1
00:00:39,434 --> 00:00:41,434
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:41,458 --> 00:00:43,961
<font color="#db9809"><b>නෝ ටේල් ටු ටෙල්</b></font>

3
00:01:18,161 --> 00:01:19,580
<font color="#ffbf46">මගෙන් අයින් වෙන්න.</font>

4
00:01:19,663 --> 00:01:21,498
<font color="#ffbf46">සමා වෙන්න.</font>

5
00:01:28,922 --> 00:01:29,923
<font color="#ffbf46">ඔයාට…</font>

6
00:01:30,757 --> 00:01:31,717
<font color="#ffbf46">අවුලක් නැද්ද?</font>

7
00:01:32,342 --> 00:01:34,344
<font color="#ffbf46">මම දිහා බැලුවම හොඳින් ඉන්නවා වගේ පේනවද?</font>

8
00:01:34,428 --> 00:01:36,638
<font color="#ffbf46">මම හොඳින් නෙවෙයි ඉන්නේ. මට පේනවා.</font>

9
00:01:39,308 --> 00:01:41,310
<font color="#ffbf46">ඒක නෙවෙයි...</font>

10
00:01:44,146 --> 00:01:48,108
<font color="#ffbf46">ඔයත් අර අමුතු දේ
දැක්කා නේද?</font>

11
00:01:51,737 --> 00:01:54,448
<font color="#ffbf46">ඒක අමුතු දෙයක් නෙවෙයි. ඒක හාස්කමක්.</font>

12
00:01:55,407 --> 00:01:59,077
<font color="#ffbf46">කොහොම වුණත්, මට මීට වඩා
හදිසි වැඩක් තියෙන පාටයි.</font>

13
00:01:59,661 --> 00:02:00,704
<font color="#ffbf46">මොකක්ද?</font>

14
00:02:01,622 --> 00:02:03,290
<font color="#ffbf46">මම ඔයාව පස්සේ බලාගන්නම්.</font>

15
00:02:07,544 --> 00:02:09,254
<font color="#ffbf46">මොකද මේ කරන්නේ?</font>

16
00:02:10,631 --> 00:02:11,923
<font color="#ffbf46">යකෝ.</font>

17
00:02:12,633 --> 00:02:14,509
<font color="#ffbf46">මගේ බලය කොච්චර අඩු වෙලාද?</font>

18
00:02:14,593 --> 00:02:16,803
<font color="#ffbf46">එකපාරටම මට මේකවත් කරගන්න බැරිද?</font>

19
00:02:19,514 --> 00:02:20,390
<font color="#ffbf46">අයියෝ.</font>

20
00:02:23,226 --> 00:02:26,188
<font color="#ffbf46">එයාට මොකද වෙලා තියෙන්නේ? එයා ඇත්තටම පිස්සියක්ද?</font>

21
00:02:29,608 --> 00:02:31,485
<font color="#ffbf46">ඒත් ඇයි ඔයා මාව හම්බවෙන්න ආවේ...</font>

22
00:02:31,568 --> 00:02:35,113
<font color="#ff7f21">වාට්ටු අංක 22
හෙද කාමරය</font>

23
00:02:37,199 --> 00:02:38,533
<font color="#ffbf46">එයා කොහෙද ගියේ?</font>

24
00:02:43,497 --> 00:02:46,208
<font color="#ffbf46">ගබඩා කාමරය</font>

25
00:02:52,422 --> 00:02:53,799
<font color="#ffbf46">මට විහිළු කරනවද?</font>

26
00:03:31,628 --> 00:03:33,130
<font color="#ffbf46">අපිට කතා කරන්න දෙයක් තියෙනවා.</font>

27
00:03:47,519 --> 00:03:48,854
<font color="#ffbf46">මම කිව්වේ, අපිට කතා කරන්න දෙයක් තියෙනවා කියලා.</font>

28
00:04:13,879 --> 00:04:15,338
<font color="#ffbf46">මම ඔයාට කිව්වනේ.</font>

29
00:04:15,964 --> 00:04:18,592
<font color="#ffbf46">මම ඉස්සර හිටපු ඒ අහිංසක නරියා නෙවෙයි දැන්.</font>

30
00:04:24,556 --> 00:04:26,516
<font color="#ffbf46">මේ ලී ඔක්කොම හොඳට පිච්චෙයි.</font>

31
00:04:33,482 --> 00:04:36,276
<font color="#ffbf46">ඔයා තාමත් නපුරුයි, කාටවත් ගරු කරන්නේ නෑ.</font>

32
00:04:38,195 --> 00:04:39,905
<font color="#ffbf46">තමුන් මොනවද මේ කරන්නේ?</font>

33
00:04:40,530 --> 00:04:43,366
<font color="#ffbf46">ඔයා දෙවිවරුන්ට ගරු කරයි කියලා මම හිතන්නේ නෑ,</font>

34
00:04:43,450 --> 00:04:45,243
<font color="#ffbf46">ඒත් ඔයාට සාධාරණ වෙන්න තිබුණා.</font>

35
00:04:45,327 --> 00:04:48,163
<font color="#ffbf46">මගේ බලයෙන් ලොකු කොටසක්
මට නැති වුණා.</font>

36
00:04:48,246 --> 00:04:49,289
<font color="#ffbf46">එකපාරටම.</font>

37
00:04:49,372 --> 00:04:52,042
<font color="#ffbf46">ඒත් මම කොච්චර කල්පනා කරත්,
මට ඒක තේරුම් ගන්න බෑ.</font>

38
00:04:59,716 --> 00:05:01,927
<font color="#ffbf46">ඔයා ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ.</font>

39
00:05:11,561 --> 00:05:15,273
<font color="#ffbf46">මේ යකඩ පොල්ලෙන්ද
ප්‍රතිමා කුඩු කළේ,</font>

40
00:05:15,357 --> 00:05:17,150
<font color="#ffbf46">නැත්තම් ඔයාද?</font>

41
00:05:17,859 --> 00:05:19,194
<font color="#ffbf46">මොනවා ගැනද මේ කියන්නේ?</font>

42
00:05:19,277 --> 00:05:22,697
<font color="#ffbf46">මම මෙච්චර දුර ආවේ
ඔයාගේ ඔය ප්‍රහේලිකා අහන්න නෙවෙයි.</font>

43
00:05:22,781 --> 00:05:24,616
<font color="#ffbf46">මට හේතුව කියනවා!</font>

44
00:05:28,745 --> 00:05:30,956
<font color="#ffbf46">මම දැනටමත් උත්තරේ දීලයි තියෙන්නේ.</font>

45
00:05:31,706 --> 00:05:35,335
<font color="#ffbf46">තනියම ඇත්ත හොයාගන්නේ නැතුව
ඔයා මුරණ්ඩු වෙනවා විතරයි.</font>

46
00:05:35,418 --> 00:05:38,797
<font color="#ffbf46">මම තපස් රකින එක ඉවර කළේ,
ඒ නිසා කැමති දෙයක් කරගන්නවා.</font>

47
00:05:39,422 --> 00:05:41,925
<font color="#ffbf46">මට හේතුව කියනවා! ඔයා පව් කරලා තියෙනවා,</font>

48
00:05:42,008 --> 00:05:44,845
<font color="#ffbf46">ඒ නිසා ඔයාට ඒකට වන්දි ගෙවන්න වුණා.</font>

49
00:05:45,762 --> 00:05:47,305
<font color="#ffbf46">විකාර කියවන්න එපා.</font>

50
00:05:47,931 --> 00:05:49,933
<font color="#ffbf46">කොහොමද ඒක සාධාරණ වන්දියක් වෙන්නේ?</font>

51
00:05:50,517 --> 00:05:53,228
<font color="#ffbf46">මම කිව්වනේ මගේ බලයෙන් ලොකු කොටසක්
නැති වුණා කියලා.</font>

52
00:05:53,311 --> 00:05:55,480
<font color="#ffbf46">මම කරපු එච්චර ලොකු වැරැද්ද මොකක්ද?</font>

53
00:05:58,191 --> 00:05:59,526
<font color="#ffbf46">මනුස්සයෙක් මැරුණා.</font>

54
00:06:00,610 --> 00:06:01,528
<font color="#ffbf46">ඔයා නිසා.</font>

55
00:06:05,156 --> 00:06:06,408
<font color="#ffbf46">මොකක්?</font>

56
00:06:07,200 --> 00:06:08,451
<font color="#ffbf46">මොනවා ගැනද මේ කියන්නේ?</font>

57
00:06:08,535 --> 00:06:11,788
<font color="#ffbf46">ඔයා හිතුමතේට මිනිස්සුන්ගේ ඉරණම වෙනස් කරපු නිසා,</font>

58
00:06:12,414 --> 00:06:15,959
<font color="#ffbf46">මැරෙන්න හිටපු නැති කෙනෙක්
මැරුණා.</font>

59
00:06:37,564 --> 00:06:40,442
<b><font color="#ff7f21">2 වන කොටස</font>
<font color="#db9809">මාරුවීමේ හෝරාව</font></b>

60
00:06:40,525 --> 00:06:41,401
<font color="#db9809"><b>මාරුවීම</b></font>

61
00:06:41,484 --> 00:06:42,944
<font color="#ffe8b3"><b>හිතාගන්න බැරි අද්භූත සිදුවීමක්</b></font>

62
00:06:43,028 --> 00:06:45,572
<font color="#ffe8b3"><b>2. ක්‍රීඩකයෙක් එක කණ්ඩායමකින්
තවත් කණ්ඩායමකට මාරු වීම</b></font>

63
00:06:46,948 --> 00:06:51,077
<font color="#ff7f21"><b>ඌරි ගරාම් රෝහල</b></font>

64
00:06:52,621 --> 00:06:56,291
<font color="#ffe8b3"><i>ඊළඟට පැමිණෙන බස් රථය අංක 360.</i></font>

65
00:06:58,710 --> 00:06:59,753
<font color="#ffbf46">හායි.</font>

66
00:07:04,090 --> 00:07:05,175
<font color="#ffbf46">ඔයා...</font>

67
00:07:05,258 --> 00:07:08,219
<font color="#ffbf46">මම හිතන්නේ
ඔයාට ප්‍රාර්ථනාවක් කරන්න වෙයි.</font>

68
00:07:09,387 --> 00:07:10,639
<font color="#ffbf46">මොකක්?</font>

69
00:07:17,103 --> 00:07:19,856
<font color="#ffbf46">ඒයි, ඉන්න. නවත්තන්නකෝ!</font>

70
00:07:20,398 --> 00:07:23,109
<font color="#ffbf46">අයියෝ! ඒ අන්තිම බස් එක.</font>

71
00:07:24,486 --> 00:07:26,821
<font color="#ffbf46">මම කියපු දේ ඇහුණද? පොඩ්ඩක් ඉන්න.</font>

72
00:07:27,948 --> 00:07:31,826
<font color="#ffbf46">දෙයියනේ, ඒ ඇත්තටම අන්තිම බස් එක.
මට ටැක්සියක යන්න සල්ලිත් නෑ.</font>

73
00:07:31,910 --> 00:07:34,537
<font color="#ffbf46">ඒයි. ඇත්තටම, පොඩ්ඩක් ඉන්නකෝ.</font>

74
00:07:35,789 --> 00:07:37,248
<font color="#ffbf46">නිවසට
වේගවත්ම පාර: පැය 4 විනාඩි 24යි</font>

75
00:07:37,332 --> 00:07:39,626
<font color="#ffbf46">ගෙදරට පයින් යන්න
පැය හතරකට වඩා යනවා, දෙයියනේ.</font>

76
00:07:40,251 --> 00:07:41,294
<font color="#ffbf46">ඒයි.</font>

77
00:07:45,131 --> 00:07:46,466
<font color="#ffbf46">ඔයා කොහෙද ඉන්නේ?</font>

78
00:07:46,549 --> 00:07:49,052
<font color="#ffbf46">මම ඔයාව ගෙදරට ඇරලුවොත්,
ඔයා මම කියන දේ අහනවද?</font>

79
00:07:50,011 --> 00:07:50,887
<font color="#ffbf46">මොකක්?</font>

80
00:07:52,305 --> 00:07:55,308
<font color="#ffbf46">ඔයා අහලා තියෙනවද 'පොළව හැකිලීම' ගැන?
ඒක හරියට අතුරුදහන් වෙලා යනවා වගේ වැඩක්.</font>

81
00:07:56,434 --> 00:07:59,354
<font color="#ffbf46">අර පරණ කතාවල තියෙන්නේ?</font>

82
00:07:59,437 --> 00:08:00,480
<font color="#ffbf46">ඔව්, ඒක තමයි.</font>

83
00:08:00,563 --> 00:08:02,941
<font color="#ffbf46">ඔයා බය වෙයි කියලා
මම මේ කලින්ම කියන්නේ.</font>

84
00:08:06,444 --> 00:08:07,946
<font color="#ffbf46">යමු.</font>

85
00:08:56,036 --> 00:08:57,704
<font color="#ffbf46">ඒ මොකක්ද ඒ වුණේ?</font>

86
00:08:58,455 --> 00:08:59,831
<font color="#ffbf46">අපි මේ මගේ ගෙදර ඉස්සරහනේ.</font>

87
00:08:59,914 --> 00:09:01,666
<font color="#ffbf46">මම කිව්වනේ ඒක පොළව හැකිලීමක් කියලා.</font>

88
00:09:01,750 --> 00:09:03,209
<font color="#ffbf46">මම මන්ත්‍ර බලයෙන් පොළව හැකිලුවා.</font>

89
00:09:03,918 --> 00:09:06,087
<font color="#ffbf46">පොළව... හැකිලුවා?</font>

90
00:09:07,297 --> 00:09:10,300
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, ඔයාට මේ විදියට
යුරෝපයට වුණත් යන්න පුළුවන්ද?</font>

91
00:09:10,383 --> 00:09:13,428
<font color="#ffbf46">ජර්මනියට, ස්පාඤ්ඤයට වගේ?</font>

92
00:09:14,679 --> 00:09:17,557
<font color="#ffbf46">මම හිතන්නේ බෑ,
මොකද ඒවා තියෙන්නේ මුහුදෙන් එහා පැත්තේනේ.</font>

93
00:09:18,224 --> 00:09:19,309
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම පුළුවන්!</font>

94
00:09:19,893 --> 00:09:21,227
<font color="#ffbf46">ඒක මට මහ ලොකු දෙයක් නෙවෙයි.</font>

95
00:09:22,187 --> 00:09:25,273
<font color="#ffbf46">ඉස්සර මම නැගිටලා
බේගල් කන්න නිව් යෝර්ක් යනවා,</font>

96
00:09:25,356 --> 00:09:27,317
<font color="#ffbf46">ඊට පස්සේ දවල් කෑමට ප්‍රංශයට යනවා.</font>

97
00:09:27,400 --> 00:09:29,277
<font color="#ffbf46">එහේ රෙස්ටොරන්ට් එකකට
මම නිතරම යනවා.</font>

98
00:09:29,360 --> 00:09:31,988
<font color="#ffbf46">ඊට පස්සේ,
මම ඉතාලියෙන් කෝපි එකක් බොනවා.</font>

99
00:09:32,906 --> 00:09:36,701
<font color="#ffbf46">හැබැයි අවුරුද්දක් දෙකක් යද්දී,
ඒක එපා වෙනවා.</font>

100
00:09:37,327 --> 00:09:38,661
<font color="#ffbf46">පිස්සු හැදෙනවනේ.</font>

101
00:09:41,956 --> 00:09:43,416
<font color="#ffbf46">දන්නවද...</font>

102
00:09:44,000 --> 00:09:45,460
<font color="#ffbf46">ඔයා දැන් කරපු දේ.</font>

103
00:09:46,294 --> 00:09:47,754
<font color="#ffbf46">ඔයාට ඒක තව එක පාරක් කරන්න පුළුවන්ද?</font>

104
00:09:48,755 --> 00:09:52,967
<font color="#ffbf46">මම මේ වගේ
ඔයාගේ අතින් අල්ලගත්තම ඇතිද?</font>

105
00:10:08,274 --> 00:10:10,193
<font color="#ffbf46">මොකද... මේ කරන්නේ?</font>

106
00:10:10,944 --> 00:10:12,403
<font color="#ffbf46">ආ, මම...</font>

107
00:10:12,487 --> 00:10:15,907
<font color="#ffbf46">සමා වෙන්න, මට ඒක හරි පුදුමයි වගේ හිතුණා.</font>

108
00:10:17,784 --> 00:10:18,701
<font color="#ffbf46">හොඳයි...</font>

109
00:10:19,911 --> 00:10:21,204
<font color="#ffbf46">මම මේක ඔයාට පෙන්නුවේ</font>

110
00:10:21,287 --> 00:10:25,125
<font color="#ffbf46">ඉස්සෙල්ලා මම චාටර් වුණ එක
මකාගන්න විතරයි.</font>

111
00:10:25,208 --> 00:10:26,084
<font color="#ffbf46">හරි.</font>

112
00:10:29,462 --> 00:10:31,131
<font color="#ffbf46">කොහොම හරි, ඒක නෙවෙයි වැදගත්.</font>

113
00:10:33,424 --> 00:10:36,177
<font color="#ffbf46">ඔයා මට උදව් කරන්න ඕනේ.</font>

114
00:10:37,762 --> 00:10:40,223
<font color="#ffbf46">ඒක ලොකු දෙයක් නෙවෙයි. පොඩි ප්‍රාර්ථනාවක් කරන්න විතරයි තියෙන්නේ.</font>

115
00:10:41,516 --> 00:10:42,559
<font color="#ffbf46">ප්‍රාර්ථනාවක්?</font>

116
00:10:42,642 --> 00:10:46,980
<font color="#ffbf46">ඔව්. මනුස්සයෙක්ගේ ඉල්ලීමක් නැතුව
මට මිනිස්සුන්ගේ දේවල්වලට ඇඟිලි ගහන්න බෑ.</font>

117
00:10:47,063 --> 00:10:48,940
<font color="#ffbf46">ඒ නිසා ඔයා මම වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ.</font>

118
00:10:53,027 --> 00:10:57,073
<font color="#ffbf46">ඔයාට අර හැප්පලා පැනලා ගිය ඩ්‍රයිවර්ව
අල්ලලා දඬුවම් දෙන්න ඕනේ නේද?</font>

119
00:10:59,200 --> 00:11:00,201
<font color="#ffbf46">ඒයි!</font>

120
00:11:00,285 --> 00:11:02,287
<font color="#ffbf46">නවතිනවා!</font>

121
00:11:02,996 --> 00:11:04,330
<font color="#ffbf46">මම කිව්වේ නවතිනවා කියලා!</font>

122
00:11:07,208 --> 00:11:08,877
<font color="#ffbf46">ඒක ඉල්ලන්න.</font>

123
00:11:09,711 --> 00:11:11,129
<font color="#ffbf46">මම ඒක ඉෂ්ට කරලා දෙන්නම්.</font>

124
00:11:28,229 --> 00:11:29,856
<font color="#ffbf46">මෙතන සිගරට් බොන්න බෑ.</font>

125
00:11:33,902 --> 00:11:36,237
<font color="#ffbf46">මේ සාක්ෂි විමසීම
අපිට ෆෝන් එකෙනුත් කරන්න තිබුණානේ.</font>

126
00:11:36,321 --> 00:11:38,489
<font color="#ffbf46">ඇයි මේ කාර්යබහුල මනුස්සයෙක්ව
මෙතනට ගෙන්න ගත්තේ?</font>

127
00:11:39,115 --> 00:11:41,492
<font color="#ffbf46">ආ, මේක සාක්ෂි විමසීමක් නෙවෙයි.</font>

128
00:11:41,576 --> 00:11:44,787
<font color="#ffbf46">ලී මහත්තයාව සැකකරුවෙක් විදියට නම් කළා විතරයි.</font>

129
00:11:45,580 --> 00:11:46,456
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න,</font>

130
00:11:46,539 --> 00:11:49,167
<font color="#ffbf46">අර ඇක්සිඩන්ට් එකේ වැරදිකාරයා
දැනටමත් භාර වුණානේ--</font>

131
00:11:49,250 --> 00:11:51,085
<font color="#ffbf46">මෙහෙමයි, ආරක්ෂිත කැමරා දර්ශන...</font>

132
00:11:53,338 --> 00:11:55,131
<font color="#ffbf46">ඊයේ රෑ එකපාරටම රිකවර් වෙලා.</font>

133
00:11:56,049 --> 00:11:58,218
<font color="#ffbf46">පුදුමෙ කියන්නේ, ඒ හරියේ කැමරා
ඔක්කොම අක්‍රීය වෙලා තිබුණේ,</font>

134
00:11:58,301 --> 00:12:00,136
<font color="#ffbf46">ඒ නිසා අපිට මුකුත් තහවුරු කරගන්න
බැරුව හිටියේ.</font>

135
00:12:01,137 --> 00:12:02,222
<font color="#ffbf46">ඒක ලොකු දෙයක්නේ?</font>

136
00:12:09,687 --> 00:12:10,772
<font color="#ffbf46">ශික්.</font>

137
00:12:11,773 --> 00:12:12,732
<font color="#ffbf46">මල කරුමයක්නේ.</font>

138
00:12:16,277 --> 00:12:17,570
<font color="#ffbf46">හරි.</font>

139
00:12:28,748 --> 00:12:29,958
<font color="#ffbf46">මොකක්ද...</font>

140
00:12:32,460 --> 00:12:34,712
<font color="#ffbf46">ඇයි පේන්න නැත්තේ? හැංගිලාද?</font>

141
00:12:52,355 --> 00:12:53,856
<font color="#ffbf46">යකෝ.</font>

142
00:12:55,900 --> 00:12:57,193
<font color="#ffbf46">එයා මොනවද කරන්නේ?</font>

143
00:12:57,735 --> 00:13:00,863
<font color="#ffbf46">මේ වගේ වැඩක් අවුල් කරලා දාලා,</font>

144
00:13:01,406 --> 00:13:02,657
<font color="#ffbf46">ඇයි එළියට එන්නේ නැත්තේ?</font>

145
00:13:02,740 --> 00:13:03,658
<font color="#ffbf46">ඇයි?</font>

146
00:13:04,951 --> 00:13:06,577
<font color="#ffbf46">අප්පිරියයි. ශික්.</font>

147
00:13:06,661 --> 00:13:10,039
<font color="#ffbf46">…ජනතාවට සේවය කරන ගොවොන් පොලිසිය</font>

148
00:13:11,499 --> 00:13:12,500
<font color="#ffbf46">අන්න එයා එනවා! එළියට ආවා!</font>

149
00:13:12,583 --> 00:13:15,712
<font color="#ffbf46">ඔයා වාහනේ හැප්පුවා මදිවට
ඒක වෙන කෙනෙක් පිට පැටෙව්වා කියන්නේ ඇත්තද?</font>

150
00:13:15,795 --> 00:13:17,714
<font color="#ffbf46">බීලා වාහන පැදවීමේ චෝදනාව ගැන මොකද කියන්නේ?</font>

151
00:13:17,797 --> 00:13:21,009
<font color="#ffbf46">මේ නිසා ඔයාට ගුම්සු ගෲප් එකේ
අයිතිය නැති වෙයි කියලා හිතනවද?</font>

152
00:13:21,092 --> 00:13:22,510
<font color="#ffbf46">වචනයක් කියන්නකෝ, ප්ලීස්!</font>

153
00:13:22,593 --> 00:13:24,679
<font color="#ffbf46">ඔයාට දැන් මොකද හිතෙන්නේ කියලා පොඩ්ඩක් කියන්න?</font>

154
00:13:26,764 --> 00:13:29,309
<font color="#ffbf46">අනේ මොනවා හරි කියන්නකෝ! එකම එක වචනයක්!</font>

155
00:13:31,769 --> 00:13:33,604
<font color="#ffbf46">ඒක මේ පොඩි දෙයක් තාත්තේ.</font>

156
00:13:34,272 --> 00:13:35,982
<font color="#ffbf46">මම කියන දේ අහන්න, මට මේක බලාගන්න පුළුවන්.</font>

157
00:13:36,816 --> 00:13:38,443
<font color="#ffbf46">තාත්තේ... තාත්තේ!</font>

158
00:13:40,945 --> 00:13:44,198
<font color="#ffbf46">යකෝ, නාකි හම්පඩයා.</font>

159
00:13:45,158 --> 00:13:46,659
<font color="#ffbf46">ශික්.</font>

160
00:13:50,038 --> 00:13:51,998
<font color="#ffbf46">ඊයේ රෑ වැඩේ ගොඩ දැම්මද?</font>

161
00:13:52,540 --> 00:13:55,001
<font color="#ffbf46">කිසි ප්‍රශ්නයක් නොවෙන්න
මම ඒක බලාගත්තා.</font>

162
00:13:55,793 --> 00:13:57,378
<font color="#ffbf46">කොහෙත්ම විදියක් නෑ</font>

163
00:13:58,338 --> 00:14:00,631
<font color="#ffbf46">එයාලට බොන්ග්-චෑන්ව එකපාරටම හම්බවෙන්න. හොඳයි.</font>

164
00:14:01,549 --> 00:14:04,385
<font color="#ffbf46">ඒකත් එළියට ආවොත්,
මට මේක බේරගන්න බැරි වෙයි.</font>

165
00:14:05,094 --> 00:14:05,970
<font color="#ffbf46">හරි සර්.</font>

166
00:14:08,348 --> 00:14:10,224
<font color="#ffbf46">වෙලාව නම් අන්තිමයි...</font>

167
00:14:18,232 --> 00:14:19,150
<font color="#ffbf46">මොකද මේ වෙන්නේ?</font>

168
00:14:19,859 --> 00:14:21,361
<font color="#ffbf46">මේකට... මොකද වුණේ?</font>

169
00:14:23,946 --> 00:14:25,448
<font color="#ffe8b3"><i>වෙනත් පුවත්,</i></font>

170
00:14:25,531 --> 00:14:29,911
<font color="#ffe8b3"><i>අද උදේ ග්යොන්ගි පළාතේ කඳුකර ප්‍රදේශයකින්</i>
<i>මළ සිරුරක් හමුවුණා.</i></font>

171
00:14:29,994 --> 00:14:32,747
<font color="#ffe8b3"><i>මියගිය පුද්ගලයා කෝ මහතා ලෙස හඳුනාගෙන තිබෙනවා,</i></font>

172
00:14:32,830 --> 00:14:34,832
<font color="#ffe8b3"><i>- ඔහු ඉදිකිරීම් සමාගමක රියදුරෙක්.</i> ඒයි!</font>

173
00:14:34,916 --> 00:14:36,876
<font color="#ffe8b3"><i>- පොලිසිය පරීක්ෂණ පවත්වනවා...</i> ඒ අර...</font>

174
00:14:36,959 --> 00:14:39,587
<font color="#ffe8b3"><i>- ...මිනීමැරුමක් ලෙස සලකා.</i> වෙන්න බෑ.</font>

175
00:14:39,670 --> 00:14:41,798
<font color="#ffbf46">ඒයි! මොකද මේ කරන්නේ?</font>

176
00:14:43,257 --> 00:14:45,843
<font color="#ffbf46">මම නෙවෙයි ඒක කළේ. දිවුරලා කියන්නම්!
මොන විකාරයක්ද මේ කියවන්නේ?</font>

177
00:14:45,927 --> 00:14:47,053
<font color="#ffbf46">ඒ මම.</font>

178
00:14:47,637 --> 00:14:48,554
<font color="#ffbf46">ඔයා.</font>

179
00:14:49,138 --> 00:14:51,015
<font color="#ffbf46">ඔයා මට කතා කර කර හිටියා නේද.</font>

180
00:14:51,641 --> 00:14:53,101
<font color="#ffbf46">ඔයාට නම් වෙලාව හොඳ නෑ.</font>

181
00:14:53,184 --> 00:14:55,228
<font color="#ffbf46">ඔයාට ආයේ මගේ සේවාදායකයෙක් වෙන්න බෑ.</font>

182
00:14:56,187 --> 00:14:58,523
<font color="#ffbf46">කියන්න එපා මේ ඔක්කොම කළේ ඔයා කියලා?</font>

183
00:15:02,777 --> 00:15:03,986
<font color="#ffbf46">ඒයි...</font>

184
00:15:04,070 --> 00:15:07,240
<font color="#ffbf46">වාහනේ අයිනට ගන්නවා, බල්ලෝ.</font>

185
00:15:08,074 --> 00:15:09,867
<font color="#ffbf46">මම කිව්වනේ මම ගෙවන්නම් කියලා.</font>

186
00:15:10,410 --> 00:15:14,247
<font color="#ffbf46">ඉතින් ඇයි මට මෙහෙම කරන්නේ?
මටත් මෙහෙම කරන්න ඕන කමක් නෑ.</font>

187
00:15:14,330 --> 00:15:15,248
<font color="#ffbf46">ඒත්...</font>

188
00:15:16,582 --> 00:15:18,960
<font color="#ffbf46">ඔයා අහලා තියෙනවද
සමනල ආචරණය ගැන?</font>

189
00:15:19,627 --> 00:15:21,129
<font color="#ffbf46">වම් පැත්තේ ඉන්න හැමෝම...</font>

190
00:15:21,212 --> 00:15:22,547
<font color="#ffe8b3"><i>මම ඔයාට උදව් කළා.</i></font>

191
00:15:22,630 --> 00:15:26,926
<font color="#ffe8b3"><i>එදා රෑ, ඔයාට සීමාව පැනලා</i>
<i>හොඳටම බීලා ගෙදර ගියා.</i></font>

192
00:15:27,009 --> 00:15:28,928
<font color="#ffe8b3"><i>ඊට පස්සේ ඔයා වාහනේ හැප්පුවා.</i></font>

193
00:15:29,011 --> 00:15:31,472
<font color="#ffe8b3"><i>ඒක වහන්න හදද්දී...</i></font>

194
00:15:33,349 --> 00:15:36,477
<font color="#ffbf46">තමුන්ට කොහොමද පුළුවන්...
<i>- ...ඔයා අතින් මනුස්සයෙක් මැරුණා.</i></font>

195
00:15:38,521 --> 00:15:40,148
<font color="#ffbf46">මටත් ඒක හරියටම තේරෙන්නේ නෑ,</font>

196
00:15:40,231 --> 00:15:42,900
<font color="#ffbf46">ඒත් උඩ ඉන්න අය
කියන්නේ එහෙමයි.</font>

197
00:15:42,984 --> 00:15:43,943
<font color="#ffbf46">මම ඔයාට උදව් කළා.</font>

198
00:15:44,026 --> 00:15:47,029
<font color="#ffbf46">ඒ නිසා, මැරෙන්න හිටපු නැති කෙනෙක්
මැරුණා.</font>

199
00:15:47,113 --> 00:15:48,114
<font color="#ffbf46">මොකක්?</font>

200
00:15:48,197 --> 00:15:51,659
<font color="#ffbf46">තේරුම් ගන්න ට්‍රයි කරන්න එපා.
මටත් තේරෙන්නේ නෑ.</font>

201
00:15:52,326 --> 00:15:55,163
<font color="#ffbf46">කොහොම වුණත්, තමන් කරගත්ත දේවල්
තමන්ම සුද්ද කරගන්න ඕනනේ, නේද?</font>

202
00:15:55,246 --> 00:15:57,874
<font color="#ffbf46">මේක පටන් ගත්තේ මම නිසා,
මමම මේක විසඳනවා.</font>

203
00:15:57,957 --> 00:16:00,793
<font color="#ffbf46">එතකොට මට නැති වුණ බලයෙන්
ටිකක් හරි ආපහු ලැබෙයි.</font>

204
00:16:00,877 --> 00:16:02,420
<font color="#ffbf46">ඒක වැරදීමකින් වුණ දෙයක්.</font>

205
00:16:03,045 --> 00:16:05,423
<font color="#ffbf46">නෑ, ඒක ඇක්සිඩන්ට් එකක්.</font>

206
00:16:05,506 --> 00:16:07,675
<font color="#ffbf46">මේ වෙලාවේ ඉඳන්, ඔයාට බොරු කියන්න බෑ.</font>

207
00:16:13,556 --> 00:16:16,976
<font color="#ffbf46">ඒ වගේම ඔයාට කිසි දෙයක්
හංගන්නත් බෑ.</font>

208
00:16:17,602 --> 00:16:19,520
<font color="#ffbf46">ඔයා කරපු හැම වැරැද්දක්ම,</font>

209
00:16:20,563 --> 00:16:23,858
<font color="#ffbf46">පොඩි කාලේ කඩෙන් පෑනක්
හොරකම් කරපු එකේ ඉඳන්,</font>

210
00:16:24,525 --> 00:16:26,235
<font color="#ffbf46">ඔයා ඒ හැමදේම ඔප්පු ගන්නයි යන්නේ.</font>

211
00:16:27,737 --> 00:16:28,863
<font color="#ffbf46">ආ, ඒක නෙවෙයි.</font>

212
00:16:31,574 --> 00:16:32,825
<font color="#ffbf46">මම මේක ගන්නවා</font>

213
00:16:33,576 --> 00:16:35,286
<font color="#ffbf46">ඔයා දැන් මගේ සේවාදායකයෙක් නෙවෙයි නිසා.</font>

214
00:16:59,769 --> 00:17:01,354
<font color="#ffbf46">එයා මොනවා හරි කියන්නද හදන්නේ?</font>

215
00:17:03,064 --> 00:17:04,815
<font color="#ffbf46">මට භාර වෙන්න ඕනේ.</font>

216
00:17:06,234 --> 00:17:07,401
<font color="#ffbf46">මොකක්? භාර වෙන්න?</font>

217
00:17:07,485 --> 00:17:10,154
<font color="#ffbf46">ඔයා අර වාහනේ හැප්පුව එක
පිළිගන්නවද?</font>

218
00:17:10,238 --> 00:17:12,615
<font color="#ffbf46">ඔයා ඩ්‍රයිවර් මාරු කරන්න හැදුවා කියලා
චෝදනා එල්ල වෙනවා.</font>

219
00:17:12,698 --> 00:17:15,368
<font color="#ffbf46">ඇයි හදිස්සියේම
භාර වෙන්න තීරණය කළේ?</font>

220
00:17:15,993 --> 00:17:17,036
<font color="#ffbf46">මම...</font>

221
00:17:21,374 --> 00:17:22,708
<font color="#ffbf46">මැරුවා</font>

222
00:17:23,334 --> 00:17:24,627
<font color="#ffbf46">මනුස්සයෙක්ව!</font>

223
00:17:24,710 --> 00:17:26,796
<font color="#ffbf46">දෙයියනේ! මොකක්?</font>

224
00:17:30,049 --> 00:17:31,008
<font color="#ffbf46">මට මේක කරන්න බෑ.</font>

225
00:17:33,553 --> 00:17:34,679
<font color="#ffbf46">වල ඌරා.</font>

226
00:17:40,393 --> 00:17:43,020
<font color="#ffe8b3"><i>හැප්පුන කෙනා එතනම මැරුණා.</i></font>

227
00:17:43,563 --> 00:17:45,898
<font color="#ffbf46">ඒ අපරාධය හංගන්න,</font>

228
00:17:46,857 --> 00:17:49,777
<font color="#ffbf46">මම කිව්වා මිනිය කන්දේ වැළලන්න කියලා.</font>

229
00:17:49,860 --> 00:17:50,861
<font color="#ffbf46">ඉක්මනට වරෙන්. හරි සර්!</font>

230
00:17:51,571 --> 00:17:53,155
<font color="#ffbf46">මේ කාලේ පුරාවටම,</font>

231
00:17:53,239 --> 00:17:54,782
<font color="#ffbf46">මම කළු සල්ලි එකතු කළා</font>

232
00:17:54,865 --> 00:17:57,368
<font color="#ffbf46">වොන් බිලියන ගාණක... ඒයි, පොඩ්ඩක් ඉන්න!</font>

233
00:17:57,451 --> 00:18:00,580
<font color="#ffbf46">...පිටරට සමාගම් හරහා
බදු වංචා කරලා!</font>

234
00:18:00,663 --> 00:18:03,040
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න! ඒක ඕනකමින්ම කරපු දෙයක්ද?</font>

235
00:18:03,124 --> 00:18:05,543
<font color="#ffbf46">නීතියේ සාධාරණත්වය
ජනතාවට සේවය කරන ගොවොන් පොලිසිය</font>

236
00:18:55,301 --> 00:18:56,260
<font color="#ffbf46">මේක තෑග්ගක්.</font>

237
00:19:01,932 --> 00:19:03,351
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

238
00:19:04,560 --> 00:19:07,104
<font color="#ffbf46">මේක සූට්කේස් එකක්.
ඔයාට ළඟදීම මේක ඕන වෙයි.</font>

239
00:19:07,813 --> 00:19:10,232
<font color="#ffbf46">ඔයා නිව්ස් දකින්න ඇතිනේ.
ඔයාට පින් සිද්ධ වෙන්න වැඩේ ගොඩ ගියා.</font>

240
00:19:10,316 --> 00:19:12,902
<font color="#ffbf46">මගේ නැති වුණ බලයෙන්
ටිකක් ආයෙත් ලැබුණා.</font>

241
00:19:12,985 --> 00:19:14,111
<font color="#ffbf46">අනේ මන්දා...</font>

242
00:19:14,195 --> 00:19:16,906
<font color="#ffbf46">ඒක ඇත්තටම ඔයා කරපු දෙයක්ද?</font>

243
00:19:18,240 --> 00:19:19,158
<font color="#ffbf46">ෂා.</font>

244
00:19:20,326 --> 00:19:21,952
<font color="#ffbf46">මම මේ කල්පනා කළේ.</font>

245
00:19:22,870 --> 00:19:25,998
<font color="#ffbf46">ඔයා ඇත්තටම... කවුද?</font>

246
00:19:27,833 --> 00:19:29,126
<font color="#ffbf46">ඔයාට මගේ නම දැනගන්න ඕනේද?</font>

247
00:19:30,920 --> 00:19:32,004
<font color="#ffbf46">ඒක නම් වෙන්නේ නෑ.</font>

248
00:19:32,088 --> 00:19:34,715
<font color="#ffbf46">මම සාමාන්‍යයෙන්
මිනිස්සුන්ට මගේ නම කියන්නේ නෑ.</font>

249
00:19:34,799 --> 00:19:36,342
<font color="#ffbf46">නෑ. මම අදහස් කළේ ඒක නෙවෙයි.</font>

250
00:19:36,425 --> 00:19:39,887
<font color="#ffbf46">මම ඇහුවේ, ඔයා ඇත්තටම මොකෙක්ද කියලා?
නම නෙවෙයි, ඔයා මොන වගේ කෙනෙක්ද කියලා.</font>

251
00:19:40,971 --> 00:19:41,847
<font color="#ffbf46">ආ, ඒකද.</font>

252
00:19:44,392 --> 00:19:45,267
<font color="#ffbf46">නිකමට හිතලා බලන්න.</font>

253
00:19:45,935 --> 00:19:47,770
<font color="#ffbf46">අනේ මන්දා.</font>

254
00:19:49,647 --> 00:19:50,940
<font color="#ffbf46">යක්ෂයෙක්ද?</font>

255
00:19:51,023 --> 00:19:52,149
<font color="#ffbf46">මොකක්?</font>

256
00:19:52,233 --> 00:19:53,359
<font color="#ffbf46">සාතන්ද? මොකක්?</font>

257
00:19:54,819 --> 00:19:55,861
<font color="#ffbf46">නැද්ද?</font>

258
00:19:57,363 --> 00:19:59,657
<font color="#ffbf46">ආයෙ හිතන්න. තව කොරියන් දෙයක් ගැන හිතන්න.</font>

259
00:20:05,496 --> 00:20:06,372
<font color="#ffbf46">හ්ම්...</font>

260
00:20:12,670 --> 00:20:14,922
<font color="#ffbf46">කන්‍යා භූතයෙක්ද? වලිග නවයේ නරියෙක්!</font>

261
00:20:15,005 --> 00:20:17,341
<font color="#ffbf46">මං දිහා දැක්කම පේන්නෙ නැද්ද?
මේ ලස්සන.</font>

262
00:20:18,676 --> 00:20:20,094
<font color="#ffbf46">අනික මේ ගුප්ත බව.</font>

263
00:20:21,595 --> 00:20:23,180
<font color="#ffbf46">වලිග නවයේ නරියෙක්?</font>

264
00:20:23,264 --> 00:20:25,349
<font color="#ffbf46">ඇත්තටම වලිග නවයක් තියෙන නරියෙක් වගේ...</font>

265
00:20:26,016 --> 00:20:27,309
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න!</font>

266
00:20:28,060 --> 00:20:30,938
<font color="#ffbf46">එතකොට මං එදා දැක්කෙ බොරුවක් නෙවෙයි.</font>

267
00:20:32,022 --> 00:20:35,359
<font color="#ffbf46">ඔව්, අර</font> <font color="#ff7f21"><i>රිටන් ඔෆ් ද ලෙජන්ඩ් </i></font> <font color="#ffbf46">එකේ වගේමයි,
හැබැයි මට අක්මා ගැන නම් උනන්දුවක් නෑ.</font>

268
00:20:35,443 --> 00:20:38,446
<font color="#ffbf46">අනික මට මනුස්සයෙක් වෙන්න
කිසිම උවමනාවකුත් නෑ.</font>

269
00:20:39,071 --> 00:20:40,114
<font color="#ffbf46">ෂා.</font>

270
00:20:40,197 --> 00:20:42,324
<font color="#ffbf46">කොහොම හරි, මං මේ පාර ආවෙ ඒකට නෙවෙයි.</font>

271
00:20:44,118 --> 00:20:46,704
<font color="#ffbf46">මේක ගන්න. ඔයාට මේක කවද හරි ඕන වෙයි.</font>

272
00:20:49,498 --> 00:20:50,458
<font color="#ffbf46">මොකක්ද මේ...</font>

273
00:20:50,541 --> 00:20:51,500
<font color="#ffbf46">මම ඔයාගෙ පැතුම ඉෂ්ට කරනවා</font>

274
00:20:51,584 --> 00:20:53,335
<font color="#ffbf46">වලිග නවයේ නරියොත්
මේ වගේ දේවල් කරනවද?</font>

275
00:20:53,419 --> 00:20:54,879
<font color="#ffbf46">දැන් කාලෙ වෙනස්නෙ.</font>

276
00:20:54,962 --> 00:20:57,298
<font color="#ffbf46">මේක බිස්නස් එකක් විදිහට හිතන්න.</font>

277
00:20:57,381 --> 00:20:59,633
<font color="#ffbf46">ඔයා ළඟදීම ගොඩක් පොහොසත් වෙයි.</font>

278
00:20:59,717 --> 00:21:01,844
<font color="#ffbf46">මගේ ක්ලයන්ට් කෙනෙක් වෙන්න තරම් පොහොසත්.</font>

279
00:21:03,095 --> 00:21:04,555
<font color="#ffbf46">සිරාවටම...</font>

280
00:21:05,055 --> 00:21:07,057
<font color="#ffbf46">ඔයා මට විහිළු කරනවද?</font>

281
00:21:07,683 --> 00:21:08,559
<font color="#ffbf46">මොකක්?</font>

282
00:21:08,642 --> 00:21:09,852
<font color="#ffbf46">මං කිව්වෙ,</font>

283
00:21:09,935 --> 00:21:13,397
<font color="#ffbf46">ගිය පාර, ඔයා මට කිව්වෙ මං වැඩක් නැති එකෙක්,
ලොකු හීන දකින්න එපා කියලා.</font>

284
00:21:14,273 --> 00:21:16,484
<font color="#ffbf46">මගේ අනාගතේ ගැන
ඔයා මාර නරක දේවල්නෙ කිව්වෙ.</font>

285
00:21:16,567 --> 00:21:17,610
<font color="#ffbf46">මොකද වෙනස් වුණේ?</font>

286
00:21:19,570 --> 00:21:21,238
<font color="#ffbf46">ආ, ඒකද?</font>

287
00:21:23,616 --> 00:21:26,118
<font color="#ffbf46">මට මුලදි වැරදියට පේන්න ඇති.</font>

288
00:21:30,080 --> 00:21:32,958
<font color="#ffbf46">දෛවය ඔහොම එකපාරට වෙනස් වෙන්නෙ නෑ.</font>

289
00:21:33,626 --> 00:21:35,419
<font color="#ffbf46">කමක් නෑ, අවුලක් නෑ.</font>

290
00:21:35,503 --> 00:21:37,755
<font color="#ffbf46">කොහොමත් ඔයා කියපු දේවල් මං ගණන් ගත්තෙ නෑ.</font>

291
00:21:38,422 --> 00:21:39,590
<font color="#ffbf46">මං කිව්වනෙ.</font>

292
00:21:39,673 --> 00:21:42,510
<font color="#ffbf46">තව අවුරුදු ටිකකින්,
මං මාර ෆේමස් ක්‍රීඩකයෙක් වෙනවා.</font>

293
00:21:44,512 --> 00:21:45,805
<font color="#ffbf46">මං මේ කියන දේ</font>

294
00:21:45,888 --> 00:21:48,224
<font color="#ffbf46">ඔයාගෙ ඔය ළාමක
හීන ලෝකෙ වගේ දෙයක් නෙවෙයි.</font>

295
00:21:48,307 --> 00:21:50,976
<font color="#ffbf46">මං මේ කියන්නෙ
ඔයාගෙ ඇත්ත අනාගතේ මං දැකපු දෙයක්.</font>

296
00:21:53,187 --> 00:21:55,356
<font color="#ffbf46">අම්මෝ, රස්නෙයි! මොකක්ද ඒ වුණේ?</font>

297
00:21:55,439 --> 00:21:57,107
<font color="#ffbf46">මට පෙන්නන්න ඕන වුණා ඒක පාවිච්චි කරන විදිහ.</font>

298
00:21:57,191 --> 00:21:59,193
<font color="#ffbf46">ඔයා ඕක පුච්චන හැම වෙලාවෙම මම එනවා.</font>

299
00:21:59,276 --> 00:22:02,488
<font color="#ffbf46">මාව ඔය විදිහට බය කරන්නෙ නැතුව
කෙලින්ම කියන්න තිබුණනෙ ඉතින්?</font>

300
00:22:03,906 --> 00:22:05,157
<font color="#ffbf46">ඕක දෙන්න. මං දුන්නනෙ.</font>

301
00:22:05,241 --> 00:22:06,283
<font color="#ffbf46">ඒත් ඒක නැති වුණානෙ.</font>

302
00:22:06,909 --> 00:22:09,370
<font color="#ffbf46">ඉතින්, මං පෞද්ගලික හේතුවක් නිසා
ටික කාලෙකට යනවා.</font>

303
00:22:09,453 --> 00:22:10,955
<font color="#ffbf46">අනික ඊටත් වඩා වැදගත්ම දේ,</font>

304
00:22:11,956 --> 00:22:15,292
<font color="#ffbf46">සත පහක් අතේ නැති එකෙක් මාව නිතරම
ගෙන්න ගන්න හැදුවොත් ඒක මට කරදරයක්.</font>

305
00:22:15,918 --> 00:22:18,087
<font color="#ffbf46">ඒ නිසා හරි වෙලාව ආවම ඒක නිකම්ම පහළ වෙයි.</font>

306
00:22:20,631 --> 00:22:22,591
<font color="#ffbf46">ඔයාට යන්න පුළුවන්. අපේ වැඩේ ඉවරයි.</font>

307
00:22:26,136 --> 00:22:27,346
<font color="#ffbf46">ඒ වුණාට...</font>

308
00:22:28,097 --> 00:22:29,139
<font color="#ffbf46">ඔයා ඇත්තටම</font>

309
00:22:30,057 --> 00:22:31,767
<font color="#ffbf46">ඔයාගෙ නම මට කියන්නෙ නැද්ද?</font>

310
00:22:33,811 --> 00:22:35,062
<font color="#ffbf46">මොකක්?</font>

311
00:22:40,693 --> 00:22:41,902
<font color="#ffbf46">යුන්-හෝ.</font>

312
00:22:43,529 --> 00:22:44,655
<font color="#ffbf46">මගේ නම යුන්-හෝ.</font>

313
00:22:50,286 --> 00:22:53,163
<font color="#ffbf46">ඔයා සතුටු වෙන්න ඕන.
මං මේක කාටවත් කියන්නෙ නෑ.</font>

314
00:22:55,040 --> 00:22:56,000
<font color="#ffbf46">එහෙමද.</font>

315
00:22:57,084 --> 00:22:58,711
<font color="#ffbf46">යුන්-හෝ.</font>

316
00:23:08,596 --> 00:23:09,513
<font color="#ffbf46">කැන්ග් සි-යොල්?</font>

317
00:23:14,184 --> 00:23:15,436
<font color="#ffbf46">ඔයාට මහන්සි ඇති.</font>

318
00:23:16,353 --> 00:23:19,315
<font color="#ffbf46">මං හොන්ග් යොන්-සු,
පාපන්දු සංගමයේ ටීම් ලීඩර්.</font>

319
00:23:19,398 --> 00:23:20,274
<font color="#ffbf46">මාව මතකද?</font>

320
00:23:21,442 --> 00:23:23,068
<font color="#ffbf46">ආ, හරි.</font>

321
00:23:24,945 --> 00:23:26,906
<font color="#ffbf46">ඔයාව හම්බවුණ එක සතුටක්.</font>

322
00:23:32,661 --> 00:23:34,455
<font color="#ffbf46">ඔයාට ආරංචිය ලැබුණද?</font>

323
00:23:35,289 --> 00:23:36,415
<font color="#ffbf46">මොකක්?</font>

324
00:23:36,498 --> 00:23:40,628
<font color="#ffbf46">ඔයාව යොවුන් ජාතික කණ්ඩායමට
තෝරගෙන තියෙන්නෙ.</font>

325
00:23:42,254 --> 00:23:44,840
<font color="#ffbf46">මාව? ජාතික කණ්ඩායමට?</font>

326
00:23:44,924 --> 00:23:46,258
<font color="#ffbf46">ඔයාට පාස්පෝට් එකක් තියෙනවද?</font>

327
00:23:46,342 --> 00:23:48,469
<font color="#ffbf46">පිටරට පුහුණුවීම්වලට ඔයාට ලබන සතියෙ යන්න වෙනවා.</font>

328
00:23:48,552 --> 00:23:50,137
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

329
00:23:50,763 --> 00:23:52,348
<font color="#ffbf46">ඇයි මාව එකපාරටම...</font>

330
00:23:52,973 --> 00:23:55,559
<font color="#ffbf46">මං හිතන්නෙ ඔයාට තාම විස්තරේ දැනගන්න ලැබිලා නෑ වගේ.</font>

331
00:23:56,268 --> 00:23:59,605
<font color="#ffbf46">ඔයාව ගත්තෙ හියොන් වූ-සොක් වෙනුවට.</font>

332
00:23:59,688 --> 00:24:01,982
<font color="#ffbf46">ඔයා දන්නවනෙ, හියොන් වූ-සොක්ට ආබාධයක්,</font>

333
00:24:02,066 --> 00:24:04,818
<font color="#ffbf46">ඉතින් දැනට ඒ පොසිෂන් එකට හරියන කෙනෙක් නෑ.</font>

334
00:24:06,612 --> 00:24:07,696
<font color="#ffbf46">එහෙමද.</font>

335
00:24:07,780 --> 00:24:09,365
<font color="#ffbf46">ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් පස්සෙ හම්බවෙමු.</font>

336
00:24:09,448 --> 00:24:10,491
<font color="#ffbf46">ඔයා දන්නව නේද</font>

337
00:24:10,574 --> 00:24:14,578
<font color="#ffbf46">මේක ඔයාට ලොකු චාන්ස් එකක් කියලා?</font>

338
00:24:42,272 --> 00:24:44,566
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑනෙ? පිස්සුද.</font>

339
00:24:44,650 --> 00:24:48,821
<font color="#ffbf46">මගේ මූණ තමයි මට වටින්නෙම,
ඒකට මුකුත් වෙලා නෑනෙ, තාම ලස්සනයි.</font>

340
00:24:50,280 --> 00:24:51,407
<font color="#ffbf46">අනේ මන්දා.</font>

341
00:24:53,242 --> 00:24:55,369
<font color="#ffbf46">සුව වෙන්න කොච්චර කල් යයිද?</font>

342
00:24:56,704 --> 00:24:59,415
<font color="#ffbf46">දන්නෙ නෑ. සමහර විට අවුරුද්දක් විතර.</font>

343
00:25:02,418 --> 00:25:04,712
<font color="#ffbf46">ඒයි, මොනව කළත් ආයෙ ඉන්ජරි වෙන්න එපා.</font>

344
00:25:04,795 --> 00:25:07,589
<font color="#ffbf46">මේ රිකවරි වෙන එක මාර අමාරුයි.</font>

345
00:25:09,842 --> 00:25:10,718
<font color="#ffbf46">හොඳ වුණාම,</font>

346
00:25:11,927 --> 00:25:14,054
<font color="#ffbf46">ඔයාට ආයෙ සෙල්ලම් කරන්න පුළුවන් වෙයි නේද?</font>

347
00:25:14,680 --> 00:25:15,681
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම.</font>

348
00:25:17,558 --> 00:25:19,518
<font color="#ffbf46">සොකර් නැතුව මං වෙන මොනවා කරන්නද?</font>

349
00:25:20,144 --> 00:25:24,940
<font color="#ffbf46">මං ගැන වද වෙන්න එපා.
ගිහිල්ලා පුළුවන් උපරිමෙන් කරන්න, පිස්සො.</font>

350
00:25:25,566 --> 00:25:27,776
<font color="#ffbf46">ඉක්මනට හොඳ වෙලා ආයෙ වරෙන්.</font>

351
00:25:27,860 --> 00:25:30,112
<font color="#ffbf46">අවුරුද්දක් නිකන් ඉන්න එකද?
පිස්සු හැදෙයි.</font>

352
00:25:30,195 --> 00:25:31,447
<font color="#ffbf46">"නිකන් ඉන්න"?</font>

353
00:25:31,530 --> 00:25:34,700
<font color="#ffbf46">හරි. හරියටම මාස හයකින් මං එනවා.</font>

354
00:25:36,326 --> 00:25:37,536
<font color="#ffbf46">එතකන්,</font>

355
00:25:38,245 --> 00:25:41,165
<font color="#ffbf46">මං එනකන් මගේ තැන පරිස්සම් කරලා තියන්න, හරිද?</font>

356
00:25:42,082 --> 00:25:43,834
<font color="#ffbf46">හා හා, බලමුකො.</font>

357
00:25:44,334 --> 00:25:47,004
<font color="#ffbf46">ඒයි, මං අලුත් මූව් එකක් හොයාගත්තා.</font>

358
00:25:49,548 --> 00:25:52,092
<font color="#ffbf46">මං දකුණු කකුලෙන් ගහන නිසා,
වම් කකුලෙ අවුලක් වුණාට කමක් නෑ.</font>

359
00:25:52,176 --> 00:25:54,011
<font color="#ffbf46">ඉතින්, මං මේ වගේ කළොත්...</font>

360
00:25:54,094 --> 00:25:55,512
<font color="#ffbf46">ඔව්, මාරයි.</font>

361
00:26:01,268 --> 00:26:02,728
<font color="#ffbf46">කැන්ග් සි-යොල්?</font>

362
00:26:05,147 --> 00:26:06,231
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

363
00:26:25,000 --> 00:26:28,337
<font color="#ff7f21"><b>අවුරුදු නවයකට පසු</b></font>

364
00:26:41,850 --> 00:26:43,268
<font color="#ffbf46">මොකද හිතන්නෙ?</font>

365
00:26:46,563 --> 00:26:48,273
<font color="#ffbf46">ලස්සනයි. මං කැමතියි.</font>

366
00:26:48,357 --> 00:26:49,525
<font color="#ffbf46">නේද?</font>

367
00:26:50,776 --> 00:26:53,654
<font color="#ffbf46">මේ වගේ දූපත් විකිණෙන්න එන්නෙ හරිම අඩුවෙන්.</font>

368
00:26:53,737 --> 00:26:55,197
<font color="#ffbf46">මේක ඩිවලොප් කරන්නත් පුළුවන්.</font>

369
00:26:55,948 --> 00:26:57,991
<font color="#ffbf46">ඉතින්, ඔයා අර පැත්තෙ විලා ටිකක් හදලා</font>

370
00:26:58,075 --> 00:26:59,993
<font color="#ffbf46">සංචාරකයො ගෙන්න ගත්තොත්...</font>

371
00:27:00,077 --> 00:27:03,080
<font color="#ffbf46">ඕන නෑ.
මේ දූපතේ ඉන්නෙ මං විතරයි.</font>

372
00:27:03,163 --> 00:27:04,248
<font color="#ffbf46">මොකක්?</font>

373
00:27:04,331 --> 00:27:07,709
<font color="#ffbf46">මං මේ මුළු දූපතම ගන්නෙ මගේ පෞද්ගලික නිවාඩු නිකේතනයක් විදිහට.</font>

374
00:27:08,377 --> 00:27:09,503
<font color="#ffbf46">ආ, එහෙමද.</font>

375
00:27:09,586 --> 00:27:12,256
<font color="#ffbf46">ඒත් මේ වගේ ලොකු දූපතක ඔයා තනියම ඉන්නව නම්,</font>

376
00:27:12,339 --> 00:27:14,591
<font color="#ffbf46">එහෙ මෙහෙ යන්නෙ කොහොමද?</font>

377
00:27:14,675 --> 00:27:17,469
<font color="#ffbf46">සුළි කුණාටුවක් එහෙම ආවොත්,
ඔයාට තනියම කොටු වෙන්න වෙයි.</font>

378
00:27:17,553 --> 00:27:20,222
<font color="#ffbf46">මං යන්නෙ බෝට්ටුවෙන් නෙවෙයි,
ඒ නිසා ඒ ගැන වද වෙන්න එපා.</font>

379
00:27:20,305 --> 00:27:22,683
<font color="#ffbf46">කොහොම හරි, ගාන කීය කිව්වා?</font>

380
00:27:22,766 --> 00:27:25,102
<font color="#ffbf46">ආ හරි. වොන් බිලියන 12යි.</font>

381
00:27:26,436 --> 00:27:28,689
<font color="#ffbf46">මේක හයි-එන්ඩ් දේපලක්,</font>

382
00:27:28,772 --> 00:27:32,359
<font color="#ffbf46">හැබැයි අපි පොඩ්ඩක් කතා කරගත්තොත්,
අපිට සමහරවිට බිලියන 11කට වගේ කරගන්න පුළුවන් වෙයි.</font>

383
00:27:33,360 --> 00:27:34,903
<font color="#ffbf46">ඕන නෑ. බිලියනයක්නෙ.</font>

384
00:27:34,987 --> 00:27:37,739
<font color="#ffbf46">පොඩි ගානක් වෙනුවෙන්
හිඟාකන්නෙ මොකටද?</font>

385
00:27:39,825 --> 00:27:41,618
<font color="#ffbf46">ගිහින් චෙක් කරන්න. සල්ලි ඇවිත් ඇති.</font>

386
00:27:42,703 --> 00:27:44,079
<font color="#ffbf46">හරි, හොඳයි.</font>

387
00:27:51,837 --> 00:27:52,838
<font color="#ffbf46">මේ...</font>

388
00:27:53,422 --> 00:27:55,924
<font color="#ffbf46">එක වොන් එකක්වත් ඇවිත් නෑ.</font>

389
00:27:57,634 --> 00:27:58,719
<font color="#ffbf46">මොකක්?</font>

390
00:27:59,511 --> 00:28:00,512
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

391
00:28:01,096 --> 00:28:03,599
<font color="#ffbf46">ඒ කියන්නෙ
මගේ ළඟ වොන් බිලියන 12ක්වත් ඉතුරු වෙලා නැද්ද?</font>

392
00:28:03,682 --> 00:28:05,517
<font color="#ffbf46">මං අවුරුදු කීපයක් විවේක ගත්තා කියලා?</font>

393
00:28:06,393 --> 00:28:08,145
<font color="#ffbf46">ඔයා මොකද කරන්න කැමති?</font>

394
00:28:09,396 --> 00:28:12,191
<font color="#ffbf46">මට වෙලාව දෙන්න. මට සල්ලි ටික හොයාගන්න පුළුවන්.</font>

395
00:28:15,527 --> 00:28:16,445
<font color="#ffbf46">ඒත්...</font>

396
00:28:17,863 --> 00:28:20,782
<font color="#ffbf46">11 වෙනුවට බිලියන 10කට වගේ
කරගන්න බැරි වෙයිද?</font>

397
00:32:11,930 --> 00:32:14,391
<font color="#ffe8b3"><i>ප්‍රිමියර් ලීග් තරු කැන්ග් සි-යොල්</i></font>

398
00:32:14,474 --> 00:32:18,145
<font color="#ffe8b3"><i>අද තේම්ස් FC සමඟ විශාල ගිවිසුමක්</i>
<i>අලුත් කරගත්තා.</i></font>

399
00:32:18,228 --> 00:32:20,480
<font color="#ffe8b3"><i>තේම්ස් FC වෙබ් අඩවිය හරහා නිවේදනය කළේ</i></font>

400
00:32:20,564 --> 00:32:24,317
<font color="#ffe8b3"><i>ඔවුන් සාර්ථකව</i>
<i>කැන්ග් සි-යොල්ව නැවත කණ්ඩායමට එක් කරගත් බවයි.</i></font>

401
00:32:24,401 --> 00:32:26,903
<font color="#ffe8b3"><i>ඔවුන් විශාල සතුටක් සහ ස්තූතියක් පළ කළා</i></font>

402
00:32:26,987 --> 00:32:29,531
<font color="#ffe8b3"><i>දිගටම රැඳී සිටීම ගැන</i></font>

403
00:32:29,614 --> 00:32:32,826
<font color="#ffe8b3"><i>කණ්ඩායමේ නායකයා සහ</i>
<i>ප්‍රධානම තරුව සමඟ ඉදිරියට යන්න ලැබීම ගැන.</i></font>

404
00:32:32,909 --> 00:32:35,495
<font color="#ffe8b3"><i>කැන්ග් සි-යොල්ගේ නව ගිවිසුම</i>
<i>වසර පහක් පුරා පවතින අතර,</i></font>

405
00:32:35,579 --> 00:32:38,623
<font color="#ffe8b3"><i>ඒ සමඟ ඔහු ලීගයේ වැඩිම මුදලක් ගෙවන</i>
<i>ක්‍රීඩකයෙකු බවට පත් වෙනවා.</i></font>

406
00:32:38,707 --> 00:32:41,001
<font color="#ffe8b3"><i>ලීගයේ වැඩිම ගෝල සහ ඇසිස්ට් ලබාගත්</i>
<i>පළමු ආසියානු ක්‍රීඩකයා බවට පත්වෙමින්,</i></font>

407
00:32:41,084 --> 00:32:43,920
<font color="#ffe8b3"><i>කැන්ග් සි-යොල් පසුගිය සීසන් එකේ</i>
<i>ඔහුගේ උපරිම දක්ෂතා දැක්වූවා.</i></font>

408
00:32:44,004 --> 00:32:46,548
<font color="#ffe8b3"><i>මේ නිසා ඔහුගේ ඊළඟ මාරුවීම ගැන</i></font>

409
00:32:46,631 --> 00:32:51,845
<font color="#ffe8b3"><i>මාධ්‍ය වාර්තා සහ කතාබහ</i>
<i>බොහෝ සෙයින් ඇති වුණා.</i></font>

410
00:32:52,345 --> 00:32:53,972
<font color="#ffe8b3"><i>මේ උනන්දුව මධ්‍යයේ,</i></font>

411
00:32:54,055 --> 00:32:58,268
<font color="#ffe8b3"><i>ජාත්‍යන්තර මාධ්‍ය පවා ඔහුගේ ගිවිසුම අලුත් කිරීම ගැන</i>
<i>වාර්තා කිරීමට උනන්දු වුණා.</i></font>

412
00:32:58,810 --> 00:33:02,522
<font color="#ffe8b3"><i>කැන්ග් සි-යොල්ව ලබාගන්න උත්සාහ කරපු</i>
<i>සමහර ක්‍රීඩා සමාජවල නිලධාරීන්</i></font>

413
00:33:02,606 --> 00:33:06,318
<font color="#ffe8b3"><i>මේ පුවතෙන් පස්සෙ</i>
<i>ඔවුන්ගේ කණගාටුව පළ කරලා තියෙනවා.</i></font>

414
00:33:06,401 --> 00:33:09,362
<font color="#ffe8b3"><i>කැන්ග් සි-යොල් දකුණු කොරියාවෙන් එහා ගිය</i>
<i>ජාත්‍යන්තර ක්‍රීඩා තරුවක් බවට පත්වෙලා තියෙන නිසා,</i></font>

415
00:33:09,446 --> 00:33:10,739
<font color="#ffe8b3"><i>දකුණු කොරියාවෙන් ඔබ්බට,</i></font>

416
00:33:10,822 --> 00:33:16,495
<font color="#ffe8b3"><i>ලොව පුරා පාපන්දු ලෝලීන්</i>
<i>ඔහුගේ ඊළඟ පියවර ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.</i></font>

417
00:33:29,966 --> 00:33:35,514
<font color="#ffbf46"><b>නිකොලස් : හාට් ඔෆ් වික්ටෝරි</b></font>

418
00:33:57,035 --> 00:34:00,038
<font color="#ffbf46">වෙලාව කීයද කියලා දන්නවද?
ඇයි තාම ඇඳේ?</font>

419
00:34:05,710 --> 00:34:08,338
<font color="#ffbf46">සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පටන් ගන්න කාලෙ හරි!</font>

420
00:34:09,589 --> 00:34:11,216
<font color="#ffbf46">අනේ මන්දා, මේක නිකම් පාපන්දු විතරනෙ.</font>

421
00:34:11,841 --> 00:34:14,469
<font color="#ffbf46">ඔයා ඒක නැවැත්තුවා කියලා
ඔයාගෙ ජීවිතේ ඉවර නෑනෙ.</font>

422
00:34:16,096 --> 00:34:19,015
<font color="#ffbf46">මාව නවත්තන්න හදන්න එපා.
මං මේ ඔක්කොම අද විසිකරනවා.</font>

423
00:34:27,649 --> 00:34:29,150
<font color="#ffbf46">අපේ සදාකාලික පුරාවෘත්තය
පුහුණුකරු චා බම්-කුන්</font>

424
00:34:29,234 --> 00:34:32,862
<font color="#ffbf46">මේ චා බම්-කුන් පාපන්දු සම්මානයනෙ.
ඇයි මේක විසි කරන්නෙ, පිස්සුද...</font>

425
00:34:38,910 --> 00:34:40,120
<font color="#ffbf46">තව ඇතුළෙ තියෙනවා.</font>

426
00:34:52,173 --> 00:34:59,139
<font color="#ffbf46">හියොන් වූ-සොක්</font>

427
00:35:09,482 --> 00:35:10,775
<font color="#ffbf46">ඔයාට...</font>

428
00:35:11,735 --> 00:35:14,195
<font color="#ffbf46">ඔක්කොම විසි කරන්න ඕන නෑනෙ.</font>

429
00:35:42,390 --> 00:35:43,433
<font color="#ffbf46">මට සමාවෙන්න.</font>

430
00:35:47,771 --> 00:35:48,647
<font color="#ffbf46">මොකටද?</font>

431
00:35:51,983 --> 00:35:53,610
<font color="#ffbf46">සි-යොල් වගේ සාර්ථක වුණේ නැති එකට.</font>

432
00:35:58,698 --> 00:36:01,242
<font color="#ffbf46">ජීවිතේ කොහොම වෙයිද කියලා කවුද දන්නෙ.</font>

433
00:36:01,910 --> 00:36:04,829
<font color="#ffbf46">පොඩි කාලෙ ඔයා සි-යොල්ට වඩා හොඳට සෙල්ලම් කළානෙ.</font>

434
00:36:08,583 --> 00:36:09,709
<font color="#ffbf46">දැනට,</font>

435
00:36:11,044 --> 00:36:12,295
<font color="#ffbf46">එයා ඉහළින්ම ඉන්නව ඇති.</font>

436
00:36:13,129 --> 00:36:15,924
<font color="#ffbf46">ඒත් තව අවුරුදු 10කින් 20කින්
මොනවා වෙයිද කියලා කවුද දන්නෙ.</font>

437
00:36:17,592 --> 00:36:20,637
<font color="#ffbf46">ඒ ඔක්කොම තීරණය වෙන්නෙ
මෙතන ඉඳන් ඔයා ජීවත් වෙන විදිහ අනුව.</font>

438
00:36:48,623 --> 00:36:49,791
<font color="#ffbf46">එළියෙ...</font>

439
00:36:51,668 --> 00:36:52,711
<font color="#ffbf46">වහිනවද?</font>

440
00:37:41,092 --> 00:37:42,302
<font color="#ffbf46">මං හිතන්නෙ</font>

441
00:37:43,386 --> 00:37:45,096
<font color="#ffbf46">අපිට තව කල් ඕන.</font>

442
00:37:46,473 --> 00:37:48,683
<font color="#ffbf46">ඔයාටයි මටයි දෙන්නටම.</font>

443
00:37:54,856 --> 00:37:58,777
<font color="#ffbf46">කැන්ග් සි-යොල්ගේ තේරීම</font>

444
00:38:00,361 --> 00:38:01,488
<font color="#ffbf46">ආයුබෝවන්.</font>

445
00:38:08,411 --> 00:38:10,205
<font color="#ffbf46">කැන්ග් සි-යොල් තෝරාගත් චොකලට් බාර් එක</font>

446
00:38:17,295 --> 00:38:20,256
<font color="#ffbf46">එයා නිකම් සල්ලි උතුරන වැඩක්නෙ කරන්නෙ.</font>

447
00:38:23,176 --> 00:38:26,012
<font color="#ffbf46">ෂා! අන්තිමේදී මට කැන්ග් සි-යොල් බනිස් එක හම්බවුණා.</font>

448
00:38:26,095 --> 00:38:27,806
<font color="#ffbf46">මොන ස්ටිකර් එකද ඇතුළෙ තියෙන්නෙ? බලන්න. ඇතුළෙ?</font>

449
00:38:27,889 --> 00:38:29,057
<font color="#ffbf46">මට හරියට පේන්නෙ නෑ.</font>

450
00:38:29,140 --> 00:38:30,183
<font color="#ffbf46">ඒයි.</font>

451
00:38:30,683 --> 00:38:31,643
<font color="#ffbf46">ඇයි?</font>

452
00:38:32,519 --> 00:38:34,479
<font color="#ffbf46">මමයි ඉස්සෙල්ලම ඒක ගත්තෙ.</font>

453
00:38:34,562 --> 00:38:36,773
<font color="#ffbf46">මට කඩවල් පහකට විතර යන්න වුණා
මේක හොයාගන්න.</font>

454
00:38:36,856 --> 00:38:38,274
<font color="#ffbf46">නෑ, ඒක නෙවෙයි.</font>

455
00:38:38,358 --> 00:38:40,777
<font color="#ffbf46">ඔයාලා කැන්ග් සි-යොල් ගැන ගොඩක් දේවල් දන්නවද?</font>

456
00:38:42,695 --> 00:38:43,905
<font color="#ffbf46">ලිමිටඩ් එඩිෂන් බනිස්</font>

457
00:38:50,036 --> 00:38:51,079
<font color="#ffbf46">මොකක්ද මේ ඔක්කොම?</font>

458
00:38:51,788 --> 00:38:53,915
<font color="#ffbf46">මේ ඔක්කොම සියොල්ගෙ බඩුනෙ. හරිම ෂෝක් නේද?</font>

459
00:38:55,542 --> 00:38:59,045
<font color="#ffbf46">මේක සියොල් රන් පාවහන් සම්මානය ගත්ත එක
සමරන්න ෆෑන් ක්ලබ් එකෙන් හදපු එකක්.</font>

460
00:38:59,128 --> 00:39:00,630
<font color="#ffbf46">තව මේක...
දැන් ඇති ඕක!</font>

461
00:39:01,548 --> 00:39:03,633
<font color="#ffbf46">මට දැනගන්න ඕන එක දෙයක් විතරයි.</font>

462
00:39:04,634 --> 00:39:06,094
<font color="#ffbf46">කාන්ග් සියොල්.</font>

463
00:39:07,053 --> 00:39:08,596
<font color="#ffbf46">මිනිහා ඇත්තටම කොච්චර හම්බ කරනවද?</font>

464
00:39:08,680 --> 00:39:10,765
<font color="#ffbf46">ඔයා දැක්කෙ නැද්ද ළඟදි ගිය ලිපි?</font>

465
00:39:11,391 --> 00:39:13,309
<font color="#ffbf46">ආරංචි විදියට,
එයා සතියකට වොන් මිලියන 500ක් හොයනවා.</font>

466
00:39:13,393 --> 00:39:15,812
<font color="#ffbf46">අනික එයා දැන්වීම් ගොඩක ඉන්නවා.</font>

467
00:39:15,895 --> 00:39:18,231
<font color="#ffbf46">මම අහපු විදියට එකකට
වොන් බිලියනයකට වඩා ගෙවනවලු.</font>

468
00:39:18,314 --> 00:39:19,315
<font color="#ffbf46">ඇත්තටම?</font>

469
00:39:21,234 --> 00:39:25,738
<font color="#ffbf46">එහෙනම් ඒ කියන්නෙ අන්තිමේදි එයා
මගේ සේවාදායකයෙක් වෙන්න තරම් දියුණු වෙලා.</font>

470
00:39:36,416 --> 00:39:38,001
<font color="#ffbf46">මේ මොකක්ද මේ මළ ඉලව්ව?</font>

471
00:39:42,714 --> 00:39:44,716
<font color="#ffbf46">මම කාන්ග් සියොල්
ලීවේ කාන්ග් සියොල්</font>

472
00:39:44,799 --> 00:39:46,801
<font color="#ffbf46">චරිතාපදානයක්?</font>

473
00:39:53,433 --> 00:39:55,768
<font color="#ffbf46">ඔයා ඕක කී පාරක් කියවනවද?</font>

474
00:39:55,852 --> 00:39:56,811
<font color="#ffbf46">මොකක්?</font>

475
00:39:57,979 --> 00:39:59,439
<font color="#ffbf46">මේක හොඳ පොතක්.</font>

476
00:40:01,524 --> 00:40:03,484
<font color="#ffbf46">මම කවදාවත් පොතක් කියවලා නෑ...</font>

477
00:40:03,568 --> 00:40:05,987
<font color="#ffbf46">මේ වගේ මගේ හිතට වැදුණු.</font>

478
00:40:07,780 --> 00:40:10,783
<font color="#ffbf46">ඒ මොකද ඔයා ජීවිතේටම කියවලා තියෙන
එකම පොත ඕක නිසා.</font>

479
00:40:10,867 --> 00:40:12,535
<font color="#ffbf46">මම කාන්ග් සියොල්</font>

480
00:40:14,370 --> 00:40:16,623
<font color="#ffbf46">ඒ මොකද හැමදේම මේකෙ තියෙනවා.</font>

481
00:40:16,706 --> 00:40:18,291
<font color="#ffbf46">මගේ තරුණ කාලෙ විඳපු දුක් ගැහැට.</font>

482
00:40:18,374 --> 00:40:22,879
<font color="#ffbf46">ඒ බාධක ජයගන්න මම දරපු
නොපසුබට උත්සාහය, හික්මීම සහ ඉවසීම.</font>

483
00:40:22,962 --> 00:40:25,214
<font color="#ffbf46">හැබැයි අන්තිමට ඉතුරු වුණේ බලාපොරොත්තු කඩවීමක් විතරයි.</font>

484
00:40:26,591 --> 00:40:29,302
<font color="#ffbf46">කෙළවරක් නැති අමනාපකම්
සහ ඉරිසියාවල් මැද්දෙ වුණත්,</font>

485
00:40:29,385 --> 00:40:32,013
<font color="#ffbf46">මම හැම සීමාවක්ම අභිබවා ගියා...</font>

486
00:40:32,639 --> 00:40:33,765
<font color="#ffbf46">අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න.</font>

487
00:40:35,391 --> 00:40:37,352
<font color="#ffbf46">ඔය ඔක්කොම තනි පොතක තියෙනවද?</font>

488
00:40:38,561 --> 00:40:41,648
<font color="#ffbf46">යොන්-සූ, ඔයා දන්නවද
මේ පොතේ තේමාව මොකක්ද කියලා?</font>

489
00:40:41,731 --> 00:40:42,899
<font color="#ffbf46">"මම තමයි හොඳම."</font>

490
00:40:46,736 --> 00:40:49,906
<font color="#ffbf46">"ආඩම්බරයක් තිබුණට,
කවදාවත් උදාසීන වෙන්නෙ නෑ."</font>

491
00:40:53,034 --> 00:40:55,536
<font color="#ffbf46">මම මම වීම ගැන මට හරි ආඩම්බරයි.</font>

492
00:40:56,663 --> 00:40:59,999
<font color="#ffbf46">ඔව්, මටත් මම ගැන ආඩම්බරයි...</font>

493
00:41:00,083 --> 00:41:02,835
<font color="#ffbf46">මෙච්චර කාලයක් ඔයාගෙ ඒජන්ට් වුණාට.</font>

494
00:41:03,711 --> 00:41:05,088
<font color="#ffbf46">මම ඇත්තටම හැන්ඩ්සම්.</font>

495
00:41:07,340 --> 00:41:08,841
<font color="#ffbf46">ඕක පැත්තකින් තියනවද දැන්.</font>

496
00:41:12,804 --> 00:41:14,806
<font color="#ffbf46">කාන්ග් සියොල් පිටිය හොල්ලයි!</font>

497
00:41:14,889 --> 00:41:16,766
<font color="#ffbf46">කාන්ග් සියොල්!
කාන්ග් සියොල්!</font>

498
00:41:20,395 --> 00:41:22,105
<font color="#ffbf46">හුස්ම හිරකරගෙන
සියොල්ට වශී වෙන්න</font>

499
00:41:22,188 --> 00:41:23,773
<font color="#ffbf46">ෂා, එයා අත්සන් කරනවා!
අනේ මටත් අත්සන් කරන්නකෝ!</font>

500
00:41:23,856 --> 00:41:25,274
<font color="#ffbf46">කාන්ග් සියොල් හරිම සෙක්සි...</font>

501
00:41:31,322 --> 00:41:32,740
<font color="#ffbf46">ස්තූතියි.</font>

502
00:41:35,702 --> 00:41:37,286
<font color="#ffbf46">කාලෙකින් දැක්කෙ, සියොල්.</font>

503
00:41:44,502 --> 00:41:45,670
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න...</font>

504
00:41:47,213 --> 00:41:48,965
<font color="#ffbf46">කොහාටද අත්සන් කරන්න ඕන?</font>

505
00:41:51,259 --> 00:41:52,510
<font color="#ffbf46">මොකක්?</font>

506
00:41:52,593 --> 00:41:53,678
<font color="#ffbf46">ආහ්, දෙයියන්ෙග පල්ල.</font>

507
00:42:01,602 --> 00:42:02,895
<font color="#ffbf46">ස්තූතියි.</font>

508
00:42:24,083 --> 00:42:24,959
<font color="#ffbf46">ඉන්න...</font>

509
00:42:26,294 --> 00:42:29,088
<font color="#ffbf46">මිනිහට ඇත්තටම මාව අඳුරගන්න බැරි වුණාද?</font>

510
00:42:49,609 --> 00:42:51,486
<font color="#ffbf46">මිස්, ඔයාගෙ සූට්කේස් එක ඇරිලා!</font>

511
00:43:05,625 --> 00:43:06,876
<font color="#ffbf46">මිස්, මොකද මේ කරන්නෙ...</font>

512
00:43:06,959 --> 00:43:09,837
<font color="#ffbf46">ඔයා මගෙන් අහන්නෙ නැතුව
මගේ පිටේ අත්සන් කරපු නිසා,</font>

513
00:43:09,921 --> 00:43:11,255
<font color="#ffbf46">මම ඒකෙ ණය ගෙවනවා.</font>

514
00:43:23,976 --> 00:43:25,144
<font color="#ffbf46">ඒ ගෑනිට මොකද වෙලා තියෙන්නෙ?</font>

515
00:43:28,731 --> 00:43:30,608
<font color="#ffbf46">ඉන්චොන් ගුවන්තොටුපොළ කාන්ග් සියොල් නිසා උණුසුම් වෙයි</font>

516
00:43:33,528 --> 00:43:35,655
<font color="#ffbf46">දේහුන් සිටිසන්ස් FC විවෘත තේරීම් පරීක්ෂණය</font>

517
00:43:35,780 --> 00:43:36,864
<font color="#ffbf46">දුවන්න, දිගටම දුවන්න!</font>

518
00:43:40,576 --> 00:43:42,495
<font color="#ffbf46">ආ, වූ-සොක්.</font>

519
00:43:44,080 --> 00:43:45,331
<font color="#ffbf46">ආයුබෝවන්, කෝච්.</font>

520
00:43:45,414 --> 00:43:46,624
<font color="#ffbf46">ඔව්, හායි.</font>

521
00:43:47,708 --> 00:43:48,876
<font color="#ffbf46">මොකද මෙහේ කරන්නෙ?</font>

522
00:43:50,753 --> 00:43:51,629
<font color="#ffbf46">ඒක...</font>

523
00:43:56,759 --> 00:43:59,470
<font color="#ffbf46">ඉන්න, ඔයා මෙතනට ආවේ
තේරීම් වලට නෙවෙයි නේද?</font>

524
00:44:02,515 --> 00:44:05,226
<font color="#ffbf46">වාව්, දේහුන් සිටිසන්ස් පාපන්දු සමාජය
අපි අලුත් ඉතිහාසයක් ලියමු!</font>

525
00:44:05,309 --> 00:44:07,395
<font color="#ffbf46">මේ, වූ-සොක්.
ස්තූතියි.</font>

526
00:44:08,604 --> 00:44:09,856
<font color="#ffbf46">ඕක කලවම් කරන්න ඕන.</font>

527
00:44:15,695 --> 00:44:18,698
<font color="#ffbf46">වූ-සොක්, ඇයි මේ වගේ වැඩක් කරන්නෙ?</font>

528
00:44:18,781 --> 00:44:22,326
<font color="#ffbf46">ඔයාව මේ ළඟදි ටීම් එකෙන්
අයින් කළා නේද.</font>

529
00:44:22,410 --> 00:44:26,080
<font color="#ffbf46">ඉතින් ආයෙත් ඇවිත් ඕපන් ට්‍රයල්ස් වලට?
ඔයා හිතනවද ඕක හරියයි කියලා?</font>

530
00:44:27,540 --> 00:44:29,876
<font color="#ffbf46">අනේ කෝච්, මට සාධාරණ අවස්ථාවක් දෙන්නකො.</font>

531
00:44:30,710 --> 00:44:32,295
<font color="#ffbf46">මට තාම සෙල්ලම් කරන්න පුළුවන්.</font>

532
00:44:32,378 --> 00:44:34,589
<font color="#ffbf46">මම මාස කිහිපයක් විවේක ගත්තා,
දැන් මගේ ඔළුවත් හරි...</font>

533
00:44:34,672 --> 00:44:36,924
<font color="#ffbf46">ඔයා හිතනවද මම දන්නෙ නෑ කියලා
ඔයා කොච්චර දක්ෂද කියලා?</font>

534
00:44:37,008 --> 00:44:38,718
<font color="#ffbf46">මම අවුරුදු ගාණක් ඔයාට කෝච් කළානෙ.</font>

535
00:44:38,801 --> 00:44:42,096
<font color="#ffbf46">මේක K4 ලීග් එක, කොල්ලෝ.
මේක හතරවෙනි කොටස.</font>

536
00:44:42,180 --> 00:44:44,473
<font color="#ffbf46">ඔයා දැක්කෙ නැද්ද අර ළමයි කොච්චර පොඩිද කියලා?</font>

537
00:44:44,557 --> 00:44:47,435
<font color="#ffbf46">ඉතින් ඔයා? දැන් ඔයාගෙ වයස කීයද?</font>

538
00:44:55,276 --> 00:45:00,156
<font color="#ffbf46">මේ අහන්න, ක්ලබ් එකෙන් කියනවා
එයාලට ඔයාට ගෙවන කොන්ත්‍රාත්තුවක් දෙන්න බෑ කියලා</font>

539
00:45:00,239 --> 00:45:02,575
<font color="#ffbf46">මොකද ඔයාට ගෙවන්න ඕන ගාණ වැඩියි.</font>

540
00:45:03,242 --> 00:45:06,829
<font color="#ffbf46">ඒ හැමදේටම වඩා,
තව අවුරුදු ටිකක් මෙහේ සෙල්ලම් කළා කියලා</font>

541
00:45:06,913 --> 00:45:08,664
<font color="#ffbf46">ඔයාට වෙනසක් වෙන්නෙ නෑ.</font>

542
00:45:09,373 --> 00:45:12,627
<font color="#ffbf46">ඔයා තරුණ කාලෙම
වෙන රස්සාවක් හොයාගන්න එක නෙවෙයිද හොඳ?</font>

543
00:45:15,087 --> 00:45:19,258
<font color="#ffbf46">මොකද, ඔයා හිතනවද මෙහේ තව ටිකක් පුහුණු වුණාම
ඔයාට K ලීග් එකට යන්න පුළුවන් වෙයි කියලා?</font>

544
00:45:19,342 --> 00:45:20,676
<font color="#ffbf46">එහෙම නැත්නම් ජාතික කණ්ඩායමට?</font>

545
00:45:24,305 --> 00:45:29,143
<font color="#ffbf46">පුහුණුකරුගේ කාර්යාලය</font>

546
00:45:41,489 --> 00:45:42,823
<font color="#ffe8b3"><i>මම දැන් කොරියාවෙ ඉන්නෙ.</i></font>

547
00:45:42,907 --> 00:45:45,701
<font color="#ffe8b3"><i>පස්සෙ වෙලාවක් තිබුණොත්,</i>
<i>අපි හම්බවෙමුද පුරුදු තැනදිම?</i></font>

548
00:45:45,785 --> 00:45:47,370
<font color="#ffbf46">සියොල්</font>

549
00:45:47,453 --> 00:45:49,121
<font color="#ffe8b3"><i>මොකද කරන්නෙ? බිසීද?</i></font>

550
00:45:58,047 --> 00:45:59,340
<font color="#ffbf46">ඔව්.</font>

551
00:46:01,217 --> 00:46:02,677
<font color="#ffbf46">මම මොකද කරන්නෙ?</font>

552
00:46:20,778 --> 00:46:22,196
<font color="#ffbf46">සියොල්</font>

553
00:46:22,280 --> 00:46:24,907
<font color="#ffe8b3"><i>ඒයි, මම තාම බලන් ඉන්නවා.</i></font>

554
00:46:33,833 --> 00:46:36,294
<font color="#ffbf46">ඇත්තටම, එයාට රිප්ලයි එකක්වත් දාන්න තිබුණා.</font>

555
00:46:50,141 --> 00:46:54,937
<font color="#ffbf46">ඩිලිවරි කින්ග්</font>

556
00:46:55,896 --> 00:46:56,856
<font color="#ffbf46">ඔයා ඉල්ලපු විදියටම,</font>

557
00:46:56,939 --> 00:46:59,483
<font color="#ffbf46">අපි මේක ඩිසයින් කළේ
ප්‍රයිවට් තීම් පාක් කන්සෙප්ට් එකට.</font>

558
00:47:00,234 --> 00:47:02,153
<font color="#ffbf46">හැබැයි අපි මේක කළොත්,
වියදම අහස උසට යයි...</font>

559
00:47:02,236 --> 00:47:04,739
<font color="#ffbf46">සල්ලි ගැන වද වෙන්න එපා.</font>

560
00:47:04,822 --> 00:47:06,574
<font color="#ffbf46">ලොකු මුදලක් මට ළඟදීම ලැබෙනවා.</font>

561
00:47:07,283 --> 00:47:08,659
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. ඔතනින් නවත්තන්න.</font>

562
00:47:09,285 --> 00:47:11,620
<font color="#ffbf46">කෑම මේසෙට තියෙන්නෙ ඔය පුටු විතරද?</font>

563
00:47:12,121 --> 00:47:16,584
<font color="#ffbf46">මට ඕන ඉහළ පෙළේ මන්දිරයකට ගැළපෙන
සුඛෝපභෝගී පුටුවක්...</font>

564
00:47:18,502 --> 00:47:20,046
<font color="#ffbf46">සමහර විට මමම එකක් හදාගන්න ඕන.</font>

565
00:47:23,632 --> 00:47:26,886
<font color="#ffbf46">ඔයා අද වර්ක්ශොප් එකට ලියාපදිංචි වුණා නේද?</font>

566
00:47:27,845 --> 00:47:30,556
<font color="#ffbf46">ඔව්, මම කළා.
මම මගේ කාලෙ ගොඩක් දේවල් කරලා තියෙනවා.</font>

567
00:47:31,307 --> 00:47:34,143
<font color="#ffbf46">ඒත් මම කවදාවත් වඩු වැඩ කරලා නෑ,
ඉතින් මට හිතුණා ඒකත් කරලා බලන්න.</font>

568
00:47:34,226 --> 00:47:36,062
<font color="#ffbf46">ආහ්, මට තේරෙනවා.</font>

569
00:47:36,562 --> 00:47:38,773
<font color="#ffbf46">ඔයාගෙ පළවෙනි වතාව නිසා,</font>

570
00:47:38,856 --> 00:47:41,734
<font color="#ffbf46">අපි කැමතිද කටින් බෝඩ් එකක් හරි
රස්නෙ අල්ලන මැට් එකක් හරි හදන්න?</font>

571
00:47:42,234 --> 00:47:43,569
<font color="#ffbf46">මැට් එකක්? අනේ නිකන් යන්න.</font>

572
00:47:44,236 --> 00:47:45,571
<font color="#ffbf46">මම හදන්න යන්නෙ පුටුවක්.</font>

573
00:47:47,782 --> 00:47:49,950
<font color="#ffbf46">අර තියෙනවා වගේ බෝරින් පුටුවක් නෙවෙයි.</font>

574
00:47:50,534 --> 00:47:52,536
<font color="#ffbf46">මගේ ඇඟේ හැඩේට නියමෙටම ගැළපෙන,</font>

575
00:47:52,620 --> 00:47:56,957
<font color="#ffbf46">දැක්කම පෙනුම ඇති,
වාඩි වුණාම සැප පහසුව දැනෙන පුටුවක්.</font>

576
00:47:57,041 --> 00:47:58,834
<font color="#ffbf46">කලා කෘතියක් වගේ පුටුවක්.</font>

577
00:47:59,877 --> 00:48:03,297
<font color="#ffbf46">ඒක පේන තරම් ලේසි නෑ.</font>

578
00:48:03,964 --> 00:48:05,716
<font color="#ffbf46">ඒක පේන තරම් ලේසි නෑ.</font>

579
00:48:05,800 --> 00:48:09,095
<font color="#ffbf46">ඉතින්, එකම පාට අල්ලු පාවිච්චි කරන්න,
ඊටපස්සෙ උඩ හරියෙදි...</font>

580
00:48:09,178 --> 00:48:10,721
<font color="#ffbf46">ඒක මහ ලේසියිනෙ.</font>

581
00:48:13,307 --> 00:48:15,101
<font color="#ffbf46">මම නගින්නෙ අරකෙ.</font>

582
00:48:18,104 --> 00:48:19,397
<font color="#ffbf46">වාව්.
එයාට බයක් නෑනෙ.</font>

583
00:48:21,774 --> 00:48:24,193
<font color="#ffbf46">මේක නම් ඕනවට වඩා ලේසියි.</font>

584
00:48:26,028 --> 00:48:27,571
<font color="#ffbf46">මේකෙ තියෙන ජොලිය මොකක්ද?</font>

585
00:48:28,322 --> 00:48:31,117
<font color="#ffbf46">එයාව බලන්නකො.
එයාට පොඩ්ඩක්වත් බයක් නෑ වගේ.</font>

586
00:48:36,163 --> 00:48:37,957
<font color="#ffbf46">මොකක්ද ඒ වුණේ?
එයා නිකන් පියඹලා ගියා වගේ!</font>

587
00:48:38,040 --> 00:48:40,000
<font color="#ffbf46">ඒක කොහොමද වුණේ?
එයා පියෑඹුවා!</font>

588
00:48:46,549 --> 00:48:47,758
<font color="#ffbf46">ඔයා මොකක් කරනවා කියලද කිව්වේ?</font>

589
00:48:47,842 --> 00:48:49,844
<font color="#ffbf46">මම බැලුවේ අයිඩල් ගෲප් එකක් හදන්න.</font>

590
00:48:49,927 --> 00:48:51,804
<font color="#ffbf46">මේ දවස්වල කේ-පොප් තමයි නැගලම යන්නෙ.</font>

591
00:49:01,439 --> 00:49:05,067
<font color="#ffbf46">අම්මපා, ඔයාද FOX9 ගෲප් එක හැදුවේ?</font>

592
00:49:06,652 --> 00:49:10,156
<font color="#ffbf46">ඒක "FOX9" නෙවෙයි. F.O.X.9!</font>

593
00:49:10,823 --> 00:49:12,116
<font color="#ffbf46">ඔච්චරටම නොදන්න කෙනෙක් වෙන්න එපා.</font>

594
00:49:13,492 --> 00:49:17,037
<font color="#ffbf46">කොහොම හරි, එක පාරක් නම්බර් වන් වුණාම
එයාලගෙ ඔළුව ඉදිමුණා.</font>

595
00:49:17,121 --> 00:49:18,456
<font color="#ffbf46">ඉතින් මම ඒකත් අතෑරලා දැම්මා.</font>

596
00:49:22,501 --> 00:49:24,211
<font color="#ffbf46">කොහොම හරි, මම දැන් ලෑස්තියි.</font>

597
00:49:25,004 --> 00:49:26,547
<font color="#ffbf46">ඉතින්, දැන් මම මොකද කරන්න ඕන?</font>

598
00:49:34,180 --> 00:49:36,765
<font color="#ffbf46">අපි මුල ඉඳන් ආයෙ කරමුද?</font>

599
00:49:42,938 --> 00:49:44,023
<font color="#ffbf46">මම ඒක කළා!</font>

600
00:49:44,106 --> 00:49:48,110
<font color="#ffbf46">දෙයියනේ, මට හිතෙන්නෙ මට
වඩු වැඩ වලටත් හැකියාවක් තියෙනවා.</font>

601
00:49:48,194 --> 00:49:49,778
<font color="#ffbf46">දැන් ඔයා එක කකුලක් ඉවර කරපු නිසා,</font>

602
00:49:49,862 --> 00:49:52,364
<font color="#ffbf46">අපි අනිත් තුනත් හදල බලමුද?</font>

603
00:49:55,242 --> 00:49:56,952
<font color="#ffbf46">ඔයාට ඕන මම තව ලී ඉරනවටද?</font>

604
00:49:59,955 --> 00:50:00,831
<font color="#ffbf46">පොඩ්ඩක් ඉඩ දෙනවද.</font>

605
00:50:30,778 --> 00:50:32,571
<font color="#ffbf46">පුටුව හදලා ඉවර වෙන්න ළඟයි,</font>

606
00:50:32,655 --> 00:50:34,782
<font color="#ffbf46">මිනිහා තාම මට කතා කළේ නෑනෙ?</font>

607
00:50:35,574 --> 00:50:37,993
<font color="#ffbf46">මම බිස්නස් කාඩ් එක පේන්නත් සැලැස්සුවා.</font>

608
00:50:49,547 --> 00:50:50,422
<font color="#ffbf46">පටන් ගැන්ම</font>

609
00:51:07,982 --> 00:51:09,108
<font color="#ffbf46">අම්මෝ, හරිම සීතලයිනෙ.</font>

610
00:51:14,029 --> 00:51:16,740
<font color="#ffbf46">මගේ මස්පිඩු යථා තත්ත්වයට පත් වෙනවා.</font>

611
00:51:18,576 --> 00:51:19,910
<font color="#ffbf46">මොකක්ද ඒ?
අයියෝ!</font>

612
00:51:19,994 --> 00:51:21,537
<font color="#ffbf46">අම්මෝ ඒකෙ සීතල!</font>

613
00:51:23,998 --> 00:51:25,374
<font color="#ffbf46">ආයෙත් ඔයා.</font>

614
00:51:30,462 --> 00:51:31,505
<font color="#ffbf46">කවුද තමුන්?</font>

615
00:51:32,548 --> 00:51:33,674
<font color="#ffbf46">කොහොමද මෙහෙට ආවේ?</font>

616
00:51:34,508 --> 00:51:37,845
<font color="#ffbf46">ඇයි එළියට ආවොත් නරකද?
මම ආවේ රාජකාරි වැඩකට.</font>

617
00:51:37,928 --> 00:51:40,222
<font color="#ffbf46">නෑ, මට මේ වෙලාවෙ එළියට එන්න බෑ...</font>

618
00:51:41,974 --> 00:51:44,685
<font color="#ffbf46">ඉන්න, ඔයාට ඔහොම කෙනෙක්ගෙ ගෙදරකට
කඩා වදින්න බෑ.</font>

619
00:51:44,768 --> 00:51:46,395
<font color="#ffbf46">ඔයා මගේ ෆෑන් කෙනෙක්ද?</font>

620
00:51:46,478 --> 00:51:49,732
<font color="#ffbf46">ඔයා ෆෑන් කෙනෙක් වුණත්, මේක අපරාධයක්.</font>

621
00:51:49,815 --> 00:51:51,442
<font color="#ffbf46">එහෙනම් මාව රිපෝට් කරන්න.</font>

622
00:51:52,067 --> 00:51:54,111
<font color="#ffbf46">මොකක්?
මම කිව්වේ, පුළුවන් නම් ගිහින් රිපෝට් කරන්න කියලා.</font>

623
00:52:01,994 --> 00:52:02,870
<font color="#ffbf46">මෙන්න බලන්න...</font>

624
00:52:03,787 --> 00:52:05,080
<font color="#ffbf46">මම ඔයාව රිපෝට් කරන්නෙ නෑ.</font>

625
00:52:05,873 --> 00:52:07,791
<font color="#ffbf46">ඉතින් පුළුවන් නම් අර තුවාය
මා දිහාට විසි කරන්න.</font>

626
00:52:07,875 --> 00:52:09,209
<font color="#ffbf46">මට එළියට එන්න ඒක ඕන.</font>

627
00:52:09,835 --> 00:52:10,794
<font color="#ffbf46">බැහැ.</font>

628
00:52:10,878 --> 00:52:14,006
<font color="#ffbf46">ආපහු හිතද්දි, මේකත් හොඳයි.
ඉතින් ඔයාට ඔතන ඉඳන්ම අහන් ඉන්න පුළුවන්.</font>

629
00:52:14,089 --> 00:52:16,634
<font color="#ffbf46">අනේ. ඒක මට විසි කරන්නකෝ!</font>

630
00:52:16,717 --> 00:52:17,843
<font color="#ffbf46">මේ...</font>

631
00:52:18,594 --> 00:52:19,887
<font color="#ffbf46">ඔයාට ඇත්තටම මාව මතක නැද්ද?</font>

632
00:52:19,970 --> 00:52:22,848
<font color="#ffbf46">මම කොහොමද දන්නෙ තමුන් කවුද කියලා?</font>

633
00:52:25,768 --> 00:52:26,769
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

634
00:52:27,811 --> 00:52:31,315
<font color="#ffbf46">ඇත්තටම, ඔයාගෙ හුරු පුරුදු ගතියක් තියෙනවා.</font>

635
00:52:36,528 --> 00:52:37,613
<font color="#ffbf46">ඒයි!</font>

636
00:52:40,908 --> 00:52:44,328
<font color="#ffbf46">දැන් මාව මතකද?
කාලෙකින් දැක්කෙ, සියොල්.</font>

637
00:52:49,625 --> 00:52:52,002
<font color="#ffbf46">සුභ පැතුම්. අද තමයි දවස.</font>

638
00:52:52,086 --> 00:52:54,922
<font color="#ffbf46">ඔයා බලාගෙන හිටපු, ප්‍රාර්ථනා කරපු දවස.</font>

639
00:52:55,839 --> 00:52:56,840
<font color="#ffbf46">මොකක්?</font>

640
00:52:58,550 --> 00:53:00,010
<font color="#ffbf46">ඔයා දැන් ගොඩක් පොහොසත් වෙලානෙ.</font>

641
00:53:00,094 --> 00:53:01,053
<font color="#ffbf46">මම ඔයාගේ පැතුම ඉටු කරන්නම්</font>

642
00:53:01,136 --> 00:53:03,889
<font color="#ffbf46">ඒ කියන්නෙ ඔයාට දැන් පුළුවන්
මගේ සේවාදායකයෙක් වෙන්න.</font>

643
00:53:03,972 --> 00:53:04,932
<font color="#ffbf46">කියන්න. ඕනම දෙයක්.</font>

644
00:53:05,015 --> 00:53:06,141
<font color="#ffbf46">මොකක්ද ඔයාගෙ පැතුම?</font>

645
00:53:08,102 --> 00:53:09,603
<font color="#ffbf46">ඒක...
ඉන්න.</font>

646
00:53:09,687 --> 00:53:12,523
<font color="#ffbf46">දැනගැනීම පිණිස කියන්නෙ, ඔයා ඔයාගෙ පැතුම
හරිම කල්පනාවෙන් තෝරගන්න ඕන.</font>

647
00:53:12,606 --> 00:53:15,109
<font color="#ffbf46">මොකද මගේ ගාස්තුව
හිතාගන්න බැරි තරම් ඉහළයි.</font>

648
00:53:21,699 --> 00:53:23,617
<font color="#ffbf46">ඒත් මට එහෙම එකක් නෑ.</font>

649
00:53:24,284 --> 00:53:26,745
<font color="#ffbf46">මොකක්?
මට කිසිම පැතුමක් නෑ.</font>

650
00:53:33,669 --> 00:53:36,880
<font color="#ffbf46">මම හිතන්නෙ නෑ
ඔයාට තත්ත්වය හරියට තේරුණා කියලා.</font>

651
00:53:36,964 --> 00:53:38,674
<font color="#ffbf46">මේක අදහාගන්න බැරි අවස්ථාවක්.</font>

652
00:53:38,757 --> 00:53:42,177
<font color="#ffbf46">ඕනම මනුස්සයෙක් මගෙන් පැතුමක් ඉල්ලන්න
පෙරුම් පුරනවා.</font>

653
00:53:42,845 --> 00:53:46,140
<font color="#ffbf46">මගේ ජීවිතේ දැන් තියෙන විදියට මම කැමතියි.
මට වෙනස් කරගන්න ඕන කිසිම දෙයක් නෑ.</font>

654
00:53:48,642 --> 00:53:50,811
<font color="#ffbf46">ඔයාට අර අපරාජිත ටයිටල් එක හරි මොකක් හරි මඟ හැරුණා නේද?</font>

655
00:53:50,894 --> 00:53:52,354
<font color="#ffbf46">මට පුළුවන් ඒක ඔයාට ලබා දෙන්න.</font>

656
00:53:53,814 --> 00:53:58,068
<font color="#ffbf46">ඒකෙන් ඇති වැඩේ මොකක්ද?
වැදගත් වෙන්නෙ ඒක මමම කරන එකයි.</font>

657
00:53:58,152 --> 00:54:01,780
<font color="#ffbf46">ඇත්තටම? මං හිතුවෙ නෑ
ඔයා ඒ වගේ කෙනෙක් කියලා.</font>

658
00:54:01,864 --> 00:54:04,241
<font color="#ffbf46">ඒත් මට ඊට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්.</font>

659
00:54:04,324 --> 00:54:06,660
<font color="#ffbf46">උදාහරණයක් විදියට...</font>

660
00:54:06,744 --> 00:54:10,038
<font color="#ffbf46">මට පුළුවන් ඔයාගෙ ඇඟ අවුරුදු 20 දි
තිබ්බ විදියටම ආපහු හදන්න.</font>

661
00:54:11,790 --> 00:54:15,377
<font color="#ffbf46">ඔයා මං දිහා කලින් හරියට
බැලුවෙ නෑ වගේ.</font>

662
00:54:16,545 --> 00:54:20,424
<font color="#ffbf46">මං ළඟදි චෙකප් එකක් කළා,
මගේ ඇඟේ වයස අවුරුදු 21යි.</font>

663
00:54:21,550 --> 00:54:22,968
<font color="#ffbf46">එතකොට ඔයාගෙ අම්මලා තාත්තලා?</font>

664
00:54:23,051 --> 00:54:24,678
<font color="#ffbf46">එයාලට මොකක් හරි ලෙඩක් තියෙනවද?</font>

665
00:54:24,762 --> 00:54:28,474
<font color="#ffbf46">මිනිස්සු ඒ වයසට ආවම,
කොහොමත් ලෙඩ හැදෙන්න ගන්නවනෙ.</font>

666
00:54:28,557 --> 00:54:29,850
<font color="#ffbf46">මට පුළුවන් එයාලව සනීප කරන්න.</font>

667
00:54:30,976 --> 00:54:32,561
<font color="#ffbf46">මාව හදාගත්තෙ මගේ ආච්චි.</font>

668
00:54:32,644 --> 00:54:35,147
<font color="#ffbf46">මගේ අම්මයි තාත්තයි මං පොඩි කාලෙම නැති වුණා.</font>

669
00:54:35,230 --> 00:54:36,440
<font color="#ffbf46">එහෙනම් ඔයාගෙ ආච්චි!</font>

670
00:54:37,107 --> 00:54:38,859
<font color="#ffbf46">එයාගෙ සෞඛ්‍ය ගැන ඔයාට බයක් නැද්ද?</font>

671
00:54:38,942 --> 00:54:41,361
<font color="#ffbf46">එයා නැති වෙලා දැන් අවුරුදු ගාණක්.</font>

672
00:54:44,156 --> 00:54:45,783
<font color="#ffbf46">අපොයි... ඒක නම් හරිම කණගාටුදායකයි.</font>

673
00:54:48,994 --> 00:54:50,579
<font color="#ffbf46">කොහොම වුණත්, පොඩ්ඩක් හිතලා බලන්න.</font>

674
00:54:51,205 --> 00:54:53,290
<font color="#ffbf46">දැනට ඔයාට මුකුත් ඕන නැති වෙයි,</font>

675
00:54:54,166 --> 00:54:55,167
<font color="#ffbf46">ඒත් ජීවිතේ ගොඩක් දිගයි.</font>

676
00:54:56,084 --> 00:54:57,711
<font color="#ffbf46">ඔයා දන්නෙ නැති වුණාට,</font>

677
00:54:57,795 --> 00:55:00,130
<font color="#ffbf46">මිනිස්සුන්ගෙ ජීවිතේ හරිම අස්ථිරයි.</font>

678
00:55:00,798 --> 00:55:03,967
<font color="#ffbf46">පොඩි දේකින් වුණත් ඒක
ලේසියෙන්ම නැති වෙන්න පුළුවන්.</font>

679
00:55:05,803 --> 00:55:06,887
<font color="#ffbf46">එහෙම වුණාම...</font>

680
00:55:08,138 --> 00:55:09,765
<font color="#ffbf46">ඔයාට මගේ උදව් ඕන වෙයි.</font>

681
00:55:24,196 --> 00:55:25,280
<font color="#ffbf46">එයා තාම ඒ වගේමයි.</font>

682
00:55:25,989 --> 00:55:28,408
<font color="#ffbf46">එයාට ඕන වෙලාවට එනවා, යනවා.</font>

683
00:55:29,701 --> 00:55:31,411
<font color="#ffe8b3"><i>මගේ ජීවිතේ සම්පූර්ණ වෙලා තියෙන කාලෙ,</i></font>

684
00:55:31,495 --> 00:55:33,372
<font color="#ffe8b3"><i>හැමදේම හරි විදියට තිබුණා...</i></font>

685
00:55:36,375 --> 00:55:38,085
<font color="#ffbf46">කෑම ගන්න.
ස්තූතියි.</font>

686
00:55:40,671 --> 00:55:41,672
<font color="#ffbf46">වූ-සොක්.</font>

687
00:55:45,133 --> 00:55:47,928
<font color="#ffe8b3"><i>මං එතකොට දැනන් හිටියෙ නෑ.</i></font>

688
00:55:48,720 --> 00:55:52,891
<font color="#ffbf46">මිස් හොන්ග්! ලොකු ප්‍රශ්නයක්.
ඔයා මේක පොඩ්ඩක් බලන්න ඕන.</font>

689
00:55:56,854 --> 00:55:59,523
<font color="#ffe8b3"><i>මං දැනන් හිටියෙ නෑ</i>
<i>මනුස්ස ජීවිතේ කොච්චර අස්ථිරද කියලා</i></font>

690
00:56:00,566 --> 00:56:02,442
<font color="#ffe8b3"><i>ඒ වගේම ඒක කොච්චර ලේසියෙන් නැති වෙන්න පුළුවන්ද කියලා.</i></font>

691
00:56:08,782 --> 00:56:11,952
<font color="#ffbf46">මං අද තමයි ආපහු ආවෙ,
ඒ නිසා මං ළඟ දෙන්න දෙයක් නෑ.</font>

692
00:56:12,661 --> 00:56:15,372
<font color="#ffbf46">කමක් නෑ. මට ඉක්මනට යන්න ඕන.</font>

693
00:56:16,540 --> 00:56:19,209
<font color="#ffbf46">මචං. උඹට මොකද වෙලා තියෙන්නෙ?</font>

694
00:56:22,504 --> 00:56:23,380
<font color="#ffbf46">මේ...</font>

695
00:56:24,381 --> 00:56:25,340
<font color="#ffbf46">මම...</font>

696
00:56:26,258 --> 00:56:27,217
<font color="#ffbf46">මං ෆුට්බෝල් ගහන එක නැවැත්තුවා.</font>

697
00:56:27,968 --> 00:56:29,761
<font color="#ffbf46">මොකක්?
ඇයි උඹ ඔච්චර පුදුම වෙන්නෙ?</font>

698
00:56:29,845 --> 00:56:31,054
<font color="#ffbf46">අපි දෙන්නා සමාන නෑනෙ.</font>

699
00:56:34,558 --> 00:56:37,603
<font color="#ffbf46">මං කවදා නැවැත්තුවත්
ඒක පුදුමයක් නෙවෙයිනෙ.</font>

700
00:56:38,270 --> 00:56:39,897
<font color="#ffbf46">ඉඳපන්, උඹ අයින් වුණා?</font>

701
00:56:40,606 --> 00:56:42,482
<font color="#ffbf46">මොකක්ද, උඹ රිටයර් වුණාද? කවද්ද?</font>

702
00:56:42,566 --> 00:56:43,775
<font color="#ffbf46">නෑ, මේ...</font>

703
00:56:45,193 --> 00:56:46,194
<font color="#ffbf46">දැන් මාස කීපයක් වෙනවා.</font>

704
00:56:47,529 --> 00:56:48,572
<font color="#ffbf46">අනික...</font>

705
00:56:49,489 --> 00:56:50,782
<font color="#ffbf46">මං රිටයර් වුණේ නෑ. මාව අයින් කළා.</font>

706
00:56:51,575 --> 00:56:53,201
<font color="#ffbf46">ඉතින් ඇයි බන් මට කිව්වෙ නැත්තෙ?</font>

707
00:56:53,285 --> 00:56:54,745
<font color="#ffbf46">ඒක ලැජ්ජයිනෙ.</font>

708
00:56:54,828 --> 00:56:56,955
<font color="#ffbf46">මං කොහොමද උඹට එහෙම දෙයක් කියන්නෙ?</font>

709
00:56:57,039 --> 00:56:58,665
<font color="#ffbf46">අනික කිව්වා කියලා මොකක් වෙනස් වෙන්නද?</font>

710
00:57:01,335 --> 00:57:02,377
<font color="#ffbf46">අපි...</font>

711
00:57:03,921 --> 00:57:05,339
<font color="#ffbf46">දැන් ජීවත් වෙන්නෙ ලෝක දෙකක,</font>

712
00:57:06,924 --> 00:57:08,800
<font color="#ffbf46">අපිට තියෙන්නෙ වෙනස් ප්‍රශ්න.</font>

713
00:57:10,177 --> 00:57:12,387
<font color="#ffbf46">උඹට කොහොමද එහෙම කියන්න පුළුවන්?</font>

714
00:57:12,471 --> 00:57:14,640
<font color="#ffbf46">අපේ යාළුකම ගැන උඹ හිතන් ඉන්නෙ එච්චරද?</font>

715
00:57:18,310 --> 00:57:19,978
<font color="#ffbf46">මම ඔයාගේ පැතුම ඉෂ්ට කරන්නම්</font>

716
00:57:20,103 --> 00:57:21,438
<font color="#ffbf46">කොහොම වුණත්,</font>

717
00:57:22,189 --> 00:57:23,273
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

718
00:57:23,774 --> 00:57:24,733
<font color="#ffbf46">ආ, ඒකද.</font>

719
00:57:26,693 --> 00:57:27,569
<font color="#ffbf46">වූ-සොක්.</font>

720
00:57:28,320 --> 00:57:29,529
<font color="#ffbf46">මේ, ඔයාට...</font>

721
00:57:31,198 --> 00:57:32,199
<font color="#ffbf46">ඉෂ්ට කරගන්න ඕන පැතුමක් තියෙනවද?</font>

722
00:57:34,284 --> 00:57:37,245
<font color="#ffe8b3"><i>මං මේ වෙලාව ගැන</i></font>

723
00:57:38,372 --> 00:57:39,456
<font color="#ffe8b3"><i>ගොඩක් කාලයක් පසුතැවුණා.</i></font>

724
00:58:09,569 --> 00:58:10,570
<font color="#ffbf46">මොකක්ද මේ...</font>

725
00:58:15,450 --> 00:58:16,535
<font color="#ffbf46">මෙන්න.</font>

726
00:58:17,119 --> 00:58:19,621
<font color="#ffbf46">මිස්ට හියොන්ගෙ අතින් මේක වැටුණා.</font>

727
00:58:19,705 --> 00:58:20,831
<font color="#ffbf46">ආ, එහෙමද.</font>

728
00:58:23,166 --> 00:58:24,626
<font color="#ffbf46">ඒත් ඔයා කොහොමද මගේ නම දන්නෙ?</font>

729
00:58:25,293 --> 00:58:30,382
<font color="#ffbf46">නොදැන ඉන්නෙ කොහොමද.
කොරියාවෙ හැමෝම ඔයාව දන්නවනෙ.</font>

730
00:58:30,465 --> 00:58:31,341
<font color="#ffbf46">හරි.</font>

731
00:58:31,425 --> 00:58:32,551
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, මොකක්?</font>

732
00:58:33,385 --> 00:58:34,553
<font color="#ffbf46">මොකක්ද ඔයා ඒ කිව්වෙ...</font>

733
00:58:35,971 --> 00:58:36,888
<font color="#ffbf46">සමාවෙන්න?</font>

734
00:58:55,032 --> 00:58:55,991
<font color="#ffbf46">මොකක්ද...</font>

735
00:59:03,915 --> 00:59:05,042
<font color="#ffbf46">මං මේ කොහෙද ඉන්නෙ?</font>

736
00:59:35,614 --> 00:59:36,740
<font color="#ffbf46">ෆොඑවර් කෙයා වැඩිහිටි නිවාසය</font>

737
00:59:36,865 --> 00:59:38,033
<font color="#ffbf46">මොකක්ද මේ?</font>

738
00:59:39,951 --> 00:59:41,328
<font color="#ffbf46">කාන්ග් සි-යොල්</font>

739
00:59:43,747 --> 00:59:45,290
<font color="#ffbf46">සි-යොල්ට හොඳට නින්ද ගියාද?</font>

740
00:59:45,916 --> 00:59:47,751
<font color="#ffbf46">මොකක්ද මේ වෙන්නෙ?</font>

741
00:59:47,834 --> 00:59:49,628
<font color="#ffbf46">මොකද වුණේ?</font>

742
00:59:50,170 --> 00:59:51,171
<font color="#ffbf46">ඇයි මං එකපාරටම මෙහෙ?</font>

743
00:59:51,922 --> 00:59:54,424
<font color="#ffbf46">ඔයා පැතුමක් ඉල්ලුවනෙ,
ඉතින් ඒකට වන්දියක් ගෙවන්න ඕන.</font>

744
00:59:54,508 --> 00:59:55,425
<font color="#ffbf46">මොකක්?</font>

745
00:59:56,259 --> 00:59:58,095
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, වූ-සොක්ගෙ පැතුමයි
මේකයි අතර තියෙන--</font>

746
00:59:58,178 --> 00:59:59,888
<font color="#ffbf46">මං කිව්වනෙ?</font>

747
00:59:59,971 --> 01:00:02,599
<font color="#ffbf46">මට පැතුම ඉෂ්ට කරන්න පුළුවන්,
හැබැයි ඒක කරන විදිය තීරණය කරන්නෙ මම.</font>

748
01:00:03,725 --> 01:00:06,144
<font color="#ffbf46">ආයෙත් සැරයක්, ඔයාගෙ පැතුම ඉෂ්ට වුණා.</font>

749
01:00:50,105 --> 01:00:53,024
<font color="#ffbf46">හංගන්න දෙයක් නෑ</font>

750
01:00:53,108 --> 01:00:55,402
<font color="#ffe8b3"><i>ඔයාලා කවුද? මොකක්ද මේ?</i></font>

751
01:00:55,485 --> 01:00:58,446
<font color="#ffe8b3"><i>එක්කෙනෙක් ලෝක පූජිත
ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වුණ නිසා,</i></font>

752
01:00:58,530 --> 01:01:02,117
<font color="#ffe8b3"><i>සමබරතාවය තියාගන්න
තව කෙනෙක් පල්ලෙහාට යන්න ඕන.</i></font>

753
01:01:02,200 --> 01:01:04,703
<font color="#ffbf46">විහිළු කරනවද? ඔයා...
- මට තියෙන්නෙ එක ප්‍රතිපත්තියයි.</font>

754
01:01:04,786 --> 01:01:07,747
<font color="#ffbf46">මං පොඩි හොඳ වැඩක්වත් කරන්නෙ නෑ
වගේම, ලොකු නරක වැඩ විතරයි නොකර ඉන්නෙ.</font>

755
01:01:07,831 --> 01:01:10,125
<font color="#ffbf46">නිකන් කරලා දාන්න.
ඔයාට බැරි දෙයක් නෙවෙයි නම්.</font>

756
01:01:10,208 --> 01:01:12,210
<font color="#ffe8b3"><i>හරි. හැබැයි ඉතින්, ඔයා ඒකට වන්දි ගෙවන්න ඕන.</i></font>

757
01:01:12,294 --> 01:01:14,129
<font color="#ffe8b3"><i>මේ බඩු කෑල්ල පිටිපස්සෙ
කතාවක් තියෙනවා නේද?</i></font>

758
01:01:14,212 --> 01:01:18,300
<font color="#ffe8b3"><i>ඉයුන්-හෝ, මට පැතුමක් තියෙනවා.
ඔයාට පුළුවන්ද ඒක ඉෂ්ට කරලා දෙන්න?</i></font>

759
01:01:19,050 --> 01:01:21,553
<font color="#ffe8b3"><i>එළියට ආවම, අපි එකතු වෙලා වැඩක් කරමු.</i></font>

760
01:01:21,636 --> 01:01:25,223
<font color="#ffbf46">දැන් ඉඳන්, මං නරියෙක් දඩයම් කරන්න යනවා.</font>

761
01:01:27,601 --> 01:01:29,603
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

