1
00:00:48,986 --> 00:00:50,986
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

2
00:00:51,010 --> 00:00:53,471
<font color="#ffa619">මිස්ටර් ලිම්, මට ආරංචි වුණා ඔයා
ළඟදී ආයෙත් සම්බන්ධයක් පටන් ගත්තා කියලා</font>

3
00:00:53,554 --> 00:00:57,057
<font color="#ffa619">ගොඩක් කල් වෙන් වෙලා හිටපු,
ඉස්සර ඔයා යාළු වෙලා හිටපු නිළියක් එක්ක.</font>

4
00:00:57,141 --> 00:00:59,727
<font color="#ffa619">එයා අද අපිත් එක්ක මෙතැන ඉන්නවද?</font>

5
00:01:11,447 --> 00:01:13,741
<font color="#ffa619">සමාවෙන්න, කරුණාකරලා
පෞද්ගලික ප්‍රශ්න අහන එකෙන් වළකින්න.</font>

6
00:01:13,824 --> 00:01:14,658
<font color="#ffa619">නෑ, කමක් නෑ.</font>

7
00:01:15,993 --> 00:01:17,203
<font color="#ffa619">මම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නම්.</font>

8
00:01:19,038 --> 00:01:21,499
<font color="#ffa619">ඔයා ඇහුවනේ මම කැමති කෙනා
අද මෙතැන ඉන්නවද කියලා.</font>

9
00:01:24,627 --> 00:01:25,461
<font color="#ffa619">ඔව්, එයා ඉන්නවා.</font>

10
00:01:39,767 --> 00:01:42,186
<font color="#ffa619">මට කියන්න බෑ ඒ කවුද කියලා,</font>

11
00:01:42,269 --> 00:01:43,604
<font color="#ffa619">ඒත් මම කැමති කෙනා...</font>

12
00:01:45,564 --> 00:01:46,440
<font color="#ffa619">අද මෙතැන ඉන්නවා.</font>

13
00:01:54,114 --> 00:01:56,367
<font color="#ffa619">මම තවම එයාගේ හිත දිනාගෙන නෑ,</font>

14
00:01:56,992 --> 00:01:58,244
<font color="#ffa619">ඒත් මම මේ අවස්ථාව පාවිච්චි කරනවා</font>

15
00:01:58,327 --> 00:02:00,913
<font color="#ffa619">මගේ හිතේ තියෙන දේ එයාට දැනගන්න අරින්න.</font>

16
00:02:05,751 --> 00:02:06,877
<font color="#ffa619">ආ, පැහැදිලිවම කියන්නම්,</font>

17
00:02:06,961 --> 00:02:09,672
<font color="#ffa619">මම මේ කියන කෙනා
ග්වොන් සේ-නා නෙවෙයි.</font>

18
00:02:09,755 --> 00:02:11,924
<font color="#ffa619">ඇත්තටම එයා නෙවෙයි.</font>

19
00:02:12,007 --> 00:02:15,261
<font color="#ffa619">මම හිතනවා වැරදි වැටහීමක් ඇති වෙන එකක් නෑ කියලා.</font>

20
00:02:31,777 --> 00:02:33,195
<font color="#ffa619">"ලිම් හ්‍යොන්-ජුන්ගේ හදිසි ප්‍රකාශය"</font>

21
00:02:33,279 --> 00:02:34,572
<font color="#ffa619">ඔහු ග්වොන් සේ-නා සමඟ ඇති සම්බන්ධය තරයේ ප්‍රතික්ෂේප කරයි</font>

22
00:02:35,364 --> 00:02:36,991
<font color="#ffa619">"මම කැමති කෙනා අද මෙතැන ඉන්නවා"?</font>

23
00:02:37,074 --> 00:02:38,200
<font color="#ffa619">ඒකේ තේරුම මොකක්ද?</font>

24
00:02:38,284 --> 00:02:39,743
<font color="#ffa619">ග්වොන් සේ-නා නෙවෙයි නම්,</font>

25
00:02:39,827 --> 00:02:41,370
<font color="#ffa619">ඒක ෂූටින් කෲ එකේ කෙනෙක්ද?</font>

26
00:02:41,453 --> 00:02:44,748
<font color="#ffa619">සමහරවිට මේක නිකන් රැල්ලක් හදන්න කරපු වැඩක් වෙන්න ඇති.
කොහොම වුණත්, ලිම් හ්‍යොන්-ජුන් දැන් හැමතැනම යනවා.</font>

27
00:02:44,832 --> 00:02:46,083
<font color="#ffa619">මාධ්‍ය සාකච්ඡාවෙන් වැඩක් වුණා.</font>

28
00:02:58,804 --> 00:03:00,306
<font color="#ffa619">ලිම් හ්‍යොන්-ජුන්</font>

29
00:03:03,267 --> 00:03:04,351
<font color="#ffa619">හලෝ?
<i>- ඇයි ඔයා තාම එතැන ඉන්නේ?</i></font>

30
00:03:09,732 --> 00:03:11,358
<font color="#ffa619">ඇයි ඔයා නවතින්නේ?</font>

31
00:03:11,859 --> 00:03:13,777
<font color="#ffa619">ඉතින්, මම ලොකු කතාවක් එළියට දැම්මනේ,</font>

32
00:03:14,445 --> 00:03:16,030
<font color="#ffa619">ඒ නිසා මම ඔයා දිහා බලාගෙන ඉන්නේ</font>

33
00:03:16,864 --> 00:03:17,698
<font color="#ffa619">ඔයාට කලන්තේ හැදෙයි කියලා.</font>

34
00:03:18,908 --> 00:03:19,909
<font color="#ffa619">මොකක්?</font>

35
00:03:23,412 --> 00:03:24,955
<font color="#ffa619">ඔයා ෂොක් වුණාද? ඔව්.</font>

36
00:03:25,956 --> 00:03:28,918
<font color="#ffa619">මම කොච්චර ෂොක් වුණාද කියනවා නම්
මට මගේ ලිපිය ලියාගන්නවත් බැරි වුණා.</font>

37
00:03:30,669 --> 00:03:31,837
<font color="#ffa619">ඇයි ඔයා එහෙම කළේ?</font>

38
00:03:31,921 --> 00:03:34,173
<font color="#ffa619">මම ඔයාට කීප සැරයක්ම කිව්වනේ,</font>

39
00:03:34,256 --> 00:03:36,592
<font color="#ffa619">ඒත් ඔයා හැම තිස්සෙම ඒක ගණන් ගත්තේ නෑනේ.</font>

40
00:03:37,092 --> 00:03:38,552
<font color="#ffa619">ඒ නිසා මම ඒක ප්‍රසිද්ධියේම කිව්වා.</font>

41
00:03:46,310 --> 00:03:49,021
<font color="#ffa619">පිස්සු හැදෙයි. ඔයාලා මේක දැක්කද?</font>

42
00:03:49,104 --> 00:03:50,356
<font color="#ffa619">"කාන්ග් පිල්-ගුගේ පෙම්වතිය."</font>

43
00:03:50,439 --> 00:03:51,899
<font color="#ffa619">මට ආරංචියි එයා පිටපත් රචකෙයෙක් කියලා.</font>

44
00:03:51,982 --> 00:03:53,567
<font color="#ffa619">මට ආරංචි වුණේ එයා ඉන්නේ කොස්ටියුම් ටීම් එකේ කියලා.</font>

45
00:03:53,651 --> 00:03:55,653
<font color="#ffa619">මම අහපු විදියට නම් එයා විධායක නිෂ්පාදකවරියක්.</font>

46
00:03:55,736 --> 00:03:57,404
<font color="#ffa619">මොකක්? මටත් එහෙම ආරංචි වුණා.</font>

47
00:03:57,488 --> 00:03:59,615
<font color="#ffa619">නෑ, මට ආරංචි වුණ විදියට ලිම් හ්‍යොන්-ජුන්ගේ පෙම්වතිය තමයි...</font>

48
00:04:00,532 --> 00:04:01,575
<font color="#ffa619">අධ්‍යක්ෂක බක් බ්‍යොන්ග්-ගි.</font>

49
00:04:01,659 --> 00:04:03,786
<font color="#ffa619">මොකක්? වෙන්න බෑ!</font>

50
00:04:03,869 --> 00:04:06,288
<font color="#ffa619">අධ්‍යක්ෂක බක් එයාගේ "පෙම්වතිය" වෙන්නේ කොහොමද?</font>

51
00:04:06,372 --> 00:04:09,458
<font color="#ffa619">ළමයි, ඔයාලා ඔය පටු විදියට හිතන එක නවත්තලා
ටිකක් මනස විවෘත කරගන්න.</font>

52
00:04:09,541 --> 00:04:13,087
<font color="#ffa619">මිස්ටර් බක් බ්‍යොන්ග්-ගි හතරවෙනි සීසන් එක වෙනකම්
නිකම්ම රචකයෙක් විතරයි,</font>

53
00:04:13,170 --> 00:04:14,672
<font color="#ffa619">ඊටපස්සේ එකපාරටම එයා අධ්‍යක්ෂක වුණා.</font>

54
00:04:14,755 --> 00:04:15,839
<font color="#ffa619">ඔයාලා හිතන්නේ ඇයි ඒ කියලා?</font>

55
00:04:15,923 --> 00:04:18,717
<font color="#ffa619">එයාලා දෙන්නා දිහා බලපු බැල්මවල්
නිකන්ම යාළුකමකට එහා ගිය දෙයක්.</font>

56
00:04:19,259 --> 00:04:20,094
<font color="#ffa619">පිස්සුද! අනේ නිකන් ඉන්න.</font>

57
00:04:20,177 --> 00:04:22,721
<font color="#ffa619">මුන් කාටවත් මේක හරියට තේරුම් ගන්න බැරි වුණානේ.</font>

58
00:04:24,765 --> 00:04:26,600
<font color="#ffa619">එතැන කෲ එකේ අයට වඩා
ගොඩක් අය හිටියා.</font>

59
00:04:26,684 --> 00:04:29,061
<font color="#ffa619">එතැන ඩසන් ගාණක් කාන්තා වාර්තාකරුවොත් හිටියා.</font>

60
00:04:29,144 --> 00:04:30,688
<font color="#ffa619">ඒ වුණාට එයාලා අතර
රොමෑන්ටික් බැල්මක් තිබුණේ නෑනේ.</font>

61
00:04:30,771 --> 00:04:32,272
<font color="#ffa619">ඒකනේ? ඔව්.</font>

62
00:04:32,356 --> 00:04:34,692
<font color="#ffa619">ඔයාලා දන්නවද, මේ පින්තූරවල නම්
එයාලා ඇත්තටම කපල් එකක් වගේ තමයි.</font>

63
00:04:34,775 --> 00:04:37,403
<font color="#ffa619">මම නම් අනිවාර්යයෙන්ම දැක්කා දෙන්නා
අතරේ මොකක් හරි තියෙනවා. අන්න හරි.</font>

64
00:04:41,407 --> 00:04:43,033
<font color="#ffa619">සිරාවටම? මම හිතන්නේ අපි හිතුවා වැඩියි.</font>

65
00:04:43,117 --> 00:04:43,951
<font color="#ffa619">සහායක වූ යොන්ග්-සුක්ගේ නෑනා</font>

66
00:04:44,034 --> 00:04:45,077
<font color="#ffa619">මිස් වි, හෙට රෙස්ටොරන්ට් එකට
එන්න පුළුවන්ද?</font>

67
00:04:49,164 --> 00:04:51,125
<font color="#ffa619">සමහරු කියනවා ලිම් හ්‍යොන්-ජුන්ගේ පෙම්වතිය
අධ්‍යක්ෂක බක් බ්‍යොන්ග්-ගිලු.</font>

68
00:04:51,959 --> 00:04:53,419
<font color="#ffa619">- මේක ඇත්තක්ද? ඔයාලා දෙන්නා ගැළපෙනවා.</font>

69
00:04:53,502 --> 00:04:54,586
<font color="#ffa619"><b>15 වන කොටස</b></font>

70
00:04:57,965 --> 00:04:59,717
<font color="#ffcc46">කෙල්ලෙක් නෑ කියලා
මම ඒ ගැන දුක් වෙනවා මදිවට,</font>

71
00:04:59,800 --> 00:05:01,051
<font color="#ffcc46">මට මේවත් විඳගන්න වෙලානේ.</font>

72
00:05:01,135 --> 00:05:02,594
<font color="#ffcc46">මම ලබන අවුරුද්දේ බඳින්න ඉන්නේ,</font>

73
00:05:02,678 --> 00:05:04,722
<font color="#ffcc46">මගේ කොල්ලාගේ අම්මලා තාත්තලා
දිගට හරහට කෝල් කරනවා.</font>

74
00:05:04,805 --> 00:05:06,056
<font color="#ffcc46">- ඇත්තටම? ඔව්.</font>

75
00:05:06,140 --> 00:05:07,224
<font color="#ffcc46">එයාලා අහනවා මම එයාට වංචා කරනවද කියලා.</font>

76
00:05:08,934 --> 00:05:10,769
<font color="#ffcc46">හරි හරි, අපිට මේවා කතා කර කර ඉන්න වෙලාවක් නෑ.</font>

77
00:05:10,853 --> 00:05:12,730
<font color="#ffcc46">මිස්ටර් ලිම් එන්න කලින්
අපි ෂූටින් එකට ලෑස්ති වෙමු.</font>

78
00:05:12,813 --> 00:05:14,815
<font color="#ffcc46">මිස්ටර් ලිම් ඇවිත් ගොඩක් වෙලා.</font>

79
00:05:14,898 --> 00:05:17,026
<font color="#ffcc46">මොකක්? කොහේද?</font>

80
00:05:17,109 --> 00:05:20,070
<font color="#ffcc46">මුල ඉඳලම පිටපත තියෙන්න ඕන වුණේ
මේ විදියටයි.</font>

81
00:05:20,154 --> 00:05:24,283
<font color="#ffcc46">ෂා, මම දැනගෙන හිටියා කාන්ග් පිල්-ගු
කවදාවත් දූෂිත රහස් පරීක්ෂකයෙක් නෙවෙයි කියලා.</font>

82
00:05:25,159 --> 00:05:27,953
<font color="#ffcc46">එයා එහෙම රඟපෑවේ
කුඩු ජාවාරම අල්ලන්න.</font>

83
00:05:28,037 --> 00:05:30,581
<font color="#ffcc46">ඒ ඔක්කොම එයාගේ ප්ලෑන් එකේ කොටසක්!</font>

84
00:05:33,500 --> 00:05:35,753
<font color="#ffcc46">අධ්‍යක්ෂකතුමාට මුල ඉඳලම ප්ලෑන් එකක් තිබිලා තියෙනවා.</font>

85
00:05:37,379 --> 00:05:41,550
<font color="#ffcc46">ඒත් අපි ඇත්තටම මෙච්චර උදෙන්ම
සෙට් එකට එන්න ඕනද?</font>

86
00:05:41,633 --> 00:05:43,802
<font color="#ffcc46">තව අඩුම පැයක්වත් තියෙනවා
ඔයාට කතා කරන්න කලින්.</font>

87
00:05:45,220 --> 00:05:47,681
<font color="#ffcc46">මම කාන්ග් පිල්-ගු විදියට රඟපාන
අන්තිම වතාව මේක,</font>

88
00:05:47,765 --> 00:05:49,725
<font color="#ffcc46">ඉතින් මම අන්තිම වෙනකම්ම මගේ උපරිමය දෙන්න ඕන.</font>

89
00:05:49,808 --> 00:05:51,769
<font color="#ffcc46">එහෙනම් ඇයි ඔයා ඊයෙම ආවේ නැත්තේ?</font>

90
00:05:52,269 --> 00:05:55,314
<font color="#ffcc46">ඔයාගේ පරණ ගැම්ම අරගෙන උපරිමය කරන එක
හොඳයි තමයි,</font>

91
00:05:56,398 --> 00:05:59,651
<font color="#ffcc46">ඒත් පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරනවද?</font>

92
00:05:59,735 --> 00:06:01,195
<font color="#ffcc46">මාධ්‍ය සාකච්ඡාව වෙලාවේ,</font>

93
00:06:01,278 --> 00:06:04,364
<font color="#ffcc46">ඔයා ප්‍රසිද්ධියේම එයාට ආදරේ ප්‍රකාශ කරයි කියලා හිතෙද්දී
මගේ ඇඟ සීතල වෙලා ගියා.</font>

94
00:06:04,448 --> 00:06:06,825
<font color="#ffcc46">අනේ මන්දා, මම කවදාවත්
ප්‍රසිද්ධියේ ආදරේ ප්‍රකාශ කරන්නේ නෑ.</font>

95
00:06:06,909 --> 00:06:08,786
<font color="#ffcc46">මට ඕන වුණේ එයාට
පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න විතරයි.</font>

96
00:06:09,870 --> 00:06:10,788
<font color="#ffcc46">ඕන දෙයක්.</font>

97
00:06:11,538 --> 00:06:14,666
<font color="#ffcc46">ඔයාගේ ලව් ලයිෆ් එක පැත්තකින් තියලා
සෙට් එකේ වැඩ ගැන අවධානය දෙන්න.</font>

98
00:06:14,750 --> 00:06:16,585
<font color="#ffcc46">කෲ එකේ අය ගැනත් ටිකක් හිතන්න, හරිද?</font>

99
00:06:16,668 --> 00:06:17,920
<font color="#ffcc46">ඔයා මොකක්ද ඒ කිව්වේ?</font>

100
00:06:18,879 --> 00:06:20,005
<font color="#ffcc46">එයාලා මට කැමති නැද්ද?</font>

101
00:06:20,089 --> 00:06:20,964
<font color="#ffcc46">නෑ.</font>

102
00:06:21,840 --> 00:06:23,383
<font color="#ffcc46">එයාලා ඇත්තටම ඔයාට කැමති නෑ.</font>

103
00:06:24,051 --> 00:06:25,427
<font color="#ffcc46">"ඇත්තටම"?</font>

104
00:06:25,511 --> 00:06:26,345
<font color="#ffcc46">ඔව්.</font>

105
00:06:27,304 --> 00:06:28,931
<font color="#ffcc46">ඇයි "ඇත්තටම"?</font>

106
00:06:29,431 --> 00:06:31,225
<font color="#ffcc46">එයාලා කියපු හැමදේම මම කළානේ.</font>

107
00:06:31,308 --> 00:06:32,851
<font color="#ffcc46">ඔයාට ඕනද මම මතක් කරලා දෙන්න?</font>

108
00:06:32,935 --> 00:06:34,728
<font color="#ffcc46">කියන්නකෝ. අහමු. හරි.</font>

109
00:06:34,812 --> 00:06:35,854
<font color="#ffcc46">හොඳට අහගන්න. හරි.</font>

110
00:06:35,938 --> 00:06:38,023
<font color="#ffcc46">පටන් ගත්ත වෙලාවේ ඉඳලම,</font>

111
00:06:38,107 --> 00:06:40,192
<font color="#ffcc46">ඔයාට දෙබස් අමතක වුණා,
ඒ නිසා අපිට ඒක නවත්තන්න වුණා...</font>

112
00:06:40,275 --> 00:06:42,569
<font color="#ffcc46"><i>තමුන් තමුන්ටම රහස් පරීක්ෂකයෙක් කියලා කියාගන්නවා නේද,</i>
<i>යකෝ මෝඩයා?</i></font>

113
00:06:42,653 --> 00:06:43,654
<font color="#ffcc46"><i>මෙතැනින් තොලොංචි වෙලා යනවා!</i></font>

114
00:06:43,737 --> 00:06:46,115
<font color="#ffcc46"><i>ඉන්න, තමුන් ඇත්තටම යන්නේ නෑ නේද?</i></font>

115
00:06:48,742 --> 00:06:49,576
<font color="#ffcc46">ඉතින්?</font>

116
00:06:50,244 --> 00:06:51,370
<font color="#ffcc46">දැන්වත් මතකද?</font>

117
00:06:52,287 --> 00:06:54,206
<font color="#ffcc46"><i>කාන්ග් පිල්-ගු</i> එකේ මේ සීසන් එක
බැලුවට පස්සේ,</font>

118
00:06:54,998 --> 00:06:56,875
<font color="#ffcc46">හැමෝටම තේරෙයි</font>

119
00:06:57,876 --> 00:06:59,253
<font color="#ffcc46">ඇයි මම එහෙම කළේ කියලා.</font>

120
00:07:06,093 --> 00:07:08,804
<font color="#ffcc46">ස්පෝට්ස් යුන්සොන්ග්</font>

121
00:07:08,887 --> 00:07:09,888
<font color="#ffcc46">ඔයා ඒ ගැන</font>

122
00:07:11,056 --> 00:07:12,182
<font color="#ffcc46">ටිකක් හිතලා බැලුවද?</font>

123
00:07:12,766 --> 00:07:14,226
<font color="#ffcc46">මම ඔයාට මෙහෙට එන්න කිව්වේ ඒකයි.</font>

124
00:07:14,935 --> 00:07:16,478
<font color="#ffcc46">මට ඔයාට කියන්න ඕන වුණා</font>

125
00:07:16,562 --> 00:07:18,063
<font color="#ffcc46">උදව් කරන්න මට පුළුවන් ඕනම දෙයක් මම කරනවා කියලා.</font>

126
00:07:20,983 --> 00:07:22,151
<font color="#ffcc46">ස්තූතියි.</font>

127
00:07:22,234 --> 00:07:23,694
<font color="#ffcc46">ඇයි ඔයා ඒ කාලෙදි මට කිව්වේ නැත්තේ?</font>

128
00:07:25,028 --> 00:07:26,363
<font color="#ffcc46">මොකක් ගැනද? අර ඇක්සිඩන්ට් එක ගැන.</font>

129
00:07:26,446 --> 00:07:28,282
<font color="#ffcc46">එදා ඔයා මට ඇත්ත කිව්වා නම්,</font>

130
00:07:28,365 --> 00:07:30,492
<font color="#ffcc46">මම කොහොම හරි ක්‍රමයක් හොයාගන්නවා.</font>

131
00:07:33,162 --> 00:07:35,747
<font color="#ffcc46">මම ඔයා ගැන තරහෙන් හිටපු ඒ කාලය...</font>

132
00:07:38,208 --> 00:07:39,376
<font color="#ffcc46">දැන් අපරාදේ කියලා හිතෙනවා.</font>

133
00:07:39,459 --> 00:07:40,669
<font color="#ffcc46">ඒ කාලේ,</font>

134
00:07:41,753 --> 00:07:44,339
<font color="#ffcc46">මම ගොඩක් බය වෙලා හිටියේ
මම හිතුවා මම ඔයාගේ ජීවිතේ විනාශ කළා කියලා.</font>

135
00:07:44,923 --> 00:07:47,718
<font color="#ffcc46">සමහරවිට මම ඔයාව ආරක්ෂා කරනවා
කියන එක නිදහසට කරුණක් කරගත්තා</font>

136
00:07:47,801 --> 00:07:49,553
<font color="#ffcc46">ඒ හැමදේකින්ම පැනලා යන්න.</font>

137
00:07:51,930 --> 00:07:52,764
<font color="#ffcc46">මට සමාවෙන්න.</font>

138
00:07:58,770 --> 00:07:59,938
<font color="#ffcc46">මට ඇත්තටම සමාවෙන්න.</font>

139
00:08:07,112 --> 00:08:09,239
<font color="#ffcc46">මට අහන්නත් අමාරුයි, ඒත් මට දැනගන්න ඕන.</font>

140
00:08:11,074 --> 00:08:11,909
<font color="#ffcc46">ජේ-හා...</font>

141
00:08:12,910 --> 00:08:13,827
<font color="#ffcc46">එයා මගේ පුතාද?</font>

142
00:08:17,706 --> 00:08:21,835
<font color="#ffcc46">මම දන්නවා අපි මොනවා කිව්වත්
ඒක නිදහසට කරුණක් වගේ ඇහෙයි කියලා,</font>

143
00:08:21,919 --> 00:08:24,087
<font color="#ffcc46">ඒත් අපි ගොඩක් බය වුණා</font>

144
00:08:24,171 --> 00:08:25,839
<font color="#ffcc46">අපිටත් යොන්ග්-සුක්ට වෙච්ච දේම වෙයි කියලා.</font>

145
00:08:26,548 --> 00:08:28,091
<font color="#ffcc46">එයාව ඒ විදියට නැති වුණාට පස්සේ,</font>

146
00:08:28,175 --> 00:08:30,719
<font color="#ffcc46">මට කොච්චර වරදකාරී හැඟීමක් දැනුණද කියනවා නම්
මට හුස්ම ගන්නවත් අමාරු වුණා.</font>

147
00:08:39,186 --> 00:08:43,315
<font color="#ffcc46">මේ තියෙන්නේ මන්ත්‍රී හා එක්ක කරපු සංවාදවල
අපි ළඟ තිබුණු රෙකෝඩින්ග්ස් ඔක්කොම,</font>

148
00:08:43,398 --> 00:08:45,859
<font color="#ffcc46">ඒ වගේම අපි ඔහුත් එක්ක අත්සන් කරපු
ගිවිසුමකුත් මේකේ තියෙනවා.</font>

149
00:08:46,360 --> 00:08:47,986
<font color="#ffcc46">අපි විශ්වාස කරනවා මේක භාර දෙන්න පුළුවන්</font>

150
00:08:48,487 --> 00:08:49,947
<font color="#ffcc46">ඔයා වගේ කෙනෙක්ට කියලා, මිස් වි.</font>

151
00:08:50,948 --> 00:08:52,074
<font color="#ffcc46">ගොඩක් ස්තූතියි.</font>

152
00:08:52,658 --> 00:08:53,992
<font color="#ffcc46">ඔයා දීපු ලියකියවිලි</font>

153
00:08:54,076 --> 00:08:56,245
<font color="#ffcc46">වැදගත්ම සාක්ෂියක් වෙයි.</font>

154
00:08:56,328 --> 00:08:57,371
<font color="#ffcc46">මිස් වි.</font>

155
00:08:57,454 --> 00:09:00,290
<font color="#ffcc46">අනේ හොයලා බලන්න ඇයි මගේ අයියට
ඒ විදියට මැරෙන්න වුණේ කියලා...</font>

156
00:09:01,792 --> 00:09:03,085
<font color="#ffcc46">ඒක ලෝකෙට හෙළි කරන්න.</font>

157
00:09:08,382 --> 00:09:10,425
<font color="#ffcc46"><i>සභාපති ලී දේ-හෝ කරපු වැඩ ගැන</i>
<i>මම ගොඩක් සාක්ෂි එකතු කරගත්තා.</i></font>

158
00:09:10,509 --> 00:09:11,885
<font color="#ffcc46">ඒක හොඳයි.</font>

159
00:09:11,969 --> 00:09:13,262
<font color="#ffcc46">මට ඕන මේක ඉක්මනට ඉවර කරන්න.
මම ඉන්නේ ගොඩක් බයෙන්.</font>

160
00:09:16,265 --> 00:09:17,349
<font color="#ffcc46">සභාපති ලී දේ-හෝ</font>

161
00:09:18,350 --> 00:09:19,768
<font color="#ffcc46">ඔයාව සැක කරන්නේ නෑ නේද?</font>

162
00:09:20,560 --> 00:09:22,145
<font color="#ffcc46">මම නිළියක්නේ.</font>

163
00:09:22,229 --> 00:09:24,106
<font color="#ffcc46">මම ජීවත් වෙන්න කරන්නේ රඟපාන එක.</font>

164
00:09:24,189 --> 00:09:25,691
<font color="#ffcc46"><i>එයා දන්නවා</i></font>

165
00:09:26,441 --> 00:09:27,651
<font color="#ffcc46">අපි මුණගැහෙනවා කියලා.</font>

166
00:09:28,860 --> 00:09:31,989
<font color="#ffcc46">ඔයාට බෑ නේද එයා ගැන ලිපිය
දැන්ම පළ කරන්න?</font>

167
00:09:34,366 --> 00:09:35,534
<font color="#ffcc46">නෑ, තවම බෑ.</font>

168
00:09:35,617 --> 00:09:38,328
<font color="#ffcc46">ඒත් මොනවා වුණත් මම ඒක පළ කරනවා.</font>

169
00:09:40,414 --> 00:09:43,917
<font color="#ffcc46">එහෙනම් මට සිද්ධ වෙයි දැනට
එයා කියන විදියට ඉන්න,</font>

170
00:09:44,876 --> 00:09:46,795
<font color="#ffcc46">අඩුම ගානේ ඔයා ලෑස්ති වෙනකම්වත්.</font>

171
00:09:49,047 --> 00:09:49,923
<font color="#ffcc46">මේ...</font>

172
00:09:51,717 --> 00:09:53,510
<font color="#ffcc46">ඇයි ඔයා මට උදව් කරන්න
මෙච්චර මහන්සි වෙන්නේ?</font>

173
00:09:55,679 --> 00:09:58,307
<font color="#ffcc46">මොකද මට ඕන එයාගෙන් බේරෙන්න,
ආයෙ කවදාවත් එයාට අහු නොවෙන්න.</font>

174
00:09:59,224 --> 00:10:01,018
<font color="#ffcc46">මම තනියම උත්සාහ කළා,</font>

175
00:10:01,101 --> 00:10:02,185
<font color="#ffcc46">ඒත් ඒක මදි.</font>

176
00:10:03,061 --> 00:10:05,814
<font color="#ffcc46">මට හිතෙන්නේ මම මේ
තවත් ආරක්ෂාවක් හදාගන්නවා කියලා.</font>

177
00:10:07,399 --> 00:10:08,275
<font color="#ffcc46">බය වෙන්න එපා.</font>

178
00:10:09,192 --> 00:10:10,777
<font color="#ffcc46">මම ඔයා ගැන බලාගන්නම්.</font>

179
00:10:16,908 --> 00:10:18,577
<font color="#ffcc46">මම වි ජොන්ග්-සින්ව හම්බ වුණා.</font>

180
00:10:18,660 --> 00:10:20,287
<font color="#ffcc46">ඔයා මට කියන්න කිව්ව දේ මම එයාට කිව්වා...</font>

181
00:10:21,788 --> 00:10:22,914
<font color="#ffcc46">නිකන් ඉඟියක් දුන්නා වගේ.</font>

182
00:10:23,498 --> 00:10:24,458
<font color="#ffcc46">ඔයා කියපු විදියට මම කළා.</font>

183
00:10:25,584 --> 00:10:27,961
<font color="#ffcc46">මම ලිම් හ්‍යොන්-ජුන්ට ළං වෙන එක ගැන
ඔයාට ප්‍රශ්නයක් තියෙනවද?</font>

184
00:10:28,045 --> 00:10:29,212
<font color="#ffcc46">ප්‍රශ්නයක් තියෙනවා නෙවෙයි.</font>

185
00:10:29,963 --> 00:10:30,964
<font color="#ffcc46">මට බයයි.</font>

186
00:10:38,555 --> 00:10:41,683
<font color="#ffcc46">ලී දේ-හෝ මගේ නමින් හදපු
ව්‍යාජ සමාගමේ ලියකියවිලි මේ තියෙන්නේ.</font>

187
00:10:41,767 --> 00:10:43,477
<font color="#ffcc46">එයා සල්ලි සුද්ද කළා විතරක් නෙවෙයි</font>

188
00:10:43,560 --> 00:10:46,646
<font color="#ffcc46">බොරු විකුණුම් පෙන්නලා
සමාගමේ අරමුදල් වංචා කළා.</font>

189
00:10:48,273 --> 00:10:49,232
<font color="#ffcc46">ස්තූතියි.</font>

190
00:10:50,233 --> 00:10:51,485
<font color="#ffcc46">මම දන්නවා මේක ඔයාට ලේසි වුණේ නෑ කියලා.</font>

191
00:10:53,695 --> 00:10:56,198
<font color="#ffcc46">එයාව හිරේ යවන්න නම්
මේ වගේ ප්‍රබල සාක්ෂි ඕන වෙනවා.</font>

192
00:10:57,199 --> 00:11:00,494
<font color="#ffcc46">එතකොට මට පුළුවන් එයාගෙන් නිදහස් වෙන්න.</font>

193
00:11:00,577 --> 00:11:02,662
<font color="#ffcc46">එයා මිස්ටර් හ්වන්ග්ව කින්ග්ස් බැක් එකෙන්
අස් කරපු හැටි දැක්කම,</font>

194
00:11:02,746 --> 00:11:04,498
<font color="#ffcc46">තව වැඩි කාලයක් ඉතුරු වෙලා නෑ.</font>

195
00:11:05,415 --> 00:11:06,666
<font color="#ffcc46">ඔයා මේක ඉක්මනට එළියට දාන්න ඕන.</font>

196
00:11:07,334 --> 00:11:10,212
<font color="#ffcc46">අපිට අපිවයි කින්ග්ස් බැක් එකයි ආරක්ෂා කරගන්න තියෙන
විදිය ඒකයි.</font>

197
00:11:10,295 --> 00:11:11,421
<font color="#ffcc46">ඔයාට හිතෙන්නේ නැද්ද</font>

198
00:11:12,089 --> 00:11:13,882
<font color="#ffcc46">මේ සැරේ මම විනාශ වෙයි කියලා?</font>

199
00:11:15,801 --> 00:11:18,220
<font color="#ffcc46">මම කිව්වනේ මම ඔයා ගැන බලාගන්නවා කියලා.</font>

200
00:11:19,179 --> 00:11:21,181
<font color="#ffcc46">ඔයාගේ පෞද්ගලික ජීවිතේ මොනවා වුණත්,</font>

201
00:11:21,264 --> 00:11:23,517
<font color="#ffcc46">ඔයා තමයි මගේ ඔත්තුකාරයා, මම ඔයාව ආරක්ෂා කරනවා.</font>

202
00:11:24,226 --> 00:11:25,102
<font color="#ffcc46">ඒක නිසා</font>

203
00:11:26,061 --> 00:11:27,437
<font color="#ffcc46">මට යෝජනාවක් කරන්න තියෙනවා.</font>

204
00:11:28,772 --> 00:11:30,565
<font color="#ffcc46">මොකද ඔයා විනාශ වෙනවට මම කැමති නෑ.</font>

205
00:11:33,610 --> 00:11:36,154
<font color="#ffcc46">අයිෂ, ගිල්-සු.</font>

206
00:11:36,238 --> 00:11:38,990
<font color="#ffcc46">ඇයි ඔයා ඒ තරම් වැදගත් ලියකියවිලි
කාර් එකේ දාලා ගියේ?</font>

207
00:11:39,491 --> 00:11:40,450
<font color="#ffcc46">කෝ කාර් එකේ යතුර?</font>

208
00:11:40,534 --> 00:11:41,743
<font color="#ffcc46"><i>ඒක කාර් එකේ තියෙන්න ඕන.</i></font>

209
00:11:42,577 --> 00:11:43,620
<font color="#ffcc46">ඔයා කාර් එක ලොක් කළේ නැද්ද?</font>

210
00:11:43,703 --> 00:11:45,372
<font color="#ffcc46"><i>සමාවෙන්න. මට සිහියක් තිබුණේ නෑ.</i></font>

211
00:11:46,248 --> 00:11:48,417
<font color="#ffcc46">කමක් නෑ, කවුරුත් ඉතින්
මේ කාර් එක උස්සන එකක්යැ.</font>

212
00:11:48,500 --> 00:11:49,876
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්නකෝ.</font>

213
00:11:49,960 --> 00:11:55,173
<font color="#ffcc46">ඉම්පීරියල් ප්‍රින්ට්</font>

214
00:12:07,185 --> 00:12:08,019
<font color="#ffcc46">යුන්සොන්ග් ඉල්බෝ</font>

215
00:12:08,103 --> 00:12:09,521
<font color="#ffcc46">ස්තූතියි
වි ජොන්ග්-සින්</font>

216
00:12:09,604 --> 00:12:10,439
<font color="#ffcc46">මේ මොකක්ද?</font>

217
00:12:11,022 --> 00:12:13,233
<font color="#ffcc46"><i>මිස්ටර් ලිම්, ඒක හම්බ වුණාද?</i>
<i>ඒක එතැන තියෙනවා නේද?</i></font>

218
00:12:13,316 --> 00:12:14,901
<font color="#ffcc46">ඇයි මේක මෙතැන තියෙන්නේ?</font>

219
00:12:15,610 --> 00:12:16,445
<font color="#ffcc46"><i>හලෝ?</i></font>

220
00:12:16,528 --> 00:12:19,030
<font color="#ffcc46"><i>මිස්ටර් ලිම්, ඒක හම්බ වුණාද?</i></font>

221
00:12:21,032 --> 00:12:22,826
<font color="#ffcc46">ඒයි, ගිල්-සු.
<i>- කියන්න මිස්ටර් ලිම්?</i></font>

222
00:12:22,909 --> 00:12:24,411
<font color="#ffcc46">මම ඔයාට ටිකකින් කතා කරන්නම්.</font>

223
00:12:24,494 --> 00:12:25,495
<font color="#ffcc46"><i>හරි.</i></font>

224
00:12:28,165 --> 00:12:29,541
<font color="#ffcc46">ස්තූතියි
වි ජොන්ග්-සින්, යුන්සොන්ග් ඉල්බෝ</font>

225
00:12:29,624 --> 00:12:30,542
<font color="#ffcc46"><i>තමුන් කවුද?</i></font>

226
00:12:33,211 --> 00:12:34,171
<font color="#ffcc46">මොකක්ද යකෝ මේ?</font>

227
00:12:34,254 --> 00:12:35,505
<font color="#ffcc46">මොකක්ද මේ වෙන්නේ? ඔයා මාව බය කළානේ.</font>

228
00:12:35,589 --> 00:12:37,007
<font color="#ffcc46">ඔයා කවුද? ඔයා කවුද?</font>

229
00:12:38,884 --> 00:12:40,719
<font color="#ffcc46">මට ඇත්තටම සමාවෙන්න.</font>

230
00:12:42,262 --> 00:12:43,263
<font color="#ffcc46">හා එහෙනම්.</font>

231
00:12:44,890 --> 00:12:46,808
<font color="#ffcc46">අහිංසක මනුස්සයෙක්ට පැහැරගත්තා කියලා චෝදනා කරන එක...</font>

232
00:12:47,767 --> 00:12:49,102
<font color="#ffcc46">හිතාගන්නවත් බෑ.</font>

233
00:12:51,396 --> 00:12:53,732
<font color="#ffcc46">ස්තූතියි
යුන්සොන්ග් ඉල්බෝ</font>

234
00:12:55,734 --> 00:12:58,612
<font color="#ffcc46">ඔයාට කවදාහරි මගේ උදව්වක් ඕන වුණොත්,</font>

235
00:12:59,112 --> 00:13:00,489
<font color="#ffcc46">මට කෝල් එකක් දෙනවද?</font>

236
00:13:03,867 --> 00:13:04,701
<font color="#ffcc46">ස්තූතියි</font>

237
00:13:04,784 --> 00:13:05,619
<font color="#ffcc46">යුන්සොන්ග් ඉල්බෝ</font>

238
00:13:10,707 --> 00:13:12,584
<font color="#ffcc46">හරි, ඒ එයා තමයි!</font>

239
00:13:14,336 --> 00:13:15,545
<font color="#ffcc46">මේක අදහාගන්නත් බෑ!</font>

240
00:13:17,839 --> 00:13:18,673
<font color="#ffcc46">ස්තූතියි
වි ජොන්ග්-සින්, යුන්සොන්ග් ඉල්බෝ</font>

241
00:13:18,757 --> 00:13:19,758
<font color="#ffcc46">වෙන්න බෑ!</font>

242
00:13:25,680 --> 00:13:26,515
<font color="#ffcc46"><i>හලෝ?</i></font>

243
00:13:26,598 --> 00:13:28,183
<font color="#ffcc46">හලෝ? ඔයා කොහේද ඉන්නේ?</font>

244
00:13:30,477 --> 00:13:33,563
<font color="#ffcc46">මොකක්? අද අපි අනිවාර්යයෙන්ම හම්බ
වෙන්න ඕන විශේෂ හේතුවක් තියෙනවා!</font>

245
00:13:33,647 --> 00:13:35,565
<font color="#ffcc46">මේක ලොකු දෙයක්!</font>

246
00:13:35,649 --> 00:13:37,651
<font color="#ffcc46">ඔයා මොකක්ද මේ කියන්නේ? මොකක්ද ඒ?</font>

247
00:13:38,235 --> 00:13:40,070
<font color="#ffcc46">අපි දෙන්නා දෛවයෙන් එකතු වෙච්ච අය කියලා
මට ස්ථිර සාක්ෂියක් හම්බ වුණා!</font>

248
00:13:40,153 --> 00:13:44,406
<font color="#ffcc46"><i>මොකක්?</i></font>

249
00:13:44,490 --> 00:13:45,575
<font color="#ffcc46">ඔයාගේ ගෙදර ඉස්සරහට එන්න!</font>

250
00:13:49,579 --> 00:13:50,413
<font color="#ffcc46">දෛවය?</font>

251
00:14:00,048 --> 00:14:01,049
<font color="#ffcc46">මොකක්ද මේ වෙන්නේ?</font>

252
00:14:06,263 --> 00:14:07,347
<font color="#ffcc46">අනේ මට උදව් කරන්න!</font>

253
00:14:07,973 --> 00:14:10,600
<font color="#ffcc46">උදව් කරන්න! ඒයි, මට උදව් ඕන!</font>

254
00:14:22,237 --> 00:14:23,071
<font color="#ffcc46">ශික්, රෙද්ද.</font>

255
00:14:50,390 --> 00:14:51,641
<font color="#ffcc46"><i>ඔව්, මම එයාට කැමතියි.</i></font>

256
00:14:53,768 --> 00:14:55,437
<font color="#ffcc46"><i>මේ මගේ ජීවිතේ පළවෙනි වතාව.</i></font>

257
00:14:55,520 --> 00:14:59,065
<font color="#ffcc46">මම කවදාවත් කාටවත්
මේ වගේ කොන්දේසි විරහිතව කැමති වෙලා නෑ.</font>

258
00:15:00,442 --> 00:15:02,569
<font color="#ffcc46"><i>මට ඔයාව තව දැනගන්න ඕනෙ.</i></font>

259
00:15:04,946 --> 00:15:07,490
<font color="#ffcc46"><i>මේ ෆෝන් එක ඇතුලේ තියෙන පුංචි ලෝකෙදි විතරක් නෙවෙයි,</i></font>

260
00:15:09,200 --> 00:15:10,577
<font color="#ffcc46"><i>ඇත්ත ලෝකෙදිත්.</i></font>

261
00:15:11,578 --> 00:15:14,205
<font color="#ffcc46"><i>ඔයා මාව ඇත්තටම හම්බවෙන්න එනවද?</i></font>

262
00:16:10,720 --> 00:16:11,554
<font color="#ffcc46">අයියෝ.</font>

263
00:17:50,528 --> 00:17:51,362
<font color="#ffcc46">ඒයි!</font>

264
00:17:52,989 --> 00:17:54,073
<font color="#ffcc46">කවුද තමුසෙ?</font>

265
00:18:11,174 --> 00:18:13,009
<font color="#ffcc46">ඔයාට හොඳයි නේද?</font>

266
00:18:13,092 --> 00:18:14,969
<font color="#ffcc46">ඔයාට හොඳයි නේද? ඔව්, මට අවුලක් නෑ.</font>

267
00:18:15,053 --> 00:18:15,970
<font color="#ffcc46">තුවාල වුණාද?</font>

268
00:18:17,055 --> 00:18:17,931
<font color="#ffcc46">ෂික්.</font>

269
00:18:23,603 --> 00:18:24,813
<font color="#ffcc46">ඔයාට හොඳයි නේද?</font>

270
00:18:33,071 --> 00:18:36,199
<font color="#ffcc46">ඒ මනුස්සයා නිකම්ම පෙරේතයෙක්වත්
පික්පොකට්කාරයෙක්වත් නෙවෙයි.</font>

271
00:18:36,282 --> 00:18:38,576
<font color="#ffcc46">මිනිහගෙ අතේ ස්ටන් ගන් එකක් තිබුණා!</font>

272
00:18:39,953 --> 00:18:41,287
<font color="#ffcc46">මගේ ඩෑෂ් කැම් එකේ මිනිහව රෙකෝඩ් වෙන්න ඇති.</font>

273
00:18:42,163 --> 00:18:43,748
<font color="#ffcc46">කන්ග් පිල්-ගු ඉස්සරහම
මිනිහා කොහොමද එහෙම දෙයක් කරන්නෙ?</font>

274
00:18:44,541 --> 00:18:46,626
<font color="#ffcc46">මම හෙට මේ හරියෙ තියෙන
සීසීටීවී කැමරා ඔක්කොම චෙක් කරනවා.</font>

275
00:18:51,589 --> 00:18:52,799
<font color="#ffcc46"><i>මොකක්ද ඔයා දැන් කිව්වෙ?</i></font>

276
00:18:52,882 --> 00:18:56,469
<font color="#ffcc46">ලී දේ-හෝ සභාපතිතුමා කෙනෙක්ව දාලා
ලී ජේ-හියොන්ග්ගේ ඇක්සිඩන්ට් එක ප්ලෑන් කරා කියලද?</font>

277
00:18:56,553 --> 00:18:58,179
<font color="#ffcc46"><i>මම දැනන් හිටියා ඒ එයා තමයි කියලා.</i></font>

278
00:18:59,222 --> 00:19:00,932
<font color="#ffcc46">දැන් කලබල වෙන්න එපා.</font>

279
00:19:01,474 --> 00:19:02,600
<font color="#ffcc46">කාටවත් කරදරයක් වුණේ නෑනේ, ඒ නිසා කමක් නෑ.</font>

280
00:19:02,684 --> 00:19:05,436
<font color="#ffcc46">එහෙම නිකන් ඉන්න බෑ!
ඔයාට ලොකු අනතුරක් වෙන්න තිබුණා!</font>

281
00:19:05,520 --> 00:19:06,729
<font color="#ffcc46">මට අවුලක් නෑ.</font>

282
00:19:07,689 --> 00:19:09,691
<font color="#ffcc46">කොහොම හරි, ඔයා මට කියන්න හදපු දේ මොකක්ද?</font>

283
00:19:10,275 --> 00:19:11,234
<font color="#ffcc46">දෛවය ගැන මොකක් හරිද?</font>

284
00:19:12,527 --> 00:19:16,614
<font color="#ffcc46">මම මෙහේ ආවේ හරිම සතුටින්
ඔයාට පුදුම හිතෙන දෙයක් ගැන කියන්න.</font>

285
00:19:17,115 --> 00:19:18,867
<font color="#ffcc46">ඒත් අර කාලකණ්ණියා ඔක්කොම කෑවා.</font>

286
00:19:18,950 --> 00:19:21,494
<font color="#ffcc46">ඒ වගේ වැඩකට නැති එකෙක්ට
ඔයාගේ මූඩ් එක කන්න දෙන්න එපා.</font>

287
00:19:22,078 --> 00:19:23,371
<font color="#ffcc46">ඉතින් මොකක්ද අර පුදුම හිතෙන දේ?</font>

288
00:19:26,624 --> 00:19:27,625
<font color="#ffcc46">මේක බලන්න.</font>

289
00:19:28,418 --> 00:19:29,752
<font color="#ffcc46">ස්තූතියි
වි ජොන්ග්-සින්, යුන්සොන්ග් ඉල්බෝ</font>

290
00:19:31,212 --> 00:19:33,172
<font color="#ffcc46">මේ මගේ පරණ බිස්නස් කාඩ් එකක්නෙ. හරි නේද?</font>

291
00:19:33,256 --> 00:19:34,883
<font color="#ffcc46">ඔයා ගාව කොහොමද මේක තියෙන්නේ?</font>

292
00:19:35,967 --> 00:19:37,302
<font color="#ffcc46">අවුරුදු හතකට අටකට විතර කලින්ද කොහෙද?</font>

293
00:19:37,385 --> 00:19:39,762
<font color="#ffcc46">ඔයාට මතකද ඔයා හොඳටම බීලා
කාගේ හරි කාර් එකකට නැගලා,</font>

294
00:19:39,846 --> 00:19:41,347
<font color="#ffcc46">ඔයාව කිඩ්නැප් කරා කියලා කෑගහලා,</font>

295
00:19:41,431 --> 00:19:43,141
<font color="#ffcc46">පොලිසියටත් ගියා?</font>

296
00:19:46,352 --> 00:19:49,772
<font color="#ffcc46">මෙයා මගේ කාර් එකට තනියම නැග්ගා කියලා දැක්කනේ,
ඉතින් මම නිර්දෝෂියි.</font>

297
00:19:51,774 --> 00:19:53,651
<font color="#ffcc46">මට මතකයි! හරි නේද?</font>

298
00:19:53,735 --> 00:19:55,111
<font color="#ffcc46">ඒත් ඔයා කොහොමද ඒ ගැන දන්නේ?</font>

299
00:19:56,362 --> 00:19:58,615
<font color="#ffcc46">ඒ කාර් එක කියන්නේ අපි මේ දැන් ඉන්න කාර් එකමයි.</font>

300
00:20:00,241 --> 00:20:01,826
<font color="#ffcc46">යන්න කලින් ඕක බීලා මත හිඳුවා ගන්න.</font>

301
00:20:02,785 --> 00:20:04,412
<font color="#ffcc46">ආයෙත් වෙන අයගේ කාර් වලට
පැනගන්න එපා.</font>

302
00:20:04,495 --> 00:20:07,957
<font color="#ffcc46">ගොඩක් වෙලාවට නරක දෙයක් වුණාම
ඒකේ වැරැද්ද ඔයාගේ නෙවෙයි.</font>

303
00:20:08,041 --> 00:20:09,375
<font color="#ffcc46">කියන්න එපා ඒ හිටියේ ඔයා කියලා?</font>

304
00:20:09,459 --> 00:20:10,919
<font color="#ffcc46">ඒ මම තමයි! පොඩ්ඩක් ඉන්න, ඇත්තටමද?</font>

305
00:20:13,129 --> 00:20:14,005
<font color="#ffcc46">සිරාවටමද කියන්නේ?</font>

306
00:20:15,131 --> 00:20:16,174
<font color="#ffcc46">දැක්කනේ?</font>

307
00:20:16,257 --> 00:20:18,676
<font color="#ffcc46">මේ හැම දෙයක්ම දෛවය!</font>

308
00:20:40,907 --> 00:20:41,866
<font color="#ffcc46">ඔයා දැන් යන්න.</font>

309
00:20:42,742 --> 00:20:43,868
<font color="#ffcc46">ඔයා ඇතුළට ගියාම මම යන්නම්.</font>

310
00:20:47,956 --> 00:20:50,291
<font color="#ffcc46">බලන් ගියාම මම කියපු දේ හරි.</font>

311
00:20:50,875 --> 00:20:51,709
<font color="#ffcc46">මොකක් ගැනද?</font>

312
00:20:52,293 --> 00:20:54,212
<font color="#ffcc46">සාපයක් සහ දෛවයක් අතර
තියෙන පුංචි වෙනස ගැන මම කිව්ව දේ.</font>

313
00:20:54,295 --> 00:20:56,130
<font color="#ffcc46">සාපයක් සහ දෛවයක් අතර තියෙන්නේ
හරිම පුංචි වෙනසක්.</font>

314
00:20:57,131 --> 00:20:59,801
<font color="#ffcc46">අපෝ එහෙම කියන්න එපා! මගේ ඇඟත් හිරිවැටුණා!</font>

315
00:21:02,679 --> 00:21:03,513
<font color="#ffcc46">ගුඩ් නයිට්.</font>

316
00:21:05,098 --> 00:21:05,932
<font color="#ffcc46">සුව නින්දක් වේවා.</font>

317
00:21:26,786 --> 00:21:30,206
<font color="#ffcc46"><i>වි ජොන්ග්-සින් මහත්මිය,</i>
<i>ඔයාට අමතර ජීවිතයක් එහෙම තියෙනවද?</i></font>

318
00:21:30,289 --> 00:21:33,501
<font color="#ffcc46"><i>මම කරන්නේ එක්කෝ මිනිස්සුන්ට වැඩේ අතාරින්න සලස්වන එක,</i>
<i>නැත්නම් එයාලව ලෝකෙන් අයින් කරන එක.</i></font>

319
00:21:33,584 --> 00:21:34,585
<font color="#ffcc46"><i>මම වැඩ කරන්නේ එහෙමයි.</i></font>

320
00:21:35,128 --> 00:21:37,797
<font color="#ffcc46"><i>ඔයා ඉන්නේ කොතනද කියලා මම දැන් දන්න නිසා,</i></font>

321
00:21:37,880 --> 00:21:39,507
<font color="#ffcc46">මට මේක මගේ අතට ගන්න වෙනවා.</font>

322
00:21:46,556 --> 00:21:48,016
<font color="#ffcc46"><i>මම ආයිමත් කියන්නම්.</i></font>

323
00:21:48,099 --> 00:21:49,434
<font color="#ffcc46"><i>ඔයාට කරදරයක් වෙන්න පුළුවන්.</i></font>

324
00:21:50,268 --> 00:21:51,102
<font color="#ffcc46"><i>එහෙම නැත්නම්,</i></font>

325
00:21:51,769 --> 00:21:53,438
<font color="#ffcc46"><i>ඔයාට ගොඩක් ළඟ කෙනෙක්ට.</i></font>

326
00:21:58,943 --> 00:22:01,112
<font color="#ffcc46"><i>හ්වන්ග් මහත්තයව කින්ග්ස් බැක් එකෙන්</i>
<i>අස් කරපු විදිහ දැක්කම පේනවා,</i></font>

327
00:22:01,195 --> 00:22:02,780
<font color="#ffcc46"><i>අපිට වැඩි වෙලාවක් නෑ කියලා.</i></font>

328
00:22:03,698 --> 00:22:04,824
<font color="#ffcc46"><i>ඔයා මේක ඉක්මනට එළියට දාන්න ඕන.</i></font>

329
00:22:05,575 --> 00:22:08,327
<font color="#ffcc46"><i>එතකොට විතරයි අපිට අපිවයි</i>
<i>කින්ග්ස් බැක් එකයි ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ.</i></font>

330
00:22:27,513 --> 00:22:29,182
<font color="#ffcc46"><i>පුදුමයි නේද?</i></font>

331
00:22:29,265 --> 00:22:30,433
<font color="#ffcc46">ඇත්තටම පුදුමයි.</font>

332
00:22:32,268 --> 00:22:33,895
<font color="#ffcc46">ඇත්තම කිව්වොත්,</font>

333
00:22:33,978 --> 00:22:35,938
<font color="#ffcc46">මේ හැමදේම පටන් ගත්තේ මම ඔයාව දැක්ක දවසෙමයි.</font>

334
00:22:36,022 --> 00:22:36,939
<font color="#ffcc46">ඒ කිව්වේ?</font>

335
00:22:37,523 --> 00:22:39,859
<font color="#ffcc46">මම හොය හොය හිටපු කේස් එකේ ආරම්භය.</font>

336
00:22:40,610 --> 00:22:43,654
<font color="#ffcc46">මම ඔයාව දැක්ක දවසේ තමයි
මට ඔත්තුව දෙන්න හිටපු සහායකයා</font>

337
00:22:44,197 --> 00:22:46,032
<font color="#ffcc46">මැරුණේ.</font>

338
00:22:48,117 --> 00:22:50,745
<font color="#ffcc46"><i>ඇයි ඔයා ඔච්චර භයානක කෙනෙක් පස්සේ පන්නන්නේ?</i></font>

339
00:22:50,828 --> 00:22:51,662
<font color="#ffcc46"><i>ඔයාට බය නැද්ද?</i></font>

340
00:22:53,372 --> 00:22:54,415
<font color="#ffcc46">වෙන කාටවත් ඕක කරන්න බෑ</font>

341
00:22:55,583 --> 00:22:56,542
<font color="#ffcc46">මම ඇරෙන්න.</font>

342
00:22:57,543 --> 00:22:59,712
<font color="#ffcc46">මම මේ කේස් එක ගොඩක් කාලෙක ඉඳන් අල්ලගෙන ඉන්නේ,</font>

343
00:23:00,630 --> 00:23:02,090
<font color="#ffcc46">මට ඕන මේකේ මුල හොයාගන්න.</font>

344
00:23:16,270 --> 00:23:17,647
<font color="#ffcc46">මට නම් මුකුත් පේන්නේ නෑ.</font>

345
00:23:18,731 --> 00:23:20,066
<font color="#ffcc46">මෙලෝ දෙයක් නෑ.</font>

346
00:23:22,235 --> 00:23:23,111
<font color="#ffcc46">මොකක් ගැනද ඔය කියන්නේ?</font>

347
00:23:23,194 --> 00:23:25,571
<font color="#ffcc46">රේටින්ග්ස් ආයි නගින පාටක්වත් පේන්න නෑනේ.</font>

348
00:23:27,824 --> 00:23:29,200
<font color="#ffcc46">ඔයා මොකටද ඕක බලන්නේ?</font>

349
00:23:29,283 --> 00:23:31,911
<font color="#ffcc46"><i>කන්ග් පිල්-ගු</i> නිකම්ම මේ වගේ ඇදි ඇදී ගිහින්</font>

350
00:23:31,994 --> 00:23:33,538
<font color="#ffcc46">නැති වෙලාම යයි.</font>

351
00:23:35,623 --> 00:23:36,624
<font color="#ffcc46">හ්වන්ග් මහත්තයා.</font>

352
00:23:41,462 --> 00:23:44,966
<font color="#ffcc46">ඒක නෙවෙයි, මට කියන්න දෙයක් තියෙනවා. මොකක්ද?</font>

353
00:23:45,049 --> 00:23:46,801
<font color="#ffcc46">ඊළඟ සීන් එකේ දෙබස් වෙනස් වෙලා.</font>

354
00:23:49,011 --> 00:23:51,222
<font color="#ffcc46">ඕකද ස්ක්‍රිප්ට් එක? ඔව්, ඒත්…</font>

355
00:23:51,305 --> 00:23:52,640
<font color="#ffcc46">ඕක දෙන්නකෝ මට දෙබස් ටික පාඩම් කරගන්න.</font>

356
00:23:53,391 --> 00:23:54,892
<font color="#ffcc46">හරි, ඒත් ප්‍රශ්නේ තියෙන්නේ…</font>

357
00:23:54,976 --> 00:23:56,936
<font color="#ffcc46">ඉන්න, ඇයි මේක මෙතන තියෙන්නේ? දෙනවකෝ ඕක.</font>

358
00:23:58,396 --> 00:23:59,230
<font color="#ffcc46">මොකක්?</font>

359
00:23:59,313 --> 00:24:00,940
<font color="#ffcc46">විනෝදාස්වාද අංශය</font>

360
00:24:06,487 --> 00:24:08,156
<font color="#ffcc46">මිස්, මෙන්න සෙම අමාරුවට බෙහෙත්.</font>

361
00:24:08,239 --> 00:24:09,866
<font color="#ffcc46">ඒත් ඔයා හොස්පිට්ල් ගියා නම් හොඳයි.</font>

362
00:24:10,575 --> 00:24:11,492
<font color="#ffcc46">මොනවද මේ?</font>

363
00:24:12,618 --> 00:24:13,578
<font color="#ffcc46">තැන්ක්ස්.</font>

364
00:24:14,453 --> 00:24:16,164
<font color="#ffcc46">මට අවුලක් නෑ. මම වැඩ ඉවර වෙලා යන්නම්.</font>

365
00:24:16,706 --> 00:24:18,583
<font color="#ffcc46">හරි. බෙහෙත් වලට ස්තූතියි.</font>

366
00:24:24,005 --> 00:24:26,716
<font color="#ffcc46">බක් බියොන්ග්-ගි, අර පිස්සු යකා!</font>

367
00:24:26,799 --> 00:24:28,801
<font color="#ffcc46">මූට හොඳටම පිස්සු!</font>

368
00:24:28,885 --> 00:24:30,386
<font color="#ffcc46">අනේ මන්දා,</font>

369
00:24:30,469 --> 00:24:33,931
<font color="#ffcc46">මම කොහොමද අද දවස ඇතුළත
මේ නීති රීති පද්ධතියම කටපාඩම් කරන්නේ?</font>

370
00:24:34,015 --> 00:24:35,892
<font color="#ffcc46">මට දැන් පිස්සු හැදෙයි.</font>

371
00:24:36,934 --> 00:24:38,936
<font color="#ffcc46">"ජාතියේ විමුක්තිය උදා වූ මොහොතේ ඉපිද,</font>

372
00:24:39,020 --> 00:24:40,146
<font color="#ffcc46">අපි අපේ රට වෙනුවෙන් සේවය කරමු..."</font>

373
00:24:40,813 --> 00:24:43,399
<font color="#ffcc46">"අපි අපේ රටට සහ ජනතාවට සේවය කරමු...</font>

374
00:24:43,482 --> 00:24:45,234
<font color="#ffcc46">නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජය
ආරක්ෂා කරමු..."</font>

375
00:24:46,235 --> 00:24:47,528
<font color="#ffcc46">මේක නම් වෙන්න බෑ.</font>

376
00:24:51,949 --> 00:24:56,704
<font color="#ffcc46"><i>කන්ග් පිල්-ගු කියන්නේ ඇත්තටම ගොඩක් සුවිශේෂී කෙනෙක්.</i></font>

377
00:24:57,205 --> 00:24:59,916
<font color="#ffcc46">ඔයාට ඒ අසමසම කන්ග් පිල්-ගුගේ චරිතේ කරන්න ලැබුණා.</font>

378
00:25:00,833 --> 00:25:01,751
<font color="#ffcc46">ඒක කොච්චර ලොකු වාසනාවක්ද?</font>

379
00:25:05,296 --> 00:25:06,172
<font color="#ffcc46">හරි.</font>

380
00:25:11,010 --> 00:25:12,595
<font color="#ffcc46">කන්ග් පිල්-ගු අසමසමයි.</font>

381
00:25:14,847 --> 00:25:17,141
<font color="#ffcc46">කන්ග් පිල්-ගු අසමසමයි.</font>

382
00:25:21,729 --> 00:25:24,565
<font color="#ffcc46">"ජාතියේ විමුක්තිය උදා වූ මොහොතේ ඉපිද,</font>

383
00:25:24,649 --> 00:25:26,150
<font color="#ffcc46">අපි අපේ රටට සහ ජනතාවට සේවය කරමු..."</font>

384
00:25:32,406 --> 00:25:33,491
<font color="#ffcc46">හෙලෝ?</font>

385
00:25:52,510 --> 00:25:53,719
<font color="#ffcc46">ආහ්,</font>

386
00:25:54,220 --> 00:25:55,137
<font color="#ffcc46">පරක්කු වුණාට සමා වෙන්න.</font>

387
00:26:17,702 --> 00:26:18,744
<font color="#ffcc46">වාඩි වෙන්න.</font>

388
00:26:18,828 --> 00:26:19,662
<font color="#ffcc46">හරි.</font>

389
00:26:22,206 --> 00:26:24,417
<font color="#ffcc46">අර රෙස්ටොරන්ට් එකේ දවසට පස්සේ
අපි හම්බවුණ පළවෙනි පාර නේද?</font>

390
00:26:24,500 --> 00:26:25,459
<font color="#ffcc46">ඔව්, ඒක හරි.</font>

391
00:26:28,170 --> 00:26:29,297
<font color="#ffcc46">අපිට තේ ටිකක් ගේන්න.</font>

392
00:26:30,131 --> 00:26:31,132
<font color="#ffcc46">හරි සර්.</font>

393
00:26:36,304 --> 00:26:38,806
<font color="#ffcc46">මම දන්නවා ඔයා කාර්යබහුල ඇති කියලා.
මෙච්චර දුරක් ගෙන්න ගත්තට සොරි හොඳේ.</font>

394
00:26:40,224 --> 00:26:41,058
<font color="#ffcc46">නෑ, ඒකට කමක් නෑ.</font>

395
00:26:44,061 --> 00:26:46,480
<font color="#ffcc46">ඇයි එයාලා මට යන්න දෙන්නේ නැත්තේ?</font>

396
00:26:47,189 --> 00:26:49,525
<font color="#ffcc46">ඇයි හියොන්-ජුන්ට විතරක්? මොකක්ද මේ වෙන්නේ?</font>

397
00:26:53,362 --> 00:26:55,489
<font color="#ffcc46">ඔයයි හ්වන්ග් මහත්තයයි ගොඩක් හිතවත් පාටයි.</font>

398
00:26:55,573 --> 00:26:57,908
<font color="#ffcc46">එයාව අස් කරා කියලා අහලා
ඔයා අවුලෙන් ඇත්තේ.</font>

399
00:26:57,992 --> 00:26:59,994
<font color="#ffcc46">ඔව්, ඒත් කිසි දෙයක් වෙනස් වෙලා නෑ.</font>

400
00:27:01,203 --> 00:27:03,122
<font color="#ffcc46">එයා තාමත් මගේ වැඩ බලනවා.</font>

401
00:27:03,664 --> 00:27:05,541
<font color="#ffcc46">එහෙනම් මම කෙළින්ම කාරණයට එන්නම්.</font>

402
00:27:07,209 --> 00:27:09,962
<font color="#ffcc46">ඔයා වි ජොන්ග්-සින් මිස් එක්ක ගොඩක් ළඟයි නේද?</font>

403
00:27:18,429 --> 00:27:21,057
<font color="#ffcc46">මම ඇයි ඕකට උත්තර දෙන්නේ?</font>

404
00:27:22,183 --> 00:27:25,478
<font color="#ffcc46">මම කැමති මේ කම්පැනියේ තියෙන අවුල් ගැනයි,</font>

405
00:27:25,561 --> 00:27:27,480
<font color="#ffcc46">හ්වන්ග් මහත්තයව අසාධාරණ විදිහට
අස් කරපු එක ගැනයි කතා කරන්න.</font>

406
00:27:28,856 --> 00:27:29,815
<font color="#ffcc46">"අසාධාරණ"?</font>

407
00:27:32,651 --> 00:27:36,697
<font color="#ffcc46">මම ගිය පාර ඔයාට පැහැදිලිවම කිව්වා
මම බිස්නස් එක බලාගන්නම් කියලා.</font>

408
00:27:36,781 --> 00:27:38,991
<font color="#ffcc46">ඒත් මට පේන විදිහට ඔයාට ඒක තේරිලා නෑ.</font>

409
00:27:42,703 --> 00:27:44,497
<font color="#ffcc46">ආහ්, එහෙමද?</font>

410
00:28:02,515 --> 00:28:03,557
<font color="#ffcc46">නිකන් ඉන්නවා.</font>

411
00:28:12,691 --> 00:28:13,818
<font color="#ffcc46">මොකද මේ කරන්නේ?</font>

412
00:28:17,863 --> 00:28:18,697
<font color="#ffcc46">ෂික්.</font>

413
00:28:18,781 --> 00:28:20,783
<font color="#ffcc46">සමහර විට අද තේ වල රහ අමුතු නිසාද මන්දා.</font>

414
00:28:21,367 --> 00:28:22,618
<font color="#ffcc46">මිනිහා මට පෙන්නන්න බෑ.</font>

415
00:28:26,080 --> 00:28:27,373
<font color="#ffcc46">මට පෙන්නන්න බැරි දේවල්</font>

416
00:28:28,082 --> 00:28:29,083
<font color="#ffcc46">මම ළඟ තියාගන්නේ නෑ.</font>

417
00:28:39,760 --> 00:28:40,594
<font color="#ffcc46">එළියට වෙලා ඉන්න.</font>

418
00:28:53,774 --> 00:28:54,900
<font color="#ffcc46">මිස්ටර් ලිම් හියොන්-ජුන්.</font>

419
00:28:56,610 --> 00:28:58,487
<font color="#ffcc46">සමහර වෙලාවට ඩ්‍රාමා වලට වඩා
ඇත්ත ජීවිතේ ගොඩක් දරුණුයි නේද?</font>

420
00:29:02,158 --> 00:29:03,075
<font color="#ffcc46">ඒත් ඇත්ත ජීවිතේදී,</font>

421
00:29:03,659 --> 00:29:05,494
<font color="#ffcc46">දේවල් එච්චර ලස්සනට ඉවර වෙන්නේ නෑ</font>

422
00:29:05,578 --> 00:29:07,913
<font color="#ffcc46">ඔයාගේ ඩ්‍රාමා වල වගේ.</font>

423
00:29:08,539 --> 00:29:11,709
<font color="#ffcc46">ඔයාට වි මිස් එක්ක ඩ්‍රාමා වල වගේ
ලස්සන ජීවිතයක් ඕන නම්,</font>

424
00:29:12,793 --> 00:29:14,628
<font color="#ffcc46">කට වහගෙන ඉන්න එක තමයි හොඳ, තේරුණාද?</font>

425
00:29:45,784 --> 00:29:46,785
<font color="#ffcc46">මට ඉන්ටවීව් එකක් ලෑස්ති කරන්න.</font>

426
00:29:48,204 --> 00:29:49,205
<font color="#ffcc46">එකපාරටම?</font>

427
00:29:49,914 --> 00:29:52,708
<font color="#ffcc46">ඉන්ටවීව් එක දාන්න ඕන
හොඳ පිළිගැනීමක් තියෙන ප්‍රෝග්‍රෑම් එකක,</font>

428
00:29:52,791 --> 00:29:55,211
<font color="#ffcc46">එතකොට තමයි අපේ කතාව මිනිස්සු පිළිගන්නේ.</font>

429
00:29:55,294 --> 00:29:58,005
<font color="#ffcc46">ජනප්‍රිය එකක නෙවෙයි,
පිළිගැනීමක් තියෙන එකක?</font>

430
00:29:59,006 --> 00:30:00,132
<font color="#ffcc46">හරි, මට තේරුණා.</font>

431
00:30:00,216 --> 00:30:03,802
<font color="#ffcc46">මම හොඳ වැඩසටහනක් ලෑස්ති කරන්නම්,
ඔයා බය වෙන්න එපා.</font>

432
00:30:05,554 --> 00:30:06,931
<font color="#ffcc46">මට හිතෙන්නේ වි මිස් ඉන්නේ අනතුරක.</font>

433
00:30:08,265 --> 00:30:09,934
<font color="#ffcc46">මට සිද්ධ වෙනවා හැම වෙලාවෙම එයාගේ ළඟින් ඉන්න.</font>

434
00:30:19,318 --> 00:30:20,319
<font color="#ffcc46">ආ, ජොන්ග්-සින් ඔයා ආවද?</font>

435
00:30:24,782 --> 00:30:25,824
<font color="#ffcc46">ඔව්, මම ආවා.</font>

436
00:30:27,409 --> 00:30:28,327
<font color="#ffcc46">හලෝ.</font>

437
00:30:29,203 --> 00:30:30,746
<font color="#ffcc46">ඇයි මේ කට්ටිය ආයෙත් මෙතන?</font>

438
00:30:30,829 --> 00:30:32,540
<font color="#ffcc46">මේ, අපි…</font>

439
00:30:33,541 --> 00:30:35,793
<font color="#ffcc46">අපි තීරණය කළා මෙහෙම එකතු වෙන්න
මොකද අපි හිතුවා</font>

440
00:30:35,876 --> 00:30:38,963
<font color="#ffcc46">හොඳ නිදහස් වටපිටාවක් තිබුණොත්
හොන්ග්-සින්ට පුළුවන් වෙයි කියලා</font>

441
00:30:39,046 --> 00:30:40,631
<font color="#ffcc46">එයාගේ ඇක්ටින් ගැන තව හිතන්න.</font>

442
00:30:40,714 --> 00:30:43,467
<font color="#ffcc46">ඉතින් ඒකයි අපි මෙහෙට එකතු වුණේ. ආ, එහෙමද.</font>

443
00:30:44,218 --> 00:30:45,219
<font color="#ffcc46">ඉන්නකෝ.</font>

444
00:30:45,719 --> 00:30:47,221
<font color="#ffcc46">ඔයාට ඕනෙද හොන්ග්-සින් ඇක්ට් කරනවා බලන්න?</font>

445
00:30:47,846 --> 00:30:50,766
<font color="#ffcc46">එයා දැන් ගොඩක් ඉම්පෲව් වෙලා.
නෑ, කමක් නෑ. මට වැඩ තියෙනවා.</font>

446
00:30:50,849 --> 00:30:51,767
<font color="#ffcc46">ඔයාලා දිගටම කරගෙන යන්න.</font>

447
00:30:52,351 --> 00:30:54,311
<font color="#ffcc46">රාමෙන් ටිකක් කාලම යන්න. නෑ, මට එපා.</font>

448
00:30:56,272 --> 00:30:57,273
<font color="#ffcc46">පොඩ්ඩක් රෙස්ට් කරන්න.</font>

449
00:30:59,483 --> 00:31:01,944
<font color="#ffcc46">මම පස්සේ බලලා
රෑ වෙලා කෑම කන්න එයාට කතා කරන්නම්.</font>

450
00:31:02,027 --> 00:31:03,070
<font color="#ffcc46">හරි.</font>

451
00:31:04,363 --> 00:31:05,239
<font color="#ffcc46">කමු.</font>

452
00:31:28,596 --> 00:31:29,430
<font color="#ffcc46">ජොන්ග්-සින්.</font>

453
00:31:29,513 --> 00:31:31,015
<font color="#ffcc46">අපි ෆ්‍රයිඩ් චිකන් ඕඩර් කරනවා. ඔයාටත් ඕනෙද?</font>

454
00:31:34,101 --> 00:31:34,935
<font color="#ffcc46">ඔයා නිදිද?</font>

455
00:31:38,564 --> 00:31:39,481
<font color="#ffcc46">ජොං-සින්?</font>

456
00:31:40,941 --> 00:31:42,359
<font color="#ffcc46">- ඔයාට අවුලක් නෑනේ?
- ඔව්.</font>

457
00:31:44,236 --> 00:31:45,279
<font color="#ffcc46">ඔයාගේ ඇඟ ගිනි ගන්නවා.</font>

458
00:31:45,362 --> 00:31:46,196
<font color="#ffcc46">මොකක්?</font>

459
00:31:48,324 --> 00:31:49,199
<font color="#ffcc46">ඔයාට අමාරුද?</font>

460
00:31:50,618 --> 00:31:51,827
<font color="#ffcc46">කෝ ඉන්න බලන්න.</font>

461
00:31:51,910 --> 00:31:53,370
<font color="#ffcc46">- මට අවුලක් නෑ.
- පොඩ්ඩක් ඉන්න.</font>

462
00:31:53,454 --> 00:31:56,415
<font color="#ffcc46">ඔයාගේ ඇඟ ඇත්තටම රත්වෙලා.
ඔයාට හොඳ නෑ.</font>

463
00:31:56,498 --> 00:31:57,958
<font color="#ffcc46">ලොකු අසනීපයක්ද දන්නේ නෑනේ?</font>

464
00:31:58,751 --> 00:31:59,877
<font color="#ffcc46">මෙතනින් ඉන්නකෝ.</font>

465
00:32:00,419 --> 00:32:01,587
<font color="#ffcc46">මට අවුලක් නෑ.</font>

466
00:32:48,092 --> 00:32:49,510
<font color="#ffcc46">ඔයා තව ටිකක් රෙස්ට් එකේ හිටියා නම් හොඳයි.</font>

467
00:32:49,593 --> 00:32:50,719
<font color="#ffcc46">නෑ, මම හොඳින්.</font>

468
00:32:50,803 --> 00:32:53,055
<font color="#ffcc46">නෑ, ඔයාට අමාරුයි. අල්ලද්දිත් රස්නෙයි.</font>

469
00:32:55,933 --> 00:32:56,767
<font color="#ffcc46">ආ.</font>

470
00:32:57,976 --> 00:32:59,687
<font color="#ffcc46">දෙයියනේ, ඇත්තටම ගොඩක් රස්නෙයිනේ.</font>

471
00:33:00,437 --> 00:33:01,980
<font color="#ffcc46">- මොකක්ද? ආ, බෙහෙත්.
- මම බෙහෙත් ගෙනාවා.</font>

472
00:33:02,064 --> 00:33:04,108
<font color="#ffcc46">- මෙන්න වතුර ටිකක්.
- තැන්ක්ස්.</font>

473
00:33:05,693 --> 00:33:07,444
<font color="#ffcc46">- මෙන්න බෙහෙත්.
- නිකන් තියන්නකෝ ඔතනින්.</font>

474
00:33:14,201 --> 00:33:17,621
<font color="#ffcc46">අපි 119ට කතා කරන එක හොඳ නැද්ද?</font>

475
00:33:17,705 --> 00:33:19,164
<font color="#ffcc46">අනේ මේ, 119 කියන්නේ ටැක්සි සර්විස් එකක් නෙමෙයිනේ.</font>

476
00:33:19,248 --> 00:33:20,582
<font color="#ffcc46">මට තනියම හොස්පිට්ල් යන්න පුළුවන්.</font>

477
00:33:20,666 --> 00:33:24,002
<font color="#ffcc46">ඇයි තනියම යන්න හදන්නේ?
කවුරුහරි එක්ක යන එක හොඳයිනේ.</font>

478
00:33:24,086 --> 00:33:25,587
<font color="#ffcc46">මම ඔයාව එක්කන් යන්නම්. නගින්න මගේ පිටට.</font>

479
00:33:25,671 --> 00:33:28,006
<font color="#ffcc46">මට තියෙන්නේ ෆ්ලූ එක නම්,
මගෙන් ඔයාටත් බෝ වෙයි.</font>

480
00:33:28,090 --> 00:33:29,299
<font color="#ffcc46">එහෙම වුණොත් ෂූටින් වලටත් බාධාවක්නේ?</font>

481
00:33:29,383 --> 00:33:30,676
<font color="#ffcc46">ඒක ඇත්ත.</font>

482
00:33:31,885 --> 00:33:34,054
<font color="#ffcc46">ඕවා ගැන දැන් කවුද වද වෙන්නේ?</font>

483
00:33:34,555 --> 00:33:36,724
<font color="#ffcc46">- යමු මාත් එක්ක යන්න.
- එපා, ඕනේ නෑ.</font>

484
00:33:36,807 --> 00:33:39,351
<font color="#ffcc46">මේ, මට ෆ්ලූ එක කියලා රිපෝට් ආවොත්,</font>

485
00:33:39,435 --> 00:33:40,769
<font color="#ffcc46">මම අද රෑට මෝටල් එකක නවතිනවා.</font>

486
00:33:41,270 --> 00:33:43,522
<font color="#ffcc46">- හා.
- මම මගේ බඩු ටික ගත්තා. ගිහින් එන්නම්.</font>

487
00:33:43,605 --> 00:33:45,149
<font color="#ffcc46">- හරි.
- හැබැයි...</font>

488
00:33:45,232 --> 00:33:47,401
<font color="#ffcc46">මගේ ළඟට එන්න එපා.
ඔයාටත් බෝ වෙයි.</font>

489
00:33:48,110 --> 00:33:48,986
<font color="#ffcc46">අපොයි.</font>

490
00:33:49,611 --> 00:33:52,906
<font color="#ffcc46">හොස්පිට්ල් ගිය ගමන් මට කෝල් එකක් ගන්න, හොඳද?</font>

491
00:33:52,990 --> 00:33:53,866
<font color="#ffcc46">හා හොඳයි.</font>

492
00:33:58,370 --> 00:33:59,955
<font color="#ffcc46">අනේ මන්දා.</font>

493
00:34:01,457 --> 00:34:02,791
<font color="#ffcc46">මේ හැමදේම එකපාරට වුණේ...</font>

494
00:34:02,875 --> 00:34:05,002
<font color="#ffcc46">ඔයාගේ අක්කට තනියම ඉන්න පුළුවන් වෙයිද?</font>

495
00:34:05,085 --> 00:34:07,087
<font color="#ffcc46">එයා යුද්දෙකට ගිහිල්ලත් පණ පිටින් ආපු කෙනෙක්.</font>

496
00:34:07,171 --> 00:34:08,589
<font color="#ffcc46">නිකන් හොස්පිට්ල් ගියා කියලා එයාට කලන්තේ දාන එකක් නෑ.</font>

497
00:34:10,382 --> 00:34:11,592
<font color="#ffcc46">මම දන්නවා, ඒත්...</font>

498
00:34:12,551 --> 00:34:13,886
<font color="#ffcc46">අම්මෝ, ඒක නම් මාර සීතලයි.</font>

499
00:34:15,721 --> 00:34:17,389
<font color="#ffcc46">ලිම් මහත්තයා හැමතිස්සෙම ඔහොමද?</font>

500
00:34:17,931 --> 00:34:20,267
<font color="#ffcc46">අනේ මන්දා.
මාත් ළඟකදි ඉඳන් තමයි ඒක දැක්කේ.</font>

501
00:34:21,560 --> 00:34:22,811
<font color="#ffcc46">එයා රඟපාන චරිතයෙන් එළියට එනවා වගේ.</font>

502
00:34:30,903 --> 00:34:32,070
<font color="#ffcc46">ශික්, මේක මාර සද්දයිනේ.</font>

503
00:34:36,033 --> 00:34:37,367
<font color="#ffcc46">මම එයා එක්ක යන්න තිබ්බේ.</font>

504
00:34:38,202 --> 00:34:39,536
<font color="#ffcc46">අල්ලපු ගෙදර වැඩක් කරනවා වගේ.</font>

505
00:34:54,009 --> 00:34:55,010
<font color="#ffcc46"><i>මට ෆ්ලූ එක කියලා රිපෝට් ආවා,</i></font>

506
00:34:55,093 --> 00:34:56,970
<font color="#ffcc46"><i>- ඉතින් මම නිරෝධායනය වෙන්න මෝටල් එකකට යනවා.</i>
- ලිම් මහත්තයා.</font>

507
00:34:57,888 --> 00:35:00,182
<font color="#ffcc46">එයාට ෆ්ලූ එක හැදිලා ලු,
ඒ නිසා එයා මෝටල් එකකට යනවලු.</font>

508
00:35:01,266 --> 00:35:02,309
<font color="#ffcc46">එයාට ෆ්ලූ එකද?</font>

509
00:35:02,392 --> 00:35:03,227
<font color="#ffcc46">ඔව්.</font>

510
00:35:04,144 --> 00:35:05,395
<font color="#ffcc46">අයියෝ, මම දැනගෙන හිටියා.</font>

511
00:35:05,479 --> 00:35:08,273
<font color="#ffcc46">ඒත් ඇයි එයා මෝටල් එකකට යන්නේ?
මගේ ගෙදර ඊට වඩා ආරක්ෂිතයිනේ.</font>

512
00:35:08,357 --> 00:35:10,108
<font color="#ffcc46">මෝටල් එකක් හරි භයානකයි.</font>

513
00:35:10,192 --> 00:35:11,902
<font color="#ffcc46">ඕවගේ කොච්චර මැරයෝ ඉන්නවද...</font>

514
00:35:11,985 --> 00:35:12,986
<font color="#ffcc46">මොකක්?</font>

515
00:35:14,112 --> 00:35:17,282
<font color="#ffcc46">මම නිකමට කිව්වේ මගේ ගෙදර ඊට වඩා සේෆ් කියලා!</font>

516
00:35:17,366 --> 00:35:19,034
<font color="#ffcc46">එහෙනම් අපි ගෙදර ගිහින්</font>

517
00:35:19,868 --> 00:35:21,745
<font color="#ffcc46">මිස් වීට මෙහෙට එන්න කිව්වොත් නරකද?</font>

518
00:35:21,829 --> 00:35:24,331
<font color="#ffcc46">මටත් හිතෙන්නේ ඒක තමයි හොඳම දේ.</font>

519
00:35:24,414 --> 00:35:25,749
<font color="#ffcc46">නෑ, මම අදහස් කළේ...</font>

520
00:35:26,500 --> 00:35:27,668
<font color="#ffcc46">ඕනෙ නෑ.</font>

521
00:35:27,751 --> 00:35:28,752
<font color="#ffcc46">මෙහේ අර...</font>

522
00:35:28,836 --> 00:35:29,920
<font color="#ffcc46">මමම එයාට කතා කරන්නම්කෝ.</font>

523
00:35:32,506 --> 00:35:33,465
<font color="#ffcc46"><i>හෙලෝ?</i></font>

524
00:35:33,549 --> 00:35:34,508
<font color="#ffcc46">මේ මම.</font>

525
00:35:35,634 --> 00:35:38,679
<font color="#ffcc46">ඇයි ඔයා මෝටල් එකක නවතින්නේ?
ඕවා මාර ඩේන්ජරස් නේ.</font>

526
00:35:38,762 --> 00:35:41,598
<font color="#ffcc46">ඔය පිට තැන්වල අමුතු මිනිස්සු ගැවසෙනවා,
ඒක භයානකයි!</font>

527
00:35:41,682 --> 00:35:42,558
<font color="#ffcc46">මගේ ගෙදර නවතින්න.</font>

528
00:35:42,641 --> 00:35:43,475
<font color="#ffcc46">මොකක් කිව්වා?</font>

529
00:35:44,643 --> 00:35:46,562
<font color="#ffcc46">මට මගේ ගෙදර යන්න පුළුවන්කම තියෙද්දි
ඇයි මම ඔයාගේ ගෙදර යන්නේ?</font>

530
00:35:46,645 --> 00:35:49,898
<font color="#ffcc46">මෙහෙ අර කන්ස්ට්‍රක්ෂන් වැඩක් නිසා
ඔයාට නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ.</font>

531
00:35:49,982 --> 00:35:51,900
<font color="#ffcc46">මම පාස්කෝඩ් එක එවන්නම්,
ඔයා මගේ ගෙදර යන්න.</font>

532
00:35:51,984 --> 00:35:52,985
<font color="#ffcc46">එහෙ සේෆ්.</font>

533
00:35:53,068 --> 00:35:54,736
<font color="#ffcc46">මම මෝටල් එකකට යනවා.</font>

534
00:35:54,820 --> 00:35:56,780
<font color="#ffcc46"><i>- මම ප්ලෑන් කළේ එහෙමයි.</i>
- අනේ නිකන් යන්නකෝ මගේ ගෙදරට!</font>

535
00:37:21,490 --> 00:37:25,619
<font color="#ffcc46">රසම රස කැඳ</font>

536
00:37:36,046 --> 00:37:38,382
<font color="#ffcc46">කැඳ ටික නිවෙන්න කලින් බොන්න.</font>

537
00:38:00,946 --> 00:38:03,949
<font color="#ffcc46">ඔයා ගොඩක් උසයිනේ.
ඒකයි මගේ ඇඳුම් ඔයාට හිර.</font>

538
00:38:04,032 --> 00:38:05,409
<font color="#ffcc46">- මම ඉස්සෙල්ලා වොෂ් එකක් දාගෙන එන්නම්.
- හා.</font>

539
00:38:05,492 --> 00:38:07,285
<font color="#ffcc46">ලිම් මහත්තයා, ඔයාට මේක ඇඳගන්න පුළුවන්.</font>

540
00:38:07,369 --> 00:38:08,453
<font color="#ffcc46">ආ, මාත් මාරු කරන්නද?</font>

541
00:38:08,537 --> 00:38:09,830
<font color="#ffcc46">ඔව්, තමන්ගේ ගෙදර වගේ ඉන්න.</font>

542
00:38:10,914 --> 00:38:12,207
<font color="#ffcc46">තැන්ක් යූ.</font>

543
00:38:12,290 --> 00:38:13,542
<font color="#ffcc46">ආයේ නම් මම මේවා හෝදන එකක් නෑ.</font>

544
00:38:17,462 --> 00:38:19,881
<font color="#ffcc46">ලිම් මහත්තයා, මට ඔයාට දෙයක් පෙන්නන්න තියෙනවා.</font>

545
00:38:19,965 --> 00:38:20,924
<font color="#ffcc46">- මොකක්ද?
- එන්න මාත් එක්ක.</font>

546
00:38:23,176 --> 00:38:24,261
<font color="#ffcc46">වැඩි වෙලාවක් යන එකක් නෑ.</font>

547
00:38:24,344 --> 00:38:26,388
<font color="#ffcc46">එන්නකෝ, ඉක්මනට මෙහෙට එන්න.</font>

548
00:38:26,471 --> 00:38:27,389
<font color="#ffcc46">මොකක්ද මේ?</font>

549
00:38:27,472 --> 00:38:30,100
<font color="#ffcc46">අනේ මන්දා,
මේක ඔයාට පෙන්නන්න හොඳද දන්නෙත් නෑ.</font>

550
00:38:31,977 --> 00:38:33,061
<font color="#ffcc46">- දෙයියනේ.
- හප්පා.</font>

551
00:38:33,145 --> 00:38:34,604
<font color="#ffcc46">- ඔයා...
- මොකක්ද මේ?</font>

552
00:38:34,688 --> 00:38:36,648
<font color="#ffcc46">ඔයා මේ ගැන ජොං-සින් ගෙන්
රහසක් විදිහට තියාගන්න ඕනේ.</font>

553
00:38:36,732 --> 00:38:38,442
<font color="#ffcc46">නැත්නම් එයා මාව මරයි.</font>

554
00:38:39,526 --> 00:38:40,569
<font color="#ffcc46">කලබල වෙන්න එපා.</font>

555
00:38:43,321 --> 00:38:44,573
<font color="#ffcc46">ටඩා!</font>

556
00:38:47,200 --> 00:38:49,661
<font color="#ffcc46">අම්මෝ, මට විශ්වාසත් නෑ මම එහෙම කළා කියලා.
ඔන්න මම ගියා එහෙනම්.</font>

557
00:40:35,016 --> 00:40:36,017
<font color="#ffcc46"><i>ඉක්මනට සනීප වෙන්න.</i></font>

558
00:40:36,643 --> 00:40:37,519
<font color="#ffcc46"><i>මට දැන්ම ඔයාව පාළුයි.</i></font>

559
00:40:43,024 --> 00:40:44,067
<font color="#ffcc46">ඉක්මනට සනීප වෙන්න
මට දැන්ම ඔයාව පාළුයි</font>

560
00:41:56,640 --> 00:41:58,475
<font color="#ffcc46">හොඳම නළුවා සම්මානය
ලිම් හියොන්-ජුන්</font>

561
00:42:07,192 --> 00:42:10,070
<font color="#ffcc46">හොඳම රහස් පරීක්ෂක කාන්ග් පිල්-ගු 5
පළමු කොටස</font>

562
00:42:22,499 --> 00:42:24,417
<font color="#ffcc46">හොඳම රහස් පරීක්ෂක කාන්ග් පිල්-ගු 5
පළමු කොටස</font>

563
00:42:58,868 --> 00:43:01,288
<font color="#ffcc46">ඔයා කවුද,
ඇයි මෙතන තනියම කරන්නේ?</font>

564
00:43:02,205 --> 00:43:04,958
<font color="#ffcc46">ආයුබෝවන්. මගේ නම වී ජොං-සින්.</font>

565
00:43:05,709 --> 00:43:06,710
<font color="#ffcc46">වාඩි වෙන්නකෝ.</font>

566
00:43:12,924 --> 00:43:15,176
<font color="#ffcc46">සමාවෙන්න ඕනේ. මට ෆ්ලූ එක හැදිලා,</font>

567
00:43:15,260 --> 00:43:17,053
<font color="#ffcc46">ඒ නිසා මට ළඟට එන්න බෑ.</font>

568
00:43:17,679 --> 00:43:19,431
<font color="#ffcc46">ඒකට කමක් නෑ.</font>

569
00:43:21,016 --> 00:43:23,810
<font color="#ffcc46">කොහොම හරි, ඔයයි හියොන්-ජුන් දෙන්නා යාළුයිද?</font>

570
00:43:23,893 --> 00:43:25,020
<font color="#ffcc46">නෑ, එහෙම දෙයක් නෑ.</font>

571
00:43:26,021 --> 00:43:26,855
<font color="#ffcc46">එහෙනම් මොකක්ද තියෙන්නේ?</font>

572
00:43:28,398 --> 00:43:29,232
<font color="#ffcc46">හරියට උත්තර දෙන්න.</font>

573
00:43:29,316 --> 00:43:32,610
<font color="#ffcc46">නැත්නම් මට පුළුවන් අනවසරයෙන් ඇතුල් වුණා කියලා
ඔයාව පොලිසියට අල්ලලා දෙන්න.</font>

574
00:43:33,486 --> 00:43:34,446
<font color="#ffcc46">ඒක...</font>

575
00:43:36,656 --> 00:43:38,408
<font color="#ffcc46">අපි...</font>

576
00:43:39,659 --> 00:43:40,994
<font color="#ffcc46">එකිනෙකාට කැමතියි.</font>

577
00:43:41,077 --> 00:43:43,621
<font color="#ffcc46">දෙන්නා කැමතියි,
හැබැයි තාම යාළු වෙලා නෑ?</font>

578
00:43:44,289 --> 00:43:45,123
<font color="#ffcc46">නිකන් නමක් නැති සම්බන්ධයක් වගේද?</font>

579
00:43:46,708 --> 00:43:47,876
<font color="#ffcc46">ඔව්, මම හිතන්නේ එහෙම තමයි.</font>

580
00:43:49,711 --> 00:43:52,464
<font color="#ffcc46">ඒත් ඇයි ඔයා හියොන්-ජුන් නැතුව මෙහේ කරන්නේ?</font>

581
00:43:53,590 --> 00:43:54,591
<font color="#ffcc46">මට ෆ්ලූ එක හැදිලානේ,</font>

582
00:43:55,175 --> 00:43:56,676
<font color="#ffcc46">අනික මගේ ගෙදර පොඩි ප්‍රශ්න වගයක් නිසා,</font>

583
00:43:57,218 --> 00:43:59,095
<font color="#ffcc46">එයා මට ටික දවසකට මෙහෙ ඉන්න කිව්වා.</font>

584
00:44:00,847 --> 00:44:02,599
<font color="#ffcc46">හැබැයි එයා මට මෙහෙට අඩියක්වත් තියන්න දෙන්නේ නෑ.</font>

585
00:44:03,933 --> 00:44:05,727
<font color="#ffcc46">මම මැඩම් ගැන ගොඩක් අහලා තියෙනවා.</font>

586
00:44:07,604 --> 00:44:08,605
<font color="#ffcc46">ඔයා අහලා තියෙනවා?</font>

587
00:44:08,688 --> 00:44:09,522
<font color="#ffcc46">ඔව්.</font>

588
00:44:13,401 --> 00:44:15,695
<font color="#ffcc46">මම හිතන්නේ එයා මම කොච්චර නරක අම්මා කෙනෙක්ද
කියලා කියවන්න ඇති.</font>

589
00:44:15,779 --> 00:44:16,905
<font color="#ffcc46">නෑ, එහෙම නෑ.</font>

590
00:44:17,947 --> 00:44:20,909
<font color="#ffcc46">එයා කිව්වේ පොඩි කාලේ එයාගේ හීනය වුණේ
ඔයා වගේ වෙන එක කියලා.</font>

591
00:44:25,246 --> 00:44:27,540
<font color="#ffcc46">ඇත්තටම හියොන්-ජුන් එහෙම කිව්වද?</font>

592
00:44:27,624 --> 00:44:29,125
<font color="#ffcc46">- එයා දැන් ගොඩක් වෙනස් වෙලා.
- ඒක නේන්නම්.</font>

593
00:44:29,209 --> 00:44:30,210
<font color="#ffcc46">නේද?</font>

594
00:44:30,960 --> 00:44:32,712
<font color="#ffcc46">කවුද එන්නේ පාපන්දු වොලිබෝල් ගහන්න?</font>

595
00:44:32,796 --> 00:44:35,090
<font color="#ffcc46">- යමු ගහන්න!
- මරුනේ වැඩේ.</font>

596
00:44:35,632 --> 00:44:36,633
<font color="#ffcc46">- යමු යමු!
- යමු!</font>

597
00:44:36,716 --> 00:44:37,592
<font color="#ffcc46">පාපන්දු වොලිබෝල්?</font>

598
00:44:37,675 --> 00:44:40,053
<font color="#ffcc46">- යමු.
- මේක මරු වැඩක් වෙයි.</font>

599
00:44:42,806 --> 00:44:43,640
<font color="#ffcc46">මොකද මේ වෙන්නේ?</font>

600
00:44:47,685 --> 00:44:49,771
<font color="#ffcc46">- එයාට එච්චර උදෙන් නැගිටින්න බෑ.
- ගිල්-සු.</font>

601
00:44:49,854 --> 00:44:50,772
<font color="#ffcc46">ඔයාට පුළුවන්ද කාර් එකට යන්න...</font>

602
00:44:50,855 --> 00:44:51,689
<font color="#ffcc46">ලිම් මහත්තයා?</font>

603
00:44:51,773 --> 00:44:53,274
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න. මම මේ...</font>

604
00:45:05,829 --> 00:45:06,830
<font color="#ffcc46">හෙලෝ.</font>

605
00:45:06,913 --> 00:45:08,498
<font color="#ffcc46">- හායි.
- තැන්ක් යූ. බායි.</font>

606
00:45:11,376 --> 00:45:12,335
<font color="#ffcc46">මොකක්ද ඒ?</font>

607
00:45:12,419 --> 00:45:16,339
<font color="#ffcc46">ආ, ස්ක්‍රිප්ට් ලියන එක්කෙනාගේ අම්මලා
චෙරි තක්කාලි වවනවලු.</font>

608
00:45:16,423 --> 00:45:18,299
<font color="#ffcc46">ඔයා ඩයට් කරන නිසා
එයා ඔයාට ඒවා වගයක් ගෙනල්ලා.</font>

609
00:45:18,383 --> 00:45:19,426
<font color="#ffcc46">මට?</font>

610
00:45:19,509 --> 00:45:20,927
<font color="#ffcc46">- ඔව්.
- ඒ ඇයි?</font>

611
00:45:22,303 --> 00:45:23,805
<font color="#ffcc46">- ඒයි, ඔයා!
- ඇයි?</font>

612
00:45:23,888 --> 00:45:26,891
<font color="#ffcc46">කෲ එකේ අය මට කැමතියි බලන් ගියාම!</font>

613
00:45:26,975 --> 00:45:28,309
<font color="#ffcc46">ඔවුන් "ඇත්තටම" මට කැමති නැද්ද?</font>

614
00:45:28,393 --> 00:45:30,603
<font color="#ffcc46">ඒ කියන්නේ, "සිරාවටම"? විකාර කියන්න එපා.</font>

615
00:45:30,687 --> 00:45:33,648
<font color="#ffcc46">අම්මෝ, මූ නම් හිතාගන්න බැරි තරම් බොළඳයිනේ.</font>

616
00:45:33,731 --> 00:45:35,483
<font color="#ffcc46">ඔයා දැක්කේ නැද්ද එයාලව ඉස්සෙල්ලා?</font>

617
00:45:35,567 --> 00:45:36,484
<font color="#ffcc46">එයාලා ඔයාට බැන බැන හිටියේ,</font>

618
00:45:36,568 --> 00:45:38,445
<font color="#ffcc46">ඊට පස්සේ ඔයා එනවා දැක්කම
එයාලා හිමින් මාරු වුණා.</font>

619
00:45:38,528 --> 00:45:40,363
<font color="#ffcc46">අනික එයාලා ඇත්තටම ඔයාට කැමති නම්,</font>

620
00:45:40,447 --> 00:45:44,284
<font color="#ffcc46">එයාලා අහනවනේ "සර් කැමතිද අපිත් එක්ක සෙල්ලම් කරන්න?"
වගේ දෙයක්.</font>

621
00:45:44,367 --> 00:45:47,162
<font color="#ffcc46">එහෙනම් කියන්නකෝ ඇයි අර බ්‍රේක් එක වෙලාවේ
එහෙම දෙයක් වුණේ කියලා.</font>

622
00:45:47,245 --> 00:45:49,581
<font color="#ffcc46">ඇයි එයා මගේ ළඟට ඇවිත්, මගේ නම කියලා,</font>

623
00:45:49,664 --> 00:45:52,167
<font color="#ffcc46">මගේ ඇඳුමේ නූලක් කඩලා දාලා
මෙහෙම හාට් එකක් පෙන්නුවේ ඇයි?</font>

624
00:45:52,667 --> 00:45:55,253
<font color="#ffcc46">එයා ඒක කඩලා දාන්න ඇත්තේ
ඒක කැපිලා පෙනුන නිසා වෙන්න ඇති,</font>

625
00:45:55,336 --> 00:45:56,296
<font color="#ffcc46">මේ වගේ.</font>

626
00:45:56,379 --> 00:45:58,298
<font color="#ffcc46">අනේ මන්දා, ඔයාට තේරෙන්නේ නැද්ද?</font>

627
00:45:58,381 --> 00:45:59,257
<font color="#ffcc46">එහෙනම් මේක ගැන මොකද කියන්නේ?</font>

628
00:46:00,383 --> 00:46:01,634
<font color="#ffcc46">ඒක...</font>

629
00:46:02,218 --> 00:46:05,430
<font color="#ffcc46">එයා හැමෝටම බෙදලා,
ඉතින් ඔයාට විතරක් නොදී ඉන්න බැරි නිසානේ,</font>

630
00:46:05,513 --> 00:46:06,973
<font color="#ffcc46">එයා නිකන් නමට වගේ ඔයාටත් දුන්නා.</font>

631
00:46:07,056 --> 00:46:08,433
<font color="#ffcc46">විකාර කියන්න එපා. නමට දුන්නා?</font>

632
00:46:08,516 --> 00:46:10,477
<font color="#ffcc46">එතකොට මේකත් නිකන් නමට කරපු දෙයක්ද?</font>

633
00:46:10,560 --> 00:46:11,603
<font color="#ffcc46">ඔයා නම් මාරයි.</font>

634
00:46:11,686 --> 00:46:13,897
<font color="#ffcc46">මේ, දෙනවා ඕක මෙහාට. ඕවා ඔක්කොම මගේ.</font>

635
00:46:14,731 --> 00:46:15,732
<font color="#ffcc46">ඇයි එයා මේවා මෙයාට දුන්නේ?</font>

636
00:46:17,859 --> 00:46:18,985
<font color="#ffcc46">මට තේරෙන්නේ නෑ.</font>

637
00:46:21,196 --> 00:46:22,030
<font color="#ffcc46">හෙලෝ.</font>

638
00:46:27,243 --> 00:46:29,704
<font color="#ffcc46">- සර්, කෝපි එකක් බොමුද?
- හා බොමු.</font>

639
00:46:29,787 --> 00:46:31,164
<font color="#ffcc46">- යු-ජින්.
- ඔව් සර්?</font>

640
00:46:31,247 --> 00:46:32,081
<font color="#ffcc46">මේ,</font>

641
00:46:33,082 --> 00:46:36,503
<font color="#ffcc46">මම දැක්කා ඔයාලා කට්ටිය
ටිකකට කලින් මම ගැන කතා කරනවා.</font>

642
00:46:36,586 --> 00:46:39,881
<font color="#ffcc46">ඒත් මම එතනින් යද්දි,
හැමෝම එකපාරට මාව මග ඇරලා යන්න ගියා.</font>

643
00:46:40,632 --> 00:46:42,800
<font color="#ffcc46">මම කාගේ හරි හිත රිදෙන දෙයක් කළාද?</font>

644
00:46:42,884 --> 00:46:43,885
<font color="#ffcc46">අපෝ නෑ, එහෙම දෙයක් නෑ.</font>

645
00:46:47,138 --> 00:46:47,972
<font color="#ffcc46">ඇත්තම කිව්වොත්,</font>

646
00:46:48,848 --> 00:46:50,892
<font color="#ffcc46">- අපි ඔයා ගැන කතා කළා තමයි.
- මම ගැන?</font>

647
00:46:52,352 --> 00:46:54,479
<font color="#ffcc46">ඔයා දැක්කද ලිම් මහත්තයව එදා?</font>

648
00:46:54,562 --> 00:46:55,855
<font color="#ffcc46">අපි දෙන්නා එයාව එකට දැක්කේ.</font>

649
00:46:55,939 --> 00:46:57,273
<font color="#ffcc46">ආ, හරි.</font>

650
00:46:57,357 --> 00:46:58,191
<font color="#ffcc46">මාව අතාරිනවා!</font>

651
00:46:59,275 --> 00:47:02,362
<font color="#ffcc46"><i>එදා එයා අර මැරයාට</i>
<i>පැනලා පයින් ගහද්දි,</i></font>

652
00:47:02,445 --> 00:47:04,614
<font color="#ffcc46">මට හිතුණේ හරියට කාන්ග් පිල්-ගු
ස්ක්‍රීන් එකෙන් එළියට ඇවිත් ගැහුවා වගේ.</font>

653
00:47:04,697 --> 00:47:05,657
<font color="#ffcc46">පාර හරියටම වැදුණද?</font>

654
00:47:05,740 --> 00:47:07,158
<font color="#ffcc46">- ඔව්, නියමෙටම වැදුණා.
- සිරාවට?</font>

655
00:47:07,242 --> 00:47:09,327
<font color="#ffcc46">එයා හරි උනන්දුවෙන් ස්ටන්ට්
පුහුණුවීම්වලට එනවා,</font>

656
00:47:09,410 --> 00:47:10,745
<font color="#ffcc46">මං හින්දා එයාට තුවාල වෙලා තියෙද්දිත්.</font>

657
00:47:10,828 --> 00:47:12,080
<font color="#ffcc46">මොන තුවාලයක්ද?</font>

658
00:47:12,163 --> 00:47:14,499
<font color="#ffcc46">අපි අර පාලු ෆැක්ටරියක
ඇක්ෂන් සීන් එකක් කරද්දි...</font>

659
00:47:14,582 --> 00:47:17,210
<font color="#ffcc46">මම අද මගේ දර්ශන ටික තනියම කරනවා</font>

660
00:47:17,293 --> 00:47:18,753
<font color="#ffcc46">ඩබල් කෙනෙක් නැතුව.</font>

661
00:47:18,836 --> 00:47:21,839
<font color="#ffcc46">ඒ දවස්වල මට පොඩි තුවාලයක් වෙලා තිබුණේ.</font>

662
00:47:21,923 --> 00:47:24,175
<font color="#ffcc46">ප්‍රශ්නයක් ඇති කරගන්න ඕන නැති නිසා
මම අමාරුවෙන් හරි කරන්නයි හිටියේ.</font>

663
00:47:24,259 --> 00:47:25,885
<font color="#ffcc46">ඒත් ලිම් මහත්තයා ඒක දැනගෙන</font>

664
00:47:25,969 --> 00:47:28,429
<font color="#ffcc46">එයාම ඒ දර්ශන ටික කරලා,
අන්තිමට එයාට තුවාල වුණා.</font>

665
00:47:28,513 --> 00:47:30,348
<font color="#ffcc46">මට ප්‍රශ්නයක් වෙයි කියලා එයා තුවාල වුණ
එක ගැනවත් කිව්වේ නෑ.</font>

666
00:47:30,431 --> 00:47:31,849
<font color="#ffcc46">ඇත්තටම? සිරාවටමද?</font>

667
00:47:31,933 --> 00:47:33,393
<font color="#ffcc46">එයා එහෙම කෙනෙක් කියලා මං
දැනන් හිටියේ නෑනේ. පුදුමයිනේ.</font>

668
00:47:33,476 --> 00:47:34,602
<font color="#ffcc46">ඉතින් එයාට මොකද වුණේ?</font>

669
00:47:35,603 --> 00:47:37,355
<font color="#ffcc46">කවුද එන්නේ ෆුට් වොලිබෝල් ගහන්න?</font>

670
00:47:37,438 --> 00:47:39,566
<font color="#ffcc46">යමු යමු! නියමයිනේ.</font>

671
00:47:42,819 --> 00:47:46,155
<font color="#ffcc46">ෂා, මේවගේ රතු පාට බලන්නකෝ!</font>

672
00:47:46,239 --> 00:47:48,950
<font color="#ffcc46">හරිම රස පාටයි.
මේවා හරිම වටිනවා.</font>

673
00:47:49,617 --> 00:47:52,537
<font color="#ffcc46">නිකන්ම ගිලින්නේ නැතුව
රස විඳලා කන්නකෝ...</font>

674
00:47:55,373 --> 00:47:56,374
<font color="#ffcc46">ආයුබෝවන්, ඕ මිස්.</font>

675
00:47:56,457 --> 00:47:57,959
<font color="#ffcc46">සනීපෙන් හිටියා නේද? ආයුබෝවන්.</font>

676
00:47:58,042 --> 00:47:59,335
<font color="#ffcc46">ඕ මිස් ඇවිල්ලානේ.</font>

677
00:47:59,419 --> 00:48:00,378
<font color="#ffcc46">ගොඩක් කාලෙකින්.</font>

678
00:48:01,629 --> 00:48:04,257
<font color="#ffcc46">ලිම් මහත්තයා, ඕ මිස් යි සොන්ග් මිස් යි
යාළු වෙලා.</font>

679
00:48:05,466 --> 00:48:06,384
<font color="#ffcc46">මොකක්?</font>

680
00:48:06,467 --> 00:48:08,303
<font color="#ffcc46">අනේ බොරු කියන්න එපා.</font>

681
00:48:08,886 --> 00:48:11,055
<font color="#ffcc46">එයාලා මරාගන්න ගිහින්,
කොණ්ඩවලිනුත් ඇදගත්තානේ...</font>

682
00:48:11,139 --> 00:48:12,307
<font color="#ffcc46">අම්මෝ.</font>

683
00:48:14,684 --> 00:48:15,602
<font color="#ffcc46">ගිහින් එන්නම්. ගිහින් එන්නම්.</font>

684
00:48:16,144 --> 00:48:17,437
<font color="#ffcc46">වාඩි වෙන්නකෝ.</font>

685
00:48:22,984 --> 00:48:25,403
<font color="#ffcc46">ඒ-සුක් මාව හම්බවෙන්න ගෙදරට ආවා.</font>

686
00:48:27,614 --> 00:48:28,573
<font color="#ffcc46">එහෙමද.</font>

687
00:48:36,456 --> 00:48:38,666
<font color="#ffcc46">මි-රාන්, මට සමාවෙන්න ඕනේ.</font>

688
00:48:38,750 --> 00:48:40,543
<font color="#ffcc46">මං කරපු දේ වැරදියි.</font>

689
00:48:40,627 --> 00:48:43,046
<font color="#ffcc46">මං ගොඩ කාලෙකින් රඟපාපු නැති නිසා,
මට ඕන වුණා හොඳටම කරන්න,</font>

690
00:48:43,129 --> 00:48:45,089
<font color="#ffcc46">ඉතින් මං දුරදිග බලන්නේ නැතුව ක්‍රියා කළා.</font>

691
00:48:46,382 --> 00:48:47,717
<font color="#ffcc46">ඒත් ඊටත් වඩා වැදගත් දේ,</font>

692
00:48:47,800 --> 00:48:50,470
<font color="#ffcc46">මගේ පුතාගේ නම කැත කරන්න
මට බෑ.</font>

693
00:48:53,806 --> 00:48:57,393
<font color="#ffcc46">අනේ මගේ පුතා වෙනුවෙන්
මේ එක පාරකට මට සමාව දෙන්න පුළුවන්ද?</font>

694
00:48:57,477 --> 00:48:59,604
<font color="#ffcc46">අපි අතරේ කොහොමත් හොඳ සම්බන්ධයක් නෑනේ.</font>

695
00:48:59,687 --> 00:49:02,565
<font color="#ffcc46">ඔය එක සමාවකින් ඔක්කොම
මැජික් එකක් වගේ හරියයි කියලා හිතනවද?</font>

696
00:49:08,029 --> 00:49:09,280
<font color="#ffcc46">ඔයාට අපහසු නම්,</font>

697
00:49:09,947 --> 00:49:10,990
<font color="#ffcc46">මම අයින් වෙන්නම්.</font>

698
00:49:19,082 --> 00:49:21,042
<font color="#ffcc46">ඉතින් අපි එකඟ වුණා එකට වැඩ කරන්න.</font>

699
00:49:22,502 --> 00:49:24,420
<font color="#ffcc46">තේරුම් ගත්තට ස්තූතියි, ඕ මිස්.</font>

700
00:49:26,005 --> 00:49:29,425
<font color="#ffcc46">ඒක නෙවෙයි, මට තේරුණා ඒ-සුක්ට
ඔයාව දිරවගන්න අමාරුයි වගේ කියලා.</font>

701
00:49:29,509 --> 00:49:30,343
<font color="#ffcc46">මොකක්?</font>

702
00:49:30,426 --> 00:49:33,221
<font color="#ffcc46">ඔයා හරි ආදරණීය පුතෙක් නෙවෙයි කියලා
ඕන කෙනෙක්ට පේනවා.</font>

703
00:49:35,348 --> 00:49:37,183
<font color="#ffcc46">පුත්තු කොහොමත් ඔහොම තමා.</font>

704
00:49:38,518 --> 00:49:40,478
<font color="#ffcc46">ඒ-සුක් ගොඩක් දේවල්වලට මූණ දුන්නා.</font>

705
00:49:40,978 --> 00:49:42,939
<font color="#ffcc46">හැම ජනප්‍රිය නිළියකටම බෑ</font>

706
00:49:43,022 --> 00:49:45,441
<font color="#ffcc46">තනියම ළමයෙක්ව හදන්න
ධෛර්යයක් ගන්න.</font>

707
00:49:46,025 --> 00:49:48,903
<font color="#ffcc46">නිකන් හිතලා බලන්න එයා ඒ කාලේ
කොච්චර නින්දා අපහාස විඳින්න ඇද්ද කියලා.</font>

708
00:49:49,821 --> 00:49:52,782
<font color="#ffcc46">එයාට ඇඟිල්ල දික් කරන්න
කාටවත් අයිතියක් නෑ.</font>

709
00:49:54,325 --> 00:49:55,660
<font color="#ffcc46">එයාගෙම දරුවටවත් නෑ.</font>

710
00:50:00,289 --> 00:50:01,374
<font color="#ffcc46">මම දැන් යනවා.</font>

711
00:50:02,500 --> 00:50:03,376
<font color="#ffcc46">හරි.</font>

712
00:50:24,647 --> 00:50:26,649
<font color="#ffcc46">අදට ඉවරයි!</font>

713
00:50:27,859 --> 00:50:29,527
<font color="#ffcc46">හොඳට කළා සර්. නියමයි.</font>

714
00:50:29,610 --> 00:50:31,320
<font color="#ffcc46">අද වැඩ ටික හොඳයි. ගිහින් එන්නම්.</font>

715
00:50:31,404 --> 00:50:32,780
<font color="#ffcc46">ලිම් මහත්තයා! ඇයි?</font>

716
00:50:32,864 --> 00:50:34,490
<font color="#ffcc46">කකුලට අවුලක් නැත්නම් ෆුට් වොලිබෝල් ගහමුද?</font>

717
00:50:34,574 --> 00:50:35,450
<font color="#ffcc46">ෆුට් වොලිබෝල්?</font>

718
00:50:36,409 --> 00:50:38,703
<font color="#ffcc46">මමද? ඔව්, බැරිනම් කමක් නෑ.</font>

719
00:50:38,786 --> 00:50:41,622
<font color="#ffcc46">නෑ නෑ, කමක් නෑ. කකුලට අවුලක් නෑ. එහෙමද?</font>

720
00:50:41,706 --> 00:50:42,957
<font color="#ffcc46">මගේ වැඩ ඉවරයිනේ නේද?</font>

721
00:50:43,040 --> 00:50:43,916
<font color="#ffcc46">ඔව්.</font>

722
00:50:44,000 --> 00:50:45,918
<font color="#ffcc46">හරි, මම ගිහින් ඇඳුම් මාරු කරන් එන්නම්. හරි.</font>

723
00:50:46,419 --> 00:50:47,253
<font color="#ffcc46">හ්වන්ග් මහත්තයා, එන්න යන්න.</font>

724
00:50:59,891 --> 00:51:00,892
<font color="#ffcc46">මම හොඳින්.</font>

725
00:51:24,624 --> 00:51:27,502
<font color="#ffcc46">ලිම් හ්යොන්-ජුන්! ලිම් හ්යොන්-ජුන්!</font>

726
00:51:27,585 --> 00:51:28,753
<font color="#ffcc46">ලිම් හ්යොන්-ජුන්! ලිම් හ්යොන්-ජුන්!</font>

727
00:51:29,712 --> 00:51:31,839
<font color="#ffcc46">කාන්ග් පිල්-ගු! කාන්ග් පිල්-ගු!</font>

728
00:51:44,018 --> 00:51:45,311
<font color="#ffcc46"><i>එයා කිව්වා පොඩි කාලේ,</i></font>

729
00:51:45,394 --> 00:51:47,146
<font color="#ffcc46">එයාගේ හීනේ වුණේ ඔයා වගේ වෙන එක කියලා.</font>

730
00:51:48,731 --> 00:51:50,566
<font color="#ffcc46">ඇත්තටම හ්යොන්-ජුන් එහෙම කිව්වද?</font>

731
00:51:51,192 --> 00:51:52,026
<font color="#ffcc46">ඔව්.</font>

732
00:51:52,610 --> 00:51:54,153
<font color="#ffcc46">මට හරියටම ෂුවර් නෑ,</font>

733
00:51:55,071 --> 00:51:56,781
<font color="#ffcc46">ඒත් මට හිතෙන්නේ</font>

734
00:51:57,698 --> 00:51:59,867
<font color="#ffcc46">පොඩි කාලේ එයා ඔයාට
ගොඩක් කැමැත්තෙන් ඉඳලා තියෙනවා.</font>

735
00:52:00,368 --> 00:52:02,662
<font color="#ffcc46">සමහරවිට එයා නළුවෙක් වෙන්න</font>

736
00:52:03,246 --> 00:52:04,956
<font color="#ffcc46">හීන දකින්න පටන් ගන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති.</font>

737
00:52:10,545 --> 00:52:11,879
<font color="#ffcc46">ඔයා දකින විදිය හරි ලස්සනයි.</font>

738
00:52:16,259 --> 00:52:17,510
<font color="#ffcc46">ඒත් මගේ පුතා මට වෛර කරනවා.</font>

739
00:52:18,261 --> 00:52:21,097
<font color="#ffcc46">මම එයාට කායිකව වගේම මානසිකවත්
ගොඩක් දුක් දුන්නා.</font>

740
00:52:22,014 --> 00:52:23,933
<font color="#ffcc46">එහෙම වුණත්, එයාට පින් සිද්ධ වෙන්න,</font>

741
00:52:24,767 --> 00:52:26,936
<font color="#ffcc46">මම හොඳ ජීවිතයක් ගත කළා.</font>

742
00:52:28,145 --> 00:52:29,146
<font color="#ffcc46">මම ඇහුවොත්...</font>

743
00:52:30,773 --> 00:52:32,900
<font color="#ffcc46">ඔයා කවදාහරි එයාට ස්තූති කරලා තියෙනවද?</font>

744
00:52:35,945 --> 00:52:37,905
<font color="#ffcc46">ඇත්තටම, මම එයාට ණයගැතියි.</font>

745
00:52:38,698 --> 00:52:40,867
<font color="#ffcc46">ඒත් ඒක කටින් කියන්න ටිකක් අමාරුයි.</font>

746
00:52:41,617 --> 00:52:45,204
<font color="#ffcc46">ඇත්තම කිව්වොත්, මට ඔය 'ස්තූතියි' කියන එක
එච්චර හුරු නෑ.</font>

747
00:52:45,288 --> 00:52:47,290
<font color="#ffcc46">ඒත් මම පොතක දැක්කා</font>

748
00:52:48,040 --> 00:52:50,877
<font color="#ffcc46">ඔයාගේ ජීවිතේට සතුට, සැනසීම ගෙනාපු කෙනෙක්ට</font>

749
00:52:51,711 --> 00:52:53,963
<font color="#ffcc46">කරන්න පුළුවන් පුංචිම දේ...</font>

750
00:52:55,673 --> 00:52:57,300
<font color="#ffcc46">එයාට ස්තූති කරන එක කියලා.</font>

751
00:53:01,929 --> 00:53:02,847
<font color="#ffcc46">හ්යොන්-ජුන්.</font>

752
00:53:04,015 --> 00:53:05,057
<font color="#ffcc46">ස්තූතියි.</font>

753
00:53:05,766 --> 00:53:06,726
<font color="#ffcc46">ස්තූ...</font>

754
00:53:07,643 --> 00:53:10,229
<font color="#ffcc46">ස්තූතියි හ්යොන්-ජුන්.
හ්යොන්-ජුන්, ස්තූතියි.</font>

755
00:53:10,938 --> 00:53:12,648
<font color="#ffcc46">ස්තූතියි හ්යොන්-ජුන්.</font>

756
00:53:13,357 --> 00:53:14,317
<font color="#ffcc46">ස්තූතියි.</font>

757
00:53:14,901 --> 00:53:17,695
<font color="#ffcc46">ස්තූතියි. හ්යොන්-ජුන්, ස්තූතියි.</font>

758
00:53:17,778 --> 00:53:19,155
<font color="#ffcc46">හ්යොන්-ජුන්, ස්තූතියි.</font>

759
00:53:21,240 --> 00:53:22,325
<font color="#ffcc46">ස්තූතියි පුතා.</font>

760
00:53:22,408 --> 00:53:24,201
<font color="#ffcc46">ස්තූතියි හ්යොන්-ජුන්, මගේ පුතා.</font>

761
00:53:29,498 --> 00:53:30,333
<font color="#ffcc46">පොඩ්ඩක් ඉන්න.</font>

762
00:53:30,833 --> 00:53:31,751
<font color="#ffcc46">එහෙම නෙවෙයි.</font>

763
00:53:33,252 --> 00:53:35,630
<font color="#ffcc46">ස්තූතියි පුතා.</font>

764
00:53:38,758 --> 00:53:40,551
<font color="#ffcc46">පස්සේ හම්බෙමු. ස්තූතියි!</font>

765
00:53:44,805 --> 00:53:46,307
<font color="#ffcc46">අපි නියමෙට කළා. සුපිරි වැඩක්.</font>

766
00:53:46,390 --> 00:53:48,476
<font color="#ffcc46">ලිම් මහත්තයා, ඒක තමයි හොඳම ටීම් වර්ක් එක.</font>

767
00:53:48,559 --> 00:53:51,312
<font color="#ffcc46">නියමයි කොල්ලනේ. මරු ආ. ඔයා සුපිරි.</font>

768
00:53:51,395 --> 00:53:53,189
<font color="#ffcc46">අද වැඩේ හොඳයි. ගුඩ් ජොබ්.</font>

769
00:53:53,272 --> 00:53:54,357
<font color="#ffcc46">නියමයි ළමයි.</font>

770
00:53:56,359 --> 00:53:58,736
<font color="#ffcc46">ඇයි ඔයා රඟපානවට වඩා උනන්දුවෙන්
ෆුට් වොලිබෝල් ගහන්නේ?</font>

771
00:53:58,819 --> 00:54:01,072
<font color="#ffcc46">මොකක්ද කිව්වේ? මම දෙකම උනන්දුවෙන් කරනවා.</font>

772
00:54:02,114 --> 00:54:03,824
<font color="#ffcc46">ආයෙත් වී මිස්ලගේ ගෙදර යනවද?</font>

773
00:54:04,575 --> 00:54:06,285
<font color="#ffcc46">ඔව්, යන්න ඕන. වී මිස්ලගේ ගෙදර?</font>

774
00:54:09,121 --> 00:54:11,207
<font color="#ffcc46">එයාලා එච්චරටම ෆිට් වෙලාද?
කවද්ද ඉඳන්?</font>

775
00:54:11,290 --> 00:54:13,292
<font color="#ffcc46">කෑ නොගහ ඉන්න. කවද්ද ඉඳන්?</font>

776
00:54:14,043 --> 00:54:16,796
<font color="#ffcc46">මට දැන් ගොඩක් හොඳයි,
ඒ නිසා මම ආපහු ගෙදර ආවා.</font>

777
00:54:17,588 --> 00:54:19,256
<font color="#ffcc46"><i>අද අපි අපේ ගෙවල්වලට යමු.</i></font>

778
00:54:19,966 --> 00:54:22,927
<font color="#ffcc46"><i>ඔයාට පින් සිද්ධ වෙන්න,</i>
<i>මට හොඳ තැනක ඉඳන් සනීප වෙන්න පුළුවන් වුණා.</i></font>

779
00:54:40,653 --> 00:54:41,737
<font color="#ffcc46">අම්මා, ඇවිල්ලානේ.</font>

780
00:54:42,238 --> 00:54:44,198
<font color="#ffcc46">දෙයියනේ. ඔයා දැන් ද ගෙදර ආවේ?</font>

781
00:54:46,075 --> 00:54:48,995
<font color="#ffcc46">මාර්කට් එකේ හොඳ අලුත් බූවල්ලො හිටියා,</font>

782
00:54:49,078 --> 00:54:50,204
<font color="#ffcc46">ඉතින් මම සුප් එකක් හැදුවා.</font>

783
00:54:50,871 --> 00:54:52,832
<font color="#ffcc46">ඔයා පොඩි බූවල්ලන්ට ආසයිනේ, මතකද?</font>

784
00:54:54,417 --> 00:54:57,294
<font color="#ffcc46">ආ, මම බූවල්ලන්ට ආසද?</font>

785
00:54:58,879 --> 00:55:00,923
<font color="#ffcc46">හරි, බූවල්ලො. හොඳයිනේ.</font>

786
00:55:01,007 --> 00:55:03,175
<font color="#ffcc46">ඒ කියන්නේ, මම බූවල්ලන්ට ආසයි.</font>

787
00:55:04,593 --> 00:55:05,428
<font color="#ffcc46">හ්යොන්-ජුන්.</font>

788
00:55:09,974 --> 00:55:11,142
<font color="#ffcc46">ස්තූතියි.</font>

789
00:55:14,895 --> 00:55:16,480
<font color="#ffcc46">ඔයාට ගොඩක් අමාරු වුණා නේද?</font>

790
00:55:19,066 --> 00:55:22,945
<font color="#ffcc46">ඔයා මහන්සි වෙලා වැඩ කරපු නිසා,
මම හොඳ ජීවිතයක් ගත කළා.</font>

791
00:55:23,029 --> 00:55:25,281
<font color="#ffcc46">ඒ ගැන මට නොතේරුණා නෙවෙයි.</font>

792
00:55:25,781 --> 00:55:27,950
<font color="#ffcc46">ඒත් ඔයා දියුණු වෙලා, සැපට ඉන්නවා දකිද්දී,</font>

793
00:55:28,909 --> 00:55:30,578
<font color="#ffcc46">මට හැමදේම අමතක කරන්න ඕන වුණා.</font>

794
00:55:31,495 --> 00:55:34,665
<font color="#ffcc46">ඒ දුක්බර කාලේ ගැන
මට ආයේ මතක් කරන්න ඕන වුණේ නෑ.</font>

795
00:55:36,167 --> 00:55:37,084
<font color="#ffcc46">මං හිතන්නේ ඒකයි...</font>

796
00:55:39,378 --> 00:55:41,464
<font color="#ffcc46">ස්තූතියි කියන්න මම මැලි වුණේ.</font>

797
00:55:42,631 --> 00:55:43,466
<font color="#ffcc46">ජුන්.</font>

798
00:55:47,720 --> 00:55:48,763
<font color="#ffcc46">ස්තූතියි.</font>

799
00:55:51,098 --> 00:55:51,932
<font color="#ffcc46">ඒ වගේම මට සමාවෙන්න.</font>

800
00:55:57,813 --> 00:56:00,441
<font color="#ffcc46">මම ඒ ගැන ගොඩක් කල්පනා කළා.</font>

801
00:56:01,734 --> 00:56:02,568
<font color="#ffcc46">ඉතින්...</font>

802
00:56:03,694 --> 00:56:06,739
<font color="#ffcc46">ඔයා වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මෙච්චරයි.</font>

803
00:56:08,491 --> 00:56:09,492
<font color="#ffcc46">මම හැමදාම එන්නම්...</font>

804
00:56:11,994 --> 00:56:13,579
<font color="#ffcc46">ඔයාට කෑම උයලා දෙන්න.</font>

805
00:56:25,382 --> 00:56:26,550
<font color="#ffcc46">අනේ මන්දා.</font>

806
00:56:28,094 --> 00:56:30,137
<font color="#ffcc46">මොකක්ද ඔය කියන්නේ,
අම්මා මට මුකුත් කරලා නෑ කියලා?</font>

807
00:56:30,971 --> 00:56:32,389
<font color="#ffcc46">අම්මා මට ඕන තරම් දේවල් කරලා තියෙනවා.</font>

808
00:56:32,890 --> 00:56:36,519
<font color="#ffcc46">ඒ හින්දා ආයේ ඔහොම හිතන්න එපා, හරිද?</font>

809
00:56:37,770 --> 00:56:39,563
<font color="#ffcc46">ඒ වගේම...</font>

810
00:56:39,647 --> 00:56:40,940
<font color="#ffcc46">හැමදාම එන්න ඕන නෑ.</font>

811
00:56:41,774 --> 00:56:43,943
<font color="#ffcc46">එහෙම කරන්න අවශ්‍ය නෑ.</font>

812
00:56:45,402 --> 00:56:46,237
<font color="#ffcc46">අපි කමු.</font>

813
00:56:47,238 --> 00:56:48,364
<font color="#ffcc46">හැමදාම එන්න එපා.</font>

814
00:57:06,382 --> 00:57:07,341
<font color="#ffcc46">ආ, මම ආවා.</font>

815
00:57:07,424 --> 00:57:08,300
<font color="#ffcc46">හරි.</font>

816
00:57:08,884 --> 00:57:12,012
<font color="#ffcc46">ඒත් ඇයි මේ වෙලාවේ ආවේ?
ප්‍රශ්නයක්ද?</font>

817
00:57:12,096 --> 00:57:14,181
<font color="#ffcc46">ඔයා කිව්වනේ මගේ උදව්වක් ඕන නම් කතා කරන්න කියලා.</font>

818
00:57:16,308 --> 00:57:18,060
<font color="#ffcc46"><i>ඔයාට කවදාහරි මගේ උදව්වක් ඕන වුණොත්,</i></font>

819
00:57:19,061 --> 00:57:20,271
<font color="#ffcc46">මට කෝල් එකක් දෙනවද?</font>

820
00:57:26,193 --> 00:57:27,027
<font color="#ffcc46">මොකක්ද?</font>

821
00:57:27,736 --> 00:57:28,988
<font color="#ffcc46">මොකටද මගේ උදව් ඕන වෙලා තියෙන්නේ?</font>

822
00:57:29,071 --> 00:57:31,323
<font color="#ffcc46">ඔයා මට ආටිකල් එකක් ණයයි, මතකද?</font>

823
00:57:33,450 --> 00:57:35,327
<font color="#ffcc46">මම ඔයාට ආටිකල් එකක් ණයයි?</font>

824
00:57:35,411 --> 00:57:38,289
<font color="#ffcc46">අපි අර යූන් ජුන්ග්-හෝ පස්සෙන් ගන්ග්නියුන්ග්
වලට ගිය වෙලාවේ.</font>

825
00:57:38,372 --> 00:57:41,041
<font color="#ffcc46">ඔයා පොරොන්දු වුණා මම කියන
ආටිකල් එක ලියනවා කියලා.</font>

826
00:57:41,876 --> 00:57:44,545
<font color="#ffcc46">හැබැයි මම කැමතියි ඒ එක ආටිකල් එකක්
වෙනුවෙන් අර ඔක්කොම අමතක කරන්න.</font>

827
00:57:44,628 --> 00:57:46,672
<font color="#ffcc46">මම කවදාවත් ඉල්ලීම්වලට ආටිකල් ලියන්නේ නෑ,</font>

828
00:57:46,755 --> 00:57:49,758
<font color="#ffcc46">ඒත් මම මේ පාර විතරක් ලියන්නම්
හැබැයි ඒක සම්පූර්ණ ඇත්තක් වෙන්න ඕන</font>

829
00:57:51,177 --> 00:57:52,052
<font color="#ffcc46">ඒ වගේම වැදගත් ප්‍රවෘත්තියක් වෙන්න ඕන.</font>

830
00:57:52,136 --> 00:57:53,095
<font color="#ffcc46">හරි.</font>

831
00:57:54,013 --> 00:57:55,806
<font color="#ffcc46">දැන් ඉඳන්, ඔයා මට ආටිකල් එකක් ණයයි.</font>

832
00:57:55,890 --> 00:57:58,392
<font color="#ffcc46">ආ, ඔයා හරි.</font>

833
00:57:59,310 --> 00:58:02,313
<font color="#ffcc46">ඒත් ඔයා ඇත්තටම ඒ උදව්ව
ආපහු ගන්නද හදන්නේ?</font>

834
00:58:02,396 --> 00:58:03,480
<font color="#ffcc46">අනිවාර්යයෙන්ම.</font>

835
00:58:04,481 --> 00:58:07,109
<font color="#ffcc46">මම අද ඔයාගෙන් ලොකු උදව්වක්
ඉල්ලන්නයි යන්නේ.</font>

836
00:58:09,278 --> 00:58:11,572
<font color="#ffcc46">ඔයා මට ණය ආටිකල් එක වෙනුවටත් එක්ක,</font>

837
00:58:12,156 --> 00:58:16,869
<font color="#ffcc46">අර මම කිඩ්නැප් කෙනෙක් කියලා සැක කරපු වෙලාවේ
ඔයා මට දීපු ඔෆර් එක වෙනුවටත් එක්ක.</font>

838
00:58:17,912 --> 00:58:19,371
<font color="#ffcc46">මම මගේ ණය ඔක්කොම පියවගන්නයි යන්නේ.</font>

839
00:58:21,373 --> 00:58:22,374
<font color="#ffcc46">මොකක්ද උදව්ව?</font>

840
00:58:23,959 --> 00:58:24,793
<font color="#ffcc46">සභාපති ලී දේ-හෝ.</font>

841
00:58:27,379 --> 00:58:28,881
<font color="#ffcc46">අපි මිනිහව වට්ටමු.</font>

842
00:58:31,300 --> 00:58:32,301
<font color="#ffcc46">එකට එකතු වෙලා.</font>

843
00:58:38,224 --> 00:58:40,559
<font color="#ffcc46"><i>මේ YTM පුවත්වල තරු සාකච්ඡාවයි.</i></font>

844
00:58:40,643 --> 00:58:42,186
<font color="#ffcc46"><i>ලිම් හ්යොන්-ජුන් සහ ග්වොන් සේ-නා</i></font>

845
00:58:42,269 --> 00:58:44,897
<font color="#ffcc46">හොඳ රහස් පරීක්ෂක කන්ග් පිල්-ගු <i>නාට්‍යයෙන්</i>
<i>අද අපිත් එක්ක එකතු වෙනවා.</i></font>

846
00:58:44,980 --> 00:58:46,315
<font color="#ffcc46">ඔයාලා දෙන්නවම හමුවීම සතුටක්.</font>

847
00:58:46,398 --> 00:58:47,650
<font color="#ffcc46">ඔව්, හමුවීම සතුටක්.</font>

848
00:58:48,150 --> 00:58:49,693
<font color="#ffcc46">මම ලිම් හ්යොන්-ජුන්,</font>

849
00:58:49,777 --> 00:58:51,862
<font color="#ffcc46">මම තමයි <i>හොඳ රහස් පරීක්ෂක කන්ග් පිල්-ගු</i> එකේ
කාන්ග් පිල්-ගු ට රඟපාන්නේ.</font>

850
00:58:51,946 --> 00:58:53,197
<font color="#ffcc46"><i>ආයුබෝවන්.</i></font>

851
00:58:53,280 --> 00:58:56,075
<font color="#ffcc46"><i>මම ක්‍රීඩා ඉයුන්සොං එකේ</i>
<i>මාධ්‍යවේදී වී ජොන්ග්-සින්.</i></font>

852
00:58:58,661 --> 00:59:02,706
<font color="#ffcc46"><i>අපේ ඩ්‍රාමා එක ප්‍රොමෝට් කරන වෙලාවේ මේ වගේ දෙයක්</i>
<i>කතා කරනවට මට සමාවෙන්න,</i></font>

853
00:59:02,790 --> 00:59:04,541
<font color="#ffcc46"><i>ඒත් මම අද විශේෂ අමුත්තෙක්ට ආරාධනා කළා</i></font>

854
00:59:04,625 --> 00:59:06,752
<font color="#ffcc46"><i>එක්තරා සිද්ධියක් ගැන</i>
<i>තවත් විස්තර හෙළි කරන්න.</i></font>

855
00:59:06,835 --> 00:59:09,255
<font color="#ffcc46">මම අද මෙතනට ආවේ...</font>

856
00:59:10,589 --> 00:59:14,218
<font color="#ffcc46">දේශපාලන සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල තියෙන
කැත ඇත්ත හෙළි කරන්න.</font>

857
00:59:16,637 --> 00:59:18,055
<font color="#ffcc46">මේ සිද්ධිය අවුරුදු හතක් පරණයි,</font>

858
00:59:19,390 --> 00:59:22,726
<font color="#ffcc46">මන්ත්‍රීවරයෙක්ගේ සහායකයෙක්ගේ මරණය සම්බන්ධව.</font>

859
01:00:03,392 --> 01:00:05,602
<font color="#ffcc46">රඟපෑම වෙනුවෙන් ඕ යොන්-සෝට
විශේෂ ස්තූතිය</font>

860
01:00:08,105 --> 01:00:09,315
<font color="#ffcc46">සභාපති ලී දේ-හෝ.</font>

861
01:00:09,398 --> 01:00:11,317
<font color="#ffcc46">අපි මිනිහව වට්ටමු.</font>

862
01:00:11,400 --> 01:00:12,234
<font color="#ffcc46">එකට එකතු වෙලා.</font>

863
01:00:12,318 --> 01:00:13,360
<font color="#ffcc46">ශික්!</font>

864
01:00:14,403 --> 01:00:16,030
<font color="#ffcc46">මට පේන්නේ ඔයාට සල්ලි හදිස්සියක් වගේ.</font>

865
01:00:16,113 --> 01:00:17,197
<font color="#ffcc46">ඔව්, එහෙම තමයි.</font>

866
01:00:17,781 --> 01:00:19,575
<font color="#ffcc46">- මේ තියෙන්නේ.
- එයා එයාගේ බිල්ඩිමයි කාර් එකයි විකුණනවා</font>

867
01:00:19,658 --> 01:00:21,827
<font color="#ffcc46">දැන්වීම් කොන්ත්‍රාත් කඩ කරපු එකේ
වන්දි ගෙවන්න.</font>

868
01:00:21,910 --> 01:00:23,245
<font color="#ffcc46">මම මේක මෙහෙම වෙන්න ඇරියොත්,</font>

869
01:00:23,329 --> 01:00:26,790
<font color="#ffcc46">හැමෝම හිතයි ලිම් මහත්තයා ගැන යන
ඒ කටකතා ඔක්කොම ඇත්ත කියලා.</font>

870
01:00:26,874 --> 01:00:28,292
<font color="#ffcc46">මම යනවා.</font>

871
01:00:28,792 --> 01:00:31,253
<font color="#ffcc46">මම ඔයාට යන්න එපා කියලා බැගෑපත් වුණොත්?</font>

872
01:00:31,337 --> 01:00:32,963
<font color="#ffcc46">ඔයා තාම යනවද?</font>

873
01:00:34,006 --> 01:00:34,840
<font color="#ffcc46">ඔව්.</font>

874
01:00:39,678 --> 01:00:41,680
<font color="#e0ffa4">💜💜සිංහල පරිවර්තනය : සුලෝචනා ජයකොඩි💜💜</font>

