1
00:00:21,063 --> 00:00:23,399
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:23,482 --> 00:00:26,068


3
00:01:45,439 --> 00:01:49,276
<font color="#ffc846">ඔයාටත් සහෝදරයෙක් ඉන්නවද?</font>

4
00:01:51,570 --> 00:01:52,613
<font color="#ffc846">මට හිටියා.</font>

5
00:01:54,865 --> 00:01:56,951
<font color="#ffc846">හොඳ සහ නරක කියලා දෙකක් තියෙන බව
මම විශ්වාස කළා.</font>

6
00:01:59,078 --> 00:02:04,208
<font color="#ffc846">ඒ නිසාමයි මම දෙවියන්ගේ පැත්තේ හිටගත්තේ,
හොඳ පැත්තේ.</font>

7
00:02:07,002 --> 00:02:08,838
<font color="#ffc846">ඒත් මම මගේම සහෝදරයව මැරුවා.</font>

8
00:02:13,384 --> 00:02:15,261
<font color="#ffc846">මගේ සහෝදරයව ආයේ මුණගැහුණම,</font>

9
00:02:16,595 --> 00:02:19,348
<font color="#ffc846">මම හිතුවේ මගේ යාච්ඤාවලට
අන්තිමේදී පිළිතුරු ලැබුණා කියලයි.</font>

10
00:02:38,659 --> 00:02:39,702
<font color="#ffc846">ඒත් දැන්…</font>

11
00:02:43,664 --> 00:02:44,832
<font color="#ffc846">…මට තේරෙන්නේ නෑ.</font>

12
00:02:47,293 --> 00:02:52,715
<font color="#ffc846">ඒ දෙවියන්ගේ සැලැස්මක්ද
නැත්නම් යක්ෂයාගේ බලපෑමක්ද?</font>

13
00:02:53,257 --> 00:02:55,676
<font color="#ffc846">ඒක ඔයා විශ්වාස කරන්න කැමති දේ අනුව තීරණය වෙයි.</font>

14
00:02:56,343 --> 00:02:58,429
<font color="#ffc846">මම හිතන්නේ මම දැනගෙන හිටියා.</font>

15
00:03:00,222 --> 00:03:01,390
<font color="#ffc846">මගේ සහෝදරයා ගැන.</font>

16
00:03:05,227 --> 00:03:07,271
<font color="#ffc846">ඒත් මට ඒක පිළිගන්න බැරි වුණා.</font>

17
00:03:11,483 --> 00:03:13,736
<font color="#ffc846">මම ඒක ප්‍රතික්ෂේප කළේ
මට ඒක විශ්වාස කරන්න වුවමනා නැති වුණු නිසා.</font>

18
00:04:24,932 --> 00:04:26,517
<font color="#ffc846">කොහෙද ගිහින් හිටියේ?</font>

19
00:04:29,603 --> 00:04:30,646
<font color="#ffc846">මාමේ.</font>

20
00:04:36,402 --> 00:04:37,403
<font color="#ffc846">නැගිටින්න දැන්.</font>

21
00:04:37,486 --> 00:04:38,737
<font color="#db9809"><b>වසර 9කට පෙර</b></font>

22
00:05:22,448 --> 00:05:23,574
<font color="#ffc846">කවුද ඔයා?</font>

23
00:05:24,408 --> 00:05:26,702
<font color="#ffc846">දැන් සිහිය ආවද?</font>

24
00:05:31,123 --> 00:05:32,791
<font color="#ffc846">ඔයා අපිට මොකද කළේ?</font>

25
00:05:54,354 --> 00:05:56,857
<font color="#ffc846">ඒ කිනිස්ස මනුෂ්‍යයන්ට පාවිච්චි කරන්න හදපු එකක් නෙවෙයි.</font>

26
00:06:14,374 --> 00:06:15,626
<font color="#ffc846">මාමේ.</font>

27
00:06:25,302 --> 00:06:26,595
<font color="#ffc846">මගේ පස්සෙන් එන්න.</font>

28
00:07:01,088 --> 00:07:02,923
<font color="#ffc846">ඔබට සිදුවූ සෑම දෙයකටම</font>

29
00:07:03,006 --> 00:07:08,262
<font color="#ffc846">සහ ඔබ කළ සෑම දෙයකටම
මගේ ගෞරවය පුද කරනවා.</font>

30
00:07:09,138 --> 00:07:12,391
<font color="#ffc846">දැන් මට කියන්න. කවුද ඔයා?</font>

31
00:07:12,766 --> 00:07:17,896
<font color="#ffc846">ඔව්. අපි කවුද කියලා ඔබට ප්‍රශ්නයක් ඇති.</font>

32
00:07:22,067 --> 00:07:25,320
<font color="#ffc846">හිස් බව සහ ශූන්‍ය බව පිරුණු තැනක්.</font>

33
00:07:25,737 --> 00:07:29,116
<font color="#ffc846">අපි කැමැත්තෙන්ම ඔබව එතැනින් එළියට ගත්තා.</font>

34
00:07:30,659 --> 00:07:31,660
<font color="#ffc846">මොකක්?</font>

35
00:07:32,202 --> 00:07:34,413
<font color="#ffc846">ඔබ මාව විශ්වාස කරන පාටක් නෑ.</font>

36
00:07:35,497 --> 00:07:36,582
<font color="#ffc846">මම ඔබට දොස් කියන්නේ නෑ.</font>

37
00:07:37,916 --> 00:07:40,377
<font color="#ffc846">දැන් ගොඩක් කල් ගත වෙලානේ.</font>

38
00:07:45,549 --> 00:07:47,509
<font color="#ffc846">පුරාණ තම්රා දේශය</font>

39
00:07:53,307 --> 00:07:56,310
<font color="#ffc846">බැහැ කිව්වොත් මම ඔයාව මෙතනම මරලා දානවා.</font>

40
00:08:29,468 --> 00:08:32,971
<font color="#ffc846">නුඹ එය පාලනය කරගන්න ඕනේ, නැත්නම්--</font>

41
00:08:33,055 --> 00:08:34,139
<font color="#ffc846">නවත්තන්න ඕක!</font>

42
00:08:37,559 --> 00:08:38,810
<font color="#ffc846">කරුණාකරලා නවත්තන්න.</font>

43
00:08:40,687 --> 00:08:44,066
<font color="#ffc846">එහෙනම් ඔයා මේක කරනවද?</font>

44
00:09:20,435 --> 00:09:23,230
<font color="#ffc846">ගුම්ගංජෝ විසින් නුඹව තෝරාගෙන තියෙනවා!</font>

45
00:10:23,081 --> 00:10:25,417
<font color="#ffc846">ගුංටාන් සහ වෑන්!</font>

46
00:10:26,043 --> 00:10:29,713
<font color="#ffc846">ගුම්ගංජෝ කියන්නේ දැන් නුඹලාගේ ආයුධයක්!</font>

47
00:10:30,172 --> 00:10:35,844
<font color="#ffc846">රාග යක්ෂයන් මරන්න ඒ ආයුධය පාවිච්චි කරපල්ලා.
නුඹලාගේ රාජකාරිය මරා දමන එකයි.</font>

48
00:10:35,927 --> 00:10:40,140
<font color="#ffc846">එහෙම කරලා,
තම්රාවත් මේ ලෝකයත් විනාශයෙන් බේරාගනිල්ලා!</font>

49
00:10:40,849 --> 00:10:44,644
<font color="#ffc846">ඒකයි නුඹලාගේ කැඳවීම,
නුඹලා ජීවත් වීමේ අරමුණ.</font>

50
00:11:20,138 --> 00:11:22,516
<font color="#ffc846">නැගිටිනවා. ආයේ උත්සාහ කරනවා.</font>

51
00:11:24,976 --> 00:11:26,436
<font color="#ffc846">මට ඒක කරන්න බෑ.</font>

52
00:11:26,937 --> 00:11:31,900
<font color="#ffc846">මම කිව්වා නුඹ අතහැරියොත් හැමෝම මැරෙයි කියලා.
නුඹට ඒ වගකීම භාරගන්න පුළුවන්ද?</font>

53
00:11:35,654 --> 00:11:36,655
<font color="#ffc846">ආයෙත් කරපන්!</font>

54
00:11:52,087 --> 00:11:55,048
<font color="#ffc846">අද පුහුණුවීම් කොහොමද?</font>

55
00:11:55,132 --> 00:11:57,592
<font color="#ffc846">ඉස්සරහට හොඳ වෙයි කියලා මට විශ්වාසයි.</font>

56
00:11:59,302 --> 00:12:01,847
<font color="#ffc846">මේ ඉන්නේ යක්ෂ දඩයම්කරුවන්ද?</font>

57
00:12:02,931 --> 00:12:04,224
<font color="#ffc846">ඔව්, මේ එයාලා තමයි.</font>

58
00:12:19,197 --> 00:12:22,659
<font color="#ffc846">- අදට ඇති. එයාලව අරන් යන්න.
- එහෙමයි.</font>

59
00:13:17,047 --> 00:13:18,507
<font color="#ffc846">මම වොන්ජොං.</font>

60
00:13:27,474 --> 00:13:30,101
<font color="#ffc846">මේවා කන්න. හරිම රසයි.</font>

61
00:13:39,236 --> 00:13:40,278
<font color="#ffc846">මම ආයේ එන්නම්.</font>

62
00:14:13,770 --> 00:14:17,023
<font color="#ffc846">හිමින් කන්නකෝ. මම තව ගේන්නම්.</font>

63
00:14:46,011 --> 00:14:50,223
<font color="#ffc846">ඇයි අර පිරිමි ළමයින්ට
රාග යක්ෂයන්ගේ ශක්තිය තියෙන්නේ?</font>

64
00:14:50,307 --> 00:14:54,811
<font color="#ffc846">- ඒ යක්ෂ දඩයම්කරුවන්.
- යක්ෂ දඩයම්කරුවන්?</font>

65
00:14:55,395 --> 00:14:58,064
<font color="#ffc846">ඒ කියන්නේ එයාලා මරන්න විතරක් ඉපදුණු
හාමුදුරුවරු වගේ කොටසක්ද?</font>

66
00:14:59,357 --> 00:15:04,404
<font color="#ffc846">රාග යක්ෂයන් මරන්න එයාලා
එයාලගේ ගත සහ සිත කැප කරලා තියෙන්නේ.</font>

67
00:15:05,488 --> 00:15:09,409
<font color="#ffc846">ඔය ළමයි ලොකු වුණාම
හුඟක් ජීවිත අනතුරු වලින් බේරගනීවි.</font>

68
00:15:10,869 --> 00:15:13,371
<font color="#ffc846">ඒක එයාලා කැමැත්තෙන්ම භාරගත්ත දෙයක්ද?</font>

69
00:15:16,583 --> 00:15:20,337
<font color="#ffc846">මට මේක විශ්වාස කරන්න බෑ. යක්ෂ දඩයම්කරුවන් වෙන්න
ඔබතුමා එයාලට බල කළාද?</font>

70
00:15:20,420 --> 00:15:24,174
<font color="#ffc846">ආගමකටවත් මනුෂ්‍යයන්ටවත්
මෙහෙම කරන්න අයිතියක් නෑ.</font>

71
00:15:24,257 --> 00:15:27,719
<font color="#ffc846">මේ භූමිය නිරයක් වුණාට කමක් නෑ කියලද
ඔබතුමා කියන්නේ?</font>

72
00:15:29,054 --> 00:15:32,807
<font color="#ffc846">ඔබතුමා එයාලට මිනී මරන්න බල කරනවා.</font>

73
00:15:33,767 --> 00:15:36,728
<font color="#ffc846">ඇයි එයාලව ලවා ඔහොම පව් කරවන්නේ?</font>

74
00:15:37,604 --> 00:15:39,689
<font color="#ffc846">පොඩ්ඩක් හිතන්න එයාලා කොච්චර විඳවනවා ඇද්ද කියලා.</font>

75
00:15:39,773 --> 00:15:42,442
<font color="#ffc846">දුක කියන්නේ මොකක්ද කියලා එයාලා දන්නේ නෑ.</font>

76
00:15:43,276 --> 00:15:45,779
<font color="#ffc846">දුක කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ කියන්නේ
මොකක්ද?</font>

77
00:15:45,862 --> 00:15:49,991
<font color="#ffc846">මම එයාලගෙන් සියලුම මානුෂීය හැඟීම්
අයින් කරලා තියෙන්නේ.</font>

78
00:15:51,201 --> 00:15:56,539
<font color="#ffc846">ඉතින් එයාලා දන්නේ නෑ සතුට, දුක,
කේන්තිය, වරදකාරී බව කියන්නේ මොනවද කියලා.</font>

79
00:15:56,956 --> 00:16:00,627
<font color="#ffc846">එයාලට ඔය දුක දැනෙන්නේ නෑ,</font>

80
00:16:00,710 --> 00:16:04,464
<font color="#ffc846">මොකද එයාලා ජීවත් වෙන්නේ
රාග යක්ෂයන් මරන්න විතරක් නිසා.</font>

81
00:16:04,547 --> 00:16:07,384
<font color="#ffc846">ඔයා තාම ගොඩක් පොඩියි,</font>

82
00:16:07,467 --> 00:16:10,470
<font color="#ffc846">ඉතින් මම ඔයාට යක්ෂයෙක් වගේ පේනවා ඇති.</font>

83
00:16:10,553 --> 00:16:15,934
<font color="#ffc846">හැබැයි ආයෙත් ආරක්ෂක බාධකයක් හදලා
රාග යක්ෂයන්ව හිර කරනකම්,</font>

84
00:16:16,017 --> 00:16:19,104
<font color="#ffc846">මිනිස්සුන්ව ආරක්ෂා කරන්න පුළුවන් එකම පිරිස</font>

85
00:16:19,187 --> 00:16:22,065
<font color="#ffc846">මම විසින්ම නිර්මාණය කරපු
ඔය යක්ෂ දඩයම්කරුවන් විතරයි.</font>

86
00:16:24,818 --> 00:16:30,657
<font color="#ffc846">ඔබතුමාට දැන්ම බාධකයක් හදන්න පුළුවන් නම්,
යක්ෂ දඩයම්කරුවන්ගේ අවශ්‍යතාවයක් නැහැනේ.</font>

87
00:16:31,533 --> 00:16:34,035
<font color="#ffc846">ඒත් ඒක කරන්න බැහැ නේද?</font>

88
00:16:36,913 --> 00:16:38,707
<font color="#ffc846">දැන් යන්න.</font>

89
00:17:21,958 --> 00:17:22,959
<font color="#ffc846">මට සමා වෙන්න.</font>

90
00:17:23,835 --> 00:17:27,422
<font color="#ffc846">කමක් නෑ.
මම මේකට බෙහෙත් කොළ ටිකක් තියන්නම්.</font>

91
00:17:58,578 --> 00:17:59,871
<font color="#ffc846">වොන්ජොං!</font>

92
00:18:07,378 --> 00:18:09,047
<font color="#ffc846">- මොකද වුණේ?
- ඒක මගේ වැරැද්දක්.</font>

93
00:18:10,423 --> 00:18:12,967
<font color="#ffc846">- අපි එයාව මෙතන දාලා යමු.
- පිස්සුද!</font>

94
00:18:13,927 --> 00:18:16,846
<font color="#ffc846">අපි පැනලා යන්න ඕනේ, නැත්නම් අපි මැරෙයි.</font>

95
00:18:17,972 --> 00:18:20,642
<font color="#ffc846">වොන්ජොං.</font>

96
00:18:24,896 --> 00:18:31,486
<font color="#ffc846">මම දැනන් හිටියා වොන්ජොං උතුම් අරමුණට වඩා
පුද්ගලික හැඟීම් ගැන හිතනවා කියලා.</font>

97
00:18:32,403 --> 00:18:35,365
<font color="#ffc846">- ඒත් මම හිතුවේ නෑ එයා මෙහෙම කරයි කියලා…
- වෑන් ඇවිල්ලා!</font>

98
00:18:49,921 --> 00:18:52,090
<font color="#ffc846">වොන්ජොංව ඇතුළට ගනිල්ලා!</font>

99
00:18:59,305 --> 00:19:01,307
<font color="#ffc846">වෑන්, කොහොමද තමුන්ට පුළුවන් වුණේ!</font>

100
00:19:01,391 --> 00:19:04,978
<font color="#ffc846">අතාරිනවා! මාව අතාරිනවා.</font>

101
00:19:05,061 --> 00:19:07,230
<font color="#ffc846">අතාරිනවා!</font>

102
00:19:07,313 --> 00:19:09,524
<font color="#ffc846">මාව අතාරින්න!</font>

103
00:19:10,400 --> 00:19:12,652
<font color="#ffc846">තමුන්ට කොහොමද හයියක් ආවේ!</font>

104
00:19:13,361 --> 00:19:17,574
<font color="#ffc846">වොන්ජොං අනුකම්පාවක් පෙන්නුවා කියලා,
ඒකෙන් කියවෙන්නේ නෑ නුඹලා මනුස්සයෝ කියලා.</font>

105
00:19:18,700 --> 00:19:21,327
<font color="#ffc846">නුඹලාට කවදාවත් මෙතනින් එළියට යන්න බෑ.</font>

106
00:19:22,412 --> 00:19:24,205
<font color="#ffc846">නුඹලා නිරයට යාවි</font>

107
00:19:24,289 --> 00:19:27,750
<font color="#ffc846">යක්ෂයන් මරන බෝධිසත්ව මාර්ගය
අතහැරලා දැම්මොත්!</font>

108
00:19:27,834 --> 00:19:31,546
<font color="#ffc846">නුඹලාට ඕනෙද සදහටම
පහළම අපායේ දුක් විඳින්න?</font>

109
00:19:31,629 --> 00:19:32,630
<font color="#ffc846">අපාය</font>

110
00:19:33,548 --> 00:19:34,549
<font color="#ffc846">තියෙන්නේ මෙතන.</font>

111
00:19:35,800 --> 00:19:36,885
<font color="#ffc846">මුන්ව ඇදගෙන පලයව්!</font>

112
00:19:48,021 --> 00:19:49,105
<font color="#ffc846">කොහෙද…</font>

113
00:19:50,189 --> 00:19:54,903
<font color="#ffc846">ඔයාට සිහිය නැති වුණා.
අර දඩයම්කරු, වෑන් තමයි ඔයාව මෙහෙට උස්සගෙන ආවේ.</font>

114
00:19:54,986 --> 00:19:57,030
<font color="#ffc846">ඒ කියන්නේ, අර ළමයි…</font>

115
00:20:00,992 --> 00:20:02,869
<font color="#ffc846">එයාලට මොනවා වෙයිද?</font>

116
00:20:04,162 --> 00:20:08,082
<font color="#ffc846">- එයාලට මැරෙනකම්ම ගහයි සමහරවිට.
- එපා!</font>

117
00:20:08,166 --> 00:20:10,251
<font color="#ffc846">මෙහෙම දෙයක් වෙයි කියලා ඔයා හිතුවේ නැද්ද?</font>

118
00:20:11,127 --> 00:20:13,796
<font color="#ffc846">ඔයා හින්දයි එයාලා ඔය වගේ දුකක් විඳින්නේ.</font>

119
00:20:14,756 --> 00:20:18,760
<font color="#ffc846">බලන්න ඔයාගේ දෛවයෙන් පැනලා යන්න හදපු එකේ
ප්‍රතිවිපාක දිහා!</font>

120
00:20:19,761 --> 00:20:22,013
<font color="#ffc846">මම ඔයාට කර්මය ගැන කියලා දුන්නනේ.</font>

121
00:20:23,306 --> 00:20:26,476
<font color="#ffc846">කරන දේට ප්‍රතිවිපාක ලැබෙනවාමයි.</font>

122
00:20:27,894 --> 00:20:32,106
<font color="#ffc846">ඔයා හිටියේ නැත්නම්
අර ළමයින්ට දඬුවම් ලැබෙන්නේ නෑ.</font>

123
00:20:33,232 --> 00:20:37,946
<font color="#ffc846">මම ආරක්ෂක බාධකයක් හැදුවොත්,</font>

124
00:20:39,739 --> 00:20:41,741
<font color="#ffc846">ඒකේ ප්‍රතිවිපාකය මොකක් වෙයිද?</font>

125
00:20:46,496 --> 00:20:50,667
<font color="#ffc846">මම මගේ දෛවය භාරගෙන</font>

126
00:20:52,543 --> 00:20:54,629
<font color="#ffc846">ආරක්ෂක බාධකයක් හදන බලය ලබාගත්තොත්…</font>

127
00:20:57,173 --> 00:20:58,800
<font color="#ffc846">…එයාලට සමාව ලැබෙයිද?</font>

128
00:21:03,388 --> 00:21:07,058
<font color="#ffc846">ඔව්, ඔයාට ඒ බලය තියෙනවා නම්,</font>

129
00:21:08,476 --> 00:21:11,062
<font color="#ffc846">සමහරවිට ඔයාට පුළුවන් වෙයි ඒ ළමයින්ව බේරගන්න.</font>

130
00:21:14,732 --> 00:21:18,361
<font color="#ffc846">හරි. මට ඕනෙත් එච්චරයි.</font>

131
00:21:20,279 --> 00:21:22,532
<font color="#db9809"><b>වසර 15කට පසු</b></font>

132
00:21:36,337 --> 00:21:37,547
<font color="#ffc446">අනේ…</font>

133
00:22:56,918 --> 00:22:59,212
<font color="#ffc446">- ඇයි ඔයා එහෙම කළේ?
- මොකක්ද?</font>

134
00:23:01,422 --> 00:23:05,176
<font color="#ffc446">ඇයි ඔයා ඒ මිනිස්සුන්ව මැරුවේ?
එයාලා රාග යක්ෂයෝ නෙවෙයිනේ.</font>

135
00:23:08,679 --> 00:23:09,972
<font color="#ffc446">මම ඇත්තටම එහෙම කළාද?</font>

136
00:23:20,441 --> 00:23:21,442
<font color="#ffc446">වෑන්!</font>

137
00:23:33,538 --> 00:23:34,831
<font color="#ffc446">ගොඩක් කාලෙකින්.</font>

138
00:23:42,004 --> 00:23:45,341
<font color="#ffc446">ඔයා ලොකු වෙලා ඉන්නවා දැක්කම මට හරි සතුටුයි,</font>

139
00:23:45,424 --> 00:23:50,012
<font color="#ffc446">ඒ වගේම ආරක්ෂක බාධකය හදන බලය
ඔයාට ලැබිලා කියලා අහන්න ලැබුණ එක ගැනත්.</font>

140
00:23:51,222 --> 00:23:52,390
<font color="#ffc446">ජොංර්යොං තුමනි.</font>

141
00:23:54,475 --> 00:23:57,228
<font color="#ffc446">මම අලුත් ආරක්ෂක බාධකය හැදුවට පස්සේ,</font>

142
00:23:57,311 --> 00:24:00,356
<font color="#ffc446">මේ ලෝකේ ආයෙත් රාග යක්ෂයෝ
පැතිරෙන එකක් නෑ.</font>

143
00:24:01,023 --> 00:24:06,737
<font color="#ffc446">ඒ නිසා මම බාධකය හැදුවට පස්සේ
වෑන් සහ ගුංටාන්ව නිදහස් කරන්න.</font>

144
00:24:10,533 --> 00:24:15,204
<font color="#ffc446">එයාලට ඉතුරු කාලය මනුෂ්‍යයෝ වගේ
ජීවත් වෙන්න ඉඩ දෙන්න, කරුණාකරලා.</font>

145
00:24:37,727 --> 00:24:38,895
<font color="#ffc446">මොකද වුණේ?</font>

146
00:24:39,645 --> 00:24:41,689
<font color="#ffc446">මම සුබ ආරංචියක් ගෙනාවා.</font>

147
00:24:44,066 --> 00:24:49,071
<font color="#ffc446">පසළොස්වක පෝය පහුවුණාම,
මම මේ දූපතේ අලුත් ආරක්ෂක බාධකයක් හදනවා.</font>

148
00:24:49,697 --> 00:24:51,157
<font color="#ffc446">ඊටපස්සේ,</font>

149
00:24:52,658 --> 00:24:54,869
<font color="#ffc446">ඔයාලට නිදහස ලැබේවි.</font>

150
00:24:55,661 --> 00:24:57,246
<font color="#ffc446">ජොංර්යොං තුමාත් ඒකට කැමති වුණා.</font>

151
00:24:59,373 --> 00:25:00,374
<font color="#ffc446">ඔයාට විශ්වාසද?</font>

152
00:25:02,126 --> 00:25:05,004
<font color="#ffc446">ඒ දවස ආවම වෑන්, ගුංටාන්,</font>

153
00:25:05,838 --> 00:25:08,174
<font color="#ffc446">ඔයාලට තවත් මිනී මරන්න ඕනේ වෙන එකක් නෑ.</font>

154
00:25:13,095 --> 00:25:14,096
<font color="#ffc446">වෑන්.</font>

155
00:25:16,390 --> 00:25:18,017
<font color="#ffc446">උඹ වොන්ජොංව විශ්වාස කරනවද?</font>

156
00:25:19,685 --> 00:25:21,604
<font color="#ffc446">මම එයාව විශ්වාස කරනවද කියන එකේ වැදගත්කමක් තියෙනවද?</font>

157
00:25:22,230 --> 00:25:23,356
<font color="#ffc446">මම නම් විශ්වාස කරන්නේ නෑ.</font>

158
00:25:27,777 --> 00:25:29,403
<font color="#ffc446">උඹ තාම පොඩි ළමයෙක් වගේ.</font>

159
00:25:30,363 --> 00:25:33,199
<font color="#ffc446">මිනිස්සු අපිව රවට්ටලා,
අපිව රාක්ෂයෝ කරලා,</font>

160
00:25:33,282 --> 00:25:34,700
<font color="#ffc446">දඩයම් බල්ලෝ වගේ පාවිච්චි කළා.</font>

161
00:25:35,201 --> 00:25:36,410
<font color="#ffc446">වොන්ජොං?</font>

162
00:25:36,494 --> 00:25:41,165
<font color="#ffc446">එයාට බෑ අපේ ඇඟේ දුවන
රාග යක්ෂ ලේ පිළිගන්න.</font>

163
00:25:45,544 --> 00:25:49,548
<font color="#ffc446">වොන්ජොං ආරක්ෂක බාධකය හැදුවට පස්සේ
රාග යක්ෂයෝ නැති වෙලා ගියාම,</font>

164
00:25:50,216 --> 00:25:52,635
<font color="#ffc446">අපි නිකම්ම දඩයම් කරන්න ඕනේ නැති
දඩයම් බල්ලෝ බවට පත් වේවි.</font>

165
00:25:53,219 --> 00:25:55,513
<font color="#ffc446">උඹ හිතනවද එයාලා අපිව නිකම් යන්න දේවි කියලා?</font>

166
00:25:57,098 --> 00:25:59,892
<font color="#ffc446">මම දන්නවා එයාලා අනිත් රාග යක්ෂයෝ වගේම
අපිවත් විනාශ කරලා දාවි.</font>

167
00:25:59,976 --> 00:26:01,602
<font color="#ffc446">එහෙම දෙයක් වුණොත්,</font>

168
00:26:05,106 --> 00:26:07,400
<font color="#ffc446">වොන්ජොං නිකම් බලාගෙන ඉන්න එකක් නෑ.</font>

169
00:26:07,483 --> 00:26:09,902
<font color="#ffc446">කොහොම වුණත්, එයා ඉන්නේ එයාලගේ පැත්තේ.</font>

170
00:26:11,696 --> 00:26:16,367
<font color="#ffc446">ඒ නිසා, එයාලා අපිට ගහන්න කලින්
අපි ඉස්සර වෙන්න ඕනේ.</font>

171
00:26:17,576 --> 00:26:19,453
<font color="#ffc446">අපි දෙන්නට ඒක කරන්න පුළුවන්.</font>

172
00:26:21,163 --> 00:26:24,083
<font color="#ffc446">අපි මොනවා කළත්,
අපිට කවදාවත් මනුස්සයෝ වෙන්න බෑ.</font>

173
00:26:27,837 --> 00:26:29,171
<font color="#ffc446">මට ඕනේ එක දෙයයි.</font>

174
00:26:32,258 --> 00:26:36,846
<font color="#ffc446">මට ඕනේ එක මොහොතකට හරි
මනුස්ස හැඟීම් දැනෙන්න.</font>

175
00:27:09,962 --> 00:27:11,172
<font color="#ffc446">මගේ පස්සෙන් වරෙල්ලා.</font>

176
00:28:04,100 --> 00:28:06,519
<font color="#ffc446">නුඹලා මේ වෙනකම් කරපු දේවල් මම අගය කරනවා.</font>

177
00:28:07,061 --> 00:28:11,649
<font color="#ffc446">අද රෑ වොන්ජොං ආරක්ෂක බාධකය හදන අතරේ,</font>

178
00:28:12,316 --> 00:28:16,862
<font color="#ffc446">නුඹලාගේ ශරීර සහ ආත්ම පවිත්‍ර කරන්න
අපි චාරිත්‍රයක් කරනවා.</font>

179
00:28:17,696 --> 00:28:23,160
<font color="#ffc446">නුඹලා ගෞරවයෙන් යුතුව
ඒ චාරිත්‍රයට මුහුණ දෙන්න ඕනේ.</font>

180
00:28:45,141 --> 00:28:46,809
<font color="#ffc446">කවරය අයින් කරපන්.</font>

181
00:28:49,770 --> 00:28:51,021
<font color="#ffc446">ගිනි තියපන්.</font>

182
00:29:03,659 --> 00:29:05,411
<font color="#ffc446">දොර අරිනවා යකෝ!</font>

183
00:29:10,833 --> 00:29:15,129
<font color="#ffc446">වොන්ජොං ආරක්ෂක බාධකය සම්පූර්ණ කළාම,</font>

184
00:29:15,629 --> 00:29:18,424
<font color="#ffc446">නපුර මේ ලෝකෙන් තුරන් වෙලා යයි.</font>

185
00:29:19,258 --> 00:29:22,011
<font color="#ffc446">නුඹලා ළඟ තියෙන්නේ රාග යක්ෂයන්ගේ ශක්තිය.</font>

186
00:29:22,636 --> 00:29:26,432
<font color="#ffc446">ඒ පවිත්‍ර වුණු ලෝකයේ ජීවත් වෙන්න
නුඹලාට ඉඩ දෙන්න මට බෑ.</font>

187
00:29:27,266 --> 00:29:29,977
<font color="#ffc446">ඒ නිසා නුඹලා දැන් සැනසීමේ මැරෙන්න ඕනේ.</font>

188
00:29:30,478 --> 00:29:31,979
<font color="#ffc446">මොකක්ද තමුන් ඒ කිව්වේ?</font>

189
00:29:32,897 --> 00:29:34,315
<font color="#ffc446">මේක හැමෝම වෙනුවෙන් කරන දෙයක්.</font>

190
00:29:35,441 --> 00:29:38,944
<font color="#ffc446">ජොංර්යොං තුමනි, ඔබට වැරදිලා ඇති.</font>

191
00:29:39,028 --> 00:29:41,530
<font color="#ffc446">වොන්ජොං කවදාවත් මේ වගේ දෙයකට ඉඩ තියන්නේ නෑ!</font>

192
00:29:41,614 --> 00:29:44,074
<font color="#ffc446">එයා මේ ගැන දන්නවා.</font>

193
00:29:44,158 --> 00:29:46,410
<font color="#ffc446">නුඹලා වගේ මෝඩයෝ විතරයි ඒක නොදැන හිටියේ.</font>

194
00:29:48,704 --> 00:29:52,958
<font color="#ffc446">මම දැනගෙන හිටියා,
මම තිබ්බේ නෑ මිනිස්සුන්ව විශ්වාස කරන්න.</font>

195
00:29:53,792 --> 00:29:57,963
<font color="#ffc446">අම්මා තාත්තා වුණත්,
අපිව ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වුණු වොන්ජොං වුණත්.</font>

196
00:29:59,048 --> 00:30:00,508
<font color="#ffc446">හැම මනුස්සයෙක්ම එකයි.</font>

197
00:30:00,591 --> 00:30:04,637
<font color="#ffc446">නුඹලාගේ අම්මා තාත්තා?
අර නුඹලා මරපු අම්මා තාත්තා ගැනද කියන්නේ?</font>

198
00:30:05,846 --> 00:30:08,349
<font color="#ffc446">නුඹලා හිතුවද මම දන්නේ නෑ කියලා?</font>

199
00:30:09,266 --> 00:30:10,559
<font color="#ffc446">මම හැමදේම දන්නවා.</font>

200
00:30:11,477 --> 00:30:15,022
<font color="#ffc446">රාග යක්ෂයෝ නෙවෙයි වුණත්
නුඹලා විනෝදෙට මිනිස්සුන්ව මරනවා.</font>

201
00:30:15,105 --> 00:30:17,858
<font color="#ffc446">නුඹලාව මේ ලෝකෙන් අයින් කරලා දාන්නම ඕනේ!</font>

202
00:30:17,942 --> 00:30:19,652
<font color="#ffc446">මම ඉස්සෙල්ලා තමුන්ව ඉවරයක් කරනවා!</font>

203
00:30:22,238 --> 00:30:26,408
<font color="#ffc446">මේක තමයි මම නුඹලාට දෙන දඬුවම.</font>

204
00:30:28,244 --> 00:30:30,120
<font color="#ffc446">ජොංර්යොං!</font>

205
00:30:30,204 --> 00:30:34,792
<font color="#ffc446">මට වොන්ජොංගේ කටින්ම ඒක අහගන්න ඕනේ.
එයා මේකට කැමති වුණා වෙන්න බෑ!</font>

206
00:30:43,133 --> 00:30:46,387
<font color="#ffc446">මම ලේසියෙන් මැරෙන්නේ නෑ!</font>

207
00:32:00,127 --> 00:32:03,380
<font color="#ffc446">වෙන්න බෑ. මම ඒක තදට හිර කළානේ.</font>

208
00:32:03,964 --> 00:32:05,215
<font color="#ffc446">කොහොමද එහෙම වුණේ?</font>

209
00:33:52,406 --> 00:33:54,283
<font color="#ffc446">අපිට සමාවෙන්න.</font>

210
00:33:57,244 --> 00:33:58,245
<font color="#ffc88f"><b><i>වෑන්!</i></b></font>

211
00:33:59,913 --> 00:34:00,914
<font color="#ffc88f"><b><i>වොන්ජොං.</i></b></font>

212
00:34:05,753 --> 00:34:07,254
<font color="#ffc446">මම දැනන් හිටියා මෙහෙම වෙයි කියලා.</font>

213
00:34:08,672 --> 00:34:10,883
<font color="#ffc446">තිරිසන්නු!</font>

214
00:34:12,259 --> 00:34:15,512
<font color="#ffc446">තොපි නිරයට යාවි.</font>

215
00:34:54,718 --> 00:34:59,348
<font color="#ffc446">මේක තමයි මම නුඹට දෙන දඬුවම.</font>

216
00:35:02,810 --> 00:35:06,355
<font color="#ffc446">වොන්ජොං, නවත්තන්න එපා. ඔයා දිගටම කරන්න ඕනේ.</font>

217
00:35:08,774 --> 00:35:11,026
<font color="#ffc446">මම පහළට යන්න ඕනේ බෙක්-ජු.</font>

218
00:35:11,109 --> 00:35:13,779
<font color="#ffc446">අපිට වෙලාව මදි.</font>

219
00:35:13,862 --> 00:35:16,281
<font color="#ffc446">රාග යක්ෂයෝ රංචු පිටින් එළියට එනවා.</font>

220
00:35:23,330 --> 00:35:25,958
<font color="#ffc446">ආරක්ෂක බාධකය හදන්න. ඉක්මන් කරන්න!</font>

221
00:35:46,061 --> 00:35:47,771
<font color="#ffc446">ඔයා දැන් ඒක කළේ නැත්නම්,</font>

222
00:35:47,855 --> 00:35:53,527
<font color="#ffc446">මේ තම්රාවේ වත් මුහුදෙන් එහා වත් ඉන්න
එක ජීවියෙක්වත් ඉතුරු වෙන එකක් නෑ.</font>

223
00:35:53,610 --> 00:35:55,237
<font color="#ffc446">හැමෝම අන්තිමේදී මැරිලා යාවි.</font>

224
00:35:55,320 --> 00:35:58,532
<font color="#ffc446">ඒ නිසා ඉක්මන් කරලා
රාග යක්ෂයන්ව පොළව යට හිර කරන්න.</font>

225
00:35:58,615 --> 00:36:00,617
<font color="#ffc446">වෑන් රාග යක්ෂයෙක් වෙලා ඉවරයි.</font>

226
00:36:02,870 --> 00:36:04,872
<font color="#ffc446">මම දැන් බාධකය හැදුවොත්,</font>

227
00:36:06,623 --> 00:36:08,625
<font color="#ffc446">එයාවත් හිර වෙයි.</font>

228
00:36:12,254 --> 00:36:15,841
<font color="#ffc446">දැන් පරක්කු වැඩියි.
ආයේ කවදාවත් එයාව මනුස්සයෙක් කරන්න බෑ.</font>

229
00:36:29,146 --> 00:36:30,606
<font color="#ffc446">මොකද වුණේ?</font>

230
00:36:36,570 --> 00:36:37,946
<font color="#ffc446">වොන්ජොං.</font>

231
00:36:39,156 --> 00:36:40,741
<font color="#ffc446">ඔයා ඇත්තටම හැදුවේ අපිව මරන්නද?</font>

232
00:36:41,950 --> 00:36:45,787
<font color="#ffc446">එතකොට පොරොන්දුව? ඔයා අපිට බොරු කළාද?</font>

233
00:37:23,450 --> 00:37:25,494
<font color="#ffc446">නුඹ තාම වොන්ජොංව මැරුවේ නෑනේ.</font>

234
00:37:26,745 --> 00:37:27,788
<font color="#ffc446">මෝඩයා.</font>

235
00:37:45,430 --> 00:37:49,017
<font color="#ffc446">වොන්ජොං, ඔයා තම්රාව බේරගන්න ඕනේ.</font>

236
00:37:49,893 --> 00:37:52,688
<font color="#ffc446">බෙක්-ජු, මම පොරොන්දු වුණා</font>

237
00:37:53,772 --> 00:37:56,024
<font color="#ffc446">වෑන්වයි ගුංටාන්වයි බේරගන්නවා කියලා.</font>

238
00:37:56,942 --> 00:37:59,945
<font color="#ffc446">මට බෑ…</font>

239
00:38:01,488 --> 00:38:03,448
<font color="#ffc446">මට බෑ එයාලව අතහරින්න.</font>

240
00:38:19,631 --> 00:38:22,551
<font color="#ffc446">මේකද උඹේ තීරණය, සහෝදරයා?</font>

241
00:38:25,053 --> 00:38:26,471
<font color="#ffc446">වොන්ජොං මුකුත් දැනන් හිටියේ නෑ.</font>

242
00:38:28,849 --> 00:38:30,225
<font color="#ffc446">දැන් ඒකෙන් වැඩක් නෑ.</font>

243
00:39:02,466 --> 00:39:03,842
<font color="#ffc446">ඔය ඇති දැන්.</font>

244
00:39:05,886 --> 00:39:08,722
<font color="#ffc446">යමු මාත් එක්ක, දෙන්නම.</font>

245
00:39:10,891 --> 00:39:15,896
<font color="#ffc446">නුඹලා කරපු හැම පවක්ම, කර්මයක්ම,
අසාධාරණයක්ම, වද දීමක්ම,</font>

246
00:39:16,938 --> 00:39:21,610
<font color="#ffc446">ඊළඟ ආත්මෙදි ගෙවන්න
මම නුඹලාට උදව් කරන්නම්.</font>

247
00:39:43,090 --> 00:39:45,509
<font color="#ffc446">පව් සහ කර්මයන්?</font>

248
00:39:47,552 --> 00:39:52,891
<font color="#ffc446">ශාප වෙන්න ඕනේ මටවත් වෑන්ටවත් නෙවෙයි.</font>

249
00:40:48,238 --> 00:40:51,575
<font color="#ffc446">වොන්ජොං.</font>

250
00:40:58,290 --> 00:41:00,500
<font color="#ffc446">දැන් හැමදේම ඉවරයි.</font>

251
00:41:00,584 --> 00:41:01,918
<font color="#ffc446">වොන්ජොං.</font>

252
00:41:05,046 --> 00:41:09,217
<font color="#ffc446">මට ඕනේ වුණේ ඔයාව මේ නිරයෙන් ගලවගන්න.</font>

253
00:41:11,386 --> 00:41:13,346
<font color="#ffc446">ඔයාට මැරෙන්න බෑ.</font>

254
00:41:16,224 --> 00:41:17,684
<font color="#ffc446">මට පොරොන්දු වෙන්න, වෑන්.</font>

255
00:41:19,603 --> 00:41:24,608
<font color="#ffc446">මම ආයේ එනවා ඔයාව බේරගන්න.</font>

256
00:41:24,691 --> 00:41:26,610
<font color="#ffc446">එතකන් ඉවසන්න.</font>

257
00:41:28,069 --> 00:41:30,906
<font color="#ffc446">එපා වොන්ජොන්ග්.</font>

258
00:41:31,698 --> 00:41:32,991
<font color="#ffc446">ඔයාට තාම මැරෙන්න බෑ.</font>

259
00:41:34,075 --> 00:41:36,453
<font color="#ffc446">මම ආපහු එද්දි,</font>

260
00:41:38,872 --> 00:41:41,833
<font color="#ffc446">ඔයාට මාව අඳුරගන්න පුළුවන් වෙන්න ඕනෙ.</font>

261
00:41:45,629 --> 00:41:46,880
<font color="#ffc446">මාව අමතක කරන්න එපා වෑන්.</font>

262
00:41:48,381 --> 00:41:52,928
<font color="#ffc446">මම ඔයාව ආයෙමත් බේරගන්නවා. මං පොරොන්දු වෙනවා.</font>

263
00:41:52,952 --> 00:41:54,952
<font color="#e2ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

