1
00:00:34,012 --> 00:00:36,012
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:36,036 --> 00:00:39,289
<font color="#ffbf46"><i>ඔන්න ඔයාලගේ පරලොව සහකරු, ජුමාද්‍යුං වල
අලුත් දවසක් පටන් ගත්තා.</i></font>

3
00:00:42,917 --> 00:00:44,669
<font color="#ffbf46">මං දවල්ට කෑවා වැඩිද මන්දා.</font>

4
00:00:44,753 --> 00:00:45,879
<font color="#ffbf46">අද නම් හරි පාළුයි වගේ.</font>

5
00:00:46,713 --> 00:00:47,630
<font color="#ffbf46">එහෙම කියන්න එපා.</font>

6
00:00:47,714 --> 00:00:49,591
<font color="#ffbf46">පාළුයි කියලා කියන්න හොඳ නෑ.</font>

7
00:00:49,674 --> 00:00:50,592
<font color="#ffbf46">ඒ ඇයි?</font>

8
00:00:50,675 --> 00:00:52,260
<font color="#ffbf46">ඔයා දන්නේ නැතුව ඇති,</font>

9
00:00:52,343 --> 00:00:55,054
<font color="#ffbf46">හැබැයි ඔහොම කතාවක් කිව්වොත්,
එදාට වැඩ ගොඩ ගැහෙනවාමයි.</font>

10
00:00:55,138 --> 00:00:56,556
<font color="#ffbf46">කටේ සාපයක් වගේද?</font>

11
00:00:58,224 --> 00:00:59,976
<font color="#ffbf46">අනේ මේ. කවුද ඕවා විශ්වාස කරන්නේ?</font>

12
00:01:08,735 --> 00:01:10,278
<font color="#ffbf46">මොකක්ද? මොකද මේ...</font>

13
00:01:11,446 --> 00:01:12,489
<font color="#ffbf46">දෝෂයක්</font>

14
00:01:17,702 --> 00:01:19,913
<font color="#ffbf46">මනුස්ස ලෝකෙන් ග්‍රැෆික්ස් වගයක්
ඩවුන්ලෝඩ් කළාට පස්සේ,</font>

15
00:01:19,996 --> 00:01:22,207
<font color="#ffbf46">මුළු කොම්පැණියටම
වෛරස් එකක් ඇවිල්ලා.</font>

16
00:01:22,707 --> 00:01:24,292
<font color="#ffbf46">අපි තාම ඒක මොකක්ද කියලා හොයනවා...</font>

17
00:01:24,375 --> 00:01:26,711
<font color="#ffbf46">කවදා විතර වෙද්දි හදන්න පුළුවන් වෙයිද?</font>

18
00:01:27,337 --> 00:01:29,130
<font color="#ffbf46">කරන්න වැඩ ගොඩක් තියෙනවා.</font>

19
00:01:29,214 --> 00:01:30,548
<font color="#ffbf46">අපි ආපහු කතා කරන්නම්.</font>

20
00:01:33,176 --> 00:01:34,594
<font color="#ffbf46">දැනට පේන විදිහට නම්,</font>

21
00:01:34,677 --> 00:01:36,721
<font color="#ffbf46">දවස් දෙක තුනක් යයි.</font>

22
00:01:36,805 --> 00:01:37,722
<font color="#ffbf46">දවස් දෙකක්?</font>

23
00:01:39,015 --> 00:01:40,141
<font color="#ffbf46">ඒක නම් වැඩියි...</font>

24
00:01:42,936 --> 00:01:44,229
<font color="#ffbf46"><i>ඉන්ට්‍රානෙට් එකේ දෝෂයක් නිසා,</i></font>

25
00:01:44,312 --> 00:01:46,272
<font color="#ffbf46"><i>ගොඩනැගිල්ල ඇතුළේ සෙනඟ පිරිලා ඉන්නේ.</i></font>

26
00:01:46,356 --> 00:01:49,526
<font color="#ffbf46"><i>අනතුරු වලක්වා ගන්න ඕන නිසා,
කරුණාකරලා වැඩ නවත්තලා</i></font>

27
00:01:49,609 --> 00:01:52,070
<font color="#ffbf46"><i>ඔබට අදාළ දූතයාගෙන් උපදෙස්
ලැබෙනකම් බලාගෙන ඉන්න.</i></font>

28
00:01:52,946 --> 00:01:55,782
<font color="#ffbf46">අපිට මරණ පොතේ විස්තර
අතින් ලියන්න වෙලා තියෙන්නේ,</font>

29
00:01:55,865 --> 00:01:56,991
<font color="#ffbf46">එක්කෙනාගෙන් එක්කෙනාට.</font>

30
00:01:57,075 --> 00:02:01,246
<font color="#ffbf46">කරුණාකරලා ඔයාලගේ නම, උපන් දිනය,
සහ ඉපදුණු වෙලාව හරියටම සඳහන් කරන්න.</font>

31
00:02:02,455 --> 00:02:06,292
<font color="#ffbf46"><i>ඔබට අදාළ දූතයාගෙන් උපදෙස් ලැබෙනකම්
බලාගෙන ඉන්න. ස්තූතියි.</i></font>

32
00:02:07,001 --> 00:02:08,461
<font color="#ffbf46">ඇයි මෙයාලා ආන්සර් කරන්නේ නැත්තේ?</font>

33
00:02:08,545 --> 00:02:10,755
<font color="#ffbf46">ආත්ම ඇතුල්වීම් සහ පිටවීම් වාර්තාව</font>

34
00:02:10,839 --> 00:02:12,632
<font color="#ffbf46">දෝෂයක්</font>

35
00:02:13,341 --> 00:02:15,009
<font color="#ffbf46">මට නම් තේරෙන්නේ නෑ.</font>

36
00:02:15,093 --> 00:02:16,970
<font color="#ffbf46">පරලොවටත් කොම්පියුටර් වෛරස් එනවද?</font>

37
00:02:17,053 --> 00:02:19,222
<font color="#ffbf46">පරලොව කියන්නේ මනුස්ස ලෝකෙම
කැඩපතක් වගේනේ.</font>

38
00:02:19,305 --> 00:02:22,976
<font color="#ffbf46">අපි දන්න එකම දේ තමයි මේ පාර එක්කෙනා
SP බියුටි එකේ මාර්කටින් ටීම් එකේ වැඩ කරන්නේ කියලා,</font>

39
00:02:23,059 --> 00:02:24,644
<font color="#ffbf46">අනික එයා ඉපදිලා තියෙන්නේ අප්‍රේල් මාසේ.</font>

40
00:02:25,228 --> 00:02:26,479
<font color="#ffbf46">අඩුම තරමේ අපිට ඒ විස්තරේ හරි තියෙනවනේ.</font>

41
00:02:26,980 --> 00:02:28,398
<font color="#ffbf46">යමු.
හරි මැඩම්.</font>

42
00:02:37,949 --> 00:02:39,242
<font color="#ffbf46">හෙලෝ. මම කොහොමද උදව් කරන්න ඕනේ?</font>

43
00:02:40,577 --> 00:02:41,411
<font color="#ffbf46">ඔව්.</font>

44
00:02:47,250 --> 00:02:48,126
<font color="#ffbf46">ඉතින්...</font>

45
00:02:48,209 --> 00:02:50,253
<font color="#ffbf46">ඒ කෙනා ඉන්නේ</font>

46
00:02:51,337 --> 00:02:52,255
<font color="#ffbf46">මේක ඇතුළේද?</font>

47
00:02:52,964 --> 00:02:55,383
<font color="#ffbf46">කොම්පැණිය මං හිතුවට වඩා ලොකුයිනේ.</font>

48
00:02:57,010 --> 00:02:58,052
<font color="#ffbf46">දෝෂයක්</font>

49
00:02:58,136 --> 00:02:59,971
<font color="#ffbf46">එයාලා කිව්වේ දවස් දෙක තුනක් යයි කියලද?</font>

50
00:03:01,264 --> 00:03:02,098
<font color="#ffbf46">ඔව්.</font>

51
00:03:10,231 --> 00:03:13,735
<font color="#ffbf46">ටීම් මෙම්බර්ලා දෙන්නෙක් විතරක් තියාගෙන
රිස්ක් කේස් එකක් හොයන එක කරන්න බැරි වැඩක්.</font>

52
00:03:13,818 --> 00:03:16,112
<font color="#ffbf46">ප්‍රශ්න තියෙන්නේ RM ටීම් එකට විතරක් නෙවෙයිනේ.</font>

53
00:03:16,195 --> 00:03:17,113
<font color="#ffbf46">ඔයත් දැක්කනේ.</font>

54
00:03:17,196 --> 00:03:21,159
<font color="#ffbf46">අර වෛරස් එකක් නිසා ජුමාද්‍යුං වල තත්ත්වෙ
කොච්චර දරුණු වෙලාද කියලා.</font>

55
00:03:21,242 --> 00:03:22,452
<font color="#ffbf46">ඉතින් අපි මොනවා කරන්නද?</font>

56
00:03:22,535 --> 00:03:26,539
<font color="#ffbf46">සමහරු කියනවනේ,
හදිසි අවස්ථාවක් කියන්නේ අවස්ථාවක් කියලා.</font>

57
00:03:28,750 --> 00:03:30,335
<font color="#ffbf46">ටීම් මැනේජර් පාක් මට කිව්වා</font>

58
00:03:31,294 --> 00:03:35,632
<font color="#ffbf46">ඇයි මිනිස්සු මෙච්චර ලේසියෙන් මැරෙන්න තීරණේ කරන්නේ කියලා
එයාට තේරෙන්නේ නෑ කියලා,</font>

59
00:03:36,132 --> 00:03:39,135
<font color="#ffbf46">වචන කිහිපයකින් පුළුවන්කම තියෙද්දි
එයාලට ආපහු ජීවත් වෙන්න ආසාවක් ඇති කරවන්න.</font>

60
00:03:40,220 --> 00:03:42,138
<font color="#ffbf46">ඉතින් ඔයා එයාට පෙන්නන්න, රියොන්.</font>

61
00:03:43,223 --> 00:03:45,391
<font color="#ffbf46">මිනිස්සුන්ව බේරගන්නේ ඔයාගේ බලයන් වලින් නෙවෙයි</font>

62
00:03:46,309 --> 00:03:47,977
<font color="#ffbf46">ඔයාගේ වචනවල තියෙන බරින් කියලා.</font>

63
00:03:56,277 --> 00:03:59,030
<font color="#ff7f21"><b>7 වන කොටස</b></font>

64
00:04:00,365 --> 00:04:01,866
<font color="#ffbf46">ජුමාද්‍යුං වලින් අපිට කිසි සහයෝගයක් නැති නිසා</font>

65
00:04:01,950 --> 00:04:04,869
<font color="#ffbf46">අපිට බොරු රස්සාවල් මවාගන්න, හැක් කරන්න,
නැත්නම් අපේ බලයන් පාවිච්චි කරන්න බෑ.</font>

66
00:04:04,953 --> 00:04:06,496
<font color="#ffbf46">මේක අන්ධයෝ වගේ කරන එක මහා මෝඩ වැඩක්.</font>

67
00:04:07,121 --> 00:04:08,498
<font color="#ffbf46">ඒකනේ ඉතින්.</font>

68
00:04:08,581 --> 00:04:12,126
<font color="#ffbf46">ලොකු තනතුරක් මවාගන්න අමාරු නම්,
අපිට බැරිද පාර්ට් ටයිම් කෙනෙක් විදිහට යන්න?</font>

69
00:04:12,210 --> 00:04:15,004
<font color="#ffbf46">SP බියුටි මාර්කටින් ටීම් එකෙන්
මේ දැන් අල්බාජියොක් එකේ මේක දාලා තිබුණා.</font>

70
00:04:15,088 --> 00:04:16,756
<font color="#ffbf46">එයාලා පාර්ට් ටයිම් අයව හොයනවා.</font>

71
00:04:17,924 --> 00:04:19,509
<font color="#ffbf46"><i>අල්බාජියොක්
කාර්යාල සහයකයින් බඳවා ගැනීම</i></font>

72
00:04:21,177 --> 00:04:22,053
<font color="#ffbf46">මිස්ටර් චොයි ජුන්-වූන්ග්.</font>

73
00:04:22,136 --> 00:04:24,931
<font color="#ffbf46">මේක ඇප්ලයි කරන ඕනම කෙනෙක්ව
ගන්න ජාතියේ කොම්පැණියක් නෙවෙයි.</font>

74
00:04:25,014 --> 00:04:28,059
<font color="#ffbf46">එයාලා පාර්ට් ටයිම් වලට උනත් ගන්නේ
සුදුසුකම් තියෙන හොඳම අයව විතරයි.</font>

75
00:04:28,142 --> 00:04:31,187
<font color="#ffbf46">හරි ඉතින්, වැඩේ ඉවර උනාට පස්සේ
ඔයාලට පුළුවන් නම් ප්‍රශ්න ඇති නොවෙන්න වගබලාගන්න,</font>

76
00:04:31,271 --> 00:04:33,773
<font color="#ffbf46">මට පුළුවන් ඔයාලට සුපිරි සුදුසුකම් ටිකක් හදලා දෙන්න.</font>

77
00:04:33,856 --> 00:04:36,401
<font color="#ffbf46">හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ටවීව් එකනේ.</font>

78
00:04:37,986 --> 00:04:39,904
<font color="#ffbf46">මම නම් හිතන්නේ මට ලේසියෙන්ම යන්න පුළුවන් වෙයි.</font>

79
00:04:39,988 --> 00:04:41,406
<font color="#ffbf46">මොකක්?</font>

80
00:04:41,489 --> 00:04:43,157
<font color="#ffbf46">ප්‍රෙෂර් කරන ඒවා, විවාද කරන ඒවා,</font>

81
00:04:43,241 --> 00:04:45,243
<font color="#ffbf46">ගැඹුරටම අහන ඒවා, දවස් ගාණක් තියෙන ඒවා,
බොන ගමන් කරන ඉන්ටවීව්.</font>

82
00:04:45,326 --> 00:04:48,288
<font color="#ffbf46">එයාලා ඔයාලට කෑගහලා බනීවි,
ඔයාලගේ පෞරුෂයට හානි වෙන විදිහට කතා කරාවි.</font>

83
00:04:48,371 --> 00:04:50,081
<font color="#ffbf46">ඔයාලා දෙන්නා?</font>

84
00:04:50,957 --> 00:04:52,625
<font color="#ffbf46">මට නම් ෂුවර් නෑ.</font>

85
00:04:55,044 --> 00:04:56,337
<font color="#ffbf46">බැලූ බැල්මට පෙනුනේ නැති උනාට,</font>

86
00:04:56,421 --> 00:04:59,424
<font color="#ffbf46">මම ජුමාද්‍යුං වලට ආවේ තව දහස් ගාණක් එක්ක තරඟ කරලා.</font>

87
00:05:00,008 --> 00:05:02,802
<font color="#ffbf46">හරි, එහෙනම් ඔයාට වැඩේ ටිකක් ලේසි වෙයි.</font>

88
00:05:02,885 --> 00:05:04,387
<font color="#ffbf46">මිස්ටර් ලිම්ට නම් ඉතින්.</font>

89
00:05:05,763 --> 00:05:07,932
<font color="#ffbf46">සරලව පැහැදිලි කරනවා නම්,</font>

90
00:05:08,016 --> 00:05:11,436
<font color="#ffbf46">ඉන්ටවීව් එකක් කියන්නේ අනිත් අය ඉස්සරහා
කියන්න බැරි දේවල් ගැන</font>

91
00:05:11,519 --> 00:05:14,063
<font color="#ffbf46">ලැජ්ජාවක් නැතුව පුරසාරම් දොඩන්න ලැබෙන
නීත්‍යානුකූල අවස්ථාවක්.</font>

92
00:05:14,147 --> 00:05:16,357
<font color="#ffbf46">අනික ඔයා ඒ සේරම කරන්නේ මූණේ හිනාවක් දාගෙන.</font>

93
00:05:17,984 --> 00:05:19,319
<font color="#ffbf46">මම හරියට පළඟැටියෙක් වගේ.</font>

94
00:05:19,902 --> 00:05:22,989
<font color="#ffbf46">කූඹියා ග්‍රීෂ්ම කාලේ පුරාවටම මහන්සි වෙලා
ශීත කාලයට කෑම එකතු කරද්දි,</font>

95
00:05:23,072 --> 00:05:25,283
<font color="#ffbf46">පළඟැටියා ග්‍රීෂ්ම කාලෙම කරන්නේ සින්දු කියන එක.</font>

96
00:05:25,366 --> 00:05:28,494
<font color="#ffbf46">හැබැයි මම හිතන්නේ කොම්පැණියකට වටිනා සම්පතක් වෙන්නේ
මහන්සි වෙලා වැඩ කරන කූඹියෙක් නෙවෙයි,</font>

97
00:05:28,578 --> 00:05:32,081
<font color="#ffbf46">නිර්මාණශීලී, අලුත් දේවල් හොයන
පළඟැටියෙක්.</font>

98
00:05:32,165 --> 00:05:35,084
<font color="#ffbf46">මම තමයි අන්න ඒ නිර්මාණශීලී,
අලුත් දේවල් හොයන පළඟැටියා!</font>

99
00:05:38,046 --> 00:05:39,922
<font color="#ffbf46">මම අහපු විකාරම කතාව ඕක තමයි.</font>

100
00:05:40,923 --> 00:05:44,719
<font color="#ffbf46">අපි මොන වගේ පාර්ට් ටයිම් කෙනෙක්වද ගන්නේ?
කම්මැලි පළඟැටියොද නැත්නම් මහන්සි වෙලා වැඩ කරන කූඹියොද?</font>

101
00:05:46,846 --> 00:05:49,182
<font color="#ffbf46">මිස්ටර් ලිම් ර්‍යුන්ග්-ගු?</font>

102
00:05:49,265 --> 00:05:50,391
<font color="#ffbf46">ඔව්, මම තමයි.</font>

103
00:05:50,475 --> 00:05:53,519
<font color="#ffbf46">ඔයා හිතන විදිහට මේ කොම්පැණියේ නිෂ්පාදන වල
තියෙන ප්‍රශ්නේ මොකක්ද?</font>

104
00:05:53,603 --> 00:05:54,437
<font color="#ffbf46">ම්ම්ම්.</font>

105
00:05:57,815 --> 00:06:00,777
<font color="#ffbf46">ඔයාලගේ වර්ණ පරාසය කූල් ටෝන්ස් සහ වෝම් ටෝන්ස්
අතර පැහැදිලිව බෙදිලා තියෙනවා.</font>

106
00:06:00,860 --> 00:06:03,279
<font color="#ffbf46">ඒ උනාට ඔයාලා මාර්කට් කරන්නේ ඕනම හමේ පාටකට
ගැලපෙනවා කියලා,</font>

107
00:06:03,362 --> 00:06:05,239
<font color="#ffbf46">ඒකෙන් පැහැදිලිවම පාරිභෝගිකයාව
රවට්ටනවා.</font>

108
00:06:05,323 --> 00:06:08,117
<font color="#ffbf46">වෙනස් හමේ පාටවල් වලට එකම වර්ණයක්
පාවිච්චි කරන එක කරන්න බැරි දෙයක්.</font>

109
00:06:09,285 --> 00:06:10,620
<font color="#ffbf46">කතාව ඇත්ත. ඊටපස්සේ?</font>

110
00:06:10,703 --> 00:06:13,081
<font color="#ffbf46">ඔයාලගේ කැම්පේන් මාර්කටින් එක දැනට ඉන්න
පාරිභෝගිකයන් මත වැඩිපුර යැපෙනවා.</font>

111
00:06:13,164 --> 00:06:14,957
<font color="#ffbf46">ඔයාලගේ ඉවෙන්ට්ස් අලුත්ම ට්‍රෙන්ඩ් එකට
ගැලපුනත්,</font>

112
00:06:15,041 --> 00:06:17,001
<font color="#ffbf46">ඒවා ප්‍රචාරණය කරන්න ඔයාලට හරි ක්‍රමයක් නෑ.</font>

113
00:06:17,627 --> 00:06:18,961
<font color="#ffbf46">තව?</font>

114
00:06:19,045 --> 00:06:21,255
<font color="#ffbf46">තව ඕනෙද?
ඇයි? එච්චරද?</font>

115
00:06:21,339 --> 00:06:24,509
<font color="#ffbf46">මට තව කියන්න පුළුවන්,
හැබැයි ඔයාට ඒක අහන් ඉන්න අමාරු වෙයි.</font>

116
00:06:25,093 --> 00:06:26,010
<font color="#ffbf46">මම විවෘත මනසක් තියෙන කෙනෙක්.</font>

117
00:06:26,094 --> 00:06:28,721
<font color="#ffbf46">ඔයාලගේ ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාලා මේ මේකප්
වයස විස්සේ ගෑණු ළමයි ඉලක්ක කරලා හැදුවට,</font>

118
00:06:28,805 --> 00:06:30,431
<font color="#ffbf46">ඒවා හසුරුවන්නේ ඔයා වගේ,</font>

119
00:06:31,432 --> 00:06:34,769
<font color="#ffbf46">තරුණ ළමයි ගැන කිසිම දෙයක් නොදන්න
මැදි වයසේ මනුස්සයෙක් වීම,</font>

120
00:06:34,852 --> 00:06:37,230
<font color="#ffbf46">අනික මේ ඉන්ටවීව් එක කරන්නෙත් ඔයානේ, ඉතින්...</font>

121
00:06:37,313 --> 00:06:38,815
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

122
00:06:38,898 --> 00:06:40,149
<font color="#ffbf46">මිස්ටර් ලිම් ර්‍යුන්ග්-ගු.</font>

123
00:06:40,233 --> 00:06:43,069
<font color="#ffbf46">ජීවිතේ ගැන ඔයාට වඩා අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන්
ඔන්න උපදෙසක්.</font>

124
00:06:43,152 --> 00:06:44,529
<font color="#ffbf46">ඔයා මේකට කැමති වෙන එකක් නෑ හැබැයි...</font>

125
00:06:44,612 --> 00:06:47,198
<font color="#ffbf46">එහෙනම් මට අහන්න ඕනේ නෑ.
ඔයාමනේ කිව්වේ මම කැමති වෙන එකක් නෑ කියලා.</font>

126
00:06:47,281 --> 00:06:50,660
<font color="#ffbf46">මම අකමැති දෙයක් නම්,
ඒක නොඅසා ඉන්න එක තමා මම වඩා කැමති.</font>

127
00:06:51,285 --> 00:06:52,954
<font color="#ffbf46">තමුසෙ නම්...</font>

128
00:06:54,956 --> 00:06:55,790
<font color="#ffbf46">ම්ම්ම්.</font>

129
00:06:56,749 --> 00:06:57,750
<font color="#ffbf46">ඔයාලා දෙන්නා එළියට යන්න.</font>

130
00:07:00,128 --> 00:07:01,003
<font color="#ffbf46">මිස් කූ රියොන්?</font>

131
00:07:02,338 --> 00:07:04,632
<font color="#ffbf46">ඔයාගේ උසයි බරයි කීයද?</font>

132
00:07:06,592 --> 00:07:08,094
<font color="#ffbf46">මොකක්ද කිව්වේ?</font>

133
00:07:08,177 --> 00:07:12,473
<font color="#ffbf46">වැරදියට තේරුම් ගන්න එපා.
අපි විකුණන්නේ කාන්තා රූපලාවණ්‍ය නිෂ්පාදනනේ,</font>

134
00:07:12,557 --> 00:07:15,977
<font color="#ffbf46">ඉතින් මගේ ජොබ් එකේ කොටසක් තමයි
මගේ ටීම් එකේ ඉන්න මෙම්බර්ලාගේ</font>

135
00:07:16,060 --> 00:07:17,645
<font color="#ffbf46">රූපය සහ හැඩරුව ගැන සැලකිලිමත් වෙන එක.</font>

136
00:07:17,728 --> 00:07:23,401
<font color="#ffbf46">මීට පස්සේ, ඇයි ඔයා රෙස්‍යුමේ එකේ දාන්නේ නැත්තේ
ඔයා ඩිග්‍රි දෙකක් කරලා තියෙනවා කියලා,</font>

137
00:07:23,484 --> 00:07:26,320
<font color="#ffbf46">එකක් ලස්සන මූණට සහ අනික
කැපිලා පේන ඇඟට?</font>

138
00:07:29,198 --> 00:07:30,825
<font color="#ffbf46">අනේ මන්දා, ඔහොම බලන්න එපා ඉතින්.</font>

139
00:07:31,451 --> 00:07:34,537
<font color="#ffbf46">ඔයා බය වෙලා වගේ හිටපු නිසා ඔයාව හිනස්සන්න
ජෝක් එකක් කළේ.</font>

140
00:07:34,620 --> 00:07:35,997
<font color="#ffbf46">බලන්නකෝ ඉතින්.</font>

141
00:07:37,331 --> 00:07:38,458
<font color="#ffbf46">මිස් කූ, ඔයාව තෝරගත්තා.</font>

142
00:07:43,796 --> 00:07:45,882
<font color="#ffbf46">ඔයාට දැන්ම වැඩ පටන් ගන්න පුළුවන්</font>

143
00:07:45,965 --> 00:07:48,301
<font color="#ffbf46">අනිත් දෙන්නට යන්න පුළුවන්.</font>

144
00:07:55,016 --> 00:07:56,142
<font color="#ffbf46">දෙවියනේ.</font>

145
00:07:56,225 --> 00:07:58,060
<font color="#ffbf46">එයා ගොල්ෆ් බෝලයක් පෑගිලා ලිස්සලා වැටුණා.</font>

146
00:07:58,144 --> 00:07:59,937
<font color="#ffbf46">අපි මොකද කරන්නේ?
අපි මොකද කරන්නේ?</font>

147
00:08:01,063 --> 00:08:02,815
<font color="#ffbf46">මැඩම්, මං හිතන්නේ එයාට සිහිය නැති උනා.</font>

148
00:08:02,899 --> 00:08:04,233
<font color="#ffbf46">අපි එයාව ඇහැරවන්න ඕනෙ නැද්ද?</font>

149
00:08:04,317 --> 00:08:05,359
<font color="#ffbf46">මෙන්න.</font>

150
00:08:12,325 --> 00:08:13,618
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද?
මොකක්?</font>

151
00:08:13,701 --> 00:08:17,246
<font color="#ffbf46">මම හිතන්නේ මෙයාලා දෙන්නා මට වඩා දක්ෂයි
ඉක්මන් ප්‍රතිචාර දක්වන්න සහ ගැටළු විසඳන්න.</font>

152
00:08:18,122 --> 00:08:19,957
<font color="#ffbf46">ඒ කතාව ඇත්ත වෙන්නත් පුළුවන් නේද?</font>

153
00:08:20,041 --> 00:08:22,752
<font color="#ffbf46">මම හිතනවා ඔයා මේ වගේ දක්ෂ අයව බඳවා ගනීවි කියලා.</font>

154
00:08:29,509 --> 00:08:31,302
<font color="#ffbf46">මිස් ෂින්. හොඳයි.</font>

155
00:08:31,802 --> 00:08:35,223
<font color="#ffbf46">මේ ඉන්නේ අපේ සහකාර කළමනාකරු, ෂින් යේ-නා.
එයා තමයි අපේ ටීම් එකේ හොඳම කෙනා.</font>

156
00:08:35,306 --> 00:08:37,934
<font color="#ffbf46">මේ ඉන්නේ ඕපනින් ඉවෙන්ට් එකට උදව් කරන්න ආපු
පාර්ට් ටයිම් ළමයි.</font>

157
00:08:38,017 --> 00:08:39,393
<font color="#ffbf46">මෙයාලට තැන පෙන්නන්න.
හරි සර්.</font>

158
00:08:40,061 --> 00:08:44,815
<font color="#ffbf46">මිස් ෂින් වගේම දක්ෂ වෙන්න බලන්න.
එතකොට මට වද වෙන්න දෙයක් නෑනේ.</font>

159
00:08:46,776 --> 00:08:48,152
<font color="#ffbf46">සර්.
මෙන්න.</font>

160
00:08:48,819 --> 00:08:49,987
<font color="#ffbf46">ශික්.</font>

161
00:08:50,613 --> 00:08:52,573
<font color="#ffbf46">මම ඔයාට මැසේජ් කරලා කොච්චර වෙලාද, ඇයි පරක්කු?</font>

162
00:08:53,324 --> 00:08:54,617
<font color="#ffbf46">මීටින් එකක් තිබුණා.</font>

163
00:08:54,700 --> 00:08:56,744
<font color="#ffbf46">ඔයා හිතන්නේ කවුද ඉස්සෙල්ලා එන්නේ කියලා, මමද එයාලද?</font>

164
00:08:56,827 --> 00:08:57,954
<font color="#ffbf46">ඔයාට මොළයක් නැද්ද?</font>

165
00:08:58,037 --> 00:08:59,413
<font color="#ffbf46">මට සමාවෙන්න සර්.</font>

166
00:09:00,498 --> 00:09:02,458
<font color="#ffbf46">කවුරුහරි ඇහුවොත් කියන්න, මම ක්ලයන්ට් කෙනෙක් හම්බෙන්න ගියා කියලා.</font>

167
00:09:02,542 --> 00:09:03,459
<font color="#ffbf46">හරි සර්.</font>

168
00:09:10,049 --> 00:09:11,300
<font color="#ffbf46">අම්මපා.</font>

169
00:09:11,384 --> 00:09:13,302
<font color="#ffbf46">කෝපරේට් ජීවිතේ මාර අමාරුයි නේද.</font>

170
00:09:17,598 --> 00:09:18,558
<font color="#ffbf46">මිස් ජොන්ග්.</font>

171
00:09:19,141 --> 00:09:20,059
<font color="#ffbf46">කියන්න මිස් ෂින්.</font>

172
00:09:20,142 --> 00:09:21,894
<font color="#ffbf46">කලබල කරනවට සොරි, ඔයාට පුළුවන්ද මෙයාලට උදව් කරන්න?</font>

173
00:09:21,978 --> 00:09:24,647
<font color="#ffbf46">මට මීටින් එකට ලෑස්ති වෙන්න තියෙනවා.</font>

174
00:09:24,730 --> 00:09:26,774
<font color="#ffbf46">හායි.
හරි.</font>

175
00:09:26,857 --> 00:09:27,900
<font color="#ffbf46">තැන්ක්‍යූ.</font>

176
00:09:28,776 --> 00:09:30,611
<font color="#ffbf46">ඔයාලව හම්බුන එක සතුටක්. මම ජොන්ග් බෝ-රාම්.</font>

177
00:09:31,195 --> 00:09:32,947
<font color="#ffbf46">වැඩේ හරිම සරලයි.</font>

178
00:09:37,159 --> 00:09:40,705
<font color="#ffbf46">පෙන් ටූල් එක පාවිච්චි කරලා ප්‍රොඩක්ට් එක විතරක් සිලෙක්ට් කරලා,</font>

179
00:09:40,788 --> 00:09:44,000
<font color="#ffbf46">අලුත් ලේයර් එකකට දාලා
බැක්ග්‍රවුන්ඩ් එකෙන් වෙන් කරගන්න.</font>

180
00:09:44,083 --> 00:09:45,668
<font color="#ffbf46">දැනට ඔයාලට කරන්න තියෙන්නේ එච්චරයි.</font>

181
00:09:46,168 --> 00:09:49,130
<font color="#ffbf46">හරි එහෙනම්, හිස් තැනක් බලාගෙන වාඩිවෙලා
වැඩ පටන් ගන්නකෝ.</font>

182
00:09:49,213 --> 00:09:50,172
<font color="#ffbf46">තැන්ක්ස්.</font>

183
00:10:09,734 --> 00:10:12,528
<font color="#ffbf46">හෙට තමයි 100 වෙනි ශාඛාව විවෘත කරන
ලොකු උත්සවය තියෙන්නේ.</font>

184
00:10:12,612 --> 00:10:14,363
<font color="#ffbf46">ඉවෙන්ට් එක තියෙන්නේ මේ මාසේ අන්තිමට.</font>

185
00:10:14,447 --> 00:10:17,658
<font color="#ffbf46">නොමිලේ දෙන තෑගි ලෑස්ති කියලා සහතික කරගන්න.
ඉවෙන්ට් එකේ කිසිම අතපසුවීමක් වෙන්න බෑ.</font>

186
00:10:17,742 --> 00:10:18,993
<font color="#ffbf46">මිස් ජොන්ග්?</font>

187
00:10:19,076 --> 00:10:20,786
<font color="#ffbf46">මම කතා කරලා ෆැක්ටරියෙන් ඇහුවා.</font>

188
00:10:20,870 --> 00:10:23,372
<font color="#ffbf46">එයාලා කිව්වා අපි ඉල්ලපු දවසට
වැඩේ කරලා දෙන්න පුළුවන් කියලා.</font>

189
00:10:23,456 --> 00:10:24,915
<font color="#ffbf46">එයාලට කියන්න වෙලාවට වැඩේ කෙරෙන්න ඕන කියලා.</font>

190
00:10:24,999 --> 00:10:26,751
<font color="#ffbf46">එයාලා ඉවර උනාට පස්සේ, අනිවාර්යයෙන් චෙක් කරන්න</font>

191
00:10:26,834 --> 00:10:27,960
<font color="#ffbf46">බඩු ටික ස්ටෝ එකට ලැබුණද කියලා.
හරි.</font>

192
00:10:28,044 --> 00:10:29,587
<font color="#ffbf46">මිස්ටර් කිම්.
ඔව්.</font>

193
00:10:36,177 --> 00:10:37,511
<font color="#ffbf46">ඒක හදන්න කලින් අපිට එයාලව හොයාගන්න පුළුවන් වෙයිද?</font>

194
00:10:37,595 --> 00:10:38,888
<font color="#ffbf46">අපිට එයාලව හොයාගන්නම වෙනවා.</font>

195
00:10:39,930 --> 00:10:41,599
<font color="#ffbf46">පේන විදිහට නම් හැමෝම හොඳින් වගේ ඉන්නේ.</font>

196
00:10:42,475 --> 00:10:44,310
<font color="#ffbf46">කම්පැනි ඉන්ට්‍රානෙට් එකක් තියෙනවනේ නේද?</font>

197
00:10:45,144 --> 00:10:46,437
<font color="#ffbf46">මම අප්‍රේල් මාසේ ඉපදුණු අයව හොයන්නම්.</font>

198
00:10:47,521 --> 00:10:48,439
<font color="#ffbf46">මාට්ටු වෙන්න එපා.</font>

199
00:10:49,190 --> 00:10:50,316
<font color="#ffbf46">හරි, ගුඩ් ලක්!</font>

200
00:10:51,233 --> 00:10:52,652
<font color="#ffbf46">ගුඩ් ලක්...</font>

201
00:11:04,038 --> 00:11:06,874
<font color="#ffbf46">හැම් මැන්-සික්, ටීම් මැනේජර්</font>

202
00:11:08,959 --> 00:11:10,002
<font color="#ffbf46">ෂික්.</font>

203
00:11:28,229 --> 00:11:29,480
<font color="#ffbf46">බලමුකෝ මෙතන.</font>

204
00:11:43,035 --> 00:11:44,745
<font color="#ffbf46">රෙද්ද.</font>

205
00:11:46,330 --> 00:11:47,498
<font color="#ffbf46">අප්‍රේල් වල ඉපදිච්ච...</font>

206
00:12:10,896 --> 00:12:11,730
<font color="#ffbf46">අයි යෝ!</font>

207
00:12:12,481 --> 00:12:15,901
<font color="#ffbf46">මම යන යන වෙලාවට මෙයාලා නිවාඩු.
මහ ජරා ස්ක්‍රීන් ගොල්ෆ් සෙන්ටර් එකක් මේක.</font>

208
00:12:15,985 --> 00:12:17,736
<font color="#ffbf46">මුන්ට මහන්සි වෙලා වැඩ කරන්න බැරි තරමට සල්ලි වැඩි වෙලාද කොහෙද.</font>

209
00:12:34,879 --> 00:12:36,255
<font color="#ffbf46">ෂික්.</font>

210
00:12:37,298 --> 00:12:39,133
<font color="#ffbf46">මට ගොල්ෆ් සෙන්ටර් එක මාරු කරන්න වෙනවා.</font>

211
00:12:55,065 --> 00:12:56,484
<font color="#ffbf46">මැඩම්, මිස්ටර් ලිම් ගැන මොකද කරන්නේ?</font>

212
00:12:57,568 --> 00:12:59,028
<font color="#ffbf46">හොඳට අහගන්න.</font>

213
00:12:59,111 --> 00:13:01,697
<font color="#ffbf46">එයා මාට්ටු උනොත්, අපි එයාව දාලා යනවා.
මොකක්?</font>

214
00:13:02,740 --> 00:13:03,616
<font color="#ffbf46">අනේ මැඩම්.</font>

215
00:13:04,617 --> 00:13:05,659
<font color="#ffbf46">වෙන කරන්න දෙයක් නෑ.</font>

216
00:13:25,596 --> 00:13:26,639
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද?</font>

217
00:13:26,722 --> 00:13:29,975
<font color="#ffbf46">මං හිතන්නේ කාපු කෑමක් අවුල් ගියා.
බඩට හරි නෑ වගේ.</font>

218
00:13:30,059 --> 00:13:30,893
<font color="#ffbf46">මම හොඳින්.</font>

219
00:13:35,523 --> 00:13:38,275
<font color="#ffbf46">ඔයා එක්සසයිස් කරන්න මොනවද කරන්නේ මිස් කූ?
නැත්නම් ඩයට් කරනවද?</font>

220
00:13:39,193 --> 00:13:40,945
<font color="#ffbf46">මම එච්චර ලේසියෙන් මහත් වෙන්නේ නෑ.</font>

221
00:13:42,071 --> 00:13:43,030
<font color="#ffbf46">ආ එහෙමද.</font>

222
00:13:43,614 --> 00:13:44,490
<font color="#ffbf46">මට ඉරිසියයි.</font>

223
00:13:45,658 --> 00:13:48,619
<font color="#ffbf46">මට හිතෙන්නේ නෑ මිස් ෂින්ට වෙන කෙනෙක්ගේ
ඇඟක් ගැන ඉරිසියා කරන්න දෙයක් තියෙනවා කියලා.</font>

224
00:13:49,662 --> 00:13:50,663
<font color="#ffbf46">ස්තූතියි.</font>

225
00:13:56,961 --> 00:13:58,379
<font color="#ffbf46">මිස්ටර් ලිම්! ඔයා පණපිටින්!</font>

226
00:14:02,550 --> 00:14:04,635
<font color="#ffbf46">හොඳට කළා. පොඩ්ඩෙන් එහා මෙහා වෙනවා හැබැයි.</font>

227
00:14:05,135 --> 00:14:06,804
<font color="#ffbf46">මාව පොඩ්ඩෙන් මාට්ටු වෙනවා.</font>

228
00:14:06,887 --> 00:14:08,430
<font color="#ffbf46">ඔයාව පොඩ්ඩෙන් දාලා යනවා.</font>

229
00:14:08,514 --> 00:14:10,015
<font color="#ffbf46">ඒයි!
ඇයි මැඩම්?</font>

230
00:14:11,141 --> 00:14:12,351
<font color="#ffbf46">මොකක්?</font>

231
00:14:15,563 --> 00:14:17,064
<font color="#ffbf46">ඔයා මාව දාලා යන්නද හැදුවේ?</font>

232
00:14:19,149 --> 00:14:20,067
<font color="#ffbf46">ඔයා කියන්නේ</font>

233
00:14:21,026 --> 00:14:22,778
<font color="#ffbf46">මම වටේ පිටේ ඇවිද්දා කියලා මගෙන් ගඳක් එනවද?</font>

234
00:14:22,861 --> 00:14:25,155
<font color="#ffbf46">මිස්ටර් ලිම්, ඔයා ඇත්තටම හිතනවද
මම එහෙම කරයි කියලා?</font>

235
00:14:25,239 --> 00:14:27,825
<font color="#ffbf46">අපි එකිනෙකාව අඳුරන්නේ සහ එකට වැඩ කරන්නේ
ශතවර්ෂයකටත් වැඩි කාලෙක ඉඳන්.</font>

236
00:14:28,742 --> 00:14:30,244
<font color="#ffbf46">ඉතින් කොහොමද ඔයාගේ සෙවුම් මෙහෙයුම?</font>

237
00:14:32,454 --> 00:14:33,289
<font color="#ffbf46">මිස්ටර් ලිම්?</font>

238
00:14:38,168 --> 00:14:39,461
<font color="#ffbf46">ජොන්ග් බෝ-රාම්.</font>

239
00:14:39,545 --> 00:14:40,754
<font color="#ffbf46"><i>කිම් යොන්ග්-ජුන්.</i></font>

240
00:14:41,463 --> 00:14:42,464
<font color="#ffbf46"><i>ෂින් යේ-නා.</i></font>

241
00:14:42,548 --> 00:14:43,799
<font color="#ffbf46">හෙට තමයි ග්‍රෑන්ඩ්...</font>

242
00:14:43,883 --> 00:14:44,758
<font color="#ffbf46">ලී ඩොන්ග්-ජා.</font>

243
00:14:44,842 --> 00:14:46,010
<font color="#ffbf46">මෙන්න මේ හතර දෙනා.</font>

244
00:14:46,093 --> 00:14:48,512
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න. කවුද අර ලී ඩොන්ග්-ජා කියන්නේ?</font>

245
00:14:59,690 --> 00:15:00,608
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න.</font>

246
00:15:01,859 --> 00:15:03,819
<font color="#ffbf46">මිස් ලී. ඔයා දැන් ද වැඩට එන්නේ?</font>

247
00:15:05,321 --> 00:15:07,489
<font color="#ffbf46">නිකන් ඉන්න එකේ මුළු දවසම නිවාඩු ගත්තා නම් ඉවරනේ?</font>

248
00:15:07,573 --> 00:15:08,657
<font color="#ffbf46">මට සමාවෙන්න සර්.</font>

249
00:15:08,741 --> 00:15:10,743
<font color="#ffbf46">ඒත් මම කිව්වනේ උදේ වරුව නිවාඩු ගන්නවා කියලා.</font>

250
00:15:10,826 --> 00:15:11,827
<font color="#ffbf46">ඒක ආඩම්බර වෙන්න දෙයක්ද?</font>

251
00:15:11,911 --> 00:15:14,413
<font color="#ffbf46">ඔයා කරන එකම දේ "මට සමාවෙන්න" කියන එක විතරයි.</font>

252
00:15:14,496 --> 00:15:16,332
<font color="#ffbf46">ඔයා මොකෙක්ද, රොබෝ කෙනෙක්ද?</font>

253
00:15:17,416 --> 00:15:21,712
<font color="#ffbf46">රස්සාව කරන අම්මලා එක්ක වැඩක් කරන්න බැරි ඕකයි.</font>

254
00:15:22,421 --> 00:15:26,634
<font color="#ffbf46">ළමයෙක් ඉන්නවා නම්, ගෙදරට වෙලා
ඒ ළමයව හදාගෙන හිටියනම් ඉවරනේ?</font>

255
00:15:26,717 --> 00:15:27,885
<font color="#ffbf46">එක්කෝ රස්සාව, නැත්නම් ළමයා.</font>

256
00:15:28,928 --> 00:15:31,680
<font color="#ffbf46">ඇයි මේ වැඩට ඇවිල්ලා
අපිට කරදරයක් වෙන්නේ?</font>

257
00:15:36,393 --> 00:15:37,561
<font color="#ffbf46">සමාවෙන්න.</font>

258
00:15:40,064 --> 00:15:40,898
<font color="#ffbf46">කවුද මේ…</font>

259
00:15:41,774 --> 00:15:43,025
<font color="#ffbf46">-අපි පාර්ට් ටයිම් කරන අය.
-අපි පාර්ට් ටයිම් කරන අය.</font>

260
00:15:43,108 --> 00:15:44,276
<font color="#ffbf46">ආ පාර්ට් ටයිම් කරන අය, හරි.</font>

261
00:15:45,277 --> 00:15:47,655
<font color="#ffbf46">හරි. මම ලී දොං-ජා.</font>

262
00:15:54,870 --> 00:15:55,746
<font color="#ffbf46">ඇයි යේ-වොන්?</font>

263
00:15:56,330 --> 00:15:57,706
<font color="#ffbf46">නෑ, ඔහොම ඉන්න.</font>

264
00:15:57,790 --> 00:15:59,416
<font color="#ffbf46">තාත්තා දැන් එයි.</font>

265
00:15:59,500 --> 00:16:00,334
<font color="#ffbf46">මම තියනවා.</font>

266
00:16:02,795 --> 00:16:03,921
<font color="#ffbf46">මගේ දුව යේ-වොන්</font>

267
00:16:10,344 --> 00:16:11,720
<font color="#ffbf46">ඔව් යේ-වොන්. මොකද?</font>

268
00:16:12,805 --> 00:16:14,014
<font color="#ffbf46">මම යන්නම්.</font>

269
00:16:17,810 --> 00:16:20,646
<font color="#ffbf46">යේ-වොන්, ඔහොම දිගටම කෝල් කරන්න බෑනේ.</font>

270
00:16:20,729 --> 00:16:22,398
<font color="#ffbf46">අම්මේ, මම මෙතන ඉන්න ආස නෑ.</font>

271
00:16:25,859 --> 00:16:27,444
<font color="#ffbf46">ඔව්. ඔයා කොහෙද ඉන්නේ?</font>

272
00:16:27,528 --> 00:16:29,196
<font color="#ffbf46">ඔයා එනවා කිව්වනේ.
ඔයා කීයටද එන්නේ?</font>

273
00:16:29,279 --> 00:16:30,823
<font color="#ffbf46">මොකක්? මීටින් එකක්?</font>

274
00:16:30,906 --> 00:16:32,866
<font color="#ffbf46">මටත් දැන්ම මීටින් එකකට යන්න තියෙනවා.</font>

275
00:16:33,534 --> 00:16:36,954
<font color="#ffbf46">මම කිව්වනේ යේ-වොන් ට අද ඉස්කෝලේ නැති හින්දා
නිවාඩුවක් දාන්න කියලා.</font>

276
00:16:37,037 --> 00:16:39,456
<font color="#ffbf46">මොකක්ද ඒ කිව්වේ!
එයා ඔයාගෙත් ළමයනේ!</font>

277
00:16:42,001 --> 00:16:43,168
<font color="#ffbf46">මොකද වුනේ?</font>

278
00:16:43,752 --> 00:16:45,004
<font color="#ffbf46">තාත්තා එන්නේ නැද්ද?</font>

279
00:16:46,338 --> 00:16:47,339
<font color="#ffbf46">නෑ.</font>

280
00:16:47,423 --> 00:16:48,716
<font color="#ffbf46">එයා එන්න ටිකක් පරක්කු වෙයිලු.</font>

281
00:16:48,799 --> 00:16:49,717
<font color="#ffbf46">ඉතින්…</font>

282
00:16:49,800 --> 00:16:52,386
<font color="#ffbf46">බෑ, මට තනියම ඉන්න බෑ!</font>

283
00:16:53,512 --> 00:16:55,848
<font color="#ffbf46">දෙයියනේ මම දැන් මොකද කරන්නේ?</font>

284
00:16:59,518 --> 00:17:02,062
<font color="#ffbf46">කිඩ්ස් කැෆේ</font>

285
00:17:02,146 --> 00:17:03,188
<font color="#ffbf46">මම හිතුවේ මේක නිකන් කැෆේ එකක් කියලා</font>

286
00:17:04,314 --> 00:17:05,315
<font color="#ffbf46">බලද්දි මේක ළමා කැෆේ එකක්නේ.</font>

287
00:17:06,400 --> 00:17:07,234
<font color="#ffbf46">ඔව්.</font>

288
00:17:09,278 --> 00:17:11,864
<font color="#ffbf46">හරි. මම එතනට එන්නම්.</font>

289
00:17:13,699 --> 00:17:16,076
<font color="#ffbf46">අම්මිට දැන් මීටින් එකකට යන්න වෙලා තියෙනවා.</font>

290
00:17:16,160 --> 00:17:17,995
<font color="#ffbf46">මට තනියම ඉන්න බෑ!</font>

291
00:17:19,204 --> 00:17:20,456
<font color="#ffbf46">මම එයා එක්ක ඉන්නම්.</font>

292
00:17:21,373 --> 00:17:22,374
<font color="#ffbf46">මොකක්?</font>

293
00:17:22,458 --> 00:17:24,835
<font color="#ffbf46">අම්මා එනකම්
ඔයාට මාත් එක්ක ඉන්න පුලුවන්, හරිද?</font>

294
00:17:24,918 --> 00:17:26,045
<font color="#ffbf46">ඒ වුනාට…</font>

295
00:17:26,128 --> 00:17:27,212
<font color="#ffbf46">ඔයාට පරක්කු වෙන්නේ නැද්ද?</font>

296
00:17:29,048 --> 00:17:31,050
<font color="#ffbf46">යේ-වොන්, මම ඉක්මනට එන්නම්.</font>

297
00:17:31,133 --> 00:17:32,760
<font color="#ffbf46">ඔයා මෙයා එක්ක සෙල්ලම් කර කර ඉන්න, හරිද?</font>

298
00:17:33,677 --> 00:17:35,971
<font color="#ffbf46">මට සමාවෙන්න, ඒත් ඔයාට පුලුවන්ද එයා එක්ක ඉන්න?</font>

299
00:17:36,055 --> 00:17:37,347
<font color="#ffbf46">බොහොම ස්තූතියි.</font>

300
00:17:48,358 --> 00:17:51,528
<font color="#ffbf46">රස්සාවල් ගැන හැමෝම මැසිවිලි නගන්නේ
ඇයි කියලා මට දැන් තේරෙනවා.</font>

301
00:17:53,155 --> 00:17:56,033
<font color="#ffbf46">නිකන් ඉඳගෙන ඉන්නකොට හුස්ම හිරවෙනවා වගේ.</font>

302
00:17:56,116 --> 00:17:58,452
<font color="#ffbf46">මම හිතුවේ ඔයාගේ හීනය රස්සාවක් හොයාගන්න එක කියලා.</font>

303
00:18:00,329 --> 00:18:01,205
<font color="#ffbf46">මම දන්නවා.</font>

304
00:18:08,170 --> 00:18:11,298
<font color="#ffbf46">බර උස්සන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම්,
මාත් එක්ක ස්ටෝ රූම් එකට එන්න පුලුවන්ද?</font>

305
00:18:12,382 --> 00:18:13,801
<font color="#ffbf46">මොකක්? පොඩ්ඩක් ඉන්න.</font>

306
00:18:14,426 --> 00:18:16,804
<font color="#ffbf46">ඒ කියන්නේ, මම තමයි වැඩියෙන්ම ෆිට් එකේ ඉන්නේ කියලා
කාටත් පේනවනේ.</font>

307
00:18:16,887 --> 00:18:18,013
<font color="#ffbf46">පෙනුම විතරක් තිබිලා මදි.</font>

308
00:18:19,014 --> 00:18:21,016
<font color="#ffbf46">මගේ ඇඟේ මේදය කියල දෙයක්
ගෑවිලාවත් නෑ.</font>

309
00:18:21,100 --> 00:18:22,226
<font color="#ffbf46">වෙන විදියකින් කියනවා නම්,</font>

310
00:18:22,309 --> 00:18:24,061
<font color="#ffbf46">මගේ මුළු ඇඟම හැදිලා තියෙන්නේ මස්පිඩු වලින්.</font>

311
00:18:25,687 --> 00:18:27,314
<font color="#ffbf46">ඒක නෙමෙයි…</font>

312
00:18:27,397 --> 00:18:31,401
<font color="#ffbf46">මම සල්ලිකාරයෙක් වෙලා ඉපදුනේ නැති උනාට,
මම ඉපදුනේ හරි ශක්තිමත්ව.</font>

313
00:18:31,485 --> 00:18:35,155
<font color="#ffbf46">පොඩි බරක් උස්සපු ගමන්
මගේ මස්පිඩු ඉලිප්පිලා එනවා.</font>

314
00:18:35,239 --> 00:18:37,074
<font color="#ffbf46">මම ටිකක් දුර ඇවිදිනකොට,</font>

315
00:18:37,157 --> 00:18:41,537
<font color="#ffbf46">මගේ කකුලේ මස්පිඩු තද වෙනවා
මටම දැනෙනවා.</font>

316
00:18:42,579 --> 00:18:44,331
<font color="#ffbf46">මට ඕනේ අත් වලට හයිය තියෙන කෙනෙක්ව--</font>

317
00:18:44,414 --> 00:18:45,666
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්නකෝ.</font>

318
00:18:50,420 --> 00:18:51,338
<font color="#ffbf46">අපි අතක් අල්ලලා බලමු.</font>

319
00:18:53,674 --> 00:18:55,884
<font color="#ffbf46">ඔයාගේ අත කැඩුනොත් මට මුකුත් කියන්න එපා.</font>

320
00:19:05,060 --> 00:19:07,187
<font color="#ffbf46">නිකන් බොරුවටනේ වෝම් අප් වුනේ.</font>

321
00:19:07,271 --> 00:19:09,148
<font color="#ffbf46">ඕනම දේකට කලින් හොඳට වෝම් අප් වෙන්න ඕනේ.</font>

322
00:19:10,399 --> 00:19:11,567
<font color="#ffbf46">පරාද වෙන්නද වෝම් අප් වුනේ?</font>

323
00:19:11,650 --> 00:19:13,694
<font color="#ffbf46">ඔයා අද වෙනදට වඩා කියවනවා වැඩි වගේ.</font>

324
00:19:13,777 --> 00:19:16,155
<font color="#ffbf46">හරියට ඔයාගේ අතේ වෙනදට වඩා
දාඩිය දාලා තියෙනවා වගේමයි නේද?</font>

325
00:19:16,238 --> 00:19:17,656
<font color="#ffbf46">-පටන් ගමු.
-හා.</font>

326
00:19:18,657 --> 00:19:19,658
<font color="#ffbf46">එකයි,</font>

327
00:19:20,242 --> 00:19:21,201
<font color="#ffbf46">දෙකයි,</font>

328
00:19:22,202 --> 00:19:23,745
<font color="#ffbf46">-තුනයි.
-සර්.</font>

329
00:19:28,458 --> 00:19:32,045
<font color="#ffbf46">ආ මේ මිස්ටර් හෑන්ඩ් නේද, අද වේලාසනින්ම?</font>

330
00:19:34,840 --> 00:19:35,674
<font color="#ffbf46">යමු.</font>

331
00:19:36,717 --> 00:19:37,968
<font color="#ffbf46">-මාත් එක්ක එන්න.
-හරි.</font>

332
00:19:38,051 --> 00:19:39,469
<font color="#ffbf46">මම අත පිහදාගෙනම එන්නම්.</font>

333
00:19:44,308 --> 00:19:47,603
<font color="#ffbf46">ජොන්ග් බෝ-රාම් ගැනයි ෂින් යේ-නා ගැනයි
ටිකක් ඇහැ ගහගෙන ඉන්න.</font>

334
00:19:48,979 --> 00:19:49,855
<font color="#ffbf46">තෙතම තෙතයි.</font>

335
00:20:02,576 --> 00:20:03,452
<font color="#ffbf46">යේ-වොන්.</font>

336
00:20:03,994 --> 00:20:04,995
<font color="#ffbf46">අපි පොඩි බ්‍රේක් එකක් ගමු.</font>

337
00:20:38,403 --> 00:20:40,530
<font color="#ffbf46">ඔහොම කනකොට මහත් වෙන එක අහන්නත් දෙයක්ද.</font>

338
00:20:40,614 --> 00:20:41,949
<font color="#ffbf46">ඔව්, අර ඉන්නේ ඔයාගේ පෙම්වතිය.</font>

339
00:20:43,784 --> 00:20:44,785
<font color="#ffbf46">කට වහගන්නවා.</font>

340
00:20:44,868 --> 00:20:47,079
<font color="#ffbf46">මූසල පොඩි එවුන් ටිකක්.</font>

341
00:20:47,996 --> 00:20:49,289
<font color="#ffbf46">අර කකුල් දෙක දිහා බලපන්කෝ.</font>

342
00:20:49,790 --> 00:20:51,625
<font color="#ffbf46">-මම නම් කවදාවත් දැකලා නෑ ඔහොම කෙනෙක්ව.
-සමාවෙන්න,</font>

343
00:20:52,417 --> 00:20:53,835
<font color="#ffbf46">මට තව චොකලට් චිප්ස් ටිකක්
ගන්න පුලුවන්ද?</font>

344
00:20:55,504 --> 00:20:56,505
<font color="#ffbf46">එයාට තව චොකලට් චිප්ස් ඕනෙලු.</font>

345
00:20:57,589 --> 00:20:59,758
<font color="#ffbf46">ඔයාටත් එයා වගේ වෙන්න ඕනේ නැත්නම්
චොකලට් කන එක නවත්තන්න වෙයි.</font>

346
00:20:59,841 --> 00:21:01,551
<font color="#ffbf46">ඔයාලා දෙන්නා නම් මරු ජෝඩුව.</font>

347
00:21:01,635 --> 00:21:02,469
<font color="#ffbf46">කට වහගන්නවා.</font>

348
00:21:10,185 --> 00:21:12,062
<font color="#ffbf46">SP බියුටි මාර්කටින් ටීම්, අප්‍රේල් උපන් අය</font>

349
00:21:14,648 --> 00:21:16,858
<font color="#ffbf46">-සුබ පැතුම්.
-සුබ පැතුම්.</font>

350
00:21:20,112 --> 00:21:21,530
<font color="#ffbf46">පොඩ්ඩක් ඉන්න, මම මේක ආන්සර් කරලා එන්නම්.</font>

351
00:21:21,613 --> 00:21:22,990
<font color="#ffbf46">-හරි.
-හරි.</font>

352
00:21:27,577 --> 00:21:28,704
<font color="#ffbf46">එයා හරිම කෙට්ටුයිනේ.</font>

353
00:21:29,246 --> 00:21:30,872
<font color="#ffbf46">මම හිතන්නේ එයා ඉස්සරටත් වඩා කෙට්ටු වෙලා.</font>

354
00:21:31,790 --> 00:21:34,459
<font color="#ffbf46">එයා අඳින ඇඳුම් එයාට හරිම ලස්සනයි
අනික එයා වැඩටත් හරි දක්ෂයි.</font>

355
00:21:34,543 --> 00:21:36,378
<font color="#ffbf46">-මට නම් හරි ඉරිසියයි.
-ඔව්.</font>

356
00:21:37,254 --> 00:21:38,839
<font color="#ffbf46">මට නම් හිතෙන්නේ එයා ඕනවට වඩා කෙට්ටුයි කියලා.</font>

357
00:21:39,673 --> 00:21:41,550
<font color="#ffbf46">-එයා කෙට්ටු වුනාට ලස්සනයිනේ.
-ඔව්.</font>

358
00:21:41,633 --> 00:21:43,885
<font color="#ffbf46">ඒක කොහොමද එහෙම වෙන්නේ?
කෙට්ටු නම් කෙට්ටුයිනේ.</font>

359
00:21:43,969 --> 00:21:44,845
<font color="#ffbf46">ඔයා එහෙම හිතන්නේ නැද්ද?</font>

360
00:21:45,762 --> 00:21:48,015
<font color="#ffbf46">කෑම කන වෙලාවට
බර ගැන කතා නොකර ඉන්නවා නම් හොඳයි.</font>

361
00:21:49,558 --> 00:21:51,435
<font color="#ffbf46">කෑම එකට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ.</font>

362
00:21:51,518 --> 00:21:53,103
<font color="#ffbf46">ගරු කරන්න?</font>

363
00:22:02,863 --> 00:22:03,780
<font color="#ffbf46">මිස් ජොන්ග්.</font>

364
00:22:04,364 --> 00:22:05,657
<font color="#ffbf46">ඕනවට වඩා කන එක නවත්තන්න.</font>

365
00:22:06,992 --> 00:22:10,829
<font color="#ffbf46">සර්, මට මගේ ඇඟ ගැන ප්‍රශ්නයක් නෑනේ,
ඉතින් ඇයි සර් දිගටම…</font>

366
00:22:13,040 --> 00:22:15,042
<font color="#ffbf46">මොකක්ද තමුන්ට ප්‍රශ්නයක් නෑ කියන්නේ?</font>

367
00:22:15,125 --> 00:22:17,002
<font color="#ffbf46">මිස් ජොන්ග්, ඔහොම බෑ.</font>

368
00:22:17,085 --> 00:22:19,254
<font color="#ffbf46">සේවකයෙක් විදියට, තමුන් නියෝජනය කරන්නේ කොම්පැණිය.</font>

369
00:22:19,338 --> 00:22:21,590
<font color="#ffbf46">මේක කෑම කඩයක් නෙමෙයිනේ,
අපි හදන්නේ කොස්මෙටික්ස්.</font>

370
00:22:21,673 --> 00:22:22,632
<font color="#ffbf46">සර්!</font>

371
00:22:23,216 --> 00:22:24,468
<font color="#ffbf46">ඕක ලිංගික හිංසනයක්.</font>

372
00:22:25,594 --> 00:22:26,428
<font color="#ffbf46">මොකක්?</font>

373
00:22:27,387 --> 00:22:28,930
<font color="#ffbf46">මිස් ජොන්ග්. ලිංගික හිංසනයක්?</font>

374
00:22:29,014 --> 00:22:31,099
<font color="#ffbf46">මේක කොහොමද ලිංගික හිංසනයක් වෙන්නේ?</font>

375
00:22:31,600 --> 00:22:35,103
<font color="#ffbf46">ඇයි, මම තමුන්ව ඇල්ලුවද?
නැත්නම් මම තමුන්ට මොනවා හරි කරාද?</font>

376
00:22:35,187 --> 00:22:36,063
<font color="#ffbf46">අනේ මන්දා.</font>

377
00:22:36,146 --> 00:22:38,398
<font color="#ffbf46">මම මේවා කියන්නේ
තමුන් ගැන වද වෙන හින්දා.</font>

378
00:22:38,482 --> 00:22:42,903
<font color="#ffbf46">කොරියාවේ ඉන්න එක පිරිමියෙක්වත් කැමති වෙන එකක් නෑ
තමුන් ඔහොම මහතට ඉන්නවට, තේරුනාද?</font>

379
00:22:43,987 --> 00:22:46,406
<font color="#ffbf46">මේ ඔක්කොම මම කියන්නේ
තමුන් තමුන් ගැනම බලාගන්න ඕනේ හින්දා.</font>

380
00:22:46,490 --> 00:22:48,158
<font color="#ffbf46">මම තමුන් ගැන වද වෙන හින්දා.</font>

381
00:22:50,702 --> 00:22:53,455
<font color="#ffbf46">තමන් ගැන බලාගන්නවා කියන එකයි
බර ගැන වද වෙන එකයි කියන්නේ දෙකක් නේද?</font>

382
00:22:53,538 --> 00:22:54,372
<font color="#ffbf46">මොකක්?</font>

383
00:23:00,212 --> 00:23:01,338
<font color="#ffbf46">මොකක්ද තමුන් දැන් කිව්වේ?</font>

384
00:23:01,922 --> 00:23:04,800
<font color="#ffbf46">තමන් ගැන බලාගන්න එකයි බර ගැන වද වෙන එකයි
කියන්නේ දෙකක්.</font>

385
00:23:05,801 --> 00:23:08,261
<font color="#ffbf46">කොහොමත් තමන් ගැන බලාගන්න බැරි මිනිස්සු තමයි</font>

386
00:23:08,345 --> 00:23:12,140
<font color="#ffbf46">වෙන කෙනෙක්ව විවේචනය කරන්න
ඔය වගේ නිදහසට කරුණු හොයන්නේ.</font>

387
00:23:14,392 --> 00:23:15,977
<font color="#ffbf46">අනේ මේ!</font>

388
00:23:17,104 --> 00:23:18,647
<font color="#ffbf46">තමුන් හිතන් ඉන්නේ මට උගන්නන්නද?</font>

389
00:23:18,730 --> 00:23:20,899
<font color="#ffbf46">තමුන් නිකන්ම නිකන් පාර්ට් ටයිම් වැඩ කරන කෙනෙක් විතරයි.</font>

390
00:23:20,982 --> 00:23:23,610
<font color="#ffbf46">දැන් කාලේ ඉන්න එවුන්.</font>

391
00:23:23,693 --> 00:23:25,487
<font color="#ffbf46">කිසිම හැදියාවක් නෑ!</font>

392
00:23:25,570 --> 00:23:27,948
<font color="#ffbf46">මගේ කාලේ නම්, බොස් මොනවා හරි කිව්වම,</font>

393
00:23:28,031 --> 00:23:31,118
<font color="#ffbf46">"හරි සර්" කියලා
කියන දේ කරනවා!</font>

394
00:23:33,328 --> 00:23:34,538
<font color="#ffbf46"><i>ජුමාද්‍යුන්ග් හි මරණ දූතයනි,</i></font>

395
00:23:34,621 --> 00:23:35,831
<font color="#ffbf46"><i>ඔබගේ සේවා කාලය අවසන්.</i></font>

396
00:23:35,914 --> 00:23:37,707
<font color="#ffbf46"><i>හැමදාමත් වගේ මහන්සි වී වැඩ කරාට ස්තූතියි.</i></font>

397
00:23:54,558 --> 00:23:55,684
<font color="#ffbf46">මට ඕනේ…</font>

398
00:23:56,893 --> 00:23:58,478
<font color="#ffbf46">අදට වැඩ ඉවර කරන්න.</font>

399
00:23:58,562 --> 00:23:59,563
<font color="#ffbf46">ඒ කියන්නේ.</font>

400
00:24:00,480 --> 00:24:01,898
<font color="#ffbf46">අනේ මන්දා…</font>

401
00:24:03,108 --> 00:24:05,694
<font color="#ffbf46">ඇයි මගේ මුළු රස්සාවම
මේ ක්ලික් කරන එක විතරක් වෙලා තියෙන්නේ?</font>

402
00:24:07,487 --> 00:24:08,780
<font color="#ffbf46">මගේ කොන්ද.</font>

403
00:24:13,410 --> 00:24:14,619
<font color="#ffbf46">හරි.</font>

404
00:24:14,703 --> 00:24:17,164
<font color="#ffbf46">-අපි වැඩ පටන් ගමු.
-ඔව්, වැඩ.</font>

405
00:24:18,874 --> 00:24:20,083
<font color="#ffbf46">කිම් යොං-ජුන්ගේ තත්වය කොහොමද?</font>

406
00:24:22,878 --> 00:24:24,963
<font color="#ffbf46">කොන්ත්‍රාත් පදනමට වැඩ කරන එක හරිම කරදරයි.</font>

407
00:24:25,046 --> 00:24:28,425
<font color="#ffbf46">රස්සාවක් කරනවා නම් ලොකු කොම්පැණියක
රස්සාවක් කරන එක හොඳයි කියලා මිනිස්සු කියනවා.</font>

408
00:24:28,508 --> 00:24:29,926
<font color="#ffbf46">ඒත් එකම කොම්පැණියේ වැඩ කරත්,</font>

409
00:24:30,010 --> 00:24:31,178
<font color="#ffbf46">ස්ථිර සේවකයෙක් වෙනවා වගේ නෙමෙයිනේ.</font>

410
00:24:31,803 --> 00:24:33,263
<font color="#ffbf46">ඒ වුනාට, මේ මහන්සි වෙන එකෙන්</font>

411
00:24:33,972 --> 00:24:35,348
<font color="#ffbf46">කවදාහරි හොඳක් වෙයි නේද?</font>

412
00:24:36,850 --> 00:24:40,812
<font color="#ffbf46">ගෙවල් කුලී තියෙනවා, බිල් තියෙනවා,
ස්ටුඩන්ට් ලෝන් ගෙවන්න තියෙනවා,</font>

413
00:24:41,938 --> 00:24:43,190
<font color="#ffbf46">සති අන්තෙට කෑම ටිකක් ඕඩර් කරාම</font>

414
00:24:43,273 --> 00:24:45,525
<font color="#ffbf46">ඉතුරු ටිකත් ඉවරයි.</font>

415
00:24:46,443 --> 00:24:48,486
<font color="#ffbf46">ඔයා තාමත් හිතනවද
මහන්සි වෙලා වැඩ කරන එක විතරක් ඇති කියලා?</font>

416
00:24:55,243 --> 00:24:56,203
<font color="#ffbf46">ගැලවීමක්.</font>

417
00:24:57,621 --> 00:24:58,622
<font color="#ffbf46">මොකක්?</font>

418
00:24:58,705 --> 00:25:01,416
<font color="#ffbf46">මගේ කැම්පස් යාලුවොයි මමයි බිස්නස් එකක්
පටන් ගන්න ලෑස්ති වෙනවා,</font>

419
00:25:01,499 --> 00:25:03,126
<font color="#ffbf46">අපිට ආයෝජකයොත් හම්බවුනා.</font>

420
00:25:03,210 --> 00:25:04,252
<font color="#ffbf46">මම ළඟදීම එයාලට එකතු වෙනවා.</font>

421
00:25:04,336 --> 00:25:07,380
<font color="#ffbf46">මට මැරීගෙන වැඩ කරන්න වෙයි කියලා මම දන්නවා,
ඒත් සමහරවිට අපි ගොඩ යයි.</font>

422
00:25:07,464 --> 00:25:09,341
<font color="#ffbf46">බලන්නකෝ ක්‍රිප්ටොකරන්සි වල ගාන වැඩි වෙච්ච හැටි
කවුරුත් හිතුවේ නැති වුනාට.</font>

423
00:25:09,424 --> 00:25:10,592
<font color="#ffbf46">කියන්න බෑනේ.</font>

424
00:25:11,384 --> 00:25:12,219
<font color="#ffbf46">ඔව්.</font>

425
00:25:14,137 --> 00:25:16,014
<font color="#ffbf46"><i>එයා හිත හිත හිටියේ එයාගේ අනාගතේ ගැන.</i></font>

426
00:25:16,097 --> 00:25:18,475
<font color="#ffbf46">එයා දිහා බැලුවම සියදිවි නසාගන්න හිතන් ඉන්න
කෙනෙක් වගේ පෙනුනේ නෑ.</font>

427
00:25:19,768 --> 00:25:21,019
<font color="#ffbf46">එතකොට ලී දොං-ජා ගැන මොකද හිතන්නේ?</font>

428
00:25:23,647 --> 00:25:25,982
<font color="#ffbf46">-අම්මා කීයටද එන්නේ?
-මම දන්නේ නෑ.</font>

429
00:25:26,066 --> 00:25:28,276
<font color="#ffbf46">අම්මි හැමතිස්සෙම බිසී.</font>

430
00:25:30,070 --> 00:25:33,198
<font color="#ffbf46">-ඇත්තටම?
-ඔව්, ඒත් මගේ අම්මා හරි ෂෝක්.</font>

431
00:25:34,032 --> 00:25:34,866
<font color="#ffbf46">ඇයි ඒ?</font>

432
00:25:34,950 --> 00:25:39,162
<font color="#ffbf46">මගේ අම්මා මිනිස්සුන්ව තව හොඳ කරනවා.</font>

433
00:25:39,246 --> 00:25:42,499
<font color="#ffbf46">එයා කිව්වා එයා මහන්සි වෙලා වැඩ කරන්නේ</font>

434
00:25:42,582 --> 00:25:45,919
<font color="#ffbf46">මම ලොකු වුනාම මට හොඳ දේවල් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න කියලා.</font>

435
00:25:48,838 --> 00:25:49,673
<font color="#ffbf46">එහෙමද.</font>

436
00:25:49,756 --> 00:25:50,840
<font color="#ffbf46">යේ-වොන්!</font>

437
00:25:52,050 --> 00:25:53,677
<font color="#ffbf46">යේ-වොන්, මට සමාවෙන්න.</font>

438
00:25:54,261 --> 00:25:56,638
<font color="#ffbf46">අනේ දෙවියනේ. අම්මිට සමාවෙන්න පැටියෝ.</font>

439
00:25:57,222 --> 00:25:58,723
<font color="#ffbf46">ඔයා සතුටින් හිටියද?</font>

440
00:25:58,807 --> 00:26:00,100
<font color="#ffbf46">මට සමාවෙන්න පැටියෝ.</font>

441
00:26:02,102 --> 00:26:03,728
<font color="#ffbf46">මම පරක්කු වුනා. මට සමාවෙන්න.</font>

442
00:26:05,480 --> 00:26:06,690
<font color="#ffbf46">සමාව ඉල්ලන එක නවත්තන්න.</font>

443
00:26:07,524 --> 00:26:08,483
<font color="#ffbf46">මොකක්?</font>

444
00:26:08,566 --> 00:26:10,819
<font color="#ffbf46">-ඔයාට මීටින් එක මිස් වුනාද?
-නෑ.</font>

445
00:26:10,902 --> 00:26:12,362
<font color="#ffbf46">එහෙනම් ඔයා පරක්කු වුනාද?</font>

446
00:26:12,445 --> 00:26:13,530
<font color="#ffbf46">නෑ.</font>

447
00:26:13,613 --> 00:26:17,200
<font color="#ffbf46">-එහෙනම් ඔයාගේ අතින් වැඩේ හරියට කෙරුනේ නැද්ද?
-නෑ. මම කවදාවත් එහෙම කරන්නේ නෑ, ඇත්තටම.</font>

448
00:26:17,284 --> 00:26:20,287
<font color="#ffbf46">හරි, ඔයා කවදාවත් එහෙම කරලා නෑ.
ඉතින් ඇයි එහෙම කරා වගේ හැසිරෙන්නේ?</font>

449
00:26:21,079 --> 00:26:22,580
<font color="#ffbf46">ඔයා ඔහොම හැසිරෙනකොට,
මිනිස්සු වැරදියට හිතනවා.</font>

450
00:26:22,664 --> 00:26:24,165
<font color="#ffbf46">කොම්පැණියයි ඔයාගේ ළමයයි.</font>

451
00:26:24,249 --> 00:26:26,876
<font color="#ffbf46">එයාලා හිතයි ඔයා අතින් මොකක් හරි වැරැද්දක් වුනා කියලා.</font>

452
00:26:26,960 --> 00:26:29,004
<font color="#ffbf46">ඔයා දැනටමත් හොඳට වැඩ කරනවා.</font>

453
00:26:29,671 --> 00:26:31,798
<font color="#ffbf46">එහෙම නේද? ඔයාගේ අම්මා හොඳට වැඩ කරනවා නේද?</font>

454
00:26:31,881 --> 00:26:32,716
<font color="#ffbf46">ඔව්!</font>

455
00:26:34,134 --> 00:26:36,261
<font color="#ffbf46">රස්සාවයි පවුල් ජීවිතේයි දෙකම සමබර කරගන්න
එයා ගොඩක් මහන්සි වෙනවා,</font>

456
00:26:36,344 --> 00:26:38,305
<font color="#ffbf46">ඒත් එයා එයාගේ රස්සාවටයි ළමයටයි දෙන්නටම ආදරෙයි.</font>

457
00:26:39,639 --> 00:26:42,017
<font color="#ffbf46">මට හිතෙන්නේ ඒ මිස් ෂින් බෝ-රාම්.</font>

458
00:26:42,100 --> 00:26:44,060
<font color="#ffbf46">ජොන්ග් බෝ-රාම්.
මට හිතෙන්නේ ඒ මිස් ජොන්ග් බෝ-රාම්.</font>

459
00:26:44,644 --> 00:26:46,229
<font color="#ffbf46">ඇත්තමයි,
ඔහොම කෑවොත් ඔයා මහත් වෙයි.</font>

460
00:26:46,313 --> 00:26:48,648
<font color="#ffbf46">එයා වගේ වෙන්න ඕනේ නැත්නම්
ඔය චොකලට් කන එක නවත්තන්න.</font>

461
00:26:48,732 --> 00:26:50,066
<font color="#ffbf46">ඔව්, අන්න ඔයාගේ පෙම්වතිය.</font>

462
00:26:51,109 --> 00:26:53,278
<font color="#ffbf46">මට පෙනුනා නරක ශක්ති මට්ටම ඉහළ යනවා!</font>

463
00:26:54,154 --> 00:26:57,574
<font color="#ffbf46">මට හිතෙන්නේ හැම් මන්-සික් එයාට කියන
ජරා කතා නිසා වෙන්න ඇති.</font>

464
00:26:59,326 --> 00:27:00,285
<font color="#ffbf46">ෂින් යේ-නා…</font>

465
00:27:01,369 --> 00:27:02,871
<font color="#ffbf46">මිස් ෂින් යේ-නා කියන්නේ…</font>

466
00:27:03,580 --> 00:27:06,041
<font color="#ffbf46">හෙට තමා 100 වෙනි සාප්පුවේ
විවෘත කිරීමේ උත්සවය තියෙන්නේ.</font>

467
00:27:06,583 --> 00:27:08,335
<font color="#ffbf46">මේ මාසේ අන්තිමට තමා ඉවෙන්ට් එක තියෙන්නේ.</font>

468
00:27:08,418 --> 00:27:10,503
<font color="#ffbf46">හැමෝටම ඕනේ එයා වගේ වෙන්න.</font>

469
00:27:10,587 --> 00:27:12,130
<font color="#ffbf46">එයාට ඉක්මනට උසස්වීමකුත් ලැබුනානේ.</font>

470
00:27:12,213 --> 00:27:13,715
<font color="#ffbf46">මට නම් සහතිකයි ඒ</font>

471
00:27:13,798 --> 00:27:15,342
<font color="#ffbf46">මිස් ෂින් බෝ-රාම්.
ජොන්ග් බෝ-රාම්.</font>

472
00:27:15,425 --> 00:27:16,259
<font color="#ffbf46">මිස් ජොන්ග් බෝ-රාම්!</font>

473
00:27:16,343 --> 00:27:17,844
<font color="#ffbf46">තාම හරියටම කියන්න කල් වැඩියි.</font>

474
00:27:21,765 --> 00:27:23,475
<font color="#ffbf46">එස් පී බියුටි මාර්කටින් ටීම්, උපත අප්‍රේල්</font>

475
00:27:25,810 --> 00:27:27,854
<font color="#ffbf46">"මර දූතයා" විසින් "කූරු නැති හිරගෙයක්"
ව චැට් එකට එකතු කර ගන්නා ලදී</font>

476
00:27:27,937 --> 00:27:30,732
<font color="#ffbf46">මට ජීවත් වෙන්න ඕනේ කවුරුත්
දිහා බලන්නේ නැති ලෝකයක</font>

477
00:27:32,650 --> 00:27:36,780
<font color="#ffbf46">ඇත්තටම වේදනාවක් නැතුව මැරෙන්න පුලුවන්ද?</font>

478
00:27:39,074 --> 00:27:42,035
<font color="#ffbf46">මේක හදලා තියෙන්නේ වේදනාවක් නැතුව
ජීවිතේ නැති කරගන්න පුළුවන් සහතික ක්‍රමයක් විදිහට</font>

479
00:27:44,204 --> 00:27:46,164
<font color="#ffbf46">හරි, අපි ඒක බලාගන්නම්. හරි.</font>

480
00:27:47,624 --> 00:27:48,792
<font color="#ffbf46">හලෝ, මේ එස් පී බියුටි එකෙන්.</font>

481
00:27:48,875 --> 00:27:50,001
<font color="#ffbf46">ඔව්?</font>

482
00:27:57,550 --> 00:27:58,385
<font color="#ffbf46">මොකක්ද ප්‍රශ්නේ?</font>

483
00:27:58,468 --> 00:28:00,720
<font color="#ffbf46">100 වෙනි සාප්පුවට යවන්න තිබුන
නොමිලේ දෙන තෑගි ටික තාම යවලා නෑ.</font>

484
00:28:00,804 --> 00:28:04,599
<font color="#ffbf46">මිස් ජොන්ග් ඕඩර් එක දාලා තියෙන්නේ 15:00 ට,
ඒත් සප්ලයි කරන අය හිතලා තියෙන්නේ හවස 5 කියලා.</font>

485
00:28:05,600 --> 00:28:07,852
<font color="#ffbf46">මට සමාවෙන්න!</font>

486
00:28:07,936 --> 00:28:10,855
<font color="#ffbf46">ඒයි! තමුන් හිතන් ඉන්නේ සොරි කිව්වම
මේ ප්‍රශ්නේ හරියයි කියලද?</font>

487
00:28:11,523 --> 00:28:13,358
<font color="#ffbf46">කොහොමද එහෙම වෙන්නේ
අපේ 100 වෙනි ෂොප් එක ඕපන් කරද්දී</font>

488
00:28:13,441 --> 00:28:14,984
<font color="#ffbf46">බෙදාගන්න තෑගි නැති වෙන්නේ?</font>

489
00:28:15,068 --> 00:28:16,486
<font color="#ffbf46">අපි දැනටමත් මැසේජ් යවලා ඉවරයි,</font>

490
00:28:16,569 --> 00:28:18,863
<font color="#ffbf46">ඒ හින්දා පාරිභෝගිකයෝ
ගොඩක් එයි!</font>

491
00:28:18,947 --> 00:28:20,782
<font color="#ffbf46">තමුන් දන්න එකම දේ බඩ පුරවගන්න එක විතරයි,</font>

492
00:28:20,865 --> 00:28:22,951
<font color="#ffbf46">මම දැනගෙන හිටියා මෙයා මෙහෙම කරයි කියලා!</font>

493
00:28:23,827 --> 00:28:25,453
<font color="#ffbf46">මම දැනගෙන හිටියා මෙයා මෙහෙම කරයි කියලා!</font>

494
00:28:30,208 --> 00:28:33,461
<font color="#ffbf46">මිස් ජොන්ග්, ඉතින් දැන් කොච්චර දුරට වැඩේ වෙලාද?
එයාලා බඩු ටික පැක් කරලද තියෙන්නේ?</font>

495
00:28:34,462 --> 00:28:36,381
<font color="#ffbf46">එයාලා දැන් වැරදි තියෙන බඩු චෙක් කරනවා.</font>

496
00:28:37,799 --> 00:28:39,926
<font color="#ffbf46">ඉතින් හවස 4 වෙද්දී ඔක්කොම ඉවර වෙන්න ඕනේ.</font>

497
00:28:40,009 --> 00:28:41,469
<font color="#ffbf46">තව පැයක් විතර යයි.
ඔව්.</font>

498
00:28:41,553 --> 00:28:43,805
<font color="#ffbf46">දැනට ෆැක්ටරි එකේ ඉන්න
ඔක්කොම සේවකයෝ වැඩට දාලා තියෙන්නේ,</font>

499
00:28:43,888 --> 00:28:46,266
<font color="#ffbf46">ඒත් හවස 4 වෙද්දී පැක් කරලා
ඉවර කරන්න පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ.</font>

500
00:28:46,349 --> 00:28:49,102
<font color="#ffbf46">ඒ කියන්නේ අපිට සිද්ධ වෙන්නේ
මිනිස්සුන්ට දෙන්න වෙන්නේ</font>

501
00:28:49,185 --> 00:28:51,146
<font color="#ffbf46">පැක් කරලාවත් නැති බඩු වගයක්ද!</font>

502
00:28:51,229 --> 00:28:52,063
<font color="#ffbf46">අයියෝ!</font>

503
00:28:52,647 --> 00:28:54,941
<font color="#ffbf46">මම ෆැක්ටරි එකට ගිහින්
පැකින් වැඩ වලට උදව් කරන්නම්.</font>

504
00:28:55,024 --> 00:28:56,151
<font color="#ffbf46">මාත් යන්නම්!</font>

505
00:28:56,985 --> 00:28:57,861
<font color="#ffbf46">අපිත් යන්නම්.</font>

506
00:28:57,944 --> 00:28:58,778
<font color="#ffbf46">මාත් එනවා.</font>

507
00:28:59,362 --> 00:29:00,613
<font color="#ffbf46">ඇයි ඔයාලා යන්නේ?</font>

508
00:29:01,614 --> 00:29:04,075
<font color="#ffbf46">ඔයාලට පුළුවන් හැම උදව්වක්ම ඕනේ නේද?</font>

509
00:29:04,159 --> 00:29:05,785
<font color="#ffbf46">හරිනේ. අපිව වැඩට ගත්තෙත් ඒකටනේ?</font>

510
00:29:06,953 --> 00:29:09,414
<font color="#ffbf46">අනිවාර්යයෙන්ම. අපිට පුළුවන් හැම උදව්වක්ම ඕනේ.</font>

511
00:29:14,169 --> 00:29:15,420
<font color="#ffbf46">පරිස්සමෙන් අහුරන්න.</font>

512
00:29:17,088 --> 00:29:19,507
<font color="#ffbf46">මේකප් පාඩම</font>

513
00:29:32,604 --> 00:29:33,521
<font color="#ffbf46">දැන් අපි මොකද කරන්නේ?</font>

514
00:29:34,105 --> 00:29:36,232
<font color="#ffbf46">මම පාරිභෝගිකයින්ට කිව්වා</font>

515
00:29:36,316 --> 00:29:38,610
<font color="#ffbf46">තෑගි බෙදා දෙන එක
පැයකින් විතර පරක්කු වෙනවා කියලා,</font>

516
00:29:38,693 --> 00:29:41,154
<font color="#ffbf46">ඒත් අපේ මේකප් පෙන්නන්න හිටපු මොඩල්
යන්න ගියා</font>

517
00:29:41,237 --> 00:29:42,572
<font color="#ffbf46">එයාට වෙන වැඩක් තියෙනවා කියලා.</font>

518
00:29:46,242 --> 00:29:48,369
<font color="#ffbf46">අපි ගොඩක් මහන්සි වුනා
මේ ඉවෙන්ට් එකට මේකප් ආටිස්ට් කෙනෙක් හොයාගන්න.</font>

519
00:29:49,370 --> 00:29:50,955
<font color="#ffbf46">මට තවත් බලාගෙන ඉන්න බෑ.</font>

520
00:29:51,039 --> 00:29:52,123
<font color="#ffbf46">අපි මොකද කරන්නේ?</font>

521
00:29:57,337 --> 00:29:58,421
<font color="#ffbf46">එහෙනම් මම කරන්නම්.</font>

522
00:30:00,215 --> 00:30:01,424
<font color="#ffbf46">එපා.</font>

523
00:30:04,844 --> 00:30:06,638
<font color="#ffbf46">කොහොමත් මේක මේකප් එක පෙන්නන්නනේ.</font>

524
00:30:09,808 --> 00:30:10,725
<font color="#ffbf46">එයා හරියයි වගේ.</font>

525
00:30:15,939 --> 00:30:17,774
<font color="#ffbf46">මිස් කූ, ඔයාට පුළුවන්ද අපිට ඒක කරලා දෙන්න?</font>

526
00:30:18,775 --> 00:30:19,818
<font color="#ffbf46">ප්ලීස්?</font>

527
00:30:22,278 --> 00:30:26,241
<font color="#ffbf46">හරි, හැබැයි මම නිකන් නම් කරන්නේ නෑ.
පස්සේ මට රෑ කෑම අරන් දෙන්න ඕනේ.</font>

528
00:30:27,826 --> 00:30:29,327
<font color="#ffbf46">හරි, මම අරන් දෙන්නම්.</font>

529
00:30:38,545 --> 00:30:40,672
<font color="#ffbf46">මේ තියෙන්නේ එස් පී බියුටි හයිලයිටර් එක,</font>

530
00:30:40,755 --> 00:30:43,550
<font color="#ffbf46">වසන්ත සහ ගිම්හාන කාලයට
අපේ වැඩිපුරම විකිණෙන භාණ්ඩය.</font>

531
00:30:43,633 --> 00:30:45,301
<font color="#ffbf46">අපි මේක පාවිච්චි කරන්නේ මූණ එළිය කරගන්න.</font>

532
00:30:45,385 --> 00:30:48,763
<font color="#ffbf46">ඔයාලා මේ වගේ ටී-සෝන් එකටයි
කම්මුල් වලටයි මේක ගාගත්තොත්,</font>

533
00:30:48,847 --> 00:30:52,016
<font color="#ffbf46">ඒකෙන් මූණේ හැඩය මතු කරලා
මූණට එළියක් අරන් දෙනවා.</font>

534
00:30:52,100 --> 00:30:54,269
<font color="#ffbf46">ඊළඟට අපි කම්මුල් වල ගාමු.</font>

535
00:30:54,352 --> 00:30:56,020
<font color="#ffbf46">මම පාවිච්චි කරන පාට කොරල්,</font>

536
00:30:56,104 --> 00:30:59,482
<font color="#ffbf46">මේ වසන්ත කාලයේ
ට්‍රෙන්ඩ් වෙන පාට තමයි මේක.</font>

537
00:30:59,566 --> 00:31:02,902
<font color="#ffbf46">අපි මේක වැඩිය උලන්නේ නැතුව
ස්වභාවික පෙනුමක් එන විදිහට ගාගමු.</font>

538
00:31:09,534 --> 00:31:11,578
<font color="#ffbf46">අර කලින් වෙච්ච මොඩල්ගේ ප්‍රශ්නෙට සමාවෙන්න ඕනේ.</font>

539
00:31:12,203 --> 00:31:13,037
<font color="#ffbf46">ඒකට කමක් නෑ.</font>

540
00:31:13,121 --> 00:31:15,582
<font color="#ffbf46">මට නිකන් උදව් කරන්න ඕනේ වුනා…</font>

541
00:31:15,665 --> 00:31:16,749
<font color="#ffbf46">ඒ ගැන හිතන්න එපා.</font>

542
00:31:17,625 --> 00:31:18,459
<font color="#ffbf46">ස්තූතියි.</font>

543
00:31:22,630 --> 00:31:24,340
<font color="#ffbf46">මම ස්ටේක් එකක් කාලා ගොඩක් කල්.</font>

544
00:31:25,884 --> 00:31:27,176
<font color="#ffbf46">රසද?</font>

545
00:31:27,802 --> 00:31:29,929
<font color="#ffbf46">ඔව්. හරිම රසයි.</font>

546
00:31:30,013 --> 00:31:31,681
<font color="#ffbf46">බිම්මලුත් තියෙනවා.</font>

547
00:31:33,641 --> 00:31:34,851
<font color="#ffbf46">රසයි.</font>

548
00:31:35,768 --> 00:31:37,645
<font color="#ffbf46">මේන්න, මේකත් කාලා බලන්න.</font>

549
00:31:37,729 --> 00:31:38,605
<font color="#ffbf46">ස්තූතියි.</font>

550
00:31:39,564 --> 00:31:40,690
<font color="#ffbf46">කොහොමද?</font>

551
00:31:40,773 --> 00:31:41,858
<font color="#ffbf46">මම තාම කාලා බැලුවේ නෑ.</font>

552
00:31:43,026 --> 00:31:44,193
<font color="#ffbf46">රසයි නේද?</font>

553
00:31:44,777 --> 00:31:45,695
<font color="#ffbf46">මං හිතන්නේ රස ඇති.</font>

554
00:31:46,863 --> 00:31:48,239
<font color="#ffbf46">මම පොඩ්ඩක් වොෂ් රූම් එකට ගිහින් එන්නම්…</font>

555
00:31:55,330 --> 00:31:56,289
<font color="#ffbf46">මිස් ෂින් යේ-නා?</font>

556
00:31:57,332 --> 00:31:58,249
<font color="#ffbf46">ඔව්.</font>

557
00:31:58,833 --> 00:32:01,544
<font color="#ffbf46">මට හිතෙන්නේ මේ සැරේ අපේ සියදිවි නසාගැනීමේ
අවදානම තියෙන්නේ ෂින් යේ-නාට.</font>

558
00:32:03,338 --> 00:32:04,213
<font color="#ffbf46">එතකොට මිස් ජොන්ග් බෝ-රාම්?</font>

559
00:32:05,298 --> 00:32:06,341
<font color="#ffbf46">ඒක ජොන්ග් බෝ-රාම් නෙවෙයි.</font>

560
00:32:06,925 --> 00:32:10,094
<font color="#ffbf46">එයා හොඳ හදවතක් තියෙන කෙනෙක් වගේ,
තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙන කෙනෙක්.</font>

561
00:32:10,178 --> 00:32:12,347
<font color="#ffbf46">අර ස්ටේක් හවුස් එක මාරයි.</font>

562
00:32:12,430 --> 00:32:14,807
<font color="#ffbf46">ඒකේ පිට පැත්ත ක්‍රිස්පි,
ඇතුල රෝස පාටයි.</font>

563
00:32:14,891 --> 00:32:18,478
<font color="#ffbf46">චීස් වගේම සොෆ්ට්.
නියම පදමට තිබුනා.</font>

564
00:32:18,561 --> 00:32:20,188
<font color="#ffbf46">ඊළඟ පාර අපි එකට යමු.</font>

565
00:32:21,731 --> 00:32:24,651
<font color="#ffbf46">හැම් මන්-සික් එයාට බනිද්දී
එයා හිටියේ ගොඩක් අවුලෙන්.</font>

566
00:32:25,860 --> 00:32:29,113
<font color="#ffbf46">එහෙම වෙන එක සාමාන්‍ය දෙයක්නේ.
ඒකේ ආත්ම විශ්වාසයේ සම්බන්ධයක් නෑ.</font>

567
00:32:29,197 --> 00:32:31,282
<font color="#ffbf46">පිහියකින් කැපුවම කාටද රිදෙන්නේ නැත්තේ?</font>

568
00:32:32,742 --> 00:32:35,620
<font color="#ffbf46">රිදෙන එකයි කැළැල් ඇතිවෙන එකයි
හැමෝටම පොදුයි.</font>

569
00:32:35,703 --> 00:32:39,082
<font color="#ffbf46">ඒත් මට තේරෙන්නේ නෑ ඇයි ඔයා
ෂින් යේ-නා ගැන ඔච්චරටම ෂුවර් කරන්නේ කියලා.</font>

570
00:32:41,167 --> 00:32:43,962
<font color="#ffbf46">ෂින් යේ-නා ගැන ඔයාට අමුත්තක් දැනුනේ නැද්ද?</font>

571
00:32:46,005 --> 00:32:47,757
<font color="#ffbf46">එච්චරම නෑ,
එයා කියවපු තරම ඇරෙන්න…</font>

572
00:32:48,758 --> 00:32:50,176
<font color="#ffbf46">එයා මුකුත් කෑවේ නෑ.</font>

573
00:32:50,259 --> 00:32:53,680
<font color="#ffbf46">එයා කෑම එක පොඩි කෑලි වලට කපන ගමන්
දිගටම කියෙව්වා විතරයි.</font>

574
00:32:53,763 --> 00:32:56,224
<font color="#ffbf46">මම ස්ටේක් එකක් කාලා ගොඩක් කල්.
රසද?</font>

575
00:32:56,307 --> 00:32:58,267
<font color="#ffbf46">බිම්මලුත් තියෙනවා.</font>

576
00:32:58,351 --> 00:32:59,936
<font color="#ffbf46">සෝස් එකත් හරිම රසයි.</font>

577
00:33:00,019 --> 00:33:01,896
<font color="#ffbf46">එයා තේරුමක් නැති ප්‍රශ්න අහ අහා හිටියා…</font>

578
00:33:01,980 --> 00:33:03,815
<font color="#ffbf46">කොහොමද? රසද?</font>

579
00:33:03,898 --> 00:33:05,066
<font color="#ffbf46">මම තාම කාලා බැලුවේ නෑ.</font>

580
00:33:05,149 --> 00:33:07,276
<font color="#ffbf46">මුකුත් කන්නේ නැතුව කෑම රසයි කියලා
කියව කියව හිටියා.</font>

581
00:33:07,360 --> 00:33:08,987
<font color="#ffbf46">මට හිතෙන්නේ ඒක නියමයි.</font>

582
00:33:09,070 --> 00:33:11,280
<font color="#ffbf46">එයා හැන්ද කට ගාවට ගෙනිහින්
ආයේ පහලින් තිබ්බා.</font>

583
00:33:11,364 --> 00:33:13,032
<font color="#ffbf46">එයා කාපු එකම දේ</font>

584
00:33:14,575 --> 00:33:16,077
<font color="#ffbf46">පොඩි බිම්මල් කෑල්ලක් විතරයි.</font>

585
00:33:18,287 --> 00:33:20,540
<font color="#ffbf46">මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ
එයා කෑම එක රසවිඳිනවා කියලා.</font>

586
00:33:23,084 --> 00:33:25,837
<font color="#ffbf46">මට හිතෙන්නේ නෑ මිස් ෂින් ඔයා කාගේවත් ඇඟක් ගැන
ඉරිසියා කරන්න ඕනේ කියලා.</font>

587
00:33:25,920 --> 00:33:26,963
<font color="#ffbf46">ස්තූතියි.</font>

588
00:33:36,097 --> 00:33:39,684
<font color="#ffbf46">ඇත්තටම, මට ප්‍රශ්නයක් තිබුනා ෂින් යේ-නාගේ</font>

589
00:33:40,268 --> 00:33:41,519
<font color="#ffbf46">අතේ තියෙන තුවාලේ ගැන.</font>

590
00:33:42,395 --> 00:33:44,647
<font color="#ffbf46">එයා කෑවේ අර පොඩි බිම්මල් කෑල්ල විතරයි,</font>

591
00:33:44,731 --> 00:33:47,358
<font color="#ffbf46">ඒත් එයා ඇඟිල්ල කටේ දාගෙන
ඒකත් වමනේ කළා.</font>

592
00:33:49,527 --> 00:33:51,279
<font color="#ffbf46">මේක එක පාරක් වෙච්ච දෙයක් නෙවෙයි.</font>

593
00:33:51,863 --> 00:33:55,158
<font color="#ffbf46">එයාගේ අත තුවාල වෙන්න ඇත්තෙත්
ඒ හින්දා වෙන්න ඇති.</font>

594
00:33:56,284 --> 00:33:58,870
<font color="#ffbf46">ඒකයි ඔයා ෂින් යේ-නාට කිව්වේ
රෑ කෑම අරන් දෙන්න කියලා.</font>

595
00:34:01,831 --> 00:34:03,875
<font color="#ffbf46">එයා කෙට්ටු වෙන්න මාර ට්‍රයි එකක් නේද දෙන්නේ?</font>

596
00:34:05,001 --> 00:34:05,960
<font color="#ffbf46">ඇයි?</font>

597
00:34:06,753 --> 00:34:07,628
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

598
00:34:08,671 --> 00:34:10,673
<font color="#ffbf46">ඒකට උත්තරේ දන්නේ ෂින් යේ-නා විතරයි.</font>

599
00:35:15,279 --> 00:35:17,323
<font color="#ffbf46">ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි,</font>

600
00:35:18,658 --> 00:35:22,203
<font color="#ffbf46">අපව පරීක්ෂාවට යොමු නොකළ මැනව
අපව නපුරෙන් ගලවා ගත මැනව.</font>

601
00:35:23,579 --> 00:35:25,331
<font color="#ffbf46">අනේ, මට උදව් කරන්න.</font>

602
00:35:27,041 --> 00:35:27,917
<font color="#ffbf46">අනේ.</font>

603
00:35:29,001 --> 00:35:30,294
<font color="#ffbf46">ප්ලීස්…</font>

604
00:35:47,103 --> 00:35:50,148
<font color="#ffbf46">අද කට්ටිය මොකද කරන්නේ?
අපි රෑ කෑමට යමුද?</font>

605
00:35:50,648 --> 00:35:52,650
<font color="#ffbf46">වැඩ ඉවර වෙලා හැමෝම ඉන්න, හරිද?</font>

606
00:35:53,359 --> 00:35:55,236
<font color="#ffbf46">මේක නම් මහා කරදරයක්.</font>

607
00:35:55,319 --> 00:35:57,530
<font color="#ffbf46">එයාට ඕනේ කම්පැණි එකේ කාඩ් එකෙන්
බොන්න යන්න විතරයි.</font>

608
00:36:07,665 --> 00:36:09,417
<font color="#ffbf46">මිස් ජොන්ග්, ඔයා ගාව පැණි රස මොනවා හරි තියෙනවද?</font>

609
00:36:11,502 --> 00:36:13,045
<font color="#ffbf46">මේ තියෙන්නේ, ඕන තරම් ගන්න.</font>

610
00:36:13,129 --> 00:36:15,339
<font color="#ffbf46">ගොඩක් ස්තූතියි. මම මේක ගන්නම්.</font>

611
00:36:16,007 --> 00:36:18,050
<font color="#ffbf46">ඉතින් ජොන්ග් බෝ-රාම්.</font>

612
00:36:18,676 --> 00:36:21,095
<font color="#ffbf46">ඔය කන එක නවත්තන්නකෝ. ශික්.</font>

613
00:36:21,179 --> 00:36:23,306
<font color="#ffbf46">ඔහොම ගියොත් ඌරොත් අහයි ඔයාගෙන්
යාළු වෙමුද කියලා.</font>

614
00:36:23,389 --> 00:36:25,266
<font color="#ffbf46">ඕන එකක්. ඔයා මොනවා කිව්වත්,</font>

615
00:36:25,349 --> 00:36:27,435
<font color="#ffbf46">මම ඉන්නේ මගේ පාඩුවේ කාලා බීලා සතුටින්.</font>

616
00:36:28,144 --> 00:36:28,978
<font color="#ffbf46">හානේ.</font>

617
00:36:29,061 --> 00:36:30,646
<font color="#ffbf46">මිස්ටර් වූ.
ඔව් සර්.</font>

618
00:36:30,730 --> 00:36:32,190
<font color="#ffbf46">ඔයා දන්නවනේ අද
කට්ටියත් එක්ක ඩිනර් එකක් තියෙනවා කියලා?</font>

619
00:36:32,273 --> 00:36:33,316
<font color="#ffbf46">ඔයා අන්තිම වෙනකන් ඉන්න ඕනේ.</font>

620
00:36:43,784 --> 00:36:44,911
<font color="#ffbf46">මිස් ෂින්, ඔයත් ගන්නකෝ.</font>

621
00:36:45,578 --> 00:36:46,412
<font color="#ffbf46">කමක් නෑ.</font>

622
00:36:46,495 --> 00:36:48,873
<font color="#ffbf46">අර ඕපනින් ඉවෙන්ට් එකයි ඔක්කොමත් එක්ක
ඔයා ගොඩක් කාර්යබහුල වෙලානේ හිටියේ.</font>

623
00:36:48,956 --> 00:36:51,584
<font color="#ffbf46">මම දැක්කා ඔයා ළඟදි ඉඳන් හරියට කෑවෙත් නෑ,
මට ඔයා ගැන බයයි.</font>

624
00:36:51,667 --> 00:36:52,501
<font color="#ffbf46">මම හොඳින්.</font>

625
00:36:54,295 --> 00:36:55,796
<font color="#ffbf46">අනේ ගන්නකෝ, පොඩ්ඩක් හරි කන්න.</font>

626
00:36:56,380 --> 00:36:57,256
<font color="#ffbf46">ඇඟට පණක් එන්නත් එක්ක.</font>

627
00:37:04,639 --> 00:37:07,558
<font color="#ffbf46">මිස් ජොන්ග්! ඔයාට ඔයාගේ බර ගැන
ලැජ්ජා හිතෙන්නේ නැද්ද?</font>

628
00:37:07,642 --> 00:37:10,311
<font color="#ffbf46">මම දන්නවා මිස්ටර් හැම් කියන දේවල් වලට ඔයා කැමති නෑ කියලා,
ඉතින් ඇයි ඔයා කන එක නවත්තන්නේ නැත්තේ?</font>

629
00:37:10,394 --> 00:37:12,146
<font color="#ffbf46">මිස් ෂින්.
ඇයි?</font>

630
00:37:12,230 --> 00:37:13,147
<font color="#ffbf46">ඇයි ඔයා</font>

631
00:37:13,731 --> 00:37:16,734
<font color="#ffbf46">දිගටම ඔහොම බඩ පුරවගන්නේ
ඕන ඕන දේවල් කාලා?</font>

632
00:37:16,817 --> 00:37:18,736
<font color="#ffbf46">ඇයි? ඔයාට ඔයා ගැන පාලනයක් නැද්ද?</font>

633
00:37:22,323 --> 00:37:24,659
<font color="#ffbf46">මට සමාවෙන්න. මම ඔයාට බල කළා වැඩිද,
නේද?</font>

634
00:37:25,701 --> 00:37:28,204
<font color="#ffbf46">මම හිතන්නේ ඔයා ළඟදි ඉඳන්
ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ.</font>

635
00:37:40,091 --> 00:37:41,050
<font color="#ffbf46">මට සමාවෙන්න, මිස් ජොන්ග්.</font>

636
00:37:42,385 --> 00:37:43,386
<font color="#ffbf46">ඒකට කමක් නෑ.</font>

637
00:37:45,388 --> 00:37:46,555
<font color="#ffbf46">පොඩ්ඩක් රෙස්ට් කරන්න.</font>

638
00:37:56,148 --> 00:37:57,775
<font color="#ffbf46">එයා හරිම කෙට්ටුයි.</font>

639
00:37:58,776 --> 00:37:59,902
<font color="#ffbf46">මට ඉරිසියයි.</font>

640
00:38:01,279 --> 00:38:03,656
<font color="#ffbf46">මටත් ආසයි ඒ වගේ කෙට්ටු වෙන්න,
එක දවසකට හරි.</font>

641
00:38:03,739 --> 00:38:06,200
<font color="#ffbf46">ඒත් මේ ආත්මෙදි නම් ඒක වෙන එකක් නෑ.
මටත් එහෙම තමයි.</font>

642
00:38:08,953 --> 00:38:09,829
<font color="#ffbf46">බලන්නකෝ.</font>

643
00:38:11,247 --> 00:38:12,540
<font color="#ffbf46">බලන්නකෝ එයාගේ කෙට්ටු. අප්පිරියයි.</font>

644
00:38:12,623 --> 00:38:15,126
<font color="#ffbf46">පයින් ගැහුවොත් ඇටකටු කැඩෙයි.
ගහලා බලන්නකෝ.</font>

645
00:38:15,209 --> 00:38:16,168
<font color="#ffbf46">විහිළු කරන්න එපා.</font>

646
00:38:16,252 --> 00:38:18,004
<font color="#ffbf46">මම ආස නෑ ඔච්චර කෙට්ටු ගෑණු ළමයින්ට.
මාත් ආස නෑ.</font>

647
00:38:18,087 --> 00:38:20,589
<font color="#ffbf46">මට ඔයාලා කියන දේ ඇහෙනවා. මට හැමදේම ඇහෙනවා.</font>

648
00:38:21,299 --> 00:38:22,508
<font color="#ffbf46">ප්ලීස්, නවත්තන්න!</font>

649
00:38:23,217 --> 00:38:24,218
<font color="#ffbf46">අප්පිරියයි.</font>

650
00:38:27,972 --> 00:38:29,932
<font color="#ffbf46">මිස් ෂින් යේ-නාගේ තත්වය බරපතල පාටයි.</font>

651
00:38:30,766 --> 00:38:31,976
<font color="#ffbf46">ඒක වැඩි වෙනවා.</font>

652
00:38:32,476 --> 00:38:34,478
<font color="#ffbf46">ෂින් යේ-නාට මොනවා හරි වෙනවා නම්,</font>

653
00:38:36,063 --> 00:38:37,440
<font color="#ffbf46">ඒක වෙන්නේ අද වෙන්න ඕනේ.</font>

654
00:38:55,791 --> 00:38:56,917
<font color="#ffbf46">හැමෝම අහන්න.</font>

655
00:38:57,835 --> 00:39:00,546
<font color="#ffbf46">100 වෙනි සාප්පුවේ ඕපනින් ඉවෙන්ට් එක
සාර්ථකයි!</font>

656
00:39:01,756 --> 00:39:03,382
<font color="#ffbf46">එස් පී බියුටි වෙනුවෙන්!</font>

657
00:39:03,466 --> 00:39:04,342
<font color="#ffbf46">එස්. පී.!</font>

658
00:39:05,259 --> 00:39:06,135
<font color="#ffbf46">එස්. පී.!</font>

659
00:39:06,844 --> 00:39:08,304
<font color="#ffbf46">වෙනුවෙන්…
හැමෝටම මහන්සියි.</font>

660
00:39:08,387 --> 00:39:10,014
<font color="#ffbf46">හැමෝටම මහන්සියි.</font>

661
00:39:10,097 --> 00:39:11,390
<font color="#ffbf46">හැමෝටම මහන්සියි.</font>

662
00:39:12,475 --> 00:39:13,851
<font color="#ffbf46">එන්නකෝ ෂින් මිස්.</font>

663
00:39:13,934 --> 00:39:16,604
<font color="#ffbf46">බොන්නෙ නැත්නම්
ඇයි ඔයා ආවේ?</font>

664
00:39:17,355 --> 00:39:19,065
<font color="#ffbf46">මට අද සනීප මදි වගේ…</font>

665
00:39:19,148 --> 00:39:21,067
<font color="#ffbf46">ඒකනේ ඔයා මේ හැටි කෙට්ටු.</font>

666
00:39:21,150 --> 00:39:24,111
<font color="#ffbf46">දන්නවද, ගෑනු ළමයෙක් ඔහොම
කෙට්ටු වුණාම කැතයි.</font>

667
00:39:24,612 --> 00:39:26,197
<font color="#ffbf46">බිව්වා මදිද?</font>

668
00:39:26,280 --> 00:39:29,492
<font color="#ffbf46">අපිට ඉන්නවා ඕනවට වඩා මහත කෙනෙක්</font>

669
00:39:30,326 --> 00:39:34,580
<font color="#ffbf46">ඒ වගේම ඕනවට වඩා කෙට්ටු කෙනෙක්.</font>

670
00:39:34,663 --> 00:39:40,002
<font color="#ffbf46">ඉතින් ඔය දෙන්නා කලවම් වුණා නම්
ගානට හැඩේට තියේවි--</font>

671
00:39:41,420 --> 00:39:42,254
<font color="#ffbf46">මේ මොකක්ද?</font>

672
00:39:42,338 --> 00:39:43,172
<font color="#ffbf46">කන්න සර්.</font>

673
00:39:45,508 --> 00:39:46,842
<font color="#ffbf46">ඇතුළේ කටුවක් තියෙන්න ඇති.</font>

674
00:39:49,595 --> 00:39:52,348
<font color="#ffbf46">කටුවක් තිබුණා…</font>

675
00:39:52,431 --> 00:39:53,432
<font color="#ffbf46">ඔයාට අවුලක් නෑ නේද?</font>

676
00:39:53,516 --> 00:39:56,018
<font color="#ffbf46">සර්, වොෂ් රූම් එක කොහෙද තියෙන්නේ?</font>

677
00:39:56,102 --> 00:39:57,228
<font color="#ffbf46">අන්න එතන.</font>

678
00:39:57,853 --> 00:39:59,438
<font color="#ffbf46">අපොයි.
හොඳ වැඩේ එයාට.</font>

679
00:39:59,522 --> 00:40:01,440
<font color="#ffbf46">ඒයි, කටු තියෙනවා. පරිස්සමින්.</font>

680
00:40:06,779 --> 00:40:07,905
<font color="#ffbf46">ෂින් මිස්.</font>

681
00:40:08,489 --> 00:40:09,657
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

682
00:40:09,740 --> 00:40:11,075
<font color="#ffbf46">ඔයාට සනීප නෑ වගේ.</font>

683
00:40:12,451 --> 00:40:13,744
<font color="#ffbf46">එයා හරි.</font>

684
00:40:14,453 --> 00:40:15,621
<font color="#ffbf46">ඔයා ගොඩක් ස්ට්‍රෙස් වෙලා වෙන්න ඇති.</font>

685
00:40:15,704 --> 00:40:17,081
<font color="#ffbf46">මම හිතන්නේ ඔයා තවත් කෙට්ටු වෙලා.</font>

686
00:40:19,583 --> 00:40:20,418
<font color="#ffbf46">නවත්තන්න.</font>

687
00:40:20,501 --> 00:40:22,711
<font color="#ffbf46">ඔයා ටිකක් මහත් වෙන්න ඕන. මේ, කන්න.</font>

688
00:40:22,795 --> 00:40:24,713
<font color="#ffbf46"><i>ඇයි හැමෝම මට මොනවා කරන්නද කියලා කියන්නේ?</i></font>

689
00:40:24,797 --> 00:40:27,007
<font color="#ffbf46">ඇඟේ ඇට විතරයි,
ඒ වුණාට බඩ ඉස්සරහට නෙරලා.</font>

690
00:40:27,925 --> 00:40:29,427
<font color="#ffbf46">ඕකට නේද මෆින් ටොප් කියන්නේ?</font>

691
00:40:29,510 --> 00:40:32,012
<font color="#ffbf46"><i>දැන් කෙට්ටු නිසා එයා හරි කැතයි.</i></font>

692
00:40:32,096 --> 00:40:33,764
<font color="#ffbf46">එයා ටිකක් මහත් වෙන්න ඕන.</font>

693
00:40:33,848 --> 00:40:35,683
<font color="#ffbf46">ඉස්සර එයා මහතට ඉන්න ඇති.</font>

694
00:40:35,766 --> 00:40:38,561
<font color="#ffbf46">නවත්තන්න. නවත්තන්න, ප්ලීස්, නවත්තන්න!</font>

695
00:40:40,646 --> 00:40:41,522
<font color="#ffbf46">ෂින් මිස්.</font>

696
00:40:42,398 --> 00:40:43,649
<font color="#ffbf46">ෂින් මිස්!</font>

697
00:40:43,732 --> 00:40:45,025
<font color="#ffbf46">ෂික්…</font>

698
00:41:05,588 --> 00:41:08,549
<font color="#ffbf46">මැඩම්, ආයේ වැඩි වෙලා.
ඒත් එයාගේ සෘණ ශක්ති මට්ටම…</font>

699
00:41:09,508 --> 00:41:11,010
<font color="#ffbf46">අපි බෙදිලා යමු.
හරි.</font>

700
00:41:22,229 --> 00:41:23,314
<font color="#ffbf46">ෂින් මිස්!</font>

701
00:41:25,149 --> 00:41:26,942
<font color="#ffbf46">ෂින් මිස්!</font>

702
00:41:28,944 --> 00:41:29,862
<font color="#ffbf46">එපා.</font>

703
00:42:00,434 --> 00:42:01,852
<font color="#ffbf46">ඇපාර්ට්මන්ට් එක…</font>

704
00:42:01,936 --> 00:42:04,271
<font color="#ffbf46">හය…</font>

705
00:42:05,481 --> 00:42:06,774
<font color="#ffbf46">දාසය…</font>

706
00:42:11,737 --> 00:42:13,072
<font color="#ffbf46">ෂින් යේ-නා, සහකාර කළමනාකරු</font>

707
00:42:19,370 --> 00:42:20,454
<font color="#ffbf46">නයිට්‍රජන්</font>

708
00:42:20,538 --> 00:42:21,372
<font color="#ffbf46">ෂින් මිස්.</font>

709
00:42:28,921 --> 00:42:30,172
<font color="#ffbf46">ෂින් මිස්.</font>

710
00:42:30,256 --> 00:42:31,173
<font color="#ffbf46">ෂින් මිස්.</font>

711
00:42:31,257 --> 00:42:32,091
<font color="#ffbf46">ෂින් මිස්!</font>

712
00:42:41,767 --> 00:42:43,686
<font color="#ffbf46">මියොන්ගින් විශ්වවිද්‍යාල රෝහල</font>

713
00:42:57,366 --> 00:42:58,659
<font color="#ffbf46">ඔයා හොඳින්ද?</font>

714
00:43:01,829 --> 00:43:03,831
<font color="#ffbf46">ඇයි ඔයා මාව බේරගත්තේ?</font>

715
00:43:09,712 --> 00:43:12,298
<font color="#ffbf46">ඇයි ඔයා මැරෙන්න හැදුවේ?</font>

716
00:43:13,382 --> 00:43:16,343
<font color="#ffbf46">ඔයාට ඔච්චරටම වේදනාවක් දෙන ප්‍රශ්නේ මොකක්ද?</font>

717
00:43:21,140 --> 00:43:22,474
<font color="#ffbf46">මම දන්නේ නෑ.</font>

718
00:43:25,144 --> 00:43:27,313
<font color="#ffbf46">ඇයි මට මෙහෙම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ කියලා.</font>

719
00:43:27,896 --> 00:43:29,815
<font color="#ffbf46">මම ජීවත් වෙන්නේ මොකටද කියලා.</font>

720
00:43:40,242 --> 00:43:43,078
<font color="#ffbf46">ඇයි ඔයා කෙට්ටු වෙන්න ඔච්චරම දඟලන්නේ?</font>

721
00:43:45,456 --> 00:43:46,498
<font color="#ffbf46">දඟලනවා?</font>

722
00:43:47,416 --> 00:43:49,001
<font color="#ffbf46">ඔයාගේ හිත රිදුණා නම් මට සමා වෙන්න.</font>

723
00:43:50,085 --> 00:43:51,962
<font color="#ffbf46">මම අහලා තියෙනවා ඔයා කෑවම ආයේ වමනේ කරනවා කියලා.</font>

724
00:43:52,838 --> 00:43:54,381
<font color="#ffbf46">සාමාන්‍ය අයට නම්</font>

725
00:43:54,465 --> 00:43:56,175
<font color="#ffbf46">ඒක තේරුම් ගන්න අමාරු වෙයි.</font>

726
00:43:57,384 --> 00:44:00,596
<font color="#ffbf46">ඒත් ඔයා අනිත් අයට වඩා
ගොඩක් කෙට්ටුයිනේ.</font>

727
00:44:01,430 --> 00:44:03,265
<font color="#ffbf46">මම පොඩි කාලේ හරිම මහතයි.</font>

728
00:44:05,142 --> 00:44:07,019
<font color="#ffbf46">හයි ස්කූල් යනකම්ම මම එහෙමයි හිටියේ.</font>

729
00:44:12,900 --> 00:44:13,817
<font color="#ffbf46">ෂින් යේ-නා</font>

730
00:44:13,901 --> 00:44:15,944
<font color="#ffbf46">පිස්සියේ,
ඇයි ඔයා විෂබීජ නාශක ගහන්නේ?</font>

731
00:44:17,821 --> 00:44:20,574
<font color="#ffbf46">ඒයි, කොලරා.
ඔයා මොකද කරන්නේ?</font>

732
00:44:20,658 --> 00:44:21,867
<font color="#ffbf46">මම මෙයාව විෂබීජහරණය කරනවා.</font>

733
00:44:21,950 --> 00:44:23,243
<font color="#ffbf46">මේ දවස්වල ඌරු ජ්වරය පැතිරෙනවානේ,
ඔයාලා දන්නවනේ.</font>

734
00:44:23,327 --> 00:44:25,954
<font color="#ffbf46"><i>හයි ස්කූල් කාලේ මගේ කාඩ් එක වුණේ
කොලරා.</i></font>

735
00:44:26,038 --> 00:44:27,790
<font color="#ffbf46"><i>මොකද ඒ දවස්වල ඌරු ජ්වරය ගොඩක් තිබුණා.</i></font>

736
00:44:27,873 --> 00:44:30,626
<font color="#ffbf46">ඕක දෙනවා මට.
එයාගෙන් එන්නේ ඌරු ගඳක්.</font>

737
00:44:30,709 --> 00:44:33,587
<font color="#ffbf46">දකුණ, වම, උඩ.
මෙහෙම ගියොත් මෙයාව තම්බපු ඌරු මස් වගේ වෙයි.</font>

738
00:44:33,671 --> 00:44:35,172
<font color="#ffbf46">මේ, ඔයාගේ ගෑනු ළමයා නේද.
ඕන එකක්.</font>

739
00:44:35,255 --> 00:44:37,299
<font color="#ffbf46">ගිහින් කියපන් ඔයා එයාට ආදරෙයි කියලා.
ඔයාලා දෙන්නා නියමෙට ගැලපෙනවා.</font>

740
00:44:37,383 --> 00:44:39,385
<font color="#ffbf46">එයා ගඳයි.
අනේ, ඕක ඉල්ලා අස් කරගන්නකෝ.</font>

741
00:44:39,468 --> 00:44:41,345
<font color="#ffbf46">පෝක් කට්ලට්?
මට පෝක් කට්ලට් සුවඳක් එනවා.</font>

742
00:44:41,428 --> 00:44:42,429
<font color="#ffbf46">රෑ කෑමට පෝක් කට්ලට් කමුද?</font>

743
00:44:43,847 --> 00:44:45,140
<font color="#ffbf46">ඒයි, මට බොස්සම් කන්න ඕන.</font>

744
00:44:45,224 --> 00:44:47,351
<font color="#ffbf46">බොස්සම් වුණත් අවුලක් නෑ.
නේද?</font>

745
00:44:47,434 --> 00:44:48,602
<font color="#ffbf46"><i>ඒත් ඔයා දැනගෙන හිටියද</i></font>

746
00:44:49,478 --> 00:44:51,438
<font color="#ffbf46"><i>ඌරන්ට කවදාවත් අහස බලන්න බැහැ කියලා?</i></font>

747
00:44:51,522 --> 00:44:54,149
<font color="#ffbf46"><i>ඌරන්ව ටැංකිවලට දාලා
වළ දානවා.</i></font>

748
00:44:54,233 --> 00:44:55,234
<font color="#ffbf46"><i>ඌරෝ 1,300ක් විතර…</i></font>

749
00:44:55,317 --> 00:44:56,777
<font color="#ffbf46"><i>මට හිතුණා මම මැරෙන්න ඕන කියලා</i></font>

750
00:44:58,862 --> 00:45:01,073
<font color="#ffbf46"><i>මට කවදාවත් අහස බලන් ජීවත් වෙන්න බැරි නම්.</i></font>

751
00:45:21,260 --> 00:45:26,181
<font color="#ffbf46"><i>මට හිතුණා, මහත වුණාම,
මැරෙන්න ඕන වුණත් මැරෙන්න බෑ කියලා.</i></font>

752
00:45:29,309 --> 00:45:30,811
<font color="#ffbf46"><i>අන්න එදා තමයි</i></font>

753
00:45:32,271 --> 00:45:33,605
<font color="#ffbf46"><i>මම වමනේ කරන්න පටන් ගත්තේ.</i></font>

754
00:45:40,112 --> 00:45:42,281
<font color="#ffbf46"><i>ජීවිතේ බේරගන්න කරන සටනක් වගේ
මම බඩගින්නේ හිටියා.</i></font>

755
00:45:49,079 --> 00:45:51,248
<font color="#ffbf46"><i>නොමැරී ඉන්න විතරක් කාලා</i></font>

756
00:45:57,296 --> 00:45:59,089
<font color="#ffbf46"><i>බඩ පිරුණයි කියලා දැනුණු ගමන් මම වමනේ කළා.</i></font>

757
00:46:24,990 --> 00:46:27,784
<font color="#ffbf46"><i>මම කෙට්ටු වුණාම,
මිනිස්සු ඇහුවා කොහොමද එහෙම කළේ කියලා</i></font>

758
00:46:27,868 --> 00:46:30,120
<font color="#ffbf46"><i>එයාලා මාව අගය කළා.</i></font>

759
00:46:31,121 --> 00:46:33,415
<font color="#ffbf46">එයාගේ ඇඳුම් එයාට මාරටම ගැලපෙනවා
එයා වැඩටත් හරි දක්ෂයි.</font>

760
00:46:33,499 --> 00:46:35,834
<font color="#ffbf46">මට හරි ඉරිසියයි.
<i>මට සතුටක් දැනුණා.</i></font>

761
00:46:35,918 --> 00:46:37,503
<font color="#ffbf46"><i>මට මම ගැනම ආඩම්බර හිතුණා.</i></font>

762
00:46:39,755 --> 00:46:41,381
<font color="#ffbf46"><i>මම ගොඩක් මහන්සි වුණා…</i></font>

763
00:46:43,217 --> 00:46:44,635
<font color="#ffbf46"><i>ඒ වෙනුවෙන් මට පිළිගැනීමකුත් ලැබුණා.</i></font>

764
00:46:45,928 --> 00:46:47,804
<font color="#ffbf46">එහෙනම් ඇයි ඔයා ඔච්චර වේදනාවෙන් ඉන්නේ?</font>

765
00:46:50,057 --> 00:46:53,143
<font color="#ffbf46">මම හිතුවේ මිනිස්සුන්ගේ බැල්මෙන්
මට බේරෙන්න පුළුවන් වෙයි කියලා,</font>

766
00:46:54,186 --> 00:46:55,646
<font color="#ffbf46">ඒත් මම මහත වුණත් කෙට්ටු වුණත්,</font>

767
00:46:56,230 --> 00:46:59,233
<font color="#ffbf46">මිනිස්සු මගේ පෙනුම මනින එක
කවදාවත් නතර කරන්නේ නෑ.</font>

768
00:46:59,316 --> 00:47:01,443
<font color="#ffbf46">එයා හරිම කෙට්ටුයි.
මට නම් ඉරිසියයි.</font>

769
00:47:01,527 --> 00:47:03,237
<font color="#ffbf46">දවසකට හරි මටත්
ඔහොම කෙට්ටු වෙන්න තිබුණා නම්.</font>

770
00:47:03,820 --> 00:47:05,197
<font color="#ffbf46">බලන්නකෝ එයාගේ කෙට්ටු. අප්පිරියයි.</font>

771
00:47:05,280 --> 00:47:06,532
<font color="#ffbf46"><i>එක පාරක් ගැහුවොත් ඇට ටික කැඩෙයි.</i></font>

772
00:47:06,615 --> 00:47:09,576
<font color="#ffbf46">මම ඔහොම කෙට්ටු අයට ආස නෑ.</font>

773
00:47:09,660 --> 00:47:10,619
<font color="#ffbf46"><i>මමත් නෑ.</i></font>

774
00:47:13,914 --> 00:47:16,583
<font color="#ffbf46">ටිකක් මහත් වෙන්න හිතාගෙන
මම මොනවා හරි කෑවම,</font>

775
00:47:17,292 --> 00:47:18,293
<font color="#ffbf46">මම එක පාරටම වමනේ කරනවා</font>

776
00:47:18,377 --> 00:47:19,878
<font color="#ffbf46">මොකද ඉස්සර තිබුණු දේවල්
මට මතක් වෙනවා.</font>

777
00:47:32,808 --> 00:47:36,019
<font color="#ffbf46">මට හිතෙන්නේ මම කවදාවත්
ගැලවෙන්න බැරි හිරගෙදරක ඉන්නවා වගේ.</font>

778
00:47:38,438 --> 00:47:39,648
<font color="#ffbf46">මම ඇත්තටම වෛර කරනවා</font>

779
00:47:40,732 --> 00:47:42,317
<font color="#ffbf46">මම දැන් ඉන්න විදියට.</font>

780
00:48:02,838 --> 00:48:04,840
<font color="#ffbf46">අපි මොකද කරන්නේ? මම එයාට කතා කරන්නද?</font>

781
00:48:06,675 --> 00:48:07,884
<font color="#ffbf46">මම ආවා.</font>

782
00:48:09,678 --> 00:48:13,098
<font color="#ffbf46">මම ෂින් යේ-නාගේ ගෙදරට ගිහින්
එයාව මෙහෙට එක්කන් ආවා.</font>

783
00:48:13,181 --> 00:48:14,016
<font color="#ffbf46">නියමයි.</font>

784
00:48:14,099 --> 00:48:16,184
<font color="#ffbf46">ඔයා දැන් ඇතුළට යන්න.
එයා ඉන්නේ ගොඩක් අමාරුවෙන්.</font>

785
00:48:17,227 --> 00:48:19,146
<font color="#ffbf46">නෑ. චෝයි ජුන්-වූන්ග්.</font>

786
00:48:19,855 --> 00:48:20,689
<font color="#ffbf46">ඔයා යන්න.</font>

787
00:48:21,898 --> 00:48:23,233
<font color="#ffbf46">මොකක්?</font>

788
00:48:23,317 --> 00:48:25,652
<font color="#ffbf46">ඔයානේ ෂින් යේ-නාව මෙහෙට ගෙනාවේ,</font>

789
00:48:26,570 --> 00:48:28,030
<font color="#ffbf46">ඉතින් මේක විසඳන්නත් ඔයාට පුළුවන්.</font>

790
00:48:28,697 --> 00:48:29,740
<font color="#ffbf46">මැඩම්?</font>

791
00:48:31,658 --> 00:48:34,244
<font color="#ffbf46">මොකද? දැන් කාලේ හරි අපි එයාට වැඩ බාර දෙන්න.</font>

792
00:48:37,748 --> 00:48:38,999
<font color="#ffbf46">ඔයා හිතනවද මට ඒක කරන්න පුළුවන් කියලා?</font>

793
00:48:40,167 --> 00:48:41,793
<font color="#ffbf46">ඔයාගේ විදියට කරන්න.</font>

794
00:48:46,798 --> 00:48:47,924
<font color="#ffbf46">හරි.</font>

795
00:49:02,189 --> 00:49:03,106
<font color="#ffbf46"><i>මගේ විදිය…</i></font>

796
00:49:04,775 --> 00:49:06,068
<font color="#ffbf46"><i>ඒ මොකක්ද?</i></font>

797
00:49:21,416 --> 00:49:23,043
<font color="#ffbf46">මගේ නංගිත් ඔය වගේමයි හිටියේ.</font>

798
00:49:25,003 --> 00:49:27,923
<font color="#ffbf46">එයාටත් වුණේ ඔයාට වුණා වගේම දෙයක්,
එයා ගොඩක් දුක් වින්දා.</font>

799
00:49:29,424 --> 00:49:32,511
<font color="#ffbf46">විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගෙට පාඩම් කරද්දි
එයා කිලෝ දහයකට වඩා මහත් වුණා.</font>

800
00:49:33,053 --> 00:49:36,598
<font color="#ffbf46">එයා හැමතිස්සෙම සතුටින් හිටපු නිසා
ඒක එයාට ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතුවේ නෑ, ඒත්…</font>

801
00:49:41,144 --> 00:49:42,270
<font color="#ffbf46">ආ, ඔයා ආවද.</font>

802
00:49:43,105 --> 00:49:44,398
<font color="#ffbf46">හායි--</font>

803
00:49:46,692 --> 00:49:47,651
<font color="#ffbf46">එයාට මොකද වෙලා තියෙන්නේ?</font>

804
00:49:48,276 --> 00:49:51,321
<font color="#ffbf46"><i>එයා මහතයි කියලා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්
එයාව අතහැරියාට පස්සේ,</i></font>

805
00:49:52,572 --> 00:49:54,491
<font color="#ffbf46">එයා ඉක්මනටම ඩිප්‍රෙෂන් වලට ගියා.</font>

806
00:49:55,117 --> 00:49:55,951
<font color="#ffbf46">මිස්.</font>

807
00:49:56,660 --> 00:49:57,911
<font color="#ffbf46">මේක කීයද?</font>

808
00:49:57,994 --> 00:50:00,080
<font color="#ffbf46">අනේ මේ, ඕක ඔයාට හරියන්නේ නෑ.</font>

809
00:50:00,622 --> 00:50:01,748
<font color="#ffbf46">මේ, එක්ස්කියුස් මී.</font>

810
00:50:01,832 --> 00:50:04,584
<font color="#ffbf46">එයා ඇහුවේ ගාන කීයද කියලා මිසක්
ඒක ඇඳලා බලන්න ඕන කියලා නෙවෙයිනේ.</font>

811
00:50:06,962 --> 00:50:07,879
<font color="#ffbf46">කමක් නෑ.</font>

812
00:50:08,547 --> 00:50:12,008
<font color="#ffbf46">මුලදි මම හිතුවේ එයා ඕකෙන්
ගොඩ එයි කියලා</font>

813
00:50:13,135 --> 00:50:14,177
<font color="#ffbf46">ඒත් එයාට බැරි වුණා.</font>

814
00:50:15,512 --> 00:50:18,515
<font color="#ffbf46">මිනිස්සු එයා දිහා බලපු විදිය
එයාට දරාගන්න බැරි තරම් සැර වෙන්න ඇති.</font>

815
00:50:21,601 --> 00:50:23,228
<font color="#ffbf46">කෝ දැන් එළියට එන්න!</font>

816
00:50:23,311 --> 00:50:25,605
<font color="#ffbf46">මට පාඩුවේ ඉන්න දෙනවා!</font>

817
00:50:26,398 --> 00:50:27,983
<font color="#ffbf46">බෑ. දැන්ම දොර අරින්න.</font>

818
00:50:28,817 --> 00:50:29,818
<font color="#ffbf46">ඇයි?</font>

819
00:50:29,901 --> 00:50:33,071
<font color="#ffbf46">මම හදපු කෑම ටික කන්නේ නැතුව
ඇයි ඔයා ඔය ඇතුළට වෙලා ඉන්නේ?</font>

820
00:50:33,155 --> 00:50:35,615
<font color="#ffbf46">දැන්ම එළියට ඇවිල්ලා කනවා.
එපා, මට එපා!</font>

821
00:50:35,699 --> 00:50:37,868
<font color="#ffbf46">මට ඇති වෙලා තියෙන්නේ!</font>

822
00:50:38,452 --> 00:50:39,619
<font color="#ffbf46">ඔයා මෝඩයෙක්ද?</font>

823
00:50:39,703 --> 00:50:42,873
<font color="#ffbf46">අම්මේ!
උත්තර දෙනවා, ඔයා මෝඩයෙක්ද?</font>

824
00:50:43,707 --> 00:50:44,666
<font color="#ffbf46">නෑ, ඔයා මෝඩයෙක් නෙවෙයි.</font>

825
00:50:44,750 --> 00:50:47,544
<font color="#ffbf46">එහෙනම් ඇයි ඔයා අනිත් අයට ඕන විදියට
ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්නේ?</font>

826
00:50:47,627 --> 00:50:51,631
<font color="#ffbf46">පෙනුමෙන් විතරක් මනින මිනිස්සු
ඔයා කොච්චර හොඳ වුණත්</font>

827
00:50:51,715 --> 00:50:54,718
<font color="#ffbf46">ඔයාගේ මොකක් හරි අඩුපාඩුවක් හොයාගන්නවාමයි.</font>

828
00:50:54,801 --> 00:50:56,178
<font color="#ffbf46">එයාලට ඔයාව පාලනය කරන්න දෙන්න එපා.</font>

829
00:50:56,261 --> 00:50:58,096
<font color="#ffbf46">ඔයාගේ ජීවිතේ අයිති එයාලටද නැත්නම් ඔයාටද?</font>

830
00:51:02,976 --> 00:51:06,021
<font color="#ffbf46">මිනිස්සු මොනවා කිව්වත්,
ඔයා හැමතිස්සෙම ඉන්න ඕන ඔයාගේ පැත්තේ.</font>

831
00:51:06,646 --> 00:51:07,689
<font color="#ffbf46">ඔයා ලස්සනයි.</font>

832
00:51:08,315 --> 00:51:10,525
<font color="#ffbf46">මම ඔයාව හැදුවේ
ලස්සන මනුස්සයෙක් විදියට.</font>

833
00:51:14,029 --> 00:51:17,908
<font color="#ffbf46">මට හිතෙන්නේ ඔයත් මගේ නංගි හිටපු තත්වෙට
ගොඩක් සමානයි කියලා.</font>

834
00:51:18,742 --> 00:51:20,494
<font color="#ffbf46">ඔයා කියන්නේ මේක මගේ වැරැද්දක් කියලද?</font>

835
00:51:22,078 --> 00:51:24,372
<font color="#ffbf46">ඔයාගේ නංගිට ඒක ටික කාලෙකට විතරයි වුණේ,</font>

836
00:51:25,540 --> 00:51:28,251
<font color="#ffbf46">ඒත් මගේ මුළු ජීවිත කාලෙම
මිනිස්සු මාව මනින්නේ මගේ පෙනුමෙන්.</font>

837
00:51:29,628 --> 00:51:30,670
<font color="#ffbf46">මම මහත නිසා විතරයි.</font>

838
00:51:32,214 --> 00:51:35,759
<font color="#ffbf46">මම හිරවෙලා ඉන්නේ අනිත් මිනිස්සු
මට හදලා දීපු හිරගෙදරක.</font>

839
00:51:38,303 --> 00:51:41,181
<font color="#ffbf46">ඔයා හරි. මම කවදාවත් එහෙම දෙයකට මූණ දීලා නෑ,
ඉතින් මම ඇත්තටම දන්නේ නෑ.</font>

840
00:51:45,352 --> 00:51:48,688
<font color="#ffbf46">ඒ හිරගෙදර හදලා ඔයාව එතනට දාපු අය</font>

841
00:51:50,982 --> 00:51:53,276
<font color="#ffbf46"><i>මේ හැමදාම ඔයාගේ හිත රිද්දපු අයම
වෙන්නත් පුළුවන්.</i></font>

842
00:52:00,450 --> 00:52:01,326
<font color="#ffbf46"><i>ඒත්…</i></font>

843
00:52:02,869 --> 00:52:04,621
<font color="#ffbf46">ඔයාට එළියට එන්න බැරි වෙන්න</font>

844
00:52:05,247 --> 00:52:07,499
<font color="#ffbf46">ඒ දොර ලොක් කරගත්තේ
ඔයාමයි කියලා හිතෙන්නේ නැද්ද?</font>

845
00:52:34,693 --> 00:52:35,861
<font color="#ffbf46">ඔච්චර දඟලන්න එපා…</font>

846
00:52:37,404 --> 00:52:40,699
<font color="#ffbf46">ඔයා කැමති නැති පෙනුමක් තියාගන්න.</font>

847
00:52:42,284 --> 00:52:45,120
<font color="#ffbf46">ඔයාගේ ශරීරය අයිති ඔයාට මිසක් වෙන කාටවත් නෙවෙයි.</font>

848
00:52:48,874 --> 00:52:52,085
<font color="#ffbf46">ඔයාමයි ඒකට ආදරේ කරන්න ඕන, බලාගන්න ඕන.</font>

849
00:53:36,922 --> 00:53:38,423
<font color="#ffbf46">මට ඕන ඔයාව එළියට ගන්න.</font>

850
00:53:41,843 --> 00:53:43,470
<font color="#ffbf46">මට ඕන ඔයාව එළියට ගන්න,</font>

851
00:53:44,179 --> 00:53:46,806
<font color="#ffbf46">ඒත් මම දන්නේ නෑ කොහොමද කියලා.</font>

852
00:54:01,071 --> 00:54:02,948
<font color="#ffbf46">කොයි වෙලාවේද මේ…</font>

853
00:54:32,143 --> 00:54:35,188
<font color="#ffbf46"><i>යතුර තිබිලා තියෙන්නේ මගේ අතේමයි.</i></font>

854
00:55:08,304 --> 00:55:10,306
<font color="#ffbf46">ෂින් යේ-නා, සහකාර කළමනාකරු</font>

855
00:55:12,809 --> 00:55:14,519
<font color="#ffbf46">එයා හැමතිස්සෙම ඔච්චර හොඳට කතා කරනවද?</font>

856
00:55:16,771 --> 00:55:18,773
<font color="#ffbf46">එහෙනම් ඔයා එයාට පෙන්වන්න, රියොන්.</font>

857
00:55:19,357 --> 00:55:21,568
<font color="#ffbf46">මිනිස්සුන්ව බේරගන්නේ ඔයාගේ බලයෙන් නෙවෙයි,</font>

858
00:55:21,651 --> 00:55:23,486
<font color="#ffbf46">ඔයා කියන වචන වල බරටයි.</font>

859
00:55:24,195 --> 00:55:26,114
<font color="#ffbf46">මොකද එයා කතා කරන්නේ එයාගේ හදවතින්මයි.</font>

860
00:55:30,076 --> 00:55:32,996
<font color="#ffbf46">අපේ බොරු අයදුම්පත් අයින් කරලා
අපි අස්වීමේ ලිපි බාර දෙමු.</font>

861
00:55:35,290 --> 00:55:37,375
<font color="#ffbf46">ඔයා කොහෙද යන්නේ?
වැඩේ ඉවරයක් කරන්න.</font>

862
00:55:54,517 --> 00:55:57,771
<font color="#ffbf46">සමුගන්නේ නැතුවම ඔයා ගිය එක ගැන
මට දුක හිතුනා.</font>

863
00:55:58,354 --> 00:56:01,816
<font color="#ffbf46">ඒත් මට හරි සතුටක් දැනුනා,</font>

864
00:56:01,900 --> 00:56:05,570
<font color="#ffbf46">මේ වගේ තැනකදි හම්බවෙන්න
ඔයා මට කතා කරපු එක ගැන.</font>

865
00:56:06,404 --> 00:56:09,866
<font color="#ffbf46">ඉතින්, මම ටික කාලෙක ඉඳන්
දැනගන්න ආසාවෙන් හිටපු දෙයක් තියෙනවා.</font>

866
00:56:10,992 --> 00:56:11,910
<font color="#ffbf46">ඔයාට අහන්න පුළුවන්.</font>

867
00:56:13,078 --> 00:56:16,039
<font color="#ffbf46">ඔයාට තියෙන්නේ හරිම ලස්සන කකුල් දෙකක්.</font>

868
00:56:16,122 --> 00:56:18,958
<font color="#ffbf46">ඇයි ඒක කලිසම් ඇඳලා හංගගෙන ඉන්නේ?</font>

869
00:56:19,042 --> 00:56:22,504
<font color="#ffbf46">පෙන්සිල් ස්කර්ට් එකක්
ඔයාට මාර විදියට ගැලපෙයි.</font>

870
00:56:40,855 --> 00:56:42,982
<font color="#ffbf46">තමුන් වගේ මෝඩයින්ට පාඩමක් උගන්නන්න පුළුවන් වෙන්න.</font>

871
00:56:43,691 --> 00:56:46,111
<font color="#ffbf46">කූ මහත්මිය. තමුන් මොකෙක්ද, මැරයෙක්ද?</font>

872
00:56:46,194 --> 00:56:47,070
<font color="#ffbf46">මේ මොකද කරන්නේ?</font>

873
00:56:47,153 --> 00:56:49,823
<font color="#ffbf46">මම තමුන්ගේ මී මුත්තටත් වඩා වැඩිමල්,
පොඩ්ඩක් ගරු කරන්න ඉගෙන ගන්නවා.</font>

874
00:56:49,906 --> 00:56:51,032
<font color="#ffbf46">තමුන්ට පිස්සුද?</font>

875
00:56:53,743 --> 00:56:54,911
<font color="#ffbf46">පස්ස.</font>

876
00:56:58,248 --> 00:57:00,125
<font color="#ffbf46">ඉඟටිය.
තමුන්...</font>

877
00:57:01,751 --> 00:57:02,752
<font color="#ffbf46">පපුව.</font>

878
00:57:03,294 --> 00:57:04,921
<font color="#ffbf46">මේ ඔක්කොම තමුන් ගෑනු ළමයින්ට
විහිළු කරපු දේවල්නේ.</font>

879
00:57:05,004 --> 00:57:07,674
<font color="#ffbf46">මම හිතුවේ නෑ වචනෙන් කිව්වට
තමුන්ට තේරෙයි කියලා.</font>

880
00:57:07,757 --> 00:57:09,425
<font color="#ffbf46">තමුන්ට පිස්සු!</font>

881
00:57:11,928 --> 00:57:12,804
<font color="#ffbf46">නෑ, පිස්සු තියෙන්නේ තමුන්ට.</font>

882
00:57:14,556 --> 00:57:17,934
<font color="#ffbf46">මම හිතන්නේ තමුන් හොඳටම ඉගෙන ගනීවි
ඇඟටම දැනුනම, හරි නේද?</font>

883
00:57:18,017 --> 00:57:20,311
<font color="#ffbf46">අද ඉඳන්,
තමුන් කාගෙහරි හිතක් රිද්දන වාරයක් ගානේ,</font>

884
00:57:20,395 --> 00:57:21,312
<font color="#ffbf46">තමුන්ට බඩේ අමාරුවක් හැදෙයි</font>

885
00:57:21,396 --> 00:57:23,148
<font color="#ffbf46">එතකොට ටොයිලට් එකෙන් එළියට එන්නවත්
තමුන්ට බැරි වෙයි.</font>

886
00:57:23,982 --> 00:57:26,067
<font color="#ffbf46">කට වරද්දගන්නවට
තමුන්ගේ ඇඟට වන්දි ගෙවන්න වෙයි.</font>

887
00:57:26,151 --> 00:57:27,402
<font color="#ffbf46">තමුන්ගේ ඉතුරු දඬුවම</font>

888
00:57:28,069 --> 00:57:29,446
<font color="#ffbf46">තමුන් මැරුණට පස්සේ හම්බවෙයි.</font>

889
00:57:35,827 --> 00:57:36,703
<font color="#ffbf46">ඒයි!</font>

890
00:57:37,287 --> 00:57:38,413
<font color="#ffbf46">ඒයි!</font>

891
00:57:38,496 --> 00:57:41,583
<font color="#ffbf46">මම තමුන්ට හොඳින් සැලකුවා වැඩියි!</font>

892
00:57:41,666 --> 00:57:42,750
<font color="#ffbf46">ඒයි!</font>

893
00:57:42,834 --> 00:57:44,919
<font color="#ffbf46">මෙහෙ එනවා! නවතිනවා!</font>

894
00:57:57,390 --> 00:58:00,810
<font color="#ffbf46">මිනිස්සු ජරා විදියට කතා කරනවා ඇහිලත්,</font>

895
00:58:00,894 --> 00:58:03,563
<font color="#ffbf46">කොහොමද ඔයා ඒක ගණන් ගන්නේ නැතුව
හිනාවෙලා ඉන්නේ?</font>

896
00:58:05,440 --> 00:58:07,650
<font color="#ffbf46">ඒ වෙලාවට මටත් දුක හිතෙනවා තමයි.</font>

897
00:58:09,819 --> 00:58:12,280
<font color="#ffbf46">ඇත්තම කිව්වොත්,
මමත් කැමති නෑ ඒවා අහන්න.</font>

898
00:58:12,947 --> 00:58:15,658
<font color="#ffbf46">ඒත් මම මගේ ශරීරය ගැන ගොඩක් සතුටු වෙනවා.</font>

899
00:58:15,742 --> 00:58:18,411
<font color="#ffbf46">මම හිතන්නේ ඒකයි මට පුළුවන්
ඒවා ඉක්මනටම අමතක කරලා දාන්න.</font>

900
00:58:20,205 --> 00:58:21,873
<font color="#ffbf46">හිතාගන්න අමාරු ඇති,</font>

901
00:58:22,499 --> 00:58:24,584
<font color="#ffbf46">ඒත් මම පොඩි කාලේ,
මම හිටියේ ඇටසැකිල්ලක් වගේ.</font>

902
00:58:25,335 --> 00:58:26,753
<font color="#ffbf46">මම ගොඩක් අසනීපෙන් හිටියේ.</font>

903
00:58:27,462 --> 00:58:30,507
<font color="#ffbf46">ඒත් හාස්කමකින් වගේ මට සනීප වුනා.</font>

904
00:58:31,090 --> 00:58:33,134
<font color="#ffbf46">මට මේ ජීවිතේ එක පාරයිනේ ලැබෙන්නේ,</font>

905
00:58:33,218 --> 00:58:35,011
<font color="#ffbf46">ඒ නිසා අනිත් අය මොනවා කිව්වත්,</font>

906
00:58:35,094 --> 00:58:38,223
<font color="#ffbf46">මම තීරණය කළා මට ඕන දේ කාලා
සතුටින් ඉන්න.</font>

907
00:58:38,806 --> 00:58:40,558
<font color="#ffbf46">ඒ වගේම නිරෝගීව ඉන්නත් එක්ක, ඇත්තෙන්ම.</font>

908
00:58:42,060 --> 00:58:43,645
<font color="#ffbf46">මොකද සතුට ගැන මගේ මිනුම් දණ්ඩ වෙන්නේ,</font>

909
00:58:45,063 --> 00:58:46,356
<font color="#ffbf46">මමමයි.</font>

910
00:58:50,235 --> 00:58:52,278
<font color="#ffbf46">ගොඩක් ස්තූතියි වටිනා උපදෙසට,
ජොන්ග් මහත්මිය.</font>

911
00:59:22,058 --> 00:59:23,101
<font color="#ffbf46">මේක හරිම රසයි.</font>

912
00:59:35,697 --> 00:59:36,823
<font color="#ffbf46">මේක නියමයි!</font>

913
00:59:49,794 --> 00:59:51,921
<font color="#ffbf46">අවදානම් කළමනාකරණ කණ්ඩායම
සේවක චෝයි ජුන් වූන්</font>

914
00:59:53,256 --> 00:59:54,215
<font color="#ffbf46">ඔයා තාම මෙහෙද?</font>

915
00:59:54,882 --> 00:59:55,758
<font color="#ffbf46">ඇයි?</font>

916
00:59:59,304 --> 01:00:00,847
<font color="#ffbf46">මම නිකන් බය වුනා.</font>

917
01:00:01,806 --> 01:00:04,767
<font color="#ffbf46">උදව් කරන්න විදියක් නැති කෙනෙක්ව හම්බවුනාම
අපි මොකද කරන්නේ?</font>

918
01:00:06,477 --> 01:00:07,854
<font color="#ffbf46">ඔයා මොකද හිතන්නේ?</font>

919
01:00:07,937 --> 01:00:11,107
<font color="#ffbf46">අපේ රාජකාරිය වෙන්නේ ඒ මොනවා වුනත්
එයාලව බේරගන්න උත්සාහ කරන එකයි.</font>

920
01:00:12,150 --> 01:00:14,193
<font color="#ffbf46">එයාලට විතරයි පුළුවන්</font>

921
01:00:14,986 --> 01:00:16,654
<font color="#ffbf46">එයාලා වැටිලා ඉන්න තත්වෙන් ගොඩ එන්න.</font>

922
01:00:21,909 --> 01:00:24,996
<font color="#ffbf46">අපේ රාජකාරිය වෙන්නේ එයාලට සැනසීම,
අනුකම්පාව සහ සහයෝගය දෙන එකයි,</font>

923
01:00:25,580 --> 01:00:28,333
<font color="#ffbf46">ප්‍රශ්නෙට විසඳුමක් දෙනවට වඩා.</font>

924
01:00:30,209 --> 01:00:34,047
<font color="#ffbf46">මේ කුරිරු ලෝකෙදි
ඒ වගේ දේවල් ලැබෙනවා හරි අඩුයි.</font>

925
01:00:34,672 --> 01:00:35,673
<font color="#ffbf46">සහ...</font>

926
01:00:37,258 --> 01:00:39,010
<font color="#ffbf46">ඔයා මේ දේවල් තනියම කරනවා නෙවෙයිනේ.</font>

927
01:00:39,093 --> 01:00:41,137
<font color="#ffbf46">අනික ඔයා මොකටද අනාගතේ ගැන
කලින්ම බය වෙන්නේ?</font>

928
01:00:41,220 --> 01:00:42,138
<font color="#ffbf46">හරි.</font>

929
01:00:42,805 --> 01:00:43,931
<font color="#ffbf46">හරි.</font>

930
01:00:46,309 --> 01:00:47,310
<font color="#ffbf46">මැඩම්.</font>

931
01:00:47,393 --> 01:00:48,353
<font color="#ffbf46">මොකද?</font>

932
01:00:49,270 --> 01:00:50,897
<font color="#ffbf46">අර හදිසි ප්‍රතිකාර ඒකකයේදි.</font>

933
01:00:51,606 --> 01:00:53,024
<font color="#ffbf46">ඇයි ඔයා ඒ වැඩේ මට බාර දුන්නේ?</font>

934
01:00:54,817 --> 01:00:58,071
<font color="#ffbf46">මම හිතුවා ඔයා තමයි
ඒ වැඩේට හරියනම කෙනා කියලා.</font>

935
01:01:00,073 --> 01:01:00,948
<font color="#ffbf46">මොකක් පදනම් කරගෙනද?</font>

936
01:01:02,075 --> 01:01:04,327
<font color="#ffbf46">වයසක කෙනෙක්ගේ සහජ ඉවක් කියල කියමුකෝ.</font>

937
01:01:08,247 --> 01:01:09,165
<font color="#ffbf46">දැන් ගෙදර යන්න.</font>

938
01:01:13,169 --> 01:01:14,420
<font color="#ffbf46">හරි.</font>

939
01:01:21,761 --> 01:01:22,595
<font color="#ffbf46">හරි.</font>

940
01:01:27,725 --> 01:01:29,435
<font color="#ffbf46">එහෙනම් මම යන්නම්.</font>

941
01:01:31,104 --> 01:01:33,314
<font color="#ffbf46">රෑ වෙනකන් ඉන්න එපා, මැඩම්.</font>

942
01:01:48,037 --> 01:01:49,831
<font color="#ffbf46">පසු වදන</font>

943
01:01:56,087 --> 01:01:57,296
<font color="#ffbf46">මගේ අත...</font>

944
01:01:58,548 --> 01:01:59,465
<font color="#ffbf46">ඇතුලට එන්න.</font>

945
01:02:08,725 --> 01:02:11,060
<font color="#ffbf46">මොකක්? තව තියෙනවද?</font>

946
01:02:11,144 --> 01:02:12,895
<font color="#ffbf46">මේක ආත්මයන් පිළිබඳ අතින් ලියපු වාර්තාව.</font>

947
01:02:12,979 --> 01:02:17,608
<font color="#ffbf46">මේ මගුල් වෛරස් එක නිසා
මුළු කොම්පැනියම අවුල් වෙලා තියෙන්නේ.</font>

948
01:02:18,526 --> 01:02:21,487
<font color="#ffbf46">හොඳයි. ආරක්ෂක කණ්ඩායමට තමයි
අමාරුම වැඩේ තියෙන්න ඇත්තේ.</font>

949
01:02:21,571 --> 01:02:22,530
<font color="#ffbf46">ඒකට කමක් නෑ.</font>

950
01:02:23,990 --> 01:02:27,452
<font color="#ffbf46">මැෂින් නිසා වැඩ ලේසි වෙන්න ඇති,
ඒත් අවධානය අඩුවෙන්න දෙන්න බැහැ.</font>

951
01:02:27,535 --> 01:02:28,578
<font color="#ffbf46">දේවල් ලේසි වෙන තරමට,</font>

952
01:02:29,245 --> 01:02:33,291
<font color="#ffbf46">අපි මේ වගේ දේවල් වලට ලෑස්ති වුනේ නැත්නම්
ඊළඟ පාර මීට වඩා දරුණු වෙන්න පුළුවන්.</font>

953
01:02:34,167 --> 01:02:37,462
<font color="#ffbf46">මම හිතන්නේ අපිට බැකප් සිස්ටම් එකක්
තියෙන්න ඕනේ.</font>

954
01:02:38,463 --> 01:02:39,297
<font color="#ffbf46">හරි.</font>

955
01:02:39,380 --> 01:02:40,214
<font color="#ffbf46">ඉතින්...</font>

956
01:02:40,882 --> 01:02:41,758
<font color="#ffbf46">ඇතුලට එන්න.</font>

957
01:02:45,011 --> 01:02:46,554
<font color="#ffbf46">මෙන්න ඔයා අත්සන් කරන්න ඕන ලිපි ලේඛන</font>

958
01:02:46,637 --> 01:02:48,222
<font color="#ffbf46">අපේ නෙට්වර්ක් සිස්ටම් එකේ
නැවත පරීක්ෂාවට අදාළව.</font>

959
01:02:48,306 --> 01:02:50,683
<font color="#ffbf46">සිස්ටම් මැනේජ්මන්ට් ටීම් එකෙන්
කිව්වා මේවා ඔයාට දෙන්න කියලා.</font>

960
01:02:54,228 --> 01:02:55,354
<font color="#ffbf46">ඒයි!</font>

961
01:03:26,844 --> 01:03:29,388
<font color="#ffbf46"><i>කවුරුහරි මට පෞද්ගලික පණිවිඩයක් එව්වා.</i></font>

962
01:03:29,472 --> 01:03:32,350
<font color="#ffbf46"><i>සියදිවි නසාගැනීම් පෙන්නලා
සල්ලි හොයන කට්ටියක්ව මට හම්බවුණා.</i></font>

963
01:03:32,433 --> 01:03:34,644
<font color="#ffbf46"><i>එපා. කලබල වෙලා මුකුත් කරන්න එපා.</i></font>

964
01:03:34,727 --> 01:03:36,312
<font color="#ffbf46"><i>කමක් නෑ, මමම මේ වංචාකාරයව හොයාගන්නම්.</i></font>

965
01:03:36,395 --> 01:03:37,772
<font color="#ffbf46"><i>එයාගේ ID එක "මර දූතයා" ද?</i></font>

966
01:03:38,356 --> 01:03:41,400
<font color="#ffbf46"><i>"මමත් ඔයාලා එක්ක එකතු වෙනවා."</i></font>

967
01:03:41,484 --> 01:03:44,737
<font color="#ffbf46"><i>ඒත් අපි ඔක්කොම පොරොන්දු වුනානේ
අපි එකටමයි මැරෙන්නේ කියලා.</i></font>

968
01:03:44,821 --> 01:03:45,780
<font color="#ffbf46"><i>එයා මෙහෙ.</i></font>

969
01:03:45,863 --> 01:03:47,240
<font color="#ffbf46"><i>අපි මෙතනින් යන්න ඕනේ.</i></font>

970
01:03:47,323 --> 01:03:50,284
<font color="#ffbf46"><i>මම දැනටමත් එක පාරක් මැරිලනේ ඉන්නේ,
මම කිසි දේකට බය නෑ.</i></font>

971
01:03:50,368 --> 01:03:51,369
<font color="#ffbf46"><i>එයාට අවුලක් නෑ නේද?</i></font>

972
01:03:51,452 --> 01:03:53,120
<font color="#ffbf46">අපි එයාව අල්ලගන්න ඕනේ.</font>

973
01:03:53,204 --> 01:03:54,121
<font color="#ffbf46">චෝයි ජුන් වූන්.</font>

974
01:03:54,705 --> 01:03:55,998
<font color="#ffbf46">අපේ රාජකාරිය මොකක්ද?</font>

975
01:03:56,082 --> 01:03:58,501
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

