1
00:00:00,091 --> 00:00:01,003
2
00:00:01,084 --> 00:00:01,953
💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜
3
00:00:44,315 --> 00:00:48,945
ආදරණීය X (Dear X)
4
00:00:49,821 --> 00:00:51,865
5
00:00:51,948 --> 00:00:53,491
6
00:00:56,494 --> 00:00:58,955
[9 වන කොටස] : නව හිනිපෙත්තට
7
00:00:59,289 --> 00:01:02,751
{\an8}ලෝන්ග්ස්ටාර් එන්ටර්ටේන්මන්ට් ආයතනය
අද නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ,
8
00:01:02,834 --> 00:01:04,169
{\an8}තමන් බෙක් ආ-ජින් සමඟ ඇති
9
00:01:04,252 --> 00:01:06,171
{\an8}විශේෂ ගිවිසුම අත්හිටුවීමට තීරණය කළ බවත්
10
00:01:06,254 --> 00:01:08,089
ඒ අනුව ඇයව ආයතනයෙන් ඉවත් කළ බවත්ය.
11
00:01:08,173 --> 00:01:09,424
ලෝන්ග්ස්ටාර් ආයතනයට අනුව,
12
00:01:09,507 --> 00:01:13,011
මෙම තීරණය ගෙන ඇත්තේ
දෙපාර්ශවය අතර තිබූ විශ්වාසය
13
00:01:13,094 --> 00:01:15,847
තවදුරටත් පවත්වාගෙන යා නොහැකි මට්ටමට
බිඳ වැටී ඇති බව තහවුරු වීමෙන් පසුවයි.
14
00:01:15,930 --> 00:01:19,184
ඇතැම් පාර්ශව සැක පළ කරන්නේ මෙය බෙක් ආ-ජින්ගේ
15
00:01:19,267 --> 00:01:22,312
රංගන දිවියේ අවසානය විය හැකි බවයි.
16
00:01:22,395 --> 00:01:26,357
බෙක් ආ-ජින් මේ පිළිබඳව තවමත්
කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති අතර,
17
00:01:26,441 --> 00:01:28,651
ඇයගේ ඊළඟ පියවර කුමක් වේවිද යන්න
දෙස බොහෝ දෙනා අවධානයෙන් සිටී.
18
00:01:32,322 --> 00:01:33,823
මේ ගැන ටිකක් හිතලා බලන්න, චා මහත්මයා.
19
00:01:33,907 --> 00:01:36,910
මම පාවිච්චි කරලා අහක දාපු නිළියක්ව
ඔයා ආපහු ගන්න හදන්නේ ඇයි?
20
00:01:38,203 --> 00:01:41,706
ඔයාගේ සමාගම කොටස් වෙළෙඳපොළට ආවා විතරනේ,
ඉතින් ඔයා මීට වඩා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ.
21
00:01:42,707 --> 00:01:44,292
ඔයා අර ලිපි ටික කියවන්න ඇතිනේ.
22
00:01:47,712 --> 00:01:49,923
මම ඇයව අත ඇරියේ ඇයි කියලා ඔයා හිතන්නේ?
23
00:01:51,674 --> 00:01:53,718
ලොකු දෙයක් පුපුරන්නයි යන්නේ.
24
00:01:54,177 --> 00:01:57,806
ඒ නිසා බෙක් ආ-ජින් ඉස්සරහා
ගිවිසුමක් වනන්න හිතන්නවත් එපා.
25
00:01:58,515 --> 00:02:00,433
දැනට ඉන්න අය ගැන අවධානය යොමු කළොත් හොඳයි.
26
00:02:01,184 --> 00:02:04,229
මේක හිතවත්කමට දෙන උපදෙසක්
නෙවෙයි. මේක අනතුරු ඇඟවීමක්.
27
00:02:14,572 --> 00:02:15,615
ඔයා වේලාසනින්ම ඇවිත්නේ.
28
00:02:19,244 --> 00:02:20,578
මොකද්ද ඔය බැල්ම?
29
00:02:21,371 --> 00:02:23,498
ඔයාට ඕනේ මාව මේ වහලෙන් පහළට තල්ලු කරන්නද?
30
00:02:24,040 --> 00:02:25,834
ඔයාට ඕන වුණේ මේක මේ තරම් දුර දිග ගෙනියන්නද?
31
00:02:27,168 --> 00:02:29,003
මෙතන උඩ හරිම සිසිලසයි නේද?
32
00:02:30,421 --> 00:02:33,800
මම හිතුවා පොඩි හුළං පාරක් වැදුණම
ඔයාගේ මොළේ ටිකක් පෑදෙයි කියලා.
33
00:02:34,509 --> 00:02:35,510
ඉතින්?
34
00:02:36,261 --> 00:02:38,138
දැන්වත් යථාර්ථය තේරෙනවද?
35
00:02:38,930 --> 00:02:40,598
මට තාම හිතාගන්න බැහැ.
36
00:02:42,267 --> 00:02:44,978
මේ ඔක්කොම ඉන්-ගැන් වෙනුවෙන්ද?
37
00:02:45,603 --> 00:02:46,813
මම ඒ ගැන කල්පනා කළා.
38
00:02:47,564 --> 00:02:49,983
කොතනද වැරදුනේ කියලා.
39
00:02:51,985 --> 00:02:54,737
මුල ඉඳලම මම ඔයාට කතා නොකළා නම්...
40
00:02:55,738 --> 00:02:58,241
ඔයයි ඉන්-ගැනුයි කවදාවත් මුණ නොගැහුණා නම්...
41
00:03:01,494 --> 00:03:03,830
එයා තාමත් ජීවතුන් අතර ඉඳීවිද?
42
00:03:03,913 --> 00:03:06,082
මම එයා එක්ක යාලුයි කියලා ඔයාට කිව්වම,
43
00:03:07,250 --> 00:03:08,918
එකේ කෙළවර මොකද්ද කියලා ඔයා දැනගෙන හිටියා.
44
00:03:10,879 --> 00:03:12,547
ඒත් ඔයා නොදැක්කා වගේ හිටියා.
45
00:03:12,630 --> 00:03:14,841
මොකද අපි දෙන්නා නිසා
ආයතනයට සල්ලි ලැබුණ හින්දා.
46
00:03:16,009 --> 00:03:17,260
ඒ ඔයානේ.
47
00:03:18,261 --> 00:03:19,804
ඉතින් ඇයි මම දැන් මේ දේවල් කරන්නේ?
48
00:03:20,430 --> 00:03:21,639
මටත් හරියටම තේරෙන්නේ නැහැ.
49
00:03:23,558 --> 00:03:25,977
ඉන්-ගැන් ගැන මගේ හිතේ තියෙන වරදකාරී හැඟීම
50
00:03:26,060 --> 00:03:27,645
හෝදගන්නේ කොහොමද කියලා මම බලන්නේ.
51
00:03:27,729 --> 00:03:29,606
ඒ ගැන හිතන හිතන හැම වාරයක් පාසාම...
52
00:03:32,483 --> 00:03:35,195
උත්තරේ ඇවිත් නවතින්නේ ඔයා ළඟ.
53
00:03:38,031 --> 00:03:39,824
ඔයා මොනවද කරන්න හදන්නේ?
54
00:03:40,909 --> 00:03:43,161
මම දාගත්ත ගැටේ මමම ලිහාගන්න ඕනනේ.
55
00:03:44,454 --> 00:03:45,747
ඒ කියන්නේ,
56
00:03:47,040 --> 00:03:51,711
ඔයා ආපු තැනටම ඔයාව ආපහු යවන්න වෙනවා.
57
00:03:53,671 --> 00:03:54,756
බලන් ඉන්නකෝ.
58
00:03:57,508 --> 00:04:01,554
මම ඔයාගේ ජීවිතේ විනාශ කරලා දානවා.
59
00:04:09,145 --> 00:04:10,647
මම ඔයාට ලේසියෙන් යන්න දෙන්නේ නැහැ.
60
00:04:12,982 --> 00:04:16,319
ඔයා බඩගාගෙන ආපු ඒ කාණුවටම
මම ඔයාව ආපහු ඇදලා දානවා.
61
00:04:17,987 --> 00:04:19,822
තමන්ගේ පියා ඝාතනය කිරීමේ සැකකාරිය,
62
00:04:21,199 --> 00:04:22,283
බෙක් ආ-ජින්.
63
00:04:27,413 --> 00:04:28,414
ගහන්න.
64
00:04:29,874 --> 00:04:30,875
මට ගහන්න.
65
00:04:31,876 --> 00:04:34,671
ඔයාගේ හිතට සහනයක් ලැබෙන්නේ
ඒකෙන් නම්, මම ඒ පාර කන්නම්.
66
00:04:37,465 --> 00:04:39,634
ඒකෙන් ඉන්-ගැන් ආපහු එයිද?
67
00:04:41,261 --> 00:04:44,514
එහෙනම් මොකක්ද? ඔයාට ඕනේ
මම ඔයා ඉස්සරහා දණ ගහන්නද?
68
00:04:44,764 --> 00:04:46,557
ඒකෙන් එයා ආපහු එයිද?
69
00:04:47,058 --> 00:04:49,310
එහෙනම් ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනේ?
70
00:04:50,937 --> 00:04:53,398
ඔයා මේ ගොඩනැගිල්ලෙන් පැන්නොත්,
71
00:04:54,524 --> 00:04:55,775
අපි දෙන්නා ණය නැහැ.
72
00:05:03,574 --> 00:05:04,659
ඒක නම් විහිළුවක්.
73
00:05:06,286 --> 00:05:07,287
"විහිළුවක්"?
74
00:05:11,207 --> 00:05:12,375
මිස් සෝ.
75
00:05:15,086 --> 00:05:17,130
මේ හැම දේකටම වැරදි මම විතරද?
76
00:05:18,965 --> 00:05:20,758
ඔයා ඇත්තටම එහෙම විශ්වාස කරනවද?
77
00:05:24,762 --> 00:05:27,515
ඔච්චර කාලයක් ඔයා එයාගේ ළඟින්ම හිටියනේ,
78
00:05:27,598 --> 00:05:30,768
ඒ වෙලාවෙවත් ඔයාට තේරුණේ
නැද්ද මෙහෙම දෙයක් වෙයි කියලා?
79
00:05:31,519 --> 00:05:33,771
ඔයා දැනගෙන හිටියා එයා කඩා වැටිලා හිටියේ කියලා,
80
00:05:34,689 --> 00:05:36,607
ගොඩක් කාලෙක ඉඳලා.
81
00:05:38,693 --> 00:05:40,695
ඒත් ඔයා අහක බලන් ඉන්න තීරණය කළා.
82
00:05:41,738 --> 00:05:43,072
ඒ ඔයාගේ කෑදරකම නිසා.
83
00:05:45,241 --> 00:05:47,702
දැන් ඔයා වරද මගේ පිට පටවන්න හදනවා.
84
00:05:48,828 --> 00:05:50,747
එහෙනම් ඔයාගේ නියම ස්වරූපේ මේකයි.
85
00:05:51,789 --> 00:05:53,124
ඔයා අනිත් අයට බැන බැන--
86
00:05:53,207 --> 00:05:54,292
ඔයා මොනවද දන්නේ?
87
00:05:54,375 --> 00:05:56,002
මම මේ ටික දන්නවා.
88
00:05:58,338 --> 00:06:00,256
එයා ඔයත් එක්ක ගෙවපු අවුරුදු දහයට වඩා,
89
00:06:00,965 --> 00:06:02,800
මාත් එක්ක ගෙවපු එක අවුරුද්ද
90
00:06:03,509 --> 00:06:06,346
එයාට ගොඩක් වටිනවා.
91
00:06:36,667 --> 00:06:41,381
බලන් ඉන්නකෝ. මම ඔයාගේ
ජීවිතේ විනාශ කරලා දානවා.
92
00:06:43,591 --> 00:06:46,010
ශික්!
93
00:06:49,055 --> 00:06:50,139
විනාශයි.
94
00:06:51,974 --> 00:06:53,059
කවුද කියන්නේ ඔයාට එහෙම කරන්න පුළුවන් කියලා?
95
00:06:55,186 --> 00:06:57,647
මගේ හරහට එන්න එපා මොකද මම නවතින්නේ නැහැ.
96
00:06:58,231 --> 00:06:59,232
කවදාවත්ම.
97
00:07:19,961 --> 00:07:22,672
ආ-ජින් සම්බන්ධව ඔයාගේ ආයතනයට
කිසිම පියවරක් ගන්න බැරි නම්,
98
00:07:23,631 --> 00:07:25,758
දිගටම ආයෝජනය කරන්න මට
කිසිම හේතුවක් පේන්නේ නැහැ.
99
00:07:26,175 --> 00:07:27,927
චිත්‍රපටයේ ආයෝජනවලිනුත් අපි අයින් වෙනවා.
100
00:07:28,636 --> 00:07:32,098
ඒ කියන්නේ බෙක් ආ-ජින්ව ආරක්ෂා
කරන්න ඔයාලට කිසිම අදහසක් නැද්ද?
101
00:07:32,432 --> 00:07:34,434
ඔව්, ඒක හරි.
102
00:07:37,186 --> 00:07:38,354
අන්තිම ප්‍රශ්නයක් තියෙනවා.
103
00:07:38,771 --> 00:07:42,275
ඔයාලා මෙයාව අයින් කරලා නිකන්
ඉන්න නෙවෙයි නේද කල්පනාව?
104
00:07:42,775 --> 00:07:43,985
මගෙන් පොඩි උපදෙසක් දෙන්නද?
105
00:07:44,610 --> 00:07:48,698
බෙක් ආ-ජින් ළඟ මනුස්සකමක් ඉතුරු
වෙලා ඇති කියලා ඔයා හිතනවා නම්,
106
00:07:49,866 --> 00:07:51,909
රැකගන්න තරම් දෙයක් තියෙනවා කියලා හිතනවා නම්,
107
00:07:53,286 --> 00:07:54,370
ඒ අදහස අතෑරගන්න.
108
00:07:54,912 --> 00:07:58,541
එයා තමන් වටේ ඉන්න හැමෝවම
ඇදගෙන තමයි නිරයට යන්නේ.
109
00:08:04,505 --> 00:08:07,341
ඔයා මං ගැන ටිකක් සැර වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
110
00:08:07,425 --> 00:08:09,135
මට ඕන එයා එක්ක කතා කරන්න විතරයි!
111
00:08:09,218 --> 00:08:11,888
සභාපතිතුමා මට උපදෙස් දීලා තියෙන්නේ
ඔයාව මේ ගේ ඇතුළට ගන්න එපා කියලා.
112
00:08:12,388 --> 00:08:13,431
කරුණාකරලා යන්න.
113
00:08:15,725 --> 00:08:17,727
හොං මහත්තයෝ, මට එක වචනයක් කතා කරන්න...
114
00:08:23,691 --> 00:08:26,110
මට කැරකිල්ල වගේ.
115
00:08:27,695 --> 00:08:28,696
මට පොඩ්ඩක් ඉන්න ඕනේ.
116
00:08:34,911 --> 00:08:37,246
{\an8}පුතා
117
00:08:59,268 --> 00:09:00,269
මොකද දැන්?
118
00:09:00,811 --> 00:09:03,773
ඔයා තාම ජුන්-සෝට කිව්වේ නැද්ද?
119
00:09:04,398 --> 00:09:06,484
මම කිව්වනේ මම දණ ගහලා සමාව ගත්තා කියලා
120
00:09:06,567 --> 00:09:08,027
එයාට දැනගන්න සලස්වන්න කියලා.
121
00:09:08,110 --> 00:09:09,487
දැන් කොච්චර කල් ගියාද?
122
00:09:09,987 --> 00:09:10,988
මිස් හ්වං.
123
00:09:11,364 --> 00:09:14,617
දැනටමත් මගේ ඔලුව පැලෙන්න එනවා,
ඒ නිසා මේක තවත් අවුල් කරන්න එපා.
124
00:09:14,700 --> 00:09:17,286
ඔයාට එයාට කියන්නම ඕනේ
නම්, ගිහින් ඔයාම කියන්න.
125
00:09:18,120 --> 00:09:21,832
එයා මගේ කෝල්වත් ගන්නේ නැත්නම්
මම කොහොමද එයාට කියන්නේ?
126
00:09:21,916 --> 00:09:24,710
මම එයාව බලන්න ගියත් එයා
මාව හම්බෙන්න එන්නේ නැහැ.
127
00:09:27,171 --> 00:09:29,048
ඉතින් මම මොනවා කරන්නද?
128
00:09:29,423 --> 00:09:31,634
ඔය තරම් ඇලිලා ඉන්න එක හොඳ දෙයක් නෙවෙයි.
129
00:09:31,717 --> 00:09:32,927
නවත්තන්න ඕන තැන දැනගන්න.
130
00:09:33,219 --> 00:09:35,096
මම ඇලිලා නැහැ.
131
00:09:36,055 --> 00:09:37,223
මම අසනීපෙන් ඉන්නේ.
132
00:09:39,183 --> 00:09:40,518
මට ඉක්මනටම ඔපරේෂන් එකක් කරන්න ඕනේ.
133
00:09:47,275 --> 00:09:49,860
ඔපරේෂන් එකක්? මොන වගේ ඔපරේෂන් එකක්ද?
134
00:09:52,029 --> 00:09:54,782
මගේ වකුගඩු නරක් වෙලා, ඩයලිසිස්
කරනවා. මට බද්ධ කරන්න වකුගඩුවක් ඕනේ.
135
00:09:55,241 --> 00:09:56,867
දොස්තරලා කියන්නේ පවුලේ
කෙනෙක්ගෙන් ගන්න එක හොඳයි කියලා.
136
00:09:57,827 --> 00:10:00,204
පිටින් කෙනෙක් හොයාගන්න ගියොත්
අවුරුදු ගාණක් බලන් ඉන්න වෙයි.
137
00:10:00,288 --> 00:10:01,789
අනික මට වෙන විකල්පයකුත් නැහැනේ.
138
00:10:01,872 --> 00:10:04,667
මම ණය කන්දරාවක හිර වෙලා ඉන්නේ,
මට ඔපරේෂන් එකට සල්ලිත් නැහැ.
139
00:10:05,084 --> 00:10:06,877
මට සල්ලිත් නැහැ, වකුගඩුවකුත් නැහැ.
140
00:10:06,961 --> 00:10:08,921
මේ විදිහට ගියොත් මම මැරෙයි!
141
00:10:10,256 --> 00:10:13,801
ජුන්-සෝට මේක ආරංචි වෙන විදිහට සලස්වන්න.
142
00:10:14,218 --> 00:10:19,348
ආ.. ඉතින් මේ ඔක්කොම දඟලන්නේ
ඔයාට එයාගේ වකුගඩුවක් ඕන නිසා නේද?
143
00:10:20,474 --> 00:10:24,395
ඒකයි ඔයා අර බොරු සමාවක්
අරගෙන මම ළඟට දුවගෙන ආවේ.
144
00:10:24,770 --> 00:10:25,980
හොඳයි, වෙලාව හරි.
145
00:10:26,480 --> 00:10:30,276
එයා මෙතනම ඉන්නවා, ඉතින් ඔයාම එයාට කියන්න.
146
00:10:30,359 --> 00:10:32,778
එයාට කියන්න ඔයා දණ ගහලා සමාව ගත්තේ,
147
00:10:32,862 --> 00:10:35,364
ඔයාට එයාගේ වකුගඩුව ඕන නිසා කියලා.
148
00:10:37,908 --> 00:10:38,909
මොකක්?
149
00:10:40,494 --> 00:10:41,579
ඔයාට ඇහුණනේ.
150
00:10:42,580 --> 00:10:44,248
ඔයාගේ අම්මට වකුගඩුවක් ඕනලු.
151
00:10:45,875 --> 00:10:48,252
ඔයාට එයාව බේරගන්න ඕන නම්,
ඔයාගේ වකුගඩුව එයාට දෙන්න.
152
00:11:06,062 --> 00:11:07,229
එයාගේ කෝල්වලට ආන්සර් කරන්න එපා.
153
00:11:08,022 --> 00:11:10,775
එහෙම නොකළොත් එයා
මොනවා කරයිද කියලා කවුද දන්නේ?
154
00:11:11,525 --> 00:11:12,735
ඔයා දන්නවනේ එයා කොහොමද කියලා.
155
00:11:13,861 --> 00:11:16,030
ඔයා ඇත්තටම දන්නේ නැද්ද,
156
00:11:16,113 --> 00:11:20,076
නැත්නම් එයා ඔයාගේ අම්මා
නිසා නොදන්නවා වගේ ඉන්නවද?
157
00:11:22,203 --> 00:11:24,163
ඉස්සර ඔයාගේ ඔලුව අතගාපු ඒ අත් දෙකෙන්ම තමයි,
158
00:11:24,246 --> 00:11:26,540
මගේ ඔලුව වතුර යට ඔබාගෙන හිටියේ.
159
00:11:26,999 --> 00:11:28,084
ඒක අමතක කරන්න එපා.
160
00:11:33,673 --> 00:11:35,257
මම මිස් සෝව හම්බුණා.
161
00:11:36,258 --> 00:11:38,761
මම ආයෝජනය අයින් කරගන්නවා
කිව්වමත් එයා අඟලක්වත් හෙලවුණේ නැහැ.
162
00:11:39,178 --> 00:11:41,389
පේන විදිහට එයා තීරණය කරලා තියෙන්නේ
ඔයාගේ පස්සෙන් දිගටම එන්න වගේ.
163
00:11:41,889 --> 00:11:45,726
එයා ඔයාව වලලලා, ආයේ කවදාවත්
එන්න බැරි තැනටම වැඩ සිද්ධ කරයි.
164
00:11:46,477 --> 00:11:47,561
මට පුදුමයක් නැහැ.
165
00:11:49,105 --> 00:11:51,399
එයාට කේන්තිය කොච්චරද කියනවා
නම්, එයාට හරි හැටි දෙයක් පේන්නේ නැහැ.
166
00:11:51,941 --> 00:11:54,193
එයා කොච්චර දුරක් යයි කියලා ඔයා හිතනවද?
167
00:11:54,276 --> 00:11:57,113
ඇත්තටම මම දන්නේ නැහැ. එයා මීට
කලින් කවදාවත් මෙච්චර දුර ගිහින් නැහැ.
168
00:12:15,589 --> 00:12:19,093
මම ඒජන්සි කීපයකට කතා කළා, ඒත්
මිස් සෝ දැනටමත් එයාලට කතා කරලා.
169
00:12:19,593 --> 00:12:21,345
මේකෙන් ගැලවෙන එක ලේසි වෙන්නේ නැහැ.
170
00:12:21,929 --> 00:12:24,056
මගේ ජීවිතේ කවද්ද ලේසි වුණේ?
171
00:12:24,140 --> 00:12:25,683
මම බය වෙන්නෙත් අන්න ඒ ගැනම තමයි.
172
00:12:26,892 --> 00:12:27,893
ඒ කියන්නේ?
173
00:12:28,144 --> 00:12:29,645
ඔයා කොටු වුණ හැම වෙලාවකම
174
00:12:29,729 --> 00:12:32,314
ඔයා ප්‍රශ්නේ විසඳගන්න තවත් සීමාවක් පනිනවා.
175
00:12:32,398 --> 00:12:34,400
මම මෝඩයෙක් වගේ නිකන් ඉන්නේ නැහැ.
176
00:12:37,778 --> 00:12:40,990
මේක වාද කරන්න වෙලාවක් නෙවෙයි.
මේක විසඳගන්නේ කොහොමද කියලා බලන්න.
177
00:12:42,867 --> 00:12:45,619
අර 'විලංගු' ෆයිල් එක. (Shackle file)
අපිට ඕන කරන්නේ ඒක විතරක් නෙවෙයිද?
178
00:12:46,954 --> 00:12:48,038
දැන් ඒකෙන් වැඩක් නැහැ.
179
00:12:53,753 --> 00:12:56,881
දැන් තියෙන තත්ත්වෙ හැටියට, එක්කෝ එයා
මැරෙන්න ඕනේ, නැත්නම් මම මැරෙන්න ඕනේ.
180
00:12:58,883 --> 00:13:00,050
අපි දෙන්නගෙන් එක්කෙනෙක් අයින් වෙන්න වෙනවා.
181
00:13:27,870 --> 00:13:30,790
වෛද්‍ය මධ්‍යස්ථානය
182
00:13:35,044 --> 00:13:36,587
මම ඔයාට මගේ වකුගඩුව දෙනවා.
183
00:13:36,670 --> 00:13:40,090
මම පොලී කාරයන්ගේ ණයත් ගෙවලා
ඔපරේෂන් එකේ වියදම් ඔක්කොම දරන්නම්.
184
00:13:41,717 --> 00:13:42,802
ඇත්තටමද?
185
00:13:43,844 --> 00:13:45,721
හැබැයි මට කොන්දේසි දෙකක් තියෙනවා.
186
00:13:46,138 --> 00:13:49,141
පළවෙනි එක, ඔයා ආයේ කවදාවත්
ආ-ජින් ඉස්සරහට එන්නේ නැහැ.
187
00:13:49,225 --> 00:13:52,895
දෙවෙනි එක, ඔයා සීයගෙන්
ඈත් වෙලා ඉන්න ඕනේ, දිගටම.
188
00:13:53,437 --> 00:13:54,438
මොකක්?
189
00:13:54,522 --> 00:13:56,982
ඔයාගේ ණය ගෙවලා ඉවර වුණාම,
ඔපරේෂන් එකත් කළාට පස්සේ,
190
00:13:57,650 --> 00:14:00,611
ඔයාට සල්ලි ඉල්ලගෙන සීයා ළඟට
යන්න කිසිම හේතුවක් නැහැනේ.
191
00:14:00,694 --> 00:14:01,987
අනික මගේ වකුගඩුව ලැබුණට පස්සේ
192
00:14:02,071 --> 00:14:04,657
ආ-ජින් එක්ක ප්‍රශ්න ඇති කරගන්න
යන්න ඔයාට කිසිම උවමනාවක් නැහැනේ.
193
00:14:04,907 --> 00:14:07,326
මම බලන විදිහට නම්, ඒක සාධාරණයි.
194
00:14:11,789 --> 00:14:14,041
ඔයා කතා කරන්නේ හරියට මට
බෝවෙන ලෙඩක් හැදිලා වගේනේ.
195
00:14:14,875 --> 00:14:16,669
ඔයා මට හුඟක් සැර වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
196
00:14:17,294 --> 00:14:18,295
ඔයා ඒකට කැමති නැද්ද?
197
00:14:19,839 --> 00:14:22,299
ඔයා දිගින් දිගටම රිද්දන්නේ
198
00:14:22,633 --> 00:14:25,553
මම වැඩියෙන්ම ආදරේ කරන අයට.
199
00:14:26,053 --> 00:14:27,721
ඒක නිසා ආ-ජින්ටවත්, සීයාටවත් රිද්දන්න එපා
200
00:14:28,514 --> 00:14:29,682
ආයේ කවදාවත්.
201
00:14:31,934 --> 00:14:33,352
ඕවා තමයි මගේ කොන්දේසි.
202
00:14:47,032 --> 00:14:48,284
මොකක්ද ඒ කියන්නේ?
203
00:14:49,577 --> 00:14:50,828
පළවෙනි තට්ටුවේ කවුද ඉන්නේ?
204
00:14:52,246 --> 00:14:53,247
මොන හේතුවකටද?
205
00:14:53,706 --> 00:14:54,707
ඔයාට විශ්වාසද?
206
00:14:59,753 --> 00:15:00,796
මොකද වෙන්නේ?
207
00:15:00,880 --> 00:15:02,882
මිස් සෝ, පොලිසියෙන් ඇවිත් ඉන්නවා.
208
00:15:02,965 --> 00:15:05,050
පොලිසියෙන්? එයාලට මොනවද ඕනෙ?
209
00:15:09,513 --> 00:15:10,514
සෝ මි-රි මහත්මිය.
210
00:15:11,307 --> 00:15:15,895
අපිට ඔයාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් සහ
මේ ස්ථානය පරීක්ෂා කරන්න වරෙන්තුවක් තියෙනවා.
211
00:15:16,645 --> 00:15:20,566
{\an8}අද උදෑසන ලෝන්ග්ස්ටාර් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ
ප්‍රධාන විධායක නිලධාරී සෝ මි-රි මහත්මියව
212
00:15:20,649 --> 00:15:22,610
{\an8}පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
213
00:15:22,693 --> 00:15:24,111
{\an8}පොලීසිය පවසන්නේ ඇය සමාගමේ අරමුදල්වලින්
214
00:15:24,194 --> 00:15:27,114
{\an8}වොන් බිලියන ගණනක් වංචා
කළ බවට සාක්ෂි හමුවී ඇති බවයි.
215
00:15:27,197 --> 00:15:30,117
{\an8}පරීක්ෂණ පුළුල් කිරීමේ කොටසක්
ලෙස විමර්ශන නිලධාරීන් විසින්
216
00:15:30,200 --> 00:15:33,495
{\an8}සමාගමේ මූලස්ථානය පැය පහක කාලයක්
පුරා සෝදිසි කිරීමකට ලක් කර තිබෙනවා.
217
00:15:33,829 --> 00:15:36,165
{\an8}බලධාරීන් පවසන්නේ මුදල් වංචාව
මෙම නඩුවේ එක් කොටසක් පමණක් බවයි.
218
00:15:36,248 --> 00:15:39,627
{\an8}නව චෝදනාවලට අනුව ඇය තම ආයතනයේ
කලාකරුවන්ට තර්ජනය කරමින් සහ පීඩා කරමින්,
219
00:15:39,710 --> 00:15:43,130
{\an8}ආයතනය තුළ බියජනක වාතාවරණයක් ගොඩනගාගෙන
සිට ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
220
00:15:43,672 --> 00:15:45,674
{\an8}ඇයගේ කලාකරුවන් පාලනය
කිරීමට සහ බිය ගැන්වීමට ඇය විසින්
221
00:15:45,758 --> 00:15:48,552
{\an8}ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අඩංගු "විලංගු
ෆයිල්ස්" (shackle files) නමින් හඳුන්වන
222
00:15:48,636 --> 00:15:50,804
{\an8}ලේඛන භාවිතා කර ඇති
බවට චෝදනා එල්ල වී තිබෙනවා.
223
00:15:50,888 --> 00:15:55,100
පොලීසිය විසින් මෙම ලිපිගොනු භාරයට ගෙන ඇති
අතර ඒවායේ සත්‍යතාව තහවුරු කිරීමට නියමිතයි.
224
00:15:55,184 --> 00:15:56,727
ඒ ෆයිල් එකේ තියෙන හැමදේම ඇත්තද?
225
00:15:56,810 --> 00:15:58,646
ඔයා කවද්ද මේ ෆයිල්ස් ගැන දැනගත්තේ?
226
00:15:58,729 --> 00:16:01,607
ප්‍රධාන විධායක නිලධාරී සෝ මි-රිට
එරෙහිව තවත් චෝදනා මතු වී තිබෙනවා.
227
00:16:01,690 --> 00:16:03,484
තම නියෝජිතායතනයේ
කලාකරුවන්ව ප්‍රවර්ධනය කිරීම සඳහා
228
00:16:03,567 --> 00:16:07,529
ඇය විකාශන නිලධාරීන්ට සහ
මාධ්‍යවේදීන්ට අල්ලස් දී ඇති බවට
229
00:16:07,613 --> 00:16:10,324
සාක්ෂි හමුවී ඇති බව පොලීසිය පවසනවා.
230
00:16:10,407 --> 00:16:12,910
පොලීසිය විසින් විශ්වාසය කඩ කිරීම
සහ අල්ලස් දීම යන චෝදනා ද එක් කරමින්
231
00:16:12,993 --> 00:16:14,620
ඇයව රඳවා තබා ගැනීමේ නියෝගයක්
ලබා ගැනීමට අපේක්ෂා කරනවා.
232
00:16:21,877 --> 00:16:22,878
ඔව්, හොං මහත්තයෝ.
233
00:16:25,422 --> 00:16:26,924
මම ළඟදීම ඔපරේෂන් එකට යනවා,
234
00:16:27,007 --> 00:16:29,385
ඒ නිසා මට ටික කාලෙකට සීයව
බලන්න එන්න වෙන්නේ නැහැ.
235
00:16:32,304 --> 00:16:35,140
කරුණාකරලා එයාට වකුගඩු
බද්ධ කිරීම ගැන කියන්න එපා.
236
00:16:37,267 --> 00:16:39,269
ඔව්. එයාව බලාගන්න.
237
00:16:39,979 --> 00:16:41,355
මම ආයේ කතා කරන්නම්.
238
00:16:58,706 --> 00:17:00,124
මොකක් ගැනද ඒ කතා කළේ?
239
00:17:01,917 --> 00:17:03,085
වකුගඩු බද්ධ කිරීමක්?
240
00:17:08,007 --> 00:17:09,925
මම මගේ වකුගඩුවක් අම්මට දෙනවා.
241
00:17:10,009 --> 00:17:13,429
ඔයා සිරාවටමද කියන්නේ? ඔයා
කොහොමද මට ඒක නොකියා හිටියේ?
242
00:17:13,512 --> 00:17:16,223
මම අද මෙහෙට ආවේ නැත්නම්, ඔයා
ඇත්තටම මට කියන්නෙ නැතුව ඉන්නද හිටියේ?
243
00:17:17,474 --> 00:17:18,475
ලීනා.
244
00:17:18,976 --> 00:17:19,977
පුදුමයක් නෙවෙයි.
245
00:17:21,478 --> 00:17:25,357
මම ඩ්‍රින්ක් එකක් ගන්න අහන හැම
වෙලාවකම, ඔයා මග ඇරියේ ඒකනේ.
246
00:17:26,483 --> 00:17:29,445
ඔයා කොයි වෙලේ හරි එයි කියලා
හිතලා, මම මෝඩයෙක් වගේ බලන් හිටියා.
247
00:17:30,154 --> 00:17:32,489
මම ඔයාගේ කෝල් එකක් එනකම් බලන්
හිටියා කියලා ඔයාට දැනුනෙවත් නැද්ද?
248
00:17:33,073 --> 00:17:34,950
මාව මෝඩයෙක් කරන එකෙන් ඔයා සතුටක් ලබනවද?
249
00:17:35,034 --> 00:17:36,869
මම ඒ තරම් විහිළුවක්ද ඔයාට?
250
00:17:40,080 --> 00:17:41,582
පරිස්සමින්, ඔයාට තුවාල වෙයි.
251
00:17:42,916 --> 00:17:43,917
නවත්තන්න.
252
00:17:53,594 --> 00:17:54,678
ඔයා මහ ජරා මිනිහෙක්.
253
00:18:27,044 --> 00:18:28,462
ඔයාගේ ඔපරේෂන් එක තියෙන්නේ අද නේද?
254
00:18:28,962 --> 00:18:29,963
ඔව්.
255
00:18:30,464 --> 00:18:32,382
මට දුක් වෙන්න ඉඩ තියන්න එපා.
256
00:18:33,801 --> 00:18:34,802
මම ඒකට කැමති නෑ.
257
00:18:35,344 --> 00:18:36,470
හරි.
258
00:18:36,553 --> 00:18:39,431
සෝ මි-රි අත්අඩංගුවට ගත්ත
එක ගැන මට සැනසීමක් දැනෙනවා.
259
00:18:39,890 --> 00:18:41,892
ඔයා ගැන වද වෙන්න තිබුණ
දේවල් වලින් එකක් හරි අඩු වුණානේ.
260
00:18:43,769 --> 00:18:45,479
ඔයාට කොහොමද ඒක එච්චර ලේසි වුණේ?
261
00:18:46,230 --> 00:18:48,148
වෙන කෙනෙක් වෙනුවෙන් තමන්ගෙම
කොටසක් පරිත්‍යාග කරන එක
262
00:18:48,232 --> 00:18:49,358
ඔයාට ලොකු දෙයක් නෙවෙයිද?
263
00:18:50,400 --> 00:18:51,485
ඔයාට තාමත් හිනා වෙන්න පුළුවන්ද?
264
00:18:51,568 --> 00:18:52,569
ආ-ජින්.
265
00:18:54,613 --> 00:18:56,156
ඔයා ඉස්පිරිතාලෙට එන්න ඕන නෑ.
266
00:18:57,199 --> 00:19:00,452
මම එනකල් ඉන්න, මම ඔයා බලන්න එන්නම්.
267
00:19:02,079 --> 00:19:03,956
ඒ නිසා මම ගැන වද වෙන්න එපා.
268
00:19:05,582 --> 00:19:06,875
මම දැන් තියන්නම්.
269
00:19:07,709 --> 00:19:09,294
කෑම මගහරින්න එපා, තේරුණාද?
270
00:19:10,295 --> 00:19:11,296
මම තියනවා.
271
00:19:47,833 --> 00:19:50,085
තනි පුද්ගල කළමනාකරණ ගිවිසුමක්?
272
00:19:50,836 --> 00:19:53,130
මේ දවස්වල මගේ ප්‍රතිරූපය නම් එච්චර
හොඳ මට්ටමක නෙවෙයි තියෙන්නේ.
273
00:19:54,715 --> 00:19:57,134
ඔයා ඒ ගැන දැනගෙනමද මට මේ යෝජනාව ගෙනාවේ?
274
00:19:57,217 --> 00:19:58,385
අනිවාර්යයෙන්ම.
275
00:19:58,927 --> 00:20:00,637
ඇත්තම කියනවා නම්
276
00:20:00,721 --> 00:20:03,223
අපි ඒ ගැන පොඩ්ඩක්වත් වද වෙන්නේ නෑ.
277
00:20:03,849 --> 00:20:08,020
අපි ආයෝජනය කරන්නේ ඔයාගේ
අනාගත වටිනාකම වෙනුවෙන්.
278
00:20:08,437 --> 00:20:11,690
අනික ප්‍රතිරූපය ආපහු හදන එක අපේ
පැත්තෙන් ලේසියෙන්ම කරගන්න පුළුවන් දෙයක්.
279
00:20:12,441 --> 00:20:15,194
මිස් බෙක්, ඔයාට දැන් වෙලාව තියෙනවා නම්
280
00:20:15,277 --> 00:20:17,279
අපේ ඔෆිස් එක පැත්තේ එන්න පුළුවන්ද?
281
00:20:18,113 --> 00:20:19,281
අපි ඉස්සෙල්ලා මුණගැහිලා කතා කරලා,
282
00:20:19,364 --> 00:20:21,158
ඊට පස්සේ හිමීට ගිවිසුම ගැන සාකච්ඡා කරමු.
283
00:20:40,219 --> 00:20:41,220
කොහෙද යන්නේ?
284
00:20:43,639 --> 00:20:44,723
කන්නේ නැද්ද?
285
00:20:45,140 --> 00:20:46,558
මම ඔයාටත් එක්කමයි කෑම ඕඩර් කළේ.
286
00:20:49,561 --> 00:20:50,562
ඒයි!
287
00:20:53,190 --> 00:20:54,733
ඔයා කන්න.
288
00:20:55,567 --> 00:20:59,446
මම පොලිසියට කතා කරන්න කලින්
ඔය ඔරලෝසුව තිබුණ තැනින්ම තියන්න.
289
00:21:00,030 --> 00:21:01,740
අනේ මන්දා.
290
00:21:03,367 --> 00:21:04,451
ඔච්චර ලෝබ වෙන්න එපා.
291
00:21:05,452 --> 00:21:07,996
ඔයාගේ ගෙදරදි මම මේක දාගෙන
හිටියට මුකුත් වෙන්නේ නෑනේ.
292
00:21:08,997 --> 00:21:11,333
ආ, ඒක නෙවෙයි. ඔයාට බැනලා දාපු
ගොඩක් කමෙන්ට්ස් දැන් අයින් කරලා.
293
00:21:11,416 --> 00:21:13,418
ඔයාට මඩ ගහලා තිබුණ ලිපිත් ඔක්කොම ඩිලීට් කරලා.
294
00:21:17,547 --> 00:21:18,548
මේ බලන්න.
295
00:21:19,466 --> 00:21:22,386
ඔක්කොම අයින් වෙලා. මම කිව්වේ වෙයි කියලා.
296
00:21:24,054 --> 00:21:26,223
දවස් කීපයකට කලින් මේකේ කොච්චර නම් තිබුණද.
297
00:21:26,306 --> 00:21:27,599
මාරයි නේද?
298
00:21:29,101 --> 00:21:31,853
ඔයා දවස තිස්සෙම මගේ නම
ඉන්ටර්නෙට් එකේ හොය හොයද ඉන්නේ?
299
00:21:32,562 --> 00:21:33,939
ඔයාට කරන්න වෙන වැඩක් නැද්ද?
300
00:21:36,858 --> 00:21:38,360
ඔයාට ඇත්තටම තේරෙන්නේ නෑ.
301
00:21:38,443 --> 00:21:40,821
ඔයා ගැන හොයලා බලන එක
මගේ දින චර්යාවේ කොටසක්.
302
00:21:40,904 --> 00:21:42,197
ඔයා ගැන ලිපියක් වැටුණ ගමන්
303
00:21:42,281 --> 00:21:45,534
ඒකට ඉස්සෙල්ලාම බැනලා කමෙන්ට්
එකක් දාන එක මගේ පොඩි විනෝදාංශයක්.
304
00:21:49,246 --> 00:21:51,373
ඒයි, එන ගමන් කන්න මොනවා හරි අරගෙන එන්න.
305
00:21:51,999 --> 00:21:53,000
පැණි රස ජාතියක්.
306
00:21:53,792 --> 00:21:55,043
ෂෝක් නේ.
307
00:21:55,127 --> 00:21:57,296
මහන්සි වෙන්නේ නැතුවම ඔයාගේ දේවල් ඉබේම හරියනවා.
308
00:21:57,379 --> 00:21:58,380
ඔයාටත් ඉතින් ෂෝක් නේ.
309
00:21:58,463 --> 00:22:01,967
ප්‍රශ්නයක් වුණ හැම වෙලාවෙම
කවුරු හරි ඇවිත් ඔයාව බේරගන්නවා.
310
00:22:05,178 --> 00:22:07,097
ඔයා මෝඩද, නැත්නම් බබෙක්ද?
311
00:22:08,473 --> 00:22:11,226
හැම වෙලේම කවුරු හරි ඇවිත්
බේරගන්නකම් බලාගෙන ඉන්න ජීවිතේ
312
00:22:11,310 --> 00:22:12,811
ඇත්තටම ඔයාට ලොකු දෙයක් වගේ පේනවද?
313
00:22:14,396 --> 00:22:16,148
ඔච්චර ආස නම් ඔයාම තියාගන්න.
314
00:22:17,482 --> 00:22:19,443
හැබැයි ඉතින් ඔයාට ඒ ලෙවල් එකට එන්න බෑනේ.
315
00:22:21,194 --> 00:22:22,195
ඒයි!
316
00:22:24,156 --> 00:22:25,741
මහ නසරානියෙක්.
317
00:22:27,701 --> 00:22:30,537
මම අද ආවේ මේ ෂෝක් බෑග් එක පෙන්නන්න.
318
00:22:31,747 --> 00:22:33,999
මොකද හිතන්නේ? ලස්සනයි නේද?
319
00:22:34,750 --> 00:22:37,127
ගොඩ කාලෙකින් නේ.
320
00:22:37,210 --> 00:22:38,920
මේක වොන් මිලියන දහයක් විතර වුණා--
321
00:22:39,671 --> 00:22:41,965
{\an8}මම මේක ගන්නකොට වොන් මිලියන දහයක් විතර වුණා
322
00:23:00,901 --> 00:23:02,110
මේක වොන් මිලියන දහයක් වෙනවද?
323
00:23:03,987 --> 00:23:06,948
පාවිච්චි කරපු එකක් වුණත් අඩුම තරමේ
වොන් මිලියන ගාණක්වත් වටිනවා ඇති.
324
00:23:10,202 --> 00:23:12,454
මේක පිස්සුවක් නේ!
325
00:23:17,125 --> 00:23:18,502
සාදරයෙන් පිළිගන්නවා.
326
00:23:59,084 --> 00:24:02,546
මොකද මෙච්චර පරක්කු වුණේ? කඩේ ළඟම තියෙනවනේ.
327
00:24:11,012 --> 00:24:12,013
ඒයි.
328
00:24:12,764 --> 00:24:14,683
කිම්චි එක රත් කරන්න අමතක වුණාද?
329
00:24:16,059 --> 00:24:17,561
නිකන් කන්නකෝ ඉතින්.
330
00:24:17,644 --> 00:24:20,105
බඩට ගියාම ඕවා කොහොමත් රත් වෙනවා.
331
00:24:28,822 --> 00:24:29,823
ඔයා කන්නේ නැද්ද?
332
00:24:31,491 --> 00:24:34,870
ඔයා ඔක්කොම කන්න. මට කන්න බෑ වගේ.
333
00:24:40,792 --> 00:24:41,793
ඒක නෙවෙයි,
334
00:24:42,502 --> 00:24:45,589
අර මම කියපු කළු පාට කාර් එක
ගැන මොනවා හරි හොයාගත්තද?
335
00:24:45,672 --> 00:24:46,965
මම ඔයාට නම්බර් එකත් දුන්නනේ.
336
00:24:47,048 --> 00:24:50,594
ආ, ඒ කාර් එකද? ඒක හොර කාර් එකක්.
337
00:24:50,677 --> 00:24:51,970
නම්බර් ප්ලේට් පවා හොර ඒවා.
338
00:24:56,266 --> 00:24:57,476
මුන් නම් වැඩකරුවෝ වගේ.
339
00:24:58,643 --> 00:25:02,230
ඒ මිනිස්සු ඔයාට එහෙම ගැහුවා
නම්, උන් භයානක උන් වෙන්න ඇති.
340
00:25:02,314 --> 00:25:04,941
උන් ඔයාගේ කෙල්ල පස්සෙන් පැන්නා කිව්වා නේද?
341
00:25:05,025 --> 00:25:06,443
ඔයා එයාට මේ ගැන පරිස්සම් වෙන්න කියන්න ඕන.
342
00:25:08,945 --> 00:25:09,946
ඔයා හරි.
343
00:25:10,780 --> 00:25:13,450
තනියම මේ ගැන වද වෙලා වැඩක් නෑනේ.
344
00:25:15,535 --> 00:25:18,330
මම එයාට පරිස්සම් වෙන්න කියලා කියන්න ඕන නේද?
345
00:25:18,997 --> 00:25:24,252
ඔයාගේ කෙල්ල මොනවා කරන කෙනෙක්ද
ඔය වගේ මිනිස්සු පස්සෙන් පන්නන්න?
346
00:25:24,836 --> 00:25:27,714
ඒක ඔයාට වැඩක් නෑනේ, ඕවා අහන්න එපා.
347
00:25:30,634 --> 00:25:31,635
හෙලෝ?
348
00:25:35,388 --> 00:25:37,098
කොහෙද ඉන්නේ? මම එතනට එන්නම්.
349
00:25:38,058 --> 00:25:39,392
මම පොඩ්ඩක් එළියට යනවා.
350
00:25:39,976 --> 00:25:41,061
කොහෙද යන්නේ?
351
00:25:48,443 --> 00:25:51,780
සර්, දේශන ශාලාවට යන්න වෙලාව හරි.
352
00:26:07,170 --> 00:26:11,049
ගිය පාර තනියම ඩ්‍රයිව් කරද්දි මම
ලොකු ඇක්සිඩන්ට් එකක් කරගන්න ගියා.
353
00:26:11,967 --> 00:26:14,219
එදා ඉඳන් මට ඩ්‍රයිව් කරන්නත් බයයි.
354
00:26:16,721 --> 00:26:18,390
ඔයාට තුවාල නොවුණ එක ලොකු දෙයක්.
355
00:26:19,266 --> 00:26:22,477
ඔයාට ඩ්‍රයිව් කරන්න අමාරු නම් මට කියන්න.
356
00:26:23,728 --> 00:26:25,772
ජුන්-සෝ මට විශේෂයෙන්ම කිව්වා
357
00:26:25,855 --> 00:26:28,316
එයා නැති අතරේ ඔයා ගැන අවධානයෙන් ඉන්න කියලා.
358
00:26:28,650 --> 00:26:32,571
අනික පිස්සුවෙන් වගේ පදින
වාහන වලට ළං කරලා එළවන්න එපා.
359
00:26:32,654 --> 00:26:34,489
නැත්නම් ඔයත් අමාරුවේ වැටෙයි.
360
00:26:36,825 --> 00:26:38,660
ඒ පිස්සුවෙන් එළෙව්වේ මමයි.
361
00:26:39,160 --> 00:26:41,121
මම තමයි ඇක්සිඩන්ට් එක කරගන්න ගියේ.
362
00:26:45,542 --> 00:26:46,543
ආහ්?
363
00:26:52,090 --> 00:26:56,011
මම ඔයාට දීපු ෆෝන් එක තාම ළඟ තියෙනවද?
364
00:26:57,262 --> 00:26:58,263
ඇයි?
365
00:27:00,515 --> 00:27:03,852
ඔයා දන්නවනේ මේ ලෝකේ කොච්චර භයානකද කියලා.
366
00:27:04,144 --> 00:27:05,812
ඒ නිසා හැම වෙලේම ඒක ළඟ තියාගන්න.
367
00:27:05,895 --> 00:27:08,607
මොනවා හරි වුණොත් මට කතා කරන්න.
368
00:27:09,441 --> 00:27:11,818
ඔයා නම් මාරයි ජේ-ඕ.
369
00:27:15,071 --> 00:27:16,281
ඉතින් අපි කොහෙද මේ යන්නේ?
370
00:27:16,823 --> 00:27:20,327
ඒජන්සි මීටින් එකකට. එයාලා
මට ඔෆිස් එකට එන්න කිව්වා.
371
00:27:21,620 --> 00:27:23,830
හැමදේම හරි ගියොත්, මම අද අත්සන් කරයි.
372
00:27:24,122 --> 00:27:25,582
මම දැනගෙන හිටියා.
373
00:27:25,665 --> 00:27:28,960
ලෝන්ග්ස්ටාර් වැටුණ ගමන්, ඔයාගේ
වැඩ ආයෙමත් හරියන්න පටන් අරන්.
374
00:27:37,177 --> 00:27:39,179
අපේ ඩී ඕ එන්ටර්ටේන්මන්ට් ආයතනය
375
00:27:39,262 --> 00:27:42,307
ක්ෂේත්‍ර ගණනාවක පැතිරුණු
පූර්ණ සේවා සපයන ආයතනයක්
376
00:27:42,390 --> 00:27:44,893
ඩ්‍රාමා, චිත්‍රපට සහ විකාශන
අන්තර්ගතයන් ඇතුළුව.
377
00:27:44,976 --> 00:27:47,937
අපි ඔන්ලයින් අන්තර්ගතයන් පැත්තටත්
වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා
378
00:27:48,021 --> 00:27:50,190
ඒ වගේම අපේ ලේබල්
ව්‍යාපාරයත් හොඳට දියුණු වෙනවා.
379
00:27:50,273 --> 00:27:53,610
අපි පූර්ණ කළමනාකරණ සහයෝගයක් ලබා දෙනවා
380
00:27:53,985 --> 00:27:56,029
එතකොට ඔයාට පුළුල් පරාසයක
නිර්මාණ එක්ක වැඩ කරන්න පුළුවන්.
381
00:27:56,655 --> 00:27:58,657
අර පේන විදිහට
382
00:27:58,740 --> 00:28:02,243
ආදායම බෙදී යන විදිහ හදලා
තියෙන්නේ ඔයාට වාසි වෙන විදිහට.
383
00:28:06,081 --> 00:28:07,082
ඒක නෙවෙයි
384
00:28:08,416 --> 00:28:11,586
ඔයයි මූන් දෝ-හ්යුක් මහත්තයයි අතර
තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද?
385
00:28:12,587 --> 00:28:14,172
මූන් දෝ-හ්යුක් මහත්තයා?
386
00:28:15,674 --> 00:28:19,260
අපිව පොළඹවලා ඔයාව මේකට
සම්බන්ධ කරගන්න මුල් වුණේ
387
00:28:19,344 --> 00:28:21,388
හදෙරේ එකේ ප්‍රධාන විධායක
නිලධාරී මූන් දෝ-හ්යුක් මහත්තයා.
388
00:28:21,471 --> 00:28:23,181
එයා අපේ සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙක්.
389
00:28:23,723 --> 00:28:26,851
එයාට දක්ෂතා අඳුරගන්න හොඳ ඉවක් තියෙනවා.
390
00:28:27,727 --> 00:28:29,646
මම අහපු විදිහට එයා පෞද්ගලිකව මැදිහත් වෙලා
391
00:28:29,729 --> 00:28:33,274
ඔයා ගැන ගියපු මඩ ප්‍රචාර
ඔක්කොම අයින් කරලා තියෙනවා.
392
00:28:33,983 --> 00:28:37,987
ඒ නිසා මම හිතුවේ ඔයා එයාව අඳුරනවා ඇති කියලා.
393
00:28:49,999 --> 00:28:51,584
සැටර්න්ගේ දර්ශනය සහ දැක්ම
394
00:29:09,185 --> 00:29:11,521
සර්, මට ප්‍රශ්නයක් තියෙනවා.
395
00:29:12,355 --> 00:29:14,816
ඔව්? අද ඔබතුමාව හමුවුණාට පස්සේ
396
00:29:14,899 --> 00:29:17,068
මට තේරුණා ඔබතුමා සාර්ථක
ව්‍යාපාරිකයෙක් විතරක් නෙවෙයි
397
00:29:17,152 --> 00:29:20,488
ගරු කරන්න වටින පුද්ගලයෙක් කියලා.
398
00:29:44,220 --> 00:29:45,221
ස්තූතියි.
399
00:29:45,638 --> 00:29:47,015
ස්තූතියි. කාලය ලබා දුන්නට ස්තූතියි.
400
00:29:47,098 --> 00:29:49,225
එයා මාරයි නේද?
401
00:29:49,601 --> 00:29:51,269
ආවාට ස්තූතියි.
402
00:29:53,438 --> 00:29:54,439
ස්තූතියි.
403
00:30:10,163 --> 00:30:11,414
හමුවීම සතුටක්.
404
00:30:13,041 --> 00:30:14,042
මම බෙක් ආ-ජින්.
405
00:30:17,504 --> 00:30:18,505
මම මූන් දෝ-හ්යුක්.
406
00:30:20,673 --> 00:30:23,802
අපි හමුවුණ පළවෙනි වතාව මේක
වුණාට, අපි නාඳුනන අය නෙවෙයිනේ.
407
00:30:24,177 --> 00:30:25,804
ඔයා මම ගැන හොඳට දන්න පාටයි.
408
00:30:26,638 --> 00:30:28,473
ඔව්. මම බලාගෙන හිටියේ.
409
00:30:30,433 --> 00:30:32,602
මම හිතුවේ අපි මීට කලින් හමුවෙයි කියලා.
410
00:30:33,895 --> 00:30:35,814
මට ඔයාට ස්තූති කරන්න ඕන වුණා.
411
00:30:36,606 --> 00:30:38,191
ඔයා මම ගැන විශ්වාස කළා
412
00:30:38,274 --> 00:30:39,859
අනිත් හැමෝම මාව ප්‍රතික්ෂේප කරද්දි.
413
00:30:42,153 --> 00:30:45,448
මම හැමතිස්සෙම මාවත්,
මගේ තීරණත් විශ්වාස කරනවා.
414
00:30:45,532 --> 00:30:48,952
මට දැනගන්න ඕන ඇයි ඔයා
මට උදව් කරන්නේ කියලා.
415
00:30:50,787 --> 00:30:51,788
අපි වාඩි වෙමුද?
416
00:31:05,218 --> 00:31:06,803
මගේ සමාගම පරිත්‍යාග කරනවා
417
00:31:06,886 --> 00:31:10,098
හැම අවුරුද්දෙම වාර්ෂික ආදායමෙන්
සියයට 15කට වඩා පුණ්‍ය කටයුතු වලට.
418
00:31:10,598 --> 00:31:14,018
ඒ සල්ලි යන්නේ දුප්පත් අයට.
419
00:31:15,812 --> 00:31:17,730
මම අසරණ අයට උදව් කරන්න කැමතියි.
420
00:31:18,773 --> 00:31:21,359
එයාලා දුක් විඳිනවා බලාගෙන ඉන්න මට බෑ.
421
00:31:22,777 --> 00:31:25,864
ඒ අතින් ගත්තම, ඔයා ජීවත් වෙන්න
කරන සටන දිහා මම බලාගෙන හිටියා
422
00:31:26,197 --> 00:31:27,949
ටික කාලෙක ඉඳන්.
423
00:31:28,616 --> 00:31:32,954
"ඔයා හැදුණා නම් ඔයාට මොනවා වෙන්න තිබුණද
424
00:31:33,037 --> 00:31:35,707
අම්මා තාත්තගේ රැකවරණය තියෙන සාමාන්‍ය පවුලක?"
425
00:31:37,000 --> 00:31:38,668
ඒක පටන් ගත්තේ ඔය පොඩි ප්‍රශ්නයෙන්.
426
00:31:38,751 --> 00:31:41,546
ඒ නිසා තමයි මට ඔයාගේ භාරකරු වෙන්න ඕන වුණේ.
427
00:31:42,714 --> 00:31:45,383
ඔයා මම ගැන ගොඩක් දේවල් හොයලා වගේ.
428
00:31:46,259 --> 00:31:47,635
කුතුහලයෙන් ඉන්න මම කැමති නෑ.
429
00:31:48,761 --> 00:31:49,846
ඒක පුදුමයි.
430
00:31:50,805 --> 00:31:52,891
මම කවදාවත් හිතුවේ නෑ මගේ කාලකණ්ණි ජීවිතේ ගැන
431
00:31:54,058 --> 00:31:55,977
කවුරු හරි උනන්දු වෙයි කියලා.
432
00:31:56,811 --> 00:32:02,150
ඔයා වැඩිපුරම බැබළුණේ රඟපාද්දි.
433
00:32:02,233 --> 00:32:04,027
ඒක මේ විදිහට ඉවර වෙනවා
දකින්න මට ඕන වුණේ නෑ.
434
00:32:04,569 --> 00:32:07,488
ඔයා අමාරුවේ වැටිලා ඉන්නවා වගේ
පෙනුණ නිසා, මම උදව් කළා විතරයි.
435
00:32:07,864 --> 00:32:09,240
මම කිව්වා වගේ
436
00:32:09,324 --> 00:32:12,493
දක්ෂ මිනිස්සුන්ට උදව් කරන
එකෙන් මට සතුටක් ලැබෙනවා
437
00:32:12,577 --> 00:32:13,786
හැබෑ දක්ෂතාවයක් තියෙන.
438
00:32:14,787 --> 00:32:17,498
මිස් සෝ ව අයින් කරන එක විතරක් නෙවෙයි වගේ
439
00:32:17,582 --> 00:32:19,417
ඔයාගේ සැලැස්ම.
440
00:32:22,629 --> 00:32:24,923
ඔයාට මාත් එක්ක තියෙන ප්ලෑන් එක මොකක්ද?
441
00:32:28,426 --> 00:32:29,719
මට තාම ඒක කියන්න බෑ.
442
00:32:30,553 --> 00:32:31,763
ඒක සප්‍රයිස් එකක්.
443
00:32:32,305 --> 00:32:35,099
පෙරදසුන දිග වැඩි වුණාම, කතාවේ රසය නැති වෙනවා.
444
00:32:36,893 --> 00:32:38,561
මට අද තව හමුවීමක් තියෙනවා.
445
00:32:39,771 --> 00:32:42,148
අපි ඊළඟ පාර හරියට වෙලාවක් දාගෙන හමුවෙමුද?
446
00:32:47,195 --> 00:32:48,529
මම ගන්නම්.
447
00:33:05,129 --> 00:33:07,840
ඒයි. ඔයා කවද්ද ටිකට් කපලා යන්නේ?
448
00:33:08,716 --> 00:33:09,717
ලබන සතියේද?
449
00:33:10,176 --> 00:33:11,678
නෑ, මම අද යනවා.
450
00:33:11,761 --> 00:33:13,596
මගේ සනීප තත්ත්වය හොඳ නිසා,
එයාලා දවස් දෙකක් කලින් යන්න කිව්වා.
451
00:33:13,680 --> 00:33:14,889
ආ, ඇත්තටමද?
452
00:33:15,598 --> 00:33:16,933
ඒක හොඳයිනේ.
453
00:33:17,016 --> 00:33:19,602
එළියට ආවම ඔයාට ඔෆිස්
එක පැත්තේ එන්න පුළුවන්ද?
454
00:33:20,061 --> 00:33:22,146
අපිට කතා කරන්න වැදගත් දෙයක් තියෙනවා.
455
00:33:22,855 --> 00:33:24,899
අපිට ඒක ෆෝන් එකෙන් කතා කරගන්න බැරිද?
456
00:33:24,983 --> 00:33:26,067
අනේ මන්දා, මනුස්සයෝ.
457
00:33:26,150 --> 00:33:27,235
ඇත්තටමද?
458
00:33:27,318 --> 00:33:31,114
ඔයාට ඇහුනෙ නැද්ද මම කිව්වා
ඒක හදිසි කාරණයක් කියලා?
459
00:33:31,531 --> 00:33:33,366
මම ඔයා ඉන්න තැනට එන්න තිබ්බා,
460
00:33:33,449 --> 00:33:35,868
ඒත් සති අන්තේ නිසා ලොක්කා වැඩට ඇවිත් නෑ.
461
00:33:35,952 --> 00:33:36,953
ඒ නිසා ඔයාට පුළුවන් නම්...
462
00:33:38,663 --> 00:33:41,833
ඕක අමතක කරලා දාන්න. කොහොමත් ඔයා ලෙඩෙක්නේ.
463
00:33:42,667 --> 00:33:44,711
මම ඔයා ඉන්න තැනට එන්නම්.
කන්න මොනවා හරි ඕනෙද?
464
00:33:45,545 --> 00:33:48,589
නෑ, මම අද හවසට ඔෆිස් එක පැත්තේ එන්නම්.
465
00:33:52,802 --> 00:33:53,803
මොකක්?
466
00:34:14,824 --> 00:34:16,409
නම: හ්වං ජි-සන්
467
00:34:46,189 --> 00:34:48,816
මේ තියෙන්නේ පොලිසිය හොයාගත්ත
සෝ මී-රිව හිර කරන ෆයිල් ටික.
468
00:34:49,442 --> 00:34:52,028
අපි මිස් බෙක්ට අදාල කොටස
මකලා ඒක ආපහු යැව්වොත්,
469
00:34:52,111 --> 00:34:53,446
මේක සද්ද නැතුවම විසඳගන්න පුළුවන් වෙයි.
470
00:34:55,323 --> 00:34:56,491
එතකොට අර මාධ්‍යවේදියා?
471
00:34:56,574 --> 00:34:59,160
අපි එයාගේ ෆයිල් ඔක්කොම
පරීක්ෂා කළා. සැක හිතෙන මුකුත් නෑ.
472
00:35:02,455 --> 00:35:04,540
එහෙනම් තව ප්‍රශ්න දෙකක් ඉතුරුයි.
473
00:35:09,796 --> 00:35:12,256
සැත්කමක් කරගත්ත කෙනා ගැන දැනට හොයන්න එපා.
474
00:35:12,340 --> 00:35:13,341
හරි සර්.
475
00:35:14,383 --> 00:35:15,718
හැබැයි මෙයා...
476
00:35:18,262 --> 00:35:19,764
මට පොඩි ආසාවක් ඇති වෙලා තියෙන්නේ.
477
00:35:19,847 --> 00:35:22,100
මම කැමතියි මෙයා සද්ද බද්ද
නැතුවම අයින් වෙනවා නම්.
478
00:35:22,809 --> 00:35:24,852
අපි කොහොමද ඒක කරන්නේ?
479
00:35:33,152 --> 00:35:34,570
එළියේ හීතල නිසා...
480
00:35:36,781 --> 00:35:37,865
එයාට උණුසුම දෙමු.
481
00:35:44,747 --> 00:35:48,543
පොලිසියෙන් රැඳවුම් නියෝගයක්
නිකුත් කරලා කියලා ආරංචියි.
482
00:35:49,627 --> 00:35:51,546
ඇයි එයාලා ඔච්චර හදිස්සි?
483
00:35:52,004 --> 00:35:53,172
මොකක් හරි අවුලක් තියෙනවා.
484
00:35:54,298 --> 00:35:55,758
ඔයා ලෝයර් එක්ක කතා කළාද?
485
00:35:56,467 --> 00:35:58,094
එයා මොකද කරන්න කියන්නේ?
486
00:35:59,387 --> 00:36:01,764
එයා කියන විදියට පොලිසිය මෙච්චර තදින් ඉන්නේ
487
00:36:01,848 --> 00:36:04,934
එයාලා ළඟ දැනටමත් සාක්ෂි තියෙන නිසා වෙන්න ඇතිලු.
488
00:36:05,017 --> 00:36:07,436
එයා කියන්නේ වරද පිළිගෙන දඬුවම
අඩු කරගන්න උත්සාහ කරන්න කියලා.
489
00:36:08,020 --> 00:36:09,730
පරිවාස කාලයක් ලැබෙන එකක් නැහැලු.
490
00:36:10,606 --> 00:36:13,234
අපි මොකද කරන්නේ? මේක
පිටිපස්සේ කවුරුහරි ඉන්නවා.
491
00:36:13,651 --> 00:36:16,779
එහෙම නැත්නම් කොහොමද හැම
දෙයක්ම මේ තරම් හරියටම සිද්ධ වෙන්නේ?
492
00:36:17,321 --> 00:36:19,490
මේ නූල් අදින කෙනාගේ පිටිපස්සේ ඉන්න කෙනා
493
00:36:19,574 --> 00:36:20,992
අනිවාර්යයෙන්ම ආ-ජින් වෙන්න ඕනේ.
494
00:36:26,247 --> 00:36:27,748
ආ-ජින්!
495
00:36:28,291 --> 00:36:29,292
ආ-ජින්.
496
00:36:30,001 --> 00:36:32,336
මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ.
497
00:36:33,921 --> 00:36:34,922
මොකක් ගැනද?
498
00:36:36,007 --> 00:36:38,885
ආ-ජින්, ලෝන්ග්ස්ටාර් එකට යන්න දෙන්න.
499
00:36:39,927 --> 00:36:42,138
ඔයා ඇයි මගෙන් අහන්නේ
ඔයාගේ සමාගම බේරගන්න කියලා?
500
00:36:42,388 --> 00:36:43,890
ඒකේ මට තියෙන සම්බන්ධය මොකක්ද?
501
00:36:44,140 --> 00:36:45,725
ඔයා ඇවිත් තියෙන්නේ වැරදි කෙනා ළඟට.
502
00:36:46,184 --> 00:36:50,354
මිස් සෝ ඔයාට කරපු දේ ගැන පසුතැවෙනවා.
503
00:36:50,438 --> 00:36:52,398
ඔයා මේ පාර විතරක් එයාට උදව් කළොත්
504
00:36:52,899 --> 00:36:55,109
වෙච්ච දේවල් අමතක කරලා දාන්න එයා කැමතියිලු.
505
00:36:56,194 --> 00:36:58,154
අනේ, ආ-ජින්. මිස් මූන්.
506
00:37:00,031 --> 00:37:02,909
ඔයා කොහොමද හිතන්නේ මට මේ
වගේ දෙයක් කරන්න පුළුවන් කියලා?
507
00:37:03,826 --> 00:37:06,913
එයානේ මගේ පස්සෙන් පන්නගෙන ආවේ, මම නෙවෙයිනේ.
508
00:37:11,542 --> 00:37:12,585
ආ-ජින්.
509
00:37:15,796 --> 00:37:17,340
අපි ඇත්තටම කණගාටු වෙනවා.
510
00:37:19,508 --> 00:37:20,509
අනේ ප්ලීස්.
511
00:37:20,593 --> 00:37:23,429
සමහරවිට එයා ඔයාව එවන්න ඇත්තේ
මගේ ළඟ දණින් වැටිලා ඉල්ලන්න වෙන්න ඇති.
512
00:37:23,679 --> 00:37:26,515
වැඩේ කියන්නේ, මමත් එයාගෙන්
උදව් ඉල්ලලා වැඳලා තියෙනවා.
513
00:37:27,141 --> 00:37:28,434
ඒත් එයා මට ඇහුම්කන් දුන්නේ නෑ.
514
00:37:29,644 --> 00:37:33,731
එයා මට කිව්වේ වහලෙන්
පැනලා මැරෙන්න කියලා විතරයි.
515
00:37:38,319 --> 00:37:40,863
අර හිර කරන ෆයිල් ටික
දැනටමත් පොලිසියට ලැබිලා ඉවරයි.
516
00:37:42,323 --> 00:37:44,200
ඉතින් ගැලවෙන්න ක්‍රමයක් නැත්නම්
517
00:37:45,159 --> 00:37:47,286
එයා මට දුන්න උපදෙසම පිළිපදින එක
තමයි හොඳ, එයාට මැරෙන්න කියන්න.
518
00:38:04,553 --> 00:38:06,764
ශිල්පිනී: බෙක් ආ-ජින් ආයතනය: ඩූ එන්ටර්ටේන්මන්ට්
519
00:39:19,378 --> 00:39:21,088
අපි දිගටම කරගෙන යමුද නැත්නම් නවත්තමුද?
520
00:39:22,048 --> 00:39:23,215
ඔයා තීරණය කරන්න.
521
00:39:27,678 --> 00:39:30,681
ඔයා ඇත්තටම හැම දේම දන්නවා නේද?
522
00:39:33,059 --> 00:39:36,520
මම නොදැන ඉන්නේ කොහොමද?
මේ හැම දෙයක්ම පටන් ගත්තේ මමනේ.
523
00:39:37,813 --> 00:39:40,483
ඒ හැම දේම ඔයාට පින් සිද්ධ
වෙන්න. මම ඒක අගය කරනවා.
524
00:39:43,235 --> 00:39:45,780
ඉතින්? දැන් මොකද හිතෙන්නේ?
525
00:39:47,448 --> 00:39:49,116
ඔයාට ඒ ඇතිද?
526
00:39:50,201 --> 00:39:51,202
ඔයාට මොකක් ගැනද කතා කරන්න ඕන වුනේ?
527
00:40:03,172 --> 00:40:04,465
මේ තුවාල පේනවද?
528
00:40:04,548 --> 00:40:06,384
ඔයාට මොකද වුනේ?
529
00:40:09,970 --> 00:40:13,057
එදා මම දැක්කා සැක හිතෙන
කට්ටියක් ආ-ජින් පස්සෙන් යනවා.
530
00:40:13,307 --> 00:40:17,228
මම එයාලා පස්සෙන් ගියා, එයාලා මට හොඳටම ගැහුවා.
531
00:40:17,853 --> 00:40:18,854
මොකක්?
532
00:40:19,230 --> 00:40:23,567
එයාලා වාහන ගොඩකින් එයා පස්සෙන්
ආවා. එයාලා ලේසි පාසු අය නෙවෙයි.
533
00:40:24,235 --> 00:40:27,321
ඒත් ඒවා ඔක්කොම හොර වාහන. මට
නම්බර් ප්ලේට්වත් හොයාගන්න බැරි වුනා.
534
00:40:29,698 --> 00:40:32,368
ඔයාට කරදර කළේ එයාලනේ.
535
00:40:32,451 --> 00:40:34,412
ඔයාට ඕන නම්, මට ඊට
වඩා දෙයක් කරන්න පුළුවන්.
536
00:40:34,662 --> 00:40:38,499
එයාලට ආයේ කවදාවත් ඔයා ළඟට එන්න
බැරි වෙන්න ඈතකට යවන්න මට පුළුවන්.
537
00:40:38,958 --> 00:40:42,628
එහෙම නැත්නම් ඔයාට එයාලව ආයේ කවදාවත්
මතක් නොවෙන්නම විනාශ කරලා දාන්න පුළුවන්.
538
00:40:49,009 --> 00:40:51,470
හැබැයි මට තේරෙන්නේ නෑ.
539
00:40:55,224 --> 00:40:56,392
මොකක්ද තේරෙන්නේ නැත්තේ?
540
00:40:56,725 --> 00:40:59,895
ඇයි ඔයා මම වෙනුවෙන් මෙච්චර දේවල් කරන්නේ කියලා.
541
00:41:03,232 --> 00:41:05,359
ඔයා මට කැමතිද?
542
00:41:16,954 --> 00:41:18,247
ආ-ජින් මේ ගැන දන්නවද?
543
00:41:20,499 --> 00:41:22,793
මොකද වෙන්නේ කියලා දැනගත්ත
ගමන් මම එයාට කියන්නයි හිටියේ.
544
00:41:25,838 --> 00:41:27,131
ඔයා ගෙවලා තියෙන්නේ හරිම අමාරු ජීවිතයක්.
545
00:41:27,965 --> 00:41:31,552
මම කලිනුත් කිව්වා වගේ, මට
ඒ වගේ අයව අමතක කරන්න බෑ.
546
00:41:32,052 --> 00:41:35,264
මිස් බෙක්, මම දන්නවා ඔයාගේ
ජීවිතේ කොච්චර අමාරුද කියලා.
547
00:41:36,515 --> 00:41:41,353
ඔයා පොඩි කාලේ ගොඩක් අඬන්න ඇති. මම හරි නේද?
548
00:41:42,646 --> 00:41:44,315
ඔයා කොච්චර දේවල් දන්නවද?
549
00:41:44,398 --> 00:41:45,900
ඔයාට කොච්චර ඉහළට යන්න ඕනෙද?
550
00:41:58,996 --> 00:42:00,915
මට ඒක ඉස්සෙල්ලාම ඔයත්
එක්ක කතා කරන්න ඕන වුනා.
551
00:42:10,090 --> 00:42:11,091
ඒයි.
552
00:42:16,931 --> 00:42:18,599
ඔයාට අර ගඳ දැනෙනවද?
553
00:42:18,974 --> 00:42:23,020
ඔයාට ඕන ඕනම දෙයක්
ලබාගන්න මම උදව් කරන්නම්.
554
00:42:26,148 --> 00:42:27,441
ඉතින් කියන්න,
555
00:42:29,318 --> 00:42:30,778
ඔයාට කොච්චර ඉහළට යන්න ඕනෙද කියලා.
556
00:42:49,213 --> 00:42:52,800
මම මේ අවස්ථාව ඔයාට
දෙන්නේ, ඒ නිසා හොඳට හිතන්න.
557
00:42:54,343 --> 00:42:58,389
මේ වෙලාවේ ඔයා ගන්න ඕන
තීරණය ගැන හොඳට කල්පනා කරන්න.
558
00:43:06,313 --> 00:43:07,940
ඒක එච්චර සංකීර්ණ දෙයක් නෙවෙයි.
559
00:43:08,649 --> 00:43:11,235
ඔයා ඩිරෙක්ටර් පාක්ගේ අලුත් ෆිල්ම් එකේ රඟපාලා
560
00:43:11,860 --> 00:43:13,779
ජාත්‍යන්තර මට්ටමට යයි,
561
00:43:14,029 --> 00:43:16,865
ඒ වගේම ලොකු සම්මාන උළෙලකදී
හොඳම නිළියට හිමි සම්මානයත් ගනියි.
562
00:43:17,116 --> 00:43:20,077
ඔයා දක්ෂ නිළියක් විදියට ජීවිතේ ගෙවයි.
563
00:43:20,160 --> 00:43:24,790
ඒ වගේම ඒ හැමදේම ඔයා
විඳින්නේ මගේ බිරිඳ විදියට.
564
00:43:30,754 --> 00:43:31,755
ඒයි.
565
00:43:31,839 --> 00:43:32,881
ෂික්.
566
00:43:36,135 --> 00:43:37,386
ඔයාට අවුලක් නෑ නේද?
567
00:43:46,770 --> 00:43:47,813
ඉතින්?
568
00:43:48,272 --> 00:43:49,481
ඔයා කැමතිද...
569
00:43:51,483 --> 00:43:52,693
මගේ වෙඩින් ගිෆ්ට් එකට?
570
00:43:57,364 --> 00:43:58,449
වෙඩින් එකක් කිව්වා?
571
00:44:03,203 --> 00:44:04,288
අයින් වෙන්න!
572
00:44:13,047 --> 00:44:17,384
ඔයාගේ අතීතයේ තියෙන
ඔක්කොම කැළැල් මම මකලා දාන්නම්.
573
00:44:17,760 --> 00:44:20,804
ඊටපස්සේ ඔයා මගේ ළඟ ඉඳන් අලුතින් පටන් ගන්න.
574
00:44:21,597 --> 00:44:23,390
මම ඔයාට පොරොන්දු වෙනවා, ආ-ජින්.
575
00:44:27,519 --> 00:44:28,604
මගේ ළඟට එන්න.
576
00:44:32,608 --> 00:44:36,945
ආදරණීය X
577
00:46:55,336 --> 00:46:57,338
💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜