1
00:00:42,315 --> 00:00:44,315
<font color="#e32a44"><b>💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</b></font>

2
00:00:44,339 --> 00:00:48,969
<font color="#e3a113"><b>ආදරණීය X</b></font>

3
00:00:49,720 --> 00:00:51,764


4
00:00:51,847 --> 00:00:53,390


5
00:01:00,022 --> 00:01:02,066
<font color="#ffd220">මේක ටිකක් වැඩි වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?</font>

6
00:01:04,401 --> 00:01:07,988
<font color="#ffd220">මාව ඉවරයක් කරන්න විතරක්
ඔහේ කොච්චර මිනිස්සු එක්කන් ආවද?</font>

7
00:01:08,572 --> 00:01:09,907
<font color="#ffd220">තමුන් ගැන තමුන්ටම ලැජ්ජා හිතෙන්න ඕනේ.</font>

8
00:01:12,493 --> 00:01:16,038
<font color="#ffd220">ඉතින්, මැරෙන්න කලින් තමුන්ට
කියන්න තියෙන්නේ එච්චරද?</font>

9
00:01:19,416 --> 00:01:22,294
<font color="#ffd220">මුලින්ම, මම කැමරා දෙකක් ලෑස්ති කරනවා.</font>

10
00:01:23,962 --> 00:01:26,548
<font color="#ffd220">මම කියපු තැන ඔයාට ඒවා සවි කරන්න පුළුවන්.</font>

11
00:01:26,632 --> 00:01:27,633
<font color="#ffd220">හරි. ඊට පස්සේ?</font>

12
00:01:28,592 --> 00:01:30,135
<font color="#ffd220">ඊට පස්සේ, මගේ ෆෝන් එක.</font>

13
00:01:30,552 --> 00:01:33,055
<font color="#ffd220">අපි ආරක්ෂාවට ඒකට
ස්පයිවෙයා (spyware) එකක් දාමු.</font>

14
00:01:33,138 --> 00:01:34,515
<font color="#ffd220">දන්නවනේ, සොම්බි ෆෝන් එකක් වගේ.</font>

15
00:01:35,682 --> 00:01:40,479
<font color="#ffd220">ඊට පස්සේ මම ඔයාගේ අමතර ෆෝන් එකට ඇප් එකක් දාන්නම්
එතකොට ඔයාට දුර ඉඳන් මගේ ෆෝන් එක පාලනය කරන්න පුළුවන්.</font>

16
00:01:42,815 --> 00:01:44,108
<font color="#ffd220">මගේ ෆෝන් එක ඕෆ් කරලා තිබ්බත්</font>

17
00:01:44,191 --> 00:01:47,236
<font color="#ffd220">අපිට පුළුවන් මැල්වෙයා එකක් වගේ
සමහර දේවල් වැඩ කරන විදිහට හදන්න.</font>

18
00:01:47,319 --> 00:01:49,196
<font color="#ffd220">වීඩියෝ සහ ඕඩියෝ රෙකෝඩ්
වෙන එක දිගටම වැඩ කරයි.</font>

19
00:01:49,905 --> 00:01:52,950
<font color="#ffd220">හැමදේම විනාඩි 30කට සැරයක්
ක්ලවුඩ් එකට ඔටෝ අප්ලෝඩ් වෙයි.</font>

20
00:01:53,033 --> 00:01:54,076
<font color="#ffd220">එතකොට කවුරුත් ඒක වෙනස් කරන එකක් නෑ.</font>

21
00:01:54,159 --> 00:01:56,245
<font color="#ffd220">මේක භයානකයි වගේ දැනෙනවා.</font>

22
00:01:57,079 --> 00:01:59,623
<font color="#ffd220">මේ තරම් හොඳට ලෑස්ති වෙන්න
ඕනේ කරන මොකක්ද ඔයාගේ සැලැස්ම?</font>

23
00:02:00,040 --> 00:02:01,583
<font color="#ffd220">ගොඩක් දේවල් දැනගත්තොත් ඔයාට කරදර වෙයි.</font>

24
00:02:04,044 --> 00:02:05,295
<font color="#ffd220">මූ නම්...</font>

25
00:02:17,266 --> 00:02:18,475
<font color="#ffd220">තමුන්ට මේක විහිළුවක්ද?</font>

26
00:02:21,270 --> 00:02:23,897
<font color="#ffd220">මේක විහිළුවක් තමයි. තමුන්ට එහෙම හිතෙන්නේ නැද්ද?</font>

27
00:02:25,065 --> 00:02:26,108
<font color="#ffd220">ඒයි.</font>

28
00:02:26,733 --> 00:02:28,068
<font color="#ffd220">ඇත්තම කතා කරමු.</font>

29
00:02:28,902 --> 00:02:30,445
<font color="#ffd220">තමුන්ට ඇත්තටම මාව මරන්න පුළුවන්ද?</font>

30
00:02:30,529 --> 00:02:32,698
<font color="#ffd220">තමුන්ගේ ලොක්කා නැතුව තමුන්ට කොන්දක් තියෙනවද?</font>

31
00:02:32,781 --> 00:02:35,409
<font color="#ffd220">මූන් දෝ-හියුක් අණ දෙන්නේ නැතුව?</font>

32
00:02:36,910 --> 00:02:38,704
<font color="#ffd220">තමුන් නිකන් එයාගේ අතකොලුවක් විතරයි.</font>

33
00:02:39,329 --> 00:02:41,748
<font color="#ffd220">මේකෙන් ගැලවෙන්න මාර්ගයක්
හොයාගන්න තමුන් හරිම හදිස්සියෙන් ඇත්තේ.</font>

34
00:02:42,332 --> 00:02:45,169
<font color="#ffd220">ඕක අමතක කරලා දාපන්. මූන්
මහත්තයා මේකට කැමැත්ත දීලා ඉවරයි.</font>

35
00:02:45,669 --> 00:02:47,629
<font color="#ffd220">උඹ මෙතන මැරුණත්</font>

36
00:02:47,713 --> 00:02:50,090
<font color="#ffd220">නැත්නම් හෝඩුවාවක් නැතුව අතුරුදහන් වුණත්</font>

37
00:02:50,549 --> 00:02:52,718
<font color="#ffd220">ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ, කාලකන්නියා.</font>

38
00:02:54,094 --> 00:02:55,387
<font color="#ffd220">මූව ඉවරයක් කරලා දාපන්.</font>

39
00:03:10,777 --> 00:03:11,987
<font color="#ffd220">ඔයා මාව බය කළා.</font>

40
00:03:12,070 --> 00:03:14,698
<font color="#ffd220">මොකද එයා සාමාන්‍ය ජීවිතයක් ගත
කරන්න වැඩියෙන්ම ඉඩ තියෙන්නේ,</font>

41
00:03:14,781 --> 00:03:16,491
<font color="#ffd220">මම හරහා නෙවෙයි, ඔයා හරහා නිසා.</font>

42
00:03:16,575 --> 00:03:18,619
<font color="#ffd220">මට කියන්න. මම මොනවද කරන්න ඕනේ?</font>

43
00:03:18,702 --> 00:03:21,455
<font color="#ffd220">ඔයා වෙනුවෙන් ඕනම දෙයක්.
මොනවා හරි වුණොත්, මට කතා කරන්න.</font>

44
00:03:25,125 --> 00:03:26,877
<font color="#ffd220">ඇයි බැරි? ඇයි ඔයා නොකරන්නේ?</font>

45
00:03:26,960 --> 00:03:28,045
<font color="#ffd220">ඔයා අනතුරේ වැටෙන්න පුළුවන්--</font>

46
00:03:28,128 --> 00:03:30,130
<font color="#ffd220">නෑ. මට එහෙම වෙන්න ඕනේ නෑ.</font>

47
00:03:30,214 --> 00:03:32,424
<font color="#ffd220">මම ඇයි දුක් විඳින්නේ?</font>

48
00:03:32,507 --> 00:03:33,550
<font color="#ffd220">හරි එහෙනම්.</font>

49
00:03:34,092 --> 00:03:36,220
<font color="#ffd220">මට තේරෙනවා. ඉතින් කරගෙන යන්න, ආ-ජින්.</font>

50
00:03:37,596 --> 00:03:38,764
<font color="#ffd220">ඔයාට ඕන තරම් මාව පාවිච්චි කරන්න.</font>

51
00:04:02,224 --> 00:04:04,475
<font color="#ffd220">මට ඕන කරන්නෙත් ඒකයි.</font>

52
00:04:27,479 --> 00:04:28,480
<font color="#ffd220">පණිවිඩ</font>

53
00:04:31,358 --> 00:04:32,776
<font color="#ffd220">කිම් ජේ-ඕ</font>

54
00:04:33,485 --> 00:04:34,611
<font color="#ffd220">තහවුරු කරන්න</font>

55
00:04:37,614 --> 00:04:39,283
<font color="#ffd220">ඔහේ මිනිස්සු කී දෙනෙක් ගෙනාවද?</font>

56
00:04:41,451 --> 00:04:43,161
<font color="#ffd220">තමුන් ගැන ලැජ්ජා වෙන්න ඕනේ.</font>

57
00:04:54,589 --> 00:04:55,590
<font color="#ffd220">මූගේ ෆෝන් එක චෙක් කරපන්.</font>

58
00:04:59,886 --> 00:05:01,722
<font color="#ffd220">යූන් ජුන්-සෝ</font>

59
00:05:02,639 --> 00:05:04,182
<font color="#ffd220">වැඩේ ඉවරද?</font>

60
00:05:04,474 --> 00:05:05,892
<font color="#ffd220">ඔබට පේන විදිහටම, ඔව්.</font>

61
00:05:09,271 --> 00:05:12,065
<font color="#ffd220">කිසිම හෝඩුවාවක් නැති වෙන්න මේක සුද්ද කරන්න ඕනේ.</font>

62
00:05:12,149 --> 00:05:13,567
<font color="#ffd220">අපි මේකත් විනාශ කරන්නද?</font>

63
00:05:13,650 --> 00:05:14,901
<font color="#ffd220">මේක මිනිහාගේ ෆෝන් එක.</font>

64
00:05:14,985 --> 00:05:16,486
<font color="#ffd220">ඕක මට දෙනවා.</font>

65
00:05:17,070 --> 00:05:18,947
<font color="#ffd220">හදිස්සියටත් එක්ක මට ඕක චෙක් කරන්න ඕනේ.</font>

66
00:05:19,781 --> 00:05:23,201
<font color="#ffd220">මේ පිස්සා එයාගේ තර්ජන
වලට CEO ගෙ නමත් ඈඳා ගත්තා.</font>

67
00:05:23,702 --> 00:05:25,037
<font color="#ffd220">මිනිහා ලඟ මොනවද තිබුණේ කියලා මට බලන්න ඕනේ.</font>

68
00:05:52,522 --> 00:05:53,774
<font color="#ffd220">මැඩම්, ගෙදරට සාදරයෙන් පිළිගන්නවා.</font>

69
00:06:21,259 --> 00:06:23,303
<font color="#ffd220">ඇමතුම සම්බන්ධ කරමින්...</font>

70
00:06:26,139 --> 00:06:28,308
<font color="#ffd220">ඔබ ඇමතූ දුරකථනය ක්‍රියාවිරහිත කර ඇත.</font>

71
00:06:28,392 --> 00:06:31,937
<font color="#ffd220">බීප් හඬින් පසුව ඔබව හඬ තැපෑල
වෙත සම්බන්ධ කෙරෙනු ඇත.</font>

72
00:06:32,020 --> 00:06:34,689
<font color="#ffd220">සම්බන්ධ වූ පසු ඔබෙන් මුදල් අය කෙරේ.</font>

73
00:06:36,983 --> 00:06:38,777
<font color="#ffd220">පණිවිඩයක් තැබීමට අංක එක ඔබන්න.</font>

74
00:06:38,860 --> 00:06:42,781
<font color="#ffd220">නැවත ඇමතුම් අංකයක් දීමට අංක දෙක ඔබන්න.</font>

75
00:06:47,869 --> 00:06:49,996
<font color="#ffd220">ඔබට අංකයක් එබීමට ලබා දුන් කාලය ඉකුත් විය.</font>

76
00:06:51,248 --> 00:06:52,916
<font color="#ffd220">පණිවිඩයක් තැබීමට අංක එක ඔබන්න.</font>

77
00:06:52,999 --> 00:06:57,003
<font color="#ffd220">නැවත ඇමතුම් අංකයක් දීමට අංක දෙක ඔබන්න.</font>

78
00:07:03,385 --> 00:07:05,429
<font color="#ffd220">ඔබට අංකයක් එබීමට ලබා දුන් කාලය ඉකුත් විය.</font>

79
00:07:06,680 --> 00:07:08,473
<font color="#ffd220">පණිවිඩයක් තැබීමට අංක එක ඔබන්න.</font>

80
00:07:08,557 --> 00:07:12,519
<font color="#ffd220">නැවත ඇමතුම් අංකයක් දීමට අංක දෙක ඔබන්න.</font>

81
00:07:20,819 --> 00:07:24,573
<font color="#ffd220">කරුණාකර උපදෙස් පරික්ෂා කර නැවත අමතන්න.</font>

82
00:07:24,656 --> 00:07:26,700
<font color="#ffd220">අපගේ සේවාව භාවිතා කළාට ස්තූතියි.</font>

83
00:07:26,783 --> 00:07:28,034
<font color="#ffd220">සුභ දවසක්.</font>

84
00:07:31,079 --> 00:07:33,665
<font color="#ffd220">කිම් ජේ-ඕව ඔයාට ඕන විදිහකට බලාගන්න.</font>

85
00:07:34,791 --> 00:07:36,960
<font color="#ffd220">ආයේ කවදාවත් මට මිනිහා ගැන
අහන්න නොලැබෙන බවට වග බලාගන්න.</font>

86
00:07:37,043 --> 00:07:38,211
<font color="#ffd220">මම කැමති නෑ එයාගේ නම නිසා</font>

87
00:07:39,379 --> 00:07:42,632
<font color="#ffd220">මගේ බිරිඳ එක්ක ගන්න තවත්
කෑම වේලක් විනාශ වෙනවට.</font>

88
00:08:27,552 --> 00:08:32,557
<i><b><font color="#ff9231">[12 වන කොටස]</font> : <font color="#e3a113">අවසාන X</font></b></i>

89
00:08:44,653 --> 00:08:45,820
<font color="#ffd220">කොහෙද කිම් ජේ-ඕ?</font>

90
00:08:49,741 --> 00:08:51,159
<font color="#ffd220">එයා කොහෙද ඉන්නේ?</font>

91
00:08:52,410 --> 00:08:53,495
<font color="#ffd220">මට කිසිම අදහසක් තිබුණේ නෑ</font>

92
00:08:54,788 --> 00:08:56,498
<font color="#ffd220">මේ වැඩේ මොකටද කළේ කියලා.</font>

93
00:08:58,458 --> 00:09:01,419
<font color="#ffd220">මම දැනගෙන හිටියා නම්, මම
කවදාවත් එයාට උදව් කරන්නේ නෑ.</font>

94
00:09:02,212 --> 00:09:03,338
<font color="#ffd220">මොකක්ද ඒ වැඩේ?</font>

95
00:09:04,464 --> 00:09:05,465
<font color="#ffd220">කැමරා ටික.</font>

96
00:09:06,341 --> 00:09:08,677
<font color="#ffd220">එයා මට කිව්වා ඒවා ඉදිකිරීම්
භූමියේ සවි කරන්න කියලා.</font>

97
00:09:08,760 --> 00:09:11,680
<font color="#ffd220">එයා කිව්වා දර්ශන ඔටෝ අප්ලෝඩ් වෙයි කියලා</font>

98
00:09:12,264 --> 00:09:14,683
<font color="#ffd220">ඇති තරම් වෙලාවක් ගියාට
පස්සේ ඒ කැමරා ආපහු අරගෙන</font>

99
00:09:15,725 --> 00:09:16,726
<font color="#ffd220">ඔයාට දෙන්න කිව්වා</font>

100
00:09:17,561 --> 00:09:19,312
<font color="#ffd220">මේ මෙමරි කාඩ් එකයි</font>

101
00:09:20,146 --> 00:09:22,816
<font color="#ffd220">මගේ අමතර ෆෝන් එකයි.</font>

102
00:09:31,449 --> 00:09:33,410
<font color="#ffd220">උඹලා මොකද කරන්නේ? මූව විසි කරලා දාපන්.</font>

103
00:09:39,332 --> 00:09:41,876
<font color="#ffd220">දෙන්නෙක් ඔත්තු බලන්න නවතින්න.
අනිත් අය පහළට ගිහින් ඒක සුද්ද කරන්න.</font>

104
00:09:41,960 --> 00:09:43,253
<font color="#ffd220">හරි සර්. හරි සර්.</font>

105
00:10:36,806 --> 00:10:38,099
<font color="#ffd220">මම කා වත් දකින්නේ නෑ.</font>

106
00:10:38,892 --> 00:10:40,268
<font color="#ffd220">ගොං මහත්මිය පවා එළියට ගියා.</font>

107
00:10:41,144 --> 00:10:43,271
<font color="#ffd220">මම එයාලට කිව්වා අපිට ටිකක්
තනියම ඉන්න දෙන්න කියලා.</font>

108
00:10:44,648 --> 00:10:46,775
<font color="#ffd220">වාඩි වෙන්න. මට දෙයක් කියන්න තියෙනවා.</font>

109
00:10:50,862 --> 00:10:51,863
<font color="#ffd220">මට කුතුහලයක් තියෙනවා</font>

110
00:10:52,697 --> 00:10:54,240
<font color="#ffd220">ඔයාට මට මොනවද කියන්න තියෙන්නේ කියලා.</font>

111
00:11:00,205 --> 00:11:02,874
<font color="#ffd220">මෙතන ඉඳන්, මගේ අවසරයක්
නැතුව මාව අල්ලන්න එපා.</font>

112
00:11:02,957 --> 00:11:05,293
<font color="#ffd220">අර කලින් වගේ මාව පිටිපස්සෙන් බදාගන්න එපා.</font>

113
00:11:06,002 --> 00:11:08,129
<font color="#ffd220">ඔයාගේ හුස්ම පොදක්වත් මගේ ඇඟේ වදින්න දෙන්න එපා.</font>

114
00:11:09,464 --> 00:11:11,257
<font color="#ffd220">කිසිම දෙයක් කරන්න එපා.</font>

115
00:11:13,301 --> 00:11:14,928
<font color="#ffd220">ඕක නම් සාධාරණ නෑ.</font>

116
00:11:15,970 --> 00:11:17,847
<font color="#ffd220">අපි අඹුසැමියෝ නෙවෙයිද?</font>

117
00:11:17,931 --> 00:11:19,432
<font color="#ffd220">අපි අඹුසැමියෝ නිසා තමයි</font>

118
00:11:20,809 --> 00:11:22,977
<font color="#ffd220">මම කියන්නේ මට බෝනික්කෙක්ට
වගේ සලකන්න එපා කියලා.</font>

119
00:11:26,147 --> 00:11:27,982
<font color="#ffd220">මම ඔයාගේ බිරිඳ නම්</font>

120
00:11:28,900 --> 00:11:30,694
<font color="#ffd220">ඔයා මට සලකන්න ඕනේ ඔයාට සමානව.</font>

121
00:11:32,445 --> 00:11:33,446
<font color="#ffd220">ඒක එහෙම නෙවෙයිද?</font>

122
00:11:38,326 --> 00:11:42,163
<font color="#ffd220">මම හිතුවේ ඔයාට අනුකම්පා කරන
එකයි ආදරේ කරන එකයි ඇති වෙයි කියලා.</font>

123
00:11:43,081 --> 00:11:45,875
<font color="#ffd220">ඇයි මම ඕවා අහන් ඉන්න ඕනේ?</font>

124
00:11:46,126 --> 00:11:48,336
<font color="#ffd220">මම දන්නවා ඔයාට මේ වෙද්දි රිපෝට් එක ලැබිලා ඇති.</font>

125
00:11:50,547 --> 00:11:54,968
<font color="#ffd220">මම හොයාගත්තා ක්‍රමයක් ඔයාව කොටු කරන්න.</font>

126
00:11:55,719 --> 00:11:56,970
<font color="#ffd220">ඔයාගේ නියෝග මත</font>

127
00:11:57,595 --> 00:12:00,932
<font color="#ffd220">හිර කරපු සහ අතුරුදහන් කරපු මිනිස්සු.</font>

128
00:12:02,934 --> 00:12:04,060
<font color="#ffd220">දැන්, තව එක්කෙනෙක් ඉන්නවා.</font>

129
00:12:09,190 --> 00:12:11,025
<font color="#ffd220">ඒකට සාක්ෂිත් මං ගාව තියෙනවා.</font>

130
00:12:15,363 --> 00:12:16,656
<font color="#ffd220">ඇත්තම කතා කරමු.</font>

131
00:12:16,740 --> 00:12:18,408
<font color="#ffd220">තමුන්ට ඇත්තටම මාව මරන්න පුළුවන්ද?</font>

132
00:12:18,491 --> 00:12:20,410
<font color="#ffd220">තමුන්ගේ ලොක්කා නැතුව තමුන්ට කොන්දක් තියෙනවද?</font>

133
00:12:20,493 --> 00:12:23,371
<font color="#ffd220">මූන් දෝ-හියුක් අණ දෙන්නේ නැතුව?</font>

134
00:12:24,330 --> 00:12:26,166
<font color="#ffd220">තමුන් නිකන් එයාගේ අතකොලුවක් විතරයි.</font>

135
00:12:26,249 --> 00:12:28,752
<font color="#ffd220">මේකෙන් ගැලවෙන්න මාර්ගයක්
හොයාගන්න තමුන් හරිම හදිස්සියෙන් ඇත්තේ.</font>

136
00:12:29,502 --> 00:12:32,297
<font color="#ffd220">ඕක අමතක කරලා දාපන්. මූන්
මහත්තයා මේකට කැමැත්ත දීලා ඉවරයි.</font>

137
00:12:32,881 --> 00:12:34,507
<font color="#ffd220">උඹ මෙතන මැරුණත්</font>

138
00:12:34,591 --> 00:12:37,051
<font color="#ffd220">නැත්නම් හෝඩුවාවක් නැතුව අතුරුදහන් වුණත්</font>

139
00:12:37,135 --> 00:12:40,138
<font color="#ffd220">ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ, කාලකන්නියා.</font>

140
00:12:40,430 --> 00:12:41,723
<font color="#ffd220">උඹලා මොකද කරන්නේ?</font>

141
00:12:41,806 --> 00:12:42,807
<font color="#ffd220">විසි කරලා දාපන් මූව.</font>

142
00:12:47,312 --> 00:12:49,939
<font color="#ffd220">ඔයා විතරක් නෙවෙයි ඉන්නේ</font>

143
00:12:51,399 --> 00:12:53,026
<font color="#ffd220">මාව කොටු කරන්න හරි අයින් කරලා දාන්න පුළුවන්.</font>

144
00:12:54,319 --> 00:12:56,237
<font color="#ffd220">ඔයාගේ ඔය සම්පූර්ණයි කියන ජීවිතේ</font>

145
00:12:56,905 --> 00:12:59,199
<font color="#ffd220">පොඩි ඉරිතැලීමක් වුණත් කැපිලා පේනවා.</font>

146
00:13:00,825 --> 00:13:02,118
<font color="#ffd220">ඔයාට ඒක දරාගන්න පුළුවන්ද?</font>

147
00:13:03,203 --> 00:13:04,913
<font color="#ffd220">සර්ව සම්පූර්ණ මහත්තයෝ?</font>

148
00:13:11,544 --> 00:13:13,671
<font color="#ffd220">ඉතින්, මේකද ඔයාට කියන්න ඕන වුණේ?</font>

149
00:13:14,464 --> 00:13:16,591
<font color="#ffd220">ඔයා මාව මෙතන වාඩි කෙරෙව්වේ ඒකට විතරද?</font>

150
00:13:23,181 --> 00:13:24,849
<font color="#ffd220">ඔයා ඒ අණ දෙනකොට</font>

151
00:13:26,518 --> 00:13:28,144
<font color="#ffd220">මම එතන හිටියා.</font>

152
00:13:31,731 --> 00:13:33,149
<font color="#ffd220">සාක්ෂිය මෙතන තියෙනවා.</font>

153
00:13:33,483 --> 00:13:34,776
<font color="#ffd220">ඒ වගේම ඇසින් දුටු සාක්ෂිකාරයත්.</font>

154
00:13:37,487 --> 00:13:39,989
<font color="#ffd220">මේක සාකච්ඡාවක්ද තර්ජනයක්ද
කියලා මට හිතාගන්න බෑ.</font>

155
00:13:40,824 --> 00:13:43,034
<font color="#ffd220">ඔයාගේ ආදරණීය යාළුවා දන්නවද</font>

156
00:13:43,618 --> 00:13:44,869
<font color="#ffd220">එයාගේ මරණය</font>

157
00:13:46,746 --> 00:13:48,373
<font color="#ffd220">මේ විදිහට පාවිච්චි වෙනවා කියලා?</font>

158
00:13:48,456 --> 00:13:50,708
<font color="#ffd220">එයා ආඩම්බර වෙයි</font>

159
00:13:52,293 --> 00:13:53,837
<font color="#ffd220">මම වෙනුවෙන් එයා පාවිච්චි වුණ එක ගැන.</font>

160
00:13:56,548 --> 00:13:58,091
<font color="#ffd220">ඒක සූරා කෑමක් නෙවෙයි.</font>

161
00:13:59,050 --> 00:14:00,635
<font color="#ffd220">එයා කැමැත්තෙන්ම පාවිච්චි වුණා.</font>

162
00:14:03,763 --> 00:14:06,850
<font color="#ffd220">ඔයාව හොලවන්න පුළුවන් දෙයක්
මගේ අතට ගන්න ඕන නිසාම,</font>

163
00:14:07,392 --> 00:14:08,560
<font color="#ffd220">එයා හැමදේම පරදුවට තිබ්බා.</font>

164
00:14:09,769 --> 00:14:11,771
<font color="#ffd220">ඔයාට මුල ඉඳලම හැමදේම තිබුණා.</font>

165
00:14:12,230 --> 00:14:14,148
<font color="#ffd220">ඒ නිසා ඔයා තේරුම් ගනියි කියලා
මම බලාපොරොත්තු වෙන්නේ නෑ.</font>

166
00:14:52,645 --> 00:14:54,397
<font color="#ffd220">තමුන් මොන එහෙකද මේ කළේ?</font>

167
00:14:56,691 --> 00:14:58,693
<font color="#ffd220">මොනවා හරි කියනවා.</font>

168
00:14:59,444 --> 00:15:00,528
<font color="#ffd220">මම කිව්වොත්</font>

169
00:15:01,446 --> 00:15:03,364
<font color="#ffd220">ඔයාට ඒක දරාගන්න පුළුවන් වෙයිද?</font>

170
00:15:04,324 --> 00:15:05,325
<font color="#ffd220">මට කියන්න.</font>

171
00:15:06,242 --> 00:15:08,786
<font color="#ffd220">මට ඕන වුණා දෝ-හියුක්ගේ බෙල්ලට තොන්ඩුවක් දාන්න.</font>

172
00:15:09,621 --> 00:15:11,456
<font color="#ffd220">ආයේ කවදාවත් එයාට මට
කරදර කරන්න බැරි වෙන්න.</font>

173
00:15:12,373 --> 00:15:14,125
<font color="#ffd220">ඒ වැඩේ කරන්න ජේ-ඕ මට උදව් කළා.</font>

174
00:15:15,001 --> 00:15:18,838
<font color="#ffd220">එයා කෙලින්ම ඒකට මැදිහත් වුණා</font>

175
00:15:18,922 --> 00:15:20,423
<font color="#ffd220">එයා මැරෙන බව දැන දැනම.</font>

176
00:15:22,759 --> 00:15:25,219
<font color="#ffd220">එයාට ඕන වුණෙත් ඒක.</font>

177
00:15:25,303 --> 00:15:26,638
<font color="#ffd220">ඔයා මොකක්ද මේ කියන්න හදන්නේ?</font>

178
00:15:26,721 --> 00:15:29,057
<font color="#ffd220">ජේ-ඕ මැරුණත් නැතත් ඔයා
කිසිම වැරැද්දක් කළේ නෑ කියලද?</font>

179
00:15:29,140 --> 00:15:30,516
<font color="#ffd220">ඒක-- එහෙනම් මම මොනවද කරන්න තිබුණේ?</font>

180
00:15:30,600 --> 00:15:32,936
<font color="#ffd220">ඔයා කොච්චර කල් ඔය විදිහට ජීවත් වෙන්නද?</font>

181
00:15:33,019 --> 00:15:34,771
<font color="#ffd220">මටත් දැන් ඒක එපා වෙලා තියෙන්නේ.</font>

182
00:15:34,854 --> 00:15:35,855
<font color="#ffd220">ජුන්-සෝ.</font>

183
00:15:36,439 --> 00:15:38,358
<font color="#ffd220">ජේ-ඕට ඒ වගේ දෙයක් වුණාට පස්සේ</font>

184
00:15:39,192 --> 00:15:40,777
<font color="#ffd220">මට තවත් නවතින්න බෑ.</font>

185
00:15:41,694 --> 00:15:43,488
<font color="#ffd220">මේ ඔක්කොම මගේ වැරැද්දද?</font>

186
00:15:45,281 --> 00:15:47,367
<font color="#ffd220">කාටද අයිතියක් තියෙන්නේ මාව විනිශ්චය කරන්න?</font>

187
00:15:48,451 --> 00:15:50,244
<font color="#ffd220">කාටද තේරුම් ගන්න පුළුවන්</font>

188
00:15:50,620 --> 00:15:53,456
<font color="#ffd220">මගේ තත්වය සහ මම ඉන්න තැන ගැන දැන්?</font>

189
00:15:54,123 --> 00:15:55,792
<font color="#ffd220">එහෙනම්, මට මේ දේට විතරක් උත්තර දෙන්න.</font>

190
00:15:57,460 --> 00:15:59,087
<font color="#ffd220">ඔයාට දැන් නවත්තන්න පුළුවන්.</font>

191
00:16:01,673 --> 00:16:04,175
<font color="#ffd220">මේක තමයි අවසානය, නේද?</font>

192
00:16:10,473 --> 00:16:11,474
<font color="#ffd220">නේද?</font>

193
00:16:12,183 --> 00:16:13,726
<font color="#ffd220">කරුණාකරලා මොනවා හරි කියන්න.</font>

194
00:16:14,769 --> 00:16:17,480
<font color="#ffd220">කරුණාකරලා කියන්න මේක තමයි අවසානය කියලා!</font>

195
00:16:19,232 --> 00:16:20,650
<font color="#ffd220">මට නවතින්න බෑ.</font>

196
00:16:22,068 --> 00:16:23,319
<font color="#ffd220">මම නවතින්නේ නෑ.</font>

197
00:16:25,238 --> 00:16:28,449
<font color="#ffd220">මේ තනතුරේ ඉන්න මම කොච්චර අවදානමකද
ඉන්නේ කියලා ඔයා දැනගෙන හිටියා නම්,</font>

198
00:16:30,410 --> 00:16:32,370
<font color="#ffd220">ඔයා මට නවතින්න කියන්නේ නෑ.</font>

199
00:16:55,518 --> 00:16:56,644
<font color="#ffd220">මේ කතා කරන්නේ යූන් ජුන්-සෝ.</font>

200
00:16:58,271 --> 00:17:00,273
<font color="#ffd220">අර ගිය සැරේ කියපු වාර්තා වැඩසටහනේ යෝජනාව</font>

201
00:17:01,858 --> 00:17:03,109
<font color="#ffd220">තාම වලංගුද?</font>

202
00:17:08,531 --> 00:17:10,366
<font color="#ffd220">පොඩ්ඩක් ඉන්න සර්. මම
කොහොමද උදව් කරන්න ඕනේ?</font>

203
00:17:10,450 --> 00:17:12,201
<font color="#ffd220">මොකක්ද ප්‍රශ්නේ? මූන් දෝ-හියුක්.</font>

204
00:17:16,289 --> 00:17:17,373
<font color="#ffd220">යූන් ජුන්-සෝ මහත්තයා?</font>

205
00:17:19,792 --> 00:17:21,919
<font color="#ffd220">මම හිතුවේ නෑ ඔයා මාව
හම්බවෙන්න කෙලින්ම එයි කියලා.</font>

206
00:17:22,170 --> 00:17:23,838
<font color="#ffd220">ඔයා ජේ-ඕව මැරුවා.</font>

207
00:17:25,048 --> 00:17:28,134
<font color="#ffd220">ඔයා අණ කරපු හැමදේම මේකේ රෙකෝඩ් වෙලා තියෙනවා.</font>

208
00:17:30,011 --> 00:17:31,262
<font color="#ffd220">මම දැක්කා.</font>

209
00:17:33,890 --> 00:17:35,016
<font color="#ffd220">ඉතින්?</font>

210
00:17:35,099 --> 00:17:37,435
<font color="#ffd220">ඔයා ආ-ජින්ට මොනවා හරි
කරන්න හිතාගෙන ඉන්නවා නම්,</font>

211
00:17:37,518 --> 00:17:40,855
<font color="#ffd220">මම මේ වීඩියෝ එක මීඩියා වලට දානවා.</font>

212
00:17:47,070 --> 00:17:50,198
<font color="#ffd220">අද දවසේ ගොඩක් අය මට මොනවද
කරන්න ඕනේ කියලා කියනවා.</font>

213
00:17:50,615 --> 00:17:51,783
<font color="#ffd220">ඒත් මට කියන්න.</font>

214
00:17:52,075 --> 00:17:55,620
<font color="#ffd220">ඔයා ඕක පෝස්ට් කරනකම් මම
නිකන් බලන් ඉඳියි කියලා ඔයා හිතනවද?</font>

215
00:17:56,245 --> 00:17:59,332
<font color="#ffd220">ඔයාට කරන්න පුළුවන් දේවල් වලට වඩා ලොකු දේවල්
මට කරන්න පුළුවන් කියලා ඔයා දන්නවා ඇතිනේ.</font>

216
00:17:59,874 --> 00:18:02,460
<font color="#ffd220">මගේ නම යන්තම් සඳහන්
වෙන බාල වීඩියෝ කෑල්ලකින්...</font>

217
00:18:03,044 --> 00:18:04,087
<font color="#ffd220">බැහැ...</font>

218
00:18:04,170 --> 00:18:05,588
<font color="#ffd220">අපි මේකත් විනාශ කරන්නද? මොකක්ද මේ?</font>

219
00:18:05,671 --> 00:18:06,672
<font color="#ffd220">මේක මිනිහාගේ ෆෝන් එක.</font>

220
00:18:06,756 --> 00:18:07,882
<font color="#ffd220">ඕක මට දෙනවා.</font>

221
00:18:07,965 --> 00:18:11,761
<font color="#ffd220">මේ පිස්සා එයාගේ තර්ජන
වලට CEO ගෙ නමත් ඈඳා ගත්තා.</font>

222
00:18:12,178 --> 00:18:14,013
<font color="#ffd220">කොහොම වුණත්, මේක හරියට විසඳුණාට පස්සේ</font>

223
00:18:14,097 --> 00:18:16,015
<font color="#ffd220">මූන් මහත්තයා ගාව මම ගැන හොඳ වචනයක් කියන්න.</font>

224
00:18:16,099 --> 00:18:18,976
<font color="#ffd220">අර ගිය පාර වෙච්ච වැරදීම ගැන මට තාමත් බයයි.</font>

225
00:18:19,060 --> 00:18:20,561
<font color="#ffd220">ගින්දර සිද්ධිය ගැන නේද?</font>

226
00:18:20,645 --> 00:18:23,648
<font color="#ffd220">එදා අපි එයාව හරියට මැරුවා නම්,
අපිට මේ වගේ දේවල් කරන්න වෙන්නේ නෑ.</font>

227
00:18:24,398 --> 00:18:26,818
<font color="#ffd220">සමහරවිට මං ගාව තියෙන වීඩියෝ
සහ ඕඩියෝ එළියට දාන එකෙන්</font>

228
00:18:26,901 --> 00:18:28,528
<font color="#ffd220">ඔයාට මාරාන්තික පහරක් වදින එකක් නෑ.</font>

229
00:18:28,611 --> 00:18:30,446
<font color="#ffd220">ඒත් ඔයා දන්නවද?</font>

230
00:18:31,823 --> 00:18:33,366
<font color="#ffd220">ඒකෙන් කැළලක් ඉතුරු වෙයි.</font>

231
00:18:33,866 --> 00:18:35,034
<font color="#ffd220">ඒ කැළල් ගොඩ ගැහුණම</font>

232
00:18:35,118 --> 00:18:37,620
<font color="#ffd220">මෙච්චර කල් ඔයා රැකගෙන
ආපු ඔය සර්ව සම්පූර්ණ නාමය</font>

233
00:18:38,663 --> 00:18:40,832
<font color="#ffd220">කවදාහරි දවසක කිලිටි වෙයි.</font>

234
00:18:40,915 --> 00:18:44,377
<font color="#ffd220">දේවල් කිලිටි වුණාම සුද්ද කරන්න මට පුළුවන්.</font>

235
00:18:46,671 --> 00:18:48,297
<font color="#ffd220">ඒත් ඔයා මේ මට තර්ජනය කරනවද?</font>

236
00:18:48,381 --> 00:18:50,174
<font color="#ffd220">මම මෙතන ඉන්නේ ඔයාට අනතුරු අඟවන්න.</font>

237
00:18:50,424 --> 00:18:54,011
<font color="#ffd220">මොකද මට තවත් ඔයා දිහා හරි ආ-ජින්
දිහා හරි නිකන් බලාගෙන ඉන්න බෑ.</font>

238
00:18:54,804 --> 00:18:55,847
<font color="#ffd220">දැන් මට මතක් වෙන්නේ</font>

239
00:18:55,930 --> 00:18:59,600
<font color="#ffd220">ඔයාගේ යාළුවත් මට අනතුරු අඟවන්න හැදුවා, අන්තිමට
එයාට මොකද වුණේ කියලා අපි දෙන්නම දන්නවා.</font>

240
00:19:03,855 --> 00:19:05,064
<font color="#ffd220">මට හිතෙන්නේ යාළුවෝ අතර</font>

241
00:19:05,982 --> 00:19:07,316
<font color="#ffd220">එක වගේ ගතිගුණ තියෙනවා කියලා.</font>

242
00:19:12,947 --> 00:19:14,198
<font color="#ffd220">ආ-ජින්ට පාඩුවේ ඉන්න දෙන්න.</font>

243
00:19:16,576 --> 00:19:18,661
<font color="#ffd220">එයාව නවත්තන්නේ මම.</font>

244
00:19:19,662 --> 00:19:22,832
<font color="#ffd220">ඔයා පැත්තකට වෙලා ඈත ඉඳන් බලාගෙන ඉන්න.</font>

245
00:19:24,250 --> 00:19:25,585
<font color="#ffd220">ඔයා හැමදාම කළා වගේ.</font>

246
00:19:44,854 --> 00:19:46,397
<font color="#ffd220">මම ආවේ පාපොච්චාරණයක් කරන්න.</font>

247
00:19:50,276 --> 00:19:52,361
<font color="#ffd220">අක්කේ, මම දන්නවා කවුද
ඔයාගේ පවුලේ අයව මැරුවේ කියලා.</font>

248
00:19:52,445 --> 00:19:54,030
<font color="#ffd220">ඒ ඔයා දන්න කෙනෙක්.</font>

249
00:19:57,742 --> 00:19:59,535
<font color="#ffd220">නිළි බෙක් ආ-ජින්</font>

250
00:19:59,619 --> 00:20:02,663
<font color="#ffd220">බර්ලින් චිත්‍රපට උළෙලට ආරාධනා ලැබුවා "The
Woman with a Suitcase" චිත්‍රපටය සමඟින්</font>

251
00:20:02,997 --> 00:20:06,876
<font color="#ffd220">ඇය ජාත්‍යන්තර මට්ටමින් දැඩි
අවධානයක් දිනාගෙන සිටිනවා.</font>

252
00:20:07,251 --> 00:20:10,213
<font color="#ffd220">ඇයගේ නවතම චිත්‍රපටය
වන "Amen to Nothing" තුළින්</font>

253
00:20:10,296 --> 00:20:13,132
<font color="#ffd220">විචාරකයින් සහ ප්‍රේක්ෂකයින් බෙක්
ආ-ජින් වෙත ආකර්ෂණය වී තිබෙන්නේ</font>

254
00:20:13,216 --> 00:20:15,885
<font color="#ffd220">ඇයගේ නිර්භීත වෙනස් වීම සහ
විශිෂ්ට රංගන ප්‍රතිභාව නිසාවෙන්.</font>

255
00:20:15,968 --> 00:20:19,889
<font color="#ffd220">බොහෝ දෙනා පවසන්නේ ඇය ඇගේ
රංගන දිවියේ ඉහළම තැනක සිටින බවයි.</font>

256
00:20:19,972 --> 00:20:21,682
<font color="#ffd220">අද රාත්‍රී බ්ලූඩ්‍රැගන් සම්මාන උළෙලේදී...</font>

257
00:20:21,766 --> 00:20:25,269
<font color="#ffd220">හොඳම නිළිය සම්මානය සඳහා ප්‍රබලම
අපේක්ෂිකාව ලෙස සැලකෙන්නේ ඇයයි.</font>

258
00:20:25,353 --> 00:20:27,813
<font color="#ffd220">අද රාත්‍රියේ පැවැත්වෙන
බ්ලූ ඩ්‍රැගන් සම්මාන උළෙලේදී</font>

259
00:20:27,897 --> 00:20:32,068
<font color="#ffd220">ඇය එම සම්මානය දිනාගනීවිද? කාගේත්
අවධානය ඇය වෙත යොමු වී තිබෙනවා.</font>

260
00:20:34,528 --> 00:20:37,573
<font color="#ffd220">ඇයි අද ඔයා මේ තරම්
බැබළෙන්නේ? ඔයා ගොඩක් ලස්සනයි.</font>

261
00:20:38,491 --> 00:20:40,868
<font color="#ffd220">හැමදාම දකින මූණමනේ ඉතින්. මොකක්ද මේ කලබලේ?</font>

262
00:20:40,952 --> 00:20:44,121
<font color="#ffd220">ඒත් හැමදාම ලස්සනයිනේ. ඔයාගේ
ලස්සන බලලා මට කවදාවත් එපා වෙන්නේ නෑ.</font>

263
00:20:44,205 --> 00:20:45,206
<font color="#ffd220">මමත් එකඟයි.</font>

264
00:20:47,625 --> 00:20:49,877
<font color="#ffd220">ජුන්-සෝ.</font>

265
00:20:55,466 --> 00:20:56,509
<font color="#ffd220">ජුන්-සෝ.</font>

266
00:22:35,066 --> 00:22:38,152
<font color="#ffd220">ඒක එතනින් තියන්න. මම ඔයා
වෙනුවෙන් ඒක විසි කරන්නම්.</font>

267
00:22:38,235 --> 00:22:39,236
<font color="#ffd220">මම... එපා.</font>

268
00:22:39,779 --> 00:22:41,113
<font color="#ffd220">කමක් නෑ. මම ඒක විසි කරන්නම්.</font>

269
00:22:41,197 --> 00:22:42,365
<font color="#ffd220">ආ, හරි.</font>

270
00:23:11,727 --> 00:23:12,728
<font color="#ffd220">බෙක් ආ-ජින්.</font>

271
00:23:12,812 --> 00:23:15,856
<font color="#ffd220">කවදාහරි මට උදව්වක් කරන්න
හිතුනොත්, එදාට මට කතා කරන්න.</font>

272
00:23:16,607 --> 00:23:19,568
<font color="#ffd220">එහෙම නැතුව, නිකරුණේ
මගේ ගමනට හරස් වෙන්න එපා.</font>

273
00:23:53,102 --> 00:23:54,186
<font color="#ffd220">ඒ බෙක් ආ-ජින්!</font>

274
00:25:02,963 --> 00:25:06,425
<font color="#ffd220">සම්මාන උළෙල දැන් විකාශය වෙන්නේ
වෙනත් නාලිකාවක බව දන්නවා නේද?</font>

275
00:25:07,426 --> 00:25:11,222
<font color="#ffd220">කියන විදිහට හොඳම නිළිය සම්මානය
අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ඇයටලු.</font>

276
00:25:12,014 --> 00:25:13,265
<font color="#ffd220">ඇත්තටම ඒක ගොඩක් හොඳයි.</font>

277
00:25:15,226 --> 00:25:17,144
<font color="#ffd220">මොකද ඇයව දකින මේ අවසාන වතාව,</font>

278
00:25:18,354 --> 00:25:21,482
<font color="#ffd220">මිනිස්සුන්ගේ මතකයේ ඇගේ
ලස්සනම රූපය විදිහට ඉතිරි වේවි.</font>

279
00:25:24,860 --> 00:25:27,738
<font color="#ffd220">ඩිම් හාර්ට්: නිළියකගේ මුහුණු දෙක</font>

280
00:25:28,531 --> 00:25:31,242
<font color="#ffd220">විශේෂ ලක්ෂණ: සමාජ විරෝධී පෞරුෂ ආබාධය</font>

281
00:25:31,325 --> 00:25:33,619
<font color="#ffd220">ජනගහනයෙන් සියයට 4ක් පමණ මීට ගොදුරු වී ඇත</font>

282
00:25:37,873 --> 00:25:38,916
<font color="#ffd220">බෙක් ආ-ජින්.</font>

283
00:25:42,962 --> 00:25:44,755
<font color="#ffd220">සමාජ විරෝධී පෞරුෂ ආබාධය සහිත</font>

284
00:25:44,838 --> 00:25:46,423
<font color="#ffd220">ජනගහනයෙන් සියයට 4ක
පිරිසට ඇයත් අයත් වෙනවා.</font>

285
00:25:49,385 --> 00:25:50,886
<font color="#ffd220">ඇය අන් අයව මෙවලම් ලෙස සලකන අතර</font>

286
00:25:50,970 --> 00:25:53,556
<font color="#ffd220">තමන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔවුන්ව
මෙහෙයවීම හෝ භාවිතා කිරීම සිදු කරනවා.</font>

287
00:25:53,847 --> 00:25:57,393
<font color="#ffd220">කොරියානු සිනමාවේ විශාලතම වාර්ෂික උත්සවයේදී,</font>

288
00:25:57,851 --> 00:26:03,774
<font color="#ffd220">මාධ්‍ය සහ රසිකයින්ගේ දැඩි අවධානය මධ්‍යයේ,
බෙක් ආ-ජින් හොඳම නිළිය සම්මානය සඳහා</font>

289
00:26:04,108 --> 00:26:07,278
<font color="#ffd220">ප්‍රබලම තරඟකාරියක් ලෙස පෙනී සිටිනවා.</font>

290
00:26:14,743 --> 00:26:16,745
<font color="#ffd220">ඇය කිසිදා තමන්ගේ අතින් මිනීමැරුමක් සිදු නොකළත්,</font>

291
00:26:16,829 --> 00:26:18,664
<font color="#ffd220">පුද්ගලයන් දෙදෙනෙකුගේ මරණයට ඇය හේතු වුණා.</font>

292
00:26:21,917 --> 00:26:25,170
<font color="#ffd220">ඇය හිතාමතාම ළං වුණේ ඇයට
ප්‍රයෝජනවත් වූ පිරිමින්ට පමණයි.</font>

293
00:26:28,591 --> 00:26:31,468
<font color="#ffd220">ඇය තවමත් ඉටු නොවූ ඝාතන
සැලැස්මක් සිතේ දරාගෙන සිටිනවා.</font>

294
00:26:37,975 --> 00:26:40,728
<font color="#ffd220">මේ නිළි, බෙක් ආ-ජින්.</font>

295
00:27:19,058 --> 00:27:21,685
<font color="#ffd220">දැන් අපි ආරම්භ කරමු,</font>

296
00:27:21,769 --> 00:27:23,854
<font color="#ffd220">46 වන බ්ලූ ඩ්‍රැගන් සම්මාන උළෙල.</font>

297
00:27:23,937 --> 00:27:25,689
<font color="#ffd220">අපි පටන් ගමු.</font>

298
00:27:34,657 --> 00:27:35,741
<font color="#ffd220">බෙක් ආ-ජින් තමයි</font>

299
00:27:35,824 --> 00:27:37,743
<font color="#ffd220">හොඳම නිළිය සම්මානයට
ඉන්න ප්‍රබලම අපේක්ෂිකාව, නේද?</font>

300
00:27:37,826 --> 00:27:39,912
<font color="#ffd220">ඇය දිනුවොත්, රේටින්ග්ස් ඉහළම යයි.</font>

301
00:27:40,162 --> 00:27:41,705
<font color="#ffd220">කලින් ඇයට මොකුත්ම කියන්න එපා.</font>

302
00:27:41,997 --> 00:27:44,041
<font color="#ffd220">කවුරුවත් ඇය ළඟට යන්නේ නැති
බවට වග බලා ගන්න. තේරුණාද?</font>

303
00:27:44,124 --> 00:27:45,626
<font color="#ffd220">...සොං කියොං-සු.</font>

304
00:27:46,794 --> 00:27:47,795
<font color="#ffd220">ඩිම් හාර්ට්</font>

305
00:27:48,295 --> 00:27:49,296
<font color="#ffd220">බෙක් ආ-ජින්.</font>

306
00:27:51,173 --> 00:27:53,884
<font color="#ffd220">නිහතමානී සහ කාරුණික නිළිය.</font>

307
00:27:55,219 --> 00:27:56,261
<font color="#ffd220">බෙක් ආ-ජින්?</font>

308
00:27:56,845 --> 00:27:58,597
<font color="#ffd220">ඇය පරිපූර්ණත්වයේ ප්‍රතිමූර්තියක්.</font>

309
00:27:58,681 --> 00:28:00,307
<font color="#ffd220">ඇය බුද්ධිමත්, කාරුණික සහ ලස්සනයි.</font>

310
00:28:00,933 --> 00:28:02,851
<font color="#ffd220">ඇය හිටපු හැම තැනකම කැපී පෙනුනා.</font>

311
00:28:03,936 --> 00:28:06,563
<font color="#ffd220">අපේ ඉස්කෝලේ හැමෝම ඇයව දැනගෙන හිටියා.</font>

312
00:28:07,272 --> 00:28:09,775
<font color="#ffd220">ගුරුවරු පවා ඇයට ආදරය කළා.</font>

313
00:28:10,359 --> 00:28:14,905
<font color="#ffd220">නමුත් ඇයව හොඳින් දන්නා අය
කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.</font>

314
00:28:15,864 --> 00:28:17,032
<font color="#ffd220">අපි ඒ මිනිස්සුන්ව හමුවුණා.</font>

315
00:28:18,784 --> 00:28:21,412
<font color="#ffd220">මම බෙක් ආ-ජින් ගැන මොනවද හිතන්නේ?</font>

316
00:28:22,955 --> 00:28:25,082
<font color="#ffd220">මිනිස් වෙස් ගත්තු යක්ෂණියක්.</font>

317
00:28:25,332 --> 00:28:26,417
<font color="#ffd220">ඇයට අම්මා කෙනෙක් හිටියේ නෑ.</font>

318
00:28:27,418 --> 00:28:28,919
<font color="#ffd220">ඇගේ තාත්තා අපරාධකාරයෙක්.</font>

319
00:28:29,002 --> 00:28:31,630
<font color="#ffd220">මට දැනුනු විදිහට නම්, ඇය
සාමාන්‍ය කෙනෙක් නෙවෙයි.</font>

320
00:28:32,798 --> 00:28:35,342
<font color="#ffd220">ඇය හරියට රඟපානවා වගේ, ඇගේ හැඟීම් කලින්
සැලසුම් කරපු ඒවා වගෙයි මට නිතරම දැනුනේ.</font>

321
00:28:35,718 --> 00:28:38,053
<font color="#ffd220">ඇගේ රංගනය හැමදාමත් ඉතා විශිෂ්ටයි.</font>

322
00:28:38,137 --> 00:28:40,723
<font color="#ffd220">තමන්ගේ අවශ්‍යතාවය අනුව ඇය
ඕනෑම වෙලාවක වෙස් මාරු කළා.</font>

323
00:28:40,806 --> 00:28:43,267
<font color="#ffd220">ඒ නිසා ඇය මොනවා හිතනවාද කියලා
මට කවදාවත් හිතාගන්න බැරි වුණා.</font>

324
00:28:43,350 --> 00:28:47,062
<font color="#ffd220">මම හිතන්නේ අනිත් අය ගැන ඇගේ
හිතේ තියෙන අනුකම්පාව හරිම අඩුයි.</font>

325
00:28:47,146 --> 00:28:49,356
<font color="#ffd220">මම හිතුවා ඒක තමයි හේතුව කියලා.</font>

326
00:28:50,524 --> 00:28:52,985
<font color="#ffd220">මම ඇයට මනෝ උපදේශනයකට
යන්න කියලත් යෝජනා කළා.</font>

327
00:28:53,068 --> 00:28:54,278
<font color="#ffd220">සැබෑ ආදර උපදේශන මධ්‍යස්ථානය</font>

328
00:28:54,361 --> 00:28:56,071
<font color="#ffd220">මේක බලන්න. මේ තියෙන්නේ බෙක් ආ-ජින් ගැන.</font>

329
00:28:56,864 --> 00:28:58,240
<font color="#ffd220">මේක ඇත්තක්ද?</font>

330
00:28:58,323 --> 00:28:59,825
<font color="#ffd220">ඇයව බය හිතෙන්නේ නැද්ද?</font>

331
00:28:59,908 --> 00:29:01,535
<font color="#ffd220">මනුස්සයෙක්ට කොහොමද මෙහෙම කරන්න පුළුවන්?</font>

332
00:29:01,869 --> 00:29:05,247
<font color="#ffd220">දැන් අපි යොමු වෙන්නේ බොහෝ දෙනා බලාපොරොත්තුවෙන්
සිටින හොඳම නිළිය සම්මානය වෙතයි.</font>

333
00:29:05,622 --> 00:29:10,377
<font color="#ffd220">පසුගිය වසරේ ජයග්‍රාහිකාව වන ජින් සෝ-ගියොං,
එය පිරිනැමීම සඳහා අප සමඟ එකතු වෙනවා.</font>

334
00:29:10,461 --> 00:29:12,004
<font color="#ffd220">කරුණාකර ඇයට අත්පොළසන් නාදයක් ලබා දෙන්න.</font>

335
00:29:13,839 --> 00:29:15,674
<font color="#ffd220">ආයුබෝවන්, මම ජින් සෝ-ගියොං.</font>

336
00:29:17,176 --> 00:29:18,302
<font color="#ffd220">ජයග්‍රාහිකාව ප්‍රකාශ කිරීමට අවසරයි.</font>

337
00:29:19,261 --> 00:29:20,721
<font color="#ffd220">46 වන බ්ලූ ඩ්‍රැගන් සම්මාන උළෙලේ</font>

338
00:29:21,305 --> 00:29:23,724
<font color="#ffd220">හොඳම නිළිය සම්මානය හිමිවන්නේ...</font>

339
00:29:25,768 --> 00:29:26,769
<font color="#ffd220">හිමිවන්නේ...</font>

340
00:29:32,566 --> 00:29:34,735
<font color="#ffd220">"ඒමන් ටු නතින්" චිත්‍රපටය
වෙනුවෙන්... බෙක් ආ-ජින්.</font>

341
00:29:34,818 --> 00:29:36,111
<font color="#ffd220">සුබ පැතුම්.</font>

342
00:29:45,662 --> 00:29:47,623
<font color="#ffd220">හොඳම නිළිය සම්මානය දිනාගත් බෙක් ආ-ජින්,</font>

343
00:29:47,706 --> 00:29:49,291
<font color="#ffd220">"ඒමන් ටු නතින්" චිත්‍රපටයේ
කන්‍යා සොහොයුරියක් ලෙස</font>

344
00:29:49,374 --> 00:29:52,002
<font color="#ffd220">තම පවුලට අත් වූ ඛේදවාචකය විමර්ශනය කරමින්</font>

345
00:29:52,085 --> 00:29:54,379
<font color="#ffd220">පළිගැනීමක් සිදුකරන චරිතයකට පණ දුන්නා.</font>

346
00:29:54,463 --> 00:29:56,089
<font color="#ffd220">ආගමික සැකයන් නිසා වේදනාවට පත් වූ</font>

347
00:29:56,173 --> 00:29:58,300
<font color="#ffd220">චරිතයක් ගැන ඉතා සංවේදී සහ</font>

348
00:29:58,383 --> 00:30:00,177
<font color="#ffd220">ගැඹුරු රංගනයක් ඇය ඉදිරිපත් කළා.</font>

349
00:30:00,677 --> 00:30:02,387
<font color="#ffd220">අපගේ හද පිරි සුබ පැතුම්.</font>

350
00:30:19,154 --> 00:30:20,322
<font color="#ffd220">ස්තූතියි.</font>

351
00:30:22,825 --> 00:30:24,409
<font color="#ffd220">පළමුවෙන්ම...</font>

352
00:30:25,244 --> 00:30:26,495
<font color="#ffd220">ස්වර්ගයේ සිටින</font>

353
00:30:28,121 --> 00:30:29,122
<font color="#ffd220">මගේ අම්මට.</font>

354
00:30:30,833 --> 00:30:31,917
<font color="#ffd220">අම්මේ, මාව පේනවද?</font>

355
00:30:35,379 --> 00:30:36,380
<font color="#ffd220">ඔයාට මම ගැන ආඩම්බරද?</font>

356
00:30:36,880 --> 00:30:38,423
<font color="#ffd220">ඇගේ මව මිය ගියේ අනතුරකින්.</font>

357
00:30:39,758 --> 00:30:42,553
<font color="#ffd220">ඇගේ පියා ඝාතනයකට ලක් වුණා.</font>

358
00:30:42,636 --> 00:30:45,889
<font color="#ffd220">ඇය තමන්ගේ පෙම්වතාගේ මිත්තණියගේ
මරණය සිදුවන අවස්ථාවේදීත් එතැන සිටියා.</font>

359
00:30:45,973 --> 00:30:48,392
<font color="#ffd220">පසුව, ඇගේ පෙම්වතා සිය දිවි නසා ගත්තා.</font>

360
00:30:49,393 --> 00:30:51,436
<font color="#ffd220">එක් අයෙකුට මේ සියල්ල අත්විඳීමට සිදුවීම,</font>

361
00:30:51,520 --> 00:30:53,981
<font color="#ffd220">හුදු අහඹු සිදුවීම් ලෙස සිතීමට අපහසුයි.</font>

362
00:30:54,356 --> 00:30:55,899
<font color="#ffd220">ආ-ජින් ගැන වාර්තා වැඩසටහනක් ඇවිල්ලා. මොකක්?</font>

363
00:30:55,983 --> 00:30:57,109
<font color="#ffd220">ඒක ලොකු පුවතක් වේවි.</font>

364
00:30:57,484 --> 00:30:58,819
<font color="#ffd220">ඒ ගැන හොයලා බලන්න පටන් ගන්න.</font>

365
00:30:58,902 --> 00:31:01,446
<font color="#ffd220">වෙනත් ලිපි මොනවා හරි
ඇවිල්ලද කියලා බලන්න. හරි සර්.</font>

366
00:31:03,240 --> 00:31:06,618
<font color="#ffd220">"ඒමන් ටු නතින්" චිත්‍රපටයේ වැඩ කරන අතරතුර</font>

367
00:31:07,536 --> 00:31:09,872
<font color="#ffd220">මට නිකමට හිතුනා...</font>

368
00:31:11,874 --> 00:31:14,042
<font color="#ffd220">"මගේ දෙවියන් කොහෙද ඉන්නේ?" කියලා.</font>

369
00:31:16,003 --> 00:31:17,504
<font color="#ffd220">ආපහු හැරිලා බලනකොට,</font>

370
00:31:19,256 --> 00:31:20,257
<font color="#ffd220">මට තේරුණා...</font>

371
00:31:21,758 --> 00:31:23,135
<font color="#ffd220">උන්වහන්සේ හිටියේ මගේ ඇතුළේමයි.</font>

372
00:31:25,220 --> 00:31:26,263
<font color="#ffd220">මම හැදී වැඩුණේ</font>

373
00:31:27,347 --> 00:31:29,141
<font color="#ffd220">හොඳ පරිසරයක නෙවෙයි.</font>

374
00:31:30,851 --> 00:31:35,188
<font color="#ffd220">නමුත් වාසනාව හැමදාම මගේ පස්සෙන් ආවා.</font>

375
00:31:35,439 --> 00:31:36,857
<font color="#ffd220">මම හිතුවේ අපි පුදුම වාසනාවන්තයි කියලා.</font>

376
00:31:37,316 --> 00:31:39,109
<font color="#ffd220">ඇය මගේ සහෝදරයා වෙනුවෙන්
පහළ වුනු දේව දූතියක්වත්ද කියලා</font>

377
00:31:39,192 --> 00:31:40,819
<font color="#ffd220">මට හිතුනු වාර අනන්තයි.</font>

378
00:31:41,486 --> 00:31:44,156
<font color="#ffd220">නමුත් මගේ ආච්චිගේ අවමඟුලේදී මට දෙයක් ඇහුණා.</font>

379
00:31:44,781 --> 00:31:46,033
<font color="#ffd220">එයා චිත්‍රපට ක්ෂේත්‍රයේ කෙනෙක්ද?</font>

380
00:31:46,116 --> 00:31:48,076
<font color="#ffd220">බලනකොට, එයා ඉස්සරහා
ඇය හිනාවෙවී ඉඳලා තියෙන්නේ.</font>

381
00:31:51,747 --> 00:31:57,002
<font color="#ffd220">මෙතැනට එන්න මම තැබූ සෑම
පියවරක්ම ලෙහෙසි වුණේ නෑ.</font>

382
00:31:57,794 --> 00:31:59,379
<font color="#ffd220">නමුත් මම කවදාවත් නතර වුණේ නෑ.</font>

383
00:32:00,839 --> 00:32:02,424
<font color="#ffd220">මම දිගටම ඉස්සරහට ගියා.</font>

384
00:32:02,966 --> 00:32:04,509
<font color="#ffd220">අවසානයේදී, මම මෙතැනට ආවා.</font>

385
00:32:06,178 --> 00:32:07,888
<font color="#ffd220">ඇගේ රංගනය හැමදාමත්</font>

386
00:32:09,973 --> 00:32:12,684
<font color="#ffd220">ඉතා විශිෂ්ටයි.</font>

387
00:32:12,768 --> 00:32:15,479
<font color="#ffd220">තමන්ගේ අවශ්‍යතාවය අනුව ඇය
ඕනෑම වෙලාවක වෙස් මාරු කළා.</font>

388
00:32:17,314 --> 00:32:19,149
<font color="#ffd220">අද දක්වා මගේ ගමනේදී</font>

389
00:32:19,983 --> 00:32:22,361
<font color="#ffd220">මා සමඟ රැඳී සිටි සැමට</font>

390
00:32:25,364 --> 00:32:26,949
<font color="#ffd220">මගේ හදපිරි ස්තූතිය පුද කරනවා.</font>

391
00:32:27,449 --> 00:32:29,409
<font color="#ffd220">ඇය තමන් වටේ ඉන්න මිනිස්සුන්ව පාවිච්චි කළා,</font>

392
00:32:29,493 --> 00:32:31,912
<font color="#ffd220">මාව මෝඩයෙක් සහ හොරෙක් විදිහට පෙන්වන්න.</font>

393
00:32:32,287 --> 00:32:36,458
<font color="#ffd220">තමන්ගේ තාත්තාව මරන්න, ඇය අපේ
ලොක්කාව පාවිච්චි කළා වෙන්න පුළුවන්ද?</font>

394
00:32:36,541 --> 00:32:39,127
<font color="#ffd220">ඇය මගේ සහෝදරයා එක්ක යාළු වෙලා
ඉන්නකොට අපි හිටියේ එකම පවුලක් වගේ.</font>

395
00:32:39,670 --> 00:32:41,713
<font color="#ffd220">මම හිතුවේ අඩුම ගානේ
අවමඟුල් ගෙදරටවත් එයි කියලා.</font>

396
00:32:44,174 --> 00:32:45,258
<font color="#ffd220">මම ගල් ගැහුණා.</font>

397
00:32:45,884 --> 00:32:48,845
<font color="#ffd220">ඊට පස්සේ ආරංචි වුණා ඇය
කෝටිපතියෙක්ව බඳිනවා කියලා.</font>

398
00:32:53,141 --> 00:32:54,518
<font color="#ffd220">මට හිතුනේ "මොකක්ද මේ වෙන්නේ?" කියලා.</font>

399
00:32:59,523 --> 00:33:02,317
<font color="#ffd220">බෙක් ආ-ජින් ගැන ලැබෙන මේ සාක්ෂි</font>

400
00:33:02,401 --> 00:33:04,611
<font color="#ffd220">ඔප්පු කරන එක ලේසි නෑ.</font>

401
00:33:05,862 --> 00:33:08,740
<font color="#ffd220">ඒ නිසා, මේ විමර්ශනය දිගටම කරගෙන
යන එක හරිද කියලා අපිට හිතුණා.</font>

402
00:33:08,824 --> 00:33:10,367
<font color="#ffd220">එතකොටම, අපි අලුත් දෙයක් දැන ගත්තා.</font>

403
00:33:10,742 --> 00:33:12,869
<font color="#ffd220">කටකතා පැතිරුණා,</font>

404
00:33:13,704 --> 00:33:14,955
<font color="#ffd220">ඇගේ පියා වන බෙක් සොන්-ග්‍යුගේ</font>

405
00:33:15,414 --> 00:33:19,209
<font color="#ffd220">සැක සහිත මරණය ගැන.</font>

406
00:33:20,377 --> 00:33:24,715
<font color="#ffd220">එදින සිදුවූ සත්‍යය සොයා "ඩිම්
හාර්ට්" කණ්ඩායම මෙහෙයුම ඇරඹුවා.</font>

407
00:33:27,134 --> 00:33:30,679
<font color="#ffd220">මේ සිද්ධියට ප්‍රධාන සැකකරුවන් තුන් දෙනෙක් හිටියා.</font>

408
00:33:32,222 --> 00:33:34,307
<font color="#ffd220">හිටපු බේස්බෝල් ක්‍රීඩක, මිස්ටර් චෝයි.</font>

409
00:33:36,643 --> 00:33:38,770
<font color="#ffd220">සහ වින්දිතයාගෙන් නිතරම පීඩාවට පත් වූ නිසා</font>

410
00:33:38,854 --> 00:33:41,815
<font color="#ffd220">මිනී මැරීමට ප්‍රබලම හේතුවක්
තිබූ, වින්දිතයාගේ දියණිය...</font>

411
00:33:42,149 --> 00:33:43,233
<font color="#ffd220">නිළි බෙක් ආ-ජින්.</font>

412
00:33:43,316 --> 00:33:45,152
<font color="#ffd220">බෙක් ආ-ජින් සමාජ විරෝධී පෞරුෂ ආබාධය</font>

413
00:33:45,235 --> 00:33:46,403
<font color="#ffd220">මට ඒ සිද්ධිය මතකයි.</font>

414
00:33:46,486 --> 00:33:48,530
<font color="#ffd220">ඒක හරිම අමුතු දෙයක්.</font>

415
00:33:49,031 --> 00:33:52,492
<font color="#ffd220">වින්දිතයා එක්කෙනයි, නමුත්
සැකකරුවන් කිහිප දෙනෙක් හිටියා.</font>

416
00:33:52,576 --> 00:33:55,454
<font color="#ffd220">ඒ අතරින්, මිනී මැරීමට ප්‍රබලම
හේතුව තිබුණේ කාටද කිව්වොත්,</font>

417
00:33:55,954 --> 00:33:57,497
<font color="#ffd220">වින්දිතයාගේ දියණිය වන බෙක් ආ-ජින්ටයි.</font>

418
00:34:04,463 --> 00:34:05,505
<font color="#ffd220">අවසාන වශයෙන්,</font>

419
00:34:06,590 --> 00:34:08,550
<font color="#ffd220">මගේ රංගනයට ආදරය කළ,</font>

420
00:34:09,176 --> 00:34:10,969
<font color="#ffd220">මගේ නිර්මාණ අගය කළ,</font>

421
00:34:11,511 --> 00:34:14,306
<font color="#ffd220">හැම දෙනාටමත්...</font>

422
00:34:14,931 --> 00:34:17,059
<font color="#ffd220">නිළියක් විදිහට විතරක්
නෙවෙයි, මනුෂ්‍යයෙක් විදිහටත්</font>

423
00:34:17,893 --> 00:34:19,102
<font color="#ffd220">මා වෙනුවෙන් පෙනී සිටි අයටත්,</font>

424
00:34:19,811 --> 00:34:21,438
<font color="#ffd220">මේ ගෞරවය මම පුද කරනවා.</font>

425
00:34:26,068 --> 00:34:27,694
<font color="#ffd220">හදවතින්ම ස්තූතියි.</font>

426
00:35:18,161 --> 00:35:21,456
<font color="#ffd220">අවසාන සැකකරු අපේ කණ්ඩායමට
තීරණාත්මක තොරතුරක් ලබා දුන්නා.</font>

427
00:35:22,165 --> 00:35:24,626
<font color="#ffd220">ඒ තමයි "Co-Offender Y"
කෘතියේ රචක, යූන් සොක්-හා.</font>

428
00:35:29,840 --> 00:35:31,383
<font color="#ffd220">එදා වෙච්ච ඒ සිද්ධිය,</font>

429
00:35:32,509 --> 00:35:34,177
<font color="#ffd220">මුල ඉඳලම සැලසුම් කරපු එකක්.</font>

430
00:35:35,470 --> 00:35:37,848
<font color="#ffd220">තමන් වෙනුවෙන් රඟපාන්න
පුළුවන් තරම් කාරුණික කෙනෙක්ව</font>

431
00:35:37,931 --> 00:35:39,683
<font color="#ffd220">ආ-ජින් හිතාමතාම තෝරගත්තා කියන එක ඇත්ත.</font>

432
00:35:40,350 --> 00:35:43,270
<font color="#ffd220">ඇය චෝයි ජුන්ග්-හෝව හොයාගෙන,
එයාව පාවිච්චි කළා කියන එකත් ඇත්ත.</font>

433
00:35:44,396 --> 00:35:47,357
<font color="#ffd220">කෙනෙක්ව දිනාගෙන, එයාව උගුලකට අසු කරගන්න එක</font>

434
00:35:47,858 --> 00:35:49,234
<font color="#ffd220">ඇයට හරිම ලේසි වැඩක්.</font>

435
00:35:50,235 --> 00:35:51,486
<font color="#ffd220">ඒ කාලේ,</font>

436
00:35:52,195 --> 00:35:54,364
<font color="#ffd220">ඇයව ලුහුබඳින ස්ටෝකර් කෙනෙක් වගේ
රඟපාන්නත් කෙනෙක්ව යොදාගෙන හිටියා.</font>

437
00:35:55,657 --> 00:35:59,369
<font color="#ffd220">ඒ ස්ටෝකර් ඇයට පහර දෙනකොට,
ඇය වහාම මිස්ටර් චෝයිට කතා කළා.</font>

438
00:35:59,452 --> 00:36:01,538
<font color="#ffd220">ඉතින් එයා එතනට දිවගෙන ආවා.</font>

439
00:36:01,997 --> 00:36:03,832
<font color="#ffd220">ඒත් ඒ හිටියේ ස්ටෝකර් කෙනෙක් නෙවෙයි.</font>

440
00:36:08,962 --> 00:36:11,756
<font color="#ffd220">චෝයි පිත්තෙන් පහර දීලා තිබුණේ...</font>

441
00:36:11,840 --> 00:36:14,050
<font color="#ffd220">ඔයාව පණපිටින් දකින එක මගේ සැලැස්මේ තිබුණේ නෑ.</font>

442
00:36:14,134 --> 00:36:16,553
<font color="#ffd220">...ඇගේ ස්ටෝකර් වගේ වෙස්වලාගෙන හිටපු කෙනාටයි.</font>

443
00:36:18,096 --> 00:36:19,472
<font color="#ffd220">ඒ හිටියේ ඇගේම පියා...</font>

444
00:36:19,973 --> 00:36:21,433
<font color="#ffd220">බෙක් සොන්-ග්‍යු.</font>

445
00:36:35,363 --> 00:36:38,825
<font color="#ffd220">මම එතනට යනකොටත්, චෝයි යන්න ගිහිල්ලා.</font>

446
00:36:38,909 --> 00:36:41,161
<font color="#ffd220">බෙක් සොන්-ග්‍යු බිම වැටිලා හිටියා.</font>

447
00:36:41,536 --> 00:36:42,829
<font color="#ffd220">හැම තැනම ලේ තිබුණ නිසා</font>

448
00:36:42,913 --> 00:36:44,956
<font color="#ffd220">මම හිතුවේ එයා මැරිලා කියලා.</font>

449
00:36:48,168 --> 00:36:49,711
<font color="#ffd220">එතකොටම මම ආ-ජින්ව දැක්කා.</font>

450
00:36:54,758 --> 00:36:56,760
<font color="#ffd220">ඇය බාත්රූම් එකේ බිත්තියට හේත්තු වෙලා</font>

451
00:36:56,843 --> 00:36:59,512
<font color="#ffd220">අර පිත්තත් අතේ තියාගෙන බලාගෙන හිටියා.</font>

452
00:37:11,775 --> 00:37:13,026
<font color="#ffd220">ඇය මගේ දිහා බලලා කිව්වා...</font>

453
00:37:14,569 --> 00:37:15,654
<font color="#ffd220">"දැන් ඔක්කොම ඉවරයි" කියලා.</font>

454
00:37:20,742 --> 00:37:22,160
<font color="#ffd220">ඇය කිව්වේ ඒකයි.</font>

455
00:37:23,536 --> 00:37:24,704
<font color="#ffd220">"දැන් ඔක්කොම ඉවරයි."</font>

456
00:37:52,190 --> 00:37:55,193
<font color="#ffd220">අනිත් මිනිස්සුන්ගේ වේදනාව ඇයට කිසිසේත්ම දැනුනේ නෑ.</font>

457
00:37:56,278 --> 00:37:59,364
<font color="#ffd220">ඇය මිනිස්සුන්ව පාවිච්චි කළේ
එයාගේම අරමුණු ඉටු කරගන්න විතරයි</font>

458
00:38:00,699 --> 00:38:01,700
<font color="#ffd220">ඊට පස්සේ එයාලව අතහැරියා.</font>

459
00:38:05,203 --> 00:38:06,371
<font color="#ffd220">ඇය අද ඉන්න තැන...</font>

460
00:38:09,749 --> 00:38:11,209
<font color="#ffd220">ගොඩනගා ගත්තේ එහෙමයි.</font>

461
00:39:34,876 --> 00:39:36,252
<font color="#ffd220">ඔයාට කොහේ හරි යන්න ඕනෙද?</font>

462
00:39:38,755 --> 00:39:40,256
<font color="#ffd220">ඕනම තැනකට...</font>

463
00:39:41,174 --> 00:39:42,258
<font color="#ffd220">මිනිස්සු නැති තැනකට.</font>

464
00:40:08,701 --> 00:40:11,579
<font color="#ffd220">මම හිතුවා මම ගොඩක් කල් බලන්
හිටියොත් ඔයා වෙනස් වෙයි කියලා.</font>

465
00:40:13,623 --> 00:40:14,707
<font color="#ffd220">ඒත් ඔයා වෙනස් වුණේ නෑ.</font>

466
00:40:16,126 --> 00:40:18,211
<font color="#ffd220">මට ඒක තේරුණේ ගොඩක් පරක්කු වෙලා.</font>

467
00:40:19,129 --> 00:40:20,880
<font color="#ffd220">මට ඔයාව බේරගන්න බෑ කියලත්</font>

468
00:40:21,798 --> 00:40:24,342
<font color="#ffd220">මම මේ එල්ලිලා ඉන්නේ වෙන්න
බැරි දෙයකට කියලත් මට තේරුණා.</font>

469
00:40:26,719 --> 00:40:28,763
<font color="#ffd220">ඔයා කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා.</font>

470
00:40:29,973 --> 00:40:30,974
<font color="#ffd220">හරියටම හරි.</font>

471
00:40:32,517 --> 00:40:34,894
<font color="#ffd220">ඔයා ඒ සරල දේ තේරුම් ගත්තේ ගොඩක් පරක්කු වෙලා.</font>

472
00:40:36,062 --> 00:40:38,064
<font color="#ffd220">ඉතින් මොකද? දැන් ඔයාට ඒ
ගැන පසුතැවීමක් තියෙනවද?</font>

473
00:40:43,319 --> 00:40:44,320
<font color="#ffd220">නෑ.</font>

474
00:40:47,532 --> 00:40:50,243
<font color="#ffd220">මොකද දැන් ඔයාව පාලනය කරන්න
පුළුවන් එකම කෙනා මම නිසා.</font>

475
00:40:54,581 --> 00:40:56,624
<font color="#ffd220">කොහොමද මාව පාලනය කරන්නේ?</font>

476
00:40:58,710 --> 00:41:00,336
<font color="#ffd220">මට දැන් යන්න එන්න තැනක් නෑ.</font>

477
00:41:02,172 --> 00:41:03,631
<font color="#ffd220">ඔයාට ඇත්තටම යන්න තැනක් නැත්නම්</font>

478
00:41:04,424 --> 00:41:06,426
<font color="#ffd220">අපි දෙන්නා එකටම අපායට යමුද...</font>

479
00:41:06,801 --> 00:41:07,802
<font color="#ffd220">ආ-ජින්?</font>

480
00:41:13,141 --> 00:41:14,642
<font color="#ffd220">ඔයා ඕක කියන්නේ ඇත්තටමද?</font>

481
00:41:19,022 --> 00:41:21,274
<font color="#ffd220">මම තීරණය කරලා ඉවරයි අන්තිම
වෙනකම්ම ඔයා ළඟින් ඉන්න.</font>

482
00:41:22,859 --> 00:41:24,652
<font color="#ffd220">ඔයා නතර වුණොත්</font>

483
00:41:24,986 --> 00:41:26,279
<font color="#ffd220">මමත් නතර වෙනවා.</font>

484
00:41:28,656 --> 00:41:29,657
<font color="#ffd220">ඔයා මොකද කරන්නේ?</font>

485
00:41:45,965 --> 00:41:49,260
<font color="#ffd220">මම හිතුවේ මාව බැඳලා තියන්න පුළුවන්
කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ කියලා.</font>

486
00:41:57,310 --> 00:41:58,311
<font color="#ffd220">ඒත් ඒ ඔයා.</font>

487
00:42:01,147 --> 00:42:02,440
<font color="#ffd220">මගේ අවසාන බැම්ම.</font>

488
00:42:25,630 --> 00:42:27,507
<font color="#ffd220">අපි ආයේ මොකුත් නොකර ඉමු.</font>

489
00:42:34,847 --> 00:42:36,307
<font color="#ffd220">කවුරුත් රිද්දගන්නේ නැති වෙන්න</font>

490
00:42:38,268 --> 00:42:39,769
<font color="#ffd220">අපි දිහා විතරක් බලාගෙන ඉමු.</font>

491
00:42:48,778 --> 00:42:49,779
<font color="#ffd220">මම ඔයාට ආදරෙයි...</font>

492
00:42:53,116 --> 00:42:54,284
<font color="#ffd220">ආ-ජින්.</font>

493
00:43:34,824 --> 00:43:38,745
<font color="#ffd220">ඊයේ රාත්‍රියේ රචක යුන් සොක්-හා පැදවූ මෝටර් රථය</font>

494
00:43:38,828 --> 00:43:41,998
<font color="#ffd220">ආරක්ෂිත වැටක ගැටී ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.</font>

495
00:43:42,582 --> 00:43:46,044
<font color="#ffd220">රියදුරු යුන් සොක්-හා එම
ස්ථානයේදීම මියගොස් ඇති අතර</font>

496
00:43:46,502 --> 00:43:48,546
<font color="#ffd220">මගියා ලෙස සැලකෙන නිළි බෙක් ආ-ජින්</font>

497
00:43:48,630 --> 00:43:49,756
<font color="#ffd220">මේ වන විට අතුරුදහන්ව සිටිනවා.</font>

498
00:43:50,465 --> 00:43:53,134
<font color="#ffd220">පොලිසිය අනතුරට නිශ්චිත හේතුව
සොයමින් පරීක්ෂණ පවත්වනවා.</font>

499
00:43:53,217 --> 00:43:55,053
<font color="#ffd220">රචක යුන් සොක්-හා මියයයි,
නිළි බෙක් ආ-ජින් අතුරුදහන්</font>

500
00:44:00,433 --> 00:44:01,768
<font color="#ffd220">එක්තරා මොහොතකදී</font>

501
00:44:02,935 --> 00:44:08,232
<font color="#ffd220">ඔයාගේ පැවැත්ම මගේ පපුවට
ඇනුණු පිහියක් වගේ දැනෙන්න ගත්තා.</font>

502
00:44:11,569 --> 00:44:15,156
<font color="#ffd220">මැරුණත් මට ඔයාව තේරුම් ගන්නවත්,
ඔයාට සමාව දෙන්නවත් බැරි වෙයි.</font>

503
00:44:17,992 --> 00:44:21,704
<font color="#ffd220">ඒ නිසා මේ ආත්මයේදී, ඔයාට බැඳිලා තියෙන
හැමදේම කපලා දාලා මට යන්න ඕන වුණා.</font>

504
00:44:23,790 --> 00:44:26,626
<font color="#ffd220">මට ඕන වුණා අතුරුදහන් වෙන්න...</font>

505
00:44:27,543 --> 00:44:28,795
<font color="#ffd220">ඔයාගේ ජීවිතෙනුත්.</font>

506
00:44:30,088 --> 00:44:31,714
<font color="#ffd220">ඒක තමයි හොඳම තීරණය.</font>

507
00:44:34,967 --> 00:44:38,221
<font color="#ffd220">මම ඔයාට අන්තිම වතාවට පුංචි සතුටක් දුන්නා</font>

508
00:44:39,722 --> 00:44:40,723
<font color="#ffd220">එතකොට ඔයාට පුළුවන්...</font>

509
00:44:41,683 --> 00:44:43,643
<font color="#ffd220">ඒක හිතේ තියාගෙන ඉතුරු ජීවිත කාලයම ජීවත් වෙන්න.</font>

510
00:44:45,770 --> 00:44:48,690
<font color="#ffd220">සමහරවිට මේක තමයි මම ඔයාට දෙන
පළමු සහ අවසාන ලොකුම පළිගැනීම...</font>

511
00:44:51,192 --> 00:44:52,902
<font color="#ffd220">අම්මේ.</font>

512
00:44:54,320 --> 00:44:56,072
<font color="#ffd220">එපා, ජුන්-සෝ.</font>

513
00:44:58,324 --> 00:44:59,450
<font color="#ffd220">ජුන්-සෝ.</font>

514
00:44:59,534 --> 00:45:02,787
<font color="#ffd220">ඔයා නිරෝගීව ඉන්න ඕනේ.</font>

515
00:45:02,870 --> 00:45:04,122
<font color="#ffd220">ජුන්-සෝ!</font>

516
00:45:09,168 --> 00:45:10,169
<font color="#ffd220">ජුන්-සෝ!</font>

517
00:45:51,878 --> 00:45:53,588
<font color="#ffd220">එයාව කොහෙවත් හොයාගන්න නැද්ද?</font>

518
00:45:56,382 --> 00:45:59,218
<font color="#ffd220">පණ පිටින් ඉන්න බවට ලකුණක්වත් නෑ?</font>

519
00:46:01,262 --> 00:46:02,513
<font color="#ffd220">කමක් නෑ, ඕක අතෑරලා දාන්න.</font>

520
00:46:02,889 --> 00:46:04,098
<font color="#ffd220">ඔයා ඔච්චර මහන්සි වෙන්න ඕන නෑ.</font>

521
00:46:04,182 --> 00:46:05,433
<font color="#ffd220">නිළි බෙක් ආ-ජින් තවමත් අතුරුදහන්</font>

522
00:46:05,516 --> 00:46:07,018
<font color="#ffd220">විකාශනය නතර කරලා</font>

523
00:46:07,101 --> 00:46:09,395
<font color="#ffd220">එයාලා සහයෝගය ඉල්ලුවම ප්‍රතිචාර දක්වන්න.</font>

524
00:46:11,689 --> 00:46:14,942
<font color="#ffd220">අපගේ පෙර විකාශය වූ "නිළියකගේ
මුහුණු දෙක" වැඩසටහනේ</font>

525
00:46:15,026 --> 00:46:17,361
<font color="#ffd220">අලුත්ම තොරතුරු බෙදාගන්න අපි බලාපොරොත්තු වෙනවා.</font>

526
00:46:17,904 --> 00:46:19,947
<font color="#ffd220">අපට දැනගන්න ලැබුණා යුන් ජුන්-සෝ...</font>

527
00:46:20,031 --> 00:46:21,866
<font color="#ffd220">අපගේ ඔත්තුකරු සහ 'සහකරු Y' හි රචකයා</font>

528
00:46:22,325 --> 00:46:24,827
<font color="#ffd220">මෑතකදී මියගිය බව.</font>

529
00:46:25,995 --> 00:46:28,623
<font color="#ffd220">කරුණාකර මේ වීඩියෝව බලන්න.</font>

530
00:46:31,209 --> 00:46:32,794
<font color="#ffd220">මෙය නිර්නාමිකව ලැබුණු එකක්.</font>

531
00:46:33,628 --> 00:46:35,755
<font color="#ffd220">මෙම දර්ශන සාක්ෂි දරනවා</font>

532
00:46:35,838 --> 00:46:38,841
<font color="#ffd220">යුන් ජුන්-සෝ පදවාගෙන ගිය වාහනයේ</font>

533
00:46:38,925 --> 00:46:40,426
<font color="#ffd220">ඇය සිටි බවට.</font>

534
00:46:52,563 --> 00:46:55,107
<font color="#ffd220">මෙම වීඩියෝවෙන් පසුව, ඇය
සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇති අතර</font>

535
00:46:55,733 --> 00:46:57,902
<font color="#ffd220">එතැන් සිට ඇයව සම්බන්ධ කර
ගැනීමට නොහැකි වී තිබෙනවා.</font>

536
00:47:24,637 --> 00:47:30,643
<font color="#ffd220">අභාවප්‍රාප්ත බෙක් ආ-ජින්</font>

537
00:48:55,186 --> 00:48:57,772
<font color="#ffd220">මේකට මොකක් හරි කරන්න!</font>

538
00:55:47,765 --> 00:55:49,767
<font color="#e32a44"><b>💜💜සිංහල පරිවර්තනය : පෙහංසි සුලෝචනා💜💜</b></font>

