1
00:00:52,072 --> 00:00:54,072
<font color="#d4ff81">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:54,096 --> 00:00:57,917


3
00:01:36,085 --> 00:01:37,752
<font color="#ffe244">ආයුබෝවන්.</font>

4
00:01:37,752 --> 00:01:39,543
<font color="#ffe244">ආයුබෝවන්, සාදරයෙන් පිළිගන්නවා.</font>

5
00:01:39,543 --> 00:01:41,960
<font color="#ffe244">කරුණාකරලා මේ පැත්තෙන් එන්න.</font>

6
00:01:41,960 --> 00:01:43,418
<font color="#ffe244">සාදරයෙන් පිළිගන්නවා.</font>

7
00:01:45,252 --> 00:01:50,472
<font color="#ffe244">ආයුබෝවන්. මේ පැත්තෙන් එන්න.</font>

8
00:01:52,835 --> 00:01:54,668
<font color="#ffe244">සාදරයෙන් පිළිගන්නවා.</font>

9
00:02:59,585 --> 00:03:04,685
<font color="#ffe244">එක් කලෙක අපි</font>

10
00:03:04,685 --> 00:03:07,835
<font color="#ffe244"><i>බීජිං ඔලිම්පික් පුවත්.</i></font>

11
00:03:07,835 --> 00:03:12,317
<font color="#ffe244"><i>අගෝස්තු 8 වෙනිදා ආරම්භ වීමට නියමිත</i>
<i>බීජිං ඔලිම්පික් උළෙල සමඟින්, ක්‍රීඩකයින්...</i></font>

12
00:03:12,317 --> 00:03:18,377
<font color="#ffe244"><i>මිලිමීටර් 200ත් 480ත් අතර</i>
<i>අධික වර්ෂාපතනයක් පතිත වෙලා තියෙනවා.</i></font>

13
00:03:18,377 --> 00:03:22,127
<font color="#ffe244"><i>මේ හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා</i>
<i>අවම වශයෙන් විදුලිය බිඳවැටීම් 86ක්වත් සිදුවී ඇති අතර,</i></font>

14
00:03:22,127 --> 00:03:24,460
<font color="#ffe244"><i>නිවාස 140කට වැඩි ප්‍රමාණයකට හානි වෙලා තියෙනවා.</i></font>

15
00:03:24,460 --> 00:03:29,210
<font color="#ffe244"><i>කඳුකර ප්‍රදේශවල වාහනවලින් හෝ පයින් ගමන් කිරීමේදී</i>
<i>නායයෑම් පිළිබඳව සැලකිලිමත් වන්න.</i></font>

16
00:03:33,543 --> 00:03:36,371
<font color="#ffe244"></font>

17
00:04:17,835 --> 00:04:19,543
<font color="#ffe244">ස්තූතියි.
කිසි ප්‍රශ්නයක් නැහැ.</font>

18
00:04:32,585 --> 00:04:34,218
<font color="#ffe244">සමාවෙන්න.</font>

19
00:04:48,705 --> 00:04:52,038
<font color="#ffe244">මං හිතන්නේ ඔයා මගේ සීට් එකේ වාඩිවෙලා ඉන්නේ.</font>

20
00:04:53,459 --> 00:04:54,918
<font color="#ffe244">සමාවෙන්න?</font>

21
00:04:54,918 --> 00:04:57,709
<font color="#ffe244">නොම්බර 30 මගේ සීට් එක.</font>

22
00:05:00,168 --> 00:05:03,084
<font color="#ffe244">ආ, මගේ එක අයිනේ තියෙන එකද? සමාවෙන්න.</font>

23
00:05:03,084 --> 00:05:06,751
<font color="#ffe244">නෑ, නෑ, නෑ! කමක් නෑ.
ඔයාට එතනින් වාඩිවෙන්න පුළුවන්.</font>

24
00:05:08,876 --> 00:05:12,084
<font color="#ffe244">නොම්බර 31 තමයි මගේ සීට් එක.
ආ, මට සමාවෙන්න.</font>

25
00:05:20,709 --> 00:05:22,501
<font color="#ffe244">අපි දැන් පිටත් වෙනවා.</font>

26
00:05:22,501 --> 00:05:25,376
<font color="#ffe244">කරුණාකර ඔබේ ආසන පටි පැළඳ ගන්න.</font>

27
00:06:41,369 --> 00:06:43,786
<font color="#ffe244">නූලෙන් බේරුණේ.</font>

28
00:06:44,488 --> 00:06:46,119
<font color="#ffe244">ඔයා හොඳින්ද?</font>

29
00:06:49,001 --> 00:06:50,709
<font color="#ffe244">මම හොඳින්.</font>

30
00:06:53,001 --> 00:06:55,910
<font color="#ffe244">මෙන්න.
ස්තූතියි.</font>

31
00:06:55,910 --> 00:06:58,125
<font color="#ffe244">මේ මමද?
නැහැ.</font>

32
00:06:58,125 --> 00:06:59,750
<font color="#ffe244">නැහැ, ඒ ඔයා නෙවෙයි.</font>

33
00:06:59,750 --> 00:07:01,334
<font color="#ffe244">ඔව්, ඒ ඔයා තමයි.</font>

34
00:07:06,542 --> 00:07:08,334
<font color="#ffe244">මට සමාවෙන්න.</font>

35
00:07:09,084 --> 00:07:11,542
<font color="#ffe244">කමක් නෑ. මම ඇත්තටම සතුටු වුණා.</font>

36
00:07:12,391 --> 00:07:16,917
<font color="#ffe244">හැමෝම අහගන්න, නායයෑමක් වෙලා.
මට මීට වඩා ඉස්සරහට යන්න බැහැ.</font>

37
00:07:16,917 --> 00:07:20,042
<font color="#ffe244">පාර සුද්ද කරන්න
පැය 2ක් විතර යයි.</font>

38
00:07:20,042 --> 00:07:22,792
<font color="#ffe244">කරුණාකරලා කාටහරි කතා කරලා
ඔයාලව එක්කන් යන්න කියන්න.</font>

39
00:07:22,792 --> 00:07:24,250
<font color="#ffe244">කතා කරන්න කවුරුවත් නැත්නම්?</font>

40
00:07:24,250 --> 00:07:27,584
<font color="#ffe244">එහෙනම් ඔයාලට මෙතනට වෙලා ඉන්න වෙනවා.</font>

41
00:07:28,917 --> 00:07:31,159
<font color="#ffe244"><i>කරුණාකර අවධානය යොමු කරන්න.</i></font>

42
00:07:31,159 --> 00:07:36,706
<font color="#ffe244"><i>ඉන්චියොන්වල පවතින අයහපත් කාලගුණය හේතුවෙන්</i>
<i>අපගේ ගුවන් ගමන අවලංගු කර තියෙනවා.</i></font>

43
00:07:36,706 --> 00:07:37,749
<font color="#ffe244"><i>මේ ගැන අපගේ කනගාටුව...</i></font>

44
00:07:37,749 --> 00:07:39,628
<font color="#ffe244">කරුණාකර ගුවන් යානයෙන් පිටවන විට
උපදෙස් අනුගමනය කරන්න</font>

45
00:07:39,628 --> 00:07:43,088
<font color="#ffe244">අපි කවුන්ටරයෙන් ගුවන් ගමන් වෙනස් කිරීම් සඳහා
ඔබට සහාය දෙන්නම්.</font>

46
00:07:43,088 --> 00:07:45,254
<font color="#ffe244">කරුණාකරලා මේ පැත්තෙන් එන්න.</font>

47
00:08:01,792 --> 00:08:03,587
<font color="#ffe244">හලෝ,</font>

48
00:08:04,776 --> 00:08:06,917
<font color="#ffe244">පොඩ්ඩක් අයින් වෙන්න පුළුවන්ද?</font>

49
00:08:06,917 --> 00:08:08,750
<font color="#ffe244">ආ, හරි.</font>

50
00:08:12,459 --> 00:08:14,500
<font color="#ffe244">මම වීඩියෝ කරලා ඉවරයි.</font>

51
00:08:14,500 --> 00:08:16,084
<font color="#ffe244">හරි.</font>

52
00:08:25,042 --> 00:08:27,959
<font color="#ffe244">මට අර කලින් ඇඳපු චිත්‍රය
දෙන්න පුළුවන්ද?</font>

53
00:08:29,209 --> 00:08:33,250
<font color="#ffe244">චිත්‍රය? කලබල වෙන්න එපා,
මම ඒක දැනටමත් විසි කරලා දැම්මා.</font>

54
00:08:33,250 --> 00:08:37,000
<font color="#ffe244">මට ඇත්තටම ඒක ඕන වෙලා තිබුණේ...
ඒත් කමක් නෑ.</font>

55
00:08:39,167 --> 00:08:40,875
<font color="#ffe244">ඒයි.</font>

56
00:08:50,113 --> 00:08:51,613
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න.</font>

57
00:09:06,209 --> 00:09:07,500
<font color="#ffe244">ස්තූතියි.</font>

58
00:09:07,500 --> 00:09:09,000
<font color="#ffe244">කිසි ප්‍රශ්නයක් නෑ.</font>

59
00:09:16,000 --> 00:09:17,792
<font color="#ffe244">ලී ඉයුන් හෝ!</font>

60
00:09:20,375 --> 00:09:22,209
<font color="#ffe244">තාත්තේ, කන්ද නායගිහිල්ලා!</font>

61
00:09:22,209 --> 00:09:25,645
<font color="#ffe244">කවදාහරි මේක වෙයි කියලා මම දැනගෙන හිටියා.
ඉක්මනට නගින්න!</font>

62
00:09:25,645 --> 00:09:27,978
<font color="#ffe244">දෙයියනේ. මොකද වුණේ?</font>

63
00:09:38,906 --> 00:09:40,614
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න.</font>

64
00:09:45,459 --> 00:09:47,167
<font color="#ffe244">ඒයි.</font>

65
00:09:49,339 --> 00:09:50,797
<font color="#ffe244">ඔව්?</font>

66
00:09:52,217 --> 00:09:53,717
<font color="#ffe244">ආ...</font>

67
00:10:22,958 --> 00:10:24,666
<font color="#ffe244">ඇතුළට එන්න.</font>

68
00:10:24,666 --> 00:10:25,958
<font color="#ffe244">හරි.</font>

69
00:11:03,914 --> 00:11:08,327
<font color="#ffe244">කැත්ලීන් මෙහෙන් ලේසියෙන්ම
පහු කරලා ගියා වගේ,</font>

70
00:11:08,327 --> 00:11:11,250
<font color="#ffe244">ඒත් කොරියාවට නම් තත්ත්වේ හොඳ නෑ වගේ.</font>

71
00:11:11,250 --> 00:11:15,958
<font color="#ffe244">මං අහපු විදියට අවුරුදු 80කට පස්සේ
ආපු දරුණුම සුළි කුණාටුවලු.</font>

72
00:11:15,958 --> 00:11:18,500
<font color="#ffe244">නයිට් මාකට් එකට හොඳටම හානි වෙලා ඇති.</font>

73
00:11:18,500 --> 00:11:20,389
<font color="#ffe244">නයිට් මාකට් එක?</font>

74
00:11:20,389 --> 00:11:25,458
<font color="#ffe244">මෙතන හෝටලයට ඉස්සරහින්
නයිට් මාකට් එකක් තියෙනවා.</font>

75
00:11:25,458 --> 00:11:26,708
<font color="#ffe244">එහේ ගිහින් තියෙනවද?</font>

76
00:11:26,708 --> 00:11:31,291
<font color="#ffe244">ඔව්, ගඟටයි අනිත් පැත්තේ තියෙන
පන්සලටයිත් ගියා.</font>

77
00:11:31,291 --> 00:11:35,125
<font color="#ffe244">එතන පන්සලකුත් තිබුණද?</font>

78
00:11:37,208 --> 00:11:39,500
<font color="#ffe244">ඇත්තටම...</font>

79
00:11:48,958 --> 00:11:50,989
<font color="#ffe244">ඔයාව දකින්න ලැබුණු එක ලොකු දෙයක්.</font>

80
00:11:54,174 --> 00:11:55,616
<font color="#ffe244">මටත් එහෙමයි.</font>

81
00:11:56,625 --> 00:11:58,600
<font color="#ffe244">ගොඩ කාලෙකින්.</font>

82
00:12:17,333 --> 00:12:19,662
<font color="#ffe244">ඔයාට බස් ස්ටෑන්ඩ් එකෙන්
බහින්නද ඕනේ?</font>

83
00:12:19,662 --> 00:12:22,037
<font color="#ffe244">ඔව් අංකල්. ස්තූතියි.</font>

84
00:12:23,452 --> 00:12:26,250
<font color="#ffe244">මේ ඔයාගේ ගමද, ජොං වොන්?</font>

85
00:12:26,250 --> 00:12:29,249
<font color="#ffe244">මම ඉපදුණේ මෙහේ නෙවෙයි,
ඒත් මම හැදුණේ මෙහේ.</font>

86
00:12:29,249 --> 00:12:31,791
<font color="#ffe244">එහෙනම් මේක ඔයාගේ ගම තමයි.</font>

87
00:12:32,625 --> 00:12:35,833
<font color="#ffe244">ඔයාලා දෙන්නම කැම්පස් ගියේ 2006 ද?</font>

88
00:12:35,833 --> 00:12:37,541
<font color="#ffe244">ඉයුන් හෝ, එයා ඔයාගේ වයසෙමයි.</font>

89
00:12:37,541 --> 00:12:40,624
<font color="#ffe244">තාත්තේ, මම කැම්පස් ගියේ අවුරුදු 2ක් පරක්කු වෙලා.
අපි සද්ද නැතුව යමුකො.</font>

90
00:12:40,624 --> 00:12:42,249
<font color="#ffe244">ජොං වොන්, ඔයාට බඩගිනි නැද්ද?</font>

91
00:12:42,249 --> 00:12:43,999
<font color="#ffe244">මම හොඳින් අංකල්.</font>

92
00:12:43,999 --> 00:12:47,458
<font color="#ffe244">කාලම යන්න.
මම රෙස්ටුරන්ට් එකක් කරනවා.</font>

93
00:12:47,458 --> 00:12:50,666
<font color="#ffe244">මං මේ පම්පෝරි ගහනවා නෙවෙයි,
ඒත් ඒක මෙහේ ගොඩක් ප්‍රසිද්ධයි.</font>

94
00:12:50,666 --> 00:12:52,291
<font color="#ffe244">තාත්තේ, නිකන් බස් ස්ටෑන්ඩ් එකට යන්නකෝ.</font>

95
00:12:52,291 --> 00:12:55,166
<font color="#ffe244">මම මේ කියවන එක නවත්තන්නද?
අනේ ඔව්.</font>

96
00:12:55,166 --> 00:12:59,958
<font color="#ffe244">එක කටක් කෑවම ඔයාට තේරෙයි
මේක මෙහේ අයගේ ප්‍රියතම කෑම කියලා!</font>

97
00:13:01,166 --> 00:13:02,416
<font color="#ffe244">එයාට වැඩ තියෙනවා.</font>

98
00:13:02,416 --> 00:13:04,916
<font color="#ffe244">නෑ, මම කාර්යබහුල නෑ.
මොනවද ඔයාලගේ ප්‍රධාන කෑම?</font>

99
00:13:04,916 --> 00:13:06,999
<font color="#ffe244">ස්පයිසි සීෆුඩ් නූඩ්ල්ස්!</font>

100
00:13:06,999 --> 00:13:08,124
<font color="#ffe244">වාව්!</font>

101
00:13:08,124 --> 00:13:10,708
<font color="#ffe244">මේක මගෙන්.</font>

102
00:13:10,708 --> 00:13:11,749
<font color="#ffe244">වාව්!</font>

103
00:13:11,749 --> 00:13:13,708
<font color="#ffe244">මම ඒවා හොඳට කපලා තියෙන්නේ.</font>

104
00:13:13,708 --> 00:13:16,041
<font color="#ffe244">ස්තූතියි අංකල්!
හරි.</font>

105
00:13:17,249 --> 00:13:20,499
<font color="#ffe244">මොනවද කරන්නේ?
මෙහෙට ඇවිත් කන්න.</font>

106
00:13:25,582 --> 00:13:26,957
<font color="#ffe244">කොහොමද? රසද?</font>

107
00:13:26,957 --> 00:13:28,332
<font color="#ffe244">ගොඩක් රසයි!</font>

108
00:13:28,332 --> 00:13:29,874
<font color="#ffe244">ගෙදර ගෙනියන්නත් ටිකක් ඕනෙද?</font>

109
00:13:29,874 --> 00:13:31,916
<font color="#ffe244">නැහැ, කමක් නෑ අංකල්.</font>

110
00:13:32,791 --> 00:13:34,791
<font color="#ffe244">හොඳට කන්න.</font>

111
00:13:38,249 --> 00:13:40,374
<font color="#ffe244">ඉයුන් හෝ, අපි කවද්ද
ඔයාගේ අම්මව බලන්න යන්නේ?</font>

112
00:13:40,374 --> 00:13:42,332
<font color="#ffe244">අපි හෙට උදේට යමු.</font>

113
00:13:42,332 --> 00:13:44,249
<font color="#ffe244">ආයෙත් වහීවි කියලා හිතෙනවද?</font>

114
00:13:44,249 --> 00:13:46,457
<font color="#ffe244">භෂ්මාවශේෂ තියෙන්නේ ඇතුළෙනේ. ඒක නිසා කමක් නෑ.</font>

115
00:13:46,457 --> 00:13:49,624
<font color="#ffe244">මම කිව්වේ ඔයාගේ අම්මා වැස්සට ගොඩක් කැමතියිනේ.</font>

116
00:13:50,374 --> 00:13:51,832
<font color="#ffe244">එයා හරිම ලස්සනයි.</font>

117
00:13:51,832 --> 00:13:53,374
<font color="#ffe244">මගේ පෙනුම අම්මා වගේමයි.</font>

118
00:13:53,374 --> 00:13:55,457
<font color="#ffe244">ඔයා මගේ වගේමයි!</font>

119
00:13:55,457 --> 00:13:56,832
<font color="#ffe244">අනේ එහෙම කියන්න එපා.</font>

120
00:13:56,832 --> 00:13:58,541
<font color="#ffe244">ඔයා මොකද මෙතන කරන්නේ?
පිඟන් ටික හෝදන්න ආවේ.</font>

121
00:13:58,541 --> 00:14:00,332
<font color="#ffe244">අයින් වෙන්න.</font>

122
00:14:00,332 --> 00:14:04,291
<font color="#ffe244">ඒක අතාරින්න.
ඒ වෙනුවට මේසෙ පිහදාන්න.</font>

123
00:14:09,416 --> 00:14:11,291
<font color="#ffe244">ඔයාද මේ ඔක්කොම ඇන්දේ?</font>

124
00:14:11,291 --> 00:14:15,999
<font color="#ffe244">සමහරක් ඒවා මම ඇන්දේ,
අනිත්වා අම්මා ඇන්දේ.</font>

125
00:14:15,999 --> 00:14:17,707
<font color="#ffe244">අපේ චිත්‍ර අඳින විදිහ එක වගේ.</font>

126
00:14:17,707 --> 00:14:19,416
<font color="#ffe244">ඔයා චිත්‍ර කලාවද ඉගෙන ගන්නේ?</font>

127
00:14:19,416 --> 00:14:21,524
<font color="#ffe244">නෑ, පරිගණක ඉංජිනේරු තාක්ෂණය.</font>

128
00:14:21,524 --> 00:14:22,487
<font color="#ffe244">මොකක්?</font>

129
00:14:22,487 --> 00:14:24,249
<font color="#ffe244">අපොයි.</font>

130
00:14:24,249 --> 00:14:26,582
<font color="#ffe244">ඉයුන් හෝ. මේක අරින්න පුළුවන්ද?</font>

131
00:14:26,582 --> 00:14:29,124
<font color="#ffe244">ආව්, මගේ මැණික් කටුව.
මේකවත් අරගන්න බැරිද?</font>

132
00:14:30,832 --> 00:14:32,666
<font color="#ffe244">මේ මොකක්ද මේ?</font>

133
00:14:34,832 --> 00:14:36,082
<font color="#ffe244">මම ට්‍රයි කරලා බලන්නම්.</font>

134
00:14:41,124 --> 00:14:42,707
<font color="#ffe244">වාව්!</font>

135
00:14:42,707 --> 00:14:44,249
<font color="#ffe244">මම ඔයාට කෑම ටිකක් පැක් කරලා දෙන්න තිබුණේ.</font>

136
00:14:44,249 --> 00:14:45,999
<font color="#ffe244">නෑ, ඇත්තටම කමක් නෑ.</font>

137
00:14:45,999 --> 00:14:47,457
<font color="#ffe244">ඕන වෙලාවක ආයෙත් එන්න.</font>

138
00:14:47,457 --> 00:14:48,874
<font color="#ffe244">ස්තූතියි අංකල්.</font>

139
00:14:48,874 --> 00:14:51,082
<font color="#ffe244">පරිස්සමෙන් පදින්න.</font>

140
00:14:51,082 --> 00:14:53,041
<font color="#ffe244">එයාව පරිස්සමෙන් ගිහින් බස්සන්න.</font>

141
00:15:18,832 --> 00:15:21,332
<font color="#ffe244">ස්තූතියි. පරිස්සමෙන්.
බයි.</font>

142
00:15:25,634 --> 00:15:27,290
<font color="#ffe244"></font>

143
00:15:30,638 --> 00:15:31,807
<font color="#ffe244">ඔයා යන්නේ නැද්ද?</font>

144
00:15:31,807 --> 00:15:33,599
<font color="#ffe244">හරි. බයි.</font>

145
00:15:57,374 --> 00:15:59,165
<font color="#ffe244">ආයුබෝවන්.</font>

146
00:16:00,707 --> 00:16:02,124
<font color="#ffe244">මම උදව්වක් කරන්නද?</font>

147
00:16:02,124 --> 00:16:04,999
<font color="#ffe244">ඩිරෙක්ටර් මෙහේ ඉන්නවද?</font>

148
00:16:04,999 --> 00:16:08,405
<font color="#ffe244">එයා නිවාඩුවට ගෙදර ගියා.</font>

149
00:16:08,405 --> 00:16:09,457
<font color="#ffe244">ගෙදර?</font>

150
00:16:09,457 --> 00:16:14,624
<font color="#ffe244">ඔව්, එයාගේ ගෙදර.
ඔයා දන්නවනේ, මේක එයාගේ ඇත්ත ගෙදර නෙවෙයි කියලා.</font>

151
00:16:15,207 --> 00:16:19,374
<font color="#ffe244">ඔයත් මෙහේද?</font>

152
00:16:21,249 --> 00:16:25,582
<font color="#ffe244">එහෙනම් ඇතුළට එන්න.
අනිත් භාරකරුවොත් මෙහේ ඉන්නවා.</font>

153
00:16:27,082 --> 00:16:29,165
<font color="#ffe244">නෑ, කමක් නෑ.</font>

154
00:16:29,165 --> 00:16:31,332
<font color="#ffe244">කරුණාකරලා මේක ළමයින්ට දෙන්න.</font>

155
00:16:31,332 --> 00:16:36,665
<font color="#ffe244">අනේ මේවා මොකටද කරදර වුණේ.
ස්තූතියි!</font>

156
00:17:16,331 --> 00:17:19,665
<font color="#ffe244">මෙහේ වැඩ ඔක්කොම ඉවරද?
ඔව්.</font>

157
00:17:20,998 --> 00:17:23,998
<font color="#ffe244">ඉර බහින්නේ කීයටද දන්නේ නෑ.</font>

158
00:17:31,206 --> 00:17:33,290
<font color="#ffe244">මම පදින්නම්.
පිටිපස්සට යන්න.</font>

159
00:17:33,290 --> 00:17:34,665
<font color="#ffe244">මොකක්?</font>

160
00:17:37,331 --> 00:17:39,998
<font color="#ffe244">ඔයාට පදින්න පුළුවන්ද?
ඔව්.</font>

161
00:17:43,998 --> 00:17:45,456
<font color="#ffe244">අල්ලගන්න.</font>

162
00:17:49,373 --> 00:17:50,665
<font color="#ffe244">හයියෙන්!</font>

163
00:18:16,373 --> 00:18:19,706
<font color="#ffe244">ආයෙත් ගෙදර යනකොට
මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?</font>

164
00:18:22,748 --> 00:18:25,373
<font color="#ffe244">හරියට... ස්පයිසි සීෆුඩ් නූඩ්ල්ස් කාලා
එපා වෙලා වගේ?</font>

165
00:18:27,540 --> 00:18:30,456
<font color="#ffe244">මට මගේම කියලා ගෙයක් හදන්න ඕනේ.</font>

166
00:18:30,456 --> 00:18:32,123
<font color="#ffe244">ගෙයක්?</font>

167
00:18:32,123 --> 00:18:34,290
<font color="#ffe244">ආ, ඇත්තද?</font>

168
00:18:35,540 --> 00:18:37,498
<font color="#ffe244">මට ගේම් එකක් හදන්න ඕනේ.</font>

169
00:18:37,498 --> 00:18:39,581
<font color="#ffe244">මොකක්? ගේම් එකක්?</font>

170
00:18:39,581 --> 00:18:40,623
<font color="#ffe244">ඔව්.</font>

171
00:18:40,623 --> 00:18:43,665
<font color="#ffe244">ගේම්වලට අවසානයන් ගොඩක් තියෙන්න පුළුවන්.</font>

172
00:18:43,665 --> 00:18:46,831
<font color="#ffe244">මට හැම විදිහකම විනෝදජනක
අවසානයන් තියෙන ගේම් එකක් හදන්න ඕනේ.</font>

173
00:18:46,831 --> 00:18:49,081
<font color="#ffe244">ඒක නිසාද ඔයා
පරිගණක ඉංජිනේරු තාක්ෂණය ඉගෙන ගන්නේ?</font>

174
00:18:49,081 --> 00:18:50,881
<font color="#ffe244">ඔව්.</font>

175
00:18:50,881 --> 00:18:54,331
<font color="#ffe244">ඇයි ඔයා ගෘහ නිර්මාණ ශිල්පය වෙනුවට
සමාජ සුබසාධනය ඉගෙන ගන්නේ?</font>

176
00:18:54,331 --> 00:18:57,040
<font color="#ffe244">මොකද ඒකට මට ශිෂ්‍යත්වයක් හම්බවුණා.</font>

177
00:18:57,040 --> 00:18:59,831
<font color="#ffe244">මට වෙන කරන්න දෙයක් නැහැ.</font>

178
00:19:02,456 --> 00:19:04,540
<font color="#ffe244">ඔයා මොකද කරන්නේ?</font>

179
00:19:04,540 --> 00:19:06,790
<font color="#ffe244">ප්‍රාර්ථනාවක් කරනවා.
ප්‍රාර්ථනාවක්?</font>

180
00:19:06,790 --> 00:19:10,081
<font color="#ffe244">ඉර මුහුදේ ගෑවෙන වෙලාවේ ඉඳන්
නොපෙනී යනකම්ම,</font>

181
00:19:10,081 --> 00:19:12,623
<font color="#ffe244">ඔයාගේ ප්‍රාර්ථනාව 100 වතාවක් කිව්වොත්
ඒක හැබෑ වෙනවා.</font>

182
00:19:12,623 --> 00:19:15,790
<font color="#ffe244">ඔයා ඒක විශ්වාස කරනවද?
ඒක ඇත්තක්.</font>

183
00:19:16,790 --> 00:19:20,706
<font color="#ffe244">ඒක හරියනවා.
මම කැම්පස් ගියෙත් එහෙමයි නේද?</font>

184
00:19:20,706 --> 00:19:23,540
<font color="#ffe244">මම මොකෙක්ද, පූජාවක්ද?</font>

185
00:19:23,540 --> 00:19:25,373
<font color="#ffe244">ඔයා දැනගෙන හිටියේ නැද්ද?</font>

186
00:19:30,040 --> 00:19:31,748
<font color="#ffe244">වෙලාව හරි!</font>

187
00:20:10,540 --> 00:20:12,915
<font color="#ffe244">ජේසන්සොෆ්ට්?</font>

188
00:20:14,248 --> 00:20:16,331
<font color="#ffe244">ඔයා වැඩ කරන්නේ හොඳ කම්පැනි එකකනේ.</font>

189
00:20:17,123 --> 00:20:24,540
<font color="#ffe244">ඔයා මෙහේ ඉන්නවා කියන එක විස්වාස කරන්නත් අමාරුයි.
නිකන් ඔයා CG වගේ.</font>

190
00:20:25,581 --> 00:20:30,498
<font color="#ffe244">ඔව්, පරණ මතකයන් ආයෙත් මතක් වෙනවා.</font>

191
00:20:32,206 --> 00:20:33,863
<font color="#ffe244">ඔව්.</font>

192
00:20:36,748 --> 00:20:38,914
<font color="#ffe244">තාමත් හොයනවද?</font>

193
00:20:39,539 --> 00:20:41,664
<font color="#ffe244">මම ඔයාට කිව්වනේ, අද නම් ඒක හොයාගන්න හම්බවෙන්නේ නෑ කියලා.</font>

194
00:20:41,664 --> 00:20:43,206
<font color="#ffe244"></font>

195
00:20:43,206 --> 00:20:47,456
<font color="#ffe244">ඕක අතෑරලා ගේම් එකට එන්න.</font>

196
00:20:47,456 --> 00:20:49,498
<font color="#ffe244">අපි එයා නැතුව පටන් ගමු.</font>

197
00:20:49,498 --> 00:20:51,623
<font color="#ffe244">වන් ඔන් වන් ද?
අනිවාර්යයෙන්.</font>

198
00:20:53,342 --> 00:20:54,373
<font color="#ffe244">බර්ගර්වලටද?</font>

199
00:20:54,373 --> 00:20:56,373
<font color="#ffe244">දිනන කෙනා අරන් දෙන්න ඕනේ.
හරි!</font>

200
00:20:56,373 --> 00:20:57,706
<font color="#ffe244">රෙඩී!</font>

201
00:20:58,498 --> 00:20:59,873
<font color="#ffe244">ස්ට්‍රයික් වන්.</font>

202
00:21:02,539 --> 00:21:05,388
<font color="#ffe244"></font>

203
00:21:06,456 --> 00:21:07,498
<font color="#ffe244">ස්ට්‍රයික් වන්.</font>

204
00:21:07,498 --> 00:21:09,478
<font color="#ffe244">ස්ට්‍රයික් ටූ.
පොඩ්ඩක් ඉන්න! නෑ!</font>

205
00:21:09,478 --> 00:21:12,145
<font color="#ffe244"></font>

206
00:21:12,813 --> 00:21:14,331
<font color="#ffe244">ලෑස්තියි.
පොඩ්ඩක් ඉන්න.</font>

207
00:21:14,331 --> 00:21:15,998
<font color="#ffe244">පටන් ගන්න!
සියුන්ග් චාන්.</font>

208
00:21:15,998 --> 00:21:17,026
<font color="#ffe244">ආයෙත් කරන්න!</font>

209
00:21:17,026 --> 00:21:18,362
<font color="#ffe244">මම පෙට්‍රල් ගහන්නද?
මොකක්?</font>

210
00:21:18,362 --> 00:21:20,039
<font color="#ffe244">මොන පෙට්‍රල්ද?
මම ගහන්නම්.</font>

211
00:21:20,039 --> 00:21:21,030
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න.</font>

212
00:21:21,030 --> 00:21:23,373
<font color="#ffe244">ක්‍යුං සොක්, මොකක්ද හොඳ?
ඔන් ද ඕෆ් ද?</font>

213
00:21:23,373 --> 00:21:24,868
<font color="#ffe244">ඕෆ්.</font>

214
00:21:24,868 --> 00:21:26,877
<font color="#ffe244">ඒ එයාද?
නිකන් අහම්බෙන් වුණා වගේ ඉන්න.</font>

215
00:21:26,877 --> 00:21:27,914
<font color="#ffe244">සාමාන්‍ය විදිහට ඉන්න.</font>

216
00:21:27,914 --> 00:21:30,868
<font color="#ffe244">කලබල වෙන්න එපා.
බය වෙන්න එපා.</font>

217
00:21:30,868 --> 00:21:33,039
<font color="#ffe244">කීයකටද ගහන්න ඕනේ?</font>

218
00:21:33,039 --> 00:21:34,956
<font color="#ffe244">ඩොලර් 5කට ගහන්න.</font>

219
00:21:34,956 --> 00:21:36,623
<font color="#ffe244">ඩොලර් 5කට?</font>

220
00:21:37,631 --> 00:21:39,424
<font color="#ffe244">හේයි!</font>

221
00:21:39,424 --> 00:21:41,049
<font color="#ffe244">ප්‍රාර්ථනා කෙල්ල!</font>

222
00:21:45,830 --> 00:21:46,955
<font color="#ffe244">ස්පයිසි නූඩ්ල්ස්!</font>

223
00:21:46,955 --> 00:21:48,830
<font color="#ffe244">ඔයා මෙහෙද වැඩ කරන්නේ?
ස්පයිසි නූඩ්ල්ස්?</font>

224
00:21:48,830 --> 00:21:50,330
<font color="#ffe244">ඔයා ඇයි ආවේ?</font>

225
00:21:50,330 --> 00:21:52,539
<font color="#ffe244">මම ආවේ පෙට්‍රල් ගහන්න.</font>

226
00:21:56,372 --> 00:21:58,872
<font color="#ffe244"><i>සෝල් නගරය හැමෝටම අමාරුයි.</i></font>

227
00:21:59,580 --> 00:22:04,497
<font color="#ffe244"><i>මෙහේ ඉපදුණේ නැති අයට,</i>
<i>ඒක දස ගුණයකින් අමාරුයි.</i></font>

228
00:22:05,289 --> 00:22:07,122
<font color="#ffe244"><i>අවුරුදු ගාණක් රස්තියාදු වුණාට පස්සේ,</i></font>

229
00:22:07,122 --> 00:22:10,246
<font color="#ffe244"><i>මට කොහේ හරි ස්ථිරව පදිංචි වෙන්න ඕනේ.</i></font>

230
00:22:10,246 --> 00:22:11,290
<font color="#ffe244">සෝජු එකක් දෙන්න.</font>

231
00:22:11,290 --> 00:22:15,665
<font color="#ffe244"><i>සෝල් කියන්නේ හරියට කොන්ක්‍රීට් පොළොවක් වගේ</i>
<i>හරිම තද, සීතල තැනක්.</i></font>

232
00:22:16,539 --> 00:22:19,830
<font color="#ffe244"><i>මට ඇතුල් වෙලා මුල් බැසගන්න බැරි තරම්.</i></font>

233
00:22:20,539 --> 00:22:24,955
<font color="#ffe244"><i>ඒත්, කවදාහරි මට මගේම තැනක් තියේවි.</i></font>

234
00:22:24,955 --> 00:22:28,997
<font color="#ffe244"></font>

235
00:22:28,997 --> 00:22:31,598
<font color="#ffe244"></font>

236
00:22:33,497 --> 00:22:35,205
<font color="#ffe244">හේයි, විෂ් ගර්ල්!</font>

237
00:22:36,039 --> 00:22:39,067
<font color="#ffe244">මම ඕ කියුං සොක්.
හායි.</font>

238
00:22:39,067 --> 00:22:41,612
<font color="#ffe244">ගේම් ස්ටාර්ට්! ගේම් ස්ටාර්ට්!</font>

239
00:22:41,612 --> 00:22:43,195
<font color="#ffe244">අංක හතර සහ පහ!</font>

240
00:22:43,195 --> 00:22:43,946
<font color="#ffe244">එක!</font>

241
00:22:43,946 --> 00:22:45,407
<font color="#ffe244">අයියෝ!</font>

242
00:22:45,407 --> 00:22:48,615
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න. මේ පැත්තටද?
ඒක හරි.</font>

243
00:22:54,372 --> 00:22:56,497
<font color="#ffe244"></font>

244
00:23:01,455 --> 00:23:03,247
<font color="#ffe244">මෙන්න, සර්.</font>

245
00:23:06,789 --> 00:23:08,455
<font color="#ffe244">ඔක්කොම හරි, සර්.</font>

246
00:23:12,747 --> 00:23:17,205
<font color="#ffe244">මට ලොකු කම්පැනි එකකට යන්න ඕනේ!</font>

247
00:23:17,205 --> 00:23:19,789
<font color="#ffe244">සිලිකන් වැලි, මම එනකම් ඉන්න!</font>

248
00:23:19,789 --> 00:23:23,705
<font color="#ffe244">මට ඇමරිකාවේ ජීවත් වෙන්න ඕනේ!</font>

249
00:23:23,705 --> 00:23:26,205
<font color="#ffe244">සෝල්වල මගේම කියලා ගෙයක්!</font>

250
00:23:26,205 --> 00:23:27,122
<font color="#ffe244">මොකක්ද? එච්චරද?</font>

251
00:23:27,122 --> 00:23:28,789
<font color="#ffe244">මොනතරම් පොඩි හීනයක්ද!</font>

252
00:23:28,789 --> 00:23:30,497
<font color="#ffe244">පිස්සුද! ඒක පොඩි නෑ!</font>

253
00:23:30,497 --> 00:23:31,872
<font color="#ffe244">ඒක පොඩි නෑ!
ඒක පොඩි නෑ!</font>

254
00:23:31,872 --> 00:23:34,789
<font color="#ffe244">මගේ ගේම් එකෙන් ඩොලර් මිලියන 10ක් හොයනවා!</font>

255
00:23:34,789 --> 00:23:37,205
<font color="#ffe244">මිලියන 10ක් හොයනවද?
ඔයාට විශ්වාසද?</font>

256
00:23:37,205 --> 00:23:40,289
<font color="#ffe244">මට ඩොලර් මිලියන 10ක් හොයන්න පුළුවන්!
හොයලා පෙන්නන්න!</font>

257
00:23:43,087 --> 00:23:44,122
<font color="#ffe244">ඉක්මන් කරන්න!</font>

258
00:23:44,122 --> 00:23:45,705
<font color="#ffe244">වහිනවා!</font>

259
00:23:45,705 --> 00:23:50,664
<font color="#ffe244">වහිනවා! යමු!
ඉක්මන් කරන්න!</font>

260
00:24:04,996 --> 00:24:06,580
<font color="#ffe244">යමු!</font>

261
00:24:06,580 --> 00:24:07,705
<font color="#ffe244">ඔයා කොහෙද යන්නේ?</font>

262
00:24:07,705 --> 00:24:08,663
<font color="#ffe244">ලස්සන තැනකට.</font>

263
00:24:08,663 --> 00:24:10,621
<font color="#ffe244">කොහෙද?
සේඋම්.</font>

264
00:24:10,621 --> 00:24:11,871
<font color="#ffe244">ඒ මොකක්ද?</font>

265
00:24:11,871 --> 00:24:14,371
<font color="#ffe244">ඒක ආකිටෙක්චර් ක්ලබ් එකක්.</font>

266
00:24:14,371 --> 00:24:17,580
<font color="#ffe244">ජොබ් එකක් හම්බුණ එක සමරන්න
සීනියර් කෙනෙක් බොන්න අරන් දෙනවා.</font>

267
00:24:17,580 --> 00:24:18,996
<font color="#ffe244">මොන සීනියර්ද?</font>

268
00:24:18,996 --> 00:24:21,663
<font color="#ffe244">කිව්වට ඔයා දන්නේ නෑ.
එනවද?</font>

269
00:24:21,663 --> 00:24:23,038
<font color="#ffe244">නෑ, මං මොකටද එන්නේ?</font>

270
00:24:23,038 --> 00:24:25,955
<font color="#ffe244">මම ආකිටෙක්චර් ගැන දන්නවා.</font>

271
00:24:25,955 --> 00:24:30,288
<font color="#ffe244">ඉංජිනේරුවොත් සොෆ්ට්වෙයාර් ව්‍යුහයන්ට
ආකිටෙක්චර් කියලා පාවිච්චි කරනවා.</font>

272
00:24:35,675 --> 00:24:36,788
<font color="#ffe244">ස්තූතියි.</font>

273
00:24:36,788 --> 00:24:38,080
<font color="#ffe244">අත්පුඩි ගහන්න!</font>

274
00:24:40,705 --> 00:24:41,830
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න.</font>

275
00:24:41,830 --> 00:24:44,871
<font color="#ffe244">ගේම්බෝයි? අර ගේම් ගහන කෙනා?
ඔව්.</font>

276
00:24:44,871 --> 00:24:46,205
<font color="#ffe244">මම ඔයා ගැන ගොඩක් අහලා තියෙනවා.</font>

277
00:24:46,205 --> 00:24:50,955
<font color="#ffe244">හැමෝම අහන්න! ප්‍රධාන ආකිටෙක්චර් සමාගම් 3න්
එකක් වෙන ගවුඩි එකට ගියේ කවුද?</font>

278
00:24:50,955 --> 00:24:52,621
<font color="#ffe244">අපේ සේඋම් ක්ලබ් එකේ වීරයා!</font>

279
00:24:52,621 --> 00:24:55,205
<font color="#ffe244">අපි අනාගත තරු ආකිටෙක්ට් වෙන
කන්ග් මින් ජේගෙන් අහමු!</font>

280
00:24:55,205 --> 00:24:57,246
<font color="#ffe244">අත්පුඩි ගහන්න!</font>

281
00:24:59,455 --> 00:25:00,788
<font color="#ffe244">ස්තූතියි!</font>

282
00:25:00,788 --> 00:25:02,455
<font color="#ffe244">හැමෝටම ස්තූතියි.</font>

283
00:25:02,455 --> 00:25:06,871
<font color="#ffe244">අද මගේ ගානේ.
ඕන තරම් කන්න.</font>

284
00:25:06,871 --> 00:25:09,246
<font color="#ffe244">අපි හැමෝම සේඋම් වෙනුවෙන් බොමු.</font>

285
00:25:09,246 --> 00:25:10,342
<font color="#ffe244">යමු!</font>

286
00:25:10,342 --> 00:25:11,512
<font color="#ffe244">ඉහළටම යමු!</font>

287
00:25:11,512 --> 00:25:14,512
<font color="#ffe244">සේඋම්!</font>

288
00:25:15,746 --> 00:25:18,455
<font color="#ffe244">යූන් ජින් ගැන ඇහැගහගෙන ඉන්න.</font>

289
00:25:19,038 --> 00:25:20,621
<font color="#ffe244">ජොන්ග් වොන්.</font>

290
00:25:21,913 --> 00:25:25,580
<font color="#ffe244">මම ගිය පාර ඔයාගේ ඩිසයින් දැක්කා.</font>

291
00:25:25,580 --> 00:25:29,871
<font color="#ffe244">ඔයා ආකිටෙක්චර් කරන කෙනෙක් නොවුණට
ඔයාට හොඳ දක්ෂතාවයක් තියෙනවා.</font>

292
00:25:29,871 --> 00:25:34,038
<font color="#ffe244">ඇත්තද?
ඔව්.</font>

293
00:25:34,038 --> 00:25:37,788
<font color="#ffe244">මම ඇත්තටම පුදුම වුණා.</font>

294
00:25:37,788 --> 00:25:41,121
<font color="#ffe244">ඔයා ඒක හැදෑරුවා නම්,
ඔයා ගොඩක් කැපී පේන කෙනෙක් වෙයි.</font>

295
00:25:41,121 --> 00:25:43,288
<font color="#ffe244">ඇත්තටම?</font>

296
00:25:44,163 --> 00:25:47,079
<font color="#ffe244">ඉතින්, මට ඔයාට තව ටිප්ස් දෙන්න පුළුවන්ද?</font>

297
00:25:47,079 --> 00:25:49,913
<font color="#ffe244">මම ඒකට කැමතියි, ඒත් ඔයා කාර්යබහුලයි නේ.</font>

298
00:25:49,913 --> 00:25:53,371
<font color="#ffe244">පිස්සුද, මට ඔයා වෙනුවෙන් වෙලාව හදාගන්න පුළුවන්.</font>

299
00:25:54,621 --> 00:25:56,621
<font color="#ffe244">ස්තූතියි.</font>

300
00:25:56,621 --> 00:25:59,038
<font color="#ffe244">මට ස්තූති කරන්න ඕනේ නෑ.
හේයි.</font>

301
00:25:59,038 --> 00:26:02,454
<font color="#ffe244">ඔයාට පිස්සුද?
කටුව කන්න එපා.</font>

302
00:26:02,454 --> 00:26:03,829
<font color="#ffe244">මොකක්?</font>

303
00:26:05,871 --> 00:26:07,996
<font color="#ffe244">අපේ ගමේ නම්
කන්නේ මෙහෙමයි.</font>

304
00:26:26,163 --> 00:26:28,288
<font color="#ffe244">මාත් එක්ක යාළු වෙනවද?</font>

305
00:26:29,454 --> 00:26:30,621
<font color="#ffe244">මොකක්?</font>

306
00:26:31,204 --> 00:26:36,079
<font color="#ffe244">මම දිවුරනවා මම ඔයාට හොඳින් සලකනවා කියලා.</font>

307
00:26:36,079 --> 00:26:37,746
<font color="#ffe244">මෝඩයා.</font>

308
00:26:37,746 --> 00:26:39,079
<font color="#ffe244">ජොන්ග් වොන්!</font>

309
00:26:39,079 --> 00:26:40,829
<font color="#ffe244">සිගරට් එකක් තියෙනවද?</font>

310
00:26:40,829 --> 00:26:43,854
<font color="#ffe244">නෑ. මගුල!
ඔයා බොනවා ද?</font>

311
00:26:43,854 --> 00:26:48,871
<font color="#ffe244">ඔයා කොහෙද ඉන්නේ?
ඉන්න තැන කියන්නකෝ.</font>

312
00:26:48,871 --> 00:26:50,652
<font color="#ffe244">ටවර්...
මොකක්?</font>

313
00:26:50,652 --> 00:26:52,746
<font color="#ffe244">ටවර් පැල්...</font>

314
00:26:52,746 --> 00:26:54,413
<font color="#ffe244">ඔයා කොහෙද යන්නේ?</font>

315
00:26:54,413 --> 00:26:55,538
<font color="#ffe244"></font>

316
00:26:55,538 --> 00:26:58,996
<font color="#ffe244">අපි මෙයාව මෙතන දාලා යමු.
එයාලා මෙයාව ගෙදරට ගෙනියයි.</font>

317
00:26:58,996 --> 00:27:00,953
<font color="#ffe244">එපා!</font>

318
00:27:00,953 --> 00:27:02,247
<font color="#ffe244">අපෝ. සමාවෙන්න.</font>

319
00:27:02,247 --> 00:27:03,663
<font color="#ffe244">නවත්තන්න!</font>

320
00:27:04,329 --> 00:27:06,704
<font color="#ffe244">ඇතුළට එන්න.</font>

321
00:27:10,746 --> 00:27:12,121
<font color="#ffe244">මගුල!</font>

322
00:27:15,121 --> 00:27:18,871
<font color="#ffe244">මට සල්ලි ටිකක් ණයට දියන්, කාලකණ්ණියා!</font>

323
00:27:19,579 --> 00:27:21,996
<font color="#ffe244">මොන මගුලක්ද!
මම ෆෝන් එකේ ඉන්නේ!</font>

324
00:27:21,996 --> 00:27:23,621
<font color="#ffe244">ඒක ගණන් ගන්න එපා.</font>

325
00:27:24,704 --> 00:27:26,996
<font color="#ffe244">තත්ත්වය නරක අතට හැරුණොත්, මට කෝල් කරන්න.</font>

326
00:27:26,996 --> 00:27:27,871
<font color="#ffe244">ඊට පස්සේ?</font>

327
00:27:27,871 --> 00:27:31,204
<font color="#ffe244">මගේ ගෙදරට එන්න.
යතුර තියෙන්නේ මල් පෝච්චිය යට.</font>

328
00:27:31,204 --> 00:27:32,943
<font color="#ffe244">එහෙනම් යන්න.</font>

329
00:27:32,943 --> 00:27:34,163
<font color="#ffe244">හරි.</font>

330
00:27:34,163 --> 00:27:37,621
<font color="#ffe244">මට ඉස්සෙල්ලා විවේක ගන්න දෙන්න.
මට ගොඩක් මහන්සියි.</font>

331
00:27:37,621 --> 00:27:40,996
<font color="#ffe244">මම ටිකක් වෙලා ඉන්නම්.
මට හොඳටම මහන්සියි.</font>

332
00:27:43,912 --> 00:27:46,371
<font color="#ffe244">ඔයා අර ආකිටෙක්චර් කොල්ලට කැමතිද?</font>

333
00:27:46,371 --> 00:27:52,787
<font color="#ffe244">නෑ. මම නිකමට හිතුවේ
ආකිටෙක්ට් කෙනෙක් වෙන එක මරු කියලා.</font>

334
00:27:52,787 --> 00:27:56,454
<font color="#ffe244">එයාලා අතින් ගෙවල් හදන විදිහ
පුදුම සහගතයි.</font>

335
00:27:56,454 --> 00:28:01,662
<font color="#ffe244">එයා ආධුනිකයෙක්, ආකිටෙක්ට් කෙනෙක් නෙමෙයි.
එයා බොහෝවිට ලෑලි අදිනවා ඇති.</font>

336
00:28:01,662 --> 00:28:04,412
<font color="#ffe244">ඒත් ඔයා ආකිටෙක්චර් වලට බැස්සොත්,</font>

337
00:28:04,412 --> 00:28:07,162
<font color="#ffe244">මම දන්නවා ඔයාට ආකිටෙක්ට් කෙනෙක්
වෙන්න පුළුවන් කියලා.</font>

338
00:28:07,162 --> 00:28:09,246
<font color="#ffe244">හැමෝටම ඒක කරන්න බෑ.</font>

339
00:28:09,246 --> 00:28:11,662
<font color="#ffe244">ඔයාට ආකිටෙක්චර් ඩිග්‍රී එකක්
තියෙන්න ඕනේ,</font>

340
00:28:11,662 --> 00:28:15,829
<font color="#ffe244">ඒ වගේම විභාගෙට පෙනී ඉන්න
අවුරුදු 5කවත් වැඩ පළපුරුද්දක් තියෙන්න ඕනේ.</font>

341
00:28:15,829 --> 00:28:17,829
<font color="#ffe244">ඒක එච්චරටම අමාරුද?</font>

342
00:28:25,787 --> 00:28:27,453
<font color="#ffe244">එයා කිව්වා එයා මට හොඳින් සලකන්නම් කියලා.</font>

343
00:28:27,453 --> 00:28:29,953
<font color="#ffe244">එයාගේ හදවත වුණත් දෙනවා කිව්වද?</font>

344
00:28:30,787 --> 00:28:34,245
<font color="#ffe244">මට එයාගේ හදවත මොකටද?
මට හෘද රෝගයක් තියෙනවා නෙමෙයිනේ.</font>

345
00:28:34,245 --> 00:28:36,997
<font color="#ffe244">ඒක උපමාවක්.</font>

346
00:28:36,997 --> 00:28:39,580
<font color="#ffe244">ඔයා හරිම කාව්‍යමයයිනේ?
අනිවාර්යයෙන්ම.</font>

347
00:28:41,953 --> 00:28:43,870
<font color="#ffe244">ඉතින්, ඔයා එයා එක්ක යාළු වෙනවද?</font>

348
00:28:48,120 --> 00:28:49,703
<font color="#ffe244">විශ්වාස නෑ.</font>

349
00:28:50,870 --> 00:28:56,078
<font color="#ffe244">මට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා නම්,
මම එයාට රැජිනකට වගේ සලකනවා.</font>

350
00:28:56,078 --> 00:28:57,537
<font color="#ffe244">ඒත් ඔයාට නෑනේ.</font>

351
00:28:57,537 --> 00:28:59,245
<font color="#ffe244">මට හීන දකින්න පුළුවන්නේ, බැරිද?</font>

352
00:29:04,203 --> 00:29:05,870
<font color="#ffe244">ඔයා දැන් යන්න ඕනේ.</font>

353
00:29:26,370 --> 00:29:27,870
<font color="#ffe244">හායි!</font>

354
00:29:34,537 --> 00:29:37,287
<font color="#ffe244">සමාවෙන්න! මම ට්‍රැෆික් එකේ හිරවෙලා හිටියේ.</font>

355
00:29:37,287 --> 00:29:38,537
<font color="#ffe244">මම ගිහින් ඇඳුම් මාරු කරන් එන්නම්.</font>

356
00:29:38,537 --> 00:29:41,245
<font color="#ffe244">හරි! යන්න.</font>

357
00:29:43,370 --> 00:29:46,010
<font color="#ffe244"></font>

358
00:29:50,953 --> 00:29:54,453
<font color="#ffe244">මුහුද...</font>

359
00:29:57,422 --> 00:29:58,296
<font color="#ffe244">මුහුද?</font>

360
00:29:58,296 --> 00:30:01,162
<font color="#ffe244">ජොන්ග් වොන්ට නිදහසේ ටිකක් ඉන්න ඕනේ කිව්වා.</font>

361
00:30:01,162 --> 00:30:04,745
<font color="#ffe244">මම ඩිසයින් කරපු කැෆේ එකත්
මට එයාට පෙන්නන්න පුළුවන්.</font>

362
00:30:07,162 --> 00:30:09,245
<font color="#ffe244">රෑටත් ඉන්නවද?</font>

363
00:30:09,245 --> 00:30:11,328
<font color="#ffe244">මොකක්?
මුකුත් නෑ.</font>

364
00:30:13,203 --> 00:30:14,662
<font color="#ffe244">ලෑස්තිද?
යමු.</font>

365
00:30:14,662 --> 00:30:15,370
<font color="#ffe244">එන්න.</font>

366
00:30:15,370 --> 00:30:17,328
<font color="#ffe244">ස්තූතියි.
ඔයා 12 වෙනකම් කවර් කළොත් ඇති.</font>

367
00:30:17,328 --> 00:30:18,787
<font color="#ffe244">පස්සේ හම්බවෙමු.</font>

368
00:30:19,526 --> 00:30:20,953
<font color="#ffe244">මින් ජේ, පොඩ්ඩක් ඉන්න.</font>

369
00:30:20,953 --> 00:30:23,703
<font color="#ffe244">හේයි! මාව ලස්සනට පේනවද?</font>

370
00:30:23,703 --> 00:30:25,412
<font color="#ffe244">වරදක් නෑ.</font>

371
00:30:26,995 --> 00:30:28,453
<font color="#ffe244">පස්සේ හම්බවෙමු!</font>

372
00:30:40,537 --> 00:30:45,703
<font color="#ffe244">ඔයා ඉස්සෙල්ලා යන්න.
නෑ, ඔයා යන්නකෝ.</font>

373
00:30:48,974 --> 00:30:53,641
<font color="#ffe244">ඇවිත් මීටින් එකට වාඩි වෙන්න.
තරඟෙට තව තියෙන්නේ සති 2යි.</font>

374
00:30:53,641 --> 00:30:56,766
<font color="#ffe244">ඔයා කියන්න.
නෑ, ඔයා කියන්න.</font>

375
00:31:00,495 --> 00:31:02,162
<font color="#ffe244">මොකක්ද?</font>

376
00:31:02,162 --> 00:31:06,745
<font color="#ffe244">ඉයුන් හෝ, මම කල්පනා කර කර හිටියේ.
හරි.</font>

377
00:31:06,745 --> 00:31:10,662
<font color="#ffe244">මේ තරඟේ වැදගත්.
අපි දන්නවා...</font>

378
00:31:10,662 --> 00:31:12,706
<font color="#ffe244">ඒත් අපි ෆේල් වුණොත් මොකද වෙන්නේ කියලත්
අපි හිතන්න ඕනේ.</font>

379
00:31:12,706 --> 00:31:14,164
<font color="#ffe244">ඉතින්?</font>

380
00:31:14,828 --> 00:31:20,995
<font color="#ffe244">අපි හිතුවා දැන් ඉඳන් අපේ ප්‍රතිඵල ටික
හදාගන්න එක වඩා ප්‍රායෝගිකයි කියලා.</font>

381
00:31:20,995 --> 00:31:23,505
<font color="#ffe244">හේයි, මාව පාවලා දෙන්නද
ඔය නිදහසට කාරණා කියන්නේ?</font>

382
00:31:23,505 --> 00:31:26,578
<font color="#ffe244">මොකක්?
පාවලා දෙනවා?</font>

383
00:31:26,578 --> 00:31:27,495
<font color="#ffe244">ඔයත්?</font>

384
00:31:27,495 --> 00:31:32,328
<font color="#ffe244">මුලදි මම හිතුවේ මෙයාට පිස්සු කියලා,
ඒත් ඇත්තටම ඒකේ තර්කයක් තියෙනවා.</font>

385
00:31:32,328 --> 00:31:33,870
<font color="#ffe244">හරි.</font>

386
00:31:36,078 --> 00:31:39,245
<font color="#ffe244">පඩියකින් ඩොලර් මිලියන 10ක් හොයන්න බෑ
කොල්ලනේ.</font>

387
00:31:39,245 --> 00:31:41,286
<font color="#ffe244">පඩියෙන් ස්ටොක් මාකට් එකේ
ආයෝජනය කළොත් මොකද?</font>

388
00:31:41,286 --> 00:31:45,203
<font color="#ffe244">නරක අදහසක් නෙමෙයි.
නේද?</font>

389
00:31:50,078 --> 00:31:51,911
<font color="#ffe244">ජොන්ග් වොන්!</font>

390
00:31:53,328 --> 00:31:56,995
<font color="#ffe244">දෙයියනේ!</font>

391
00:31:56,995 --> 00:31:59,328
<font color="#ffe244">මට හුස්ම ගන්න බෑ.</font>

392
00:31:59,328 --> 00:32:02,495
<font color="#ffe244">ඔයා බිව්වද?
ඇයි ඔයාගේ මූණ මෙච්චර රතු වෙලා?</font>

393
00:32:02,495 --> 00:32:05,286
<font color="#ffe244">කියුන්ග් සොක් සහ සියුන්ග් චෑන්...</font>

394
00:32:05,286 --> 00:32:07,203
<font color="#ffe244">ඒක අමතක කරලා දාන්න.</font>

395
00:32:09,786 --> 00:32:12,745
<font color="#ffe244">මගේ කාමරේ ටිකක් අවුල් වෙලා තියෙන්නේ.</font>

396
00:32:23,828 --> 00:32:25,453
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න.</font>

397
00:32:33,910 --> 00:32:34,911
<font color="#ffe244">වතුර ටිකක් ඕනෙද?</font>

398
00:32:34,911 --> 00:32:36,828
<font color="#ffe244">නෑ, කමක් නෑ.
හරි.</font>

399
00:32:38,078 --> 00:32:40,786
<font color="#ffe244">මම මේක මෙතනින් තියන්නද?
පුළුවන්.</font>

400
00:33:04,078 --> 00:33:05,953
<font color="#ffe244">ඔයා ඇයි අහන්නේ නැත්තේ?</font>

401
00:33:05,953 --> 00:33:06,953
<font color="#ffe244">මොකක්ද?</font>

402
00:33:06,953 --> 00:33:08,744
<font color="#ffe244">ඇයි අපි වෙන් වුණේ කියලා.</font>

403
00:33:08,744 --> 00:33:12,994
<font color="#ffe244">මට විශ්වාසයි ඔයාට හේතු තියෙන්න ඇති කියලා.</font>

404
00:33:17,161 --> 00:33:19,494
<font color="#ffe244">මට එයාගේ අම්මව හම්බුණා.</font>

405
00:33:20,244 --> 00:33:22,411
<font color="#ffe244">එයා ජීවත් වෙන්නේ මුහුද කිට්ටුවද?</font>

406
00:33:23,369 --> 00:33:25,828
<font color="#ffe244">අපිව අහම්බෙන් හම්බුණේ.</font>

407
00:33:25,828 --> 00:33:28,036
<font color="#ffe244">එයා මගේ පවුල් පසුබිම ගැන ඇහුවා.</font>

408
00:33:28,036 --> 00:33:31,411
<font color="#ffe244">මම අවංකවම කිව්වා මම අනාථයෙක්,
මම ජීවත් වෙන්නේ පොඩි නේවාසිකාගාරයක කියලා.</font>

409
00:33:31,411 --> 00:33:34,994
<font color="#ffe244">ඊටපස්සේ එයාගේ මූණ රතු වෙලා
එයා අඬන්න ගත්තා.</font>

410
00:33:34,994 --> 00:33:36,244
<font color="#ffe244">එයාට මාව පව් කියලා හිතුණා.</font>

411
00:33:36,244 --> 00:33:38,744
<font color="#ffe244">ඒ මොන මගුලක්ද?</font>

412
00:33:38,744 --> 00:33:42,078
<font color="#ffe244">ඊටපස්සේ එයා දිගටම
එක එක දේවල් කියෙව්වා.</font>

413
00:33:42,078 --> 00:33:46,399
<font color="#ffe244">ඒකේ සාරාංශය වුණේ
මම පෝසත් වෙන්න ඕනේ නෑ,</font>

414
00:33:46,399 --> 00:33:50,244
<font color="#ffe244">ඒත් හොඳ හැදී වැඩීමක් වැදගත් කියන එකයි.</font>

415
00:33:50,244 --> 00:33:53,703
<font color="#ffe244">ඉතින්, මාත් එහෙම හිතනවා.</font>

416
00:33:53,703 --> 00:33:56,244
<font color="#ffe244">ඒත් මම මොනවා කරන්නද?</font>

417
00:33:56,244 --> 00:33:59,286
<font color="#ffe244">මින් ජේ කට වහගෙන
නිකන් බලාගෙන හිටියා.</font>

418
00:34:00,994 --> 00:34:03,911
<font color="#ffe244">මගේ කාමරේට ආවම,</font>

419
00:34:04,453 --> 00:34:06,911
<font color="#ffe244">අර පොඩි ජනේලෙන්,</font>

420
00:34:08,286 --> 00:34:11,536
<font color="#ffe244">ඉර එළිය ඇතුළට ආවා,
හරියට මගේ අත්ලක් තරම්.</font>

421
00:34:14,328 --> 00:34:18,286
<font color="#ffe244">ඉර එළිය පවා...
මට ලැබෙන්නේ මේ තරම් පොඩ්ඩයි.</font>

422
00:34:18,286 --> 00:34:20,994
<font color="#ffe244">අතලොස්සක් විතරයි.</font>

423
00:34:22,369 --> 00:34:25,203
<font color="#ffe244">කාලකණ්ණි!</font>

424
00:34:26,036 --> 00:34:28,869
<font color="#ffe244">කොහොමද එහෙම කරන්නේ!</font>

425
00:34:28,869 --> 00:34:30,953
<font color="#ffe244">ඉතින්, මට දුක හිතුණා.</font>

426
00:34:32,703 --> 00:34:34,786
<font color="#ffe244">එච්චරයි.</font>

427
00:35:00,244 --> 00:35:02,185
<font color="#ffe244">ඔයාට ඒක තියාගන්න පුළුවන්.</font>

428
00:35:09,869 --> 00:35:13,035
<font color="#ffe244">මම තැනක් හොයාගන්නකම්
මෙහේ ඉන්නම්.</font>

429
00:35:13,035 --> 00:35:16,072
<font color="#ffe244">මම කුලියෙන් භාගයක් ගෙවන්නම්.
මගෙන් ගාන කපන්න එහෙම හදන්න එපා.</font>

430
00:35:16,072 --> 00:35:16,869
<font color="#ffe244">හරි.</font>

431
00:35:16,869 --> 00:35:19,952
<font color="#ffe244">මම බිල්වලිනුත් භාගයක් ගෙවන්නම්, අනිත්...</font>

432
00:35:19,952 --> 00:35:21,744
<font color="#ffe244">ජොන්ග් වොන්.</font>

433
00:35:23,119 --> 00:35:25,452
<font color="#ffe244">ඔයා ආපු එක ගැන මට සතුටුයි.</font>

434
00:35:37,702 --> 00:35:39,369
<font color="#ffe244">එනවා.</font>

435
00:35:44,285 --> 00:35:45,577
<font color="#ffe244">මොකද මේ පැත්තේ?</font>

436
00:35:45,577 --> 00:35:47,452
<font color="#ffe244">හායි, ඉයුන් හෝ. ඔයා ගෙදර හිටියද.</font>

437
00:35:47,452 --> 00:35:48,355
<font color="#ffe244">ඔව්.</font>

438
00:35:48,355 --> 00:35:51,235
<font color="#ffe244">මගේ ලැප්ටොප් එක ආයෙත් අවුල් ගියා.</font>

439
00:35:53,494 --> 00:35:54,702
<font color="#ffe244">ගර්ල්ෆ්‍රෙන්ඩ් ද?</font>

440
00:35:54,702 --> 00:35:56,494
<font color="#ffe244">අපි බොක්කේ යාළුවෝ.</font>

441
00:35:56,494 --> 00:35:59,119
<font color="#ffe244">බොක්කේ යාළුවෝ?</font>

442
00:35:59,119 --> 00:36:01,244
<font color="#ffe244">බොක්කේ?</font>

443
00:36:01,244 --> 00:36:03,910
<font color="#ffe244">ඒක ක්‍රෑෂ් වෙලා ස්ටක් වුණා.</font>

444
00:36:03,910 --> 00:36:06,452
<font color="#ffe244">එහෙමද?</font>

445
00:36:06,452 --> 00:36:07,410
<font color="#ffe244">ඔව්.</font>

446
00:36:07,410 --> 00:36:10,327
<font color="#ffe244">ඔයාට Windows ආයෙත් දාන්න පුළුවන්.
මම කරලා දෙන්නද?</font>

447
00:36:10,327 --> 00:36:12,369
<font color="#ffe244">ඔව්, කරලා දෙන්න.</font>

448
00:36:13,327 --> 00:36:14,702
<font color="#ffe244">හරි.</font>

449
00:36:15,285 --> 00:36:16,827
<font color="#ffe244">මොනවා හරි බැකප් කරන්න ඕනෙද?</font>

450
00:36:16,827 --> 00:36:18,369
<font color="#ffe244">නෑ, නිකන්ම කරලා දාන්න.</font>

451
00:36:18,369 --> 00:36:21,119
<font color="#ffe244">හරි එහෙනම්.</font>

452
00:36:21,119 --> 00:36:23,702
<font color="#ffe244">කරුණාකරලා පොඩ්ඩක් ඉන්න.
හරි.</font>

453
00:36:28,619 --> 00:36:30,327
<font color="#ffe244">සමාවෙන්න.</font>

454
00:36:31,398 --> 00:36:32,702
<font color="#ffe244">බේබි!</font>

455
00:36:32,702 --> 00:36:34,244
<font color="#ffe244">එනවා.</font>

456
00:36:34,244 --> 00:36:35,202
<font color="#ffe244">ඉයුන් හෝ.</font>

457
00:36:35,202 --> 00:36:36,160
<font color="#ffe244">මේක මට කරලා දෙන්නකෝ.</font>

458
00:36:36,160 --> 00:36:37,910
<font color="#ffe244">මම හැමදේම බලාගන්නම්.</font>

459
00:36:37,910 --> 00:36:39,327
<font color="#ffe244">ස්තූතියි. පස්සේ හම්බෙමු!</font>

460
00:36:41,369 --> 00:36:45,744
<font color="#ffe244">"ඉයුන් හෝ, මේක මට කරලා දෙන්නකෝ."</font>

461
00:36:45,744 --> 00:36:47,708
<font color="#ffe244">අප්පිරියාවේ බෑ.</font>

462
00:36:47,708 --> 00:36:49,994
<font color="#ffe244">ඇයි? එයා හුරතල්නේ.</font>

463
00:36:49,994 --> 00:36:52,129
<font color="#ffe244">හුරතල්? ඒකද හුරතල් කියන්නේ?</font>

464
00:36:52,129 --> 00:36:54,588
<font color="#ffe244">මම එකින් එක පෙන්නලා දෙන්නද?</font>

465
00:36:55,285 --> 00:36:57,702
<font color="#ffe244">ඒවා ඇත්ත කණ්ණාඩි නෙවෙයිද?</font>

466
00:36:57,702 --> 00:37:01,347
<font color="#ffe244">ඔයාගේ පිරිමි තෝරන විදිහ හදාගන්න
ඔයා කණ්ණාඩි දාන එක හොඳයි.</font>

467
00:37:03,160 --> 00:37:05,202
<font color="#ffe244">මේකි නම්!
ආව්!</font>

468
00:37:13,993 --> 00:37:16,118
<font color="#ffe244">ඔයා ඇඳේ නිදාගන්න.</font>

469
00:37:16,118 --> 00:37:17,660
<font color="#ffe244">එපා, ඔයා නිදාගන්න.</font>

470
00:37:17,660 --> 00:37:20,160
<font color="#ffe244">මම මෙතන නිදාගන්නම්.
ඔයා ඇඳ ගන්න.</font>

471
00:37:20,160 --> 00:37:22,493
<font color="#ffe244">ඒත් මේක ඔයාගේ ඇඳනේ.</font>

472
00:37:22,493 --> 00:37:24,368
<font color="#ffe244">ඇඳේ නිදාගන්න.</font>

473
00:37:31,285 --> 00:37:32,785
<font color="#ffe244">ස්තූතියි.</font>

474
00:37:36,868 --> 00:37:38,327
<font color="#ffe244">ලයිට් නිවනවා.</font>

475
00:37:38,327 --> 00:37:39,868
<font color="#ffe244">හරි.</font>

476
00:37:54,827 --> 00:37:56,493
<font color="#ffe244">ෂිහ්.</font>

477
00:38:04,487 --> 00:38:05,572
<font color="#ffe244">මේක අහන්න කැමතිද?</font>

478
00:38:05,572 --> 00:38:07,155
<font color="#ffe244">හරි.</font>

479
00:38:10,785 --> 00:38:12,582
<font color="#ffe244"></font>

480
00:38:17,243 --> 00:38:19,633
<font color="#ffe244">මේක මගේ ප්‍රොෆයිල් එකේ බැක්ග්‍රවුන්ඩ් සින්දුව.</font>

481
00:38:19,633 --> 00:38:23,493
<font color="#ffe244">ඇත්තද? මම මේ සින්දුවට ගොඩක් ආසයි.</font>

482
00:38:23,493 --> 00:38:25,826
<font color="#ffe244">ඇත්තද?
අනිවාර්යයෙන්ම.</font>

483
00:38:26,493 --> 00:38:29,410
<font color="#ffffff"><i>♪ ඔයා යන්නේ ඇයි කියලා මම අහන්නේ නෑ ♪</i></font>

484
00:38:29,410 --> 00:38:35,535
<font color="#ffffff"><i>♪ මොකද ඔයා දැන් මට ආදරේ නෑ කියලා</i>
<i>මම දන්නවා ♪</i></font>

485
00:38:35,535 --> 00:38:40,326
<font color="#ffffff"><i>♪ ඔයාගේ බිඳුණු හදවතේ කොහෙවත් ♪</i></font>

486
00:38:40,326 --> 00:38:47,286
<font color="#ffffff"><i>♪ මගේ ආදරේට ඉන්න තැනක් නෑ කියලා මම දන්නවා ♪</i></font>

487
00:38:47,286 --> 00:38:53,083
<font color="#ffffff"><i>♪ ආදරය කියන්නේ වසන්ත කාලේ වැස්සක් වගේ</i>
<i>ඒක මගේ හදවතම තෙමලා දානවා ♪</i></font>

488
00:38:53,083 --> 00:38:58,422
<font color="#ffffff"><i>♪ ඒ වගේම කවදාවත් මකන්න බැරි</i>
<i>මතකයන් ඉතුරු කරලා යනවා ♪</i></font>

489
00:38:58,422 --> 00:38:59,963
<font color="#ffffff"><i>♪ දැන්, මම... ♪</i></font>

490
00:40:02,535 --> 00:40:05,035
<font color="#ffe244">ඒක නෙවෙයි,
මම ඔයාගේ රතු පාට යටකලිසම විසි කළා.</font>

491
00:40:05,035 --> 00:40:05,905
<font color="#ffe244">මොකක්?</font>

492
00:40:05,905 --> 00:40:07,697
<font color="#ffe244">ඔයා පඩ ඇරලම ඒකේ ලොකු හිල් හැදිලා තිබ්බා.</font>

493
00:40:07,697 --> 00:40:10,069
<font color="#ffe244">තරඟෙ දවසට ඒක නැතුව මට හරි යන්නේ නෑ.</font>

494
00:40:10,069 --> 00:40:11,671
<font color="#ffe244">ඔයා කවද්ද ඒක විසි කළේ?</font>

495
00:40:11,671 --> 00:40:12,784
<font color="#ffe244">දවස් දෙකකට කලින්?</font>

496
00:40:12,784 --> 00:40:15,605
<font color="#ffe244">මොන මගුලක්ද?
පිස්සුද හැටිද!</font>

497
00:40:18,784 --> 00:40:20,701
<font color="#ffe244">අර කාර් එකක් එනවා.</font>

498
00:40:31,701 --> 00:40:34,701
<font color="#ffe244">ජියොන්ග් වොන්!
ඇයි මගේ කෝල්ස් ආන්සර් කළේ නැත්තේ?</font>

499
00:40:36,784 --> 00:40:39,909
<font color="#ffe244">මම දන්නවා මම මේක කරන්න හොඳ නෑ කියලා.</font>

500
00:40:40,618 --> 00:40:44,659
<font color="#ffe244">ඒත් මම මේක ඔයාට ගත්තේ
ගොඩක් කාලෙකට කලින්.</font>

501
00:40:44,659 --> 00:40:46,368
<font color="#ffe244">කරුණාකරලා මේක ගන්න.</font>

502
00:40:48,868 --> 00:40:50,743
<font color="#ffe244">අනේ ගන්නකෝ?</font>

503
00:41:02,076 --> 00:41:04,076
<font color="#ffe244">මම මොකක්ද කරන්න ඕනේ?</font>

504
00:41:04,673 --> 00:41:06,789
<font color="#ffe244">ඔයා ඇයි මගෙන් අහන්නේ?</font>

505
00:41:09,386 --> 00:41:11,534
<font color="#ffe244">හාවගෙන් අහන්න.</font>

506
00:41:11,534 --> 00:41:12,867
<font color="#ffe244">මම මොකක්ද කරන්න ඕනේ?</font>

507
00:41:12,867 --> 00:41:15,409
<font color="#ffe244">මාලේ විසි කරලා දාන්න.</font>

508
00:41:15,409 --> 00:41:17,451
<font color="#ffe244">ඔයාට ඊර්ෂ්‍යාද?</font>

509
00:41:18,159 --> 00:41:20,284
<font color="#ffe244">ඔයාට ඕනෙද මම ඊර්ෂ්‍යා කරනවා දකින්න?</font>

510
00:41:20,284 --> 00:41:23,492
<font color="#ffe244">මොකක්? ඔයා මට කැමතියි කියලා මම දන්නවා.</font>

511
00:41:23,492 --> 00:41:25,451
<font color="#ffe244">නැහැ. ඔයා මගේ ටයිප් එක නෙවෙයි.</font>

512
00:41:25,451 --> 00:41:27,034
<font color="#ffe244">එහෙනම් ඔයාගේ ටයිප් එක මොකක්ද?</font>

513
00:41:27,034 --> 00:41:28,617
<font color="#ffe244">මගේ ටයිප් එක?</font>

514
00:41:33,826 --> 00:41:35,742
<font color="#ffe244">මට ගොඩක් කණගාටුයි.</font>

515
00:41:35,742 --> 00:41:38,701
<font color="#ffe244">මම හින්දා නෙවෙයි නම්,
ඔයාට දැන් එයාගේ කාමරේ ඉන්න තිබ්බා.</font>

516
00:41:38,701 --> 00:41:43,284
<font color="#ffe244">අපි යාළුවෝ විතරයි කියලා
මම එයාට තුන් පාරක්ම කිව්වා,</font>

517
00:41:43,284 --> 00:41:46,492
<font color="#ffe244">ඒත් එයා ඒක ඇත්තටම විස්වාස කළා.
මොන කරුමයක්ද.</font>

518
00:41:47,451 --> 00:41:50,701
<font color="#ffe244">අපි මොනවා හරි කරන්න ඕනේ.
අපිත් එයාලට ඇටෑක් කරමු!</font>

519
00:41:50,701 --> 00:41:54,159
<font color="#ffe244">ඉයුන් හෝ! අපි යාළුවෝ!</font>

520
00:41:54,159 --> 00:41:57,826
<font color="#ffe244">ඕක කරන්න එපා. නවත්තන්න!
අපිට බැහැ!</font>

521
00:41:57,826 --> 00:42:00,409
<font color="#ffe244">මම තනියම ඕක කරොත්,
ඔයාට බැහැ කියලා එයාලා හිතයි.</font>

522
00:42:04,691 --> 00:42:07,524
<font color="#ffe244">එපා! ඉයුන් හෝ!
ජියොන්ග් වොන්!</font>

523
00:42:16,325 --> 00:42:17,742
<font color="#ffe244">අයියෝ, ලොකු වැරැද්දක් කළේ.</font>

524
00:42:17,742 --> 00:42:20,742
<font color="#ffe244">අපි එයාලව හම්බුනාම
මොනවා කියලද මුහුණ දෙන්නේ?</font>

525
00:42:22,617 --> 00:42:26,117
<font color="#ffe244">දැන් මම මේ පැත්තේ
සෙක්සි කොල්ලෙක් විදිහට ප්‍රසිද්ධ වෙයි.</font>

526
00:42:32,950 --> 00:42:35,034
<font color="#ffe244">ඉතින්, කොහොමද ඔයාට?</font>

527
00:42:37,367 --> 00:42:40,909
<font color="#ffe244">මම බය වෙලා හිටියට වඩා හොඳට ඒක සිද්ධ වුණා.</font>

528
00:42:41,784 --> 00:42:45,409
<font color="#ffe244">ඒත් මට ආයේ පස්සට යන්න අවස්ථාවක් ලැබුණොත්,
මම එහෙම කරන එකක් නෑ.</font>

529
00:42:46,400 --> 00:42:48,492
<font color="#ffe244">ඇත්තටම...</font>

530
00:42:48,492 --> 00:42:53,284
<font color="#ffe244">මම එක පාරක් හරි ආයෙත්
පරණ කාලෙට යන්න හිතුවා.</font>

531
00:42:55,712 --> 00:42:57,449
<font color="#ffe244">කවදටද?</font>

532
00:42:58,073 --> 00:42:59,492
<font color="#ffe244">මම අලුත් අවුරුද්දට යන්නම්.</font>

533
00:42:59,492 --> 00:43:01,825
<font color="#ffe244"><i>ඔයාට ඒක හම්බුනාද?</i>
මොකක්ද?</font>

534
00:43:01,825 --> 00:43:03,617
<font color="#ffe244"><i>ඔයා දන්නවනේ.</i>
තරඟෙ ගැනද?</font>

535
00:43:03,617 --> 00:43:04,575
<font color="#ffe244"><i>ඔව්.</i></font>

536
00:43:04,575 --> 00:43:06,784
<font color="#ffe244">ඇයි ඒ ගැන මේ තරම් උනන්දුවක්?</font>

537
00:43:06,784 --> 00:43:09,409
<font color="#ffe244">මම ඊළඟ පාර දිනනවා. බායි!</font>

538
00:43:12,284 --> 00:43:15,784
<font color="#ffe244">අවුරුද්දේ අන්තිම දවසේ
මේ තරම් කාර්යබහුල වෙයි කියලා මම හිතුවේ නෑ.</font>

539
00:43:15,784 --> 00:43:17,325
<font color="#ffe244">අපරාදේ.</font>

540
00:43:17,325 --> 00:43:18,974
<font color="#ffe244">මේකද?
ඔව්.</font>

541
00:43:18,974 --> 00:43:23,492
<font color="#ffe244">ඔයාගේ යාළුවෝ එක්ක විනෝද වෙන්න.</font>

542
00:43:23,492 --> 00:43:28,034
<font color="#ffe244">ඇයි ඔයා අද මේ තරම් ලස්සන?</font>

543
00:43:29,409 --> 00:43:31,742
<font color="#ffe244">කාලකණ්ණියා.</font>

544
00:43:31,742 --> 00:43:33,700
<font color="#ffe244">පරිස්සමෙන් යන්න.</font>

545
00:43:33,700 --> 00:43:35,282
<font color="#ffe244">ඔව්, පඩිපෙළෙන් පරිස්සමෙන්.</font>

546
00:43:35,282 --> 00:43:37,413
<font color="#ffe244">පරිස්සමෙන්!</font>

547
00:43:42,700 --> 00:43:46,784
<font color="#ffe244">කොහෙද? ඔව්, මම ඉක්මනට එන්නම්.</font>

548
00:43:47,461 --> 00:43:50,128
<font color="#ffe244">හරි, මම එන ගමන් ඉන්නේ.</font>

549
00:43:51,284 --> 00:43:53,784
<font color="#ffe244">මමද ආයෙත් සල්ලි ගෙවන්නේ?
හායි!</font>

550
00:43:56,492 --> 00:43:58,367
<font color="#ffe244">ආහ්!
වාව්!</font>

551
00:43:58,367 --> 00:44:00,034
<font color="#ffe244">ඔයා කොණ්ඩේ ස්ට්‍රේට් කළාද?</font>

552
00:44:00,034 --> 00:44:02,784
<font color="#ffe244">ඔව්, මින් ජේ ස්ට්‍රේට් කරපු කොණ්ඩෙට කැමතියි.</font>

553
00:44:02,784 --> 00:44:04,659
<font color="#ffe244">ඔයාට ඒක ලස්සනයි.</font>

554
00:44:04,659 --> 00:44:06,936
<font color="#ffe244">එයා කියන ඕනම දෙයක් ඔයා කරයි වගේ.</font>

555
00:44:06,936 --> 00:44:07,950
<font color="#ffe244">හරිම ආදරෙයිනේ.</font>

556
00:44:07,950 --> 00:44:08,950
<font color="#ffe244">කොණ්ඩේ හදාගත්තද?</font>

557
00:44:08,950 --> 00:44:10,200
<font color="#ffe244">මම ඒක ස්ට්‍රේට් කළා.</font>

558
00:44:10,200 --> 00:44:11,742
<font color="#ffe244">මොකක්ද මන්දා වගේ.
හේයි!</font>

559
00:44:11,742 --> 00:44:14,151
<font color="#ffe244">ඒක ලස්සනයි!</font>

560
00:44:14,151 --> 00:44:16,112
<font color="#ffe244">ඇයි ඔයා අද රෑ මින් ජේ එක්ක නැත්තේ?</font>

561
00:44:16,112 --> 00:44:17,492
<font color="#ffe244">එයාට වැඩ කරන්න තියෙනවා.</font>

562
00:44:17,492 --> 00:44:19,284
<font color="#ffe244">ඇත්තද?</font>

563
00:44:19,284 --> 00:44:22,700
<font color="#ffe244">එයාගේ කම්පැනි එක එයාට
දෙසැම්බර් 31 වෙනිදත් වැඩ දෙනවද?</font>

564
00:44:22,700 --> 00:44:24,367
<font color="#ffe244">පාට් ටයිම් කරන කෙනෙක් ඕවා කොහොම දැනගන්නද?</font>

565
00:44:24,367 --> 00:44:26,200
<font color="#ffe244">ඇත්ත.
අපිත් ඔය වගේ දේවල් දන්නවා.</font>

566
00:44:26,200 --> 00:44:27,992
<font color="#ffe244">ආව්.</font>

567
00:44:28,700 --> 00:44:32,408
<font color="#ffe244">අර තරඟෙට මොකද වුණේ?
ඔව්! රිසාල්ට්ස් ආවාද?</font>

568
00:44:32,408 --> 00:44:35,742
<font color="#ffe244">ඔයා දින්නද?
මොකද වුණේ?</font>

569
00:44:35,742 --> 00:44:39,450
<font color="#ffe244">ඒ වගේ තරඟ වලින් ඔයාගේ අදහස්
ලොකු කම්පැනි වලට නැති වෙන්න පුළුවන්.</font>

570
00:44:39,450 --> 00:44:41,658
<font color="#ffe244">Sting කියලා පිටරට
වෙබ්සයිට් එකක් තියෙනවා.</font>

571
00:44:41,658 --> 00:44:44,950
<font color="#ffe244">ඔයාට ඒකේ ගේම්ස් දාලා
ඒක ජනප්‍රිය වුණොත් ගොඩ යන්න පුළුවන්!</font>

572
00:44:44,950 --> 00:44:46,658
<font color="#ffe244">හරි.</font>

573
00:44:46,658 --> 00:44:47,867
<font color="#ffe244">ජියොන්ග් වොන් කියන කතාව හරි.</font>

574
00:44:47,867 --> 00:44:49,283
<font color="#ffe244">වාව්.
හරියටම හරි!</font>

575
00:44:49,283 --> 00:44:53,658
<font color="#ffe244">අධෛර්යමත් වෙන්න ඕනේ නෑ මචං.
දිගටම උත්සාහ කරන්න!</font>

576
00:44:53,658 --> 00:44:54,867
<font color="#ffe244">හරි!</font>

577
00:44:54,867 --> 00:44:57,367
<font color="#ffe244">ලොතරැයි ගන්නවා වගේ
දිගටම ට්‍රයි කරන්න!</font>

578
00:44:57,367 --> 00:44:59,200
<font color="#ffe244">ඔයාට ඒක කරන්න පුළුවන්!
ඔව්!</font>

579
00:44:59,200 --> 00:45:00,533
<font color="#ffe244">නැගිටින්න, කට්ටියම!</font>

580
00:45:00,533 --> 00:45:04,242
<font color="#ffe244">අපි 2009 මේ විදිහට ඉවර කරන්නේ නෑ.
යූන් ජින් තමයි අද සල්ලි ගෙවන්නේ!</font>

581
00:45:04,242 --> 00:45:06,033
<font color="#ffe244">මොකක්?
ඔයාද?</font>

582
00:45:06,033 --> 00:45:08,458
<font color="#ffe244">එකපාරටම? මමද?
ඇත්තටම?</font>

583
00:45:08,458 --> 00:45:10,251
<font color="#ffe244">කොරියන් BBQ!
ඔව්!</font>

584
00:45:10,251 --> 00:45:12,169
<font color="#ffe244">පිස්සුද! ආයෙත් මෙහෙට එනවා!</font>

585
00:45:12,169 --> 00:45:13,922
<font color="#ffffff"><i>♪ මට ආදරෙයි කියන්න, මාව ඕනේ කියන්න ♪</i></font>

586
00:45:13,922 --> 00:45:16,423
<font color="#ffffff"><i>♪ මට ඒක හැමදාම අහන්න ඕනේ ♪</i></font>

587
00:45:16,423 --> 00:45:19,283
<font color="#ffffff"><i>♪ හැමදාම තරුවක් වගේ බබළනවා ♪</i></font>

588
00:45:19,283 --> 00:45:21,867
<font color="#ffffff"><i>♪ ඔයාව හම්බෙච්ච එකත් වාසනාවක් ♪</i></font>

589
00:45:21,867 --> 00:45:24,533
<font color="#ffffff"><i>♪ ඔයාගේ හදවතින් මට දැනෙනවා, ඔයාගේ ආදරෙන් මට දැනෙනවා ♪</i></font>

590
00:45:24,533 --> 00:45:28,450
<font color="#ffffff"><i>♪ මගේ ඇතුලේ තියෙන පොඩි හදවත ගැහෙනවා ♪</i></font>

591
00:45:28,450 --> 00:45:32,482
<font color="#ffffff"><i>♪ මම ඔයාගේ ලස්සන හිනාවට ආදරේ කරන්න ගත්තා... ♪</i></font>

592
00:45:32,482 --> 00:45:34,190
<font color="#ffffff"><i>♪ ආදරේ ආදරේ ආදරේ ♪</i></font>

593
00:45:34,190 --> 00:45:38,064
<font color="#ffffff"><i>♪ මම නැගිටින්නේ ගොඩක් සතුටින් ♪</i></font>

594
00:45:38,064 --> 00:45:42,237
<font color="#ffffff"><i>♪ ඕනෑම දෙයක් කරන්න පුළුවන් වගේ ♪</i></font>

595
00:45:44,242 --> 00:45:51,242
<font color="#ffffff"><i>♪ දවසක ඔයා ආපහු හැරිලා බලයි කියලා මම හිතනවා ♪</i></font>

596
00:45:51,950 --> 00:45:57,216
<font color="#ffffff"><i>♪ මම හැමදාමත් ඔයාගේ පස්සෙන් ඉඳන් බලන් ඉන්නවා ♪</i></font>

597
00:45:57,216 --> 00:46:05,258
<font color="#ffffff"><i>♪ මගේ හදවතේ පතුලෙන්ම,</i>
<i>මට කියන්න ඕනේ ♪</i></font>

598
00:46:06,016 --> 00:46:10,242
<font color="#ffffff"><i>♪ මම ඔයාට ආදරෙයි ♪</i></font>

599
00:46:10,242 --> 00:46:11,867
<font color="#ffe244">සුබ අලුත් අවුරුද්දක් වේවා!
සුබ අලුත් අවුරුද්දක් වේවා!</font>

600
00:46:11,867 --> 00:46:13,200
<font color="#ffe244">සුබ අලුත් අවුරුද්දක් වේවා!
සුබ අලුත් අවුරුද්දක් වේවා!</font>

601
00:46:13,200 --> 00:46:14,200
<font color="#ffe244">බායි!</font>

602
00:46:14,200 --> 00:46:16,683
<font color="#ffe244">සුබ අලුත් අවුරුද්දක් වේවා!</font>

603
00:46:16,683 --> 00:46:18,417
<font color="#ffe244">සුබ අලුත් අවුරුද්දක් වේවා!</font>

604
00:46:18,417 --> 00:46:19,109
<font color="#ffe244">හේයි.</font>

605
00:46:19,109 --> 00:46:22,032
<font color="#ffe244">අපි දුවමු!
දුවන්න?</font>

606
00:46:22,032 --> 00:46:23,949
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න!</font>

607
00:46:27,075 --> 00:46:28,497
<font color="#ffe244">ඇත්තද? ඇයි මම ඒක දැක්කේ නැත්තේ?</font>

608
00:46:28,497 --> 00:46:31,408
<font color="#ffe244">යූන් ජින් දැක්කෙත් නෑ
ඔයා දැක්කෙත් නෑ!</font>

609
00:46:31,408 --> 00:46:33,367
<font color="#ffe244">බලන්න, අපි අරහෙට යමු!</font>

610
00:46:33,367 --> 00:46:34,700
<font color="#ffe244">ඉක්මන් කරන්න!
ඒ මොකක්ද?</font>

611
00:46:34,700 --> 00:46:37,325
<font color="#ffe244">මෙතන මිනිස්සුන්ව වීඩියෝ කරනවා.
එන්නකෝ!</font>

612
00:46:37,325 --> 00:46:39,908
<font color="#ffe244">කැමරාව කොහෙද තියෙන්නේ?
වාව්, මරුනේ.</font>

613
00:46:39,908 --> 00:46:42,117
<font color="#ffe244">අපි ගැන මොකද?</font>

614
00:46:42,117 --> 00:46:45,658
<font color="#ffe244">බලන්න! අර අපි!
වාව්!</font>

615
00:46:48,158 --> 00:46:50,408
<font color="#ffe244">ඔයාට ඒක අහු වුණාද?
ඔව් අහු වුණා.</font>

616
00:46:57,283 --> 00:46:59,575
<font color="#ffe244">අන්න අපි ඉන්නවා!</font>

617
00:47:23,408 --> 00:47:28,783
<font color="#ffffff"><i>♪ වසන්ත කාලේ වැස්සක් වගේ</i>
<i>ඒක මගේ හදවතම තෙමලා දානවා ♪</i></font>

618
00:47:28,783 --> 00:47:34,908
<font color="#ffffff"><i>♪ ඒ වගේම කවදාවත් මකන්න බැරි</i>
<i>මතකයන් ඉතුරු කරලා යනවා ♪</i></font>

619
00:47:39,473 --> 00:47:41,324
<font color="#ffe244">බලන්න, බලන්න! මම දින්නා!</font>

620
00:47:41,324 --> 00:47:43,679
<font color="#ffe244">හුස්ම අල්ලන් ඉන්න ගේම් එක!
ස්ටාර්ට්!</font>

621
00:47:48,180 --> 00:47:49,353
<font color="#ffe244">නවත්තන්න!</font>

622
00:47:50,532 --> 00:47:53,707
<font color="#ffffff"><i>♪ මණ්ඩපය ගාව මල් පිපිලා ♪</i></font>

623
00:47:53,707 --> 00:47:54,830
<font color="#ffffff"><i>♪ හුරේ! ♪</i></font>

624
00:47:54,830 --> 00:47:57,491
<font color="#ffe244">කන්ග් මින් ජේ, මකබෑවිලාම පලයන්.</font>

625
00:47:57,491 --> 00:47:59,032
<font color="#ffe244">මම දිහා බලන්න.</font>

626
00:48:01,574 --> 00:48:03,574
<font color="#ffe244">පනින්න! පනින්න!</font>

627
00:48:05,782 --> 00:48:08,995
<font color="#ffe244">ගොඩක් සෙනඟ ඉන්නවා!</font>

628
00:48:13,407 --> 00:48:15,532
<font color="#ffe244">හොඳ දේවල් විතරක් හිතන්න.</font>

629
00:48:16,949 --> 00:48:18,991
<font color="#ffe244">හොඳ දේවල් විතරක්.</font>

630
00:48:21,241 --> 00:48:23,491
<font color="#ffe244">ඉයුන් හෝ.
මොකද?</font>

631
00:48:26,324 --> 00:48:28,032
<font color="#ffe244">අහන්නකෝ.</font>

632
00:48:28,032 --> 00:48:33,032
<font color="#ffe244">2009 අවුරුද්ද සතුටින් හිටපු උන්
ඔක්කොම අත්පත් කරගත්තා.</font>

633
00:48:33,032 --> 00:48:34,116
<font color="#ffe244">ඔව්.</font>

634
00:48:34,116 --> 00:48:38,074
<font color="#ffe244">දුකින් හිටපු මිනිස්සු
තවත් අසරණ වුණා.</font>

635
00:48:38,074 --> 00:48:40,116
<font color="#ffe244">ඇත්ත.
ඒකෙ තේරුමක් තියෙනවද?</font>

636
00:48:40,116 --> 00:48:42,347
<font color="#ffe244">ඒකෙ කිසිම තේරුමක් නෑ.</font>

637
00:48:43,757 --> 00:48:45,674
<font color="#ffe244">මහ විකාරයක්.</font>

638
00:48:47,282 --> 00:48:50,264
<font color="#ffe244">ජියොන්ග් වොන්.
ඇයි?</font>

639
00:48:50,264 --> 00:48:55,324
<font color="#ffe244">2009 කියන්නේ අපේ අඩිතාලම දාපු අවුරුද්ද.</font>

640
00:48:55,324 --> 00:48:56,657
<font color="#ffe244">හරි.</font>

641
00:48:57,282 --> 00:49:02,907
<font color="#ffe244">2010 දි, අපි පෙන්නමු එයාලට
අපි කොච්චර මහන්සි වුණාද කියලා.</font>

642
00:49:03,524 --> 00:49:07,030
<font color="#ffe244">අපි සාර්ථක වෙන්න කොච්චර සුදුසුද කියලා!</font>

643
00:49:07,657 --> 00:49:11,157
<font color="#ffe244">අපි එයාලා ඔක්කොටම පෙන්නමු.</font>

644
00:49:16,407 --> 00:49:20,615
<font color="#ffe244">මම ඒක මුලින්ම
ඔයාට පෙන්නන්නම්, හරිද?</font>

645
00:49:23,490 --> 00:49:25,490
<font color="#ffe244">ඉයුන් හෝ...</font>

646
00:49:27,490 --> 00:49:30,657
<font color="#ffe244">මට විශ්වාසයි ඔයා ලොකු ගමනක් යයි කියලා.</font>

647
00:49:34,949 --> 00:49:37,032
<font color="#ffe244">ජියොන්ග් වොන්...</font>

648
00:49:37,740 --> 00:49:41,407
<font color="#ffe244">ඔයා ගොඩක් සතුටින් ඉඳීවි,
දන්නවද?</font>

649
00:49:42,282 --> 00:49:43,865
<font color="#ffe244">ඔව්.</font>

650
00:49:44,449 --> 00:49:48,407
<font color="#ffe244"><i>දහයයි, නවයයි, අටයි, හතයි, හයයි...</i></font>

651
00:49:48,407 --> 00:49:51,157
<font color="#ffe244">පහයි, හතරයි!</font>

652
00:49:51,157 --> 00:49:53,824
<font color="#ffe244">තුනයි, දෙකයි!</font>

653
00:49:53,824 --> 00:49:55,407
<font color="#ffe244">එකයි!</font>

654
00:49:57,865 --> 00:50:00,199
<font color="#ffe244">සුබ අලුත් අවුරුද්දක් වේවා!</font>

655
00:50:02,949 --> 00:50:05,282
<font color="#ffe244">ඔබට බොහෝ ආශිර්වාද ලැබේවා.</font>

656
00:50:05,282 --> 00:50:08,407
<font color="#ffe244">ඔයාටත්.
ස්තූතියි.</font>

657
00:50:30,949 --> 00:50:32,365
<font color="#ffe244">මම නිකන්…</font>

658
00:50:53,824 --> 00:50:55,574
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න.</font>

659
00:51:49,776 --> 00:51:52,296
<font color="#ffe244"><i>කරුණාකර මෙයින් පසු පණිවිඩයක් තබන්න...</i></font>

660
00:51:57,699 --> 00:52:01,327
<font color="#ffe244">යුන් ජින්, ජොං වොන් ඔයාත් එක්කද ඉන්නෙ?</font>

661
00:52:01,327 --> 00:52:04,532
<font color="#ffe244"><i>නැහැ, මම ඉන්නේ මගේ පවුලේ අයත් එක්ක.</i>
<i>අද අලුත් අවුරුදු දවසනේ. ඇයි?</i></font>

662
00:52:04,532 --> 00:52:06,532
<font color="#ffe244">ආ, මුකුත් නෑ. බායි!</font>

663
00:52:12,615 --> 00:52:15,512
<font color="#ffe244"></font>

664
00:52:24,198 --> 00:52:27,615
<font color="#ffe244"><i>ජොං වොන්! ඔයා කොහෙද ඉන්නෙ?</i></font>

665
00:52:27,615 --> 00:52:28,740
<font color="#ffe244"><i>ඇයි ඔයා ෆෝන් එක ආන්සර් කළේ නැත්තෙ?</i></font>

666
00:52:28,740 --> 00:52:30,990
<font color="#ffe244">මට ඉන්න තැනක් හම්බුණා.</font>

667
00:52:33,865 --> 00:52:36,031
<font color="#ffe244"><i>ඔයා විහිළුවක්ද කරන්නෙ?</i></font>

668
00:52:36,031 --> 00:52:39,656
<font color="#ffe244"><i>ඔයා කොහොමද මෝටල් එකකට වගේ</i>
<i>මෙහෙම ඇවිත් යන්නෙ?</i></font>

669
00:52:41,115 --> 00:52:42,906
<font color="#ffe244"><i>ජොං වොන්?</i></font>

670
00:52:44,240 --> 00:52:46,198
<font color="#ffe244"><i>හන් ජොං වොන්?</i></font>

671
00:52:50,573 --> 00:52:54,567
<font color="#ffe244">ඔයා යන්නමයි හිතන් ඉන්නෙ නම්,
ඇවිත් ඔයාගෙ බඩු ටික අරන් යන්න.</font>

672
00:52:55,198 --> 00:52:57,459
<font color="#ffe244">නැත්තම් මම ඒවා විසි කරනවා.</font>

673
00:52:58,865 --> 00:53:00,573
<font color="#ffe244"><i>උන් හෝ.</i></font>

674
00:53:01,115 --> 00:53:04,531
<font color="#ffe244"><i>ඔයාට දිගටම මාත් එක්ක යාළුවෙක් වගේ ඉන්න පුළුවන්ද?</i></font>

675
00:53:08,240 --> 00:53:09,842
<font color="#ffe244">බැහැ.</font>

676
00:53:11,531 --> 00:53:13,240
<font color="#ffe244"><i>දැක්කද?</i></font>

677
00:53:14,115 --> 00:53:15,281
<font color="#ffe244"><i>අන්න ඒකයි මට ආපහු එන්න බැරි.</i></font>

678
00:53:15,281 --> 00:53:18,615
<font color="#ffe244">මොකක්? ඒ ඇයි...</font>

679
00:53:18,615 --> 00:53:20,406
<font color="#ffe244">හලෝ?</font>

680
00:53:24,246 --> 00:53:26,614
<font color="#ffe244">ඔයා ඒ කාලෙ හරිම නපුරුයි.</font>

681
00:53:26,614 --> 00:53:28,323
<font color="#ffe244">සතියකටම ඔයාව අතුරුදහන් වුණා.</font>

682
00:53:28,323 --> 00:53:30,989
<font color="#ffe244">මොකක්? මට මතක නෑනෙ.</font>

683
00:53:30,989 --> 00:53:34,477
<font color="#ffe244">මට කොච්චර තරහ ගියාද කියනවනම්,
මම කෝල් කළා අර... කවුද එයාගෙ නම...</font>

684
00:53:35,573 --> 00:53:37,781
<font color="#ffe244">කන්ග් මින් ජේ! එයාව මතකද?</font>

685
00:53:37,781 --> 00:53:39,656
<font color="#ffe244">මම කන්ග් මින් ජේටත් කතා කළා.</font>

686
00:53:39,656 --> 00:53:41,823
<font color="#ffe244">කන්ග් මින් ජේ?</font>

687
00:53:43,656 --> 00:53:45,239
<font color="#ffe244">ඔව්.</font>

688
00:53:45,239 --> 00:53:47,489
<font color="#ffe244">එතකොට ඒක තමයි ඔයාගෙ පළවෙනි වතාව...</font>

689
00:53:47,489 --> 00:53:49,781
<font color="#ffe244">මගේ පළවෙනි වතාව?
ඇයි ඔයා එහෙම හිතන්නෙ?</font>

690
00:53:49,781 --> 00:53:54,156
<font color="#ffe244">ඒක ඇත්ත! මම ඔයාගෙ ෂර්ට් එකේ
බොත්තම් ගලවද්දි, ඔයා ගැස්සුණා.</font>

691
00:53:54,156 --> 00:53:56,448
<font color="#ffe244">හරි. ඒ තමයි මගේ පළවෙනි වතාව.</font>

692
00:53:57,989 --> 00:54:00,281
<font color="#ffe244">ඔයාට මගේ ෂර්ට් එකේ බොත්තම් ගලවන්න බැරි වුණා.</font>

693
00:54:00,281 --> 00:54:02,082
<font color="#ffe244">හේයි, ඔයා කතාව වෙනස් කරනවා.</font>

694
00:54:02,082 --> 00:54:04,260
<font color="#ffe244">ඔයානෙ මතකය වෙනස් කළේ.</font>

695
00:54:06,114 --> 00:54:10,406
<font color="#ffe244">ඒක වුණේ නැත්තම්,
අපි ජීවිත කාලෙටම යාළුවෝ විදිහට ඉඳීවිද?</font>

696
00:54:10,989 --> 00:54:12,489
<font color="#ffe244">ෂුවර් නෑ...</font>

697
00:54:13,948 --> 00:54:15,656
<font color="#ffe244">ඇයි? දැන් පසුතැවෙනවද?</font>

698
00:54:17,364 --> 00:54:18,864
<font color="#ffe244">නැහැ.</font>

699
00:54:28,989 --> 00:54:31,388
<font color="#ffe244"></font>

700
00:54:40,281 --> 00:54:41,739
<font color="#ffe244"><i>තනියමද ආවෙ?</i></font>

701
00:54:41,739 --> 00:54:44,073
<font color="#ffe244">උන් හෝ මේ දවස්වල හරිම බිසී.</font>

702
00:54:44,073 --> 00:54:45,489
<font color="#ffe244">එයා එච්චරටම බිසීද?</font>

703
00:54:45,489 --> 00:54:48,031
<font color="#ffe244">ස්තූතියි.
පරිස්සමෙන්!</font>

704
00:54:48,031 --> 00:54:51,656
<font color="#ffe244">කැම්පස් එක ආයෙ පටන් ගන්න කලින්
ගේම් එකක් හදන්න එයා මහන්සි වෙනවා.</font>

705
00:54:51,656 --> 00:54:53,323
<font color="#ffe244">මේ පාර නම් ඒක හරියයි.</font>

706
00:54:53,323 --> 00:54:56,031
<font color="#ffe244">ගේම් එක සාර්ථක වුණොත්,
එයාට හොඳට සල්ලි හොයන්න පුළුවන් වෙයිද?</font>

707
00:54:56,031 --> 00:54:58,608
<font color="#ffe244">අනිවාර්යයෙන්ම! බය වෙන්න එපා.</font>

708
00:54:59,198 --> 00:55:05,364
<font color="#ffe244">මට ඕනෙ එයා හොඳින් ජීවත් වෙනවා
වගේම සනීපෙන් ඉන්නවා දකින්න විතරයි.</font>

709
00:55:16,989 --> 00:55:18,531
<font color="#ffe244">6 වසරෙදි,</font>

710
00:55:18,531 --> 00:55:21,323
<font color="#ffe244">ගේම් සීඩී එකක් ඉල්ලලා
උන් හෝ පිස්සුවෙන් වගේ ඇඬුවා.</font>

711
00:55:21,323 --> 00:55:25,114
<font color="#ffe244">මම බෑ කිව්වම,
එයා බැනලා යන්න ගියා.</font>

712
00:55:25,114 --> 00:55:27,156
<font color="#ffe244">දවස් 3ක් යනකන් එයා ගෙදර ආවෙ නෑ.</font>

713
00:55:27,156 --> 00:55:29,121
<font color="#ffe244">ඔයා එයාට බැන්නෙ නැද්ද?</font>

714
00:55:29,121 --> 00:55:32,901
<font color="#ffe244">මම කොහොමත් මුල් තැන දෙන්නෙ
පවුලේ සමගියටනෙ.</font>

715
00:55:32,901 --> 00:55:35,864
<font color="#ffe244">මේක අරන් ගිහින් උන් හෝ එක්ක කන්න.</font>

716
00:55:36,698 --> 00:55:38,281
<font color="#ffe244">ඒත්...</font>

717
00:55:40,364 --> 00:55:42,281
<font color="#ffe244">ඔයාලා රණ්ඩු වුණාද?</font>

718
00:55:42,281 --> 00:55:45,239
<font color="#ffe244">නැහැ. අපි ඇයි රණ්ඩු වෙන්නෙ?</font>

719
00:55:46,697 --> 00:55:48,156
<font color="#ffe244">ලී උන් හෝ!</font>

720
00:55:48,156 --> 00:55:49,781
<font color="#ffe244">ඔයා බිසී නම්
ඇයි ආවෙ?</font>

721
00:55:49,781 --> 00:55:51,364
<font color="#ffe244">ඔයා මෙහෙ මොකද කරන්නෙ?</font>

722
00:55:51,364 --> 00:55:52,697
<font color="#ffe244">මම?</font>

723
00:55:53,697 --> 00:55:55,572
<font color="#ffe244">සුප් බොනවා.</font>

724
00:56:01,906 --> 00:56:04,197
<font color="#ffe244">මොකක්ද?
මොකක්ද?</font>

725
00:56:07,656 --> 00:56:11,156
<font color="#ffe244">ඒක අමතක කරන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා.</font>

726
00:56:12,114 --> 00:56:13,120
<font color="#ffe244">හේයි!</font>

727
00:56:13,120 --> 00:56:14,906
<font color="#ffe244">මට කෑගහන්න එපා.</font>

728
00:56:14,906 --> 00:56:17,156
<font color="#ffe244">අපිට එකට ඉන්න බැරි ඇයි කියලා ඔයා දන්නවා.</font>

729
00:56:17,156 --> 00:56:19,947
<font color="#ffe244">ඒ ඇයි?</font>

730
00:56:19,947 --> 00:56:22,466
<font color="#ffe244">අපෙන් එකිනෙකාට කිසිම උදව්වක් නෑ.</font>

731
00:56:22,466 --> 00:56:24,885
<font color="#ffe244">මට උපාධිය ඉවර කරලා
රස්සාවක් හොයාගන්න ඕනෙ.</font>

732
00:56:24,885 --> 00:56:26,789
<font color="#ffe244">ඔයාගෙ හිතේ මොනවද තියෙන්නෙ?</font>

733
00:56:28,281 --> 00:56:30,489
<font color="#ffe244">ඔයාට ඇත්තටම මොකද හිතෙන්නෙ?</font>

734
00:56:43,739 --> 00:56:44,697
<font color="#ffe244">බයයි.</font>

735
00:56:44,697 --> 00:56:46,366
<font color="#ffe244">මොකක් ගැනද බය?</font>

736
00:56:48,906 --> 00:56:52,322
<font color="#ffe244">ආපහු යන්න තැනක් නැති වෙයි
කියලා බයයි.</font>

737
00:56:52,322 --> 00:56:54,948
<font color="#ffe244">මට ඔයාව නැති වුණොත්, මට ආපහු හැරිලා එන්න
කිසිම තැනක් ඉතුරු වෙන එකක් නෑ.</font>

738
00:56:54,948 --> 00:56:56,711
<font color="#ffe244">ඇයි ඔයාට මාව නැති වෙන්නෙ?</font>

739
00:56:58,697 --> 00:57:03,676
<font color="#ffe244">අපි වෙන් වුණොත්, අපිට ආයෙ එකට සින්දු කියන්න
හරි බොන්න යන්න හරි බැරි වෙනවා.</font>

740
00:57:05,739 --> 00:57:08,072
<font color="#ffe244">මට ඔයාගෙ කඩේට යන්න බැරි වෙනවා.</font>

741
00:57:28,905 --> 00:57:31,489
<font color="#ffe244">මම පොරොන්දු වෙනවා මම හොඳින් ඉන්නවා කියලා.</font>

742
00:57:35,155 --> 00:57:36,822
<font color="#ffe244">එච්චරද?</font>

743
00:57:37,614 --> 00:57:40,739
<font color="#ffe244">මොකක්ද? ඔයාට තව මොනවද ඕනෙ?</font>

744
00:57:43,280 --> 00:57:45,864
<font color="#ffe244">ඔයාගෙ හදවත මට දෙනවා කියලා කියන්න.</font>

745
00:57:45,864 --> 00:57:48,822
<font color="#ffe244">මගේ හදවත මම ඔයාට දෙනවා.</font>

746
00:58:21,072 --> 00:58:23,197
<font color="#ffe244">හොඳයි නේද?
අනිවාර්යයෙන්ම!</font>

747
00:58:23,197 --> 00:58:24,614
<font color="#ffe244">මට සල්ලි දෙන්න.</font>

748
00:58:27,947 --> 00:58:31,072
<font color="#ffe244">මේක ලස්සනයි.
ඔව්.</font>

749
00:58:33,176 --> 00:58:35,599
<font color="#ffe244">මේ පැත්ත බලන්න.
හරි.</font>

750
00:58:37,155 --> 00:58:41,614
<font color="#ffe244">සමාවෙන්න. අර පෝර්ෂ් කාර් එකේ
අයිතිකාරයා ඔයාද?</font>

751
00:58:41,614 --> 00:58:43,530
<font color="#ffe244">ඔව්, ඒ මම තමයි.</font>

752
00:58:43,530 --> 00:58:45,905
<font color="#ffe244">එහා පැත්තෙ තියෙන මර්සිඩීස් එක මගේ.
කාර් එක ටිකක් අයින් කරන්න පුළුවන්ද?</font>

753
00:58:45,905 --> 00:58:47,614
<font color="#ffe244">මගේ වැරැද්ද.</font>

754
00:58:49,822 --> 00:58:52,239
<font color="#ffe244">මේක තමයි අපේ අනාගත ගෙදර.</font>

755
00:58:53,530 --> 00:58:56,155
<font color="#ffe244">මෙතන මොකක්ද තියෙනවා. බලන්න.</font>

756
00:58:56,155 --> 00:58:57,572
<font color="#ffe244">මොකක්ද? කොහෙද?</font>

757
00:58:59,113 --> 00:59:01,238
<font color="#ffe244">තව තියෙනවා!</font>

758
00:59:02,113 --> 00:59:04,405
<font color="#ffe244">ඔයා මේ විදිහටද කොණ්ඩෙ කරල් කරන්නෙ?
ඔව්.</font>

759
00:59:04,405 --> 00:59:06,530
<font color="#ffe244">මේ වටේ ඔතන්න.
මේ වගේද?</font>

760
00:59:06,530 --> 00:59:07,780
<font color="#ffe244">අන්න හරි!</font>

761
00:59:07,780 --> 00:59:09,947
<font color="#ffe244">මේ වගේ වේගෙන් ඔතන්නද?
ඔව්!</font>

762
00:59:10,613 --> 00:59:11,697
<font color="#ffe244">ඒක මාර සනීපයි!</font>

763
00:59:11,697 --> 00:59:16,947
<font color="#ffe244">මම කස්ටමර් කෙනෙක් එක්ක ඉන්නෙ. පස්සෙ කෝල් කරන්න.
නියමයි!</font>

764
00:59:21,113 --> 00:59:22,447
<font color="#ffe244">කොච්චර ලස්සන කතාවක්ද.</font>

765
00:59:22,447 --> 00:59:23,947
<font color="#ffe244">ඒක මොකක් ගැනද?</font>

766
00:59:34,658 --> 00:59:37,655
<font color="#ffe244">"...ඒක සංකේත ක්‍රමයේ
ප්‍රධාන අංගයක්."</font>

767
00:59:37,655 --> 00:59:39,923
<font color="#ffe244">නිදාගන්න එපා.
හරි.</font>

768
00:59:58,238 --> 01:00:01,113
<font color="#ffe244"></font>

769
01:00:03,905 --> 01:00:05,697
<font color="#ffe244">මහන්සිද?</font>

770
01:00:07,572 --> 01:00:08,650
<font color="#ffe244">ජොං වොන්.
ඇයි?</font>

771
01:00:08,650 --> 01:00:10,736
<font color="#ffe244">ඔයා තල්ලු කරනවා නේද?</font>

772
01:00:10,736 --> 01:00:13,488
<font color="#ffe244">උන් හෝ! මාත් එක්ක පනින්න!
පිස්සුද.</font>

773
01:00:13,488 --> 01:00:16,158
<font color="#ffe244">එන්නකෝ! නැගිටින්න!</font>

774
01:00:16,158 --> 01:00:17,280
<font color="#ffe244">එනර්ජි පෝෂන් එකක්!</font>

775
01:00:17,280 --> 01:00:19,036
<font color="#ffe244">මොකක්ද?
මගේ පෝෂන් එක.</font>

776
01:00:22,911 --> 01:00:24,404
<font color="#ffe244">ෆුල් චාර්ජ් වුණා!</font>

777
01:00:24,404 --> 01:00:27,154
<font color="#ffe244">අලුත් එකක් වගේ!</font>

778
01:00:31,071 --> 01:00:33,113
<font color="#ffe244">රස්නෙයි නේද?</font>

779
01:00:33,113 --> 01:00:37,404
<font color="#ffe244">අපි ඒසී එකක් ගමුද?
වටෙන්ම කූල් වෙන්න පහක්ම හයි කරමුද?</font>

780
01:00:37,404 --> 01:00:38,446
<font color="#ffe244">මේක කොහොමද?</font>

781
01:00:38,446 --> 01:00:42,113
<font color="#ffe244">මම ටවුන් එකේ හදන ගෙදරට
අපි පදිංචියට යමු.</font>

782
01:00:42,113 --> 01:00:43,056
<font color="#ffe244">හරි.</font>

783
01:00:43,056 --> 01:00:46,654
<font color="#ffe244">ළමයි හැදුවොත් කොහොමද? තුන් දෙනෙක්?</font>

784
01:00:46,654 --> 01:00:48,613
<font color="#ffe244">බැහැ!
ඒ ඇයි?</font>

785
01:00:48,613 --> 01:00:51,613
<font color="#ffe244">මම පැරිස් ආකිටෙක්චර් එක්ස්පෝ එක නිසා
ගොඩක් බිසී.</font>

786
01:00:54,946 --> 01:00:58,904
<font color="#ffe244">ඇයි ඔයා මේ ටර්ම් එක අතෑරලා
ට්‍රාන්සර් වෙන්න ලෑස්ති වෙන්නෙ නැත්තෙ?</font>

787
01:01:00,196 --> 01:01:02,154
<font color="#ffe244">ආකිටෙක්චර් මේජර් කරන්න.</font>

788
01:01:02,154 --> 01:01:05,363
<font color="#ffe244">ඔයාගෙ ආකිටෙක්ට් ලයිසන් එක ගන්න.</font>

789
01:01:05,363 --> 01:01:07,613
<font color="#ffe244">වැඩේ පටන් ගන්න.</font>

790
01:01:07,613 --> 01:01:09,863
<font color="#ffe244">ඔයාට ඒක කරන්න පුළුවන්!</font>

791
01:01:12,321 --> 01:01:14,571
<font color="#ffe244">මට ටියුෂන් ක්ලාස් වලට ගෙවන්න සල්ලි නෑ.</font>

792
01:01:14,571 --> 01:01:17,946
<font color="#ffe244">මම වියදම් කරලා ඔයාට උදව් කරන්නම්.</font>

793
01:01:17,946 --> 01:01:20,113
<font color="#ffe244">හැබැයි ඔයා මට ලොකු ගෙදරක්
හදලා දෙන්න ඕනෙ,</font>

794
01:01:20,113 --> 01:01:22,321
<font color="#ffe244">ලස්සන වත්තක් තියෙන එකක්,</font>

795
01:01:22,321 --> 01:01:24,613
<font color="#ffe244">ඒ වගේම මගේ නෝනා විදිහට ඔයා ඒකෙ ඉන්නත් ඕනෙ.</font>

796
01:01:25,404 --> 01:01:26,440
<font color="#ffe244">ඔයාට ඒක කරන්න පුළුවන්ද?</font>

797
01:01:26,440 --> 01:01:27,690
<font color="#ffe244">පුළුවන්!</font>

798
01:01:33,571 --> 01:01:35,571
<font color="#ffe244">මේක ලස්සනයි.</font>

799
01:01:36,613 --> 01:01:38,738
<font color="#ffe244">උන් හෝ.
හ්ම්?</font>

800
01:01:38,738 --> 01:01:41,904
<font color="#ffe244">අපි වෙන් වුණත්,
සමහර දවස්වලට අපි මුණගැහෙමු.</font>

801
01:01:43,862 --> 01:01:45,987
<font color="#ffe244">ඒත් අපි වෙන් වෙන්නෙ නෑනෙ.</font>

802
01:01:49,071 --> 01:01:51,003
<font color="#ffe244">මෙහෙට එන්න.</font>

803
01:01:51,003 --> 01:01:52,946
<font color="#ffe244">ටිකක් නිදාගන්න.</font>

804
01:01:52,946 --> 01:01:55,904
<font color="#ffe244">ට්‍රෙන්ඩ් එකට අනුව යන්න.
ඇයි මේ වගේ ගේම්ස්ම හදන්න හදන්නෙ?</font>

805
01:01:55,904 --> 01:01:58,844
<font color="#ffe244">ඇයි මේ තරම් ආර්ටිස්ටික් වෙන්න හදන්නෙ?</font>

806
01:01:58,844 --> 01:02:02,654
<font color="#ffe244"><i>මේවා මේ කාලෙ විකිණෙන්නෙ නෑ.</i></font>

807
01:02:02,654 --> 01:02:04,196
<font color="#ffe244"></font>

808
01:02:04,196 --> 01:02:06,529
<font color="#ffe244">ලී උන් හෝ!</font>

809
01:02:08,696 --> 01:02:13,029
<font color="#ffe244">වැඩිය පාඩම් කළේ නැද්ද?
ඇයි ඔයා මේ තරම් සැහැල්ලු?</font>

810
01:02:13,029 --> 01:02:14,612
<font color="#ffe244">මම පාඩම් කළා!</font>

811
01:02:14,612 --> 01:02:15,696
<font color="#ffe244">ඇත්තද?
ඔව්.</font>

812
01:02:15,696 --> 01:02:17,446
<font color="#ffe244">එහෙනම් අපි කැබ් එකක යමු.</font>

813
01:02:17,446 --> 01:02:19,946
<font color="#ffe244">පිස්සුද? අපි බස් එක එනකන් ඉමු.</font>

814
01:02:19,946 --> 01:02:21,612
<font color="#ffe244">නෑ, අපිට කැබ් එකක යන්න පුළුවන්.</font>

815
01:02:21,612 --> 01:02:24,571
<font color="#ffe244">ඇයි? ඔයාගෙ සීනියර්
ඔයාගෙ ගේම් එකට කැමති වුණාද?</font>

816
01:02:24,571 --> 01:02:28,874
<font color="#ffe244">එයා ඒකට ගොඩක් කැමති වුණා,
ඒ නිසා මම පොඩි පොඩි වෙනස්කම් ටිකක් කළා.</font>

817
01:02:28,874 --> 01:02:31,874
<font color="#ffe244">මම මේක කම්පැනි ගොඩකට ගිහින් පෙන්නලා,
ඊට පස්සෙ තෝරගන්නවා.</font>

818
01:02:34,112 --> 01:02:35,237
<font color="#ffe244">එල.</font>

819
01:02:35,237 --> 01:02:38,904
<font color="#ffe244">ඔයා අනිවාර්යයෙන්ම ගොඩ යයි. බය වෙන්න එපා.</font>

820
01:02:38,904 --> 01:02:40,487
<font color="#ffe244">අනිවාර්යයෙන්ම.</font>

821
01:02:41,404 --> 01:02:43,029
<font color="#ffe244">අපි කැබ් එකක යමු.</font>

822
01:02:44,029 --> 01:02:46,362
<font color="#ffe244">ටැක්සි!</font>

823
01:02:48,515 --> 01:02:50,979
<font color="#ffe244">ටැක්සි!</font>

824
01:03:01,696 --> 01:03:04,196
<font color="#ffe244">ඇයි මේ තරම් බොඳ වෙලා පේන්නෙ?</font>

825
01:03:15,904 --> 01:03:20,279
<font color="#ffe244">ඔයාට පේනවා අඩු වෙන්න ඇති.
ඔයාට දියවැඩියාවත් තියෙනවා නේද?</font>

826
01:03:20,279 --> 01:03:23,821
<font color="#ffe244">ග්ලූකෝමා රෝගය පාලනය කරන්න පුළුවන්,
ඒත් සම්පූර්ණයෙන්ම සුව කරන්න බැහැ.</font>

827
01:03:23,821 --> 01:03:26,112
<font color="#ffe244">ඔයාගෙ ඇස් පෙනීම නැති වෙන්න පුළුවන්.</font>

828
01:03:26,112 --> 01:03:29,029
<font color="#ffe244">අපි හරියට පරීක්ෂණයක් කරලා බලමු.</font>

829
01:03:33,487 --> 01:03:36,279
<font color="#ffe244">ජොං වොන්!
මොකද?</font>

830
01:03:36,279 --> 01:03:40,571
<font color="#ffe244">ඔයා හිතනවද ෂෝ හවුස් එකේ වැඩ කරන ගමන්
TOEIC එක්සෑම් එකටත් පාඩම් කරන්න පුළුවන් වෙයි කියලා?</font>

831
01:03:40,571 --> 01:03:43,570
<font color="#ffe244">හැම අවුරුද්දෙම එක්සෑම් තියෙනවා.
මට ලබන අවුරුද්දෙ ඒක කරන්න පුළුවන්.</font>

832
01:03:43,570 --> 01:03:46,660
<font color="#ffe244">ෂෝ හවුස් එකේ වැඩ කරන එකත්
ආකිටෙක්චර් එක්ස්පීරියන්ස් එකක් විදිහට ගණන් ගැනෙනවා.</font>

833
01:03:46,660 --> 01:03:49,279
<font color="#ffe244">මේක මගේ තාත්තා ගැන ප්‍රශ්නයක්.</font>

834
01:03:49,279 --> 01:03:50,654
<font color="#ffe244">මම ඒක බලාගන්නම්.</font>

835
01:03:50,654 --> 01:03:53,004
<font color="#ffe244">පිට කෙනෙක් වගේ හැසිරෙන එක නවත්තන්න!</font>

836
01:03:53,004 --> 01:03:55,904
<font color="#ffe244">මගේ කකුලක් කැඩිලා මට ඇවිදගන්න බැරි වුණොත්,
ඔයා මාව දාලා යනවද?</font>

837
01:03:55,904 --> 01:03:59,820
<font color="#ffe244">ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.
නෑ ඒකත් එකයි!</font>

838
01:04:01,029 --> 01:04:02,820
<font color="#ffe244">මට රස්සාවක් හම්බුණොත්,</font>

839
01:04:02,820 --> 01:04:05,320
<font color="#ffe244">මට ලෝන් එකක් ගන්න පුළුවන්, ඒ නිසා පාඩම් කරන්න.</font>

840
01:04:05,320 --> 01:04:09,695
<font color="#ffe244">ඔයා ගේම් එක අතෑරලා දානවට මම කැමති නෑ!
මට ඕනෙ උදව් කරන්න.</font>

841
01:04:09,695 --> 01:04:11,737
<font color="#ffe244">මොන විකාරයක්ද මේ?</font>

842
01:04:11,737 --> 01:04:14,195
<font color="#ffe244">සිරාවටම! මොන විකාරයක්ද!</font>

843
01:04:21,862 --> 01:04:23,487
<font color="#ffe244">ඔයා අඬනවද?</font>

844
01:04:24,070 --> 01:04:25,407
<font color="#ffe244">නැහැ.</font>

845
01:04:25,407 --> 01:04:26,857
<font color="#ffe244">අත දෙන්න.</font>

846
01:04:27,587 --> 01:04:30,362
<font color="#ffe244">හිතට වැදුණා නේද?
ඔයාගෙ ඇස්වල කඳුළු පිරිලා.</font>

847
01:04:30,362 --> 01:04:32,570
<font color="#ffe244">නැහැ! සමහරවිට චුට්ටක් විතර.</font>

848
01:04:33,945 --> 01:04:36,028
<font color="#ffe244">කැම්පස් එකෙන් නිවාඩුවක්ද?</font>

849
01:04:36,028 --> 01:04:37,737
<font color="#ffe244">බාරගත්තා!
මොකක්?</font>

850
01:04:37,737 --> 01:04:39,278
<font color="#ffe244">හලෝ.
හායි.</font>

851
01:04:39,278 --> 01:04:41,653
<font color="#ffe244">මේක තමයි ඔයාගෙ සීට් එක.</font>

852
01:04:41,653 --> 01:04:43,445
<font color="#ffe244">දුවන්න!</font>

853
01:04:43,445 --> 01:04:46,945
<font color="#ffe244">ජේසන්සොෆ්ට් එකේ "The Angel War Chronicle."</font>

854
01:04:46,945 --> 01:04:51,362
<font color="#ffe244">අහු වෙන්නෙ නැති වෙන්න කොපි කරලා,
ගේම් එකකට ප්ලෑන් එකක් ලියන්න.</font>

855
01:04:51,362 --> 01:04:53,362
<font color="#ffe244">කොපි කරන්න, සර්?</font>

856
01:04:53,362 --> 01:04:55,695
<font color="#ffe244">සාදරයෙන් පිළිගන්නවා.</font>

857
01:04:57,278 --> 01:04:58,945
<font color="#ffe244">ජොං වොන්, මෙන්න.</font>

858
01:04:59,862 --> 01:05:00,903
<font color="#ffe244">කොහොමද ඒක?</font>

859
01:05:00,903 --> 01:05:02,528
<font color="#ffe244">පුදුම හිතෙන දෙයක් වුණා.</font>

860
01:05:02,528 --> 01:05:03,653
<font color="#ffe244">මොකක්ද?</font>

861
01:05:03,653 --> 01:05:05,737
<font color="#ffe244">හ්වන් සූ මට කිව්වා...</font>

862
01:05:05,737 --> 01:05:09,487
<font color="#ffe244">ස්පීඩ් ඩයල් එකේ 1 ට යුන් හෝ, 2 ට මම.</font>

863
01:05:09,487 --> 01:05:11,153
<font color="#ffe244">3 ගමේ ප්‍රධානියා.</font>

864
01:05:11,153 --> 01:05:13,956
<font color="#ffe244">ඔයාව අංක 1 ටත්
යුන් හෝ ව 2 ටත් දාන්න කියලා.</font>

865
01:05:13,956 --> 01:05:16,748
<font color="#ffe244">හරි. මම තමයි පළවෙනියා, නේද?
අනිවාර්යයෙන්ම.</font>

866
01:05:18,362 --> 01:05:20,362
<font color="#ffe244">මම ගෙදර ආවා.</font>

867
01:05:51,906 --> 01:05:53,698
<font color="#ffe244">යුන් හෝ.</font>

868
01:05:54,445 --> 01:05:56,237
<font color="#ffe244">යුන් හෝ?</font>

869
01:05:58,737 --> 01:06:00,653
<font color="#ffe244">මම ඔයාට ආදරෙයි.</font>

870
01:06:22,236 --> 01:06:24,861
<font color="#ffe244"><i>ජොං වොන්, මේ මින් ජේ.</i></font>

871
01:06:24,861 --> 01:06:30,278
<font color="#ffe244"><i>අපේ සමාගමේ රැකියා අවස්ථා තියෙනවා.</i>
<i>කැමති නම් මට කතා කරන්න.</i></font>

872
01:06:38,119 --> 01:06:40,167
<font color="#ffe244">ස්තූතියි.</font>

873
01:07:09,569 --> 01:07:14,319
<font color="#ffe244">මම සින්ක් එකේ හිරවෙලා තිබුණු එක හැදෙව්වා.
ඒකට ඩොලර් 90ක් ගියා.</font>

874
01:07:14,319 --> 01:07:17,111
<font color="#ffe244">හරි, මම මගේ බැංකු විස්තර එවන්නම්.</font>

875
01:07:17,111 --> 01:07:20,319
<font color="#ffe244">ගිවිසුම අලුත් කරනවද? අනිවාර්යයෙන්ම.</font>

876
01:07:21,569 --> 01:07:23,736
<font color="#ffe244">තව ඩිපොසිට් මුදලක්?</font>

877
01:07:23,736 --> 01:07:25,736
<font color="#ffe244">ලී යුන් හෝ!</font>

878
01:07:30,236 --> 01:07:33,903
<font color="#ffe244">මට තනියම ඒක තීරණය කරන්න බැහැ.</font>

879
01:07:33,903 --> 01:07:37,944
<font color="#ffe244">මම මගේ යාළුවා එක්ක කතා කරලා
දැනුම් දෙන්නම්.</font>

880
01:07:42,403 --> 01:07:44,653
<font color="#ffe244">ශික්.</font>

881
01:07:46,319 --> 01:07:47,819
<font color="#ffe244">බඩගිනිද?
ඔව්.</font>

882
01:07:47,819 --> 01:07:50,569
<font color="#ffe244">කමු.
හරි.</font>

883
01:07:51,861 --> 01:07:53,444
<font color="#ffe244">අපොයි.</font>

884
01:07:55,861 --> 01:07:57,403
<font color="#ffe244">ඇයි මේ මෙච්චර පරක්කු?</font>

885
01:07:57,403 --> 01:08:00,653
<font color="#ffe244">කරදරකාරී පාරිභෝගිකයෙක් නිසා
මට වැඩ ඉවර වෙන්න පරක්කු වුණා.</font>

886
01:08:01,528 --> 01:08:03,569
<font color="#ffe244">කාවහරි හම්බවෙන්න ගිය නිසා නෙවෙයිද?</font>

887
01:08:03,569 --> 01:08:05,236
<font color="#ffe244">කාවද?</font>

888
01:08:06,028 --> 01:08:07,944
<font color="#ffe244">මුකුත් නැහැ.</font>

889
01:08:07,944 --> 01:08:09,153
<font color="#ffe244">මෙහෙට දෙන්න, මම කරන්නම්.</font>

890
01:08:09,153 --> 01:08:11,569
<font color="#ffe244">මට පුළුවන්!</font>

891
01:08:11,569 --> 01:08:12,944
<font color="#ffe244">මම කරන්නම්.
කමක් නැහැ.</font>

892
01:08:12,944 --> 01:08:14,528
<font color="#ffe244">ඔයාට බැහැ.
මම කරන්නම්!</font>

893
01:08:14,528 --> 01:08:16,111
<font color="#ffe244">දෙන්න.
මම...</font>

894
01:08:29,026 --> 01:08:31,609
<font color="#ffe244">ඔයාට මොකද වෙලා තියෙන්නේ?</font>

895
01:08:33,067 --> 01:08:37,910
<font color="#ffe244">ගෙදර අයිතිකාරයාට
ඩිපොසිට් එක වැඩි කරන්න ඕනෙලු.</font>

896
01:08:40,778 --> 01:08:43,624
<font color="#ffe244">ඒකද මේ ඔයා කලබල වෙලා ඉන්නේ?</font>

897
01:08:43,624 --> 01:08:44,958
<font color="#ffe244">ඔව්.</font>

898
01:08:44,958 --> 01:08:46,736
<font color="#ffe244">කමක් නැහැ.</font>

899
01:08:46,736 --> 01:08:49,277
<font color="#ffe244">ඔයා එක්ක ඉන්නවා නම් කොහේ වුණත් මට කමක් නැහැ.</font>

900
01:08:52,486 --> 01:08:53,986
<font color="#ffe244">හ්ම්?</font>

901
01:09:04,777 --> 01:09:06,486
<font color="#ffe244">ඒක නෙවෙයි,</font>

902
01:09:07,194 --> 01:09:11,986
<font color="#ffe244">ජොං වොන්,
මට ඔයාව අහම්බෙන් හරි හම්බවුණොත්,</font>

903
01:09:11,986 --> 01:09:14,736
<font color="#ffe244">මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනෙ වෙලා තිබුණා.</font>

904
01:09:14,736 --> 01:09:16,819
<font color="#ffe244">මොකක්ද ඒ?</font>

905
01:09:26,027 --> 01:09:27,902
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න.</font>

906
01:09:34,879 --> 01:09:37,277
<font color="#ffe244"><i>තාත්තේ! ඇයි ඔයා එන්නේ නැත්තේ?</i></font>

907
01:09:37,277 --> 01:09:38,444
<font color="#ffe244">දා යුන්!</font>

908
01:09:38,444 --> 01:09:40,111
<font color="#ffe244"><i>ඇයි ඔයා තාම නැත්තේ?</i></font>

909
01:09:40,111 --> 01:09:44,777
<font color="#ffe244">තාත්තගේ ප්ලේන් එක පරක්කු වුණා.
මම හෙට උදේට එනවා.</font>

910
01:09:44,777 --> 01:09:46,652
<font color="#ffe244"><i>එහේට වහිනවද?</i></font>

911
01:09:46,652 --> 01:09:48,194
<font color="#ffe244">මෙහේටද? නැහැ, වහින්නේ නැහැ.</font>

912
01:09:48,194 --> 01:09:49,527
<font color="#ffe244"><i>ඇත්තද?</i></font>

913
01:09:49,527 --> 01:09:52,152
<font color="#ffe244">දැන් රෑ වෙලා. ගිහින් නිදාගන්න, පැටියෝ.</font>

914
01:09:52,152 --> 01:09:54,861
<font color="#ffe244"><i>බැහැ! මට එළිය පෙන්නන්න.</i></font>

915
01:09:54,861 --> 01:09:56,277
<font color="#ffe244">එළිය?</font>

916
01:09:56,277 --> 01:09:59,861
<font color="#ffe244"><i>ජනේලෙන් එළිය!</i>
<i>ආයෙමත් වහිනවා නම්?</i></font>

917
01:09:59,861 --> 01:10:02,527
<font color="#ffe244">ඒත් එළිය කළුවරයිනේ.</font>

918
01:10:02,527 --> 01:10:05,027
<font color="#ffe244"><i>පෙන්නන්නකො.</i></font>

919
01:10:05,027 --> 01:10:07,861
<font color="#ffe244"><i>පෙන්නන්න! පෙන්නන්න!</i></font>

920
01:10:07,861 --> 01:10:11,527
<font color="#ffe244">අපි ගිහින් බලමු.</font>

921
01:10:11,527 --> 01:10:12,838
<font color="#ffe244"><i>ඉක්මන් කරන්න!</i></font>

922
01:10:12,838 --> 01:10:14,554
<font color="#ffe244">මෙන්න.</font>

923
01:10:15,986 --> 01:10:18,111
<font color="#ffe244"><i>ඕ?</i></font>

924
01:10:18,111 --> 01:10:20,111
<font color="#ffe244">බලන්න.</font>

925
01:10:20,111 --> 01:10:21,527
<font color="#ffe244"><i>ඔක්කොම කළුවරයි.</i></font>

926
01:10:21,527 --> 01:10:23,361
<font color="#ffe244">ඔව්.</font>

927
01:10:23,361 --> 01:10:26,069
<font color="#ffe244"><i>මට මුකුත් පේන්නේ නැහැ.</i></font>

928
01:10:26,069 --> 01:10:28,297
<font color="#ffe244">මම කිව්වේ කළුවරයි කියලා.</font>

929
01:10:28,933 --> 01:10:30,611
<font color="#ffe244">මම හෙට ගෙදර එන්නම්.</font>

930
01:10:30,611 --> 01:10:32,486
<font color="#ffe244"><i>හරි.</i></font>

931
01:10:32,486 --> 01:10:33,527
<font color="#ffe244">පස්සේ හම්බවෙමු.</font>

932
01:10:33,527 --> 01:10:34,986
<font color="#ffe244"><i>ආදරෙයි තාත්තේ.</i></font>

933
01:10:34,986 --> 01:10:36,902
<font color="#ffe244">මාත් ඔයාට ආදරෙයි.</font>

934
01:10:36,902 --> 01:10:38,861
<font color="#ffe244"><i>තාත්තට කිස් එකක්!</i></font>

935
01:10:40,194 --> 01:10:42,569
<font color="#ffe244"><i>ඔයත් කිස් එකක් දෙන්න ඕනේ, තාත්තේ.</i></font>

936
01:10:43,694 --> 01:10:45,527
<font color="#ffe244"><i>බායි! සුබ රාත්‍රියක්!</i></font>

937
01:10:45,527 --> 01:10:47,194
<font color="#ffe244">බායි.</font>

938
01:12:17,337 --> 01:12:18,795
<font color="#ffe244">ආව්.</font>

939
01:12:26,652 --> 01:12:28,682
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න.</font>

940
01:12:28,682 --> 01:12:30,142
<font color="#ffe244">මේ පැත්ත උස්සලා බලමුද?</font>

941
01:12:30,142 --> 01:12:31,975
<font color="#ffe244">ඔහොම තමයි.</font>

942
01:12:33,902 --> 01:12:35,319
<font color="#ffe244">ඒක හරියන්නේ නැහැ.</font>

943
01:12:35,319 --> 01:12:37,277
<font color="#ffe244">මට හිතෙන්නේ ඒක ඇතුළට දාන්න පුළුවන්.
බැහැ.</font>

944
01:12:37,277 --> 01:12:38,980
<font color="#ffe244">ඕක විසි කරලා දාන්න.</font>

945
01:12:38,980 --> 01:12:41,528
<font color="#ffe244">අයින් වෙන්න. මම ට්‍රයි කරලා බලන්නම්.</font>

946
01:12:41,528 --> 01:12:43,015
<font color="#ffe244">කෝ දෙන්න.</font>

947
01:12:49,985 --> 01:12:52,527
<font color="#ffe244">ආව්!
මොකක්ද අප්පා!</font>

948
01:12:53,035 --> 01:12:57,211
<font color="#ffe244">බලන්නකෝ මේකේ සයිස් එක!
මේක ඇතුළට යන්නේ නැහැ! මුරණ්ඩු වෙන්න එපා.</font>

949
01:12:59,713 --> 01:13:01,176
<font color="#ffe244">මගුල.</font>

950
01:13:02,110 --> 01:13:03,901
<font color="#ffe244">මම බෙහෙත් අරන් එන්නම්.</font>

951
01:13:05,093 --> 01:13:07,928
<font color="#ffe244">කමක් නැහැ. මම අරගන්නම්.</font>

952
01:13:16,610 --> 01:13:17,901
<font color="#ffe244"><i>Thanksgiving වලට එනවද?</i></font>

953
01:13:17,901 --> 01:13:21,693
<font color="#ffe244">මට බැහැ. වැඩ ගොඩක් තියෙනවා.</font>

954
01:13:22,735 --> 01:13:24,401
<font color="#ffe244">මට යන්න වෙනවා.</font>

955
01:13:29,151 --> 01:13:30,610
<font color="#ffe244">අප්පේ.</font>

956
01:13:33,901 --> 01:13:35,068
<font color="#ffe244">ඉවරද?</font>

957
01:13:35,068 --> 01:13:36,985
<font color="#ffe244">ඔයා මේක මට දුන්නේ ඊයේ.</font>

958
01:13:36,985 --> 01:13:39,459
<font color="#ffe244">මේක කොපි කරන එකක් වුණත්,
ඒකට වෙලා යනවා සර්.</font>

959
01:13:39,459 --> 01:13:42,501
<font color="#ffe244">මේ වගේ කුණු ගොඩවල්
භාර දෙනවා වෙනුවට,</font>

960
01:13:42,501 --> 01:13:44,670
<font color="#ffe244">ඔයාට මේක ඉවර කරන්න තිබුණා!</font>

961
01:13:44,670 --> 01:13:45,693
<font color="#ffe244">බලන්න.</font>

962
01:13:45,693 --> 01:13:48,151
<font color="#ffe244">මටත් ලස්සන ගේම්ස් හදන්න ඕනේ.</font>

963
01:13:48,151 --> 01:13:50,193
<font color="#ffe244">වැඩකාරයෙක් වෙන්න ඕනෙ
ඔයාට විතරක් නෙවෙයි!</font>

964
01:13:50,193 --> 01:13:52,609
<font color="#ffe244">ඒත් අපිට බැරි නිසා අපි ඒක කරන්නේ නැහැ!</font>

965
01:13:52,609 --> 01:13:56,719
<font color="#ffe244">සල්ලි හොයන්න ඕනෙ නම්,
කට වහගෙන කියන දෙයක් කරන්න.</font>

966
01:13:59,609 --> 01:14:01,901
<font color="#ffe244">ඇයි? කරන්න බැරිද?</font>

967
01:14:02,443 --> 01:14:04,026
<font color="#ffe244">නැගිටින්න.</font>

968
01:14:04,693 --> 01:14:07,193
<font color="#ffe244">නැගිටපන්, කාලකණ්ණියා!</font>

969
01:14:07,193 --> 01:14:09,199
<font color="#ffe244">සර්!</font>

970
01:14:09,199 --> 01:14:12,943
<font color="#ffe244">තෝ කොහොමද මට රවන්නේ,
පිස්සු යකා!</font>

971
01:14:12,943 --> 01:14:15,193
<font color="#ffe244">සමාව ගන්නේ නැද්ද?</font>

972
01:14:15,193 --> 01:14:18,584
<font color="#ffe244">මාව අතාරින්න!
සමාවෙන්න කියපන්!</font>

973
01:14:18,584 --> 01:14:20,334
<font color="#ffe244">සමාවෙන්න සර්. මට සමාවෙන්න.</font>

974
01:14:21,526 --> 01:14:23,734
<font color="#ffe244">අතාරින්න!
මට සමාවෙන්න.</font>

975
01:14:30,568 --> 01:14:33,484
<font color="#ffe244">ඇයි ෆෝන් එක ආන්සර් කළේ නැත්තේ?</font>

976
01:14:33,484 --> 01:14:36,901
<font color="#ffe244">කමක් නැහැ.
පස්සේ මැසේජ් එකක් දාන්න. බායි.</font>

977
01:14:39,234 --> 01:14:41,109
<font color="#ffe244">ඒ කවුද?</font>

978
01:14:41,109 --> 01:14:43,109
<font color="#ffe244">ක්යුං සොක්.</font>

979
01:14:43,109 --> 01:14:44,609
<font color="#ffe244">ඕක මට දෙන්න.</font>

980
01:14:57,484 --> 01:15:00,318
<font color="#ffe244">ඔයාට මෙහෙ එන්න
වෙලාවක් තියෙනවද?</font>

981
01:15:00,318 --> 01:15:02,234
<font color="#ffe244">එයා අද වැඩට නිවාඩු දැම්මා.</font>

982
01:15:02,234 --> 01:15:04,609
<font color="#ffe244">එයා නැතුව සමාගමට දුවන්න බැහැ.
කලබල වෙන්න එපා.</font>

983
01:15:04,609 --> 01:15:08,859
<font color="#ffe244"></font>

984
01:15:10,693 --> 01:15:15,776
<font color="#ffe244">ස්ථාවර වෙලා කසාද බඳින්න
අදහසක් නැද්ද?</font>

985
01:15:17,484 --> 01:15:21,234
<font color="#ffe244">මේ කාලේ ඉක්මනින් කසාද බඳින එක
පරණ විලාසිතාවක්.</font>

986
01:15:21,234 --> 01:15:23,151
<font color="#ffe244">නිකමට ඇහුවේ.</font>

987
01:15:23,151 --> 01:15:28,026
<font color="#ffe244">ඒත් ඔයාලා එකතුවෙලා සල්ලි එකතු කරන්න ගත්තොත්...</font>

988
01:15:28,026 --> 01:15:30,900
<font color="#ffe244">ඔයාට සම්පූර්ණයෙන්ම වැරදිලා, තාත්තේ.</font>

989
01:15:30,900 --> 01:15:33,692
<font color="#ffe244">මේ කාලේ ගෙයක් නැතුව
කවුද කසාද බඳින්නේ?</font>

990
01:15:33,692 --> 01:15:36,734
<font color="#ffe244">අනික ජොං වොන් එහෙම කැමති නැතිවෙන්න පුළුවන්.</font>

991
01:15:41,236 --> 01:15:44,775
<font color="#ffe244">ආහ්! මම ජොං වොන් කැමති
හරක් මස් සුප් එකක් හැදුවා.</font>

992
01:15:44,775 --> 01:15:45,817
<font color="#ffe244">මෙතන ඉන්න.</font>

993
01:15:45,817 --> 01:15:48,359
<font color="#ffe244">ඇත්තටම, කමක් නැහැ.</font>

994
01:15:55,710 --> 01:15:58,150
<font color="#ffe244">මගේ ඉවසීම පරීක්ෂා කරන්න එපා.</font>

995
01:15:58,150 --> 01:16:00,067
<font color="#ffe244">එහෙනම් ඒක ගන්න එපා.</font>

996
01:16:03,359 --> 01:16:04,817
<font color="#ffe244">සර්!</font>

997
01:16:04,817 --> 01:16:07,169
<font color="#ffe244">මගෙන් ඒක වැටුණා.
අනේ දෙවියනේ!</font>

998
01:16:11,358 --> 01:16:13,692
<font color="#ffe244">මම ඔයාට කිව්වා කඩේ වහන්න කියලා!</font>

999
01:16:13,692 --> 01:16:17,025
<font color="#ffe244">ඇස් දෙක ඔහොම තියාගෙන
ඔයා කොහොමද උයන්නේ!</font>

1000
01:16:18,650 --> 01:16:20,455
<font color="#ffe244">අයින් වෙන්න!</font>

1001
01:16:20,455 --> 01:16:22,507
<font color="#ffe244">කවුද ඔයාට උදව් කරන්න කිව්වේ?</font>

1002
01:16:57,192 --> 01:16:58,900
<font color="#ffe244">ලී යුන් හෝ!</font>

1003
01:17:00,025 --> 01:17:01,734
<font color="#ffe244">ඔය මගුල් සමාගමෙන් අස් වෙන්න.</font>

1004
01:17:01,734 --> 01:17:03,692
<font color="#ffe244">කම්කරු අමාත්‍යාංශයට පැමිණිලි කරන්න.</font>

1005
01:17:03,692 --> 01:17:05,067
<font color="#ffe244">එතකොට බිල් ගෙවන්නේ කොහොමද?</font>

1006
01:17:05,067 --> 01:17:08,192
<font color="#ffe244">ආපහු ඔයාගේ ගේම් එක හදන්න
නැත්නම් හොඳ ගේම් කම්පැනියක වැඩ කරන්න!</font>

1007
01:17:08,192 --> 01:17:10,692
<font color="#ffe244">මේක ඇරෙන්න වෙන ඕනෙම දෙයක් කරන්න!</font>

1008
01:17:11,484 --> 01:17:15,734
<font color="#ffe244">ජොං වොන්, මටත් ඔයාට
කියන්න ඕනෙ ඕකම තමයි.</font>

1009
01:17:15,734 --> 01:17:17,733
<font color="#ffe244">ඔයා ගෘහ නිර්මාණ ශිල්පය අතහැරියද?</font>

1010
01:17:17,733 --> 01:17:21,692
<font color="#ffe244">ඔය ෂෝ හවුස් ජොබ් එකට කැමතිද?
එහෙනම් දිගටම ඒක කරන්න.</font>

1011
01:17:21,692 --> 01:17:24,150
<font color="#ffe244">කවුද කියන්නේ මම ඒකට කැමතියි කියලා?</font>

1012
01:17:24,150 --> 01:17:27,067
<font color="#ffe244">මම එතන වැඩ කරන්නේ ඔයා වෙනුවෙන්.</font>

1013
01:17:36,442 --> 01:17:40,275
<font color="#ffe244">මම වෙනුවෙන් කරනවා කියලා
කියන්න එපා!</font>

1014
01:17:40,275 --> 01:17:42,483
<font color="#ffe244">ඔයාට මින් ජේගෙන් කෝල් එකක් ආවා, නේද?</font>

1015
01:17:42,483 --> 01:17:45,442
<font color="#ffe244">රැකියාවක් හොයාගන්න උදව් කරන්නම්
කියලා එයා කිව්වා නේද?</font>

1016
01:17:45,442 --> 01:17:47,726
<font color="#ffe244">ඒක කරන්න.</font>

1017
01:17:48,483 --> 01:17:50,358
<font color="#ffe244">මම ඔයාව නවත්වන්නේ නැහැ.</font>

1018
01:17:50,358 --> 01:17:53,233
<font color="#ffe244">මට ඒ මැසේජ් එක ආවා,
ඒත් මම රිප්ලයි කළේ නැහැ.</font>

1019
01:17:53,233 --> 01:17:55,108
<font color="#ffe244">එයාට කතා කරලා ඒක භාරගන්න.</font>

1020
01:17:56,192 --> 01:17:59,567
<font color="#ffe244">පස්සේ මට බනින්න එපා,
ඒක කරන්න.</font>

1021
01:18:03,317 --> 01:18:05,170
<font color="#ffe244">ඔයා එන්නේ නැද්ද?</font>

1022
01:18:08,358 --> 01:18:10,447
<font color="#ffe244">ඔයා මාව සැක කළාද?</font>

1023
01:18:34,817 --> 01:18:37,041
<font color="#ffe244">නැහැ, එහෙම නෙවෙයි.</font>

1024
01:18:40,192 --> 01:18:43,817
<font color="#ffe244">මට එහෙම කියන්න ඕනෙ වුණේ නැහැ.
මට ගොඩක් සමාවෙන්න.</font>

1025
01:18:43,817 --> 01:18:46,108
<font color="#ffe244">දැන් මට ඔයා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ.</font>

1026
01:18:46,108 --> 01:18:47,942
<font color="#ffe244">මාව අතාරින්න.</font>

1027
01:18:52,525 --> 01:18:55,689
<font color="#ffe244">අනේ එහෙම නෙවෙයි.</font>

1028
01:18:55,689 --> 01:18:56,771
<font color="#ffe244">නවත්වන්න!</font>

1029
01:18:56,771 --> 01:18:59,775
<font color="#ffe244">මා දිහා බලන්න. කරුණාකරලා!
මට ඇත්තටම සමාවෙන්න.</font>

1030
01:18:59,775 --> 01:19:01,650
<font color="#ffe244">මගේ අතින් ලොකු වැරැද්දක් වුණේ.</font>

1031
01:19:01,650 --> 01:19:06,067
<font color="#ffe244">මට පිස්සු හැදිලද කොහෙද.
මම නම් මහ මෝඩයෙක්.</font>

1032
01:19:07,164 --> 01:19:08,830
<font color="#ffe244">යුන් හෝ!</font>

1033
01:19:09,567 --> 01:19:15,150
<font color="#ffe244">ඔයත් එක්ක ඉන්න ගත්තට පස්සේ මට
ගොඩක් අඬන්න වුණ එක ගැන මට තරහයි.</font>

1034
01:19:15,150 --> 01:19:18,858
<font color="#ffe244">ජොං වොන්. මා දිහා බලන්න.
මට සමාවෙන්න.</font>

1035
01:19:21,150 --> 01:19:23,067
<font color="#ffe244">ජොං වොන්, කරුණාකරලා.</font>

1036
01:19:23,067 --> 01:19:25,817
<font color="#ffe244">මට සමාවෙන්න.
මම ඇයි එහෙම කිව්වේ?</font>

1037
01:19:25,817 --> 01:19:27,858
<font color="#ffe244">මට සමාවෙන්න, ජොං වොන්.</font>

1038
01:19:29,358 --> 01:19:31,775
<font color="#ffe244">මට දැන් ඇති වෙලා තියෙන්නේ, යුන් හෝ.</font>

1039
01:19:50,942 --> 01:19:52,621
<font color="#ffe244">පැනලා යන්න!</font>

1040
01:19:52,621 --> 01:19:56,942
<font color="#ffe244"><i>රාජ්‍ය සේවා විභාගය සඳහා අයදුම්කරුවන්ගේ</i>
<i>සංඛ්‍යාව ඉහළම අගයක් අරගෙන.</i></font>

1041
01:19:56,942 --> 01:19:59,775
<font color="#ffe244"><i>මහජන පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ</i>
<i>සාමාන්‍ය තරගකාරීත්ව අනුපාතය</i></font>

1042
01:19:59,775 --> 01:20:02,233
<font color="#ffe244"><i>1කට 82.1ක් පමණ වන බවයි.</i></font>

1043
01:20:02,233 --> 01:20:08,608
<font color="#ffe244"><i>අධ්‍යාපන පරිපාලන අංශය 1කට 583.8ක් ලෙසින්</i>
<i>ඉහළම අගයක් ගනී.</i></font>

1044
01:20:08,608 --> 01:20:10,858
<font color="#ffe244">මිස්ටර් ජුං හොං ජින්.</font>

1045
01:20:10,858 --> 01:20:12,692
<font color="#ffe244">ඔව්, මම අවසන් වටයට තේරුණා.</font>

1046
01:20:12,692 --> 01:20:14,275
<font color="#ffe244">එහෙමද.</font>

1047
01:20:16,483 --> 01:20:20,025
<font color="#ffe244"></font>

1048
01:20:20,025 --> 01:20:21,942
<font color="#ffe244">කබඩ් වලට මම හරි ආසයි.
ලස්සනයි, නේද?</font>

1049
01:20:21,942 --> 01:20:24,733
<font color="#ffe244">මටත් මේ වගේ තැනක් ඕනේ.</font>

1050
01:20:24,733 --> 01:20:27,400
<font color="#ffe244">මේ වගේ බඩුත් දාන්නද?
අපි ඊළඟ කාමරයට යමු.</font>

1051
01:20:39,817 --> 01:20:42,581
<font color="#ffe244"></font>

1052
01:21:00,746 --> 01:21:02,237
<font color="#ffe244"></font>

1053
01:21:02,237 --> 01:21:03,993
<font color="#ffe244">ඔයාට මොකද හිතෙන්නේ?</font>

1054
01:21:05,733 --> 01:21:07,774
<font color="#ffe244">ඒක ලස්සනයි…</font>

1055
01:21:07,774 --> 01:21:10,108
<font color="#ffe244">ඒත් ඇයි මේ කතාව මේ තරම් කම්මැලි විදිහට තියෙන්නේ?</font>

1056
01:21:10,108 --> 01:21:13,290
<font color="#ffe244">පොඩි ප්‍රශ්නයක් දෙකක් තිබුණා නම් තවත් රසවත් වෙයි.</font>

1057
01:21:13,290 --> 01:21:15,542
<font color="#ffe244">හැමෝම කියන්නේ එකම දෙයයි.</font>

1058
01:21:15,542 --> 01:21:18,003
<font color="#ffe244">මටත් ඔය වගේ කතා ඇහෙනවා,</font>

1059
01:21:18,003 --> 01:21:21,111
<font color="#ffe244">ඒත් මට ඒ වගේ කතා හදන්න ඕනේ නැහැ.</font>

1060
01:21:21,111 --> 01:21:24,695
<font color="#ffe244">ඒත් හොඳ කතාවකට චරිතය
ටිකක් දුක් විඳින්න ඕනේ.</font>

1061
01:21:28,305 --> 01:21:30,305
<font color="#ffe244">යුන් හෝ.
මොකද?</font>

1062
01:21:31,149 --> 01:21:34,816
<font color="#ffe244">කම්මැලි වගේ පෙනුණත්,
අපි සාමකාමීව ජීවත් වෙමු.</font>

1063
01:21:46,274 --> 01:21:49,441
<font color="#ffe244"></font>

1064
01:21:49,441 --> 01:21:54,649
<font color="#ffe244">එරික්ට ජේන්ව හොයාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ?
ඒක දුක්බර අවසානයක් වෙයි.</font>

1065
01:21:54,649 --> 01:21:56,299
<font color="#ffe244">ඉතින්…</font>

1066
01:21:58,681 --> 01:22:00,936
<font color="#ffe244">එතකොට ලෝකය කළු සුදු වෙනවා.</font>

1067
01:22:40,565 --> 01:22:43,399
<font color="#ffe244">ඔයා මාව හොයාගන්න දක්ෂයි.</font>

1068
01:22:49,607 --> 01:22:54,065
<font color="#ffe244">ඔයා හැමතිස්සෙම පැනලා යන්නේ
මට හොයාගන්න පුළුවන් තරම් දුරකට විතරයි.</font>

1069
01:22:55,893 --> 01:22:59,018
<font color="#ffe244">මම පැනලා ගියේ නැහැ. මම පිටවෙලා ගියා.</font>

1070
01:23:04,815 --> 01:23:06,899
<font color="#ffe244">අපි ඇයි වෙන් වුණේ?</font>

1071
01:23:19,750 --> 01:23:22,250
<font color="#ffe244">මේක එකකට එකක් නොමිලේ දෙන සේල් එකක්ද?</font>

1072
01:23:23,149 --> 01:23:24,857
<font color="#ffe244">ඔව්.</font>

1073
01:23:26,482 --> 01:23:28,107
<font color="#ffe244">යුන් හෝ!</font>

1074
01:23:28,649 --> 01:23:30,482
<font color="#ffe244">මොකද?
හේයි!</font>

1075
01:23:30,482 --> 01:23:31,649
<font color="#ffe244">යුන් හෝ!</font>

1076
01:23:31,649 --> 01:23:33,649
<font color="#ffe244">හේයි!</font>

1077
01:23:45,232 --> 01:23:46,940
<font color="#ffe244">ජොං වොන්!</font>

1078
01:23:46,940 --> 01:23:49,315
<font color="#ffe244">හායි!</font>

1079
01:23:49,315 --> 01:23:51,899
<font color="#ffe244">මොකක්ද මේ යුනිෆෝම් එක?</font>

1080
01:23:51,899 --> 01:23:53,028
<font color="#ffe244">ඔයාව දැක්ක එක සතුටක්.</font>

1081
01:23:53,028 --> 01:23:54,899
<font color="#ffe244">චියර්ස්!</font>

1082
01:23:54,899 --> 01:23:56,857
<font color="#ffe244">විස්කි මේ තරම් රසයි කියලා මම දැනගෙන හිටියේ නැහැ.</font>

1083
01:23:56,857 --> 01:23:58,357
<font color="#ffe244">ඕන තරම් කන්න.</font>

1084
01:23:58,357 --> 01:24:00,149
<font color="#ffe244">එතන ගොඩක් තියෙනවා.</font>

1085
01:24:00,149 --> 01:24:03,357
<font color="#ffe244">ඔයාගේ තැන ලස්සනයි.
මේක ඔයාගෙද?</font>

1086
01:24:03,357 --> 01:24:06,065
<font color="#ffe244">මේක තියෙන්නේ මගේ නමට,
ඒත් ගත්තේ මගේ දෙමව්පියෝ.</font>

1087
01:24:06,065 --> 01:24:07,524
<font color="#ffe244">මම ණය වෙලා ඉන්නේ.</font>

1088
01:24:07,524 --> 01:24:10,336
<font color="#ffe244">බලන්න. මම මේක ගෙනාවා.</font>

1089
01:24:11,065 --> 01:24:14,513
<font color="#ffe244">කවර් මොඩල්!
හේයි!</font>

1090
01:24:14,513 --> 01:24:16,969
<font color="#ffe244">ඔයා කවදද ඕක ගෙනාවේ?
ඒ එයාගේ තාත්තා.</font>

1091
01:24:16,969 --> 01:24:20,235
<font color="#ffe244">ඔයා චෙෆ් කෙනෙක්ද?
ඔයාට රැමන් එකක්වත් හදාගන්න බැරි වුණානේ.</font>

1092
01:24:20,235 --> 01:24:25,468
<font color="#ffe244">මම නමට විතරයි.
මගේ තාත්තා තමයි නියම බොස්.</font>

1093
01:24:25,468 --> 01:24:29,386
<font color="#ffe244">මම නිකන් ගිහින් රෙස්ටෝරන්ට් එක
වටේ බලලා එනවා විතරයි.</font>

1094
01:24:29,386 --> 01:24:30,899
<font color="#ffe244">පරාජිතයෙක් වගේ ජීවත් වෙලා මට එපා වෙලා.</font>

1095
01:24:30,899 --> 01:24:32,190
<font color="#ffe244">ඒත්, මට හරි ඉරිසියයි!</font>

1096
01:24:32,190 --> 01:24:35,399
<font color="#ffe244">ඒක සැහැල්ලුවට ගන්න එපා.
හරි.</font>

1097
01:24:35,399 --> 01:24:37,294
<font color="#ffe244">යුන් හෝ.
ඇයි?</font>

1098
01:24:37,294 --> 01:24:39,454
<font color="#ffe244">මෙහෙට එන්න.
හරි.</font>

1099
01:24:39,454 --> 01:24:41,582
<font color="#ffe244">ගොඩ කාලෙකින්. එකතු වෙන්න.</font>

1100
01:24:41,582 --> 01:24:43,274
<font color="#ffe244">හන් ගඟේ ලස්සන දකින පළවෙනි වතාව.</font>

1101
01:24:43,274 --> 01:24:45,107
<font color="#ffe244">ලස්සනයි නේද?
ඔව්.</font>

1102
01:24:45,107 --> 01:24:48,274
<font color="#ffe244">ගඟේ ලස්සන ගොඩක් වෙලා බලන් ඉන්න එකෙන්
මානසිකව වැටෙන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා.</font>

1103
01:24:49,793 --> 01:24:52,065
<font color="#ffe244">අපේ ක්ලබ් රූම් එක මතකද?</font>

1104
01:24:52,065 --> 01:24:54,899
<font color="#ffe244">බුලිසාර්ඩ්!
බුලිසාර්ඩ්!</font>

1105
01:24:54,899 --> 01:24:56,065
<font color="#ffe244">ඩොලර් මිලියන 10ක් හොයමු!</font>

1106
01:24:56,065 --> 01:24:59,232
<font color="#ffe244">ඒක නම් පිස්සුවක්.
ඔව්.</font>

1107
01:24:59,232 --> 01:25:01,607
<font color="#ffe244">ගේම් හදලා ඩොලර් මිලියන 10ක්
හොයන්න බැහැ.</font>

1108
01:25:01,607 --> 01:25:05,065
<font color="#ffe244">ඒත් අපිට ලොකු බලාපොරොත්තුවක් සහ උනන්දුවක් තිබුණා!</font>

1109
01:25:05,065 --> 01:25:07,607
<font color="#ffe244">ඒ අපි තරුණ නිසා බං.
ඔව්.</font>

1110
01:25:07,607 --> 01:25:09,940
<font color="#ffe244">කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.
ඒත් ඒක විනෝදජනකයි.</font>

1111
01:25:11,815 --> 01:25:14,399
<font color="#ffe244">යුන් හෝ? තව එකක් බොමුද?</font>

1112
01:25:14,399 --> 01:25:16,274
<font color="#ffe244">තව එකක්?
ඔව්.</font>

1113
01:25:16,274 --> 01:25:17,899
<font color="#ffe244">යමු!</font>

1114
01:25:25,732 --> 01:25:28,690
<font color="#ffe244">ඔයා මොකක් හරි දේකට තරහෙන්ද ඉන්නේ?</font>

1115
01:25:28,690 --> 01:25:30,024
<font color="#ffe244">නැහැ.</font>

1116
01:25:31,460 --> 01:25:33,467
<font color="#ffe244">ඔයා එහෙම වගේ පේනවා.</font>

1117
01:25:38,732 --> 01:25:40,857
<font color="#ffe244">ඔය යුනිෆෝම් එක...</font>

1118
01:25:41,690 --> 01:25:45,315
<font color="#ffe244">වැඩ කරන වෙලාවට ඇරෙන්න ඕක අඳින්න එපා.
මිනිස්සු ඔයාව පහත් කරලා බලයි.</font>

1119
01:25:57,407 --> 01:25:59,949
<font color="#ffe244">ඔයා ඇයි ඔයාගේ ගේම් එක හදන්නේ නැත්තේ?</font>

1120
01:26:13,899 --> 01:26:15,357
<font color="#ffe244">යුන් හෝ.</font>

1121
01:26:17,649 --> 01:26:22,605
<font color="#ffe244">ඔයා ලොකු තැනකට එයි. මම ඒක දන්නවා.</font>

1122
01:26:27,399 --> 01:26:30,190
<font color="#ffe244">කරුණාකරලා ඕක කියන එක නවත්වනවද?</font>

1123
01:26:35,523 --> 01:26:37,106
<font color="#ffe244">ඔයා ඒක හිතාමතාමද කළේ?</font>

1124
01:26:37,106 --> 01:26:39,315
<font color="#ffe244">මොන මඟුලක්ද?</font>

1125
01:26:40,231 --> 01:26:42,023
<font color="#ffe244">මම නිකන් වාඩි වෙලා හිටියේ!</font>

1126
01:26:45,315 --> 01:26:46,398
<font color="#ffe244">කාලකණ්ණියා!</font>

1127
01:26:46,398 --> 01:26:47,940
<font color="#ffe244">පලයන් යන්න!</font>

1128
01:26:47,940 --> 01:26:50,065
<font color="#ffe244">මෙහෙට වරෙන්!
කාලකණ්ණියා!</font>

1129
01:26:50,065 --> 01:26:52,963
<font color="#ffe244">මූ තමයි ඉස්සෙල්ලාම ගැහුවේ!
බල්ලගෙ පුතා!</font>

1130
01:26:52,963 --> 01:26:55,281
<font color="#ffe244">තමුසෙට මොකද වෙලා තියෙන්නේ!</font>

1131
01:26:55,281 --> 01:26:58,364
<font color="#ffe244">අතෑරපන්! මඟුල!</font>

1132
01:26:59,440 --> 01:27:02,190
<font color="#ffe244">මම කරපු වැරැද්ද මොකක්ද!
මම මුකුත් කළේ නැහැ!</font>

1133
01:27:02,190 --> 01:27:03,481
<font color="#ffe244">ඇයි මට!</font>

1134
01:27:03,481 --> 01:27:07,648
<font color="#ffe244">මම පාඩුවේ හිටියේ!
ඇයි මට ගැහුවේ!</font>

1135
01:27:10,190 --> 01:27:13,231
<font color="#ffe244">ඔයාට කාටහරි ගහන්න ඕනෙ නම්,
මට ගහන්න!</font>

1136
01:27:52,898 --> 01:27:54,606
<font color="#ffe244">හලෝ.</font>

1137
01:27:55,648 --> 01:27:57,731
<font color="#ffe244">සමාවෙන්න, අපිට මේ පාර යන්න බැරි වුණා.</font>

1138
01:27:57,731 --> 01:28:00,440
<font color="#ffe244"><i>ඒකට කමක් නැහැ. කලබල වෙන්න එපා.</i></font>

1139
01:28:00,440 --> 01:28:04,398
<font color="#ffe244"><i>මම යුන් හෝට කිහිප සැරයක්ම කතා කළා,</i>
<i>ඒත් එයා ආන්සර් කළේ නැහැ.</i></font>

1140
01:28:06,662 --> 01:28:09,339
<font color="#ffe244">එයා කාර්යබහුල වෙන්න ඇති.</font>

1141
01:28:10,702 --> 01:28:13,606
<font color="#ffe244">රස්සාවල්වලට අයදුම් කරන එක අමාරු වැඩක්නේ.</font>

1142
01:28:13,606 --> 01:28:16,148
<font color="#ffe244">එයා දැන් පාඩම් කරන්නත් ගියා.</font>

1143
01:28:16,148 --> 01:28:20,731
<font color="#ffe244"><i>හරි. පරිස්සමෙන් ඉන්න, ජොං වොන්.</i></font>

1144
01:28:21,338 --> 01:28:23,940
<font color="#ffe244">අපි තෑන්ක්ස්ගිවින්ග් එකට ගමට යමු.</font>

1145
01:28:23,940 --> 01:28:26,148
<font color="#ffe244">පස්සේ හමුවෙමු.
බායි.</font>

1146
01:28:41,530 --> 01:28:43,687
<font color="#ffe244"></font>

1147
01:28:55,356 --> 01:28:57,773
<font color="#ffe244">අද වහියි කියලා එයාලා කිව්වා.</font>

1148
01:33:05,083 --> 01:33:06,295
<font color="#ffe244">ජොං වොන්.</font>

1149
01:33:06,295 --> 01:33:08,396
<font color="#ffe244">යුන් හෝ.</font>

1150
01:33:08,396 --> 01:33:12,105
<font color="#ffe244">මම අතීතය අමතක කළා
ඔයත් එහෙම කළා.</font>

1151
01:33:12,105 --> 01:33:15,063
<font color="#ffe244">අපි දෙන්නම දැන් ගොඩක් හොඳින් ඉන්නවා.</font>

1152
01:33:17,105 --> 01:33:18,605
<font color="#ffe244">මම දන්නවා.</font>

1153
01:33:29,896 --> 01:33:31,646
<font color="#ffe244">ඒත් එහෙම වුණොත්...</font>

1154
01:33:32,646 --> 01:33:36,146
<font color="#ffe244">අපි ඒ පරණ ගෙදරට ගියේ නැත්නම්.</font>

1155
01:33:37,034 --> 01:33:39,186
<font color="#ffe244">අපි තාමත් එකට ඉඳියිද?</font>

1156
01:33:46,896 --> 01:33:48,313
<font color="#ffe244">නැහැ.</font>

1157
01:33:49,896 --> 01:33:53,021
<font color="#ffe244">අපි අවුරුද්දක් විතර එකට
ඉඳියි.</font>

1158
01:33:53,675 --> 01:33:55,675
<font color="#ffe244">එහෙනම්...</font>

1159
01:33:56,271 --> 01:33:58,438
<font color="#ffe244">ඔයා මං වෙනුවෙන් බලාගෙන හිටියා නම්?</font>

1160
01:34:00,563 --> 01:34:02,753
<font color="#ffe244">ඔයා අන්තිම වෙනකල් මං වෙනුවෙන් බලාගෙන හිටියා නම්?</font>

1161
01:34:04,813 --> 01:34:08,774
<font color="#ffe244">එහෙනම් ඔයාට ඔයාගේ ගේම් එක
ඉවර කරන්න ලැබෙන්නේ නැහැ.</font>

1162
01:34:08,774 --> 01:34:10,316
<font color="#ffe244">එහෙනම්...</font>

1163
01:34:11,318 --> 01:34:15,609
<font color="#ffe244">අපි නිකන්ම කසාද බැන්දා නම්?</font>

1164
01:34:16,938 --> 01:34:18,896
<font color="#ffe244">අපි දික්කසාද වෙයි.</font>

1165
01:34:18,896 --> 01:34:21,605
<font color="#ffe244">දැන් ඇති, යුන් හෝ.</font>

1166
01:34:21,605 --> 01:34:23,355
<font color="#ffe244">පොඩ්ඩක් ඉන්න! තව එකම එකක්.</font>

1167
01:34:23,355 --> 01:34:25,313
<font color="#ffe244">අන්තිම එක ප්‍රශ්නයයි.</font>

1168
01:34:28,980 --> 01:34:30,646
<font color="#ffe244">එදා...</font>

1169
01:34:33,146 --> 01:34:35,553
<font color="#ffe244">මම කෝච්චියට නැග්ගා නම්?</font>

1170
01:34:36,980 --> 01:34:39,209
<font color="#ffe244">මම ඔයාව නැවැත්තුවා නම්?</font>

1171
01:34:45,980 --> 01:34:48,188
<font color="#ffe244">එහෙනම්...</font>

1172
01:34:57,272 --> 01:35:00,314
<font color="#ffe244">මම ඔයා එක්කම ඉඳියි.</font>

1173
01:35:01,444 --> 01:35:03,194
<font color="#ffe244">සදහටම.</font>

1174
01:35:26,012 --> 01:35:29,139
<font color="#ffe244">නැහැ. අපි කොහොමත් කවදාහරි වෙන් වෙයි.</font>

1175
01:35:31,940 --> 01:35:34,084
<font color="#ffe244">මොකද...</font>

1176
01:35:37,487 --> 01:35:40,879
<font color="#ffe244">ඔයා ෆෑන් එකේ හුළඟ ඔයාට විතරක් වදින විදියට තියාගත්තා.</font>

1177
01:35:41,459 --> 01:35:43,501
<font color="#ffe244">කොච්චර කුහකද.</font>

1178
01:36:01,011 --> 01:36:02,636
<font color="#ffe244">මම...</font>

1179
01:36:03,863 --> 01:36:06,196
<font color="#ffe244">මම ඔයාට යන්න දුන්නා.</font>

1180
01:36:11,192 --> 01:36:13,578
<font color="#ffe244">මම ඔයාව අතහැරියා.</font>

1181
01:36:15,901 --> 01:36:21,486
<font color="#ffe244">නැහැ, අපි දෙන්නම එකිනෙකාව අතහැරියා.</font>

1182
01:36:26,203 --> 01:36:29,453
<font color="#ffe244">ඒක තමයි හරිම තීරණය.</font>

1183
01:36:31,328 --> 01:36:34,078
<font color="#ffe244">මම ඒ ගැන පසුතැවෙන්නේ නැහැ, යුන් හෝ.</font>

1184
01:37:19,756 --> 01:37:21,440
<font color="#ffe244"></font>

1185
01:37:22,176 --> 01:37:25,435
<font color="#ffe244"><i>ආදර කතා තියෙන චිත්‍රපට දැක්කම මට හැමතිස්සෙම කලකිරෙනවා.</i></font>

1186
01:37:26,132 --> 01:37:30,029
<font color="#ffe244"><i>ඒගොල්ලෝ හරියට හැමදේම ඉවර වුණාට පස්සේ අවදි වෙන මෝඩයෝ වගේ.</i></font>

1187
01:37:30,934 --> 01:37:33,083
<font color="#ffe244"><i>මමත් ඒ වගේ කෙනෙක්.</i></font>

1188
01:37:34,265 --> 01:37:37,606
<font color="#ffe244"><i>ඒත්, කවදාහරි මට හැමදේම හරිගස්සන්න</i>
<i>පුළුවන් වෙයි කියලා මම විශ්වාස කළා.</i></font>

1189
01:37:37,606 --> 01:37:41,563
<font color="#ffe244"><i>ඒ නිසා හැමදේම හදාගන්න පුළුවන් වෙයි
කියන බලාපොරොත්තුවෙන් මම ඉවසගෙන හිටියා.</i></font>

1190
01:37:47,895 --> 01:37:51,663
<font color="#ffe244">ජේන් කියන්නේ මේ ලෝකේ තියෙන හැම පාටක්ම
පාලනය කරන හොඳ මායාකාරියක්.</font>

1191
01:37:51,663 --> 01:37:54,021
<font color="#ffe244"><i>හරි.</i>
<i>ඒත් යක්ෂ රජා ජේන්ව අරගෙන යනවා.</i></font>

1192
01:37:54,021 --> 01:37:55,259
<font color="#ffe244"><i>ඊට පස්සේ මොකද වෙන්නේ?</i></font>

1193
01:37:55,259 --> 01:37:57,301
<font color="#ffe244"><i>පාට ඔක්කොම නැති වෙනවා.</i></font>

1194
01:37:58,475 --> 01:37:59,922
<font color="#ffe244"><i>දැන්, මේක අන්තිම අදියර.</i></font>

1195
01:37:59,922 --> 01:38:01,507
<font color="#ffe244"><i>යක්ෂ රජා ඉස්සරහින් ඉන්නවා.</i></font>

1196
01:38:01,507 --> 01:38:04,551
<font color="#ffe244"><i>ජේන්ව ගැටගහලා, එයාව බේරගන්න</i>
<i>කියලා කෑගහනවා.</i></font>

1197
01:38:04,551 --> 01:38:05,937
<font color="#ffe244"><i>හරි.</i>
<i>දැන් මොකද කරන්නේ?</i></font>

1198
01:38:05,937 --> 01:38:06,895
<font color="#ffe244"><i>එයාව බේරගන්න!</i></font>

1199
01:38:06,895 --> 01:38:08,020
<font color="#ffe244"><i>හරි!</i></font>

1200
01:38:08,020 --> 01:38:11,103
<font color="#ffe244"><i>ජේන්! ඉක්මන් කරන්න! යමු!</i>
<i>පැනලා යමු!</i></font>

1201
01:38:11,103 --> 01:38:15,103
<font color="#ffe244">මාව බේරගන්න!
යමු! ඒක අපේ පස්සෙන් එනවා!</font>

1202
01:38:15,103 --> 01:38:17,739
<font color="#ffe244">ඉක්මන් කරන්න!
නියමයි! ඒකට ගහන්න!</font>

1203
01:38:31,353 --> 01:38:33,974
<font color="#ffe244"></font>

1204
01:39:00,190 --> 01:39:03,495
<font color="#ffe244"></font>

1205
01:39:21,520 --> 01:39:24,770
<font color="#ffe244"></font>

1206
01:39:24,770 --> 01:39:28,437
<font color="#ffe244"></font>

1207
01:40:22,020 --> 01:40:24,615
<font color="#ffe244"></font>

1208
01:40:30,978 --> 01:40:32,561
<font color="#ffe244"></font>

1209
01:40:35,145 --> 01:40:36,895
<font color="#ffe244">හලෝ!</font>

1210
01:40:41,770 --> 01:40:43,322
<font color="#ffe244"></font>

1211
01:40:45,957 --> 01:40:52,636
<font color="#ffe244"><i>මම ටිකෙන් ටික දේවල් ජයගන්නකොට</i>
<i>මට තේරුම් ගියා…</i></font>

1212
01:40:53,895 --> 01:40:56,853
<font color="#ffe244"><i>අපි එකට හිටපු කාලය පහුවෙලා ගිහින් කියලා.</i></font>

1213
01:40:57,937 --> 01:41:01,978
<font color="#ffe244"><i>එදා හිටපු අපි, දැන් ගොඩක් දුරස් වෙලා.</i></font>

1214
01:41:04,231 --> 01:41:06,316
<font color="#ffe244"><i>ආයෙත් හැරීමක් නැහැ.</i></font>

1215
01:41:06,316 --> 01:41:08,286
<font color="#ffe244"><i>ආයෙත් හැරීමක් නැහැ.</i></font>

1216
01:41:11,603 --> 01:41:15,103
<font color="#ffe244">තාත්තේ, අපි එහෙට එනවා කිව්වානේ.
ඇයි මේ තරම් දුරක් ආවේ?</font>

1217
01:41:34,687 --> 01:41:39,206
<font color="#ffe244"></font>

1218
01:41:56,158 --> 01:41:57,606
<font color="#ffe244">ජොං වොන්.</font>

1219
01:42:00,412 --> 01:42:03,059
<font color="#ffe244">ඔයා දන්නවනේ ඒ කාලේ හිටපු මම...</font>

1220
01:42:03,059 --> 01:42:05,928
<font color="#ffe244">ඔයාට ගොඩක් ආදරේ කළා නේද?</font>

1221
01:42:09,379 --> 01:42:10,961
<font color="#ffe244">මම දන්නවා.</font>

1222
01:42:15,010 --> 01:42:18,554
<font color="#ffe244">ඒ කාලේ හිටපු මමත්,
ඔයාට ගොඩක් ආදරේ කළා.</font>

1223
01:42:20,516 --> 01:42:24,016
<font color="#ffe244">මට ඕන වුණේ ඔයාට හැමදේම දෙන්නයි.</font>

1224
01:42:25,062 --> 01:42:27,063
<font color="#ffe244">මට ඒ හැමදේම ලැබුණා.</font>

1225
01:42:29,650 --> 01:42:33,358
<font color="#ffe244">මට දෙයක් කියන්න තියෙනවා.</font>

1226
01:42:35,197 --> 01:42:36,818
<font color="#ffe244">ඒ කාලේ,</font>

1227
01:42:39,910 --> 01:42:45,327
<font color="#ffe244">මගේ නිවහන වුණාට ස්තුතියි, යුන් හෝ.</font>

1228
01:43:26,415 --> 01:43:28,915
<font color="#ffe244">එහෙනම් පරිස්සමෙන් ඉන්න.</font>

1229
01:43:31,043 --> 01:43:32,936
<font color="#ffe244">අහම්බෙන් හරි,</font>

1230
01:43:32,936 --> 01:43:36,894
<font color="#ffe244">ඔයාට පුළුවන්ද ඔයාගේ ලිපිනය මට දෙන්න?
මට දෙයක් යවන්න තියෙනවා.</font>

1231
01:43:54,318 --> 01:43:56,583
<font color="#ffe244">ඔයා ජයගනියි කියලා මම දැනගෙන හිටියා.</font>

1232
01:44:36,686 --> 01:44:38,561
<font color="#ffe244">ගිහින් එන්නම්.</font>

1233
01:44:40,186 --> 01:44:42,269
<font color="#ffe244">ගිහින් එන්නම්.</font>

1234
01:45:29,079 --> 01:45:31,127
<font color="#ffe244"></font>

1235
01:45:34,918 --> 01:45:37,049
<font color="#ffe244"></font>

1236
01:45:50,844 --> 01:45:52,370
<font color="#ffe244"><i>ජොං වොන්,</i></font>

1237
01:45:55,022 --> 01:45:56,971
<font color="#ffe244"><i>ඔයාට කොහොමද?</i></font>

1238
01:46:02,696 --> 01:46:06,469
<font color="#ffe244"><i>හැම අවුරුද්දෙම මේ කාලෙට</i>
<i>මට ඔයාව මතක් වෙනවා.</i></font>

1239
01:46:07,570 --> 01:46:11,371
<font color="#ffe244"><i>මේ අවුරුද්දෙත් මම ඔයා ආසම කරන කෑම ජාති</i>
<i>හැදුවා.</i></font>

1240
01:46:13,325 --> 01:46:18,504
<font color="#ffe244"><i>මෑතකදී, මට යුන් හෝගෙන් දැනගන්න ලැබුණා</i>
<i>ඔයාලා දෙන්නා වෙන් වුණා කියලා.</i></font>

1241
01:46:20,422 --> 01:46:23,589
<font color="#ffe244"><i>ඔයා මගේ කෑම රස කර කර කනවා බලන්න</i>
<i>මම හරිම ආසයි.</i></font>

1242
01:46:24,218 --> 01:46:26,430
<font color="#ffe244"><i>දැන්, මට ඒක බෙදාගන්න විදියක් නැහැ.</i></font>

1243
01:46:31,643 --> 01:46:35,896
<font color="#ffe244"><i>සම්බන්ධකම් සදහටම තියෙනවා නම්</i>
<i>ඒක ගොඩක් හොඳයි,</i></font>

1244
01:46:35,896 --> 01:46:40,229
<font color="#ffe244"><i>ඒත් එකිනෙකාව කලකිරවන්නේ නැතුව ඉන්න</i>
<i>එක අමාරු දෙයක්.</i></font>

1245
01:46:42,277 --> 01:46:46,578
<font color="#ffe244"><i>මිනිස්සුන්ගේ හැඟීම් සහ ජීවිත</i>
<i>වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්.</i></font>

1246
01:46:50,143 --> 01:46:52,204
<font color="#ffe244"><i>ඒත් ඒකට කමක් නැහැ.</i></font>

1247
01:46:53,830 --> 01:46:56,037
<font color="#ffe244"><i>ඒක ඇත්තටම ප්‍රශ්නයක් නැහැ.</i></font>

1248
01:47:09,555 --> 01:47:16,204
<font color="#ffe244"><i>ඔයාට කවදාහරි මේ ලියුම ලැබෙයිද කියලා මම දන්නේ නැහැ,</i></font>

1249
01:47:19,143 --> 01:47:24,518
<font color="#ffe244"><i>ඒත් ඔයා මටයි යුන් හෝටයි ගොඩක් ආදරණීය</i>
<i>කෙනෙක් වුණා කියලා දැනගන්න.</i></font>

1250
01:47:27,768 --> 01:47:33,560
<font color="#ffe244"><i>ඔයා මොන තීරණ ගත්තත්</i>
<i>කොහොම ජීවත් වුණත්,</i></font>

1251
01:47:34,663 --> 01:47:38,824
<font color="#ffe244"><i>ඔයා හොඳින් ඉඳියි කියලා මම දන්නවා, ජොං වොන්.</i></font>

1252
01:47:42,601 --> 01:47:47,893
<font color="#ffe244"><i>ඔයා කොහේ හිටියත්,</i>
<i>හරියට කෑම කන්න අමතක කරන්න එපා.</i></font>

1253
01:47:47,893 --> 01:47:53,018
<font color="#ffe244"><i>ඔයාට කවදාහරි මගේ කෑම කන්න ඕන වුණොත්,</i>
<i>ඕනෙම වෙලාවක එන්න.</i></font>

1254
01:47:55,642 --> 01:47:59,225
<font color="#ffe244"><i>නිරෝගීව සතුටින් ඉන්න.</i></font>

1255
01:48:15,037 --> 01:48:20,171
<font color="#ffe244"></font>

1256
01:49:11,218 --> 01:49:14,260
<font color="#ffe244"><i>මගේ ප්‍රාර්ථනාව මට ගොඩක් කාලෙකට කලින් අමතක වුණා.</i></font>

1257
01:49:15,310 --> 01:49:17,976
<font color="#ffe244"><i>මට මතක තියෙන දේ තමයි...</i></font>

1258
01:49:17,976 --> 01:49:20,560
<font color="#ffe244"><i>ඒ කාලේ අපිටත් හීන තිබුණා කියලා.</i></font>

1259
01:49:21,393 --> 01:49:24,408
<font color="#ffe244"><i>අපි එකට එකතු වෙලා ප්‍රාර්ථනා කළා කියලා.</i></font>

1260
01:49:25,148 --> 01:49:27,742
<font color="#ffe244"><i>කාලයක් අපිත් 'අපි' විදියට හිටියා කියලා.</i></font>

1261
01:49:55,851 --> 01:49:59,843


1262
01:49:59,843 --> 01:50:03,098


1263
01:50:08,066 --> 01:50:11,337
💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜

