1
00:00:08,900 --> 00:00:10,110
2
00:00:10,110 --> 00:00:11,340
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜
3
00:00:11,340 --> 00:00:12,952
4
00:00:16,000 --> 00:00:19,533
මේ මගේ පියාණන් තෑගි කළ වටිනා තේ එකක්.
5
00:00:23,600 --> 00:00:26,133
මව්බිසවුණි.
6
00:00:26,867 --> 00:00:28,700
මව්බිසවුණි.
7
00:00:28,700 --> 00:00:31,733
පිටත කවුරුත් නැද්ද?
වහාම රාජකීය වෙදැදුරු කැඳවන්න.
8
00:00:31,733 --> 00:00:33,433
මව්බිසවුණි.
9
00:00:36,967 --> 00:00:40,133
අගබිසව ඝාතනය කළ ඔටුන්න හිමි කාං කුමරියව,
10
00:00:40,133 --> 00:00:43,567
මම මෙයින් එම තනතුරෙන් නෙරපා හරින අතර,
ඇයගේ පදවි නාමයන් ඉවත් කර,
11
00:00:43,567 --> 00:00:46,233
සාමාන්‍ය වැසියෙකු බවට පත් කරමි.
12
00:00:49,967 --> 00:00:51,900
ඒ නිසා, කුමරියනි.
13
00:00:52,667 --> 00:00:55,320
ඔබ අනුකම්පාව හෝ කුතුහලය
14
00:00:55,320 --> 00:00:58,333
නොසැලකිලිමත් ලෙස පෙන්විය යුතු නැහැ.
15
00:01:00,400 --> 00:01:02,800
ඔබ මොකක්ද මේ කියන්නේ?
16
00:01:04,033 --> 00:01:07,288
ඔබේ ගමන ඉතා දිගු හා භයානක වනු ඇත,
17
00:01:07,288 --> 00:01:09,933
කරුණාකර පරිස්සම් වන්න.
18
00:01:28,967 --> 00:01:30,933
ඇයි ඔබ ආවේ?
19
00:01:30,933 --> 00:01:32,300
මට ඔබව මතක් වුණා.
20
00:01:32,300 --> 00:01:36,167
මට තවදුරටත් ඔබව දකින්නට අවශ්‍ය නැහැ කුමරුනි.
21
00:01:36,167 --> 00:01:39,700
මගේ පවුල විනාශ කළ රාජකීය පවුලටත්,
මේ මාළිගාවටත්,
22
00:01:39,700 --> 00:01:43,500
කවදා හෝ එය පාලනය කරන ඔබටත් මම වෛර කරනවා.
23
00:01:43,500 --> 00:01:45,176
ඒ නිසා
24
00:01:45,176 --> 00:01:47,500
නැවත කවදාවත් මා සොයා එන්න එපා.
25
00:01:57,400 --> 00:01:59,300
ඔබ ඇත්තටමද ඔය කියන්නේ?
26
00:02:04,900 --> 00:02:06,700
ඔව්.
27
00:02:08,233 --> 00:02:10,233
එහෙනම් මම මෙය විසි කර දමනවා.
28
00:02:13,567 --> 00:02:15,167
එසේ කරන්න.
29
00:02:15,900 --> 00:02:18,233
ඔබ ගත්තේ නුවණක්කාර තීරණයක්.
30
00:02:19,833 --> 00:02:22,333
මට ඔටුන්න හිමි කුමරු තනතුර ගැන
31
00:02:22,333 --> 00:02:26,067
කිසිදු බැඳීමක් හෝ ආශාවක් නැහැ.
32
00:02:27,667 --> 00:02:30,467
මම කවදා හෝ පළමු වතාවට යමකට ආශා කළා නම්,
33
00:02:32,167 --> 00:02:34,667
ඒ ඔබට පමණයි, ඔබට පමණයි.
34
00:02:35,800 --> 00:02:37,733
ඒ නිසා රැඳී සිටින්න
35
00:02:38,567 --> 00:02:41,433
මගේ එකම ආශාව ලෙස, සදහටම.
36
00:02:43,000 --> 00:02:44,600
කරුණාකර...
37
00:02:47,633 --> 00:02:50,500
මාව අත්හැර යන්න එපා.
38
00:02:50,500 --> 00:02:52,167
යොන් වොල්.
39
00:02:57,067 --> 00:02:58,900
මාළිගාවට ආපසු යන්න.
40
00:02:59,867 --> 00:03:01,733
නැහැ.
41
00:03:01,733 --> 00:03:03,960
මම නැවත එනවා.
42
00:03:03,960 --> 00:03:06,500
ඔබ කොහේ ගියත් මම එනවා.
43
00:03:06,500 --> 00:03:08,632
අපි අනිවාර්යයෙන්ම
44
00:03:08,632 --> 00:03:11,300
එක් වනවාමයි!
45
00:03:19,667 --> 00:03:22,233
ඔබ නෙරපා හරින ලද ඔටුන්න හිමි කුමරියව
රැකබලා ගන්නවාද?
46
00:03:22,233 --> 00:03:23,367
එසේය.
47
00:03:23,367 --> 00:03:26,600
ඇය රැජිනට වස දුන් ද්‍රෝහියෙක්.
48
00:03:26,600 --> 00:03:29,000
එවැනි අපරාධකාරියක් රැකබලා ගැනීම නිසා
49
00:03:29,000 --> 00:03:32,000
ඔබේ ජීවිතය පවා නැති විය හැකි බව ඔබ දන්නවාද?
50
00:03:32,000 --> 00:03:34,233
මට එයින් කම් නැහැ.
51
00:03:34,233 --> 00:03:36,280
මම කුමරියගේ සහෝදරයාට පොරොන්දු වුණා
52
00:03:36,280 --> 00:03:39,267
මම ඇයව ආරක්ෂා කරනවා කියා.
53
00:03:45,100 --> 00:03:47,384
තව දින දෙකකින්,
54
00:03:47,384 --> 00:03:49,300
ෂින් හෝරාවේදී,
55
00:03:50,400 --> 00:03:54,033
මගේ නමින් ඇය වෙත වස ගෙන එනු ඇත.
56
00:03:55,033 --> 00:03:57,967
ඇයි ඔබ මට මෙය පවසන්නේ?
57
00:04:02,533 --> 00:04:05,433
මෙම ලිපිය ඇය වෙත භාර දෙන්න.
58
00:04:25,633 --> 00:04:27,267
තේරුණා.
59
00:04:27,967 --> 00:04:31,467
මෙය මහරජතුමා එවූ ලිපියක්.
60
00:04:40,400 --> 00:04:43,433
ඔටුන්න හිමි කුමරුගේ ජීවිතයට ඇත්තේ මාවත් දෙකයි.
61
00:04:43,433 --> 00:04:47,067
එක්කෝ සිහසුනට පත්වීම, නැතිනම් මරණය.
62
00:04:47,067 --> 00:04:50,833
ඔටුන්න හිමි කුමරු සියල්ල අතහැර
ඔබ සමඟ පලා යාමට අදහස් කරයි.
63
00:04:50,833 --> 00:04:54,067
එබැවින්, ඔහු වෙනුවෙන් මිය යන්න.
64
00:04:54,067 --> 00:04:56,856
[ලී හ්වි]
දුර ඈතකට පලා ගොස්
65
00:04:56,856 --> 00:04:58,633
සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකු ලෙස ජීවත් වන්න.
66
00:05:01,300 --> 00:05:03,800
මහරජතුමා මෙහි වස එවාවි.
67
00:05:03,800 --> 00:05:06,700
කුමරියනි, ඔබ වහාම පලා යා යුතුයි.
68
00:05:06,700 --> 00:05:09,133
මම ඇයි පලා යන්නේ?
69
00:05:09,133 --> 00:05:11,200
මම කිසිම වරදක් කර නැහැ.
70
00:05:11,967 --> 00:05:16,033
මම පලා ගියොත්, එයින් පෙනෙන්නේ
මම ඇත්තටම අගබිසව මැරුවා කියලයි.
71
00:05:16,033 --> 00:05:18,040
නමුත්...
72
00:05:18,040 --> 00:05:19,633
මම එහෙම කළේ නැහැ.
73
00:05:20,400 --> 00:05:21,867
මම දන්නවා.
74
00:05:21,867 --> 00:05:23,352
ඒත් ඉතින්,
75
00:05:23,352 --> 00:05:26,500
දැන් කවුද ඒක විශ්වාස කරන්නේ?
76
00:05:30,367 --> 00:05:32,600
මම පලා ගියොත්,
77
00:05:34,900 --> 00:05:39,000
කුමරු මාව හොයන්න මුළු රටම පීරාවි.
78
00:05:41,833 --> 00:05:45,667
තමන්ගේ මව ඝාතනය කළා යැයි චෝදනා ලැබූ බිරිඳක්
පසුපස හඹා යන
79
00:05:47,933 --> 00:05:50,533
ඔටුන්න හිමි කුමරෙක් දිවි ගලවා ගනීවිද?
80
00:05:53,167 --> 00:05:54,767
කුමරියනි.
81
00:05:55,400 --> 00:05:59,333
දැන් ඔබ ගැන විතරක් හිතන්න.
82
00:06:08,967 --> 00:06:11,032
හොඳයි.
83
00:06:11,032 --> 00:06:13,367
මම මම ගැන විතරක් හිතන්නම්.
84
00:06:14,133 --> 00:06:17,867
ඔබට පුළුවන්ද සැලසුම් කරන්න
85
00:06:17,867 --> 00:06:19,900
මම කොහේටද යන්න ඕනෙ, කොහොමද යන්නෙ කියලා?
86
00:06:19,900 --> 00:06:21,533
එසේය, කුමරියනි.
87
00:06:50,800 --> 00:06:53,208
කුමරුගෙ ආරක්ෂාවයි
88
00:06:53,208 --> 00:06:55,900
මගේ සැනසීම.
89
00:07:08,033 --> 00:07:09,667
ඔබ කවුද?
90
00:07:09,667 --> 00:07:13,200
දියෙහි ගිලෙන්න ගිහින් ඔබට මතකය අහිමි වුණා.
91
00:07:13,200 --> 00:07:16,070
ඔබේ නම පාර්ක් දල් ඊ,
92
00:07:16,070 --> 00:07:18,133
මම ඔබේ නැන්දා.
93
00:07:19,100 --> 00:07:20,733
පාර්ක්...
94
00:07:21,533 --> 00:07:24,333
දල්
95
00:07:24,333 --> 00:07:25,733
ඊ.
96
00:07:29,400 --> 00:07:31,600
හොං නාන්, නුඹ...
97
00:07:35,533 --> 00:07:38,100
ඇයි නුඹ මට බොරු කිව්වේ?
98
00:07:38,900 --> 00:07:41,033
ඇයි නුඹ එහෙම දෙයක් කළේ?
99
00:07:46,300 --> 00:07:48,733
මගේ අයියවයි නෑනාවයි එක්කන් වරෙන්.
100
00:07:48,733 --> 00:07:50,800
දැන්ම ගිහින් එයාලව එක්කන් වරෙන්!
101
00:07:50,800 --> 00:07:52,400
එහෙමයි.
102
00:08:15,933 --> 00:08:17,823
දැන්...
103
00:08:19,096 --> 00:08:21,467
දැන් ඔබේ මතකය ආපසු ඇවිත්ද?
104
00:08:23,633 --> 00:08:25,733
ටිකෙන් ටික...
105
00:08:26,933 --> 00:08:28,867
කොටසින් කොටස.
106
00:08:30,500 --> 00:08:32,867
එතකොට මම...
107
00:08:32,867 --> 00:08:34,808
මම ඇත්තටම
108
00:08:34,808 --> 00:08:36,733
කාං යොන් වොල්ද?
109
00:08:36,733 --> 00:08:38,567
ඔව්.
110
00:08:40,767 --> 00:08:45,200
මේක ව්‍යාකූල ඇති, නමුත් ඔබ
ඒක පිළිගන්න ඕනේ කුමරියනි.
111
00:08:45,200 --> 00:08:48,367
මම පිළිගත්තත් නැතත් මොකද?
112
00:08:48,367 --> 00:08:53,033
වසර පහකට කලින්, මම පාර්ක් දල් ඊ කියලා
ඔබ මට කියද්දී,
113
00:08:53,033 --> 00:08:56,133
මගේ මතකයේ එක මූණක්වත් තිබුණේ නැහැ.
114
00:08:56,933 --> 00:08:59,967
නමුත් දැන් ඒ මතකයන් වේගයෙන් ගලා එනවා...
115
00:08:59,967 --> 00:09:02,567
සෑම මුහුණක්ම හරිම පැහැදිලියි.
116
00:09:02,567 --> 00:09:06,167
මේ තමයි මගේ ඇත්ත මතකයන්.
117
00:09:06,167 --> 00:09:08,097
මම තමයි
118
00:09:08,097 --> 00:09:10,800
කාං යොන් වොල්.
119
00:09:10,800 --> 00:09:13,367
මගේ මනසට ඒක තේරෙනවා...
120
00:09:14,067 --> 00:09:16,433
නමුත් මතකයන් කියන්නේ මතකයන් පමණයි,
121
00:09:16,433 --> 00:09:19,200
මම මෙච්චර කාලයක් ජීවත් වුණේ පාර්ක් දල් ඊ විදියට.
122
00:09:19,200 --> 00:09:22,467
ඉතින්, මේ මොනවද කියලා මට තේරෙන්නේ නැහැ...
123
00:09:25,033 --> 00:09:29,067
කුමරියනි, ඔබේ ව්‍යාකූලත්වය සාධාරණයි.
124
00:09:29,067 --> 00:09:31,700
නමුත් අපිට වෙලාවක් නැහැ.
125
00:09:31,700 --> 00:09:33,733
ඔබ පලා යා යුතුයි.
126
00:09:35,400 --> 00:09:36,800
පලා යන්න?
127
00:09:36,800 --> 00:09:41,833
මහරජතුමා ඔබව නැවතත්
මියගිය කෙනෙක් බවට පත් කරාවි.
128
00:09:43,733 --> 00:09:45,767
මියගිය කෙනෙක්?
129
00:09:45,767 --> 00:09:48,067
එතුමා මාළිගාවට ගිනි තියලා
130
00:09:48,067 --> 00:09:52,367
ඔබේ ශරීරයට ගැළපෙන මෘත දේහයක්
එතුළ සූදානම් කර තිබෙනවා.
131
00:09:52,367 --> 00:09:57,767
එවිට කුමරිය ගින්නෙන් මිය ගිය බවට
සටහන් වේවි.
132
00:09:58,933 --> 00:10:01,233
මම වතුරේ ගිලෙන්න ගිහින් යන්තම් බේරුණේ,
133
00:10:01,233 --> 00:10:04,367
දැන් මම ගින්නට බියෙනුත් ජීවත් වෙන්න ඕනෙද?
134
00:10:04,367 --> 00:10:08,067
කුමරුට ඒ තරම් රිදවලා
මට තවදුරටත් ජීවත් වෙන්න කියලද ඔබ කියන්නේ?
135
00:10:08,067 --> 00:10:09,533
නැහැ, මට එහෙම කරන්න බැහැ.
136
00:10:09,533 --> 00:10:10,733
මම මාළිගාවට යා යුතුයි.
137
00:10:10,733 --> 00:10:11,800
ඔබට බැහැ.
138
00:10:11,800 --> 00:10:13,567
අයියේ!
139
00:10:15,768 --> 00:10:20,600
ඔබලා... ඇයි ඔබලා මේ හැමෝම මෙහෙම කරන්නේ?
140
00:10:20,600 --> 00:10:23,533
කුමරියනි, ඔබ මෙය අත්හැරිය යුතුයි.
141
00:10:23,533 --> 00:10:24,933
ඔබ යා යුතුයි.
142
00:10:24,933 --> 00:10:28,500
දැන් වේදනාවක් දැනේවි, නමුත් ඒක පහව යාවි.
143
00:10:28,500 --> 00:10:32,267
කාලය ගෙවී යනවා, කාලය තමයි හොඳම ඔසුව.
144
00:10:33,233 --> 00:10:34,776
අයියේ,
145
00:10:34,776 --> 00:10:36,933
කුමරියට මග පෙන්වන්න.
146
00:10:48,400 --> 00:10:49,700
අඬන එක නවත්තන්න.
147
00:10:49,700 --> 00:10:51,160
ඔබ දැන් ආපසු ගියොත්,
148
00:10:51,160 --> 00:10:53,400
ඔබ මිය යාවි.
149
00:10:56,233 --> 00:10:58,200
මම මෙහෙම ගියොත්...
150
00:11:00,233 --> 00:11:02,267
කුමරුගේ හැඟීම් ගැන මොකද කියන්නේ?
151
00:11:03,667 --> 00:11:05,567
පසුගිය අවුරුදු පහ පුරාම,
152
00:11:05,567 --> 00:11:08,533
මම ඔහුව ජීවත් කළේ බියකරු හීනයක.
153
00:11:10,667 --> 00:11:14,267
දැන් මම ඔහුව ආයිමත් නිරයකට ඇද දමන්නද?
154
00:11:14,267 --> 00:11:16,400
මට එහෙම කරන්න බැහැ.
155
00:11:16,400 --> 00:11:19,567
මට බැහැ.
156
00:11:19,567 --> 00:11:22,467
මට එහෙම කරන්න හිත හදාගන්න බැහැ.
157
00:11:25,700 --> 00:11:28,200
ඔබේ හිත ඒ තරම්ම රිදෙනවද?
158
00:11:31,700 --> 00:11:33,688
හදවතක්
159
00:11:33,688 --> 00:11:36,667
එච්චර ලේසියෙන් නවතින්නෙ නැහැ.
160
00:11:36,667 --> 00:11:38,433
කාලය තමයි බෙහෙත.
161
00:11:38,433 --> 00:11:41,000
ඒක හරියන්නේ කාලය ගත වුණාම විතරයි.
162
00:11:42,933 --> 00:11:48,233
හැම මොහොතකම ඒ දවස ගැන හිතන කෙනෙක්ට
කාලය ගත වෙන්නේ කොහොමද?
163
00:11:52,567 --> 00:11:54,200
කුමරියනි.
164
00:12:07,900 --> 00:12:08,933
ඔබ මොකද කරන්නේ?
165
00:12:08,933 --> 00:12:10,733
අනේ, සමාවෙන්න දරුවෝ.
166
00:12:10,733 --> 00:12:13,033
යන්න, දල් ඊ.
167
00:12:13,033 --> 00:12:14,700
අද චිල්සොක් දවස.
168
00:12:14,700 --> 00:12:17,467
අද, ඔබේ අම්මයි තාත්තයි තමයි කැහිබෙල්ලයි කපුටයි.
169
00:12:17,467 --> 00:12:20,133
ඇයි ඔයා යන්නෙ නැත්තෙ? පාලම කැඩෙයි.
170
00:12:20,133 --> 00:12:21,600
ඉක්මනට, යන්න!
171
00:12:21,600 --> 00:12:23,400
එපා. යන්න එපා!
172
00:12:23,400 --> 00:12:25,000
කුමරියනි.
173
00:12:25,000 --> 00:12:26,033
ඉක්මනට යන්න!
174
00:12:26,033 --> 00:12:27,533
- නෑ, මාව අතාරින්න.
- යමු!
175
00:12:27,533 --> 00:12:29,067
- දල් ඊ!
- ඉක්මන් කරන්න, යන්න!
176
00:12:29,067 --> 00:12:30,667
දල් ඊ!
177
00:12:30,667 --> 00:12:32,088
ඉක්මනට, යන්න!
178
00:12:32,088 --> 00:12:36,100
- දල්!
- යන්න!
179
00:12:36,100 --> 00:12:38,867
- දල්!
- යන්න!
180
00:12:45,333 --> 00:12:46,967
ආර්යාවනි.
181
00:12:53,533 --> 00:12:55,133
ආර්යාවනි.
182
00:13:18,904 --> 00:13:20,713
දෙයියනේ.
183
00:13:21,800 --> 00:13:24,967
ඔබ දෙදෙනාට තේරෙනවද ඔබ මේ කළේ මොකක්ද කියලා?
184
00:13:24,967 --> 00:13:28,567
ලේ රත් වෙච්ච වෙලාවක, ඔබලා දල් ඊව අනතුරකට දැම්මා.
185
00:13:28,567 --> 00:13:30,433
ඇය මැරෙන්න වුණත් කැමතියි කිව්වා.
186
00:13:30,433 --> 00:13:32,567
ඇය කැමති නම්, ඇය යා යුතුයි.
187
00:13:32,567 --> 00:13:34,933
ඔබලා නිකන් පැත්තකට වෙලා බලා ඉන්නද හදන්නේ?
188
00:13:34,933 --> 00:13:39,133
ලේ නෑකමක් නොතිබුණත්, පසුගිය වසර පහේම
ඔබලා ඇයගේ දෙමාපියන් වුණා.
189
00:13:39,133 --> 00:13:40,900
නමුත්, නැන්දේ,
190
00:13:40,900 --> 00:13:43,300
ඒ දල් ඊගේ ජීවිතය.
191
00:13:43,300 --> 00:13:46,467
දෙමාපියන්ට දරුවන් වෙනුවෙන් මැරෙන්න පුළුවන්,
192
00:13:46,467 --> 00:13:49,100
නමුත් ඔවුන් වෙනුවෙන් ජීවත් වෙන්න බැහැ.
193
00:13:49,100 --> 00:13:50,800
ඇත්ත.
194
00:13:50,800 --> 00:13:54,033
ඔබ පවා දුක් විඳින්නේ ඔබ ආදරය කළ
මියගිය කෙනෙකුට වූ පොරොන්දුවක් නිසා.
195
00:13:54,033 --> 00:13:57,367
එහෙනම් තමන් තවමත් ආදරය කරන කෙනාව දාලා යද්දී
දල් ඊට කොහොම දැනෙනවා ඇත්ද?
196
00:13:57,367 --> 00:14:00,467
- අයියේ.
- අපි අත්දැකීමෙන් දන්නවා.
197
00:14:00,467 --> 00:14:02,500
සමහර හැඟීම් වෙනුවෙන් මැරෙන්නත් වටිනවා.
198
00:14:02,500 --> 00:14:05,067
මොනවා කරන්නද?
199
00:14:05,067 --> 00:14:07,200
ආදරයෙන් අන්ධ වුණාම, වෙන කිසිම දෙයක් වැඩක් නෑ.
200
00:14:13,400 --> 00:14:15,133
නුඹ මෝඩයෙක්...
201
00:14:15,133 --> 00:14:16,967
මමද?
202
00:14:16,967 --> 00:14:18,733
නුඹ නෙවෙයි.
203
00:14:19,867 --> 00:14:22,500
නුඹ මෝඩ කෙල්ලක්.
204
00:14:22,500 --> 00:14:24,433
ඇයි යන්නේ?
205
00:14:24,433 --> 00:14:26,600
ඇයි මැරෙන්නේ?
206
00:14:26,600 --> 00:14:29,533
නුඹට සිහිය නැති වුණා විතරක් නෙවෙයි,
207
00:14:29,533 --> 00:14:32,167
නුඹට පිස්සු වැටිලා...
208
00:14:32,167 --> 00:14:34,667
ඔබ කා ගැනද ඔය කියන්නේ?
209
00:14:39,567 --> 00:14:41,300
කාං යොන් වොල් ගැන.
210
00:14:45,467 --> 00:14:47,367
හරි.
211
00:14:47,367 --> 00:14:49,833
ඔබ ටිකක්වත් හිතුවෙ නැහැ.
212
00:14:49,833 --> 00:14:53,700
ඔටුන්න හිමි කුමරු හැම දවසකම යුද්ධයකට මුහුණ දෙනවා.
213
00:14:53,700 --> 00:14:58,367
ඒ රහස් ගිවිසුම නිසා එතුමාගේ හදවත
කෑලි වලට කැඩිලා ඇති.
214
00:14:58,367 --> 00:15:01,767
මතකයන් ටිකක් ආපසු ආවා කියලා,
මට මෙහෙම නිකන් ඉන්න බැහැ.
215
00:15:01,767 --> 00:15:02,767
ආර්යාවනි.
216
00:15:02,767 --> 00:15:06,233
මට ඔබ කියන එක වචනයක්වත් තේරෙන්නේ නැහැ.
217
00:15:06,233 --> 00:15:09,300
තේරුම් ගන්න ඕනෙ නෑ, මේ ඔක්කොම විකාර.
218
00:15:10,600 --> 00:15:12,120
මුලින්ම,
219
00:15:12,120 --> 00:15:13,700
මම ප්‍රධාන ශාලාවට යා යුතුයි.
220
00:15:13,700 --> 00:15:15,300
ඉන්න, ආර්යාවනි.
221
00:15:15,300 --> 00:15:20,200
මහරජතුමා කියන්නේ ඔබට හිතුනු පළියට
හමුවෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.
222
00:15:20,200 --> 00:15:22,067
එතුමා මුලින්ම ඔබව කැඳවිය යුතුයි...
223
00:15:22,067 --> 00:15:23,867
කොහොමත් එතුමා මාව කැඳවාවි.
224
00:15:23,867 --> 00:15:25,467
අපි වෙලාව ඉතිරි කර ගමු.
225
00:15:25,467 --> 00:15:29,000
මේ මොහොතේ ඉඳන්, මේක හදිසි අවස්ථාවක්.
226
00:15:30,633 --> 00:15:32,367
හරි.
227
00:15:33,067 --> 00:15:36,000
මම මේ ඔබව කැඳවන්න හැදුවා විතරයි.
228
00:15:36,000 --> 00:15:39,133
ඔබට මොකද වුණේ ආපසු එන්න?
229
00:15:39,133 --> 00:15:41,400
ඔබ කවුද කියලා ඔබට ආරංචි වුණේ නැද්ද?
230
00:15:41,400 --> 00:15:43,133
ආරංචි වුණා.
231
00:15:44,133 --> 00:15:45,633
වගේම මගේ මතකයත් ගොඩක් දුරට ආපසු ලැබුණා.
232
00:15:45,633 --> 00:15:48,333
එහෙනම්, ඔබ පලා යා යුතුව තිබුණා.
233
00:15:48,333 --> 00:15:50,133
ඇයි ඔබ ආපසු ආවේ? ඇයි?
234
00:15:50,133 --> 00:15:51,967
මම ඇයි පලා යන්නේ?
235
00:15:51,967 --> 00:15:54,400
වම් අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම ඔබට හානි කරයි.
236
00:15:54,400 --> 00:15:56,533
එසේය, මහරජතුමනි ඔබ පවසන පරිදිම,
237
00:15:56,533 --> 00:16:00,633
මම ඔටුන්න හිමි කුමරිය වුණත් නැතත්,
වම් අමාත්‍යවරයා මාව මරන්න ක්‍රමයක් හොයා ගනීවි.
238
00:16:00,633 --> 00:16:03,800
ඔහු විනිශ්චය සභාවට බොරු සාක්ෂිකරුවන් පවා
ගෙනාවා,
239
00:16:03,800 --> 00:16:06,933
පළාත් අට පුරාම ඔහුගේ මිනිස්සු ඉන්නවා.
240
00:16:06,933 --> 00:16:09,133
ඔහු මාව මරන්නම තීරණය කරලා නම් ඉන්නේ,
241
00:16:09,133 --> 00:16:12,333
මාළිගාව ඇතුළට වඩා පිටතදී ඒක කරන එක
ඔහුට ගොඩක් ලේසි වේවි.
242
00:16:14,267 --> 00:16:15,992
නමුත් තවමත්,
243
00:16:15,992 --> 00:16:18,800
ඔබ ඇත්තටම කවුද කියලා ඔහු හොයා ගන්න එක
කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.
244
00:16:18,800 --> 00:16:19,800
හරියටම හරි.
245
00:16:19,800 --> 00:16:23,033
මම දැන් පලා ගියොත්, මම ඔටුන්න හිමි කුමරිය බව
මමම පිළිගත්තා හා සමානයි.
246
00:16:23,033 --> 00:16:24,767
ඇයි අපි ඔහුට ඒ වාසිය ලබා දෙන්නේ?
247
00:16:24,767 --> 00:16:26,900
විනිශ්චය සභාවේ සිදුවූ දෙයින් පසුව,
248
00:16:26,900 --> 00:16:29,767
සාක්ෂිකරුවන් මාර්ගයෙන් තවදුරටත් මාව හෙළි කරන්න
ඔහුට බැහැ.
249
00:16:29,767 --> 00:16:34,133
මම ඔටුන්න හිමි කුමරිය බව ඔප්පු කරන්න ඔහුට
සාක්ෂි අවශ්‍යයි. ඔහු ඒවා කොහෙන් හොයා ගන්නද?
250
00:16:35,900 --> 00:16:37,600
වම් අමාත්‍යවරයා
251
00:16:39,133 --> 00:16:41,467
බිහිසුණු මිනිසෙක්.
252
00:16:41,467 --> 00:16:44,067
ඔහු අනිවාර්යයෙන්ම ඔබට හානි කරාවි.
253
00:16:44,067 --> 00:16:45,880
එවිට ඔටුන්න හිමි කුමරු
254
00:16:45,880 --> 00:16:49,733
ඔබව ආරක්ෂා කරන්න තමන්ගේ ජීවිතය වුණත් දේවි.
255
00:16:49,733 --> 00:16:53,067
සහ මම, තවමත් බලයක් නැති සහ වැඩකට නැති,
256
00:16:53,067 --> 00:16:56,067
ඔබ දෙදෙනාවම බේරාගැනීමට නොහැකි වනු ඇත.
257
00:16:57,267 --> 00:17:00,300
වසර පහකට පෙර තිබූ දෙයට වඩා කිසිවක් වෙනස් වී නැහැ.
258
00:17:02,367 --> 00:17:04,867
කිසිවක් වෙනස් වී නැහැ.
259
00:17:04,867 --> 00:17:06,500
නැහැ.
260
00:17:12,933 --> 00:17:14,700
මම වෙනස් වෙලා.
261
00:17:14,700 --> 00:17:20,433
මම දැන් අවුරුදු පහකට කලින් නිහඬවම
අතුරුදහන් වුණ කාන්ග් යොන් වොල් නෙවෙයි.
262
00:17:20,433 --> 00:17:22,833
මගේ මතකයන් නැවත ලැබුණත් නැතත්,
263
00:17:22,833 --> 00:17:24,120
දැන්
264
00:17:24,120 --> 00:17:26,767
මම පාක් දල් ඉ,
265
00:17:27,467 --> 00:17:30,300
රැඳී සිටීමට තීරණය කළේ,
266
00:17:30,933 --> 00:17:32,633
දිවි ඇති තෙක් උතුමාණන් ළඟින්මයි.
267
00:17:37,300 --> 00:17:39,233
මම...
268
00:17:39,233 --> 00:17:41,656
කිසිදාක
269
00:17:41,656 --> 00:17:43,767
උතුමාණන්ව හැර යන්නේ නැහැ.
270
00:17:46,833 --> 00:17:49,667
මම හොඳින්ම දන්නවා,
271
00:17:49,667 --> 00:17:52,800
රජතුමනි, ඔබතුමාට ඔහුව ආරක්ෂා කිරීමට අවශ්‍ය බව,
272
00:17:53,567 --> 00:17:57,700
මම කැමති තරමටම... නැහැ, ඊටත් වඩා වැඩියෙන්.
273
00:17:58,333 --> 00:18:03,600
ඒ නිසා මේ වෙලාවේ බිය වී, කුමරුගේ
ආරක්ෂාව ගැන පමණක් සිතන්න එපා.
274
00:18:05,800 --> 00:18:07,800
එක වතාවක්වත්,
275
00:18:09,100 --> 00:18:11,233
මේ එක වතාවක්වත්...
276
00:18:11,233 --> 00:18:14,033
කරුණාකර කුමරුගේ හිත ගැන හිතන්න.
277
00:18:16,700 --> 00:18:18,300
කරුණාකර.
278
00:18:23,600 --> 00:18:26,233
පසුගිය වසර පහ පුරාවටම,
279
00:18:26,233 --> 00:18:30,200
කුමරු සෑම දිනකම අපායක ගෙවනවා වගේ වරදකාරී හැඟීමෙන් පීඩා වින්දා.
280
00:18:30,967 --> 00:18:34,033
දැන් තමයි කුමරු නැවත හුස්ම ගන්න පටන් ගත්තේ.
281
00:18:35,233 --> 00:18:38,267
ඔබ ඔහුව නැවතත් ඒ දුකට ඇද දමන්නද යන්නේ?
282
00:18:38,900 --> 00:18:40,533
පියාණෙනි.
283
00:18:47,200 --> 00:18:50,744
[11 වන කොටස - යළි අවදි වූ අතීත මතකය]
284
00:19:00,333 --> 00:19:02,776
ඔහු නොනවත්වාම මත්පැන් පානය කරනවා
285
00:19:02,776 --> 00:19:05,300
ජෙමුල්පෝ වලදී අල්ලා ගත් මොහොතේ පටන්ම.
286
00:19:05,300 --> 00:19:07,000
දිගටම මෙහෙම ජීවත් වෙන්නද බලාපොරොත්තුව?
287
00:19:07,000 --> 00:19:10,008
මට තේරෙන්නේ නැහැ
288
00:19:10,008 --> 00:19:12,267
වෙන මොනවා කරන්නද කියලා.
289
00:19:12,900 --> 00:19:14,500
සිහියට එන්න.
290
00:19:14,500 --> 00:19:16,233
කරුණාකර ඒක ආපහු දෙන්න.
291
00:19:17,367 --> 00:19:20,733
බැහැ. ඔබ දැනටමත් හොඳටම වෙරි වෙලා.
292
00:19:20,733 --> 00:19:22,808
මගේ වෙරි හිදුනොත්,
293
00:19:22,808 --> 00:19:25,000
මම කොහොමද ජීවත් වෙන්නේ?
294
00:19:29,067 --> 00:19:30,520
මට ආරංචි වුණා වූ හීව
295
00:19:30,520 --> 00:19:33,000
වෙනම මාලිගාවක සිර කරලා කියලා.
296
00:19:34,533 --> 00:19:37,333
සාමාන්‍යයෙන්, කිරුළ හිමි කුමරියට ඉන්න වෙන්නේ වෙනම මාලිගාවේ තමයි.
297
00:19:37,333 --> 00:19:38,900
හරි.
298
00:19:38,900 --> 00:19:43,400
මාලිගාව කියන්නෙත් ලොකු හිරගෙයක්නේ.
299
00:19:44,133 --> 00:19:46,867
මම පියාණන්ට කිව්වා කිරුළ අත්හරින්න කියලා.
300
00:19:47,567 --> 00:19:48,867
කිරුළ අත්හරින්න?
301
00:19:48,867 --> 00:19:52,967
අර රහස් ගිවිසුම නිසා පියාණන්ව වම්
අමාත්‍යවරයා විසින් පාලනය කරනවා.
302
00:19:52,967 --> 00:19:56,700
ඔහු කුමන්ත්‍රණය නීතිවිරෝධී බව
පිළිගෙන ඔබට කිරුළ පවරනවා නම්...
303
00:19:56,700 --> 00:20:00,933
ඔබට, හිටපු රජතුමාගේ නීත්‍යානුකූල උරුමක්කාරයා
විදිහට, ඔහුට දඬුවම් කරන්න අයිතියක් ලැබෙනවා.
304
00:20:02,333 --> 00:20:04,280
ඔබට අවශ්‍ය මම
305
00:20:04,280 --> 00:20:06,733
ඒ සිංහාසනයේ ඉඳගන්නවටද?
306
00:20:07,500 --> 00:20:12,867
මගේ මව මරා දමා මාව එළවා දැමූ ඒ ලේ තැවරුණු සිංහාසනයේ?
307
00:20:12,867 --> 00:20:14,533
මම එතන ඉඳගත්තට පස්සේ,
308
00:20:16,600 --> 00:20:19,300
කවුද මගේ ළඟ ඉතුරු වෙන්නේ?
309
00:20:20,333 --> 00:20:22,933
ඔබව සහ මගේ පියාණන්ව පලවා හැරියට පස්සේ,
310
00:20:22,933 --> 00:20:27,233
ද්‍රෝහියෙකුගේ දියණියක් බවට පත්වෙලා මාලිගාවේ
දාසියක් වුණු වූ හීව අහිමි වුණාට පස්සේ...
311
00:20:27,233 --> 00:20:31,300
සිංහාසනය කියලා හඳුන්වන ඒ අපායේ මම තවදුරටත් ජීවත් වෙන්නේ ඇයි?
312
00:20:31,300 --> 00:20:33,272
ඒක නම් ගෙවන්න ඕන වන්දිය,
313
00:20:33,272 --> 00:20:36,167
පලිගැනීමෙන් වැඩක් නැහැ.
314
00:20:36,167 --> 00:20:37,800
ජේ වූන්.
315
00:20:38,733 --> 00:20:42,233
මේ හැමදේම වම් අමාත්‍යවරයා නිසා නේද?
316
00:20:42,233 --> 00:20:45,976
ඔහු හිටියේ නැත්නම්, හැමෝටම සාමකාමීව ඉන්න තිබුණා.
317
00:20:46,633 --> 00:20:48,152
අපිට බැරිද
318
00:20:48,900 --> 00:20:51,033
වම් අමාත්‍යවරයාව මරලා දාන්න?
319
00:20:51,033 --> 00:20:53,720
ඒක එච්චර ලේසි නම්,
මම ඒක ගොඩක් කාලෙකට කලින් කරලා.
320
00:20:54,467 --> 00:20:56,733
ඔහු වටේට දක්ෂ ආරක්ෂකයින් ඉන්නවා,
321
00:20:56,733 --> 00:21:00,300
මාලිගාව ඇතුළෙත්, රාජකීය ආරක්ෂකයින්
රකින්නේ රජතුමාව නෙවෙයි, ඔහුව.
322
00:21:00,300 --> 00:21:02,667
ඔහුගේ සටන් හැකියාවනුත් ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
323
00:21:02,667 --> 00:21:07,233
ඇත්තම කිව්වොත්, හමුදා පරීක්ෂකවරු අතර, ඔහු පුරාවෘත්තයක් වගේ.
324
00:21:08,033 --> 00:21:09,600
ඒක තමයි.
325
00:21:09,600 --> 00:21:11,992
එක් කෙනෙක් නැති වුණොත්, හැමදේම වෙනස් වෙනවා.
326
00:21:12,767 --> 00:21:14,296
පොඩ්ඩක් ඉන්න.
327
00:21:14,933 --> 00:21:17,144
ඔබ ඇත්තටම සිංහාසනයට අකමැති නම්,
328
00:21:17,967 --> 00:21:19,300
මම වෙන ක්‍රමයක් හොයන්නම්.
329
00:21:19,300 --> 00:21:21,432
වෙන ක්‍රමයක් තියෙනවද?
330
00:21:22,800 --> 00:21:24,728
සහෝදරයා,
331
00:21:24,728 --> 00:21:26,733
කරුණාකර මුකුත් කරන්න එපා.
332
00:21:26,733 --> 00:21:28,083
නිකන්
333
00:21:29,016 --> 00:21:31,067
පැත්තකට වෙලා ඉන්න.
334
00:21:43,700 --> 00:21:45,333
ආර්යාවනි.
335
00:21:46,667 --> 00:21:48,133
මම හොඳින්.
336
00:21:48,133 --> 00:21:51,933
හොඳින්? ඔබ අද දවසම හිටියේ අමුතු විදිහට.
337
00:21:51,933 --> 00:21:53,967
රස්නේ නිසා අසනීප වෙලාද?
338
00:21:57,367 --> 00:21:59,600
වෙන්න ඇති.
339
00:21:59,600 --> 00:22:01,933
වහින්නෙත් නැහැ, ඉර පායලා.
340
00:22:01,933 --> 00:22:03,992
මට
341
00:22:03,992 --> 00:22:06,267
රස්නේ නිසා අමාරු වෙන්න ඇති.
342
00:22:06,267 --> 00:22:07,900
මේක හරියන්නේ නැහැ.
343
00:22:08,867 --> 00:22:11,000
යන්න කලින් ටිකක් වාඩි වෙන්න.
344
00:22:11,867 --> 00:22:12,900
ආර්යාවනි.
345
00:22:12,900 --> 00:22:17,400
මම වතුර ටිකක් ගේන්නම්, මෙතනින් ඉන්න.
346
00:23:31,833 --> 00:23:34,133
මට ඔබව මතක් වුණා, ආර්යාවනි.
347
00:23:36,967 --> 00:23:39,400
ආර්යාවනි, මේ වතුර.
348
00:23:41,733 --> 00:23:43,200
යොන් සිම්.
349
00:23:43,200 --> 00:23:45,200
ඇයි?
350
00:23:45,200 --> 00:23:47,400
අද මම
351
00:23:47,400 --> 00:23:52,133
දවස තිස්සෙම අවුලෙන් හිටියේ.
352
00:23:52,800 --> 00:23:54,933
මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා.
353
00:23:54,933 --> 00:23:58,167
ඔව්, ඒ නිසා ඉස්සෙල්ලා බොන්නකෝ...
354
00:24:00,867 --> 00:24:02,467
නමුත්
355
00:24:04,200 --> 00:24:06,400
දැන් මට එක දෙයක් තේරෙනවා.
356
00:24:07,400 --> 00:24:10,100
මට දැන්ම උතුමාණන්ව හමුවෙන්න ඕන.
357
00:24:33,500 --> 00:24:34,900
දල්.
358
00:24:34,900 --> 00:24:36,967
මොකද මේ පැත්තේ?
359
00:24:41,233 --> 00:24:43,067
නැහැ!
360
00:24:43,067 --> 00:24:47,433
මම ආයෙත් එන්නම්, මම කොහේ ගියත් ඔබ පස්සේ එනවා.
361
00:24:47,433 --> 00:24:49,700
අපි
362
00:24:49,700 --> 00:24:52,200
අනිවාර්යයෙන්ම එකට ඉන්නවා!
363
00:25:16,000 --> 00:25:18,167
මට ඔබත් එක්ක ඉන්න ඕන.
364
00:25:38,767 --> 00:25:43,467
කරුණාකරලා උතුමාණන්ට කියන්න එපා මගේ මතකය ආපහු ආවා කියලා.
365
00:25:44,267 --> 00:25:46,648
එතුමා දැනටමත් ලොකු බරක් හිතේ තියාගෙන ඉන්නේ.
366
00:25:46,648 --> 00:25:49,467
මට එතුමාගේ කරදර වැඩි කරන්න ඕන නැහැ.
367
00:25:50,233 --> 00:25:52,067
ඒ වගේම ලැජ්ජා නැති වැඩක් වුණත්,
368
00:25:52,967 --> 00:25:55,667
මට සිද්ධ වෙනවා මගේ පවුලේ අයව
ආරක්ෂා කරන්න කියලා ඔබෙන් ඉල්ලන්න.
369
00:26:04,900 --> 00:26:06,667
පාක් නපුංසක.
370
00:26:11,533 --> 00:26:15,633
විශ්වාසවන්ත රාජකීය ආරක්ෂකයින්ව උන්ජොන්ගුං
මාලිගාවේ සේවකයින් විදිහට වෙස් ගන්වලා,
371
00:26:15,633 --> 00:26:18,300
කිරුළ හිමි කුමරියගේ පවුලේ අයව ආරක්ෂා කරන්න යවන්න.
372
00:26:19,333 --> 00:26:23,300
කවදාවත් ඔවුන්ව වම් අමාත්‍යවරයාට අහුවෙන්න ඉඩ තියන්න එපා.
373
00:26:23,300 --> 00:26:26,833
එතකොට, රජතුමනි, කිරුළ හිමි කුමරියව මාලිගාවේ තියාගන්නවද?
374
00:26:26,833 --> 00:26:29,867
අපිට ඇයව ආරක්ෂා කරගන්න බැරි වුණොත්,
375
00:26:31,100 --> 00:26:33,733
කාන්ග් පවුල විනාශ වෙයි.
376
00:26:38,267 --> 00:26:41,800
මේ අවුරුදු පහ ඇතුළත ඔවුන් වෙනස් වෙලා.
377
00:26:42,833 --> 00:26:45,333
වැඩිහිටියෙක් විදිහට, මමත් වෙනස් වෙන්න ඕන.
378
00:26:55,967 --> 00:26:57,976
රජතුමා
379
00:26:57,976 --> 00:27:01,067
ආරක්ෂකයින්ව උන්ජොන්ගුං මාලිගාවට යැව්වා.
380
00:27:01,067 --> 00:27:04,733
ඔව්, සෝ හූන්ගේ පවුලේ අය එහේ ජීවත් වෙන්නේ.
381
00:27:04,733 --> 00:27:06,840
උන්වොල්ගක් වල ගීසැං හොං නාන්
382
00:27:06,840 --> 00:27:09,200
ඇගේ නැන්දා කියලා කියනවා.
383
00:27:09,200 --> 00:27:11,333
මට විශ්වාසයක් තිබුණේ නැති නිසා මම ඒක කියන්න පැකිලුණා.
384
00:27:11,333 --> 00:27:14,700
නමුත් සෝ හූන්ගේ අසල්වැසියෝ මැරෙන්න කලින් අමුතු දේවල් කිව්වා.
385
00:27:14,700 --> 00:27:18,033
ඔවුන් කියනවා සෝ හූන් මීට වසර පහකට කලින්
බොර්යොං වලට හදිසියේම ආව කතාව ඇත්ත කියලා,
386
00:27:18,033 --> 00:27:21,080
ඒ වගේම ඇය ඇත්තටම
387
00:27:21,080 --> 00:27:22,667
හෝ මහත්මයාගේ බිරිඳගේ ලේලිය නෙවෙයිලු.
388
00:27:22,667 --> 00:27:24,800
ඇයි මේක මට දැන් කියන්නේ?
389
00:27:24,800 --> 00:27:27,467
මම හිතුවේ ඔවුන් ජීවත් වෙන්න බොරු කියනවා කියලා...
390
00:27:27,467 --> 00:27:29,167
මට සමාවෙන්න.
391
00:27:29,833 --> 00:27:32,400
සෝ හූන්ගේ පවුලේ අයව අත්අඩංගුවට ගන්න.
392
00:27:32,400 --> 00:27:35,300
සමාවෙන්න, උන්ජොන්ගුං මාලිගාව කියන්නේ රජතුමා කලින් හිටපු තැන.
393
00:27:35,300 --> 00:27:37,600
අපිට එතනට හිතුමතේ ඇතුළු වෙන්න බැහැ...
394
00:27:42,600 --> 00:27:44,533
මම ක්‍රමයක් හොයාගන්නම්.
395
00:27:49,733 --> 00:27:52,067
අපේ රජතුමා...
396
00:27:52,800 --> 00:27:57,667
තවමත් පෞද්ගලික බැඳීම් වල හිරවෙලා ඉන්නේ.
397
00:28:02,367 --> 00:28:04,400
මම නිදාගන්න ඕන.
398
00:28:17,567 --> 00:28:20,633
ඇයි... ඇයි ඔබ මෙහෙම හැසිරෙන්නේ?
399
00:28:20,633 --> 00:28:21,633
මොකක්ද?
400
00:28:21,633 --> 00:28:25,300
මගේ සැමියාගේ මූණ දකින්න ඕන වෙන එක වැරදිද?
401
00:28:25,300 --> 00:28:28,300
ඒක හොඳයි... නමුත්,
402
00:28:29,167 --> 00:28:31,700
ඔබට ලැජ්ජා නැද්ද?
403
00:28:31,700 --> 00:28:33,367
මම නිකන් අපහසුතාවයට පත් වුණා.
404
00:28:33,367 --> 00:28:35,033
එච්චරයි.
405
00:28:49,900 --> 00:28:51,433
ටිකක් ඉවසන්න.
406
00:28:51,433 --> 00:28:52,833
මම මගේ යුතුකම ඉටු කරනවා.
407
00:28:52,833 --> 00:28:54,633
යුතුකම... ඉටු කරනවා?
408
00:28:56,312 --> 00:28:57,503
ඔබ...
409
00:28:59,100 --> 00:29:02,168
මම දැන් ඉන්නේ
410
00:29:02,168 --> 00:29:04,700
ඔබත් එක්ක.
411
00:29:04,700 --> 00:29:07,400
මම කවදාවත් ඔබව දාලා යන්නේ නැහැ.
412
00:29:14,733 --> 00:29:17,567
මේක මොකක් හරි ඉඟියක්ද?
413
00:29:18,733 --> 00:29:20,333
අද...
414
00:29:30,500 --> 00:29:34,467
නරියෝ, ඔබ හිතනවද නිකන්ම නිදාගත්තම හරියයි කියලා?
415
00:29:35,500 --> 00:29:38,300
මම නරියෙක් නෙවෙයි.
416
00:29:38,300 --> 00:29:40,300
එහෙනම්, ඔබ කවුද?
417
00:29:40,300 --> 00:29:42,272
මම කවුද කියන එක
418
00:29:43,000 --> 00:29:45,167
වැදගත් නැහැ.
419
00:29:45,167 --> 00:29:47,800
මම ඔබත් එක්කම රැඳී ඉන්න කෙනා විතරයි...
420
00:29:49,733 --> 00:29:52,700
ඔබත් එක්කම රැඳී ඉන්න කෙනා...
421
00:30:58,000 --> 00:30:59,933
සේවකයා.
422
00:31:02,200 --> 00:31:04,267
සේවකයා.
423
00:31:13,800 --> 00:31:16,933
දැනටමත් රෑ වෙලාද?
424
00:31:33,533 --> 00:31:35,400
සේවකයා.
425
00:31:57,833 --> 00:32:04,400
♫ නැහැ, මට ඔබව මෙහෙම අමතන්න බැහැ ♫
426
00:32:04,400 --> 00:32:10,867
♫ මට ඔබේ නම මගේ මුවින් ගන්න බැහැ ♫
427
00:32:10,867 --> 00:32:15,967
♫ ගන්න හුස්මක් ගානේ මගේ පපුව රිදෙනවා ♫
428
00:32:15,967 --> 00:32:23,933
♫ කාලය ගෙවෙද්දී කටු එන්න එන්නම ගැඹුරටම ඇනෙනවා ♫
429
00:32:23,933 --> 00:32:30,867
♫ හිරකරගෙන ඉන්න බැරි මේ ආදරය ♫
430
00:32:30,867 --> 00:32:35,667
♫ මට තවත් ඒක අහක දාන්න බැහැ ♫
431
00:32:35,667 --> 00:32:43,867
♫ ජීවිතේ අවසානයේ කවදා හෝ මේ ප්‍රාර්ථනාව ඉටු වේවා ♫
432
00:32:43,867 --> 00:32:50,633
♫ මම දෑස් පියාගෙන නැවතත් අයදිනවා ♫
433
00:32:50,633 --> 00:32:56,433
♫ මේ සීතල ලෝකයේ ♫
434
00:32:56,433 --> 00:33:02,133
♫ ඔබ රැඳී ඉන්න මේ විදිහටම ♫
435
00:33:02,133 --> 00:33:04,500
හුළඟ හමනවා.
436
00:33:05,667 --> 00:33:09,100
ඒක දිගටම හමන්න ඇති.
437
00:33:09,100 --> 00:33:11,667
හුළඟ කොහොමත් හමනවා.
438
00:33:12,767 --> 00:33:14,733
ඒකේ අලුත් දෙයක් නැහැ.
439
00:33:17,144 --> 00:33:19,167
හරියට හරි.
440
00:33:19,167 --> 00:33:24,500
ඒ වුණාට අවුරුදු ගාණක් තිස්සේ මම
හුස්ම ගත්ත ඒ හුළඟම, ඒ වාතයම...
441
00:33:24,500 --> 00:33:27,467
අද වෙනස් විදිහට දැනෙනවා.
442
00:33:27,467 --> 00:33:30,933
මට මතක නැහැ අන්තිමට මම කවදද
මේ තරම් පහසුවෙන් හුස්ම ගත්තේ කියලා.
443
00:33:30,933 --> 00:33:36,500
♫ මම ප්‍රාර්ථනා කරනවා මේක සමුගැනීමක් නොවේවා කියලා ♫
444
00:33:36,500 --> 00:33:43,267
♫ මුලදි හිටියා වගේම එහෙම්මම ඉන්න ♫
445
00:33:43,267 --> 00:33:49,000
♫ මේ සීතල ලෝකයේ ♫
446
00:33:49,000 --> 00:33:55,533
♫ ඔබ රැඳී ඉන්න මේ විදිහටම ♫
447
00:33:55,533 --> 00:34:02,700
♫ මම ප්‍රාර්ථනා කරනවා මේක සමුගැනීමක් නොවේවා කියලා ♫
448
00:34:02,700 --> 00:34:09,300
♫ මුලදි හිටියා වගේම එහෙම්මම ඉන්න ♫
449
00:34:09,300 --> 00:34:15,500
♫ මුලදි හිටියා වගේම එහෙම්මම ඉන්න ♫
450
00:34:21,867 --> 00:34:23,033
උතුමාණෙනි!
451
00:34:23,033 --> 00:34:27,100
අපි මොකද කරන්නේ හිටපු ප්‍රධාන ලේකම්වරයා සහ
හිටපු ප්‍රධාන මාලිගා පාලිකාවගේ ලේලිය ගැන?
452
00:34:28,033 --> 00:34:30,433
මම කොච්චර කාර්යබහුල වුණාද කියනවා නම් මට ඒක අමතක වුණා.
453
00:34:30,433 --> 00:34:32,833
ඉස්සෙල්ලම, හිටපු ප්‍රධාන ලේකම්වරයාව ආපහු පිටුවහල් කරන්න...
454
00:34:32,833 --> 00:34:34,867
උතුමාණෙනි!
455
00:34:38,667 --> 00:34:40,333
දල්.
456
00:34:40,333 --> 00:34:41,767
මොකද මේ හදිස්සියේ?
457
00:34:41,767 --> 00:34:43,567
මම ඔබ වහන්සේ එනකල් බලාගෙන හිටියේ.
458
00:34:43,567 --> 00:34:45,467
හරියටම මග හරියටම ඇවිත්නේ.
459
00:34:45,467 --> 00:34:48,267
එහෙට වෙලා හිටියා නම්, මම එනවනේ ඔබව බලන්න.
460
00:34:48,267 --> 00:34:50,367
ඔබ මාව බය කළා.
461
00:34:51,067 --> 00:34:53,267
ඒත් ඔබ වහන්සේට රාජකාරි තියෙනවනේ.
462
00:34:53,267 --> 00:34:54,400
නිකන් ඇතුලට වෙලා ඉන්නවට වඩා,
463
00:34:54,400 --> 00:34:57,200
මේ විදිහට හරි වෙලාවක් හොයාගෙන
ඔබ වහන්සේගේ මූණ දකින එක වටිනවා.
464
00:34:57,200 --> 00:34:59,433
ඇයි ඊයේ ඉඳන් මේ විදිහට හැසිරෙන්නේ?
465
00:34:59,433 --> 00:35:01,000
මම අකමැති නිසා නෙවෙයි.
466
00:35:01,000 --> 00:35:02,933
කෑවද?
467
00:35:02,933 --> 00:35:04,033
තවම නෑ.
468
00:35:04,033 --> 00:35:06,333
අපි ගිහින් කමුද?
469
00:35:06,333 --> 00:35:08,000
උතුමාණෙනි.
470
00:35:08,000 --> 00:35:12,767
අපි කතා කර කර හිටපු දේ ගැන
අණ දෙන්න.
471
00:35:12,767 --> 00:35:14,067
ආ, ඔව්.
472
00:35:14,067 --> 00:35:16,100
හිටපු ප්‍රධාන ලේකම්ව
ආපහු පිටුවහල් කරපු තැනටම යවන්න.
473
00:35:16,100 --> 00:35:18,433
මි ගුම් කියන අපරාධකාරියව දූපතකට යවන්න
රජයේ වහලෙක් විදිහට වැඩ කරන්න.
474
00:35:18,433 --> 00:35:20,833
පිටුවහල් කරන තැන්වල ඉන්න මුරකරුවන්ට
ආරක්ෂාව තර කරන්න කියලත් අණ කරන්න.
475
00:35:20,833 --> 00:35:22,133
එහෙමයි.
476
00:35:22,133 --> 00:35:23,733
උතුමාණෙනි.
477
00:35:24,367 --> 00:35:28,033
ඒ දෙන්නව දෙතැනකට පිටුවහල් කළාම,
478
00:35:28,033 --> 00:35:30,000
ඒ කියන්නේ එයාලට කවදාවත් ආයෙ මුණගැහෙන්න ලැබෙන්නේ නැද්ද?
479
00:35:30,000 --> 00:35:31,224
ම්ම්...
480
00:35:31,224 --> 00:35:33,300
මට හිතෙන්නේ එහෙම තමයි.
481
00:35:37,867 --> 00:35:41,633
උතුමාණෙනි, මම එක උදව්වක් ඉල්ලන්නද?
482
00:35:41,633 --> 00:35:43,267
උදව්වක්?
483
00:35:50,167 --> 00:35:53,567
මි ගුම්.
484
00:35:55,433 --> 00:35:57,333
ඇයි ඔයා එහෙම කළේ?
485
00:35:57,333 --> 00:35:59,967
ඔයාට තිබුණනේ මාව පාවලා දෙන්න.
486
00:35:59,967 --> 00:36:03,667
මගේ ආදරේ මැරෙනවට වඩා මම මැරෙන එක හොඳයි.
487
00:36:03,667 --> 00:36:07,300
ඉතින් මම කොහොමද ජීවත් වෙන්නේ, මි ගුම්?
488
00:36:09,333 --> 00:36:11,733
මි ගුම්.
489
00:36:13,500 --> 00:36:15,633
ඒක තමයි සැබෑ ආදරය.
490
00:36:17,567 --> 00:36:19,300
ඔයා අඬනවද?
491
00:36:20,967 --> 00:36:23,367
ඒක සැබෑ ආදරය නෙවෙයි.
492
00:36:25,500 --> 00:36:27,384
තමන් නැතුව ඉතුරු වෙන කෙනාට,
493
00:36:27,384 --> 00:36:30,900
ජීවිත කාලෙම නිරයක ජීවත් වෙන්න සිද්ධ වෙනවනම්
කොහොමද ඒක සැබෑ ආදරයක් වෙන්නේ?
494
00:36:34,467 --> 00:36:36,067
ඒ නිසා,
495
00:36:36,933 --> 00:36:39,333
මම කවදාවත් මැරෙන්නේ නෑ.
496
00:36:40,933 --> 00:36:43,300
මම ලේසියෙන් මැරෙන්නේ නෑ.
497
00:36:44,567 --> 00:36:46,200
කවදාවත්ම නෑ.
498
00:37:01,267 --> 00:37:04,033
ඔව්, අපි ජීවත් වෙමු.
499
00:37:06,267 --> 00:37:08,500
අපි ගොඩක් කල් ජීවත් වෙමු.
500
00:37:14,933 --> 00:37:17,233
මා පැමිණියා, ස්වාමිනී.
501
00:37:17,233 --> 00:37:19,467
ආ, එන්න.
502
00:37:21,300 --> 00:37:24,900
මේ මොනවද මේ?
503
00:37:24,900 --> 00:37:27,300
බැලූ බැල්මට පේන්නේ නැද්ද?
504
00:37:27,300 --> 00:37:29,167
හුළං පෙතිනේ.
505
00:37:31,567 --> 00:37:33,733
නෑ, මම ඇහුවේ ඇයි මෙච්චර වටින පාට කොළ අරගෙන,
506
00:37:33,733 --> 00:37:36,900
මේ වගේ වැඩකට නැති හුළං පෙති හැදුවේ?
507
00:37:36,900 --> 00:37:40,467
වැඩකට නෑ?
508
00:37:41,400 --> 00:37:43,200
ඔබ...
509
00:37:43,200 --> 00:37:47,267
ඔබ දන්නවද මම මාලිගාවේදී වැඩිපුරම අහපු කතාව මොකක්ද කියලා?
510
00:37:48,833 --> 00:37:52,867
'තමන්ගේ පියාව ගිලගන්න උපන් සාපලත් දරුවා.'
511
00:37:54,067 --> 00:37:58,967
'රැජිනට පුතෙක් ඉපදුනොත්,
රජතුමා විනාශ වෙයි.'
512
00:37:58,967 --> 00:38:01,967
'රාජකීය පවුල බිඳ වැටෙයි.'
513
00:38:01,967 --> 00:38:04,600
ඉතින්, ඔය වගේ අනාවැකි තිබුණා.
514
00:38:05,600 --> 00:38:06,968
ඒ ඔක්කොම ඇත්ත වුණා,
515
00:38:06,968 --> 00:38:09,133
හරියටම අනාවැකිය වගේම.
516
00:38:10,767 --> 00:38:16,500
ඉතින් මුල ඉඳලම, මම
මේ ලෝකෙට බිහි නොවෙන්න තිබුණු කෙනෙක්.
517
00:38:16,500 --> 00:38:18,590
හරියටම කිසිම වැඩකට නැති,
518
00:38:18,590 --> 00:38:21,067
මේ හුළං පෙති වගේමයි.
519
00:38:21,067 --> 00:38:23,267
විකාර කියවන එක නවත්වන්න.
520
00:38:23,267 --> 00:38:25,267
වෙරි හිඳෙන්න මොනවා හරි කාලා විවේක ගන්න.
521
00:38:25,267 --> 00:38:28,867
තාම වෙරි මතේ ඉඳගෙන
ඔය වගේ වැඩකට නැති දේවල් හිතනවා.
522
00:38:30,767 --> 00:38:33,633
ඕක නිසා තමයි මම ඔයාට කැමති.
523
00:38:33,633 --> 00:38:34,840
ඔව්,
524
00:38:34,840 --> 00:38:36,833
ඔබ වහන්ස, මමත් ඔබට කැමතියි,
ඒ නිසා ඉක්මනට කන්න.
525
00:38:36,833 --> 00:38:39,533
මේක කාලා ගොඩක් කල් ජීවත් වෙන්න.
526
00:38:47,833 --> 00:38:51,800
ආර්යාවනි, එක කටක් හරි කන්නකෝ.
527
00:38:51,800 --> 00:38:54,133
ඔයා ඇත්තටම මැරෙන්නද හදන්නේ?
528
00:38:54,133 --> 00:38:55,767
බය වෙන්න එපා.
529
00:38:55,767 --> 00:38:57,700
බඩගින්නේ ඉඳලා මැරෙන්න මගේ අදහසක් නෑ.
530
00:38:57,700 --> 00:38:59,933
එහෙනම්, ඇයි කෑම ප්‍රතික්ෂේප කරන්නේ?
531
00:38:59,933 --> 00:39:02,400
බඩේ අමාරුවක් වගේ දෙයක් නිසා මැරුණොත්
ඒක මහා විහිළුවක්නේ.
532
00:39:03,400 --> 00:39:06,233
මේ වෙලාවේ විහිළු කරනවද?
533
00:39:06,233 --> 00:39:08,920
මම ඇත්තටම කතා කරන්න ගත්තොත්,
534
00:39:08,920 --> 00:39:10,533
ඔයා මීට වඩා කලබල වෙයි.
535
00:39:10,533 --> 00:39:13,000
ඇයි මාව ආයෙත් බය කරන්නේ!
536
00:39:14,296 --> 00:39:15,320
[අන්තඃපුර උපදෙස්]
537
00:39:16,567 --> 00:39:18,833
දොක් චුන්ගෙන් ආරංචියක් නැද්ද?
538
00:39:18,833 --> 00:39:20,472
නෑ,
539
00:39:20,472 --> 00:39:24,000
ඒ වෙලාවේ ඔයා අගනුවරින් පිටත් වෙලානේ හිටියේ.
540
00:39:25,833 --> 00:39:28,433
මට දොක් චුන්ව හම්බවෙන්න ඕනේ.
541
00:39:31,933 --> 00:39:34,000
එළියේ මොකක් හරි වෙනවද?
542
00:39:38,733 --> 00:39:40,533
ඒ මොකක්ද?
543
00:39:54,667 --> 00:39:59,867
කවුද මේ මාලිගාව ඇතුලේ
හුළං පෙති ගෙනත් දාලා තියෙන්නේ...
544
00:40:01,267 --> 00:40:03,000
මේ මොකක්ද?
545
00:40:09,833 --> 00:40:11,467
ආර්යාවනි.
546
00:40:34,967 --> 00:40:38,833
මම ඔයාගේ තාත්තාගේ වැටීම බලාගන්නම්,
547
00:40:38,833 --> 00:40:41,733
ඔයා මේ මුද්ද ළඟ තියාගන්න.
548
00:40:41,733 --> 00:40:43,800
හුළං කොහොමත් හමනවා,
549
00:40:43,800 --> 00:40:49,100
ඒ නිසා හිත නිදහස් කරගෙන හිනා වෙලා ඉන්න.
550
00:40:49,100 --> 00:40:51,192
මගේ වටිනා වූ හී,
551
00:40:51,192 --> 00:40:53,022
ඔයාට උරුමයි
552
00:40:53,022 --> 00:40:55,000
සතුට.
553
00:41:02,833 --> 00:41:04,900
වූ හී!
554
00:41:04,900 --> 00:41:06,633
කිම් වූ හී!
555
00:41:09,300 --> 00:41:12,033
ඒ ජේ වූන් කුමාරයා නේද?
556
00:41:12,033 --> 00:41:14,233
මම ඔයාට ආදරෙයි!
557
00:41:14,233 --> 00:41:16,600
මම ඔයාට ආදරෙයි, කිම් වූ හී!
558
00:41:19,000 --> 00:41:20,667
අල්ලගන්න එයාව! අරහේ!
559
00:41:20,667 --> 00:41:22,267
අල්ලගන්න.
560
00:41:30,733 --> 00:41:32,567
අනේ දෙවියනේ.
561
00:41:32,567 --> 00:41:35,200
එයාට හොඳටම පිස්සු හැදිලා වගේ.
562
00:41:39,500 --> 00:41:42,533
මොකක්? ජේ වූන් කුමාරයා?
563
00:41:42,533 --> 00:41:45,667
ඔව්, ඒ ඇත්තටම ජේ වූන් කුමාරයා තමයි.
564
00:41:45,667 --> 00:41:49,600
එයා ඊළඟට මොන වගේ ප්‍රශ්නයක් ඇති කරයිද කියලා මම දන්නේ නෑ,
ඒකයි මම හදිස්සියෙන්ම ඔබව හම්බවෙන්න ආවේ.
565
00:41:49,600 --> 00:41:51,032
මට සැකයි,
566
00:41:51,032 --> 00:41:53,200
එයාට සිහිය විකල් වෙලාද කියලා...
567
00:41:53,200 --> 00:41:56,667
එයාට පිස්සු හැදිලා නැත්නම්,
568
00:41:56,667 --> 00:41:59,600
එහෙනම් එයාට වෙන මොකක් හරි නැති වෙලා ඇති.
569
00:42:07,500 --> 00:42:08,867
මොකක් හරි අමුත්තක් තියෙනවා.
570
00:42:08,867 --> 00:42:10,133
එහෙම නේද?
571
00:42:10,133 --> 00:42:15,233
එයා හොඳ සිහියෙන් හිටියා නම්,
එයා කවදාවත් ඔය වගේ දේවල් කියන්නේ නෑ
572
00:42:15,233 --> 00:42:16,833
හැමෝම ඉස්සරහා.
573
00:42:17,967 --> 00:42:20,200
ඒක එයාගේ හැටි නෙවෙයි.
574
00:42:23,800 --> 00:42:26,567
එයා ඇත්තටම මොනවද මේ හිතන්නේ?
575
00:42:27,500 --> 00:42:29,067
ලියලා ඉවරද?
576
00:42:29,067 --> 00:42:33,700
ඔව්, මේක පරීක්ෂණ අංශයට බාර දෙන්න.
හිටපු ප්‍රධාන ලේකම් සහ අර පාලිකාව...
577
00:42:33,700 --> 00:42:36,800
උතුමාණෙනි.
578
00:42:36,800 --> 00:42:39,333
දැන් මොකද? මොකක්ද?
579
00:42:39,333 --> 00:42:43,000
ජේ වූන් කුමාරයා වෙන්කළ මාලිගාව ඉස්සරහා
ලොකු කලබලයක් කරනවා.
580
00:42:43,000 --> 00:42:45,167
කලබලයක්? මොන වගේ එකක්ද?
581
00:42:45,167 --> 00:42:48,400
එයා කිරුළ හිමි ආර්යාවගේ නම කිය කියා කෑගහනවා,
582
00:42:48,400 --> 00:42:53,367
'මම ආදරෙයි' කිය කියා ලොකු රණ්ඩුවක් කරනවා.
583
00:42:53,367 --> 00:42:56,300
ඇයි එයා මේ වගේ හැසිරෙන්නේ?
584
00:42:56,300 --> 00:42:58,800
එයාට මැරෙන්න ඕන වෙලා පිස්සු හැදිලා නෙවෙයිනේ...
585
00:42:58,800 --> 00:43:02,267
මේ හැමදේම වම් ඇමතිතුමා නිසාද?
586
00:43:02,267 --> 00:43:06,667
එයා හිටියේ නැත්නම්,
හැමෝටම සාමයෙන් ජීවත් වෙන්න තිබුණා.
587
00:43:06,667 --> 00:43:08,192
අපිට බැරිද
588
00:43:08,920 --> 00:43:11,567
වම් ඇමතිතුමාව මරලා දාන්න?
589
00:43:12,500 --> 00:43:16,133
සහෝදරයා, මුකුත් කරන්න එපා. නිකන්...
590
00:43:16,133 --> 00:43:18,100
පැත්තකට වෙලා ඉන්න.
591
00:44:04,600 --> 00:44:06,667
වම් ඇමති!
592
00:44:23,833 --> 00:44:25,433
තමුන් කවුද?
593
00:44:29,067 --> 00:44:30,667
පස්සට යන්න.
594
00:44:32,567 --> 00:44:37,688
කවුරු හරි මේකට මැදිහත් වුණොත්,
මම ඉස්සෙල්ලම එයාගේ බෙල්ල කපනවා.
595
00:44:37,688 --> 00:44:40,036
හරි. එහෙමයි.
596
00:44:41,967 --> 00:44:44,800
මම හිතුවේ උඹට පිස්සු හැදිලා කියලා,
597
00:44:44,800 --> 00:44:47,833
ඒත් බැලින්නම් උඹ ජීවත් වෙන ආසාව අත ඇරලා දාලා වගේ.
598
00:44:47,833 --> 00:44:49,533
උඹ...
599
00:44:51,867 --> 00:44:55,400
මම ජීවත් වෙන්න හිටපු හේතුව නැති කළා.
600
00:45:38,552 --> 00:45:39,608
601
00:45:40,433 --> 00:45:43,933
උඹත් හරි පෙම්වතෙක්නේ, ආ?
602
00:45:43,933 --> 00:45:45,528
පැනලා යන එකයි,
603
00:45:45,528 --> 00:45:48,267
මාලිගාව ඉස්සරහා කරපු පිස්සුවයි,
604
00:45:48,267 --> 00:45:51,767
ඊට කලින් කියපු අන්තිම වචන ටිකයි...
605
00:45:51,767 --> 00:45:54,233
මම තාම ඉවර කළේ නෑ.
606
00:46:09,500 --> 00:46:14,633
මම කොච්චර කල්පනා කරත්,
මට හිතෙන්නේ උඹව මරන එක තමයි හරි, කුමාරයා.
607
00:46:40,632 --> 00:46:41,912
එන්න...
608
00:46:43,333 --> 00:46:44,333
ඇමතිතුමනි!
609
00:46:44,333 --> 00:46:46,100
ළඟට එන්න එපා.
610
00:46:47,400 --> 00:46:48,933
මැරියන්.
611
00:46:48,933 --> 00:46:50,567
මැරියන්!
612
00:46:51,267 --> 00:46:53,933
මැරියන්!
613
00:46:57,633 --> 00:46:59,967
ජේ වූන්. උතුමාණෙනි.
614
00:47:06,800 --> 00:47:08,867
අත ඇරපන්! මාව අත ඇරපන්!
615
00:47:08,867 --> 00:47:10,067
ජේ වූන්ව අරන් යන්න.
616
00:47:10,067 --> 00:47:12,433
එහෙමයි. මාව අත ඇරපන්!
617
00:47:14,467 --> 00:47:17,900
මාව අත ඇරපන්! අත ඇරපන්!
618
00:47:17,900 --> 00:47:21,267
වම් ඇමති!
619
00:47:21,267 --> 00:47:23,800
වම් ඇමති!
620
00:47:23,800 --> 00:47:25,400
මාව අත ඇරපන්!
621
00:47:27,533 --> 00:47:29,967
වම් ඇමති!
622
00:47:31,400 --> 00:47:33,833
වම් ඇමති!
623
00:47:45,867 --> 00:47:47,947
පිළිගන්න අකමැති වුණත්,
624
00:47:47,947 --> 00:47:50,500
මම ජීවත් වෙන්නේ ඔබ නිසා.
625
00:47:59,067 --> 00:48:01,233
ඇයි ඔබ එයාට ඉඩ දුන්නේ?
626
00:48:05,367 --> 00:48:07,200
මට හිතෙන්නේ
627
00:48:07,200 --> 00:48:10,467
මගේ කඩුව අන්තිම මොහොතේ නතර වුණා.
628
00:48:14,100 --> 00:48:17,633
කිසි දෙයක් වුණේ නෑ වගේ ඉමුද?
629
00:48:17,633 --> 00:48:20,433
ඔබ එහෙම කරනවනම් මම කැමතියි.
630
00:48:20,433 --> 00:48:22,833
ඒත් මේ හැම රහසක්ම
631
00:48:22,833 --> 00:48:27,400
අපි අතර තියෙන බැඳීම තව වැඩි කරනවා.
632
00:48:27,400 --> 00:48:29,240
හරියටම
633
00:48:29,240 --> 00:48:32,233
රජතුමා සහ මම අතර තියෙන බැඳීම වගේමයි.
634
00:48:36,433 --> 00:48:39,267
ඒ ගැන කියනවනම්,
635
00:48:39,267 --> 00:48:44,100
මම මැරුණොත්, වෙන කෙනෙක්
මේ රහස් ගිවිසුම එළි කරයි.
636
00:48:44,100 --> 00:48:46,733
ඔබ ඒක දැනගෙන ඉන්න ඕනේ කියලා මට හිතුණා.
637
00:48:47,567 --> 00:48:49,233
ස්තූතියි.
638
00:49:03,467 --> 00:49:04,567
මාව අත අරිනවා.
639
00:49:04,567 --> 00:49:05,600
ඇත්තටම... අත අරිනවා!
640
00:49:05,600 --> 00:49:07,267
ස්වාමිනී. අනේ.
641
00:49:07,267 --> 00:49:08,400
මට බෑ! මාව අත ඇරපන්.
642
00:49:08,400 --> 00:49:10,367
නෑ, ඇත්තටම, මට බෑ.
643
00:49:11,133 --> 00:49:14,367
ඔබ හිතුවේ නැද්ද වම් ඇමතිව මැරුවොත්,
ඔබවත් මරලා දායි කියලා?
644
00:49:14,367 --> 00:49:17,400
තමුන් හිතනවද මම මෙතනට ආවේ ඒක නොදැන කියලා?
645
00:49:17,400 --> 00:49:20,567
ඇයි මාව නැවැත්තුවේ? ඇයි!
646
00:49:26,333 --> 00:49:30,300
දවස් ගාණක් බීලා,
අන්තිමට ගත්ත තීරණය ඕකද?
647
00:49:30,300 --> 00:49:33,600
වම් ඇමතිව මරලා මැරෙන එක?
648
00:49:34,833 --> 00:49:36,152
ඔව්,
649
00:49:36,152 --> 00:49:37,933
හැමෝම දන්නවා.
650
00:49:37,933 --> 00:49:42,100
වම් ඇමතිව විතරක් මැරුවනම්
හැමදේම ඉවරයි! එයාව මරලා දානවා!
651
00:49:43,300 --> 00:49:48,067
එතකොට රජකම අතහරින්නේ නෑ,
වූ හී ද්‍රෝහියෙක්ගේ දුවෙක් වෙන්නෙත් නෑ!
652
00:49:48,067 --> 00:49:49,767
එතකොට, මම ගැන මොකද?
653
00:49:50,733 --> 00:49:52,767
ඔබේ ආදරණීයයා ගැන මොකද?
654
00:49:52,767 --> 00:49:55,100
කිම් වූ හී කොහොමද ජීවත් වෙන්නේ!
655
00:50:01,533 --> 00:50:03,133
මමත්...
656
00:50:06,200 --> 00:50:08,833
මටත් ජීවත් වෙන්න ඕනෙ.
657
00:50:08,833 --> 00:50:12,867
මට වූ හී එක්ක සතුටින් ජීවත් වෙන්න ඕනෙ, ඒත්...
658
00:50:12,867 --> 00:50:15,533
ඒකට විදිහක් නෑ නේද?
659
00:50:24,700 --> 00:50:26,500
ජේ වූන්.
660
00:50:26,500 --> 00:50:29,700
පාර හරස් වෙලා නම්, අපි ඒක කඩාගෙන යමු.
661
00:50:29,700 --> 00:50:32,200
යන්න පාරක් නැත්නම්, අපි පාරක් හදාගමු.
662
00:50:33,367 --> 00:50:36,367
මැරුණත් රජකම බාරගන්න ඔයා කැමති නෑනෙ,
663
00:50:36,367 --> 00:50:39,200
ඔයා මැරෙනවා බලන් ඉන්න මමත් කැමති නෑ,
664
00:50:39,200 --> 00:50:40,550
ඒ නිසා...
665
00:50:41,304 --> 00:50:43,767
අපි වෙන ක්‍රමයක් හොයාගමු.
666
00:50:45,967 --> 00:50:47,667
අපි ජීවත් වෙමු.
667
00:50:48,767 --> 00:50:51,433
අපි ජීවත් වෙමු, ජේ වූන්.
668
00:51:07,033 --> 00:51:11,400
දැන් උනත්, ඔබතුමා අණ කරනවා නම් ජේ වූන් කුමාරයාව
අල්ලගෙන එන්නම්.
669
00:51:11,400 --> 00:51:13,667
එයාට යන්න දුන්නේ මමයි.
670
00:51:14,833 --> 00:51:19,300
ඇයි ඔබතුමා හැම තිස්සෙම ජේ වූන් කුමාරයා ගැන
ඔය තරම් අනුකම්පාවක් දක්වන්නේ?
671
00:51:21,967 --> 00:51:24,000
මට මත්පැන් ටිකක් ගෙනෙන්න.
672
00:51:27,033 --> 00:51:28,633
මෙන්න, තියෙනවා.
673
00:51:32,400 --> 00:51:36,567
ඔබතුමා මත්පැන් අතින් වත් අල්ලන්නෙ නෑනෙ, ඒත් ඇයි...
674
00:51:36,567 --> 00:51:38,567
දැන් යන්න.
675
00:51:39,500 --> 00:51:41,133
එහෙමයි.
676
00:52:24,733 --> 00:52:26,367
මේ සටන...
677
00:52:27,733 --> 00:52:31,400
මට අවාසි සහගත වැඩියි නේද?
678
00:52:38,267 --> 00:52:39,533
මොකක්?
679
00:52:39,533 --> 00:52:42,833
කේන්තිය නිසා ඇස් අන්ධ වෙලා තිබුණත්,
680
00:52:42,833 --> 00:52:45,267
වම් ඇමතිතුමාගෙ ගෙදරට තනියම යන්න
එයාට හිතෙන්න ඇත්තෙ ඇයි?
681
00:52:45,267 --> 00:52:47,333
එයා මැරෙන්න බලාගෙනමයි ගිහින් තියෙන්නෙ.
682
00:52:48,167 --> 00:52:52,100
ජේ වූන් කුමාරයාව නම් විනයක් ඇති කරන්නම වෙනවා.
683
00:52:52,100 --> 00:52:55,167
ඇත්තටම, එයා තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතන්නෙ නෑනෙ.
684
00:52:55,167 --> 00:52:57,016
දඬුවම් විඳින්න ඕනෙ මමයි,
685
00:52:57,016 --> 00:52:58,600
ඒ වගේම මහරජතුමායි.
686
00:52:58,600 --> 00:52:59,833
ඔයා ආයෙත් ඔයාටම දොස් පවරගන්නවා...
687
00:52:59,833 --> 00:53:02,567
මේ දොස් පවරගන්න එකක් නෙවෙයි.
මේක අවුල් වුන දේවල් හරිගස්සන එකක්.
688
00:53:02,567 --> 00:53:04,297
පාර වැහිලා වගේ පේන නිසා,
689
00:53:04,297 --> 00:53:06,233
මම ඒක කඩාගෙන යන්නයි හදන්නේ.
690
00:53:06,867 --> 00:53:09,433
ඔයාට සැලැස්මක් තියෙනවද?
691
00:53:09,433 --> 00:53:12,800
වම් ඇමති කිව්වනෙ එයා මැරුණොත් අර රහස් ගිවිසුම
එළි කරනවා කියලා.
692
00:53:12,800 --> 00:53:16,267
එහෙනම් එයා ඒක වෙන කෙනෙක්ට බාර දීලා තියෙන්න ඕනෙ.
693
00:53:16,267 --> 00:53:18,333
ඒ කවුරු වෙන්න ඇත්ද කියලා ඔයාට අදහසක් තියෙනවද?
694
00:53:18,333 --> 00:53:20,067
අර වෙස් මුහුණු දාගත්ත කෙනා.
695
00:53:20,867 --> 00:53:22,776
කිම් දොක් චුන්,
696
00:53:22,776 --> 00:53:24,367
වෙන්න ඉඩ කඩ වැඩියි.
697
00:53:24,367 --> 00:53:26,600
කවුද මේ කිම් දොක් චුන් කියන්නේ?
698
00:53:26,600 --> 00:53:29,133
එයා වම් ඇමතිතුමාගෙ ගෙදර පිටත හිටපු වහල් සේවකයෙක්ගෙ දුවෙක්.
699
00:53:29,133 --> 00:53:31,533
එයා රාජකීය වෙද මැදුරේ වෛද්‍යවරියක් විදිහට හිටියා.
700
00:53:31,533 --> 00:53:34,333
එයා අපි ළඟම ඉඳලත්, අපිට එයාව හොයාගන්න බැරි වුනානෙ.
701
00:53:34,333 --> 00:53:39,100
එහෙනම් එයා හැමදේම අර කිම් දොක් චුන්ට
බාර දෙන්න ඇති.
702
00:53:39,100 --> 00:53:42,567
ඒත්, එයා හැංගිලා ඉන්නේ.
703
00:53:42,567 --> 00:53:44,067
එහෙනම්, අපි එයාව හොයාගන්න ඕනෙ.
704
00:53:44,067 --> 00:53:47,933
කඩා වැටුන ගුහාවකිනුත් අපි එළියට ආවා නම්,
අපිට කරන්න බැරි දෙයක් නෑ.
705
00:53:47,933 --> 00:53:51,100
ඉස්සෙල්ලම මම චොන්ග්-හේ වෙළඳ සංගමය
ගැන හොයලා බලන්නම්.
706
00:53:51,100 --> 00:53:53,000
චොන්ග්-හේ වෙළඳ සංගමය?
707
00:53:53,000 --> 00:53:55,433
චොන්ග්-හේ වෙළඳ සංගමය කියන්නේ, අර වෙස් මුහුණු දාගත්ත කෙනා
708
00:53:55,433 --> 00:53:58,067
[චොන්ග්-හේ වෙළඳ සංගමයේ පැණි]
ශින් කුරුල්ලට කෑම ගෙනාවේ එතනින් නේද?
709
00:53:59,733 --> 00:54:04,100
ඒක වෙළඳ සංගමයක් නිසා, අපිට හන්‍යැං වෙළඳ සංගමය හරහා
ඒක ගැන විස්තර හොයාගන්න පුළුවන්.
710
00:54:04,100 --> 00:54:08,467
යුක් උයිජොන් සංගමයේ ප්‍රධාන නායකයා විදිහට,
එයා ප්‍රාදේශීය වෙළඳ කණ්ඩායම් ගැන විස්තර දැනගෙන ඉන්න ඕනෙ.
711
00:54:17,333 --> 00:54:19,600
හෙට මි හෝරාවට රාජකීය ඇඳුම් මැදුරට එන්න.
712
00:54:19,600 --> 00:54:22,467
වම් ඇමතිව බිම දාන්න මම මගක් පාදගන්නයි හදන්නේ.
713
00:54:30,433 --> 00:54:34,567
ඔයා ඔය වෙස්වළා ගත්තා කියලා හිතාගෙනද ඉන්නේ?
714
00:54:37,667 --> 00:54:39,467
ඔයාට සිහියක් එහෙම තියෙනවද?
715
00:54:39,467 --> 00:54:41,500
කොටියව අල්ලගන්න ඕනෙ උනත්,
716
00:54:41,500 --> 00:54:43,133
තනියම කොටියාගේ ගුහාවට රිංගුවොත්,
717
00:54:43,133 --> 00:54:45,200
අනික මැරුණත් කමක් නෑ කියලා එහෙම ගියාම,
718
00:54:45,200 --> 00:54:47,367
ඉතිරි අයට මොකද වෙන්නේ?
719
00:54:48,567 --> 00:54:53,167
ඊයේ උතුමාණන්ගෙන් ඒ කතාව අහද්දි
මම කොච්චර බය වුනාද කියලා ඔයා දන්නවද?
720
00:54:57,067 --> 00:55:00,233
ඔයාව බය කලාට මට සමාවෙන්න, ආර්යාවනි.
721
00:55:00,233 --> 00:55:02,600
කරුණාකරලා, ජීවිතේ නැති කරගන්න හදන්න එපා.
722
00:55:03,267 --> 00:55:06,800
ලෝකේ කොච්චර කුරිරු උනත්,
723
00:55:06,800 --> 00:55:09,400
නිකරුණේ ජීවිතේ නැති කරගන්න එපා.
724
00:55:10,733 --> 00:55:14,100
ඔයා මැරුණොත්, ඔයා ආදරේ කරන අයව
ඔයාට මතක තියෙන එකක් නෑ.
725
00:55:14,100 --> 00:55:17,367
ඒ වගේම ඔයාව මතක තියෙන අයට
ඔයාව අල්ලන්නවත් බැරි වෙයි.
726
00:55:17,367 --> 00:55:19,467
ඒක කොච්චර ලොකු පාඩුවක්ද?
727
00:55:19,467 --> 00:55:21,433
ඒක කොච්චර අසාධාරණද?
728
00:55:28,400 --> 00:55:30,033
ඒ නිසා,
729
00:55:31,700 --> 00:55:33,667
ඒ පාඩුව සිද්ධ වෙන්න දෙන්න එපා.
730
00:55:37,800 --> 00:55:40,767
අපි ජීවත් වෙමු, හරිද?
731
00:55:45,233 --> 00:55:47,067
ඔතනින් නවතින්න!
732
00:55:48,733 --> 00:55:50,533
අහ්? අයියේ.
733
00:55:50,533 --> 00:55:52,167
උතුමාණනි.
734
00:56:04,033 --> 00:56:06,933
ඔයා ඔහොම බලාගෙනම ඉන්නද කල්පනාව?
735
00:56:06,933 --> 00:56:08,533
මම ගැන වද වෙන්න එපා.
736
00:56:08,533 --> 00:56:10,633
නිකන් හිතාගන්න මම...
737
00:56:10,633 --> 00:56:14,467
ඔයාගෙන් වෙන් කරන්න බැරි කෙනෙක් කියලා.
738
00:56:16,400 --> 00:56:20,067
එතකොට වැඩේ තවත් කරදරයි නේද?
739
00:56:27,333 --> 00:56:30,033
ඉතින්, මම කියපු දේ ගැන හොයලා බැලුවද?
740
00:56:30,033 --> 00:56:31,800
එහෙමයි, උතුමාණනි.
741
00:56:32,567 --> 00:56:34,033
ප්‍රධාන නායකයා කියන විදිහට,
742
00:56:34,033 --> 00:56:35,352
ඔය චොන්ග්-හේ වෙළඳ සංගමය කියන්නේ
743
00:56:35,352 --> 00:56:39,167
අර නම් රහිත අය හොර බඩු ජාවාරම් කරන්න හදාගත්ත
ව්‍යාජ සංගමයක්.
744
00:56:39,167 --> 00:56:40,633
නම් රහිත අය? එහෙමයි.
745
00:56:40,633 --> 00:56:44,533
එයාලට නමක් නෑ, ඒ නිසා එයාලට නම් රහිත අය කියලත්,
එහෙම නැත්නම් අන්ධකාරයේ ඉන්න අය කියලත් කියනවා.
746
00:56:44,533 --> 00:56:48,167
උතුමාණනි, පොලී ක්‍රමයට මිනිස්සුන්ව විකුණන එක,
747
00:56:48,167 --> 00:56:50,700
වර්ගයේ හොර ජාවාරම්, ව්‍යාජ මුදල් අච්චු ගහන එක,
748
00:56:50,700 --> 00:56:52,500
වාසි තියෙන ඕනම දෙයක් එයාලා කරනවා...
749
00:56:52,500 --> 00:56:54,367
මහ කාලකණ්ණි හැත්තක්නේ.
පහත් වැඩ කරන එවුන් ටිකක්.
750
00:56:54,367 --> 00:56:56,000
කිසිම ප්‍රතිපත්තියක් නැති අපරාධකාරයෝ.
751
00:56:56,000 --> 00:56:58,700
එතකොට ඇයි ඔය වගේ අපරාධකාරයෝ නිදහසේ ඉන්නේ?
752
00:56:58,700 --> 00:57:01,067
ඒක... ප්‍රධාන නායකයා කියන විදිහට නම්,
753
00:57:01,067 --> 00:57:04,033
වම් ඇමතිතුමා තමයි එයාලගේ පිටිපස්සෙන් ඉන්නේ.
754
00:57:04,700 --> 00:57:05,900
වම් ඇමතිතුමා?
755
00:57:05,900 --> 00:57:08,700
එයාලා දැනටමත් වෙළඳපොළ ආර්ථිකය විනාශ කරලා ඉවරයි,
756
00:57:08,700 --> 00:57:10,567
මට ඕනෙ වුනේ එයාලට පාඩමක් උගන්වන්න,
757
00:57:10,567 --> 00:57:13,267
ඒත් යුක් උයිජොන් වල ඉන්න ප්‍රධාන නායකයාම කිව්වා
758
00:57:13,267 --> 00:57:15,300
ආරක්ෂක මණ්ඩලේටවත් එයාලට විරුද්ධව මුකුත් කරන්න බෑ කියලා.
759
00:57:15,300 --> 00:57:20,367
වම් ඇමතිතුමා වගේ කෙනෙක්ගෙ සහයෝගය නැත්නම්
ඔය වගේ දේවල් කරන්න බෑනේ.
760
00:57:20,367 --> 00:57:23,400
ඔළුව බේරගන්න ඕනෙ නම් අත නොතියා ඉන්න.
761
00:57:24,533 --> 00:57:28,400
එක්කෝ එයාලට මරණ බයක් නෑ,
762
00:57:28,400 --> 00:57:30,933
නැත්නම් අණට කීකරු වෙන්න විතරයි එයාලා දන්නේ.
763
00:57:32,333 --> 00:57:34,867
ඔයාට මොකක් හරි සැකයක් තියෙනවද?
764
00:57:45,367 --> 00:57:49,433
ෂින් වොන්, සින්ජුසා පන්සලේ හිටපු ඝාතකයෝ
ඇඳගෙන හිටපු ඇඳුම ඔයාට මතකද?
765
00:57:49,433 --> 00:57:50,933
එහෙමයි.
766
00:57:50,933 --> 00:57:56,600
දැන් කල්පනා කරද්දි, ජෙමුල්පෝ වල හිටපු වම් ඇමතිතුමාගෙ
මිනිස්සු ඇඳගෙන හිටියෙත් ඒ ඇඳුමම නේද?
767
00:57:56,600 --> 00:57:58,333
මටත් එහෙම හිතුනා.
768
00:57:58,333 --> 00:58:00,833
අර වෙස් මුහුණ දාගත්ත කෙනත් ඇඳන් හිටියේ ඒ ඇඳුමමයි.
769
00:58:00,833 --> 00:58:03,267
කිරුළ හිමි ආර්යාව මොකක් හරි දෙයක් දන්නවා වගේ.
770
00:58:03,267 --> 00:58:08,667
ඒත් මාලිගාවේ ආරක්ෂාව වැඩියිනේ.
අපිට එතුමියට ලං වෙන්න බෑ.
771
00:58:09,400 --> 00:58:11,600
ඒක ඇත්ත.
772
00:58:16,333 --> 00:58:18,000
මම ඒක බලාගන්නම්.
773
00:58:18,700 --> 00:58:20,568
මම කිරුළ හිමි ආර්යාව මුණගැහෙන්න
774
00:58:20,568 --> 00:58:22,233
ක්‍රමයක් හදාගන්නම්.
775
00:58:23,567 --> 00:58:25,267
ඔයාට සැලැස්මක් තියෙනවද?
776
00:58:25,267 --> 00:58:27,500
එක පාරක් වැහුනම,
777
00:58:27,500 --> 00:58:29,867
වෙන පාරකින් යන්න වෙනවනෙ.
778
00:58:37,467 --> 00:58:41,467
අධිරාජිනියනි, ඊයේ රාත්‍රියේ සුවෙන් සැතපුනාද?
779
00:58:41,467 --> 00:58:45,833
ඇයි මේ? ඔයා උදේම ඇවිත් ආචාර කරලා ගියානේ.
780
00:58:50,033 --> 00:58:53,733
මාලිගාවේ කාලය ගත කරද්දි,
781
00:58:53,733 --> 00:58:57,300
මට හිතුනා මේ රාජකීය කාන්තාවන්ගේ ජීවිතේ
කිසිම විනෝදයක් නෑ කියලා.
782
00:58:57,300 --> 00:59:00,267
ඉතින්, මට ඉබේම ඔබතුමියව මතක් වුනා.
783
00:59:00,267 --> 00:59:02,700
ඔයාට මොකක් හරි දෙයක් ඕනෙ වෙලා වගේ.
784
00:59:02,700 --> 00:59:04,900
අධිරාජිනියනි, මගේ හිත රිදුනා.
785
00:59:04,900 --> 00:59:08,367
මගේ මේ පිරිසිදු චේතනාව ගැන ඔහොම හිතන්නෙ කොහොමද?
786
00:59:08,367 --> 00:59:10,767
ඔයාගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න.
787
00:59:10,767 --> 00:59:15,967
ඔයා කවද්ද පිරිසිදු චේතනාවකින් මාව හම්බවෙන්න ආවේ?
788
00:59:21,300 --> 00:59:22,633
අනේ මන්දා.
789
00:59:22,633 --> 00:59:24,800
කාටවත් ඉතින් මව් රැජින වෙන්න බෑනෙ.
790
00:59:24,800 --> 00:59:28,533
ඔබතුමියට තියෙන ඉව නම් කාටවත් නෑ.
791
00:59:30,200 --> 00:59:32,067
බටර් ගෑවා ඇති.
792
00:59:32,833 --> 00:59:34,552
හරි එහෙනම්,
793
00:59:34,552 --> 00:59:37,467
ආපු එකේ මාව සතුටු කරනවකෝ.
794
00:59:37,467 --> 00:59:40,567
අද මාව සතුටු කරන්නෙ කොහොමද?
795
00:59:41,200 --> 00:59:44,767
ම්ම්, මම ඉස්සර තැන තැන ඇවිදින වෙළෙන්දියක්
වෙලා හිටියනෙ?
796
00:59:44,767 --> 00:59:47,100
මම මුළු ජොසොන් පුරාම ඇවිදලා තියෙනවා,
797
00:59:47,100 --> 00:59:51,300
ඉතින් මම ළඟ රස කතා ඕන තරම් තියෙනවා.
798
00:59:51,300 --> 00:59:52,533
නොහොබිනාකම!
799
00:59:52,533 --> 00:59:56,567
කොහොමද ඔය වගේ පහත් කතා මේ මාලිගාව ඇතුළට
ගෙනෙන්නේ!
800
00:59:57,333 --> 01:00:00,833
ඉතින්, මාලිගාවේ පාලිකාවයි එයාගෙ පෙම්වතයි
අර ගෑනු ළමයව බලන්න ගියා...
801
01:00:00,833 --> 01:00:02,133
නෑ...
802
01:00:02,133 --> 01:00:04,100
එයා උප බිරිඳගේ ගෙදරට ගියාද?
803
01:00:04,100 --> 01:00:08,000
ඔව්, ඊට පස්සේ පාලිකාව කෙලින්ම කිව්වා,
804
01:00:08,000 --> 01:00:11,448
'තමුසෙගෙ දුව මගේ මනුස්සයා එක්ක යහන්ගත වෙලා.'
805
01:00:11,448 --> 01:00:12,920
ඊට පස්සේ,
806
01:00:12,920 --> 01:00:16,733
උප බිරිඳ එයාගෙ කම්මුලට ගැහුවා...
807
01:00:18,000 --> 01:00:19,733
මහ නරක ගෑනියෙක්නෙ.
808
01:00:19,733 --> 01:00:22,500
ඉතින් අර මනුස්සයා?
809
01:00:22,500 --> 01:00:25,167
ඒ මනුස්සයා මොකද කලේ?
810
01:00:26,600 --> 01:00:29,500
එයා පාලිකාවගෙ අතින් ඇදලා අරන්,
811
01:00:29,500 --> 01:00:32,967
එළියට එක්කන් ගිහින්,
812
01:00:35,033 --> 01:00:38,200
මෙහෙම කිව්වා, 'ආදරේ කරන එක අපරාධයක් නෙවෙයි!'
813
01:00:38,200 --> 01:00:39,833
මොන විකාරයක්ද...
814
01:00:39,833 --> 01:00:42,667
මහ කාලකණ්ණි මිනිහෙක්!
815
01:00:43,733 --> 01:00:47,000
තව හිටියා අල විතරක් කාපු කම්මැලි හාදයෙක්.
816
01:00:47,000 --> 01:00:50,167
කොහොම හරි, එයාගෙම නෝනා බලාගත්ත
817
01:00:50,167 --> 01:00:51,300
පරණ යාළුවෙක්ට මෙයාගෙ හිත ගියා.
818
01:00:51,300 --> 01:00:52,300
යාළුවෙක්ට?
819
01:00:52,300 --> 01:00:53,867
තමන්ගෙ නීත්‍යානුකූල බිරිඳව පන්නලා දාලා,
820
01:00:53,867 --> 01:00:57,033
අර ගෑනිත් එක්ක වෙළදසැලේ
ප්‍රසිද්ධියේම රවුම් ගැහුවා.
821
01:00:57,033 --> 01:01:00,333
බිරිඳ ඒක දැක්කම,
හිතට කොච්චර තරහක් එන්න ඇද්ද?
822
01:01:00,333 --> 01:01:01,767
ඒකනෙ කියන්නේ.
823
01:01:01,767 --> 01:01:04,400
ඉතින්, එයා ඒක බේරගන්න ගියාම,
824
01:01:04,400 --> 01:01:06,200
අර උප බිරිඳට කටක් ඇරලා කියන්න පුළුවන් වුනානේ...
825
01:01:06,200 --> 01:01:08,033
'විනීත වෙන්න!' කියලා.
826
01:01:08,033 --> 01:01:10,967
ඉතින් බිරිඳට හොඳටම කේන්ති ගියා!
827
01:01:10,967 --> 01:01:12,600
'විනීත වෙන්න?'
828
01:01:12,600 --> 01:01:15,567
'මේ තමා මගේ විනීතකම!'
829
01:01:15,567 --> 01:01:18,333
එයාගේ කොණ්ඩෙන් අල්ලලා
බෝනික්කෙක් වගේ එහෙට මෙහෙට වැනුවා.
830
01:01:18,333 --> 01:01:20,967
වමට! දකුණට!
831
01:01:20,967 --> 01:01:24,167
වමට! දකුණට! හරියට හරි.
832
01:01:26,700 --> 01:01:29,133
වමට!
833
01:01:29,967 --> 01:01:32,200
දකුණට!
834
01:01:40,633 --> 01:01:43,333
ඔටුන්න හිමි කුමාරයාට සහය වෙන එක...
835
01:01:44,167 --> 01:01:46,900
ඇත්තටම මාර මහන්සියි.
836
01:01:50,500 --> 01:01:52,167
මොකක්?
837
01:01:52,167 --> 01:01:54,433
යේ නා කියන්නේ සොන් ජොංගේ දුවද?
838
01:01:54,433 --> 01:01:56,100
ඔව්.
839
01:01:57,200 --> 01:02:02,967
දැන් යේ නාගේ දෙමව්පියෝ කවුද කියලා එළි වෙච්ච නිසා,
840
01:02:02,967 --> 01:02:07,533
ඔබතුමියට පුළුවන් මගේ ඉල්ලීම ගැන සලකලා බලන්න...
841
01:02:11,033 --> 01:02:14,933
මගේ ඉවසීමේ සීමාව පැන්න නිසා, මම තමුන්ට එන්න කිව්වේ.
842
01:02:14,933 --> 01:02:17,867
කොහොමද අනාගත ඔටුන්න හිමි කුමරිය
843
01:02:17,867 --> 01:02:20,600
[යැංහ්වා මැදුර]
ඔය තරම් නොසැලකිලිමත් විදිහට හැසිරෙන්නේ?
844
01:02:20,600 --> 01:02:22,700
තමුන්ගෙ තාත්තා ඉගැන්නුවේ ඕකද?
845
01:02:22,700 --> 01:02:27,000
කිරුළ හිමි ආර්යාව විදිහට තමන්ගේ හැසිරීම ගැන හිතලා බලනවා.
846
01:02:49,067 --> 01:02:50,800
ඉස්සෙල්ලම, මට ප්‍රශ්නයක් තියෙනවා.
847
01:02:50,800 --> 01:02:52,400
බය වෙන්න එපා.
848
01:02:52,400 --> 01:02:55,300
ජේ වූන් කුමාරයා ආරක්ෂිතව ඉන්නවා.
849
01:02:55,300 --> 01:02:58,267
ඒත් මම එයා ගැන අහයි කියලා ඔබතුමිය දැනගත්තේ කොහොමද?
850
01:02:58,267 --> 01:03:02,800
මස් කාලා තියෙන කෙනා තමයි ඒකෙ රස දන්නේ,
ආදරේ කරලා තියෙන කෙනා තමයි ආදරේ ගැන දන්නෙ.
851
01:03:02,800 --> 01:03:07,500
තමන් ආදරේ කරන කෙනාගෙන් වෙන් වෙලා ඉන්න එකේ
වේදනාව මම දන්නෙ නෑ කියලා හිතුවද?
852
01:03:09,267 --> 01:03:12,133
හරි, දැන් අපි කාරණයට බහිමු.
853
01:03:14,133 --> 01:03:19,033
අර සින්ජුසා පන්සලේ හිටපු ඝාතකයෝ,
එයාලද අර නම් රහිත අය කියන්නේ?
854
01:03:20,567 --> 01:03:24,700
එතකොට අර වෙස් මුහුණ දාගත්ත කිම් දොක් චුන්,
එයත් නම් රහිත කෙනෙක්ද?
855
01:03:24,700 --> 01:03:26,700
කොහොමද ඔයා...
856
01:03:26,700 --> 01:03:29,067
විස්තර කරන්න වෙලාවක් නෑ.
857
01:03:29,067 --> 01:03:30,733
ඔවුන් හැංගිලා ඉන්න තැන කොහෙද?
858
01:03:30,733 --> 01:03:32,900
මටත් ඒ ගැන ආරංචි වුනේ ඩොක් චුන්ගෙන්,
ඒ නිසා මට හරියටම විශ්වාස නෑ,
859
01:03:32,900 --> 01:03:35,467
හැබැයි නැගෙනහිර, බටහිර, උතුර සහ
දකුණ කියන හැම පැත්තෙම ඔවුන්ගේ ශාඛා තියෙනවා.
860
01:03:35,467 --> 01:03:39,267
මට ඇහුනා කඳුකර බලකොටුවක් ගැන
මොකක්දෝ කියනවා.
861
01:03:39,267 --> 01:03:40,933
කඳුකර මූලස්ථානයක්...
862
01:03:42,133 --> 01:03:44,567
වෙන මොනවා හරි අමුතු දෙයක් තිබුනද?
863
01:03:44,567 --> 01:03:48,667
වෙස් මුහුණු දාගත්ත කෙනාට කඳුකර මූලස්ථානයට
යන්න එන්න දවස් ගණන් ගතවුනාද?
864
01:03:48,667 --> 01:03:51,833
එහෙම නැත්නම් එයා නිතරම මොනවා හරි අරගෙන ආවද?
ඒ වගේ දෙයක්?
865
01:03:52,733 --> 01:03:57,433
එයාගේ අම්මා අසනීපෙන් හිටියේ, ඒ නිසා එයා නිතරම
අම්මා වෙනුවෙන් චෙස්නට් පැණියි මත්පැන් එහෙම ගෙනාවා.
866
01:03:57,433 --> 01:03:59,200
චෙස්නට් පැණි...
867
01:04:00,600 --> 01:04:03,033
මොන වගේ මත්පැන් ද?
868
01:04:03,033 --> 01:04:06,700
සමහරවිට පයින් කටු මත්පැන් වෙන්න ඇති...
869
01:04:11,400 --> 01:04:13,067
පයින් කටු වයින්?
870
01:04:13,067 --> 01:04:15,067
ඒ යැංජු වලද?
871
01:04:15,067 --> 01:04:17,167
මොකක්? යැංජු කියන්නේ එහේ තියෙන චෙස්නට් පවා
872
01:04:17,167 --> 01:04:19,467
රාජකීය තෑගි විදිහට රජතුමාට යවන තරම් ප්‍රසිද්ධ තැනක්.
873
01:04:19,467 --> 01:04:21,133
ඒ වගේම පයින් කටු වයින්.
874
01:04:21,133 --> 01:04:25,067
[Gayangju liquor: ගෙදර හදන මත්පැන්]
ඒක යොසාන් සොං පවුලෙන් හදන ගෙදර හදපු මත්පැන් වර්ගයක්.
875
01:04:25,067 --> 01:04:28,667
මුලින්ම, මම යැංජු ප්‍රදේශය හොඳින් පරීක්ෂා කරවන්නම්.
876
01:04:30,533 --> 01:04:34,467
ඩොක් චුන්ව හම්බුනොත්, එයාට මාව ඇවිත් හම්බවෙන්න කියන්න.
877
01:04:34,467 --> 01:04:37,433
එයාගේ අම්මා ගැන මට වැදගත් දෙයක්
කතා කරන්න තියෙනවා.
878
01:04:40,767 --> 01:04:41,967
මට සමාවෙන්න.
879
01:04:41,967 --> 01:04:46,000
මට තාම සෝ හූන්ගේ පවුලේ අයව
උන්ජොන්ගුන් මාලිගයෙන් එළියට ගන්න බැරි වුනා.
880
01:04:46,000 --> 01:04:47,633
යුන්වොල්ගක් වල ප්‍රධාන නායකයා ගැන මොකද?
881
01:04:47,633 --> 01:04:49,272
මට තාම එයාව සම්බන්ධ කරගන්න
882
01:04:49,272 --> 01:04:50,667
බැරි වුනා...
883
01:04:50,667 --> 01:04:53,333
හැංගිලා හිටපු හොං නෑන්,
884
01:04:53,333 --> 01:04:56,733
ඇයි යුන්වොල්ගක් වලට ආවේ?
885
01:04:56,733 --> 01:04:59,467
මම යුන්වොල්ගක් වල
ප්‍රධාන නායකයාව වහාම අත්අඩංගුවට ගන්නම්.
886
01:05:07,300 --> 01:05:11,000
සින්ජුසා පන්සලේ විතරක් ඝාතකයෝ දුසිම් ගණනක් හිටියා.
887
01:05:11,000 --> 01:05:12,733
ඔවුන්ගේ සංඛ්‍යාව සෑහෙන විශාල ඇති.
888
01:05:12,733 --> 01:05:18,367
පළාත් අටේම ශාඛා තියෙනවා කියන්නේ.
මේක සාමාන්‍ය මෙහෙයුමක් නෙවෙයි.
889
01:05:18,367 --> 01:05:20,900
අඩුම තරමේ ඔවුන් සිය ගණනක්වත් ඇති.
890
01:05:20,900 --> 01:05:22,133
නමක් නැති අය...
891
01:05:22,133 --> 01:05:25,240
මේ තරම් විශාල පිරිසක් ඉන්නවා කියන්නේ,
මේක ඇත්තටම පුද්ගලික හමුදාවක් වගේමයි
892
01:05:25,240 --> 01:05:27,033
ඒ වගේම කැරැල්ලක්.
893
01:05:27,033 --> 01:05:29,500
දාල් ඊ අපිට දුන්න මේ ලියුමට අනුව,
894
01:05:29,500 --> 01:05:33,500
වෙස් මුහුණු දාගත්ත කෙනා ඉන්නේ යැංජු වල,
ඒ වගේම නමක් නැති පිරිස ඉන්නේ කඳුකර බලකොටුවක.
895
01:05:33,500 --> 01:05:35,200
අපි ළඟ පාත තියෙන කඳු පරීක්ෂා කරලා බලමු.
896
01:05:35,200 --> 01:05:36,800
අපිට මොනවා හරි හම්බවෙයි.
897
01:05:37,567 --> 01:05:40,767
ආපහු යන ගමන්, අපි සිතියමක් ගමුද?
898
01:05:40,767 --> 01:05:43,100
අපි එන ගමන් මම දැක්කා ඒවා විකුණන්න තියෙනවා.
899
01:05:48,900 --> 01:05:50,133
ඔයාලා මොකක්ද හොයන්නේ?
900
01:05:50,133 --> 01:05:52,600
මට කන්දකට යන්න ඕනේ. කන්දක්? මොන කන්දද?
901
01:05:52,600 --> 01:05:54,067
මේ, මේ.
902
01:05:54,067 --> 01:05:56,000
මෙන්න මෙතන තියෙනවා, මෙන්න මෙතන.
903
01:05:56,000 --> 01:05:59,300
ආහ්, ඒක පැහැදිලිව ලකුණු කරලා
තියෙනවා. ඒක තමයි කන්ද නම්, අපි බලමු.
904
01:05:59,300 --> 01:06:00,367
මේ තියෙන්නේ, මෙන්න මෙතන.
905
01:06:00,367 --> 01:06:02,667
මේක හොඳයි. කීයද?
906
01:06:03,767 --> 01:06:05,367
රජතුමා?
907
01:06:12,133 --> 01:06:16,800
එයා හිතුමතේට පැනලා ගියොත්, ඒකෙන්
වම් අමාත්‍යවරයාට පහර දෙන්න නිදහසට කරුණක් ලැබෙයි.
908
01:06:16,800 --> 01:06:19,600
මම බලාපොරොත්තු වෙන්නේ දැනට සෝ හූන්ව
මාලිගාවේ රඳවා ගන්නයි.
909
01:06:19,600 --> 01:06:23,267
රාජකීය ආරක්ෂකයින්ව උන්ජොන්ගුන් මාලිගාවට ගෙන්නන එකෙන්,
910
01:06:23,267 --> 01:06:25,688
අදහස් වෙන්නේ
911
01:06:25,688 --> 01:06:28,100
රජතුමා දැනටමත් නොසන්සුන් වෙලා කියන එක නේද?
912
01:06:29,000 --> 01:06:33,433
රජතුමා හැමතිස්සෙම වද වුනේ
ඔටුන්න හිමි කුමාරයා ගැන විතරයි.
913
01:06:34,167 --> 01:06:38,300
එක වතාවක්වත් ඔබතුමා ඔටුන්න හිමි කුමරිය ගැන හිතුවේ නෑ.
914
01:06:38,300 --> 01:06:40,767
දැන් ඔබතුමා හදන්නේ එයාව ආයෙමත් අනතුරේ දාන්නද,
915
01:06:40,767 --> 01:06:44,267
ඔටුන්න හිමි කුමාරයාට රිදෙන එක නවත්තන්න ඕන නිසා?
916
01:06:45,500 --> 01:06:47,067
ඔව්.
917
01:06:47,067 --> 01:06:50,700
ඔබ කිව්වා වගේම, මම හිතන්නේ මගේ පුතා ගැන විතරයි.
918
01:06:52,067 --> 01:06:55,867
ඒත් ඒ පුතා හිතන්නේ ඔටුන්න හිමි කුමරිය ගැන විතරයි.
919
01:06:57,000 --> 01:06:58,867
ඒ නිසා, ඔටුන්න හිමි කුමරිය...
920
01:06:59,733 --> 01:07:01,867
නෑ,
921
01:07:01,867 --> 01:07:04,433
සෝ හූන්ව ආරක්ෂා කරන එක
922
01:07:05,233 --> 01:07:06,663
කියන්නේ
923
01:07:06,663 --> 01:07:09,433
ඔටුන්න හිමි කුමාරයාව... මගේ පුතාව ආරක්ෂා කරන එකයි.
924
01:07:16,033 --> 01:07:18,100
ගැං.
925
01:07:18,100 --> 01:07:19,800
මොකක්...
926
01:07:21,533 --> 01:07:24,267
ඔබ මොකක්ද ඒකෙන් අදහස් කලේ?
927
01:07:26,267 --> 01:07:27,933
සෝ හූන්...
928
01:07:29,600 --> 01:07:32,033
සෝ හූන් කියන්නේ ඔටුන්න හිමි කුමරියද?
929
01:07:34,000 --> 01:07:37,267
ඒක... මට ඇත්ත කියන්න!
930
01:07:41,700 --> 01:07:43,400
මට සමාවෙන්න.
931
01:07:52,933 --> 01:07:56,033
♫ ඔබ වලාකුළක් වගේ පාවෙලා ආවා ♫
932
01:07:56,033 --> 01:07:58,200
අවුරුදු පහකට කලින්,
933
01:07:58,200 --> 01:08:04,000
එයා ඔටුන්න හිමි කුමාරයාට හානියක් කරයි කියලා බයේ,
එයා ගඟට පැන්නා.
934
01:08:04,000 --> 01:08:06,767
එදා එයාට හැම මතකයක්ම නැති වුනා.
935
01:08:08,167 --> 01:08:12,133
දැන්, ඔටුන්න හිමි කුමරියම
936
01:08:12,133 --> 01:08:14,900
දන්නවා එයා කවුද කියලා.
937
01:08:16,200 --> 01:08:18,533
මම දැන් ඔයාත් එක්කම ඉන්නවා.
938
01:08:18,533 --> 01:08:20,533
මම ආයේ කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ.
939
01:08:20,533 --> 01:08:28,533
♫ මේ හැමදේම කොච්චර හිස් දෙයක්ද... ♫
940
01:08:29,233 --> 01:08:32,000
♫ හැමදේම හීනයක් විතරයි ♫
941
01:08:39,800 --> 01:08:41,667
කුමරුනි. කුමරුනි.
942
01:08:41,667 --> 01:08:45,467
♫ වැස්සෙ සද්දෙ ඔයාගෙ කටහඬ වගේ ♫
943
01:08:47,833 --> 01:08:51,367
♫ හුළඟ මුමුනන්නෙ ඔයාගෙ සිංදුව වගේ ♫
944
01:08:51,367 --> 01:08:53,567
කුමරුනි. කෝ සෝ හූන්?
945
01:08:53,567 --> 01:08:55,833
එයා සෙන්ග්වාබෑං එකේ ඇති.
946
01:08:58,200 --> 01:09:00,267
කුමරුනි. කුමරුනි.
947
01:09:06,233 --> 01:09:10,067
එයා දොංගුං මාලිගාවට ගියා,
එයා කිව්වා ඒක ඔටුන්න හිමි කුමාරයාට දෙනවා කියලා.
948
01:09:13,600 --> 01:09:15,200
කුමරුනි.
949
01:09:16,633 --> 01:09:17,667
සෝ හූන් කොහෙද?
950
01:09:17,667 --> 01:09:20,767
බලන් ඉඳලා ඉඳලා, එයා එයාගේ නවාතැනට ගියා.
951
01:09:22,633 --> 01:09:31,733
♫ මේ වගේ හීන දැකලා ඇති වැඩේ මොකක්ද... ♫
952
01:09:31,733 --> 01:09:40,567
♫ අනේ දෙයියනේ, අනේ දෙයියනේ, මේ මොන කරදරයක්ද ♫
953
01:09:40,567 --> 01:09:49,000
♫ අනේ, මගේ ආදරය ආපහු මගේ ළඟට එයිද ♫
954
01:09:49,000 --> 01:09:58,200
♫ මේ හැමදේම කොච්චර හිස් දෙයක්ද... ♫
955
01:09:59,267 --> 01:10:02,167
♫ හැමදේම හීනයක් විතරයි ♫
956
01:10:14,833 --> 01:10:17,144
මම මගේ ඇස් අරිද්දී,
957
01:10:17,144 --> 01:10:19,467
මගේ හිත හිස් වෙලා තිබුනා,
958
01:10:19,467 --> 01:10:22,000
ඒත් මගේ මතකයන් අඳුරුයි.
959
01:10:22,000 --> 01:10:24,400
තවත් පැනලා යන්න ඕන නෑ.
960
01:10:24,400 --> 01:10:26,967
මට නවතින්න ඕන, තැන්පත් වෙන්න ඕන,
961
01:10:26,967 --> 01:10:30,167
ඒ වගේම මගේම පවුලක් හදාගන්න ඕන.
962
01:10:30,167 --> 01:10:32,167
දැන්ම හන්‍යැං වලින් පිටවෙලා යන්න.
963
01:10:32,167 --> 01:10:34,616
ඒක තමයි උඹ වගේ පහත් කෙනෙක්
964
01:10:34,616 --> 01:10:36,533
ඔය වගේ මූණක් තියෙන එකට ගෙවන්න ඕන වන්දිය.
965
01:10:36,533 --> 01:10:38,333
ඒ නිසා නේද කුමරියට කේන්ති ගිහින් තියෙන්නේ?
966
01:10:38,333 --> 01:10:40,567
මේ පහත් නීචයා
967
01:10:42,067 --> 01:10:45,133
ඔටුන්න හිමි කුමරියට සමාන වෙන්න ඕන.
968
01:10:46,267 --> 01:10:49,200
මම නිසා, ඒ වටිනා කෙනා
969
01:10:53,300 --> 01:10:55,367
ගොඩක් දුෂ්කර ගමනක් ගියා
970
01:11:00,133 --> 01:11:02,800
ඒ පුංචි දෙපා වලින්...
971
01:11:04,833 --> 01:11:06,600
මම නිසා.
972
01:11:08,867 --> 01:11:10,567
මම නිසා...
973
01:11:14,567 --> 01:11:16,200
කුමරුනි.
974
01:11:48,200 --> 01:11:50,767
කුමරුනි, මොකද වුනේ?
975
01:11:59,867 --> 01:12:02,567
ඔයා දන්නවද මොකද වෙන්නේ කියලා...
976
01:12:06,900 --> 01:12:10,933
ඔයා දන්නවද මොකද වෙන්නේ කියලා
වැටෙන මල් පෙත්තක් අල්ලගත්තොත්?
977
01:12:32,433 --> 01:12:34,033
මම හිතන්නේ...
978
01:12:35,933 --> 01:12:38,300
මම වැටෙන මල් පෙති දෙකක් අල්ලගන්න ඇති.
979
01:12:44,000 --> 01:12:45,900
කොහොම වුනත්,
980
01:12:49,167 --> 01:12:52,667
මම අන්තිමේදී මගේ පළමු ආදරය එක්කම
දෙපාරක් විවාහ වුනා.
981
01:13:07,167 --> 01:13:08,547
මම...
982
01:13:08,547 --> 01:13:11,300
මට සමාවෙන්න.
983
01:13:11,967 --> 01:13:14,400
මට ගොඩක් සමාවෙන්න.
984
01:13:15,233 --> 01:13:17,100
මම...
985
01:13:17,900 --> 01:13:21,400
මම ඔයාව තනි කලා... ගොඩක් කාලෙකට.
986
01:13:23,067 --> 01:13:25,700
මට සමාවෙන්න.
987
01:13:32,933 --> 01:13:34,600
මේ වගේ වෙලාවක,
988
01:13:36,200 --> 01:13:40,133
ඔයා මාව බදාගන්නයි ඕන, දණ ගහගෙන ඉන්න නෙවෙයි.
989
01:13:52,900 --> 01:13:55,300
ගම් මැලියම් වගේ මගේ ඇඟේම ඇලිලා ඉන්න.
990
01:15:02,567 --> 01:15:05,300
අපි මේ විදිහටම පැනලා යමුද?
991
01:15:05,300 --> 01:15:07,533
දොර ළඟ ලියුමක් තියලා තිබුනා...
992
01:15:07,533 --> 01:15:10,233
ඔයාගේ ඇත්ත අනන්‍යතාවය හෙළි කරන්න.
993
01:15:10,233 --> 01:15:13,767
ඔටුන්න හිමි කුමාරයාට කරන්න පුළුවන් මොනවද?
994
01:15:13,767 --> 01:15:16,367
ද්‍රෝහියෙක්ට රැකවරණය දෙන එක පොඩි වරදක් නෙවෙයි.
995
01:15:16,367 --> 01:15:18,333
මරණ දඬුවම නවත්වන්න!
996
01:15:19,200 --> 01:15:20,433
සෝ හූන්,
997
01:15:20,433 --> 01:15:23,128
නෑ, බලයෙන් පහකල කාං යුව රජ බිසව,
998
01:15:23,128 --> 01:15:25,200
එල්ලා මරා දමන්න නියෝග කරනවා.
999
01:15:25,224 --> 01:15:27,224
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜