1
00:00:44,522 --> 00:00:46,522
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:46,546 --> 00:00:50,967
<font color="#e3a113"><b>ඩයිනමයිට් කිස්</b></font>

3
00:00:51,050 --> 00:00:57,098
<font color="#ffe746">හදිසි ප්‍රතිකාර ඒකකය</font>

4
00:01:00,810 --> 00:01:02,729
<font color="#ff9231"><b>7 වැනි කොටස</b></font>

5
00:01:02,812 --> 00:01:05,231
<font color="#ffe746">ඔයාගෙ බෑනා හරිම හොඳයි,
හරියට දුවෙක් වගේ.</font>

6
00:01:06,232 --> 00:01:08,443
<font color="#ffe746">එයා හරිම කඩවසම් වගේම ගුණ යහපත්.</font>

7
00:01:08,526 --> 00:01:10,320
<font color="#ffe746">මට ඉරිසියයි අනේ.</font>

8
00:01:10,403 --> 00:01:11,404
<font color="#ffe746">-ස්තූතියි.
-මගේ දුව නම්</font>

9
00:01:11,488 --> 00:01:13,073
<font color="#ffe746">කසාදයක් ගැන හිතන්නෙවත් නෑ.</font>

10
00:01:14,491 --> 00:01:15,450
<font color="#ffe746">ඒකනේ කියන්නේ?</font>

11
00:01:16,201 --> 00:01:17,577
<font color="#ffe746">එයා මගේ බෑනා වුණා නම් කොච්චර හොඳද.</font>

12
00:01:18,828 --> 00:01:20,413
<font color="#ffe746">ඇත්තටම එයා මගේ දුවගේ යාළුවෙක්.</font>

13
00:01:20,997 --> 00:01:23,166
<font color="#ffe746">එයා කොච්චර හොඳ ළමයෙක්ද කියනවා නම්,</font>

14
00:01:23,249 --> 00:01:26,294
<font color="#ffe746">මම කොහොමද කියන්නේ මගේ මේ මෝඩ දුවව
භාරගන්න කියලා.</font>

15
00:01:27,253 --> 00:01:28,296
<font color="#ffe746">මට එහෙම කියන්න බැහැ.</font>

16
00:01:31,132 --> 00:01:32,133
<font color="#ffe746">ඒක නෙවෙයි,</font>

17
00:01:32,842 --> 00:01:34,177
<font color="#ffe746">දා-රිම් තාම වැඩද?</font>

18
00:01:34,260 --> 00:01:36,137
<font color="#ffe746">මම කෝල් එකක් දීලා අහන්නම්.</font>

19
00:01:36,221 --> 00:01:37,514
<font color="#ffe746">-පොඩ්ඩක් ඉන්නකෝ.
-හා.</font>

20
00:01:38,723 --> 00:01:39,724
<font color="#ffe746">දැන් නම් ඇඟට මාර සනීපයි.</font>

21
00:01:47,023 --> 00:01:49,692
<font color="#ffe746">ඔබ ඇමතූ පාරිභෝගිකයා
දැනට සම්බන්ධ කර ගත නොහැක.</font>

22
00:01:49,776 --> 00:01:51,402
<font color="#ffe746">කරුණාකර පසුව අමතන්න.</font>

23
00:01:54,155 --> 00:01:56,032
<font color="#ffe746">මෙයා මොනවා කරනවද මන්දා?</font>

24
00:02:14,843 --> 00:02:16,970
<font color="#ffe746">සොන්-උ</font>

25
00:02:32,902 --> 00:02:35,655
<font color="#ffe746">කන්කුක් විශ්වවිද්‍යාල රෝහල</font>

26
00:02:55,842 --> 00:02:57,093
<font color="#ffe746">ඔයාට සිහිය ආවද?</font>

27
00:02:59,804 --> 00:03:01,347
<font color="#ffe746">මේ හොස්පිට්ල් එකක්ද?</font>

28
00:03:02,015 --> 00:03:02,849
<font color="#ffe746">ඔව්.</font>

29
00:03:03,892 --> 00:03:05,476
<font color="#ffe746">ස්ට්‍රෙස් වැඩි වෙලා ඔයාගේ බඩේ කැක්කුමක් ඇවිල්ලා.</font>

30
00:03:07,186 --> 00:03:08,438
<font color="#ffe746">දැන් කොහොමද ඔයාට?</font>

31
00:03:08,521 --> 00:03:11,190
<font color="#ffe746">දැන් නම් ගොඩක් හොඳයි.</font>

32
00:03:14,110 --> 00:03:14,944
<font color="#ffe746">ඒක ලොකු දෙයක්.</font>

33
00:03:15,445 --> 00:03:18,531
<font color="#ffe746">මම ආයෙත් ඔයාගේ කාලේ කෑවා වගේ.</font>

34
00:03:19,157 --> 00:03:20,116
<font color="#ffe746">මට සමාවෙන්න.</font>

35
00:03:22,869 --> 00:03:25,997
<font color="#ffe746">සලයින් එක ඉවර වෙන්න ළඟයිනේ,
මට දැන් ගෙදර යන්න පුළුවන් නේද?</font>

36
00:03:28,625 --> 00:03:29,542
<font color="#ffe746">ඉන්නකෝ.</font>

37
00:03:29,626 --> 00:03:31,794
<font color="#ffe746">-මිස්.
-පොඩ්ඩක් ඉන්න.</font>

38
00:03:32,962 --> 00:03:34,088
<font color="#ffe746">ඔයාට අද ගෙදර යන්න බෑ.</font>

39
00:03:38,927 --> 00:03:41,346
<font color="#ffe746">මම දැන් යනවා.
දා-රිම් අද කාර්යබහුලයි වගේ.</font>

40
00:03:42,013 --> 00:03:42,931
<font color="#ffe746">මටත් එහෙම හිතෙනවා.</font>

41
00:03:43,014 --> 00:03:45,266
<font color="#ffe746">හරි එහෙනම්. පරිස්සමෙන් යන්න.</font>

42
00:03:46,267 --> 00:03:47,894
<font color="#ffe746">ජුන් කෑවද කියලා පොඩ්ඩක් බලන්න.</font>

43
00:03:48,561 --> 00:03:50,772
<font color="#ffe746">-ඒක ගැන කරදර වෙන්න එපා.
-හරි.</font>

44
00:03:51,606 --> 00:03:52,857
<font color="#ffe746">-මම ගිහින් එන්නම්.
-හරි.</font>

45
00:03:52,941 --> 00:03:54,859
<font color="#ffe746">-මම යනවා.
-බයි.</font>

46
00:03:54,943 --> 00:03:57,195
<font color="#ffe746">-පස්සේ හම්බෙමු.
-පස්සේ හම්බෙමු.</font>

47
00:03:57,278 --> 00:03:59,656
<font color="#ffe746">මම කිව්වනේ මට දැන් හොඳයි කියලා.</font>

48
00:03:59,739 --> 00:04:01,908
<font color="#ffe746">-මම යනවා යන්න.
-මම කියන දේ අහන්නකෝ.</font>

49
00:04:01,991 --> 00:04:04,535
<font color="#ffe746">දොස්තර කිව්වේ
ඔයා අද රෑ මෙහෙ නවතින්න ඕනෙ කියලා.</font>

50
00:04:04,619 --> 00:04:07,205
<font color="#ffe746">මෙහෙ රෑක නවතින්න
කීයක් යනවද කියලා ඔයා දන්නවද?</font>

51
00:04:07,288 --> 00:04:08,998
<font color="#ffe746">සාමාන්‍ය වාට්ටුවක නවතින්න තිබුණනේ?</font>

52
00:04:09,082 --> 00:04:11,334
<font color="#ffe746">මම මොනවා කරන්නද?
හිස් තිබුණේ මේ කාමරේ විතරයි.</font>

53
00:04:12,085 --> 00:04:13,962
<font color="#ffe746">වැඩ කරන වෙලාවෙනේ අසනීප වුණේ,</font>

54
00:04:14,045 --> 00:04:15,546
<font color="#ffe746">ඉතින් බිල මම ගෙවන්නම්,</font>

55
00:04:15,630 --> 00:04:16,965
<font color="#ffe746">ඒ ගැන වද වෙන්න එපා.</font>

56
00:04:17,465 --> 00:04:19,676
<font color="#ffe746">ඔය කොට්ටෙන් ඔළුව උස්සන්නවත්
හදන්න එපා.</font>

57
00:04:19,759 --> 00:04:21,386
<font color="#ffe746">නැත්නම් මම ඒක අකීකරු වීමක් විදියට සලකලා</font>

58
00:04:21,469 --> 00:04:23,179
<font color="#ffe746">ඔයාගේ ලකුණු ඔක්කොම කපලා දානවා.</font>

59
00:04:23,763 --> 00:04:25,139
<font color="#ffe746">හරි, හා.</font>

60
00:04:30,061 --> 00:04:32,689
<font color="#ffe746">වතුර. මට වතුර ටිකක් ඕනේ.</font>

61
00:04:32,772 --> 00:04:33,940
<font color="#ffe746">හරි. ඉන්නකෝ.</font>

62
00:04:34,023 --> 00:04:35,316
<font color="#ffe746">මට කියන්න. මම ඔක්කොම කරන්නම්.</font>

63
00:04:36,317 --> 00:04:37,527
<font color="#ffe746">සමාවෙන්න.</font>

64
00:04:49,372 --> 00:04:50,665
<font color="#ffe746">ස්තූතියි.</font>

65
00:04:54,961 --> 00:04:56,587
<font color="#ffe746">ෂා, මරුනේ.</font>

66
00:05:16,482 --> 00:05:17,900
<font color="#ffe746">මිස් ගෝ දා-රිම්?</font>

67
00:05:18,985 --> 00:05:21,029
<font color="#ffe746">-මම ආවේ ප්‍රෙෂර් එක බලන්න.
-හා.</font>

68
00:05:30,747 --> 00:05:32,582
<font color="#ffe746">ඒක නම් පුදුමයි.</font>

69
00:05:32,665 --> 00:05:34,250
<font color="#ffe746">ඇයි මේච්චර වැඩි?</font>

70
00:05:37,670 --> 00:05:39,422
<font color="#ffe746">ප්‍රෙෂර් ප්‍රශ්නයක් තියෙනවා කියලා
එමර්ජන්සි එකෙන් කිව්වද?</font>

71
00:05:39,505 --> 00:05:41,424
<font color="#ffe746">නෑ, මම හිතන්නේ නෑ.</font>

72
00:05:41,507 --> 00:05:42,759
<font color="#ffe746">මේ වෙලාවේ,</font>

73
00:05:42,842 --> 00:05:46,763
<font color="#ffe746">ඔයාට හුස්ම ගන්න අමාරු ගතියක්
හෝ මූණට රස්නයක් දැනෙනවද?</font>

74
00:05:47,680 --> 00:05:49,932
<font color="#ffe746">නෑ, මට එහෙම කිසිම අමාරුවක් නෑ.</font>

75
00:05:51,392 --> 00:05:52,602
<font color="#ffe746">මැෂින් එකේ ප්‍රශ්නයක්වත්ද?</font>

76
00:05:52,685 --> 00:05:54,645
<font color="#ffe746">ඔව්, මටත් එහෙම හිතෙනවා.</font>

77
00:05:55,438 --> 00:05:56,564
<font color="#ffe746">-පොඩ්ඩක් ඉන්නකෝ.
-හා.</font>

78
00:05:56,647 --> 00:05:59,067
<font color="#ffe746">-මම අනිත් මැෂින් එක ගෙනත් බලන්නම්.
-හරි.</font>

79
00:06:06,949 --> 00:06:09,202
<font color="#ffe746">-මම…
-ඇයි?</font>

80
00:06:09,285 --> 00:06:12,121
<font color="#ffe746">මම ගිහින් බොන්න මොනවා හරි අරන් එන්නම්.</font>

81
00:06:12,705 --> 00:06:16,709
<font color="#ffe746">හරි, එහෙනම් මම මෙතනට වෙලා ඉන්නම්.</font>

82
00:06:17,251 --> 00:06:18,086
<font color="#ffe746">හරි.</font>

83
00:06:20,505 --> 00:06:21,923
<font color="#ffe746">ඇත්තටම?</font>

84
00:06:52,954 --> 00:06:53,788
<font color="#ffe746">දැන් නම් හොඳයි.</font>

85
00:07:46,424 --> 00:07:47,842
<font color="#ffe746">අම්මේ…</font>

86
00:07:50,887 --> 00:07:52,305
<font color="#ffe746">අසනීප වෙන්න එපා.</font>

87
00:07:55,224 --> 00:07:57,143
<font color="#ffe746">මම මීට වඩා හොඳ වෙන්නම්.</font>

88
00:09:18,808 --> 00:09:20,518
<font color="#ffe746">ඔයා ගෙදර ගියේ නැද්ද…</font>

89
00:09:25,481 --> 00:09:27,567
<font color="#ffe746">මෙච්චර වෙලා මගේ ළඟ හිටියද?</font>

90
00:10:43,726 --> 00:10:44,727
<font color="#ffe746">ආයුබෝවන් සර්.</font>

91
00:10:47,063 --> 00:10:49,523
<font color="#ffe746">ඔයා ගොඩක් වෙලා බලන් ඉන්න ඇති.
සමාවෙන්න, ෆ්ලයිට් එක පරක්කු වුණා.</font>

92
00:10:49,607 --> 00:10:51,359
<font color="#ffe746">ඔයාට මහන්සි ඇතිනේ.
බෑග් එක මට දෙන්න.</font>

93
00:10:51,442 --> 00:10:53,486
<font color="#ffe746">එපා, මේක බර නෑ. යමු.</font>

94
00:10:53,569 --> 00:10:55,029
<font color="#ffe746">ඒ වුණාට සර්, මම…</font>

95
00:10:55,112 --> 00:10:58,032
<font color="#ffe746">කමක් නෑ, මට උස්සගෙන යන්න පුළුවන්. යමු.</font>

96
00:10:58,115 --> 00:10:58,949
<font color="#ffe746">හරි සර්.</font>

97
00:10:59,533 --> 00:11:01,369
<font color="#ffe746">සර්, මෙතනින්.</font>

98
00:11:01,952 --> 00:11:02,953
<font color="#ffe746">මාව අතනට එක්කන් යන්න.</font>

99
00:11:05,331 --> 00:11:06,707
<font color="#ffe746">බල්ලන් රැකබලා ගන්න තැනටද?</font>

100
00:11:07,667 --> 00:11:09,335
<font color="#ffe746">ඒක තියෙන්නේ සර්ගේ ගෙදරට
විරුද්ධ පැත්තේනේ.</font>

101
00:11:10,044 --> 00:11:12,254
<font color="#ffe746">මම දන්නවා. මට ඉස්සෙල්ලා යාළුවෙක්ව හම්බෙන්න ඕනෙ.</font>

102
00:11:12,338 --> 00:11:14,590
<font color="#ffe746">මැඩම් කෑම ලෑස්ති කරලත් ඉවරයි.</font>

103
00:11:14,674 --> 00:11:16,550
<font color="#ffe746">කෙලින්ම ගෙදර යන එක හොඳ නැද්ද?</font>

104
00:11:16,634 --> 00:11:18,177
<font color="#ffe746">කමක් නෑ. අපි ඉස්සෙල්ලා එතනට යමු.</font>

105
00:11:19,512 --> 00:11:20,846
<font color="#ffe746">ඇත්තම කියනවා නම්,</font>

106
00:11:21,430 --> 00:11:24,683
<font color="#ffe746">මැඩම් මට විශේෂයෙන්ම කිව්වා,
සර් කොහේ හරි යමු කිව්වත්,</font>

107
00:11:24,767 --> 00:11:27,103
<font color="#ffe746">ඒක අහන්නේ නැතුව
කෙලින්ම ගෙදර එක්කන් එන්න කියලා.</font>

108
00:11:27,186 --> 00:11:28,604
<font color="#ffe746">එහෙමද.</font>

109
00:11:29,855 --> 00:11:30,898
<font color="#ffe746">එහෙනම් කමක් නෑ.</font>

110
00:11:31,482 --> 00:11:32,900
<font color="#ffe746">-ගෙදර යමු.
-හරි සර්.</font>

111
00:11:46,956 --> 00:11:48,707
<font color="#ffe746">අයියෝ.</font>

112
00:11:48,791 --> 00:11:49,959
<font color="#ffe746">මගේ ළඟ තියෙන්නේ ඩොලර් විතරනේ.</font>

113
00:11:50,459 --> 00:11:52,044
<font color="#ffe746">ඔයා මේ ටික මාරු කරගන්න.</font>

114
00:11:54,755 --> 00:11:56,215
<font color="#ffe746">මේ මොනවද සර්?</font>

115
00:11:56,799 --> 00:11:58,467
<font color="#ffe746">ඇයි පේන්නේ නැද්ද?
මේ ඔයාගේ අර්ථසාධක මුදල.</font>

116
00:11:58,551 --> 00:11:59,677
<font color="#ffe746">-ඇයි සර්?
-ආ.</font>

117
00:11:59,760 --> 00:12:01,679
<font color="#ffe746">හෙට ඉඳන් ආයේ වැඩට එන්න එපා.</font>

118
00:12:02,430 --> 00:12:03,389
<font color="#ffe746">මම මොකක්ද කළේ?</font>

119
00:12:04,974 --> 00:12:06,600
<font color="#ffe746">ඔයාට තාම තේරුණේ නෑ නේද?</font>

120
00:12:07,518 --> 00:12:09,603
<font color="#ffe746">මම කියපු දේ ආයේ කියන්න කැමති නෑ.</font>

121
00:12:09,687 --> 00:12:10,563
<font color="#ffe746">යන්න මෙතනින්.</font>

122
00:12:13,816 --> 00:12:14,692
<font color="#ffe746">පරිස්සමෙන් යන්න.</font>

123
00:12:30,332 --> 00:12:31,500
<font color="#ffe746">අම්මේ.</font>

124
00:12:31,584 --> 00:12:33,294
<font color="#ffe746">ආ, තේ-යොන්ග්!</font>

125
00:12:33,377 --> 00:12:34,962
<font color="#ffe746">එන්න ඇවිත් වාඩි වෙන්න.</font>

126
00:12:35,045 --> 00:12:37,047
<font color="#ffe746">අපේ පාටි එකට හදපු
ආරාධනා පත්‍ර වගයක්.</font>

127
00:12:37,131 --> 00:12:39,300
<font color="#ffe746">බලලා ඔයා කැමතිම එක තෝරගන්න.</font>

128
00:12:40,342 --> 00:12:41,802
<font color="#ffe746">අම්මා මට කොච්චර ආදරේද කියලා මේකෙන් පේනවා.</font>

129
00:12:41,886 --> 00:12:44,096
<font color="#ffe746">ආරාධනා පත්‍ර ගොඩක් හදලා තියෙනවනේ.</font>

130
00:12:44,805 --> 00:12:45,681
<font color="#ffe746">මේ ටික විතරයි මම තෝරගත්තේ.</font>

131
00:12:45,764 --> 00:12:46,724
<font color="#ffe746">එයා කාර්යබහුල කෙනෙක්.</font>

132
00:12:47,641 --> 00:12:48,934
<font color="#ffe746">එයා මෙහෙ ආවේ නිවාඩුවකට නෙවෙයි.</font>

133
00:12:49,435 --> 00:12:51,812
<font color="#ffe746">බොරුවට එයාගේ කාලේ කන්න එපා.</font>

134
00:12:51,896 --> 00:12:53,939
<font color="#ffe746">මම මේ රටේ ලොකුම ව්‍යාපාරික පවුල්
ටිකක් එකතු කරගත්තේ,</font>

135
00:12:54,023 --> 00:12:56,233
<font color="#ffe746">එයාට ගැළපෙන කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයි කියලා.</font>

136
00:12:56,317 --> 00:12:58,402
<font color="#ffe746">අනේ අම්මේ, එයා දික්කසාද වුණා විතරනේ.</font>

137
00:12:58,486 --> 00:13:00,362
<font color="#ffe746">ඒකට දැන් දවස් 374ක් වෙනවනේ.</font>

138
00:13:00,446 --> 00:13:01,780
<font color="#ffe746">හා-යොන්ග් ගෙදර නැද්ද?</font>

139
00:13:01,864 --> 00:13:04,783
<font color="#ffe746">තමන්ගේ අයියා මේච්චර දුරක් ගෙවාගෙන එද්දි
ඒ ළමයා ගෙදර නැත්තේ කොහොමද?</font>

140
00:13:05,367 --> 00:13:06,202
<font color="#ffe746">කවුද දන්නේ?</font>

141
00:13:06,952 --> 00:13:09,121
<font color="#ffe746">ඉතින්, කොහොමද අර ෆන්ඩින් බිස්නස් එකේ වැඩ?</font>

142
00:13:09,830 --> 00:13:11,790
<font color="#ffe746">අපි ටික කාලයක් වෙන්චර් කැපිටල් ගැන බැලුවා,</font>

143
00:13:11,874 --> 00:13:13,501
<font color="#ffe746">ඒත් දැන් අපේ අරමුදල් ප්‍රමාණය වැඩි නිසා,</font>

144
00:13:14,543 --> 00:13:18,506
<font color="#ffe746">අපි බැලුවේ මධ්‍යම පරිමාණයේ හෝ
ලිස්ටඩ් සමාගම් ගැන අවධානය යොමු කරන්න.</font>

145
00:13:18,589 --> 00:13:20,299
<font color="#ffe746">ලොකු සමාගම් ගිලගන්න නේද හදන්නේ?</font>

146
00:13:21,550 --> 00:13:22,551
<font color="#ffe746">ඒක ලේසි වෙන එකක් නෑ.</font>

147
00:13:23,469 --> 00:13:25,721
<font color="#ffe746">කළමනාකාරීත්වය අතට ගන්න එකයි, ප්‍රතිව්‍යුහගත කරන එකයි</font>

148
00:13:26,305 --> 00:13:27,431
<font color="#ffe746">එච්චර ලේසි වෙන එකක් නෑ.</font>

149
00:13:27,515 --> 00:13:28,599
<font color="#ffe746">ඒක ඇත්ත.</font>

150
00:13:28,682 --> 00:13:32,436
<font color="#ffe746">ඒත් කටු නැතුව ලොකු මාළුවෙක් කන එකේ
වාසිය වැඩියිනේ.</font>

151
00:13:36,357 --> 00:13:38,943
<font color="#ffe746">ටඩා!</font>

152
00:13:42,029 --> 00:13:45,032
<font color="#ffe746">ඔයා අද ආවේ ප්‍රදර්ශනේ ගැන මීටින් එකට නේද?</font>

153
00:13:45,115 --> 00:13:46,116
<font color="#ffe746">ඔව්,</font>

154
00:13:46,200 --> 00:13:48,619
<font color="#ffe746">ඒත් ඔයා හිතනවද මම මීටින් එකකට විතරක්
මෙච්චර දුර ආවා කියලා?</font>

155
00:13:48,702 --> 00:13:50,579
<font color="#ffe746">මම මේ ඔක්කොම හැදුවේ ඔයා වෙනුවෙන්.</font>

156
00:13:50,663 --> 00:13:53,499
<font color="#ffe746">මේවා කෑවම ඔයා මට තවත් කැමති වෙයි.</font>

157
00:13:53,582 --> 00:13:55,501
<font color="#ffe746">මේ අහන්නකෝ මිස් යූ, මම--</font>

158
00:13:55,584 --> 00:13:57,795
<font color="#ffe746">හරි හරි, ඉස්සෙල්ලා කාලා බලන්නකෝ.</font>

159
00:14:02,591 --> 00:14:03,759
<font color="#ffe746">කොහොමද?</font>

160
00:14:03,842 --> 00:14:04,802
<font color="#ffe746">ම්ම්, ඒක…</font>

161
00:14:05,928 --> 00:14:06,762
<font color="#ffe746">රහයි.</font>

162
00:14:07,346 --> 00:14:08,889
<font color="#ffe746">ඇත්තට? ඔයා මට කැමතියිනේ?</font>

163
00:14:08,973 --> 00:14:10,641
<font color="#ffe746">නෑ, මම එහෙම එකක් නෙවෙයි කිව්වේ.</font>

164
00:14:11,392 --> 00:14:13,185
<font color="#ffe746">සල්ලිකාර පවුලක ඉන්න තරුණ, ලස්සන,
වැඩකාර දුවෙක්ට</font>

165
00:14:13,269 --> 00:14:14,728
<font color="#ffe746">මේ තරම් රහට උයන්නත් පුළුවන් නේද?</font>

166
00:14:15,854 --> 00:14:19,108
<font color="#ffe746">ඔයා මට කැමති නෑ කියන්නේ
ඔයාට ලොකු ලෙඩක් තියෙනවා.</font>

167
00:14:19,191 --> 00:14:20,317
<font color="#ffe746">ඔයා ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න ඕනෙ.</font>

168
00:14:23,362 --> 00:14:25,489
<font color="#ffe746">කොහොම වුණත්, මම කල්පනා කළේ,</font>

169
00:14:26,031 --> 00:14:27,741
<font color="#ffe746">අපේ ප්‍රදර්ශනයේ නිර්මාණවලින්</font>

170
00:14:27,825 --> 00:14:30,828
<font color="#ffe746">ළමයින්ගේ එදිනෙදා ජීවිතේ ගැන
තව ටිකක් පෙන්නුවොත් මොකද?</font>

171
00:14:32,621 --> 00:14:34,832
<font color="#ffe746">සාමාන්‍ය ජීවිතේ සහ සොබාදහම එකතු වෙන තැනක්?</font>

172
00:14:35,416 --> 00:14:36,458
<font color="#ffe746">ඒ අදහස හොඳයි.</font>

173
00:14:36,542 --> 00:14:37,793
<font color="#ffe746">ඒකෙන් අපිට මතක් කරලා දෙනවා
පරිසරය රකින එක කියන්නේ</font>

174
00:14:37,877 --> 00:14:41,005
<font color="#ffe746">ලොකු ව්‍යාපෘතියක් නෙවෙයි,
අපේ ජීවිතේම කොටසක් කියලා.</font>

175
00:14:42,047 --> 00:14:45,092
<font color="#ffe746">එහෙනම් අපි හැමෝටම සමීප
නිරූපිකාවන් ගත්තොත් මොකද?</font>

176
00:14:45,676 --> 00:14:46,844
<font color="#ffe746">තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?</font>

177
00:14:46,927 --> 00:14:49,930
<font color="#ffe746">වෘත්තීය නිරූපිකාවන් ගන්නවට වඩා,
අපිට පුළුවන් ඇත්ත පවුලක් යොදාගන්න.</font>

178
00:14:50,014 --> 00:14:51,724
<font color="#ffe746">ඇත්ත පවුලක්…</font>

179
00:14:52,433 --> 00:14:54,143
<font color="#ffe746">මේ අර ලස්සන අක්කනේ!</font>

180
00:14:55,227 --> 00:14:56,270
<font color="#ffe746">ජුන්!</font>

181
00:14:56,812 --> 00:14:58,647
<font color="#ffe746">මම හිතුවේ ඔයා පාක් එකට ගියා කියලා.</font>

182
00:14:58,731 --> 00:14:59,899
<font color="#ffe746">මගේ තුවාල වුණා.</font>

183
00:15:00,858 --> 00:15:02,443
<font color="#ffe746">අනේ දෙවියනේ, ඔයා හොඳටම තුවාල කරගෙනනේ.</font>

184
00:15:03,068 --> 00:15:05,321
<font color="#ffe746">ඔහොම ඉන්න. මම බෙහෙත් ටිකක් ගේන්නම්.</font>

185
00:15:08,032 --> 00:15:11,285
<font color="#ffe746">ජුන්, ඔයාට මාව මතක් වුණාද?
මට නම් ඔයාව ගොඩක් මතක් වුණා.</font>

186
00:15:11,368 --> 00:15:12,745
<font color="#ffe746">මටත් මතක් වුණා.</font>

187
00:15:12,828 --> 00:15:15,581
<font color="#ffe746">ඇත්තට? මම දැනන් හිටියා. මෙහෙ එන්නකෝ.</font>

188
00:15:15,664 --> 00:15:17,583
<font color="#ffe746">කාලා බලන්න. මම හැදුවේ.</font>

189
00:15:19,668 --> 00:15:21,253
<font color="#ffe746">හරිම රහයි!</font>

190
00:15:21,337 --> 00:15:23,130
<font color="#ffe746">දැන් ඔයා මට තවත් කැමතියි නේද?</font>

191
00:15:23,213 --> 00:15:25,049
<font color="#ffe746">ඔව්. ගොඩක් කැමතියි.</font>

192
00:15:25,132 --> 00:15:26,926
<font color="#ffe746">ඔයා තාත්තට වඩා ගොඩක් හොඳයි.</font>

193
00:15:27,009 --> 00:15:28,302
<font color="#ffe746">-රහයිද?
-ඔව්.</font>

194
00:15:28,385 --> 00:15:30,220
<font color="#ffe746">හරි. කට අරින්නකෝ.</font>

195
00:15:30,304 --> 00:15:31,597
<font color="#ffe746">මෙයා කන ලස්සන බලන්නකෝ.</font>

196
00:15:31,680 --> 00:15:33,599
<font color="#ffe746">ඔයා හොඳට කනවා. හොඳ ළමයා.</font>

197
00:15:41,649 --> 00:15:43,275
<font color="#ffe746">නැචුරල් බෙබේ
අපි එකට එක්වී තනන හරිත අනාගතයක්</font>

198
00:15:43,359 --> 00:15:47,112
<font color="#ffe746">නැචුරල් බෙබේ ආයතනය විසින් පවත්වන
"අපි එකට එක්වී තනන හරිත අනාගතයක්" වැඩසටහනට</font>

199
00:15:47,196 --> 00:15:50,699
<font color="#ffe746">එකතු වුණු සියලුම අලුත් යුවළවල්
අපි සාදරයෙන් පිළිගන්නවා.</font>

200
00:15:59,416 --> 00:16:02,002
<font color="#ffe746">අවුරුදු විස්සකට කලින්,
නැචුරල් බෙබේ මේ උද්‍යානය හැදුවේ</font>

201
00:16:02,544 --> 00:16:06,548
<font color="#ffe746">අපේ සමාජ සත්කාරක වැඩසටහනේ
එක පියවරක් විදියට ගස් ගොඩක් සිටුවමින්.</font>

202
00:16:07,091 --> 00:16:09,093
<font color="#ffe746">අපි එදා හිටවපු ඒ පුංචි පැළ</font>

203
00:16:09,176 --> 00:16:12,012
<font color="#ffe746">අද මගේ දරුවන්ටත් වඩා උසට හැදිලා</font>

204
00:16:12,096 --> 00:16:13,764
<font color="#ffe746">මේ ලස්සන වනාන්තරය හැදිලා තියෙනවා.</font>

205
00:16:13,847 --> 00:16:15,933
<font color="#ffe746">අද අපි හිටවන මේ පැළත්</font>

206
00:16:16,016 --> 00:16:18,477
<font color="#ffe746">අපේ දරුවොත් එක්කම ලොකු වෙලා</font>

207
00:16:18,560 --> 00:16:20,396
<font color="#ffe746">-හුස්ම ගන්න පිරිසිදු වාතය ලබාදෙයි.
-අන්තිමේදී ඒ දවස ආවා.</font>

208
00:16:20,479 --> 00:16:22,106
<font color="#ffe746">-හුස්ම ගන්න පිරිසිදු වාතය ලබාදෙයි.
-අපි ඇත්තටම මේක කළානේ.</font>

209
00:16:22,940 --> 00:16:25,943
<font color="#ffe746">-නැචුරල් බෙබේ අපි, හැමදාමත් ඔබත් එක්ක ඉන්නවා
-මට හරිම සතුටුයි අනේ.</font>

210
00:16:26,026 --> 00:16:27,653
<font color="#ffe746">-දා-රිම්, මටත් එහෙමයි.
-වගේම උපරිමයෙන් කැපවෙනවා</font>

211
00:16:27,736 --> 00:16:30,864
<font color="#ffe746">-මටත්.
-මේ දේවල් යථාර්ථයක් කරන්න.</font>

212
00:16:30,948 --> 00:16:31,824
<font color="#ffe746">ඔබට ස්තූතියි.</font>

213
00:16:33,158 --> 00:16:35,285
<font color="#ffe746">-ඔයා හොඳින්ද? අනේ දෙවියනේ.
-කන් දේ-සොන්ග්!</font>

214
00:16:35,369 --> 00:16:38,122
<font color="#ffe746">මම කිව්වනේ අම්මා වැඩ කරන තැන
දඟලන්න එපා කියලා.</font>

215
00:16:38,205 --> 00:16:39,707
<font color="#ffe746">මගේ ළඟට වෙලා ඉන්න.</font>

216
00:16:40,749 --> 00:16:42,710
<font color="#ffe746">සමාවෙන්න, මගේ මහත්තයා
වීක් එන්ඩ් එකේ පාට් ටයිම් ජොබ් එකකට ගියා,</font>

217
00:16:42,793 --> 00:16:44,378
<font color="#ffe746">ඉතින් පොඩි එක්කෙනාව බලාගන්න කෙනෙක් නෑ.</font>

218
00:16:44,962 --> 00:16:46,296
<font color="#ffe746">ඔයා එයාව එක්කන් ආපු එක හොඳයි.</font>

219
00:16:46,922 --> 00:16:47,756
<font color="#ffe746">දේ-සොන්ග්.</font>

220
00:16:47,840 --> 00:16:49,258
<font color="#ffe746">ඔයාට කැමති විදියට සෙල්ලම් කරන්න පුළුවන්,</font>

221
00:16:49,341 --> 00:16:52,219
<font color="#ffe746">හැබැයි අපිට පේන මානේ ඉන්න ඕනෙ, හරිද?</font>

222
00:16:52,302 --> 00:16:53,178
<font color="#ffe746">හා.</font>

223
00:16:53,262 --> 00:16:54,888
<font color="#ffe746">ෂෝක්. තව එකක්!</font>

224
00:16:54,972 --> 00:16:56,056
<font color="#ffe746">-ඔයා හරිම කියුට්.
-හරි!</font>

225
00:16:57,266 --> 00:16:59,518
<font color="#ffe746">-ඔයා හරිම හුරතල්නේ.
-හරිම ලස්සනයි!</font>

226
00:17:00,102 --> 00:17:01,186
<font color="#ffe746">ස්තූතියි.</font>

227
00:17:02,521 --> 00:17:06,442
<font color="#ffe746">දැන් අපි පීත්ත පටිය කපලා
උත්සවය ආරම්භ කරනවා.</font>

228
00:17:18,746 --> 00:17:19,830
<font color="#ffe746">මෙන්න ගන්න.</font>

229
00:17:19,913 --> 00:17:21,832
<font color="#ffe746">-ඔයා කැමති එකක් ගන්න.
-ස්තූතියි.</font>

230
00:17:21,915 --> 00:17:22,958
<font color="#ffe746">කරුණාකරලා අතනට යන්න.</font>

231
00:17:23,042 --> 00:17:24,460
<font color="#ffe746">-අපිට මේක ගන්න පුළුවන්ද?
-ඔව්, අනිවාර්යයෙන්ම.</font>

232
00:17:24,543 --> 00:17:26,712
<font color="#ffe746">ඔයාට මේක අරගෙන
අතනින් පැළයකුත් ගන්න පුළුවන්.</font>

233
00:17:26,795 --> 00:17:27,963
<font color="#ffe746">ස්තූතියි.</font>

234
00:17:29,465 --> 00:17:30,507
<font color="#ffe746">මිස් ලී.</font>

235
00:17:30,591 --> 00:17:31,967
<font color="#ffe746">පැළ මල්ල</font>

236
00:17:38,307 --> 00:17:40,601
<font color="#ffe746">ඔයාලා හැමෝම මහන්සි වෙලා වැඩ කරනවා.</font>

237
00:17:40,684 --> 00:17:42,644
<font color="#ffe746">-හේයි!
-අනේ මන්දා.</font>

238
00:17:44,021 --> 00:17:47,900
<font color="#ffe746">ටීඑෆ් ටීම් එක ගොඩක් හොඳට වැඩ කරනවා.</font>

239
00:17:47,983 --> 00:17:49,777
<font color="#ffe746">ඔයාලගෙන් තව ගොඩක් දේවල්
මම බලාපොරොත්තු වෙනවා.</font>

240
00:17:49,860 --> 00:17:52,488
<font color="#ffe746">අපි උපරිම උත්සාහ කරනවා
සර්ගේ බලාපොරොත්තු ඉටු කරන්න.</font>

241
00:17:52,571 --> 00:17:55,741
<font color="#ffe746">අපි අපේ හදවතින්ම කැපවෙලා
වැඩ කරනවා කියලා පොරොන්දු වෙනවා.</font>

242
00:17:55,824 --> 00:17:56,992
<font color="#ffe746">-මමත් පොරොන්දු වෙනවා.
-මමත් එහෙමයි.</font>

243
00:17:57,534 --> 00:17:58,368
<font color="#ffe746">ඒක ඇත්ත.</font>

244
00:17:59,828 --> 00:18:02,790
<font color="#ffe746">මම දන්නවා මේක අමාරු වැඩක් කියලා,
ඒත් දිගටම මේ විදියට වැඩ කරන්න.</font>

245
00:18:02,873 --> 00:18:05,209
<font color="#ffe746">අපෝ, මේක එච්චර අමාරු නෑ සර්.</font>

246
00:18:05,292 --> 00:18:08,462
<font color="#ffe746">කම්පැනි එක වෙනුවෙන් නම්,
ගස් හිටවන එක විතරක් නෙවෙයි.</font>

247
00:18:08,545 --> 00:18:10,714
<font color="#ffe746">අර කන්ද වුණත් අයින් කරන්න පුළුවන්.</font>

248
00:18:10,798 --> 00:18:12,800
<font color="#ffe746">-අපිට පුළුවන්!
-අපිට පුළුවන්!</font>

249
00:18:22,935 --> 00:18:25,312
<font color="#ffe746">හරි, දිගටම හොඳට වැඩ කරන්න.
ඔයාලට ජය!</font>

250
00:18:25,395 --> 00:18:27,648
<font color="#ffe746">-හරි සර්. ස්තූතියි සර්!
-ස්තූතියි සර්!</font>

251
00:18:40,285 --> 00:18:41,286
<font color="#ffe746">මැනුවල් එක ගැන මොකද?</font>

252
00:18:43,872 --> 00:18:45,040
<font color="#ffe746">-ඇයි ඔයා අපේ පස්සෙන් එන්නේ?
-මොකක්ද?</font>

253
00:18:46,291 --> 00:18:47,543
<font color="#ffe746">-මට යන්න ඕනෙ.
-කොහෙද?</font>

254
00:18:47,626 --> 00:18:48,544
<font color="#ffe746">මමත් ගස් හිටවන්නද?</font>

255
00:18:48,627 --> 00:18:50,587
<font color="#ffe746">දැන් මම දිහා බැලුවම පේනවද
මම ගස් ගැන වද වෙනවා වගේ?</font>

256
00:19:01,598 --> 00:19:02,683
<font color="#ffe746">මම ඒක ඔයා වෙනුවෙන් උස්සගෙන යන්නම්.</font>

257
00:19:02,766 --> 00:19:03,934
<font color="#ffe746">-අපි වළ හාරලා ඉවරයි.
-නෑ, මට පුළුවන්.</font>

258
00:19:04,017 --> 00:19:05,477
<font color="#ffe746">කමක් නෑ. මට දෙන්නකො.</font>

259
00:19:05,561 --> 00:19:07,771
<font color="#ffe746">අර බලන්න. එයාලා හැමෝම හරිම උනන්දුවෙන් කරනවා.</font>

260
00:19:07,855 --> 00:19:09,314
<font color="#ffe746">මට ඇත්තටම ඒක ප්‍රශ්නයක් නෑ.</font>

261
00:19:09,398 --> 00:19:10,858
<font color="#ffe746">-බලමුකෝ.
-බඩු උස්සන එක මට හොඳට පුළුවන්.</font>

262
00:19:10,941 --> 00:19:12,651
<font color="#ffe746">ඔයාගෙ ගහට නම තියන්නෙ "දේ-සොං ගහ" කියලා.</font>

263
00:19:12,734 --> 00:19:14,820
<font color="#ffe746">-හරි නේද? ඒ නම දැම්මෙ ඔයා නිසානෙ!
-ඔව්, ඒක හරි.</font>

264
00:19:14,903 --> 00:19:18,240
<font color="#ffe746">මේ ගහ පැළ කළාම,
මේක... වගේ ලොකුවට හැදෙයි.</font>

265
00:19:25,539 --> 00:19:26,373
<font color="#ffe746">ස්තූතියි.</font>

266
00:19:32,546 --> 00:19:33,422
<font color="#ffe746">එක, දෙක.</font>

267
00:19:33,505 --> 00:19:34,339
<font color="#ffe746">තව පොඩ්ඩක් ඉස්සරහට.</font>

268
00:19:35,257 --> 00:19:37,426
<font color="#ffe746">අනේ. බොහොම ස්තූතියි ගොං මහත්තයා.</font>

269
00:19:51,023 --> 00:19:52,274
<font color="#ffe746">අපරාදේ.</font>

270
00:20:07,289 --> 00:20:08,123
<font color="#ffe746">දාන්න, ඕක ඇතුළට දාන්න.</font>

271
00:20:09,249 --> 00:20:10,751
<font color="#ffe746">ආ, හරි. ඔව්.</font>

272
00:20:15,422 --> 00:20:17,341
<font color="#ffe746">දේ-සොං, ඔයා මේක විසි කරනවද?</font>

273
00:20:17,424 --> 00:20:20,469
<font color="#ffe746">නෑ. මම අහලා තියෙනවා මේක පස් යට වැළලුවොත්,
හොඳට ලොකුවට ශක්තිමත්ව හැදෙනවා කියලා.</font>

274
00:20:21,303 --> 00:20:22,221
<font color="#ffe746">ආ එහෙමද.</font>

275
00:20:22,804 --> 00:20:26,975
<font color="#ffe746">ඔයාට ඕනෙ මේ රොබෝව ලොකු කරගෙන
එයාගෙ පිටේ යන්නද?</font>

276
00:20:29,519 --> 00:20:31,146
<font color="#ffe746">හැබැයි නරක ආරංචියක් තියෙනවා දේ-සොං.</font>

277
00:20:31,230 --> 00:20:32,814
<font color="#ffe746">මම දැනටමත් මේ තැන අරගෙන ඉවරයි</font>

278
00:20:32,898 --> 00:20:34,900
<font color="#ffe746">මොකද මටත් ඕනෙ උස යන්න.</font>

279
00:20:35,692 --> 00:20:39,321
<font color="#ffe746">අපි දොස්තර මහත්තයාට කියලා
මේක වෙනස් කරලා තව ලොකු කරගමු.</font>

280
00:20:39,404 --> 00:20:40,447
<font color="#ffe746">මොකද කියන්නෙ?</font>

281
00:20:41,782 --> 00:20:43,700
<font color="#ffe746">-හා!
-හරි. හොඳයි.</font>

282
00:20:43,784 --> 00:20:45,285
<font color="#ffe746">බායි, රොබෝ.</font>

283
00:20:47,287 --> 00:20:48,664
<font color="#ffe746">මොකද මේ කරන්නෙ?</font>

284
00:20:49,414 --> 00:20:52,042
<font color="#ffe746">ඔයානෙ කිව්වෙ ඔයාට උස යන්න ඕනෙ කියලා.
ඉතින් මම ඔයාව හිටෙව්වා.</font>

285
00:20:53,377 --> 00:20:54,753
<font color="#ffe746">මම විතරක් නෙවෙයි උස යන්න ඕනෙ.</font>

286
00:20:55,254 --> 00:20:56,713
<font color="#ffe746">ඔයත් උස යන්න ඕනෙ.</font>

287
00:20:56,797 --> 00:20:58,632
<font color="#ffe746">-ඔයාගෙ කකුල් දෙන්නකො.
-මම දැන් හැදිලා ඉවරයි.</font>

288
00:20:58,715 --> 00:21:00,259
<font color="#ffe746">මගේ උස ගැන මම හොඳටම සතුටු වෙනවා.</font>

289
00:21:00,342 --> 00:21:02,469
<font color="#ffe746">එහෙම කියන්න එපා. උස යන තරමට හොඳයිනෙ.</font>

290
00:21:02,552 --> 00:21:04,012
<font color="#ffe746">මොකද මේ කරන්නෙ?</font>

291
00:21:04,096 --> 00:21:05,389
<font color="#ffe746">නවත්තන්නකො.</font>

292
00:21:05,472 --> 00:21:07,933
<font color="#ffe746">අපි මීටර් දෙකක් විතර උස යමු ගොං මහත්තයා!</font>

293
00:21:08,475 --> 00:21:11,103
<font color="#ffe746">ඔයාවත් ලස්සනට උස යන්න,
මම ඔයාව පැළ කරන්නද?</font>

294
00:21:12,271 --> 00:21:13,105
<font color="#ffe746">එපා, ස්තූතියි.</font>

295
00:21:13,772 --> 00:21:14,606
<font color="#ffe746">හරි.</font>

296
00:21:25,200 --> 00:21:26,034
<font color="#ffe746">එයාලා කොහෙද ගියේ?</font>

297
00:21:27,786 --> 00:21:29,037
<font color="#ffe746">අයියෝ.</font>

298
00:21:41,925 --> 00:21:43,427
<font color="#ffe746">මේක හරිම මහන්සියි.</font>

299
00:21:44,177 --> 00:21:46,013
<font color="#ffe746">ඔයා ඒකට ආසද? දැන් හොඳද?</font>

300
00:21:46,096 --> 00:21:47,222
<font color="#ffe746">ආ, බලන්නකො ඔයාව.</font>

301
00:21:47,306 --> 00:21:49,349
<font color="#ffe746">ඔයා ඒකට ආසයි නේද?</font>

302
00:21:51,476 --> 00:21:52,311
<font color="#ffe746">ජි-හේ.</font>

303
00:22:07,534 --> 00:22:08,618
<font color="#ffe746">ඔයා තාම නැවැත්තුවෙ නැද්ද?</font>

304
00:22:17,294 --> 00:22:18,545
<font color="#ffe746">මම හිතුවෙ ඔයා නැවැත්තුවා කියලා.</font>

305
00:22:24,176 --> 00:22:25,093
<font color="#ffe746">මම නැවැත්තුවා.</font>

306
00:22:26,553 --> 00:22:28,430
<font color="#ffe746">ඒත් කෙනෙක් මට ආයෙත් පටන් ගන්න සිද්ධ කළා.</font>

307
00:22:29,139 --> 00:22:30,140
<font color="#ffe746">මමද වැරදි?</font>

308
00:22:31,475 --> 00:22:34,186
<font color="#ffe746">මම කොහොමද ඔයාගෙ වෙඩින් එකට ආවෙ?</font>

309
00:22:35,062 --> 00:22:36,605
<font color="#ffe746">ගිය අවුරුද්දෙ නත්තලට...</font>

310
00:22:39,066 --> 00:22:41,610
<font color="#ffe746">අපි හිටියෙ මේ හෝටලේම ස්වීට් රූම් එකක.</font>

311
00:22:43,278 --> 00:22:45,614
<font color="#ffe746">ඒකට වැරදි ඔයාගෙ තාත්තා.</font>

312
00:22:45,697 --> 00:22:48,116
<font color="#ffe746">එයා වෙන්න ඇති ඔයාට අද එන්න කිව්වෙ.</font>

313
00:22:48,200 --> 00:22:52,079
<font color="#ffe746">ඉතින් ඔයත් තාත්තා කියන දේ අහන
හොඳ දුවෙක්නේ.</font>

314
00:22:56,625 --> 00:22:57,709
<font color="#ffe746">මම ඒක කිව්වෙ හොඳට.</font>

315
00:22:58,585 --> 00:23:00,670
<font color="#ffe746">මම ඔයාගෙ ඒ ගතියට හැමදාම කැමතියි.</font>

316
00:23:00,754 --> 00:23:02,839
<font color="#ffe746">කීකරු දුවෙක් වෙන්න ඔයා හරිම මහන්සි වෙනවා.</font>

317
00:23:03,548 --> 00:23:04,883
<font color="#ffe746">අනිත් එක ඔයා ඔයාගෙ තත්ත්වෙ දන්නවා.</font>

318
00:23:06,093 --> 00:23:08,512
<font color="#ffe746">එයාගෙ මැරුණු පෙම්වතියගෙ රහස් දරුවා විදිහට...</font>

319
00:23:11,014 --> 00:23:12,182
<font color="#ffe746">ඒක ඔයාට කිසිම බාධාවක් නෙවෙයි වගේ.</font>

320
00:23:17,145 --> 00:23:18,605
<font color="#ffe746">ආ ඒකද මේ ඔක්කොම?</font>

321
00:23:22,609 --> 00:23:24,277
<font color="#ffe746">ඒකයි ඔයා අපි ගැන හැමදාම
රහසක් විදිහට තියාගත්තෙ.</font>

322
00:23:26,613 --> 00:23:27,447
<font color="#ffe746">ඇයි?</font>

323
00:23:30,033 --> 00:23:31,785
<font color="#ffe746">මම ඔයාගෙ අනාගතේට බාධාවක් වෙයි කියලා
බය වුණාද?</font>

324
00:23:36,123 --> 00:23:37,207
<font color="#ffe746">මට සමා වෙන්න.</font>

325
00:23:37,791 --> 00:23:40,210
<font color="#ffe746">මට ලොකු අරමුණු තියෙනවා,
ඒ නිසා ඔයා නිසා පාතට වැටෙන්න මට බෑ.</font>

326
00:23:40,877 --> 00:23:42,087
<font color="#ffe746">හැබැයි බය වෙන්න එපා.</font>

327
00:23:42,671 --> 00:23:44,256
<font color="#ffe746">ඔයාගෙ රහස මම කාටවත් කියන්නෙ නෑ.</font>

328
00:23:45,048 --> 00:23:47,676
<font color="#ffe746">අපි එක පවුලක් නොවුණට,</font>

329
00:23:48,218 --> 00:23:50,679
<font color="#ffe746">මම හිතනවා අපිට එකිනෙකාට උදව් කරගන්න
යාළුවො වෙන්න පුළුවන් වෙයි කියලා.</font>

330
00:24:03,859 --> 00:24:05,235
<font color="#ffe746">මම හිතුවෙ ඔයා ඇමරිකාවෙ කියලා.</font>

331
00:24:05,777 --> 00:24:07,487
<font color="#ffe746">මම පොඩි වැඩකට ආවා.</font>

332
00:24:08,238 --> 00:24:09,239
<font color="#ffe746">ඒ වගේම ඔයාව බලන්නත් එක්ක.</font>

333
00:24:12,868 --> 00:24:15,704
<font color="#ffe746">මම ඩිවෝස් වුණා කියලා ඔයා ආරංචි වෙන්න ඇතිනේ.</font>

334
00:24:18,957 --> 00:24:19,958
<font color="#ffe746">මට ඔයාව මතක් වුණා.</font>

335
00:24:22,502 --> 00:24:23,753
<font color="#ffe746">ඔයාට මොකක්ද ඕනෙ?</font>

336
00:24:23,837 --> 00:24:25,297
<font color="#ffe746">මම ආවෙ ඔයාට කෑම වේලක් අරන් දෙන්න.</font>

337
00:24:26,715 --> 00:24:28,049
<font color="#ffe746">මට ආරංචියි ඔයා දැන් ඩිරෙක්ටර් කෙනෙක් කියලා.</font>

338
00:24:28,967 --> 00:24:30,177
<font color="#ffe746">මට ඔයා ගැන ආඩම්බරයි.</font>

339
00:24:30,802 --> 00:24:32,012
<font color="#ffe746">එහෙම වෙන්න ඕන නෑ.</font>

340
00:24:32,888 --> 00:24:34,264
<font color="#ffe746">මේ හැමදේම ඔයා හින්දා.</font>

341
00:24:35,015 --> 00:24:37,475
<font color="#ffe746">මම අමාරුවෙන් ඉගෙන ගත්තා මිනිස්සු</font>

342
00:24:38,518 --> 00:24:40,478
<font color="#ffe746">මාව අවජාතක ළමයෙක් විදිහට පාත කරලා සලකන එක</font>

343
00:24:40,562 --> 00:24:42,480
<font color="#ffe746">නවත්තන්න නම්, මගේ දක්ෂතාවයෙන්
මගේ වටිනාකම ඔප්පු කරන්න ඕනෙ කියලා.</font>

344
00:24:44,149 --> 00:24:45,650
<font color="#ffe746">ඔයා දන්නවද මම ඇයි ඔයාව දාලා ගියේ කියලා?</font>

345
00:24:47,903 --> 00:24:49,029
<font color="#ffe746">ඔයාට තිබුණෙ</font>

346
00:24:49,779 --> 00:24:51,489
<font color="#ffe746">එයාලගෙයි පුදුම සමානකමක්.</font>

347
00:24:52,908 --> 00:24:53,742
<font color="#ffe746">හරියටම කිව්වොත් ඔයාගෙ ඇස්වල.</font>

348
00:24:57,370 --> 00:24:59,122
<font color="#ffe746">පිටින් පෙන්නුවෙ එහෙම නෑ වගේ වුණාට,</font>

349
00:24:59,748 --> 00:25:01,374
<font color="#ffe746">ඔයා හැම තිස්සෙම බයෙන් හිටියෙ</font>

350
00:25:02,626 --> 00:25:03,960
<font color="#ffe746">ඒ වගේම ආදරේ හිඟා කෑවා.</font>

351
00:25:06,922 --> 00:25:09,925
<font color="#ffe746">හැබැයි මම දකිනවා අන්තිමට හම්බුණාට වඩා
ඔයා ගොඩක් වෙනස් වෙලා කියලා.</font>

352
00:25:10,884 --> 00:25:11,801
<font color="#ffe746">මට දැන් පේනවා</font>

353
00:25:13,261 --> 00:25:14,304
<font color="#ffe746">ඔයාගෙ ඇස්වල තියෙන කෑදරකම.</font>

354
00:25:17,140 --> 00:25:18,225
<font color="#ffe746">දැන් ඒක දන්නවනෙ, ඔයාට යන්න පුළුවන්.</font>

355
00:25:19,392 --> 00:25:21,311
<font color="#ffe746">මට ඔයත් එක්ක සෙල්ලම් කරන්න වුවමනාවක් නෑ.</font>

356
00:25:33,323 --> 00:25:35,242
<font color="#ffe746">ගෝ යොං-සික්
2025 අප්‍රේල් 27</font>

357
00:25:40,413 --> 00:25:41,331
<font color="#ffe746">ඔන්න හරි.</font>

358
00:25:47,212 --> 00:25:48,630
<font color="#ffe746">"ගෝ යොං-සික්"?</font>

359
00:25:49,631 --> 00:25:52,050
<font color="#ffe746">ඒ මගේ නැති වුණ තාත්තාගෙ නම.</font>

360
00:25:54,511 --> 00:25:56,721
<font color="#ffe746">"යොං" කියන්නෙ ශ්‍රේෂ්ඨ කියන එක,
"සික්" කියන්නෙ පැළ කරනවා කියන එක.</font>

361
00:25:58,848 --> 00:26:00,141
<font color="#ffe746">ගහකට දාන්න නියම නම නේද?</font>

362
00:26:02,644 --> 00:26:06,231
<font color="#ffe746">මම හිතනවා ඔයත් මගේ තාත්තා වගේ
ශක්තිමත්ව හැදෙයි කියලා.</font>

363
00:26:08,566 --> 00:26:11,111
<font color="#ffe746">හරි, අපි දැන් ආයෙත් පහළට යමු!</font>

364
00:26:11,194 --> 00:26:12,362
<font color="#ffe746">මහන්සි වුණාට බොහොම ස්තූතියි!</font>

365
00:26:12,904 --> 00:26:14,572
<font color="#ffe746">-මගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? ස්තූතියි.
-හරි.</font>

366
00:26:14,656 --> 00:26:16,783
<font color="#ffe746">වැඩේ ඉවරයි වගේ. අපි යමුද?</font>

367
00:26:17,367 --> 00:26:18,785
<font color="#ffe746">-යමුද?
-ඔව්.</font>

368
00:26:20,203 --> 00:26:22,664
<font color="#ffe746">-ඒක ලස්සනට ආවා.
-ඇත්තද? ගොඩක් ස්තූතියි.</font>

369
00:26:22,747 --> 00:26:23,707
<font color="#ffe746">ඔයාලා දෙන්නටත් එකක් ඕනෙද?</font>

370
00:26:23,790 --> 00:26:26,710
<font color="#ffe746">ගොං මහත්තයා, අපි කණ්ඩායමේ ෆොටෝ එකක් ගමු.</font>

371
00:26:26,793 --> 00:26:29,337
<font color="#ffe746">පොඩ්ඩක් ඉන්න, බේ මැඩම් කොහේද ගියේ?</font>

372
00:26:29,421 --> 00:26:31,047
<font color="#ffe746">නන්-සුක්? එයා දැන් මෙතන හිටියනෙ.</font>

373
00:26:31,631 --> 00:26:33,883
<font color="#ffe746">ද-රිම්, ඔයා දේ-සොංව දැක්කද?</font>

374
00:26:33,967 --> 00:26:35,844
<font color="#ffe746">ඔයාලා දෙන්නා එකට නේද පහළට ගියේ?</font>

375
00:26:35,927 --> 00:26:37,137
<font color="#ffe746">මම එයාව දැක්කෙ නෑ ටික වෙලාවකින්.</font>

376
00:26:37,971 --> 00:26:39,264
<font color="#ffe746">එයා එකපාරටම අතුරුදහන් වුණා.</font>

377
00:26:39,347 --> 00:26:41,224
<font color="#ffe746">එයා කොහෙ ගියාද මන්දා?</font>

378
00:26:41,308 --> 00:26:42,642
<font color="#ffe746">එයා ඔයා එක්කමනෙ හිටියේ.</font>

379
00:26:42,726 --> 00:26:45,228
<font color="#ffe746">-අපි වෙන් වෙලා එයාව හොයමු.
-හරි.</font>

380
00:26:46,646 --> 00:26:48,189
<font color="#ffe746">දේ-සොං!</font>

381
00:26:48,273 --> 00:26:50,108
<font color="#ffe746">-දේ-සොං!
-දේ-සොං!</font>

382
00:26:50,191 --> 00:26:51,609
<font color="#ffe746">මම මේ පැත්තෙන් යන්නම්.</font>

383
00:26:53,320 --> 00:26:54,863
<font color="#ffe746">-දේ-සොං!
-දේ-සොං!</font>

384
00:26:55,447 --> 00:26:56,406
<font color="#ffe746">-දේ-සොං!
-දේ-සොං!</font>

385
00:26:56,489 --> 00:26:57,615
<font color="#ffe746">දේ-සොං!</font>

386
00:26:57,699 --> 00:26:58,658
<font color="#ffe746">දේ-සොං!</font>

387
00:27:00,368 --> 00:27:01,328
<font color="#ffe746">දේ-සොං!</font>

388
00:27:02,120 --> 00:27:03,288
<font color="#ffe746">දේ-සොං!</font>

389
00:27:04,873 --> 00:27:05,749
<font color="#ffe746">කං දේ-සොං!</font>

390
00:27:05,832 --> 00:27:07,751
<font color="#ffe746">-එයා කොහෙ ගියාද?
-මම එනකල් ඉන්න නන්-සුක්.</font>

391
00:27:08,418 --> 00:27:09,461
<font color="#ffe746">දේ-සොං!</font>

392
00:27:09,544 --> 00:27:11,254
<font color="#ffe746">දේ-සොං!</font>

393
00:27:11,338 --> 00:27:12,172
<font color="#ffe746">දේ-සොං...</font>

394
00:27:15,467 --> 00:27:16,426
<font color="#ffe746">ඇතුල්වීම තහනම්</font>

395
00:27:17,635 --> 00:27:18,845
<font color="#ffe746">දේ-සොං.</font>

396
00:27:19,637 --> 00:27:20,472
<font color="#ffe746">දේ-සොං!</font>

397
00:27:21,348 --> 00:27:22,474
<font color="#ffe746">දේ-සොං!</font>

398
00:27:23,266 --> 00:27:24,434
<font color="#ffe746">දේ-සොං!</font>

399
00:27:26,811 --> 00:27:28,021
<font color="#ffe746">දේ-සොං!</font>

400
00:27:28,104 --> 00:27:29,105
<font color="#ffe746">දේ-සොං!</font>

401
00:27:30,982 --> 00:27:32,400
<font color="#ffe746">දේ-සොං!</font>

402
00:27:33,777 --> 00:27:36,154
<font color="#ffe746">දේ-සොං!</font>

403
00:27:36,237 --> 00:27:37,405
<font color="#ffe746">දේ-සොං!</font>

404
00:27:37,489 --> 00:27:38,365
<font color="#ffe746">දේ...</font>

405
00:27:43,661 --> 00:27:44,788
<font color="#ffe746">දේ-සොං!</font>

406
00:27:45,580 --> 00:27:47,207
<font color="#ffe746">කං දේ-සොං!</font>

407
00:28:19,364 --> 00:28:21,366
<font color="#ffe746">ලේනෙක්? විහිළු කරනවද?</font>

408
00:28:21,449 --> 00:28:23,576
<font color="#ffe746">කවුද ඔයාට කිව්වෙ ලේනෙක් පස්සෙ දුවන්න කියලා?</font>

409
00:28:23,660 --> 00:28:25,370
<font color="#ffe746">මම කිව්වනෙ අම්මා ළඟට වෙලා ඉන්න කියලා!</font>

410
00:28:25,453 --> 00:28:27,539
<font color="#ffe746">ඔයා දන්නවද ඔයා නිසා මෙතන කට්ටිය
කොච්චර කරදර වුණාද කියලා?</font>

411
00:28:27,622 --> 00:28:28,832
<font color="#ffe746">මට හිතාගන්නත් බෑ ළමයෝ!</font>

412
00:28:28,915 --> 00:28:30,500
<font color="#ffe746">-නන්-සුක්, දැන් ඇති.
-අනේ මන්දා.</font>

413
00:28:30,583 --> 00:28:31,876
<font color="#ffe746">එයත් බය වෙලා ඉන්නෙ.</font>

414
00:28:31,960 --> 00:28:33,628
<font color="#ffe746">-අපි එයාව හොයා ගත්තනේ. ඒකනේ වැදගත්.
-මට හිතාගන්නත් බෑ.</font>

415
00:28:33,711 --> 00:28:35,797
<font color="#ffe746">-බය වෙන්න එපා. කමක් නෑ දේ-සොං.
-ඇයි ඔයා අඬන්නෙ?</font>

416
00:28:35,880 --> 00:28:36,881
<font color="#ffe746">මදර් ටීඑෆ් කණ්ඩායමේ සාමාජිකා ගෝ ද-රිම්</font>

417
00:28:36,965 --> 00:28:39,843
<font color="#ffe746">කං මහත්තයා, කොහෙද ද-රිම් සහ ගොං මහත්තයා?</font>

418
00:28:39,926 --> 00:28:42,637
<font color="#ffe746">මම ගොං මහත්තයාට කතා කළා,
ඒත් ගෝ මෙනවිය ආන්සර් කරන්නෙ නෑ.</font>

419
00:28:42,720 --> 00:28:44,180
<font color="#ffe746">කමක් නෑ. අම්මා බය වෙලා හිටියෙ.</font>

420
00:28:44,264 --> 00:28:46,266
<font color="#ffe746">එයා බය වෙලා හිටියෙ. කමක් නෑ.</font>

421
00:28:46,349 --> 00:28:47,183
<font color="#ffe746">වැස්ස පටන් ගත්තා.</font>

422
00:28:48,435 --> 00:28:49,477
<font color="#ffe746">-අයියෝ.
-සිරාවට?</font>

423
00:28:49,561 --> 00:28:51,187
<font color="#ffe746">-අයියෝ. නන්-සුක්, වහිනවා.
-අයියෝ.</font>

424
00:28:51,271 --> 00:28:53,231
<font color="#ffe746">-අපි දේ-සොං එක්ක ඉස්සෙල්ලා පහළට යමු.
-අනේ දෙවියනේ.</font>

425
00:28:55,734 --> 00:28:59,487
<font color="#ffe746">ඇතුල්වීම තහනම්</font>

426
00:29:04,909 --> 00:29:05,994
<font color="#ffe746">හෙලෝ, මම එන ගමන්.</font>

427
00:29:12,041 --> 00:29:12,876
<font color="#ffe746">මොකක්?</font>

428
00:29:21,926 --> 00:29:22,927
<font color="#ffe746">ද-රිම්!</font>

429
00:29:24,012 --> 00:29:24,846
<font color="#ffe746">ද-රිම්!</font>

430
00:29:25,680 --> 00:29:26,556
<font color="#ffe746">ද-රිම්!</font>

431
00:29:28,892 --> 00:29:29,768
<font color="#ffe746">ද-රිම්!</font>

432
00:29:30,351 --> 00:29:32,729
<font color="#ffe746">ද-රිම්!</font>

433
00:29:32,812 --> 00:29:33,813
<font color="#ffe746">ද-රිම්!</font>

434
00:29:44,365 --> 00:29:45,283
<font color="#ffe746">ද-රිම්.</font>

435
00:29:51,247 --> 00:29:52,624
<font color="#ffe746">ද-රිම්.</font>

436
00:29:53,625 --> 00:29:54,751
<font color="#ffe746">ද-රිම්.</font>

437
00:29:56,169 --> 00:29:57,003
<font color="#ffe746">ද-රිම්.</font>

438
00:30:00,840 --> 00:30:01,800
<font color="#ffe746">පොඩ්ඩක් ඉන්න.</font>

439
00:30:04,886 --> 00:30:06,888
<font color="#ffe746">-ගොං මහත්තයා?
-ඔයා හොඳින්ද?</font>

440
00:30:06,971 --> 00:30:08,056
<font color="#ffe746">ඔව්.</font>

441
00:30:10,850 --> 00:30:13,186
<font color="#ffe746">දේ-සොං ගැන මොකද? එයාව හම්බුණාද?</font>

442
00:30:13,895 --> 00:30:15,271
<font color="#ffe746">එයා දැන් බේ මැඩම් එක්ක ඉන්නවා.</font>

443
00:30:15,355 --> 00:30:16,481
<font color="#ffe746">ඇති යාන්තම්.</font>

444
00:30:23,780 --> 00:30:25,281
<font color="#ffe746">අපි දැනට අතනට යමු.</font>

445
00:30:40,713 --> 00:30:42,090
<font color="#ffe746">නැචුරල් බේබි සහකාර කළමනාකරු</font>

446
00:30:43,174 --> 00:30:44,843
<font color="#ffe746">හෙලෝ, කං මහත්තයා. කොහොමද ඉවෙන්ට් එක...</font>

447
00:30:46,469 --> 00:30:47,387
<font color="#ffe746">මොකක්?</font>

448
00:30:49,222 --> 00:30:50,515
<font color="#ffe746">හරි, මම එන්නම්.</font>

449
00:30:50,598 --> 00:30:51,683
<font color="#ffe746">ඇයි මොකද?</font>

450
00:30:51,766 --> 00:30:53,434
<font color="#ffe746">ද-රිම්ව කන්දෙදි නැති වෙලා.</font>

451
00:30:53,518 --> 00:30:55,603
<font color="#ffe746">ජූන්ව පොඩ්ඩක් බලාගන්න පුළුවන්ද?</font>

452
00:30:57,105 --> 00:30:58,773
<font color="#ffe746">හරි. ඔයා ඉක්මනට යන්න.</font>

453
00:30:58,857 --> 00:31:00,358
<font color="#ffe746">බොහොම ස්තූතියි.</font>

454
00:31:02,026 --> 00:31:04,279
<font color="#ffe746">පරිස්සමෙන් යන්න. කලබල වෙන්න එපා.</font>

455
00:31:08,157 --> 00:31:09,450
<font color="#ffe746">හෙලෝ, මට එයාව හම්බුණා.</font>

456
00:31:09,534 --> 00:31:10,493
<font color="#ffe746">හම්බුණාද?</font>

457
00:31:11,119 --> 00:31:12,078
<font color="#ffe746">ලොකු දෙයක්.</font>

458
00:31:12,161 --> 00:31:14,497
<font color="#ffe746">-ඔයාලා පහළට එනවද?
-නෑ.</font>

459
00:31:14,581 --> 00:31:17,333
<font color="#ffe746">අපි ඉන්නේ බෑවුමක පල්ලෙහා.
දැන්ම උඩට එන්න අමාරුයි.</font>

460
00:31:17,417 --> 00:31:19,168
<font color="#ffe746">අපි ළඟ පාත ගුහාවක් හොයාගත්තා.</font>

461
00:31:19,252 --> 00:31:20,169
<font color="#ffe746">ගුහාවක්?</font>

462
00:31:20,253 --> 00:31:22,422
<font color="#ffe746">-ඒක තියෙන්නේ...
-ජි-හියොක්, ලයින් එක කැඩෙනවා.</font>

463
00:31:22,505 --> 00:31:23,381
<font color="#ffe746">ආයේ කියන්න...</font>

464
00:31:23,882 --> 00:31:25,091
<font color="#ffe746">හලෝ?</font>

465
00:31:25,174 --> 00:31:26,009
<font color="#ffe746">හලෝ--</font>

466
00:31:26,759 --> 00:31:28,011
<font color="#ffe746">කාන් මහත්තයා, එයා මොකක්ද කිව්වේ?</font>

467
00:31:28,094 --> 00:31:29,888
<font color="#ffe746">කෝල් එක කට් වුණා.</font>

468
00:31:40,231 --> 00:31:41,900
<font color="#ffe746">සේවා සීමාවෙන් බැහැරයි</font>

469
00:31:49,240 --> 00:31:50,909
<font color="#ffe746">වැස්ස පාව්ව ගමන්
එයාලා එහාට යනවාලු.</font>

470
00:31:50,992 --> 00:31:52,118
<font color="#ffe746">හරි.</font>

471
00:31:58,166 --> 00:31:59,167
<font color="#ffe746">පොඩ්ඩක් ඉන්න.</font>

472
00:32:05,715 --> 00:32:06,841
<font color="#ffe746">මේක ගන්න.</font>

473
00:32:06,925 --> 00:32:08,217
<font color="#ffe746">ස්තූතියි.</font>

474
00:32:40,625 --> 00:32:41,834
<font color="#ffe746">දන්නවද,</font>

475
00:32:42,627 --> 00:32:44,712
<font color="#ffe746">ඔයා සමහර දේවල් වලින් හරියට මගේ තාත්තා වගේ.</font>

476
00:32:45,964 --> 00:32:47,048
<font color="#ffe746">ඒ කිව්වේ?</font>

477
00:32:47,632 --> 00:32:48,716
<font color="#ffe746">මගේ තාත්තා</font>

478
00:32:49,884 --> 00:32:52,178
<font color="#ffe746">ඉස්සර ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්.</font>

479
00:32:52,261 --> 00:32:54,597
<font color="#ffe746">මට කරදරයක් වුන හැම වෙලාවෙම,</font>

480
00:32:55,181 --> 00:32:57,016
<font color="#ffe746">එයා හිටපු ගමන් කොහෙන් හරි මතු වෙනවා.</font>

481
00:32:57,976 --> 00:32:59,227
<font color="#ffe746">වැස්ස දවස්වලට,</font>

482
00:33:00,269 --> 00:33:02,689
<font color="#ffe746">එයා කුඩේකුත් අරගෙන
එකපාරටම කොහෙන් හරි එනවා.</font>

483
00:33:03,815 --> 00:33:04,941
<font color="#ffe746">මට තුවාලයක් වුණොත්,</font>

484
00:33:06,192 --> 00:33:09,153
<font color="#ffe746">මාව හොස්පිට්ල් ගෙනියන්න දුවන්නේ
එයා මාව පිටේ තියාගෙන.</font>

485
00:33:09,821 --> 00:33:11,990
<font color="#ffe746">ඒක හරියට නිකන් අපිට ටෙලිපති වගේ
එකක් තිබුණා වගේ.</font>

486
00:33:14,534 --> 00:33:16,869
<font color="#ffe746">ඔයත් හරියට ඒ වගේ.</font>

487
00:33:19,247 --> 00:33:21,207
<font color="#ffe746">දැනුත් ඔයා මගේ ළඟ ඉන්නවනේ.</font>

488
00:33:23,418 --> 00:33:25,086
<font color="#ffe746">ඇත්තටම පුදුමයි.</font>

489
00:33:27,463 --> 00:33:28,840
<font color="#ffe746">කවුරුහරි ඔයා ගැන බලාගන්නවා.</font>

490
00:33:29,382 --> 00:33:30,216
<font color="#ffe746">මොකක්ද?</font>

491
00:33:34,178 --> 00:33:35,221
<font color="#ffe746">ඔයාගේ තාත්තා විදිහට,</font>

492
00:33:36,597 --> 00:33:38,182
<font color="#ffe746">එයා ඔයා ගැන ඇහැ ගහගෙන ඉන්නවා ඇති.</font>

493
00:33:39,892 --> 00:33:41,894
<font color="#ffe746">කොච්චර දුර හිටියත්,
ඒ බය එහෙම්මමයිනේ.</font>

494
00:33:50,862 --> 00:33:51,696
<font color="#ffe746">ඒක ඇත්ත.</font>

495
00:33:52,697 --> 00:33:54,115
<font color="#ffe746">තාත්තා නැති වුණාට පස්සේ</font>

496
00:33:54,949 --> 00:33:56,743
<font color="#ffe746">මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා.</font>

497
00:33:57,785 --> 00:33:59,620
<font color="#ffe746">මම අම්මා ඉස්සරහා ඒක පෙන්නුවේ නෑ...</font>

498
00:34:01,622 --> 00:34:04,083
<font color="#ffe746">ඒත් එයා නැති අඩුව මට ගොඩක් දැනුණා.</font>

499
00:34:15,720 --> 00:34:17,138
<font color="#ffe746">ඒ නිසාද ඔයා කලින්ම මැරි කළේ?</font>

500
00:34:19,515 --> 00:34:20,516
<font color="#ffe746">තාත්තා නැති අඩුව</font>

501
00:34:21,976 --> 00:34:23,978
<font color="#ffe746">පුරවගන්න ඕන වුණ නිසාද?</font>

502
00:34:29,108 --> 00:34:30,234
<font color="#ffe746">මම දන්නේ නෑ.</font>

503
00:34:31,527 --> 00:34:33,905
<font color="#ffe746">ඒත් ඒක වෙන්න පුළුවන් දෙයක්.</font>

504
00:34:38,493 --> 00:34:39,702
<font color="#ffe746">ඔයාට තව ටිකක් කල් ගන්න තිබුණා.</font>

505
00:34:41,287 --> 00:34:42,538
<font color="#ffe746">ඇයි ඔච්චර ඉක්මන් වුණේ?</font>

506
00:34:43,873 --> 00:34:44,749
<font color="#ffe746">මොකක්ද?</font>

507
00:34:47,126 --> 00:34:48,169
<font color="#ffe746">නෑ මුකුත් නෑ.</font>

508
00:34:51,798 --> 00:34:53,549
<font color="#ffe746">මේ වැස්ස කවදා පාව්විද දන්නේ නෑ.</font>

509
00:34:57,637 --> 00:34:58,888
<font color="#ffe746">අපිට කවදා විතර ආයේ උඩට යන්න පුළුවන් වෙයිද?</font>

510
00:34:58,971 --> 00:35:00,848
<font color="#ffe746">පැයකින් විතර පුළුවන් වෙයිද කියලා අපි බලමුකෝ.</font>

511
00:35:00,932 --> 00:35:03,142
<font color="#ffe746">-මොකද වුණේ?
-ආ, කිම් මහත්තයා.</font>

512
00:35:03,226 --> 00:35:04,811
<font color="#ffe746">වෙලාවට ගොන් මහත්තයා එයාව හොයාගෙන.</font>

513
00:35:04,894 --> 00:35:06,521
<font color="#ffe746">දැන් දෙන්නත් එක්ක ගුහාවක ඉන්නේ.</font>

514
00:35:06,604 --> 00:35:09,816
<font color="#ffe746">වැස්ස පාව්ව ගමන් මම රෙස්කියු ටීම් එක
එක්ක එහාට යනවා.</font>

515
00:35:10,358 --> 00:35:13,069
<font color="#ffe746">දැනට ඇතුළු වෙන්න අමාරුයි.
පැයකින් විතර යන්න පුළුවන් වෙයි.</font>

516
00:35:15,196 --> 00:35:16,739
<font color="#ffe746">-කිම් මහත්තයා!
-අයියෝ! කිම් මහත්තයා!</font>

517
00:35:16,823 --> 00:35:18,533
<font color="#ffe746">-කිම් මහත්තයා!
-දෙවියනේ.</font>

518
00:35:18,616 --> 00:35:20,368
<font color="#ffe746">අයියෝ. දැන් අපි මොකද කරන්නේ?</font>

519
00:35:20,451 --> 00:35:21,369
<font color="#ffe746">කිම් මහත්තයා!</font>

520
00:35:22,078 --> 00:35:23,204
<font color="#ffe746">දා-රිම්!</font>

521
00:35:24,539 --> 00:35:25,832
<font color="#ffe746">ගෝ දා-රිම්!</font>

522
00:35:27,917 --> 00:35:29,043
<font color="#ffe746">දා-රිම්!</font>

523
00:36:03,119 --> 00:36:05,329
<font color="#ffe746">ඔයාටත් සීතල ඇතිනේ.</font>

524
00:36:07,123 --> 00:36:08,166
<font color="#ffe746">මම හොඳින්.</font>

525
00:36:10,376 --> 00:36:11,627
<font color="#ffe746">මට සමා වෙන්න.</font>

526
00:36:44,535 --> 00:36:46,579
<font color="#ffe746">අපි ටික වෙලාවක් මෙහෙම ඉමු,</font>

527
00:36:47,496 --> 00:36:48,831
<font color="#ffe746">වෙන මුකුත් හිතන්නේ නැතුව.</font>

528
00:37:41,467 --> 00:37:42,885
<font color="#ffe746">යස්!</font>

529
00:37:47,139 --> 00:37:47,974
<font color="#ffe746">චෙක්මේට්.</font>

530
00:37:49,183 --> 00:37:50,726
<font color="#ffe746">යස්! එන්නකෝ බලන්න!</font>

531
00:37:53,145 --> 00:37:54,897
<font color="#ffe746">සමහර අභියෝග මගහරින එක තමයි හොඳම දේ.</font>

532
00:37:54,981 --> 00:37:57,149
<font color="#ffe746">මම පොඩි කාලේ හන්නම්-දොං වල හිටපු
චෙස් වැඩකාරයෙක්.</font>

533
00:37:57,233 --> 00:37:58,901
<font color="#ffe746">කොහොමද ඔයා වැඩකාරයෙක් වුණේ?</font>

534
00:37:59,485 --> 00:38:00,987
<font color="#ffe746">-දැනගන්න ඕනද?
-ඔව්.</font>

535
00:38:01,070 --> 00:38:01,988
<font color="#ffe746">ලේසියි.</font>

536
00:38:02,989 --> 00:38:05,074
<font color="#ffe746">පාඩම් කරන්න එපා. චෙස් විතරක් ගහන්න.</font>

537
00:38:05,157 --> 00:38:06,492
<font color="#ffe746">එහෙමද.</font>

538
00:38:08,995 --> 00:38:10,204
<font color="#ffe746">අපි තව එකක් ගහමුද.</font>

539
00:38:10,955 --> 00:38:12,540
<font color="#ffe746">බෑ, අපි දැනටමත් ගොඩක් ගැහුවා.</font>

540
00:38:12,623 --> 00:38:13,874
<font color="#ffe746">දැන් ඔයා නිදාගන්න ඕන.</font>

541
00:38:13,958 --> 00:38:16,752
<font color="#ffe746">තාත්තා එක්ක සෙල්ලම් කරලා වැඩක් නෑ
මොකද එයාට චෙස් බෑනේ.</font>

542
00:38:16,836 --> 00:38:20,047
<font color="#ffe746">ඔයා මට එක දෙයක් කිව්වොත්
මම තව එක පාරක් සෙල්ලම් කරනවා.</font>

543
00:38:20,131 --> 00:38:21,465
<font color="#ffe746">මොකක්ද ඒ?</font>

544
00:38:22,091 --> 00:38:25,177
<font color="#ffe746">ඔයා හැරුණම ඔයාගේ තාත්තා කැමති මොනවටද?</font>

545
00:38:25,845 --> 00:38:27,930
<font color="#ffe746">-ෆ්‍රයිඩ් චිකන්, අමරිකානෝ, ඊටපස්සේ--
-පොඩ්ඩක් ඉන්න.</font>

546
00:38:29,181 --> 00:38:31,475
<font color="#ffe746">ෆ්‍රයිඩ් චිකන්, අමරිකානෝ, ඊටපස්සේ?</font>

547
00:38:31,559 --> 00:38:32,393
<font color="#ffe746">බ්ලැක්පින්ක්.</font>

548
00:38:36,647 --> 00:38:38,524
<font color="#ffe746">එතකොට එයා අකමැති මොනවටද?</font>

549
00:38:39,942 --> 00:38:41,277
<font color="#ffe746">පොරොන්දු කඩ කරනවට.</font>

550
00:38:41,360 --> 00:38:42,611
<font color="#ffe746">පොරොන්දු?</font>

551
00:38:42,695 --> 00:38:45,114
<font color="#ffe746">පොඩි කෑම කාලා දත් මදිනවා කියලා
පොරොන්දු වෙලා මැද්දේ නැත්තම්,</font>

552
00:38:45,197 --> 00:38:47,658
<font color="#ffe746">නැත්තම් සෙල්ලම් බඩු අස් කරනවා කියලා
පොරොන්දු වෙලා අස් කළේ නැත්තම්,</font>

553
00:38:47,742 --> 00:38:48,743
<font color="#ffe746">එයාට ගොඩක් කේන්ති යනවා.</font>

554
00:38:50,870 --> 00:38:51,787
<font color="#ffe746">ආ එහෙමද.</font>

555
00:38:52,663 --> 00:38:53,581
<font color="#ffe746">පොරොන්දු කඩ කරනවට?</font>

556
00:38:58,169 --> 00:38:59,587
<font color="#ffe746">ගෝ දා-රිම්!</font>

557
00:39:00,546 --> 00:39:02,256
<font color="#ffe746">කොහෙද ඔයා ඉන්නේ දා-රිම්?</font>

558
00:39:03,466 --> 00:39:04,550
<font color="#ffe746">දා-රිම්!</font>

559
00:39:05,301 --> 00:39:06,969
<font color="#ffe746">ගෝ දා-රිම්!</font>

560
00:39:07,887 --> 00:39:09,096
<font color="#ffe746">ඔයාට මාව ඇහෙනවද?</font>

561
00:39:12,016 --> 00:39:13,601
<font color="#ffe746">කොහෙද ඔයා ඉන්නේ දා-රිම්?</font>

562
00:39:25,654 --> 00:39:26,655
<font color="#ffe746">ගොන් මහත්තයා.</font>

563
00:39:27,990 --> 00:39:29,408
<font color="#ffe746">මට හිතෙන්නේ මම හොඳින්...</font>

564
00:39:32,078 --> 00:39:33,996
<font color="#ffe746">ඔයාට හොඳයිද?</font>

565
00:39:35,414 --> 00:39:36,665
<font color="#ffe746">ඇඟ ගිනි ගන්නවා වගේනේ.</font>

566
00:39:40,086 --> 00:39:41,712
<font color="#ffe746">ගොන් මහත්තයා, ඔයාට අමාරුද?</font>

567
00:39:42,296 --> 00:39:43,881
<font color="#ffe746">අයියෝ. මේ සේරම මම හින්දා.</font>

568
00:39:43,964 --> 00:39:45,716
<font color="#ffe746">ඔයාගේ ඇඟ හොඳටම රස්නෙයි.</font>

569
00:39:46,258 --> 00:39:47,093
<font color="#ffe746">ඔයාට ඔකේද?</font>

570
00:39:47,676 --> 00:39:49,762
<font color="#ffe746">ඔයා මගේ ළඟ ඉන්න ඕන.</font>

571
00:39:51,305 --> 00:39:53,015
<font color="#ffe746">ඔයාට ඔකේද?</font>

572
00:39:56,394 --> 00:39:58,604
<font color="#ffe746">ඔයාට මාව ඇහෙනවද?</font>

573
00:40:01,232 --> 00:40:02,942
<font color="#ffe746">මට සමා වෙන්න. මේ සේරම මම හින්දා.</font>

574
00:40:13,744 --> 00:40:14,578
<font color="#ffe746">මම...</font>

575
00:40:17,415 --> 00:40:18,916
<font color="#ffe746">හොඳ කෙනෙක් නෙමෙයි.</font>

576
00:40:20,167 --> 00:40:21,043
<font color="#ffe746">මොකක්?</font>

577
00:40:21,627 --> 00:40:22,586
<font color="#ffe746">මගෙත්...</font>

578
00:40:25,047 --> 00:40:26,006
<font color="#ffe746">හිත වැනෙනවා.</font>

579
00:40:27,842 --> 00:40:29,385
<font color="#ffe746">මට හිතෙන්නේ</font>

580
00:40:29,885 --> 00:40:32,638
<font color="#ffe746">ඔයා ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක් කියලා.</font>

581
00:40:34,014 --> 00:40:36,934
<font color="#ffe746">ඔයා මට හොඳ,
මම ඔයාගේ ටීම් එකේ කෙනෙක් නිසානේ.</font>

582
00:40:37,935 --> 00:40:39,145
<font color="#ffe746">ඒත්...</font>

583
00:40:45,818 --> 00:40:49,071
<font color="#ffe746">මට මගේ හිත වැනෙනවා වගේ දැනෙනවා.</font>

584
00:41:23,439 --> 00:41:24,440
<font color="#ffe746">දා-රිම්!</font>

585
00:41:26,025 --> 00:41:27,151
<font color="#ffe746">දා-රිම්!</font>

586
00:41:27,234 --> 00:41:28,110
<font color="#ffe746">දා...</font>

587
00:41:29,695 --> 00:41:30,821
<font color="#ffe746">දා-රිම්?</font>

588
00:41:30,905 --> 00:41:32,323
<font color="#ffe746">දා-රිම්!</font>

589
00:41:33,073 --> 00:41:34,533
<font color="#ffe746">දා-රිම්! ඔයා හොඳින්ද?</font>

590
00:41:35,034 --> 00:41:36,660
<font color="#ffe746">ඔයාට තුවාල වුණාද?</font>

591
00:41:36,744 --> 00:41:38,162
<font color="#ffe746">කොහෙ හරි තුවාලද?</font>

592
00:41:38,245 --> 00:41:39,163
<font color="#ffe746">නෑ, මම හොඳින්.</font>

593
00:41:45,419 --> 00:41:47,546
<font color="#ffe746">මම හොඳින්, ඒත් ගොන් මහත්තයාට...</font>

594
00:41:52,801 --> 00:41:54,762
<font color="#ffe746">යමු. එන්න.</font>

595
00:41:55,513 --> 00:41:57,014
<font color="#ffe746">හරි, යමු.</font>

596
00:41:57,097 --> 00:41:57,932
<font color="#ffe746">හෙමින්, හෙමින්.</font>

597
00:41:58,015 --> 00:41:59,099
<font color="#ffe746">පරිස්සමෙන්.</font>

598
00:42:00,935 --> 00:42:01,852
<font color="#ffe746">-මගේ අතින් අල්ලගන්න.
-හරි.</font>

599
00:42:33,175 --> 00:42:34,802
<font color="#ffe746">ඔයාලා මේ මොකද කරන්නේ?</font>

600
00:42:50,025 --> 00:42:51,235
<font color="#ffe746">ජි-හියොක්!</font>

601
00:42:51,986 --> 00:42:53,320
<font color="#ffe746">එයාලා මෙහේ!</font>

602
00:43:09,211 --> 00:43:10,921
<font color="#ffe746">-යමු.
-හරි.</font>

603
00:43:11,589 --> 00:43:13,215
<font color="#ffe746">හෙමින්. බලාගෙන.</font>

604
00:43:14,425 --> 00:43:15,301
<font color="#ffe746">පරිස්සමෙන්.</font>

605
00:43:18,804 --> 00:43:19,638
<font color="#ffe746">හෙමින්.</font>

606
00:43:20,764 --> 00:43:21,765
<font color="#ffe746">හෙමින්.</font>

607
00:43:24,435 --> 00:43:25,269
<font color="#ffe746">ජි-හියොක්!</font>

608
00:43:25,978 --> 00:43:26,812
<font color="#ffe746">ජි-හියොක්!</font>

609
00:43:27,354 --> 00:43:28,856
<font color="#ffe746">ඒයි, ජි-හියොක්!</font>

610
00:43:28,939 --> 00:43:30,357
<font color="#ffe746">එයාලා මෙහේ!</font>

611
00:43:32,026 --> 00:43:32,985
<font color="#ffe746">ගෝ මෙනවිය, ඔයාට හොඳයි නේද?</font>

612
00:43:33,694 --> 00:43:35,195
<font color="#ffe746">ජි-හියොක්!</font>

613
00:43:35,279 --> 00:43:36,196
<font color="#ffe746">ජි-හියොක්!</font>

614
00:43:36,989 --> 00:43:37,906
<font color="#ffe746">ඔයාට හොඳයි නේද?</font>

615
00:43:40,034 --> 00:43:41,243
<font color="#ffe746">මම කොච්චර බය වුණාද දන්නවද?</font>

616
00:43:42,036 --> 00:43:42,995
<font color="#ffe746">මට තුවායක් දෙනවද?</font>

617
00:43:43,704 --> 00:43:44,788
<font color="#ffe746">මට නම් හිතාගන්නත් බෑ.</font>

618
00:43:46,915 --> 00:43:48,500
<font color="#ffe746">එයාව පෙරවන්න මොනවා හරි දෙනවද?</font>

619
00:44:00,512 --> 00:44:01,472
<font color="#ffe746">මෙන්න.</font>

620
00:44:02,931 --> 00:44:06,226
<font color="#ffe746">කාන් මහත්තයා තමයි මේක ඇහිඳලා තියෙන්නේ.
ඔයා වැටුණු තැන තිබිලා හම්බෙලා.</font>

621
00:44:06,310 --> 00:44:07,561
<font color="#ffe746">හරි.</font>

622
00:44:07,645 --> 00:44:08,896
<font color="#ffe746">මම එයාට ස්තූති කරන්න ඕන.</font>

623
00:44:12,066 --> 00:44:12,900
<font color="#ffe746">දා-රිම්.</font>

624
00:44:13,567 --> 00:44:14,443
<font color="#ffe746">ඇයි?</font>

625
00:44:15,027 --> 00:44:17,696
<font color="#ffe746">ඇයි ගොන් මහත්තයා ඉස්සෙල්ලා එහෙම කළේ?</font>

626
00:44:17,780 --> 00:44:19,531
<font color="#ffe746">මම එතන ඉද්දිත්,
එයා ඔයාගේ අත අතාරින්න කැමති වුණේ නෑනේ.</font>

627
00:44:22,743 --> 00:44:24,203
<font color="#ffe746">සමහර විට ඔයා ඔය ජොබ් එකෙන් අයින් වෙන්න ඕන.</font>

628
00:44:25,788 --> 00:44:27,873
<font color="#ffe746">ඇයි එකපාරටම එහෙම කියන්නේ?</font>

629
00:44:27,956 --> 00:44:30,959
<font color="#ffe746">හොස්පිට්ල් බිල් එකයි ණය පොලියයි
මම කොහොම හරි බලාගන්නම්.</font>

630
00:44:31,043 --> 00:44:32,670
<font color="#ffe746">මම ෆොටෝග්‍රැෆි එක්සිබිෂන් එකෙන්
කලින් සල්ලි ඉල්ලගන්නම්.</font>

631
00:44:33,504 --> 00:44:34,421
<font color="#ffe746">ඇයි ඔයා එහෙම කරන්නේ?</font>

632
00:44:36,715 --> 00:44:37,591
<font color="#ffe746">මොකක්?</font>

633
00:44:37,675 --> 00:44:39,551
<font color="#ffe746">ඇයි ඔයා ඒ වගේ දෙයක් කරන්නේ?</font>

634
00:44:40,177 --> 00:44:41,679
<font color="#ffe746">මම ඔයාගේ අදහස අගය කරනවා,</font>

635
00:44:42,262 --> 00:44:44,640
<font color="#ffe746">ඒත් සල්ලි හින්දා මට මගේ යාළුවෙක්ව
නැති කරගන්න ඕන නෑ.</font>

636
00:44:47,935 --> 00:44:50,062
<font color="#ffe746">එතකොට ගොන් මහත්තයාගෙන් යැපෙන එක අවුලක් නැද්ද?</font>

637
00:44:55,984 --> 00:44:56,819
<font color="#ffe746">මොකක්ද?</font>

638
00:44:56,902 --> 00:44:59,947
<font color="#ffe746">එයා ඔයාගේ ණය ගෙවපු හැටි ගැනයි
අද එයා කරපු දේ ගැනයි හිතන්න.</font>

639
00:45:00,030 --> 00:45:01,907
<font color="#ffe746">මට නම් පේන්නේ ඔයයි ගොන් මහත්තයයි</font>

640
00:45:01,990 --> 00:45:04,410
<font color="#ffe746">නිකන්ම ටීම් ලීඩර් කෙනෙකුයි
ටීම් මෙම්බර් කෙනෙකුයි වගේ නෙමෙයි.</font>

641
00:45:05,244 --> 00:45:07,246
<font color="#ffe746">මට නම් හිතෙන්නේ
එයාට ඔයා ගැන අදහසක් තියෙනවා.</font>

642
00:45:07,329 --> 00:45:08,455
<font color="#ffe746">එහෙම දෙයක් නෑ.</font>

643
00:45:09,039 --> 00:45:10,916
<font color="#ffe746">එයාට අසනීප හින්දා සිහියක් තිබ්බේ නෑනේ.</font>

644
00:45:10,999 --> 00:45:12,209
<font color="#ffe746">ඒකයි එයා එහෙම කළේ.</font>

645
00:45:12,876 --> 00:45:13,752
<font color="#ffe746">ඒකයි නේ.</font>

646
00:45:14,711 --> 00:45:15,546
<font color="#ffe746">ඔව්.</font>

647
00:45:32,104 --> 00:45:34,064
<font color="#ffe746">අපි ඉමර්ජන්සි එකට ගිහින් යමු.</font>

648
00:45:34,982 --> 00:45:36,692
<font color="#ffe746">ඔයාගේ මූණත් සුදු මැලි වෙලා.</font>

649
00:45:39,361 --> 00:45:40,696
<font color="#ffe746">මම උණට බෙහෙත් ගත්තා.</font>

650
00:45:41,488 --> 00:45:42,364
<font color="#ffe746">මම හොඳින්.</font>

651
00:45:42,448 --> 00:45:43,907
<font color="#ffe746">මම දන්නවා, ඒත්.</font>

652
00:45:45,826 --> 00:45:47,327
<font color="#ffe746">මට ගෙදර යන්න ඕන.</font>

653
00:45:49,121 --> 00:45:50,122
<font color="#ffe746">මට රෙස්ට් කරන්න ඕන.</font>

654
00:46:32,498 --> 00:46:34,124
<font color="#ffe746">මිස්ටර් ගොන්, ඔයා නම් පවුලට හරි ලැදියි.</font>

655
00:46:34,208 --> 00:46:36,210
<font color="#ffe746">ඔයා වයිෆ්ව බලාගන්නත් එනවනේ.</font>

656
00:46:36,293 --> 00:46:39,004
<font color="#ffe746">අනේ මන්දා, මම කරන්නේ හරි දේ විතරයි.</font>

657
00:46:39,087 --> 00:46:41,715
<font color="#ffe746">මේක ගැන ආටිකල් එකක් ලියලා
වැඩක් වෙයිද මන්දා.</font>

658
00:46:45,511 --> 00:46:47,095
<font color="#ffe746">මෙතන තමයි.</font>

659
00:46:47,179 --> 00:46:48,430
<font color="#ffe746">ඇතුලට එන්න.</font>

660
00:46:50,140 --> 00:46:50,974
<font color="#ffe746">ඩාලිං.</font>

661
00:46:59,983 --> 00:47:02,152
<font color="#ffe746">එයා ඇවිදින්නවත් ගියාද?</font>

662
00:47:02,736 --> 00:47:04,696
<font color="#ffe746">ගිහින් එයා ඉන්නවද බලන්න.
රිපෝටර් බලන් ඉන්නවා.</font>

663
00:47:04,780 --> 00:47:06,156
<font color="#ffe746">හරි සර්.</font>

664
00:47:14,623 --> 00:47:16,041
<font color="#ffe746">එයාට අදම මේක ගන්න ඕනලුද?</font>

665
00:47:16,124 --> 00:47:17,501
<font color="#ffe746">එයා බලාපොරොත්තු වෙන්නේ අලුත් ප්‍රොඩක්ට් එක
එළිදක්වන ගමන්ම,</font>

666
00:47:17,584 --> 00:47:19,169
<font color="#ffe746">එයා වයිෆ්ට සාත්තු කරන ෆොටෝ එකකුත්
රිලීස් කරන්න.</font>

667
00:47:19,253 --> 00:47:22,130
<font color="#ffe746">අනේ මන්දා, එයත් මේ වෙලාවේම හැංගිලා
අපිව අමාරුවේ දාන්න ඕනද?</font>

668
00:47:24,299 --> 00:47:26,677
<font color="#ffe746">-අන්න එයා ඉන්නවා. අරහේ.
-මොකක්?</font>

669
00:47:33,850 --> 00:47:35,185
<font color="#ffe746">අර පැත්තට යන්න. පඩිපෙළ බලන්න.</font>

670
00:47:42,442 --> 00:47:44,778
<font color="#ffe746">මම සභාපති ගොන්ග්ගේ ලේකම්.
එතුමාගේ නෝනා VIP රූම් එකේ නැහැ.</font>

671
00:47:44,861 --> 00:47:46,280
<font color="#ffe746">එයා මේ පැත්තට ආවද දන්නේ නෑ?</font>

672
00:47:46,363 --> 00:47:49,116
<font color="#ffe746">එයා දැන් කාමරේ හිටියනේ.
කොහේ ගියාද දන්නේ නෑ.</font>

673
00:47:49,658 --> 00:47:51,034
<font color="#ffe746">අපිට එයාව දැන්ම හොයාගන්න ඕන.</font>

674
00:47:51,118 --> 00:47:53,912
<font color="#ffe746">කරුණාකරලා නිවේදනයක් කරලා
සෙකියුරිටි එකට දැනුම් දෙන්න.</font>

675
00:47:53,996 --> 00:47:55,372
<font color="#ffe746">හරි.</font>

676
00:48:05,716 --> 00:48:06,925
<font color="#ffe746">අම්මෝ!</font>

677
00:48:07,009 --> 00:48:08,552
<font color="#ffe746">-සමාවෙන්න.
-මොකක්ද අනේ මේ?</font>

678
00:48:09,261 --> 00:48:10,887
<font color="#ffe746">-පුදුම වැඩක්නේ.
-මිස්, මේ පැත්තට,</font>

679
00:48:10,971 --> 00:48:13,015
<font color="#ffe746">වාත්තුවරු අරන් කාන්තාවක් ආවද?</font>

680
00:48:13,098 --> 00:48:14,600
<font color="#ffe746">-ආවා.
-කෝ එයා?</font>

681
00:48:15,434 --> 00:48:16,351
<font color="#ffe746">අන්න අතනයි, අතනයි ඉන්නේ.</font>

682
00:48:17,019 --> 00:48:18,520
<font color="#ffe746">මෙතන වාත්තුවරු නැත්තේ මට විතරයි.</font>

683
00:48:18,604 --> 00:48:19,980
<font color="#ffe746">නෑ, ඒ අය නෙවෙයි.</font>

684
00:48:20,063 --> 00:48:21,857
<font color="#ffe746">අනිත් කාමරවල ඉන්න ලෙඩ්ඩු ගැන
නම් මම දන්නේ නෑ.</font>

685
00:48:21,940 --> 00:48:23,108
<font color="#ffe746">සමාවෙන්න.</font>

686
00:48:23,191 --> 00:48:24,526
<font color="#ffe746">අනේ මන්දා.</font>

687
00:48:24,610 --> 00:48:26,361
<font color="#ffe746">මම හොඳටම බය වුණානේ.</font>

688
00:48:29,656 --> 00:48:30,866
<font color="#ffe746">එයා ගියා.</font>

689
00:48:30,949 --> 00:48:31,783
<font color="#ffe746">දැන් එළියට එන්න පුළුවන්.</font>

690
00:48:32,701 --> 00:48:33,702
<font color="#ffe746">ස්තූතියි.</font>

691
00:48:43,253 --> 00:48:45,380
<font color="#ffe746">මේක බොන්නකෝ.</font>

692
00:48:55,641 --> 00:48:57,267
<font color="#ffe746">ඇයි ඔයා එයාට හැංගුණේ?</font>

693
00:48:59,519 --> 00:49:00,604
<font color="#ffe746">එයා ගිනි පොලීකාරයෙක්ද?</font>

694
00:49:02,689 --> 00:49:03,732
<font color="#ffe746">මම ආයෙත් ඕන නැති දේවල් අහනවා නේද.</font>

695
00:49:04,274 --> 00:49:05,192
<font color="#ffe746">සමාවෙන්න ඕන.</font>

696
00:49:08,111 --> 00:49:09,363
<font color="#ffe746">ස්තූතියි.</font>

697
00:49:14,826 --> 00:49:16,203
<font color="#ffe746">ඒකට කමක් නෑ.</font>

698
00:49:16,995 --> 00:49:18,413
<font color="#ffe746">දැන් ඔයාට ප්‍රශ්නයක් නෑ.</font>

699
00:49:19,122 --> 00:49:20,332
<font color="#ffe746">දැන් හරි.</font>

700
00:49:35,097 --> 00:49:37,641
<font color="#ffe746">දා-රිම්, ඔයාට දැන් කොහොමද?</font>

701
00:49:38,183 --> 00:49:39,893
<font color="#ffe746">මේ හෙම්බිරිස්සා බෙහෙත්.</font>

702
00:49:39,976 --> 00:49:41,603
<font color="#ffe746">ඊයේ දේ-සොන්ග් නිසා
ඔයා සෑහෙන්න දුක් වින්දනේ.</font>

703
00:49:41,687 --> 00:49:43,313
<font color="#ffe746">මට ඒ ගැන හරිම කනගාටුයි.</font>

704
00:49:43,397 --> 00:49:45,816
<font color="#ffe746">ඒකට කමක් නෑ. මම හොඳින්.</font>

705
00:49:45,899 --> 00:49:47,609
<font color="#ffe746">අමාරු නම් මම වැඩට එන්නේ නෑනේ.</font>

706
00:49:47,693 --> 00:49:51,196
<font color="#ffe746">ඔයා අද නිවාඩුවක් ගන්න තිබුණේ.
කවුරුත් මුකුත් කියන එකක් නෑ.</font>

707
00:49:51,822 --> 00:49:53,865
<font color="#ffe746">බෙහෙත් ටික බොන්න. හෙම්බිරිස්සාව හැදෙයිද දන්නේ නෑ.</font>

708
00:49:53,949 --> 00:49:57,327
<font color="#ffe746">ඒ වුණාට, පඩි දවස මඟහරින්න නරකයිනේ.</font>

709
00:49:57,411 --> 00:50:00,455
<font color="#ffe746">අපේ පඩි වැටිලා!</font>

710
00:50:00,539 --> 00:50:01,832
<font color="#ffe746">-ෂා.
-ඉක්මනට චෙක් කරලා බලන්න.</font>

711
00:50:01,915 --> 00:50:04,292
<font color="#ffe746">-ඇත්තටම?
-ඉක්මනට.</font>

712
00:50:04,376 --> 00:50:05,335
<font color="#ffe746">මේක නම් මාරයි.</font>

713
00:50:06,044 --> 00:50:07,754
<font color="#ffe746">මෙනවිය ගෝ දා-රිම් වැටුප් ගිණුම
වොන් 2,270,000</font>

714
00:50:11,425 --> 00:50:12,426
<font color="#ffe746">දා-රිම්, ඔයා අඬනවද?</font>

715
00:50:12,509 --> 00:50:14,720
<font color="#ffe746">නෑ, මම අඬන්නේ නෑ. මම මොකටද අඬන්නේ?</font>

716
00:50:15,303 --> 00:50:16,638
<font color="#ffe746">මට ඇඬෙනවා.</font>

717
00:50:16,722 --> 00:50:18,306
<font color="#ffe746">මම ගොඩක් සංවේදී වෙලා ඉන්නේ.</font>

718
00:50:19,391 --> 00:50:21,017
<font color="#ffe746">හිඟ ක්‍රෙඩිට් කාඩ් බිල් ටිකයි
ණය වාරික ටිකයි ගෙවුවම,</font>

719
00:50:21,101 --> 00:50:23,437
<font color="#ffe746">මේ සේරම ඉවර වෙයි තමයි.</font>

720
00:50:23,520 --> 00:50:26,064
<font color="#ffe746">ඒ වුණාට මම පුළුවන් වෙලාවේ
මේ සතුට විඳගන්නවා.</font>

721
00:50:26,148 --> 00:50:26,982
<font color="#ffe746">ඒකනේ.</font>

722
00:50:27,065 --> 00:50:28,442
<font color="#ffe746">මම මටම මොනවහරි ගන්නවා.</font>

723
00:50:28,525 --> 00:50:30,318
<font color="#ffe746">ගිය මාසේ මම මැරීගෙන වැඩ කළානේ,</font>

724
00:50:30,402 --> 00:50:32,279
<font color="#ffe746">ඉතින් මට හොඳ තෑග්ගක් වටිනවා.</font>

725
00:50:32,362 --> 00:50:33,530
<font color="#ffe746">තෑගි ගොඩක් වෙන්න ඇති.</font>

726
00:50:33,613 --> 00:50:35,073
<font color="#ffe746">ඔය පාර්සල් කන්දරාව දිහා බලන්නකෝ.</font>

727
00:50:35,157 --> 00:50:38,368
<font color="#ffe746">මේ පාර නම්, මම මේක ගන්නවාමයි.
නන්-සුක්, මේ බලන්නකෝ.</font>

728
00:50:38,452 --> 00:50:40,787
<font color="#ffe746">ඕක ඇත්තටම
ඇඟ වැහෙන්න අඳින එකක්ද?</font>

729
00:50:40,871 --> 00:50:43,957
<font color="#ffe746">දා-රිම්, මේක බලන්නකෝ.
මේක ඔයාට ලස්සනට තියෙයි. ගන්නකෝ.</font>

730
00:50:44,040 --> 00:50:45,167
<font color="#ffe746">මට බෑ.</font>

731
00:50:45,250 --> 00:50:47,544
<font color="#ffe746">මටත් ගෙවන්න ණය ගොඩක් තියෙනවා.</font>

732
00:50:47,627 --> 00:50:49,087
<font color="#ffe746">ඔයාටත් ණය තියෙනවද?</font>

733
00:50:49,629 --> 00:50:51,673
<font color="#ffe746">ඇත්තට, ණය නැත්තේ කාටද?</font>

734
00:50:54,301 --> 00:50:56,636
<font color="#ffe746">එයාලා අපිට සෑහෙන්න දුන්නා.</font>

735
00:51:16,364 --> 00:51:18,158
<font color="#ffe746">කොහොම වුණත් මේ පළවෙනි පඩියනේ.</font>

736
00:51:18,742 --> 00:51:20,952
<font color="#ffe746">එයාට සල්ලි විතරක් දෙන එක
හරි නෑ වගේ.</font>

737
00:51:42,057 --> 00:51:42,891
<font color="#ffe746">මොනවහරි ඕනද?</font>

738
00:51:42,974 --> 00:51:46,061
<font color="#ffe746">ආ, මුකුත් නෑ.</font>

739
00:51:46,812 --> 00:51:48,939
<font color="#ffe746">මිස්ටර් ගොන්ග් නැද්ද?</font>

740
00:51:49,022 --> 00:51:50,065
<font color="#ffe746">එයා අද නිවාඩු.</font>

741
00:51:50,148 --> 00:51:51,274
<font color="#ffe746">එයාට හොඳටම හෙම්බිරිස්සාව වගේ.</font>

742
00:51:52,275 --> 00:51:53,235
<font color="#ffe746">ආ, ඇත්තට?</font>

743
00:51:53,985 --> 00:51:56,238
<font color="#ffe746">දැන් එයාට හොඳයිද දන්නේ නෑ.</font>

744
00:51:56,321 --> 00:51:59,491
<font color="#ffe746">මම ඉස්සෙල්ලා කතා කරපු වෙලාවේ නම්
කටහඬ හරි නෑ.</font>

745
00:52:01,952 --> 00:52:04,663
<font color="#ffe746">ඇයි අහන්නේ?
ඔයාට එයාගෙන් මොනවහරි අනුමත කරගන්න තියෙනවද?</font>

746
00:52:04,746 --> 00:52:06,665
<font color="#ffe746">නෑ, මම නිකමට ඇහුවේ.</font>

747
00:52:20,554 --> 00:52:21,972
<font color="#ffe746">එහෙනම් එහෙමයි වුණේ.</font>

748
00:52:23,932 --> 00:52:24,891
<font color="#ffe746">අනේ මන්දා.</font>

749
00:52:25,559 --> 00:52:28,103
<font color="#ffe746">ඔයා කොහොමද අවුරුදු ගාණක් තිස්සේ
ඔය විදිහට ඉවසාගෙන හිටියේ?</font>

750
00:52:29,229 --> 00:52:31,189
<font color="#ffe746">මම ඉවසුවේ නෑ.</font>

751
00:52:32,941 --> 00:52:34,192
<font color="#ffe746">මම අතෑරලා දැම්මා.</font>

752
00:52:36,194 --> 00:52:38,280
<font color="#ffe746">මම හිටියේ සිහියක් පතක් නැතුව.</font>

753
00:52:38,864 --> 00:52:40,574
<font color="#ffe746">මෙහෙම කියන එක මගේ තත්වෙට ගැලපෙන්නේ නෑ තමයි,</font>

754
00:52:41,199 --> 00:52:43,910
<font color="#ffe746">ඒත් ඔයාට තිබුණේ පුතාවත් අරන් යන්න ගිහින්
ඔයාගේ මහත්තයගෙන් ඩිවෝස් වෙන්න.</font>

755
00:52:44,911 --> 00:52:45,954
<font color="#ffe746">මගේ අම්මලා...</font>

756
00:52:47,539 --> 00:52:50,208
<font color="#ffe746">එයාලත් යැපිලා හිටියේ මගේ මහත්තයා නිසා.</font>

757
00:52:52,252 --> 00:52:54,588
<font color="#ffe746">අනික තනියම ජීවත් වෙන එක ගැන හිතනකොට...</font>

758
00:52:56,882 --> 00:52:58,466
<font color="#ffe746">මටත් බයක් දැනුණා.</font>

759
00:52:59,342 --> 00:53:00,218
<font color="#ffe746">මම හිතුවා...</font>

760
00:53:01,595 --> 00:53:03,305
<font color="#ffe746">මම මේවා ඉවසගෙන හිටියොත්,</font>

761
00:53:05,307 --> 00:53:06,433
<font color="#ffe746">හැමෝම</font>

762
00:53:07,475 --> 00:53:08,602
<font color="#ffe746">සතුටින් ඉඳියි කියලා.</font>

763
00:53:11,438 --> 00:53:12,355
<font color="#ffe746">"සතුටින්"?</font>

764
00:53:14,566 --> 00:53:15,859
<font color="#ffe746">ඔයා හිතනවද</font>

765
00:53:16,818 --> 00:53:21,156
<font color="#ffe746">ඔයා ඔය විදිහට දුක් විඳිනවා දැකලා
ඔයාගේ පුතා සතුටින් හිටියා කියලා?</font>

766
00:53:23,325 --> 00:53:24,159
<font color="#ffe746">මොකක්ද?</font>

767
00:53:24,659 --> 00:53:27,621
<font color="#ffe746">ළමයින්ට එයාලගේ දෙමව්පියෝ කියන්නේ
මුළු ලෝකයම වගේනේ.</font>

768
00:53:28,580 --> 00:53:29,789
<font color="#ffe746">දෙමව්පියෝ කඩා වැටෙනකොට,</font>

769
00:53:30,624 --> 00:53:33,710
<font color="#ffe746">දරුවාගේ මුළු ලෝකයම කඩා වැටෙනවා.</font>

770
00:53:35,712 --> 00:53:37,255
<font color="#ffe746">එයා ගොඩක් බය වෙන්න ඇති.</font>

771
00:53:38,006 --> 00:53:40,800
<font color="#ffe746">අපි මීට වඩා ධෛර්යවන්ත වෙන්න ඕන,</font>

772
00:53:41,968 --> 00:53:43,511
<font color="#ffe746">ඒ වගේම සතුටින් ඉන්න ඕන</font>

773
00:53:44,304 --> 00:53:45,972
<font color="#ffe746">අපේ දරුවෝ වෙනුවෙන්.</font>

774
00:53:47,265 --> 00:53:48,767
<font color="#ffe746">මම හිතන්නේ එහෙමයි.</font>

775
00:54:53,623 --> 00:54:55,709
<font color="#ffe746">ඔයා තාමත් මම එක්ක තරහෙන්ද?</font>

776
00:55:08,930 --> 00:55:10,390
<font color="#ffe746">දැන් අවුරුදු 20 කටත් වැඩියිනේ.</font>

777
00:55:10,473 --> 00:55:12,684
<font color="#ffe746">ඔයා දැන්වත් හැදෙන්න ඕන කාලේ හරි.</font>

778
00:55:14,644 --> 00:55:15,812
<font color="#ffe746">කාලය ගෙවිලා ගියා කියලා...</font>

779
00:55:17,689 --> 00:55:19,315
<font color="#ffe746">ඔයා කරපු දේවල් මැකිලා යන්නේ නෑනේ.</font>

780
00:55:20,358 --> 00:55:21,860
<font color="#ffe746">ඔයාට මේවා පේන්නේ නැද්ද?</font>

781
00:55:21,943 --> 00:55:23,570
<font color="#ffe746">මගේ අම්මා ජීවත් වීමේ ආසාව අතෑරලා ඉන්නේ.</font>

782
00:55:24,154 --> 00:55:25,655
<font color="#ffe746">ඔයාගේ පුතා ආදරේ ගැන විශ්වාස කරන්නේ නෑ.</font>

783
00:55:26,489 --> 00:55:28,616
<font color="#ffe746">ඔයා විනාශ කරපු පවුල දිහා ඔයාට පේන්නේ නැද්ද?</font>

784
00:55:31,995 --> 00:55:33,079
<font color="#ffe746">ඒක සැබෑ ආදරයක්.</font>

785
00:55:33,705 --> 00:55:35,206
<font color="#ffe746">මම මගේ හැඟීම්වලට අවංක වුණා විතරයි.</font>

786
00:55:38,043 --> 00:55:39,919
<font color="#ffe746">මිනිස්සු ඒකට අනියම් සම්බන්ධයක් කියලා කියනවා.</font>

787
00:55:40,670 --> 00:55:42,255
<font color="#ffe746">ඔයා දන්නවද මට වැඩියෙන්ම පිළිකුල් මොකක්ද කියලා?</font>

788
00:55:42,338 --> 00:55:44,674
<font color="#ffe746">ඒ ඔක්කොම කරලත්,
ඔයා තාම ඔළුව උස්සගෙන ඉන්න එක.</font>

789
00:55:48,261 --> 00:55:50,513
<font color="#ffe746">ඔයා කතා කරන්නේ හරියට
ඔයා මට වඩා හුඟක් වෙනස් වගේනේ.</font>

790
00:55:50,597 --> 00:55:53,308
<font color="#ffe746">එතකොට ඔයා කියන්නේ අපි දෙන්නම එකයි කියලද?</font>

791
00:55:54,142 --> 00:55:55,685
<font color="#ffe746">නැද්ද? කොහොමද අපි සමාන වෙන්නේ?</font>

792
00:56:06,029 --> 00:56:06,863
<font color="#ffe746">මේ.</font>

793
00:56:10,617 --> 00:56:13,078
<font color="#ffe746">ඔයාට ඒ ගෑනු කෙනාව ඕන නේද?</font>

794
00:56:13,161 --> 00:56:14,579
<font color="#ffe746">ඔයා එයා ගැන පිස්සුවෙන් ඉන්නේ.</font>

795
00:56:15,580 --> 00:56:18,416
<font color="#ffe746">එයාගේ මහත්තයා ඉස්සරහදිවත් ඔයාගේ හැඟීම්
හංගගන්න ඔයා උත්සාහ කළේ නෑනේ.</font>

796
00:56:20,001 --> 00:56:21,002
<font color="#ffe746">ඉතින් ඔයා හිතනවද...</font>

797
00:56:22,921 --> 00:56:24,839
<font color="#ffe746">මට බණින්න ඔයාට අයිතියක් තියෙනවා කියලා?</font>

798
00:56:29,177 --> 00:56:30,678
<font color="#ffe746">ඔයයි මමයි එක වගේ.</font>

799
00:56:31,971 --> 00:56:32,972
<font color="#ffe746">ඔයාට ඒක පේන්නේ නැද්ද?</font>

800
00:57:27,485 --> 00:57:29,446
<font color="#ffe746">සොන්-වූ</font>

801
00:58:07,525 --> 00:58:08,943
<font color="#ffe746">මම ගෙදර යන ගමන් මස් ටිකක් ගන්නවා.</font>

802
00:58:09,027 --> 00:58:10,278
<font color="#ffe746">-ආ, එහෙමද?
-ඔයාලා රෑට මොනවද කන්නේ?</font>

803
00:58:10,361 --> 00:58:12,530
<font color="#ffe746">මට මගේ පවුලේ අය එක්ක නිදහසේ
ටිකක් ඉන්න ඕන.</font>

804
00:58:12,614 --> 00:58:13,823
<font color="#ffe746">මම මගේ ළමයින්ගෙන් අහලා බලන්න ඕන.</font>

805
00:58:13,907 --> 00:58:15,241
<font color="#ffe746">-හරි එහෙනම්.
-හැමෝටම සුබ සැන්දෑවක්.</font>

806
00:58:15,325 --> 00:58:16,493
<font color="#ffe746">-සුබ රාත්‍රියක් වේවා.
-සුබ රාත්‍රියක්.</font>

807
00:58:16,576 --> 00:58:17,577
<font color="#ffe746">-පරිස්සමින් යන්න.
-සුබ සැන්දෑවක් වේවා.</font>

808
00:58:17,660 --> 00:58:19,078
<font color="#ffe746">-අද වැඩ ටික හොඳයි.
-හෙට හම්බවෙමු.</font>

809
00:58:22,290 --> 00:58:23,917
<font color="#ffe746">මිස්ටර් කන්ග්, පොඩ්ඩක් ඉන්න.</font>

810
00:58:24,000 --> 00:58:25,001
<font color="#ffe746">ඔව් මිස් ගෝ, ඇයි?</font>

811
00:58:25,084 --> 00:58:28,087
<font color="#ffe746">මට මිස්ටර් ගොන්ග්ගේ ඇඩ්‍රස් එක ගන්න පුළුවන්ද?</font>

812
00:58:28,880 --> 00:58:29,714
<font color="#ffe746">ඒ මොකටද?</font>

813
00:58:30,298 --> 00:58:33,092
<font color="#ffe746">මට හිතෙන්නෙම එයා ලෙඩ වුණේ මම නිසා කියලා,</font>

814
00:58:33,176 --> 00:58:35,512
<font color="#ffe746">ඒක නිසා මම බැලුවේ ගෙදර යන ගමන්
එයාට කැඳ ටිකක් ගෙනිහින් දෙන්න.</font>

815
00:58:39,849 --> 00:58:40,683
<font color="#ffe746">ඔයා හරිම කාරුණිකයිනේ.</font>

816
00:58:42,393 --> 00:58:43,353
<font color="#ffe746">පොඩ්ඩක් ඉන්න.</font>

817
00:59:20,974 --> 00:59:22,850
<font color="#ffe746">එයා කොහෙහරි ගිහින්ද?</font>

818
00:59:46,874 --> 00:59:48,001
<font color="#ffe746">ඔයා මොකද මෙහේ කරන්නේ?</font>

819
00:59:49,502 --> 00:59:52,797
<font color="#ffe746">මට ආරංචි වුණා ඔයාට සනීප නෑ කියලා,
ඒකයි මම මේක ගෙනාවේ.</font>

820
00:59:52,880 --> 00:59:53,840
<font color="#ffe746">මේක කැඳ.</font>

821
00:59:54,716 --> 00:59:58,344
<font color="#ffe746">ඔයා දැනටමත් රෑට කාලා නම් ඉන්නේ,
පස්සේ රත් කරගෙන කන්න.</font>

822
00:59:58,428 --> 01:00:01,014
<font color="#ffe746">-මේක ෆ්‍රිජ් එකේ දැම්මොත්...
-කොහොමද ඔයා මගේ ගෙදර තියෙන තැන දැනගත්තේ?</font>

823
01:00:01,598 --> 01:00:04,267
<font color="#ffe746">කලින් කියන්නේ නැතුව මේ වගේ එන එක
හරිම අශීලාචාර වැඩක්.</font>

824
01:00:06,519 --> 01:00:07,645
<font color="#ffe746">සමාවෙන්න.</font>

825
01:00:09,647 --> 01:00:11,816
<font color="#ffe746">මට ඔයාට කරදර කරන්න ඕන නැති නිසා
කෝල් කළේ නෑ,</font>

826
01:00:11,899 --> 01:00:13,318
<font color="#ffe746">ඒ වුණාට මම මැසේජ් එකක් නම් දැම්මා.</font>

827
01:00:20,241 --> 01:00:21,409
<font color="#ffe746">මම නිකන් හිතුවා...</font>

828
01:00:22,869 --> 01:00:24,912
<font color="#ffe746">ලෙඩ වෙලා ඉන්න වෙලාවට කවුරුහරි
ඇවිල්ලා බලනවා නම්,</font>

829
01:00:26,456 --> 01:00:30,084
<font color="#ffe746">ඒක ලොකු හයියක් වෙයි කියලා.</font>

830
01:00:33,921 --> 01:00:35,089
<font color="#ffe746">ඔයාගේ මහත්තයා...</font>

831
01:00:37,383 --> 01:00:39,052
<font color="#ffe746">දන්නවද ඔයා මෙහේ කියලා?</font>

832
01:00:44,223 --> 01:00:45,058
<font color="#ffe746">මොකක්ද?</font>

833
01:00:45,141 --> 01:00:47,352
<font color="#ffe746">මෙහේ පිරිමියෙක් තනියම ඉන්නේ.</font>

834
01:00:48,853 --> 01:00:51,105
<font color="#ffe746">මිනිස්සු මොනවා කියයිද
ඔයාව මෙහේ දැක්කොත්?</font>

835
01:00:52,899 --> 01:00:54,609
<font color="#ffe746">සීමාව පනින්න එපා.</font>

836
01:00:59,739 --> 01:01:00,615
<font color="#ffe746">ඉන්න.</font>

837
01:01:00,698 --> 01:01:04,077
<font color="#ffe746">ඔයාට කැඳ එපා නම්,
බෙහෙත් වගයකුත් තියෙනවා...</font>

838
01:01:05,370 --> 01:01:07,330
<font color="#ffe746">ඒ වගේම මේ මාසේ පඩියත් මේකේ තියෙනවා.</font>

839
01:01:07,413 --> 01:01:09,040
<font color="#ffe746">අද පඩි දවසනේ.</font>

840
01:01:09,832 --> 01:01:11,292
<font color="#ffe746">අන්න ඒකයි</font>

841
01:01:12,043 --> 01:01:15,421
<font color="#ffe746">මට ඔයාව සියැසින්ම දැකලා
ස්තූති කරන්න ඕන වුණේ.</font>

842
01:01:15,505 --> 01:01:17,215
<font color="#ffe746">මට වෙන කිසිම අදහසක් තිබුණේ නෑ.</font>

843
01:01:19,801 --> 01:01:20,677
<font color="#ffe746">මට සමාවෙන්න.</font>

844
01:01:24,889 --> 01:01:27,308
<font color="#ffe746">මම එහෙනම් යන්නම්.</font>

845
01:01:51,249 --> 01:01:52,250
<font color="#ffe746">මම...</font>

846
01:01:52,834 --> 01:01:54,085
<font color="#ffe746">හොඳ මනුස්සයෙක් නෙවෙයි.</font>

847
01:01:54,669 --> 01:01:55,503
<font color="#ffe746">සමාවෙන්න?</font>

848
01:01:57,505 --> 01:01:58,548
<font color="#ffe746">මගේ හිතත් වෙනස් වෙනවා.</font>

849
01:02:03,261 --> 01:02:05,471
<font color="#ffe746">මෙහේ පිරිමියෙක් තනියම ජීවත් වෙන්නේ.</font>

850
01:02:07,014 --> 01:02:08,808
<font color="#ffe746">මිනිස්සු මොනවා කියයිද
ඔයාව මෙහේ දැක්කොත්?</font>

851
01:02:08,891 --> 01:02:10,268
<font color="#ffe746">සීමාව පනින්න එපා.</font>

852
01:03:21,214 --> 01:03:22,131
<font color="#ffe746">ජි-හ්යොක්.</font>

853
01:03:22,215 --> 01:03:23,758
<font color="#ffe746">ඔයා මොනවද මේ කියන්නේ?</font>

854
01:03:26,552 --> 01:03:27,804
<font color="#ffe746">මට මැරි කරන්න ඕන</font>

855
01:03:29,305 --> 01:03:30,431
<font color="#ffe746">පුළුවන් ඉක්මනටම.</font>

856
01:03:58,000 --> 01:04:02,922
<font color="#e3a113"><b>ඩයිනමයිට් කිස්</b></font>

857
01:04:33,035 --> 01:04:34,829
<font color="#ffe746">මොකද මේ කරන්නෙ?
ඔයාට පිස්සුද?</font>

858
01:04:34,912 --> 01:04:35,913
<font color="#ffe746">මේ ගෝ දා-රිම් හින්දද?</font>

859
01:04:35,997 --> 01:04:36,998
<font color="#ffe746">ඔයාටයි පිස්සු හැදිලා තියෙන්නෙ.</font>

860
01:04:37,081 --> 01:04:38,541
<font color="#ffe746">ඇයි මාව මේ විදියට බය කරන්නෙ?</font>

861
01:04:38,624 --> 01:04:40,835
<font color="#ffe746">ඔයා හැමතිස්සෙම වැඩ අල කරගෙන,
තුවාල කරගෙන, ලෙඩ වෙනවා.</font>

862
01:04:40,918 --> 01:04:42,003
<font color="#ffe746">සිහියෙන් වැඩ කරන්න බැරිද?</font>

863
01:04:42,086 --> 01:04:44,797
<font color="#ffe746">මම කිව්වනේ අපි අතර මුකුත් නෑ කියලා.</font>

864
01:04:44,881 --> 01:04:48,259
<font color="#ffe746">එයා මගේ ටීම් ලීඩර්, මම එයාගෙ ටීම් මෙම්බර්
විදියට වැඩ කරන්න විතරයි ඕන. එච්චරයි.</font>

865
01:04:48,342 --> 01:04:50,052
<font color="#ffe746">මම වැඩේ හරියට කරන කෙනෙක්!</font>

866
01:04:50,636 --> 01:04:51,637
<font color="#ffe746">කමක් නෑ.</font>

867
01:04:51,721 --> 01:04:52,763
<font color="#ffe746">මේක මගේ රස්සාවනෙ.</font>

868
01:04:52,847 --> 01:04:54,599
<font color="#ffe746">මෙහේ ආවේ සල්ලි හොයන්න මිසක්,
සෙල්ලම් කරන්න නෙවෙයිනෙ.</font>

869
01:04:55,141 --> 01:04:57,226
<font color="#ffe746">ආයේ කවදාහරි මේ වගේ දෙයක් වුණොත්,</font>

870
01:04:57,310 --> 01:04:59,645
<font color="#ffe746">මම මගේ අත් දෙකෙන්ම ඔයාව මරනවා.</font>

871
01:04:59,729 --> 01:05:02,023
<font color="#ffe746">ඔයා මුකුත් දන්නෙ නෑ.
මේක වැරදි වැටහීමක් විතරයි.</font>

872
01:05:02,106 --> 01:05:03,107
<font color="#ffe746">වැරදි වැටහීමක්?</font>

873
01:05:03,190 --> 01:05:05,902
<font color="#ffe746">එහෙනම් කියන්න. මොකක්ද මම නොදන්න දේ?</font>

874
01:05:06,402 --> 01:05:10,823
<font color="#e32a44">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

