867 --> 00:17:16,076
<font color="#ffbf46">ස්වාමීනි!</font>

250
00:17:16,660 --> 00:17:17,703
<font color="#ffbf46">ඒක ඇත්ත නෙවෙයි.</font>

251
00:17:17,786 --> 00:17:22,583
<font color="#ffbf46">ඒක වලක්වන්න බැරි දෙයක්. ගිනි ආරක්ෂණ වාර්තාවේ
එහෙම කියලා තියෙනවා නේද?</font>

252
00:17:22,666 --> 00:17:24,376
<font color="#ffbf46">මම ආයෙත් අහන්නම්, සාක්ෂිකරු.</font>

253
00:17:25,335 --> 00:17:27,463
<font color="#ffbf46">ඇත්තටම විත්තිකරු ඔයාට කරන්න කියලා
උපදෙස් දීපු</font>

254
00:17:29,006 --> 00:17:30,591
<font color="#ffbf46">කිසිම දෙයක් තිබුණේ නැද්ද?</font>

255
00:17:30,674 --> 00:17:33,719
<font color="#ffbf46">ඒක පැහැදිලිවම එයාගේ
පළිගැනීමේ ආශාව නිසා වුණ දෙයක්.</font>

256
00:17:33,802 --> 00:17:34,803
<font color="#ffbf46">නෑ.</font>

257
00:17:36,096 --> 00:17:37,389
<font color="#ffbf46">ජෑන්ග් මහත්තයා කියන දේ හරි.</font>

258
00:17:38,098 --> 00:17:40,350
<font color="#ffbf46">අපි කවුරුත් කැන්ග් මහත්තයව හොඳට දන්නවනේ.</font>

259
00:17:40,434 --> 00:17:42,728
<font color="#ffbf46">එයාට ඕන වුණේ පලිය ගන්න
කාව හරි උගුලකට අහුකරගන්න නම්,</font>

260
00:17:42,811 --> 00:17:46,190
<font color="#ffbf46">එයා එකම ප්‍රශ්නේ ආයේ ආයේ අහ අහ
වද දෙන්නේ නෑනේ.</font>

261
00:17:46,273 --> 00:17:48,484
<font color="#ffbf46">ඔව්. ඒ වෙනුවට මට නම් හිතෙන්නේ...</font>

262
00:17:49,735 --> 00:17:51,695
<font color="#ffbf46">මට තේරෙන්නෙ නෑ. අසරණකමද?</font>

263
00:17:53,697 --> 00:17:54,823
<font color="#ffbf46">ඔව්, අසරණකම.</font>

264
00:17:56,033 --> 00:18:00,370
<font color="#ffbf46">එයාට මොකක් හරි දෙයක් ගැන
ඇත්තම දැනගන්න ලොකු උවමනාවක් තිබුණා...</font>

265
00:18:01,371 --> 00:18:02,456
<font color="#ffbf46">ඒ මොකක් වෙන්න ඇත්ද?</font>

266
00:18:03,624 --> 00:18:05,125
<font color="#ffbf46">ලේඛන වගයක්.</font>

267
00:18:06,085 --> 00:18:07,753
<font color="#ffbf46">ආරක්ෂක පරීක්ෂා කරන තැන.</font>

268
00:18:07,836 --> 00:18:09,463
<font color="#ffbf46">හදිසි අවස්ථාවක පිටවෙන පහසුකම්.</font>

269
00:18:11,590 --> 00:18:12,758
<font color="#ffbf46">නන්-හී. ඇයි?</font>

270
00:18:12,841 --> 00:18:15,302
<font color="#ffbf46">අපිට ෆැක්ටරියේ ප්ලෑන් එකක් තියෙනවද? මොකක්?</font>

271
00:18:15,928 --> 00:18:18,097
<font color="#ffbf46">මම හිතන්නේ මම කොපියක් ගත්තා
හදිස්සියකට ඕන වෙයි කියලා.</font>

272
00:18:18,180 --> 00:18:19,848
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. යොන්ග්-සිල්.</font>

273
00:18:21,975 --> 00:18:24,812
<font color="#ffbf46">ඔයා ඇත්තටම මේක දිගටම
කරන්නද යන්නේ? මොකක් කරන්නද?</font>

274
00:18:24,895 --> 00:18:28,524
<font color="#ffbf46">අපේ වැඩේ තමයි කැන්ග් ඩ-විට්ගේ නඩුව
වෙනස් කරපු හැටි ගැන ඇත්ත හොයාගන්න එක.</font>

275
00:18:28,607 --> 00:18:30,609
<font color="#ffbf46">අපි එයාට කඩේ යනවා නෙවෙයිනේ.</font>

276
00:18:30,692 --> 00:18:34,613
<font color="#ffbf46">යූ ජේ-බොම්ටත් ඕන ඇත්ත දැනගන්න.
ඇත්ත දැනගන්න එක මහජනතාවටත් වැදගත්නේ.</font>

277
00:18:37,157 --> 00:18:39,368
<font color="#ffbf46">මේ තියෙන්නේ මුළු ෆැක්ටරියෙම ප්ලෑන් එක.</font>

278
00:18:39,451 --> 00:18:43,497
<font color="#ffbf46">මේ තමයි අනතුර වුණු තැන.
මේ තියෙන්නේ ඒ හරිය ලොකුවට පෙන්නලා.</font>

279
00:18:44,957 --> 00:18:47,417
<font color="#ffbf46">අන්න. මේක තමයි එළියට යන්න තියෙන තැන, නේද?</font>

280
00:18:48,252 --> 00:18:50,254
<font color="#ffbf46">ඔව්. එතන විතරයි තිබුණේ.</font>

281
00:18:53,841 --> 00:18:54,675
<font color="#ffbf46">ඔව්, බේ මහත්තයා?</font>

282
00:18:54,758 --> 00:18:56,552
<font color="#ffbf46">ඔයා අන්තිම තර්කය ගැන තීරණයක් ගත්තද?</font>

283
00:18:57,219 --> 00:18:58,971
<font color="#ffbf46">මොකක්ද මේ ඉදිරිපත් කරන
අලුත් සාක්ෂිය?</font>

284
00:19:00,472 --> 00:19:01,723
<font color="#ffbf46">ඒක තමයි, ඉතින්...</font>

285
00:19:06,645 --> 00:19:09,273
<font color="#ffbf46">මම ඒක ඉක්මනට අරගෙන
සර්ට දැනුම් දෙන්නම්.</font>

286
00:19:09,356 --> 00:19:11,650
<font color="#ffbf46">මට කියන්නේ, ඔයාට ඕක ඊට වඩා
ඉක්මනට කරන්න බැරිද?</font>

287
00:19:11,733 --> 00:19:13,152
<font color="#ffbf46">ඉක්මන් කරනවා, හරිද?</font>

288
00:19:13,235 --> 00:19:14,319
<font color="#ffbf46">හරි සර්.</font>

289
00:19:24,037 --> 00:19:27,374
<font color="#ffbf46">අපරාධ අධිකරණය, තනි විනිසුරු අංශය
සාක්ෂි විමසීම</font>

290
00:19:29,918 --> 00:19:30,919
<font color="#ffbf46">ජුන්-වූ.</font>

291
00:19:33,463 --> 00:19:35,048
<font color="#ffbf46">පරක්කු වෙන එක නවත්තගන්නවා, හරිද?</font>

292
00:19:40,095 --> 00:19:42,973
<font color="#ffbf46">පැමිණිල්ලේ පාර්ශවය, තමන්ගේ ප්‍රශ්න කිරීම්
ඉවරද?</font>

293
00:19:43,056 --> 00:19:45,559
<font color="#ffbf46">ඔව්. තව ප්‍රශ්න නෑ ස්වාමීනි. ස්වාමීනි.</font>

294
00:19:49,021 --> 00:19:50,189
<font color="#ffbf46">මට අවසර නම්,</font>

295
00:19:50,272 --> 00:19:53,066
<font color="#ffbf46">සාක්ෂිකරුගෙන් කරුණු කීපයක් අහන්නද?</font>

296
00:19:54,067 --> 00:19:55,319
<font color="#ffbf46">අහන්න.</font>

297
00:19:56,445 --> 00:19:57,362
<font color="#ffbf46">ස්තූතියි, ස්වාමීනි.</font>

298
00:20:03,035 --> 00:20:04,119
<font color="#ffbf46">මහත්තයා.</font>

299
00:20:04,828 --> 00:20:08,248
<font color="#ffbf46">ගින්න ඇතිවුණු වෙලාවේ ඔයා තමයි
ෆැක්ටරියේ මැනේජර් විදිහට වැඩ කළේ. හරිද?</font>

300
00:20:08,332 --> 00:20:09,583
<font color="#ffbf46">ඔව්, ඒක හරි.</font>

301
00:20:09,666 --> 00:20:11,627
<font color="#ffbf46">අවුරුදු දහයකට කලින් තිබුණු නඩුවේදී,</font>

302
00:20:11,710 --> 00:20:16,673
<font color="#ffbf46">කැන්ග් මහත්තයා එයාගේ බලතල පාවිච්චි කරලා
ඔයාව තුන් පාරක්ම ගෙන්නගෙන</font>

303
00:20:16,757 --> 00:20:18,300
<font color="#ffbf46">හදිසි අවස්ථාවක පිටවෙන පහසුකම් ගැන ඇහුවා.</font>

304
00:20:18,383 --> 00:20:20,844
<font color="#ffbf46">ඒ වගේම යූ මහත්තයා ඔයාට
මොනවා හරි උපදෙස් දුන්නද කියලත් ඇහුවා. හරිද?</font>

305
00:20:21,428 --> 00:20:23,263
<font color="#ffbf46">ඔව්. ඇත්තටම එහෙම මුකුත් උපදෙස් තිබුණේ නැද්ද?</font>

306
00:20:23,889 --> 00:20:25,766
<font color="#ffbf46">මම කලිනුත් කිව්වනේ. එහෙම මුකුත් තිබුණේ නෑ.</font>

307
00:20:25,849 --> 00:20:27,684
<font color="#ffbf46">ඔව්, ඔයා සාක්ෂි දුන්නේ එහෙම තමයි,</font>

308
00:20:28,393 --> 00:20:30,479
<font color="#ffbf46">අන්තිම වෙනකම්ම ඒකම තමයි කිව්වේ.</font>

309
00:20:31,188 --> 00:20:34,858
<font color="#ffbf46">ඔයා පිළිගත්තා යූ බෙක්-මාන් නිතරම
වියදම් අඩු කරන්න කියලා බල කළා කියලා.</font>

310
00:20:34,942 --> 00:20:37,444
<font color="#ffbf46">ඒ නිසා බජට් එක මදි වුණු හින්දා
හදිසි පිටවීමේ පහසුකම්</font>

311
00:20:37,527 --> 00:20:39,238
<font color="#ffbf46">හරියට නඩත්තු කරන්න බැරි වුණා කියලත් කිව්වා.</font>

312
00:20:39,321 --> 00:20:43,158
<font color="#ffbf46">පුංචි, පාඩු ලබන කොම්පැණියක හැබෑ තත්ත්වය එක්ක
ඒක වළක්වන්න බැරි දෙයක් වුණා කියලත් කිව්වා.</font>

313
00:20:43,242 --> 00:20:47,871
<font color="#ffbf46">ඒක ඇරෙන්න, යූ මහත්තයාගෙන් කවදාවත්
විශේෂ උපදෙස් මොකුත් ලැබිලා නෑ.</font>

314
00:20:47,955 --> 00:20:48,789
<font color="#ffbf46">හරිද?</font>

315
00:20:50,582 --> 00:20:52,251
<font color="#ffbf46">ඒක හරි. එතකොට ඔයා සාක්ෂි දුන්නේ</font>

316
00:20:52,334 --> 00:20:54,336
<font color="#ffbf46">මුකුත් හංගන්නේ නැතුවද?</font>

317
00:20:56,338 --> 00:20:57,506
<font color="#ffbf46">මොකක්?</font>

318
00:21:03,387 --> 00:21:05,389
<font color="#ffbf46">ඒ දවස්වල බඩු නිතරම නැති වුණු නිසා,</font>

319
00:21:05,472 --> 00:21:08,850
<font color="#ffbf46">දොරවල් ළඟ සෙකියුරිටි චෙක් කරන තැනක්
හදලා තිබුණා. හරිද?</font>

320
00:21:08,934 --> 00:21:12,145
<font color="#ffbf46">ඔව්, ඒත් ඇයි ඒ ගැන අහන්නේ?</font>

321
00:21:12,229 --> 00:21:14,398
<font color="#ffbf46">හොරකම් කරන එක නවත්තන්න
ඔය වගේ තැනක් හදන්නේ</font>

322
00:21:14,481 --> 00:21:17,401
<font color="#ffbf46">සාමාන්‍යයෙන් පිටවෙන තැනකනේ, නේද?</font>

323
00:21:19,236 --> 00:21:20,070
<font color="#ffbf46">ඔව්.</font>

324
00:21:24,116 --> 00:21:26,576
<font color="#ffbf46">මේ තියෙන්නේ ෆැක්ටරියේ ප්ලෑන් එකද? ඔව්.</font>

325
00:21:27,744 --> 00:21:30,205
<font color="#ffbf46">මේක බැලුවොත් පේනවා,
හදිසි දොරවල් තියෙන්නේ</font>

326
00:21:31,164 --> 00:21:32,332
<font color="#ffbf46">මෙතනයි,</font>

327
00:21:32,416 --> 00:21:33,458
<font color="#ffbf46">මෙතනයි කියලා.</font>

328
00:21:34,459 --> 00:21:37,379
<font color="#ffbf46">මේ මැද හරියම
ගින්නෙන් වැහිලා තිබුණේ.</font>

329
00:21:37,963 --> 00:21:38,797
<font color="#ffbf46">ඉතින් මෙතන,</font>

330
00:21:38,880 --> 00:21:42,968
<font color="#ffbf46">මින්-සොක් වැඩ කළේ අනිත් පැත්තේ නිසා
එයාට එළියට එන්න බැරි වුණා. හරිද?</font>

331
00:21:44,928 --> 00:21:47,597
<font color="#ffbf46">ඔව්. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්.</font>

332
00:21:48,181 --> 00:21:49,308
<font color="#ffbf46">හැබැයි,</font>

333
00:21:50,100 --> 00:21:52,060
<font color="#ffbf46">ඔයා මෙතන හොඳට බැලුවොත්,</font>

334
00:21:52,144 --> 00:21:53,979
<font color="#ffbf46">පොඩි දොරක් තියෙනවා...</font>

335
00:21:55,897 --> 00:21:56,898
<font color="#ffbf46">මෙන්න මෙතන.</font>

336
00:22:00,694 --> 00:22:01,695
<font color="#ffbf46">ඔව්.</font>

337
00:22:03,947 --> 00:22:06,742
<font color="#ffbf46">මේ තියෙන්නේ ගින්න ඇතිවුණු තැන
ඡායාරූප.</font>

338
00:22:06,825 --> 00:22:08,285
<font color="#ffbf46">මේ මොන දොරද?</font>

339
00:22:09,703 --> 00:22:11,079
<font color="#ffbf46">බලන් ගියාම තව දොරක් තිබිලා තියෙනවා.</font>

340
00:22:13,707 --> 00:22:16,043
<font color="#ffbf46">මම අවුරුදු දහයකට කලින් නඩුවේදිත්
මේක කිව්වා,</font>

341
00:22:16,126 --> 00:22:19,087
<font color="#ffbf46">ඒක රෑ ෂිෆ්ට් එකට පාවිච්චි කරපු
පොඩි දොරක්.</font>

342
00:22:19,171 --> 00:22:22,174
<font color="#ffbf46">ඒක ගොඩක් කාලෙකින් පාවිච්චි කරලා තිබුණේ නෑ,
ඒ නිසා මලකඩ කාලා කැඩිලා තිබුණේ.</font>

343
00:22:22,257 --> 00:22:23,759
<font color="#ffbf46">ඒකයි ඒක ඇරගන්න බැරි වුණේ.</font>

344
00:22:23,842 --> 00:22:26,887
<font color="#ffbf46">හරි. ඔයා නඩුව පුරාවටම
කිව්වේ ඕකනේ.</font>

345
00:22:26,970 --> 00:22:29,598
<font color="#ffbf46">ඔයා කලින් කිව්ව විදිහට බජට් මදි හින්දා</font>

346
00:22:29,681 --> 00:22:32,893
<font color="#ffbf46">නඩත්තු කරන්න බැරි වුණු පහසුකම්වලින්
එකක් තමයි ඕක. හරිද?</font>

347
00:22:32,976 --> 00:22:35,479
<font color="#ffbf46">ඔව්, ඒක හරි.</font>

348
00:22:35,562 --> 00:22:38,815
<font color="#ffbf46">ෆැක්ටරිය හැදිලා තිබුණු විදිහට,
මේ හරියේ වැඩ කරපු අයට</font>

349
00:22:38,899 --> 00:22:40,859
<font color="#ffbf46">ගින්නක් වුණාම එළියට යන්න තිබුණේ
මේ දොර විතරයි. හරිද?</font>

350
00:22:41,485 --> 00:22:44,946
<font color="#ffbf46">ගින්න සැර වැඩි වුණු නිසා
එයාලට අනිත් පැත්තට යන්න බැරි වුණා.</font>

351
00:22:46,698 --> 00:22:47,532
<font color="#ffbf46">ඒක හරි.</font>

352
00:22:57,375 --> 00:22:58,418
<font color="#ffbf46">මින්-සොක්</font>

353
00:22:59,628 --> 00:23:01,797
<font color="#ffbf46">ඒ දොර ඇරගන්න ගොඩක් දඟලලා</font>

354
00:23:02,881 --> 00:23:04,800
<font color="#ffbf46">අතපයත් කඩාගෙන තමයි මැරුණේ.
හරිද?</font>

355
00:23:14,559 --> 00:23:15,727
<font color="#ffbf46">ඒයි!</font>

356
00:23:18,105 --> 00:23:19,314
<font color="#ffbf46">ප්‍රශ්නෙට උත්තර දෙන්න.</font>

357
00:23:21,525 --> 00:23:22,526
<font color="#ffbf46">ඔව්.</font>

358
00:23:24,945 --> 00:23:27,489
<font color="#ffbf46">ඔයාට විශ්වාසද ඒක කැඩිලා තිබුණා කියලා? මොකක්?</font>

359
00:23:28,365 --> 00:23:32,452
<font color="#ffbf46">මහත්තයා, ඒ දොර ඇත්තටම කැඩිලාද තිබුණේ?</font>

360
00:23:35,080 --> 00:23:38,125
<font color="#ffbf46">මිස්, ඔයා මේ මොනවා ගැනද කතා කරන්නේ?</font>

361
00:23:38,208 --> 00:23:40,418
<font color="#ffbf46">මම එදා ඇත්ත සිද්ධිය කිව්වනේ.</font>

362
00:23:40,502 --> 00:23:42,170
<font color="#ffbf46">ඔයාගේ දැනගැනීම පිණිසයි කියන්නේ,</font>

363
00:23:42,254 --> 00:23:44,256
<font color="#ffbf46">දැන් අවුරුදු දහයක් ගිහිල්ලා ඉවරයි.</font>

364
00:23:44,339 --> 00:23:47,509
<font color="#ffbf46">නඩුවක් දාන්න තියෙන කාලේ ඉවරයි.
ඒ නිසා ඒකට ඔයාට දඬුවම් කරන්න බෑ.</font>

365
00:23:50,053 --> 00:23:51,304
<font color="#ffbf46">ඔයා මොකක්ද ඔය කියන්නේ?</font>

366
00:23:51,388 --> 00:23:55,267
<font color="#ffbf46">දඬුවම් ලැබෙයි කියලා බයේ
ඔයා ඉස්සර මොනවා හරි හංගාගෙන හිටියා නම්,</font>

367
00:23:55,350 --> 00:23:58,061
<font color="#ffbf46">දැන් ඔයාට ඒක කියන්න පුළුවන් කියන එකයි
ඒකෙන් කියවෙන්නේ.</font>

368
00:23:59,521 --> 00:24:00,689
<font color="#ffbf46">හැබැයි,</font>

369
00:24:01,314 --> 00:24:03,150
<font color="#ffbf46">ඔයා උසාවියේදී බොරු සාක්ෂි දුන්නොත්...</font>

370
00:24:06,236 --> 00:24:08,196
<font color="#ffbf46">ඔයාට ලොකු දඬුවමක් ලැබෙයි.</font>

371
00:24:14,619 --> 00:24:16,830
<font color="#ffbf46">ඔයාට ඇත්තටම කිසිම උපදෙසක් ලැබුණේ නැද්ද?</font>

372
00:24:26,464 --> 00:24:27,799
<font color="#ffbf46">කාලකණ්ණි හොරා!</font>

373
00:24:27,883 --> 00:24:30,093
<font color="#ffbf46">ඒවා කැඩිච්ච බඩු,
අපි ඒවා විසි කරන්න හැදුවේ--</font>

374
00:24:30,177 --> 00:24:31,136
<font color="#ffbf46">විසි කරන්න?</font>

375
00:24:31,219 --> 00:24:33,638
<font color="#ffbf46">මූ වගේ තව එකෙක් හරි
හොරකම් කළොත්,</font>

376
00:24:33,722 --> 00:24:35,390
<font color="#ffbf46">මම ඉස්සෙල්ලාම රස්සාවෙන් අස් කරන්නේ තමුසෙව.</font>

377
00:24:36,266 --> 00:24:38,059
<font color="#ffbf46">මම කිව්වනේ මුකුත් නෑ කියලා.</font>

378
00:24:40,270 --> 00:24:41,646
<font color="#ffbf46">එහෙමද?</font>

379
00:24:42,772 --> 00:24:46,026
<font color="#ffbf46">එදා මැනේජර්ලා ඔක්කොම කතා වෙලා
එකම බොරුව වෙන්න ඇති කියන්න ඇත්තේ.</font>

380
00:24:46,109 --> 00:24:49,613
<font color="#ffbf46">හැබැයි දැන්, එයාලගෙන් ගොඩක් අය අස් වෙලා,
සමහර අයගේ හිත් වෙනස් වෙලත් ඇති.</font>

381
00:24:49,696 --> 00:24:52,741
<font color="#ffbf46">මම ඒ ඔක්කොමලාව මෙතනට ගෙන්නන්නද
සාක්ෂි විමසන්න?</font>

382
00:24:54,993 --> 00:24:56,119
<font color="#ffbf46">මහත්තයා.</font>

383
00:24:56,703 --> 00:24:59,331
<font color="#ffbf46">කවදාහරි ඇත්ත එළියට එනවා.</font>

384
00:24:59,414 --> 00:25:02,500
<font color="#ffbf46">ඔයා මේ වෙනකම් මොනවා හරි
බොරුවක් කියලා තිබුණත්,</font>

385
00:25:02,584 --> 00:25:05,128
<font color="#ffbf46">මේ සාක්ෂි විමසීම ඉවර වෙන්න කලින්
ඇත්ත කිව්වොත්,</font>

386
00:25:05,212 --> 00:25:07,172
<font color="#ffbf46">බොරු සාක්ෂි දීමක් වෙන්නේ නෑ.</font>

387
00:25:10,467 --> 00:25:12,093
<font color="#ffbf46">මම ආයෙත් අහන්නම්.</font>

388
00:25:13,762 --> 00:25:14,888
<font color="#ffbf46">ඔයාට ඇත්තටම...</font>

389
00:25:16,640 --> 00:25:18,391
<font color="#ffbf46">යූ මහත්තයාගෙන් කිසිම උපදෙසක් ලැබුණේ නැද්ද?</font>

390
00:25:24,606 --> 00:25:25,440
<font color="#ffbf46">ඒයි!</font>

391
00:25:28,652 --> 00:25:29,486
<font color="#ffbf46">ඒයි!</font>

392
00:25:29,569 --> 00:25:31,112
<font color="#ffbf46">මම මෙහේ!</font>

393
00:25:42,874 --> 00:25:44,542
<font color="#ffbf46">මම...</font>

394
00:25:45,460 --> 00:25:47,295
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

395
00:25:47,921 --> 00:25:49,130
<font color="#ffbf46">ඒ දොර...</font>

396
00:25:50,131 --> 00:25:51,758
<font color="#ffbf46">ඒ දොර වැහුවේ මම.</font>

397
00:26:01,726 --> 00:26:03,770
<font color="#ffbf46">මම තාම තරුණයිනේ. බය වෙන්න එපා.</font>

398
00:26:05,480 --> 00:26:10,193
<font color="#ffbf46"><i>යූ මහත්තයා මට නිතරම බල කළා ඒක ලොක් කරන්න කියලා.</i></font>

399
00:26:11,111 --> 00:26:14,781
<font color="#ffbf46">එයා කිව්වා පුහුණු වෙන ළමයි ඒ දොරෙන් පැනලා</font>

400
00:26:14,864 --> 00:26:17,534
<font color="#ffbf46">බඩු හොරකම් කරයි කියලා.</font>

401
00:26:20,745 --> 00:26:21,871
<font color="#ffbf46"><i>බලන් ගියාම වෙලා තියෙන්නේ ඒකයි.</i></font>

402
00:26:24,207 --> 00:26:25,208
<font color="#ffbf46"><i>ඒකයි මේ...</i></font>

403
00:26:27,252 --> 00:26:29,713
<font color="#ffbf46">මට සමාවෙන්න. මට ඇත්තටම සමාවෙන්න.</font>

404
00:26:32,215 --> 00:26:33,967
<font color="#ffbf46">මම එයා කියන දේ ඇහුවේ නැත්නම්,</font>

405
00:26:34,050 --> 00:26:35,593
<font color="#ffbf46">එයාලා මාව එවලෙම රස්සාවෙන් අස් කරනවා.</font>

406
00:26:36,428 --> 00:26:37,721
<font color="#ffbf46">මගේ රස්සාව නැති වුණා නම්,</font>

407
00:26:38,263 --> 00:26:40,849
<font color="#ffbf46">මගේ පවුල ජීවත් කරවන්න මට විදිහක් තිබුණේ නෑ.</font>

408
00:26:40,932 --> 00:26:42,684
<font color="#ffbf46">බොරු කියන්න එපා! තාත්තා කවදාවත් එහෙම කරන්නේ නෑ!</font>

409
00:26:42,767 --> 00:26:43,977
<font color="#ffbf46">සන්සුන් වෙන්න යූ මහත්තයා.</font>

410
00:26:45,270 --> 00:26:46,730
<font color="#ffbf46">මට වචනයක් කියන්න දෙන්න.</font>

411
00:26:47,897 --> 00:26:48,898
<font color="#ffbf46">කරුණාකරලා.</font>

412
00:26:52,360 --> 00:26:53,361
<font color="#ffbf46">කැන්ග් ඩ-විට්.</font>

413
00:26:54,571 --> 00:26:56,489
<font color="#ffbf46">මේක කළේ උඹ නේද?</font>

414
00:26:57,073 --> 00:26:57,907
<font color="#ffbf46">ආයෙත්!</font>

415
00:26:58,867 --> 00:27:01,828
<font color="#ffbf46">මේ පාර උඹ මොකක්ද මේ නටපු නාඩගම?</font>

416
00:27:02,787 --> 00:27:04,622
<font color="#ffbf46">කලබල වෙන්න එපා යූ මහත්තයා!</font>

417
00:27:06,166 --> 00:27:08,501
<font color="#ffbf46">ස්වාමීනි, මේක වැරදියි!</font>

418
00:27:09,252 --> 00:27:11,379
<font color="#ffbf46">ස්වාමීනි, මේක වැරදියි!
කරුණාකරලා එයාව එළියට ගන්න.</font>

419
00:27:11,463 --> 00:27:13,381
<font color="#ffbf46">මෙයාව උසාවියෙන් එළියට
එක්කන් යන්න! මේක බොරුවක්!</font>

420
00:27:14,299 --> 00:27:15,425
<font color="#ffbf46">මාව අතාරිනවා!</font>

421
00:27:27,604 --> 00:27:31,232
<font color="#ffbf46">ඇත්ත? එහෙම දෙයක් නෑ.</font>

422
00:27:31,316 --> 00:27:34,069
<font color="#ffbf46">කාට කාටත් තියෙන්නේ තමන්ගේ පැත්තේ කතාව විතරයි.</font>

423
00:27:34,152 --> 00:27:37,530
<font color="#ffbf46">උසාවියේ රණ්ඩු වුණාට පස්සේ
දිනන කෙනාගේ කතාව විතරයි ඉතුරු වෙන්නේ.</font>

424
00:27:37,614 --> 00:27:41,826
<font color="#ffbf46">ලෝකයා පිළිගන්න එකම ඇත්ත ඒකයි.</font>

425
00:27:43,411 --> 00:27:45,205
<font color="#ffbf46">ඔයාට ඇත්ත දැනගන්න ඕනද?</font>

426
00:27:48,583 --> 00:27:49,626
<font color="#ffbf46">එහෙනම් මාව පරද්දන්න.</font>

427
00:27:51,544 --> 00:27:52,545
<font color="#ffbf46">හරි.</font>

428
00:27:55,006 --> 00:27:56,007
<font color="#ffbf46">මම ඔයාව පරද්දනවා.</font>

429
00:28:03,098 --> 00:28:04,891
<font color="#ffbf46">අපි විනාඩි දහයක විවේකයක් ගන්නවා.</font>

430
00:28:08,686 --> 00:28:09,979
<font color="#ffbf46">අවුරුදු 10කට කලින්, සෝල් දකුණු දිස්ත්‍රික් උසාවිය</font>

431
00:28:10,063 --> 00:28:11,981
<font color="#ffbf46">- යූ මහත්තයා. ඔව් ස්වාමීනි?</font>

432
00:28:12,065 --> 00:28:14,442
<font color="#ffbf46">මට අහන්න හිතුණු දෙයක් තියෙනවා.</font>

433
00:28:14,526 --> 00:28:16,653
<font color="#ffbf46">ඇයි? ඔව් අහන්න.</font>

434
00:28:17,278 --> 00:28:19,781
<font color="#ffbf46">ඔයාට කවදාවත් හිතිලා නැද්ද</font>

435
00:28:20,573 --> 00:28:24,244
<font color="#ffbf46">ඔයාගේ ෆැක්ටරියේ වැඩ කරන අයටත්
ආදරණීය පවුල් ඉන්නවා කියලා?</font>

436
00:28:24,869 --> 00:28:25,870
<font color="#ffbf46">මොකක්?</font>

437
00:28:27,372 --> 00:28:29,040
<font color="#ffbf46">මෙහෙමයි,</font>

438
00:28:29,124 --> 00:28:31,334
<font color="#ffbf46">එයාලා ඔයාට සල්ලි හම්බ කරලා දෙන මැෂින් නෙවෙයි.</font>

439
00:28:31,418 --> 00:28:33,711
<font color="#ffbf46">එයාලත් ලේ මස් නහර තියෙන මිනිස්සු.</font>

440
00:28:35,046 --> 00:28:36,214
<font color="#ffbf46">ඔයා ඒක දන්නවද?</font>

441
00:28:37,841 --> 00:28:40,677
<font color="#ffbf46">විනිසුරුවරයෙක් විදිහට මට පුළුවන් හැම දේම මම කළා,</font>

442
00:28:41,553 --> 00:28:46,266
<font color="#ffbf46">ඒත් එදා මට ඔප්පු කරන්න බැරි වුණා
එයාලා ඕනකමින්ම දොර වැහුවා කියලා.</font>

443
00:28:47,392 --> 00:28:51,563
<font color="#ffbf46">"වියදම් අඩු කරන්න ගිහිල්ලා හදිසි පිටවීමේ පහසුකම්
හරියට නඩත්තු කළේ නෑ කියලා අපි පිළිගන්නවා."</font>

444
00:28:52,313 --> 00:28:55,400
<font color="#ffbf46">උසාවියේදී මට හොයාගන්න පුළුවන් වුණු
ලොකුම දේ වුණේ ඒක.</font>

445
00:28:56,359 --> 00:28:57,402
<font color="#ffbf46">ඒක තමයි ඇත්ත.</font>

446
00:28:58,528 --> 00:28:59,821
<font color="#ffbf46">ඒක පදනම් කරගෙන,</font>

447
00:29:01,030 --> 00:29:02,782
<font color="#ffbf46">මට සිද්ධ වුණා දඬුවම තීරණය කරන්න.</font>

448
00:29:02,866 --> 00:29:04,576
<font color="#ffbf46">මම දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට</font>

449
00:29:04,659 --> 00:29:08,496
<font color="#ffbf46">බිස්නස් අයිතිකාරයන්ට පොඩි දඩයක් ගහලා
යවන එක තමයි සිරිත කියලා.</font>

450
00:29:10,582 --> 00:29:12,709
<font color="#ffbf46">ඒත් මම කොච්චර කල්පනා කරත්,</font>

451
00:29:12,792 --> 00:29:14,961
<font color="#ffbf46"><i>සත පහක් දහයක් ඉතුරු කරගන්න කියලා,</i></font>

452
00:29:15,044 --> 00:29:18,381
<font color="#ffbf46"><i>මේ ව්‍යාපාරිකයා නිසා</i>
<i>අවුරුදු 17ක ළමයෙක් ගිනි අරගෙන මැරුණා</i></font>

453
00:29:19,424 --> 00:29:21,176
<font color="#ffbf46"><i>එළියට පැනගන්න දොරක් ඇරගන්න බැරුව දඟලලා,</i></font>

454
00:29:21,259 --> 00:29:23,386
<font color="#ffbf46"><i>අතපයත් කඩාගෙන තමයි ඒ ළමයා මැරුණේ.</i></font>

455
00:29:23,470 --> 00:29:27,974
<font color="#ffbf46">ඒ නිසා, මට බැරි වුණා එයාට
ලොකුම දඬුවම ඇරෙන්න වෙන මොනවත් දෙන්න.</font>

456
00:29:29,559 --> 00:29:30,769
<font color="#ffbf46">ස්වාමීනි.</font>

457
00:29:31,978 --> 00:29:35,732
<font color="#ffbf46">විනිසුරුවරයෙක් විදිහට මගේ තීරණයට පදනම් වුණේ
මගේ හෘද සාක්ෂියද,</font>

458
00:29:37,066 --> 00:29:40,779
<font color="#ffbf46">එහෙමත් නැත්නම් බලය අයුතු ලෙස පාවිච්චි කරන්න තරම්
මට තිබුණු පුද්ගලික පළිගැනීමේ ආශාවද කියන එක,</font>

459
00:29:42,071 --> 00:29:44,240
<font color="#ffbf46">තීරණය කරන ලෙස මම මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.</font>

460
00:29:46,326 --> 00:29:47,952
<font color="#ffbf46">ඒ වගේම මම ඒ තීරණය භාරගන්නවා.</font>

461
00:30:04,135 --> 00:30:06,554
<font color="#ffbf46">- පැමිණිල්ලේ නීතිඥතුමා.
- ඔව්, ස්වාමීනි?</font>

462
00:30:07,931 --> 00:30:09,516
<font color="#ffbf46">ඔබට අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවද?</font>

463
00:30:29,327 --> 00:30:30,620
<font color="#ffbf46">නැහැ, ස්වාමීනි.</font>

464
00:30:33,164 --> 00:30:35,500
<font color="#ffbf46">මීට අදාළ අවසාන දේශන මෙයින් අවසන් වෙනවා.</font>

465
00:30:35,583 --> 00:30:38,795
<font color="#ffbf46">තීන්දුව දෙසැම්බර් 15 වන දින උදේ 10:00 ට
ලබා දීමට නියමිතයි,</font>

466
00:30:38,878 --> 00:30:41,047
<font color="#ffbf46">මේ අධිකරණයේදීම.</font>

467
00:30:55,436 --> 00:30:58,273
<font color="#ffbf46">දින කිහිපයකට පසු,
චෝදනා ඉවත් කරගත් දිනය</font>

468
00:31:11,452 --> 00:31:13,621
<font color="#ffbf46">නියමයි, මිස්ටර් කාන්ග්.</font>

469
00:31:14,664 --> 00:31:16,040
<font color="#ffbf46">ඔන්න අන්තිමේදී ඉවර වුණා.</font>

470
00:31:16,708 --> 00:31:17,667
<font color="#ffbf46">ඔව්.</font>

471
00:31:18,918 --> 00:31:20,044
<font color="#ffbf46">නිදහස් වෙන බව පෙනුන නිසා,</font>

472
00:31:20,128 --> 00:31:22,630
<font color="#ffbf46">පැමිණිලි පාර්ශවය
එකපාරටම චෝදනා ඉවත් කරගත්තනේ.</font>

473
00:31:23,882 --> 00:31:24,966
<font color="#ffbf46">හරි එහෙනම්.</font>

474
00:31:25,049 --> 00:31:27,093
<font color="#ffbf46">ආයෙත් සාදරයෙන් පිළිගන්නවා.</font>

475
00:31:27,176 --> 00:31:28,177
<font color="#ffbf46">සාදරයෙන් පිළිගන්නවා!</font>

476
00:31:28,261 --> 00:31:30,179
<font color="#ffbf46">- වෙල්කම් බැක්!
- හරි හරි.</font>

477
00:31:33,808 --> 00:31:35,727
<font color="#ffbf46">මෙන්න. මේ ටෝෆු කෑල්ල කන්න.</font>

478
00:31:35,810 --> 00:31:39,772
<font color="#ffbf46">මම මොන එහෙකටද ටෝෆු කන්නේ?
මම හිරේ ගියේ නැහැනේ.</font>

479
00:31:40,356 --> 00:31:43,192
<font color="#ffbf46">අපි ෂේප් එකේ හිටියේ නැත්නම්
යන්න තමයි තිබුණේ.</font>

480
00:31:43,276 --> 00:31:44,861
<font color="#ffbf46">ෂේප් එකේ හිටියා?</font>

481
00:31:44,944 --> 00:31:46,654
<font color="#ffbf46">ඔයාලා පුදුම විදිහටනේ දඟලුවේ.</font>

482
00:31:46,738 --> 00:31:48,698
<font color="#ffbf46">ජාති ජාති ට්‍රික්ස් දැම්මනේ.</font>

483
00:31:49,240 --> 00:31:52,577
<font color="#ffbf46">ඉතින් සර් හිතන්නේ අපි
ඕවා ඔක්කොම ඉගෙන ගත්තේ කාගෙන් කියලද?</font>

484
00:31:52,660 --> 00:31:55,914
<font color="#ffbf46">අම්මපා, මුන් ඉගෙනගෙන තියෙන්නෙම
නරක දේවල්මයිනේ.</font>

485
00:31:55,997 --> 00:31:58,166
<font color="#ffbf46">ඒ කියන්නේ සර් දන්නවා
අපිට ඉගැන්නුවේ නරක දේවල් කියලා.</font>

486
00:31:58,249 --> 00:32:00,668
<font color="#ffbf46">ඇයි මේ තර්ක කරන්නේ?
තමුන් නීතිඥයෙක්වත්ද?</font>

487
00:32:00,752 --> 00:32:03,338
<font color="#ffbf46">- ඔව්.
- ඒ වුණාට, දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.</font>

488
00:32:03,421 --> 00:32:05,632
<font color="#ffbf46">මට ලොකු බයක් තිබුණා</font>

489
00:32:06,215 --> 00:32:08,343
<font color="#ffbf46">ප්‍රධාන විනිසුතුමා නඩුව ගෙනියපු විදිහ ගැන.</font>

490
00:32:08,426 --> 00:32:09,636
<font color="#ffbf46">විනිසුරු ඕ ජේ-සොප් ද?</font>

491
00:32:10,386 --> 00:32:12,931
<font color="#ffbf46">මම කලිනුත් කිව්වනේ,
එයාගේ පපුව පොඩ්ඩක් දුර්වලයි කියලා.</font>

492
00:32:13,014 --> 00:32:14,307
<font color="#ffbf46">මොකක්?</font>

493
00:32:14,390 --> 00:32:16,684
<font color="#ffbf46">මම බැලුවා ඇයි මේ
එච්චර මාධ්‍යවේදියෝ ගොඩක් හිටියේ කියලා.</font>

494
00:32:16,768 --> 00:32:19,062
<font color="#ffbf46">- වෙනදට වඩා ගොඩක් හිටියා නේද?
- අප්පා.</font>

495
00:32:19,646 --> 00:32:21,022
<font color="#ffbf46">බලන් ගියාම කලින්ම ප්ලෑන් කරලා.</font>

496
00:32:22,231 --> 00:32:24,067
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම එහෙම වෙන්න එපැයි.</font>

497
00:32:25,276 --> 00:32:26,277
<font color="#ffbf46">මිස් පාර්ක්.</font>

498
00:32:27,570 --> 00:32:28,404
<font color="#ffbf46">ස්තූතියි.</font>

499
00:32:29,113 --> 00:32:31,491
<font color="#ffbf46">- මොකටද?
- මේ... ඔයා දන්නවනේ.</font>

500
00:32:32,617 --> 00:32:34,869
<font color="#ffbf46">ස්තූතියි. ඔයාට ඇත්තටම අහන්න දෙයක්ද ඕක?</font>

501
00:32:37,830 --> 00:32:38,915
<font color="#ffbf46">නෑ, ඔයාට ස්තූතියි.</font>

502
00:32:39,582 --> 00:32:40,416
<font color="#ffbf46">ඒ මොකටද?</font>

503
00:32:43,086 --> 00:32:45,213
<font color="#ffbf46">මට ඔයාව විශ්වාස කරන්න ඕනේ.</font>

504
00:32:45,797 --> 00:32:49,884
<font color="#ffbf46">මේ ලෝකේ ජීවත් වෙන්න වටින තැනක් කියලා
ඔයා අපේ පවුලට බලාපොරොත්තුවක් දුන්නා.</font>

505
00:32:49,968 --> 00:32:51,594
<font color="#ffbf46">පිටින් බලද්දි නම් පේන්නේ මැසිවිලි නගනවා වගේ,</font>

506
00:32:51,678 --> 00:32:54,806
<font color="#ffbf46">ඒ වුණාට අසරණ මිනිස්සු වෙනුවෙන්
ඔයා වෙන කාටත් වඩා මහන්සි වෙලා සටන් කරනවා.</font>

507
00:32:55,765 --> 00:32:57,183
<font color="#ffbf46">මට අන්න ඒ මනුස්සයාව විශ්වාස කරන්න ඕනේ.</font>

508
00:33:00,561 --> 00:33:04,190
<font color="#ffbf46">මම හැමදේටම ස්තූතිවන්ත වෙනවා.
ඇත්තටම ඕක අහන්න දෙයක්ද?</font>

509
00:33:04,273 --> 00:33:07,193
<font color="#ffbf46">මොකද මේ ඔය දෙන්නාගෙ පැණි හැලෙන්නේ?</font>

510
00:33:14,367 --> 00:33:16,327
<font color="#ffbf46">ඒයි ජුන්-වූ, ඇයි මේ සද්ද නැත්තේ?</font>

511
00:33:17,036 --> 00:33:20,415
<font color="#ffbf46">ආ, මතක් වුණ වෙලාවේ.
ඔයා කොහොමද නඩුව අහන වෙලාවේ එතනට ආවේ?</font>

512
00:33:20,498 --> 00:33:22,417
<font color="#ffbf46">මම හිතුවේ ඔයා එන එකක් නැහැ කියලා.</font>

513
00:33:23,167 --> 00:33:24,627
<font color="#ffbf46">අන්තිම වතාව නිසා එන්නම වුණා.</font>

514
00:33:24,711 --> 00:33:26,504
<font color="#ffbf46">- මොකක්?
- ඈ?</font>

515
00:33:26,587 --> 00:33:28,423
<font color="#ffbf46">- අන්තිම වතාව?
- ඔයා මොකක්ද ජුන්-වූ ඒ කියන්නේ?</font>

516
00:33:30,383 --> 00:33:31,384
<font color="#ffbf46">මගේ ජොබ් එක නැති වෙන්න යන්නේ...</font>

517
00:33:32,802 --> 00:33:34,137
<font color="#ffbf46">මිස්ටර් බේ අස්කරන්න යන්නේ.</font>

518
00:33:34,220 --> 00:33:35,138
<font color="#ffbf46">මොකක්?</font>

519
00:33:36,014 --> 00:33:39,267
<font color="#ffbf46">අන්තිම නඩු වාරයේ අපි කරන්න හිටපු දේවල් ගැන
ඔයා එයාට රිපෝට් කරේ නෑනේ.</font>

520
00:33:39,976 --> 00:33:43,104
<font color="#ffbf46">රිපෝට් කරන්න? ඔයා මොකෙක්ද ඔත්තුකාරයෙක්ද?</font>

521
00:33:43,187 --> 00:33:44,522
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්, අනේ ප්ලීස්!</font>

522
00:33:46,482 --> 00:33:48,568
<font color="#ffbf46">එතකොට, එදා ඔයා උසාවියට එන්න කලින්...</font>

523
00:33:51,696 --> 00:33:52,739
<font color="#ffbf46">එයාලා මේක ඉදිරිපත් කරනවද?</font>

524
00:33:54,365 --> 00:33:55,742
<font color="#ffbf46">මොන අරමුණක් වෙනුවෙන්ද?</font>

525
00:33:55,825 --> 00:33:57,744
<font color="#ffbf46">ඔව්, මට තේරෙන විදිහට නම්,</font>

526
00:33:57,827 --> 00:34:00,246
<font color="#ffbf46">එයාලා තර්ක කරයි
එදා ෆැක්ටරියේ පහසුකම් ඔක්කොම හොඳට තිබුණා,</font>

527
00:34:00,329 --> 00:34:04,625
<font color="#ffbf46">ඒත් කාන්ග් ඩ-විත් අසාධාරණ විදිහට
අධීක්ෂණ වගකීම පැවරුවා කියලා.</font>

528
00:34:04,709 --> 00:34:06,794
<font color="#ffbf46">ඇත්තටම? අසාධාරණ විදිහට?</font>

529
00:34:07,545 --> 00:34:08,838
<font color="#ffbf46">ඔව්, අසාධාරණ විදිහට.</font>

530
00:34:10,339 --> 00:34:12,717
<font color="#ffbf46">පාර්ක් ගි-ප්පම්ට
අන්තිමේදී සිහිය ඇවිල්ලද?</font>

531
00:34:12,800 --> 00:34:15,595
<font color="#ffbf46">ඔව්, ෆැක්ටරියේ ආරක්ෂාව ගැන
එයාලා කොච්චර සැලකිලිමත් වුණාද කියනවා නම්,</font>

532
00:34:15,678 --> 00:34:17,430
<font color="#ffbf46">එයාලා ආරක්ෂක පරීක්ෂණ අංශයක් පවා
පිහිටුවලා තිබුණා.</font>

533
00:34:17,513 --> 00:34:19,640
<font color="#ffbf46">එයාලා ඒකත් ඔප්පු කරන්නයි හදන්නේ.</font>

534
00:34:19,724 --> 00:34:21,350
<font color="#ffbf46">මට තේරෙන විදිහට නම් ප්ලෑන් එක ඒකයි.</font>

535
00:34:21,934 --> 00:34:23,269
<font color="#ffbf46">- එහෙමද?
- ඔව් සර්.</font>

536
00:34:23,352 --> 00:34:24,228
<font color="#ffbf46">හොඳයි.</font>

537
00:34:26,355 --> 00:34:28,524
<font color="#ffbf46">එතකොට එහෙමයි වුණේ?</font>

538
00:34:31,569 --> 00:34:33,488
<font color="#ffbf46">මට සමාවෙන්න මිස්ටර් කාන්ග්.</font>

539
00:34:33,571 --> 00:34:35,990
<font color="#ffbf46">අප්පා, ඕක ඉතින් ඔයාගෙ හැටිනේ.</font>

540
00:34:36,074 --> 00:34:37,742
<font color="#ffbf46">ඇයි ඔයා ඔත්තුකාරයෙක් විදිහට වැඩ කළේ?</font>

541
00:34:37,825 --> 00:34:40,161
<font color="#ffbf46">එයා ඔයාව වෙන ටීම් එකකට දාන්නම් කියලා
පොරොන්දු වුණාද?</font>

542
00:34:42,371 --> 00:34:43,998
<font color="#ffbf46">නෑ නෑ, එහෙම දෙයක් නෑ.</font>

543
00:34:44,082 --> 00:34:44,999
<font color="#ffbf46">- ඇත්තමයි.
- නෑ...</font>

544
00:34:45,083 --> 00:34:47,210
<font color="#ffbf46">මාට්ටු. එතකොට මොන ටීම් එකද? M&A ටීම් එකද?</font>

545
00:34:47,293 --> 00:34:51,130
<font color="#ffbf46">- ඔව්, M&A ටීම් එක වෙන්නම ඕනේ.
- නෑ, මම කවදාවත් M&A ටීම් එක කියලා කිව්වෙ නෑ.</font>

546
00:34:51,214 --> 00:34:52,048
<font color="#ffbf46">නෑ නෑ, නෙවෙයි.</font>

547
00:34:52,131 --> 00:34:54,217
<font color="#ffbf46">- M&A ටීම් එක තමයි.
- ඔව්, මිනිහා අස් වෙන්න යන්නේ.</font>

548
00:34:54,300 --> 00:34:56,010
<font color="#ffbf46">- තේරුම් ගැනීමේ හැකියාවක් නෑ කියලා.
- ඒයි ජුන්ග්-ඉන්.</font>

549
00:34:56,094 --> 00:34:58,346
<font color="#ffbf46">මොකක්ද? මම මේ මගේ ටීම් එකත් එක්ක ඉන්නේ.</font>

550
00:34:58,429 --> 00:35:00,640
<font color="#ffbf46">යොන්ග්-සිල්, මම කවද්ද එහෙම...</font>

551
00:35:00,723 --> 00:35:02,016
<font color="#ffbf46">ඔයා කොහෙද ඉන්නේ?</font>

552
00:35:02,850 --> 00:35:04,393
<font color="#ffbf46">නෑ, මම එන්නම් එහෙට.</font>

553
00:35:05,812 --> 00:35:06,854
<font color="#ffbf46">කොහොමත් අපි කතා කරන්න ඕනෙනේ.</font>

554
00:35:08,564 --> 00:35:10,608
<font color="#ffbf46">- මිස්ටර් ජැන්ග්.
- ඔව්?</font>

555
00:35:10,691 --> 00:35:13,820
<font color="#ffbf46">- දැන් තමයි හුස්ම ටිකක් ගන්න පුළුවන්.
- මටත්.</font>

556
00:35:15,822 --> 00:35:18,199
<font color="#ffbf46">- මට මේ ප්‍රශ්නයක් තිබුණා.
- ඒ මොකක්ද?</font>

557
00:35:18,282 --> 00:35:22,078
<font color="#ffbf46">කොහොමද ඔයාලා හැමෝම
හැමදේම මෙච්චර ඉක්මනට තේරුම් ගන්නේ?</font>

558
00:35:26,958 --> 00:35:28,126
<font color="#ffbf46">ඔයා ආපු එක ගැන සතුටුයි.</font>

559
00:35:28,209 --> 00:35:29,794
<font color="#ffbf46">- ඔයාව දකින්න ලැබුණු එක සතුටක්, අයියේ.
- මොකක්?</font>

560
00:35:34,257 --> 00:35:35,591
<font color="#ffbf46">ගි-ප්පම්!</font>

561
00:35:35,675 --> 00:35:37,343
<font color="#ffbf46">ඔයා නියම වැඩක් කළේ!</font>

562
00:35:37,426 --> 00:35:38,845
<font color="#ffbf46">- ඉතින්, අපි හැමෝම කළානේ.
- මොකක්?</font>

563
00:35:38,928 --> 00:35:40,680
<font color="#ffbf46">- ඔයා තමයි හොඳටම කළේ.
- "අයියා"?</font>

564
00:35:40,763 --> 00:35:41,639
<font color="#ffbf46">මමත්...</font>

565
00:35:41,722 --> 00:35:43,099
<font color="#ffbf46">මාවත් එක්කන් යන්න!</font>

566
00:35:43,182 --> 00:35:45,226
<font color="#ffbf46">- මොකක්?
- මොකක්ද මොකක් කිව්වේ? යමු යමු.</font>

567
00:35:45,309 --> 00:35:46,894
<font color="#ffbf46">- මම ඔයාට සපෝට් කරන්නම්.
- විහිළු නොකර ඉන්නවා.</font>

568
00:35:47,562 --> 00:35:49,272
<font color="#ffbf46">- මොකක්? එන්නකෝ.
- ඒයි, ඔයාගේ මූණ රතු වෙලා.</font>

569
00:35:49,355 --> 00:35:51,649
<font color="#ffbf46">නෑ නෑ! ඔයාගේ කන් රතු වෙලා තියෙන්නේ.
මේ සීතල හින්දා.</font>

570
00:36:01,200 --> 00:36:02,910
<font color="#ffbf46">- හායි.
- හායි.</font>

571
00:36:04,453 --> 00:36:06,497
<font color="#ffbf46">මොකද හිතන්නේ? මෙතන ලස්සනයි නේද?</font>

572
00:36:06,581 --> 00:36:07,665
<font color="#ffbf46">ඔව්, ෂෝක්.</font>

573
00:36:07,748 --> 00:36:08,958
<font color="#ffbf46">මේක ඩේට් එකක්.</font>

574
00:36:09,625 --> 00:36:10,501
<font color="#ffbf46">මේයි.</font>

575
00:36:11,127 --> 00:36:12,128
<font color="#ffbf46">මම විහිළුවක් කළේ.</font>

576
00:36:13,129 --> 00:36:13,963
<font color="#ffbf46">මෙන්න.</font>

577
00:36:15,673 --> 00:36:16,632
<font color="#ffbf46">මොකද හිතන්නේ?</font>

578
00:36:17,967 --> 00:36:20,636
<font color="#ffbf46">නඩුවකදී ටීම් ප්‍රෝ බොනෝ එකට මුහුණ දුන්නට පස්සේ
දැන් සහනයක් දැනෙනවද?</font>

579
00:36:27,226 --> 00:36:30,396
<font color="#ffbf46">ඔයා කිව්වනේ, "කාටවත් බෑ තමන්ගේ නඩුවක
තමන්ම විනිසුරුවරයා වෙන්න" කියලා.</font>

580
00:36:32,273 --> 00:36:35,985
<font color="#ffbf46">ඒකද ඔයාට ඕන වුණේ ඔයාගේම ටීම් එක ලවා
ඔයාව විනිශ්චය කරවගන්න?</font>

581
00:36:37,153 --> 00:36:38,154
<font color="#ffbf46">ම්ම්ම්...</font>

582
00:36:40,907 --> 00:36:43,159
<font color="#ffbf46">කොහොම වුණත්, මට ප්‍රශ්නයක් තියෙනවා.</font>

583
00:36:43,242 --> 00:36:46,078
<font color="#ffbf46">මොකක්ද? මොකක් හරි බරපතල දෙයක්ද?</font>

584
00:36:46,162 --> 00:36:48,789
<font color="#ffbf46">මම වෙනුවෙන් පෙනී ඉන්න ඔයා අස් වුණානේ.</font>

585
00:36:48,873 --> 00:36:49,916
<font color="#ffbf46">මම ඒක අගය කරනවා.</font>

586
00:36:51,292 --> 00:36:52,877
<font color="#ffbf46">මොකද මේ එකපාරටම?</font>

587
00:36:52,960 --> 00:36:55,630
<font color="#ffbf46">මම ඇත්තටම ඒක හදවතින්ම අගය කරනවා.</font>

588
00:36:57,006 --> 00:36:59,008
<font color="#ffbf46">ඒත් මට නිකන් කුතුහලයක් තිබුණා.</font>

589
00:37:00,301 --> 00:37:03,721
<font color="#ffbf46">ඔයාට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැතිව තියෙද්දිත්
ඇයි එච්චර ලොකු කැපකිරීමක් කළේ?</font>

590
00:37:05,139 --> 00:37:07,683
<font color="#ffbf46">නිකන් හරියට ඔයාගේ හිතට
මොකක් හරි බරක් දැනෙනවා වගේ.</font>

591
00:37:08,559 --> 00:37:10,394
<font color="#ffbf46">හරියට ඔයාට වරදකාරී හැඟීමක් දැනෙනවා වගේ.</font>

592
00:37:11,979 --> 00:37:12,980
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

593
00:37:13,064 --> 00:37:16,484
<font color="#ffbf46">නිකන් හිතලා බලන්නකෝ, ඔයයි ඩොක්ටර් ඕයි
දිගටම ගැටුම් ඇති කරගත්තානේ.</font>

594
00:37:16,567 --> 00:37:18,653
<font color="#ffbf46">මට නීතිඥයෙක් විදිහට වැඩ කරන්නවත් බැරිව ඉද්දි</font>

595
00:37:18,736 --> 00:37:20,821
<font color="#ffbf46">ඔයා මාව ටීම් ලීඩර් විදිහට ගත්තා.</font>

596
00:37:20,905 --> 00:37:23,199
<font color="#ffbf46">යූ ජේ-බොම් මට විරුද්ධව නඩු දාද්දි,</font>

597
00:37:23,282 --> 00:37:25,034
<font color="#ffbf46">ඔයා අස් වෙන්න පවා තීරණය කළා.</font>

598
00:37:26,077 --> 00:37:27,328
<font color="#ffbf46">ඉතින්?</font>

599
00:37:28,204 --> 00:37:29,830
<font color="#ffbf46">මොකක්ද ඔයා කියන්න හදන්නේ?</font>

600
00:37:29,914 --> 00:37:32,875
<font color="#ffbf46">ඔයා දන්නවනේ,
යූ ජේ-බොම් භාර වුණාට පස්සේ,</font>

601
00:37:34,168 --> 00:37:36,796
<font color="#ffbf46">මම ඕනකමින්ම විනිසුරු ෂින්ව හම්බවෙන්න ගියා</font>

602
00:37:36,879 --> 00:37:38,381
<font color="#ffbf46">එයාව පොඩ්ඩක් බය කරන්න.</font>

603
00:37:38,464 --> 00:37:42,468
<font color="#ffbf46">මම එහෙම කළාම, එයා ඉක්මනටම දුවගෙන ගියේ...</font>

604
00:37:44,387 --> 00:37:45,513
<font color="#ffbf46">කා ගාවටද කියලා හිතන්න බලන්න?</font>

605
00:37:47,598 --> 00:37:48,933
<font color="#ffbf46">ඩොක්ටර් ඕ ගාවට.</font>

606
00:37:49,809 --> 00:37:50,810
<font color="#ffbf46">ඔයාගේ තාත්තා ගාවට.</font>

607
00:37:58,234 --> 00:38:01,195
<font color="#ffbf46">ඇයි ෂින් ජුන්ග්-සොක්,
ඒ කියන්නේ යූ ජේ-බොම්ගේ හවුල්කාරයා,</font>

608
00:38:01,279 --> 00:38:03,906
<font color="#ffbf46">ඩොක්ටර් ඕව හම්බවෙන්න ගියේ?</font>

609
00:38:05,324 --> 00:38:07,702
<font color="#ffbf46">අනික කාගෙවත් ඇහැ ගැහෙන්නේ නැති වෙන්න හදද්දිත්
එහෙම කළේ ඇයි?</font>

610
00:38:08,452 --> 00:38:11,247
<font color="#ffbf46">මම දැන් ඔයාගේ ජීවිතේ බේරගත්තා විතරයි,
එකට මට ලැබෙන ස්තූතිය මේකද?</font>

611
00:38:11,914 --> 00:38:13,916
<font color="#ffbf46">ඔයා මේ මොන විකාරයක්ද කියවන්නේ?</font>

612
00:38:21,716 --> 00:38:23,843
<font color="#ffbf46">එදා ඔයා යූ ජේ-බොම්ව දැකපු
පළවෙනි වතාව නෙවෙයි.</font>

613
00:38:25,886 --> 00:38:28,014
<font color="#ffbf46">ඒක පොඩි වෙලාවකට වුණත්, මම හොඳටම දැක්කා...</font>

614
00:38:29,557 --> 00:38:31,225
<font color="#ffbf46">එයා ඔයා දිහා බලපු විදිහ.</font>

615
00:38:33,894 --> 00:38:36,063
<font color="#ffbf46">ප්‍රමාද වුණාට සමාවෙන්න, ස්වාමීනි.</font>

616
00:38:36,147 --> 00:38:38,983
<font color="#ffbf46">මම ඕ ජුන්ග්-ඉන්,
විත්තිකාර කාන්ග් ඩ-විත් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය.</font>

617
00:38:51,120 --> 00:38:55,082
<font color="#ffbf46">මම වැටුණු උගුල ගැන
ඔයා ඇත්තටම කොච්චර දෙයක් දන්නවද?</font>

618
00:39:05,259 --> 00:39:06,594
<font color="#ffbf46">සමාවෙන්න ඕනේ ඩොක්ටර් ඕ.</font>

619
00:39:07,303 --> 00:39:09,930
<font color="#ffbf46">ඕ ජේ-සොප් කියන්නේ විශ්වාසවන්ත මනුස්සයෙක්,</font>

620
00:39:10,014 --> 00:39:12,475
<font color="#ffbf46">ඒත් උසාවියේ වාතාවරණය
එච්චර හොඳ වුණේ නැහැ වගේ.</font>

621
00:39:14,560 --> 00:39:17,855
<font color="#ffbf46">අප්පා, මේ ළඟක ඉඳන්
යමක් තේරුම් ගන්න එක හරි අමාරු වෙලානේ.</font>

622
00:39:20,149 --> 00:39:21,525
<font color="#ffbf46">නීතිඥ බේ.</font>

623
00:39:21,609 --> 00:39:22,443
<font color="#ffbf46">ඔව් සර්?</font>

624
00:39:23,194 --> 00:39:27,823
<font color="#ffbf46">මම හිතන්නේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වෙන එක
ඔයාට හරියන්නේ නැහැ.</font>

625
00:39:29,241 --> 00:39:30,242
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

626
00:39:30,910 --> 00:39:31,911
<font color="#ffbf46">මම ඒක හරිගස්සන්නම් සර්.</font>

627
00:39:31,994 --> 00:39:33,954
<font color="#ffbf46">කොහොමද ඔයා ඒක හරිගස්සන්නේ?</font>

628
00:39:34,038 --> 00:39:37,708
<font color="#ffbf46">ඕ ඇන්ඩ් පාර්ට්නර්ස් මේකට කෙලින්ම මැදිහත් වුණොත්
ඒක අපේ නමට හොඳ නෑ.</font>

629
00:39:37,792 --> 00:39:39,043
<font color="#ffbf46">ඒකෙන් හැඟීමක් එන්න පුළුවන්</font>

630
00:39:39,126 --> 00:39:41,629
<font color="#ffbf46">- අපිට අපේ සේවකයොන්ව පාලනය කරන්න බෑ කියලා.
- ඉතින්?</font>

631
00:39:43,214 --> 00:39:46,467
<font color="#ffbf46">- අපි පිටින් කෙනෙක්ව ගමු.
- පිටින් කෙනෙක්ව?</font>

632
00:39:48,177 --> 00:39:49,053
<font color="#ffbf46">ඇතුලට එන්න.</font>

633
00:39:58,521 --> 00:39:59,814
<font color="#ffbf46">සුබ දවසක්, ඩොක්ටර් ඕ.</font>

634
00:40:16,288 --> 00:40:19,708
<font color="#ffbf46">අපේ ඔෆිස් එක අතුරුදහන් වෙලා!</font>

635
00:40:19,792 --> 00:40:21,085
<font color="#ffbf46">මොකද වුණේ?</font>

636
00:40:21,669 --> 00:40:23,796
<font color="#ffbf46">මගේ හතු ටික...</font>

637
00:40:25,381 --> 00:40:27,299
<font color="#ffbf46">දැන් ඔයාගේ හතු නෙවෙයි වැදගත්!</font>

638
00:40:27,383 --> 00:40:30,511
<font color="#ffbf46">මේ කාලකන්නි!</font>

639
00:40:30,594 --> 00:40:31,595
<font color="#ffbf46">මගේ හතු ටික...</font>

640
00:40:32,179 --> 00:40:33,556
<font color="#ffbf46">ටීම් ප්‍රෝ බොනෝ විසුරුවා හැරීම</font>

641
00:40:33,639 --> 00:40:37,143
<font color="#ffbf46">සර්! නෑ, මම මූට සර් කියන්නත් හොඳ නෑ.
ඒයි!</font>

642
00:40:37,226 --> 00:40:39,353
<font color="#ffbf46">මොකක්ද මේකේ තේරුම?</font>

643
00:40:39,437 --> 00:40:40,813
<font color="#ffbf46">මොකක්ද තේරුම කියන්නේ?</font>

644
00:40:40,896 --> 00:40:42,815
<font color="#ffbf46">තමුන්ට තිබ්බනේ මාව නිකන්ම අස් කරලා දාලා
වැඩේ ඉවරයක් කරන්න.</font>

645
00:40:42,898 --> 00:40:45,818
<font color="#ffbf46">ඇයි මේ ප්‍රෝ බොනෝ ටීම් එකේ
ඔෆිස් එක නැති කළේ?</font>

646
00:40:45,901 --> 00:40:48,904
<font color="#ffbf46">නීතිඥයෙක් සතු මූලික ආචාර ධර්ම කඩ කරන
ටීම් එකක් මම මොකටද තියාගන්නේ?</font>

647
00:40:48,988 --> 00:40:51,657
<font color="#ffbf46">ආචාර ධර්ම කඩ කළා?
අපි කවද්ද එහෙම දෙයක් කළේ?</font>

648
00:40:51,740 --> 00:40:53,784
<font color="#ffbf46">තමුන්ලා තමන්ගේ සේවාදායකයා වෙනුවට
විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී හිටියා.</font>

649
00:40:53,868 --> 00:40:55,536
<font color="#ffbf46">නීතිඥයෝ කොහොමද එහෙම දෙයක් කරන්නේ?</font>

650
00:40:55,619 --> 00:40:58,038
<font color="#ffbf46">යූ ජේ-බොම් පැහැදිලිවම කිව්වා
එයාටත් ඇත්ත දැනගන්න ඕන කියලා.</font>

651
00:40:58,122 --> 00:41:02,334
<font color="#ffbf46">පාලක මණ්ඩලය ඒකමතිකව තීරණය කළා ඔයාලගේ ටීම් එක
විසුරුවලා හැරලා ඔයාලා ඔක්කොම අස් කරන්න.</font>

652
00:41:02,418 --> 00:41:03,502
<font color="#ffbf46">තේරුණාද?</font>

653
00:41:03,586 --> 00:41:06,589
<font color="#ffbf46">මමත් CEO විදිහට ඒකට අත්සන් කළා විතරයි.</font>

654
00:41:08,757 --> 00:41:11,385
<font color="#ffbf46">සිකියුරිටි ඔෆිස් එකට ගිහිල්ලා
ඔයාලගේ බඩු ටික ගන්න.</font>

655
00:41:11,469 --> 00:41:12,845
<font color="#ffbf46">- ඒ කියන්නේ...
- ආ හරි.</font>

656
00:41:14,013 --> 00:41:15,931
<font color="#ffbf46">- අර හතු ටිකත් අරන් යන්න.
- හරි.</font>

657
00:41:17,725 --> 00:41:19,018
<font color="#ffbf46">එළියට යනව!</font>

658
00:41:20,811 --> 00:41:22,271
<font color="#ffbf46">මේක CEO ගෙ කාර්යාලය.</font>

659
00:41:23,814 --> 00:41:24,899
<font color="#ffbf46">වන්දි ඉල්ලීම්</font>

660
00:41:24,982 --> 00:41:28,444
<font color="#ffbf46">හැමෝටම පේන්න මම හෙළි කරනවා</font>

661
00:41:28,527 --> 00:41:30,362
<font color="#ffbf46">හිටපු විනිසුරු කන්ග් ඩා-විට්</font>

662
00:41:30,446 --> 00:41:33,532
<font color="#ffbf46">සභාපති ජෑන්ග් හ්යොන්-බේගේ නඩුව
ලැජ්ජා නැති විදිහට</font>

663
00:41:33,616 --> 00:41:35,910
<font color="#ffbf46">වෙනස් කරපු හැටි.</font>

664
00:41:36,535 --> 00:41:39,413
<font color="#ffbf46">නඩුවක් වෙනස් කරලා අහිංසක ව්‍යාපාරිකයෙක්ව
හිරේ යැව්වට</font>

665
00:41:39,497 --> 00:41:42,374
<font color="#ffbf46">ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වෙන්න තිබුණ
එයාගෙම ආසාවන් ඉෂ්ට කරගන්න,</font>

666
00:41:42,458 --> 00:41:45,794
<font color="#ffbf46">හිටපු විනිසුරු කන්ග්ට නීතියෙන් බේරෙන්න
ඉඩක් ලැබෙන්නේ නෑ.</font>

667
00:41:45,878 --> 00:41:47,421
<font color="#ffbf46">වූ මහත්තයා. ඔව්?</font>

668
00:41:47,505 --> 00:41:49,715
<font color="#ffbf46">ළඟදී, හිටපු විනිසුරු කන්ග්</font>

669
00:41:49,798 --> 00:41:54,011
<font color="#ffbf46">අවුරුදු දහයකට කලින් කරපු නඩුවක බලතල අනිසි ලෙස
භාවිතා කිරීමේ චෝදනාවලින් නිදහස් වුණා.</font>

670
00:41:54,094 --> 00:41:57,806
<font color="#ffbf46">බලතල අනිසි ලෙස භාවිතා කළා කියලා
නීත්‍යානුකූලව ඔප්පු කරන්න හරි අමාරුයි කියන එක</font>

671
00:41:57,890 --> 00:41:59,892
<font color="#ffbf46">අවභාවිතා කරලා එයා ලේසියෙන්ම බේරුණා.</font>

672
00:41:59,975 --> 00:42:05,147
<font color="#ffbf46">ඉතින්, මම සිවිල් වන්දි නඩුවක් දානවා
තව ටිකක් ලොකු පරාසයක් ඇතිව...</font>

673
00:42:08,859 --> 00:42:11,111
<font color="#ffbf46">වොන් මිලියන සීයක්? වොන් මිලියන සීයක්?</font>

674
00:42:12,821 --> 00:42:15,032
<font color="#ffbf46">වොන් බිලියනයක වන්දි ඉල්ලීමක්.</font>

675
00:42:15,115 --> 00:42:16,200
<font color="#ffbf46">බිලියනයක්?</font>

676
00:42:16,283 --> 00:42:17,117
<font color="#ffbf46">වොන් බිලියනයක්?</font>

677
00:42:19,954 --> 00:42:21,539
<font color="#ffbf46">තව ෆොටෝ එකක් ගමු.</font>

678
00:42:21,622 --> 00:42:22,456
<font color="#ffbf46">වන්දි ඉල්ලීම්</font>

679
00:42:24,083 --> 00:42:26,544
<font color="#ffbf46">අම්මපා. අඩුම ගානේ වටපිටාවවත් ලස්සනයිනේ.</font>

680
00:42:28,003 --> 00:42:29,588
<font color="#ffbf46">මේක ඉවරයක් නෑනේ.</font>

681
00:42:29,672 --> 00:42:33,634
<font color="#ffbf46">අපි නඩුව ඉවර වුණු එක සමරලා සතියක්වත් ගියේ නෑ.
මොකක්ද මේ?</font>

682
00:42:33,717 --> 00:42:37,388
<font color="#ffbf46">මේ තැන දැන් හිස්ව තියෙන්නේ.
මට මේක ගන්න ලොකු ගේමක් දෙන්න වුණා.</font>

683
00:42:37,471 --> 00:42:39,098
<font color="#ffbf46">මට නම් අවුලක් නෑ,</font>

684
00:42:40,224 --> 00:42:42,268
<font color="#ffbf46">ඒත් ඔයාලා හැමෝටම එක රැයකින්
රස්සා නැති වුණානේ.</font>

685
00:42:43,102 --> 00:42:45,187
<font color="#ffbf46">ඔයා ඔයා ගැනම බලාගත්තොත් මොකද?</font>

686
00:42:45,271 --> 00:42:46,355
<font color="#ffbf46">ඇයි, රස්සාව නැති නෝනා?</font>

687
00:42:46,438 --> 00:42:47,523
<font color="#ffbf46"><i>වොන් බිලියනයක්...</i></font>

688
00:42:47,606 --> 00:42:51,151
<font color="#ffbf46">ඔයාට විරුද්ධව අද නඩු දාලා
වොන් බිලියනයක වන්දියක් ඉල්ලලා!</font>

689
00:42:51,235 --> 00:42:53,821
<font color="#ffbf46">බිලියනයක්? ඒක නම් පිස්සුවක්.</font>

690
00:42:55,322 --> 00:42:58,867
<font color="#ffbf46">මට නම් ඒ මනුස්සයව දැන් එපා වෙලා.</font>

691
00:42:58,951 --> 00:43:03,122
<font color="#ffbf46">කන්ග් මහත්තයෝ, ඇයි එයා ඔයා කරන
හැම දේටම බාධා කරන්න හදන්නේ?</font>

692
00:43:03,205 --> 00:43:04,957
<font color="#ffbf46">ඔයා කිව්වා ඔයාලා JRTI එකට ගියේ එකට කියලා.</font>

693
00:43:05,040 --> 00:43:07,626
<font color="#ffbf46">කලින් එකට වැඩ කරපු කෙනෙක් ඔයාට මේ තරම් වෛර කරන්න
මොකක් හරි හේතුවක් ඇතිනේ.</font>

694
00:43:09,253 --> 00:43:11,630
<font color="#ffbf46">මේකයි, ඇත්තටම...</font>

695
00:43:11,714 --> 00:43:13,549
<font color="#ffbf46">අවුරුදු 16 කට පෙර</font>

696
00:43:13,632 --> 00:43:15,217
<font color="#ffbf46">40 වැනි JRTI ඇතුළත් වීමේ උත්සවය</font>

697
00:43:16,719 --> 00:43:18,012
<font color="#ffbf46">එපා. කරන්න එපා.</font>

698
00:43:21,640 --> 00:43:22,975
<font color="#ffbf46">උඹට පිස්සුද?</font>

699
00:43:25,144 --> 00:43:26,353
<font color="#ffbf46">ඇයි මේ දණ ගහගෙන?</font>

700
00:43:27,730 --> 00:43:29,231
<font color="#ffbf46">මම... ඔය කණ්ණාඩිය ගලවපන්.</font>

701
00:43:30,316 --> 00:43:31,525
<font color="#ffbf46">ඉතින්, එයාලා නරක අය නම්,</font>

702
00:43:32,109 --> 00:43:33,611
<font color="#ffbf46">මම මොකද කරන්න ඕන?</font>

703
00:43:33,694 --> 00:43:35,237
<font color="#ffbf46">එයාලා නරකයි නම්, ඉතින් මොනවා කරන්නද?</font>

704
00:43:36,864 --> 00:43:39,325
<font color="#ffbf46">මගේ කොණ්ඩේ කැතයි නේද?
මම කිව්වනේ ඒක ලස්සනයි කියලා.</font>

705
00:43:39,408 --> 00:43:42,244
<font color="#ffbf46">කවුද මේ උඹව මේ තරම් කලබල කරන්නේ?</font>

706
00:43:42,328 --> 00:43:43,704
<font color="#ffbf46">එයාද?</font>

707
00:43:44,997 --> 00:43:47,458
<font color="#ffbf46">මම එයාට අවුරුදු හතරක් තිස්සේ ආදරේ කරනවා.</font>

708
00:43:48,334 --> 00:43:49,752
<font color="#ffbf46">එයා මගේ ජූනියර් කෙනෙක්,
SNU ලෝ ස්කූල් එකේ.</font>

709
00:43:51,920 --> 00:43:54,673
<font color="#ffbf46">ඔයා දන්නෙ නෑ මේක එයාට කියන්න
මම කොච්චර ධෛර්යයක් ගන්නවද කියලා.</font>

710
00:43:54,757 --> 00:43:55,924
<font color="#ffbf46">හරි හරි, මට තේරෙනවා.</font>

711
00:43:56,008 --> 00:43:57,968
<font color="#ffbf46">ඒයි, උඹට පුළුවන්. හරිද? මට පුළුවන්.</font>

712
00:43:58,594 --> 00:43:59,553
<font color="#ffbf46">යනවා.</font>

713
00:43:59,637 --> 00:44:00,929
<font color="#ffbf46">අන්න, එයා මෙහෙට එනවා.</font>

714
00:44:02,222 --> 00:44:04,350
<font color="#ffbf46">ඒ එයාද? ඔහොම බලන් ඉන්න එපා.</font>

715
00:44:04,433 --> 00:44:05,768
<font color="#ffbf46">හරි හරි ඉතින්.</font>

716
00:44:07,895 --> 00:44:09,438
<font color="#ffbf46">ඒයි, ජුන්ග්-ඉන්!</font>

717
00:44:11,440 --> 00:44:12,941
<font color="#ffbf46">ඔයාව මෙතනදි දකින්න ලැබුණු එක පුදුමයක්නේ.</font>

718
00:44:16,445 --> 00:44:18,072
<font color="#ffbf46">මට ඔයාව අඳුරගන්නත් බැරි වුණා මේ...</font>

719
00:44:20,783 --> 00:44:21,992
<font color="#ffbf46">හායි.</font>

720
00:44:25,704 --> 00:44:26,789
<font color="#ffbf46">ඔයාගෙ නම මොකක්ද?</font>

721
00:44:30,125 --> 00:44:32,086
<font color="#ffbf46">මගේ? ඔව්, ඔයාගෙ.</font>

722
00:44:35,130 --> 00:44:36,632
<font color="#ffbf46">ඩා-විට්. කන්ග් ඩා-විට්.</font>

723
00:44:37,508 --> 00:44:38,717
<font color="#ffbf46">ඩා-විට්.</font>

724
00:44:40,135 --> 00:44:41,136
<font color="#ffbf46">හරි අමුතු නමක්නේ.</font>

725
00:44:42,513 --> 00:44:44,431
<font color="#ffbf46">අඳුරගන්න ලැබීම සතුටක්. මම ඕ ජුන්ග්-ඉන්.</font>

726
00:44:48,102 --> 00:44:49,561
<font color="#ffbf46">ඔව්, මටත් සතුටක්.</font>

727
00:44:56,276 --> 00:44:59,279
<font color="#ffbf46">ඉතින්, දේවල් සිද්ධ වුණු විදිහ ඕකයි.</font>

728
00:44:59,988 --> 00:45:01,740
<font color="#ffbf46">අපි සභාපති ජෑන්ග් ගැන මොකද කරන්නේ?</font>

729
00:45:02,324 --> 00:45:05,077
<font color="#ffbf46">එයා බලන් ඉන්නේ ඔයාගෙන් පළිගන්නමයි.</font>

730
00:45:05,160 --> 00:45:07,746
<font color="#ffbf46">ඒකටත් වඩා වැදගත් දේ,
නඩුව පටන් ගන්න කලින්,</font>

731
00:45:07,830 --> 00:45:10,207
<font color="#ffbf46">අපි විසඳගන්න ඕන එක දෙයක් තියෙනවා.</font>

732
00:45:10,290 --> 00:45:12,000
<font color="#ffbf46">මොකක්ද? මොකක් ගැනද?</font>

733
00:45:17,923 --> 00:45:20,884
<font color="#ffbf46">ජෑන්ග් මහත්තයෝ,
ඔයා මේක කොච්චර කල් හංගගෙන ඉන්නද?</font>

734
00:45:21,635 --> 00:45:22,803
<font color="#ffbf46">මොකක්? ඇයි?</font>

735
00:45:22,886 --> 00:45:25,889
<font color="#ffbf46">යොන්ග්-සිල් මොකද කළේ? මොකක්
ගැනද මේ එකපාරටම කියන්නේ?</font>

736
00:45:29,435 --> 00:45:30,894
<font color="#ffbf46">ඔයා හිතුවද මම දැනගන්න එකක් නෑ කියලා?</font>

737
00:45:37,985 --> 00:45:38,986
<font color="#ffbf46">හරියට හිතුවා වගේම,</font>

738
00:45:40,446 --> 00:45:41,572
<font color="#ffbf46">ඔයා ඒ ගැන දැනගෙන ඉඳලා.</font>

739
00:45:42,239 --> 00:45:43,907
<font color="#ffbf46">ජෑන්ග් මහත්තයෝ.</font>

740
00:45:43,991 --> 00:45:45,367
<font color="#ffbf46">ඇත්තටම මොකක්ද මේ වෙන්නේ?</font>

741
00:45:48,662 --> 00:45:50,330
<font color="#ffbf46">සභාපති ජෑන්ග් හ්යොන්-බේ.</font>

742
00:45:52,291 --> 00:45:54,585
<font color="#ffbf46">එයා මගේ තාත්තා.
හැබැයි මම එයාත් එක්ක තියෙන සම්බන්ධකම් නතර කරලා තියෙන්නේ.</font>

743
00:45:56,170 --> 00:45:58,172
<font color="#ffbf46">මොකක්? මොකක් කිව්වා?</font>

744
00:46:09,016 --> 00:46:09,850
<font color="#ffbf46">උඩට යන්න.</font>

745
00:46:10,601 --> 00:46:11,768
<font color="#ffbf46">හොඳයි.</font>

746
00:46:11,852 --> 00:46:12,728
<font color="#ffbf46">වැඩේ හොඳයි.</font>

747
00:46:16,565 --> 00:46:17,983
<font color="#ffbf46">නීතිඥ වූ. ඔව්, සර්?</font>

748
00:46:18,066 --> 00:46:21,904
<font color="#ffbf46">ඔයාට මේ නඩුව ගැන විශ්වාසයි
නේද? අනිවාර්යයෙන්ම සර්.</font>

749
00:46:21,987 --> 00:46:23,363
<font color="#ffbf46">මාව විශ්වාස කරන්නකෝ.</font>

750
00:46:23,447 --> 00:46:26,158
<font color="#ffbf46">හැම නීතිඥයෙක්ම කියන්නේ ඔහොම තමයි. ඒත්...</font>

751
00:46:26,241 --> 00:46:28,535
<font color="#ffbf46">හිරේට නියම වුණාට පස්සේ,</font>

752
00:46:28,619 --> 00:46:31,747
<font color="#ffbf46">මට නීතිඥයෝ කියන බොරු විශ්වාස නෑ.</font>

753
00:46:35,501 --> 00:46:37,794
<font color="#ffbf46">ඔයාට ඇත්තටම මේ නඩුව ගැන ෂුවර්ද?</font>

754
00:46:39,421 --> 00:46:40,255
<font color="#ffbf46">මේ...</font>

755
00:46:41,256 --> 00:46:42,090
<font color="#ffbf46">ඒ කියන්නේ...</font>

756
00:46:47,763 --> 00:46:52,309
<font color="#ffbf46">ගිය පාර, මම ඔයාට කිව්වා මගේ තාත්තා ගැන,
එයා හැම සතියෙම මට ගහන හැටි ගැන.</font>

757
00:46:52,893 --> 00:46:56,313
<font color="#ffbf46">ඒ කෙනා තමයි සභාපති ජෑන්ග් හ්යොන්-බේ.</font>

758
00:46:56,980 --> 00:46:57,898
<font color="#ffbf46">අම්මෝ.</font>

759
00:46:58,982 --> 00:46:59,900
<font color="#ffbf46">ජෑන්ග් මහත්තයෝ.</font>

760
00:47:00,484 --> 00:47:03,695
<font color="#ffbf46">මට සමාවෙන්න හැමෝම.</font>

761
00:47:03,779 --> 00:47:06,073
<font color="#ffbf46">මට ඔයාලව රවට්ටන්න ඕන වුණේ නෑ,</font>

762
00:47:07,741 --> 00:47:09,701
<font color="#ffbf46">ඒත් මට ඇත්ත කියන්න හයියක් තිබුණෙ නෑ.</font>

763
00:47:09,785 --> 00:47:12,913
<font color="#ffbf46">එතකොට, ඔයා ලොකු පවුලක
අනියම් දරුවෙක්ද?</font>

764
00:47:12,996 --> 00:47:15,541
<font color="#ffbf46">අම්මෝ, මට ඉරිසියාවෙ බැහැ.</font>

765
00:47:15,624 --> 00:47:16,792
<font color="#ffbf46">කමක් නෑ.</font>

766
00:47:16,875 --> 00:47:20,546
<font color="#ffbf46">කමක් නෑ නන්-හී.
මට දැන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි.</font>

767
00:47:21,421 --> 00:47:24,633
<font color="#ffbf46">ඒත් ඇත්තටම,
ඔයා මොන වගේ ජීවිතයක්ද ගත කළේ?</font>

768
00:47:25,175 --> 00:47:27,678
<font color="#ffbf46">ඔයා කිව්වා ඔයා කම්කරු සමිති එක්ක වැඩ කළා කියලා,</font>

769
00:47:27,761 --> 00:47:29,721
<font color="#ffbf46">එයාලා වෙනුවෙන් සටන් කළා කියලා.</font>

770
00:47:33,934 --> 00:47:35,978
<font color="#ffbf46">ඇත්තටම, මම ඒ හැමදේම කළේ</font>

771
00:47:37,354 --> 00:47:39,773
<font color="#ffbf46">මම එයාට පුදුම විදිහට වෛර කළ නිසා.</font>

772
00:47:40,732 --> 00:47:43,277
<font color="#ffbf46">මට එයා වගේ වෙන්න ඕන වුණේ නෑ.</font>

773
00:47:43,902 --> 00:47:46,572
<font color="#ffbf46">එයාට පිස්සු හැදෙන ඕනම දෙයක් මම කළා,</font>

774
00:47:46,655 --> 00:47:48,156
<font color="#ffbf46">ඒක තමයි මාව මෙතනට ගෙනාවේ.</font>

775
00:47:48,824 --> 00:47:53,453
<font color="#ffbf46">ඒක පළිගන්න හිතාගෙන කරපු
ළාමක වැඩක් වෙන්න ඇති.</font>

776
00:47:54,663 --> 00:47:57,457
<font color="#ffbf46">කවුද පළිගන්න ඕන නිසා ඔච්චර දුර යන්නේ?</font>

777
00:47:57,541 --> 00:47:59,209
<font color="#ffbf46">ජෑන්ග් මහත්තයෝ.</font>

778
00:47:59,876 --> 00:48:01,628
<font color="#ffbf46">ඔයා කොහොමත් එයා වගේ කෙනෙක් නෙමෙයි.</font>

779
00:48:02,296 --> 00:48:06,091
<font color="#ffbf46">ඒක ඇත්ත. ඔයාගෙ පෙනුමත් වෙනස්.
මට ෂුවර් ඔයා ඔයාගෙ අම්මා වගේ ඇති.</font>

780
00:48:06,174 --> 00:48:07,593
<font color="#ffbf46">ඔව්, අම්මගේ පැත්ත වගේ වෙන්න ඇති නේද?</font>

781
00:48:08,760 --> 00:48:10,721
<font color="#ffbf46">ස්තූතියි, හැමෝටම.</font>

782
00:48:11,430 --> 00:48:12,264
<font color="#ffbf46">ඒත් කන්ග් මහත්තයෝ.</font>

783
00:48:12,347 --> 00:48:14,766
<font color="#ffbf46">ඔව්? ඔයා කොහොමද ඒක හරියටම දැනගත්තේ?</font>

784
00:48:16,727 --> 00:48:18,478
<font color="#ffbf46">ඉතින්, මට ඒක දැනගන්න ලැබුණා</font>

785
00:48:19,354 --> 00:48:22,399
<font color="#ffbf46">පොඩි පොඩි දේවල් එකතු කරලා බලද්දි.</font>

786
00:48:23,025 --> 00:48:26,987
<font color="#ffbf46">කන්ග් මහත්තයෝ, ඔයා මං ගැන වද වුණා
නේද?</font>

787
00:48:27,070 --> 00:48:30,282
<font color="#ffbf46">මොකද ඔයාට උසාවියේදී සටන් කරන්න වෙන්නේ
මගේ තාත්තට එරෙහිව නිසා.</font>

788
00:48:31,742 --> 00:48:32,618
<font color="#ffbf46">ජෑන්ග් මහත්තයෝ.</font>

789
00:48:34,536 --> 00:48:36,580
<font color="#ffbf46">මං ගැන කොහෙත්ම හිතන්න එපා,</font>

790
00:48:37,331 --> 00:48:39,124
<font color="#ffbf46">ඔයාට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්න.</font>

791
00:48:39,207 --> 00:48:42,377
<font color="#ffbf46">මමත් සටන් කරනවා</font>

792
00:48:43,211 --> 00:48:45,255
<font color="#ffbf46">එයාව නීතිය ඉදිරියට ගේන්න.</font>

793
00:48:48,967 --> 00:48:50,636
<font color="#ffbf46">ඔයාට ඇත්තටම ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද?</font>

794
00:48:51,386 --> 00:48:54,431
<font color="#ffbf46">මේ නඩුව මම වෙනුවෙන්වත් ඔයා වෙනුවෙන්වත් නෙමෙයි.</font>

795
00:48:54,973 --> 00:48:59,436
<font color="#ffbf46">එයා ගොඩක් මිනිස්සුන්ට දුක් දීලා තියෙනවා.</font>

796
00:49:00,062 --> 00:49:04,816
<font color="#ffbf46">මේක එයාලා වෙනුවෙන් කරන සටනක්.</font>

797
00:49:06,485 --> 00:49:07,861
<font color="#ffbf46">අපි මේක කරන්නම ඕනේ.</font>

798
00:49:17,663 --> 00:49:19,331
<font color="#ffbf46">සෝල් මධ්‍යම දිස්ත්‍රික් උසාවිය</font>

799
00:49:19,414 --> 00:49:20,916
<font color="#ffbf46">අංක 305 අධිකරණ ශාලාව, අද නඩු විභාග</font>

800
00:49:20,999 --> 00:49:22,793
<font color="#ffbf46">පැමිණිලි පාර්ශවය ජෑන්ග්, විත්තිකරු කන්ග්
විභාගය ඇරඹේ</font>

801
00:49:22,876 --> 00:49:24,795
<font color="#ffbf46">- පැමිණිල්ලේ නීතිඥතුමා. ඔව්, ස්වාමීනි?</font>

802
00:49:24,878 --> 00:49:27,005
<font color="#ffbf46">ඔබ වන්දි ඉල්ලීමක් ගොනු කරලා තියෙනවා,
විත්තිකරු</font>

803
00:49:27,089 --> 00:49:30,676
<font color="#ffbf46">ද්වේශ සහගත නඩුවකින් ඔබේ සේවාදායකයාව හිරේ යැව්වා කියලා.
මේක හරිද?</font>

804
00:49:30,759 --> 00:49:32,844
<font color="#ffbf46">ඔව්, විත්තිකරු මගේ සේවාදායකයාව
හිරේ යවන්න පාවිච්චි කළ</font>

805
00:49:32,928 --> 00:49:34,763
<font color="#ffbf46">ප්‍රධාන අපරාධ ක්‍රියාවන් වුණේ</font>

806
00:49:34,846 --> 00:49:37,265
<font color="#ffbf46">එයාගෙ ලේකම්වරුන්ට වාචිකව සහ කායිකව හිංසා කළා කියන එක</font>

807
00:49:37,349 --> 00:49:41,687
<font color="#ffbf46">සහ මෙහෙකාරියන්ට ලිංගික අතවර කළා කියන එක.</font>

808
00:49:41,770 --> 00:49:45,440
<font color="#ffbf46">නමුත් සියලුම ලේකම්වරු ඉස්සරහට ඇවිල්ලා</font>

809
00:49:45,524 --> 00:49:48,735
<font color="#ffbf46">ප්‍රකාශ කළා එහෙම දේවල් කවදාවත් වුණේ නෑ කියලා.</font>

810
00:49:48,819 --> 00:49:52,030
<font color="#ffbf46">මේ තියෙන්නේ එයාලගේ ප්‍රකාශ.</font>

811
00:49:52,114 --> 00:49:54,825
<font color="#ffbf46">මම මේවා අතිරේක සාක්ෂි විදිහට ඉදිරිපත් කරනවා.</font>

812
00:49:54,908 --> 00:49:57,703
<font color="#ffbf46">ඒ වගේම ගෘහ සේවිකාවන්ට කරපු ලිංගික අතවර සම්බන්ධයෙන්,</font>

813
00:49:57,786 --> 00:50:01,623
<font color="#ffbf46">වින්දිතයන්ගේ ප්‍රකාශ හැර වෙනත් සාක්ෂි නැති නිසා,</font>

814
00:50:01,707 --> 00:50:05,335
<font color="#ffbf46">ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් මගේ සේවාදායකයාව
නිදොස් කොට නිදහස් කරලා තියෙන්නේ.</font>

815
00:50:05,419 --> 00:50:09,673
<font color="#ffbf46">විත්තිකරු පදනමක් නැතුව බොරු චෝදනා නගලා හිරේ දැම්මා</font>

816
00:50:09,756 --> 00:50:12,926
<font color="#ffbf46">කොරියාවේ ආර්ථිකය මෙහෙයවන ව්‍යාපාරිකයෙක්ව.</font>

817
00:50:13,009 --> 00:50:16,847
<font color="#ffbf46">එවැනි අපරාධවලට ඔහුට සුදුසු දඬුවම් ලැබෙන්න ඕන නේද?</font>

818
00:50:20,892 --> 00:50:23,186
<font color="#ffbf46">ස්වාමීනි. ඔව්, කන්ග් මහත්තයා?</font>

819
00:50:23,270 --> 00:50:26,189
<font color="#ffbf46">මම පැමිණිල්ලේ නීතිඥවරයාගේ ප්‍රකාශයට හොඳින් ඇහුම්කන් දුන්නා.</font>

820
00:50:26,273 --> 00:50:29,401
<font color="#ffbf46">ඒ වගේම, ඒකට එරෙහිව මාව ආරක්ෂා කරගන්න නම්,</font>

821
00:50:29,484 --> 00:50:32,571
<font color="#ffbf46">මම උසාවියෙන් ඉල්ලනවා මෙතනට එන්න බැරි තරම්
කාර්යබහුල වුණු කෙනාව කැඳවන්න කියලා.</font>

822
00:50:32,654 --> 00:50:33,697
<font color="#ffbf46">මූ ආයෙත් පටන් ගත්තා...</font>

823
00:50:33,780 --> 00:50:37,576
<font color="#ffbf46">මම ඉල්ලා සිටිනවා සෘජුවම ප්‍රශ්න කරන්න</font>

824
00:50:37,659 --> 00:50:40,370
<font color="#ffbf46">පැමිණිලිකරු වන සභාපති ජෑන්ග් හ්යොන්-බේව.</font>

825
00:50:40,454 --> 00:50:44,249
<font color="#ffbf46">එම ඉල්ලීම අනවශ්‍යයි ස්වාමීනි.
සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ප්‍රමාණවත්.</font>

826
00:50:44,332 --> 00:50:48,587
<font color="#ffbf46">ඇයි ඔබ ඉස්සෙල්ලාම සාක්ෂිකරුවන් විදිහට
ලේකම්වරුන්ව කැඳවන්නේ නැත්තේ?</font>

827
00:50:49,212 --> 00:50:53,425
<font color="#ffbf46">ඔවුන් තමන්ගේ ප්‍රකාශ වෙනස් කළා,
තමන්ට කවදාවත් හිංසා කළේ නෑ කියලා.</font>

828
00:50:54,342 --> 00:50:55,510
<font color="#ffbf46">ඒක නිවැරදියි, ස්වාමීනි.</font>

829
00:50:55,594 --> 00:50:56,595
<font color="#ffbf46">නමුත්, පැමිණිල්ලේ නීතිඥතුමා,</font>

830
00:50:56,678 --> 00:51:00,599
<font color="#ffbf46">සභාපති ජෑන්ග් හිරේට ගියාට පස්සේ,
ඒ සේවකයින්ව මාරු කරලා යැව්වේ නැද්ද</font>

831
00:51:00,682 --> 00:51:02,434
<font color="#ffbf46">දුෂ්කර පළාත්වලට,</font>

832
00:51:02,517 --> 00:51:05,145
<font color="#ffbf46">ඊටපස්සේ මෑතකදි නේද ආපහු මූලස්ථානයට ගත්තේ?</font>

833
00:51:06,354 --> 00:51:08,690
<font color="#ffbf46">එයාලගෙ ප්‍රකාශ වෙනස් කළාට පස්සෙමයි නේද?</font>

834
00:51:09,316 --> 00:51:13,737
<font color="#ffbf46">ඒක අන්තිමේදී සාමාන්‍ය සේවක මාරුවීම් ක්‍රියාවලියක්--</font>

835
00:51:13,820 --> 00:51:16,364
<font color="#ffbf46">මට හිතාගන්න පුළුවන්
එයාලට කොච්චර පීඩනයක් එන්න ඇද්ද කියලා</font>

836
00:51:16,448 --> 00:51:20,494
<font color="#ffbf46">තොරතුරු හෙළිකරන්නන් විදිහට හංවඩු ගැහුණට පස්සේ.</font>

837
00:51:21,244 --> 00:51:23,330
<font color="#ffbf46">පැමිණිල්ලේ නීතිඥතුමා ඒකට නම් හරි දක්ෂයි.</font>

838
00:51:23,413 --> 00:51:26,208
<font color="#ffbf46">ස්වාමීනි, මෙයා මේ-- මට අවශ්‍ය
නෑ ඔවුන්ව නැවත උසාවියට ගෙන්වලා</font>

839
00:51:26,291 --> 00:51:28,627
<font color="#ffbf46">ඔවුන්ට බොරු සාක්ෂි දීමේ පීඩනයක් ඇති කරන්න.</font>

840
00:51:28,710 --> 00:51:32,172
<font color="#ffbf46">ඒක හරිම කුරිරුයි.
මට විරුද්ධව මේ නඩුව දාපු කෙනා නේද</font>

841
00:51:32,255 --> 00:51:36,635
<font color="#ffbf46">ඉස්සෙල්ලාම ඇවිල්ලා එයාගෙ පැත්ත කියන්න ඕන,
ඒක නේද සාමාන්‍ය ස්වභාවය?</font>

842
00:51:37,219 --> 00:51:41,181
<font color="#ffbf46">උදාහරණයක් විදිහට, යූ ජේ-බොම් මහත්තයා,
ගිය පාර නඩුවේදී මට විරුද්ධව නඩු දාපු කෙනා,</font>

843
00:51:41,264 --> 00:51:43,266
<font color="#ffbf46">හැම වෙලාවෙම උසාවියට ආවා</font>

844
00:51:43,350 --> 00:51:47,437
<font color="#ffbf46">එයා හිරභාරයේ හිටියත්,
මොකද එයාට මාව දකින්න ලොකු ඕනකමක් තිබුණා.</font>

845
00:51:49,147 --> 00:51:51,983
<font color="#ffbf46">ඇයි සභාපති ජෑන්ග්ට මාව දකින්න ඕන නැද්ද?</font>

846
00:51:52,818 --> 00:51:58,406
<font color="#ffbf46">මට කියන්න එපා එයාට ආත්ම විශ්වාසයක් නෑ කියලා
මූණට මූණ බලලා කතා කරන්න.</font>

847
00:51:58,490 --> 00:52:01,117
<font color="#ffbf46">මම එයාට කෝල් එකක් ගන්නද
නැත්නම්-- නිශ්ශබ්ද වෙන්න.</font>

848
00:52:08,291 --> 00:52:09,876
<font color="#ffbf46">ප්‍රශ්න කිරීම සඳහා නඩු දිනය දැන්වීම</font>

849
00:52:39,865 --> 00:52:40,866
<font color="#ffbf46">ෂික්.</font>

850
00:52:43,243 --> 00:52:45,036
<font color="#ffbf46">මම අලුත් එකක් හදන්නම්.</font>

851
00:53:02,846 --> 00:53:04,431
<font color="#ffbf46">සිවිල් අභියාචනා අධිකරණය</font>

852
00:53:04,514 --> 00:53:06,933
<font color="#ffbf46">හරි. උඹට ඔච්චරටම දැනගන්න ඕන මොකක්ද?</font>

853
00:53:07,017 --> 00:53:07,934
<font color="#ffbf46">අහපන්.</font>

854
00:53:08,768 --> 00:53:11,146
<font color="#ffbf46">වෙලාව වෙන් කරගෙන මෙතනට ආවට ස්තූතියි සභාපතිතුමා.</font>

855
00:53:11,688 --> 00:53:12,814
<font color="#ffbf46">ඒ ගැන හිතන්න එපා.</font>

856
00:53:13,565 --> 00:53:15,400
<font color="#ffbf46">ඒක නිකම් පිළිගැනීමක් විතරයි.</font>

857
00:53:15,483 --> 00:53:17,068
<font color="#ffbf46">මම ඔබට "පැමිණිලිකරු" කියලා ආමන්ත්‍රණය කරන්නම්.</font>

858
00:53:17,152 --> 00:53:19,446
<font color="#ffbf46">ඔබ කියන්නේ ඔබේ ලේකම්වරුන්ට</font>

859
00:53:19,529 --> 00:53:22,824
<font color="#ffbf46">ඔබ බැණ වැදිලා පහර දුන්නා කියලා මම තීන්දුවක් දුන්නේ</font>

860
00:53:22,908 --> 00:53:25,160
<font color="#ffbf46">කිසිම සාක්ෂියක් නැතුව කියලා නේද? හරිද?</font>

861
00:53:25,243 --> 00:53:29,164
<font color="#ffbf46">මම අනුන්ට අත උස්සන
ජාතියේ මනුස්සයෙක් නෙවෙයි.</font>

862
00:53:29,956 --> 00:53:33,710
<font color="#ffbf46">එතකොට ගෘහ සේවිකාවන්ට කරපු
ලිංගික අතවර ගැනත් කියන්නේ ඒ ටිකමද?</font>

863
00:53:33,793 --> 00:53:37,130
<font color="#ffbf46">ඕක මහ විහිළු සහගත මඩ ගැසීමක්!
තමුන්ට කොහොමද ඒක අහන්න හයියක් ආවේ?</font>

864
00:53:37,714 --> 00:53:39,507
<font color="#ffbf46">ඒක හරිම පුදුමයිනේ.</font>

865
00:53:39,591 --> 00:53:41,885
<font color="#ffbf46">මට හොඳට මතකයි</font>

866
00:53:41,968 --> 00:53:44,512
<font color="#ffbf46">එදා ඔබ ඒ වින්දිතයන් එක්ක සමථයකට එන්න හැදුවා,</font>

867
00:53:44,596 --> 00:53:47,015
<font color="#ffbf46">ඒ නිසා ඔබ මගෙන් තව කල් ඉල්ලුවා.</font>

868
00:53:47,641 --> 00:53:51,728
<font color="#ffbf46">ස්වාමීනි, අපි මේ ගැන ලිඛිත ප්‍රකාශයක් මගින්
දැනටමත් පැහැදිලි කරලා තියෙනවා.</font>

869
00:53:51,811 --> 00:53:55,106
<font color="#ffbf46">ඒ වෙලාවේ හරිම තීරණාත්මක
ජාත්‍යන්තර ගනුදෙනුවක් සිද්ධ වෙන්නයි තිබුණේ.</font>

870
00:53:55,190 --> 00:53:57,525
<font color="#ffbf46">ඒ නිසා, ඒක අසාධාරණයි කියලා හිතුණත්,
එතුමාට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ</font>

871
00:53:57,609 --> 00:53:59,861
<font color="#ffbf46">නඩුව ඉවර කරගන්න සමථයකට එනවා ඇරෙන්න.</font>

872
00:53:59,945 --> 00:54:03,531
<font color="#ffbf46">විත්තිකරු මේ ගැන හොඳටම දැනගෙන හිටියා,
ඒත් එයා නඩුව ගෙනිච්චේ</font>

873
00:54:03,615 --> 00:54:06,618
<font color="#ffbf46">මගේ සේවාදායකයාව අපහසුතාවයට පත් කරලා
එයාගේ ජනප්‍රියත්වය වැඩි කරගන්න.</font>

874
00:54:07,327 --> 00:54:08,954
<font color="#ffbf46">එයාව අපහසුතාවයට පත් කරන්න?</font>

875
00:54:10,038 --> 00:54:11,206
<font color="#ffbf46">හරි.</font>

876
00:54:12,040 --> 00:54:13,083
<font color="#ffbf46">ස්වාමීනි.</font>

877
00:54:13,166 --> 00:54:16,878
<font color="#ffbf46">මගේ නීතිඥවරයාට ප්‍රශ්න කිරීම්
ඉස්සරහට කරගෙන යන්න අවසරද?</font>

878
00:54:16,962 --> 00:54:19,297
<font color="#ffbf46">- ඔව්, කරගෙන යන්න.
- ස්තුතියි.</font>

879
00:54:26,429 --> 00:54:29,432
<font color="#ffbf46">පාක් මෙනවිය නෙවෙයිද ප්‍රශ්න කරන්නේ?</font>

880
00:54:43,071 --> 00:54:45,407
<font color="#ffbf46">මම නීතිඥ ජැන්ග් යොන්ග්-සිල්, ස්වාමීනි.</font>

881
00:54:45,490 --> 00:54:46,366
<font color="#ffbf46">හොඳයි.</font>

882
00:55:07,804 --> 00:55:09,097
<font color="#ffbf46">ඔයාට විශ්වාසද අවුලක් වෙන එකක් නෑ කියලා?</font>

883
00:55:12,767 --> 00:55:16,062
<font color="#ffbf46">ඔයා මේක කරන්නම ඕනේ නෑ. අපිට පුළුවන් මේක කරන්න.</font>

884
00:55:16,146 --> 00:55:17,147
<font color="#ffbf46">නෑ.</font>

885
00:55:17,731 --> 00:55:21,192
<font color="#ffbf46">අද, මට මේක කරන්න ඕනේ.</font>

886
00:55:29,534 --> 00:55:31,578
<font color="#ffbf46">විත්තියේ නීතිඥතුමා, ප්‍රශ්න කිරීම පටන් ගන්න.</font>

887
00:55:37,625 --> 00:55:40,336
<font color="#ffbf46">- පැමිණිලිකරු…
- ඔයාව හම්බවුණ එක ගැන සතුටුයි,</font>

888
00:55:41,671 --> 00:55:43,089
<font color="#ffbf46">නීතිඥ ජැන්ග්.</font>

889
00:55:43,173 --> 00:55:46,342
<font color="#ffbf46">මම හිතුවෙ නෑ තාත්තයි පුතයි අතරේ හමුවීමක්
මේ වගේ තැනක සිද්ධ වෙයි කියලා.</font>

890
00:55:47,343 --> 00:55:48,887
<font color="#ffbf46">- ඒ දෙන්නා තාත්තයි පුතයිද?
- ඔය දෙන්නා?</font>

891
00:55:48,970 --> 00:55:50,221
<font color="#ffbf46">- ඇත්තටම?
- එහෙම තමයි පේන්නේ.</font>

892
00:55:52,015 --> 00:55:53,641
<font color="#ffbf46">ඔබ කිව්වේ තාත්තයි පුතයි කියලාද?</font>

893
00:55:54,267 --> 00:55:57,729
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.
විත්තිකරුගේ නීතිඥ, ජැන්ග් මහත්මයා,</font>

894
00:55:57,812 --> 00:56:01,858
<font color="#ffbf46">සභාපති ජැන්ග්ගේ ලේ නෑයෙක්.</font>

895
00:56:01,941 --> 00:56:05,570
<font color="#ffbf46">නමුත් මෙයා ගෙදරින් පැනලා ගිය දවසේ ඉඳන්
ඒ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.</font>

896
00:56:05,653 --> 00:56:07,530
<font color="#ffbf46">ඇති ඔය ගැන කතා කළා.</font>

897
00:56:08,740 --> 00:56:11,201
<font color="#ffbf46">ස්වාමීනි, නීතිඥයෙක්ට නඩුවකින් අයින් වෙන්න කියලා</font>

898
00:56:11,284 --> 00:56:15,163
<font color="#ffbf46">නීතියක් නැති වුණාට,
මේක නුසුදුසුයි කියලා හිතෙන්නේ නැද්ද?</font>

899
00:56:15,246 --> 00:56:21,044
<font color="#ffbf46">තාත්තයි පුතයි අතරේ මේ වගේ ප්‍රශ්න කිරීමක් කරන එක
ටිකක්--</font>

900
00:56:21,127 --> 00:56:23,213
<font color="#ffbf46">නෑ, ඒකේ ප්‍රශ්නයක් නෑ.</font>

901
00:56:24,339 --> 00:56:26,091
<font color="#ffbf46">තාත්තා කෙනෙක් විදිහට මට කරන්න දෙයක් නෑ.</font>

902
00:56:26,174 --> 00:56:30,220
<font color="#ffbf46">මෙයා පොඩි කාලේ,
මම නිතරම වද වුණා</font>

903
00:56:30,303 --> 00:56:32,597
<font color="#ffbf46">මෙයා කවදාවත් හරියට හැදෙන
මනුස්සයෙක් වෙන්නේ නෑ කියලා.</font>

904
00:56:32,680 --> 00:56:36,059
<font color="#ffbf46">ඒත් මෙයා අද මෙතන බොහොම විශ්වාසෙන්
හිටගෙන ඉන්නවා දැක්කම,</font>

905
00:56:36,142 --> 00:56:38,561
<font color="#ffbf46">මගේ හිතට ඒ සතුට හොඳටම ඇති.</font>

906
00:56:38,645 --> 00:56:41,773
<font color="#ffbf46">අහන්න ජැන්ග් මහත්තයා, ඕන දෙයක් අහන්න.</font>

907
00:56:47,487 --> 00:56:48,738
<font color="#ffbf46">පැ… පැමිණිලිකරු.</font>

908
00:56:49,364 --> 00:56:50,698
<font color="#ffbf46">මොකක්ද?</font>

909
00:56:52,325 --> 00:56:55,620
<font color="#ffbf46">මට ඇහෙන්නේ නෑ.
කරුණාකරලා ටිකක් හයියෙන් කතා කරනවද?</font>

910
00:56:57,163 --> 00:56:59,707
<font color="#ffbf46">- පැමිණිලිකරු…
- කාත් එක්ක හරි කතා කරනකොට!</font>

911
00:57:00,834 --> 00:57:03,878
<font color="#ffbf46">ඇස් දිහා බලලා කතා කරන එක තමයි
හොඳ පුරුද්ද කියලා මම කියලා දීලා නැද්ද?</font>

912
00:57:04,546 --> 00:57:06,297
<font color="#ffbf46">දැන් මේ කොහෙද බලන් ඉන්නේ?</font>

913
00:57:16,141 --> 00:57:17,767
<font color="#ffbf46">මම කිව්වේ නැද්ද...</font>

914
00:57:21,104 --> 00:57:23,356
<font color="#ffbf46">කාත් එක්ක හරි කතා කරනකොට
ඇස් දිහා බලන්න කියලා?</font>

915
00:57:24,566 --> 00:57:25,775
<font color="#ffbf46">මම කිව්වේ නැද්ද?</font>

916
00:57:32,407 --> 00:57:35,201
<font color="#ffbf46">පැමිණිලිකරු, මේක උසාවියක්!</font>

917
00:57:35,285 --> 00:57:38,371
<font color="#ffbf46">තමුන් දෙන්නා කොච්චර ළඟින් ආශ්‍රය කළත්,
කරුණාකරලා ගෞරවයක් ඇතුව හැසිරෙන්න!</font>

918
00:57:40,623 --> 00:57:42,459
<font color="#ffbf46">කන්ග් මහත්තයා, මොකද මේ කරන්නේ?</font>

919
00:57:43,084 --> 00:57:46,379
<font color="#ffbf46">විනිසුරුතුමා කියන්න ඕන දේ තමයි මම මේ කිව්වේ.</font>

920
00:57:46,463 --> 00:57:50,300
<font color="#ffbf46">එහෙම නේද ස්වාමීනි?
මම විනිසුරුවරයෙක් වෙලා ඉන්න කාලෙත් කළේ ඕකමයි.</font>

921
00:57:50,383 --> 00:57:51,968
<font color="#ffbf46">කන්ග් මහත්තයා, කරුණාකරලා වාඩි වෙන්න.</font>

922
00:57:52,051 --> 00:57:54,095
<font color="#ffbf46">- වාඩි වෙන්න.
- එහෙමයි ස්වාමීනි.</font>

923
00:57:55,513 --> 00:57:58,099
<font color="#ffbf46">පැමිණිලිකරු, පරිස්සමින්.</font>

924
00:57:58,183 --> 00:58:01,060
<font color="#ffbf46">සමාවෙන්න ස්වාමීනි.
මම කල්පනාවෙන් ඉන්නම්.</font>

925
00:58:03,146 --> 00:58:04,355
<font color="#ffbf46">විත්තියේ නීතිඥතුමා.</font>

926
00:58:06,858 --> 00:58:08,109
<font color="#ffbf46">කරුණාකරලා පටන් ගන්න.</font>

927
00:58:08,735 --> 00:58:09,777
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.</font>

928
00:58:15,867 --> 00:58:16,868
<font color="#ffbf46">පැ…</font>

929
00:58:16,951 --> 00:58:17,952
<font color="#ffbf46">- මොකක්ද?
- පැ…</font>

930
00:58:18,620 --> 00:58:20,580
<font color="#ffbf46">පැ… පැමිණිලිකරු…</font>

931
00:58:22,081 --> 00:58:23,374
<font color="#ffbf46">පැ…</font>

932
00:58:25,502 --> 00:58:28,755
<font color="#ffbf46">ඔව්, පැමිණිලිකරු ඔතනම ඉන්නවා.
එයා කොහෙවත් යන්නේ නෑ.</font>

933
00:58:28,838 --> 00:58:31,549
<font color="#ffbf46">හිමීට අහන්න.</font>

934
00:58:33,843 --> 00:58:36,012
<font color="#ffbf46">මේක නිසා නඩුව
ගොඩක් පරක්කු වෙනවා.</font>

935
00:58:36,095 --> 00:58:38,640
<font color="#ffbf46">විත්ති පාර්ශ්වය,
තව කොච්චර වෙලා මේක මෙහෙම කරනවාද?</font>

936
00:58:39,307 --> 00:58:41,768
<font color="#ffbf46">ස්වාමීනි, මෙතන ඉඳන් මම කරගෙන--</font>

937
00:58:42,477 --> 00:58:43,561
<font color="#ffbf46">මට පුළුවන්.</font>

938
00:58:44,771 --> 00:58:46,356
<font color="#ffbf46">- පාක් මෙනවිය.
- පාක් මෙනවිය, මම…</font>

939
00:58:47,941 --> 00:58:48,858
<font color="#ffbf46">මට පුළුවන්.</font>

940
00:59:03,456 --> 00:59:04,707
<font color="#ffbf46">ස්වාමීනි.</font>

941
00:59:04,791 --> 00:59:05,792
<font color="#ffbf46">මට…</font>

942
00:59:08,461 --> 00:59:11,005
<font color="#ffbf46">ප්‍රශ්න කිරීම කරගෙන යන්න අවසරද?</font>

943
00:59:11,965 --> 00:59:14,425
<font color="#ffbf46">- ඔව්, ඔබට පුළුවන්.
- ස්තුතියි.</font>

944
00:59:23,142 --> 00:59:24,060
<font color="#ffbf46">පැමිණිලිකරු.</font>

945
00:59:26,563 --> 00:59:28,314
<font color="#ffbf46">කරුණාකරලා උත්තර දෙන්න</font>

946
00:59:29,607 --> 00:59:30,441
<font color="#ffbf46">මගේ ප්‍රශ්නයට.</font>

947
00:59:32,610 --> 00:59:33,611
<font color="#ffbf46">හා හොඳයි.</font>

948
00:59:34,404 --> 00:59:37,532
<font color="#ffbf46">ඔබ කෙනෙක්ට ගහන්න කලින්,</font>

949
00:59:38,866 --> 00:59:39,867
<font color="#ffbf46">ඔබ…</font>

950
00:59:41,369 --> 00:59:42,370
<font color="#ffbf46">හැම තිස්සෙම…</font>

951
00:59:43,371 --> 00:59:44,914
<font color="#ffbf46">හැම තිස්සෙම එයාලව දණ ගස්සනවා. හරි නේද?</font>

952
00:59:45,623 --> 00:59:46,624
<font color="#ffbf46">මොකක්?</font>

953
00:59:46,708 --> 00:59:49,544
<font color="#ffbf46">ඔබ දන්නවාද ගුටිකන එකට වඩා බයයි කියලා…</font>

954
00:59:53,006 --> 00:59:54,132
<font color="#ffbf46"><i>ගුටි කන්න…</i></font>

955
00:59:55,258 --> 00:59:57,135
<font color="#ffbf46"><i>බලාගෙන ඉන්න එක…</i></font>

956
01:00:00,263 --> 01:00:01,806
<font color="#ffbf46">ඇත්තටම ගුටි කනවාට වඩා?</font>

957
01:00:01,889 --> 01:00:04,309
<font color="#ffbf46">මට හරියට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් අහනවද?</font>

958
01:00:04,976 --> 01:00:08,271
<font color="#ffbf46">මට අදාළ නැති විකාර දේවල් කියවන එක නවත්තන්න.</font>

959
01:00:09,897 --> 01:00:13,443
<font color="#ffbf46">ඔබට… අදාළ නෑ?</font>

960
01:00:13,526 --> 01:00:17,405
<font color="#ffbf46">ස්වාමීනි, විත්ති පාර්ශ්වය මේ අහන්නේ
කිසිම පදනමක් නැති, තේරුමක් නැති ප්‍රශ්න…</font>

961
01:00:21,576 --> 01:00:22,660
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

962
01:00:22,744 --> 01:00:26,164
<font color="#ffbf46">මේ සභාපති ජැන්ග්ගේ ලේකම් කාර්යාලයනේ.</font>

963
01:00:30,918 --> 01:00:32,128
<font color="#ffbf46"><i>ශික්.</i></font>

964
01:00:32,211 --> 01:00:34,255
<font color="#ffbf46"><i>තමුන් වගේ එකෙක්!</i></font>

965
01:00:34,339 --> 01:00:35,423
<font color="#ffbf46"><i>බලු වැඩ!</i></font>

966
01:00:38,843 --> 01:00:40,553
<font color="#ffbf46"><i>ශික්!</i></font>

967
01:00:41,554 --> 01:00:42,513
<font color="#ffbf46"><i>තමුසෙලා වගේ එවුන්!</i></font>

968
01:00:42,597 --> 01:00:44,182
<font color="#ffbf46">මම හිතන්නේ ඒ ඉන්නේ එයාම තමයි.</font>

969
01:00:45,933 --> 01:00:47,018
<font color="#ffbf46">උසාවිය නිශ්ශබ්ද වෙන්න.</font>

970
01:00:49,896 --> 01:00:51,481
<font color="#ffbf46">මොකක්ද ඔය වීඩියෝ එක?</font>

971
01:00:51,564 --> 01:00:56,194
<font color="#ffbf46">ඔක්කොම ලේකම්වරු එදා එයාලගේ ප්‍රකාශ වෙනස් කරලා කිව්වා නේද</font>

972
01:00:56,277 --> 01:00:58,237
<font color="#ffbf46">කිසිම පහර දීමක් සිද්ධ වුණේ නෑ කියලා?</font>

973
01:00:58,321 --> 01:00:59,238
<font color="#ffbf46">ඔව්, එයාලා එහෙම කිව්වා.</font>

974
01:00:59,906 --> 01:01:03,910
<font color="#ffbf46">ඒත් එක සේවකයෙක් හිටියා, ඇත්ත යට යනවා
බලාගෙන ඉන්න බැරි වුණු කෙනෙක්.</font>

975
01:01:04,744 --> 01:01:06,621
<font color="#ffbf46">එයා තමයි මේ වීඩියෝ එක අපිට එව්වේ.</font>

976
01:01:07,205 --> 01:01:09,374
<font color="#ffbf46">අපි මේක අතිරේක සාක්ෂියක් විදිහට ඉදිරිපත් කරනවා.</font>

977
01:01:10,667 --> 01:01:13,503
<font color="#ffbf46">ඕක වෙනස් කරපු වීඩියෝ එකක්!
ඕකේ මොනවා හරි සාක්ෂියක් තියෙනවද</font>

978
01:01:13,586 --> 01:01:15,922
<font color="#ffbf46">ඔය වීඩියෝ එකේ ඉන්නේ පැමිණිලිකරුමයි කියලා ඔප්පු කරන්න?</font>

979
01:01:16,005 --> 01:01:20,218
<font color="#ffbf46">මට විශ්වාසයි ස්වාමීනි ඕක තහවුරු නොකරපු,
සංස්කරණය කරපු වීඩියෝ එකක්!</font>

980
01:01:24,806 --> 01:01:28,768
<font color="#ffbf46">පැමිණිලිකරු, ඔබට විශ්වාසද ඒ ඉන්නේ ඔබ නෙවෙයි කියලා?</font>

981
01:01:30,728 --> 01:01:31,729
<font color="#ffbf46">ඒ මම නෙවෙයි.</font>

982
01:01:33,690 --> 01:01:36,693
<font color="#ffbf46">එහෙනම්, ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ඉන්න කෙනාගේ
රූපය පාවිච්චි කිරීමේ අයිතිය ගැන ප්‍රශ්නයක් නෑනේ.</font>

983
01:01:37,318 --> 01:01:38,569
<font color="#ffbf46">මෙතන ඉන්න මාධ්‍යවේදීන් හැමෝටම,</font>

984
01:01:38,653 --> 01:01:43,157
<font color="#ffbf46">අපි මේ වීඩියෝ එක ඕගොල්ලන්ට එවනවා,
ඉතින් මේක කැමති තරම් ප්‍රසිද්ධ කරන්න.</font>

985
01:01:43,241 --> 01:01:46,744
<font color="#ffbf46">- මේක පාවිච්චි කරන්න.
- ඔයාලට මේ වගේ මේක වෙනස් කරන්නත් පුළුවන්.</font>

986
01:01:47,578 --> 01:01:48,538
<font color="#ffbf46">මොකක්?</font>

987
01:01:51,958 --> 01:01:53,459
<font color="#ffbf46">මේ මොන විකාරයක්ද?</font>

988
01:01:53,543 --> 01:01:54,961
<font color="#ffbf46">මොකක්ද මේ කරන්නේ?</font>

989
01:01:56,587 --> 01:01:57,714
<font color="#ffbf46">ඔබමනේ දැන් කිව්වේ</font>

990
01:01:58,631 --> 01:02:01,843
<font color="#ffbf46">ඒ ඉන්නේ ඔබ නෙවෙයි කියලා.</font>

991
01:02:03,678 --> 01:02:04,971
<font color="#ffbf46">සමාවෙන්න.</font>

992
01:02:05,054 --> 01:02:06,639
<font color="#ffbf46">ස්වාමීනි!</font>

993
01:02:07,223 --> 01:02:09,976
<font color="#ffbf46">මෙයා සත්‍යය විකෘති කරනවා
වෙනස් කරපු වීඩියෝ එකක් පාවිච්චි කරලා.</font>

994
01:02:10,059 --> 01:02:11,644
<font color="#ffbf46">මූලාශ්‍රයක් තහවුරු කරපු නැති එකක්.</font>

995
01:02:11,728 --> 01:02:13,438
<font color="#ffbf46">කරුණාකරලා මැදිහත් වෙලා මෙයාව නවත්තන්න!</font>

996
01:02:14,063 --> 01:02:18,151
<font color="#ffbf46">ඔව්. විත්ති පාර්ශ්වය, කරුණාකරලා අනවශ්‍ය දේවල්
කියන එකෙන් වළකින්න.</font>

997
01:02:18,901 --> 01:02:20,361
<font color="#ffbf46">සමාවෙන්න ස්වාමීනි.</font>

998
01:02:21,028 --> 01:02:24,782
<font color="#ffbf46">ඉදිරිපත් කරපු වීඩියෝ එකේ සත්‍ය අසත්‍යතාව
උසාවිය විසින් තීරණය කරයි.</font>

999
01:02:24,866 --> 01:02:28,244
<font color="#ffbf46">එතකොට, ගෘහ සේවිකාවන්ට කරපු ලිංගික අතවර ගැන?</font>

1000
01:02:28,327 --> 01:02:32,081
<font color="#ffbf46">වින්දිතයන්ගේ ප්‍රකාශ ඇරෙන්න,
සාක්ෂි මදි නිසා,</font>

1001
01:02:32,165 --> 01:02:34,208
<font color="#ffbf46">ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තීන්දුව අවලංගු කළා.</font>

1002
01:02:34,959 --> 01:02:39,005
<font color="#ffbf46">ඇයි ඒකට අදාළ වීඩියෝ මුකුත් නැද්ද?
තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්නකෝ?</font>

1003
01:02:39,088 --> 01:02:41,048
<font color="#ffbf46">වීඩියෝ නෑ.</font>

1004
01:02:41,132 --> 01:02:45,261
<font color="#ffbf46">නැතුව. එහෙම සාක්ෂි තියෙන්නේ කොහොමද
සල්ලි කඩාගන්න හදන ගෑනු ටිකක් එකතු වෙලා</font>

1005
01:02:45,344 --> 01:02:48,431
<font color="#ffbf46">තමන්ගේ ස්වාමියාට බොරු චෝදනා කරපු නඩුවක--</font>

1006
01:02:48,514 --> 01:02:50,892
<font color="#ffbf46">ඒ වෙනුවට, අපිට සාක්ෂිකරුවෙක් ඉන්නවා.</font>

1007
01:02:52,018 --> 01:02:53,102
<font color="#ffbf46">ඒක මහ විහිළුවක්නේ…</font>

1008
01:02:53,770 --> 01:02:58,566
<font color="#ffbf46">ගෙදර ඇතුළේ සිද්ධ වුණා නම් කොහොමද
සාක්ෂිකරුවෙක් ඉන්නේ?</font>

1009
01:03:06,783 --> 01:03:07,784
<font color="#ffbf46">ස්වාමීනි.</font>

1010
01:03:09,452 --> 01:03:10,578
<font color="#ffbf46">අපි ඉල්ලීමක් කරනවා පැමිණිලිකරුගේ…</font>

1011
01:03:17,043 --> 01:03:18,044
<font color="#ffbf46">එක වහලක් යට ජීවත් වුණු,</font>

1012
01:03:19,921 --> 01:03:21,339
<font color="#ffbf46">ලී යුන්-හුයි මහත්මියව</font>

1013
01:03:22,965 --> 01:03:24,342
<font color="#ffbf46">සාක්ෂිකරුවෙක් විදිහට කැඳවන්න.</font>

1014
01:03:25,635 --> 01:03:26,636
<font color="#ffbf46">මොකක්?</font>

1015
01:03:53,454 --> 01:03:57,166
<font color="#ffbf46">ඒ ඔක්කොම මගේ වැරැද්ද.</font>

1016
01:03:58,209 --> 01:04:00,545
<font color="#ffbf46">මගේ ජීවිතේම හැංගිලා ජීවත් වෙලා,</font>

1017
01:04:01,254 --> 01:04:03,339
<font color="#ffbf46">මම වයසට ගියාට පස්සේ එයාගේ ගෙදරට ගියේ</font>

1018
01:04:04,048 --> 01:04:05,299
<font color="#ffbf46">මගේ හිතේ තිබුණ පුංචි බලාපොරොත්තුවක් නිසා…</font>

1019
01:04:08,719 --> 01:04:10,054
<font color="#ffbf46">එයා කවදාහරි පිළිගනීවි කියලා</font>

1020
01:04:11,305 --> 01:04:13,307
<font color="#ffbf46">එයාගේ එකම පුතාව</font>

1021
01:04:14,225 --> 01:04:15,685
<font color="#ffbf46">පවුලේ කෙනෙක් විදිහට.</font>

1022
01:04:18,813 --> 01:04:21,983
<font color="#ffbf46">ඒත් ඒ මනුස්සයා</font>

1023
01:04:23,651 --> 01:04:24,902
<font color="#ffbf46">මට සැලකුවේ</font>

1024
01:04:25,570 --> 01:04:28,656
<font color="#ffbf46">පරණ බඩු කෑල්ලකටත් වඩා අන්ත විදිහට.</font>

1025
01:04:30,491 --> 01:04:32,493
<font color="#ffbf46">මගේ ඇස් දෙක ඉස්සරහම,</font>

1026
01:04:33,995 --> 01:04:36,372
<font color="#ffbf46">එයා ගෘහ සේවිකාවන්ට ලිංගික අතවර කළා.</font>

1027
01:04:38,833 --> 01:04:40,293
<font color="#ffbf46">රෑට එයා බිව්වම,</font>

1028
01:04:41,711 --> 01:04:43,504
<font color="#ffbf46"><i>එයා ඒ ගෑනු ළමයින්ගේ කාමරේට පැනලා</i></font>

1029
01:04:45,006 --> 01:04:46,215
<font color="#ffbf46"><i>තිිරිසනෙක් වගේ හැසිරුණා.</i></font>

1030
01:04:49,176 --> 01:04:52,138
<font color="#ffbf46">මම ඒක ඇස් දෙකෙන් දැකලත් කට වහගෙන හිටියා,</font>

1031
01:04:53,264 --> 01:04:55,016
<font color="#ffbf46">ඉතින් මමත් ඒ වැරැද්දට හවුල්කාරයෙක්.</font>

1032
01:04:56,392 --> 01:04:57,476
<font color="#ffbf46">මට දඬුවම් දෙන්න.</font>

1033
01:05:12,658 --> 01:05:14,660
<font color="#ffbf46">උසාවි අංක 305, අද දින නඩු විභාග</font>

1034
01:05:14,744 --> 01:05:15,703
<font color="#ffbf46">විවේක කාලය</font>

1035
01:05:15,786 --> 01:05:16,787
<font color="#ffbf46">සිගරට් එකක් දීපන්.</font>

1036
01:05:17,788 --> 01:05:20,458
<font color="#ffbf46">- ළඟ නෑ සර්.
- තමුසෙ ළඟ බොන්න සිගරට් එකක්වත් නැද්ද?</font>

1037
01:05:30,134 --> 01:05:32,678
<font color="#ffbf46">උඹ උඹේ අම්මවත් රවට්ටගෙනද මේ පොඩි
සෙල්ලම පටන් ගත්තේ?</font>

1038
01:05:32,762 --> 01:05:35,932
<font color="#ffbf46">උඹ හිතුවද මම උඹලා දෙන්නට නිකන් ඉන්න දෙයි කියලා?</font>

1039
01:05:36,557 --> 01:05:40,102
<font color="#ffbf46">මම ආයේ ඔබට බය නෑ, සභාපතිතුමා.</font>

1040
01:05:40,978 --> 01:05:42,063
<font color="#ffbf46">මොකක්?</font>

1041
01:05:46,901 --> 01:05:49,570
<font color="#ffbf46">දඟලනවා වැඩියි.
නඩුව තවම ඉවර නෑ.</font>

1042
01:06:01,499 --> 01:06:02,750
<font color="#ffbf46">නියමයි, ජැන්ග් මහත්තයා.</font>

1043
01:06:02,833 --> 01:06:04,293
<font color="#ffbf46">ස්තුතියි, කන්ග් මහත්තයා.</font>

1044
01:06:04,377 --> 01:06:06,212
<font color="#ffbf46">දැන් එහෙනම් කන්ග් මහත්තයා වැඩේ බාරගන්න.</font>

1045
01:06:08,089 --> 01:06:09,256
<font color="#ffbf46">දැන් අපි පෙරළා පහර දෙන්න ඕන.</font>

1046
01:06:14,804 --> 01:06:15,972
<font color="#ffbf46">මට අවස්ථාව දෙන්න.</font>

1047
01:06:20,017 --> 01:06:22,436
<font color="#ffbf46">ස්වාමීනි,
විත්ති පාර්ශ්වය අද ඉදිරිපත් කළේ</font>

1048
01:06:22,520 --> 01:06:24,730
<font color="#ffbf46">තහවුරු කරපු නැති වීඩියෝ එකකුයි,</font>

1049
01:06:24,814 --> 01:06:27,358
<font color="#ffbf46">තමන්ගේ නීතිඥවරයාගේ අම්මාවයි විතරනේ.</font>

1050
01:06:27,441 --> 01:06:31,362
<font color="#ffbf46">ප්‍රමාණවත් තරම් සාධාරණ සාක්ෂි ඉදිරිපත් වෙලා නෑ, ඉතින්--</font>

1051
01:06:31,988 --> 01:06:34,699
<font color="#ffbf46">පැමිණිල්ලේ නීතිඥතුමා, කලබල වෙන්න එපා.</font>

1052
01:06:34,782 --> 01:06:37,368
<font color="#ffbf46">මේ නඩුව තවම පටන් ගත්තා විතරයි.</font>

1053
01:06:37,451 --> 01:06:41,622
<font color="#ffbf46">අපිට තව සාක්ෂිකරුවන් ලැයිස්තුවක් ඉන්නවා
අපිට කැඳවන්න ඕන කරන.</font>

1054
01:06:44,959 --> 01:06:46,836
<font color="#ffbf46">ස්වාමීනි, අපි මුලින්ම කැමතියි කැඳවන්න</font>

1055
01:06:46,919 --> 01:06:50,423
<font color="#ffbf46">පැමිණිලිකරු ජැන්ග් හ්යොන්-බේ වෙනුවෙන් නඩුවක් වෙනස් කරලා</font>

1056
01:06:50,506 --> 01:06:53,050
<font color="#ffbf46">වැරදිකාරයෙක්ව නිවැරදිකාරයෙක් කරපු කෙනාව.</font>

1057
01:06:53,134 --> 01:06:56,178
<font color="#ffbf46">- විනිසුරු ලෝගුව දාගත්ත ජරා වෙළෙන්දා.
- වෙන්න බෑ.</font>

1058
01:06:56,262 --> 01:06:59,515
<font color="#ffbf46">අපි ෂින් ජුන්-සොක්ව...</font>

1059
01:07:02,018 --> 01:07:03,269
<font color="#ffbf46">සාක්ෂිකාරයෙක් විදිහට ඉල්ලනවා.</font>

1060
01:07:10,651 --> 01:07:12,153
<font color="#ffbf46">මිස්ටර් කාන්ග්, ෂින් ජුන්-සොක් කියන්නේ,</font>

1061
01:07:13,154 --> 01:07:15,614
<font color="#ffbf46">ඔය කියන්නේ දැනට ඉන්න
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ගැනද?</font>

1062
01:07:15,698 --> 01:07:16,741
<font color="#ffbf46">එහෙමයි ස්වාමීනි.</font>

1063
01:07:17,408 --> 01:07:18,451
<font color="#ffbf46">ස්වාමීනි!</font>

1064
01:07:18,534 --> 01:07:20,995
<font color="#ffbf46">මේක අධිකරණයට කරන අපහාසයක්!</font>

1065
01:07:21,078 --> 01:07:24,540
<font color="#ffbf46">මේක රටේ ඉන්න විනිසුරුවරයෙක්ට
ප්‍රසිද්ධියේ කරන අපහාසයක්!</font>

1066
01:07:24,623 --> 01:07:27,334
<font color="#ffbf46">මම තවම කතා කරලා ඉවර නෑ!</font>

1067
01:07:33,924 --> 01:07:35,217
<font color="#ffbf46"><i>විනිසුරුතුමා,</i></font>

1068
01:07:35,801 --> 01:07:39,096
<font color="#ffbf46"><i>සභාපති ජෑන්ග්ගේ නඩුව ගැන පර්යේෂණ විශ්ලේෂකයාගේ
වාර්තාව ලැබුණද?</i></font>

1069
01:07:39,180 --> 01:07:40,264
<font color="#ffbf46"><i>තාම නෑ සර්.</i></font>

1070
01:07:41,057 --> 01:07:43,434
<font color="#ffbf46"><i>මේ දවස්වල ඉන්න තරුණ විනිසුරුවන්ට</i>
<i>වගකීමක් ගැන හැඟීමක් නෑ.</i></font>

1071
01:07:44,143 --> 01:07:47,063
<font color="#ffbf46"><i>ඇයි මෙච්චර පැහැදිලි නඩුවක්
මේ විදිහට ඇද ඇද ඉන්නේ?</i></font>

1072
01:07:47,146 --> 01:07:50,441
<font color="#ffbf46"><i>මම ආයෙත් කියන්නම්. කලබල වෙන්න එපා සර්.</i></font>

1073
01:07:51,150 --> 01:07:52,401
<font color="#ffbf46"><i>අර සභාපති ජෑන්ග් කියන මනුස්සයා.</i></font>

1074
01:07:53,277 --> 01:07:57,031
<font color="#ffbf46"><i>අපේ වැටිලා තියෙන ආර්ථිකයට ඒ මනුස්සයව ඕන.</i></font>

1075
01:07:57,114 --> 01:08:00,493
<font color="#ffbf46"><i>නුවණක්කාර තීරණයක් ගන්න වග බලාගන්න.</i></font>

1076
01:08:00,576 --> 01:08:03,496
<font color="#ffbf46"><i>කොහොමත් අපි දෙගොල්ලොම ඉන්නේ එකම බෝට්ටුවේනේ, නේද?</i></font>

1077
01:08:07,374 --> 01:08:10,252
<font color="#ffbf46">ඒ වගේම මේ ඔක්කොම පිටිපස්සේ ඉන්න
මහ මොළකරු,</font>

1078
01:08:10,336 --> 01:08:12,213
<font color="#ffbf46">Oh & Partners එකේ නිර්මාතෘ,</font>

1079
01:08:13,172 --> 01:08:16,634
<font color="#ffbf46">ආචාර්ය ඕ ග්‍යු-ජෑන්ග්ව,</font>

1080
01:08:16,717 --> 01:08:19,470
<font color="#ffbf46">තවත් සාක්ෂිකාරයෙක් විදිහට අපි ඉල්ලනවා.</font>

1081
01:09:07,685 --> 01:09:11,105
<font color="#ffbf46">අපි දෙබරෙට ගලක් ගැහුවා වගේනේ දැන්,
ඒ නිසා එයාලට අපිව මගහරින්න බෑ.</font>

1082
01:09:11,188 --> 01:09:12,439
<font color="#ffbf46">අපි හරියට ගේමක් ඉල්ලමු.</font>

1083
01:09:12,523 --> 01:09:14,525
<font color="#ffbf46">නඩුව එකපාරටම මාරු කළා</font>

1084
01:09:14,608 --> 01:09:17,194
<font color="#ffbf46"><i>විනිසුරු ෂින්ට හිතවත්
ජ්‍යෙෂ්ඨ ප්‍රධාන විනිසුරුවරයෙක්ට.</i></font>

1085
01:09:17,278 --> 01:09:18,362
<font color="#ffbf46">ඇත්ත එළි කරගන්න නම්,</font>

1086
01:09:18,445 --> 01:09:21,073
<font color="#ffbf46">අපි ඉල්ලනවා මුහුණට මුහුණ
හරස් ප්‍රශ්න කිරීමක්</font>

1087
01:09:21,157 --> 01:09:23,242
<font color="#ffbf46">ජෑන්ග් හ්යොන්-බේ,
ෂින් ජුන්-සොක් සහ ඕ ග්‍යු-ජෑන්ග් එක්ක.</font>

1088
01:09:23,325 --> 01:09:25,202
<font color="#ffbf46">අපිට නොමිලේ පෙනී ඉන්න නීතීඥවරු විදිහට
මේක කරන්න පුළුවන්ද?</font>

1089
01:09:25,286 --> 01:09:28,330
<font color="#ffbf46">අවස්ථාවක් හදාගන්න නම්
අපිට ටිකක් කලබලයක් ඇති කරන්න වෙනවා.</font>

1090
01:09:28,414 --> 01:09:30,249
<font color="#ffbf46">මගේ තාත්තට විරුද්ධව යන එක
ලේසි වෙන එකක් නෑ.</font>

1091
01:09:30,332 --> 01:09:32,668
<font color="#ffbf46">එයාට දිනන්න ඕන නම්,
ඇත්ත හොයලා බලන්න.</font>

1092
01:09:32,751 --> 01:09:34,003
<font color="#ffbf46"><i>එයා හංගගෙන ඉන්න දේවල්.</i></font>

1093
01:09:34,086 --> 01:09:37,506
<font color="#ffbf46">මම නැති වෙලාවක ජෑන්ග් උසාවියේදී
පිස්සු කෙලියොත් එහෙම?</font>

1094
01:09:37,590 --> 01:09:40,342
<font color="#ffbf46">මේකත් ඔයාගේ ලොකු සැලැස්මේ කොටසක්ද?</font>

1095
01:09:40,426 --> 01:09:43,554
<font color="#ffbf46">- ඇයි ඔයා බය වෙලාද?
- ඔයාව දැන්ම අත්අඩංගුවට ගන්නවා.</font>

1096
01:09:43,637 --> 01:09:44,471
<font color="#ffbf46">නිලධාරිතුමා.</font>

1097
01:09:45,472 --> 01:09:47,016
<font color="#ffbf46"><i>ඇයි ඔයා මාව හම්බවෙන්න ඕන කිව්වේ?</i></font>

1098
01:09:47,099 --> 01:09:49,810
<font color="#ffbf46"><i>ඔයාගේ ජීවිතේම හීනය වුණේ
විනිසුරුවරයෙක් වෙන එක නේද?</i></font>

1099
01:09:49,894 --> 01:09:52,229
<font color="#ffbf46">මම ඔයාට ෂින් ජුන්-සොක්ගේ තනතුර දෙන්නම්.</font>

1100
01:09:57,526 --> 01:09:59,528
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

