1
00:01:15,532 --> 00:01:17,532
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:01:17,556 --> 00:01:19,556


3
00:01:19,580 --> 00:01:20,831
<font color="#ffde44">ඔයා මොකද කරන්නේ? ඔයාට පිස්සුද?!</font>

4
00:01:23,667 --> 00:01:25,461
<font color="#ffde44">මට කරන්න තියෙන්නේ නොපෙනී යන එක විතරයි.</font>

5
00:01:25,544 --> 00:01:26,920
<font color="#ffde44">එතකොට හැමදේම ඉවර වෙයි!</font>

6
00:01:27,004 --> 00:01:30,925
<font color="#ffde44">මට මැරෙන්න ඕනේ! ඇයි ඔයා මාව නවත්තන්නේ?</font>

7
00:01:31,509 --> 00:01:32,676
<font color="#ffde44">ඇයි ඔයා මට මෙහෙම කරන්නේ?</font>

8
00:01:32,759 --> 00:01:34,011
<font color="#ffde44">ඔයාට මොනවද දැනගන්න ඕනේ?</font>

9
00:01:34,553 --> 00:01:35,471
<font color="#ffde44">ඔයාව.</font>

10
00:01:36,889 --> 00:01:38,307
<font color="#ffde44">මට ඔයා ගැන තවත් දැනගන්න ඕනේ.</font>

11
00:01:49,318 --> 00:01:50,652
<font color="#ffde44">මට එයාව හිතෙන් අයින් කරන්න බැහැ.</font>

12
00:01:56,241 --> 00:01:58,661
<font color="#ff7e16"><b>5 වෙනි කොටස</b></font>

13
00:02:26,689 --> 00:02:27,565
<font color="#ffde44">මිස්ටර් දෝ යුන්-හ්යුක්.</font>

14
00:02:28,774 --> 00:02:30,192
<font color="#ffde44">අපිට කතා කරන්න තියෙනවා.</font>

15
00:02:30,776 --> 00:02:32,486
<font color="#ffde44">මට වෙන කියන්න දෙයක් නැහැ.</font>

16
00:02:32,570 --> 00:02:33,612
<font color="#ffde44">මම දැන් ෆෝන් එක තියනවා.</font>

17
00:02:54,425 --> 00:02:56,927
<font color="#ffde44">මම කල්පනා කරන්නේ නරක කාලයක්
කොච්චර දුරට යාවිද කියලා.</font>

18
00:02:57,761 --> 00:02:59,096
<font color="#ffde44">වැඩ කරන තැන යාළුවෙක්.</font>

19
00:02:59,179 --> 00:03:00,306
<font color="#ffde44">තමන්ගේ සහකරු.</font>

20
00:03:02,266 --> 00:03:03,517
<font color="#ffde44">අනික ඔයාගේ දෙමාපියොත්.</font>

21
00:03:21,535 --> 00:03:22,786
<font color="#ffde44">විකුණුම් තොග යෝජනාව</font>

22
00:03:23,662 --> 00:03:25,748
<font color="#ffde44">උපායමාර්ගික දළ විශ්ලේෂණය:
සති 6ක සැලසුම</font>

23
00:03:26,332 --> 00:03:28,334
<font color="#ffde44">වෙළඳපොළ ස්ථානගත කිරීම:
අවදානම් කළමනාකරණය සහ හවුල්කාරිත්ව උපාය</font>

24
00:03:37,760 --> 00:03:40,596
<font color="#ffde44">ඔයාට මීට වඩා හොඳ යෝජනාවක්
හම්බවෙන එකක් නැහැ.</font>

25
00:03:40,679 --> 00:03:42,680
<font color="#ffde44">ඔයාගේ ප්‍රශ්නය අපිට තේරෙනවා</font>

26
00:03:42,765 --> 00:03:45,684
<font color="#ffde44">ස්ටිලර් කෙනෙක් ලේසියෙන් විකුණන්න
බැරි තරම් විශේෂ නිසා,</font>

27
00:03:45,768 --> 00:03:48,145
<font color="#ffde44">ඒත් අපි දිනුම් ලංසුවක් සහතික කරනවා,</font>

28
00:03:48,228 --> 00:03:50,105
<font color="#ffde44">අපේම ලංසුකරුවෙක්ව
දාන්න වුණත්.</font>

29
00:03:51,231 --> 00:03:52,942
<font color="#ffde44">මිස් හන්ට මොනවා වෙයිද</font>

30
00:03:53,525 --> 00:03:55,194
<font color="#ffde44">මම මේක ඔයාලට බාර දුන්නොත්?</font>

31
00:03:57,655 --> 00:04:01,283
<font color="#ffde44">ඔයා දන්නවනේ,
එයා මේ දවස්වල ටිකක් ප්‍රශ්න ඇති කරනවා කියලා.</font>

32
00:04:02,242 --> 00:04:03,953
<font color="#ffde44">කොහොමත් එයා තව ගොඩක් කල් ඉන්න එකක් නැහැ,</font>

33
00:04:04,036 --> 00:04:07,665
<font color="#ffde44">ඒ නිසා ඔයා දිගටම ඉන්න කෙනෙක් එක්ක
බිස්නස් කරන එක තමයි හොඳ.</font>

34
00:04:08,248 --> 00:04:09,917
<font color="#ffde44">ආ, මට තේරෙනවා.</font>

35
00:04:10,000 --> 00:04:13,629
<font color="#ffde44">ඔයා මේ අවස්ථාව පාවිච්චි කරන්නේ
එයාව සම්පූර්ණයෙන්ම වට්ටන්න නේද.</font>

36
00:04:14,254 --> 00:04:16,757
<font color="#ffde44">ඔව් ඉතින්, වෘත්තීය ලෝකයේ
වැඩ වෙන්නේ එහෙම තමයි.</font>

37
00:04:17,675 --> 00:04:18,841
<font color="#ffde44">ඒක නම් හරිම දරුණුයි.</font>

38
00:04:20,260 --> 00:04:23,597
<font color="#ffde44">ඒක නිසා වෙන්න ඇති එයා මගේ කොන්දේසිවලට කැමති වුණේ.</font>

39
00:04:29,853 --> 00:04:30,771
<font color="#ffde44">අනේ දෙවියනේ.</font>

40
00:04:31,313 --> 00:04:32,982
<font color="#ffde44">මට එකම වෙලාවට මීටින් දෙකක් දාලා වගේ.</font>

41
00:04:36,944 --> 00:04:38,320
<font color="#ffde44">අපි මෙතන ඉන්න එකේ...</font>

42
00:04:40,364 --> 00:04:41,615
<font color="#ffde44">අපි මේක විසඳගමුද?</font>

43
00:04:46,328 --> 00:04:48,455
<font color="#ffde44">අපි ෆින්ටෙක් පාවිච්චි කරලා අලුත් ව්‍යාපෘතියක්
ලෑස්ති කරනවා</font>

44
00:04:48,539 --> 00:04:50,499
<font color="#ffde44">චිත්‍ර එකතු වෙලා මිලදී ගන්න පුළුවන් විදිහට.</font>

45
00:04:50,582 --> 00:04:52,126
<font color="#ffde44">ව්‍යාපාර සැලැස්ම
YOUR ARTWORK</font>

46
00:04:52,209 --> 00:04:54,795
<font color="#ffde44">අපිට මේ ගැන උපදෙස් දෙන්න
විශේෂඥයෙක් ඕනෙ වුණා,</font>

47
00:04:55,629 --> 00:04:57,548
<font color="#ffde44">ඒ වගේම මිස් හන් ඒ වැඩේ බාරගන්න කැමති වුණා.</font>

48
00:04:59,842 --> 00:05:02,845
<font color="#ffde44">සභාපති කිම්මත් මට උපරිමයෙන් වැඩ කරන්න
කියලා දිරිමත් කළා.</font>

49
00:05:05,848 --> 00:05:07,516
<font color="#ffde44">මට ඒ වෙනුවෙන් කළගුණ සලකන්න ඕනේ,</font>

50
00:05:08,642 --> 00:05:10,936
<font color="#ffde44">ඒ නිසා ඔයාට මගේ තත්වය තේරෙනවා ඇති කියලා මට විශ්වාසයි.</font>

51
00:05:13,605 --> 00:05:15,024
<font color="#ffde44">ඔව්, අනිවාර්යයෙන්ම.</font>

52
00:05:25,117 --> 00:05:27,995
<font color="#ffde44">කොහොමද ඒ කාලකණ්ණි එකතු වෙලා
මාව විනාශ කරන්න හැදුවේ?</font>

53
00:05:33,332 --> 00:05:35,335
<font color="#ffde44">ඇත්තම කියනවා නම්,</font>

54
00:05:35,419 --> 00:05:38,172
<font color="#ffde44">ඔයා උපදේශකවරියක් විතරක් වෙනවාට වඩා
දෙයක් කරනවා දකින්න මම කැමතියි.</font>

55
00:05:38,255 --> 00:05:39,298
<font color="#ffde44">ඔයා මොකද හිතන්නේ</font>

56
00:05:40,382 --> 00:05:42,593
<font color="#ffde44">ප්‍රධාන විධායක නිලධාරී තනතුර බාරගන්න එක ගැන</font>

57
00:05:43,343 --> 00:05:44,428
<font color="#ffde44">Your Artwork සමාගමේ?</font>

58
00:05:45,888 --> 00:05:47,097
<font color="#ffde44">මේ යෝජනාවට ස්තූතියි,</font>

59
00:05:47,806 --> 00:05:50,058
<font color="#ffde44">ඒත් මට රෝයල් ඔක්ෂන් එකේ
වැදගත් දෙයක් කරන්න තියෙනවා.</font>

60
00:05:52,186 --> 00:05:53,979
<font color="#ffde44">මම ඔයාට 5% ක කොටස් දෙන්නම්</font>

61
00:05:54,772 --> 00:05:57,149
<font color="#ffde44">ඒ වගේම ඔයාගේ දැන් පඩිය දෙගුණයක් කරන්නම්.</font>

62
00:05:58,192 --> 00:06:00,360
<font color="#ffde44">සල්ලි වෙනුවෙන් විතරක් මම රස්සාව මාරු කරන්නේ නැහැ.</font>

63
00:06:04,198 --> 00:06:07,201
<font color="#ffde44">එහෙනම් මේක සල්ලි හරි පිළිගැනීම හරි ගැන නෙවෙයි.</font>

64
00:06:07,951 --> 00:06:09,536
<font color="#ffde44">එහෙනම් ඇත්තටම</font>

65
00:06:10,329 --> 00:06:11,914
<font color="#ffde44">ඔයාගේ අරමුණ මොකක්ද?</font>

66
00:06:28,222 --> 00:06:30,766
<font color="#ffde44">ඒක හැමෝම දැනගෙන හිටියේ
චියොන්ගුන් පවුලේ ගින්නෙන් වුණු මරණ සිද්ධිය විදිහට.</font>

67
00:06:31,850 --> 00:06:34,812
<font color="#ffde44">ඒකෙන් බේරුණේ හන් සෝල්-ආ විතරයි.</font>

68
00:07:05,259 --> 00:07:06,301
<font color="#ffde44">සමාවෙන්න, නෝනා.</font>

69
00:07:06,385 --> 00:07:07,261
<font color="#ffde44">හලෝ.</font>

70
00:07:07,344 --> 00:07:08,804
<font color="#ffde44">ඔයාට මොනවා හරි මතකද?</font>

71
00:07:08,887 --> 00:07:09,847
<font color="#ffde44">ආ, මේ සිද්ධිය.</font>

72
00:07:09,930 --> 00:07:12,349
<font color="#ffde44">ලොකු ගින්නක් ඇති වුණා.
ඔයා දන්නවද ඒක කොහෙද වුණේ කියලා?</font>

73
00:07:23,735 --> 00:07:25,154
<font color="#ffde44">මම හිතුවා ඔයා එන එකක් නැහැ කියලා.</font>

74
00:07:25,237 --> 00:07:27,364
<font color="#ffde44">මම දැනගෙන හිටියා ඔයා මුළු අහල
පහළම අවුස්සයි කියලා.</font>

75
00:07:28,740 --> 00:07:29,741
<font color="#ffde44">ඔයාට තේරෙනවද</font>

76
00:07:30,325 --> 00:07:32,870
<font color="#ffde44">සෝල්-ආ මේ හැමදේම අමතක කරන්න
කොච්චර මහන්සි වුණාද කියලා?</font>

77
00:07:33,370 --> 00:07:35,330
<font color="#ffde44">මේ විදිහට අතීතය අවුස්සන එක</font>

78
00:07:35,414 --> 00:07:36,748
<font color="#ffde44">එයාට වධයක්.</font>

79
00:07:38,000 --> 00:07:39,626
<font color="#ffde44">එහෙනම් ඔයාම මට කියන්න.</font>

80
00:07:39,710 --> 00:07:42,754
<font color="#ffde44">මම මේ අහන්නේ පරණ පත්තර පිටු හරි
අහල පහළ අය අඩමානෙට මතක් කරන දේවල් හරි ගැන නෙවෙයි.</font>

81
00:07:43,338 --> 00:07:44,464
<font color="#ffde44">ඔයා දන්න දේ මට කියන්න.</font>

82
00:07:45,465 --> 00:07:46,592
<font color="#ffde44">මටත් එයාව වධ දෙන්න ඕනේ නැහැ.</font>

83
00:08:21,251 --> 00:08:22,169
<font color="#ffde44">වාඩිවෙන්න.</font>

84
00:08:55,661 --> 00:08:56,662
<font color="#ffde44">මේ ඉඟුරු තේ.</font>

85
00:08:59,039 --> 00:09:02,251
<font color="#ffde44">ටික වෙලාවක් සීතල වතුරේ හිටියාම
ඇඟ හිරිවැටෙන්න ගන්නවා,</font>

86
00:09:03,460 --> 00:09:04,878
<font color="#ffde44">ඒ නිසා මම දැන් පුරුද්දක් විදිහට මේක බොනවා.</font>

87
00:09:18,517 --> 00:09:19,726
<font color="#ffde44">මිස්ටර් හන් කියන්නේ දුප්පත් චිත්‍ර ශිල්පියෙක්...</font>

88
00:09:21,812 --> 00:09:23,438
<font color="#ffde44">එයා එයාගේ මුළු කාලයම ගෙව්වේ චිත්‍ර අඳින්න</font>

89
00:09:24,439 --> 00:09:25,857
<font color="#ffde44">පිටිපස්සේ තියෙන පුංචි කාමරේක.</font>

90
00:09:28,318 --> 00:09:30,320
<font color="#ffde44">එයා කොච්චර අමාරුවෙන් හිටියද කියනවා නම්</font>

91
00:09:30,946 --> 00:09:32,406
<font color="#ffde44">අන්තිමට එයාට පොලී මුදලාලිලාගෙන් ණයට ගන්න වුණා.</font>

92
00:09:33,282 --> 00:09:36,702
<font color="#ffde44">අනේ මම අඳින්නවා. මෙහෙම කරන්න එපා.</font>

93
00:09:36,785 --> 00:09:37,869
<font color="#ffde44">ඔයා හිතුවද</font>

94
00:09:38,537 --> 00:09:40,330
<font color="#ffde44">ඔයා පැනලා ගියොත් අපිට ඔයාව හොයාගන්න බැරි වෙයි කියලා?</font>

95
00:09:43,333 --> 00:09:45,085
<font color="#ffde44">අනේ මහත්තයා, මම අඳින්නවා.</font>

96
00:09:50,424 --> 00:09:51,258
<font color="#ffde44">එපා!</font>

97
00:09:51,842 --> 00:09:53,218
<font color="#ffde44">අනේ අපේ දරුවාට අත තියන්න එපා!</font>

98
00:09:53,302 --> 00:09:54,678
<font color="#ffde44">මම දඬුවම විඳගන්නම්!</font>

99
00:09:54,761 --> 00:09:56,013
<font color="#ffde44">මට ගහන්න!</font>

100
00:09:56,096 --> 00:09:58,849
<font color="#ffde44">මට ගහන්න කියලයි මම කිව්වේ!</font>

101
00:09:58,932 --> 00:10:02,185
<font color="#ffde44">අනේ නවත්තන්න! එපා!
මට ගහන්න!</font>

102
00:10:02,269 --> 00:10:03,312
<font color="#ffde44">එයා ඇඬුවේ නැහැ.</font>

103
00:10:05,439 --> 00:10:06,690
<font color="#ffde44">එයා ඒක දරාගත්තා</font>

104
00:10:07,316 --> 00:10:08,775
<font color="#ffde44">එක පාරක්වත් කෑගහන්නේ නැතුව.</font>

105
00:10:10,444 --> 00:10:11,778
<font color="#ffde44">මට දරාගන්න බැරුව දත් මිටි කද්දී
දතුත් කැඩෙන්න වගේ ගියා...</font>

106
00:10:13,780 --> 00:10:15,198
<font color="#ffde44">මම එළියේ ඉඳන් ඒ දිහා බලන් ඉද්දි.</font>

107
00:10:17,409 --> 00:10:18,368
<font color="#ffde44">ඒත් සෝල්-ආ...</font>

108
00:10:20,370 --> 00:10:21,246
<font color="#ffde44">ඒක නිකම්ම දරාගත්තා.</font>

109
00:10:27,669 --> 00:10:29,796
<font color="#ffde44">ඊට ටික වෙලාවකට පස්සේ ගින්න ඇතිවුණා.</font>

110
00:10:30,380 --> 00:10:31,340
<font color="#ffde44">මට හිතෙන්නේ මිස්ටර් හන්</font>

111
00:10:32,466 --> 00:10:34,134
<font color="#ffde44">හිතන්න ඇති හැමෝම එකට මැරෙන එක හොඳයි කියලා.</font>

112
00:10:35,761 --> 00:10:37,596
<font color="#ffde44">ඒ නිසා ළමයා විතරක් බේරුණා.</font>

113
00:10:39,139 --> 00:10:40,640
<font color="#ffde44">ඒක එයාට ජීවත් වෙනවා වගේ දැනෙන්න නැතුව ඇති.</font>

114
00:10:42,851 --> 00:10:43,935
<font color="#ffde44">තමන්ගේ දෙමාපියන්</font>

115
00:10:45,395 --> 00:10:47,147
<font color="#ffde44">තමන්ගේ ඇස් ඉස්සරහාම පිච්චිලා මැරෙනවා දැක්කට පස්සේ.</font>

116
00:10:51,651 --> 00:10:52,986
<font color="#ffde44">ඒ නිසා ඔයාට එයාව අත්හරින්න බැරි වුණා.</font>

117
00:10:56,448 --> 00:10:58,283
<font color="#ffde44">එදා ඉඳන්ද ඔයා එයාව
බලාගන්න පටන් ගත්තේ?</font>

118
00:11:01,244 --> 00:11:02,454
<font color="#ffde44">මොනතරම් සංවේදී යාළුකමක්ද.</font>

119
00:11:04,289 --> 00:11:05,123
<font color="#ffde44">නැත්නම්...</font>

120
00:11:06,458 --> 00:11:07,751
<font color="#ffde44">මම ඒකට ආදරය කියලා කියන්නද?</font>

121
00:11:15,008 --> 00:11:16,385
<font color="#ffde44">ඔයා දන්නවා වගේ රඟපාන්න එපා</font>

122
00:11:17,594 --> 00:11:19,012
<font color="#ffde44">අපි මොනතරම් දේවල්වලට මුහුණ දුන්නද කියලා.</font>

123
00:11:20,013 --> 00:11:21,223
<font color="#ffde44">අපේ සම්බන්ධය</font>

124
00:11:22,391 --> 00:11:24,935
<font color="#ffde44">යාළුකමකට හෝ ආදරයකට වඩා එහා ගිය දෙයක්.</font>

125
00:11:26,269 --> 00:11:27,729
<font color="#ffde44">අපි මේක මෙතනින් ඉවරයක් කරමු.</font>

126
00:11:27,813 --> 00:11:30,148
<font color="#ffde44">සෝල්-ආව වැරදියට තේරුම් ගන්න එක නවත්තන්න</font>

127
00:11:30,899 --> 00:11:31,942
<font color="#ffde44">අනික එයාට කරදර කරන එකත්.</font>

128
00:11:58,718 --> 00:12:01,972
<font color="#ffde44">ප්‍රධාන අයිතමය විදිහට එමිල් ස්ටිලර්
තෝරගෙන තියෙනවා.</font>

129
00:12:04,099 --> 00:12:05,183
<font color="#ffde44">ස්ටිලර්ව?</font>

130
00:12:07,394 --> 00:12:10,772
<font color="#ffde44">අපි මේ දකින්න යන්නේ මෙතෙක් දුන්න ඉහළම ලංසුවද?</font>

131
00:12:11,398 --> 00:12:12,482
<font color="#ffde44">අනිවාර්යයෙන්ම.</font>

132
00:12:14,484 --> 00:12:17,028
<font color="#ffde44">හොඳ දේවල් ලැබෙන්නේ</font>

133
00:12:17,654 --> 00:12:20,031
<font color="#ffde44">තමන්ගේ මුළු හදවතින්ම ඒ වෙනුවෙන් මහන්සි වෙන අයට.</font>

134
00:12:21,116 --> 00:12:22,742
<font color="#ffde44">ඒක වෙන්න ඇති</font>

135
00:12:22,826 --> 00:12:25,412
<font color="#ffde44">හොඳ චිත්‍ර හැමතිස්සෙම ඔයා ගාවට එනවා වගේ පේන්නේ.</font>

136
00:12:26,538 --> 00:12:27,706
<font color="#ffde44">අවංකකම...</font>

137
00:12:29,416 --> 00:12:31,626
<font color="#ffde44">හැම විදිහකින්ම එකතු වෙනවා.</font>

138
00:12:33,211 --> 00:12:34,838
<font color="#ffde44">මම තාම තෘප්තිමත් නැහැ.</font>

139
00:12:36,047 --> 00:12:37,424
<font color="#ffde44">තාම යන්න ගොඩක් දුර තියෙනවා.</font>

140
00:12:45,557 --> 00:12:46,600
<font color="#ffde44">ඔයා ආපහු වැඩට යන්න.</font>

141
00:12:49,227 --> 00:12:50,103
<font color="#ffde44">හරි, මැඩම්.</font>

142
00:13:00,572 --> 00:13:01,865
<font color="#ffde44">හරිම කරදරයක්.</font>

143
00:13:07,579 --> 00:13:08,914
<font color="#ffde44">අනේ, ජීවිතය</font>

144
00:13:09,748 --> 00:13:12,000
<font color="#ffde44">දුවගෙන යනවා</font>

145
00:13:14,961 --> 00:13:16,463
<font color="#ffde44">මේ විශාල, පාළු වනාන්තරය හරහා</font>

146
00:14:39,879 --> 00:14:40,839
<font color="#ffde44">මට මේකෙන් වීදුරුවක් දෙන්න.</font>

147
00:14:49,681 --> 00:14:50,807
<font color="#ffde44">මමත් එකතු වුණාට කමක් නැද්ද?</font>

148
00:14:57,105 --> 00:14:59,274
<font color="#ffde44">දැන් ඔයා දන්නවනේ
එයාගේ දෙමාපියන්ට වුණේ මොකක්ද කියලා,</font>

149
00:14:59,357 --> 00:15:01,985
<font color="#ffde44">මට හිතෙන්නේ තවත් හංගන්න දෙයක් නැහැ කියලා.</font>

150
00:15:02,068 --> 00:15:05,238
<font color="#ffde44">ඔව්, එදා තමයි සෝල්-ආ
අපේ ගෙදර නතර වෙන්න ආවේ.</font>

151
00:15:05,322 --> 00:15:07,073
<font color="#ffde44">අපි ගියේ එකම
පාසලට,</font>

152
00:15:07,157 --> 00:15:08,950
<font color="#ffde44">විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය මගෙන් වැරදුණත්</font>

153
00:15:09,034 --> 00:15:10,118
<font color="#ffde44">මට කැම්පස් යන්න බැරි වුණත්,</font>

154
00:15:10,201 --> 00:15:12,537
<font color="#ffde44">එදා ඉඳන් මම එයාව බලාගන්නවා.</font>

155
00:15:12,621 --> 00:15:14,080
<font color="#ffde44">ඒ නිසා අපි සාමාන්‍ය යාළුවන්ට වඩා ගොඩක් සමීපයි.</font>

156
00:15:16,708 --> 00:15:18,376
<font color="#ffde44">ඔයාලා දෙන්නා ගොඩක් සමීප ඇති.</font>

157
00:15:18,460 --> 00:15:20,420
<font color="#ffde44">මම එහෙම හිතන්න කැමතියි,</font>

158
00:15:20,503 --> 00:15:22,714
<font color="#ffde44">ඒත් එයා කාටවත් එයාගේ හිතේ තියෙන දේවල් කියන්නේ නැහැ.</font>

159
00:15:23,923 --> 00:15:26,217
<font color="#ffde44">ඒ එයා ගොඩක් දුක් විඳපු නිසා වෙන්න ඇති,</font>

160
00:15:26,301 --> 00:15:29,888
<font color="#ffde44">ඒත් එයා දන්නේ එයාගේ
දුක සහ වේදනාව හංගගන්න විතරයි.</font>

161
00:15:30,805 --> 00:15:33,308
<font color="#ffde44">ඒ නිසයි ගොඩක් අය එයාව වැරදියට තේරුම් ගන්නේ.</font>

162
00:15:40,315 --> 00:15:41,608
<font color="#ffde44">මිස්ටර් දෝ යුන්-හ්යුක් කිව්වෙත් ඕකමයි</font>

163
00:15:42,984 --> 00:15:44,903
<font color="#ffde44">අනික මට එයාට කරදර කරන එක නවත්තන්න කිව්වා.</font>

164
00:15:44,986 --> 00:15:49,699
<font color="#ffde44">රක්ෂණ වංචාවක් කරන්න තරම් හිතක් සෝල්-ආට නැහැ.</font>

165
00:15:49,783 --> 00:15:51,493
<font color="#ffde44">අවුරුදු 15 දී එයා අනාථ වුණා,</font>

166
00:15:51,576 --> 00:15:53,078
<font color="#ffde44">එයාගේ පළමු ආදරය අනතුරකින් නැති වුණා,</font>

167
00:15:53,161 --> 00:15:54,704
<font color="#ffde44">අනික එයා මානසික රෝහලකටත් ගියා...</font>

168
00:16:01,503 --> 00:16:03,254
<font color="#ffde44">මිස්ටර් ලී සූ-හෝගේ අනතුරෙන් පස්සේ
එයා ගොඩක් දුක් වුණාද?</font>

169
00:16:04,381 --> 00:16:06,174
<font color="#ffde44">එදා ඉඳන් එයා බෙහෙත් බොනවා,</font>

170
00:16:06,800 --> 00:16:10,053
<font color="#ffde44">දැන් එයාගේ කඳුළු, හැඟීම්
ඔක්කොම නැතිවෙලා ගිහින්.</font>

171
00:16:11,137 --> 00:16:13,098
<font color="#ffde44">පව් ඒ කෙල්ල.</font>

172
00:16:13,181 --> 00:16:14,599
<font color="#ffde44">එයාගේ වෙලාව හරිම නරකයි.</font>

173
00:16:19,604 --> 00:16:20,772
<font color="#ffde44">කොහොම වුණත්,</font>

174
00:16:21,481 --> 00:16:23,024
<font color="#ffde44">ඇයි ඔයා බාර් එකක් ඇරියේ</font>

175
00:16:24,025 --> 00:16:24,901
<font color="#ffde44">රෝයල් ඔක්ෂන් එකට කිට්ටුවෙන්ම?</font>

176
00:16:25,527 --> 00:16:26,695
<font color="#ffde44">මොකක්ද?</font>

177
00:16:29,364 --> 00:16:32,117
<font color="#ffde44">මම හිතුවා එයාලට මත්පැන් සපයලා,
සම්බන්ධකම් හදාගන්න පුළුවන් වෙයි කියලා,</font>

178
00:16:32,200 --> 00:16:34,244
<font color="#ffde44">අනික ඒ අතරේ හොඳ පිරිමියෙක්
මුණගැහෙයි කියලත්...</font>

179
00:16:37,580 --> 00:16:38,873
<font color="#ffde44">ඇයි මම මේවා ඔයාට කියන්නේ?</font>

180
00:16:43,378 --> 00:16:44,629
<font color="#ffde44">ඔයාට බඩගිනි වෙලා ඉන්න ඇත්තේ.</font>

181
00:16:44,713 --> 00:16:45,880
<font color="#ffde44">මම තව කෑම ටිකක් ගේන්නම්.</font>

182
00:16:53,263 --> 00:16:54,472
<font color="#ffde44">මම මුකුත් කෑවේ නැහැ.</font>

183
00:17:09,237 --> 00:17:10,655
<font color="#ffde44">මට කරන්න තියෙන්නේ නොපෙනී යන එක විතරයි.</font>

184
00:17:10,739 --> 00:17:12,115
<font color="#ffde44">එතකොට හැමදේම ඉවර වෙයි!</font>

185
00:17:12,198 --> 00:17:13,867
<font color="#ffde44">මට ගාණක් නැහැ!</font>

186
00:17:13,950 --> 00:17:17,287
<font color="#ffde44">මට මැරෙන්න ඕනේ! ඇයි ඔයා මාව නවත්තන්නේ?</font>

187
00:17:39,768 --> 00:17:41,811
<font color="#ffde44">හන් සෝල්-ආ(38).M4A</font>

188
00:17:47,484 --> 00:17:48,485
<font color="#ffde44">අදත් නිදාගන්නේ නැද්ද?</font>

189
00:17:52,447 --> 00:17:54,365
<font color="#ffde44">ගෙදර හිටියත් කොහොමත් මට නින්ද යන්නේ නැහැ.</font>

190
00:17:55,867 --> 00:17:57,160
<font color="#ffde44">මේ චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ දැක්කම මට බය හිතෙනවා</font>

191
00:17:58,119 --> 00:17:59,788
<font color="#ffde44">ඒවා ඇත්ත වගේම පේන නිසා.</font>

192
00:18:00,705 --> 00:18:02,165
<font color="#ffde44">ඒ නිසයි මම ඒ දිහා බලන් ඉන්නේ.</font>

193
00:18:03,374 --> 00:18:05,585
<font color="#ffde44">යථාර්ථයේ බියට මුහුණ දෙන එකෙන්</font>

194
00:18:06,294 --> 00:18:08,213
<font color="#ffde44">දැනෙන්නේ මීට වඩා දරුණු දෙයක්
වෙන්න බැහැ වගේ.</font>

195
00:18:09,798 --> 00:18:11,007
<font color="#ffde44">මම නිදාගන්න හැම වෙලාවකම,</font>

196
00:18:11,841 --> 00:18:13,802
<font color="#ffde44">මට එදා දවස හීනෙන් පේනවා...</font>

197
00:18:15,303 --> 00:18:16,429
<font color="#ffde44">තොටුපොළේදී</font>

198
00:18:17,555 --> 00:18:19,057
<font color="#ffde44">මම එයාව අන්තිම වතාවට දැක්ක දවස.</font>

199
00:18:20,266 --> 00:18:21,476
<font color="#ffde44">ඒක ඊටත් වඩා බය හිතෙනවා</font>

200
00:18:21,559 --> 00:18:24,020
<font color="#ffde44">මම අවදි වෙලා ඒක ඇත්තටම
වුණා කියලා තේරුම් ගත්තම.</font>

201
00:18:25,897 --> 00:18:27,982
<font color="#ffde44">මම ඔයා වෙනුවෙන් මොනවද කරන්න ඕනේ, සෝල්-ආ?</font>

202
00:18:28,566 --> 00:18:29,692
<font color="#ffde44">ඔයා ටිකක් විවේක ගන්නේ නැත්තේ ඇයි?</font>

203
00:18:30,235 --> 00:18:31,861
<font color="#ffde44">නැත්නම් මමයි සුක්-ජියි ඔයා එක්ක ඉන්නද?</font>

204
00:18:33,988 --> 00:18:35,615
<font color="#ffde44">මට ගොඩක් අමාරු වුණොත් මම ඔයාට කියන්නම්.</font>

205
00:18:36,866 --> 00:18:38,326
<font color="#ffde44">ඒක හරිම කලකිරීමක්</font>

206
00:18:38,910 --> 00:18:40,620
<font color="#ffde44">මොකද මට කරන්න පුළුවන් එකම දේ</font>

207
00:18:40,703 --> 00:18:42,288
<font color="#ffde44">ඔයා වෙනුවෙන් මෙතන ඉන්න එක විතරයි.</font>

208
00:18:42,372 --> 00:18:44,123
<font color="#ffde44">ඒකෙන් තමයි මමත් හිත හදාගෙන ඉන්නේ.</font>

209
00:18:44,749 --> 00:18:46,042
<font color="#ffde44">මට දිගටම යන්න පුළුවන්</font>

210
00:18:47,126 --> 00:18:48,711
<font color="#ffde44">මොකද ඔයා වගේ කෙනෙක්</font>

211
00:18:49,295 --> 00:18:50,630
<font color="#ffde44">මගේ ළඟින් ඉන්න නිසා.</font>

212
00:19:46,811 --> 00:19:48,396
<font color="#ffde44">එයාට සීතල නැද්ද?</font>

213
00:20:31,397 --> 00:20:32,690
<font color="#ffde44">මම මේ මොනවද කරන්නේ?</font>

214
00:20:54,504 --> 00:20:56,923
<font color="#ffde44">ආලෝකය ග්‍රහණය කරගැනීම:
කිම් ජූන්-යොන්ග් විශේෂ ප්‍රදර්ශනය</font>

215
00:21:07,517 --> 00:21:08,977
<font color="#ffde44">ආලෝකය ග්‍රහණය කරගැනීම:
කිම් ජූන්-යොන්ග් විශේෂ ප්‍රදර්ශනය</font>

216
00:21:16,985 --> 00:21:18,945
<font color="#ffde44">මෙම නිර්මාණයෙන් කාලය ගෙවී යද්දී හිරු බැස යන
වර්ණයන් වීදුරුවලින් ග්‍රහණය කර ඇත</font>

217
00:21:22,782 --> 00:21:27,286
<font color="#ffde44">මෙම වීදුරු මූර්තිය රාත්‍රියේ නිශ්ශබ්දතාවයේ
පිපෙන තනි මලක් සිහිගන්වයි</font>

218
00:21:33,876 --> 00:21:36,004
<font color="#ffde44">මොකක්ද ඒ වුණේ?
අනේ දෙවියනේ!</font>

219
00:21:40,216 --> 00:21:42,093
<font color="#ffde44">දැන් මොකද කරන්නේ?
අපි දැන් මොකද කරන්නේ?</font>

220
00:21:42,677 --> 00:21:44,804
<font color="#ffde44">මට සමාවෙන්න. ඒක මගේ අතින් ලිස්සලා ගියා.</font>

221
00:21:49,726 --> 00:21:51,060
<font color="#ffde44">ඔයාට තුවාලද?</font>

222
00:21:52,645 --> 00:21:53,688
<font color="#ffde44">නැහැ.</font>

223
00:21:53,771 --> 00:21:54,605
<font color="#ffde44">ඒත් මේක...</font>

224
00:21:55,189 --> 00:21:57,775
<font color="#ffde44">මේක තමයි ප්‍රධාන නිර්මාණය.
අපි දැන් මොකද කරන්නේ?</font>

225
00:21:58,359 --> 00:21:59,694
<font color="#ffde44">තව දවස් දෙකකින් ප්‍රදර්ශනය තියෙනවා.</font>

226
00:21:59,777 --> 00:22:01,612
<font color="#ffde44">ඔයාට පිස්සුද!</font>

227
00:22:01,696 --> 00:22:02,947
<font color="#ffde44">ඔයා කොහොමද
මේකේ වගකීම බාරගන්නේ?</font>

228
00:22:03,031 --> 00:22:04,574
<font color="#ffde44">ඔයා දන්නවද මේකේ වටිනාකම කොච්චරද කියලා?!</font>

229
00:22:04,657 --> 00:22:05,616
<font color="#ffde44">නා-හී.</font>

230
00:22:08,119 --> 00:22:10,329
<font color="#ffde44">මට සමාවෙන්න, මිස් හන්.</font>

231
00:22:11,539 --> 00:22:13,624
<font color="#ffde44">මේ හරිය ආරක්ෂා කරන්න</font>

232
00:22:14,208 --> 00:22:15,043
<font color="#ffde44">අනික රක්ෂණ වන්දියක් ඉල්ලන්න.</font>

233
00:22:15,126 --> 00:22:16,044
<font color="#ffde44">හරි, මැඩම්.</font>

234
00:22:17,170 --> 00:22:19,547
<font color="#ffde44">මිස් දෝ යුන්-හ්යේ, මට ඔයා එක්ක කතා කරන්න ඕනේ.</font>

235
00:22:28,431 --> 00:22:29,599
<font color="#ffde44">ඒක අත්වැරැද්දක් නේද?</font>

236
00:22:31,100 --> 00:22:32,602
<font color="#ffde44">ඔයාට ඕනේ දෙයක් හිතාගන්න.</font>

237
00:22:36,064 --> 00:22:37,356
<font color="#ffde44">ඔයා ඒක ඕනෑකමින්මද කළේ?</font>

238
00:22:40,276 --> 00:22:42,236
<font color="#ffde44">ඔයාට සැකයි,
ඒත් ඔයා ගාව සාක්ෂි නැහැ.</font>

239
00:22:42,779 --> 00:22:43,654
<font color="#ffde44">හරිම කලකිරීමක් නේද?</font>

240
00:22:44,489 --> 00:22:45,823
<font color="#ffde44">මටත් දැනෙන්නේ ඒ විදිහටමයි.</font>

241
00:22:45,907 --> 00:22:48,701
<font color="#ffde44">කවුරුහරි ස්‍යුන්ග්-ජේ සහ මිස් කිම්ව මැරුවා,</font>

242
00:22:49,410 --> 00:22:50,411
<font color="#ffde44">ඒත් කිසිම සාක්ෂියක් නැහැ.</font>

243
00:22:52,622 --> 00:22:54,290
<font color="#ffde44">ඔයාට පිස්සු නේද?</font>

244
00:22:55,333 --> 00:22:56,334
<font color="#ffde44">මොකක්?</font>

245
00:22:56,417 --> 00:22:57,251
<font color="#ffde44">පිස්සු?</font>

246
00:22:57,335 --> 00:23:00,213
<font color="#ffde44">ඔයා මාව රිපෝට් කළත්,
කාටහරි මාව අල්ලලා දුන්නත් මට කමක් නැහැ.</font>

247
00:23:00,296 --> 00:23:01,172
<font color="#ffde44">ඒත් මේක?</font>

248
00:23:01,255 --> 00:23:02,423
<font color="#ffde44">මේක වැරදියි.</font>

249
00:23:03,299 --> 00:23:05,218
<font color="#ffde44">කලාව ඉගෙන ගත්ත කෙනෙක්ට
කොහොමද මේ වගේ දෙයක් කරන්න පුළුවන්?</font>

250
00:23:06,135 --> 00:23:09,305
<font color="#ffde44">අපි කලා නිර්මාණ
අපේ ජීවිතේ වගේ සලකලා බලාගන්න ඕනේ.</font>

251
00:23:09,388 --> 00:23:12,016
<font color="#ffde44">ඔයාට පොඩි ගෞරවයක්වත් නැතුව කොහොමද
ඔයා විශේෂඥයෙක් කියලා කියාගන්නේ?</font>

252
00:23:13,976 --> 00:23:16,270
<font color="#ffde44">ඔයාට ඇත්තටම
ඒ නමට සුදුසුද කියලා හිතලා බලන්න.</font>

253
00:23:16,854 --> 00:23:18,147
<font color="#ffde44">එහෙනම් මාව අස් කරලා දාන්න.</font>

254
00:23:37,333 --> 00:23:38,876
<font color="#ffde44">අපි ගොඩක් සමාව ඉල්ලනවා, ශිල්පි කිම්.</font>

255
00:23:39,544 --> 00:23:41,462
<font color="#ffde44">අපි කාලසටහනත් කල් දාන්නම්--</font>

256
00:23:42,964 --> 00:23:44,048
<font color="#ffde44">ශිල්පි කිම්?</font>

257
00:23:44,674 --> 00:23:45,550
<font color="#ffde44">සර්?</font>

258
00:23:54,433 --> 00:23:55,852
<font color="#ffde44">මම CCTV දර්ශන පරීක්ෂා කළා.</font>

259
00:23:55,935 --> 00:23:57,520
<font color="#ffde44">මම ගිහින් වන්දි ඉල්ලුම් කරන්නම්.</font>

260
00:23:57,603 --> 00:23:58,855
<font color="#ffde44">හරි, මම ඒක ඔයාට භාර දෙන්නම්.</font>

261
00:24:09,615 --> 00:24:10,700
<font color="#ffde44">අපිට කතා කරන්න පුළුවන්ද?</font>

262
00:24:13,035 --> 00:24:15,079
<font color="#ffde44">මට වෙලාවක් නැහැ. මේක හදිසි අවස්ථාවක්.</font>

263
00:24:15,163 --> 00:24:16,455
<font color="#ffde44">ප්‍රශ්නෙ විසඳන්නද යන්නේ?</font>

264
00:24:16,539 --> 00:24:17,957
<font color="#ffde44">ඔයා ඒක දන්නවා නම්, කරුණාකරලා අයින් වෙන්න.</font>

265
00:24:18,541 --> 00:24:21,210
<font color="#ffde44">අපි දෙන්නම කාර්යබහුල නිසා,
අපි යන ගමන් කතා කරමු.</font>

266
00:24:51,365 --> 00:24:52,325
<font color="#ffde44">මොකක්ද?</font>

267
00:24:53,034 --> 00:24:53,951
<font color="#ffde44">ඔයා…</font>

268
00:24:54,035 --> 00:24:55,953
<font color="#ffde44">ඔයා මට කිව්වා හන් මිස්ව අමාරුවේ දාන්න කියලා.</font>

269
00:24:56,037 --> 00:24:58,497
<font color="#ffde44">ඒත් මම කවදාවත් කිව්වෙ නෑ ප්‍රදර්ශනය විනාශ කරන්න කියලා!</font>

270
00:24:58,581 --> 00:25:01,083
<font color="#ffde44">මම හිතුවට වඩා ඔයාට හොඳටම ධෛර්යය තියෙනවනෙ, හා?</font>

271
00:25:02,001 --> 00:25:02,919
<font color="#ffde44">කොහොම වුණත්,</font>

272
00:25:03,002 --> 00:25:06,214
<font color="#ffde44">මම ඔයා කියපු විදිහටම කළා,
ඒ නිසා මාව ස්ථිර සේවකයෙක් විදිහට ගන්නවා නේද?</font>

273
00:25:08,007 --> 00:25:09,675
<font color="#ffde44">ඔයා කොච්චර කල් ඉඳන්ද පුහුණුවෙන්නේ?</font>

274
00:25:10,218 --> 00:25:11,636
<font color="#ffde44">ලබන මාසෙට මාස හයයි.</font>

275
00:25:13,179 --> 00:25:14,764
<font color="#ffde44">හරි, කමක් නෑ.</font>

276
00:25:14,847 --> 00:25:16,974
<font color="#ffde44">ඒත් නිකම්ම ඉඳලා හරියන්නේ නෑ</font>

277
00:25:17,058 --> 00:25:18,935
<font color="#ffde44">අද ඉඳන් මම කියන දේ විතරක් කරන්න.</font>

278
00:25:19,560 --> 00:25:20,478
<font color="#ffde44">හරි.</font>

279
00:25:20,978 --> 00:25:21,979
<font color="#ffde44">ඒක නෙවෙයි…</font>

280
00:25:22,063 --> 00:25:23,022
<font color="#ffde44">ඒක නෙවෙයි මොකක්ද?</font>

281
00:25:24,065 --> 00:25:25,566
<font color="#ffde44">මට රස්සාව නැති වුණොත්,</font>

282
00:25:26,234 --> 00:25:27,693
<font color="#ffde44">මම තනියම අමාරුවේ වැටෙන්නෙ නෑ.</font>

283
00:25:35,326 --> 00:25:39,664
<font color="#ffde44">මේ වගේ මිනිස්සු කොහොමද
අපේ සමාගමේ හැම මට්ටමකටම රිංග ගත්තේ?!</font>

284
00:25:41,040 --> 00:25:42,250
<font color="#ffde44">ශික්!</font>

285
00:25:42,333 --> 00:25:44,669
<font color="#ffde44">ගංගා පොලිස් ස්ථානය</font>

286
00:25:44,752 --> 00:25:46,671
<font color="#ffde44">යුන් ස්‍යුන්ග් ජේ
වයස අවුරුදු 35 යි, ආපනශාලා ප්‍රධාන විධායක නිලධාරී</font>

287
00:25:46,754 --> 00:25:48,172
<font color="#ffde44">හන් සෝල් ආගේ පෙම්වතා</font>

288
00:25:48,256 --> 00:25:50,675
<font color="#ffde44">දියේ ගිලීමෙන් මරණය</font>

289
00:25:50,758 --> 00:25:55,596
<font color="#ffde44">චෝයි යොන්ග් හෝ
සියදිවි නසාගැනීමක්</font>

290
00:25:55,680 --> 00:25:58,057
<font color="#ffde44">ලී සූ හෝ
අනතුරක්</font>

291
00:26:05,439 --> 00:26:08,109
<font color="#ffde44">වහපු නඩුවක් ගැන
ඔයා මොකද කරන්න යන්නේ?</font>

292
00:26:09,068 --> 00:26:11,112
<font color="#ffde44">මේ පිරිමි තුන්දෙනාටම
වෙලා තියෙන්නේ එකම රටාවකට.</font>

293
00:26:11,195 --> 00:26:12,238
<font color="#ffde44">ඔයාට ඇත්තටම මේක අහම්බයක් කියන්න පුළුවන්ද?</font>

294
00:26:13,656 --> 00:26:16,492
<font color="#ffde44">කොහොම වුණත්,
හන් සෝල් ආ නෙවෙයි කිම් යුන් ජීව මැරුවේ.</font>

295
00:26:17,868 --> 00:26:19,120
<font color="#ffde44">එයාට උදව් කරපු කෙනෙක් හිටියොත්?</font>

296
00:26:20,955 --> 00:26:21,998
<font color="#ffde44">අපි අවධානය යොමු කළේ හන් සෝල් ආ ගැන විතරයි</font>

297
00:26:22,081 --> 00:26:24,625
<font color="#ffde44">CCTV සහ ඩෑෂ්කෑම් දර්ශන
පරීක්ෂා කරනකොට.</font>

298
00:26:24,709 --> 00:26:26,419
<font color="#ffde44">අපිට අනිවාර්යයෙන්ම
මඟහැරුණු දෙයක් තියෙනවා.</font>

299
00:26:32,133 --> 00:26:33,926
<font color="#ffde44">ඩෝ යුන් හේ තමයි ඒක කැඩුවේ.</font>

300
00:26:34,010 --> 00:26:35,511
<font color="#ffde44">ඒක ඕනෑකමින්ම කරපු දෙයක් නෙවෙයි කියලා ඔයාට විශ්වාසද?</font>

301
00:26:37,054 --> 00:26:39,515
<font color="#ffde44">මේ වගේ දේවල් වෙලාවකට වෙනවා.</font>

302
00:26:39,598 --> 00:26:40,808
<font color="#ffde44">ඒක නිකම්ම අනතුරක් විතරයි.</font>

303
00:26:43,728 --> 00:26:45,229
<font color="#ffde44">ඔයා හැමතිස්සෙම හැමදේම මුලින්ම සැක කරනවද?</font>

304
00:26:46,063 --> 00:26:47,106
<font color="#ffde44">ඔව්.</font>

305
00:26:50,109 --> 00:26:52,278
<font color="#ffde44">ඔයාට ඕන තරම් සැක කරන්න පුළුවන්,</font>

306
00:26:53,696 --> 00:26:55,573
<font color="#ffde44">ඒත් ඔයා සීමාව පැනලා යනවා නම්
මම ඒක ඉවසන්නේ නැහැ.</font>

307
00:26:56,574 --> 00:26:57,616
<font color="#ffde44">මොන සීමාවද?</font>

308
00:26:59,410 --> 00:27:00,619
<font color="#ffde44">ලුවන් පැලස්.</font>

309
00:27:03,080 --> 00:27:04,040
<font color="#ffde44">ඉතින්?</font>

310
00:27:04,123 --> 00:27:05,166
<font color="#ffde44">ඔයාට මාව හොඳට පෙනුණද?</font>

311
00:27:09,337 --> 00:27:10,755
<font color="#ffde44">ඔයා කොච්චර කල් ඉඳන්ද දැනගෙන හිටියේ?</font>

312
00:27:17,511 --> 00:27:19,722
<font color="#ffde44">ලුවන් පැලස් 702 ඒකකය සඳහා බදු ගිවිසුම අත්සන් කිරීම</font>

313
00:27:41,285 --> 00:27:44,080
<font color="#ffde44">ඔයා මෙච්චර කල්
එතැන ඉඳන් මාව දිහා බලාගෙනද හිටියේ?</font>

314
00:27:44,914 --> 00:27:47,083
<font color="#ffde44">මම ආවේ කිම් යුන් ජීගේ පස්සෙන්.</font>

315
00:27:48,501 --> 00:27:50,669
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, ඒ කියන්නේ ඔයා
ස්ටුඩියෝ අපාර්ට්මන්ට් එක ගැන දැනගෙන හිටියද?</font>

316
00:27:53,589 --> 00:27:55,758
<font color="#ffde44">මම දැක්කා ඔයා ඒ ගොඩනැගිල්ලෙන් එළියට එනවා.</font>

317
00:27:56,967 --> 00:27:58,135
<font color="#ffde44">ඒකෙන් විතරක් ඔයා හැමදේම තේරුම් ගත්තද?</font>

318
00:28:33,796 --> 00:28:34,922
<font color="#ffde44">මම ගොඩක් සමාව ඉල්ලනවා මහත්මයා.</font>

319
00:28:35,756 --> 00:28:37,591
<font color="#ffde44">හැමදේම මගේ වැරැද්ද.</font>

320
00:28:39,718 --> 00:28:43,389
<font color="#ffde44">ඒත් ඔයාට මේ ගැන ආයෙත් හිතන්න පුළුවන් නම්…</font>

321
00:28:43,472 --> 00:28:45,391
<font color="#ffde44">ගිහින් නිවේදනය කරන්න
ප්‍රදර්ශනය අවලංගු කළා කියලා.</font>

322
00:28:48,519 --> 00:28:49,395
<font color="#ffde44">උදුන පත්තු කරන්න.</font>

323
00:29:22,803 --> 00:29:24,847
<font color="#ffde44">මම දන්නවා අත්හරින්න</font>

324
00:29:24,930 --> 00:29:27,683
<font color="#ffde44">අකමැතිම කෙනා ඔයා කියලා.</font>

325
00:29:28,809 --> 00:29:30,519
<font color="#ffde44">අපිට තවම වෙලාව තියෙනවා</font>

326
00:29:30,603 --> 00:29:32,730
<font color="#ffde44">වීදුරු වලින් කවදාවත්
එකම නිර්මාණය දෙපාරක් කරන්න බෑ.</font>

327
00:29:33,230 --> 00:29:34,857
<font color="#ffde44">හැම නිර්මාණයකටම ඒකටම ආවේණික ජීවයක් තියෙනවා.</font>

328
00:29:34,940 --> 00:29:36,775
<font color="#ffde44">ඒත් මේක ට්වයිලයිට් බ්ලූ.</font>

329
00:29:37,985 --> 00:29:40,321
<font color="#ffde44">ඉර බහිනකොට, අහස වෙනස් වෙනවා නේද</font>

330
00:29:40,404 --> 00:29:41,906
<font color="#ffde44">මොහොතින් මොහොතට?</font>

331
00:29:45,159 --> 00:29:46,785
<font color="#ffde44">පාට හරියට ආවේ නැත්තම් මොකද කරන්නේ?</font>

332
00:29:46,869 --> 00:29:48,537
<font color="#ffde44">එහෙනම් මම සම්පූර්ණ වගකීම භාරගෙන</font>

333
00:29:48,621 --> 00:29:50,331
<font color="#ffde44">ප්‍රදර්ශනය අවලංගු කරන්නම්.</font>

334
00:29:50,414 --> 00:29:52,917
<font color="#ffde44">ඕනෙ නම් මම මුළු රෑම ඔයාට උදව් කරන්නම්.</font>

335
00:29:53,000 --> 00:29:54,084
<font color="#ffde44">කරුණාකරලා, මහත්මයා.</font>

336
00:30:07,848 --> 00:30:10,017
<font color="#ffde44">පිටිපස්සේ කොබෝල්ට් සහ ගෝල්ඩ් රූබි තියෙනවා.</font>

337
00:30:10,100 --> 00:30:11,101
<font color="#ffde44">ගිහින් ඒක අරන් එන්න.</font>

338
00:30:12,853 --> 00:30:13,687
<font color="#ffde44">හරි, මහත්මයා.</font>

339
00:30:34,792 --> 00:30:35,668
<font color="#ffde44">ස්තූතියි.</font>

340
00:30:36,502 --> 00:30:38,337
<font color="#ffde44">ඇත්තටම දණගහන්න
අවශ්‍යම වුණාද?</font>

341
00:30:38,921 --> 00:30:40,089
<font color="#ffde44">රක්ෂණයෙන් ඒක ආවරණය වෙයි.</font>

342
00:30:42,383 --> 00:30:43,968
<font color="#ffde44">කලාකරුවෙක් තමන්ගේ නිර්මාණයක් දකින්නේ</font>

343
00:30:44,760 --> 00:30:46,178
<font color="#ffde44">තමන්ගේ දරුවෙක් වගේ.</font>

344
00:30:47,054 --> 00:30:49,431
<font color="#ffde44">ඔහුට නැති වුණේ
ඔහුගේ මුළු හදවතම සහ දහදිය මහන්සිය කැප කරපු දෙයක්.</font>

345
00:30:49,515 --> 00:30:51,517
<font color="#ffde44">ඉතින් වන්දි මුදලකින් ඇති වැඩේ මොකක්ද?</font>

346
00:30:52,851 --> 00:30:54,436
<font color="#ffde44">ඔයා හිතනවද සල්ලි වලට</font>

347
00:30:55,020 --> 00:30:56,730
<font color="#ffde44">ඒ වේදනාව නැති කරන්න පුළුවන් කියලා?</font>

348
00:31:06,699 --> 00:31:08,117
<font color="#ffde44">මෙන්න, කලාකරු කිම්.</font>

349
00:31:08,951 --> 00:31:09,785
<font color="#ffde44">හරි.</font>

350
00:31:11,579 --> 00:31:12,788
<font color="#ffde44">කරුණාකරලා මට අර ගෝනිය ගේන්න.</font>

351
00:31:23,757 --> 00:31:24,842
<font color="#ffde44">මම ගිහින් කෝපි අරන් එන්නම්.</font>

352
00:31:26,760 --> 00:31:27,970
<font color="#ffde44">මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? මේක ඇතුළට දාන්න.</font>

353
00:31:28,596 --> 00:31:29,430
<font color="#ffde44">හරි.</font>

354
00:32:56,725 --> 00:32:57,559
<font color="#ffde44">රත් කරන්න.</font>

355
00:33:55,200 --> 00:33:56,118
<font color="#ffde44">ඔයාට කොහොමද දැන්?</font>

356
00:33:57,369 --> 00:33:58,287
<font color="#ffde44">ඔයා හොඳින්ද?</font>

357
00:34:00,247 --> 00:34:01,582
<font color="#ffde44">මම දැන් හොඳින්.</font>

358
00:34:02,166 --> 00:34:03,417
<font color="#ffde44">අප්පේ.</font>

359
00:34:06,920 --> 00:34:08,922
<font color="#ffde44">මට ඔයාව තේරුම් ගන්න බෑ.</font>

360
00:34:09,797 --> 00:34:11,717
<font color="#ffde44">එක් මොහොතක ඔයා හැමදේම අත්හරින්න ලෑස්ති වෙනවා,</font>

361
00:34:12,342 --> 00:34:14,428
<font color="#ffde44">ඊළඟ මොහොතේ, අත්හරින්න බෑ කියනවා.</font>

362
00:34:16,179 --> 00:34:17,639
<font color="#ffde44">සමහර වෙලාවට, ඔයා හරිම ශක්තිමත් වගේ පේනවා,</font>

363
00:34:19,266 --> 00:34:20,768
<font color="#ffde44">ඒත් අනිත් වෙලාවට,
ඔයා අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා වගේ පේනවා.</font>

364
00:34:22,728 --> 00:34:23,603
<font color="#ffde44">ඉතින්…</font>

365
00:34:25,522 --> 00:34:27,149
<font color="#ffde44">ඔයාට මාව පව් කියලා හිතෙනවද?</font>

366
00:34:30,402 --> 00:34:32,737
<font color="#ffde44">මුලින්ම,
මම හිතුවෙ ඔයා වන්දි මුදල පස්සෙ යනවා කියලා.</font>

367
00:34:33,614 --> 00:34:34,697
<font color="#ffde44">මට මෙහෙමත් හිතුණා</font>

368
00:34:36,116 --> 00:34:38,034
<font color="#ffde44">ඔයාට ඇත්තටම ඕන වුණේ</font>

369
00:34:39,036 --> 00:34:40,078
<font color="#ffde44">ඒ මිනිස්සුන්ගෙ මරණයද කියලත්.</font>

370
00:34:41,496 --> 00:34:42,331
<font color="#ffde44">ඒත් දැන්…</font>

371
00:34:43,706 --> 00:34:45,667
<font color="#ffde44">මට හිතෙන්නේ ඔයා නිකම්ම වින්දිතයෙක් විතරක්ද කියලා,</font>

372
00:34:45,751 --> 00:34:47,960
<font color="#ffde44">ඒ වගේම මම ඔයාට
තවත් දුක් දෙනවා කියලා.</font>

373
00:34:50,422 --> 00:34:52,341
<font color="#ffde44">මට වරදකාරී හැඟීමක් දැනෙනවා.</font>

374
00:34:56,512 --> 00:34:57,805
<font color="#ffde44">ඒ නිසා මට දැනගන්න ඕනේ…</font>

375
00:34:59,681 --> 00:35:02,518
<font color="#ffde44">ඇයි මේ හැම අවාසනාවන්ත දෙයක්ම
ඔයාටම වෙන්නේ කියලා.</font>

376
00:35:09,107 --> 00:35:10,108
<font color="#ffde44">ඔයා කිව්වා</font>

377
00:35:10,984 --> 00:35:12,778
<font color="#ffde44">තුන්වෙනි අහම්බයක් කියලා
දෙයක් නෑ කියලා.</font>

378
00:35:16,615 --> 00:35:18,450
<font color="#ffde44">අන්න එතකොටයි මට පැහැදිලිවම තේරුණේ</font>

379
00:35:19,076 --> 00:35:20,369
<font color="#ffde44">මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා.</font>

380
00:35:22,996 --> 00:35:23,997
<font color="#ffde44">ඔයා කියන්නේ</font>

381
00:35:25,249 --> 00:35:27,709
<font color="#ffde44">කවුරුහරි ඕනෑකමින්ම ඔයාගේ මිනිස්සුන්ව ඉලක්ක කරලා
මැරුවා කියලද?</font>

382
00:35:29,127 --> 00:35:30,128
<font color="#ffde44">වෙන්න පුළුවන්?</font>

383
00:35:32,214 --> 00:35:33,590
<font color="#ffde44">මොනවා හරි මතක් වෙනවද?</font>

384
00:35:33,674 --> 00:35:35,467
<font color="#ffde44">ඔයාට උදව් කරන්න නම් මම මේවා දැනගන්න ඕනේ.</font>

385
00:35:36,969 --> 00:35:37,845
<font color="#ffde44">ඔයා…</font>

386
00:35:39,680 --> 00:35:40,806
<font color="#ffde44">ඇත්තටම මාව විශ්වාස කරනවද?</font>

387
00:35:44,059 --> 00:35:45,477
<font color="#ffde44">මට ඒ අවදානම ගන්න ඕනේ.</font>

388
00:35:47,312 --> 00:35:48,188
<font color="#ffde44">මට ඕනේ…</font>

389
00:35:50,148 --> 00:35:51,358
<font color="#ffde44">ඔයාව විශ්වාස කරන්න.</font>

390
00:36:18,510 --> 00:36:19,595
<font color="#ffde44">චා වූ සොක්.</font>

391
00:36:35,235 --> 00:36:38,697
<font color="#ffde44">ඔබ සම්බන්ධ වීමට උත්සාහ කරන දුරකථනය
ක්‍රියා විරහිත කර ඇත. ඔබව යොමු කෙරෙන්නේ</font>

392
00:36:39,990 --> 00:36:42,618
<font color="#ffde44">මොකක්ද වෙන්නේ?
එයාට කතා කරන්නත් බෑ, එයා ගෙදරත් නෑ.</font>

393
00:36:53,170 --> 00:36:54,922
<font color="#ffde44">කිම් යුන් ජී
රෝයල් වෙන්දේසියේ වෙන්දේසිකාරිය</font>

394
00:36:55,005 --> 00:36:56,673
<font color="#ffde44">තාවකාලික දුරකථනය</font>

395
00:37:23,158 --> 00:37:25,577
<font color="#ffde44">හන් සෝල් ආ(34).M4A</font>

396
00:37:25,661 --> 00:37:27,537
<font color="#ffde44">මට කඩාගෙන වැටෙන්න අයිතියක් නෑ.</font>

397
00:37:28,580 --> 00:37:29,623
<font color="#ffde44">මොකද මම බේරුණා…</font>

398
00:37:31,083 --> 00:37:32,292
<font color="#ffde44">මගේ දෙමාපියන් වෙනුවට.</font>

399
00:37:33,710 --> 00:37:34,795
<font color="#ffde44">අඬලා හිත නිදහස් කරගන්න.</font>

400
00:37:56,525 --> 00:37:58,235
<font color="#ffde44">ඔයා ආයෙත් ළඟපාතක ඔත්තු බලනවද?</font>

401
00:37:58,318 --> 00:38:00,237
<font color="#ffde44">ඔයා ගෙදර නැති වෙලාවේ ආවට සමා වෙන්න.</font>

402
00:38:01,279 --> 00:38:02,614
<font color="#ffde44">සමාව ඉල්ලන්නේ මොකටද? ඒක අලුත් දෙයක් නෙවෙයිනෙ.</font>

403
00:38:05,450 --> 00:38:07,077
<font color="#ffde44">මම හිතුවෙ ඔයා
රෝයල් වෙන්දේසියට යනවා කිව්වා කියලා.</font>

404
00:38:07,160 --> 00:38:08,412
<font color="#ffde44">ඇයි ඔයාගේ ෆෝන් එක ඕෆ් කරලා තිබුණේ?</font>

405
00:38:09,246 --> 00:38:12,290
<font color="#ffde44">මට නගරයෙන් පිට යන්න වුණා
ඒ වගේම ෆෝන් එක චාජ් කරන්නත් අමතක වුණා.</font>

406
00:38:13,458 --> 00:38:14,626
<font color="#ffde44">හන් සෝල් ආ එක්කද?</font>

407
00:38:16,503 --> 00:38:17,337
<font color="#ffde44">ඔව්.</font>

408
00:38:19,214 --> 00:38:20,632
<font color="#ffde44">මම හිතන්නේ ඉඩක් තියෙනවා</font>

409
00:38:20,716 --> 00:38:23,969
<font color="#ffde44">වැරදිකරු එයාට සමීප කෙනෙක් වෙන්න…</font>

410
00:38:29,599 --> 00:38:30,934
<font color="#ffde44">ඔයාට එයා ගැන දුකයි නේද?</font>

411
00:38:32,269 --> 00:38:33,311
<font color="#ffde44">මොකක්?</font>

412
00:38:38,567 --> 00:38:40,902
<font color="#ffde44">මට විශ්වාසයි මේක අහද්දී
ඔයාට දුක හිතෙන්න ඇති කියලා.</font>

413
00:38:42,654 --> 00:38:44,573
<font color="#ffde44">"ඒක එයාට ගොඩක් වේදනාකාරී
සහ අමාරු වෙන්න ඇති."</font>

414
00:38:44,656 --> 00:38:46,241
<font color="#ffde44">"එයා වැරදිකරු නෙවෙයි නම්?"</font>

415
00:38:47,492 --> 00:38:48,827
<font color="#ffde44">ඊටපස්සේ ඔයා මේකට ඇබ්බැහි වුණා.</font>

416
00:38:49,536 --> 00:38:50,537
<font color="#ffde44">ඇබ්බැහි වුණා?</font>

417
00:38:51,747 --> 00:38:53,457
<font color="#ffde44">මට ඕනේ ඇත්ත දැනගන්න විතරයි.</font>

418
00:38:53,540 --> 00:38:56,001
<font color="#ffde44">ඔයා ඇයි මේ තරම්
ඇත්ත හොයන්න මහන්සි වෙන්නේ කියලා දන්නවද?</font>

419
00:38:58,003 --> 00:38:59,212
<font color="#ffde44">ඒකට හේතුව</font>

420
00:39:00,047 --> 00:39:02,007
<font color="#ffde44">එයා වැරදිකරු නොවේවා කියලා ඔයා ප්‍රාර්ථනා කරන නිසයි.</font>

421
00:39:05,635 --> 00:39:07,471
<font color="#ffde44">මේක සාක්ෂි විනාශ කිරීමක් විදිහට සලකනවා.</font>

422
00:39:07,554 --> 00:39:08,889
<font color="#ffde44">මේක යුක්තියට බාධා කිරීමක්.</font>

423
00:39:11,600 --> 00:39:12,893
<font color="#ffde44">මට මේක නිකම්ම අරින්න බෑ.</font>

424
00:39:13,685 --> 00:39:15,020
<font color="#ffde44">මම මේක නීතියට අනුව කරනවා.</font>

425
00:39:39,878 --> 00:39:40,921
<font color="#ffde44">හන් සෝල් ආ</font>

426
00:39:45,425 --> 00:39:46,593
<font color="#ffde44">ඔයා කියන්නේ</font>

427
00:39:47,344 --> 00:39:49,554
<font color="#ffde44">කවුරුහරි ඕනෑකමින්ම ඔයාගේ මිනිස්සුන්ව ඉලක්ක කරලා
මැරුවා කියලද?</font>

428
00:39:54,601 --> 00:39:56,394
<font color="#ffde44">ඔයා හන් සෝල් ආට ආදරය කළොත්, ඔයා මැරෙනවා.</font>

429
00:39:58,021 --> 00:39:59,898
<font color="#ffde44">යුන් ස්‍යුන්ග් ජේ</font>

430
00:39:59,981 --> 00:40:02,359
<font color="#ffde44">චෝයි යොන්ග් හෝ</font>

431
00:40:02,442 --> 00:40:04,736
<font color="#ffde44">ලී සූ හෝ</font>

432
00:40:04,820 --> 00:40:06,238
<font color="#ffde44">එයාගේ අලුත් කෙනාත්</font>

433
00:40:07,239 --> 00:40:08,323
<font color="#ffde44">ඒ විදිහටම මැරෙයි.</font>

434
00:40:12,494 --> 00:40:13,537
<font color="#ffde44">ඒත් ඒ මනුස්සයාට…</font>

435
00:40:15,664 --> 00:40:16,665
<font color="#ffde44">ඇත්ත හොයාගන්න පුළුවන් වෙයි.</font>

436
00:40:37,769 --> 00:40:39,271
<font color="#ffde44">මේක බලන්න.</font>

437
00:40:45,068 --> 00:40:47,821
<font color="#ffde44">මේ දර්ශන තියෙන්නේ රෝයල් වෙන්දේසිය ළඟ
තියෙන CCTV එකකින්.</font>

438
00:40:49,531 --> 00:40:50,740
<font color="#ffde44">මේ කෝණයෙන් බලනකොට,</font>

439
00:40:51,324 --> 00:40:52,742
<font color="#ffde44">පේන විදිහට එයා වහලය රෙකෝඩ් කරලා තියෙනවා.</font>

440
00:40:52,826 --> 00:40:54,661
<font color="#ffde44">අපි මේ මනුස්සයාව හොයාගන්න ඕනේ.</font>

441
00:40:54,744 --> 00:40:56,204
<font color="#ffde44">හොඳ කල්පනාව, ගොන්ග්.</font>

442
00:40:58,331 --> 00:40:59,457
<font color="#ffde44">මේක බලන්න.</font>

443
00:41:01,877 --> 00:41:05,297
<font color="#ffde44">ආලෝකය ග්‍රහණය කරගැනීම:
කිම් ජුන් යොන්ග් විශේෂ ප්‍රදර්ශනය</font>

444
00:41:12,095 --> 00:41:13,513
<font color="#ffde44">කලාකරු කිම් අපිට කිව්වා</font>

445
00:41:13,597 --> 00:41:16,975
<font color="#ffde44">කැඩුණු වීදුරු කෑලි ටික
කලා නිර්මාණයක් විදිහට ප්‍රදර්ශනය කරන්න කියලා.</font>

446
00:41:17,767 --> 00:41:19,853
<font color="#ffde44">ඒ වගේම එයා කිව්වා වන්දි ඉල්ලුම් කරන්න
අවශ්‍යතාවයක් නෑ කියලත්.</font>

447
00:41:24,149 --> 00:41:27,527
<font color="#ffde44">එයාට ඕන වුණේ ආලෝකය හිර කරලා තියන්න බෑ
කියලා පෙන්නන්නලු.</font>

448
00:41:31,114 --> 00:41:31,990
<font color="#ffde44">ස්තූතියි</font>

449
00:41:33,116 --> 00:41:33,992
<font color="#ffde44">එදා කරපු උදව්වට.</font>

450
00:41:39,956 --> 00:41:40,832
<font color="#ffde44">ඒක නෙවෙයි,</font>

451
00:41:42,334 --> 00:41:43,418
<font color="#ffde44">මම කල්පනා කර කර හිටියේ.</font>

452
00:41:44,836 --> 00:41:46,504
<font color="#ffde44">ඔයා කියන දේ ඇත්ත නම්,</font>

453
00:41:46,588 --> 00:41:48,965
<font color="#ffde44">ඒ කියන්නේ අර මිනිස්සුන්ව විශේෂයෙන් ඉලක්ක කරපු
වැරදිකරුවෙක් ඉන්නවා.</font>

454
00:41:49,716 --> 00:41:51,718
<font color="#ffde44">ඒ බොහෝදුරට මාව හොඳට දන්න කෙනෙක් වෙන්නැති.</font>

455
00:41:51,801 --> 00:41:53,553
<font color="#ffde44">හැම අපරාධයකටම චේතනාවක් තියෙනවා.</font>

456
00:41:55,013 --> 00:41:56,014
<font color="#ffde44">ඒ අයගේ අරමුණ මොකක්ද?</font>

457
00:41:58,767 --> 00:42:00,060
<font color="#ffde44">මගේ අසතුටද?</font>

458
00:42:03,855 --> 00:42:04,689
<font color="#ffde44">කරන්න තියෙන්නේ එක දෙයයි.</font>

459
00:42:07,442 --> 00:42:08,318
<font color="#ffde44">හන් සොල්-ආට...</font>

460
00:42:09,736 --> 00:42:10,987
<font color="#ffde44">අලුත් පිරිමියෙක් ඉඳීවි.</font>

461
00:42:14,866 --> 00:42:17,035
<font color="#ffde44">අපරාධකාරයා මාව ඔයාගේ පිරිමියා කියලා හිතුවොත්,</font>

462
00:42:17,869 --> 00:42:18,787
<font color="#ffde44">එක්කෝ මම මැරෙයි...</font>

463
00:42:20,247 --> 00:42:21,831
<font color="#ffde44">නැත්නම් ඇත්තම අපරාධකාරයා කවුද කියලා හොයාගන්න පුළුවන් වෙයි.</font>

464
00:42:29,965 --> 00:42:30,799
<font color="#ffde44">අපි උත්සාහ කරලා බලමු.</font>

465
00:42:33,260 --> 00:42:34,135
<font color="#ffde44">ඔයා ඇත්තටමද කියන්නේ?</font>

466
00:42:34,719 --> 00:42:36,054
<font color="#ffde44">මට කුතුහලයක් තියෙනවා.</font>

467
00:42:37,138 --> 00:42:38,723
<font color="#ffde44">මට බලාගන්න ආසයි ඔයාගේ මූණේ පෙනුම</font>

468
00:42:40,016 --> 00:42:42,102
<font color="#ffde44">ඔයා ඇත්ත දැනගත්තාම.</font>

469
00:43:38,992 --> 00:43:40,577
<font color="#ffde44">හන් මෙනවිය ඇවිල්ලා.</font>

470
00:43:59,137 --> 00:43:59,971
<font color="#ffde44">සාදරයෙන් පිළිගන්නවා.</font>

471
00:44:00,972 --> 00:44:03,099
<font color="#ffde44">මට ආරාධනා කළාට ස්තූතියි, මිස්ටර් පැක්.</font>

472
00:44:03,183 --> 00:44:04,517
<font color="#ffde44">ඔයා පෞද්ගලිකවම ආවා නේද.</font>

473
00:44:05,518 --> 00:44:06,770
<font color="#ffde44">මට ගොඩක් සතුටුයි.</font>

474
00:44:07,395 --> 00:44:09,314
<font color="#ffde44">අපෝ නෑ.
මේ අවස්ථාව දුන්නාට ස්තූතියි.</font>

475
00:44:11,316 --> 00:44:12,567
<font color="#ffde44">පරක්කු වුණාට සමාවෙන්න.</font>

476
00:44:17,030 --> 00:44:19,199
<font color="#ffde44">මම චා වූ-සොක්,
රක්ෂණ ගිණුම් කළමනාකරු</font>

477
00:44:19,282 --> 00:44:20,241
<font color="#ffde44">රෝයල් ඔක්ෂන් එකේ.</font>

478
00:44:26,748 --> 00:44:27,582
<font color="#ffde44">හමුවීම සතුටක්.</font>

479
00:44:27,665 --> 00:44:29,084
<font color="#ffde44">මම පැක් ජුන්-බොම්.</font>

480
00:44:29,751 --> 00:44:31,211
<font color="#ffde44">ඔයා වම් අත හුරුවෙනකෙනෙක් වගේ.</font>

481
00:44:32,253 --> 00:44:34,798
<font color="#ffde44">ඔව්, පුරුද්දට වගේ ඒක පාවිච්චි වෙන්නේ.</font>

482
00:44:35,840 --> 00:44:36,925
<font color="#ffde44">මමත් වම් අතට කැමතියි</font>

483
00:44:37,008 --> 00:44:38,885
<font color="#ffde44">මොකද ඒක හදවතට කිට්ටු නිසා.</font>

484
00:44:56,861 --> 00:44:58,071
<font color="#ffde44">අර බිත්තිය හිස් වුණාම,</font>

485
00:44:59,280 --> 00:45:00,740
<font color="#ffde44">ඒක ටිකක් පාළු පාටට පෙනෙයි.</font>

486
00:45:01,699 --> 00:45:03,118
<font color="#ffde44">ඒක හිස් කරන එකෙන්</font>

487
00:45:04,035 --> 00:45:07,163
<font color="#ffde44">අලුත් දෙයක් පිළිගන්න
ඔයාට අවස්ථාවක් ලැබෙනවා.</font>

488
00:45:09,082 --> 00:45:11,292
<font color="#ffde44">ඒක නිසා, මම චිත්‍ර කීපයක්
තෝරගත්තා</font>

489
00:45:11,376 --> 00:45:12,752
<font color="#ffde44">විකල්ප විදිහට.</font>

490
00:45:12,836 --> 00:45:14,421
<font color="#ffde44">ඇත්තෙන්ම කිසිම කොමිස් මුදලක් ගන්නේ නෑ.</font>

491
00:45:22,178 --> 00:45:23,263
<font color="#ffde44">හිතුවා වගේමයි.</font>

492
00:45:25,432 --> 00:45:26,766
<font color="#ffde44">ඔයා චිත්‍ර තෝරන්න දක්ෂයි</font>

493
00:45:27,350 --> 00:45:29,102
<font color="#ffde44">ඒ වගේම මිනිස්සුන්ව තේරුම් ගන්නත්.</font>

494
00:45:33,148 --> 00:45:34,816
<font color="#ffde44">මේකට ටික වෙලාවක් යාවි.</font>

495
00:45:35,483 --> 00:45:36,818
<font color="#ffde44">වයින් එකක් බොමුද?</font>

496
00:45:55,628 --> 00:45:58,298
<font color="#ffde44">ස්ට්‍රිලර් චිත්‍රයට
හොඳ ඉතිහාසයක් තියෙනවා,</font>

497
00:45:58,923 --> 00:46:02,302
<font color="#ffde44">ඉතින් රක්ෂණ සමාගම ඒක පරීක්ෂා කරන්න
විශේෂ හේතුවක් තියෙනවද?</font>

498
00:46:03,094 --> 00:46:05,180
<font color="#ffde44">ඒක ගොඩක් වටිනාකමක් තියෙන චිත්‍රයක්</font>

499
00:46:05,263 --> 00:46:07,056
<font color="#ffde44">ඒ නිසා අපිට සමහර ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න වෙනවා.</font>

500
00:46:09,225 --> 00:46:10,143
<font color="#ffde44">ඇත්තම කියනවා නම්,</font>

501
00:46:11,060 --> 00:46:12,937
<font color="#ffde44">මම ටිකක් සැක කරන ස්වභාවයේ කෙනෙක්.</font>

502
00:46:15,815 --> 00:46:17,525
<font color="#ffde44">රක්ෂණවලට පුළුවන් කලාව වගේම මිනිස් ජීවිතයත්</font>

503
00:46:18,485 --> 00:46:19,986
<font color="#ffde44">සල්ලි බවට පත් කරන්න.</font>

504
00:46:21,488 --> 00:46:23,990
<font color="#ffde44">ඒ වගේම ඒ වෙනුවෙන් මිනිස්සු තමන්ගේ මනුස්සකම
නැති කරගන්නවා මම ඕන තරම් දැකලා තියෙනවා.</font>

505
00:46:29,537 --> 00:46:32,832
<font color="#ffde44">සල්ලි ගැවිලා තියෙද්දී මිනිස්සු වෙනස් වෙනවා.</font>

506
00:46:34,334 --> 00:46:35,168
<font color="#ffde44">මට විශ්වාස නෑ.</font>

507
00:46:36,169 --> 00:46:38,546
<font color="#ffde44">සමහරවිට එයාලා ඒක දකින්නේ
එයාලගේම ප්‍රමිතීන්ට අනුව වෙන්න ඇති.</font>

508
00:46:46,095 --> 00:46:47,722
<font color="#ffde44">කොහොම වුණත්, ඒක අපරාධයක්</font>

509
00:46:48,515 --> 00:46:50,308
<font color="#ffde44">ඔයාට මිනිස්සුන්ව විශ්වාස කරන්න බැරි එක ගැන.</font>

510
00:46:50,391 --> 00:46:51,768
<font color="#ffde44">ඔයාට පාළු දැනෙන්නේ නැද්ද?</font>

511
00:46:54,354 --> 00:46:56,439
<font color="#ffde44">මම විශ්වාස කරන්නේ මට ඕනේ අයව විතරයි.</font>

512
00:46:58,942 --> 00:47:00,318
<font color="#ffde44">මම කුමන්ත්‍රණ කරන්නේවත්, ගණන් හදන්නේවත් නෑ.</font>

513
00:47:01,986 --> 00:47:03,196
<font color="#ffde44">මම මගේ හදවතට අනුව වැඩ කරනවා.</font>

514
00:47:34,644 --> 00:47:36,771
<font color="#ffde44">මම එයාගේ බිස්නස් කාඩ් එකේ මේ ලාංඡනය දැක්කා.</font>

515
00:47:36,854 --> 00:47:37,897
<font color="#ffde44">ඒකේ විශේෂ තේරුමක් තියෙනවද?</font>

516
00:47:38,773 --> 00:47:41,526
<font color="#ffde44">මම හරියටම දන්නේ නෑ, හැබැයි මිස්ටර් යූන් ඒකට කැමති වුණා.</font>

517
00:48:07,552 --> 00:48:10,597
<font color="#ffde44">පැක් ජුන්-බොම් ගැන හොයාගන්න පුළුවන්
හැමදෙයක්ම හොයන්න.</font>

518
00:48:12,140 --> 00:48:13,433
<font color="#ffde44">සර්?</font>

519
00:48:13,516 --> 00:48:15,101
<font color="#ffde44">හලෝ?</font>

520
00:48:17,020 --> 00:48:19,939
<font color="#ffde44">මගුල,
මම නිකන් තොරතුරු හොයන්නේ නෑනේ.</font>

521
00:48:20,023 --> 00:48:21,983
<font color="#ffde44">මේ කාලකණ්ණියා
කවදාවත් මට වියදම් දෙන්නේ නෑ</font>

522
00:48:22,066 --> 00:48:22,900
<font color="#ffde44">පණිවිඩය</font>

523
00:48:25,236 --> 00:48:26,821
<font color="#ffde44">තැන්පතුව: වොන් 1,000,000
චා වූ-සොක්</font>

524
00:48:26,904 --> 00:48:29,115
<font color="#ffde44">එයා අනිත් කාලකණ්ණිවලට වඩා වෙනස්.</font>

525
00:48:32,243 --> 00:48:33,453
<font color="#ffde44">පැක් ජුන්-බොම්, නේද?</font>

526
00:48:33,536 --> 00:48:34,662
<font color="#ffde44">තේරුණා.</font>

527
00:48:40,710 --> 00:48:42,211
<font color="#ffde44">අවසානයේදී මට ඒක තේරෙනවා.</font>

528
00:48:44,255 --> 00:48:45,423
<font color="#ffde44">ඔයාට පාළුවක් දැනෙනවද?</font>

529
00:48:46,466 --> 00:48:48,051
<font color="#ffde44">ඔව්, හැබැයි නිදහසකුත් දැනෙනවා.</font>

530
00:48:49,761 --> 00:48:50,720
<font color="#ffde44">ඒ චිත්‍රය</font>

531
00:48:51,638 --> 00:48:53,598
<font color="#ffde44">හරියටම මේ මොහොත වෙනුවෙන්මයි මාව හොයාගෙන ආවේ.</font>

532
00:48:59,270 --> 00:49:00,146
<font color="#ffde44">මම හිතන්නේ</font>

533
00:49:01,064 --> 00:49:02,273
<font color="#ffde44">ඒකෙන් අපිව එකතු කරන්න නියම වෙලා තිබුණා.</font>

534
00:49:12,659 --> 00:49:16,704
<font color="#ffde44">ඔයා ගැන මගේ හිතේ තියෙන හැඟීම් කොච්චර ඇත්තද කියනවා නම්,
ඒ වෙනුවෙන් ස්ට්‍රිලර් චිත්‍රය අත්හරින්න වුණත් මම ලෑස්තියි.</font>

535
00:49:20,041 --> 00:49:21,709
<font color="#ffde44">මම දැන්ම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.</font>

536
00:49:23,169 --> 00:49:25,838
<font color="#ffde44">පරක්කු වෙන්න කලින්
මට ඕනේ වුණේ ඔයාට ඒක කියන්න විතරයි.</font>

537
00:49:34,222 --> 00:49:35,431
<font color="#ffde44">දැන් රෑ වෙලා.</font>

538
00:49:38,685 --> 00:49:40,144
<font color="#ffde44">අපි චිත්‍රය ගැන කටයුතු කරන්න ඕනේ.</font>

539
00:49:52,990 --> 00:49:54,992
<font color="#ffde44">මේක මට ගොඩක් වැදගත් බිස්නස් ගනුදෙනුවක්.</font>

540
00:49:56,119 --> 00:49:57,745
<font color="#ffde44">මම නේද ඔයාගේ ඊළඟ පිරිමියා වෙන්න හිටියේ?</font>

541
00:49:57,829 --> 00:50:00,081
<font color="#ffde44">මම දැනගෙන හිටියේ නෑ මට පෝලිමේ ඉන්න වෙයි කියලා.</font>

542
00:50:01,958 --> 00:50:03,793
<font color="#ffde44">එකපාරටම නිගමනවලට එන්න එපා.</font>

543
00:50:06,629 --> 00:50:07,922
<font color="#ffde44">එහෙම නැත්නම්,</font>

544
00:50:09,340 --> 00:50:11,300
<font color="#ffde44">ඇයි ඔයා එයා ගැන හොයලා බැලුවේ?</font>

545
00:50:13,553 --> 00:50:15,304
<font color="#ffde44">එයා ඔයාව හොඳටම දන්නවා වගේ පෙනුණද?</font>

546
00:50:17,473 --> 00:50:18,808
<font color="#ffde44">ඔයා එයා ගැන සැක කරනවද?</font>

547
00:50:23,104 --> 00:50:24,522
<font color="#ffde44">එහෙනම් අපි ඔයාගේ සැකය තහවුරු කරගමු.</font>

548
00:50:38,578 --> 00:50:40,037
<font color="#ffde44">අපි ඒක කරනවා නම්,
හරියටම කරමු.</font>

549
00:51:23,748 --> 00:51:25,583
<font color="#ffde44">අපි මුල් පියවර ගත්තා,
ඒ නිසා දැන් බලමු එයා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා.</font>

550
00:53:28,372 --> 00:53:30,166
<font color="#ffde44">අපිට රතු පාට ටිකක් අඩු කරන්න පුළුවන්ද?</font>

551
00:53:35,630 --> 00:53:38,215
<font color="#ffde44">යුන්-හියුක්, දෙපැත්තෙන් රාමුව කපන්නේ නැතුව
ෆොටෝ එකක් ගමු.</font>

552
00:53:46,057 --> 00:53:48,559
<font color="#ffde44">මොකක්ද?
ඇයි සාකච්ඡා කාමරයේ හමුවෙන්නේ?</font>

553
00:53:52,146 --> 00:53:54,357
<font color="#ffde44">වැහුවට පස්සේ සමාගමක
දත්ත තියාගන්නේ නෑ.</font>

554
00:53:55,524 --> 00:53:56,484
<font color="#ffde44">මට ඔයාගේ උදව් ඕනේ.</font>

555
00:53:56,567 --> 00:53:59,862
<font color="#ffde44">GW ලයිෆ් ඉන්ෂුවරන්ස් බංකොලොත් වූ බැවින්
එහි විද්‍යුත් වාර්තා නොමැත</font>

556
00:54:00,488 --> 00:54:01,656
<font color="#ffde44">මට තේරෙනවා.</font>

557
00:54:01,739 --> 00:54:03,866
<font color="#ffde44">SIU පරීක්ෂකයෙකුට
මේ වගේ දෙයක් මගඅරින්න බෑ.</font>

558
00:54:28,474 --> 00:54:31,102
<font color="#ffde44">ස්තූතියි. මම දැන්ම එන්නම්.
හරි.</font>

559
00:55:05,177 --> 00:55:08,305
<font color="#ffde44">මම හිතන්නේ අපරාධකාරයා
එයාට කිට්ටු කෙනෙක් වෙන්න ඉඩක් තියෙනවා</font>

560
00:55:08,389 --> 00:55:10,766
<font color="#ffde44">ඔයා ඇයි මේ තරම් ඇත්ත හොයන්න
උත්සාහ කරන්නේ කියලා දන්නවද?</font>

561
00:55:11,600 --> 00:55:12,643
<font color="#ffde44">ඒකට හේතුව</font>

562
00:55:13,561 --> 00:55:15,187
<font color="#ffde44">ඇය අපරාධකාරිය නෙවෙයි කියලා ඔයා බලාපොරොත්තු වෙන නිසා.</font>

563
00:55:16,564 --> 00:55:17,398
<font color="#ffde44">මොකක්?</font>

564
00:55:30,953 --> 00:55:34,206
<font color="#ffde44">නොන්ග්හියොප් ලයිෆ් ඉන්ෂුවරන්ස්</font>

565
00:55:43,924 --> 00:55:44,759
<font color="#ffde44">මොකක්ද ඒ?</font>

566
00:55:44,842 --> 00:55:45,801
<font color="#ffde44">මේ...</font>

567
00:55:46,969 --> 00:55:47,928
<font color="#ffde44">ඔයා ඉල්ලපු දේ මෙතන තියෙනවා.</font>

568
00:55:48,804 --> 00:55:50,181
<font color="#ffde44">පොඩ්ඩක් බලන්න.</font>

569
00:55:50,264 --> 00:55:52,558
<font color="#ffde44">ඒවා පරණ වාර්තා,
ඒ නිසා මම අමාරුවෙන් හොයාගත්තේ.</font>

570
00:56:10,493 --> 00:56:11,660
<font color="#ffde44">මොකද වෙන්නේ?</font>

571
00:56:13,037 --> 00:56:16,624
<font color="#ffde44">මම හිතන්නේ එයාට පිටිපස්සෙන් පිහියෙන් ඇනලා තියෙනවා.</font>

572
00:56:16,707 --> 00:56:18,125
<font color="#ffde44">මෙතනද? මේ විදිහටද?</font>

573
00:56:18,209 --> 00:56:19,293
<font color="#ffde44">නෑ.</font>

574
00:56:19,376 --> 00:56:20,461
<font color="#ffde44">මේ විදිහට.</font>

575
00:56:39,396 --> 00:56:42,525
<font color="#ffde44">සිද්ධිය වුණ වෙලාවේ එතන හිටපු සාක්ෂිකරුවෙක් තමයි
මේක රෙකෝඩ් කරලා තියෙන්නේ.</font>

576
00:56:53,244 --> 00:56:54,370
<font color="#ffde44">ඔයා ඒක දැක්කද?</font>

577
00:56:54,912 --> 00:56:55,830
<font color="#ffde44">වහලේ ළඟ.</font>

578
00:57:11,804 --> 00:57:14,098
<font color="#ffde44">පොඩ්ඩක් ඉන්න, ඒ...</font>

579
00:57:16,433 --> 00:57:17,560
<font color="#ffde44">වෙන කවුරුහරි හිටියා</font>

580
00:57:18,477 --> 00:57:20,312
<font color="#ffde44">වහලේ උඩ.</font>

581
00:57:34,493 --> 00:57:35,786
<font color="#ffde44">මේ වෙලාවේ මොකද මේ පැත්තේ...</font>

582
00:57:53,095 --> 00:57:54,638
<font color="#ffde44">ඔයා තවත් දෙයක් හොයාගත්තා.</font>

583
00:58:07,860 --> 00:58:09,612
<font color="#ffde44">රක්ෂණ ගෙවීම් ප්‍රකාශය</font>

584
00:58:10,279 --> 00:58:11,739
<font color="#ffde44">ගින්න ඇති වෙන්න මාස දෙකකට කලින්,</font>

585
00:58:12,323 --> 00:58:14,366
<font color="#ffde44">චිත්‍ර ශිල්පියා
ජීවිත රක්ෂණයක් කරලා තියෙනවා,</font>

586
00:58:15,868 --> 00:58:17,369
<font color="#ffde44">ඒකේ සල්ලි ලැබිලා තියෙන්නේ එයාගේ දුවට.</font>

587
00:58:18,913 --> 00:58:21,290
<font color="#ffde44">ඒ සල්ලි පාවිච්චි කරලා තියෙන්නේ
ගිනිපොලීකාරයන්ට ණය ගෙවන්න.</font>

588
00:58:31,175 --> 00:58:32,801
<font color="#ffde44">මෙතන ඉඳන් තවත් පුදුම හිතෙනවා.</font>

589
00:58:34,970 --> 00:58:36,847
<font color="#ffde44">අම්මාටත් රක්ෂණයක් තිබිලා තියෙනවා...</font>

590
00:58:38,849 --> 00:58:40,351
<font color="#ffde44">ඒකේ සල්ලිත් ලැබිලා තියෙන්නේ දුවට.</font>

591
00:58:41,185 --> 00:58:42,269
<font color="#ffde44">රක්ෂණ හිමියා: පාක් යුන්-ජොං
ප්‍රතිලාභියා: හන් සොල්-ආ</font>

592
00:58:42,353 --> 00:58:43,479
<font color="#ffde44">ඒ ගෙවීම වොන් මිලියන 200ක් වගේ ලොකු මුදලක්.</font>

593
00:58:53,322 --> 00:58:55,908
<font color="#ffde44">ඔයාගේ දෙමව්පියෝ ජීවිත රක්ෂණ කරලා තිබුණා කියලා
ඔයා දැනගෙන හිටියා නේද?</font>

594
00:59:00,704 --> 00:59:03,249
<font color="#ffde44">එදා ඔයා එතන හිටියා වගේම
බේරුණු එකම කෙනා ඔයා විතරයි.</font>

595
00:59:08,212 --> 00:59:09,421
<font color="#ffde44">ඔයා විතරයි...</font>

596
00:59:11,882 --> 00:59:13,175
<font color="#ffde44">ඇත්ත දන්නේ.</font>

597
00:59:29,775 --> 00:59:31,026
<font color="#ffde44">කවුද ගින්න පටන් ගත්තේ?</font>

598
00:59:39,660 --> 00:59:40,577
<font color="#ffde44">මට කියන්න එපා...</font>

599
00:59:45,416 --> 00:59:46,292
<font color="#ffde44">ඒක හරි.</font>

600
01:00:08,689 --> 01:00:09,773
<font color="#ffde44">ඒ මම.</font>

601
01:00:12,943 --> 01:00:14,111
<font color="#ffde44">මමයි එයාලව මැරුවේ.</font>

602
01:01:05,162 --> 01:01:06,497
<font color="#ffde44">ඔයාට ඕනේ වුණා වගේ</font>

603
01:01:07,414 --> 01:01:08,874
<font color="#ffde44">මම මේ හැංගිලා තියෙන ඇත්ත දකිනවාට.</font>

604
01:01:08,957 --> 01:01:10,334
<font color="#ffde44">ඒක මගේ තේරීම.</font>

605
01:01:10,417 --> 01:01:12,628
<font color="#ffde44">ඔයාගේ හැඟීම් නිසා ඔයාට ඇත්ත පේන්නේ නැතුව ඉන්නවා නෙවෙයි කියලා
ඔයාට විශ්වාසද?</font>

606
01:01:12,711 --> 01:01:14,463
<font color="#ffde44">මම සැක කරන්නේ නැතුව ඔයා ගැන හොයාබැලුවොත්?</font>

607
01:01:14,546 --> 01:01:15,881
<font color="#ffde44">ඔයා මගේ පස්සෙන් ආවාද?</font>

608
01:01:15,964 --> 01:01:17,341
<font color="#ffde44">ඔයාට ඕනේ වුණේ මම ඔයාව විශ්වාස කරනවාටයි.</font>

609
01:01:18,717 --> 01:01:19,760
<font color="#ffde44">එහෙම නැත්නම් ඒක නෙවෙයිද ඇත්ත?</font>

610
01:01:20,427 --> 01:01:23,263
<font color="#ffde44">කිම් යුන්-ජි මෙනවියව එදා අන්තිමට දැකලා තියෙන්නේ
මෙයා එක්කයි.</font>

611
01:01:23,889 --> 01:01:25,933
<font color="#ffde44">අර මිනිස්සුන්ව මැරුවේ මෙයා නම්,</font>

612
01:01:26,016 --> 01:01:27,101
<font color="#ffde44">ඒකට තියෙන්නේ එකම එක හේතුවයි.</font>

613
01:01:28,143 --> 01:01:29,436
<font color="#ffde44">එයාට ඔයාව ඕනේ.</font>

614
01:01:29,520 --> 01:01:30,354
<font color="#ffde44">පරිස්සමෙන්!</font>

615
01:01:30,437 --> 01:01:32,314
<font color="#ffde44">මම දැන් ඔයාව සැක කරන්නේ නෑ.</font>

616
01:01:32,856 --> 01:01:34,233
<font color="#ffde44">අවසානයේදී,</font>

617
01:01:34,817 --> 01:01:36,777
<font color="#ffde44">ඔයාට කිසිම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නෑ.</font>

618
01:01:37,611 --> 01:01:39,613
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

